Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2601-2700 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා උදායී භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTබුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් උදායි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට සතුටු වූහ යි.
Pali BJTලටුකිකොපමසුත්තං ඡට්ඨං.
Sinhala BJTසවැනි ලටුකිකෝපම සූත්‍ර යි.
Pali BJT2. 2. 7.
Sinhala BJT2. 2. 7.
Pali BJTචාතුම සුත්තං
Sinhala BJTචාතුම සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා චාතුමායං විහරති ආමලකීවනෙ. තෙන ඛො පන සමයෙන සාරිපුත්තමොග්ගල්ලානපමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි චාතුමං අනුප්පත්තානි හොන්ති භගවන්තං දස්සනාය. තෙ ච ආගන්තුකා භික්ඛූ නෙවාසිකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදමානා සෙනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා අහෙසුං. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි{1}: ‘කෙ පනෙතෙ ආනන්ද උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද . එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ‘චාතුමා’ නම් ගම්හි වූ ඇඹුළු වෙනෙහි වැඩ වසනසේක. එසමයෙහි සැරියුත්මුගලන් දෙතෙරණුවන් ප්‍රමුඛ පන්සියක් පමණ (නව පැවිදි) මහණහු චාතුමාවට භාග්‍යවතුන් දක්නා පිණිස පැමිණියාහු වෙති. ඒ අමුතු මහණහු ද නේවාසික භික්‍ෂූන් හා සමඟ පිළිසඳරකථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇති වූහ. එකල්හි බුදුහු ආනන්‍දය, මසුන් වොලොගැන්මෙහි කෙවුළන් සෙයින් තෙලෙ කවුරු උස්හඬ මහහඬ ඇත්තාහු දැ’යි ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූහ.
Pali BJT‘එතානි භන්තෙ සාරිපුත්තමොග්ගල්ලානපමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි චාතුමං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. තෙ ආගන්තුකා භික්ඛූ නෙවාසිකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදමානා සෙනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා’ති. තෙන හානන්ද මම වචනෙන තෙ භික්ඛූ ආමන්තෙහි. සත්ථායස්මන්තෙ ආමන්තෙතී’ති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: ‘සත්ථායස්මන්තෙ ආමන්තෙතී’ති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච: ‘කින්නු තුම්හෙ භික්ඛවෙ උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ’ති.
Sinhala BJTවහන්ස, තෙල සැරියුත්මුගලන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යයවතුන් දක්නා පිණිස චාතුමාවට පැමිණියාහ. ඒ අමුතු මහණහු නිවැසි මහණුන් හා සමඟ පිළිසඳර කථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇත්තාහ” යි කීහ. එසේ වී නම් ආනන්‍දය ‘බුදුහු ආයුෂ්මතුන් අමතන්නාහ’යි මාගේ වචනයෙන් ඒ මහණුන් කැඳව’යි වදාළහ. ‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යයවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මහණුන් කරා එළැඹ ‘බුදුහු ආයුෂ්මතුන් අමතන්නාහ’යි තෙල වදන් කීහ. ‘එසේ යැ ඇවැත්නි’යි ආයුෂ්මත් අනඳතෙරුන්ට පිළිවදන් අස්වා බුදුන් කරා එළැඹ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූන්ට බුදුහු මෙය වදාළහ: කිම මහණෙනි, තෙපි මසුන් වොලොගැන්මෙහි කෙවුළන් සෙයින් උස්හඬ මහහඬ ඇති වූහු දැ’ යි.
Pali BJTඉමානි භන්තෙ සාරිපුත්තමොග්ගල්ලානප්පමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි චාතුමං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. තෙමෙ ආගන්තුකා භික්ඛූ නෙවාසිකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදමානා සෙනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා’ති. ‘ගච්ඡථ භික්ඛවෙ පණාමෙමි වො, න වො මම සන්තිකෙ වත්ථබ්බ’න්ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය පක්කමිංසු.
Sinhala BJTවහන්ස, මේ සැරියුත්මුගලන් දෙතෙරණුවන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යවතුන් දක්නා පිණිස චාතුමාවට පැමිණියාහ. ඒ අමුතු මහණහු නේවාසික භික්‍ෂූන් හා සමඟ පිළිසඳර කථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇත්තාහ’යි. යව මහණෙනි, තොප පණාමන(බැහැර) කෙරෙමි. තොප මා වෙත නො විසියයුතු’ යයි. වදාළහ. ‘එසේ යැ වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා අසුනින් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට සෙනසුන ගෝපනය කොට පාසිවුරු ගෙන නික්ම ගියහ.
Pali BJTතෙන ඛො පන සමයෙන චාතුමෙය්යකා සක්යා සන්ථාගාරෙ සන්නිපතිතා හොන්ති කෙනචිදෙව කරණීයෙන. අද්දසංසු{1} ඛො චාතුමෙය්යකා සක්යා තෙ භික්ඛූ දූරතොව ගච්ඡන්තෙ, දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොචුං: ‘හන්ද කහං පන තුම්හෙ ආයස්මන්තො ගච්ඡථා’ති. භගවතා ඛො ආවුසො භික්ඛුසඞ්ඝො පණාමිතො’ති. ‘තෙන හායස්මන්තො මුහුත්තං නිසීදථ, අප්පෙව නාම මයං සක්කුණෙය්යාම භගවන්තං පසාදෙතු’න්ති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ චාතුමෙය්යකානං සක්යානං පච්චස්සොසුං.
Sinhala BJTඑසමයෙහි චාතුම වැසි ශාක්‍යයෝ කිසි කටයුත්තෙකින් සන්‍ථාගාරයෙහි රැස්වූවාහු වෙති, චාතුමාවැසි ශාක්‍යයෝ දුරින් මැ යන ඒ භික්‍ෂූන් දුටුවාහු ය. දැක ඒ භික්‍ෂූන් කරා එළඹියාහු ය. එළඹ, ඒ භික්‍ෂූන්ට මෙපවත් කීහ: “සොඳය, ආයුෂ්මත්නි තෙපි (දැන්ම අවුත්) කොහි යැවූ දැ” යි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂුසඞ්ඝයා පණාමන කරන ලදැයි කීහ. එසේ නම් ඇවැත්නි මොහොතක් හුන මැනැව, අපි භාග්‍යවතුන් වහන්සේ පහදවාලන්නව හැකි වන්නමෝ නම් යෙහෙකැ’ යි කීහු. ‘එසේ යැ ඇවැත්නි, ඒ භික්‍ෂූහු චාතුමාවැසි සැහැරජුන්ට පිළිවදන් ඇස්වූහු.
Pali BJTඅථ ඛො චාතුමෙය්යකා සක්යා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො චාතුමෙය්යකා සක්යා භගවන්තං එතදවොචුං: ‘අභිනන්දතු භන්තෙ භගවා භික්ඛුසඞ්ඝං, අභිවදතු භන්තෙ භගවා භික්ඛුසඞ්ඝං. සෙය්යථාපි භන්තෙ භගවතා පුබ්බෙ භික්ඛුසඞ්ඝො අනුග්ගහිතො, එවමෙව{1} භගවා එතරහි අනුගණ්හාතු භික්ඛුසඞ්ඝං. සන්තෙත්ථ භන්තෙ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං. තෙසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. සෙය්යථාපි භන්තෙ බීජානං තරුණානං උදකං අලභන්තානං සියා අඤ්ඤථත්තං සියා විපරිනාමො, එවමෙව ඛො භන්තෙ සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිනාමො.
Sinhala BJTඉක්බිති චාතුමාවැසි සැහැරජහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහු ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ අභිවාදන කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් චාතුමාවැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දන කෙරෙත්වා (ඊම රුස්මින් තුටු වෙත්වා) වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා, වහන්ස භාග්‍යවතුන් විසින් යම්සේ පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද නම් එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරන සේක්වා. වහන්ස, මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. භාග්‍යවතුන්ට දක්නට නො ලැබෙන ඔවුනට ප්‍රසාද අන්‍යථාත්‍වය වන්නේ ය. විපරිණාමාන්‍යථාත්‍වය වන්නේ ය. වහන්ස, යම්සේ දියවර නො ලැබෙන තරුණබීජයන්ගේ (මලානයෙන්) අන්‍යථාත්‍වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. භාග්‍යවතුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ විපරිණාමය වන්නේ යැ.
Pali BJTසෙය්යථාපි භන්තෙ වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤථත්තං, සියා විපරිනාමො, එවමෙව ඛො භන්තෙ සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. අභිනන්දතු භන්තෙ භගවා භික්ඛුසඞ්ඝං. අභිවදතු භන්තෙ භගවා භික්ඛුසඞ්ඝං. සෙය්යථාපි භන්තෙ භගවතා පුබ්බෙ භික්ඛුසඞ්ඝො අනුග්ගහිතො. එවමෙව භගවා එතරහි අනුගණ්හාතු භික්ඛුසඞ්ඝ’න්ති.
Sinhala BJTවහන්ස, යම්සේ මව නො දක්නා තුරුණු වස්සාට අන්‍යථාත්‍වය වන්නේ ද. විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. භාග්‍යවතුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ. විපරිණාමය වන්නේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දන කෙරෙත්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරන ලද ද, එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්ව” යි කීහ.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය. එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි. අථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: අභිනන්දතු භන්තෙ භගවා භික්ඛුසඞ්ඝං, අභිවදතු භන්තෙ භගවා භික්ඛුසඞ්ඝං. සෙය්යථාපි භන්තෙ භගවතා පුබ්බෙ භික්ඛුසඞ්ඝො අනුග්ගහිතො. එවමෙව භගවා එතරහි අනුග්ගණ්හාතු භික්ඛුසඞ්ඝං. සන්තෙත්ථ භන්තෙ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං. තෙසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො.
Sinhala BJTඑකල්හි සභම්පතීබ්‍රහ්ම තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් කරන්නේ හෝ වේ ද දික් කල අතක් වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් මැ බඹලොව්හි අතුරුදහන් වූයේ බුදුන් හමුයෙහි පාළ වී. එක්බිති සභම්පතීබ්‍රහ්ම උතුරුසඟ එකස් කොට පෙරෙවැ බුදුන් දෙසට ඇඳිලි බැඳ මෙපවත් කී: “වහන්ස, භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දනය කෙරෙත්වා, වහන්ස භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද ද, එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්වා. වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති, මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. බුදුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ, විපරිණාමය වන්නේ යි.
Pali BJTසෙය්යථාපි භන්තෙ බීජානං තරුණානං උදකං අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. එවමෙව ඛො භන්තෙ, සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං දස්සනාය අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො.
Sinhala BJTවහන්ස, යම්සේ දියවර නො ලැබෙන තරුණබීජයන්ගේ අන්‍යථාත්‍වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. බුදුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ, විපරිණාමය වන්නේ යි.
Pali BJTසෙය්යථාපි භන්තෙ වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. එවමෙව ඛො භන්තෙ සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො. අභිනන්දතු භන්තෙ භගවා භික්ඛුසඞ්ඝං, අභිවදතු භන්තෙ භගවා භික්ඛුසඞ්ඝං. සෙය්යථාපි භන්තෙ භගවතා පුබ්බෙ භික්ඛුසඞ්ඝො අනුග්ගහිතො, එවමෙව භගවා එතරහි අනුගණ්හාතු භික්ඛුසඞ්ඝ’න්ති.
Sinhala BJTවහන්ස, යම්සේ මව නො දක්නා තුරුණු වස්සාට අන්‍යථාත්‍වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ විපරිණාමය වන්නේ යි. වහන්ස, භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දන කෙරෙත්වා වහන්ස, භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද ද එසෙයින් මැ බුදුහු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්ව” යි කී.
Pali BJTඅසක්ඛිංසු ඛො චාතුමෙය්යකා ච සක්යා බ්රහ්මා ච සහම්පති භගවන්තං පසාදෙතුං බීජූපමෙන ච තරුණූපමෙන ච. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි: ‘උට්ඨහථාවුසො, ගණ්හාථ පත්තචීවරං, පසාදිතො භගවා චාතුමෙය්යකෙහි ච සක්යෙහි බ්රහ්මුනා ච සහම්පතිනා බීජූපමෙන ච තරුණූපමෙන චා’ති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පටිස්සුත්වා උට්ඨායාසනා පත්තචීවරං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච: කින්ති තෙ සාරිපුත්ත අහොසි මයා භික්ඛුසඞ්ඝෙ පණාමිතෙ’ති. එවං ඛො මෙ භන්තෙ අහොසි භගවතා භික්ඛුසඞ්ඝෙ පණාමිතෙ{1} අප්පොස්සුක්කොදා’නි භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරිස්සති. මයම්පිදානි අප්පොස්සුක්කා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තා විහරිස්සාමා’ති. ආගමෙහි ත්වං සාරිපුත්ත, ආගමෙහි ත්වං සාරිපුත්ත, දිට්ඨධම්මසුඛවිහාරන්ති න ඛො තෙ සාරිපුත්ත පුනපි එවරූපං චිත්තං උප්පාදෙතබ්බන්ති{2}.
Sinhala BJTචාතුමවැසි ශාක්‍යයෝ ද ස්භම්පතිබ්‍රහ්ම ද බීජෝපමායෙන් හා තරුණෝපමායෙන් හා භාග්‍යවතුන් පහදවන්නට හැකි වූහ. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ: “ඇවැත්නි නැඟෙව, පාසිවුරු ගනුව, චාතුමවැසි ශාක්‍යයන් විසිනුදු සභම්පතිබ්‍රහ්ම විසිනුදු බීජෝපමායෙන් හා තරුණෝපමායෙන් හා භාග්‍යවත්හු පහදවන ලදහ” යි. ‘එසේ යැ ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දී හුනස්නෙන් නැගී පාසිවුරු ගෙන බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට බුදුහු මෙය වදාළහ: “ශාරිපුත්‍රයෙනි, මා විසින් භික්‍ෂුසඞ්ඝයා පණමන(බැහැර) කළ කල්හි තොපට කෙබඳු සිතෙක් වී දැ” යි. වහන්ස, මට මෙබඳු සිතෙක් වී: “බුදුහු දැන් අල්පොත්සුක වැ ඵලසමවත්සුව විහරණයෙහි යෙදී වෙසෙති, ඇපිදු දැන් අල්පොත්සුක වැ ඵලසමවත්සුව විහරණයෙහි යෙදී වසම්හ” යි නවතුව තෙපි ශාරිපුත්‍රයෙනි, නවතුව තෙපි ශාරිපුත්‍රයෙනි. ශාරිපුත්‍රයෙනි, තොප විසින් වටාලා මෙබඳු සිතෙක් නො ඉපැදවියයුතු” යයි. වදාළහ.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තෙසි. ‘කින්ති තෙ මොග්ගල්ලාන අහොසි මයා භික්ඛුසඞ්ඝෙ පණාමිතෙති. එවං ඛො මෙ භන්තෙ අහොසි භගවතා භික්ඛුසඞ්ඝෙ පණාමිතෙ අප්පොස්සුක්කො’දානි භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරිස්සති. අහඤ්චදානි ආයස්මා ච සාරිපුත්තො භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමා’ති. සාධු සාධු මොග්ගල්ලාන, අහං වා හි මොග්ගල්ලාන භික්ඛුසඞ්ඝං පරිහරෙය්යං සාරිපුත්ත මොග්ගල්ලානා වාති.
Sinhala BJTඉක්බිති බුදුහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් ඇමතූසේක: “මොග්ගල්ලානයෙනි, මා විසින් භික්‍ෂුසඞ්ඝයා පණමන කළ කල්හි තොපට කෙබඳු සිතෙක් වී දැ” යි. වහන්ස, භාග්‍යවතුන් විසින් භික්‍ෂුසඞ්ඝයා පණමන කළ කල්හි මට මෙබඳු සිතෙක් වී: “බුදුහු දැන් අල්පොත්සුක වැ ඵලසමවත්සුව විහරණයෙහි යෙදී වෙසෙති, දැන් මම ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද භික්‍ෂුසඞ්ඝයා පරිහරණ කරම්හ” යි කීහ. සාධු සාධු මෞදගල්‍යානයෙනි, මම හෝ මෞදගල්‍යානයෙනි, භික්‍ෂුසඞ්ඝයා පරිහරණ කරන්නෙමි. සැරියුත් මුගලන් දෙදෙන හෝ පරිහරණ කරන්නාහ’යි.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: චත්තාරිමානි භික්ඛවෙ භයානි උදකොරොහන්තෙ පාටිකඞ්ඛිතබ්බානි. කතමානි චත්තාරි: ඌමිභයං කුම්භීලභයං ආවට්ටභයං සුසුකාභයං. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි භයානි උදකොරොහන්තෙ පාටිකඞ්ඛිතබ්බානි. එවමෙව ඛො භික්ඛවෙ චත්තාරිමානි භයානි ඉධෙකච්චෙ පුග්ගලෙ ඉමස්මිං ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතෙ පාටිකඞ්ඛිතබ්බානි. කතමානි චත්තාරි: ඌමිභයං කුම්භීලභයං ආවට්ටභයං සුසුකාභයං.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, දියට බස්නා පුඟුල්හු කෙරෙහි මේ සතර බිය කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර සතරෙක යත්: ඌමිභය කුම්භීලභය ආවට්ටභය සුසුකාභය යයි. මහණෙනි, මෙසතර භය දියට බස්නා පුඟුල්හු කෙරෙහි කැමැති වියයුත්තාහ. එසෙයින් මැ මහණෙනි, ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය වූ මෙසස්නෙහි පැවිදි වූ ඇතැම් පුඟුලක්හු කෙරෙහි මෙසතර බිය කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර සතරෙක යත්: ඌමිභය කුම්භීලභය ආවට්ටභය සුසුකාභය යන මොහු යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ඌමිභයං: ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. තමෙනං තථා පබ්බජිතං සමානං සබ්රහ්මචාරී ඔවදන්ති අනුසාසන්ති: ‘එවන්තෙ අභික්කමිතබ්බං. එවන්තෙ පටික්කමිතබ්බං. එවන්තෙ ආලොකිතබ්බං. එවන්තෙ විලොකිතබ්බං. එවන්තෙ සමිඤ්ජිතබ්බං. එවන්තෙ පසාරෙතබ්බං{3}. එවන්තෙ සඞ්ඝාටිපත්තචීවරං ධාරෙතබ්බ’න්ති. තස්ස එවං හොති:
Sinhala BJTමහණෙනි, ඌමිභය කවරෙ යත්: මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. ජාතිදුකින් ජරායෙන් හා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායිකදුකින් චෛතසික දුකින් උපායාසයෙන් දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මෙහැම දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් ඉතා යෙහෙකැ’යි කියා යි. එසේ පැවිදි වූ ඔහුට සබ්‍රහ්මචාරීහු: “තොප විසින් මෙසේ ඉදිරියට යායුතු යැ තොප විසින් මෙසේ පෙරළා ඉයයුතු යැ තොප විසින් මෙසේ ඉදිරිය බැලියයුතු යැ තොප විසින් මෙසේ අත්පා හැකිළිය යුතු යැ තොප විසින් මෙසේ අත්පා දිගුකළයුතු යැ, තොප විසින් මෙසේ සඟළ පාසිවුරු දැරියයුතු යයි අවවාද කෙරෙති අනුශාසනා කෙරෙත්. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ඇපි පෙර ගිහිගෙයි
Pali BJTමයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා අඤ්ඤෙ ඔවදාමපි{1} අනුසාසාම්පි{2} ඉමෙ පනම්හාකං පුත්තමත්තා මඤ්ඤෙ, නත්තමත්තා මඤ්ඤෙ, අම්හෙ ඔවදිතබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තීති. සො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවෙ ඌමිභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. ඌමිභයන්ති ඛො භික්ඛවෙ කොධුපායාසස්සෙතං අධිවචනං.
Sinhala BJTවැසි වූවමෝ අන්හට අවවාදත් කරම්හ, අනුශාසනාත් කරම්හ. මොහු වැලිත් අපගේ පුතුන් වැන්නහ. මුනුබුරන් වැන්නහ. අප අවවාද කටයුතු කොට අනුශාසනා කටයුතු කොට සිතන්නාහ’යි හේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම ඌමි බියෙන් බියපත් වූයේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහි බවට වැටුණේ යයි කියනු ලැබේ. මහණෙනි, ඌමිභය යනු කෝධුපායාසයට තෙල නමෙකි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ කුම්භීලභයං: ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති.
Sinhala BJTමහණෙනි, කුම්භීලභය කවරෙ යත්: මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය වූ ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායිකදුකින් දොම්නසින් උපායාසයෙන් දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීම පැනේ නම් ඉතා යෙහෙකැ’යි
Pali BJTතමෙනං තථා පබ්බජිතං සමානං සබ්රහ්මචාරී ඔවදන්ති. අනුසාසන්ති: ‘ඉදං තෙ ඛාදිතබ්බං, ඉදං තෙ න ඛාදිතබ්බං, ඉදං තෙ භුඤ්ජිතබ්බං, ඉදං තෙ න භුඤ්ජිතබ්බං, ඉදං තෙ සායිතබ්බං, ඉදං තෙ න සායිතබ්බං, ඉදං තෙ පාතබ්බං, ඉදං තෙ න පාතබ්බං, කප්පියං තෙ ඛාදිතබ්බං, අකප්පියං තෙ න ඛාදිතබ්බං, කප්පියං තෙ භුඤ්ජිතබ්බං, අකප්පියං තෙ න භුඤ්ජිතබ්බං, කප්පියං තෙ සායිතබ්බං, අකප්පියං තෙ න සායිතබ්බං, කප්පියං තෙ පාතබ්බං, අකප්පියං තෙ න පාතබ්බං, කාලෙ තෙ ඛාදිතබ්බං, විකාලෙ තෙ න ඛාදිතබ්බං, කාලෙ තෙ භුඤ්ජිතබ්බං, විකාලෙ තෙ න භුඤ්ජිතබ්බං, කාලෙ තෙ සායිතබ්බං, විකාලෙ තෙ න සායිතබ්බං, කාලෙ තෙ පාතබ්බං, විකාලෙ තෙ න පාතබ්බ’න්ති. තස්ස එවං හොති: මයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා යං ඉච්ඡාම තං ඛාදාම, යං න ඉච්ඡාම න තං ඛාදාම, යං ඉච්ඡාම තං භුඤ්ජාම, යං න ඉච්ඡාම න තං භුඤ්ජාම, යං ඉච්ඡාම තං සායාම, යං න ඉච්ඡාම න තං සායාම, යං ඉච්ඡාම තං පිවාම{3} යං න ඉච්ඡාම න තං පිවාම. කප්පියම්පි ඛාදාම, අකප්පියම්පි ඛාදාම, කප්පියම්පි භුඤ්ජාම, අකප්පියම්පි භුඤ්ජාම, කප්පියම්පි සායාම, අකප්පියම්පි සායාම, කප්පියම්පි පිවාම, අකප්පියම්පි පිවාම. කාලෙපි ඛාදාම, විකාලෙපි ඛාදාම, කාලෙපි භුඤ්ජාම විකාලෙපි භුඤ්ජාම, කාලෙපි සායාම, විකාලෙපි සායාම, කාලෙපි පිවාම, විකාලෙපි පිවාම. යම්පි නො සද්ධා ගහපතිකා දිවා විකාලෙ පණීතං ඛාදනීයං භොජනීයං දෙන්ති, තත්ථපි මෙ මුඛාවරණං මඤ්ඤෙ කරොන්තී’ති. සො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවෙ කුම්භීලභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. කුම්භීලභයන්ති ඛො භික්ඛවෙ ඔදරිකත්තස්සෙතං අධිවචනං.
Sinhala BJTඑසේ පැවිදි වූ ඔහුට සබ්‍රම්සරහු: “තොප විසින් මේ නො කෑයුතු යැ මේ තොප විසින් බිදියයුතු යැ මේ තොප විසින් නො බිදියයුතු යැ මේ තොප විසින් ආස්වාද කටයුතු යැ මේ තොප විසින් ආස්වාද නො කටයුතු යැ මේ තොප විසින් පියයුතු යැ මේ තොප විසින් නො පියයුතු යැ කැප දැය තොප විසින් කෑයුතු යැ නො කැප දැය තොප විසින් නො කෑයුතු යැ කැප දැය තොප විසින් බිදියයුතු යැ නො කැප දැය තොප විසින් නො බිදියයුතු යැ කැප දැය තොප විසින් ආස්වාද කටයුතු යැ නො කැප දැය තොප විසින් ආස්වාද නො කටයුතු යැ කැප දැය තොප විසින් පියයුතු යැ නො කැප දැය තොප විසින් නො පියයුතු යැ කාලයෙහි තොප විසින් කෑයුතු යැ විකාලයෙහි තොප විසින් නො කෑයුතු යැ කාලයෙහි තොප විසින් බිදියයුතු යැ විකාලයෙහි තොප විසින් නො බිදියයුතු යැ කාලයෙහි තොප විසින් ආස්වාද කටයුතු යැ විකාලයෙහි තොප විසින් ආස්වාද නො කටයුතු යැ. කාලයෙහි තොප විසින් පියයුතු යැ විකාලයෙහි තොප විසින් නො පියයුතු” යයි අවවාද කෙරෙති අනුශාසනා කෙරෙති. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඇපි පෙර ගිහිගෙයි වසන්නමෝ යමක් කැමැතියමෝ නම් එය කම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය නො කම්හ, යමක් කැමැත්තමෝ නම් එය බුදිම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය නො බුදිම්හ, යමක් කැමැත්තමෝ නම් එය ආස්වාද කරම්හ, යමක් නොකැමැත්තමෝ නම් එය ආස්වාද නො කරම්හ, යමක් කැමැත්තමෝ නම් එය පානය කරම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය පානය නො කරම්හ. කැප දැය ද කම්හ, අකැප දැය ද කම්හ, කැප දැය ද බුදිම්හ, අකැප දැය ද බුදිම්හ, කැප දැය ද ආස්වාද කරම්හ, අකැප දැය ද ආස්වාද කරම්හ, කැප දැය ද පානය කරම්හ, අකැප දැය ද පානය කරම්හ, කාලයෙහි ද කම්හ, විකාලයෙහි ද කම්හ, කාලයෙහි ද බුදිම්හ, විකාලයෙහි ද බුදිම්හ, කාලයෙහි ද ආස්වාද කරම්හ. විකාලයෙහි ද ආස්වාද කරම්හ, කාලයෙහි ද පානය කරම්හ, විකාලයෙහි ද පානය කරම්හ, සැදැහැති ගැහැවියෝ දහවල් විකාලයෙහි යම් ප්‍රණීත ඛාද්‍යයක් භෝජ්‍යයක් අපට දෙත්ද, එහිදු මොවුන් මුඛාවරණය කරන්නවුන් මෙනැ” යි. හේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට වැටෙයි. මහණෙනි, මේ තෙම කුම්භීලභීතියෙන් (කිම්බුල්බියෙන්) බියපත් වූයේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට පැමිණියේ යයි කියනු ලැබේ. මහණෙනි, ‘කුම්භීලභය’ යි ඖදරික බවට තෙල නමෙකි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ආවට්ටභයං, ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති. ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති. අරක්ඛිතෙනෙව කායෙන, අරක්ඛිතාය වාචාය, අනුපට්ඨිතාය සතියා, අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති ගහපතිං වා ගහපතිපුත්තං වා පඤ්චහි කාමගුණෙහි සමප්පිතං සමඞ්ගීභූතං පරිචාරයමානං. තස්ස එවං හොති: මයං ඛො පුබ්බෙ අගාරියභූතා සමානා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරිම්හා. සංවිජ්ජන්තෙ{1} ඛො කුලෙ{2} භොගා. සක්කා භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතු’න්ති. සො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අයං වුච්චති භික්ඛවෙ ආවට්ටභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. ආවට්ටභයන්ති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං.
Sinhala BJTමහණෙනි, ‘ආවට්ටභය’ කවරෙ යත්; “මහණෙනි මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඩනාලදුයෙමි. දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ අසම්මිශ්‍ර වූ දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මැනැවැ” යි කියායි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ගමකට හෝ නිගමයකට හෝ නො රක්නාලද කය ඇති වැ නො රක්නාලද වචන ඇති වැ නො එළවූ කාගියාසී ඇති වැ සංවර නො කළ ඉඳුරන් ඇති වැ පිඬුසිඟා පිවිසෙයි. හේ එහි දී පස්කම්ගුණයෙන් යුක්ත වූ සමන්‍විත වූ ඉඳුරන් පිණවන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දකියි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඇපි වනාහි පෙර ගිහිගෙයි වසන්නමෝ පස්කම් ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ ඉඳුරන් පිණවූම්හ. කුලයෙහි භෝගයෝ ඇත් මැ යැ. භෝගයන් පරිභෝග කරන්නට ද පින් කරන්නට ද හැක්කැ” යි. හේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම, ‘ආවට්ට (දියසුළි) භයින් බියපත් වූයේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටිණැ’ යි කියනු ලැබේ. මහණෙනි, ‘ආවට්ටභය’යි තෙල පස්කම් ගුණයනට නමෙකි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සුසුකාභයං, ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති. අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය, අනුපට්ඨිතාය සතියා, අසංවුතෙහි ඉන්ද්රියෙහි සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධස්තෙන{3} චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති . අයං වුච්චති භික්ඛවෙ, සුසුකාභයස්ස භීතො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො. සුසුකාභයන්ති ඛො භික්ඛවෙ මාතුගාමස්සෙතං අධිවචනං.
Sinhala BJTමහණෙනි, ‘සුසුකාභය’ කවරෙ යත්: “මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි: “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඩනාලදුයෙමි. දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මැනැවැ” යි කියා යි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ගමකට හෝ නිගමයකට හෝ නො රක්නාලද කය ඇති වැ නො රක්නාලද වචන ඇති වැ නො එළවූ කාගියාසී ඇති වැ සංවර නො කළ ඉඳුරන් ඇති වැ පිඬුසිඟා පිවිසෙයි. හේ එහි දී මාගමක නපුරු කොට හැඳියා හෝ නපුරු කොට පෙරෙවියා දකියි. මාගම් නපුරු කොට හැදියා හෝ නපුරු කොට පෙරෙවියා දැක රාගය ඔහුගේ සිත ක්ලාන්ත කෙරෙයි. හේ රාගයෙන් කලකුළුසිතින් යුතු වැ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම සුසුකා (සැඬමසු) භයෙන් භීත වැ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටුණේ” යයි කියනු ලැබේ. මහණෙනි, තෙල ‘සුසුකාභය’ යනු මාගමට නමෙකි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි භයානි, ඉධෙකච්චෙ පුග්ගලෙ ඉමස්මිං ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතෙ පාටිකඞ්ඛිතබ්බානීති.
Sinhala BJTමහණෙනි, මොහු මෙලොවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය වූ මෙ සස්නෙහි පැවිදි වූ ඇතැම් පුඟුලන් කෙරෙහි කැමති වියයුතු සතර බිය වෙත් යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහයි.
Pali BJTචාතුම සුත්තං සත්තමං.
Sinhala BJTසත් වැනි චාතුමසූත්‍ර යි.
Pali BJT2. 2 .8
Sinhala BJT2. 2. 8.
Pali BJTනළකපාන සුත්තං
Sinhala BJTනළකපාන සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා කොසලෙසු විහරති නළකපානෙ පලාසවනෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා කුලපුත්තා භගවන්තං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා හොන්ති. ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච භද්දියො ආයස්මා ච කිම්බිලො{1} ආයස්මා ච භගු ආයස්මා ච කුණ්ඩධානො{2} ආයස්මා ච රෙවතො, ආයස්මා ච ආනන්දො: අඤ්ඤෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා කුලපුත්තා.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි නළකපාන ගමැ කෑලවෙනෙහි වැඩවසනසේක. එසමයෙහි ඉතා ප්‍රසිද්ධ වූ බොහෝ කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු වෙති. ආයුෂ්මත් අනුරුද්ධ යැ ආයුෂ්මත් භද්දිය යැ ආයුෂ්මත් කිම්බිල යැ ආයුෂ්මත් භගු යැ ආයුෂ්මත් කුණ්ඩධාන යැ ආයුෂ්මත් රේවත යැ ආයුෂ්මත් ආනන්‍ද යැ අන්‍ය වූ ද ඉතා ප්‍රසිද්ධ වූ කුලපුත්‍රයෝ යි.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තෙ කුලපුත්තෙ ආරබ්භ භික්ඛූ ආමන්තෙසි, යෙ තෙ භික්ඛවෙ කුලපුත්තා මමං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, කච්චි තෙ භික්ඛවෙ භික්ඛූ අභිරතා බ්රහ්මචරියෙ’ති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. දුතියම්පි -පෙ- තුණ්හී අහෙසුං. තතියම්පි ඛො භගවා තෙ කුලපුත්තෙ ආරබ්භ භික්ඛූ ආමන්තෙසි, යෙ තෙ භික්ඛවෙ කුලපුත්තා මමං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, කච්චි තෙ භික්ඛවෙ භික්ඛූ අභිරතා බ්රහ්මචරියෙ’ති. තතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
Sinhala BJTතවද එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද්දාහු අභ්‍යවකාශයෙහි වැඩහුන්සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ කුලපුත්‍රයන් අරභයා භික්‍ෂූන් ඇමැතූසේක: “මහණෙනි, යම් කුලපුත්‍ර කෙනෙක් මා උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු වෙත් ද, කිමෙක මහණෙනි, ඒ මහණහු බඹසරවස්හි අභිරත වූවාහු දැ යි විචාළසේක. මෙසේ වදාළ කල්හි ඒ මහණහු නො බැණ හුන්හු. දෙවෙනවටදු ... නො බැණ හුන්හු. තෙවනවටදු බුදුහු ඒ කුලපුත්‍රයන් අරභයා මහණුන් ඇමැතූසේක: “මහණෙනි, යම් කුලපුත්‍ර කෙනෙක් මා උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූවාහු ද, කිමෙක මහණෙනි, ඒ මහණහු බඹසරවස්හි ඇලුම් ඇත්තාහු දැ’යි වදාළහ. තෙවනවටදු ඒ මහණහු නො බැණ හුන්හු.
Pali BJTඅථ ඛො භගවතො එතදහොසි: යන්නූනාහං තෙව{3} කුලපුත්තෙ පුච්ඡෙය්ය’න්ති. අථ ඛො භගවා ආයස්මන්තං අනුරුද්ධං ආමන්තෙසි: කච්චි තුම්හෙ අනුරුද්ධා අභිරතා බ්රහ්මචරියෙ’ති. තග්ඝ මයං භන්තෙ අභිරතා බ්රහ්මචරියෙති. සාධු සාධු අනුරුද්ධා එතං ඛො අනුරුද්ධා තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හෙ අභිරමෙය්යාථ බ්රහ්මචරියෙ. යෙන තුම්හෙ අනුරුද්ධා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා සුසු කාලකෙසා කාමෙ පරිභුඤ්ජෙය්යාථ. තෙන තුම්හෙ අනුරුද්ධා භද්රෙන{4} යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා සුසු කාලකෙසා අගාරස්මා අනගාරියං පබ්බජිතා. තෙ ඛො{5} පන තුම්හෙ අනුරුද්ධා නෙව රාජාභිනීතා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න චොරාභිනීතා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න ඉණට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න භයට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න ආජීවිකාපකතා අගාරස්මා අනගාරියං පබ්බජිතා. අපි ච ඛොම්හි ඔතිණ්ණො ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. නනු තුම්හෙ අනුරුද්ධා එවං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා’ති. එවං භන්තෙ. එවං පබ්බජිතෙන ච පන අනුරුද්ධා කුලපුත්තෙන කිමස්ස
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත උපන: ‘මම් එ මැ කුලපුත්‍රයන් පුළුවුස්නෙම් නම් මැනැවැ’යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඇමැතූසේක. ‘කිමෙක, අනුරුද්ධයෙනි, තෙපි බඹසරවස්හි අභිරත වූහු දැ’යි. වහන්ස, ඒකාන්තයෙන් ඇපි බඹසරවස්හි ඇලුණම්හ’යි කී. සාධු සාධු අනුරුද්ධයෙනි, යම් හෙයෙකින් තෙපි බඹසරවස්හි සිත අලවවු ද අනුරුද්ධයෙනි, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූ කුලපුත්‍ර වූ තොපට තෙල නිසි වෙයි. අනුරුද්ධයෙනි, තෙපි යම් භද්‍ර යෞවනයෙකින් යුක්ත වූවහු ප්‍රථම වයසින් සමන්‍වාගත වූවහු මනා කළුකෙහෙ ඇතියවුහු කාමයන් පරිභෝග කරවු ද, අනුරුද්ධයෙනි, තෙපි ඒ භද්‍රයෞවනයෙන් යුක්ත වූවහු ප්‍රථම වයසින් සමන්‍විත වූවහු මනා කළුකෙහෙ ඇතියවුහු ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවහු ය. අනුරුද්ධයෙනි, ඒ තෙපි රජුන් විසින් අභිනීත වූවහු (අනභිමුඛ කොට කැඳවන ලදුවහු) ගිහිගෙන් නික්ම ශාසනයෙහි නො මැ පැවිදි වූවහු යැ. සොරුන් විසින් අභිනීත වූවහු නො පැවිදි වූවහු යැ. ණයින් මඬනාලදු වැ ගිහිගෙන් නික්ම ශාසනයෙහි නො පැවිදි වූවහු යැ. රාජාදි භයින් මඬනාලදු වැ නො පැවිදි වූවහු යැ. ජීවිකා හේතුයෙන් මඬනාලදු වැ නො පැවිදි වූවහු යැ. වැලිදු “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඬනාලදුයෙම් වෙමි දුකට බටුයෙම් දුකින් මඬනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් ඉතා යෙහෙකැ”යි අනුරුද්ධයෙනි, තෙපි මෙසේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවහු නො දැ’යි. එසේ යැ වහන්ස. තවද අනුරුද්ධයෙනි,
Pali BJTකරණීයං: ‘විවෙකං අනුරුද්ධා කාමෙහි විවෙකං අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං නාධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං. තස්ස අභිජ්ඣාපි චිත්තං පරියාදාය තිට්ඨති. බ්යාපාදොපි චිත්තං පරියාදාය තිට්ඨති. ථීනමිද්ධම්පි චිත්තං පරියාදාය තිට්ඨති. උද්ධච්චකුක්කුච්චම්පි චිත්තං පරියාදාය තිට්ඨති. විචිකිච්ඡාපි චිත්තං පරියාදාය තිට්ඨති. අරතීපි චිත්තං පරියාදාය තිට්ඨති. තත්දීපි චිත්තං පරියාදාය තිට්ඨති. විවෙකං අනුරුද්ධා කාමෙහි විවෙකං අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං නාධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං. විවෙකං අනුරුද්ධා කාමෙහි විවෙකං අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං. තස්ස අභිජ්ඣාපි චිත්තං න පරියාදාය තිට්ඨති. බ්යාපාදොපි චිත්තං න පරියාදාය තිට්ඨති. ථීනමිද්ධම්පි චිත්තං න පරියාදාය තිට්ඨති. උද්ධච්චකුක්කුච්චම්පි චිත්තං න පරියාදාය තිට්ඨති. විචිකිච්ඡාපි චිත්තං න පරියාදාය තිට්ඨති. අරතීපි චිත්තං න පරියාදාය තිට්ඨති. තන්දීපි චිත්තං න පරියාදාය තිට්ඨති. විවෙකං අනුරුද්ධා කාමෙහි විවෙකං අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං.
Sinhala BJTමෙසේ පැවිදි වූ කුලපුත්හු විසින් කුමක් කටයුතු වේ ද යත්: අනුරුද්ධයෙනි, වස්තුකාම ක්ලේශකාම (කාමච්ඡන්‍දනීවරණ)යෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ (ප්‍රථමද්විතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) ප්‍රීතිය හා සුඛය නො ලබා ද ඊට වඩා ඉතා ශාන්ත වූ තෘතීයධ්‍යානාදි සුවය හෝ නො ලබා ද, ඔහු ගේ සිත අභිධ්‍යාව ද මැඩගෙන සිටී, ව්‍යාපාදය ද සිත මැඩගෙන සිටී, ථීනමිද්ධය ද සිත මැඩගෙන සිටී, උද්ධච්ච කුක්කුච්චය ද සිත මැඩගෙන සිටී, විචිකිච්‍ඡාව ද සිත මැඩගෙන සිටී, අධිකුශලධර්‍මයෙහි උකටලී බව (අරතිය) ද සිත මැඩගෙන සිටී, ආලස්‍යය (තන්‍දිය) ද සිත මැඩගෙන සිටී. අනුරුද්ධයෙනි, කාමච්ඡන්‍දයෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුඛය නො ලබයි. ඊට වඩා ශාන්තතර වූ සුඛයක් හෝ නො ලබයි. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුඛය ලබා ද ඊට වඩා ශාන්තර වූ සුවයක් හෝ ලබා ද අභිධ්‍යාව ද ඔහුගේ සිත මැඩගෙන නො සිටී, ව්‍යාපාදය ද සිත මැඩගෙන නො සිටී, ථීනමිද්ධය ද සිත මැඩගෙන නො සිටී, උද්ධච්චකුක්කුච්චය ද සිත මැඩගෙන නො සිටී, විචිකිච්‍ඡාව ද සිත මැඩගෙන නො සිටී, අරතිය ද සිත මැඩගෙන නො සිටී, ආලස්‍ය ද සිත මැඩගෙන නො සිටී. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුවය ලබයි, ඊට වඩා ශාන්තතර වූ අන් සුවයක් හෝ ලබයි.
Pali BJTකින්ති වො අනුරුද්ධා මයි හොති: යෙ ආසවා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, අප්පහීනා තෙ තථාගතස්ස. තස්මා තථාගතො සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙතී’ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, තොපට මා කෙරෙහි කෙබඳු සිතෙක් වේ ද “සාංක්ලේශික වූ පුනර්‍භවය ඇති කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද ඔහු තථාගතයන්ට අප්‍රහීණයහ, එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන ඉවසන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැනගෙන දුරු කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන බැහැර කරන්නාහ”යි. සිතේ ද?
Pali BJTන ඛො නො භන්තෙ භගවති එවං හොති: ‘යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, අප්පහීනා තෙ තථාගතස්ස. තස්මා තථාගතො සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙතී’ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතෙක් නො වෙයි: “සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද, ඒ ආස්‍රවයෝ තථාගතයන්ට අප්‍රහීණයහ, එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැනගෙන පරිවර්‍ජන කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන විනෝදන කරන්නාහ”යි මෙබඳු සිතෙක් නො වෙයි.
Pali BJTඑවං ඛො නො භන්තෙ භගවති හොති: යෙ ආසවා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, පහීනා තෙ තථාගතස්ස. තස්මා තථාගතො සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙතී’ති. සාධු සාධු අනුරුද්ධා, තථාගතස්ස අනුරුද්ධා, යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, පහීනා තෙ උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා. සෙය්යථාපි අනුරුද්ධා තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුනවිරූළ්හියා. එවමෙව ඛො අනුරුද්ධා තථාගතස්ස යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා. පහීනා තෙ උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙති’.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතෙක් වෙයි: “සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද ඒ ආස්‍රවයෝ තථාගතයන්ට ප්‍රහීණයෝ යැ. එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන පරිවර්‍ජන කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැන විනෝදනය කරන්නාහ”යි. සාධු සාධු අනුරුද්ධයෙනි. අනුරුද්ධයෙනි, සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස වූ යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු මුදුනසුන් තාලයක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, යම්සේ අනුරුද්ධයෙනි. මුදුන සුන් තල්රුක නැවත වැඩීමට අභව්‍ය වේ ද එසෙයින් මැ අනුරුද්ධයෙනි, තථාගතයන්හට සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරා මරණ පිණිස වූ යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණ වූවාහු ද ඒ ආස්‍රවයෝ උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙති. එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ. ඇතැම් ආස්‍රවයක් දැන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන පරිවර්‍ජන කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන විනෝදනය කරන්නාහ’යි.
Pali BJTතං කිම්මඤ්ඤසි අනුරුද්ධා කං අත්ථවසං සම්පස්සමානො තථාගතො සාවකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු බ්යාකරොති: ‘අසු අමුත්ර උපපන්නො, අසු අමුත්ර උපපන්නො’ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, ඒ කිමෙකැ’යි සිතවු ද? කවර කරුණක් දක්නා වූ තථාගතයෝ ‘අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉක්මගිය කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කෙරෙත් දැ?යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා, භගවන්නෙත්තිකා, භගවම්පටිසරණා. සාධු වත භන්තෙ භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති .
Sinhala BJTවහන්ස අපට මේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, ඒකාන්තයෙන් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට මැ වැටහේවා. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අසා භික්‍ෂූහු ධරන්නාහ’යි.
Pali BJTන ඛො අනුරුද්ධා තථාගතො ජනකුහනත්ථං න ජනලපනත්ථං න ලාභසක්කාරසිලොකානිසංසත්ථං, න ඉති මං ජනො ජානාතූ’ති සාවකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු බ්යාකරොති: ‘අසු අමුත්ර උපපන්නො, අසු අමුත්ර උපපන්නො’ති. සන්ති ච ඛො අනුරුද්ධා කුලපුත්තා සද්ධා උළාරවෙදා උළාරපාමොජ්ජා{1}. ‘තෙ තං සුත්වා තථත්තාය චිත්තං උපසංහරන්ති. තෙසන්තං අනුරුද්ධා හොති දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJTඅනුරුද්ධයෙනි, තථාගතයෝ ජනයා විස්මය කරනු සඳහා නො වැ ජනයා නැළැවීම පිණිස නො වැ ලාභසත්කාර ප්‍රශංසා අනුසස් පිණිස නො වැ ‘මෙසේ මහජනයා මා දනීව’යි නො වැ “අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉක්මගිය කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කරන්නාහ. තවද අනුරුද්ධයෙනි, සැදැහැති මහත් වූ සතුටු ඇති මහත් වූ ප්‍රමෝදය ඇති කුලපුත්‍රයෝ වෙති. ඔහු එදහම් අසා එබඳු උපප්‍රාප්තිය පිණිස සිත එළවති. අනුරුද්ධයෙනි, ඔවුනට ඒ චිත්තෝපසංහාරය බොහෝ කලක් හිතයට සුවයට වේ.
Pali BJTඉධානුරුද්ධා භික්ඛු සුණාති: ඉත්ථන්නාමො භික්ඛු කාලකතො{2} සො භගවතා බ්යාකතො අඤ්ඤාය සණ්ඨහී’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා, ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො සො ආයස්මා අහොසි ඉතිපි, එවම්පඤ්ඤො සො ආයස්මා අහොසි ඉතිපි, එවංවිහාරී සො ආයස්මා අහොසි ඉතිපි, එවං විමුත්තො සො ආයස්මා අහොසි ඉතිපීති. සො තස්ස සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනො ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක් “මෙනම් මහණ කලුරිය කෙළේ යැ හේ භාග්‍යවතුන් විසින් අර්‍හත්ත්‍වයෙහි පිහිටියේ ප්‍රකාශ කරන ලදැයි අසයි. ඒ පිරිනිවී ආයුෂ්මත් මේ ආයුෂ්මත්හු විසින් තමා දක්නාලද හෝ වෙයි. අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද එ ආයුෂ්මත් මෙබඳු (සමාධි පක්‍ෂයෙහි) දහම් ඇති වී යයි එ ආයුෂ්මත් මෙබඳු ප්‍රඥා ඇති වී යයි ද එ ආයුෂ්මත් මෙබඳු සමාපත්තිවිහාර ඇති වී යැයි ද එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ශීලය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බව පිණිස සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා භික්ඛු සුණාති: ‘ඉත්ථන්නාමො භික්ඛු කාලකතො, සො භගවතා බ්යාකතො: පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො{3} වා: ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො -පෙ- එවංපඤ්ඤො -පෙ- එවංවිහාරී -පෙ- එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනො ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක්: “මෙ නම් මහණ කලුරිය කෙළේ යැ හෙ පස් ඕරම්භාගිය සංයෝජනයන් ගේ ක්‍ෂය වීමෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (අනගැමි) ආයුෂ්මත් මෙ මහණ විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇත්තේ වී යයි ද මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහාර ඇතියේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් තථාත්‍වයට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා භික්ඛු සුණාති: ‘ඉත්ථන්නාමො භික්ඛු කාලකතො, සො භගවතා බ්යාකතො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහාන තනුත්තා සකදාගාමී, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා. එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො -පෙ- එවං පඤ්ඤො -පෙ- එවංවිහාරී -පෙ- එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනො ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක්: “මෙනම් මහණ කලුරිය කෙළේ යැ. හේ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූයේ එක් වරක් මැ මෙලොවට ඇවිත් දුක් කෙළවර කරන්නේ යැ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (සෙදගැමි) ආයුෂ්මත් මෙ මහණ විසින් තමා මැ දක්නා ලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහරණ ඇතියේ ... ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා භික්ඛු සුණාති: ‘ඉත්ථන්නාමො භික්ඛු කාලකතො, සො භගවතා බ්යාකතො: ‘තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා: ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො -පෙ- එවංපඤ්ඤො -පෙ- එවං විහාරී -පෙ- එවංවිමුත්තො සො අයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනො ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙ සස්නෙහි මහණෙක්: “මෙ නම් මහණ කලුරිය කෙළේ යැ. හේ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූයේ විනිපාතධර්‍ම (සතරඅවාදුකට වැටෙනසැහැවි) නැතියේ (සම්මත්තනියාමයෙන්) නියත වූයේ (උපරිමාර්‍ගත්‍රයසඞ්ඛ්‍යාත) සම්බෝධිය පිහිට කොට ඇත්තේ යැ’ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (සෝවාන්) ආයුෂ්මත් මෙ මහණු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහරණ ඇතියේ ... ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා, සා භගවතා බ්යාකතා: අඤ්ඤාය සණ්ඨහී’ති. සා ඛො පනස්ස භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා සා භගිනී අහොසි ඉතිපි, එවංපඤ්ඤා සා භගිනී අහොසි ඉතිපි, එවංවිහාරිනී සා භගිනී අහොසි ඉතිපි, එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා යැ, හො අර්‍හත්ත්‍වයෙහි පිහිටියා යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරනලදැ”යි. ඒ (රහත්) මෙහෙණ වැළිත් මෙ මෙහෙණ විසින් තමා මැ දක්නා ලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි. “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, එ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද හො බුනැණි මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා{1} සා භගවතා බ්යාකතා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මා ලොකා’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා. එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා -පෙ- එවංපඤ්ඤා -පෙ- එවංවිහාරිනී -පෙ- එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණෙක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා හො ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ කිරීමෙන් ඕපපාතික වූවා එහි පිරිනිවෙන්නී එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. එ (අනගැමි) බූන වැළිත් මෙ මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “එ බූන මෙබඳු සිල් ඇති වු යයි ද මෙ බඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා, සා භගවතා බ්යාකතා: ‘තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනී, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා -පෙ- එවංපඤ්ඤා -පෙ- එවංවිහාරිනී -පෙ- එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමිනි වූවා එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (සෙදගැමි) බූන මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල්ඇති වූ යයි ද’ මෙබඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් ඒ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා, සා භගවතා බ්යාකතා: තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා -පෙ- එවං පඤ්ඤා -පෙ- එවංවිහාරිනී -පෙ- එවං විමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙ සස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූවා විනිපාතධර්‍ම නැත්තී (සම්මත්තනියාමයෙන්) නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී යැ’ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (සෝවාන්) බූන වැළිත් එ මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, මෙ බඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් … සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා උපාසකො සුණාති: ‘ඉත්ථන්නාමො උපාසකො කාලකතො, සො භගවතා බ්යාකතො: ‘පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා: ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි. එවංධම්මො සො ආයස්මා අහොසි ඉතිපි. එවංපඤ්ඤො සො ආයස්මා අහොසි ඉතිපි, එවංවිහාරී සො ආයස්මා අහොසි ඉතිපි, එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසකස්ස ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ කිරීමෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (අනගැමි) උවසු වැළිත් එ උවසුහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු දහම් ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු ප්‍රඥා ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු විහරණ ඇති වී යයි ද, ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා උපාසකො සුණාති: ‘ඉත්ථන්නාමො උපාසකො කාලකතො, සො භගවතා බ්යාකතො: තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා. එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො -පෙ- එවංපඤ්ඤො -පෙ- එවංවිහාරී -පෙ- එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසකස්ස ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූයේ එක් වරක් මැ මෙලොවට ඇවිත් දුක් කෙළවර කරන්නේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ ආයුෂ්මත් වැළිත් මොහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි: “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇත්තේ ... මෙබඳු ප්‍රඥා ඇත්තේ ... මෙබඳු විහරණ ඇත්තේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්‍රද්ධාවත් … ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා උපාසකො සුණාති: ‘ඉත්ථන්නාමො උපාසකො කාලකතො, සො භගවතා බ්යාකතො: තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා: ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො -පෙ- එවංපඤ්ඤා -පෙ- එවංවිහාරී -පෙ- එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසකස්ස ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූයේ විනිපාතධර්‍ම නැත්තේ නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. එ ආයුෂ්මත් වැළිත් මොහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි, “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇත්තේ ... මෙබඳු ප්‍රඥා ඇත්තේ ... මෙබඳු විහරණ ඇත්තේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්‍රද්ධාවත් … ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා උපාසිකා සුණාති: ‘ඉත්ථන්නාමා උපාසිකා කාලකතා{1} සා භගවතා බ්යාකතා: පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මා ලොකා’ති. සා ඛො පනස්ස භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා සා භගිනී අහොසි ඉතිපි, එවංපඤ්ඤා සා භගිනී අහොසි ඉතිපි, එවංවිහාරිනී සා භගිනී අහොසි ඉතිපි, එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසිකාය ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි කලුරිය කළා, හේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ කිරීමෙන් ඕපපාතික වූවා එහි පිරිනිවෙනසුලු වූවා එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (අනගැමි) බුහුන වැලිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද, ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හෝ ඇයගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා උපාසිකා සුණාති: ඉත්ථන්නාමා උපාසිකා කාලකතා{1} සා භගවතා බ්යාකතා: තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනී සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා -පෙ- එවංපඤ්ඤා -පෙ- එවංවිහාරිනී -පෙ- එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසිකාය ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි, කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූවා එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ බුහුන වැළිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, මෙබඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වෙයි.
Pali BJTඉධානුරුද්ධා උපාසිකා සුණාති: ‘ඉත්ථන්නාමා උපාසිකා කාලකතා සා භගවතා බ්යාකතා: ‘තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: එවංසීලා සා භගිනී අහොසි ඉතිපි. එවංධම්මා සා භගිනී අහොසි ඉතිපි. එවංපඤ්ඤා සා භගිනී අහොසි ඉතිපි. එවංවිහාරිනී සා භගිනී අහොසි ඉතිපි. එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසිකාය ඵාසුවිහාරො හොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි, කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූවා විනිපාතධර්‍ම නැත්තී නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී යැ’යි. භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ බුහුන වැළිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද, ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වේ.
Pali BJTඉති ඛො අනුරුද්ධා තථාගතො න ජනකුහනත්ථං, න ජනලපනත්ථං න ලාභසක්කාරසිලොකානිසංසත්ථං, න ඉති මං ජනො ජානාතූ’ති සාවකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු බ්යාකරොති: ‘අසු අමුත්ර උපපන්නො අසු අමුත්ර උපපන්නො’ති. සන්ති ච ඛො අනුරුද්ධා කුලපුත්තා සද්ධා උළාරවෙදා උළාරපාමොජ්ජා. තෙ තං සුත්වා තථත්තාය චිත්තං උපසංහරන්ති. තෙසං තං අනුරුද්ධා හොති දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJTමෙසෙයින් අනුරුද්ධයෙනි, තථාගතයෝ ‘ජනයා විස්මය කරනු පිණිස නො වැ ජනයා නළවනු පිණිස නො වැ ලාභ සත්කාර ප්‍රශංසා අනුසස් පිණිස නො වැ මෙසෙයින් මා මහජනයා මා දනීව’යි කියා නො වැ’ අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉකුත් වූ කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කෙරෙති. අනුරුද්ධයෙනි, සැදැහැති මහත් වූ තුෂ්ටි ඇති මහත් වූ ප්‍රාමෝද්‍ය ඇති කුල පුත්‍රයෝ ඇත. ඔහු එය අසා එබවට සිත එළවති. අනුරුද්ධයෙනි, ඔවුනට ඒ දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා අනුරුද්ධො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTබුදුහු මේ සූත්‍රාන්තය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහ’යි.
Pali BJTනළකපානසුත්තං අට්ඨමං.
Sinhala BJTඅට වැනි නළකපාන සූත්‍ර යි.
Pali BJT2. 2. 9.
Sinhala BJT2. 2. 9.
Pali BJTගුලිස්සානි සුත්තං
Sinhala BJTගුලිස්සානි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ගුලිස්සානි{1} නාම භික්ඛු ආරඤ්ඤකො{2} පදරසමාචාරො{3} සඞ්ඝමජ්ඣෙ ඔසටො හොති කෙනචිදෙව කරණීයෙන. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො ගුලිස්සානිං භික්ඛුං ආරබ්භ භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසනසේක. එසමයෙහි ආරණ්‍යක වූ ඖදාරික ආචාර ඇති ‘ගුලිස්සානි’ නම් මහණ කිසියම් කටයුත්තෙකින් සඟමැදට පැමිණියේ වෙයි. එහි දී ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගුලිස්සානි මහණහු අරභයා භික්‍ෂූන් ඇමැතූසේක:
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො{4}, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සබ්රහ්මචාරීසු සගාරවෙන භවිතබ්බං සප්පතිස්සෙන. සචෙ ආවුසො ආරඤ්ඤකො{2} භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො සබ්රහ්මචාරීසු අගාරවො හොති අප්පතිස්සො. තස්ස භවන්ති වත්තාරො: ‘කිම්පනිමස්ස ආයස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා සබ්රහ්මචාරීසු අගාරවො{5} අප්පතිස්සො’තිස්ස{6} භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සබ්රහ්මචාරීසු සගාරවෙන භවිතබ්බං සප්පතිස්සෙන.
Sinhala BJTඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව සහිත වූවකු ප්‍රතිෂ්ඨා සහිත වූවකු වියයුතු යි. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ සබ්‍රම්සරුන් කෙරෙහි අගෞරව ඇතියේ යටත් පැවැතුම් රහිත වූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට වෙනෙහි එකලා වැ සෛවරීවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් සබ්‍රම්සරුන් කෙරෙහි නො ගරු වූයේ යටත් පැවැතුම් නැතියේ වේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සබ්‍රම්සරුන් කෙරෙහි සගරු වූවකු යටත් පැවැතුම් ඇතියකු වියයුතු යි.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො{4} භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන ආසනකුසලෙන භවිතබ්බං ‘ඉති ථෙරෙ ච භික්ඛූ නානුපඛජ්ජ නිසීදිස්සාමි. නවෙ ච භික්ඛූ න ආසනෙන පටිබාහිස්සාමී’ති. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො න ආසනකුසලො{7} හොති. තස්ස භවන්ති වත්තාරො: ‘කිම්පනිමස්ස ආයස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා ආභිසමාචාරිකම්පි ධම්මං න ජානාතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන ආසනකුසලෙන භවිතබ්බං.
Sinhala BJTඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින්: “මෙසේ ස්ථවිර භික්‍ෂූන් ද නො ගටා හිඳින්නෙමි, නවකභික්‍ෂූන් ද ආසනයෙන් නො නෙරනෙමි”යි ආසනකුසල වූවකු වියයුතු යි. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණක මහණ ආසනකුසල නො වූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට එකලා වැ වෙනෙහි සෛවරීවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් ආභිසමාචාරික වත පවා නො දනී” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් ආසනකුසලයකු විය යුතු යි.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො{4} භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන නාතිකාලෙන ගාමො පවිසිතබ්බො. නාති දිවා පටික්කමිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො අතිකාලෙන ගාමං පවිසති. අතිදිවා{8} පටික්කමති. තස්ස භවන්ති වත්තාරො. කිම්පනිමස්ස ආයස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා අතිකාලෙන ගාමං පවිසති, අතිදිවා පටික්කමතී’තිස්ස{6} භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන නාතිකාලෙන ගාමො පවිසිතබ්බො. නාති දිවා පටික්කමිතබ්බං.
Sinhala BJTඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු ඉතා උදැසන ගම් නො වැදියයුතු යැ. ඉතා දහවල් වැ ගමින් නො නික්මියයුතු යැ. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ ඉතා උදැසන ගම් වදී ද, ඉතා දහවල් වැ පෙරළා යේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මෙ ආයුෂ්මත්හට එකලා වැ වනසෙනසුන්හි සෛවරීවිහරණයෙන් කිම? මෙ ආයුෂ්මත් ඉතා උදැසන ගම් වදී. ඉතා දහවල් වැ පෙරළා යේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු ඉතා උදැසන ගම් නො වැදියයුතු යැ. ඉතා දහවල් වැ පෙරළා නො යායුතු.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන න පුරෙභත්තං පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො{1} භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො පුරෙභත්තං පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජති, තස්ස භවන්ති වත්තාරො: අයන්නූනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන විහරතො විකාලචරියා බහුලීකතා, තමෙනං සඞ්ඝගතම්පි සමුදාචරතී’තිස්ස{2} භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන න පුරෙභත්තං පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිතබ්බං.
Sinhala BJTඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් පෙරබත්හි හෝ පසුබත්හි හෝ (නො පැවරූ) කුලයන්හි හැසිරීමට නො පැමිණියයුතු යැ. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ පෙරබත්හි හෝ පසුබත්හි හෝ නො පැවරූ කුලයන්හි සැරිසරා නම් ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හු එකලා වැ වෙනෙහි ස්වච්ඡන්‍ද විහාරයෙන් වාසය කරන්නහු විසින් ඒකාන්තයෙන් මේ විකාලචර්‍ය්‍යාව බහුලකරනලද, සඟමැදට ගියා වූ ද තුලුන් (එ විකාල චර්‍ය්‍යාව) මැඩගෙන සිටී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට ගියා වූ සඟමැද වාසය කරන ආරණ්‍යක මහණහු විසින් පෙරබත්හිදු පසුබත්හිදු කුලයන්හි හැසිරීමට නො පැමිණියයුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අනුද්ධතෙන භවිතබ්බං අචපලෙන. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො උද්ධතො හොති. චපලො තස්ස භවන්ති වත්තාරො: ‘ඉදන්නූනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන විහරතො උද්ධච්චං චාපල්යං බහුලීකතං, තමෙනං සඞ්ඝගතම්පි සමුදාචරතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අනුද්ධතෙන භවිතබ්බං අචපලෙන.
Sinhala BJTඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැදවසන ආරණ්‍යක මහණහු විසින් උඩඟු නො වූවකු චපල නො වූවකු වියයුතු යැ. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සඟමැදට පැමිණියේ සඟමැද වාසය කරනුයේ උද්ධත වූයේ චපල වූයේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හු එකලා වැ අරණ්‍යයෙහි ස්වෙච්ඡාවිහරණයෙන් වාසය කරන්නහු විසින් ඒකාන්තයෙන් මේ උඩඟු බව චපල බව බහුල කරනලද. සඟමැදට ගියා වූ ද තුලුන් (ඒ උඩඟු බව චපල බව) මැඩගෙන සිටී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු අනුද්ධත වූවකු අචපල වූවකු වියයුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අමුඛරෙන භවිතබ්බං අවිකිණ්ණවාචෙන. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො මුඛරො හොති විකිණ්ණවාචො. තස්ස භවන්ති වත්තාරො: ‘කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා මුඛරො විකිණ්ණවාචො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අමුඛරෙන භවිතබ්බං අවිකිණ්ණවාචෙන.
Sinhala BJTඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු දොඩමලු නො වූවකු නො විසිරුණු වචන ඇතියකු විය යුතු ය, ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ දොඩමලු වූයේ විසිරුණු වචන ඇතියේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හුගේ එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍ද විහරණයෙන් කිම? මේ ආයුෂ්මත් මුඛරයෙක විකිර්‍ණවචන ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් දොඩමලු නො වූවකු නො විසිරුණු වචන ඇත්තකු විය යුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සුබ්බචෙන{3} භවිතබ්බං කල්යාණමිත්තෙන. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො දුබ්බචො හොති පාපමිත්තො, තස්ස භවන්ති වත්තාරො: ‘කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන. යො අයමායස්මා දුබ්බචො පාපමිත්තොතිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සුබ්බචෙන{3} භවිතබ්බං කල්යාණමිත්තෙන.
Sinhala BJTඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සුවච වූවකු කලණමිතුරන් ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සඟමැදට ගියේ සඟමැද වසනුයේ දුර්වච වූයේ පාපමිත්‍රයන් ඇත්තේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් දුර්‍වචයෙක පාපමිත්‍රයන් ඇත්තෙකැ’යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු සඟමැදට ගියහු සඟමැද වසන්නහු සුවච වූවකු කලණමිතුරන් ඇතියකු වියයුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා ඉන්ද්රියෙසු ගුත්තද්වාරෙන භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු ඉන්ද්රියෙසු අගුත්තද්වාරො හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා ඉන්ද්රියෙසු අගුත්තද්වාරො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා ඉන්ද්රියෙසු ගුත්තද්වාරෙන භවිතබ්බං.
Sinhala BJTඇවැත්නි, ආරණ්‍යක මහණහු ඉඳුරන්හි පියූ දොර ඇතියකු වියයුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ ඉඳුරන්හි නො පියූ දොර ඇතියේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක වූවහුට එකලා වැ වෙනෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් ඉඳුරන්හි නො පියූ දොර ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු ඉඳුරන්හි පියූ දොර ඇතියකු වියයුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා භොජනෙ මත්තඤ්ඤුනා භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු භොජනෙ අමත්තඤ්ඤූ හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා භොජනෙ අමත්තඤ්ඤූ’තිස්ස{1} භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා භොජනෙ මත්තඤ්ඤුනා භවිතබ්බං.
Sinhala BJTඇවැත්නි, ආරණ්‍යක මහණහු භෝජනයෙහි පමණ දන්නකු වියයුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ භෝජනයෙහි මාත්‍රඥ නොවූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් භෝජනයෙහි මාත්‍රඥ නොවූයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් භෝජනයෙහි මාත්‍රඥ වූවකු විය යුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා ජාගරියං අනුයුත්තෙන භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු ජාගරියං අනනුයුත්තො හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා ජාගරියං අනනුයුත්තොතිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා ජාගරියං අනුයුත්තෙන භවිතබ්බං.
Sinhala BJTඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් නිදි දුරුකිරීමෙහි යෙදුණකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ නිදි දුරුකිරීමෙහි නො යෙදුණේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් නිදි දුරුකිරීමෙහි නො යෙදුණෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් මහණ නිදි වැරීමෙහි යෙදුණකු විය යුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා ආරද්ධවිරියෙන භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු කුසීතො හොති. තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා කුසීතො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා ආරද්ධවිරියෙන භවිතබ්බං.
Sinhala BJTඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් ආරබ්ධවීර්‍ය්‍ය ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ කුසීතයෙක් වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම, මේ කුසීතයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් ආරබ්ධවීර්‍ය්‍ය ඇතියකු විය යුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා උපට්ඨිතසතිනා{2} භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු මුට්ඨස්සති හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා මුට්ඨස්සතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා උපට්ඨිතසතිනා භවිතබ්බං.
Sinhala BJTඇවැත්නි, ආරණ්‍යක මහණහු එළැඹසිටි සිහි ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ මුළා සිහි ඇතියේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක හට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම, මේ ආයුෂ්මත් මුලාසිහි ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු එළැඹසිටි සිහි ඇතියකු විය යුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සමාහිතෙන භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු අසමාහිතො හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා අසමාහිතො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සමාහිතෙන භවිතබ්බං.
Sinhala BJTඇවැත්නි, ආරණ්‍යක මහණහු එකඟ කළ සිත් ඇත්තකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සමාධි රහිත වූයේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලාවැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් අසමාහිතයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු එකඟ කළ සිත් ඇතියකු විය යුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා පඤ්ඤවතා භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු දුප්පඤ්ඤො හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා දුප්පඤ්ඤො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා පඤ්ඤවතා භවිතබ්බං.
Sinhala BJTඇවැත්නි, ආරණ්‍යක මහණහු කටයුත්තෙහි උපායප්‍රඥායෙන් යුක්ත වූවකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ දුෂ්ප්‍රාඥ වේ ද එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු උපායප්‍රාඥ ඇත්තකු විය යුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො. සන්තාවුසො ආරඤ්ඤකං භික්ඛුං අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුච්ඡිතාරො. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො.
Sinhala BJTඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් අභිධර්‍මපිටකයෙහි ද විනයපිටකයෙහි ද පෙළ විසින් අටුවා විසින් යෝග කටයුතු ය. ඇවැත්නි, ආරණ්‍යක මහණහු අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියහෙයි ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කිය හේ” යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් අභිධර්‍මයෙහි අභිවිනයෙහි යෝග කටයුත්තේ යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තත්ථ යොගො කරණීයො. සන්තාවුසො ආරඤ්ඤකං භික්ඛුං යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තත්ථ පඤ්හං පුච්ඡිතාරො. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තත්ථ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තත්ථ පඤ්හං පුට්ඨො න සම්පායතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තත්ථ යොගො කරණීයො.
Sinhala BJTඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, එහි යෝග කටයුතු යැ. ඇවැත්නි, රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, එහිලා ආරණ්‍යක මහණහු පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ රූපසමාපත්තීන් ඉක්මසිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, එහිලා පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියා හේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක මහණහට එකලා වැ අරණ්‍යයෙහි ස්වෛරීවිහරණයෙන් කිම? රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, මේ ආයුෂ්මත් එහි ලා පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියහේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, එහි යෝග කටයුතු යැ.
Pali BJTආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා උත්තරිමනුස්සධම්මෙ යොගො කරණීයො. සන්තාවුසො ආරඤ්ඤකං භික්ඛුං උත්තරිමනුස්සධම්මෙ පඤ්හං පුච්ඡිතාරො. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු උත්තරිමනුස්සධම්මෙ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා යස්සත්ථාය පබ්බජිතො තමත්ථං න ජානාතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා උත්තරිමනුස්සධම්මෙ යොගො කරණීයොති.
Sinhala BJTඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් උතුරුමිනිස්දම්හි යෝග කටයුතු යැ. ඇවැත්නි, ආරණ්‍යක මහණහු උතුරුමිනිස්දම්හි පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ උතුරුමිනිස්දම්හි පැන පුළුවුස්නාලදුයේ සම්පාදනය කොට නො කියහේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “අරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට එකලා වැ අරණ්‍යයෙහි ස්වෙච්ඡාවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් යම් උතුරුමිනිස්දහමක් සඳහා පැවිදි වූයේ ද, ඒ අර්‍ත්‍ථය නොදනී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් උතුරුමිනිස්දම්හි යෝග කටයුතු යයි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: ආරඤ්ඤකෙනෙව නු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ඉමෙ ධම්මා සමාදාය වත්තිතබ්බා උදාහු ගාමන්තවිහාරිනාපීති. ආරඤ්ඤකෙනාපි ඛො ආවුසො මොග්ගල්ලාන භික්ඛුනා ඉමෙ ධම්මා සමාදාය වත්තිතබ්බා. පගෙව ගාමන්තවිහාරිනාති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මහාමෞද්ගගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ආරණ්‍යක මහණහු විසින් මැ මේ දහම්හු සමාදන් වැ ගෙන පැවැත්ත යුත්තාහු ද, නොහොත් ග්‍රාමාන්ත සෙනසුන්හි වසන මහණහු විසිනුදු සමාදන් වැ ගෙන වැටිය යුත්තාහු දැ”යි. ඇවැත්නි මෞද්ගගල්‍යායනයෙනි, ආරණ්‍යක මහණහුදු විසින් මේ දහම්හු සමාදන් වැ ගෙන වැටිය යුත්තාහ. ග්‍රාමාන්තවිහාරී මහණහු විසින් කියනු කිමැ”යි.
Pali BJTගුලිස්සානි සුත්තං නවමං.
Sinhala BJTනව වැනි ගුලිස්සානි සූත්‍ර යි.
Pali BJT2. 2. 10.
Sinhala BJT2. 2. 10.
Pali BJTකීටාගිරි සුත්තං
Sinhala BJTකීටාගිරි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා කාසීසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: අහං ඛො භික්ඛවෙ, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජාමි. අඤ්ඤත්ර ඛො පනාහං භික්ඛවෙ, රත්තිභොජනා භුඤ්ජමානො අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ තුම්හෙපි භික්ඛවෙ අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජථ. අඤ්ඤත්ර ඛො පන භික්ඛවෙ, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. එවම්භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. අථ ඛො භගවා කාසීසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කීටාගිරි නාම කාසීනං නිගමො තදවසරි. තත්ර සුදං භගවා කීටාගිරිස්මිං විහරති කාසීනං නිගමෙ.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ මහත් වූ සඟපිරිස් පිරිවරා කාසිජනපදයෙහි සැරි සරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූසේක: “මහණෙනි, මම් වූකලි රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳමි. මහණෙනි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන මම නීරෝග බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දනිමි. එව, තෙපිදු මහණෙනි, රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳවු. මහණෙනි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දැනගන්නවු යැ. ඒ මහණහු ‘එසේ යැ වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් කසී දනවුවෙහි සැරිසරනසේක් කීටාගිරි නම් වූ කසී දනවු වැසියන්ගේ නියම්ගමට පිළිපන්සේක. භාග්‍යවතුන් වහන්සේ කසීරටවැසියන්ගේ කීටාගිරි නම් වූ නියම්ගම්හි වාසය කරනසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අස්සජිපුනබ්බසුකා නාම භික්ඛූ කීටාගිරිස්මිං ආවාසිකා හොන්ති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොචුං: භගවා ඛො ආවුසො, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජති භික්ඛුසඞ්ඝො ච. අඤ්ඤත්ර ඛො පනාවුසො, රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානන්ති අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ තුම්හෙපි ආවුසො, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජථ. අඤ්ඤත්ර ඛො පනාවුසො, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ, අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. එවං වුත්තෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙ භික්ඛූ එතදවොචුං: ‘මයං ඛො ආවුසො, සායඤ්චෙව භුඤ්ජාම පාතො ච දිවා ච විකාලෙ. තෙ මයං සායඤ්චෙව භුඤ්ජමානා පාතො ච දිවා ච විකාලෙ අප්පාබාධතඤ්ච සඤ්ජානාම අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. තෙ මයං කිං සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිස්සාම, සායඤ්චෙව මයං භුඤ්ජිස්සාම පාතො ච දිවා ච විකාලෙ’ති. යතො ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ සඤ්ඤාපෙතුං, අථ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං.
Sinhala BJTඑසමයෙහි අස්සජි යැ පුනබ්බසුක යැ යන නම් ඇති මහණහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙති. එකල්හි බොහෝ භික්‍ෂූහු අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් වෙත එළඹියාහු යැ. එළඹ අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට තෙල පවත් දැන්වූහ: “ඇවැත්නි, බුදුහු රාත්‍රිභෝජන හැරපියා මැ වළඳති, භික්‍ෂූසඞ්‍ඝ තෙමේ ද රාත්‍රිභෝජනය හැරපියා වළඳයි. ඇවැත්නි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නාහු නීරෝග බව ද නිදුක්බව ද සැහැල්ලු පැවැත්ම ද සුවවිහරණය ද දැනගන්නාහ. එව, ඇවැත්නි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳවු. රාත්‍රිභෝජනය හැරපියා වළඳන තෙපිදු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුවවිහරණය ද දැනගන්නවු යැ. මෙසේ කී කල්හි අස්සජිපුනබ්බසුක මහණහු ඒ භික්‍ෂූන්ට තෙල වදන් කීහු: “ඇවැත්නි, ඇපි සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳම්හ. ඒ සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳන ඇපි නිරාබාධ බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දනුම්හ. අපි සාංදෘෂ්ටික වූ අනුසස් හැරපියා මතුලැබිය යුතු අනුසසට කුමක් හෙයින් දුවමෝ ද ඇපි සවස්හිදු උදෑසනදු දහවල් විකාලයෙහිදු වළඳම්හ”යි. යම් හෙයෙකින් ඒ භික්‍ෂූහු අස්සජිපුනබ්බසුක මහණුන් ගිවිස්වාලන්නට නො හැකි වූවාහු ද එකල්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස් වැ හුන්නාහු තෙල පවත් දැන්වූහ.
Pali BJTඉධ මයං භන්තෙ යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොචුම්හ: ‘භගවා ඛො ආවුසො, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජති ..... පෙ..... ඵාසුවිහාරඤ්චා’ති. එවං වුත්තෙ භන්තෙ, අස්සජිපුනබ්බසුකා භික්ඛූ අම්හෙ එතදවොචුං: ‘මයං ඛො ආවුසො, ..... පෙ..... දිවා ච විකාලෙ’ති. යතො ඛො මයං භන්තෙ, නාසක්ඛිම්හ අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ සඤ්ඤාපෙතුං. අථ මයං එතමත්ථ භගවතො ආරොචෙමා”ති.
Sinhala BJT“වහන්ස, අපි මේ කීටාගිරියෙහි අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් වෙත එළඹ අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට තෙල පවත් දැන්වූම්හ: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ රාත්‍රි භෝජනය හැරපියා මැ වළඳන සේක ... සුවවිහරණය ද දන්නාසේකැ’යි. වහන්ස, මෙසේ කීකල්හි අස්සජිපුනබ්බසුක මහණහු අපට තෙල පවත් කීහ: “ඇවැත්නි, ඇපි වූකලි ... දහවල්හිදු විකාලයෙහි වළඳම්හ’යි. වහන්ස, යම් හෙයකින් අපි අස්සජිපුනබ්බසුක මහණුන් ගිවිස්වාලන්නට නො හැකි වූවමෝ ද, එකල්හි ඇපි තෙල පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකරම්හ’යි.
Pali BJTඅථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: ‘එහි ත්වං භික්ඛු, මම වචනෙන අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ ආමන්තෙහි, සත්ථායස්මන්තෙ ආමන්තෙතී’ති. එවම්භන්තෙති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොච: ‘සත්ථායස්මන්තෙ ආමන්තෙතී’ති. එවමාවුසොති ඛො අස්සජිපුනබ්බසුකා භික්ඛූ තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ භගවා එතදවොච,
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු ඇමැතූසේක: “එව මහණ, තෙපි මාගේ බසින් ‘ශාස්තෘහු ආයුෂ්මත් කැඳවාලතී’ අස්සජිපුනබ්බසුක මහණුන් කැඳවාලව”යි වදාළසේක. ‘එසේ යැ වහන්සැ’යි එ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී අස්සජිපුනබ්බසුක මහණුන් කරා එළඹ අස්සජිපුනබ්බසුක මහණුන්ට ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවනසේකැ’යි මෙ පවත් කීහ. ‘එසේ යැ ඇවැත්නි’යි අස්සජිපුනබ්බසුක භික්‍ෂූහු එ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් අස්සජිපුනබ්බසුක මහණුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
Pali BJT‘සච්චං කිර භික්ඛවෙ, සම්බහුලා භික්ඛූ තුම්හෙ උපසඞ්කමිත්වා එතදවොචුං: භගවා ඛො ආවුසො අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජති භික්ඛුසඞ්ඝො ච. අඤ්ඤත්ර ඛො පනාවුසො, රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානන්ති අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච, එථ තුම්හෙපි ආවුසො, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජථ, අඤ්ඤත්ර ඛො පනාවුසො, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. එවං වුත්තෙ කිර භික්ඛවෙ, තුම්හෙ තෙ භික්ඛූ එවං අවචුත්ථ: ‘මයං ඛො ආවුසො, සායඤ්චෙව භුඤ්ජාම පාතො ච දිවා ච විකාලෙ, තෙ මයං සායඤ්චෙව භුඤ්ජමානා පාතො ච දිවා ච විකාලෙ, අප්පාබාධතඤ්ච සඤ්ජානාම අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච, තෙ මයං කිං සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිස්සාම, සායඤ්චෙව මයං භුඤ්ජිස්සාම පාතො ච දිවා ච විකාලෙ’ති. එවම්භන්තෙ.
Sinhala BJTසැබෑද මහණෙනි, බොහෝ භික්‍ෂූහු තොප කරා එළඹ තෙල කීවාහු ඇපි ද: “ඇවැත්නි, භාග්‍යවත්හු රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳති, භික්‍ෂූසඞ්‍ඝයා ද රාත්‍රිභෝජනය හැරපියා වළඳයි. තවද ඇවැත්නි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නාහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දන්නාහ. එව ඇවැත්නි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳව. ඇවැත්නි, තෙපිදු රාත්‍රිභෝජනය වළඳන්නාහු නීරෝග බව ද, නිදුක් බව ද, සැහැල්ලු පැවැතුම් ද, කායබලය ද, සුවවිහරණය ද දනිවු” යයි. මෙසේ කී කල්හි මහණෙනි, තෙපි ඒ භික්‍ෂූන්ට ඇවැත්නි, අපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳම්හ. ඇපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳන්නමෝ නිරාබාධ බව ද නිරාතඞ්ක බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුඛවිහරණය ද දනුම්හ. අපි කුමක් හෙයින් සාන්දෘෂ්ටික වූ සුවය හැරපියා කාලික වූ සුවය අනුධාවනය කරමෝ ද අපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳම්හ’යි මෙසේ කීවහු දැ”යි, එසේ යැ වහන්ස.
Pali BJTකින්නු මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තස්ස අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. නො’හෙතං භන්තෙ. නනු මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ, ‘ඉධෙකච්චස්ස යං එවරූපං සුඛං වෙදනං වෙදියතො{1} අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. ඉධ පනෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදියතො{1} අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො{1} අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. ඉධ පනෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඉධ පනෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්තීති එවම්භන්තෙ.
Sinhala BJTකිම මහණෙනි, තෙපි මෙසේ දහම් දෙසනලද විරූ දන්නවු ද? “මේ පුරුෂපුද්ගල යම්කිසි සුවයක් හෝ දුකක් හෝ නො දුක් නො සුවයක් හෝ විඳී ද, ඔහුට අකුසල් දහම්හු පිරිහෙති, කුසල්දහම්හු වැඩෙති”යයි. වහන්ස, තෙල නැත් මැ යැ. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසනලද විරූ දන්නහු නො ද? මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල් දහම්හු වැඩෙති, කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වු සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල දහම්හු පිරිහෙති, කුසල් දහම්හු වැඩෙත්. මෙලොවැ මෙබඳු දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු වැඩෙති, කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල් දහම්හු පිරිහෙති, කුසල් දහම්හු වැඩෙත්. මෙලොවැ මෙබඳු වූ නො දුක් නො සුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු වැඩෙති. කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වූ නො දුක් නො සුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති. කුසලදහම්හු වැඩෙත්”යයි. එසේ යැ වහන්ස.
Pali BJTසාධු භික්ඛවෙ, මයා’චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදියතො අකුසලාධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්තීති. එවමහං අජානන්තො ‘එවරූපං සුඛං වෙදනං පජහථා’ති වදෙය්යං, අපි නු මෙ එතං භික්ඛවෙ පතිරූපං අභවිස්සා’ති. නො හෙතං භන්තෙ, යස්මා ච ඛො එතං භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. තස්මාහං ‘එවරූපං සුඛං වෙදනං පජහථා’ති වදාමි.
Sinhala BJTමැනැවැ මහණෙනි. මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසිනු දු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නාවූ මම මෙබඳු වූ සුඛ වේදනාව හැරපියව’යි කියම් නම්, මහණෙනි, තෙල මට කිම් අනුරූප වන්නේ දැ’යි? වහන්ස, තෙල නො වේ මැ යැ. මහණෙනි, යම් හෙයෙකින් “මෙලොවැ මෙබඳු සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරන ලද දක්නා ලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ සුඛ වේදනාව හැරපියව’යි කියමි.
Pali BJTමයා’චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. එවමහං අජානන්තො ‘එවරූපං සුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්යං. අපි නු මෙ එතං භික්ඛවෙ, පතිරූපං අභවිස්සාති. නො හෙතං භන්තෙ. ‘යස්මා ච ඛො එතං භික්ඛවෙ මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. තස්මාහං එවරූපං සුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.
Sinhala BJTමහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසිනුදු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම් මෙබඳු වූ සුඛවේදනාව උපදවා වාස කරව”යි කියම් නම් මහණෙනි, තෙල මට කිම අනුරූප වන්නේ දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ සුඛවේදනාව උපදවා වාස කරව’යි කියමි.
Pali BJTමයා’චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. එවමහං අජානන්තො ‘එවරූපං දුක්ඛං වෙදනං පජහථා’ති වදෙය්යං, අපි නු මෙ එතං භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’ති. නො’හෙතං භන්තෙ. යස්මා ච ඛො එතං භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති, තස්මාහං එවරූපං දුක්ඛං වෙදනං පජහථාති වදාමි.
Sinhala BJTතවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති. කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ දුඃඛවේදනාව හැරපියව’යි කියම් නම්, කීම මහණෙනි, තෙල මට නිසිවන්නේ දැ’යි? වහන්ස, නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු දුක්ඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල දහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ දුඃඛවේදනාව හැරපියව’යි කියමි.
Pali BJTමයා’චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. එවමහං අජානන්තො ‘එවරූපං දුක්ඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්යං ‘අපි නු මෙ එතං භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’ති. නො හෙතම්භන්තෙ, යස්මා ච ඛො එතං භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය: ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. තස්මාහං ‘එවරූපං දුක්ඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.
Sinhala BJTතවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසිනුදු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම්, මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ දුඃඛවේදනාව උපදවා වාස කරව”යි කියම් නම්, මහණෙනි, කිම තෙල මට නිසි වන්නේ දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන මේ කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ දුඃඛවේදනාව උපදවා වාස කරව’යි කියමි.
Pali BJTමයා චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. එවමහං අජානන්තො එවරූපං අදුක්ඛමසුඛං වෙදනං පජහථා’ති වදෙය්යං. අපි නු මෙ එතං භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’ති. නො හෙතම්භන්තෙ. යස්මා ච ඛො එතං භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය: ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්තී’ති. තස්මාහං එවරූපං අදුක්ඛමසුඛං වෙදනං පජහථා’ති වදාමි.
Sinhala BJTතවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නාවූ මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව හැරපියව’යි කියම් නම්, කීම මහණෙනි, තෙල මට නිසි වේ දැ’යි? වහන්ස, නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුවවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන මේ කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව හැරපියව’යි කියමි.
Pali BJTමයා චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. එවමහං අජානන්තො එවරූපං අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්යං අපි නු මෙ එතං භික්ඛවෙ, පතිරූපං අභවිස්සාති. නො හෙතං භන්තෙ. යස්මා ච ඛො එතං භික්ඛවෙ මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, තස්මාහං එවරූපං අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.
Sinhala BJTතවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව උපදවා වාස කරව’යි කියම් නම්, කිම මහණෙනි, තෙල මට නිසි වන්නේ දැ’යි? වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන මෙ තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව උපදවා වාසය කරව’යි කියමි.
Pali BJTනාහං භික්ඛවෙ, සබ්බෙසංයෙව භික්ඛූනං අප්පමාදෙන කරණීයන්ති වදාමි. න පනාහං භික්ඛවෙ, සබ්බෙසංයෙව භික්ඛූනං නාප්පමාදෙන කරණීයන්ති වදාමි. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤා විමුත්තා. තථාරූපානාහං භික්ඛවෙ, භික්ඛූනං නාප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: කතං තෙසං අප්පමාදෙන අභබ්බා තෙ පමජ්ජිතුං.
Sinhala BJTමහණෙනි, මම් හැම මහණුන් විසින් මැ අප්‍රමාදයෙන් කෘත්‍යය කටයුතු යැයි නො කියමි. එතෙකුදුවත් මහණෙනි, මම හැම මහණුන් විසින් මැ අප්‍රමාදයෙන් නො කටයුතු යැ යි නො කියමි. මහණෙනි, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ මඟබඹසර ඇති සිවුමඟින් කළ කිස ඇති බහා තැබූ ස්කන්‍ධාදි බර ඇති රහත් බවට පැමිණි ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් වෙත් ද මහණෙනි, මම් එබඳු මහණුන්ට අප්‍රමාදයෙන් කටයුතු යැ යි නො කියමි. ඒ කවරහෙයින යත්: ඔවුන් විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරනලද. ඔහු පමා වන්නට නො නිස්සහ.
Pali BJTයෙ ච ඛො තෙ භික්ඛවෙ, භික්ඛූ සෙක්ඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති. තථාරූපානාහං භික්ඛවෙ, භික්ඛූනං අප්පමාදෙන කරණීය’න්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාමිමෙ ආයස්මන්තො අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානා කල්යාණමිත්තෙ භජමානා ඉන්ද්රියානි සමන්නානයමානා යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යු’න්ති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමෙසං භික්ඛූනං අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
Sinhala BJTතවද මහණෙනි, ශෛක්‍ෂ වූ අර්‍හත්‍වයට නො පැමිණි සිත් ඇති යම් මහණ කෙනෙක් අනුත්තර වූ යෝගක්‍ෂේමය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් වාසය කෙරෙත් ද, මහණෙනි, මම එබඳු මහණුන් විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැයි කියමි. ඒ කවරහෙයින යත්: “මේ ආයුෂ්මත්හු අනුලොම් වූ සෙනසුන් සේවනය කරන්නාහු කල්‍යාණමිත්‍රයන් භජනය කරන්නාහු ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් සම කෙරෙමින් යමක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම පැවිදි වෙත් ද ඒ අනුත්තර වූ බඹසරවස් කෙළවර ආර්‍ය්‍යඵලය ඉහාත්මයෙහි මැ උත්තමප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරන්නාහු නම් මැනැවැ” යි. මහණෙනි, මම මේ මහණුන්ට මේ අප්‍රමාදඵලය දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
Pali BJTසත්තිමෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ සත්ත: උභතොභාගවිමුත්තො පඤ්ඤාවිමුත්තො කායසක්ඛි දිට්ඨප්පත්තො{1} සද්ධාවිමුත්තො ධම්මානුසාරී සද්ධානුසාරී.
Sinhala BJTමහණෙනි, මේ ලෝකයෙහි විද්‍යමාන වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් ඇත. කවර සත් දෙනෙක යත්: උභාතොභාග විමුක්ත යැ ප්‍රඥාවිමුක්ත යැ කායසාක්‍ෂි යැ දෘෂ්ටිප්‍රාප්ත යැ ශ්‍රද්ධාවිමුක්ත යැ ධර්‍මානුසාරී යැ ශ්‍රද්ධානුසාරී යැ යන සත් දෙනා යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො උභතොභාගවිමුත්තො: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ කායෙන ඵස්සිත්වා{2} විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො උභතොභාගවිමුත්තො. ඉමස්ස ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො න අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: කතං තස්ස අප්පමාදෙන. අභබ්බො සො පමජ්ජිතුං.
Sinhala BJTමහණෙනි, උභතෝභාගවිමුක්තපුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඒ විමෝක්‍ෂයන් නාමකයින් ස්පර්‍ශ කොට වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු ආර්‍ය්‍යසත්‍යයන් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද වෙති. මහණෙනි, මේ පුද්ගල උභාතොභාගවිමුක්ත යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට මම අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි නො කියමි. ඒ කවර හෙයින යත්: ඔහු විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරන ලද, හේ පමා වන්නට නො නිස්ස.
Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො පඤ්ඤාවිමුත්තො: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා{1} විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො පඤ්ඤාවිමුත්තො. ඉමස්සපි ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො න අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: කතං තස්ස අප්පමාදෙන, අභබ්බො සො පමජ්ජිතුං.
Sinhala BJTමහණෙනි, ප්‍රඥාවිමුක්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇත් ද ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට නො වෙසෙයි. එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් ආර්‍ය්‍යසත්‍යයන් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද වෙති. මහණෙනි, මේ පුද්ගල ප්‍රඥාවිමුක්ත යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි නො කියමි. ඒ කවරහෙයින යත්: ඔහු විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරනලද, හේ පමදින්නට නො අභව්‍ය යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො කායසක්ඛී: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා{1} විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො කායසක්ඛි. ඉමස්ස ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, කායසාක්‍ෂි පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකායයෙන් ස්පර්‍ශ කොට වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු ආර්‍ය්‍යසත්‍යයන් දැක ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරනලද වෙති. මහණෙනි, මේ පුද්ගල කායසාක්‍ෂි යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාදයෙන් කටයුතු කළයුතු යයි කියමි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ශ්‍රද්ධාදිඉන්‍ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ උත්තම ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැ’යි . මහණෙනි, මම මේ මහණහට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො දිට්ඨප්පත්තො{2}, ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා{1} විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො දිට්ඨප්පත්තො{2}. ඉමස්සපි ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, දෘෂ්ටිප්‍රාප්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට නො වෙසෙයි. එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් ආර්‍ය්‍යසත්‍යයන් දැක ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරනලද වෙති. ඔහු විසින් තථාගතප්පවේදිත ධර්‍මයෝ ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද මොනොවට සරනලද වෙති. මහණෙනි, මේ පුද්ගල දෘෂ්ටිප්‍රාප්ත යැ යි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කල්‍යාණමිත්‍රයන් භජනය කෙරෙමින් ඉන්‍ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැ’යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාදඵලය දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො සද්ධාවිමුත්තො: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා{1} විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. තථාගතෙ චස්ස සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො සද්ධාවිමුත්තො. ඉමස්සපි ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා
Sinhala BJTමහණෙනි, ශ්‍රද්ධාවිමුක්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට වාසය නො කෙරෙයි. ඔහු විසින් ප්‍රඥායෙන් ද සිව්සස් දැක ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරනලද වෙති. තථාගතයන් කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව ද බැසගත්තී හටගත්මුල් ඇති වැ පිහිටියා වෙයි. මහණෙනි, මේ පුද්ගල ශ්‍රද්ධාවිමුක්ත යැ යි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින්
Pali BJTඅනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
Sinhala BJTකලණමිතුරන් භජනය කෙරෙමින් ඉන්‍ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ මඟබඹසර කෙළෙවර වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තම ප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි කියමි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පුග්ගලො ධම්මානුසාරී: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා අපරික්ඛීණා{1} හොන්ති, තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති, සෙය්යථිදං: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො ධම්මානුසාරී. ඉමස්සපි ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, ධර්‍මානුසාරී පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට වාසය නො කෙරෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු සිව්සස් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු නො වෙති. තථාගතප්‍රවිදිත වූ ධර්‍මයෝ ද ප්‍රඥායෙන් අවධි වශයෙන් වටහත්. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙති. හෙ මෙසේ යැ: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධින්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මේ පුද්ගල ධර්‍මානුසාරී යැ යි කියනු ලැබේ. මහණෙනි, මම මේ මහණහු විසිනුදු අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවන කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ඉන්‍ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි කියමි.