Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2401-2500 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්ර ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: යෙ ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා එවංවාදිනො: එවංදිට්ඨිනො: නත්ථි සබ්බසො භවනිරොධො’ති. ඉදං මෙ අදිට්ඨං, යෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා එවං වාදිනො එවං දිට්ඨිනො: ‘අත්ථි සබ්බසො භවනිරොධො’ති. ඉදම්මෙ අවිදිතං. අහඤ්චෙව ඛො පන අජානන්තො අපස්සන්තො එකංසෙන ආදාය වොහරෙය්යං: ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. න මෙතං අස්ස පතිරූපං යෙ ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා එවං වාදිනො එවං දිට්ඨිනො ‘නත්ථි සබ්බසො භවනිරොධො’ති සචෙ තෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං වචනං. ඨානමෙතං විජ්ජති. යෙ තෙ දෙවා අරූපිනො සඤ්ඤාමයා අපණ්ණකම්මෙ තත්රුප්පත්ති භවිස්සති. යෙ පන තෙ භොන්තො සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො ‘අත්ථි සබ්බසො භවනිරොධො’ති. සචෙ තෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං වචනං. ඨානමෙතං විජ්ජති යං දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායිස්සාමි. යෙ ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා එවං වාදිනො එවං දිට්ඨිනො: ‘නත්ථි සබ්බසො භවනිරොධො’ති. තෙසමයං දිට්ඨි සාරාගාය{1} සන්තිකෙ, සංයොගාය සන්තිකෙ, අභිනන්දනාය සන්තිකෙ, අජ්ඣොසානාය සන්තිකෙ, උපාදානාය සන්තිකෙ. යෙ පන තෙ භොන්තො සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘අත්ථි සබ්බසො භවනිරොධො’ති. තෙසමයං දිට්ඨි අසාරාගාය සන්තිකෙ, අසංයොගාය සන්තිකෙ, අනභිනන්දනාය සන්තිකෙ, අනජ්ඣොසානාය සන්තිකෙ, අනුපාදානාය සන්තිකෙති. සො ඉතිපටිසඞ්ඛාය භවානංයෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTගැහැවියෙනි, එහි ලා නුවණැති පුරුෂ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ වාද ඇති මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද මා විසින් මෙ නොදක්නා ලද, ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, මෙ මා විසින් නො දක්නා ලද, මම වැළිත් මෙය මැ සැබව, අන්‍යය තුච්ඡ යැ යි නො දන් නම් නො දක්නෙම් ඒකාන්තයෙන් ගෙන ව්‍යවහාර කෙරෙම් නම් තෙල මට නො නිසි වෙයි. ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ වාද ඇති මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඉදින් එ භවත් මහණ බමුණන්ගේ බස සබා වී නම් තෙල කරුණ වන්නේ යැ. අරූපී වූ (අරූපධ්‍යාන සංඥායෙන්) සංඥාමය වූ යම් දෙවි කෙනෙක් ඇද්ද මාගේ එහි උපත අවිරුද්ධ වන්නේ යැ. වැළි ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණබමුණු කෙනෙක් ඇද්ද ඉදින් භවත් මහණ බමුණන්ගේ බස සැබෑ වී නම්, ‘ඉහාත්මයෙහි මැ පිරිනිවෙන්නෙමි’ යන යමක් ඇද්ද තෙල කරුණ වන්නේ යැ. ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ වාද ඇති මෙසේ ලබ්ධි ඇති යම් භවත් මහණබමුණු කෙනෙක් ඇද්ද ඔවුන්ගේ මෙ දෘෂ්ටිය රාග වශයෙන් සසරැ ඇලීමට ළං වෙයි. සංයෝජනයට සමීප වෙයි. (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අභිනන්‍දනයට සමීප වෙයි. බැසගැනීමට සමීප වෙයි. දෘඪග්‍රහණයට සමීප වෙයි, යළි ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි මෙසේ වාද ඇති මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද ඔවුන්ගේ මෙ දෘෂ්ටිය සසරැ නො ඇලීමට සමීප වෙයි. අසංයෝජනයට සමීප වෙයි. අනභිනන්‍දනයට සමීප වෙයි, අනුපාදානයට සමීප වේ යයි” හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට භවයන්ගේ මැ නිර්වේද පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
Pali BJTචත්තාරොමෙ ගහපතයො, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: ඉධ ගහපතයො, එකච්චො පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගං අනුයුත්තො. ඉධ ගහපතයො, එකච්චො පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගං අනුයුත්තො. ඉධ ගහපතයො, එකච්චො පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගං අනුයුත්තො, පරන්තපො ච පරපරිතාපනානුයොගං අනුයුත්තො. ඉධ ගහපතයො, එකච්චො පුග්ගලො නෙවත්තන්තපො හොති නාත්තපරිතාපනානුයොගං අනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගං අනුයුත්තො. සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති.
Sinhala BJTගැහැවියෙනි, ලොවැ මේ පුද්ගලයෝ සතර දෙනෙක් ඇත්තාහු (විද්‍යමාන) වෙති. කවර සතර දෙනෙක යත්: ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මය තවනුයේ ආත්මය තවන යෝගයෙහි යෙදුණේ වෙයි. ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් මෙරමා තවනුයේ මෙරමා තවන යෝගයෙහි යෙදුණේ වෙයි. ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් තමා තවනුයේ තමා තවන යෝගයෙහි යෙදුණේත් මෙරමා තවනුයේ මෙරමා තවන යෝගයෙහි යෙදුණේත් වෙයි. ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් තමා නොමැ තවනුයේ තමා තවන යෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේ මෙරමා තවන යෝගයෙහි නො යෙදුණේ වෙයි. හේ තමා නො තවනුයේ මෙරමා නො තවනුයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනසුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරෙයි.
Pali BJTකතමො ච ගහපතයො, පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගං අනුයුත්තො: ඉධ ගහපතයො, එකච්චො පුග්ගලො අචෙලකො හොති මුත්තාචාරො හත්ථාපලෙඛනො -පෙ- ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගං අනුයුත්තො විහරති. අයං වුච්චති ගහපතයො, පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගං අනුයුත්තො.
Sinhala BJTගැහැවියෙනි, තමා තවන තමා තවන යෝගයෙහි යෙදුණු පුද්ගල කවරෙ යත්: ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් සෙලු වෙයි, හළ ආචාර ඇති වෙයි, අත ලෝනේ වෙයි ... මෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය තවන හාත්පසින් තවන යෝගයෙහි යෙදුණේ වෙසෙයි. ගැහැවියෙනි, මෙතෙම ආත්ම පරිතාපානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප පුද්ගල’ යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච ගහපතයො, පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගං අනුයුත්තො: ඉධ ගහපතයො, එකච්චො පුග්ගලො ඔරබ්භිකො හොති. සූකරිකො -පෙ- යෙ වා පනඤ්ඤෙපි කෙචි කුරූරකම්මන්තා. අයං වුච්චති ගහපතයො, පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගං අනුයුත්තො.
Sinhala BJTගැහැවියෙනි, පරපරිතාපානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප පුද්ගල’ කවරෙ යත්: ගැහැවියෙනි, මෙලොවැ කිසි පුද්ගලයෙක් එළුවන් නසා ජීවත් වනුයේ හූරන් නසා ජීවත් වනුයේ ... මෙයින් අන්‍ය වූත් යම්කිසි කැකුළු කම් ඇත්තාහු වෙත්. ගැහැවියෙනි, මෙ පරපරිතාපානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප පුද්ගල’ යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච ගහපතයො, පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගං අනුයුත්තො, පරන්තපො ච පරපරිතාපනානුයොගං අනුයුත්තො: ඉධ ගහපතයො, එකච්චො පුග්ගලො රාජා වා හොති ඛත්තියො මුද්ධාවසිත්තො -පෙ- තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති. අයං වුච්චති ගහපතයො, පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගං අනුයුත්තො, පරන්තපො ච පරපරිතාපනානුයොගං අනුයුත්තො.
Sinhala BJTගැහැවියෙනි, ආත්ම පරිතාපානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ වූ ද පරපරිතාපානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ වූ ද පුද්ගල කවරෙ යත්: ගැහැවියෙනි, මෙලොවැ මුදුන අභිෂික්ත වූ කැත් රජෙක් හෝ වෙයි ... ඔහුදු දඬුවමින් තැතිගත්තාහු භයින් තැතිගත්තාහු කඳුළු මුසු මුහුණු ඇත්තාහු හඬමින් පරිකර්‍ම කෙරෙති. ගැහැවියෙනි, මෙ ආත්මපරිතාපානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ වූ ද පරපරිතාපානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ වූ ද පුද්ගල යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච ගහපතයො, පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගං අනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගං අනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති. ඉධ ගහපතයො, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො -පෙ- සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTගැහැවියෙනි, ආත්මපරිතාපානුයෝගයෙහි නො යෙදුණු නො මැ අත්තන්තප වූ ද පරපරිතාපානුයෝගයෙහි නො යෙදුණු පරන්තප නො වූ ද පුද්ගල කවරෙ යත්: හේ ‘අත්තන්තප’ නොවූයේ ‘පරන්තප’ නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වූයේ කෙලෙස් පිරිනිවනින් නිවියේ එහෙයින් මැ සිහිල් වූයේ මඟපල නිවන්සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරෙයි. ගැහැවියෙනි, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ... තථාගතයන් වහන්සේ මෙලොව උපදනාහ ... හේ සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය ... ද්විතීය ධ්‍යානය … තෘතීය ධ්‍යානය ... චතුර්‍ත්‍ථ ධ්‍යානය උපයා ගෙන වාස කෙරෙයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTහේ මෙසෙයින් සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වත් මැ අංගණ රහිත වත් මැ පහවූ උපක්ලේශ ඇති වත් මැ මෘදු වත් මැ කර්‍මණ්‍ය වත් මැ ස්ථිත වත් මැ නො සැලෙන බවට පත් වත් මැ පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ අනේක ප්‍රකාර පූර්‍වනිවාසය සිහි කෙරෙයි. ඒ මෙසේයැ: එක් ජාතියක, ජාති දෙකක ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ පූර්‍වනිවාසය නුවණින් සිහි කෙරෙයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTහේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි පර්‍ය්‍යවදාත කල්හි අඞ්ගණ රහිත කල්හි පහවගිය උපක්ලේශ ඇති කල්හි මෘදු වැ සිටි කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි ස්ථිත කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උපප්‍රාප්ති දන්නා ඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපදනා සත්ත්‍වයන් දකියි. හීන ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති සුන්‍දර ගති ඇති කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන් නුවණින් දැන ගනී.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTහේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ වත් මැ පර්‍ය්‍යවදාත වත් මැ නිරඞ්ගණ වත් මැ මෘදු වත් මැ කර්‍මාර්‍හ වත් මැ තර වැ සිටුත් මැ නිසල බවට පත් බවට වත් මැ ආස්‍රවයන්ගේ ක්‍ෂය ඥානය සඳහා සිත නතු කෙරෙයි. හේ ‘මේ දුකැ’ යි ඇති සැටියෙන් දැනගනී ... ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තියයි ඇති සැටියෙන් දැනගනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, භවාස්‍රවයෙනුදු මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි. (සිත) මිදුණු කල්හි ‘විමුක්ත යැ’යි නුවණ වෙයි. ජාතිය ක්‍ෂීණ විය. මඟ බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලදී. මේ අර්‍හත්ත්‍වය සඳහා කළමනා අන් කිසෙක් නැති’යි නුවණින් දැනගනී.
Pali BJTඅයං වුච්චති ගහපතයො, පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගං අනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගං අනුයුත්තො. සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති.
Sinhala BJTගැහැවියෙනි, මෙ පුද්ගල ආත්මපරිතාපානුයෝගයෙහි නො යෙදුණු ‘අත්තන්තප’ නො වූ පරපරිතාපානුයෝගයෙහි නො යෙදුණු ‘පරන්තප’ නො වූ පුද්ගල යයි කියනු ලැබේ. හේ ‘අත්තන්තප’ නො වූයේ ‘පරන්තප’ නො වූයේ මේ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවියේ සිහිල් වූයේ සුව විඳුනා සුලු වැ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් විහරණ කෙරේ යයි.
Pali BJTඑවං වුත්තෙ සාලෙය්යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ‘සාලා’ ගම්වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළහ: ඉතා මැනැවැ භවත් ගෞතමයෙනි, ඉතා මැනැවැ භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලදුවක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් හෝ විවෘත කරන්නේ ද, මංමුළා වැ ගිය එකකුට හෝ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූ දකිත්ව’ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හ. ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයන් කොට අප ධරනසේක් ව’යි.
Pali BJTඅපණ්ණක සුත්තං දසමං.
Sinhala BJTදස වැනි අපණ්ණක සූත්‍රය යි.
Pali BJTගහපතිවග්ගො පඨමො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTකන්දරනාගරසෙඛවතො ච පොතලියො පුන ජීවකභච්චො, උපාලිදමථො කුක්කුර අභයො බහුවෙදනීයාපණ්ණකතො දසමො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2. භික්ඛු වග්ගො
Sinhala BJT2. භික්ඛු වර්‍ගය
Pali BJT2. 2. 1.
Sinhala BJT2. 2. 1.
Pali BJTඅම්බලට්ඨික{1} රාහුලොවාද සුත්තං
Sinhala BJTඅම්බලට්ඨිකරාහුලෝවාද සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා රාහුලො අම්බලට්ඨිකායං විහරති. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන අම්බලට්ඨිකා යෙනායස්මා රාහුලො තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා රාහුලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤාපෙසි{2} උදකඤ්ච පාදානං. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. ආයස්මාපි ඛො රාහුලො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJTමා විසින් මෙසේ අසනලද. එක්කලෙකැ බුදුහු රජගහනුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් රාහුලභද්‍රයෝ අම්බලට්ඨිකා නම් පහයෙහි වාසය කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි ඵලසමවතින් නැඟී සිටිසේක් අම්බලට්ඨිකායෙහි ආයුෂ්මත් රාහුලයන් වෙත එළැඹිසේක. රාහුලායුෂ්මත්හු දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක අසුන් පනවා පාදෝනා පිණිස දිය ද එළැවූහ. බුදුහු පැනවූ අස්නෙහි වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් රාහුලභද්‍රයෝ ද බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ.
Pali BJTඅථ ඛො භගවා පරිත්තං උදකාවසෙසං උදකාධානෙ ඨපෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි ‘පස්සසි නො ත්වං රාහුල ඉමං පරිත්තං උදකාවසෙසං උදකාධානෙ ඨපිත’න්ති. එවම්භන්තෙ, එවං පරිත්තං{3} ඛො රාහුල තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජානමුසාවාදෙ ලජ්ජාති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මඳ වූ ඉතිරි දිය දියබඳුනෙහි තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූසේක: “රාහුලයෙනි, තෙපි දියබඳුනෙහි තුබූ මේ අල්ප වූ උදකශේෂය දක්නවු දැ” යි. එසේ යැ වහන්සැ’යි. රාහුලයෙනි, එසෙයින් යම් කෙනක්නට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත්ද, ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය අල්ප වෙයි.
Pali BJTඅථ ඛො භගවා පරිත්තං උදකාවසෙසං ඡඩ්ඩෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි පස්සසි නො ත්වං රාහුල තං පරිත්තං උදකාවසෙසං ඡඩ්ඩිත’න්ති. එවම්භන්තෙති. එවං ඡඩ්ඩිතං ඛො රාහුල තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජානමුසාවාදෙ ලජ්ජාති.
Sinhala BJTඉක්බිති බුදුහු ඒ අල්ප වූ උදකශේෂය බැහැර කොට ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි, තෙපි බැහැර කළ අල්ප වූ උදකශේෂය දක්නවු දැ” යි. එසේ යැ වහන්සැයි. රාහුලයෙනි යම් කෙනකුන්ට දැන දැන මුසාවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය බැහැර කරනලද වෙයි.
Pali BJTඅථ ඛො භගවා තං උදකාධානං නික්කුජ්ජිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි පස්සසි නො ත්වං රාහුල ඉමං උදකාධානං නික්කුජ්ජිත’න්ති. එවම්භන්තෙ, එවං නික්කුජ්ජිතං ඛො රාහුල තෙසං සාමඤ්ඤං, යෙසං නත්ථි සම්පජානමුසාවාදෙ ලජ්ජාති.
Sinhala BJTඉක්බිති බුදුහු ඒ දියබඳුන යටිහුරු කොට තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි, තෙපි යටිහුරු කළ මේ දියබඳුන දක්නවූ දැ” යි. වදාළහ. එසේ යැ වහන්ස, රාහුලයෙනි, එසෙයින් යම් කෙනක්නට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය යටිහුරු කරනලද වෙයි.
Pali BJTඅථ ඛො භගවා තං උදකාධානං උක්කුජ්ජිත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි. පස්සසි නො ත්වං රාහුල ඉමං උදකාධානං රිත්තං තුච්ඡන්ති. එවම්භන්තෙ. එවං රිත්තං තුච්ඡං ඛො රාහුල තෙසං සාමඤ්ඤං යෙසං නත්ථි සම්පජානමුසාවාදෙ ලජ්ජාති.
Sinhala BJTඉක්බිති බුදුහු එදියබඳුන උඩුහුරු කොට තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි තෙපි වැගුරුණු සිස් වූ මෙ දියබඳුන දක්නවු දැ” යි වදාළහ. එසේ යැ වහන්සැ’යි. එසෙයින් රාහුලයෙනි යම් කෙනකුනට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත්ද ඔවුන් ගේ ශ‍්‍රමණධර්‍මය රික්ත යැ තුච්ඡ වේ යයි.
Pali BJTසෙය්යථාපි රාහුල රඤ්ඤො නාගො ඊසාදන්තො උබ්බූළ්හවා{4} අභිජාතො සඞ්ගාමාවචරො. සො{5} සඞ්ගාමගතො පුරිමෙහිපි පාදෙහි කම්මං කරොති, පච්ඡිමෙහිපි පාදෙහි කම්මං කරොති, පුරිමෙනපි{6} කායෙන කම්මං කරොති, පච්ඡිමෙනපි කායෙන කම්මං කරොති, සීසෙනපි කම්මං කරොති, කණ්ණෙහිපි කම්මං කරොති, දන්තෙහිපි කම්මං කරොති, නඞ්ගුට්ඨෙනපි කම්මං කරොති, රක්ඛතෙව සොණ්ඩං. තත්ථ හත්ථාරොහස්ස එවං හොති: අයං ඛො රඤ්ඤො නාගො ඊසාදන්තො උබ්බූළ්හවා{4} අභිජාතො සඞ්ගාමාවචරො සඞ්ගාමගතො පුරිමෙහිපි පාදෙහි කම්මං කරොති, පච්ඡිමෙහිපි පාදෙහි කම්මං කරොති, පුරිමෙනපි කායෙන කම්මං කරොති, පච්ඡිමෙනපි කායෙන කම්මං කරොති, සීසෙනපි කම්මං කරොති, කණ්ණෙහිපි කම්මං කරොති, දන්තෙහිපි කම්මං කරොති, නඞ්ගුට්ඨෙනපි කම්මං කරොති, රක්ඛතෙව සොණ්ඩං, අපරිච්චත්තං ඛො රඤ්ඤො නාගස්ස ජීවිතන්ති. යතො ඛො රාහුල
Sinhala BJTයම්සේ රාහුලයෙනි, රජහට රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ යුද බිමට බටවිරු ඇත්රජෙක් වේ ද, හේ යුදබිමට බටුයේ පෙර දෙපයිනුදු කම් කෙරෙයි, පසු දෙපයිනුදු කම් කෙරෙයි, පෙර කයිනුදු කම් කෙරෙයි, පසුකයිනුදු කම් කෙරෙයි, හිසිනුදු කම් කෙරෙයි, දෙකනිනුදු කම් කෙරෙයි, දෙදළිනුදු කම් කෙරෙයි, නඟුටිනුදු කම් කෙරෙයි, සොඬ රක්නේ මැ යැ. එහිලා ඇතරුහට මෙබඳු සිතෙක් වෙයි: “රජුගේ මෙඇත්රජ රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණු සිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ යුදට ගියවිරූ වූයේ යුදබිමට ගියේ පෙර දෙපයිනුදු කම් කෙරෙයි, පසු දෙපයිනුදු කම් කෙරෙයි, හිසිනුදු කම් කෙරෙයි, දෙකනිනුදු කම් කෙරෙයි, දෙදළිනුදු කම් කෙරෙයි, නඟුටිනුදු කම් කෙරෙයි, සොඬ රක්නේ මැ යැ ඇතුගේ ජීවිතය රජුට නො හරනාලදැ” යි.
Pali BJTරඤ්ඤො නාගො ඊසාදන්තො උබ්බූළ්හවා අභිජාතො සඞ්ගාමාවචරො සඞ්ගාමගතො -පෙ- නඞ්ගුට්ඨෙනපි කම්මං කරොති. සොණ්ඩායපි කම්මං කරොති. තත්ථ හත්ථාරොහස්ස එවං හොති: අයං ඛො රඤ්ඤො නාගො ඊසාදන්තො උබ්බූළ්හවා{1} අභිජාතො සඞ්ගාමාවචරො සඞ්ගාමගතො -පෙ- නඞ්ගුට්ඨෙනපි කම්මං කරොති. සොණ්ඩායපි කම්මං කරොති. පරිච්චත්තං ඛො රඤ්ඤො නාගස්ස ජීවිතං, නත්ථිදානි කිඤ්චි රඤ්ඤො නාගස්ස කරණීයන්ති. එවමෙව ඛො රාහුල යස්ස කස්සචි සම්පජානමුසාවාදෙ නත්ථි ලජ්ජා, නාහං තස්ස කිඤ්චි පාපං{2} අකරණීයන්ති වදාමි. තස්මාතිහ රාහුල{3} හස්සාපි න මුසා භණිස්සාමී’ති එවං හි තෙ රාහුල සික්ඛිතබ්බං.
Sinhala BJTරාහුලයෙනි, රජුගේ ඇත් රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණුසිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ සඞ්ගාමාවචර වූයේ.... නඟුටිනුදු කම් කෙරෙයි, සොඬිනුදු කම් කෙරෙයි, එහිලා ඇතරුහට මෙබඳු සිතෙක් වෙයි: “රජුගේ මෙ ඇත් රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණුසිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ සඞ්ගාමාවචර වූයේ යුදබිමට ගියේ .. නඟුටිනුදු කම් කෙරෙයි, සොඬිනුදු කම් කෙරෙයි, ඇතුගේ ජීවිතය රජහට පරිත්‍යාග කරන ලදැයැ. මෙවිට ඇතු විසින් රජහට කිසි කටයුත්තෙක් නැතැ” යි. එසෙයින් මැ රාහුලයෙනි, යම් කිසිවකුට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔහු විසින් කිසි පවක් නො කටහැකි යයි මම නො කියමි. එහෙයින් මෙහි ලා රාහුලයෙනි, කෙළි පිණිස ද මුසවා නො බෙණෙමී, මෙසේ රාහුලයෙනි, තොප විසින් හික්මියයුතු.
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල කිමත්ථියො ආදාසොති. පච්චවෙක්ඛණත්ථො භන්තෙති. එවමෙව ඛො රාහුල පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායෙන කම්මං කාතබ්බං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වාචාය කම්මං කාතබ්බං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනසා කම්මං කාතබ්බං{4}
Sinhala BJTරාහුලයෙනි, ඒ කිමැයි සිතවු ද? කැටපත කුමක් ප්‍රයෝජන කොට ඇත්ද?යි. වහන්ස පිරික්සා බැලීම ප්‍රයෝජන කොට ඇතැ’යි. එසෙයින් මැ රාහුලයෙනි, පිරික්ස පිරික්සා කයින් කම් කළයුතු යැ. පිරික්ස පිරික්සා බසින් කම් කළයුතු යැ. පිරික්ස පිරික්සා මනසින් කම් කළයුතු යැ.
Pali BJTයදෙව ත්වං රාහුල කායෙන කම්මං කත්තුකාමො අහොසි{5} තදෙව තෙ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛො අහං ඉදං කායෙන කම්මං කත්තුකාමො, ඉදං මෙ කායකම්මං අත්තව්යාබාධායපි සංවත්තෙය්ය, පරව්යාබාධායපි සංවත්තෙය්ය, උභයව්යාබාධායපි සංවත්තෙය්ය, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. සචෙ ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං කායෙන කම්මං කත්තුකාමො ඉදම්මෙ කායකම්මං අත්තව්යාබාධායපි සංවත්තෙය්ය, පරව්යාබාධායපි සංවත්තෙය්ය, උභයව්යාබාධායපි සංවත්තෙය්ය, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. එවරූපං තෙ රාහුල කායෙන කම්මං සසක්කං න කරණීයං සචෙ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං කායෙන කම්මං කත්තුකාමො, ඉදං මෙ කායකම්මං නෙවත්තව්යාබාධාය සංවත්තෙය්ය, න පරව්යාබාධාය සංවත්තෙය්ය, න උභයව්යාබාධාය සංවත්තෙය්ය, කුසලං ඉදං කායකම්මං සුඛුද්රයං සුඛවිපාකන්ති. එවරූපං තෙ රාහුල කායෙන කම්මං කරණීයං.
Sinhala BJTරාහුලයෙනි, තෙපි යම් මැ කමක් කරනුකැමැතිවුවහු ද තොප විසින් එ මැ කායකර්‍මය පිරික්සියයුතු යැ: “මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ පරහට දුක් පිණිස ද පවත්නේ යැ දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ මේ කායකර්‍මය අකුසල යැ දුක් වඩනේ යැ දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නවු ද: “මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ පරහට දුක් පිණිස ද පවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් කයින් මෙබඳු කර්‍මය එකත්නෙන් නො කටයුතු යැ. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නවු නම්: “මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කාය කර්‍මය නො මැ තමහට දුක් පිණිස පවත්නේ යැ, පරහට දුක් පිණිස නොපවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස නො පවත්නේ යැ. මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් කයින් මෙබඳු කර්‍මය කළයුතු.
Pali BJTකරොන්තෙනපි තෙ රාහුල කායෙන කම්මං තදෙව තෙ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛො අහං ඉදං කායෙන කම්මං කරොමි. ඉදම්මෙ කායකම්මං අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. සචෙ ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං කායෙන කම්මං කරොමි, ඉදම්මෙ කායකම්මං අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. පටිසංහරෙය්යාසි ත්වං රාහුල එවරූපං කායකම්මං. සචෙ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං කායෙන කම්මං කරොමි, ඉදම්මෙ කායකම්මං නෙවත්තව්යාබාධාය සංවත්තති, න පරව්යාබාධාය සංවත්තති, න උභයව්යාබාධාය සංවත්තති, කුසලං ඉදං කායකම්මං සුඛුද්රයං සුඛවිපාකන්ති. අනුපදජ්ජෙය්යාසි ත්වං රාහුල එවරූපං කායකම්මං.
Sinhala BJTරාහුලයෙනි, තොප කයින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ කායකර්‍මය ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: “මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද, මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති. දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු මෙසේ දන්නහු නම්: මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති. දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු කායකර්‍ම නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: “මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති, පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති, මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු කායකර්‍ම කරව.
Pali BJTකත්වාපි තෙ රාහුල කායෙන කම්මං තදෙව තෙ කායකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛො අහං ඉදං කායෙන කම්මං අකාසිං, ඉදම්මෙ කායකම්මං අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. සචෙ ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං කායෙන කම්මං අකාසිං, ඉදම්මෙ කායකම්මං අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං කායකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. එවරූපං තෙ රාහුල කායකම්මං සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු දෙසෙතබ්බං, විවරිතබ්බං, උත්තානීකාතබ්බං, දෙසෙත්වා විවරිත්වා උත්තානීකත්වා ආයතිං සංවරං ආපජ්ජිතබ්බං. සචෙ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං කායෙන කම්මං අකාසිං ඉදම්මෙ කායකම්මං නෙවත්තව්යාබාධාය සංවත්තති, න පරව්යාබාධාය සංවත්තති, න උභයව්යාබාධාය සංවත්තති, කුසලං ඉදං කායකම්මං සුඛුද්රයං සුඛවිපාකන්ති. තෙනෙව ත්වං රාහුල පීතිපාමොජ්ජෙන විහරෙය්යාසි අහොරත්තානුසික්ඛී කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTරාහුලයෙනි, තෙපි කයින් කර්‍මය කොට ද තොපගේ එ මැ කායකර්‍මය පිරික්සියයුතු යැ: “මම් යම් කර්‍මයක් කයින් කෙළෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: “මම් කයින් යම් කර්‍මයක් කෙළෙම් නම් මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි රාහුලයෙනි, තොප විසින් මෙබඳු කාය කර්‍මය ශාස්තෲන් කෙරෙහි හෝ නුවණැති සබ‍්‍රම්සරුන් කෙරෙහි හෝ දෙසියයුතු යැ, විවරණය කළයුතු යැ, හෙළි කළ යුතු යැ, දේශනා කොට විවරණය කොට හෙළි කොට ආයතිසංවරයට පැමිණිය යුතු, තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම කයින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති. පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති. මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝදයෙන් කුසල්දම්හි දවරැය හික්මෙමින් වෙසෙන්නහු යැ.
Pali BJTයදෙව ත්වං රාහුල වාචාය කම්මං කත්තුකාමො අහොසි.{1} තදෙව තෙ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛො අහං ඉදං වාචාය කම්මං කත්තුකාමො, ඉදම්මෙ වචීකම්මං අත්තව්යාබාධායපි සංවත්තෙය්ය, පරව්යාබාධායපි සංවත්තෙය්ය, උභයව්යාබාධායපි සංවත්තෙය්ය, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. සචෙ ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං වාචාය කම්මං කත්තුකාමො ඉදම්මෙ වචීකම්මං -පෙ- උභයව්යාබාධායපි සංවත්තෙය්ය, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. එවරූපං තෙ රාහුල වාචාය කම්මං සසක්කං න කරණීයං. සචෙ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං වාචාය කම්මං කත්තුකාමො, ඉදම්මෙ වචීකම්මං නෙවත්තව්යාබාධාය සංවත්තෙය්ය, න පරව්යාබාධාය සංවත්තෙය්ය, න උභයව්යාබාධාය සංවත්තෙය්ය, කුසලං ඉදං වචීකම්මං සුඛුද්රයං සුඛවිපාකන්ති. එවරූපං තෙ රාහුල වාචාය කම්මං කරණීයං.
Sinhala BJTරාහුලයෙනි, තෙපි බසින් යම් මැ කර්‍මයක් කරනු කැමැත්තහු ද, තොප විසින් එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: “මම යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ, දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය ..... දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ, මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුක්ඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් බසින් මෙබඳු කර්‍ම එකත්නෙන් නො කළයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: “මම් බසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවත්නේ යැ, පරහට දුක් පිණිස ද නො පවත්නේ යැ, දෙදෙනාට දුක් පිණිස ද නො පවත්නේ යැ, මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් බසින් මෙබඳු කර්‍ම කටයුතු.
Pali BJTකරොන්තෙනපි තෙ රාහුල වාචාය කම්මං තදෙව තෙ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛො අහං ඉදං වාචාය කම්මං කරොමි, ඉදම්මෙ වචීකම්මං අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. සචෙ ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං වාචාය කම්මං කරොමි, ඉදම්මෙ වචීකම්මං අත්තව්යාබාධායපි සංවත්තති,{2} පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. පටිසංහරෙය්යාසි ත්වං රාහුල එවරූපං වචීකම්මං. සචෙ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං වාචාය කම්මං කරොමි. ඉදම්මෙ වචීකම්මං නෙවත්තව්යාබාධාය සංවත්තති, න පරව්යාබාධාය සංවත්තති, න උභයව්යාබාධාය සංවත්තති, කුසලං ඉදං වචීකම්මං සුඛුද්රයං සුඛවිපාකන්ති. අනුපදජ්ජෙය්යාසි ත්වං රාහුල එවරූපං වචීකම්මං.
Sinhala BJTරාහුලයෙනි, තොප බසින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: “මම බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දනිවු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවතී. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු වාක්කර්‍මය නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කකර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ. සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු වාක්කර්‍ම කරව.
Pali BJTකත්වාපි තෙ රාහුල වාචාය කම්මං තදෙව තෙ වචීකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛො අහං ඉදං වාචාය කම්මං අකාසිං, ඉදම්මෙ වචීකම්මං අත්තව්යාබාධායපි සංවත්තති. {1} පරව්යාබාධායපි සංවත්තති. උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. සචෙ ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං වාචාය කම්මං අකාසිං, ඉදම්මෙ වචීකම්මං අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං වචීකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. එවරූපං තෙ රාහුල වචීකම්මං සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු දෙසෙතබ්බං, විවරිතබ්බං, උත්තානීකාතබ්බං. දෙසෙත්වා විවරිත්වා උත්තානීකත්වා ආයතිං සංවරං ආපජ්ජිතබ්බං. සචෙ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං වාචාය කම්මං අකාසිං, ඉදම්මෙ වචීකම්මං නෙවත්තව්යාබාධාය සංවත්තති, න පරව්යාබාධාය සංවත්තති, න උභයව්යාබාධාය සංවත්තති, කුසලං ඉදං වචීකම්මං සුඛුද්රයං සුඛවිපාකන්ති. තෙනෙව ත්වං රාහුල පීතිපාමුජ්ජෙන විහරෙය්යාසි අහොරත්තානුසික්ඛී කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTරාහුලයෙනි, තොප විසින් බසින් කර්‍මය කොට ද තොපගේ එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: “මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුක්ඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මෙබඳු වාක්කර්‍මය ශාස්තෲන් කෙරෙහි හෝ නුවණැති සබ‍්‍රම්සරුන් කෙරෙහි හෝ දෙසියයුතු යැ, විවරණය කළයුතු යැ, හෙළිකළ යුතු යැ, දේශනා කොට විවරණය කොට හෙළි කොට ආයතිසංවරයට පැමිණියයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝද්‍යයෙන් කුසල්දහම්හි දවරැය හික්මෙමින් වාසය කරව.
Pali BJTයදෙව ත්වං රාහුල මනසා කම්මං කත්තුකාමො අහොසි.{2} තදෙව තෙ මනොකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛො අහං ඉදං මනසා කම්මං කත්තුකාමො, ඉදම්මෙ මනොකම්මං අත්තව්යාබාධායපි සංවත්තෙය්ය, පරව්යාබාධායපි සංවත්තෙය්ය, උභයව්යාබාධායපි සංවත්තෙය්ය, අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. සචෙ ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං මනසා කම්මං කත්තුකාමො, ඉදම්මෙ මනොකම්මං අත්තව්යාබාධායපි සංවත්තෙය්ය, පරව්යාබාධායපි සංවත්තෙය්ය, උභයව්යාබාධායපි සංවත්තෙය්ය අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. එවරූපං තෙ රාහුල මනසා කම්මං සසක්කං න කරණීයං. සචෙ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො පන අහං ඉදං මනසා කම්මං කත්තුකාමො, ඉදං මෙ මනොකම්මං නෙවත්තව්යාබාධාය සංවත්තෙය්ය, න පරව්යාබාධාය සංවත්තෙය්ය, න උභයව්යාබාධාය සංවත්තෙය්ය, කුසලං ඉදං මනොකම්මං සුඛුද්රයං සුඛවිපාකන්ති. එවරූපං තෙ රාහුල මනසා කම්මං කරණීයං.
Sinhala BJTරාහුලයෙනි, තෙපි මනසින් යම් මැ කර්‍මයක් කරනු කැමැති වවු ද, තොප විසින් එ මැ මනඃකර්‍මය පිරික්සියයුතු යැ: “මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃ කර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මනසින් මෙබඳු කර්‍ම ඒකාන්තයෙන් නො කටයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද නො පවත්නේ යැ, මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මනසින් මෙබඳු කර්‍ම කටයුතු.
Pali BJTකරොන්තෙනපි තෙ රාහුල මනසා කම්මං තදෙව තෙ මනොකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛො අහං ඉදං මනසා කම්මං කරොමි, ඉදම්මෙ මනොකම්මං අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. සචෙ ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං මනසා කම්මං කරොමි, ඉදම්මෙ මනොකම්මං අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. පටිසංහරෙය්යාසි ත්වං රාහුල එවරූපං මනොකම්මං.
Sinhala BJTරාහුලයෙනි, තොප මනසින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ මනඃකර්‍මය පිරික්සියයුතු යැ: “මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු
Pali BJTසචෙ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං මනසා කම්මං කරොමි. ඉදම්මෙ මනොකම්මං නෙවත්තව්යාබාධාය සංවත්තති, න පරව්යාබාධාය සංවත්තති, න උභයව්යාබාධාය සංවත්තති, කුසලං ඉදං මනොකම්මං සුඛුද්රයං සුඛවිපාකන්ති. අනුපදජ්ජෙය්යාසි ත්වං රාහුල එවරූපං මනොකම්මං.
Sinhala BJTමනඃකර්‍ම නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති, පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති, මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු මනඃකර්‍ම කරව.
Pali BJTකත්වාපි තෙ රාහුල මනසා කම්මං තදෙව තෙ මනොකම්මං පච්චවෙක්ඛිතබ්බං: යන්නු ඛො අහං ඉදං මනසා කම්මං අකාසිං. ඉදම්මෙ මනොකම්මං අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති,{1} අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති. සචෙ ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං මනසා කම්මං අකාසිං. ඉදම්මෙ මනොකම්මං අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, අකුසලං ඉදං මනොකම්මං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති, එවරූපෙ{2} තෙ රාහුල මනොකම්මෙ{3} අට්ටීයිතබ්බං, හරායිතබ්බං, ජිගුච්ඡිතබ්බං, අට්ටීයිත්වා හරායිත්වා ජිගුච්ඡිත්වා ආයතිං සංවරං ආපජ්ජිතබ්බං. සචෙ පන ත්වං රාහුල පච්චවෙක්ඛමානො එවං ජානෙය්යාසි: යං ඛො අහං ඉදං මනසා කම්මං අකාසිං. ඉදම්මෙ මනොකම්මං නෙවත්තව්යාබාධාය සංවත්තති, න පරව්යාබාධාය සංවත්තති, න උභයව්යාබාධාය සංවත්තති, කුසලං ඉදං මනොකම්මං සුඛුද්රයං සුඛවිපාකන්ති. තෙනෙව ත්වං රාහුල පීතිපාමුජ්ජෙන විහරෙය්යාසි අහොරත්තානුසික්ඛී කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTරාහුලයෙනි, තොප විසින් මනසින් කර්‍මය කොට ද තොපගේ එ මැ මනඃකර්‍මය පිරික්සිය යුතු යැ: “මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද, මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මෙසේ මනඃකර්‍මයෙහි පීඩිත වියයුතු යැ, ලජ්ජා වියයුතු යැ, ජුගුප්සා ඉපැදවියයුතු යැ. පීඩිත වැ ලජ්ජිත වැ ජුගුප්සා කොට ආයතිසංවරයට පැමිණියයුතු යැ. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝද්‍යයෙන් කුසල්දහම්හි දවරැය හික්මෙමින් වාසය කරව.
Pali BJTයෙ හි කෙචි රාහුල අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා කායකම්මං පරිසොධෙසුං, වචීකම්මං පරිසොධෙසුං, මනොකම්මං පරිසොධෙසුං, සබ්බෙ තෙ එවමෙවං පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසොධෙසුං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසොධෙසුං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනොකම්මං පරිසොධෙසුං.
Sinhala BJTරාහුලයෙනි, අතීතකාලයෙහි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍ම පිරිසුදු කළාහු නම් වාක්කර්‍මය පිරිසුදු කළාහු නම් මනඃකර්‍මය පිරිසුදු කළාහු නම් එහැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කළාහු යැ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කළාහු යැ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කළාහු යැ.
Pali BJTයෙහිපි කෙචි රාහුල අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා කායකම්මං පරිසොධෙස්සන්ති, වචීකම්මං පරිසොධෙස්සන්ති, මනොකම්මං පරිසොධෙස්සන්ති, සබ්බෙ තෙ එවමෙවං පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසොධෙස්සන්ති, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසොධෙස්සන්ති, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනොකම්මං පරිසොධෙස්සන්ති.
Sinhala BJTරාහුලයෙනි, අනාගතකාලයෙහි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍මය පිරිසුදු කරන්නාහු නම් වාක්කර්‍මය පිරිසුදු කරන්නාහු නම් මනඃකර්‍මය පිරිසුදු කරන්නාහු නම් එහැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කරන්නාහු යැ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කරන්නාහු යැ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කරන්නාහු යි.
Pali BJTයෙහිපි කෙචි රාහුල එතරහි සමණා වා බ්රාහ්මණා වා කායකම්මං පරිසොධෙන්ති, වචීකම්මං පරිසොධෙන්ති, මනොකම්මං පරිසොධෙන්ති, සබ්බෙ තෙ එවමෙවං පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසොධෙන්ති, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසොධෙන්ති, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනොකම්මං පරිසොධෙන්ති.
Sinhala BJTරාහුලයෙනි, මෙකල්හි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍මය පිරිසුදු කෙරෙත් ද වාක්කර්‍මය පිරිසුදු කෙරෙත් ද මනඃකර්‍මය පිරිසුදු කෙරෙත් ද එ හැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කෙරෙති, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කෙරෙති, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කෙරෙත්.
Pali BJTතස්මාතිහ රාහුල, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායකම්මං පරිසොධෙස්සාම{1} පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වචීකම්මං පරිසොධෙස්සාම.{1} පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනොකම්මං පරිසොධෙස්සාමාති{2} එවං හි වො {3}රාහුල සික්ඛිතබ්බන්ති.
Sinhala BJTඑහෙයින් රාහුලයෙනි, මෙහි පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කරම්හ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කරම්හ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කරම්හ’යි රාහුලයෙනි, තොප විසින් මෙසේ මැ හික්මියයුතු.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා රාහුලො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති රාහුලායුෂ්මත්හු භාග්‍යවතුන් ගේ භාෂිතයට සතුටු වූහ’යි.
Pali BJTඅම්බලට්ඨිකරාහුලොවාද සුත්තං පඨමං.
Sinhala BJTපළමු වැනි අම්බලට්ඨිකරාහුලෝවාදසූත‍්‍රය යි.
Pali BJT2. 2. 2.
Sinhala BJT2. 2. 2.
Pali BJTමහාරාහුලොවාද සුත්තං
Sinhala BJTමහාරාහුලෝවාද සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං{1} නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. ආයස්මාපි ඛො රාහුලො පුබ්බණ්හසමයං{1} නිවාසෙත්වා පත්තචීවරං ආදාය භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො භගවා අපලොකෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තෙසි:
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස වැඩිසේක. ආයුෂ්මත් රාහුලභද්‍රයෝ ද පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස නුහුබන්හ. එකල්හි බුදුහු පෙරළා බලා ආයුෂ්මත් රාහුලභද්‍රයන් ඇමැතූහ:
Pali BJTයං කිඤ්චි රාහුල රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං තං රූපං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බන්ති. රූපමෙව නු ඛො භගවා, රූපමෙව නු ඛො සුගතාති. රූපම්පි රාහුල, වෙදනාපි රාහුල, සඤ්ඤාපි රාහුල, සඞ්ඛාරාපි රාහුල, විඤ්ඤාණම්පි රාහුලාති.
Sinhala BJT“රාහුලය, ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි, යම් කිසි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ රූපයෙක් ඇද්ද, දුරැ වූ හෝ ළඟැ වූ හෝ යම් රූපයෙක් ඇද්ද ඒ හැම රූපය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යයි තෙල මෙසේ තත් වූ පරිදි සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යයි වදාළහ. ‘රූපය මැ ද භාග්‍යවතුන් වහන්ස, රූපය මැ ද භාග්‍යවතුන් වහන්සැ’යි. රාහුලය, රූපයත් වේදනාවත් සංඥාවත් සංස්කාරයෝත් විඥානයත් දැක්ක යුතු යැ’යි.
Pali BJTඅථ ඛො ආයස්මා රාහුලො ‘කොන’ජ්ජ භගවතා සම්මුඛා ඔවාදෙන ඔවදිතො ගාමං පිණ්ඩාය පවිසිස්සතී’ති තතො පටිනිවත්තිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අද්දසා ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං රාහුලං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. දිස්වාන ආයස්මන්තං රාහුලං ආමන්තෙසි: ආනාපානසතිං රාහුල භාවනං භාවෙහි. ආනාපානසති රාහුල භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසාති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් රාහුලභද්‍රයෝ කවරෙක් අද භාග්‍යවතුන් වහන්සේ විසින් හමුයෙහි අවවාදයෙන් අවවාද කරන ලද්දේ ගමට පිඬු පිණිස පිවිසියේ ඇද්ද’යි එයින් මැ නැවැතී එක්තරා රුක්මුලෙකැ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එක්තරා රුක්මුලෙකැ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයන් දුටහ. දැක ආයුෂ්මත් රාහුලභද්‍රයන් ඇමැතූහ: “රාහුලයෙනි, ආනාපානසති භාවනාව වඩව. රාහුලයෙනි, වඩනලද පුනපුනා වඩනලද ආනාපානසතිය මහත්ඵල වෙයි, මහත් අනුසස් වේ”යයි.
Pali BJTඅථ ඛො ආයස්මා රාහුලො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාහුලො භගවන්තං එතදවොච: කථං භාවිතා නු ඛො භන්තෙ ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසාති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් රාහුලභද්‍රයෝ සවස් වේලෙහි සමවතින් නැගී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, කිසෙයින් වඩනලද, කිසෙයින් බහුල කරනලද ආනාපානසතිය මහත්ඵල වේ ද, මහත් අනුසස් වේ දැ?”යි.
Pali BJTයං කිඤ්චි රාහුල අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, සෙය්යථිදං: කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරූ අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, අයං වුච්චති රාහුල අජ්ඣත්තිකා පඨවීධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු පඨවීධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවීධාතුයා නිබ්බින්දති. පඨවීධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTරාහුලයෙනි, තමා පිළිබඳ වූ තමා නිසා හටගත් කර්‍කශ වූ තද බවට පැමිණි මහාභූතයන් නිසා හටගත් යම් කිසි රූපයෙක් වේ ද ඒ මෙසේ යැ: කෙස් ලොම් නිය දත් සිව් මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු හදමස් අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන් නො පැසුණු අහර පැසුණු අහර යන මේ ද, තවද අන්‍ය වූ ත් තමා පිළිබඳ තමා නිසා හටගත් කර්‍කශ වූ තද බවට පැමිණි මහාභූතයන් නිසා හටගත් යම් කිසි රූපයෙකුත් ඇද්ද, රාහුලය, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවක් ඇද්ද, යම් බාහිර වූ පෘථිවිධාතුවකුත් ඇද්ද, තෙල පෘථිවිධාතු මැ යි. ඒ පෘථිවිධාතුව “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නොවේ” යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක පෘථිවිධාතුයෙහි උකටලී වෙයි, පෘථිවිධාතුයෙහි සිත් නො අලවයි.
Pali BJTකතමා ච රාහුල, ආපොධාතු: ආපොධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච රාහුල, අජ්ඣත්තිකා ආපොධාතු: යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං, සෙය්යථිදං: පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං, අයං වුච්චති රාහුල, අජ්ඣත්තිකා ආපොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආපොධාතු, යා ච බාහිරා ආපොධාතු ආපොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපොධාතුයා නිබ්බින්දති. ආපොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTරාහුලය, ආපෝධාතු කවර යත් “ආපෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ. රාහුලය, ආධ්‍යාත්මික ආපෝධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ යම් ආපයෙක් ආපෝගතයෙක් උපාදින්න වූ යුෂභාවලක්‍ෂණයෙක් ඇද්ද, ඒ කෙසේ යැ යත්: පිත, සෙම, පූයා යැ ලෙහෙ යැ සෝදිය යැ මේදතෙල ,කඳුළු යැ වුරුණුතෙල, කෙළ යැ මුකුණු යැ සඳමිදුළු යැ මූ යැ යන මේ යි. තමා පිළිබඳ වූ තමා අයත් වූ යම් කිසි අන්‍ය වූත් ආපයෙක් ආපෝගතයෙක් උපාදින්න වූ යුෂභාව ලක්‍ෂණයෙක් ඇද්ද, රාහුලය, මේ ආධ්‍යාත්මික ආපෝධාතු යයි කියනු ලැබේ. තවද යම් ආධ්‍යාත්මික ආපෝධාතුයෙක් ඇද්ද, යම් බාහිර ආපෝධාතුයෙකුත් ඇද්ද, තෙලෙ ආපෝධාතු මැ යි. ඒ ආපෝධාතුව “තෙලෙ මාගේ නො වෙයි තෙලෙ මම් නොවෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැන ආපෝධාතුයෙහි උකටලි වෙයි. ආපෝධාතුයෙහි සිත් නො අලවයි.
Pali BJTකතමා ච රාහුල, තෙජොධාතු: තෙජොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච රාහුල අජ්ඣත්තිකා තෙජොධාතු: යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං, සෙය්යථිදං: යෙන ච සන්තප්පති යෙන ච ජීරීයති, යෙන ච පරිඩය්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති. යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං, අයං වුච්චති රාහුල, අජ්ඣත්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා තෙජොධාතු, යා ච බාහිරා තෙජොධාතු, තෙජොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තෙජොධාතුයා නිබ්බින්දති. තෙජොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTරාහුලයෙනි, තේජෝධාතු කවර යත්: තේජෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ. රාහුලයෙනි, ආධ්‍යාත්මික තේජෝධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ තේජසෙක් තේජෝගතයෙක් උපාදින්න වූ තේජසෙක් වේ ද, ඒ මෙසේ යැ: (කිපුණු) යම් තේජෝගතයෙකින් මෙ කය තැවේ ද, යම් තේජසෙකින් මෙ කය දිරා ද, යම් තේජසෙකින් මෙ කය දැවේ ද, යමෙකින් බුදිනලද පානය කරනලද, කනලද රසවිඳිනලද ආහාරය (රස රක්තාදි විසින්) පරිණාමයට යේ ද, (එ ද), තවද අන්‍ය වූත් තමා පිළිබඳ වූ තමා අයත් තේජසෙක් තේජෝගතයෙක් උපාදින්න වූ යම් තේජසෙක් වේ ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික තේජෝධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික තේජෝධාතුවක් වේ ද, යම් බාහිර තේජෝධාතුවකුත් වේ ද, මේ තේජෝධාතු මැ යි. ඒ තේජෝධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ’. යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක තේජෝ ධාතුයෙහි උකටලි වෙයි. තේජෝධාතුයෙහි සිත් නො අලවයි.
Pali BJTකතමා ච රාහුල, වායොධාතු: වායොධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච රාහුල, අජ්ඣත්තිකා වායොධාතු: යං අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං, සෙය්යථිදං: උද්ධඞ්ගමා වාතා, අධොගමා වාතා, කුච්ඡිසයා වාතා, කොට්ඨසයා{1} වාතා, අඞ්ගමඞ්ගානුසාරිනො වාතා, අස්සාසො පස්සාසො ඉති. යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං, අයං වුච්චති රාහුල, අජ්ඣත්තිකා වායොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා වායොධාතු, යා ච බාහිරා වායොධාතු, වායොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායොධාතුයා නිබ්බින්දති, වායොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTරාහුලයෙනි, වායෝධාතු කවර යත්; වායෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික වායෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වූ වායුවෙක් වේ ද, ඒ කෙසේ යැ යත්: උඩට නැඟෙන වාත යැ, යටට බස්නා වාත යැ, අතුණින් බැහැර පවත්නා වාත යැ, අතුණු තුළ පවත්නා වාත යැ, අඟපසඟ සරනා වාත යැ, ආශ්වාස යැ, ප්‍රශ්වාස යැ යන මොහු යි. යළි අන්‍ය වූත් කිසි අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වායුවෙක් ඇද්ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික වායෝධාතු යයි කියනුලැබේ. තවද යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝධාතුවකුත් වේ ද, තෙල වායෝධාතු මැ යැ, ඒ වායෝධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නොවෙමි. තෙලෙ මා ගේ ආත්මය නො වේ යයි තෙල මෙසේ ඇති සැටියෙන් සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු යැ තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් දැක වායෝධාතුයෙහි උකටලි වෙයි, වායෝධාතුයෙහි සිත් නො අලවයි.
Pali BJTකතමා ච රාහුල, ආකාසධාතු: ආකාසධාතු සියා අජ්ඣත්තිකා, සියා බාහිරා. කතමා ච රාහුල, අජ්ඣත්තිකා ආකාසධාතු: යං අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං උපාදින්නං, සෙය්යථිදං: කණ්ණච්ඡිද්දං නාසච්ඡිද්දං මුඛද්වාරං, යෙන ච අසිතපීතඛායිතසායිතං අජ්ඣොහරති, යත්ථ ච අසිතපීතඛායිතසායිතං සන්තිට්ඨති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගා{2} නික්ඛමති. යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං උපාදින්නං{3} අයං වුච්චති රාහුල,
Sinhala BJTරාහුලයෙනි, ආකාශධාතු කවර යත්: ආකාශධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික ආකාශධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ ආකාශයෙක් ආකාශගතයෙක් උපාදින්න වූ ආකාශයෙක් වේ ද, ඒ මෙසේ යැ: කන්සිද යැ නැහැසිද යැ මුවදොර යැ යමෙකින් අසිතපීත ඛායිතසායිතය ඇතුළත ප්‍රවේශ කෙරේ ද, යම් අවකාශයෙකැ අසිතපීතඛායිතසායිතය පිහිටාසිටි ද යමක් කරණ කොට අසිතපීතඛායිත සායිතය අධෝභාගයෙන් නික්මේ ද (එතැන් ද,) යළි අන්‍ය වූත් යම් කිසි ආධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ආකාශයෙක් ආකාශගතයෙක් උපාදින්නයෙක් වේ ද,
Pali BJTඅජ්ඣත්තිකා ආකාසධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආකාසධාතු යා ච බාහිරා ආකාසධාතු, ආකාසධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙ’සොහමස්මි, න මෙසො අත්තා’ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආකාසධාතුයා නිබ්බින්දති, ආකාසධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTරාහුලයෙනි, මේ ආධ්‍යාත්මික ආකාශධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික ආකාශ ධාතුවක් වේ ද, යම් බාහිර ආකාශධාතුවකුත් වේ ද, තෙල ආකාශධාතු මැ යැ. ඒ ආකාශ ධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ගේ ආත්මය නො වේ’යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු යැ. තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් දැක ආකාශධාතුයෙහි උකටලි වෙයි. ආකාශධාතුයෙහි සිත් නො අලවයි.
Pali BJTපඨවීසමං රාහුල, භාවනං භාවෙහි. පඨවීසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්යථාපි රාහුල, පඨවියා සුචිම්පි නික්ඛිපන්ති, අසුචිම්පි නික්ඛිපන්ති, ගූථගතම්පි නික්ඛිපන්ති, මුත්තගතම්පි නික්ඛිපන්ති, ඛෙළගතම්පි නික්ඛිපන්ති, පුබ්බගතම්පි නික්ඛිපන්ති, ලොහිතගතම්පි නික්ඛිපන්ති. න ච තෙන පඨවී අට්ටීයති වා හරායති වා ජිගුච්ඡති වා, එවමෙව ඛො ත්වං රාහුල, පඨවීසමං භාවනං භාවෙහි. පඨවීසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.
Sinhala BJTරාහුලයෙනි, පෘථිවිය හා සම කොට බවුන් වඩව. රාහුලයෙනි, පෘථිවිය සම් කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ සිත හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ පෘථිවියෙහි පවිත්‍ර දැයත් බහාලත් ද, අපවිත්‍ර දැයත් බහාලත් ද, ගුථයත් බහාලත් ද, මූත්‍රයත් බහාලත් ද, කෙළත් බහාලත් ද, පූයාත් බහාලත් ද ලෝහිතයත් බහාලත් ද එයින් පෘථිවිය නො ද පෙළෙයි නො ද ලජ්ජිත වෙයි නො ද පිළිකුල් කෙරෙයි. එසෙයින් මැ රාහුලයෙනි, තෙපි පෘථිවිය සම කොට බවුන් වඩව, රාහුලයෙනි, යම් හෙයකින් පෘථිවි සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටිත් ද (එහෙයිනි).
Pali BJTආපොසමං රාහුල, භාවනං භාවෙහි. ආපොසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්යථාපි රාහුල, ආපස්මිං සුචිම්පි ධොවන්ති, අසුචිම්පි ධොවන්ති, ගූථගතම්පි ධොවන්ති, මුත්තගතම්පි ධොවන්ති, ඛෙළගතම්පි ධොවන්ති, පුබ්බගතම්පි ධොවන්ති, ලොහිතගතම්පි ධොවන්ති, න ච තෙන ආපො අට්ටීයති වා, හරායති වා, ජිගුච්ඡති වා. එවමෙව ඛො ත්වං රාහුල, ආපොසමං භාවනං භාවෙහි. ..... පෙ..... ඨස්සන්ති.
Sinhala BJTරාහුලයෙනි, ආපය සම කොට බවුන් වඩව. රාහුලයෙනි, ආපය සම කොට බවුන් වඩන තොප ගෙ සිත උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ ආපයෙහි පවිත්‍රයත් අපවිත්‍රයත් දොවිත් ද ගුථයත් දොවිත් ද මූත්‍රයත් දොවිත් ද කෙළත් දොවිත් ද පූයාත් දොවිත් ද ලෙයත් දොවිත් ද එයින් ආපය නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද එසෙයින් මැ රාහුලයෙනි, තෙපි ආපය සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).
Pali BJTතෙජොසමං රාහුල, භාවනං භාවෙහි. තෙජොසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්යථාපි රාහුල, තෙජො සුචිම්පි ඩහති{1}, අසුචිම්පි ඩහති, ගූථගතම්පි ඩහති, මුත්තගතම්පි ඩහති, ඛෙළගතම්පි ඩහති, පුබ්බගතම්පි ඩහති, ලොහිතගතම්පි ඩහති. න ච තෙන තෙජො අට්ටීයති වා, හරායති වා, ජිගුච්ඡති වා, එවමෙව ඛො ත්වං රාහුල, තෙජොසමං භාවනං භාවෙහි. ..... පෙ..... ඨස්සන්ති.
Sinhala BJTරාහුලයෙනි, තේජස් සම කොට බවුන් වඩව. තේජස් සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් මනාප වූ ද අමනාප වූ ද ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ තේජස පවිත්‍රයත් දවා ද අපවිත්‍රයත් දවා ද ගුථයත් දවා ද මූත්‍රයත් දවා ද කෙළත් දවා ද පූයාත් දවා ද ලෙයත් දවා ද එයින් තේජස නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද එසෙයින් මැ රාහුලයෙනි, තෙපි තේජස් සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).
Pali BJTවායොසමං රාහුල, භාවනං භාවෙහි. වායොසමං හි තෙ රාහුල, භාවනං භාවයතො{2} උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්යථාපි රාහුල, වායො සුචිම්පි උපවායති, අසුචිම්පි උපවායති, ගූථගතම්පි උපවායති, මුත්තගතම්පි උපවායති, ඛෙළගතම්පි උපවායති, පුබ්බගතම්පි උපවායති, ලොහිතගතම්පි උපවායති, න ච තෙන වායො අට්ටීයති වා, හරායති වා, ජිගුච්ඡති වා. එවමෙව ඛො ත්වං රාහුල, වායොසමං භාවනං භාවෙහි. ..... පෙ..... ඨස්සන්ති.
Sinhala BJTරාහුලයෙනි, වායු සම කොට බවුන් වඩව, රාහුලයෙනි, වායෝධාතු සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. යම්සේ වායුව පවිත්‍රය කරාත් හමා ද අපවිත්‍රය කරාත් හමා ද ගුථය කරාත් හමා ද මූත්‍රය කරාත් හමා ද ඛෙළය කරාත් හමා ද පූයා කරාත් හමා ද ලෙහෙය කරාත් හමා ද එයින් වායුව නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද, එසෙයින් මැ රාහුලයෙනි, තෙපි වායු සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).
Pali BJTආකාසසමං රාහුල, භාවනං භාවෙහි. ආකාසසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපාමනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති. සෙය්යථාපි රාහුල, ආකාසො න කත්ථචි පතිට්ඨිතො, එවමෙව ඛො ත්වං රාහුල, ආකාසසමං භාවනං භාවෙහි. ආකාසසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප්පන්නා මනාපා’මනාපා ඵස්සා චිත්තං න පරියාදාය ඨස්සන්ති.
Sinhala BJTරාහුලයෙනි, ආකාශය සම කොට බවුන් වඩව. ආකාශය සම කොට බවුන් වඩන තොප සිත උපන් මනාප වූ ද අමනාප වූ ද ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ අහස කිසි තැනෙක නො පිහිටියේ වේ ද, එසෙයින් මැ රාහුලයෙනි, තෙපි අහස සම කොට බවුන් වඩව. අහස සම කොට බවුන් වඩන තොප සිත උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටිත්.
Pali BJTමෙත්තං රාහුල, භාවනං භාවෙහි. මෙත්තං හි තෙ රාහුල, භාවනං භාවයතො යො ව්යාපාදො සො පහීයිස්සති. කරුණං රාහුල, භාවනං භාවෙහි. කරුණං හි තෙ රාහුල, භාවනං භාවයතො යා විහෙසා සා පහීයිස්සති. මුදිතං රාහුල, භාවනං භාවෙහි. මුදිතං හි තෙ රාහුල, භාවනං භාවයතො යා අරති සා පහීයිස්සති. උපෙක්ඛං රාහුල, භාවනං භාවෙහි. උපෙක්ඛං හි තෙ රාහුල, භාවනං භාවයතො යො පටිඝො සො පහීයිස්සති.
Sinhala BJTරාහුලයෙනි, මෛත්‍රිභාවනා වඩව. රාහුලයෙනි, මෛත්‍රිභාවනා වඩන තොප ගේ යම් ව්‍යාපාදයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, කරුණාභාවනා වඩව. රාහුලයෙනි, කරුණාභාවනා වඩන තොප ගේ යම් විහිංසාවක් වේ ද, එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, මුදිතාභාවනා වඩව. රාහුලයෙනි, මුදිතාභාවනා වඩන තොප ගේ යම් (ප්‍රාන්තසේනාසනයන්හි හා අධිකුශල ධර්‍මයන්හි) උකටලිබවෙක් වේ ද, එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, උපේක්‍ෂාභාවනා වඩව. රාහුලයෙනි, උපේක්‍ෂාභාවනා වඩන තොපට යම් ප්‍රතිඝයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ.
Pali BJTඅසුභං රාහුල, භාවනං භාවෙහි. අසුභං හි තෙ රාහුල, භාවනං භාවයතො යො රාගො සො පහීයිස්සති. අනිච්චසඤ්ඤං රාහුල, භාවනං භාවෙහි. අනිච්චසඤ්ඤඤ්හි තෙ රාහුල, භාවනං භාවයතො යො අස්මිමානො සො පහීයිස්සති.
Sinhala BJTරාහුලයෙනි, අශුභභාවනා වඩව. රාහුලයෙනි, අශුභභාවනා වඩන තොපට යම් රාගයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, අනිත්‍යසංඥා වඩව. රාහුලයෙනි, අනිත්‍යසංඥා වඩන තොපට යම් අස්මිමානයෙක් වේ නම්, එය ප්‍රහීණ වන්නේ යැ.
Pali BJTආනාපානසතිං{1} රාහුල, භාවනං භාවෙහි. ආනාපානසති රාහුල{2} භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච රාහුල, ආනාපානසති, කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා: ඉධ රාහුල, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති සතො පස්සසති. දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති,
Sinhala BJTරාහුලයෙනි, ආනාපානසති භාවනා වඩව. රාහුලයෙනි, වඩනලද පුනපුනා වඩනලද ආනාපානසතිය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇති වෙයි. රාහුලයෙනි, කිසෙයින් වඩනලද බහුල කරනලද ආනාපානසතිය මහත්ඵල වේ ද මහත් අනුසස් ඇති වේ ද? රාහුලයෙනි, මේ සස්නෙහි මහණ වනසෙනසුනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්‍මස්ථානාභිමුඛ කොට එළවා හිඳියි. හේ සිහි ඇති වැ ආශ්වාස කෙරෙයි, සිහි ඇති වැ ප්‍රශ්වාස කෙරෙයි, දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරන්නේ ‘දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි’ දනියි. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ‘දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’ දනියි. භ්‍රස්ව කොට හෝ ආශ්වාස කරන්නේ ‘භ්‍රස්ව කොට ආශ්වාස කෙරෙමි’ දනියි. භ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ‘භ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි’ දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාස කය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාස කය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සුඛය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සුඛය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි. චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. ධ්‍යාන චිත්තය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ධ්‍යානචිත්තය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සිත ප්‍රමුදිත කෙරෙමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි. සිත ප්‍රමුදිත කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. සිත මොනොවට පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි.
Pali BJTසමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී පස්සසිස්සාමී සික්ඛති, නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, නිරොධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතා ඛො රාහුල, ආනාපානසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො රාහුල, ආනාපානසතියා එවං බහුලීකතාය යෙපි තෙ චරිමකා අස්සාසපස්සාසා{1} තෙපි විදිතාව නිරුජ්ඣන්ති නො අවිදිතාති.
Sinhala BJTසිත මොනොවට පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. කෙලෙසුන් කෙරෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. කෙලෙසුන් කෙරෙන් සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. අනිත්‍ය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. අනිත්‍ය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. විරාගය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. විරාගය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ක්ලේශනිරෝධය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ක්ලේශනිරෝධය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රතිනිස්සර්‍ගය (විදර්‍ශනාව හා මාර්‍ගය) අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රතිනිස්සර්‍ගය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. රාහුලයෙනි, මෙසේ වඩනලද මෙසේ පුනපුනා වඩනලද ආනාපානසතිය මහත් ඵල වෙයි, මහත් අනුසස් ඇති වෙයි. රාහුලයෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි යම් පශ්චිම ආශ්වාස ප්‍රශ්වාස කෙනෙක් ඇද්ද, ඔහු ද ප්‍රකට වූවාහු මැ නිරුද්ධ වෙති, අප්‍රකට වූවාහු නිරුද්ධ නො වෙත්.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා රාහුලො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුලභද්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළහ’යි.
Pali BJTමහාරාහුලොවාදසුත්තං දුතියං.
Sinhala BJTදෙ වැනි මහාරාහුලෝවාදසූත්‍ර යි.
Pali BJT2. 2. 3.
Sinhala BJT2. 2. 3.
Pali BJTචූළමාලුඞ්ක්ය සුත්තං
Sinhala BJTචූළමාලුඞ්ක්‍ය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මතො මාලුඞ්ක්යපුත්තස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: යානි’මානි දිට්ඨිගතානි භගවතා අබ්යාකතානි ඨපිතානි පටික්ඛිත්තානි. සස්සතො ලොකො ඉතිපි, අසස්සතො ලොකො ඉතිපි, අන්තවා ලොකො ඉතිපි, අනන්තවා ලොකො ඉතිපි, තං ජීවං තං සරීරං ඉතිපි, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉතිපි, හොති තථාගතො පරම්මරණා ඉතිපි, න හොති තථාගතො පරම්මරණා ඉතිපි, හොති ච න ච හොති තථාගතො පරම්මරණා ඉතිපි, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉතිපි, තානි මෙ භගවා න බ්යාකරොති, යානි මෙ භගවා න බ්යාකරොති, තම්මෙ න රුච්චති, තම්මෙ න ඛමති. සො’හං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡිස්සාමි. සචෙ මෙ භගවා බ්යාකරිස්සති: සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, එවා’හං භගවති බ්රහ්මචරියං චරිස්සාමි. නො චෙ මෙ භගවා බ්යාකරොති: සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, එවාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමීති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද. එක්කලෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි එකලා වැ විවේකයෙන් හුන් ආයුෂ්මත් චූළමාලුඞ්ක්‍ය තෙරුන්ට මෙසේ සිතට විතර්‍කයෙක් උපන. භාග්‍යවතුන් විසින්: “ලෝකය ශාශ්වත යයි ද ලෝකය අශාශ්වත යයි ද ලෝකය අන්තවත් යයි ද ලෝකය අනන්තවත් යයි ද එ මැ ජීව යැ එ මැ ශරීර යයි ද ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි ද සත්ත්‍ව තෙම මරණින් මතු වේ යයි ද සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ යයි ද සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් වෙයි නො වන්නේත් වේ යයි ද සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි. නො වන්නේ නො වේ යයි දැ” යි යම් දෘෂ්ටිගත කෙනෙක් ප්‍රකාශ නො කරන ලද්දහු ද තබනලද්දාහු ද ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු ද ඒ දෘෂ්ටිගතයන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙති. යම් දෘෂ්ටිගත කෙනෙකුන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙත් නම් එය මට නො රිසි වෙයි. එය මට නො කැමැති වෙයි. මම බුදුන් කරා එළැඹ මෙ කරුණ පුළුවුස්නෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ එ මැ ජීව යැ එ මැ ශරීර යැ හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වෙයි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නොවෙයි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් වෙයි නො වන්නේත් වෙයි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වන්නේත් නො ද නො වන්නේත් වෙයි හෝ ප්‍රකාශ කෙරෙත් නම් මෙසෙයින් මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් මෙසෙයින් මම් ශික්‍ෂාප්‍රත්‍යඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි”.
Pali BJTඅථ ඛො ආයස්මා මාලුඞ්ක්යපුත්තො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මාලුඞ්ක්යපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යප්‍රත්‍ර, සවස් වේලෙහි විවේකයෙන් නැගීසිටියේ බුදුන් කරා එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යප්‍රත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී යැ:
Pali BJTඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: යානිමානි දිට්ඨිගතානි භගවතා අබ්යාකතානි ඨපිතානි පටික්ඛිත්තානි: සස්සතො ලොකො ඉතිපි, අසස්සතො ලොකො ඉතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉතිපි, තානි මෙ භගවා න බ්යාකරොති. යානි මෙ භගවා න බ්යාකරොති, තම්මෙ න රුච්චති, තම්මෙ න ඛමති. සොහං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡිස්සාමි. සචෙ මෙ භගවා බ්යාකරිස්සති: සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, එවාහං භගවති බ්රහ්මචරියං චරිස්සාමි. නො චෙ මෙ භගවා බ්යාකරිස්සති: සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, එවාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමීති.
Sinhala BJT“වහන්ස, මෙහි එකලා වැ විවේනයෙන් හුන් මාගේ සිතට මෙබඳු විතර්‍කයක් උපන. ‘ලෝකය ශාශ්වත යයි ද ලෝකය අශාශ්වත යයි ද ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යයි ද යම් දෘෂ්ටිගත කෙනෙක් භාග්‍යවතුන් විසින් ප්‍රකාශ නො කරන ලද්දාහු ද තබන ලද්දාහු ද ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු ද ඒ දෘෂ්ටිගතයන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙති. බුදුහු යම් දෘෂ්ටිගත කෙනෙක් මට ප්‍රකාශ නො කෙරෙත් ද එය මට නො රිසි වෙයි. එය මට නො කැමැති වෙයි. මම බුදුන් කරා එළැඹ මෙකරුණ පුළුවුස්නෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නොවේ යයි හෝ ප්‍රකාශ කෙරෙත් නම් මෙසෙයින් මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් මෙසෙයින් මම ශික්‍ෂාප්‍රත්‍යඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි”යි.
Pali BJTසචෙ භගවා ජානාති, ‘සස්සතො ලොකො’ති, සස්සතො ලොකොති මෙ භගවා බ්යාකරොතු. සචෙ භගවා ජානාති, ‘අසස්සතො ලොකො’ති, අසස්සතො ලොකොති මෙ භගවා බ්යාකරොතු. නො චෙ භගවා ජානාති, ‘සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා, අජානතො ඛො පන අපස්සතො එතදෙව උජුකං හොති යදිදං, ‘න ජානාමි, න පස්සාමී’ති.
Sinhala BJTඉදින් බුදුහු ‘ලෝකය ශාශ්වත යැ’යි දනිත් නම් ‘ලෝකය ශාශ්වත යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු ‘ලෝකය අශාශ්වත යැ’යි දනිත් නම් ‘ලෝකය අශාශ්වත යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දන්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
Pali BJTසචෙ භගවා ජානාති ‘අන්තවා ලොකො’ති. අන්තවා ලොකොති මෙ භගවා බ්යාකරොතු. සචෙ භගවා ජානාති ‘අනන්තවා ලොකො’ති. අනන්තවා ලොකොති මෙ භගවා බ්යාකරොතු. නො චෙ භගවා ජානාති ‘අන්තවා ලොකො’ති වා අනන්තවා ලොකොති වා. අජානතො ඛො පන අපස්සතො එතදෙව උජුකං හොති යදිදං ‘න ජානාමි න පස්සාමී’ති.
Sinhala BJTඉදින් බුදුහු: ‘ලෝකය අන්තවත් යැ’යි දනිත් නම් ‘ලෝකය අන්තවත් යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු ‘ලෝකය අනන්තවත් යැ’යි දනිත් නම් ‘ලෝකය අනන්තවත් යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ලෝකය අන්තවත් යැ’යි හෝ ‘ලෝකය අනන්තවත් යැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දන්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
Pali BJTසචෙ භගවා ජානාති ‘තං ජීවං තං සරීර’න්ති. තං ජීවං තං සරීරන්ති මෙ භගවා බ්යාකරොතු. සචෙ භගවා ජානාති ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති මෙ භගවා බ්යාකරොතු. නො චෙ භගවා ජානාති ‘තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා, අජානතො ඛො පන අපස්සතො එතදෙව උජුකං හොති යදිදං ‘න ජානාමි, න පස්සාමී’ති.
Sinhala BJTඉදින් බුදුහු: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි දනිත් නම් බුදුහු මට ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි දනිත් නම් බුදුහු මට: ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘එමැ ජීව යැ එ මැ ශරීර යැ’යි හෝ ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
Pali BJTසචෙ භගවා ජානාති ‘හොති තථාගතො පරම්මරණා’ති. හොති තථාගතො පරම්මරණාති මෙ භගවා බ්යාකරොතු. සචෙ භගවා ජානාති ‘න හොති තථාගතො පරම්මරණා’ති. න හොති තථාගතො පරම්මරණාති මෙ භගවා බ්යාකරොතු. නො චෙ භගවා ජානාති හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා අජානතො ඛො පන අපස්සතො එතදෙව උජුකං හොති යදිදං ‘න ජානාමි න පස්සාමී’ති.
Sinhala BJTඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ’ යයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ’ යැයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ’ යයි බුදුහු ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ’යි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’ යන තෙල වදන් මැ ඍජු වෙයි.
Pali BJTසචෙ භගවා ජානාති ‘හොති ච න ච හොති තථාගතො පරම්මරණා’ති. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති මෙ භගවා බ්යාකරොතු. සචෙ භගවා ජානාති ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති මෙ භගවා බ්යාකරොතු. නො චෙ භගවා ජානාති හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, අජානතො ඛො පන අපස්සතො එතදෙව උජුකං හොති, යදිදං න ජානාමි න පස්සාමී’ති.
Sinhala BJTඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’ යයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වෙයි’ හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි’ හෝ නො ද දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
Pali BJTකින්නු{1} තාහං මාලුඞ්ක්යපුත්ත, එවං අවචං: එහි ත්වං මාලුඞ්ක්යපුත්ත මයි බ්රහ්මචරියං චර, අහන්තෙ බ්යාකරිස්සාමි: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. - නො හෙතං භන්තෙ. ත්වං වා පන මං එවං අවච: අහං භන්තෙ භගවති බ්රහ්මචරියං චරිස්සාමි, භගවා මෙ බ්යාකරිස්සති: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. නො හෙතං භන්තෙ.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රයෙනි, කිම තට මම මෙසේ කීයෙම් ද: “එව මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, තෙපි මා කෙරෙහි බඹසර වෙසෙව මම තොපට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙවෙයි’ හෝ ප්‍රකාශ කෙරෙමි” යයි. වහන්ස, තෙල නො වේ මැ යැ. තවද තෙපි හෝ මට මෙසේ කිවහූ ද: “වහන්ස මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. බුදුහු මට: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි’ හෝ ප්‍රකාශ කරන්නේ”යයි. වහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTඉති කිර මාලුඞ්ක්යපුත්ත, නෙවාහන්තං වදාමි: එහි ත්වං මාලුඞ්ක්යපුත්ත, මයි බ්රහ්මචරියං චර අහං තෙ බ්යාකරිස්සාමි: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. නපි කිර මං ත්වං වදෙසි: අහං භන්තෙ භගවති බ්රහ්මචරියං චරිස්සාමි භගවා මෙ බ්යාකරිස්සති: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. එවං සන්තෙ මොඝපුරිස කො සන්තො කං පච්චාචික්ඛසි.
Sinhala BJTමෙසේ මාලුඞ්ක්‍යපුත්‍රය මම තොපට නො මැ කීයෙම් නම්: “එව තෙපි මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, මා කෙරෙහි බඹසර වෙසෙව, මම තෙපට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වේ යැ’යි හෝ ප්‍රකාශ කෙරෙමි යයි. තො ද මට නො කීයෙම් නම්: “වහන්ස, මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි, බුදුහු මට: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යැ’යි හෝ ප්‍රකාශ කරන්නේ යැ”යි. මෙසේ ඇති කල්හි තුච්ඡපුරුෂය, (යාචිතක හෝ යාචක) කවරෙක් වූයෙහි (යාචිතක හෝ යාචක වූ) කවරක්හට ප්‍රකාශ කරන්නෙහි ද.
Pali BJTයො ඛො මාලුඞ්ක්යපුත්ත, එවං වදෙය්ය: න තාවාහං භගවති බ්රහ්මචරියං චරිස්සාමි, යාව මෙ භගවා න බ්යාකරිස්සති: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා -පෙ- අන්තවා ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. අබ්යාකතමෙව තං මාලුඞ්ක්යපුත්ත තථාගතෙන අස්ස. අථ සො පුග්ගලො කාලංකරෙය්ය. සෙය්යථාපි මාලුඞ්ක්යපුත්ත පුරිසො සල්ලෙන විද්ධො අස්ස සවිසෙන ගාළ්හපලෙපනෙන. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨපෙය්යුං, සො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි, යාව න තං පුරිසං ජානාමි, යෙනම්හි විද්ධො: ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දොවාති.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, යමෙක් මෙසේ කියා නම්: “යම් තාක් බුදුහු මට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වේ’ යැයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් ඒතාක් මම බුදුන් කෙරෙහි බඹසර නො වෙසෙමි” කියා නම් මාලුඞ්ක්‍යපුත්‍රය එය තථාගතයන් විසින් ප්‍රකාශ නො කරනලද මැ වන්නේ යැ. එකල්හි ඒ පුද්ගල කලුරිය කරන්නේ යැ යම්සේ මාලුඞ්ක්‍යපුත්‍රය, පුරුෂයෙක් බොල් කොට තැවැරැ විෂසහිත හීයෙකින් විදුනාලද්දේ වන්නේ ද ඔහුගේ සගයහළුවෝ නැසහලේනැයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහු නම් හේ මෙසේ කියන්නේ යැ: ‘ක්‍ෂත්‍රිය වේවයි බ්‍රාහ්මණ වේවයි වෛශ්‍ය වේවයි ශුද්‍ර වේවයි යමක්හු විසින් මම් විදුනාලදුයෙම් ද යම්තාක් ඒ පුරුෂයා නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි’යි.
Pali BJTසො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි. යාව න තං පුරිසං ජානාමි, යෙනම්හි විද්ධො: එවංනාමො එවංගොත්තො ඉතිවාති.
Sinhala BJTහේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ මෙබඳු නම් ඇත්තේ යැ මෙබඳු ගෝත්‍ර ඇත්තේ යැ’යි යම් තාක් මම ඒ පුරුෂයා නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
Pali BJTසො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි. යාව න තං පුරිසං ජානාමි, යෙනම්හි විද්ධො දීඝො වා රස්සො වා මජ්ඣිමො වාති.
Sinhala BJTහේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ දීර්‍ඝ යැ හෝ භ්‍රස්ව යැ හෝ මධ්‍යම යැ හෝ යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
Pali BJTසො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි. යාව න තං පුරිසං ජානාමි, යෙනම්හි විද්ධො: කාලො වා සාමො වා මඞ්ගුරච්ඡවී වාති.
Sinhala BJTහේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ කඵ යැ හෝ සමවන් යැ හෝ කබරසිවි ඇත්තේ යැ හො’යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
Pali BJTසො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි. යාව න තං පුරිසං ජානාමි, යෙනම්හි විද්ධො: අසුකස්මිං ගාමෙ වා නිගමෙ වා නගරෙ වාති.
Sinhala BJTහේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ අසුවල්ගම්හි හෝ යැ නියම්ගම්හි හෝ යැ හෝ නුවරෙහි හෝ’යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
Pali BJTසො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි. යාව න තං ධනුං ජානාමි, යෙනම්හි විද්ධො: යදි වා චාපො යදි වා කොදණ්ඩොති.
Sinhala BJTහේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් චාපයෙක් වේවයි ඉදින් කොදණ්ඩයෙක් වේවයි යම්තාක් මම ඒ දුන්න නො දනිම් ද ඒතාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
Pali BJTසො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි. යාව න තං ජියං ජානාමි, යායම්හි විද්ධො, යදි වා අක්කස්ස යදි වා සණ්ඨස්ස{1} යදි වා නහාරුස්ස යදි වා මරුවාය යදි වා ඛීරපණ්ණිනොති.
Sinhala BJTහේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් වරාහුයින් කරනලද වේවයි ඉදින් හුණුරැහැනින් කරනලද වේවයි ඉදින් නහරින් කරනලද වේවයි ඉදින් මරුවා (ඝණ) වැහැරින් කරනලද වේවයි ඉදින් කිරුපනින් කරනලද වේවයි යම් තාක් ඒ දුනුදිය නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
Pali BJTසො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි. යාව න තං කණ්ඩං ජානාමි. යෙනම්හි විද්ධො: යදි වා කච්ඡං යදි වා රොපිමන්ති:
Sinhala BJTහේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් කැසෙහි උපන් වේවයි රෝපණය කොට වඩනලද වේවයි යම්තාක් ඒ හීය නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
Pali BJTසො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි. යාව න තං කණ්ඩං ජානාමි යෙනම්හි විද්ධො: යස්ස පත්තෙහි වාජිතං, යදි වා ගිජ්ඣස්ස යදි වා කඞ්කස්ස යදි වා කුලලස්ස යදි වා මොරස්ස යදි වා සිථිලහණුනොති.
Sinhala BJTහේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ගිජුලිහිණියකු ගේ වේවයි ඉදින් ලොහොතුඩුවකුගේ වේවයි ඉදින් උකුසකුගේ වේවයි මොනරකුගේ වේවයි ඉදින් සිථිලභනු ලිහිණියකුගේ වේවයි යමක්හුගේ පතින් වෙග දනවන ලද ද ඒ හීය යම් තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
Pali BJTසො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි. යාව න තං කණ්ඩං ජානාමි. යෙනම්හි විද්ධො: යස්ස නහාරුනා{1} පරික්ඛිත්තං, යදි වා ගවස්ස යදි වා මහිසස්ස{2} යදි වා රොරුවස්ස. යදි වා සෙම්හාරස්සාති.
Sinhala BJTහේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ගවයකුගේ වේවයි ඉදින් මිහිවකුගේ වේවයි ඉදින් වලසකුගේ වේවයි ඉදින් වඳුරෙකු ගේ වේවයි යමෙකුගේ නහරින් වෙළන ලද නම් ඒ හීය යම් තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි“යි.
Pali BJTසො එවං වදෙය්ය: න තාවාහං ඉමං සල්ලං ආහරිස්සාමි. යාව න තං සල්ලං ජානාමි. යෙනම්හි විද්ධො: යදි වා සල්ලං යදි වා ඛුරප්පං යදි වා වෙකණ්ඩං යදි වා නාරාචං යදි වා වච්ඡදන්තං යදි වා කරවීරපත්තන්ති. අඤ්ඤාතමෙව තං මාලුඞ්ක්යපුත්ත තෙන පුරිසෙන අස්ස. අථ සො පුරිසො කාලං කරෙය්ය.
Sinhala BJTහේ මෙසේ කියන්නේ යැ: “යමකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ශල්‍ය වේවයි ඉදින් බුරප්ප වේවයි ඉදින් වෙකණ්ඩ වේවයි ඉදින් නාරාව වේවයි ඉදින් වච්ඡදන්ත වේවයි ඉදින් කරවිරපත්‍ර වේවයි ඒ ශල්‍ය්‍ය යම්තාක් නෙ දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි කියන්නේ නම්, මාලුඞ්ක්‍යපුත්‍රය, ඒ පුරුෂයා විසින් තෙලෙ නො දන්නාලද මැ වන්නේ ද ඉක්බිති එපුරිස් කලුරිය කරන්නේ යැ.
Pali BJTඑවමෙව ඛො මාලුඞ්ක්යපුත්ත, යො එවං වදෙය්ය: න තාවාහං භගවති බ්රහ්මචරියං චරිස්සාමි, යාව මෙ භගවා න බ්යාකරිස්සති: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. අබ්යාකතමෙව තං මාලුඞ්ක්යපුත්ත, තථාගතෙන අස්ස. අථ සො පුග්ගලො කාලං කරෙය්ය.
Sinhala BJTඑසෙයින් මැ මාලුඞ්ක්‍යපුත්‍රය, යමෙක් මෙසේ කියා නම්: “යම්තාක් බුදුහු මට ‘ලෝකය ශාශ්වත යැ’ හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වෙයි’ හෝ ප්‍රකාශ නො කෙරෙත් ද ඒ තාක් මම බුදුන් කෙරෙහි බඹසර නො වෙසෙමි”යි. මාලුඞ්ක්‍යපුත්‍රය, තථාගතයන් විසින් ඒ ප්‍රකාශ නො කරනලද මැ වෙයි. ඉක්බිති ඒ පුද්ගල තෙම කලුරිය කරන්නේ යැ.
Pali BJTසස්සතො ලොකොති වා මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති. එවං නො. අසස්සතො ලොකොති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති, එවම්පි නො. සස්සතො ලොකොති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති අසස්සතො ලොකොති වා දිට්ඨියා සති අත්ථෙව ජාති, අත්ථි ජරා, අත්ථි මරණං, සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා යෙසාහං දිට්ඨෙව ධම්මෙ නිඝාතං පඤ්ඤාපෙමි.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අශාශ්වත යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘ලෝකය අශාශ්වත යැ’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්‍මකෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් ද ඒ ජාතිය ඇත් මැ යැ. ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ. සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.
Pali BJTඅන්තවා ලොකොති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති. එවං නො. අනන්තවා ලොකොති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති. එවම්පි නො. අන්තවා ලොකොති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති අනන්තවා ලොකොති වා දිට්ඨියා සති අත්ථෙව ජාති, අත්ථි ජරා, අත්ථි මරණං, සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා යෙසා’හං දිට්ඨෙව ධම්මෙ නිඝාතං පඤ්ඤාපෙමි.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අන්තවත් යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අනන්තවත් යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අන්තවත් යැ’යි හෝ ‘ලෝකය අනන්තවත් යැ’යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්‍ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ. ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ, සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.
Pali BJTතං ජීවං තං සරීරන්ති මාලුක්යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති. එවං නො. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති. එවම්පි නො. තං ජීවං තං සරීරන්ති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා දිට්ඨියා සති අත්ථෙව ජාති, අත්ථි ජරා, අත්ථි මරණං, සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා යෙසාහං දිට්ඨෙව ධම්මෙ නිඝාතං පඤ්ඤාපෙමි.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, ‘එ මැ ජීවයැ එ මැ ශරීර යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘එ මැ ජීවයැ එ මැ ශරීර යැ’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’ යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්‍ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ, සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.
Pali BJTහොති තථාගතො පරම්මරණාති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති. එවං නො. න හොති තථාගතො පරම්මරණාති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති. එවම්පි නො. හොති තථාගතො පරම්මරණාති මාලුක්යපුත්ත, දිට්ඨියා සති. න හොති තථාගතො පරම්මරණාති වා දිට්ඨියා සති අත්ථෙව ජාති අත්ථි ජරා, අත්ථි මරණං, සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. යෙසා’හං දිට්ඨෙව ධම්මෙ නිඝාතං පඤ්ඤාපෙමි.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ යයි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වෙයි’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි’ හෝ දෘෂ්ටිය ඇති කල්හි මම් යම් ධර්‍ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ, ජරාව ඇත් මැ යැ, මරණය ඇත් මැ යැ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යී.
Pali BJTහොති ච න ච හොති තථාගතො පරම්මරණාති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති. එවං නො. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො අභවිස්සාති. එවම්පි නො. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති මාලුඞ්ක්යපුත්ත, දිට්ඨියා සති නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා දිට්ඨියා සති අත්ථෙව ජාති, අත්ථි ජරා, අත්ථි මරණං, සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. යෙසා’හං දිට්ඨෙව ධම්මෙ නිඝාතං පඤ්ඤාපෙමි.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නො වෙයි. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු නෙ මැ වෙයි නො ද නො වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි, එසේත් නො වෙයි. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි හෝ ‘සත්ත්‍ව තෙම නො මැ වෙයි නො ද නො වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි හෝ මම් යම් කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් ද ඒ ජාතිය ඇත් මැ යැ ජරාව ඇත් මැ යැ මරණය ඇත් මැ යැ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි.
Pali BJTතස්මාතිහ මාලුඞ්ක්යපුත්ත, අබ්යාකතඤ්ච මෙ අබ්යාකතතො ධාරෙථ. බ්යාකතඤ්ච මෙ බ්යාකතතො ධාරෙථ. කිඤ්ච මාලුඞ්ක්යපුත්ත, මයා අබ්යාකතං: සස්සතො ලොකොති මාලුඞ්ක්යපුත්ත, මයා අබ්යාකතං: අසස්සතො ලොකොති මයා අබ්යාකතං, අන්තවා ලොකොති මයා අබ්යාකතං, අනන්තවා ලොකොති මයා අබ්යාකතං, තං ජීවං තං සරීරන්ති මයා අබ්යාකතං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති මයා අබ්යාකතං, හොති තථාගතො පරම්මරණාති මයා අබ්යාකතං, න හොති තථාගතො පරම්මරණාති මයා අබ්යාකතං, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති මයා අබ්යාකතං, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති මයා අබ්යාකතං කස්මා චෙතං මාලුඞ්ක්යපුත්ත මයා අබ්යාකතං: න හෙතං මාලුඞ්ක්යපුත්ත, අත්ථසංහිතං, නාදිබ්රහ්මචරියකං, නෙතං{1} නිබ්බිදාය. න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. තස්මා තං මයා අබ්යාකතං.
Sinhala BJTඑහෙයින් මාලුඞ්ක්‍යපුත්‍රය, මෙහි මා විසින් ප්‍රකාශ නො කරනලද්ද ද ප්‍රකාශ නො කරනලද හෙයින් දරන්නේ යැ. මා විසින් ප්‍රකාශ කරනලද්ද ද ප්‍රකාශ කරනලද හෙයින් දරන්නේ යැ. මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, වැළිත් මා විසින් කුමක් අව්‍යාකෘත ද? මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අශාශ්වත යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අනන්තවත් යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අනන්තවත් යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේ යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වන්නේ යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ ය’යි මැ විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි මා විසින් අව්‍යාකෘත යැ. මාලුඞ්ක්‍යපුත්‍රය, කුමක් හෙයින් තෙලෙ මා විසින් නොපනවන ලද යත්: මාලුඞ්ක්‍යපුත්‍රය, තෙල අර්‍ත්‍ථසංහිත නො වෙයි. මඟබඹසරට ආදි වූ ශීලමාත්‍ර ද නො වෙයි. මෙසෙයින් ඒ නිර්වේදය පිණිස නො වෙයි. විරාගය පිණිස නො වෙයි. නිරෝධය පිණිස නො වෙයි. ව්‍යුපශම පිණිස නො වෙයි. අභිඥා පිණිස නො වෙයි. සම්බෝධිය පිණිස නො වෙයි. නිර්‍වාණය පිණිස නො පවතී, එහෙයින් මා විසින් ඒ අව්‍යාකෘත වේ.
Pali BJTකිඤ්ච මාලුඞ්ක්යපුත්ත, මයා බ්යාකතං: ඉදං දුක්ඛන්ති මාලුඞ්ක්යපුත්ත, මයා බ්යාකතං, අයං දුක්ඛසමුදයොති මයා බ්යාකතං, අයං දුක්ඛනිරොධොති මයා බ්යාකතං, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති මයා බ්යාකතං. කස්මා චෙතං මාලුඞ්ක්යපුත්ත, මයා බ්යාකතං: එතඤ්හි මාලුඞ්ක්යපුත්ත, අත්ථසංහිතං, එතං ආදිබ්රහ්මචරියකං එතං නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. තස්මා තං මයා බ්යාකතං. තස්මාතිහ මාලුඞ්ක්යපුත්ත, අබ්යාකතඤ්ච මෙ අබ්යාකතතො ධාරෙථ. බ්යාකතඤ්ච මෙ බ්යාකතතො ධාරෙථාති.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍රය, මා විසින් වැළිත් කිමෙක් ව්‍යාකෘත ද යත්: මාලුඞ්ක්‍යපූත්‍රය, ‘මේ දුකැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛසමුදය යැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛනිරෝධයැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛනිරෝධ ගාමිනීප්‍රතිපදා යැ’යි මා විසින් ව්‍යාකෘත යැ. මාලුඞ්ක්‍යපුත්‍රය, මා විසින් වැළිත් කුමක් හෙයින් තෙලෙ ව්‍යාකෘත ද යත්: මාලුඞ්ක්‍යපුත්‍රය යම් හෙයකින් තෙලෙ අර්‍ත්‍ථසංහිත ද තෙලෙ මඟබඹසරට ආදිවු ශීලමාත්‍ර වේ ද මෙසෙයින් ඒ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්‍යුපම පිණිස, අභිඥා පිණිස, සම්බෝධිය පිණිස, නිර්‍වාණය පිණිස පවතී ද එහෙයින් ඒ මා විසින් ව්‍යාකෘත යැ. එහෙයින් මාලුඞ්ක්‍යපුත්‍රය, මෙහි මා විසින් අව්‍යාකෘතය ද අව්‍යාකෘත හෙයින් දරන්නේ යැ. මා විසින් ව්‍යාකෘතය ද ව්‍යාකෘත හෙයින් දරන්නේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මාලුඞ්ක්යපුත්තො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTබුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර භාග්‍යවතුන්ගේ භාෂිතයට සතුටු වී යයි.
Pali BJTචූළමාලුඞ්ක්යසුත්තං තතියං.
Sinhala BJTතුන් වැනි චූළමාලුඞ්ක්‍ය සූත්‍ර යි.
Pali BJT2. 2. 4.
Sinhala BJT2. 2. 4.
Pali BJTමහාමාලුඞ්ක්යසුත්තං
Sinhala BJTමහාමාලුඞ්ක්‍ය සූත්‍රය