Pali BJT32. පුන චපරං භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJT32. තවද මහණෙනි, මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් සොම්නස් දොම්නස් කැලැ ම අස්තඞ්ගම වීමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධභාව ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා ගෙන වාස කෙරේ. හේ මෙ ම කය පර්‍ය්‍යවදාත පරිශුද්ධ සිතින් ඵරණය කොට හුන්නේ වෙයි. තෙල මහණහුගේ හැම කය කිසිදු තැනෙක් පර්‍ය්‍යවදාත පරිශුද්ධ සිතින් නො පහළේ නො වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං{1} පාරුපිත්වා{2} නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJTමහණෙනි, යම්සේ පුරුෂයෙක් සුදුවස්ත්‍රයෙකින් හිසවසා පෙරෙව හුන්නේ වේ ද, ඔහුගේ හැමකය කිසිදු තැනෙක් හෙළවතින් නොපහළේ නො වේ ද, මහණෙනි, එපරිදිම මහණ මෙම කය පර්‍ය්‍යවදාත පරිශුද්ධ චිත්තයෙන් එරණය කොට හුන්නේ වෙයි. තෙල මහණහුගේ හැමකය කිසිදු තැනෙක් පර්‍ය්‍යවදාත පරිශුද්ධ චිත්තයා විසින් නො පහළේ නො වෙයි.
Pali BJT33. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ ‘අමුත්රාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය,{3} තම්හාපි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය, සො තම්හා{4} ගාමා සකංයෙව ගාමං පච්චාගච්ඡෙය්ය, තස්ස එවමස්ස: ‘අහං ඛො සකම්හා ගාමා අමුං ගාමං අගඤ්ඡිං{5} තත්ර එවං අට්ඨාසිං, එවං නිසීදිං, එවං අභාසිං, එවං තුණ්හී අහොසිං. තම්හාපි ගාමා අමුං ගාමං අගඤ්ඡිං. තත්රාපි එවං අට්ඨාසිං, එවං නිසීදිං, එවං අභාසිං, එවං තුණ්හී අහොසිං. සොම්හි තම්හා ගාමා සකංයෙව ගාමං පච්චාගතො’ති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJT33. ඒ මහණ මෙසෙයින් සමාධිගත සිත පරිශුද්ධ ව, (ප්‍රභාස්වර විසින්) පර්‍ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතෝපක්ලේශ ව, මෘදුභුත ව, කර්‍මණ්‍ය ව, ස්ථිත ව, නිශ්චලප්‍රාප්ත ව පිහිටත් ම, පූර්වේනිවාසානුස්මෘතිඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙයි. ඒ කෙසේය යත්: ජාති එකකුදු, ජාති දෙකකුදු, ජාති තුනකුදු, ජාති සතරකුදු, ජාති පසකුදු, ජාති දසයකුදු, ජාති විස්සකුදු, ජාති තිසකුදු, ජාති සතළිසකුදු, ජාති පනසකුදු, ජාති සියකුදු, ජාති දහසකුදු, ජාති සියක්දහසකුදු, නොඑක් සංවර්‍තකල්පයනුදු, නො එක් විවර්‍තකල්පයනුදු, නොඑක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු - “අසෝ තැනැ මෙබඳුනම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු වර්‍ණ ඇතියෙම් වීමි, මෙබඳු අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳියෙම් වීමි, මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිදු මෙබඳු නම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු වර්‍ණ ඇතියෙම් වීමි, මෙබඳු අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳියෙම් වීමි, මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව මෙහි උපනිමි” කියායි. මෙසේ සාකාර, සොද්දෙස, අනේකප්‍රකාර, පූර්වේනිවාසය සිහි කෙරෙයි. මහණෙනි, යම්පරිදි පුරුෂ සියගමින් අන්ගමකට යන්නේ වේ ද, එගමිනුදු අන්ගමකට යන්නේ වේ ද, හේ එගමින් සියගමට ම වටාලා එන්නේ වේ ද, ඔහුට මෙබඳු සිත් වන්නේය: “මම වනාහි සියගමින් අසෝ ගමට ගියෙමි. එහි දී මෙලෙස සිටියෙමි, මෙලෙස හිඳගතිමි, මෙලෙස බිණිමි, මෙලෙස නිහඬ වීමි. මම එගමිනුදු අසෝගමට ගියෙමි. එහිදීත් මෙලෙස සිටියෙමි, මෙලෙස හිඳගතිමි, මෙලෙස නිහඬවීමි. මම එගමින් සියගමටව වටාලා ආයෙමි” යි. මහණෙනි, එපරිදි මහණ අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙයි: ඒ කෙසේය යත්: ජාති එකකුදු, ජාතිදෙකකුදු ... මෙසේ සාකාර, සොද්දෙස, අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙයි.
Pali BJT34. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ. යථාකම්මූපගෙ සත්තෙ පජානාති: –
Sinhala BJT34. ඒ මහණ මෙසේ සමාධිගත සිත පරිශුද්ධ ව, පර්‍ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතෝපක්ලේශ ව, මෘදුභූත ව, කර්‍මණ්‍ය ව, ස්ථිත ව, නිශ්චලප්‍රාප්ත ව පිහිටත් ම, සත්ත්‍වයන්ගේ ච්‍යුති - උපපාතඥානය පිණිස සිත නතු කෙරෙයි හේ පිරිසිදු, මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් මියන උපදනා හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සතුන් දක්නේය. සුගත, දුර්‍ගත, සතුන් දක්නේය. යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේය.
Pali BJT“ඉමෙ වත භොන්තො සත්තා කාය දුච්චරිතෙන සමන්නාගතා වචී දුච්චරිතෙන සමන්නාගතා මනො දුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා”ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. සෙය්යථාපස්සු භික්ඛවෙ ද්වෙ අගාරා සද්වාරා, තත්ථ චක්ඛුමා පුරිසො මජ්ඣෙ ඨිතො පස්සෙය්ය මනුස්සෙ ගෙහං පවිසන්තෙපි නික්ඛමන්තෙපි, අනුචඞ්කමන්තෙපි අනුවිචරන්තෙපි. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති -පෙ-
Sinhala BJT“මේ භවත් සත්ත්‍වයෝ එකැතින් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ. (බුද්ධාදි) ආර්‍ය්‍යයනට උපවාද කරනුවහ, මිථ්‍යාදෘෂ්ටිකයහ, මිථ්‍යාදෘෂ්ටිකකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සැපෙන් පහ ව සිටි, දුර්‍ගතික වූ, විනිපාත වූ, නිරයට පැමිණියහ. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ, මනඃසුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යයනට උපවාද නොකරනුවහ, සම්‍යග්දෘෂ්ටිකයහ, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහ”යි කියායි. මෙසෙයින් විශුද්ධ වූ, මිනිසැස ඉක්ම සිටි, දිවැසින් මියන, උපදනා, හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත, සතුන් දක්නේය. යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේය. මහණෙනි, යම්සේ සහදොර දෙගෙකෙක් ඇත් ද, එහි ඇස් ඇතී පුරුෂයෙක් ගෙමැද සිටියේ, ගෙට වදනාවූත්, බැසයන්නාවූත්, ඔබමොබ සක්මන් කරන්නාවූත්, ගෙන් ගෙට වදනාවූත් මිනිසුන් දක්නේ වේ ද, මහණෙනි, එ සෙයින් ම මහණ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි, දිවැසින් මියන, උපදනා, හින, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත, සත්ත්‍වයන් දක්නේය. යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේය. ...
Pali BJT35. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති: සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. සෙය්යථාපි භික්ඛවෙ පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි, තස්ස එවමස්ස: අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්රිමෙ සිප්පිසම්බුකාපි සක්ඛරකඨලාපි මච්ඡගුම්බාපි චරන්තිපි තිට්ඨන්තිපී’ති.{1} එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති.
Sinhala BJT35. ඒ මහණ මෙසෙයින් සමාධිගත සිත පරිශුද්ධ ව, පර්‍ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතෝපක්ලේශ ව, මෘදුභූත ව, කර්‍මණ්‍ය ව, ස්ථිත ව, නිශ්චල ප්‍රාප්ත ව පවතුත් ම, ආස්‍රව ක්‍ෂයඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ ‘මේ දුකයි’ යථාභූතය දන්නේ ය. ‘මේ දුඃඛසමුදය’යි යථාභූතය දන්නේය. ‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපති’යි යථාභූතය දන්නේය. ‘මුහු ආස්‍රවයහ’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධය’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය. මෙසෙයින් දන්නා, මෙසෙයින් දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. විමුක්ත කල්හි ‘විමුක්තයෙමි’ යි ඥාන වෙයි. ජාති ක්‍ෂීණය සසුන්බ්‍රම්සරවස් හා මඟබ්‍රම්සරවස් වසන ලදී. (සතර මගින් කළ යුතු සොළසවිධ) කරණී කරන ලදී. නැවත මේ මිනිස්බවට නො එමියි දන්නේය. මහණෙනි, යම්සේ පර්‍වතමුදුනෙක විමල්, වෙසෙසින් පහන්, නොකැලැත් දියවිලෙක් වේ ද, එවිල්තෙර සිටි ඇස් ඇති පුරුෂයෙක් ඇවිදුනා වූත් සිටුනා වූත් සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලනුදු මස්ගළදු, සිටුනා කැට හා කැබිලිති දු දක්නේ වේ ද, ඔහුට මෙබඳු සිතෙක් වෙසි: ‘මේ දියවිල නිර්‍මල වෙයි, විප්‍රසන්නවෙයි, කදිම රහිත වෙයි. මේ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලෝ ද, මස්රැළහු ද හැසිරෙන්නාහුදු සිටුනාහුදු වෙති. කැට හා කැබිලිත්තෝ ද සිටුනාහු වෙති’යි කියායි. ‘මහණෙනි, එසෙයින්ම මහණ ‘මේ දුකැ’ යි යථාභූතය දන්නේය. ‘මේ දුඃඛසමුදය’යි යථාභූතය දන්නේය, ‘මේ දුඃඛනිරෝධය’යි යථාභූතය දන්නේය, මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය. ‘මොහු ආස්‍රවයහ’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’යි යථාභූතය දන්නේය, ‘මේ ආස්‍රවනිරෝධය’යි යථාභූතය දන්නේය, ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද්ය’යි යථාභූතය දන්නේය.
Pali BJTතස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
Sinhala BJTමෙසෙයින් දන්නා, මෙසෙයින් දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. විමුක්තවත් ම ‘විමුක්තයෙමි’ යි ඥාන වෙයි. ‘ජාතිය ක්‍ෂීණය. බ්‍රම්සරවස් වැස නිමවන ලදී. කරණී කරන ලදී. නැවත මේ මිනිස්බවට නො එමී’ දන්නේය.
Pali BJT36. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සමණො ඉතිපි බ්රාහ්මණො ඉතිපි නහාතකො ඉතිපි, වෙදගූ ඉතිපි, සොත්තියො ඉතිපි, අරියො ඉතිපි, අරහං{1} ඉතිපි.
Sinhala BJT36. මහණෙනි, මේ මහණ (සන්හුන් ඇති බැවින්) ශ්‍රමණයහයි ද) (බැහැර ලූ පාප ඇති බැවින්) බ්‍රාහ්මණයහයි ද, (ධෞතක්ලේශ ඇති බැවින් නහාතකය හයිද, (චතුර්මාර්‍ගඥානවේදයෙන් ලමුදම් දත් වන බැවින්) වේදගූ හයිද, (පැහූකෙලෙස් ඇති බැවින්) සොත්තියහයි ද, (කෙලෙසුන් දුරුකළ බැවින්) අරියහයි ද, රහත්හයි ද කියනු ලැබේ.
Pali BJT37. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සමණො හොති? සමිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා{2} පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු සමණො හොති.
Sinhala BJT37. මහණෙනි, කෙසේ මහණ ‘සමණ’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන ලමු අකුසල් දහම්හු සමිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘සමණ’ නම් වෙයි.
Pali BJT38. කථඤ්ච භික්ඛවෙ භික්ඛු බ්රාහ්මණො හොති? බාහිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු බ්රාහ්මණො හොති.
Sinhala BJT38. මහණෙනි, කෙසේ මහණ ‘බ්‍රාහ්මණ’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු බාහිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘බ්‍රාහ්මණ’ නම් වෙයි.
Pali BJT39. කථඤ්ච භික්ඛවෙ භික්ඛු නහාතකො හොති? නහාතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු නහාතකො හොති.
Sinhala BJT39. මහණෙනි, කෙසේ මහණ ‘නහාතක’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමුඅකුසල් දහම්හු දෝනාලදහු වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘නහාතක’ නම් වෙයි.
Pali BJT40. කථඤ්ච භික්ඛවෙ භික්ඛු වෙදගූ හොති? විදිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු වෙදගූ හොති.
Sinhala BJT40. මහණෙනි, කෙසේ මහණ වේදගූ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල්හු විදිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘වේදගූ’ නම් වෙයි.
Pali BJT41. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සොත්තියො හොති? නිස්සුතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු සොත්තියො හොති.
Sinhala BJT41. මහණෙනි, කෙසේ මහණ ‘සොත්තිය’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු නිඃසෘත (හරණලද) වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘සොත්තිය’ නම් වෙයි.
Pali BJT42. කථඤ්ච භික්ඛවෙ භික්ඛු අරියො හොති? ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු අරියො හොති.
Sinhala BJT42. මහණෙනි, කෙසේ මහණ ‘අරිය’ නම් වේ ද යත්: මොහු පිළිබඳ සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දූරිභූත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘අරිය’ නම් වෙයි.
Pali BJT43. කථඤ්ච භික්ඛවෙ භික්ඛු අරහං හොති? ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු අරහං හොතීති.
Sinhala BJT43. මහණෙනි, කෙසේ මහණ ‘අරහන්ත’ නම් වේ ද යත්: මොහු පිළිබඳ සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාරමණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දුරීභූත වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘අරහන්ත’ නම් වෙයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ මහාඅස්සපුරසූත්‍රය දෙසූහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අභිනන්‍දන කළෝ.
Pali BJTමහාඅස්සපුරසුත්තං නවමං.
Sinhala BJTමහාඅස්සපුර සූත්‍රය නවවැනියි.
Pali BJT1. 4. 10.
Sinhala BJT1. 4. 10.
Pali BJTචූළඅස්සපුරසුත්තං
Sinhala BJTචූළඅස්සපුර සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා අඞ්ගෙසු විහරති අස්සපුරං නාම අඞ්ගානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟුදනව්හි අඟුරට වැසියන්ගේ අස්සපුර නම් නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි මහණුන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT2. සමණා සමණාති වො භික්ඛවෙ ජනො සඤ්ජානාති. තුම්හෙ ච පන කෙ තුම්හෙති පුට්ඨා සමානා සමණාම්හාති පටිජානාථ. තෙසං වො භික්ඛවෙ එවංසමඤ්ඤානං සතං එවංපටිඤ්ඤානං සතං ‘යා සමණසාමීචිපටිපදා, තං පටිපදං පටිපජ්ජිස්සාම, එවං නො අයං අම්හාකං සමඤ්ඤා ච සච්චා භවිස්සති, පටිඤ්ඤා ච භූතා යෙසඤ්ච මයං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං{1} පරිභුඤ්ජාම, තෙසං තෙ කාරා අම්හෙසු මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා. අම්හාකඤ්චෙවායං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති සඵලා සඋද්රයා’ති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT2. මහණෙනි, මහදෙනේ ‘ශ්‍රමණයහ, ශ්‍රමණයහ’යි තොප හඳුනාගනී. තෙපිදු ‘තෙපි කවරව’යි පුළුවුස්නා ලදුව ‘ශ්‍රමණයම්හ’යි පිළින කරන්නාව. මහණෙනි, මෙබඳු ශ්‍රමණසංඥා ලත්, මෙබඳු ශ්‍රමණ ප්‍රතිඥා කරන, ඒ තොප විසින් “යම් මහණුනට නිසි අනුලොම් පිළිවෙත් ඇද්ද, එ පිළිවෙත් පිළිපදුම්හ. මෙසේ පිළිපදුත් ම, අපගේ මේ ශ්‍රමණසංඥාත් සත්‍ය වෙයි, ප්‍රතිඥාත් යථාර්‍ත්‍ථ වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳකරමෝ නම්, අප කෙරෙහි කරන උන්ගේ ඒ සත්කාරයෝ මහත්ඵල මහානෘශංස වෙතී. අපගේ ද මේ පැවිද්ද අවන්‍ධ්‍ය වෙයි, සඵල වෙයි, වෘද්ධි සහිත වේ”ය යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේය.
Pali BJT3. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න සමණසාමීචිපටිපදං පටිපන්නො හොති? යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣාලුස්ස අභිජ්ඣා අප්පහීනා හොති, බ්යාපන්නචිත්තස්ස බ්යාපාදො අප්පහීනො හොති, කොධනස්ස කොධො අප්පහීනො හොති, උපනාහිස්ස උපනාහො අප්පහීනො හොති, මක්ඛිස්ස මක්ඛො අප්පහීනො හොති, පළාසිස්ස පළාසො අප්පහීනො හොති, ඉස්සුකිස්ස ඉස්සා අප්පහීනා හොති, මච්ඡරිස්ස මච්ඡරියං අප්පහීනං හොති , සඨස්ස සාඨෙය්යං අප්පහීනං හොති, මායාවිස්ස මායා අප්පහීනා හොති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා අප්පහීනා හොති, මිච්ඡාදිට්ඨිස්ස{2} මිච්ඡාදිට්ඨි අප්පහීනා හොති, ඉමෙසං ඛො අහං භික්ඛවෙ සමණමලානං සමණදොසානං සමණකසටානං{3} ආපායිකානං ඨානානං දුග්ගතිවෙදනියානං අප්පහානා න සමණසාමීචිපටිපදං පටිපන්නොති වදාමි. සෙය්යථාපි භික්ඛවෙ මටජං නාම{4} ආවුධජාතං උභතොධාරං පීතනිසිතං. තදස්ස සඞ්ඝාටියා සම්පාරුතං සම්පලිවෙඨිතං{5}, තථූපමාහං භික්ඛවෙ ඉමස්ස භික්ඛුනො පබ්බජ්ජං වදාමි.
Sinhala BJT3. මහණෙනි, කෙසේ මහණ මහණුනට නිසි අනුලොම් පිළිවෙත නො පිළිපන්නේ වේ ද යත්: මහණෙනි, ලෝභබහුල යම්කිසි මහණකුට ඒ දළලෝබ නොපුහුන් වේ ද, ව්‍යාපන්න සිතැති මහණකුට ඒ ව්‍යාපාද නොපුහුන් වේ ද, කිපෙනසුලු මහණකුට ඒ ක්‍රෝධ නොපුහුන් වේ ද, බද්ධවෛර ඇති මහණකුට ඒ බද්ධවෛර නොපුහුන් වේ ද, මකුගුණ ඇති මහණකුට ඒ මකුසැහැවි නොපුහුන් වේ ද, (යුගග්‍රාහ ලක්‍ෂණ) පළාස ඇති මහණකුට ඒ පළාස ප්‍රහීණ නො වේ ද, ඊර්‍ෂ්‍යා ඇති මහණකුට ඒ ඊර්‍ෂ්‍යා ප්‍රහීණ නො වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරු බව ප්‍රහීණ නො වේ ද, ශඨ වූ මහණකුට ඒ සට බව ප්‍රහීණ නො වේ ද, මායා ඇති මහණකුට ඒ මායා ප්‍රහීණ නො වේ ද, පාපඉච්ඡා ඇති මහණකුට ඒ පාපේච්ඡා ප්‍රහීණ නො වේ ද, මිසදිටු ඇති මහණකුට ඒ මිසදිටු ප්‍රහීණ නො වේ ද, මහණෙනි, අපායෙහි ඉපැද්මට කරුණු වන, දුගතියෙහි විවා දුකට කරුණු වන, මේ මහණමල, මහණදොස්, මහණකසළ ප්‍රහීණ නො කිරීමෙන් සමණසාමිචිපටිපදා නො පිළිපන්හ’යි මම කියමි. මහණෙනි, යම්සේ දෙපස මුවාත් ඇති, දියපී, නහස්නා පහණ (උරගල) ගා තියුණුකළ මටජ නම් ආයුධ ජාතයෙක් වේද, එද සඟළින් පොරෝනා ලදුයේ, (කොපුවෙහි බහන ලදුයේ) මැනැවින් වෙළෙනා ලදුයේ වේ ද, මහණෙනි, මම මේ මහණහුගේ පැවිද්ද එබඳු කොට කියමි.
Pali BJT4. නාහං භික්ඛවෙ සඞ්ඝාටිකස්ස සඞ්ඝාටිධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ අචෙලකස්ස අචෙලකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ රජොජල්ලිකස්ස රජොජල්ලිකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ උදකොරොහකස්ස උදකොරොහකමත්තෙන{1} සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ රුක්ඛමූලිකස්ස රුක්ඛමූලිකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ අබ්භොකාසිකස්ස අබ්භොකාසිකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ උබ්භට්ඨකස්ස උබ්භට්ඨකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ පරියායභත්තිකස්ස පරියායභත්තිකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ මන්තජ්ඣායකස්ස{2} මන්තජ්ඣායකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ ජටිලකස්ස ජටාධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි.
Sinhala BJT4. මහණෙනි, මම සඞ්ඝාටිධාරණය සිල්කොට ඇතියහුගේ සඞ්ඝාටිධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම අචේලකයාගේ බහාලුපිළී ඇතිමතුයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම රජෝජල්ල ධාරණය සිල් කොට ඇතියහුගේ රජස්දැලි ධැරීම් මාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම දවස තුන්යලක් උදකාවගාහය (දියෙහි බැසීම) සිල් කොට ඇතියහුගේ උදකාවගාහමාත්‍රයෙන් මඟඵල නො වදාරමි. මහණෙනි, මම වෘක්‍ෂමූලවාසය සිල් කොට ඇතියහුගේ වෘක්‍ෂමූලවාසමාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම අභ්‍යවකාශවාසය සිල්කොට ඇතියහුගේ අභ්‍යවකාශවාසිකමාත්‍රයෙන් මඟඵල නොකියමි. මහණෙනි, මම උඩුකුරුව සිටිනු සිල් කොට ඇතියහුගේ උඩුකුරුව සිටීම්මතුයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම (මාසයෙකින් වේවයි, අඩමසෙකින් වේවයි වාරවශයෙන් බුදින) පර්‍ය්‍යායභක්තභෝජනය සිල් කොට ඇතියහුගේ පර්‍ය්‍යායභක්ත භෝජනශීලමාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම වෙදමන්ත්‍රහදාරන්නහුගේ මතුරුහදාරනු මතුයෙන් මඟ ඵල නොවදාරමි. මහණෙනි, මම ජටිලකයාගේ ජටාධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි.
Pali BJT5. සඞ්ඝාටිකස්ස චෙ භික්ඛවෙ සඞ්ඝාටිධාරණමත්තෙන අභිජ්ඣාලුස්ස{3} අභිජ්ඣා පහීයෙථ, බ්යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීයෙථ, කොධනස්ස කොධො පහීයෙථ, උපනාහිස්ස උපනාහො පහීයෙථ, මක්ඛිස්ස මක්ඛො පහීයෙථ, පළාසිස්ස පළාසො පහීයෙථ, ඉස්සුකිස්ස ඉස්සා පහීයෙථ, මච්ඡරිස්ස මච්ඡරියං පහීයෙථ, සඨස්ස සාඨෙය්යං පහීයෙථ, මායාවිස්ස මායා පහීයෙථ, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයෙථ, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයෙථ, තමෙනං මිත්තාමච්චා ඤාතිසාලොහිතා ජාතමෙව නං සඞ්ඝාටිකං කරෙය්යුං, සඞ්ඝාටිකත්තමෙව සමාදපෙය්යුං: “එහි ත්වං භද්රමුඛ, සඞ්ඝාටිකො හොහි සඞ්ඝාටිකස්ස තෙ සතො සඞ්ඝාටිධාරණමත්තෙන අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පහීයිස්සති, බ්යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීයිස්සති, කොධනස්ස කොධො පහීයිස්සති, උපනාහිස්ස උපනාහො පහීයිස්සති, මක්ඛිස්ස මක්ඛො පහීයිස්සති, පළාසිස්ස පළාසො පහීයිස්සති, ඉස්සුකිස්ස ඉස්සා පහීයිස්සති, මච්ඡරිස්ස මච්ඡරියං පහීයිස්සති, සඨස්ස සාඨෙය්යං පහීයිස්සති, මායාවිස්ස මායා පහීයිස්සති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයිස්සති, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයිස්සතී”ති. යස්මා ච ඛො අහං භික්ඛවෙ සඞ්ඝාටිකම්පි ඉධෙකච්චං පස්සාමි අභිජ්ඣාලුං බ්යාපන්නචිත්තං කොධනං උපනාහිං මක්ඛිං පළාසිං ඉස්සුකිං මච්ඡරිං සඨං මායාවිං පාපිච්ඡං මිච්ඡාදිට්ඨිං, තස්මා න සඞ්ඝාටිකස්ස සඞ්ඝාටිධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි.
Sinhala BJT5. මහණෙනි, ඉදින් සඞ්ඝාටි ධරණ අභිධ්‍යාබහුලයාගේ අභිධ්‍යාව සඞ්ඝාටිධාරණමාත්‍රයෙන් පහ ව යේ නම්, ව්‍යාපන්න චිත්ත පුද්ගලයාගේ ව්‍යාපාදය පහ ව යේ නම්, කෝධශීලීහුගේ ක්‍රෝධය පහ ව යේ නම්, උපනාහී පුද්ගලයාගේ උපනාහය පහ ව යේ නම්, ම්‍රක්‍ෂීපුද්ගලයාගේ මුක්‍ෂය පහ ව යේ නම්, පළාසිපුද්ගලයාගේ පළාසය පහ ව යේ නම්, ඉස්සුකී පුද්ගලයාගේ ඊර්‍ෂ්‍යාව පහ ව යේ නම්, මසුරු ඇතියහුගේ මසුරුබව පහ ව යේ නම්, සඨපුද්ගලාගේ සඨබව පහ ව යේ නම්, මායා ඇතියහුගේ මායාව පහ ව යේ නම්, පාපේච්ඡයාගේ පාපේච්ඡා පහ ව යේ නම්, මිථ්‍යාදෘෂ්ටිකයාගේ මිථ්‍යාදෘෂ්ටි පහ ව යේ නම්, මිත්‍රාමාත්‍යයෝ ද නෑසහලේනෑයෝ ද ජාතමාත්‍ර වූ ම (උපන්දා උපන්වන ම සිටි) තුලුන් සඞ්ඝාටික කරන්නාහ’ සාඞ්ඝාටිකත්‍වය ම සමාදන්කරවන්නාහ. කෙසේය යත්: “භද්‍රමුඛය, තො එ. සාඞ්ඝාටික ව. සඞ්ඝාටික වූ අභිධ්‍යා බහුල තාගේ සඞ්ඝාටිධාරණ මාත්‍රයෙන් අභිධ්‍යා පහව යෙයි. ව්‍යාපන්නචිත්ත වූ තාගේ ව්‍යාපාද පහව යෙයි. ක්‍රෝධඇති තාගේ ක්‍රෝධ පහ ව යෙයි. උපනාහී වූ තාගේ උපනාහ පහ ව යෙයි. ම්‍රක්‍ෂි වූ තාගේ මුක්‍ෂය පහ ව යෙයි. පළාසී වූ තාගේ පළාස පහ ව යෙයි. ඉස්සුකී වූ තාගේ ඊර්‍ෂ්‍යා පහ ව යෙයි. මච්ඡරී වූ තාගේ මාත්සර්‍ය්‍ය පහ ව යෙයි. සඨ වූ තාගේ සඨබව පහ ව යෙයි. මායාවී වූ තාගේ මායාව පහ ව යෙයි. පාපිච්ඡ වූ තාගේ පාපේච්ඡා පහව යෙයි. මිච්ඡාදිට්ඨික වූ තාගේ මිසදිටු පහ ව යෙයි’ කියායි. මහණෙනි, මම යම්හෙයෙකින් මෙලොව සඞ්ඝාටික වූත් කිසිවකු අභිධ්‍යාබහුල ව සිටුනහු දක්නෙම් ද, බ්‍යාපන්නචිත්ත වූවහු, කොධන වූවහු, උපනාහී වූවහු, මක්ඛී වූවහු, පළාසී වූවහු, ඉස්සුකී වූවහු, මච්ඡරී වූවහු, සඨ වූවහු, මායාවී වූවහු, පාපිච්ඡ වූවහු, මිච්ඡාදිට්ඨික වූවහු, දක්නෙම් ද, එහෙයින් සඞ්ඝාටිකයාගේ සඞ්ඝාටිධාරණ මාත්‍රයෙන් මඟඵල නොවදාරමි.
Pali BJT6. අචෙලකස්ස චෙ භික්ඛවෙ -පෙ- රජොජල්ලිකස්ස චෙ භික්ඛවෙ -පෙ- උදකොරොහකස්ස චෙ භික්ඛවෙ -පෙ- රුක්ඛමූලිකස්ස චෙ භික්ඛවෙ -පෙ- අබ්භොකාසිකස්ස චෙ භික්ඛවෙ -පෙ- උබ්භට්ඨකස්ස චෙ භික්ඛවෙ -පෙ- පරියායභත්තිකස්ස චෙ භික්ඛවෙ -පෙ- මන්තජ්ඣායකස්ස චෙ භික්ඛවෙ -පෙ- ජටිලකස්ස චෙ භික්ඛවෙ ජටාධාරණමත්තෙන අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පහීයෙථ, බ්යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීයෙථ, කොධනස්ස කොධො පහීයෙථ, උපනාහිස්ස උපනාහො පහීයෙථ, මක්ඛිස්ස මක්ඛො පහීයෙථ, පළාසිස්ස පළාසො පහීයෙථ, ඉස්සුකිස්ස ඉස්සා පහීයෙථ, මච්ඡරිස්ස මච්ඡරියං පහීයෙථ, සඨස්ස සාඨෙය්යං පහීයෙථ, මායාවිස්ස මායා පහීයෙථ, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයෙථ, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයෙථ, තමෙනං මිත්තාමච්චා ඤාතිසාලොහිතා ජාතමෙව නං ජටිලකං කරෙය්යුං, ජටිලකත්තමෙව සමාදපෙය්යුං: “එහි ත්වං භද්රමුඛ, ජටිලකො හොහි, ජටිලකස්ස තෙ සතො ජටාධාරණමත්තෙන අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පහීයිස්සති, බ්යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීයිස්සති, කොධනස්ස කොධො පහීයිස්සති, උපනාහිස්ස උපනාහො පහීයිස්සති, මක්ඛිස්ස මක්ඛො පහීයිස්සති, පළාසිස්ස පළාසො පහීයිස්සති, ඉස්සුකිස්ස ඉස්සා පහීයිස්සති, මච්ඡරිස්ස මච්ඡරියං පහීයිස්සති, සඨස්ස සාඨෙය්යං පහීයිස්සති, මායාවිස්ස මායා පහීයිස්සති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයිස්සති, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයිස්සතී”ති. යස්මා ච ඛො අහං භික්ඛවෙ ජටිලකම්පි ඉධෙකච්චං පස්සාමි අභිජ්ඣාලුං බ්යාපන්නචිත්තං කොධනං උපනාහිං මක්ඛිං පලාසිං ඉස්සුකිං මච්ඡරිං සඨං මායාවිං පාපිච්ඡං මිච්ඡාදිට්ඨිං, තස්මා න ජටිලකස්ස ජටාධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි.
Sinhala BJT6. මහණෙනි, ඉදින් අචේලක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් රජෝජල්ලික අභිධ්‍යා බහුලයාගේ ... මහණෙනි, ඉදින් උදකාවගාහක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් රුක්ඛමූලික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් අබ්භෝකාසික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් උබ්භට්ඨක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් පරියායභත්තික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් මන්තජ්ඣායක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් ජටිලක අභිධ්‍යාබහුලයාගේ ජටාධාරණමාත්‍රයෙන් අභිධ්‍යා පහ ව යේ නම්, (ජටිලකවූ) ව්‍යාපන්න සිත් ඇතියහුගේ ව්‍යාපාද පහ ව යේ නම්, (ජටිලක වූ) ක්‍රෝධ ඇතියහුගේ ක්‍රෝධය පහ ව යේ නම්, (ජටිලක වූ) බද්ධවෛර ඇතියහුගේ බද්ධවෛරය පහ ව යේ නම්, (ජටිලක වූ) ම්‍රක්‍ෂ ඇතියහුගේ ම්‍රක්‍ෂය පහ ව යේ නම්, (ජටිලක වූ) යුගග්‍රාහ ලක්‍ෂණපළාස ඇතියහුගේ පළාසය පහ ව යේ නම්, (ජටිලක වූ) ඊර්‍ෂ්‍යා ඇතියහුගේ ඊර්‍ෂ්‍යා පහ ව යේ නම්, (ජටිලක වූ) මසුරු ඇතියහුගේ මසුරුබව පහ ව යේ නම්, (ජටිලක වූ) සඨයාගේ සඨබව පහ ව යේ නම්, (ජටිලක වූ) මායාවීහුගේ මායා පහ ව යේ නම්, (ජටිලක වූ) පාපේච්ඡයාගේ පාපේච්ඡා පහ ව යේ නම්, (ජටිලක වූ) මිථ්‍යාදෘෂ්ටිකයාගේ මිසදිටු පහ ව යේ නම්, මිත්‍රාමාත්‍යයන් හා නෑසහලේ නෑයෝ ජාතමාත්‍ර වූ ම තුලුන් ජටිලක කරන්නාහ. ජටිලක බව ම සමාදන් කරවන්නාහ. කෙසේ ය යත්: “භද්‍ර මුඛය, තෝ එව ජටිලක ව ජටිලක වූ අභිධ්‍යාබහුල තාගේ ජටාධාරණමාත්‍රයෙන් අභිධ්‍යා පහ ව යෙයි. ව්‍යාපන්නචිත්ත වූ තාගේ ව්‍යාපාද පහ ව යෙයි. ක්‍රොධන වූ තාගේ ක්‍රෝධ පහ ව යෙයි. උපනාහී වූ තාගේ උපනාහ පහ ව යෙයි. ම්‍රක්‍ෂි වූ තාගේ ම්‍රක්‍ෂ පහ ව යෙයි. පළාසී වූ තාගේ පළාස පහ ව යෙයි. ඉස්සුකී වූ තාගේ ඊර්‍ෂ්‍යා පහ ව යෙයි. මච්ඡරී වූ තාගේ මාත්සර්‍ය්‍ය පහව යෙයි. සඨවූ තාගේ සඨබව පහ ව යෙයි. මායාවී වූ තාගේ මායාව පහව යෙයි. පාපිච්ඡ වූ තාගේ පාපේච්ඡා පහ ව යෙයි. මිච්ඡාදිට්ඨික වූ තාගේ මිසදිටු පහ ව යෙයි” කියායි. මහණෙනි, මම යම්හෙයෙකින් මෙලොව ජටිලකවූත් කිසිවකු අභිධ්‍යාබහුල ව සිටුනහු දක්නෙම් ද, බ්‍යාපන්නචිත්ත වූවහු, කොධන වූවහු, උපනාහී වූවහු, මක්ඛී වූවහු, පළාසී වූවහු, ඉස්සුකී වූවහු, මච්ඡරී වූවහු, සඨ වූවහු, මායාවී වූවහු, පාපිච්ඡ වූවහු, මිච්ඡාදිට්ඨික වූවහු, දක්නෙම් ද, එහෙයින් ජටිලකයාගේ ජටාධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි.
Pali BJT7. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සමණසාමීචිපටිපදං පටිපන්නො හොති? යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පහීනා හොති, බ්යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීනො හොති, කොධනස්ස කොධො පහීනො හොති, උපනාහිස්ස උපනාහො පහීනො හොති, මක්ඛිස්ස මක්ඛො පහීනො හොති, පළාසිස්ස පළාසො පහීනො හොති, ඉස්සුකිස්ස ඉස්සා පහීනා හොති, මච්ඡරිස්ස මච්ඡරියං පහීනං හොති, සඨස්ස සාඨෙය්යං පහීනං හොති, මායාවිස්ස මායා පහීනා හොති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීනා හොති, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීනා හොති, ඉමෙසං ඛො අහං භික්ඛවෙ සමණමලානං සමණදොසානං සමණකසටානං ආපායිකානං ඨානානං දුග්ගතිවෙදනියානං පහානා සමණසාමීචිපටිපදං පටිපන්නොති වදාමි.
Sinhala BJT7. මහණෙනි, කෙසේ මහණ මහණුනට නිසි අනුලොම් පිළිවෙත පිළිපන්නේ වේ ද යත්: මහණෙනි, ලොබබිහිලි යම්කිසි මහණකුට ඒ දළලෝබ, පුහුන් වේ ද, ව්‍යාපන්න සිතැති මහණකුට ඒ ව්‍යාපාද පුහුන් වේ ද, කිපෙනසුලු මහණකුට ඒ ක්‍රෝධ පුහුන් වේ ද, බද්ධවෛර ඇති මහණකුට ඒ බදවෙර පුහුන් වේ ද, මකු මහණකුට ඒ මකුසැහැවි පුහුන් වේ ද, (යුගග්‍රාහලක්‍ෂණ) පළාස ඇති මහණකුට ඒ පළාස පුහුන් වේ ද, ඊර්‍ෂ්‍යා ඇති මහණකුට ඒ ඊර්‍ෂ්‍යා පුහුන් වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරුබව පුහුන් වේ ද, ශඨ මහණකුට ඒ සළසෙ පුහුන් වේ ද, මායා ඇති මහණකුට ඒ මායා පුහුන් වේ ද, ලමුරිසි ඇති මහණකුට ඒ ලමුරිසි පුහුන් වේ ද, මිසදිටු ඇති මහණකුට ඒ මිසදිටු පුහුන් වේ ද, මහණෙනි, අපායෙහි ඉපැද්මට කරුණු වන, දුගතියෙහි විවාදුකට කරුණු වන, මේ මහණමල, මහණ දොස්, මහණ කසළ පුහුන් කිරීමෙන් සමණසාමීචිපටිපදා පිළිපන්හයි මම කියමි.
Pali BJT8. සො සබ්බෙහි ඉමෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි විසුද්ධමත්තානං සමනුපස්සති තස්ස සබ්බෙහි ඉමෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි විසුද්ධමත්තානං සමනුපස්සතො පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJT8. හේ ‘මෙ හැම ලමු අකුසල් දහමින් තමා විශුද්ධයහ’යි දක්නේය. ‘මෙ හැම ලමු අකුසල් දහමින් තමා විශුද්ධයහ’යි දක්නා ඔහුට ප්‍රමෝද උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීති උපදී. ප්‍රීතිසම්ප්‍රයුක්ත පුද්ගලයාගේ නාමකාය සන්හිඳුනේ වේ. සන්හුන්කය ඇතියේ සුඛ විඳුනේ ය. සුඛිතයාගේ සිත සමාධිගත වෙයි.
Pali BJT9. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන{1} ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. උපෙක්ඛාසහගතෙන{2} චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං.{3} ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
Sinhala BJT9. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැතිරැ ගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවනදිග, එසෙයින් සියුවනදිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන සර්‍වාත්මතායෙන් (සියලු සතුන් කෙරෙහි ආත්මසමතායෙන්) සර්‍වසත්ත්‍වවත් ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, දොම්නස් රහිත වූ මෙත් සහගිය සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. කුළුණු සහගිය සිතින් එක්දිගක් පැතිරැගෙන වාස කෙරෙයි එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන ... කුළුණු සහගිය සිතින් පැතිර ගෙන වාස කෙරෙයි. මුදිතාසහගත සිතින් එක් දිගක් පැතිරැගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැම තැන සර්‍වාත්මතායෙන් සර්‍ව සත්ත්‍ව සහිත ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ අවෛර, ව්‍යාබාධරහිත මුදිතාසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. උපේක්‍ෂාසහගත සිතින් එක් දිගත් පැතිරැගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන සර්‍වාත්මතායෙන් සර්‍ව සත්ත්‍ව සහිත ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, ව්‍යාබාධ රහිත උපේක්‍ෂාසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි.
Pali BJT10. සෙය්යථාපි භික්ඛවෙ පොක්ඛරණී අච්ඡොදිකා සාතොදිකා සීතොදිකා{4} සෙතකා සුපතිත්ථා රමණීයා, පුරත්ථිමාය චෙපි දිසාය පුරිසො{5} ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො.– සො තං පොක්ඛරණිං ආගම්ම විනෙය්ය උදකපිපාසං, විනෙය්ය ඝම්මපරිළාහං. පච්ඡිමාය චෙපි දිසාය පුරිසො ආගච්ඡෙය්ය -පෙ- උත්තරාය චෙපි දිසාය පුරිසො ආගච්ඡෙය්ය -පෙ- දක්ඛිණාය චෙපි දිසාය පුරිසො ආගච්ඡෙය්ය. -පෙ- යතො කුතො චෙපි නං පුරිසො{5} ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො, සො තං පොක්ඛරණිං ආගම්ම විනෙය්ය උදකපිපාසං, විනෙය්ය ඝම්මපරිළාහං.
Sinhala BJT10. මහණෙනි, යම්සේ පහන්දිය ඇති, මිහිරිදිය ඇති, සිහිල් දිය ඇති, මඩනැති, මනාතොට ඇති, රමණී පොකුණෙක් වේද, පෙරදිගිනුදු ඝර්‍මයෙන් තැවුලිපත්, ඝර්‍මයෙන් පෙළුණ, කලකුළු, තෘෂිත, දියපියැටි පුරුෂයෙක් එන්නේ වේ ද, හෙ එපොකුණ වෙත එළඹ දියපවස දුරුකර ගන්නේ වේ ද, ඝර්‍මපරිදාහ දුරුකරගන්නේ වේ ද, පැසුළුදිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... උතුරුදිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... දකුණු දිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... යම් ම දිගෙකිනුදු ඝර්‍මයෙන් තැවුලිපත්, ඝර්‍මයෙන් පෙළුණ, කලකුළු, තෘෂිත, දියපියැටි පුරුෂයෙක් එ පොකුණ කරා එන්නේ වේ ද, හෙ එ පොකුණ කරා අවුදු දියපවස දුරුකරගන්නේ වේ ද, ඝර්‍මපරිදාහ දුරුකරගන්නේ වේ ද -
Pali BJT11. එවමෙව ඛො භික්ඛවෙ ඛත්තියකුලා චෙපි අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම එවං මෙත්තං කරුණං මුදිතං උපෙක්ඛං{6} භාවෙත්වා ලභති අජ්ඣත්තං වූපසමා සමණසාමීචිපටිපදං{7} පටිපන්නොති වදාමි. බ්රාහ්මණකුලා චෙපි -පෙ- වෙස්සකුලා චෙපි -පෙ- සුද්දකුලා චෙපි -පෙ- යස්මා කස්මා චෙපි කුලා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම එවං මෙත්තං කරුණං මුදිතං උපෙක්ඛං භාවෙත්වා ලභති අජ්ඣත්තං වූපසමං. අජ්ඣත්තං වූපසමා සමණසාමීචිපටිපදං පටිපන්නොති{8} වදාමි.
Sinhala BJT11. මහණෙනි, එපරිදි ම කැත්කුලිනුදු ගිහිගෙන් නික්ම ඉදින් සස්නට පැමිණියේ වේ නම්, හෙ ද තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයට අවුදු මෙසෙයින් මෛත්‍රී කරුණා මුදුතා උපේක්‍ෂා වඩාගෙන සියසතන්හි ව්‍යුපශම ලබයි. සියසතන්හි ව්‍යුපශමයෙන් සමණසාමීචි - ප්‍රතිපදාවට පිළිපන්නේයයි කියමි. ඉදින් බ්‍රාහ්මණකුලයෙනුදු ... ඉදින් වෛශ්‍යකුලයෙනුදු ... ඉදින් ශුද්‍රකුලයෙනුදු ... ඉදින් යම් ම කුලයෙකිනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ ද, හෙ ද බුදුන් වදහළ දහම්විනයට අවුදු මෙසේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්‍ෂා භවාගෙන සියසතන්හි සන්හිඳුම ලබයි. සියසතන්හි සන්හිඳුමින් සමණසාමීචි - ප්‍රතිපදාවට පිළිපන්නේයයි කියමි.
Pali BJT12. ඛත්තියකුලා චෙපි අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ආසවානං ඛයා සමණො හොති. බ්රාහ්මණකුලා චෙපි -පෙ- වෙස්සකුලා චෙපි -පෙ- සුද්දකුලා චෙපි -පෙ- යස්මා කස්මා චෙපි කුලා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ආසවානං ඛයා සමණො හොතීති.
Sinhala BJT12. ඉදින් ක්‍ෂත්‍රියකුලයෙනූදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ නම්, හෙ ද ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙයි. ආස්‍රවක්‍ෂයහේතුයෙන් ශ්‍රමණ වෙයි. ඉදින් බ්‍රාහ්මණකුලයෙනුදු ... ඉදින් වෛශ්‍යකුලයෙනුදු ... ඉදින් ශුද්‍රකුලයෙනුදු ... ඉදින් යම් ම කුලයෙකිනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ නම්, හෙද ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙයි. ආස්‍රවක්‍ෂයහේතුයෙන් ශ්‍රමණ වෙයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ බස අභිනන්‍දන කළහ.
Pali BJTචූළඅස්සපුරසුත්තං දසමං.
Sinhala BJTචූළඅස්සපුර සූත්‍රය දසවැනියි.
Pali BJTමහායමකවග්ගො චතුත්ථො.
Sinhala BJTමහායමක වග සතරවැනියි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං:
Sinhala BJTඒ වර්‍ගයාගේ උද්දානය:
Pali BJTගිඤ්ජකසාලවනං{1} පරිහාතුං පාපිමතො{2} පුනසච්චකනිසෙධො{3} වණ්ණපසීදනතාදි ච{4} ඉන්දො කෙවට අස්සපුරං ජටිලෙනාති.{5}{*}
Sinhala BJT(‘එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථ’ යනාදීන් ආරබ්ධ) චූළගොසිඞ්ග සූත්‍රය හා (එකං සමයං භගවා ගොසිඞ්ගසාලවනදායෙ විහරති’ යනාදීන් ආරබ්ධ) මහා ගොසිඞ්හ සූත්‍රය යන සූත්‍ර දෙක ය, (අභබ්බො ගොගණං පරිහරිතුං, යනාදීන් වදාළ) මහාගොපාලක සූත්‍රය, (ඡින්නං පාපිමතො සෙනං’යි ‘පාපිමතො’ යනු සඳහන් ලත්) චූළගොපාලක සූත්‍රය ය, නැවත චූළසච්චක සූත්‍රය හා (අනද තෙරණුවන් විසින් ‘සාධු භන්තෙ භගවා මුහුත්තං නිසීදතු’යි භගවත්හුගේ ගමනනිෂෙධය කළ සෙ සඳහන් වන) මහාසච්චක සූත්‍රය, (පහයෙහි වැනුම් හා මුගලන් තෙරණුවන් විසින් කළ ඉදුහයෙන් එහි සැලුම් ආදිය ද, ‘සක්ක දෙවානමින්‍දං සංවිග්ගං ලොමහට්ඨජාතං’යි ත්‍රස්ත ඉන්‍දයා ද සඳහන් ලත්) චුළතණ්හාසඞ්ඛය සූත්‍රය, (‘සාතිස්ස නාම භික්ඛුනො කෙවට්ටපුත්තස්ස’ යනාදීන් දෘෂ්ටිගතය සඳහන් ලත්) මහාතණ්හාසඞ්ඛය සූත්‍රය ය, මහා අස්සපුර සූත්‍රය ය, (‘තස්මා න ජටිලකස්ස ජටාධාරණ මත්තෙන සාමඤ්ඤං වදාමි’යි ‘ජටිලක’යා පර්‍ය්‍යවසාන කොටතබා මහණුවම් නඟනඟා වදාළ සෙ සඳහන් ලත්) චූළඅස්සපුර සූත්‍රයෙනැ යි මෙසේ මහායමකවර්‍ගය’ නිමියේ යි.
Pali BJT5. චූළයමකවග්ගො
Sinhala BJT5. චූල යමක වර්‍ගය
Pali BJT1. 5. 1.
Sinhala BJT1. 5. 1.
Pali BJTසාලෙය්යකසුත්තං
Sinhala BJTසාලෙය්‍යක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: – එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන සාලා නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි.
Sinhala BJT1. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මහබික්සඟන හා සමඟ කොසොල් දනවියෙහි (අතුරිතචාරිකා විසින්) සැරිසරනසේක් කොසොල්රැටියන්ගේ සාලා නම් බමුණු ගමට වැඩිසේක.
Pali BJT2. අස්සොසුං ඛො සාලෙය්යකා බ්රාහ්මණගහපතිකා: “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං සාලං අනුප්පත්තො. තං ඛො පන භවන්තං{1} ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං, සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා{2} සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT2. සාලා බමුණුගැමි බමුණු ගැහැවියෝ “භවත්නි, සැහැපුත්, සැහැකුලෙන් පැවිදිපත්, මහණගොයුම්හු මහබික්සඟන හා සමඟ කොසොල් දනව්හි සැරිසරනසේක් සාලාගමට වැඩිසේක්ල. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙබඳු කලණ යසගී පැනැනැඟිණ: ඒ භගවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථියහ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ. ඒ භගවත්හු දෙවියන් සහිත මරුන් සහිත මෙලොව හා, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමා විසින් දැන පසක් කොට දන්වත් ඒ භගවත්හු ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසත්. කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බඹසර පවසත්. එවන් රහතුන් දස්නෙක් වේ නම් මනා මැ නු”යි ඇසූහු මැයි.
Pali BJT3. අථ ඛො සාලෙය්යකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං{3} වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො සාලෙය්යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං:
Sinhala BJT3. එසඳ සාලාගම බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු වූහු තුස්නට නිසි සිහිකරන්නට නිසි කථා කොට නිමවා එකත්පස් ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි නම්ගොත් අස්වා එකත්පස් ව හුන්හු. කෙනෙක් නිහඬ ව එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් සාලාගම බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
Pali BJT4. කො නු ඛො භො ගොතම හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති?{4} කො පන භො ගොතම හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති?
Sinhala BJT4. භවත් ගොයුම් ගොතුව, යම් හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් පහ ව ගිය, නපුරුගති ඇති, විනිවාප වූ, නිරැ වැදැ ගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? භවත් ගොයුම්ගොතුව, යම් හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්‍ගලෝකයට වැද ගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?යි පුළුවුත් හු.
Pali BJT5. අධම්මචරියා විසමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. ධම්මචරියා සමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJT5. ගැහැවියෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් වෙන් ව සිටි, නපුරුගති ඇති, විනිපාත වූ නිරැ වැදගනිති. ගැහැවියෙනි, ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා හේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්‍ගලෝකයට වැද ගනිතියි වදාළහ.
Pali BJT6. න ඛො මයං ඉමස්ස භොතො ගොතමස්ස සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානාම. සාධු නො භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථා මයං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යාමාති. තෙන හි ගහපතයො සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භොති ඛො සාලෙය්යකා බ්රාහ්මණගහපතිකා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT6. “විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නොකළ, සැකෙවින් වදහළ, භවත් ගොයුම්ගොතුවන්ගේ තෙල බස පිළිබඳ ව විස්තර වශයෙන් අර්‍ත්‍ථමාර්‍ගය අපි නො දනුම්හ. භවත් ගොයුමන් විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නොකළ, සැකෙවින් වදහළ, තෙල බස ගෙන යම් සැටියෙකින් අපි විස්තර විසින් අර්‍ත්‍ථ දැනැගනුමෝ නම්, භවත් ගෞතමයන් වහන්සේ ඒ සැටියෙන් අපට දහම් දෙසනසේක් නම් මනා මැනු”යි සැළකළහ. “ගැහැවියෙනි, එසේ නම් අසව, මනාකොට මෙනෙහි කරව, කියම්හ”යි වදාළහ. භවත්නි, එසේ යැ යි සල්ගැමි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJT7. තිවිධං ඛො ගහපතයො කායෙන අධම්මචරියා විසමචරියා හොති. චතුබ්බිධං වාචාය අධම්මචරියා විසමචරියා හොති. තිවිධං මනසා අධම්මචරියා විසමචරියා හොති.
Sinhala BJT7. ගැහැවියෙනි, කායද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි. වාග්ද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා චතුර්විධ වෙයි. මනෝද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
Pali BJT8. කථඤ්ච ගහපතයො තිවිධං කායෙන අධම්මචරියා විසමචරියා හොති? ඉධ ගහපතයො එකච්චො පාණාතිපාතී හොති ලුද්දො{1} ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො{2} පාණභූතෙසු.{3} අදින්නාදායී ඛො පන හොති, යං තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා තං අදින්නං{4} ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති. කාමෙසුමිච්ඡාචාරී ඛො පන හොති, යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා{5} භාතුරක්ඛිතා භගිනීරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා{6} සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසො මාලාගුණපරික්ඛිත්තාපි, තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හොති. එවං ඛො ගහපතයො තිවිධං කායෙන අධම්මචරියා විසමචරියා හොති.
Sinhala BJT8. ගැහැවියෙනි, කෙසේ කායද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා කරනු වෙයි, කැකුළු වෙයි. ලෙයින් වැකි අත් ඇති වෙයි. මෙරමා කෙටීමෙහි දු මැරීමෙහි දු නිවිෂ්ට වෙයි. ප්‍රාණීන් කෙරෙහි නිදැලි වෙයි. අයිනාදන් කරනුවෙයි. පරා අයත්, එයින්ම පරාසතු පරා තුටු කරන පිරිකරබඩු ගම්හි තැබුවා වේවායි, අරන්හි තැබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැන ස්තෙයසඞ්ඛ්‍යාතයෙන් (සොරසිතින්) ගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර ඇතිවෙයි: මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සස්සාමිකා ය, සපරිදණ්ඩා යයි යම් ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මාලාදාමයෙන් විවාහපිණිස පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරි භාවයට පැමිණෙනු වෙයි. ගැහැවියෙනි, මෙසේ කාදොරින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
Pali BJT9. කථඤ්ච ගහපතයො චතුබ්බිධං වාචාය අධම්මචරියා විසමචරියා හොති? ඉධ ගහපතයො එකච්චො මුසාවාදී හොති සභාගතො{7} වා පරිසගතො{8} වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො රාජකුල මජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො:{9} ‘එහම්භො{10} පුරිස යං ජානාසි තං වදෙහී’ති. සො අජානං වා ආහ ජානාමීති, ජානං වා ආහ න ජානාමීති, අපස්සං වා ආහ පස්සාමීති, පස්සං වා ආහ න පස්සාමීති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිස කිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසිතා හොති. පිසුණවාචො{11} ඛො පන හොති: ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තා{12} භින්නානං වා අනුප්පදාතා, වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දී වග්ගකරණිං{13} වාචං භාසිතා හොති. ඵරුසාවාචො{14} ඛො පන හොති. යා සා වාචා අණ්ඩකා{15} කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපී ඛො පන හොති: අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං{16} භාසිතා{17} අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං. එවං ඛො ගහපතයො චතුබ්බිධං වාචාය අධම්මචරියා විසමචරියා හොති.
Sinhala BJT9. ගැහැවියෙනි, කෙසේ වාග්ද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා චතුර්විධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් මුසවා බණනු වෙයි: සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේව යි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි, “එම්බා පුරුෂය, යමක් දන්හි ද, එ කියා” යි පුළුවුස්නා සඳහා අභිමුඛයට කැඳවනුලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව හේ නොදන්මින් හෝ දන්මි කියයි. දන්මින් හෝ නොදන්මී කියයි, නොදක්මින් හෝ දක්මී කියයි, දක්මින් හෝ නොදක්මී කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස්හේතුයෙන් වේවයි, දැන දැන මුසවා බණනු වෙයි. පිසුනුබස් ඇති වෙයි: මෙහි දී අසා මුන් බිඳුනා සඳහා එතැන කියනු වෙයි, එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට කියනු වෙයි. මෙසේ සමඟි දෙයහළු බිඳුනේ හෝ වෙයි, බිඳුණු දෙයහළුවන් වියෝවනු සඳහා අනුබල දෙනු හෝ වෙයි. වර්‍ග ව සිටිනු දක්නා කැමැතියේ, වර්‍ගයෙහි ඇලුම් ඇතියේ, වර්‍ගව සිටුනා දැක තුස්නේ (සමග වූවනුදු බිඳී යනසේ) වර්‍ග කරන බස් බණනු වෙයි. පරුස් බස් ඇති වෙයි: (ගරහනු අවමනු ඈ වදනින්) අඬු ඇති, කැකුළු, පරහට කුළු වූ, (චිත්ත දූෂණ උදාකරන) මෙරමා ඝටන, කෝපයට අසල්ව සිටුනා, සමාධියට හානිකර යම් ම බස් ඇද්ද, එබඳු බස් බණනු වෙයි. ප්‍රලාප ඇති වෙයි: (යුතුකල් පියා) අයතුකල කියනු වෙයි, නොවූ දැය කියනු වෙයි, අර්‍ත්‍ථරහිත දැය කියනු වෙයි, අස්වභාව කියනු වෙයි, සංවරවිනය නොකියනු වෙයි, (හෘදයම ඤ්ජුෂායෙහි) නිදහනට නොනිසි බස් බණනු වෙයි, අකාලයෙහි සූත්‍රාපදේශරහිත කොට පර්‍ය්‍යන්තරහිත කොට අනර්‍ත්‍ථසංහිත කොට බෙණේ. ගැහැවියෙනි, මෙසේ විසිදොරින් අධර්‍මචර්‍ය්‍යාවිෂමචර්‍ය්‍යා චතුර්විධ වෙයි.
Pali BJT10. කථඤ්ච ගහපතයො තිවිධං මනසා අධම්මචරියා විසමචරියා හොති? ඉධ ගහපතයො එකච්චො අභිජ්ඣාලු හොති: යං තං පරස්ස පරවිත්තූපකරණං තං අභිජ්ඣිතා{1} හොති ‘අහො වත යං පරස්ස තං මම අස්සා’ති. බ්යාපන්නචිත්තො ඛො පන හොති පදුට්ඨමනසඞ්කප්පො: ඉමෙ සත්තා හඤ්ඤන්තු වා වජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුං{2} ඉති චා’ති. මිච්ඡාදිට්ඨි{3} ඛො පන හොති විපරීතදස්සනො: නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො නත්ථි පරො{4} ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා{5} සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො ගහපතයො තිවිධං මනසා අධම්මචරියා විසමචරියා හොති.
Sinhala BJT10. ගැහැවියෙනි, කෙසේ මනෝද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වේ ය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල වෙයි. පරා අයත් යම් පිරිකර බඩු ඇද්ද, එබඩු (තමනට වුව මැනැව යන) ලොබ සිතින් බලනු වෙයි. “අහෝ, පරාසතු යම් දැයෙක් වේ ද, ඒ මා සතු වේවයි” පතනුයේ වෙයි. විපන්සිත් ඇති වෙයි, ද්වේෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති වෙයි: “මෙසත්හු ඝාතන ලබත්වයි හෝ, සිඳුනා ලබත්වයි හෝ නසනුලබත්වයි හෝ, නොහොත් නහමක් වෙත්වයි හෝ” කියායි. විපර්‍ය්‍යාසදර්‍ශන ඇති මිසදිටුයෙක් (අකුසලදර්‍ශන ඇතියෙක්) හෝ වෙයි: “දුන් දැය විපාක නැත. යාගවිපාක නැත. අමුතුවනට යුතු කළ දන විපාක නැත. කුශලාකුශල කර්‍මයන්ගේ ඵලවිපාක නැත. (පරලොව සිටියානට) මෙලෝ නැත. (මෙලෝ සිටියානට) පරලෝ නැත. (මාපියන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති - මිථ්‍යා ප්‍රතිපත්තියෙන් වන ඵල නැතියෙන්) මවු නැත. පියා නැත. (සැව උපදනා සතුන් නැතියෙන්) ඕපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සම්‍යග් ගත, සම්‍යක් ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව නැත” කියායි. ගැහැවියෙනි, මෙසේ මනදොරින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
Pali BJT11. එවං අධම්මචරියා විසමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.{6}
Sinhala BJT11. ගැහැවියෙනි, මෙසේ අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් කිසි සත්ත්‍ව කෙනෙක් මෙසෙයින් කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ ව සිටි, නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයට වැද ගනිති.
Pali BJT12. තිවිධං ඛො ගහපතයො කායෙන ධම්මචරියා සමචරියා හොති. චතුබ්බිධං වාචාය ධම්මචරියා සමචරියා හොති. තිවිධං මනසා ධම්මචරියා සමචරියා හොති.
Sinhala BJT12. ගැහැවියෙනි, කායද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි. වාග්ද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා චතුර්විධ වෙයි. මනෝද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
Pali BJT13. කථඤ්ච ගහපතයො තිවිධං කායෙන ධම්මචරියා සමචරියා හොති? ඉධ ගහපතයො එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති: නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති: යං තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා තං නාදින්නං{7} ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති. කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනීරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසො මාලාගුණපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හොති. එවං ඛො, ගහපතයො තිවිධං කායෙන ධම්මචරියා සමචරියා හොති.
Sinhala BJT13. ගැහැවියෙනි, කෙසේ කාදොරින් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා හැරැ පියා පණිවායෙන් දුරුවූයේ වෙයි: බහා ලූ දඬු ඇති ව, බහා ලූ සත් ඇති ව, (පාපජුගුප්සා ලක්‍ෂණ) ලජ්ජා ඇති ව, දයාපන්න ව, සර්‍වසත්ත්‍ව හිතානුකම්පී ව වාස කෙරෙයි. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළකියේ වෙයි: පරා අයත්, එයින් ම පරාසතු, තුටු උපදවන, පිරිකර බඩු ගම්හි තුබුවා වේවයි, අරන්හි තුබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැය ස්තෙයසඞ්ඛ්‍යාත සොරසිතින් නොගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර හැර පියා කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි: මතුරක්ඛිතාය, පිතුරක්ඛිතාය, මාතාපිතුරක්ඛිතාය, භාතුරක්ඛිතාය, භගිනිරක්ඛිතාය, ඤාතිරක්ඛිතාය, ගොත්තරරක්ඛිතාය, ධම්මරක්ඛිතාය, සස්සාමිකාය, සපරිදණ්ඩා ය යි යම්ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරිත්‍වයට නොපැමිණෙනු වෙයි. ගැහැවියෙනි මෙසේ කායද්වාරයෙන් ධර්‍මාචාර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
Pali BJT14. කථඤ්ච ගහපතයො චතුබ්බිධං වාචාය ධම්මචරියා සමචරියා හොති? ඉධ ගහපතයො එකච්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති: සභාගතො{1} වා පරිසගතො{2} වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො:{3} ‘එහම්භො{4} පුරිස යං ජානාසි තං වදෙහී’ති. සො අජානං{5} වා ආහ න ජානාමීති, ජානං වා ආහ ජානාමීති, අපස්සං වා ආහ න පස්සාමීති,{6} පස්සං වා ආහ පස්සාමීති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති. පිසුණං වාචං{7} පහාය පිසුණාය වාචාය{8} පටිවිරතො හොති: ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං{9} භාසිතා හොති.
Sinhala BJT14. ගැහැවියෙනි, කෙසේ වාග්ද්වාරයෙන් ධර්‍මාචාර්‍ය්‍යා සමචර්‍ය්‍යා චතුර්විධ වේය යත්: ගැවියෙනි, මෙලොව එකෙක් මුසවා හැරැපියා මුසවායෙන් වැළකියේ වෙයි: සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේවයි, සේනාසමූහයන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි, “එම්බා පුරුෂය, යමක් දන්හි ද, එ කියා”යි පුළුවුස්නා සඳහා අභිමුඛයට කැඳවනලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව, හේ නොදන්මින් හෝ නො දන්මි කියයි. දන්මින් හෝ දන්මි කියයි. නොදක්මින් හෝ නොදක්මී කියයි. දක්මින් හෝ දක්මී කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස්හේතුයෙන් වේවයි, දැන දැන මුසවා නො බණනු වෙයි. පිසුනු බස් පියා පිසුනු බසින් වැළකියේ වෙයි. මෙහිදී අසා මුන් බිඳුනා සඳහා එතැන නොකියනු වෙයි. එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට නොකියනු වෙයි. මෙසේ බිඳුණු දෙයහළුවන් සන්‍ධාන කරනු හෝ වෙයි. සමගි දෙයහළුවන් සන්‍ධාන සඳහා අනුබල දෙනු හෝ වෙයි. සමග ව සිටිනු දක්නා කැමතියේ, සමගියෙහි ඇලුම් ඇතියේ, සමග ව සිටුනා දැක තුස්නේ, සමග කරන බස් බණනු වෙයි.
Pali BJTඵරුසං වාචං{10} පහාය ඵරුසාය වාචාය{11} පටිවිරතො හොති: යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති: කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා{12} කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. එවං ඛො ගහපතයො චතුබ්බිධං වාචාය ධම්මචරියා සමචරියා හොති.
Sinhala BJTපරුස් බස් පියා පරුස් බසින් වැළකියේ වෙයි. නිදොස්, කනට සුවදා, පෙම් දනවන, ළගන්නා, පුරවැසියනට නිසි, බොහෝදෙනාට පිය වූ, බොහෝදෙනා මනවඩන යම් බස් ඇද්ද, එබඳු බස් කියනු වෙයි. ප්‍රලාප පියා පලපින් වැළකියේ වෙයි. බුණුව මනා කල් බලා බණනු වෙයි. ඇතිසැටි බණනු වෙයි. අරුතු බණනු වෙයි. දහම් බණනු වෙයි. විනය දහම් බණනු වෙයි. යුතුකල කරුණු සහිත, පිරිසිඳුම් ඇති, අරුත් ඇසිරි කළ ළෙහි නිදහන් කළයුතු බස් බණනු වෙයි. ගැහැවියෙනි, මෙසේ වාග්ද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා චතුර්විධ වෙයි.
Pali BJT15. කථඤ්ච ගහපතයො තිවිධං මනසා ධම්මචරියා සමචරියා හොති? ඉධ ගහපතයො එකච්චො අනභිජ්ඣාලු හොති: යං තං පරස්ස පරවිත්තූපකරණං, තං නාභිජ්ඣිතා{13} හොති: ‘අහො වත යං පරස්ස තං මම අස්සා’ති. අබ්යාපන්නචිත්තො ඛො පන හොති අප්පදුට්ඨමනසඞ්කප්පො: ‘ඉමෙ සත්තා අවෙරා අබ්යාපජ්ඣා{14} අනීඝා සුඛී අත්තානං පරිහරන්තූ’ති. සම්මාදිට්ඨි{15} ඛො පන හොති අවිපරීතදස්සනො: ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා{16} සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො, ගහපතයො තිවිධං මනසා ධම්මචරියා සමචරියා හොති.
Sinhala BJT15. ගැහැවියෙනි, කෙසේ මනෝද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල නොවෙයි. පරාඅයත් එයින් ම පරාසතු තුටු දනවන, යම් පිරිකර බඩු ඇද්ද, ඒ ලොබසිතින් නොබලනු වෙයි: “පරාසතු යම් දැයෙක් වේද, ඒ මා සතු වේවයි පතනුයේ නොවෙයි. විපන් සිත් ඇති නොවෙයි ද්වේෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති නොවෙයි”. “මෙ සත්හු අවෛර ව, අව්‍යාබාධ ව, අනීඝ ව, සුඛිතව ආත්ම පරිහරණ කෙරෙත්වා” කියාය. අවිපරීත දර්‍ශන ඇති සම්‍යග් දෘෂ්ටික වෙයි: “දුන් දැය විපාක ඇත. යාග විපාක ඇත. අමුතුවනට සකස් කළ දන විපාක ඇත. කුශලාකුශලකර්‍මයන්ගේ ඵලවිපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවු ඇත. පියා ඇත. ඕපපාතික සත්ත්‍වයෝ ඇත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ට ඥානයෙන් පසක් කොටගෙන පවසද්ද, එබඳු සම්‍යග්ගත, සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව ඇත” කියාය. ගැහැවියෙනි, මෙසේ මනදොරින් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
Pali BJT16. එවං ධම්මචරියා සමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.{17}
Sinhala BJT16. ගැහැවියෙනි, මෙසේ ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා හේතුයෙන් මෙලොව මෙසේ කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට වැදගනිති.
Pali BJT17. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඛත්තියමහාසාළානං වා සහව්යතං{1} උපපජ්ජෙය්යන්ති,{2} ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා ඛත්තිසමහාසාළානං වා සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා බ්රාහ්මණමහාසාළානං වා -පෙ- ගහපතිමහාසාළානං වා සහව්යතං උපපජ්ජෙය්යන්ති, ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා ගහපතිමහාසාළානං වා සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
Sinhala BJT17. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම් කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම් “හේ කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල් කුලන්ගේ වේවයි, සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවරහෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල්කුලන්ගේ වේවයි, සහභාවයට පැමිණෙම් නම්, මනා මැනු” යි ... ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු” යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින.
Pali BJT18. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති, ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා චාතුමහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා තාවතිංසානං දෙවානං -පෙ- යාමානං දෙවානං -පෙ- තුසිතානං දෙවානං -පෙ- නිම්මානරතීනං දෙවානං -පෙ- පරනිම්මිතවසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති, ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
Sinhala BJT18. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම් “හේ කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි. ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ ... යාම වැසි දෙවියන්ගේ ... තුසී පුර වැසි දෙවියන්ගේ ... නිම්මානරති වැසි දෙවියන්ගේ ... පරනිම්මිතවසවත්ති වැසි දෙවියන්ගේ ... සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි. කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි පරනිම්මිත වසවත්ති දෙවියන් ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි, එහෙයින.
Pali BJT19. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති, ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ආභානං දෙවානං -පෙ- පරිත්තාභානං දෙවානං -පෙ- අප්පමාණාභානං දෙවානං -පෙ- ආභස්සරානං දෙවානං{3} -පෙ- සුභානං දෙවානං -පෙ- පරිත්තසුභානං{4} දෙවානං -පෙ- අප්පමාණසුභානං දෙවානං -පෙ- සුභකිණ්ණකානං{5} දෙවානං -පෙ- වෙහප්ඵලානං දෙවානං -පෙ- අවිහානං දෙවානං -පෙ- අතප්පානං දෙවානං -පෙ- සුදස්සානං දෙවානං -පෙ- සුදස්සීනං දෙවානං -පෙ- අකනිට්ඨකානං දෙවානං -පෙ- ආකාසානඤ්චායතනූපගානං දෙවානං -පෙ- විඤ්ඤාණඤ්චායතනූපගානං දෙවානං -පෙ- ආකිඤ්චඤ්ඤායතනූපගානං දෙවානං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති, ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
Sinhala BJT19. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම්, මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායිකදෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි ආභ දෙවියන්ගේ ... පරිත්තාභ දෙවියන්ගේ ... අප්පමාණාභ දෙවියන්ගේ ... ආභස්සර දෙවියන්ගේ ... සුභ දෙවියන්ගේ … පරිත්තසුභ දෙවියන්ගේ … අප්පමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්නක දෙවියන්ගේ ... වෙහප්ඵල දෙවියන්ගේ ... අවිහ දෙවියන්ගේ ... අතප්ප දෙවියන්ගේ ... සුදස්ස දෙවියන්ගේ ... සුදස්සී දෙවියන්ගේ ... අකනිට්ඨක දෙවියන්ගේ ... ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ ... විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ ... ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය, ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින.
Pali BJT20. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති. ඨානං ඛො පනෙතං විජ්ජති යං සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරීති{1}.
Sinhala BJT20. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති - ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ” යන තෙල කරුණ සිදුවන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
Pali BJT21. එවං වුත්තෙ සාලෙය්යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය. පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති, එවමෙවං{2} භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං{3} ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං{4} සරණං ගතෙ”ති.{5}
Sinhala BJT21. මෙසේ වදාළ කල්හි සල්ගම් වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ සළහ: භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනවි, භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනවි, භවත් ගොයුම්ගොතුවෙනි, යම් පරිදි යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ වේ ද, මග මුළාපත් යමකුට මග හෝ කියාපානේ වේද, ‘ඇස් ඇතියාහු රූ දක්නාහ’ යි අඳුරුයෙහි තෙල් පහන් ධරන්නේ හෝ වේ ද, එපරිදි ම භවත් ගොයුම් ගොතුවන් විසින් නන්නියරින් දහම් පැවසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හ, ධර්‍මය හා බික්සඟන ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද ආදිකොට අප දිවිහිමියෙන් සරණගත උපාසකයන් සේ රුස්නාසේක්වයි සැළ කළහ.
Pali BJTසාලෙය්යකසුත්තං පඨමං.
Sinhala BJTසාලෙය්‍යක සූත්‍රය පළමු වැනියි
Pali BJT1. 5. 2.
Sinhala BJT1. 5. 2.
Pali BJTවෙරඤ්ජකසුත්තං
Sinhala BJTවේරඤ්ජක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා සාවත්ථියං පටිවසන්ති කෙනචිදෙව කරණීයෙන.
Sinhala BJT1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ‘ජේතවන’ නම් වූ, අනේ වඩු මහසිටාණන්ගේ අරම්හි වැඩවසනසේක. එකල වේරඤ්ජාවැසි බමුණු ගැහැවිහු කිසියම් කරුණින් සැවැත්හි වාස කෙරෙති.
Pali BJT2. අස්සොසුං ඛො වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තං ඛො පන භවන්තං{3} ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං, සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා{6} සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT2. වේරඤ්ජාවැසි බමුණුගැහැවිහු “භවත්නි, සැහැපුත්, සැහැකුලෙන් පැවිදිපත්, මහණගොයුම්හු සැවැත් නුවර ‘ජේතවන’ නම් වූ, අනේවඩු මහසිටාණන් අරමෙහි වැඩ වසනසේක්ල. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙවන් කලණ යසගී උස් ව නැගිණ: ඒ භගවත්හු මෙකරුණිනුදු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ. ඒ භගවත්හු දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මෙලොව හා, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමාවිසින් දැන, පසක් කොට දන්වති. ඒ භගවත්හු ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසති. කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසති එබඳු රහතුන්ගේ දර්‍ශනයෙක් වේ නම් මනා මැනු” යි ඇසූහු මැයි.
Pali BJT3. අථ ඛො වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං:
Sinhala BJT3. එක්බිති වේරඤ්ජාවැසි බමුණුගැහැවිහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සම්මෝදනා කළහ. සම්මෝදනයට නිසි, සිහිකරන්නට නිසි කථා කොට නිමවා එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි නම්ගොත් අස්වා එකත්පස් ව හුන්හු. කෙනෙක් නිහඬ ව එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් වේරඤ්ජාවැසි බමුණු ගැහැවිහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
Pali BJT4. කො නු ඛො භො ගොතම හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති? කො පන භො ගොතම හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති?
Sinhala BJT4. භවත් ගොයුම්ගොතුව, යම්හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් පහව සිටි, නපුරු ගති ඇති, විනිපාත වූ නිරෑ වැද ගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? භවත් ගොයුම්ගොතුව, යම්හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති, ස්වර්‍ගලෝකයට වැදගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?යි පුළුවුත්හු.
Pali BJT5. අධම්මචරියා විසමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති; ධම්මචරියා සමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJT5. ගැහැවියෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් වෙන් ව සිටි නපුරුගති ඇති, විනිපාත වූ, නිරයට වැදගනිති. ගැහැවියෙනි, ධර්‍ම චර්‍ය්‍යා සමචර්‍ය්‍යාහේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති, ස්වර්‍ගලෝකයට වැදැගනිතියි වදාළහ.
Pali BJT6. “න ඛො මයං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානාම. සාධු නො භවං ගොතමො තථා ධම්මං දෙසෙතු, යථා මයං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යාමා”ති.
Sinhala BJT6. “භවත් ගොයුම්ගොතුවන් විසින් විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නොකළ, සැකෙවින් වදහළ, තෙල බස පිළිබඳ විස්තරාර්‍ත්‍ථමාර්‍ගය අපි නො දනුම්හ. භවත් ගොයුමන් විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නොකළ, සැකෙවින් වදහළ තෙල බස ගෙන යම් සැටියෙකින් අපි විස්තර විසින් අර්‍ත්‍ථ දැන ගනුමෝ නම්, භවත් ගෞතමයන් වහන්සේ ඒ සැටියෙන් අපට දහම් දෙසන සේක් නම් මනා මැනු”යි ඔහු සැළකළහ.
Pali BJT7. තෙන හි ගහපතයො සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භොති ඛො වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT7. ගැහැවියෙනි, එකරුණින් අසව, මනා කොට මෙනෙහි කරව, කියම්හ”යි වදාළහ. ‘භවත්නි, එසේ යැ’යි වේරඤ්ජායෙහි වාස කරන බමුණු ගැහැවිහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
Pali BJT8. තිවිධං ඛො ගහපතයො කායෙන අධම්මචාරී විසමචාරී හොති. චතුබ්බිධං වාචාය අධම්මචාරී විසමචාරී හොති. තිවිධං මනසා අධම්මචාරී විසමචාරී හොති.
Sinhala BJT8. ගැහැවියෙනි, කාදොරින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි. විසිදොරින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල චතුර්විධ වෙයි. මනදොරින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
Pali BJT9. කථඤ්ච ගහපතයො තිවිධං කායෙන අධම්මචාරී විසමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. අදින්නාදායී ඛො පන හොති: යන්තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤ ගතං වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති. කාමෙසුමිච්ඡාචාරී ඛො පන හොති: යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනීරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසො මාලාගුණපරික්ඛිත්තාපි, තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හොති. එවං ඛො ගහපතයො තිවිධං කායෙන අධම්මචාරී විසමචාරී හොති.
Sinhala BJT9. ගැහැවියෙනි, කෙසේ කාදොරින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා කරනු වෙයි: දරුණු වෙයි, ලෙයින් වැකි අතැති වෙයි, මෙරමා කෙටීමෙහිදු මැරීමෙහිදු නිවිෂ්ට වෙයි, ප්‍රාණීන් කෙරෙහි දයාරහිත වෙයි. අයිනාදන් ගනු වෙයි, පරා අයත්, පරාසතු තුටු දනවන පිරිකර බඩු ගම්හි තුබුවා වේවයි, අරන්හි තුබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැන ස්තෙයසඞ්ඛ්‍යාතයෙන් (සොර සිතින්) ගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර ඇති වෙයි: මාතුරක්ඛිතාය, පිතුරක්ඛිතාය, මාතාපිතුරක්ඛිතාය, භාතුරක්ඛිතාය, භගිනිරක්ඛිතාය, ඤාතිරක්ඛිතාය, ගොත්තරක්ඛිතාය, ධම්මරක්ඛිතාය, සස්සාමිකාය, සපරිදණ්ඩාය යි යම් ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරිත්‍වයට පැමිණෙනු වෙයි. ගැහැවියෙනි, මෙසේ කයින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
Pali BJT10. කථඤ්ච ගහපතයො චතුබ්බිධං වාචාය අධම්මචාරී විසමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො මුසාවාදී හොති: සභාගතො වා පරිසගාතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො ‘එහම්භො පුරිස යං ජානාසි තං වදෙහී’ති. සො අජානං වා ආහ ජානාමීති, ජානං වා ආහ න ජානාමීති, අපස්සං වා ආහ පස්සාමීති. පස්සංවා ආහ න පස්සාමීති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසිතා හොති. පිසුණවාචො ඛො පන හොති: ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති සමග්ගානං වා භෙත්තා භින්නානං වා අනුප්පදාතා, වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසවාචො ඛො පන හොති: යා සා වාචා අණ්ඩකා{1} කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපී ඛො පන හොති: අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා{2} අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං. එවං ඛො ගහපතයො චතුබ්බිධං වාචාය අධම්මචාරී විසමචාරී හොති.
Sinhala BJT10. ගැහැවියෙනි, කෙසේ වචනයෙන් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල චතුර්විධ වේය යත්: ගැහැවියෙනි මෙලොව එකෙක් මුසවා බණනු වෙයි: සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේවයි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි ‘එම්බා පුරුෂය, යමක් දන්හි ද, ඒ කියා”යි පුළුවුස්නා සඳහා ඉදිරියට කැඳවනුලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව, හේ නොදන්මින් හෝ දන්මි කියයි, දන්මින් හෝ නොදන්මී කියයි, නො දක්මින් හෝ දක්මී කියයි, දක්මින් හෝ නොදක්මී කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස් හේතුයෙන් වේවයි, දැන දැන මුසවා බණනු වෙයි. පිසුනු බස් ඇති වෙයි: මෙහිදී අසා මුන් බිඳුනා සඳහා එතැන කියනු වෙයි. එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට කියනු වෙයි. මෙසේ සමඟි දෙයහළු බිඳිනු හෝ වෙයි. බිඳුනු දෙයහළුවන් අසන්‍ධාන සඳහා අනුබල දෙනු හෝ වෙයි. වර්‍ග ව සිටිනු දක්නා කැමැතියේ, වර්‍ගයෙහි ඇලුම් ඇතිවේ, වර්‍ග ව සිටුනා දැක තුස්නේ, (සමග වූවනුදු බිඳීයන සේ) වග කරන බස් බණනු වෙයි. පරුස් බස් ඇති වෙයි: (ගරහනු අවමනු ඈ වදනින්) අඬු ඇති, කැකුළු, පරාහට කුළු වූ, (චිත්ත දූෂණ උදා කරන) මෙරමා ඝටන කෝපයට අසල් ව සිටුනා, සමාධියට හානිකර යම් ම බස් ඇද්ද, එබඳු බස් බණනු වෙයි. පල්ප ඇති වෙයි: (යුතුකල් පියා) අයුතු කල කියනු වෙයි. නො වූ දැය කියනු වෙයි. අර්‍ත්‍ථරහිත දැය කියනු වෙයි. අස්වභාව කියනු වෙයි. සංවර විනය නොකියනු වෙයි. (ළෙහි) නිදහනට නොනිසිබස් බණනු වෙයි. අකාලයෙහි සූත්‍රාපදේශ රහිත කොට පර්‍ය්‍යන්ත රහිත කොට අනර්‍ත්‍ථසංහිත කොට බෙණේ. ගැහැවියෙනි, මෙසේ වචනයෙන් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල චතුර්විධ වෙයි.
Pali BJT11. කථඤ්ච ගහපතයො තිවිධං මනසා අධම්මචාරී විසමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො අභිජ්ඣාලු හොති: යං තං පරස්ස පරචිත්තූපකරණං තං අභිජ්ඣිතා හොති: අහො වත යං පරස්ස තං මම අස්සා’ති.
Sinhala BJT11. ගැහැවියෙනි, කෙසේ මනසින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යා බහුල වෙයි පරා අයත්, යම් ම තුටු කරන පිරිකර බඩු ඇද්ද, එබඩු (තමනට වුව මැනව යන) ලොබ සිතින් බලනු වෙයි: “යගහ, පරාසතු යම් දැයෙක් වේ ද ඒ මා සතු වෙවා” කියාය.
Pali BJTබ්යාපන්නචිත්තො ඛො පන හොති පදුට්ඨමනසඞ්කප්පො: ඉමෙ සත්තා හඤ්ඤන්තු වා වජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා, මා වා අහෙසුං ඉති වා’ති. මිච්ඡාදිට්ඨි{1} ඛො පන හොති විපරීතදස්සනො: නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකා පරඤ්ච ලොකා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. එවං ඛො ගහපතයො තිවිධං මනසා අධම්මචාරී විසමචාරී හොති.
Sinhala BJTවිපන් සිත් ඇත්තේ ද්වේෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති වෙයි: “මෙ සත්හු ඝාතන ලබත්වයි හෝ, වධ ලබත්වයි හෝ, සිඳුනා ලබත්වයි හෝ, නස්නා ලබත්වයි හෝ, නොහොත් නහමක් වෙත්වයි හෝ”යි කියායි. විපර්‍ය්‍යාස දර්‍ශන ඇති මිසදුටුයෙක් හෝ වෙයි: “දුන් දැන විපාක නැත. යාග විපාක නැත. අමුතුවනට යුතුකළ දන විපාක නැත. කුශලාකුශලකර්‍මයන් ගේ ඵලවිපාක නැත. (පරලොව සිටියානට) මෙලෝ නැත. (මෙලෝ සිටියානට) පරලෝ නැත. (මාපියන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති - මිථ්‍යා ප්‍රතිපත්තියෙන් වන ඵල නැතියෙන්) මවු නැත, පියා නැත. (සැව උපදනා සතුන් නැතියෙන්) ඕපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පර ලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සම්‍යග්ගත්, සම්‍යක් ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව නැත” කියායි. ගැහැවියෙනි, මෙසේ මනසින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
Pali BJT12. එවං අධම්මචරියා විසමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
Sinhala BJT12. ගැහැවියෙනි, මෙසේ අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් මෙසෙයින් කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ ව සිටි. නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයට වැදගනිති.
Pali BJT13. තිවිධං ඛො ගහපතයො කායෙන ධම්මචාරී සමචාරී හොති. චතුබ්බිධං වාචාය ධම්මචාරී සමචාරී හොති. තිවිධං මනසා ධම්මචාරී සමචාරී හොති.
Sinhala BJT13. ගැහැවියෙනි, කයින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි. වචනයෙන් ධර්‍මචාරී සමචාරී පුද්ගල චතුර්විධ වෙයි. මනසින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
Pali BJT14. කථඤ්ච ගහපතයො තිවිධං කායෙන ධම්මචාරී සමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති: යන්තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, තං නාදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති. කාමෙසුමිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසො මාලාගුණපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හොති. එවං ඛො ගහපතයො තිවිධං කායෙන ධම්මචාරී සමචාරී හොති.
Sinhala BJT14. ගැහැවියෙනි, කෙසේ කයින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා හැරපියා පණිවායෙන් දුරුවූයේ වෙයි. බහාතැබූ දඬු ඇති ව, බහා තැබූ සත් ඇති ව, ලජ්ජා ඇති ව, දයාපන්න ව, සර්‍වසත්ත්‍වහිතානු කම්පී ව වාස කෙරෙයි. අයිනාදන් හැරැපියා අයිනාදනින් වැළකියේ වෙයි: පරා අයත්, එයින් ම පරා සතු තුටුදා පිරිකරබඩු ගම්හි තුබුවා වේවයි. අරන්හි තුබුවා වේවයි, ඇද්ද, ඒ නුදුන් දැය ස්තෙය සඞ්ඛ්‍යාතයෙන් නොගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි: මාතුරක්ඛිතාය, පිතුරක්ඛිතාය, මාතාපිතුරක්ඛිතාය, භාතුරක්ඛිතාය, භගිනිරක්ඛිතාය, ඤාතිරක්ඛිතාය, ගොත්තරක්ඛිතාය, ධම්මරක්ඛිතාය, සස්සාමිකාය, සපරි දණ්ඩායයි යම් ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එවන් මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරිත්‍වයට නොපැමිණෙනු වෙයි. ගැහැවියෙනි, මෙසේ කයින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
Pali BJT15. කථඤ්ච ගහපතයො චතුබ්බිධං වාචාය ධම්මචාරී සමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති: සභාගතො වා පරිසග්ගතො වා ඤාතිමජ්ඣගතොවා පූගමජ්ඣගතොවා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො: ‘එහම්භො පුරිස, යං ජානාසි තං වදෙහී’ති සො අජානං වා ආහ න ජානාමීති, ජානං වා ආහ ජානාමීති, අපස්සංවා ආහ න පස්සාමීති, පස්සංවා ආහ පස්සාමීති.
Sinhala BJT15. ගැහැවියෙනි, කෙසේ වචනයෙන් ධර්‍මචාරී සමචාරී පුද්ගල චතුර්විධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් මුසවා හැරපියා මුසවායෙන් වැළැකියේ වෙයි: සෙබෙහි සිටියේ වේවයි. ගම්පිරිස්හි සිටියේ වේවායි, නෑමුළුයෙහි සිටියේ වේවයි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි “එම්බා පුරුෂය, යමක් දන්හි ද, ඒ කියා”යි පුළුවුස්නා සඳහා නෙත්තියට කැඳවන ලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව, හේ නොදන්මින් හෝ නොදන්මී කියයි. දන්මින් හෝ දන්මි කියයි. නොදක්මින් හෝ නොදක්මී කියයි, දක්මින් හෝ දක්මී කියයි.
Pali BJTඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති: ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති: යා සා වාචා නෙලා කණ්ණසුඛං පෙමණීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති.{1} කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා{1} කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. එවං ඛො ගහපතයො චතුබ්බිධං වාචාය ධම්මචාරී සමචාරී හොති.
Sinhala BJTමෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, ඇලුප් පමණ අත්ලස් හේතුයෙන් වේවයි, දැන දැන මුසවා නො බණනු වෙයි. පිසුනු බස් පියා පිසුනු බසින් වැළැකියේ වෙයි: මෙහිදී අසා මුන් බිඳුනා සඳහා එතැන නොකියනු වෙයි. එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට නොකියනු වෙයි. මෙසේ බිඳුණු දෙයහළුවන් සන්‍ධාන කරනු හෝ වෙයි. සමඟි දෙයහළුවන් ගළපනු සඳහා අනුබල දෙනු හෝ වෙයි. සමග ව සිටිනු දක්නා කැමැතියේ, සමගියෙහි ඇලුම් ඇතියේ, සමග ව සිටුනා දැක තුස්නේ, සමග කරන බස් බණනු වෙයි. පරුස බස් පියා පරුස් බසින් වැළැකියේ වෙයි: නිදොස්, කනට සුවදා, පෙම් දනවන, ළගන්නා, පුරට නිසි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනා මනවඩන, යම්බස් ඇද්ද, එබඳු බස් කියනු වෙයි. පලප් පියා පලපින් වැළැකියේ වෙයි: කල් බලා බණනු වෙයි. ඇති දැය බණනු වෙයි. අරුත් බණනු වෙයි. දහම් බණනු වෙයි. විනය බණනු වෙයි. යුතුකල කරුණු සහිත, පිරිසිඳුම් ඇති, අරුත් ඇසිරි කළ, ළෙහි නිදහන් කළ යුතු, බස් බණනු වෙයි. ගැහැවියෙනි, මෙසේ වචනයෙන් ධර්‍මචාරී සමචාරී පුද්ගල චතුරුවිධ වෙයි.
Pali BJT16. කථඤ්ච ගහපතයො තිවිධං මනසා ධම්මචාරී සමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො අනභිජ්ඣාලු හොති: යං තං පරස්ස පරවිත්තූපකරණං තං නාභිජ්ඣාතා හොති: අහො වත යං පරස්ස තං මම අස්සා’ති. අබ්යාපන්නචිත්තො ඛො පන හොති අප්පදුට්ඨමනසඞ්කප්පො: ඉමෙ සත්තා අවෙරා අබ්යාපජ්ඣා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූති. සම්මාදිට්ඨි{2} ඛො පන හොති අවිපරීතදස්සනො: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො ගහපතයො තිවිධං මනසා ධම්මචාරී සමචාරී හොති.
Sinhala BJT16. ගැහැවියෙනි, කෙසේ මනසින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල නොවෙයි. පරා අයත්, යම් පරාසතු තුටුදා පිරිකරබඩු ඇද්ද, ඒ ලොබසිතින් නොබලනු වෙයි: “අහෝ පරා සතු යම් දැයෙක් වේද, ඒ මාසතු වේවා” කියායි. විපන් සිත් නැත්තේ ද්වේෂයෙන් දුෂ්ට චිත්ත සඞ්කල්ප ඇත්තේ නොවෙයි: ‘මෙසත්හු අවෛර ව, අව්‍යාබාධ ව, අනීඝ ව, සුඛිත ව, ආත්ම පරිහරණ කෙරෙත්වා” කියායි. අවිපරීත දර්‍ශන ඇති සම්‍යක් දෘෂ්ටික වෙයි: “දුන් දැය විපාක ඇත, යාගවිපාක ඇත, අමුතුවනට සකස් කළ දන විපාක ඇත, කුශලාකුශලකර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඕපපාතික සත්ත්‍වයෝ ඇත, යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සම්‍යග්ගත, සම්‍යක් ප්‍රතිපන්න, මහණබමුණෝ ලොව ඇත” කියායි ගැහැවියෙනි, මෙසේ මනසින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
Pali BJT17. එවං ධම්මචරියා සමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJT17. ගැහැවියෙනි, මෙසේ ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා හේතුයෙන් මෙලොව මෙසෙයින් කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට වැදගනිති.
Pali BJT18. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඛත්තියමහාසාලානං වා සහව්යතං{3} උපපජ්ජෙය්යන්ති, ඨානං ඛො පනෙතං විජ්ජති, යං සො කායස්ස භෙදා පරම්මරණා ඛත්තියමහාසාලානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
Sinhala BJT18. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු” යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල් කුලන්ගේ වේව යි, සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
Pali BJTආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා බ්රාහ්මණමහාසාලානං වා -පෙ- ගහපතිමහාසාලානං වා සහව්යතං උපපජ්ජෙය්යන්ති, ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා ගහපතිමහාසාලානං වා සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
Sinhala BJTගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල්කුලන්ගේ වේව යි, සහභාවයට පැමිණෙම් නම් මනා මැනු යි ... ගැහැවිමහසල්කුලන්ගේ වේව යි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
Pali BJT19. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති’ ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා තාවතිංසානං දෙවානං -පෙ- යාමානං දෙවානං -පෙ- තුසිතානං දෙවානං -පෙ- නිම්මානරතීනං දෙවානං -පෙ- පරනිම්මිතවසවත්තීනං දෙවානං -පෙ- බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති’ ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
Sinhala BJT19. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි තවුතිසා වැසි දෙවියන්ගේ ... යාම වැසි දෙවියන්ගේ ... තුසීපුර වැසිදෙවියන්ගේ ... නිම්මානරති වැසි දෙවියන්ගේ ... පරනිම්මිතවසවත්ති වැසි දෙවියන්ගේ ... බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවරහෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
Pali BJT20. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ආභානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති’ ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා ආභානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා පරිත්තාභානං දෙවානං -පෙ- අප්පමාණාභානං දෙවානං -පෙ- සුභානං දෙවානං -පෙ- ආභස්සරානං දෙවානං -පෙ- පරිත්තසුභානං දෙවානං -පෙ- අප්පමාණසුභානං දෙවානං -පෙ- සුභකිණ්හකානං{1} දෙවානං -පෙ- වෙහප්ඵලානං දෙවානං -පෙ- අවිහානං දෙවානං -පෙ- අතප්පානං දෙවානං -පෙ- සුදස්සානං දෙවානං -පෙ- සුදස්සීනං දෙවානං -පෙ- අකනිට්ඨකානං දෙවානං -පෙ- ආකාසානඤ්චායතනූපගානං දෙවානං -පෙ- විඤ්ඤාණඤ්චායතනූපගානං දෙවානං -පෙ- ආකිඤ්චඤ්ඤායතනූපගානං දෙවානං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති’ ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
Sinhala BJT20. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි ආභදෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි ආභදෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි පරිත්තාභ දෙවියන්ගේ ... අප්පමාණාභ දෙවියන්ගේ ... ආභස්සර දෙවියන්ගේ ... සුභ දෙවියන්ගේ ... පරිත්තසුභ දෙවියන්ගේ ... අප්පමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්ණක දෙවියන්ගේ ... වෙහප්ඵල දෙවියන්ගේ ... අවිහ දෙවියන්ගේ ... අතප්ප දෙවියන්ගේ ... සුදස්ස දෙවියන්ගේ ... සුදස්සි දෙවියන්ගේ ... අකනිට්ඨක දෙවියන්ගේ ... ආකාසාඤ්චායතනූපග දෙවියන්ගේ ... විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ ... ආකිඤ්චකඤ්ඤායතනූපග දෙවියන්ගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවරහෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
Pali BJT21. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී අහො වතාහං ආසවානං ඛයා අනාසව චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති’ ඨානං ඛො පනෙතං විජ්ජති යං සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරීති.
Sinhala BJT21. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙම් නම්, මනා මැනු”යි කැමැති වේ නම්, “හේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
Pali BJT22. එවං වුත්තෙ වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං{1} සරණං ගතෙති.
Sinhala BJT22. මෙසේ වදාළ කල්හි වේරඤ්ජා වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනැවි. භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනැවි භවත් ගොයුම්ගොතුවෙනි, යම්පරිදි යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ වේද, මඟ මුළාපත් යමකුට මඟ කියා පානේ හෝ වේ ද, එපරිදි ම භවත් ගොයුම්ගොතුවන් විසින් නන්නියරින් දහම් පැවැසිණ තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හ. ධර්‍මය හා බික්සඟන ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද ආදි කොට දිවිහිමියෙන් සරණ ගත උපාසකයන් සේ අප රුස්නා සේක්වයි සැළකළහ.
Pali BJTවෙරඤ්ජකසුත්තං දුතියං.
Sinhala BJTවේරඤ්ජක සූත්‍රය දෙවැනියි.
Pali BJT1. 5. 3.
Sinhala BJT1. 5. 3.
Pali BJTමහාවෙදල්ලසුත්තං
Sinhala BJTමහාවේදල්ල සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{2} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ‘ජේතවන’ නම් වන, අනේපිඬු මහසිටාණන්ගේ අරම්හි වැඩවසනසේක. එකල ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්වරුයෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමඟ සතුටු වූහ. තුස්නට නිසි සිහිකරනුවට නිසි බස් බැණ නිමවා එකත්පස්හි හුන්හු. එකත් පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණූන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළකළහ.
Pali BJT2. “දුප්පඤ්ඤො දුප්පඤ්ඤොති ආවුසො වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො දුප්පඤ්ඤොති වුච්චතී”ති?
Sinhala BJT2. “ඇවැත්නි, දුෂ්ප්‍රාඥය, දුෂ්ප්‍රාඥයයි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් දුෂ්ප්‍රාඥය යි කියනු ලැබේ ද?”
Pali BJTනප්පජානාති නප්පජානාතීති ඛො ආවුසො, තස්මා දුප්පඤ්ඤොති වුච්චති. කිඤ්ච නප්පජානාති? ඉදං දුක්ඛන්ති නප්පජානාති, අයං දුක්ඛසමුදයොති නප්පජානාති, අයං දුක්ඛනිරොධොති නප්පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති නප්පජානාති. නප්පජානාති, නප්පජානාතීති ඛො ආවුසො, තස්මා දුප්පඤ්ඤොති වුච්චති.
Sinhala BJT‘නොදනියි නොදනියි යනු යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘දුෂ්ප්‍රාඥය’යි කියනු ලැබේ. කුමක් නොදන්නේය යත්: ‘දුක මේ’ යයි නොදන්නේය. ‘දුඃඛසමුදය මේ’යයි නොදන්නේය, ‘දුඃඛනිරෝධ මේ’යයි නොදන්නේය. ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් මේ’යයි නොදන්නේය. ඇවැත්නි, මෙසේ ‘නොදනියි නොදනියි’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘දුෂ්ප්‍රාඥය’යි කියනු ලැබේ.
Pali BJT3. සාධාවුසොති ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡි:
Sinhala BJT3. ඇවැත්නි, මැනැවැ”යි කියා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස අභිනන්‍දන කොට අනුමෝ ව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් මතුයෙහි පැන පුළුවුත්හ:
Pali BJT“පඤ්ඤවා පඤ්ඤවාති ආවුසො වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො පඤ්ඤවාති වුච්චතී”ති?
Sinhala BJT“ඇවැත්නි, ‘පැනැතිය පැනැතිය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් පැනැතිය’යි කියනු ලැබේ ද?”
Pali BJTපජානාති පජානාතීති ඛො ආවුසො, තස්මා පඤ්ඤවාති වුච්චති. කිඤ්ච පජානාති? ඉදං දුක්ඛන්ති පජානාති, අයං දුක්ඛසමුදයොති පජානාති, අයං දුක්ඛනිරොධොති පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති පජානාති. පජානාති පජානාතීති ඛො ආවුසො, තස්මා පඤ්ඤවාති වුච්චති.
Sinhala BJTඇවැත්නි, ‘දනී දනී’ යන යම්හෙතුයෙක් වේද, එහෙයින් පැනැතියහ’යි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘දුක මේ’ යයි දන්නේය, දුඃඛසමුදය මේ’යයි දන්නේය ‘දුඃඛනිරෝධ මේ’යයි දන්නේය, ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් මේ’යයි දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දනී දනී’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘පැනැතියහ’යි කියනු ලැබේ.
Pali BJT4. “විඤ්ඤාණං විඤ්ඤාණන්ති ආවුසො වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො විඤ්ඤාණන්ති වුච්චතී”ති?
Sinhala BJT4. “ඇවැත්නි ‘විඥානය විඥානය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් ‘විඥාන’යයි කියනු ලැබේ ද?”
Pali BJTවිජානාති විජානාතීති ඛො ආවුසො, තස්මා විඤ්ඤාණන්ති වුච්චති. කිඤ්ච විජානාති: සුඛන්තිපි විජානාති, දුක්ඛන්තිපි විජානාති, අදුක්ඛමසුඛන්තිපි විජානාති. විජානාති විජානාතීති ඛො ආවුසො, තස්මා විඤ්ඤාණන්ති වුච්චතීති.
Sinhala BJTඇවැත්නි, ‘දන්නේය, දන්නේය’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘සුඛවේදනා ය’යි ද දන්නේය. ‘දුඃඛ වේදනා ය’යිද දන්නේය. ‘අදුඃඛාසුඛවේදනා ය’යි ද දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දන්නේය, දන්නේ ය’යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘විඥාන’ය යි කියනු ලැබේ.