Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච: ධාරෙථ නො තුම්හෙ භික්ඛවෙ, මයා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානීති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද. එක් කලෙක බුදුහු සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී බුදුහු ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, තෙපි මා විසින් දෙසූ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ධරවු දැ?”යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා මාලුඞ්ක්යපුත්තො භගවන්තං එතදවොච: ‘අහං ඛො භන්තෙ ධාරෙමි භගවතා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානී’ති. යථා කථං පන ත්වං මාලුඞ්ක්යපුත්ත, ධාරෙසි මයා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානී’ති. සක්කායදිට්ඨිං ඛො අහං භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි. විචිකිච්ඡං ඛො අහං භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි. සීලබ්බතපරාමාසං ඛො අහං භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි, කාමච්ඡන්දං ඛො අහං භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි, බ්යාපාදං ඛො අහං භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි. එවං ඛො අහං භන්තෙ, ධාරෙමි භගවතා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, මම භාග්‍යවතුන් වදාළ පඤ්චෝරම්භාගිය සංයෝජන දරමි”යි. “මාලුඞ්ක්‍යපුත්‍රය, කිසෙයින් තෙපි මා කී පඤ්චෝරම්භාගිය සංයෝජන ධරවු දැ?”යි. “වහන්ස, මම ‘සක්කායදිට්ඨිය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස මම ‘විචිකිච්ඡාව’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘සීලබ්බතපරාමාස’ය බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘කාමච්ඡන්‍දය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘ව්‍යාපාදය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම මෙසෙයින් බුදුන් වදාළ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් දරමි’යි කීහ.
Pali BJTකස්ස ඛො නාම ත්වං මාලුඞ්ක්යපුත්ත, මයා එවං පඤ්චොරම්භාගියානි සංයොජනානි දෙසිතානි ධාරෙසි. නනු මාලුඞ්ක්යපුත්ත, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඉමිනා තරුණූපමෙන උපාරම්භෙන උපාරම්භිස්සන්ති. දහරස්ස හි මාලුඞ්ක්යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස සක්කායොතිපි න හොති. කුතො පනස්ස උප්පජ්ජිස්සති සක්කායදිට්ඨි. අනුසෙතිත්වෙවස්ස සක්කායදිට්ඨානුසයො.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, තෙපි මා විසින් මෙසේ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් කවරක්හට දෙසනලදැ’යි ධරවු ද? මාලුඞ්ක්‍යපුත්‍රය, අන්තොටු පිරිවැජියෝ මේ තරුණොපමා උපාරම්භ (නින්‍දාපූර්‍වකදෝෂාරෝපණ) යෙන් උපාරම්භ කරන්නාහු නො වෙත් ද? “මාලුඞ්ක්‍යපුත්‍රය, උඩුහුරු වැ හෝනා වූ මුග්ධ වූ ළදරු කුමරුහට ‘සක්කාය’ යයි ද දැනුමෙක් නො වෙයි. ඕහට වැළිත් සත්කායදෘෂ්ටියෙක් කොයින් උපදනේ ද ඔහුට සත්කාය දෘෂ්ටි අනුශය වේ මැ යි.
Pali BJTදහරස්ස හි මාලුඞ්ක්යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස ධම්මාතිපි න හොති. කුතො පනස්ස උප්පජ්ජිස්සති ධම්මෙසු විචිකිච්ඡා, අනුසෙතිත්වෙවස්ස විචිකිච්ඡානුසයො.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘ධර්‍මය’ යන සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් ධර්‍මයෙහි විචිකිත්සායෙක් කොයින් උපදනේ ද? ඕහට විචිකිත්සානුශය තෙමේ අනුශය වේ මැ යි.
Pali BJTදහරස්ස හි මාලුඞ්ක්යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස සීලාතිපි න හොති. කුතො පනස්ස උප්පජ්ජිස්සති සීලෙසු සීලබ්බතපරාමාසො. අනුසෙතිත්වෙවස්ස සීලබ්බතපරාමාසානුසයො.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘ශීල’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් ශීලයෙහි ශීලව්‍රතපරාමර්‍ශයෙක් කොයින් උපදනේ ද? ඕහට ශීලව්‍රතපරාමර්‍ශය තෙමේ අනුශය වේ මැ යැ.
Pali BJTදහරස්ස හි මාලුඞ්ක්යපුත්ත කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස කාමාතිපි න හොති. කුතො පනස්ස උප්පජ්ජිස්සති කාමෙසු කාමච්ඡන්දො, අනුසෙතිත්වෙවස්ස කාමරාගානුසයො.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘කාම’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් කාමයෙහි කාමච්‍ඡන්‍දය කොයින් උපදනේ ද? ඕහට කාමරාගානුශය තෙමේ අනුශය වේ මැ යැ.
Pali BJTදහරස්ස හි මාලුඞ්ක්යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස සත්තාතිපි න හොති, කුතො පනස්ස උප්පජ්ජිස්සති සත්තෙසු බ්යාපාදො, අනුසෙතිත්වෙවස්ස බ්යාපාදානුසයො. නනු මාලුඞ්ක්යපුත්ත, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඉමිනා තරුණූපමෙන උපාරම්භෙන උපාරම්භිස්සන්තීති.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘සත්ත්‍ව’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් සත්ත්‍වයන් කෙරෙහි ව්‍යාපාදයෙක් කොයින් උපදනේ ද? ඕහට ව්‍යාපාදානුශය තෙමේ අනුශය වේ මැ යි. මාලුඞ්ක්‍යපුත්‍රය, අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ මේ තරුණොපමඋපාරම්භයෙන් උපාරම්භ කරන්නාහු නො වෙත් දැ’යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා පඤ්චොරම්භාගියානි සංයොජනානි දෙසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති. තෙන හානන්ද සුණාහි සාධුකං මනසි කරොහි භාසිස්සාමීති. එවං භන්තෙති, ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කී හ: “භාග්‍යවතුන් වහන්ස, යම් හෙයෙකින් බුදුහු පඤ්චඕරම්භාගියසංයෝජනයන් දෙසනසේක් නම් භාග්‍යවතුන් වහන්ස, එයට කලි. සුගතයන් වහන්ස, එයට කලි. භාග්‍යවතුන්ගේ දේශනාව අසා භික්‍ෂූහු ධරත්” යයි. එසේ වී නම් ආනන්‍දයෙනි. අසව මොනොවට මෙනෙහි කරව, වදාරමි’යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළහ.
Pali BJTඉධානන්ද, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, සක්කායදිට්ඨිපරියුට්ඨිතෙන චෙතසා විහරති සක්කායදිට්ඨිපරෙතෙන, උප්පන්නාය ච සක්කායදිට්ඨියා නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සා සක්කායදිට්ඨි ථාමගතා අප්පටිවිනීතා ඔරම්භාගියං සංයොජනං, විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සා විචිකිච්ඡා ථාමගතා අප්පටිවිනීතා ඔරම්භාගියං සඤ්ඤොජනං. සීලබ්බතපරාමාසපරියුට්ඨිතෙන චෙතසා විහරති සීලබ්බතපරාමාසපරෙතෙන, උප්පන්නස්ස ච සීලබ්බතපරාමාසස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සො සීලබ්බතපරාමාසො ථාමගතො අප්පටිවිනීතො ඔරම්භාගියං සංයොජනං. කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, තස්ස සො කාමරාගො ථාමගතො අප්පටිවිනීතො ඔරම්භාගියං සංයොජනං. බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, තස්ස සො බ්යාපාදො ථාමගතො අප්පටිවිනීතො ඔරම්භාගියං සංයොජනං.
Sinhala BJTආනන්‍දයෙනි, මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණේ සත්කායදෘෂ්ටියෙන් මඩනාලද සත්කායදෘෂ්ටිය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් සත්කාය දෘෂ්ටියගේ ද නිස්සරණය (නිවන) ඇති සැටියෙන් නො දනි. ඕහට සත්කායදෘෂ්ටිය ස්ථිර බවට ගියා නො බැහැර කළා ඕරම්භාගිය සංයෝජන වෙයි. විචිකිත්සායෙන් මඩනාලද විචිකිත්සාව අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් විචිකිත්සාවගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ විචිකිත්සාව ස්ථිර බවට ගියා නො බැහැර කළා ඕරම්භාගියසංයෝජන වෙයි. ශීලව්‍රතපරාමර්‍ශයෙන් මඩනාලද ශීලව්‍රතපරාමර්‍ශය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ශීලව්‍රතපරාමර්‍ශයා ගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ ශීලව්‍රතපරාමර්‍ශය තෙමේ ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වෙයි. කාමරාගයෙන් මඩනාලද කාමරාගය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් කාමරාගයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ කාමරාගය ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වෙයි. ව්‍යාපාදයෙන් මඩනාලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්‍යාපාදයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ ව්‍යාපාදය ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වේ.
Pali BJTසුතවා ච ඛො ආනන්ද අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො, න සක්කායදිට්ඨිපරියුට්ඨිතෙන චෙතසා විහරති න සක්කායදිට්ඨිපරෙතෙන, උප්පන්නාය ච සක්කායදිට්ඨියා නිස්සරණං යථාභූතං පජානාති, තස්ස සා සක්කායදිට්ඨි සානුසයා පහීයති{1}.
Sinhala BJTතවද ආනන්‍දයෙනි, ශ්‍රැතවත් වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් දක්නේ ආර්‍ය්‍යධර්‍මයට නිපුණ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි මොනොවට හික්මුණේ සත්පුරුෂයන් දක්නේ සත්පුරුෂධර්‍මයට නිපුණ වූයේ සත්පුරුෂධර්‍මයෙහි මොනොවට හික්මුණේ සත්කායදෘෂ්ටියෙන් නො මඩනාලද සත්කායදෘෂ්ටි අනුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් සත්කායදෘෂ්ටියගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනියි. ඕහට ඒ සත්කායදෘෂ්ටිය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.
Pali BJTන විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡාපරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති. තස්ස සා විචිකිච්ඡා සානුසයා පහීයති.{1}
Sinhala BJTවිචිකිත්සායෙන් නො මඩනාලද විචිකිත්සාව අනුව නො ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් විචිකිත්සාවගේ ද නිස්සරණය ඇති සැටියෙන් දකි. ඕහට ඒ විචිකිත්සාව අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.
Pali BJTන සීලබ්බතපරාමාසපරියුට්ඨිතෙන චෙතසා විහරති න සීලබ්බතපරාමාසපරෙතෙන, උප්පන්නස්ස ච සීලබ්බතපරාමාසස්ස නිස්සරණං යථාභූතං පජානාති, තස්ස සො සීලබ්බතපරාමාසො සානුසයො පහීයති.{1}
Sinhala BJTශීලව්‍රතපරාමර්‍ශයෙන් නො මඩනාලද ශීලව්‍රතපරාමර්‍ශානුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ශීලව්‍රතපරාමර්‍ශයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ ශීලව්‍රතපරාමර්‍ශය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.
Pali BJTන කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති, තස්ස සො කාමරාගො සානුසයො පහීයති.{1}
Sinhala BJTකාමරාගයෙන් නො මඩනාලද, කාමරාගානුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් කාමරාගයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ කාමරාගය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.
Pali BJTන බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති න බ්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං පජානාති, තස්ස සො බ්යාපාදො සානුසයො පහීයති.{1}
Sinhala BJTව්‍යාපාදයෙන් නො මඩනාලද ව්‍යාපාදය අනුව නො ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්‍යාපාදයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ ව්‍යාපාදය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.
Pali BJTයො ආනන්ද, මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය, තං මග්ගං තං පටිපදං අනාගම්ම පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි ඤස්සති වා දක්ඛිති{1}, වා පජහිස්සති{2} වාති නෙතං ඨානං විජ්ජති. සෙය්යථාපි ආනන්ද, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො තචං අච්ඡෙත්වා ඵෙග්ගුං අච්ඡෙත්වා සාරච්ඡෙදො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. එවමෙව ඛො ආනන්ද, යො මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය තං මග්ගං තං පටිපදං අනාගම්ම පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි ඤස්සති වා දක්ඛිති{1} වා පජහිස්සති වාති නෙතං ඨානං විජ්ජති. යො ච ඛො ආනන්ද, මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය තං මග්ගං තං පටිපදං ආගම්ම පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි ඤස්සති වා දක්ඛිති{1} වා පජහිස්සති වාති ඨානමෙතං විජ්ජති. සෙය්යථාපි ආනන්ද, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො තචං ඡෙත්වා ඵෙග්ගුං ඡෙත්වා සාරච්ඡෙදො භවිස්සතීති ඨානමෙතං විජ්ජති එවමෙව ඛො ආනන්ද, යො මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය තං මග්ගං තං පටිපදං ආගම්ම පඤ්චොරම්භාගියානි සංයොජනානි ඤස්සති වා දක්ඛිති වා පජහිස්සති වාති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTආනන්‍දය, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මාර්‍ගයෙක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, ඒ මාර්‍ගයට ඒ ප්‍රතිපදාවට නො පැමිණ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේ යැ හෝ යන තෙල කරුණ නො පැනේ. ආනන්‍දය, යම්සේ ස්ථිර වැ සිටුනා, හර ඇති මහත් රුකක්හුගේ සිවි නො සිඳ ඵලය නො සිඳ හර සිඳුමෙක් වන්නේ යැ යන මෙ කරුණ නො වන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මඟෙක් යම් පිළිවෙතෙක් වේ ද, එමඟට එ පිළිවෙතට නො පැමිණ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේය යැ හෝ යන තෙල කරුණ නො වෙයි. තවද ආනන්‍දය, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මඟෙක් ඇද්ද යම් පිළිවෙතෙක් ඇද්ද, එමඟට එ පිළිවෙතට පැමිණ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේ යැ හෝ යන තෙල කරුණ පැනෙයි. ආනන්‍දය, යම්සේ ස්ථිර වැ සිටුනා හර ඇති මහත් රුකෙකැ සිවි සිඳ ඵලය සිඳ හර සිඳීම වන්නේ යැ යන තෙල කරුණ පැනේ ද, එසෙයින් මැ ආනන්‍දය, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මඟෙක් ඇද්ද, යම් පිළිවෙතෙක් ඇද්ද, එ මඟට එ පිළිවෙතට පැමිණ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේ යැ හෝ යන තෙල කරුණ පැනෙයි.
Pali BJTසෙය්යථාපි ආනන්ද, ගඞ්ගා නදී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා, අථ දුබ්බලකො පුරිසො ආගච්ඡෙය්ය අහං ඉමිස්සා ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගච්ඡාමී’ති{3} සො න සක්කුණෙය්ය ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගන්තුං. එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි සක්කාය නිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති. සෙය්යථාපි සො දුබ්බලකො පුරිසො එවමෙතෙ දට්ඨබ්බා.
Sinhala BJTආනන්‍දය, යම්සේ ගඞ්ගානදිය දියෙන් පිරුණී ඉවුරු සම වැ සිටියා කවුඩන් විසින් පිය හැකි වන්නී ද, එකල්හි දුර්‍වල පුරුෂයෙක් “මම් මේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දිය වතුරු සිඳ සුවසේ පරතෙරට යෙමි”යි එන්නේ යැ. හේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දියවතුරු සිඳ සුවසේ පරතෙරට යන්නට නො හැකි වන්නේ යැ. ආනන්‍දය, එපරිද්දෙන් මැ සත්කාය නිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි යම් කිසිවක්හු ගේ සිත (එයට) නො බැස සිටී ද, නො පහදී ද, නො පිහිටාසිටී ද, නො මිදේ ද, ඒ දුර්‍වල පුරුෂයා සෙයින් තෙල මෙ බඳු පුද්ගලයෝ දැක්ක යුත්තාහ.
Pali BJTසෙය්යථාපි ආනන්ද, ගඞ්ගා නදී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා. අථ බලවා පුරිසො ආගච්ඡෙය්ය අහං ඉමිස්සා ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගච්ඡාමී’ති.{3} සො සක්කුණෙය්ය ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගන්තුං. එවමෙව ඛො ආනන්ද යස්ස කස්සචි සක්කාය නිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං පක්ඛන්දති, පසීදති, සන්තිට්ඨති, විමුච්චති. සෙය්යථාපි සො බලවා පුරිසො එවමෙතෙ දට්ඨබ්බා.
Sinhala BJTආනන්‍දය, යම්සේ ගඞ්ගානදිය දියෙන් පිරුණී ඉවුරු සම වැ සිටියා කවුඩන් විසින් පියහැකි වන්නී ද, එකල්හි බලවත් පුරුෂයෙක් “මම් මේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දියවතුරු සිඳ සුවසේ පරතෙරට යෙමි”යි එන්නේ යැ, හේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දියවතුරු සිඳ සුවසේ පරතෙරට යන්නට හැකි වන්නේ යැ. එසෙයින් මැ ආනන්‍දය, සත්කාය නිරෝධය පිණිස දහම් දෙසනුලබන කල්හි යම් කිසිවක්හු ගේ සිත (එහි) බැසගනී ද, පහදී ද, පිහිටාසිටී ද, මිදේ ද, ඒ බලවත් පුරුෂයා සෙයින් තෙල මෙ බඳු පුද්ගලයෝ දැක්ක යුත්තාහ.
Pali BJTකතමො චානන්ද, මග්ගො කතමා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය: ඉධානන්ද භික්ඛු උපධිවිවෙකා අකුසලානං ධම්මානං පහානා සබ්බසො කායදුට්ඨුල්ලානං පටිප්පස්සද්ධියා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං.
Sinhala BJTආනන්‍දය, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මාර්‍ගය කවරේ ද, ප්‍රතිපදා කවර යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ උපධි සඞ්ඛ්‍යාත කාමගුණයෙන් වෙන් වීමෙන් අකුශලධර්‍ම සඞ්ඛ්‍යාත නීවරණයන් ගේ ප්‍රහාණයෙන් සර්‍වප්‍රකාරයෙන් කය පිළිබඳ අලසබව සන්හිඳීමෙන් කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ එහි ඇතුළුසමවත්හි යම් රූපගතයෙක් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් වේ ද
Pali BJTතෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙති.{1} සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙත්වා{2} අමතාය ධාතුයා චිත්තං උපසංහරති. එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති. සො තත්ථට්ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති. තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය.
Sinhala BJTඒ රූපාදි ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් රෝග වශයෙන් ගණ්ඩ වශයෙන් ශල්‍ය වශයෙන් අඝ (දුඃඛස්වභාව) වශයෙන් ආබාධ වශයෙන් පරායත්ත වශයෙන් නැසෙනපියවි ඇති වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් මනා කොට බලයි. හේ ඒ (තිලකුණට නඟා දක්නාලද ඇතුළුසමවත්හි වූ පඤ්චස්කන්‍ධ) ධර්‍මයන්ගෙන් සිත හකුළුවාලයි. (බැහැර කෙරෙයි,) හේ එ දහමින් සිත හකුළුවා “තෙල සියලු සංස්කාරයන් ගේ සන්හිඳීමෙන් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය වීමෙන් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ”යි අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත එළවයි. හේ එහි (ත්‍රිලක්‍ෂණාලම්බනවිදර්‍ශනායෙහි) සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එ මැ (ශමථවිදර්‍ශනා) ධර්‍මයෙහි ඡන්‍දරාගයෙන් එ මැ ධර්‍මනන්‍දියෙන් පඤ්චෝරම්භාගිය ධර්‍මයන් ක්‍ෂය වීමෙන් ඒ ශුදධාවාසලෝකයෙන් (උපප්‍රාප්ති වශයෙන්,) පෙරළා නො එනසුලු, එහි මැ පිරිනිවෙනසුලු ඕපපාතිකයෙක් වේ. ආනන්‍දය, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක, මෙ ද ප්‍රතිපදාවකි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං, චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං -පෙ- අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ විතර්‍කවිචාරයන් ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම චිත්තයාගේ එකඟ බව ඇති, විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට .... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ එහි ඇතුළු සමවත්හි යම් රූපගතයෙක් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් වේ ද ... ඒ ශුද්ධාවාසලෝකයෙන් උපප්‍රාප්ති වශයෙන් පෙරළා නො එනසුලු වූයේ වේ. ආනන්‍දය, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක, මෙ ද ප්‍රතිපදාවකි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං -පෙ- අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් නැසීමෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත යැ’යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි. හේ එහි යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාර ගතයෙක් විඥානගතයෙක් වේ ද ... ඒ ශුද්ධාවාසලෝකයෙන් පෙරළා නො එනසුලු වූයේ වෙයි. ආනන්‍දය, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක මෝ ප්‍රතිපදා යි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙති.{1} සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙත්වා{2} අමතාය ධාතුයා චිත්තං උපසංහරති: එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසංඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති. සො තත්ථට්ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති. තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. අයං ඛො ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානායාති.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත යැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි ... සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවෙක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි. හේ එහි යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් වේ ද ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් රෝග වශයෙන් ගණ්ඩ වශයෙන් ශල්‍ය වශයෙන් අඝ වශයෙන් ආබාධ වශයෙන් පරායත්ත වශයෙන් නැසෙනසුලු වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් විදර්‍ශනාඥානයෙන් බලයි. හේ ඒ ධර්‍මයන්ගෙන් සිත හකුළුවාගනියි. හේ ඒ ධර්‍මයන්ගෙන් සිත හකුළුවාගෙන තෙල සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය වීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද ‘තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’යි නිර්‍වාණධාතුයෙහි සිත එළවයි, හේ එහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් එ මැ ධර්‍මරාගයෙන් එ මැ ධර්‍මනන්‍දියෙන් පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ක්‍ෂය වීමෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ ඒ ශුද්ධාවාස ලෝකයෙන් (උපප්‍රාප්ති විසින්) පෙරළා නො එන සුලු වූයේ වෙයි. ආනන්‍දය, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක, මෝ ප්‍රතිපදා යි.
Pali BJTඑසො චෙ භන්තෙ, මග්ගො එසා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය අථ කිඤ්චරහි ඉධෙකච්චෙ භික්ඛූ චෙතොවිමුත්තිනො එකච්චෙ භික්ඛූ පඤ්ඤාවිමුත්තිනොති. එත්ථ ඛො තෙසාහං{1} ආනන්ද, ඉන්ද්රියවෙමත්තතං වදාමීති.
Sinhala BJTවහන්ස, ඉදින් පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට තෙල මාර්‍ග වී නම් තෙල ප්‍රතිපත් වී නම් එකල්හි කුමක් හෙයින් මෙසස්නෙහි ඇතැම් මහණ කෙනෙක් චේතෝවිමුක්ති ඇත්තාහු ඇතැම් මහණ කෙනෙක් ප්‍රඥාවිමුක්ති ඇත්තාහු වෙත් දැ?යි. ආනන්‍දය, මම මෙහි ලා ඔවුන්ගේ ඉන්‍ද්‍රියයන් පිළිබඳ වෙනස් බව කියමි’යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ’යි.
Pali BJTමහාමාලුක්යසුත්තං චතුත්ථං.
Sinhala BJTසතර වැනි මහාමාලුඞ්ක්‍යසුත්‍රයි.
Pali BJT2. 2. 5.
Sinhala BJT2. 2. 5.
Pali BJTභද්දාලි සුත්තං
Sinhala BJTභද්දාලි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච: අහං ඛො භික්ඛවෙ, එකාසනභොජනං භුඤ්ජාමි. එකාසනභොජනං ඛො අහං භික්ඛවෙ භුඤ්ජමානො අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ තුම්හෙපි භික්ඛවෙ එකාසනභොජනං භුඤ්ජථ, එකාසනභොජනං ඛො භික්ඛවෙ තුම්හෙපි භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චාති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද, එක් කලෙකැ බුදුහු සැවැත් නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එහි දී බුදුහු ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළහ: මහණෙනි, මම් ඒකාසන (පෙරබත්හි වළඳන) භෝජනය වළඳමි. ඒකාසනභෝජනය වළඳන මම අල්පාබාධබව ද නිදුක් බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දනිමි. එව මහණ තෙපි දු ඒකාසන භෝජනය වළඳවු. මහණෙනි තෙපි දු ඒකාසන භෝජනය වළඳන්නහු අල්පාබාධ බව ද නිදුක් බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද පහසු විහරණය ද දන්නහු යැ.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා භද්දාලි භගවන්තං එතදවොච: ‘අහං ඛො භන්තෙ න උස්සහාමි එකාසනභොජනං භුඤ්ජිතුං. එකාසනභොජනං හි මෙ භන්තෙ භුඤ්ජතො සියා කුක්කුච්චං, සියා විප්පටිසාරොති. තෙන හි ත්වං භද්දාලි, යත්ථ නිමන්තිතො අස්සසි තත්ථ එකදෙසං භුඤ්ජිත්වා එකදෙසං නීහරිත්වාපි භුඤ්ජෙය්යාසි. එවම්පි ඛො ත්වං භද්දාලි භුඤ්ජමානො{1} යාපෙස්සසීති. එවම්පි ඛො අහං භන්තෙ න උස්සහාමි භුඤ්ජිතුං. එවම්පි හි මෙ භන්තෙ භුඤ්ජතො සියා කුක්කුච්චං සියා විප්පටිසාරොති. අථ ඛො ආයස්මා භද්දාලි භගවතා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ{2} භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසි. අථ ඛො ආයස්මා භද්දාලි සබ්බන්තං තෙමාසං න භගවතො සම්මුඛීභාවං අදාසි යථාතං සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, මම් ඒකාසනභෝජනය වළඳන්නට නො හැක්කෙමි. වහන්ස ඒකාසන භෝජනය වළඳනා වූ මට (දිවිතෙක් බඹසර හැසිරෙන්නට හැක්කෙම් ද නො හැක්කෙම් දැ’යි මෙසේ) කුකුසෙක් වන්නේ යැ විපිළිසරයෙක් වන්නේ යැ”යි. එසේ වී නම් භද්දාලිය තෙපි යම් තැනෙක පවරන ලදහු වළඳවු ද එහි දී එක් කොටසක් වළඳා එක් කොටසක් බැහැර ගෙන ගොස් ද වළඳවු. භද්දාලි මෙසේ වළඳන්නා වූ තෙපි යැපෙන්නවූ ය. වහන්ස, මම් මෙසේද වළඳන්නට නො හැකි වෙමි. වහන්ස මෙසේ ද වළඳන්නා වූ මට කුකුස් වන්නේ මැ යැ විපිළිසර වන්නේ මැ යි. ඉක්බිති ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා ශික්‍ෂාපදය සමාදන් වන කල්හි නො හැකි බව ප්‍රකාශ කෙළේය. එකල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ශාස්තෘශාසනයෙහි ශික්‍ෂා නො පුරන්නකු සෙයින් ඒ සියලු තුන්මස භාග්‍යවතුන් වහන්සේගේ හමුවීමට නො පැමිණියේ යැ.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති, නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතීති. අථ ඛො ආයස්මා භද්දාලි යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි භික්ඛූහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භද්දාලිං තෙ භික්ඛූ එතදවොචුං: ‘ඉදං ඛො ආවුසො භද්දාලි භගවතො චීවරකම්මං කරීයති. නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති. ඉඞ්ඝාවුසො භද්දාලි එතං දෙසකං{3} සාධුකං මනසිකරොහි. මා තෙ පච්ඡා දුක්කරතරං අහොසීති.
Sinhala BJTඑසමයෙහි බොහෝ භික්‍ෂූහු “කොට නිමවූ සිවුරු ඇති බුදුහු තෙමසක්හුගේ ඇවෑමෙන් චාරිකායෙහි වඩනාසේකැ”යි භාග්‍යවතුන් වහන්සේට සිවුරු කෙරෙති. එකල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ඒ භික්‍ෂූන් කරා එළැඹ ඒ භික්‍ෂූන් සමග සතුටු වී යැ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස්වැ හුන් ආයුෂ්මත් භද්දාලි තෙරුන්ට ඒ භික්‍ෂූහු තෙල කීහු: “ඇවැත්නි, භද්දාලි, ‘කොට නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැ’යි මේ භාග්‍යවතුන් වහන්සේට සිවුරු කරනුලැබෙයි. ඇවැත්නි භද්දාලිය, එහෙයින් තෙල අපරාධය මැනැවින් මෙනෙහි කරව. පසුවැ තොපට නහමක් දුෂ්කරතර වේව’යි. කීහු.
Pali BJTඑවමාවුසොති ඛො ආයස්මා භද්දාලි තෙසං භික්ඛූනං පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා භද්දාලි භගවන්තං එතදවොච: අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යොහං භගවතා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසිං. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායාති.
Sinhala BJTආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්‍ෂූන්ට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හින්. එකත්පස් වැ හුන් ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල් කී යැ: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා සිකපද සමාදන් වන කල්හි එහි උත්සාහ රහිත බව පැවසූයෙම් ද වහන්ස, බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්‍ෂයකු සෙයින් අපරාධය මා ඉක්ම ගියේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආයතිසංවරය පිණිස මාගේ ඒ දෝෂය දෝෂ විසින් පිළිගන්නා සේක්ව’යි කී යැ.
Pali BJTතග්ඝ ත්වං භද්දාලි අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යං ත්වං මයා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසි.
Sinhala BJTභද්දාලිය ඒකාන්තයෙන් තෙපි මා විසින් ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා ශික්‍ෂාපද සමාදන් වන කල්හි එහි උත්සාහ රහිත බව පැවසූවහු ද බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්‍ෂයකු සෙයින් අපරාධය තොප ඉක්ම ගියේ යැ.
Pali BJTසමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි, භගවා ඛො සාවත්ථියං විහරති. භගවාපි මං ජානිස්සතී භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරීති. අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි.
Sinhala BJTභද්දාලිය, තා විසින් සමය ද (තා විසින් සැලකියයුතු කරුණෙක් ඇත. ඒ ද) නොසලකන ලද විය: “බුදුහු සැවැත්නුවර වෙසෙති, ‘භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙකැ’යි බුදුහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.
Pali BJTසමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි. සම්බහුලා ඛො භික්ඛු සාවත්ථියං වස්සං උපගතා, තෙපි මං ජානිස්සන්ති: ‘භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි.
Sinhala BJTභද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ භික්‍ෂුහු සැවැත්නුවර වස් එළැඹියහ, භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඒ භික්‍ෂූහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.
Pali BJTසමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි: ‘සම්බහුලා ඛො භික්ඛුනියො සාවත්ථියං වස්සං උපගතා, තාපි මං ජානිස්සන්ති භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි.
Sinhala BJTභද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ භික්‍ෂුණීහු ද සැවැත්නුවර වස් එළැඹියහ, භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඒ භික්‍ෂුණීහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.
Pali BJTසමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි: ‘සම්බහුලා ඛො උපාසකා සාවත්ථියං පටිවසන්ති. තෙපි මං ජානිස්සන්ති -පෙ- සම්බහුලා ඛො උපාසිකා සාවත්ථියං පටිවසන්ති. තාපි මං ජානිස්සන්ති: භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි.
Sinhala BJTභද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ උවසුවෝ සැවැත්නුවර වෙසෙති. ඔහු ද මා දන්නාහ”යි ... “බොහෝ උවසුවෝ ද සැවැත්නුවර වෙසෙති. භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඔහු ද මා දන්නාහ”යි මෙ කරුණ ද භද්දාලිය, තා විසින් නො සලකන ලද විය.
Pali BJTසමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි: සම්බහුලා ඛො නානා තිත්ථියා සමණබ්රාහ්මණා සාවත්ථියං වස්සං උපගතා, තෙපි මං ජානිස්සන්ති: ‘භද්දාලි නාම භික්ඛු සමණස්ස ගොතමස්ස සාවකො ථෙරඤ්ඤතරො සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසීති.
Sinhala BJTභද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ වූ නානා තීර්‍ත්‍ථක ශ්‍රමණබ්‍රාහ්මණයෝ සැවැත්නුවර වස් එළැඹියහ. ශ්‍රමණගෞතමයන්ගේ ශ්‍රාවක වූ ස්‍ථවිරාන්‍යතර වූ භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඔහු ද මා දන්නාහ”යි. මෙ කරුණ ද භද්දාලිය, තා විසින් නො සලකන ලද වී’ යයි.
Pali BJTඅච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යො’හං භගවතා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසිං. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිග්ගණ්හාතු ආයතිං සංවරායාති, තග්ඝ ත්වං භද්දාලි අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යං ත්වං මයා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසි.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා ශික්‍ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙමි. ඒ මා බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්‍ෂයකු සෙයින් අපරාධය තෙමේ ඉක්ම ගියේ යැ. වහන්ස, බුදුහු ඒ මාගේ දෝෂය දෝෂ විසින් ආයතිසංවරය පිණිස ඉවසනසේක්වා. භද්දාලිය, තෝ මා විසින් ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා ශික්‍ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙහි යැ. භද්දාලිය, ඒකාන්තයෙන් අපරාධය තෙමේ ඒ තා ඉක්මැ ගියේ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි භද්දාලි: ඉධස්ස භික්ඛු උභතොභාගවිමුත්තො, තමහං එවං වදෙය්යං: ‘එහි මෙ ත්වං භික්ඛු පඞ්කෙ සඞ්කමො හොහී’ති. අපිනු සො සඞ්කමෙය්ය වා අඤ්ඤෙන වා කායං සන්නාමෙය්ය, නොති වා වදෙය්යාති. නො හෙතං භන්තෙ. තං කිං මඤ්ඤසි භද්දාලි: ‘ඉධස්ස භික්ඛු පඤ්ඤාවිමුත්තො -පෙ- කායසක්ඛි -පෙ- දිට්ඨප්පත්තො -පෙ- සද්ධාවිමුත්තො -පෙ- ධම්මානුසාරී -පෙ- සද්ධානුසාරී, තමහං එවං වදෙය්යං: ‘එහි මෙ ත්වං භික්ඛු පඞ්කෙ සඞ්කමො හොහී’ති. අපි නු සො සඞ්කමෙය්ය වා අඤ්ඤෙන වා කායං සන්නාමෙය්ය, නොති වා වදෙය්යාති. නො හෙතං භන්තෙ. තං කිම්මඤ්ඤසි භද්දාලි: ‘අපි නු ත්වං භද්දාලි තස්මිං සමයෙ උභතොභාගවිමුත්තො වා හොසි, පඤ්ඤාවිමුත්තො වා කායසක්ඛි වා දිට්ඨප්පත්තො වා සද්ධාවිමුත්තො වා ධම්මානුසාරී වා සද්ධානුසාරී වාති. නො හෙතං භන්තෙ. නනු ත්වං භද්දාලි තස්මිං සමයෙ රිත්තො තුච්ඡො අපරද්ධොති. එවං භන්තෙ. අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යොහං භගවතා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසි. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායාති.
Sinhala BJTභද්දාලිය, ඒ කුමැ’යි සිතයි ද? “මෙසස්නෙහි මහණෙක් උභාතොභාගවිමුක්ත වූයේ අරූපසමාපත්තියෙන් රූප කයින් ද මාර්‍ග භාවනායෙන් නාම කයින් ද මිදුණේ වෙයි. ඕහට මම් මෙසේ කියන්නෙමි: “එව මහණ තෙපි මට මඩෙහි හෙයක් වවු”යයි. කිම එමහණ හෙයක් වන්නේ හෝ වේ ද අන් දසක හෝ කය නමන්නේ ද ‘නො හැක්කෙමි’ හෝ කියන්නේ වේදැ? යි. වහන්ස, තෙල නොවේ මැ යැ. භද්දාලිය එය කුමැ’යි සිතවු ද: මෙසස්නෙහි මහණෙක් ප්‍රඥාවිමුක්ත ... කායසාක්‍ෂි ... දෘෂ්ටප්‍රාප්ත ... ශ්‍රද්ධාවිමුක්ත ... ධර්‍මානුසාරී ... ශ්‍රද්ධානුසාරී වේ ද, ඔහුට මම් මෙසේ කියන්නෙමි: ‘එව මහණ තෙපි මට මඩෙහි හෙයක් වව”යි. කිම එමහණ හෙයක් වන්නේ හෝ කය අන් දසකට නමන්නේ හෝ ‘නො හැක්කෙමි’ හෝ කියන්නේ වේදැ? යි. වහන්ස, තෙල නොවේ මැ යැ. භද්දාලිය, එය කුමැ’යි සිතවු ද? කිම භද්දාලිය, තෙපි එසමයෙහි උභාතොභාගවිමුක්ත හෝ වවු ද ප්‍රඥාවිමුක්ත හෝ කායසාක්‍ෂි හෝ දෘෂ්ටප්‍රාප්ත හෝ ශ්‍රද්ධාවිමුක්ත හෝ ධර්‍මානුසාරී හෝ ශ්‍රද්ධානුසාරී හෝ වවු දැ?යි. තෙලෙ නැත් මැ යැ වහන්ස. භද්දාලිය එකල්හි තෙපි රික්ත වූවහු තුච්ඡ (සිස්) වූවහු අපරාධ ඇතියහු නො වේ දැ’යි එසේ යැ වහන්ස. මම් බුදුන් විසින් ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා ශික්‍ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙමි. වහන්ස, බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්‍ෂයකු සෙයින් අපරාධය මා ඉක්ම ගියේ යැ. වහන්ස, ඒ මට ආයතිසංවරය පිණිස බුදුහු අපරාධය අපරාධ විසින් කමනසේක්ව’යි.
Pali BJTතග්ඝ ත්වං භද්දාලි අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යං ත්වං මයා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසි. යතො ච ඛො ත්වං භද්දාලි අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි. තං තෙ මයං පතිගණ්හාම. වුද්ධිහෙසා භද්දාලි අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජති.
Sinhala BJTභද්දාලිය, තෙපි මා විසින් ශික්‍ෂාපද පනවනු ලබන කල්හි භික්‍ෂුසඞ්ඝයා ශික්‍ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව කළවු යැ. භද්දාලිය, ඒ තොප එකත්නෙන් බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්‍ෂයකු සෙයින් අපරාධය ඉක්ම ගියේ යැ. යම් හෙයෙකින් භද්දාලිය තෙපි අපරාධය අපරාධ හෙයින් දැක දහම නො ඉක්ම පිළියම් කරව. තොපගේ අපරාධය අපි ඉවසම්හ. භද්දාලිය, යමෙක් අපරාධය අපරාධ විසින් දැක දහම නො ඉක්ම පිළියම් කෙරේ ද ආයතිසංවරයට පැමිණේ ද තෙල ආර්‍ය්‍යවිනයෙහි වෘද්ධිය මැ වෙයි.
Pali BJTඉධ භද්දාලි එකච්චො භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී{1} හොති, තස්ස එවං හොති: යන්නූනාහං විවිත්තං සෙනාසනං භජෙය්යං, අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පළාලපුඤ්ජං. අප්පෙවනාමාහං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්යන්ති. සො විවිත්තං සෙනාසනං භජති, අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පළාලපුඤ්ජං. තස්ස තථා වූපකට්ඨස්ස විහරතො සත්ථාපි උපවදති. අනුවිච්ච පි විඤ්ඤූ සබ්රහ්මචාරී උපවදන්ති. දෙවතාපි උපවදන්ති. අත්තාපි අත්තානං උපවදති. සො සත්ථාරාපි උපවදිතො, අනුවිච්ච විඤ්ඤූහි සබ්රහ්මචාරීහි උපවදිතො දෙවතාහිපි උපවදිතො අත්තනාපි අත්තානං උපවදිතො න උත්තරිමනුස්සධම්මා{2} අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරොති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති, යථා තං සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරිස්ස.
Sinhala BJTභද්දාලිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ශාස්තෘ ශාසනයෙහි ශික්‍ෂායෙහි අපරිපූරකාරී වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ‘මම අරණ්‍ය යැ, වෘක්‍ෂමූල යැ, පර්‍වත යැ, ගිරිකඳුරු යැ, ගිරි ගුහා යැ, සොහොන වනපෙත අබවස, පිදුරුකිළි යැ යන විවේක සෙනසුන් භජනය කෙරෙම් නම් මනා මැ නු’යි. මම මිනිස්දහමින් මතුයෙහි ආර්‍ය්‍යභාව කරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශන විශේෂයක් පසක් කරන්නෙම් නම් මැනැවැ යි කියා යි. හේ අරණ රුක් මුල, පවු යැ, ගිරිකඳුරු යැ, ගිරි ගුහා යැ, සොහොන, වනපෙත අබවස, පිදුරුකිළි යැ යන ජනශුන්‍ය සේනාසන ඇසිරි කෙරෙ යි. එසේ එකලා වැ විහරණ කරන ඔහට ශාස්තෘන්වහන්සේ ද උපවාද කෙරෙති. විඥ සබ්‍රම්සරහු නුවණින් දැනැ අයුණු කියත්. දෙවියෝ ද අයුණු කියත්. තෙමේත් තමහට දොස් කියයි. හේ බුදුන් විසිනුදු උපවාද කරන ලදුයේ නුවණින් දැන විඥ සබ්‍රම් සරුන් විසින් උපවාද කරන ලදුයේ තමා විසිනුදු තමා හට දොස් නඟනලදුයේ දශකුශලධර්‍ම සංඛ්‍යාත මනුෂ්‍ය ධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශන විශේෂය පසක් නො කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්‍ෂායෙහි අපරිපූරකාරී මහණක් හට යම්සේ වේද තෙල එසේ මැ වෙයි.
Pali BJTඉධ පන භද්දාලි එකච්චො භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරී හොති. තස්ස එවං හොති: යන්නූනාහං විවිත්තං සෙනාසනං භජෙය්යං. අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පළාලපුඤ්ජං. අප්පෙවනාමා’හං උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්යන්ති. සො විවිත්තං සෙනාසනං භජති. අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පළාලපුඤ්ජං. තස්ස තථා වූපකට්ඨස්ස විහරතො සත්ථාපි න උපවදති අනුවිච්චපි විඤ්ඤූ සබ්රහ්මචාරී න උපවදන්ති. දෙවතාපි න උපවදන්ති. අත්තාපි අත්තානං න උපවදති. සො සත්ථාරාපි අනුපවදිතො අනුවිච්ච විඤ්ඤූහි සබ්රහ්මචාරීහි අනුපවදිතො දෙවතාහිපි අනුපවදිතො අත්තනාපි අත්තානං අනුපවදිතො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරොති.
Sinhala BJTභද්දාලිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ශාස්තෘශාසනයෙහි ලා ශික්‍ෂායෙහි පරිපූරකාරී වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ‘මම අරණ්‍ය යැ, වෘක්‍ෂමූල යැ, පර්‍වත යැ, ගිරිකන්‍දර යැ, ගිරිගුහා යැ, සුසාන යැ, වනපෙත අබවස, පිදුරුකිළි යැ යන විවේක සෙනසුන් භජනය කෙරෙම් නම් මනා මැ නු යි. මම මනුෂ්‍ය ධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥාන දර්‍ශන විශේෂය පසක් කෙරෙම් නම් ඉතා මැනැවැ යි. හේ අරන, රුක්මුල, පවි යැ ගිරිකඳුරු යැ, ගිරිගුහා යැ, සොහොන, වනපෙත අබවස, පිදුරුකිළි යැ යන එකලා සෙනසුන් සෙවුනේ යැ. එසේ ගණසංගණිකාදීන් වෙන් වැ වාස කරන ඔහුට ශාස්තෘන්වහන්සේ ද උපවාද නො කෙරෙති. නුවණැති සබ්‍රම්සරහු නුවණින් දැන උපවාද නො කෙරෙති. දෙවියෝ ද උපවාද නො කෙරෙති. තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. හේ බුදුන් විසිනුදු දොස් නො නඟන ලදුයේ නුවණින් දැන විඥ සබ්‍රම්සරුන්විසින් දොස් නො නඟන ලදුයේ තමා විසිනුදු තමා හට දොස් නො නඟන ලදුයේ මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂය පසක් කෙරෙයි.
Pali BJTසො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හෙතු: එවංහෙතං භද්දාලි හොති යථාතං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
Sinhala BJTහෙතෙම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්‍ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
Pali BJTපුන චපරං භද්දාලි භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථා තං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
Sinhala BJTතවද භද්දාලිය, මහණ තෙම විතර්‍කවිචාරයන් සන්හින්ඳීමෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ඇති චිත්තයාගේ එකඟ බව ඇති විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශික්‍ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
Pali BJTපුන චපරං භද්දාලි භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති. සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථාතං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
Sinhala BJTතවද භද්දාලිය, මහණ තෙම ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇති වැ වෙසෙයි. (සම්ප්‍රයුක්ත) සුඛය ද (නාම) කයින් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ‘උපේක්‍ෂා ඇත්තේ යැ සිහි ඇත්තේ යැ සුඛවිහරණ ඇත්තේ යැ’ යි, කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්‍ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
Pali BJTපුන චපරං භද්දාලි භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථාතං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
Sinhala BJTතවද භද්දාලිය, මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු මැ සොම්නස්දොම්නසුන් ගේ නැසීමෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතියෙන් පරිශුද්ධ භාවය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්‍ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථා තං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
Sinhala BJTහේ මෙසෙයින් සිත සමාධිගත කල්හි පිරිසිදු වූ කල්හි ප්‍රභාස්වර වූ කල්හි අඞ්ගණ රහිත කල්හි පහවූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පෙර විසූ කඳ පිළිවෙළ දන්නා පිණිස සිත නමයි. හේ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. හෙමෙසේ යැ: එක්ජාතියකුදු දෙජාතියකුදු ... මෙසෙයින් ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේක විධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශික්‍ෂාව ශාස්තෘශාසනයෙහි සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථා තං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
Sinhala BJTහේ මෙසෙයින් සිත සමාධිගත කල්හි පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි අඞ්ගණ රහිත කල්හි පහවූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි භාවනාකර්‍මයට නිසි කල්හි සිටි කල්හි අචල කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උපප්‍රාප්ති දන්නා පිණිස සිත නමයි. හේ පිරිසුදු වූ මිනිසැස ඉක්ම පැවැති දිවැසින් ච්‍යුත වන උපදනා හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද සුගතියට ගියා වූ ද දුර්‍ගතියට ගියා වූ ද සත්ත්‍වයන් දකියි ... කම් වූ පරිදි මියගිය සත්ත්‍වයන් දනියි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්‍ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති -පෙ- අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථා තං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්සාති.
Sinhala BJTහේ මෙසේ සිත සමාධිගත කල්හි පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි අඞ්ගණ රහිත කල්හි පහවූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය කල්හි සිටි කල්හි අචල කල්හි ආස්‍රවක්‍ෂයකරඥානය පිණිස සිත නමයි. හෙතෙම ‘මේ දුකැ’යි ඇතිසැටියෙන් දැනගනියි: ... ‘මේ දුක් නසන පිළිවෙතැ’යි ඇතිසැටියෙන් දනියි. ‘මොහු ආස්‍රවහ’යි ඇති සැටියෙන් දැනගනියි ... ‘මේ ආස්‍රවයන් නිරුද්ධ කරන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැනගනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහු ගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, භවාස්‍රවයෙනුදු මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි, මිදුණු කල්හි මිදිණැ’යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂය වූවා යැ බඹසර වැස නිමවන ලද, කටයුතු කරන ලද, රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්‍ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වේ’ යයි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා භද්දාලි භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චං භික්ඛුං පවය්හ පවය්හ කාරණං කරොන්ති. කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චං භික්ඛුං නො තථා පවය්හ පවය්හ{1} කාරණං කරොන්තීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් භද්දාලිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: වහන්ස, යම් කරුණෙකින් මෙසස්නෙහි ඇතැම් මහණක්හට අල්පමාත්‍ර දෝෂයෙහි දු දොස් දක්ව දක්වා කාරණා කෙරෙත් නම් එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, වහන්ස, යම් කරුණෙකින් මෙසස්නෙහි ඇතැම් මහණක් හට (මහත්වූ දෝෂයෙහි දු) එසේ දොස් දක්ව දක්වා කාරණා නො කෙරෙත් නම් එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ යි.
Pali BJTඉධ භද්දාලි එකච්චො භික්ඛු අභිණ්හාපත්තිකො හොති ආපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමෙති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. න සම්මා වත්තති. න ලොමං පාතෙති. න නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති නාහ. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: අයං ඛො ආවුසො භික්ඛු අභිණ්හාපත්තිකො ආපත්තිබහුලො, සො භික්ඛූහි වුච්චමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමෙති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. න සම්මා වත්තති. න ලොමං පාතෙති. න නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති නාහ. සාධු වතායස්මන්තො ඉමස්ස භික්ඛුනො තථා තථා උපපරික්ඛථ යථාස්සිදං{2} අධිකරණං න ඛිප්පමෙව වූපසමෙය්යාති. තස්ස ඛො එතං භද්දාලි භික්ඛුනො භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං{2} අධිකරණං න ඛිප්පමෙව වූපසම්මති.
Sinhala BJTභද්දාලිය මෙසස්නෙහි ඇතැම් මහණෙක් නිරතුරු ඇවැත් අවදනේ ආපත්ති බහුල වෙයි. හේ භික්‍ෂූන් විසින් චෝදනා වශයෙන් කියනු ලබන්නේ අන් කථායෙකින් අනෙක වසයි. කථාව බැහැරට නමයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරෙයි. මැනැවින් වතෙහි නො පවතී. අනුලොම් වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවති. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ ද එය කරමී නො කියයි. භද්දාලිය එහිලා භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් වෙයි: “ඇවැත්නි, මේ මහණ නිරතුරු ඇවැත් අවදනේ ආපත්ති බහුල වෙයි. හේ භික්‍ෂූන් විසින් කියනු ලබනුයේ අනෙකකින් වසයි. කථාව බැහැර කරයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරෙයි. මොනොවට වතෙහි නො පවතිතී. අනුලොම්වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවති. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ නම් එය කරමී නො කියයි. ආයුෂ්මතුනි, මොහුගේ මේ අධිකරණය යම් සේ වහා නො සන්හිඳේ නම් මේ මහණහු පිළිබඳ වැ ඒ ඒ පරිද්දෙන් පිරික්සව” යි. භද්දාලිය ඒ මහණහුගේ මේ අධිකරණය යම්සේ වහා නො සන්හිඳේ නම් භික්‍ෂූහු ඒ ඒ එපරිද්දෙන් ඒ මහණුන්ගේ මේ අධිකරණය විමසති.
Pali BJTඉධ පන භද්දාලි එකච්චො භික්ඛු අභිණ්හාපත්තිකො හොති ආපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමෙති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති ආහ. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: ‘අයං ඛො ආවුසො භික්ඛු අභිණ්හාපත්තිකො ආපත්තිබහුලො, සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති.
Sinhala BJTභද්දාලිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් නිරතුරු ඇවැත් අවදනේ ඇවැත් බහුල වෙයි. හේ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ අනෙකකින් අනෙකක් නො වසයි. කථාව බැහැර නො නමයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මොනොවට වතෙහි පවතී. අනුලොම් වතෙහි සිටී. නිස්තරණ වතෙහි පවති. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ නම් එය කරමී කියයි. භද්දාලිය එහි ලා භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් වෙයි: “ඇවැත්නි, මේ මහණ නිරතුරු අවදනා ඇවැත් ඇත්තේ ආපත්ති බහුල වෙයි. හේ භික්‍ෂූන් විසින් චෝදනා කරනු ලබනුයේ අනෙකකින් අනෙක නො වසයි.
Pali BJTන බහිද්ධා කථං අපනාමෙති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති ආහ. සාධු වතායස්මන්තො ඉමස්ස භික්ඛුනො තථා තථා උපපරික්ඛථ යථාස්සිදං{1} අධිකරණං ඛිප්පමෙව වූපසමෙය්යාති. තස්ස ඛො එතං භද්දාලි භික්ඛුනො භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං{1} අධිකරණං ඛිප්පමෙව වූපසම්මති.
Sinhala BJTකථාව බැහැර නො නමයි. කෝපය ද ද්වේෂය ද නොසතුට ද පහළ නො කෙරෙයි. මොනොවට පවතී. අනුලොම් වතෙහි සිටී. නිස්තරණ වතෙහි පවතී. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ නම් එය කරමී කියයි. මොහුගේ මේ අධිකරණය යම් සේ වහා සන්හිඳේ නම් ආයුෂ්මත්නි, මේ භික්‍ෂුහුගේ අධිකරණ එසේ පරීක්‍ෂා කරවු නම් ඉතා මැනැවැ” යි. භද්දාලිය භික්‍ෂූහු ඒ භික්‍ෂුහුගේ තෙල අධිකරණය ඒ ඒ පරිදි පරීක්‍ෂා කරත් ඔහුගේ මේ අධිකරණය යම් සේ වහා සන්හිඳේ ද එපරිද්දෙනි.
Pali BJTඉධ භද්දාලි එකච්චො භික්ඛු අධිච්චාපත්තිකො හොති අනාපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමෙති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. න සම්මා වත්තති. න ලොමං පාතෙති. න නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති නාහ. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: අයං ඛො ආවුසො භික්ඛු අධිච්චාපත්තිකො අනාපත්තිබහුලො, සො භික්ඛූහි වුච්චමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. න සම්මා වත්තති. න ලොමං පාතෙති. න නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති නාහ. සාධු වතායස්මන්තො ඉමස්ස භික්ඛුනො තථා තථා උපපරික්ඛථ යථාස්සිදං අධිකරණං න ඛිප්පමෙව වූපසමෙය්යාති. තස්ස ඛො එතං භද්දාලි භික්ඛුනො භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං අධිකරණං න ඛිප්පමෙව වූපසම්මති.
Sinhala BJTභද්දාලිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කිසි කලෙක අවදනා ඇවැත් ඇත්තේ ආපත්ති බහුල නො වෙයි. හේ භික්‍ෂූන් විසින් චෝදනා කරනු ලබන්නේ අනෙකකින් අනෙක වසයි. කථාව බැහැර නතු කෙරෙයි, කෝපය ද ද්වේෂය ද නොසතුට ද පහළ කෙරෙයි. මොනොවට නො පවතී. අනුලොම් වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවතී. යමෙකින් සංඝයා සතුටු වේ ද එය කරමී නො කියයි. භද්දාලිය, එහි ලා භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් වෙයි: “ඇවැත්නි, මේ මහණ කලෙකැ අවදනා ඇවැත් ඇතියේ ආපත්ති බහුල නොවූයේ වෙයි. හේ භික්‍ෂූන් විසින් චෝදනා කරනු ලබන්නේ අනෙකකින් අනෙක වසයි. කථාව බැහැර නතු කෙරෙයි. කෝපය ද ද්වේෂය ද නොසතුට ද පහළ කෙරෙයි. මොනොවට නො පවතී. අනුලොම් වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවතියි. යමෙකින් සංඝයා කැමැති වේ ද එය කරමී නො කියයි. ඇවැත්නි, යම් පරිදි ඔහුගේ මේ අධිකරණය වහා නො සන්හිඳේ ද මේ මහණහුගේ ඒ අධිකරණය ඒ ඒ පරිදි පරීක්‍ෂා කරවු නම් ඉතා මැනැව” යි. භද්දාලිය, භික්‍ෂූහු ඒ භික්‍ෂුහුගේ තෙල අධිකරණය ඒ ඒ පරිදි පරීක්‍ෂා කෙරෙත්. යම් පරිදි ඔහුගේ මේ අධිකරණය වහා නො සන්හිඳේ ද එපරිද්දෙනි.
Pali BJTඉධ පන භද්දාලි එකච්චො භික්ඛු අධිච්චාපත්තිකො හොති අනාපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමෙති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති ආහ. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: ‘අයං ඛො ආවුසො භික්ඛු අධිච්චාපත්තිකො අනාපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමෙති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති ආහ. සාධුවතායස්මන්තො ඉමස්ස භික්ඛුනො තථා තථා උපපරික්ඛථ යථාස්සිදං අධිකරණං ඛිප්පමෙව වූපසමෙය්යාති. තස්ස ඛො එතං භද්දාලි භික්ඛුනො භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං අධිකරණං ඛිප්පමෙව වූපසම්මති.
Sinhala BJTභද්දාලිය, මෙසස්නෙහි යම් කිසි මහණෙක් කිසි කලෙකැ අවදනා ඇවැත් ඇත්තේ ඇවැත් බහුල නො වූයේ වෙයි. ඒ මහණ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ අනෙක් කරුණෙකින් අනෙක්කරුණක් නො වසයි. කථාව බැහැරට යොමු නො කෙරෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මැනැවින් වතෙහි පවතියි. අනුලොම් වතෙහි පවතියි. නිස්තරණ වතෙහි පවතියි. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ ද එය කරමී කියයි. භද්දාලිය, එහි දී භික්‍ෂූන්ට මෙබඳු මෙසිත වෙයි: “ඇවැත්නි, මෙමහණ කිසි කලෙකැ අවදනා ඇවැත් ඇත්තේ ඇවැත් බහුල නො වූයේ වෙයි. ඒ මහණ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ අනෙකකින් අනෙක නො වසයි. කථාව බැහැරට යොමු නො කෙරෙයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නො කෙරෙයි. මැනැවින් වතෙහි පවතියි. අනුලොම් වතෙහි පවතියි. නිස්තරණ වතෙහි පවතියි. යම් කරුණෙකින් සඞ්ඝයා සතුටු වේ ද එය කරමී කියයි. ආයුෂ්මත්නි, මොහු ගේ මේ අධිකරණය යම්සේ වහා සන්හිඳේ නම් ඉතා මැනැවැ. මේ මහණහු පිළිබඳ වැ ඒ ඒ පරිද්දෙන් විමසව” යි. භද්දාලිය, ඒ මහණහුගේ මේ අධිකරණය යම්සේ වහා සන්හිඳේ නම් භික්‍ෂූහු ඒ ඒ පරිද්දෙන් ඒ මහණහුගේ මේ අධිකරණය විමසති.
Pali BJTඉධ භද්දාලි එකච්චො භික්ඛු සද්ධාමත්තකෙන වහති පෙමමත්තකෙන. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: ‘අයං ඛො ආවුසො භික්ඛු සද්ධාමත්තකෙන වහති පෙමමත්තකෙන. සචෙ මයං ඉමං භික්ඛුං පවය්හ පවය්හ{2} කාරණං කරිස්සාම. මා’යම්පිස්ස තං සද්ධාමත්තකං පෙමමත්තකං තම්හාපි පරිහායීති. සෙය්යථාපි භද්දාලි පුරිසස්ස එකං චක්ඛුං තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා තං එකං චක්ඛුං රක්ඛෙය්යුං: මා යම්පිස්ස තං එකං චක්ඛුං තම්හාපි පරිහායී’ති. එවමෙව ඛො භද්දාලි ඉධෙකච්චො භික්ඛු සද්ධාමත්තකෙන වහති පෙමමත්තකෙන. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: ‘අයං ඛො ආවුසො භික්ඛු සද්ධාමත්තකෙන වහති පෙමමත්තකෙන. සචෙ මයං ඉමං භික්ඛුං පවය්හ පවය්හ{2}
Sinhala BJTභද්දාලිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ශ්‍රද්ධාමාත්‍රයෙන් ප්‍රේමමාත්‍රයෙන් යැපෙයි. භද්දාලිය, එහි දී භික්‍ෂූන්ට මෙසිත වෙයි: “ඇවැත්නි, මෙ මහණ ශ්‍රද්ධාමාත්‍රයෙන් ප්‍රේමමාත්‍රයෙන් යැපෙයි. ඉදින් ඇපි මේමහණහට දොස් දක්වදක්වා කාරණා කරමෝ නම් මොහුගේ යම් ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වී ද එයිනුදු මේ තෙමේ නහමක් පිරිහේව”යි. භද්දාලිය, යම්සේ පුරුෂයක්හට එක් ඇසෙක් වේ ද ඔහුගේ සගයහළුවෝ ද නෑසහලේ නෑයෝ ද මොහුට ඒ එක් ඇසෙක් වී නම් එයිනුදු මේතෙමේ නහමක් පිරිහේව’යි එක් ඒ එක් ඇස රක්නාහු ද, භද්දාලිය, එපරිද්දෙන් මැ මෙසස්නෙහි කිසි මහණෙක් ශ්‍රද්ධාමාත්‍රයෙන් ප්‍රේමමාත්‍රයෙන් යැපෙයි. භද්දාලිය, එහි දී භික්‍ෂූන්ට මෙසිත වෙයි: “ඇවැත්නි, මෙ මහණ සැදැහැ මතුයෙන් ප්‍රේම මතුයෙන් යැපෙයි. ඉදින් මෙ මහණ හට දොස් දක්ව දක්වා
Pali BJTකාරණං කරිස්සාම, මායම්පිස්ස තං සද්ධාමත්තකං පෙමමත්තකං තම්හාපි පරිහායී’ති. අයං ඛො භද්දාලි හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චං භික්ඛුං පවය්හ පවය්හ කාරණං කරොන්ති. අයං පන භද්දාලි හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චං භික්ඛුං නො තථා පවය්හ පවය්හ කාරණං කරොන්තීති.
Sinhala BJTකාරණා කරන්නමෝ නම් ඕහට යම් ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වී නම් තෙමේ එයිනුදු නහමක් පිරිහේව’යි. භද්දාලිය, මෙහි කිසි මහණක් හට යම් කරුණෙකින් දොස් දක්ව දක්වා කාරණා කෙරෙත් නම් ඊට මේ හේතු යැ ඊට මේ ප්‍රත්‍යය යි. භද්දාලිය, මෙහි කිසි මහණක්හට යම් කරුණෙකින් එසේ දොස් දක්ව දක්වා කාරණා නො කෙරෙත් නම් ඊට මේ හේතු යැ ඊට මේ ප්‍රත්‍යය යී.
Pali BJTකො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො, යෙන පුබ්බෙ අප්පතරානි චෙව සික්ඛාපදානි අහෙසුං, බහුතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහිංසු. කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනෙතරහි බහුතරානි චෙව සික්ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්තීති.
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් පෙර ඉතා අල්ප වූත් ශික්‍ෂා පදයෝ වූහු නම් ඉතා බොහෝ භික්‍ෂූහු රහත්පෙලෙහි පිහිටියාහු නම් ඊට හේතු කවරැ ඊට ප්‍රත්‍යය කවරැ? තවද වහන්ස, යම් හෙයෙකින් මෙකලැ ඉතා බොහෝ වූත් ශික්‍ෂා පදයෝ වෙත් නම් ඉතා අල්ප වූත් භික්‍ෂූහු කෙනෙක් රහත්පෙලෙහි පිහිටත් නම් ඊට හේතු කවරැ, ඊට ප්‍රත්‍යය කවරැ’යි.
Pali BJTඑවං හෙතං භද්දාලි හොති: සත්තෙසු හායමානෙසු සද්ධම්මෙ අන්තරධායමානෙ බහුතරානි චෙව සික්ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්ති.
Sinhala BJTභද්දාලිය, තෙල මෙසේ මැ වෙයි: සත්ත්‍වයන් පිළිවෙතින් හෙන කල්හි පිළිවෙත් සදහම් නැසෙන කල්හි ඉතා බොහෝ ශික්‍ෂා පදයොත් වෙති. ඉතා අල්ප වූ භික්‍ෂූ කෙනෙකුන් රහත්පෙලෙහි පිහිටිත්.
Pali BJTන තාව භද්දාලි සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති. යාව න ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති. යතො ච ඛො භද්දාලි ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති. තෙසං යෙව ආසවට්ඨානියානං ධම්මානං පටිඝාතාය.
Sinhala BJTභද්දාලිය, යම්තාක් මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයෝ පහළ නො වෙත් ද ඒ තාක් බුදුහු ශ්‍රාවකයනට ශික්‍ෂාපද නො පනවති. යම් කලෙකැ වැළිත් භද්දාලිය, මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයෝ පහළ වෙත් ද එකල්හි බුදුහු එ මැ ආස්‍රවස්‍ථානීය ධර්‍මයන් නසන පිණිස ශ්‍රාවකයනට ශික්‍ෂාපද පනවත්.
Pali BJTන තාව භද්දාලි ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, යාව න සඞ්ඝො මහත්තං පත්තො හොති. යතො ච ඛො භද්දාලි සඞ්ඝො මහත්තං පත්තො හොති. අථ ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති. අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති තෙසං යෙව ආසවට්ඨානියානං ධම්මානං පටිඝාතාය.
Sinhala BJTභද්දාලිය, යම් තාක් සඞ්ඝයා මහත්බවට නො පැමිණියේ වේ ද ඒ තාක් මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ නො වෙති. යම් කලෙකැ වැළිත් භද්දාලිය, සඞ්ඝයා මහත් බවට පැමිණියේ වේ ද එකල්හි මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ වෙති. එකල්හි මැ ආස්‍රවස්‍ථානීයධර්‍මයන් නසන පිණිස බුදුහු ශික්‍ෂාපද පනවත්.
Pali BJTන තාව භද්දාලි ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති යාව න සඞ්ඝො ලාභග්ගං පත්තො හොති, -පෙ- යසග්ගං පත්තො හොති -පෙ- බාහුසච්චං පත්තො හොති, -පෙ- රත්තඤ්ඤුතං පත්තො හොති. යතො ච ඛො භද්දාලි සඞ්ඝො රත්තඤ්ඤුතං පත්තො හොති. අථ ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති තෙසං යෙව ආසවට්ඨානියානං ධම්මානං පටිඝාතාය.
Sinhala BJTභද්දාලිය, යම් තාක් සඞ්ඝයා ලාභයෙහි අගතැන් නො පැමිණියේ වේ ද ... යසස්හි අගතැන් නො පැමිණියේ වේ ද ... බහුශ්‍රුත බවට නො පැමිණියේ වේ ද ... රාත්‍රඥ බවට නො පැමිණියේ වේ ද ඒ තාක් මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ නො වෙති. යම් කලෙකැ වැළිත් භද්දාලිය, සඞ්ඝ තෙමේ රාත්‍රඥ බවට පැමිණියේ වේ ද එකල්හි මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ වෙති. එකල්හි බුදුහු එ මැ ආස්‍රවස්‍ථානීයධර්‍මයන් නසන පිණිස ශික්‍ෂාපද පනවත්.
Pali BJTඅප්පකා ඛො තුම්හෙ භද්දාලි තෙන සමයෙන අහුවත්ථ යදා වො අහං ආජානීයසුසූපමං ධම්මපරියායං දෙසෙසිං. සරසි ත්වං{1} භද්දාලීති. නො හෙතං භන්තෙ. තත්ර භද්දාලි කං හෙතුං පච්චෙසීති. සො හි නූනාහං භන්තෙ දීඝරත්තං සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී අහොසින්ති. න ඛො භද්දාලි එසෙව හෙතු එස පච්චයො. අපි ච මෙ ත්වං භද්දාලි දීඝරත්තං චෙතසා චෙතො පරිච්ච විදිතො. නචායං{2} මොඝපුරිසො මයා ධම්මෙ දෙසියමානෙ අට්ඨිකත්වා{3} මනසිකත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාතීති. අපි ච තෙ අහං භද්දාලි ආජානීයසුසූපමං ධම්මපරියායං දෙසිස්සාමි. තං සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො ආයස්මා භද්දාලි භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTභද්දාලිය, යම් කලෙකැ මම් තොපට තරුණ අජානීයෝපම ධර්‍මපර්‍ය්‍යාය දෙසුයෙම් ද එසමයෙහි තෙපි අල්ප වූවහු යැ භද්දාලිය, තෝ එය සිහිකරයි ද? යි. වහන්ස තෙල නැත් මැ යැ. භද්දාලිය, එහි ලා කවරහේතුවක් සලකයි දැ’යි. වහන්ස, එකත්නෙන් ඒ මම් දිගු කලක් බුදුසස්නෙහි ශික්‍ෂාපද සපුරා නො කරන්නෙම් වීමි’යි. භද්දාලිය, තෙලෙ මැ හේතු නො වෙයි. තෙලෙ ප්‍රත්‍ය නො වෙ යි. එතෙකුදුවත් භද්දාලිය, මා විසින් තෝ දිගුකලක් මුළුල්ලෙහි සිතින් විමසා දන්නා ලද්දෙහි යැ: “මේ තුච්ඡපුරුෂ තෙම මා විසින් දහම් දෙසනු ලබන කල්හි අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට සියල්ල සිතින් සමනා එළැවූ කන් ඇති වැ දහම් නො අසා යයි දන්නා ලද්දෙහි යැ. එතෙකුදුවත් භද්දාලිය, මම තට තරුණ අජානීයෝපම ධර්‍මපර්‍ය්‍යාය දෙසමි. එය අස, මොනොවට මෙනෙහි කර, කියමි වදාළහ. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් භද්දාලිස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTසෙය්යථාපි භද්දාලි දක්ඛො අස්සදමකො භද්රං අස්සාජානීයං ලභිත්වා පඨමෙනෙව මුඛාධානෙ කාරණං කාරෙති. තස්ස මුඛාධානෙ කාරණං කාරියමානස්ස හොන්තියෙව විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බායති. යතො ඛො භද්දාලි භද්රො අස්සාජානීයො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බුතො හොති. තමෙනං අස්සදමකො උත්තරිං{1} කාරණං කාරෙති යුගාධානෙ. තස්ස යුගාධානෙ කාරණං කාරියමානස්ස හොන්තියෙව විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බායති. යතො ඛො භද්දාලි භද්රො අස්සාජානීයො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බුතො හොති. තමෙනං අස්සදමකො උත්තරිං{1} කාරණං කාරෙති අනුක්කමෙ මණ්ඩලෙ ඛුරකාසෙ{2} ධාවෙ{3} රවත්ථෙ{4} රාජගුණෙ රාජවංසෙ උත්තමෙ ජවෙ උත්තමෙ හයෙ උත්තමෙ සාඛල්යෙ. තස්ස උත්තමෙ ජවෙ උත්තමෙ හයෙ උත්තමෙ සාඛල්යෙ කාරණං කාරියමානස්ස හොන්තියෙව විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බායති. යතො ච ඛො භද්දාලි භද්රො අස්සාජානීයො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බුතො හොති. තමෙනං අස්සදමකො උත්තරිං{1} වණ්ණියඤ්ච වලියඤ්ච{5} අනුප්පවෙච්ඡති. ඉමෙහි ඛො භද්දාලි දසහඞ්ගෙහි සමන්නාගතො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT“යම්සේ භද්දාලිය, දක්‍ෂ වූ අස්දමුයෙක් භද්‍ර වූ ආජානීය අශ්වයකු ලැබ පළමු මැ මුවවළලු ලීමෙහි ක්‍රියා කරවයි. මුවවළලු ලීමෙහි ක්‍රියා කරවනු ලබන ඕහට නො කළවිරූ ක්‍රියා කරනුලබනුවක්හට සෙයින් යම් කිසි විලෝම ආකාර කෙනෙක් විසම හැසිරීම් කෙනෙක් විලෝම චලිත කෙනෙක් වෙත් මැ යැ. හේ නිරතුරු කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් එකරුණෙහි නිෂ්ඨාවට යෙයි. යම්කලෙකැ භද්දාලිය, භද්‍රවූ ආජානීය අශ්ව තෙම නිරතුරු කිරීමෙන් අනුපූර්‍වකාරණයෙන් එකරුණෙහි නිෂ්ඨාවට පැමිණියේ වේ ද, ඒ මොහු අස්දමු තෙමේ මත්තෙහි විය තැබීමෙහි ක්‍රියා කරවයි. විය තැබීමෙහි ක්‍රියා කරවනු ලබන ඕහට නො කළ විරූ ක්‍රියා කරවනු ලබනුවක්හට සෙයින් යම් කිසි විලෝම ආකාරයෝ විසමචරිතයෝ විලෝමචලිතයෝ වෙත් මැ යැ. හේ නිරන්තර කාරණයෙන් අනුපූර්‍වකාරණයෙන් එකරුණෙහි නිෂ්ඨාවට යෙයි. යම් කලෙක භද්දාලිය, භද්‍ර වූ ආජානීය අශ්ව තෙමේ නිරන්තර කාරණයෙන් අනුපූර්‍වකාරණයෙන් එකරුණෙහි නිෂ්ඨාවට පැමිණියේ වේ ද, ඒ මොහුට අස්දමු තෙමේ මත්තෙහි අනුක්‍රමයෙහි (එක්වට සිව්පා නැඟීමෙහි තැබීමෙහි) ... මණ්ඩලයෙහි ... කුරගින් යෑමෙහි ... ශීඝ්‍රජවයෙහි ... රවයෙහි නො බා පිවිසීමෙහි ... රජු විසින් දතයුතු ගුණයෙහි ... අශ්වරාජවංශයෙහි ... ජවසම්පත්තියෙහි ... උතුම් අස් බැව්හි උත්තම වූ සඛිලභාවයෙහි (සිලිටි වචනයෙහි) ක්‍රියා කරවයි. ඕහට උත්තමජවයෙහි උතුම් අස් බැව්හි උත්තමසඛිලභාවයෙහි ක්‍රියා කරවනලබනුවාට නො කළ විරූ ක්‍රියා කරවන ලබනුවක්හට සෙයින් යම් කිසි විලෝම ආකාරයෝ විසම චරිතයෝ විලෝමචලිතයෝ වෙත් මැ යැ. හේ නිරන්තරයෙන් අනුපුර්‍වකාරණයෙන් එකරුණෙහි නිමාවට යෙයි. යම් කලෙකැ භද්දාලිය, භද්‍ර වූ අජානීය අශ්ව තෙමේ නිරන්තරකාරණයෙන් අනුපුර්‍වකාරණයෙන් එකරුණෙහි නිමාවට ගියේ වේ ද ඒ මොහු අස්දමු තෙමේ මත්තෙහි ... භද්දාලිය, මේ දශ අඞ්ගයෙන් සමන්‍වාගත වූ භද්‍ර වූ අජානීය අශ්ව තෙමේ රාජාර්‍ග වෙයි. රාජභෝග්‍ය වූයේ රාජාවයට සඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඑවමෙව ඛො භද්දාලි දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි දසහි: ඉධ භද්දාලි භික්ඛු අසෙක්ඛාය සම්මාදිට්ඨියා සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාසඞ්කප්පෙන සමන්නාගතො හොති. අසෙක්ඛාය සම්මාවාචාය සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාකම්මන්තෙන සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාආජීවෙන සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාවායාමෙන සමන්නාගතො හොති. අසෙක්ඛාය සම්මාසතියා සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාසමාධිනා සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාඤාණෙන සමන්නාගතො හොති. අසෙක්ඛාය සම්මාවිමුත්තියා සමන්නාගතො හොති. ඉමෙහි ඛො භද්දාලි දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති, පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTඑසෙයින් මැ භද්දාලිය, දශ ධර්‍මයෙකින් සමන්‍වාගත මහණ දුරැ සිට ගෙනවුත් දෙන දන් පිළිගැනීමට නිසි වූයේ, අමුතු දන් පිළිගැනීමට නිසි වූයේ, දක්‍ෂිණාවට නිසි වූයේ, ඇඳිලි බඳනට නිසි වූයේ, ලොවට අනුත්තර පින්කෙත් වූයේ වෙයි. කවර දශ ධර්‍මයෙකින යත්: භද්දාලියැ, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සම්‍යක්සංකල්පයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සම්‍යක්වචනයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සම්‍යක්කර්‍මාන්තයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සම්‍යගාජීවයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සම්‍යග්ව්‍යායාමයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සම්‍යක්ස්මෘතියෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සම්‍යක්සමාධියෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සම්‍යග්ඥානයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සම්‍යග්විමුක්තියෙන් සමන්‍වාගත වෙයි. භද්දාලිය, මේ දස දහමින් යුත් මහණ දුරින් අළ දන් පිළිගැනීමට නිසි වූයේ අමුතු දන් පිළිගැනීමට නිසි වූයේ දක්‍ෂිණාවට නිසි වූයේ ඇඳිලි බඳනට නිසි වූයේ, ලොවට අනුත්තර පින්කෙත් වූයේ වේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා භද්දාලි භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක, සතුටු සිත් ඇති ආයුෂ්මත් භද්දාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTභද්දාලි සුත්තං පඤ්චමං.
Sinhala BJTපස්වැනි භද්‍දාලි සුත්‍රයි.
Pali BJT2. 2. 6.
Sinhala BJT2. 2. 6.
Pali BJTලටුකිකොපම සුත්තං
Sinhala BJTලටුකිකෝපම සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා අඞ්ගුත්තරාපෙසු විහරති ආපණං නාම අඞ්ගුත්තරාපානං නිගමො. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ආපණං පිණ්ඩාය පාවිසි. ආපණෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙනඤ්ඤතරො වනසණ්ඩො තෙනුපසඞ්කමි දිවාවිහාරාය. තං වනසණ්ඩං අජ්ඣොගහෙත්වා{1} අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද. එක් කලෙකැ භාග්‍යවත් බුදුහු අඞ්ගුත්තරාප ජනපදයෙහි අඞ්ගුත්තරාපවාසීන් ගේ ආපණ නම් නියම්ගම්හි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසිසේක. ආපණයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුණුසේක් දිවාවිහරණය සඳහා එක්තරා වනලැහැබකට පිවිසිසේක. ඒ වනලැහැබට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහරණයට වැඩහුන්සේක.
Pali BJTආයස්මාපි ඛො උදායී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ආපණං පිණ්ඩාය පාවිසි. ආපණෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන සො වනසණ්ඩො තෙනුපසඞ්කමි දිවාවිහාරාය. තං වනසණ්ඩං අජ්ඣොගහෙත්වා{1} අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස්මතො උදායිස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘බහුන්නං වත නො භගවා දුක්ඛධම්මානං අපහත්තා, බහුන්නං වත නො භගවා සුඛධම්මානං උපහත්තා, බහුන්නං{2} වත නො භගවා අකුසලානං ධම්මානං අපහත්තා බහුන්නං{2} වත නො භගවා කුසලානං ධම්මානං උපහත්තා’ති.
Sinhala BJTආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ ද පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසියේය. ආපණයෙහි පිඬු සිඟා හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුණේ දිවාවිහරණය පිණිස ඒ වනලැහැබට පැමිණියේ ය. ඒ වනලැහැබට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහරණයට හිඳගත. එකල්හි එකලා වැ විවේකයෙන් හුන් ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “ඒකාන්තයෙන් බුදුහු අපගේ බොහෝ දුක් දුරුකරනුවහ. ඒකාන්තයෙන් බුදුහු අපට බොහෝ සුව ඵළවනුවහ, ඒකාන්තයෙන් බුදුහු අපගේ බොහෝ අකුශලධර්‍මයන් දුරුකරනුවහ. ඒකාන්තයෙන් බුදුහු අපට බොහෝ කුශලධර්‍මයන් ඵළවනුවහ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා උදායී සායන්හසමයං පතිසල්ලානාවුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උදායී භගවන්තං එතදවොච. “ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘බහුන්නං වත නො භගවා -පෙ- කුසලානං ධම්මානං උපහත්තා’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ පස්වරුයෙහි පලසමවතින් නැඟීසිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී යැ: “වහන්ස, මෙහි එකලා වැ විවේකයෙන් හුන් මා ගේ චිත්තයෙහි මෙබඳු පරිවිතර්‍කයෙක් උපන: භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපට බොහෝ වූ … කුශලධර්‍මයන් ඵළවනසේකැ”යි.
Pali BJTමයං හි භන්තෙ පුබ්බෙ සායඤ්චෙව භුඤ්ජාම පාතො ච දිවා ච විකාලෙ. අහු ඛො සො භන්තෙ සමයො යං භගවා භික්ඛූ ආමන්තෙසි: ‘ඉඞ්ඝ තුම්හෙ භික්ඛවෙ එතං දිවාවිකාලභොජනං පජහථා’ති. තස්ස මය්හං භන්තෙ අහුදෙව අඤ්ඤථත්තං අහු{3} දොමනස්සං. යම්පි නො සද්ධා ගහපතිකා{4} දිවා විකාලෙ පණීතං ඛාදනීයං භොජනීයං දෙන්ති. තස්සපි නො භගවා පහානමාහ. තස්සපි නො සුගතො පටිනිස්සග්ගමාහා’ති.
Sinhala BJTවහන්ස, අපි පෙර සවස්හිදු උදාසන දු දාවල්හි දු විකාලයෙහි වැළඳුම්හ. වහන්ස, යම් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි තෙල දිවා විකල්බොජුන් හැර පියව”යි භික්‍ෂූන් ඇමැතූසේක් ද එබඳු කලෙක් විය. වහන්ස, (එකල්හි) මට (සිත්හි) අන්‍යථාත්‍වය වී මැ යැ, දොම්නස් වී මැ යැ: “ශ්‍රද්ධාවත් ගෘහපතිහු අපට දහවල් විකාලයෙහි යම් ප්‍රණීත වූ කෑයුතු බිදියයුතු දැය දෙති, භාග්‍යවතුන් වහන්සේ අපට ඒ භෝජනයාගේ ප්‍රහාණය වදාළසේක. සුගතයන් වහන්සේ අපට ඒ භෝජනයාගේ ද දුරැලීම වදාළසේකැ”යි.
Pali BJTතෙ මයං භන්තෙ භගවති පෙමඤ්ච ගාරවඤ්ච හිරිඤ්ච ඔත්තප්පඤ්ච සම්පස්සමානා එවං තං දිවාවිකාලභොජනං පජහිම්හා{1}. තෙ මයා භන්තෙ සායඤ්චෙව භුඤ්ජාම පාතො ච. අහු ඛො සො භන්තෙ සමයො යං භගවා භික්ඛූ ආමන්තෙසි: ඉඞ්ඝ තුම්හෙ භික්ඛවෙ එතං රත්තිං විකාලභොජනං පජහථා’ති. තස්ස මය්හං භන්තෙ අහුදෙව අඤ්ඤථත්තං. අහු{2} දොමනස්සං යම්පි නො ඉමෙසං ද්වින්නං භත්තානං පණීතසඞ්ඛාතතරං තස්සපි නො භගවා පහානමාහ. තස්සපි නො සුගතො පටිනිස්සග්ගමාහා’ති.
Sinhala BJTවහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද ගෞරවය ද ලජ්ජාව ද බිය ද දක්නමෝ මෙසේ ඒ දිවාවිකල්බොජුන දුරු කළම්හ. වහන්ස, අපි සවස ද උදාසන ද වැළැඳුම්හ. යම් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි තෙල රාත්‍රි විකල් බොජුන හැරපියව”යි භික්‍ෂූන් ඇමැතූසේක් ද එබඳු කලෙක් විය. වහන්ස, (එකල්හි) මට (සිත්හි) අන්‍යථාත්‍වය වී මැ යැ, දොම්නස් වීමැ ය: “මේ දෙවැදෑරුම් බත් අතුරෙන් යම් බතක් අතිශයින් ප්‍රණීත යයි කියනලද ද භාග්‍යවතුන් වහන්සේ අපට ඒ භෝජනයා ගේ ප්‍රහාණය වදාළසේක. සුගතයන් වහන්සේ අපට ඒ භෝජනයාගේ හැරපීම ද වදාළසේකැ”යි.
Pali BJTභූතපුබ්බං භන්තෙ අඤ්ඤතරො පුරිසො දිවා සූපෙය්යං ලභිත්වා එවමාහ: ‘හන්ද ච ඉමං නික්ඛිපථ, සායං සබ්බෙව සමග්ගා භුඤ්ජිස්සාමා’ති. යා කාචි භන්තෙ සඞ්ඛතියො සබ්බා තා රත්තිං, අප්පා දිවා. තෙ මයං භන්තෙ භගවති පෙමඤ්ච ගාරවඤ්ච හිරිඤ්ච ඔත්තප්පඤ්ච සම්පස්සමානා එවං තං රත්තිං විකාලභොජනං පජහිම්හා.
Sinhala BJTවහන්ස, පෙර එක්තරා පුරුෂයෙක් දහවල්හි සූපයට නිසි (මත්ස්‍යමාංසාදී) යක් ලැබ මෙසේ කී යැ: “දැන් මෙය තබාපියව, සවස්කලැ හැම දෙනමෝ එක් වැ පියා වළඳම්හ”යි. වහන්ස, යම් කිසි සකස් කළ කෑයුතු දෑ වේ ද, එ හැම රාත්‍රියෙහි වෙයි. දහවල්හි ස්වල්පයෙක් වේ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද ගෞරවය ද ලජ්ජාව ද බිය ද දක්නමෝ මෙසේ තෙල රෑ විකල් බොජුන් හැරපීම්හ.
Pali BJTභූතපුබ්බං භන්තෙ භික්ඛූ රත්තන්ධකාරතිමිසායං පිණ්ඩාය චරන්තා චන්දනිකම්පි පවිසන්ති. ඔලිගල්ලෙපි පපතන්ති. කණ්ටකාවට්ටම්පි{2} ආරොහන්ති, සුත්තම්පි ගාවිං ආරොහන්තිං මාණවෙහිපි සමාගච්ඡන්ති කතකම්මෙහිපි අකතකම්මෙහිපි. මාතුගාමොපි තෙ අසද්ධම්මෙන නිමන්තෙති.
Sinhala BJTවහන්ස, පෙර භික්‍ෂූහු රැය ගනඳුරෙහි පිඬුසිඟා යන්නාහු ඉඳුල්දිය හෙළන තැනට ද පිවිසෙති. ගම්දොර ගවරවළෙහි ද වැටෙති, කටුවැටට ද නැඟෙති, නිදන ගවයන් පිට ද නැඟෙති, කළ සොරකම් ඇත්තා වූ ද කළ සොරකම් නැත්තා වූ ද සොරුන්ට ද හමු වෙති, මාගම ද ඔවුන් මෙවුන්දමින් පවරයි.
Pali BJTභූතපුබ්බාහං භන්තෙ රත්තන්ධකාරතිමිසායං පිණ්ඩාය චරාමි. අද්දසා ඛො මං භන්තෙ අඤ්ඤතරා ඉත්ථී විජ්ජන්තරිකාය භාජනං ධොවන්තී. දිස්වා මං භීතා විස්සරමකාසි: ‘අබ්භුං මෙ{3} පිසාචො වත ම’න්ති. එවං වුත්තෙ අහං භන්තෙ තං ඉත්ථිං එතදවොචං: නාහං භගිනි, පිසාචො, භික්ඛු පිණ්ඩාය ඨිතො’ති. භික්ඛුස්ස ආතුමාරී, භික්ඛුස්ස මාතුමාරී, වරන්තෙ භික්ඛු තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡි පරිකන්තො නත්වෙව{4} යං{5} රත්තන්ධකාරතිමිසායං කුච්ඡිහෙතු පිණ්ඩාය චරසීති{6}.
Sinhala BJTවහන්ස, මම් පෙර රැය බොල්අඳුරෙහි පිඬු සිඟා ගියෙමි. වහන්ස, බඳුන් සෝදන එක්තරා ස්ත්‍රියක් විදුලියඑලියෙන් මා දුටුවා යැ. මා දැක බියපත් වූවා “මට වනසෙක, පිශාචයෙක් මා කන්නට ආයේ වනැ”යි මහහඬ නැඟූ යැ. වහන්ස, මෙසේ කී කල්හි මම් ඒ ස්ත්‍රියට තෙල කීමි: “නැඟැණිය, මම් පිශාච නො වෙමි, පිඬු පිණිස සිටි මහණෙක්මි” කීමි. මහණහුගේ පියා මළේ වන, මහණහුගේ මව මළා වන, මහණ, තියුණු වූ ගෙරිකපන කැත්තෙන් තාගේ කුස කපන ලද්දේ මැනැවැ, යම් හෙයකින් මේ රෑ බොල්අඳුරෙහි උදර හේතුවෙන් පිඬු පිණිස හැසිරෙයි ද ඒ නො මනා මැ යි.
Pali BJTතස්ස මය්හං භන්තෙ තදනුස්සරතො එවං හොති: ‘බහුන්නං වත නො භගවා දුක්ඛධම්මානං අපහත්තා, බහුන්නං වත නො භගවා සුඛධම්මානං උපහත්තා, බහුන්නං වත නො භගවා අකුසලානං ධම්මානං අපහත්තා. බහුන්නං වත නො භගවා කුසලානං ධම්මානං උපහත්තා’ති.
Sinhala BJTවහන්ස, ඒ සිහි කරන මට මේ සිත වෙයි: “ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක් දුරලනසේක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ සුව ඵළවනසේක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ අකුසල් දුරලනසේක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපට කුසල්දහම් ඵළවනසේකැ”යි.
Pali BJTඑවමෙව පනුදායි ඉධෙකච්චෙ මොඝපුරිසා: ‘ඉදං පජහථා’ති මයා වුච්චමානා තෙ එවමාහංසු: ‘කිම්පනිමස්ස අප්පමත්තකස්ස ඔරමත්තකස්ස අධිසල්ලිඛතෙවායං සමණො’ති. තෙ තඤ්චෙව නප්පජහන්ති. මයි ච අප්පච්චයං උපට්ඨාපෙන්ති. යෙ ච භික්ඛූ සික්ඛාකාමා, තෙසං තං උදායි හොති බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථූල්ලො{7} කලිඞ්ගරො.
Sinhala BJTඋදායිය, ඒ එසේ මැ යැ. ලොවැ ඇතැම් තුච්ඡපුරුෂයෝ ‘මෙය හැරපියව’යි මා විසින් කියනුලබන්නාහු ඔහු මෙසේ කියති: “කුමක් හෙයින් මේ මහණහු ඉතා අල්ප වූ මඳ පමණ වූ මෙකරුණට ඉතා වෑයම් කෙරෙත් දැ”යි. ඔහු එකරුණ වැලිත් නො හැරපියති. මා කෙරෙහිදු නො සතුට උපදවත්. (සාරිපුත්තාදී) යම් භික්‍ෂු කෙනෙක් හික්මෙනු කැමැති වෙත් ද, (ඔවුන් කෙරෙහිදු නො සතුට) එළවත්. උදායිය, ඔවුන්ට එය බලවත් බන්‍ධනයෙක් දැඩි බන්‍ධනයෙක් ස්ථිර බන්‍ධනයෙක් නො දිරූ බන්‍ධනයෙක් ගෙල බැඳි මහාකාෂ්ටයෙක් වෙයි.
Pali BJTසෙය්යථාපි උදායි ලටුකිකා සකුණිකා පූතිලතාය බන්ධනෙන බද්ධා තත්ථෙව වධං වා බන්ධං වා මරණං වා ආගමෙති. යො නු ඛො උදායි එවං වදෙය්ය: ‘යෙන සා ලටුකිකා සකුණිකා පූතිලතාය බන්ධනෙන බද්ධා තත්ථෙව වධං වා බන්ධං වා මරණං වා ආගමෙති, තං හි තස්සා අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං, අසාරකං බන්ධන’න්ති. සම්මානු ඛො සො උදායි වදමානො වදෙය්යා’ති. නො හෙතං භන්තෙ. යෙන සා භන්තෙ ලටුකිකා සකුණිකා පූතිලතාය බන්ධනෙන බද්ධා තත්ථෙව වධං වා බන්ධං වා මරණං වා ආගමෙති. තං හි තස්සා බලවං බන්ධනං, දළ්හං බන්ධනං, ථිරං බන්ධනං අපූතිකං බන්ධනං, ථූල්ලො{1} කලිඞ්ගරො’ති.
Sinhala BJTඋදායිය, යම්සේ කැටකිරිල්ලක් කිඳිලිය බැඳුමින් බැඳුණී එහි මැ වධයට හෝ බන්‍ධනයට හෝ මරණයට හෝ පැමිණේ ද, උදායිය, යමෙක් ඒ කැටකිරිල්ල යම් කිඳිලිය බැඳුමෙකින් බඳනාලද්දී එහි දී මැ වධයට හෝ බන්‍ධනයට හෝ මරණයට හෝ පැමිණේ ද, එයම ඈට අබල බන්‍ධනයෙක් දුබල බන්‍ධනයෙක් පුතිබන්‍ධනයෙක් අසාර බන්‍ධනයෙක් වේ යයි. කියා නම්, උදායිය, හේ කියනුයේ සැබැවක් මැ කියා දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, ඒ කැටකිරිල්ල යම් කිඳිලිය බැඳුමෙකින් බඳනාලද්දී එහි මැ වධයට හෝ බන්‍ධනයට හෝ මරණයට හෝ පැමිණේ ද එය ඈට බලවත් බන්‍ධනයෙක් දැඩි බන්‍ධනයෙක් ස්ථිර බන්‍ධනයෙක් නො දිරූ බන්‍ධනයෙක් ස්ථුලකලිඞ්ගරයෙක් වේ ද එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො උදායි ඉධෙකච්චෙ මොඝපුරිසා: ‘ඉදං පජහථා’ති මයා වුච්චමානා තෙ එවමාහංසු: කිං පනිමස්ස අප්පමත්තකස්ස ඔරමත්තකස්ස අධිසල්ලිඛතෙවායං සමණො’ති. තෙ තඤ්චෙව නප්පජහන්ති, මයි ච අප්පච්චයං උපට්ඨාපෙන්ති. යෙ ච භික්ඛූ සික්ඛාකාමා තෙසං තං උදායි හොති බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථූල්ලො කලිඞ්ගරො.
Sinhala BJTඑසෙයින් මැ උදායිය, මේ ඇතැම් තුච්ඡ පුරුෂයෝ ‘මෙය හැරපියව’යි මා විසින් කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: “මේ ඉතා මඳ දැයකට කුමක් හෙයින් මේ මහණහු ඉතා වෑයම් කෙරෙත් දැ”යි. ඔහු එය නො ද හැරපියති. මා කෙරෙහි ද නො සතුට පහළ කෙරෙත් හික්මෙනු කැමැති වූ යම් භික්‍ෂු කෙනෙක් වෙත් ද (ඔවුන් කෙරෙහි දු නො සතුට) පහළ කෙරෙත්. උදායිය, එය ඔවුන්ට බලවත් බන්‍ධනයෙක් දැඩි බන්‍ධනයෙක් ස්ථිර බන්‍ධනයෙක් නො දිරූ බන්‍ධනයෙක් ගෙල බැඳි මහාකලිඞ්ගරයෙක් වෙයි.
Pali BJTඉධ පනුදායි එකච්චෙ කුලපුත්තා: ‘ඉදං පජහථා’ති මයා වුච්චමානා තෙ එවමාහංසු: කිම්පනිමස්ස අප්පමත්තකස්ස ඔරමත්තකස්ස පහාතබ්බස්ස යස්ස නො භගවා පහානමාහ. යස්ස නො සුගතො පටිනිස්සග්ගමාහා’ති. තෙ තඤ්චෙව පජහන්ති, මයි ච න අප්පච්චයං උපට්ඨාපෙන්ති. යෙ ච භික්ඛූ සික්ඛාකාමා. තෙ තං පහාය අප්පොස්සුක්කා පන්නලොමා පරදවුත්තා{2} මිගභූතෙන චෙතසා විහරන්ති. තෙසන්තං උදායි හොති අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනං. සෙය්යථාපි උදායි රඤ්ඤො නාගො ඊසාදන්තො උබ්බුළ්හවාභිජාතො{3} සඞ්ගාමාවචරො දළ්හෙහි වරත්තෙහි{4} බන්ධනෙහි බද්ධො ඊසකඤ්ඤෙව කායං සන්නාමෙත්වා තානි බන්ධනානි සඤ්ඡින්දිත්වා සම්පදාළෙත්වා යෙන කාමං පක්කමති. යො නු ඛො උදායි එවං වදෙය්ය: යෙහි සො රඤ්ඤො නාගො ඊසාදන්තො උබ්බුළ්හවාභිජාතො{3} සඞ්ගාමාවචරො දළ්හෙහි වරත්තෙහි බන්ධනෙහි බද්ධො ඊසකඤ්ඤෙව කායං සන්නාමෙත්වා තානි බන්ධනානි සඤ්ඡින්දිත්වා සම්පදාළෙත්වා යෙන කාමං පක්කමති. තං හි තස්ස බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථූල්ලො{1} කලිඞ්ගරොති. සම්මා නු ඛො සො උදායි වදමානො වදෙය්යාති. නො හෙතං භන්තෙ. යෙහි සො භන්තෙ රඤ්ඤො නාගො ඊසාදන්තො උබ්බුළ්හවාභිජාතො{3} සඞ්ගාමාවචරො දළ්හෙහි වරත්තෙහි බන්ධනෙහි බද්ධො ඊසකඤ්ඤෙව කායං සන්නාමෙත්වා තානි බන්ධනානි සඤ්ඡින්දිත්වා සම්පදාළෙත්වා යෙන කාමං පක්කමති. තං හි තස්ස අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනන්ති.
Sinhala BJTතවද උදායිය, මෙසස්නෙහි කිසි කුලපුත්‍ර කෙනෙක් ‘මෙය හැරපියව’යි මා විසින් කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: “භාග්‍යවතුන් වහන්සේ අපට යමක්හු ගේ ප්‍රහාණය වදාරනසේක් ද, සුගතයන් වහන්සේ අපට යමක්හු ගේ දුරලීම වදාරනසේක් ද මේ ඉතා අල්ප වූ මඳ පමණ වූ ප්‍රභාතව්‍යයාගේ (බුදුන් විසින් වදාළයුතු) කිමැ”යි ඔහු එ ද හැරපියති. මා කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙති. හික්මෙනු කැමැති වූ (ශාරීපුත්‍රාදී) යම් භික්‍ෂු කෙනෙක් වෙත් ද ඔවුන් කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙත්. ඔහු එය හැරපියා උත්සාහ රහිත වැ පතිතලෝම ඇති වැ මෙරමා දුන් ප්‍රත්‍යයෙන් යැපෙමින් මෘගසම වූ (බලාපොරොත්තු රහිත) සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. උදායිය, එය ඔවුන්ට අබල බන්‍ධනයෙකි, දුබල බන්‍ධනයෙකි, පූතික (දිරූ) බන්‍ධනයෙකි, අසාර බන්‍ධනයෙකි. උදායීය, යම්සේ රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ සඞ්ග්‍රාමාවචර වූ රජුගේ ඇත් තෙමේ දැඩි වරපට බැඳුමින් බඳනා ලද්දේ මඳක් මැ කය නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමැති සේ යේ ද උදායිය, යමෙක් මෙසේ කියා නම්: “රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ සඞ්ග්‍රාමාවචර වූ රජුගේ ඒ ඇත් තෙමේ යම් දැඩි වරපට බැඳුමෙකින් බඳනාලද්දේ මඳක් මැ කය නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමැති සේ යෙයි. එය ඔහුට බලවත් බන්‍ධනයෙක, දැඩි බන්‍ධනයෙක, ස්ථිර බන්‍ධනයෙක, අපූතික බන්‍ධනයෙක, ස්ථුලකලිඞ්ගරයෙකැ”යි කියා නම් උදායිය, කියන්නා වූ හේ සැබැවක් මැ කියා දැ?යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ සඞ්ග්‍රාමාවචර වූ රජුගේ ඒ ඇත් තෙමේ යම් දැඩි වූ වරපට බැඳුමෙකින් බඳනා ලද්දේ මඳක් මැ කය නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමැති සේ යේ ද, එය උහුට අබල බන්‍ධනයෙක, දුබල බන්‍ධනයෙක, පූතික බන්‍ධනයෙක, අසාර බන්‍ධනයෙකි.
Pali BJTඑවමෙව ඛො උදායි ඉධෙකච්චෙ කුලපුත්තා ඉදං පජහථා’ති මයා වුච්චමානා තෙ එවමාහංසු: කිං පනිමස්ස අප්පමත්තකස්ස ඔරමත්තකස්ස පහාතබ්බස්ස යස්ස නො භගවා පහානමාහ. යස්ස නො සුගතො පටිනිස්සග්ගමාහාති. තෙ තඤ්චෙව පජහන්ති. මයි ච න අප්පච්චයං උපට්ඨාපෙන්ති. යෙ ච භික්ඛූ සික්ඛාකාමා තෙ තම්පහාය අප්පොස්සුක්කා පන්නලොමා පරදවුත්තා{1} මිගභූතෙන චෙතසා විහරන්ති. තෙසං තං උදායි හොති අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනං.
Sinhala BJTඑසෙයින් මැ උදායිය, මෙසස්නෙහි ඇතැම් කුලපුත්‍රයෝ ‘මෙය දුරු කරව’යි මාවිසින් කියනු ලබන්නාහු ඔහු “භාග්‍යවතුන් වහන්සේ අපට යමක් පිළිබඳ ප්‍රහාණය වදාරණසේක් ද, සුගතයන් වහන්සේ අපට යමක්හු ගේ දුරලීම වදාරණසේක් ද, කුමක් හෙයින් මේ අල්පමාත්‍ර වූ මඳ පමණ වූ ප්‍රහාතව්‍යය හේතු කොට ගෙන වදාරනසේක් දැ’යි. ඔහු එ ද දුරු කෙරෙති, මා කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙති, හික්මෙනු කැමැති වූ යම් භික්‍ෂු කෙනෙක් වෙත් ද ඔවුන් කෙරෙහි දු නො සතුට හෝ පහළ කෙරෙත්. ඔහු එය හැරපියා උත්සාහ රහිත වැ පතිතලෝම ඇති වැ පරා අයත් පැවැතුම් ඇති වැ මෘගසදෘශ (බලාපොරොත්තු රහිත) සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. උදායිය, එය ඔවුන්ට අබල බන්‍ධනයෙක, දුබල බන්‍ධනයෙක, පූතිකබන්‍ධනයෙක, අසාරබන්‍ධනයෙක.
Pali BJTසෙය්යථාපි උදායි පුරිසො දළිද්දො අස්සකො අනාළ්හියො{2} තස්සස්ස එකං අගාරකං ඔලුග්ගවිලුග්ගං කාකාතිදායිං න පරමරූපං. එකා ඛටොපිකා ඔලුග්ගවිලුග්ගා න පරමරූපා, එකිස්සා කුම්භියා ධඤ්ඤසමවාපකං න පරමරූපං, එකා ජායිකා න පරමරූපා. සො ආරාමගතං භික්ඛුං පස්සෙය්ය සුධොතහත්ථපාදං මනුඤ්ඤං භොජනං භුත්තාවිං සීතාය ඡායාය නිසින්නං අධිචිත්තෙ යුත්තං. තස්ස එවමස්ස: සුඛං වත භො සාමඤ්ඤං, ආරොග්යං වත භො සාමඤ්ඤං, සො වතස්සං{3} යොහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති. සො න සක්කුණෙය්ය එකං අගාරකං ඔලුග්ගවිලුග්ගං කාකාතිදායිං න පරමරූපං පහාය, එකං ඛටොපිකං ඔලුග්ගවිලුග්ගං න පරමරූපං පහාය, එකිස්සා කුම්භියා ධඤ්ඤසමවාපකං න පරමරූපං පහාය, එකං ජායිකං න පරමරූපං පහාය, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං.
Sinhala BJTයම්සේ උදායි ය, තමා සතු කිසිවක් නැති ආඪ්‍ය නො වූ දිළිඳු පුරුෂයෙක් වේ ද, ඔහට ගිලිහුණු ගොනැස් ඇති කවුඩන් රිසිසේ හැසිරිය හැකි උත්තමස්වරූප නො වූ එක් ගෙයෙක් වන්නේ යැ. උස්පහත් වූ (වැල් ඇති) නො මනා වූ හුණුදඬුමුවා හැඳෙක් වන්නේ යැ, එක් සැළෙකැ නො මනා වූ (හමු ආදී ධාන්‍ය හා ලබු ආදි) බිජුවට වෙයි. නො මනාරූ ඇති එක් දුගී බිරිඳක් වන්නී යැ. හෙතෙම ආරාමයෙහි හුන් මොනොවට දෙවූ අත්පා ඇති මනා බොජුන් වැළැඳූ සිහිල් සෙවෙනැ හුන් ධ්‍යානභාවනායෙහි යෙදුණු මහණක්හු දක්නේ යැ. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “භවත, ශ්‍රමණභාවය ඒකාන්තයෙන් සැපයෙක. භවත, ශ්‍රමණභාවය ඒකාන්තයෙන් ආරෝග්‍යයෙකි. යම් බඳු වූ මම් ගිහිගෙන් නික්මැ කෙහෙරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ සස්නෙහි පැවිදි වීම් නම් ඒකාන්තයෙන් පුරුෂයෙක් නම් වන්නේ යයි. හේ ගිලිහුණු ගොනැස් ඇති කවුඩන් රිසිසේ හැසිරිය හැකි උත්තමස්වරූප නො වූ එක් කුඩා ගෙය හැරපියා, උස්පහත් වූ (වැල් ඇති) නො මනා වූ හුණදඬුමුවා එක් හැඳ හැරපියා, එක් සැළෙකැ ලූ (හමු, ලබුබිජුවට ඈ) ධාන්‍යසමවාපකය හැරපියා පිළිකුල් කටයුතු එක් බිරිඳ හැරපියා ගිහිගෙන් නික්ම කෙහෙරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ පැවිදි වන්නට නො හැකි වන්නේ යැ.
Pali BJTයො නු ඛො උදායි එවං වදෙය්ය: යෙහි සො පුරිසො බන්ධනෙහි බද්ධො න සක්කොති, එකං අගාරකං ඔලුග්ගවිලුග්ගං -පෙ- එකං ජායිකං න පරමරූපං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. තං හි තස්ස අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධන’න්ති. සම්මානු{4} ඛො සො උදායිවදමානො වදෙය්යාති. නො හෙතං භන්තෙ. යෙහි සො භන්තෙ පුරිසො බන්ධනෙහි බද්ධො න සක්කොති එකං අගාරකං ඔලුග්ගවිලුග්ගං කාකාතිදායිං න පරමරූපං පහාය, එකං ඛටොපිකං ඔලුග්ගවිලුග්ගං න පරමරූපං පහාය, එකිස්සා කුම්භියා ධඤ්ඤසමවාපකං න පරමරූපං පහාය, එකං ජායිකං න පරමරූපං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. තං හි තස්ස බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථුල්ලො කලිඞ්ගරොති.
Sinhala BJTඋදායිය, යමෙක් මෙසේ කියා ද: “ඒ පුරුෂ තෙම යම් බන්‍ධනයෙකින් බැඳුණේ ගිලිහුණු ගොනැස් ඇති එක් කුඩා ගෙය … පිළිකුල් කටයුතු වූ එක් බිරිඳ හැරපියා ගිහිගෙන් නික්මැ කෙහෙරැවුළු බහා කහවත් හැඳ පැවිදිවන්නට නොහැක්කේ” යයි කියා නම් එය ඔහට අබල බන්‍ධනයෙක, දුබල බන්‍ධනයෙක, පූතික බන්‍ධනයෙක, අසාර වූ බන්‍ධනයෙකැ”යි. උදායිය, කියන්නා වූ හෙතෙම සැබැවක් මැ කියන්නේ දැ? යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, යම් බන්‍ධනයෙකින් බැඳුණු ඒ පුරුෂ තෙමේ ගිලිහුණු ගොනැස් ඇති කවුඩන් රිසිසේ පිවිසිය හැකි නො මනා වූ එක් කුඩා ගෙපැල හැරපියා, උස්මිටි වූ නො මනා වූ එක් හුණදඬු හැඳ හැරපියා, එක් සැළෙකැ ලූ නො අගනා (හමු, ලබුබිජු ඈ) ධාන්‍යසමවාපය හැරපියා, පිළිකුල් කටයුතු වූ එක් බිරිඳ හැරපියා ගිහිගෙන් නික්මැ කෙහෙරැවුළු බහා කසටවත් හැඳ පෙරෙවැ සස්නෙහි පැවිදි වන්නට නො පොහොසත් වන්නේ යැ. එය ඔහට බලවත් බන්‍ධනයෙක, දැඩි බන්‍ධනයෙක, ස්ථිර බන්‍ධනයෙක, නො දිරූ බන්‍ධනයෙක, ගෙලෙ බැඳි මහදඬුකඩෙකි.
Pali BJTඑවමෙව ඛො උදායි ඉධෙකච්චෙ මොඝපුරිසා ඉදං පජහථාති මයා වුච්චමානා තෙ එවමාහංසු: කිං පනිමස්ස අප්පමත්තකස්ස ඔරමත්තකස්ස. අධිසල්ලිඛතෙවායං සමණො’ති. තෙ තඤ්චෙව නප්පජහන්ති. මයි ච අප්පච්චයං උපට්ඨාපෙන්ති. යෙ ච භික්ඛූ සික්ඛාකාමා තෙසන්තං උදායි හොති බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථුල්ලො කලිඞ්ගරො.
Sinhala BJTඋදායිය, එසෙයින් මැ මෙලොවැ ඇතැම් තුච්ඡපුරුෂයෝ මා විසින් ‘මෙය හැරපියව’යි කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: මේ අල්පමාත්‍ර වූ මඳපමණ වූ කරුණක් හේතු කොට කුමක් කියයුතු ද? මේ මහණහු අධික වැ වෑයම් කෙරෙත්”යයි. ඔහු ඒ අල්පමාත්‍රය ද නොහැරපියති. මා කෙරෙහි දු නො සතුට පහළ කෙරෙති. හික්මෙනු කැමැති වූ යම් භික්‍ෂු කෙනෙක් වෙත් ද, ඔවුන් කෙරෙහි දු නො සතුට පහළ කෙරෙත්. උදායීය, එය ඔවුන්ට බලවත් බන්‍ධනයෙක, දැඩි බන්‍ධනයෙක, ස්ථිර බන්‍ධනයෙක, අපූතික බන්‍ධනයෙක, ගෙලෙ බැඳි මහා කලිඞ්ගරයෙකි.
Pali BJTසෙය්යථාපි උදායි ගහපති වා ගහපතිපුත්තො වා අඩ්ඪො මහද්ධනො මහාභොගො, නෙකානං නික්ඛගණානං චයො නෙකානං ධඤ්ඤගණානං චයො නෙකානං ඛෙත්තගණානං චයො නෙකානං වත්ථුගණානං චයො නෙකානං භරියාගණානං චයො නෙකානං දාසගණානං චයො නෙකානං දාසිගණානං චයො, සො ආරාමගතං භික්ඛුං පස්සෙය්ය සුධොතහත්ථපාදං මනුඤ්ඤං භොජනං භුත්තාවිං සීතාය ඡායාය නිසින්නං අධිචිත්තෙ යුත්තං. තස්ස එවමස්ස: සුඛං වත භො සාමඤ්ඤං, ආරොග්යං වත භො සාමඤ්ඤං, සො වතස්සං යොහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. සො සක්කුණෙය්ය නෙකානි නික්ඛගණානි පහාය, නෙකානි ධඤ්ඤගණානි පහාය, නෙකානි ඛෙත්තගණානි පහාය, නෙකානි වත්ථුගණානි පහාය, නෙකානි භරියාගණානි පහාය, නෙකානි දාසගණානි පහාය, නෙකානි දාසිගණානි පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං.
Sinhala BJTයම් සේ උදායීය, ධනයෙන් ආඪ්‍ය වූ මහද්ධන ඇති මහත් උපභෝගපරිභෝග ඇති නොයෙක් සියගණන් ස්වර්‍ණනිෂ්ක ඇති නොයෙක් සියගණන් ධාන්‍යශකටරාශි ඇති නොයෙක් සියගණන් කෙත් සමූහ ඇති නොයෙක් සියගණන් වතුසමූහ ඇති නොයෙක් සියගණන් භාර්‍ය්‍යාසමූහ ඇති නොයෙක් සියගණන් දාසසමූහයා ඇති නොයෙක් සියගණන් දාසීසමූහයා ඇති ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ වෙයි. හේ අරම්හි හුන් මොනොවට දෙවි අත්පා ඇති මනහර බොජුන් වැළැඳූ සිහිල් සෙවණැ හුන් ධ්‍යාන භාවනායෙහි යෙදුණු මහණක්හු දක්නේ යැ. එකල්හි ඔහට මෙසිත වෙයි. “භවත එකත්නෙන් ශ්‍රමණභාවය සුවයෙක. භවත, එකත්නෙන් ශ්‍රමණභාවය ආරෝග්‍යයෙකි. මම් කෙහෙ දැළිරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වෙම් නම් මැනැවැ”යි. හේ නොයෙක් සියගණන් ස්වර්‍ණනිෂ්කරාශින් හැරපියා, නොයෙක් සියගණන් ධාන්‍යශකටරාශින් හැරපියා, නොයෙක් සියගණන් කෙත් සමූහයන් හැරපියා, නොයෙක් සියගණන් වතු සමූහයන් හැරපියා, නොයෙක් සියගණන් භාර්‍ය්‍යාසමූහයන් හැරපියා, නොයෙක් සියගණන් දාසගණයා හැරපියා, නොයෙක් සියගණන් දාසීගණයා හැරපියා, කෙහෙ දැළිරැවුළු බහා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වන්නට හැකි වන්නේ යැ.
Pali BJTයො නු ඛො උදායි එවං වදෙය්ය: යෙහි සො ගහපති වා ගහපතිපුත්තො වා බන්ධනෙහි බද්ධො සක්කොති ..... පෙ..... නෙකානි දාසීගණානි පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං තං හි තස්ස බලවං බන්ධනං දළ්හං බන්ධනං ථිරං බන්ධනං අපූතිකං බන්ධනං ථුල්ලො කලිඞ්ගරොති. සම්මා නු{1} ඛො සො උදායි වදමානෙ වදෙය්යා’ති. නො හෙතං භන්තෙ. යෙහි සො භන්තෙ ගහපති වා ගහපතිපුත්තො වා බන්ධනෙහි බද්ධො සක්කොති නෙකානි නික්ඛගණානි පහාය, නෙකානි ධඤ්ඤගණානි පහාය, නෙකානි ඛෙත්තගණානි පහාය, නෙකානි වත්ථුගණානි පහාය, නෙකානි භරියාගණානි පහාය, නෙකානි දාසගණානි පහාය, නෙකානි දාසිගණානි පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. තං හි තස්ස අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනන්ති. එවමෙව ඛො උදායි ඉධෙකච්චෙ කුලපුත්තා, ඉදං පජහථාති මයා වුච්චමානා තෙ එවමාහංසු: ‘කිං පනිමස්ස අප්පමත්තකස්ස ඔරමත්තකස්ස පහාතබ්බස්ස යස්ස නො භගවා පහානමාහ. යස්ස නො සුගතො පටිනිස්සග්ගමාහා’ති. තෙ තඤ්චෙව පජහන්ති. මයි ච න අප්පච්චයං උපට්ඨාපෙන්ති. යෙ ච භික්ඛූ සික්ඛාකාමා තෙ තං පහාය අප්පොස්සුක්කා පන්නලොමා පරදවුත්තා මිගභූතෙන චෙතසා විහරන්ති. තෙසං තං උදායි හොති අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පූතිකං බන්ධනං අසාරකං බන්ධනං.
Sinhala BJTඋදායිය, යමෙක් මෙසේ කියා නම්: “ඒ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ යම් බන්‍ධනයෙකින් බැඳුණේ … නොයෙක් සියගණන් දාසිගණයා හැරපියා කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පැවිදි වන්නට හැකි වේ ද, එය ඔහට බලවත්බන්ධනයෙක, දෘඪබන්‍ධනයෙක, ස්ථිරබන්‍ධනයෙක, අපූතිකබන්‍ධනයෙක, (ගෙල බැඳි) ස්ථුල වූ කලිඞ්ගරයෙකැ”යි කියා නම්, මෙසේ හෙතෙම සැබවක් මැ කියා දැ?යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, යම් බන්‍ධනයෙකින් බැඳුණු ඒ ගැහැවි හෝ ගැහැවිපිත් හෝ නොයෙක් සියගණන් ස්වර්‍ණනිෂ්කරාශින් හැරපියා, නොයෙක් සියගණන් ධාන්‍යශකටරාශින් හැරපියා නොයෙක් සියගණන් කෙත් සමූහයන් හැරපියා නොයෙක් සියගණන් වතුසමූහයන් හැරපියා නොයෙක් සියගණන් භාර්‍ය්‍යාසමූහයන් හැරපියා නොයෙක් සියගණන් දාසගණයා හැරපියා නොයෙක් සියගණන් දාසීගණයා හැරපියා කෙහෙ රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වන්නට පොහොසත් වේ ද, එය ඔහට අබල බන්‍ධනයෙක, දුබල බන්‍ධනයෙක, පූතික බන්‍ධනයෙක, අසාර බන්‍ධනයෙකැ’යි. එසෙයින් මැ උදායීය, මෙහි කිසි කුලපුත්‍ර කෙනෙක් “මෙය හැරපියව”යි මා විසින් කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: “භාග්‍යවතුන් වහන්සේ අපට යමක් පිළිබඳ ප්‍රහාණය වදාරණසේක් ද සුගතයන් වහන්සේ අපට යමක් පිළිබඳ දුරලීම වදාරණසේක් ද, මේ අල්පමාත්‍ර වූ පරිත්තමාත්‍ර වූ ප්‍රභාතව්‍යයට වදාළයුතු කිමැ”යි. ඔහු එ ද හැරපියති. මා කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙති. හික්මෙනු කැමැති යම් භික්‍ෂු කෙනෙක් වෙත් නම් ඔවුන් කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙත්. ඔහු එය හැරපියා උත්සාහ රහිත වැ පතිතලෝම ඇති වැ මෙරමා දුන් ප්‍රත්‍යයෙන් යැපෙමින් මෘගසම වූ (බලාපොරොත්තු රහිත) සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. උදායීය, එය ඔවුනට අබල බන්‍ධනයෙක, දුබල බන්‍ධනයෙක, පූතික (දිරූ) බන්‍ධනයෙක, අසාර බන්‍ධනයෙකැ”යි.
Pali BJTචත්තාරො මෙ උදායි පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: ඉධුදායි එකච්චො පුග්ගලො උපධිපහානාය පටිපන්නො හොති උපධිපටිනිස්සග්ගාය. තමෙනං උපධිපහානාය පටිපන්නං උපධිපටිනිස්සග්ගාය උපධිපටිසඤ්ඤුත්තා සරසඞ්කප්පා සමුදාචරන්ති. සො තෙ අධිවාසෙති, නප්පජහති, න විනොදෙති, න බ්යන්තීකරොති. න අනභාවං ගමෙති. ඉමං ඛො අහං උදායි පුග්ගලං සඤ්ඤුත්තො’ති වදාමි නො විසඤ්ඤුත්තො. තං කිස්ස හෙතු: ඉන්ද්රියවෙමත්තතා හි මෙ උදායි ඉමස්මිං පුග්ගලෙ විදිතා.
Sinhala BJTඋදායීය, මෙලොවැ විද්‍යමාන වූ පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙකැ යත්: උදායීය, මෙලොවැ එක් පුද්ගලයෙක් (ස්කන්‍ධාදි) උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු උපධීප්‍රතිසංයුක්ත වූ (උපධි අනුව දිවෙන) (හී බඳු) විතර්‍කයෝ මැඬලති. හේ ඔවුන් ඉවසයි, නො හරියි, දුරු නො කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි, උදායීය, මම මේ පුද්ගලයා ‘ක්ලේශසංයුක්ත’ යයි කියමි. ‘විසංයුක්ත’ යයි නො කියමි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්‍ද්‍රියනානාත්‍වය දන්නාලද ද එහෙයිනි.
Pali BJTඉධ පනුදායි එකච්චො පුග්ගලො උපධිපහානාය පටිපන්නො හොති උපධිපටිනිස්සග්ගාය. තමෙනං උපධිපහානාය පටිපන්නං උපධිපටිනිස්සග්ගාය උපධිපටිසඤ්ඤුත්තා සරසඞ්කප්පා සමුදාචරන්ති. සො තෙ නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. ඉමම්පි ඛො අහං උදායි පුග්ගලං සඤ්ඤුත්තොති වදාමි නො විසඤ්ඤුත්තො. තං කිස්ස හෙතු: ඉන්ද්රියවෙමත්තතා හි මෙ උදායි ඉමස්මිං පුග්ගලෙ විදිතා.
Sinhala BJTතවද උදායීය, මෙලොවැ එක් පුද්ගලයෙක් උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු උපධීප්‍රතිසංයුක්ත වූ ශරසංකල්ප (විතර්‍ක) යෝ මැඬලති. හේ ඒ විතර්‍කයන් නො ඉවසයි, හැරපියයි, දුරු කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි. උදායීය, මම මේ පුද්ගල ද ‘සංයුක්ත’ යයි කියමි. ‘විසංයුක්ත’ යයි නො කියමි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්‍ද්‍රිය නානාත්‍වය දන්නාලද ද, එහෙයිනි.
Pali BJTඉධ පනුදායි එකච්චො පුග්ගලො උපධිපහානාය පටිපන්නො හොති උපධිපටිනිස්සග්ගාය. තමෙනං උපධිපහානාය පටිපන්නං උපධිපටිනිස්සග්ගාය කදාචි කරහචි සතිසම්මොසා උපධිපටිසඤ්ඤුත්තා සරසඞ්කප්පා සමුදාචරන්ති. දන්ධො උදායි සතුප්පාදො. අථ ඛො නං ඛිප්පමෙව පජහති, විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. සෙය්යථාපි උදායි පුරිසො දිවසසන්තත්තෙ අයොකටාහෙ ද්වෙ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්ය. දන්ධො උදායි උදකඵුසිතානං නිපාතො. අථ ඛො නං ඛිප්පමෙව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. එවමෙව ඛො උදායි ඉධෙකච්චො පුග්ගලො උපධිපහානාය පටිපන්නො හොති උපධිපටිනිස්සග්ගාය. තමෙනං උපධිපහානාය පටිපන්නං උපධිපටිනිග්ගාය කදාචි කරහචි සතිසම්මොසා උපධිපටිසඤ්ඤුත්තා සරසඞ්කප්පා සමුදාචරන්ති. දන්ධො උදායි සතුප්පාදො. අථ ඛො නං ඛිප්පමෙව පජහති, විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. ඉමම්පි ඛො අහං උදායි පුග්ගලං සඤ්ඤුත්තො’ති වදාමි නො විසඤ්ඤුත්තො. තං කිස්ස හෙතු: ඉන්ද්රියවෙමත්තතා හි මෙ උදායි ඉමස්මිං පුග්ගලෙ විදිතා.
Sinhala BJTතවද උදායීය, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු කිසි කලෙකැ ස්මෘති විප්‍රවාසයෙන් උපධිප්‍රතිසංයුක්ත වූ ශරසංකල්පයෝ මැඩලති, උදායීය, ස්මෘතිහුගේ උපැත්ම ලස් වෙයි. එතෙකුදුවත් එය යුහුව මැ හැරපියයි, දුරු කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනු අභාවයට පමුණුවයි. යම්සේ උදායීය, දවස මුළුල්ලෙහි මොනොවට තවනලද යකබලෙක්හි දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙළා නම් උදායීය, දියබිඳු හෙළීම ලස් වෙයි, එතෙකුදුවත් එය යුහුවැ මැ ක්‍ෂයට විනාශයට යන්නේ ද, එසෙයින් මැ උදායීය, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු කිසි කලෙකැ ස්මෘති විප්‍රවාසයෙන් උපධිප්‍රතිසංයුක්ත වූ ශරසංකල්පයෝ මැඩලති. උදායීය, ස්මෘතිහුගේ උපැත්ම ලස් වෙයි. එතෙකුදුවත් එය යුහුවැ මැ හැරපියයි දුරු කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි. උදායීය, මම මේ පුද්ගල ද ‘සංයුක්ත’ යයි කියමි, ‘විසංයුක්ත’ යයි නො කියමි, ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්‍ද්‍රියනානාත්‍වය දන්නාලද ද එහෙයිනි.
Pali BJTඉධ පනුදායි එකච්චො පුග්ගලො ‘උපධි දුක්ඛස්ස මූල’න්ති ඉති විදිත්වා නිරුපධි හොති උපධිසඞ්ඛයෙ විමුත්තො. ඉමං ඛො අහං උදායි පුග්ගලං විසඤ්ඤුත්තො’ති වදාමි නො සඤ්ඤුත්තො. තං කිස්ස හෙතු: ඉන්ද්රියවෙමත්තතා හි මෙ උදායි ඉමස්මිං පුග්ගලෙ විදිතා.
Sinhala BJTඋදායිය, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ස්කන්‍ධොපධිය දුකට මුලැ’යි මෙසේ දැන උපධිසඞ්ඛය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි ආලම්බන හෙයින් මිදුණේ උපධි රහිත වූයේ වෙයි. උදායීය, මේ පුද්ගලයා විසංයුක්ත යැ යි මම් කියමි. සංයුක්ත යැ’යි නො කියමි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්‍ද්‍රියනානාත්‍වය දන්නාලද ද එහෙයිනි. උදායීය, මේ සතර පුඟුල්හු ලොවැ ඇත්තාහු විද්‍යමාන වෙත්.
Pali BJTපඤ්ච ඛො ඉමෙ උදායි කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා{1}. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො උදායි පඤ්ච කාමගුණා. යං ඛො උදායි ඉමෙ පඤ්චකාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං ඉදං වුච්චති කාමසුඛං මීළ්හසුඛං පුථුජ්ජනසුඛං අනරියසුඛං න සෙවිතබ්බං{2} න භාවෙතබ්බං න බහුලීකාතබ්බං. භායිතබ්බං එතස්ස සුඛස්සාති වදාමි.
Sinhala BJTඋදායීය, මේ කාමගුණයෝ පස් දෙනෙකි: කවර පස් දෙනෙක යත්: ඇසින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාවය ඇති කාමනිශ්ශ්‍රිත වූ රාගෝත්පත්තියට කරුණු වූ රූපයෝ යැ කනින් දතයුතු වූ ශබ්දයෝ යැ … නැහැයෙන් දතයුතු වූ ගන්‍ධයෝ යැ … දිවින් දතයුතු වූ රසයෝ යැ … කයින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාවය ඇති කාමනිශ්ශ්‍රිත වූ රාගෝත්පත්තියට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. උදායීය, මොහු පස්කම්ගුණයෝ යි. උදායීය, මේ පස්කම්ගුණයන් පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදි ද මේ කාමසුඛ යැ අමේධ්‍ය (අපවිත්‍ර) සුඛ යැ පෘථග්ජන සුඛ යැ අනාර්‍ය්‍යසුඛ යැ යි කියනු ලැබෙයි. නො සෙවියයුතු යැ, නො වැඩියයුතු යැ, පුනපුනා නො වැඩියයුතු යැ, තෙල සුඛයට බියවියයුතු යැ යි කියමි.
Pali BJTඉධුදායි භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධසුඛං ආසෙවිතබ්බං භාවෙතබ්බං බහුලීකාතබ්බං. න භායිතබ්බං එතස්ස සුඛස්සාති වදාමි.
Sinhala BJTඋදායීය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මේ නෛෂක්‍රම්‍යසුඛ යැ, ප්‍රවිචෙකසුඛ යැ, ව්‍යුපශමසුඛ යැ, සම්බෝධසුඛ යැ යි කියනු ලැබෙයි. සේවන කටයුතු යැ, භාවනා කටයුතු යැ, බහුල කටයුතු යැ, තෙල සුඛයට බිය නො වියයුතු යයි කියමි.
Pali BJTඉධුදායි භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො අහං උදායි ඉඤ්ජිතස්මිං වදාමි. කිඤ්ච තත්ථ ඉඤ්ජිතස්මිං: යදෙව තත්ථ විතක්කවිචාරා අනිරුද්ධා හොන්ති, ඉදං තත්ථ ඉඤ්ජිතස්මිං.
Sinhala BJTඋදායීය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ … ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි. උදායීය, ‘මේ ඉඤ්ජිත යැ’යි මම කියමි. එහි ඉඤ්ජිතය (කම්පනය) කිමෙක යත්: එහි යම් මැ විතර්‍කවිචාර කෙනෙක් නිරුද්ධ නො වූවාහු වෙත් ද, මේ එහි ඉඤ්ජිතය වෙයි.
Pali BJTඉධුදායි භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි ඛො අහං උදායි ඉඤ්ජිතස්මිං වදාමි. කිඤ්ච තත්ථ ඉඤ්ජිතස්මිං: යදෙව තත්ථ පීතිසුඛං අනිරුද්ධං හොති, ඉදං තත්ථ ඉඤ්ජිතස්මිං.
Sinhala BJTඋදායීය, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් … ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි. උදායීය, මෙ ද මම ‘ඉඤ්ජිත යැ’යි කියමි. එහි ‘ඉඤ්ජිත’ නම් කිමෙක යත්: එහි යම්මැ ප්‍රිතිසුඛයෙක් නිරුද්ධ නො වූයේ වේ ද, මේ එහි ‘ඉඤ්ජිත’ වෙයි.
Pali BJTඉධුදායි භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති, ඉදම්පි ඛො අහං උදායි ඉඤ්ජිතස්මිං වදාමි. කිඤ්ච තත්ථ ඉඤ්ජිතස්මිං: යදෙව තත්ථ උපෙක්ඛාසුඛං අනිරුද්ධං හොති. ඉදං තත්ථ ඉඤ්ජිතස්මිං.
Sinhala BJTඋදායීය, මෙ සස්නෙහි මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි, උදායීය, මෙ ද මම ‘ඉඤ්ජිත’ යයි කියමි. එහි ඉඤ්ජිත නම් කිමෙක යත්: එහි යම් මැ උපේක්‍ෂාසුඛයෙක් නිරුද්ධ නො වූයේ වේ ද මේ එහි ‘ඉඤ්ජිත’ වෙයි.
Pali BJTඉධුදායි භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො අහං උදායි අනිඤ්ජිතස්මිං වදාමි.
Sinhala BJTඋදායීය, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි. උදායීය, මේ ‘අනිඤ්ජිත’යයි මම කියමි.
Pali BJTඉධුදායි භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කො ච තස්ස සමතික්කමො: ඉධුදායි භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමො. ඉදම්පි ඛො අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කො ච තස්ස සමතික්කමො: ඉධුදායි භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමො. ඉදම්පි ඛො අහං උදායි අනලන්ති වදාමි. පජහථාති වදාමි. සමතික්කමථාති වදාමි. කො ච තස්ස සමතික්කමො: ඉධුදායි භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමො. ඉදම්පි ඛො අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කො ච තස්ස සමතික්කමො: ඉධුදායි භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමො. ඉදම්පි ඛො අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කො ච තස්ස සමතික්කමො: ඉධුදායි භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං තස්ස සමතික්කමො, ඉදම්පි ඛො අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි. සමතික්කමථාති වදාමි. කො ච තස්ස සමතික්කමො: ඉධුදායි භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමො. ඉදම්පි ඛො අහං උදායි අනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කො ච තස්ස සමතික්කමො: ඉධුදායි භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං තස්ස සමතික්කමො, ඉදම්පි ඛො අහං උදායි
Sinhala BJTඋදායීය, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්වැ මැ … ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. උදායීය, මම මේ නො කටයුතු ආලය ඇත්තකැ’යි කියමි. හැරපියව යි කියමි. ඉක්මව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් … ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි. මෙ එහි සමතික්‍රමණ වෙයි. උදායිය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි ප්‍රීතියගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් නැසීමෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්ත යැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ’යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම ආලය නො කටයුත්තකැ’යි කියමි. ‘හැරපියව’යි කියමි. ‘ඉක්මව’යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම ‘නො කටයුතු ආලය ඇත්තකැ’යි කියමි. ‘හැරපියව’යි කියමි,
Pali BJTඅනලන්ති වදාමි, පජහථාති වදාමි, සමතික්කමථාති වදාමි. කො ච තස්ස සමතික්කමො: ඉධුදායි භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, අයං තස්ස සමතික්කමො. ඉති ඛො අහං උදායි නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්සපි පහානං වදාමි. පස්සසි නො ත්වං උදායි තං සංයොජනං අණුං වා ථූලං වා, යස්සාහං නො පහානං වදාමීති. නො හෙතං භන්තෙති.
Sinhala BJTඉක්මව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සංඥාවේදයිතනිරෝධය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. මෙසෙයින් උදායීය, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ද ප්‍රහාණය කියමි. මෙසෙයින් උදායීය, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ද ප්‍රහාණය කියමි. උදායිය, මම යම් සංයෝජනයක්හු ගේ ප්‍රහාණය නො කියමි නම් අණුමාත්‍ර වූ හෝ ස්ථුල වූ හෝ ඒ සංයෝජනයක් තෙපි දක්නවු දැ’යි. වහන්ස, තෙලෙ නැත් මැ යි.