Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො සද්ධානුසාරී: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා අපරික්ඛීණා{1} හොන්ති, තථාගතෙ චස්ස සද්ධාමත්තං හොති පෙමමත්තං. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති. සෙය්යථිදං: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො සද්ධානුසාරී. ඉමස්සපි ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, ශ්‍රද්ධානුසාරී පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් අරමුණු කොට නො වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු සිව්සස් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු නො වෙති. තථාගතයන් කෙරෙහිදු ඔහු ගේ ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වෙයි. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙති. හේ මෙසේ යැ: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධින්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මේ පුද්ගල ශ්‍රද්ධානුසාරී යැ යි කියනු ලැබේ. මහණෙනි, මම මේ මහණහු විසිනුදු අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මේ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ඉඳුරන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බඹසර කෙළවර වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
Pali BJTනාහං භික්ඛවෙ, ආදිකෙනෙව අඤ්ඤාරාධනං වදාමි. අපි ච භික්ඛවෙ, අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හොති.
Sinhala BJTමහණෙනි, මම පළමු කොට මැ රහත් බැව්හි පිහිටීම නො කියමි. එතෙකුදු වත් අනුපූර්‍වශික්‍ෂායෙන් අනුපූර්‍වක්‍රියායෙන් අනුපූර්‍වප්‍රතිපදායෙන් අර්‍හත්ත්‍වයෙහි පිහිටීම වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හොති: ඉධ භික්ඛවෙ, සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමන්තො පයිරුපාසති, පයිරුපාසන්තො සොතං ඔදහති, ඔහිතසොතො{1} ධම්මං සුණාති, සුත්වා ධම්මං ධාරෙති, ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති, අත්ථං උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති, ධම්මනිජ්ඣානක්ඛන්තියා සති ඡන්දො ජායති, ඡන්දජාතො උස්සහති, උස්සහිත්වා{2} තුලෙති, තුලයිත්වා පදහති, පහිතත්තො{3} සමානො කායෙන චෙව පරමං සච්චං සච්ඡිකරොති; පඤ්ඤාය ච නං පටිවිජ්ඣ{4} පස්සති.
Sinhala BJTකිසෙයින් මහණෙනි, අනුපූර්‍වශික්‍ෂායෙන් අනුපූර්‍වක්‍රියායෙන් අනුපූර්‍වප්‍රතිපදායෙන් අර්‍හත්ත්‍වයෙහි පිහිටීම වෙයි යත්: මහණෙනි, මෙලොව්හි උපන් සැදැහැ ඇත්තේ ගුරුන් කරා එළඹෙයි, ගුරුන් කරා එළඹෙනුයේ උපාසන කෙරෙයි, (සමීපයෙහි හිඳියි.) උපාසන කරනුයේ ඇසීමට කන් නතු කෙරෙයි, නතු කළ කන් ඇත්තේ දහම් අසයි, අසා දහම් ප්‍රගුණ කොට ධරයි, ධැරූ ධර්‍මයන් ගේ අර්‍ත්‍ථය නුවණින් විමසයි, අරුත් විමසන්නාහට ධර්‍මයෝ වටහත්, ධර්‍මයන්ගේ වැටහීම ඇති කල්හි කත්තුකම්‍යකුසලච්‍ඡන්‍ද උපදී, උපන් කුසලච්‍ඡන්‍ද ඇත්තේ වැර වඩයි, වැර වඩා (අනිත්‍ය යැ දුඃඛ යැ අනාත්ම යැ යි) තුලනය කෙරෙයි, (තීරණප්‍රඥායෙන්) තුලනය කරනුයේ ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි, නිවනට මෙහෙයූ සිත් ඇත්තේ නාමකයිනුදු පරමසත්‍ය ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි, (නාමකායසම්ප්‍රයුක්ත වූ) මාර්‍ගප්‍රඥායෙනුදු එ නිවන ප්‍රතිවේධ කොට දකී.
Pali BJTසාපි නාම භික්ඛවෙ, සද්ධා නාහොසි. තම්පි නාම භික්ඛවෙ, උපසඞ්කමනං නාහොසි. සාපි නාම භික්ඛවෙ, පයිරුපාසනා නාහොසි. තම්පි නාම භික්ඛවෙ, සොතාවධානං නාහොසි. තම්පි නාම භික්ඛවෙ, ධම්මසවනං නාහොසි. සාපි නාම{5} භික්ඛවෙ, ධම්මධාරණා නාහොසි. සාපි නාම භික්ඛවෙ, අත්ථූපපරික්ඛා නාහොසි. සාපි නාම භික්ඛවෙ, ධම්මනිජ්ඣානක්ඛන්ති නාහොසි. සොපි නාම භික්ඛවෙ, ඡන්දො නාහොසි. සොපි නාම භික්ඛවෙ, උස්සාහො නාහොසි. සාපි නාම භික්ඛවෙ, තුලනා නාහොසි. තම්පි නාම භික්ඛවෙ, පධානං නාහොසි. විප්පටිපන්නා’ත්ථ භික්ඛවෙ, මිච්ඡාපටිපන්නා’ත්ථ භික්ඛවෙ. කීවදූරෙවිමෙ භික්ඛවෙ, මොඝපුරිසා අපක්කන්තා ඉමස්මා ධම්මවිනයා.
Sinhala BJTමහණෙනි, (තොපට) ඒ ශ්‍රද්ධා නමුදු නො වී. මහණෙනි, ඒ එළැඹීම නුමුදු නො වී. මහණෙනි, ඒ පර්‍ය්‍යුපාසන නුමුදු නො වී. මහණෙනි, ඒ කන් නතු කිරීම නුමුදු නො වී. මහණෙනි, ඒ ධර්‍මශ්‍රවණ නුමුදු නො වී. මහණෙනි, ඒ දහම් ධැරීම නුමුදු නො වී. මහණෙනි, ඒ අර්‍ත්‍ථ විමසීම නුමුදු නො වී. මහණෙනි, ඒ දහම් වැටහීම නුමුදු නො වී. මහණෙනි, ඒ කුසලච්‍ඡන්‍ද නුමුදු නො වී. මහණෙනි, ඒ උත්සාහය නුමුදු නො වී. මහණෙනි, ඒ (අනිත්‍යාදි විසින්) තුලනය නුමුදු නො වී. මහණෙනි, ඒ ප්‍රධන්වීර්‍ය්‍ය නුමුදු නො වී. මහණෙනි, (තෙපි) විප්‍රතිපන්න වවු යැ. මහණෙනි, (තෙපි) මිථ්‍යා ප්‍රතිපන්න වවු යැ. මහණෙනි, මේ මෝඝපුරුෂයෝ මෙ සස්නෙන් කෙතෙක් දුර ඉක්ම ගියාහු ද?
Pali BJTඅත්ථි භික්ඛවෙ, චතුප්පදං වෙය්යාකරණං යස්සුද්දිට්ඨස්ස විඤ්ඤූ පුරිසො න චිරස්සෙව පඤ්ඤාය’ත්ථං ආජානෙය්ය. උද්දිසිස්සාමි වො භික්ඛවෙ, ආජානිස්සථ මෙතන්ති. කෙ ච මයං භන්තෙ, කෙ ච ධම්මස්ස අඤ්ඤාතාරොති. යොපි සො භික්ඛවෙ, සත්ථා ආමිසගරු ආමිසදායාදො ආමිසෙහි සංසට්ඨො විහරති, තස්සපයං එවරූපී පණොපණවියා න උපෙති. එවඤ්ච නො අස්ස, අථ නං කරෙය්යාම, න ච නො එවමස්ස, න නං කරෙය්යාමාති. කිම්පන භික්ඛවෙ යං තථාගතො සබ්බසො ආමිසෙහි විසංසට්ඨො විහරති. සද්ධස්ස භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාය{6} වත්තතො අයමනුධම්මො හොති: සත්ථා භගවා, සාවකොහමස්මි. ජානාති භගවා, නාහං ජානාමීති. සද්ධස්ස භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාය වත්තතො රුම්හනියං{7} සත්ථුසාසනං හොති ඔජවන්තං. සද්ධස්ස භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාය{6} වත්තතො අයමනුධම්මො හොති: ‘කාමං තචො ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු උපසුස්සතු සරීරෙ මංසලොහිතං. යං තං පුරිසත්ථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී’ති. සද්ධස්ස භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාය වත්තතො ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
Sinhala BJTමහණෙනි, විඥ වූ පුරුෂ උදෙසනලද යම් වෙය්‍යාකරණයක්හුගේ අර්‍ත්‍ථය මඳ කලෙකින් මැ ප්‍රඥායෙන් දැන ගන්නේ ද, එබඳු වූ චතුස්සත්‍ය ව්‍යාකරණයෙක් ඇත. මහණෙනි, තොපට එය උදෙසෙන්නෙමි. මාගේ තෙල වෙය්‍යාකරණය දැනගනිවු දැ?යි. වහන්ස, ඇපි කවරයම්හ, දහම් අවබෝධ කරන්නාහු කවරහු දැ’යි. මහණෙනි, යම් ශාස්තෘවරයෙක් ආමිෂය ගරු කොට ඇත්තේ ආමිෂය දායාද කොට ඇත්තේ ආමිෂය හා හැනී වෙසේ ද, ඔහුට ද මෙ බඳු වූ අගය වැඩි අඩු කිරීමෙක් නො පැමිණේ. ‘අපට මෙසේ වන්නේ නම් එය කරම්හ. අපට මෙසේ නො ද වන්නේ නම් එය නො කරම්හ’යි . කිම මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ සර්‍වප්‍රකාරයෙන් ආමිෂයෙන් විසංසෘෂ්ට වැ වාස කෙරෙත්ද එකල්හි මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි: බුදුහු ශාස්තෘහ. මම ශ්‍රාවකයෙමි. බුදුහු දන්නාසේක. මම නො දනිමි’යි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන වැටෙන සැදැහැති ශ්‍රාවකයක්හට ශාස්තෘශාසනය ස්නේහවත් වැ වැඩෙනුයේ වෙයි, මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි: ‘ඒකාන්තයෙන් සම ද නහර ද ඇට ද ශේෂ වේවයි සිරුරෙහි මස්ලේ වියළේවයි යම් උත්තමාර්‍ත්‍ථයක් පුරුෂ ශක්තියෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබියයුතු ද, ඊට නො පැමිණ වීර්‍ය්‍යයාගේ තැබීමෙක් නො වන්නේ යයි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයන්හට දෙ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති වියයුතු යැ. ඉහාත්මයෙහි අර්‍හත්ත්‍වය හෝ උපාදිහෝ උපාදිශේෂය ඇති කල්හි අනාගාමිත්‍වය හෝ යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTබුදුහු මෙය වදාළසේක. සතුටුසිත් ඇති මහණහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ යි.
Pali BJTකීටාගිරිසුත්තං දසමං.
Sinhala BJTදසවැනි කීටාගිරි සූත්‍ර යි.
Pali BJTභික්ඛුවග්ගො දුතියො.
Sinhala BJTදෙ වැනි භික්‍ෂුවර්‍ගය යි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකුඤ්ජර රාහුල සස්සත ලොකා මාලුඞ්ක්යපුත්තො ච භද්දාලි නාමො. ඛුදද්දිජාථ සහම්පති යාචං නාලක රඤ්ඤී කිටාගිරිනාමො.
Sinhala BJTකූඤ්ජරෝපම රාහුලෝවාද හෙවත් අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍ර යැ, ලෝකය ශාශ්වත යැ ආදී දෘෂ්ටි ගත මාලුඞ්ක්‍යපුත්‍ර උදෙසා වදාළ චූලමාලුඞ්ක්‍ය සූත්‍රය හා මහාමාලුඞ්ක්‍ය සූත්‍ර යැ, එසේ ම භද්දාලි සූත්‍ර යැ, ක්‍ෂුද්‍රද්විජ වූ ලටුකිකෝපම සූත්‍ර යැ, සහම්පතිහුගේ ආයාචනා එන චාතුම සූත්‍ර යැ, නළකපාන සූත්‍ර යැ, අරණ්‍යක වත් සඳහන් ගුලිස්සානී සූත්‍ර යැ, භද්‍ර වූ අනුපූර්‍ව ප්‍රතිපත්ති සඳහන් කීටාගිරි සූත්‍ර යි.
Pali BJT3. පරිබ්බාජකවග්ගො
Sinhala BJT3. පරිබ්බාජක වර්‍ගය
Pali BJT2. 3. 1.
Sinhala BJT2. 3. 1.
Pali BJTතෙවිජ්ජවච්ඡගොත්ත සුත්තං
Sinhala BJTතේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන වච්ඡගොත්තො පරිබ්බාජකො එකපුණ්ඩරීකෙ පරිබ්බාජකාරාමෙ පටිවසති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය වෙසාලියං පිණ්ඩාය පාවිසි. අථ ඛො භගවතො එතදහොසි. අතිප්පගො ඛො තාව වෙසාලියං පිණ්ඩාය චරිතුං. යන්නූනාහං යෙන එකපුණ්ඩරීකො පරිබ්බාජකාරාමො, යෙන වච්ඡගොත්තො පරිබ්බාජකො, තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො භගවා යෙන එකපුණ්ඩරීකො පරිබ්බාජකාරාමො යෙන වච්ඡගොත්තො පරිබ්බාජකො තෙනුපසඞ්කමි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසනසේක. එසමයෙහි වච්ඡගොත්ත පරිව්‍රාජක තෙමේ (එක් හෙළඹ ගසක්) ඇතියෙන් ඒකපුණ්ඩරීක නම් පිරිවැජි අරම්හි වෙසෙයි. එකල්හි බුදුහු පෙරබත්හි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන විශාලා නුවරට පිඬුසිඟා වැඩිසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය. විශාල නුවරැ පිඬු සිඟා යන්නට තව උදෑසන වෙයි. මම් ‘ඒකපුණ්ඩරීක’ නම් පරිව්‍රාජකාරාමයෙහි වච්ඡගොත්ත පරිව්‍රාජක යම් තැනෙක්හි ද එහි එළැඹෙම් නම් මැනැවැ යි. එකල්හි බුදුහු ඒකපුණ්ඩරීක නම් පරිව්‍රාජකාරාමයෙහි වච්ඡගොත්ත පරිව්‍රාජක යම් තැනෙක්හි ද එහි එළැඹිසේක.
Pali BJTඅද්දසා ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං දූරතොව ආගච්ඡන්තං දිස්වාන, භගවන්තං එතදවොච: එතු ඛො භන්තෙ භගවා, ස්වාගතං භන්තෙ භගවතො, චිරස්සං ඛො භන්තෙ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තෙ භගවා ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. වච්ඡගොත්තාපි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ, සමණො ගොතමො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති: චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති. යෙ තෙ භන්තෙ එවමාහංසු: සමණො ගොතමො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති: චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති. කච්චි තෙ භන්තෙ භගවතො වුත්තවාදිනො, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති. ධම්මස්ස චානුධම්මං බ්යාකරොන්ති. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතීති.
Sinhala BJTවච්ඡගොත්ත පරිව්‍රාජක දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී යැ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පැමිණෙනසේක්වා වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ස්වාගත යැ, වහන්ස, භාග්‍යවත්හු මෙහි පැමිණීමෙන් බොහෝ කලෙකින් මේ පරියාය (කරුණ) කළසේක. වහන්ස, බුදුහු වැඩහිඳුනා සේක්වා මේ අස්න පනවනලදැ’යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වච්ඡගොත්තපරිව්‍රාජක ද එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හුන. එකත්පස් වැ හුන් වච්ඡගොත්ත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී යැ: “වහන්ස, මා විසින් තෙල අසනලද: ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සර්‍වඥයහ, සර්‍වදර්ශීහ, නිරවශේෂ වූ ඥානදර්‍ශනය පිළින කරන්නාහ: ඇවිදිනා වූ ද සිටුනා වූ ද හෝනා වූ ද නිදිවැරූ ද මට හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ යැ’යි. වහන්ස, යම් කෙනෙක් මෙසේ කීහු ද: “ශ්‍රමණ ගෞතමයෝ සර්‍වඥයහ, සර්‍වදර්ශීහ, ‘ඇවිදුනා වූ ද සිටුනා වූ ද හෝනා වූ ද නිදිවැරූ ද මට හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ වනැ’ යි නිරවශේෂ වූ ඥානදර්‍ශනය ප්‍රතිඥා කෙරෙති’යි කීහු ද කිම වහන්ස, ඔහු භාග්‍යවතුන් විසින් වදාළ දැය කියනසුලු වෙත් ද, නො ද භාග්‍යවතුන් අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද, සර්‍වඥතාඥාන ධර්‍මයට අනුරූප වූවක් ප්‍රකාශ කෙරෙත් ද, සකාරණ වූ කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණේ දැ”යි.
Pali BJTයෙ තෙ වච්ඡ, එවමාහංසු: සමණො ගොතමො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති: චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති. න මෙ තෙ වුත්තවාදිනො, අබ්භාචික්ඛන්ති ච පන මං තෙ අසතා අභූතෙනා’ති.
Sinhala BJTවච්ඡය, යම් කෙනෙක් මෙසේ කීහු ද: “ශ්‍රමණගෞතම සර්‍වඥය යැ සර්‍වදර්ශී යැ, ‘ඇවිදිනා වූ ද සිටුනා වූ ද හෝනා වූ ද නිදිවැරූ ද මට හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ වනැ’ යි. නිරවශේෂ කොට ඥානදර්‍ශනය ප්‍රතිඥා කෙරේ” යයි කීහු ද, ඔහු මා විසින් කියන ලද්ද කියන්නාහු නො වෙති, වැලි ඔවුහු මට අසත්‍ය වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන ද කෙරෙත්” යයි.
Pali BJTකථං බ්යාකරමානා පන මයං භන්තෙ වුත්තවාදිනො චෙව භගවතො අස්සාම, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්යාම. ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්යාම. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡෙය්යා’ති.
Sinhala BJTවහන්ස, ඇපි කිසෙයින් ප්‍රකාශ කරන්නමෝ භාග්‍යවතුන් වහන්සේට උක්තවාදීත් වන්නමෝ ද භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නමෝ ද ධර්‍මයට අනුධර්‍ම වූවක් ප්‍රකාශ කරන්නමෝ ද සකාරණ වූ කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණේ දැ”යි.
Pali BJT‘තෙවිජ්ජො සමණො ගොතමො’ති ඛො වච්ඡ බ්යාකරමානො වුත්තවාදී චෙව මෙ අස්ස, න ච මං අභූතෙන අබ්භාචික්ඛෙය්ය, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය, න ච කොචි සහධම්මිකො වාදානුවාදො{1} ගාරය්හං ඨානං ආගච්ඡෙය්ය. අහං හි වච්ඡ යාවදෙව ආකඞ්ඛාමි අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අහං හි වච්ඡ යාවදෙව ආකඞ්ඛාමි දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාමි. අහං හි වච්ඡ ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමි. ‘තෙවිජ්ජො සමණො ගොතමො’ති ඛො වච්ඡ බ්යාකරමානො වුත්තවාදී චෙව මෙ අස්ස න ච මං අභූතෙන අබ්භාචික්ඛෙය්ය, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය, න ච කොචි සහධම්මිකො වාදානුවාදො{1} ගාරය්හං ඨානං ආගච්ඡෙය්යා’ති.
Sinhala BJTවච්ඡය, ශ්‍රමණගෞතම ත්‍රිවිද්‍යා ඇත්තේ යැ යි ප්‍රකාශ කරනුයේ මා විසින් කියනලද්ද කියන්නේත් වන්නේ යැ, නො ද මා අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරන්නේ යැ. ධර්‍මයට ද අනුධර්‍ම වූවක් ප්‍රකාශ කරන්නේ යැ. සකාරණ වූ කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණෙන්නේ යැ. වච්ඡය, මම් වූකලි යම් පමණ රිසියෙම් නම් අනේකප්‍රකාර වූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කරමි. ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර වූ පූර්‍වනිවාස සිහි කරමි. වච්ඡය, මම් වූකලි යම් පමණ රිසියෙම් ද, විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන් වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ ශෝභන ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දක්මි ... කම් වූ පරිදි මියැපරලොව ගිය සත්ත්‍වයන් දැනගනිමි. වච්ඡය, මම් වූකලි ආස්‍රවයන් ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමා විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙමි. වච්ඡය, ශ්‍රමණ ගෞතම ත්‍රිවිද්‍යා ඇත්තේ යයි. ප්‍රකාශ කරනුයේ මට උක්තවාදීත් වන්නේ යැ, නො ද මා අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරන්නේ යැ. ධර්‍මයට ද අනුධර්‍ම කොට ප්‍රකාශ කරන්නේ යැ. නො ද කිසි සකාරණ වූ වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට පැමිණේ”යයි.
Pali BJTඑවං වුත්තෙ වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: අත්ථි නු ඛො භො ගොතම කොචි ගිහී ගිහීසඤ්ඤොජනං අප්පහාය කායස්ස භෙදා දුක්ඛස්සන්තකරො’ති{2}. නත්ථි ඛො වච්ඡ කොචි ගිහී ගිහීසඤ්ඤොජනං අප්පහාය කායස්ස භෙදා දුක්ඛස්සන්තකරො’ති{2}.
Sinhala BJTමෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය: “භවත් ගෞතමයන් වහන්ස, ගිහිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ ගිහිගේවැසියෙක් ඇද්දැ”යි. “වච්ඡය, ගිහිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ කිසි ගිහිගේ වැසියෙක් නැතැ”යි.
Pali BJTඅත්ථි පන භො ගොතම කොචි ගිහී ගිහීසංයොජනං අප්පහාය කායස්ස භෙදා සග්ගූපගො’ති. න ඛො වච්ඡ එකඤ්ඤෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි, අථ ඛො භිය්යොව යෙ ගිහී ගිහීසඤ්ඤොජනං අප්පහාය කායස්ස භෙදා සග්ගූපගා’ති.
Sinhala BJT“යළි භවත් ගෞතමයන් වහන්ස, ගිහිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු ස්වර්‍ගයට පැමිණි කිසිගිහිගේවැසියෙක් ඇද්දැ”යි. “වච්ඡය, යම් ගිහිගේවැසි කෙනෙක් හිගිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු ස්වර්‍ගයට පැමිණියාහු ද, ඔහු, එක් සියෙක් නො මැ වෙයි, දෙසියෙක් නො වෙයි, තුන්සියෙක් නො වෙයි, සිව්සියෙක් නො වෙයි, පන්සියෙක් නො වෙයි, වැලි බොහෝ වෙත් මැ”යි.
Pali BJTඅත්ථි නු ඛො භො ගොතම කොචි ආජීවකො කායස්ස භෙදා දුක්ඛස්සන්තකරො’ති. නත්ථි ඛො වච්ඡ කොචි ආජීවකො කායස්ස භෙදා දුක්ඛස්සන්තකරො’ති.
Sinhala BJT“භවත් ගෞතමයන් වහන්ස, කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ කිසි ආජීවකයෙක් ඇද්දැ”යි. “වච්ඡය, කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ කිසි ආජීවකයෙක් නැතැ”යි.
Pali BJTඅත්ථි පන භො ගොතම කොචි ආජීවකො කායස්ස භෙදා සග්ගූපගො’ති. ඉතො ඛො සො වච්ඡ එකනවුතො කප්පො යමහං අනුස්සරාමි. නාභිජානාමි කඤ්චි ආජීවකං සග්ගූපගං අඤ්ඤත්ර එකෙන, සොපාසි කම්මවාදී කිරියවාදීති.
Sinhala BJT“යළි භවත් ගෞතමයන් වහන්ස, කිසි ආජීවකයෙක් කය බිඳීමෙන් පසු ස්වර්‍ගයට ගියේ ඇද්දැ”යි. “වච්ඡය, මම් යම් තැනක් සිහි කෙරෙම් ද, එ මෙයින් එක්අනූවන කල්ප යයි. (එකල් තුළ) එක් ආජීවකයක්හු තබා ස්වර්‍ගයට පැමිණි කිසි ආජීවකයකු නො දන්මි. හෙ ද කර්‍මවාදී ක්‍රියාවාදී වී යයි වදාළහ.
Pali BJTඑවං සන්තෙ භො ගොතම සුඤ්ඤං අදුං තිත්ථායතනං අන්තමසො සග්ගූපගෙනාපීති. එවං සන්තෙ වච්ඡ සුඤ්ඤං අදුං තිත්ථායතනං අන්තමසො සග්ගූපගෙනාපීති.
Sinhala BJTමෙසේ ඇති කල්හි භවත් ගෞතමයන් වහන්ස, තෙල තීර්‍ත්‍ථායතනය යටත්පිරිසෙයින් ස්වර්‍ගයට පැමිණෙනුවක්හුගෙනුදු සිස් වනැ”යි. “මෙසේ කල්හි වච්ඡය, තෙල තීර්‍ත්‍ථායතනය යටත්පිරිසෙයින් ස්වර්‍ගයට පැමිණෙනුවක්හුගෙනුදු සිස් යැ”යි වදාළහ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිත්ඇති වත්සගෝත්‍ර පරිව්‍රාජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තේ යයි.
Pali BJTතෙවිජ්ජවච්ඡගොත්ත සුත්තං පඨමං.{3}
Sinhala BJTපළමුවැනි තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍ර යි.
Pali BJT2. 3. 2.
Sinhala BJT2. 3. 2.
Pali BJTඅග්ගිවච්ඡගොත්ත සුත්තං
Sinhala BJTඅග්ගිවච්ඡගොත්ත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ සතුටු විය. සතුටු උපදවන සිහිකටයුතු වූ කථාව කොට නිමවා, එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය:
Pali BJTකින්නු ඛො භො ගොතම ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමො’ති. න ඛො අහං වච්ඡ එවංදිට්ඨි ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJT“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය ය, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
Pali BJTකිම්පන භො ගොතම ‘අසස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති එවංදිට්ඨි භවං ගොතමො’ති. න ඛො අහං වච්ඡ එවංදිට්ඨි. ‘අසස්සතො ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJT“කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
Pali BJTකින්නු ඛො භො ගොතම, ‘අන්තවා ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති. න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, ‘අන්තවා ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJT“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සත්‍ය ය, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
Pali BJTකිම්පන භො ගොතම, ‘අනන්තවා ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති. න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, ‘අනන්තවා ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJT“කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අනන්තවත් (අන්ත නැති) යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය අනන්තවත් යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
Pali BJTකින්නු ඛො භො ගොතම, ‘තං ජීවං තං සරීරං ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති. න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, ‘තං ජීවං තං සරීරං ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJT“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘එ මැ ජීව යැ, එ මැ ශරීර යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
Pali BJTකිම්පන භො ගොතම, ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති. න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTකිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
Pali BJTකින්නු ඛො භො ගොතම, ‘හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති. න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, ‘හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTකිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු (උපදනේ) වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
Pali BJTකිම්පන භො ගොතම, ‘න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති. න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, ‘න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTකිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
Pali BJTකින්නු ඛො භො ගොතම, ‘හොති ච න ච හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති. න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, ‘හොති ච න ච හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTකිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
Pali BJTකිම්පන භො ගොතම, ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති. න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTකිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
Pali BJTකින්නු ඛො භො ගොතම, ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති{1} ඉති පුට්ඨො සමානො න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්තී’ති වදෙසි{2} කිම්පන භො ගොතම, ‘අසස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති ඉති පුට්ඨො සමානො, න ඛො අහං වච්ඡ එවංදිට්ඨි ‘අසස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්තී’ති වදෙසි.
Sinhala BJTකිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’යි. කියව. කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’යි. කියව.
Pali BJTකින්නු ඛො භො ගොතම, ‘අන්තවා ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, අන්තවා ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්තී’ති වදෙසි. කිම්පන භො ගොතම ‘අනන්තවා ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, අනන්තවා ලොකො ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්තී’ති වදෙසි.
Sinhala BJTකිම භවත් ගෞතමයෙනි,: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘ලෝකය අන්තවත් යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. කිම වැළිත් භවත් ගෞතමයෙනි, ‘ලෝකය අනන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් ලෝකය අනන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.
Pali BJTකින්නු ඛො භො ගොතම, ‘තං ජීවං තං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති එවංදිට්ඨි භවං ගොතමොති ඉති පුට්ඨො සමානො න ඛො අහං වච්ඡ එවංදිට්ඨි ‘තං ජීවං තං සරීරං, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්තී’ති වදෙසි. කිම්පන භො ගොතම ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං වච්ඡ එවංදිට්ඨි ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති’ති වදෙසි.
Sinhala BJTකිම භවත් ගෞතමයෙනි,: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු වච්ඡය, මම්: එ මැ ජීව යැ, එ මැ ශරීර යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. කිම, වැළිත් භවත් ගෞතමයෙනි, ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු වච්ඡය, මම්: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.
Pali BJTකින්නු ඛො භො ගොතම ‘හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං වච්ඡ එවංදිට්ඨි ‘හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්තී’ති වදෙසි. කිම්පන භො ගොතම ‘න හොති තථාගතො පරම්මරණා. ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, ‘න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්තී’ති වදෙසි.
Sinhala BJT‘කිම භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු (උපදනේ) වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: සත්ත්‍ව මරණින් මතු වෙයි, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැයි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. ‘කිම වැළිත් භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු නො වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු: ‘වච්ඡය, මම් සත්ත්‍ව මරණින් මතු නො වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.
Pali BJTකින්නු ඛො භො ගොතම ‘හොති ච න ච හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, හොති ච න ච හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්තී’ති වදෙසි. කිම්පන භො ගොතම ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති එවංදිට්ඨි භවං ගොතමොති ඉති පුට්ඨො සමානො ‘න ඛො අහං වච්ඡ එවංදිට්ඨි, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්තී’ති වදෙසි. කිම්පන භවං ගොතමො ආදීනවං සම්පස්සමානො එවං ඉමානි සබ්බසො දිට්ඨිගතානි අනුපගතොති.
Sinhala BJTකිම, භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ, යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. ‘කිම වැළිත් භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ, යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. භවත් ගෞතමයන් වහන්සේ කවර ආදීනවයක් දක්මින් මෙසේ සර්‍වප්‍රකාරයෙන් මේ දෘෂ්ටිගතයන්ට නො පැමිණියාහු දැ’යි.
Pali BJTසස්සතො ලොකොති ඛො වච්ඡ දිට්ඨිගතමෙතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරං දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං, සදුක්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං. න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. අසස්සතො ලොකොති ඛො වච්ඡ -පෙ- අන්තවා ලොකොති ඛො වච්ඡ -පෙ- අනන්තවා ලොකොති ඛො වච්ඡ -පෙ- තං ජීවං තං සරීරන්ති ඛො වච්ඡ -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති ඛො වච්ඡ -පෙ- හොති තථාගතො පරම්මරණාති ඛො වච්ඡ -පෙ- න හොති තථාගතො පරං මරණාති ඛො වච්ඡ -පෙ- හොති ච න ච හොති තථාගතො පරම්මරණාති ඛො වච්ඡ -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති ඛො වච්ඡ දිට්ඨිගතමෙතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරං දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං, සදුක්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. ඉමං ඛො අහං වච්ඡ ආදීනවං සම්පස්සමානො එවං ඉමානි සබ්බසො දිට්ඨිගතානි අනුපගතොති.
Sinhala BJTවච්ඡය, ‘ලෝකය ශාශ්වත යැ යන තෙල දෘෂ්ටිගතයෙකි, දෘෂ්ටිගහනයෙකි, දෘෂ්ටි කාන්තාරයෙකි, දෘෂ්ටිවිසූකයෙකි, දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙකි, දෘෂ්ටිසංයෝජනයෙකි, (ක්ලේශ දුඃඛයෙන් හා විපාකදුඃඛයෙන්) දුක් සහිත යැ, (එයින් මැ) පීඩා සහිත යැ, දැඩි ආයාස සහිත යැ, පරිදාහ සහිත යැ (වට්ටයෙහි) නිර්වේදය පිණිස නො වෙයි, විරාගය පිණිස නො වෙයි, (රාගාදීන්ගේ) නිරෝධය පිණිස නො වෙයි, කෙලෙස් සන්හිඳීම පිණිස නො වෙයි, (අනිත්‍යාදි වශයෙන්) අභිඥාව පිණිස නො වෙයි, සත්‍යාවබෝධය පිණිස නො වෙයි, නිවන් පසක් කිරීම පිණිස නො පවතී. වත්සය, ‘ලෝකය අශාශ්වත යැ යන ... ලෝකය අන්තවත් යැ යන ... ලෝකය අනන්තවත් යැ යන ... එ මැ ජීව යැ එ මැ ශරීර යැ යන ... ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ යන ... සත්ත්‍ව මරණින් මතු වෙයි යන ... සත්ත්‍ව මරණින් මතු නො වෙයි යන ... සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි යන ... වත්සය, සත්ත්‍ව මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි යන තෙල දිට්ඨිගතයෙකැ දෘෂ්ටිගහනයෙකැ දෘෂ්ටිකාන්තාරයෙකැ දෘෂ්ටිවිසූකයෙකැ දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙකැ දෘෂ්ටිසංයෝජනයෙකැ (කෙලෙස් විවා දුකින්) දුක් සහිත යැ විඝාත සහිත යැ උපායාස සහිත යැ පරිදාහ සහිත යැ (වට්ටයෙහි) නිර්වේදයට නො වැටෙයි, විරාගයට නො වැටෙයි, නිරෝධයට නො වැටෙයි, කෙලෙස් සන්හිඳීමට නො වැටෙයි, සත්‍යාවබෝධයට නො වැටෙයි, නිර්‍වාණය පිණිස නොවැටෙයි: වත්සය, මම් මේ ආදීනව දක්නෙම් මෙසේ සර්‍වප්‍රකාරයෙන් මේ දෘෂ්ටිගතයන්ට නො පැමිණියෙම් වෙමි’යි.
Pali BJT‘අත්ථි පන භොතො ගොතමස්ස කිඤ්චි දිට්ඨිගත’න්ති. දිට්ඨිගතන්ති ඛො වච්ඡ අපනීතමෙතං තථාගතස්ස. දිට්ඨං හෙතං වච්ඡ තථාගතෙන: ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො. ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමොති. තස්මා තථාගතො සබ්බමඤ්ඤිතානං සබ්බමථිතානං සබ්බඅභිඞ්කාරමමිඞ්කාරමානානුසයානං{1} ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා අනුපාදා විමුත්තොති වදාමීති.
Sinhala BJTවැළිත් භවත් ගෞතමයන් වහන්සේට කිසි දෘෂ්ටිගතයෙක් ඇද්දැ’යි. වත්සය, ‘දෘෂ්ටිගත’ යැ යන තෙල කරුණ තථාගතයන් විසින් බැහැර කරන ලද යැ. වත්සය, තථාගතයන් විසින් තෙල දක්නාලද මැ යැ. මෙතෙක් රූප යැ, මෙසේ රූපසමුදය වෙයි, මෙසේ රූපයාගේ අස්තඞ්ගමය වෙයි. මෙතෙක් වේදනාව වෙයි, මෙසේ වේදනාසමුදය වෙයි, මෙසේ වේදනානිරෝධය වෙයි, මෙතෙක් සංඥාව යැ, මෙසේ සංඥාසමුදය වෙයි, මෙසේ සංඥාවගේ නිරෝධය වෙයි, මෙතෙක් සංස්කාරයෝ යැ, මෙසේ සංස්කාරසමුදය වෙයි, මෙසේ සංස්කාරනිරෝධය වෙයි, මෙතෙක් විඥාන යැ, මෙසේ විඥානසමුදය වෙයි, මෙසේ විඥානනිරෝධය වේ යැ යි. එහෙයින් තථාගතයෝ සියලු දෘෂ්ටි-තෘෂ්ණා-මාන මඤ්ඤිතයන්ගේ සියලු මථිතයන්ගේ සියලු දෘෂ්ටිතෘෂ්ණාමානානුසයන්ගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරැලීමෙන් උපාදාන රහිත වැ විමුක්ත වූහ’යි කියමි.
Pali BJTඑවං විමුත්තචිත්තො පන භො ගොතම භික්ඛු කුහිං උපපජ්ජතීති? උපපජ්ජතීති ඛො වච්ඡ න උපෙති. තෙන හි භො ගොතම න උපපජ්ජතීති? න උපපජ්ජතීති ඛො වච්ඡ න උපෙති. තෙන හි භො ගොතම උපපජ්ජතීති ච න ච උපපජ්ජතීති? උපපජ්ජති ච න ච උපපජ්ජතීති ඛො වච්ඡ න උපෙති. තෙන හි භො ගොතම නෙව උපපජ්ජති න නූපපජ්ජතීති? නෙව උපපජ්ජති න නූපපජ්ජතීති ඛො වච්ඡ න උපෙතීති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙසේ විමුක්ත වූ සිත් ඇති මහණ කොහි උපදනේ වේ දැ?යි. වත්සය, ‘උපදී’ යනු නො යෙදෙයි. එසේ නම් භවත් ගෞතමයෙනි, නූපදනේ වේ දැ?යි. වත්සය, ‘නූපදී’ යනු නො යෙදෙයි. එසේ නම් භවත් ගෞතමයෙනි, උපදනේත් නො උපදනේත් වේ දැ?යි. වත්සය, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. එසේ නම් භවත් ගෞතමයෙනි, නො මැ උපදනේ නො ද නූපදනේ වේ දැ?යි. වත්සය, ‘නො මැ උපදනේ නො ද නූපදනේ වෙයි’ යනු නො යෙදේ යයි.
Pali BJTඑවං විමුත්තචිත්තො පන භො ගොතම භික්ඛු කුහිං උපපජ්ජතීති ඉති පුට්ඨො සමානො ‘උපපජ්ජතීති ඛො වච්ඡ න උපෙතී’ති වදෙසි. තෙන හි භො ගොතම න උපපජ්ජතී’ති ඉති පුට්ඨො සමානො ‘න උපපජ්ජතීති ඛො වච්ඡ න උපෙතී’ති වදෙසි. තෙන හි භො ගොතම උපපජ්ජති ච න ච උපපජ්ජතීති ඉති පුට්ඨො සමානො ‘උපපජ්ජති ච න ච උපපජ්ජතීති ඛො වච්ඡ න උපෙතී’ති වදෙසි. තෙන හි භො ගොතම නෙව උපපජ්ජති න නූපපජ්ජතීති ඉති පුට්ඨො සමානො ‘නෙව උපපජ්ජති, න නූපපජ්ජතීති ඛො වච්ඡ න උපෙතී’ති වදෙසි. එත්ථාහං භො ගොතම අඤ්ඤාණමාපාදිං, එත්ථ සම්මොහමාපාදිං. යාපි මෙ එසා භොතො ගොතමස්ස පුරිමෙන කථාසල්ලාපෙන අහු පසාදමත්තා, සාපි මෙ එතරහි අන්තරහිතාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙසේ විමුක්ත වූ සිත් ඇති මහණ කොහි උපදනේ දැ?යි. මෙසේ පුළුවුස්නා ලදහු ‘වත්සය, උපදී යනු නො යෙදේ යැ’යි කියව. එසේ නම් භවත් ගෞතමයෙනි, නූපදනේ දැ?යි මෙසේ පුළුවුස්නාලදහු ‘වත්සය, නූපදී’ යනු නො යෙදේ යැ’යි කියව. එසේ නම් භවත් ගෞතමයෙනි, ‘උපදනේත් නො උපදනේත් වේ දැ? යි මෙසේ පුළුවුස්නාලදහු වත්සය, ‘උපදනේත් නො ද උපදනේත් වෙයි යනු නො යෙදේ යැ’යි කියව, එසේ නම් භවත් ගෞතමයෙනි, නො මැ උපදනේ නො ද නූපදනේ වේ දැ? යි මෙසේ පුළුවුස්නා ලදහු වත්සය, නො මැ උපදනේ වෙයි නො ද නූපදනේ වෙයි යනු නො යෙදේ යැ’ යි කියව. භවත් ගෞතමයෙනි, මෙහි ලා මම් නො දැනීමට පැමිණියෙමි. මෙහි ලා සම්මෝහයට පැමිණියෙමි ... භවත් ගෞතමයන්ගේ පූර්‍වකථා සංලාපයෙක් මා ගේ යම් ප්‍රසාදමාත්‍රයෙක් වී නම් දැන් එ ද අතුරුදහන් වී යැ’ යි.
Pali BJTඅලං හි තෙ වච්ඡ අඤ්ඤාණාය, අලං සම්මොහාය. ගම්භීරොහායං{1} වච්ඡ ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. සො තයා දුජ්ජානො අඤ්ඤදිට්ඨිකෙන අඤ්ඤඛන්තිකෙන අඤ්ඤරුචිකෙන අඤ්ඤත්රයොගෙන අඤ්ඤත්ථාචරියකෙන.{2} තෙන හි වච්ඡ තඤ්ඤෙ’වෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි.
Sinhala BJTවත්සය, තොපගේ නො දැන්මට පමණ මැ යි. මුළාවට පමණි. වත්සය, යම් හෙයෙකින් මේ ප්‍රත්‍යයාකාරධර්‍මය ගම්භීර යැ එහෙයින් මැ දුදීර්‍ශ යැ අවබෝධ නො කළ හැක්ක. ශාන්ත යැ ප්‍රණීත යැ තර්‍කයෙන් නො පැමිණිය හැකි යැ සිලිටි යැ (සම්‍යක්ප්‍රතිපන්න) පණ්ඩිතයන් විසින් දැක්ක යුතු යැ. ඒ දහම අන්‍යදෘෂ්ටික වූ අන්‍යමතික වූ අන්‍යරුචික වූ අන් දහමෙකැ යෙදීම ඇති අන්‍ය ආචාර්‍ය්‍යයන් කෙරෙහි වසන තොප විසින් නො දතහැක්ක, එහෙයින් වත්සය මෙහි ලා තොප මැ පුළුවුස්මි. යම්සේ තොපට වැටහේ නම් එසේ එය ප්‍රකාශ කරව.
Pali BJTතං කිං මඤ්ඤසි වච්ඡ, සචෙ තෙ පුරතො අග්ගි ජලෙය්ය, ජානෙය්යාසි ත්වං අයං මෙ පුරතො අග්ගි ජලතීති? සචෙ මෙ භො ගොතම පුරතො අග්ගි ජලෙය්ය, ජානෙය්යාහං ‘අයං මෙ පුරතො අග්ගි ජලතී’ති. සචෙ පන තං වච්ඡ එවං පුච්ඡෙය්ය, ‘යො තෙ අයං පුරතො අග්ගි ජලති, අයං අග්ගි කිං පටිච්ච ජලතී’ති. එවං පුට්ඨො ත්වං වච්ඡ කින්ති බ්යාකරෙය්යාසීති? සචෙ මං භො ගොතම එවං පුච්ඡෙය්ය ‘යො තෙ අයං පුරතො අග්ගි ජලති, අයං අග්ගි කිං පටිච්ච ජලතී’ති. එවං පුට්ඨො අහං භො ගොතම එවං බ්යාකරෙය්යං. ‘යො මෙ අයං පුරතො අග්ගි ජලති, අයං අග්ගි තිණකට්ඨුපාදානං පටිච්ච ජලතීති. සචෙ තෙ වච්ඡ පුරතො සො අග්ගි නිබ්බායෙය්ය, ජානෙය්යාසි ත්වං අයං මෙ පුරතො අග්ගි නිබ්බුතොති? සචෙ මෙ භො ගොතම පුරතො සො අග්ගි නිබ්බායෙය්ය, ජානෙය්යාහං අයං මෙ පුරතො අග්ගි නිබ්බුතොති. සචෙ පන තං වච්ඡ එවං පුච්ඡෙය්ය ‘යො තෙ අයං පුරතො අග්ගි නිබ්බුතො සො අග්ගි ඉතො කතමං දිසං ගතො, පුරත්ථිමං වා පච්ඡිමං වා උත්තරං වා දක්ඛිණං වාති. එවං පුට්ඨො ත්වං වච්ඡ කින්ති බ්යාකරෙය්යාසීති? න උපෙති භො ගොතම. යං හි සො භො ගොතම අග්ගි තිණකට්ඨුපාදානං පටිච්ච අජලි{3} තස්ස ච පරියාදානා අඤ්ඤස්ස ච අනුපහාරා අනාහාරො නිබ්බුතො’තෙව සඞ්ඛං ගච්ඡතී’ති.
Sinhala BJTවත්සය, ඒ කිමැයි සිතව, ඉදින් තොප ඉදිරියෙහි ගින්නක් දිලියේ නම් ‘මා හමුයෙහි මේ ගින්න දිලේ යැ’යි තෙපි දන්නහු දැ’යි ඉදින් භවත් ගෞතමයෙනි, ගිනි දිලියේ නම් ‘මේ ගින්න මා හමුයෙහි දිලියේ’ යයි මම් දත හෙමි, ඉදින් වච්ඡය, තොප මෙසේ පුළුවුස්නේ නම්: ‘තොප ඉදිරියෙහි යම් ගින්නක් දිලියේ ද, මේ ගින්න කුමක් නිසා දිලියේ දැ’යි වච්ඡය මෙසේ පුළුවුස්නාලද තෙපි කුමකැ’යි ප්‍රකාශ කරන්නාහු ද? ඉදින් භවත් ගෞතමයෙනි, මා මෙසේ විචාරා නම්: ‘තොප ඉදිරියෙහි යම් ගින්නක් දිලියේ ද, ඒ ගින්න කුමක් නිසා දිලියේ දැ’යි. භවත් ගෞතමයෙනි, මම් මෙසේ විචාරන ලද්දෙම් මෙසේ ප්‍රකාශ කරන්නෙමි: ‘මා හමියෙහි යම් ගින්නක් දිලියේ ද, මේ ගින්න තෘෂ්ණකාෂ්ටොපාදානය නිසා දිලේ’යයි. මෙසේ ප්‍රකාශ කරමි. ඉදින් වත්සය, ඒ ගින්න තොප හමියෙහි නිවේ නම් මේ ගින්න මා හමුවෙහි නිවිණැ’යි දන්නහු ද? ඉදින් භවත් ගෞතමයෙනි, ඒ ගින්න මා හමුවෙහි නිවියේ නම්, මම් මේ ගින්න මා හමුවෙහි නිවිණැයි දැනගනිමි. යළි වත්සය, ඉදින් තොප පුළුවුස්නේ නම්: ‘තොප හමියෙහි යම් ගින්නක් නිවියේ නම් ඒ ගින්න මෙයින් කවර දිගකට ගියේ ද පෙරදිගට හෝ අවරදිගට හෝ උතුරුදිගට හෝ දකුණු දිගට හෝ යැ’යි. වච්ඡය මෙසේ පුළුවුස්නාලද තෙපි කිමැ යි ප්‍රකාශ කරහු දැ’යි. භවත් ගෞතමයෙනි නො යෙදෙයි. යම් හෙයෙකින් භවත් ගෞතමයෙනි, ඒ ගින්න යම් තෘෂ්ණකාෂ්ටොපාදානයක් නිසා දිලිණි ද ඒ උපාදානයාගේ ක්‍ෂය වීමෙන් ද අන්‍ය උපාදානයක්හුගේ නො එළැවීමෙන් ද, අප්‍රත්‍ය වැ නිවිණැ යි කියා මැ ගණනට යේ යැ’යි.
Pali BJTඑවමෙව ඛො වච්ඡ යෙන රූපෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, තං රූපං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. රූපසඞ්ඛාවිමුත්තො{1} ඛො වච්ඡ තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාහො{2} සෙය්යථාපි මහාසමුද්දො, උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න නූපපජ්ජතීති න උපෙති. යාය වෙදනාය තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, සා වෙදනා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාව කතා ආයතිං අනුප්පාදධම්මා. වෙදනා සඞ්ඛාවිමුත්තො{3} ඛො වච්ඡ තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාහො සෙය්යථාපි මහාසමුද්දො, උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න නූපපජ්ජතීති න උපෙති. යාය සඤ්ඤාය තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය සා සඤ්ඤා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. සඤ්ඤාසඞ්ඛාවිමුත්තො ඛො වච්ඡ තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාහො, සෙය්යථාපි මහාසමුද්දො, උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න නූපපජ්ජතීති න උපෙති. යෙහි සඞ්ඛාරෙහි තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, තෙ සඞ්ඛාරා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. සඞ්ඛාරසඞ්ඛාවිමුත්තො ඛො වච්ඡ තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාහො සෙය්යථාපි මහාසමුද්දො, උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න නූපපජ්ජතීති න උපෙති. යෙන විඤ්ඤාණෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, තං විඤ්ඤාණං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. විඤ්ඤාණසඞ්ඛාවිමුත්තො ඛො වච්ඡ තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාහො සෙය්යථාපි මහාසමුද්දො, උපපජ්ජතීති න උපෙති, න උපපජ්ජතීති න උපෙති, උපපජ්ජති ච න ච උපපජ්ජතීති න උපෙති, නෙව උපපජ්ජති න නූපපජ්ජතීති න උපෙතීති.
Sinhala BJTඑසෙයින් මැ වත්සය, යම් රූපයෙකින් සත්ත්‍ව සඞ්ඛ්‍යාත තථාගත පනවනුයේ රූපී යැ යි පනවා නම් තථාගතයන්හට ඒ රූපය ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තේ යැ, තාලවස්තුවක් මෙන් කරන ලද, අනභාවය කරනලද, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේ යැ. වත්සය, රූපය නුවණින් දැන විමුක්ත වූ තථාගත ගුණ හෙයින් ගැඹුරු යැ ප්‍රමාණ කළ නො හැක්ක, නො දත හැක්ක, මහාසමුද්‍රය මෙනි, ‘උපදනේ යැ’යි නො යෙදෙයි, ‘නූපදනේ යැ’යි නො යෙදෙයි, ‘උපදනේත් වෙයි නූපදනේත් වේ යැ’යි නො යෙදෙයි. ‘නො මැ උපදී පනවානූපදනේ නො වේ යැ’යි නොයෙදෙයි. යම් වේදනායෙකින් සත්ත්‍වයා පනවනුයෙක් පනවා නම් ඒ වේදනාව තථාගතයන්හට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ, තාලවස්තුවක් මෙන් කරනලද, අනභාවය කරනලද මත්තෙහි නූපදනා සැහැවි ඇත්තීයැ, වත්සය, වේදනාව නුවණින් දැන විමුක්ත වූ තථාගත ගුණයෙන් ගැඹුරු යැ ප්‍රමාණ කළ නො හැක්ක, නො දත හැක්ක, මහසමුදුර වැන්න, ‘උපදී යැ’යි නො යෙදේ, ‘නූපදී යැ’යි නො යෙදෙයි, ‘උපදනේත් නො ද උපදනේත් වේ යැ’යි නො යෙදෙයි. ‘නො මැ උපදී නූපදනේ නො වේ යැ”යි නො යෙදෙයි. යම් සංඥාවකින් සත්ත්‍වයා පනවනුයෙක් පනවා නම් ඒ සංඥාව තථාගතයන්ට ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තී යැ, තාලවස්තුවක් මෙන් කරනලද, අනභාවය කරනලද, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තී යැ, වත්සය, සංඥාව නුවණින් දැන විමුක්ත වූ තථාගත ගැඹුරු යැ ප්‍රමාණ නො කට හැක්කේ යැ, නො දත හැක්කේ යැ, මහසමුදුර මෙනි, ‘උපදී යැ’ යනු නොයෙදෙයි, ‘නූපදී යැ’ යනු නො යෙදෙයි, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. ‘නො මැ උපදී නො ද නූපදී’ යනු නො යෙදේ. යම් සංස්කාර කෙනකුන් කරණ කොට සත්ත්‍වයා පනවනුයේ පනවා නම් ඒ සංස්කාරයෝ තථාගතයන්ට ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, තාලවස්තුවක් මෙන් කරනලදහ, අනභාවය කරනලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇතියහ. වත්සය, සංස්කාරයන් නුවණින් දැන විමුක්ත වූ තථාගත ගම්භීර යැ, ප්‍රමාණ නො කට හැක්කේ යැ, නො දත හැක්කේ යැ, මහසමුදුර වැන්න, ‘උපදී’ යනු නො යෙදෙයි, ‘නූපදී’ යනු නො යෙදෙයි, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. ‘නො මැ උපදී නො ද නූපදී’ යනු නො යෙදේ. යම් විඥානයෙකින් සත්ත්‍වයා පනවනුයේ පනවා නම් ඒ විඥානය තථාගතයන්ට ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තේ යැ, තාලවස්තුවක් මෙන් කරනලද, අනභාවය කරනලද. මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේ යැ. වත්සය, විඥානය නුවණින් දැන විමුක්ත වූ තථාගත ගැඹුරු යැ, ප්‍රමාණ නො කට හැක්කේ යැ, නො දත හැක්කේ යැ, මහසමුදුර මෙනි, ‘උපදී’ යනු නො යෙදෙයි, ‘නූපදී’ යනු නො යෙදෙයි, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. ‘නො මැ උපදී නො ද නූපදී’ යනු නො යෙදේ යයි.
Pali BJTඑවං වුත්තෙ වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: සෙය්යථාපි භො ගොතම ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහාසාළරුක්ඛො. තස්ස අනිච්චතා සාඛාපලාසං{4} පලුජ්ජෙය්ය තචපපටිකං{5} පලුජ්ජෙය්ය{6} ඵෙග්ගු පලුජ්ජෙය්ය. සො අපරෙන සමයෙන අපගතසාඛා පලාසො අපගතතචපපටිකො අපගතඵෙග්ගුකො සුද්ධො අස්ස සාරෙ පතිට්ඨිතො, එවමෙවිදං භොතො ගොතමස්ස පාවචනං අපගතසාඛා පලාසං අපගත තචපපටිකං අපගතඵෙග්ගුකං සුද්ධං සාරෙ පතිට්ඨිතං. අභික්කන්තං භො ගොතම. අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණඞ්ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ යැ යම්සේ භවත් ගෞතමයන් වහන්ස, ගමකට හෝ නියම්ගමකට හෝ නුදුරෙහි මහසල්රුකෙක් වේ ද, අනිත්‍ය බැවින් එහි අතුකොළ නස්නේ යැ සිවිපතුරු නස්නේ යැ බොරුදු නස්නේ යැ එරුක මෑතභාගයෙහි පහ වූ අතුකොළ ඇත්තේ පහවූ සිවිපොතු ඇත්තේ පහවූ බොරුදු ඇත්තේ ශුද්ධ වූයේ හර මතුයෙහි සිටියේ වෙයි. එහෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රවචනය අපගත වූ කොළ අතු ඇතියේ අපගත වූ ත්‍වක්පපටිකා ඇතියේ අපගත වූ ඵල්ගු ඇතියේ ශුද්ධ වූයේ ලෝකෝත්තර ධර්‍ම සාරයෙහි පිහිටියේ වේ. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර යැ, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර යැ ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් වැ සරණ ගිය උපාසකයකු කොට මා ධරනසේක්ව’යි.
Pali BJTඅග්ගිවච්ඡගොත්ත සුත්තං දුතියං.
Sinhala BJTදෙවැනි අග්ගිවච්ඡගොත්ත සූත්‍ර යි.
Pali BJT2. 3. 3.
Sinhala BJT2. 3. 3.
Pali BJTමහාවච්ඡගොත්ත සුත්තං
Sinhala BJTමහාවච්ඡගොත්ත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනවිහාරයෙහි වැඩ වසනසේක. එකල්හි වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකළයුතු වූ කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ යැ.
Pali BJTදීඝරත්තාහං භොතා ගොතමෙන සහකථී, සාධු මෙ භවං ගොතමො සංඛිත්තෙන කුසලාකුසලං දෙසෙතූ’ති.
Sinhala BJTමම් භවත් ගෞතමයන් වහන්සේ සමග කථා කෙළෙම් බොහෝ කල් වෙයි. භවත් ගෞතමයන් වහන්සේ මට සැකෙවින් කුසල් අකුසල් දේශනා කරන සේක්ව’යි අයදිමි.
Pali BJTසංඛිත්තෙනපි ඛො තෙ අහං වච්ඡ කුසලාකුසලං දෙසෙය්යං, විත්ථාරෙනපි ඛො තෙ අහං වච්ඡ කුසලාකුසලං දෙසෙය්යං. අපි ච තෙ අහං වච්ඡ සංඛිත්තෙන කුසලාකුසලං දෙසිස්සාමි. තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති.
Sinhala BJTවත්සය, මම් තොපට සැකෙවිනුදු කුසල් අකුසල් දෙසිය හෙමි. වත්සය මම් තොපට විතරිනුදු කුසල් අකුසල් දෙසිය හෙමි. එතෙකුදු වුවත් වත්සය, මෙම තොපට සැකෙවින් කුසල් අකුසල් දෙසන්නෙමි, ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි’යි.
Pali BJTඑවං භොති ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT‘එසේ යැ භවත්නි’යි වත්සගෝත්‍රපරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල දේශනාව වදාළසේක:
Pali BJTලොභො ඛො වච්ඡ අකුසලං, අලොභො කුසලං. දොසො ඛො වච්ඡ අකුසලං, අදොසො කුසලං. මොහො ඛො වච්ඡ අකුසලං, අමොහො කුසලං. ඉති ඛො වච්ඡ ඉමෙ තයො ධම්මා අකුසලා, තයො ධම්මා කුසලා. පාණාතිපාතො ඛො වච්ඡ අකුසලං, පාණාතිපාතා වෙරමණී කුසලං. අදින්නාදානං ඛො වච්ඡ අකුසලං, අදින්නාදානා වෙරමණී කුසලං. කාමෙසුමිච්ඡාචාරො ඛො වච්ඡ අකුසලං, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී කුසලං. මුසාවාදො ඛො වච්ඡ අකුසලං, මුසාවාදා වෙරමණී කුසලං. පිසුණා වාචා ඛො වච්ඡ අකුසලං, පිසුනා වාචා{1} වෙරමණී කුසලං. ඵරුසා වාචා ඛො වච්ඡ අකුසලං, ඵරුසා වාචා{2} වෙරමණී කුසලං. සම්ඵප්පලාපා ඛො වච්ඡ අකුසලං, සම්ඵප්පලාපා වෙරමණී කුසලං. අභිජ්ඣා ඛො වච්ඡ අකුසලං, අනභිජ්ඣා කුසලං. බ්යාපාදො ඛො වච්ඡ අකුසලං, අබ්යාපාදො කුසලං. මිච්ඡාදිට්ඨි ඛො වච්ඡ අකුසලං, සම්මාදිට්ඨි කුසලං. ඉති ඛො වච්ඡ ඉමෙ දස ධම්මා අකුසලා, දස ධම්මා කුසලා.
Sinhala BJT“වත්සය, ලෝභය අකුශලයෙක, අලෝභය කුශලයෙක. වත්සය, ද්වේෂය අකුශලයෙක, අද්වේෂය කුශලයෙක. වත්සය, මෝහය අකුශලයෙක, අමෝහය කුශලයෙකි. මෙසෙයින් වත්සය, මේ තුන් ධර්‍මයෝ අකුශලයෝ යැ, තුන් ධර්‍මයෝ කුශලයෝ යි. වත්සය, ප්‍රාණඝාතය අකුශලයෙක, ප්‍රාණඝාතයෙන් වෙන් වීම කුශලයෙක. වත්සය, අදත්තාදානය අකුශලයෙක, අදත්තාදානයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, කාමයෙහි මිසහසර අකුශලයෙක, කාමයෙහි මිසහසරින් වෙන්වීම කුශලයෙක. වත්සය, මෘෂාවාදය අකුශලයෙක, මෘෂාවාදයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, පිශුනවචනය අකුශලයෙක, පිශුනවචනයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, පරුෂවචනය අකුශලයෙක, පරුෂවචනයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, සම්ඵප්‍රලාපය අකුශලයෙක, සම්ඵප්‍රලාපයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, අභිධ්‍යාව අකුශලයෙක, අනභිධ්‍යාව කුශලයෙක. වත්සය, ව්‍යාපාදය අකුශලයෙක, අව්‍යාපාදය කුශලයෙක. වත්සය, මිථ්‍යාදෘෂ්ටිය අකුශලයෙක, සම්‍යග්දෘෂ්ටිය කුශලයෙකි. මෙසෙයින් වත්සය, මේ දශධර්‍මයෝ අකුශලයෝ යැ. දශධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTයතො ඛො වච්ඡ භික්ඛුනො තණ්හා පහීනා හොති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{3} ආයතිං අනුප්පාදධම්මා. සො හොති භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තොති.
Sinhala BJTවත්සය, යම් තැනෙක පටන් මහණහට තෘෂ්ණා ප්‍රහීණ වී ද උසුන්මුල් ඇත්තී තාලවස්තුවක් මෙන් කරනලද්දී අනභාවය කරනලද්දී මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී ද ඒ මහණ අර්‍හත් වූයේ ක්‍ෂය වූ ආස්‍රව ඇත්තේ වැස නිම වූ බඹසරවස් ඇත්තේ කළ සිවුමඟකිසඇතියේ බහා තැබූ ස්කන්‍ධාදි බර ඇතියේ පැමිණි අර්‍හත්ත්‍වය ඇතියේ ක්‍ෂය වූ භවසංයෝජන ඇත්තේ මොනොවට දැන අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්ත වූයේ යයි.
Pali BJTතිට්ඨතු භවං ගොතමො. අත්ථි පන භොතො ගොතමස්ස එකභික්ඛූපි සාවකො{1} ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වූ එක් මහණෙකුදු ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමා විසින් මැ දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසේ ද එබඳු මහණෙක් ඇද්දැ?යි.
Pali BJTන ඛො වච්ඡ එකංයෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි, අථ ඛො භිය්යොව යෙ භික්ඛූ මම සාවකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTවත්සය, එක් සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවක වූ යම් මහණ කෙනෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමන් විසින් මැ දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙත් ද එබඳු මහණහු බොහෝ වෙත් මැ යි.
Pali BJTතිට්ඨතු භවං ගොතමො, තිට්ඨන්තු භික්ඛූ. අත්ථි පන භොතො ගොතමස්ස එකභික්ඛුනීපි සාවිකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ සිටිත්වා. මහණහු සිටිත්වා. භවත් ගෞතමයන්ගේ ශ්‍රාවිකා වූ එක් මෙහෙණකුදු ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමා විසින් අවබෝධ කොට ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසේ ද එබඳු එක් මෙහෙණකුදු ඇද්දැ?යි.
Pali BJTන ඛො වච්ඡ එකංයෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි. අථ ඛො භිය්යොව යා භික්ඛුනියො මම සාවිකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTවත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සැවි වූ යම් මෙහෙණ කෙනෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමන් විසින් අවබෝධ කොට ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙත් ද, එබඳු මෙහෙණහු බොහෝ වෙත් මැ යි.
Pali BJTතිට්ඨතු භවං ගොතමො, තිට්ඨන්තු භික්ඛූ, තිට්ඨන්තු භික්ඛුනියො. අත්ථි පන භොතො ගොතමස්ස එකුපාසකොපි සාවකො ගිහී ඔදාතවසනො බ්රහ්මචාරී පඤ්චන්නං{2} ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. භවත් ගෞතමයන් වහන්සේගේ සවු වූ ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති එක් උවසුයෙක් පවා පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූයේ ඒ ශුද්ධාවාසයෙහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එනුයේ ඇද්දැ?යි.
Pali BJTන ඛො වච්ඡ එකංයෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි. අථ ඛො භිය්යොව යෙ උපාසකා මම සාවකා ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකාති.
Sinhala BJTවත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සවු වූ ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති යම් උවසු කෙනෙක් පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූවාහු එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තාහු ද එබඳු උවසුවෝ බොහෝ වෙත් මැ යි.
Pali BJTතිට්ඨතු භවං ගොතමො, තිට්ඨන්තු භික්ඛූ, තිට්ඨන්තු භික්ඛුනියො, තිට්ඨන්තු උපාසකා ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො. අත්ථි පන භොතො ගොතමස්ස එකුපාසකොපි සාවකො ගිහී ඔදාතවසනො කාමභොගී සාසනකරො ඔවාදපතිකරො තිණ්ණවිචිකිච්ඡො{3} විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ විහරතීති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ සිටින සේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ සිටිත්වා. භවත් ගෞතමයන්ගේ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ සසුන් කරන අවවාද පිළිගෙන කරන තරණය කළ විචිකිච්ඡා ඇති පහවූ සැක ඇති, විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූ එක් උපාසකයෙක් නමුදු වෙසේ දැ?යි.
Pali BJTන ඛො වච්ඡ එකංයෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි. අථ ඛො භිය්යොව යෙ උපාසකා මම සාවකා ගිහී ඔදාතවසනා කාමභොගිනො සාසනකරා ඔවාදපතිකරා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විහරන්තීති.
Sinhala BJTවත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවක වූ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ ශාසනකර වූ අවවාද පිළිගෙන කරන තරණය කළ විචිකිත්සා ඇති පහවූ සැක ඇති විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූ යම් උපාසක කෙනෙක් වෙසෙත් ද, එබඳු උපාසකයෝ බොහෝ වෙත් මැ යි.
Pali BJTතිට්ඨතු භවං ගොතමො, තිට්ඨන්තු භික්ඛූ, තිට්ඨන්තු භික්ඛුනියො, තිට්ඨන්තු උපාසකා ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො, තිට්ඨන්තු උපාසකා ගිහී ඔදාතවසනා කාමභොගිනො. අත්ථි පන භොතො ගොතමස්ස එකුපාසිකාපි සාවිකා ගිහිනී ඔදාතවසනා බ්රහ්මචාරිනී පඤ්චන්නං{1} ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මා ලොකාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. ගිහිගේවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උපාසකයෝ සිටිත්වා. ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී උපාසකයෝ සිටිත්වා. භවත් ගෞතමයන් වහන්සේගේ සැවි වූ හෙළපිළී හඳනා බඹසර ඇති පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් ඕපපාතික වූ එහි පිරිනිවෙනසුලු එලොවින් නො නවත්නා සැහැවි ඇති එක් උවැසියෙකුදු ඇද්දැ?යි.
Pali BJTන ඛො වච්ඡ එකංයෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි. අථ ඛො භිය්යොව යා උපාසිකා මම සාවිකා ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිණියො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනියො අනාවත්තිධම්මා තස්මා ලොකාති.
Sinhala BJTවත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සැවි වූ ගිහිගේවැසි හෙළපිළී හඳනා බඹසර ඇති පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූ එහි පිරිනිවෙනසුලු ඒ සුදවැසි බඹලොවින් පෙරළා නො එනසුලු යම් උවැසි කෙනෙක් වෙත් ද එබඳු උවැසියෝ බොහෝ වෙත් මැ යි.
Pali BJTතිට්ඨතු භවං ගොතමො, තිට්ඨන්තු භික්ඛූ, තිට්ඨන්තු භික්ඛුනියො, තිට්ඨන්තු උපාසකා ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො, තිට්ඨන්තු උපාසකා ගිහී ඔදාතවසනා කාමභොගිනො, තිට්ඨන්තු උපාසිකා ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිනියො. අත්ථි පන භොතො ගොතමස්ස එකුපාසිකාපි සාවිකා ගිහිනී ඔදාතවසනා කාමභොගිනී{2} සාසනකරා ඔවාදපතිකරා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විහරතීති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. ගිහිගේවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ සිටිත්වා, ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ උවසුවෝ සිටිත්වා. ගිහිගේ වැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ සිටිත්වා, යළි භවත් ගෞතමයන් වහන්සේගේ සැවි වූ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කම්සුව විඳින සසුන්කරු වූ ඔවා පිළිගෙන කරන තරණය කළ චිකිත්සා ඇති පහ වූ සැක ඇති විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූ එක් උවැසියකුදු වෙසේ දැ?යි.
Pali BJTන ඛො වච්ඡ එකංයෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි. අථ ඛො භිය්යොව යා උපාසිකා මම සාවිකා ගිහිනියො{3} ඔදාතවසනා කාමභොගිනියො සාසනකරා ඔවාදපතිකරා තිණ්ණවිච්ඡිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විහරන්තීති.
Sinhala BJTවත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවිකා වූ ගිහිගේවැසි හෙළපිළී හඳනා කම්සුව විඳින සසුන්කරු වූ ඔවා පිළිගෙන කරන තරණය කළ විචිකිත්සා ඇති විගත කථඞ්කථා ඇති වෛශාරද්‍යයට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූ යම් උපාසිකා කෙනෙක් ඇද්ද, එබඳු උපාසිකාවෝ බොහෝ වෙත් මැ යි.
Pali BJTසචෙ හි භො ගොතම ඉමං ධම්මං භවඤ්ඤෙව ගොතමො ආරාධකො අභවිස්ස. නො ච ඛො භික්ඛූ ආරාධකා අභවිංසු. එවමිදං බ්රහ්මචරියං අපරිපූරං අභවිස්ස තෙනඞ්ගෙන. යස්මා ච ඛො භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො භික්ඛූ ච ආරාධකා. එවමිදං බ්රහ්මචරියං පරිපූරං තෙනඞ්ගෙන.
Sinhala BJTඉදින් භවත් ගෞතමයන් වහන්ස, මේ ලොව්තුරා දහම භවත් ගෞතමයන් වහන්සේ මතු සම්පාදනය කළාහු වෙත් නම් මහණහු නො ද ආරාධනය කළාහු නම් මෙසෙයින් මේ මඟ බඹසර එ අඟින් අපරිපූර්‍ණ විය. තවද යම් හෙයෙකින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොව්තුරු දහම භවත් ගෞතමයන් වහන්සේත් සම්පාදනය කළාහු මහණහු ද ආරාධනය කළාහු වෙත් ද, මෙසෙයින් මේ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ වී.
Pali BJTසචෙ හි භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො අභවිස්ස, භික්ඛූ ච ආරාධකා අභවිංසු, නො ච ඛො භික්ඛුනියො ආරාධිකා අභවිංසු, එවමිදං බ්රහ්මචරියං අපරිපූරං අභවිස්ස තෙනඞ්ගෙන. යස්මා ච ඛො භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො භික්ඛූ ච ආරාධකා, භික්ඛුනියො ච ආරාධිකා, එවමිදං බ්රහ්මචරියං පරිපූරං තෙනඞ්ගෙන.
Sinhala BJTඉදින් භවත් ගෞතමයන් වහන්ස, මේ ලොව්තුරු දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද ආරාධනය කළාහු වූහ. එතෙකුදු වත් මෙහෙණහු ආරාධනය කළාහු නො වූහු නම්, මෙසෙයින් මේ මඟබඹසර එ අඟින් අපරිපූර්‍ණ වූයේ යැ. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ විය.
Pali BJTසචෙ හි භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො අභවිස්ස, භික්ඛූ ච ආරාධකා අභවිංසු, භික්ඛුනියො ච ආරාධිකා අභවිංසු, නො ච ඛො උපාසකා ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා අභවිංසු, එවමිදං බ්රහ්මචරියං අපරිපූරං අභවිස්ස තෙනඞ්ගෙන. යස්මා ච ඛො භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො, භික්ඛූ ච ආරාධකා, භික්ඛුනියො ච ආරාධිකා, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා, එවමිදං බ්රහ්මචරියං පරිපූරං තෙනඞ්ගෙන.
Sinhala BJTඉදින් භවත් ගෞතමයන් වහන්ස, මේ ලොවුතුරු දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උපාසකයෝ සම්පාදක නො වූහු නම් මෙසෙයින් මෙ මඟ බඹසර එ අඟින් අපරිපූර්‍ණ විය. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උපාසකයෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ විය.
Pali BJTසචෙ හි භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො අභවිස්ස, භික්ඛූ ච ආරාධකා අභවිංසු, භික්ඛුනියො ච ආරාධිකා අභවිංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා අභවිංසු, නො ච ඛො උපාසකා ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා අභවිංසු, එවමිදං බ්රහ්මචරියං අපරිපූරං අභවිස්ස තෙනඞ්ගෙන. යස්මා ච ඛො භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙ ව ගොතමො ආරාධකො, භික්ඛූ ච ආරාධකා, භික්ඛුනියො ච ආරාධිකා, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා, එවමිදං බ්රහ්මචරියං පරිපූරං තෙනඞ්ගෙන.
Sinhala BJTඉදින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොව්තුරුදහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ සම්පාදක නො වූහු නම් මෙසෙයින් මෙ බඹසර එ අඟින් අපරිපූර්‍ණ වූයේ යැ. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසරවස් ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ බඹසර පරිපූර්‍ණ විය.
Pali BJTසචෙ හි භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො අභවිස්ස, භික්ඛූ ච ආරාධකා අභවිංසු, භික්ඛුනියො ච ආරාධිකා අභවිංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා අභවිංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා අභවිංසු, නො ච ඛො උපාසිකා ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිණියො ආරාධිකා අභවිංසු, එවමිදං බ්රහ්මචරියං අපරිපූරං අභවිස්ස තෙනඞ්ගෙන. යස්මා ච ඛො භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො භික්ඛූ ච ආරාධකා භික්ඛුනියො ච ආරාධිකා උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිණියො ආරාධිකා, එවමිදං බ්රහ්මචරියං පරිපූරං තෙනඞ්ගෙන.
Sinhala BJTඉදින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොවුතුරු දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ (මෙදහම) සම්පාදනය කළාහු නො වූහු නම් මෙසෙයින් මෙ බඹසර ඒ අඟින් අපරිපූර්‍ණ විය. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ බඹසර එ අඟින් පරිපූර්‍ණ වී.
Pali BJTසචෙ හි භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො අභවිස්ස, භික්ඛූ ච ආරාධකා අභවිංසු, භික්ඛුනියො ච ආරාධිකා අභවිංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා අභවිංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා අභවිංසු, උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිණියො ආරාධිකා අභවිංසු, නො ච ඛො උපාසිකා ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො ආරාධිකා අභවිංසු, එවමිදං බ්රහ්මචරියං අපරිපූරං අභවිස්ස තෙනඞ්ගෙන. යස්මා ච ඛො භො ගොතම ඉමං ධම්මං භවඤ්චෙව ගොතමො ආරාධකො භික්ඛූ ච ආරාධකා භික්ඛුනියො ච ආරාධිකා උපාසකා ච ගිහී ඔදාතවසනා බ්රහ්මචාරිනො ආරාධකා උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා බ්රහ්මචාරිණියො ආරාධිකා උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො ආරාධිකා. එවමිදං බ්රහ්මචරියං පරිපූරං තෙනඞ්ගෙන.
Sinhala BJTඉදින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොවුතුරුදහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවැසියෝ මෙදහම සම්පාදනය කළාහු නො වූහු නම් මෙ සෙයින් මෙ මඟබඹසර ඒ අඟින් අපරිපූර්‍ණ විය. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවැසියෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ වී.
Pali BJTසෙය්යථාපි භො ගොතම ගඞ්ගානදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා සමුද්දං ආහච්ච තිට්ඨති. එවමෙවායං භොතො ගොතමස්ස පරිසා සගහට්ඨපබ්බජිතා නිබ්බානනින්නා නිබ්බානපොණා නිබ්බානපබ්භාරා නිබ්බානං ආහච්ච තිට්ඨති. අභික්කන්තං -පෙ- එසාහං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTයම්සේ භවත් ගෞතමයන් වහන්ස, ගඞ්ගානදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා මුහුද පැහැර සිටී ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේගේ මේ පිරිස ගිහිපැවිද්දන් සහිත වූවා නිවනට නම්න වැ නිවනට නැඹුරු වැ නිවනට බර වැ නිවන පැහැර සිටී. ඉතා කාන්ත යැ ... ඒ මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි. මම් භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැවිද්ද ලබන්නෙම් මැනැවැ, උපසපුව ලබන්නෙම් මැනැවැ’යි.
Pali BJTයො ඛො වච්ඡ අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං. සො චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතාති.
Sinhala BJTවත්සය, අන්තොටුවිරූ යමෙක් මෙසස්නෙහි පැවිද්ද කැමැති වේ ද මහලුපැවිද්ද කැමැති වේ ද, හෙ සාර මසක් පිරිවෙස් වසයි. සාරමසක්හුගේ ඇවෑමෙන් තුටුසිත් ඇති මහණහු ඔහු පැවිදි කෙරෙති, භික්‍ෂුභාවය පිණිස මහලුපැවිදි කෙරෙති. එතෙකුදු වත් මෙහි ලා මා විසින් පුද්ගල නානාත්‍වය දන්නාලදැ’යි.
Pali BJTසචෙ භන්තෙ අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්තා පබ්බජ්ජං ආකඞ්ඛන්තා උපසම්පදං චත්තාරො මාසෙ පරිවසන්ති. චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි. චතුන්නං මං වස්සානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු, උපසම්පාදෙන්තු භික්ඛුභාවායාති. අලත්ථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං.
Sinhala BJTඉදින් වහන්ස, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූවාහු මෙ සස්නෙහි පැවිදි කැමැත්තාහු මහලුපැවිදි කැමැත්තාහු සාරමසක් පිරිවෙස් වසත් ද, සාරමසක්හුගේ ඇවෑමෙන් තුටුසිත් ඇති මහණහු ඔවුන් පැවිදි කෙරෙත් ද, භික්‍ෂුභාවය පිණිස මහලුපැවිදි කෙරෙත් ද, මම් සතර හවුරුද්දක් පිරිවෙස් වසමි, සතර හවුරුද්දක් ඇවෑමෙන් තුටුසිත් මහණහු (මා) පැවිදි කෙරෙත්වා, භික්‍ෂුභාවය පිණිස මහලුපැවිදි කෙරත්ව’යි.
Pali BJTඅචිරූපසම්පන්නො ඛො පනායස්මා වච්ඡගොත්තො අද්ධමාසූපසම්පන්නො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා වච්ඡගොත්තො භගවන්තං එතදවොච: ‘යාවතකං භන්තෙ සෙඛෙන ඤාණෙන සෙඛාය විජ්ජාය පත්තබ්බං, අනුප්පත්තං තං මයා උත්තරිං{1} මෙ භගවා ධම්මං දෙසෙතූ’ති. තෙන හි ත්වං වච්ඡ, ද්වෙ ධම්මෙ උත්තරිං{1} භාවෙහි, සමථඤ්ච විපස්සනඤ්ච. ඉමෙ ඛො තෙ වච්ඡ ද්වෙ ධම්මා උත්තරිං{1} භාවිතා, සමථො ච විපස්සනා ච. අනෙකධාතුපටිවෙධාය සංවත්තිස්සන්ති. සො ත්වං වච්ඡ යාවදෙව ආකඞ්ඛිස්සසි, අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං, එකොපි හුත්වා බහුධා අස්සං, බහුධාපි හුත්වා එකො අස්සං, ආවිභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡෙය්යං සෙය්යථාපි ආකාසෙ පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරෙය්යං සෙය්යථාපි උදකෙ, උදකෙපි අභෙජ්ජමානෙ{2} ගච්ඡෙය්යං සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමෙය්යං සෙය්යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසෙය්යං, පරිමජ්ජෙය්යං, යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙය්ය’න්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිස්සසි සති සති ආයතනෙ.
Sinhala BJTවත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් කෙරෙහි පැවිදි ලද, මහලුපැවිදි ලත්. යළි උපසපන් නො බෝකල් ඇති ආයුෂ්මත් වත්සගෝත්‍ර උපසපන් අඩමස් ඇතියේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් වත්සගෝත්‍ර භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ කී: “වහන්ස, ශෛක්‍ෂඥානයෙන් ශෛක්‍ෂවිද්‍යායෙන් යම් පමණ ලදයුතු නම් මා විසින් එය ලබන ලද. මත්තෙහි (ඵලප්‍රාප්තිය පිණිස) මට භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනසේක්ව”යි. එසේ වී නම් වත්සය, තෙපි මත්තෙහි ශමථය ද විදර්‍ශනාව ද යන දෙ දහම වඩව. වත්සය, තොප විසින් ශමථය ද, විදර්‍ශනාව ද යන මේ දෙදහමහු වඩනාලද්දාහු අනේකධාතු ප්‍රතිවේධය පිණිස පවතිත්. වත්සය, තෙපි යම්තාක් කැමැත්තහු නම්: “නන්වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කරන්නෙම්, එකක් වැ ද බහුප්‍රකාර වන්නෙමි, බහුප්‍රකාර වැ ද එකෙක් වන්නෙමි. ආවිර්භාවයට තිරොභාවයට යන්නෙමි, බිත්සරස පවුරුසරස පර්‍වත සරස අහස්හි මෙන් නො ගැටෙමින් යන්නෙමි, පොළොව්හිදු දියෙහි මෙන් ගැලීම නැඟීම් කරන්නෙමි, නො බිඳෙන දියෙහිදු පොළොව්හි මෙන් යන්නෙමි, අහස්හිදු පක්‍ෂීන් සෙයින් පලඟින් යන්නෙමි, මෙසේ මහත් ඍද්‍ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මෙ සඳහිරු දෙදෙන ද අතින් පිරිමසන්නෙමි, පිරිමදින්නෙමි, බඹලොව හිම් කොට කයින් වශයෙහි පවත්වන්නෙමි”යි. කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණ ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.
Pali BJTසො ත්වං වච්ඡ යාවදෙව ආකඞ්ඛිස්සසි: දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණෙය්යං, දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ චාති තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිස්සසි සති සති ආයතනෙ.
Sinhala BJTවත්සය, තෙපි කැමැත්තහු නම්: ‘මිනිස්බව ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යශ්‍රෝතධාතුයෙන් දුරැ වූ හෝ ළඟ වූ හෝ දිව්‍ය වූත් මානුෂික වූත් උභය ශබ්දයන් ශ්‍රවණය කරන්නෙමි’යි කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.
Pali BJTසො ත්වං වච්ඡ යාවදෙව ආකඞ්ඛිස්සසි: පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානෙය්යං. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානෙය්යං, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානෙය්යං, සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානෙය්යං, වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානෙය්යං, සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානෙය්යං, වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානෙය්යං, සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානෙය්යං, වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානෙය්යං, මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානෙය්යං, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානෙය්යං, ස උත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානෙය්යං, අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානෙය්යං, සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානෙය්යං, අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානෙය්යං, විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානෙය්යං, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානෙය්යන්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිස්සසි සති සති ආයතනෙ.
Sinhala BJTවත්සය, තෙපි යම්තාක් කැමැත්තහු නම්: “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දැනගන්නෙමි, සරාග (රාග සහිත) සිත ද ‘සරාග සිතැ’යි දැනගන්නෙමි, වීතරාග (පහවූ රාග ඇති) සිත ද ‘වීතරාග සිතැ’යි දැනගන්නෙමි, සදෝස සිත ද ‘සදෝස සිතැ’යි දැනගන්නෙමි, වීතදෝස සිත ද ‘වීතදෝස සිතැ’යි දැනගන්නෙමි, සමෝහ සිත ද ‘සමෝහ සිතැ’යි දැනගන්නෙමි, ‘වීතමෝහ සිත ද ‘වීතමෝහ සිතැ’යි දැනගන්නෙමි, සංක්‍ෂිප්ත සිත ද ‘සංක්‍ෂිප්ත සිතැ’යි දැනගන්නෙමි, වික්‍ෂිප්ත සිත ද ‘වික්‍ෂිප්ත සිතැ’යි දැනගන්නෙමි, මහද්ගත සිත ද ‘මහද්ගත සිතැ’යි දැනගන්නෙමි, මහද්ගත නො වූ සිත ද ‘මහද්ගත නො වූ සිතැ’යි දැනගන්නෙමි, සඋත්තර සිත ද ‘සඋත්තර සිතැ’යි දැනගන්නෙමි, අනුත්තර සිත ද ‘අනුත්තර සිතැ’යි දැනගන්නෙමි, සමාහිත සිත ද ‘සමාහිත සිතැ’යි දැනගන්නෙමි, සමාහිත නො වූ සිත ද ‘සමාහිත නො වූ සිතැ’යි දැනගන්නෙමි, විමුක්ත සිත ද ‘විමුක්ත සිතැ’යි දැනගන්නෙමි, විමුක්ත නො වූ සිත ද ‘විමුක්ත නො වූ සිතැ’යි දැනගන්නෙමි, කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.
Pali BJTසො ත්වං වච්ඡ යාවදෙව ආකඞ්ඛිස්සසි: අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්යං, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, අමුත්රාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්යන්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිස්සසි සති සති ආයතනෙ.
Sinhala BJTවත්සය, තෙපි යම් තාක් කැමැත්තහු නම්: ‘නන්වැදෑරුම් වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කරන්නෙම්, හෙමෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සුවහසකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු අසුවල් තැන මෙබඳු නම් ඇති වීමි, මෙබඳු ගෝත්‍ර ඇති වීමි, මෙබඳු පැහැසටහන් ඇති වීමි, මෙබඳු ආහාර ඇති වීමි, මෙබඳු සුවදුක් විඳුනා සුලු වීමි, මෙබඳු ආයුෂ්පර්‍ය්‍යන්ත ඇති වීමි, ඒ මම් එයින් සැව අසුවල් තන්හි උපන්මි, එහිදු මෙබඳු නම් ඇති වීමි, මෙබඳු ගෝත්‍ර ඇති වීමි, මෙබඳු පැහැසටහන් ඇති වීමි, මෙබඳු ආහාර ඇති වීමි, මෙබඳු සුවදුක් විඳුනාසුලු වීමි, මෙබඳු ආයුෂ්පර්‍ය්‍යන්ත ඇති වීමි. ඒ මම් එයින් සැව මෙහි උපන්මි’යි. මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන්වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කරන්නෙමි”යි කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.
Pali BJTසො ත්වං වච්ඡ යාවදෙව ආකඞ්ඛිස්සසි: දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්යං චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්යං, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන{1} භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්යං චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්යන්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිස්සසි සති සති ආයතනෙ.
Sinhala BJTවත්සය, තෙපි යම් තාක් මැ කැමැත්තහු නම්: “මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් සත්ත්‍වයන්: ච්‍යුත වනුවන් උපදනුවන් හීනයන් ප්‍රණීතයන් සුවර්‍ණයන් දුර්වර්‍ණයන් සුන්‍දරගති ඇතියන් දුර්‍ගති ඇතියන් දක්නෙමි, කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන්: ‘මේ භවත් සත්ත්‍වයෝ එකත්නෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යනට උපවාද කරනුවහ, මිථ්‍යාදෘෂ්ටි ඇතියහ, මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ, ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පැහැ වූ දුකට ගති වූ විශව වැ පතිත වන නිරයෙහි උපන්හ. මෙ භවත් සත්ත්‍වයෝ එකත්නෙන් කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ, මනස්සුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යනට උපවාද නො කරනුවහ. සම්‍යග්දෘෂ්ටි ඇතියහ, සම්‍යග්දෘෂ්ටි කර්‍මසමාදාන ඇතියහ, ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහ’යි දැනගන්නෙමි. මෙසේ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් සත්ත්‍වයන්: ච්‍යුත වනුවන් උපදනුවන් හීනයන් ප්‍රණීතයන් සුවර්‍ණයන් දුර්වර්‍ණයන් සුන්‍දරගති ඇතියන් දුර්‍ගති ඇතියන් දක්නෙමි, කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන් දැනගන්නෙමි”යි කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.
Pali BJTසො ත්වං වච්ඡ, යාවදෙව ආකඞ්ඛිස්සසි ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිස්සසි, සති සති ආයතනෙති.
Sinhala BJTවත්සය, තෙපි යම්තාක් මැ කැමැත්තහු නම්: ‘ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඉහාත්මයෙහි මැ තමා විසින් දැන පසක් කොට උපදවා වාසය කරන්නෙමි’යි, ඒ ඒ තන්හි මැ කරුණු ඇතිවත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යයි.
Pali BJTඅථ ඛො ආයස්මා වච්ඡගොත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො ආයස්මා වච්ඡගොත්තො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච ඛො පනායස්මා වච්ඡගොත්තො අරහතං අහොසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වත්සගෝත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වැ අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ආයුෂ්මත් වත්සගෝත්‍ර එකලා වූයේ (වස්තුකාම ක්ලේශකාමයෙන්) වෙන් වූයේ අප්‍රමත්ත (කමටහන්හි සිහි එළවූයේ) වූයේ කෙලෙසුන් තවන වැර ඇතියේ (කායජීවිත නිරපේක්‍ෂතායෙන්) හළ අත්බැව් ඇති වැ වෙසෙමින් යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට මැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වෙත් ද ඒ අනුත්තර වූ බඹසරවස් කෙළවර වූ අර්‍හත්ඵලය නො බෝකලකින් මැ ඉහාත්මයෙහි මැ තමා විසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපදවා විසී. ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, (සිවුමඟ) කරණී කරන ලද, මෙ බව පිණිස අනෙක් මාර්‍ගභාවනා කිසෙක් නැතැ’යි දැනගනී. තවද ආයුෂ්මත් වත්සගෝත්‍ර රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් වී.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවන්තං දස්සනාය ගච්ඡන්ති අද්දසා ඛො ආයස්මා වච්ඡගොත්තො තෙ භික්ඛූ දූරතොව ගච්ඡන්තෙ. දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: හන්ද කහං පන තුම්හෙ ආයස්මන්තො ගච්ඡථා’ති භගවන්තං ඛො මයං ආවුසො දස්සනාය ගච්ඡාමාති. තෙන’හායස්මන්තො මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දථ, එවං ච වදෙථ. ‘වච්ඡගොත්තො භන්තෙ භික්ඛු භගවතො පාදෙ සිරසා වන්දති, එවඤ්ච වදෙති, පරිචිණ්ණො මෙ භගවා පරිචිණ්ණො මෙ සුගතො’ති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො වච්ඡගොත්තස්ස පච්චස්සොසුං. අථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ආයස්මා භන්තෙ වච්ඡගොත්තො භගවතො පාදෙ සිරසා වන්දති, එවඤ්ච වදෙති: පරිචිණ්ණො මෙ භගවා, පරිචිණ්ණො මෙ සුගතො’ති.
Sinhala BJTඑසමයෙහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට යෙති. ආයුෂ්මත් වත්සගෝත්‍ර ඒ භික්‍ෂූන් යනුවන් දුරින් මැ දැක ඒ භික්‍ෂූන් කරා එළැඹියේ යැ, එළැඹ ඒ භික්‍ෂූන්ට තෙල කරුණ කී: “ආයුෂ්මත්නි, දැන් තෙපි කොහි යවු දැ”යි. ආයුෂ්මත්නි ඇපි භාග්‍යවතුන් දක්නට යම්හ’යි. එසේ වී නම් ආයුෂ්මත්නි, මාගේ වචනයෙන් භාග්‍යවතුන්ගේ පාසඟළ මුදුනින් වඳිවු: “වහන්ස, වත්සගෝත්‍ර මහණ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ මුදුනින් වඳී, මෙසේත් කියයි: ‘මා විසින් බුදුහු (පරිචර්‍ය්‍යා විසින්) සෙවුනා ලදහ, මා විසින් සුගතයන් වහන්සේ සෙවුනාලදහ”යි වඳිවු. ‘එසේ යැ ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් වත්සගොත්‍රයනට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති ඒ මහණහු බුදුන් කරා එළැඹ වඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ සැලකළහ: “වහන්ස, ආයුෂ්මත් වත්සගෝත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ මුදුනින් වඳී, මෙසේත් කියයි: ‘මා විසින් භාග්‍යවතුන් වහන්සේ සෙවුනාලදහ, මා විසින් සුගතයන් වහන්සේ සෙවුනාලදහ”යි.
Pali BJTපුබ්බෙව මෙ භික්ඛවෙ වච්ඡගොත්තො භික්ඛු චෙතසා චෙතො පරිච්ච විදිතො. තෙවිජ්ජො වච්ඡගොත්තො භික්ඛු මහිද්ධිකො මහානුභාවො’ති. දෙවතාපි මෙ එතමත්ථං ආරොචෙසුං: තෙවිජ්ජො භන්තෙ වච්ඡගොත්තො භික්ඛු මහිද්ධිකො මහානුභාවො’ති.
Sinhala BJTමහණෙනි, මා විසින් පළමු මැ වත්සගෝත්‍ර මහණ සිතින් සිත පිරිසිඳ දන්නාලද යැ: “වත්සගෝත්‍ර මහණ ත්‍රිවිද්‍යා ඇත්තේ යැ, මහත් ඍද්ධි ඇත්තේ යැ, මහත් අනුභාව ඇත්තේ යැ”යි. දෙවියෝ ද මට තෙල කරුණ දැන්වූහ: “වහන්ස, වත්සගෝත්‍ර මහණ ත්‍රිවිද්‍යා ඇත්තේ යැ, මහත් ඍද්ධි ඇත්තේ යැ, මහත් අනුභාව ඇත්තේ යැ”යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළහ’යි.
Pali BJTමහාවච්ඡගොත්තසුත්තං තතියං.
Sinhala BJTතුන්වැනි මහාවච්ඡගොත්ත සූත්‍ර යි.
Pali BJT2. 3. 4.
Sinhala BJT2. 3. 4.
Pali BJTදීඝනඛ සුත්තං
Sinhala BJTදීඝනඛ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ සූකරඛතායං.{1} අථ ඛො දීඝනඛො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො දීඝනඛො පරිබ්බාජකො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙන්හි වැඩ වාසය කරන සේක. එකල්හි දීඝනඛ නම් පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි දීඝනඛ පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී:
Pali BJTඅහං හි භො ගොතම එවං වාදී එවංදිට්ඨි, සබ්බං මෙ න ඛමතීති. යාපි ඛො තෙ එසා අග්ගිවෙස්සන දිට්ඨි සබ්බං මෙ න ඛමතීති, එසාපි තෙ දිට්ඨි න ඛමතීති. එසා චෙ මෙ භො ගොතම දිට්ඨි ඛමෙය්ය තම්පස්ස තාදිසමෙව, තම්පස්ස තාදිසමෙවාති. අතො ඛො තෙ අග්ගිවෙස්සන බහූහි බහුතරා ලොකස්මිං යෙ එවමාහංසු: තම්පස්ස තාදිසමෙව, තම්පස්ස තාදිසමෙවාති. තෙ තඤ්චෙව දිට්ඨිං නප්පජහන්ති, අඤ්ඤඤ්ච දිට්ඨිං උපාදියන්ති. අතො ඛො තෙ අග්ගිවෙස්සන තනූහි තනුතරා ලොකස්මිං යෙ එවමාහංසු: තම්පස්ස තාදිසමෙව, තම්පස්ස තාදිසමෙවාති. තෙ තඤ්චෙව දිට්ඨිං පජහන්ති, අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියන්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මම් වූ කලි ‘සියල්ල (උපත්) මට නො රුස්නේයැ’ යන මෙබඳු වාද ඇත්තෙමි, මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි’යි. ගිනිවෙස්න, තෙල ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන තොපගේ යම් දෘෂ්ටියක් ඇද්ද, තෙල දෘෂ්ටියත් තොපට නො රුස්නේ දැ? යි. ඉදින් භවත් ගෞතමයෙනි, තෙල දෘෂ්ටිය මට රුස්නේ වී නම් එ (දෘෂ්ට්‍යර්‍ත්‍ථය) ද එසේ මැ වන්නේ යැ, එ ද එසේ මැ වන්නේ යැ. (සර්‍වග්‍රහණයෙන් ගන්නා ලද නමුදු දෘෂ්ටිය රුචි වෙයි, එසෙයින් මැ දෘෂ්ට්‍යර්‍ත්‍ථයත් රුචි වේ යන අර්‍ත්‍ථ යි.) ගිනිවෙස්න, ලොවැ (දෘෂ්ටි හැර පියන) යම් කෙනෙක් ‘එ ද එබඳු මැ වන්නේ යැ, එ ද එබඳු මැ වන්නේ යැ’යි මෙසේ කියත් නම් (දෘෂ්ටි හැරපියන) ඔවුනට වඩා (දෘෂ්ටි නො හරනා) ඔහු මැ බොහෝහ, බහුතරයහ. ඔහු ඒ දෘෂ්ටිය ද නො හරිති, අන්‍යදෘෂ්ටියකුදු දැඩි වැ ගනිත්. ගිනිවෙස්න, ලොවැ දෘෂ්ටි නො හරනා යම් කෙනෙක් ‘එ ද එබඳු මැ වන්නේ යැ, එ ද එබඳු මැ වන්නේ යැ’යි මෙසේ කියත් නම් (දෘෂ්ටි නො හරනා) ඔවුනට වඩා (දෘෂ්ටි හැරපියන) ඔහු මැ අල්පයහ, අල්පතරයහ. ඔහු ඒ දෘෂ්ටිය ද හැරපියති, අන්‍යදෘෂ්ටියකුදු උපාදාන නො කෙරෙති.
Pali BJTසන්තග්ගිවෙස්සන එකෙ සමණබ්රාහ්මණා එවං වාදිනො එවංදිට්ඨිනො සබ්බං මෙ ඛමතී’ති. සන්තග්ගිවෙස්සන එකෙ සමණබ්රාහ්මණා එවං වාදිනො එවංදිට්ඨිනො සබ්බං මෙ න ඛමතී’ති. සන්තග්ගිවෙස්සන එකෙ සමණබ්රාහ්මණා එවං වාදිනො එවංදිට්ඨිනො එකච්චං මෙ ඛමති, එකච්චං මෙ න ඛමතීති.
Sinhala BJTගිනිවෙස්න, ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත, ගිනිවෙස්න, ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත. ගිනිවෙස්න, ‘ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට රුස්නේ යැ, ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇති.
Pali BJTතත්රග්ගිවෙස්සන යෙ තෙ සමණබ්රාහ්මණා එවං වාදිනො එවංදිට්ඨිනො සබ්බං මෙ ඛමතී’ති. තෙසමයං දිට්ඨි සාරාගාය සන්තිකෙ සංයොගාය සන්තිකෙ අභිනන්දනාය සන්තිකෙ අජ්ඣොසානාය සන්තිකෙ උපාදානාය සන්තිකෙ.
Sinhala BJTගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය සංරාගයට ආසන්න යැ, සංයෝජනයට ආසන්න යැ, (තෘෂ්ණාදෘෂ්ටි) අභිනන්‍දනයට ආසන්න යැ, අධ්‍යවසානය (ගිලගැනීම) ට ආසන්න යැ. උපාදානය (දෘඪග්‍රහණ) යට ආසන්න යැ.
Pali BJTතත්රග්ගිවෙස්සන යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො සබ්බං මෙ න ඛමතී’ති. තෙසමයං දිට්ඨි අසාරාගාය සන්තිකෙ අසංයොගාය සන්තිකෙ අනභිනන්දනාය සන්තිකෙ අනජ්ඣොසානාය සන්තිකෙ අනුපාදානාය සන්තිකෙති.
Sinhala BJTඑහි ලා ගිනිවෙස්න, යම් මහණබමුණු කෙනෙක් “සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්න යැ, අසංයෝජනයට ආසන්න යැ (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අනභිනන්‍දනයට ආසන්න යැ, අනධ්‍යවසානයට ආසන්න යැ. අනුපාදානයට ආසන්න යැ යි.
Pali BJTඑවං වුත්තෙ දීඝනඛො පරිබ්බාජකො භගවන්තං එතදවොච: උක්කංසති මෙ භවං ගොතමො දිට්ඨිගතං සමුක්කංසති මෙ භවං ගොතමො දිට්ඨිගත’න්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි දීඝනඛ පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී: “භවත් ගෞතමයෝ මාගේ දෘෂ්ටිය උත්කර්‍ෂ කෙරෙති භවත් ගෞතමයෝ මාගේ දෘෂ්ටිය මැනැවින් උත්කර්‍ෂ කෙරෙති”යි.