Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2301-2400 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅථ ඛො උපාලි ගහපති භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන සකං නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා දොවාරිකං ආමන්තෙසි: අජ්ජතග්ගෙ සම්ම දොවාරික, ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං, සචෙ කොචි නිගණ්ඨො ආගච්ඡති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: තිට්ඨ භන්තෙ, මා පාවිසි, අජ්ජතග්ගෙ උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො. ආවටං ද්වාරං නිගණ්ඨානං, නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. සචෙ තෙ භන්තෙ පිණ්ඩකෙන අත්ථො එත්ථෙව තිට්ඨ, එත්ථෙව තෙ ආහරිස්සන්තීති. එවං භන්තෙති ඛො දොවාරිකො උපාලිස්ස ගහපතිස්ස පච්චස්සොසි.
Sinhala BJTඉක්බිති උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට සිය නිවෙස්න කරා එළැඹියේ යැ. එළඹ ද්වාරපාලයා කැඳවී යැ. ‘සගය, දෝවාරිකය, අද පටන් කොට නුවට නුවටු දෙපසට දොර වසමි. අප බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර විවෘත වෙයි. ඉදින් යම් මැ නුවටෙක් ආ නම් තුලුන්ට තෙපි මෙසේ කියව. වහන්ස, සිටිනු මැනැවැ, නො පිවිසෙනු මැනැවැ, අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ. නුවට නුවටුනට දොර ඇවිරිණි. බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො ඇවිරිණි. වහන්ස, ඉදින් තොපට පිණ්ඩයෙන් වැඩ වේ නම් මෙහි මැ සිටිනු මැනවැ. තොපට මෙහි ලා මැ ගෙන එති’යි. (කියා ගෙට වන.) වහන්ස, එසේ යයි දොරටු ගොවු උපාලි ගැහැවිහට පිළිවදන් දිනි.
Pali BJTඅස්සොසි ඛො දීඝතපස්සී නිගණ්ඨො උපාලි කිර ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතොති. අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සුතං මෙතං භන්තෙ උපාලි කිර ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතොති. අට්ඨානං ඛො එතං තපස්සි අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්යාති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සුතං මෙතං භන්තෙ, උපාලි කිර ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතොති. අට්ඨානං ඛො එතං තපස්සී අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්යාති. හන්ද චාහං භන්තෙ ගච්ඡාමි යාව ජානාමි යදි වා උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො යදි වා නොති. ගච්ඡ ත්වං තපස්සි ජානාහි යදි වා උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො යදි වා නොති.
Sinhala BJTදීර්‍ඝතපස්වී නුවටහු ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට පැමැණියේ යැ’යි ඇසි. එකල්හි දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයා කරා ගියෙ, ගොස් නිගණ්ඨනාථපුත්‍රට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ ලැ’යි තෙල මා විසින් අසනලදැ’යි. තපස්විය, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නෙ යැ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. අවකාශ ද නැත. ‘මහණ ගොයුම් උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නිසි යැ යි කී. දෙවනවට ද ... තෙවනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයාහට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට පැමිණියේ ලැ’යි තෙල මා විසින් අසනලදි. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. ‘මහණ ගොයුම් උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල කරුණ ඇතැ’යි කී. වහන්ස, දැන් මම යමි. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ හෝ නොහොත් නො ගියෙ හෝ’යි දනිම් මැ යැ. තපස්විය, තෙපි යව. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ හෝ නොහොත් නොගියෙ හො’යි දන්ව යි.
Pali BJTඅථ ඛො දීඝතපස්සී නිගණ්ඨො යෙන උපාලිස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අද්දසා ඛො දොවාරිකො දීඝතපස්සිං නිගණ්ඨං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන දීඝතපස්සිං නිගණ්ඨං එතදවොච: තිට්ඨ භන්තෙ, මා පාවිසි. අජ්ජතග්ගෙ උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො, ආවටං ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං සචෙ තෙ, භන්තෙ, පිණ්ඩකෙන අත්ථො, එත්ථෙව තිට්ඨ. එත්ථෙව තෙ ආහරිස්සන්තීති. න මෙ ආවුසො පිණ්ඩකෙන අත්ථොති වත්වා තතො පටිනිවත්තිත්වා යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සච්චංයෙව ඛො භන්තෙ යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො. එතං ඛො තෙ අහං භන්තෙ නාලත්ථං: න ඛො මෙතං භන්තෙ රුච්චති යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්ය. සමණො හි භන්තෙ ගොතමො මායාවී. ආවට්ටනිං මායං ජානාති, යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතීති. ආවට්ටො ඛො තෙ භන්තෙ උපාලි ගහපති සමණෙන ගොතමෙන ආවට්ටනියා මායායාති. අට්ඨානං ඛො එතං තපස්සි අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්යාති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සච්චං යෙව ඛො භන්තෙ යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො: එතං ඛො තෙ අහං භන්තෙ නාලත්ථං: න ඛො මෙතං භන්තෙ රුච්චති, යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්ය. සමණො හි භන්තෙ ගොතමො මායාවී. ආවට්ටනිං මායං ජානාති, යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතීති. ආවට්ටො ඛො තෙ භන්තෙ උපාලි ගහපති සමණෙන ගොතමෙන ආවට්ටනියා මායායාති. අට්ඨානං ඛො එතං තපස්සි අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. හන්ද චාහං තපස්සි ගච්ඡාමි යාය සාමං යෙව ජානාමි. යදි වා උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො යදි වා නොති.
Sinhala BJTඉක්බිති දීර්‍ඝතපස්වී නුවට උපාලි ගැහැවිහුගේ නිවෙස්න කරා ගියෙ, දොරටුගොවු දීර්‍ඝතපස්වී නුවට එන්නහු දුරැ ලා මැ දිට. දැක දීර්‍ඝතපස්වී නුවටහට තෙල කී: ‘වහන්ස, සිටුව. නො වදිනු මැනැවැ. අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ. නුවට නුවටුනට දොර වැසිණ, බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො වැසිණ. වහන්ස, ඉදින් තොපට බතින් අර්‍ත්‍ථ ඇත් නම් මෙහි මැ සිටුව. මෙහි ලා මැ තොපට ගෙන එති’යි කී. ‘ඇවැත, මට බතින් වැඩෙක් නැතැ’යි කියා එයින් පෙරළා නිගණ්ඨනාථපුත්‍රයා කරා ගියෙ, ගොස් නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යනු සැබෑ මැ යි. වහන්ස, මම තොපගේ තෙල සවු වළහනු නො ලත්මි. වහන්ස, ‘උපාලි ගැහැවි මහණගොයුම්හට වාදාරෝපණය කරන්නෙ යැ’ යන යමෙක් ඇද්ද තෙල මට නො රිසුණේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායා ඇත්තාහ. යම් මායායෙකින් අන්තොටු වන්ගේ සවුවන් ආවර්‍තනය කොට ගනිත් ද, එබඳු ආවර්‍තනී මායාවක් දන්නාහ. වහන්ස, තොපගේ උපාලි ගැහැවි මහණ ගොයුම්හු විසින් අවර්‍තනී මායායෙන් ආවර්තිත වැ ඇති’යි. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යන යමෙක් වේ ද තෙල වන්නට නො නිසි යැ. අවකාශ ද නැත. ‘මහණ ගොයුම්හු උපාලි ගැහැවිහුගේ සවු බවට යන්න යැ’ යන යමෙක් වේද තෙල කරුණ ඇතැ’යි. දෙවනවට දු ... තුන්වනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යන යමෙක් වේ ද තෙල සැබෑ මැ යැ. වහන්ස, මම තොපගේ තෙල සවු වළහන්නට නො ලත්මි. වහන්ස, ‘උපාලි ගැහැවි මහණගොයුම්හට වාදාරෝපණය කරන්නෙ යැ’ යන යමෙක් වේ ද තෙල මට නො රිසුණේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායාවීහ. යම් මායායෙකින් අන්තොටුවන්ගේ සවුවන් ආවර්‍තනය කොට ගනිත් ද, එබඳු ආවර්‍තනී මායාවක් දන්නාහ. වහන්ස, තොපගේ උපාලි ගැහැවි මහණ ගොයුම්හු විසින් ආවර්තිත වැ ඇතැ’යි කී. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. ‘මහණ ගොයුම්හු උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නාහ’යන යමෙක් වේද තෙල කරුණ විද්‍යාමාන වෙයි. තපස්විය, එබැවින් මම යමි. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ හෝ නොහොත් නො ගියෙ යැ හො’යි මම් මැ දනිමි’යි.
Pali BJTඅථ ඛො නිගණ්ඨො නාතපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං යෙන උපාලිස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අද්දසා ඛො දොවාරිකො නිගණ්ඨං නාතපුත්තං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන නිගණ්ඨං නාතපුත්තං එතදවොච: තිට්ඨ භන්තෙ, මා පාවිසි. අජ්ජතග්ගෙ උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො, ආවටං ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. සචෙ තෙ භන්තෙ පිණ්ඩකෙන අත්ථො එත්ථෙව තිට්ඨ. එත්ථෙව තෙ ආහරිස්සන්තීති. තෙන හි සම්ම දොවාරික, යෙන උපාලි ගහපති තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා උපාලිං ගහපතිං එවං වදෙහි: නිගණ්ඨො භන්තෙ නාතපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං බහිද්වාරකොට්ඨකෙ ඨිතො. සො තෙ දස්සනකාමොති. එවං භන්තෙති ඛො දොවාරිකො නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිස්සුත්වා යෙන උපාලි ගහපති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උපාලිං ගහපතිං එතදවොච:
Sinhala BJTඉක්බිති නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවට පිරිස් හා සමග උපාලි ගැහැවිහුගේ නිවෙස්න කරා ගියෙ යැ. දොරටුගොවු නිගණ්ඨනාථපුත්‍රයා එන්නහු දුර දී මැ දිටි. දැක නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, සිටුව. නො වදුව. අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ වෙයි. නුවට-නුවටුනට දොර ඇවිරිණි. බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො ඇවිරිණි. වහන්ස, ඉදින් තොපට බතින් වැඩ ඇත් නම් මෙහි මැ සිටුව. මෙහි ලා මැ තොපට ගෙන එති’යි. සගය, දෝවාරිකය, එහෙයින් උපාලි ගැහැවිහු කරා එළැඹෙව. එළැඹැ උපාලි ගැහැවිහට මෙසේ කියව: ‘වහන්ස, නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවටපිරිස් හා සමඟ බිහි දොරකොටුයෙහි සිටියෙ යැ. හෙ තොප දක්නා කැමැතියේ යැ’යි. ‘වහන්ස, එසේ යැ’යි දෝවාරික නුවටනතපුත්තහට පිළිවදන් දී උපාලි ගැහැවිහු කරා එළැඹියෙ යැ. එළැඹ උපාලි ගැහැවිහට තෙල කී:
Pali BJTනිගණ්ඨො භන්තෙ නාතපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං බහිද්වාරකොට්ඨකෙ ඨිතො, සො තෙ දස්සනකාමොති. තෙන හි සම්ම දොවාරික, මජ්ඣිමාය ද්වාරසාලාය ආසනානි පඤ්ඤාපෙහීති. එවං භන්තෙති ඛො දොවාරිකො උපාලිස්ස ගහපතිස්ස පටිස්සුත්වා මජ්ඣිමාය ද්වාරසාලාය ආසනානි පඤ්ඤපෙත්වා යෙන උපාලි ගහපති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උපාලිං ගහපතිං එතදවොච: පඤ්ඤත්තානි ඛො තෙ භන්තෙ මජ්ඣිමාය ද්වාරසාලාය ආසනානි. යස්සදානි කාලං මඤ්ඤසීති.
Sinhala BJT‘වහන්ස, නුවටනතපුත් මහත් නුවටපිරිස් හා සමග බිහි දොරකොටුයෙහි සිටියෙ යැ. හෙ තොප දක්නා කැමැත්තැ’යි. සගය දෝවාරිකය, එහෙයින් මධ්‍යම ද්වාරශාලායෙහි අසුන් පනවාලව යි. ‘වහන්ස, එසේ යැ’යි දෝවාරිකයා උපාලි ගැහැවිහට පිළිවදන් දී මධ්‍යම ද්වාරශාලායෙහි අසුන් පනවා උපාලි ගැහැවිහු කරා ඔළැඹියෙ යැ. එළැඹ උපාලි ගැහැවිහට තෙල කී: ‘ වහන්ස, මධ්‍යම ද්වාරශාලායෙහි තොපට අසුන් පනවනලද. දැන් එයට කල් දනුව’යි කී.
Pali BJTඅථ ඛො උපාලි ගහපති යෙන මජ්ඣිමා ද්වාරසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා යං තත්ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච තත්ථ නිසීදිත්වා දොවාරිකං ආමන්තෙසි: තෙන හි සම්ම දොවාරික, යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං එවං වදෙහි: උපාලි භන්තෙ ගහපති එවමාහ: පවිස කිර භන්තෙ සචෙ ආකඞ්ඛසීති. එවං භන්තෙති ඛො දොවාරිකො උපාලිස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: උපාලි භන්තෙ ගහපති එවමාහ: පවිස කිර භන්තෙ සචෙ ආකඞ්ඛසීති. අථ ඛො නිගණ්ඨො නාතපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං යෙන මජ්ඣිමා ද්වාරසාලා තෙනුපසඞ්කමි. අථ ඛො උපාලි ගහපති යං සුදං පුබ්බෙව යතො පස්සති නිගණ්ඨං නාතපුත්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන තතො පච්චුගන්ත්වා යං තත්ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච, තං උත්තරාසඞ්ගෙන පමජ්ජිත්වා පරිග්ගහෙත්වා නිසීදාපෙති. සො’දානි යං තත්ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච තත්ථ සාමං නිසීදිත්වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සංවිජ්ජන්තෙ{1} ඛො භන්තෙ ආසනානි, සචෙ ආකඞ්ඛසි නිසීදාති. එවං වුත්තෙ නිගණ්ඨො නාතපුත්තො උපාලිං ගහපතිං එතදවොච: උම්මත්තොසි ත්වං ගහපති, දත්තොසි ත්වං ගහපති. ගච්ඡාමහං භන්තෙ සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙස්සාමීති ගන්ත්වා මහතාසි වාදසඞ්ඝාටෙන පටිමුක්කො ආගතො. සෙය්යථාපි ගහපති පුරිසො අණ්ඩහාරකො ගන්ත්වා උබ්භතෙහි අණ්ඩෙහි ආගච්ඡෙය්ය, සෙය්යථාපි වා පන ගහපති පුරිසො අක්ඛිහාරකො ගන්ත්වා උබ්භතෙහි අක්ඛීහි ආගච්ඡෙය්ය. එවමෙව ඛො ත්වං ගහපති ගච්ඡාමහං භන්තෙ සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙස්සාමීති ගන්ත්වා මහතාසි වාදසඞ්ඝාටෙන පටිමුක්කො ආගතො. ආවට්ටොසි ඛො ත්වං ගහපති සමණෙන ගොතමෙන ආවට්ටනියා මායායාති.
Sinhala BJTඉක්බිති උපාලි ගැහැවිහු මධ්‍යම ද්වාරශාලාව කරා එළැඹියෙ යැ. එළැඹ එහි අග්‍ර වූත් ශ්‍රේෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණීත වූත් යම් අස්නෙක් වී ද එහි හිඳ දෝවාරිකයා කැඳවී. සගය, දෝවාරිකය, එහෙයින් නිගණ්ඨනාථපුත්‍රයා කරා එළැඹෙව. එළැඹ නිගණ්ඨනාථපුත්‍රයාට මෙසේ කියව: ‘වහන්ස, උපාලි ගැහැවි මෙසේ කියයි’: ‘වහන්ස, ඉදින් කැමැත්තෙහි නම් වදුව’යි. ‘වහන්ස, එසේ යැ’යි දෝවාරිකයා උපාලි ගැහැවිට පිළිවදන් දී නිගණ්ඨනාථපුත්‍රයා කරා එළැඹියෙ යැ. එළැඹ නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මෙසේ කියයි’: ‘වහන්ස, ඉදින් කැමැත්තෙහි නම් වදුව’යි. එකල්හි නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවටපිරිස් හා සමග මධ්‍යම ද්වාරශාලාව කරා එළැඹියේ යැ. ඉක්බිති උපාලි ගැහැවි යම් තැනෙකැ සිට පෙර යම් නිගණ්ඨනාථපුත්‍රයකු එන්නාහු දුරදීම දැක එතැන සිට පෙරගමන් කොට එහි අග්‍ර වූත් ශ්‍රේෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණීත වූත් යම් අස්නෙක් වී නම් එය උත්තරාසඞ්ගයෙන් පිස පරිග්‍රහ කොට බලා හිඳුවාලයි. හෙ දැන් එහි අග්‍ර වූත් ශ්‍රේෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණීත වූත් යම් අස්නෙක් වී ද එහි තෙමේ හිඳ නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, අසුන් ඇත. ඉදින් කැමැත්තහු නම් හිඳුව’යි. මෙසේ කී කලැ නුවට නතපුත් උපාලි ගැහැවිහට තෙල කී: ගැහැවිය, තෙපි ඇළල ගියහු? ගැහැවිය තෙපි ජඩ වැ ගියහු? ‘වහන්ස, මම යමි. මහණ ගොයුම්හට වාදාරෝපණ කෙරෙමි යි ගොස් මහත් වාදබන්‍ධනයෙන් තිර වැ ආව? ගැහැවිය, යම් පරිදි පුරුෂයෙක් අණ්ඩහාරක වැ ගොස් උපුටා හළ අණ්ඩයෙන් යුතු වැ එන්නේ වේ ද, ගැහැවිය, යම් සේ පුරුෂයෙක් අක්ඛිහාරකවැ ගොස් උපුටාහළ ඇසින් යුතු වැ එන්නේ වේ ද, ගැහැවිය, එසේ මැ තෙපි ‘වහන්ස, මම යමි. මහණ ගොයුම්හට වාදාරෝපණ කෙරෙමි’යි ගොස් මහත් වාදබන්‍ධනයෙන් ප්‍රතිමුක්ත වැ ආව. ගැහැවිය, තෙපි මහණ ගොයුම්හු විසින් ආවර්‍තනී මායායෙන් ආවර්තිත ව? යි.
Pali BJTභද්දිකා භන්තෙ ආවට්ටනී මායා, කල්යාණී භන්තෙ ආවට්ටනී මායා, පියා මෙ භන්තෙ ඤාතිසාලොහිතා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්යුං, පියානම්පි මෙ අස්ස ඤාතිසාලොහිතානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ චෙපි භන්තෙ ඛත්තියා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්යුං. සබ්බෙසානම්පිස්ස{2} ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ චෙපි භන්තෙ බ්රාහ්මණා -පෙ- වෙස්සා -පෙ- සුද්දා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්යුං, සබ්බෙසානම්පිස්ස{2} සුද්දානං දීඝරත්තං හිතාය සුඛාය. සදෙවකො චෙපි
Sinhala BJTවහන්ස, ආවර්‍තනී මායා භද්‍ර යැ. වහන්ස, ආවර්‍තනී මායා කල්‍යාණි යැ. වහන්ස, මාගේ ප්‍රිය නෑසාලේ නෑයෝ මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වෙද්ද මාගේ ප්‍රිය වූ නෑසාලේ නෑයනට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, හැම ක්‍ෂත්‍රියයෝ ද මේ ආවර්‍තනීමායායෙන් ආවර්තිත වෙද්ද, හැම ක්‍ෂත්‍රියයනට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, හැම බමුණෝ ද … හැම වෛශ්‍යෙයෝ ද ... හැම ශුද්‍රෙයෝ ද මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වෙද්ද එ හැම ශුද්‍රයනට ද බොහෝ කල් හිතයට සුඛයට
Pali BJTභන්තෙ ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්ය, සදෙවකස්සපිස්ස{1} ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දීඝරත්තං හිතාය සුඛාය. තෙන හි භන්තෙ උපමන්තෙ කරිස්සාමි. උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති.
Sinhala BJTවැටෙයි. වහන්ස, මරුන් සියො බඹුන් සියො සදේවක ලෝකයා ද මහණබමුණන් සියො දෙව් මිනිසුන් සියො ප්‍රජාව ද මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වේ ද, මරුන් සියො බඹුන් සියො සදේවක ලෝකයාහට ද මහණබමුණන් සියො දෙව්මිනිසුන් සියො ප්‍රජාවට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, එ කරුණින් තොපට උපමාවක් කරමි. කිසි විඥපුරුෂ කෙනෙක්, උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ත්‍ථය නුවණ එළවා දනිත්.
Pali BJTභූතපුබ්බං භන්තෙ අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස ජිණ්ණස්ස වුද්ධස්ස මහල්ලකස්ස දහරා මාණවිකා පජාපතී අහොසි ගබ්භිනී උපවිජඤ්ඤා. අථ ඛො භන්තෙ සා මාණවිකා තං බ්රාහ්මණං එතදවොච: ගච්ඡ ත්වං බ්රාහ්මණ, ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙහි යො මෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සතීති. එවං වුත්තෙ භන්තෙ සො බ්රාහ්මණො තං මාණවිකං එතදවොච: ආගමෙහි තාව භොති යාව විජායසි. සචෙ ත්වං භොති කුමාරකං විජායිස්සසි, තස්ස තෙ අහං ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙස්සාමි.{2} යො තෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සති. සචෙ පන ත්වං භොති කුමාරිකං විජායිස්සසි, තස්සා තෙ අහං ආපණා මක්කටච්ඡාපිකං කිණිත්වා ආනෙස්සාමි. යා තෙ කුමාරිකාය කීළාපනිකා භවිස්සතීති. දුතියම්පි ඛො භන්තෙ -පෙ- කීළාපනිකා භවිස්සතීති. තතියම්පි ඛො භන්තෙ සා මාණවිකා තං බ්රාහ්මණං එතදවොච: ගච්ඡ ත්වං බ්රාහ්මණ ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙහි යො මෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සතීති. අථ ඛො භන්තෙ සො බ්රාහ්මණො තස්සා මාණවිකාය සාරත්තො පටිබද්ධචිත්තො ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙත්වා තං මාණවිකං එතදවොච: අයං තෙ භොති ආපණා මක්කටච්ඡාපකො කිණිත්වා ආනීතො යො තෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සතීති. එවං වුත්තෙ භන්තෙ සා මාණවිකා තං බ්රාහ්මණං එතදවොච: ගච්ඡ ත්වං බ්රාහ්මණ, ඉමං මක්කටච්ඡාපකං ආදාය යෙන රත්තපාණී රජකපුත්තො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා රත්තපාණිං රජකපුත්තං එවං වදෙහි: ඉච්ඡාමහං සම්ම රත්තපාණී, ඉමං මක්කටච්ඡාපකං පීතාවලෙපනං නාම රඞ්ගජාතං රඤ්ජිතං ආකොටිතපච්චාකොටිතං උභතොභාගවිමට්ඨන්ති. අථ ඛො භන්තෙ සො බ්රාහ්මණො තස්සා මාණවිකාය සාරත්තො පටිබද්ධචිත්තො තං මක්කටච්ඡාපකං ආදාය යෙන රත්තපාණී රජකපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රත්තපාණිං රජකපුත්තං එතදවොච: ඉච්ඡාමහං සම්ම රත්තපාණී, ඉමං මක්කටච්ඡාපකං පීතාවලෙපනං නාම රඞ්ගජාතං{3} රඤ්ජිතං ආකොටිතපච්චාකොටිතං උභතොභාගවිමට්ඨන්ති. එවං වුත්තෙ භන්තෙ රත්තපාණී රජකපුත්තො තං බ්රාහ්මණං එතදවොච: අයං ඛො තෙ භන්තෙ මක්කටච්ඡාපකො රඞ්ගක්ඛමො හි ඛො, නො ආකොටනක්ඛමො නො විමජ්ජනක්ඛමොති. එවමෙව ඛො භන්තෙ බාලානං නිගණ්ඨානං වාදො රඞ්ගක්ඛමො හි ඛො බාලානං නො පණ්ඩිතානං, නො අනුයොගක්ඛමො, නො විමජ්ජනක්ඛමො. අථ ඛො භන්තෙ සො බ්රාහ්මණො අපරෙන සමයෙන නවං දුස්සයුගං ආදාය යෙන රත්තපාණී රජකපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රත්තපාණිං රජකපුත්තං එතදවොච: ඉච්ඡාමහං සම්ම රත්තපාණී, ඉමං නවං දුස්සයුගං පීතාවලෙපනං නාම රඞ්ගජාතං රඤ්ජිතං{3} ආකොටිතපච්චාකොටිතං උභතොභාගවිමට්ඨන්ති. එවං වුත්තෙ භන්තෙ රත්තපාණී රජකපුත්තො තං බ්රාහ්මණං එතදවොච: ඉදං ඛො තෙ භන්තෙ නවං දුස්සයුගං රඞ්ගක්ඛමඤ්චෙව ආකොටනක්ඛමඤ්ච විමජ්ජනක්ඛමඤ්චාති. එවමෙව ඛො භන්තෙ තස්ස භගවතො වාදො අරහතො සම්මාසම්බුද්ධස්ස රඞ්ගක්ඛමො චෙව පණ්ඩිතානං නො බාලානං, අනුයොගක්ඛමො ච විමජ්ජනක්ඛමො චාති.
Sinhala BJTවහන්ස, වූවිරි දැයෙකි. ජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ එක්තරා බමුණක්හට ළදරු මෙණෙවියක් භාර්‍ය්‍යා වූ යැ. ගැබ් ඇත්තී වදන වර ළං වැ ඇත්තී වූ යැ. වහන්ස, ඉක්බිති එ මෙණෙවි එ බම්ණුට තෙල කිවු: ‘බමුණ, තෙපි යව. යම් වඳුරු පැටෙක් මාගේ කුමරහට කෙළි බඩු වේ ද, එ බඳු වඳුරු පැටකු අවුණුදොරින්, මිල දී ගෙන එව’යි. වහන්ස, මෙසේ කී කලැ එ බමුණු එ මෙණෙවියට තෙල කී: ‘සොඳුර, වදන තාක් බලව. සොඳුර ඉදින් තෙපි කුමරකු වදන්නවු නම් තොපට මම අවුණුදොරින් තොපගේ එ කුමරුට කෙළි බඩු වන වඳුරු පැටකු මිල දී ගෙන එමි. ඉදින් තෙපි කුමරියක වදන්නවු නම් තොපගේ එ කුමරියට කෙළි බඩු වන වඳුරු පැටියක අවුණුදොරින්ගෙන එමි. වහන්ස, දෙවනවට ද … තෙවනවට ද වහන්ස, එ මෙණෙවි එ බමුණුහට තෙල කිවු: බමුණ, තෙපි යව. යම් වඳුරුපැටෙක් මාගේ කුමරහට කෙළිබඩු වේ ද, එ බඳු වඳුරු පැටකු මිල දී ගෙන එව’යි. වහන්ස, ඉක්බිත් එ බමුණු එ මෙණෙවිය කෙරෙහි ඇලුණේ, පිළිබඳ සිත් ඇතියේ අවුණුදොරින් වඳුරුපැටකු මිල දී ගෙනවුත් එ මෙණෙවියට තෙල කී: ‘භවතිය, තොපට වඳුරුපැටකු මිල දී ගෙන එන ලද. එ තොපගේ කුමරහට කෙළෙනට නිසි වන්නේ’ යයි. වහන්ස, මෙසේ කී කල්හි එ මෙණෙවි එ බමුණුහට තෙල කිවු ය: බමුණ තෙපි මෙ වඳුරුපැටහු ගෙන රඟ පොවන රදාදරු කරා එළඹ රඟ පොවන රදාදරුහට මෙසේ කියව. ‘යහළු රක්තපාණීය, මම මේ වඳුරු පැටහු රන්වන් රඳනින් රඳනලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’ යි වහන්ස, එසඳ එ බමුණු එ මෙණෙවිය කෙරෙහි ඇලුණේ පිළිබඳසිත් ඇත්තේ එ වඳුරුපැටහු ගෙන රක්තපාණී රදාදරු කරා එළැඹියෙ. එළැඹ රක්තපාණී රදාදරුහට තෙල කී: ‘යහළු රක්තපාණීය, මම මේ වඳුරු පැටහු රන්වන් රඳනින් රඳනලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’යි. වහන්ස, මෙසේ කී කල්හි රක්තපාණී රදාදරු එ බමුණුහට තෙල කී: හිමි, තොපගේ මෙ වඳුරුපොවු රඞ්ගක්‍ෂම මැ වෙයි. ආකෝටනක්‍ෂම නො වෙයි, විමාර්‍ජනක්‍ෂම නො ද වේ යයි. වහන්ස, ඉක්බිති එසෙයින් මැ බාල නුවටුන්ගේ වාද පණ්ඩිතයනට නො වැ බාලයනට රඞ්ගක්‍ෂම මැ වෙයි. අනුයෝගක්‍ෂම නො වෙයි, විමාර්‍ජනක්‍ෂම නො ද වෙයි. වහන්ස, එසෙයින් මැ බාල නුවටුන්ගේ වාද පණ්ඩිතයනට නො වැ බාලයනට රඞ්ගක්‍ෂම මැ වෙයි. අනුයෝගක්‍ෂම නො වෙයි, විමාර්‍ජනක්‍ෂම නො ද වෙයි. වහන්ස, ඉක්බිති එ බමුණු මෑතභාගයෙහි අළුත් පිළිසඟලක් ගෙන රක්තපාණී රදාදරු කරා එළැඹියෙ. එළැඹ රක්තපාණී රදාදරුහට තෙල කී: යහළු රක්තපාණීය, මම මේ අළුත් පිළීසඟල රන්වන් රඳනින් රඳනා ලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’යි. වහන්ස, මෙසේ කී කල්හි රක්තපාණී රජකපුත්‍ර එ බමුණුහට තෙල කී: හිමි, තොපගේ මෙ අළුත් පිළීසඟල රඞ්ගක්‍ෂම ද ආකෝටනක්‍ෂම ද විමාර්‍ජනක්‍ෂම ද වේ යයි. වහන්ස එහෙයින් මැ එ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ කථා බාලයනට නො ව පණ්ඩිතයනට රඞ්ගක්‍ෂම ද අනුයෝගක්‍ෂම ද විමාර්‍ජනක්‍ෂම ද වේ යයි.
Pali BJTසරාජිකා ඛො තං ගහපති පරිසා එවං ජානාති: උපාලි ගහපති නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකොති. කස්ස තං ගහපති සාවකං ධාරෙමාති. එවං වුත්තෙ උපාලි ගහපති උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: තෙන හි භන්තෙ සුණොහි යස්සා’හං සාවකො:
Sinhala BJTගැහැවිය, සරාජිකපර්‍ෂද් තොප මෙසේ දනි: ‘උපාලි ගැහැවි නිගණ්ඨනාථපුත්‍රයාගේ ශ්‍රාවක යැ’ කියා යි. ගැහැවිය, තොප කවරක්හුගේ ශ්‍රාවක කොට ධරම්හ? යි. මෙසේ කී කල්හි උපාලි ගැහැවි හුනස්නෙන් නැගී උතුරුසළු එකස් කොට බුදුන් වසන දසට ඇඳිලි පනවා නිගණ්ඨනාථපුත්‍රයාහට තෙල කී: ‘ වහන්ස, එසේ වී නම් මම් යම් කෙනෙකුගේ ශ්‍රාවකයෙම් ද උන් වහන්සේගේ ගුණ අසව:
Pali BJT1. ධීරස්ස විගතමොහස්ස පභින්නඛිලස්ස විජිතවිජයස්ස, අනීඝස්ස සුසමචිත්තස්ස වුද්ධසීලස්ස සාධුපඤ්ඤස්ස, වෙස්සන්තරස්ස{1} විමලස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
Sinhala BJT(1) ධීර වු හෙවත් පාණ්ඩිත්‍යයෙන් සමන්‍වාගත වූ, විගත වූ මෝහ ඇති, බිඳුනා ලද පඤ්චචේතෝඛිල ඇති, දිනන ලද මෘත්‍යුමාරාදි මාරවිජය ඇති, ක්ලේශදුඃඛයෙන් හා විපාකදුඃඛයෙන් නිදුක් වූ, දෙව්මිනිසුන් කෙරෙහි මොනොවට සමමෙත් ඇති, වැඩූ ආචාර ශීල ඇති, සුන්‍දරප්‍රඥා ඇති, රාගාදි විෂමය තැරැසිටි, විගතවූ රාගාදි මල ඇති, ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි. (‘ඔබ මාගේ ශ්‍රාස්තෘ වූහ’යි යූ සේ යි.)
Pali BJT2. අකථංකථිස්ස තුසිතස්ස වන්තලොකාමිසස්ස මුදිතස්ස, කතසමණස්ස මනුජස්ස අන්තිමසාරීරස්ස නරස්ස, අනොපමස්ස විරජස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
Sinhala BJT(2) අකථංකථී වූ, තුටුසිත් ඇති, වමාළ කාමගුණ ඇති, මුදිතාවිහාරවශයෙන් සතුටු වූ, කරනලද මහණදම් ඇති, මනුජ වූ අන්තිමදේහධාරී වු, උත්තම නර වූ අනූපගම වූ, විගත කෙලෙස්රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
Pali BJT3. අසංසයස්ස කුලස්ස වෙනයිකස්ස සාරථිවරස්ස, අනුත්තරස්ස රුචිරධම්මස්ස නික්කඞ්ඛස්ස පභාසකරස්ස, මානච්ඡිදස්ස වීරස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
Sinhala BJT(3) ශංසය රහිත වූ නිපුණ වූ සත්‍වයන් විනයනය කරනු වූ උත්තම සාරථි වූ අනුත්තර වූ පවිත්‍රධර්‍ම ඇති නිශ්ශඞ්ක වූ ඕභාසකර වූ සිඳින ලද මාන ඇති වීර වූ ඒ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
Pali BJT4. නිසභස්ස අප්පමෙය්යස්ස ගම්භීරස්ස මොනපත්තස්ස, ඛෙමඞ්කරස්ස දෙවස්ස ධම්මට්ඨස්ස සංවුතත්තස්ස, සඞ්ගාතිගස්ස මුත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
Sinhala BJT(4) අප්‍රතිසමාර්‍ත්‍ථයෙන් නිසභ වූ අප්‍රමේය වූ ගම්භීර වූ මෝන සඞ්ඛ්‍යාත ඥානයට පැමිණි ක්‍ෂේමකර වූ වේද සඞ්ඛ්‍යාත ඥානයෙන් සමන්‍වාගත වූ ධර්‍මයෙහි පිහිටා සිටි සංවෘත වූ සිත් ඇති ක්ලේශසඞ්ගයන් ඉක්මැ සිටි වීර වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
Pali BJT5. නාගස්ස පන්තසෙනස්ස ඛීණසංයොජනස්ස මුත්තස්ස, පටිමන්තකස්ස ධොනස්ස පන්නද්ධජස්ස වීතරාගස්ස, දන්තස්ස නිප්පපඤ්චස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
Sinhala BJT(5) සියුකරුණෙන් නාග වූ ප්‍රාන්තශයනාසන ඇති ක්‍ෂීණ වූ සංයෝජන ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥායෙන් සමන්‍වාගත වූ ධොන සඞ්ඛ්‍යාත ඥානයෙන් සමන්‍වාගත වූ පතිත මානධ්වජ ඇති වීතරාග වූ නිර්විශෙවන වූ ක්ලේශ ප්‍රපඤ්ච රහිත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
Pali BJT6. ඉසිසත්තමස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්රහ්මපත්තස්ස, නහාතකස්ස{2} පදකස්ස පස්සද්ධස්ස විදිතවෙදස්ස,පුරින්දදස්ස සක්කස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
Sinhala BJT(6) සප්තමර්ෂී වූ කුහන නො වූ ත්‍රිවිද්‍යා ඇති ශ්‍රේෂ්ඨස්ථානයට පැමැණි දෙවූ කෙලෙස් ඇති ගාථාපද කරණයෙහි කුශල වූ සන්හුන් කායචිත්ත ඇති විදිත වූ ඥාන ඇති හැමට පළමු කොට ධර්‍මදාන දායක වූ ශක්‍ය වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
Pali BJT7. අරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වෙය්යාකරණස්ස, සතීමතො විපස්සිස්ස අනභිනතස්ස නො අපනතස්ස, අනෙජස්ස වසිප්පත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
Sinhala BJT(7) ආර්‍ය්‍ය වූ වැඩූ සිත් ඇති පැමැණියයුතු ගුණයට පැමිණි විස්තර කොට අර්‍ත්‍ථ දක්වන ස්මෘතිමත් වූ විදර්‍ශක වූ අර්‍හත් වූ අදුෂ්ට වූ තෘෂ්ණා රහිත වූ වශීප්‍රාප්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
Pali BJT8. සම්මග්ගතස්ස ඣායිස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස, අසිතස්ස අප්පහීනස්ස{4} පවිවිත්තස්ස අග්ගපත්තස්ස, තිණ්ණස්ස තාරයන්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
Sinhala BJT(8) සම්‍යග්ගත වූ ධ්‍යායී වූ කෙලෙසුන් විසින් අනුගත නො වූ සිත් ඇති ශුද්ධ වූ අබද්ධ වූ අප්‍රහීන වූ ප්‍රවිවේක ඇති අග්‍රප්‍රාප්ත වූ තරණය කළ චතුරෝඝ ඇති අනුන් තරණය කරවන ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
Pali BJT9. සන්තස්ස භූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස වීතලොභස්ස, තථාගතස්ස සුගතස්ස අප්පටිපුග්ගලස්ස අසමස්ස; විසාරදස්ස නිපුණස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.
Sinhala BJT(9) ශාන්ත වූ, පොළොව සෙයින් පතළ ප්‍රඥා ඇති මහාප්‍රඥායෙන් යුක්ත වූ පහ කළ ලෝභ ඇති තථාගත වූ අප්‍රතිපුද්ගල වූ අසම වූ විශාරද වූ නිපුණ වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
Pali BJT10. තණ්හච්ඡිදස්ස බුද්ධස්ස වීතධූමස්ස අනුපලිත්තස්ස, ආහුණෙය්යස්ස යක්ඛස්ස උත්තමපුග්ගලස්ස අතුලස්ස, මහතො යසග්ගපත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මී”ති.
Sinhala BJT(10) බිඳලූ තෘෂ්ණා ඇති චතුස්සත්‍යාවබෝධ කළ පහ කළ කෙලෙස්දුම් ඇති කෙලෙසුන් විසින් උපලිප්ත නො වූ ආහුති පිළිගන්නට නිසි (අනුභාව වශයෙන්) යක්‍ෂ වූ උත්තම පුද්ගල වූ අතුල වූ මහත් වූ අගපත් යශස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
Pali BJTකදා සඤ්ඤූළ්හා පන තෙ ගහපති ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණාති. සෙය්යථාපි භන්තෙ නානාපුප්ඵානං මහාපුප්ඵරාසි, තමෙනං දක්ඛො මාලාකාරො වා මාලාකාරන්තෙවාසී වා විචිත්තං මාලං ගන්ථෙය්ය. එවමෙව ඛො භන්තෙ සො භගවා අනෙකවණ්ණො අනෙකසතවණ්ණො කො හි භන්තෙ වණ්ණාරහස්ස වණ්ණං න කරිස්සතීති.
Sinhala BJTගැහැවිය, මහණ ගොයුම්හුගේ මේ ගුණයෝ තොප විසින් කවර කලෙක එක්රැස් කරනලද්දාහු ද? වහන්ස, යම් පරිදි නානා පුෂ්පයන් පිළිබඳ පුෂ්පරාශියෙක් ඇද්ද තෙල මල්රැස දක්‍ෂ මාලාකාරයෙක් වේවයි මල්කරු අතැවැසියෙක් වේවයි විසිතුරු මල්දමක් ගොතන්නේ වේ ද, වහන්ස, එපරිදි භාග්‍යවතුන් වහන්සේ අනේකවර්‍ණයහ, අනේකශත වර්‍ණයහ. වහන්ස, කවරෙක් නම් වර්‍ණාභියාගේ ගුණවැනුම් නො කරන්නේ වේ ද?
Pali BJTඅථ ඛො නිගණ්ඨස්ස භගවතො සක්කාරං අසහමානස්ස තත්ථෙව උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ජීති.{1}
Sinhala BJTඑසඳ බුදුනට සත්කාර නො සහන නුවටනතපුත්හට එ අසුන්හි දී මැ හුණුලේ මුවින් නැඟිණි.
Pali BJTඋපාලිසුත්තං ඡට්ඨං.
Sinhala BJTසවැනි උපාලිසූත්‍ර යි.
Pali BJT2. 1. 7.
Sinhala BJT2. 1. 7.
Pali BJTකුක්කුරවතිය{*} සුත්තං
Sinhala BJTකුක්කුරවතිය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා කොලියෙසු විහරති හලිද්දවසනං නාම කොලියානං නිගමො. අථ ඛො පුණ්ණො ච කොලියපුත්තො ගොවතිකො, අචෙලො ච සෙනියො කුක්කුරවතිකො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා පුණ්ණො කොලියපුත්තො ගොවතිකො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. අචෙලො පන සෙනියො කුක්කුරවතිකො භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා කුක්කුරොව පළිකුජ්ජිත්වා{1} එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පුණ්ණො කොලියපුත්තො ගොවතිකො භගවන්තං එතදවොච; අයං භන්තෙ අචෙලො සෙනියො කුක්කුරවතිකො දුක්කරකාරකො, ඡමානික්ඛිත්තං{2} භුඤ්ජති. තස්ස තං කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නං, තස්ස කා ගති, කො අභිසම්පරායොති. අලං පුණ්ණ, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡීති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො පුණ්ණො කොලියපුත්තො ගොවතිකො භගවන්තං එතදවොච; අයං භන්තෙ අචෙලො සෙනියො කුක්කුරවතිකො දුක්කරකාරකො, ඡමානික්ඛිත්තං{2} භුඤ්ජති. තස්ස තං කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. තස්ස කා ගති, කො අභිසම්පරායොති. අද්ධා ඛො තෙ අහං පුණ්ණ න ලභාමි; අලං පුණ්ණ, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡීති. අපි ච ඛො ත්යාහං බ්යාකරිස්සාමි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි හලිද්දවසන නම් කෝලිය නියම්ගම්හි වැඩවසනසේක. එකල ගෝව්‍රත සමාදාන කළ කෝලිය පුත්‍ර පුණ්ණ හා ශුනකව්‍රත සමාදාන කළ සේනිය නම් නුවට හා දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ගෝව්‍රත ගත් කෝලියපුත් පුණ්ණ බුදුන් සකසා වැඳ එකත්පස් වැ හින. බලුතව ගත් සේනිය නුවට බුදුන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි කලතුරුහි සිහි කළයුතු කථා කොට නිමවා කුකුරකු සෙයින් හැකිළීගෙන එකත්පසෙක හින. එකත්පසෙක පසෙක හුන් ගෝවතික කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ. වහන්ස, බලුතව ගත් මේ සේනිය නුවට දුෂ්කරක්‍රියා කරන්නෙක. බිමලූවක් වළඳ කෙරෙයි. ඔහු විසින් ඒ බලුතව දීර්‍ඝරාත්‍රයෙහි පිරිපුන් කොට ගන්නාලදි. ඔහුගේ ගති කවර? පරලොව උපත් කවරෙ? යි. ‘පුණ්ණය, කම් නැත, තෙල පැන තිබියේවා. තෙල පැන මා නො පුළුවුස යි. දෙවන වට ද … තුන්වනවට ද ගෝවතික කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළ: ‘වහන්ස, බලුතව ගත් මේ සේනිය නුවට දුෂ්කරක්‍රියා කරන්නෙක, බිම ලූවක් වළඳ කෙරෙයි. ඔහු විසින් ඒ බලුතව දීර්‍ඝරාත්‍රියෙහි පිරිපුන් කොට සමාදන් කරන ලදි. ඔහු ගේ ගති කවර? පරලොව කවරෙ? යි. ‘පුණ්ණය, කම් නැත, තෙල තිබියේවා. තෙල පැන මා අතින් නො පුළුවුස’ යි, (කිව ද) පුණ්ණය, මම තොප බස් එකැතින් නො ලැබෙමි. වැළිත් තොපට මම ප්‍රකාශ කරමි.
Pali BJTඉධ පුණ්ණ, එකච්චො කුක්කුරවතං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරසීලං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරචිත්තං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරාකප්පං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං. සො කුක්කුරවතං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරසීලං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරචිත්තං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කුක්කුරාකප්පං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කායස්ස භෙදා පරම්මරණා කුක්කුරානං සහව්යතං උපපජ්ජති, සචෙ ඛො පනස්ස එවං දිට්ඨි හොති: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති. සාස්ස හොති මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨිකස්ස{3} ඛො අහං පුණ්ණ ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි: නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉති ඛො පුණ්ණ සම්පජ්ජමානං කුක්කුරවතං කුක්කුරානං සහව්යතං උපනෙති. විපජ්ජමානං{4} නිරයන්ති.
Sinhala BJTපුණ්ණය, මෙලොව එකෙක් බලුතව අනූන කොට නිරතුරු කොට වඩයි. බලුසිල් අනූන කොට නරතුරු කොට වඩයි. බලුසිත් අනූන කොට නරතුරු කොට වඩයි. බලු වෙස් අනූන කොට නරතුරු කොට වඩයි. හේ බලුතව අනූන කොට නරතුරු කොට වඩා බලුසිල් අනූන කොට නරතුරු කොට වඩා බලුසිත් අනූන කොට නරතුරු කොට වඩා ශුනකාකල්ප අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින්මතු ශුනකයන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් ඔහුට මෙවන් දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රම්සරින් හො දෙවි හෝ වෙම්වා අන්‍යතර දෙවියෙකිම් හෝ වෙම්වා’ යි. ඒ දෘෂ්ටිය ඔහුගේ මිසදිටු වෙයි. පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි. එනම්: ‘නිරෑ හෝ තිරිසන් යොන හෝ’ යි. පුණ්ණය, මෙසේ (දෘෂ්ටියෙන් අසම්මිශ්‍ර වැ) සැපයෙන බලුතව බල්ලන්ගේ සහභාවයට එළවයි. වරදවාගත් දිටු නිරෑ එළවතී වදාළෝ.
Pali BJTඑවං වුත්තෙ අචෙලො සෙනියො කුක්කුරවතිකො පරොදි, අස්සූනි පවත්තෙසි. අථ ඛො භගවා පුණ්ණං කොලියපුත්තං ගොවතිකං එතදවොච: එතං ඛො තෙ අහං පුණ්ණ නාලත්ථං: අලං පුණ්ණ, තිට්ඨතෙතං මා මං එතං පුච්ඡීති. නාහං භන්තෙ එතං රොදාමි, යං මං භගවා එවමාහ. අපි ච මෙ ඉදං භන්තෙ කුක්කුරවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. අයඤ්ච භන්තෙ පුණ්ණො කොලියපුත්තො ගොවතිකො තස්ස තං ගොවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. තස්ස කා ගති. කො අභිසම්පරායොති. අලං සෙනිය, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡීති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො අචෙලො සෙනියො කුක්කුරවතිකො භගවන්තං එතදවොච: අයං භන්තෙ පුණ්ණො කොලියපුත්තො ගොවතිකො. තස්ස තං ගොවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. තස්ස කා ගති, කො අභිසම්පරායොති. අද්ධා ඛො තෙ අහං සෙනිය න ලභාමි: අලං සෙනිය, තිට්ඨතෙතං. මා මං එතං පුච්ඡීති. අපි ච ඛො ත්යාහං බ්යාකරිස්සාමි.
Sinhala BJTමෙසේ වදාළ කල බලුතව ගත් සේනිය නුවට හැඬී. කඳුළු හෙළී. එසඳ භාග්‍යවතුන් වහන්සේ ගෝව්‍රත ගත් කෝලිය පුත් පුණ්නහට තෙල වදාළෝ: ‘පුණ්ණය, කම් නැත. තෙල පැන තිබියේවා, මා අතින් තෙල පැන නො පුළුවුස’ යි යන තෙල පුණ්ණය, මම නො ලත්මි. භාග්‍යවතුන් වහන්සේ යම් ව්‍යාකරණයක් මා ගෙන මෙසේ වදාළසේක් ද: වහන්ස, මම තෙල ව්‍යාකරණයට නො හඬමි. වහන්ස, වැළිත් මා විසින් මේ බලුතව අනූන කොට සමාදාන වශයෙන් ගන්නා ලදි. වහන්ස, ගෝව්‍රත සමාදාන කළ කෝලියපුතු මේ පුණ්ණ වේ ද ඔහු විසින් ඒ ගෝව්‍රතය දීර්‍ඝරාත්‍රියෙහි අනූන කොට සමාදාන වශයෙන් ගන්නා ලදි. ඔහු ගේ ගති කවර? පරලෝ කවරෙ? සේනිය කම් නැත, තෙල තිබියේවා. තෙල මා නො පුළුවුස’ යි. දෙවන වට ද … තුන්වන වට ද බලුතව ගත් සේනිය නුවට භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: ‘වහන්ස, කෝලියපුත් මේ පුණ්ණ ගෝව්‍රත ඇත්තෙක. ඔහු විසින් ඒ ගෝව්‍රතය දීර්‍ඝරාත්‍රියෙහි අනූන කොට මොනොවට ගන්නාලදි. ඔහුගේ ගති කවර? පරලෝ කවරෙ? යි. ‘සේනිය, කම් නැත, තෙල තිබියේවා. තෙල මා නො පුළුවුස’ (කිව ද) යනු සේනිය මම තොප බස් ඒකාන්තයෙන් නො ලබමි. වැළිත් මම තොපට ප්‍රකාශ කරමි.
Pali BJTඉධ සෙනිය, එකච්චො ගොවතං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගොසීලං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගොචිත්තං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගවාකප්පං භාවෙති පරිපුණ්ණං අබ්බොකිණ්ණං. සො ගොවතං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගොසීලං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගොචිත්තං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, ගවාකප්පං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොකිණ්ණං, කායස්ස භෙදා පරම්මරණා ගුන්නං සහව්යතං උපපජ්ජති. සචෙ ඛො පනස්ස එවං දිට්ඨි හොති: ඉමිනා’හං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති. සාස්ස හොති මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨිකස්ස{1} ඛො අහං සෙනිය ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි: නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉති ඛො සෙනිය සම්පජ්ජමානං ගොවතං ගුන්නං සහව්යතං උපනෙති විපජ්ජමානං{2} නිරයන්ති.
Sinhala BJTසේනිය, මෙලොව කිසිවෙක් ගෝව්‍රතය අනූන කොට නරතුරු කොට වඩයි. ගෝශීලය අනූන කොට නරතුරු කොට වඩයි. ගෝචිත්තය අනූන කොට නරතුරු කොට වඩයි. ගවාකල්පය අනූන කොට නරතුරු කොට වඩයි. හේ ගෝව්‍රතය අනූන කොට නරතුරු කොට වඩා ගෝශීලය අනූන කොට නරතුරු කොට වඩා ගෝචිත්තය අනූන කොට නරතුරු කොට වඩා ගවාකල්පය අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින් මතු ගෙරින්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් වනාහි ඕහට මෙබඳු දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ආචාරයෙන් හෝ ව්‍රත සමාදානයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යෙයන් හෝ දෙව් හෝ වෙමි, දෙවාන්‍යතර හෝ වෙමි’ යි. ඒ දෘෂ්ටි ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. සේනිය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට නිරයගතිය හෝ තිරිසන් යෝනිය හෝ දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි. සේනිය, මෙසේ සම්පජ්ජමාන ගෝව්‍රතය ගවයන්ගේ සහභාවයට එළවයි. විපද්‍යමාන ගෝව්‍රතය නිරයට එළවයි.
Pali BJTඑවං වුත්තෙ පුණ්ණො කොලියපුත්තො ගොවතිකො පරොදි. අස්සූනි පවත්තෙසි. අථ ඛො භගවා අචෙලං සෙනියං කුක්කුරවතිකං එතදවොච: එතං ඛො තෙ අහං සෙනිය, නාලත්ථං: අලං සෙනිය, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡීති. නාහං භන්තෙ එතං රොදාමි, යං මං භගවා එවමාහ. අපි ච මෙ ඉදං භන්තෙ ගොවතං දීඝරත්තං සමත්තං සමාදින්නං. එවං පසන්නො අහං භන්තෙ භගවති: පහොති භගවා තථා ධම්මං දෙසෙතුං යථා අහඤ්චෙවිමං ගොවතං පජහෙය්යං. අයඤ්ච අචෙලො සෙනියො කුක්කුරවතිකො තං කුක්කුරවතං පජහෙය්යාති. තෙන හි පුණ්ණ සුණාහි. සාධුකං මනසිකරොහි. භාසිස්සාමීති. එවං භන්තෙති ඛො පුණ්ණො කොලියපුත්තො ගොවතිකො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTමෙසේ වදාළ කල ගෝව්‍රත සමාදාන කළ කෝලියපුත් පුණ්ණ හැඬී. කඳුළු හෙළී, එසඳ බුදුහු බලුතව ගත් සේනිය අචේලකයාහට තෙල වදාළහ: ‘සේනිය, කම් නැත. තෙල තිබියේවා, තෙල කරුණ මා නො පුළුවුස්ව’ යි සේනිය, මම තෙල කරුණ තා අතින් නො ලත්මි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යම් කරුණක් මෙසේ වදාළ සේක් ද , මම තෙල ව්‍යාකරණයට නො හඬමි. වැළිත් වහන්ස, මේ ගෝව්‍රතය මා විසින් දීර්‍ඝරාත්‍රියෙහි මොනොවට ගන්නා ලදි, මොනොවට සමාදාන කරන ලදි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රසන්නයෙමි. යම් පරිදි මමත් මේ ගෝව්‍රතය හරනෙම් ද, කුකුරුවත ගත් මේ සේනිය අචෙළකත් ඒ කුකුරවත හරනේ වේ ද, එසේ දහම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ සමත්හ’ යි. පුණ්ණය, එ කරුණින් අසව, මනාකොට මෙනෙහි කරව, කියමි යි. ‘වහන්ස, එසේ යැ’ යි ගෝවත ගත් කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTචත්තාරිමානි පුණ්ණ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි, කතමානි චත්තාරි: අත්ථි පුණ්ණ කම්මං කණ්හං කණ්හවිපාකං, අත්ථි පුණ්ණ කම්මං සුක්කං සුක්කවිපාකං, අත්ථි පුණ්ණ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං, අත්ථි පුණ්ණ කම්මං අකණ්හං අසුක්කං අකණ්හාසුක්කවිපාකං, කම්මං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJT‘පුණ්ණය, මෙ සතර කර්‍ම කෙනෙක් මා විසින් තමා මැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රවිදිත වැ ඇත. කවර සතර කෙනෙක යත්: පුණ්ණය, කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක වූ කර්‍මයෙක් ඇත. පුණ්ණය, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත. පුණ්ණය, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති කර්‍මයෙක් ඇත. පුණ්ණය, අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණ අශුක්ල විපාක ඇති කර්‍මක්‍ෂයට වැටෙන කර්‍මයෙක් ද ඇති’ යි.
Pali BJTකතමඤ්ච පුණ්ණ, කම්මං කණ්හං කණ්හවිපාකං: ඉධ පුණ්ණ, එකච්චො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්යාපජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං සබ්යාපජ්ඣං ලොකං උපපන්නං සමානං සබ්යාපජ්ඣා ඵස්සා ඵුසන්ති. සො සබ්යාපජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්යාපජ්ඣං වෙදනං වෙදෙති එකන්තදුක්ඛං. සෙය්යථාපි සත්තා නෙරයිකා ඉති ඛො පුණ්ණ භූතා භූතස්ස උපපත්ති හොති, යං කරොති තෙන උපපජ්ජති. උපපන්නමෙනං ඵස්සා ඵුසන්ති. එවම්පහං{1} පුණ්ණ කම්මදායාදා සත්තාති වදාමි. ඉදං වුච්චති පුණ්ණ, කම්මං කණ්හං කණ්හවිපාකං.
Sinhala BJTපුණ්ණය, කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති කර්‍ම කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් සදුඃඛ වූ කායසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූ වාක් සංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූ මනඃසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. හෙ සදුඃඛ වූ කායසංස්කාර රැස් කොට සදුඃඛ වූ වාක් සංස්කාර රැස් කොට සදුඃඛ වූ මනඃසංස්කාර රැස් කොට සදුඃඛ ලෝකයට එළැඹෙයි. සදුඃඛ ලෝකයට එළැඹි තුලුහු සදුඃඛ විපාක ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත්. හෙ සදුඃඛ විපාක ස්පර්‍ශයෙන් පහස්නාලද්දේ ඒකාන්ත දුඃඛ වූ සදුඃඛ වේදනා විඳී. නිරෑ උපන් සත්ත්‍වයන් සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්‍ම හේතුයෙන් සත්ත්‍වයාගේ උපප්‍රාප්තිය වෙයි. යමක් කෙරේ ද එයින් පරලොව එළැඹෙයි. එළැඹි තුලුහු ස්පර්‍ශයෝ පැහැසැගනිති’යි. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මය දායාද කොට ඇතියහ’යි කියමි. පුණ්ණය, මෙය ‘කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක ඇති කර්‍මයැ’යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච පුණ්ණ, කම්මං සුක්කං සුක්කවිපාකං: ඉධ පුණ්ණ, එකච්චො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති. අබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති. අබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, අබ්යාපජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, අබ්යාපජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, අබ්යාපජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං අබ්යාපජ්ඣං ලොකං උපපන්නං සමානං අබ්යාපජ්ඣා ඵස්සා ඵුසන්ති. සො අබ්යාපජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො අබ්යාපජ්ඣං වෙදනං වෙදෙති එකන්තසුඛං. සෙය්යථාපි දෙවා සුභකිණ්ණා. ඉති ඛො පුණ්ණ, භූතා භූතස්ස උපපත්ති හොති. යං කරොති තෙන උපපජ්ජති. උපපන්නමෙනං ඵස්සා ඵුසන්ති. එවම්පහං{1} පුණ්ණ, කම්මදායාදා සත්තාති වදාමි. ඉදං වුච්චති පුණ්ණ, කම්මං සුක්කං සුක්කවිපාකං.
Sinhala BJTපුණ්ණය, ‘ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍ම ඇති කර්‍මය’ කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් නිදුක් වූ කායසංස්කාර රැස් කෙරෙයි, නිදුක් වූ වාක් සංස්කාර රැස් කෙරෙයි, නිදුක් වූ මනඃසංස්කාර රැස් කෙරෙයි. හේ නිදුක් වූ කායසංස්කාර රැස් කොට නිදුක් වූ වාක් සංස්කාර රැස් කොට නිදුක් වූ මනඃසංස්කාර රැස්කොට නිදුක් ලොවට එළැඹෙයි. නිදුක් ලොවට එළැඹියා වූ තුලුහු නිදුක් විපාක ඇති ස්පර්‍ශයෝ පැහැසැගනිත්. හේ නිදුක් විපාක ඇති පහසින් පහස්නා ලද්දේ මැ ඒකාන්ත සුඛ වූ නිදුක් වේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්‍ම හේතුයෙන් සත්ත්‍වයාගේ උප්පත්ති වෙයි. යමක් කෙරේ ද එ කර්‍ම හේතුයෙන් පරලොව එළැඹීම වෙයි. එළැඹුණු තුලුහු ස්පර්‍ශයෝ පැහැසැගනිත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මය දායාද කොට ඇතියහ’ යි කියමි. පුණ්ණය, මෙය ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍මයැ’ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච පුණ්ණ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං: ඉධ පුණ්ණ, එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිඞ්ඛරිත්වා, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපජ්ජති. තමෙනං සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපන්නං සමානං සබ්යාපජ්ඣාපි අබ්යාපජ්ඣාපි ඵස්සා ඵුසන්ති. සො සබ්යාපජ්ඣෙහිපි අබ්යාපජ්ඣෙහිපි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වෙදනං වෙදෙති වොකිණ්ණසුඛදුක්ඛං, සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. ඉති ඛො පුණ්ණ, භූතා භූතස්ස උපපත්ති හොති. යං කරොති තෙන උපපජ්ජති. උපපන්නමෙනං ඵස්සා ඵුසන්ති. එවම්පහං{1} පුණ්ණ, කම්මදායාදා සත්තාති වදාමි. ඉදං වුච්චති පුණ්ණ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
Sinhala BJTපුණ්ණය, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ලවිපාක ඇති කර්‍ම කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර රැස් කෙරෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර රැස් කෙරෙයි, සදුඃඛ වූත් අදුඃඛ වූත් මනඃසංස්කාර රැස් කෙරෙයි. හෙ සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර රැස් කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර රැස් කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් මනඃසංස්කාර රැස්කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් ලෝකයට එළැඹෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් ලෝකයට එළැඹියා වූ තුලුහු සදුඃඛ වූත් අදුඃඛ වූත් ස්පර්‍ශයෝ පැහැසැගනිත්. හෙ සදුඃඛ වූත් අදුඃඛ වූත් පහසින් පුස්නාලද්දේ මැ සුඛදුඃඛ මිශ්‍ර වූ සදුඃඛ වූත් අදුඃඛ වූත් වේදනා විඳී. මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියනුදු සෙයිනි. ඇතැම් විනිපාතිකයනුදු සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්‍ම හේතුයෙන් සත්ත්‍වයාගේ උපපත්ති වෙයි. යමක් කෙරේ ද ඒ කර්‍ම හේතුයෙන් උපපත්ති වෙයි. උපපන්න වූ තුලුහු පහස්හු පැහැසැගනිත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මය දායාද කොට ඇතියහ’ යි කියමි. පුණ්ණය, මෙය ‘කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති කර්‍ම යැ’ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච පුණ්ණ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හාසුක්කවිපාකං කම්මක්ඛයාය{2} සංවත්තති, තත්ර පුණ්ණ, යම්පිදං{3} කම්මං කණ්හං කණ්හවිපාකං තස්ස පහානාය යා චෙතනා, යම්පිදං{3} කම්මං සුක්කං සුක්කවිපාකං තස්ස පහානාය යා චෙතනා, යම්පිදං{3} කම්මං කණ්හසුක්කං
Sinhala BJTපුණ්ණය, කෘෂ්ණශුක්ල නො වූ අකෘෂ්ණශුක්ල විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස වැටෙන කර්‍ම කවරෙ යැ යත්: පුණ්ණය, එ ත්‍රිවිධ කර්‍මයන් කෙරෙහි කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති යම් කර්‍මයෙක් ඇද්ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්‍ගචේතනායෙක් වී නම්, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙක් ඇද්ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්‍ගචේතනායෙක් වී නම්, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති යම් කර්‍මයෙක්
Pali BJTකණ්හසුක්කවිපාකං තස්ස පහානාය යා චෙතනා, ඉදං වුච්චති පුණ්ණ, කම්මං අකණ්හං අසුක්කං අකණ්හාසුක්කවිපාකං, කම්මක්ඛයාය සංවත්තති. ඉමානි ඛො පුණ්ණ, චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
Sinhala BJTඇද්ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්‍ගචේතනායෙක් වී නම්, පුණ්ණය, මෙය ‘කෘෂ්ණශුක්ල නො වූ අකෘෂ්ණශුක්ලවිපාක ඇති කර්‍මක්‍ෂය පිණිස වැටෙන කර්‍ම යැ’යි කියනු ලැබේ. පුණ්ණය, මේ සතර කර්‍මයෝ තමා විසින් මැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට මා විසින් සුවිදිතයහ’යි වදාළෝ.
Pali BJTඑවං වුත්තෙ පුණ්ණො කොලියපුත්තො ගොවතිකො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ -පෙ- උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති. අචෙලො පන සෙනියො කුක්කුරවතිකො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ -පෙ- පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTමෙසේ වදාළ කලැ ගෝවත ගත් කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, ඉමැනැවි, වහන්ස, ඉමැනැවි. වහන්ස, යම්සේ … භාග්‍යවතුන් වහන්සේ අද පටන් ඉදිරියෙහි දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට මා ධරණ සේක්වා. බලුතව ගත් සේනිය අචේලක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: ‘වහන්ස, ඉතා මැනැවැ වහන්ස, ඉතා මැනැවැ, වහන්ස, යම් පරිදි … දෙසනලද ද. වහන්ස, තෙල මම භාග්‍යවතුන්වහන්සේ සරණ යෙමි. ධර්‍මය හා බික්සඟුනුදු සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලැබෙම්වා. උපසම්පත් ලැබෙම්ව’යි කී.
Pali BJTයො ඛො සෙනිය, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං. සො චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතාති. සචෙ භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්තා පබ්බජ්ජං, ආකඞ්ඛන්තා උපසම්පදං, චත්තාරො{1} මාසෙ පරිවසන්ති. චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි. චතුන්නං මං වස්සානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු, උපසම්පාදෙන්තු භික්ඛුභාවායාති. අලත්ථ ඛො අචෙලො සෙනියො කුක්කුරවතිකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා සෙනියො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා සෙනියො අරහතං අහොසීති.
Sinhala BJTසේනිය, අන්‍යතීර්‍ත්‍ථක වූ යමෙක් මෙ සස්නෙහි පැවිදි උපසම්පත් රුස්නේ නම් හෙ සාරමසක් මුළුල්ලෙහි පිරිවෙස් පුරයි. සාරමසක්හුගේ ඇවෑමෙන් තුටුසිත් ඇති භික්‍ෂූහු (ඔහු) භික්‍ෂුභාවයට පැවැදි උපසපන් කෙරෙති. එතෙකුදු වත් මෙහි ලා මා විසින් පුද්ගලනානාත්‍වය දන්නා ලදැ’යි. වහන්ස, ඉදින් අන්‍යතීර්‍ත්‍ථක වූවාහු මෙ සස්නෙහි පැවිදි උපසම්පත් කැමැති වැ සාරමසක් කල් පිරිවෙස් පුරත් ද, සාරමසක්හුගේ ඇවෑමෙන් සිත්ගත් භික්‍ෂූහු (ඔහු) භික්‍ෂුභාව පිණිස පැවිදි උපසපන් කෙරෙත් ද, මම සතර හවුරුද්දක් පිරිවෙස් පුරන්නෙමි. සතර හවුරුද්දක් ඇවෑමෙන් සිත්ගත් භික්‍ෂූහු (මා) භික්‍ෂුභාවය පිණිස පැවිදි උපසපන් කෙරෙත් වා’යි. කුක්කුරවතික සේනිය නුවට භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි ලද, උපසම්පත් ලදි. උපසම්පත් ලද නොබෝකල් ඇති ආයුෂ්මත් සේනිය එකලා වූයේ (වස්තු කාම ක්ලේශකාමයෙන් ) වෙන් වූයේ (කමටහන්හි සිහි එළවමින්) අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇති වැ (කායජීවිත නිරපේක්‍ෂ වැ) හරනලද ආත්මභාව ඇති වැ වාස කෙරෙමින් නොබෝකලෙකින් මැ යමක් සඳහා ආචාර කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සසුන් වදිත් ද, එ අනුත්තර වූ, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තෙමේ අභිඥායෙන් සාක්‍ෂාත් කොට උපයා වාස කෙළේ යි. ජාතිය ක්‍ෂය වූ, බඹසර වැස නිමවන ලදි, කරණී කරන ලද, මෙ අර්‍හත්ඵලය පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’යි දත්තේ ය. ආයුෂ්මත් සේනිය වැළිත් රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් වී.
Pali BJTකුක්කුරවතිය{2} සුත්තං සත්තමං.
Sinhala BJTසත්වැනි කුක්කුරවතිය සූත්‍ර යි.
Pali BJT2. 1. 8.
Sinhala BJT2. 1. 8.
Pali BJTඅභයරාජකුමාර සුත්තං
Sinhala BJTඅභයරාජ කුමාර සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං, එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො අභයො රාජකුමාරො යෙන නිගණ්ඨො නාතපුත්තො{1} තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අභයං රාජකුමාරං නිගණ්ඨො නාතපුත්තො{1} එතදවොච; එහි ත්වං රාජකුමාර, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙහි. එවං තෙ කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති{2} අභයෙන රාජකුමාරෙන සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වාදො ආරොපිතොති. යථා කථං පනා’හං භන්තෙ, සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වාදං ආරොපෙස්සාමීති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි (බිම්බිසාර මහරජහු පිත්) අභය රාජකුමාර නිගණ්ඨ නාතපුත්‍රයා කරා එළැඹ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අභය රාජකුමාරයාහට නිගණ්ඨ නාතපුත්‍ර තෙල කී: “එව රාජකුමාරය, තෙපි ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපණය කරව, අභය රජකුමරහු විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපණ කරන ලදැ’යි මෙසේ තොප ගේ කල්‍යාණ වූ යසගොස උස් ව නැඟේ” යයි. වහන්ස, මම මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්හට කිසෙයින් වාදාරෝපණය කෙරෙම් දැ’යි.
Pali BJTඑහි ත්වං රාජකුමාර, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා සමණං ගොතමං එවං වදෙහි: භාසෙය්ය නු ඛො භන්තෙ, තථාගතො තං වාචං යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. සචෙ තෙ සමණො ගොතමො එවං පුට්ඨො එවං බ්යාකරොති: භාසෙය්ය රාජකුමාර, තථාගතො තං වාචං යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: අථ කිඤ්චරහි තෙ භන්තෙ, පුථුජ්ජනෙන නානාකරණං, පුථුජ්ජනොපි හි තං වාචං භාසෙය්ය, යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. සචෙ පන තෙ සමණො ගොතමො එවං පුට්ඨො එවං බ්යාකරොති: න රාජකුමාර, තථාගතො තං වාචං භාසෙය්ය යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: අථ කිඤ්චරහි තෙ භන්තෙ, දෙවදත්තො බ්යාකතො: ආපායිකො දෙවදත්තො, නෙරයිකො දෙවදත්තො, කප්පට්ඨො දෙවදත්තො, අතෙකිච්ඡො දෙවදත්තොති. තාය ච පන තෙ වාචාය දෙවදත්තො කුපිතො අහොසි අනත්තමනොති. ඉමං ඛො තෙ රාජකුමාර, සමණො ගොතමො උභතොකොටිකං පඤ්හං පුට්ඨො සමානො නෙව සක්ඛිති උග්ගිලිතුං. නෙව සක්ඛිති ඔගිලිතුං{3}. සෙය්යථාපි නාම පුරිසස්ස අයොසිඞ්ඝාටකං{4} කණ්ඨෙ විලග්ගං, සො නෙව සක්කුණෙය්ය උග්ගිලිතුං, නෙව සක්කුණෙය්ය ඔගිලිතුං. එවමෙව ඛො තෙ රාජකුමාර, සමණො ගොතමො ඉමං උභතොකොටිකං පඤ්හං පුට්ඨො සමානො නෙව සක්ඛිති උග්ගිලිතුං, නෙව සක්ඛිති ඔගිලිතුන්ති.
Sinhala BJTඑව රාජකුමාරය, තෙපි ශ්‍රමණ ගෞතමයා කරා එළැඹ ශ්‍රමණ ගෞතමයන්හට මෙසේ කියව. “වහන්ස, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය කියන්නාහු දැ”යි , ඉදින් තොප විසින් ශ්‍රමණ ගෞතම මෙසේ පුළුවුස්නා ලදුයේ ‘රාජකුමාරය, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය කියන්නාහ’යි මෙසේ ප්‍රකාශ කෙරේ නම් තෙපි ඔහුට මෙසේ කියව, ‘වහන්ස, එකල්හි පුහුදුන් පුඟුල්හු හා තොප ගේ නානාකරණය කිමෙක් ද? පුහුදුන් පුඟුල් ද යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, ඒ වචනය කියන්නේ යැ’යි යළි ඉදින් ශ්‍රමණ ගෞතම තොප විසින් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද, රාජ කුමාරය, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ නම්, තථාගතයෝ ඒ වචනය නො කියන්නාහ’යි. තෙපි ඔහුට මෙසේ කියව: “වහන්ස, එකල්හි තොප විසින් ‘දෙව්දත් අපායෙහි උපදිනුයෙක, දෙව්දත් නිරයෙහි උපදිනුයෙක, දෙව්දත් කල්පයක් සිටිනුයෙක, දෙව්දත් (බුදුදහසුන් විසිනුදු) පිළියම් නො කළ හෙනුයෙකැයි කුමක් හෙයින් දේවදත්ත පවසනලදුයේ ද? තවද තොප ගේ ඒ බසින් දෙව්දත් කිපියේ නො සතුටු වූයේවී” යයි. රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්නය පුළුවුස්නා ලදුයේ වමාරනට හෝ ගළනට හෝ නො මැ හැකි වෙයි. පුරුෂයකුගේ කණ්ඨයෙහි ලැගුණු යසඟළුවෙක් යම් පරිදි වේ ද හේ එය වමාරන්නට හෝ ගළනට හෝ නො මැ හැකි වන්නේ යැ. එපරිදි රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ වමාරන්නට නො මැ හැකි වෙයි. ගළනට නො මැ හැකි වෙයි.
Pali BJTඑවං භන්තෙති ඛො අභයො රාජකුමාරො නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නස්ස ඛො අභයස්ස රාජකුමාරස්ස සුරියං ඔලොකෙත්වා{5} එතදහොසි. අකාලො ඛො අජ්ජ භගවතො වාදං ආරොපෙතුං, ස්වෙදානාහං සකෙ නිවෙසනෙ භගවතො වාදං ආරොපෙස්සාමීති භගවන්තං එතදවොච: අධිවාසෙතු මෙ භන්තෙ,
Sinhala BJTවහන්ස, එසේ යැ’යි අභයරාජකුමාර නුවට නතපුත්හට පිළිවදන් දී හුනස්නෙන් නැඟී නුවට නතපුත්හු සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් අභය රාජකුමාරහට හිරු බලා තෙල සිත් වී: අද භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණ පිණිස කල් නො වෙයි. දැන් මම සෙට සිය නිවෙසෙහි දී භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණ කෙරෙමි’යි. භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ, වහන්ස, භාග්‍යවතුන්
Pali BJTභගවා ස්වාතනාය අත්තචතුත්ථො භත්තන්ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො අභයො රාජකුමාරො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTවහන්සේ සෙට තමා සිවු වැනි වැ මාගේ බත ඉවසන සේක්වා’යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. එසඳ අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේගේ ඉවසුම් දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන අභයස්ස රාජකුමාරස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො අභයො රාජකුමාරො භගවන්තං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි, සම්පවාරෙසි. අථ ඛො අභයො රාජකුමාරො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අභයො රාජකුමාරො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එරැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙන අභයරාජකුමාරයාගේ නිවෙස්න කරා වැඩියහ. වැඩ, පැන්වූ අස්නෙහි හුන්හ. එසඳ අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතපාලී යැ. මොනොවට පවරාලී යැ. එසඳ අභයරාජකුමාර වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙතැ එක්තරා මිටිඅස් නක් ගෙන එකත්පසෙක හින. එකත්පසෙක හුන් අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ.
Pali BJT‘භාසෙය්ය නු ඛො භන්තෙ, තථාගතො තං වාචං යා සා වාචා පරෙසං අප්පියා අමනාපා’ති. න ඛො’ත්ථ{1} රාජකුමාර එකංසෙනාති. එත්ථ භන්තෙ, අනස්සුං නිගණ්ඨාති. කිම්පන ත්වං රාජකුමාර, එවං වදෙසි: ‘එත්ථ භන්තෙ, අනස්සුං නිගණ්ඨා’ති. ඉදාහං භන්තෙ, යෙන නිගණ්ඨො. නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නං ඛො මං භන්තෙ, නිගණ්ඨො නාතපුත්තො එතදවොච: එහි ත්වං රාජකුමාර, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙහි. එවං තෙ කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. “අභයෙන රාජකුමාරෙන සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වාදො ආරොපිතො”ති. එවං වුත්තෙ අහං භන්තෙ නිගණ්ඨං නාතපුත්තං එතදවොචං. යථා කථම්පනාහං භන්තෙ, සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වාදං ආරොපෙස්සාමීති. එහි ත්වං රාජකුමාර, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා සමණං ගොතමං එවං වදෙහි: ‘භාසෙය්ය නු ඛො භන්තෙ, තථාගතො තං වාචං, යා සා වාචා පරෙසං අප්පියා අමනාපා’ති. සචෙ තෙ සමණො ගොතමො එවං පුට්ඨො එවං බ්යාකරොති: භාසෙය්ය රාජකුමාර, තථාගතො තං වාචං, යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: අථ කිඤ්චරහි තෙ භන්තෙ, පුථුජ්ජනෙන නානාකරණං, පුථුජ්ජනොපි හි තං වාචං භාසෙය්ය, යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. සචෙ පන තෙ සමණො ගොතමො එවං පුට්ඨො එවං බ්යාකරොති: ‘න රාජකුමාර, තථාගතො තං වාචං භාසෙය්ය, යා සා වාචා පරෙසං අප්පියා අමනාපා’ති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: අථ කිඤ්චරහි තෙ භන්තෙ, දෙවදත්තො බ්යාකතො: ආපායිකො දෙවදත්තො, නෙරයිකො දෙවදත්තො, කප්පට්ඨො දෙවදත්තො, අතෙකිච්ඡො දෙවදත්තොති. තාය ච පන තෙ වාචාය දෙවදත්තො කුපිතො අහොසි අනත්තමනො’ති. ඉමං ඛො තෙ රාජකුමාර, සමණො ගොතමො උභතොකොටිකං පඤ්හං පුට්ඨො සමානො නෙව සක්ඛිති උග්ගිලිතුං. නෙව සක්ඛිති ඔගිලිතුං. සෙය්යථාපි නාම පුරිසස්ස අයොසිඞ්ඝාටකං කණ්ඨෙ විලග්ගං, සො නෙව සක්කුණෙය්ය උග්ගිලිතුං, නෙව සක්කුණෙය්ය ඔගිලිතුං, එවමෙව ඛො තෙ රාජකුමාර, සමණො ගොතමො ඉමං උභතොකොටිකං පඤ්හං පුට්ඨො සමානො නෙව සක්ඛිති උග්ගිලිතුං, නෙව සක්ඛිති ඔගිලිතුන්ති.
Sinhala BJTවහන්ස, තථාගතයන් වහන්සේ යම් බඳු වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ, නම් ඒ වචන වදාරනසේක් ද? රාජකුමාරය, මෙ කරුණෙහි ලා ඒකාන්තයෙන් විසඳුම් නැති. වහන්ස, මෙ කරුණෙහි ලා නුවටහු නටහ යි. රාජ කුමාරය, කවර හෙයෙකින් තෝ මෙසේ කියහි? ‘වහන්ස, නුවටහු මෙහි දී නටහ’යි. වහන්ස, මම නුවට නතපුත් කරා එළැඹියෙමි. එළැඹ නුවට නතපුත්හු සකසා වැඳ එකත්පසෙකැ හිනිමි. වහන්ස, එකත්පසෙකැ හුන් මට නුවට නතපුත් තෙල කී: රාජකුමාරය, තෝ එව. මහණ ගොයුම් හට වාදාරෝපණ කරව. එසේ කළ කල ‘අභයරාජකුමාරයා විසින් මෙ බඳු මහ ඉදුහ ඇති මෙ බඳු මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට වාදාරෝපණ කරන ලදැ’යි තාගේ කල්‍යාණ කීර්තිඝෝෂා උස් වැ නැඟී යයි. වහන්ස, මෙසේ කී කලැ මම නුවට නතපුත්හට තෙල කීමි: ‘වහන්ස, මම මෙ බඳු මහත් ඍද්ධි ඇති මෙ බඳු මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට කිසෙයින් නම් වාදාරෝපණ කෙරෙම් දැ?’යි රාජකුමාරය, තෝ එව. මහණ ගොයුම්හු කරා එළැඹෙව. එළැඹ මෙසේ කියව: ‘වහන්ස, තථාගතයන් වහන්සේ මෙරමාහට අප්‍රිය අමනාප වූ යම් වචනයෙක් වේ නම් ඒ වචන වදාරන දෑ දැ’යි. ඉදින් තා විසින් මහණ ගොයුම් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද: රාජකුමාරය, මෙරමාහට අප්‍රිය අමනාප වූ යම් වචනයෙක් වේ නම් ඒ වචන තථාගතයන් වහන්සේ වදාරන දෑ යයි. ප්‍රකාශ කෙරේ ද, තෝ එ මහණගොයුම්හට මෙසේ කියන්නෙහි: ‘වහන්ස, එසේ වී නම් පෘතග්ජනයා හා තොප වහන්සේගේ නානාත්‍ව කිම? යම් හෙයෙකින් පෘථග්ජන තෙමේත් යම් වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ නම්, ඒ වචන කියන්නේ ද’ එහෙයිනැයි. ඉදින් වැළිත් මහණ ගොයුම් තා විසින් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද: ‘රාජකුමාරය, යම් වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ නම් තථාගතයන් වහන්සේ ඒ වචන නො වදාරන දෑ යැ’යි. එ මහණ ගොයුම්හට තෝ මෙසේ කියනෙහි: “වහන්ස, එසේ වී නම් තොප වහන්සේ විසින් ‘දෙව්දත් අපායෙහි උපදිනුයෙක, දෙව්දත් නිරයෙහි උපදිනුයෙක, දෙව්දත් කල්පයක් සිටිනුයෙක, දෙව්දත් (දහසක් බුදුන් විසිනුදු) පිළියම් නො කළ හෙනුයෙකැ’යි කුමක් හෙයින් දේවදත්ත පවසන ලදුයේ ද? තවද තොප වහන්සේගේ ඒ බසින් දෙව්දත් කිපියේ නො සතුටු වූයේ වී” යයි. රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්නය පුළුවුස්නා ලදුයේ වමාරන්නට හෝ ගළනට හෝ නො වැ හැකි වෙයි. පුරුෂයකුගේ කණ්ඨයෙහි ලැගුණු අයොසිඞ‍්ඝාටකයෙක් (යසඟළුවෙක්) යම් පරිදි වේ ද හේ එය වමාරන්නට හෝ ගළනට නො මැ හැකි වන්නේ යැ. එපරිදි රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ වමාරන්නට නො මැ හැකි වෙයි, ගළනට නො මැ හැකි වේ” යයි.
Pali BJTතෙන ඛො පන සමයෙන දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො අභයස්ස රාජකුමාරස්ස අඞ්කෙ නිසින්නො හොති. අථ ඛො භගවා අභයං රාජකුමාරං එතදවොච: තං කිං මඤ්ඤසි රාජකුමාර, ස්චා’යං කුමාරො තුය්හං වා පමාදමන්වාය ධාතියා වා පමාදමන්වාය කට්ඨං වා කඨලං වා මුඛෙ ආහරෙය්ය, කින්ති නං කරෙය්යාසීති. ආහරෙය්යස්සාහං භන්තෙ. සචෙ අහං භන්තෙ න සක්කුණෙය්යං ආදිකෙනෙව ආහත්තුං වාමෙන හත්ථෙන සීසං පග්ගහෙත්වා{1} දක්ඛිණෙන හත්ථෙන වඞ්කඞ්ගුලිං කරිත්වා සලොහිතම්පි ආහරෙය්යං. තං කිස්ස හෙතු: අත්ථි මෙ භන්තෙ, කුමාරෙ අනුකම්පාති. එවමෙව ඛො රාජකුමාර, යං තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං, සා ච පරෙසං අප්පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති. යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං. සා ච පරෙසං අප්පියා අමනාපා, තම්පි තථාගතො වාචං න භාසති. යඤ්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්සා වාචාය වෙය්යාකරණාය. යං තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, න තං තථාගතො වාචං භාසති. යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං. සා ච පරෙසං පියා මනාපා, තම්පි තථාගතො වාචං න භාසති. යඤ්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං. සා ච පරෙසං පියා මනාපා, තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්සා වාචාය වෙය්යාකරණාය. තං කිස්ස හෙතු: අත්ථි රාජකුමාර, තථාගතස්ස සත්තෙසු අනුකම්පා”ති.
Sinhala BJTඑසමයෙහි උඩුහුරු වැ හෝනා ළදරු කුමරෙක් අභය රාජකුමාරයාගේ ඇකයෙහි හුන්නේ වෙයි. එසඳ බුදුහු අභය රාජකුමාරහට තෙල වදාළහ: “රාජකුමාරයෙනි, ඒ කිමැයි හඟනාව. ඉදින් මෙ කුමර තොපගේ හෝ ප්‍රමාදය නිසා කිරිමවගේ හෝ ප්‍රමාදය නිසා කාෂ්ටයක් හෝ කැබිලිත්තක් හෝ මුවෙහි තබන්නේ නම් ඕහට කුමක් කරන්නෙහි දැ? යි. වහන්ස, ඔහුගේ එය බැහැර ලන්නෙමි. ඉදින් වහන්ස, මම පළමු පියොවින් මැ බැහැර ලන්නට නො හැකි වීම් නම් වමතින් හිස දැඩි කොට ගෙන දකුණතින් ඇඟිලි වක් කොටගෙන ලෙහෙ සහිත වැ ද බැහැර ලන්නෙමි. ඒ කවර හෙයින යත්: වහන්ස, මට කුමරු කෙරෙහි අනුකම්පයෙක් ඇත. එහෙයිනැ’යි. එසෙයින් මැ රාජකුමාරයෙනි, තථාගතයෝ යම් වචනයක් ‘අභූත’ යැ ‘අතථ්‍ය,’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය නො කියති. තථාගතයෝ යම් වචනයකුත් ‘භූත,’ යැ ‘තථ්‍ය,’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය ද නො කියති. තථාගතයෝ වැළිත් යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අර්‍ත්‍ථ සංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද එහිලා තථාගතයෝ ඒ වදන් විවරණ කරන්නට කල්දන්නාහු වෙති. තථාගතයෝ යම් වචනයක් ‘අභූත’ යැ ‘අතථ්‍ය’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද තථාගතයෝ ඒ වචනය නො වදාරති. තථාගතයෝ යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද, තථාගතයෝ ඒ වචනය ද නො කියති. තවද තථාගතයෝ යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද එහි ලා තථාගතයෝ ඒ වචනය විවරණකරන්නට කල් දන්නාහු වෙති. ඒ කවර හෙයින යත්: රාජකුමාරය, තථාගතයනට සත්ත්‍වයන් කෙරෙහි අනුකම්පා ඇති හෙයිනි.
Pali BJTයෙමෙ භන්තෙ, ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි පඤ්හං අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති. පුබ්බෙව නු ඛො එතං භන්තෙ භගවතො චෙතසො පරිවිතක්කිතං හොති: ‘යෙ මං උපසඞ්කමිත්වා එවං පුච්ඡිස්සන්ති. තෙසාහං එවං පුට්ඨො එවං බ්යාකරිස්සාමී’ති උදාහු ඨානසො එතං තථාගතං පටිභාතීති. තෙන හි රාජකුමාර, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය. තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි රාජකුමාර: කුසලො ත්වං රථස්ස අඞ්ගපච්චඞ්ගානන්ති. එවං භන්තෙ, කුසලො අහං රථස්ස අඞ්ගපච්චඞ්ගානන්ති. තං කිම්මඤ්ඤසි රාජකුමාර: යෙ තං උපසඞ්කමිත්වා එවං පුච්ඡෙය්යුං: කිං නාමිදං රථස්ස අඞ්ගපච්චඞ්ගන්ති, පුබ්බෙ නු ඛො තෙ එතං චෙතසො පරිවිතක්කිතං අස්ස: යෙ මං උපසඞ්කමිත්වා එවං පුච්ඡිස්සන්ති තෙසාහං එවං පුට්ඨො එවං බ්යාකරිස්සාමීති. උදාහු ඨානසොවෙතං තං පටිභාසෙය්යාති. අහං හි භන්තෙ, රථිකො සඤ්ඤතො කුසලො රථස්ස අඞ්ගපච්චඞ්ගානං, සබ්බානි මෙ රථස්ස අඞ්ගපච්චඞ්ගානි සුවිදිතානි. ඨානසොවෙතං මං පටිභාසෙය්යාති.
Sinhala BJTවහන්ස, යම් ක්‍ෂත්‍රිය පණ්ඩිත කෙනෙක් ද බ්‍රාහ්මණ පණ්ඩිත කෙනෙක් ද ගෘහපති පණ්ඩිත කෙනෙක් ද ශ්‍රමණ පණ්ඩිත කෙනෙක් ද ප්‍රශ්න ගොතාගෙන තථාගතයන් කරා එළඹ පුළුවුස්නාහු ද, වහන්ස, යම් කෙනෙක් මා කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් ඔවුනට මම මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ විසඳන්නෙමි’යි භාග්‍යවතුන් විසින් පෙර මැ තෙල කරුණ සිතින් සලකන ලද්දේ වේ ද නොහොත් තැනට උපන් නුවණින් තෙල තථාගතයනට වටහා දැ? යි: රාජකුමාරය, එසේ වී නම් මෙහි ලා තොප මැ පුළුවුස්මි. තොපට යම්සේ හැඟේ නම් ඒ පරිද්දෙන් එය පවසව. රාජකුමාරය, එ කිමැ’යි හඟනාව. තෙපි රථයාගේ අවයවයන් පිළිබඳ වැ නිපුණ වූවහු නො? යි. එසේ යැ වහන්ස, මම් රථයාගේ අවයව පිළිබඳ වැ නිපුණයෙමි යි. රාජකුමාරය, එ කිමැ’යි හඟනාව. යම් කෙනෙක් තොප කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් මේ රථයාගේ කිනම් අවයවයෙක් දැ? යි. යම් කෙනෙක් මා කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් ඔවුනට මම් මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ පවසන්නෙමි’යි තොප විසින් තෙල පෙර මැ සිතින් විමසන ලද වන්නේ ද, නොහොත් තෙල තැනට උපන් නුවණින් මැ එය තොපට වැටහෙන්නේ දැ? යි. වහන්ස, මම් වනාහි ‘රථිකයෙකැ’ යි ප්‍රකටයෙමි. රථයාගේ අංගප්‍රත්‍යංග පිළිබඳ වැ නිපුණයෙමි. මා විසින් රථයාගේ සියලු අවයව මොනොවට දන්නා ලද. තැනට උපන් නුවණින් මැ තෙල මට වැටහෙන්නේ යයි.
Pali BJTඑවමෙව ඛො රාජකුමාර, යෙ තෙ ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි පඤ්හං අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති. ඨානසොවෙතං තථාගතං පටිභාති. තං කිස්ස හෙතු: සාහි රාජකුමාර, තථාගතස්ස ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා ඨානසොවෙතං තථාගතං පටිභාතීති.
Sinhala BJTරාජකුමාරය, එසෙයින් මැ යම් ක්‍ෂිත්‍රිය පණ්ඩිතයෝ ද බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද ගෘහපති පණ්ඩිතයෝ ද ශ්‍රමණ පණ්ඩිතයෝ ද ප්‍රශ්න ගොතාගෙන තථාගතයන් කරා එළඹ පුළුවුස්නාහු නම් තෙල ස්ථානෝත්පත්තිඥානයෙන් මැ තථාගතයනට වටහයි. එ කවර හෙයින යත්: රාජකුමාරය, යම් ධර්‍ම ධාතුවක් මොනොවට ප්‍රතිවේධ කළ හෙයින් තෙල එක් ස්ථානෝත්පත්තිඥානයෙන් මැ තථාගතයනට වටහා ද තථාගතයන් විසින් ඒ ධර්‍මස්වභාවය මොනොවට ප්‍රතිවේධ කරන ලදැ යි.
Pali BJTඑවං වුත්තෙ අභයො රාජකුමාරො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අභය රාජකුමාර භාග්‍යවතුන් වහන්සේ ට තෙල කී: ‘වහන්ස, ඉතා මැනැවැ ! ‘වහන්ස, ඉතා මැනැවැ ... අද පටන් කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට මා ධරනසේක් ව’ යි.
Pali BJTඅභයරාජකුමාරසුත්තං අට්ඨමං.
Sinhala BJTඅට වැනි අභයරාජකුමාර සූත්‍රය යි.
Pali BJT2. 1. 9.
Sinhala BJT2. 1. 9.
Pali BJTබහුවෙදනිය{1} සුත්තං
Sinhala BJTබහුවේදනීය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො පඤ්චකඞ්ගො ථපති යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටු ආයුෂ්මත් (පණ්ඩිත) උදායි තෙරුන් කරා එළැඹ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග ආයුෂ්මත් උදායි තෙරුන්ට තෙල සැලකළේ:
Pali BJT‘කති නු ඛො භන්තෙ උදායි, වෙදනා වුත්තා භගවතා’ති. තිස්සො ඛො ථපති.{2} වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො ථපති, තිස්සො වෙදනා වුත්තා භගවතාති. න ඛො භන්තෙ උදායි, තිස්සො වෙදනා වුත්තා භගවතා, ද්වෙ වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා. යායං භන්තෙ, අදුක්ඛමසුඛා වෙදනා, සන්තස්මිං එසා පණීතෙ සුඛෙ වුත්තා භගවතාති.
Sinhala BJTආයුෂ්මත් උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් වේදනා වදාරනලද්දාහු දැ’යි. ථපතිය, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරන ලද්දාහ: සුඛවේදනා යැ, දුඃඛවේදනා යැ, අදුක්ඛමසුඛවෙදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනා වදාරන ලදැ යි. වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරනලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලද. සුඛවේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛවේදනාවක් ඇද්ද, තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛයෙහි ලා වදාරන ලද්දී යැ.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා උදායී පඤ්චකඞ්ගං ථපතිං එතදවොච: න ඛො ථපති{2} ද්වෙ වෙදනා වුත්තා භගවතා, තිස්සො වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො ථපති, තිස්සො වෙදනා වුත්තා භගවතාති. දුතියම්පි ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච: න ඛො භන්තෙ උදායි, තිස්සො වෙදනා වුත්තා භගවතා, ද්වෙ වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා. යායං භන්තෙ, අදුක්ඛමසුඛා වෙදනා, සන්තස්මිං එසා පණීතෙ සුඛෙ වුත්තා භගවතාති.
Sinhala BJTදෙවනවට ද ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ්චකඞ්ග ථපතිහට තෙල කීහ: ථපතිය, භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් නො වදාරන ලද, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරන ලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යැ, අදුක්ඛමසුඛවෙදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනාවෝ වදාරනලදහ යි. දෙවනවට ද පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට තෙල කී: ‘වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරනලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛ වේදනාවක් ඇද්ද, තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛයෙහි ලා වදාරන ලද්දී යි.
Pali BJTතතියම්පි ඛො ආයස්මා උදායී පඤ්චකඞ්ගං ථපතිං එතදවොච: න ඛො ථපති, ද්වෙ වෙදනා වුත්තා භගවතා, තිස්සො වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා, ඉමා ඛො ථපති, තිස්සො වෙදනා වුත්තා භගවතාති. තතියම්පි ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච: න ඛො භන්තෙ උදායි, තිස්සො වෙදනා වුත්තා භගවතා, ද්වෙ වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා. යායං භන්තෙ, අදුක්ඛමසුඛා වෙදනා, සන්තස්මිං එසා පණීතෙ සුඛෙ වුත්තා භගවතාති. නෙව ඛො අසක්ඛි ආයස්මා උදායී පඤ්චකඞ්ගං ථපතිං සඤ්ඤාපෙතුං. න පනාසක්ඛි පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං සඤ්ඤාපෙතුං.
Sinhala BJTතෙවනවට ද ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ‍්චකංග ථපතිහට තෙල කීහ: ථපතිය, භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් නො වදාරන ලදයැ, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරනලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යැ, අදුක්ඛමසුඛ වේදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනාවෝ වදාරන ලදහ යි. තෙවනවට ද පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට තෙල කී: වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරන ලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලදහ: සුඛ වේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛවේදනාවක් ඇද්ද තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛවේදනායෙහි ලා වදාරන ලද්දී යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ‍්චකංග ථපතිහට හඟවාලන්නට නො හැකි වූහ. යළි පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට හඟවාලන්නට නොහැකි වී.
Pali BJTඅස්සොසි ඛො ආයස්මා ආනන්දො ආයස්මතො උදායිස්ස පඤ්චකඞ්ගෙන ථපතිනා සද්ධිං ඉමං කථා සල්ලාපං. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො අහොසි. ආයස්මතො උදායිස්ස පඤ්චකඞ්ගෙන ථපතිනා සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි. එවං වුත්තෙ භගවා ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJTආයුෂ්මත් අනඳ තෙරණුවෝ පඤ‍්චකංග ථපති සමග ආයුෂ්මත් උදායි තෙරුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පඤ‍්චකංග ථපති සමග ආයුෂ්මත් උදායි තෙරුන්ගේ යම් පමණ කථාසල්ලාපයෙක් වීද ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. මෙසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල වදාළහ.
Pali BJTසන්තංයෙව ඛො ආනන්ද, පරියායං පඤ්චකඞ්ගො ථපති උදායිස්ස නාබ්භනුමොදි. සන්තං යෙව ච පන පරියායං උදායී පඤ්චකඞ්ගස්ස ථපතිස්ස නාබ්භනුමොදි. ද්වෙපානන්ද, වෙදනා වුත්තා මයා පරියායෙන, තිස්සොපි වෙදනා වුත්තා මයා පරියායෙන, පඤ්චපි වෙදනා වුත්තා මයා පරියායෙන, ඡපි වෙදනා වුත්තා මයා පරියායෙන, අට්ඨාරසපි වෙදනා වුත්තා මයා පරියායෙන, ඡත්තිංසාපි වෙදනා වුත්තා මයා පරියායෙන, අට්ඨසතම්පි වෙදනා වුත්තා මයා පරියායෙන. එවං පරියාය දෙසිතො ඛො ආනන්ද, මයා ධම්මො. එවං පරියායදෙසිතෙ ඛො ආනන්ද, මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං න සමනුජානිස්සන්ති, න සමනුමඤ්ඤිස්සන්ති, න සමනුමොදිස්සන්ති, තෙසමෙතං පාටිකඞ්ඛං: භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරිස්සන්ති. එවං පරියාය දෙසිතො ඛො ආනන්ද, මයා ධම්මො. එවං පරියාය දෙසිතෙ ඛො ආනන්ද, මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමනුජානිස්සන්ති, සමනුමඤ්ඤිස්සන්ති, සමනුමොදිස්සන්ති, තෙසමෙතං පාටිකඞ්ඛං: සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරිස්සන්තීති.
Sinhala BJTආනන්‍දය, පඤ‍්චකංග ථපති උදායි මහණහුගේ විද්‍යමාන වූ මැ පර්‍ය්‍යායදේශනාව සතුටින් නො පිළිගත්තේ යැ. උදායි මහණ පඤ‍්චකංග ථපතිහුගේ විද්‍යමාන වූ මැ පර්‍ය්‍යායදේශනාව සතුටින් නො පිළිගති. ආනන්‍දය, මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ දෙදෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ තුන් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ පස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ සදෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ අටළොස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ සතිස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ එක්සිය අට දෙනෙක් ද දෙසන ලදහ. ආනන්‍දය, මෙසේ මා විසින් ධර්‍මය පර්‍ය්‍යාය දේශිත වෙයි. ආනන්‍දය, මා විසින් ධර්‍මය මෙසේ පර්‍ය්‍යාය දේශිත කල්හි යම් කෙනෙක් උනුන්ගේ සුභාෂිතය මනා වචනය නොඅනුදනිත් ද, මොනොවට නො හඟිත් ද අනුමෙවෙනි නො කෙරෙත් ද ඔවුනට තෙල කැමැති වියැයුතු ‘හටගත් භණ්ඩන ඇති වැ හටගත් කලහ ඇති වැ හටගත් විවාද ඇති වැ උනුන් මුවසැතින් විදුනාහු වාස කෙරෙතී’ කියා යි. ආනන්‍දය, මා විසින් මෙසේ ධර්‍මය මෙසේ පර්‍ය්‍යායදේශිත වෙයි. ආනන්‍දය, මා විසින් ධර්‍මය මෙසේ පර්‍ය්‍යායදේශිත කල්හි යම් කෙනෙක් උනුන්ගේ සුභාෂිතය උනුන්ගේ මනා වචනය මොනොවට අනුදනිත් ද, මොනොවට හඟිත් ද මොනොවට අනුමෙවෙනි කෙරෙත් ද ඔවුනට තෙල කැමැති වියැයුතු: ‘සමඟ වැ සම්මොදමාන වැ විවාද රහිත වැ ක්‍ෂීරෝදක වැනි වැ උනුන් ප්‍රිය ඇසින් මොනොවට බලන්නාහු වාස කෙරෙතී’ කියා යි.
Pali BJTපඤ්ච ඛො ඉමෙ ආනන්ද, කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො ආනන්ද, පඤ්ච කාමගුණා. යං ඛො ආනන්ද, ඉමෙ පඤ්චකාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං ඉදං වුච්චති කාමසුඛං.
Sinhala BJTආනන්‍දය, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවියයුතු වූ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ ... ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥේය ... වූ රසයෝ යැ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවියයුතු වූ කායවිඥේය ස්පර්‍ශයෝ යි. ආනන්‍දය, මේ පඤ්චකාමගුණයෝ යි. ආනන්‍දය, මේ පස්කම්ගුණ පිණිස යම් සුඛයෙක් සෞමනස්‍යයෙක් උපදනේ වේ ද මේ ‘කාමසුඛ’ යැ යි කියනු ලැබේ.
Pali BJTයො ඛො ආනන්ද එවං වදෙය්ය: එතපරමං සත්තා සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තීති. ඉදමස්ස නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධානන්ද භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍දය, යමෙක් ‘සත්ත්‍වයෝ තෙල පරම කොට සිටුනා සුඛ සෞමනස්‍යය විඳිති’යි මෙසේ බෙණේ ද ඔහුගේ මේ වචනය නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛයෙක් ඇත. ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන් වැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරේ. ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද ඒ අන්‍ය සුඛය නම් මේ යැ.
Pali BJTයො ඛො ආනන්ද, එවං වදෙය්ය: එතපරමං සත්තා සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තීති, ඉදමස්ස නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධානන්ද භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, ඉදං ඛො ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ‘සත්ත්‍වයෝ තෙල පරම කොට සිටුනා සුඛ සෞමනස්‍යය විඳිති’යි. ඔහුගේ මෙ බස නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛයෙක් ඇත. ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති සිත පිළිබඳ එකඟ බව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ද්විතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ වනාහි තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
Pali BJTයො ඛො ආනන්ද, -පෙ- පණීතතරඤ්ච: ඉධානන්ද, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකොච විහරති සතොච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛ විහාරීති. තං{1} තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ ප්‍රීති විරාගයෙනුදු උපේක්‍ෂක වැ ද සිහි ඇති වැ ද සම්ප්‍රඥාන ඇති වැ ද වාස කෙරෙයි. නාම කයින් සුඛය ද විඳි. ආර්‍ය්‍යයෝ යම් ඒ සුඛයක් ගෙන ‘උපේක්‍ෂක යැ ස්මෘතිමත් යැ සුඛ විහරණ ඇතියෙකැ’ යි කියත් ද ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වේ.
Pali BJTයො ඛො ආනන්ද, -පෙ- පණීතතරඤ්ච: ඉධානන්ද, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ප්‍රහාණයෙනුදු දුඃඛයාගේ ප්‍රහාණයෙනුදු කැල මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ‍්ගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත සිහි පිරිසුදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
Pali BJTයො ඛො ආනන්ද, -පෙ- පණීතතරඤ්ච: ඉධානන්ද, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා, පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා, නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥා සමතික්‍රම හේතුවින් ප්‍රතිඝසංඥා අස්තඞ‍්ගම හේතුවින් නානාත්‍වසංඥා අමනසිකාර හේතුවින් ‘ආකාශය අනන්තය යැ’ යි ආකාසානඤ්‍චායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
Pali BJTයො ඛො ආනන්ද, -පෙ- පණීතතරඤ්ච: ඉධානන්ද, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්‍චායතනය සමතික්‍රමණය කොට ‘විඥානය අනන්තය යැ’ යි විඤ්ඤාණඤ්‍චායතනය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
Pali BJTයො ඛො ආනන්ද, -පෙ- පණීතතරඤ්ච: ඉධානන්ද, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්‍චායතනය සමතික්‍රමණය කොට ‘කිසිත් නැති’ යි ආකිඤ්‍චඤ්ඤායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
Pali BJTයො ඛො ආනන්ද, -පෙ- පණීතතරඤ්ච: ඉධානන්ද, භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ ආකිඤ්‍චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤා නාසඤ්ඤායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් සුඛය වෙයි.
Pali BJTයො ඛො ආනන්ද, එවං වදෙය්ය: එතපරමං සත්තා සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තීති, ඉදමස්ස නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධානන්ද, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ‘සත්ත්‍වයෝ තෙල නේවසඤ්ඤානාසඤ්ඤායතනය සුඛ පරම කොට සුඛසෞමනස්‍ය විඳිති’යි ඔහුගේ මෙ බස නො අනුදන්මි. ඒකවර හෙයින? ආනන්‍දය, තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛයෙක් ඇත. ආනන්‍දය, තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රමණය කොට සඤ්ඤාවේදයිත නිරෝධය උපයා වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය වනාහි තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
Pali BJTඨානං ඛො පනෙතං ආනන්ද, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: සඤ්ඤාවෙදයිතනිරොධං සමණො ගොතමො ආහ. තඤ්ච සුඛස්මිං පඤ්ඤාපෙති. තයිදං කිංසු, තයිදං කථංසූති. එවං වාදිනො ආනන්ද, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: න ඛො ආවුසො, භගවා සුඛංයෙව වෙදනං සන්ධාය සුඛස්මිං පඤ්ඤාපෙති. අපි චාවුසො යත්ථ යත්ථ සුඛං උපලබ්භති. යහිං යහිං තං තං තථාගතො සුඛස්මිං පඤ්ඤාපෙතීති.
Sinhala BJTආනන්‍දය, තෙල කරුණෙක් ඇත. යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ මෙසේ බෙණෙත් ද: ‘මහණ ගොයුම් සඤ්ඤාවේදයිත නිරෝධය කියයි. එ ද සුඛයෙහි ලා පනවයි. ඒ මේ කරුණ කිම වේ ද? ඒ මේ කරුණ කෙසේ වේ දැ? යි. ආනන්‍දය, මෙසේ බණන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියැයුතු වෙති: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සුඛවේදනාවන් සඳහා සුඛයෙහි ලා නො පනවත්. ඇවැත්නි, වැළිත් යම් යම් තැනෙක සුඛය ලැබේ ද යම් යම් තැනෙක ඒ ඒ සුඛය වේ ද ඒ ඒ සුඛය තථාගතයන් වහන්සේ නිදුක් සුඛයෙහි ලා පනවති.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTබහුවෙදනිය{1}සුත්තං නවමං.
Sinhala BJTනව වැනි බහුවෙදනිය සූත්‍රයැ යි.
Pali BJT2. 1. 10.
Sinhala BJT2. 1. 10.
Pali BJTඅපණ්ණක සුත්තං
Sinhala BJTඅපණ්ණක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන සාලා නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො සාලෙය්යකා බ්රාහ්මණගහපතිකා: සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛු සඞ්ඝෙන සද්ධිං සාලං{1} අනුප්පත්තො. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනවියෙහි (අතුරිත චාරිකාවෙන්) සැරිසරන සේක. මහත් බික්සඟුන් සමග කොසොල් දනවු වැසියන්ගේ සාලා නම් බමුණුගම කරා වැඩිසේක. සාලා ගම් වැසි බමුණු ගැහැවියෝ (මෙසේ) ඇසුහූ මැ යැ: භවත්නි සැහැකුලයෙන් පැවිදි වූ සැහැකුල පුත් මහණ ගොයුම්හු කොසොල් දනවියෙහි සැරිසරන සේක් මහත් බික් සඟුන් සමග සාලා බමුණුගමට පැමිණියහ. ඒ භගවත් මහණ ගොයුම්හුගේ මෙසේ කල්‍යාණ වූ කීර්තිශබ්දයෙක් උස් වැ නැඟිණ; (කෙසේ යැ:) මේ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථී දෑ යැ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ’යි. ඒ මහණ ගොයුම්හු දෙවියන් සියො මරුන් සියො බඹුන් සියො මෙලොව තදන්‍ය දෙවිමිනිසුන් සියො ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට දනිත්. ඔබ ආදි කල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවල පරිපූර්‍ණ වූ චතුස්සත්‍ය ධර්‍මය දෙසත්. පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති’යි කියායි. එබඳු රහතුන්ගේ දර්‍ශනය මැනැවැ’යි.
Pali BJTඅථ ඛො සාලෙය්යකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සාලෙය්යකෙ බ්රාහ්මණගහපතිකෙ භගවා එතදවොච: අත්ථි පන වො ගහපතයො කොචි මනාපො සත්ථා යස්මිං වො ආකාරවතී සද්ධා පටිලද්ධාති. නත්ථි ඛො නො භන්තෙ, කොචි මනාපො සත්ථා, යස්මිං නො ආකාරවතී සද්ධා පටිලද්ධාති. මනාපං වො ගහපතයො, සත්ථාරං අලභන්තෙහි අයං අපණ්ණකො ධම්මො සමාදාය වත්තිතබ්බො. අපණ්ණකො හි ගහපතයො ධම්මො සමත්තො සමාදින්නො, සො වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJTඑසඳ සාලා ගම්වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සම්මෝදනයට නිසි කාලාන්තරයෙහි සිහි කරනට නිසි කථාව කොට නිමවා එකත්පසෙකැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි නමා එකත්පසෙකැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි නම්ගොත් අස්වා එකත් පසෙක හුන්හ. කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත් පසෙකැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙකැ හුන් සාලා ගම්වැසි බමුණුගැහැවියනට තෙල වදාළසේක: ගැහැවියෙනි, යම් ශාස්තෘවක්හු කෙරෙහි තොප විසින් ආකාරවත්, (සහේතුක) ශ්‍රද්ධා ලබන ලද ද එබඳු මනාප වූ යම් මැ ශාස්තෘ කෙනෙක් ඇද්දැ’යි. වහන්ස, යම් ශාස්තෘවක්හු කෙරෙහි අප විසින් ආකාරවත් ශ්‍රද්ධා ලබන ලද ද එබඳු මනවඩන යම් මැ ශාස්තෘ කෙනෙක් අපට නැතැ’යි. ගැහැවියෙනි, මනවඩන ශාස්තෘ කෙනකුන් නො ලබන තොප විසින් මේ අපණ්ණක ධර්‍මය මොනොවට ගන්නා ලද්දේ මොනොවට සමාදන් කරන ලද්දේ වේ ද, හේ තොපට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වේ යයි.
Pali BJTකතමො ච ගහපතයො, අපණ්ණකො ධම්මො: සන්ති ගහපතයො, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං{2} කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. තෙසංයෙව ඛො ගහපතයො,
Sinhala BJTගැහැවියෙනි, අපණ්ණක දහම කවරේ යැ යත්: ගැහැවියෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත: ‘දුන් දැයෙහි විපාක නැත. යාග විපාක නැත. හෝමයෙහි විපාක නැත. සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොවෙක් නැත, පරලොවෙක් නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න එබඳු මහණ-බමුණු කෙනෙක් නැත කියා යි. ගැහැවියෙනි,
Pali BJTසමණබ්රාහ්මණානං එකෙ සමණබ්රාහ්මණා උජුවිපච්චනීකවාදා. තෙ එවමාහංසු: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. තං කිං මඤ්ඤථ ගහපතයො නනු’මෙ සමණබ්රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදාති. එවං භන්තෙ.
Sinhala BJTඒ මහණ-බමුණන් අතුරෙන් ඇතැම් මහණ-බමුණු කෙනෙක් ඍජු විරුද්ධවාද ඇත්තාහු ද ඔහු මෙසේ කියත්: දානවිපාක ඇත, යාග විපාක ඇත, හෝමවිපාක ඇත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙලෝ පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඕපපාතික සත්ත්‍වයෝ ඇත, මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න මහණ-බමුණෝ ඇත’ කියායි. ගහවියෙනි, ඒ කෙසේ හඟනාව? මේ මහණ-බමුණෝ උනුනට ඍජු විරුද්ධවාද ඇත්තාහු නො? වහන්ස එසේ යැ.
Pali BJTතත්ර ගහපතයො, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. තෙසමෙතං පාටිකඞ්ඛං: යමිදං කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං, ඉමෙ තයො කුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා යමිදං කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං, ඉමෙ තයො අකුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු: න හි තෙ භොන්තො සමණබ්රාහ්මණා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සංකිලෙසං. කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන පරං ලොකං නත්ථි පරො ලොකොතිස්ස දිට්ඨි හොති, සාස්ස හොති මිච්ඡාදිට්ඨි, සන්තංයෙව ඛො පන පරං ලොකං නත්ථි පරො ලොකොති සඞ්කප්පෙති, ස්වාස්ස හොති මිච්ඡාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන පරං ලොකං නත්ථි පරො ලොකොති වාචං භාසති, සාස්ස හොති මිච්ඡාවාචා. සන්තංයෙව ඛො පන පරං ලොකං නත්ථි පරො ලොකොති ආහ. යෙ තෙ අරහන්තො පරලොකවිදුනො තෙසමයං පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන පරං ලොකං නත්ථි පරො ලොකොති පරං සඤ්ඤාපෙති{1}. සාස්ස හොති අසද්ධම්මසඤ්ඤත්ති තාය ච පන අසද්ධම්මසඤ්ඤත්තියා අත්තානුක්කංසෙති. පරං වම්භෙති. ඉති පුබ්බෙව ඛො පනස්ස සුසීල්යං පහීනං හොති, දුස්සීල්යං පච්චුපට්ඨිතං, අයඤ්ච මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා අරියානං පච්චනීකතා අසද්ධම්මසඤ්ඤත්ති අත්තුක්කංසනා පරවම්භනා. එවංසිමෙ{2} අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති මිච්ඡාදිට්ඨිපච්චයා.
Sinhala BJTගැහැවියෙනි, එහිලා මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ-බමුණු කෙනෙක් ඇද්ද (කෙබඳු වාද යැ යත්:) දානවිපාක නැත, යාග විපාක නැත, හෝම විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, මෙලොව හා පරලොව තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ-බමුණෝ නැත යන වාද යි. උනට තෙල කැමැති වියයුතු යි: යම් මේ කාය සුචරිතයෙක්, වාක් සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද මෙ තුන් කුසල් දහම් හැරපියා යම් මේ කාය දුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනඃදුශ්චරිතයෙක් ඇද්ද මෙ තුන් අකුසල් දහම් සමාදාන වශයෙන් ගෙන පවත්නාහ, යනු යි. ඒ කවර හෙයින යත්: ඒ භවත් මහණබමුණෝ අකුශලධර්‍මයන්ගේ ආදීනව ලමු බව කෙලෙසීම නො දක්නාහ කුශලධර්‍මයන්ගේ ද අකුශලයෙන් නික්මීමෙහි අනුසස් ද එහි ව්‍යවදාන පක්‍ෂය ද නො දක්නාහ. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි ඔහුට දෘෂ්ටියෙක් වෙයි. ඒ දෘෂ්ටිය ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ මිථ්‍යා සංකල්පයෙක. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි බෙණෙයි. ඒ ඔහුගේ මිථ්‍යාවාචා යැ. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි කියා ද (එහෙයින්) පරලොව දන්නා යම් රහත් කෙනෙක් ඇද්ද උනට මෙ තෙම විරුද්ධවාද කෙරෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි මෙරමා හඟවා ද, එහෙයින් ඒ මොහුගේ අභූතධර්‍මසංඥාප්ති වෙයි. ඒ අභූත ධර්‍මසංඥාපනයෙන් තමා ඔසවයි, මෙරමා හෙලා දකී. මෙසේ කැලැ මැ ඔහුගේ සුශීලභාවය ප්‍රහීණ වෙයි, දුශ්ශීලභාවය තුළම සිටියේ වෙයි. මෙ මිථ්‍යාදෘෂ්ටි ද මිථ්‍යාසංකල්ප මිථ්‍යාවාචා ආර්‍ය්‍යයනට ප්‍රත්‍යනීක හා අභූතධර්‍ම සංඥාපන ආත්මොත්කර්‍ෂණ පරවම්භන දැ යි මෙසේ මොහුට මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් මේ අනේක පාපක අකුශලධර්‍මයෝ පහළ වෙත්.
Pali BJTතත්ර ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: සචෙ ඛො නත්ථි පරො ලොකො එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා සොත්ථිමත්තානං කරිස්සති. සචෙ ඛො අත්ථි පරො ලොකො එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. කාමං ඛො පනමාහු: පරො ලොකො හොතු නෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං වචනං. අථ ච පනා’යං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො: දුස්සීලො පුරිසපුග්ගලො මිච්ඡාදිට්ඨි නත්ථිකවාදොති. සචෙ ඛො අත්ථෙව පරො ලොකො, එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කලිග්ගහො: යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. එවමස්සා’යං අපණ්ණකො ධම්මො දුස්සමත්තො සමාදින්නො, එකංසං ඵරිත්වා තිට්ඨති, රිඤ්චති කුසලං ඨානං.
Sinhala BJTගැහැවියෙනි, එහිලා විඥ පුරුෂ තෙමේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. ඉදින් පරලොව නැත් නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගල කායභේදයෙන් මතු තමා ස්වස්ති කෙරෙයි. ඉදින් පරලොව ඇත් නම් මෙසේ මේ පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි. පරලෝ වේවයි කීහු නම් ඒ භවත් මහණ බමුණන්ගේ වචන සබා වෙයි. වැළිත් මේ භවත් පුරුෂ පුද්ගල ඉහාත්මයෙහි මැ ගර්‍හණීය වෙයි. පුරුෂ පුද්ගල දුශ්ශීල යැ මිථ්‍යාදෘෂ්ටික යැ නාස්තිකවාද ඇතියෙක කියා යි. ඉදින් පරලෝ ඇත්තේ මැ නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලහට දෙලොව මැ පරාජයග්‍රාහ වෙයි: යම් හෙයෙකින් ඉහාත්මයෙහි මැ විඥයන් විසින් ගර්‍හණීය වේ ද, යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණේ ද එහෙයිනි. මෙසේ ඔහු විසින් මේ අපණ්ණක ධර්‍මය වරදවා ගන්නා ලද්දේ නපුරු කොට ගන්නා ලද්දේ සමාදින්න වූයේ එක් කොටසක් සිය වාදය බැසගෙන සිටී. කුසල් කරුණ හැරපිය යි.
Pali BJTතත්ර ගහපතයො, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: අත්ථි දින්නං අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. තෙසමෙතං පාටිකඞ්ඛං: යමිදං කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං ඉමෙ තයො අකුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා යමිදං කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං. ඉමෙ තයො කුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු: පස්සන්ති හි තෙ භොන්තො සමණබ්රාහ්මණා අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සංකිලෙසං කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘අත්ථි පරො ලොකො’ තිස්ස දිට්ඨි හොති. සාස්ස හොති සම්මාදිට්ඨි. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘අත්ථි පරො ලොකො’ති සඞ්කප්පෙති. ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘අත්ථි පරො ලොකො’ති වාචං භාසති, සාස්ස හොති සම්මාවාචා. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘අත්ථි පරො ලොකො’ති ආහ. යෙ තෙ අරහන්තො පරලොකවිදුනො තෙසමයං න පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන පරං ලොකං ‘අත්ථි පරො ලොකො’ති පරං සඤ්ඤාපෙති, සාස්ස හොති සද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන සද්ධම්මසඤ්ඤත්තියා නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. ඉති පුබ්බෙව ඛො පනස්ස දුස්සීල්යං පහීනං හොති, සුසීල්යං පච්චුපට්ඨිතං, අයඤ්ච සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා අරියානං අපච්චනීකතා සද්ධම්මසඤ්ඤත්ති. අනත්තුක්කංසනා අපරවම්භනා. එවංසිමෙ{1} අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති සම්මාදිට්ඨිපච්චයා.
Sinhala BJTගැහැවියෙනි, ඒ දෘෂ්ටි අතර යම් මැ මහණ-බමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු නම්: ‘දානයෙහි විපාක ඇත, යාගයෙහි විපාක ඇත. හෝම විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, මැරී උපදින සත්ත්‍වයෝ ඇත, මෙලෝ පරලෝ තමන් විසින් මොනොවට දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න මහණ-බමුණෝ ඇතැ’යි. ඔවුන් විසින් තෙලෙ කැමැති වියැයුතු: ‘යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද මේ තුන් අකුසල් දහම් හැරපියා යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද මේ තුන් කුසල් දහම් සමාදාන වශයෙන් ගෙන වැටෙති’ කියා යි. ඒ කවර හෙයින යත්: ඒ භවත් මහණ බමුණෝ අකුශලධර්‍මයන්ගේ ආදීනවය ලාමක භාවය සංක්ලේශය, කුශලධර්‍මයන්ගේ අකුශලයෙන් නික්මීමෙහි අනිසංසය ව්‍යවදානපක්‍ෂය දකිත් මැ යි, විද්‍යමාන වූ මැ පරලොව ගෙන පරලෝ ඇති’යි ඕහට දෘෂ්ටි වෙයි. ඒ දෘෂ්ටිය ඕහට සම්‍යග්දෘෂ්ටි වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලෝ ඇති’යි සංකල්පනා කෙරෙයි. ඒ ඕහට සම්‍යක් සංකල්පනා වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලෝ ඇති’යි බස් බෙණෙ ද ඒ බස ඕහට සම්‍යග් වාචා වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලෝ ඇති’යි කියා ද පරලොව දන්නා යම් රහත් කෙනෙක් ඇත් නම් ඔවුනට මෙ තෙම විරුද්ධවාද නො කෙරෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන මෙරමා හඟවා ද ඒ සංඥප්තිය ඕහට භූතධර්‍ම සංඥාපනා වෙයි. ඒ භූතධර්‍මසංඥාපනායෙන් තමා මැ හුවයි. මෙරමා නො හෙළයි. මෙසේ කැලැ මැ ඔහුගේ දුශ්ශීලභාවය ප්‍රහීණ වෙයි. සුශීලභාවය එළැඹ සිටියේ වෙයි. මේ සම්‍යග්දෘෂ්ටිය සම්‍යක් සංකල්පය සම්‍යග් වචනය ආර්‍ය්‍යයන්ගේ අප්ච්චනීකතා සංඛ්‍යාත භූතධර්‍ම සංඥප්ති වෙයි. ආත්මොත්කර්‍ෂණා නො වෙයි. පරවම්භනා නො වෙයි. මෙසේ ඕහට සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් මේ අනේක කුශල ධර්‍මයෝ පහළ වෙත්.
Pali BJTතත්ර ගහපතයො, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: සචෙ ඛො අත්ථි පරො ලොකො එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. කාමං ඛො පන මාහු පරො ලොකො, හොතු නෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං වචනං. අථ ච පනායං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො ‘සීලවා පුරිසපුග්ගලො සම්මාදිට්ඨි අත්ථිකවාදො’ති. සචෙ ඛො අත්ථෙව පරො ලොකො, එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කටග්ගහො: යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො සුසමත්තො සමාදින්නො උභයංසං ඵරිත්වා තිට්ඨති, රිඤ්චති අකුසලං ඨානං.
Sinhala BJTගැහැවියෙනි, ඒ ලබ්ධීන් අතුරෙහි ලා විඥ පුරුෂ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. ඉදින් පරලෝ ඇත් නම් මෙසේ මේ භවත් පුරුෂපුද්ගල කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළැඹෙයි, පරලොව වේවායි කියත් නම් ඒ භවත් මහණ බමුණන්ගේ වචන සබා වෙයි. තවද මේ භවත් පුරුෂ පුද්ගල විඥයන් විසින් පැසැසියයුතු වෙයි: සිල්වත් පුරුෂ පුද්ගලයෙක, සම්‍යග් දෘෂ්ටිකයෙක, ඉදින් පරලෝ ඇත්තේ මැ වේ නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයාහට දෙලොව මැ ජයග්‍රාහ වෙයි. යම් හෙයෙකින් මෙලොව මැ විඥයන් විසින් පැසැසියයුතු වේ ද, යම් හෙයෙකින් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ ද එහෙයිනි. මෙසේ ඔහු විසින් මේ අවිරුද්ධ ධර්‍මය මොනොවට ගන්නා ලද්දේ මොනොවට සමාදන් කෙළේ (සකවාද පරවාද සංඛ්‍යාත) උභයාන්ත බැසගෙන සිටුනේ යැ අකුශල ස්ථානය හරනේ යි.
Pali BJTසන්ති ගහපතයො, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: කරොතො{2} කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො{3} සොචයතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො{4} අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං
Sinhala BJTගැහැවියෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත: “(සියතින්) කරන්නාහට මෙරමා ලවා කරවන්නාහට මෙරමාගේ අත්පා ආදිය සිඳින්නාහට සිඳුවන්නාහට දඬින් පෙළන්නාහට පෙළවන්නාහට ශෝක කරන්නාහට ශෝක කරවන්නාහට ක්ලාන්ත කරන්නාහට ක්ලාන්ත කරවන්නාහට කම්පන කරන්නාහට කම්පන කරවන්නාහට ප්‍රාණවධ කරන්නාහට කරවන්නාහට අයිනාදන් කරන්නාහට ගෘහසන්‍ධි සිඳුනාහට මහාවිලෝප කරන්නාහට ඒකාගාරික (එක් ගෙයක් වොලොගන්නා) කම් කරන්නාහට කඩපලා සොරකම් කරන්නාහට වීරඹුසොරකම් කරන්නාහට මුසවා
Pali BJTගච්ඡතො මුසා භණතො. කරොතො න කරීයති පාපං, ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා{1} පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය. නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො. නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො, යජන්තො යාජෙන්තො.{2} නත්ථි තතො නිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සඤ්ඤමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමොති. තෙසංයෙව ඛො ගහපතයො, සමණබ්රාහ්මණානං එකෙ සමණබ්රාහ්මණා උජුවිපච්චනීකවාදා. තෙ එවමාහංසු: කරොතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො. කරොතො කරීයති පාපං, ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, අත්ථි තතො නිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො. අත්ථි තතො නිදානං පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන{3} නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමොති. තං කිම්මඤ්ඤථ ගහපතයො: නනුමෙ සමණබ්රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදාති. එවං භන්තෙ.
Sinhala BJTබණනුවහට පාපයෙක් නැත. ‘පව් කරමි’ යන සංඥා ඇති වැ කරන්නාහට ද පව් නො කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නමුදු එ හේතුවින් පාපයෙක් නැත. පාපයාගේ ඊමෙක් නැත. ඉදින් මරමින් මරවමින් අත්පාආදිය සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යේ නම් ඒ හේතුවින් පාපයෙක් නැත. පාපයාගේ ඊමෙක් නැත. ඉදින් දන් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් ගඞ්ගායෙහි උතුරු තෙරට යේ නම් ඒ හේතුවින් පුණ්‍යයෙක් නැත පුණ්‍යයාගේ ඊමෙක් නැත. දානයෙන් ඉන්‍ද්‍රියදමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පුණ්‍යයෙක් නැත. පුණ්‍යයාගේ ඊමෙක් නැත. ගැහැවියෙනි, ඒ මහණබමුණන් අතුරෙහි මැ ඇතැම් මහණ බමුණු කෙනෙක් ඍජුවිරුද්ධවාද ඇත්තාහ. ඔහු මෙසේ කීහ: කරන්නාහට කරවන්නාහට අත්පා ආදිය සිඳින්නාට සිඳුවන්නාට සිඳුවන්නාහට පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට ක්ලාන්ත කරවන්නාට කම්පන කරන්නාට කම්පන කරවන්නාට ප්‍රාණවධ කරන්නාට අයිනාදන් කරන්නාට ගෘහසන්‍ධි සිඳින්නාට මහාවිලෝප කරන්නාට ඒකාගාරිකකම් කරන්නාට කඬපලාසොරකම් සිටුනාහට වීරඹුසොරකම් කරන්නාට මුසවා කියන්නාට පව් ඇත. කරන්නාට පව් කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නම් එ හේතුවින් පව් ඇත. පාපයාගේ ඊමෙක් ඇත. ඉදින් ප්‍රාණීන් නසමින් නස්වමින් අත්පා ආදිය සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යේ නම් ඒ හේතුවින් පව් ඇත. පාපයාගේ ඊමෙක් ඇත. ඉදින් දන් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් ගඞ්ගායෙහි උතුරු තෙරට යේ නම් ඒ හේතුවින් පින් ඇත. පුණ්‍යාගම ඇත. දානයෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පින් ඇත. පුණ්‍යාගම ඇතැ’යි. ගැහැවියෙනි, ඒ කිමැ’යි හඟනාව? මෙ මහණබමුණෝ උනුනට ඍජු විරුද්ධවාද ඇත්තාහු නො? යි. එසේ යැ වහන්ස.
Pali BJTතත්ර ගහපතයො යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: කරොතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො. කරොතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො, දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො, උත්තරඤ්චෙ පි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය, දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො, නත්ථි තතො නිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමොති. තෙසමෙතං පාටිකඞ්ඛං: යමිදං කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං, ඉමෙ තයො කුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා යමිදං කායදුච්චරිතං, වචීදුච්චරිතං,
Sinhala BJTගැහැවියෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද: “කරන්නාට කරවන්නාට (අත්පා ආදිය) සිඳින්නාට සිඳුවන්නාට පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට කරවන්නාට ක්ලාන්ත කරන්නාට ක්ලාන්ත කරවන්නාහට කම්පන කරන්නාට කම්පන කරවන්නාහට ප්‍රාණවධ කරන්නාට කරවන්නාහට අයිනාදන් කරන්නාට කරවන්නාහට ගෘහසන්‍ධි සිඳින්නාට මහාවිලෝප කරන්නාට ඒකාගාරික කම් කරන්නාට කඬපලාසොරකම්හි සිටුනාහට පරඹුවන් කරා යන්නාට මුසවා බණන්නාට පව් නැත. කරන්නාට පව් නො කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නමුදු එ හේතුවින් පව් නැත. පාපගමයෙක් නැත. ඉදින් ප්‍රාණ වධ කරමින් කරවමින් අත්පා සිඳිමින් සිඳුවමින් (දඬින්) පෙළෙමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යන්නේ නමුදු ඒ හේතුවින් පව් නැත. පාපගම නැත. ඉදින් දන් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් එ ගඞ්ගායෙහි උතුරුතෙරට යන්නේ නමුදු ඒ හේතුවින් පින් නැත පුණ්‍යාගම නැත. දානයෙන් ඉන්‍ද්‍රියදමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පින් නැත. පුණ්‍යාගම නැතැ’යි. ඔවුන් විසින් තෙල කැමැති වියැයුතු: “යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද, මෙ තුන් කුශලධර්‍මයන් තබා යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝ
Pali BJTමනොදුච්චරිතං, ඉමෙ තයො අකුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු: න හි තෙ භොන්තො සමණබ්රාහ්මණා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං. කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන කිරියං ‘නත්ථි කිරියා’තිස්ස දිට්ඨි හොති. සාස්ස හොති මිච්ඡාදිට්ඨි. සන්තංයෙව ඛො පන කිරියං නත්ථි කිරියා’ති සඞ්කප්පෙති, ස්වාස්ස හොති මිච්ඡාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන කිරියං ‘නත්ථි කිරියා’ති වාචං භාසති, සාස්ස හොති මිච්ඡාවාචා. සන්තං යෙව ඛො පන කිරියං ‘නත්ථි කිරියා’ති ආහ, යෙ තෙ අරහන්තො කිරියවාදා තෙසමයං පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන කිරියං නත්ථි කිරියාති පරං සඤ්ඤාපෙති. සාස්ස හොති අසද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන අසද්ධම්මසඤ්ඤත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. ඉති පුබ්බෙ ඛො පනස්ස සුසීල්යං පහීනං හොති, දුස්සීල්යං පච්චුපට්ඨිතං. අයඤ්ච මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා අරියානං පච්චනීකතා අසද්ධම්මසඤ්ඤත්ති අත්තුක්කංසනා පරවම්භනා. එවංසිමෙ අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති මිච්ඡාදිට්ඨිපච්චයා.
Sinhala BJTදුශ්චරිතයෙක් ඇද්ද, මෙ තුන් අකුශලධර්‍මයන් සමාදාන වශයෙන් ගෙන වැටෙති’යි කියා යි. කවර හෙයින යත්: භවත් මහණබමුණෝ අකුශලධර්‍මයන්ගේ ආදීනවය ලමු බව කෙලෙසීම නො දක්නාහ. කුශල ධර්‍මයන්ගේ අනුසස්ද අකුශලයෙන් නිෂ්ක්‍රමණයෙහි අනුසස් ද ව්‍යවදාන පක්‍ෂය ද, නො දක්නාහ. එහෙයිනි. ඇත්තා වූ ම ක්‍රියාව ‘ක්‍රියා නැති’ යි ඔහුට දෘෂ්ටි වෙයි. ඔහුගේ එ දෘෂ්ටිය ඔහුට මිථ්‍යාදෘෂ්ටි වෙයි. ඇත්තා වූ මැ ක්‍රියා ‘ක්‍රියා නැති’යි සංකල්පනා කෙරෙයි. හේ ඔහුට මිථ්‍යාසංකල්ප වෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා නැති’යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුට මිථ්‍යාවාචා වෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා නැති’යි කියයි. යම් රහත් කෙනෙක් ක්‍රියාවාද ඇති වෙත් ද ඔවුනට මෙ තෙම විරුද්ධකම් කෙරෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා නැති’යි මෙරමා ලවා හඟවයි. හේ, මොහුගේ අසද්ධර්‍මසංඥප්ති වෙයි. එ අසද්ධර්‍මසංඥප්තියෙන් තමා හුවයි. මෙරමා හෙළයි. මෙසේ කැලැ මැ ඔහුගේ සුශීලභාවය ප්‍රහීණ වෙයි. දුශ්ශීලභාවය එළඹසිටියේ වෙයි. මේ මිථ්‍යාදෘෂ්ටිය ද මිථ්‍යාසංකල්පය ද මිථ්‍යාවාචා ද ආර්‍ය්‍යයනට ප්‍රත්‍යනීක බව ද අසද්ධර්‍මසංඥප්ති ය ද ආත්මොත්කර්‍ෂණය ද පරවම්භනාව දැ යි මේ අනේක පාපධර්‍මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් ඔහුට පහළ වෙති.
Pali BJTතත්ර ගහපතයො විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: සචෙ ඛො නත්ථි කිරියා. එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා සොත්ථිමත්තානං කරිස්සති. සචෙ ඛො අත්ථි කිරියා. එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. කාමං ඛො පන මාහු කිරියා හොතු නෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං වචනං, අථ ච පනායං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො, දුස්සීලො පුරිසපුග්ගලො මිච්ඡාදිට්ඨි අකිරියවාදොති. සචෙ ඛො අත්ථෙව කිරියා, එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කලිග්ගහො, යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො දුස්සමත්තො සමාදින්නො, එකංසං ඵරිත්වා තිට්ඨති, රිඤ්චති කුසලං ඨානං.
Sinhala BJTගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් ක්‍රියා නැත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු තමා ස්වස්ථ කෙරෙයි. ඉදින් ක්‍රියා ඇත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති නිරයට පැමිණෙයි. ක්‍රියාව නො වූයේ නමුදු එ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය හෝ වේවා වැළිත් මේ භවත් පුරුෂ පුද්ගල ඉහාත්මයෙහි මැ විඥයන් විසින් ගැරැහියැයුතු වෙයි. ‘පුරුෂ පුද්ගල දුශ්ශීල යැ මිථ්‍යාදෘෂ්ටික යැ අක්‍රියවාද ඇතියෙකැ’ යි කියා යි. ඉදින් ක්‍රියා ඇත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගලයාහට මෙලෝ පරලෝ දෙක්හි මැ පරාජයග්‍රාහය වෙයි. යම් හෙයෙකින් ඉහාත්මයෙහි මැ විඥයන් විසින් ගැරැහියැ යුතු වේ ද යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියේ ද, එහෙයිනි. මෙසේ මොහු විසින් මෙ අපණ්ණක ධර්‍මය වරදවා ගන්නා ලද්දේ සමාදාන වශයෙන් ගන්නා ලද්දේ එක් කොටසක් පැතිරැ ගෙන සිටී. කුශලය හැර පියයි.
Pali BJTතත්ර ගහපතයො යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: කරොතො කාරයතො, ඡින්දතො ඡෙදාපයතො, පචතො පාචයතො, සොචයතො සොචාපයතො, කිලමතො කිලමාපයතො, ඵන්දතො ඵන්දාපයතො, පාණමතිපාතයතො, අදින්නං ආදියතො, සන්ධිං ඡින්දතො, නිල්ලොපං හරතො, එකාගාරිකං කරොතො, පරිපන්ථෙ තිට්ඨතො, පරදාරං ගච්ඡතො, මුසා භණතො, කරොතො කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, අත්ථි තතො නිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො, ඡින්දන්තො ඡෙදාපෙන්තො, පචන්තො පාචෙන්තො, අත්ථි තතොනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො, යජන්තො යාජෙන්තො, අත්ථි තතො නිදානං පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන අත්ථි පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමොති. තෙසමෙතං
Sinhala BJTගැහැවියෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු ද, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද: “(ප්‍රාණඝාතදිය) කරන්නාට කරවන්නාට (අත්පා ආදිය) සිඳින්නාට සිඳුවන්නාට පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට ක්ලාන්ත කරවන්නාට කම්පන කරන්නාට කම්පන කරවන්නාට ප්‍රාණවධ කරන්නාට කරවන්නාට අයිනාදන් කරන්නාට කරවන්නාට ගෘහසන්‍ධි සිඳින්නාට සිඳුවන්නාට මහාවිලෝප කරන්නාට කරවන්නාට ඒකාගාරික කම් කරන්නාට කරවන්නාහට කඬපලාසොරකම්හි සිටුනාහට පරඹුවන් කරා යන්නාට මුසවා බණන්නාට පව් ඇත. කරන්නාට පව් කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස් රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නම් එ හේතුවින් පව් ඇත. පාපාගම ඇත. ඉදින් මරමින් මරවමින් (අත්පා ආදිය) සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යේ නම් ඒ හේතුවින් පව් ඇත. පාපාගම ඇත. ඉදින් (දන්) දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් ගඞ්ගායෙහි උතුරු තෙරට යේ නම් ඒ හේතුවින් පින් ඇත. පුණ්‍යාගම ඇත. දානයෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පින් ඇත. පුණ්‍යාගම ඇතැ” යි. ඔවුනට
Pali BJTපාටිකඞ්ඛං: යමිදං කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං, ඉමෙ තයො අකුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා යමිදං කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං, ඉමෙ තයො කුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු: පස්සන්ති හි තෙ භොන්තො සමණබ්රාහ්මණා අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං. කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන කිරියං ‘අත්ථි කිරියා’තිස්ස දිට්ඨි හොති. සාස්ස හොති සම්මාදිට්ඨි. සන්තංයෙව ඛො පන කිරියං ‘අත්ථි කිරියා’ති සඞ්කප්පෙති. ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන කිරියං ‘අත්ථි කිරියා’ති වාචං භාසති. සාස්ස හොති සම්මාවාචා. සන්තංයෙව ඛො පන කිරියං ‘අත්ථි කිරියා’ති ආහ. යෙ තෙ අරහන්තො කිරියවාදා තෙසමයං න පච්චනීකං කරොති. සන්තං යෙව ඛො පන කිරියං ‘අත්ථි කිරියා’ති පරං සඤ්ඤාපෙති. සාස්ස හොති සද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන සද්ධම්මසඤ්ඤත්තියා නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. ඉති පුබ්බෙව ඛො පනස්ස දුස්සීල්යං පහීනං හොති, සුසීල්යං පච්චුපට්ඨිතං. අයඤ්ච සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා අරියානං අපච්චනීකතා සද්ධම්මසඤ්ඤත්ති අනත්තුක්කංසනා අපරවම්භනා. එවංසිමෙ අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති සම්මාදිට්ඨිපච්චයා.
Sinhala BJTතෙල කැමැති වියැයුතු: යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද මෙ තුන් අකුශලධර්‍මයන් හැරපියා යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃ සුචරිතයෙක් ඇද්ද මෙ තුන් කුශලධර්‍මයන් සමාදන් වැ වැටෙති’යි කියා යි. එ කවර හෙයින යත්: එ භවත් මහණබමුණෝ අකුශලධර්‍මයන්ගේ ආදීනවය ලමුබව කෙලෙසීම දක්නාහ. කුශලධර්‍මයන්ගේ අනුසස් ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ව්‍යවදාන (විශුද්ධි) පක්‍ෂය ද දක්නාහ. එහෙයිනි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’යි ඔහුට දෘෂ්ටි වෙයි. එ ඔහුගේ සම්‍යග් දෘෂ්ටි වෙයි, ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’ යි සංකල්පනා කෙරෙයි. එ ඔහුගේ සම්‍යක්සංකල්ප වෙයි. ඇත්තා වූ මැ ‘ක්‍රියා ඇති’ යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුගේ සම්‍යග්වචන වෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’යි කියයි. යම් රහත් කෙනෙක් ක්‍රියාවා ද ඇති වෙත් ද ඔවුනට මෙ පුද්ගල විරුද්ධ කම් නො කෙරෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’ යි මෙරමා ලවා හඟවයි ඒ ඔහුගේ සද්ධර්‍මසංඥප්ති වෙයි. ඒ සද්ධර්‍මසංඥප්තියෙනුදු තමා නො හුවයි. මෙරමා නො හෙළයි. මෙසෙයින් කැලැ මැ ඔහුගේ දුසිල්බව ප්‍රහීණ වෙයි. සුසිල් බව එළඹසිටියේ වෙයි. මෙ සම්‍යග්දෘෂ්ටි ද සම්‍යක්සංකල්ප ද සම්‍යග්වචන ද ආර්‍ය්‍යයනට අවිරුද්ධභාවය ද සද්ධර්‍මසංඥප්ති ද ආත්මොත්කර්‍ෂණ රහිත බව ද පරවම්භනා රහිත බව දැ යි මෙසේ මේ අනේක කුශල ධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් ඔහුට පහළ වෙත්.
Pali BJTතත්ර ගහපතයො විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති. සචෙ ඛො අත්ථි කිරියා එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. කාමං ඛො පනමාහු කිරියා, හොතු නෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං වචනං. අථ ච පනා’යං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො සීලවා පුරිසපුග්ගලො සම්මාදිට්ඨි කිරියවාදොති. සචෙ ඛො අත්ථෙව කිරියා, එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කටග්ගහො, යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො සුසමත්තො සමාදින්නො උභයංසං ඵරිත්වා තිට්ඨති. රිඤ්චති අකුසලං ඨානං.
Sinhala BJTගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් ක්‍රියා ඇත් නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට උපපත්ති විසින් පැමිණෙන්නේ යැ. එකත්නෙන් ක්‍රියා නො වේවා. ඒ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය වේවා. එතෙකුදු වත් මෙ භවත් පුරුෂපුද්ගල මෙ අත්බැව්හි මැ සිල්වත් පුරුෂපුද්ගලයෙකැ සම්‍යග්දෘෂ්ටි ඇතියෙකැ ක්‍රියාවාද ඇතියෙකැ’ යි නුවණැතියන් ගේ පැසැසුමට නිසි වෙයි. ඉදින් ක්‍රියා ඇත්තේ මැ වී නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලහට දෙලොව්හි මැ ජයග්‍රාහ වෙයි: ‘මෙලෙව්හි මැ නුවණැතියන්ගේ පැසැසුමට නිසි වෙයි’ යන යමෙකුත් ඇද්ද, කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ යැ’ යන යමෙකුත් ඇද්ද ඒ දෙකයි. මෙසේ ඔහුගේ මෙ අපණ්ණකධර්‍මය ගන්නා ලද්දේ සමාදන් කරන ලද්දේ (සකවාද යැ පරවාද යැ යන) උභයාන්තය පැතිරැගෙන සිටියි. අකුශල කාරණ හැරපියයි.
Pali BJTසන්ති ගහපතයො එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය, අහෙතූ අප්පච්චයා සත්තා සඞ්කිලිස්සන්ති නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං නත්ථි විරියං නත්ථි පුරිසථාමො නත්ථි පුරිසපරක්කමො. සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවිරියා නියතිසංගතිභාවපරිණතා{1} ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තීති. තෙසං යෙව ඛො ගහපතයො, සමණබ්රාහ්මණානං එකෙ සමණබ්රාහ්මණා උජුවිපච්චනීකවාදා, තෙ එවමාහංසු: අත්ථි හෙතු අත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය, සහෙතූ සප්පච්චයා සත්තා සඞ්කිලිස්සන්ති. අත්ථි පච්චයො සත්තානං විසුද්ධියා. සහෙතූ සප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. අත්ථි බලං, අත්ථි විරියං, අත්ථි පුරිසථාමො, අත්ථි පුරිසපරක්කමො, න සබ්බෙ{2} සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවිරියා{3} නියතිසංගතිභාවපරිණතා ඡස්සෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තීති. තං කිං මඤ්ඤථ ගහපතයො: නනුමෙ සමණබ්රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා’ති. එවං භන්තෙ.
Sinhala BJTගැහැවියෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත: “සත්ත්‍වයන්ගේ සංක්ලේශයට (කෙලෙසීමට) හේතු නැත, ප්‍රත්‍ය නැත. අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතු නැත. ප්‍රත්‍ය නැත, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂථාමයෙක් නැත පුරුෂපරාක්‍රමයෙක් නැත, හැම සත්හු හැම (ඒකින්‍ද්‍රියාදි) ප්‍රාණීහු හැම (අන්ඩකෝෂ වස්තිකෝෂගත) භූතයෝ හැම ජීවයෝ අවස වූවාහු අබල වූවාහු වීර්‍ය්‍ය නැත්තාහු නියතියෙන් සඞ්ගතියෙන් ස්වභාවයෙන් පරිණාමයට පැමිණියාහු අභිජාති සයෙකැ මැ සිට සුවදුක් විඳුති” යි. ගැහැවියෙනි, එ මහණබමුණන් අතුරෙහි මැ ඇතැම් මහණබමුණෝ ඍජු විරුද්ධවාද ඇත්තාහ. ඔහු මෙසේ කීහු: “සත්ත්‍වයන්ගේ සංක්ලේශයට හේතු ඇත, ප්‍රත්‍යය ඇත. හේතු ප්‍රත්‍යය ඇති වැ සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතු ඇත, ප්‍රත්‍ය ඇත, හේතු ප්‍රත්‍ය ඇති වැ සත්ත්‍වයෝ විශුද්ධ වෙති. බල ඇත, වීර්‍ය්‍යය ඇත, පුරුෂ ස්ථාම ඇත, පුරුෂපරාක්‍රම ඇති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ අවස වූවාහු අබල වූවාහු වීර්‍ය්‍ය නැතියාහු නියතියෙන් සඞ්ගතියෙන් ස්වභාවයෙන් පරිණාමයට පැමිණියාහු අභිජාති සයෙකැ මැ සුවදුක් විඳුනාහු නො වෙති යි. ගැහැවියෙනි, ඒ කිමැයි හඟනාව: මෙ මහණ බමුණෝ උනුනට ඍජු විරුද්ධවාද ඇත්තාහු නො? යි. එසේ යැ වහන්ස.
Pali BJTතත්ර ගහපතයො යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: නත්ථි හෙතු නත්ථි පච්චයො -පෙ- සුඛදුක්ඛං පටිසංවෙදෙන්තීති. තෙසමෙතං පාටිකඞ්ඛං: යමිදං කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං, ඉමෙ තයො කුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා යමිදං කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං. ඉමෙ තයො අකුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු: න හි තෙ භොන්තො සමණබ්රාහ්මණා පස්සන්ති අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන හෙතු නත්ථි හෙතූ’තිස්ස දිට්ඨි හොති. සාස්ස හොති මිච්ඡාදිට්ඨි. සන්තංයෙව ඛො පන හෙතු නත්ථි හෙතූ’ති සඞ්කප්පෙති. ස්වාස්ස හොති මිච්ඡාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන හෙතු නත්ථි හෙතූ’ති වාචං භාසති. සාස්ස හොති මිච්ඡාවාචා. සන්තං යෙව ඛො පන හෙතු නත්ථි හෙතූ’ති ආහ. යෙ තෙ අරහන්තො හෙතුවාදා තෙසමයං පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන හෙතු නත්ථි හෙතූ’ති පරං සඤ්ඤාපෙති. සාස්ස හොති අසද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන අසද්ධම්මසඤ්ඤත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. ඉති පුබ්බෙ ව ඛො පනස්ස සුසීල්යං පහීනං හොති, දුස්සීල්යං පච්චුපට්ඨිතං. අයඤ්ච මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා අරියානං පච්චනීකතා අසද්ධම්මසඤ්ඤත්ති අත්තුක්කංසනා පරවම්භනා: එවංසිමෙ අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති මිච්ඡාදිට්ඨිපච්චයා.
Sinhala BJTගැහැවියෙනි, ඔවුනතුරෙහි යම් මහණ බමුණු කෙනෙක් මෙබඳු වාද, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද: “(සත්ත්‍වයන්ගේ කෙලෙසීමට) හේතු නැත, ප්‍රත්‍ය නැත ... සුවදුක් විඳුති” යි. ඔවුනට තෙල කැමැති වියැයුතු: ‘යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද මෙ තුන් කුශලධර්‍මයන් හැරපියා යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද මෙ තුන් අකුශලධර්‍මයන් සමාදන් වැ ගෙන වැටෙති’ යි. එ කවර හෙයින යත්: ඒ භවත් මහණබමුණෝ අකුශල ධර්‍මයන්ගේ ආදීනවය ලමුබව කෙලෙසීම කුශලධර්‍මයන් ගේ අනුසස් ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ව්‍යවදාන පක්‍ෂය ද නො දක්නාහ. ඇත්තා වූ මැ හේතුව ‘හේතු නැතැ’ යි ඔහුට දෘෂ්ටිවෙයි. ඒ ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හේතු නැතැ’ යි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ මිථ්‍යාසංකල්ප වෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හේතු නැතැ’ යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුගේ මිථ්‍යාවචන වෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හේතු නැතැ’ යි කියයි. යම් රහත් කෙනෙක් හේතුවාද ඇති වෙත් ද ඔවුනට මේ පුද්ගල විරුද්ධ කම් කෙරෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හේතු නැතැ’ යි මෙරමා හඟවයි. එ ඔහුගේ අසද්ධර්‍ම සංඥප්ති වෙයි. ඒ අසද්ධර්‍ම සංඥප්තියෙනුදු තමා හුවයි, මෙරමා හෙළයි. මෙසෙයින් කැලැ මැ ඔහුගේ සුශීලභාවය ප්‍රහීණ වූයේ වෙයි. දුශ්ශීලභාවය එළැඹැ සිටියේ වෙයි. මෙ මිථ්‍යාදෘෂ්ටි ද මිථ්‍යාසංකල්ප ද මිථ්‍යාවචන ද ආර්‍ය්‍යයනට විරුද්ධභාවය ද අසද්ධර්‍මසංඥප්ති ද ආත්මොත්කර්‍ෂණ ද පරවම්භන දැ යි මෙසේ මෙ නොයෙක් අකුශලධර්‍මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් ඔහුට පහළ වෙත්.
Pali BJTතත්ර ගහපතයො විඤ්ඤූපුරිසො ඉති පටිසඤ්චික්ඛති: සචෙ ඛො නත්ථි හෙතු: එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා සොත්ථිමත්තානං කරිස්සති, සචෙ ඛො අත්ථි හෙතු, එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. කාමං ඛො පන මාහු හෙතු. හොතු නෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං වචනං. අථ ච පනායං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො දුස්සීලො පුරිසපුග්ගලො මිච්ඡාදිට්ඨි අහෙතුවාදො’ති{1} සචෙ ඛො අත්ථෙව හෙතු. එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කලිග්ගහො: යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං ගාරය්හො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො දුස්සමත්තො සමාදින්නො එකංසං ඵරිත්වා තිට්ඨති. රිඤ්චති කුසලං ඨානං.{2}
Sinhala BJTගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් හේතු නැත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගල කායභේදයෙන් මතු තමා ස්වස්ථ කෙරෙයි. ඉදින් හේතු ඇත් නම් මෙසේ මෙ භවත් පුරුෂපුද්ගල කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණෙයි. වැළිත් එකත්නෙන් හේතු නො වේවා. එ භවත් මහණබමුණන්ගේ වචන සත්‍ය වේවා, එතෙකුදු වත් මේ භවත් පුරුෂපුද්ගල ඉහාත්මයෙහි මැ නුවණැතියන් විසින් ගර්‍හාකළයුතුබවට නිසි වෙයි: ‘දුශ්ශීල පුරුෂපුද්ගලයෙක, මිථ්‍යාදෘෂ්ටි ඇතියෙක අහේතුවාද ඇතියෙක’ කියා යි. ඉදින් හේතු ඇත්තේ මැ වී නම් මෙසේ මේ භවත් පුරුෂපුද්ගලයාහට දෙලොව්හි මැ පරාජයග්‍රාහ වෙයි. ‘ඉහාත්මයෙහි මැ නුවණැතියන්ගේ ගර්‍හාවට නිසි වෙයි’ යන යමෙකුත් ඇද්ද, ‘කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි’ යන යමෙකුත් ඇද්ද, එ දෙකයි. මෙසේ ඔහුගේ මෙ අපණ්ණකධර්‍මය වරදවා ගන්නා ලද්දේ සමාදන් කරනලද්දේ එක් දෙසක් පැතිරැගෙන් සිටියි. කුශල කාරණ හැරපියයි.
Pali BJTතත්ර ගහපතයො යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: අත්ථි හෙතු අත්ථි පච්චයො -පෙ- සුඛදුක්ඛං පටිසංවෙදෙන්තීති. තෙසමෙතං පාටිකඞ්ඛං: යමිදං කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං, ඉමෙ තයො අකුසලෙ ධම්මෙ අභිනිවජ්ජෙත්වා. යමිදං කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං, ඉමෙ තයො කුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති. තං කිස්ස හෙතු: පස්සන්ති හි තෙ භොන්තො සමණබ්රාහ්මණා අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං. සන්තංයෙව ඛො පන හෙතු අත්ථි හෙතූතිස්ස දිට්ඨි හොති, සාස්ස හොති සම්මාදිට්ඨි.
Sinhala BJTගැහැවියෙනි, ඔවුනතුරෙහි යම් මහණ බමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද: “හේතු ඇත, ප්‍රත්‍ය ඇත ... සුවදුක් විඳිති” යි. ඔවුනට තෙල කැමැති වියැයුතු: ‘යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද, මෙ තුන් අකුශලධර්‍මයන් හැරපියා යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද, මෙ තුන් කුශලධර්‍මයන් සමාදන් කොට ගෙන වැටෙති ‘ යි. එ කවර හෙයින යත්: ඒ භවත් මහණබමුණෝ අකුශල ධර්‍මයන්ගේ ආදීනවය ලමුබව කෙලෙසීම දක්නාහ. කුශලධර්‍මයන් ගේ අනුසස් ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ව්‍යවදානපක්‍ෂය ද දක්නාහ. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි ඔහුට දෘෂ්ටිවෙයි. ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි
Pali BJTසන්තංයෙව ඛො පන හෙතුං අත්ථි හෙතූ’ති සඞ්කප්පෙති. ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො. සන්තංයෙව ඛො පන හෙතුං අත්ථි හෙතූති වාචං භාසති, සාස්ස හොති සම්මාවාචා. සන්තංයෙව ඛො පන හෙතුං අත්ථි හෙතූති ආහ. යෙ තෙ අරහන්තො හෙතුවාදා තෙසම’යං න පච්චනීකං කරොති. සන්තංයෙව ඛො පන හෙතුං අත්ථි හෙතූති පරං සඤ්ඤාපෙති. සාස්ස හොති සද්ධම්මසඤ්ඤත්ති. තාය ච පන සද්ධම්මසඤ්ඤත්තියා නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. ඉති පුබ්බෙව ඛො පනස්ස දුස්සීල්යං පහීනං හොති. සුසීල්යං පච්චුපට්ඨිතං අයඤ්ච සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා අරියානං අපච්චනීකතා සද්ධම්මසඤ්ඤත්ති අනත්තුක්කංසනා අපරවම්භනා. එවංසිමෙ{1} අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති සම්මාදිට්ඨිපච්චයා.
Sinhala BJTවෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ සම්‍යක්සංකල්ප වෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුට සම්‍යග් වචන වෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි කියයි. යම් රහත් කෙනෙක් හේතුවාද ඇත්තාහු ද ඔවුනට මේ පුද්ගල විරුද්ධ කම් නො කෙරෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි මෙරමා හඟවයි. එ ඔහුට සද්ධර්‍මසංඥප්ති වෙයි. ඒ සද්ධර්‍ම සංඥප්තියෙනුදු තමා නො මැ හුවයි, මෙරමා නො හෙළයි. මෙසෙයින් කැලැ මැ ඔහුගේ දුසිල් බව ප්‍රහීණ වූයේ වෙයි. සුසිල්බව එළැඹැ සිටියේ වෙයි. මෙ සම්‍යග්දෘෂ්ටි ද සම්‍යක් සංකල්ප ද සම්‍යග් වචන ද ආර්‍ය්‍යයනට අවිරුද්ධභාවය ද සද්ධර්‍මසංඥප්තිය ද ආත්මොත්කර්‍ෂණ රහිත බව ද පරවම්භන රහිත බව දැ යි මෙසේ ඔහුට මෙ නොයෙක් කුශලධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් පහළ වෙත්.
Pali BJTතත්ර ගහපතයො විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: සචෙ ඛො අත්ථි හෙතු, එවමයං භවං පුරිසපුග්ගලො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. කාමං ඛො පන මාහු හෙතු, හොතු නෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං වචනං, අථ ච පනායං භවං පුරිසපුග්ගලො දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො: සීලවා පුරිසපුග්ගලො සම්මාදිට්ඨි හෙතුවාදො’ති. සචෙ ඛො අත්ථෙව හෙතු.{2} එවං ඉමස්ස භොතො පුරිසපුග්ගලස්ස උභයත්ථ කටග්ගහො, යඤ්ච දිට්ඨෙව ධම්මෙ විඤ්ඤූනං පාසංසො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති. එවමස්සායං අපණ්ණකො ධම්මො සුසමත්තො සමාදින්නො උභයංසං ඵරිත්වා තිට්ඨති. රිඤ්චති අකුසලං ඨානං.
Sinhala BJTගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් හේතු ඇත් නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ යැ. වැළිත් එකත්නෙන් හේතු නො වේවා. එ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය වේවා, එතෙකුදු වත් මෙ භවත් පුරුෂපුද්ගල ඉහාත්මයෙහි මැ නුවණැතියන්ගේ පැසැසුමට නිසි වෙයි: ‘සිල්වත් පුරුෂපුද්ගලයෙක, සම්‍යග් දෘෂ්ටි ඇතියෙක, හේතුවාද ඇතියෙක’ කියා යි. ඉදින් හේතු ඇත්තේ මැ වී නම් මෙසේ මේ භවත් පුරුෂපුද්ගලහට දෙලොව්හි මැ ජයග්‍රාහ වෙයි. ඉහාත්මයෙහි මැ නුවණැතියන්ගේ පැසැසුමට නිසි වෙයි’ යන යමෙකුත් ඇද්ද, කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගයට පැමිණෙන්නේ යැ යන යමෙකුත් ඇද්ද, එ දෙක යි. මෙසේ ඔහුගේ මෙ අපණ්ණක ධර්‍මය මොනොවට ගන්නා ලද්දේ සමාදන් කරන ලද්දේ උභයාන්ත පැතිරැ ගෙන සිටියි. අකුශලකාරණ හැරපියයි.
Pali BJTසන්ති ගහපතයො එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘නත්ථි සබ්බසො ආරුප්පා’ති. තෙසංයෙව ඛො ගහපතයො සමණබ්රාහ්මණානං එකෙ සමණබ්රාහ්මණා උජුවිපච්චනීකවාදා. තෙ එවමාහංසු: ‘අත්ථි සබ්බසො ආරුප්පා’ති. තං කිං මඤ්ඤථ ගහපතයො, නනුමෙ සමණබ්රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදාති - එවම්භන්තෙ.
Sinhala BJTගැහැවියෙනි, ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් නැතැ’යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත. ගැහැවියෙනි, ඒ මහණබමුණන් අතුරෙහි මැ ඇතැම් මහණ බමුණෝ ඍජු විරුද්ධවාද ඇත්තාහු වෙති. ඔහු මෙසේ කීහු: ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් ඇත’ කියා යි. ගැහැවියෙනි, ඒ කිමැ යි හඟනාව. මේ මහණබමුණෝ උනුනට ඍජු විරුද්ධ වාද ඇත්තාහු නො? යි. එසේ ය වහන්ස.
Pali BJTතත්ර ගහපතයො විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: යෙ ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො ‘නත්ථි සබ්බසො ආරුප්පා’ති. ඉදම්මෙ අදිට්ඨං, යෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො ‘අත්ථි සබ්බසො ආරුප්පා’ති, ඉදම්මෙ අවිදිතං. අහඤ්චෙව ඛො පන අජානන්තො අපස්සන්තො එකංසෙන ආදාය වොහරෙය්යං: ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. නමෙතං අස්ස පතිරූපං. යෙ ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා එවං වාදිනො එවංදිට්ඨිනො ‘නත්ථි සබ්බසො ආරුප්පා’ති. සචෙ තෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං වචනං. ඨානමෙතං විජ්ජති. යෙ තෙ දෙවා රූපිනො මනොමයා අපණ්ණකම්මෙ තත්රුප්පත්ති භවිස්සති. යෙ පන තෙ භොන්තො සමණබ්රාහ්මණා එවං වාදිනො එවං දිට්ඨිනො ‘අත්ථි සබ්බසො ආරුප්පා’ති. සචෙ තෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං වචනං. ඨානමෙතං විජ්ජති. යෙ තෙ දෙවා අරූපිනො සඤ්ඤාමයා, අපණ්ණකම්මෙ තත්රුප්පත්ති භවිස්සති. දිස්සන්තෙ{3} ඛො පන රූපාධිකරණං දණ්ඩාදානසත්ථාදාන - කලහ - විග්ගහ -විවාදතුවන්තුවම්පෙසුඤ්ඤමුසාවාදා. නත්ථි ඛො පනෙතං සබ්බසො අරූපෙති. සො ඉති පටිසඞ්ඛාය රූපානංයෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTගැහැවියෙනි, එහි ලා නුවණැති පුරුෂ මෙසේ සලකයි: යම් ඒ භවත් මහණ බමුණු කෙනෙක් ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් නැතැ’යි මෙසේ කියන්නාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද මෙ කරුණ මා විසින් නො දක්නා ලද. යම් ඒ භවත් මහණ බමුණු කෙනෙකුන් ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් ඇතැ’යි මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, මෙ කරුණ ද මා විසින් නො දන්නා ලද. වැළිත් මම් වූ කලි නො දන්නෙම් නො දක්නෙම් ‘මේ මැ සත්‍ය යැ අන්‍ය තුච්ඡ යැ’යි ඒකාන්ත කොටගෙන ව්‍යවහාර කරන්නෙමි. තෙල මට නො නිස්ස. යම් ඒ භවත් මහණ බමුණු කෙනෙක් ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් නැතැ’යි මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඉදින් එ භවත් මහණ බමුණන්ගේ වචන සබා වේ නම් තෙල කරුණ විද්‍යමාන වෙයි.: රූපී වූ මනෝමය වූ යම් ඒ දෙවි කෙනෙක් ඇද්ද මාගේ එහි ඉපැත්ම නො සිස් වෙයි. යම් එ භවත් මහණ බමුණු කෙනෙක් ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් ඇතැ’යි මේ බඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද ඉදින් එ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය වේ නම් තෙල කරුණ විද්‍යමාන වෙයි: අරූපී වූ සංඥාමය වූ යම් එ දෙවි කෙනෙක් ඇද්ද, මාගේ එහි ඉපැත්ම නො සිස් වෙයි. රූපය හේතු කොට දඬු ගැනුම යැ සැත් ගැනුම යැ කලහ යැ විග්‍රහ යැ විවාද යැ ‘තෝ තෝ’ යැ යි බිණුම යැ පිසුනු බස යැ මුසවා යැ යන මොහු දක්නා ලැබෙත් මැ යැ. සර්‍වප්‍රකාරයෙන් අරූපභවයෙහි තෙල නැත් මැ යයි. හෙ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට රූපයන්ගේ මැ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
Pali BJTසන්ති ගහපතයො එකෙ සමණබ්රාහ්මණා එවං වාදිනො එවං දිට්ඨිනො: නත්ථි සබ්බසො භවනිරොධොති. තෙසංයෙව ඛො ගහපතයො, සමණබ්රාහ්මණානං එකෙ සමණබ්රාහ්මණා උජුවිපච්චනීකවාදා තෙ එවමාහංසු: අත්ථි සබ්බසො භවනිරොධො’ති. තං කිම්මඤ්ඤථ ගහපතයො, නනුමෙ සමණබ්රාහ්මණා අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදාති. එවං භන්තෙ.
Sinhala BJTගැහැවියෙනි, ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ගැහැවියෙනි, එ මහණ බමුණන්ට මැ ඍජු විරුද්ධවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මෙසේ කීහු: ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි. ගැහැවියෙනි, එ කිමැ යි හඟනාව. මේ මහණ බමුණෝ ඔවුනොවුනට ඍජුවිරුද්ධවාද ඇත්තාහු නො වෙත් දැ? යි. එසේ යැ වහන්ස.