Pali BJTතෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති; ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්යං - චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්ය”න්ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (16)
Sinhala BJTඒ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට ප්‍රතිසන්‍ධි වශයෙන් පැමිණියාහු ය. මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන උපදින හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගතිගත වූ දුගතිගත වූ සත්ත්‍වයන් දකින්නෙම්වා, කම් වූ පරිදි මිය පරලොව ගිය සත්ත්‍වයන් දැනගන්නෙම්වා” යි කැමැති වන්නේ නම් ශීලයෙහි ම සම්පූර්‍ණකාරී වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
Pali BJT18. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා{1} සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (17)
Sinhala BJT18. මහණෙනි, මහණෙක් “ආස්‍රවක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්ත සමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්‍හත් ඵල සම්ප්‍රයුක්ත ප්‍රඥාව) ඉහාත්මයෙහි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නෙම්වා”යි කැමැති වන්නේ නම් ශීලයෙහි ම සම්පූර්‍ණකාරී වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
Pali BJT19. සම්පන්නසීලා භික්ඛවෙ විහරථ සම්පන්නපාතිමොක්ඛා. පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛථ සික්ඛාපදෙසූති” ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJT19. “මහණෙනි, පිරිපුන් සිල් ඇතිව ප්‍රාතිමෝක්‍ෂ සම්පන්නව වසවු. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරයෙන් හා ගෝචරයෙන් සමෘද්ධ ව වසවු. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලු ව සමාදන් ව ශික්‍ෂාපදයන්හි හික්මෙවු”යි මෙසේ යම් ඒ වචනයෙක් කියන ලද ද, එය මේ සඳහා කියන ලදී.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTආකඞ්ඛෙය්යසුත්තං ඡට්ඨං.
Sinhala BJTආකඞ්ඛෙය්‍ය සූත්‍රය සවැනි යි.
Pali BJT1. 1. 7.
Sinhala BJT1. 1. 7.
Pali BJTවත්ථූපමසුත්තං
Sinhala BJTවත්‍ථුපම සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක.
Pali BJT2. සෙය්යථාපි භික්ඛවෙ වත්ථං සඞ්කිලිට්ඨං මලග්ගහිතං, තමෙනං රජකො යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්ය යදි නීලකාය යදි පීතකාය යදි ලොහිතකාය යදි මඤ්ජෙට්ඨකාය,{2} දුරත්තවණ්ණමෙවස්ස. අපරිසුද්ධවණ්ණමෙවස්ස. තං කිස්ස හෙතු? අපරිසුද්ධත්තා භික්ඛවෙ වත්ථස්ස. එවමෙව ඛො භික්ඛවෙ චිත්තෙ සඞ්කිලිට්ඨෙ දුග්ගති පාටිකඞ්ඛා.
Sinhala BJT2. මහණෙනි, කිලිටි වූ මල ගත් වස්ත්‍රයෙක් වේ ද, ඒ වස්ත්‍රය රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රන්වන්පැහැය පිණිස හෝ ලේවන් පැහැය පිණිස හෝ මදටිය (මදරත්) පැහැය පිණිස හෝ යම් යම් රඳනෙක බහා ලන්නේ නම්, එය නො මනා ව රැඳූ පැහැ ඇත්තක් ම වන්නේ ය. අපිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, වස්ත්‍රය අපිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත කිලිටි වූ කල්හි දුගතිය කැමැති විය යුතු යි.
Pali BJT3. සෙය්යථාපි භික්ඛවෙ වත්ථං පරිසුද්ධං පරියොදාතං, තමෙනං රජකො යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්ය යදි නීලකාය යදි පීතකාය යදි ලොහිතකාය යදි මඤ්ජෙට්ඨකාය, සුරත්තවණ්ණමෙවස්ස. පරිසුද්ධවණ්ණමෙවස්ස. තං කිස්ස හෙතු? පරිසුද්ධත්තා භික්ඛවෙ වත්ථස්ස. එවමෙව ඛො භික්ඛවෙ චිත්තෙ අසඞ්කිලිට්ඨෙ සුගති පාටිකඞ්ඛා.
Sinhala BJT3. මහණෙනි, පිරිසුදු පබසර වතක් වේ ද, එය රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රන්වන්පැහැය පිණිස හෝ ලේවන්පැහැය පිණිස හෝ මදටිය පැහැය පිණිස හෝ යම් යම් රඳනෙක බහා ලන්නේ නම්, එය මනා පැහැ ඇත්තක් ම වන්නේ ය. පිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, වස්ත්‍රය පිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත නො කිලිටි වූ කල්හි සුගතිය ම කැමැති විය යුතු යි.
Pali BJT4. කතමෙ ච භික්ඛවෙ චිත්තස්ස උපක්කිලෙසා: අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො. බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසො. කොධො චිත්තස්ස උපක්කිලෙසො. උපනාහො චිත්තස්ස උපක්කිලෙසො. මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො. පළාසො චිත්තස්ස උපක්කිලෙසො. ඉස්සා චිත්තස්ස උපක්කිලෙසො. මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසො. මායා චිත්තස්ස උපක්කිලෙසො. සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසො. ථම්භො චිත්තස්ස උපක්කිලෙසො. සාරම්භො චිත්තස්ස උපක්කිලෙසො. මානො චිත්තස්ස උපක්කිලෙසො. අතිමානො චිත්තස්ස උපක්කිලෙසො. මදො චිත්තස්ස උපක්කිලෙසො. පමාදො චිත්තස්ස උපක්කිලෙසො.
Sinhala BJT4. මහණෙනි, චිත්තෝපක්ලේශයෝ (සිත කෙලෙසන ධර්‍මයෝ) කවරහු ද? අභිධ්‍යා (ස්වකීය වස්තුවෙහි ඡන්‍දරාගය) විෂමලෝභය (-මෙරමා අයත් වස්තුවෙහි ඡන්‍දරාගය) සිත කෙලෙසන්නෙකි. ව්‍යාපාදය සිත කෙලෙසන්නෙකි. ක්‍රෝධය සිත කෙලෙසන්නෙකි. උපනාහය (බද්ධවෛරය) සිත කෙලෙසන්නෙකි. මක්ඛය (ගුණ මකු බව) සිත කෙලෙසන්නෙකි. පළාසය (යුගග්‍රාහය) සිත කෙලෙසන්නෙකි. ඊර්‍ෂ්‍යාව සිත කෙලෙසන්නෙකි. මසුරුබව සිත කෙලෙසන්නෙකි. මායාව සිත කෙලෙසන්නෙකි. කපටිබව සිත කෙලෙසන්නෙකි. ථම්භය (තදබව) සිත කෙලෙසන්නෙකි. සාරම්භය (එකට වැඩියෙන් එකක් කිරීම) සිත කෙලෙසන්නෙකි. මානය සිත කෙලෙසන්නෙකි. අතිමානය සිත කෙලෙසන්නෙකි. මදය සිත කෙලෙසන්නෙකි. ප්‍රමාදය සිත කෙලෙසන්නෙකි.
Pali BJT5. ස ඛො සො භික්ඛවෙ භික්ඛු අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභං චිත්තස්ස උපක්කිලෙසං පජහති. බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා බ්යාපාදං චිත්තස්ස උපක්කිලෙසං පජහති. කොධො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා කොධං චිත්තස්ස උපක්කිලෙසං පජහති. උපනාහො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උපනාහං චිත්තස්ස උපක්කිලෙසං පජහති. මක්ඛො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මක්ඛං චිත්තස්ස උපක්කිලෙසං පජහති. පළාසො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා පළාසං චිත්තස්ස උපක්කිලෙසං පජහති. ඉස්සා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ඉස්සං චිත්තස්ස උපක්කිලෙසං පජහති. මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසං පජහති. මායා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මායං චිත්තස්ස උපක්කිලෙසං පජහති. සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසං පජහති. ථම්භො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථම්භං චිත්තස්ස උපක්කිලෙසං පජහති. සාරම්භො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා සාරම්භං චිත්තස්ස උපක්කිලෙසං පජහති. මානො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මානං චිත්තස්ස උපක්කිලෙසං පජහති. අතිමානො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිමානං චිත්තස්ස උපක්කිලෙසං පජහති. මදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මදං චිත්තස්ස උපක්කිලෙසං පජහති. පමාදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා පමාදං චිත්තස්ස උපක්කිලෙසං පජහති.
Sinhala BJT5. මහණෙනි, ඒ භික්‍ෂු තෙමේ අභිධ්‍යාවිෂමලෝභය සිත පිළිබඳ උපක්ලේශයෙකැයි මෙසේ දැන සිත පිළිබඳ උපක්ලේශ වූ අභිධ්‍යා විෂමලෝභය දුරු කරයි. ව්‍යාපාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ව්‍යාපාදය දුරු කරයි. ක්‍රෝධය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ක්‍රෝධය දුරු කරයි. උපනාහය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන උපනාහය දුරු කරයි. මක්ඛය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මක්ඛය දුරු කරයි. පළාසය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන පළාසය දුරු කරයි. ඊර්‍ෂ්‍යාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ඊර්‍ෂ්‍යාව දුරු කරයි. මසුරුබව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මසුරුබව දුරු කරයි. මායාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මායාව දුරු කරයි. කපටිබව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන කපටිබව දුරු කරයි. ථම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ථම්භය දුරු කරයි. සාරම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන සාරම්භය දුරු කරයි. මානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මානය දුරු කරයි. අතිමානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන අතිමානය දුරු කරයි. මදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මදය දුරු කරයි. ප්‍රමාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ප්‍රමාදය දුරු කරයි.
Pali BJT6. යතො ච ඛො භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, කොධො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා කොධො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, උපනාහො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උපනාහො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, මක්ඛො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, පළාසො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා පළාසො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, ඉස්සා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ඉස්සා චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, මායා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මායා චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, ථම්භො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථම්භො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, සාරම්භො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා සාරම්භො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, මානො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මානො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, අතිමානො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිමානො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, මදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මදො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, පමාදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා පමාදො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති.
Sinhala BJT6. මහණෙනි, යම් කලෙක මහණකුගේ අභිධ්‍යාවිෂමලෝභය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ අභිධ්‍යාවිෂමලෝභය ප්‍රහීණ වූයේ වේ ද, ව්‍යාපාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ව්‍යාපාදය ප්‍රහීණ වූයේ වේ ද, ක්‍රෝධය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ක්‍රෝධය ප්‍රහීණ වූයේ වේ ද, බද්ධවෛරය (උපනාහය) සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ බද්ධවෛරය ප්‍රහීණ වූයේ වේ ද, ගුණමකුකම (මක්ඛය) සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ගුණමකුකම ප්‍රහීණ වූයේ වේ ද, පළාසය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ පළාසය ප්‍රහීණ වූයේ වේ ද, ඊර්‍ෂ්‍යාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ඊර්‍ෂ්‍යාව ප්‍රහීණ වූයේ වේ ද, මසුරුකම සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මසුරුකම ප්‍රහීණ වූයේ වේ ද, මායාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මායාව ප්‍රහීණ වූයේ වේ ද, කපටිකම සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ කපටිකම ප්‍රහීණ වූයේ වේ ද, ථම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ථම්භය ප්‍රහීණ වූයේ වේ ද, සාරම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ සාරම්භය ප්‍රහීණ වූයේ වේ ද, මානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මානය ප්‍රහීණ වූයේ වේ ද, අතිමානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ අතිමානය ප්‍රහීණ වූයේ වේ ද, මදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මදය ප්‍රහීණ වූයේ වේ ද, ප්‍රමාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ප්‍රමාදය ප්‍රහීණ වූයේ වේ ද,
Pali BJT7. සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුණෙය්යො, දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJT7. හෙතෙම බුදුරජානන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණධර්‍මයන්ගෙන් යුක්තයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරිසදම්මසාරථියහ, දෙවිමිනිසුන්ගේ ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ,” කියා යි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. සන්‍දිට්ඨික ය (තමා විසින් දැක්ක යුතු ඵල ඇත්තේ ය) අකාලික (කල් නො යවා විපාක දෙන්නේ) ය. ඒහිපස්සික (‘එව, මෙය බලව’ යි දැක්වීමට සුදුසු) ය. ඕපනයික (සිත්හි එළවිය යුතු) ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු ය” කියා යි. සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා උජුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා ඤායපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සාමීචිපටිපන්න ය. යම් මේ සෝතාපන්නාදි පුරිස යුගල සතරෙක් වේ ද, (සොතාපත්තිමග්ගට්ඨ, සෝතාපත්තිඵලට්ඨ ආදි) පුරිස පුග්ගලයෝ අට දෙනෙක් වෙත් ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ දුර සිට ගෙනා සිවුපසය ලැබීමට සුදුසු ය. ආගන්තුකසත්කාරය ලැබීමට සුදුසු ය. දක්‍ෂිණාවට සුදුසු ය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසු ය. ලෝකයාට උතුම් පින්කෙත ය” කියා යි.
Pali BJT8. යතොපි{1} ඛො පනස්ස චත්තං හොති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං. සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හීති ලභති අත්ථවෙදං. ලභති ධම්මවෙදං. ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හීති ලභති අත්ථවෙදං. ලභති ධම්මවෙදං. ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හීති ලභති අත්ථවෙදං. ලභති ධම්මවෙදං. ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ‘යතොපි{1} ඛො පන මෙ චත්තං වන්තං පහීනං පටිනිස්සට්ඨන්ති ලභති අත්ථවෙදං. ලභති ධම්මවෙදං. ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJT8. යම් හෙයකින් එ මහණහු විසින් උපක්ලේශ දුරු කරන ලද්දේ ද, වමනය (නැවත නො ගන්නා සේ බැහැර කරණ ලද්දේ ද), මුදන ලද්දේ ද, ප්‍රහීණ කරණ ලද්දේ ද, දුරු කරණ ලද්දේ ද, හෙ තෙමේ ‘මම බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ත්‍ථවේදය (බුද්ධාදීන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් ඇති වන සොම්නස) ලබයි. ධර්‍මවේදය (සොම්නසින් උපන් ඤාණය) ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘ධර්‍මය කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ත්‍ථවේදය ලබයි. ධර්‍මවේදය ලබයි. සොම්නසින් හා ඤාණයෙක් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ත්‍ථවේදය (ගුණ දැන පැහැදීම නිසා ඇති වන සොම්නස) ලබයි. ධර්‍මවේදය (සොම්නසින් උපන් ඤාණය) ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීති ඇති වෙයි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘යම් හෙයකින් මා විසින් උපක්ලේශ ත්‍යක්තය, වමිත ය, ප්‍රහීණ ය, ප්‍රතිනිස්සෘෂ්ටය ය’ යි සිතන්නේ අර්‍ත්‍ථවේදය ලබයි. ධර්‍මවේදය ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්සිඳෙයි. සන්සිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි.
Pali BJT9. ස ඛො සො භික්ඛවෙ භික්ඛු එවංසීලො එවංධම්මො එවංපඤ්ඤො සාලීනඤ්චෙපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාළකං අනෙකසූපං අනෙකබ්යඤ්ජනං, නෙවස්ස නං හොති අන්තරායාය. සෙය්යථාපි භික්ඛවෙ වත්ථං සඞ්කිලිට්ඨං මලග්ගහිතං අච්ඡං උදකං ආගම්ම පරිසුද්ධං හොති පරියොදාතං, උක්කාමුඛං වා පනාගම්ම ජාතරූපං පරිසුද්ධං හොති පරියොදාතං, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු එවංසීලො එවංධම්මො එවංපඤ්ඤො සාලීනඤ්චෙපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාළකං අනෙකසූපං අනෙකබ්යඤ්ජනං, නෙවස්ස නං හොති අන්තරායාය.
Sinhala BJT9. මහණෙනි, මෙබඳු සිල් ඇති මෙබඳු දහම් ඇති මෙබඳු නුවණ ඇති ඒ අනගැමි මහණ තෙම බැහැර කළ කළු සහල් ඇති නොයෙක් සූපව්‍යඤ්ජන ඇති ඇල්සාලේ බත වළඳයි ද, ඔහුට එය මාර්‍ගඵලාන්තරාය පිණිස නො වෙයි. මහණෙනි, යම්සේ කිලුටු වූ මල ගත් වස්ත්‍රයක් පිරිසුදු ජලයට පැමිණ පිරිසුදු වූයේත් පබසර වූයේත් වේ ද, උදුන්මුවට පැමිණ රන් පිරිසිදු වූයේත් බබළන්නේත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙබඳු සිල් ඇති මෙබඳු දහම් ඇති මෙබඳු නුවණ ඇති භික්‍ෂු තෙම බැහැර කළ කළු සහල් ඇති නොයෙක් සූපව්‍යඤ්ජන ඇති ඇල්සහලේ බත වළඳන්නේ නමුත් එය ඔහුට මාර්‍ගඵලාන්තරාය පිණිස නො වෙයි.
Pali BJT10. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං. තථා තතියං. තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං. තථා තතියං. තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
Sinhala BJT10. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, එසේ ම තෙවෙනි දිශාව ද, එසේ ම සිවුවැනි දිශාව ද, එසේ ම උඩ යට සරස ද සියලු තන්හි සියල්ලන් තමන් හා සම කොට ගැන්මෙන් සියලු සතුන් ඇති ලොව විශාල වූ මහත්බවට පැමිණි අප්‍රමාණ වූ අවෛරයෙන් අව්‍යාපාදයෙන් (මෛත්‍රියෙන්) පතුරුවා වාසය කෙරෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්‍ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, තෙවෙනි දිශාව ද, එසේ ම සිවුවැනි දිශාව ද, එසේ ම උඩ යට සරස ද සියලු තන්හි සියල්ලන් තමන් හා සම කොට ගැන්මෙන් සියලු සත්ත්‍වයන්ගෙන් යුක්ත වූ ලෝකය විශාල වූ මහත්බවට පැමිණි අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් පතිරුවා වාසය කරයි.
Pali BJT11. ‘සො අත්ථි ඉදං, අත්ථි හීනං, අත්ථි පණීතං, අත්ථි ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරිං නිස්සරණ’න්ති පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සිනාතො අන්තරෙන සිනානෙනාති.
Sinhala BJT11. හෙතෙම ‘මේ දුඃඛසත්‍යය ඇත. හීන වූ සමුදය සත්‍යය ඇත. උතුම් වූ මාර්‍ගසත්‍යය ඇත. මේ බ්‍රහ්මවිහාර සංඥාවට වඩා උතුම් නිවනෙක් ඇතැ’යි දැන ගනියි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි. භවාස්‍රවයෙන් ද සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදෙයි. මිදුණු කල මිදුණේ ය යි ඤාණය ඇති වෙයි. ජාතිය ක්‍ෂීණ වී ය. බ්‍රහ්මචරියය වැස නිමවන ලදී. සිවුමග කිස කරන ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ භික්‍ෂු තෙම ඇතුළත නෑමෙන් ස්නානය කෙළේ යයි කියනු ලැබේ.
Pali BJT12. තෙන ඛො පන සමයෙන සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ගච්ඡති පන භවං ගොතමො බාහුකං නදිං සිනායිතුන්ති?
Sinhala BJT12. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හුන්නේ වෙයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතම තෙමේ බාහුකා නදියට නෑම පිණිස යේ දැ”යි මෙය කීය.
Pali BJT13. කිං බ්රාහ්මණ බාහුකාය නදියා? කිං බාහුකා නදී කරිස්සතීති? ලොඛ්යසම්මතා හි භො ගොතම බාහුකා නදී බහුජනස්ස. පුඤ්ඤසම්මතා හි භො ගොතම බාහුකා නදී බහුජනස්ස. බාහුකාය ච පන නදියා බහුජනො පාපකං කතං කම්මං පවාහෙතීති.
Sinhala BJT13. “බමුණ, බාහුකා නදියෙන් කවර ප්‍රයෝජනයෙක් ද? බාහුකානදිය කුමක් කරන්නී ද? “භවත් ගෞතමයෙනි, බාහුකානදිය ‘විශුද්ධභාවය දෙතැයි නොහොත් ශ්‍රේෂ්ඨලෝකයට පමුණුවතැ’යි බොහෝ දෙනා විසින් සම්මත ය. භවත් ගෞතමයෙනි, බාහුකා නදිය බොහෝ දෙනා විසින් පවිත්‍ර ය (පුණ්‍යතීර්‍ත්‍ථයෙකැ) යි සම්මත ය. බාහුකානදියෙහි බොහෝ දෙනා පව්කම් පා කර හරිත් ය යි කී ය.
Pali BJTඅථ ඛො භගවා සුන්දරිකභාරද්වාජං බ්රාහ්මණං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණයාට ගාථායෙන් වදාළහ:
Pali BJTබාහුකං අධිකක්කඤ්ච ගයං සුන්දරිකාමපී, සරස්සතිං පයාගඤ්ච අථො බාහුමතිං නදිං.
Sinhala BJTබාහුකානදියට ද අධිකක්ක නම් තීර්‍ත්‍ථයට ද ගයාතීර්‍ත්‍ථයට ද සුන්‍දරිකා නදියට ද සරස්වතිනදියට ද ප්‍රයාගතීර්‍ත්‍ථයට ද යළි බාහුමතී නදියට ද,
Pali BJTනිච්චම්පි බාලො පක්ඛන්නො කණ්හකම්මො න සුජ්ඣති, කිං සුන්දරිකා කරිස්සති කිං පයාගො කිං බාහුකා නදී, වෙරිං කතකිබ්බිසං නරං න හි නං සොධයෙ පාපකම්මිනං.
Sinhala BJTකළපව් ඇති අඥජන තෙමේ නිතර පිවිසියේ නමුත් කෘෂ්ණ (අකුශල) කර්‍ම ඇති හෙතෙමේ පිරිසිදු නො වෙයි. සුන්‍දරිකානදිය කුමක් කරන්නී ද? ප්‍රයාගතීර්‍ත්‍ථය කිම? බාහුකානදිය කිම? (බාහුකානදී ආදීහු) වෛර ඇත්තා වූ කළ රළුකම් ඇත්තා වූ පාපකර්‍මයෙන් යුක්ත වූ ඒ නුවණ නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.
Pali BJTසුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා, සුද්ධස්ස සුචිකම්මස්ස සදා සම්පජ්ජතෙ වතං, ඉධෙ ව සිනාහි බ්රාහ්මණ සබ්බභූතෙසු කරොහි ඛෙමතං.
Sinhala BJTපිරිසිදු වූවහුට (කෙලෙස් නැත්තහුට) හැම කල්හි ම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වූවහුට හැමකල්හි පොහොය වේ. පිරිසිදු වූ පරිශුද්ධ කර්‍ම ඇත්තහුගේ ව්‍රතය හැම කල්හි සමෘද්ධ වේ. බ්‍රාහ්මණය, මෙහි ම ස්නානය කරව. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කරව.
Pali BJTසචෙ මුසා න භණසි සචෙ පාණං න හිංසසි, සචෙ අදින්නං නාදියසි සද්දහානො අමච්ඡරී, කිං කාහසි ගයං ගන්ත්වා උදපානොපි තෙ ගයාති.
Sinhala BJTබොරු නො කියහි නම්, සතුන්ට හිංසා නො කෙරෙහි නම්, නොදුන් දෙය නො ගනිහි නම්, ශ්‍රද්ධා ඇත්තෙහි මසුරු නොවෙහි නම්, ගයාවට ගොස් කුමක් කරන්නෙහි ද? තාගේ ලිඳ වුව ද ගයාව වේ.
Pali BJT14. එවං වුත්තෙ සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම. අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය; අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJT14. මෙසේ කීකල සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ “භාග්‍යවතුන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ යම්සේ ද, වැසුණු දෙයක් වැහුම් හරින්නේ යම්සේ ද, මං මුළා වූවහුට මග කියන්නේ යම්සේ ද, ඇස් ඇත්තාහු රූප දක්නාහු ය යි අන්‍ධකාරයෙහි තෙල්පහනක් දල්වන්නේ යම්සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මදේශනා කරන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේත් ධර්‍මයත් සඞ්ඝයාත් සරණ කොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙම්වා, උපසම්පදාව ලබන්නෙම්වා”යි කී ය.
Pali BJT15. අලත්ථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා භාරද්වාජො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJT15. සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබී ය. උපසම්පදාව ලැබී ය. ආයුෂ්මත් භාරද්වාජ තෙමේ උපසම්පන්න වී නොබෝකල් ඇත්තේ එකලා වූයේ වෙන් වූයේ එළඹ සිටි සිහි ඇත්තේ කෙලෙස් තවන වැර ඇත්තේ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇත්තේ නොබෝ කලකින් ම යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මනා ව ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයෙහි අවසානය වූ ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේ දී ම තෙමේ දැන ගෙන ඊට පැමිණ වාසය කෙළේ ය. ජාතිය ක්‍ෂීණ වි ය. බඹසර වැස නිමවන ලදී. සිවුමග කිස කරන ලදී. මේ රහත්බව පිණිස කළ යුතු අන් කටයුත්තෙක් නැතැයි දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJTවත්ථූපමසුත්තං සත්තමං.
Sinhala BJTවත්‍ථූපමසූත්‍රය සත්වැනි යි.
Pali BJT1. 1. 8.
Sinhala BJT1. 1. 8.
Pali BJTසල්ලෙඛසුත්තං
Sinhala BJTසල්ලේඛ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා මහාචුන්දො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාචුන්දො භගවන්තං එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් මහාචුන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
Pali BJT2. යා ඉමා භන්තෙ අනෙකවිහිතා දිට්ඨියො ලොකෙ උප්පජ්ජන්ති අත්තවාදපටිසංයුත්තා වා ලොකවාදපටිසංයුත්තා වා, ආදිමෙව නු ඛො භන්තෙ භික්ඛුනො මනසි කරොතො එවමෙතාසං දිට්ඨීනං පහානං හොති? එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොතීති?
Sinhala BJT2. ස්වාමීනි, (විසිවැදෑරුම්) ආත්මවාදයෙන් යුක්ත වූත් (අටවැදෑරුම්) ලෝකවාදයෙන් යුක්තවූත් යම් මේ නොයෙක් ආකාර මිථ්‍යාදෘෂ්ටීහු ලෝකයෙහි උපදිත් ද, ස්වාමීනි, පළමු කොට ම හෙවත් විදර්‍ශනාමිශ්‍ර ප්‍රථම (භාවනා) මනස්කාරය මෙනෙහි කරන්නා වූ ම මහණහට මෙසේ ඒ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වේ ද? මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ ද?
Pali BJTයා ඉමා චුන්ද අනෙකවිහිතා දිට්ඨියො ලොකෙ උප්පජ්ජන්ති අත්තවාදපටිසංයුත්තා වා ලොකවාදපටිසංයුත්තා වා, යත්ථ චෙතා දිට්ඨියො උප්පජ්ජන්ති, යත්ථ චෙතා අනුසෙන්ති, යත්ථ චෙතා සමුදාචරන්ති, තං නෙතං මම, නෙසො’හමස්මි, න මෙ’සො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො එවමෙතාසං දිට්ඨීනං පහානං හොති. එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොති.
Sinhala BJTචුන්‍දය, ආත්මවාදයෙන් යුක්ත වූත් ලෝකවාදයෙන් යුක්ත වූත් යම් මේ නොයෙක් ආකාර දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත් ද, යම් පඤ්චස්කන්‍ධයෙක්හි දෘෂ්ටිහු උපදිත් ද, යම් පඤ්චස්කන්‍ධයෙක්හි මේ දෘෂ්ටීහු ලැග සිටිත් ද, යම් තැනෙක මේ දෘෂ්ටීහු හැසිරෙද්ද, ඒ පඤ්චස්කන්‍ධය “තෙල මා නොගැත්තේ ය. මම තෙල පඤ්චස්කන්‍ධයෙම නො වෙමි. මාගේ ඉසුරු පඤ්චස්කන්‍ධයෙහි නො පවත්නේය යි මෙසේ මෙය තත් වූ පරිදි විවසුන් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුර ලීම වෙයි.
Pali BJT3. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති - යං ඉධෙකච්චො භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස: සල්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති.
Sinhala BJT3. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන් ව අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඕහට ‘සල්ලේඛයෙන් (කෙලෙස් සිඳීමෙන්) යුක්ත ව වාසය කරමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යශාසනයෙහි ඉහාත්මභාවසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT4. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති - යං ඉධෙකච්චො භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස: සල්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති.
Sinhala BJT4. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් විතර්‍කවිචාරයන් සන්සිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති හිතේ උතුම් එකඟ බව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි යන යමක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘සල්ලේඛයෙන් වසමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයයෙහි සල්ලෙඛයෝ යයි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයයෙහි දෘෂ්ටධර්‍ම සුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT5. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති - යං ඉධෙකච්චො භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරෙය්ය, සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙය්ය, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස: සල්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති.
Sinhala BJT5. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ප්‍රීතිය ද හැරපීමෙන් උපේක්‍ෂක ව සිහි ඇති ව මනා නුවණින් යුක්ත ව වාසය කෙරෙයි ද, කයින් සැප විඳියි ද, යම් ධ්‍යාන හේතුවකින් තෘතීයධ්‍යානයෙන් යුක්ත වූවහුට උපේක්‍ෂක වූයේ සිහි ඇත්තේ සුවසේ වසනසුලු යි බුද්ධාදි ආර්‍ය්‍යයෝ පසසත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් යුක්ත ව වසමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය විනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයයෙහි දෘෂ්ටධර්‍මසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT6. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති - යං ඉධෙකච්චො භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරෙය්ය, තස්ස එවමස්ස: සල්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්ති.
Sinhala BJT6. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් (පළමුකොට ම) සැපය ද නැති කිරීමෙන් දුක ද නැති කිරීමෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් නැති කිරීමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂායෙන් වූ ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් වසමි’යි අධිමානය විය හැකි ය චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යශාසනයේ දෘෂ්ටධර්‍මසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT7. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති - යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස: සල්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්ති.
Sinhala BJT7. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව (රූපාදිනානාගෝචරයන්හි පවත්නා) සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට “මම සල්ලේඛයෙන් වසමි”යි අධිමානයෙක් වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT8. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති - යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස: සල්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්ති.
Sinhala BJT8. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’යි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් වසමි’යි අධිමානයෙක් වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT9. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති - යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස: සල්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්ති.
Sinhala BJT9. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි (මෙනෙහි කරන්නේ) ආකිඤ්චඤ්ඤායතනධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට මම සල්ලේඛයෙන් වසමි’යි, අධිමානය වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්ත විහරණයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT10. ඨානං ඛො පනෙතං චුන්ද විජ්ජති - යං ඉධෙකච්චො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්ය. තස්ස එවමස්ස: සල්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්ද අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්ති.
Sinhala BJT10. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් වසමි’යි අධිමානය වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT[1. සල්ලෙඛපරියායො:]
Sinhala BJT[1. සල්ලේඛ පර්‍ය්‍යාය:]
Pali BJT1. ඉධ ඛො පන වො චුන්ද සල්ලෙඛො කරණීයො: පරෙ විහිංසකා භවිස්සන්ති; මයමෙත්ථ අවිහිංසකා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT1. චුන්‍දය, මේ විහිංසාදි සුසාළිස් වස්තූන්හි තොප විසින් සල්ලේඛය කට යුතු යි. ‘අන්‍යයෝ සතුන්ට හිංසා කරන්නෝ වන්නාහු ය අපි මෙහි (සතුන්ට) හිංසා නො කරන්නමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT2. පරෙ පාණාතිපාතී භවිස්සන්ති; මයමෙත්ථ පාණාතිපාතා පටිවිරතා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT2. ‘අන්‍යයෝ සතුන් මරන්නෝ වන්නාහු ය. අපි මෙහි සතුන් මැරීමෙන් වැලකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT3. පරෙ අදින්නාදායී භවිස්සන්ති; මයමෙත්ථ අදින්නාදානා පටිවිරතා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT3. ‘අන්‍යයෝ නුදුන් දෙය ගන්නෝ වන්නාහු ය. අපි මෙහි නුදුන් දෙය ගැන්මෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT4. පරෙ අබ්රහ්මචාරී භවිස්සන්ති; මයමෙත්ථ බ්රහ්මචාරී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT4. ‘අන්‍යයෝ අබ්‍රහ්මචාරී වන්නාහු ය. අපි මෙහි බ්‍රහ්මචාරී වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT5. පරෙ මුසාවාදී භවිස්සන්ති; මයමෙත්ථ මුසාවාදා පටිවිරතා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT5. ‘අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහු ය. අපි මෙහි බොරු කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT6. පරෙ පිසුණවාචා භවිස්සන්ති; මයමෙත්ථ පිසුණා වාචාය පටිවිරතා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT6. ‘අන්‍යයෝ පිසුණු බස් කියන්නෝ වන්නාහු ය. අපි පිසුණු බස් කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT7. පරෙ ඵරුසාවාචා{1} භවිස්සන්ති; මයමෙත්ථ ඵරුසාවාචා{2} පටිවිරතා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT7. ‘අන්‍යයෝ රළුබස් කියන්නෝ වන්නාහු ය. මෙහි දී අපි රළුබස් කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT8. පරෙ සම්ඵප්පලාපී{3} භවිස්සන්ති; මයමෙත්ථ සම්ඵප්පලාපා පටිවිරතා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT8. ‘අන්‍යයෝ ප්‍රලාප කියන්නේ වන්නාහු ය. මෙහි දී අපි ප්‍රලාප කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT9. පරෙ අභිජ්ඣාලූ භවිස්සන්ති; මයමෙත්ථ අනභිජ්ඣාලූ භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT9. ‘අන්‍යයෝ අභිධ්‍යා බහුල කොට ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි අභිධ්‍යා බහුල කොට නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT10. පරෙ බ්යාපන්නචිත්තා භවිස්සන්ති; මයමෙත්ථ අබ්යාපන්නචිත්තා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT10. ‘අන්‍යයෝ ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ව්‍යාපන්න සිත් නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT11. පරෙ මිච්ඡාදිට්ඨී{4} භවිස්සන්ති; මයමෙත්ථ සම්මාදිට්ඨි{5} භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT11. ‘අන්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිකයෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්දෘෂ්ටිකයෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT12. පරෙ මිච්ඡාසඞ්කප්පා භවිස්සන්ති; මයමෙත්ථ සම්මාසඞ්කප්පා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT12. ‘අන්‍යයෝ මිථ්‍යාසඞ්කල්ප ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සඞ්කල්ප ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT13. පරෙ මිච්ඡාවාචා භවිස්සන්ති; මයමෙත්ථ සම්මාවාචා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT13. ‘අන්‍යයෝ මිථ්‍යාවචන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්වචන ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT14. පරෙ මිච්ඡාකම්මන්තා භවිස්සන්ති; මයමෙත්ථ සම්මාකම්මන්තා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT14. ‘අන්‍යයෝ මිථ්‍යාකර්‍මාන්ත ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්කර්‍මාන්ත ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT15. පරෙ මිච්ඡාආජීවා භවිස්සන්ති; මයමෙත්ථ සම්මාආජීවා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT15. ‘අන්‍යයෝ මිථ්‍යාආජීව ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යගාජීවය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT16. පරෙ මිච්ඡාවායාමා භවිස්සන්ති; මයමෙත්ථ සම්මාවායාමා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT16. ‘අන්‍යයෝ මිථ්‍යාව්‍යායාම ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්ව්‍යායාම ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT17. පරෙ මිච්ඡාසතී භවිස්සන්ති; මයමෙත්ථ සම්මාසතී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT17. ‘අන්‍යයෝ මිථ්‍යාස්මෘතිය ඇත්තෝ වන්නාහුය. මෙහි දී අපි සම්‍යක්ස්මෘතිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT18. පරෙ මිච්ඡාසමාධි භවිස්සන්ති; මයමෙත්ථ සම්මාසමාධී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT18. ‘අන්‍යයෝ මිථ්‍යාසමාධිය ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සමාධිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT19. පරෙ මිච්ඡාඤාණී භවිස්සන්ති; මයමෙත්ථ සම්මාඤාණී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT19. ‘අන්‍යයෝ මිථ්‍යාඥාන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්ඥාන ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT20. පරෙ මිච්ඡාවිමුත්තී භවිස්සන්ති; මයමෙත්ථ සම්මාවිමුත්තී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT20. ‘අන්‍යයෝ මිථ්‍යාවිමුක්ති ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්විමුක්ති ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT21. පරෙ ථීනමිද්ධපරියුට්ඨිතා භවිස්සන්ති; මයමෙත්ථ විගතථීනමිද්ධා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT21. ‘අන්‍යයෝ ථීනමිද්ධයෙන් මඩනා ලද්දෝ වන්නාහු ය. මෙහි දී අපි පහ වූ ථීනමිද්ධ ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT22. පරෙ උද්ධතා භවිස්සන්ති; මයමෙත්ථ අනුද්ධතා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT22. ‘අන්‍යයෝ උද්ධතයෝ වන්නාහු ය. මෙහි දී අපි අනුද්ධතයමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT23. පරෙ වෙචිකිච්ඡී{6} භවිස්සන්ති; මයමෙත්ථ තිණ්ණවිචිකිච්ඡා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT23. ‘අන්‍යයෝ විචිකිච්ඡා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි තරණය කළ විචිකිච්ඡා ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT24. පරෙ කොධනා භවිස්සන්ති; මයමෙත්ථ අක්කොධනා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT24. ‘අන්‍යයෝ කිපෙනසුල්ලෝ වන්නාහු ය. මෙහි දී අපි නොකිපෙනසුල්ලමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT25. පරෙ උපනාහී භවිස්සන්ති; මයමෙත්ථ අනුපනාහී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT25. ‘අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි බද්ධවෛර නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT26. පරෙ මක්ඛී භවිස්සන්ති; මයමෙත්ථ අමක්ඛී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT26. ‘අන්‍යයෝ ගුණමකුවෝ වන්නාහු ය. මෙහි දී අපි ගුණමකුවමෝ නොවන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT27. පරෙ පළාසී භවිස්සන්ති; මයමෙත්ථ අපළාසී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT27. ‘අන්‍යයෝ යුගග්‍රාහ ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි යුගග්‍රාහ නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT28. පරෙ ඉස්සුකී භවිස්සන්ති; මයමෙත්ථ අනිස්සුකී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT28. ‘අන්‍යයෝ ඊර්‍ෂ්‍යා කරන්නෝ වන්නාහු ය. මෙහි දී අපි ඊර්‍ෂ්‍යා නො කරන්නමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT29. පරෙ මච්ඡරී භවිස්සන්ති; මයමෙත්ථ අමච්ඡරී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT29. ‘අන්‍යයෝ මසුරෝ වන්නාහු ය. මෙහි දී අපි මසුරමෝ නො වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT30. පරෙ සඨා භවිස්සන්ති; මයමෙත්ථ අසඨා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT30. ‘අන්‍යයෝ කෛරාටිකයෝ වන්නාහු ය. මෙහි දී අපි කෛරාටිකයමෝ නො වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT31. පරෙ මායාවී භවිස්සන්ති; මයමෙත්ථ අමායාවී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT31. ‘අන්‍යයෝ මායා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි මායා නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT32. පරෙ ථද්ධා භවිස්සන්ති; මයමෙත්ථ අත්ථද්ධා{1} භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT32. ‘අන්‍යයෝ තදබැව් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි තදබැව් නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT33. පරෙ අතිමානී භවිස්සන්ති; මයමෙත්ථ අනතිමානී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT33. ‘අන්‍යයෝ අධිකමාන ඇත්තෝ වන්නාහු ය, මෙහි දී අපි අධිකමාන නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT34. පරෙ දුබ්බචා භවිස්සන්ති; මයමෙත්ථ සුබ්බවා{2} භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT34. ‘අන්‍යයෝ දුර්‍වචයෝ වන්නාහු ය. මෙහි දී අපි සුවචයමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT35. පරෙ පාපමිත්තා භවිස්සන්ති; මයමෙත්ථ කල්යාණමිත්තා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT35. ‘අන්‍යයෝ පාපමිත්‍රයන් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි කල්‍යාණමිත්‍රයන් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT36. පරෙ පමත්තා භවිස්සන්ති; මයමෙත්ථ අප්පමත්තා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT36. ‘අන්‍යයෝ ප්‍රමත්තයෝ වන්නාහු ය. මෙහි දී අපි අප්‍රමත්ත වූවමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT37. පරෙ අස්සද්ධා{3} භවිස්සන්ති; මයමෙත්ථ සද්ධා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT37. ‘අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ශ්‍රද්ධා ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT38. පරෙ අහිරිකා භවිස්සන්ති; මයමෙත්ථ හිරිමනා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT38. ‘අන්‍යයෝ අහිරිකයෝ වන්නාහු ය. මෙහි දී අපි විළිසිත් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT39. පරෙ අනොත්තාපී{4} භවිස්සන්ති; මයමෙත්ථ ඔත්තාපී{5} භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT39. ‘අන්‍යයෝ පවට බිය නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි පවට බිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT40. පරෙ අප්පස්සුතා{6} භවිස්සන්ති; මයමෙත්ථ බහුස්සුතා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT40. ‘අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ඇසූ පිරූ තැන් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT41. පරෙ කුසීතා භවිස්සන්ති; මයමෙත්ථ ආරද්ධවිරියා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT41. ‘අන්‍යයෝ කුසීතයෝ වන්නාහු ය. මෙහි දී අපි ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT42. පරෙ මුට්ඨස්සතී භවිස්සන්ති; මයමෙත්ථ උපට්ඨිතස්සතී{1} භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT42. ‘අන්‍යයෝ සිහි මුළා වූවෝ වන්නාහු ය. මෙහි දී අපි එළඹ සිටි සිහි ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT43. පරෙ දුප්පඤ්ඤා භවිස්සන්ති; මයමෙත්ථ පඤ්ඤාසම්පන්නා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT43. ‘අන්‍යයෝ දුෂ්ප්‍රාඥ වන්නාහු ය. මෙහි දී අපි නුවණැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT44. පරෙ සන්දිට්ඨිපරාමාසී{2} ආධානගාහී{3} දුප්පටිනිස්සග්ගී භවිස්සන්ති; මයමෙත්ථ අසන්දිට්ඨිපරාමාසී{4} අනාධානගාහී{5} සුප්පටිනිස්සග්ගී භවිස්සාමා’ති සල්ලෙඛො කරණීයො.
Sinhala BJT44. ‘අන්‍යයෝ තමන්ගේ දෘෂ්ටිය පරාමර්‍ශනය කළාහු, දැඩි කොට ගත්තාහු, අත් නො හරින්නෝ වන්නාහු ය. මෙහි දී අපි ස්වදෘෂ්ටිය ම පරාමර්‍ශනය නො කරන්නමෝ, දැඩි කොට නො ගන්නමෝ, සුවසේ බැහැර කළ හැක්කමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
Pali BJT[2. චිත්තුප්පාදපරියායො:]
Sinhala BJT[2. චිත්තුප්පාද පර්‍ය්‍යාය:]
Pali BJT1. චිත්තුප්පාදම්පි ඛො අහං චුන්ද කුසලෙසු ධම්මෙසු බහුකාරං{6} වදාමි. කො පන වාදො කායෙන වාචාය{7} අනුවිධීයනාසු.{8}
Sinhala BJT1. චුන්‍දය, මම කුශලධර්‍මයන්හි සිත් ඉපදවීම ද බොහෝ උපකාර ය යි කියමි. කයින් හා වචනයෙන් කිරීම් කරවීම්හි (අනුසස්) කියනු ම කවරේ ද?
Pali BJT2. තස්මාතිහ චුන්ද පරෙ විහිංසකා භවිස්සන්ති; මයමෙත්ථ අවිහිංසකා භවිස්සාමාති චිත්තං උප්පාදෙතබ්බං. පරෙ පාණාතිපාතී භවිස්සන්ති; මයමෙත්ථ පාණාතිපාතා පටිවිරතා භවිස්සාමාති චිත්තං උප්පාදෙතබ්බං -පෙ- පරෙ සන්දිට්ඨිපරාමාසී{2} ආධානගාහී{3} දුප්පටිනිස්සග්ගී භවිස්සන්ති; මයමෙත්ථ අසන්දිට්ඨිපරාමාසී අනාධානගාහී සුප්පටිනිස්සග්ගී භවිස්සාමාති චිත්තං උප්පාදෙතබ්බං. (44)
Sinhala BJT2. චුන්‍දය, එහෙයින් මෙහි ලා ‘අන්‍යයෝ හිංසා කරන්නෝ වන්නාහු ය. මෙහි ලා අපි අහිංසකයමෝ වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය. ‘අන්‍යයෝ සතුන් මරන්නෝ වන්නාහු ය. මෙහි ලා අපි සතුන් මැරීමෙන් වෙන් වූවමෝ වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය..... ‘අන්‍යයෝ ස්වදෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නාහු දැඩි කොට ගන්නාහු. සුව සේ බැහැර නො කළ නො න්නාහු වන්නාහු ය. මෙහි ලා අපි ස්වදෘෂ්ටිය ම පරාමර්‍ශනය නො කරන්නමෝ දැඩි කොට නො ගන්නමෝ සුව සේ හළ හෙන්නමෝ නො වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය. (44)
Pali BJT[3. පරික්කමනපරියායො:]
Sinhala BJT[3. පරික්කමන පර්‍ය්‍යාය:]
Pali BJT1. සෙය්යථාපි චුන්ද විසමො{9} මග්ගො, තස්සාස්ස{10} අඤ්ඤො සමො මග්ගො පරික්කමනාය, සෙය්යථාපි{11} පන චුන්ද විසමං තිත්ථං{12}, තස්සාස්ස අඤ්ඤං සමං තිත්ථං පරික්කමනාය.
Sinhala BJT1. චුන්‍දය, යම් සේ විෂමමාර්‍ගයෙක් වේ ද, එය හැරපියා යෑමට අන්‍ය වූ සමමාර්‍ගයෙකුත් වේ ද, චුන්‍දය, යම් සේ විෂම තොටෙක් වේ ද, එය හැරපියා යෑමට අන්‍ය වූ සම තොටෙකුත් වේ ද,
Pali BJT2. එවමෙව ඛො චුන්ද විහිංසකස්ස පුරිසපුග්ගලස්ස අවිහිංසා හොති පරික්කමනාය; පාණාතිපාතිස්ස පුරිසපුග්ගලස්ස පාණාතිපාතා වෙරමණී හොති පරික්කමනාය. අදින්නාදායිස්ස පුරිසපුග්ගලස්ස අදින්නාදානා වෙරමණී හොති පරික්කමනාය. අබ්රහ්මචාරිස්ස පුරිසපුග්ගලස්ස අබ්රහ්මචරියා වෙරමණී{13} හොති පරික්කමනාය. මුසාවාදිස්ස පුරිසපුග්ගලස්ස මුසාවාදා වෙරමණී හොති පරික්කමනාය. පිසුණවාචස්ස{14} පුරිසපුග්ගලස්ස පිසුණාය වාචාය{15} වෙරමණී හොති පරික්කමනාය. ඵරුසවාචස්ස{16} පුරිසපුග්ගලස්ස ඵරුසාය වාචාය{17} වෙරමණී හොති පරික්කමනාය. සම්ඵප්පලාපිස්ස පුරිසපුග්ගලස්ස සම්ඵප්පලාපා වෙරමණී හොති පරික්කමනාය. අභිජ්ඣාලුස්ස පුරිසපුග්ගලස්ස අනභිජ්ඣා හොති පරික්කමනාය. බ්යාපන්නචිත්තස්ස පුරිසපුග්ගලස්ස අබ්යාපාදො හොති පරික්කමනාය. (1-10)
Sinhala BJT2. චුන්‍දය, එපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාට එයින් දුරුවීම පිණිස අහිංසාව වෙයි. ප්‍රාණඝාත කරන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. නුදුන් දැය ගන්නා පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අදත්තාදාන විරමණය වෙයි. අබ්‍රහ්මචාරී පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අබ්‍රහ්මචර්‍ය්‍ය විරමණය වෙයි. මුසවා කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස මුසාවාදවිරමණය වෙයි. කේලාම් කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස පිසුණවාචාවිරමණය වෙයි. පරොස්බස් කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස පරුෂවාචාවිරමණය වෙයි. නිෂ්ඵල වචන කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්ඵප්පලාපවිරමණය වෙයි. අභිධ්‍යාව බහුල කොට ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනභිධ්‍යාව වෙයි. ව්‍යාපන්න වූ සිත් ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අව්‍යාපාදය වෙයි. (1-10)
Pali BJT3. මිච්ඡාදිට්ඨිස්ස පුරිසපුග්ගලස්ස සම්මාදිට්ඨි හොති පරික්කමනාය. මිච්ඡාසඞ්කප්පස්ස පුරිසපුග්ගලස්ස සම්මාසඞ්කප්පො හොති පරික්කමනාය. මිච්ඡාවාචස්ස පුරිසපුග්ගලස්ස සම්මාවාචා හොති පරික්කමනාය. මිච්ඡාකම්මන්තස්ස පුරිසපුග්ගලස්ස සම්මාකම්මන්තො හොති පරික්කමනාය. මිච්ඡාආජීවස්ස පුරිසපුග්ගලස්ස සම්මාආජීවො හොති පරික්කමනාය. මිච්ඡාවායාමස්ස පුරිසපුග්ගලස්ස සම්මාවායාමො හොති පරික්කමනාය. මිච්ඡාසතිස්ස පුරිසපුග්ගලස්ස සම්මාසති හොති පරික්කමනාය. මිච්ඡාසමාධිස්ස පුරිසපුග්ගලස්ස සම්මාසමාධි හොති පරික්කමනාය. මිච්ඡාඤාණිස්ස පුරිසපුග්ගලස්ස සම්මාඤාණං හොති පරික්කමනාය. මිච්ඡාවිමුත්තිස්ස පුරිසපුග්ගලස්ස සම්මාවිමුත්ති හොති පරික්කමනාය. (11-20)
Sinhala BJT3. මිථ්‍යාදෘෂ්ටිකපුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්දෘෂ්ටිය වෙයි. මිථ්‍යාසංකල්පය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්සංකල්පය වෙයි. මිථ්‍යාවචන ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්වචන වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්කර්‍මාන්තය වෙයි. මිථ්‍යාජීවය ඇති පුද්ගලයාට එයින් දුරුවීම පිණිස සම්‍යගාජීවය වෙයි. මිථ්‍යාව්‍යායාම ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්ව්‍යායාමය වෙයි. මිථ්‍යාස්මෘතිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්ස්මෘතිය වෙයි. මිථ්‍යාසමාධිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්සමාධිය වෙයි. මිථ්‍යාඥානය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්ඥානය වෙයි. මිථ්‍යාවිමුක්තිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්විමුක්තිය වෙයි. (11-20)
Pali BJT4. ථීනමිද්ධපරියුට්ඨිතස්ස පුරිසපුග්ගලස්ස විගතථීනමිද්ධතා හොති පරික්කමනාය. උද්ධතස්ස පුරිසපුග්ගලස්ස අනුද්ධච්චං හොති පරික්කමනාය. වෙචිකිච්ඡිස්ස{1} පුරිසපුග්ගලස්ස තිණ්ණවිචිකිච්ඡතා හොති පරික්කමනාය. කොධනස්ස පුරිසපුග්ගලස්ස අක්කොධො හොති පරික්කමනාය. උපනාහිස්ස පුරිසපුග්ගලස්ස අනුපනාහො හොති පරික්කමනාය. මක්ඛිස්ස පුරිසපුග්ගලස්ස අමක්ඛො හොති පරික්කමනාය. පළාසිස්ස පුරිසපුග්ගලස්ස අපළාසො හොති පරික්කමනාය. ඉස්සුකිස්ස පුරිසපුග්ගලස්ස අනිස්සා{2} හොති පරික්කමනාය. මච්ඡරිස්ස පුරිසපුග්ගලස්ස අමච්ඡරියං හොති පරික්කමනාය. සඨස්ස පුරිසපුග්ගලස්ස අසාඨෙය්යං හොති පරික්කමනාය. මායාවිස්ස පුරිසපුග්ගලස්ස අමායා හොති පරික්කමනාය. ථද්ධස්ස පුරිසපුග්ගලස්ස අත්ථද්ධියං හොති පරික්කමනාය. අතිමානිස්ස පුරිසපුග්ගලස්ස අනතිමානො හොති පරික්කමනාය. දුබ්බචස්ස පුරිසපුග්ගලස්ස සොවචස්සතා හොති පරික්කමනාය. පාපමිත්තස්ස පුරිසපුග්ගලස්ස කල්යාණමිත්තතා හොති පරික්කමනාය. පමත්තස්ස පුරිසපුග්ගලස්ස අප්පමාදො හොති පරික්කමනාය. අස්සද්ධස්ස පුරිසපුග්ගලස්ස සද්ධා හොති පරික්කමනාය. අහිරිකස්ස පුරිසපුග්ගලස්ස හිරි{3} හොති පරික්කමනාය. අනොත්තාපිස්ස පුරිසපුග්ගලස්ස ඔත්තප්පං හොති පරික්කමනාය. අප්පස්සුතස්ස පුරිසපුග්ගලස්ස බාහුසච්චං හොති පරික්කමනාය. කුසීතස්ස පුරිසපුග්ගලස්ස විරියාරම්භො හොති පරික්කමනාය. මුට්ඨස්සතිස්ස පුරිසපුග්ගලස්ස උපට්ඨිතසතිතා හොති පරික්කමනාය. දුප්පඤ්ඤස්ස පුරිසපුග්ගලස්ස පඤ්ඤාසම්පදා හොති පරික්කමනාය. සන්දිට්ඨිපරාමාසිආධානගාහිදුප්පටිනිස්සග්ගිස්ස පුරිසපුග්ගලස්ස අසන්දිට්ඨිපරාමාසිඅනාධානගාහිසුප්පටිනිස්සග්ගිතා හොති පරික්කමනාය. (21-44)
Sinhala BJT4. ථීනමිද්ධයෙන් මැඩුණු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස විගත ථීනමිද්ධභාවය වෙයි. උද්ධතපුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනෞද්ධත්‍යය වෙයි. විචිකිච්ඡාව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස තිණ්ණවිචිකිච්ඡතාව වෙයි. කිපෙනසුලු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අක්‍රෝධය වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අබද්ධවෛරය වෙයි. ගුණමකු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අමක්‍ඛය වෙයි. යුගග්‍රාහය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස යුගග්‍රාහාභාවය වෙයි. ඊර්‍ෂ්‍යා කරන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනීර්‍ෂ්‍යාව වෙයි. මසුරු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො මසුරු බව වෙයි. ශඨ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අශඨභාවය වෙයි. මායාවී පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අමායාව වෙයි. තද පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො තද බව වෙයි. අධිකමාන ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනතිමානය වෙයි. දුර්වච පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සුවචභාවය වෙයි. පාපමිත්‍රයන් ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස කල්‍යාණමිත්‍රතාව වෙයි. ප්‍රමත්ත පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අප්‍රමාදය වෙයි. අශ්‍රද්ධපුද්ගලයාට එයින් දුරු වීම පිණිස ශ්‍රද්ධාව වෙයි. අහ්‍රිකපුද්ගලයාට එයින් දුරු වීම පිණිස හ්‍රිය වෙයි. අනපත්‍රපපුද්ගලයාට එයින් දුරු වීම පිණිස අපත්‍රපතාව වෙයි. අල්පශ්‍රෑතපුද්ගලයාට එයින් දුරු වීම පිණිස බහුශ්‍රැතතාව වෙයි. කුසීතවූ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස වීර්‍ය්‍යාරම්භය වෙයි. මුළා සිහි ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස එළඹ සිටි සිහිඇති බව වෙයි. නුවණ නැති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ප්‍රඥාසම්පදාව වෙයි. සියදිටු පැහැසීම දැඩිව ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො සියදිටු පැහැසීම නො දැඩි ගැනීම හරනට පහසු බව වෙයි. (21-44)
Pali BJT[4. උපරිභාවපරියායො:]
Sinhala BJT[4. උපරිභාවපර්‍ය්‍යාය:]
Pali BJT1. සෙය්යථාපි චුන්ද යෙ කෙචි අකුසලා ධම්මා සබ්බෙ තෙ අධොභාවං ගමනීයා{4} යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ උපරිභාවං{5} ගමනියා.
Sinhala BJT1. චුන්‍දය, යම්සේ වනාහි යම් කිසි අකුශලධර්‍ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ලෝ (නොමිහිරිවිපාක ඇති බැවින්) පහත්බවට කරුණු වෙති. යම් කිසි කුශලධර්‍ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ලෝ මිහිරිවිපාක ඇති බැවින්) උසස් බවට කරුණු වෙති.
Pali BJT2. එවමෙව ඛො චුන්ද විහිංසකස්ස පුරිසපුග්ගලස්ස අවිහිංසා හොති උපරිභාවාය. පාණාතිපාතිස්ස පුරිසපුග්ගලස්ස පාණාතිපාතා වෙරමණී හොති උපරිභාවාය. අදින්නාදායිස්ස -පෙ- සන්දිට්ඨිපරාමාසිආධානගාහිදුප්පටිනිස්සග්ගිස්ස පුරිසපුග්ගලස්ස අසන්දිට්ඨිපරාමාසිඅනාධානගාහිසුප්පටිනිස්සග්ගිතා හොති උපරිභාවාය. (44)
Sinhala BJT2. චුන්‍දය, එපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාගේ උසස්බව පිණිස අවිහිංසාව වෙයි. සතුන් මරන පුද්ගලයාගේ උසස්බව පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. සොරකම් කරන ... සියදිටු පැහැසීම දැඩිව ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාගේ උසස්බව පිණිස නො සියදිටු පැහැසීම නො දැඩි ගැනීම හරනට පහසුබව වෙයි. (44)
Pali BJT[5. පරිනිබ්බානපරියායො:]
Sinhala BJT[5. පරිනිබ්බානපර්‍ය්‍යාය:]
Pali BJT1. සො වත චුන්ද අත්තනා පලිපපලිපන්නො පරං පලිපපලිපන්නං උද්ධරිස්සතීති නෙතං ඨානං විජ්ජති. සො වත චුන්ද, අත්තනා අපලිපපලිපන්නො පරං පලිපපලිපන්නං උද්ධරිස්සතීති ඨානමෙතං විජ්ජති. සො වත චුන්ද අත්තනා අදන්තො අවිනීතො අපරිනිබ්බුතො පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සො වත චුන්ද අත්තනා දන්තො විනීතො පරිනිබ්බුතො පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT1. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ මඩෙහි එරුණේ ද හෙතෙමේ මඩෙහි එරුණු අනෙකක්හු නඟාලන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන නො වෙයි. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ මඩෙහි නො එරුණේ ද, හෙතෙමේ මඩෙහි එරුණු අනෙකක්හු නඟාලන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන වෙයි. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ නො දැමුණේ නො හික්මුණේ නො පිරිනිවුණේ වේ ද, හෙතෙමේ අනෙකක්හු දමනය කරන්නේ ය, හික්මවන්නේය, පිරිනිවීමට පමුණුවන්නේයැ යන මෙකරුණ විද්‍යමාන නො වෙයි. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ දැමුණේ හික්මුණේ පිරිනිවුණේ වේ ද, හෙතෙමේ අනෙකක්හු දමනය කරන්නේය හික්මවන්නේය පිරිනිවීමට පමුණුවන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන වෙයි.
Pali BJT2. එවමෙව ඛො චුන්ද විහිංසකස්ස පුරිසපුග්ගලස්ස අවිහිංසා හොති පරිනිබ්බානාය. පාණාතිපාතිස්ස පුරිසපුග්ගලස්ස පාණාතිපාතා වෙරමණී හොති පරිනිබ්බානාය. අදින්නාදායිස්ස පුරිසපුග්ගලස්ස අදින්නාදානා වෙරමණී හොති පරිනිබ්බානාය. අබ්රහ්මචාරිස්ස පුරිසපුග්ගලස්ස අබ්රහ්මචරියා වෙරමණී හොති පරිනිබ්බානාය. මුසාවාදිස්ස පුරිසපුග්ගලස්ස මුසාවාදා වෙරමණී හොති පරිනිබ්බානාය. පිසුණවාචස්ස පුරිසපුග්ගලස්ස පිසුණාය වාචාය වෙරමණී හොති පරිනිබ්බානාය. ඵරුසවාචස්ස පුරිසපුග්ගලස්ස ඵරුසාය වාචාය වෙරමණී හොති පරිනිබ්බානාය. සම්ඵප්පලාපිස්ස පුරිසපුග්ගලස්ස සම්ඵප්පලාපා වෙරමණී හොති පරිනිබ්බානාය. අභිජ්ඣාලුස්ස පුරිසපුග්ගලස්ස අනභිජ්ඣා හොති පරිනිබ්බානාය. බ්යාපන්නචිත්තස්ස පුරිසපුග්ගලස්ස අබ්යාපාදො හොති පරිනිබ්බානාය. (1-10)
Sinhala BJT2. චුන්‍දය, මෙපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අවිහිංසාව වෙයි. ප්‍රාණඝාතක පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. නො දුන් දෙය ගන්නා පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අදත්තාදානවිරමණය වෙයි. බඹසර නො රක්නා පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අබ්‍රහ්මචර්‍ය්‍යවිරමණය වෙයි. බොරු කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස මුසාවාදවිරමණය වෙයි. කේලාම් කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස පිසුණවාචාවිරමණය වෙයි. රළුබස් කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ඵරුසවාචාවිරමණය වෙයි. සම්ඵප්පලාප කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්ඵප්පලාපවිරමණය වෙයි. අභිධ්‍යාව බහුල කොට ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනභිධ්‍යාව වෙයි. ව්‍යාපන්න සිත් ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අව්‍යාපාදය වෙයි. (1-10)