Pali BJT5. “යා චාවුසො පඤ්ඤා යඤ්ච විඤ්ඤාණං ඉමෙ ධම්මා සංසට්ඨා උදාහු විසංසට්ඨා, ලබ්භා ච පනිමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතු”න්ති.
Sinhala BJT5. “ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු (ඒකෝත්පදාදි ලකුණින්) සංසට්ඨ (මිශ්‍ර) වෙද්ද?. නොහොත් විසංසට්ඨ (අමිශ්‍ර) වෙද්ද? මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට හැකි වේ ද?”
Pali BJTයා චාවුසො පඤ්ඤා, යඤ්ච විඤ්ඤාණං ඉමෙ ධම්මා සංසට්ඨා නො විසංසට්ඨා. න ච ලබ්භා ඉමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුං. යඤ්චාවුසො පජානාති තං විජානාති. යං විජානාති තං පජානාති. තස්මා ඉමෙ ධම්මා සංසට්ඨා නො විසංසට්ඨා. න ච ලබ්භා ඉමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුන්ති.
Sinhala BJTඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨයහ. මේ දහමුන් (අරමුණු ඈ විසින්) වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය. ඇවැත්නි, (මාර්‍ගප්‍රඥාව) යම් චතුස්සත්‍යධර්‍මයක් (ප්‍රඥානකෘත්‍ය විසින්) දනී ද, (මාර්‍ග විඥානය ද) ඒ දහම (විඥාන කෘත්‍ය විසින්) දන්නේ ය. (මාර්‍ග විඥානය) යම් චතුස්සත්‍යධර්‍මයක් (විඥාන කෘත්‍ය විසින්) දනී ද, (මාර්‍ග ප්‍රඥාව ද) ඒ දහම (ප්‍රඥානකෘත්‍ය විසින්) දනී. එහෙයින් මේ දහම්හු සංසට්ඨයහ. අසංසට්ඨ නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය.
Pali BJT6. “යා චාවුසො පඤ්ඤා, යඤ්ච විඤ්ඤාණං ඉමෙසං ධම්මානං සංසට්ඨානං නො විසංසට්ඨානං කිං නානාකරණ”න්ති?
Sinhala BJT6. “ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, සංසට්ඨ ව සිටි, අසංසට්ඨ නො වන, මේ දහමුන්ගේ වෙනස කිම?”
Pali BJTයා චාවුසො පඤ්ඤා, යඤ්ච විඤ්ඤාණං ඉමෙසං ධම්මානං සංසට්ඨානං නො විසංසට්ඨානං පඤ්ඤා භාවෙතබ්බා, විඤ්ඤාණං පරිඤ්ඤෙය්යං. ඉදං නෙසං නානාකරණන්ති.
Sinhala BJTඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, සංසට්ඨ ව සිටි, අසංසට්ඨ නො වන, මේ දහමුන් අතුරින් (මාර්‍ග) ප්‍රඥාව භැවිය යුතුය. (විදර්‍ශනා) විඥානය පරිඥේය (පිරිසිඳ දත යුතු) වෙයි. මෙ උන් දෙදෙනාගේ වෙනස යි.
Pali BJT7. “වෙදනා වෙදනාති ආවුසො වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො වෙදනාති වුච්චතී”ති?
Sinhala BJT7.“ඇවැත්නි, ‘වේදනාය වේදනාය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් වේදනා’යයි කියනු ලැබේ ද?”
Pali BJTවෙදෙති වෙදෙතීති ඛො ආවුසො, තස්මා වෙදනාති වුච්චති. කිඤ්ච වෙදෙති? සුඛම්පි වෙදෙති, දුක්ඛම්පි වෙදෙති, අදුක්ඛමසුඛම්පි වෙදෙති. වෙදෙති වෙදෙතීති ඛො ආවුසො, තස්මා වෙදනාති වුච්චතීති.
Sinhala BJTඇවැත්නි, ‘විඳුනේය විඳුනේ’ය යන යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘වේදනා’යයි කියනු ලැබේ. කුමක් විඳුනේය යත්: සුව අරමුණ ද විඳුනේය. දුක් අරමුණද විඳුනේය. නොදුක් නොසුව අරමුණද විඳුනේය. ඇවැත්නි, මෙසේ, ‘විඳුනේය විඳුනේ’යයි යම් හේතුයෙක් වේද, එහෙයින් ‘වේදනා’ යයි කියනු ලැබේ.
Pali BJT8. “සඤ්ඤා සඤ්ඤාති ආවුසො වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො සඤ්ඤාති වුච්චතීති?
Sinhala BJT8. “ඇවැත්නි, ‘සංඥා, සංඥා’යයි කියනු ලැබේ ඇවැත්නි, කිපමණෙකින් ‘සංඥා’ යයි කියනු ලැබේ ද?”
Pali BJTසඤ්ජානාති සඤ්ජානාතීති ඛො ආවුසො, තස්මා සඤ්ඤාති වුච්චති. කිඤ්ච සඤ්ජානාති? නීලකම්පි සඤ්ජානාති, පීතකම්පි සඤ්ජානාති, ලොහිතකම්පි සඤ්ජානාති, ඔදාතම්පි සඤ්ජානාති. සඤ්ජානාති සඤ්ජානාතීති ඛො ආවුසො, තස්මා සඤ්ඤාති වුච්චති.
Sinhala BJTඇවැත්නි, ‘හඳුනා ගනී, හඳුනා ගනී’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් සංඥා ය යි කියනු ලැබේ. කුමක් හඳුනා ගන්නේය යත්: නිල්වන ද, හඳුනාගනී, කසාවත ද හඳුනාගනී ලෙහෙවන ද හඳුනාගනී, සුදුවන ද හඳුනාගනී. ඇවැත්නි මෙසේ ‘හඳුනා ගනී, හඳුනාගනී’, යන යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘සංඥා’යි කියනු ලැබේ.
Pali BJT9. “යා චාවුසො වෙදනා යා ච සඤ්ඤා යඤ්ච විඤ්ඤාණං ඉමෙ ධම්මා සංසට්ඨා උදාහු විසංසට්ඨා, ලබ්භා ච පනිමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතු”න්ති?
Sinhala BJT9. “ඇවැත්නි, යම් වේදනායෙක් ඇද්ද, යම් සංඥායෙක් ඇද්ද: යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨ වෙද්ද? නොහොත් අසංසට්ඨ වෙද්ද? මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට හැකි වේ ද?”
Pali BJTයා චාවුසො වෙදනා යා ච සඤ්ඤා යඤ්ච විඤ්ඤාණං ඉමෙ ධම්මා සංසට්ඨා නො විසංසට්ඨා. න ච ලබ්භා ඉමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුං. යඤ්චාවුසො වෙදෙති තං සඤ්ජානාති, යං සඤ්ජානාති තං විජානාති. තස්මා ඉමෙ ධම්මා සංසට්ඨා නො විසංසට්ඨා. න ච ලබ්භා ඉමෙසං ධම්මානං විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා නානාකරණං පඤ්ඤාපෙතුන්ති.
Sinhala BJTඇවැත්නි, යම් වේදනායෙක් ඇද්ද, යම් සංඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨයහ. අසංසට්ඨ නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය. ඇවැත්නි, (වේදනාව) යම් අරමුණක් විඳී ද, (සංඥාව) ඒ අරමුණ හඳුනයි. (සංඥාව) යම් අරමුණක් හඳුනා ද, (විඥානය ද) ඒ අරමුණ (විඥානකෘත්‍ය විසින්) දනී. එහෙයින් මේ දහම්හු සංසට්ඨයහ. නොසසට නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය.
Pali BJT10. “නිස්සට්ඨෙන හාවුසො පඤ්චහි ඉන්ද්රියෙහි පරිසුද්ධෙන මනොවිඤ්ඤාණෙන කිං නෙය්ය”න්ති?
Sinhala BJT10. “ඇවැත්නි, පඤ්චේන්‍ද්‍රියයන් විසින් පරිත්‍යක්ත, පරිශුද්ධ, මනෝවිඥානයෙන් (රූපාවචරචතුර්‍ත්‍ථධ්‍යානචිත්තයෙන්) කුමක් දතයුතුද?”
Pali BJTනිස්සට්ඨෙන හාවුසො පඤ්චහි ඉන්ද්රියෙහි පරිසුද්ධෙන මනොවිඤ්ඤාණෙන අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං නෙය්යං, අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං නෙය්යං, නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං නෙය්යන්ති.
Sinhala BJTඇවැත්නි, පසිඳුරන් විසින් නිඃසෘත, පරිශුද්ධ, මනෝවිඥානයෙන් ‘ආකාශය අනන්ත’යයි ආකාශානන්ත්‍යායතනය දත යුතුය. ‘විඥානය අනන්ත’ය යි විඥානන්ත්‍යායතනය දත යුතුය ‘කිසිදු නැති’යි ආකිඤ්චඤ්ඤායතනය දත යුතුය.
Pali BJT11. “නෙය්යං පනාවුසො ධම්මං කෙන පජානාතී”ති,
Sinhala BJT11. “ඇවැත්නි, ඥේය ධර්‍මය වනාහි කිමෙකින් දන්නේ ද?”
Pali BJTනෙය්යං ඛො ආවුසො ධම්මං පඤ්ඤාචක්ඛුනා පජානාතීති.
Sinhala BJTඇවැත්නි, ඥේය වූ ධර්‍මය ප්‍රඥාචක්‍ෂුසින් දන්නේය.
Pali BJT12. “පඤ්ඤා පනාවුසො කිමත්ථියා”ති?
Sinhala BJT12. “ඇවැත්නි, ප්‍රඥා වනාහි කිනම් අර්‍ත්‍ථ ඇත් ද?”
Pali BJTපඤ්ඤා ඛො ආවුසො අභිඤ්ඤත්ථා පරිඤ්ඤත්ථා පහානත්ථාති.
Sinhala BJTඇවැත්නි, ප්‍රඥාව (අභිඥෙය ධර්‍ම දනීනුයි) අභිඥා අර්‍ත්‍ථ කෙ ට ඇත. (පරිඥෙයධර්‍ම දනීනුයි) පරිඥා අර්‍ත්‍ථ කොට ඇත (ප්‍රහාතව්‍ය ධර්‍ම පහා නුයි) ප්‍රහාණ අර්‍ත්‍ථ කොට ඇත.
Pali BJT13. කති පනාවුසො පච්චයා සම්මාදිට්ඨියා උප්පාදායාති?
Sinhala BJT13. “ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි උත්පාදය පිණිස කෙතෙක් ප්‍රත්‍යයයෝ ඇද්ද?”
Pali BJTද්වෙ ඛො ආවුසො පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය: පරතො ච ඝොසො, යොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො ආවුසො ද්වෙ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදායාති.
Sinhala BJTඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි උත්පාදය පිණිස ප්‍රත්‍යයෝ දෙදෙනෙක් ඇත: පරතෝඝෝෂය (සත්ප්‍රාය ධර්‍ම ශ්‍රවණය) හා යෝනිසෝමනසිකාරය (තමන්ගේ උපාය මනසිකාරය) හා දෙකයි. ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටිඋත්පාදය පිණිස මොහු දෙදෙන ප්‍රත්‍ය වෙති.
Pali BJT14. කතීහි පනාවුසො අඞ්ගෙහි අනුග්ගහීතා සම්මාදිට්ඨි චෙතොවිමුත්තිඵලා ච හොති චෙතොවිමුත්තිඵලානිසංසා ච. පඤ්ඤාවිමුත්තිඵලා ච හොති පඤ්ඤාවිමුත්තිඵලානිසංසා චාති?
Sinhala BJT14. “ඇවැත්නි, කෙතෙක් අඞ්ගයෙන් වහල ලැබූ සම්‍යග්දෘෂ්ටිය චේතෝවිමුක්තිය ඵල කොට ඇද්ද? චේතෝ විමුක්තිඵලය අනුසස් කොට ඇද්ද? ප්‍රඥාවිමුක්තිය ඵලකොට ඇද්ද? ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇද්ද?”
Pali BJTපඤ්චහි ඛො ආවුසො අඞ්ගෙහි අනුග්ගහීතා සම්මාදිට්ඨි චෙතොවිමුත්තිඵලා ච හොති චෙතොවිමුත්තිඵලානිසංසා ච. පඤ්ඤාවිමුත්තිඵලා ච හොති පඤ්ඤාවිමුත්තිඵලානිසංසා ච: ඉධාවුසො, සම්මාදිට්ඨි සීලානුග්ගහීතා ච හොති, සුතානුග්ගහීතා ච හොති, සාකච්ඡානුග්ගහීතා ච හොති, සමථානුග්ගහීතා ච හොති, විපස්සනානුග්ගහීතා ච හොති. ඉමෙහි ඛො ආවුසො පඤ්චහි අඞ්ගෙහි අනුග්ගහීතා සම්මාදිට්ඨි චෙතොවිමුත්තිඵලා ච හොති චෙතොවිමුත්තිඵලානිසංසා ච පඤ්ඤාවිමුත්තිඵලා ච හොති පඤ්ඤාවිමුත්තිඵලානිසංසා චාති.
Sinhala BJTඇවැත්නි, අඞ්ගපසෙකින් අනුගෘහීත සම්‍යග්දෘෂ්ටිය චේතෝවිමුක්තිය ඵල කොට ඇත. චේතෝවිමුක්ති පලය අනුසස් කොට ද ඇත. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත. ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ද ඇත. ඇවැත්නි, මෙහි සම්‍යග්දෘෂ්ටිය ශීලානුගෘහීත ද වෙයි. ශ්‍රැතානුගෘහීත ද වෙයි. සඞ්කථානුගෘහීත ද වෙයි. සමථානුගෘහීත ද වෙයි. විදර්‍ශනාගෘහීත ද වෙයි. ඇවැත්නි, මේ පසඟින් වහල ලත් සම්දිටු චේතෝවිමුක්තිය ඵල කොට ඇත්තේ ද වෙයි. චේතෝවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තේ ද වෙයි. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත්තේ ද වෙයි. ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තේ ද වෙයි.
Pali BJT15. කති පනාවුසො භවාති?
Sinhala BJT15. “ඇවැත්නි, භවයෝ කෙතෙක් වෙද්ද?”
Pali BJTතයො මෙ ආවුසො භවා: කාමභවො, රූපභවො, අරූපභවොති.
Sinhala BJTඇවැත්නි, මේ භවයෝ තුන් දෙනෙකි: කාමභවය, රූපභවය, අරූපභවයි.
Pali BJT16. කථං පනාවුසො ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොතීති?
Sinhala BJT16. “ඇවැත්නි, මතු අනායෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම කෙසේ වේ ද?”
Pali BJTඅවිජ්ජානීවරණානං ඛො ආවුසො සත්තානං තණ්හාසඤ්ඤොජනානං තත්ර තත්රාභිනන්දනා එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොතීති.
Sinhala BJTඇවැත්නි, අවිද්‍යානීවරණ ඇති, තෘෂ්ණා සංයෝජන ඇති සත්ත්‍වයන්ගේ ඒ ඒ තන්හි රූපාදිඅභිනන්‍දනයෙන් මෙසේ මතුයෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම වෙයි.
Pali BJT17. කථං පනාවුසො ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති න හොතීති?
Sinhala BJT17. “ඇවැත්නි, අනායෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම කෙසේ නොවේ ද?”
Pali BJTඅවිජ්ජාවිරාගා ඛො ආවුසො විජ්ජුප්පාදා තණ්හානිරොධා එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති න හොතීති.
Sinhala BJTඇවැත්නි, අවිද්‍යාක්‍ෂය විරාගහේතුයෙන් වන අර්‍හත් මාර්‍ග විද්‍යොත්පාදයෙන් තෘෂ්ණා ක්‍ෂය නිරෝධයෙන් මෙසේ මතුයෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම නො වෙයි.
Pali BJT18. කතමං පනාවුසො පඨමං ඣානන්ති?
Sinhala BJT18. “ඇවැත්නි, ප්‍රථමධ්‍යාන කවරේ ද?”
Pali BJTඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චතාවුසො පඨමං ඣානන්ති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන්ව ම සවිතර්‍ක, සවිචාර, විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා ගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මේ ප්‍රථමධ්‍යාන යයි කියනු ලැබේ.
Pali BJT19. පඨමං පනාවුසො ඣානං කතඞ්ගිකන්ති{1}?
Sinhala BJT19. “ඇවැත්නි, ප්‍රථමධ්‍යාන කෙතෙක් අඞ්ග ඇද්ද?”
Pali BJTපඨමං ඛො ආවුසො ඣානං පඤ්චඞ්ගිකං: ඉධාවුසො පඨමං ඣානං සමාපන්නස්ස භික්ඛුනො විතක්කො ච වත්තති විචාරො ච. පීති ච සුඛඤ්ච චිත්තෙකග්ගතා ච. පඨමං ඛො ආවුසො ඣානං එවං පඤ්චඞ්ගිකන්ති.
Sinhala BJTඇවැත්නි, ප්‍රථම ධ්‍යානය පඤ්චාඞ්ගික වෙයි. ඇවැත්නි, මෙසස්නෙහි පළමු දැහැන් සමවත් මහණහට විතර්‍කය ද, විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, චිත්තෛකාග්‍රතා ද පවතිත්. ඇවැත්නි, මෙසේ පළමු දැහැන් පඤ්චාඞ්ගික වෙයි.
Pali BJT20. පඨමං පනාවුසො ඣානං කතඞ්ගවිප්පහීනං කතඞ්ගසමන්නාගතන්ති?
Sinhala BJT20. “ඇවැත්නි, පළමු දැහැන් අඞ්ග කෙතෙකින් විප්‍රහීණ වේ ද? අඞ්ග කෙතෙකින් සමන්‍වාගත වේ ද?”
Pali BJTපඨමං ඛො ආවුසො ඣානං පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගතං: ඉධාවුසො පඨමං ඣානං සමාපන්නස්ස භික්ඛුනො කාමච්ඡන්දො පහීනො හොති, බ්යාපාදො පහීනො හොති, ථීනමිද්ධං පහීනං හොති, උද්ධච්චකුක්කුච්චං පහීනං හොති, විචිකිච්ඡා පහීනා හොති. විතක්කො ච වත්තති විචාරො ච පීති ච සුඛඤ්ච චිත්තෙකග්ගතා ච. පඨමං ඛො ආවුසො ඣානං එවං පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගතන්ති.
Sinhala BJTඇවැත්නි, පළමු දැහැන් පඤ්චාඞ්ග විප්‍රහීණ වෙයි. පඤ්චාඞ්ග සමන්‍වාගත වෙයි. ඇවැත්නි, මෙසස්නෙහි පළමු දැහැන් සමවත් මහණ හට කාමච්ඡන්‍ද ප්‍රහීණ වෙයි. ව්‍යාපාද ප්‍රහීණ වෙයි. ථිනමිද්ධ ප්‍රහීණ වෙයි. උද්ධච්චකුකුච්ච ප්‍රහීණ වෙයි. විචිකිච්ඡා ප්‍රහීණ වෙයි. විතර්‍කය ද විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, චිත්තෛකාග්‍රතා ද පවතිත්. ඇවැත්නි, මෙසේ පළමු දැහැන් පඤ්චාඞ්ග විප්‍රහීණ වෙයි. පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.
Pali BJT21. පඤ්චිමානි ආවුසො ඉන්ද්රියානි නානාවිසයානි නානාගොචරානි, න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති, සෙය්යථිදං: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං. ඉමෙසං ඛො ආවුසො පඤ්චන්නං ඉන්ද්රියානං නානාවිසයානං නානාගොචරානං න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්තානං කිං පටිසරණං, කො ච නෙසං ගොචරවිසයං පච්චනුභොතීති?
Sinhala BJT21. “ඇවැත්නි, මේ පඤ්චේන්‍ද්‍රියයෝ නානාවිෂය ඇත්තෝ වෙති. නානාගෝචර ඇත්තෝ වෙති. උනුන්ගේ ගෝචරවිෂය වළඳ නො කෙරෙති. ඒ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රියය, කායේන්‍ද්‍රියයි. ඇවැත්නි, විෂය විසින් පෘථග්භූත, ගෝචර විසින් පෘථග්භූත, උනුන්ගේ ගෝචර විෂය වළඳ නොකරන මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ පිළිසරණ කිම? කවරෙක් උන්ගේ ගෝචරවිෂය වළඳ කෙරේ ද?”
Pali BJTපඤ්චිමානි ආවුසො ඉන්ද්රියානි නානාවිසයානි නානාගොචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති සෙය්යථිදං: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං. ඉමෙසං ඛො ආවුසො පඤ්චන්නං ඉන්ද්රියානං නානාවිසයානං නානාගොචරානං න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්තානං මනොපටිසරණං, මනො ච නෙසං ගොචරවිසයං පච්චනුභොතීති.
Sinhala BJTඇවැත්නි, නානාවිෂය වූ, නානාගෝචර වූ, උනුන්ගේ ගෝචරවිෂය වළඳ නොකරන මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි. ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රියය, කායේන්‍ද්‍රියයි. ඇවැත්නි, විෂය විසින් වෙන් ව සිටි, ගෝචර විසින් වෙන් ව සිටි, උනුන්ගේ ගෝචර විෂය වළඳ නොකරන මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ පිළිසරණ ජවන මනස වෙයි. (මනෝද්වාරික හෝ පඤ්චද්වාරික හෝ) ජවනමනස උන්ගේ ගෝචරවිෂය වළඳ කෙරෙයි.
Pali BJT22. පඤ්චිමානි ආවුසො ඉන්ද්රියානි. සෙය්යථිදං: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං. ඉමානි ඛො ආවුසො පඤ්චින්ද්රියානි කිං පටිච්ච තිට්ඨන්තීති?
Sinhala BJT22. “ඇවැත්නි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි. ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය යි. ඇවැත්නි, මෙ පඤ්චේන්‍ද්‍රියයෝ කුමක් නිසා සිටිත් ද?”
Pali BJTපඤ්චිමානි ආවුසො ඉන්ද්රියානි. සෙය්යථිදං: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං. ඉමානි ඛො ආවුසො පඤ්චින්ද්රියානි ආයුං පටිච්ච තිට්ඨන්තීති.
Sinhala BJTඇවැත්නි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය යි. ඇවැත්නි, මේ පසිඳුරෝ ආයු නිසා සිටුති.
Pali BJT23. ආයු පනාවුසො කිං පටිච්ච තිට්ඨතීති?
Sinhala BJT23. “ඇවැත්නි, ආයු කුමක් නිසා සිටුනේ වේද?”
Pali BJTආයු උස්මං පටිච්ච තිට්ඨතීති.
Sinhala BJTආයු උසුම නිසි සිටුනේ වෙයි.
Pali BJT24. උස්මා පනාවුසො කිං පටිච්ච තිට්ඨතීති?
Sinhala BJT24. “ඇවැත්නි, උස්ම කුමක් නිසා සිටුනේ වේද?”
Pali BJTඋස්මා ආයුං පටිච්ච තිට්ඨතීති.
Sinhala BJTඋස්ම ආයු නිසා සිටුනේ ය.
Pali BJT25. ඉදානෙව ඛො මයං ආවුසො ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං එවං ආජානාම: ආයු උස්මං පටිච්ච තිට්ඨතීති. ඉදානෙව ඛො මයං ආවුසො ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං එවං ආජානාම: උස්මා ආයුං පටිච්ච තිට්ඨතීති. යථා කථං පනාවුසො, ඉමස්ස භාසිතස්ස අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJT25. “ඇවැත්නි, අපි දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස් මෙසේ වටහා ගනුම්හ: ‘ආයු උස්ම නිසා සිටුනේය’ යනුයි. ඇවැත්නි තවද අපි දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස මෙසේ වටහා ගනුම්හ: ‘උස්ම ආයු නිසා සිටුනේය’ යනු යි. ඇවැත්නි, කෙබඳු සෙයෙකින් මේ භාෂිතයාගේ අරුත් දත මනා වේ ද?”
Pali BJTතෙන හාවුසො උපමං තෙ කරිස්සාමි. උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්යථාපි ආවුසො තෙලප්පදීපස්ස ඣායතො අච්චිං පටිච්ච ආභා පඤ්ඤායති, ආභං පටිච්ච අච්චි පඤ්ඤායති, එවමෙව ඛො ආවුසො ආයු උස්මං පටිච්ච තිට්ඨති. උස්මා ච ආයුං පටිච්ච තිට්ඨතීති.
Sinhala BJTඇවැත්නි, එකරුණින් තොපට උපමාවක් කරමි. උපමායෙනුදු මෙලොව විඥ පුරුෂ කෙනෙක් භාෂිතයාගේ අර්‍ත්‍ථ වටහා ගනිති. ඇවැත්නි, යම් පරිදි දලන තෙල්පහන සිළු නිසා අලූ පැනේ ද, අලූ නිසා සිළු පැනේ ද, ඇවැත්නි, එපරිදි ම ආයු උස්ම නිසා සිටුනේ ය. උස්ම ආයු නිසා සිටුනේ ය.
Pali BJT26. තෙව නු ඛො ආවුසො ආයුසඞ්ඛාරා තෙව වෙදනියා ධම්මා, උදාහු අඤ්ඤෙ ආයුසඞ්ඛාරා අඤ්ඤෙ වෙදනියා ධම්මාති?
Sinhala BJT26. “ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාර වෙද්ද? ඔහු ම වෙදනාධර්‍ම වෙද්ද? නොහොත් අන්හු ආයුසංස්කාර වෙද්ද? අන්හු වෙදනාධර්‍ම වෙද්ද?”
Pali BJTන ඛො ආවුසො තෙව ආයුසඞ්ඛාරා තෙ වෙදනියා ධම්මා. තෙච ඛො ආවුසො ආයුසඞ්ඛාරා අභවිංසු තෙව වෙදනියා ධම්මා, නයිදං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස භික්ඛුනො වුට්ඨානං පඤ්ඤායෙථ. යස්මා ච ඛො ආවුසො අඤ්ඤෙ ආයුසඞ්ඛාරා, අඤ්ඤෙ වෙදනියා ධම්මා, තස්මා සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස භික්ඛුනො වුට්ඨානං පඤ්ඤායතීති.
Sinhala BJTඇවැත්නි, ඔහු ම ආයුසංස්කාරයෝත්, ඔහු ම වේදනාධර්‍මයෝත් නොවෙති. ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාරයෝත්, ඔහු ම වේදනාධර්‍මයෝත් වූහු නම්, සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන් මහණහුගේ (සමවතින්) නැගීසිටුම නො පැනෙන්නේ ය. ඇවැත්නි, යම්හෙයෙකින් අන්හු ආයුසංස්කාරයෝ වෙද්ද, අන්හු වේදනාධර්‍මයෝ වෙද්ද, එහෙයින්, සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන් මහණහුගේ (සමවතින්) නැගීම පැනේය.
Pali BJT27. යදා නු ඛො ආවුසො ඉමං කායං කති ධම්මා ජහන්ති, අථායං කායො උජ්ඣිතො අවක්ඛිත්තො සෙති, යථා කට්ඨං අචෙතනන්ති?
Sinhala BJT27. “ඇවැත්නි, යම් දිනෙක කෙතෙක් දහම්හු මේ කය හැරැපියද්ද, එසඳ මේ කය හරනාලදු ව බැහැර නෙරනා ලදු ව අචේතන වූ කාෂ්ඨයක් සෙයින් හෝනේ වෙ ද?”
Pali BJTයදා ඛො ආවුසො ඉමං කායං තයො ධම්මා ජහන්ති: ආයු උස්මා ච විඤ්ඤාණං, අථායං කායො උජ්ඣිතො අවක්ඛිත්තො සෙති යථා කට්ඨං අචෙතනන්ති.
Sinhala BJTඇවැත්නි, යම් කලෙක ආයුෂය, උස්මය, විඥානය යන දහම්හු තුන් දෙන මේ කය හැරැපියද්ද, එකල මේ කය හරනාලදු ව බැහැර නෙරනා ලදු ව හෝනේ වෙයි. අචේතන කාෂ්ඨයක් සෙයින.
Pali BJT28. ය්වායං ආවුසො මතො කාලකතො, යො චායං භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො, ඉමෙසං කිං නානාකරණන්ති?
Sinhala BJT28. “ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලුරිය කෙළේ වේ ද, යම් මේ මහණෙක් සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නේ වේ ද, මොවුන්ගේ වෙනස කවරේ ද?”
Pali BJTය්වායං ආවුසො මතො කාලකතො තස්ස කායසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා. වචීසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා. චිත්තසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා. ආයු පරික්ඛීණො. උස්මා වූපසන්තා. ඉන්ද්රියානි විපරිභින්නානි. යො චායං භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො, තස්සපි කායසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා. වචීසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා. චිත්තසඞ්ඛාරා නිරුද්ධා පටිප්පස්සද්ධා. ආයු අපරික්ඛීණො. උස්මා අවූපසන්තා. ඉන්ද්රියානි විප්පසන්නානි. ය්වායං ආවුසො මතො කාලකතො යො චායං භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො, ඉදං තෙසං නානාකරණන්ති.
Sinhala BJTඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලුරිය කෙළේ වේ ද, උහුගේ ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධයහ, නැවතීයහ. විතර්‍කවිචාරයෝ නටහ, නැවැත්හ. සංඥාවේදනාවෝ බුන්හ, නැවැත්හ. ආයු ක්‍ෂීණ විය. උසුම සන්හින. ඉඳුරහු නටහ. යම් මේ මහණෙක් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නේ වේ ද, උහුගේත් කායසංස්කාරයෝ නිරුද්ධයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ. වාක්සංස්කාරයෝත් නිරුද්ධයහ, ප්‍රතිප්‍රශබ්ධයහ. චිත්තසංස්කාරයෝත් නිරුද්ධයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ. ආයු අපරික්‍ෂීණ වෙයි. උස්ම අව්‍යුපශාන්ත වෙයි. ඉන්‍ද්‍රියයෝ විප්‍රසන්න වෙති. ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලුරිය කෙළේ වේ ද, යම් මේ මහණෙක් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නේ වේ ද, මේ උන්ගේ වෙනස යි.
Pali BJT29. කති පනාවුසො පච්චයා අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා සමාපත්තියාති?
Sinhala BJT29. “ඇවැත්නි, උපේක්‍ෂාචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
Pali BJTචත්තාරො ඛො ආවුසො පච්චයා අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා සමාපත්තියා: ඉධාවුසො භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉමෙ ඛො ආවුසො චත්තාරො පච්චයා අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා සමාපත්තියාති.
Sinhala BJTඇවැත්නි, උපේක්‍ෂාචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ සතර දෙනෙක් ඇත: ඇවැත්නි, මේ සස්නෙහි මහණ සුඛය හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් කැලැ ම සොම්නස් දොම්නසුන් හස්ත්‍යට යෑමෙන් අදුඃඛ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති, චතුර්‍ත්‍ථධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, උපේක්‍ෂාචේතෝවිමුක්තියට සමවදනු පිණිස මේ (විගත) ප්‍රත්‍යයෝ සතරදෙනෙක් ඇත.
Pali BJT30. කති පනාවුසො පච්චයා අනිමිත්තාය චෙතොවිමුත්තියා සමාපත්තියාති?
Sinhala BJT30. “ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
Pali BJTද්වෙ ඛො ආවුසො පච්චයා අනිමිත්තාය චෙතොවිමුත්තියා සමාපත්තියා: සබ්බනිමිත්තානඤ්ච අමනසිකාරො, අනිමිත්තාය ච ධාතුයා මනසිකාරො. ඉමෙ ඛො ආවුසො ද්වෙ පච්චයා අනිමිත්තාය චෙතොවිමුත්තියා සමාපත්තියාති.
Sinhala BJTඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත: (රූපාදි) හැම නිමිති නොමෙනෙහි කිරීමය, අනිමිත්තධාතු සඞ්ඛ්‍යාත නිර්‍වාණය මෙනෙහි කිරීමයි. ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තියට සමවදනට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් වෙති.
Pali BJT31. කති පනාවුසො පච්චයා අනිමිත්තාය චෙතොවිමුත්තියා ඨිතියාති?
Sinhala BJT31. “ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තයගේ ස්ථිතිය පිණිස ප්‍රත්‍යයයෝ කෙතෙන් ඇද්ද?”
Pali BJTතයො ඛො ආවුසො පච්චයා අනිමිත්තාය චෙතොවිමුත්තියා ඨිතියා: සබ්බනිමිත්තානඤ්ච අමනසිකාරො, අනිමිත්තාය ච ධාතුයා මනසිකාරො, පුබ්බෙ ච අභිසඞ්ඛාරො. ඉමෙ ඛො ආවුසො තයො පච්චයා අනිමිත්තාය චෙතොවිමුත්තියා ඨිතියාති.
Sinhala BJTඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තයගේ ස්ථිතිය පිණිස ප්‍රත්‍යයයෝ තුන් දෙනෙක් ඇත: (රූපාදි) සර්‍වනිමිත්තයන් නොමෙනෙහි කිරීම ය, නිර්‍වාණධාතු මෙනෙහි කිරීම ය, කැලැ ම අභිසංස්කාරයි. (කාලපරිච්ඡේද කිරීමයි). ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තිස්ථිතිය පිණිස මේ ප්‍රත්‍යයයෝ තුන් දෙනෙක් වෙත්.
Pali BJT32. කති පනාවුසො පච්චයා අනිමිත්තාය චෙතොවිමුත්තියා වුට්ඨානායාති?
Sinhala BJT32. “ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ (භවාඞ්ග) ව්‍යුත්‍ථානය පිණිස ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
Pali BJTද්වෙ ඛො ආවුසො පච්චයා අනිමිත්තාය චෙතොවිමුත්තියා වුට්ඨානාය: සබ්බනිමිත්තානඤ්ච මනසිකාරො, අනිමිත්තාය ච ධාතුයා අමනසිකාරො. ඉමෙ ඛො ආවුසො ද්වෙ පච්චයා අනිමිත්තාය චෙතොවිමුත්තියා වුට්ඨානායාති.
Sinhala BJTඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ ව්‍යුත්‍ථානය පිණිස ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත: හැම නිමිති මෙනෙහි කිරීමය, අනිමිත්තධාතු මෙනෙහි නොකිරීමයි. ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ ව්‍යුත්‍ථානය පිණිස මෙ ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් වෙති.
Pali BJT33. යා චායං ආවුසො අප්පමාණා චෙතොවිමුත්ති, යා ච ආකිඤ්චඤ්ඤා චෙතොවිමුත්ති, යා ච සුඤ්ඤතා චෙතොවිමුත්ති, යා ච අනිමිත්තා චෙතොවිමුත්ති, ඉමෙ ධම්මා නානට්ඨා චෙව නානාබ්යඤ්ජනා ච, උදාහු එකට්ඨා බ්යඤ්ජනමෙව නානන්ති?
Sinhala BJT33. “ඇවැත්නි, යම් මේ අප්‍රමාණා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ආකිඤ්චන්‍යා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ශුන්‍යතා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් අනිමිත්තා චේතෝවිමුක්තියෙක් ඇද්ද, මේ දහම්හු නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් වෙද්ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වෙද්ද? ව්‍යඤ්ජනමාත්‍රය ම වෙනස් වේ ද?”
Pali BJTයා චායං ආවුසො අප්පමාණා චෙතොවිමුත්ති යා ච ආකිඤ්චඤ්ඤා චෙතොවිමුත්ති යා ච සුඤ්ඤතා චෙතොවිමුත්ති, යා ච අනිමිත්තා චෙතොවිමුත්ති, අත්ථි ඛො ආවුසො පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා නානට්ඨා චෙව නානාබ්යඤ්ජනා ච, අත්ථි ච ඛො ආවුසො පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා එකට්ඨා බ්යඤ්ජනමෙව නානං.
Sinhala BJTඇවැත්නි, යම් මේ අප්‍රමාණා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ආකිඤ්චන්‍යා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ශුන්‍යතා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් අනිමිත්තා චේතෝවිමුක්තියෙක් ඇද්ද, ඇවැත්නි, යම් නියරක් ගෙන “මේ දහම්හු නානාර්‍ත්‍ථත් වෙති, නානාව්‍යඤ්ජනත් වෙති”යි කියහෙද්ද, එබඳු කරුණෙක් ඇත. ඇවැත්නි, සම් කරුණක් ලැබ “මේ දහමහු ඒකාර්‍ත්‍ථ වෙති, ව්‍යඤ්ජනමාත්‍ර ම වෙනසැ”යි කියහෙත් ද, එබඳු කරුණෙක් ද ඇත.
Pali BJT34. කතමො චාවුසො පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා නානට්ඨා චෙව නානාබ්යඤ්ජනා ච?
Sinhala BJT34. ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු නානාර්‍ත්‍ථ ද වෙති, නානා ව්‍යඤ්ජන ද වෙති”යි කියහෙත් ද, ඒ කරුණ කවරේය යත්:
Pali BJTඉධාවුසො භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. අයං වුච්චතාවුසො අප්පමාණා චෙතොවිමුත්ති.
Sinhala BJTඇවැත්නි, මෙසස්නෙහි මහණ මෙත්සහගිය සිතින් එක් දිගක් පැහැස (අරමුණු කොට) ගෙන වාස කෙරෙයි. එසෙයින් ම දෙවන, තෙවන, සතරවන, දිග දැයි මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මසවතායෙන් සර්‍වසත්ත්‍වයන් ඇති ලෝකය-විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, මෛත්‍රීසහගත සිතින් ස්ඵරණ කොට වාස කෙරෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොටගෙන වාස කෙරෙයි. එසෙයින් ම දෙවන, තෙවන, සතරවන, දිග දැයි මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මසමතායෙන් සර්‍වසත්ත්‍වයන් ඇති ලෝකය-විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, උපේක්‍ෂාසහගත සිතින් අරමුණු කොටගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ අප්‍රමාණා චේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
Pali BJTකතමා චාවුසො ආකිඤ්චඤ්ඤා චෙතොවිමුත්ති?
Sinhala BJTඇවැත්නි, ආකිඤ්චන්‍යා චේතෝවිමුක්ති කවර යත්:
Pali BJTඉධාවුසො භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චතාවුසො ආකිඤ්චඤ්ඤා චෙතොවිමුත්ති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඥානානන්ත්‍යායතනය ඉක්ම ‘කිසිත් නැති’යි ගෙන ආකිඤ්චන්‍යායතනය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ ආකිඤ්චන්‍යායතනචේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
Pali BJTකතමා චාවුසො සුඤ්ඤතාචෙතොවිමුත්ති?
Sinhala BJTඇවැත්නි, ශුන්‍යතා චේතෝවිමුක්ති කවර යත්:
Pali BJTඉධාවුසො භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: සුඤ්ඤමිදං අත්තෙන වා අත්තනියෙන වාති. අයං වුච්චතාවුසො සුඤ්ඤතා චෙතොවිමුත්ති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ අරණ්‍යගත වූයේ හෝ වෘක්‍ෂමූලගත වූයේ හෝ ශුන්‍යාගාරගත වූයේ හෝ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “ආත්ම ආත්මීය විසින් මේ ශුන්‍ය වේය”යි කියායි. ඇවැත්නි, මෝ ශුන්‍යතා චේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
Pali BJTකතමා චාවුසො අනිමිත්තා චෙතොවිමුත්ති?
Sinhala BJTඇවැත්නි, අනිමිත්තාචේතෝවිමුක්ති කවර යත්:
Pali BJTඉධාවුසො භික්ඛු සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතො සමාධිං උපසම්පජ්ජ විහරති. අයං වුච්චතාවුසො අනිමිත්තා චෙතොවිමුත්ති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ රාගාදි හැමනිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්තචේතෝසමාධිය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ අනිමිත්තාචේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
Pali BJTඅයං ඛො ආවුසො පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා නානාට්ඨා චෙව නානාබ්යඤ්ජනා ච.
Sinhala BJTඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු නානාර්‍ත්‍ථ ද වෙති, නානාව්‍යඤ්ජන ද වෙති”යි කියහෙද්ද, මේ ඒ කරුණ වෙයි.
Pali BJT35. කතමො චාවුසො පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා එකට්ඨා බ්යඤ්ජනමෙව නානං?
Sinhala BJT35. ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වෙති, ව්‍යඤ්ජනමාත්‍ර ම වෙනසි”යි කියහෙද්ද, ඒ කරුණ කවරේ ද?
Pali BJTරාගො ඛො ආවුසො පමාණකරණො, දොසො පමාණකරණො, මොහො පමාණකරණො. තෙ ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. යාවතා ඛො ආවුසො අප්පමාණා චෙතොවිමුත්තියො, අකුප්පා තාසං චෙතොවිමුත්ති අග්ගමක්ඛායති. සා ඛො පනාකුප්පා චෙතොවිමුත්ති සුඤ්ඤා රාගෙන සුඤ්ඤා දොසෙන සුඤ්ඤා මොහෙන.
Sinhala BJTඇවැත්නි, රාගය ප්‍රමාණකරණ වෙයි. ද්වේෂය ප්‍රමාණකරණ වෙයි. මෝහය ප්‍රමාණකරණ වෙයි. ඔහු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රහීණ වෙති. උසුන්මුල් වෙති. මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇති වෙති. කළ අභාව ඇති වෙති. මතුයෙහි නූපදනා සැහැවි ඇති වෙති. ඇවැත්නි, යම් පමණ අප්පමාණා චේතෝවිමුත්තීහු ඇද්ද, උන් අතුරින් අකෝප්‍ය (අර්‍හත්ඵල) චේතෝවිමුක්ති අග්‍රයයි කියනු ලැබේ. ඒ අකෝප්‍යචේතෝවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වේෂ විසින් ශුන්‍ය වෙයි. මෝහ විසින් ශුන්‍ය වෙයි.
Pali BJTරාගො ඛො ආවුසො කිඤ්චනො, දොසො කිඤ්චනො, මොහො කිඤ්චනො. තෙ ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. යාවතා ඛො ආවුසො ආකිඤ්චඤ්ඤා චෙතොවිමුත්තියො, අකුප්පා තාසං චෙතොවිමුත්ති අග්ගමක්ඛායති. සා ඛො පනාකුප්පා චෙතොවිමුත්ති සුඤ්ඤා රාගෙන, සුඤ්ඤා දොසෙන, සුඤ්ඤා මොහෙන.
Sinhala BJTඇවැත්නි, රාගය කිඤ්චනයෙකි. ද්වේෂය කිඤ්චනයෙකි. මොහොය කිඤ්චනයෙකි. ඔහු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රහීණයහ. උසුන්මුල්හ. තානාවාස්තුකෘතයහ. අභාවකෘතයහ. මතු අනුත්පාදධර්‍මයහ. ඇවැත්නි, යම් පමණ ආකිඤ්චන්‍යා චේතෝවිමුක්තීහු ඇද්ද, ඔවුනතුරින් අකෝප්‍යචේතෝවිමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අකෝප්‍යචේතෝවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වේෂ විසින් ශුන්‍ය වෙයි. මෝහ විසිනු ශුන්‍ය වෙයි.
Pali BJTරාගො ඛො ආවුසො නිමිත්තකරණො, දොසො නිමිත්තකරණො, මොහො නිමිත්තකරණො. තෙ ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. යාවතා ඛො ආවුසො අනිමිත්තා චෙතොවිමුත්තියො අකුප්පා තාසං චෙතොවිමුත්ති අග්ගමක්ඛායති. සා ඛො පනාකුප්පා චෙතොවිමුත්ති සුඤ්ඤා රාගෙන, සුඤ්ඤා දොසෙන, සුඤ්ඤා මොහෙන.
Sinhala BJTඇවැත්නි, රාගය නිමිත්තකරණයෙකි. ද්වේෂය නිමිත්තකරණයෙකි. මෝහය නිමිත්තකරණයෙකි. ඔහු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රහීණයහ. උසුන්මුල්හ. තාලාවාස්තුකෘතයහ. අභාවකෘතයහ. මතු අනුත්පාදධර්‍මයහ. ඇවැත්නි, යම් පමණ අනිමිත්තාචේතෝවිමුක්තිහු ඇද්ද, ඔවුනතුරින් අකොප්‍යචෙතොවිමුක්ති අග්‍රයයි කියනු ලැබේ. ඒ අකෝප්‍යචේතෝවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වේෂ විසින් ශුන්‍ය වෙයි. මෝහ විසින් ශුන්‍ය වෙයි.
Pali BJTඅයං ඛො ආවුසො පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා එකට්ඨා, බ්යඤ්ජනමෙව නානත්ති.
Sinhala BJTඇවැත්නි, යම් නියරක් ගෙන “මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වෙති, ව්‍යඤ්ජනමාත්‍ර ම වෙනසි”යි කියහෙද්ද, මේ ඒ නියර වෙයි.
Pali BJTඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දීති.
Sinhala BJTආයුෂ්මත් සැරියුත් මහ තෙරණුවෝ මෙය දෙසූහු. (සොම්නසින්) ගත් සිත් ඇති ආයුෂ්මත් මහාකොට්ඨිත මහතෙරහු ආයුෂ්මත් සැරියුත් මහ තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දන කළහ.
Pali BJTමහාවෙදල්ලසුත්තං තතියං.
Sinhala BJTමහාවේදල්ලසූත්‍රය තුන්වැනීයි.
Pali BJT1. 5. 4.
Sinhala BJT1. 5. 4.
Pali BJTචූළවෙදල්ලසුත්තං
Sinhala BJTචූළවේදල්ල සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො විසාඛො උපාසකො යෙන ධම්මදින්නා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ධම්මදින්නං භික්ඛුනිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො විසාඛො උපාසකො ධම්මදින්නං භික්ඛුනිං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර (ලෙහෙනුනට නිම දුනුයෙන්) කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි විසාඛ උවසු ධම්මදින්නා මෙහෙණ කරා එළඹිණ. එළඹ ධම්මදින්නා මෙහෙණ ඇදුරු කොට වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණට (සක්කායෝ - ආදි) තෙලබස් කී:
Pali BJT1. සක්කායො සක්කායොති අය්යෙ වුච්චති. කතමො නු ඛො අය්යෙ, සක්කායො වුත්තො භගවතාති?
Sinhala BJT1. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද?
Pali BJTපඤ්ච ඛො ඉමෙ ආවුසො විසාඛ උපාදානක්ඛන්ධා සක්කායො වුත්තො භගවතා. සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ඛො ආවුසො විසාඛ පඤ්චුපාදානක්ඛන්ධා සක්කායො වුත්තො භගවතාති.
Sinhala BJTඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.
Pali BJT2. සාධු අය්යෙති ඛො විසාඛො උපාසකො ධම්මදින්නාය භික්ඛුනියා භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ධම්මදින්නං භික්ඛුනිං උත්තරිං පඤ්හං ආපුච්ඡි: සක්කායසමුදයො සක්කායසමුදයොති අය්යෙ වුච්චති. කතමො නු ඛො අය්යෙ සක්කායසමුදයො වුත්තො භගවතාති?
Sinhala BJT2. විසාඛ උපාසක ‘ආර්‍ය්‍යාවෙනි, බුණුසේ මැනැව’යි ධම්මදින්නා මෙහෙණගේ බසට තුටු ව, අනුමෝදන් ව, ධම්මදින්නා මෙහෙණ මතුයෙහි (ආපුච්ඡා විසින්) පැන පිළිවිත්: ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය සමුදය, සත්කාය සමුදය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දහමෙක් ‘සත්කාය සමුදය’යි වදාරන ලද්දේ ද?
Pali BJTයායං ආවුසො විසාඛ තණ්හා පොනොබ්භවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සෙය්යථීදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. අයං ඛො ආවුසො විසාඛ සක්කායසමුදයො වුත්තො භගවතාති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, පුනර්‍භවය පිණිස වැටෙන, නන්‍දිරාගසහගත, ඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් මේ තෘෂ්ණා ඇද්ද, ඕ කවර යත්: කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය, විභවතෘෂ්ණායි. ඇවැත විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තෘෂ්ණා ‘සත්කාය සමුදය’ විසින් වදාරන ලදු.
Pali BJT3. සක්කායනිරොධො සක්කායනිරොධොති අය්යෙ වුච්චති. කතමො නු ඛො, අය්යෙ සක්කායනිරොධො වුත්තො භගවතාති?
Sinhala BJT3. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කායනිරෝධය, සත්කායනිරෝධය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දහමෙක් ‘සත්කාය නිරෝධය’යි වදාරන ලද්දේ ද?
Pali BJTයො ඛො ආවුසො විසාඛ තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො, අයං ඛො ආවුසො විසාඛ සක්කායනිරොධො වුත්තො භගවතාති.
Sinhala BJTඇවැත, විශාඛයෙනි, එම තෘෂ්ණාවගේ යම් අශේෂවිරාගනිරෝධයෙක් ත්‍යාගයෙක් ප්‍රතිනිස්සර්‍ගයෙක් විමුක්තියෙක් අනාලයෙක් ඇද්ද, ඇවැත විශාඛයෙනි, තෘෂ්ණාවගේ මේ අශේෂවිරාගනිරෝධය ‘සත්කාය නිරෝධය’ යි භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරන ලදී.
Pali BJT4. සක්කායනිරොධගාමිනී පටිපදා සක්කායනිරොධගාමිනීපටිපදාති අය්යෙ වුච්චති. කතමා නු ඛො අය්යෙ සක්කායනිරොධගාමිනීපටිපදා වුත්තා භගවතාති?
Sinhala BJT4. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාය, සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් ප්‍රතිපදා ‘සත්කාය නිරොධගාමිනීප්‍රතිපදාය’යි වදාරන ලදු ද?
Pali BJTඅයමෙව ඛො ආවුසො විසාඛ අරියො අට්ඨඞ්ගිකො මග්ගො සක්කායනිරොධගාමිනීපටිපදා වුත්තා භගවතා සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධීති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, භාග්‍යවතුන්වහන්සේ විසින් මේ අරීඅටඟිමඟ ම ‘සත්කාය නිරෝධගාමිනීප්‍රතිපදා’ යයි වදාරනලදු. හෙ කෙසේය යත්: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්පය, සම්‍යග්වාචාය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධියි.
Pali BJT5. තඤ්ඤෙව නු ඛො අය්යෙ උපාදානං තෙව පඤ්චුපාදානක්ඛන්ධා, උදාහු අඤ්ඤං නු ඛො පඤ්චහුපාදානක්ඛන්ධෙහි උපාදානන්ති?
Sinhala BJT5. ආර්‍ය්‍යාවෙනි, ඒ උපාදාන හා ඒ පඤ්චෝපාදානස්කන්‍ධ හා එක් ම වේ ද? නොහොත් පඤ්චෝපාදානස්කන්‍ධ පියා උපාදාන අනෙකෙක් වේ ද?
Pali BJTන ඛො ආවුසො විසාඛ තඤ්ඤෙව උපාදානං, තෙච පඤ්චුපාදානක්ඛන්ධා, නාපි අඤ්ඤත්ර පඤ්චහුපාදානක්ඛන්ධෙහි උපාදානං. යො ඛො ආවුසො විසාඛ, පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගො, තං තත්ථ උපාදානන්ති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, ඒ උපාදාන හා ඒ පඤ්චෝපාදානස්කන්‍ධ එකෙක් ම නොවේ. පඤ්චෝපාදානස්කන්‍ධ පියා උපාදාන නො ද අනෙකෙක් වෙයි. පඤ්චෝපාදානස්කන්‍ධ කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන නම් වෙයි.
Pali BJT6. කථං පනය්යෙ සක්කායදිට්ඨි හොතීති?
Sinhala BJT6. ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති වේ ද?
Pali BJTඉධාවුසො විසාඛ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. සඤ්ඤං අත්තතො සමනුපස්සති, සඤ්ඤාවන්තං වා අත්තානං, අත්තනි වා සඤ්ඤං, සඤ්ඤාය වා අත්තානං. සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සංඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සංඛාරෙ, සංඛාරෙසු වා අත්තානං. විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො ආවුසො විසාඛ සක්කායදිට්ඨි හොතීති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් නොදක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳව අකෝවිද, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, (බුද්ධාදි) සත්පුරුෂයන් නොදක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ අකෝවිද, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන ශුද්ධරූපය ආත්මවශයෙන් (අද්වය කොට) දක්නේ ය. අරූප ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා රූපයා කෙරෙහි එළවා හෝ (දෘෂ්ටිදර්‍ශනයෙන්) දක්නේය. වේදනා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා වේදනාවත් කොට හෝ වේදනා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා වේදනා කෙරෙහි එළවා හෝ දක්නේය. සංඥා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංඥා කෙරෙහි එළවා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංස්කාර කෙරෙහි එළවා හෝ දක්නේය. විඥාන ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥාන ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා විඥාන කෙරෙහි එළවා හෝ දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂ්ටි ඇති වෙතියි කියු.
Pali BJT7. කථං පනය්යෙ සක්කායදිට්ඨි න හොතීති?
Sinhala BJT7. ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති නොවේ ද?
Pali BJTඉධාවුසො විසාඛ සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො, න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං වා අත්තානං, න අත්තනි වා වෙදනං, න වෙදනාය වා අත්තානං. න සඤ්ඤං අත්තතො සමනුපස්සති, න සඤ්ඤාවන්තං වා අත්තානං, න අත්තනි වා සඤ්ඤං, න සඤ්ඤාය වා අත්තානං. න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, න සංඛාරවන්තං වා අත්තානං, න අත්තනි වා සංඛාරෙ, න සංඛාරෙසු වා අත්තානං. න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො ආවුසො විසාඛ සක්කායදිට්ඨි න හොතීති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳව කෝවිද, ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ ව කෝවිද, සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයෙහි පිහිටියේය යි හෝ, ආත්මය රූපයෙහි පිහිටියේය යි හෝ, නො දක්නේ ය. වේදනා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා වේදනාවත් කොට හෝ වේදනා ආත්මයෙහි පිහිටියේය යි හෝ, ආත්මය වේදනායෙහි පිහිටියේය යි හෝ නොදක්නේය. සංඥා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයෙහි පිහිටියායි හෝ, ආත්මය සංඥායෙහි පිහිටියේය යි හෝ, නො දක්නේය. සංස්කාර ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මය සංස්කාරයෙහි පිහිටියේ ය යි හෝ, නො දක්නේය. විඥාන ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥානය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මයා විඥානයෙහි පිහිටියේ ය යි හෝ නො දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂ්ටි නොවෙතියි කියු.
Pali BJT8. කතමො පනය්යෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගොති?
Sinhala BJT8. ආර්‍ය්‍යාවෙනි, අරීඅටඟිමඟ කවරේ ද?
Pali BJTඅයමෙව ඛො ආවුසො විසාඛ අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධීති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, මේ ම අරීඅටඟිමඟ වෙයි. හෙ කෙසේය යත්: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්පය, සම්‍යග්වාචාය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධියි.
Pali BJT9. අරියො පනය්යෙ අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛතො උදාහු අසඞ්ඛතොති?
Sinhala BJT9. ආර්‍ය්‍යාවෙනි, අරීඅටඟිමඟ කිසි ප්‍රත්‍යයෙකින් කරන ලද වේ ද?
Pali BJTඅරියො ඛො ආවුසො විසාඛ අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛතොති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, අරීඅටඟිමඟ කිසි ප්‍රත්‍යයෙකින් කරන ලද වෙයි.
Pali BJT10. අරියෙන නු ඛො, අය්යෙ අට්ඨඞ්ගිකෙන මග්ගෙන තයො ඛන්ධා සඞ්ගහිතා, උදාහු තීහි ඛන්ධෙහි අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ගහිතොති?
Sinhala BJT10. ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය විසින් ත්‍රිවිධස්කන්‍ධයෝ සංග්‍රහ කොට ගන්නා ලද්දාහු ද? නොහොත් ත්‍රිවිධස්කන්‍ධයෝ විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය සංග්‍රහ කොට ගන්නා ලද්දේ ද?
Pali BJTන ඛො ආවුසො විසාඛ අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන තයො ඛන්ධා සඞ්ගහිතා. තීහි ච ඛො ආවුසො විසාඛ ඛන්ධෙහි අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ගහිතො: යා චාවුසො විසාඛ සම්මාවාචා යො ච සම්මාකම්මන්තො යො ච සම්මාආජීවො, ඉමෙ ධම්මා සීලක්ඛන්ධෙ සඞ්ගහිතා. යො ච සම්මාවායාමො යා ච සම්මාසති යො ච සම්මාසමාධි, ඉමෙ ධම්මා සමාධික්ඛන්ධෙ සඞ්ගහිතා. යා ච සම්මාදිට්ඨි යො ච සම්මාසඞ්කප්පො, ඉමෙ ධම්මා පඤ්ඤාක්ඛන්ධෙ සඞ්ගහීතාති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, ආර්‍ය්‍යාඅෂ්ටාඞ්ගිකමාර්‍ගය විසින් ත්‍රිවිධස්කන්‍ධයෝ සඞ්ගෘහීත නො වෙති. ඇවැත විශාඛයෙනි, ත්‍රිවිධස්කන්‍ධ විසින් ආර්‍ය්‍යාඅෂ්ටාඞ්ගිකමාර්‍ගය සඞ්ගෘහීත වෙයි. ඇවැත විශාඛයෙනි, යම් සම්‍යග්වාචයෙක් ඇද්ද, යම් සම්‍යක් කර්‍මාන්තයෙක් ඇද්ද, යම් සම්‍යගාජීවයෙක් ඇද්ද, මේ දහම්හු ශීලස්කන්‍ධය විසින් සඞ්ගෘහීත වෙයි. යම් සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, යම් සම්‍යක් ස්මෘතියෙක් ඇද්ද, යම් සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ දහම්හු සමාධිස්කන්‍ධය විසින් සඞ්ගෘහීත වෙති. යම් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, යම් සම්‍යක්සඞ්කලපයෙක් ඇද්ද, මේ දහම්හු ප්‍රඥාස්කන්‍ධය විසින් සඞ්ගෘහීත වෙතියි කියු.
Pali BJT11. කතමො පනය්යෙ සමාධි, කතමෙ ධම්මා සමාධිනිමිත්තා, කතමෙ ධම්මා සමාධිපරික්ඛාරා, කතමා සමාධිභාවනාති?
Sinhala BJT11. ආර්‍ය්‍යාවෙනි, සමාධි කවරේ ය? සමාධිනිමිතතයෝ කවරහු ය? සමාධිපරිෂ්කාරයෝ කවරහු ය? සමාධිභාවනා කවර?
Pali BJTයා ඛො ආවුසො විසාඛ චිත්තස්ස එකග්ගතා අයං සමාධි. චත්තාරො සතිපට්ඨානා සමාධිනිමිත්තා. චත්තාරො සම්මප්පධානා සමාධිපරික්ඛාරා. යා තෙසංයෙව ධම්මානං ආසෙවනා භාවනා බහුලීකම්මං, අයං තත්ථ සමාධිභාවනාති.
Sinhala BJTඇවැත විශාඛයෙනි, යම් චිත‍්තෛකාග්‍රතායෙක් ඇද්ද, මේ ය සමාධිනම්. සතරසීවටන්හු සමාධිනිමිති වෙති. සතර සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෝ සමාධිපරිෂ්කාර වෙති. එම දහමුන් පිළිබඳ යම් ආසේවනායෙක් භාවනායෙක් බිහිලිකමෙක් ඇද්ද, මේය එහි සමාධි භාවනා නම්.
Pali BJT12. කති පනය්යෙ සඞ්ඛාරාති?
Sinhala BJT12. ආර්‍ය්‍යාවෙනි, සංස්කාරයෝ කෙතෙක් ඇද්ද?