Pali BJT13. භූතමිදන්ති භික්ඛවෙ ඉතිපි වො එත්ථ නිබ්බිචිකිච්ඡාති{1}? එවම්භන්තෙ. තදාහාරසම්භවන්ති භික්ඛවෙ ඉතිපි වො එත්ථ නිබ්බිචිකිච්ඡාති? එවම්භන්තෙ. තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම්මන්ති භික්ඛවෙ ඉතිපි වො එත්ථ නිබ්බිචිකිච්ඡාති? එවම්භන්තෙ.
Sinhala BJT13. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ යැයි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරෝධයෙන් නිරෝධ සැහැවි ඇතියි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය.
Pali BJT14. භූතමිදන්ති භික්ඛවෙ යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨන්ති? එවම්භන්තෙ. තදාහාරසම්භවන්ති භික්ඛවෙ යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨන්ති? එවම්භන්තෙ. තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම්මන්ති භික්ඛවෙ යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨන්ති? එවම්භන්තෙ.
Sinhala BJT14. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ යැයි යථාභූතය විවසුන් නුවණින් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යයනිරෝධයෙන් නිරෝධස්වභාව ඇතියි යථාභූතය විවසුන් නුවණින් දුටුයේ වේ ද? වහන්ස, එසේය.
Pali BJT15. ඉමඤ්චෙ තුම්හෙ භික්ඛවෙ දිට්ඨිං එවං පරිසුද්ධං එවං පරියොදාතං අල්ලීයෙථ කෙළායෙථ ධනායෙථ{2} මමායෙථ, අපි නු තුම්හෙ භික්ඛවෙ කුල්ලූපමං ධම්මං දෙසිතං ආජානෙය්යාථ නිත්ථරණත්ථාය නො ගහණත්ථායාති? නො හෙතම්භන්තෙ. ඉමඤ්චෙ තුම්හෙ භික්ඛවෙ දිට්ඨිං එවං පරිසුද්ධං එවං පරියොදාතං න අල්ලීයෙථ න කෙළායෙථ න ධනායෙථ{3} න මමායෙථ, අපි නු තුම්හෙ{4} භික්ඛවෙ කුල්ලූපමං ධම්මං දෙසිතං ආජානෙය්යාථ නිත්ථරණත්ථාය නො ගහණත්ථායාති? එවම්භන්තෙ.
Sinhala BJT15. මහණෙනි, ඉදින් තෙපි මෙසෙයින් (ස්වභාවදර්‍ශනයෙන්) පරිශුද්ධ, මෙසෙයින් (ප්‍රත්‍යයදර්‍ශනයෙන්) පර්‍ය්‍යවදාත, මේ සම්‍යග්දෘෂ්ටිය (තෘෂ්ණා දෘෂ්ටීන්) ඇලීගෙන වසවු නම්, කෙළිකොට ගනිවු නම්, ධනය මෙන් කොට ගනිවු නම්, මමත්‍වය කරවු නම්, මහණෙනි, “නිස්තරණය (සසරින් එතෙරවීම) පිණිස වත් මුත් ග්‍රහණය පිණිස නොවෙති”යි පසුරක් බඳු කොට මවිසින් දහම් දෙසුවා තෙපි පිළිගනිවු ද? වහන්ස, තෙල නොවේ ම ය. මහණෙනි, ඉඳින් තෙපි මෙසෙයින් පරිශුද්ධ, මෙසෙයින් පර්‍ය්‍යවදාත, මේ සම්දිටු ඇලීගෙන නොවසවු නම්, කෙළිකොට නොගනිවු නම්, ධන වැනි කොට නොගනිවු නම්, මහණෙනි, තෙපි “නිස්තරණය පිණිස වත් මුත් (නිකාන්ති විසින්) ගන්නා සඳහා නොවෙති”යි පසුරක් බඳු කොට දහම් දෙසුවා පිළිගන්නහු ද? වහන්ස, එසේය.
Pali BJT16. චත්තාරොමෙ භික්ඛවෙ ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළිඞ්කාරො{5} ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං.
Sinhala BJT16. මහණෙනි, හටගත් සත්ත්‍වයනට ස්ථිති පිණිස හටගන්නා සත්ත්‍වයනට අනුග්‍රහ පිණිස මේ ආහාරයෝ සතරදෙනෙකි. කවර සතරදෙනෙක යත්: කබලිඞ්කාර (පිඩුකොට කෑ යුතු ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ ආහාරය, දෙවන ඵස්සාහාර ය, තෙවන මනෝසඤ්චේතනාහාර ය, සතරවන විඤ්ඤාණාහාර යි.
Pali BJT17. ඉමෙ ච භික්ඛවෙ චත්තාරො ආහාරා කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවා? ඉමෙ චත්තාරො ආහාරා තණ්හානිදානා තණ්හාසමුදයා තණ්හාජාතිකා තණ්හාපභවා.
Sinhala BJT17. මහණෙනි, මේ ආහාරයෝ සතරදෙන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? මේ ආහාරයෝ සතරදෙන තෘෂ්ණානිදාන කොට තෘෂ්ණාසමුදය කොට තෘෂ්ණාජාතික කොට තෘෂ්ණාප්‍රභව කොට ඇතියහ.
Pali BJT18. තණ්හා චායං භික්ඛවෙ කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවා? තණ්හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා.
Sinhala BJT18. මහණෙනි, මේ තෘෂ්ණා කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? තෘෂ්ණා වේදනානිදාන කොට වෙදනාසමුදය කොට වේදනා ජාතික කොට වේදනා ප්‍රභව කොට ඇතිය.
Pali BJT19. වෙදනා චායං භික්ඛවෙ කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවා? වෙදනා ඵස්සනිදානා ඵස්සසමුදයා ඵස්සජාතිකා ඵස්සපභවා.{1}
Sinhala BJT19. මහණෙනි, මේ වේදනා කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? වේදනා ස්පර්‍ශනිදාන කොට ස්පර්‍ශසමුදය කොට ස්පර්‍ශජාතික කොට ස්පර්‍ශප්‍රභව කොට ඇති ය.
Pali BJT20. ඵස්සො චායං භික්ඛවෙ කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො? ඵස්සො සළායතනනිදානො සළායතනසමුදයො සළායතනජාතිකො සළායතනප්පභවො.{2}
Sinhala BJT20. මහණෙනි, මේ ස්පර්‍ශ කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ස්පර්‍ශ ෂඩායතනනිදාන කොට ෂඩායතනසමුදය කොට ෂඩායතනජාතික කොට ෂඩායතනප්‍රභව කොට ඇති ය.
Pali BJT21. සළායතනඤ්චිදං භික්ඛවෙ කින්නිදානං කිංසමුදයං කිඤ්ජාතිකං කිම්පභවං? සළායතනං නාමරූපනිදානං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපප්පභවං.{3}
Sinhala BJT21. මහණෙනි, මේ ෂඩායතන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ෂඩායතන නාමරූපනිදාන කොට නාමරූපසමුදය කොට නාමරූපජාතික කොට නාමරූපප්‍රභව කොට ඇතිය.
Pali BJT22. නාමරූපඤ්චිදං භික්ඛවෙ කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පභවං? නාමරූපං විඤ්ඤාණනිදානං විඤ්ඤාණසමුදයං විඤ්ඤාණජාතිකං විඤ්ඤාණප්පභවං.{4}
Sinhala BJT22. මහණෙනි, මේ නාමරූප කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? නාම රූප විඥානනිදාන කොට විඥානසමුදය කොට විඥානජාතික කොට විඥාන ප්‍රභව කොට ඇතිය.
Pali BJT23. විඤ්ඤාණඤ්චිදං භික්ඛවෙ කින්නිදානං කිංසමුදයං කිඤ්ජාතිකං කිම්පභවං? විඤ්ඤාණං සඞ්ඛාරනිදානං සඞ්ඛාරසමුදයං සඞ්ඛාරජාතිකං සඞ්ඛාරප්පභවං.{5}
Sinhala BJT23. මහණෙනි, මේ විඥාන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? විඥාන සංස්කාර නිදාන කොට සංස්කාරසමුදය කොට සංස්කාරජාතික කොට සංස්කාරප්‍රභව කොට ඇතිය.
Pali BJT24. සඞ්ඛාරා චිමෙ භික්ඛවෙ කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවා? සඞ්ඛාරා අවිජ්ජානිදානා අවිජ්ජාසමුදයා අවිජ්ජාජාතිකා අවිජ්ජාපභවා.{6}
Sinhala BJT24. මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? සංස්කාරයෝ අවිද්‍යානිදාන කොට අවිද්‍යාසමුදය කොට අවිද්‍යාජාතික කොට අවිද්‍යාප්‍රභව කොට ඇතියහ.
Pali BJT25. ඉති ඛො භික්ඛවෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT25. මහණෙනි, මෙසෙයින් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝය, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය, විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාය, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාය, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය, භවප්‍රත්‍යයෙන් ජාතිය, ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (යන මොහු) පහළ වෙති. මෙසෙයින් (සත්ත්‍ව පුද්ගල විරහිත) ශුද්ධ දුඃඛපුඤ්ජයාගේ උත්පාදය වෙයි.
Pali BJT26. ජාතිපච්චයා ජරාමරණන්ති ඉති ඛො පනෙතං වුත්තං. ජාතිපච්චයා නු ඛො භික්ඛවෙ ජරාමරණං නො වා, කථං වො එත්ථ හොතීති? ජාතිපච්චයා භන්තෙ ජරාමරණං. එවං නො එත්ථ හොති: ජාතිපච්චයා ජරාමරණන්ති.
Sinhala BJT26. ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ වේ’ය කියා යි.
Pali BJT27. භවපච්චයා ජාතීති ඉති ඛො පනෙතං වුත්තං. භවපච්චයා නු ඛො භික්ඛවෙ ජාති නො වා, කථං වො එත්ථ හොතීති? භවපච්චයා භන්තෙ ජාති. එවං නො එත්ථ හොති: භවපච්චයා ජාතීති.
Sinhala BJT27. ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ’ය කියායි.
Pali BJT28. උපාදානපච්චයා භවොති ඉති ඛො පනෙතං වුත්තං. උපාදානපච්චයා නු ඛො භික්ඛවෙ භවො නො වා, කථං වො එත්ථ හොතීති? උපාදානපච්චයා භන්තෙ භවො. එවං නො එත්ථ හොති: උපාදානපච්චයා භවොති.
Sinhala BJT28. ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ’ය කියා යි.
Pali BJT29. තණ්හාපච්චයා උපාදානන්ති ඉති ඛො පනෙතං වුත්තං. තණ්හාපච්චයා නු ඛො භික්ඛවෙ උපාදානං නො වා, කථං වො එත්ථ හොතීති? තණ්හාපච්චයා භන්තෙ උපාදානං. එවං නො එත්ථ හොති: තණ්හාපච්චයා උපාදානන්ති.
Sinhala BJT29. ‘තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදානය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ’ය කියායි.
Pali BJT30. වෙදනාපච්චයා තණ්හාති ඉති ඛො පනෙතං වුත්තං. වෙදනාපච්චයා නු ඛො භික්ඛවෙ තණ්හා නො වා, කථං වො එත්ථ හොතීති? වෙදනාපච්චයා භන්තෙ තණ්හා. එවං නො එත්ථ හොති: වෙදනාපච්චයා තණ්හාති.
Sinhala BJT30. ‘වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වේ’ය කියායි.
Pali BJT31. ඵස්සපච්චයා වෙදනාති ඉති ඛො පනෙතං වුත්තං. ඵස්සපච්චයා නු ඛො භික්ඛවෙ වෙදනා නො වා, කථං වො එත්ථ හොතීති? ඵස්සපච්චයා භන්තෙ වෙදනා. එවං නො එත්ථ හොති: ඵස්සපච්චයා වෙදනාති.
Sinhala BJT31. ‘ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වේ’ය කියායි.
Pali BJT32. සළායතනපච්චයා ඵස්සොති ඉති ඛො පනෙතං වුත්තං. සළායතනපච්චයා නු ඛො භික්ඛවෙ ඵස්සො නො වා, කථං වො එත්ථ හොතීති? සළායතනපච්චයා භන්තෙ ඵස්සො. එවං නො එත්ථ හොති: සළායතනපච්චයා ඵස්සොති.
Sinhala BJT32. ‘ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ වේ’ය කියා යි.
Pali BJT33. නාමරූපපච්චයා සළායතනන්ති ඉති ඛො පනෙතං වුත්තං. නාමරූපපච්චයා නු ඛො භික්ඛවෙ සළායතනං නො වා, කථං වො එත්ථ හොතීති? නාමරූපපච්චයා භන්තෙ සළායතනං. එවං නො එත්ථ හොති: නාමරූපපච්චයා සළායතනන්ති.
Sinhala BJT33. ‘නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ’ය කියා යි.
Pali BJT34. විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඉති ඛො පනෙතං වුත්තං. විඤ්ඤාණපච්චයා නු ඛො භික්ඛවෙ නාමරූපං නො වා, කථං වො එත්ථ හොතීති? විඤ්ඤාණපච්චයා භන්තෙ නාමරූපං. එවං නො එත්ථ හොති: විඤ්ඤාණපච්චයා නාමරූපන්ති.
Sinhala BJT34. ‘විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඥානප්‍රත්‍යයයෙන් නාම රූප වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද, වහන්ස, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ’ය කියා යි.
Pali BJT35. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති ඉති ඛො පනෙතං වුත්තං. සඞ්ඛාරපච්චයා නු ඛො භික්ඛවෙ විඤ්ඤාණං නො වා, කථං වො එත්ථ හොතීති? සඞ්ඛාරපච්චයා භන්තෙ විඤ්ඤාණං. එවං නො එත්ථ හොති: සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති.
Sinhala BJT35. ‘සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ’ය කියා යි.
Pali BJT36. අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඉති ඛො පනෙතං වුත්තං. අවිජ්ජාපච්චයා නු ඛො භික්ඛවෙ සඞ්ඛාරා නො වා, කථං වො එත්ථ හොතීති? අවිජ්ජාපච්චයා භන්තෙ සඞ්ඛාරා. එවං නො එත්ථ හොති: අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති.
Sinhala BJT36. ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ’ය කියා යි.
Pali BJT37. සාධු භික්ඛවෙ. ඉති ඛො භික්ඛවෙ තුම්හෙපි එවං වදෙථ. අහම්පි එවං වදාමි: ඉමස්මිං{1} සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති – යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT37. මැනව මහණෙනි, මෙසේ මහණෙනි, තෙපිදු මෙසෙයින් කියන්නාව. මම ද මෙසෙයින් වදාරමි: “මෙ දහම් ඇති වත් ම මෙ දහම් වෙයි, මෙ දහම් පහළ වන්නා හා ම මෙ දහම් පහළ වෙයි - කෙසේය යත්: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ ය, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥාන ය, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප ය, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන ය, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ ය, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා ය, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා ය, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන ය, උපාදාන ප්‍රත්‍යයයෙන් භව ය, භව ප්‍රත්‍යයයෙන් ජාති ය, ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (යන මොහු) පහළ වෙති. මෙසේ හුදු දුඃඛ රාශිහුගේ සම්භවය වේ”ය කියා යි.
Pali BJT38. අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො , සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJT38. අවිද්‍යාවගේ ම විරාග සංඛ්‍යාත මාර්‍ගයෙන් වන අශේෂ නිරෝධ හේතුයෙන් සංස්කාරයන්ගේ අනුත්පාද නිරෝධ වෙයි. සංස්කාරයන්ගේ අනුත්පාදයෙන් විඥානයාගේ අනුත්පාදය වෙයි. විඥානයාගේ අනුත්පාදයෙන් නාමරූපයන්ගේ අනුත්පාදය වෙයි. නාමරූපයන්ගේ අනුත්පාදයෙන් ෂඩායතනයන්ගේ අනුත්පාදය වෙයි. ෂඩායතනයන්ගේ අනුත්පාදයෙන් ස්පර්‍ශයාගේ අනුත්පාදය වෙයි. ස්පර්‍ශයාගේ අනුත්පාදයෙන් වේදනාවගේ අනුත්පාදය වෙයි. වේදනාවගේ අනුත්පාදයෙන් තෘෂ්ණාවගේ අනුත්පාදය වෙයි. තෘෂ්ණාවගේ අනුත්පාදයෙන් උපාදානයාගේ අනුත්පාදය වෙයි. උපාදානයාගේ අනුත්පාදයෙන් භවයාගේ අනුත්පාදය වෙයි. භවයාගේ අනුත්පාදයෙන් ජාතියගේ අනුත්පාදය වෙයි. ජාතියගේ අනුත්පාදයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (අනුත්පාද නිරෝධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ තෙල දුඃඛ පුඤ්ජයාගේ අනුත්පාද වෙයි.
Pali BJT39. ජාතිනිරොධා ජරාමරණනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. ජාතිනිරොධා නු ඛො භික්ඛවෙ ජරාමරණනිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? ජාතිනිරොධා භන්තෙ ජරාමරණනිරොධො. එවං නො එත්ථ හොති: ජාතිනිරොධා ජරාමරණනිරොධොති.
Sinhala BJT39. ‘ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදි. මහණෙනි, ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධ වේ’ ය කියා යි.
Pali BJT40. භවනිරොධා ජාතිනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. භවනිරොධා නු ඛො භික්ඛවෙ ජාතිනිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? භවනිරොධා භන්තෙ ජාතිනිරොධො. එවං නො එත්ථ හොති: භවනිරොධා ජාතිනිරොධොති.
Sinhala BJT40. ‘භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භව නිරෝධයෙන් ජාති නිරෝධ වේ ද, නොහොත් නො වෙ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භව නිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘භවනිරෝධයෙන් ජාතිනිරෝධ වේ’ ය කියා යි.
Pali BJT41. උපාදානනිරොධා භවනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. උපාදානනිරොධා නු ඛො භික්ඛවෙ භවනිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? උපාදානනිරොධා භන්තෙ භවනිරොධො. එවං නො එත්ථ හොති: උපාදානනිරොධා භවනිරොධොති.
Sinhala BJT41. ‘උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වේ’ ය කියා යි.
Pali BJT42. තණ්හානිරොධා උපාදානනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. තණ්හානිරොධා නු ඛො භික්ඛවෙ උපාදානනිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? තණ්හානිරොධා භන්තෙ උපාදානනිරොධො. එවං නො එත්ථ හොති: තණ්හානිරොධා උපාදානනිරොධොති.
Sinhala BJT42. ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධ වේ’ය කියායි.
Pali BJT43. වෙදනානිරොධා තණ්හානිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. වෙදනානිරොධා නු ඛො භික්ඛවෙ තණ්හානිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? වෙදනානිරොධා භන්තෙ තණ්හානිරොධො. එවං නො එත්ථ හොති: වෙදනානිරොධා තණ්හානිරොධොති.
Sinhala BJT43. ‘වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වේ’ය කියාය.
Pali BJT44. ඵස්සනිරොධා වෙදනා නිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. ඵස්සනිරොධා නු ඛො භික්ඛවෙ වෙදනානිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? ඵස්සනිරොධා භන්තෙ වෙදනානිරොධො. එවං නො එත්ථ හොති: ඵස්සනිරොධා වෙදනානිරොධොති.
Sinhala BJT44. ‘ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වේ’ ය කියායි.
Pali BJT45. සළායතනනිරොධා ඵස්සනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. සළායතනනිරොධා නු ඛො භික්ඛවෙ ඵස්සනිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? සළායතනනිරොධා භන්තෙ ඵස්සනිරොධො. එවං නො එත්ථ හොති: සළායතනනිරොධා ඵස්සනිරොධොති.
Sinhala BJT45. ‘ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වේ’ ය කියායි.
Pali BJT46. නාමරූපනිරොධා සළායතනනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. නාමරූපනිරොධා නු ඛො භික්ඛවෙ සළායතනනිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? නාමරූපනිරොධා භන්තෙ සළායතනනිරොධො. එවං නො එත්ථ හොති: නාමරූපනිරොධා සළායතනනිරොධො”ති.
Sinhala BJT46. ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, නාමරූප නිරෝධයෙන් ෂඩායතනනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වේ’ ය කියායි.
Pali BJT47. විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. විඤ්ඤාණනිරොධා නු ඛො භික්ඛවෙ නාමරූපනිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? විඤ්ඤාණනිරොධා භන්තෙ නාමරූපනිරොධො. එවං නො එත්ථ හොති: විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධොති.
Sinhala BJT47. ‘විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේයයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේ’ය කියායි.
Pali BJT48. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. සඞ්ඛාරනිරොධා නු ඛො භික්ඛවෙ විඤ්ඤාණනිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? සඞ්ඛාරනිරොධා භන්තෙ විඤ්ඤාණනිරොධො. එවං නො එත්ථ හොති: සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධොති.
Sinhala BJT48. ‘සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය. ‘සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වේ’ ය කියායි.
Pali BJT49. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති ඉති ඛො පනෙතං වුත්තං. අවිජ්ජානිරොධා නු ඛො භික්ඛවෙ සඞ්ඛාරනිරොධො නො වා, කථං වො එත්ථ හොතීති? අවිජ්ජානිරොධා භන්තෙ සඞ්ඛාරනිරොධො. එවං නො එත්ථ හොති: අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති.
Sinhala BJT49. ‘අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වේ’ ය කියායි.
Pali BJT50. සාධු භික්ඛවෙ. ඉති ඛො භික්ඛවෙ තුම්හෙපි එවං වදෙථ. අහම්පි එවං වදාමි: ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති – යදිදං අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරා මරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJT50. මැනැව මහණෙනි, මෙසෙයින් මහණෙනි, තෙපිදු මෙසේ කියන්නාව. මම ද මෙසේ වදාරමි: මේ දහම් නැතිවත් ම මේ දහම් නො වෙයි. මේ හේතු ධර්‍මයාගේ අනුත්පාදයෙන් මේ ඵලධර්‍ම අනුත්පන්න වෙයි - කෙසේය යත්: අවිද්‍යාවගේ අනුත්පාදනිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වෙයි. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි. භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. ජාතිනිරෝධයෙන් ජරා මරණ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ (අනුත්පාද නිරෝධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ තෙල කේවල දුඃඛ පුඤ්ජයාගේ නිරෝධ වේය යයි.
Pali BJT51. අපි නු තුම්හෙ භික්ඛවෙ එවං ජානන්තා එවං පස්සන්තා පුබ්බන්තං වා පටිධාවෙය්යාථ: අහොසිම්හ{1} නු ඛො මයං අතීතමද්ධානං, න නු ඛො අහොසිම්හ අතීතමද්ධානං, කින්නු ඛො අහොසිම්හ අතීතමද්ධානං, කථන්නු ඛො අහොසිම්හ අතීතමද්ධානං, කිං හුත්වා කිං අහොසිම්හ නු ඛො මයං අතීතමද්ධානන්ති. නො හෙතං භන්තෙ.
Sinhala BJT51. මහණෙනි, කිම, තෙපි මෙසේ (ප්‍රත්‍යය නිසාමය) දන්නාහු මෙසේ දක්නාහු (අතීතස්කන්‍ධාදි) පුර්‍වාන්තයට හෝ (තෘෂ්ණාදෘෂ්ටි විසින්) වටාලා දුවන්නාව? “අපි අතීතයෙහි වූමෝ ද, අතීතයෙහි නො වූමෝ ද, අතීතයෙහි (ජාත්‍යාදීන්) කෙබඳු වූමෝ ද, අතීතයෙහි (සටහන් විසින්) කෙබඳු අයුරු ඇති වූමෝ ද, අපි අතීතයෙහි කෙබඳුව සිට කෙබඳු අයුරු ඇති වූමෝ ද, කියායි. වහන්ස, තෙල නොවන්නේය.
Pali BJT52. අපි නු තුම්හෙ භික්ඛවෙ එවං ජානන්තා එවං පස්සන්තා අපරන්තං වා ආධාවෙය්යාථ:{2} භවිස්සාම නු ඛො මයං අනාගතමද්ධානං, න නු ඛො භවිස්සාම අනාගතමද්ධානං, කින්නු ඛො භවිස්සාම අනාගතමද්ධානං, කථන්නු ඛො භවිස්සාම අනාගතමද්ධානං, කිං හුත්වා කිං භවිස්සාම නු ඛො මයං අනාගතමද්ධානන්ති. නො හෙතං භන්තෙ.
Sinhala BJT52. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු, අපරාන්තයට හෝ ඉදිරි බලා යන්නාව? “අපි අනාගතයෙහි වන්නමෝ ද, අනාගතයෙහි නො වන්නමෝ ද, අනාගතයෙහි කෙබඳු වන්නමෝ ද, අනාගතයෙහි කෙබඳු අයුරු ඇති වන්නමෝ ද, අපි අනාගතයෙහි කෙබඳු ව කෙබඳු අයුරු ඇති වන්නමෝ ද” කියායි. වහන්ස, තෙල නොවන්නේය.
Pali BJT53. අපි නු තුම්හෙ භික්ඛවෙ එවං ජානන්තා එවං පස්සන්තා එතරහි වා පච්චුප්පන්නං අද්ධානං{3} අජ්ඣත්තං කථඞ්කථී අස්සථ:{4} අහන්නුඛොස්මි, නො නු ඛොස්මි, කින්නු ඛොස්මි, කථන්නු ඛොස්මි, අයන්නු ඛො සත්තො කුතො ආගතො, සො කුහිඞ්ගාමී භවිස්සතීති. නො හෙතං භන්තෙ.
Sinhala BJT53. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු දැන් ප්‍රත්‍යුපන්නකාලයෙහි හෝ තමා කෙරෙහි සැක ඇතියාව? “මම වෙම් දෝ, නො වෙම් දෝ, කෙබඳු වෙම් දෝ, කෙබඳු අයුරු වෙම් දෝ, මේ සත්ත්‍ව කොයින් ආයේ වේ දෝ හෝ, හේ කොහි යන්නේ වේ දෝ” කියායි වහන්ස, තෙල නොවන්නේය.
Pali BJT54. අපි නු තුම්හෙ භික්ඛවෙ එවං ජානන්තා එවං පස්සන්තා එවං වදෙය්යාථ: සත්ථා නො ගරු, සත්ථුගාරවෙන ච{1} මයං එවං වදෙමාති.{2} නො හෙතං භන්තෙ.
Sinhala BJT54. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු මෙසේ කියන්නාව? “අපට ගුරුවන (නොකැමැති වුව ද අනුවර්තිත වියයුතු වන) ශාස්තෘවරයෝ ය, එයින් ශාස්තෘගෞරවයෙන් අපි මෙසේ කියම්හ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.
Pali BJT55. අපි නු තුම්හෙ භික්ඛවෙ එවං ජානන්තා එවං පස්සන්තා එවං වදෙය්යාථ: සමණො නො එවමාහ,{3} සමණවචනෙන ච මයං{4} එවං වදෙමාති. නො හෙතං භන්තෙ.
Sinhala BJT55. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු මෙසේ කියන්නාව? “අපගේ බුද්ධශ්‍රමණයන් වහන්සේ මෙසේ වදාරති. අපි ඒ ශ්‍රමණවචනයෙනුදු මෙසේ කියම්හ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.
Pali BJT56. අපි නු තුම්හෙ භික්ඛවෙ එවං ජානන්තා එවං පස්සන්තා අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්යාථාති. නො හෙතං භන්තෙ.
Sinhala BJT56. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු අන් බහ්‍යශාස්තෘකෙනෙකු උදෙසන්නාව? තෙල නොවන්නේ ය.
Pali BJT57. අපි නු තුම්හෙ භික්ඛවෙ එවං ජානන්තා එවං පස්සන්තා යානි තානි පුථුසමණබ්රාහ්මණානං වතකොතූහලමඞ්ගලානි, තානි සාරතො පච්චාගච්ඡෙය්යාථාති. නො හෙතං භන්තෙ.
Sinhala BJT57. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු බොහෝ තීර්‍ත්‍ථකශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන්ගේ යම් ව්‍රතසමාදාන, දිටුකුහුල්, දෘෂ්ටාදිමඞ්ගල ඇත් ද, ඒ සාර විසින් පිළිගන්නාව? වහන්ස, තෙල නො වන්නේය.
Pali BJT58. නනු භික්ඛවෙ{5} යදෙව තුම්හාකං සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙව තුම්හෙ වදෙථාති.{6} එවම්භන්තෙ.
Sinhala BJT58. මහණෙනි, යම් ම දැයෙක් තොප විසින් තමන් නුවණින් දන්නා ලද ද, තමන් පැනැසින් දක්නා ලද ද, තමන් පාළ කොට ගන්නා ලද ද, එය ම තෙපි කියන්නාහු නොවේ ද? වහන්ස, එසේය.
Pali BJT59. සාධු භික්ඛවෙ. උපනීතා ඛො මෙ තුම්හෙ භික්ඛවෙ ඉමිනා සන්දිට්ඨිකෙන ධම්මෙන අකාලිකෙන එහිපස්සිකෙන ඔපනයිකෙන පච්චත්තං වෙදිතබ්බෙන විඤ්ඤූහි. සන්දිට්ඨිකො “අයං භික්ඛවෙ ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බොවිඤ්ඤූහී”ති. ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT59. මැනැව මහණෙනි. මා විසින් - ඵල දෙනුවට කලතුරක් නැත්තා වූ එව, බලව යන විධිය නිසිවූ, තමා සිතින් එළඹීමට සුදුසු වූ, විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වූ, තමා විසින් ම දැක්ක යුතු මේ සාන්දෘෂ්ටික ධර්‍මයෙන් තෙපි නිවන් කරා පමුණුවන ලද්දහුය. මහණෙනි, “මේ ධර්‍මය සාන්‍දෘෂ්ටිකය, අකාලිකය, එව, බලව යන විධියට නිසිය, උපනයනාහීය, විඥයන් විසින් තමන් කෙරෙහි ලා” මෙසේ යම් බසෙක් වදාරන ලද ද, තෙල බස (තොපගේ) මේ ස්වයංඥාතාදි භාවය පිණිස කියන ලදී.
Pali BJT60. තිණ්ණං ඛො පන භික්ඛවෙ සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොති: ඉධ මාතාපිතරො සන්නිපතිතා හොන්ති, මාතා ච න උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාව ගබ්භස්සාවක්කන්ති හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච න පච්චුපට්ඨිතො හොති, නෙව තාව ගබ්භස්සාවක්කන්ති හොති. යතො ච ඛො භික්ඛවෙ මාතාපිතරො සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති, එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොති.
Sinhala BJT60. මහණෙනි, තුන්දෙනෙකුන්ගේ සමවධානයෙන් ගර්‍භාවක්‍රාන්ති (ගබ්ගැනීම) වෙයි. මේ සත්ත්‍වලෝකයෙහි දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, (එතෙකුදු වුව) මව ඔසප් නො වූ ද, ගඳඹෙක් (එහි උපදනා සතෙක්) නො එළඹියේ වේ ද, එතෙක් ගර්‍භාවක්‍රාන්ති නො වන්නේ ය. මෙලොව දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, (එතෙකුදු වුව) ගඳඹෙක් නො එළඹියේ වේද, එතෙකිනුදු ගර්‍භාවක්‍රාන්ති නො ම වෙයි. මහණෙනි, යම් අවස්ථාවෙක දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, ගඳඹෙක් එළඹියේත් වේ ද, මෙසේ තුන් දෙනෙකුන්ගේ සන්නිපාතයෙන් ගර්‍භාවක්‍රාන්ති වෙයි.
Pali BJT61. තමෙනං භික්ඛවෙ මාතා නව වා දස වා මාසෙ ගබ්භං කුච්ඡිනා පරිහරති මහතා සංසයෙන ගරුම්භාරං{7}. තමෙනං භික්ඛවෙ මාතා නවන්නං වා දසන්නං වා මාසානං අච්චයෙන විජායති මහතා සංසයෙන ගරුම්භාරං. තමෙනං ජාතං සමානං සකෙන ලොහිතෙන පොසෙති. ලොහිතං හෙතං භික්ඛවෙ{8} අරියස්ස විනයෙ යදිදං මාතුථඤ්ඤං.
Sinhala BJT61. මහණෙනි, මව ගුරුභාරයක් වන තෙල ගබ නවමසක් හෝ දසමසක් හෝ මහත් (දිටි) සැකෙන් කුසින් උසුලයි. මහණෙනි, මව ගරුබරක් වන තෙල දරු නවමසක්හුගේ හෝ දසමසක්හුගේ ඇවෑමෙන් මහත්සැකෙන් වදයි. උපන් තෙල දරු සිය මවු ලෙහෙයෙන් පුස්නේ වේ. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි දී තෙල ලෙහෙය මවගේ තනකිරි නම් වෙයි.
Pali BJT62. ස ඛො සො භික්ඛවෙ කුමාරො වුද්ධිමන්වාය{1} ඉන්ද්රියානං පරිපාකමන්වාය යානි තානි{2} කුමාරකානං කීළාපනකානි තෙහි කීළති: සෙය්යථිදං – වඞ්කකං{3} ඝටිකං මොක්ඛචිකං{4} චිඞ්ගුලකං{5} පත්තාළ්හකං රථකං ධනුකං.
Sinhala BJT62. මහණෙනි, ඒ කුමර ඉඳුරන් පිනවන්නට නිසි වැඩිවියට පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකය ලදින් කුමරුන් කෙළෙනා යම් යම් කෙළිබඩු ඇත් ද, එයින් කෙළියි. ඒ කෙළි කෙසේය යත්: කුඩානගුල, දඬුකඩ, (කල්ලි ගැසුම), පිරිවැටුම, බුමුසක, පත්මුවානැළි, කුඩාරිය, කුඩාදුනු යන මේයි.
Pali BJT63. ස ඛො සො භික්ඛවෙ කුමාරො වුද්ධිමන්වාය{6} ඉන්ද්රියානං පරිපාකමන්වාය පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගිභූතො{7} පරිචාරෙති: චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි,{8} සොතවිඤ්ඤෙය්යෙහි සද්දෙහි -පෙ- ඝානවිඤ්ඤෙය්යෙහි ගන්ධෙහි -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙහි රසෙහි -පෙ- කායවිඤ්ඤෙය්යෙහි ඵොට්ඨබ්බෙහි ඉට්ඨෙහි කන්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි.
Sinhala BJT63. මහණෙනි, ඒ කුමර (ඉඳුරන් පිනවන්නට නිසි) වියපැමිණ මුහුකරාගිය ඉඳුරන් ඇති බවට පැමිණ පස්කම්ගුණෙන් සමර්පිත ව සිය ඉඳුරන් පිනවයි. (කෙසේය?) ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රියරූප, කාමෝපසංහිත, රජනීය, චක්‍ෂුර්විඥේය රූපයෙන් පිනවයි. ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෙන් ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෙන් ... ජිහ්වාවිඥේය රසයෙන් ... ඉටු වූ කලණවූ මනවඩන පියසැහැවි ඇති, කම්සුව ඇසිරිකළ, සිත්අලවන්නට නිසි කායවිඥේය පහසින් පිනවයි.
Pali BJT64. සො චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ{9} රූපෙ සාරජ්ජති, අප්පියරූපෙ රූපෙ බ්යාපජ්ජති.{10} අනුපට්ඨිතකායසති ච විහරති පරිත්ත චෙතසො. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවං අනුරොධවිරොධං සමාපන්නො යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං වෙදනං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා වෙදනාසු නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා{11} භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොක පරිදෙව දුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ සාරජ්ජති, අප්පියරූපෙ ධම්මෙ බ්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවං අනුරොධවිරොධං සමාපන්නො යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං වෙදනං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දි. යා වෙදනාසු නන්දි තදුපාදානං තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණං සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT64. හේ ඇසින් රූ දැක පියරූප වූ රූපයෙහි සංරාග කෙරෙයි. අප්‍රිය රූප වූ රූපයෙහි ව්‍යාපාද උපදවයි. අකුසල් සිතැති ව නො එළඹ සිටි කාගියාසී ඇති ව ද වාස කෙරෙයි. යම් පල සමවතෙකැ ඒ ලාමක වූ අකුසල්දහම්හු නිරවශේෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද තත්වූ පරිදි නොදනී. හේ මෙසෙයින් රාගද්වේෂ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි, යම් කිසි වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනා (තෘෂ්ණාවෙන්) අභිනන්‍දනා කෙරෙයි. (අහෝ සුවයෙකියි) බෙණේ. ගැලැගෙන සිටි. ඔහුට ඒ වේදනායෙන් තුස්නාහට, බණනුවාහට, ගැලැගෙන සිටුනාහට තෘෂ්ණා උපදි. වේදනායෙහි යම් නන්‍දියක් ඇත් ද, ඒ උපාදාන වෙයි. ඔහට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ පහළ වෙති. මෙසෙයින් තෙල කේවල දුඃඛපුඤ්ජයාගේ උදාවීම වෙයි. කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස විඳ ... මෙනෙන් දහම් දැන ප්‍රිය වූ දහම් අරමුණෙහි ඇලේ. අප්‍රිය ධර්‍මාලම්බනයෙහි විරෝධ කෙරේ. අකුසල් සිතැතිව නො එළඹි කාගියාසී ඇතිව වාස කෙරේ. යම් පලසමවතෙකැ ඒ ලමු අකුසල් දහම්හු නිඃශේෂව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා තත්වූ පරිදි නො දනී. හේ මෙසෙයින් අනුරොධ විරෝධ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඃඛ වේවයි, උපේක්‍ෂා වේවයි, යම්කිසි වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනා අභිනන්‍දන කෙරේ, බෙණේ, ගැලැගෙන සිටී. ඒ වේදනා අභිනන්‍දනා කරන බණන, ගැලැගෙන සිටුනා ඔහුට තෘෂ්ණා උපදී. වේදනායෙහි යම් තෘෂ්ණායෙක් ඇත් ද, වේදිතව්‍යයයි. ඒ උපාදාන වෙයි. ඔහුට උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ ශෝකපරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ පහළ වෙත්. මෙසේ තෙල කේවල දුඃඛ පූඤ්ජයාගේ උදාවීම වන්නේ ය.
Pali BJT65. ඉධ භික්ඛවෙ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං, සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො.{1} සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉතිපටිසඤ්චික්ඛති: සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා; නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං; යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය, මහන්තං වා භොගක්ඛන්ධං පහාය, අප්පං වා ඤාතිපරිවට්ටං පහාය, මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය, කෙසමස්සුං ඔහාරෙත්වා, කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා, අගාරස්මා අනගාරියං පබ්බජති.
Sinhala BJT65. මහණෙනි, මෙලොව අර්‍හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණසම්පන්න වූ, සුගත වූ, ලෝකවිද් වූ, අනුත්තරපුරුෂදම්‍යසාරථි වූ, දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූ, චතුස්සත්‍යාවබෝධ කළා වූ, භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ පහළ වනසේක. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට දන්වනසේක. උන්වහන්සේ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසන සේක. කේවලපරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට බඹසර පවසන සේක. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ එක්තරා නීචකුලයෙක උපනුවෙක් හෝ ඒ දහම් අසයි. හේ එදහම් අසා තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැ ලබයි. ඒ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් සමන්‍වාගත වූයේ මෙසේ මෙනෙහි කෙරේ: “ගෘහවාස සම්බාධය, (රාගාදි විසින්) රජෝමාර්‍ගය, ප්‍රව්‍රජ්‍යා අභ්‍යවකාශය. ගිහිගෙහි වසනුවහු විසින් ඒකාන්තපරිපූර්‍ණ, එකාන්තපරිශුද්ධ, ධෞතශඞ්ඛසදෘශ මේ බඹසර සරන්නට සුකර නො වේ. මම කෙහෙරවුළු බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙම් නම් මනා මැනු යි” කියායි. හේ පසු කලෙක අල්පවූ හෝ භෝගස්කන්‍ධය පියා, මහත් වූ හෝ භෝගස්කන්‍ධය පියා, අල්ප වූ හෝ ඥාතිපරිවර්‍තය පියා, මහත් වූ හෝ ඥාතිපරිවර්‍තය පියා, කෙහෙමස් අපහරණ කොට කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට වදනේය.
Pali BJT66. සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සච්චවාදී සච්චසන්ධො ථෙතො{2} පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුණං{3} වාචං පහාය පිසුණාය වාචාය{4} පටිවිරතො හොති: ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය{5} පටිවිරතො හොති: යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති: කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා{6} කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
Sinhala BJT66. හේ මෙසේ පැවිදිවූයේ, (අධිශීලසඞ්ඛ්‍යාත) ශික්‍ෂාවට ද (ප්‍රඥප්තශික්‍ෂාපදසඞ්ඛ්‍යත) සාජීවයට ද පැමිණියේ, පණිවා පියා පණිවායෙන් දුරුවූයේ වෙයි. බහාතැබූ දඬු ඇතියේ බහාලූ සැත් ඇතියේ, ලජ්ජිවූයේ, දයාවට පැමිණියේ, සර්‍වසත්ත්‍වහිතානුකම්පී ව වාස කෙරේ. අයිනාදන් පියා අයිනාදනින් වැළැකියේ වෙයි. දුන්දෑ ගන්නේ, දුන්දෑ කැමැතිවනුයේ, නොසොර පිවිතුරු ආත්මයෙන් වෙසේ. අබ්‍රහ්මචර්‍ය්‍යය පියා බඹසර ඇතියේ වෙයි. (මෙවුන් දමින්) දුරුහැසිරිම් ඇතියේ, ගැමිදහම් වන මෛථුනයෙන් විරත වෙයි. මුසවා පියා මුසවායෙක් වැළකියේ වෙයි. සත්‍යවාදී වූයේ, සත්‍යසන්‍ධාන ඇතියේ, ස්ථිරවචන ඇතියේ, ඇදැහිය යුතු බස් ඇතියේ, ලෝකයා විසංවාද නොකරනුයේ වෙයි. පිසුණු බස් පියා පිසුණු බසින් වැළැකියේ වෙයි: මුන් බිඳිනු සඳහා මෙහිදී අසා එහි නොකියනු වෙයි. එතැන අසා උන්බිඳිනු සඳහා මුනට නො කියනු වෙයි. මෙසෙයින් බුන් අය ගළපනු හෝ සමගි වූවනට සන්‍ධාන දෙනු හෝ වෙයි. සමගරම් ව සමගරත ව සමගියෙහි අභිනන්‍දනා ඇති ව සමගකරණබස් බණනු වෙයි. පරුස් බස් පියා පරුස් බසින් වැළකියේ වෙයි: නිදොස් (ඛ්‍යඤ්ජන විසින්) කණට සුවදෙන, පෙමට නිසි, ළගන්නා, (ගුණපරිපූර්‍ණතායෙන්) පුරවැසි, බොහෝ දෙනට ප්‍රිය, බොහෝ දෙනගේ මනවඩන යම් බස් ඇත් ද, එබඳු බස් බණනු වෙයි. සම්ඵප්පලාප පියා පලපින් වැළකියේ වෙයි: බුණුවමනා කල්බලා බණන, දහම් බණන (මෙලෝපරලෝ) අරුත් ඇසිරි කොට බණන, නවලොව්තුරු දහම් ඇසිරි කොට බණන, (සංවර - ප්‍රහාණ) විනය ඇසිරි කොට බණන, අයුතුකල්හි සකාරණ, පරිච්ඡේද ඇති, අර්‍ත්‍ථසංහිත, ළෙහි ලා ගතයුතු බස් බණනු වෙයි.
Pali BJT67. සො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තුපරතො{1} විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා{2} පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූට-කංසකූට-මානකූටා පටිවිරතො හොති. උක්කොටන-වඤ්චන-නිකති-සාචියොගා{3} පටිවිරතො හොති. ඡෙදන-වධ-බන්ධන-විපරාමොස{4}-ආලොප-සහසාකාරා පටිවිරතො හොති.
Sinhala BJT67. හේ (මූලබීජාදි) බීජග්‍රාම හා (නීලතෘණාදි) භූතග්‍රාම (ඡේදනපවනාදි) විකොපතායෙන් වැළකියේ වෙයි. රාත්‍රි භොජනයෙන් වැළැකියේ වෙයි. විකල්බොජුනෙන් වැළැකියේ ඓකභක්තික වෙයි. නටනුගනු වයනු විසුළු දස්නෙන් වැළැකියේ වෙයි. මල්ගඳවිලෙවුන් ධැරීමය මණ්ඩනය විභූෂණය යන් මින් වැළැකියේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළකියේ වෙයි. රන්රිදී පිළිගැන්මෙන් වැළකියේ වෙයි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළකියේ වෙයි. අමුමස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. (පුරුෂාන්තර ගත) ස්ත්‍රීන් හා (තදන්‍ය) ස්ත්‍රීන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. (කැපකරු ඇරැමි වසයෙන් වත් මුත්) දැසිදස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. එළුතිරෙළු පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කුකුළුහූරු පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ඇත් ගෙරි අස් වෙළඹ පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කෙත්වත් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. දූතකම් පිණිස තැන තැන යෑමෙන්, තෙපුල්ගෙන ගෙන් ගෙට යන කුදුගමනින් වැළැකියේ වෙයි. ක්‍රය වික්‍රය දෙකින් වැළකියේ වෙයි. තුලාකූට - කංසකූට - මානකූට විසින් වඤ්චා (නුළු) කිරීමෙන් වැළැකියේ වෙයි. ලස්ගැන්ම - නුළුකිරීම - මායා - සාචියෝගයෙන් (කුටිලප්‍රයෝගයෙන්) වැළැකියේ වෙයි. (අත්සිඳීම් ඈ) ඡේදනය, වධය, (රජ්ජුබන්‍ධනාදි) බන්‍ධනය, විපරාමොෂය (සැඟවී සිට මංපැහැරීම), ගම්වොලොගැන්ම, සාහසිකක්‍රියා යන මෙයින් වැළැකියේ වෙයි.
Pali BJT68. සො සන්තුට්ඨො හොති කායපරිහාරියෙන{5} චීවරෙන කුච්ඡිපරිහාරියෙන පිණ්ඩපාතෙන. යෙන යෙනෙව පක්කමති, සමාදායෙව පක්කමති. සෙය්යථාපි නාම පක්ඛිසකුණො{6} යෙන යෙනෙව ඩෙති, සපත්තභාරොව ඩෙති, එවමෙව භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච්ඡිපරිහාරියෙන පිණ්ඩපාතෙන. යෙන යෙනෙව{7} පක්කමති, සමාදායෙව පක්කමති.
Sinhala BJT68. හේ කායපරිහරණමාත්‍ර චිවරයෙන් සන්තුෂ්ට වෙයි. කුක්‍ෂිපරිහරණමාත්‍ර පිණ්ඩපාතයෙන් සන්තුෂ්ට වෙයි. යම් යම් ම දිගෙක බැස යේ ද, (අෂ්ටපරිෂ්කාරමාත්‍රය) ගෙන ම යෙයි. යම්සේ පියා ඇති ළිහිණියෙක් යම් යම් ම දිගෙක්හි පියා පැහැර යේ ද, පත්‍රභාර සහිත ව ම අහස නැඟගන්නේ වේ ද, එපරිද්දෙන් ම මහණ කායපරිහරණමාත්‍ර චීවරයෙනුදු කුක්‍ෂිපරිහරණමාත්‍ර පිණ්ඩපාතයෙනුදු සතුටු වෙයි. යම් යම් ම දිගෙක බැස යේ ද, (අටපිරිකර) ගෙන ම යෙයි.
Pali BJTසො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහේ මේ අරීසිල් කඳින් සමන්‍වාගත වූයේ තමා තුළ අනවද්‍යසුඛය විඳුනේය.
Pali BJT69. සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
Sinhala BJT69. හේ ඇසින් රූ අරමුණු දැක නිමිති ගන්නාසුලු නො වේ. අනුවියඳුන් ගන්නාසුලු නො වේ. යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට ගෙන වාස කරන තුලුන් ලමු අකුසල්දහම් වන අභිධ්‍යාදෞමනස්‍යයෝ ලුහුබැඳ ගැලගනිත් ද, ඒ ඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේය. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට වදනේය. කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස පැහැස ... සිතින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජන ග්‍රාහී නො වේ. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට ගෙන වාස කරන තුලුන් ලමු අසල්දහම් වන අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබැඳ ගැලගනිත් ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේය. මනින්‍ද්‍රිය රක්නේය. මනින්‍ද්‍රියෙහි සංවරයට වදනේය. හේ මෙකී ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයේ සියසතන්හි අව්‍යාසේක (කෙලෙස්මුසු නැති) සුඛය විඳුනේය.
Pali BJT70. සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
Sinhala BJT70. හේ ඉදිරිගමනෙහි දු වටාලා ඊමෙහි දු සම්‍යක්ප්‍රඥාවෙන් දැන එය කරන්නේ වේ. ඉදිරි බැලීමෙහි ඔබමොබ බැලීමෙහි සම්පජානකාරී වේ. (අත්පා) හැකිළීම් දිගුකිරීම්හි සම්පජානකාරී වේ. සඟළ හා පාසිවුරු ධැරීමෙහි සම්පජානකාරී වේ. භෝජ්‍යයෙහි පෙයයෙහි ඛාද්‍යායෙහි ලෙයයෙහි සම්පජානකාරී වේ. මලමූකිසෙහි සම්පජානකාරී වේ. යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නිහඬ බැව්හි සම්පජානකාරී වේ.
Pali BJT71. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච සතිසම්පජඤ්ඤෙන{1} සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJT71. හේ මෙකී ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙනුදු සමන්‍වාගත වූයේ, මෙකී ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙනුදු සමන්‍වාගත වූයේ, මෙකී ස්මෘතිසම්ප්‍රජන්‍යයෙනුදු සමන්‍වාගත වූයේ ජනශුන්‍ය සෙනසුන් සෙවුනේය: (දුනුපන්සියෙන් දුරෙහි වූ) අරන, (ගනසා) රුක්මුල, සෙල, කඳුර, දෙපවුඅතුර, සොහොන, ගැඹුරුවන, නොසන්අබවස, පිදුරුකිළි යි හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ උඩුකය ඉදිකොට තබා, කමටහන් අභිමුඛ කොට සිහි එළවා, පලක් බැඳ හිඳුනේය.
Pali BJT72. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං{2} පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJT72. හේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි රාගය (විෂ්කම්භන විසින්) පියා, පැහු අභිධ්‍යා ඇතිසිතින් වාස කෙරේ. අභිධ්‍යායෙන් සිත මුදවයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය (ක්‍රෝධය) පියා සර්‍වසත්ත්‍වහිතානුකම්පී ව ව්‍යාපාදයට නො පත් සිතැති ව වාස කෙරේ. ක්‍රෝධයෙන් සිත්සතන මුදවයි. ස්ත්‍යානමිද්ධය පියා පැහු ස්ත්‍යානමිද්ධ ඇතියේ, ආලෝක සංඥා ඇතියේ. සිහි ඇතියේ, නුවණැතියේ වාස කෙරේ. ස්ත්‍යාන මිද්ධයෙන් සිත මුදවයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යය පියා අනුද්ධෘත ව සියසතන සන්හුන් සිතැති ව වාස කෙරේ. ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් සිත මුදවයි. විචිකිත්සා පියා තුණුවිසිකිස් ඇති ව අනවද්‍යධර්‍මයෙහි කථංකථඞ්කාර නැති ව වාස කෙරේ විචිකිත්සායෙන් සිත මුදවයි.
Pali BJT73. සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{3} උපසම්පජ්ජ විහරති. පුන චපරං භික්ඛවෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියාච විරාගා උපෙක්ඛකො -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJT73. හේ චිත්තෝපක්ලේශ වන, ප්‍රඥාව දුර්‍වලකරණ මේ පඤ්චනීවරණයන් පියා කාමයෙන් වෙන් ව ම අකුසල්දහමින් වෙන් ව ම සවිතර්‍ක, සවිචාර, විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරේ. තව ද මහණෙනි, මහණ මතුයෙහි විතර්‍කවිචාර සන්හිඳීමෙන් සියසතන්හි පැහැදීම් කරන, උතුම් චිත්තෛකාග්‍රභාව ඇති, අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙරේ. ප්‍රීතියාගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ ... තෘතීයධ්‍යාන උපයා වාස කෙරේ ... සුඛදුඃඛප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරේ.
Pali BJT74. සො චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ න සාරජ්ජති.{4} අප්පියරූපෙ රූපෙ න බ්යාපජ්ජති. උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථා භූතං පජානාති යත්ථස්ස තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවං අනුරොධවිරොධවිප්පහීනො යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං වෙදනං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා වෙදනාසු නන්දි සා නිරුජ්ඣති. තස්ස නන්දිනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJT74. හේ ඇසින් රූ දැක ප්‍රියරූප රූපයෙහි රාග නො කෙරේ. අප්‍රියරූප රූපයෙහි ව්‍යාපාදයට නො පැමිණේ. එළඹ සිටි කාගියාසී ඇතියේ, මාර්‍ගචිත්තසමන්‍විත වූයේ. යම් ඵලසමාපත්තියෙක ඒ ලමු අකුසල් දහම්හු නිඃශේෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති තත්වූ පරිදි දනි. හේ මෙසෙයින් රාගදෝෂ විප්‍රහීණ ව සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි යම් ම වේදනාවෙක් විඳුනේ වේද, හේ ඒ වේදනාව (තෘෂ්ණා) විසින් අභිනන්‍දනා නො කෙරෙයි. (අහෝ සුඛයෙකි යී) නො බෙණේ ගැලැගෙන නොසිටි. ඒ වේදනා අභිනන්‍දනා නො කරන, තුති විසින් නොබණන, ගැලැගෙන නො සිටුනා ඔහට වේදනායෙහි යම් නන්‍දියෙක් ඇත් ද, ඒ නිරුද්ධ වෙයි. ඔහුට නන්‍දිනිරෝධයෙන් උපාදානනිරොධ වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධ වෙයි. භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් තෙල කේවලදුඃඛ පුඤ්ජයාගේ නිරෝධය වෙයි.
Pali BJT75. සොතෙන සද්දං සුත්වා පියරූපෙ සද්දෙ -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා පියරූපෙ ගන්ධෙ -පෙ- ජිව්හාය රසං සායිත්වා පියරූපෙ රසෙ -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා පියරූපෙ ඵොට්ඨබ්බෙ -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ න සාරජ්ජති. අප්පියරූපෙ ධම්මෙ න බ්යාපජ්ජති. උපට්ඨිතකායසතී ච විහරති අප්පමාණචෙතසො. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සො එවං අනුරොධවිරොධවිප්පහීනො යං කිඤ්චි{1} වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං වෙදනං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා වෙදනාසු නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දිනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJT75. කණින් ශබ්ද අසා ප්‍රියරූපශබ්දයෙහි ... ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණ කොට ප්‍රිය රූපගන්‍ධයෙහි ... දිවින් රස ආස්වාද කොට ප්‍රියරූප රසයෙහි ... කයින් ස්පර්‍ශ පැහැස ප්‍රියරූපස්පර්‍ශයෙහි ... මනසින් දහම් දැන ප්‍රියරූප ධර්‍මාලම්බනයෙහි රාග නො කෙරේ. අප්‍රියරූපධර්‍මාලම්බනයෙහි ව්‍යාපාද නො කෙරේ. එළඹසිටි කාගියාසී ඇතිව මාර්‍ගචිත්තසමන්‍විත ව වාස කෙරේ. යම් පලසමවතෙක දී ඒ ලමු අකුසල් දහම්හු නිඃශේෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්ති ද ප්‍රඥාවිමුක්ති ද තත් වූ පරිදි දනී. හේ මෙසෙයින් අනුරෝධවිරෝධවිප්‍රහීණ වූයේ සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි යම් වේදනාවක් විඳුනේ වේද, හේ ඒ වේදනා අභිනන්‍දනා නො කෙරේ, නො බෙණේ, ගැලගෙන නොසිටි. ඒ වෙයින අභිනන්‍දනා නොකරන, නොබණන, ගැලැගෙන නොසිටුනා ඔහට වේදනායෙහි යම් නන්‍දියක් ඇත් ද, ඒ නිරුද්ධ වෙයි. ඔහට නන්‍දිනිරෝධයෙන් උපාදානනිරොධ වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධ වෙයි. භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් තෙල කේවලදුඃඛපුඤ්ජයාගේ නිරෝධය වෙයි.
Pali BJT76. ඉමං ඛො මෙ තුම්හෙ භික්ඛවෙ සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං ධාරෙථ. සාතිං පන භික්ඛුං{2} කෙවට්ටපුත්තං මහාතණ්හාජාල-තණ්හාසඞ්ඝාට{3} පටිමුක්කන්ති.
Sinhala BJT76. මහණෙනි, තෙපි සැකෙවින් දෙසූ මාගේ මේ තණ්හාසඞ්ඛයවිමුත්තිය (විමුත්තිපටිලාභහේතු වූ දෙසනාව) ධරව. කෙවුළුපුත් සාතිමහණ මහා තෘෂ්ණ දැලෙහි - මහා තෘෂ්ණා සඞ්ඝාටයෙහි (බන්‍ධනයෙහි) පිළිමුතුවකු (පිවිසියකු) කොට ධරවයි වදාළහ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ මහාතණ්හාසඞ්ඛය සූත්‍රය වදාළසේක. සියමන (තුටුසිත්) ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ.
Pali BJTමහාතණ්හාසඞ්ඛයසුත්තං අට්ඨමං.
Sinhala BJTමහාතණ්හාසඞ්ඛය සූත්‍රය අටවැනියි.
Pali BJT1. 4. 9.
Sinhala BJT1. 4. 9.
Pali BJTමහාඅස්සපුරසුත්තං
Sinhala BJTමහාඅස්සපුර සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා අඞ්ගෙසු විහරති අස්සපුරං නාම අඞ්ගානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවො’ති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඞ්ග ජනපදයෙහි අඟුරටවැසියන්ගේ අස්සපුර නම් නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි මහණන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සේ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJT2. සමණාති වො භික්ඛවෙ ජනො සඤ්ජානාති. තුම්හෙ ච පන කෙ තුම්හෙති පුට්ඨා සමානා සමණම්හාති පටි ජානාථ. තෙසං වො භික්ඛවෙ එවං සමඤ්ඤානං සතං එවම්පටිඤ්ඤානං සතං “යෙ ධම්මා සමණකරණා ච බ්රාහ්මණකරණා ච තෙ ධම්මෙ සමාදාය වත්තිස්සාම. එවං නො අම්හාකං සමඤ්ඤා ච අයං සච්චා භවිස්සති පටිඤ්ඤා ච භූතා. යෙසඤ්ච මයං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං{4} පරිභුඤ්ජාම. තෙසං තෙ කාරා අම්හෙසු මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා. අම්හාකඤ්චෙවායං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති සඵලා සඋද්රයාති.{5}” එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT2. මහණෙනි, මහදෙනේ තොප ‘ශ්‍රමණයහ, ශ්‍රමණයහ’යි හඳුනන්නේය. තෙපිදු ‘තෙපි කවරහු’යි පුළුවුස්නා ලදුව ‘ශ්‍රමණයම්හ’යි පිළින කරව. මහණෙනි, මෙබඳු නම් ඇති, මෙබඳු පිළින දෙන ඒ තොප විසිනුදු “ශ්‍රමණ කරණ (පව් සමණ කරණ) බ්‍රාහ්මණකරණ (පව් බහන) යම් ධර්‍ම ඇත් ද, ඒ ධර්‍මසමාදාන විසින් ගෙන වැටෙම්හ. මෙසේ වත්ම, අපගේ මේ ශ්‍රමණ සංඥාව සත්‍ය වෙයි. ප්‍රතිඥා ද යථාර්‍ත්‍ථ වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කරමෝ ද, උන් අප කෙරෙහි කරන ඒ උපකාරයෝ මහත්ඵල මහානෘශංස වෙති. අපගේ ද මේ පැවිද්ද අවන්‍ධ්‍ය වෙයි, සඵල වෙයි, සවෘද්ධික වෙයි” කියා මෙසෙයින් මහණෙනි, තොප හික්මෙන්නේ මැනැව.
Pali BJT3. කතමෙ ච භික්ඛවෙ ධම්මා සමණකරණා ච බ්රාහ්මණකරණා ච?
Sinhala BJT3. මහණෙනි, ශ්‍රමණකරණ - බ්‍රාහ්මණකරණ ධර්‍මයෝ කවරහ යත්:
Pali BJT4. හිරොත්තප්පෙන සමන්නාගතා භවිස්සාමාති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.{1}
Sinhala BJT4. “හිරි ඔතප් දෙකින් සමන්‍වාගත වම්හ”යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
Pali BJT5. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එව මස්ස: හිරොත්තප්පෙනම්හා{2} සමන්නාගතා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
Sinhala BJT5. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරි ඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. එමතුයෙන් පමණ වෙයි. එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති” යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
Pali BJT6. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො කායසමාචාරො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන පරිසුද්ධකායසමාචාරතාය නෙවත්තානුක්කංසිස්සාම, න පරං වම්භිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT6. මහණෙනි, තොප බෙණෙමි. මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබිය දී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය (මාර්‍ග හා ඵල) නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) කායසමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ, මෙරමා නොගරම්හ”යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
Pali BJT7. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි{3} උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
Sinhala BJT7. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාරපිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එතෙකින් මහණුම් කරන ලදි. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
Pali BJT8. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො වචීසමාචාරො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන පරිසුද්ධවචීසමාචාරතාය නෙවත්තානුක්කංසිස්සාම{4} න පරං වම්භිස්සාමා’ති{5} එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT8. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ වාක්සමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නොවෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) වාක්සමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නොගරහම්හ” යි මහණෙනි, මෙසෙසින් තොප හික්මෙන්නේ මැනැව.
Pali BJT9. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
Sinhala BJT9. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එමතුයෙන් මහණුවම්කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
Pali BJT10. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො මනොසමාචාරො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන පරිසුද්ධමනොසමාචාරතාය නෙවත්තානුක්කංසිස්සාම, න පරං වම්භිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT10. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ මනඃසමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) මනඃසමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නොගරහම්හ” යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
Pali BJT11. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
Sinhala BJT11. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃ සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම කරනලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. මතුයෙහි අපට කරණී කිසිදු නැති” යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
Pali BJT12. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො ආජීවො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන පරිසුද්ධාජීවතාය නෙවත්තානුක්කංසිස්සාම, න පරං වම්භිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT12. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහී යේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ ආජීව පිරිසිදු වෙයි, නො මුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධාජීවතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නො ගරහම්හ” යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
Pali BJT13. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
Sinhala BJT13. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
Pali BJT14. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භවිස්සාම: චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජිස්සාම, රක්ඛිස්සාම චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජිස්සාම. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජිස්සාම, රක්ඛිස්සාම මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT14. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථි ව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ‘ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාර ඇතියමෝ වම්හ: ඇසින් රූඅරමුණු දැක නිමිති නොගන්නා සුල්ලමෝ අනුව්‍යඤ්ජන නො ගන්නා සුල්ලමෝ වම්හ. යමක් හේතුකොට ගෙන චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල්දහම්හු ලුහුබැඳ ගැලැ ගනිත් ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරණ පිණිස පිළිපදුම්හ, චක්‍ෂුරින්‍ද්‍රිය රකුම්හ, චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙම්හ. කණින් සද අරමුණු අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධාලම්බන ආඝ්‍රාණ කොට ... දිවින් රසඅරමුණු ආස්වාද කොට ... කයින් ස්පර්‍ශාලම්බන ස්පර්‍ශ කොට ... මනසින් ධර්‍මාලම්බන දැන නිමිති ගන්නාසුල්ලමෝ, අනුව්‍යඤ්ජන ගන්නාසුල්ලමෝ නොවම්හ. යමක් හේතු කොට ගෙන මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබැඳ ගැලැ ගනිත් ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරණ පිණිස පිළිපදුම්හ, මනින්‍ද්‍රිය රකුම්හ, මනින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙම්හ’යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
Pali BJT15. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො. ඉන්ද්රියෙසුම්හා ගුත්තද්වාරා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
Sinhala BJT15. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය. “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි. වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරනලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් මතු තුස්නට පැමිණෙන්නාව.
Pali BJT16. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘භොජනෙ මත්තඤ්ඤුනො භවිස්සාම. පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහරිස්සාම: ‘නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි{1} නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි.{2} යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරොචා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT16. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ‘භෝජනයෙහි මාත්‍රඥ වම්හ. නුවණින් පස්විකා අහර වළඳම්හ. (කෙසේය යත්:) දවය පිණිස නො ම වෙයි, මදය පිණිස නො ව වෙයි, මණ්ඩනය පිණිස නො ම වෙයි, විභූෂණය පිණිස නො ම වෙයි. මේ කායයාගේ ස්ථිති පිණිස යැපීම පිණිස විහිංසා සාන්හිඳුවනු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහ පිණිස වත් මුත් අන් අර්‍ත්‍ථයක් පිණිස නො වෙයි. ‘මෙසෙයින් (නොවැළඳීමෙන් වූ) පැරැණි වේදනා නසමි. නව්‍ය වේදනාත් නො උපදවමි. මාගේ ජීවිතයාත්‍රා ද වෙයි. අනවද්‍යතා හා පහසුවිහරණ වෙති’ යි කියායි. මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
Pali BJT17. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා{1} සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො, ඉන්ද්රියෙසුම්හා ගුත්තද්වාරා, භොජනෙ මත්තඤ්ඤුනො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
Sinhala BJT17. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ, භෝජනයෙහි මාත්‍රඥයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරනලදි අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් මතු තුස්නට පැමිණෙන්නාව.
Pali BJT18. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ජාගරියං අනුයුත්තා භවිස්සාම: දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙස්සාම, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙස්සාම. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙස්සාම පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානා{2} උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා, රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙස්සාමාති{3} එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT18. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: නිදිවැරීමෙහි යුක්තප්‍රයුක්තයමෝ වම්හ: දවස සක්මනින් හිඳුමින් නීවරණදහමින් සිත පරිශෝධන කරම්හ, රැය පළමුයම සක්මනින් හිඳුමින් නීවරණදහමින් සිත පරිශෝධන කරම්හ, රැය මැදුම්යම ස්මෘතිසම්පන්නයමෝ සම්ප්‍රඥාන ඇතියමෝ උත්‍ථානසංඥා (අසෝ වේලෙහි නැගී සිටුම්හයි) මෙනෙහි කොට දකුණුඇළයෙන් දකුණු පාමත වම්පය මඳක් හයා තබාගෙන සිංහශය්‍යා කරම්හ, රැය පැසුළුයම නැඟීසිට සක්මනින් හිඳුමින් නීවරණ දහමින් සිත පරිශෝධන කරම්හ යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
Pali BJT19. සියා ඛො පන භික්ඛවෙ, තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො, ඉන්ද්රියෙසුම්හා ගුත්තද්වාරා, භොජනෙ මත්තඤ්ඤුනො, ජාගරියා අනුයුත්තා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
Sinhala BJT19. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ, භෝජනයෙහි මාත්‍රඥයම්හ, නිදිවැරීමෙහි යුක්තප්‍රයුක්තයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් තුස්නට පැමිණෙන්නාව.
Pali BJT20. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? සතිසම්පජඤ්ඤෙන සමන්නාගතා භවිස්සාම: අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරීති එවඤ්හි හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT20. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වම්හ: ඉදිරි බලා යෑමෙහි දු වටාලා ඊමෙහි දු සම්පජානකාරී වම්හ. අලෝකතවිලෝකන දෙක්හි සම්පජානකාරී වම්හ, සමිඤ්ජනප්‍රසාරණ දෙක්හි සම්පජානකාරී වම්හ, සහළ පාසිවුරු ධැරීමෙහි සම්පජානකාරී වම්හ, අසන - පාන - ඛාදන - ආස්වාදනයෙහි (චතුර්විධ අහර වළඳන වේලෙහි) සම්පජානකාරී වම්හ, මලමූ කිසෙහි සම්පජානකාරී වම්හ, ගමන - ස්ථාන - නිෂද්‍යා - ස්වප්න - ජාගර්‍ය්‍යා - භාෂණ තූෂ්ණීම්භාව යන ක්‍රියායෙහි සම්පජානකාරී වම්හ යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
Pali BJT21. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො, ඉන්ද්රියෙසුම්හා ගුත්තද්වාරා, භොජනෙ මත්තඤ්ඤුනො, ජාගරියං අනුයුත්තා, සතිසම්පජඤ්ඤෙන සමන්නාගතා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
Sinhala BJT21. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප්දෙකීන් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ, භෝජනයෙහි මාත්‍රඥයම්හ, නිදි වැරීමෙහි ප්‍රයුක්තයම්හ, ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගතයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදි. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
Pali BJT22. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ඉධ භික්ඛවෙ භික්ඛු විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJT22. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: මහණෙනි, මෙසස්නෙහි, මහණ නිහඬ සෙනසුන් සෙවුනේය. එනම් - අරන, රුක්මුල, පවි, කඳුරු, ගිරිගුහා, සොහොන, වනපෙත, අභ්‍යවකාශ, පිදුරුකිළි යන මේය. හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ, උඩුකය ඍජු කොට තබා ගෙන කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවාගෙන, පලක් බැඳගෙන හිඳුනේය. හේ (පඤ්චෝපාදානස්කන්‍ධ) ලෝකයෙහි අභිධ්‍යාසඞ්ඛ්‍යාත කාමච්ඡන්‍දය (විෂ්කම්භණ විසින්) පහා, විගතාභිධ්‍ය වූ සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත මුදා ගනී. ව්‍යාපාදසඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය (ක්‍රෝධය) පහා අව්‍යාපන්නචිත්ත ව සර්‍වසත්ත්‍වහිතානුකම්පී ව වාස කෙරේ. ක්‍රෝධයෙන් සිත මුදාගනී. ස්ත්‍යානමිද්ධය පහා අපගතසත්‍යානමිද්ධ ඇති ව ආලෝකසංඥා ඇති ව ස්මෘතිමත් ව නුවණැති ව වාස කෙරේ. ස්ත්‍යානමිද්ධයෙන් සිත මුදාගනී. උද්ධච්චය හා කුක්කුච්චය පහා සියසතන්හි සන්හුන්සිත් ඇති ව නිවිගියා ව වාස කෙරේ. නොනිවිබැවිනුදු කුකුසිනුදු සිත මුදාගනී. විසිකිස් පහා තුණුවිසිකිස් ඇතිව කුසල්දහම්හි කථඞ්කථඞ්කාරරහිත ව වාස කෙරේ. විචිකිත්සායෙන් සිත මුදාගනී.
Pali BJT23. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්ය, තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්යුං, සො යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තීකරෙය්ය, සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරාභරණාය, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ඉණං ආදාය කම්මන්තෙ පයොජෙසිං. තස්ස මෙ කම්මන්තා සමිජ්ඣිංසු. සො අහං යානි ච පොරාණානි ඉණමූලානි, තානි ච බ්යන්තීඅකාසිං. අත්ථී ච මෙ උත්තරිං අවසිට්ඨං දාරාභාරණායා”ති.{1} සො තතොනිදානං ලභෙථ පාමුජ්ජං,{2} අධිගච්ඡෙය්ය සොමනස්සං –
Sinhala BJT23. මහණෙනි, යම්පරිදි පුරුෂ ණයක් ගෙන කර්‍මාන්ත නිමිති කොට යොදන්නේ වේනම්, උහුගේ ඒ කමත්හු සමෘද්ධ වෙත් නම්, යම් පැරැණි ඍණමූල ඇත් ද, එද ඉවර කරන්නේ වේ නම්, ඔහුට මතුයෙහි අඹුවන් පුස්නට ඉතිරි දැයෙකුදු වේ නම්, ඔහුට මෙසේ සිත් පහළවෙයි: “මම පෙර ණය ගෙන කමත්හි යෙදිමි. මාගේ කර්‍මාන්තයෝ සමෘද්ධ වූහ. ඒ මම යම් පැරැණි ඍණමූල වී ද, එහැම ඉවර කෙළෙමි. මට මතුයෙහි අඹුවන් පුස්නට අවශිෂ්ට දැයත් ඇතැ”යි කියායි. හේ ණය නැතිසේ නිදාන කොට කොට ගෙන ප්‍රමෝදය ලබන්නේය. සොම්නස් විඳුනේය. -
Pali BJT24. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො, භත්තඤ්චස්ස නච්ඡාදෙය්ය,{3} න චස්ස කායෙ බලමත්තා, සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්ය, භත්තඤ්චස්ස ඡාදෙය්ය, සියා චස්ස කායෙ බලමත්තා, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හගිලානො. භත්තඤ්ච මෙ නච්ඡාදෙසි. න ච මෙ ආසි කායෙ බලමත්තා. සොම්හි එතරහි තම්හා ආබාධා මුත්තො භත්තඤ්ච මෙ ඡාදෙති. අත්ථි ච මෙ කායෙ බලමත්තාති.” සො තතොනිදානං ලභෙථ පාමුජ්ජං, අධිගච්ඡෙය්ය{4} සොමනස්සං –
Sinhala BJT24. මහණෙනි, යම්පරිදි පුරුෂ ආබාධ ඇතියේ, දුක ඇතියේ, අධිමාත්‍ර ගිලන්ගත් ඇතියෙක් වේ නම්, ඔහුට බත ද නුරුස්නේ නම්, ඔහුට කායබලත් නැත් නම්, පසුකලෙක ඒ ආබාධයෙන් මිදේ නම්, ඔහුට බතුදු රුස්නේ නම්, ඔහුට කායබලත් ඇත් නම්, ඔහුට මෙබඳු සිත් වෙයි: “මම පෙර හටගත් අබාධ ඇතියෙම්, දුක් ඇති දැඩිගිලන් වූයෙකිම් වීමි. මට බතුදු නොරිසිවී. මට කාය බලත් නොවී. ඒ මම දැන් ඒ ආබාධයෙන් මිදී සිටිමි. මට බතුදු රිසි වෙයි. මාගේ කායබලත් ඇති”යි කියායි. හේ ඒ හේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය. -
Pali BJT25. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො බන්ධනාගාරෙ බද්ධො{5} අස්ස, සො අපරෙන සමයෙන තම්හා බන්ධනා මුච්චෙය්ය සොත්ථිනා අබ්යයෙන{6} න චස්ස කොචි භොගානං වයො, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං. සොම්හි එතරහි තම්හා බන්ධනා මුත්තො සොත්ථිනා අබ්යයෙන. නත්ථි ච මෙ කොචි{7} භොගානං වයො”ති. සො තතොනිදානං ලභෙථ පාමුජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJT25. මහණෙනි, යම්පරිදි පුරුෂ දඟගෙහි බැඳුණේ වේ නම්, හේ පසුකලෙක භෝගව්‍යයෙන් වෙන් ව සුවසේ ඒ දඟගෙයින් මිදී යන්නේ නම්, ඔහුගේ කිසිදු භොගව්‍යයෙක් නො වේ නම්, ඔහුට මෙබඳු සිත් වෙයි: “මම පෙර බන්‍ධනාගාරයෙහි බැඳුණෙම් වීමි. එ මම දැන් භෝගව්‍යයෙන් වෙන්ව සුවසේ ඒ බන්‍ධනයෙන් මිදිණිම් වීමි. මට කිසිදු භොගව්‍යයෙක් නොවී”ය කියායි. හේ බන්‍ධමෝක්‍ෂ හේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය. -
Pali BJT26. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො දාසො අස්ස අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො. සො අපරෙන සමයෙන තම්හා දාසව්යා මුච්චෙය්ය අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙන කාමඞ්ගමො. තස්ස එවමස්ස: අහං ඛො පුබ්බෙ දාසො අහොසිං අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො, සොම්හි එතරහි තම්හා දාසව්යා මුත්තො අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමොති. සො තතොනිදානං ලභෙථ පාමුජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJT26. මහණෙනි, යම්පරිදි පුරුෂ ආත්මාධීන නො වු, (එයින්ම) පරාධීන වූ, කැමැති දිගු නොයාහෙන, දාසයෙක් වේනම්, හේ පසු කලෙක ආත්මාධිපති වූ, (එයින්ම) පරායත්ත නො වූ, කැමැතිසේ ඒ ඒ දිග යාහෙන, නිර්දාසයෙක්ව, ඒ දාසභාවයෙන් මිදීයන්නේ වේ නම්, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මම පෙර ආත්මාධීන නො වූ, පරාධීන වූ, කැමැතිසේ ඒ ඒ දිග නොයාහෙන, දස් වීමි. ඒ මම දැන් ආත්මාධිපති වූ, පරාධීන නො වූ, කැමැතිසේ ඒ ඒ දිග යාහෙන, නිර්දාසයෙක් ව ඒ දාසභාවයෙන් මිදිණිම් වීමි”යි කියායි. හේ ඒ නිර්දාසභාවහේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය.
Pali BJT27. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය, සො අපරෙන සමයෙන තම්හා කන්තාරා නිත්ථරෙය්ය සොත්ථිනා අබ්යයෙන,{1} න චස්ස කිඤ්චි භොගානං වයො. තස්ස එවමස්ස: අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං. සොම්හි එතරහි තම්හා කන්තාරා නිත්ථිණ්ණො සොත්ථිනා අබ්යයෙන,{1} නත්ථි ච මෙ කිඤ්චි භොගානං වයොති. සො තතොනිදානං ලභෙථ පාමුජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJT27. මහණෙනි, යම්පරිදි පුරුෂ සධන ව සභෝග ව කතරදිග්මගට වදනේ වේ නම්, හේ පසු කලෙක භෝගව්‍යය නො කොට ම සුවසේ ඒ කතරින් නිස්තීර්‍ණ වන්නේ නම්, ඔහුගේ කිසිදු භෝගව්‍යයයෙක් නො වේ නම්, ඔහුට මෙබඳු සිතෙක් වන්නේය: “මම පෙර සධන ව සභෝග ව කතරදිග්මගට වැදිණිමි. ඒ මම දැන් භෝගව්‍යය නො කොට ම සුවසේ නිස්තීර්‍ණයෙමි. මාගේ කිසිදු භෝගහානියෙක් නැති”යි කියාය. හේ ඒ ක්‍ෂේමභූමියට පැමිණීම් හේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය.
Pali BJT28. එවමෙව ඛො{2} භික්ඛවෙ භික්ඛු යථා ඉණං, යථාරොගං, යථා බන්ධනාගාරං, යථා දාසව්යං, යථා කන්තාරද්ධානමග්ගං, ඉමෙ පඤ්චනීවරණෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි භික්ඛවෙ, ආනණ්යං{3} යථා ආරොග්යං, යථා බන්ධනා මොක්ඛං, යථා භුජිස්සං, යථා ඛෙමන්තභූමි, එවමෙව{4} භික්ඛු ඉමෙ පඤ්චනීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සති.
Sinhala BJT28. මහණෙනි, එපරිදි ම මහණ සියසතන්හි අප්‍රහීණ ව සිටුනා මේ පඤ්චනීවරණයන් ණයක් දක්නා සෙයින්, රොගයක් දක්නා සෙයින්, බන්‍ධනාගාරයක් දක්නා සෙයින්, දාසභාවයක් දක්නා සෙයින්, කතරමඟක් දක්නා සෙයින් මොනොවට දක්නේය. මහණෙනි, යම්සේ අනෘණභාවය දක්නේ වේද, යම්සේ ආරෝග්‍යය දක්නේ වේ ද, යම්සේ බන්‍ධනමෝක්‍ෂය දක්නේ වේ ද, යම්සේ නිර්දාසභාවය දක්නේ වේ ද, යම්පරිදි ක්‍ෂේමාන්තභූමිය දක්නේ වේ ද, එපරිදි ම මහණ සියසතන්හි ප්‍රහීණ ව ගිය මේ පඤ්චනීවරණයන් දක්නේය.
Pali BJT29. සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි, සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං{5} හොති. සෙය්යථාපි භික්ඛවෙ දක්ඛො නහාපකො{6} වා නහාපකන්තෙවාසී වා කංසථාලෙ නහානීයචුණ්ණානි{7} ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්ය{8}, සාස්ස{9} නහානීයපිණ්ඩි ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා ඵුටා{10} ස්නෙහෙන න ච පග්ඝරිණී. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT29. ඒ මහණ චිත්තෝපක්ලේශ වූ, ප්‍රඥාදෞර්බල්‍යයට කාරණ වූ, මේ පඤ්චනීවරණයන් හැරැපියා කාමයෙන් වෙන් ව අකුසල්දහමින් වෙන් ව සවිතර්‍ක, සවිචාර, විවේකජ, ප්‍රීතිසුඛ ඇති, ප්‍රථමධ්‍යාන උපයාගෙන වාස කෙරේ. හේ මේ කරජ කය ම විවේකයෙන් උදාපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි (හැමතැන පැවැති ප්‍රීතිසුඛ ඇතියා කෙරෙයි), හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම අඟින් යුත් කරජකය පිළිබඳව විවේකජප්‍රීතිසුඛයා විසින් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි. මහණෙනි, යම්සේ ප්‍රතිබලසම්පන්න නහවනු වෙක් වේවයි, නහවනු - අතැවැසියෙක් වේවයි, කස්තලියෙක නහනුසුණු බහා දියෙන් පුනපුනා ඉස, පිඬු කරන්නේ වේද, ඒ නහනුපිඬු උදකස්නේහයෙන් අනුගත ව දියසනායෙන් මඩනා ලදු ව සහතුරුබැහැර දියෙන් පහරනලදු ව නොවගුළු ව සිටුනේ වේ ද, මහණෙනි, එපරිදිම මහණ මේ කරජකය ම විවේකයෙන් උදාපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම අඟින් යුත් කරජකය පිළිබඳ ව විවේකජ ප්‍රීතිසුඛය විසින් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි.
Pali BJT30. පුන චපරං භික්ඛවෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති{1} පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං{2} හොති. සෙය්යථාපි භික්ඛවෙ උදකරහදො{3} උබ්භිදොදකො. තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්සායමුඛං,{4} න පච්ඡිමාය දිසාය උදකස්සායමුඛං, න උත්තරාය දිසාය උදකස්සායමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්සායමුඛං. දෙවො ච කාලෙන කාලං සම්මා ධාරං නානුප්පවෙච්ඡෙය්ය. අථ ඛො තම්හාව{5} උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්දෙය්ය පරිසන්දෙය්ය පරිපූරෙය්ය පරිප්ඵරෙය්ය, නාස්ස කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT30. තවද මහණෙනි, මහණ විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම් කරන, සිත පිළිබඳ උතුම් ව උදාවන එකඟබව ඇති, විතර්‍කරහිත විචාරරහිත, සමාධිජ ප්‍රීතිසුඛ ඇති, ද්විතීයධ්‍යානය උපයාගෙන වාස කෙරේ. හේ මේ කරජකය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කයෙහි සමාධිජප්‍රීතිසුඛයෙන් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි. මහණෙනි, යම්පරිදි ඌල්නැගි දිය විලෙක් වේ ද, එයට පෙරදිග්හි දිය වැහෙන මං නැත් ද, පැසිම් දිග්හිදු දිය වැහෙන මං නැත් ද, උතුරුදිග්හිදු දිය වැහෙන මං නැත් ද, දකුණු දිග්හිදු දිය වැහෙන මං නැත්ද, මේඝ ද කලින්කල සම්‍යග්ධාරා වර්‍ෂණ නොකෙරේ ද, වැලි ද එ ම දියවිලින් සිහිල් දියදහර පැනනැගී එම දියවිල් සිහිල් දියෙන් තෙමා ද, හාත්පස තෙමා ද, හාත්පස පුරා ද, හාත්පසින් ස්පර්‍ශ කෙරේ ද, තෙල සියලු දියවිලැ සිහිල් දිය දහරින් නොපහළ කිසිදු දැයෙක් නො වේ ද, මහණෙනි, එපරිදි ම මහණ මෙ ම කරජකය සමාධිජප්‍රීතිසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කයෙහි සමාධිජප්‍රීතිසුඛයෙන් නොපහළ කිසිදු තැනෙක් නැත.
Pali BJT31. පුන චපරං භික්ඛවෙ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියාආචික්ඛන්ති: ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි{6} උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, තානි යාව චග්ගා{7} යාව ච මූලා සීතෙන වාරිනා අභිසන්නානි පරිසන්නානි පරිපූරානි පරිප්ඵුටානි. න නෙසං{8} කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT31. තවද මහණෙනි, මහණ ප්‍රීතියගේ විරාගයෙන් උපේක්‍ෂක ව ද වෙසේ. සිහිඇත්තෙ ද නුවණ ඇත්තේ ද කයින් සුඛය ද විඳුනේය. යම් ධ්‍යානයක් ගෙන ‘තෘතීය ධ්‍යාන ඇති පුඟුලා උපේක්‍ෂකය, ස්මෘතිමත්ය, සුඛවිහරණවත් යැ’යි ආර්‍ය්‍යයෝ බෙණෙත් ද, ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරේ. හේ මේ කය ම නිෂ්ප්‍රීතිසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කය නිෂ්ප්‍රීතිසුඛයෙන් නොපහළ තැනෙක් නැත. මහණෙනි, යම්සේ උපුල්විලෙක වේවයි, හෙළපියුම් විලෙක වේවයි, රත් පියුම් විලෙක වේවයි, ඇතැම් උපුල් හෝ, හෙළ පියුම් හෝ, රත්පියුම් හෝ, දියෙහි සඤ්ජාත ව දියෙහි සංවර්ධිත ව, දියෙන් නොනැඟ සිට, දියතුළ ගැලැසිට වැඩේද, ඒ උපුල් හා පියුම් අග දක්වාත් මුල දක්වාත් සිහිල් දියෙන් මොනවට තෙත් ව හාත්පස තෙත් ව පරිපූරිත ව හාත්පසින් දියපහස ලදු ව ඇත් ද, එ හැම උත්පලයන්ගේ වේවයි, හැම පද්මයන්ගේ වේවයි, හැම පුණ්ඩරීකයන්ගේ වේවයි, කිසිදු තැනෙක් සිහිල් පහස නොලද්දේ නො වේද, මහණෙනි, එපරිදි ම මහණ මෙ ම කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි. හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම කය කිසිදු තැනෙක් නිෂ්ප්‍රීතිකසුඛයෙන් නො පහළේ නො වෙයි.