Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2201-2300 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපුන චපරං ගහපති භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: ඉදම්පි ඛො චතුත්ථං ඣානං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං, යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො -පෙ- අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTතවද, ගැහැවිය, මහණ සුඛප්‍රහාණයෙනුදු … සියුවන දැහැන උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ සියුවන දැහැන ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය{1} සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛො මෙත්තාචෙතොවිමුත්ති{2} අභිසඞ්ඛතා අභිසඤ්චෙතයිතා. යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො -පෙ- අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTතවද, ගැහැවිය, මහණ මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වාස කෙරෙයි. එ සෙයින් මැ දෙවන දිග ද එසෙයින් මැ තුන්වන දිග ද එසෙයින් මැ සතර වන දිග දැ යි මෙසේ උඩ, යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත සිතින් පැහැස වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ මෙත්තාචේතෝවිමුක්තිය ද කරන ලද්දක. සිතින් නිපදවන ලද්දකි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය{1} සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛො උපෙක්ඛාචෙතොවිමුත්ති{2} අභිසඞ්ඛතා අභිසඤ්චෙතයිතා. යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං, තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො -පෙ- අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTතවද, ගැහැවිය, මහණ කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් ... උපෙක්ඛා සහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කෙරෙයි. ඒසේ මැ දෙවන දිග ද එසෙයින් මැ තුන්වන දිග ද එසෙයින් මැ සතරවන දිග දැ යි මෙසේ උඩ, යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ උපේක්‍ෂා චේතෝවිමුක්තිය ද සිතින් කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසො ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛො පන ආකාසානඤ්චායතනසමාපත්ති අභිසඞ්ඛතා අභිසඤ්චෙතයිතා, යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො -පෙ- අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTතවද, ගැහැවිය, මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘අහස අනන්තයැ’යි ආකාසානඤ්චායතනය උපදවා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ ආකාසානඤ්චායතන සමාපත්තිය ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයෙක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛො විඤ්ඤාණඤ්චායතනසමාපත්ති අභිසඞ්ඛතා අභිසඤ්චෙතයිතා, යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො -පෙ- අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTතවද, ගැහැවිය, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තයැ’යි විඤ්ඤාණඤ්චායතනය උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයෙක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: අයම්පි ඛො ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති අභිසඞ්ඛතා අභිසඤ්චෙතයිතා, යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො{3} ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො අක්ඛාතො යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තඤ්චෙව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාතී’ති.
Sinhala BJTතවද, ගැහැවිය, මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා පියා ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපයා වෙසෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ද හේතුයෙන් කරන ලද වෙයි. සිතින් සිතන ලද වෙයි. වැලි යම් මැ දැයෙක් අභිසඞ්ඛත අභිසඤ්චේතයිත වේ නම්, එය අනිත්‍ය වෙයි, නිරුද්ධ වන සැහැවි ඇතැ’යි දැනගනී. හේ ඒ ශමථවිදර්‍ශනාධර්‍මයෙහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම්, ඒ මැ ශමථ විදර්‍ශනා ධර්‍ම රාගයෙන් ඒ ධර්‍මනන්‍දියෙන් පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ එහි මැ පිරිනිවෙයි. ගැහැවිය, (ඒ ඒ සත්ත්‍වයන්ගේ ආශයානුශය) දන්නා වූ (හැම ඥේයධර්‍මය) දක්නා වූ අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් විසින් යම් අරමුණෙක අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වෙසෙන භික්‍ෂුහු ගේ අවිමුක්ත චිත්තයත් මිදේ ද, අපරික්‍ෂීණ ආස්‍රවයෝ ක්‍ෂයවීමට යෙත් ද, අනනුප්‍රාප්ත අනුත්තර යෝගක්ක්‍ෂේම යත් ප්‍රතිලාභ කෙරේ ද එබඳු වූ මේ ඒකධර්‍මය වදාරන ලද්දේ යයි.
Pali BJTඑවං වුත්තෙ දසමො ගහපති අට්ඨකනාගරො ආයස්මන්තං ආනන්දං එතදවොච: “සෙය්යථාපි භන්තෙ ආනන්ද පුරිසො එකං නිධිමුඛං ගවෙසන්තො සකිදෙව එකාදස නිධිමුඛානි අධිගච්ඡෙය්ය, එවමෙව ඛො අහං භන්තෙ එකං අමතද්වාරං ගවෙසන්තො සකිදෙව එකාදස අමතද්වාරානි අලත්ථං සවණාය{1}. සෙය්යථාපි භන්තෙ පුරිසස්ස අගාරං එකාදසද්වාරං, සො තස්මිං අගාරෙ ආදිත්තෙ එකමෙකෙනපි ද්වාරෙන සක්කුණෙය්ය අත්තානං සොත්ථිං කාතුං, එවමෙව ඛො අහං භන්තෙ ඉමෙසං එකාදසන්නං අමතද්වාරානං එකමෙකෙනපි අමතද්වාරෙන සක්කුණිස්සාමි අත්තානං සොත්ථිං කාතුං. ඉමෙ හි නාම භන්තෙ අඤ්ඤතිත්ථියා ආචරියස්ස ආචරියධනං පරියෙසිස්සන්ති. කිංපනාහං{2} ආයස්මතො ආනන්දස්ස පූජං න කරිස්සාමී”ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අට්ඨකනගර වැසි දශම ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල සැල කළේ: “වහන්ස, ආනන්‍දයෙනි, එක නිධානයක් සොයන පුරුෂයෙක් එක් මැ පියොවින් එකොළොස් නිධාන කෙනකුන් යම්සේ ලබා ද, එසෙයින් මැ වහන්ස, මම එක් අමාදොරක් සොයනුයෙම් එක් මැ පියොවින් එකොළොස් අමෘතද්වාර කෙනකුන් අසන්නට ලත්මි. වහන්ස, යම් පරිදි මිනිසක්හට එකොළොස් දොරක් ඇති ගෙයක් වේ ද, ඒ ගෙය ඇවිළැගත් සඳ එක් එක් මැ දොරෙකින් තමහට සුව කරන්නට හැකි වේ ද, එසෙයින් මැ වහන්ස, මම් මේ එකොළොස් අමාදොර අතුරෙන් එක් එක් මැ අමාදොරෙකින් තමහට සුව කරන්නට හැකිවන්නෙමි. වහන්ස, යම්හෙයෙකින් මේ අන්‍යතීර්‍ත්‍ථකයෝ ආචාර්‍ය්‍ය හට ආචාර්‍ය්‍යධනය සොයත් නම්, වැලි කුමක්හෙයින් මම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පූජාවක් නො කෙරෙම් දැ”යි.
Pali BJTඅථ ඛො දසමො ගහපති අට්ඨකනාගරො පාටලිපුත්තකඤ්ච වෙසාලිකඤ්ච භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා{3} පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. එකමෙකඤ්ච භික්ඛුං පච්චෙකදුස්සයුගෙන අච්ඡාදෙසි. ආයස්මන්තං ආනන්දං තිචීවරෙන අච්ඡාදෙසි. ආයස්මතො ච ආනන්දස්ස පඤ්චසතං විහාරං{4} කාරාපෙසී’ති.
Sinhala BJTඉක්බිති අට්ඨක නගර වැසි දශම ගෘහපති පැළලුප් නුවර වූ ද විසාලා නුවර වූ ද භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සන්තර්‍පණ සම්ප්‍රවාරණ කැරැවී. යළි එකෙකි භික්‍ෂුවට එකෙකි වස්ත්‍ර යුග්මයක් දුන්නේ ය. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තුන්සිවුරු දුන්නේ ය. තවද ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පඤ්චසතික විහාරයක් කැරැවී යයි.
Pali BJTඅට්ඨකනාගරසුත්තං දුතියං.
Sinhala BJTදෙවැනි අට්ඨකනාගර සූත්‍රය යි.
Pali BJT2. 1. 3.
Sinhala BJT2. 1. 3.
Pali BJTසෙඛ සුත්තං
Sinhala BJTසේඛ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන කාපිලවත්ථවානං සක්යානං නවං සන්ථාගාරං අචිරකාරිතං හොති අනජ්ඣාවුත්ථං{1} සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන. අථ ඛො කාපිලවත්ථවා සක්යා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො කාපිලවත්ථවා සක්යා භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ, කාපිලවත්ථවානං සක්යානං නවං සන්ථාගාරං අචිරකාරිතං{2} අනජ්ඣාවුත්ථං සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන. තං භන්තෙ භගවා පඨමං පරිභුඤ්ජතු. භගවතා පඨමං පරිභුත්තං පච්ඡා කාපිලවත්ථවා සක්යා පරිභුඤ්ජිස්සන්ති. තදස්ස කාපිලවත්ථවානං සක්යානං දීඝරත්තං හිතාය සුඛායා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදි. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාසය කරනසේක. එසමයෙහි කිඹුල්වත්පුර වැසි ශාක්‍යයන් විසින් අභිනව සන්‍ථාගාරයෙක් කැරැ වූ නො බොහෝ කල් වෙයි. මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි යම් මැ මිනිසකු විසින් නො වසනලද වෙයි. එසඳ කිඹුල්වත් වැසි සැහැකුල වැසියෝ බුදුන් කරා එළැඹියහ. එළැඹ සකසා බුදුන් වැඳ පසෙක හුන්හු. එකත්පසෙක හුන් කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ බුදුන්ට තෙල සැල කොළෝ: ‘වහන්ස, කිඹුල්වත් වැසි සැහැකුල වැසියන් විසින් අභිනව සන්‍ථාගාරයෙක් කැරැ වූ නො බොහෝ කල් වෙයි. මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි මනුෂ්‍ය වූ යම් මැ කෙනකුන් විසින් වාස නො කරනලදි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මහහල පළමු වැ ලා වළඳ කරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු වැ ලා වළඳ කළ හල පසු වැ ලා කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ වළඳ කෙරෙති. එය කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවනට හිතසුව පිණිස වැටේ’යයි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූසේක.
Pali BJTඅථ ඛො කාපිලවත්ථවා සක්යා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන සන්ථාගාරං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරිත්වා ආසනානි පඤ්ඤාපෙත්වා උදකමණිකං පතිට්ඨාපෙත්වා{3} තෙලප්පදීපං ආරොපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො කාපිලවත්ථවා සක්යා භගවන්තං එතදවොචුං: සබ්බසන්ථරිං සන්ථතං භන්තෙ සන්ථාගාරං, ආසනානි පඤ්ඤත්තානි, උදකමණිකො පතිට්ඨාපිතො,{4} තෙලප්පදීපො ආරොපිතො. යස්සදානි භන්තෙ භගවා කාලං මඤ්ඤතී’ති. අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරං ආදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන සන්ථාගාරං{5} තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා මජ්ඣිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි, භගවන්තං යෙව පුරක්ඛත්වා. කාපිලවත්ථවාපි ඛො සක්යා පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡාමුඛා{6} නිසීදිංසු, භගවන්තංයෙව පුරක්ඛත්වා. අථ ඛො භගවා කාපිලවත්ථවෙ සක්යෙ බහුදෙවරත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: පටිභාතු තං ආනන්ද කාපිලවත්ථවානං සක්යානං සෙඛො පාටිපදො{7} පිට්ඨිම්මෙ{8} ආගිලායති. තමහං ආයමිස්සාමීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා.
Sinhala BJTඉක්බිති කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ බුදුන්ගේ අධිවාසනා දැන හුනස්නෙන් නැඟී බුදුන් සකසා වැඳ පැදැකුණු කොට සන්‍ථාගාරශාලාව කරා එළැඹියහ. එළැඹැ සන්‍ථාගාරය හැම තැන් ඇතිරි ලීමෙන් අතුරා අසුන් පන්වා දියසැළ තබා තෙල්පහන් නඟා බුදුන් කරා එළැඹියහ. එළැඹැ බුදුන් සකසා වැඳ එකත්පස් වැ සිටියෝ. එකත්පස් වැ සිටි කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ බුදුන්ට තෙල සැලකොළෝ: ‘වහන්ස සන්‍ථාගාරය සර්‍වසංස්තරණ කොට අතුරන ලද. ආසනයෝ පනවන ලදහ. දියසැළ එළවා තබන ලදි. තෙල් පහන් නැංවී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එයට දැන් කල් දන්නාසේක්ව’යි. එසඳ භාග්‍යවතුන් වහන්සේ සංවිධානයෙන් හැඳ පා සිවුරු ගෙන බික්සඟුන් සමග වැඩවදාළහ. වැඩ වදාරා පා දෙව සන්‍ථාගාරයට පිවිස මැඳුම්ටැඹ ඇසිරි කොට පෙරදිගට මුහුණ ලා වැඩහුන්හු. බික්සඟහු ද සන්‍ථාගාරයට වැද පැසිම්බිත් ඇසිරි කොට පෙරදිගට මුහුණ ලා බුදුන් මැ පෙරටු කොටගෙන හුන්හු. කිඹුල්වත් වැසි සැහැරජදරුවෝ ද පා දොවා සන්‍ථාගාරයට වැද පෙරදිගබිත් ඇසිරි කොට පැළදික් ලූ මුහුණු ඇති වැ බුදුන් මැ පෙරටු කොට හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් වැසි සැහැරජුන් රෑ බොහෝ වේලෙහි දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ‘ආනන්‍දය, කිඹුල්වත් වැසි සැහැ රජුනට පිළිපන් සේඛ මහණ (ගැන දෙසන්නට) තොපට වටහාව’යි. මාගේ පිට මඳක් ගිලන් වෙයි. මම් ඒ මඳක් සන්හිඳුවමි යි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. එසඳ බුදුහු සඟළ සිවුගුණ කොට පනවා දකුණු පයෙහි වම්පය හයා තබා සිහි ඇති වැ සම්ප්‍රඥාන ඇති වැ උත්‍ථාන සංඥා මෙනෙහි කොට දකුණැළයෙන් සිංහශය්‍යා කළහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො මහානාමං සක්යං ආමන්තෙසි. ඉධ මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති. ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති. භොජනෙ මත්තඤ්ඤූ හොති. ජාගරියං අනුයුත්තො හොති. සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ‘මහානාම’ සැහැරජු ඇමතූහ: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක පිරිපුන් සිල් ඇතියේ වෙයි. ඉඳුරන්හි පියූ දොර ඇතියේ වෙයි, බොජුනෙහි පමණ දන්නේ වෙයි. නිදි වැරීමෙහි යෙදුණේ වෙයි, (ශ්‍රද්ධාදි) සප්ත සද්ධර්‍ම යෙන් සමන්‍වාගත වූයේ වෙයි, අධිචිත්තය ඇසිරු කළ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයෙන් රිසිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි.
Pali BJTකථඤ්ච මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති: ඉධ මහානාම අරියසාවකො සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති.
Sinhala BJTමහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර දෙකින් යුකුත වූයේ අණුමාත්‍ර වද්‍යයෙහි බිය දක්නාසුලු ව වෙසෙයි, ශික්‍ෂා කොටසෙහි ඒ ඒ ශික්‍ෂාපදය දැඩි ව ගෙන හික්මෙයි, මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වූයේ වේ.
Pali BJTකථඤ්ච මහානාම අරියසාවකො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති: ඉධ මහානාම අරියසාවකො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො මහානාම අරියසාවකො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJTමහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ඉඳුරන්හි පියූ දොර ඇතියේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුර්විඥානයෙන් රූප දැක නිමිත්ත විසින් නො ගන්නේ අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු වෙද් ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියා ගේ සංවරය පිණිස පිළිපන්නේ වෙයි. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙ යි. ශ්‍රෝත විඥානයෙන් ශබ්ද අසා … ඝ්‍රාණවිඥාන යෙන් ගඳ ආඝ්‍රාණය කොට ... ජිහ්වාවිඥානයෙන් රස විඳ … කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කොට … මනෝවිඥානයෙන් ධර්‍මාලම්බන දැන නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්‍යඤ්ජනග්‍රාහී නො වෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරණ තුලුහු ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යා දෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු ද ඒ මනින්‍ද්‍රියාගේ සංවරයට පිළිපන්නේ වෙයි, මනින්‍ද්‍රියය රකී, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මෙහෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක ඉඳුරන්හි පියූ දොර ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච මහානාම අරියසාවකො භොජනෙ මත්තඤ්ඤූ හොති: ඉධ මහානාම අරියසාවකො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි. නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා ති. එවං ඛො මහානාම අරියසාවකො භොජනෙ මත්තඤ්ඤූ හොති.
Sinhala BJTමහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වෙයි යත්: මහානාමය, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය ආභරණ කෙරෙයි. කෙළි පිණිස නො මැ වෙයි, මද පිණිස නො වෙයි, සැරසුම් පිණිස නො වෙයි, විභූෂණ පිණිස නො වෙයි. මේ කය සිටීම පිණිස යැපීම පිණිස වෙහෙස සන්සිඳීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස මතුයෙක් මැ වෙයි. මෙසේ පැරැණි බඩගිනි වේදනා නසමි. අලුත් වේදනා නූපදවමි. මා ගේ ජීවිතයාත්‍රා ද අනවද්‍යභාවය ද පහසු විහරණ ද වන්නේ යැ යි. මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වූයේ වෙයි.
Pali BJTකථඤ්ච මහානාම අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති: ඉධ මහානාම අරියසාවකො දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති, පාදෙ පාදං අච්චාධාය, සතො සම්පජානො, උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. එවං ඛො මහානාම අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති.
Sinhala BJTමහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක කිසෙයින් නිදිවැරීමෙහි යෙදුණේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක දවස සක්මනින් නිෂද්‍යායෙන් යෙදී නීවරණධර්‍මයන් ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින් නිෂද්‍යායෙන් යෙදී ආවරණීය ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණුපයෙහි වම්පය මඳක් ඇඳ තබා සිහි නුවණ ඇති ව උත්‍ථානසංඥා මෙනෙහි කොට දකුණැළයෙන් සිංහ ශය්‍යා කෙරෙයි. රාත්‍රියෙහි පශ්චිම යාමය නැගී සිට සක්මනින් නිෂද්‍යායෙන් යෙදී ආවරණීය ධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.
Pali BJTකථඤ්ච මහානාම අරියසාවකො සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති: ඉධ මහානාම අරියසාවකො සද්ධො හොති. සද්දහති තථාගතස්ස බොධිං. “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. හිරිමා හොති. හිරීයති කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඔත්තප්පී හොති, ඔත්තප්පති{1} කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති. තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{2} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො. චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. එවං ඛො මහානාම අරියසාවකො සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති.
Sinhala BJTමහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රද්ධා ඇතියේ වෙයි. ඒ භාග්‍යවත්හු මෙ කරුණෙන් අර්‍හත් වූහ. සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යායෙන් පසළොස් චරණ ධර්‍මයෙන් සමන්‍වාගතයහ. සුගත වූහ, ලෝකවිද් වූහ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූහ, බුද්ධ වූහ, භගවත් වූහ යි තථාගතයන් වහන්සේ ගේ බුද්ධත්‍වය හදහයි. පාපයෙහි ජුගුප්සා ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජා ඇති වෙයි. ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් ලජ්ජා ඇති වෙයි. අපත්‍රපා ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් බියපත් වෙයි. ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් බියපත් වෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතය ධරනුයේ ශ්‍රැත සන්නිචය වූයේ වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත් ද එ බඳු වූ ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු වෙති. ධරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් මොනවට පිළිවිදිනා ලද්දාහු වෙති. අකුසල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ ප්‍රතිලාභය පිණිස දැඩි වැ ගත් වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. කුශල ධර්‍මයන්හි වීර්‍ය්‍යස්ථාමයෙන් යුක්ත වූයේ ස්ථිර පරාක්‍රම ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වෙයි. ස්මෘතිමත් වූයේ උතුම් වූ ස්මෘතියෙන් හා ප්‍රඥායෙන් හා සමන්‍වාගත වෙයි. පෙර කළ දෑ ද පෙර කියූ දෑ ද සිහි කරනුයේ පුනපුනා සිහි කරනුයේ වෙයි. උදයව්‍යය ප්‍රතිවේධ කිරීමට සමර්‍ත්‍ථ ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ආර්‍ය්‍ය වූ නිර්වේධක වූ මොනවට දුක් කෙළවර කිරීම පිණිස පවත්නා ප්‍රඥායෙන් ප්‍රඥා ඇතියේ වෙයි. මහානාමය, මෙසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ වෙයි.
Pali BJTකථඤ්ච මහානාම අරියසාවකො චතුන්නං ඣානානං ආභිචෙතසිකානං{3} දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ඉධ මහානාම අරියසාවකො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො මහානාම අරියසාවකො චතුන්නං ඣානානං ආභිචෙතසිකානං{3} දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTමහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ආභිචේතසික වූ ඉහාත්ම සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමති සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක කාමච්ඡන්‍දයෙන් වෙන් වැ අකුශල ධර්‍මයන් ගෙන් වෙන් වැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානය උපයා වෙසෙයි. විතර්‍ක සහිත වූ විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය … චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වෙසෙයි. මහානාමය, මෙසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක අභිචිත්තයෙහි උපන් ඉහාත්ම සුඛ විහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වෙයි.
Pali BJTයතො ඛො මහානාම අරියසාවකො එවං සීලසම්පන්නො හොති. එවං ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති. එවං භොජනෙ මත්තඤ්ඤූ හොති. එවං ජාගරියං අනුයුත්තො හොති. එවං සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති. එවං චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී, අකසිරලාභී. අයං වුච්චති මහානාම අරියසාවකො සෙඛො පාටිපදො{4} අපුච්චණ්ඩතාය සමාපන්නො භබ්බො අභිනිබ්භිදාය භබ්බො සම්බොධාය භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය.
Sinhala BJTමහානාමය, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ශීල සම්පන්න වේද, මෙසේ ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර වේ ද, මෙසේ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙසේ සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ ද, මෙසේ අභිචිත්තය ඇසිරු කළ ඉහාත්ම සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමති සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද, මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක ශෛක්‍ෂ්‍ය ප්‍රතිපත් ඇත්තේ යැ, කුණු නො වූ බිජුවට ඇති බවට පිළිපන්නේ ය. ඥානප්‍රභේදයට භව්‍ය යැ ආර්‍ය්‍යමාර්‍ගයට භව්‍ය යැ අර්‍හත්ත්‍වප්‍රාප්තියට භව්‍ය යැ යි කියනු ලැබේ.
Pali BJTසෙය්යථාපි මහානාම කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා, තානාස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි සම්මා පරිසෙදිතානි සම්මා පරිභාවිතානි, කිඤ්චාපි තස්සා කුක්කුටියා න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: අහො වතිමෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්යු’න්ති. අථ ඛො භබ්බාව තෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං. එවමෙව ඛො මහානාම යතො අරියසාවකො එවං සීලසම්පන්නො හොති, එවං ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, එවං භොජනෙ මත්තඤ්ඤූ හොති, එවං ජාගරියං අනුයුත්තො හොති, එවං සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති, එවං චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. අයං වුච්චති මහානාම අරියසාවකො සෙඛො පාටිපදො අපුච්චණ්ඩතාය සමාපන්නො භබ්බො අභිනිබ්භිදාය භබ්බො සම්බොධාය භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය.
Sinhala BJTයම්සේ මහානාමය, කිකිළියගේ බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දෙළොසෙක් හෝ වේ ද, එ බිජුවටහු, කිකිළිය විසින් (අධිශයනයෙන්) මොනොවට රක්නා ලද්දාහු, මොනොවට හුණු ගන්වන ලද්දාහු, මොනොවට පරිභාවනා කරන ලද්දාහු වෙත් ද, එතෙකුදු වත් එ කිකිළියට මෙවන් ඉච්ඡායෙක් නූපදනේ යැ: ‘මේ කුකුළු පොව්වෝ පානියඅගින් හෝ මුවතුඬින් හෝ බිජුවට පළාගෙන සුවසේ පිටතට නික්මෙන්නාහු නම් මැනැවැ’යි ඉච්ඡායෙක් නූපදනේ යැ. වැළිත් එ කුකුළුපොව්වෝ පානියඅගින් හෝ මුවතුඬින් හෝ බිජුවට පළාගෙන සුවසේ බැහැරට නික්මෙන්නට භව්‍ය මැ වෙති. එසෙයින් මැ මහානාමය, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සිල්සපන් වේ ද, මෙසේ ඉඳුරන්හි පියූ දොර ඇති වේ ද, මෙසේ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙසේ සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ ද, මෙසේ අභිචිත්තය ඇසිරු කළ ඉහාත්මසුඛවිහරණ ඇති චතුර්‍ත්‍ථධ්‍යානයන් රිසි සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද, මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක ශෛක්‍ෂ්‍යප්‍රතිපදා ඇත්තේ යැ, අපූත්‍යණ්ඩ භාවයට පැමිණියේ යැ, ඥානප්‍රභේදයට භව්‍ය යැ, ආර්‍ය්‍යමාර්‍ගාවබෝධයට භව්‍ය යැ, අනුත්තර යෝගක්‍ෂේමයා ගේ අධිගමයට භව්‍ය යි කියනු ලැබේ.
Pali BJTස ඛො සො මහානාම අරියසාවකො ඉමංයෙව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. අයමස්ස පඨමා’භිනිබ්භිදා හොති කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
Sinhala BJTමහානාමය, තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධියට පැමිණ අනේකප්‍රකාර වූ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. එ මෙසේ යැ: එක් ජාතියකුදු දෙජාතියකුදු … මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර පූර්‍වනිවාසය සිහි කෙරෙයි. අණ්ඩකොෂයෙන් කුකුළුපැටවා ගේ මෙන් මේ ඔහුගේ පළමුවන ඥාන ප්‍රභේදය වෙයි.
Pali BJTස ඛො සො මහානාම අරියසාවකො ඉමංයෙව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයමස්ස දුතියාභි’නිබ්භිදා හොති කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
Sinhala BJTමහානාමය, තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධියට පැමිණ විශුද්ධ වූ මිනිසැස ඉක්මැසිටි දිව්‍ය චක්‍ෂුසින් ව්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගතිගත දුර්‍ගතිගත සත්ත්‍වයන් දකී, … කම් වූ පරිදි පැමිණි සත්ත්‍වයන් දැනගනී. අණ්ඩකෝෂයෙන් කුකුළුපැටවක්හුගේ සෙයින් මේ ඔහුගේ දෙවැනි ඥානප්‍රභේදය වෙයි.
Pali BJTස ඛො සො මහානාම අරියසාවකො ඉමංයෙව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයමස්ස තතියා’භිනිබ්භිදා හොති කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
Sinhala BJTමහානාමය, ඒ තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධියට පැමිණ ආස්‍රරවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියට ඵලප්‍රඥාව ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. අණ්ඩකෝෂයෙන් කුකුළු පැටවක්හුගේ (නික්මීම) සෙයින් මේ ඔහුගේ තුන්වන ඥානප්‍රභේදය වෙයි.
Pali BJTයම්පි ඛො{1} මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං. යම්පි මහානාම අරියසාවකො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං. යම්පි මහානාම අරියසාවකො භොජනෙ මත්තඤ්ඤූ හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං. යම්පි මහානාම අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං. යම්පි මහානාම අරියසාවකො සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං. යම්පි මහානාම අරියසාවකො චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ඉදම්පිස්ස හොති චරණස්මිං.
Sinhala BJTමහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ චතුර්‍ත්‍ථධ්‍යානයන් රිසිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද මෙ ද ඔහුට චරණ නම් වේ.
Pali BJTයම්පි ඛො මහානාම අරියසාවකො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, ඉදම්පිස්ස හොති විජ්ජාය. යම්පි මහානාම අරියසාවකො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ, හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ - යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ඉදම්පිස්ස හොති විජ්ජාය. යම්පි මහානාම අරියසාවකො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පිස්ස හොති විජ්ජාය. අයං වුච්චති මහානාම අරියසාවකො විජ්ජාසම්පන්නො ඉතිපි, චරණසම්පන්නො ඉතිපි. විජ්ජාචරණසම්පන්නො ඉතිපි. බ්රහ්මුනා ඛො පනෙසා{1} මහානාම සනඞ්කුමාරෙන ගාථා භාසිතා.
Sinhala BJTමහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක අනේකවිධ වූ පූර්‍වනිවාසය සිහි කෙරේ ද ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු … මෙසෙයින් ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේක විධ පූර්‍වනිවාසය නුවණින් සිහි කෙරෙයි. මෙ ද ඔහුට විද්‍යා වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක විශුද්ධ වූ මිනිසැස ඉකමැසිටි දිවැසින් ව්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගතිගත දුර්‍ගතිගත වූ ද සත්ත්‍වයන් දක්නේ වේ ද, කම් වූ පරිදි මියගිය සත්ත්‍වයන් දන්නේ වේ ද, මෙ ද ඔහුට විද්‍යා වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥා විමුක්ති ඉහාත්මයෙහි මැ තෙමේ මැ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා විහරණ කෙරේ ද, මෙ ද ඔහුට විද්‍යා වේ. මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක විද්‍යා සම්පන්න යයි ද කියනු ලැබේ. මහානාමය, සනත්කුමාර මහබඹු විසින් තෙල ගාථා කියන ලදු:
Pali BJTඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං යෙ ගොත්තපටිසාරිනො, විජ්ජාචරණසම්පන්නො සො සෙට්ඨො දෙවමානුසෙ’ති.
Sinhala BJT“යම් ජන කෙනෙක් (ජනිත) ප්‍රජායෙහි (කසුබු ආදී) ගොත් සිහිකරනසුලු වෙත් ද, ඔවුන් කෙරෙහි ක්‍ෂත්‍රිය ශ්‍රේෂ්ඨ වෙයි. විද්‍යාචරණ සම්පන්න වූ යමෙක් ඇද්ද, දේවමනුෂ්‍යයන් කෙරෙහි හේ ශ්‍රේෂ්ඨ වේ.
Pali BJTසා ඛො පනෙසා මහානාම බ්රහ්මුනා සනඞ්කුමාරෙන ගාථා සුගීතා නො දුග්ගීතා, සුභාසිතා නො දුබ්භාසිතා, අත්ථසංහිතා නො අනත්ථසංහිතා, අනුමතා භගවතාති.
Sinhala BJTමහානාමය, සනත්කුමාර මහබඹු විසින් තෙල ගාථාව මොනවට ගයන ලදු, දුර්ගීත නො වෙයි. සුභාෂිත වෙයි, දුර්‍භාෂිත නොවෙයි, අර්‍ත්‍ථ සංහිත වෙයි, අනර්‍ත්‍ථ සංහිත නොවෙයි, භගවත්හු විසිනුදු අනුමත යි.
Pali BJTඅථ ඛො භගවා උට්ඨහිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: සාධු සාධු ආනන්ද, සාධු ඛො ත්වං ආනන්ද කාපිලවත්ථවානං සක්යානං සෙඛං පාටිපදං අභාසීති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟී ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇමතූ සේක: ආනන්‍දය. මැනැව මැනැව. ආනන්‍දය, තෙපි කපිලවාස්තු වාසත්‍ව්‍ය වූ සැහැකුලනට ශෛක්‍ෂ ප්‍රතිපදා කීවහු යයි.
Pali BJTඉදමවොචායස්මා ආනන්දො. සමනුඤ්ඤො සත්ථා අහොසි. අත්තමනා කාපිලවත්ථවා සක්යා ආයස්මතො ආනන්දස්ස භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මෙ සුත් දෙසූ හ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. (ප්‍රීතිසෞමනස්‍යයන් විසින්) ගත් සිත් ඇති කිඔුල්වත් වාසි සැහැකුලයෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දනය කළහ.
Pali BJTසෙඛසුත්තං තතියං.
Sinhala BJTතෙවැනි සේඛ සූත්‍ර යි.
Pali BJT2. 1. 4.
Sinhala BJT2. 1. 4.
Pali BJTපොතලිය සුත්තං
Sinhala BJTපෝතලිය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා අඞ්ගුත්තරාපෙසු විහරති ආපණං නාම අඞ්ගුත්තරාපානං නිගමො. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ආපණං පිණ්ඩාය පාවිසි. ආපණෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙනඤ්ඤතරො වනසණ්ඩො තෙනුපසඞ්කමි දිවාවිහාරාය. තං වනසණ්ඩං අජ්ඣොගහෙත්වා{1} අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.{2}
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරාප ජනපදයෙහි ආපණ නම් අඞ්ගුත්තරාප නිගමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසිසේක. ආපණයෙහි පිඬු සිඟා වැඩ පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණාහු දිවා විහරණය සඳහා එක්තරා වන ලැහැබක් කරා එළැඹි සේක. ඒ වන ළැහැබට ඇතුළු වැ අන්‍යතර වෘක්‍ෂ මූලයෙක්හි දිවාවිහරණයට වැඩහුන්සේක.
Pali BJTපොතලියොපි ඛො ගහපති සම්පන්නනිවාසනපාපුරණො{3} ඡත්තුපාහනාහි ජඞ්ඝාවිහාරං අනුවිචරමානො අනුචඞ්කමමානො යෙන සො වනසණ්ඩො තෙනුපසඞ්කමි. තං වනසණ්ඩං අජ්ඣොගහෙත්වා{1} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො පොතලියං ගහපතිං භගවා එතදවොච: ‘සංවිජ්ජන්තෙ{4} ඛො ගහපති ආසනානි සචෙ ආකඞ්ඛසි නිසීදා’ති. එවං වුත්තෙ පොතලියො ගහපති ‘ගහපතිවාදෙන මං සමණො ගොතමො සමුදාචරතී’ති කුපිතො අනත්තමනො තුණ්හී අහොසි. දුතියම්පි ඛො භගවා පොතලියං ගහපතිං භගවා එතදවොච ‘සංවිජ්ජන්තෙ{4} ඛො ගහපති ආසනානි, සචෙ ආකඞ්ඛසි නිසීදා’ති. දුතියම්පි ඛො පොතලියො ගහපති ‘ගහපතිවාදෙන මං සමණො ගොතමො සමුදාචරතී’ති කුපිතො අනත්තමනො තුණ්හී අහොසි. තතියම්පි ඛො භගවා පොතලියං ගහපතිං එතදවොච: ‘සංවිජ්ජන්තෙ ඛො ගහපති ආසනානි, සචෙ ආකඞ්ඛසි නිසීදා’ති. එවං වුත්තෙ පොතලියො ගහපති ‘ගහපතිවාදෙන මං සමණො ගොතමො සමුදාචරතී’ති කුපිතො අනත්තමනො භගවන්තං එතදවොච: ‘තයිදං භො ගොතම නච්ඡන්නං, තයිදං නප්පතිරූපං, යං මං ත්වං ගහපතිවාදෙන සමුදාචරසී’ති.
Sinhala BJTපෝතලිය නම් ගැහැවි ද පිරිපුන් සඳහා පෙරොනා ඇතියේ සතක් ගෙන වහන් නැඟී ජඞ්ඝාවිහරණයෙහි ඔබිනොබැ හැසිරෙනුයේ සක්මන් කරනුයේ ඒ වනළැහැබ කරා එළැඹියේ යැ. ඒ වන ළැහැබට ඇතුළු වැ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියැයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ ය. එකත්පස් වැ සිටි පෝතලිය ගැහැවි හට බුදුහු තෙල වදාළහ: ‘ගැහැවිය අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව’ යි මෙසේ වදාළ කල්හි පෝතිලය ගැහැවි ‘ශ්‍රමණ ගෞතමයෝ මට ‘ගහපති’ යන බසින් වහරතී’ කිපියේ නො සතුටු වූයේ තූෂ්නිම්භූත වී. දෙවනවට දු භාග්‍යවත්හු පෝතලිය ගෘහපති හට තෙල වදාළහ: “ගැහැවිය අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව” යි දෙවනවට දු පෝතිලය ගැහැවි ශ්‍රමණ ගෞතමයෝ මා ‘ගහපති’ යන බසින් වහරතී’ යි කිපියේ නො සතුටු වූයේ තූෂ්නිම්භූත වී. තෙවනවට දු භාග්‍යවත්හු පෝතලිය ගෘහපති හට තෙල වදාළහ: ‘ගැහැවිය’ අසුන් ඇත. ඉදින් කැමැත හිඳුව’ යි. මෙසේ වදාළ කල්හි පෝතිලය ගැහැවි ශ්‍රමණ ගෞතමයෝ මා ‘ගහපති’ යන බසින් වහරතී’ යි කිපියේ නො සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘භවත් ගෞතමයෙනි, යම් හෙයකින් තෙපි මට ‘ගහපති’ යන බසින් ව්‍යවහාර කරහු ද, එ බස් නො නිස්ස. එ බස් නො සරුප්යැ’යි.
Pali BJTතෙ හි තෙ ගහපති ආකාරා තෙ ලිඞ්ගා තෙ නිමිත්තා යථා තං ගහපතිස්සාති. තථා හි පන මෙ භො ගොතම සබ්බෙ කම්මන්තා පටික්ඛිත්තා, සබ්බෙ වොහාරා සමුච්ඡින්නාති. ‘යථා කථං පන තෙ ගහපති සබ්බෙ කම්මන්තා පටික්ඛිත්තා, සබ්බෙ වොහාරා සමුච්ඡින්නා’ති. ‘ඉධ මෙ භො ගොතම යං අහොසි ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා සබ්බං තං පුත්තානං දායජ්ජං නිය්යාතං, තත්ථාහං අනොවාදී අනුපවාදී ඝාසච්ඡාදනපරමො විහරාමි. එවං ඛො මෙ භො ගොතම සබ්බෙ කම්මන්තා පටික්ඛිත්තා, සබ්බෙ වොහාරා සමුච්ඡින්නා’ති.
Sinhala BJTගැහැවිය, තොපගේ ඒ ආකාරයෝ ඒ ලිඞ්ගයෝ ඒ නිමිත්තයෝ ගැහැවියක්හු ගේ යම් සේ ද එමෙනි. එසේ වතුදු භවත් ගෞතමයෙනි, මා විසින් හැම කර්‍මාන්තයෝ බහා තබන ලදහ. හැම ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූහ’යි. ගැහැවිය, තොප විසින් කවරපරිද්දෙකින් සියලු කර්‍මාන්තයෝ ප්‍රතික්‍ෂිප්ත වූවාහු සියලු ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූවාහ දැ’යි. ‘භවත් ගෞතමයෙනි, මෙහි මට යම් ධනයෙක් හෝ ධාන්‍යයෙක් හෝ රජතයෙක් හෝ ජාත රූපයෙක් හෝ වී ද, ඒ හැම පුතුනට දායාද්‍ය කොට දෙනලද, එහි මම් අවවාද නො කරනුයෙම් උපවාද නො කරනුයෙම් අසන වසන (කෑම් හැඳීම්) මතුවක් පරම කොට ඇතියෙම් වෙසෙමි. භවත් ගෞතමයෙනි, මෙසේ මා විසින් සියලු කර්‍මාන්තයෝ ප්‍රතික්‍ෂිප්තයහ. සියලු ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූහ’යි.
Pali BJTඅඤ්ඤථා ඛො ත්වං ගහපති වොහාරසමුච්ඡෙදං වදෙසි{1} අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ වොහාරසමුච්ඡෙදො හොතී’ති. යථා කථං පන භන්තෙ අරියස්ස විනයෙ වොහාරසමුච්ඡෙදො හොති. සාධු මෙ භන්තෙ භගවා තථා ධම්මං දෙසෙතු. යථා අරියස්ස විනයෙ වොහාරසමුච්ඡෙදො හොතී’ති. තෙන හි ගහපති සුණාහි සාධුකං මනසිකරොහි භාසිස්සාමීති. එවං භන්තෙති ඛො පොතලියො ගහපති භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT‘ගැහැවිය, තෙපි අන් පරිද්දෙකින් ව්‍යවහාර සමුච්ඡේදය කියහු, එතෙකුදු වත් ආර්‍ය්‍ය විනයෙහි අන් පරිද්දෙකින් ව්‍යවහාර සමුච්ඡේදය වේ යැ’යි. ‘වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි කිසෙයින් ව්‍යවහාර සමුච්ඡේදය වේ ද? මැනැව වහන්ස, යම්පරිදි ආර්‍ය්‍ය විනයෙහි කිසෙයින් ව්‍යවහාරසමුච්ඡේදය වේ නම්, මට භාග්‍යවත්හු එපරිදි දහම් දෙසනසේක්ව’යි. එහෙයින් ගැහැවිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’යි. ‘එසේ යැ, වහන්සැ’යි පෝතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවත්හු තෙල වදාළසේක.
Pali BJTඅට්ඨ ඛො ඉමෙ ගහපති ධම්මා අරියස්ස විනයෙ වොහාරසමුච්ඡෙදාය සංවත්තන්ති. කතමෙ අට්ඨ: අපාණාතිපාතං නිස්සාය පාණාතිපාතො පහාතබ්බො, දින්නාදානං නිස්සාය අදින්නාදානං පහාතබ්බං, සච්චං වාචං{2} නිස්සාය මුසාවාදො පහාතබ්බො, අපිසුණං වාචං නිස්සාය පිසුණා වාචා පහාතබ්බා, අගිද්ධිලොභං නිස්සාය ගිද්ධිලොභො පහාතබ්බො, අනින්දාරොසං නිස්සාය නින්දාරොසො පහාතබ්බො, අක්කොධූපායාසං නිස්සාය කොධූපායාසො පහාතබ්බො, අනතිමානං නිස්සාය අතිමානො පහාතබ්බො. ඉමෙ ඛො ගහපති අට්ඨ ධම්මා සංඛිත්තෙන වුත්තා විත්ථාරෙන අවිභත්තා අරියස්ස විනයෙ වොහාරසමුච්ඡෙදාය සංවත්තන්තී’ති.
Sinhala BJTගැහැවිය, මේ අට දහම් කෙනෙක් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදය පිණිස පවත්නාහ. කවර අටදෙනෙකෙ යත්: ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු යැ, දුන් දෑ ගැනීම නිසා අයිනාදන් හළයුතු යැ, සබසව නිසා මුසාව හළයුතු යැ, නො පිසිනුබස් නිසා පිසුනු බස් හළයුතු යැ, අගිද්ධිලෝභය නිසා ගේධසංඛ්‍යාතලෝභය හළයුතු යැ, අනින්‍දාරොසය නිසා නින්‍දා ගැටීම හළයුතු යැ, අකෝධූපායාසය නිසා ක්‍රෝධ උපායාස හළයුතු යැ, අනතිමානය නිසා අතිමානය හළයුතු යැ, ගැහැවිය, (මා විසින්) සැකෙවින් කියන ලද විස්තර විසින් විභාග නො කළ මේ අටදහම්හු ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරසමුච්ඡේදය පිණිස පවත්නාහ.
Pali BJTයෙමෙ{3} භන්තෙ භගවතා අට්ඨ ධම්මා සංඛිත්තෙන වුත්තා විත්ථාරෙන අවිභත්තා අරියස්ස විනයෙ වොහාරසමුච්ඡෙදාය සංවත්තන්ති. සාධු මෙ භන්තෙ භගවා ඉමෙ අට්ඨ ධම්මෙ විත්ථාරෙන විභජතු අනුකම්පං උපාදායාති. තෙන හි ගහපති සුණාහි සාධුකං මනසි කරොහි. භාසිස්සාමීති. එවං භන්තෙති ඛො පොතලියො ගහපති භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTවහන්ස, භගවත්හු විසින් සැකෙවින් වදාරනලද විස්තරයෙන් විභාග නො කළ යම් අෂ්ටධර්‍ම කෙනෙක් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරසමුච්ඡේදය පිණිස පවත්නාහු ද, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ අෂ්ට ධර්‍ම විස්තර විසින් අනුකම්පා පිණිස විභාග කරනසේක්වා’යි. ගැහැවිය, එසේ වී නම් අසව, මොනවට මෙනෙහි කරව. කියන්නෙමි’යි. ‘එසේ යැ වහන්සැ’යි පෝතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්විය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
Pali BJT‘අපාණාතිපාතං නිස්සාය පාණාතිපාතො පහාතබ්බො’ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු පාණාතිපාතී අස්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච්ඡෙදාය පටිපන්නො. අහඤ්චෙව ඛො පන පාණාතිපාතී අස්සං අත්තාපි මං උපවදෙය්ය පාණාතිපාතපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්යුං පාණාතිපාතපච්චයා, කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා පාණාතිපාතපච්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං පාණාතිපාතො, යෙ ච පාණාතිපාතපච්චයා උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, පාණාතිපාතා පටිවිරතස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අපාණාතිපාතං නිස්සාය පාණාතිපාතො පහාතබ්බො’ති ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. මේ කුමක් පිණිස කියනලද ද යත්: ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘පාණාතිපාතී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් පාණාතිපාතතී වෙම් නම් තෙමේත් මට ප්‍රාණවධ හේතුයෙන් නුගුණ කියන්නේ යැ. නුවණැත්තාහු දැන ප්‍රාණවධ හේතුයෙන් නිගා කරන්නාහු යැ. ප්‍රාණවධ හේතුයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් ප්‍රාණවධයෙක් වේ ද මෙය මැ සංයෝජන යැ. මෙය නීවරණ යි. ප්‍රාණඝාත ප්‍රත්‍යයෙන් දුඃඛපරිදාහ ඇති යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් ප්‍රාණඝාතයෙන් වෙන් වූනහුට මෙසේ ඒ විඝාතපරිදාහ වූ ආස්‍රවයෝ නොවෙති. ‘ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු’ යයි මෙසේ තෙල සඳහා කියනලදි.
Pali BJT‘දින්නාදානං නිස්සාය අදින්නාදානං පහාතබ්බ’න්ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු අදින්නාදායී අස්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච්ඡෙදාය පටිපන්නො අහඤ්චෙව ඛො පන අදින්නාදායී අස්සං, අත්තාපි මං උපවදෙය්ය අදින්නාදානපච්චයා.
Sinhala BJT‘දුන් දැය ගනු නිසා අයිනාදන් හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: “මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘අදින්නාදායී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් අදින්නාදායී වෙම් නම් අදින්නාදාන
Pali BJTඅනුවිච්ච විඤ්ඤූ ගරහෙය්යුං අදින්නාදානපච්චයා. කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා අදින්නාදානපච්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං අදින්නාදානං, යෙ ච අදින්නාදානපච්චයා උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. අදින්නාදානා පටිවිරතස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘දින්නාදානං නිස්සාය අදින්නාදානං පහාතබ්බ’න්ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTප්‍රත්‍යයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. නුවණැත්තාහු දැන අදින්නාදාන ප්‍රත්‍යයෙන් නිගා කරන්නාහ. අදින්නාදාන ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් අදින්නාදානයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. අදින්නාදාන ප්‍රත්‍යයෙන් දුක්තැවුලි උපදවන යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් අදින්නාදානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ දුක්තැවුලි උපදවන ඒ ආස්‍රවයෝ නො වෙත්, ‘දුන් දැය ගනු නිසා අයිනාදන් හළයුතු’ යයි මෙසේ යමක් කියනලද ද මේ තෙල සඳහා කියනලදි.
Pali BJT‘සච්චං{1} වාචං නිස්සාය මුසාවාදො පහාතබ්බො’ති ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු මුසාවාදී අස්සං. තෙසාහං සංයොජනානං පහානාය සමුච්ඡෙදාය පටිපන්නො. අහඤ්චෙව ඛො පන මුසාවාදී අස්සං, අත්තාපි මං උපවදෙය්ය මුසාවාදපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්යුං මුසාවාදපච්චයා, කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා මුසාවාදපච්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං මුසාවාදො, යෙ ච මුසාවාදපච්චයා උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. මුසාවාදා පටිවිරතස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘සච්චං වාචං නිස්සාය මුසාවාදො පහාතබ්බො’ති ඉති යං තං, වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘සබසව නිසා මුසාව හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය’ මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘මුසාවාදී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් මුසාවාදී වෙම් නම් මුසවා හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. මුසවා හේතුයෙන් විඥයෝ දැන නිගා කරන්නාහ. මුසවා හේතුයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් මුසවායෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. මුසාවාද ප්‍රත්‍යයෙන් විඝාත පරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් මුසාවාදයෙන් වෙන් වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘සබසව නිසා මුසවා හළයුතු’ යයි මෙසේ යම් කරුණක් කියනලද ද මේ තෙල සඳහා කියනලදි.
Pali BJT‘අපිසුණං වාචං නිස්සාය පිසුනා වාචා පහාතබ්බා’ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු පිසුනාවාචො අස්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච්ඡෙදාය පටිපන්නො අහඤ්චෙව ඛො පන පිසුනාවාචො අස්සං, අත්තාපි මං උපවදෙය්ය පිසුනාවාචපච්චයා{2}, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්යුං පිසුනාවාචපච්චයා, කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා පිසුනාවාචපච්චයා{2}. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං පිසුනා වාචා, යෙ ච පිසුනාවාචපච්චයා උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා පිසුනා වාචා{3} පටිවිරතස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අපිසුණං වාචං නිස්සාය පිසුණා වාචා පහාතබ්බා’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘නො පිසිනුබස් නිසා පිසුනුබස් හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට පිසුනුබස් ඇතියෙම් වීම් ද මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. යළිදු මම පිසුනුබස් ඇතියෙම් නම් පිසුනුබස් හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. විඥයෝ දැන පිසුනුබස් හේතුයෙන් ගරහන්නාහු යැ. පිසුනුබස් හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. යළි යම්, පිසුනුබසෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙය මැ නීවරණ යි. පිසුනුබස් හේතුයෙන් විඝාතපරිළාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් පිසුනුබසින් වැළකුණහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘නො පිසිනුබස් නිසා පිසුනු බස්හළයුතු’ යයි යම් කරුණක් කියනලද නම් මේ තෙල කරුණු සඳහා කියනලදි.
Pali BJT‘අගිද්ධිලොභං නිස්සාය ගිද්ධිලොභො පහාතබ්බො’ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු ගිද්ධිලොභී අස්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච්ඡෙදාය පටිපන්නො අහඤ්චෙව ඛො පන ගිද්ධිලොභී අස්සං, අත්තාපි මං උපවදෙය්ය ගිද්ධිලොභපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්යුං ගිද්ධිලොභපච්චයා, කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා ගිද්ධිලොභපච්චයා එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං ගිද්ධිලොභො, යෙ ච ගිද්ධිලොභපච්චයා උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. අගිද්ධිලොභස්ස{4} එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අගිද්ධිලොභං නිස්සාය ගිද්ධිලොභො පහාතබ්බො’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘අගිද්ධිලෝභය නිසා ගේධ සඞ්ඛ්‍යාත ලෝභය හළයුතු’ යයි, මෙසේ තෙල කියනලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ගේධ සඞ්ඛ්‍යාත ලෝභ ඇති වීම් නම් මම ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. යළි මම ගේධ ලෝභ ඇති වීම් නම් ගිද්ධිලෝභ හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. විඥයෝ දැන ගිද්ධිලෝභ හේතුයෙන් ගරහන්නාහු යැ. කාබුන් මරණින් මතුයෙහි ගිද්ධිලෝභ හේතුයෙන් දුර්‍ගති කැමැති වියයුත්තී යැ. තවද යම්, ගිද්ධිලෝභයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. ගිද්ධිලෝභ හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් ගිද්ධිලෝභ රහිත වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘ගිද්ධිලෝභය නිසා ගේධසඞ්ඛ්‍යාත ලෝභය හළයුතු’ යයි යමක් කියනලද ද, මේ තෙල කරුණ පිණිස කියනලදි.
Pali BJT‘අනින්දාරොසං නිස්සාය නින්දාරොසො පහාතබ්බො’ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු නින්දාරොසී අස්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච්ඡෙදාය පටිපන්නො. අහඤ්චෙව ඛො පන නින්දාරොසී අස්සං, අත්තාපි මං උපවදෙය්ය නින්දාරොසපච්චයා, අනුවිච්ච විඤ්ඤූ{1} ගරහෙය්යුං නින්දාරොසපච්චයා, කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා නින්දාරොසපච්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං නින්දාරොසො. යෙ ච නින්දාරොසපච්චයා උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. අනින්දාරොසිස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අනින්දාරොසං නිස්සාය නින්දාරොසො පහාතබ්බො’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTඅනින්‍දාරෝෂය නිසා නින්‍දාගැටුම හළයුතු යයි මෙසේ තෙල කියනලද ද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට නින්‍දාරෝෂ ඇති වීම් නම් මම ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. යළිදු මම නින්‍දාරෝෂ ඇති වීම් නම් තෙමේත් මට නින්‍දාරෝෂ ප්‍රත්‍යෙයන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන නින්‍දාරෝෂ හේතුයෙන් ගරහන්නාහු යැ. නින්‍දාරෝෂ හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. යළි යම් නින්‍දාරෝෂයෙක් ඇද්ද, මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. නින්‍දාරෝෂ හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද නින්‍දාරෝෂ නැත්තහුට මෙසේ ඒ විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ නො වෙත්. ‘අනින්‍දාරෝෂය නිසා නින්‍දාරෝෂය හළයුතු යයි මෙසේ යමක් කියනලද ද, මෙය තෙල කරුණ සඳහා කියන ලද.
Pali BJT‘අකොධූපායාසං නිස්සාය කොධූපායාසො පහාතබ්බො’ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු කොධූපායාසී අස්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච්ඡෙදාය පටිපන්නො. අහඤ්චෙව ඛො පන කොධූපායාසී අස්සං, අත්තාපි මං උපවදෙය්ය කොධූපායාසපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්යුං කොධූපායාසපච්චයා, කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා කොධූපායාසපච්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං කොධූපායාසො. යෙ ච කොධූපායාසපච්චයා උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. අකොධූපායාසිස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අක්කොධූපායාසං නිස්සාය කොධූපායාසො පහාතබ්බො’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘අකෝධූපායාසය නිසා කෝධූපායාසය හළයුතු යයි මෙසේ තෙල කරුණ කියනලද. තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට කෝධූපායාසය ඇති වීම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් කෝධූපායාස ඇති වීම් නම් තෙමේත් මට කෝධූපායාස හේතුයෙන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන කෝධූපායාස හේතුයෙන් නිගා කරන්නාහු යැ. කෝධූපායාසය හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. වැළිදු යම් කෝධූපායාසයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ මෙ නීවරණ යි. ‘කෝධූපායාසය හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද කෝධූපායාසය රහිත වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ නො වෙත්. අකෝධූපායාසය නිසා කෝධූපායාසය හළයුතු’ යයි මෙසේ යමක් කියනලද ද, මෙ කරුණ තෙල සඳහා කියන ලදි.
Pali BJT‘අනතිමානං නිස්සාය අතිමානො පහාතබ්බො’ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු අතිමානී අස්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච්ඡෙදාය පටිපන්නො. අහඤ්චෙව ඛො පන අතිමානී අස්සං, අත්තාපි මං උපවදෙය්ය අතිමානපච්චයා, අනුවිච්ච විඤ්ඤූ ගරහෙය්යුං අතිමානපච්චයා, කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා අතිමානපච්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං අතිමානො. යෙ ච අතිමානපච්චයා උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, අනතිමානිස්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ‘අනතිමානං නිස්සාය අතිමානො පහාතබ්බො’ති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘අනතිමානය නිසා අතිමානය හළයුතු යයි යමක් මෙසේ කියන ලද ද. තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට අතිමාන ඇති වීම් නම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම වැළිත් අතිමාන ඇති වීම් නම් තෙමේත් මට අතිමාන හේතුයෙන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන අතිමානය හේතුයෙන් ගරහන්නාහු, යැ. අතිමානය හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. වැළිදු යම් අතිමානයයෙක් ඇද්ද, මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. අතිමාන හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද අතිමාන නැත්තහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. අනතිමානය නිසා අතිමානය හළයුතු යයි මෙසේ යමක් කියනලද ද, මෙ කරුණ තෙල සඳහා කියන ලදි.
Pali BJTඉමෙ ඛො ගහපති අට්ඨ ධම්මා සංඛිත්තෙන වුත්තා විත්ථාරෙන විභත්තා{2} යෙ අරියස්ස විනයෙ වොහාරසමුච්ඡෙදාය සංවත්තන්ති. න ත්වෙව තාව අරියස්ස විනයෙ සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං වොහාරසමුච්ඡෙදො හොතීති. යථා කථං පන භන්තෙ අරියස්ස විනයෙ සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං වොහාරසමුච්ඡෙදො හොති: සාධු මෙ භන්තෙ භගවා තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං වොහාරසමුච්ඡෙදො හොතීති. තෙන හි ගහපති සුණාහි. සාධුකං මනසිකරොහි. භාසිස්සාමීති. එවං භන්තෙති ඛො පොතලියො ගහපති භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTගැහැවිය, ආර්‍ය්‍ය විනයෙහි යම් ධර්‍ම කෙනෙක් ව්‍යවහාර සමුච්ඡේදය පිණිස පවත්නාහු ද මේ අෂ්ට ධර්‍මයෝ සැකෙවින් කියන ලද්දහු විස්තරයෙන් විභක්ත වූවාහු වෙති. එතෙකුදු වත් ආර්‍ය්‍ය විනයෙහි සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල ව්‍යවහාරසමුච්ඡේදය නො මැ වේ යයි. වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල කවර පරිද්දෙකින් ව්‍යවහාරසමුච්ඡේදය වේ ද: මැනැව වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි ආර්‍ය්‍ය විනයෙහි සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල ව්‍යවහාරසමුච්ඡේදය වේ ද එ පරිද්දෙන් දහම් දෙසනසේක්වා යි, එසේ නම් ගැහැවිය, අසව මොනවට මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේ යැ වහන්සැ’ යි පෝතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්විය. භාග්‍යවත්හු තෙල වදාළ සේක.
Pali BJTසෙය්යථාපි ගහපති කුක්කුරො ජිඝච්ඡාදුබ්බල්යපරෙතො ගොඝාතකසූණං පච්චුපට්ඨිතො අස්ස. තමෙනං දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා අට්ඨිකඞ්කලං සුනිකන්තනිකන්තං{1} නිම්මංසං ලොහිතමක්ඛිත්තං උපච්ඡුභෙය්ය{2}. තං කිං මඤ්ඤසි ගහපති: අපි නු සො කුක්කුරො අමුං අට්ඨිකඞ්කලං සුනිකන්තනිකන්තං නිම්මංසං ලොහිතමක්ඛිත්තං පළිඛාදෙන්තො{3} ජිඝච්ඡාදුබ්බල්යං පටිවිනෙය්යාති. නො හෙතං භන්තෙ, තං කිස්ස හෙතු: අදුං හි භන්තෙ අට්ඨිකඞ්කලං සුනිකන්තනිකන්තං නිම්මංසං ලොහිතමක්ඛිත්තං, යාවදෙව ච පන සො කුක්කුරො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සාති. එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති. අට්ඨිකඞ්කලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො’ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා යායං උපෙක්ඛා නානත්තා නානත්තසිතා, තං අභිනිවජ්ජෙත්වා යායං උපෙක්ඛා එකත්තා එකත්තසිතා, යත්ථ සබ්බසො ලොකාමිසූපාදානා අපරිසෙසා නිරුජ්ඣන්ති. තමෙවූපෙක්ඛං භාවෙති.
Sinhala BJTයම් පරිදි ගැහැවිය, බඩසා දුබල බැවින් පෙළුණු සුනඛයෙක් ගවයන් නසන වධස්ථායට පැමිණියේ වෙයි. ඔහුට දක්‍ෂ වූ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතවැසියෙක් හෝ මොනවට මස් ලියන ලද, මස් රහිත වූ ලෙහෙයෙන් වැකුණු ඇටසැකිල්ලක් දමන්නේ යැ. ගැහැවිය, ඒ කිමැයි සිතව. ඒ කුක්කුරයා මොනවට ලියන ලද මස් රහිත වූ ලෙහෙයෙන් වැකුණු ඇටසැකිල්ල ලෙවකන්නේ බඩසා දුබල බැව් නසන්නේදැ යි, වහන්ස, තෙල නො වේ මැ යි. එ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයකින් තෙල ඇටසැකිල්ල මොනවට මස් ලියන ලද මස් රහිත වූ යේ ද ලෙහෙයෙන් වැකුණේ ද එහෙයිනි. යළි ඒ කුක්කුරයා ක්ලමථයට මැ වෙහෙසට මැ හිමි වන්නේ යයි. එසෙයින් මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, දැඩි ආයාස ඇත්තාහ. මෙහි බොහෝ ආදීනව ඇතැ’යි වදාරන ලද. මෙසේ තෙල කාමය යථාභූත වැ සම්‍යග්ඥානයෙන් දැක යම් මේ උපේක්‍ෂාවක් නානා ස්වභාව වූ ද නානා අරමුණු ඇසුරු කළා ද ඒ උපේක්‍ෂාව දුරු කොට යම් චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාවක් ඒකස්වභාව වූ ද එක් අරමුණක් ඇසුරුකොට ඇත්තී ද, යම් ධ්‍යානෝපෙක්‍ෂායෙක සර්‍වප්‍රකාරයෙන් පඤ්චකාමගුණාමිසයෝ අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද ඒ ධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
Pali BJTසෙය්යථාපි ගහපති ගිජ්ඣො වා කඞ්කො වා කුලලො වා මංසපෙසිං ආදාය උඩ්ඩීයෙය්ය,{4} තමෙනං ගිජ්ඣාපි කඞ්කාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙය්යුං විරාජෙය්යුං:{5} තං කිම්මඤ්ඤසි ගහපති, සචෙ සො ගිජ්ඣො වා කඞ්කො වා කුලලො වා තං මංසපෙසිං න ඛිප්පමෙව පටිනිස්සජ්ජෙය්ය. සො තතො නිදානං මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛන්ති. එවං භන්තෙ, එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: මංසපෙසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යොති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා යායං උපෙක්ඛා නානත්තා නානත්තසිතා, තං අභිනිවජ්ජෙත්වා යායං උපෙක්ඛා එකත්තා එකත්තසිතා. යත්ථ සබ්බසො ලොකාමිසූපාදානා අපරිසෙසා නිරුජ්ඣන්ති. තමෙවූපෙක්ඛං භාවෙති.
Sinhala BJTයම් පරිදි ගැහැවිය, ගිජුළිහිණියෙක් වේවයි ලොහොතුඩුවෙක් වේවයි උකුසෙක් වේවයි මස්වැදැල්ලක් ගෙන අහසට පියාඹා යන්නේ ද, ඔහු ගිජුළිහිණියෝ ද ලොහොතුඩුවෝ ද උකුස්සෝ ද ලුහුබඳිමින් කොටන්නාහු ද ( මස් වැදැල්ල) හෙළන්නා හු ද, ගැහැවිය, ඒ කුමැ යි සිතව. ඉදින් ඒ ගිජුළිහිණියා හෝ ලෝතුඩුවා හෝ උකුස්සා හෝ ඒ මස්වැදැල්ල වහා මැ නො හරන්නේ නම් හේ එ කරුණින් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙන්නේ යයි. එසේ යැ වහන්ස, එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලද, මෙසේ තෙල ඇතිසැටියෙන් සම්‍යග්ඥානයෙන් දැක යම් උපේක්‍ෂාවක් නානාස්වභාව ඇද්ද නානාලම්බන ඇසුරු කළා ද ඒ කාමගුණාලම්බන උපේක්‍ෂාව හැරපියා යම් ධ්‍යානෝපේක්‍ෂායෙක්හි සර්‍වප්‍රකාරයෙන් ලෝකාමිෂ සඞ්ඛ්‍යාත පඤ්චකාමගුණෝපාදානයෝ, අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද ඒ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
Pali BJTසෙය්යථාපි ගහපති පුරිසො ආදිත්තං තිණුක්කං ආදාය පටිවාතං ගච්ඡෙය්ය. තං කිම්මඤ්ඤසි ගහපති, සචෙ සො පුරිසො තං ආදිත්තං තිණුක්කං න ඛිප්පමෙව පටිනිස්සජ්ජෙය්ය. තස්ස සා ආදිත්තා තිණුක්කා හත්ථං වා දහෙය්ය බාහං වා දහෙය්ය. අඤ්ඤතරං වා{6} අඞ්ගපච්චඞ්ගං දහෙය්ය. සො තතො නිදානං මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛන්ති. එවං භන්තෙ. එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: තිණුක්කූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථභිය්යොති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා -පෙ- තමෙවූපෙක්ඛං භාවෙති.
Sinhala BJTයම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ඇවිළැගත් තණහුලක් ගෙන ප්‍රතිවාතයට යන්නේ යැ. ගැහැවි, ඒ කිමැ යි සිතහි? ඉදින් ඒ පුරුෂ ඒ ඇවිළගත් තණහුල වහා මැ නො හරන්නේ නම් ඒ ඇවිළගත් තණහුල ඔහුගේ අත හෝ දවන්නේ යැ. බාහුව හෝ දවන්නේ යැ. අන්‍යතර අඟපසඟ හෝ දවන්නේ යැ. ඒ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙන්නේ යැ යි. එසේ යැ වහන්ස, එපරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලද’ යි. තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් යථාභූත කොට දැක ... ඒ ධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
Pali BJTසෙය්යථාපි ගහපති අඞ්ගාරකාසු සාධිකපොරිසා පූරා අඞ්ගාරානං වීතච්චිකානං වීතධූමානං, අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො.{1} තමෙනං ද්වෙ බලවන්තො පුරිසා නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුං උපකඩ්ඪෙය්යුං. තං කිම්මඤ්ඤසි ගහපති, අපි නු සො පුරිසො ඉතිචිතිචෙව කායං සන්නාමෙය්යාති, එවං භන්තෙ තං කිස්ස හෙතු: විදිතං හි භන්තෙ තස්ස පුරිසස්ස ඉමඤ්චෙහං අඞ්ගාරකාසුං පතිස්සාමි. තතො නිදානං මරණං වා නිගච්ඡාමි මරණමත්තං වා දුක්ඛන්ති. එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: අඞ්ගාරකාසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යොති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා -පෙ- තමෙවූපෙක්ඛං භාවෙති.
Sinhala BJTයම් පරිදි ගැහැවිය, පුරුෂ ප්‍රමාණයෙන් අධික වූ සිළු රහිත දුම් රහිත අඟුරු පිරැණු අඞ්ගාරකර්ෂූයෙක් වෙයි. එකලැ ජීවත් වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමුති දුකට ප්‍රතිකූල වූ පුරුෂයෙක් එන්නේ යැ. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත් ගෙන තෙල පුඟුල්හු අඞ්ගාරකර්ෂූවට අදනාහු යැ. ගැහැවිය, ඒ කිමැ යි සිතහි? ඒ පුරුෂ ඔබ මොබ කය නමන්නේ නො වේ ද? එසේ යැ වහන්ස, එ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයකින් එ පුරුෂයා විසින් ‘ඉදින් මම් මේ අඞ්ගාරකර්ෂූවට වැටෙම් නම් එ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙමි’යි දන්නා ලද ද, එහෙයිනි. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ අඞ්ගාරකර්ෂූපම වූහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... ඒ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
Pali BJTසෙය්යථාපි ගහපති පුරිසො සුපිනකං පස්සෙය්ය ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යකං සො පටිබුද්ධො න කිඤ්චි පස්සෙය්ය,{2} එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: සුපිනකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යොති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා -පෙ- තමෙවූපෙක්ඛං භාවෙති.
Sinhala BJTයම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ආරාමයෙන් රමණී වූ වනයෙන් රමණී වූ භූමි විසින් රමණී වූ පුෂ්කරණින් රමණී වූ සිහින දක්නේ යැ. හේ පිබිදියේ කිසිවක් නො දකී. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ ස්වප්නයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... එ මැ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව වඩා.
Pali BJTසෙය්යථාපි ගහපති පුරිසො යාචිතකං භොගං යාචිත්වා යානං වා{3} පොරොසෙය්යං{4} පවරමණිකුණ්ඩලං. සො තෙහි යාචිතකෙහි භොගෙහි පුරක්ඛතො පරිවුතො අන්තරාපණං පටිපජ්ජෙය්ය. තමෙනං ජනො දිස්වා එවං වදෙය්ය: භොගී වත භො පුරිසො, එවං කිර භොගිනො භොගානි භුඤ්ජන්තීති. තමෙනං සාමිකා යත්ථ යත්ථෙව පස්සෙය්යුං. තත්ථ තත්ථෙව සානි හරෙය්යුං. තං කිම්මඤ්ඤසි ගහපති, අලන්නු ඛො තස්ස පුරිසස්ස අඤ්ඤථත්තායාති. එවං භන්තෙ, තං කිස්ස හෙතු: සාමිනො හි භන්තෙ සානි අරහන්තීති. එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යාචිතකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යොති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා -පෙ- තමෙවූපෙක්ඛං භාවෙති.
Sinhala BJTයම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් පුරුෂයනට නිසි වූ යානයක් හෝ උතුම් මිණිකොඬොල් හෝ පිරුළු කොටගත් භෝගයක් අයැද ගෙන හේ එ පිරුළු කොටගත් භෝගයෙන් පෙරටු කොට ඇතියේ පිරිවරන ලදුයේ අතුරු අවුණට පිළිපදනේ යැ. තෙල පුරුෂයා දැක ජනයා මෙසේ කියන්නේ යැ, භවත, භෝග ඇති පුරුෂයෙක් මැ යැ. භෝග ඇත්තාහු මෙසේ භෝගයන් වළඳ කෙරෙති යි. ස්වාමීහු තෙල පුරුෂයා යම් යම් තැනෙක්හි මැ දක්නාහු ද එ එ තැන්හි දී මැ තමන්ගේ භාණ්ඩයන් හැරගන්නාහු යැ. ගැහැවි, එ කිමැ? යි හඟිහි. එ පුරුෂයාගේ අන්‍යථාත්‍වයට නිසි වූයේ නු? යි. එසේ යැ වහන්ස, එ කුමක් හෙයින යත්: වහන්ස, යම් හෙයකින් ස්වාමීහු ස්වකීය භාණ්ඩයන් හැරගනිත් ද එහෙයිනි. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ පිරුළුගත් භාණ්ඩයකට උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... එ මැ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
Pali BJTසෙය්යථාපි ගහපති ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ තිබ්බො වනසණ්ඩො. තත්රස්ස රුක්ඛො සම්පන්නඵලො ච උප්පන්නඵලො ච, න චස්සු කානිචි ඵලානි භූමියං පතිතානි. අථ පුරිසො ආගච්ඡෙය්ය ඵලත්ථිකො ඵලගවෙසී ඵලපරියෙසනං චරමානො. සො තං වනසණ්ඩං අජ්ඣොගහෙත්වා{5} තං රුක්ඛං පස්සෙය්ය සම්පන්නඵලඤ්ච උපපන්නඵලඤ්ච, නත්ථි ච කානිචි ඵලානි භූමියං පතිතානි. ජානාමි ඛො පනාහං රුක්ඛං ආරුහිතුං{6} යන්නූනාහං ඉමං රුක්ඛං ආරුහිත්වා{7} යාවදත්ථඤ්ච ඛාදෙය්යං උච්ඡඞ්ගඤ්ච පූරෙය්යන්ති. සො තං රුක්ඛං ආරුහිත්වා{7} යාවදත්ථඤ්ච
Sinhala BJTයම් පරිදි ගැහැවිය, ගමට හෝ නිගමයට හෝ නුදුරෙහි ගහන වූ වනලැහැබෙක් වෙයි. එහි මධුර ඵල ඇති බොහෝ ඵල ඇති රුකෙක් වන්නේ යැ. බිම වැටුණු කිසි ඵල කෙනෙක් නො ද වූවාහ. එකල්හි ඵල අර්‍ත්‍ථ කොට ඇති ඵල සොයන ඵල සෙවීමට හැසිරෙන පුරුෂයෙක් එන්නේ යැ. හෙ එ වනළැහැබට පිවිස මධුර වූ ඵල ඇති බොහෝ හටගත් ඵල ඇති එ රුක් දක්නේ යැ. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මෙ රුක මධුර ඵල ඇත්තේ ද බොහෝ ඵල ඇත්තේ ද වෙයි. බිමැ වැටුණු කිසි ඵලයෙක් නැත. මම් රුකට නඟින්නට දනිමි. මම් මෙ රුකට නැඟී යැපෙන පමණ කන්නෙම් නම් හිඟැ පුරාලන්නෙම් නම් මැනැවැ යි. හෙ එ රුකට නැඟී යැපෙන පමණ කන්නේ යැ. හිඟ ද
Pali BJTඛාදෙය්ය උච්ඡඞ්ගඤ්ච පූරෙය්ය. අථ දුතියො පුරිසො ආගච්ඡෙය්ය ඵලත්ථිකො ඵලගවෙසී ඵලපරියෙසනං චරමානො තිණ්හං කුඨාරිං ආදාය. සො තං වනසණ්ඩං අජ්ඣොගහෙත්වා තං රුක්ඛං පස්සෙය්ය සම්පන්නඵලඤ්ච උප්පන්නඵලඤ්ච තස්ස එවමස්ස: අයං ඛො රුක්ඛො සම්පන්නඵලො ච, උප්පන්නඵලො ච, නත්ථි ච කානිචි ඵලානි භූමියං පතිතානි. න ඛො පනාහං ජානාමි රුක්ඛං ආරුහිතුං, යන්නූනාහං ඉමං රුක්ඛං මූලතො ඡෙත්වා යාවදත්ථඤ්ච ඛාදෙය්යං උච්ඡඞ්ගඤ්ච පූරෙය්යන්ති. සො තං රුක්ඛං මූලතො ඡින්දෙය්ය. තං කිම්මඤ්ඤසි ගහපති, අසු යො{1} සො පුරිසො පඨමං රුක්ඛං ආරූළ්හො, සචෙ සො න ඛිප්පමෙව ඔරොහෙය්ය{2} තස්ස සො රුක්ඛො පපතන්තො හත්ථං වා භඤ්ජෙය්ය, අඤ්ඤතරං වා අඞ්ගපච්චඞ්ගං භඤ්ජෙය්ය, සො තතො නිදානං මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛන්ති. එවං භන්තෙ. එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: රුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යොති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා යායං උපෙක්ඛා එකත්තා එකත්තසිතා යත්ථ සබ්බසො ලොකාමිසූපාදානා අපරිසෙසා නිරුජ්ඣන්ති. තමෙවූපෙක්ඛං භාවෙති.
Sinhala BJTපුරාලන්නේ යැ. ඉක්බිති ඵලාර්ත්‍ථී වූ ඵල ගවේෂණය කරන ඵල පර්‍ය්‍යෙෂණයෙහි හැසිරෙන දෙවැනි පුරුෂයෙක් තිහිණි කෙටේරියක් ගෙන එන්නේ යැ. හෙ එ වනළැහැබට පිවිස මධුර වූ ඵල ඇත්තා වූ ද බොහෝ ඵල ඇත්තා වූ ද එ රුක දක්නේ යැ. ඔහුට මෙ සිත වෙයි. මෙ රුක මධුර ඵල ඇත්තේ ද බොහෝ ඵල ඇත්තේ ද වෙයි. බිමැ වැටුණු කිසි ඵලයෙක් නැත්තේ ද වෙයි. මම් වැළිත් රුකට නැඟින්නට නො දනිමි. මම් මේ රුක මුලින් සිඳ යැපෙන පමණ කන්නෙම් නම් හිඟ ද පුරාලන්නෙම් නම් මැනැවැ’ යි. හෙ එ රුකමුලින් සිඳිනේ යැ. ගැහැවිය, එ කිමැ යි හඟිහි? පළමු රුකට නැඟුණු ඒ පුරුෂයෙක් වේ ද, ඉදින් හෙතෙම වහා මැ නො බස්නේ නම් වැටෙන එ රුක ඔහුගේ අත හෝ බිඳින්නේ යැ. පය හෝ බිඳින්නේ යැ. අන්‍යතර අඞ්ග ප්‍රත්‍යඬගයක් හෝ බිඳින්නේ යැ. හේ ඒ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණේ යයි? එසේ යැ වහන්ස. එසෙයින්ම ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ වෘක‍්ෂඵලෝපම වූහ, බොහෝ දුක් ඇත්තාහ, දැඩි පීඩා ඇත්තාහ’යි වදාරන ලද. මෙහි ආදීනව බොහෝ යයි මෙසෙයින් කරුණ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක නානා ස්වභාව වූ නානාලම්බන ඇසුරු කළ යම් පඤ්චකාමගුණ උපේක්‍ෂායෙක් ඇද්ද එය දුරු කොට එක ස්වභාව වූ ඒකාලම්බන වූ යම් චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂායෙක් ඇද්ද, යම් උපේක්‍ෂායෙක්හි සර්‍වප්‍රකාර ලෝකාමිස සඞ්ඛ්‍යාත වූ පඤ්චකාම ගුණෝපාදානයෝ අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද, ඒ ධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
Pali BJTස ඛො සො ගහපති අරියසාවකො ඉමංයෙව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක නිරුත්තර වූ මෙ මැ උපේක්‍ෂාස්මෘති පාරිශුද්ධියට නන් වැදෑරුම් වූ පූර්‍වනිවාසය සිහි කරයි. ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු .. .මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කරයි.
Pali BJTස ඛො සො ගහපති අරියසාවකො ඉමංයෙව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ. හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධියට පැමිණ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගතිගත දුර්‍ගතිගත සත්‍වයන් දකියි. කම් වූ පරිදි මියැ පරලොව ගිය සත්ත්‍වයන් දකියි. කම් වූ පරිදි මියැ පරලොව ගිය සත්ත්‍වයන් දැනගනියි.
Pali BJTස ඛො සො ගහපති අරියසාවකො ඉමංයෙව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂාස්මෘති පාරිශුද්ධියට පැමිණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වාස කෙරෙයි.
Pali BJTඑත්තාවතා ඛො ගහපති අරියස්ස විනයෙ සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං වොහාරසමුච්ඡෙදො හොති. තං කිම්මඤ්ඤසි ගහපති, යථා අරියස්ස විනයෙ සබ්බෙන සබ්බං වොහාරසමුච්ඡෙදො හොති. අපි නු ත්වං එවරූපං වොහාරසමුච්ඡෙදං අත්තනි සමනුපස්සසීති. කො චාහං භන්තෙ කො ච අරියස්ස විනයෙ සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං වොහාරසමුච්ඡෙදො. මයං හි භන්තෙ පුබ්බෙ අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ අනාජානීයෙව සමානෙ ආජානීයාති අමඤ්ඤිම්හ. අනාජානීයෙව සමානෙ ආජානීයභොජනං භොජිම්හ. අනාජානීයෙව සමානෙ ආජානීයඨානෙ ඨපිම්හ. භික්ඛූ පන මයං භන්තෙ ආජානීයෙව සමානෙ අනාජානීයාති අමඤ්ඤිම්හ. ආජානීයෙව සමානෙ අනාජානීයභොජනං භොජිම්හ.
Sinhala BJTගැහැවිය, මෙතෙකින් ආර්‍ය්‍ය විනයෙහි සර්‍වථායෙන් ව්‍යවහාර සමුච්ඡේදය වෙයි. ගැහැවිය, ඒ කිමැයි සිතහි? යම් පරිදි ආර්‍ය්‍ය විනයෙහි සර්‍වථායෙන් ව්‍යවහාර සමුච්ඡේදය වේ ද, කිම තෙපි මෙබඳු වූ ව්‍යවහාර සමුච්ඡේදය තමා කෙරෙහි ලා දක්නාව? යි. වහන්ස, මම කවරෙකිම් ද? ආර්‍ය්‍ය විනයෙහි සර්‍වථායෙන් ව්‍යවහාර සමුච්ඡේදය කවරේ ද? වහන්ස, මම සර්‍වථායෙන් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදයෙන් (අහසට පොළොව මෙන්) දුරු වෙමි. වහන්ස, අපි පෙර අන්තොටු පිරිවැජියන් (ගිහි ව්‍යවහාර සමුච්ඡෙදයට කාරණා) නො දන්නවුන් ‘දන්නාහ’ යි සිතුම්හ. නො දන්නවුනට මැ කරුණු දන්නවුන් විසින් වැළැඳියයුතු භෝජනය වැළඳවූම්හ. කාරණ නො දන්නාවුන් මැ කාරණ දන්නවුන්ගේ තන්හි තැබුම්හ. තවද වහන්ස, අපි භික්‍ෂූන් (ව්‍යවහාර සමුච්ඡේද) කාරණ දන්නාවුන් මැ ‘නොදන්නාහ’යි සිතුම්හ. කාරණ දන්නාවුන් මැ කාරණ නො දනුවනට නිසි භෝජනය වැළඳ වූම්හ.
Pali BJTආජානීයෙව සමානෙ අනාජානීයඨානෙ ඨපිම්හ. ඉදානි පන මයං භන්තෙ අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ අනාජානීයෙව සමානෙ අනාජානීයාති ජානිස්සාම. අනාජානීයෙව සමානෙ අනාජානීයභොජනං භොජෙස්සාම{1} අනාජානීයෙව සමානෙ අනාජානීයඨානෙ ඨපෙස්සාම. භික්ඛූ පන මයං භන්තෙ ආජානීයෙව සමානෙ ආජානීයාති ජානිස්සාම ආජානීයෙව සමානෙ ආජානීයභොජනං භොජෙස්සාම. ආජානීයෙව සමානෙ ආජානීයඨානෙ ඨපෙස්සාම{2} අජනෙසි වත මෙ භන්තෙ භගවා සමණෙසු සමණපෙමං{3} සමණෙසු සමණප්පසාදං සමණෙසු සමණගාරවං.
Sinhala BJTකාරණ දන්නාවුන් මැ අනාජානීය ස්ථානයෙහි තැබූම්හ. දැන් වූකලී වහන්ස, අපි අන්තොටු පිරිවැජියන් කාරණා නො දන්නවුන් මැ ‘නො දන්නාහ’යි දනුම්හ. නො දන්නවුන් මැ නො දන්නාවුනට නිසි භෝජනය වළඳවම්හ. අනාජානීය වූවන් මැ අනාජානීය ස්ථානයෙහි තබම්හ. යළි වහන්ස, අපි භික්‍ෂූන් කාරණ දන්නාවුන් මැ ‘අජානීය වූහ’යි දනුම්හ. අජානීය වූවන් මැ අජානීයනට නිසි භෝජනය වළඳවම්හ. අජානීය වූවන් මැ අජානීය ස්ථානයෙහි තබම්හ. වහන්ස, බුදුහු ඒකාන්තයෙන් මට ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය දැනවූසේක. ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ගෞරවය දැනවූ සේක.
Pali BJTඅභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං{4} වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං{5} භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTවහන්ස, ඉතා මැනව. වහන්ස, ඉතා කාන්ත යි. වහන්ස, යම් පරිදි යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, පිළිසන් වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවකුට මග පවසන්නේ හෝ වේ ද, අඳුරෙහි ඇස් ඇත්තාහු රූපයන් දක්නාහ’යි තෙල් පහනක් ධරන්නේ හෝ වේද, එසෙයින් මැ භාග්‍යවතුන් විසින් දහම් පවසන ලද්දේ යැ. වහන්ස, තෙල මම් භාග්‍යවත්හු ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද ආදී කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරණ සේක්ව යි.
Pali BJTපොතලියසුත්තං චතුත්ථං.
Sinhala BJTසතර වැනි පෝතලිය සූත්‍ර යි.
Pali BJT2. 1. 5.
Sinhala BJT2. 1. 5.
Pali BJTජීවක සුත්තං
Sinhala BJTජීවක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙ. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කෞමාරභෘත්‍ය ජීවකයන්ගේ අඹවන උයන්හි ව වැඩවසනසේක. එකල්හි කෞමාරභෘත්‍ය ජීවක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පස්වැ හින. එකත්පස්වැ හුන් කෞමාරභෘත්‍ය ජීවක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළෙ:
Pali BJTසුතං මෙතං භන්තෙ, සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්ති, තං සමණො ගොතමො ජානං උද්දිස්සකටං{1} මංසං පරිභුඤ්ජති පටිච්චකම්මන්ති. යෙ තෙ භන්තෙ එවමාහංසු: සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්ති. තං සමණො ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්මන්ති. කච්චි තෙ භන්තෙ භගවතො වුත්තවාදිනො, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛක්ඛන්ති. ධම්මස්ස චානුධම්මං බ්යාකරොන්ති. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං{2} ආගච්ඡතීති.
Sinhala BJTවහන්ස, මා විසින් තෙල අසන ලද, ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණවධ කෙරෙති. ශ්‍රමණ ගෞතමයෝ දැන දැන උදෙසා කරනලද තමන් පිණිස කරණලද මාංසය වළඳන්නාහ’ යි. වහන්ස, යම් කෙනෙක් මෙසේ කීහු ද: “ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණවධ කෙරෙති. ශ්‍රමණ ගෞතමයෝ උදෙසා කරනලද තමන් පිණිස කරනලද ඒ මාංසය දැන දැන වළඳන්නාහ’ යි. කිමෙක වහන්ස, ඔවුහු භාග්‍යවතුන් විසින් වදාළ දැය කියන්නාහු ද? භාග්‍යවතුන්, අභූතයෙන්, නො ද අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද? භාග්‍යවතුන් වදාළ කාරණයට අනුව ප්‍රකාශ කෙරෙත් ද? සකාරණ වූ (නුඹ වහන්සේගේ) කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණේ දැ? යි.
Pali BJTයෙ තෙ ජීවක එවමාහංසු: සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්ති. තං සමණො ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්මන්ති, න මෙ තෙ වුත්තවාදිනො, අබ්භාචික්ඛන්ති ච පන{3} මන්තෙ අසතා අභූතෙන. තීහි ඛො අහං ජීවක ඨානෙහි මංසං අපරිභොගන්ති වදාමි: දිට්ඨං සුතං පරිසඞ්කිතං, ඉමෙහි ඛො අහං ජීවක තීහි ඨානෙහි මංසං අපරිභොගන්ති වදාමි. තීහි ඛො අහං ජීවක ඨානෙහි මංසං පරිභොගන්ති වදාමි: අදිට්ඨං අසුතං අපරිසඞ්කිතං, ඉමෙහි ඛො අහං ජීවක තීහි ඨානෙහි මංසං පරිභොගන්ති වදාමි.
Sinhala BJTජීවකය, යම් කෙනෙක් මෙසේ කීහු නම්: ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණඝාත කෙරෙති. ශ්‍රමණ ගෞතමයන් උදෙසා කරනලද තමන් පිණිස කරණ ලද ඒ මාංසය දැන දැන වළඳන්නාහ’යි. ඔහු මා විසින් කියන ලද්ද කියන්නාහු නො වෙති. යළි ඔහු මට අසත්‍ය වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙති. ජීවකය, මම කරුණු තුනෙකින් මාංසය පරිභෝගාර්‍ග නො වේ යයි කියමි. දක්නාලද්දේ යැ අසනාලද්දේ යැ සැක කරනලද්දේ යැ යනුයි. ජීවකය, මම මේ කරුණු තුනින් මාංසය පරිභෝග නො කටයුතු යයි කියමි. ජීවකය, මම කරුණු තුනෙකින් (පරිශුද්ධ වූ) මාංසය වැළඳියයුතු යයි කියමි: නො දක්නාලද්දෙ යැ නො අසන ලද්දේ යැ සැක නො කරන ලද්දේ යැ යනු යි. ජීවකය, මම මෙ කරුණු තුනින් (පරිශුද්ධ වූ) මාංසය වැළඳියයුතු යයි කියමි.
Pali BJTඉධ ජීවක භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය{4} සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානොව{5} ජීවක භික්ඛු අධිවාසෙති. සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං{6} නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවෙසනං තෙනුපසඞ්කමති. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසති. තස්ස න එවං හොති: සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසති. අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසෙය්යාති.
Sinhala BJTජීවකය, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරෙයි. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැහැස විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවන දිග ද එසෙයින් මැ හතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාද වූ මෙත් සහගිය සිතින් පැහැසැගෙන විහාර කෙරෙයි. තුලුන් කරා ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැත්තේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවියාගේ හෝ ගැහැවි දරුවාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවියා හෝ ගැහැවිදරුවා හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. උහුට මෙවන් සිතෙක් නො වෙයි: ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ.’ ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙවන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. මෙ බඳු
Pali BJTඑවම්පිස්ස න හොති. සො තං පිණ්ඩපාතං අගථිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො{1} ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තං කිම්මඤ්ඤසි ජීවක, අපි නු සො භික්ඛු තස්මිං සමයෙ අත්තව්යාබාධාය වා චෙතෙති, පරව්යාබාධාය වා චෙතෙති, උභයව්යාබාධාය වා චෙතෙති? නො හෙතං භන්තෙ. නනු සො ජීවක භික්ඛු තස්මිං සමයෙ අනවජ්ජංයෙව ආහාරං ආහාරෙති. එවං භන්තෙ. සුතං මෙතං භන්තෙ, බ්රහ්මා මෙත්තාවිහාරීති. තම්මෙ ඉදං භන්තෙ භගවා සක්ඛිදිට්ඨො, භගවා හි භන්තෙ මෙත්තාවිහාරීති. යෙන ඛො ජීවක රාගෙන යෙන දොසෙන යෙන මොහෙන බ්යාපාදවා අස්ස, සො රාගො සො දොසො සො මොහො තථාගතස්ස පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. සචෙ ඛො තෙ ජීවක ඉදං සන්ධාය භාසිතං, අනුජානාමි තෙ එතන්ති. එතදෙව ඛො පන මෙ භන්තෙ සන්ධාය භාසිතං.
Sinhala BJTසිතෙකුදු නො වෙයි. හේ ඒ පිණ්ඩපාතය ග්‍රථිත නො වී මූර්ඡිත නො වී නො ගිජු වී ආදීනව දක්නාසුලු වැ නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආත්මව්‍යාබාධය පිණිස හෝ සිතන්නේවේ ද? පරව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? (මෙසේ ) උභයව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ජීවකය, මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො1 වහන්ස, එසේ යැ. වහන්ස, බ්‍රහ්ම තෙම මෛත්‍රීවිහාර ඇතියෙකැ’යි තෙල මා විසින් අසනලදි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මා විසින් භාග්‍යවතුන් වහන්සේ සාක්‍ෂ්‍යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි මෛත්‍රීවිහරණ ඇතිසේක. ජීවකය, යම් රාගයෙකින් යම් ද්වේෂයකින් යම් මෝහයෙකින් ව්‍යාපාද ඇතියෙක් වේ ද එ රාගය එ ද්වේෂය එ මෝහය තථාගතයන්හට පුහුන් වේ, උසුන්මුල් වේ, මුදුන්සුන් තලක් සෙයින් අවස්තුක කරන ලද වේ. කළ අභාව ඇති වේ. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදනිමි’යි. වහන්ස, තෙල සඳහා මැ මා විසින් කියනලදැ’යි.
Pali BJTඉධ ජීවක භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානොව ජීවක භික්ඛු අධිවාසෙති. සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවෙසනං තෙනුපසඞ්කමති. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසති. තස්ස න එවං හොති: සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසති. අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසෙය්යාති. එවම්පිස්ස න හොති. සො තං පිණ්ඩපාතං අගථිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තං කිංමඤ්ඤසි ජීවක, අපි නු සො භික්ඛු තස්මිං සමයෙ අත්තව්යාබාධාය වා චෙතෙති, පරව්යාබාධාය වා චෙතෙති, උභයව්යාබාධාය වා චෙතෙතී’ති. නො හෙතං භන්තෙ. නනු සො ජීවක භික්ඛු තස්මිං සමයෙ අනවජ්ජංයෙව ආහාරං ආහාරෙතී’ති. එවම්භන්තෙ. සුතං මෙතං භන්තෙ, බ්රහ්මා උපෙක්ඛාවිහාරීති. තම්මෙ ඉදං භන්තෙ භගවා සක්ඛිදිට්ඨො. භගවා හි භන්තෙ උපෙක්ඛාවිහාරීති. යෙන ඛො ජීවක රාගෙන යෙන දොසෙන යෙන මොහෙන විහෙසවා අස්ස, අරති වා අස්ස, පටිඝවා අස්ස, සො රාගො සො දොසො සො මොහො තථාගතස්ස පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. සචෙ ඛො තෙ ජීවක ඉදං සන්ධාය භාසිතං, අනුජානාමි තෙ එතන්ති. එතදෙව ඛො පන මෙ භන්තෙ සන්ධාය භාසිතං.
Sinhala BJTජීවකය, මෙ සස්නෙහි මහණෙක් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරේ ද, හේ එ කරුණා සහගත සිතින් … මුදිතා සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පැහැසැගෙන විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවන දිග ද එසෙයින් මැ සතරවන දිග දැ’යි මෙසේ උඩ යට සරස හැමතැන සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් පැහැසැගෙන විහරණය කෙරෙයි. ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ තුලුන් කරා එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැතියේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවිහුගේ හෝ ගැහැවිදරුහුගේ ගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවි හෝ ගැහැවිදරු හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. එ මහණහට මෙ බඳු සිතෙක් නො වෙයි. ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ’ කියායි. ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙ බඳු ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. උහුට මෙ බඳු සිතෙක් ද නො වෙයි. හෙ එ පිණ්ඩපාතය තෘෂ්ණායෙන් ග්‍රථිත නො වී තෘෂ්ණාමූර්ඡායෙන් මූර්ඡිත නො වී (එකවට ගලනු කැමැතියක්හු සෙයින්) නො ගිජු වී දෝෂ දක්නාසුලු වී (මේ සඳහා යැ ආහාරපරිභෝගය යි ප්‍රඥායෙන් පිරිසිඳීමෙන්) නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආතමව්‍යාබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද, පරව්‍යාබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද, උභයව්‍යබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද’යි. වහන්ස, තෙල නො වේ මැ යි. ජීවකය, එ මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො? වහන්ස, එසේ යැ. වහන්ස, තෙල මා විසින් අසනලද: ‘බ්‍රහ්ම උපෙක්‍ෂාවිහරණ ඇතියෙකැ’යි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මාවිසින් භාග්‍යවතුන් වහන්සේ සාක්‍ෂ්‍යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි උපෙක්‍ෂාවිහරණ ඇති සේකැ’යි ජීවකය, යම් රාගයෙකින් යම් ද්වේෂයකින් යම් මොහයෙකින් විහෙස ඇති හෝ වේ ද, අරති ඇති හෝ වේ ද, ප්‍රතිඝ ඇති හෝ වේ ද එ රාගය එ ද්වේෂය එ මෝහය තථාගතයන්හට ප්‍රහීණ වෙයි. උසුන්මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක භාව ඇති වෙයි. කළ අභාව ඇති වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදන්මි’යි. වහන්ස, මා විසින් තෙල සඳහා මැ කියනලදි.
Pali BJTයො ඛො ජීවක තථාගතං වා තථාගතසාවකං වා උද්දිස්ස පාණං ආරභති. සො පඤ්චහි ඨානෙහි බහුං අපුඤ්ඤං පසවති: යම්පි සො{1} එවමාහ: ගච්ඡථ අමුකං නාම පාණං ආනෙථාති, ඉමිනා පඨමෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො පාණො ගලප්පවෙධකෙන ආනීයමානො දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. ඉමිනා දුතියෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො එවමාහ: ගච්ඡථ ඉමං පාණං ආරභථාති, ඉමිනා තතියෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො පාණො ආරභියමානො දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. ඉමිනා චතුත්ථෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො තථාගතං වා තථාගතසාවකං වා අකප්පියෙන ආසාදෙති. ඉමිනා පඤ්චමෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යො ඛො ජීවක තථාගතං වා තථාගතසාවකං වා උද්දිස්ස පාණං ආරභති. සො ඉමෙහි පඤ්චහි ඨානෙහි බහුං අපුඤ්ඤං පසවතී’ති.
Sinhala BJTජීවකය, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ උදෙසා පණ නසා ද හේ කරුණු පසෙකින් බොහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයකින් හේ මෙසේ බෙණේ ද: ‘යව. අසෝ නම් ප්‍රාණියා ගෙනෙව’යි. මේ (ආණත්ති සඞ්ඛ්‍යාත) පළමුවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයකින් එ ප්‍රාණියා වෙවුළන ගෙලෙන් ගෙනඑනු ලබනුයේ දුක්දොම්නස් විඳුනේ වේ ද, මෙ දෙවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් හේ මෙසේ බෙණේ ද: යව ‘මේ ප්‍රාණියා නසව’යි. මෙ තුන්වන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් ඒ ප්‍රාණියා මරනුලබනුයේ දුක්දොම්නස් විඳුනේ වේ ද, මෙ සතරවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් හෙ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ නො කැප මසින් ඝටා බෙණේ ද මෙ පස්වන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. ජීවකය, යමෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු උදෙසා පණ නසා ද හේ මෙ පස් කරුණින් බෙහෝ පව් රැස් කෙරෙ යයි.
Pali BJTඑවං වුත්තෙ ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: අච්ඡරියම්භන්තෙ, අබ්භුතම්භන්තෙ. කප්පියං වත භන්තෙ භික්ඛූ ආහාරං ආහාරෙන්ති. අනවජ්ජං වත භන්තෙ භික්ඛූ ආහාරං ආහාරෙන්ති. අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි කෝමාරභච්ච ජීවක තෙල සැල කෙළෙ: වහන්ස, අසිරි යැ. වහන්ස, අද්භූත යැ. වහන්ස, භික්‍ෂූහු ඒකාන්තයෙන් කැප අහර වළඳ කෙරෙති. වහන්ස, භික්‍ෂූහු ඒකාන්තයෙන් අනවද්‍ය අහර වළඳ කෙරෙති. වහන්ස, ඉතා මැනැවැ … භාග්‍යවතුන් වහන්ස, මා අද පටන් කොට දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරනසේක්ව’යි.
Pali BJTජීවකසුත්තං පඤ්චමං.
Sinhala BJTපස්වැනි ජීවක සූත්‍ර යි.
Pali BJT2. 1. 6.
Sinhala BJT2. 1. 6.
Pali BJTඋපාලි සුත්තං
Sinhala BJTඋපාලි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. තෙන ඛො පන සමයෙන නිගණ්ඨො{1} නාතපුත්තො නාලන්දායං පටිවසති මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං. අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො නාලන්දායං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන පාවාරිකම්බවනං, යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො දීඝතපස්සිං නිගණ්ඨං භගවා එතදවොච: සංවිජ්ජන්තෙ{2} ඛො තපස්සි ආසනානි, සචෙ ආකඞ්ඛසි නිසීදාති. එවං වුත්තෙ දීඝතපස්සී නිගණ්ඨො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො දීඝතපස්සිං නිගණ්ඨං භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දායෙහි පාවාරික නම් සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි නිගණ්ඨනාතපුත්‍ර මහත් නුවට පිරිස් සමග නාලන්‍දායෙහි වෙසෙයි. එකල දීර්‍ඝතපස්වී නුවට නාලන්‍දායෙහි පිඬු පිණිස හැසිර සවස්වේලෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ පාවාරික අඹ වෙනෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යි. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු කථා කොට නිමවා එක් පසෙක සිටියේ යැ. එක් පසෙක හුන් දීර්‍ඝතපස්වී නුවටුහට තෙල වදාළහ. ‘තපස්විය, අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව’යි. මෙසේ වදාළ කල්හි දීර්‍ඝතපස්වී නුවට එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හින. එක් පසෙක හුන් දීර්‍ඝතපස්වී නුවටුහට බුදුහු තෙල වදාළහ.
Pali BJTකති පන තපස්සි නිගණ්ඨො{1} නාතපුත්තො{3} කම්මානි පඤ්ඤාපෙති{4} පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. න ඛො ආවුසො ගොතම, ආචිණ්ණං නිගණ්ඨස්ස නාතපුත්තස්ස කම්මං කම්මන්ති පඤ්ඤාපෙතුං. දණ්ඩං දණ්ඩන්ති ඛො ආවුසො ගොතම, ආචිණ්ණං නිගණ්ඨස්ස නාතපුත්තස්ස පඤ්ඤාපෙතුන්ති. කති පන තපස්සි නිගණ්ඨො නාතපුත්තො දණ්ඩානි පඤ්ඤාපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. තීණි ඛො ආවුසො ගොතම, නිගණ්ඨො නාතපුත්තො දණ්ඩානි පඤ්ඤාපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා සෙය්යථිදං: කායදණ්ඩං වචීදණ්ඩං මනොදණ්ඩන්ති. කිම්පන තපස්සි අඤ්ඤදෙව කායදණ්ඩං අඤ්ඤං වචීදණ්ඩං අඤ්ඤං මනොදණ්ඩන්ති. අඤ්ඤදෙව ආවුසො ගොතම, කායදණ්ඩං අඤ්ඤං වචීදණ්ඩං අඤ්ඤං මනොදණ්ඩන්ති.
Sinhala BJTතපස්විය, නිගණ්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් කර්‍ම පනවා ද? යි. ඇවැත්නි ගෞතමයෙනි, නිගණ්ඨනාථපුත්‍රහට ‘කර්‍ම යැ කර්‍ම යැ’යි දක්වනු අනාචිර්‍ණ යැ. ඇවැත්නි, ගෞතමයෙනි, නිගණ්ඨනාථපුත්‍රහට ‘දණ්ඩ යැ දණ්ඩ යැ’යි දක්වනු ආචීර්‍ණ යැ යි. තපස්විය, නිගණ්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩ දක්වා දැ? යි. ඇවැත්නි, ගෞතමයෙනි, නිගණ්ඨනාතපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට තුන් දණ්ඩයක් දක්වයි. ඒ මෙසේ යැ: කායදණ්ඩ යැ වාග්දණ්ඩ යැ මනෝදණ්ඩ යි. කිමෙක තපස්විය, කායදණ්ඩය අනෙකෙකැ වාග්දණ්ඩය අනෙකෙකැ මනෝදණ්ඩය අනෙකෙකැ’යි. ඇවැත්නි, ගෞතමයෙනි, කායදණ්ඩ අනෙකෙකැ වාග්දණ්ඩ අනෙකෙකැ මනෝදණ්ඩ අනෙකෙකැ’යි.
Pali BJTඉමෙසං පන තපස්සි තිණ්ණං දණ්ඩානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං කතමං දණ්ඩං නිගණ්ඨො නාතපුත්තො මහාසාවජ්ජතරං පඤ්ඤාපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා යදි වා කායදණ්ඩං යදි වා වචීදණ්ඩං යදි වා මනොදණ්ඩන්ති. ඉමෙසං ඛො ආවුසො ගොතම, තිණ්ණං දණ්ඩානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං කායදණ්ඩං නිගණ්ඨො නාතපුත්තො මහාසාවජ්ජතරං පඤ්ඤාපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා වචීදණ්ඩං නො තථා මනොදණ්ඩන්ති. කායදණ්ඩන්ති තපස්සි වදෙසි. කායදණ්ඩන්ති ආවුසො ගොතම වදාමි. කායදණ්ඩන්ති තපස්සි වදෙසි. කායදණ්ඩන්ති ආවුසො ගොතම වදාමි. කායදණ්ඩන්ති තපස්සි වදෙසි. කායදණ්ඩන්ති ආවුසො ගොතම වදාමීති. ඉතිහ භගවා දීඝතපස්සිං නිගණ්ඨං ඉමස්මිං කථාවත්ථුස්මිං යාවතතියකං පතිට්ඨාපෙසි.
Sinhala BJTතවද තපස්විය, මෙසේ බෙදනලද මෙසේ වෙසෙසන ලද තුන් දණ්ඩයන් අතුරෙන් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට නිගණ්ඨනාථපුත්‍ර කවර දණ්ඩයක් මහාසාවද්‍යතර කොට පනවා ද? කායදණ්ඩ හෝ යැ වචීදණ්ඩ හෝ යැ මනෝදණ්ඩ හෝ යැ’යි. ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදන ලද මෙසේ වෙසෙසන ලද තුන් දණ්ඩයන් අතුරෙන් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට නිගණ්ඨනාථපුත්‍ර කායදණ්ඩය මහාසාවද්‍යතර කොට පනවයි. වචීදණ්ඩය එසේ නො වෙයි. මනෝදණ්ඩය එසේ නො වේ යයි. තපස්විය, කායදණ්ඩය යි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. තපස්විය, කායදණ්ඩ යයි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. තපස්විය, කායදණ්ඩය යි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. මෙසේ භාග්‍යවත්හු දීර්‍ඝතපස්වී නුවටු මේ කථාවස්තුයෙහි තුන් වර දක්වා පිහිටි වූහ.
Pali BJTඑවං වුත්තෙ දීඝතපස්සී නිගණ්ඨො භගවන්තං එතදවොච: ත්වං පනාවුසො ගොතම, කති දණ්ඩානි පඤ්ඤාපෙසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. න ඛො තපස්සි ආචිණ්ණං තථාගතස්ස දණ්ඩං දණ්ඩන්ති පඤ්ඤාපෙතුං, කම්මං කම්මන්ති ඛො තපස්සි ආචිණ්ණං තථාගතස්ස පඤ්ඤාපෙතුන්ති. ත්වං පනාවුසො ගොතම, කති කම්මානි පඤ්ඤාපෙසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. තීණි ඛො අහං තපස්සි, කම්මානි පඤ්ඤාපෙමි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. සෙය්යථිදං: කායකම්මං, වචීකම්මං, මනොකම්මන්ති. කිං පනාවුසො ගොතම, අඤ්ඤදෙව කායකම්මං, අඤ්ඤං වචීකම්මං, අඤ්ඤං මනොකම්මන්ති. අඤ්ඤදෙව තපස්සි කායකම්මං, අඤ්ඤං වචීකම්මං, අඤ්ඤං මනොකම්මන්ති.
Sinhala BJTමෙසේ වදාළ කලිහි දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවවු දැ? යි. තපස්විය, තථාගතයනට දණ්ඩ යැ දණ්ඩ යැ යි දක්වනු අනාචීර්‍ණ යැ. තපස්විය, තථාගතයනට කර්‍මය යැ කර්‍මය යැ යි දක්වනු ආචීර්‍ණ යැ. ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් කර්‍මයන් දක්වවු දැ? යි. තපස්විය, මම පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කර්‍ම තුනක් දක්වමි. ඒ මෙසේ යැ: කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යි. ඇවැත්නි, ගෞතමයෙනි, කායකර්‍ම අනෙකෙක් ද? වාක්කර්‍ම අනෙනෙක් ද? මනඃකර්‍ම අනෙකෙකැ’යි.
Pali BJTඉමෙසං පනාවුසො ගොතම, තිණ්ණං කම්මානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං කතමං කම්මං මහාසාවජ්ජතරං පඤ්ඤාපෙසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, යදි වා කායකම්මං, යදි වා වචීකම්මං, යදි වා මනොකම්මන්ති. ඉමෙසං ඛො අහං තපස්සි, තිණ්ණං කම්මානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං මනොකම්මං මහාසාවජ්ජතරං පඤ්ඤාපෙමි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා කායකම්මං, නො තථා වචීකම්මන්ති මනොකම්මන්ති ආවුසො ගොතම, වදෙසි. මනොකම්මන්ති තපස්සි, වදාමි. මනොකම්මන්ති ආවුසො ගොතම, වදෙසි. මනොකම්මන්ති තපස්සි, වදාමි. මනොකම්මන්ති ආවුසො ගොතම, වදෙසි. මනොකම්මන්ති තපස්සි, වදාමීති. ඉතිහ දීඝතපස්සී නිගණ්ඨො භගවන්තං ඉමස්මිං කථාවත්ථුස්මිං යාවතතියකං පතිට්ඨපෙත්වා උට්ඨායාසනා යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි.
Sinhala BJTතවද ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදනලද මෙසේ වෙසෙසනලද මේ තුන් කර්‍මයන් කෙරෙහි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කවර කර්‍මයක් මහාසාවද්‍යතර කොට පනවවු ද? කායකර්‍ම හෝ යැ වාක්කර්‍ම හෝ යැ මනඃකර්‍ම හෝ යැ යි. තපස්විය, මම මෙසේ බෙදනලද මෙසේ වෙසෙසන ලද තුන් කර්‍මයන් කෙරෙහි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට මනඃකර්‍ම මහාසාවද්‍යතර යයි දක්වමි. කායකර්‍ම එසේ නො වෙයි. වාක්කර්‍ම එසේ නො වෙයි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. මෙසේ දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් මේ කථාවස්තුයෙහි තුන් යළ දක්වා පිහිටුවා හුනස්නෙන් නැඟී නිගණ්ඨනාතපුත්‍රයා කරා එළැඹියේ යි.
Pali BJTතෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාතපුත්තො මහතියා{1} ගිහිපරිසාය සද්ධිං නිසින්නො හොති බාලකිනියා උපාලි පමුඛාය. අද්දසා ඛො නිගණ්ඨො නාතපුත්තො දීඝතපස්සිං නිගණ්ඨං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන දීඝතපස්සිං නිගණ්ඨං එතදවොච: හන්ද කුතො නු ත්වං තපස්සි ආගච්ඡසි දිවා දිවස්සාති. ඉතො හි ඛො අහම්භන්තෙ, ආගච්ඡාමි සමණස්ස ගොතමස්ස සන්තිකාති. අහු පන තෙ තපස්සි, සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. අහු ඛො මෙ භන්තෙ, සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. යථා කථං පන තෙ තපස්සි, අහු සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො යාවතකො අහොසි භගවතා සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං නිගණ්ඨස්ස නාතපුත්තස්ස ආරොචෙසි. එවං වුත්තෙ නිගණ්ඨො නාතපුත්තො දීඝතපස්සිං නිගණ්ඨං එතදවොච: සාධු සාධු තපස්සි, යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන. එවමෙවං දීඝතපස්සිනා නිගණ්ඨෙන සමණස්ස ගොතමස්ස බ්යාකතං. කිං හි සොභති ඡවො මනොදණ්ඩො ඉමස්ස එවං ඔළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය. අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩොති.
Sinhala BJTඑසමයෙහි නිගණ්ඨනාතපුත්‍ර උපාලි ගෘහපති ප්‍රමුඛ කොට ඇති බාලකලෝණකාර ගම්වැසි මහත් වූ ගිහිපිරිස් සමග හුන්නේ වෙයි. නිගණ්ඨනාතපුත්‍ර දීර්‍ඝතපස්වී නුවටු දුර දී මැ එන්නහු දිට. දැක දීර්‍ඝතපස්වී නුවටුහට තෙල කී: ‘තපස්විය, තෙපි දෙවෙන් දහවලැ කොහි සිට එවු දැ?’යි. ‘වහන්ස, මම මහණගොයුම්හු සමීපයෙහි සිට එමි’යි කී. තපස්විය, ශ්‍රමණගෞතමයන් සමග තොපගේ කිසියම් කථාසල්ලාපයෙක් වි දැ? යි. ‘වහන්ස, ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කිසියම් කථාසල්ලාපයෙක් වී යැ’යි. තපස්විය, ශ්‍රමණගෞතමයන් සමග තොපගේ කිසි කථාසල්ලාපයෙක් කිසෙයින් වී දැ? යි. ඉක්බිති දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, එහැම නිගණ්ඨනාතපුත්‍රහට සැල කෙළේ යැ. මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්‍ර දීර්‍ඝතපස්වී නුවටුහට තෙල කී: මැනැව මැනැව තපස්විය, මොනොවට ශාස්තෘශාසනය දන්නාවූ ශ්‍රැතවත් ශ්‍රාවකයකු යම්සේ ද එසෙයින් දීර්‍ඝතපස්වී නුවටහු විසින් ශ්‍රමණ ගෞතමයනට ප්‍රකාශ කරනලද. කිම මෙසේ මහත් වූ මේ කායදණ්ඩය සඳහා ලාමක වූ මනෝදණ්ඩය හොබනේ ද? වැළි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩය එසේ නො වෙයි. මනෝදණ්ඩය එසේ නො වේ යයි.
Pali BJTඑවං වුත්තෙ උපාලි ගහපති නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සාධු සාධු භන්තෙ තපස්සි{1} යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන, එවමෙවං භදන්තෙන තපස්සිනා{2} සමණස්ස ගොතමස්ස බ්යාකතං: කිං හි සොභති ඡවො මනොදණ්ඩො ඉමස්ස එවං ඔළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය. අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩො. හන්ද චාහං භන්තෙ, ගච්ඡාමි සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙස්සාමි. සචෙ මෙ සමණො ගොතමො තථා පතිට්ඨිස්සති යථා භදන්තෙන තපස්සිනා පතිට්ඨාපිතං. සෙය්යථාපි නාම බලවා පුරිසො දීඝලොමිකං එළකං ලොමෙසු ගහෙත්වා ආකඩ්ඪෙය්ය, පරිකඩ්ඪෙය්ය, සම්පරිකඩ්ඪෙය්ය, එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ආකඩ්ඪිස්සාමි. පරිකඩ්ඪිස්සාමි. සම්පරිකඩ්ඪිස්සාමි. සෙය්යථාපි නාම බලවා සොණ්ඩිකාකම්මකාරො මහන්තං සොණ්ඩිකාකිලඤ්ජං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපිත්වා කණ්ණෙ ගහෙත්වා ආකඩ්ඪෙය්ය, පරිකඩ්ඪෙය්ය, සම්පරිකඩ්ඪෙය්ය, එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ආකඩ්ඪිස්සාමි. පරිකඩ්ඪිස්සාමි. සම්පරිකඩ්ඪිස්සාමි. සෙය්යථාපි නාම බලවා සොණ්ඩිකාධුත්තො වාලං{3} කණ්ණෙ ගහෙත්වා ඔධුනෙය්ය, නිද්ධුනෙය්ය, නිච්ඡොදෙය්ය{4} එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ඔධුනිස්සාමි, නිද්ධුනිස්සාමි,නිච්ඡොදෙස්සාමි{5} සෙය්යථාපි නාම කුඤ්ජරො සට්ඨිහායනො ගම්භීරං පොක්ඛරණිං ඔගාහෙත්වා සණධොවිකං{6} නාම කීළිතජාතං කීළති. එවමෙවාහං සමණං ගොතමං සණධොවිකං{6} මඤ්ඤෙ කීළිතජාතං කීළිස්සාමි. හන්ද චාහං භන්තෙ, ගච්ඡාමි සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙස්සාමීති. ගච්ඡ ත්වං ගහපති, සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙහි. අහං වා හි ගහපති, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්යං, දීඝතපස්සී වා නිගණ්ඨො ත්වං වාති.
Sinhala BJTමෙසේ කී කල්හි උපාලි ගෘහපති නිගණ්ඨනාතපුත්‍රයාහට තෙල කී: වහන්ස, තපස්වීහු, ඉතා මැනැවැ. මොනොවට ශාස්තෘශාසනය දන්නා ශ්‍රැතවත් ශ්‍රාවකයක්හු විසින් යම්සේ ද එසෙයින් භදන්ත තපස්වීන් විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරනලද. මෙසේ මහත් වූ කායදණ්ඩය සඳහා ලාමක වූ මනෝදණ්ඩය කිම හොබනේ ද? වැළි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩය එසේ නො වෙයි. මනෝදණ්ඩය එසේ නො වේ. එයෙයින් යමි. වහන්ස, මම මේ කථාවස්තුව යෙහි ලා ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපණ කෙරෙමි. ඉදින් ශ්‍රමණ ගෞතමයෝ භදන්ත තපස්වීන් විසින් යම් පරිදි පිහිටුවනලද ද, එ පරිදි මාගේ කථායෙහි පිහිටා සිටිත් නම්, යම්සේ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලොම් ගෙන ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කරන්නේ ද , එසෙයින් මැ මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරෙමි. යම්සේ බලඇති සුරාකරුවෙක් මහත් වූ පිටිපැදුරු ගැඹුරු දියවළෙකැ බහාතබා දෙකණ ගෙන ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරේ ද එ පරිදි මම මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරෙමි. යම්සේ බලඇති සුරාධූර්‍තයෙක් මටලුකස්ස දෙකණ ගෙන කිබිසිනි කොට පිඹපියා ද උඩුහුරු කොට පිඹපියා ද පුනපුනා ගසාපියා ද එ පරිදි මම මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට අවධූනන නිර්ධූනන නිෂ්ඵොටන කෙරෙමි. යම්සේ සැටහැවිරිදි (රජුගේ) ඇත් ගැඹුරු පොකුණට වැද සණදොවුන්කෙළි නම් කෙළියක් කෙළී ද, එ පරිදි මම මහණ ගොයුම් හා සණදොවුන්කෙළි බඳු වාදකෙළියක් කෙළිමි’යි. වහන්ස, මම යම් මැ යැ, මහණ ගොයුම් හට මේ කථාවස්තුවෙහි වාද නංවමි’යි කී. ගහපතිය, තෙපි යව. මහණ ගොයුම් හට මේ කථාවස්තුයෙහි වාද නංවව. ගහපතිය, මම හෝ මහණ ගොයුම්හට වාද නංවමි. දීර්‍ඝතපස්වී නුවට හෝ නංවයි. තෝ හෝ නංවහි කී.
Pali BJTඑවං වුත්තෙ දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාතපුත්තං එතදවොච: ‘න ඛො මෙතං භන්තෙ රුච්චති, යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්ය. සමණො හි භන්තෙ, ගොතමො මායාවී, ආවට්ටනිං මායං ජානාති. යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතී’ති. අට්ඨානං ඛො එතං තපස්සි, අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ගච්ඡ ත්වං ගහපති සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙහි. අහං වා හි ගහපති, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්යං, දීඝතපස්සී වා නිගණ්ඨො ත්වං වාති.
Sinhala BJTමෙසේ කී කලැ දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාතපුත්‍රයාහට තෙල කී: ‘වහන්ස, යම් හෙයකින් උපාලි ගහපති මහණ ගොයුම්හට වාදාරෝපණය කෙරෙයි, යන තෙල මට නුරුස්නේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායා ඇත්තාහ. යම් මායාවෙකින් අන්තොටුවන්ගේ සව්වන් ආවර්‍තනය කොට ගනී ද, එබඳු ආවර්‍තනමායාවක් දන්නාහ’යි. තපස්විය, උපාලි ගහපති මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ යන යමෙක් ඇද්ද තෙල වන්නට නො නිසි යැ. එයට අවකාශ ද නැත. ‘මහණ ගොයුම්හු උපාලි ගහපතිහුගේ සවු බවට යන්නේ යැ’යි යන යමෙක් ඇද්ද තෙල වන්නට නිසි යැ. ගහපතිය, තෙපි යව. මහණ ගොයුම්හට තෙල කථාවස්තුයෙහි ලා වාදාරෝපණ කරව. ගහපතිය, මම හෝ මහණ ගොයුම්හට වාදාරෝපණ කෙරෙමි. දීර්‍ඝතපස්වී නුවට හෝ කෙරෙයි. තෙපි හෝ කරව’යි කී.
Pali BJTදුතියම්පි ඛො -පෙ- දීඝතපස්සී වා නිගණ්ඨො ත්වං වාති. තතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාතපුත්තං එතදවොච: න ඛො මෙතං භන්තෙ, රුච්චති යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්ය. සමණො හි භන්තෙ ගොතමො මායාවී, ආවට්ටනිං මායං ජානාති. යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතී’ති. අට්ඨානං ඛො එතං තපස්සි, අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති, යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ගච්ඡ ත්වං ගහපති, සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙහි. අහං වා හි ගහපති, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්යං, දීඝතපස්සී වා නිගණ්ඨො ත්වං වාති.
Sinhala BJTදෙවනවට ද … දීර්‍ඝතපස්වී නුවට හෝ කෙරෙයි. තෙපි හෝ කරව යි. තුන්වනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාතපුත්‍රයාට තෙල කී: වහන්ස, උපාලි ගහපති මහණ ගොයුම්හට වාදාරෝපණය කෙරෙයි’ යන යමෙක් ඇද්ද තෙල මට නුරුස්නේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායාවීහ. යම් මායායෙකින් අන්තොටුවන්ගේ සව්වන් ආවර්‍තනය කෙරේ ද, එබඳු ආවර්‍තනමායාවක්, දන්නාහ’යි කී. තපස්විය, ‘උපාලි ගහපති මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ’ යන යමෙක් ඇද්ද තෙල වන්නට නො නිසි යැ. එයට අවකාශ ද නැත. ‘ මහණ ගොයුම්හු උපාලි ගහපතිහුගේ සවු බවට යන්නේ යැ’යි යන යමෙක් ඇද්ද, තෙල වන්නට නිසි යැ. ගැහැවිය, තෙපි යව. මහණ ගොයුම්හට මේ කථාවස්තුයෙහි ලා වාදාරෝපණ කරව. ගැහැවිය, මම හෝ මහණ ගොයුම්හට වාදාරෝපණ කරන්නට නිස්සෙමි. දීර්‍ඝතපස්වී නුවට හෝ නිස්ස. තෙපි හෝ නිසිව’යි, (නුවට නතපුත් කී.)
Pali BJTඑවං භන්තෙති ඛො උපාලි ගහපති නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන පාවාරිකම්බවනං, යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උපාලි ගහපති භගවන්තං එතදවොච: ආගමා නු ඛ්විධ භන්තෙ, දීඝතපස්සී නිගණ්ඨොති. ආගමා ඛ්විධ ගහපති දීඝතපස්සී නිගණ්ඨොති. අහු පන තෙ භන්තෙ, දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. අහු ඛො මෙ ගහපති, දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. යථා කථං පන තෙ භන්තෙ, අහු දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. අථ ඛො භගවා යාවතකො අහොසි දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කථාසල්ලාපො තං සබ්බං උපාලිස්ස ගහපතිස්ස ආරොචෙසි.
Sinhala BJT‘වහන්ස, එසේ යැ’යි උපාලි ගහපති නිගණ්ඨනාතපුත්‍රයාහට පිළිවදන් දී හුනස්නෙන් නැඟී නිගණ්ඨනාතපුත්‍රයා සකසා වැඳ පැදකුණු කොට පාවාරික අඹවනයට ගොස් බුදුන් කරා එළැඹියේ යැ. එළැඹ බුදුන් සකසා වැඳ එකත්පස්වැ හින. එකත්පස්වැ හුන් උපාලි ගැහැවි බුදුන්ට තෙල කී: ‘වහන්ස, දීර්‍ඝතපස්වී නුවට මෙහි ආ යැ හෝ? ගහපතිය, දීර්‍ඝතපස්වී නුවට මෙහි ආ යැ. වහන්ස, දීර්‍ඝතපස්වී නුවටහු හා තොප වහන්සේ කිසියම් කථාසල්ලාපයෙක් ඇත හෝ’යි. ගහපතිය, දීර්‍ඝතපස්වී නුවටහු හා මාගේ කිසියම් කථාසල්ලාපයෙක් ඇත. වහන්ස, දීර්‍ඝතපස්වී නුවටහු හා තොප වහන්සේ කිසියම් කථාසල්ලාපය කෙසේ නම් වී ද? එසඳ බුදුහු දීර්‍ඝතපස්වී නුවටහු හා උපන් කථාසල්ලාපය තාක් එ හැම උපාලි ගහපතිට වදාළහ.
Pali BJTඑවං වුත්තෙ උපාලි ගහපති භගවන්තං එතදවොච: සාධු සාධු භන්තෙ තපස්සී, යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන, එවමෙවං දීඝතපස්සිනා නිගණ්ඨෙන භගවතො බ්යාකතං, කිං හි සොභති ඡවො මනොදණ්ඩො ඉමස්ස එවං ඔළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය. අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩොති. සචෙ ඛො ත්වං ගහපති, සච්චෙ පතිට්ඨාය මන්තෙය්යාසි, සියා නො එත්ථ කථාසල්ලාපොති. සච්චෙ අහං භන්තෙ, පතිට්ඨාය මන්තෙස්සාමි. හොතු නො එත්ථ කථාසල්ලාපොති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි උපාලි ගහපත් බුදුන්ට තෙල කී: වහන්ස, තපස්වී සාධුතර යැ. මොනොවට ශාස්තෘශාසනය අවබෝධ කොට ගත් ශ්‍රැතවත් ශ්‍රාවකයක්හු විසින් යම් පරිදි පිළිතුරු දියයුතු වී නම් එ පරිදි මැ දීර්‍ඝතපස්වී නුවටහු විසින් භගවත්හට ප්‍රකාශ කරනලද. මෙසේ මහත් වූ කායදණ්ඩය සඳහා ලාමක වූ මනෝදණ්ඩය කෙසේ හොබනේ වේ ද? වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග් දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වෙයි කී. ගහපතිය, ඉදින් තෙපි සත්‍යෙයහි පිහිටා මන්ත්‍රණය කරන්නහු වී නම් මෙහි ලා අපගේ කථාසල්ලාපය වෙයි වදාළෝ. වහන්ස, මම සැබැවැ පිහිටා මන්ත්‍රණ කෙරෙමි. මෙහි ලා අපගේ කථාසල්ලාපය වේව්යි.
Pali BJTතං කිං මඤ්ඤසි ගහපති, ඉධස්ස නිගණ්ඨො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො සීතොදකපටික්ඛිත්තො උණ්හොදකපටිසෙවී. සො සීතොදකං අලභමානො කාලං කරෙය්ය. ඉමස්ස පන ගහපති, නිගණ්ඨො නාතපුත්තො කත්ථූපපත්තිං පඤ්ඤාපෙතී’ති. අත්ථි භන්තෙ මනොසත්තා නාම දෙවා, තත්ථ සො උපපජ්ජති, තං කිස්ස හෙතු: අසු හි භන්තෙ, මනොපටිබද්ධො කාලං කරොතීති. ගහපති ගහපති, මනසි කරිත්වා ඛො ගහපති බ්යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ ගහපති, එසා වාචා: සච්චෙ අහං භන්තෙ පතිට්ඨාය මන්තෙස්සාමි. හොතු නො එත්ථ කථාසල්ලාපොති. කිඤ්චාපි භන්තෙ, භගවා එවමාහ, අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩොති.
Sinhala BJTගහපතිය, ඒ කෙසේ හඟිහි? මෙලොව සිහිල්දිය පිළිකෙව් කළ උණුදිය වළඳ කරන නුවටෙක් හටගත් ආබාධ ඇත්තේ හටගත් දුක් ඇතියේ දැඩිගිලන් වූයේ වෙයි. හේ සිහිල් දිය නො ලබනුයේ කලුරිය කෙරෙයි. ගහපතිය, මුහුට නිගණ්ඨනාතපුත්‍ර කොතැන ඉපැත්ම පනවන්නේ දැ? යි. වහන්ස, මනඃසත්ත්‍ව නම් දෙවි කෙනෙක් ඇත. එහි හේ උපදනේ යැ. එ කවර හෙයින යත්: වහන්ස, තෙල නුවට මනඃප්‍රතිබද්ධ වැ කලුරිය කෙරෙයි. (එහෙයිනැ’යි කී.) ගැහැවිය, ගැහැවිය, මෙනෙහි කොට කියව, තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද ඝටිත නො වෙයි. ගහපතිය, තා විසින් තෙල බස කියන ලදි: ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරමි. අපගේ කථාසල්ලාපය වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර වෙයි. වාග්දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වෙයි’ කී.
Pali BJTතං කිම්මඤ්ඤසි ගහපති, ඉධස්ස නිගණ්ඨො{1} චාතුයාමසංවරසංවුතො සබ්බවාරිවාරිතො සබ්බවාරියුතො{2} සබ්බවාරිධුතො සබ්බවාරිඵුටො. සො අභික්කමන්තො පටික්කමන්තො බහූ ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙති. ඉමස්ස පන ගහපති, නිගණ්ඨො නාතපුත්තො කං විපාකං පඤ්ඤාපෙතීති. අසඤ්චෙතනිකං භන්තෙ, නිගණ්ඨො නාතපුත්තො නො මහාසාවජ්ජං පඤ්ඤාපෙතීති. සචෙ පන ගහපති, චෙතෙතීති. මහාසාවජ්ජං භන්තෙ, හොතීති. චෙතනං පන ගහපති, නිගණ්ඨො නාතපුත්තො
Sinhala BJTගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙලොව්හි චාතුයාමසංවරයෙන් සංවෘත වූ සියලු සිහිල් දිය පිළිකෙව් කළ සියලු පව් වැළහීමෙහි යෙදුණු සියලු පාපවාරණයෙන් වැළහූ පව් ඇති සියලු පාපවාරණයෙන් පහස්නාලද නිගණ්ඨායක් වන්නේ යැ. හේ ඉදිරියට යනුයේ පෙරළා නවත්නේ බොහෝ කුඩා පණුවන් වධයට පමුණුවයි. ගැහැවිය, මොහුට වැළිත් නිගණ්ඨනාතපුත්‍ර කවර විපාකයක් පනවා දැ? යි. වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර අසංචේතනික කර්‍මය මහාසාවද්‍ය කොට නො පනවා යයි. වැළි ගැහැවිය, ඉදින් සිතා නම් (කෙබඳු වේ දැ? යි.) වහන්ස, මහාසාවද්‍ය වේ යයි. ගැහැවිය, චේතනාව වැළිත් නිගණ්ඨනාතපුත්‍ර
Pali BJTකිස්මිං පඤ්ඤාපෙතීති. මනොදණ්ඩස්මිං භන්තෙති. ගහපති ගහපති, මනසිකරිත්වා ඛො ගහපති, බ්යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ ගහපති, එසා වාචා, සච්චෙ අහං භන්තෙ පතිට්ඨාය මන්තෙස්සාමි. හොතු නො එත්ථ කථාසල්ලාපොති. කිඤ්චාපි භන්තෙ භගවා එවමාහ, අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩොති.
Sinhala BJTකවර කොටසෙක්හි ලා පනවා දැ? යි. ‘වහන්ස, මනෝදණ්ඩයෙහි ලා පනවා’ යයි. ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියව. තා පළමු කී බස හා පසු වැ කී බස ඝටිත නො වෙයි. පසු වැ කී බස හා පළමු කී බස ඝටිත නො වෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද වෙයි. ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරමි. අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර වෙයි. වචීදණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි ගහපති, අයං නාලන්දා ඉද්ධා චෙව ඵීතා ච, බහුජනා ආකිණ්ණමනුස්සාති. එවං භන්තෙ, අයං නාලන්දා ඉද්ධා චෙව ඵීතා ච, බහුජනා ආකිණ්ණමනුස්සාති. තං කිං මඤ්ඤසි ගහපති: ඉධ පුරිසො ආගච්ඡෙය්ය උක්ඛිත්තාසිකො. සො එවං වදෙය්ය: අහං යාවතිකා ඉමිස්සා නාලන්දාය පාණා, තෙ එකෙන ඛණෙන එකෙන මුහුත්තෙන එකමංසඛලං එකමංසපුඤ්ජං කරිස්සාමීති. තං කිම්මඤ්ඤසි ගහපති, පහොති නු ඛො සො පුරිසො යාවතිකා ඉමිස්සා නාලන්දාය පාණා තෙ එකෙන ඛණෙන එකෙන මුහුත්තෙන එකමංසඛලං එකමංසපුඤ්ජං කාතුන්ති. දසපි භන්තෙ පුරිසා වීසම්පි{1} පුරිසා තිංසම්පි{2} පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා නප්පහොන්ති, යාවතිකා ඉමිස්සා නාලන්දාය පාණා, තෙ එකෙන ඛණෙන එකෙන මුහුත්තෙන එකමංසඛලං එකමංසපුඤ්ජං කාතුං. කිං හි සොභති එකො ඡවො පුරිසොති.
Sinhala BJTගැහැවිය, ඒ කිමැ’යි හඟනෙහි? මේ නාලන්‍දා නුවර සමෘද්ධ වූයේ ඉතා සමෘද්ධ වූයේ බොහෝ මිනිසුන් විසින් ගැවැසිගතැ’යි. එසේ යැ වහන්ස, මේ නාලන්‍දා නුවර සමෘද්ධ වූයේ ඉතා සමෘද්ධ වූයේ බොහෝ ජනයන් ඇති වැ මිනිසුන් විසින් ආකීර්‍ණ වී යයි. ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙහි ඔසවාගත් කඩු ඇති පුරුෂයෙක් එන්නේ යැ, හේ මෙසේ කියන්නේ නම් මේ නාලන්‍දායෙහි යම් තාක් සත්ත්‍වයෝ ඇද්ද, ඔවුන් එකෙණෙහි එක් මෙහොතෙහි එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නෙමි’යි කියා නම් ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? ඒ පුරුෂ මේ නාලන්‍දායෙහි යම්තාක් ප්‍රාණීහු ඇද්ද, ඔවුන් එක් ඇසිල්ලෙකින් එක් මොහොතකින් එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නට පෙහොනේ වේ දැ? යි. වහන්ස, පුරුෂයෝ දසදෙනෙකුදු විසිදෙනෙකුදු තිස්දෙනෙකුදු සතලිස්දෙනෙකුදු පුරුෂයෝ පනස්දෙනෙකුදු මේ නාලන්‍දායෙහි යම් පමණ සත්ත්‍වයෝ ඇද්ද, ඔවුන් එක් ඇසිල්ලෙකින් එක් මොහොතකින් එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නට නො පොහෝනාහ. එක් ලාමක පුරුෂයෙක් කිම නිසි වේ දැ? යි.
Pali BJTතං කිම්මඤ්ඤසි ගහපති, ඉධාගච්ඡෙය්ය සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො. සො එවං වදෙය්ය: අහං ඉමං නාලන්දං එකෙන මනොපදොසෙන භස්මං කරිස්සාමීති. තං කිම්මඤ්ඤසි ගහපති, පහොති නු ඛො සො සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො ඉමං නාලන්දං එකෙන මනොපදොසෙන භස්මං කාතුන්ති. දසපි භන්තෙ නාලන්දා වීසතිම්පි නාලන්දා තිංසම්පි නාලන්දා චත්තාරීසම්පි නාලන්දා පඤ්ඤාසම්පි නාලන්දා පහොති සො සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො එකෙන මනොපදොසෙන භස්මං කාතුං. කිං හි සොභති එකා ඡවා නාලන්දාති. ගහපති{3} ගහපති, මනසිකරිත්වා ඛො ගහපති බ්යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ ගහපති, එසා වාචා: සච්චෙ අහං භන්තෙ පතිට්ඨාය මන්තෙස්සාමි. හොතු නො එත්ථ කථාසල්ලාපොති. කිඤ්චාපි භන්තෙ භගවා එවමාහ, අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩොති.
Sinhala BJTගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙලොවැ ඍද්ධි ඇති චිත්තවශීභාවයට පැමිණි මහණෙක් හෝ බමුණෙක් හො එන්නේ යැ. හේ මෙසේ කියන්නේ නම්, මම මේ නාලන්‍දාව එක් චිත්තප්‍රදෝෂයෙකින් හළු කරන්නෙමි’යි. ගැහැවිය, ඒ කිමැ’යි හඟනෙහි? ඍද්ධි ඇති චේතෝවශීප්‍රාප්ත ඒ මහණ හෝ බමුණු හෝ මේ නාලන්‍දාව එක් චිත්තප්‍රදෝෂයෙකින් හළු කරන්නට පොහෝනේ දැ? යි. වහන්ස, නාලන්‍දා දසයකුදු විස්සකුදු තිසකුදු සතලිසකුදු නාලන්‍දා පනසකුදු ඍද්ධිමත් චේතෝවශීප්‍රාප්ත ඒ මහණ හෝ බමුණු හෝ මේ නාලන්‍දාව එක් චිත්තප්‍රදෝෂයෙකින් හළු කරන්නට පොහෝනේ යැ. එක් ලාමක වූ නාලන්‍දාව කිම? ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියහි? තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද නො ගැළපෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද වෙයි. ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වේ යයි.
Pali BJTතං කිම්මඤ්ඤසි ගහපති, සුතං තෙ දණ්ඩකාරඤ්ඤං{4} කාලිඞ්ගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං{5} මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති. එවම්භන්තෙ. සුතං මෙ දණ්ඩකාරඤ්ඤං කාලිඞ්ගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති. තං කිම්මඤ්ඤසි ගහපති,
Sinhala BJTගැහැවිය, ඒ කිමැ’යි සිතහි? තොප විසින් දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මේධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය නො ගම් වැ වල් වූ පරිදි ඇසූවිරූ දැ? යි. එසේ යැ වහන්ස, දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මේධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය නො ගම් වැ වල් වූ පරිදි මා විසින් ඇසූවිරූ යයි. ගැහැවිය, ඒ කිමැ’යි සිතහි? ඒ දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මේධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය තොප විසින් කිමෙකින් නො ගම් වැ වල් වී යයි අසනලද ද? වහන්ස, දණ්ඩකාරණ්‍ය,
Pali BJTකින්ති තෙ සුතං: කෙන තං දණ්ඩකාරඤ්ඤං කාලිඞ්ගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති. සුතං මෙතං භන්තෙ, ඉසීනං මනොපදොසෙන තං දණ්ඩකාරඤ්ඤං කාලිඞ්ගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති. ගහපති ගහපති, මනසිකරිත්වා ඛො ගහපති, බ්යාකරොහි. න ඛො තෙ සන්ධීයති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ ගහපති එසා වාචා: සච්චෙ අහං භන්තෙ, පතිට්ඨාය මන්තෙස්සාමි. හොතු නො එත්ථ කථාසල්ලාපොති.
Sinhala BJTකාලිඞ්ගාකරණ්‍යය, මේධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය ඍෂීන්ගේ දැහැවිලින් නො ගම් වැ වල් වී යයි පරිදි මා විසින් අසනලදැ’යි. ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියව. තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද ඝටිත නො වෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද: ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි.
Pali BJTපුරිමෙනෙවාහං භන්තෙ, ඔපම්මෙන භගවතො අත්තමනො අභිරද්ධො අපි චාහං ඉමානි භගවතො විචිත්රානි පඤ්හපටිභානානි සොතුකාමො එවා’හං භගවන්තං පච්චනීකාතබ්බං අමඤ්ඤිස්සං. අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය. පටිච්ඡන්නං වා විවරෙය්ය. මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය. අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTවහන්ස, මම පළමු උපමායෙන් මැ භාග්‍යවතුන් වහන්සේගේ (ප්‍රශ්නව්‍යාකරණයෙහි) සතුටුසිත් ඇතියෙම් ප්‍රසන්න වීමි. එතෙකුදු වත් මම භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු ප්‍රශ්නව්‍යාකරණයන් අසනු කැමැති වැ මෙසේ මම් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ බස් කියයුතු යයි සිතීමි. වහන්ස, ඉතා මැනැවැ. වහන්ස, ඉතා මැනැවැ. වහන්ස, යම් පරිදි යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේද, පිළිසන්වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද, අඳුරෙහි ඇස් ඇත්තාහු රූපයන් දකිත්ව යි තෙල්පහනක් දරන්නේ හෝ වේද, එපරිදි මැ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් දෙසනලද. වහන්ස, මම් බුදුන් සරණ කොට යමි. ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට ධරණ සේක්ව’ යි.
Pali BJTඅනුවිච්චකාරං ඛො ගහපති කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතීති. ඉමිනා’පහං භන්තෙ භගවතො භිය්යොසොමත්තාය අත්තමනො අභිරද්ධො, යං මං භගවා එවමාහ: අනුවිච්චකාරං ඛො ගහපති කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතීති. මං හි භන්තෙ අඤ්ඤතිත්ථියා සාවකං ලභිත්වා කෙවලකප්පං නාලන්දං පටාකං පරිහරෙය්යුං: උපාලි අම්හාකං ගහපති සාවකත්තුපගතොති. අථ ච පන මං භගවා එවමාහ: අනුවිච්චකාරං ඛො ගහපති කරොහි, අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතීති. එසාහම්භන්තෙ දුතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්‍දර වේ යයි. වහන්ස, මම මෙ කරුණෙනුදු භාග්‍යවතුන් වහන්සේට වෙසෙසින් සතුටු වූයෙම් ඇලුණෙම් වෙමි. භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් මට මෙසේ ‘ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්‍දර වේ’ යයි, වදාළසේක් ද එහෙයිනි. වහන්ස, අන්‍යතීර්‍ත්‍ථකයෝ මා ශ්‍රාවක කොට ලැබ ‘උපාලි ගැහැවි අපගේ ශ්‍රාවක බවට පැමිණියේ යැ’යි සියලු නාලන්‍දාව වටා දද නඟා ඇවිදුති. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළහ: ‘ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්‍දර වේ’ යයි. වහන්ස, මම දෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරනසේක්ව’ යි.
Pali BJTදීඝරත්තං ඛො තෙ ගහපති නිගණ්ඨානං ඔපානභූතං කුලං, යෙන නෙසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්යාසීති. ඉමිනාපහං භන්තෙ භගවතො භිය්යොසොමත්තාය අත්තමනො අභිරද්ධො යං මං භගවා එවමාහ: දීඝරත්තං ඛො තෙ ගහපති නිගණ්ඨානං ඔපානභූතං කුලං, යෙන නෙසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්යාසීති- සුතං මෙතං භන්තෙ. සමණො ගොතමො එවමාහ: මය්හමෙව දානං දාතබ්බං, නාඤ්ඤෙසං දානං දාතබ්බං, මය්හමෙව සාවකානං දානං දාතබ්බං, නාඤ්ඤෙසං සාවකානං දානං දාතබ්බං, මය්හමෙව දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං දින්නං මහප්ඵලං, මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵලන්ති. අථ ච පන මං භගවා නිගණ්ඨෙසුපි දානෙ සමාදපෙති. අපි ච භන්තෙ මයමෙත්ථ කාලං ජානිස්සාම. එසාහම්භන්තෙ තතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTගැහැවිය, තොපගේ ගෙය බොහෝ දවස් නුවටනට පැන්පොකුණක් මෙන් සිටියේ යැ. එහෙයින් එළැඹියා වූ ඔවුනට පිණ්ඩපාතය දියයුතු කොට සිතව යි. වහන්ස, මම මෙ කරුණෙනුදු භාග්‍යවතුන් වහන්සේට වෙසෙසින් සතුටු වූයෙම් ඇලුණෙම් වෙමි. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ ‘ගැහැවිය, තොපගේ ගෙය බොහෝ දවස් නුවටනට පැන්පොකුණක් මෙන් සිටියේ යැ. එහෙයින් උපගත වූ ඔවුනට පිණ්ඩපාතය දියයුතු කොට සිතව’ යි වදාළසේක් ද එහෙයිනි. වහන්ස, මා විසින් තෙල අසනලද: ‘මහණ ගොයුම්හු මෙසේ කියති: මට මැ දන් දියයුත්තේ යැ. අන්‍යයනට දන් නො දියයුත්තේ යැ, මාගේ සවුවනට මැ දන් දියයුත්තේ යැ, අනුන්ගේ සවුවනට දන් නො දියයුත්තේ යැ, මට මැ දෙනලද්ද මහත්ඵල යැ. අනුනට දෙන ලද්ද මහත්ඵල නො වෙයි, මාගේ සවුවනට මැ දෙනලද්ද මහත්ඵල යැ. අනුන්ගේ සවුවනට දෙනලද්ද මහත්ඵල නො වේ’යයි. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ නුවටුන් කෙරෙහි දු දානයෙහි මා සමාදන් කරවන සේක. තවද වහන්ස, මෙහි ලා අපි මැ කල් දනුම්හ. වහන්ස, මම තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරනසේක්ව’ යි.
Pali BJTඅථ ඛො භගවා උපාලිස්ස ගහපතිස්ස අනුපුබ්බීකථං කථෙසි. සෙය්යථිදං: දානකථං, සීලකථං, සග්ගකථං, කාමානං ආදීනවං, ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි උපාලිං ගහපතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි: දුක්ඛං, සමුදයං, නිරොධං, මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය. එවමෙවං උපාලිස්ස ගහපතිස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යඞ්කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති. අථ ඛො උපාලි ගහපති දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: හන්ද ච’දානි මයං භන්තෙ ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයාති. යස්සදානි ත්වං ගහපති කාලං මඤ්ඤසීති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපාලි ගැහැවිහට පිළිවෙළ කථා වදාළසේක. ඒ මෙසේ යැ: දානකථා යැ, ශීලකථා යැ, ස්වර්‍ගකථා යැ, කාමයන්ගේ ආදීනව යැ, ලමු බව යැ, කෙලෙසිලි බව යැ, නෛෂ්ක්‍රම්‍යෙයහි ආනිසංස යැ යන මේ වදාළසේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ උපාලි ගහපතිහු කල්‍ය සිත් ඇත්තහු මෘදු සිත් ඇත්තහු විනීවරණ සිත් ඇත්තහු උදග්‍ර සිත් ඇත්තහු ප්‍රසන්න සිත් ඇත්තහු දැනගත්සේක ද එකල්හි බුදුවරුන් ගේ යම් සාමුක්කංසික දේශනාවක් ඇද්ද ඒ දුඃඛසත්‍ය සමුදය සත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය වදාළසේක. යම්සේ පහ වූ කිලුටු ඇති ශුද්ධ වස්ත්‍රෙයක් මොනොවට රජන් ගන්නෙ ද එසෙයින් මැ උපාලි ගහපතිහට ඒ අස්නෙහි මැ විගතරජස් ඇති විගතමල ඇති ධර්‍මචක්‍ෂුස පහළ විය: ‘යම්කිසි සමුදයධර්‍මයෙක් ඇද්ද එ හැම නිරුද්ධ වන ස්වභාව ඇතැ’යි. ඉක්බිති උපාලි ගහපති දුටු (සිව්සස්) දහම් ඇතියේ පැමිණි දහම් ඇතියේ දත් දහම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහවූ සැක ඇතියේ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘වහන්ස, අපි දැන් යම්හ. අපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇතියම්හ’යි. ගැහැවි, තෙපි දැන් එයට කල් දනුව’යි.