Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1501-1600 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT“නො හිදං භො ගොතම. අප්පෙකදා භො ගොතම උළාරානි උළාරානි ඛාදනීයානි ඛාදන්ති. උළාරානි උළාරානි භොජනියානි භුඤ්ජන්ති. උළාරානි උළාරානි සායනීයානි සායන්ති. උළාරානි උළාරානි පානානි පිවන්ති. තෙ ඉමං{5} කායං ගාහෙන්ති නාම, බ්රූහෙන්ති නාම, මෙදෙන්ති නාමා”ති.
Sinhala BJT“භවත් ගොයුම්ගොතුව, එතෙක් ම නොද වෙයි. භවත් ගොයුම්ගොතුව, කිසි දවසෙක උතුම් උතුම් (පිට්ඨඛජ්ජකාදි) ඛාද්‍ය කති. උතුම් උතුම් (හත්තපායාසාදි) භෝජ්‍යය වළඳ කෙරෙති. උතුම් උතුම් ආස්වාද්‍යය ආස්වාද කෙරෙති. උතුම් උතුම් (අඹපැන් ඈ) පැනුදු බොති. (මෙසෙසින්) උහු මෙ කය බල ගන්වන්නාහු නම් වෙති, වඩන්නාහු නම් වෙති, මේදොබහුල කෙරෙතියි” කී.
Pali BJTයං ඛො තෙ අග්ගිවෙස්සන පුරිමං පහාය පච්ඡා උපචිනන්ති, එවං ඉමස්ස කායස්ස ආචයාපචයො හොති.
Sinhala BJTගිනිවෙස්න සම්හෙයෙකින් ඔහු මුලැ කී දුෂ්කරක්‍රියා හැරැ පියා පැසුළු ඉපිණි ඛාද්‍යාදීන් සතපත් ද, මෙසෙයින් මේ කය පිළිබඳ (කලින් කල වන) වෘද්ධිපරිහාණිමාත්‍රයෙක් ම ඇත. (කායභාවනායෙක් නම් නැත.)
Pali BJT5. කින්ති පන තෙ අග්ගිවෙස්සන චිත්තභාවනා සුතාති? චිත්තභාවනාය ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතා පුට්ඨො සමානො න සම්පායාසි.
Sinhala BJT5. ගිනිවෙස්න, කෙසේ නම් තා විසින් චිත්තභාවනා අසනලද දැ? යි (භගවත්හු අනුයෝග කළසේක) භගවත්හු විසින් සච්චක නුවටදරු චිත්තභාවනායෙන් පුළුවුස්නා ලදුයේ පිළිතුරු සපයා බණන්නට අශක්ත වී.
Pali BJT6. අථ ඛො භගවා සච්චකං නිගණ්ඨපුත්තං එතදවොච: යාපි ඛො තෙ එසා අග්ගිවෙස්සන පුරිමා කායභාවනා භාසිතා, සාපි අරියස්ස විනයෙ නො ධම්මිකා කායභාවනා. කායභාවනං හි{1} ඛො ත්වං අග්ගිවෙස්සන න අඤ්ඤාසි, කුතො පන ත්වං චිත්තභාවනං ජානිස්සසි? අපි ච අග්ගිවෙස්සන යථා අභාවිතකායො ච හොති අභාවිතචිත්තො ච, භාවිතකායො ච භාවිතචිත්තො ච, තං සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං භො’ති ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT6. එකල භාග්‍යවතුන් වහන්සේ සච්චක නුවටදරුහට තෙල වදාළහ: ගිනිවෙස්න, තා විසින් යම් තෙල පළමු කායභාවනායෙක් කියන ලද ද, එ ද අරීවිනයෙහි දැහැමි කායභාවනායෙක් නො වේ. ගිනිවෙස්න, තො කායභාවනා මතු දු නො දනිහි, තෝ කොයින් චිත්ත භාවනා දනිහි? තවද ගිනිවෙස්න, යම්පරිදි අභාවිතකාය අභාවිතචිත්ත හා භාවිතකාය හා භාවිතචිත්ත හා වේ ද, ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියමියි වදාළහ. ‘එසේ යැ භවතැ’යි සච්චක නුවටදරු භගවත්හට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJT7. කථඤ්ච අග්ගිවෙස්සන අභාවිතකායො ච හොති අභාවිතචිත්තො ච?
Sinhala BJT7. ගිනිවෙස්න, කෙසේ නම් අභාවිතකාය හා අභාවිතචිත්ත හා වේද යත්:
Pali BJTඉධ අග්ගිවෙස්සන අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පජ්ජති සුඛා වෙදනා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො සුඛසාරාගී ච හොති, සුඛසාරාගිතඤ්ච ආපජ්ජති. තස්ස සා සුඛා වෙදනා නිරුජ්ඣති. සුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. තස්ස ඛො එසා අග්ගිවෙස්සන උප්පන්නාපි සුඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතත්තා කායස්ස. උප්පන්නාපි දුක්ඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතත්තා චිත්තස්ස. යස්ස කස්සචි අග්ගිවෙස්සන එවං උභතොපක්ඛං උප්පන්නාපි සුඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතත්තා කායස්ස, උප්පන්නාපි දුක්ඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨති අභාවිතත්තා චිත්තස්ස, එවං ඛො අග්ගිවෙස්සන අභාවිතකායො ච හොති අභාවිතචිත්තො ච.
Sinhala BJTගිනිවෙස්න, මෙ ලොව අශ්‍රැතවත් පෘථග්ජනයාහට සුඛවේදනා උපදි. හේ සුඛවේදනා විසින් ස්පර්‍ශ කරන ලදුයේ සුඛසංරාග ඇති වෙයි. සුඛ සංරාගසමන්‍වාගත සෙයට ද පැමිණේ. උහුගේ ඒ සුඛවේදනා නිරුද්ධ වෙයි. සුඛවේදනානිරෝධයෙන් කයෙහි දුඃඛ වේදනා උපදී. හේ දුඃඛ වේදනා විසින් ස්පර්‍ශකරන ලදුයේ ම සොස්නේ වෙයි, කලකුළුවෙයි, වලප්නේ වෙයි, ළමැඩියෙහි අතින් පැහැර හඬනේ වෙයි, සිහිමුළාවට වදනේ වෙයි. ගිනිවෙස්න, උහුට තෙල උපන් සුඛවේදනා ද සිත ගෙවා ගෙන සිටුනීය, කය අභාවිත (නොවැඩූ) වන බැවින. උපන් දුඃඛවේදනා ද සිත ගෙන සිටුනීය, සිත අභාවිත වන බැවින. ගිනිවෙස්න, යම්කිසිවක්හට කය අභාවිත වන බැවින් මෙසේ (සුඛය එක්පසෙකැ, දුඃඛය එක්පසෙකැයි) උභයතඃපක්‍ෂව උපන් සුඛවේදනා ද සිත ගෙවා ගෙන සිටුනී ද, චිත්ත අභාවිත වන බැවින් උපන් දුඃඛවේදනා ද සිත ගෙවා ගෙන සිටුනී ද, ගිනිවෙස්න, මෙසේ අභාවිතකාය ද අභාවිතචිත්ත ද වෙයි.
Pali BJT8. කථඤ්ච අග්ගිවෙස්සන භාවිතකායො ච හොති භාවිතචිත්තො ච?
Sinhala BJT8. ගිනිවෙස්න, කෙසේ නම් භාවිතකාය හා භාවිතචිත්ත හා වේද යත්:
Pali BJTඉධ අග්ගිවෙස්සන සුතවතො අරියසාවකස්ස උප්පජ්ජති සුඛා වෙදනා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සුඛසාරාගී ච{2} හොති, න සුඛසාරාගිතඤ්ච{3} ආපජ්ජති. තස්ස සා සුඛා වෙදනා නිරුජ්ඣති. සුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. තස්ස ඛො එසා{4} අග්ගිවෙස්සන උප්පන්නාපි සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතත්තා කායස්ස. උප්පන්නාපි දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතත්තා චිත්තස්ස. යස්ස කස්සචී අග්ගිවෙස්සන එවං උභතොපක්ඛං උප්පන්නාපි සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතත්තා කායස්ස, උප්පන්නාපි දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති භාවිතත්තා චිත්තස්ස, එවං ඛො අග්ගිවෙස්සන භාවිතකායො ච හොති භාවිතචිත්තො චාති.
Sinhala BJTගිනිවෙස්න, මෙලොව ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විසින් ස්පර්‍ශ කරන ලදුයේ ම සුඛසංරාගයෙන් සමන්‍වාගත ද නො වෙයි. සුඛසංරාගයෙන් සමන්‍වාගත සෙයට ද නො පැමිණෙයි. උහුගේ ඒ සුඛවේදනා නිරුද්ධ වෙයි. සුඛවේදනානිරෝධයෙන් මතුයෙහි දුඃඛවේදනා උපදී. හේ දුඃඛවේදනා විසින් පහස්නා ලදුයේ ම නොසොස්නේය, කලකුළු නොවන්නේ ය, නොවලප්නේ ය, ළෙහි අත් පැහැර නොහඬන්නේ ය, සිහි මුළාවට නොවදනේය. ගිනිවෙස්න, උහුගේ තෙල උපන් සුඛවේදනාත් සිත ගෙවා ගෙන නොසිටුනේ ය, කය භාවිත වන බැවින. උපන් දුඃඛවේදනාත් සිත ගෙවා ගෙන නොසිටුනේ ය, සිත භාවිත වන බැවින. ගිනිවෙස්න, යම් කිසිවක්හට මෙසෙයින් උභයතඃපක්‍ෂව උපන් සුඛවේදනාත් කය භාවිත වන බැවින් සිත ගෙවා ගෙන නොසිටුනේ වේද, උපන් දුඃඛවේදනාත් සිත භාවිත වන බැවින් සිතගෙවා ගෙන නොසිටුනේ වේද, ගිනිවෙස්න, මෙසෙයින් භාවිතකාය වෙයි. භාවිතචිත්ත ද වෙයි.
Pali BJT9. “එවං පසන්නො අහං භොතො ගොතමස්ස: භවං හි ගොතමො භාවිතකායො ච භාවිතචිත්තො චා”ති. අද්ධා ඛො තෙ අයං අග්ගිවෙස්සන ආසජ්ජ උපනීය වාචා භාසිතා. අපි ච තෙ අහං බ්යාකරිස්සාමි: යතො ඛො අහං අග්ගිවෙස්සන කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො, තං වත මෙ උප්පන්නා වා සුඛා වෙදනා චිත්තං පරියාදාය ඨස්සති, උප්පන්නා වා දුක්ඛා වෙදනා චිත්තං පරියාදාය ඨස්සතීති නෙතං ඛො ඨානං{1} විජ්ජතීති. “නහනූන{2} භොතො ගොතමස්ස උප්පජ්ජති තථාරූපා සුඛා වෙදනා යථාරූපා උප්පන්නා සුඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨෙය්ය, නහනූන{2} භොතො ගොතමස්ස උප්පජ්ජති තථාරූපා දුක්ඛා වෙදනා, යථාරූපා උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං පරියාදාය තිට්ඨෙය්යාති.” කිං හි නො සියා අග්ගිවෙස්සන?
Sinhala BJT9. “භවත් ගෞතමයන් වහන්සේ භාවිතකාය වෙති. භාවිතචිත්ත ද වෙති” යි මම භවත් ගොයුම්ගොතුවනට මෙසේ පහන්මි” යි කී. ගිනිවෙස්න, තා විසින් ගුණ ඝටාගෙන ද එළවාගෙන ද මෙබස් කියනලද මැයි. එතෙකුදු වුව තට මම කියමි: ගිනිවෙස්න, යම් දවසෙක මම කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙව ගෙන් නික්ම පැවිද්දට වැදුනෙම් වේ ද, උපන් සුඛවේදනා වේවයි ඒ මා සිත ගෙවා ගෙන සිටුනේ යැ හෝ, උපන් දුඃඛ වේදනා වේවයි ඒ මා සිත ගෙවාගෙන සිටුනේ යැ හෝ යි තෙල කරුණ නොවේ මැ යැයි (වදාළහ). “යම් උපන් සුඛවේදනායෙක් භවත්හුගේ සිත ගෙවා ගෙන සිටුනේ වේ ද, එවන් සුඛවේදනායෙක් භවත් ගොයුම්ගොතුවනට නොඋපද්දි හෝ, යම් උපන් දුඃඛවේදනායෙක් භවත්හුගේ සිත ගෙවා ගෙන සිටුනේ වේද, එවන් දුඃඛවේදනායෙක් භවත් ගොයුම්ගොතුවනට නො උපද්දි හෝ යි” (නුවට කී). ‘කුමැයි නොවේ ද? (උපන) ගිනිවෙස්නැ’යි වදාළහ.
Pali BJT10. ඉධ මෙ අග්ගිවෙස්සන පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සංඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති. සො ඛො අහං අග්ගිවෙස්සන අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං.
Sinhala BJT10. ගිනිවෙස්න, සම්‍යක්සම්බෝධියෙන් පළමු ව අනභිසම්බුද්ධ බෝසතක් ව සිටියදී ම මට තෙල සිත් විය: “ගෘහවාස සම්බාධ ය. ක්ලේශධූලි මාර්‍ගයෙක. ප්‍රව්‍රජ්‍යා නම් අභ්‍යවකාශස්ථානයෙක. ගිහිගෙහි වසනුවහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ, ඒකාන්ත පරිශුද්ධ, ලිඛිත (ධෞත) ශඞ්ඛසදෘශ මේ බ්‍රහ්මචර්‍ය්‍යය සරන්නට නොහැකිය. මම් කෙහෙරවුළු බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට වදනෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම පසු කලෙක භද්‍රවූ යොව්නින් යුත්, ප්‍රථම වයසින් සමන්‍වාගත, කළු කෙහෙ ඇති තරුණයෙක්ව සිටියෙම් ම, වගුළ කඳුළින් තෙත් මුව ඇති නොකැමැති දෙමාපියන් හඬනවුනට අනදර කොට කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට වැදිණිමි.
Pali BJT11. සො එවං පබ්බජිතො{3} සමානො කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං:{4} ඉච්ඡාමහං ආවුසො කාලාම ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතුන්ති. එවං වුත්තෙ අග්ගිවෙස්සන ආළාරො කාලාමො මං එතදවොච: ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා’ති. සො ඛො අහං අග්ගිවෙස්සන නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං අග්ගිවෙස්සන තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි, ථෙරවාදඤ්ච. ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි, අහඤ්චෙව අඤ්ඤෙ ච.
Sinhala BJT11. මම මෙසේ පැවිදි වූයෙම් කුසල කිමැයි සොයනුයෙම්, උතුම් ශාන්තිසඞ්ඛ්‍යාතති වන පිරියෙස්නෙම්, ආළාර කාලාම තවුසන් කරා එළඹියෙමි. එළඹ ආළාරකාලාමයනට තෙල කීමි: “ඇවත කාලාම, මම මේ ධර්‍මවිනයෙහි බඹසර සරන්නට කැමතියෙමි”යි. ගිනිවෙස්න, මෙසේ කියත්ම කලම්ගොතු ආළාරතවුස් මට තෙල බස් කී: “ආයුෂ්මත් විහරණ කරන්නේ මැනැව. යම් ධර්‍මයෙක පණ්ඩිත පුරුෂයෙක් මඳකලෙකින් සිය ඇදුරුසමය තමා විසින් දැනැ පසක් කොට සපයා වෙසේ ද, මේ දහම එබඳු ය”යි. ගිනි වෙස්න, මම (උන්ගේ) ඒ ධර්‍මය මඳ කලෙකින් ම වහා ප්‍රගුණ කෙළෙමි. ගිනි වෙස්න, මම තොල ගැටීම් මතුයෙන්, උන් කීවා කීම් මතුයෙන් “මම් දන්මි, දක්මී” යන ඥානවාදය ද, “මෙහි මම ස්ථිර යෙමි” යන ස්ථිරවාදය ද කියමි. මම් මතු නොවෙමි. සෙස්සෝ ද කියති.
Pali BJT12. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: න ඛො ආළාරො කාලාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති. අද්ධා ආළාරො කාලාමො ඉමං ධම්මං ජානං පස්සං විහරතීති. අථ ඛ්වාහං අග්ගිවෙස්සන යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: කිත්තාවතා නො ආවුසො කාලාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසීති? එවං වුත්තෙ අග්ගිවෙස්සන ආළාරො කාලාමො ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි.
Sinhala BJT12. ගිනිවෙස්න, මට මේ සිත් වී: “ආළාර කාලාම මේ දහම හුදු සැදැහැ මතුයෙන් තමා විසින් දැනැ පසක් කොට සපයා වෙසෙමි යි පහළ නොකෙරෙයි. ඒකාන්තයෙන් ආළාර කාලාම මේ දහම දන්නේ, දක්නේ, විහරණ කෙරෙති”යි කියායි. ගිනිවෙස්න, එක්බිති මම ආළාර කාලාමයන් කරා එළඹියෙමි එළඹ ආළාරකාලාමයන්හට තෙල බස් කීමි. “කියග කාලාම, කිපමණෙකින් මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා පහළ කෙරෙහිදැ?”යි. ගිනිවෙස්න, මෙසේ කී කල ආළාර කාලාම ආකිඤ්ඤඤ්ඤායතනය (තෙක් සත්සමවත්) මා දන්වාලීය.
Pali BJT13. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: “න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හම්පත්ථි සද්ධා; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි විරියං, මය්හම්පත්ථි විරියං; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සති, මය්හම්පත්ථි සති; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සමාධි, මය්හම්පත්ථි සමාධි; න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං ආළාරො කාලාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති, තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්යන්ති.” සො ඛො අහං අග්ගිවෙස්සන න චිරස්සෙ ව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
Sinhala BJT13. ගිනිවෙස්න, මට තෙල සිත්වී: “ආළාරකාලාම තවුස්හට ම සැදැහැ ඇතියේ නොවෙයි, මට ද සැදැහැ ඇත. ආළාරකාලාම තවුස්හට ම වැර ඇතියේ නොවෙයි, මට ද වැර ඇත. ආළාරකාලාම තවුස්හට ම සිහි ඇතියේ නොවෙයි, මට ද සිහි ඇත. ආළාරකාලාම තවුස්හට ම සමාධි ඇතියේ නොවෙයි. මට ද සමාධි ඇත. ආළාරකාලාම තවුස්හට ම පැන ඇතියේ නොවෙ යි, මට ද පැන ඇත. ආළාරකාලාම තවුස් යම් දහමක් තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙරෙමි යි පහළ කෙරේ ද, ඒ දහම පසක් කරනු පිණිස පියෝ කෙරෙම් නම් මනා මැනු”යි කියායි. ගිනිවෙස්න, මම මඳකලෙකින් ම වහාම ඒ දහම තමන් විසින් දැනැ පසක් කොට සපයා විසීමි.
Pali BJT14. අථ ඛ්වාහං අග්ගිවෙස්සන යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: එත්තාවතා නො ආවුසො කාලාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසීති. “එත්තාවතා ඛො අහං ආවුසො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමී”ති. “අහම්පි ඛො ආවුසො එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී”ති.
Sinhala BJT14. ගිනිවෙස්න, එක්බිති මම ආළාරකාලාම තවුස් කරා එළඹියෙමි. එළඹ ආළාරකාලාම තවුසාට තෙල බස් කීමි: “කියග කාලාම, මෙතෙකින් මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා දන්වහි?”යි. “ඇවැත්නි, මෙතෙකින් මම මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා පවසමි”යි හේ කීය. “මම ද ඇවැත්නි, මෙතෙකින් මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වෙසෙමි”යි කීමි.
Pali BJT15. “ලාභා නො ආවුසො, සුලද්ධං නො ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම: ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි. ඉති යාහං ධම්මං ජානාමි, තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි, තමහං ධම්මං ජානාමි. ඉති යාදිසො අහං, තාදිසො ත්වං. යාදිසො ත්වං, තාදිසො අහං. එහිදානි ආවුසො, උභොව සන්තා ඉමං ගණං පරිහරාමා”ති.
Sinhala BJT15. “ඇවැත්නි, අපට ලාභයෙකි. ඇවැත්නි, අපට මනා ලැබීමෙකි. ඒ අපි එවන් සබ්‍රම්සර ආයුෂ්මතුන් දක්නමෝ ද - මෙසේ මම් යම් දහමක් තමා විසින් දැනැ පසක් කොට සපයා පහළ කෙරෙම් නම්, තො යිදු ඒ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙරෙහි. තෝ යම් දහමක් තමා විසින් දැනැ පසක් කොට සපයා වෙසෙහි නම්, මමත් ඒ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා පවසමි. මෙසෙයින් මම යම් සමවත් දහමක් දනිම් නම්, තො යිදු එ දහම දන්හි. තෝ යම් දහමක් දන්හි නම් මම ඒ දහම දන්මි. මෙසෙයින් මම යම් බඳුයෙම් වෙම් ද, තෝ එබඳුයෙහි. තෝ යම් බඳුයෙහි ද, මම එබඳුයෙමි. ඇවැත්නි, එව, දැන් අපි දෙදෙනමෝ ම මේ ශිෂ්‍ය ගණයා පරිහරණ කරම්හ”යි කීය.
Pali BJT16. ඉති ඛො අග්ගිවෙස්සන ආළාරො කාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං{1} මං සමානං අත්තනො{2} සමසමං ඨපෙසි. උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව ආකිඤ්චඤ්ඤායතනූපපත්තියාති. සො ඛො අහං අග්ගිවෙස්සන තං ධම්මං අනලඞ්කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
Sinhala BJT16. ගිනිවෙස්න, මෙසෙයින් ආළාර කාලාම තවුස් මට ඇදුරු වූයේ, මා අතැවැසියහු තමහට සමසම කොට තැබී ය. උතුම් පූජායෙදුනු මා පිදී ය. ගිනිවෙස්න, මට තෙල සිත්වී: මේ දහම් සසර කළකිරීම පිණිස නො වැටෙයි, නො ඇලීම් පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස, උපශම පිණිස, අභිඥෙය ධර්‍මයන් අභිජානනය පිණිස, චතුමාර්‍ගසම්බෝධය පිණිස, නිවන් පසක් කරනු පිණිස නො වැටෙයි. (සැටදහස් කප් ආයු ඇති) ආකිඤ්ඤඤ්ඤායතන භවයෙහි උප්පත්ති මතුවක් පිණිස වැටෙයි. ගිනිවෙස්න, මම ඒ දහම් පමණ නො කොට (මෙයින් කම් නැතැයි) ඒ දහමින් නිබිඳ (උකටලීව) නික්මිණිමි.
Pali BJT17. සො ඛො අහං අග්ගිවෙස්සන කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන උද්දකො{1} රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං{2} රාමපුත්තං එතදවොචං: ඉච්ඡාමහං ආවුසො ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතුන්ති. එවං වුත්තෙ අග්ගිවෙස්සන උද්දකො{3} රාමපුත්තො මං එතදවොච: “විහරතායස්මා. තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො{4} න චිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා{5} සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා”ති. සො ඛො අහං අග්ගිවෙස්සන න චිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං අග්ගිවෙස්සන තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි ථෙරවාදඤ්ච. ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි, අහඤ්චෙව අඤ්ඤෙ ච.
Sinhala BJT17. ගිනිවෙස්න, මම කුසල කිමැයි සොයනුයෙම්, උතුම් ශාන්ති පදය පිරියෙස්නෙම්, උද්දක රාමපුත්‍රයන් කරා එළඹියෙමි. එළඹ රාමපුත්‍ර උද්දක තවුස්හට තෙල බස් කීමි: “ඇවැත්නි, මම මේ ධර්‍මවිනයෙහි බඹසර සරන්නට කැමැතියෙමි”යි. ගිනිවෙස්න, මෙසේ කී කල රාමපුත්‍ර උද්දක තවුස් මට තෙල බස් කී: “ආයුෂ්මත් විහරණ කරන්නේ මැනැව. යම් ධර්‍මයෙක නුවණැති පුරුෂයෙක් මඳ කලෙකින් සිය ඇදුරු සමය තමා විසින් දැන පසක් කොට සපයා වෙසේ ද, මේ දහම එබඳු ය”යි. ගිනිවෙස්න, මම (උන්ගේ) ඒ ධර්‍මය මඳකලෙකින් ම වහාම පුහුණු කෙළෙමි. ගිනිවෙස්න, මම තොලගැටුම් මතුයෙකින්, උන්කීවා වටාලා කිම් මතුයෙකින් ‘දනිමි, දකිමි’ යන ඥානවාදය ද, ‘මෙහි මම ස්ථිරයෙමි’ යන ස්ථිරවාදය ද පිළින කරමි. මම් මතු නොවෙමි. සෙස්සෝ ද පිළින කෙරෙති.
Pali BJT18. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: න ඛො රාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති{6} පවෙදෙසි. අද්ධා රාමො ඉමං ධම්මං ජානං පස්සං විහාසීති. අථ ඛ්වාහං අග්ගිවෙස්සන යෙන උද්දකො{7} රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: කිත්තාවතා නො ආවුසො රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසීති. එවං වුත්තෙ අග්ගිවෙස්සන උද්දකො රාමපුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පවෙදෙසි.
Sinhala BJT18. ගිනිවෙස්න, මට මෙසිත් වී: “(උද්දකපිතෘ) රම්තවුස් මේ සමවත් දහම හුදු සැදැහැමතුයෙන් තමා විසින් දැනැ පසක් කොට වෙසෙමි යි පහළ නො කෙළේය. ඒකාන්තයෙන් රම්තවුස් මේ දහම දන්නේ, දක්නේ වාස කෙළේය” කියා යි. ගිනිවෙස්න, එක්බිති මම උදරම් පුතු කරා එළඹියෙමි. එළඹ උදරම්පුත්හට තෙල බස් කීමි: “කියග උද්දකය, කිපමණෙකින් රාම තෙමේ මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙරෙමියි පහළ කෙළේ දැ?”යි. ගිනිවෙස්න, මෙසේ කීකල උදරම්පුත් නේවසඤ්ඤානාසඤ්ඤායතනය (තෙක් අටසමවත්) දන්වාලීය.
Pali BJT19. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: න ඛො රාමස්සෙව අහොසි සද්ධා, මය්හම්පත්ථි සද්ධා; න ඛො රාමස්සෙව අහොසි විරියං, මය්හම්පත්ථි විරියං; න ඛො රාමස්සෙව අහොසි සති, මය්හම්පත්ථි සති; න ඛො රාමස්සෙව අහොසි සමාධි, මය්හම්පත්ථි සමාධි; න ඛො රාමස්සෙව අහොසි පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි,{8} තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්යන්ති. සො ඛො අහං අග්ගිවෙස්සන න චිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
Sinhala BJT19. ගිනිවෙස්න, මට මෙසිත් වී: “සැදැහැ රාමයාහට මතු (පමණක්) නොවී, මට ද සැදැහැ ඇත. රාමයාහට මතු වැර නොවී, මට ද වැර ඇත. රාමයාහට මතු සිහිය නොවී, මට ද සිහිය ඇත. රාමයාහට මතු සමාධි නොවී, මට ද සමාධි ඇත. රාමයාහට මතු ප්‍රඥා නොවූ, මට ද ප්‍රඥා ඇත. රාම තෙමේ යම් දහමක් තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙමියි කෙළේ නම්, මම ද ඒ දහම පසක් කරනු පිණිස ප්‍රධන්වැර කෙරෙම් නම් මනා මැනු”යි කියා යි. ගිනිවෙස්න, මම මද කලෙකින් ම වහාම ඒ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙළෙමි.
Pali BJT20. අථ ඛ්වාහං අග්ගිවෙස්සන යෙන උද්දකො රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: එත්තාවතා{9} නො ආවුසො රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසීති. “එත්තාවතා ඛො ආවුසො රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී”ති.{10} අහම්පි ඛො ආවුසො එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති.
Sinhala BJT20. ගිනිවෙස්න, එක්බිති මම උදරම්පුතු කරා එළඹියෙමි. එළඹ උදාරම්පුත්හට තෙල බස් කීමි: “කියග උද්දකය, මෙපමණෙකින් රාම තෙමේ මේ දහම තමා විසින් දැන පසක් කොට සපයා පහළ කෙළේදැ?”යි. “ඇවැත්නි, රාම මෙපමණෙකින් මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා පහළ කෙළේය”යි කීය. ඇවැත්නි, මම ද මෙපමණෙකින් මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙරෙමි කීමි.
Pali BJT21. “ලාභා නො ආවුසො, සුලද්ධං නො ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම: ඉති යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි. ඉති යං ධම්මං රාමො අඤ්ඤාසි, තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි, තං ධම්මං රාමො අඤ්ඤාසි. ඉති යාදිසො රාමො අහොසි, තාදිසො ත්වං, යාදිසො ත්වං, තාදිසො රාමො අහොසි. එහිදානි ආවුසො, ත්වං ඉමං ගණං පරිහරා{1} ”ති. ඉති ඛො අග්ගිවෙස්සන උද්දකො රාමපුත්තො සබ්රහ්මචාරී මෙ සමානො ආචරියට්ඨානෙ ච මං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියාති. සො ඛො අහං අග්ගිවෙස්සන තං ධම්මං අනලඞ්කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
Sinhala BJT21. “ඇවැත්නි, අපට ලාභයෙක ඇවැත්නි, අපට මනා ලැබුමෙක. ඒ අපි එබඳු සබ්‍රම්සර අයුෂ්මතුන් දක්නමෝ ද - මෙසේ රාමතෙමේ යම් දහමක් තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙළේද, තොයි ද ඒ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙරෙහි. තෝ යම් දහමක් තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙහි ද, රාම තෙමේ ද ඒ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා පවසා ලීය. මෙසේ රාම තෙමේ යම් දහමක් දතු නම්, තොයිදු ඒ දහම දන්හි. තෝ යම් දහමක් දන්හි නම්, රාම තෙමේ ඒ දහම දන්නේය. මෙසේ රාම යම්බඳු වී ද, තෝ එබඳුයෙහි ය. තෝ යම්බන්දෙහි නම්, රාම එබඳු වී. ඇවැත්නි, එව, දැන් තෝ මේ ගණය පරිහරණය කරව” යි කීය. ගිනිවෙස්න, මෙසෙයින් උදරම්පුත් මට සබ්‍රම්සර වූයේ මා ඇදුරුතන්හිදු තැබීය. උතුම් පූජායෙනුදු මා පිදී. ගිනිවෙස්න, මට තෙල සිත් පහළවී: මේ අට සමවත් දහම කළකිරීම පිණිස නො වැටෙයි. නො ඇලීම් පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස, උපශම පිණිස, අභිඥෙය ධර්‍මයන් අභිජානනය පිණිස, චතුර්මාර්‍ගසම්බෝධය පිණිස, නිවන් පසක් කරනු පිණිස නො වැටෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි උප්පත්ති මතුවක් පිණිස වැටෙයි. ගිනිවෙස්න, මම ඒ අටසමවත් දහම ‘මෙයින් කම් නැතැ’යි පුන පුනා පිළිකෙව් කොට ඒ දහමින් නිබිද නික්මිණිමි.
Pali BJT22. සො ඛො අහං අග්ගිවෙස්සන කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන උරුවෙලා සෙනා-නිගමො තදවසරිං. තත්ථද්දසං රමණීයං{2} භූමිභාගං පාසාදිකඤ්ච වනසණ්ඩං, නදිඤ්ච සන්දන්තිං සෙතකං සුපතිත්ථං රමණීයං, සමන්තා ච ගොචරගාමං.{3} තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: රමණීයො{4} වත භූමිභාගො, පාසාදිකො ච වනසණ්ඩො. නදී ච සන්දති සෙතකා සුපතිත්ථා රමණීයා,{5} සමන්තා ච ගොචරගාමො. අලං{6} වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස{7} පධානායාති. සො ඛො අහං අග්ගිවෙස්සන තත්ථෙව නිසීදිං අලමිදං පධානායාති.
Sinhala BJT22. ගිනිවෙස්න, මම කුසල කිමැයි සොයනුයෙම්, උත්තමශාන්ති සඞ්ඛ්‍යාත නිවන පිරියෙස්නෙම් මගධ රටෙහි පිළිවෙළින් සැරි සරනුයෙම්, උරුවෙල් දනව්යෙහි සේනානිගම නම් නියම්ගමට පැමිණියෙමි. එහි රමණී බිම් කොටස හා ප්‍රසාදකර වන ළැහැබ හා, කස වූ මඬ ඇති (පිරිසිදු) මනාව පිහිටි ප්‍රතීර්‍ත්‍ථ (පිළිවෙළින් ගැඹුරු තොට) ඇති, රමණී, ගලන හොය හා හාත්පස සිසාළ ගොදුරුගම හා දිටිමි. ගිනිවෙස්න, මට තෙල සිත් වී: භූමිභාගය ඒකාන්තයෙන් රමණීය වෙයි. වන ළැහැබ ප්‍රසාදකර වෙයි. සුදු සුතොට ඇති රමණී හොය ද ගලා බසී. හාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රධන් කටැටි කුල දරුවක්හට ප්‍රධන්හි යෝග කරනු පිණිස මෙ තැන ඒකාන්තයෙන් හඹනු වෙයි (සමත් වෙයි) කියායි. ගිනිවෙස්න මම “ප්‍රධන්හි යෝග කරන්නට මෙතැන යෝග්‍ය වෙති”යි එහිම (ප්‍රධන් කරනු සඳහා) හිඳ ගතිමි.
Pali BJT23. අපිස්සු මං අග්ගිවෙස්සන තිස්සො උපමා{8} පටිභංසු අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා:
Sinhala BJT23. තවද ගිනිවෙස්න, පෙර නො ඇසූවිරූ ආශ්චර්‍ය්‍ය එළවන උපමාවෝ තුන් දෙනෙක් මට වැටහුණ හ. ඒ කෙසේ ය යත්:
Pali BJTසෙය්යථාපි අග්ගිවෙස්සන අල්ලං කට්ඨං සස්නෙහං උදකෙ නික්ඛිත්තං, අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං උදකෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො{9} අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතු කරෙය්යාති? “නො හිදං භො ගොතම.” තං කිස්ස හෙතු? “අදුං හි භො ගොතම අල්ලං කට්ඨං සස්නෙහං. තඤ්ච පන උදකෙ නික්ඛිත්තං. යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා”ති.
Sinhala BJTගිනිවෙස්න, දියෙහි බැහු ස්නෙහ සහිත තෙත් කැටෙක් (උදුම්බරකාෂ්ඨයෙක්) ඇති ද, එසඳ ‘ගිනි දල්වා නිපදවමී, තේජස් පහළ කරමී’ යි පුරුෂයෙක් උතුරුඅරිණි (මතුයෙහි සිටුනා ගිනිගානා දඬෙක්) ගෙන එන්නේ වේ ද, ගිනිවෙස්න, එ කිසේ හඟිහි? ඒ පුරිස දියෙහි බැහු සහසනා තෙල තෙත් කට උතුරඅරිණී ගෙන මඬනේ ගිනි නිපදවන්නේ වෙද? තෙද පහළ කරන්නේ වේදැ?යි. “භවත් ගොයුම්ගොතුව, නොවන්නේ මැ ය” ඒ කවර හෙයින? “භවත් ගොයුම්ගොතුව, තෙල තෙත් කට සහසනා වෙයි. එ ද දියෙහි බැහුනේ වෙයි ඒ පුරුෂ කලකුළුවට (ක්ලාන්තයට) පැළදුකට (පීඩ දුඃඛයට) හිමි වනු ම වෙයි.”
Pali BJTඑවමෙව ඛො අග්ගිවෙස්සන යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා කායෙන{1} චෙව කාමෙහි අවූපකට්ඨා විහරන්ති, යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො{2} කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො, සො ච අජ්ඣත්තං න සුප්පහීනො හොති න සුප්පටිප්පස්සද්ධො. ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා දුක්ඛා තිප්පා{3} කටුකා{4} වෙදනා වෙදියන්ති. අභබ්බා’ව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං අග්ගිවෙස්සන පඨමා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJTගිනිවෙස්න, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, කයිනුදු කාමයෙන් දුරු නො වූවාහු වාස කෙරෙත්ද, කම්සපුයෙහි උන්ගේ යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාම මූර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇත් ද, එ ද සියසතන්හි නො පැහුණේ වේ ද, නො සන්හිඳුණේ වේ ද, ඒ භවත් මහණ බමුණෝ ඖපක්‍රමිකවූ ද (උපක්‍රමයෙන් හටගත්) තීව්‍ර කටුක දුඃඛ වේදනා විඳිති. ඔහු ලෝකෝත්තර මාර්‍ගඥානය පිණිස අභව්‍ය ම වෙති. ඒ භවත් මහණ බමුණෝ උවකමින් නිපන් තීව්‍ර කටුක දුක් වේදනා නො විඳුනාහු නමුදු, ඔහු ලෝකෝත්තර මාර්‍ගඥානය පිණිස අභව්‍යම වෙති. ගිනිවෙස්න, පෙර නො ඇසුවිරූ මතු මතු විස්මය උපදවන මේ පළමුවන උවමාව මට වැටහිණි.
Pali BJT24. අපරාපි ඛො මං අග්ගිවෙස්සන දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා: සෙය්යථාපි අග්ගිවෙස්සන අල්ලං කට්ඨං සස්නෙහං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතු කරෙය්යාති? “නො හිදං, භො ගොතම”. තං කිස්ස හෙතු? “අදුං හි භො ගොතම අල්ලං කට්ඨං සස්නෙහං කිඤ්චාපි ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා”ති. එවමෙව ඛො අග්ගිවෙස්සන යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා කායෙන{5} ඛො කාමෙහි වූපකට්ඨා{6} විහරන්ති, යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො{7} කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො සො ච අජ්ඣත්තං න සුප්පහීනො හොති, න සුප්පටිප්පස්සද්ධො. ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති. අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං අග්ගිවෙස්සන දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJT24. ගිනිවෙස්න, පෙර නො ඇසූ විරූ විස්මජනක දෙවන උපමායෙක් ද මට වැටහිණ. කෙසේය යත්: ගිනිවෙස්න, දියෙන් දුරුව ගිය ගොඩබිමෙහි නගාලු, සක්‍ෂීර, සස්නේහ, (උදුම්බර) කාෂ්ඨයෙක් ඇත්ද, එක්බිති පුරුෂයෙක් ‘ගිනි මොළොවා ලමි. තෙද නගා ගන්මි’යි උතුරුඅරණී ගෙන එන්නේ වේ ද, ඒ පුරුෂ දියෙන් දුරු ව ගිය, ගොඩබිම නහාලු, කිරිසහිත හෙයින් තෙත් වූ, එහෙයින් ම සස්නේහ වූ, තෙල දිඹුල්දඬු උතුරුඅරණී ගෙන මඬනේ ගිනි මොළොවන්නේ වේ ද, තෙද නඟා ගන්නේ වේදැයි. “භවත් ගොයුම්ගොතුව, නොවන්නේ මැ ය.” ඒ කවර හෙයින: “භවත් ගොයුම්ගොතුව, දියෙන් දුරු ව සිටිය ද, ගොඩ නගාලුව ද, තෙල කාෂ්ඨය තෙත් වෙයි. ස්නෙහ සහිත වෙයි ඒ පුරුෂ ක්ලමථුවට විඝාතයට හිමි වනු ම වෙයි” කීය. ගිනිවෙස්න, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, කයින් කම්සපුවෙන් මෙසෙයින් දුරුවූවාහු වාස කෙරෙත් ද, උන්ගේ කම්සපුයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇත් ද, එද සියසතන නො පැහුණේ වේද, මොනොවට නො සන්හිඳුණේ වේ ද, ඒ භවත් මහණ බමුණෝ ඖපක්‍රමිකවූත් තීව්‍ර කටුක දුඃඛ වේදනා විඳිති. ඔහු ලෝකෝත්තර මාර්‍ගඥානය පිණිස අභව්‍ය වෙත් මැ ය. ඒ භවත් මහණ බමුණෝ ඖපක්‍රමික තීව්‍ර කටුක දුඃඛවේදනා නොවිඳුතු දු ඔහු ලෝකෝත්තර මාර්‍ගඥානය පිණිස අභව්‍ය වෙත් මය. ගිනිවෙස්න, ඇඟිලි පොළන්නට නිසි පෙර නො ඇසූවිරූ මේ දෙවන උපමාව මට වැටහිණ.
Pali BJT25. අපරාපි ඛො මං අග්ගිවෙස්සන තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා: සෙය්යථාපි අග්ගිවෙස්සන සුක්ඛං කට්ඨං කොළාපං{8} ආරකා උදකා ථලෙ නික්ඛිත්තං, අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, අපි නූ{9} සො පුරිසො අමුං සුක්ඛං කට්ඨං කොළාපං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො{10} අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතුකරෙය්යාති? “එවං භො ගොතම”. තං කිස්ස හෙතු? “අදුං හි භො ගොතම සුක්ඛං කට්ඨං කොළාපං, තඤ්ච පන ආරකා උදකා ථලෙ නික්ඛිත්තන්ති.”
Sinhala BJT25. ගිනිවෙස්න, පෙර නො ඇසූ විරු මතු මතු ආශ්චර්‍ය්‍ය උපදවන අන් තුන්වන උපමා ද මට වැටහිණ. ඒ කෙසේය යත්: ගිනිවෙස්න, දියෙන් බැහැර වැ ගිය ගොඩබිම නඟාලු ස්නෙහ රහිත වියැළි පවනින් හඬනා (කොළපු) උදුම්බර කාෂ්ඨයෙක් ඇත් ද, එක්බිති පුරුෂයෙක් ‘ගිනි මොළොවමි, තේජෝ ධාතු පහළ කොට ගන්මී’ උතුරුඅරණි ගෙන එන්නේ වේද, ගිනිවෙස්න, ඒ කිමැයි හඟිහි? ඒ පුරුෂ දියෙන් වෙන් ව ගිය, ගොඩබිම නගාලු, නොතෙත්, පවනින් හඬන, තෙල කාෂ්ඨය උතුරුඅරණි ගෙන මඬනේ ගිනි මොළොවන්නේ වේ ද? තේජෝ ධාතු පහළ කරන්නේ වේදැ?යි. “භවත් ගොයුම්ගොතුව, එය වන්නේ මැය.” ඒ කවර හෙයින? “භවත් ගොයුම්ගොතුව, තෙල කාෂ්ඨය, ශුෂ්කය, කොළාපය, එ ද දියෙන් වෙන් වන, ගොඩබිම නගාලන ලදැ”යි.
Pali BJTඑවමෙව ඛො අග්ගිවෙස්සන යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා කායෙන{1} චෙව කාමෙහි වූපකට්ඨා විහරන්ති, යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො{2} කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො සො ච අජ්ඣත්තං සුප්පහීනො හොති සුප්පටිප්පස්සද්ධො. ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා දුක්ඛා තිප්පා{3} කටුකා{4} වෙදනා වෙදියන්ති, භබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති, භබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං අග්ගිවෙස්සන තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJTගිනිවෙස්න, එසෙයින් ම යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, කයිනුදු කම්සපුයෙන් වෙසෙසින් දුරු වූ වාහු වාස කෙරෙත්ද, කම්සපුයෙහි උන්ගේ යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇත් ද, එ ද සියසතන මොනොවට ප්‍රහීණ වෙයි. මොනොවට සන්හිඳුණේ වෙයි. ඒ භවත් මහණ බමුණෝ ඖපක්‍රමිකවූත් තීව්‍ර, කටුක, දුඃඛ වේදනා විඳුතුදු ඥානදර්‍ශන - අනුත්තර සම්බොධ-සඞ්ඛ්‍යාත ලෝකෝත්තර මාර්‍ගඥානය පිණිස භව්‍ය වෙත් මැ ය. ඉදින් ඒ භවත් මහණ බමුණෝ ඖපක්‍රමික, තීව්‍ර, කටුක, දුඃඛවේදනා නොවිඳුතු දු ලෝකෝත්තරමාර්‍ග ඥානය පිණිස භව්‍ය වෙත් මැ ය. ගිනිවෙස්න, පුන පුනා ආශ්චර්‍ය්‍යයට කරුණු වූ පෙර නො ඇසූ විරු මේ තුන්වන උපමා මට වැටහිණ.
Pali BJTඉමා ඛො මං අග්ගිවෙස්සන තිස්සො උපමා{5} පටිභංසු අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJTගිනිවෙස්න, පෙර නො ඇසූ විරු අන්‍වාශ්චර්‍ය්‍ය වූ මේ ත්‍රිවිධ උපමාවෝ මට වැටහුණාහ.
Pali BJT26. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: යන්නූනාහං දන්තෙ’භිදන්තමාධාය{6} ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හෙය්යං අභිනිප්පීළෙය්යං අභිසන්තාපෙය්යන්ති. සො ඛො අහං අග්ගිවෙස්සන දන්තෙ’භිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හාමි අභිනිප්පීළෙමි අභිසන්තාපෙමි. තස්ස මය්හං අග්ගිවෙස්සන දන්තෙ’භිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හයතො{7} අභිනිප්පීළයතො අභිසන්තාපයතො කච්ඡෙහි සෙදා මුච්චන්ති. සෙය්යථාපි අග්ගිවෙස්සන බලවා පුරිසො දුබ්බලතරං පුරිසං සීසෙ වා ගහෙත්වා ඛන්ධෙ වා ගහෙත්වා අභිනිග්ගණ්හෙය්ය අභිනිප්පීළෙය්ය අභිසන්තාපෙය්ය, එවමෙව ඛො මෙ අග්ගිවෙස්සන දන්තෙ’භිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසාචිත්තං අභිනිග්ගණ්හයතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො කච්ඡෙහි සෙදා මුච්චන්ති. ආරද්ධං ඛො පන මෙ අග්ගිවෙස්සන විරියං හොති අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා.{8} සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT26. ගිනිවෙස්න, මට මෙසේ සිතෙක් වී, “මම යටිම්ණිය දතෙහි උඩිම්ණිය දත තබා (යටි දතෙහි උඩු දත තබා), දිවින් තලු මැඬගෙන, කුසල් සිතින් අකුසල් සිත නිගන්නෙම් නම්, පෙළන්නෙම් නම්, (කෙලෙස් තවන වැරින්) තවන්නෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම යටදතෙහි උඩුදත තබා දිවින් තලු මැඬගෙන, කුසල් සිතින් අකුසල් සිත නිගන්මි, පෙළමි, තවමි. ගිනිවෙස්න, යටි දතෙහි උඩු දත තබා දිවින් තලු මැඩගෙන කුසල්සිතින් අකුසල් සිත නිගන්නා, පෙළන, තවන මාගේ කැසින් (කිසිල්ලෙන්) ස්වේදයෝ සිලියෙති. ගිනිවෙස්න යම්සේ බලවත් පුරුෂයෙක් දුර්‍වලතර පුරුෂයකු හිසැ හෝ ගෙන භූජශිරසැ හෝ ගෙන නිගන්නේ, පෙළන්නේ තවන්නේ වේ ද, ගිනිවෙස්න, එසෙයින් ම යටදතෙහි උඩුදත තබා දිවින් තලු මැඩගෙන, කුසල් සිතින් අකුසල් සිත නිගන්නා, පෙළන, තවන මාගේ කැසින් ස්වේදයෝ සිලියෙති. ගිනිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර රුකළේ වෙයි. (එහෙයින් ම) අසංලීන (නො සැඟවුනේ) වෙයි. සිහි එළැඹියේ අසම්මුෂිත වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන් වැර කිරීමෙන් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑ මගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛවේදනාත් සිත් නො ගෙවා ගෙන සිටී.
Pali BJT27. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: යන්නූනාහං අප්පාණකං{9} ඣානං ඣායෙය්යන්ති. සො ඛො අහං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු{10} කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. සෙය්යථාපි නාම කම්මාරගග්ගරියා ධමමානාය අධිමත්තො සද්දො හොති, එවමෙව ඛො මෙ අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. ආරද්ධං ඛො පන මෙ අග්ගිවෙස්සන විරියං හොති අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා.{11} සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT27. ගිනිවෙස්න, මට මෙසේ සිත් වී: මම අප්‍රාණක (නිරාශ්වාස) ධ්‍යාන කරන්නෙම් නම් මනා මැනුයි. ගිනිවෙස්න, මම මුවිනුදු නැහැයිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැරිමි. ගිනිවෙස්න, මුවිනුදු නැහැයිනුදු අසස් පසස් වැළහු කල, දෙකන් සිලින් නික්මෙන වාතයන්ගේ අධිමාත්‍ර ශබ්දයෙක් මට ඇත. පුඹුනා කඹුරු භස්ත්‍රායෙක යම්බඳු අධිමාත්‍ර ශබ්දයෙක් ඇත් ද, ගිනිවෙස්න, එ පරිදි ම මුවිනුදු නැහැයිනුදු අසස් පසස් වැළහු කල, දෙකන් සිලින් නික්මෙන වාතයන්ගේ අධිමාත්‍ර ශබ්දයෙක් වෙයි. ගිනිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර රුකළේ වෙයි. (එ හෙයින්) අංසලීන වෙයි. සිහි එළඹියේ වෙයි. සම්මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන් වීර්‍ය්‍යයෙන් වීත්කෑ මාගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛවේදනාත් සිත් නො ගෙවා ගෙන සිටී.
Pali BJT28. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: යන්නූනාහං අප්පාණකඤ්ඤෙව ඣානං ඣායෙය්යන්ති. සො ඛො අහං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධානි ඌහනන්ති.{1} සෙය්යථාපි අග්ගිවෙස්සන බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධානි{2} අභිමන්ථෙය්ය,{3} එවමෙව ඛො මෙ අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධානි ඌහනන්ති. ආරද්ධං ඛො පන මෙ අග්ගිවෙස්සන විරියං හොති අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා. සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT28. ගිනිවෙස්න, මට මෙ සිත්වී: “මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැරීමි. ගිනිවෙස්න, මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළහු කල අධිමාත්‍ර වාතයෝ මා හිස මැඩගෙන පෙළත්. ගිනිවෙස්න, බලවත් පුරුෂයෙක් තියුණු තුඩෙකින් යම්සේ හිස මඩනේ වේ ද, ගිනිවෙස්න, එපරිදිම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල අධිමාත්‍ර වාතයෝ මා හිස පෙළා ගනිත්. ගිනිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර ඇරැඹුනේ අසංලීන (නො සැඟවුනේ) වෙයි. (මට) සිහි එළඹියේ සම්මුෂිත (නටුයේ) නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් ප්‍රධනින් විත් කෑ මාගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛවේදනා ද සිත් නො ගෙන සිටී.
Pali BJT29. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: යන්නූනාහං අප්පාණකඤ්ඤෙව ඣානං ඣායෙය්යන්ති. සො ඛො අහං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා සීසෙ සීසවෙදනා හොන්ති. සෙය්යථාපි අග්ගිවෙස්සන බලවා පුරිසො දළ්හෙන වරත්තකඛන්ධනෙන{4} සීසෙ සීසවෙඨං දදෙය්ය, එවමෙව ඛො මෙ අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා සීසෙ සීසවෙදනා හොන්ති. ආරද්ධං ඛො පන මෙ අග්ගිවෙස්සන විරියං හොති අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා. සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT29. ගිනිවෙස්න, මට මෙ සිත්වී: “මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැරීමි. ගිනිවෙස්න, මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල මාගේ හිසෙහි අධිමාත්‍ර ශිරො වේදනාවෝ වෙති. ගිනිවෙස්න, යම් සේ බල ඇති පුරුෂයෙක් දළවරබහතින් හිසැ හිස් වෙළුම් දෙන්නේ වේද, ගිනිවෙස්න, එසෙයින් ම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල මා හිසැ අධිමාත්‍ර ශිරඃශුලවේදනාවෝ වෙති. ගිනිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර රුකුළේ අසංලීන වෙයි. සිහි එළැඹියේ සම්මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් ප්‍රධනින් විත් කෑ මාගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛවේදනා ද සිත් නො ගෙන සිටී.
Pali BJT30. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: යන්නූනාහං අප්පාණකඤ්ඤෙව ඣානං ඣායෙය්යන්ති. සො ඛො අහං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. සෙය්යථාපි අග්ගිවෙස්සන දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්ය, එවමෙව ඛො මෙ අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. ආරද්ධං ඛො පන මෙ අග්ගිවෙස්සන විරියං හොති අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා. සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT30. ගිනිවෙස්න, මට මෙ සිත් වී: මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙම් නම් මනා මැනු”යි ගිනිවෙස්න, මම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැරීමි. ගිනිවෙස්න, මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල අධිමාත්‍ර වාතයෝ මාගේ කුස සිඳිත්. ගිනිවෙස්න, දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතකයකුගේ අතැවැස්සෙක් හෝ තියුණු ගෙරිකපන කැත්තෙන් යම් පරිදි කුස කපන්නේ වේ ද, ගිනිවෙස්න, එ පරිදි ම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල අධිමාත්‍ර වාතයෝ මා කුස කපති. ගිනිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර රුකුළේ අසංලීන වෙයි. සිහි එළැඹියේ සම්මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් විදුනු මාගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛවේදනා ද සිත් නොගෙන සිටී.
Pali BJT31. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: යන්නූනාහං අප්පාණකඤ්ඤෙව ඣානං ඣායෙය්යන්ති. සො ඛො අහං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. සෙය්යථාපි අග්ගිවෙස්සන, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්යුං සම්පරිතාපෙය්යුං, එවමෙව ඛො මෙ අග්ගිවෙස්සන මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. ආරද්ධං ඛො පන මෙ අග්ගිවෙස්සන විරියං හොති අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා. සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති. අපිස්සු මං අග්ගිවෙස්සන දෙවතා දිස්වා එවමාහංසු: කාලකතො සමණො ගොතමොති. එකච්චා දෙවතා එවමාහංසු: න කාලකතො සමණො ගොතමො, අපි ච කාලං කරොතී’ති. එකච්චා දෙවතා එවමාහංසු: ‘න කාලකතො සමණො ගොතමො, නපි කාලං කරොති. අරහං සමණො ගොතමො. විහාරොත්වෙවෙසො{1} අරහතො එවරූපො හොතී’ති.
Sinhala BJT31. ගිනිවෙස්න, මට මෙ සිත්වී: “මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැරීමි. ගිනිවෙස්න, මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල මා කයෙහි අධිමාත්‍ර දාහ වෙයි. ගිනිවෙස්න, බල ඇති දෙපුරිස් කෙනෙක් දුර්‍වලතර පුරුෂයකු වෙන වෙන අත්හි ලාගෙන අඟුරු වළෙක ලා යම්පරිදි තවන්නාහු වෙත් ද, වෙසෙසින් තවන්නාහු වෙත් ද, ගිනිවෙස්න, එ පරිදි ම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල මාගේ කයෙහි අධිමාත්‍ර දාහ වෙයි. ගිනිවෙස්න, මා විසින් වැර අරඹන ලද්දේ අසංලීන වෙයි. සිහි එළඹියේ සම්මුෂිත නොවෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් ප්‍රධනින් විත් කෑ මාගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛ වේදනාත් සිත් නොගෙන සිටී. තවද ගිනිවෙස්න, දෙවිකෙනෙක් මා දැක මෙසේ කීහ: “මහණ ගොයුම් කලුරිය කළහ”යි. කිසි දෙවිකෙනෙක් මෙසේ කීහ: “මහණ ගොයුම් කලුරිය නො කෙළේ. එතෙකුදු වුව, (මඳෙකින්) කලුරිය කළ හෙති”යි. කිසි දෙවි කෙනෙක් මෙසේ කීහ: “මහණ ගොයුම් කලුරිය නො කෙළේ ය. (මඳෙකින්) නොද කලුරිය කෙරෙයි. මහණ ගොයුම් රහතෙක. රහත්හුගේ තෙල විහාරය මෙබඳු ම (මළා මෙන්) වෙති” යි.
Pali BJT32. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: යන්නූනාහං සබ්බසො ආහාරූපච්ඡෙදාය පටිපජ්ජෙය්යන්ති. අථ ඛො මං අග්ගිවෙස්සන දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං: මා ඛො ත්වං මාරිස සබ්බසො ආහාරූපච්ඡෙදාය පටිපජ්ජි. සචෙ ඛො ත්වං මාරිස සබ්බසො ආහාරූපච්ඡෙදාය පටිපජ්ජිස්සසි, තස්ස තෙ මයං දිබ්බං ඔජං{2} ලොමකූපෙහි අජ්ඣොහාරෙස්සාම තාය ත්වං යාපෙස්සසීති. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: අහඤ්චෙව ඛො පන සබ්බසො අජද්ධුකං{3} පටිජානෙය්යං, ඉමා ච මෙ දෙවතා දිබ්බං ඔජං ලොමකූපෙහි අජ්ඣොහාරෙය්යුං, තාය චාහං යාපෙය්යං, තං මම අස්ස මුසාති. සො ඛො අහං අග්ගිවෙස්සන තා දෙවතා පච්චාචික්ඛාමි, හලන්ති වදාමි.
Sinhala BJT32. ගිනිවෙස්න, මට මෙ සිත්වී: මම හැම ලෙසින් අහර නො වළඳනු පිණිස පිළිපදනෙම් නම් මනා මැනු”යි. ඉක්බිති ගිනිවෙස්න, දෙවියෝ මා කරා අවුත් තෙල බස් කීහු: “නිදුකාණෙනි, තොප හැමසෙ ආහාරෝපච්ඡේදය පිණිස නොපිළිපදනේ මැනැව. නිදුකාණෙනි, ඉදින් තෙපි හැමසෙ අහර වළහන්නට පිළිපදනහු නම් අපි තොපට දිව්‍යඕජස් ලෝමකූපයෙන් කවම්හ, එයින් තෙපි යැපෙව” යි. ගිනිවෙස්න, මට මෙසේ සිත් වී “මම වනාහි හැම ලෙසින් අභෝජනය ප්‍රතිඥා කෙරෙම් නම්, මේ දෙවියෝ ද මට ලෝමකූපයෙන් දිව්‍ය ඔජා බහත් නම්, එයිනුදු මම යපෙම් නම්, ඒ මාගේ මුසාවා වෙයි.” ගිනිවෙස්න, මම ඒ දෙවියන් වළහමි. මෙයින් කම් නැති යයි කියමි.
Pali BJT33. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: යන්නූනාහං ථොකං ථොකං ආහාරං ආහාරෙය්යං පසතං පසතං – යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරෙණුකයූසන්ති. සො ඛො අහං අග්ගිවෙස්සන ථොකං ථොකං ආහාරං ආහාරෙසිං පසතං පසතං – යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරෙණුකයූසං. තස්ස මය්හං අග්ගිවෙස්සන ථොකං ථොකං ආහාරං ආහාරයතො පසතං පසතං – යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කළායයූසං යදි වා හරෙණුකයූසං, අධිමත්තකසිමානං පත්තො කායො හොති. සෙය්යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, එවමෙවස්සු මෙ අඞ්ගපච්චඞ්ගානි භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම ඔට්ඨපදං, එවමෙවස්සු මෙ ආනිසදං හොති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම වට්ටනාවළී, එවමෙවස්සු මෙ පිට්ඨිකණ්ටකො උන්නතාවනතො හොති, තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම ජරසාලාය ගොපානසියො ඔලුග්ගවිලුග්ගා භවන්ති, එවමෙවස්සු මෙ ඵාසුළියො ඔලුග්ගවිලුග්ගා භවන්ති තායෙවප්පාහාරතාය. –
Sinhala BJT33. ගිනිවෙස්න, මට මෙසිත් වී: “මම මුං යුස හෝ ය, කොල්ලු යුස හෝ ය, මහ මැහැ (කඩල) යුස හෝ ය, කුඩා මැහැ යුස හෝ ය යි පත පත බැගින් මඳ මඳ අහර වළඳ කෙරෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම, මුංයුස හෝ ය, කොල්ලුයුස හෝ ය, මහමෑයුස හෝ ය කුඩාමෑයුස හෝ ය යි පත පත කොට මඳ මඳ අහර වළඳ කෙළෙමි. ගිනිවෙස්න, මුංයුස හෝ ය, කොල්ලුයුස හෝ ය, මහමෑයුස හෝ ය, සුළුමෑයුස හෝ යයි පත පත කොට මඳ මඳ අරහ වළඳ කරන මාගේ කය වැඩියක්ම වැහැළි බවට ගියේ වෙයි. ‘ආසීතික’ වැල්පුරුක් හෝ කළුවැල් පුරුක් හෝ යම්බඳු වේ ද, එම අල්පාහාරතායෙන් මාගේ (හස්තාදි) අඟ හා (අඞ්ගුල්‍යාදි) පසඟ හා එබඳු වෙයි. ඔටුපිය යම්බඳු වේ ද, එම අල්පාහාරතායෙන් මාගේ හිද්ම එබඳු වෙයි. වටන්වැළ යම්බඳු වේ ද, එම අල්පාහාරතායෙන් මාගේ වසටවැළ උන්නතාවනත (හිවිඑබිපියෙවි) වෙයි. දිරුහලෙක ගවනැස්හු යම්පරිදි ඔබ මොබ බිඳහැළුණුහු වෙත් ද, එ පරිදි එම අල්පාහාරතායෙන් මාගේ ඇළ ඇට ඔලුග්ගවිලුග්ග (තැන තැන නතු මතු) වෙයි.
Pali BJTසෙය්යථාපි නාම ගම්භීරෙ උදපානෙ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, එවමෙවස්සු මෙ අක්ඛිකූපෙසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම තිත්තකාලාපු{1} ආමකච්ඡින්නො වාතාතපෙන සම්පුටිතො{2} හොති සම්මිලාතො, එවමෙවස්සු මෙ සීසච්ඡවි සම්පුටිතා හොති සම්මිලාතා තායෙවප්පාහාරතාය.
Sinhala BJTයම්පරිදි ගැඹුරු ළිඳෙහි දියතරු ගැඹුරට ගියාහු, යට ගැලුණුහු පැනෙත් ද, එපරිදි ම එම අල්පාහාරතායෙන් මාගේ අක්‍ෂිකූපයෙහි ඇස්තරු (කතීනිකාවෝ) ගැඹුරට ගියාහු, යට ගැලුණුහු පැනෙතී. යම් පරිදි අමුව තිලමින් සිටිය දී සුන් තිතුලබු අවුසුළඟින් හැකුළුණේ මිලියේ වේ ද, එපරිදි එම අල්පාහාරතායෙන් මාගේ හිස සිවිය හැගුළුණේ, මැලැවුණේ වෙයි.
Pali BJT34. සො ඛො අහං අග්ගිවෙස්සන උදරච්ඡවිං පරාමසිස්සාමීති පිට්ඨිකණ්ටකංයෙව පරිගණ්හාමි. පිට්ඨිකණ්ටකං පරාමසිස්සාමීති උදරච්ඡවිඤ්ඤෙව පරිගණ්හාමි. යාවස්සු මෙ අග්ගිවෙස්සන උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති තායෙවප්පාහාරතාය. සො ඛො අහං අග්ගිවෙස්සන වච්චං වා මුත්තං වා කරිස්සාමීති තත්ථෙව අවකුජ්ජො පපතාමි තායෙවප්පාහාරතාය. සො ඛො අහං අග්ගිවෙස්සන ඉමමෙව කායං අස්සාසෙන්තො පාණිනා ගත්තානි අනුමජ්ජාමි. තස්ස මය්හං අග්ගිවෙස්සන පාණිනා ගත්තානි අනුමජ්ජතො පූතිමූලානි ලොමානි කායස්මා පපතන්ති තායෙවප්පාහාරතාය. අපිස්සු මං අග්ගිවෙස්සන මනුස්සා දිස්වා එවමාහංසු: කාළො සමණො ගොතමොති. එකච්චෙ මනුස්සා එවමාහංසු: න කාළො සමණො ගොතමො, සාමො සමණො ගොතමොති. එකච්චෙ මනුස්සා එවමාහංසු: න කාළො සමණො ගොතමො නපි සාමො, මඞ්ගුරච්ඡවි සමණො ගොතමොති. යාවස්සු මෙ අග්ගිවෙස්සන තාව පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො උපහතො හොති තායෙවප්පාහාරතාය.
Sinhala BJT34. ගිනිවෙස්න, මම බඩසිවිය පිරිමදිමී යි බඩසිවිසහගිය වසට ම අත්ලා ගතිමි. වසට පිරිමදිමි යි වසටසහගිය බඩසිවිය ම අත්ලා ගතිමි. ගිනිවෙස්න, මාගේ දුෂ්කරක්‍රියාව කොතරම් වීද යත්: එම අල්පාහාරතායෙන් මාගේ උදරච්ඡවිය පිටිකටුව පැහැර ඇලී සිටියා වෙයි. ගිනිවෙස්න, මම එම අල්පාහාරතායෙන් මල මු හෝ කරම් ද එතැන ම යටිහුරු ව ඇද වැටෙමි. ගිනිවෙස්න, මම මේ (පශ්චිමභවික) කය ම අස්වසනුයෙම් අතින් ගාත්‍රයන් පිරිමදිමි. ගිනිවෙස්න, එම අල්පාහාරතායෙන් අතින් ගාත්‍ර පිරිමදනා මාගේ කයින් (මස් ලේ නැතියෙන්) දුගඳ මුලසුන් ලෝමයෝ ගිලිහී වැටෙති. තවද ගිනිවෙස්න, මිනිස්හු මා දැක මෙසේ කීහ: “මහණ ගොයුම් කළුවන් වෙති”යි ඇතැම් මිනිසුහු මෙසේ කීහ: “මහණ ගොයුම් කළුවන් නොවෙයි. මහණ ගොයුම් රන්වන් වෙති”යි. ඇතැම් මිනිස්සු මෙසේ කීහ: “මහණ ගොයුම් කළුවන් නො වෙයි. නො ද රන්වන් වෙයි. මහණ ගොයුම් මඟුරුමසුපැහැ බඳු පැහැ ඇතියෙකැ”යි. ගිනිවෙස්න, එතරම් පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ මාගේ ඡවිවර්‍ණය එම අල්පාහාරතායෙන් මෙපමණට නටුයේ වෙයි.
Pali BJT35. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: “යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිප්පා{3} කටුකා{4} වෙදනා වෙදියිංසු, එතාවපරමං, නයිතො භිය්යො. යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියිස්සන්ති, එතාවපරමං, නයිතො භිය්යො. යෙපි හි කෙචි එතරහි සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති, එතාවපරමං, නයිතො භිය්යො. න ඛො පනාහං ඉමාය කටුකාය දුක්කරකාරිකාය අධිගච්ඡාමි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. සියා නු ඛො අඤ්ඤො මග්ගො බොධායා”ති.
Sinhala BJT35. ගිනිවෙස්න, මට මෙසේ සිත් වී: “යටගිය දවස මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, යම්කිසි කෙනෙක් ඖපක්‍රමික වූ තීව්‍ර, කටුක, දුඃඛ වේදනා වින්දාහු ද, (ඒ වේදනාවනට ද මා වින්ද) තෙල දුක් ම පරම වෙයි. මෙයින් වැඩි වූයේ නො වෙයි. මතු අනායෙහි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, යම්කිසි කෙනෙක් ඖපක්‍රමික වූ තීව්‍ර, කටුක, දුඃඛවේදනා විඳිත් ද, (ඒ වේදනාවනට) තෙල දුක් ම පරම වෙයි. මෙයින් වැඩි වන්නේ නො වෙයි. මෙ දවස මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, යම් ම කෙනෙක් ඖපක්‍රමික වූ තීව්‍ර, කටුක, දුඃඛවේදනා විඳිත් ද, (ඒ වේදනාවනට ද) තෙල දුක් ම පරම වෙයි. මෙයින් වැඩියෙක් නොවෙයි. මම මේ කුළු දුෂ්කරක්‍රියායෙන් මිනිස් දහමින් උතුම් අරීබව කරන්නට සමත් ලොවුතුරා මඟ නැණවෙසෙසක් නො පිළිවිදුමි. සම්බෝධය පිණිස අන් මඟෙක් විය හේ නු”යි.
Pali BJT36. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: අභිජානාමි ඛො පනාහං පිතුසක්කස්ස කම්මන්තෙ සීතාය ජම්බුච්ඡායාය නිසින්නො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතා. සියා නු ඛො එසො මග්ගො බොධායාති. තස්ස මය්හං අග්ගිවෙස්සන සතානුසාරිවිඤ්ඤාණං අහොසි: එසොව මග්ගො බොධායාති. –
Sinhala BJT36. ගිනිවෙස්න, මට මෙසේ සිත්වී: “පියසැහැ මහරජාණන් කමතෙහි සිහිල් දඹරුක් සෙවනෙහි (පලඟ බැඳ) හුන්නේ, කාමයෙන් වෙන් ව ම අකුසල් දහමින් වෙන් ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකජප්‍රීති සුඛ ඇති, ප්‍රථමධ්‍යානය සපයාගෙන වාස කෙළෙම් මම දනිම්ම ය. සම්බෝධය පිණිස මේ මාර්‍ග විය හෙති දෝ”යි. ගිනිවෙස්න, සම්බෝධය පිණිස තෙල (ආනාජන්සී ධ්‍යානය) ම මාර්‍ගය වේ”ය කියා මට සතානුසාරිවිඤ්ඤාණය (‘මේ ම මාර්‍ගය වේ ය’යි වරක් දෙවරක් උපන් ස්මෘතියට අනතුරුව උපදනා) විඥානය ඇති වී
Pali BJTතස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: කින්නු ඛො අහං තස්ස සුඛස්ස භායාමි යන්තං සුඛං අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහීති.
Sinhala BJTගිනිවෙස්න, මට මෙසේ සිත් වී: “කාමයන් හැරැපියා සිටි, අකුසල් දහම් හැරැපියා සිටි, යම් ඒ (ආනාපානස්මෘතියෙන් ලත් ප්‍රථමධ්‍යාන) සුඛයෙක් වේද, කිම, මම ඒ සුඛයට බියපත් වෙම් දෝ හෝ”යි.
Pali BJT37. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: න ඛො අහං තස්ස සුඛස්ස භායාමි යන්තං සුඛං අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහීති. තස්ස මය්හං අග්ගිවෙස්සන එතදහොසි: න තං සුකරං සුඛං අධිගන්තුං එවං අධිමත්තකසිමානං පත්තකායෙන, යන්නූනාහං ඔළාරිකං ආහාරං ආහාරෙය්යං ඔදනකුම්මාසන්ති. සො ඛො අහං අග්ගිවෙස්සන ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං. තෙන ඛො පන මං අග්ගිවෙස්සන සමයෙන පඤ්ච භික්ඛූ පච්චුපට්ඨිතා හොන්ති: “යං ඛො සමණො ගොතමො ධම්මං අධිගමිස්සති තං නො ආරොචෙස්සතී”ති. යතො ඛො අහං අග්ගිවෙස්සන ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං, අථ ඛො තෙ{1} පඤ්ච භික්ඛූ නිබ්බිජ්ජ පක්කමිංසු: ‘බාහුලිකො සමණො ගොතමො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලායා’ති.
Sinhala BJT37. ගිනිවෙස්න, මට මෙසේ සිත් වී: “කාමයන් හැරැපියා සිටි, අකුශල ධර්‍ම හැරැපියා සිටි, යම් ඒ සුවයෙක් ඇත් ද, මම ඒ සුවයට බියපත් නොවෙමි”යි. ගිනිවෙස්න, මට මෙසේ සිත්වී: “මෙසේ අතිශයෙන් වැහැළි පත් කයින් ඒ සුවය ලැබගන්නට සුකර නොවේ. මම දළ බත්කොමූ අහර වළඳ කෙරෙම් නම් මනා මැනු”යි කියායි. ගිනිවෙස්න, මම දළ බත්කොමු අහර වළඳ කෙළෙමි. ගිනිවෙස්න, එ දවස “මහණ ගොයුම් යම් දහමක් අධිගම කෙරේ ද, එ දහම අපට කියති”යි භික්‍ෂූහු පස්දෙනෙක් මා උවටනෙහි යෙදුනාහු වෙති. ගිනිවෙස්න, මම දළ බත්කොමු අහර වළඳ කෙළෙම් ද, එ හෙයින් ඒ පස් මහණහු “මහණ ගොයුම්හු ප්‍රත්‍යයබාහුලිකයහ. ප්‍රධනින් ගිලිහුණ හ. බාහුල්‍යයට (ප්‍රණීත භෝජනාදියට) නැවත වැටුණාහ”යි උකැටි ව මා පියා ගිය හ.
Pali BJT38. සො ඛො අහං අග්ගිවෙස්සන ඔළාරිකං ආහාරං ආහාරිතො{2} බලං ගහෙත්වා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT38. ගිනිවෙස්න, මම ඖදාරික ආහාර වැළඳුයෙම් කායබල ලැබ කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන් ව විතර්‍ක සහිත, විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙළෙමි. ගිනිවෙස්න මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටී.
Pali BJT39. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT39. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සිය සතන්හි සම්ප්‍රසාදන ඇති, සිත්හුගේ ඒකෝදි (උතුම් ව උපදනා) සමාධිය වඩනා, විතර්‍කරහිත, විචාරරහිත, (ප්‍රථම ධ්‍යාන) සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළඹ වාස කෙළෙමි. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනා මා සිත් ගෙන නො සිටී.
Pali BJT40. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහාසිං සතො ච සම්පජානො. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙසිං. යං තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT40. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂක ද වූයෙම්, ස්මෘතිමත් ද වූයෙම්, සම්‍යග්ඥාන ඇත්තෙම් වාස කෙළෙමි. සුඛය ද නාමකයින් වළඳ කෙළෙමි. යම් ධ්‍යානයක් සඳහා “හේ උපේක්‍ෂකය, ස්මෘතිමත් ය, සුඛවිහරණ ඇතියෙකැ”යි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෘතීය ධ්‍යානය උපයා වාස කෙළෙමි. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටී.
Pali BJT41. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං. එව රූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT41. සුඛප්‍රහාණයෙනුදු, දුඃඛප්‍රහාණයෙනුදු, පළමු ම සොම්නස් දොම්නස්හුගේ ප්‍රහාණයෙන් දුක් නැති, සුඛ නැති, උපේක්‍ෂායෙන් උපන් පිරිසිදු සිහි ඇති, චතුර්‍ත්‍ථධ්‍යානය ලැබ ගෙන වාස කෙළෙමි. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටී.
Pali BJT42. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{3} පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි සෙය්යථිදං:-
Sinhala BJT42. මම මෙසෙයින් මොනොවට එකඟ වූ සිත පිරිසිදු ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදුභුත ව කර්‍මණ්‍ය ව ස්ථිත ව නිශ්චලප්‍රාප්ත ව සිටි කල ඒ සිත පූර්වේනිවාසානුස්මෘතිඥානය පිණිස නතු කෙළෙමි. මම නන්වැදෑරුම් පූ පූර්වේනිවාසය සිහිකරමි. එ කෙසේය යත්:-
Pali BJT“එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, “අමුත්රාසිං එවංනාමො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවං වණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො”ති – ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො පන මෙ{1} අග්ගිවෙස්සන රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා, තමො විහතො ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJTඑක්දැයකුදු, දෙදැයකුදු, තුන්දැයකුදු, සිවුදැයකුදු, දසදැයකුදු, විසිදැයකුදු, තිස්දැයකුදු, සාළිස්දැයකුදු, පනස්දැයකුදු, සියක්දැයකුදු, දහස්දැයකුදු, සුවහස්දැයකුදු - අනෛකසංවර්‍තකල්පයනුදු, අනෛකවිවර්‍තකල්පයනුදු, අනෛකසංවර්‍ත විවර්‍තකල්ප යනුදු, සිහි කෙරෙමි: “අසෝ තන්හි උපන්මි. මෙබඳු නම් ඇතියෙම්, මෙබඳු ගෝත්‍ර ඇති යෙම්, මෙබඳු වර්‍ණ ඇතියෙම්, මෙබඳු ආහාර ඇතියෙම්, මෙබඳු සුවදුක් විඳියෙම්, මෙබඳු ආයුකාල අවසන් කෙළෙම් වීමි. මම එයින් ච්‍යුත ව අසෝ තැන (තුෂිතභවනයෙහි) පහළවීමි. එහි (තුෂිතභවනයෙහි)දු මෙ බඳු (සේතකේතු නම්) නම් ඇති වීමි. මෙබඳු ගෝත්‍ර (දෙවියන් හා ඒකගෝත්‍ර) ඇති වීමි. මෙබඳු (සුවර්‍ණ) වර්‍ණ ඇතිවීමි. මෙබඳු (සුධාභෝජන) ආහාර ඇති වීමි. මෙබඳු දෙවසැප හා සකරදුක් විඳියෙම් වීමි. මෙබඳු (සත්පනස්කෙළසැටසුවහස්වා) ආයුකාල කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව මෙහි (මහාමායාවන් කුස) උපන්මි”යි. මෙසෙයින් (වර්‍ණාදිවිසින්) ආකාර සහිත (නාමගෝත්‍රාදිවිසින්) උද්දෙශසහිත බහුප්‍රකාර පූර්වේනිවාසය සිහිකරමි. ගිනිවෙස්න, මා විසින් රැය පළමු යම්හි මේ (පූර්වේනිවාසය දත් හෙයින්) ප්‍රථම වූ විද්‍යාව අධිගත වූය. මට (එම පූර්වේනිවාසය අවිදිත කරමින් සිටි) අවිද්‍යාව විනෂ්ට වූ ය. විද්‍යාව උපන. (යම් හෙයෙකින් විද්‍යාව උපන් ද, එ හෙයින්) මෝහතමස විගත වී. විද්‍යාලෝකය උපන. (ස්මෘතිඅවිප්‍රවාසයෙන්) අප්‍රමත්තව (වීර්‍ය්‍යාතාපයෙන්) ආතාප ඇතිව (කායජීවිත දෙක්හි අනපේක්‍ෂතායෙන්) ප්‍රහිතාත්ම ව වාස කරන්නක්හට (විද්‍යාව උපදනා) සෙයින. ගිනිවෙස්න, මෙ බඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටී.
Pali BJT43. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{2} සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි: චවමානෙ, උප්පජ්ජමානෙ{3} හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ. හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි: -පෙ- අයං ඛො පන මෙ අග්ගිවෙස්සන රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා, තමො විහතො ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT43. මම මෙසේ සමාහිත වූ සිත පරිශුද්ධ ව පර්‍ය්‍යාවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදුභූත ව කර්‍මණ්‍ය ව ස්ථිත ව නිශ්චලභාවප්‍රාප්ත ව සිටි කල ඒ සිත සත්ත්‍වයන්ගේ චුතුපපාතඤාණය (රූපාරම්මණ අලු කරන දිවසක් නැණ) පිණිස නතු කෙළෙමි. ඒ මම මිනිස් ඇස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් මැරෙන උපදනා සතුන් දකිමි. හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත වූ කම් වූ පරිදි ගිය සතුන් දන්මි: “මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහ, මිථ්‍යාදෘෂ්ටිකයහ, මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහ ව සිටි, නපුරුගති ඇති, විවස ව හෙන නිරයට පැමිණියහ. මේ භවත් සත්ත්‍වයෝ ද කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ, මනඃසුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහ, සම්‍යග්දෘෂ්ටිකයහ, සම්‍යග්දෘෂ්ටි කර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහ”යි. මෙසේ මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් මැරෙන උපදනා සතුන් දක්මි. හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සත්ත්‍වයන් දන්මි: ... ගිනිවෙස්න, රැය මැදිම් යම්හි මා විසින් මේ දෙවන විද්‍යාව (දිවසක්නැණ) අධිගත වූය. අවිද්‍යා විනෂ්ට වූය. විද්‍යා උපන. තමස විනෂ්ට විය. ආලොකය උපන. නොපමා ව වැර ඇතිව අරමුණ කරා ගිය සිත් ඇති ව විහාර කරනුවක්හට (විද්‍යා උපදනාක්) සෙයින. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනා මා සිත් ගෙන නො සිටි.
Pali BJT44. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛසමුදයොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛනිරොධොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. ඉමෙ ආසවාති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවසමුදයොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවනිරොධොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ. භවාසවාපි චිත්තං විමුච්චිත්ථ. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි: ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසිං. අයං ඛො පන මෙ අග්ගිවෙස්සන රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා. අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා, තමො විහතො ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. එවරූපාපි ඛො මෙ අග්ගිවෙස්සන උප්පන්නා සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති.
Sinhala BJT44. මම මෙසේ සමාහිත වූ සිත (චතුර්‍ත්‍ථධ්‍යාන පාදක විදර්‍ශනා සිත) පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදුභූත ව කර්‍මණ්‍ය ව සිථිත ව නිශ්චලභාවප්‍රාප්ත ව සිටිකල ඒ විවසුන්සිත රහත් මඟනැණ පිණිස නතු කෙළෙමි. මම ‘දුක මේයැ’යි ඇතිසැටි පිළිවිදිමි. ‘දුඃඛසමුදය මේ යැ’යි ඇතිසැටි පිළිවිදිමි. ‘දුඃඛනිරෝධය මේයැ’යි (දුඃඛ දුඃඛ සමුදය දෙදෙනාගේ අප්‍රවෘත්ති සඞ්ඛ්‍යාත නිර්‍වාණය) ඇති සැටි පිලිවිදිමි. ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපද් මෝයැ’යි (නිවන් කරා යන අරිමඟ) ඇති සැටි පිළිවිදිමි. ‘ආස්‍රවයෝ මූ යැ’යි යථාභූතය දත්මි. ‘ආස්‍රව සමුදය මේ යැ’යි යථාභූතය දත්මි. ‘ආස්‍රවනිරෝධය මේ ය’ යි යථාභූතය දත්මි. ‘ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද් මෝ යැ’යි යථාභූතය දත්මි. මෙසේ දන්නා මෙසේ දක්නා මාගේ සිත කාමාස්‍රවයෙනුදු මිදිණ. භවාස්‍රවයෙනුදු සිත මිදිණ. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදිණ. විමුක්ත වත් ම විමුක්ත යැ යි (පස්විකුන්) නැණ පහළ වී: ‘ජාතිය ක්‍ෂීණ විය. මගබ්‍රම්සරවස් වසන ලදී. (සතර මගින් කටයුතු ෂෝඩශවිධ) කරණී කරන ලදී. ඉත්‍ථම්භාවය (මෙසේ ෂොඪශාකාරයෙන් සත්‍යවබෝධ) පිණිස අන්‍ය (මාර්‍ගභාවනා) කෘත්‍යයෙක් නැති යි දත්මි. ගිනිවෙස්න, රැය පැසිම්යම්හි මේ තුන්වන (අර්‍හත්ත්‍වමාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව මා විසින් අධිගත වූ ය. අවිද්‍යා විහත ය. විද්‍යා උපන. මෝහය විගත විය. ආලොකය උපන අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව විහාර කරනුවක්හට (විද්‍යාව උපදනාක්) සෙයින. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටී.
Pali BJT45. අභිජානාමි ඛො පනාහං අග්ගිවෙස්සන අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙතා. අපිස්සු මං එකමෙකො එවං මඤ්ඤති: මමෙව ආරබ්භ සමණො ගොතමො ධම්මං දෙසෙතීති. න ඛො පනෙතං අග්ගිවෙස්සන එවං දට්ඨබ්බං. යාවදෙව විඤ්ඤාපනත්ථාය තථාගතො පරෙසං ධම්මං දෙසෙති. සො ඛො අහං අග්ගිවෙස්සන තස්සායෙව කථාය පරියොසානෙ තස්මිංයෙව පුරිමස්මිං සමාධිනිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙමි සන්නිසීදාපෙමි{1} එකොදිං කරොමි සමාදහාමි, යෙන සුදං නිච්චකප්පං විහරාමීති.
Sinhala BJT45. ගිනිවෙස්න, මම නොයෙක් සිය ගණන් පිරිස්හි දහම් දෙසුවෙම් දනිම් ම ය. එහිදු එකෙක් එකෙක් මා මෙසේ හඟනේ ය: “මහණගොයුම් මා ම ඇරැඹ දහම් දෙසති”යි. ගිනිවෙස්න, තෙල මෙසේ නො දත යුතු ය. තථාගත පරාහට (දතහෙන හැමට ම) විඥාපනය පිණිස දහම් දෙසයි. ගිනිවෙස්න, මම ඒ කථාවසානයෙහි (කථා සන්‍ධියක් පාසා) ම යම් ඵලසමාධියෙකින් නිතිකල් වෙසෙම් නම්, එම පුරිමසමාධිනිමිත්තයෙහි (එකාග්‍රතායෙන් යෙදී) සියසතන්හි ම සිත තබමි, හිඳුවමි, එකඟ කරමි, නංවාලමි.
Pali BJT46. “ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස යථාතං අරහතො සම්මාසම්බුද්ධස්ස. අභිජානාති පන{2} භවං ගොතමො දිවා සුපිතා”ති. අභිජානාමහං අග්ගිවෙස්සන ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා{3} දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතාති. “එතං ඛො භො ගොතම එකෙ සමණබ්රාහ්මණා සම්මොහවිහාරස්මිං වදන්තී”ති. න ඛො අග්ගිවෙස්සන එත්තාවතා සම්මූළ්හො වා හොති අසම්මූළ්හො වා. අපි ච අග්ගිවෙස්සන යථා ච සම්මූළ්හො හොති අසම්මූළ්හො ච, තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති. එවං භො ගොතමාති ඛො{4} සච්චකො නිගණ්ඨපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච: –
Sinhala BJT46. “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙකුන්ගේ චිත්තෛකාග්‍රතා සෙයින් භවත් ගොයුම්ගොතුවන්ගේ තෙල ඒකාග්‍රතා ඇදහිය යුතු වෙයි. භවත් ගෞතමයන් වහන්සේ දවහල නිදිගත්සේක් ද?” ගිනිවෙස්න, ගිමන් පැසිම්මස පසුබත පිඬුවායෙන් වැළකුණෙම් සිවුර සිවුගුණ කොට පෙන්වා දකුණු ඇළයෙන් සිහි ඇතියෙම්, නුවණින් දන්නෙම්, නිද්‍රාවට (කෙලෙස් රහිත කායචිත්තදරථයට) බැස ගත්තෙම් දන්මි. ‘භවත් ගොයුම්ගොතුව, ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල නින්ද සම්මෝහවිහාරය (සිහිමුළාව විසීම)’යි කියත් මැනු’යි ගිනිවෙස්න, මෙතෙකින් සම්මූඪ වෙති යි හෝ අසම්මුඪවෙති යි හෝ නො කියමි. වැලිදු ගිනිවෙස්න, යම් පරිදි සිහි නටුයේත් වේ ද, සිහි නොනටුයේත් වේ ද ඒ අසව, මනාකොට මෙනෙහි කරව, වදාරමි යි. එසේය, භවත් ගොයුම්ගොතුව යි සච්චක නුවට දරු භගවත්හට පිළිවදන් දින භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:-
Pali BJT47. යස්ස කස්සචි අග්ගිවෙස්සන යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා අප්පහීනා, තමහං සම්මූළ්හොති වදාමි. ආසවානං හි අග්ගිවෙස්සන අප්පහානා සම්මූළ්හො හොති. යස්ස කස්සචි අග්ගිවෙස්සන යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා පහීනා, තමහං අසම්මූළ්හොති වදාමි. ආසවානං හි අග්ගිවෙස්සන පහානා අසම්මූළ්හො හොති. තථාගතස්ස ඛො අග්ගිවෙස්සන යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා. සෙය්යථාපි අග්ගිවෙස්සන තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා, එවමෙව ඛො අග්ගිවෙස්සන තථාගතස්ස යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මාති.
Sinhala BJT47. ගිනිවෙස්න, යම්කිසිවක්හට සිත කිලුටු කරන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථ සහිත, දුඃඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණයට හිත, යම් ආස්‍රව කෙනෙක් අප්‍රහීණ ව ඇත් ද, මම ඔහු සම්මූඪ ය යි කියමි. ගිනිවෙස්න, ආස්‍රවයන්ගේ අප්‍රහාණියෙන් සම්මූඪ වෙයි. ගිනිවෙස්න, යම් කිසිවක් හට සිත කිලිටි කරන, පුනර්‍භවය පිණිස වැටෙන, කාය චිත්ත දරථ සහිත, දුඃඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණයට හිත, යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණව ඇත්ද, මම ඔහු අසම්මූඪ යයි කියමි. ගිනිවෙස්න, ආස්‍රව ධර්‍මයන්ගේ ප්‍රහාණියෙන් අසම්මූඪ වෙයි. ගිනිවෙස්න, තථාගතයන්හට සිත කිලිටි කරන පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථ සහිත, දුංඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට හිත, යම් ආස්‍රව කෙනෙක් වෙත් නම් ඔහු පුහුන් හ. උසුන් මුල්හ. මුදුන් සුන් තලක් සෙයින් අවාස්තුකෘතයහ. යලි නො හට ගන්නා සෙයින් කළ අභාව ඇතිය හ. මතු නූපදනා සැහැවි ඇතිය හ. ගිනිවෙස්න, යම්සේ මුදුන් සුන් තලෙක් යලි වඩනට අභව්‍ය වේ ද, ගිනිවෙස්න, එසෙයින් ම යම් ආස්‍රව කෙනෙක් සිත කිලිටි කෙරෙත් ද, පුනර්‍භවය පිණිස වැටෙත් ද, දරථ සහිත වෙත් ද, දුඃඛ විපාක ඇත් ද, මතු ජාති ජරා මරණයට හිතකර වෙත් ද, තථාගතයන් හට ඔහු ප්‍රහීණය හ. උසුන් මුල්හ. මුදුන්සුන් තලක් සෙයින් අවාස්තුකෘතයහ. නැවත නො හටගන්නා සේ විනශ්වරයහ. මතුයෙහි නූපදනා සැහැවි ඇතියහ යි.
Pali BJT48. එවං වුත්තෙ සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං එතදවොච: “අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යාවඤ්චිදං භොතො ගොතමස්ස එවං ආසජ්ජ ආසජ්ජ වුච්චමානස්ස උපනීතෙහි උපනීතෙහි{2} වචනපථෙහි සමුදාචරියමානස්ස ඡවිවණ්ණො චෙව පරියොදායති, මුඛවණ්ණො ච විප්පසීදති, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස.”
Sinhala BJT48. මෙසේ වදාළ කල්හි සච්චක නුවට දරු භගවත් හට තෙල කී: භවත් ගොයුම්ගොතුව, අසිරිය. භවත් ගොයුම්ගොතුව, අද්භූත ය. මෙසේ ඝට ඝටා කියනු ලබන එළව එළවා කී වචනයෙන් බණනු ලබන භවත් ගෞතමයන්ගේ ඡවිවර්‍ණය බබලන්නේ ම ය. මුඛ වර්‍ණය වෙසෙසින් පහදනේ ම ය. එය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙකුන්ගේ සෙයින.
Pali BJT49. “අභිජානාමහං භො ගොතම පූරණං කස්සපං වාදෙන වාදං සමාරභිතා. සොපි මයා වාදෙන වාදං සමාරද්ධො අඤ්ඤෙන අඤ්ඤං පටිචරි, බහිද්ධා කථං අපනාමෙසි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. භොතො ඛො පන{3} ගොතමස්ස එවං ආසජ්ජ ආසජ්ජ වුච්චමානස්ස උපනීතෙහි උපනීතෙහි වචනපථෙහි සමුදාචරියමානස්ස ඡවිවණ්ණො චෙව පරියොදායති, මුඛවණ්ණො ච විප්පසීදති, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJT49. භවත් ගොයුම්ගොතුව, මම පූරණ කාශ්‍යපයන්ට වාදයෙන් වාදාරෝපණ කෙළෙම් දනිමි. හෙද මා විසින් වාදයෙන් වාදාරෝපණ කරන ලද්දේ අනෙකෙකින් අනෙකක් කීයේ ය. (එකෙක නො පිහිටියේ ය.) කථාව බැහැර කෙළේ ය. කෝපය ද ද්වේෂය ද නො සතුට ද පහළ කෙළේ ය. මෙසේ ඝට ඝටා කියනු ලබන එළව එළවා කී වචනයෙනු බණනු ලබන භවත් ගෞතමයන්ගේ ඡවිවර්‍ණය ඔප් ඇතී වෙයි. මුඛ වර්‍ණය ද පහන් වෙයි. එය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙකුන්ගේ සෙයින.
Pali BJT50. අභිජානාමහං භො ගොතම මක්ඛලිං ගොසාලං -පෙ- අජිතං කෙසකම්බලං -පෙ- පකුධං කච්චායනං -පෙ- සඤ්ජයං බෙලට්ඨිපුත්තං{4} -පෙ- නිගණ්ඨං නාතපුත්තං{5} වාදෙන වාදං සමාරභිතා. සොපි මයා වාදෙන වාදං සමාරද්ධො අඤ්ඤෙන අඤ්ඤං පටිචරි, බහිද්ධා කථං අපනාමෙසි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. භොතො ඛො පන ගොතමස්ස එවං ආසජ්ජ ආසජ්ජ වුච්චමානස්ස උපනීතෙහි උපනීතෙහි වචනපථෙහි සමුදාචරියමානස්ස ඡවිවණ්ණො චෙව පරියොදායති, මුඛවණ්ණො ච විප්පසීදති, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJT50. භවත් ගොයුම්ගොතුව, මම මක්ඛලි ගෝසාලයන්ට ... අජිත කෙසකම්බලයන්ට ... පකුධ කච්චායනයන්ට ... සඤ්ජය බෙලට්ඨිපුත්තහට ... නිගණ්ඨ නාතපුත්ත හට වාදයෙන් වාද සමාරම්භ කෙළෙම් දන්මි. හෙද මා විසින් වාදයෙන් වාදාරෝපණ කරන ලද්දේ අනෙකෙකින් අනෙකක් කීයේ ය. කථාව බැහැර කෙළේ ය. කෝපය ද ද්වේෂය ද නොසතුට ද පහළ කෙළේ ය. මෙසේ ඝට ඝටා කියනු ලබන, එළව එළවා කි වචනයෙන් බණනු ලබන භවත් ගෞතමයන්ගේ ඡවිවර්‍ණය ඔප් ඇති වෙයි. මුඛ වර්‍ණය ද පහන් වෙයි. එය සම්‍යක් සම්බුද්ධ කෙනෙකුන්ගේ සෙයින.
Pali BJT51. හන්ද ච දානි මයං භො ගොතම ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයාති.
Sinhala BJT51. ‘භවත් ගොයුම්ගොතුව, අපි බොහෝ කෘත්‍ය ඇතියම් හ. බොහෝ කටයුතු ඇතියම් හ. එබැවින් දැන් අපි යම්හ’යි.
Pali BJT“යස්සදානි ත්වං අග්ගිවෙස්සන කාලං මඤ්ඤසී”ති.
Sinhala BJT“තෝ එයට දැන් කල් දනු, ගිනිවෙස්නැ”යි වදාළහ.
Pali BJTඅථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමීති.
Sinhala BJTඑක්බිති සච්චක නුවටදරු භගවත්හුගේ භාෂිතය සතුටින් පිළිගෙන (සිතින් නොව වචනයෙන්) අනුමෝදන් ව හුනස්නෙන් නැගී නික්ම ගියේ ය.
Pali BJTමහාසච්චකසුත්තං ඡට්ඨං.
Sinhala BJTමහාසච්චක සූත්‍රය සවැනියි.
Pali BJT1. 4. 7.
Sinhala BJT1. 4. 7.
Pali BJTචූළතණ්හාසඞ්ඛයසුත්තං
Sinhala BJTචූළතණ්හාසඞ්ඛය සූත්‍රය
Pali BJTඑවම්මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො සක්කො දෙවානමින්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම්මහවෙහෙර මුවරමාපහයෙහි වැඩ වෙසෙති. එක්බිති සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියේ. එකත්පස් ව සිටි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ:
Pali BJT2. “කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති.”
Sinhala BJT2. “වහන්ස, කිපමණෙකින් මහණ තෙමේ සැකෙවින් තණ්හාසඞ්ඛය විමුත්ත (තෘෂ්ණා නිරෝධ නම් වූ නිවන් අරමුණ කොට රහත්) වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍ය බ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ දැ”යි (රහත්හුගේ පූර්‍වභාගප්‍රතිපද් සැකෙවින් වදාළ මැනැවැයි සැළකෙළේය).
Pali BJT3. ඉධ දෙවානමින්ද භික්ඛුනො සුතං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. එවඤ්ච තං දෙවානමින්ද භික්ඛුනො සුතං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති, සො සබ්බං ධම්මං අභිජානාති. සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරන්තො, විරාගානුපස්සී විහරන්තො, නිරොධානුපස්සී විහරන්තො, පටිනිස්සග්ගානුපස්සී විහරන්තො න ච කිඤ්චි{1} ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. එත්තාවතා ඛො දෙවානමින්ද භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති.
Sinhala BJT3. දේවේන්‍ද්‍රය, මෙසස්නෙහි මහණහු විසින් (ස්කන්‍ධායතනධාතුසඞ්ඛ්‍යාත) හැම දහම්හු අභිනිවේශය (තෘෂ්ණාදීන් බැසගැණීම) පිණිස නො යෙදෙතියි අසන ලද වෙයි. දේවේන්‍ද්‍රය, මහණහු විසින් ‘සර්‍වධර්‍මයෝ අභිනිවේශය පිණිස යුතු නො වෙති’යි එකරුණ මෙසෙයින් අසන ලද වේද, හේ ස්කන්‍ධාදිසර්‍වධර්‍ම (ඥාතපරිඥායෙන් අනිත්‍යාදි විසින්) වෙසෙසින් දන්නේ ය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තිරණපරිඥායෙන්) පිරිසිඳ දන්නේ ය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විදුනේ වේ ද, හේ ඒ වේදනාවන්හි අනිත්‍ය විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. නිරෝධ විසින් දක්නා නුවණින් යුක්ත ව වෙසෙයි. පටිනිස්සග්ග විසින් කෙලෙස් හැරලන නිවන් වදනා මගනැණින් යුක්ත ව වෙසෙයි. හේ ඒ වේදනාවන්හි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරෝධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ, පඤ්චස්කන්‍ධලෝකයෙහි කිසිදු සංස්කාරයක් (තෘෂ්ණා විසින්) නො ගන්නේය. නො ගන්මින් තෘෂිත (තෘෂ්ණාන්‍විත) නො වෙයි. (තණ්හා පරිතස්සන විසින්) පිපාසික නො වන්නේ සිය සතන්හි ම (කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙයි. ‘ජාතිය ක්‍ෂීණ විය. බඹසරවස් වසන ලදී. (සොළොස්) කරණී කරන ලදී. නැවත මෙබවට නො එමී’ දනී. දේවේන්‍ද්‍රය, මෙතෙකින් මහණ සංක්‍ෂිප්ත විසින් නිවන් අරමුණ කොට රහත් වූයේ. ඒකාන්තනිෂ්ඨා ඇතියේ, තින්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ යි. (මේ රහත්හුගේ පූර්‍වභාග ප්‍රතිපද් සැකෙවින් වදාළ නියා යි.)
Pali BJTඅථ ඛො සක්කො{1} දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඑක්බිති සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කොට අනුමෝ ව භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ.
Pali BJT4. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි: ‘කින්නු ඛො සො යක්ඛො භගවතො භාසිතං අභිසමෙච්ච අනුමොදි,{2} උදාහු නො. යන්නූනාහං තං යක්ඛං ජානෙය්යං: යදිවා සො යක්ඛො භගවතො භාසිතං අභිසමෙච්ච අනුමොදි, යදිවා නො’ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං{3} පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි.
Sinhala BJT4. එකල ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේගේ නුදුරැ හුන්හ. එසඳ මහමුගලන් මහතෙරහට තෙල සිත් වී: “කිම ඒ යක් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද, නොහොත් නොදැන අනුමෝදන් වීදැයි. ‘භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද නොහොත් නොදැන අනුමෝදන් වීදැ’යි මම ඒ යක් පිළිවිස දනිම් නම් මැනැවැ”යි. එක්බිති ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේත්, දික් කළ අතක් හෝ වක් කරන්නේත් යම් සේ ද, එසේ පුවරම් මහවෙහෙරැ මුවරමාපායෙහි අතුරුදන් වූවෝ තවුතිසා වැසි දෙවියන් කෙරෙහි පෙනුණාහු.
Pali BJT5. තෙන ඛො පන සමයෙන සක්කො දෙවානමින්දො එකපුණ්ඩරීකෙ උය්යානෙ දිබ්බෙහි පඤ්චහි තූරියසතෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති. අද්දසා ඛො සක්කො දෙවානමින්දො ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන තානි දිබ්බානි පඤ්ච තුරියසතානි පටිප්පණාමෙත්වා යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: එහි ඛො මාරිස මොග්ගල්ලාන, සාගතං{4} මාරිස මොග්ගල්ලාන. චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන, ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීද මාරිස මොග්ගල්ලාන, ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පඤ්ඤත්තෙ ආසනෙ. සක්කොපි ඛො දෙවානමින්දො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච: යථාකථං පන තෙ කොසිය භගවා සඞ්ඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං අභාසි? සාධු මයම්පි එතිස්සා කථාය භාගිනො අස්සාම සවනායාති.
Sinhala BJT5. එසඳ සක්දෙව්රජ ඒකපුණ්ඩරීක නම් උයන්හි (තමා පිරිවරා වයන) පන්සියක් දෙව්පසඟතුරු රැවින් සමර්පිත ව සමන්‍විතව ඉඳුරන් පිණවා වාස කෙරෙයි. සක්දෙව්රජ ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු වඩනවුන් දුරින් ම දිට. දැක (වයමින් සිටි) පන්සියක් දිවපසඟතුරු බැහැර කරවා මහමුගලන් මහතෙරුන් කරා එළඹියේ ය. එළඹ මුගලන් මහතෙර හට තෙල සැළ කෙළේ: “නිදුක, මුගලන් තෙරණුවනි, වඩනේ මැනැව. නිදුක මුගලන් තෙරණුවනි, තොපට ස්වාගත කරමි. නිදුක, මුගලන් තෙරණුවනි, මෙහි අපකරා වඩනට බොහෝ කලෙකින් මේ වාරය කළදැ යයි (බොහෝ කලෙකින් වැඩිදෑ ය යි ප්‍රියකථා බැණ) නිදුක, මුගලන් තෙරණුවනි, මේ අසුන් පැනවිණ, වැඩහිඳුනේ යැ”යි කී. මුගලන් මහතෙරහු පැන්වූ අස්නෙහි හුන්හ. සක්දෙව්රජ ද මිටි අස්නක් ගෙන එකත්පස් ව හින. එකත්පස් ව හුන් සක්දෙවිරජහට ආයුෂ්මත් මුගලන් මහතෙරහු තෙල බස් කීහ: “දෙව්රජිනි, අප බුදුහු තොපට සැකෙවින් තණ්හා සඞ්ඛය විමුත්තිය (නිවන අරමුණ කොට මිදීම) කිසෙයින් නම් වදාළ සේක් ද? අයදුම්හ, අපිදු තෙල සූත්‍රදේශනා කථා අසනුවට භාගී වම්හයි.
Pali BJT6. “මයං ඛො මාරිස මොග්ගල්ලාන බහුකිච්චා, මයං බහුකරණීයා,{5} අප්පෙව{6} සකෙන කරණීයෙන, අපිච දෙවානංයෙව තාවතිංසානං කරණීයෙන. අපිච මාරිස මොග්ගල්ලාන, සුස්සුතංයෙව හොති සුග්ගහීතං සුමනසිකතං සූපධාරිතං යං නො{7} ඛිප්පමෙව අන්තරධායති. භූතපුබ්බං මාරිස මොග්ගල්ලාන, දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො{8} අහොසි. තස්මිං ඛො පන මාරිස මොග්ගල්ලාන සඞ්ගාමෙ දෙවා විජිනිංසු.{9} අසුරා පරාජිනිංසු. සො ඛො අහං මාරිස මොග්ගල්ලාන තං සඞ්ගාමං{10} අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තතො පටිනිවත්තිත්වා වෙජයන්තං නාම පාසාදං මාපෙසිං. වෙජයන්තස්ස ඛො පන මාරිස මොග්ගල්ලාන පාසාදස්ස නිය්යූහසතං. එකමෙකස්මිං නිය්යුහෙ සත්ත සත්ත කූටාගාරසතානි.{11} එකමෙකස්මිං කූටාගාරෙ සත්ත සත්ත අච්ඡාරයො. එකමෙකිස්සා අච්ඡරායසත්ත සත්ත පරිචාරිකායො. ඉච්ඡෙය්යාසි නො ත්වං මාරිස මොග්ගල්ලාන වෙජයන්තස්ස පාසාදස්ස රාමණෙය්යකං දට්ඨුන්ති. අධිවාසෙසි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තුණ්හී භාවෙන.
Sinhala BJT6. “නිදුක, මුගලන, අපි බොහෝ කටයුතු ඇතියම්හ. අපගේ ම කාර්‍ය්‍ය මඳ වෙයි. වැලිදු තව්තිසාවැසි දෙවියන්ගේ කාර්‍ය්‍ය බෙහෙව. තව ද, නිදුක, මුගලන, අප මනා කොට ඇසූ, මනා කොට උගත්, මොනොවට මෙනෙහි කළ, මොනොවට ධැරූ යම් දැයෙකුදු වීනම්, එය වහා ම අතුරුදන් වෙයි. නිදුක, මුගලන, වූවිරිදැයක් කියමි: දේවාසුරසඞ්ග්‍රාමයෙක් රාශිභූත වී. මුගලන් තෙරණුවනි, ඒ සඞ්ග්‍රාමයෙහි දී දේවයෝ දුනුහු. අසුරයෝ පැරැදුනුහු. නිදුක, මුගලන් තෙරණුවනි, මම ඒ සඞ්ග්‍රාමය දිනා දුනු සඞ්ග්‍රාම ඇති ව එයින් නැවති වෛජයන්ත නම් පහය මැවීමි. නිදුක, මුගලන් තෙරණුවනි, විජයන් පහය සියක් නිර්යූහ (මුදුන්තල) ඇත. එකෙකි නිර්යූහයෙහි සත්සිය සත්සිය කූටාගාරය. එකෙකි කූටාගාරයෙහි සත් සත් අප්සරාවෝ ය. එකෙකි අප්සරාවට සත් සත් (උවටන් කරන) පරිචාරිකා දෙව්දූහ. මාරිෂ, මෞද්ගල්‍යායනයෙනි, තෙපි කැමැතියා ව විජයත්පහය රමණී සේ දක්නට යැ යි (දෙව්රජ කී.) මුගලන් මහතෙරහු නොබැණ ඉවසූහ.
Pali BJT7. අථඛො සක්කො ච දෙවානමින්දො වෙස්සවණො ච මහාරාජා ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුරක්ඛත්වා යෙන වෙජයන්තො පාසාදො තෙනුපසඞ්කමිංසු. අද්දසංසු{1} ඛො සක්කස්ස දෙවානමින්දස්ස පරිචාරිකායො ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන{2} ඔත්තප්පමානා හිරීයමානා{3} සකසකං{4} ඔවරකං පවිසිංසු. සෙය්යථාපි නාම සුණිසා සසුරං{5} දිස්වා ඔත්තප්පති හිරීයති,{6} එවමෙවං{7} සක්කස්ස දෙවානමින්දස්ස පරිචාරිකායො ආයස්මන්තං මහාමොග්ගල්ලානං දිස්වා ඔත්තප්පමානා හිරීයමානා සකසකං ඔවරකං පවිසිංසු. අථ ඛො සක්කො ච දෙවානමින්දො වෙස්සවණො ච මහාරාජා ආයස්මන්තං මහාමොග්ගල්ලානං වෙජයන්තෙ පාසාදෙ අනුචඞ්කමාපෙන්ති අනුවිචරාපෙන්ති: ඉදම්පි මාරිස මොග්ගල්ලාන පස්ස වෙජයන්තස්ස පාසාදස්ස රාමණෙය්යකං, ඉදම්පි මාරිස මොග්ගල්ලාන පස්ස වෙජයන්තස්ස පාසාදස්ස රාමණෙය්යකන්ති. “සොභතීවතිදං{8} ආයස්මතො කොසියස්ස යථාතං පුබ්බෙ කතපුඤ්ඤස්ස. මනුස්සාපි කිඤ්චිදෙව රාමණෙය්යකං දට්ඨා{9} එවමාහංසු: සොභති වත භො දෙවානං තාවතිංසානන්ති. තයිදං ආයස්මතො කොසියස්ස සොභති යථා තං පුබ්බෙ කතපුඤ්ඤස්සාති.
Sinhala BJT7. එකල්හි සක්දෙව්රජ ද වෙසවුණු රජ ද ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පෙරට කොට ගෙන විජයත්පහයට ගියහ. එසඳ සක්දෙව්රජහුගේ පරිචාරිකාවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වඩනුවන් දුරින් ම දුටහ. දැක බිය ඇති ව විළි ඇති ව තමන් තමන්ගේ ඔවරකයට පිවිසියහ. යම් පරිදි ණියක් (ලේළි) සුහුරකු දැක විළිබිය ගන්නී වේ ද, එපරිදි ම දෙව්රජහුගේ පරිචාරිකාවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් දැක විළිබිය ඇති ව තමන් තමන් ඔවරකයට ගියෝ. එක්බිති, සක්දෙව්රජ හා වෙසවුණුමහරජ හා දෙදෙන ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් විජයත් පහය ඔබ මොබ ඇවිදුවත්: “ආර්‍ය්‍යය, මුගලන් තෙරණුවනි, විජයත් පහය මේද රමණී සේ බලව. වහන්ස, මුගලන් තෙරණුවනි, මේද වෛජයන්ත ප්‍රාසාදයාගේ රමණී සේ බලව”යි කීහු. “පෙර පින් කළ පරිදි ආයුෂ්මත් ශක්‍රදේවේන්‍ද්‍රයනට මේ පහා හොබනේ ම ය. මිනිස්හුදු කිසියම් රමණී දැයක් දැක මෙසේ කියති: “භවත්නි, තෙල දැය තව්තිසා වැසි දෙවියනට හොබනේ මය” කියායි. පෙරපින් කළ කෙනෙකුන්ට හොබනාක් සෙයින් ආයුෂ්මත් දේවේන්‍ද්‍රයනට මේ පහා හොබනේ මැ ය.
Pali BJT8. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි: අතිබාළ්හං ඛො අයං යක්ඛො පමත්තො විහරති. යන්නූනාහං ඉමං යක්ඛං සංවෙජෙය්යන්ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසංඛාසි{10} යථා වෙජයන්තං පාසාදං පාදඞ්ගුට්ඨකෙන සඞ්කම්පෙසි සම්පකම්පෙසි සම්පවෙධෙසි. අථ ඛො සක්කො ච{11} දෙවානමින්දො වෙස්සවණො ච මහාරාජා දෙවා ච තාවතිංසා අච්ඡරියබ්භුතචිත්තා{12} අහෙසුං: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සමණස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාම දිබ්බං භවනං{13} පාදඞ්ගුට්ඨකෙන සඞ්කම්පෙස්සති සම්පකම්පෙස්සති සම්පවෙධෙස්සතීති.
Sinhala BJT8. එසඳ ආයුෂ්මත් මහ මුගලන් මහතෙරණුවන්ට මෙ සිත්වී: “මෙ යක් (තමා පහයෙහි නළුවන් හා සම්පත් යශසින්) ඉතා මත් ව දවස් යවයි. මම මෙ යක් සංවිග්න (බියපත්) කෙරෙම් නම් මනා මැනු” යි. ඉක්බිති ආයුෂ්මත් මුගලන් මහතෙරහු යම්සේ විප්යත් පහය පාදාඞ්ගුෂ්ඨයෙන් පහළේ බමා ද, සැලේ ද, නොසිටී ද, එසේ (අප්කිසිණු සමවත් සම වැද) ඍද්ධියක් කළහ. එසඳ සක්දෙවු රජ ද වෙසවුණු මහරජ ද තව්තිසා වැසි දෙවියෝ ද විස්මයප්‍රාප්ත සිතැති වූහු: ‘යම්හෙයෙකින් දිව්‍යභවනය පාදාඞ්ගුෂ්ඨයෙන් බැමී ද, සැලී ද, නොසිටුවී ද, එහෙයින් මහණහුගේ මහ ඉදුහ ඇති බව මහානුභාව ඇති සේ බලව. භවත්නි, ඒකාන්තයෙන් අසිරිය, අද්භූතය’යි (ගිගිරි කොළෝ.)
Pali BJT9. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සක්කං දෙවානමින්දං සංවිග්ගං ලොමහට්ඨජාතං විදිත්වා සක්කං දෙවානමින්දං එතදවොච: “යථාකථං පන තෙ කොසිය{14} භගවා සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං අභාසි? සාධු. මයම්පි එතිස්සා කථාය භාගිනො අස්සාම සවණායා”ති.
Sinhala BJT9. එකල්හි ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු සක්දෙව් රජු සංවිග්න වූවහු පිපිලොමින් ගැවැසි සිරුරු ඇතියහු දැක සක්දෙව් රජහට තෙල බස් කීහ: “දේවේන්‍ද්‍රය, අප බුදුහු තොපට තණ්හාසඞ්ඛය විමුත්ති කෙසේ වදාළ සේක් ද? යදිමු, අපිදු තෙල දෙශනාකථා එසේ අසනු පිණිස සහභාගී වම්හ” යි.
Pali BJT10. “ඉධාහං මාරිස මොග්ගල්ලාන, යෙන භගවා තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසිං. එකමන්තං ඨිතො ඛො අහං මාරිස මොග්ගල්ලාන භගවන්තං එතදවොචං: කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු සඞ්ඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති. එවං වුත්තෙ මාරිස මොග්ගල්ලාන භගවා මං එතදවොච: –
Sinhala BJT10. “වහන්ස, මුගලන් තෙරණුවනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව සිටියෙමි. භවත් මුගලන, එකත්පස් ව සිටි මම භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැළකෙළෙමි. “වහන්ස, කිපමණෙකින් (කවර ප්‍රතිපදාවකින්) මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ, දෙවි මිනිස්නට උතුම් වූයේ වේදැ” යි සැකෙවින් (ඒ පූර්‍වභාග ප්‍රතිපදාව) වදාළ මැනැවැ යි සැළ කෙළෙමි. වහන්ස, මුගලන් තෙරණුවනි, මෙසේ සැළ කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මට තෙල බණ වදාළහ:
Pali BJT‘ඉධ දෙවානමින්ද භික්ඛුනො සුතං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. එවඤ්චෙතං දෙවානමින්ද භික්ඛුනො සුතං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. සො සබ්බං ධම්මං අභිජානාති. සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරන්තො, විරාගානුපස්සී විහරන්තො, නිරොධානුපස්සී විහරන්තො, පටිනිස්සග්ගානුපස්සී විහරන්තො න ච{1} කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති පජානාති. එත්තාවතා ඛො දෙවානමින්ද භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති.’ එවං{2} ඛො මෙ මාරිස මොග්ගල්ලාන භගවා සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං අභාසී”ති.
Sinhala BJT‘දේවේන්‍ද්‍රය, මෙ සස්නෙහි මහණහු විසින් ‘හැම දහම්හු අභිනිවේශය පිණිස නො යෙදෙති’ යි අසන ලද වෙයි. දේවේන්‍ද්‍රය, මහණහු විසින් “සර්‍වධර්‍මයෝ අභිනිවේශය පිණිස යුතු නොවෙති” යි තෙල කරුණ මෙසෙයින් අසන ලද වේද, හේ ස්කන්‍ධාදි සර්‍වධර්‍ම (ඥාතපරිඥායෙන්) වෙසෙසින් දන්නේය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තීරණපරිඥායෙන්) පිරිසිඳ දන්නේය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විඳුනේ වේද, හේ ඒ වේදනායෙහි අනිත්‍ය විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. විරාග විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. නිරෝධ විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. පටිනිස්සග්ග විසින් දක්නා නුවණ ඇති ව වසයි. හේ ඒ වේදනායෙහි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරෝධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) නොගන්නේය. නොගන්මින් තෘෂ්ණාන්‍විත නොවෙයි. (තණ්හාපරිතස්සනා විසින්) පිරිතැසි නොකරනුයේ ස්වසන්තානයෙහි ම (කෙලෙස් පිරිනිවියෙන්) පිරිනිවෙයි. ‘ජාතිය ක්‍ෂීණ විය, බ්‍රම්සරවස් වසන ලදී, කරණී කරන ලදී. නැවත මෙ බවට එනු පිණිස කිසිත් නැතැ’යි දනී. දේවේන්‍ද්‍රය, මෙතෙකින් සැකෙවින් මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ යැ’යි මෙසේ මට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් නිවන් අරමුණු කොට රහත් වූවහු පිළිබඳ පූර්‍වභාග ප්‍රතිපද් වදාළහ යි සැළකෙළේ ය.
Pali BJT11. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සක්කස්ස දෙවානමින්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව{3} දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ පාතුරහොසි.
Sinhala BJT11. එසඳ ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු සක්දෙවි රජහුගේ තෙපුල් අභිනන්‍දනයෙන් පිළිගෙන අනුමෝදන් ව යම්සේ බලවත් පුරුෂයෙක් වක් කළ අත් හෝ දික් කරන්නේත්, දික් කළ අත් හෝ වක් කරන්නේත් වේ ද, එ සේ තව්තිසැ දෙවියන් කෙරෙහි අතුරුදන් ව පූර්‍වාරාම මහවෙහෙර මුවරමා පහයෙහි පහළවූහු.
Pali BJT12. අථ ඛො සක්කස්ස දෙවානමින්දස්ස පරිචාරිකායො අචිරපක්කන්තෙ ආයස්මන්තෙ මහාමොග්ගල්ලානෙ සක්කං දෙවානමින්දං එතදවොචුං: එසො නු ඛො තෙ මාරිස සො භගවා සත්ථාති. න ඛො මෙ මාරිසා{4} සො භගවා සත්ථා, සබ්රහ්මචාරී මෙ එසො ආයස්මා මහාමොග්ගල්ලානොති. ලාභා තෙ මාරිස, යස්ස{5} තෙ සබ්රහ්මචාරී එවංමහිද්ධිකො මහානුභාවො,{6} අහො නූන{7} තෙ සො භගවා සත්ථාති.
Sinhala BJT12. ඉක්බිති සක්දෙව්රජහුගේ පිරිවර සුරවමියෝ ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වඩනා හා ම සක්දෙව්රජහට තෙල බස් කීහු. “වහන්ස, මුහු තොපගේ ඒ භගවත් ශාස්තෲහු වෙත්දැ?”යි. ‘ප්‍රියාවෙනි, මුහු මාගේ ශාස්තෲහු නොවෙති. මාගේ සබඳ සබ්‍රම්සර කෙනෙක. මුහු ආයුෂ්මත් මහමුගලන්හ”යි. වහන්ස, තොපගේ සබඳ සඟ කෙනෙක් මෙබඳු මහඉදුහ ඇතියහ, මෙබඳු මහානුභාව ඇතියහ. වහන්ස, තොපට ලාභයෙක. අහෝ, තොපගේ ඒ භගවත් ශාස්තෲහු කිසේ වෙති හො යි. (සුරවමියො කීහු.)
Pali BJT13. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච: –
Sinhala BJT13. එක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත් පස් ව හුන් ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: -
Pali BJT“අභිජානාති නො භන්තෙ භගවා අහු ඤාතඤ්ඤතරස්ස{1} මහෙසක්ඛස්ස යක්ඛස්ස සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං භාසිතා”.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ප්‍රසිද්ධ එක්තරා මහේශාඛ්‍ය දෙවියකුට තෘෂ්ණානිරෝධ සඞ්ඛ්‍යාත නිවන් අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදීම සැකෙවින් වදාළ දැ දන්නා සේක්දෝ”යි.
Pali BJT14. “අභිජානාමහං මොග්ගල්ලාන: ඉධ සක්කො දෙවානමින්දො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො මොග්ගල්ලාන සක්කො දෙවානමින්දො මං එතදවොච: කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති. එවං වුත්තෙ අහං මොග්ගල්ලාන සක්කං දෙවානමින්දං එතදවොචං: ඉධ දෙවානමින්ද භික්ඛුනො සුතං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. එවඤ්චෙතං දෙවානමින්ද භික්ඛුනො සුතං හොති සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති, සො සබ්බං ධම්මං අභිජානාති, සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරන්තො, විරාගානුපස්සී විහරන්තො, නිරොධානුපස්සී විහරන්තො, පටිනිස්සග්ගානුපස්සී විහරන්තො න ච කිඤ්චි{2} ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව{3} පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. එත්තාවතා ඛො දෙවානමින්ද භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති. එවං ඛො අහං මොග්ගල්ලාන අභිජානාමි සක්කස්ස දෙවානමින්දස්ස සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං භාසිතා”ති.{4}
Sinhala BJT14. “මුගලන, මම දනිමි: සක්දෙව්රජ මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පස් ව සිටගත. මුගලන, එකත්පස් ව සිටි සක්දෙව්රජ මට තෙල සැළකෙළේ: වහන්ස, කිපමණෙකින් මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍යබ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට උතුම් වූයේ වේදැ යි සැකෙවින් (ඔහුගේ පූර්‍වභාග ප්‍රතිපද්) වදාළ මැනවැයි. මුගලන මෙසේ සැළකළ කල මම සක් දෙව්රජුට තෙල කීමි: දේවේන්‍ද්‍රය, මෙසස්නෙහි මහණහු විසින් ‘හැමදහම්හු අභිනිවේශය පිණිස නො යෙදෙති’ යි අසන ලද වෙයි. දේවේන්‍ද්‍රය, මහණහු විසින් ‘සර්‍වධර්‍මයෝ අභිනිවේශය පිණිස යුතු නොවෙති’ යි තෙල කරුණ මෙසෙයින් අසන ලද වේ ද, හේ ස්කන්‍ධාදි සර්‍වධර්‍ම ඥාතපරිඥායෙන් (අනිත්‍යාදි විසින්) වෙසෙසින් දන්නේ ය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තීරණ පරිඥායෙන්) පිරිසිඳ දන්නේය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනායෙහි අනිත්‍ය විසින් දක්නා නුවණ ඇති ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණ ඇති ව වාස කෙරෙයි. නිරෝධ විසින් දක්නා නුවණ ඇති ව වෙසෙයි. පටිනිස්සග්ග විසින් දක්නා නුවණින් නුවණැති ව වාස කෙරෙයි. හේ ඒ වේදනායෙහි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරෝධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ පඤ්චස්කන්‍ධ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) නො ගන්නේ ය. නො ගන්මින් (තණ්හාපරිතස්සනා විසින්) තෘෂ්ණාන්‍විත නො වන්නේ තමා විසින් ම පිරිනිවෙයි. ‘ජාතිය ක්‍ෂීණ විය. බ්‍රම්සරවස් වසන ලද. කරණී කරන ලද. මෙ බව පිණිස අන් කිසිවක් නැතැ’යි දනී. දේවේන්‍ද්‍රය, මෙතෙකින් මහණ සැකෙවින් නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍ය බ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේයයි වදාළෙමි. මුගලන, මම සක්දෙව්රජුට තණ්හාසඞ්ඛය විමුත්තිය (නිවන් අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ ප්‍රතිපද්) මෙසේ සැකෙවින් වදාළෙම් දනිම්”යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍ය විසින් ගත් සිතැති ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ.
Pali BJTචූළතණ්හාසඞ්ඛයසුත්තං සත්තමං.
Sinhala BJTවූළතණ්හාසඞ්ඛය සූත්‍රය සත්වැනි යි.
Pali BJT1. 4. 8.
Sinhala BJT1. 4. 8.
Pali BJTමහාතණ්හාසඞ්ඛයසුත්තං
Sinhala BJTමහාතණ්හාසඞ්ඛය සූත්‍රය
Pali BJTඑවම්මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාතිස්ස නාම භික්ඛුනො කෙවට්ටපුත්තස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති: තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති අනඤ්ඤන්ති.
Sinhala BJTමා විසින් මෙසේ අසනලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහු කළ ජේතවන මහවෙහෙරෙහි වැඩවසන සේක. එසමයෙහි කේවට්ටපුත්ත සාති නම් මහණහට මෙබඳු ලාමක දර්‍ශනයෙක් උපන: “එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සැරිසරයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි.
Pali BJT2. අස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ: සාතිස්ස කිර නාම{1} භික්ඛුනො කෙවට්ටපුත්තස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤන්ති.” අථ ඛො තෙ භික්ඛූ යෙන සාති භික්ඛු කෙවට්ටපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතදවොචුං: “සච්චං කිර තෙ ආවුසො සාති එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤන්ති.” “එවං බ්යා ඛො අහං ආවුසො භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤන්ති.”
Sinhala BJT2. “කෙවුළුපුතු සාති නම් මහණහට මෙබඳු පවිටු දිටු උපන: ‘එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති’යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි යනු බොහෝ (දනවුවැසි) මහණහු ඇසූහ. එසඳ ඒ මහණහු කෙවුළුපුතු සාති මහණ කරා ගියහ. ගොස් කෙවුළුපුතු සාති මහණහට තෙල කීහු: ඇවැත, සාතියෙනි, “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැනසිටිමි” යි තොපට මෙබඳු දිටු උපන යනු සැබෑ වේ ද? කියායි. ඇවැත්නි, “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති”යි මම දැන සිටිම්.
Pali BJT3. අථ ඛො තෙ භික්ඛූ සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ්ජන්ති සමනුගාහන්ති සමනුභාසන්ති: මා එවං ආවුසො{2} සාති අවච, මා භගවන්තං අබ්භාචික්ඛි{3}. නහි සාධු භගවතො අබ්භක්ඛානං නහි භගවා එවං වදෙය්ය. අනෙකපරියායෙන හාවුසො{4} සාති පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං භගවතා අඤ්ඤත්ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවොති. එවම්පි ඛො සාති භික්ඛු කෙවට්ටපුත්තො තෙහි භික්ඛූහි සමනුයුඤ්ජියමානො සමනුගාහිය{5}මානො සමනුභාසියමානො තදෙව පාපකං දිට්ඨිගතං ථාමසා පරාමස්ස{6} අභිනිවිස්ස වොහරති: එවං බ්යා ඛො අහං ආවුසො භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤන්ති. යතො ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ{7} යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
Sinhala BJT3. ඉක්බිති ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් මුදවනු කැමැත්තාහු ලබ්ධි පුළුවුසිත්, ලබ්ධියෙහි පිහිටුවත්, කරුණු විචාරත්: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන (අභිභවා කීම) නො කරව. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරති. ඇවත සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නන් නියරින් විඥාන ප්‍රත්‍යයෝත්පන්න යයි වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැතියි කීහු. මෙසෙයිනුදු කෙවුළුපුතු සාතිමහණ ඒ මහණන් විසින් පැන පුළුවුස්නා ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එම පවිටු දිටු වැරයෙන් පරාමර්‍ශ කොට එහි පිහිටා බෙණෙයි: “එ ම විඥාන දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. යම්හෙයෙකින් ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරන්නට නොහැකි වූහු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්නාහ. එකත්පස් ව හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
Pali BJT4. සාතිස්ස නාම භන්තෙ භික්ඛුනො කෙවට්ටපුත්තස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤන්ති. අස්සුම්හ{*} ඛො මයං භන්තෙ: සාතිස්ස කිර නාම භික්ඛුනො කෙවට්ටපුත්තස්ස එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤන්ති. අථ ඛො මයං භන්තෙ යෙන සාති භික්ඛු කෙවට්ටපුත්තො තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතදවොචුම්හ: සච්චං කිර තෙ ආවුසො සාති එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤන්ති. එවං වුත්තෙ භන්තෙ සාති භික්ඛු කෙවට්ටපුත්තො අම්හෙ එතදවොච: එවං බ්යා ඛො අහං ආවුසො භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤන්ති. අථ ඛො මයං භන්තෙ සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ්ජිම්හ සමනුගාහිම්හ{1} සමනුභාසිම්හ: මා එවං ආවුසො සාති අවච. මා භගවන්තං අබ්භාචික්ඛි.{2} න හි සාධු භගවතො අබ්භක්ඛානං. න හි භගවා එවං වදෙය්ය. අනෙකපරියායෙන හාවුසො{3} සාති පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං භගවතා, අඤ්ඤත්ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවොති. එවම්පි ඛො භන්තෙ සාති භික්ඛු කෙවට්ටපුත්තො අම්හෙහි සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො{4} සමනුභාසියමානො තදෙව පාපකං දිට්ඨිගතං ථාමසා පරාමස්ස{5} අභිනිවිස්ස වොහරති: “එවං බ්යා ඛො අහං ආවුසො භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤන්ති.” යතො ඛො මයං භන්තෙ නාසක්ඛිම්හ{6} සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං, අථ මයං එතමත්ථං භගවතො ආරොචෙමාති.
Sinhala BJT4. වහන්ස, කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කියායි. වහන්ස, අපි “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන යනු ඇසුම්හ. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණහු කරා ගියම්හ. ගොස් කෙවුළුපුතු සාතිමහණහට තෙල කියුම්හ: “ඇවැත් සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි” යනු සැබෑදැ” යි. වහන්ස, අප මෙසේ කියන්නා හා ම, කෙවුළුපුතු සාතිමහණ අපට තෙල බස් කී: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවනු කැමැත්තමෝ ලබ්ධි පුළුවුසුම්හ, ලබ්ධි ගැන්වූම්හ, කරණු විචාළම්හ: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යඛ්‍යාන නො මැනව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරනසේක. ඇවැත, සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඥානය ප්‍රත්‍යයෝත්පන්න’ යයි නන් අයුරින් වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානයාගේ සම්භවයෙක් නැති යි වදාරන ලදි.” වහන්ස කෙවුළුපුත් සාතිමහණ අප විසින් මෙසෙයිනුදු ප්‍රශ්න නගනු ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එ පවිටු දිටු බලයෙන් පරාමර්‍ශ කොට ගෙන පිවිසගෙන බෙණෙයි: “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අනෙකක් නො වෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි කියයි. වහන්ස යම් හෙයකින් අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවන්නට නොහැකි වූමෝ ද, එහෙයින් අපි තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ යි.
Pali BJT5. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: එහි ත්වං භික්ඛු මම වචනෙන සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං ආමන්තෙසි: ‘සත්ථා තං ආවුසො සාති ආමන්තෙතී’ති. එවං භන්තෙති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා{7} යෙන සාති භික්ඛු කෙවට්ටපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතදවොච: ‘සත්ථා තං ආවුසො සාති ආමන්තෙතී’ති. එවමාවුසොති ඛො සාති භික්ඛු කෙවට්ටපුත්තො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං භගවා එතදවොච: සච්චං කිර තෙ සාති එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවතී සංසරති, අනඤ්ඤන්ති. “එවං බ්යා ඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති, අනඤ්ඤන්ති.”
Sinhala BJT5. එසඳ බුදුහු එක්තරා මහණකු ඇමතූසේක: මහණ තෝ එව, මා බසින් කෙවුළුපුතු සාතිමහණ අමත: ‘ඇවත, සාතියෙනි, බුදුහු තා කැඳවනසේකැ”යි. ඒ මහණ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කෙවුළුපුතු සාතිමහණහු කරා එළඹියේය. එළඹ කෙවුළුපුතු සාති මහණහට තෙල බස් කී: ‘ඇවැත සාතියෙනි, ශාස්තෲන්වහන්සේ තොප කැඳවනසේකැ’යි. ‘ඇවැත, එසේයැ’යි කෙවුළුපුතු සාතිමහණ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කෙවුළුපුතු සාතිමහණහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: “සැබැව, සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි. “වහන්ස, ‘එ විඥානයම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ’යි යම් පරිදි දෙසූසේක් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි.
Pali BJT6. කතමං තං සාති විඤ්ඤාණන්ති?
Sinhala BJT6. සාතියෙනි, ඒ විඥාන කිම?
Pali BJT“ය්වායං භන්තෙ වදො වෙදෙය්යො තත්ර තත්ර කල්යාණපාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙතී”ති.
Sinhala BJT“වහන්ස, ඒ යමෙක් වචන කියන්නේ (කථා කරන්නේ), වේදනා විඳින්නේ, ඒ ඒ (භව යෝනි ගති ආදි) තන්හි කුශලාකුශල කර්‍මයන්ගේ විපාක විඳින්නේ වේ ද, මෙ විඥානය”යි සැළකෙළේ ය.
Pali BJTකස්ස නු ඛො නාම ත්වං මොඝපුරිස මයා එවං ධම්මං දෙසිතං ආජානාසි? නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං අඤ්ඤත්ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවොති. අථ ච පන ත්වං මොඝපුරිස අත්තනා දුග්ගහීතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛසි, අත්තානඤ්ච ඛණසි{1}, බහුඤ්ච අපුඤ්ඤං පසවසි. තං හි තෙ මොඝපුරිස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායාති.
Sinhala BJTමෝඝපුරුෂය, තෝ කවරක්හට නම් මා මෙසේ දහම් දෙසුවා දන්හි? මෝඝපුරුෂය, මා විසින් නන්අයුරින් විඥානය ප්‍රත්‍යයසමුත්පන්න ය යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි වදාරන ලද්දේ නො වේ ද? ඒ මතු ද, මෝඝපුරුෂය, තෝ තමා වරදවා ගත් දැයින් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙහි. තමා ද (ගුණ සාරාලීමෙනි) කණිහි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙහි. මෝඝපුරුෂය, ඒ පවිටු දිටු තට දීර්‍ඝ රාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටෙයී වදාළහ.
Pali BJT7. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නයං{2} සාති භික්ඛු කෙවට්ටපුත්තො උස්මීකතොපි ඉමස්මිං ධම්මවිනයෙති. “කිං හි සියා භන්තෙ, නො හෙතං භන්තෙ”ති. එවං වුත්තෙ සාති භික්ඛු කෙවට්ටපුත්තො තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො{3} නිසීදි. අථ ඛො භගවා සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං{4} විදිත්වා සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං එතදවොච: “පඤ්ඤායිස්සසි ඛො ත්වං{5} මොඝපුරිස එතෙන සකෙන පාපකෙන දිට්ඨිගතෙන. ඉධාහං භික්ඛූ පටිපුච්ඡිස්සාමී”ති.
Sinhala BJT7. එක්බිති බුදුහු භික්‍ෂූන් ඇමැතූසේක: මහණෙනි, ඒ කිම හඟිවු ද, කෙවුළුපුතු මේ සාති මහණ මෙ සස්නෙහි උසුම් කෙළේ (මගපල පිණිස උනුසුමකුදු ඇත්තේ) වේ ද? “වහන්ස, කෙසේ නම් වන්නේය. වහන්ස, තෙල නොවන්නේ ම ය.” මෙසේ කී කල්හි කෙවුළුපුතු සාති මහණ නිහඬව, නිතෙදව, බැහු කඳට ඇති ව, අධෝමුඛ ව, සිතිවිලි සිතනු ව, වටහනු නැති ව හින. එසඳ බුදුහු කෙවුළුපුතු සාතිමහණහු තූෂ්ණීම්භූත වූවහු, නිස්තේජස්ක වූවහු, නැමූ කඳට ඇතියහු, අධෝමුඛ වූවහු, සිතිවිලි සිතනුවහු, නොවැටහෙනහු දැන කෙවුළුපුතු සාතිමහණහට තෙල බස් වදාළහ: “මෝඝපුරුෂය, තො ම තෙල ලාමක දෘෂ්ටියෙන් පැණෙහි. මම මෙහි (මුළුදුන්) මහණගණ පුළුවුස්මි”යි.
Pali BJT8. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: තුම්හෙපි මෙ භික්ඛවෙ එවං ධම්මං දෙසිතං ආජානාථ යථායං සාති භික්ඛු කෙවට්ටපුත්තො අත්තනා දුග්ගහීතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛති, අත්තානඤ්ච ඛණති,{6} බහුඤ්ච අපුඤ්ඤං පසවතීති. “නො හෙතං භන්තෙ, අනෙකපරියායෙන හි නො භන්තෙ, පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං භගවතා, අඤ්ඤත්ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවො”ති. සාධු{7} භික්ඛවෙ, සාධු ඛො මෙ තුම්හෙ භික්ඛවෙ එවං ධම්මං දෙසිතං ආජානාථ. අනෙකපරියායෙන හි වො භික්ඛවෙ පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං මයා, අඤ්ඤත්ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවොති. අථ ච පනායං සාති භික්ඛු කෙවට්ටපුත්තො අත්තනා දුග්ගහීතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛති, අත්තානඤ්ච ඛණති,{8} බහුඤ්ච අපුඤ්ඤං පසවති. තං හි තස්ස මොඝපුරිසස්ස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
Sinhala BJT8. එක්බිති බුදුහු මහණුන් ඇමතූසේක: “මහණෙනි, යම්සේ මේ කෙවුළුපුතු සාති මහණ තමා වරදවා ගත් දිටුවෙන් අපට ද අභිභවා බෙණේ ද, තමනුදු (ගුණබණනයෙන්) කැණැගන්නේ වේද, බොහෝ අකුසලුදු රැස්කොට ගන්නේ වේ ද, තෙපිදු එසේ මා දහම් දෙසුවා දන්හුදැ”යි වදාළහ. “වහන්ස, තෙල නෙ වේ ම ය. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් අපට නන්අයුරින් විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යැයි, ප්‍රත්‍යයයෙන් තොරව විඥානසම්භවයෙක් නැති”යි වදාරන ලදි. මැනැව, මහණෙනි. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසුවා පිළිගනුව, මනාමය. මහණෙනි, මා විසින් තොපට විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යැ යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි නන්නියරින් වදාරන ලදි. එතෙකුදු වුව, කෙවුළු පුතු මේ සාති මහණ තමන් වරදවා ගත් දිටුයෙන් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙයි. තමා ද කණියි. බොහෝ පව් ද රැස් කෙරෙයි. එය ම ඒ මෝඝපුරුෂහට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ යැ යි වදාළෝ.
Pali BJT[සාතිකණඩං.]
Sinhala BJT(සාති කාණ්ඩය.)
Pali BJT9. යඤ්ඤදෙව{1} භික්ඛවෙ පච්චයං පටිච්ච උප්පජ්ජති විඤ්ඤාණං තෙන තෙනෙව සඞ්ඛං{2} ගච්ඡති: චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, චක්ඛුවිඤ්ඤාණන්තෙව{3} සඞ්ඛං ගච්ඡති. සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, සොතවිඤ්ඤාණන්තෙව{4} සඞ්ඛං ගච්ඡති. ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, ඝානවිඤ්ඤාණන්තෙව{5} සඞ්ඛං ගච්ඡති. ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණන්තෙව{6} සඞ්ඛං ගච්ඡති. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, කායවිඤ්ඤාණන්තෙව{7} සඞ්ඛං ගච්ඡති. මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, මනොවිඤ්ඤාණන්තෙව{8} සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT9. මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයක් නිසා විඥානය පහළ වේ ද, එයිනෙයින් ම (ඒ විඥාන) ගණනට (ඇඳිනීමට) යෙයි. ඇස ද රූපයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) චක්ඛුවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) සෝතවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. නැහැය ද ගන්‍ධයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) ඝානවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. දිව ද රසයන්ද නිසා විඥානයෙක් පහළ වේ (එය) ජිව්හාවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) කායවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි මනස ද ධර්‍මයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) මනෝවිඤ්ඤාණ ය යි ම ගණනට යෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ යඤ්ඤදෙව පච්චයං පටිච්ච අග්ගි ජලති, තෙන තෙනෙව සඞ්ඛං ගච්ඡති: කට්ඨඤ්ච පටිච්ච අග්ගි ජලති, කට්ඨග්ගිතෙව{9} සඞ්ඛං ගච්ඡති. සකලිකඤ්ච පටිච්ච අග්ගි ජලති, සකලිකග්ගිතෙව සඞ්ඛං ගච්ඡති. තිණඤ්ච පටිච්ච අග්ගි ජලති, තිණග්ගිතෙව සඞ්ඛං ගච්ඡති. ගොමයඤ්ච පටිච්ච අග්ගි ජලති, ගොමයග්ගිතෙව සඞ්ඛං ගච්ඡති. ථුසඤ්ච පටිච්ච අග්ගි ජලති, ථුසග්ගිතෙව සඞ්ඛං ගච්ඡති. සඞ්කාරඤ්ච පටිච්ච අග්ගි ජලති, සඞ්කාරග්ගිතෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ යඤ්ඤදෙව පච්චයං පටිච්ච උප්පජ්ජති විඤ්ඤාණං තෙන තෙනෙව සඞ්ඛං ගච්ඡති: චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, චක්ඛුවිඤ්ඤාණන්තෙව සඞ්ඛං ගච්ඡති. සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, සොතවිඤ්ඤාණන්තෙව සඞ්ඛං ගච්ඡති. ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, ඝාණවිඤ්ඤාණන්තෙව සඞ්ඛං ගච්ඡති. ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණන්තෙව සඞ්ඛං ගච්ඡති. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, කායවිඤ්ඤාණන්තෙව සඞ්ඛං ගච්ඡති. මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති විඤ්ඤාණං, මනොවිඤ්ඤාණන්තෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයක් නිසා ගිනි දිලේ ද, (ඒ ගිනි) ඒ ඒ ප්‍රත්‍යයනාමයෙන් ම යම්සේ ගණනට යේ ද - කාෂ්ඨය ද නිසා අග්නි දිලෙයි, කාෂ්ඨාග්නි ම ය යි ගණනට යෙයි. සකලිකා (කටපොතු - ලී කැබලි) ද නිසා අග්නි දිලෙයි, සකලිකාග්නිම ය යි ගණනට යෙයි. තෘණ ද නිසා ගිනි දිලෙයි, තෘණාග්නි ම ය යි ගණනට යෙයි. ගොම ද නිසා ගිනි දිලෙයි, ගොමයාග්නි ම ය යි ගණනට යෙ යි. තුෂ (දහසිවි නිසා) ද ගිනි දිලෙයි, තුෂාග්නිම ය යි ගණනට යෙයි. සඞ්කාර (කසළ) ද නිසා ගිනි දිලෙයි, සඞ්කාරාග්නි ම ය යි ගණනට යෙයි. මහණෙනි, එපරිදි ම යම් යම් ම ප්‍රත්‍යයයක් නිසා විඥාන උපදනේ වේද, ඒ ඒ ප්‍රත්‍යයනාමයෙන් ම ගණනට යෙයි. ඇස ද රූපයන්ද නිසා විඥාන පහළ වේ. චක්‍ඛුවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥාන පහළ වේ. සෝතවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. නැහැය ද ගන්‍ධයන්‍ද නිසා විඥාන පහළ වේ. ඝානවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි. දිව ද රසයනුදු නිසා විඥාන පහළ වෙයි. ජිව්හාවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා විඥාන පහළ වේ. කායවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි. සිත ද ධර්‍මයන් ද නිසා විඥාන පහළ වේ. මනෝවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි.
Pali BJT10. භූතමිදන්ති{10} භික්ඛවෙ පස්සථාති? එවම්භන්තෙ. තදාහාරසම්භවන්ති භික්ඛවෙ පස්සථාති? එවම්භන්තෙ. තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම්මන්ති භික්ඛවෙ පස්සථාති? එවම්භන්තෙ.
Sinhala BJT10. මහණෙනි, මේ පඤ්චස්කන්‍ධය භූත යයි (වූ දැයෙකියි) දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පඤ්චස්කන්‍ධය ආහාරසම්භව (ප්‍රත්‍යය ඇතිකල උපදනේ)ය යි දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය ඒ ප්‍රත්‍යයනිරෝධහේතුයෙන් නිරෝධ සැහැවි ඇතැයි දක්නාහු ද? වහන්ස එසේය.
Pali BJT11. භූතමිදං නොස්සූති භික්ඛවෙ කඞ්ඛාතො{11} උප්පජ්ජති විචිකිච්ඡා’ති? එවම්භන්තෙ. තදාහාරසම්භවං නොස්සූති භික්ඛවෙ කඞ්ඛාතො උප්පජ්ජති විචිකිච්ඡාති? එවම්භන්තෙ. තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම්මං නොස්සූති භික්ඛවෙ කඞ්ඛාතො උප්පජ්ජති විචිකිච්ඡාති? එවම්භන්තෙ.
Sinhala BJT11. මහණෙනි, මේ පස්කඳ භූත වේ දෝ නොවේ දෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස, එසේය. ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ දෝ නොවේදෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යනිරොධහෙතුයෙන් නිරෝධ සැහැවි ඇද්දෝ නැද්දෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස එසේය.
Pali BJT12. භූතමිදන්ති භික්ඛවෙ යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා විචිකිච්ඡා සා පහීයතීති? එවම්භන්තෙ. තදාහාරසම්භවන්ති භික්ඛවෙ යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා විචිකිච්ඡා සා පහීයතීති? එවම්භන්තෙ. තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම්මන්ති භික්ඛවෙ යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා විචිකිච්ඡා සා පහීයතීති? එවම්භන්තෙ.
Sinhala BJT12. මහණෙනි, මේ පස්කඳ භූත යැයි තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විසිකිස් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව යැයි තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විචිකිත්සායෙක් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරෝධහේතුයෙන් නිරෝධ සැහැවි ඇති යි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විචිකිත්සායෙක් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය.