Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2801-2900 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්රග්ගිවෙස්සන යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: එකච්චං මෙ ඛමති, එකච්චං මෙ න ඛමතී’ති. යා හි ඛො නෙසං ඛමති සායං දිට්ඨි සාරාගාය සන්තිකෙ, සංයොගාය සන්තිකෙ, අභිනන්දනාය සන්තිකෙ, අජ්ඣොසානාය සන්තිකෙ, උපාදානාය සන්තිකෙ. යාහි ඛො තෙසං න ඛමති සායං දිට්ඨි අසාරාගාය සන්තිකෙ අසංයොගාය සන්තිකෙ අනභිනන්දනාය සන්තිකෙ අනජ්ඣොසානාය සන්තිකෙ අනුපාදානාය සන්තිකෙ.
Sinhala BJTගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: “ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට රුස්නේ යැ, ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට නො රුස්නේ යැ” යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, යම් දෘෂ්ටියක් ඔවුනට රුස්නේ ද, ඒ මේ දෘෂ්ටිය සංරාගයට ආසන්න යැ, සංයෝජනයට ආසන්න යැ, අභිනන්‍දනාවට ආසන්න යැ, අධ්‍යවසානයට ආසන්න යැ, උපාදානයට ආසන්න යි. යම් දෘෂ්ටියක් ඔවුනට නො රුස්නේ නම් ඒ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්න යැ, අසංයෝජනයට ආසන්න යැ, අනභිනන්‍දනාවට ආසන්න යැ, අනධ්‍යවසානයට ආසන්න යැ. අනුපාදානයට ආසන්න යි.
Pali BJTතත්රග්ගිවෙස්සන යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො සබ්බං මෙ ඛමතී’ති. තත්ථ විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: යා ඛො මෙ අයං දිට්ඨි සබ්බං මෙ ඛමතී’ති. ඉමඤ්චෙ අහං දිට්ඨිං ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරෙය්යං: ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති. ද්වීහි මෙ අස්ස විග්ගහො. යො චායං සමණො වා බ්රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි: සබ්බං මෙ න ඛමතීති. යොචායං සමණො වා බ්රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි: එකච්චං මෙ ඛමති, එකච්චං මෙ න ඛමතී’ති. ඉමෙහි අස්ස ද්වීහි විග්ගහො. ඉති විග්ගහෙ සති විවාදො, විවාදෙ සති විඝාතො, විඝාතෙ සති විහෙසා. ඉති සො විග්ගහඤ්ච විවාදඤ්ච විඝාතඤ්ච විහෙසඤ්ච අත්තනි සම්පස්සමානො තඤ්චෙව දිට්ඨිං පජහති. අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියති. එවමෙතාසං දිට්ඨීනං පහානං හොති. එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොති.
Sinhala BJTගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල (හැම ප්‍රතිසන්‍ධිය) මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: “මාගේ මේ ‘සියල්ල මට රුස්නේ යැ’ යන යම් දෘෂ්ටියක් ඇද්ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්‍ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්‍ය යැ අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම් මට දෙදෙනකුගෙන් කලහ වන්නේ යැ: ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුන් ඇද්ද, ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුන් ඇද්ද, මෙ දෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසේ කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දක්මින් එ මැ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.
Pali BJTතත්රග්ගිවෙස්සන යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො ‘සබ්බං මෙ න ඛමතී’ති. තත්ථ විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: යා ඛො මෙ අයං දිට්ඨි ‘සබ්බං මෙ න ඛමතී’ති. ඉමඤ්චෙ අහං දිට්ඨිං ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරෙය්යං: ‘ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති. ද්වීහි මෙ අස්ස විග්ගහො. යො චායං සමණො වා බ්රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි: ‘සබ්බං මෙ ඛමතී’ති. යො චායං සමණො වා බ්රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි: ‘එකච්චං මෙ ඛමති, එකච්චං මෙ න ඛමතී’ති. ඉමෙහි මෙ අස්ස ද්වීහි විග්ගහො. ඉති විග්ගහෙ සති විවාදො, විවාදෙ සති විඝාතො, විඝාතෙ සති විහෙසා. ඉති සො විග්ගහඤ්ච විවාදඤ්ච විඝාතඤ්ච විහෙසඤ්ච අත්තනි සම්පස්සමානො තඤ්චෙව දිට්ඨිං පජහති. අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියති. එවමෙතාසං දිට්ඨීනං පහානං හොති. එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොති.
Sinhala BJTගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: “මාගේ මේ ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන යම් දෘෂ්ටියක් ඇද්ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්‍ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්‍ය යැ අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම් මට දෙදෙනකු ගෙන් කලහ වන්නේ යැ: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් ඇද්ද, ‘සමහරක් මට රුස්නේ යැ; සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් ඇද්ද, මෙ දෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසේ කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දකිමින් එ මැ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.
Pali BJTතත්රග්ගිවෙස්සන යෙ තෙ සමණබ්රාහ්මණා එවං වාදිනො එවංදිට්ඨිනො: ‘එකච්චං මෙ ඛමති, එකච්චං මෙ න ඛමතී’ති. තත්ථ විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති. යා ඛො මෙ අයං දිට්ඨි: එකච්චං මෙ ඛමති, එකච්චං මෙ න ඛමතීති. ඉමඤ්චෙ අහං දිට්ඨිං ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරෙය්යං: ‘ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති. ද්වීහි මෙ අස්ස විග්ගහො, යො චායං සමණො වා බ්රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි: ‘සබ්බං මෙ ඛමතී’ති. යො චායං සමණො වා බ්රාහ්මණො වා එවංවාදී එවංදිට්ඨි: ‘සබ්බං මෙ න ඛමතී’ති. ඉමෙහි මෙ අස්ස ද්වීහි විග්ගහො. ඉති විග්ගහෙ සති විවාදො, විවාදෙ සති විඝාතො, විඝාතෙ සති විහෙසා. ඉති සො විග්ගහඤ්ච විවාදඤ්ච විඝාතඤ්ච විහෙසඤ්ච අත්තනි සම්පස්සමානො තඤ්චෙව දිට්ඨිං පජහති, අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියති. එවමෙතාසං දිට්ඨීනං පහානං හොති, එවමෙතාසං දිට්ඨීනං පටිනිස්සග්ගො හොති.
Sinhala BJTගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන් කෙරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මාගේ යම් දෘෂ්ටියක් වේ ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්‍ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්‍යයැ, අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම්, දෙදෙනකුගෙන් මට කලහ වන්නේ යැ: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් වේද, ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් වේ ද, මෙදෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසෙයින් කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දකිමින් ඒ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසේ තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසේ තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.
Pali BJTඅයං ඛො පනග්ගිවෙස්සන කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසුපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො, අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සිතබ්බො. තස්සිමං කායං අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සතො යො කායස්මිං කායච්ඡන්දො කායස්නෙහො කායන්වයතා සා පහීයති.
Sinhala BJTතවද ගිනිවෙස්න, මෙ කය රූපවත් වූයේ සතර මහාභූතයෙන් නිපන්නේ මාපියන්ගේ ශුක්‍රශ්‍රෝණිතයෙන් සම්භව වූයේ බතින් කොමුයෙන් වැඩුණේ අනිත්‍යසවභාව ඇතියේ ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් පියවි කොට ඇතියේ අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ (ගඩු) විසින් ශල්‍ය විසින් අඝ (දුඃඛස්වභාව) විසින් ආබාධ විසින් පර (තමා අයත් නැති) විසින් නැසෙන විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් දැක්කයුත්තේ යැ, ඔහු මෙ කය අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පර විසින් නැසෙන විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් දක්නාහට කයෙහි යම් කාය තෘෂ්ණාවක් කායස්නේහයක් කායන්‍වය (කයඅනුවයන) බවෙක් වේ ද, ඒ ප්‍රහීණ වෙයි.
Pali BJTතිස්සො ඛො ඉමා අග්ගිවෙස්සන වෙදනා: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. යස්මිං අග්ගිවෙස්සන සමයෙ සුඛං වෙදනං වෙදෙති. නෙව තස්මිං සමයෙ දුක්ඛං වෙදනං වෙදෙති. න අදුක්ඛමසුඛං වෙදනං වෙදෙති. සුඛංයෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති. යස්මිං අග්ගිවෙස්සන සමයෙ දුක්ඛං වෙදනං වෙදෙති, නෙව තස්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න අදුක්ඛමසුඛං වෙදනං වෙදෙති, දුක්ඛංයෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති. යස්මිං අග්ගිවෙස්සන සමයෙ අදුක්ඛමසුඛං වෙදනං වෙදෙති, නෙව තස්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න දුක්ඛං වෙදනං වෙදෙති. අදුක්ඛමසුඛංයෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති.
Sinhala BJTගිනිවෙස්න, මෙ තුන් වේදනායෙක් ඇත: සුඛවේදනා යැ දුඃඛවේදනා යැ උපේක්‍ෂා වේදනා යි. ගිනිවෙස්න, යම් කලෙකැ සුඛවේදනාව විඳී ද, එසමයෙහි දුඃඛවේදනාව නො මැ විඳී, උපේක්‍ෂාවේදනාව නො මැ විඳී, එසමයෙහි සුඛවේදනාව මැ විඳී. ගිනිවෙස්න, යම් කලෙකැ දුඃඛවේදනාව විඳී ද, එසමයෙහි සුඛවේදනාව නො මැ විඳී, උපේක්‍ෂාවේදනාව නො මැ විඳී, එසමයෙහි දුඃඛවේදනාව මැ විඳී. ගිනිවෙස්න, යම් කලෙකැ උපේක්‍ෂාවේදනාව විඳී ද, එසමයෙහි සුඛවේදනාව නො මැ විඳී, දුඃඛවේදනාව නො මැ විඳී, එසමයෙහි උපේක්‍ෂාවේදනාව මැ විඳී.
Pali BJTසුඛාපි ඛො අග්ගිවෙස්සන වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා, දුක්ඛාපි ඛො අග්ගිවෙස්සන වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා, අදුක්ඛමසුඛාපි ඛො අග්ගිවෙස්සන වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා.
Sinhala BJTගිනිවෙස්න, සුඛවේදනා ද අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ, ප්‍රත්‍යයන් නිසා උපන, ක්‍ෂයස්වභාව ඇත ව්‍යයස්වභාව ඇත, විරාගස්වභාව ඇත, නිරෝධස්වභාව ඇත. ගිනිවෙස්න, දුඃඛවේදනා ද අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ ප්‍රත්‍යයන් නිසා උපන, ක්‍ෂයස්වභාව ඇත, ව්‍යයස්වභාව ඇත, විරාගස්වභාව ඇත, නිරෝධස්වභාව ඇත. උපේක්‍ෂාවේදනා ද ගිනිවෙස්න, අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ, ප්‍රත්‍යයන් නිසා උපන, ක්‍ෂයස්වභාව ඇත. ව්‍යයස්වභාව ඇත. විරාගස්වභාව ඇත. නිරෝධස්වභාව ඇත.
Pali BJTඑවං පස්සං අග්ගිවෙස්සන සුතවා අරියසාවකො සුඛායපි වෙදනාය නිබ්බින්දති, දුක්ඛායපි වෙදනාය නිබ්බින්දති, අදුක්ඛමසුඛායපි වෙදනාය නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. එවං විමුත්තචිත්තො ඛො අග්ගිවෙස්සන භික්ඛු න කෙනචි සංවදති. න කෙනචි විවදති. යඤ්ච ලොකෙ වුත්තං තෙනෙව වොහරති අපරාමසන්ති.
Sinhala BJTගිනිවෙස්න, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සුඛවේදනායෙහි දු කලකිරෙයි, දුඃඛවේදනායෙහි දු කලකිරෙයි, උපේක්‍ෂාවේදනායෙහි දු කලකිරෙයි. කලකිරුණේ විරක්ත (නො ඇලුණේ) වෙයි, විරාගයෙන් විමුක්ත වෙයි, විමුක්ත කල්හි ‘විමුක්තයෙමි’ යන ඥානය වෙයි, ජාතිය ගෙවිණ, මඟබඹසර වැස නිමවන ලද, (සිවුමඟ) කරණී කරනලද, මෙබව පිණිස අනි කිසෙක් නැතැ’යි දැනගනී. මෙසෙයින් ගිනිවෙස්න, විමුක්තසිත් ඇති මහණ කිසිවකු සමග සංවාද නො කෙරෙයි, කිසිවකු සමග විවාද නො කෙරෙයි, ලොවැ යමක් කියන ලද නම් පරාමර්‍ශ නැති වැ එයින් මැ ව්‍යවහාර කෙරෙයි.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො පිට්ඨිතො ඨිතො හොති භගවන්තං විජයමානො.{1} අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: තෙසං තෙසං කිර නො භගවා ධම්මානං අභිඤ්ඤා පහාණමාහ. තෙසං තෙසං කිර නො සුගතො ධම්මානං අභිඤ්ඤා පටිනිස්සග්ගමාහාති. ඉති’හිදං ආයස්මතො සාරිපුත්තස්ස පටිසඤ්චික්ඛතො අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. දීඝනඛස්ස පන පරිබ්බාජකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යං කිඤ්චි සමුදය ධම්මං, සබ්බන්තං නිරොධධම්මන්ති.
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් පිටිපසැ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියාහු වෙති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට මෙසිත විය: “භාග්‍යවතුන් වහන්සේ අපට ඒ ඒ ධර්‍මයන් ප්‍රඥායෙන් දැන ප්‍රහාණය වදාළහ, සුගතයන් වහන්සේ අපට ඒ ඒ ධර්‍මයන් නුවණින් දැන දුරැලීම වදාළහ”යි. මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේගේ සිත උපාදාන රහිත කොට ආශ්‍රවයන් කෙරෙන් මිදිණ. දීඝනඛපරිව්‍රාජකයන්ට කෙලෙස් රජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස උපන: “යම් කිසි ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෙක් ඇද්ද, එහැම නිරුද්ධ වන පියවි ඇතැ”යි.
Pali BJTඅථ ඛො දීඝනඛො පරිබ්බාජකො දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති දීඝනඛ පරිව්‍රාජක දුටු දහම් ඇතියේ පත් දහම් ඇතියේ පිළිවිදි දහම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහ වූ සැක ඇතියේ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
Pali BJTඅභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJT“ඉතා මැනැව භවත් ගෞතමයෙනි, ඉතා මැනැව භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවක්හට මඟ පවසන්නේ හෝ වේ ද, ඇස් ඇත්තාහු රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දල්වන්නේ ද, එසෙයින් භවත් ගෞතමයන් විසින් නොයෙක් අයුරින් දහම් පවසනලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට ධරනසේක්ව’යි.
Pali BJTදීඝනඛසුත්තං චතුත්ථං.
Sinhala BJTසිව් වැනි දීඝනඛ සූත්‍ර යි.
Pali BJT2. 3. 5.
Sinhala BJT2. 3. 5.
Pali BJTමාගන්දිය සුත්තං
Sinhala BJTමාගන්‍දිය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු විහරති කම්මාස්සදම්මං{1} නාම කුරූනං නිගමො භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස අග්යාගාරෙ තිණසන්ථාරකෙ{2}. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කම්මාස්සදම්මං{1} පිණ්ඩාය පාවිසි. කම්මාස්සදම්මෙ{1} පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙනඤ්ඤතරො වනසණ්ඩො තෙනුපසඞ්කමි දිවාවිහාරාය. තං වනසණ්ඩං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාෂදම්‍ය නම් වූ කුරුරටවැසියන්ගේ නියම්ගම්හි භාරද්වාජගෝත්‍ර බමුණුගේ අග්නි හෝත්‍රශාලායෙහි තණඇතිරියෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන කල්මාෂදම්‍යනිගමයට පිඬු පිණිස පිවිසියහ. කල්මාෂදම්‍යයෙහි පිඬුසිඟා පසුබත් වේලෙහි පිඬුවායෙන් නැවැතිසේක් එක්තරා වනළැහැබක් කරා දිවාවිහාර පිණිස එළැඹියහ. එ වනළැහැබට වැද එක්තරා රුක්මුලෙකැ දිවාවිහාරයෙන් වැඩහුන් සේක.
Pali BJTඅථ ඛො මාගන්දියො{3} පරිබ්බාජකො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස අග්යාගාරං තෙනුපසඞ්කමි. අද්දසා ඛො මාගන්දියො පරිබ්බාජකො භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස අග්යාගාරෙ තිණසන්ථරකං{2} පඤ්ඤත්තං, දිස්වාන භාරද්වාජගොත්තං බ්රාහ්මණං එතදවොච: ‘කස්ස න්වයං භොතො භාරද්වාජස්ස අග්යාගාරෙ තිණසන්ථාරකො පඤ්ඤත්තො. සමණසෙය්යාරූපං මඤ්ඤෙති.
Sinhala BJTඑකල්හි මාගන්‍දිය පරිව්‍රාජක ජඞ්ඝාවිහරණයෙහිලා සක්මන් කරනුයේ හැසිරෙනුයේ භාරද්වාජගෝත්‍රයෙහි වූ බමුණුහුගේ ගිනිදෙවොල කරා එළැඹියේ යැ. මාගන්‍දිය පරිව්‍රාජක භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොලෙහි පනවනලද තණඇතිරියක් දුටුයේ යැ. දැක භාරද්වාජගෝත්‍ර බමුණුහට තෙල කී යැ: භවත් භාරද්වාජයන්ගේ ගිනිදෙවොලෙහි මේ තණඇතිරිය කවරක්හට පනවනලද ද? ‘ශ්‍රමණයක්හට අනුරූප වූ ශයනයෙකැ’යි සිතමි.
Pali BJTඅත්ථි භො මාගන්දිය, සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තස්සෙසා භොතො ගොතමස්ස සෙය්යා පඤ්ඤත්තාති. දුද්දිට්ඨං වත භො භාරද්වාජ අද්දසාම{4} යෙ මයං තස්ස භොතො ගොතමස්ස භූනහුනො{5} සෙය්යං අද්දසාමාති. ‘රක්ඛස්සෙතං මාගන්දිය වාචං, රක්ඛස්සෙතං මාගන්දිය වාචං, බහූහි තස්ස භොතො ගොතමස්ස ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි අභිප්පසන්නා විනීතා අරියෙ ඤායෙ ධම්මෙ කුසලෙ’ති. සම්මුඛා චෙපි මයං භො භාරද්වාජ තං භවන්තං ගොතමං පස්සෙය්යාම, සම්මුඛාපි නං වදෙය්යාම: ‘භූනහු සමණො ගොතමො’ති. තං කිස්ස හෙතු: එවං හි නො සුත්තෙ ඔචරතීති. සචෙ තං භොතො මාගන්දියස්ස අගරු ආරොචෙය්යමෙතං{6} සමණස්ස ගොතමස්සාති. අප්පොස්සුක්කො භවං භාරද්වාජො වුත්තොව නං වදෙය්යාති.
Sinhala BJTභවත් මාගන්‍දිය, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවැදි වූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත. ඒ භාග්‍යවතුන් ගෞතමයන්ගේ මෙබඳු කල්‍යාණ වූ කීර්තිශබ්දය උස් වැ පැනනැංගේ යැ: “ඒ භාග්‍යවත්හු මෙකරුණෙන් අර්‍හත් වූහ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යා චරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදුහ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිසුනට ශාස්තෘ වූහ, බුද්ධයහ, භගවත් වූහ” යි ඒ භවත් ගෞතමයන්ට තෙල යහන පනවනලදැ’යි. භවත් භාරද්වාජය, ඇපි හතවෘද්ධි ඇති ඒ භවත් ගෞතමයන්ගේ යහන දුටුවමෝ ද, ඒකාන්තයෙන් නො නිසි දැක්මක් දුටුවම්හ’යි. මාගන්‍දිය, තෙල වචනය රකුව, මාගන්‍දිය තෙල වචනය රකුව. ඒ භවත් ගෞතමයන්හට බොහෝ වූ මැ ක්‍ෂත්‍රියපණ්ඩිතයෝ ද බ්‍රාහ්මණපණ්ඩිතයෝ ද ගෘහපතිපණ්ඩිතයෝ ද ශ්‍රමණපණ්ඩිතයෝ ද අතිශයින් ප්‍රසන්න වූහ. පරිශුද්ධ වූ අනවද්‍ය වූ හේතුධර්‍මයහි විනීතයහ’යි. භවත් භාරද්වාජය, ඇපි ඒ භවත් ගෞතමයන් හමුයෙහි නමුදු දක්නමෝ නම් හමුයෙහි දු ඔවුන්ට (මෙසේ) කියම්හ: “ශ්‍රමණ ගෞතමයෝ හතවෘද්ධි ඇත්තාහ”යි. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එන්නේ ද එහෙයිනි. ඉදින් භවත් මාගන්‍දියහට එය බරෙක් නො වේ නම් ශ්‍රමණගෞතමයන්හට තෙල සැල කරන්නෙමි’යි. (මා රක්නට) අනුත්සුක වැ භවත් භාරද්වාජ මා විසින් කියනලදුයේ මැ කියාව’යි.
Pali BJTඅස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය{1} භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස මාගන්දියෙන පරිබ්බාජකෙන සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස අග්යාගාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිසීදි{2} පඤ්ඤත්තෙ{3} තිණසන්ථාරකෙ. අථ ඛො භාරද්වාජගොත්තො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො භාරද්වාජගොත්තං බ්රාහ්මණං භගවා එතදවොච: ‘අහු පන තෙ භාරද්වාජ මාගන්දියෙන පරිබ්බාජකෙන සද්ධිං ඉමංයෙව තිණසන්ථරකං ආරබ්භ කොචිදෙව කථාසල්ලාපො’ති. එවං වුත්තෙ භාරද්වාජගොත්තො{4} බ්රාහ්මණො සංවිග්ගො ලොමහට්ඨජාතො භගවන්තං එතදවොච: ‘එතදෙව ඛො පන මයං භොතො ගොතමස්ස ආරොචෙතුකාමා, අථ ච පන භවං ගොතමො අනක්ඛාතංයෙව අක්ඛාසීති. අයඤ්ච හිදං{5} භගවතො භාරද්වාජගොත්තෙන බ්රාහ්මණෙන සද්ධිං අන්තරා කථා විප්පකතා හොති. අථ මාගන්දියො පරිබ්බාජකො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස අග්යාගාරං, යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො මාගන්දියං පරිබ්බාජකං භගවා එතදවොච.
Sinhala BJTබුදුහු විශුද්ධ වූ ඉක්මගිය මිනිස්බව ඇති දිවසෝධයින් මාගන්‍දිය පරිව්‍රාජක සමග (කරනලද) භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයාගේ මේ කථාසල්ලාපය ඇසූසේක. ඉක්බිති බුදුහු සවස්කාලයෙහි ඵලසමවතින් නැඟී සිටි සේක් භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොල කරා එළැඹි සේක. එළැඹ පනවනලද්දාවූ තණඇතිරියෙහි වැඩ හුන් සේක. ඉක්බිති භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙකැ හින. බුදුහු එකත්පස් වැ හුන් භාරද්වාජගෝත්‍ර බමුණුහට මේ වදාළහ. භාරද්වාජය, මාගන්‍දිය පරිව්‍රාජක සමග මේ තණඇතිරිය මැ අරභයා තොපගේ කිසියම් කථාසල්ලාපයෙක් වී දැ? යි වදාළහ. මෙසේ වදාළ කල්හි භාරද්වාජ බ්‍රාහ්මණ (ප්‍රීතිසංවේගයෙන්) කම්පිත වූයේ හටගත් ලොමුදහ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් කි යැ: “ඇපි මෙය මැ භවත් ගෞතමයන් වහන්සේට සැලකරන රිසියම්හ. එතෙකුදු වත් ගෞතමයන් වහන්සේ නො කියන ලද්ද මැ කීහ’යි. භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයා සමග භාග්‍යවතුන් වහන්සේ මේ අතුරු කථාව කොට අඩාළ විය. එකල්හි මාගන්‍දිය පරිව්‍රාජක ජඞ්ගාවිහරණයෙහි සක්මන් කරනුයේ හැසිරෙනුයේ භාරද්වාජ බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොලෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස්වැ හුන් මාගන්‍දිය පරිව්‍රාජකයන්හට බුදුහු තෙල වදාළසේක.
Pali BJTචක්ඛුං ඛො මාගන්දිය රූපාරාමං රූපරතං රූපසම්මුදිතං. තං තථාගතස්ස දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං. තස්ස ච සංවරාය ධම්මං දෙසෙති. ඉදං නු තෙ එතං මාගන්දිය සන්ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති. එතදෙව ඛො පන මෙ භො ගොතම සන්ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති. තං කිස්ස හෙතු: එවං හි නො සුත්තෙ ඔචරතීති.
Sinhala BJT“මාගන්‍දිය, ඇස වැළිත් රූපය ආරාම කොට ඇත. රූපයෙහි ඇලුණේ යැ. රූපයෙන් පිනවනලද. ඒ චක්‍ෂුස තථාගතයන් විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නාලද, සංවර කරනලද වෙයි. ඒ චක්‍ෂුස සංවරය පිණිස දහම් දෙසන සේක. මාගන්‍දිය තොප විසින් මේ සඳහා තෙල ‘ශ්‍රමණ ගෞතම වෘද්ධිනාශකයෙකැ’යි කියන ලදදැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ සඳහා මැ ‘ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තේ කැ’යි කියනලද. ඊට හේතු කවරැ යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එයි ද, එහෙයිනැ’යි.
Pali BJTසොතං ඛො මාගන්දිය සද්දාරාමං -පෙ- ඝානං ඛො මාගන්දිය ගන්ධාරාමං -පෙ- ජිව්හා ඛො මාගන්දිය රසාරාමා රසරතා රසසම්මුදිතා. සා තථාගතස්ස දන්තා ගුත්තා රක්ඛිතා සංවුතා. තස්සා ච සංවරාය ධම්මං දෙසෙති. ඉදං නු තෙ එතං මාගන්දිය සන්ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති. එතදෙව ඛො පන මෙ භො ගොතම සන්ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති. තං කිස්ස හෙතු: ‘එවං හි නො සුත්තෙ ඔචරතී’ති.
Sinhala BJTමාගන්‍දිය, ශ්‍රෝත්‍රය වැළිත් ශබ්දය ආරාම කොට ඇත ... මාගන්‍දිය, ඝ්‍රාණය වූකලි ගන්‍ධය ආරාම කොට ඇත … මාගන්‍දිය, ජිව්හාව වූකලී රසය ආරාම කොට ඇත. රසයෙහි ඇලුණී යැ, රසයෙන් පිනවනලද, ඒ ජිව්හාව තථාගතයන් විසින් දාන්ත යැ ගුප්ත යැ සංවෘත යැ. ඒ ජිව්හා සංවරයට දහම් දෙසති. මාගන්‍දිය, තොප විසින් තෙල “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තේ කැ’යි මේ සඳහා කියනලද දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ සඳහා මැ “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි කියනලද. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එයි ද, එහෙයිනැ’යි.
Pali BJTකායො ඛො මාගන්දිය ඵොට්ඨබ්බාරාමො -පෙ- මනො ඛො මාගන්දිය ධම්මාරාමො ධම්මරතො ධම්මසම්මුදිතො. සො තථාගතස්ස දන්තො ගුත්තො රක්ඛිතො සංවුතො. තස්ස ච සංවරාය ධම්මං දෙසෙති. ඉදං නු තෙ එතං මාගන්දිය, සන්ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති. එතදෙව ඛො පන මෙ භො ගොතම සන්ධාය භාසිතං. භූනහු සමණො ගොතමො’ති. තං කිස්ස හෙතු: එවං හි නො සුත්තෙ ඔචරතී’ති.
Sinhala BJT“මාගන්‍දිය, කය වැළිත් ස්ප්‍රෂ්ටව්‍ය ආරාම කොට ඇත ... මාගන්‍දිය, මනස වැළිත් ධර්‍මය ආරාම කොට ඇත, ධර්‍මයෙහි ඇලුණේ යැ, ධර්‍මයෙන් පිනවනලද, ඒ මනස තථාගතයන් විසින් දමනය කරන ලද, ගෝපනය කරනලද, රක්නාලද, සංවර කරනලද. එ මනස සංවරයට දහම් දෙසති. මාගන්‍දිය, තොප විසින් තෙල “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි මේ සඳහා කියනලද දැ? යි. භවත් ගෞතමයන් වහන්සේ මා විසින් මේ සඳහා මැ “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි කියනලද. එ කවර හෙයින යත්: අපගේ සූත්‍රයෙහි මෙසේ එන හෙයිනැ’යි.
Pali BJTතං කිං මඤ්ඤසි මාගන්දිය ඉධෙකච්චො චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි පරිචාරිතපුබ්බො අස්ස, ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො අපරෙන සමයෙන රූපානංයෙව සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා රූපතණ්හං පහාය රූපපරිළාහං පටිවිනොදෙත්වා විගතපිපාසො අජ්ඣත්තං වූපසන්තචිත්තො විහරෙය්ය. ඉමස්ස පන තෙ මාගන්දිය කිමස්ස වචනීයන්ති: න කිඤ්චි භො ගොතම.
Sinhala BJTමාගන්‍දිය, ඒ කිමැ’යි සිතයි ද? මෙලොවැ කිසිවෙක් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කරුණු වූ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයන්ගෙන් සිත් අලවා විසූවිරූ වෙයි. හේ මෑතකාලයෙහි රූපයන්ගේ මැ සමුදය ද අත්‍ථඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තත් වූ පරිද්දෙන් දැන රූපතෘෂ්ණාව හැරපියා රූපය අරභයා උපන් පරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාසය කරන්නේ නම්, මාගන්‍දිය තොප විසින් මොහුට කුමක් කියයුතු වන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, කිසි කියයුත්තෙක් නැත.
Pali BJTතං කිං මඤ්ඤසි මාගන්දිය: ඉධෙකච්චො සොතවිඤ්ඤෙය්යෙහි සද්දෙහි -පෙ- ඝානවිඤ්ඤෙය්යෙහි ගන්ධෙහි -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙහි රසෙහි -පෙ- කායවිඤ්ඤෙය්යෙහි ඵොට්ඨබ්බෙහි පරිචාරිතපුබ්බො අස්ස, ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො අපරෙන සමයෙන ඵොට්ඨබ්බානංයෙව සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා ඵොට්ඨබ්බතණ්හං පහාය ඵොට්ඨබ්බපරිළාහං පටිවිනොදෙත්වා විගතපිපාසො අජ්ඣත්තං වූපසන්තචිත්තො විහරෙය්ය. ඉමස්ස පන තෙ මාගන්දිය කිමස්ස වචනීයන්ති: න කිඤ්චි භො ගොතම.
Sinhala BJTමාගන්‍දිය, ඒ කිමැ’යි සිතයි ද? මෙලොවැ කිසිවෙක් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙන් … ජිහ්වාවිඥේය වූ රසයෙන් … ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති, කාමයන් අරමුණු කොට ඇති, රාගෝත්පත්තියට කරුණු වූ කායවිඥේය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් අභිරමණය කළ විරූ විය. හේ මෑතභාගයෙහි ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තත් වූ පරිදි දැන ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව හැරපියා ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා උපදනා පරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාසය කෙරේ නම්, මාගන්‍දිය තොප විසින් ක්‍ෂීණාස්‍රවයන්හට කුමක් කියයුතු වන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, කියයුතු කිසිවක් නැත.
Pali BJTඅහං ඛො පන මාගන්දිය පුබ්බෙ අගාරියභූතො සමානො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙසිං. චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සොතවිඤ්ඤෙය්යෙහි සද්දෙහි -පෙ- ඝානවිඤ්ඤෙය්යෙහි ගන්ධෙහි -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙහි රසෙහි -පෙ- කායවිඤ්ඤෙය්යෙහි ඵොට්ඨබ්බෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. තස්ස මය්හං මාගන්දිය තයො පාසාදා අහෙසුං: එකො වස්සිකො එකො හෙමන්තිකො එකො ගිම්හිකො. සො ඛො අහං මාගන්දිය වස්සිකෙ පාසාදෙ වස්සිකෙ චත්තාරො මාසෙ නිප්පුරිසෙහි තූරියෙහි පරිචාරයමානො න හෙට්ඨාපාසාදං ඔරොහාමි. සො අපරෙන සමයෙන කාමානංයෙව සමුදයඤ්ච අත්ථංගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා කාමතණ්හං පහාය කාමපරිළාහං පටිවිනොදෙත්වා විගතපිපාසො අජ්ඣත්තං වූපසන්තචිත්තො විහරාමි. සො අඤ්ඤෙ සත්තෙ පස්සාමි කාමෙසු අවීතරාගෙ කාමතණ්හාහි ඛජ්ජමානෙ කාමපරිළාහෙන පරිඩය්හමානෙ කාමෙ පටිසෙවන්තෙ. සො තෙසං න පිහෙමි. න තත්ථ අභිරමාමි. තං කිස්ස හෙතු: යා හයං මාගන්දිය රති අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි අපි දිබ්බං සුඛං සමධිගය්හ තිට්ඨති, තාය රතියා රමමානො හීනස්ස න පිහෙමි. න තත්ථ අභිරමාමි.
Sinhala BJTමාගන්‍දිය, මම් වූකලි පෙර ගිහිගේවැසි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්‍විත වූයෙම් සිත් අලවා විසීමි. චක්‍ෂුර්විඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ රූපයෙන් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙන් … ජිහ්වාවිඥේය වූ රසයෙන් …. කායවිඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් සිත් අලවා විසීමි. මාගන්‍දිය, ඒ මට තුන් පහයෙක් විය. එකෙක් වැසිකලට නිසි වෙයි. එකෙක් හිමත්කලට නිසි වෙයි. එකෙක් ගිමන්කලට නිසි වේ. මාගන්‍දිය, ඒ මම වැසිකලට නිසි වූ පහයෙහි වැසි සාරමස පුරුෂයන් රහිත වූ තූර්‍ය්‍යයෙන් සතුටු වෙමින් යට පහයට නො බස්මි. ඒ මම මෑතභාගයෙහි කාමයන්ගේ මැ සමුදය ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද තත් වූ පරිදි දැන කාමතෘෂ්ණාව හැරපියා පහවූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇතියෙම් වාසය කෙරෙමි. ඒ මම කාමයන්ගේ අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කරනුලබන කාමපරිදාහයෙන් දවනුලබන කාමයන් සේවනය කරන අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඔවුනට නො රිසියෙමි, එහි නො ඇලෙමි, ඒ කවර හෙයින යත්: මාගන්‍දිය, යම් හෙයකින් යම් මේ සමාපත්ති රතියක් වේ ද, එය කාමයන්ගෙන් වෙන් වූයේ මැ යැ, අකුශලධර්‍මයන්ගෙන් වෙන් වූයේ මැ යැ, දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී, ඒ චතුර්‍ත්‍ථධ්‍යානික ඵලසමාපත්තිරතියෙන් සිත් අලවා වසනුයෙම් හීන වූ පඤ්චකාමසුවයට නො සතුටු වෙමි. එහි සිත් අලවා නො වෙසෙමි.
Pali BJTසෙය්යථාපි මාගන්දිය ගහපති වා ගහපතිපුත්තො වා අඩ්ඪො මහද්ධනො මහාභොගො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙය්ය. චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සොතවිඤ්ඤෙය්යෙහි සද්දෙහි -පෙ- විඤ්ඤෙය්යෙහි ගන්ධෙහි -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙහි රසෙහි -පෙ- කායවිවිඤ්ඤෙය්යෙහි ඵොට්ඨබ්බෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය දෙවානං තාවතිංසානං සහව්යතං.
Sinhala BJTයම්සේ මාගන්‍දිය, ආඪ්‍ය වූ මහත් ධන ඇති මහාභෝග ඇති ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පස්කම්ගුණයෙන් යුක්ත වූයේ සමන්‍විත වූයේ සිත් අලවා වාසය කරන්නේ යැ, චක්‍ෂුර්විඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ රූපයෙන් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙන් … ජිහ්වාවිඥේය වූ රසයෙන් … කායවිඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට රාගෝත්පත්තියට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් (සිත් අලවා වාසය කරන්නේ යැ.) හේ කයින් සුචරිතය කොට වචනයෙන් සුචරිතය කොටක මනසින් සුචරිතය කොට කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට, තව්තිසාවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නේ යැ.
Pali BJTසො තත්ථ නන්දනෙ වනෙ අච්ඡරාසඞ්ඝපරිවුතො දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙය්ය. සො පස්සෙය්ය ගහපතිං වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතං සමඞ්ගීභූතං පරිචාරයමානං. තං කිං මඤ්ඤසි මාගන්දිය, අපි නු සො දෙවපුත්තො නන්දනෙ වනෙ අච්ඡරාසඞ්ඝපරිවුතො දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරයමානො අමුස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා පිහෙය්ය මානුසකානං වා පඤ්චන්නං කාමගුණානං, මානුසකෙහි වා කාමෙහි ආවට්ටෙය්යාති. නො හිදං භො ගොතම, තං කිස්ස හෙතු: මානුසකෙහි භො ගොතම කාමෙහි දිබ්බා කාමා අභික්කන්තතරා පණීතතරා චාති.
Sinhala BJTහේ ඒ නන්‍දනවනයෙහි දෙවසරන් සමූහයා විසින් පිරිවරනලදු වැ දිව්‍යමය පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවන්නේ යැ. පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවන ගෘහපතියකු හෝ ගෘහපතිපුත්‍රයකු හෝ දක්නේ යැ. මාගන්‍දිය, ඒ කිමැ’යි සිතහි? කිම ඒ දිව්‍යපුත්‍ර නන්‍දනවනයෙහි දෙවසරන් සමූහයා විසින් පිරිවරන ලදු වැ දිව්‍යපඤ්චකාමගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවනුයේ තෙල ගෘහපතිහුගේ හෝ ගෘහපතිපුත්‍රයාගේ හෝ මානුෂපඤ්චකාමගුණයට රුස්නේ ද? මානුෂකාමයන් හේතු කොටගෙන පෙරළා එන්නේ දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මෙය නො වේ මැය. ඒ කුමක් හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, මිනිසුන් පිළිබඳ කාමයනට වඩා දිව්‍යකාමයෝ අතිශයින් සුන්‍දර වූවාහු ද අතිශයින් ප්‍රණීත වූවාහු ද එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො අහං මාගන්දිය පුබ්බෙ අගාරියභූතො සමානො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙසිං: චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සොතවිඤ්ඤෙය්යෙහි සද්දෙහි -පෙ- ඝානවිඤ්ඤෙය්යෙහි ගන්ධෙහි -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙහි රසෙහි -පෙ- කායවිඤ්ඤෙය්යෙහි ඵොට්ඨබ්බෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො අපරෙන සමයෙන කාමානංයෙව සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා කාමතණ්හං පහාය කාමපරිළාහං පටිවිනොදෙත්වා විගතපිපාසො අජ්ඣත්තං වූපසන්තචිත්තො විහරාමි. සො අඤ්ඤෙ සත්තෙ පස්සාමි කාමෙසු අවීතරාගෙ කාමතණ්හාහි ඛජ්ජමානෙ කාමපරිළාහෙන පරිඩය්හමානෙ කාමෙ පටිසෙවන්තෙ. සො තෙසං න පිහෙමි, න තත්ථ අභිරමාමි, තං කිස්ස හෙතු: යා හ’යං මාගන්දිය රති අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි අපි දිබ්බං සුඛං සමධිගය්හ තිට්ඨති, තාය රතියා රමමානො හීනස්ස න පිහෙමි. න තත්ථ අභිරමාමි.
Sinhala BJTමාගන්‍දිය, එසෙයින් මම පෙර ගිහි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්‍විත වූයෙම් සිත් අලවා විසීමි: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කාරණ වූ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයන් ගෙන් … ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයන්ගෙන් ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයන්ගෙන් … ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයන්ගෙන් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කාරණ වූ කායවිඥානයෙන් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් (සිත් අලවා විසීමි.) එ මම පසු කාලයෙහි කාමයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුපරිදි දැන කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇත්තෙම් වෙසෙමි. ඒ මම කාමයන්හි අවීතරාග වූ කාමතෘෂ්ණායෙන් පෙළනු ලබන කාමපරිදාහයෙන් දවනු ලබන කාමයන් සෙවුනා අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඒ කාමයන් නො පතමි, එහි නො ඇලෙමි. එ කවර හෙයින යත්: මාගන්‍දිය, යම්හෙයෙකින් කාමයන්ගෙන් වෙන් වූ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වූ මේ (චතුර්‍ත්‍ථධ්‍යානිකඵලසමාපත්ති) රතිය දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී ද එහෙයින් ඒ සමාපත්තිරතියෙන් සිත් අලවා වසනුයෙම් හීන වූ කාමය නො පතමි, එහි නො ඇලෙමි.
Pali BJTසෙය්යථාපි මාගන්දිය කුට්ඨී පුරිසො අරුගත්තො පක්කගත්තො කිමීහි ඛජ්ජමානො නඛෙහි වණමුඛානි විප්පතච්ඡමානො අඞ්ගාරකාසුයා කායං පරිතාපෙය්ය, තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්යුං, තස්ස සො භිසක්කො සල්ලකත්තො භෙසජ්ජං කරෙය්ය, සො තං භෙසජ්ජං ආගම්ම කුට්ඨෙහි පරිමුච්චෙය්ය අරොගො අස්ස සුඛී සෙරී සයංවසී යෙන කාමඞ්ගමො. සො අඤ්ඤං කුට්ඨිං පුරිසං පස්සෙය්ය අරුගත්තං පක්කගත්තං කිමීහි ඛජ්ජමානං නඛෙහි වණමුඛානි විප්පතච්ඡමානං අඞ්ගාරකාසුයා කායං පරිතාපෙන්තං. තං කිං මඤ්ඤසි මාගන්දිය, ‘අපි නු සො පුරිසො අමුස්ස කුට්ඨිස්ස පුරිසස්ස පිහෙය්ය, අඞ්ගාරකාසුයා වා භෙසජ්ජං පටිසෙවනාය වා’ති. නො හිදං භො ගොතම, තං කිස්ස හෙතු: රොගෙ හි භො ගොතම සති භෙසජ්ජෙන කරණීයං හොති, රොගෙ අසති භෙසජ්ජෙන කරණීයං න හොතී’ති. එවමෙව ඛො අහං මාගන්දිය පුබ්බෙ අගාරියභූතො සමානො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙසිං. චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සොතවිඤ්ඤෙය්යෙහි සද්දෙහි -පෙ- ඝානවිඤ්ඤෙය්යෙහි ගන්ධෙහි -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙහි රසෙහි -පෙ- කායවිඤ්ඤෙය්යෙහි ඵොට්ඨබ්බෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො අපරෙන සමයෙන කාමානංයෙව සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං
Sinhala BJTයම්සේ මාගන්‍දිය, කුෂ්ඨ ඇති වණසිරුරු ඇති පැසුණු සිරුරු ඇති පුරුෂයෙක් කෘමීන් විසින් කනුලබන්නේ නියෙන් වණමුව කසමින් අඟුරුකබලෙකින් කය තවන්නේ ද, ඔහුගේ සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍ය වෛද්‍යයකු එළවන්නාහ. ඔහුට ඒ ශල්‍ය වෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ ඒ බෙහෙත් ලැබ කුෂ්ඨයෙන් මිදෙන්නේ යැ, ආරෝග වූයේ සුවපත් වූයේ සෛවරී වූයේ තමහට වසඟ වූයේ කැමැති තැනෙක යනසුලු වන්නේ යැ. හේ වණසිරුරු ඇති, පැසුණුසිරුරු ඇති, කෘමීන් විසින් කනුලබන, නියෙන් වණමුව කසන, අඟුරුකබලින් කය තවන අනෙක් කුෂ්ඨ පුරුෂයකු දක්නේ යැ. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟනෙහි ද? ඒ පුරුෂ තෙම තෙල කුෂ්ඨිපුරුෂහට රුස්නේ ද? අඟරුකබලට හෝ බෙහෙත් සෙවුමට හෝ රුස්නේ දැ? යි. මේ නො වේ මැ යැ භවත් ගෞතමයෙනි, ඒ කවර හෙයින යත්: ‘භවත් ගෞතමයෙනි, රෝගය ඇති කල්හි මැ බෙහෙදින් කටයුතු වෙයි. රෝගය නැති කල්හි බෙහෙදින් කටයුතු නො වේ යයි. එසෙයින් මැ මාගන්‍දිය, මම් පෙර ගිහිගෙවැසි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්‍විත වූයෙම් සිත් ඇලවීමි. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කරුණ වූ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයන්ගෙන් … ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයන්ගෙන් ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයන්ගෙන් … ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයන්ගෙන්, .... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ කායවිඥානයෙන් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් (සිත් ඇලවීමි.) ඒ මම මෑතභාගයෙහි කාමයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතු සේ දැන
Pali BJTවිදිත්වා කාමතණ්හං පහාය කාමපරිළාහං පටිවිනොදෙත්වා විගතපිපාසො අජ්ඣත්තං වූපසන්තචිත්තො විහරාමි. සො අඤ්ඤෙ සත්තෙ පස්සාමි කාමෙසු අවීතරාගෙ කාමතණ්හාහි ඛජ්ජමානෙ කාමපරිළාහෙන පරිඩය්හමානෙ කාමෙ පටිසෙවන්තෙ. සො තෙසං න පිහෙමි. න තත්ථ අභිරමාමි. තං කිස්ස හෙතු: යාහ’යං මාගන්දිය, රති අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි අපි දිබ්බං සුඛං සමධිගය්හ තිට්ඨති, තාය රතියා රමමානො හීනස්ස න පිහෙමි. න තත්ථ අභිරමාමි.
Sinhala BJTකාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහ වූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්හුන්සිත් ඇති වැ වෙසෙමි. එ මම කාමයන්හි අවීතරාග වූ, කාමතෘෂ්ණා විසින් කනුලබන, කාමපරිදාහයෙන් දැවෙන, කාමයන් සෙවුනා අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඔවුන් නො පතමි. එහි නො ඇලෙමි. ඒ කවර හෙයින යත්: මාගන්‍දිය, යම් හෙයෙකින් කාමයෙන් වෙන් වූ අකුශලධර්‍මයෙන් වෙන් වූ මේ (චතුත්‍ථජ්ඣානික ඵලසමාපත්ති ) රතිය දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී ද, එහෙයින් ඒ සමාපත්තිරතියෙහි සිත් අලවා වසනුයෙම් හීන වූ කාමය නො පතමි. එහි නො ඇලෙමි.
Pali BJTසෙය්යථාපි මාගන්දිය, කුට්ඨී පුරිසො අරුගත්තො පක්කගත්තො කිමීහි ඛජ්ජමානො නඛෙහි වණමුඛානි විප්පතච්ඡමානො අඞ්ගාරකාසුයා කායං පරිතාපෙය්ය. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨපෙය්යුං. තස්ස සො භිසක්කො සල්ලකත්තො භෙසජ්ජං කරෙය්ය. සො තං භෙසජ්ජං ආගම්ම කුට්ඨෙහි පරිමුච්චෙය්ය. අරොගො අස්ස සුඛී සෙරී සයංවසී යෙන කාමඞ්ගමො. තමෙනං ද්වෙ බලවන්තො පුරිසා නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුං උපකඩ්ඪෙය්යුං. තං කිං මඤ්ඤසි මාගන්දිය, අපි නු සො පුරිසො ඉති චිති චෙව කායං සන්නාමෙය්යා’ති. එවං භො ගොතම. තං කිස්ස හෙතු: ‘අසු හි භො ගොතම අග්ගි දුක්ඛසම්ඵස්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො චා’ති. තං කිං මඤ්ඤසි මාගන්දිය, ඉදානෙව නු ඛො සො අග්ගි දුක්ඛසම්ඵස්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො ච, උදාහු පුබ්බෙපි සො අග්ගි දුක්ඛසම්ඵස්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො චාති. ඉදානි චෙව භො ගොතම සො අග්ගි දුක්ඛසම්ඵස්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො ච. පුබ්බෙපි සො අග්ගි දුක්ඛසම්ඵස්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො ච, අසුහි ච භො ගොතම කුට්ඨී පුරිසො අරුගත්තො පක්කගත්තො කිමීහි ඛජ්ජමානො නඛෙහි වණමුඛානි විප්පතච්ඡමානො උපහතින්ද්රියො දුක්ඛසම්ඵස්සෙයෙව අග්ගිස්මිං සුඛමිති විපරීතසඤ්ඤං පච්චලත්ථාති. එවමෙව ඛො මාගන්දිය, අතීතම්පි අද්ධානං කාමා දුක්ඛසම්ඵස්සා චෙව මහාභිතාපා ච මහාපරිළාහා ච. අනාගතම්පි අද්ධානං කාමා දුක්ඛසම්ඵස්සා චෙව මහාභිතාපා ච මහාපරිළාහා ච, එතරහිපි පච්චුප්පන්නං අද්ධානං කාමා දුක්ඛසම්ඵස්සා චෙව මහාභිතාපා ච මහාපරිළාහා ච. ඉමෙ ච මාගන්දිය, සත්තා කාමෙසු අවීතරාගා කාමතණ්හාහි ඛජ්ජමානා කාමපරිළාහෙන පරිඩය්හමානා උපහතින්ද්රියා දුක්ඛසම්ඵස්සෙස්වෙව{1} කාමෙසු සුඛමිති විපරීතසඤ්ඤං පච්චලත්ථුං.
Sinhala BJTයම්සේ මාගන්‍දිය ඇති වණසිරුරු ඇති පැසුණුසිරුරු ඇති කුෂ්ඨිපුරුෂයෙක් කෘමීන් විසින් කනුලබන්නේ නියෙන් වණමුව කසමින් අඟුරුකබලින් කය තවන්නේ ද, ඔහුට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ, ඔහුට ඒ ශල්‍යවෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ එ බෙහෙත් ලැබ කුෂ්ඨයෙන් මිදෙන්නේ යැ, ආරෝග වූයේ සුවපත් වූයේ සෛවරී වැ තමහට වසඟ වැ කැමැති තැනෙකැ යනසුලු වන්නේ යැ. ඒ මොහු බලැති පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත්හි ගෙන අඟුරු කබලක් වෙත අදනාහ. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟිහි ද? ඒ පුරුෂ ඔබට මොබට කය නමා දැ? යි. එසේ යැ භවත් ගෞතමයෙනි, ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයෙනි, තෙල ගින්න දුක්පහස් ඇත්තේ ද මහ තැවුලි ඇත්තේ ද මහත් පරිදාහ ඇත්තේ ද වෙයි. එහෙයිනැ’යි. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟිහි ද? දැන් පමණක් ඒ ගින්න දුක්පහස් ඇත්තේත් මහතැවුලි ඇත්තේත් මහත් පරිදාහ ඇත්තේත් වේ ද, නොහොත් පෙරත් ඒ ගින්න දුක්පහස් ඇත්තේත් මහතැවුලි ඇත්තේත් මහත්පරිදාහ ඇත්තේත් වී දැ? යි. දැනුදු භවත් ගෞතමයෙනි, ඒ ගින්න දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වෙයි. පෙරදු එ ගිනි දුක් පහස් ද මහ තැවුලි ද මහත් පරිදාහ ද ඇති වී. එතෙකුදුවත් භවත් ගෞතමයෙනි, තෙල කුෂ්ඨි පුරුෂ වණසිරුරු ඇත්තේ පැසුණුසිරුරු ඇත්තේ කෘමීන්විසින් කනුලබනුයේ නියෙන් වණමුව කසනුයේ නට කායප්‍රසාද ඇතියේ දුක්පහස් මැ ඇති ගින්නෙහි ‘සුව’ යයි විපරීතසංඥා ලැබී’යයි. එසෙයින් මැ මාගන්‍දිය, අතීතකාලයෙහිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වූහ. අනාගතකාලයෙහිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වන්නාහ. මෙ වත්මන්කල්හිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇත්තාහ. මාගන්‍දිය, මෙසත්හු වැළිත් කාමයෙහි අවීතරාග වූවාහු කාම තෘෂ්ණා විසින් කනු ලබන්නාහු කාමපරිදාහයෙන් දැවෙන්නාහු නට ඉඳුරන් ඇත්තාහු දුක්පහස් මැ ඇති කාමයෙහි ‘සුඛ’ යන විපරීතසංඥා ලදුහ.
Pali BJTසෙය්යථාපි මාගන්දිය, කුට්ඨී පුරිසො අරුගත්තො පක්කගත්තො කිමීහි ඛජ්ජමානො නඛෙහි වණමුඛානි විප්පතච්ඡමානො අඞ්ගාරකාසුයා කායං පරිතාපෙති. යථා යථා ඛො මාගන්දිය, අසු කුට්ඨී පුරිසො අරුගත්තො පක්කගත්තො කිමීහි ඛජ්ජමානො නඛෙහි වණමුඛානි විප්පතච්ඡමානො අඞ්ගාරකාසුයා කායං පරිතාපෙති, තථා තථාස්ස තානි වණමුඛානි අසුචිතරානි චෙව හොන්ති දුග්ගන්ධතරානි ච පූතිකතරානි ච. හොති චෙව කාචි සාතමත්තා අස්සාදමත්තා යදිදං වණමුඛානං කණ්ඩූවනහෙතු. එවමෙව ඛො මාගන්දිය සත්තා කාමෙසු අවීතරාගා කාමතණ්හාහි ඛජ්ජමානා කාමපරිළාහෙන පරිඩය්හමානා කාමෙ පටිසෙවන්ති. යථා යථා ඛො මාගන්දිය, සත්තා කාමෙසු අවීතරාගා කාමතණ්හාහි ඛජ්ජමානා කාමපරිළාහෙන ච පරිඩය්හමානා කාමෙ පටිසෙවන්ති, තථා තථා තෙසං සත්තානං කාමතණ්හා චෙව පවඩ්ඪති, කාමපරිළාහෙන ච පරිඩය්හන්ති. හොති චෙව කාචි සාතමත්තා අස්සාදමත්තා යදිදං පඤ්ච කාමගුණෙ පටිච්ච.
Sinhala BJTයම්සේ මාගන්‍දිය, වණසිරුරු ඇති පැසුණුසිරුරු ඇති, කෘමීන් විසින් කනුලබන, නියෙන් වණමුව කසන කුෂ්ඨි පුරුෂ අඟුරු කබලින් කය තවා ද, යම් යම් සෙයෙකින් තෙල කුෂ්ඨි පුරුෂ වණසිරුරු ඇත්තේ පැසුණු සිරුරු ඇත්තේ කෘමීන් විසින් කනු ලබන්නේ නියෙන් වණමුව කසනුයේ අඟුරුකබලින් කය තවා ද, ඒ ඒ පරිද්දෙන් ඔහුගේ ඒ වණමුව ඉතා අපිරිසිදු ද දුර්‍ගන්‍ධතර ද පූති (කුණු) තර ද වෙයි. වණමුව කැසීම් හෙයින් කිසි මිහිරිමතුයෙකුත් ආස්වාදමාත්‍රයෙකුත් වෙයි. එසෙයින් මැ මාගන්‍දිය, කාමයෙහි අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කනුලබන කාමපරිදාහයෙන් දැවෙන සත්ත්‍වයෝ කාම සේවනය කෙරෙති. මාගන්‍දිය, කාමයෙහි අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කනුලබන කාමපරිදාහයෙන් දැවෙන සත්ත්‍වයෝ යම් යම් සෙයෙකින් කාම සේවනය කෙරෙත් ද, ඒ ඒ පරිද්දෙන් ඒ සත්‍වයන්ගේ කාමතෘෂ්ණාවත් වැඩෙයි. (ඔහු) කාමපරිදාහයෙන් දැවෙනු ද වෙති. පස්කම්ගුණ නිසා යම්තම් මිහිරෙකුත් ආස්වාද මාත්‍රයෙකුත් වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි මාගන්දිය: අපි නු තෙ දිට්ඨො වා සුතො වා රාජා වා රාජමහාමත්තො වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරයමානො කාමතණ්හං අප්පහාය කාමපරිළාහං අප්පටිවිනොදෙත්වා විගතපිපාසො අජ්ඣත්තං වූපසන්තචිත්තො විහාසි වා, විහරති වා, විහරිස්සති වාති. නො හිදං භො ගොතම. සාධු මාගන්දිය, මයාපි ඛො එතං මාගන්දිය, නෙව දිට්ඨං න සුතං රාජා වා රාජමහාමත්තො වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරයමානො කාමතණ්හං අප්පහාය කාමපරිළාහං අප්පටිවිනොදෙත්වා විගතපිපාසො අජ්ඣත්තං වූපසන්තචිත්තො විහාසි වා, විහරති වා, විහරිස්සති වා. අථ ඛො මාගන්දිය, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා විගතපිපාසා අජ්ඣත්තං වූපසන්තචිත්තා විහංසු{1} වා, විහරන්ති වා, විහරිස්සන්ති වා. සබ්බෙ තෙ කාමානංයෙව සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා කාමතණ්හං පහාය කාමපරිළාහං පටිවිනොදෙත්වා විගතපිපාසා අජ්ඣත්තං වූපසන්තචිත්තා විහංසු{1} වා, විහරන්ති වා, විහරිස්සන්ති වාති.
Sinhala BJTඒ කිමැ’යි හඟිහි ද මාගන්‍දිය, පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවා වෙසෙන රජෙක් හෝ රජමහ ඇමැත්තෙක් හෝ කාමතෘෂ්ණාව නො හැරපියා කාමපරිදාහය දුරු නො කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇති වැ වාසය කෙළේ යැ හෝ වාසය කෙරෙයි හෝ වාසය කරන්නේ යැ හෝ’යි තොප විසින් දුටුයේ හෝඇසුයේ ඇද්දැ? යි. මේ නො වේ මැ යැ භවත් ගෞතමයෙනි, මැනැව මාගන්‍දිය, මා විසිනුදු මාගන්‍දිය, පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවා වෙසෙන රජෙක් හෝ රජමහඇමැත්තෙක් හෝ කාමතෘෂ්ණාව නො හැරපියා කාමපරිදාහය දුරු නො කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇති වැ විසී යැ හෝ වෙසෙයි හෝ වසන්නේ යැ හෝ’යි. එ තෙල කරුණ නො මැ දක්නා ලද යැ, නො අසනලදී. මාගන්‍දිය, වැළිත් යම්කිසි මහණ කෙනෙක් වේවයි බමුණු කෙනෙක් වේවයි පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වුසූහු නම් හෝ වෙසෙත් නම් හෝ වසන්නාහු නම් හෝ එ හැම දෙන කාමයන්ගේ මැ සමුදයත් විනාශයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන්සිත් ඇති වැ වාසය කළාහු හෝ වාසය කරන්නාහු හෝ මත්තෙහි වාසය කරන්නාහු හෝ වෙති’යි.
Pali BJTඅථ ඛො භගවා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති බුදුහු එ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළහ:
Pali BJTආරොග්යපරමා ලාභා නිබ්බානං පරමං සුඛං, අට්ඨඞ්ගිකො ච මග්ගානං ඛෙමං අමතගාමිනන්ති.
Sinhala BJT“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ, නිවනට යන මාර්‍ගයන් අතුරෙනුදු අෂ්ටාඞ්ගිකමාර්‍ගය ක්‍ෂේම වේ”යයි.
Pali BJTඑවං වුත්තෙ මාගන්දියො පරිබ්බාජකො භගවන්තං එතදවොච: ‘අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යාව සුභාසිතඤ්චිදං භොතා ගොතමෙන:
Sinhala BJTමෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැල කෙළේ යැ: “ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, අද්භූත යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින්:
Pali BJT‘ආරොග්යපරමා ලාභා නිබ්බානං පරමං සුඛ’න්ති.
Sinhala BJT“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ ඇතැ”යි. මේ වදාළතාක් සුභාෂිත වෙයි.
Pali BJTමයාපි ඛො එතං භො ගොතම සුතං පුබ්බකානං පරිබ්බාජකානං ආචරියපාචරියානං භාසමානානං:
Sinhala BJTමා විසිනුදු භවත් ගෞතමයෙනි, ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වූ ‘පූර්‍වපරිව්‍රාජකයන් කියනුවන් ගේ තෙල:
Pali BJT‘ආරොග්යපරමා ලාභා නිබ්බානං පරමං සුඛ’න්ති,
Sinhala BJT“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ’ යන-බස් අසන ලද.
Pali BJTතයිදං භො ගොතම සමෙතීති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ඒ මේ වචනය සම වේ’ යයි.
Pali BJTයම්පන තෙ එතං මාගන්දිය, සුතං පුබ්බකානං පරිබ්බාජකානං ආචරියපාචරියානං භාසමානානං:
Sinhala BJTමාගන්‍දිය, තා විසින් ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වූ පූර්‍වපරිව්‍රාජකයන් කියනුවන් ගේ තෙල:
Pali BJT‘ආරොග්යපරමා ලාභා නිබ්බානං පරමං සුඛ’න්ති,
Sinhala BJT“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ”යන-යම් වචනයක් අසනලද ද,
Pali BJT‘කතමන්තං ආරොග්යං, කතමන්තං නිබ්බාන’න්ති. එවං වුත්තෙ මාගන්දියො පරිබ්බාජකො සකානෙව සුදං ගත්තානි පාණිනා අනොමජ්ජති. ඉදන්තං භො ගොතම ආරොග්යං, ඉදන්තං නිබ්බානං. අහං හි භො ගොතම එතරහි අරොගො සුඛී, න මං කිඤ්චි ආබාධයතී’ති.
Sinhala BJTඒ ආරෝග්‍යය කවරෙ යැ? ඒ නිවන කවරෙ යැ? යි. මෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක තමාගේ මැ සිරුරු අවයවයන් අත්ලෙන් පිරිමදී: “භවත් ගෞතමයෙනි, මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිවන යි. භවත් ගෞතමයෙනි, මම් වූ කලී දැන් ආරෝගයෙමි, සුවපත්මි. කිසිවක් (රොවෙක්) මා නොපෙළා” යයි.
Pali BJTසෙය්යථාපි මාගන්දිය, ජච්චන්ධො පුරිසො, සො න පස්සෙය්ය කණ්හසුක්කානි රූපානි, න පස්සෙය්ය නීලකානි රූපානි, න පස්සෙය්ය පීතකානි රූපානි, න පස්සෙය්ය ලොහිතකානි රූපානි, න පස්සෙය්ය මඤ්ජෙට්ඨකානි{1} රූපානි, න පස්සෙය්ය සමවිසමං, න පස්සෙය්ය තාරකරූපානි, න පස්සෙය්ය චන්දිමසුරියෙ. සො සුණෙය්ය චක්ඛුමතො භාසමානස්ස: ‘ඡෙකං වත භො ඔදාතං වත්ථං අභිරූපං නිම්මලං සුචීන්ති{2}. සො ඔදාතපරියෙසනං චරෙය්ය. තමෙනං අඤ්ඤතරො{3} පුරිසො තෙලමසිකතෙන{4} සාහුළචීවරෙන{5} වඤ්චෙය්ය: ඉදන්තෙ අම්භො පුරිස ඔදාතං වත්ථං අභිරූපං නිම්මලං සුචීන්ති.{2} සො තං පටිගණ්හෙය්ය, පටිග්ගහෙත්වා පාරුපෙය්ය, පාරුපිත්වා අත්තමනො අත්තමනවාචං නිච්ඡාරෙය්ය: ‘ඡෙකං වත භො ඔදාතං වත්ථං අභිරූපං නිම්මලං සුචි’න්ති. තං කිං මඤ්ඤසි මාගන්දිය, අපි නු සො ජච්චන්ධො පුරිසො ජානන්තො පස්සන්තො අමුං තෙලමසිකතං සාහුළචීවරං පටිගණ්හෙය්ය, පටිග්ගහෙත්වා පාරුපෙය්ය, පාරුපිත්වා අත්තමනො අත්තමනවාචං නිච්ඡාරෙය්ය: ‘ඡෙකං වත භො ඔදාතං වත්ථං අභිරූපං නිම්මලං සුචි’න්ති, උදාහු චක්ඛුමතො සද්ධායාති. අජානන්තො හි භො ගොතම අපස්සන්තො සො ජච්චන්ධො පුරිසො අමුං තෙලමසිකතං සාහුළචීවරං පටිගණ්හෙය්ය, පටිග්ගහෙත්වා පාරුපෙය්ය, පාරුපිත්වා අත්තමනො අත්තමනවාචං නිච්ඡාරෙය්ය: ඡෙකං වත භො ඔදාතං වත්ථං අභිරූපං නිම්මලං සුචින්ති, චක්ඛුමතො සද්ධායාති. එවමෙව ඛො මාගන්දිය, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා, අජානන්තා ආරොග්යං, අපස්සන්තා නිබ්බානං. අථ ච පනි’මං ගාථං භාසන්ති.
Sinhala BJTයම්සේ මාගන්‍දිය ජාත්‍යන්‍ධ පුරුෂයෙක් වේ ද, හේ කෘෂ්ණශුක්ල රූපයන් නො දක්නේ යැ: නිල්වන් රූ නො දක්නේ යැ , කසාවන් රූ නො දක්නේ යැ , ලේවන් රූ නො දක්නේ යැ , මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ, තාරකරූපයන් නො දක්නේ යැ , සඳහිරු නො දක්නේ යි. හේ “සුදුවත ප්‍රසන්න යැ අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි ඇස් ඇති පුරුෂයකු කියනුවා අසන්නේ යැ, හේ ශ්වේත වස්ත්‍රය පර්‍ය්‍යෙෂණය කරන්නේ යැ. ඒ මොහු එක්තරා පුරුෂයෙක් තෙල්දැලි තැවැරුණු දළ කළු එළුලොම් සිවුරින් නුළු කරන්නේ යැ (රවටයි.): “එම්බා පුරුෂය, තොප ගේ මේ ශ්වේතවස්ත්‍රය අභිරූප යැ, නිර්‍මල යැ, පිරිසිදු යැ”යි. හේ එය පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ, පෙරෙවැ තුටුසිත් ඇත්තේ සතුටුවදන් පවසන්නේ යැ: “භවත්නි, ශ්වේතවස්ත්‍රය ඒකාන්තයෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟී ද, ඒ දෑඅඳ පුරිස් දනිමින් දක්මින් තෙල තෙල්දැලි වැකුණු දළ එළුලොම් සිවුර පිළිගන්නේ ද, පිළිගෙන පොරෝනේ ද, පෙරෙවැ සතුටුසිත් ඇත්තේ “භවත්නි ශ්වේත වස්ත්‍රය ඒකාන්තයෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි සතුටුවදන් පවසන්නේ ද, නොහොත් ඇස් ඇතියාගේ බස්හි සැදැහැයෙන් පවසන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, තෙල දෑඅඳ පුරිස් නො දන්නේ මැ නො දක්නේ මැ තෙල තෙල්දැලි වැකුණු දළ එළුලොම් සිවුර පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ, පෙරෙව සතුටුසිත් ඇති වැ “භවත්නි, සුදුවත එකත්නෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ, නිර්‍මල යැ පිරිසිදු යැ”යි. තුටුවදන් පවසන්නේ යැ, ඇස් ඇතියාගේ වදන්හි සැදැහැයෙන් පවසන්නේ යැ’යි. එසෙයින් මැ මාගන්‍දිය අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ අඳ වූවාහු ඇස් ඇති නැතියාහු ආරෝග්‍යය නො දන්නාහු නිර්‍වාණය නො දක්නාහු එතෙකුදු වත් -
Pali BJT‘ආරොග්යපරමා ලාභා නිබ්බානං පරමං සුඛ’න්ති.
Sinhala BJT“ආරෝග්‍යපරමා ලාභා නිබ්බානං පරමංසුඛං” යි
Pali BJTපුබ්බකෙහෙසා මාගන්දිය, අරහන්තෙහි සම්මාසම්බුද්ධෙහි ගාථා භාසිතා.
Sinhala BJTමේ ගාථාව කියති. මාගන්‍දිය; පෙර විසූ අර්‍හත් සම්‍යක් සම්බුදුන් විසින් තෙල:
Pali BJT‘ආරොග්යපරමා ලාභා නිබ්බානං පරමං සුඛං, අට්ඨඞ්ගිකො ච මග්ගානං ඛෙමං අමතගාමින’න්ති.
Sinhala BJT“ආරෝග්‍යපරමා ලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨඞ්ගිකො ච මග්ගානං ඛේමං අමතගාමිනං” යන ගාථාව භාෂිත යැ.
Pali BJTසා එතරහි අනුපුබ්බෙන පුථුජ්ජනගතා. අයං ඛො පන මාගන්දිය, කායො රොගභූතො ගණ්ඩභූතො සල්ලභූතො අඝභූතො ආබාධභූතො. සො ත්වං ඉමං කායං රොගභූතං ගණ්ඩභූතං සල්ලභූතං අඝභූතං ආබාධභූතං ‘ඉදං තං භො ගොතම ආරොග්යං ඉදං තං නිබ්බාන’න්ති වදෙසි. තං හි තෙ මාගන්දිය, අරියං චක්ඛුං නත්ථි යෙන ත්වං අරියෙන චක්ඛුනා ආරොග්යං ජානෙය්යාසි, නිබ්බානං පස්සෙය්යාසීති.
Sinhala BJTඒ දැන් අනුක්‍රමයෙන් පෘථග්ජනගත වී. මාගන්‍දිය මෙය වූකලී රෝගයක් වැනි වූයේ ගණ්ඩයක් වැනි වූයේ ශල්‍යයක් වැනි වූයේ අඝ (දුඃඛ) යක් වැනි වූයේ ආබාධයක් වැනි වූයේ වෙයි. තෙපි රොවක් වැනි වූ ගඩක් වැනි වූ හුලක් වැනි වූ දුකක් වැනි වූ ආබාධයක් වැනි වූ මෙ කය (ගෙන): “භවත් ගෞතමයෙනි, මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිර්‍වාණ යැ’යි කියෙහි. මාගන්‍දිය, තෙපි යම් ආර්‍ය්‍ය වූ ඇසෙකින් ආරෝග්‍යය දන්නෙහි නම් නිර්‍වාණය දක්නෙහි නම් තොපට ඒ ආර්‍ය්‍යචක්‍ෂුස නැතැ”යි වදාළහ.
Pali BJTඑවං පසන්නො අහං භොතො ගොතමස්ස, පහොති මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතුං, යථාහං ආරොග්යං ජානෙය්යං, නිබ්බානං පස්සෙය්ය’න්ති.
Sinhala BJTමෙසෙයින් මම් භවත් ගෞතමයනට ප්‍රසන්නයෙමි. යම්සේ මම් ආරෝග්‍යය දන්නෙම් නම් නිර්‍වාණය දක්නෙම් නම් මට එසේ දහම් දෙසන්නට ගෞතමන් වහන්සේ පෙහොනාසේකැ’යි.
Pali BJTසෙය්යථාපි මාගන්දිය, ජච්චන්ධො පුරිසො, සො න පස්සෙය්ය කණ්හසුක්කානි රූපානි, න පස්සෙය්ය නීලකානි රූපානි, න පස්සෙය්ය පීතකානි රූපානි, න පස්සෙය්ය ලොහිතකානි රූපානි, න පස්සෙය්ය මඤ්ජෙට්ඨකානි රූපානි, න පස්සෙය්ය සමවිසමං, න පස්සෙය්ය තාරකරූපානි, න පස්සෙය්ය චන්දිමසුරියෙ. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්යුං. තස්ස සො භිසක්කො සල්ලකත්තො භෙසජ්ජං කරෙය්ය. සො තං භෙසජ්ජං ආගම්ම න චක්ඛූනි උප්පාදෙය්ය, න චක්ඛූනි විසොධෙය්ය. තං කිං මඤ්ඤසි මාගන්දිය, නනු සො වෙජ්ජො යාවදෙව කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති. එවං භො ගොතම. ‘එවමෙව ඛො මාගන්දිය, අහඤ්චෙව{1} තෙ ධම්මං දෙසෙය්යං ඉදන්තං ආරොග්යං, ඉදන්තං නිබ්බානන්ති. සො ත්වං ආරොග්යං න ජානෙය්යාසි, නිබ්බානං න පස්සෙය්යාසි. සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසා’ති.
Sinhala BJTයම්සේ මාගන්‍දිය ජාත්‍යන්‍ධ පුරුෂයෙක් වේ ද, හේ කළුසුදු රූ නො දක්නේ යැ, නිල්වන් රූ නො දක්නේ යැ, කසාවන් රූ නො දක්නේ යැ, ලෙහෙවන් රූ නො දක්නේ යැ, මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ, තාරකරූපයන් නො දක්නේ යැ, සඳහිරු නො දක්නේ යි. ඔහට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ. ඔහුට ඒ ශල්‍යවෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ ඒ බෙහෙත් ලැබ ඇස් නූපදවා නම් ඇස් විශුද්ධ නො කෙරේ නම්, මාගන්‍දිය, ඒ කිමැ’යි හඟී ද? ඒ වෙද තෙම ඒතාක් පීඩාවට වෙහෙසට හිමි වන්නේ නො වේ දැ? යි. එසේ යැ භවත් ගෞතමයන් වහන්ස, එසෙයින් මැ මාගන්‍දිය, මමත් තොපට: “මේ ආරෝග්‍ය යැ, මේ නිර්‍වාණ යැ”යි දහම් දෙසන්නෙමි. තෙපි ආරෝග්‍යය නො දන්නහු නිර්‍වාණය නො දක්නහු නම්, ඒ මට පීඩා වන්නේ යැ, ඒ මට වෙහෙස වන්නේ යැ’යි.
Pali BJTඑවං පසන්නො අහං භොතො ගොතමස්ස, පහොති මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතුං, යථාහං ආරොග්යං ජානෙය්යං නිබ්බානං පස්සෙය්යන්ති.
Sinhala BJTමෙසෙයින් මම් භවත් ගෞතමයනට පහන්මි: ‘යම්සේ මම් ආරෝග්‍ය දන්නෙම් නම් නිර්‍වාණය දක්නෙම් නම් එසේ මට දහම් දෙසන්නට ගෞතමන් වහන්සේ පෙහොනා සේකැ’යි.
Pali BJTසෙය්යථාපි මාගන්දිය, ජච්චන්ධො පුරිසො, සො න පස්සෙය්ය කණ්හසුක්කානි රූපානි, න පස්සෙය්ය නීලකානි රූපානි, න පස්සෙය්ය පීතකානි රූපානි, න පස්සෙය්ය ලොහිතකානි රූපානි, න පස්සෙය්ය මඤ්ජෙට්ඨකානි රූපානි, න පස්සෙය්ය සමවිසමං, න පස්සෙය්ය තාරකරූපානි, න පස්සෙය්ය චන්දිමසුරියෙ. සො සුණෙය්ය චක්ඛුමතො භාසමානස්ස ‘ඡෙකං වත භො ඔදාතං වත්ථං අභිරූපං නිම්මලං සුචි’න්ති. සො ඔදාතපරියෙසනං චරෙය්ය. තමෙනඤ්ඤතරො පුරිසො තෙලමසිකතෙන සාහුළචීවරෙන{2} වඤ්චෙය්ය, ඉදන්තෙ අම්භො පුරිස ඔදාතං වත්ථං අභිරූපං නිම්මලං සුචි’න්ති. සො තං පටිගණ්හෙය්ය, පටිග්ගහෙත්වා පාරුපෙය්ය. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්යුං. තස්ස සො භිසක්කො සල්ලකත්තො භෙසජ්ජං කරෙය්ය: උද්ධවිරෙචනං{3} අධොවිරෙචනං අඤ්ජනං පච්චඤ්ජනං නත්ථුකම්මං. සො තං භෙසජ්ජං ආගම්ම චක්ඛූනි උප්පාදෙය්ය, චක්ඛූනි විසොධෙය්ය. තස්ස සහ චක්ඛුප්පාදා යො අමුස්මිං තෙලමසිකතෙ සාහුළචීවරෙ ඡන්දරාගො, සො පහීයෙථ. තඤ්ච නං පුරිසං අමිත්තතොපි දහෙය්ය. පච්චත්ථිකතොපි දහෙය්ය. අපි ච ජීවිතා වොරොපෙතබ්බං මඤ්ඤෙය්ය, ‘දීඝරත්තං වත භො අහං ඉමිනා පුරිසෙන තෙලමසිකතෙන සාහුළචීවරෙන නිකතො වඤ්චිතො පලුද්ධො. ‘ඉදන්තෙ අම්භො පුරිස ඔදාතං වත්ථං ඡෙකං අභිරූපං{4} නිම්මලං සුචින්ති. එවමෙව ඛො මාගන්දිය, අහඤ්චෙව තෙ ධම්මං දෙසෙය්යං: ‘ඉදන්තං ආරොග්යං, ඉදන්තං නිබ්බාන’න්ති. සො ත්වං ආරොග්යං ජානෙය්යාසි, නිබ්බානං පස්සෙය්යාසි. තස්ස තෙ සහ චක්ඛුප්පාදා යො පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගො, සො පහීයෙථ, අපි ච තෙ එවමස්ස දීඝරත්තං වත භො අහං ඉමිනා චිත්තෙන නිකතො වඤ්චිතො පලුද්ධො, අහං හි රූපංයෙව උපාදියමානො උපාදියිං,
Sinhala BJTයම්සේ මාගන්‍දිය ජාත්‍යන්‍ධ පුරුෂයෙක් වේ ද, හේ කෘෂ්ණශුක්ල රූපයන් නො දක්නේ යැ, නිල්වන් රූ නො දක්නේ යැ , කසාවන් රූ නො දක්නේ යැ , ලෙහෙවන් රූ නො දක්නේ යැ , මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ , තාරකරූපයන් නො දක්නේ යැ, සඳහිරු නො දක්නේ යි. හේ “භවත්නි, අවදාතවස්ත්‍රය පහන් යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි ඇස් ඇතියකු කියනුවා අසන්නේ යැ. හේ අවදාතවස්ත්‍ර පර්‍ය්‍යෙෂණය කරන්නේ යැ. ඒ මොහු එක්තරා පුරුෂයෙක් තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරෙකින් නළවන්නේ යැ: “එම්බා පුරුෂය, මේ තොපගේ අවදාතවස්ත්‍රය පහන් යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි. හේ එය පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ. ඔහට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ. ඔහට ඒ ශල්‍යවෛද්‍ය තෙමෙ බෙහෙත් කරන්නේ යැ: ඌර්ධ්වවිරේචන අධොවිරෙචන අඤ්ජන ප්‍රත්‍යඤ්ජන නශ්‍යකර්‍ම කරන්නේ යැ: හේ ඒ බෙහෙත් ලැබ ඇස් උපදවන්නේ යැ විශුද්ධ කරන්නේ යැ ඔහට චක්‍ෂුරුත්පාදය හා සමග තෙල තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරෙහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, ඒ පහ වන්නේ යැ, ඒ ඡන්‍දරාගයත් ඒ පුරුෂයාත් අමිත්‍ර වශයෙනුදු තබන්නේ යැ. ශ්‍රත්‍රැ වශයෙනුදු තබන්නේ යැ, තවද (ඔහු) දිවි ගැළවිය යුතු කොට හඟනේ යැ: “භවත, එකත්නෙන් මම් බොහෝ කලක් මෙ පුරිස් විසින් “එම්බා පුරුෂය, මේ තොපගේ හෙළපිළිය ප්‍රසන්න යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරින් රවටනලදුයෙම් වඤ්චිතයෙම් පොළොඹන ලදුයෙමි’යි. එසෙයින් මැ මාගන්‍දිය, මමත් තොපට ‘මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිර්‍වාණ යැ’යි දහම් දෙසන්නෙමි, තෙපි ආරෝග්‍ය දැනගන්නා වූ යැ නිර්‍වාණය දක්නවු යැ. ඒ තොපට ඇස් පහළවීම හා සමග පඤ්චෝපාදානස්කන්‍ධයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ඒ පහවන්නේ යැ. තවද තොපට මෙබඳු සිතෙක් වන්නේ යැ: “භවත, එකත්නෙන් මම් දිගුකලක් මෙ සිත විසින් රවටනලදුයෙම් වඤ්චිතයෙම් පොළොඹනලදුයෙමි. මම් වූකලී දැඩි කොට ගනුයෙම් රූපය මැ දැඩි කොට ගතිමි.
Pali BJTවෙදනංයෙව උපාදියමානො උපාදියිං, සඤ්ඤංයෙව උපාදියමානො උපාදියිං, සඞ්ඛාරෙයෙව උපාදියමානො උපාදියිං, විඤ්ඤාණංයෙව උපාදියමානො උපාදියිං. තස්ස මෙ උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’ති.
Sinhala BJTදැඩි කොට ගනුයෙම් වේදනාව මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් සංඥාව මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් සංස්කාරයන් මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් විඥානය මැ දැඩි කොට ගතිමි. ඒ මට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යය උපායාසයෝ වෙති. මෙසෙයින් තෙල සකල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ” යයි.
Pali BJTඑවං පසන්නො අහං භොතො ගොතමස්ස: පහොති මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතුං, යථාහං ඉමම්හා ආසනා අනන්ධො වුට්ඨහෙය්ය’න්ති.
Sinhala BJTමෙසෙයින් මම් භවත් ගෞතමයනට ප්‍රසන්නයෙමි: “යම්සේ මම මෙ අස්නෙන් නො අඳ වැ නැඟෙන්නෙම් නම් භවත් ගෞතමයන් වහන්සේ මට එසේ දහම් දෙසන්නට පෙහොනා සේකැ”යි.
Pali BJTතෙන හි ත්වං මාගන්දිය, සප්පුරිසෙ භජෙය්යාසි, යතො ඛො ත්වං මාගන්දිය, සප්පුරිසෙ භජිස්සසි, තතො ත්වං මාගන්දිය, සද්ධම්මං සොස්සසි. යතො ඛො ත්වං මාගන්දිය, සද්ධම්මං සොස්සසි, තතො ත්වං මාගන්දිය, ධම්මානුධම්මං පටිපජ්ජිස්සසි. යතො ඛො ත්වං මාගන්දිය, ධම්මානුධම්මං පටිපජ්ජිස්සසි, තතො ත්වං මාගන්දිය, සාමංයෙව ඤස්සසි, සාමං දක්ඛිසි.{1} ඉමෙ රොගා ගණ්ඩා සල්ලා, ඉධ රොගා ගණ්ඩා සල්ලා අපරිසෙසා නිරුජ්ඣන්ති. තස්ස මෙ උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී’ති.
Sinhala BJTඑසේ වී නම් මාගන්‍දිය, තෙපි සත්පුරුෂයන් භජනය කරව. යම් කලෙකැ පටන් මාගන්‍දිය, තෙපි සත්පුරුෂයන් භජනය කරන්නහු ද, එ දවස පටන් මාගන්‍දිය, තෙපි සදහම් අසන්නාහු යැ. යම් කලෙකැ පටන් මාගන්‍දිය තෙපි සදහම් අසන්නහු ද, එදවස පටන් මාගන්‍දිය තෙපි ධර්‍මානුධර්‍මයට (නිසි පිළිවෙතට) බස්නහු යැ. යම් කලෙකැ පටන් මාගන්‍දිය, තෙපි ධර්‍මානුධර්‍මයට බස්නහු ද, එ දවස පටන් මාගන්‍දිය තෙපි “මොහු රෝගයෝ යැ ගණ්ඩයෝ යැ ශල්‍යයෝ යැ, මෙහි (නිවනෙහි) රෝගයෝ ගණ්ඩයෝ ශල්‍යයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ඒ මට උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරොධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් මේ සියලු දුඃඛරාශිහුගේ නිරෝධය වේ” යයි තුමූ ම දන්නහු යැ තුමූ මැ දක්නහු යැ.
Pali BJTඑවං වුත්තෙ මාගන්දියො පරිබ්බාජකො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පද’න්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැල කළේ යැ: “ඉතා මැනැව භවත් ගෞතමයෙනි, ඉතා මැනැව භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, ප්‍රතිච්ඡන්න වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි හෝ තෙල්පහනක් දරන්නේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් විසින් නන් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරනලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යෙමි. ධර්‍මයත් භික්‍ෂුසඞ්ඝයාත් සරණ කොට යෙමි. මම් භවත් ගෞතමයන් වහන්සේ වෙත පැවිදි ලබන්නෙම් මහලුපැවිදි ලබන්නෙම් මැනැවැ”යි.
Pali BJTයො ඛො මාගන්දිය, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං, සො චත්තාරො මාසෙ පරිවසති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතාති.
Sinhala BJT“මාගන්‍දිය, අන්තොටුවිරූ යමෙක් මෙසස්නෙහි ප්‍රව්‍රජ්‍යා කැමැති වේ ද, උපසම්පත් කැමැති වේ ද, හේ සාරමසක් පිරිවසයි, සාරමසෙකැ ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු (ඔහු) පැවිදි කරවති, භික්‍ෂුභාවයට උපසපන් කරවත්, එතෙකුදුවත් මෙහිලා මා විසින් පුද්ගලනානාත්‍වය දන්නාලදැ’යි.
Pali BJTසචෙ භන්තෙ අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්තා පබ්බජ්ජං ආකඞ්ඛන්තා උපසම්පදං, චත්තාරො මාසෙ පරිවසන්ති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති. උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි. චතුන්නං මං වස්සානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු, උපසම්පාදෙන්තු භික්ඛුභාවායාති.
Sinhala BJT“ඉදින් වහන්ස, අන්තොටුවිරූහු මෙසස්නෙහි ප්‍රව්‍රජ්‍යා කැමැත්තාහු උපසම්පත් කැමැත්තාහු සාරමසක් පරිවාස කෙරෙත් ද, සාරමසක් ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු භික්‍ෂූභාවයට පැවිදි කරවත් ද, උපසපන් කරවත් ද, මම සතර හවුරුද්දක් පිරිවසන්නෙමි, සතර හවුරුද්දෙකැ ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු (මා) පැවිදි කරවත්වා, භික්‍ෂුභාවයට උපසපන් කරවත්ව”යි.
Pali BJTඅලත්ථ ඛො මාගන්දියො පරිබ්බාජකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා මාගන්දියො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච ඛො පනායස්මා මාගන්දියො අරහතං අහොසීති.
Sinhala BJTමාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රව්‍රජ්‍යා ලද, උපසපම්පත් ලද. උපසපන් නොබෝකල් ඇති ආයුෂ්මත් මාගන්‍දිය එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට අළ සිත් ඇති වැ වසනුයේ: කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද, ඒ අනුත්තර වූ, බ්‍රහ්මචර්‍ය්‍යාවසාන සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය නොබෝ කලෙකින් මැ ඉහාත්මයෙහි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙළේ යැ. ‘ජාතිය ක්‍ෂය වූ මඟබඹසර වැස නිමවන ලදි, සතරමඟ කිස කරන ලද, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දැනගත්තේ යැ. ආයුෂ්මත් මාගන්‍දිය තෙරණුවෝ වැළිත් රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ’යි.
Pali BJTමාගන්දියසුත්තං පඤ්චමං.{1}
Sinhala BJTපස් වැනි වූ මාගන්‍දිය සූත්‍ර යි.
Pali BJT2. 3. 6.
Sinhala BJT2. 3. 6.
Pali BJTසන්දක සුත්තං
Sinhala BJTසන්‍දක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන සන්දකො පරිබ්බාජකො පිලක්ඛගුහායං පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං පඤ්චමත්තෙහි පරිබ්බාජකසතෙහි. අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි ‘ආයාමාවුසො යෙන දෙවකටසොබ්භො{1} තෙනුපසඞ්කමිස්සාම ගුහාදස්සනායා’ති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. අථ ඛො ආයස්මා ආනන්දො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන දෙවකටසොබ්භො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සන්දකො පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය{2} අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා. සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං{3} සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර නිසා ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සන්‍දක පරිව්‍රාජක පන්සියයක් පමණ වූ මහත් පිරිවැජි පිරිස් හා සමග පුලිල ගුහායෙහි වෙසෙයි. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැඟී සිටිසේක් ‘ ඇවැත්නි, දේවකටැසොබ්හ (වැසිදියෙන් වළහුන් හෙබ) යම් තැනෙක් ද එහි ගුහාදර්‍ශනයට යම්හ’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘එසේ යැ ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පිළිවදන් දුන්හ. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග දේවකටසොබ්හය කරා එළඹිසේක. එසමයෙහි සන්‍දක පිරිවැජි තෙම උද්ගතනාද ඇති උස්හඬ මහහඬ නඟන අනේකප්‍රකාර තිරශ්චීන කථා කරන මහත් පිරිවැජි පිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කෙබඳු කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනා පිළිබඳ කථා භය කථා යැ යුද්ධ කථා යැ ආහාර කථා යැ පාන කථා යැ වස්ත්‍ර කථා යැ ශයන කථා යැ මාලා කථා යැ ගන්‍ධ කථා යැ ඥාතීන් පිළිබඳ කථා යැ යානකථා යැ ග්‍රාම කථා යැ නිගම කථා යැ නගර කථා යැ ජනපද කථා යැ ස්ත්‍රීන් පිළිබඳ කථා යැ ශූරයන් පිළිබඳ කථා යැ වීථි කථා යැ කුම්භස්ථාන (පැන්තොට) කථා යැ (කුම්භදාසීන් පිළිබඳ හෝ කථා යු ) පූර්‍වප්‍රේතකථා යැ නන් වැදෑරුම් නිරර්‍ත්‍ථකකථා යැ ලෝකායත කථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ (ශාස්වත උච්ඡේදාදී සවැදෑරුම්) භවාභවකථා යැ යන මේ යි.
Pali BJTඅද්දසා ඛො සන්දකො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපෙසි{4} අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ, අයං සමණස්ස ගොතමස්ස සාවකො ආගච්ඡති සමණො ආනන්දො. යාවතා ඛො පන සමණස්ස ගොතමස්ස සාවකා කොසම්බියං පටිවසන්ති අයං තෙසං අඤ්ඤතරො සමණො ආනන්දො. අප්පසද්දකාමා ඛො පන තෙ ආයස්මන්තො අප්පසද්දවිනීතා අප්පසද්දස්ස වණ්ණවාදිනො, අප්පෙවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යා’ති. අථ ඛො තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං.
Sinhala BJTසන්‍දක පිරිවැජි තෙමේ දුරින් මැ වඩනා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් දුටුයේ යැ. දැක සියපිරිස් සන්හුන් කරවී ය, “භවත්නි, නිශ්ශබ්ද වෙත්වා, භවත්හු නහමක් ශබ්ද කරවු, මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක වූ මේ ශ්‍රමණ ආනන්‍දයෝ පැමිණෙති, කොසඹෑනුවර ශ්‍රමණගෞතමයන්ගේ යම් පමණ ශ්‍රාවකයෝ වෙසෙත් ද, මේ ශ්‍රමණ ආනන්‍දයෝ ඔවුනතර එක්තරා කෙනෙක, ඒ ආයුෂ්මත්හු වැළිත් නිහඬ බව කැමැත්තා හ, නිහඬ වූ බුදුරදුන් විසින් විනීතයහ. නිහඬ තැන්හි ගුණ කියන්නාහ, නිහඬපිරිස දැන එළැඹියයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පරිව්‍රාජකයෝ නිහඬ වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන සන්දකො පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො සන්දකො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච: එතු ඛො භවං ආනන්දො, ස්වාගතං{5} භොතො ආනන්දස්ස. චිරස්සං ඛො භවං ආනන්දො ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය,
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ සන්‍දක පරිව්‍රාජක වෙත එළැඹියැහ. ඉක්බිති සන්‍දක පරිව්‍රාජක ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී: “භවත් ආනන්‍දයෝ පැමිණෙන සේක්වා, භවත් ආනන්‍දයනට ස්වාගත යැ, භවත් ආනන්‍දයෝ මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මේ පරියාය (කරුණ) කළහ,
Pali BJTනිසීදතු භවං ආනන්දො, ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි ඛො ආයස්මා ආනන්දො පඤ්ඤත්තෙ ආසනෙ. සන්දකොපි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සන්දකං පරිබ්බාජකං ආයස්මා ආනන්දො එතදවොච: ‘කායනුත්ථ සන්දක, එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරා කථා විප්පකතා’ති. තිට්ඨතෙසා භො ආනන්ද කථා, යාය මයං එතරහි කථාය සන්නිසින්නා. නෙසා භොතො ආනන්දස්ස කථා දුල්ලභා භවිස්සති පච්ඡාපි සවණාය. සාධු වත භවන්තංයෙව ආනන්දං පටිභාතු සකෙ ආචරියකෙ ධම්මී කථා’ති. තෙන හි සන්දක සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’ති. එවං භොති ඛො සන්දකො පරිබ්බාජකො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. ආයස්මා ආනන්දො එතදවොච:
Sinhala BJTභවත් ආනන්‍දයෝ වැඩහිඳුනා සේක්වා, මේ අස්න පනවනලදැ”යි. ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ පනවනලද අස්නෙහි වැඩහුන්හ. සන්‍දක පරිව්‍රාජක එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සන්‍දක පරිව්‍රාජකහට ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙලවදන් කීහ: “සන්‍දකයෙනි, දැන් කවර නම් කථාවෙකින් යුක්ත වැ උන්හු ද, තොප විසින් කවර නම් කථාවක් අඩාළ කරනලද දැ?” යි. භවත් ආනන්‍දයෙනි, තෙල කථා තිබේවා, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ හුන්නමෝ නම් තෙල කථාව භවත් ආනන්‍දයනට පසු වත් ඇසීමට දුලබ නො වෙයි. භවත් ආනන්‍දයනට මැ ස්වකීය ආචාර්‍ය්‍යවංශයෙහි දැහැමි කථා වැටහේව’යි ආරාධනා කරමි. “එසේ වී නම් සන්‍දකයෙනි, අසව, මොනොවට මෙනෙහි කරව, කියමි”යි . “එසේ යැ භවත්නි”යි සන්‍දක පරිව්‍රාජක ආයුෂ්මත් අනඳ තෙරුන්ට පිළිවදන් ඇස්වී. ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ තෙල කරුණ වදාළහ:
Pali BJT‘චත්තාරොමෙ සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන අබ්රහ්මචරියවාසා අක්ඛාතා, චත්තාරි ච අනස්සාසිකානි බ්රහ්මචරියානි අක්ඛාතානි, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා{1} න ආරාධෙය්ය ඤායං ධම්මං කුසල’න්ති.
Sinhala BJT“සන්‍දකයෙනි, සත්ත්‍වයන්ගේ ආශයානුශය දන්නා වූ ඥේයධර්‍මයන් දක්නා වූ ප්‍රත්‍යයාදීන්ට නිසි හෙයින් අර්‍හත් වූ සත්‍යාවබෝධය කළ හෙයින් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු විසින් සතර අබ්‍රම්සරවස් කෙනෙක් වදාරනලද්දාහ, අස්වැසිලි රහිත වූ සතර බ්‍රම්සරවස් කෙනෙක් ද වදාරනලද්දාහ: “යම් බ්‍රහ්මචරිය වාසයෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ ය, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යැ”යි.
Pali BJTකතමෙ පන තෙ භො ආනන්ද, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො අබ්රහ්මචරියවාසා අක්ඛාතා, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා{1} න ආරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති:
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, නුවණින් දන්නා වූ ඇසින් දක්නා වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් කවර සතර අබ්‍රහ්මචරියවාස කෙනෙක් වදාරනලද්දාහු ද, “යම් තැනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ දැ”යි.
Pali BJTඉධ සන්දක, එකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි: ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චාතුම්මහාභූතිකො{2} අයං පුරිසො යදා කාලං කරොති පඨවී පඨවීකායං අනුපෙති අනුපගච්ඡති. ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති, වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති , ආකාසං ඉන්ද්රියානි සඞ්කමන්ති, ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාව ආළාහනා පදානි පඤ්ඤායන්ති, කාපොතකානි අට්ඨීනි භවන්ති, භස්සන්තාහුතියො දත්තුපඤ්ඤත්තං යදිදං දානං තෙසං තුච්ඡං මුසා විලාපො යෙ කෙචි අත්ථිකවාදං වදන්ති, බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති න හොන්ති පරම්මරණා’ති. තත්ර සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි. ‘නත්ථි දින්නං නත්ථි යිට්ඨං නත්ථි හුතං නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො නත්ථි අයං ලොකො නත්ථි පරො ලොකො නත්ථි මාතා නත්ථි පිතා නත්ථි සත්තා ඔපපාතිකා නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චාතුම්මහාභූතිකො අයං පුරිසො, යදා කාලං කරොති පඨවී පඨවීකායං අනුපෙති අනුපගච්ඡති, ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති,
Sinhala BJTසන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: “දුන් දෙය ඵල නැත, පූජායෙහි ඵල නැත, පඬුරු කොට අළ දැයෙහි ඵල නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, සම්‍යග්ගත වූ සම්‍යක් ප්‍රතිපන්න වූ මහණබමුණු කෙනෙක් නැත, ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැ දැක ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් නම් ඔහු යි. මේ පුරුෂ සතර මහාභූතයෙන් උපන. යම් කලෙක කලුරිය කෙරේ ද එකල පෘථිවිධාතුව බාහිර පෘථිවිධාතුවට එක් වෙයි, අනුව යෙයි, අධ්‍යාත්මික අබ්ධාතුව බාහිර අබ්ධාතුවට එක් වෙයි, අධ්‍යාත්මික තේජෝධාතුව බාහිර තේජෝධාතුවට එක්වෙයි, අධ්‍යාත්මික වායෝධාතුව බාහිර වායෝධාතුවට එක් වෙයි, ඉන්‍දියයෝ ආකාශධාතුවට දිවෙති, හොත් ඇඳ පස්වනු කොට ඇති පුරුෂයෝ සිව් දෙනෙක් මළහු ගෙන යති, සොහොන දක්වා ගුණපදයෝ පැනෙති, පරෙවිපැහැ ඇති ඇට ශේෂ වෙයි, දානාදී සත්කාරයෝ භස්මය අන්ත කොට ඇත්තාහ, යම් දීමෙක් වේ ද එය බාලයන් විසින් පනවනලද්දෙක, යම් කෙනෙක් ආස්තිකවාද පවසත් ද එය උන් ගේ සිස් වූ මෘෂායෙක විලාපයෙක, බාලයෝ ද පණ්ඩිතයෝ ද කය බිඳීමෙන් උච්ඡේදයට විනාශයට පැමිණෙති, මරණින් මතු නො වෙත්” යයි. සන්‍දකය, විඥ වූ පුරුෂ එහිලා මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක: දෙනලද්දෙහි ඵල නැත, පුදන ලද්දෙහි ඵල නැත, පඬුරු කොට අළ දැයෙහි ඵල නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵලවිපාකයෙක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැ දැක ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් ද එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණු කෙනෙක් නැත, මේ පුරුෂ සතර මහාභූතයෙන් උපන, යම් කලෙක කලුරිය කෙරේ ද, එකල පෘථිවිධාතුව පෘථිවිධාතුවට පැමිණෙයි, අබ්ධාතුව ධාතුව අබ්ධාතුවට ධාතුවට පැමිණෙයි, තේජෝ ධාතුව ධාතුව තේජෝධාතුවට ධාතුවට පැමිණෙයි,
Pali BJTවායො වායොකායං අනුපෙති අනුපගච්ඡති, ආකාසං ඉන්ද්රියානි සඞ්කමන්ති. ආසන්දි පඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාව ආළාහනා පදානි පඤ්ඤායන්ති, කාපොතකානි අට්ඨීනි භවන්ති, භස්සන්තාහුතියො, දත්තුපඤ්ඤත්තං යදිදං දානං, තෙසං තුච්ඡං මුසා විලාපො යෙ කෙචි අත්ථිකවාදං වදන්ති, බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති, න හොන්ති පරම්මරණාති. සචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අබ්බුසිතෙන{1} මෙ එත්ථ වුසිතං, උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යො චාහං න වදාමි: ‘උභො කායස්ස භෙදා උච්ඡිජ්ජිස්සාමි විනස්සිස්සාම, න භවිස්සාම පරම්මරණා’ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං, යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි අභිසම්පරායං, සොහං කිංජානන්තො කිංපස්සන්තො ඉමස්මිං සත්ථරි බ්රහ්මචරියං චරිස්සාමි, සො අබ්රහ්මචරියවාසො අය’න්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. අයං ඛො සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමො අබ්රහ්මචරියවාසො අක්ඛාතො යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTවායෝධාතුව වායෝධාතුවට පැමිණෙයි, ඉන්‍දියයෝ ආකාශ ධාතුවට දිවෙති, හොත් ඇඳ පස්වනු කොට ඇති පුරුෂයෝ මළහු ගෙන යති, සොහොන දක්වා ගුණපදයෝ පැනෙති, පරෙවිපැහැ ඇති ඇට ශේෂ වෙයි, දානාදී සත්කාරයෝ භස්මය අන්ත කොට ඇත්තාහ, දානය බාලයන් විසින් පනවන ලද, යම් කෙනෙක් ආස්තිකවාදය පවසත් ද එය උන් ගේ සිස් වූ මෘෂායෙක විලාපයෙක, බාලයෝ ද පණ්ඩිතයෝ ද කය බිඳීමෙන් උච්ඡේදයට විනාශයට පැමිණෙති, මරණින් මතු නො වෙත්” යයි. ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් නම් මොහුගේ ශාසනයෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, මොහුගේ ශාසනයෙහි බඹසරවස් නො විසූ මා විසින් බඹසරවස් වසන ලද, මේ ශ්‍රමණධර්‍මයෙහි හි ඇපි දෙදෙන මැ සමසම වූම්හ, සමාන බවට පැමිණියම්හ, මම වූ කලී ඇපි දෙදෙන මැ කය බිඳීමෙන්උච්ඡේදයට පැමිණෙම්හ, වැනැසෙම්හ, මරණින්මතු නො වම්හ’ යි නො කියමි. යළි මේ භවත් ශාස්තෘහු ගේ නග්න බව මුඩු බව උළුලුපහදන, කෙස්රවුළු සිඳීම අතිරේකයකි, මම් පුත්‍රසම්බාධශයනයෙහි වසන්නෙමි කසීසඳුන් වළඳනුයෙම් මල්ගඳ විලෙවුන් දරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් පරලොව දී මේ භවත් ශාස්තෘහු හා සමානගති ඇති වන්නෙමි, ඒ මම කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් දැ? යි. හේ ‘මේ අබ්‍රහ්මචර්‍ය්‍යවාසයෙකැ’යි මෙසේ දැන ඒ අබ්‍රහ්මචර්‍ය්‍යයෙන් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, දන්නා වූ දක්නා වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ පළමු වන අබ්‍රහ්මචර්‍ය්‍යවාසය වදාරන ලද්දේ යැ, යම් බඹසරෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය යූ අනවද්‍යධර්‍මය ආරාධනය නො කරන්නේ යි.
Pali BJTපුන චපරං සන්දක ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි: ‘කරතො{2} කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො{3} සොචයතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසාභණතො, කරතො{2} න කරීයති පාපං ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං{4} එකමංසපුඤ්ජං{5} කරෙය්ය, නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො{6} නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො, උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො{7} නත්ථි තතො නිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො, දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො’ති.
Sinhala BJTතවද සන්‍දකයෙනි, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙති: “(සියතින් ) කරන්නාහට (අණින් ) කරවන්නාහට සිඳින්නාට සිඳුවන්නාට (දඬින්) පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට කරවන්නාහට ක්ලාන්තය කරන්නාට කරවන්නාහට ඵන්‍දනය කරන්නාහට කරවන්නාහට ප්‍රාණවධ කරන්නාහට නුදුන්දැය ගන්නාහට ගෘහසන්‍ධි සිඳින්නාහට ගම් පහරනුවහට එක් ගෙයක් පැහැර ගන්නාහට මංපහරවනුවහට පරඹුවන් කරා යන්නහුට මුසවා කියනුවහුට (පව් කෙරෙමි හැඟ) කරන්නාහට ද පව් නැති. යමෙක් ක්‍ෂුරධාරා නිම්වළලු කොට ඇති චක්‍රෙයන් මෙ පොළොවෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංශපුඤ්ජයක් කරන්නෙම් නම් එ හේතුවෙන් පව් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත, නසමින් නස්වමින් සිඳමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ඉදින් ගඞ්ගානදියෙහි දකුණු ඉවුරට යන්නේ නමුදු එ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත. දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් ඉදින් ගඞ්ගානදියෙහි උතුරු ඉවුරට යන්නේ නමුදු එ හේතුවෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැත, දානයෙන් ඉන්‍දිය දමනයෙන් කායවාක් සංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැතැ“යි.
Pali BJTතත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි: ‘කරතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසාභණතො කරතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො නත්ථි තතො නිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො, දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමොති.
Sinhala BJTසන්‍දකය, එහිලා නුවණැති පුරුෂ මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙවන් වාද ඇත්තෙක, මෙවන් දෘෂ්ටි ඇත්තෙක: “කරන්නාහට කරවන්නාහට සිඳින්නාහට සිඳුවන්නාහට වෙහෙසෙන්නාහට වෙහෙසවන්නාහට ශෝක කරවන්නාහට ක්ලාන්ත කරවන්නාහට සලන්නාහට සලවන්නාහට ප්‍රාණවධ කරන්නාහට නුදුන් දෑ ගන්නාහට ගෘහසන්‍ධි සිඳින්නාහට ගම් පහරන්නාහට එක් ගෙයක් පැහැර ගන්නාහට මං පහරන්නාහට පරඹුන් කරා යන්නාහට මුසවා බණන්නහුට දැන දැන පව් කරන්නාහට පාපයෙක් නැති. ඉදින් යමෙක් ක්‍ෂුරපර්‍ය්‍යන්ත චක්‍රෙයෙන් මේ පොළොවෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංශපුඤ්ජයක් කරන්නේ නමුදු ඒ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත, ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගානදියෙහි දකුණු ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත. ඉදින් දෙමින් දෙවමින් යාග කෙරෙමින් කරවමින් ගඞ්ගානදියෙහි උතුරු ඉවුරට යේ නමුදු එ හේතුවෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැත, දානයෙන් ඉන්‍දිය දමනයෙන් සංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත, පින් පැමිණීමෙක් නැතැ”යි.
Pali BJTසචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අබ්බුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා යො චාහං න වදාමි, ‘උභින්නං කුරුතං න කරීයති පාප’න්ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං, යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි අභිසම්පරායං. සොහං කිංජානන්තො කිංපස්සන්තො ඉමස්මිං සත්ථරි බ්රහ්මචරියං චරිස්සාමි, සො ‘අබ්රහ්මචරියවාසො අයන්ති’ ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති.{1} අයං ඛො සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියො අබ්රහ්මචරියවාසො අක්ඛාතො, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො වා න ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTඉදින් මේ භවත් ශාස්තෘහුගේ වචනය සැබැවෙක් වේ නම් මෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, මෙහි බඹසරවස් නො විසූ මා විසින් වසන ලද, තෙල මහණදම්හි ඇපි දෙදෙන මැ ගුණයෙන් සමසම වම්හ, සමබවට පැමිණියම්හ, මම් වූකලී ‘පව් කරන දෙදෙනාහට පාපය නො කැරේ’යයි නො කියමි. මේ භවත් ශාස්තෘහු ගේ වැළිත් නග්න බව මුඩු බව උළුලුපහදන කෙහෙරවුළු සිඳීම අතිරේකයෙකි. මම් පුත්‍රසම්බාධශයනයෙහි වාසය කරන්නෙම් කසීසඳුන් වළඳනෙම් මල්ගඳවිලෙවුන් දරන්නෙම් රන්රිදී ඉවසන්නෙම් මේ භවත් ශාස්තෘහු හා සමග පරලොව දී සමානගති ඇත්තෙකිම් වෙමි. ඒ මම් කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් ද? හෙ තෙම මේ අබ්‍රහ්මචරියවාසයෙකැ’යි මෙසේ දැන ඒ බ්‍රහ්මචරියෙන් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්‍දකය, ඒ සියල්ල දන්නා වූ දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ දෙ වැනි අබ්‍රහ්මචරියවාසය වදාරන ලද්දේ යැ. යම් තැනෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය යූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යැ.
Pali BJTපුන චපරං සන්දක ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි: ‘නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය, අහෙතූ අප්පච්චයා සත්තා සඞ්කිලිස්සන්ති. නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා, අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං නත්ථි විරියං නත්ථි පුරිසත්ථාමො නත්ථි පුරිසපරක්කමො, සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවිරියා නියතිසඞ්ගතිභාවපරිණතා ඡස්සෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති.
Sinhala BJTතවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙති: “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂශක්තියෙක් නැත, පුරුෂපරාක්‍රමයෙක් නැති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ වසඟ නො වූවාහු බල රහිත වූවාහු වීර්‍ය්‍යය රහිත වූවාහු නියතිසඞ්ගති ස්‍වභාවයෙන් පරිණත වූවාහු අභිජාති සයෙකැ මැ සිට සුවදුක් විඳිත්”යයි.
Pali BJTතත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි: නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය. අහෙතූ අප්පච්චයා සත්තා සඞ්කිලිස්සන්ති. නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා. අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං නත්ථි විරියං නත්ථි පුරිසත්ථාමො නත්ථි පුරිසපරක්කමො, සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවිරියා නියතිසඞ්ගතිභාවපරිණතා ඡස්සෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති. සචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අබ්බුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යොචාහං න වදාමි, උභො අහෙතූ අප්පච්චයා විසුජ්ඣිස්සාමා’ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි අභිසම්පරායං. සොහං කිංජානන්තො කිංපස්සන්තො ඉමස්මිං සත්ථරි බ්රහ්මචරියං චරිස්සාමි. සො අබ්රහ්මචරියවාසො අය’න්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. අයං ඛො සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තතියො අබ්රහ්මචරියවාසො අක්ඛාතො, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTසන්‍දකය, එහි විඥ පුරුෂ මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද දෘෂ්ටි ඇත්තේ වෙයි: “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්‍ය්‍යයක් නැත, පුරුෂ ශක්තියෙක් නැත, පුරුෂ පරාක්‍රමයෙක් නැති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ අවශයහ, අබලය, අවීර්‍ය්‍යයහ. නියතිසඞ්ගතිස්‍වභාවයෙන් පරිණත වූවාහු අභිජාති සයෙක්හි මැ සුවදුක් විඳුති. ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් වී නම්, මොහුගේ ශාසනයෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, බඹසරවස් නො විසූ මා විසින් වසන ලද. මේ ශ්‍රමණධර්‍මෙයහි ඇපි දෙදෙන මැ සමසම වූම්හ, සමාන බවට පැමිණියම්හ. මම් වූකලී ඇපි දෙදෙන මැ අහේතු අප්‍රත්‍යයෙන් විශුද්ධ වම්හ’යි නො කියමි. මේ භවත් ශාස්තෘහුගේ වැළිත් නග්න බව මුඩු බව උළුලුපදහන, කෙස්රවුළු සිඳීම අතිරේකයෙකි. ඒ මම් පුත්‍රසම්බාධ ශයනයෙහි වසනෙම් කසීසඳුන් වළඳනෙම් මල්ගඳවිලෙවුන් ධරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් මේ භවත් ශාස්තෘහු හා සමග පරලොව්හි සමසම ගති ඇත්තෙම් වෙමි. ඒ මම් කවර ගුණයක් දන්නෙම් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වසනෙම් ද? හෙතෙම මේ ‘අබ්‍රහ්මචරියවාසයෙකැ’යි දැන ඒ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්‍දකය, ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මේ තුන් වැනි අබ්‍රහ්මචරිය වාසය වදාරන ලද්දේ යැ. යම් තැනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.
Pali BJTපුන චපරං සන්දක ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි: ‘සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති න විපරිනමන්ති.{1} නාඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති. නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත: පඨවීකායො ආපොකායො තෙජොකායො වායොකායො සුඛෙ දුක්ඛෙ ජීවෙ සත්තිමෙ. ඉමෙ සත්ත කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති, න විපරිනමන්ති,{1} නාඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. තත්ථ නත්ථි හන්තා වා ඝාතෙතා වා සොතා වා සාවෙතා වා විඤ්ඤාතා වා විඤ්ඤාපෙතා වා. යෙපි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති. න කොචි කඤ්චි ජීවිතා වොරොපෙති. සත්තන්නං ත්වෙව කායානමන්තරෙන සත්ථං විවරමනුපතති.
Sinhala BJTතවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති: (කිසිවකු විසින්) නො කරන ලද නො කළ විධාන ඇති (ඍද්ධියෙනුදු) නො මවන ලද නො මවවන ලද වඳ වූ ගිරිකුළු මෙන් සිටියා වූ ඒෂිකාස්තම්භයක් මෙන් සිටි මේ සත් කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, පියවි නො හරිති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙති. කවර සත් දෙනෙක යත්: පඨවිකාය යැ ආපෝකාය යැ තේජෝකාය යැ වායෝකාය යැ සුබ යැ දුක්ඛ යැ ජීව යැ යන මේ සත යි. මේ සප්තකායෝ ආකෘතයහ, අකෘතවිධානයහ, අනිර්මිතයහ, අනිර්‍මාතෘයහ, අවන්‍ධ්‍යයහ, කූටස්ථයහ, ඒෂිකාස්ථායීස්ථිතයහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙත්. ඒ සප්තකායයන් අතුරෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැති. යමෙක් තියුණු සැතින් හිස සිඳී නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කෙරෙයි. වැළි සත් වැදෑරුම් කායයන් අතුරෙන් මැ ශස්ත්‍රය විවරයට පිවිසෙයි.
Pali BJTචුද්දස ඛො පනිමානි යොනිපමුඛසතසහස්සානි සට්ඨිඤ්ච සතානි ඡ ච සතානි. පඤ්ච ච කම්මුනො සතානි පඤ්ච ච කම්මානි තීණි ච කම්මානි කම්මෙ ච අඩ්ඪකම්මෙ ච, ද්වට්ඨි පටිපදා, ද්වට්ඨන්තරකප්පා, ඡළාභිජාතියො, අට්ඨපුරිසභූමියො, එකූනපඤ්ඤාස ආජීවසතෙ,{1} එකූනපඤ්ඤාස පරිබ්බාජකසතෙ, එකූනපඤ්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්ද්රියසතෙ, තිංසෙ නිරයසතෙ, ඡත්තිංස රජොධාතුයො, සත්ත සඤ්ඤීගබ්භා, සත්ත අසඤ්ඤීගබ්භා, සත්ත නිගණ්ඨිගබ්භා,{2} සත්ත දෙවා, සත්ත මානුසා, සත්ත පෙසාචා,{3} සත්ත සරා, සත්ත පවුටා,{4} සත්ත පපාතා, සත්ත පපාතසතානි, සත්තසුපිනා, සත්තසුපිනසතානි, චුල්ලාසීතිමහාකප්පුනො{5} සතසහස්සානි, යානි බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. තත්ථ නත්ථි ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා අපරිපක්කං වා කම්මං පරිපාචෙස්සාමි, පරිපක්කං වා කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරිස්සාමීති{6}. හෙවං නත්ථි දොණමිතෙ සුඛදුක්ඛෙ, පරියන්තකටෙ සංසාරෙ, නත්ථි හායනවඩ්ඪනෙ, නත්ථි උක්කංසාවකංසෙ. සෙය්යථාපි නාම සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨියමානමෙව පලෙති, එවමෙවං බාලෙ ච පණ්ඩිතෙ චා සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තීති.
Sinhala BJTතවද මේ උත්තමයෝනීහු තුදුස්සියදහසක් ද සදහසක් ද සසියයක් ද වෙති. කර්‍ම පන්සියයක් ද, කර්‍ම පසක් ද, කර්‍ම තුනක් ද කර්‍මයක් ද අධිකර්‍මයක් ද වෙයි. දෙසැට ප්‍රතිපදායෙක. දෙසැට අන්තරකල්පයෙක. ෂට් අභිජාතියෙක. අෂ්ට පුරුෂභූමියෙක. එකුන්පස් ආජීවවෘත්තිශතයෝයැ, එකුනුපනස් පැරිවැජිපැවිදිසියයෝයැ, එකුන්පස් නාමඬුලු සියයෙක, විසි ඉඳුරන්සියයෙක, තිස් නිරෑසියයෙක, සතිස් රජස්ධාතුහු ය, (ඔටු ආදී සත් වැදෑරුම්) සංඥිගර්‍භයෝ ය, (හැල් ආදී) සත් අසංඥී ගර්‍භයෝ ය, උගු ආදී සත් නිගණ්ඨි ගර්‍භයෝ යැ, සත් දෙවියෝ යැ, සත් මිනිස්හු ය, සත් පිශාචයෝ ය, සත් මහවිල්හු ය, සත් ගන්ඨිකයෝ ය, මහාප්‍රපාත සතෙක, කුඩා ප්‍රපාත සත්සියයෙක, මහා සිහින සතෙක, කුඩා සිහින සත්සියයෙක, යම් කල්ප කෙනෙක් බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරන්නාහු ද ඒ මහාකල්පයෝ සුවාසූසියදහසෙකි. එහි මම් මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තපසින් වේවයි බ්‍රහ්මචර්‍ය්‍යෙයන් වේවයි නො මුහු කළ කර්‍මය හෝ මුහුකුරු වන්නෙමියි නැත. මුහුකළ කර්‍මය හෝ පැහැස පැහැස කෙළවර කරන්නෙමි’යි මෙසේ නැත් මැ යි. සුවදුක් ද්‍රෝණයෙන් මනනලද වැන්න, (කි පමණ කලෙකින්) සසර පිරියත් කරනලද යැ, වෘද්ධිහානි නැති, යම්සේ හූවට (ගලක් හෝ ගසක් උඩ සිට) දමනලදුයේ (හූ පමණින්) වෙළුම් හරිමින් මැ යේ ද එසෙයින් මැ බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවන සංසරණ කොට දුකු කෙළවර කරන්නාහ’ යි.
Pali BJTතත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි: සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති, න විපරිනමන්ති, නාඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත: පඨවීකායො ආපොකායො තෙජොකායො වායොකායො සුඛෙ දුක්ඛෙ ජීවෙ සත්තිමෙ. ඉමෙ සත්ත කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති, න විපරිනමන්ති, නාඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති. නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. තත්ථ නත්ථි හන්තා වා ඝාතෙතා වා සොතා වා සාවෙතා වා විඤ්ඤාතා වා විඤ්ඤාපෙතා වා යොපි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති, න කොචි කඤ්චි ජීවිතා වොරොපෙති, සත්තන්නං යෙව කායානමන්තරෙන සත්ථං විවරමනුපතති.
Sinhala BJTසන්‍දකය, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද ඇත්තෙක, මෙබඳු දෘෂ්ටි ඇත්තෙක: නො කළ, නො කළ විධාන ඇති, නො මැවූ, නො මවනලද, වඳ වූ, ගිරිකුළු මෙන් සිටියා වූ, ඒෂිකාස්තම්භයක් මෙන් සිටි, මේ සත් කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, පියවි නො හරිති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙති. කවර සත් දෙනෙක යත්: පඨවිකාය යැ ආපෝකාය යැ තේජෝකාය යැ වායෝකාය යැ සුබ යැ දුක්ඛ යැ ජීව යැ යන මේ සත යි. මේ සප්තකායෝ ආකෘතයහ, අකෘත විධානයහ, අනිර්මිතයහ, අනිර්‍මාතෘයහ, වන්‍ධ්‍යයහ, කූටස්ථයහ, ඒෂිකාස්ථායීස්ථිතයහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙත්. ඒ සප්තකායයන් අතුරෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැති. යමෙක් තිහිණි සැතින් හිස සිඳී නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කෙරෙයි. වැළි සත් වැදෑරුම් කායයන් අතුරෙන් මැ ශස්ත්‍රය විවරයට පිවිසෙයි.
Pali BJTචුද්දස ඛො පනිමානි යොනි පමුඛසතසහස්සානි සට්ඨි ච සතානි ඡ ච සතානි පඤ්ච ච කම්මුනො සතානි පඤ්ච ච කම්මානි තීණි ච කම්මානි කම්මෙ ච අඩ්ඪකම්මෙ ච ද්වට්ඨිපටිපදා ද්වට්ඨන්තරකප්පා ඡළාභිජාතියො අට්ඨ පුරිසභූමියො එකූනපඤ්ඤාස ආජීවසතෙ{1}, එකූනපඤ්ඤාස පරිබ්බාජකසතෙ, එකූනපඤ්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්ද්රියසතෙ, තිංසෙ නිරයසතෙ, ඡත්තිංස රජොධාතුයො, සත්ත සඤ්ඤීගබ්භා, සත්ත අසඤ්ඤීගබ්භා, සත්ත නිගණ්ඨිගබ්භා, සත්ත දෙවා, සත්ත මානුසා, සත්ත පෙසාචා, සත්ත සරා, සත්ත පවුටා, සත්ත පපාතා, සත්ත පපාතසතානි, සත්ත සුපිනා, සත්ත සුපිනසතානි, චුල්ලාසීති මහාකප්පුනො සතසහස්සානි. යානි බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති.
Sinhala BJTතවද මේ උත්තමයෝනීහු තුදුස්සියදහසක් ද සදහසක් ද සසියයක් ද වෙති. කර්‍ම පන්සියයක් ද, කර්‍ම පසක් ද, කර්‍ම තුනක් ද කර්‍මයක් ද අධිකර්‍මයක් ද වෙයි. දෙසැට ප්‍රතිපදායෙක දෙසැට අන්තරකල්පයෙක ෂට් අභිජාතියෙක අෂ්ට පුරුෂභූමියෙක, එකුන්පස් ආජීව වෘත්තිශතයෝයැ එකුනුපනස් පරිව්‍රාජකශතයෝයැ එකුන්පනස් නාමඬුලුසියයෝ යැ විංශත් ඉන්‍දියශතයෝ යැ ත්‍රිංශත් නිරයශතයෝ යැ ෂට්ත්‍රිංශත් රජස්ධාතුහු යැ සත් වැදෑරුම් සංඥිගර්‍භයෝ ය සත් අසංඥී ගර්‍භයෝ ය සත් නිර්ග්‍රන්‍ථිගර්‍භයෝ යැ සත් දෙවියෝ යැ සත් මිනිස්හු යැ සත් පිශාචයෝ යැ සත් මහවිල්හු යැ සත් ගණ්ඨිකයෝ යැ මහාප්‍රපාත සතෙක, කුඩා ප්‍රපාත සත්සියයෙක, මහා සිහින සතෙක, කුඩා සිහින සත්සියයෙක, යම් කල්ප කෙනෙක් බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කෙරෙත් ද ඒ මහා කල්පයෝ සුවාසූසියදහසෙක,
Pali BJTතත්ථ නත්ථි ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා අපරිපක්කං වා කම්මං පරිපාචෙස්සාමි, පරිපක්කං වා ඵුස්ස ඵුස්ස ව්යන්තීකරිස්සාමීති. හෙවං නත්ථි දොණමිතෙ සුඛදුක්ඛෙ, පරියන්තකටෙ සංසාරෙ, නත්ථි හායනවඩ්ඪනෙ නත්ථි උක්කංසාවකංසෙ. සෙය්යථාපි නාම සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨියමානමෙව පලෙති. එවමෙවං බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තී’ති.
Sinhala BJTඑහි මම් මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තපසින් වේවයි බ්‍රහ්මචර්‍ය්‍යයෙන් වේවයි නො මුහුකළ කර්‍මය හෝ මුහුකුරු වන්නෙමි’යි නැත, මුහුකළ කර්‍මය හෝ පැහැස පැහැස කෙළවර කරන්නෙමි’යි මෙසේ නැති. සුවදුක් ද්‍රෝණයෙන් මනනලද වැන්න. (කී පමණ කලෙකින්) සසර පිරියත් කරනලද යැ අඩුවැඩි නැත, උත්කර්‍ෂාවකර්‍ම නැති. යම් සේ හූවටෙක් (ගලක් හෝ ගසක් මතුයෙහි සිට) දමන ලදුයේ වෙළුම් හරිමින් මැ යේ ද එසෙයින් මැ බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරන්නාහ”යි.
Pali BJTසචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං අබ්බුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යො චාහං න වදාමි: උභො සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සාමා’ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං, යොහං පුත්තසම්බාධසයනං{1} අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි අභිසම්පරායං. සොහං කිංජානන්තො කිං පස්සන්තො ඉමස්මිං සත්ථරි බ්රහ්මචරියං චරිස්සාමි. සො අබ්රහ්මචරියවාසො අයන්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති අයං ඛො සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චතුත්ථො අබ්රහ්මචරියවාසො අක්ඛාතො යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො චා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං. ඉමෙ ඛො තෙ සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො අබ්රහ්මචරියවාසා අක්ඛාතා යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වෙසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති.
Sinhala BJTඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් වී නම්, “ඇපි දෙදෙන සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරම්හ”යි මම් නො කියමි, නමුදු තෙල සස්නෙහි මහණුවම් නො කළ මා විසින් මහණුවම් කරන ලද, තුලුන්ගේ සස්නෙයි බඹසරවස් නො විසූ මා විසින් බඹසර වසන ලද, මෙහි ලා ඇපි දෙදෙන මැ සමසමයම්හ, සම බවට පැමිණියෙම්හ. මේ භවත් ශාස්තෘහු ගේ අතිරේකය වැළිත් නග්න බව මුඩු බව උළුලුපහදන කෙහෙරවුළු සිඳීම යි. මම් අඹුදරුවන් විසින් සම්බාධ වූ ශයනයෙහි වසනුයෙම් කසීසඳුන් වළඳනුයෙම් මල්ගඳවිලෙවුන් ධරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් පරලොව දී මේ භවත් ශාස්තෘහු සමග සමසමගති ඇති වන්නෙම් ද ඒ මම් කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් ද? හෙතෙම මේ ‘අබ්‍රහ්මචරියවාසයෙකැ’යි මෙසේ දැන ඒ සස්නෙන් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ සතර වැනි අබ්‍රහ්මචරියවාසය වදාරනලද්දේ යැ. යම් අබ්‍රහ්මචරියයෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වෙසේ ද වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය නො සපයන්නේ ද එය යි. සන්‍දය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් විසින් මේ සතර අබ්‍රහ්මචරියවාසයෝ වදාරනලද්දාහු යැ, මේ සස්නෙහි විඥවූ පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.
Pali BJTඅච්ඡරියං භො ආනන්ද, අබ්භුතං භො ආනන්ද, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො අබ්රහ්මචරියවාසා වසමානා අබ්රහ්මචරියවාසාති අක්ඛාතා යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් ආනන්‍දයෙනි, අද්භූත යැ, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් යම් තැනෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ ද, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය ආරාධනය නො කරන්නේ ද (එබඳු වූ) අස්වැසිලි රහිත වූ මැ සිව් වැදෑරුම් අබ්‍රහ්මචරිය වාසයෝ වදාරනලද්දාහු යැ.
Pali BJTකතමානි පන තානි භො ආනන්ද, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානි බ්රහ්මචරියානි අක්ඛාතානි යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති:
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, සියල්ල දක්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් යම් තැනෙකැ විඥ වූ පුරුෂ බ්‍රම්සරවස් නො වසන්නේ ද වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය නො කරන්නේ එබඳු අස්වැසිලි රහිත වූ කවර සතර බඹසරවස් කෙනෙක් වදාරනලද්දාහු දැ? යි.
Pali BJTඉධ සන්දක එකච්චො සත්ථා සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති: චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති. සො සුඤ්ඤම්පි අගාරං පවිසති, පිණ්ඩම්පි න ලභති, කුක්කුරොපි ඩසති,{1} චණ්ඩෙනපි හත්ථිනා සමාගච්ඡති, චණ්ඩෙනපි අස්සෙන සමාගච්ඡති, චණ්ඩෙනපි ගොණෙන සමාගච්ඡති, ඉත්ථියාපි පුරිසස්සපි නාමම්පි ගොත්තම්පි පුච්ඡති, ගාමස්සපි නිගමස්සපි නාමම්පි මග්ගම්පි පුච්ඡති. සො කිමිදන්ති පුට්ඨො සමානො සුඤ්ඤං මෙ අගාරං පවිසිතබ්බං අහොසි, තෙන පාවිසිං. පිණ්ඩං ෙම අලද්ධබ්බං අහොසි, තෙන නාලත්ථං. කුක්කුරෙන ඩසිතබ්බං අහොසි, තෙනම්හි දට්ඨො. චණ්ඩෙන හත්ථිනා සමාගන්තබ්බං අහොසි, තෙන සමාගමං.{2} චණ්ඩෙන අස්සෙන සමාගන්තබ්බං අහොසි, තෙන සමාගමං. චණ්ඩෙන ගොණෙන සමාගන්තබ්බං අහොසි, තෙන සමාගමං. ඉත්ථියාපි පුරිසස්සපි නාමම්පි ගොත්තම්පි පුච්ඡිතබ්බං අහොසි, තෙන පුච්ඡිං. ගාමස්සපි නිගමස්සපි නාමම්පි මග්ගම්පි පුච්ඡිතබ්බං අහොසි, තෙනාපුච්ඡින්ති. තත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: ‘අයං ඛො භවං සත්ථා සබ්බඤ්ඤූ සබ්බදස්සාවී -පෙ- අහොසි. තෙනාපුච්ඡින්ති. සො අනුස්සාසිකං ඉදං බ්රහ්මචරියන්ති, ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමං අනස්සාසිකං බ්රහ්මචරියං අක්ඛාතං, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTසන්‍දකය, මෙලොවැ සියල්ල දන්නාවූ සියල්ල දක්නා වූ ඇතැම් ශාස්තෘවරයෙක් “ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදි වරන්නා වූ ද මට නිරතුරු ඥානදර්‍ශනය එළැඹ සිටියේ යැ”යි නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කෙරෙයි. හේ ශූන්‍යාගාරයට ද පිවියෙසි, පිඬුවා ද නො ලබයි, ශූනක ද ඔහු ඩහයි, සැඬ ඇතකු හා ද එක්වෙයි, සැඬ අසකු හා ද එක් වෙයි, සැඬ ගොනෙකු හා ද එක් වෙයි, ස්ත්‍රියක ගේත් පුරුෂයකුගේත් නමුදු ගොතුදු විචරෙයි, ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාරයි, හේ ‘මේ කිමෙකැ’යි විචාරන ලද්දේ මැ: “මා විසින් ශූන්‍යාගාරයකට පිවිසියයුතු විය, එයින් පිවිසියෙමි; මා විසින් පිඬුවා ද නො ලදයුතු විය, එයින් නො ලත්මි; ශුනකයා විසින් ඩැහියයුතු විය, එයින් ඩහගනලදුයෙමි; සැඬ ඇතකු හා එක්වියයුතු විය, එයින් එක්වීමි; සැඬඅසකු හා ද එක්වියයුතු විය, එයින් එක්වීමි; සැඬ ගොනෙකු හා එක්වියයුතු විය, එයින් එක්වීමි; ස්ත්‍රියක ගේ ද පුරුෂයකුගේ ද නමුදු ගොතුදු විචාළයුතු විය, එයින් විචාළෙමි, ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාළයුතු විය, එයින් විචාළෙමි” යි. එහි ලා සන්‍දකය, නුවණැති පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම සර්‍වඥ යැ සර්‍වදර්ශී යැ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කෙරෙයි … ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාළයුතු විය, එයින් විචාළෙමි” යි යෙයි. හේ “මේ බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන ඒ බඹසරෙන් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද පළමු වැනි අනස්සාසික බ්‍රහ්මචරිය වෙයි. එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසනුයේ නමුදු න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.
Pali BJTපුන චපරං සන්දක, ඉධෙකච්චො සත්ථා අනුස්සවිකො හොති අනුස්සවසච්චො. සො අනුස්සවෙන ඉතිහිතිහ පරම්පරාය පිටකසම්පදාය ධම්මං දෙසෙති. අනුස්සවිකස්ස ඛො පන සන්දක, සත්ථුනො අනුස්සවසච්චස්ස සුස්සුතම්පි හොති, දුස්සුතම්පි හොති. අඤ්ඤථාපි හොති. අඤ්ඤථාපි හොති. යත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: ‘අයං ඛො භවං සත්ථා අනුස්සවිකො අනුස්සවසච්චො. සො අනුස්සවෙන ඉතිහිතිහ පරම්පරාය පිටකසම්පදාය ධම්මං දෙසෙති, අනුස්සවිකස්ස ඛො පන සත්ථුනො අනුස්සවසච්චස්ස සුස්සුතම්පි හොති, දුස්සුතම්පි හොති, තථාපි හොති, අඤ්ඤථාපි හොති. සො අනස්සාසිකං ඉදං බ්රහ්මචරියන්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියං අනස්සාසිකං බ්රහ්මචරියං අක්ඛාතං, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTතවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් ශ්‍රැතය ඇසිරි කෙළේ වෙයි, ශ්‍රැතිය සත්‍යය කොට ඇත්තේ වෙයි. හේ අනුශ්‍රවයෙන් මෙසේ මෙසේ යයි පරම්පරායෙන් පිටකසම්පත්තීන් දහම් දෙසයි. සන්‍දකය, අනුශ්‍රවය ඇසිරි කළ ඇසූ දැය සත්‍ය කොට ගත් ශාස්තෘහට මනාකොට අසනලද්ද ද වෙයි, නො මනාකොට අසනලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. එහි ලා සන්‍දකය, නුවණැති පුරුෂ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ භවත් ශාස්තෘ තෙම අනුශ්‍රවික ය, අනුශ්‍රවය සත්‍ය කොට ගත්තේ ය, හේ ශ්‍රැතියෙන් මෙසේ මෙසේ යයි පරම්පරායෙන් පිටකසම්පදායෙන් දහම් දෙසයි, ශ්‍රැතය ඇසිරි කළ ශ්‍රැතිය සත්‍යය කොට ගත් ශාස්තෘහට මනා කොට අසන ලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. හේ “බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන එ බඹසරින් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද දෙ වැනි වූ අනස්සාසිකබ්‍රහ්මචරිය වෙයි. එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසන්නේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.
Pali BJTපුන චපරං සන්දක, ඉධෙකච්චො සත්ථා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයම්පටිභානං ධම්මං දෙසෙති. තක්කිස්ස ඛො පන සන්දක, සත්ථුනො වීමංසිස්ස සුතක්කිතම්පි හොති, දුත්තක්කිතම්පි හොති, තථාපි හොති, අඤ්ඤථාපි හොති. තත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: අයං ඛො භවං සත්ථා තක්කී වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයම්පටිභානං ධම්මං දෙසෙති. තක්කිස්ස ඛො පන සත්ථුනො වීමංසිස්ස සුතක්කිතම්පි හොති, දුත්තක්කිතම්පි හොති, තථාපි හොති, අඤ්ඤථාපි හොති. සො අනස්සාසිකං ඉදං බ්රහ්මචරියන්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තතියං අනස්සාසිකං බ්රහ්මචරියං අක්ඛාතං යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය. වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTතවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් තර්‍කයෙන් ගන්නේ වීමංසායෙන් ගන්නේ වෙයි. හේ තර්‍කයෙන් ගන්නාලද වීමංසාව අනුවගිය සිය වැටහීම වූ දහම් දෙසයි. සන්‍දකය, තර්‍කයෙන් ගන්නා වීමංසායෙන් ගන්නා ශාස්තෘහට වැළිත් මොනොවට තර්‍ක කරනලද්ද ද වෙයි. නො මනා කොට තර්‍ක කරන ලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. එහි ලා සන්‍දකය, විඥ වූ පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ වූකලී තර්‍කයෙන් ගන්වේ වෙයි, වීමංසායෙන් ගන්නේ වෙයි, හේ තර්‍කයෙන් ගන්නා ලද වීමංසාව අනුව ගිය ස්වයම් ප්‍රතිභානය වූ දහම් දෙසයි. තර්‍කයෙන් ගන්නා වීමංසායෙන් ගන්නා ශාස්තෘහට මොනොවට තර්‍ක කරනලද්ද ද වෙයි, නො මනා කොට තර්‍ක කරන ලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. හේ “මෙ බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන එ බඹසරින් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්‍දකය, යම් සස්නෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසා නම් වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය නො කෙරේ නම් මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද තුන් වැනි වූ අනස්සාසික බ්‍රහ්මචරිය යි.
Pali BJTපුන චපරං සන්දක, ඉධෙකච්චො සත්ථා මන්දො හොති මොමූහො. සො මන්දත්තා මොමූහත්තා තථා තථා{1} පඤ්හං පුට්ඨො සමානො වාචා වික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං, එවම්පි{2} මෙ නො, තථාපි{3} මෙ නො, අඤ්ඤථාපි{4} මෙ නො, නොතිපි මෙ නො, නො නොතිපි මෙ නොති. තත්ර සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති. අයං ඛො භවං සත්ථා මන්දො මොමූහො, සො මන්දත්තා මොමූහත්තා තථා තථා පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං. එවම්පි{2} මෙ නො, තථාපි{3} මෙ නො, අඤ්ඤථාපි{4} මෙ නො, නොතිපි මෙ නො, නො නො තිපි මෙ නොති. සො අනස්සාසිකං ඉදං බ්රහ්මචරියන්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චතුත්ථං අනස්සාසිකං බ්රහ්මචරියං අක්ඛාතං, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො චා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTතවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් මඳ නුවණැත්තේ වෙයි, අතිමූඪ වෙයි. හේ මඳනුවණැති බැවින් අතිමූඪ බැවින් ඒ ඒ ප්‍රකාරයෙන් පැන පුළුවුස්නා ලද්දේ “මෙසේත් මට (ලබ්ධි) නැති, එසේත් මට නැති, අන්සේත් මට නැති, ‘නැතැ’යි දු මට නැති, ‘නො නැතැ’යි දු මට (ලබ්ධි) නැතැ”යි වචනයෙන් වික්‍ෂේපයට අපර්‍ය්‍යන්ත වික්‍ෂේපයට පැමිණෙයි. එහි ලා සන්‍දකය, නුවණැති පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ වූ කලී මඳ නුවණැත්තේ යැ, ඉතා මූඪ යැ. හේ මඳ නුවණැති බැවින් ඉතා මූඪ බැවින් ඒ ඒ ප්‍රකාරයෙන් පැන පුළුවුස්නා ලද්දේ “මෙසේත් මට (ලබ්ධි) නැති, එසේත් මට නැති, අන්සෙයිනුත් මට නැති, ‘නැතැ’යිදු මට නැති, ‘නො නැතැ’යිදු මට නැතැ”යි වාචාවික්‍ෂේපයට, අමරාවික්‍ෂේපයට පැමිණෙයි. හේ ‘මෙ බඹසර අස්වැසිලි නැතැ’යි මෙසේ දැන එ බඹසරින් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්‍දකය, යම් සස්නෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසා නම් වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය නො කෙරේ නම් මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍මාසම්බුදුන් විසින් වදාරනලද සතර වැනි වූ අනස්සාසික බ්‍රහ්මචරිය යි.
Pali BJTඉමානි ඛො සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානි බ්රහ්මචරියානි අක්ඛාතානි, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති.
Sinhala BJTසන්‍දකය, මොහු වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍මාසම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද සතර අනස්සාසික බ්‍රහ්මචරියයෝ යි. එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය නො කරන්නේ යයි.
Pali BJTඅච්ඡරියං භො ආනන්ද, අබ්භුතං භො ආනන්ද, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානෙව බ්රහ්මචරියානි අනස්සාසිකානි බ්රහ්මචරියානීති අක්ඛාතානි. යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං. සො පන සො භො ආනන්ද, සත්ථා කිංවාදී කිමක්ඛායී යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති.
Sinhala BJTආශ්චර්‍ය්‍යයැ භවත් ආනන්‍දයෙනි, ආශ්චර්‍ය්‍යයැ භවත් ආනන්‍දයෙනි, යම් පමණ ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් ස්‍යමක්සම්බුද්ධයන් වහන්සේ විසින් අනස්සාසික වූ මැ සතර බ්‍රහ්මචරිය කෙනෙක් ‘අනස්සාසික බ්‍රහ්මචරියයෝ’ යයි වදාරන ලද්දාහු ද, එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යි. භවත් ආනන්‍දයෙනි, යම් සසුනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසා නම්, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය කෙරේ නම් ඒ ශාස්තෘ කිබඳු වාද ඇත්තේ ද, කුමක් කියන්නේ දැ? යි.
Pali BJTඉධ සන්දක, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති -පෙ- මජ්ඣෙකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. -පෙ- සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො{5} සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං{6} අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTසන්‍දකය, තථාගත වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මෙයන් යුකුත වූ සුන්‍දරගමන් ඇති ලෝක දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිසුනට ශාස්තෘ වූ භාග්‍යවත් බුදුහු මෙලොවැ උපදිති. උන්වහන්සේ මේ සදේවක ලෝකය … තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති ... මධ්‍යකල්‍යාණ වූ … බ්‍රහ්මචර්‍ය්‍ය පවසති. එ දහම ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ අසයි, ... හෙතෙම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන්ව මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක තෙම මෙබඳු උදාර විශේෂයක් ලබා නම් ඒ සස්නෙහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය කරන්නේ යි.
Pali BJTපුන චපරං සන්දක, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං{1} අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTතවද සන්‍දකය, මහණ තෙම විතර්‍කවිචාරයන් ගේ සන්සිඳීමෙන් … ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක තෙම මෙබඳු විශේෂයක් ලබා නම්, එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය කරන්නේ යි.
Pali BJTපුන චපරං සන්දක, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTතවද සන්‍දකය, මහණ තෙම ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂක වැ ද වෙසෙයි, ... තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක මෙබඳු උදාර විශේෂයක් ලබා නම් එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය කරන්නේ යි.
Pali BJTපුන චපරං සන්දක, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං{1} අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTතවද සන්‍දකය, මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි මෙබඳු උදාර විශේෂයක් ලබා නම් එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය කරන්නේ යි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙ නිවාසං අනුස්සරති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTහෙතෙම මෙසෙයින් (විදර්‍ශනාපාදක චතුර්‍ත්‍ථධ්‍යාන) සිත පිරිසු වූ කල්හි පර්‍ය්‍යවදාත කල්හි අඞ්ගණ (කෙලෙස්) රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පූර්‍වනිවාසානුස්මෘතියට සිත එළවයි. හෙතෙම අනේකවිධ පූර්‍වනිවාස සිහි කෙරෙයි, හෙමෙසේ යි: එක් ජාතියෙකුදු දෙ ජාතියෙකුදු … මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්‍වනිවාස සිහි කෙරෙයි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි මෙබඳු උදාර විශේෂයක් ලබා නම් ඒ ශාස්තෘන්ගේ ශාසනයෙහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය කරන්නේ යි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
Sinhala BJTහෙ මෙසේ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත කල්හි අනඞ්ගන කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි සත්ත්‍වයන් ගේ ච්‍යුතිඋප්පත්ති දන්නා පිණිස සිත එළවයි. හෙ මිනිසැස ඉක්මැසිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නො මනා පැහැසටහන් ඇති මනා ගති ඇති නො මනා ගති ඇති සත්ත්‍වයන් දකියි. කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන් දැනගනියි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක මෙබඳු උදාර විශේෂයක් ලබා ද, එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය කරන්නේ යි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති. අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති.
Sinhala BJTහේ මෙසේ සිත පිරිසිදු කල්හි පර්‍ය්‍යවදාත කල්හි ක්ලේශාඞ්ගණ රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙනබවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානයට (විදර්‍ශනා) සිත එළවයි. හෙ ‘මෙ දුකැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ දුක්ඛසමුදය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ දුක්ඛනිරෝය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මොහු ආස්‍රවහ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ ආස්‍රවසමුදය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ ආස්‍රවනිරෝධය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපදා යැ’යි ඇති සැටියෙන් දැනගනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු විමුක්ත වෙයි, භවාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි. විමුක්ත කල්හි (ඵලක්‍ෂණයෙහි) ‘විමුක්ත යැ’ යන (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය වෙයි. ජාතිය ක්‍ෂය වූ යැ මඟබඹසර වැස නිමවන ලද, සිවුමඟින් කටයුතු කරනලද. මෙ බව පිණිස අනෙක් මාර්‍ගභාවනායෙක් නැතැ’යි දැනගනී. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක මෙවන් උදාර විශේෂයක් ලබා නම් ඒ ශාස්තෘන්ගේ සස්නෙහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය කරන්නේ යි.
Pali BJTයො පන සො භො ආනන්ද, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. පරිභුඤ්ජෙය්ය සො කාමෙති.
Sinhala BJTභවත් ආනන්‍දෙයනි, ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිමවූ බඹසර ඇති සියුමඟින් කළ කරණී ඇති බහාතැබූ (ස්කන්‍ධ ක්ලේශ අභිසංස්කාර) බර ඇති පැමිණි රහත් බව ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන (කෙලෙසුන්ගෙන්) විමුක්ත වූ යම් රහත් මහණෙක් ඇද්ද, හේ කාමයන් වළඳ දැ?යි.
Pali BJTයො සො සන්දක, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. අභබ්බො සො පඤ්චඨානානි අජ්ඣාචරිතුං: අභබ්බො ඛීණාසවො භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුං සෙය්යථාපි පුබ්බෙ අගාරියභූතො. යො සො සන්දක, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. අභබ්බො සො ඉමානි පඤ්චඨානානි අජ්ඣාචරිතු’න්ති.
Sinhala BJTසන්‍දකය, ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිමවූ බඹසර ඇති සියුමඟින් කළ කරණී ඇති බහාතැබූ බර ඇති පැමිණි රහත් බව ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන විමුක්ත වූ යම් රහත් මහණෙක් ඇද්ද, හේ කරුණු පසක් කරන්නට නො නිස්ස. රහත් මහණ දැන දැන ප්‍රාණියකු දිවියෙන් ගලවන්නට නො නිස්ස, රහත් මහණ ස්තෙය සඞ්ඛ්‍යාත වූ නුදුන් දැය ගන්නට නො නිස්ස, රහත් මහණ මෛථුනධර්‍ම සේවනය කරන්නට නො නිස්ස, රහත් මහණ දැන දැන මුසවා කියන්නට නො නිස්ස, රහත් මහණ පෙර ගිහි වූ සෙයින් වස්තුකාමයෙන් සන්නිධිකොට වළඳන්නට නො නිස්ස. සන්‍දකය, ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ බඹසර ඇති සියුමඟින් කළ නිස ඇති බහා තැබූ බර ඇති පැමිණි රහත් බව ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූ යම් රහත් මහණෙක් වේ ද, හේ මෙ පස් කරුණු කරන්නට නො නිසි වේ.
Pali BJTයො පන සො භො ආනන්ද, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. තස්ස චරතො චෙව තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතං: ‘ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTභවත් ආනන්‍දෙයනි, ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ බඹසර ඇති කළ කරණී ඇති බහා තැබූ බර ඇති පැමිණි මිණි රහත් බව ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනැවින් දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූ යම් රහත් මහණෙක් වේ ද, ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද ඔහට ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ’යි හැමදා හැම කල්හි ඥානදර්‍ශන එළැඹසිටියේ දැ? යි.
Pali BJTතෙන හි සන්දක, උපමන්තෙ කරිස්සාමි, උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්යථාපි සන්දක, පුරිසස්ස හත්ථපාදා ඡින්නා, තස්ස චරතො චෙව තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඡින්නා ච හත්ථපාදා. අපි ච ඛො පන තං පච්චවෙක්ඛමානො ජානාති: ඡින්නා මෙ හත්ථපාදාති. එවමෙව ඛො සන්දක, යො සො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. තස්ස චරතො චෙව තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඛීණාච ආසවා. අපි ච ඛො නං පච්චවෙක්ඛමානො ජානාති: ඛීණා මෙ ආසවාති.
Sinhala BJTඑසේ වී නම් සන්‍දකය, තොපා උපමාවක් කරන්නෙමි. මොලොවැ ඇතැම් විඥ පුරුෂයෝ උපමායෙනුදු කියනලද්දෙහි අර්‍ත්‍ථ දැනගනිති. යම්සේ සන්‍දකය, පුරුෂයකු ගේ අත්පා සිඳිනලද ද ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද ඔහුගේ හස්තපාදයෝ හැම කල්හි හැම විට සිඳුනාලද්දාහු මැ වෙති. එතෙකුදුවත් එය ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මාගේ හස්තපාදයෝ සුන්හ’යි දැනගනී. එසෙයින් මැ සන්‍දකය, ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ මඟබඹසර ඇති කළ කරණී ඇති බහා තැබූ බර ඇති පැමිණි රහත් බව ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනැවින් දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූ යම් රහත් මහණෙක් වේ ද, ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද ඔහට හැම කල්හි ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු මැ යි. එතෙකුදුවත් එය ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ’යි දැනගනී.
Pali BJTකීව බහුකා පන භො ආනන්ද, ඉමස්මිං ධම්මවිනයෙ නිය්යාතාරොති. ‘න ඛො සන්දක, එකං යෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි. අථ ඛො භිය්යොව යෙ ඉමස්මිං ධම්මවිනයෙ නිය්යාතාරො’ති. අච්ඡරියං භො ආනන්ද, අබ්භුතං භො ආනන්ද, න ච නාම සධම්මොක්කංසනා භවිස්සති, න පරධම්මාවසාදනා{1} ආයතනෙ ච ධම්මදෙසනා. තාව බහුකා ච නිය්යාතාරො පඤ්ඤායිස්සන්ති. ඉමෙ පනා’ජීවකා පුත්තමතාය පුත්තා. අත්තානඤ්චෙව උක්කංසෙන්ති, පරෙ ච වම්භෙන්ති. තයො චෙව නිය්යාතාරො පඤ්ඤපෙන්ති. සෙය්යථිදං: ‘නන්දං වච්ඡං, කිසං සඞ්කිච්චං, මක්ඛලිගොසාල’න්ති.
Sinhala BJTභවත් ආනන්‍දෙයනි, මෙසස්නෙහි නිර්‍ය්‍යාතහු ( සසරින් නික්මගියාහු) කිපමණ බොහෝ වෙත් දැ? යි. සන්‍දකය, එක් මැ සියක් නො වෙයි, දෙසියක් නො වෙයි, තුන්සියක් නො වෙයි, සාරසියක් නො වෙයි, පන්සියක් නො වෙයි, වැළිත් මෙ සස්නෙහි නිර්‍ය්‍යාතහු බොහෝ මැ යි. ආශ්චර්‍ය්‍ය යැ භවත් ආනන්‍දෙයනි, අද්භූත යැ භවත් ආනන්‍දෙයනි, තමාගේ ලබ්ධිය නඟා තැබීමෙක් නම් නො ද වන්නේ යැ මෙරමා ලබ්ධි හෙළා තැබීමෙක් නො වන්නේ යැ, කාරණයෙහි මැ ධර්‍මදේශනා වෙයි, එපමණ බොහෝ නිර්‍ය්‍යාතහු ද පැනෙති. මේ ආජීවකයෝ වැළිත් පුතුන් මළ මවගේ පුත්‍රයෝ යි. (ඔහු) තමා මැ උත්කර්‍ෂ කෙරෙති, මෙරමා ද ගරහති, නිර්‍ය්‍යාතෘන් තිදෙනකුන් මැ පනවති. හේ මෙසේ යැ: ‘නන්‍දවච්ඡ යැ කිසසඞ්කිච්ච යැ මක්ඛලිගෝසාල යැයි.