Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1901-2000 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතයොමෙ ආවුසො විසාඛ සඞ්ඛාරා: කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරොති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, සංස්කාරයෝ මොහු තුන් දෙනෙකි. කායසංස්කාරය, වාක්සංස්කාරය, චිත්තසංස්කාරයි.
Pali BJT13. කතමො පනය්යෙ කායසඞ්ඛාරො, කතමො වචීසඞ්ඛාරො, කතමො චිත්තසඞ්ඛාරොති?
Sinhala BJT13. ආර්‍ය්‍යාවෙනි, කායසංස්කාර කවරේ ය? වාක්සංස්කාර කවරේ ය? චිත්තසංස්කාර කවරේ ය?
Pali BJTඅස්සාසපස්සාසා ඛො ආවුසො විසාඛ කායසඞ්ඛාරො. විතක්කවිචාරා වචීසඞ්ඛාරො. සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරොති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, ආශ්වාසප්‍රශ්වාස කායසංස්කාර යි. විතර්‍කවිචාර වාක්සංස්කාර යි. සංඥා හා වේදනා චිත්තසංස්කාර යි.
Pali BJT14. කස්මා පනය්යෙ අස්සාසපස්සාසා කායසඞ්ඛාරො? කස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො, කස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරොති?
Sinhala BJT14. ආර්‍ය්‍යාවෙනි, කවරහෙයෙකින් ආශ්වාසප්‍රශ්වාස කායසංස්කාර වේද? කවරහෙයෙකින් විතර්‍කවිචාර වාක්සංස්කාර වේද? කවරහෙයෙකින් සංඥා හා වේදනා චිත්තසංස්කාර වේද?
Pali BJTඅස්සාසපස්සාසා ඛො ආවුසො විසාඛ, කායිකා එතෙ ධම්මා කායපටිබද්ධා. තස්මා අස්සාසපස්සාසා කායසඞ්ඛාරො. පුබ්බෙ ඛො ආවුසො විසාඛ, විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දති. තස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො. සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම්මා චිත්තපටිබද්ධා. තස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, ආශ්වාසප්‍රශ්වාසයෝ කායික වෙති. මේ ධර්‍මයෝ කාය ප්‍රතිබද්ධයහ. එයින් ආශ්වාස ප්‍රශ්වාසයෝ කායසංස්කාර වෙති. ඇවැත විසාඛයෙනි, කැලැම විතර්‍ක කොට විචාර කොට පසු ව බස බිඳුනේ ය. එයින් විතර්‍කවිචාරයෝ වාක්සංස්කාර වෙති. සංඥා ද වේදනා ද චෛතසිකයහ. මේ ධර්‍මයෝ චිත්ත ප්‍රතිබද්ධයහ. එයින් සංඥා ද වේදනා ද චිත්තසංස්කාර වෙති.
Pali BJT15. කථං ච පනය්යෙ සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති හොතීති?
Sinhala BJT15. ආර්‍ය්‍යාවෙනි, කෙසෙයින් සංඥාවේදයිත නිරෝධ සමාපත්ති වේද?
Pali BJTන ඛො ආවුසො විසාඛ සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස භික්ඛුනො එවං හොති: අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජිස්සන්ති වා, අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජාමීති වා, අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නොති වා. අථ ඛ්වාස්ස පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති යන්තං තථත්තාය උපනෙතීති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධසමවතට සමවදනා මහණහට මෙවන් සිත් නොවෙයි: “මම සංඥාවේදයිතනිරෝධයට (මතු) සමවදින්නෙම් කියා හෝ, (දැන්) සමවදිමි කියා හෝ, (අන්තේනිරෝධ විසින්) සමවැදිණිමි කියා හෝයි. වැලිදු, යම් භාවිත චිත්තයෙක් ඒ මහණ (අන්තේනිරෝධ විසින් අවිත්තකභාව සඞ්ඛ්‍යාත) තථාත්‍වයට එළවා ද, ඒ මහණහුගේ කාලය පිරිසිඳුනා සිත (නිරෝධසමාපත්තියෙන්) පළමු කොට ම එසෙයින් භාවිත වෙයි.
Pali BJT16. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස පනය්යෙ භික්ඛුනො කතමෙ ධම්මා පඨමං නිරුජ්ඣන්ති: යදි වා කායසඞ්ඛාරො යදි වා වචීසඞ්ඛාරො යදි වා චිත්තසඞ්ඛාරොති?
Sinhala BJT16. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධසමවතට සමවදනා මහණහට කිනම් ධර්‍මකෙනෙක් පළමු ව නිරුද්ධ වෙද් ද, කායසංස්කාර හෝ නිරුද්ධ වේද? වාක්සංස්කාර හෝ නිරුද්ධ වේද? චිත්තසංස්කාර හෝ නිරුද්ධ වේද?
Pali BJTසඤ්ඤාවෙදයිත නිරොධං සමාපජ්ජන්තස්ස ඛො ආවුසො විසාඛ භික්ඛුනො පඨමං නිරුජ්ඣති වචීසඞ්ඛාරො, තතො කායසඞ්ඛාරො, තතො චිත්තසඞ්ඛාරොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධයට සමවදනා මහණහට පළමු ව වාක්සංස්කාර නිරුද්ධ වෙයි. ඉන් පසු කායසංස්කාර නිරුද්ධ වෙයි. ඉන්පසු චිත්තසංස්කාර නිරුද්ධ වෙයි.
Pali BJT17. කථං පනය්යෙ සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨානං හොතීති?
Sinhala BJT17. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගී සිටීම කෙසේ වේද?
Pali BJTන ඛො ආවුසො විසාඛ, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස භික්ඛුනො එවං හොති: අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහිස්සන්ති වා, අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහාමීති වා, අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතොති වා. අථ ඛ්වාස්ස පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති යන්තං තථත්තාය උපනෙතීති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගෙන මහණහට මෙබඳු සිත් නොවෙයි: “මම සංඥාවේදයිතනිරෝධසමවතින් නැගෙන්නෙමි කියා හෝ, නැගෙමි කියා හෝ, නැගුණෙමි කියා හෝ” යි. ‘වැලිදු, යම් භාවිත චිත්තයෙක් ඒ මහණ (අවිත්තකභාව සඞ්ඛ්‍යාත) තථාත්‍වයට ගෙන යේද, ඒ මහණහුගේ (අද්ධාන පරිච්ඡේද) චිත්තය කැලැම (අද්ධාන පරිච්ඡේදකාලයෙහි ම) එසෙයින් භාවිත වෙයි.
Pali BJT18. සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්සපනය්යෙ, භික්ඛුනො කතමෙ ධම්මා පඨමං උප්පජ්ජන්ති, යදි වා කායසඞ්ඛාරො, යදි වා වචීසඞ්ඛාරො, යදි වා චිත්තසඞ්ඛාරොති?
Sinhala BJT18. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධ සමවතින් නැඟෙන මහණහට කිනම් ධර්‍ම කෙනෙක් පළමු ව උපදනාහු ද, කායසංස්කාර හෝ උපදනේ වේද? වාක්සංස්කාර හෝ උපදනේ වේ ද? චිත්තසංස්කාර හෝ උපදනේ වේ ද?
Pali BJTසඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස ඛො ආවුසො විසාඛ, භික්ඛුනො පඨමං උප්පජ්ජති චිත්තසඞ්ඛාරො, තතො කායසඞ්ඛාරො, තතො වචීසඞ්ඛාරොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධ සමවතින් නැගෙන මහණහට පළමු ව චිත්තසංස්කාර උපදනේය. ඉන්පසු කායසංස්කාර උපදනේය. ඉන්පසු වාක්සංස්කාර උපදනේය.
Pali BJT19. සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතං පනය්යෙ භික්ඛුං කති ඵස්සා ඵුසන්තීති?
Sinhala BJT19. ආර්‍ය්‍යාවෙනි, කෙතෙක් ස්පර්‍ශයෝ සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණ පැහැස ගනිද්ද?
Pali BJTසඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතං ඛො ආවුසො විසාඛ, භික්ඛුං තයො ඵස්සා ඵුසන්ති: සුඤ්ඤතො ඵස්සො, අනිමිත්තො ඵස්සො, අප්පණිහිතො ඵස්සොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, ස්පර්‍ශයෝ තුන් දෙනෙක් සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණ පැහැස ගනිති: සුඤ්ඤත පහස, අනිමිත්ත පහස, අප්පණිහිත පහසයි.
Pali BJT20. සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස පනය්යෙ භික්ඛුනො කින්නින්නං චිත්තං හොති කිම්පොණං කිම්පබ්භාරන්ති?
Sinhala BJT20. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණහුගේ සිත කිමෙක අවනත ව ඇද්ද? කිමෙක ප්‍රවණව (නැමී) ඇද්ද? කිමෙක ප්‍රාග්භාර ව (නැඹුරු) ව ඇද්ද?
Pali BJTසඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස ඛො ආවුසො විසාඛ, භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරන්ති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණහුගේ සිත උපධිවිවේකය (නිවන) කෙරෙහි අවනතව ඇත. උපධි විවේකය කෙරෙහි ප්‍රවණ ව සිටියේ වෙයි. උපධිවිවේකය කෙරෙහි (හෙන්නාක් සෙයින්) ප්‍රාග්භාරව සිටියේ වෙයි.
Pali BJT21. කති පනය්යෙ වෙදනාති?
Sinhala BJT21. ආර්‍ය්‍යාවෙනි, වේදනාවෝ කෙතෙක් ඇද්ද?
Pali BJTතිස්සො ඛො ඉමා ආවුසො විසාඛ වෙදනා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනාති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, මේ වේදනාවෝ තුන් දෙනෙකි: සුඛවේදනාය, දුඃඛවෙදනාය, අදුඃඛසුඛවේදනායි.
Pali BJT22. කතමා පනය්යෙ සුඛා වෙදනා, කතමා දුක්ඛා වෙදනා, කතමා අදුක්ඛමසුඛා වෙදනාති?
Sinhala BJT22. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනා කවර? දුඃඛවේදනා කවර? අදුඃඛාසුඛ වේදනා කවර?
Pali BJTයං ඛො ආවුසො විසාඛ කායිකං වා චෙතසිකං වා සුඛං සාතං වෙදයිතං, අයං සුඛා වෙදනා. යං ඛො ආවුසො විසාඛ කායිකං වා චෙතසිකං වා දුක්ඛං අසාතං වෙදයිතං, අයං දුක්ඛා වෙදනා. යං ඛො ආවුසො විසාඛ කායිකං වා චෙතසිකං වා නෙවසාතං නාසාතං වෙදයිතං, අයං අදුක්ඛමසුඛා වෙදනාති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, (පඤ්චද්වාරික විසින්) කායික වූ (මනෝද්වාරික) විසින් මිහිරි සැහැවි ඇති යම් සුඛවේදනායෙක් ඇද්ද, මේ සුඛ සහගිය වේදනා වෙයි. ඇවැත විසාඛයෙනි, කායික වේවයි, චෛතසික වේවයි, නොමිහිරි සැහැවි ඇති යම් දුකඛවෙදනායෙක් ඇද්ද, මේ දුක්වේදනා වෙයි. ඇවැත විසාඛයෙනි, කායික වේවයි, චෛතසික වේවයි, මධුරත් අමධුරත් නො වූ යම් වේදනායෙක් ඇද්ද, මේ අදුඃඛාසුඛ වේදනායි කියු.
Pali BJT23. සුඛා පනය්යෙ වෙදනා කිංසුඛා, කිංදුක්ඛා? දුක්ඛා වෙදනා කිංදුක්ඛා, කිංසුඛා? අදුක්ඛමසුඛා වෙදනා කිංසුඛා කිංදුක්ඛාති?
Sinhala BJT23. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනා කුමක් සුඛ කොට ඇති වේ ද, කුමක් දුක් කොට ඇති වේ ද? දුඃඛවේදනා කුමක් දුක් කොට ඇති වේ ද, කුමක් සුඛ කොට ඇති වේ ද? උපේක්‍ෂාවේදනා කුමක් සුඛ කොට ඇති වේද, කුමක් දුක් කොට ඇති වේ ද?
Pali BJTසුඛා ඛො ආවුසො විසාඛ වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක්ඛා, දුක්ඛා වෙදනා ඨිතිදුක්ඛා විපරිණාමසුඛා, අදුක්ඛමසුඛා වෙදනා ඤාණසුඛා අඤ්ඤාණදුක්ඛාති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, සුඛවේදනා ස්ථිති (අස්තිභාවයෙහි) සුඛ වෙයි. විපරිණාම (නාස්තිභාවයෙහි) දුඃඛ වෙයි. දුඃඛවේදනා ස්ථිති දුඃඛ වෙයි. විපරිණාම සුඛ වෙයි. උපේක්‍ෂාවේදනා ඥාන සුඛ (දන්නාබව සුව කොට ඇති) වෙයි. අඥාන දුඃඛ (නොදන්නාබව දුක්කොට ඇති) වෙයි.
Pali BJT24. සුඛාය පනය්යෙ වෙදනාය කිං අනුසයො අනුසෙති? දුක්ඛාය වෙදනාය කිං අනුසයො අනුසෙති? අදුක්ඛමසුඛාය වෙදනාය කිං අනුසයො අනුසෙතීති?
Sinhala BJT24. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනායෙහි කිනම් අනුශය දහමෙක් (නොපුහුන් බැවින් සතන්හි) හෝනේ වේ ද? දුඃඛ වේදනායෙහි කිනම් අනුශය දහමෙක් (සතන්හි) ලගනේ වේ ද? උපේක්‍ෂාවේදනායෙහි කිනම් අනුශය දහමෙක් ලුහුබැඳ ලැගගන්නේ වේ ද?
Pali BJTසුඛාය ඛො ආවුසො විසාඛ වෙදනාය රාගානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති. අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො අනුසෙතීති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, සුඛවේදනායෙහි රාගානුශය අනුශයන කෙරෙයි. දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය හෝනේ වෙයි. උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය හෝනේ වෙයි.
Pali BJT25. සබ්බාය නු ඛො අය්යෙ සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති? සබ්බාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති? සබ්බාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො අනුසෙතීති?
Sinhala BJT25. ආර්‍ය්‍යාවෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද? හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද? හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද?
Pali BJTන ඛො ආවුසො විසාඛ සබ්බාය සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති. න සබ්බාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති. න සබ්බාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො අනුසෙතීති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය නො ලගනේය. හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය නො ලගනේය. හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය නො ලගනේය.
Pali BJT26. සුඛාය පනය්යෙ වෙදනාය කිං පහාතබ්බං? දුක්ඛාය වෙදනාය කිං පහාතබ්බං? අදුක්ඛමසුඛාය වෙදනාය කිං පහාතබ්බන්ති?
Sinhala BJT26. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද? දුඃඛ වේදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද? උපේක්‍ෂාවේදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද?
Pali BJTසුඛාය ඛො ආවුසො විසාඛ වෙදනාය රාගානුසයො පහාතබ්බො. දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ්බො. අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහාතබ්බොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, සුඛවේදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය වේ. දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය වේ. උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය වේ.
Pali BJT27. සබ්බාය නු ඛො අය්යෙ සුඛාය වෙදනාය රාගානුසයො පහාතබ්බො? සබ්බාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ්බො? සබ්බාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහාතබ්බොති?
Sinhala BJT27. ආර්‍ය්‍යාවෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය වේ ද? හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය වේ ද? හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය වේ ද?
Pali BJTන ඛො ආවුසො විසාඛ සබ්බාය සුඛාය වෙදනාය රාගානුසයො පහාතබ්බො. න සබ්බාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ්බො. න සබ්බාය අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහාතබ්බො.
Sinhala BJTඇවැත විසාඛයෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය නො වේ. හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය නො වේ. හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය නො වේ.
Pali BJTඉධාවුසො විසාඛ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම්පජ්ජ විහරති. රාගං තෙන පජහති. න තත්ථ රාගානුසයො අනුසෙති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන් ව සවිතර්‍ක, සවිචාර, විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා ගෙන වාස කෙරෙ. ඒ ප්‍රථමධ්‍යානයෙන් රාගය ප්‍රහීණ කෙරෙ. ඒ ප්‍රථමධ්‍යාන (සුඛවේදනා)යෙහි රාගානුශය ලුහුබැඳ ගෙන හෝනේ නො වෙයි.
Pali BJTඉධාවුසො විසාඛ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: ‘කුදස්සු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහරිස්සාමි, යදරියා එතරහි ආයතනං උපසම්පජ්ජ විහරන්තී’ති. ඉති අනුත්තරෙසු විමොක්ඛෙසු පිහං උපට්ඨාපයතො උප්පජ්ජති. පිහප්පච්චායා දොමනස්සං. පටිඝං තෙන පජහති. න තත්ථ පටිඝානුසයො අනුසෙති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙ: “ආර්‍ය්‍යයෝ දැන් යම් රහත්බවක් (ඇටිඇටිසඳ) සමවැද වෙසෙද්ද, මම කිනම් දිනෙක ඒ අර්‍හත්ත්‍වායතනයට සමවැද වෙසෙම් දෝ” කියායි. මෙසේ අනුත්තරවිමෝක්‍ෂයෙහි (අර්‍හත්ත්‍වයෙහි) ප්‍රාර්‍ත්‍ථනා එළවා තබනුවහට තත්ප්‍රාර්‍ත්‍ථනා නො ලැබීම හේතුයෙන් දොම්නස් උපදනේ වෙයි. ඒ දෞර්‍මනස්‍යයෙන් ප්‍රතිඝ දුරුකෙරේ. තද්රූපදෞර්‍මනස්‍ය (දුඃඛවේදනා) යෙහි ප්‍රතිඝානුශය අනුශයන නො කෙරෙ.
Pali BJTඉධාවුසො විසාඛ භික්ඛු සුඛස්ස ච පහානා, දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා, අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථංඣානං උපසම්පජ්ජ විහරති. අවිජ්ජං තෙන පජහති. න තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් සොම්නස් දොම්නසුන් කලින් ම පහව යෑමෙන් අදුඃඛ වූ, අසුඛ වූ, උපේක්‍ෂාවෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යාන සමවැද වෙසෙයි. ඒ චතුර්‍ත්‍ථධ්‍යානයෙන් අවිද්‍යා පුහුන් කෙරෙ. ඒ ධ්‍යාන (උපේක්‍ෂා වේදනා) යෙහි අවිද්‍යානුශය ලුහුබැඳ ලගනේ නො වෙයි.
Pali BJT28. සුඛාය පනය්යෙ වෙදනාය කිං පටිභාගොති?
Sinhala BJT28. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනාවට ප්‍රතිභාග කිම?
Pali BJTසුඛාය ඛො ආවුසො විසාඛ, වෙදනාය දුක්ඛා වෙදනා පටිභාගොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, සුඛවේදනාවට දුඃඛවේදනා විසභාග (විරුද්ධ) ප්‍රතිභාග වෙයි.
Pali BJT29. දුක්ඛාය පනය්යෙ වෙදනාය කිං පටිභාගොති?
Sinhala BJT29. ආර්‍ය්‍යාවෙනි, දුඃඛවෙදනාවට ප්‍රතිභාග කිම?
Pali BJTදුක්ඛාය ඛො ආවුසො විසාඛ, වෙදනාය සුඛා වෙදනා පටිභාගොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, දුඃඛවෙදනාවට සුඛවේදනා විසභාග (විරුද්ධ) ප්‍රතිභාග වෙයි.
Pali BJT30. අදුක්ඛමසුඛාය පනය්යෙ වෙදනාය කිං පටිභාගොති?
Sinhala BJT30. ආර්‍ය්‍යාවෙනි, උපේක්‍ෂාවේදනාවට ප්‍රතිභාග කිම?
Pali BJTඅදුක්ඛමසුඛාය ඛො ආවුසො විසාඛ, වෙදනාය අවිජ්ජා පටිභාගොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, උපේක්‍ෂාවේදනාවට අවිද්‍යා විසභාග (අවිරුද්ධ) ප්‍රතිභාග වෙයි.
Pali BJT31. අවිජ්ජාය පනය්යෙ කිං පටිභාගොති?
Sinhala BJT31. ආර්‍ය්‍යාවෙනි, අවිද්‍යාවට ප්‍රතිභාග කිම?
Pali BJTඅවිජ්ජාය ඛො ආවුසො විසාඛ, විජ්ජා පටිභාගොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, අවිද්‍යාවට විද්‍යා විසභාගප්‍රතිභාග වෙයි.
Pali BJT32. විජ්ජාය පනය්යෙ කිං පටිභාගොති?
Sinhala BJT32. ආර්‍ය්‍යාවෙනි, විද්‍යාවට ප්‍රතිභාග කිම?
Pali BJTවිජ්ජාය ඛො ආවුසො විසාඛ, විමුත්ති පටිභාගොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, විද්‍යාවට විමුක්ති සභාගප්‍රතිභාග වෙයි.
Pali BJT33. විමුත්තියා පනය්යෙ කිං පටිභාගොති?
Sinhala BJT33. ආර්‍ය්‍යාවෙනි, විමුක්තියට ප්‍රතිභාග කිම?
Pali BJTවිමුත්තියා ඛො ආවුසො විසාඛ, නිබ්බානං පටිභාගොති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, විමුක්තියට නිවන සභාගප්‍රතිභාග වෙයි.
Pali BJT34. නිබ්බානස්ස පනය්යෙ කිං පටිභාගොති?
Sinhala BJT34. ආර්‍ය්‍යාවෙනි, නිවනට ප්‍රතිභාග කිම?
Pali BJTඅච්චසරාවුසො{1} විසාඛ, පඤ්හං. නාසක්ඛි පඤ්හානං පරියන්තං ගහෙතුං. නිබ්බානොගධං හි ආවුසො විසාඛ, බ්රහ්මචරියං නිබ්බානපරායනං නිබ්බානපරියොසානං. ආකඞ්ඛමානො ච ත්වං{2} ආවුසො විසාඛ, භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාසි, යථා ච තෙ භගවා බ්යාකරොති තථා නං ධාරෙය්යාසීති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, පැන පන්වා ගියෙහි නො. ප්‍රශ්නයන්ගේ පර්‍ය්‍යන්තය ගන්නට නොහැකි විහි නො. ඇවැත විසාඛයෙනි, බ්‍රම්සරවස නිවන් බැසගෙන ඇත. නිවන් පරමගති කොට ඇත. නිවන් කෙළවර කොට ඇත. ඇවැත විසාඛයෙනි, තෙපි කැමැතියහු නම් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ තෙල අරුත් විචාරව භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි තොපට විභාග කොට වදාරද්ද, එ අරුත් එපරිදි ගෙන් ධරව.
Pali BJTඅථ ඛො විසාඛො උපාසකො ධම්මදින්නාය භික්ඛුනියා භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ධම්මදින්නං භික්ඛුනිං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො විසාඛො උපාසකො යාවතකො අහොසි ධම්මදින්නාය භික්ඛුනියා සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTඑක්බිති විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණගේ තෙපුල් අභිනන්‍දන කොට අනුමෝදන් ව හුනස්නෙන් නැගී ධම්මදින්නා මෙහෙණ සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ මැනැවින් වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණ හා සමග යම්තාක් කථා සංලාප වී ද, එහැම භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.
Pali BJTඑවං වුත්තෙ භගවා විසාඛං උපාසකං එතදවොච: පණ්ඩිතා විසාඛ, ධම්මදින්නා භික්ඛුනී, මහාපඤ්ඤා විසාඛ, ධම්මදින්නා භික්ඛුනී. මමඤ්චෙපි ත්වං විසාඛ, එතමත්ථං පුච්ඡෙය්යාසි, අහම්පි තං එවමෙවං{3} බ්යාකරෙය්යං, යථා තං ධම්මදින්නාය භික්ඛුනියා බ්යාකතං. එසො චෙවෙතස්ස{4} අත්ථො. එවමෙතං ධාරෙහීති.
Sinhala BJTමෙසේ සැළකළකල්හි භාග්‍යවතුන් වහන්සේ විසාඛ උපාසකහට තෙල වදාළහ: විසාඛයෙනි, ධම්මදින්නා මෙහෙණ පණ්ඩිතභාව ඇතියක. විසාඛයෙනි, ධම්මදින්නා මෙහෙණ මහපැන ඇතියහ. විසාඛයෙනි, තෙපි මයිත් තෙල පැන පුළුවුස්නහු නම්, යම් පරිදි ධම්මදින්නා මෙහෙණ විසින් පවසන ලද නම්, මම ද එය එපරිදි ම ප්‍රකාශ කරමි. තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ තෙල ම වෙයි. තෙල අරුත් එපරිදි ම ධරව.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො විසාඛො උපාසකො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ බස් වදාළ සේක. (ප්‍රීතිසෞමනස්‍යයෙන්) ගත් සිතැති විසාඛ උපාසක භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටු වී.
Pali BJTචූළවෙදල්ලසුත්තං චතුත්ථං.
Sinhala BJTචූළවේදල්ලසුත්‍රය සතරවැනියි.
Pali BJT1. 5. 5.
Sinhala BJT1. 5. 5.
Pali BJTචූළධම්මසමාදානසුත්තං
Sinhala BJTචූළධම්මසමාදාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ජේතවන නම් වූ, අනේපිඬු මහසිටාණන්ගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි භික්‍ෂූන් ඇමැතුසේක. වහන්සැයි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT2. චත්තාරිමානි භික්ඛවෙ ධම්මසමාදානානි. කතමානි චත්තාරි?
Sinhala BJT2. මහණෙනි, ධර්‍මසමාදානයෝ මොහු සතරදෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛ විපාකං. අත්ථි භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං. අත්ථි භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං. අත්ථි භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකං.
Sinhala BJTමහණෙනි, මෙ වත්මනු සුව දෙන මතුයෙහි දුක්විවාදෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙ වත්මනු දුක්දා වූත්, මතුයෙහි ද දුක් විවාදා වූත් ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්වනු දුක්දා, මතුයෙහි සුවවිවාදා ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙ වත්මනු සුවදාවූත්, මතුයෙහිදු සුවවිවාදා වූ ධර්‍මසමාදානයෙක් ඇත.
Pali BJT3. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං?
Sinhala BJT3. මහණෙනි, ප්‍රත්‍යුත්පන්නසුඛ ඇති, අනාගතවිපාකකාලයෙහි දුඃඛවිපාක ඇති ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:
Pali BJTසන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: නත්ථි කාමෙසු දොසොති. තෙ කාමෙසු පාතව්යතං{1} ආපජ්ජන්ති. තෙ ඛො මොළිබද්ධාහි{2} පරිබ්බාජිකාහි පරිචාරෙන්ති. තෙ එවමාහංසු: ‘කිංසු නාම තෙ භොන්තො සමණබ්රාහ්මණා කාමෙසු අනාගතභයං සම්පස්සමානා කාමානං පහානමාහංසු, කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති{3}? සුඛො ඉමිස්සා පරිබ්බාජිකාය තරුණාය මුදුකාය ලොමසාය බාහාය සම්ඵස්සො’ති. තෙ කාමෙසු පාතව්යතං ආපජ්ජන්ති. තෙ කාමෙසු පාතබ්යතං ආපජ්ජිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.{4} තෙ තත්ථ දුක්ඛා තිප්පා{5} කටුකා වෙදනා වෙදියන්ති. තෙ එවමාහංසු: ‘ඉදං ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා කාමෙසු අනාගතභයං සම්පස්සමානා කාමානං පහානමාහංසු, කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති, ඉමෙහි{6} මයං කාමහෙතු කාමනිදානා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියාමා’ති.
Sinhala BJTමහණෙනි, වස්තුකාම හා ක්ලේශකාමයෙහි දොසෙක් නැතියි එවංවාදි වූ (මෙසෙයින් බණන සැහැවි ඇති) එවංදෘෂ්ටික වූ (මෙසෙයින් ගත් දෘෂ්ටිගත ඇති) මහණබමුණු කෙනෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි (ක්ලේශකාමද්වාරයෙන්) පිය යුතු බවට (රිසිසේ වැළඳිය යුතු බවට) පැමිණෙති. ඔහු මෞලි බැඳි තාපසපරිබ්‍රාජිකාවන් හා ඉඳුරන් පිනවත්. ඔහු මෙසේ බෙණෙති: ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අනාබියක් දක්මින් කාමප්‍රහාණය කියද්ද, කාමසමතික්‍රමය පනවද්ද? තරුණ, මෘදු, බූ ඇති මේ පරිබ්‍රාජිකාවගේ බාහු පහස සුවදා වෙතියි, (මෙසේ බැණ) ඔහු කාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු කාමයෙහි (ආස්වාද විසින්) පීයයුතු බවට වැද කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ නිරයට එළඹෙති. ඔහු ඒ නිරෑහි තීව්‍ර, කටුක, දුක්වේදනා විඳුති. (එසඳ) ඔහු මෙසේ කියති: ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි මේ අනාබිය දක්මින් කාමප්‍රහාණය කියති, කාමසමතික්‍රමය පනවති. මෙ අපි කාමහේතුයෙන් දුඃඛ, තීව්‍ර, කටුක වේදනා විඳුම්හ’යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ගිම්හානං පච්ඡිමෙ මාසෙ මාලුවාසිපාටිකා ඵලෙය්ය, අථ ඛො තං භික්ඛවෙ මාලුවාබීජං අඤ්ඤතරස්මිං සාලමූලෙ නිපතෙය්ය, අථ ඛො භික්ඛවෙ යා තස්මිං සාලෙ අධිවත්ථා දෙවතා සා භීතා සංවිග්ගා සන්තාසං ආපජ්ජෙය්ය. අථ ඛො භික්ඛවෙ තස්මිං සාලෙ අධිවත්ථාය දෙවතාය මිත්තාමච්චා ඤාතිසාලොහිතා ආරාමදෙවතා වනදෙවතා රුක්ඛදෙවතා ඔසධිතිණවනස්පතීසු{7} අධිවත්ථා දෙවතා සඞ්ගම්ම සමාගම්ම එවං සමස්සාසෙය්යුං:
Sinhala BJTමහණෙනි, යම්පරිදි ග්‍රිෂ්මමාසයන් කෙරෙහි පැසිම් මස (සිපත් බඳු දිගු සටහන් ඇති) මාලුවා ලියපල පැළෙනු වේ ද, මහණෙනි, එක්බිති ඒ මාලුවා ලියබිජු එක්තරා රුක්මුලෙක හෙන්නේ වේ ද, මහණෙනි, එකල එරුක්හි අධිපති ව වාස කරන යම් දෙවියෙක් ඇද්ද, ඒ දෙවි බියපත් ව සංවිග්න ව සංත්‍රාසයට පැමිණෙන්නේ වේ ද, මහණෙනි, එසඳ එරුක්හි අධිවාස කරන දෙවිහුගේ මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනැ වූ අරම්වැසිදෙවියන් හා වනවැසි දෙවියෝ ද, රුක්වැසි දෙවියන් හා ඔෂධීතෘණ වනස්පති වෘක්‍ෂයෙහි අධිපති ව වසන දෙවියෝද මුළුදී මෙසෙයින් අස්වැසුම් කෙරෙති:
Pali BJT‘මා භවං භායි, මා භවං භායි. අප්පෙව නාමෙතං මාලුවා බීජං මොරො වා ගිලෙය්ය, මගො වා{1} ඛාදෙය්ය, දවඩාහො{2} වා ඩහෙය්ය, වනකම්මිකා වා උද්ධරෙය්යුං, උපචිකා වා උද්රභෙය්යුං{3}, අබීජං වා පනස්සා’ති. අථ ඛො තං භික්ඛවෙ මාලුවාබීජං නෙව මොරො ගිලෙය්ය, න මගො ඛාදෙය්ය, න දවඩාහො ඩහෙය්ය, න වනකම්මිකා උද්ධරෙය්යුං, න උපචිකා උද්රභෙය්යුං, බීජංව{4} පනස්ස. තං පාවුස්සකෙන මෙඝෙන අභිප්පවට්ඨං සම්මදෙව විරූළ්හෙය්ය. සාස්ස මාලුවාලතා තරුණා මුදුකා ලොමසා විලම්බිනී, සා තං සාලං උපනිසෙවෙය්ය.
Sinhala BJT“භවත් නහමක් බියපත්වා, භවත් නහමක් බියපත්වා. මොණරෙක් හෝ තෙල මාලුවා බිජු ගලන්නේ නම්, මුවෙක් හෝ බුදින්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වනකම් කරනුවෝ හෝ උදුරා ලන්නාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබීජ හෝ වේ නම්, මනා මැනු” යි. එතෙකුදු වුව මහණෙනි, මොණරෙක් හෝ ඒ මාලුවා බිජු නොම ගැලැගන්නේය මුවෙක් හෝ නො බුදින්නේ ය. ළැව්ගිනි හෝ නො දවන්නේය. වනකර්‍මයෙහි තියුක්තයෝ හෝ නො උදුරාලන්නාහ. වේයෝ හෝ නොකන්නාහ. (එයින්) බීජයෙක් ම වෙයි. එ බිජු ප්‍රාවෘෂ්‍යමේඝයා (වැසිකල මහමේ) විසින් මොනොවට වස්නා ලදුව මනාකොට ම නැඟෙන්නේය. ඒ මාලුවාලිය (වැඩුණි) තරුණ ව මෘදු ව බූ ඇති ව ඔබමොබ ලෙළෙනු වෙයි. ඒ මාලුවා ලතා එ රුක් පිරිරැඹ සෙවුනී වෙයි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ තස්මිං සාලෙ අධිවත්ථාය දෙවතාය එවමස්ස: “කිංසු නාම තෙ භොන්තො මිත්තාමච්චා ඤාතිසාලොහිතා ආරාමදෙවතා වනදෙවතා රුක්ඛදෙවතා ඔසධිතිණවනස්පතීසු අධිවත්ථා දෙවතා මාලුවාබීජෙ අනාගතභයං සම්පස්සමානා සඞ්ගම්ම සමාගම්ම එවං සමස්සාසෙසුං: මා භවං භායි. මා භවං භායි. අප්පෙව නාමෙතං මාලුවාබීජං මොරො වා ගිලෙය්ය, මගො වා ඛාදෙය්ය, දවඩාහො වා ඩහෙය්ය, වනකම්මිකා වා උද්ධරෙය්යුං, උපචිකා වා උද්රභෙය්යුං, අබීජං වා පනස්සාති. සුඛො ඉමිස්සා මාලුවාලතාය තරුණාය මුදුකාය ලොමසාය විලම්බිනියා සම්ඵස්සො”ති. සා තං සාලං අනුපරිහරෙය්ය, සා තං සාලං අනුපරිහරිත්වා උපරි විටභිං කරෙය්ය, උපරි විටභිං කරිත්වා ඔඝනං ජනෙය්ය, ඔඝනං ජනෙත්වා යෙ තස්ස සාලස්ස මහන්තා මහන්තා ඛන්ධා තෙ පදාලෙය්ය. අථ ඛො භික්ඛවෙ තස්මිං සාලෙ අධිවත්ථාය දෙවතාය එවමස්ස: “ඉදං ඛො තෙ භොන්තො මිත්තාමච්චා ඤාතිසාලොහිතා ආරාමදෙවතා වනදෙවතා රුක්ඛදෙවතා ඔසධිතිණවනප්පතීසු අධිවත්ථා දෙවතා මාලුවාබීජෙ අනාගතභයං සම්පස්සමානා සඞ්ගම්ම සමාගම්ම එවං සමස්සාසෙසුං: මා භවං භායි, මා භවං භායි. අප්පෙව නාමෙතං මාලුවාබීජං මොරො වා ගිලෙය්ය, මගො වා ඛාදෙය්ය, දවඩාහො වා ඩහෙය්ය, වනකම්මිකා වා උද්ධරෙය්යුං, උපචිකා වා උද්රභෙය්යුං, අබීජං වා පනස්සාති, යඤ්චාහං මාලුවාබීජහෙතු දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියාමී”ති.
Sinhala BJTමහණෙනි, එසඳ එ රුක්හි අධිපති ව වසන දෙව්පුත්හට මෙසේ සිත් වෙයි: “ඒ භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසහලේ නෑ වූ අරම්වැසිදෙවියන් හා වනවැසිදෙවියෝ රුක්වැසිදෙවියන් හා ඔෂධිතෘණ වනදෙටු රුක්හි නිවැසි දෙවියෝ මාලුවා ලියැ කිනම් අනාබියක් දක්මින් මුළුදී මෙසෙයින් අස්වසාලූහු ද: “භවත් නොබානේ මැනැව, භවත් නො බානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවාබීජය ගැලැගන්නේ නම්, මුවෙක් හෝ කන්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වන කැමියෝ හෝ උදුරා ලන්නාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබිජ හෝ වේනම් මනා මැනු යි. තරුණ, මෘදු, බූ ඇති, ඔබමොබ ලෙළෙන, මේ මාලුවාලතායෙහි පහස සුවදා වෙයි.” (මෙවන් සිත් වෙයි). එ මාලුවාලිය එ රුක් වැළඳ ගනී. එ ලිය එ රුක් වැළඳගෙන මතුයෙහි (ඡත්‍රාකාරයෙන්) වෙළබ කොට ගනී. මතුයෙහි වෙළෙප් කොට ගෙන අවඝන (යට බස්මින් අවට වසාගත් ලතාගුල්ම) උපදවයි. අවඝන උපදවා එ රුක්හි යම් මහත් මහත් කඳ ඇත් ද, ඒ කඳ පළාපියයි. මහණෙනි, එසඳ එ රුක්හි අධිපති ව වසන දෙවිහට මෙසේ සිත් වෙයි: “ඒ භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑවූ, අරම්වැසිදෙවියන් හා වනවැසිදෙවියෝ, රුක්වැසිදෙවියන් හා ඔෂධිතෘණවනස්පති වෘක්‍ෂයෙහි නිවැසි දෙවියෝ මාලුවාබීජයෙහි මේ අනාබිය දක්මින් මුළුදී මෙසේ අස්වැසුහු - භවත්, නොබානේ මැනැව, භවත් නොබානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවා බීජය ගැලැගන්නේ නම්, මුවෙක් හෝ කන්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වනකැමියෝ හෝ උදුරාපියන්නාහු නම් වේයෝ හෝ කන්නාහු නම්, අබීජ හෝ වේ නම් මනා මැනුයි කියායි. මම (දැන්) යම් හෙයෙකින් මාලුවාබීජහේතුයෙන් දුක්, තීව්‍ර, කටුක වේදනා විඳිම් ද, (එසෙයින් එසේ අස්වැසුහුය.)
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ සන්ති එකෙ සමණ බ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: නත්ථි කාමෙසු දොසොති. තෙ කාමෙසු පාතව්යතං ආපජ්ජන්ති. තෙ මොළිබද්ධාහි පරිබ්බාජිකාහි පරිචාරෙන්ති. තෙ එවමාහංසු:
Sinhala BJTමහණෙනි, එපරිදි ම ‘වස්තුකාම හා ක්ලේශකාමයෙහි දොසෙක් නැති’යි එවංවාදී වූ, එව දෘෂ්ටික වූ මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු මෞලි බැඳි තාපසපරිබ්‍රාජිකාවන් හා ඉඳුරන් පිනවති. ඔහු මෙසේ බෙණෙති:
Pali BJTකිං සු නාම තෙ භොන්තො සමණබ්රාහ්මණා කාමෙසු අනාගතභයං සම්පස්සමානා කාමානං පහානමාහංසු, කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති? ‘සුඛො ඉමිස්සා පරිබ්බාජිකාය තරුණාය මුදුකාය ලොමසාය බාහාය සම්ඵස්සො’ති. තෙ කාමෙසු පාතව්යතං ආපජ්ජන්ති. තෙ කාමෙසු පාතව්යතං ආපජ්ජිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. තෙ තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති. තෙ එවමාහංසු: ඉදං ඛො භොන්තො සමණබ්රාහ්මණා කාමෙසු අනාගතභයං සම්පස්සමානා කාමානං පහානමාහංසු. කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. ඉමෙ හි මයං කාමහෙතු කාමනිදානා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියාමා’ති. ඉදං වුච්චති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං.
Sinhala BJT‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අනාබියක් දක්මින් කාම ප්‍රහාණය කියද්ද, කාම සමතික්‍රමය පනවද්ද? ‘තරුණ, මෘදු, බූ ඇති, මේ පරිබ්‍රාජිකාවගේ බාහායෙහි පහස සුවදා වෙති’යි (මෙසේ බැණ) ඔහු කාමයෙහි පාතව්‍යතාවට පැමිණෙති. ඔහු කාමයෙහි (ආස්වාද විසින්) පියයුතු බවට වැද කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ නිරයට එළඹෙති. ඔහු ඒ නිරෑහි තීව්‍ර, කටුක, දුඃඛවේදනා විඳුති. (එසඳ) ඔහු මෙසේ කියති: ඒ භවත් මහණබමුණෝ කාමයෙහි මේ අනාබිය දක්මින් කාමප්‍රහාණය කියති. කාමසමතික්‍රමය පනවති. මේ අපි කාම හේතුයෙන් කාමනිදානයෙන් දුඃඛ, තීව්‍ර, කටුක වේදනා විඳුම්හ යි. මහණෙනි, මෙ මෙවත්මන්හි සුව දෙන, මතු දුක් විපාක දෙන ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.
Pali BJT4. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං?
Sinhala BJT4. මහණෙනි, මෙවත්මන්හිත් දුඃඛදායක වූ මතුයෙහිත් දුඃඛවිපාක දායක වූ ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො අචෙලකො හොති මුත්තාචාරො හත්ථාවලෙඛනො. න එහිභද්දන්තිකො න තිට්ඨභදන්තිකො, න අභිහටං න උද්දිස්සකටං න නිමන්තනං සාදියති. සො න කුම්භිමුඛා පතිගණ්හාති, න කළොපිමුඛා පතිගණ්හාති, න එළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා න පායමානාය න පුරිසන්තරගතාය, න සඞ්කිත්තීසු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං න මංසං. න සුරං න මෙරයං න ථුසොදකං පිබති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සෙලු වෙයි. හළ ආචාර ඇති වෙයි. (අහරකිස නිමි කල) අත ලෝනේ වෙයි. අහර පිණිස ‘එව, වහන්සැ’යි කීකල නො එනු සිල් කොට ඇති වෙයි. ‘සිටුව, වහන්සැ’යි කීකල නොසිටුනු සිල් කොට ඇති වෙයි. ළඟට එළවූ අහර නො පිළිගනු වෙයි. උදෙසා කළ අහර නො පිළිගනු වෙයි. නිමන්ත්‍රණ නො පිළිගනු වෙයි. හෙ කළමුවින් ගෙන දෙන අහර නො පිළිගනු වෙයි. හෙ සැළමුවින් ගෙන දෙන අහර නො පිළිගනු වෙයි. එළිපත අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. දඬු අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. මොහොල් අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. වළඳන දෙදෙනකුන් අතුරින් එකකු නැඟී දෙන අහර නො පිළිගනු වෙයි. ගැබිලිය දෙන අහර නො පිළිගනු වෙයි. කිරිපොවන්නිය දෙන අහර නො පිළිගනු වෙයි. පුරුෂාන්තර ගත ස්ත්‍රිය දෙන අහර නොපිළිගනු වෙයි. සමාදන් කොට පිසූ කල දෙන අහර නො පිළිගනු වෙයි. යම් තැනෙක බලු එළඹ සිටියේ නම් එහි දෙන අහර නො පිළිගනු වෙයි. යම් තැනෙක මැසිමුළු ගළගළ ව හැසිරෙත් නම් එහි දෙන අහර නො පිළිගනු වෙයි. මත්ස්‍ය නො පිළිගනු වෙයි. මාංශ නො පිළිගනු වෙයි. රහ නො බොනු වෙයි. මෙර නො බොනු වෙයි. සෞවීර නො බොනු වෙයි.
Pali BJTසො එකාගාරිකො වා හොති එකාලොපිකො, ද්වාගාරිකො වා හොති ද්වාලොපිකො -පෙ- සත්තාගාරිකො වා හොති සත්තාලොපිකො. එකිස්සාපි දත්තියා යාපෙති, ද්වීහිපි දත්තීහි යාපෙති -පෙ- සත්තහිපි දත්තීහි යාපෙති. එකාහිකම්පි ආහාරං ආහාරෙති, ද්වාහිකම්පි ආහාරං ආහාරෙති, -පෙ- සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති.
Sinhala BJTහෙ එක් ගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. එක් ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි. දෙගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝප දෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි. ... සත්ගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝපසතෙකින් යැපෙන්නේ හෝ වෙයි. එක් දැත්තෙකිනුදු (එක් බත්තැටියකිනුදු) යැපෙයි දෙ දැත්තෙකිනුදු යැපෙයි ... සත් දැත්තෙකිනුදු යැපෙයි. එක් දවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි. දෙදවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි ... සත්දවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි මෙසේ මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැ යි වාරහක්ත භෝජනයෙහි යෙදුණේ වෙසෙයි.
Pali BJTසො සාකභක්ඛො වා හොති සාමාකභක්ඛො වා හොති නීවාරභක්ඛො වා හොති දද්දුලභක්ඛො{1} වා හොති හටභක්ඛො වා හොති කණභක්ඛො වා හොති ආචාමභක්ඛො වා හොති පිඤ්ඤාකභක්ඛො වා හොති තිණභක්ඛො වා හොති ගොමයභක්ඛො වා හොති. වනමූලඵලාහාරො වා යාපෙති පවත්තඵලභොජී.
Sinhala BJTහේ පලා වළඳන්නේ හෝ වෙයි. බඩහමු වළඳන්නේ හෝ වෙයි. හුරුහැල් වළඳන්නේ හෝ වෙයි. සම්කඩ වැහැරි වළඳන්නේ හෝ වෙයි. ලහටු වළඳන්නේ හෝ වෙයි. කුඩු වළඳන්නේ හෝ වෙයි. දමුබත් වළඳන්නේ හෝ වෙයි. පුනකු වළඳන්නේ හෝ වෙයි. තණ වළඳන්නේ හෝ වෙයි. ගොම වළඳන්නේ හෝ වෙයි. තුවටුයෙන් ගිලුණු ඵල වළඳ කරන සුලු වූයේ, වන මූලඵල අහර කොට ඇතියේ ද යැපෙයි.
Pali BJTසො සාණානිපි ධාරෙති මසාණානිපි ධාරෙති ඡවදුස්සානිපි ධාරෙති පංසුකූලානිපි ධාරෙති තිරීටානිපි ධාරෙති අජිනානිපි{2} ධාරෙති අජිනක්ඛිපම්පි{3} ධාරෙති කුසචීරම්පි ධාරෙති වාකචීරම්පි ධාරෙති ඵලකචීරම්පි ධාරෙති කෙසකම්බලම්පි ධාරෙති වාළකම්බලම්පි ධාරෙති උලූකපක්ඛම්පි ධාරෙති. කෙසමස්සුලොචකොපි හොති කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො. උබ්භට්ඨකොපි හොති ආසනපටික්ඛිත්තො.{4} උක්කුටිකොපි හොති උක්කුටිකප්පධානානුයොගමනුයුත්තො,{5} කණ්ටකාපස්සයිකොපි හොති කණ්ටකාපස්සයෙ සෙය්යං කප්පෙති. සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති.
Sinhala BJTහෙ හණවැහැරි ද දරයි. මුසුහණවැහැරි ද දරයි. මිනියෙන් මුදාහළ පිළි ද දරයි. පහුල්පිළි ද දරයි. රුක්සුඹුළු ද දරයි. අඳුන්මුවසම් ද දරයි. කුරසහිත අඳුන්මුවසම් ද දරයි. කුසවැහැරි ද දරයි. කෙඳිවැහැරි ද දරයි. ලීපත් වැහැරි ද දරයි. කේසකම්බලය ද දරයි. අස්ලොම්කම්බලය ද දරයි. මහමුහුණුපියාපතුදු දරයි. හිසකේ රවුළු උදුරනුයේ හිසකේ රවුළු උදුරන වතෙහි යෙදුණේ වෙයි. අසුන් පිළිකෙව් කෙළේ, උඩුහුරු ව සිටුනේ වෙයි. උක්කුටුක ව (උලුළුයෙන්) හිඳ තවුස්වැර වැඩීමෙහි යෙදුණේ උලුළුයෙන් හිඳුනේ ද වෙයි. කටු ඇතිරියෙහි වැතිරෙන්නේ ද වෙයි. කටුඇතිරියෙහි ශයන ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් දියට බැසීම් වතෙහි යෙදුණේ වෙසේ.
Pali BJTඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරති. සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.{6} ඉදං වුච්චති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං.
Sinhala BJTමෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය (තැවීමෙහි හාත්පස තැවී මෙහි) යෙදුණේ වාස කෙරෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ, නිරයට පැමිණෙයි. මහණෙනි, මෙ වනාහි මෙවත්මන්හි දුක් දෙන්නා වූ ද, මතුයෙහි දුක් විපාක දෙන්නා වූ ද කර්‍මසමාදානය යි කියනු ලැබේ.
Pali BJT6. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං?
Sinhala BJT6. මහණෙනි, මෙ වත්මනු දුඃඛදායක වූත්, මතු අනායෙහි සුඛ විපාකදායක වූත් ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පකතියා තිබ්බරාගජාතිකො හොති. සො අභික්ඛණං රාගජං දුක්ඛං දොමනස්සං{7} පටිසංවෙදෙති. පකතියා තිබ්බදොසජාතිකො හොති, සො අභික්ඛණං දොසජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පකතියා තිබ්බමොහජාතිකො හොති, සො අභික්ඛණං මොහජං දුක්ඛං දොමනස්සං{7} පටිසංවෙදෙති. සො සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන{8} අස්සුමුඛො{9} රුදමානො{10} පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරති. සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉදං වුච්චති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං.
Sinhala BJTමහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතීන් තියුණු රාග ගති ඇති වෙයි. හේ නිතොර (ඇදුරු වත්තෙරුන්ගේ දඬුවම් නිසා) රාගයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු ද්වේෂ ගති ඇති වෙයි. හේ නරතුරු ද්වේෂයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු මෝහගති ඇති වෙයි. හේ නරතුරු මෝහයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. හේ සහගිය දුක් ඇතිව ද, සහගිය දොම්නස් ඇතිව ද, කඳුළුමුසු මුහුණු ඇතිව හඬනුයේ පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පුරයි. හේ කාබුන් මරණින් මතුයෙහි සුගීසගලෝ එළඹෙන්නේ ය. මහණෙනි, මෙ වනාහි මෙවත්මන්හි දුක් දෙන මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.
Pali BJT7. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකං?
Sinhala BJT7. මහණෙනි, මෙවත්මන්හිදු සුව දෙන්නා වූ, මතු අනායෙහිදු සුඛ විපාකදායක වූ ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පකතියා න තිබ්බරාගජාතිකො හොති, සො න අභික්ඛණං රාගජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පකතියා න තිබ්බදොසජාතිකො හොති, සො න අභික්ඛණං දොසජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පකතියා න තිබ්බමොහජාතිකො හොති, සො න අභික්ඛණං මොහජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතීන් තියුණු රාග සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු රාගජ දුඃඛදෞර්‍මනස්‍ය නොවිඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු ද්වේෂ සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු ද්වේෂයෙන් හටගන්නා දුක්දොම්නස් නොවිඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු මෝහ සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු මෝහයෙන් හටගන්නා දුක්දොම්නස් නොවිඳුනේ ය.
Pali BJTසො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං{1} උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො{2} සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා{3} අදුක්ඛං අසුඛං උපෙක්ඛා සතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉදං වුච්චති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකං.
Sinhala BJTහේ කාමයෙන් වෙන් ව ම, අකුසල් දහමින් වෙන් ව සවිතර්‍ක, සවිචාර, විවේකජ, ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සියසතන්හි සම්ප්‍රසාද ඇති, චිත්තෛකාග්‍රභාව ඇති, අවිතර්‍ක, අවිචාර, සමාධිජ, ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙරෙයි. ප්‍රීති විරාගයෙනුදු උපේක්‍ෂක ව ද ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව වාස කෙරෙයි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් ගෙන “ඒ උපේක්‍ෂක, ස්මෘතිමත් පුද්ගල සුඛවිහාර ඇතියේ ය”යි බෙණෙද්ද, ඒ තෘතීයධ්‍යාන උපයා වාස කෙරෙයි. සුඛය හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් පළමු ම සොම්නස්දොම්නසුන් පහව යෑමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි සුගීසග බඹලොව කරා එළඹෙයි. මහණෙනි, මෙ මෙවත්මන්හි සුඛදායක වූත්, මතු අනායෙහි සුඛවිපාකදායක වූත් ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ධම්මසමාදානානීති.
Sinhala BJTමහණෙනි, මොහු ධර්‍මසමාදානයෝ සතර දෙන යයි වදාළ සේක.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙසුත් වදාළසේක. හටගත් සොම්නස් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTචූළධම්මසමාදානසුත්තං පඤ්චමං.
Sinhala BJTචුළධම්මසමාදානසූත්‍රය පස් වැනි යි.
Pali BJT1. 5. 6.
Sinhala BJT1. 5. 6.
Pali BJTමහාධම්මසමාදානසුත්තං
Sinhala BJTමහාධම්මසමාදාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවො’ති. භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ, අනේවඩු මහසිටාණන්ගේ ආරාමයෙහි වැඩවාස කරන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතුසේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT2. යෙභුය්යෙන භික්ඛවෙ සත්තා එවංකාමා එවංඡන්දා එවංඅධිප්පායා: අහො වත අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායෙය්යුං, ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪෙය්යුන්ති. තෙසං භික්ඛවෙ සත්තානං එවංකාමානං එවංඡන්දානං එවංඅධිප්පායානං අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති, ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තත්ර තුම්හෙ භික්ඛවෙ{1} කං හෙතුං පච්චෙථාති{2}. “භගවංමූලකා නො භන්තෙ ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත භන්තෙ{3} භගවන්තංයෙව{4} පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. තෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT2. මහණෙනි, සත්ත්‍වයෝ “අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහී යෙත්වා - ඉෂ්ට, කාන්ත, මනාප, ධර්‍මයෝ වෙසෙසින් වැඩීයෙත්වා”යි බෙහෙවින් මෙසේ කැමැතියහ. මෙසේ සඳ ඇතියහ. මෙසේ අධිප්‍රාය ඇතියහ. මහණෙනි, මෙසේ කැමැති, මෙසේ සඳ ඇති, මෙසේ අධිප්‍රාය ඇති ඒ සත්ත්‍වයනට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහෙත්. මහණෙනි, එකරුණෙහි තෙපි කිනම් හේතුවක් ප්‍රත්‍යය කොට ගන්ව? “වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පිළිසරණ ඇතියහ. වහන්ස, අයැද සිටුම්හ: තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු ධරන්නාහ.” එසේ නම් මහණෙනි, අසව, මනාකොට මෙනෙහි කරව. කියම්හ. ‘වහන්ස, එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJT3. ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, සෙවිතබ්බෙ ධම්මෙ න ජානාති, අසෙවිතබ්බෙ ධම්මෙ න ජානාති, භජිතබ්බෙ ධම්මෙ න ජානාති, අභජිතබ්බෙ ධම්මෙ න ජානාති. සො සෙවිතබ්බෙ ධම්මෙ අජානන්තො අසෙවිතබ්බෙ ධම්මෙ අජානන්තො, භජිතබ්බෙ ධම්මෙ අජානන්තො අභජිතබ්බෙ ධම්මෙ අජානන්තො, අසෙවිතබ්බෙ ධම්මෙ සෙවති සෙවිතබ්බෙ ධම්මෙ න සෙවති, අභජිතබ්බෙ ධම්මෙ භජති භජිතබ්බෙ ධම්මෙ න භජති. තස්ස අසෙවිතබ්බෙ ධම්මෙ සෙවතො සෙවිතබ්බෙ ධම්මෙ අසෙවතො, අභජිතබ්බෙ ධම්මෙ භජතො භජිතබ්බෙ ධම්මෙ අභජතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති, ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං අවිද්දසුනො.
Sinhala BJT3. මහණෙනි, මෙලොව (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු, ආර්‍ය්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන සෙවියයුතු දහම් නො දන්නේ ය. නොසෙවියයුතු දහම් නො දන්නේ ය. භජන කළයුතු ධර්‍ම නො දන්නේ ය. භජන නො කළයුතු ධර්‍ම නො දන්නේ ය. හේ සෙවියයුතු ධර්‍ම නො දන්මින් නොසෙවියයුතු ධර්‍ම නො දන්මින් භජන කළයුතු ධර්‍ම නො දන්මින් භජන නොකළයුතු ධර්‍ම නො දනිමින්, නොසෙවිය යුතු ධර්‍ම සෙවුනේ ය. සෙවියයුතු ධර්‍ම නොසෙවුනේ ය. භජන නොකළයුතු ධර්‍ම භජන කරන්නේ ය. භජන කළයුතු ධර්‍ම භජන නො කරන්නේ ය. නොසෙවියයුතු දහම් සෙවුනා, සෙවියයුතු දහම් නොසෙවුනා, භජන කළයුතු දහම් භජන නො කරන, භජන නොකළයුතු දහම් භජන කරන ඒ අශ්‍රැතවත් පෘථග්ජනයාහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩීයෙති. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙති. ඒ කවර හෙයින යත්: මහණෙනි, අන්‍ධබාල පෘථග්ජනයාහට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
Pali BJT4. සුතවා ච ඛො භික්ඛවෙ අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො, සෙවිතබ්බෙ ධම්මෙ පජානාති{1} අසෙවිතබ්බෙ ධම්මෙ පජානාති, භජිතබ්බෙ ධම්මෙ පජානාති අභජිතබ්බෙ ධම්මෙ පජානාති. සො සෙවිතබ්බෙ ධම්මෙ පජානන්තො{2} අසෙවිතබ්බෙ ධම්මෙ පජානන්තො, භජිතබ්බෙ ධම්මෙ පජානන්තො අභජිතබ්බෙ ධම්මෙ පජානන්තො, අසෙවිතබ්බෙ ධම්මෙ න සෙවති සෙවිතබ්බෙ ධම්මෙ සෙවති. අභජිතබ්බෙ ධම්මෙ න භජති භජිතබ්බෙ ධම්මෙ භජති. තස්ස අසෙවිතබ්බෙ ධම්මෙ අසෙවතො සෙවිතබ්බෙ ධම්මෙ සෙවතො, අභජිතබ්බෙ ධම්මෙ අභජතො භජිතබ්බෙ ධම්මෙ භජතො, අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති, ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං විද්දසුනො.
Sinhala BJT4. මහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාසුලු, ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි සුවිනීත, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සෙවියයුතු දහම් දන්නේ ය. නොසෙවියයුතු දහම් දන්නේ ය. භජන කළයුතු දහම් දන්නේය. භජන නොකළයුතු දහම් දන්නේය. හේ සෙවියයුතු දහම් දනිමින් නො සෙවියයුතු දහම් දන්මින්, භජන කළයුතු දහම් දනිමින් භජන නො කළයුතු දහම් දනිමින්, නොසෙවියයුතු දහම් නොසෙවුනේ ය. සෙවියයුතු දහම් සෙවුනේ ය. භජන නොකළයුතු දහම් භජන නො කරන්නේ ය. භජන කළයුතු දහම් භජන කරන්නේ ය. නොසෙවියයුතු දහම් නො සෙවුනා සෙවියයුතු දහම් සෙවුනා, භජන නො කළයුතු දහම් භජන නොකරන, භජන කළයුතු දහම් භජන කරන ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙති. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වැඩීයෙති. ඒ කවර හෙයින යත්: මහණෙනි, ප්‍රශස්ත බුද්ධිඇති පණ්ඩිතයාහට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
Pali BJT5. චත්තාරිමානි භික්ඛවෙ ධම්මසමාදානානි. කතමානි චත්තාරි?
Sinhala BJT5. මහණෙනි, මේ ධර්‍මසමාදානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
Pali BJTඅත්ථි භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං. අත්ථි භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං. අත්ථි භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං. අත්ථි භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකං.
Sinhala BJTමහණෙනි, මෙවත්මන්හිදු දුක්දෙන මතු අනායෙහි දු දුක්විවා දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්මනු සුව දෙන, මතු අනායෙහි දුඃඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්මනු දුක් දෙන, මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි මෙවත්මනුයෙහි සුව දෙන, මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත.
Pali BJT6. තත්ර භික්ඛවෙ යදිදං{3} ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං, තං අවිද්වා{4} අවිජ්ජාගතො යථාභූතං නප්පජානාති. ඉදං ඛො ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකන්ති. තං අවිද්වා අවිජ්ජාගතො යථාභූතං අප්පජානන්තො තං සෙවති, තං න පරිවජ්ජෙති. තස්ස තං සෙවතො තං අපරිවජ්ජයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං අවිද්දසුනො.
Sinhala BJT6. මහණෙනි, එ ධර්‍මසමාදානයන් කෙරෙහි මෙවත්මනු දුඃඛදායක මතු අනායෙහි දුඃඛවිපාකදායක වූ යම් ධර්‍මසමාදානයෙක් (ප්‍රාණවධාදි ධර්‍මයන්ගේ ග්‍රහණයෙක්) ඇද්ද, එය අවිද්‍යායෙන් සමන්‍වාගත විද්වත් නො වූ පුද්ගල “මේ ධර්‍මසමාදානය නම් මෙවත්මනු දුක් දෙන්නා වූ ද, මතු අනායෙහි දුඃඛවිපාක දෙන්නා වූ ද එකෙකැයි ඇතිසැටි නො දන්නේ ය. අවිද්‍යාසමන්‍වාගත අවිද්වත් පුද්ගල ඒ ධර්‍මසමාදානය යාථාවයෙන් නො දන්නේ එය සෙවුනේ ය, එය නො හරනේ ය. ඒ ධර්‍මසමාදාන සෙවුනා, එය නො හරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි අවිද්වත්හට යම් බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
Pali BJT7. තත්ර භික්ඛවෙ යදිදං{3} ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං, තං අවිද්වා අවිජ්ජාගතො යථාභූතං නප්පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකන්ති. තං අවිද්වා අවිජ්ජාගතො යථාභූතං අප්පජානන්තො තං සෙවති, තං න පරිවජ්ජෙති. තස්ස තං සෙවතො, තං අපරිවජ්ජයතො, අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති, ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං අවිද්දසුනො.{5}
Sinhala BJT7. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි මෙවත්මන්හි සුඛ වූ මතු අනාගතයෙහි දුඃඛවිපාක වූ යම් ධර්‍ම සමාදානයෙක් ඇද්ද, අවිද්‍යායෙන් සමන්‍වාගත අවිද්වත් පුද්ගල “මේ ධර්‍ම සමාදාන නම්, ප්‍රත්‍යුත්පන්නසුඛ ය, අනාගත දුඃඛවිපාක ය” කියා එය යථාස්වභාවයෙන් නො දන්නේ ය. අවිද්‍යාගත විද්‍යානැති පුද්ගල එය ඇතිසැටි නො දන්නේ එය සෙවුනේ ය. එය නොහරනේ ය. එය සෙවුනා, එය නො හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
Pali BJT8. තත්ර භික්ඛවෙ යදිදං{1} ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං, තං අවිද්වා{2} අවිජ්ජාගතො යථාභූතං නප්පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකන්ති. තං අවිද්වා අවිජ්ජාගතො යථාභූතං අප්පජානන්තො තං න සෙවති, තං පරිවජ්ජෙති. තස්ස තං අසෙවතො තං පරිවජ්ජයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං අවිද්දසුනො.
Sinhala BJT8. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි වර්‍තමානයෙහි දුඃඛදායක වූ, අනාගතයෙහි සුඛවිපාක වූ, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, අවිද්‍යාගත අවිද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්න දුඃඛය, අනාගත සුඛවිපාක ය” කියා එය යථාභූත වශයෙන් නොදන්නේ ය. අවිද්‍යාගත අවිද්වත් පුද්ගල එය ඇතිතතු නොදන්නේ එය නො සෙවුනේ ය. එය හරනේය එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
Pali BJT9. තත්ර භික්ඛවෙ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකං,{3} තං අවිද්වා අවිජ්ජාගතො යථාභූතං නප්පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකන්ති. තං අවිද්වා අවිජ්ජාගතො යථාභූතං අප්පජානන්තො තං න සෙවති, තං පරිවජ්ජෙති. තස්ස තං අසෙවතො තං පරිවජ්ජයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා අභිවඩ්ඪන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා පරිහායන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං අවිද්දසුනො.
Sinhala BJT9. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, අනාගතසුඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, අවිද්‍යාසමන්‍වාගත, අවිද්වත් පුද්ගල ‘මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි, අනාගත සුඛවිපාක ද වේ ය” යි එය යථාභූත වශයෙන් නො දන්නේ ය. අවිද්‍යාසමන්‍වාගත, අවිද්වත් පුද්ගල එය යාථාවයෙන් නොදන්නේ, එය නො සෙවුනේ ය. එය හරනේ ය. එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම් බඳු (හේතුයෙක්) වේ ද තෙල එබඳු ම වෙයි.
Pali BJT10. තත්ර භික්ඛවෙ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං, තං විද්වා{4} විජ්ජාගතො යථාභූතං පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකන්ති. තං විද්වා විජ්ජාගතො යථාභූතං පජානන්තො තං න සෙවති, තං පරිවජ්ජෙති. තස්ස තං අසෙවතො තං පරිවජ්ජයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං විද්දසුනො.
Sinhala BJT10. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූත්, අනාගතදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් සමන්‍වාගත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි. අනාගත දුඃඛවිපාක ද වේ”යයි යථාභූත වශයෙන් දන්නේ ය. විද්‍යාගත, විද්වත් පුද්ගල එය යථාභූත වශයෙන් දන්නේ, එය නොසෙවුනේ ය එය හරනේ ය. එය නො සෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.
Pali BJT11. තත්ර භික්ඛවෙ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං තං විද්වා විජ්ජාගතො යථාභූතං පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකන්ති. තං විද්වා විජ්ජාගතො යථාභූතං පජානන්තො තං න සෙවති, තං පරිවජ්ජෙති. තස්ස තං අසෙවතො තං පරිවජ්ජයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං විද්දසුනො.{5}
Sinhala BJT11. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්නසුඛ වූත්, අනාගතදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් යුක්ත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද, අනාගතදුඃඛවිපාක ද වේ ය”යි යථාභූත වශයෙන් දන්නේ ය. විද්‍යායෙන් යුක්ත, විද්වත් පුද්ගල එය තත් වූ පරිදි දන්නේ එය නො සෙවුනේ ය. එය හරනේ ය. එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම් බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
Pali BJT12. තත්ර භික්ඛවෙ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං, තං විද්වා විජ්ජාගතො යථාභූතං පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකන්ති. තං විද්වා විජ්ජාගතො යථාභූතං පජානන්තො තං සෙවති, තං න පරිවජ්ජෙති. තස්ස තං සෙවතො තං අපරිවජ්ජයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං විද්දසුනො.
Sinhala BJT12. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූ ද, අනාගතසුඛවිපාක වූ ද, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යාසමන්‍වාගත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදාන නම්, ප්‍රත්‍යුත්පන්න දුඃඛ ය, අනාගතසුඛවිපාක ය” යි එය තතු සේ දන්නේ ය. විද්‍යායෙන් යුක්ත, විද්වත්පුද්ගල එය ඇතිසේ දන්නේ, එය සෙවුනේ ය. එය නො හරනේ ය. එය සෙවුනා, එය නොහරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත් පුද්ගලහට යම්බඳු (හේතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.
Pali BJT13. තත්ර භික්ඛවෙ යදිදං ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකං, තං විද්වා විජ්ජාගතො යථාභූතං පජානාති: ඉදං ඛො ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිඤ්ච සුඛවිපාකන්ති. තං විද්වා{1} විජ්ජාගතො යථාභූතං පජානන්තො තං සෙවති, තං න පරිවජ්ජෙති. තස්ස තං සෙවතො තං අපරිවජ්ජයතො අනිට්ඨා අකන්තා අමනාපා ධම්මා පරිහායන්ති. ඉට්ඨා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඪන්ති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං විද්දසුනො.
Sinhala BJT13. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න සුඛ වූ ද, අනාගතසුඛවිපාක වූ ද, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් සමන්‍වාගත විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදාන නම්, ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි, අනාගත සුඛවිපාක ද වෙයි” යි එය තතුසේ දන්නේ ය. විද්‍යායෙන් යුතු, විද්වත් පුද්ගල එය තතුසේ දන්නේ, එය සෙවුනේ ය. එය නොහරනේ ය. එය සෙවුනා, එය නො හරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.
Pali BJT14. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං?
Sinhala BJT14. මහණෙනි, මෙවත්මනු දුක් වූ, මතු අනායෙහි දුක් විපාක වූ ධර්‍මසමාදාන කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන පාණාතිපාතී හොති, පාණාතිපාතපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අදින්නාදායී හොති, අදින්නාදානපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන කාමෙසු මිච්ඡාචාරී හොති, කාමෙසු මිච්ඡාචාරපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන මුසාවාදී හොති, මුසාවාදපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන පිසුනාවාචො{2} හොති, පිසුනාවාචාපච්චයා ච{3} දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන ඵරුසාවාචො{4} හොති, ඵරුසාවාචපච්චයා ච{5} දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන සම්ඵප්පලාපී හොති. සම්ඵප්පලාපපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අභිජ්ඣාලු හොති. අභිජ්ඣාපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන බ්යාපන්නචිත්තො හොති. බ්යාපාදපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන මිච්ඡාදිට්ඨි හොති. මිච්ඡාදිට්ඨිපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති{6}. ඉදං වුච්චති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං.
Sinhala BJTමහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පණිවා කරනු වෙයි. ඒ පණිවාහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු අයිනාදන් ගනු වෙයි. ඒ අයිනාදන් හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුනු, සහගිය දොම්නසිනුදු කාමයෙහි මිසහසර ඇති වෙයි. ඒ කාමයෙහි මිසහසර හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු මුසවා බණනු වෙයි. ඒ මුසවා හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පිසුනුබස් බණනු වෙයි. ඒ පිසුනු බස් හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු සහගිය දොම්නසිනුදු පරොස්බස් බණනු වෙයි. ඒ පරොස්බස් හේතුයෙනුදු, දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පලප් බණනු වෙයි. ඒ පලප් හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු, පරා අයත්හි ලොබ බිහිලි වෙයි. ඒ අභිධ්‍යාහේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු ව්‍යාපන්නසිත් ඇති වෙයි. ඒ ව්‍යාපාදහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු මිසිදිටු ඇති වෙයි. ඒ මිසදිටු හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන මෙවත්මනු දුක් ඇතැයි ද, මතු දුක් විපාක ඇතැයි ද කියනු ලැබේ.
Pali BJT15. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං?
Sinhala BJT15. මහණෙනි, මෙවත්මනු සුව ඇති, මතු දුක් විපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන පාණාතිපාතී හොති. පාණාතිපාතපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන අදින්නාදායී හොති. අදින්නාදානපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන කාමෙසුමිච්ඡාචාරී හොති. කාමෙසුමිච්ඡාචාරපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන මුසාවාදී හොති. මුසාවාදපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන පිසුනාවාචො{1} හොති, පිසුනාවාචාපච්චයා ච{2} සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන ඵරුසාවාචො{3} හොති. ඵරුසාවාචපච්චයා{4} ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන සම්ඵප්පලාපී හොති. සම්ඵප්පලාපපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන අභිජ්ඣාලු හොති. අභිජ්ඣාපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන බ්යාපන්නචිත්තො හොති. බ්යාපාදපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස්සෙන මිච්ඡාදිට්ඨි හොති. මිච්ඡාදිට්ඨිපච්චයා ච සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ඉදං වුච්චති භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං.
Sinhala BJTමහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පණිවා කරනු වෙයි. පණිවාහේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් අයිනාදන් ගනු වෙයි. අයිනාදන් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් කාමයෙහි මිසහසර ඇති වෙයි. කාමයෙහි මිසහසර හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් මුසවා බණනු වෙයි. මුසවා හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් පෙහෙසුන් බණනු වෙයි. පෙහෙසුන්බස් හේතුයෙනුදු සුව සොම්නස් විඳි. සහගිය සුව ඇති වත්, සහගියසොම්නස් ඇති වත් පරොස්බස් බණනු වෙයි. පරොස්බස් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් පලප් බණනු වෙයි. පලප් හේතුයෙනුදු සුව සොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් (පරා අයත්හි) අභිධ්‍යා (වසම්ලොබ) බිහිලි වෙයි. අභිධ්‍යාහේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇතිවත් ව්‍යාපන්නසිත් ඇති වෙයි. ව්‍යාපාද හේතුයෙනුදු සුව සොම්නස් විඳී. සහගියසුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් මිසදිටු ඇති වෙයි. මිසදිටු හේතුයෙනුදු, සුවසොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය, දුර්‍ගති, විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන ප්‍රත්‍යුත්පන්නසුඛය යි අනාගත දුඃඛවිපාකය යි කියනු ලැබේ.
Pali BJT16. කතමඤ්ච භික්ඛවෙ ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං?
Sinhala BJT16. මහණෙනි, මෙවත්මනු දුක් ඇති, මතු සුඛවිපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන පාණාතිපාතා පටිවිරතො හොති. පාණාතිපාතා වෙරමණීපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අදින්නාදානා පටිවිරතො හොති. අදින්නාදානා වෙරමණීපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති. කාමෙසුමිච්ඡාචාරා වෙරමණීපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන මුසාවාදා පටිවිරතො හොති. මුසාවාදා වෙරමණීපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන පිසුණාය වාචාය{5} පටිවිරතො හොති. පිසුණාය වාචාය වෙරමණීපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන ඵරුසාය වාචාය{6} පටිවිරතො හොති. ඵරුසාය වාචාය වෙරමණීපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන සම්ඵප්පලාපා පටිවිරතො හොති. සම්ඵප්පලාපා වෙරමණීපච්චයා ච දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTමහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පණිවායෙන් දුරු වූයේ වෙයි. පණිවායෙන් දුරුවීමහේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් අයිනාදනින් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරුවීමහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරුවීම හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරු වීම හේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පරොස්බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවීම හේතුයෙනුදු, දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පලපින් දුරු වූයේ වෙයි. පලපින් දුරුවීම හේතුයෙනුදු දුක් දොම්නස් විඳී.