Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT(10.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු අනවසෙසදොහී{1} හොති? ඉධ භික්ඛවෙ භික්ඛුං සද්ධා ගහපතිකා අභිහට්ඨුං පවාරෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. තත්ර භික්ඛු මත්තං න ජානාති{2} පටිග්ගහණාය. එවං ඛො භික්ඛවෙ භික්ඛු අනවසෙසදොහී හොති.
Sinhala BJT(10) මහණෙනි, මහණ කෙසේ නම් ඉතිරි නො කොට දොවන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණකු ශ්‍රද්ධාවත් ගැහැවියෝ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යයපරිෂ්කාර යන මෙයින් ලඟට ගෙන ගොස් පවරත්. මහණ තෙමේ එහිදී පිළිගැණීමේ ප්‍රමාණය නො දනී (සියල්ලම ගණී). මහණෙනි, මෙසේ මහණ ඉතිරි නො කොට දොවන්නේ වේ.
Pali BJT(11.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා, තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා, තෙසු න මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙති ආවී{3} චෙව රහො ච, න මෙත්තං වචීකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච, න මෙත්තං මනොකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච. එවං ඛො භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා, තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති.
Sinhala BJT(11) මහණෙනි, මහණ කෙසේ නම් රාත්‍රඥ වූ පැවිදි ව බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිර භික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් නො පුදන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ චිරරාත්‍රඥ වූ පැවිදි ව බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිර භික්‍ෂු කෙනෙක් වෙත් නම්, ඔවුන් කෙරෙහි හමුවෙහි ද නො හමුවෙහි ද මෛත්‍රීසහගත කායකර්‍ම ය නො එළවයි. මෛත්‍රී වාක්‍කර්‍මය හමුවෙහි ද නො හමුවෙහි ද නො එළවයි. මෛත්‍රීමනඃකර්‍මය හමුවෙහි ද නො හමුවෙහි ද නො එළවයි. මහණෙනි, මෙසේ මහණ චිරරාත්‍රඥ වූ පැවිදි ව බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්‍ෂුහුකෙනෙක් වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් නො පුදන්නේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං.
Sinhala BJTමහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත මහණ මේ ශාසනයෙහි දියුණුවට වැඩීමට විපුලත්‍වයට පැමිණීමට සුදුස්සෙක් නො වේ.
Pali BJT4. එකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො භබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං. කතමෙහි එකාදසහි?
Sinhala BJT4. මහණෙනි, එකොළොස් කරුණෙකින් යුක්ත ගොපලු තෙමේ ගෝසමූහය පරිහරණය කරන්නට දියුණු කරන්නට සුදුස්සෙක් වෙයි. කවර එකොළොසෙකින් ද?
Pali BJTඉධ භික්ඛවෙ ගොපාලකො රූපඤ්ඤූ හොති, ලක්ඛණකුසලො හොති, ආසාටිකං සාටෙතා{4} හොති, වණං පටිච්ඡාදෙතා හොති, ධූමං කත්තා හොති, තිත්ථං ජානාති, පීතං ජානාති, වීථිං ජානාති, ගොචරකුසලො හොති, සාවසෙසදොහී ච හොති, යෙ තෙ උසභා ගොපිතරො ගොපරිණායකා, තෙ අතිරෙකපූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො භබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං.
Sinhala BJTමහණෙනි, මේ ලෝකයෙහි ගොපලු තෙමේ රූපඥ වේ. ලක්‍ෂණයෙහි දක්‍ෂ වේ. මැසිබිජු ඉවත ලන්නේ වේ. වණ වසන්නේ වේ. දුම් කරන්නේ වේ. තොටුපළ දනී. පීතය දනී. මාර්‍ගය දනී. තණබිම්හි දක්‍ෂ වේ. ඉතිරි කොට දොවන්නේ වේ. ගෝපිතෘ වූ ගොපරිණායක වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් පුදන්නේ වේ. මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත ගොපලු තෙමේ ගොසමූහය පරිහරණය කරන්නට දියුණු කරන්නට සුදුස්සෙක් වෙයි.
Pali BJT5. එවමෙව ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං. කතමෙහි එකාදසහි?
Sinhala BJT5. මහණෙනි, එපරිද්දෙන් ම එකොළොස් අඞ‍්ගයෙකින් යුක්ත මහණ මේ ශාසනයෙහි දියුණුවට වැඩීමට විපුලත්‍වයට සුදුස්සෙක් වෙයි. කවර එකොළොසෙකින් ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤූ හොති, ලක්ඛණකුසලො හොති, ආසාටිකං සාටෙතා හොති, වණං පටිච්ඡාදෙතා හොති, ධූමං කත්තා හොති, තිත්ථං ජානාති, පීතං ජානාති, වීථිං ජානාති, ගොචරකුසලො හොති, සාවසෙසදොහී ච හොති, යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙ අතිරෙකපූජාය පූජෙතා හොති.
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණ රූපඥ වේ. ලක්‍ෂණයෙහි දක්‍ෂ වේ. මැසිබිජු ඉවත් කරන්නේ වේ. වණ වසන්නේ වේ. දුම් කරන්නේ වේ. තොටුපළ දනී. පීතය දනී. ගමන් මග දනී. ගෝචරයෙහි දක්‍ෂ වේ. ඉතිරි කොට දොවන්නේ වේ. රාත්‍රඥ වූ පැවිදිව බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිර භික්‍ෂු කෙනෙක් වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් පුදන්නේ වේ. (මේ අඞ‍්ග එකොළොසිනි.)
Pali BJT(1.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤූ හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යං කිඤ්චි රූපං, සබ්බං රූපං චත්තාරි මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපන්ති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤූ හොති.
Sinhala BJT(1) මහණෙනි, මහණ කෙසේ නම් රූපඥ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ යම් කිසි රූපයෙක් වේ නම්, ‘ඒ සියලු රූපය සතර මහා භූතයෝ ය. සතර මහා භූතයන්ගේ උපාදාය රූප ය’යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ රූපඥ වේ.
Pali BJT(2.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු ලක්ඛණකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ‘කම්මලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො’ති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ලක්ඛණකුසලො හොති.
Sinhala BJT(2) මහණෙනි, මහණ කෙසේ නම් ලක්‍ෂණයෙහි දක්‍ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ‘බාලයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත්තේ ය. පණ්ඩිතයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත්තේ ය’යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණයෙහි දක්‍ෂ වේ.
Pali BJT(3.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු ආසාටිකං සාටෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති, පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති, පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආසාටිකං සාටෙතා හොති.
Sinhala BJT(3) මහණෙනි, මහණ කෙසේ නම් මැසිබිජු ඉවත් කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ උපන් කාමවිතර්‍ක සිත්හි නො වස්වයි. දුරු කෙරේ, පෙළයි, කෙළවර කෙරේ, පිළිවෙළින් අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසා විතර්‍කය ... උපනුපන් ලාමක අකුශලධර්‍මයන් සිත්හි නො වස්වයි. දුරු කෙරේ, පෙළයි, කෙළවර කෙරේ. පිළිවෙළින් අභාවයට පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ ඉහඬ ඉවත් කරන්නේ වේ.
Pali BJT(4.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති.
Sinhala BJT(4) මහණෙනි, මහණ කෙසේ නම් වණ වසන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසින් රූප දැක නිමිති නො ගන්නේ වේ. අනුව්‍යඤ්ජන නො ගන්නේ වේ. යම් කාරණයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවර නො කොට වසන්නා වූ මේ පුඟුලා අභිධ්‍යාදෞර්‍මනස්‍ය වූ පවිටු අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම්, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවෙන් රස විඳ ... කයින් පැහැසිය යුක්ත පහසා ... සිතින් ධර්‍මය දැන නිමිති නො ගන්නේ වෙයි. අනුවියඳුන් නො ගන්නේ වෙයි. යම් කාරණයෙකින් මනින්‍ද්‍රිය සංවරය නො කොට වාසන්නා වූ ඒ පුඟුලා අභිධ්‍යාදෞර්‍මනස්‍ය වූ ලාමක වූ අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මහණ මෙසේ වණය වසන්නේ වේ.
Pali BJT(5.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු ධූමං කත්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ධූමං කත්තා හොති.
Sinhala BJT(5) මහණෙනි, මහණ කෙසේ නම් දුම් කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ දුම් කරන්නේ වෙයි.
Pali BJT(6.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු තිත්ථං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති: ඉදං භන්තෙ කථං, ඉමස්ස කො අත්ථො?ති. තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු ච කඞ්ඛාට්ඨානියෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. එවං ඛො භික්ඛවෙ භික්ඛු තිත්ථං ජානාති.
Sinhala BJT(6) මහණෙනි, මහණ කෙසේ නම් තොටුපළ දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ බහුශ්‍රුත වූ දත් ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකාධර වූ යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙත් ද, කලින් කල ඔවුන් වෙත එළඹ ‘වහන්ස, මෙය කෙසේ ද, මෙහි අර්‍ත්‍ථය කවරේ දැ’යි විචාරයි. ප්‍රශ්න කරයි. ඒ ආයුෂ්මත්හු ඔහුට විවෘත නොවූවක් විවෘත කෙරෙත්. ප්‍රකට නො වූවක් ප්‍රකට කෙරෙත්. නොයෙක් සැක සහිත වූ ධර්‍මයන්හි සැකය දුරු කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තොටුපළ දනියි.
Pali BJT(7.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු පීතං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසීයමානෙ ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. එවං ඛො භික්ඛවෙ භික්ඛු පීතං ජානාති.
Sinhala BJT(7) මහණෙනි, මහණ කෙසේ නම් පානය කිරීම දනී ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ බුදුන් වදාළ ධර්‍මවිනය දෙසනු ලබන කල්හි අර්‍ත්‍ථය දැන සතුට ලබයි. ධර්‍මය දැන සතුට ලබයි. ධර්‍මාශ්‍රිතප්‍රමෝදය ලබයි. මහණෙනි, මෙසේ මහණ පානය කිරීම දන්නේ වේ.
Pali BJT(8.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු වීථිං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු වීථිං ජානාති.
Sinhala BJT(8) මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ මාර්‍ගය දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ මාර්‍ගය දන්නේ වෙයි.
Pali BJT(9.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු ගොචරකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ගොචරකුසලො හොති.
Sinhala BJT(9) මහණෙනි, කෙසේ නම් මහණ ගෝචරයෙහි දක්‍ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ සිවුසීවටන් තතු සේ දන්නේ වේ. මහණෙනි, මහණ මෙසේ ගෝචරයෙහි දක්‍ෂ වෙයි.
Pali BJT(10.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු සාවසෙසදොහී හොති? ඉධ භික්ඛවෙ භික්ඛුං සද්ධා ගහපතිකා අභිහට්ඨුං පවාරෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. තත්ර භික්ඛු මත්තං ජානාති පටිග්ගහණාය. එවං ඛො භික්ඛවෙ භික්ඛු සාවසෙසදොහී හොති.
Sinhala BJT(10) මහණෙනි, මහණ කෙසේ නම් ඉතිරි කොට දොවන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණකු සැදැහැවත් ගැහැවියෝ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් එය එළවා පවරත්. එහිදී මහණ පිළිගැණීමේ ප්‍රමාණය දන්නේ වේ. මහණෙනි, මහණ මෙසේ ඉතිරි කොට දොවන්නේ වේ.
Pali BJT(11.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා, තෙ අතිරෙකපූජාය පූජෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච, මෙත්තං වචීකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච. එවං ඛො භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙ අතිරෙකපූජාය පූජෙතා හොති.
Sinhala BJT(11) මහණෙනි, මහණ කෙසේ නම් චිරරාත්‍රඥ වූ පැවිදි වී බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් පුදන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ චිරරාත්‍රඥ වූ පැවිදි වී බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්‍ෂූහු වෙත් නම්, ඒ භික්‍ෂූන් කෙරෙහි මෛත්‍රීකායකර්‍මය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. මෛත්‍රීවාක්‍කර්‍මය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. මෛත්‍රී මනඃකර්‍මය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. මහණෙනි, මෙසේ මහණ චිරරාත්‍රඥ වූ පැවිදි වී බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේක පූජාවෙන් පුදන්නේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත මහණ මේ ශාසනයෙහි දියුණුවට වැඩීමට විපුලත්‍වයට පැමිණීමට සුදුසු වෙයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය මැනැවැ යි පිළිගත්හ.
Pali BJTමහාගොපාලකසුත්තං තතියං.
Sinhala BJTමහාගෝපාලකසූත්‍රය තුන්වැනි යි.
Pali BJT1. 4. 4.
Sinhala BJT1. 4. 4.
Pali BJTචූළගොපාලකසුත්තං
Sinhala BJTචූළගෝපාලක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා වජ්ජීසු විහරති උක්කචෙලායං{1} ගඞ්ගාය නදියා තීරෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදෑරට ගඞ්ගා හෝතෙර උක්කවෙලා නම් නුවර වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT2. භූතපුබ්බං භික්ඛවෙ මාගධකො ගොපාලකො දුප්පඤ්ඤජාතිකො වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ අසමවෙක්ඛිත්වා ගඞ්ගාය නදියා ඔරිමං තීරං අසමවෙක්ඛිත්වා පාරිමං තීරං අතිත්ථෙනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුවිදෙහානං.{2} අථ ඛො භික්ඛවෙ ගාවො මජ්ඣෙ ගඞ්ගාය නදියා සොතෙ ආමණ්ඩලියං{3} කරිත්වා තත්ථෙව අනයබ්යසනං ආපජ්ජිංසු. තං කිස්ස හෙතු? තථා හි සො භික්ඛවෙ මාගධකො ගොපාලකො දුප්පඤ්ඤජාතිකො වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ අසමවෙක්ඛිත්වා ගඞ්ගාය නදියා ඔරිමං තීරං අසමවෙක්ඛිත්වා පාරිමං තීරං අතිත්ථෙනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුවිදෙහානං.
Sinhala BJT2. මහණෙනි, පෙර වූවෙකි: මගධරට වැසි දුෂ්ප්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්‍ෂා ඍතුවෙහි පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙතෙර නො සලකා එ තෙර නො සලකා නුසුදුසු තොටින් විදෙහයන් සතු උතුරු තෙරට ගවයන් තැරැවී. මහණෙනි, එකල්හි ගවයෝ ගඞ්ගානදිය මැද සළාවැටුමෙක මැඬිලි කොට එහි ම අවැඩවනසට පත්වූහ. (මුහුදට වන්හ.) ඒ කවර හෙයින යත්: මහණෙනි, නුනුවණ පියවි ඇති ගොපල්ලා වසන් පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර නො සලකා එ තෙර නො සලකා විදේහයන් සතු උතුරුඉවුරට නුසුදුසු තොටින් ගවයන් තැරැවී. (එහෙයිනි.)
Pali BJT3. එවමෙව ඛො භික්ඛවෙ යෙ කෙචි{4} සමණා වා බ්රාහ්මණා වා අකුසලා ඉමස්ස ලොකස්ස, අකුසලා පරස්ස ලොකස්ස, අකුසලා මාරධෙය්යස්ස, අකුසලා අමාරධෙය්යස්ස, අකුසලා මච්චුධෙය්යස්ස, අකුසලා අමච්චුධෙය්යස්ස, තෙසං යෙ සොතබ්බං සද්දහාතබ්බං මඤ්ඤිස්සන්ති, තෙසං තං භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
Sinhala BJT3. මහණෙනි, එ පරිදි ම යම් ම ශ්‍රමණයෝ වෙත් වයි බ්‍රාහ්මණයෝ වෙත් වයි මේ ලෝකයෙහි (ස්කන්‍ධ - ධාතු - ආයතනයන්හි) අදක්‍ෂ වෙද්ද, පරලෝකයෙහි (ස්කන්‍ධ - ධාතු - ආයතනයන්හි) අදක්‍ෂ වෙද්ද, මාරධෙය්‍යසඞ්ඛ්‍යාත (මරුනිවස වූ) ත්‍රෛභූමික ධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, අමාරධෙය්‍යසඞ්ඛ්‍යාත නවලෝකොත්තරධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, මච්චුධෙය්‍ය සඞ්ඛ්‍යාත ත්‍රෛභූමික ධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, අමච්චුධෙය්‍ය සඞ්ඛ්‍යාත නවලෝකොත්තර ධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, යම් කෙනෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට හැදැහිය යුතු කොට හඟින්නාහු ද එය ඔවුන්ට අහෝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.
Pali BJT4. භූතපුබ්බං භික්ඛවෙ මාගධකො ගොපාලකො සප්පඤ්ඤජාතිකො වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ සමවෙක්ඛිත්වා ගඞ්ගාය නදියා ඔරිමං තීරං සමවෙක්ඛිත්වා පාරිමං තීරං තිත්ථෙනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුවිදෙහානං. සො පඨමං පතාරෙසි යෙ තෙ උසභා ගොපිතරො ගොපරිණායකා. තෙ තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු. අථාපරෙ පතාරෙසි බලවගාවො, දම්මගාවො.{5} තෙපි තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු. අථාපරෙ පතාරෙසි වච්ඡතරෙ{6} වච්ඡතරියො. තෙපි තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු. අථාපරෙ පතාරෙසි වච්ඡකෙ කිසබලකෙ.{7} තෙපි තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු.
Sinhala BJT4. මහණෙනි, වූවිරූ දැයෙකි: මගධරටවැසි සප්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්‍ෂාඍතුයෙහි පැසුළු මස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදෙහයන් සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තරණය කරවීය. හේ ගෝපිතෘ ගෝපරිනායක යම් වෘෂභ කෙනෙක් වූහු නම්, පළමු උන් එතෙර කරවී. ඔහු ගඟ සරස ස්‍රෝතස් සිඳ ගෙණ සුවසේ පර තෙරට ගියාහු ය. ඉක්බිති අදාන්ත ගවයනුදු දම්‍ය ගවයනුදු එතෙර කරවීය. ඔහු ද ගඟ සරස සැඬ සළා සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති නහඹු වස්සන් හා වැස්සන් එතෙර කරවීය. ඔවුහු ද ගඟ සරස සැඬසළා සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති කෘශබල ඇති සෙසු (දුබල) වස්සන් එතෙර කරවීය. ඔහුදු ගඟ සරස ස්‍රෝතස් බිඳ සුවසේ පරතෙර වන්හ.–
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ වච්ඡකො තරුණකො තාවදෙව ජාතකො මාතුගොරවකෙන වුය්හමානො, සොපි තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමාසි. තං කිස්ස හෙතු? තථා හි සො භික්ඛවෙ මාගධකො ගොපාලකො සප්පඤ්ඤජාතිකො වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ සමවෙක්ඛිත්වා ගඞ්ගාය නදියා ඔරිමං තීරං සමවෙක්ඛිත්වා පාරිමං තීරං තිත්ථෙනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුවිදෙහානං.
Sinhala BJTමහණෙනි, පෙර වූවෙකි: එ දවස උපන් මවගේ ‘හුං හුං’ ගොරැවින් ගෙණයනු ලබන ළදරුවස්සෙක් වී ද, ඒ වසු ද ගඟ සරස සැඬ වතුරු සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, එපරිද්දෙන් මගධරටවැසි සප්‍රාඥ ස්වභාව ඇති ඒ ගොපලු වර්‍ෂාමාසය පිළිබඳ පැසුළුමස්හි ශරත්කාලයෙහි ගඞ්ගා නදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදේහ රට සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තැරැවීය.
Pali BJT5. එවමෙව ඛො භික්ඛවෙ යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා කුසලා ඉමස්ස ලොකස්ස, කුසලා පරස්ස ලොකස්ස, කුසලා මාරධෙය්යස්ස, කුසලා අමාරධෙය්යස්ස, කුසලා මච්චුධෙය්යස්ස, කුසලා අමච්චුධෙය්යස්ස, තෙසං යෙ සොතබ්බං සද්දහාතබ්බං මඤ්ඤිස්සන්ති, තෙසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT5. මහණෙනි, එ පරිද්දෙන් ම යම් ම ශ්‍රමණයෝ වෙත් වයි බ්‍රාහ්මණයෝ වෙත් වයි මේ ලෝකය පිළිබඳ දක්‍ෂ වෙත් ද, පරලොව පිළිබඳ දක්‍ෂ වෙත් ද, මාරධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, අමාරධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, මච්චුධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, අමච්චුධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, යමෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට ඇදහිය යුතු කොට හඟිද්ද, එය ඔවුනට බොහෝකල් හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJT6. සෙය්යථාපි භික්ඛවෙ යෙ තෙ උසභා ගොපිතරො ගොපරිණායකා තෙ තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤාවිමුත්තා, තෙ{1} තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගතා.{2}
Sinhala BJT6. මහණෙනි, යම් සේ යම් ඒ ගෝපිතෘ වූ ගොපරිණායක වූ වෘෂභයෝ ගඞ්ගානදිය සරස සැඬ වතුරු සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ බඹසරවස් ඇති, සතර මඟින් කළ (සිවුසස් පිළිබඳ) සොළොස් කරණී ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත් ඵල ඇති, ගුණු භවසංයෝජන ඇති, ඥානයෙන් මැනැවින් දැන පඤ්චවිමුක්තීන් මතු යම් ඒ රහත් භික්‍ෂූහු වෙත් ද, ඔහු මාරයාගේ තණ්හා නැමැති සැඬවතුරු සරස සිඳ සුවසේ සංසාරපාරයට (නිවනට) ගියාහුය.
Pali BJT7. සෙය්යථාපි තෙ භික්ඛවෙ බලවගාවො දම්මගාවො තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛූ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
Sinhala BJT7. මහණෙනි, යම් සේ ඒ බලවත් දාන්තගවයෝ දැමියයුතු ගවයෝ ගඞ්ගානදිය සරස සැඬවතුරු සිඳ ගෙණ සුවසේ පරතෙර ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ භික්‍ෂු කෙනෙක් ඕරම්භාගිය සඤ්ඤෝජන පස නැති කිරීමෙන් බඹලොව උපපාදක වශයෙන් උපන්නාහු එහි පිරිනිවන්නාහු ඒ බ්‍රහ්මලෝකයෙන් පෙරළා නො එන ස්වභාව ඇත්තාහු වෙත් ද, ඔහු ද මාරයාගේ සැඬවතුරු සරස සිඳ සුවසේ සසර පරතෙරට හෙවත් නිවනට යන්නාහුය.
Pali BJT8. සෙය්යථාපි තෙ භික්ඛවෙ වච්ඡතරා වච්ඡතරියො තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛූ තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
Sinhala BJT8. මහණෙනි, යම් සේ ඒ නහඹු වස්සෝ ද වැස්සෝ ද ගඞ්ගා නදියෙහි සරස සැඬවතුරු සිඳ ගෙන සුවසේ පරතෙරට ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ භික්‍ෂු කෙනෙක් ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් රාගද්වේෂමෝහයන් තුනු බැවින් සකෘදාගාමි වූවාහු වරක් ම මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නාහු ද, ඔහු ද මාරයාගේ ස්‍රෝතස් සරස සිඳ සුවසේ සසරපරතෙරට යන්නාහ.
Pali BJT9. සෙය්යථාපි තෙ භික්ඛවෙ වච්ඡකා කිසබලකා තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛූ තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායනා, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
Sinhala BJT9. මහණෙනි, යම් සේ දුබල වස්සෝ ගඞ්ගානදියෙහි සැඩවතුර සරස සිඳ ගෙණ සුවසේ පරතෙර ගියාහු ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් ඒ භික්‍ෂු කෙනෙක් තුන් සංයෝජන ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවාහු අවිනිපාතස්වභාව ඇත්තාහු, ගතිනියත වූවාහ, සම්බෝධිපරායණ වූවාහු වෙත් ද, ඔහු ද මාරයාගේ ස්‍රෝතස් සරස සිඳ සුවසේ සසරපරතෙරට යන්නාහ.
Pali BJT10. සෙය්යථාපි සො භික්ඛවෙ වච්ඡකො තරුණකො තාවදෙව ජාතකො මාතුගොරවකෙන වුය්හමානො තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමාසි, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛූ ධම්මානුසාරිනො සද්ධානුසාරිනො, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
Sinhala BJT10. මහණෙනි, යම් සේ එ දවස උපන් මවගේ ගොරැවින් ගෙණයනු ලබන ළදරු වසුපැටියෙක් ගඞ්ගානදියෙහි සැඬවතුරු සරස සිඳ ගෙණ සුවසේ පරතෙර ගියේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ධම්මානුසාරී (ප්‍රඥාධික) වූ ද සද්ධානුසාරී (ශ්‍රද්ධාධික) වූ ද යම් ඒ (ප්‍රථම මාර්‍ග සමඞ්ගී) භික්‍ෂු කෙනෙක් වෙත් ද, ඔහු ද මාරයාගේ ස්‍රෝතස් සරස සිඳ ගෙණ සුවසේ පරතෙර යන්නාහ.
Pali BJT11. අහං ඛො පන භික්ඛවෙ කුසලො ඉමස්ස ලොකස්ස, කුසලො පරස්ස ලොකස්ස, කුසලො මාරධෙය්යස්ස, කුසලො අමාරධෙය්යස්ස, කුසලො මච්චුධෙය්යස්ස, කුසලො අමච්චුධෙය්යස්ස. තස්ස මය්හං භික්ඛවෙ යෙ සොතබ්බං සද්දහාතබ්බං මඤ්ඤිස්සන්ති, තෙසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJT11. මහණෙනි, මම වනාහි මේ ලෝකය පිළිබඳව දක්‍ෂ වෙමි. පරලොව පිළිබඳව දක්‍ෂ වෙමි. මාරධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. අමාරධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. මච්චුධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. අමච්චුධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. මහණෙනි, ඒ මාගේ වචනය යම් කෙනෙක් ඇසිය යුතු කොට ඇදහිය යුතු කොට හඟිත් ද, ඔවුනට එය බොහෝ කල් හිත පිණිස සුව පිණිස පවත්නේ ය.
Pali BJT12. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJT12. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. තෙල වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ ඉක්බිතිව අන්‍ය වූ මේ ගාථා වදාළ සේක:
Pali BJT“අයං ලොකො පරො ලොකො{1} ජානතා සුප්පකාසිතො, යඤ්ච මාරෙන සම්පත්තං අප්පත්තං යඤ්ච මච්චුනා, සබ්බං ලොකං අභිඤ්ඤාය සම්බුද්ධෙන පජානතා, විවටං අමතද්වාරං ඛෙමං නිබ්බානපත්තියා. ඡින්නං පාපිමතො සොතං විද්ධස්තං විනළීකතං,{2} පාමොජ්ජබහුලා හොථ ඛෙමං පත්ථෙථ{3} භික්ඛවො”ති.
Sinhala BJT“හැම දහම් දන්නා බුදුරජුන් විසින් මෙලොව හා පරලොව මනාව වදාරණ ලදි. මාරයා විසින් යමෙක් පැමිණෙන ලද ද, මාරයා විසින් යමෙක් නො පැමිණෙන ලද ද, සියල්ල දන්නා බුදුරජුන් විසින් ඒ සියලු ලෝකය විශිෂ්ටඥානයෙන් දැන නිවනට පැමිණීම පිණිස නිර්‍භය වූ ආර්‍ය්‍යමාර්‍ගය විවෘත කරණ ලදී. පාපී මාරයාගේ තෘෂ්ණා නැමැති සැඬ වතුරු සිඳින ලදි. විනාශ කරණ ලදි. මාන නළ දුරු කරණ ලදි. මහණෙනි, ප්‍රමෝද බහුල කොට ඇත්තෝ වවු. නිවන පතවු.”
Pali BJTචූළගොපාලකසුත්තං චතුත්ථං.
Sinhala BJTසිවුවන චූළගෝපාලක සූත්‍රය යි.
Pali BJT1. 4. 5.
Sinhala BJT1. 4. 5.
Pali BJTචූළසච්චකසුත්තං
Sinhala BJTචූළසච්චක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන සච්චකො නිගණ්ඨපුත්තො වෙසාලියං පටිවසති භස්සප්පවාදිකො{4} පණ්ඩිතවාදො සාධුසම්මතො බහුජනස්ස. සො වෙසාලියං පරිසතිං{5} එවං වාචං භාසති: “නාහං තං පස්සාමි සමණං වා බ්රාහ්මණං වා සඞ්ඝිං ගණිං ගණාචරියං, අපි{6} අරහන්තං සම්මාසම්බුද්ධං පටිජානමානං, යො මයා වාදෙන වාදං සමාරද්ධො න සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පවෙධෙය්ය, යස්ස න කච්ඡෙහි සෙදා මුච්චෙය්යුං. –
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර නිසා මහවනයෙහි කූටාගාරශාලා නම් ගඳකිළියෙහි වැඩ වසන සේක. එ කල්හි කථාමාර්‍ග කියන පණ්ඩිතවාද ඇති, ‘සාධු’ ය යි බොහෝ දෙනා විසින් සම්මත සච්චක නම් නුවටපුත් විශාලා මහනුවර වෙසේ. හෙ විශාලා මහනුවර පිරිස්හි මෙසේ බෙණේ: මා විසින් කථාමාර්‍ගයෙන් දොස් ඇරැවූ යම් කිසිවෙක් කම්පිත නො වන්නේ ද, ප‍්‍රකම්පිත නො වන්නේ ද, වෙවුළා නො යන්නේ ද, යමකුගේ කක්‍ෂයෙන් ස්වේද නො සිලියේ ද, එබඳු වූ, ශිෂ්‍යසඞ්ඝ ඇති, ශිෂ්‍යගණ ඇති, ගණාචාර්‍ය, ශ‍්‍රමණයකු හෝ බ‍්‍රාහ්මණයකු හෝ - ‘රහත්මි’යි ‘බුදුමි’යි පිළිණ කරනුවකු පවා නො දතිමි. -
Pali BJTථූණඤ්චෙ පහං{1} අචෙතනං වාදෙන වාදං සමාරභෙය්යං, සාපි මයා වාදෙන වාදං සමාරද්ධා{2} සඞ්කම්පෙය්ය සම්පකම්පෙය්ය සම්පවෙධෙය්ය. කො පන වාදො මනුස්සභූතස්සා”ති.
Sinhala BJTඉදින් මම අචේතනික වූ ටඹට වාදයෙන් වාදාරෝපණය කරන්නෙම් නම්, මා විසින් වාදාරෝපණ කරණ ලද ඒ ටඹ ද කම්පිත වන්නේ ය. ප‍්‍රකර්‍ෂයෙන් කම්පිත වන්නේ ය. වෙවුළා යන්නේ ය. මිනිසකුට වාදාරෝපණ කෙළෙමි නම් කවර කථා ය’.
Pali BJT2. අථ ඛො ආයස්මා අස්සජි පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො සච්චකො නිගණ්ඨපුත්තො වෙසාලියං ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො ආයස්මන්තං අස්සජිං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන යෙනායස්මා අස්සජි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා අස්සජිනා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{3} වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සච්චකො නිගණ්ඨපුත්තො ආයස්මන්තං අස්සජිං එතදවොච:
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ විශාලානුවර පිඬු පිණිස පිවිසියහ. සච්චක නිර්ග‍්‍රන්‍ථ පුත‍්‍රද විශාලා නුවර ජඞ්ඝාවිහාර පිණිස සක්මන් කරනුයේ (රජගෙන් රජගෙට පයින් වැදෑ) ඇවිදුනේ අස්සජි තෙරණුවන් දුරදී ම එනුවන් දුටුවේ ය. දැක ආයුෂ්මත් අස්සජි තෙරණුවන් හා සතුටු වී තුස්නට. නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සච්චක නුවට පුත් ආයුෂ්මත් අස්සජි තෙරුන්හට තෙල කී ය:
Pali BJT“කථං පන භො අස්සජි සමණො ගොතමො සාවකෙ විනෙති, කථම්භාගා ච පන සමණස්ස ගොතමස්ස සාවකෙසු අනුසාසනී බහුලා පවත්තතී”ති.
Sinhala BJT“කියග අස්සජිය, මහණ ගොයුම් සව්වන් කෙසේ හික්මවයි ද, මහණ ගොයුම්හුගේ සව්වන් කෙරෙහි කෙබඳු අනුශාසනා බහුලව පවත්නී ද?”
Pali BJTඑවං ඛො අග්ගිවෙස්සන භගවා සාවකෙ විනෙති, එවම්භාගා ච පන භගවතො සාවකෙසු අනුසාසනී බහුලා පවත්තති:
Sinhala BJTගිනිවෙස්න, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සව්වන් හික්මවන සේක. ශ‍්‍රාවකයන් කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ මෙබඳු අනුශාසනා බහුලව පවත්නී ය:
Pali BJT“රූපං භික්ඛවෙ අනිච්චං, වෙදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. රූපං භික්ඛවෙ අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ ධම්මා අනත්තා”ති.
Sinhala BJT“මහණෙනි, රූප අනිත්‍ය ය, වේදනා අනිත්‍ය ය, සංඥා අනිත්‍ය ය, සංස්කාරයෝ අනිත්‍යහ, විඥාන අනිත්‍ය ය. මහණෙනි, රූප අනාත්ම ය, වේදනා අනාත්ම ය, සංඥා අනාත්ම ය, සංස්කාරයෝ අනාත්මයහ, විඥානය අනාත්මය. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ” කියා යි.
Pali BJTඑවං ඛො අග්ගිවෙස්සන භගවා සාවකෙ විනෙති. එවම්භාගා ච පන භගවතො සාවකෙසු අනුසාසනී බහුලා පවත්තතීති.
Sinhala BJTගිනිවෙස්න, මේ අයුරිනි භාග්‍යවතුන් වහන්සේ ශ‍්‍රාවකයන් හික්මවන සේක. භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනා සව්වන් කෙරෙහි බහුලව පවත්නීය.
Pali BJT“දුස්සුතං වත භො අස්සජි අස්සුම්හ, යෙ මයං එවංවාදිං සමණං ගොතමං අස්සුම්හ. අප්පෙවනාම මයං කදාචි කරහචි තෙන භොතා ගොතමෙන සද්ධිං සමාගච්ඡෙය්යාම, අප්පෙවනාම සියා කොචිදෙව කථාසල්ලාපො, අප්පෙවනාම තස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙය්යාමා”ති.
Sinhala BJT“භවත් අස්සජිය, අපි ශ‍්‍රමණ ගෞතමයන් මෙවැනි වාද ඇතියවුන් ඇසුමෝ ද, නො ඇසුව යුතු දැයක් ම ඇසුම්හ. අපි යම් කිසි දවසෙක ඒ භවත් ගෞතමයන් හා හමුවට යන්නමෝ නම් මනා මැ නු. කිසියම් කථා බිණීමෙක් උපන් නම් මනා මැනු. ඒ පවිටු මිථ්‍යාදෘෂ්ටියෙන් ගළවා පියන්නමෝ නම් මනා මැ නු” යි සච්චක කි.
Pali BJT3. තෙන ඛො පන සමයෙන පඤ්චමත්තානි ලිච්ඡවිසතානි සන්ථාගාරෙ සන්නිපතිතානි හොන්ති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො යෙන තෙ ලිච්ඡවී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ ලිච්ඡවී එතදවොච:
Sinhala BJT3. ඒ කල පන්සියක් පමණ ලිච්ඡවීහු කිසි කාර්‍ය්‍යයක් සඳහා සන්‍ථාගාරයෙහි රැස්වූහු. එකල්හි සච්චක නිගණ්ඨපුත් ඒ ලිච්ඡවීන් වෙත එළඹියේ ය. එළඹ ඒ ලිච්ඡවීන්ට තෙල කී:
Pali BJT“අභික්කමන්තු භොන්තො ලිච්ඡවී! අභික්කමන්තු භොන්තො ලිච්ඡවී! අජ්ජ මෙ සමණෙන ගොතමෙන සද්ධිං කථාසල්ලාපො භවිස්සති. සචෙ මෙ සමණො ගොතමො තථා පතිට්ඨිස්සති, යථාස්ස{4} මෙ ඤාතඤ්ඤතරෙන සාවකෙන අස්සජිනා නාම භික්ඛුනා පතිට්ඨිතං, සෙය්යථාපි නාම බලවා පුරිසො දීඝලොමිකං එළකං ලොමෙසු ගහෙත්වා ආකඩ්ඪෙය්ය පරිකඩ්ඪෙය්ය සම්පරිකඩ්ඪෙය්ය, එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ආකඩ්ඪිස්සාමි පරිකඩ්ඪිස්සාමි සම්පරිකඩ්ඪිස්සාමි. –
Sinhala BJT“භවත් ලිච්ඡවීනි, එත්වා! භවත් ලිච්ඡවීනි එත්වා! අද මහණ ගොයුම් හා මාගේ කථාසල්ලාප වෙයි. යම් සේ ඔහුගේ විඛ්‍යාත - ප‍්‍රසිද්ධ (පස්වග ශ‍්‍රාවකයන් කෙරෙහි) එක්තරා ශ‍්‍රාවකයකු වූ අස්සජි නම් මහණහු විසින් මට යම්සේ (වචනයෙන්) පිහිටන ලද ද, ඉදින් මහණ ගොයුම් මට එසේ පිහිටා සිටින්නේ නම්, යම් සේ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලෝමැ ගෙණ (ඔබට මොබට ලා) ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරේ ද, එසෙයින් ම මම් මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කරමි. -
Pali BJTසෙය්යථාපි නාම බලවා සොණ්ඩිකාකම්මකාරො මහන්තං සොණ්ඩිකාකිලඤ්ජං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපිත්වා කණ්ණෙ ගහෙත්වා ආකඩ්ඪෙය්ය පරිකඩ්ඪෙය්ය සම්පරිකඩ්ඪෙය්ය, එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ආකඩ්ඪිස්සාමි පරිකඩ්ඪිස්සාමි සම්පරිකඩ්ඪිස්සාමි. සෙය්යථාපි නාම බලවා සොණ්ඩිකාධුත්තො වාලං කණ්ණෙ ගහෙත්වා ඔධුනෙය්ය නිද්ධුනෙය්ය නිච්ඡොදෙය්ය,{1} එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ඔධුනිස්සාමි නිද්ධුනිස්සාමි නිච්ඡොදෙස්සාමි. සෙය්යථාපි නාම කුඤ්ජරො සට්ඨිහායනො ගම්භීරං පොක්ඛරණිං ඔගහෙත්වා{2}. සණධොවිකං{3} නාම කීළිතජාතං කීළති, එවමෙවාහං සමණං ගොතමං සණධොවිකං මඤ්ඤෙ කීළිතජාතං කීළිස්සාමි. අභික්කමන්තු භොන්තො ලිච්ඡවී! අභික්කමන්තු භොන්තො ලිච්ඡවී! අජ්ජ මෙ සමණෙන ගොතමෙන සද්ධිං කථාසල්ලාපො භවිස්සතී”ති.
Sinhala BJTයම් සේ බලවත් සුරාකම්කරුවෙක් මහත් වූ පිටි පැදුරු ගැඹුරු විලෙක බහා දෙකන ගෙන ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරේ ද, එ පරිද්දෙන් ම මම ශ‍්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට ආකර්‍ෂණ, පරිකර්‍ෂණ, සම්පරිකර්‍ෂණ කරමි. යම් සේ ශක්තිමත් සුරා ධූර්‍තයෙක් රහපරහන (මටුලුකස්ස) දෙකන ගෙන යටිකුරු කොට සලා පියා ද, උඩුකුරු කොට සලා පියා ද, නැවැත නැවැත ගසාපියාද, එසේම මම ශ‍්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට අවධුනත නිර්ධුනත කරමි. නිෂ්ඵොටනය (පොළාලීම) ද කරමි. යම් සේ සැටවයස් පිරුණු ඇතෙක් ගැඹුරු පොකුණකට බැස හණදොවුන්කෙළි කෙළී ද මෙ පරිද්දෙන් ම මම ශ‍්‍රමණගෞතමයන් සමඟ සණදොවුන්කෙළි වැනි වාදකෙළියක් කෙළිමි. භවත් ලිච්ඡවීනි, එත්වා. භවත් ලිච්ඡවීනි, එත්වා. අද ශ‍්‍රමණ ගෞතමයන් සමඟ මාගේ කථාසල්ලාපයෙක් වන්නේ ය”යි.
Pali BJT4. තත්රෙකච්චෙ ලිච්ඡවී එවමාහංසු: “කිං සමණො ගොතමො සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස වාදං ආරොපෙස්සති, අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙස්සතී”ති. එකච්චෙ ලිච්ඡවී එවමාහංසු: “කිං සො භවමානො සච්චකො නිගණ්ඨපුත්තො{4} භගවතො වාදං ආරොපෙස්සති, අථ ඛො භගවා සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස වාදං ආරොපෙස්සතී”ති.
Sinhala BJT4. එහි ඇතැම් ලිච්ඡවි කෙනෙක් මෙසේ කීහ: “ශ‍්‍රමණගෞතම සච්චක නිගණ්ඨපුත‍්‍රයාට කුමන වාදාරෝපණයක් කරන්නේ ද, සච්චක නිගණ්ඨපුත‍්‍ර ශ‍්‍රමණගෞතමයන්ට වාදාරෝපණ්‍ය කරනු මිස” කියා යි ඇතැම් ලිච්ඡවීහු මෙසේ කීහ: “සච්චකනිගණ්ඨපුත‍්‍ර හෙ (යක්, දෙවි, බඹ) ඈ කවරක්ව සිටිමින් භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණය කරන්නේ ද, වැලි භාග්‍යවතුන් වහන්සේ සච්චකනිගණ්ඨපුත‍්‍රහට වාදාරෝපණය කරනු මිස”යි.
Pali BJT5. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො පඤ්චමත්තෙහි ලිච්ඡවිසතෙහි පරිවුතො යෙන මහාවනං කූටාගාරසාලා තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අබ්භොකාසෙ චඞ්කමන්ති. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: කහං නු ඛො භො එතරහි සො භවං ගොතමො විහරති? දස්සනකාමා හි මයං තං භවන්තං ගොතමන්ති. “එසග්ගිවෙස්සන භගවා මහාවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නො”ති.
Sinhala BJT5. එකල්හි සච්චකනිගණ්ඨපුත‍්‍ර පන්සියක් පමණ ලිච්ඡවීන් පිරිවරා ගෙන මහවනවෙහෙර කූටාගාරශාලාව වෙත පැමිණියේ ය. එසමයෙහි බොහෝ මහණහු අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙත්. ඉක්බිති සච්චකනිගණ්ඨපුත‍්‍ර ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට තෙල කී: භවත්නි, ඒ භවත් ගෞතම දැන් කොහි වෙසෙයි ද? අපි ඒ භවත් ගෞතමයන් දක්නා කැමැත්තම්හ. “ගිනිවෙස්න, භාග්‍යවතුන් වහන්සේ මහාවනයට වැද එක්තරා රුක්මුලෙක දිවාවිහාර පිණිස හුන් සේක”යි කීහු.
Pali BJT6. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො මහතියා ලිච්ඡවිපරිසාය සද්ධිං මහාවනං අජ්ඣොගහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. තෙපි ඛො ලිච්ඡවී අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං එතදවොච: පුච්ඡෙය්යාහං භවන්තං ගොතමං කඤ්චිදෙව දෙසං, සචෙ මෙ භවං ගොතමො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති. “පුච්ඡග්ගිවෙස්සන යදාකඞ්ඛසී”ති.
Sinhala BJT6. එසඳ සච්චකනිගණ්ඨපුත‍්‍ර මහත් ලිච්ඡවි පිරිස් සමඟ මහවන වැද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. තුස්නට නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක හින. ඒ ලිච්ඡවීහු ද - ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූහ. සම්මෝදනීය සාරාණීය කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ එකත්පසෙක හුන්හ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ පෙරට නම් ගොත් අස්වා එකත්පසෙක හුන්හ. ඇතැම්හු තුෂ්ණිම්භූත වූවාහු එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් සච්චක නුවටදරු භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “මම භවත් ගොයුම්හු කිසි දෙසක් පිළිවිසියැටියෙමි. භවත් ගොයුමාණන් ප‍්‍රශ්න විසඳනු සඳහා මට අවකාශයක් කළ හොතිනැ”කියායි. “ගිනිවෙස්න, රිසියෙන දැයක් පුළුවුස”යි පවාරා වදාළහ.
Pali BJT7. “කථං පන භවං ගොතමො සාවකෙ විනෙති, කථම්භාගා ච පන භොතො ගොතමස්ස සාවකෙසු අනුසාසනී බහුලා පවත්තතී”ති.
Sinhala BJT7. “භවත් ගෞතමයෝ කෙසේ ශ‍්‍රාවකයන් හික්මවත් ද? ශ‍්‍රමණ ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනා ශ‍්‍රාවකයන් කෙරෙහි බහුලව පවත්නී ද?”
Pali BJTඑවං ඛො අහං අග්ගිවෙස්සන සාවකෙ විනෙමි, එවම්භාගා ච පන මෙ සාවකෙසු අනුසාසනී බහුලා පවත්තති: රූපං භික්ඛවෙ අනිච්චං, වෙදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. රූපං භික්ඛවෙ අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ ධම්මා අනත්තාති. එවං ඛො අහං අග්ගිවෙස්සන සාවකෙ විනෙමි, එවම්භාගා ච පන මෙ සාවකෙසු අනුසාසනී බහුලා පවත්තතීති.
Sinhala BJTගිනිවෙස්න, මම මෙසේ ශ‍්‍රාවකයන් හික්මවමි. මාගේ මෙබඳු අනුශාසනා ශ‍්‍රාවකයන් කෙරෙහි බහුල වශයෙන් ඇත: මහණෙනි, රූප අනිත්‍ය ය, වේදනා අනිත්‍ය ය, සංඥා අනිත්‍ය ය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥාන අනිත්‍ය ය. මහණෙනි, රූප අනාත්මය, වේදනා අනාත්මය, සංඥා අනාත්මය, සංස්කාරයෝ අනාත්මයහ, විඥාන අනාත්ම ය. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ. ගිනිවෙස්න, මෙසේ වනාහි මම ශ‍්‍රාවකයන් හික්මවමි. ශ‍්‍රාවකයන් කෙරෙහි බහුල වශයෙන් මාගේ මෙබඳු අනුශාසනා ඇතැයි.
Pali BJT8. “උපමා මං භො ගොතම පටිභාතී”ති. “පටිභාතු තං අග්ගිවෙස්සනා”ති භගවා අවොච.
Sinhala BJT8. “භවත් ගෞතමයෙනි, මට උපමායෙක් වටහයි”. “එ කියා, ගිනිවෙස්න”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJT“සෙය්යථාපි භො ගොතම යෙ කෙචිමෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති. සෙය්යථාපි වා පන භො ගොතම යෙ කෙචිමෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති. එවමෙව ඛො භො ගොතම රූපත්තායං පුරිසපුග්ගලො රූපෙ පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. වෙදනත්තායං පුරිසපුග්ගලො වෙදනායං පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. සඤ්ඤත්තායං පුරිසපුග්ගලො සඤ්ඤායං පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. සඞ්ඛාරත්තායං පුරිසපුග්ගලො සඞ්ඛාරෙසු පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවති. විඤ්ඤාණත්තායං පුරිසපුග්ගලො විඤ්ඤාණෙ පතිට්ඨාය පුඤ්ඤං වා අපුඤ්ඤං වා පසවතී”ති.
Sinhala BJT“භවත් ගොයුම්ගොතුව, යම් මේ බීජගාමභූතගාම කෙනෙක් වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙත් ද, ඒ සියලු බීජගාමභූතගාමයෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා වෘද්ධියට විරූඪියට විපුලථවයට පැමිණෙත්. භවත් ගෞතමයෙනි, යම් සේ බාහුබලයෙන් කළ යුතු කර්‍මාන්ත කෙනෙක් වෙත් ද, ඒ හැමයෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා කරනු ලැබෙත්. භවත් ගෞතමයෙනි, එ පරිද්දෙන් ම රූප ආත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල රූපයෙහි පිහිටා පින් හෝ පව් හෝ ප‍්‍රසව (රැස්) කෙරෙයි. වේදනා ආත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල වේදනායෙහි පිහිටා පින් හෝ පව් හෝ ප‍්‍රසව කෙරෙයි. සංඥා ආත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල සංඥායෙහි පිහිටා පින් හෝ පව් හෝ ප‍්‍රසව කෙරෙයි. සංස්කාර ආත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල සංස්කාරයෙහි පිහිටා පින් හෝ පව් හෝ ප‍්‍රසව කෙරෙයි. විඤ්ඤාණ ආත්ම කොට ඇති මේ පුරුෂ පුද්ගල විඤ්ඤාණයෙහි පිහිටා පින් හෝ පව් හෝ ප‍්‍රසව කෙරෙයි.”
Pali BJT9. නනු ත්වං අග්ගිවෙස්සන එවං වදෙසි: “රූපං මෙ අත්තා, වෙදනා මෙ අත්තා, සඤ්ඤා මෙ අත්තා, සඞ්ඛාරා මෙ අත්තා, විඤ්ඤාණං මෙ අත්තා”ති.
Sinhala BJT9. කියග ගිනිවෙස්න, තෝ ‘රූප මාගේ ආත්ම’ය, ‘වේදනා මාගේ ආත්ම’ය, ‘සංඥා මාගේ ආත්ම’ය, ‘සංස්කාර මාගේ ආත්ම’ය, ‘විඤ්ඤාණ මාගේ ආත්ම’ය යෙහි නු?
Pali BJT‘අහං හි භො ගොතම එවං වදාමි: රූපං මෙ අත්තා, වෙදනා මෙ අත්තා, සඤ්ඤා මෙ අත්තා, සඞ්ඛාරා මෙ අත්තා, විඤ්ඤාණං මෙ අත්තාති. අයඤ්ච මහතී ජනතා”ති.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, මම ‘රූප මාගේ ආත්මය, වේදනා මාගේ ආත්ම ය, සංඥා මාගේ ආත්ම’ය, සංස්කාර මාගේ ආත්ම ය, විඤ්ඤාණ මාගේ ආත්ම’ය යි යෙමි. මෙ මහාජනයෝ ද එ පරිදි කියති”
Pali BJTකිං හි තෙ අග්ගිවෙස්සන මහතී ජනතා කරිස්සති, ඉඞ්ඝ ත්වං අග්ගිවෙස්සන සකංයෙව වාදං නිබ්බෙඨෙහී”ති.
Sinhala BJTගිනිවෙස්න, මහාජනයෝ තට කුම් කෙරෙද් ද? එබැවින් ගිනිවෙස්න, තො ම තාගේ වාද අවුල් බිඳ කියා’යි වදාළහ.
Pali BJT“අහං හි භො ගොතම එවං වදාමි: රූපං මෙ අත්තා, වෙදනා මෙ අත්තා, සඤ්ඤා මෙ අත්තා, සඞ්ඛාරා මෙ අත්තා, විඤ්ඤාණං මෙ අත්තා”ති.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, මම වනාහි ‘රූප මාගේ ආත්ම ය, වේදනා මාගේ ආත්ම ය, සංඥා මාගේ ආත්ම ය, සංස්කාර මාගේ ආත්ම ය, විඤ්ඤාණ මාගේ ආත්මය’යි කියමි.”
Pali BJT10. තෙන හි අග්ගිවෙස්සන තං යෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය, තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, වත්තෙය්ය රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස{1} සකස්මිං විජිතෙ වසො: ඝාතෙතායං වා ඝාතෙතුං, ජාපෙතායං වා ජාපෙතුං, පබ්බාජෙතායං වා පබ්බාජෙතුං – සෙය්යථාපි රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස, සෙය්යථාපි වා පන රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්සාති?
Sinhala BJT10. ගිනිවෙස්න, (පස්කඳ ආත්ම ය යි පිළින කෙරෙහි ද) එකරුණින් මෙහිලා තා ම පිළිවිසිමි. යම් සේ තට රුස්නේ නම්, එසේ එය ප‍්‍රකාශ කරව. කියග ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? කැත්කුලෙහි උපන් මුදුනෙහි අභිෂික්ත රජක්හට - පසේනදි කොසොල් රජහට සෙයින්, නොහොත් මගධාධිපති වේදේහී පුත‍්‍ර අජාසත් රජහට සෙයින්, මරවන්නට නිසියන් මරවන්නට, ධනහානියට නිසියන් දිළිඳු කරන්නට, රටින් නෙරනට නිසියන් රටින් නෙරවන්නට සියරජ ඉසුරු (බල) පවත්නේ ද?
Pali BJT“වත්තෙය්ය භො ගොතම රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස සකස්මිං විජිතෙ වසො: ඝාතෙතායං වා ඝාතෙතුං, ජාපෙතායං වා ජාපෙතුං, පබ්බාජෙතායං වා පබ්බාජෙතුං – සෙය්යථාපි රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස, සෙය්යථාපි වා පන රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස. ඉමෙසම්පි හි භො ගොතම සඞ්ඝානං ගණානං – සෙය්යථිදං: වජ්ජීනං, මල්ලානං වත්තති සකස්මිං විජිතෙ වසො: ඝාතෙතායං වා ඝාතෙතුං, ජාපෙතායං වා ජාපෙතුං, පබ්බාජෙතායං වා පබ්බාජෙතුං. කිං පන රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස සෙය්යථාපි රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස, සෙය්යථාපි වා පන රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහි පුත්තස්ස? වත්තෙය්ය භො ගොතම, වත්තිතුඤ්ච මරහතී”ති.
Sinhala BJT“භවත් ගොයුම් ගොතුවෙනි, කැත්කුල උපන් මුදුනෙහි බිසෙස් කළ - රජක්හට පසේනදි කොසොල් රජහට නොහොත් මගධාධිපත් වේදේහිපුත්‍ර අජාසත් රජහට සෙයින්, මරවන්නට නිස්සන් මරවන්නට ධනහානියට නිස්සන් දිළිඳු කරවන්නට රටින් නඟනට නිස්සන් රටින් නංවන්නට සියරට ඉසුරු පවත්නේ ය. භවත් ගෞතමයෙනි, මේ සමූහයා ඇති ගණයා ඇති - එනම්, වැදෑරට රජුන්හට ද මලරට රජුන්හට ද මරවන්නට නිස්සන් මරවන්නට ධනහානියට නිස්සන් දිළිඳු කරවන්නට රටින් නංවන්නට නිස්සන් රටින් නංවන්නට සියරට ඉසුරු පවත්නේ ය. පසේනදි කොසොල් රජුන් වැනි මගධාධිපති වේදේහිපුත්‍ර අජාසත් රජුන්වැනි කැත්කුල උපන් මූර්‍ධාභිෂික්ත රජහට කියනු කිම? භවත් ගෞතමයෙනි, උනට ඉසුරු ඇත් ම ය, පවත්නට ද නිසි ම යැයි” කී.
Pali BJT11. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි: රූපං මෙ අත්තාති, වත්තති තෙ තස්මිං රූපෙ වසො: එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසීති? එවං වුත්තෙ සච්චකො නිගණ්ඨපුත්තො තුණ්හී අහොසි.
Sinhala BJT11. ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? ‘රූප මාගේ ආත්මය’යි මෙසේ යමක් තෝ කීහි ද, ‘මාගේ රූප මෙසේ වේවා. මාගේ රූප මෙසේ නො වේව’යි තාගේ ඉසුරු එ රූපයෙහි පවත්නේ ද? මෙසේ වදාළ කල්හි සච්චක නුවටදරු නො බිණි.
Pali BJTදුතියම්පි ඛො භගවා සච්චකං නිගණ්ඨපුත්තං එතදවොච: තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි: රූපං මෙ අත්තාති, වත්තති තෙ තස්මිං රූපෙ වසො: එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසීති? දුතියම්පි ඛො සච්චකො නිගණ්ඨපුත්තො තුණ්හී අහොසි.
Sinhala BJTදෙවැනි වට ද භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨපුත‍්‍රයා තෙල පුළුවුත්හ. ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? ‘රූප මාගේ ආත්මය’ යන යමක් තෝ කීහි ද? ‘මාගේ රූප මෙසේ වේවා. මාගේ රූප මෙසේ නො වේවා’ යි ඒ රූපයෙහි තාගේ වසය පවත්නේ ද? සච්චක නිගණ්ඨපුත‍්‍ර දෙවැනි වට ද නො බිණි.
Pali BJTඅථ ඛො භගවා සච්චකං නිගණ්ඨපුත්තං එතදවොච: බ්යාකරොහි’දානි අග්ගිවෙස්සන, නදානි තෙ තුණ්හීභාවස්ස කාලො. යො කොචි අග්ගිවෙස්සන තථාගතෙන යාවතතියං සහධම්මිකං පඤ්හං පුට්ඨො න බ්යාකරොති, එත්ථෙවස්ස සත්තධා මුද්ධා ඵලතීති.
Sinhala BJTඑක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨපුත‍්‍රයාට තෙල වදාළහ: කියග ගිනිවෙස්න, දැන් කලි බණව, දැන් තා නො බණන්නට කාලය නො වේ. ගිනිවෙස්න, යම් කිසිවෙක් තථාගත විසින් සකාරණ කොට තුන්යලක් පැණ අසන ලද්දේ පිළිතුරු නො දේ නම්, මෙහි ම ඔහුගේ හිස සත්කඬව පැළෙන්නේ ය.
Pali BJT12. තෙන ඛො පන සමයෙන වජිරපාණි යක්ඛො ආයසං වජිරං ආදාය ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස උපරිවෙහාසං ඨිතො හොති: “සචායං සච්චකො නිගණ්ඨපුත්තො භගවතා යාවතතියං සහධම්මිකං පඤ්හං පුට්ඨො න බ්යාකරිස්සති, එත්ථෙවස්ස සත්තධා මුද්ධං ඵාලෙස්සාමී”ති.
Sinhala BJT12. එකල්හි වජ‍්‍රපාණි යක්‍ෂ (සක් දෙව් තෙම) ගිනිඳ බදු, ගිනි ගෙන දිලියෙන, හාත්පස වහ්නිජවාල වූ යමුවා වජ‍්‍රායුධ ගෙන සච්චක නුවටදරුවා හිස් මතුයෙහි අහස “ඉදින් මේ සච්චක නුවටපුත් භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්යලක් සකාරණ කොට පැන පුළුවුස්නා ලදුදු ප‍්‍රකාශ නො කරන්නේ වී නම් මෙහි ම ඔහුගේ මුදුන සත් කඬ කොට පළමි”යි සිටියේ යි.
Pali BJTතං ඛො පන වජිරපාණිං යක්ඛං භගවා චෙව පස්සති, සච්චකො ච නිගණ්ඨපුත්තො. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො භගවන්තංයෙව තාණං ගවෙසී, භගවන්තංයෙව ලෙණං ගවෙසී, භගවන්තංයෙව සරණං ගවෙසී, භගවන්තං එතදවොච: පුච්ඡතු මං භවං ගොතමො, බ්යාකරිස්සාමීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ ද ඒ වජ‍්‍රාපාණියක්‍ෂයා දක්නාහ. සච්චක නුවටදරු ද දකි යි. ඉක්බිති සච්චක නුවට උත්ත‍්‍රස්ත විය, උද්වෙග ඇති විය, රෝමහර්‍ෂ ඇති විය. භාග්‍යවතුන් වහන්සේ ම රැකවරණ කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම ගැලෙන තැන් කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම පිහිට කොට සොයනුයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය: “භවත් ගොයුම්, මා පිළිවිසීවා. කියමි”යි.
Pali BJT13. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි: රූපං මෙ අත්තාති, වත්තති තෙ තස්මිං රූපෙ වසො “එවං මෙ රූපං හොතු. එවං මෙ රූපං මා අහොසී”ති. “නො හිදං භො ගොතම”. මනසි කරොහි අග්ගිවෙස්සන, මනසි කරිත්වා ඛො අග්ගිවෙස්සන බ්යාකරොහි. න ඛො තෙ සන්ධීයති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං.
Sinhala BJT13. ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? “රූප මාගේ ආත්මය ය”යි මෙසේ යමක් තො කීහි ද? “මාගේ රූප මෙසේ වේවා. මාගේ රූප මෙසේ නො වේවා”යි තාගේ ඉසුරු ඒ රූපයෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොයුම්ගොතුව”යි හේ කීය. ගිනිවෙස්න, සිහි එළව. ගිනිවෙස්න, සිහි එළවා කියා. තා පළමු කී දැය හා පසුව කියන දැය හා නො ගැළපෙයි. පසුව කියන දැය හා පළමු කී දැය හා නො ගැළපෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි: වෙදනා මෙ අත්තාති, වත්තති තෙ තායං වෙදනායං වසො “එවං මෙ වෙදනා හොතු. එවං මෙ වෙදනා මා අහොසී”ති. “නො හිදං භො ගොතම”. මනසි කරොහි අග්ගිවෙස්සන, මනසි කරිත්වා ඛො අග්ගිවෙස්සන බ්යාකරොහි. න ඛො තෙ සන්ධීයති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං.
Sinhala BJTගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? “වේදනා මාගේ ආත්මය”යි මෙසේ යමක් තෝ කීහි ද? “මාගේ වේදනා මෙසේ වේවා. මාගේ වේදනා මෙසේ නො වේවා”යි තාගේ ඉසුරු ඒ වේදනායෙහි පවත්නේ වේද? “නො පවත්නේ ය, ගොයුම් ගොතුව”යි කීය. ගිනිවෙස්න, සිහි එළව. ගිනිවෙස්න, සිහි එළවා කියව. තාගේ පළමු ප‍්‍රකාශය හා පසු ප‍්‍රකාශය හා නො ගැළෙපෙයි. පසු ප‍්‍රකාශය හා පළමු ප‍්‍රකාශය හා නො ගැළපෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි: සඤ්ඤා මෙ අත්තාති, වත්තති තෙ තායං සඤ්ඤායං වසො “එවං මෙ සඤ්ඤා හොතු. එවං මෙ සඤ්ඤා මා අහොසී”ති. “නො හිදං භො ගොතම.” මනසි කරොහි අග්ගිවෙස්සන, මනසිකරිත්වා ඛො අග්ගිවෙස්සන බ්යාකරොහි. න ඛො තෙ සන්ධීයති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං.
Sinhala BJTගිනිවෙස්න, ඒ කිමැ යි හඟනුව? “සංඥා මාගේ ආත්මය”යි මෙසේ තෝ යමක් කී හි ද? “මාගේ සංඥා මෙසේ වේවා. මාගේ සංඥා මෙසේ නො වේවා”යි තාගේ ඉසුරු ඒ සංඥා කෙරෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොයුම් ගොතුව”යි කී ය. ගිනිවෙස්න, සිහි එළව. ගිනිවෙස්න, සිහි එළවා කියව. තාගේ පළමු බස හා පසු බස හා නො ගැළපෙයි. පසු බස හා පළමු බස හා නො ගැළපෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි: සඞ්ඛාරා මෙ අත්තාති, වත්තති තෙ තෙසු සඞ්ඛාරෙසු වසො “එවං මෙ සඞ්ඛාරා හොන්තු. එවං මෙ සඞ්ඛාරා මා අහෙසු”න්ති. “නො හිදං භො ගොතම.” මනසි කරොහි අග්ගිවෙස්සන, මනසි කරිත්වා ඛො අග්ගිවෙස්සන බ්යාකරොහි. න ඛො තෙ සන්ධීයති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං.
Sinhala BJTගිනිවෙස්න, ඒ කිමැ යි හඟනුව? “සංස්කාර මාගේ ආත්මය” යි මෙසේ තෝ යමක් කීහි ද? “මාගේ සංස්කාරයේ මෙසේ වෙත්වා. මාගේ සංස්කාරයෝ මෙසේ නො වෙත්වා”යි තාගේ ඉසුරු ඒ සංස්කාරයන් කෙරෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොයුම්ගොතුව”යි කී ය. ගිනිවෙස්න, සිහි එළව. ගිනිවෙස්න, සිහි එළවා කියව. තාගේ පළමු ප‍්‍රකාශය හා පසු ප‍්‍රකාශය හා නො ගැළපෙයි. පසු ප‍්‍රකාශය හා පළමු ප‍්‍රකාශය හා නො ගැළපෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යං ත්වං එවං වදෙසි: විඤ්ඤාණං මෙ අත්තාති, වත්තති තෙ තස්මිං විඤ්ඤාණෙ වසො “එවං මෙ විඤ්ඤාණං හොතු. එවං මෙ විඤ්ඤාණං මා අහොසී”ති. “නො හිදං භො ගොතම.” මනසි කරොහි අග්ගිවෙස්සන, මනසි කරිත්වා ඛො අග්ගිවෙස්සන, බ්යාකරොහි. න ඛො තෙ සන්ධීයති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං.
Sinhala BJTගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? “විඥාන මාගේ ආත්මය”යි මෙසේ තෝ යමක් කීහි ද? “මාගේ විඥාන මෙසේ වේවා. මාගේ විඥාන මෙසේ නො වේවා”යි තාගේ ඉසුරු ඒ විඥාන කෙරෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොයුම් ගොතුව”යි කී ය. ගිනිවෙස්න, සිහි එළව. ගිනිවෙස්න, සිහි එළවා කියව. තාගේ පළමු ප‍්‍රකාශය හා පසු ප‍්‍රකාශය හා නො ගැළපෙයි. පසු ප‍්‍රකාශය හා පළමු ප‍්‍රකාශය හා නො ගැළපෙයි.
Pali BJT14. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, රූපං නිච්චං වා අනිච්චං වාති ‘අනිච්චං භො ගොතම.’ යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. ‘දුක්ඛං භො ගොතම.’ යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති. ‘නො හිදං භො ගොතම.’ තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති. ‘අනිච්චං භො ගොතම’. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. ‘දුක්ඛං භො ගොතම.’ යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති. ‘නො හිදං භො ගොතම.’
Sinhala BJT14. කියග ගිනිවෙස්න, ඒ කිමැ යි හඟනුව? රූප නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” යමෙක් අනිත්‍ය වේ නම් එ දුක් ද සුව ද? “භවත් ගෞතමයෙනි, දුක් ය.” යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම්, පෙරෙළෙන සැහැවි ඇත්තේ නම්, “මේ මා ගැත්තේ ය, මම මේ ය, මේ මාගේ ආත්මය”යි (තෘෂ්ණා මාන දෘෂ්ටි විසින්) දක්නේ යුතු වේ ද? “යුතු නො වෙයි භවත් ගෞතමයෙනි”. ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් ද, සුව ද? “භවත් ගෞතමයෙනි, දුක් ය.” යමෙක් අනිත්‍ය වේ නම්, දුක් වේ නම්, වෙනස් වන සුලු වේ නම්, එය “මේ මා ගැත්තේ ය. මම මේ ය, මේ මාගේ ආත්මයැ”යි දක්නේ යුතු වේ ද? “යුතු නො වේ, ගොයුම් ගොතුව”.
Pali BJT15. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යො නු ඛො දුක්ඛං අල්ලීනො දුක්ඛං උපගතො දුක්ඛං අජ්ඣොසිතො, දුක්ඛං “එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සති, අපි නු ඛො සො සාමං වා දුක්ඛං පරිජානෙය්ය, දුක්ඛං වා පරික්ඛෙපෙත්වා විහරෙය්යාති. “කිං හි සියා භො ගොතම, නො හිදං භො ගොතමා”ති. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, න නු ත්වං එවං සන්තෙ දුක්ඛං අල්ලීනො දුක්ඛං උපගතො දුක්ඛං අජ්ඣොසිතො, දුක්ඛං “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සසීති? “කිං හි නො සියා භො ගොතම, එවමිදං භො ගොතමා”ති.{1}
Sinhala BJT15. ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? දුකෙහි ඇලුණ, දුකට පැමිණි, දුකට බැසගත් යමෙක් ඒ දුක “මේ මා ගැත්තේ ය, මම මේ ය, මේ මාගේ ආත්ම” යැ යි දක්නේ වේ නම්, හේ තෙමේ පඤ්ස්කන්‍ධදුඃඛය (අනිත්‍යාදීන්) තීරණ පරිඥායෙන් දන්නේ හෝ වේ ද? දුක හෝ (ක්‍ෂයව්‍යය අනුත්පාද විසින්) ගෙවා විහරණ කරන්නේ වේ ද? “භවත් ගෞතමයෙනි, කිසේ වන්නේ ද, භවත් ගෞතමයෙනි, නො වන්නේ ම ය.” ගිනිවෙස්න ඒ කිමැයි හඟනුව? මෙසේ ඇති කල්හි තෝ දුකෙහි ඇලුණෙහි, දුකට පැමිණියෙහි, දුකට බැස ගත්තෙහි, ඒ දුක “මේ මා ගැත්තේ ය, මම මේ ය, මෙය මාගේ ආත්මය”යි දක්නේ නොවෙහි? “භවත් ගෞතමයෙනි, කිසෙයින් නො වන්නේ ද, භවත් ගෞතමයෙනි, තෙල එසේ ම වෙයි.”
Pali BJT16. සෙය්යථාපි අග්ගිවෙස්සන, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො තිඛිණං{2} කුඨාරිං ආදාය වනං පවිසෙය්ය, සො තත්ථ පස්සෙය්ය මහන්තං කදලික්ඛන්ධං උජුං නවං අකුක්කුකජාතං,{3} තමෙනං මූලෙ ඡින්දෙය්ය, මූලෙ ඡෙත්වා අග්ගෙ ඡින්දෙය්ය, අග්ගෙ ඡෙත්වා පත්තවට්ටිං විනිබ්භුජෙය්ය, සො තත්ථ පත්තවට්ටිං විනිබ්භුජන්තො, ඵෙග්ගුම්පි නාධිගච්ඡෙය්ය, කුතො සාරං. එවමෙව ඛො ත්වං අග්ගිවෙස්සන මයා සකස්මිං වාදෙ සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො{4} සමනුභාසියමානො රිත්තො තුච්ඡො අපරද්ධො.
Sinhala BJT16. යම් සේ ගිනිවෙස්න, හර කැමැති, හර සොයන හර පිරියෙස්මින් ඇවිදුනා පුරුෂයෙක් තියුණු පොරවක් ගෙන වනයට පිවිසෙන්නේ වේ ද, හෙ එහි ඉදි, ළද, නො ගැටිගැප්දඬු ඇති - නොපූදුනු මහත් කෙහෙල් කඳක් දක්නේ වේ ද, හෙ ඒ කෙසෙල්කඳ මුල කපා ද, මුල කපා අග කපා ද, අග කපා පත්වැටි නඟාලන්නේ වේ ද, පත්වැටි නඟාලන්නේ හෙ බොරුදුත් නො ලබන්නේ ය. හරක් කොයි ලබා ද? ගිනිවෙස්න, එ පරිද්දෙන් ම තෝ මා විසින් තාගේ වාදයෙහි ලා ලබුධි විචාරනු ලබන්නෙහි ලබ්ධි ගන්වනු ලබන්නෙහි කරුණු අසනු ලබන්නෙහි රික්ත (හර රහිත) විහි, හිස් විහි, පරාජිත විහි”යි වදාළෝ.
Pali BJT17. භාසිතා ඛො පන තෙ එසා අග්ගිවෙස්සන, වෙසාලියං පරිසතිං{5} වාචා “නාහන්තං පස්සාමි සමණං වා බ්රාහ්මණං වා සඞ්ඝිං ගණිං ගණාචරියං අපි{6} අරහන්තං සම්මාසම්බුද්ධං පටිජානමානං, යො මයා වාදෙන වාදං සමාරද්ධො න සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පවෙධෙය්ය, යස්ස න කච්ඡෙහි සෙදා මුච්චෙය්යුං. ථූණං චෙපහං{7} අචෙතනං වාදෙන වාදං සමාරභෙය්යං; සාපි මයා වාදෙන වාදං සමාරද්ධා සඞ්කම්පෙය්ය සම්පකම්පෙය්ය සම්පවෙධෙය්ය, කො පන වාදො මනුස්සභූතස්සා’ති.
Sinhala BJT17. ගිනිවෙස්න, “මා විසින් කථාමාර්‍ගයෙන් දොස් ඇරැවූ යමෙක් කම්පිත නො වේ ද, ප‍්‍රකම්පිත නො වේ ද, වෙවුළා නො යේ ද, යමකුගේ කක්‍ෂයෙන් ස්වේද නො සිලියේ ද, එවන් සඟ ඇති, ගණ ඇති, ගණැඳුරු මහණෙක් වේ ව යි, බමුණෙක් වේවයි, නොහොත් ‘රාත්මි’යි ‘බුදුමි’යි පිළින කරනුයෙක් වේ ව යි, නො දක්මි. ඉදින් මම අචේතන ටඹට ද වාදයෙන් වාද අරඹන්නෙම් වේ ද, මා විසින් වාදමාර්‍ගයෙන් දොස් ගෙණ වාද ඇ?මූ ඒ ටඹ ද කම්පිත වෙයි. ප‍්‍රකම්පිත වෙයි, වෙවුළායයි. කවර කථා ය මිනිසක්හට”යැ යි තා විසින් විසාලානුවර පිරිස්හි තෙල කියන ලද වෙයි.
Pali BJTතුය්හං ඛො පනග්ගිවෙස්සන අප්පෙකච්චානි සෙදඵුසිතානි නලාටා මුත්තානි{1} උත්තරාසඞ්ගං විනිභින්දිත්වා{2} භූමියං පතිට්ඨිතානි. “මය්හං ඛො පනග්ගිවෙස්සන, නත්ථි එතරහි කායස්මිං සෙදො”ති. – ඉති භගවා තස්මිං පරිසතිං සුවණ්ණවණ්ණං කායං විවරි.
Sinhala BJT“ගිනිවෙස්න, තා නළලතින් ගුළු ඇතැම් ස්වේද පොදහු උතුරුසළු විනිවිද ගෙණ බිම සිටියහ. ගිනිවෙස්න, දැන් මාගේ ශරීරයෙහි වූ කලි ස්වේද ඇත්තේ නො වෙයි” වදාරා - බුදුහු එ පිරිස්හි (ගලවළුයෙන් සිවුර උනා සතරඟුල් පමණ බහා පිළිසන්) රන්වන් සිරිරි විවර කොට දැක්වූහු.
Pali BJTඑවං වුත්තෙ සච්චකො නිගණ්ඨපුත්තො තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
Sinhala BJTමෙසේ වදාළ කල සච්චකනුවටදරු නිෂඬ වූයේ, නිතේජ වූයේ කර බැහුයේ, යට හෙළු මුවැතියේ, නන් අරමුණු සිතනුයේ, උත්තර නො වටහනුයේ, (පටැඟිල්ලෙන් බිම කණිමින්) හුන්නේ ය.
Pali BJT18. අථ ඛො දුම්මුඛො ලිච්ඡවිපුත්තො සච්චකං නිගණ්ඨපුත්තං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා භගවන්තං එතදවොච: උපමා මං භගවා පටිභාතීති. ‘පටිභාතු තං දුම්මුඛා’ති භගවා අවොච:
Sinhala BJT18. එකල දුර්මුඛ නම් ලිච්ඡවිදරුයෙක් සච්චකනුවටදරුවා තුෂ්ණිම්භූත වැ නිසෙතජස්ක වැ පතිතස්කන්‍ධ වැ අධෝමුඛ වැ සිතිවිලි සිතනු වැ ප‍්‍රතිහානවිරහිත වැ හුන්නහු දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “භාග්‍යවතුන් වහන්ස, මට උපමායෙක් වටහයි” කී ය. “දුර්මුඛය, තට එය වටහාව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJT“සෙය්යථාපි භන්තෙ ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ පොක්ඛරණී, තත්රාස්ස කක්කටකො, අථ ඛො භන්තෙ සම්බහුලා කුමාරකා වා කුමාරිකා වා තම්හා ගාමා වා නිගමා වා නික්ඛමිත්වා යෙන සා පොක්ඛරණී තෙනුපසඞ්කමෙය්යුං, උපසඞ්කමිත්වා තං පොක්ඛරණිං ඔගහෙත්වා තං කක්කටකං උදකා උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙය්යුං, යඤ්ඤදෙව හි සො භන්තෙ කක්කටකො අළං අභිනින්නාමෙය්ය, තන්තදෙව තෙ කුමාරකා වා කුමාරිකා වා කට්ඨෙන වා කඨලෙන වා සංඡින්දෙය්යුං සම්භඤ්ජෙය්යුං සම්පලිභඤ්ජෙය්යුං, එවං හි සො භන්තෙ කක්කටකො සබ්බෙහි අළෙහි සංඡින්නෙහි සම්භග්ගෙහි සම්පලිභග්ගෙහි අභබ්බො තං පොක්ඛරණිං පුන ඔතරිතුං සෙය්යථාපි පුබ්බෙ. එවමෙව ඛො භන්තෙ යානි සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, තානි භගවතා සඤ්ඡින්නානි සම්භග්ගානි සම්පලිභග්ගානි. අභබ්බොවදාති භන්තෙ සච්චකො නිගණ්ඨපුත්තො පුන භගවන්තං උපසඞ්කමිතුං යදිදං වාදාධිප්පායො”ති.
Sinhala BJT“වහන්ස, යම් පරිදි ගමකට හෝ නියම්ගමකට නුදුරුතන්හි පොකුණෙක් වී ද, එහි කකුළුයෙක් වී ද, වහන්ස, එකල එහි වැසි බොහෝ දරුවෝ හෝ දැරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් හෝ නික්ම ඒ පොකුණට එළඹෙද් ද, එළඹ පොකුණට බැස, ඒ කකුළුවා දියෙන් නඟා ගොඩ බහද්ද, වහන්ස, ඒ කකුළු යම් යම් අළක් (අඬුවක්) නඟා ද, උහුගේ ඒ නැඟු නැඟු අළ ඒ දරුවෝ හෝ දැරියෝ දඬුකඩෙකින් හෝ කබල්කඩෙකින් හෝ සිඳපියද් ද, බිඳපියද් ද, නො තබා බිඳපියද් ද, වහන්ස, මෙසේ ඒ කකුළු සුන්, බුන්, පිළිබුන්, එ හැම අළින් ඒ පොකුණට පෙර මෙන් යළි බස්නට (ගමන් පසුන් බැවින්) නො හැකි ය. වහන්ස, එ පරිදි ම සච්චකනුවටදරුවාගේ යම් කවර හෝ විසූකාකාර දෘෂ්ටීහු ඇද්ද, දෘෂ්ටිසඤ්චරිත කෙනෙක් ඇද්ද, උන්මාර්‍ගයෙහි වැටුණු මිසදිටුහු ඇද්ද, වහන්ස, එ හැම දෘෂ්ටීහු භගවත්හු විසින් සිඳපියන ලදහ. බිඳපියන ලදහ. නො තබා බිඳපියන ලදහ. වහන්ස, සච්චකනුවටදරු දැන් වාදාධිප‍්‍රාය ඇති වැ වටා ලා භගවත්හු කරා එළඹෙන්නට අභව්‍ය යැ”යි කී.
Pali BJT19. එවං වුත්තෙ සච්චකො නිගණ්ඨපුත්තො දුම්මුඛං ලිච්ඡවිපුත්තං එතදවොච: “ආගමෙහි ත්වං දුම්මුඛ. මුඛරොසි ත්වං දුම්මුඛ.{3} න මයං තයා සද්ධිං මන්තෙම. ඉධ මයං භොතා ගොතමෙන සද්ධිං මන්තෙම.”
Sinhala BJT19. මෙසෙයින් උපමා කීකල සච්චකනුවටදරු දුර්මුඛලිච්ඡවි දරුට කියනුයේ: “දුර්මුඛය, තෝ සිටුව. දුර්මුඛය, තෝ මුඛරයෙහි. අපි තා හා සැසැඳිලි නො කරම්හ. මෙහි අපි භවත් ගොයුම්හු හා සැසැඳිලි කරම්හ”යි කී ය.
Pali BJT“තිට්ඨතෙසා භො ගොතම, අම්හාකඤ්චෙව අඤ්ඤෙසඤ්ච පුථුසමණබ්රාහ්මණානං වාචා. විලාපං විලපිතං මඤ්ඤෙ. කිත්තාවතා නු ඛො භොතො ගොතමස්ස සාවකො සාසනකරො හොති ඔවාදපතිකරො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ විහරතී”ති?
Sinhala BJT“භවත් ගොයුම්ගොතුව, අපගේ ද, සෙස්සන්ගේ දැයි බොහෝ මහණ බමුණන්ගේ කථා තිබියේවා. (උන්ගේ තෙල) වචන විලාපමාත‍්‍රයක් වැන්න භවත් ගෞතමයන්ගේ ශ‍්‍රාවකයෙක් කොපමණෙකින් සසුන් කරණුයේ ඔවා පිළිපදනේ වේද, තිණූවිචිකිත්සා ඇති ව පැහූසැක ඇති ව නැණ පත් ව ශාස්තෘශාසනයෙහි පරප‍්‍රත්‍යය (පරශ‍්‍රද්ධා) රහිත ව වසනු නම් වේ දැ?”යි පිළිවිසි.
Pali BJT20. ඉධ අග්ගිවෙස්සන මම සාවකො යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසො හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති; එත්තාවතා ඛො අග්ගිවෙස්සන මම සාවකො සාසනකරො හොති ඔවාදපතිකරො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ විහරතීති.
Sinhala BJT20. ගිනිවෙස්න, මෙ සස්නෙහි මාගේ ශ‍්‍රාවකයෙක් “අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ඣත්ත, බහිද්ධා, ඕළාරික, සුඛුම, හීන, පණීත, දූර, සන්තික විසින් භේදභින්න යම් රූපයෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදෑරුම්) රූප ගෙන “තෙල මා ගැත්තේ නො වෙයි. මම තෙල රූපයෙම් නො වෙමි. මාගේ ඉසුරු රූපයෙහි නො පවත්නේ යැ”යි මෙසෙයින් තෙල යථ ස්වභාවය මනා කොට නුවණින් දක්නේ වේ ද, යම් කිසි වේදනායෙක් ඇද්ද ... යම්කිසි සංඥායෙක් ඇද්ද ... යම්කිසි සංස්කාරයෝ ඇද්ද ... යම්කිසි අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ඣත්ත, බහිද්ධා, ඕළාරික, සුඛුම, හීන, පණීත, දූර, සන්තික විසින් භේදභින්න විඥානයෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදෑරුම්) විඥාන ගෙන “තෙල මා ගැත්තේ නො වෙයි, මම තෙල විඥානයෙම් නො වෙමි, මාගේ ඉසුරු විඥානයෙහි නො පවත්නේ යැ”යි මෙසෙයින් තෙල යථාභූතය මනා කොට නුවණින් දක්නේ වේ ද. ගිනිවෙස්න, මෙපමණෙකින් මාගේ ශ‍්‍රාවක සසුන් කරන්නේ ඔවා පිළිපදනේ වෙයි. තීණිවිචිකිත්සා ඇතිවැ පැහූසැක ඇති වැ ඥානප‍්‍රප්ත වූයේ ශාස්තෘශාසනයෙහි පරප‍්‍රත්‍යය රහිත වැ (ස්වතන්ත‍්‍රවැ) වාසකෙරේ ය යි (ශෛක්‍ෂභූමි) වදාළහ.
Pali BJT21. “කිත්තාවතා පන භො ගොතම භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො”ති?
Sinhala BJT21. “භවත් ගොයුම් ගොතුව, කොපමණෙකින් මහණ කිණු අස්වන් ඇති, වුසූ බඹසර ඇති, කළ සොළොස් කරණී ඇති, බැහු කෙලෙස්බර ඇති, ලැබූ ස්වාර්‍ත්‍ථ ඇති, භවසංයෝජනක්‍ෂය කොට සිටි, මනා නුවණින් දැන මිදී සිටි රහත් නම් වේ දැ”යි පිළිවිසී.
Pali BJTඉධ අග්ගිවෙස්සන භික්ඛු යං කිඤ්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං ‘නෙතං මම, නෙසො හමස්මි, න මෙසො අත්තා’ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුත්තො හොති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං විඤ්ඤාණං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදාවිමුත්තො හොති. එත්තාවතා ඛො අග්ගිවෙස්සන භික්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො.
Sinhala BJTගිනිවෙස්න, මෙ සස්නෙහි මහණ “අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ඣත්ත, බහිද්ධා, ඕළාරික, සුඛුම, හීන, පණීත, දූර, සන්තික විසින් භේදභින්න යම් රූකඳෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදෑරුම්) රූප ගෙන “තෙල රූප මා ගැත්තේ නො වෙයි, මම තෙල රූපයෙම් නො වෙමි, මාගේ ඉසුරු තෙල රූපයෙහි නො පවත්නේ යැ”යි මෙසේ තෙල යථාභූතය මනා කොට නුවණින් දැක අනුපාදාවිමෝක්‍ෂයෙන් විමුක්ත වේ ද, යම්කිසි වේදනාස්කන්‍ධයෙක් ඇද්ද ... යම්කිසි සංඥාස්කන්‍ධයෙක් ඇද්ද ... යම්කිසි සංස්කාරස්කන්‍ධයෙක් ඇද්ද, ... අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ඣත්ත, බහිද්ධා, ඕළාරික, සුඛුම, හීන, පණීත, දුර, සන්තික විසින් භේදභින්න යම්කිසි විඥානස්කන්‍ධයෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදෑරුම්) විඥාන ගෙන “තෙල විඥාන මා ගැත්තේ නො වෙයි, මම තෙල විඥානයෙම් නො වෙමි, මාගේ ඉසුරු තෙල විඥානයෙහි නො පවත්නේ යැ”යි මෙසේ තෙල යථාභූතය මනා කොට නුවණින් දැක සතර උපාදාන විසින් කිසිවක් නො ගෙන විමුක්ත වේ ද, ගිනිවෙස්න, මෙපමණෙකින් මහණ ක්‍ෂීණාස‍්‍රව වූ බ්‍රහ්මචර්‍ය්‍යවාස නිම කළ සිවුමඟින් කළ ෂෝඩශවිධඥානකෘත්‍ය ඇති, අපහෘතක්ලේශභාර ඇති අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත ස්වාර්‍ත්‍ථයට පත්, පරීක්‍ෂීණවූ භවබන්‍ධන ඇති, මනා කොට නුවණින් දැන නිස්සරණවිමුක්තීන් විමුක්ත වූ රහත් නම් වේ යයි වදාළෝ.
Pali BJT22. එවං විමුත්ත චිත්තො{1} ඛො අග්ගිවෙස්සන භික්ඛු තීහි අනුත්තරියෙහි සමන්නාගතො හොති: දස්සනානුත්තරියෙන පටිපදානුත්තරියෙන විමුත්තානුත්තරියෙන. –
Sinhala BJT22. ගිනිවෙස්න, මෙසේ විමුක්ත වූ සිත්ඇති මහණ දස්සනානුත්තරියෙනුදු (ලොවී ලොවුතුරා නුවණිනුදු, නොහොත් රහත්මග සම්දිටූයෙනුදු), පටිපදානුත්තරියෙනුදු (ලොවී ලොවුතුරා පිළිවෙතිනුදු, නොහොත් රහත්මග සම්දිටුතබා තෙසු මාර්‍ගාඞ්ගයෙනුදු) විමුත්තානුත්තරියෙනුදු - (ලොවී ලොවුතුරා විමුක්තීනුදු නොහොත් මාර්‍ගඵල විමුක්තියෙනුදු) තුන් අනුත්තරිය ගුණයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTඑවං විමුත්තචිත්තො ඛො අග්ගිවෙස්සන භික්ඛු තථාගතඤ්ඤෙව සක්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති “බුද්ධො සො භගවා බොධාය ධම්මං දෙසෙති, දන්තො සො භගවා දමථාය ධම්මං දෙසෙති, සන්තො සො භගවා සමථාය ධම්මං දෙසෙති, තිණ්ණො සො භගවා තරණාය ධම්මං දෙසෙති, පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බානාය ධම්මං දෙසෙතී”ති.
Sinhala BJTගිනිවෙස්න, මෙසේ විමුක්ත සිත් ඇති මහණ “ඒ භාග්‍යවතුන් වහන්සේ තුමූ සියුසස් දත්තාහු අනුන් දන්වනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුමූ ඉන්‍ද්‍රියදමනයෙන් දැමුණුහු අනුන් දමනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුමූ කෙලෙසුන්ගේ ක්‍ෂෝභ සන්හිඳුවා ලූවාහු අනුන්ගේ ක්ලේශක්‍ෂෝභ සන්හිඳුවනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුමූ තැරුසසරසයුරු ඇත්තාහු අනුන් සසරසයුරින් තරනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුමූ කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවියාහු අනුන්ගේ කෙලෙස් ගිනි නිවනු සඳහා දහම දෙසති” යි භගවත්හට ම සත්කාර ගරුකාර මානන පූජන කෙරෙයි වදාළහ.
Pali BJT23. එවං වුත්තෙ සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං එතදවොච: “මයමෙව භො ගොතම ධංසී, මයං පගබ්භා, යෙ මයං භවන්තං ගොතමං වාදෙන වාදං ආසාදෙතබ්බං අමඤ්ඤිම්හ. සියා හි භො ගොතම හත්ථිප්පභින්නං ආසජ්ජ පුරිසස්ස සොත්ථිභාවො, න ත්වෙව භවන්තං ගොතමං ආසජ්ජ සියා පුරිසස්ස සොත්ථිභාවො. සියා හි භො ගොතම පජ්ජලිතං අග්ගික්ඛන්ධං ආසජ්ජ පුරිසස්ස සොත්ථිභාවො, න ත්වෙව භවන්තං ගොතමං ආසජ්ජ සියා පුරිසස්ස සොත්ථිභාවො. සියා හි භො ගොතම ආසීවිසං ඝොරවිසං ආසජ්ජ පුරිසස්ස සොත්ථිභාවො, න ත්වෙව භවන්තං ගොතමං ආසජ්ජ සියා පුරිසස්ස සොත්ථිභාවො. මයමෙව භො ගොතම ධංසී, මයං පගබ්භා, යෙ මයං භවන්තං ගොතමං වාදෙන වාදං ආසාදෙතබ්බං අමඤ්ඤිම්හ. අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT23. මෙසේ වදාළ කල්හි සච්චක නුවටදරු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේය: “භවත් ගොයුම් ගොතුව, භවත් ගෞතමයන් වාදයෙන් වාදනගා ඝටන්නට නිසියවුන් කොට සිතුවමෝ වේද, ඒ අපි ම (ගුණවිසින්) නටුවම්හ. අපි ම වාක්ප‍්‍රගල්භ ඇතියම්හ. භවත් ගෞතමයාණෙනි, ත‍්‍රිමදගලිත ඇතකු පැහැර වැදගත් පුරුෂයකුට සෙත් වන්නේය. භවත් ගෞතමයන් ඝටාගෙන පුරුෂයකුට සෙත් නොවන්නේ මැය. භවත් ගෞතමයෙනි, දිලියෙන ගිනිකඳ සිපගත් පුරුෂයකුට සෙත් වන්නේය. භවත් ගෞතමයන් ඝටාගෙන පුරුෂයකුට සෙත් නො වන්නේ මැය. භවත් ගෞතමයෙනි, ඝොරවිෂ ඇති ආශිවිෂයකු පැහැර සිපගත් පුරුෂයකුට සෙත් වන්නේය. භවත් ගෞතමයන් ගැහැට සිටි පුරුෂයකුට සෙත් නොවන්නේ මැය. භවත් ගොයුම් ගොතුවෙනි, භවත් ගෞතමයන් වාදයෙන් වාදනගා ඝටන්නට නිසියවුන් කොට සිතුවමෝ වේද, ඒ අපි ම නටුවම්හ. අපි ම ප‍්‍රගල්භයම්හ. භවත් ගෞතමයෝ සෙට මා බත පිළිගන්නාසේක්වා, බික්සඟුන් හා යයි” කීය. භාග්‍යවතුන් වහන්සේ නො බැන (සිතින්) ඉවසූ දැය.
Pali BJT24. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවතො අධිවාසනං විදිත්වා තෙ ලිච්ඡවී ආමන්තෙසි: “සුණන්තු මෙ භොන්තො ලිච්ඡවී, සමණො මෙ ගොතමො නිමන්තිතො ස්වාතනාය භත්තෙන සද්ධිං භික්ඛුසඞ්ඝෙන. තෙන මෙ අභිහරෙය්යාථ යමස්ස පතිරූපං මඤ්ඤෙය්යාථා”ති. අථ ඛො තෙ ලිච්ඡවී තස්සා රත්තියා අච්චයෙන සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස පඤ්චමත්තානි ථාලිපාකසතානි භත්තාභිහාරං අභිහරිංසු. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො සකෙ ආරාමෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: කාලො භො ගොතම, නිට්ඨිතං භත්තන්ති.
Sinhala BJT24. එක්බිති සච්චක නුවට දරු බුදුන් ඉවසුසෙ දැන ඒ ලිච්ඡවී රජ්ජුරුවන් ඇමතිය: “භවත් ලිච්ඡවීනි, මබස අසත්වා. මා විසින් මහණ ගොයුම් සෙට බතින් තිමන්ත‍්‍රණය කරන ලදී, බික් සඟුන් හාය. එහෙයින් යම් දැයක් උහුට නිසි කොට සිතවු ද, ඒ දැය මා වෙත එළවා ලව”යි. එසඳ ඒ ලිච්ඡවී රජදරුවෝ එ රැය ඇවෑමෙන් සච්චකනුවටහට පන්සියක් මුළුබත් භක්තාහිහාර කොට දී යවූහ. එක්බිති සච්චක නුවටදරු සිය අරමෙහි පිණීකන - බොන දැ පිළියෙළ කරවා භගවත්හට කල් දැන්වීය: භවත් ගෞතමයෙනි කල්වෙයි. බත නිමියේ යයි.
Pali BJT25. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස ආරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං එතදවොච: යමිදං භො ගොතම දානෙ පුඤ්ඤං පුඤ්ඤම්හී ච, තං දායකානං සුඛාය හොතූති. “යං ඛො අග්ගිවෙස්සන තාදිසං දක්ඛිණෙය්යං ආගම්ම අවීතරාගං අවීතදොසං අවීතමොහං, තං දායකානං භවිස්සති. යං ඛො අග්ගිවෙස්සන මාදිසං දක්ඛිණෙය්යං ආගම්ම වීතරාගං වීතදොසං වීතමොහං, තං තුය්හං භවිස්සතී”ති.
Sinhala BJT25. එක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පාසිවුරු ගෙන සච්චක නුවටපුත්හුගේ අරම් කරා වැඩියහ. වැඩ පැන්වූ අස්නෙහි බික් සඟුන් පිරිවරාගෙන වැඩහුන්හ. එසඳ සච්චක නුවටපුත් බුදුපාමොක් බික්සඟුන් ප‍්‍රණීත ඛාද්‍යයෙන් භෝජනයෙන් සියතින් මනා කොට සැතැපීය. මනා කොට පැවැරිය. එක්බිති සච්චක නුවටදරු වළඳා නිමකළ, පාත‍්‍රයෙන් බැහැරකළ අත් ඇති (අත ද පාත‍්‍රය ද දොවා හුන්) භාග්‍යවතුන් වහන්සේ දැන අන්‍යතර මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස්ව හුන් සච්චක නුවටපුත් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “භවත් ගොයුම් ගොතුව, මෙදානයෙහි යම් පුණ්‍යවිපාකස්කන්‍ධයෙක් ඇද්ද, එයට පරිවාරයෙක් ඇද්ද, එය දායකයනට සුවයට වැටේව”යි කීය. “ගිනිවෙස්න, අවීතරාග වූ අවීතමෝහ වූ තාබඳු යම් දක්‍ෂිණාර්‍හයකු ලැබගෙන යම් දනෙක් දින් ද, එය (තටදුන්) දායකයනට වෙයි. ගිනිවෙස්න, වීතරාග වූ වීතදෝස වූ වීතමෝහ වූ මා වැනි දක්‍ෂිණාර්‍හයකු ලැබ යම් දනෙක් දින් ද, එ පුණ්‍යඵලය මට දුන් තට වේය” යි වදාළහ.
Pali BJTචූළසච්චකසුත්තං පඤ්චමං.
Sinhala BJTවූළසච්චකසූත‍්‍රය පස්වැනියි.
Pali BJT1. 4. 6.
Sinhala BJT1. 4. 6.
Pali BJTමහාසච්චකසුත්තං
Sinhala BJTමහාසච්චක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය වෙසාලිං පිණ්ඩාය පවිසිතුකාමො හොති. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන මහාවනං කූටාගාරසාලා තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා ආනන්දො සච්චකං නිගණ්ඨපුත්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච: “අයං භන්තෙ සච්චකො නිගණ්ඨපුත්තො ආගච්ඡති භස්සප්පවාදකො පණ්ඩිතවාදො සාධුසම්මතො බහුජනස්ස. එසො ඛො භන්තෙ අවණ්ණකාමො බුද්ධස්ස, අවණ්ණකාමො ධම්මස්ස, අවණ්ණකාමො සඞ්ඝස්ස. සාධු භන්තෙ භගවා මුහුත්තං නිසීදතු අනුකම්පං උපාදායා”ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සච්චකො නිගණ්ඨපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි (කැණිමඩුලු දී නැඟු) කුළාරපහා ගදකිළියෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස වදනු කැමැත්තාහු වෙති. එකල්හි සච්චක නුවටදරු ජඞ්ඝාවිහාර තකා එතැනින් එතැනට පයින් වැද ඇවිදුනේ මහවනකූටාගාරසාලා ගඳකිළියට ගියේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සච්චක නුවටපුතු දුරින් ම එන්නහු දුටුහ. දැක භගවත්හට තෙල සැළකළහ: “වහන්ස, මේ සච්චක නුවටපුත් එයි. භාෂ්‍යවිසින් කථාමාර්‍ග බණන්නෙක, ‘පණ්ඩිතයෙමි’යි කියන්නෙක, බොහෝදෙනා විසින් සාධුසම්මතය. වහන්ස, හෙතෙම බුදුන්ගේ අයුණු කැමැති වෙයි දහම්හි අයුණු කැමැති වෙයි. සඟුන්ගේ අයුණු කැමැති වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මොහොතක් වැඩ හිඳුනේ මැනැව, අනුකම්පා පිණිස යැ”යි. භාග්‍යවත්හුදු පැන්වූ අස්නෙහි වැඩහුන්හු. එසඳ සච්චක නුවටදරු බුදුන් කරා ගියේ. ගොස් බුදුන් හා සමග සතුටු වී. තුස්නට නිසි සිහිකරවනුවට නිසි තෙපුල් බැණ නිමවා එකත්පස්ව හින එකත්පස්ව හුන් සච්චක නුවටදරු භාග්‍යවතුන්වහන්සේට තෙල කී:
Pali BJT2. සන්ති භො ගොතම එකෙ සමණබ්රාහ්මණා කායභාවනානුයොගමනුයුත්තා විහරන්ති. නො චිත්තභාවනං. ඵුසන්ති හි තෙ භො ගොතම සාරීරිකං දුක්ඛං වෙදනං. භූතපුබ්බං භො ගොතම සාරීරිකාය දුක්ඛාය වෙදනාය ඵුට්ඨස්ස සතො ඌරුක්ඛම්භොපි නාම භවිස්සති, හදයම්පි නාම ඵාලිස්සති, උණ්හම්පි ලොහිතං මුඛතො උග්ගමිස්සති, උම්මාදම්පි පාපුණිස්සති චිත්තක්ඛෙපං. තස්ස ඛො එතං භො ගොතම කායන්වයං චිත්තං හොති, කායස්ස වසෙන වත්තති. තං කිස්ස හෙතු? අභාවිතත්තා චිත්තස්ස. සන්ති පන භො ගොතම එකෙ සමණබ්රාහ්මණා චිත්තභාවනානුයොගමනුයුත්තා විහරන්ති, නො කායභාවනං. ඵුසන්ති හි තෙ භො ගොතම චෙතසිකං දුක්ඛං වෙදනං. භූතපුබ්බං භො ගොතම චෙතසිකාය දුක්ඛාය වෙදනාය ඵුට්ඨස්ස සතො ඌරුක්ඛම්භොපි නාම භවිස්සති, හදයම්පි නාම ඵාලිස්සති, උණ්හම්පි ලොහිතං මුඛතො උග්ගමිස්සති, උම්මාදම්පි පාපුණිස්සති චිත්තක්ඛෙපං. තස්ස ඛො එසො භො ගොතම චිත්තන්වයො කායො හොති, චිත්තස්ස වසෙන වත්තති. තං කිස්ස හෙතු? අභාවිතත්තා කායස්ස. තස්ස මය්හං භො ගොතම එවං හොති: අද්ධා භොතො ගොතමස්ස සාවකා චිත්තභාවනානුයොගමනුයුත්තා විහරන්ති, නො කායභාවනන්ති.
Sinhala BJT2. භවත් ගොයුම්ගොතුව, කායභාවනානුයුක්තව වාස කරන, චිත්තභාවනානුයුක්ත ව වාස නොකරන, කිසි මහණබමුණු කෙනෙක් ඇත. ගොයුම්ගොතුව, ඔහු ශාරීරික දුඃඛ වේදනා වළඳ කෙරෙත් මැය. ගොයුම්ගොතුව, වූවිරිදැයක් කියමි: ආශ්චර්‍ය්‍යයෙකි - ශරීරයෙහි සන්නිහිත දුඃඛ වේදනායෙන් පහරන ලදුවහුගේ ඌරුසත්බධතා (දෙකළවේ දැඩිසෙය) ද වෙයි. ළය ද පැළෙයි. උණු ලෙය ද මුවින් නැගෙයි. චිත්තක්‍ෂේප නම් උන්මාදයට ද පැමිණෙයි. ගොයුම්ගොතුව, උහුගේ තෙල සිත කායානුගත වෙයි, කායවශවර්තතී වෙයි. ඒ කවර හෙයින යත්: චිත්තය අභාවිත බැවින. ගොයුම්ගොතුව, චිත්තභාවනානුයුක්ත ව වාස කරන, කාය භාවනානුයුක්ත ව වාස නොකරන කිසි මහණබමුණ කෙනෙක් ඇත. ගොයුම්ගොතුව, ඔහු චෛතසික දුඃඛවේදනා වළඳ කෙරෙත් මය. ගොයුම්ගොතුව, වූවිරීදැයක් කියමි: ආශ්චර්‍ය්‍යයෙකි - චිත්තයෙහි සන්තිහිත දුඃඛවේදනායෙන් පහරන ලදුවහුගේ ඌරුසත්බධතා ද වෙයි. ළය ද පැළෙයි. උණු ලෙය ද මුවින් නැගෙයි. සිත්විකෙවු නම් උන්මාදයට ද පැමිණෙයි. ගොයුම්ගොතුව, උහුගේ තෙල කය චිත්තානුගත වෙයි, චිත්තවශවර්‍තතී වෙයි. ඒ කවරහෙයින යත්: කය අභාවිත බැවින. ගොයුම්ගොතුව මට මෙසේ සිතෙක් වෙයි: “භවත් ගෞතමයන්ගේ සව්වෝ චිත්තභාවනානුයුක්ත ව වාස කෙරෙති. කායභාවනානුයුක්තව වාස නොකෙරෙත් ම ය” කියායි.
Pali BJT3. කින්ති පන තෙ අග්ගිවෙස්සන කායභාවනා සුතාති?
Sinhala BJT3. ගිනිවෙස්න, තා විසින් කෙසේ කායභාවනා අසන ලද ද?
Pali BJT“සෙය්යථිදං: නන්දො වච්ඡො, කිසො සංකිච්චො, මක්ඛලි ගොසාලො – එතෙ හි භො ගොතම අචෙලකා මුත්තාචාරා හත්ථාපලෙඛනා,{1} න එහි භදන්තිකා, න තිට්ඨ භදන්තිකා, න අභිහටං න උද්දිස්සකටං න නිමන්තනං සාදියන්ති. තෙ න කුම්භිමුඛා පතිගණ්හන්ති, න කළොපිමුඛා පතිගණ්හන්ති, න එළකමන්තරං, න දණ්ඩමන්තරං, න මුසලමන්තරං, න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා, න පායමානාය, න පුරිසන්තරගතාය, න සඞ්කිත්තීසු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං, න මංසං, න සුරං, න මෙරයං, න ථුසොදකං පිවන්ති. තෙ එකාගාරිකා වා හොන්ති එකාලොපිකා, ද්වාගාරිකා වා හොන්ති ද්වාලොපිකා,{2} සත්තාගාරිකා වා හොන්ති සත්තාලොපිකා. එකිස්සාපි දත්තියා යාපෙන්ති, ද්වීහිපි දත්තීහි යාපෙන්ති,{3} සත්තහිපි දත්තීහි යාපෙන්ති. එකාහිකම්පි ආහාරං ආහාරෙන්ති, ද්වීහිකම්පි ආහාරං ආහාරෙන්ති,{4} සත්තාහිකම්පි ආහාරං ආහාරෙන්ති. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තා විහරන්තී”ති.
Sinhala BJT“ඒ මෙසෙයින් ඇසීමි: වාත්ස්‍යායන නන්‍දය, සාංකෘත්‍යායන කිසය, මක්ඛලිගෝසාලය - ගොයුම්ගොතුව, තුලුහු තුන්දෙනා සෙලුහ. (බැහැර කළ පිළි ඇතියහ.) හළ ආචාර ඇතියහ. පිඬු නිමි කල අත ලෝනාහු වෙති. ‘එව වහන්සැ’යි කීකල නො එනු සිල්කොට ඇතියාහ. ‘සිටුව, වහන්සැ’යි කීකල නොසිටිනු සිල්කොට ඇතියාහ. පළමු එළවූ අහර නොපිළිගන්නාහ. උදෙසා කළ අහර නොපිළිගන්නාහ. නිමන්ත්‍රණ නො පිළිගනිති. ඔහු කළමුවින් උදුරා අළ අහර නොපිළිගනිති. ඔහු සැළමුවින් අළ අහර නොපිළිගනිති. එළිපත අතර කොට දෙන අහර නොපිළිගනිති. දඬු අතර කොට දෙන අහර නොපිළිගනිති. මොහොල අතර කොට දෙන අහර නොපිළිගනිති. අහර වළඳ කරන දෙදෙනකුන් අතුරින් එකකු නැගී දෙන අහර නොපිළිගනිති. ගැබිණිලිය දෙන අහර නොපිළිගනිති. කිරිපොවනුලිය දෙන අහර නොපිළිගනිති. පුරුෂාන්තරගත ස්ත්‍රිය දෙන අහර නොපිළිගනිති. සමාදන් කොට පිසූ කල දෙන අහර නොපිළිගනිති. යම් ම තැනෙක බලු එළඹ සිටියේ වේ නම් එහි දී දෙන අහර නොපිළිගනිති. යම් ම තැනෙක මැසිමුළු ගළගළ ව හැසිරෙත් නම් එහිදී දෙන අහර නොපිළිගනිති. මත්ස්‍ය නොපිළිගනිති. මාංශ නොපිළිගනිති. රහ නො බොති. මෙර නො බොති. කළකැඳ නො බොති. ඔහු එක්ගෙයෙකින් පිඬු ලැබ නවත්නාහු හෝ වෙති. එක් ආලෝපයකින් යැපෙන්නාහු හෝ වෙති. දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නාහු හෝ වෙති. ආලෝප දෙකෙකින් යැපෙන්නාහු හෝ වෙති. සත්ගෙයෙකින් පිඬු ලැබ නවත්නාහු හෝ වෙති. ආලෝප සතෙකින් යැපෙන්නාහු හෝ වෙති. එක් දැත්තෙකිනුදු යැපෙති. දෙදැත්තෙකිනුදු යැපෙති. සත් දැත්තෙකිනුදු යැපෙති. එක් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳ කෙරෙති. දෙදවසක් අතර කොට ගන්නා අහර ද වළඳ කෙරෙති. සත්දවසක් අතර කොට ගන්නා අහර ද වළඳ කෙරෙති. මෙසෙයින් මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැයි වාරභක්ත භෝජනයෙහි ආශක්ත වූවාහු වාස කෙරෙති”යි කී.
Pali BJT4. කිං පන තෙ අග්ගිවෙස්සන තාවතකෙනෙව යාපෙන්තීති?
Sinhala BJT4. කිම ගිනිවෙස්න, උහු එතෙකින් ම යැපෙත් දැ? යි (වදාළහ.)