Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2001-2100 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අනභිජ්ඣාලු හොති. අනභිජ්ඣාපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අබ්යාපන්නචිත්තො හොති. අබ්යාපාදපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන සම්මාදිට්ඨි හොති. සම්මාදිට්ඨිපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.{1} ඉදං වුච්චති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං.
Sinhala BJTසහගිය දුක් ඇතිවත්, සහගිය දොම්නස් ඇතිවත් අභිධ්‍යාබහුල නො වෙයි. අනභිධ්‍යාහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇතිවත්, සහගිය දොම්නස් ඇතිවත් ව්‍යාපාද රහිත සිත් ඇති වෙයි. අව්‍යාපාදහේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගියදුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් සම්දිටු ඇති වෙයි. සම්දිටු හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි මනාගති වූ ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙවත්මනු දුක් ඇති, මතු සුඛ විපාක ඇති ධර්‍මසමාදාන මේයයි කියනු ලැබේ.
Pali BJT17. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකං?
Sinhala BJT17. මහණෙනි, මෙවත්මනු සුඛ ඇති, මතුයෙහි සුඛවිපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන පාණාතිපාතා පටිවිරතො හොති. පාණාතිපාතා වෙරමණීපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන අදින්නාදානා පටිවිරතො හොති. අදින්නාදානා වෙරමණීපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති. කාමෙසුමිච්ඡාචාරා වෙරමණීපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන මුසාවාදා පටිවිරතො හොති. මුසාවාදා වෙරමණීපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන පිසුණාය වාචාය{2} පටිවිරතො හොති. පිසුනාය වාචාය වෙරමණීපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන ඵරුසාය වාචාය පටිවිරතො හොති. ඵරුසාය වාචාය{3} වෙරමණීපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන සම්ඵප්පලාපා පටිවිරතො හොති. සම්ඵප්පලාපා වෙරමණීපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන අනභිජ්ඣාලු හොති. අනභිජ්ඣාපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන අබ්යාපන්නචිත්තො හොති. අබ්යාපාදපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන සම්මාදිට්ඨි හොති. සම්මාදිට්ඨිපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉදං වුච්චති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකං.
Sinhala BJTමහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පණිවායෙන් දුරුවූයේ වෙයි. පණිවායෙන් දුරුවීම හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුඛ ඇතිවත්, සහගියසොම්නස් ඇතිවත් අයිනාදනින් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවීම හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් මුසවායෙන් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවීම්හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. පිසුනු බසින් දුරුවීම්හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පරොස්බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවීම් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පලපින් දුරුවූයේ වෙයි. පලපින් දුරුවීම් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් අභිධ්‍යාබහුල නොවෙයි. අනභිධ්‍යාහේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් ව්‍යාපාද රහිත සිත් ඇති වෙයි. අව්‍යාපාද හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් සම්දිටු ඇති වෙයි. සම්දිටු හේතුයෙනුදු සුවසොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන ප්‍රත්‍යුත්පන්නසුඛ යයි ද, ආයතිසුඛවිපාක යයි ද කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ධම්මසමාදානානි.
Sinhala BJTමහණෙනි, මොහු සතර ධර්‍මසමාදාන වෙති.
Pali BJT18. සෙය්යථාපි භික්ඛවෙ තිත්තකාලාපු{4} විසෙන සංසට්ඨො, අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො, සුඛකාමො දුක්ඛප්පටිකූලො, තමෙනං එවං වදෙය්යුං: ‘අම්භො පුරිස, අයං තිත්තකාලාපු විසෙන සංසට්ඨො. සචෙ ආකංඛසි පිව{5} තස්ස තෙ පිවතො{6} චෙව නච්ඡාදෙස්සති වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි.
Sinhala BJT18. මහණෙනි, යම්සේ (හලාහල) විස මුසු තිත්ලබු ඵලයෙක් වේ ද, එවිට, ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුවකැමැති, දුකෙහි පිළිකුල් ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, ඔහට මෙසේ කියත් ද: “එම්බා පුරුෂය, මේ තිත්ලබුපල විස සහිත වෙයි. කැමැතියෙහි නම් එය බොනු. බොන්නාවූ තට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු නො රුස්නේ ය.
Pali BJTපිවිත්වා{1} ච පන මරණං වා නිගච්ඡසි{2} මරණමත්තං වා දුක්ඛන්ති. සො තං අපටිසඞ්ඛාය{3} පිවෙය්ය, න පටිනිස්සජ්ජෙය්ය.{4} තස්ස තං පිවතො චෙව නච්ඡාදෙය්ය වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි, පිවිත්වා ච පන මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. තථූපමාහං භික්ඛවෙ ඉමං ධම්මසමාදානං වදාමි යමිදං{5} ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං. (1)
Sinhala BJTපානය කොට මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නෙහි.” හේ එබස් නොසලකා බොන්නේ වේද, නො හරනේ වේද, එය බොන ඔහට වර්‍ණයෙනුදු ගන්‍ධයෙනුදු රසයෙනුදු නො රුස්නේ වේද, පානය කොට ද මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්නදුඃඛ වූත්, ආයතිදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි (1)
Pali BJT19. සෙය්යථාපි භික්ඛවෙ ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො. සො ච ඛො විසෙන සංසට්ඨො. අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛ පටික්කූලො. තමෙනං එවං වදෙය්යුං: ‘අම්භො පුරිස, අයං ආපානීයකංසො{6} වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො. සො ච ඛො විසෙන සංසට්ඨො. සචෙ ආකඞ්ඛසි පිව. තස්ස තෙ පිවතො හි ඛො ඡාදෙස්සති වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි. පිවිත්වා ච පන මරණං වා නිගච්ඡසි මරණමත්තං වා දුක්ඛන්ති. සො තං අප්පටිසඞ්ඛාය පිවෙය්ය, න පටිනිස්සජ්ජෙය්ය. තස්ස තං පිවතො හි ඛො ඡාදෙය්ය වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි. පිවිත්වා ච පන මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. තථූපමාහං භික්ඛවෙ ඉමං ධම්මසමාදානං වදාමි යමිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං. (2)
Sinhala BJT19. මහණෙනි, යම්සේ වර්‍ණසම්පන්න, ගන්‍ධසම්පන්න, රසසම්පන්න, අපානීය (පියයුතු මිහිරිපැනකින් පිරුණු) කස්තලියෙක් වේ ද, එද විස මුසු වේ ද, එසඳ, ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුවකැමැති, දුකෙහි පිළිකුල් ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, තෙල පුරුෂයාහට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ අවන් කස්තලිය වර්‍ණසම්පන්න ය, ගන්‍ධසම්පන්න ය, රසසම්පන්න ය. එද විසෙන් හැනිණ. කැමැතියෙහි නම් බෝ බොන තට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ ය. එහෙත් පානය කොට මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නෙහි”යි හේ එබස් නොසලකා බොන්නේ වේ ද, නො හරනේ වේ ද, එය බොන ඔහට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ වේ ද, පානය කොට ද මරණයට හෝ මරණමාත්‍ර දුඃඛයට හෝ යන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, ආයතිදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි. (2)
Pali BJT20. සෙය්යථාපි භික්ඛවෙ පූතිමුත්තං නානාභෙසජ්ජෙහි සංසට්ඨං, අථ පුරිසො ආගච්ඡෙය්ය පණ්ඩුරොගී. තමෙනං එවං වදෙය්යුං: ‘අම්භො පුරිස, ඉදං පූතිමුත්තං නානාභෙසජ්ජෙහි සංසට්ඨං. සචෙ ආකඞ්ඛසි පිව. තස්ස තෙ පිවතො හි ඛො නච්ඡාදෙස්සති වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි, පිවිත්වා ච පන සුඛී භවිස්සසී’ති. සො තං පටිසඞ්ඛාය පිවෙය්ය, න පටිනිස්සජ්ජෙය්ය. තස්ස තං පිවතොහි ඛො නච්ඡාදෙය්ය වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි. පිවිත්වා ච පන සුඛී අස්ස. තථූපමාහං භික්ඛවෙ ඉමං ධම්මසමාදානං වදාමි යමිදං ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං. (3)
Sinhala BJT20. මහණෙනි, යම්සේ (අරළු ඇඹුලූ ඇ) නන්බෙහෙදින් මුසු ගොමුත්‍රයක් වේද, එසද පාණ්ඩුරෝග ඇති පුරුෂයෙක් එන්නේ වේද, තෙල පුරුෂයාහට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ ගොමුත්‍ර නානාභෛෂජ්‍යයෙන් හනන ලද්දේය. කැමැතියෙහි නම් බෝ. බොන තොපට වර්‍ණයෙනුදු ගන්‍ධයෙනුදු රසයෙනුදු නො රුස්නේය. එහෙත් පානය කොට සුඛිත වෙහි” යි. හේ එබස් සලකා බොන්නේ වේ ද, නො හරනේ වේ ද, එය බොන ඔහට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු නොරුස්නේ වේ ද, එහෙත් පානය කොට සුවපත් වන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූ ද, ආයතිසුඛවිපාක වූ ද යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි. (3)
Pali BJT21. සෙය්යථාපි භික්ඛවෙ දධි ච මධු ච සප්පි ච{7} ඵාණිතඤ්ච එකජ්ඣං සංසට්ඨං. අථ පුරිසො ආගච්ඡෙය්ය ලොහිතපක්ඛන්දිකො. තමෙනං එවං වදෙය්යුං: ‘අම්භො පුරිස, ඉමං දධී ච මධු ච සප්පි ච ඵාණිතඤ්ච එකජ්ඣං සංසට්ඨං, සචෙ ආකඞ්ඛසි පිව. තස්ස තෙ පිවතො චෙව ඡාදෙස්සති වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි පිවිත්වා ච පන සුඛී භවිස්සසීති. සො තං පටිසඞ්ඛාය පිවෙය්ය, න පටිනිස්සජ්ජෙය්ය.{4} තස්ස තං පිවතො චෙව ඡාදෙය්ය වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි. පිවිත්වා ච පන සුඛී අස්ස. තථූපමාහං භික්ඛවෙ ඉමං ධම්මසමාදානං වදාමි යමිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකං. (4)
Sinhala BJT21. මහණෙනි, යම්සේ දිහි මී ගිතෙල් හා පැණි එකතු කොට ඇලළුණේ වේ ද, එසඳ (පිත්තසංසට්ඨ) ලෝහිතපක්ඛන්‍දිකාබාධ ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, ඔහුට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ දිහි මී ගිතෙල් හා පැණි එකතු කොට ඇලළිණ. කැමතියෙහි නම් බෝ. පානය කරන තට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ ය. පානය කොට ද සුඛිත වෙහි”යි හේ එය සලකා පානය කරන්නේ වේ ද. නොහරන්නේ වේද, එය පානය කරන ඕහට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ වේද, පානය කොට සුවපත් වන්නේ වේද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්නසුඛ වූත්, ආයතිසුඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි (4)
Pali BJT22. සෙය්යථාපි භික්ඛවෙ වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්චො නභං අබ්භුස්සුක්කමානො සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසති ච තපති ච විරොචති ච, එවමෙව ඛො භික්ඛවෙ යමිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකං තදඤ්ඤෙ{1} පුථුසමණබ්රාහ්මණපරප්පවාදෙ අභිවිහච්ච භාසති ච තපති ච විරොචති චාති.
Sinhala BJT22. මහණෙනි, යම්සේ වර්‍ෂා ඍතුවෙහි පැසිම්මස සරා කල්හි අහස බිඳීගිය (එහෙයින්ම) දුරු ව සිටි වලා ඇතිවත් ම, හිරු අහස්කුස් නගිමින් අහස සිටුනා හැම අඳුරු මැඩ බිඳ පියා බබළන්නේ වේ ද, නවත්නේ වේ ද, දිලෙන්නේ වේ ද, මහණෙනි, එපරිදි ම මම ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, ආයතිසුඛවිපාකවූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, එය අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ප්‍රවාදයන් ඔබාබිඳ බබළනු ද වෙයි. තවනු ද වෙයි. දිලෙනු ද වෙයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ මහාධම්මසමාදාන සූත්‍රය වදාළහ. (ප්‍රීතිසෞමනස්‍ය විසින්) ගත් සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටු වූහු.
Pali BJTමහාධම්මසමාදානසුත්තං ඡට්ඨං.
Sinhala BJTමහාධම්මසමාදානසූත්‍රය සවැනියි.
Pali BJT1. 5. 7.
Sinhala BJT1. 5. 7.
Pali BJTවීමංසකසුත්තං
Sinhala BJTවිමංසක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ, අනේවඩු මහසිටාණන්ගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යී භික්‍ෂූන් ඇමැතුසේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT2. වීමංසකෙන භික්ඛවෙ භික්ඛුනා පරස්ස චෙතොපරියායං අජානන්තෙන තථාගතෙ සමන්නෙසනා කාතබ්බා ‘සම්මාසම්බුද්ධො වා නො වා’ ඉති විඤ්ඤාණායාති.
Sinhala BJT2. මහණෙනි, මෙරමාගේ සිත්නියර (සරාගාදි විභාග විසින් පවත්නා ආකාර පරිච්ඡේදය) නොදන්නා වීමංසක (විමසන) මහණ විසින් ‘සම්‍යක් සම්බුද්ධ වේ ද හෝ නො වේ ද හෝ’ යි දනු සඳහා තථාගතයන් කෙරෙහි සමන්‍වෙෂන (පිරියෙස්ලි) කළයුතු වෙයි.
Pali BJT“භගවංමූලකා නො භන්තෙ ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත භන්තෙ භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.”{1}
Sinhala BJT“වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ විනේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බැස සිටුනාහ. වහන්ස තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මනා මැනු. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂුහු ධරන්නාහ”යි.
Pali BJTතෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, එකරුණින් අසව. මනාකොට මෙනෙහි කරව. කියමියි. ‘වහන්ස එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJT3. වීමංසකෙන භික්ඛවෙ භික්ඛුනා පරස්ස චෙතොපරියායං අජානන්තෙන ද්වීසු ධම්මෙසු තථාගතො සමන්නෙසිතබ්බො: චක්ඛුසොතවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු –
Sinhala BJT3. මහණෙනි, මෙරමාගේ සිත්හසර නොදන්නා වීමංසක මහණ විසින් දෙදහමෙක්හි ලා තථාගතයන් වහන්සේ පර්‍ය්‍යෙෂණ කළයුතු වෙති: චක්‍ෂුර්විඥේය (කායසමාචාර), ශ්‍රෝත්‍ර විඥේය (වාක්සමාචාර) ධර්‍මද්වයෙහිය.
Pali BJTයෙ සඞ්කිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: යෙ සඞ්කිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තී’ති. (1)
Sinhala BJTචක්‍ෂුර්විඥේය වූ ශ්‍රෝත විඥේය වූ ක්ලේශසම්ප්‍රයුක්ත යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙත් ද හෝ නො වෙත් ද හෝයි. තෙල තථාගතයන් වහන්සේ පර්‍ය්‍යෙෂණ කරන වීමංසක මහණ මෙසෙයින් දන්නේය: “චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ ක්ලේශසම්ප්‍රයුක්ත යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට (නැති හෙයින් ම) නැත” කියායි (1)
Pali BJTයතො නං සමන්නෙසමානො එවං ජානාති: යෙ සඞ්කිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තීති. තතො නං උත්තරිං සමන්නෙසති: යෙ වීතිමිස්සා{2} චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: යෙ වීතිමිස්සා{2} චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තී ති. (2)
Sinhala BJT“චක්‍ෂුඃ ශ්‍රෝත්‍රවිඥේය වූ ක්ලේශසම්ප්‍රයුක්ත යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ”යි යම් අවධියෙක ඔබ පර්‍ය්‍යෙෂණ කරනුයේ මෙසේ දන්නේ වේ ද, ඔබ ඉන් මතුදු සමන්‍වෙෂණ කෙරෙයි. කෙසේ ය: (කලෙක කෘෂ්ණයහ, කලෙක ශුක්ලයහ යි මෙසේ) ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃ ශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ යි ඔබ සොයනුයේ මෙසේ දන්නේ ය: ව්‍යතිමිශ්‍රවූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැත කියා යි. (2)
Pali BJTයතො නං සමන්නෙසමානො එවං ජානාති: යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, න තෙ තථාගතස්ස සංවිජ්ජන්තීති. තතො නං උත්තරිං සමන්නෙසති: යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වාති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති තෙ තථාගතස්සාති. (3)
Sinhala BJTයම් අවස්ථාවක ඔබ සොයනුයේ “ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රෝත්‍ර විඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ”යි මෙසේ දන්නේ වේ ද, ඉන්මතුදු ඔබ සොයන්නේ ය. කෙසේ ය: “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍මකෙනෙක් ඇද්ද’ ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ කියා යි. ඔබ සොයාබලනුයේ පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැයි මෙසේ දන්නේ ය. (3)
Pali BJTයතො නං සමන්නෙසමානො එවං ජානාති: යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති තෙ තථාගතස්සාති. තතො නං උත්තරිං සමන්නෙසති: දීඝරත්තං සමාපන්නො අයමායස්මා{1} ඉමං කුසලං ධම්මං, උදාහු ඉත්තරසමාපන්නොති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: දීඝරත්තං සමාපන්නො අයමායස්මා ඉමං කුසලං ධම්මං, නායමායස්මා ඉත්තරසමාපන්නොති. (4)
Sinhala BJTයම් අවස්ථායෙක ඔබ සොයනුයේ “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍ර විඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැ” යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතු දු ඔබ සොයන්නේය. කෙසේ ය: “මේ ආයුෂ්මත් (තථාගත තෙම) දීර්‍ඝරාත්‍රයෙහි (බොහෝ කලෙක) සිට මේ කුසලදහමට (ආජිවාෂ්ටමක ශීලයට) සමවන්නේ වේ ද නොහොත් ස්වල්ප කලෙක (ඊයේ පෙරදා) සිට සමවන්නේ වේ ද කියා යි. ඔබ සොයනුයේ “මේ ආයුෂ්මත් දීර්‍ඝ රාත්‍රයෙහි සිට මේ කුසල් දහමට සමවන්නේ ය. මේ ආයුෂ්මත් මඳකලෙක සිට සමවන්නේ නො වේය” යි මෙසේ දන්නේ ය. (4)
Pali BJTයතො නං සමන්නෙසමානො එවං ජානාති: දීඝරත්තං සමාපන්නො අයමායස්මා ඉමං කුසලං ධම්මං, නායමායස්මා ඉත්තරසමාපන්නොති. තතො නං උත්තරිං සමන්නෙසති: ඤත්තජ්ඣාපන්නො{2} අයමායස්මා භික්ඛු යසම්පත්තො,{3} සංවිජ්ජන්තස්ස ඉධෙකච්චෙ ආදීනවාති.
Sinhala BJTයම් අවස්ථායෙක ඔබ ගවේෂණ කරනුයේ “මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රයෙහි සිට මේ කුසල්දහමට සමවන්නේ ය. මේ ආයුෂ්මත් මඳකලෙක සිට සමවන්නේ නො වේය”යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතුදු ඔබ ගවේෂණ කෙරෙයි. කෙසේය: “මේ ආයුෂ්මත් භික්‍ෂු (තථාගත) තෙම ප්‍රකටභාවයට පැමිණියේ, පිරිවරසැපත් ලදුයේ වේ ද, (ඒහේතුවින්) ඔහට මෙහි (මානාතිමානාදී) කිසි ආදීනව ඇද්ද,” කියා යි.
Pali BJT“න තාව භික්ඛවෙ භික්ඛුනො ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්ති යාව න ඤත්තජ්ඣාපන්නො{2} හොති යසම්පත්තො{3}. යතො ච ඛො භික්ඛවෙ භික්ඛු ඤත්තජ්ඣාපන්නො හොති යසම්පත්තො, අථස්ස ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්ති.”
Sinhala BJT“මහණෙනි, යම්තාක් ප්‍රකටභාවයට පැමිණියේ, පරිවාර සම්පත් ලදුයේ නො වේ ද, ඒතාක් මහණහට මෙහි (මානාතිමානාදි) ඇතැම් ආදීනවයෝ නො වෙති. මහණෙනි, යම් අවධියෙක සිට මහණ අභිඥාතභාවයට පැමිණියේ, පරිවාර සම්පත් ලදුයේ වේ ද, එක්බිති ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ ඇති වෙති.”
Pali BJTතමෙනං සමන්නෙසමානො එවං ජානාති. ඤත්තජ්ඣාපන්නො{2} අයමායස්මා භික්ඛු යසම්පත්තො,{3} නාස්ස ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්තී’ති. (5)
Sinhala BJTඔබ (මේ කරුණෙහි ලා) ගවේෂණ කරනුයේ “මේ ආයුෂ්මත් භික්‍ෂු ප්‍ර__නී__ත භාවයට පැමිණියේ, පිරිවරසැපත් ඇතියේ වෙයි. ඔහට මෙහි කිසිදු ආදීනව නැතැ”යි මෙසේ දන්නේ ය. (5)
Pali BJTයතො නං සමන්නෙසමානො එවං ජානාති: ඤත්තජ්ඣාපන්නො අයමායස්මා භික්ඛු යසම්පත්තො, නාස්ස ඉධෙකච්චෙ ආදීනවා සංවිජ්ජන්තීති තතො නං උත්තරිං සමන්නෙසති: අභයූපරතො අයමායස්මා නායමායස්මා භයූපරතො, වීතරාගත්තා කාමෙ න සෙවති ඛයා රාගස්සාති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: අභයූපරතො අයමායස්මා, නායමායස්මා භයූපරතො, වීතරාගත්තා කාමෙ න සෙවති ඛයා රාගස්සාති. (6)
Sinhala BJTයම් අවධියෙක ඔබ ගවේෂණ කරනුයේ, “මේ ආයුෂ්මත් භික්‍ෂූ වනාහි ප්‍රසිද්ධියට පැමිණියේ, පරිවාරසම්පත් ඇතියේය (ඒ හේතුයෙන්) ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ නැතැ”යි මෙසේ දන්නේ වේ ද, ඉන්මතු ද ඔබ ගවේෂණ කෙරෙයි. කෙසේ ය: “මේ ආයුෂ්මත් අභයප්‍රාප්ත ව කාමයෙන් වැළැක්කේ වී ද, මේ ආයුෂ්මත් භයප්‍රාප්ත ව වැළැක්කේ නො වී ද, රාගක්‍ෂයහේතුයෙන් වීතරාග බැවින් කාමයන් නො සෙවුනේ වේ ද, කියායි. ඔබ (මෙසේ) සොයනුයේ “මේ ආයුෂ්මත් අභයෝපරත වේ. මේ ආයුෂ්මත් භයොපරත නො වේ. මේ ආයුෂ්මත් රාගක්‍ෂය හේතුයෙන් වීතරාග බැවින් කාමයන් නො සෙවුනේය”යි මෙසේ දන්නේ ය. (6)
Pali BJTතඤ්චෙ භික්ඛවෙ භික්ඛුං පරෙ එවං පුච්ඡෙය්යුං: “කෙ පනායස්මතො ආකාරා කෙ අන්වයා යෙනායස්මා එවං වදෙති:{1} අභයූපරතො අයමායස්මා නායමායස්මා භයූපරතො, වීතරාගත්තා කාමෙ න සෙවති ඛයා රාගස්සා”ති. සම්මා බ්යාකරමානො{2} භික්ඛවෙ භික්ඛු එවං බ්යාකරෙය්ය:{3} තථා හි පන අයමායස්මා සඞ්ඝෙ වා විහරන්තො එකො වා විහරන්තො, යෙ ච තත්ථ සුගතා, යෙ ච තත්ථ දුග්ගතා, යෙ ච තත්ථ ගණමනුසාසන්ති, යෙ ච ඉධෙකච්චෙ ආමිසෙසු සන්දිස්සන්ති, යෙ ච ඉධෙකච්චෙ ආමිසෙන අනුපලිත්තා, නායමායස්මා තං තෙන අවජානාති. සම්මුඛා ඛො පන මෙ තං භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං: “අභයූපරතොහමස්මි, නාහමස්මි භයූපරතො, වීතරාගත්තා කාමෙ න සෙවාමි ඛයා රාගස්සා”ති.
Sinhala BJTමහණෙනි, “මේ ආයුෂ්මත් අභයෝපරත වෙයි. මේ ආයුෂ්මත් භයොපරත නො වෙයි. මේ ආයුෂ්මත් රාගක්‍ෂය හේතුයෙන් කාමයන් නොසෙවුනේ ය” යි භවත් යම්හෙයකින් මෙසේ බෙණේ ද, ඒ ආයුෂ්මත්හුගේ තදාකාරයෝ කවරහ, ඒ අනුබුද්ධීහු (ප්‍රමාණ) කවරහ”? යි සෙස්සෝ ඒ විචාරක මහණ අතින් මෙසේ පැන පිළිවිසිත් නම්, මහණෙනි, මනාකොට පිළිතුරු දෙන මහණ මෙසේ පසතුරු දෙන්නේය: එසේ මැය. මේ ආයුෂ්මත් සඟුන් මැද වාස කරන්නේ වේවයි, එකලාව වාස කරන්නේ වේවයි, එහි සුපිළිපන් යම් කෙනෙක් ඇද්ද, එහි දුපිළිපන් යම් කෙනෙක් ඇද්ද, එහි යම් කෙනෙක් (ගණබන්‍ධන බද්ධ ව) ගණානුශාසනා කෙරෙද්ද, මෙසස්නෙහි යම් කිසි කෙනෙක් ආමිසයෙහි පැනීයෙද්ද, මෙසස්නෙහි යම් කිසි කෙනෙක් ආමිසයෙන් අනුපලිප්ත වෙද්ද, මේ ආයුෂ්මත් ශාස්තෘ තෙමේ එබඳු මහණ ඒ ඒ කරුණින් හෙළා නො දක්නේ ය. “මම අභයෝපරත යෙමි, මම භයොපරත නො වෙමි රාගක්‍ෂය හේතුයෙන් වීතරාග වන බැවින් කාමයන් නො සෙවුනෙමි”යි තෙල කරුණ මා විසින් බුදුන් හමියෙහි අසන ලදී, හමියෙහි පිළිගන්නා ලදැ”යි කියා යි.
Pali BJT4. තත්ර භික්ඛවෙ තථාගතොව උත්තරිං පටිපුච්ඡිතබ්බො:
Sinhala BJT4. මහණෙනි, ග්‍රන්‍ථිවීමංසකය (සාධන විමසන්නා), මූලවීමංසකය (ශාස්තෘවරයාගෙන් ම අසා විමසන්නා) යන වීමංසකයන් අතුරෙහි මූලවීමංසකයා විසින් තථාගතයන් වහන්සේ ම මතුයෙහි පිළිවිසියයුතු වෙති:
Pali BJT“යෙ සඞ්කිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා”ති. බ්යාකරමානො භික්ඛවෙ තථාගතො එවං බ්යාකරෙය්ය: යෙ සඞ්කිලිට්ඨා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා න තෙ තථාගතස්ස සංවිජ්ජන්තීති. (1)
Sinhala BJT“ක්ලේශසම්ප්‍රයුක්ත වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ”යි කියායි. මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙති: “ක්ලේශ සම්ප්‍රයුක්ත වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට නැත” කියායි. (1)
Pali BJT“යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා’ති. බ්යාකරමානො භික්ඛවෙ තථාගතො එවං බ්යාකරෙය්ය: යෙ වීතිමිස්සා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා න තෙ තථාගතස්ස සංවිජ්ජන්තීති. (2)
Sinhala BJT“ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හො” යි (මූලවීමංසකයා විසින් තථාගතයන් වහන්සේ පිළිවිසියයුතු වෙති.) මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙති: “ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට නැත” කියා යි. (2)
Pali BJT“යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති වා තෙ තථාගතස්ස නො වා”ති. බ්යාකරමානො භික්ඛවෙ තථාගතො එවං බ්යාකරෙය්ය: යෙ වොදාතා චක්ඛුසොතවිඤ්ඤෙය්යා ධම්මා, සංවිජ්ජන්ති තෙ තථාගතස්ස, එතපථොහමස්මි{4} එතගොචරො, නො ච තෙන තම්මයොති. (3)
Sinhala BJTපරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ”යි (පිළිවියයුතු වෙති.) මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙති: “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇත. මම තෙල (පරිශුද්ධ ආජිවාෂ්ටමක ශීල ධර්‍මය) පථය කොට (විමසනුවන්ට ජානත මාර්‍ග කොට) ඇතියෙමි. තෙල ගොදුරු කොට (මා කෙරෙහි විෂය කොට) ඇතියෙමි. ඒ පරිශුද්ධ ශීලය නිසා තෘෂ්ණා සහිතයෙම් ද නො වෙමි.” (3)
Pali BJT5. එවං වාදිං ඛො භික්ඛවෙ සත්ථාරං අරහති සාවකො උපසඞ්කමිතුං ධම්මසවණාය. තස්ස සත්ථා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං. යථා යථා ඛො භික්ඛවෙ භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං, තථා තථා සො තස්මිං ධම්මෙ අභිඤ්ඤාය ඉධෙකච්චං ධම්මං ධම්මෙසු නිට්ඨං ගච්ඡති, සත්ථරි පසීදති: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝොති.
Sinhala BJT5. මහණෙනි, ශ්‍රාවක තෙම එවංවාදී (මෙසේ බණන) ශාස්තෲන් වහන්සේ කරා ධර්‍මශ්‍රවණය සඳහා එළඹෙන්නට නිසි වෙයි. ශාස්තෲන් වහන්සේ ඔහට මතුමතුයෙහි (අර්‍ත්‍ථවිශේෂය වැඩිවැඩියෙන් පැහැදිලි වනසේ) ප්‍රණීත ප්‍රණීත කොට, පාපපුණ්‍යයන් ඔවුනොවුන් විපක්‍ෂ විපාක ඇති බැව් ද දක්වමින් දහම් දෙසත්. මහණෙනි, ශාස්තෲන් වහන්සේ මහණ හට යම් යම් පරිද්දෙකින් මතුමතුයෙහි ප්‍රණීතතර කොට කෘෂ්ණ ශුක්ල ධර්‍ම සප්‍රතිභාග කොට දක්වමින් දහම් දෙසන සේක් ද, ඒ මහණ ඒ ඒ පරිදි දෙසූ ඒ දහමෙහි කිසි ධර්‍මයක් ප්‍රතිවේධ වශයෙන් දැන (අභිඥාත වූ ඒ ප්‍රතිවේධ ධර්‍මයන්) දේශනාධර්‍මයෙහි (සත්‍යය පිළිබඳ) නිෂ්ඨාවට යෙයි: “භාග්‍යවත්හු සම්‍යක්සම්බුද්ධයහ”යි ශාස්තෲන් වහන්සේ කෙරෙහි පහදී. “භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සඞ්ඝයා සුපිළිපන්හ”යි පහදී.
Pali BJT6. තඤ්ච භික්ඛවෙ භික්ඛුං පරෙ එවං පුච්ඡෙය්යුං: කෙ පනායස්මතො ආකාරා කෙ අන්වයා යෙනායස්මා එවං වදෙති: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝො’ති. සම්මා බ්යාකරමානො භික්ඛවෙ භික්ඛු එවං බ්යාකරෙය්ය: ඉධාහං ආවුසො යෙන භගවා තෙනුපසඞ්කමිං ධම්මසවණාය. තස්ස මෙ භගවා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං. යථා යථා මෙ ආවුසො භගවා ධම්මං දෙසෙති උත්තරුත්තරිං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං, තථා තථාහං තස්මිං ධම්මෙ අභිඤ්ඤාය ඉධෙකච්චං ධම්මං ධම්මෙසු නිට්ඨමගමං, සත්ථරි පසීදිං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝො’ති.
Sinhala BJT6. මහණෙනි, “භගවත්හු සම්‍යක්සම්බුද්ධයහ, භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සඞ්ඝයා සුපිළිපන්හ යි යම් හෙයෙකින් ආයුෂ්මත් මෙසේ බෙණේ ද, ආයුෂ්මත්හුගේ එයට සාධනයෝ කවරයහ, එයට අනුබුද්ධීහු (ප්‍රමාණ) කවරහ?”යි පරහු ඒ මහණ මෙසේ පුළුවුසිත් නම්, මහණෙනි, මොනොවට ප්‍රකාශ කරන මහණ මෙසේ පවසන්නේය: “ඇවැත්නි, මම ධර්‍මශ්‍රවණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියෙමි. භාග්‍යවතුන් වහන්සේ මට මතු මතුයෙහි ප්‍රණීතතර කොට ශුක්ල කෘෂ්ණ ධර්‍ම සප්‍රතිභාග කොට දහම් දෙසති. ඇවැත්නි, යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ මට මතු මතුයෙහි ප්‍රණීතතර කොට පව්පින් ප්‍රකිපක්‍ෂ විපාක ඇතියවුන් කොට දහම් දෙසත් ද එපරිදි මම ඒ දහම්හි කිසි දහමක් ප්‍රතිවේධ විසින් දැන දේශනා ධර්‍මයෙහි නිෂ්ඨාවට ගියෙමි: භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහයි ඔබ කෙරෙහි පැහැදිණිමි. භාග්‍යවතුන් විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, (භාග්‍යවත්හුගේ ශ්‍රාවක) සඞ්ඝයා සුපිළිපන්හයි පැහැදිණිමි.
Pali BJT7. යස්ස කස්සචි භික්ඛවෙ ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්යඤ්ජනෙහි තථාගතෙ සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා, අයං වුච්චති භික්ඛවෙ ආකාරවතී සද්ධා දස්සනමූලිකා දළ්හා, අසංහාරියා සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං.
Sinhala BJT7. මහණෙනි, යම්කිසිවක්හට මෙ අයුරින් මේ පෙදෙන් මේ ව්‍යාඤ්ජනයෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැ පිහිටියේ වේ ද, (ශ්‍රෝතාපත්ති මාර්‍ගයෙන් හටගත්මුල් ඇති වේ ද,) මහණෙනි, මේ සකාරණ (ප්‍රතිවේධ සහිත) ශ්‍රද්ධාව දර්‍ශන (ශ්‍රෝතාපත්තිමාර්‍ග) මූලිකය, දෘඪය. මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව අන් කිසිවකු විසින් වේවයි, හැරැලිය නො හෙයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ තථාගතෙ ධම්මසමන්නෙසනා හොති. එවඤ්ච පන තථාගතො ධම්මතාසුසමන්නිට්ඨො හොතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ තථාගතයන් කෙරෙහි ධම්මසමන්නේසනා (ස්වභාව සමන්‍වෙෂණ) වෙයි. මෙසේ තථාගතයන් වහන්සේ ධර්‍මතායෙන් (ඇතිසැටියෙන්) සමන්නෙසනා කරනලද වෙති.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ (බුද්ධසීහනාද නම් වන) සූත්‍රාන්තය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය මැනැවින් පිළිගත්හ.
Pali BJTවීමංසකසුත්තං සත්තමං.
Sinhala BJTවීමංසකසූත්‍රය සත්වැනියි.
Pali BJT1. 5. 8.
Sinhala BJT1. 5. 8.
Pali BJTකොසම්බියසුත්තං
Sinhala BJTකෝසම්බිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. තෙ න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙන්ති, න ච සඤ්ඤත්තිං උපෙන්ති, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙන්ති, න ච නිජ්ඣත්තිං උපෙන්ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භගවත්හු කොසැඹෑ නුවර ගොසසිටුහු කළ ඝෝසිතාරාමයෙහි වැඩවාස කෙරෙති. එසමයෙහි කොසැඹෑයෙහි භික්‍ෂූහු හටගත් කලහපූර්‍වභාග සටන් ඇතියෝ, හටගත් (හස්තපරාමර්‍ෂ-පාත්‍රචීවරනීහරණාදි) කලහ ඇතියෝ, පැමිණි විරුද්ධවාද ඇතියෝ, උනුන් තෙපුල් සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු (අර්‍ත්‍ථ හා කාරණ හා දක්වා) උනුන් නො ම හඟවත්. (ඉදින් හඟවන්නට නිසි වුව ද) සංඥප්තියට (හඟනට) නො එළඹෙති. (දන්නට නො කැමැති වෙති.) උනුන් නො ම සිතවත්. සිතීමට නො එළඹෙති.
Pali BJT2. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉධ භන්තෙ කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. තෙ න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙන්ති, න ච සඤ්ඤත්තිං උපෙන්ති, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙන්ති, න ච නිජ්ඣත්තිං උපෙන්තීති.
Sinhala BJT2. එක්බිති අන්‍යතර (නොපාළ) මහණෙක් භගවත්හු කරා එළඹිණ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හින. එකත් පස් ව හුන් ඒ මහණ භගවත් හට තෙල සැළකෙළේ: “වහන්ස, කොසැඹෑ නුවර නිවැසි භික්‍ෂූහු උපන් ඩබර ඇත්තාහු, (හස්තපරාමර්‍ෂාදි විසින්) උපන් මුදුන්පත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට ගියාහු, උනුන් මුව සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු උනුන් නො ම හඟවත්. සංඥප්තියට නො වැටෙති. උනුන් නොම සිතවති. සිතීමට නො වැටෙති” කියායි.
Pali BJT3. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: එහි ත්වං භික්ඛු මම වචනෙන තෙ භික්ඛූ ආමන්තෙහි ‘සත්ථායස්මන්තෙ ආමන්තෙතී’ති. එවම්භන්තෙති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතීති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච: සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරථ, තෙ න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙථ, න ච සඤ්ඤත්තිං උපෙථ, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙථ, න ච නිජ්ඣත්තිං උපෙථාති. ‘එවම්භන්තෙ’.
Sinhala BJT3. එසඳ භගවත්හු එක්තරා මහණකු ඇමැතුසේක. “මහණ, තො එව ‘ශාස්තෲන් වහන්සේ ආවතුන් අමතන සේකැ’යි මා බසින් ඒ භික්‍ෂූන් අමතුව” යි වදාළෝ. ‘වහන්ස, එසේයැ’ යි එ මහණ භගවත්හට පිළිවදන් දී එ මහණුන් කරා එළඹියේය. එළඹ එ මහණුන්හට තෙල කී: “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් අමතන සේකැ” යි. ‘ඇවත එසේ යැ’ යි එ මහණහු එ මහණහට පිළිවදන් දී භගවත්හු කරා එළඹියහ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් එ මහණුන්ට භගවත්හු තෙල බස් වදාළසේක: “සැබැව? මහණෙනි’ තෙපි උපන් ඩබර ඇති ව උපන් මුදුන්පත් කලහ ඇති ව විවාදාපන්න ව අන්‍යෝන්‍යයන් මුවඅඩයටියෙන් විදුනහු වාස කරව? තෙපි උනුන් නොම හඟවනු ව? ගඟනට නොයන්නාව? උනුන් නොම සිතවන්නාව? සිතන්නට නො යන්නාව?”යි. ‘වහන්ස, එසේ ය’යි සැළ කළෝ.
Pali BJT4. තං කිං මඤ්ඤථ භික්ඛවෙ: යස්මිං තුම්හෙ සමයෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරථ, අපි නු තුම්හාකං තස්මිං සමයෙ මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච, මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො චාති. ‘නො හෙතම්භන්තෙ’.
Sinhala BJT4. මහණෙනි, එ කිසේ හඟනාව? තෙපි යම් දවසෙක උපන් කලහාරම්භ ඇති ව උපන් කලහ ඇතිව අවන් විරුද්ධවාද ඇති ව උනුන් මුවතෙබින් විදුනහු වාස කරහු නම්, එදවස් තොප තුළ සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙත්සහගිය කායකර්‍ම එළවිණි ද, සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නො හමුවෙහිත් මෙත් සහගිය වාක්‍කර්‍ම එළවිණි ද, සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙත්සහගිය මනඃකර්‍ම එළවිණි දැයි පුළුවුත්සේක. “වහන්ස, තෙල නො වේ මයැ” යි පිළිවදන් දුන්හු.
Pali BJTඉති කිර භික්ඛවෙ යස්මිං තුම්හෙ සමයෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරථ, නෙව තුම්හාකං තස්මිං සමයෙ මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. න මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. න මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අථ කිං චරහි තුම්හෙ මොඝපුරිසා, කිං ජානන්තා කිං පස්සන්තා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරථ, තෙ න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙථ, න ච සඤ්ඤත්තිං උපෙථ, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙථ, න ච නිජ්ඣත්තිං උපෙථ. තං හි තුම්හාකං මොඝපුරිසා, භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායාති.
Sinhala BJT“මහණෙනි, මෙසෙයින් තෙපි යම් දිනෙක හණඩනජාත ව කලහ ජාත ව විවාදපනනව අන්‍යෝන්‍යයන් මුවසැතින් විදුමින් වාස කරවු නම්, එදින තොප තුළ සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු මෛත්‍රීමය කායකර්‍ම නො ම එළවිණ. සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු මෛත්‍රීමය වාක්‍කර්‍ම නො එළවිණ. සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෛත්‍රීමය මනඃකර්‍ම නො එළවිණ. කිමෙක, මෝඝ පුරුෂයෙනි, එබැවින් තෙපි කුමක් දන්මින් කුමක් දක්මින් භණ්ඩන ජාත ව කලහජාත ව විවාදපන්නව උනුන් මුව සැතින් විදුමින් වාස කරන්නාව? තෙපි උනුන් නො ම හඟවන්නාව? හඟනට නො එන්නාව? උනුන් නො ම සිතවන්නාව? සිතන්නට නො එන්නාව? මෝඝපුරුෂයෙනි, එකරුණ තොපට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ යයි වදාළෝ.
Pali BJT5. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ඡයිමෙ භික්ඛවෙ ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති. කතමෙ ඡ?
Sinhala BJT5. එක්බිති භගවත්හු මහණුන් ඇමැතුසේක. මහණෙනි, සිහිකට යුතු, (සබ්‍රම්සරුන්ට) ප්‍රිය කරන, ගරු කරන මේ දහම්හු සදෙනෙක් සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙති. කවර සදෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (1)
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු කායකර්‍ම එළඹසිටියේ වේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (1)
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛුනො මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (2)
Sinhala BJTතවද මහණෙනි, ඉන් මතුදු, මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු වාක්කර්‍ම එළඹ සිටියේ වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (2)
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛුනො මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (3)
Sinhala BJTතවද මහණෙනි, ඉන් මතුදු, මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු මනඃකර්‍ම එළඹසිටියේ වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (3)
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී හොති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණ භොගී. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (4)
Sinhala BJTතවද මහණෙනි, ඉන් මතුදු, මහණෙක් යටතින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍ර වේවයි, දැහැමි වූ දැහැමින් ලත් යම් ලාභ කෙනෙක් ඇද්ද, එවන් ලාභයන් (ආමිෂ විසින් වේවයි, පුද්ගල විසින් වේවයි) ප්‍රතිවිභක්ත නො කොට (මෙ පමණක් දෙමි, මෙ පමණක් නො දෙමි, අසුවල් තැනට දෙමි, අසුවල් තැනට නො දෙමි යි මෙසේ සිතින් නොබෙදා) වළඳ කරනසුලු වේ ද, සිල්වතුන් හා සබ්‍රම්සරුන් හා සාධාරණ කොට වළඳ කරනසුලු වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (4)
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙසු සීලෙසු සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (5)
Sinhala BJTතවද මහණෙනි, ඉන් මතුදු, මහණෙක් අඛණ්ඩ අච්ඡිද්‍ර, අශබල, අකල්මාෂ, භූජිෂ්‍ය, විද්වතුන් විසින් ප්‍රශස්ත, තෘෂ්ණා දෘෂ්ටි විසින් අපරාමෘෂ‍්ට, සමාධිසංවර්‍තනික යම් සිල් ඇද්ද, එබඳු සීලයෙහි ලා සබ්‍රම්සරුන් හා හමුයෙහිදු නොහමුයෙහිදු ශීලයෙන් සමාන භාවයට ගියේ වාස කෙරේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (5)
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (6)
Sinhala BJTතවද මහණෙනි, ඉන් මතුදු, නිර්දෝෂ වූ නෛර්‍ය්‍යාණික වූ එය පිළිපදනහු මොනොවට දුඃඛක්‍ෂය පිණිස පමුණුවන යම් (මාර්‍ගසම්ප්‍රයුක්ත) සම්‍යක් දෘෂ්ටියෙක් ඇද්ද, එබඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් හා හමුයෙහිදු නොහමුයෙහිදු සමානදෘෂ්ටිභාවයට ගියේ වේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (6)
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ සාරාණීයා ධම්මා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, ප්‍රිය කරන ගරු කරන මේ සාරාණීය ධර්‍මයෝ සදෙන සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙත්.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ ඡන්නං සාරණීයානං ධම්මානං එතං අග්ගං එතං සඞ්ගාහිකං එතං සඞ්ඝාතනිකං යදිදං යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. සෙය්යථාපි භික්ඛවෙ කූටාගාරස්ස එතං අග්ගං එතං සඞ්ගාහිකං එතං සඞ්ඝාතනිකං යදිදං කූටං, එවමෙව ඛො භික්ඛවෙ ඉමෙසං ඡන්නං සාරාණීයානං ධම්මානං එතං අග්ගං එතං සඞ්ගාහිකං එතං සඞ්ඝාතනිකං යදිදං යායං දිට්ඨි රියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය.
Sinhala BJTමහණෙනි, මේ සාරාණීය ධර්‍මයන් සදෙනා අතුරෙහි නිර්දෝෂ වූ නෛර්‍ය්‍යාණික වූ එය කරනහු මනාකොට දුඃඛක්‍ෂය පිණිස ගෙන යන යම් දෘෂ්ටියෙක් ඇද්ද, තෙල අග්‍ර වෙයි. තෙල සඞ්ග්‍රාහික වෙයි. තෙල හැම ගළපනු වෙයි. මහණෙනි, යම් පරිදි කූටගාරයාගේ කූටයෙක් (කැණිමඬලෙක්) ඇද්ද, තෙල කූටය අග්‍ර වේ ද, තෙල සඞ්ග්‍රාහික වේ ද, තෙල හැම ගොනැස් ගළපනු වේ ද, මහණෙනි, එපරිදි ම මේ සවැදෑරුම් සාරාණීය ධර්‍මයන් අතුරෙහි නිර්දෝෂ, නෛර්‍ය්‍යාණික, එය කරනහු මැනැවින් දුඃඛක්‍ෂය පිණිස පමුණුවන යම් දෘෂ්ටියෙක් ඇද්ද, තෙල අග්‍ර වෙයි. තෙල සඞ්ග්‍රාහික වෙයි. තෙල හැම මුළුලු කරනු වෙයි.
Pali BJT6. කථඤ්ච භික්ඛවෙ යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය?
Sinhala BJT6. මහණෙනි, නිර්දෝෂ වූ නෛර්‍ය්‍යාණික වූ, පිළිපදිනහු මොනොවට දුඃඛක්‍ෂයට එළවන යම් ශ්‍රෝතාපත්තිමාර්‍ග දෘෂ්ටියෙක් ඇද්ද, ඒ දෘෂ්ටිය කෙසේ ඔහු දුඃඛක්‍ෂය කරා ගෙන යේ ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: අත්ථි නු ඛො මෙ තං පරියුට්ඨානං අජ්ඣත්තං අප්පහීනං යෙනාහං පරියුට්ඨානෙන පරියුට්ඨිතචිත්තො යථාභූතං න ජානෙය්යං න පස්සෙය්යන්ති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වූයේ වේවයි, වෘක්‍ෂමූලගත වූයේ වේවයි, ශුන්‍යාගාරගත වූයේ වේවයි මෙසෙයින් සලකන්නේ ය: මම යම් පර්‍ය්‍යුත්‍ථානයෙකින් (කෙලෙසුන්ගේ නැගී සිටීමකින්) මැඩුණු සිතැති ව යථාභූතය නො දන්නෙම් නම්, නො දක්නෙම් නම්, මා සතන්හි නො පුහුන් ඒ පර්‍ය්‍යුත්‍ථාන ඇද්ද හෝ කියායි.
Pali BJT“සචෙ භික්ඛවෙ භික්ඛු කාමරාග පරියුට්ඨිතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු බ්යාපාදපරියුට්ඨිතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු ථීනමිද්ධපරියුට්ඨිතො හොති පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු විචිකිච්ඡාපරියුට්ඨිතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු ඉධලොකචින්තාය පසුතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු පරලොකචින්තාය පසුතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු භණ්ඩනජාතො කලහජාතො විවාදාපන්නො අඤ්ඤමඤ්ඤං{1} මුඛසත්තීහි විතුදන්තො විහරති, පරියුට්ඨිතචිත්තොව හොති.”
Sinhala BJT“මහණෙනි, ඉදින් මහණ කාමරාගයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ව්‍යාපාදයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ථිනමිද්ධයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ උද්ධච්චකුක්කුච්චයා විසින් මඩනා ලද්දේ වේද, එයින් මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ විචිකිච්ඡා විසින් මඩනා ලද්දේ වේද, එයින්ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ඉධලෝකචින්තායෙහි යුතුපතු වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් පරලොකචින්තායෙහි යුතුපතු වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ හණ‍්ඩනජාත ව කලහජාත ව විවාදපන්නව උනුන් මුව සැතින් විදුමින් වාස කරනුයේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ.”
Pali BJTසො එවං පජානාති: නත්ථි ඛො මෙ තං පරියුට්ඨානං අජ්ඣත්තං අප්පහීනං යෙනාහං පරියුට්ඨානෙන පරියුට්ඨිතචිත්තො යථාභූතං න ජානෙය්යං න පස්සෙය්යං. සුප්පණිහිතං මෙ මානසං සච්චානං බොධායාති. ඉදමස්ස පඨමං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (1)
Sinhala BJTඒ මහණ මෙසෙයින් දන්නේය: “මම සියසතන්හි අප්‍රහීණ වූ යම් පර්‍ය්‍යුත්‍ථානයෙකින් මැඩුණු සිතැති ව සත්‍යය නොදන්නෙම් වේ ද, නොදක්නෙම් වේ ද, පර්‍ය්‍යුත්‍ථානය මට නැත. සත්‍යාවබෝධය පිණිස මා විසින් සිත මැනැවින් තැබිණ” කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍යයන් කෙරෙහි වූ, ලෝකෝත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ප්‍රථම (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය අධිගත (ලබන ලද්දේ) වෙයි. (1)
Pali BJT7. පුන චපරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: ඉමං නු ඛො අහං දිට්ඨිං ආසෙවන්තො භාවෙන්තො බහුලීකරොන්තො ලභාමි පච්චත්තං සමථං, ලභාමි පච්චත්තං නිබ්බුතින්ති. සො එවං පජානාති: ඉමං ඛො අහං දිට්ඨිං ආසෙවන්තො භාවෙන්තො බහුලීකරොන්තො ලභාමි පච්චත්තං සමථං, ලභාමි පච්චත්තං නිබ්බුතින්ති. ඉදමස්ස දුතියං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (2)
Sinhala BJT7. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේ ය: “මම මේ මාර්‍ග දෘෂ්ටිය සෙවුනෙම්, වඩන්නෙම්, බහුල කරන්නෙම් තමා තුළ ඒකාග්‍රතා ලබම් දෝ හෝ, තමා තුළ ක්ලේශව්‍යපශම ලබම් දෝ හෝ” කියායි. ඒ මහණ මෙසේ දන්නේ ය: “මම මේ දෘෂ්ටිය සෙවුනෙම්, වඩන්නෙම්, බහුල කරන්නෙම් තමා තුළ ඒකාග්‍රතා ලබමි. තමා තුළ නිර්‍වෘතිය (නිවීම) ලබමි” කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලෝකෝත්තරවූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ද්විතීය ඥානය අධිගත වෙයි. (2)
Pali BJT8. පුන චපරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යථා රූපායාහං දිට්ඨියා සමන්නාගතො, අත්ථි නු ඛො ඉතො බහිද්ධා අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා තථාරූපාය දිට්ඨියා සමන්නාගතොති. සො එවං පජානාති: යථාරූපායාහං දිට්ඨියා සමන්නාගතො, නත්ථි ඉතො බහිද්ධා අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා තථාරූපාය දිට්ඨියා සමන්නාගතොති. ඉදමස්ස තතියං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (3)
Sinhala BJT8. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේ ය: “මම යම්බඳු ශ්‍රොතාපත්තිමාර්‍ගදෘෂ‍්ටියෙකින් සමන්‍වාගතයෙම් ද,මෙසස්නෙන් බැහැර එබඳු දෘෂ‍්ටීන් සමන්‍වාගත අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඇද්ද?” කියායි. ඒ මහණ මෙසේ දන්නේ ය: “මම යම් බඳු දෘෂ‍්ටීන් සමන්‍වාගතයෙම් ද, මෙසස්නෙන් බැහැර එබඳු දෘෂ‍්ටීන් සමන්‍වාගත අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නැත කියායි.” ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලෝකෝත්තර වූ, පෘථග්ජනයන් හා අසාධාරණ වූ මේ තෘතීය ඥානය අධිගත වෙයි. (3)
Pali BJT9. පුන චපරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යථාරූපාය ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය ධම්මතාය සමන්නාගතොති.
Sinhala BJT9. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේ ය: දෘෂ‍්ටිසම්පන්නපුද්ගල යම්බඳු ස්වභාවයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු ස්වභාවයෙකින් සමන්‍වාගතයෙම් වේ දෝ හෝ කියායි.
Pali BJT“කථංරූපාය ච භික්ඛවෙ ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො? ධම්මතා එසා භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: කිඤ්චාපි තථාරූපිං ආපත්තිං{1} ආපජ්ජති යථාරූපාය ආපත්තියා උට්ඨානං{2} පඤ්ඤායති, අථ ඛො ඛිප්පමෙව සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු දෙසෙති විවරති උත්තානී{3}කරොති. දෙසෙත්වා විවරිත්වා උත්තානී කරිත්වා{4} ආයතිං සංවරං ආපජ්ජති. සෙය්යථාපි භික්ඛවෙ දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො හත්ථෙන වා පාදෙන වා අඞ්ගාරං අක්කමිත්වා ඛිප්පමෙව පටිසංහරති, එවමෙව ඛො භික්ඛවෙ ධම්මතා එසා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: කිඤ්චාපි තථාරූපිං ආපත්තිං{1} ආපජ්ජති යථාරූපාය ආපත්තියා උට්ඨානං{2} පඤ්ඤායති, අථ ඛො නං ඛිප්පමෙව සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු දෙසෙති විවරති උත්තානී{3}කරොති. දෙසෙත්වා විවරිත්වා උත්තානී කරිත්වා{4} ආයතිං සංවරං ආපජ්ජති.”
Sinhala BJT“මහණෙනි, කෙබඳු ධර්‍මතායෙකින් දෘෂ‍්ටිසම්පන්න පුද්ගල සමන්‍වාගත වේ ද යත්: මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි: යම් බඳු ආපත්තියෙකින් (සඞ‍්ඝකර්‍ම විසින් වේවයි, දේශනා විසින් වේවයි) ව්‍යුත්‍ථානය (ඇවැතින් නැගී සිටීම) පැනේ ද, එබඳු ඇවැතක් අවන් නමුදු, වහාම ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥසබ්‍රම්සරුන් කෙරෙහි වේවයි දෙසන්නේය. විවර කරන්නේය, හෙළි කරන්නේය. දෙසා, විවර කොට, හෙළි කොට ආයතිසංවරයට පැමිණෙන්නේය යනු දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි. මහණෙනි, යම්සේ මන්‍ද වූ, උඩුහුරුව හෝනා, ලදරු කුමරෙක් අතින් වේවයි, පයින් වේවයි, ගිනි අඟුරක් ඇක්මෙන්නා හාම අත හකුළාගන්නේ වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතායෙක් ඇත: යම්බඳු ආපත්තියෙකින් ව්‍යුත්‍ථානය පැනේ ද, එබඳු ඇවත් අවන් නමුදු, වහාම ඒ ඇවැත ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥසබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, දෙසන්නේය, විවර කරන්නේය, හෙළි කරන්නේය. දෙසා විවර කොට, හෙළි කොට, ආයතිසංවරයට පැමිණෙන්නේය.”
Pali BJTසො එවං පජානාති: යථාරූපාය ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය ධම්මතාය සමන්නාගතොති. ඉදමස්ස චතුත්ථං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (4)
Sinhala BJTඒ මහණ මෙසේ දන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද, මම ද එබඳු ධර්‍මතායෙන් සමන්‍වාගත යෙමි” කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලෝකෝත්තර වූ, පෘථග්ජනයන් හා අසාධාරණ වූ මේ චතුර්‍ත්‍ථඥානය අධිගත වෙයි. (4)
Pali BJT10. පුන චපරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යථාරූපාය ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය ධම්මතාය සමන්නාගතොති.
Sinhala BJT10. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේය: දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද, මම ද එබඳු ධර්‍මතායෙන් සමන්‍වාගත යෙම් ද හෝ කියායි.
Pali BJT“කථංරූපාය ච භික්ඛවෙ ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො? ධම්මතා එසා භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: කිඤ්චාපි යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි, තත්ථ උස්සුක්කං ආපන්නො{5} හොති. අථ ඛ්වාස්ස{6} තිබ්බාපෙක්ඛා{7} හොති අධිසීලසික්ඛාය අධිචිත්තසික්ඛාය අධිපඤ්ඤාසික්ඛාය. සෙය්යථාපි භික්ඛවෙ ගාවී තරුණවච්ඡා ථම්බඤ්ච{8} ආලුම්පති{9} වච්ඡකඤ්ච අපවීණති,{10} එවමෙව ඛො භික්ඛවෙ ධම්මතා එසා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: කිඤ්චාපි යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි තත්ථ උස්සුක්කං ආපන්නො හොති. අථ ඛ්වාස්ස තිබ්බාපෙක්ඛා හොති අධිසීලසික්ඛාය අධිචිත්තසික්ඛාය අධිපඤ්ඤාසික්ඛාය.”
Sinhala BJT“මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද යත්: සබ්‍රම්සරුන්ගේ යම් ඒ උච්චඅවච (උස්පහත්) කිංකර්‍තව්‍යයෝ (කුමැයි විමසා කටයුතු) ඇද්ද, එහි උත්සුක වේ. වැලිත් ඔහු තුළ අධිශීලශික්‍ෂායෙහි අධිචිත්තශික්‍ෂායෙහි අධිප්‍රඥාශික්‍ෂායෙහි තීව්‍රප්‍රාර්‍ත්‍ථනා ඇති වේ’ යනු දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි. මහණෙනි, යම්සේ තුරුණුවසු ඇති එළදෙන තණ ද බිඳ කන්නී වසුත් බලා ද, මහණෙනි, එපරිදිම දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා ඇත: සබ්‍රම්සරුන්ගේ යම්යම් උච්චනීච කිංකර්‍තව්‍යයෝ ඇද්ද, එහි සෝත්සුක වේ. වැලිත් අධිශීලශීක්‍ෂායෙහි අධිචිත්තශික්‍ෂායෙහි අධිප්‍රඥාශික්‍ෂායෙහි තීව්‍රප්‍රාර්‍ත්‍ථනා ඇති වේ” යනුයි.
Pali BJTසො එවං පජානාති: යථාරූපාය ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය ධම්මතාය සමන්නාගතොති. ඉදමස්ස පඤ්චමං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (5)
Sinhala BJTඒ මහණ මෙසේ දන්නේය: දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු ධර්‍මතායෙකින් සමන්‍වාගතයෙමි කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලෝකෝත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ පඤ්‍චමඥානය අධිගත වෙයි. (5)
Pali BJT11. පුන චපරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යථාරූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය බලතාය සමන්නාගතොති.
Sinhala BJT11. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගයෙම් ද හෝ” කියායි.
Pali BJT“කථංරූපාය ච භික්ඛවෙ බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො? බලතා එසා භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: යං තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ අට්ඨිකත්වා{1} මනසි කත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති.”
Sinhala BJT“මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු බලයෙකින් සමන්‍වාගත වේ ද යත්: මහණෙනි, තථාගතප්‍රවිදිත ධර්‍මවිනය දෙසන කල අර්ත්‍ථී කොට මෙනෙහි කොට මුළුසිතින් සමනා ගෙන පිහිටුකන් ඇතිව දහම් අසා යන යමෙක් ඇද්ද, මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල බලතා වෙයි.”
Pali BJTසො එවං පජානාති: යථාරූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය බලතාය සමන්නාගතොති. ඉදමස්ස ඡට්ඨං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (6)
Sinhala BJTඒ මහණ මෙසේ දන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගතයෙමි” කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍යවූ, ලෝකෝත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ෂෂ්‍ඨඥානය අධිගත වෙයි. (6)
Pali BJT12. පුන චපරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යථාරූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය බලතාය සමන්නාගතොති.
Sinhala BJT12. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍ය ශ්‍රාවක මෙසේ සලකන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගත යෙම් ද හෝ” කියායි.
Pali BJT“කථංරූපාය ච භික්ඛවෙ බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො? බලතා එසා භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: යං තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං.”
Sinhala BJT“මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු බලයෙකින් සමන්‍වාගත වේ ද යත්: මහණෙනි, තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය දෙසන කල අර්‍ත්‍ථවේදය හා ධර්‍ම වේදය හා ධර්‍මය හා මිශ්‍රව ගිය ප්‍රමෝදය ලබා යන යමෙක් ඇද්ද, මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල බලතා වෙයි.”
Pali BJTසො එවං පජානාති: යථාරූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය බලතාය සමන්නාගතොති. ඉදමස්ස සත්තමං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (7)
Sinhala BJTඒ මහණ මෙසේ දන්නේය: ‘දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගතයෙමි’ කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලෝකෝත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ සප්තම ඥානය අධිගත වෙයි. (7)
Pali BJTඑවං සත්තඞ්ගසමන්නාගතස්ස ඛො භික්ඛවෙ අරියසාවකස්ස ධම්මතා සුසමන්නිට්ඨා හොති සොතාපත්තිඵලසච්ඡිකිරියාය. එවං සත්තඞ්ගසමන්නාගතො ඛො භික්ඛවෙ අරියසාවකො සොතාපත්තිඵලසමන්නාගතො හොතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ සප්තාඞ‍්ගසමන්‍වාගත ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් ශ්‍රෝතාපත්තිඵලය සාක්‍ෂාත් කළ ඥානයෙන් ස්‍වභාවධර්‍මය මැනවින් සමන්‍වෙෂිත වෙයි. මහණෙනි, මෙසේ සප්තාඞ‍්ග (සප්තවිධ ප්‍රත්‍යවේක්‍ෂා ඥානයෙන්) සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රෝතාපත්තිඵල සමන්‍වාගත වෙයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ බස අභිනන්‍දන කොට පිළිගත්හු.
Pali BJTකොසම්බියසුත්තං අට්ඨමං.
Sinhala BJTකෝසම්බිය සූත්‍රය අටවැනියි.
Pali BJT1. 5. 9.
Sinhala BJT1. 5. 9.
Pali BJTබ්රහ්මනිමන්තනිකසුත්තං
Sinhala BJTබ්‍රහ්මනිමන්තනික සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භගවත්හු සැවැත් නුවර අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද දෙව්රම් වෙහෙර වැඩ වාසය කෙරෙති. එ සමයෙහි භගවත්හු ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භගවත්හට පිළිවදන් දුන්හ. භගවත්හු තෙල වදාළහ:
Pali BJT2. එකමිදාහං භික්ඛවෙ සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ. තෙන ඛො පන භික්ඛවෙ සමයෙන බකස්ස බ්රහ්මුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති: ඉදං නිච්චං ඉදං ධුවං ඉදං සස්සතං ඉදං කෙවලං ඉදං අචවනධම්මං. ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති. ඉතො ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං නත්ථීති. අථ ඛ්වාහං භික්ඛවෙ බකස්ස බ්රහ්මුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං{1} උක්කට්ඨායං සුභගවනෙ සාලරාජමූලෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසිං.
Sinhala BJT2. මහණෙනි, මම එක් සමයෙක උක්කට්ඨා නම් නුවර සුභග වනයෙහි සාලරාජ මූලයෙහි වාස කෙරෙමි. මහණෙනි, ඒ සමයෙහි බක නම් බඹහට මෙබඳු පවිටු ශාශ්වත දෘෂ්ටියෙක් උපන: මේ බ්‍රහ්මස්ථානය (බඹලොව) නිත්‍යය, මේ ධ්‍රැවය (ස්ථිරය), මේ ශාශ්වතය (සදාවිද්‍යාමානය), මේ කේවලය (අඛණ්ඩය), මේ අවවන (ව්‍යය නොවන) ස්වභාවය. මේ බඹලොව (කිසිවෙක්) උපදනුයේ වේවයි, දිරනුයේ වේ වයි, මියනුයේ වේව යි, ච්‍යුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මේ බඹලොව හැර අනෙක් නිස්සරණයෙක් (දුකින් නික්මීමෙක්) ඇත්තේ ද නොවෙ’යි කියා යි. මහණෙනි, එසඳ මම සිය සිතින් බක බඹහු අදහස් දැන බලවත් පුරුෂයකු වක්කළ අත් දික් කරනු සෙයින්, දික්කළ අත් වක් කරනු සෙයින් උක්කට්ඨා නුවර සුභගවනයෙහි සාලරාජ මූලයෙහි අතුරුදහන් වූයෙම් එ බඹලොව පහළ වීමි.
Pali BJT3. අද්දසා ඛො මං භික්ඛවෙ බකො බ්රහ්මා දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මං එතදවොච: එහි ඛො මාරිස, සාගතං{2} මාරිස, චිරස්සං ඛො මාරිස, ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. ඉදං හි මාරිස, නිච්චං, ඉදං ධුවං, ඉදං සස්සතං, ඉදං කෙවලං, ඉදං අචවනධම්මං. ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති.{3} ඉතො ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං නත්ථීති.
Sinhala BJT3. මහණෙනි, බකබ්‍රාහ්මමා එනුවා දුරදීම දිට. දැක මට තෙලබස් කී: “නිදුකාණෙනි, මොබ එව. නිදුකාණෙනි, ස්වාගත ය. (මෙහි ඊම යෙහෙකි.) නිදුකාණෙනි, මෙහි එනු පිණිස දිගු කලෙකින් මේ අයුරුකෙළෙහි. නිදුකාණෙනි, මේ බ්‍රහ්මස්ථානය නිත්‍යය, මේ ධ්‍රැවය, මේ ශාශ්වතය, මේ කේවලය, මේ අවවන ස්වභාවය. මේ බඹලොව උපදනුයේ වේවයි, දිරනුයේ වේවයි, මියනුයේ වේව යි, චුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මෙයින් මතු අනෙක් නිඃසරණයෙක් ඇත්තේ ද නොවෙ”යි කී.
Pali BJT4. එවං වුත්තෙ අහං භික්ඛවෙ බකං බ්රහ්මානං{4} එතදවොචං: අවිජ්ජාගතො වත භො බකො බ්රහ්මා, අවිජ්ජාගතො වත භො බකො බ්රහ්මා: යත්ර හි නාම අනිච්චංයෙව සමානං නිච්චන්ති වක්ඛති, අද්ධුවංයෙව සමානං ධුවන්ති වක්ඛති, අසස්සතංයෙව සමානං සස්සතන්ති වක්ඛති, අකෙවලංයෙව සමානං කෙවලන්ති වක්ඛති, චවනධම්මංයෙව සමානං අචවනධම්මන්ති වක්ඛති. යත්ථ ච පන ජායතී ච ජීයති ච මීයති ච චවති ච උප්පජ්ජති ච, තං තථා වක්ඛති: ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජතීති. සන්තඤ්ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං නත්ථඤ්ඤං උත්තරිං නිස්සරණන්ති වක්ඛතීති.
Sinhala BJT4. මහණෙනි, මෙසේ කී කළ මම බක බ්‍රහ්ම හට තෙල බස කීමි: මේ බඹ අනිත්‍ය වූවක් ම නිත්‍ය ය යි කියා ද, අධ්‍රැව වූවක් ම ධ්‍රැවයයි කියා ද, අශාශ්වත වූවක් ම ශාශ්වතයයි කියා ද, අකේවල වූවක් ම කේවල යයි කියා ද, වවන ස්වභාව ඇතියක් ම අවවන ස්වභාවයයි කියා ද, යම බඹලොවෙක දෙනුයෙත් දිරනුයේත් මියනුයේත් ච්‍යුතවනුයේත් පහළ වනුයේත් වේ ද, මෙහි නොදෙනුයේත් නොදිරනුයේත් නොමියනුයේත් නොපහළ වනුයේත් වේ ය යි. ඒ බඹලොව ගෙන එසේ කියා ද, මින් මතු (මෙය හැර) අන් නිස්සරණ ඇති ද මින්මතු අන් නිස්සරණ නැතියි කියා ද, භවත්නි, එහෙයින් මේ බක බඹ අවිද්‍යාගතයෙක් ම ය. භවත්නි, මේ බක බඹ අඥානයෙක් ම ය කියා යි.
Pali BJT5. අථ ඛො භික්ඛවෙ මාරො පාපිමා අඤ්ඤතරං බ්රහ්මපාරිසජ්ජං අන්වාවිසිත්වා මං එතදවොච: භික්ඛු, භික්ඛු, මෙතමාසදො මෙතමාසදො. එසො හි භික්ඛු බ්රහ්මා මහාබ්රහ්මා{1} අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජ්ජිතා{2} වසී පිතා භූතභව්යානං.{3}
Sinhala BJT5. මහණෙනි, එකල පවිටු මර එක්තරා බ්‍රහ්මපාරිෂද්‍ය බඹකු සිරුරෙහි ආවිෂ්ට ව මට තෙල බස් කී: “මහණ, මහණ, තෙල බඹහට නින්‍දා නො කර, තෙල බඹහට නින්‍දා නො කර. මහණ, තෙල බඹ මහබඹය. හැම බඹුන් අභිභවයි (මැඩලයි). තෙමේ අනභිභුතය. ඒකාන්තයෙන් සියල්ල දකිනේ ය. (හැම දෙනා) තම වසඟයෙහි පවත්වයි. ඊශ්වරය, (ලෝකයෙහි) කතෘය, නිර්‍මාතෘය, (ලෝකයට) උත්තමය. (තෝ ක්‍ෂිත්‍රිය වෙව, තෝ බ්‍රාහ්මණ වෙව යනාදීන්) ප්‍රජාව සකස් කරන්නේ ය. වශීය, උපන් සත්‍වයන්ගේ ද උපදනා සත්‍වයන්ගේ ද පිතෘය.”
Pali BJTඅහෙසුං ඛො භික්ඛු තයා පුබ්බෙ සමණබ්රාහ්මණා ලොකස්මිං පඨවිගරහකා පඨවිජිගුච්ඡකා, ආපගරහකා ආපජිගුච්ඡකා, තෙජගරහකා තෙජජිගුච්ඡකා, වායගරහකා වායජිගුච්ඡකා, භූතගරහකා භූතජිගුච්ඡකා, දෙවගරහකා දෙවජිගුච්ඡකා, පජාපතිගරහකා පජාපතිජිගුච්ඡකා, බ්රහ්මගරහකා බ්රහ්මජිගුච්ඡකා. තෙ කායස්ස භෙදා පාණුපච්ඡෙදා හීනෙ කායෙ පතිට්ඨිතා. අහෙසුං පන භික්ඛු තයා පුබ්බෙ සමණබ්රාහ්මණා ලොකස්මිං පඨවිප්පසංසකා{4} පඨවාභිනන්දිනො, ආපප්පසංසකා{5} ආපාභිනන්දිනො, තෙජප්පසංසකා තෙජාභිනන්දිනො, වායප්පසංසකා වායාභිනන්දිනො, භූතප්පසංසකා භූතාභිනන්දිනො, දෙවප්පසංසකා දෙවාභිනන්දිනො, පජාපතිප්පසංසකා පජාපතාභිනන්දිනො, බ්රහ්මප්පසංසකා බ්රහ්මාභිනන්දිනො. තෙ කායස්ස භෙදා පාණුපච්ඡෙදා පණීතෙ කායෙ පතිට්ඨිතා.
Sinhala BJTමහණ, තට පූර්‍වයෙහි ද ලෝකයෙහි පෘථිවිය (අනිත්‍යය ආදීන්) ගරහන පෘථිවිය පිළිකුල් කරන, ආපය ගරහන ආපය පිළිකුල් කරන, තේජස් ගරහන, තේජස් පිළිකුල් කරන, වායු ගරහන වායු පිළිකුල් කරන, සත්ත්‍වයන් ගරහන, සත්ත්‍වයන් පිළිකුල් කරන, දෙවියන් ගරහන දෙවියන් පිළිකුල් කරන, මරහු ගරහන මරහු පිළිකුල් කරන, බඹුන් ගරහන බඹුන් පිල්කුල් කරන මහණ බමුණෝ වූහ. ඔහු කය බිඳීමෙන් ප්‍රාණෝපච්ඡේදයෙන් හීනකාය සඞ්ඛ්‍යාත අපායෙහි උපන්හ. මහණ තට පෙරත් ලෝකයෙහි පෘථිවිය පසස්නා පෘථිවිය (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අභිනන්‍දන කරන, ආපය පසස්නා ආපය අභිනන්‍දන කරන, තේජස් පසස්නා, තේජස් අභිනන්‍දන කරන, වායු පසස්නා වායු අභිනන්‍දන කරන, සතුන් පසස්නා, සතුන් අභිනන්‍දන කරන, දෙවියන් පසස්නා දෙවියන් අභිනන්‍දන කරන, මරහු පසස්නා මරහු අභිනන්‍දන කරන, බඹුන් පසස්නා බඹුන් අභිනන්‍දන කරන මහණ බමුණෝ වූහ. ඔහු කායභේදයෙන් ප්‍රාණෝපච්ඡේදයෙන් ප්‍රණීතකාය සඞ්ඛ්‍යාත බ්‍රහ්මලෝකයෙහි උපන්හ.
Pali BJTතන්තාහං{6} භික්ඛු එවං වදාමි: ඉඞ්ඝ ත්වං මාරිස යදෙව තෙ බ්රහ්මා ආහ, තදෙව ත්වං කරොහි. මා ත්වං බ්රහ්මුනො වචනං උපාතිවත්තිත්ථො. සචෙ ඛො ත්වං භික්ඛු බ්රහ්මුනො වචනං උපාතිවත්තිස්සසි, සෙය්යථාපි නාම පුරිසො සිරිං ආගච්ඡන්තිං දණ්ඩෙන පටිප්පණාමෙය්ය, සෙය්යථාපි වා පන භික්ඛු පුරිසො නරකප්පපාතෙ{7} පපතන්තො හත්ථෙහි ච පාදෙහි ච පඨවිං විරාධෙය්ය,{8} එවං සම්පදමිදං භික්ඛු තුය්හං භවිස්සති. ඉඞ්ඝ ත්වං මාරිස යදෙව තෙ බ්රහ්මා ආහ, තදෙව ත්වං කරොහි. මා ත්වං බ්රහ්මුනො වචනං උපාතිවත්තිත්ථො. නනු ත්වං භික්ඛු පස්සසි බ්රහ්මං පරිසං සන්නිසින්නන්ති. ඉති ඛො මං භික්ඛවෙ මාරො පාපිමා බ්රහ්මං පරිසං{9} උපනෙසි.
Sinhala BJTමහණ, එබැවින් මම තට මෙසේ කියමි: නිදුකාණෙනි, මහාබඹ තට යමක් කියා නම්, තා එ කීවා කරන්නේය. තා බඹහු කීවා නො ඉක්මවන්නේය. මහණ, ඉදින් තෝ බඹබස් ඉක්මෙහි නම් පුරුෂයෙකු සිරිකත ගෙට වදුත් දණ්ඩෙන් (සිවුරියන් මුගුරින්) පලවා පියන්නාක් වැන්න. තවද මහණ, නිරැහෙබෙක හෙන පුරුෂයකු අතිනුදු පයිනුදු ගත මනා පිහිටනු මනා අධාරස්ථාන වළහාලන්නාක් වැන්න. මහණ තට ද මේ කරුණ මෙබඳුම වන්නේය. නිදුකාණෙනි, එබැවින් තා බඹ තට යම් ම දැයක් කියා නම්, ඒ කීවාම කරන්නේය, තා බඹ කීවා නො ඉක්මවන්නේය. මහණ, තො මෙහි රැස්ව හුන් (සිරියෙන් බබලන) බඹපිරිස් නො දකින්නෙහිදැයි. මහණෙනි, මෙසේ පවිටු මර මා බඹපිරිසට එළවාලීය. (තො ද බ්‍රහ්මගරුක නම් බඹඉසුරු ලබනේ යයි කියූ සේය.)
Pali BJT6. එවං වුත්තෙ අහං භික්ඛවෙ මාරං පාපිමන්තං එතදවොචං: ජානාමි ඛො තාහං{10} පාපිම. මා ත්වං මඤ්ඤිත්ථො න මං ජානාතීති. මාරො ත්වමසි පාපිම. යො චෙව පාපිම බ්රහ්මා යා ච බ්රහ්මපරිසා යෙ ච බ්රහ්මපාරිසජ්ජා සබ්බෙව තව හත්ථගතා, සබ්බෙව තව වසංගතා.{11} තුය්හං හි පාපිම එවං හොති: එසොපි මෙ අස්ස හත්ථගතො, එසොපි මෙ අස්ස වසංගතොති.{11} අහං ඛො පන පාපිම නෙව තව හත්ථගතො, නෙව තව වසංගතොති.
Sinhala BJT6. මහණෙනි, මෙසේ කීකල මම අයස උදාකරන පාපී වූ මරුහට තෙල බස් කීමි: “මාරය, මම තා දන්මි. මා තා නොහඳුනති යි තෝ නහමක් සිත. පවිට, තෝ මාරයෙහි. පවිට, මෙහි යම් බඹෙක් ඇද්ද, යම් බඹ පිරිසෙක් ඇද්ද, යම්ම බඹපිරිසැවූවෝ ඇද්ද, ඔහු හැම තා හස්තගතයහ. ඔහු හැම තා වසංගතයහ. ‘මෙ තෙමේ ද මා හස්තගතය, මෙ තෙමේ ද මා වසඟය’ යනුදු තට මෙසේ සිතෙයි. පවිට, මම තා හස්තගතයෙම් නො ම වෙමි. තා වසඟයෙම් නො ම වෙමි” කියායි.
Pali BJT7. එවං වුත්තෙ භික්ඛවෙ බකො බ්රහ්මා මං එතදවොච: “අහං හි මාරිස නිච්චංයෙව සමානං නිච්චන්ති වදාමි, ධුවංයෙව සමානං ධුවන්ති වදාමි, සස්සතංයෙව සමානං සස්සතන්ති වදාමි, කෙවලංයෙව සමානං කෙවලන්ති වදාමි, අචවනධම්මංයෙව සමානං අචවනධම්මන්ති වදාමි. යත්ථ ච පන න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති{1} තදෙවාහං වදාමි: ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති. අසන්තඤ්ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං, නත්ථඤ්ඤං උත්තරිං නිස්සරණන්ති වදාමි. අහෙසුං ඛො භික්ඛු තයා පුබ්බෙ සමණබ්රාහ්මණා ලොකස්මිං, යාවතකං තුය්හං කසිණං ආයු{2} තාවතකං තෙසං{3} තපොකම්මමෙව අහොසි. තෙ ඛො එවං ජානෙය්යුං: සන්තං වා අඤ්ඤං උත්තරිං නිස්සරණං අත්ථඤ්ඤං උත්තරිං නිස්සරණන්ති, අසන්තං වා අඤ්ඤං උත්තරිං නිස්සරණං නත්ථඤ්ඤං උත්තරිං නිස්සරණන්ති. තං තාහං භික්ඛු එවං වදාමි: න චෙව අඤ්ඤං උත්තරිං නිස්සරණං දක්ඛිස්සසි, යාවදෙව ච පන කිලමථස්ස විඝාතස්ස භාගී භවිස්සසි. සචෙ ඛො ත්වං භික්ඛු පඨවිං අජ්ඣොසිස්සසි, ඔපසායිකො මෙ භවිස්සසි වත්ථුසායිකො යථාකාමකරණීයො බාහිතෙය්යො. සචෙ{4} -පෙ- ආපං -පෙ- තෙජං -පෙ- වායං -පෙ- භූතෙ -පෙ- දෙවෙ -පෙ- පජාපතිං -පෙ- බ්රහ්මං අජ්ඣොසිස්සසි, ඔපසායිකො මෙ භවිස්සසි වත්ථුසායිකො යථාකාමකරණීයො බාහිතෙය්යො”ති.
Sinhala BJT7. මහණෙනි, මෙසේ කීකල බක බ්‍රහ්ම මට තෙල බස් කී: “නිදුක, මම නිත්‍යය ම නිත්‍යයයි කියමි. ධ්‍රැවය ම ධ්‍රැවයයි කියමි. ශාශ්වතය ම ශාශ්වතයයි කියමි. කේවලය ම කේවලයයි කියමි. අවවන ධර්‍මය ම අවවන ධර්‍මයයි කියමි. යම් බඹලොවෙක නො උපදනේ වේ ද, නො දිරන්නේ වේ ද, නොමියන්නේ වේ ද, නො ච්‍යුතවන්නේ වේ ද, නො පහළ වන්නේ වේ ද, මම එය ම කියමි: මෙ බඹලොව උපදනේ වේවයි, දිරනුයේ වේවයි, මියනුයේ වේවයි, ච්‍යුතවනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මෙයින් මතු අනෙක් නිස්සරණයෙක් නැත්තේ ම මෙයින් මතු අනෙක් නිස්සරණයෙක් නැතියි කියමි. මහණ, තට පෙරාතුව ම ලෝකයෙහි මහණ බමුණෝ වූහ. තාගේ මුළුආයුකාලය යම්තාක් වේද, ඒ තාක් කල් උන්ගේ තපඃකර්‍ම වී උග්‍ර තපස් ඇතියෝ වූහ. ඔහු මතුයෙහි (මෙ බ්‍රහ්මස්ථානයට වැඩිතරම් වූ) අන් නිසරුණෙක් ඇත්නම් මතු අන් නිසරුණෙක් ඇතැ”යි මෙසේ දන්නාහුය. අන් මතු නිසරුණෙක් නැත්තේ ම අන් මතු නිසරුණෙක් නැතැ’යි මෙසේ දත්හ. මහණ, එහෙයින් මම තට මෙසේ කියමි: ‘තොයිදු මෙයින් මතු අන් නිසරුණෙක් නොදක්නෙහි. එයින්ම් (එය සෙවීමෙන්) තෝ හුදෙක් කිලමථයට වෙහෙසට හිමි වේමය. මහණ ඉදින් තෝ පෘථිවිය (තෘෂ්ණා මාන දෘෂ්ටින්) ගැලැගන්හි නම් මා වෙත ඖපශායික (හෝනේ) වෙහි. මගේ වස්තුයෙහි (විෂයෙහි මා අරක්ගෙන) හෝනේ වෙහි. මා කැමැති සේ කළයුත්තෙක්, (ලිහිලිකොළගසටත් වඩා) නීච කළයුත්තෙක් වෙහි. ඉදින් අප් ... තේජස් ... වායු ... භූතයන් ... දෙවියන් ... මාර ... බ්‍රහ්ම තහවුරු කොට ගන්හි නම්, මා උපනිඃශ්‍රය කොට ලගිනෙහි. මා සිටුනාතන්හි සිටුනෙහි. මා කැමැතිසේ කළයුත්තෙක්, හෙළා ලිය යුත්තෙක් වෙහි”යි බඹ අවමන් විසින් කී.
Pali BJT8. “අහම්පි ඛො එතං බ්රහ්මෙ ජානාමි: සචෙ පඨවිං අජ්ඣොසිස්සාමි, ඔපසායිකො තෙ භවිස්සාමි වත්ථුසායිකො යථාකාමකරණීයො බාහිතෙය්යො. සචෙ ආපං -පෙ- තෙජං -පෙ- වායං -පෙ- භූතෙ -පෙ- දෙවෙ -පෙ- පජාපතිං -පෙ- බ්රහ්මං අජ්ඣොසිස්සාමි, ඔපසායිකො තෙ භවිස්සාමි වත්ථුසායිකො යථාකාමකරණීයො බාහිතෙය්යො. අපි ච තෙ අහං බ්රහ්මෙ ගතිඤ්ච පජානාමි ජුතිඤ්ච{5} පජානාමි: එවං මහිද්ධිකො බකො බ්රහ්මා, එවං මහානුභාවො බකො බ්රහ්මා, එවං මහෙසක්ඛො බකො බ්රහ්මා”ති.
Sinhala BJT8. බ්‍රහ්මය, මම ද තෙල දන්මි: ඉදින් පොළොව තහවුරු කොට ගනිම් නම්, තාගේ ඖපශායික වෙමි. වාස්තුශායික වෙමි. යථාකාමකරණීය වෙමි. පාතනාර්‍හ වෙමි. ඉදින් අප් ... තේජස් ... වායු ... භූත ... දේව ... මාර ... බ්‍රහ්ම තහවුරු කොට ගන්නෙම් නම්, තා වෙත හෝනේ වෙමි. තා සිටුනා තැන අරක්ගෙන සිටුමි. තා කැමැත්තක් කරනු ලබමි. හෙළා ලියහෙනු ලබමි. එතෙකුදු වුව බ්‍රහ්මය, මම තාගේ ගති (නිෂ්පත්තිය) ද ජුති (අනුභාවය) ද දන්මි: බකබ්‍රහ්ම මෙසේ මහ ඉදුහ ඇත. බකබ්‍රහ්ම මෙසේ මහ අනුභාව ඇත. බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇත, යනු දන්මියි බඹමන් නිගන්මින් බුදුහු වදාළහ.
Pali BJT9. යථාකථං පන මෙ ත්වං මාරිස ගතිඤ්ච පජානාසි ජුතිඤ්ච පජානාසි: එවං මහිද්ධිකො බකො බ්රහ්මා, එවං මහානුභාවො බකො බ්රහ්මා, එවං මහෙසක්ඛො බකො බ්රහ්මාති?
Sinhala BJT9. නිදුකාණනි, කෙසේ නම් තොපි ‘බකබ්‍රහ්ම මෙසේ මහ ඉදුහු ඇත. බක බ්‍රහ්ම මහානුභාව ඇත. බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇතැ’යි මාගේ ගතිදු ජුතිදු දන්ව?
Pali BJT10. යාවතා චන්දිමසූරියා පරිහරන්ති දිසා භන්ති විරොචනා, තාව සහස්සධා ලොකො එත්ථ තෙ වත්තතී{6} වසො. පරොවරඤ්ච{7} ජානාසි අථො රාගවිරාගිනං, ඉත්ථභාවඤ්ඤථාභාවං සත්තානං ආගතිං ගතින්ති.
Sinhala BJT10. හිරසඳ දෙදෙනා දසදිසා බබුළුවමින් යම්තාක් තැන් ඇවිදිත් ද, ඒ තාක් තැන් මේ සක්වළත් සමග සහස්‍රලෝකධාතුයෙක. මේ දහසක් සක්වළැ (පමණක්) තාගේ වාසය වැටෙයි. (සක්වළ දහසෙහි) හීනප්‍රණීතසත්ත්‍වයන් දන්හි. තවද, රාගවිරාගජනයා ද දන්හි. මෙසක්වළ ද (එකුන් දහස්) පරසක්වළ ද දන්හි. සතුන්ගේ (පිලිසඳ විසින් ආගතිදු (ච්‍යුතිවිසින්) ගතිදු දන්හි.
Pali BJTඑවං ඛො තෙ අහං බ්රහ්මෙ ගතිඤ්ච{8} පජානාමි ජුතිඤ්ච{9} පජානාමි: එවං මහිද්ධිකො බකො බ්රහ්මා, එවං මහානුභාවො බකො බ්රහ්මා, එවං මහෙසක්ඛො බකො බ්රහ්මා’ති.
Sinhala BJTබ්‍රහ්මය, මෙසෙයින් මම “බකබ්‍රහ්ම මෙසේ මහඉදුහ ඇත, බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇතැ”යි තාගේ ගතිදු ජුතිදු (පමණ විසින්) දන්මි.
Pali BJT11. අත්ථි ඛො බ්රහ්මෙ අඤ්ඤෙ තයො කායා.{1} තං ත්වං න ජානාසි න පස්සසි. තය්යාහං ජානාමි පස්සාමි. අත්ථි ඛො බ්රහ්මෙ ආභස්සරා නාම කායො යතො ත්වං චුතො ඉධූපපන්නො. තස්ස තෙ අතිචිරනිවාසෙන සා සති මුට්ඨා{2}. තෙන තං ත්වං{3} න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. එවම්පි ඛො අහං බ්රහ්මෙ නෙව තෙ සමසමො අභිඤ්ඤාය, කුතො නීචෙය්යං. අථ ඛො අහමෙව තයා භිය්යො. අත්ථි ඛො බ්රහ්මෙ සුභකිණ්ණා{4} නාම කායො -පෙ- [අත්ථි ඛො බ්රහ්මෙ] වෙහප්ඵලා නාම කායො, තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. එවම්පි ඛො අහං බ්රහ්මෙ නෙව තෙ සමසමො අභිඤ්ඤාය, කුතො නීචෙය්යං. අථ ඛො අහමෙව තයා භිය්යො.
Sinhala BJT11. බ්‍රහ්මය, අන්‍ය වූ ද භූමීහු තුන්දෙනෙක් ඇත. තෝ ඒ නො දන්හි, නොදක්හි. මම ඒ ධ්‍යානභුමි දන්මි, දක්මි. බ්‍රහ්මය, තෝ යම් බඹළොවෙකින් සැව මෙහි උපන්හිද ඒ ආභස්සර නම් බඹලොවෙක් ඇත. ඉතා බොහෝ කල්පසු වූ හේතුවින් තට ඒ සිහි මුළා වෙයි. එයින් තෝ එය නොදන්හි, නො දක්හි මම එය දන්මි, දක්මි බ්‍රහ්මය, මෙසෙයිනුදු මම තට දැනීමෙන් (නුවණින්) සමසමයෙම් නොවෙමි. පහත්බවෙක් කිසෙයින් වේ ද, වැළිදු මම ම තට වැඩිසිට්යෙම් වෙමි. බ්‍රහ්මය, සුභකිණ්ණ නම් ධ්‍යාන භුමියෙක් ඇත ... වෙහප්ඵල නම් ධ්‍යානභුමියෙක් ඇත. තෝ එය නොදන්හි නොදක්හි. මම එය දන්මි, දක්මි. බ්‍රහ්මය, මෙසෙයිනුදු මම තට නුවණින් සමසමයෙම් නොම වෙමි. පහත්සේ කොයින් වේද, වැළිදු මම් ම තට වැඩිසිටියෙමි.
Pali BJTපඨවිං ඛො අහං බ්රහ්මෙ පඨවිතො අභිඤ්ඤාය යාවතා පඨවියා පඨවිත්තෙන{5} අනනුභූතං තදභිඤ්ඤාය පඨවිං නාහොසිං,{6} පඨවියා{7} නාහොසිං, පඨවිතො නාහොසිං, පඨවිං මෙති{8} නාහොසිං, පඨවිං නාභිවදිං. එවම්පි ඛො අහං බ්රහ්මෙ නෙව තෙ සමසමො අභිඤ්ඤාය, කුතො නීචෙය්යං, අථ ඛො අහමෙව තයා භිය්යො ආපං ඛො අහං බ්රහ්මෙ -පෙ- තෙජං ඛො අහං බ්රහ්මෙ -පෙ- වායං ඛො අහං බ්රහ්මෙ -පෙ- භූතෙ ඛො අහං බ්රහ්මෙ -පෙ- දෙවෙ ඛො අහං බ්රහ්මෙ -පෙ- පජාපතිං ඛො අහං බ්රහ්මෙ -පෙ- බ්රහ්මං ඛො අහං බ්රහ්මෙ -පෙ- ආභස්සරෙ ඛො අහං බ්රහ්මෙ -පෙ- සුභකිණ්ණෙ{9} ඛො අහං බ්රහ්මෙ -පෙ- වෙහප්ඵලෙ ඛො අහං බ්රහ්මෙ -පෙ- අභිභුං ඛො අහං බ්රහ්මෙ -පෙ- සබ්බං ඛො අහං බ්රහ්මෙ සබ්බතො අභිඤ්ඤාය යාවතා සබ්බස්ස සබ්බත්තෙන අනනුභූතං තදභිඤ්ඤාය සබ්බං නාහොසිං, සබ්බස්මිං නාහොසිං, සබ්බතො නාහොසිං, සබ්බං මෙති නාහොසිං, සබ්බං නාභිවදිං. එවම්පි ඛො{10} අහං බ්රහ්මෙ නෙව තෙ සමසමො අභිඤ්ඤාය, කුතො නීචෙය්යං, අථ ඛො අහමෙව තයා භිය්යොති.
Sinhala BJTබ්‍රහ්මය, මම පෘථිවිය පෘථිවි භාවයෙන් දැන පෘථිවි පිළිබඳ පෘථිවි ස්වභාවයෙන් අනනුභූත (පෘථිවි භාවයට නොපත් යම්) නිර්‍වාණයෙක් ඇද්ද, ඒ නිවන ප්‍රත්‍යක්‍ෂ කොට පෘථිවිය (තෘෂ්ණාදීන්) නොගත්මි. පෘථිවියෙහි ලා නො ගත්මි. පෘථිවිභාවයෙන් නොගත්මි. “පෘථිවිය මා අයත් යැයි නොගත්මි. (මෙසේ) පෘථිවිය ආස්වාද විසින් නොගත්මි. බ්‍රහ්මය,මෙසෙයිනුදු දැනීමෙන් මම තට සමසමයෙම් නො වෙමි. පහත්සේ කොයින් වේද, වැළිදු මම තට වැඩිසිටියෙමි. බ්‍රහ්මය, මම අප් ... තේජස් ... වායු ... භූත ... දෙවි ... මර ... බඹ ... ආභස්සර ... සුභකිණ්ණක ... වෙහප්ඵල ... අභිභූ ... නොගත්මි. බ්‍රහ්මය, මම සර්‍වය (සත්කාය ධර්‍ම) සර්‍වවශයෙන් දැන සර්‍වයාගේ සර්‍වස්වභාවයෙන් අනනුභුත යම් නිවනෙක් ඇද්ද, ඒ නිවන ප්‍රත්‍යක්‍ෂ කොට සර්‍වය නොගත්මි. සර්‍වයෙහි ලා නොගත්මි. සර්‍වභාවයෙන් නොගත්මි. ‘සර්‍වය මට අයත් යැයි නොගත්මි. සර්‍වය ආස්වාද විසින් නොගත්මි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම තට සම්සමයෙම් නොවෙමි. පහත් සේ කොයින් වේ ද, වැළිදු මම් ම තට වැඩිසිටියෙමි.
Pali BJT12. “සචෙ ඛො මාරිස{11} සබ්බස්ස සබ්බත්තෙන අනනුභූතං{12}, මාහෙව තෙ රිත්තකමෙව අහොසි, තුච්ඡකමෙව අහොසී”.{13}
Sinhala BJT12. “නිදුකාණෙනි, ඉදින් සර්‍වයාගේ සර්‍වභාවයෙන් අනනුභූතයෙක් වේ ද, එයින් තොපගේ බස් නො සිස් වේවා. මෘෂා නොවේවා”. (බඹහු යනු ‘සබ්බං’ යනු සර්‍ව - සර්‍ව යැයි ගෙණ සර්‍වය සර්වතායෙන් අනුභූත - ප්‍රත්‍යක්‍ෂ නොවේ නම් එහි ඔබ විසින් අනනුභුතයක් ඇතැයි මෙසේ බුදුන් මුසාවාදයෙන් නිගනිති.)
Pali BJT13. විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතො පභං. තං පඨවියා{14} පඨවිත්තෙන අනනුභූතං, ආපස්ස ආපත්තෙන අනනුභූතං, තෙජස්ස තෙජත්තෙන අනනුභූතං, වායස්ස වායත්තෙන අනනුභූතං, භූතානං භූතත්තෙන අනනුභූතං, දෙවානං දෙවත්තෙන අනනුභූතං, පජාපතිස්ස පජාපතිත්තෙන අනනුභූතං, බ්රහ්මස්ස{15} බ්රහ්මත්තෙන අනනුභූතං, ආභස්සරානං ආභස්සරත්තෙන අනනුභූතං, සුභකිණ්ණානං{16} සුභකිණ්ණත්තෙන{17} අනනුභූතං, වෙහප්ඵලානං වෙහප්ඵලත්තෙන අනනුභූතං, අභිභුස්ස අභිභුත්තෙන අනනුභූතං, සබ්බස්ස සබ්බත්තෙන අනනුභූතං”.
Sinhala BJT13. එකල බුදුහු “විඥානය (විඥාතව්‍ය නිර්‍වාණය චක්‍ෂුර්විඥානයට අරමුණු නොවන බැවින්) අනිදර්‍ශන වෙයි. (උත්පාද ව්‍යයසඞ්ඛ්‍යාත අන්තරහිත හෙයින්) අනන්ත වෙයි. සියල්ලට වඩා ප්‍රභාසම්පන්න වෙයි. ඒ විඥානය (නිර්‍වාණය) පෘථිවිස්වභාවයෙන් අනුභූත (විෂය) නො වෙයි. අප්හුගේ අප්ස්වභාවයෙන් අනුභූත නො වෙයි. තේජස්හුගේ තේජස් ස්වභාවයෙන් අනුභූත නො වෙයි. වායුහුගේ වායුස්වභාවයෙන් අනුභූත නො වෙයි. භූතයන්ගේ භූතස්වභාවයෙන් අනුභූත නො වෙයි. දේවයන්ගේ දේවස්වභාවයෙන් අනුභූත නො වෙයි. මාරයාගේ මාරස්වභාවයෙන් අනුභූත නො වෙයි. බ්‍රහ්මයාගේ බ්‍රහ්මස්වභාවයෙන් අනුභූත නො වෙයි. ආභාස්වරයන්ගේ ආභාස්වරස්වභාවයෙන් අනුභූත නො වෙයි. ශුභකෘත්ස්තයන්ගේ ශුභකෘත්ස්තස්වභාවයෙන් අනුභූත නො වෙයි. වෘහත්ඵලයන්ගේ වෘහත්ඵලස්වභාවයෙන් අනුභූත නො වෙයි. අභිභූදෙවියන්ගේ අභිභූස්වභාවයෙන් අනුභූත නො වෙයි. සර්‍වයාගේ සර්‍වස්වභාවයෙන් අනුභූත නො වේ” යයි වදාළහ.
Pali BJT14. “හන්ද ච හි{1} තෙ මාරිස අන්තරධායාමී”ති. හන්ද ච හි මෙ ත්වං බ්රහ්මෙ අන්තරධායස්සු සචෙ විසහසීති. අථ ඛො භික්ඛවෙ බකො බ්රහ්මා “අන්තරධායිස්සාමි සමණස්ස ගොතමස්ස, අන්තරධායිස්සාමි සමණස්ස ගොතමස්සා”ති නෙවස්සු මෙ සක්කොති අන්තරධායිතුං.
Sinhala BJT14. “නිදුකාණෙනි, දැන් තොප කෙරෙන් අතුරුදන් වෙමි”යි (බඹ වාදයෙන් පිහිටක් නො ලබා සැඟවෙනු කැමැතිව) කී බ්‍රහ්මය, ඉදින් තෝ පොහොසත් විහි නම් දැන් මා කෙරෙන් අතුරුදන් වා (බුදුහු වදාළහ.) එසඳ මහණෙනි, බකබ්‍රහ්ම “මහණගොයුම් කෙරෙන් අතුරුදන් වෙමි, මහණගොයුම් කෙරෙන් අතුරුදන් වෙමි”යි යෙමින් මා හමුයෙහි අතුරුදන් වන්නට නො හැකි වී.
Pali BJT15. එවං වුත්තෙ අහං භික්ඛවෙ බකං බ්රහ්මානං එතදවොචං: හන්ද ච හි තෙ බ්රහ්මෙ අන්තරධායාමීති. “හන්ද ච හි මෙ ත්වං මාරිස අන්තරධායස්සු සචෙ විසහසී”ති. අථ ඛ්වාහං භික්ඛවෙ තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසිං{2} එත්තාවතා බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච සද්දඤ්ච මෙ සොස්සන්ති{3}, න ච මං දක්ඛින්තීති{4} අන්තරහිතො ඉමං ගාථං අභාසිං:
Sinhala BJT15. මහණෙනි, මෙසේ කීකල්හි මම බකබ්‍රහ්මහට තෙල කීමි: “බ්‍රහ්මය, මම දැන් තා කෙරෙන් අතුරුදන් වෙමි”යි. “නිදුකාණෙනි, ඉදින් පොහොසත් වුව දැන් මා හමුයෙහි තෙපි අතුරුදන් ව”යි (බඹ කී.) එසඳ මහණෙනි, මම “මෙතෙකින් බඹ ද බඹපිරිස් ද බඹපිරිස් වැසියෝ ද මා බස් අසත්වා. මා නො දකිත්වා”යි එබඳු ඉදුහයක් පිළියෙල කෙළෙමි. අතුරුදන් වැ සිට මේ ගාථා වදාළෙමි:
Pali BJT“භවෙවාහං{5} භයං දිස්වා භවඤ්ච විභවෙසිනං, භවං නාභිවදිං කිඤ්චි{6} නන්දිඤ්ච න උපාදියින්ති.”
Sinhala BJTමම භවයෙහි (සංසාරයෙහි ජාතිජරාදි භේද) භය දැක ම, විභව සඞ්ඛ්‍යාත නිර්‍වාණය සොයන්නාවූ (කාමභවාදි ත්‍රිවිධ සත්ත්‍ව) භවය - (සත්ත්‍ව සමූහය) ද භවයෙහි ම දැක, හෙවත් නිවන් සොයන්නවුන්ගේ භවයෙහි ම උප්පත්තිය දැක, කිසි උත්පත්ති භාවයක් (තෘෂ්ණා දෘෂ්ටිවශයෙන්) ග්‍රහණය නො කෙළෙමි. නන්‍දි සඞ්ඛ්‍යාත භව තෘෂ්ණාව (කර්‍මභවය) ද නොගතිමි.
Pali BJT16. අථ ඛො භික්ඛවෙ බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච අච්ඡරියබ්භුතචිත්තා ජාතා අහෙසුං: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සමණස්ස ගොතමස්ස මහිද්ධිකතා මහානුභාවතා. න ච වත නො ඉතො පුබ්බෙ දිට්ඨො වා සුතො වා අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා එවං මහිද්ධිකො එවං මහානුභාවො යථායං{7} සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා{8} පබ්බජිතො. භවරාමාය වත භො පජාය භවරතාය භවසම්මුදිතාය{9} සමූලං භවං උදබ්බහීති.
Sinhala BJT16. මහණෙනි, එසඳ බඹ ද බඹපිරිස් ද බඹපිරිස්වැසියෝද උපන් අසිරිඅබුතුසිතැතිවුහ: “භවත්නි, මහණගොයුම්හුගේ මහත් ඍද්‍ධි ඇති සේ මහත් අනුභාව ඇති සේ ආශ්චර්‍ය්‍ය ම ය, අද්භූත ම යා. සැහැකුලෙන් පැවිදිපත් සැහැපුත් මේ මහණ ගොයුම් බඳු, මෙසේ මහත් ඍද්‍ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මින් පෙර නොදුටුවිරූ ම ය. නො ඇසුවිරූම ය. භවයෙහි ඇලුණු, භවරති ඇති භවයෙහි ප්‍රමුදිත වූ ප්‍රජායෙහි සිට සමූලභවය උපුටා හළෙ යැ කියායි.
Pali BJT17. අථ ඛො භික්ඛවෙ මාරො පාපිමා අඤ්ඤතරං බ්රහ්මපාරිසජ්ජං අන්වාවිසිත්වා මං එතදවොච: “සචෙ ඛො ත්වං මාරිස එවං ජානාසි, සචෙ ත්වං එවමනුබුද්ධො, මා සාවකෙ උපනෙසි, මා පබ්බජිතෙ. මා සාවකානං ධම්මං දෙසෙසි මා පබ්බජිතානං. මා සාවකෙසු ගෙධිමකාසි මා පබ්බජිතෙසු. අහෙසුං ඛො භික්ඛු තයා පුබ්බෙ සමණබ්රාහ්මණා ලොකස්මිං අරහන්තො සම්මාසම්බුද්ධා පටිජානමානා. තෙ සාවකෙ උපනෙසුං පබ්බජිතෙ. සාවකානං ධම්මං දෙසෙසුං පබ්බජිතානං,
Sinhala BJT17. මහණෙනි, එසඳ පවිටු මර එක්තරා බඹපිරිස් වැසියකුට ආවිෂ්ට ව සිට මට තෙල බස් කී: “නිදුකාණෙනි, ඉදින් තෙපි මෙසේ (සිවුසස්) දනුහු නම්, මෙසේ අනුබද්ධ නම් තොප ඒ දහම සව්වන් කරා නො එළවව. පැවිද්දන් කරා නො එළවව. සව්වනට දහම් නො දෙසව. පැවිද්දනට දහම් නො දෙසව. සව්වන් කෙරෙහි ගේධ නො කරව. පැවිද්දන් කෙරෙහි ගේධ නො කරව. මහණ, තට පූර්‍වයෙහිත් ලෝකයෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ යම්හයි පිළින කරන මහණ බමුණු කෙනෙක් වූහු ම ය. ඔහු (ඔවුන්ගේ) දහම සව්වන් කරා පැවිද්දන් කරා එළවූහ. සව්වනට පැවිද්දනට දහම් දෙසූහ.
Pali BJTසාවකෙසු ගෙධිමකංසු පබ්බජිතෙසු. තෙ සාවකෙ{1} උපනෙත්වා පබ්බජිතෙ, සාවකානං ධම්මං දෙසෙත්වා පබ්බජිතානං, සාවකෙසු ගෙධිකතචිත්තා{2} පබ්බජිතෙසු, කායස්ස භෙදා පාණුපච්ඡෙදා හීනෙ කායෙ පතිට්ඨිතා. අහෙසුං පන{3} භික්ඛු තයා පුබ්බෙ සමණබ්රාහ්මණා ලොකස්මිං අරහන්තො සම්මාසම්බුද්ධා පටිජානමානා. තෙ න සාවකෙ උපනෙසුං න පබ්බජිතෙ, න සාවකානං ධම්මං දෙසෙසුං න පබ්බජිතානං, න සාවකෙසු ගෙධිමකංසු න පබ්බජිතෙසු තෙ න සාවකෙ උපනෙත්වා න පබ්බජිතෙ, න සාවකානං ධම්මං දෙසෙත්වා න පබ්බජිතානං, න සාවකෙසු ගෙධිකතචිත්තා න පබ්බජිතෙසු, කායස්ස භෙදා පාණුපච්ඡෙදා පණීතෙ කායෙ පතිට්ඨිතා. තන්තාහං භික්ඛු එවං වදාමි: ඉඞ්ඝ ත්වං මාරිස අප්පොස්සුක්කො දිට්ඨධම්මසුඛවිහාරමනුයුත්තො විහරස්සු. අනක්ඛාතං{4} කුසලං හි මාරිස, මා පරං ඔවදාහී”ති.
Sinhala BJTසව්වන් කරා පැවිද්දන් කෙරෙහි ගේධ කළහ. ඔහු සව්වන් කරා පැවිද්දන් කරා දහම් එළවා සව්වනට පැවිද්දනට දහම් දෙසා, සව්වන් කෙරෙහි පැවිද්දන් කෙරෙහි ගේධසිත් ඇති කොට, කාබුන් මරණින් සිවුඅවාහි උපන්හ. මහණ, තට පෙරත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ යම්හයි පිළින කරන මහණ බමුණු කෙනෙක් ලෝකයෙහි වූහු ම ය. ඔහු සව්වන් කරා දහම් නො එළවූහ. පැවිද්දන් කරා නො එළවූහ. සව්වනට දහම් නො දෙසූහ. පැවිද්දනට නො දෙසූහ. සව්වන් කෙරෙහි ගේධ නො කළහ, පැවිද්දන් කෙරෙහි ගේධ නො කළහ. ඔහු සව්වන් කරා දහම් නො එළවා, පැවිද්දන් කරා නො එළවා, සව්වනට දහම් නො දෙසා, පැවිද්දනට නො දෙසා, සව්වන් කෙරෙහි කළ ගේධසිත් නැති ව, පැවිද්දන් කෙරෙහි කළ ගේධසිත් නැති ව, කාබුන් මරණයෙන් බඹලොව උපන්හ. මහණ, ඒහේතුවින් මම තට මෙසේ කියමි: “භවත, තෙපි අල්පොත්සුකව දෘශ්ටධර්‍මසුඛවිහාරයෙහි අනුයුක්ත ව වාස කරව: මෙරමාහට නො දෙසීම කුසල් ය. මෙරමාහට ඕවා නො දෙව” කියයි.