Pali BJT18. එවං වුත්තෙ අහං භික්ඛවෙ මාරං පාපිමන්තං එතදවොචං: ජානාමි ඛො තාහං පාපිම, මා ත්වං මඤ්ඤිත්ථො ‘න මං ජානාතී’ති. මාරො ත්වමසි පාපිම. න මං ත්වං පාපිම හිතානුකම්පී එවං වදෙසි. අහිතානුකම්පී මං ත්වං පාපිම එවං වදෙසි. තුය්හං හි පාපිම එවං හොති: යෙසං සමණො ගොතමො ධම්මං දෙසිස්සති{5} තෙ මෙ විසයං උපාතිවත්තිස්සන්තීති. අසම්මාසම්බුද්ධා ච පන තෙ පාපිම සමණබ්රාහ්මණා සමානා ‘සම්මාසම්බුද්ධම්හා’ති පටිජානිංසු. අහං ඛො පන පාපිම සම්මාසම්බුද්ධොව සමානො ‘සම්මාසම්බුද්ධොම්හී’ති පටිජානාමි. දෙසෙන්තොපි හි පාපිම තථාගතො සාවකානං ධම්මං තාදිසොව. අදෙසෙන්තොපි හි පාපිම තථාගතො සාවකානං ධම්මං තාදිසොව. උපනෙන්තොපි හි පාපිම තථාගතො සාවකෙ තාදිසොව. අනුපනෙන්තොපි හි පාපිම තථාගතො සාවකෙ තාදිසොව. තං කිස්ස හෙතු? තථාගතස්ස පාපිම යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා{6} සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, තෙ පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{7} ආයතිං අනුප්පාදධම්මා. සෙය්යථාපි පාපිම තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා, එවමෙව ඛො පාපිම තථාගතස්ස යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, තෙ පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මාති.
Sinhala BJT18. මහණෙනි, මෙසේ කීකල මම පවිටු මරහට තෙල කීමි: “පවිට, මම තා හඳුනමි. තෝ ‘මා නොහඳුනති’යි නො සිත. පවිට තෝ මාරයෙහි. පවිට, තෝ හිතානුකම්පී ව මෙසේ මා නො ම බෙණෙහි. පවිට, තෝ අහිතානුකම්පී ව මෙසේ මා නො ම බෙණෙහි. පවිට, තට මෙසේ සිත් වෙයි: ‘මහණ ගොයුම් යම් කෙනෙකුන්ට දහම් දෙසා නම්, ඔහු මා විෂය ඉක්ම යෙති’යි. පවිට, ඒ මහණබමුණෝ සම්‍යක්සම්බුද්ධ නො වූවාහු ම ‘සම්‍යක්සම්බුද්ධයම්හ’යි පිළින කළහ. පවිට මම සම්‍යක්සම්බුද්ධ වූයෙම් ම සම්‍යක්සම්බුද්ධයෙමි යි පිළින කෙරෙමි. පවිට, තථාගත සව්වනට දෙසනුයේ ද තාදෘශ ම වෙයි. පවිට තථාගත සව්වනට දහම් නො දෙසනුයේ ද තාදෘශ ම වෙයි. පවිට, තථාගත සව්වන් කරා දහම් එළවනුයේ ද තාදෘශ ම වෙයි. පවිට, තථාගත සව්වන් කරා දහම් නො එළවනුයේ ද තාදෘශ ම වෙයි. ඒ කවර හෙයින යත්: පවිට, කෙලෙසනසැහැවි ඇති, පුනර්‍භවය උදාකරන, දරථ සහිත, දුඃඛවිපාක දෙන, මතු ජාතිජරාමරණයට හිත, යම් ආස්‍රවයෝ ඇද්ද, තථාගතහට ඔහු ප්‍රහීණයහ. උසුන්මුල්හ. තාලාවාස්තුකෘතයහ. පිළිවෙළින් කළ අභාව ඇතියහ. මතුයෙහි අනුත්පාද ස්වභාවයහ. පවිට, යම්පිරිදි මුදුන්සුන් තල නැවත විරූඪිය පිණිස අභව්‍ය වේ ද, පවිට, එපිරිදි ම කෙලෙසන සැහැවි ඇති, පුනර්‍භවයපිණිස පවත්නා, කායචිත්තදරථ සහිත, දුක් විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණ කරන, යම් ආස්‍රාවයෝ ඇද්ද, ඔහු තථාගතහට ප්‍රහීණයහ, මුලසුන්හ, මුදුන් බුන් තලක් සෙයින් අවාස්තුභාව ඇතියහ. පිළිවෙළින් කළ අභාව ඇතියහ. මතු නූපදනා සැහැවීයහ.
Pali BJT19. ඉති හිදං මාරස්ස ච අනාලපනතාය බ්රහ්මුනො ච අභිනිමන්තනතාය තස්මා ඉමස්ස වෙය්යාකරණස්ස බ්රහ්මනිමන්තනිකන්තෙව අධිවචනන්ති.
Sinhala BJT19. මෙසේ මාරයාගේ අනුල්ලපනභාව (තථාගතයන් බඹපිරිස්හි එළවා බිණිමේ) හේතුයෙනුදු, බ්‍රහ්මයාගේ අභිනිමන්ත්‍රණ (“ඉදං හි මාරිස, නිච්චං”) ආදීන් තථාගතයන් බ්‍රහ්මස්ථානය කෙරෙහි නිමන්ත්‍රණය කිරීමේ (පොළඹ වීමේ) හේතුවිනුදු මේ වෙය්‍යාකරණයට බ්‍රහ්මනිමන්තනික කියා ම අධිවචන විය.
Pali BJTබ්රහ්මනිමන්තනිකසුත්තං නවමං.
Sinhala BJTබ්‍රහ්මනිමන්තනික සූත්‍රය නවවැනියි.
Pali BJT1. 5. 10.
Sinhala BJT1. 5. 10.
Pali BJTමාරතජ්ජනියසුත්තං
Sinhala BJTමාරතජ්ජනිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානො{1} භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ{2} භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො අබ්භොකාසෙ චඞ්කමති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලද: එක්කෙලෙක මහමුගලන් මහතෙරහු භගුරට සුංසුමාරගිරි නුවර මුවළැව්වන මිහිඟගස් ඇති උයන්හි වාස කෙරෙති.
Pali BJT2. තෙන ඛො පන සමයෙන මාරො පාපිමා ආයස්මතො මහාමොග්ගල්ලානස්ස කුච්ඡිගතො හොති කොට්ඨමනුපවිට්ඨො. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි: “කින්නු ඛො මෙ කුච්ඡි ගරුගරු{3} විය මාසාචිතං මඤ්ඤෙති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො චඞ්කමා ඔරොහිත්වා විහාරං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පච්චත්තං{4} යොනිසො මනසාකාසි{5}.
Sinhala BJT2. එකල මහමුගලන් මහතෙරණුවෝ අභ්‍යාවකාශයෙහි සක්මන් කෙරෙති. එවිට පවිටු මාරයා මහමුගලන් මහතෙරණුවන්ගේ කුක්‍ෂිගත ව පක්‍වාශයට පිවිසියේය. එසඳ මහමුගලන් මහතෙරණුවනට තෙල සිත්වී: “කිම මා කුස් අතිහාරයක් වැනිය. මෑබත් වළඳ කළහුගේ කුස වැනිය. නො හොත් මෑ ඇට පිරූ පහියක් (පසුම්බියක්) වනැ”යි. ඉක්බිති මහමුගලන් මහතෙරණුවෝ සක්මනින් බැස වෙහෙරට පිවිස පැන්වූ අස්නෙහි හුන්හ. හිඳ මහමුගලන් මහතෙරණුවෝ තමා කෙරෙහි නුවණින් මෙනෙහි කළහ.
Pali BJT3. අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො මාරං පාපිමන්තං කුච්ඡිගතං කොට්ඨමනුපවිට්ඨං. දිස්වාන මාරං පාපිමන්තං එතදවොච: නික්ඛම පාපිම, නික්ඛම පාපිම, මා තථාගතං විහෙසෙසි{6} මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායාති.
Sinhala BJT3. මහමුගලන් මහතෙරහු පවිටුමරහු කුසට වැද පක්‍වාශයට පිවිසියහු දුටහ. දැක පවිටුමරහට තෙල බස් කීහ: “පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගතශ්‍රාවක නොපෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නොවේවා” කියායි.
Pali BJT4. අථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි: “අජානමෙව ඛො මං අයං සමණො{7} අපස්සං එවමාහ: ‘නික්ඛම පාපිම, නික්ඛම පාපිම, මා තථාගතං විහෙසෙසි මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායා’ති. යොපිස්ස සො සත්ථා, සොපි මං නෙව ඛිප්පං ජානෙය්ය, කුතො පන{8} මං අයං සාවකො ජානිස්සතී”ති.
Sinhala BJT4. එසඳ පවිටු මරහට තෙල සිත්වී: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගත ශ්‍රාවක නොපෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නො වේවා’යි. තෙල මහණහුගේ ඒ ශාස්තෲහු ද මා වහා නො ම හඳුනති. මේ ශ්‍රාවකයා කෙසේ නම් මා හඳුනා ගත්තේ වේ ද” කියායි.
Pali BJT5. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො මාරං පාපිමන්තං එතදවොච: “එතස්මිං{9} ඛො තාහං{10} පාපිම ජානාමි මා ත්වං මඤ්ඤිත්ථො: න මං ජානාතීති. මාරො ත්වමසි පාපිම. තුය්හං{11} හි පාපිම එවං හොති: ‘අජානමෙව ඛො මං{12} අයං සමණො අපස්සං එවමාහ: නික්ඛම පාපිම, නික්ඛම පාපිම, මා තථාගතං විහෙසෙසි, මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායා’ති. යොපිස්ස සො සත්ථා සොපි මං නෙව ඛිප්පං ජානෙය්ය, කුතො පන මං අයං සාවකො ජානිස්සතී”ති.
Sinhala BJT5. ඉක්බිති මහමුගලන් මහතෙරහු පවිටු මරහට තෙල බස් කීහ: “පවිට, මම මෙතන්හි ලා තා හඳුනමි. තෝ ‘මා නොහඳුනති’ නොසිත, තෝ මරෙහි. පවිට, තට මෙසේ සිත් වෙයි: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නො පෙළා, තථාගතශ්‍රාවක නො පෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නොවේවා’යි. තෙල මහණහුගේ ඒ ශාස්තෲහු ද මා වහා නො ම හඳුනති. මේ ශ්‍රාවකයා කෙසේ නම් මා හඳුනා ගත්තේ වේ ද” කියායි.
Pali BJT6. අථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි: ජානමෙව ඛො මං අයං සමණො පස්සං එවමාහ: නික්ඛම පාපිම, නික්ඛම පාපිම, මා තථාගතං විහෙසෙසි, මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත්තං අහිතාය දුක්ඛායාති. අථ ඛො මාරො පාපිමා ආයස්මතො මහාමොග්ගල්ලානස්ස මුඛතො උග්ගන්ත්වා පච්චග්ගළෙ අට්ඨාසි.
Sinhala BJT6. එසඳ පවිටු මරුහට තෙල සිත්වී: “මේ මහණ මා දන්මින් ම දක්මින් ම මෙසේ කියයි: පවිට, නික්මයා, පවිට නික්මයා. තථාගතයන් නො පෙළා. තථාගතශ්‍රාවක නොපෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නො වේවා”යි. එසඳ පවිටු මර මහ මුගලන් මහතෙරුන්ගේ මුවින් නැගී (පන්සලෙන් බැහැර) කවුළුදොර ළඟ සිටගත.
Pali BJT7. අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො මාරං පාපිමන්තං පච්චග්ගළෙ ඨිතං. දිස්වාන මාරං පාපිමන්තං එතදවොච: එත්ථපි{1} ඛො තාහං පාපිම පස්සාමි. මා ත්වං මඤ්ඤිත්ථො: න මං පස්සතීති. එසො ත්වං පාපිම පච්චග්ගළෙ ඨිතො.
Sinhala BJT7. මහමුගලන් මහතෙරහු පවිටු මර කවුළුදොරෙහි සිටියහු දුටහ. දැක පවිටු මරහට තෙල කීහ: “පවිට, මෙහිදු මම තා දක්මි. තෝ ‘මා නොහඳුනති’යි නො සිත. පවිට, තෙල තෝ කවුළුදොර සිටියෙහි නො.”
Pali BJT8. භූතපුබ්බාහං පාපිම දූසී නාම මාරො අහොසිං. තස්ස මෙ කාළී නාම භගිනී. තස්සා{2} ත්වං පුත්තො. සො මෙ ත්වං භාගිනෙය්යො හොසි{3}. තෙන ඛො පන පාපිම සමයෙන{4} කකුසන්ධො{5} භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කකුසන්ධස්ස{6} ඛො පන පාපිම භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස විධුර - සඤ්ජීව නාම සාවකයුගං{7} අහොසි අග්ගං භද්දයුගං. යාවතා ඛො පන පාපිම කකුසන්ධස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සාවකා, නාස්සුධ කොචි{8} ආයස්මතා විධුරෙන සමසමො හොති යදිදං ධම්මදෙසනාය. ඉමිනා ඛො එතං පාපිම පරියායෙන ආයස්මතො විධුරස්ස විධුරො විධුරොත්වෙව{10} සමඤ්ඤා උදපාදි.
Sinhala BJT8. පවිට, පෙර වූවිරී දැයක් කියමි: මම දුසී නම් මර වීමි. මාගේ බින් කාළී නම. තෝ ඇයගේ පුත් වූයෙහි. තෝ (එකල) මාගේ බෑනෙහි. පවිට, එකල අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ තථාගතයන් වහන්සේ ලොව පහළ වූහ. පවිට, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ තථාගතයන් වහන්සේට අග්‍ර භද්‍රයූග වූ විධුර-සඤ්ජීව නම් ශ්‍රාවකයුග්මයෙක් වී. පවිට, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේට යම් පමණ ශ්‍රාවකයෝ වූහු ද, ධර්‍මදේශනායෙහි ලා ආයුෂ්මත් විධුර මහතෙරණුවන් හා සමසම ව සිටුනා කිසිදු සව්වෙක් නොවී. පවිට, මේ හේතුවින් ආයුෂ්මත් විධුරතෙරණුවනට විධුර ය, විධුර යැ යි (-විගතධුර ය, අන්‍යයන් හා අසම ය යන) අන්‍වර්‍ත්‍ථසංඥා උපන.
Pali BJTආයස්මා පන පාපිම සඤ්ජීවො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අප්පකසිරෙනෙව සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජති. භූතපුබ්බං පාපිම ආයස්මා සඤ්ජීවො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො නිසින්නො හොති. අද්දසංසු{11} ඛො පාපිම ගොපාලකා පසුපාලකා කස්සකා{12} පථාවිනො ආයස්මන්තං සඤ්ජීවං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජිත්වා{13} නිසින්නං. දිස්වාන තෙසං එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, අයං සමණො නිසින්නකොව{14} කාලකතො{15}, හන්ද නං{16} දහාමාති. අථ ඛො තෙ පාපිම ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො තිණඤ්ච කට්ඨඤ්ච ගොමයඤ්ච සඞ්කඩ්ඪිත්වා ආයස්මතො සඤ්ජීවස්ස කායෙ උපචිනිත්වා අග්ගිං දත්වා පක්කමිංසු. අථ ඛො පාපිම ආයස්මා සඤ්ජීවො තස්සා රත්තියා අච්චයෙන තාය සමාපත්තියා වුට්ඨහිත්වා චීවරානි{17} පප්ඵොටෙත්වා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං{18} ආදාය ගාමං පිණ්ඩාය පාවිසි. අද්දසංසු ඛො තෙ පාපිම ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො ආයස්මන්තං සඤ්ජීවං පිණ්ඩාය චරන්තං. දිස්වාන නෙසං එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, අයං සමණො නිසින්නකොව කාලකතො ස්වායං පතිසඤ්ජීවිතොති.{19} ඉමිනා ඛො එතං{20} පාපිම පරියායෙන ආයස්මතො සඤ්ජීවස්ස සඤ්ජීවො{21} සඤ්ජීවොත්වෙව සමඤ්ඤා උදපාදි.
Sinhala BJTපවිට, ආයුෂ්මත් සඤ්ජීව තෙරණුවෝ අරණ්‍යගත වුව ද, වෘක්‍ෂමූලගත වුව ද, ශුන්‍යාගාර ගත වුව ද, නිදුකින් ම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිති. පවිට, පෙර වූවක් කියමි: ආයුෂ්මත් සඤ්ජීව තෙරණුවෝ එක්තරා ගසක් මුල සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන් ව හුන්හ. පවිට, ගෙරි රක්නෝද, එළුබටෙළු රක්නාහු ද, සීසානාහු ද මගබැසයන්නාහු සඤ්ජීවතෙරණුවන් එක්තරා ගසක්මුල සඤ්ඤාවේදයිතනිරෝධයට සමවැද හුන්නවුන් දුටහ. දැක ඔවුනට මෙසේ සිත් වී: “භවත්නි, ආශ්‍චර්‍ය්‍යය, භවත්නි, අද්භූතය, මේ මහණ හුන්වන ම කලුරිය කෙළේය. එයින් උන් දවම්හ” කියායි. පවිට, ඉක්බිති ගෝපාලයෝ ද පශුපාලයෝ ද කර්‍ෂකයෝ ද යන ඒ මගියෝ තණ දර හා ගොම එක්රැස් කොට සඤ්ජීව තෙරණුවන්ගේ කය වටා සෑයක් බැඳ ගිනි ලා ගියහ. පවිට, එසඳ සඤ්ජීව තෙරණුවෝ එරැය ඇවෑමෙන් ඒ සමවතින් නැගී සිවුරු පොළාපියා පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන ගමට පිඬු පිණිස පිවිසියහ. පවිට, ගොපල්ලො ද පසුපල්ලෝ ද සීසානුවෝ ද යන ඒ මගීහු සඤ්ජීව තෙරණුවන් පිඬු පිණිස වදනවුන් දුටහ. දැකීමෙන් ඔවුනට මෙසේ සිත් වී: “භවත්නි, ඒකාන්තයෙන් අසිරි ය, භවත්නි, ඒකාන්තයෙන් අද්භූත ය මේ මහණ හුන්වන ම මළේ ය. හේ නැවත මැනැවින් දිවි ලද” කියායි. පවිට, මේ හේතුවින් සඤ්ජීව තෙරණුවනට සඤ්ජීව ය, සඤ්ජීව යැයි අන්‍වර්‍ත්‍ථසංඥා පහළ විය.
Pali BJT9. අථ ඛො පාපිම දූසිස්ස මාරස්ස{1} එතදහොසි: ඉමෙසං ඛො අහං භික්ඛූනං සීලවන්තානං කල්යාණධම්මානං නෙව ජානාමි ආගතිං වා ගතිං වා. යන්නූනාහං බ්රාහ්මණගහපතිකෙ අන්වාවිසෙය්යං: එථ තුම්හෙ භික්ඛූ සීලවන්තෙ කල්යාණධම්මෙ අක්කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ. අප්පෙවනාම තුම්හෙහි අක්කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං, යථා තං{2} දූසී මාරො ලභෙථ ඔතාරන්ති. අථ ඛො තෙ පාපිම දූසී මාරො බ්රාහ්මණගහපතිකෙ අන්වාවිසි: එථ තුම්හෙ, භික්ඛූ සීලවන්තෙ කල්යාණධම්මෙ අක්කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ. අප්පෙවනාම තුම්හෙහි අක්කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාරන්ති.
Sinhala BJT9. පවිට, ඉක්බිති දූසීමරහට තෙල සිත් වී: “මම සිල්සපන් කලණ දහම් ඇති මේ මහණුන්ගේ ආගතිදු ගතිදු නොම දන්මි. ‘බමුණුගැහැවියෙනි, එව. සිල්වත් කළණදහම් ඇති මහණුන් (දස අකෙස්ලියෙන්) ආක්‍රෝශ කරව, තෙපුලින් පරිභාෂණ කරව, ඝටව, වෙහෙස කරව. තොප විසින් ආක්‍රෝශ කරනු ලබන, තෙපුලින් නින්‍දා කරනු ලබන, ඝටනු ලබන, වෙහෙසනු ලබන ඒ මහණුනට දුසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂේපයෙක් (ක්ලේෂොත්පත්තියට ප්‍රත්‍යයෙක්) වේ නම් මනාම යයි, ඉදින් මම බමුණු ගැහැවියනට ආවිෂ්ට වෙම් නම් යෙහෙක” යන සිතයි. පවිට, ඉක්බිති දූසිමර බමුණු ගැහැවියනට ආවිෂ්ට වී: “තෙපි එව, සිල්වත් කල්‍යාණධර්‍ම ඇති, මහණුනට ආක්‍රෝශ කරව, පරිභාෂණ කරව, ඝටව, වෙහෙස කරව. තොප විසින් ආක්‍රෝශ කරනු ලබන, පරිභාෂණ කරනු ලබන, ඝටනු ලබන, වෙහෙස කරනු ලබන ඒ මහණුනට දූසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනාමයැ”යි කියායි.
Pali BJT10. අථ ඛො තෙ පාපිම බ්රාහ්මණගහපතිකා අන්වාවිට්ඨා{3} දූසිනා මාරෙන භික්ඛූ සීලවන්තෙ කල්යාණධම්මෙ අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති: “ඉමෙ පන මුණ්ඩකා සමණකා ඉබ්භා කිණ්හා{4} බන්ධුපාදාපච්චා ‘ඣායිනොස්මා ඣායිනොස්මා’ති පත්තක්ඛන්ධා අධොමුඛා මධුරකජාතා ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අපජ්ඣායන්ති. සෙය්යථාපි නාම උලූකො රුක්ඛසාඛාය{5} මූසිකං මගයමානො{6} ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, එවමෙවිමෙ මුණ්ඩකා සමණකා ඉබ්භා කිණ්හා බන්ධුපාදාපච්චා ‘ඣායිනොස්මා ඣායිනොස්මා’ති පත්තක්ඛන්ධා අධොමුඛා මධුරකජාතා ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අපජ්ඣායන්ති. සෙය්යථාපි නාම කොත්ථු{7} නදීතීරෙ මච්ඡෙ මගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, එවමෙවිමෙ මුණ්ඩකා සමණකා ඉබ්භා කිණ්හා බන්ධුපාදාපච්චා ‘ඣායිනොස්මා ඣායිනොස්මා’ති පත්තක්ඛන්ධා අධොමුඛා මධුරකජාතා ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අපජ්ඣායන්ති. සෙය්යථාපි නාම බිළාරො සන්ධිසමලසඞ්කටීරෙ මූසිකං මගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, එවමෙවිමෙ මුණ්ඩකා සමණකා ඉබ්භා කිණ්හා බන්ධුපාදාපච්චා ‘ඣායිනොස්මා ඣායිනොස්මා’ති පත්තක්ඛන්ධා අධොමුඛා මධුරකජාතා ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අපජ්ඣායන්ති. සෙය්යථාපි නාම ගද්රභො වහච්ඡින්නො සන්ධිසමලසඞ්කටීරෙ ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, එවමෙවිමෙ මුණ්ඩකා සමණකා ඉබ්භා කිණ්හා බන්ධුපාදාපච්චා ‘ඣායිනොස්මා, ඣායිනොස්මා’ති පත්තක්ඛන්ධා අධොමුඛා මධුරකජාතා ඣායන්ති පජ්ඣායන්ති නිජ්ඣායන්ති අපජ්ඣායන්තී”ති.
Sinhala BJT10. පවිට, ඉක්බිති ඒ බමුණු ගැහැවියෝ දූසීමරහු විසින් ආවිෂ්ට වූවාහු සිල්වත් කලණ දහම් ඇති මහණුනට ආක්‍රෝශ කෙරෙති. නින්‍දා කෙරෙති. ඝටති. වෙහෙස කෙරෙති. (කෙසේ යත්:) “නින්‍දිත මුණ්ඩයන් වන, නින්‍දිත ශ්‍රමණයන් වන, ගෘහපතිකයන් වන, කෘෂ්ණයන් වන, බන්‍ධුපාදාපත්‍යයන් (බ්‍රහ්මයාගේ පිටිපතුලෙන් උපනුවන්) වන මොහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී බැහුකඳ ඇතිව යටිහුරු මුව ඇතිව උපන් අලස බව ඇතිව ධ්‍යාන කෙරෙති. සිතති, ප්‍රකර්‍ෂයෙන් සිතති, නිගන්නට සිතති. පැහැර ගන්නට සිතති. යම් පරිදි මහමුහුනු වෘක්‍ෂශාඛායෙහි හිඳැ මුෂිකයකු පිරියෙස්මින් ... සිතමින් හිඳුනේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂ්ණ, බඹහුගේ පාමිලිදරු වන මේ මුණ්ඩක ශ්‍රමණකයෝ, අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යි බහාගත කඳ ඇතිව අධෝමුඛ ව හටගත් අලසසැහැවි ඇති ව ... සිතති. යම් පරිදි සිවලු නදීතීරයෙහි හිඳ මසුන් පිරියෙස් මින් … සිතනුයේ වේ ද, එපරිදි ම ගැහැවිගති ඇති, කළුවන් ගුණ ඇති, බඹහුගේ පිටිපයිනුපන් දරු වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව යටිකුරු කළ මුව ඇතිව උපන් අලසගති ඇති ව … සිතති. යම් පරිදි බලලු ගෘහසන්‍ධි හා මලබස්නා ඇලිදොර හා කසළ ගොඩෙහි මිහියකු පිරියෙස්මින් ... සිතනුයේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂ්ණ, බන්‍ධුපාදාපත්‍ය වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව අධෝමුඛව ජාතාලස්‍ය වැ ... සිතති. යම් පරිදි ගද්‍රභ වහච්ඡිනන ව (-කතර තැරෑ බඩුබර ඉසිලීමෙන් තොරව) සන්‍ධිසමලසඞ‍්කටීරස්ථානයන්හි ලැගගෙන ... සිතනුයේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂ්ණ, බ්‍රහ්මපාදයෙන් උපන් දරු වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව යටිහුරුමුව ඇති ව ජාතාලස්‍ය ව ... සිතතියි නිග්‍රහ කළහ.
Pali BJTයෙ ඛො පන පාපිම තෙන සමයෙන මනුස්සා කාලං කරොන්ති, යෙභුය්යෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJTපවිට, එකල යම් මිනිස් කෙනෙක් කලුරිය කෙරෙද්ද, ඔහු (මාරාවේශ රහිතව ද, මාරු විසින් මවා පෑ මහණුන්ගේ විකාර දැක පියවි මහණුන්ට නිග්‍රහ කළෝ) බෙහෙවින් කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයෙහි උපදිති.
Pali BJT11. අථ ඛො පාපිම කකුසන්ධො{1} භගවා අරහං සම්මාසම්බුද්ධො භික්ඛූ ආමන්තෙසි: අන්වාවිට්ඨා ඛො භික්ඛවෙ බ්රාහ්මණගහපතිකා දූසිනා මාරෙන: ‘එථ තුම්හෙ, භික්ඛූ සීලවන්තෙ කල්යාණධම්මෙ අක්කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ. අප්පෙවනාම තුම්හෙහි අක්කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං යථා තං{2} දූසී මාරො ලභෙථ ඔතාරන්ති. එථ තුම්හෙ භික්ඛවෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං{3}. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරථ. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, -පෙ- මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, -පෙ-{4} උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරථාති.
Sinhala BJT11. පවිට, එසඳ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ භික්‍ෂූන් ඇමැතුසේක: මහණෙනි, දූසි මරහු විසින් බමුණන් හා ගැහැවියෝ ආවීෂ්ටයහ: “තෙපි එව, සිල්සපන් කලණදහම් ඇති මහණුන් ආක්‍රෝශ කරව, නින්‍දා කරව, ඝටව, වෙහෙසව තොප විසින් අක්‍රොශ කරනු ලබන නින්‍දා කරනු ලබන, ඝටනු ලබන, වෙහෙස කරනු ලබන මහණුනට දුසී මර සිදුරු ලැබියහෙන සේ චිත්ත වික්‍ෂේපයෙක් වේ නම්, මැනැව” කියායි. මහණෙනි, තෙපි එව මෙත් සහගිය සිතින් එක්දිගක් ඵරණ කොට වාස කරව. එසෙයින් දෙවන දිග ද, එසෙයින් තෙවන දිග ද, එසෙයින් සිවු වන දිග දැයි මෙසේ උඩයට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැම සතුන් ඇති ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වාස කරව. කරුණා සහගත සිතින් එක්දිගක් අරමුණු කොට වාස කරව ... මුදිතාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කරව ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කරව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැමසත් ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, අව්‍යාබාධ වූ, උපේක්‍ෂාසහගත සිතින් අරමුණු කොටගෙන වාස කරවයි වදාළහ.
Pali BJT12. අථ ඛො තෙ පාපිම භික්ඛූ කකුසන්ධෙන{5} භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන එවං ඔවදියමානා එවං අනුසාසියමානා අරඤ්ඤගතාපි රුක්ඛමූලගතාපි සුඤ්ඤාගාරගතාපි මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරිංසු. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරිංසු. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරිංසු -පෙ- මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරිංසු -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරිංසු. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරිංසු.
Sinhala BJT12. පවිට, එක්බිති ඒ භික්‍ෂූහු අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ තථාගතයන් වහන්සේ විසින් මෙසෙයින් අවවාද කරනු ලබන්නාහු, මෙසෙයින් අනුශාසනා කරනු ලබන්නාහු අරණ්‍යගත ව ද, වෘක්‍ෂමූලගත ව ද, ශුන්‍යාගාරගත ව ද මෙත් සහගිය සිතින් එක් දිගක් ස්‍පර්‍ශ කොට ගෙන වාස කළහ. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැමසත් ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර අව්‍යාබාධ, මෛත්‍රීසහගත චිත්තයෙන් ස්‍පර්‍ශ කොටගෙන වාස කළහ ... කරුණාසහගතචිත්තයෙන් එක් දිගක් ඵරණ කොට ගෙන වාස කළහ ... මුදිතාසහගත චිත්තයෙන් එක් දිගක් ඵරණ කොට ගෙන වාස කළහ ... උපේක්‍ෂාසහගත චිත්තයෙන් එක් දිගක් ස්පර්‍ශ කොටගෙන වාස කළහ. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්‍මතායෙන් හැමසත්ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, උපේක්‍ෂාසහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට ගෙන වාස කළහ.
Pali BJT13. අථ ඛො පාපිම දූසිස්ස මාරස්ස එතදහොසි: “එවම්පි ඛො අහං කරොන්තො ඉමෙසං භික්ඛූනං සීලවන්තානං කල්යාණධම්මානං නෙව ජානාමි ආගතිං වා ගතිං වා. යන්නූනාහං බ්රාහ්මණගහපතිකෙ අන්වාවිසෙය්යං: එථ තුම්හෙ, භික්ඛූ සීලවන්තෙ කල්යාණධම්මෙ සක්කරොථ ගරුකරොථ මානෙථ පූජෙථ. අප්පෙවනාම තුම්හෙහි සක්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පූජියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං යථා තං දූසී මාරො ලභෙථ ඔතාරන්ති.
Sinhala BJT13. පවිට, ඉක්බිති දූසී මරහට තෙල සිත් වි: “මම මෙසේ ද කරනුයෙම් වුව ද, සිල්සපන් කලණදහම් ඇති මේ මහණුන්ගේ ආගතිදු ගතිදු නොදන්මි. මම බමුණු ගැහැවියනට ආවිෂ්ට වන්නෙම් නම් යෙහෙක: තෙපි එව, සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. මානනා පූජනා කරව. තොප විසින් සත්කාර කරනු ලබන, ගරුකාර කරනු ලබන, මානනා පූජනා කරනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනා ම ය” කියායි.
Pali BJT14. අථ ඛො තෙ පාපිම, දූසීමාරො බ්රාහ්මණගහපතිකෙ අන්වාවිසි: එථ තුම්හෙ, භික්ඛූ සීලවන්තෙ කල්යාණධම්මෙ සක්කරොථ ගරුකරොථ මානෙථ පූජෙථ. අප්පෙවනාම තුම්හෙහි සක්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පූජියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං යථා තං{1} දූසී මාරො ලභෙථ ඔතාරන්ති. අථ ඛො තෙ පාපිම බ්රාහ්මණගහපතිකා අන්වාවිට්ඨා{2} දූසිනා මාරෙන භික්ඛූ සීලවන්තෙ කල්යාණධම්මෙ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති.
Sinhala BJT14. පවිට, ඉක්බිති දූසීමර ඒ බමුණන් හා ගැහැවියනට ආවිෂ්ට වී: “තෙපි එව, සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. බුහුමන් කරව පුදව. තොප විසින් සත්කාර කරනු ලබන ගරුකාර කරනු ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙන සේ චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනා ම ය” කියායි. පවිට, ඉක්බිති දුසීමර විසින් ඒ බමුණන් හා ගැහැ වියෝ ආවිෂ්ට වූවාහු සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කෙරෙති. ගරුකාර කෙරෙති. බුහුමන් කෙරෙති. පුදති.
Pali BJTයෙ ඛො පන පාපිම තෙන සමයෙන මනුස්සා කාලං කරොන්ති, යෙභුය්යෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTපවිට, එසමයෙහි යම් මිනිස් කෙනෙක් කලුරිය කෙරෙද්ද, ඔහු කාබුන් මරණින් මතුයෙහි බෙහෙවින් සුගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදිත්.
Pali BJT15. අථ ඛො පාපිම, කකුසන්ධො{3} භගවා අරහං සම්මාසම්බුද්ධො භික්ඛූ ආමන්තෙසි: අන්වාවිට්ඨා ඛො භික්ඛවෙ බ්රාහ්මණගහපතිකා දූසිනා මාරෙන “එථ තුම්හෙ, භික්ඛූ සීලවන්තෙ කල්යාණධම්මෙ සක්කරොථ ගරුකරොථ මානෙථ පූජෙථ. අප්පෙවනාම තුම්හෙහි සක්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පූජියමානානං සියා චිත්තස්ස අඤ්ඤථත්තං යථා තං දූසී මාරො ලභෙථ ඔතාරන්ති”. එථ තුම්හෙ භික්ඛවෙ, අසුභානුපස්සී{4} කායෙ විහරථ. ආහාරෙ පටිකූලසඤ්ඤිනො සබ්බලොකෙ අනභිරතසඤ්ඤිනො{5}, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සිනොති.
Sinhala BJT15. පවිට, ඉක්බිති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ, කකුසඳ තථාගතයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, දුසී මරහු විසින් බමුණන් හා ගැහැවියෝ ආවිෂටයහ. ‘තෙපි එව. සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. බුහුමන් කරව. පුදව. තොප විසින් සත්කාර කරනු ලබන, ගරුකාර කරන ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙනසේ චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනා ම ය’කියායි. මහණෙනි, තෙපි එව. කයෙහි අශුභය නුවණින් දක්නාසුලු ව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති ව, සර්‍ව ලෝකයෙහි අනභිරතසංඥා ඇති ව, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු ව වාස කරව.”
Pali BJT16. අථ ඛො තෙ පාපිම භික්ඛූ කකුසන්ධෙන{6} භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන එවං ඔවදියමානා එවං අනුසාසියමානා අරඤ්ඤගතාපි රුක්ඛමූලගතාපි සුඤ්ඤාගාරගතාපි අසුභානුපස්සී{4} කායෙ විහරිංසු, ආහාරෙ පටික්කූලසඤ්ඤිනො, සබ්බලොකෙ අනභිරතසඤ්ඤිනො{5} සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සිනො.
Sinhala BJT16. පවිට, ඉක්බිති ඒ මහණහු අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු අරණ්‍යගත ව ද, වෘක්‍ෂමූලගත ව ද, ශූන්‍යගාරගත ව ද, කයෙහි අශුභය නුවණින් දක්නාසුලු ව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති ව, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා ඇති ව, සර්‍ව සංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු ව වාස කළහ.
Pali BJT17. අථ ඛො පාපිම, කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ආයස්මතා විධුරෙන පච්ඡාසමණෙන ගාමං පිණ්ඩාය පාවිසි. අථ ඛො පාපිම දූසී මාරො අඤ්ඤතරං කුමාරං{7} අන්වාවිසිත්වා යක්ඛරං ගහෙත්වා ආයස්මතො විධුරස්ස සීසෙ පහාරං අදාසි.{8} සීසං{9} වොභින්දි. අථ ඛො පාපිම ආයස්මා විධුරො භින්නෙන සීසෙන ලොහිතෙන ගලන්තෙන කකුසන්ධංයෙව{10} භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො පාපිම කකුසන්ධො{11} භගවා අරහං සම්මාසම්බුද්ධො නාගාපලොකිතං අපලොකෙසි: න වායං{12} දූසී මාරො මත්තමඤ්ඤාසීති. සහාපලොකනාය{13} ච පන පාපිම දූසී මාරො තම්හා ච{14} ඨානා චවි. මහානිරයඤ්ච උපපජ්ජි.
Sinhala BJT17. පවිට, ඉක්බිති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන ආයුෂ්මත් විධුර තෙරණුවන් කැටුව යනුවන් හා ගමට පිඬු පිණිස පිවිසියහ. පවිට, එසඳ දුසී මර එක්තරා කුමාරක්හට අවිෂ්ට ව කැටක් ගෙන ආයුෂ්මත් විධුර තෙරණුවන් හිසෙහි පහර දින. හිස බිඳුනේ ය. පවිට, එසඳ ආයුෂ්මත් විධුර තෙරණුවෝ බුන් හිසින් ගළන ලෙහෙයෙන් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේ පසුපස ලුහුබැඳ ගියහ. පවිට, එසඳ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කකුසඳ තථාගතයන් වහන්සේ නාගාපලෝකනය කොට (ඇතකු සෙයින් මුළුකය පෙරළා බැලුම්ලා) බැලූසේක: “මේ දුසීමර පමණ නො දත්හයි (-ප්‍රමාණය පන්වා ගියහයි)” කියායි. පවිට, එසේ බලන්නා හා ම දුසීමර ඒ දෙව්බැවින් ච්‍යුත විය. මහනිරයෙහි ද උපන.
Pali BJT18. තස්ස ඛො පන පාපිම මහානිරයස්ස තයො නාමධෙය්යා හොන්ති: ඡඵස්සායතනිකො ඉතිපි, සඞ්කුසමාහතො ඉතිපි, පච්චත්තවෙදනියො ඉතිපි. අථ ඛො මං{1} පාපිම නිරයපාලා උපසඞ්කමිත්වා එතදවොචුං: යදා ඛො තෙ මාරිස සඞ්කුනා සඞ්කු හදයෙ සමාගච්ඡෙය්ය, අථ නං ආජානෙය්යාසි{2} ‘වස්සසහස්සං මෙ නිරයෙ පච්චමානස්සා’ති. සො ඛො අහං පාපිම බහූනි වස්සානි{3} බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි තස්මිං මහානිරයෙ අපච්චිං. දසවස්සසහස්සානි{4} තස්සෙව මහානිරයස්ස උස්සදෙ අපච්චිං වුට්ඨානිමං නාම වෙදනං{5} වෙදියමානො. තස්ස මය්හං පාපිම එවරූපො කායො හොති සෙය්යථාපි මනුස්සස්ස. එවරූපං සීසං හොති සෙය්යථාපි මච්ඡස්ස. -
Sinhala BJT18. පවිට, ඒ මහානිරයට නාමයෝ තුන්දෙනෙකි: ඡඵස‍්සායතනිකය (සවැදෑරුම් සපර්‍ශායතනයෙහි ලා වෙන ම වෙන ම උදා දෙන වේදනාවට හේතු වන නිරය) කියා ද, සඞකුසමාහත (යහුලින් හෘදයෙහි කොටා ලන නරාපලුන් ඇති නිරය) කියා ද, පච්චත්තවේදනිය (තෙමේ ම වේදනා උපදවන නිරය) කියා දැයි නම් තුනෙකි. පවිට, එහි නිරයපාලයෝ මා කරා පැමිණ තෙල බස් කීහු: “සබඳ, යම් දිනෙක තා ළමැඩියෙහි හුලින් හුල එකට හැපී යයි ද, එකල ‘නිරයෙහි පැසෙන මට වර්‍ෂසහස්‍රයෙක් ඉක්මිණැ’යි එය දනගනැ” යි කියා යි. පවිට, මම බොහෝ වර්‍ෂයන්, බොහෝ වර්‍ෂශතයන්, බොහෝ වර්‍ෂසහස්‍රයන් ඒ මහානිරයෙහි පැසිණිමි. ‘වුට‍්ඨානිම’ (විපාකවේදනායෙන් නැගී සිටුනා වේදනා) නම් වේදනා විඳුමින් ඒ මහානරකයට අයත් ‘උස්සද’ නිරයෙහි දශවර්‍ෂසහස්‍රයක් කල් පැසිණිමි. පවිට, මට මිනිසකු කය බඳු කය විය. මසකු හිස බඳු හිස විය. –
Pali BJT1. කීදිසො නිරයො ආසි යත්ථ දූසී අපච්චථ, විධුරං සාවකමාසජ්ජ කකුසන්ධඤ්ච{6} බ්රාහ්මණං:
Sinhala BJT1. විධුර මහසව්වන් හා කකුසඳ බුදුනුදු ගැටීමෙන් දූසී මර යම් නිරයෙක පැසිණි ද, ඒ නිරය කෙබඳු වී ද යත්:
Pali BJT2. සතං ආසි අයොසඞ්කූ සබ්බෙ පච්චත්තවෙදනා, ඊදිසො නිරයො ආසි යත්ථ දූසී අපච්චථ, විධුරං සාවකමාසජ්ජ කකුසන්ධඤ්ච බ්රාහ්මණං.
Sinhala BJT2. යහුල් සියෙක් වී. එ හැම තුමූ ම වෙන වෙන වේදනා දනවන සුලු ය. විධුර මහසව්වන් හා කකුසඳ බුදුනුදු ඝටා දුසී මර යම් නිරයක පැසිණි ද, එ නිරය මෙබඳු වී.
Pali BJT3. යො එතමභිජානාති{7} භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT3. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල නිරැපවත් දන්නේ වේ ද, පවිට, එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
Pali BJT4. මජ්ඣෙ සරස්ස තිට්ඨන්ති විමානා කප්පඨායිනො,{8} වෙළුරියවණ්ණා රුචිරා අච්චිමන්තො පභස්සරා, අච්ඡරා තත්ථ නච්චන්ති පුථු නානත්තවණ්ණියො.
Sinhala BJT4. මහමුහුද මැද කල‍්පස‍්ථායී විමානයෝ ඇත. වෛඩූර්‍ය්‍යවර්‍ණ ඇතියහ, රුචිරයහ, (දිලෙන ගිනිකඳුමෙන්) සිළුමත්හ, ප්‍රභාස්වරයහ. නානාත‍්මවර්‍ණ ඇති බොහෝ දෙවඟනෝ ඒ විමන්හි නටති.
Pali BJT5. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT5. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල විමානප්‍රවෘත්ති දන්නේ වේ ද, පවිට, එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
Pali BJT6. යො වෙ බුද්ධෙන චූදිතො භික්ඛු සඞ්ඝස්ස පෙක්ඛතො, මිගාරමාතුපාසාදං පාදඞ්ගුට්ඨෙන කම්පයි.
Sinhala BJT6. බුදුන් විසින් මෙහයුම් ලද යම් මහණෙක් බික්සඟන බලාසිටිය දී මුවරමාපහය පාදාඞ්ගුෂ‍්ඨයෙන් සැලී ද,
Pali BJT7. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT7. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
Pali BJT8. යො වෙජයන්තං පාසාදං{9} පාදඞ්ගුට්ඨෙන කම්පයි, ඉද්ධිබලෙනුපත්ථද්ධො{10} සංවෙජෙසි ච දෙවතා.
Sinhala BJT8. ඍද්ධිබලයෙන් වහල ලද යම් මහණෙක් පාදාඞ්ගුෂ්ඨයෙන් වෛජයන්තප්‍රසාදය සැලී ද, දෙවියන් සංවිග්නත් කළේ ද,
Pali BJT9. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT9. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
Pali BJT10. යො වෙජයන්තෙ{11} පාසාදෙ සක්කං සො පරිපුච්ඡති, අපි ආවුසො{12} ජානාසි තණ්හක්ඛයවිමුත්තියො, තස්ස සක්කො වියාකාසි{13} පඤ්හං පුට්ඨො යථාතථං.{14}
Sinhala BJT10. යම් ඒ මහණෙක් විජයත්පහයෙහි දී “ඇවැත්නි, තෘෂ්ණාක්‍ෂය විමුක්ති දන්හි දැ?”යි ශක්‍රයා අතින් පිළිවිසී ද, ප්‍රශ්න පුළුවුස්නාලද ශක්‍රයා ද තථ්‍ය සේ ඒ මහණහට විසඳුන් කෙළේ යයි ද,
Pali BJT11. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT11. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
Pali BJT12. යො බ්රහ්මානං{1} පරිපුච්ඡති{2} සුධම්මායං{3} අභිතො සභං, ‘අජ්ජාපි තෙ ආවුසො{4} දිට්ඨි යා තෙ දිට්ඨි පුරෙ අහු, පස්සසි{5} වීතිවත්තන්තං බ්රහ්මලොකෙ පභස්සරං’.
Sinhala BJT12-14. යම් මහණෙක් ‘සුධර්‍මා’ නම් බ්‍රහ්මසභාසමීපයෙහි දී “ඇවැත්නි, පෙර තට යම් මිසදුටුයෙක් වී ද, තට ඒ දිටු අදත් ඇද්ද, මෙ බඹලොව බඹ ගණ මඩනා බුදුන් ආලොකය දක්හි දැ”යි බඹහු අතින් පිළිවිසී ද, ඒ මහණහට බ්‍රහ්මයා ද “සබඳ, මට යම් මිසදිටුයෙක් පෙර වී ද, ඒ මිස දිටු දැන් නැත. මෙ බඹලොව බඹගණ මැඩගෙන සිටුනා බුදුන් ඕභාස දක්මි. ‘මම නිත්‍යයෙමි, මම ශාශ්වතයෙමි’ යි මම දැන් කෙසේ කියම් දැ”යි පිළිවෙළ ගෙන තථ්‍ය සේ ප්‍රකාශ කෙළේ ද,
Pali BJT13. තස්ස බ්රහ්මා වියාකාසි අනුපුබ්බං යථාතථං, ‘න මෙ මාරිස සා දිට්ඨි යා මෙ දිට්ඨි පුරෙ අහු.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT14. පස්සාමි වීතිවත්තන්තං බ්රහ්මලොකෙ පභස්සරං, සොහං අජ්ජ කථං වජ්ජං අහං නිච්චොම්හි සස්සතො.’
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT15. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT15. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
Pali BJT16. යො මහානෙරුනො කූටං විමොඛෙන{6} අඵස්සයි, වනං පුබ්බවිදෙහානං යෙ ච භූමිසයා නරා.
Sinhala BJT16. යම් මහණෙක් මහානේරුපර්‍වතරාජයාගේ කූටය ධ්‍යානවිමෝක්‍ෂ අභිඥ්ඥානයෙන් ස්පර්‍ශ කෙළේ ද, දඹදිව හා පූර්‍වවිදේහයන්ගේ දිවයින ද, ගෘහපරිග්‍රහයෙන් භුමිසායි මනුෂ්‍ය කෙනෙක් වෙත් නම්, උන්ගේ දිවයින් ද (උත්තරකුරු - අපරගොයාන ද දිවයින් ද) ධ්‍යානවිමෝක්‍ෂභිඥානයෙන් ස්පර්‍ශ කෙළේ ද,
Pali BJT17. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො, තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT17. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
Pali BJT18. න වෙ අග්ගි වෙඨයති{7} අහං බාලං ඩහාමීති,{8} බාලොච{9} ජලිතං අග්ගිං ආසජ්ජන ස ඩය්හති.{10}
Sinhala BJT18. ගින්න වනාහි “මම බාලයා දවාලමි”යි ඒකාන්තයෙන් නො වෙළා ගන්නේ ය. ඒ බාලයාම දිලියෙන ගිනි වැදගෙන දැවෙන්නේ ය.
Pali BJT19. එවමෙව තුවං මාර ආසජ්ජන{11} තථාගතං, සයං ඩහිස්සසි අත්තානං බාලො අග්ගිංව සම්ඵුසං.
Sinhala BJT19. මාරය, එපරිදි ම තෝ තථාගතයන් වහන්සේ ඝටා තමා දවාගන්නෙහි. ගින්න ස්පර්‍ශ කරන බාලයකු තමා දවා ගන්නාක් සෙයිනි.
Pali BJT20. අපුඤ්ඤං පසවී මාරො ආසජ්ජන{12} තථාගතං, කින්නු මඤ්ඤසි පාපිම න මෙ පාපං විපච්චති.
Sinhala BJT20. කකුසඳ තථාගතයන් වහන්සේ ඝටා දූසී මාරයා පව් ලැබී ය. පවිට, කීම තෝ “මා පිළිබඳ පව් නො පැසේය”යි සිතහි ද?
Pali BJT21. කරොතො චීයති{13} පාපං චිරරත්තාය කන්දති,{14} මාර නිබ්බින්ද බුද්ධම්හා ආසං මාකාසි භික්ඛුසු.
Sinhala BJT21. කරනුවාහට පව් රැස්වෙයි. චිරරාත්‍රයෙහි (හේ) වැලපෙයි. පවිට, බුදුන් කෙරෙන් පහව යා. භික්‍ෂූන් කෙරෙහි (ඝටනු පිණිස) ආශා නො කර.
Pali BJT22. ඉති මාරං අතජ්ජෙසි{15} භික්ඛු භෙසකලාවනෙ, තතො සො දුම්මනො යක්ඛො තත්ථෙවන්තරධායථාති.
Sinhala BJT22. මෙසේ භේසකලා වනයෙහිදී මුගලන්මහතෙරණුවෝ මරහු තැති ගැන්වූහ. එයින් ඒ මරදෙවි දුක්පත් සිතැති ව එහි ම අතුරුදන් විය.
Pali BJTමාරතජ්ජනීයසුත්තං දසමං.
Sinhala BJTමාරතජ්ජනිය සූත්‍රය දසවැනියි.
Pali BJTචූළයමකවග්ගො පඤ්චමො.
Sinhala BJTචූළයමකවර්‍ගය පස්වැනියි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං:
Sinhala BJTඒ වර්‍ගයේ උද්දානය:
Pali BJT{*}සාලෙය්ය වෙරඤ්ජදුවෙ ච වෙදා චූළංමහංධම්මසමාදනං ච, වීමංසකොසම්බියථො ච බ්රහ්මා දූසී ච මාරො පඤ්චමො ච වග්ගො. {1}{2}{3}
Sinhala BJTසාලෙය්‍යක සූත්‍රය හා වේරඤ්ජක සූත්‍රය, මහාවේදල්ල චූළවේදල්ල සූත්‍ර දෙක, චූළධම්මසමාදාන සූත්‍රය, මහා ධම්මසමාදාන සූත්‍රය, වීමංසක සූත්‍රය හා කෝසම්බිය සූත්‍රය, යළි බ්‍රහ්මනිමන්තනික සූත්‍රය, දූසීමාර සඳහන් ලත් මාරතජ්ජනීය සූත්‍රය ද ඇත. මේ පස්වැනි චූළකමකවර්‍ගයයි.
Pali BJTමූලපණ්ණාසකං නිට්ඨිතං.
Sinhala BJTමූලපණ්ණාසකය නිමියේ ය.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTමජ්ඣිමනිකායො
Sinhala BJTමැඳුම් සඟිය
Pali BJTමජ්ඣිමපණ්ණාසකො
Sinhala BJTමධ්‍යම පණ්ණාසකය
Pali BJT1. ගහපති වග්ගො
Sinhala BJT1. ගහපති වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT2. 1. 1.
Sinhala BJT2. 1. 1.
Pali BJTකන්දරක සුත්තං
Sinhala BJTකන්‍දරක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. අථ ඛො පෙස්සො ච හත්ථාරොහපුත්තො කන්දරකො ච පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා පෙස්සො හත්ථාරොහපුත්තො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. කන්දරකො පන පරිබ්බාජකො භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො කන්දරකො පරිබ්බාජකො තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භගවන්තං එතදවොච: අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යාවඤ්චිදං භොතා ගොතමෙන සම්මා භික්ඛුසඞ්ඝො පටිපාදිතො: යෙපි තෙ භො ගොතම අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙපි භගවන්තො එතපරමංයෙව සම්මා භික්ඛුසඞ්ඝං පටිපාදෙසුං සෙය්යථාපි එතරහි භොතා ගොතමෙන සම්මා භික්ඛුසඞ්ඝො පටිපාදිතො. යෙපි තෙ භො ගොතම භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙපි භගවන්තො එතපරමංයෙව සම්මා භික්ඛුසඞ්ඝං පටිපාදෙස්සන්ති සෙය්යථාපි එතරහි භොතා ගොතමෙන සම්මා භික්ඛුසඞ්ඝො පටිපාදිතොති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග චම්පා නුවර ගග්ගරා නම පොකුණුතෙර සමීපයෙහි වැඩවාසය කරන සේක. එකල්හි පෙස්ස නම් ඇතරුපුත් ද කන්‍දරක පිරිවැජි ද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ පෙස්ස අතරුපුත් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. කන්‍දරක පිරිවැජි වැළිත් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ ය. එකත් පස් වැ සිටි කන්‍දරක පරිව්‍රාජක හාත්පස නො බැණැ වැඩහුන් සඟුන් බලා භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින් භික්‍ෂුසඞ්ඝයා මැනැවින් යම් පමණ ප්‍රතිපාදනා කරනලද ද, භවත් ගෞතමයෙනි, අතීතකාලයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් වූවාහු ද, ඒ භගවත්හුදු තෙල පරම කොට මැනැවින් භික්‍ෂුසඞ්ඝයා ප්‍රතිපාදනා කළාහ. භවත් ගෞතමයන් විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා ප්‍රතිපාදනා කරනලද ද එමෙනි. භවත් ගෞතමයෙනි, අනාගත කාලයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් පහළවන්නාහු ද ඒ භගවත්හුදු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන්නාහ. භවත් ගෞතමයන් විසින් මෙකල යම් පරිදි භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරනලද ද එමෙනි’යි.
Pali BJTඑවමෙතං කන්දරක, එවමෙතං කන්දරක, යෙපි තෙ කන්දරක අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙපි භගවන්තො එතපරමංයෙව සම්මා භික්ඛුසඞ්ඝං පටිපාදෙසුං සෙය්යථාපි එතරහි මයා සම්මා භික්ඛුසඞ්ඝො පටිපාදිතො. යෙපි තෙ කන්දරක භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙපි භගවන්තො එතපරමංයෙව සම්මා භික්ඛුසඞ්ඝං පටිපාදෙස්සන්ති සෙය්යථාපි එතරහි මයා සම්මා භික්ඛුසඞ්ඝො පටිපාදිතො.
Sinhala BJTකන්‍දරකය, තෙල එසේ මැ ය, කන්‍දරකය තෙල එසේ මැ ය. කන්‍දරකය, අතීතයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් වූවාහු ද, ඒ භගවත්හු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කළාහ. මා විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන ලද ද එමෙනි. කන්‍දරකය, අනායෙහි යම් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් පහළවන්නාහු ද ඒ භගවත්හුදු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන්නාහ. මා විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරනලද ද එමෙනි.
Pali BJTසන්ති හි කන්දරක භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා. සන්ති පන{1} කන්දරක භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ සෙඛා{2} සන්තතසීලා සන්තතවුත්තිනො නිපකා නිපකවුත්තිනො. තෙ චතුසු සතිපට්ඨානෙසු සුපට්ඨිතචිත්තා{3} විහරන්ති. කතමෙසු චතුසු: ඉධ කන්දරක භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්ස’න්ති.
Sinhala BJTකන්‍දරකය, මේ බික්සඟුන් කෙරෙහි ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිමවූ මඟබඹසර ඇති සියුමඟින් කළ කරණී ඇති බහාතැබූ ස්කන්‍ධභාර ඇති පැමිණි සදර්‍ත්‍ථ ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු රහත්හු ඇත් මැ ය. යළිදු කන්‍දරකය, මේ බික්සඟුන් කෙරෙහි නිරතුරු සිල් ඇති නිරතුරු සීලයෙහි සිට දිවිවටන ප්‍රඥා ඇති ප්‍රඥායෙහි සිට දිවිවටන ශෛක්‍ෂ භික්‍ෂූහු ඇත. ඔහු සියුසීවටන්හි මැනැවින් තැබූ සිත් ඇති ව වෙසෙත්. කවර සතරෙක යත්: කන්‍දරකය, මෙසස්නෙහි මහණ කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට රූපකායයෙහි කය අනුව බලමින් වෙසෙයි. සුඛදුඃඛාදි වේදනායෙහි වේදනානුදර්ශී වැ වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව වේදනායෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට රූපකායයෙහි කය අනුව බලමින් වෙසෙයි. සුඛදුඃඛාදි වේදනායෙහි වේදනානුදර්ශී වැ වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව වේදනා ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කෙරෙයි. සරාගාදි චිත්තයෙහි චිත්තානුදර්ශීවැ ආතාපන වීර්‍ය්‍ය ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව ස්මෘතිමත්‍ව චිත්තලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය සන්හිඳුවා වාස කෙරෙයි. ස්කන්‍ධාදි ධර්‍මයෙහි ධර්‍මානුදර්ශී වැ ආතාපන වීර්‍ය්‍ය ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව ස්මෘතිමත්‍ව ධර්‍මලොකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය සන්හිඳුවා වාස කෙරේ යයි.
Pali BJTඑවං වුත්තෙ පෙස්සො හත්ථාරොහපුත්තො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව සුපඤ්ඤත්තා චිමෙ භන්තෙ භගවතා චත්තාරො සතිපට්ඨානා සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං{4} සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය{5} ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය. මයම්පි හි භන්තෙ ගිහී ඔදාතවසනා කාලෙන කාලං ඉමෙසු චතුසු සතිපට්ඨානෙසු සුපට්ඨිතචිත්තා{3} විහරාම. ඉධ මයං භන්තෙ කායෙ කායානුපස්සිනො විහරාම, ආතාපිනො සම්පජානා සතිමන්තො විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සිනො විහරාම ආතාපිනො සම්පජානා සතිමන්තො විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සිනො විහරාම ආතාපිනො සම්පජානා සතිමන්තො විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සිනො විහරාම ආතාපිනො සම්පජානා සතිමන්තො විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTමෙසේ වදාළ කල්හි පෙස්ස ඇතරුපිත් භාග්‍යවතුන් වහන්සේට තෙල කී: වහන්ස, ආශ්චර්‍ය්‍යය යැ, වහන්ස අද්භූත යැ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සතරසීවටන්හු සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝක-පරිදේවයන් ඉක්මවාලීම පිණිස දුක්දොම්නසුන් නැසීම පිණිස න්‍යායසඞ්ඛ්‍යාත මාර්‍ගය අධිගමය පිණිස නිවන් පසක්කිරීම පිණිස මැනැවින් වදාරනලද්දාහු මැ ය. වහන්ස, එසේ මැ ය: හෙළ පිළි හඳනා ගිහිගේවැසි වූ ඇපිදු කලින් කල මේ සතර සීවටන්හි මැනැවින් තැබූ සිත් ඇති ව වසම්හ. වහන්ස, මෙහි ඇපි රූපසමූහ සඞ්ඛ්‍යාත කයෙහි කෙලෙසුන් තවන වැර ඇති ව සම්ප්‍රජන්‍යයෙන් යුක්ත ව කය සිහිකරන සිහි ඇති ව (නැසෙන වැනැසෙන හෙයින්) ලෝක නම් වූ රූප රාශියෙහි දැඩි ලෝභය හා දොම්නස දුරු කොට අනිත්‍යාදි විසින් කය පුනපුනා බලමින් වාසය කරම්හ. සුවදුක් ආදි වේදනායෙහි කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇත්තමෝ වේදනා ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට වේදනාවන් පුනපුනා බලමින් වාසය කරම්හ. සරාගාදි චිත්තයෙහි කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇත්තමෝ චිත්තලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට සිත විදසුන් නැණින් පුනපුනා බලමින් වාසය කරම්හ. ස්කන්‍ධාදි ධර්‍මයෙහි කෙලෙසුන් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව ධර්‍මසඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට ධර්‍මානුදර්ශී ව වාසය කරම්හ.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවඤ්චිදං භන්තෙ භගවා එවං මනුස්සගහනෙ එවංමනුස්සකසටෙ එවංමනුස්සසාඨෙය්යෙ වත්තමානෙ සත්තානං හිතාහිතං ජානාති. ගහනං හෙතං භන්තෙ යදිදං මනුස්සා, උත්තානකං හෙතං භන්තෙ යදිදං පසවො. අහං හි භන්තෙ පහොමි හත්ථිදම්මං සාරෙතුං යාවතකෙන අන්තරෙන චම්පං ගතාගතං කරිස්සති සබ්බානි තානි සාඨෙය්යානි කූටෙය්යානි වඞ්කෙය්යානි ජිම්හෙය්යානි පාතුකරිස්සති. අම්හාකං පන භන්තෙ දාසාති වා පෙස්සාති වා කම්ම කරාති වා අඤ්ඤථා ව කායෙන සමුදාචරන්ති, අඤ්ඤථාව වාචාය{6} සමුදාචරන්ති, අඤ්ඤථා ව නෙසං චිත්තං හොති. අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවඤ්චිදං භන්තෙ භගවා එවං මනුස්සගහනෙ එවං මනුස්සකසටෙ එවං මනුස්සසාඨෙය්යෙ වත්තමානෙ සත්තානං හිතාහිතං ජානාති. ගහනං හෙතං භන්තෙ යදිදං මනුස්සා, උත්තානකං{7} හෙතං භන්තෙ යදිදං පසවො ති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ. වහන්ස, මෙසේ මිනිසුන්ගේ අධ්‍යාශයගහනය මෙසේ මිනිසුන්ගේ කෙලෙස් කසට ඇතිබව මෙසේ මිනිසුන්ගේ ශඨබව පවත්නා කල්හි භාග්‍යවතුන් වහන්සේ යම් පමණෙකින් සත්ත්‍වයන්ගේ හිතාහිත පිළිවෙත් දන්නාසේක් ද එහෙයිනි. වහන්ස, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල ගහන (මුවහ) මැ ය. වහන්ස, යම් සියුපා කෙනෙක් ඇද්ද, තෙල නො මුවහ මැ ය. එසේ මැ ය; වහන්ස, මම දම්‍ය වූ ඇතකු මෙහෙයන්නට පොහොසත්මි, යම් ඇසිල්ලෙකින් චම්පානගරද්වාරයට ගමනාගමනය කරන්නේ ද, (ඒ ඇසිල්ලෙහි) ඒ හැම ශඨබව කුළුබව වක්බව ඇදබව පහළකරන්නේ ය. වහන්ස, එතෙකුදුවතඅපගේ දාසයෝ වේවයි ප්‍රෙෂ්‍යයෝ වේවයි කම්කරුවෝ වේවයි ඔහු කයින් අන්පරිදි ක්‍රියාකෙරෙති, බසින් අන්පරිදි බෙණෙති. ඔවුන්ගේ සිත වූකලි අන්පරිදි වේ. වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ අධ්‍යාශයගහනය මෙසේ මිනිසුන්ගේ කෙලෙස් කසට ඇතිබව මෙසේ මිනිසුන්ගේ ශඨබව පවත්නා කල්හි සත්ත්‍වයන්ට හිතාහිත ප්‍රතිපත් දන්නාසේක් ද එහෙයිනි. වහන්ස, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල (අදහස් විසින්) පිළිසන් මැ ය. වහන්ස, යම් සියුපා කෙනෙක් ඇද්ද තෙල නො පිළිසන් මැ යි.
Pali BJTඑවමෙතං පෙස්ස, එවමෙතං පෙස්ස, ගහනං හෙතං පෙස්ස යදිදං මනුස්සා, උත්තානකං හෙතං පෙස්ස යදිදං පසවො. චත්තාරොමෙ පෙස්ස පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො: ඉධ පෙස්ස එකච්චො පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන පෙස්ස එකච්චො පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන පෙස්ස එකච්චො පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන පෙස්ස එකච්චො පුග්ගලො නෙවත්තන්තපො හොති නාත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති. ඉමෙසං පෙස්ස චතුන්නං පුග්ගලානං කතමො තෙ පුග්ගලො චිත්තං ආරාධෙතී’ති.
Sinhala BJTපෙස්සය, තෙල (කරුණ) එසේ මැ ය. පෙස්සය, තෙල එසේ මැ ය, පෙස්සය, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල ගහන මැ ය, පෙස්සය, යම් සියුපා කෙනෙක් ඇද්ද, තෙල උත්තාන මැ යි. පෙස්සය, ලොවැ මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමාන වූවාහු වෙති, කවර සතරදෙනෙක යත්: පෙස්සය, මේ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්ම තාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේ වෙයි. තවද පෙස්සය, මේ ලොවැ ඇතැම් පුද්ගලයෙක් පරපරිතාපනයොගයෙහි යෙදුණේ මෙරමා තවනුයේ වෙයි. පෙස්සය, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනයෝගයෙහි යෙදුණේ තමා තවනුයේත් වෙයි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනුයේත් වෙයි. තවද පෙස්සය, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මතාපනයොගයෙහි නො යෙදුණේ තමා නො මැ තවනුයේ වෙයි, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේ වෙයි. හේ තමා නො තවනුයේ මෙරමා නො තවනුයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ කෙලෙස් පිරිනිවන් නිවුණේ (ඇතුළත තවන කෙලෙස් නැතිබැවින්) සිහිල් වූයේ (ධ්‍යාන මාර්‍ග ඵල නිර්‍වාණසුවයෙන්) සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත ව වෙසෙයි. පෙස්සය, මෙ සතර පුද්ගලයන් අතුරෙන් කවර පුද්ගලයෙක් තොපගේ සිත පහදවා දැ’යි.
Pali BJTය්වායං භන්තෙ පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගමනුයුත්තො, අයං මෙ පුග්ගලො චිත්තං නාරාධෙති. යොපායං භන්තෙ පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගමනුයුත්තො, අයම්පි මෙ පුග්ගලො චිත්තං නාරාධෙති. යොපායං භන්තෙ පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො, අයම්පි මෙ පුග්ගලො චිත්තං නාරාධෙති. යො ච ඛො අයං පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී{1} බ්රහ්මභූතෙන අත්තනා විහරති. අය මෙ{2} පුග්ගලො චිත්තං ආරාධෙතී’ති.
Sinhala BJTවහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේ වේ ද මේ පුඟුල් මාගේ සිත නො පහදවයි. වහන්ස, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ, මෙරමා තවන යම් පුඟුලෙකුත් වේ ද, මේ පුඟුල් ද මාගේ සිත නො පහදවයි. යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේත්, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනුයේත් වේ ද, මේ පුඟුල් ද මාගේ සිත නො පහදවයි. තවද වහන්ස යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ තමා නො තවනුයේත්, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේත් වේ ද. හේ තමා නො තවනුයේ මෙරමා නො තවනුයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ (කෙලෙස් පිරිනිවින්) නිවියේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මභාවයෙන් යුක්ත ව වෙසේ ද, මේ පුඟුල් මා ගේ සිත පහදවා යයි.
Pali BJTකස්මා පන තෙ පෙස්ස ඉමෙ තයො පුග්ගලා චිත්තං නාරාධෙන්තී’ති.
Sinhala BJTතවද පෙස්සය, කුමක් හෙයින් මේ තුන් පුඟුලෝ තොපගේ සිත නො පහදවත් දැයි.
Pali BJTය්වායං භන්තෙ පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගමනුයුත්තො, සො අත්තානං සුඛකාමං දුක්ඛපටික්කූලං ආතාපෙති, පරිතාපෙති. ඉමිනා මෙ අයං පුග්ගලො චිත්තං නාරාධෙති. යොපායං භන්තෙ පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගමනුයුත්තො, සො පරං සුඛකාමං දුක්ඛපටික්කූලං ආතාපෙති, පරිතාපෙති. ඉමිනා මෙ අයං පුග්ගලො චිත්තං නාරාධෙති. යොපායං භන්තෙ පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අත්තානඤ්ච පරඤ්ච සුඛකාමං දුක්ඛපටික්කූලං{3} ආතාපෙති, පරිතාපෙති. ඉමිනා මෙ අයං පුග්ගලො චිත්තං නාරාධෙති. යො ච ඛො අයං භන්තෙ පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති. සො අත්තානං ච පරඤ්ච සුඛකාමං දුක්ඛපටික්කූලං නෙව ආතාපෙති, න පරිතාපෙති. ඉමිනා මෙ අයං පුග්ගලො චිත්තං ආරාධෙති. හන්ද ච දානි මයං භන්තෙ ගච්ඡාම බහුකිච්චා මයං බහුකරණීයා’ති.
Sinhala BJTවහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේ වේ ද, හේ සුව කැමැති දුකට නො කැමැති තමා පරිතාපන කෙරෙයි, මෙ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත නො පහදවයි. වහන්ස, යම් පුඟුලෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනු වේ ද, හේ සුව කැමැති දුකට නො කැමැති මෙරමා ආතාපන පරිතාපන කෙරෙයි, මෙ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත නො පහදවයි. වහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේත්, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනුයේත් වේ ද, හේ සුව කැමැති දුකට නො කැමැති තමාත් මෙරමාත් පරිතාපන කෙරෙයි. මෙ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත නො පහදවයි. වහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ ආත්මන්තප නො වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ පරන්තප නො වේ ද. හේ අනාත්මන්තප වූයේ අපරන්තප වූයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ (කෙලෙස් ගිනි නිවූ හෙයින්) නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත ව වාස කෙරෙයි. මේ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත පහදවයි. සොඳය! වහන්ස, දැන් ඇපි යම්හ. ඇපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ’යි.
Pali BJTයස්සදානි ත්වං පෙස්ස, කාලං මඤ්ඤසී’ති. අථ ඛො පෙස්සො හත්ථාරොහපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTපෙස්සය, දැන් තෙපි ගමනට කල් දන්නාව’යි. ඉක්බිති පෙස්ස ඇතරුපිත් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තෙ පෙස්සෙ හත්ථාරොහපුත්තෙ භික්ඛූ ආමන්තෙසි. පණ්ඩිතො භික්ඛවෙ පෙස්සො හත්ථාරොහපුත්තො මහාපඤ්ඤො භික්ඛවෙ පෙස්සො හත්ථාරොහපුත්තො, සචෙ භික්ඛවෙ පෙස්සො හත්ථාරොහපුත්තො මුහුත්තං නිසීදෙය්ය යාවස්සාහං ඉමෙ චත්තාරො පුග්ගලෙ විත්ථාරෙන විභජාමි. මහතා අත්ථෙන සඤ්ඤුත්තො{1} අගමිස්ස. අපි ච භික්ඛවෙ එත්තාවතාපි පෙස්සො හත්ථාරොහපුත්තො මහතා අත්ථෙන සඤ්ඤුත්තො’ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙස්ස ඇතරුපිත් නික්මැ ගිය නොබොහෝ වේලෙහි භික්‍ෂූන් ඇමතූ සේක. ‘මහණෙනි, පෙස්ස, ඇතරුපිත් පණ්ඩිත යැ, මහණෙනි, පෙස්ස, ඇතරුපිත් මහාප්‍රාඥ යැ, ඉදින් මහණෙනි, පෙස්ස ඇතරුපිත් යම්තාක් ඔහුට මම මේ සතර පුද්ගලයන් විස්තර විසින් විභාග කෙරෙම් ද, එතෙක් මොහොතක් කල් හුන්නේ නම්, (සෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත) මහත් අර්‍ත්‍ථයෙන්යුක්ත ව ගියේ වන්නේ ය. තවද මහණෙනි පෙස්ස ඇතරුපිත් මෙතෙකිනුදු මහත් අර්‍ත්‍ථයෙන් යුක්ත වූයේ ය’යි.
Pali BJTඑතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා ඉමෙ චත්තාරො පුග්ගලෙ විත්ථාරෙන විභජෙය්ය, භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති. තෙන හි භික්ඛවෙ සුණාථ සාධුකං මනසිකරොථ භාසිස්සාමී’ති. එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, මේ ඊට කලැ, සුගතයන් වහන්ස, මේ ඊට කලැ, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ මේ සතර පුද්ගලයන් විස්තර විසින් විභාග කරනසේක් නම්, භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් අසා ධරන්නාහ’යි. එහෙයින් මහණෙනි, අසවු, මනා කොට මෙනෙහි කරවු, කියන්නෙමි’යි. එසේ යැ වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. බුදුහු තෙල වදාළ සේක.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගමනුයුත්තො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අචෙලකො හොති මුත්තාචාරො, හත්ථාපලෙඛනො{2}, න එහිභද්දන්තිකො, න තිට්ඨභද්දන්තිකො, නාභිහටං, න උද්දිස්ස කටං{3}, න නිමන්තනං සාදියති. සො න කුම්භිමුඛා පතිගණ්හාති. න කළොපිමුඛා{4} පතිගණ්හාති{5}. න එළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං, න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා, න පායමානාය, න පුරිසන්තරගතාය, න සඞ්කිත්තීසු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං, න මංසං, න සුරං, න මෙරයං, න ථුසොදකං පිබති.{6}.
Sinhala BJTමහණෙනි, ආත්මන්තප වූ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු පුද්ගල කවරේ ද: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුඟුලෙක් හළ ආචාර ඇතියේ අජෙලූ වෙයි, අහරකිස නිමවා අත ලෝනේ වෙයි, (භික්‍ෂාව සඳහා) එව වහන්සැයි කියන ලදුයේ නො එනු වෙයි, සිට වහන්සැයි කියන ලදුයේ නොසිටිනු වෙයි, පළමු ගෙනඑනලද උදෙසා කරනලද පවරනලද භික්‍ෂාව නො ඉවසයි, හේ කළමුවින් නඟා දුන් දැය නො පිළිගනී, සැළමුවින් නඟා දුන් දැය නො පිළිගනී, එළිපත අතර කොට දුන් දැය නොගනී, දඬුකඩ අතර කොට දුන් දැය නොගනී, මොහොල් අතර කොට දුන් දැය නොගනී, වළඳන දෙදෙනකුගෙන් එකකු නැඟී දුන් භික්‍ෂාව නොගනී, ගැබිනිය විසින් දෙනලද්ද නොගනී, කිරි පොවන්නිය විසින් දෙනලද්ද නොගනී, පුරුෂයන් අතරට ගිය තෙනැත්තිය දුන් දැය නොගනී, සංකීර්තනය කොට දුන් කල්හි නොගනී, ශුනකයකු එළඹ සිටි තැන ඔහුට නොදී දුන් දැය නොගනී, මැස්සන් ගොමු ගොමු වැ සිටි තැන දුන් දැය නොගනී, (ගොඩ-දිය) මස් නො වළඳයි, රහ-මෙර-සෝවීරක පානය නො කෙරෙයි,
Pali BJTසො එකාගාරිකො වා හොති එකාලොපිකො, ද්වාගාරිකො වා හොති ද්වාලොපිකො -පෙ- සත්තාගාරිකො වා හොති සත්තාලොපිකො. එකිස්සාපි දත්තියා යාපෙති, ද්වීහිපි දත්තීහි යාපෙති, -පෙ- සත්තහිපි දත්තීහි යාපෙති, එකාහිකම්පි ආහාරං ආහාරෙති, ද්වීහිකම්පි{7} ආහාරං ආහාරෙති -පෙ- සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති. සො සාකභක්ඛො වා හොති. සාමාකභක්ඛො වා හොති. නීවාරභක්ඛො වා හොති. දද්දුලභක්ඛො වා හොති. හටභක්ඛො වා හොති. කණභක්ඛො වා හොති. ආචාමභක්ඛො වා හොති. පිඤ්ඤාකභක්ඛො වා හොති. තිණභක්ඛො වා හොති. ගොමයභක්ඛො වා හොති. වනමූලඵලාහාරො යාපෙති පවත්තඵලභොජී.
Sinhala BJTහේ එක් මැ ගෙයක භික්‍ෂාව ලැබ නවත්නේ හෝ එක් ආලෝපයකින් යැපෙනුයේ වෙයි, දෙගෙයක භික්‍ෂාව ලැබ නවත්නේ හෝ ආලෝප දෙකකින් යැපෙනුයේ වෙයි ... සත්ගෙයක භික්‍ෂාව ලැබ නවත්නේ හෝ සත් ආලෝපයෙකින් යැපෙනුයේ වෙයි. එක් කුඩා බත්තලියකිනුදු යැපෙයි, බත්තලි දෙකකිනුදු යැපෙයි ... බත්තලි සතකිනුදු යැපෙයි, දවසකට වරකුදු ආහාර ගනී, දෙදවසකට වරකුදු ආහාර ගනී ... සත් දවසකට වරකුදු ආහාර ගනී, මෙසේ මෙබඳු වූ අඩමසකට වරකුදු පරියායභක්තය වැළඳීමෙහි යෙදුණේ වෙයි. හේ අමුපලා වළඳනුයේ හෝ වෙයි, බොඩහමු වළඳනුයේ හෝ වෙයි, හුරුහැල් වළඳනුයේ හෝ වෙයි, සම්කසට බුදිනුයේ හෝ වෙයි, ලහටු බුදිනුයේ හෝ වෙයි, කුඩු බුදිනුයේ හෝ වෙයි, දඹුබත් බුදිනුයේ හෝ වෙයි, මුරුවට බුදිනුයේ යෝ වෙයි, තණ බුදිනුයේ හෝ වෙයි, ගොම බුදිනුයේ හෝ වෙයිම්, වනමුල්පල අහර කොට ඇති වැ යැපෙයි, වැටුණු පල බුදිනුයේ වෙයි.
Pali BJTසො සාණානිපි ධාරෙති. මසාණානිපි ධාරෙති. ඡවදුස්සානිපි ධාරෙති. පංසුකූලානිපි ධාරෙති. තිරීටානිපි ධාරෙති. අජිනානිම්පි ධාරෙති. අජිනක්ඛිපම්පි ධාරෙති. කුසචීරම්පි ධාරෙති. වාකචීරම්පි ධාරෙති. ඵලකචීරම්පි ධාරෙති. කෙසකම්බලම්පි ධාරෙති. වාළකම්බලම්පි ධාරෙති. උලූකපක්ඛම්පි ධාරෙති. කෙසමස්සුලොචකොපි හොති කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො. උබ්බට්ටකොපි{8} හොති ආසනපටික්ඛිත්තො. උක්කුටිකොපි හොති උක්කුටිකප්පධානමනුයුත්තො. කණ්ටකාපස්සයිකොපි හොති කණ්ටකාපස්සයෙ සෙය්යං කප්පෙති. සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති. ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරති. අයං වුච්චති භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTහේ සණවැහැරිදු දරයි, මුසු රෙදිකඩ ද දරයි, මළසිරුරින් බැහැරකළ වස්ත්‍ර ද දරයි, පාංශකූල ද දරයි, තිහිරිපිළි ද දරයි, අඳුන්දිවිසමුදු දරයි, කුරසහිත අඳුන්දිවි සුමුදු දරයි, කුසවැහැරිදු දරයි, නියඳවැහැරිදු දරයි, පුවරුවැහැරිදු දරයි, කේශකම්බල දු දරයි, අස්ලොම් ආදියෙන් කළ කම්බල දු දරයි, මහමුහුණු පියාපත් ගොතා කළ වස්ත්‍ර ද දරයි, කේසමස්සුලෝචනානුයෝගයෙහි යෙදුණේ කෙහෙ රවුළු උදුරනුයේ ද වෙයි, අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරු ව සිටුනේ ද වෙයි, උත්කුටික ව හිඳ කරන වීර්‍ය්‍යයෙහි යෙදුණේ උලුළුයෙන් හිඳුනේ ද වෙයි, කටුපුවරුයෙහි හිඳීම් ආදිය කරනුයේ ද වෙයි, කටුපුවරුයෙහි ශයනය කෙරෙයි, සවස තුන්වනු කොට දියෙහි ගැලීමෙහි යෙදුණේ ද වෙයි. මෙසේ මෙබඳු අනේකවිධ වූ ශරීරයාගේ අතාපන පරිතාපනානුයෝගයෙහි යෙදුණේ වාස කෙරෙයි. මහණෙනි, මේ තෙමේ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ආත්මන්තප පුද්ගල යයි කියනුලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගමනුයුත්තො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ඔරබ්භිකො හොති, සූකරිකො සාකුන්තිකො{1} මාගවිකො ළුද්දො මච්ඡඝාතකො චොරො චොරඝාතකො{2} බන්ධනාගාරිකො, යෙ වා පනඤ්ඤෙපි කෙචි කුරූරකම්මන්තා, අයං වුච්චති භික්ඛවෙ පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTමහණෙනි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප පුද්ගල කවරේ ද යත්: මහණෙනි, මේ ලොවැ ඇතැම් පුඟුලෙක් එළුවන් නසනුයේ වෙයි, හූරන් නසනුයේ ළිහිණිවැදි වූයේ මුවවැදි වූයේ වෙයි, රෞද්‍ර වූයේ මසුන් බඳනා කෙවුළු වෙයි, සොරකම් කරනුයේ චෝරඝාතක වූයේ බන්‍ධනාගාරයෙහි යෙදුණේ වෙයි. අන්‍ය වූත් යම් කුරිරුකම් ඇද්ද ඒ කරනුයේ වෙයි. මහණෙනි, මේ පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප පුද්ගල යයි කියනුලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො රාජා වා හොති ඛත්තියො මුද්ධාභිසිත්තො{3}, බ්රාහ්මණො වා මහාසාළො, සො පුරත්ථිමෙන නගරස්ස නවං සන්ථාගාරං කාරාපෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා ඛරාජිනං නිවාසෙත්වා සප්පිතෙලෙන කායං අබ්භඤ්ජිත්වා මිගවිසාණෙන{4} පිට්ඨිං කණ්ඩූවමානො සන්ථාගාරං පවිසති සද්ධිං මහෙසියා බ්රාහ්මණෙන ච පුරොහිතෙන. සො තත්ථ අනන්තරහිතාය භූමියා හරිතුපත්තාය{5} සෙය්යං කප්පෙති, එකිස්සා ගාවියා සරූපවච්ඡාය යං එකස්මිං ථනෙ ඛීරං හොති, තෙන රාජා යාපෙති. යං දුතියස්මිං ථනෙ ඛීරං හොති, තෙන මහෙසී යාපෙති. යං තතියස්මිං ථනෙ ඛීරං හොති, තෙන බ්රාහ්මණො පුරොහිතො යාපෙති. යං චතුත්ථස්මිං ථනෙ ඛීරං හොති, තෙන අග්ගිං ජුහන්ති. අවසෙසෙන වච්ඡකො යාපෙති. සො එවමාහ: එත්තකා උසභා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය,{6} එත්තිකා වච්ඡතරියො හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා අජා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා උරබ්භා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා රුක්ඛා ඡිජ්ජන්තු යූපත්ථාය, එත්තකා දබ්භා ලූයන්තු බරිහිසත්ථායාති.{7} යෙපිස්ස තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති. අයං වුච්චති භික්ඛවෙ පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTමහණෙනි, ආත්මපරිතාපානුයෝගයෙහි යෙදුණු ආත්මන්තප වූ ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුනු පරන්තප වූ ද පුද්ගල කවරේ ද යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් මූර්‍ධාභිෂේක කළ ක්‍ෂත්‍රිය රජෙක් හෝ වෙයි, මහාසාරකුලයෙහි උපන් බමුණෙක් හෝ වෙයි, හේ නුවරින් පෙරදිග නව යාගශාලාවක් කරවා කෙහෙ රවුලු බහා සරාජික පිරිස් වාස කරවා ගිතෙල් තලතෙලින් කය අභ්‍යඞ්ගකොට මුවහඟින් පිට කසමින් මෙහෙසිය හා පෙරෙවි බමුණු සමග යාගශාලාවට පිවිසෙයි. හේ එහි අමුගොම තවරගත් නො අතුළ බිමැ හෝනේ වෙයි, සමානරූප වස්සකු ඇති එක දෙනකගේ එක තනයෙක යම් කිරෙක් වේ ද, එයින් රජ යැපෙයි. දෙවැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් මෙහෙසිය යැපෙයි, තෙවෙනි තනයෙහි යම් කිරෙක් වේ ද එයින් පෙරෙවි බමුණු යැපෙයි. සිව්වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් ගිනි පුදති. සෙසු තනයෙහි කිරෙන් වසු යැපෙයි. හේ මෙසේ කියයි: ‘යාග සඳහා මෙතෙක් වෘෂභයෝ නසනුලැබෙත්වා, යාග සඳහා මෙතෙක් වත්සතරයෝ නසනුලැබෙත්වා, යාග සඳහා මෙතෙක් වත්සතරීහු නසනු ලැබෙත්වා, යාග සඳහා මෙතෙක් බැටළුවෝ නසනුලැබෙත්වා, යාග සඳහා මෙතෙක් එළුවෝ නසනුලැබෙත්වා, යාගස්තම්භ සඳහා මෙතෙක් වෘක්‍ෂයෝ සිඳිනුලැබෙත්වා. පරික්‍ෂේප-ආස්තරණ සඳහා මෙතෙක් කුසතණ කපනුලැබෙත්වා’යි. ඔහුගේ යම් දාස කෙනෙක් හෝ ප්‍රෙෂ්‍ය කෙනෙක් හෝ කම්කරු කෙනෙක් හෝ වෙත ද, ඔහුදු දඬුවමින් තැතිගත්තාහු භයින් තැතිගත්තාහු කඳුළුමුසු මුහුණු ඇත්තාහු හඬමින් පරිකර්‍ම කෙරෙත්. මහණෙනි, මෙ ආත්මපරිතාපානුයෝගයෙහි යෙදුණු ආත්මන්තප වූ ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප වූ ද පුද්ගල යයි කියනුලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති: ඉධ භික්ඛවෙ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණාති
Sinhala BJTමහණෙනි, ආත්මපරිතාපානුයෝගයෙහි නො යෙදුණු ආත්මන්තප නො වූ පරපරිතාපානුයෝගයෙහි නො යෙදුණු පරන්තප නො වූ පුද්ගල කවරේ ද යත්: හේ අනාත්මන්තප වූයේ අපරන්තප වූයේ මේ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මභාවයෙන් යුක්ත ව වාස කෙරෙයි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිදූ අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ මෙ ලෝකයෙහි පහළවන සේක. ඒ තථාගතයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ඇති මේ ලෝකය තුමුහු නුවණින් දැන පසක් කොට දන්නාසේක. ඒ තථාගතයෝ ආදි මධ්‍ය පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ ධර්‍මය දේශනා කෙරෙති, කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති.
Pali BJTගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: සම්බාධො ඝරාවාසො රජාපථො: අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති . සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය, අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය, කෙසමස්සුං ඔහාරෙත්වා, කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
Sinhala BJTගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ අන්‍යතර කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ ධර්‍මය අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ලබයි, හේ ඒ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් යුක්ත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ගෘහවාසය සම්බාධ යැ, කෙලෙස් උපදනා තැනෙක, පැවිද්ද අභ්‍යවකාශ යැ, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තපරිපූර්‍ණ වූ එකාන්තපරිශුද්ධ වූ ලිඛිත ශඞ්ඛයක් බඳු මේ සසුන්බඹසර වසන්නට පහසු නො වෙයි. මම් කෙසේ රවුලු බහා කහවත් හැඳපෙරෙව ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වෙම් නම් යෙහෙකැ’යි. හේ පසු කෙලෙක අල්ප වූ භෝගස්කන්‍ධය හෝ හැරැපියා මහත් වූ භෝගස්කන්‍ධය හෝ හැරපියා ස්වල්ප වූ නෑපිරිස් හෝ හැරපියා මහත්වූ නෑ පිරිස් හෝ හැරැපියා කෙස්මස්බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වෙයි.
Pali BJTසො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති, ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති, ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති, යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
Sinhala BJTහේ මෙසේ පැවිදි වූයේ භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියේ ප්‍රාණවධ හැරපියා ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි, තැබූ දඬු ඇති ව තැබූ අවි ඇති ව (අකුශලයෙහි) ලජ්ජා ඇතියේ සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී ව වාසකෙරෙයි. අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකුණේ වෙයි, දුන් දැය ගන්නේ දුන් දැය කැමැතිවනුයේ නො සොර වූ පවිත්‍ර වූ සිතින් යුක්ත ව වෙසෙයි. අබ්‍රම්සර හැරපියා බඹසර ඇතියේ අබ්‍රහම්සරින් දුරුව මෛථුන සඞ්ඛ්‍යාත ග්‍රාමධර්‍මයෙන් වෙන් වූයේ වෙයි. මුසවා හැරපියා මුසවායෙන් වැළකුණේ වෙයි, සත්‍යවාදී ව සත්‍යසන්‍ධාන ඇතියේ තිර කථා ඇතියේ හැදැහියයුතු වූයේ ලෝකයා නො රවටනුයේ වෙයි, පිසුනුබස් හැරපියා පිසුනුබසින් වැළැකුණේ වෙයි. මෙතැනින් අසා මුන්ගේ භේදයට තුලුන් කෙරෙහි නො කියනුයේ නොහොත් එතැනින් අසා තුලුන්ගේ භේදයට මොවුන්ට නො කියනුයේ වෙයි. මෙසේ භින්න වූවන් සමගි කරනුයේ සමග වූවනට අනුබල දෙනුයේ සමගියෙහි ඇලුම් ඇතියේ සමඟි වූවන් කෙරෙහි ඇලුණේ සමගි වූවන් දැක සතුටු වනුයේ සමඟි කරන බස් කියනුයේ වෙයි. පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැකුණේ වෙයි. නිදොස් වූ කනට සුව වූ පෙම් වඩන නියරි වූ බොහෝ දෙනහට මනාප වූ යම් බසක් ඇද්ද, එබඳු බස් කියන්නේ වෙයි. සම්ඵප්‍රලාපය හැර පියා සම්ඵප්‍රලාපයෙන් වැළැකුණේ වෙයි, කාලවාදී භූතවාදී අර්‍ත්‍ථවාදී ධර්‍මවාදී විනයවාදී වූයේ නිසි කාලයෙහි සකාරණ වූ පර්‍ය්‍යන්ත ඇති අර්‍ත්‍ථසම්පන්න වූ සිත්හි ලා ධැරියයුතු බසක් කියන්නේ වෙයි.
Pali BJTසො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තූපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපහීනගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති.
Sinhala BJTහේ බීජග්‍රාම භූතග්‍රාමයන්ගේ සිඳීම් ආදී (විකෝපන)යෙන් වෙන්වූයේ වෙයි. රාත්‍රි භෝජනයෙන් වැළැකුණේ විකල්බොජුනෙන් වෙන්වූයේ එක්වේලේ වළඳනු වෙයි. නටනු ගයනු වයනු විසුලුදස්නෙන් වැළැකුණේ වෙයි. මල්ගඳවිලෙවුන් ධැරීම් සඞ්ඛ්‍යාත මණ්ඩන විභූෂණකාරණයෙන් වැළැකුණේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළැකුණේ වෙයි. රන් රිදී පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. අමු ධාන්‍ය පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. අමු මස් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. ස්ත්‍රීන් කුමරීන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. දැසිදසුන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. එළුවන් තිරෙළුවන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි, කුකුළන් හූරන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. ඇතුන් ගවයන් අසුන් වෙළඹුන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. කෙත්වත් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. දූතගමන් හා පණිවිඩ ගමන්හි යෙදීමෙන් වැළැකුණේ වෙයි. ක්‍රයවික්‍රයයෙන් වැළැකුණේ වෙයි. තුලාකූට කංසකූට මානකූටයෙන් වැළැකුණේ වෙයි. අත්ලස් වංචා රැවටීම් යන කුටිලප්‍රයෝගයෙන් වැළැකුණේ වෙයි. අත්පාආදිය සිඳීම් වධ බන්‍ධන මංපැහැරීම් ගම්පැහැරීම් සාහසක්‍රියා යන මෙයින් වැළැකුණේ වෙයි.
Pali BJTසො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති, සමාදායෙව පක්කමති. සෙය්යථාපි නාම පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති, සපත්තභාරොව ඩෙති. එවමෙව භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. යෙන යෙනෙව පක්කමති, සමාදායෙව පක්කමති. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහේ කායපරිහරණයට ප්‍රමාණ වූ චීවරයෙන් කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වෙයි. යම් යම් තැනෙක්හි මැ යේ ද පාසිවුරු ගෙන මැ යෙයි. යම්සේ පක්‍ෂි ශකුනයෙක් යම් දිගෙක පියාඹායේ ද, පියාපත්බර සහිත ව මැ පියාඹායෙයි. එසෙයින් මැ මහණ කායපරිහරණයට ප්‍රමාණ වූ චීවරයෙන් කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වෙයි. යම් යම් තැනෙක්හි මැ යේ ද පාසිවුරු ගෙන මැ යෙයි. හෙතෙම මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අනවද්‍ය සුඛය විඳී.
Pali BJTසො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහේ ඇසින් රූ දැක නිමිත්ත විසින් නො ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාසය කරනුවහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ, කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට .... දිවින් රස විඳ .... කයින් පහස් පැහැස ... මනසින් දහම්අරමුණු දැන නිමිති විසින් නො ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනඉන්‍ද්‍රිය අසංවෘත කොට වාසය කරනුවහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු ද, ඒ මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, මනඉන්‍ද්‍රියය රකී, මනඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. හේ ආර්‍ය්‍ය වූ මේ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අව්‍යාසේකසුඛය විඳී.
Pali BJTසො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
Sinhala BJTහේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි නුවණින් දැන කරනුයේ (සම්පජානකාරී) වෙයි, අභිමුඛ ව බැලීමෙහි අවට බැලීමෙහි සම්පජානකාරී වෙයි, (අත්පා) හැකිළීමෙහි දිගුකිරීමෙහි සම්පජානකාරී වෙයි, සඟළ-පා-සිවුරු ධැරීමෙහි සම්පජානකාරී වෙයි, අසිත පීත ඛායිත සායිතයෙහි සම්පජානකාරී වෙයි, උච්චාර ප්‍රස්‍රාවකර්‍මයෙහි සම්පජානකාරී වෙයි. යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි සම්පජානකාරී වේ.
Pali BJTසො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, විවිත්තං සෙනාසනං භජති. අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං.
Sinhala BJTහේ මේ ආර්‍ය්‍යවූ ශීලස්කන්‍ධයෙන් ද සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් ද සමන්‍වාගත වූයේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ සුසාන යැ වනප්‍රස්ථ යැ අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන ජන ශුන්‍ය වූ සෙනසුනක් ඇසුරුකෙරෙයි.
Pali BJTසො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJTහේ පසුබත පිණ්ඩපාතයෙන් නැවැතුණේ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්‍මස්ථානයට අභිමුඛ කොට එළවා හිඳී. හේ ස්කන්‍ධලෝකයෙහි දැඩි ලෝභය දුරුකොට විගත අභිධ්‍යා ඇති සිතින් යුක්ත ව වාස කෙරෙයි, අභිධ්‍යායෙන් සිත පිරිසුදු කෙරෙයි, ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය දුරුකොට ව්‍යාපාදයට නො පැමිණි සිත් ඇති ව සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී වැ වෙසෙයි, ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය දුර කොට විගත වූ ථීනමිද්ධ ඇති වැ වෙසෙයි, ආලෝකසංඥා ඇති ව සිහි ඇති ව සම්ප්‍රඥාන ඇති ව ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්ච ය දුරුකොට අනුද්ධත වැ වෙසෙයි, අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇතියේ උද්ධච්චකුක්කුච්චයෙන් සිත් පිරිසුදු කෙරෙයි. විචිකිච්ඡාව දුරුකොට තුරු සැක ඇති වැ වෙසෙයි, කුශලධර්‍මවිෂයෙහි කථංකථා (සැක) රහිත වූයේ විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJTසො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති. සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා{1} අදුක්ඛං අසුඛං{2} උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං{3} උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් දුරුකොට කාමච්ඡන්‍ද නීවරණයෙන් වෙන් වැ (ශේෂ නීවරණ) අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ විතර්‍කසහිත විචාරසහිත විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වෙසෙයි. විතර්‍ක-විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදනය ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපයා වෙසෙයි. ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇතියේ සිහි ඇතියේ සම්ප්‍රඥාන ඇති වැ වෙසෙයි. කයින් සුවය විඳී, ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් (ගෙන) උපේක්‍ෂා ඇත, ස්මෘතිමත් යැ, සුඛවිහාර ඇතැ’යි පවසත් ද, ඒ තෘතීය ධ්‍යානය උපයා වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙර මැ සොම්නස් දොම්නසුන් නැතිකිරීමෙන් නො දුක් වූ නො සුව වූ උපේක්‍ෂාස්මෘතීන්ගේ පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{4} පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො, තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං{5} තත්රාපාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTහේ මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තියෙන් සමාහිත කල්හි සමාහිත හෙයින් පරිශුද්ධ කල්හි පරිශුද්ධ හෙයින් ම පර්‍ය්‍යවදාත කල්හි එහෙයින් අනඞ්ගණ කල්හි අනඞ්ගණ හෙයින් විගතෝපක්ලේශ කල්හි එහෙයින් මෘදු වූ කල්හි කර්‍මක්‍ෂම කල්හි ස්ථිත කල්හි අචලප්‍රාප්ත කල්හි පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත එළවයි, හේ අනේකප්‍රකාර වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරයි. ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් සංවර්‍ත (නැසෙන) කල්පයනුදු නොයෙක් විවර්‍ත (හටගන්නා) කල්පයනුදු නොයෙක් සංවර්‍ත විවර්‍තකල්පයනුදු අසුවල් තැනැ මෙනම් ඇතියෙම් මෙගොත් ඇතියෙම් මෙ වන් පැහැ ඇතියෙම් මෙ වන් අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳිනු වූයෙමි, මෙසේ ආයුපර්‍ය්‍යන්ත ඇති වීමි. එ මම් ඉන් සැවැ අසුවල් තැනැ උපන්මි, එහි දු මෙනම් ඇතියෙම් මෙගොත් ඇතියෙම් මෙවන් පැහැ ඇතියෙම් මේ බඳු අහර ඇතියෙම් වීමි. මෙසේ සුවදුක් විඳිනු වූයෙමි. මෙසේ ආයුපර්‍ය්‍යන්ත ඇති වීමි. ඒ මම් ඉන් සැව මෙහි උපන්මි’යි. මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ වූ පූර්‍වනිවාස සිහිකරයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{4} සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ, හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTහේ මෙසේ සිත සමාහිත කල්හි සමාහිත පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මෘදුභූත කර්‍මණ්‍ය කල්හි ස්ථිත කල්හි අනිඤ්ජනභාවයට පත් කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති-උපප්‍රාප්ති ඥානය පිණිස සිත එළවයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ව්‍යවමාන උපපද්‍යමාන වූ සත්ත්‍වයන් බලයි. හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගති ඇති දුර්‍ගති ඇති යථාකර්මෝපග සත්ත්‍වයන් දැනගනී: මේ භවත් සත්ත්‍වයෝ මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාක්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නරකයට පැමිණියාහු වෙත්. යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග් දෘෂ්ටි ඇත්තාහු සම්‍යග් දෘෂ්ටිකර්‍ම සමාදානය කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයට පැමිණියාහ’යි මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවඇසින් ව්‍යවමාන උපපද්‍යමාන වූ සත්ත්‍වයන් බලයි. හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගතිගත වූ දුර්‍ගතිගත වූ යථාකර්‍මොපගත සත්ත්‍වයන් දැනැගනී.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති. අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති . අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා පි චිත්තං විමුච්චති. භවාසවා පි චිත්තං විමුච්චති. අවිජ්ජාසවා පි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTහේ මෙසේ සිත සමාහිත කල්හි සමාහිත පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මෘදුභූත කල්හි කර්‍මක්‍ෂම ස්ථිත කල්හි අනිඤ්ජනභාවප්‍රාප්ත කල්හි ආශ්‍රවක්‍ෂයඥානය පිණිස සිත එළවයි. හේ මේ දුක යැයි තත්වූ පරිදි දැන ගනී, මේ දුක්ඛසමුදය යි යථාභූත වැ දැනගනී, මේ දුක්ඛනිරෝධයැ යි යථාභූත වැ දැනගනී, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යි යථාභූත වැ දැනගනී. මොහු ආස්‍රවයෝ යැයි යථාභූත වැ දැනගනී, මේ ආස්‍රවසමුදය යි යථාභූත වැ දැනගනී, මේ ආස්‍රවනිරෝධයැ යි යථාභූත වැ දැනගනී, මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපදායැයි යථාභූත වැ දැනගනී, මෙසේ දන්නා ඔහුගේ මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, සිත භවාස්‍රවයෙනුදු මිදෙයි, සිත අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි, විමුක්ත කල්හි විමුක්ත යැයි ප්‍රත්‍යවේක්‍ෂා ඥානය වෙයි, ජාති ක්‍ෂය වූ යැ, බඹසර වැස නිමවන ලද, කරණී කරනලද, මේ අර්‍හත්ත්‍වය සඳහා කටයුතු අනෙකක් නැතැයි දැනගනී.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතී’ති.
Sinhala BJTමහණෙනි, මේ ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අනාත්මන්තප වූ පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අපරන්තප වූ පුද්ගල යැයි කියනු ලැබේ. හේ අනාත්මන්තප වූයේ අපරන්තප වූයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ ධ්‍යාන මගපල නිවන්සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මභාවයෙන් යුක්ත ව වෙසේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක, සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළාහ’යි.
Pali BJTකන්දරක සුත්තං පඨමං.
Sinhala BJTකන්‍දරක සූත්‍රය පළමුවැනියි.
Pali BJT2. 1 .2
Sinhala BJT2. 1. 2.
Pali BJTඅට්ඨකනාගර සුත්තං
Sinhala BJTඅට්ඨකනාගර සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං ආයස්මා ආනන්දො වෙසාලියං විහරති බෙලුවගාමකෙ. තෙන ඛො පන සමයෙන දසමො ගහපති අට්ඨකනාගරො පාටලිපුත්තං අනුප්පත්තො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො දසමො ගහපති අට්ඨකනාගරො යෙන කුක්කුටාරාමො යෙන අඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දසමො ගහපති අට්ඨකනාගරො තං භික්ඛුං එතදවොච: කහන්නු ඛො භන්තෙ ආයස්මා ආනන්දො එතරහි විහරති. දස්සනකාමා හි මයං තං ආයස්මන්තං ආනන්දන්ති. එසො ගහපති ආයස්මා ආනන්දො වෙසාලියං විහරති බෙලුවගාමකෙ’ති. අථ ඛො දසමො ගහපති අට්ඨකනාගරො පාටලිපුත්තෙ තං කරණීයං තීරෙත්වා යෙන වෙසාලී යෙන බෙලුවගාමකො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දසමො ගහපති අට්ඨකනාගරො ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර බේලුවගාමයෙහි වැඩ වාස කෙරෙති. එකල අට්ඨකනගර වැසි දසම ගැහැවි කිසියම් කරුණෙකින් පැළලුප් නුවරට පැමිණියේ වෙයි. අට්ඨකනගර වැසි දසම ගැහැවි කුක්කුටාරාමයෙහි එක්තරා මහණක්හු කරා එළැඹියේ යැ. එළැඹැ ඒ මහණහු සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අට්ඨකනගර වැසි දසම ගැහැවි ඒ මහණහට තෙල කී: ‘වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දැන් කොහි වෙසෙත් ද? අපි ඒ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දක්නා කැමැත්තම්හ’යි. ‘ගැහැවිය, තෙල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර බේලුවගාමයෙහි වැඩ වාස කෙරෙති’යි. එසඳ අට්ඨකනගර වැසි දසම ගැහැවි පැළලුප් නුවර ඒ කරණී නිමවා විශාලා මහනුවර බේලුවගාමයෙහි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අට්ඨකනගර වැසි දසම ගැහැවි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කී:
Pali BJTඅත්ථි නු ඛො භන්තෙ ආනන්ද තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො අක්ඛාතො යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තං වා{1} චිත්තං විමුච්චති. අපරික්ඛීණා{2} වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තං වා{3} අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාතී’ති. අත්ථි ඛො ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො අක්ඛාතො, යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තඤ්චෙව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාතී’ති. කතමො පන භන්තෙ ආනන්ද තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො අක්ඛාතො යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තඤ්චෙව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාතී’ති.
Sinhala BJT‘වහන්ස, ආනන්‍දයෙනි, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක ලා නො මිදුණු හෝ සිත් මිදේ ද, ක්‍ෂය නො වූ හෝ ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූ හෝ අනුත්තර යෝගක්‍ෂේමය නුවණින් ලබා ද, එබඳු එක් ධර්‍මයෙක් වදාරන ලද්දේ වේ ද? ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක්හි ලා නො මිදුණා වූ ද සිත මිදේ ද, ක්‍ෂය නො වූ ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූ අනුත්තර යෝගක්‍ෂේමයත් නුවණින් ලබා ද එබඳු එක් ධර්‍මයෙක් වදාරන ලද්දේ වෙයි. වහන්ස, ආනන්‍දයෙනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හු ගේ යම් අරමුණෙක ලා නො මිදුණා වූත් සිත මිදේ ද, ක්‍ෂය නො වූත් ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූත් අනුත්තර යෝගක්‍ෂේමය නුවණින් ලබා ද, එබඳුවූ වදාරන ලද එක් ධර්‍මය කවරේ යැ.
Pali BJTඉධ ගහපති භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති. ඉදම්පි ඛො පඨමං ඣානං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං, යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො අක්ඛාතො, යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තඤ්චෙව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTගැහැවිය, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල දහමින් වෙන් වැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති පළමු වන දැහැන් උපයා වාස කෙරෙයි. හේ මෙසේ සිතයි: ‘මේ ප්‍රථමධ්‍යානය ද උපදවන ලද්දෙකි. සිතින් නිපදවන ලද්දෙකි. යම් කිසිවක් කරන ලද නම් සිතින් නිපදවන ලද නම් ඒ අනිත්‍ය යැ. නිරුද්ධ වන සැහැවි ඇති’යි නුවණින් දනියි. හේ එහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් ඒ ශමථවිදර්‍ශනාමය ධර්‍මරාගයෙන් පඤ්චඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ, එහි මැ පිරිනිවෙයි. ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන මහණක්හුගේ අවිමුක්ත චිත්තය විමුක්ත වේ ද, අපරික්‍ෂීණ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් ද නො පැමිණි අනුත්තර යෝගක්‍ෂේමය ලබා ද මෙ එබඳුවූ එක් ධර්‍මයෙක් ද වදාරන ලද්දේ වෙයි.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: ඉදම්පි ඛො දුතියං ඣානං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං, යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන එකධම්මො අක්ඛාතො, යත්ථ භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිමුත්තඤ්චෙව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTතවද, ගැහැවිය, මහණ විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් සිය සතන්හි සම්ප්‍රසාද ඇති කරන දෙවන දැහැන් උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ දෙවන දැහැන ද උත්පාදිත යැ ප්‍රකල්පිත යැ. යම් කිසිවක් උත්පාදිත වේ නම් ප්‍රකල්පිත වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇත්තේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් ඒ ශමථවිදර්‍ශනා ඡන්‍දරාගයෙන් මැ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වැ යෑමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ පිරිනිවන් පානේ යැ. ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක්හි ලා අවිමුක්ත වූත් සිත විමුක්ත වේ ද අපරික්‍ෂීණ වූත් ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් ද අප්‍රාප්ත වූත් අනුත්තර යෝගක්‍ෂේමය ලබා ද මෙ එබඳු වූ එක් ධර්‍මයෙක් ද වදාරන ලද්දේ වෙයි.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: ඉදම්පි ඛො තතියං ඣානං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං, යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං තදනිච්චං නිරොධධම්මන්ති පජානාති. සො තත්ථ ඨිතො -පෙ- අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති.
Sinhala BJTතවද, ගැහැවිය, මහණ … ප්‍රීතිවිරාගයෙනුදු තුන්වන දැහැන උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ තුන්වන දැහැන ද සිතින් නිපදවන ලද්දෙකි. සිතින් කරන ලද්දෙකි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.