Pali BJT15. යථාකථම්පන තුම්හෙ අනුරුද්ධා අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථාති?
Sinhala BJT15. අනුරුද්ධයෙනි, තෙපි කෙසේ වනාහි අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නහුද?
Pali BJT16. “ඉධ පන භන්තෙ අම්හාකං යො පඨමං ගාමතො පිණ්ඩාය පටික්කමති, සො ආසනානි පඤ්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට්ඨපෙති{1}. අවක්කාරපාතිං උපට්ඨපෙති. යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමති, සචෙ හොති භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛති භුඤ්ජති. නො චෙ ආකඞ්ඛති අප්පහරිතෙ වා ඡඩ්ඩෙති. අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙති. සො ආසනානි පටිසාමෙති. පානීයං පරිභොජනීයං පටිසාමෙති. අවක්කාරපාතිං පටිසාමෙති. භත්තග්ගං සම්මජ්ජති. යො පස්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං, සො උපට්ඨපෙති. සචස්ස{2} හොති අවිසය්හං, හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨපෙම. නත්වෙව මයං භන්තෙ තප්පච්චයා වාචං භින්දාම. පඤ්චාහිකං ඛො පන මයං භන්තෙ සබ්බරත්තිකං{3} ධම්මියා කථාය සන්නිසීදාම. එවං ඛො මයං භන්තෙ අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා”ති.
Sinhala BJT16. වහන්ස, මෙහි අප අතුරෙන් යමෙක් පළමු කොට ගමෙන් පිණ්ඩපාතයෙන් පෙරළා ඒ ද, හේ අසුන් පණවයි. පිය යුතු පැන් හා පරිභෝග කට යුතු දිය ද එළවා තබයි. ඉතිරි පිඬු බහන සුමුගු එළවා තබයි. යමෙක් පසු ව ගමෙහි පිඬු පිණිස සැරැ වටාලා ඒ ද. ඉදින් කෑ ඉතිරි වූවක් ඇත් නම්, ඉදින් කැමැති වේ නම්, වළඳයි. නො කැමැති වේ නම්, නොනිලන තැනෙක හෝ දමයි. (එයින් මියන) සතුන් නැති දියෙහි හෝ උල්පවා හරියි. හෙ අසුන් සඟවා තබයි. පැන් හා පිරිබෝදිය සඟවා තබයි. අවකරබඳුන සඟවා තබයි. භක්තග්‍රය හමදියි. යමෙක් සිස් වූ දිය රහිත වු පැන් කළය හෝ, පරිභෝග දියකළය හෝ, වැසිකිළිකළය හෝ දකී ද හෙ එළවා තබයි. ඉදින් ඔහුට නො එසැවිය හැකි නම් හස්තසංඥායෙන් දෙවැන්නකු කැඳවා හිවු (බැඳි) අතින් එළවම්හ. වහන්ස, අපි ඒ හේතු කොට වාග්භේද නො කරම්හ. වහන්ස. අපි පස්දිනකට වරක් මුළුරැය දැහැමිකථායෙන් එක්ව හිඳුම්හ. වහන්ස, මෙසේ වනාහි අපි අප්‍රමාද ව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයු ඇති ව වාස කරම්හ”
Pali BJT17. සාධු, සාධු, අනුරුද්ධා. අත්ථි පන වො අනුරුද්ධා, එවං අප්පමත්තානං ආතාපීනං පහිතත්තානං විහරතං{4} උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?
Sinhala BJT17. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, මෙසේ අප්‍රමාද ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වාස කරණ තොප විසින් මිනිස්දහමින් ඉතිරි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ ආර්‍ය්‍යඥාන විශේෂයක් වන ඵාසුවිහරණයෙන් අධිගත (ලබනලද) වේ ද?
Pali BJT18. “කිං හි නො සියා භන්තෙ. ඉධ මයං භන්තෙ යාවදෙව ආකඞ්ඛාම, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{5} උපසම්පජ්ජ විහරාම. අයං ඛො නො භන්තෙ අම්හාකං අප්පමත්තානං ආතාපීනං පහිතත්තානං විහරතං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.
Sinhala BJT18. “වහන්ස, කිම අධිගත නොවන්නේ ද? (අධිගත වන්නේම ය.) වහන්ස, අපි යම් තාක් ම කැමැති වමෝ නම් ඒ තාක් කාමයන්ගෙන් වෙන් ව අකුශලයන්ගෙන් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ද ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාසය කරම්හ. වහන්ස, අප්‍රමාද ව කෙලෙස් තවන වැර අති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇතිව වසන අප විසින් මිනිස්දහමින් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ ඵාසුවිහරණය ලබන ලද්දේ ය.”
Pali BJT19. සාධු, සාධු, අනුරුද්ධා. එතස්ස පන වො අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අත්ථඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?
Sinhala BJT19. අනුරුද්ධයෙනි, මැනව මැනව. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්ම යාම පිණිස, මේ විහරණය සන්හිඳීම පිණිස, මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍ය ඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?
Pali BJT20. “කිං හි නො සියා භන්තෙ, ඉධ මයං භන්තෙ යාවදෙව ආකඞ්ඛාම, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං{6} උපසම්පජ්ජ විහරාම. එතස්ස භන්තෙ විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අයමඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.
Sinhala BJT20. “වහන්ස, කිම නොවන්නේ ද? වහන්ස, අපි යම් තාක් කැමැති වමෝ ද, ඒ තාක් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම ඇති සිතේ එකඟබව වඩන විතර්‍කරහිත විචාරරහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානය උපදවා වාස කරම්හ. වහන්ස, මේ විහරණය ඉක්මයාම පිණිස මේ විහරණය සන්හිඳීම පිණිස මිනිස්දහමින් වැඩි වූ ආර්‍ය්‍යභාවය සිදුකිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානයක් වූ මේ අන්‍ය වූ ඵාසුවිහරණය ලබන ලද්දේ ය.”
Pali BJT21. සාධු, සාධු, අනුරුද්ධා. එතස්ස පන වො අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අත්ථඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?
Sinhala BJT21. අනුරුද්ධයෙනි, මැනැව, මැනැව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්ම යාම පිණිස තෙල විහරණය සන්සිඳීම පිණිස මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ සැපවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?
Pali BJT22. “කිං හි නො සියා භන්තෙ, ඉධ මයං භන්තෙ යාවදෙව ආකඞ්ඛාම පීතියා ච විරාගා උපෙක්ඛකා ච විහරාම සතා ච සම්පජානා. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙම. යං තං අරියා ආචික්ඛන්ති: ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරාම. එතස්ස භන්තෙ විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අයමඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.
Sinhala BJT22. “කිම වහන්ස, නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් ම කැමැත්තමෝ ද ඒ තාක් ප්‍රීතිය නැති වීමෙන් උපේක්‍ෂා ඇති ව සිහි ඇතිව සම්‍යක්ප්‍රඥා ඇති ව වාස කරම්හ. කයින් සැප ද විඳුම්හ යම් ධ්‍යානයක් උදෙසා ඒ ධ්‍යානලාභී පුද්ගලයා ‘උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේ ය’යි ආර්‍ය්‍යයෝ කියද් ද, ඒ තෘතීයධ්‍යානය උපදවා වාස කරම්හ. වහන්ස. මේ විහරණය ඉක්මයාම පිණිස මේ විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”
Pali BJT23. සාධු, සාධු, අනුරුද්ධා. එතස්ස පන වො අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අත්ථඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?
Sinhala BJT23. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්ම යාම පිණිස, තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍යඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?
Pali BJT24. “කිං හි නො සියා භන්තෙ, ඉධ මයං භන්තෙ යාවදෙව ආකඞ්ඛාම සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා, අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාම. එතස්ස භන්තෙ විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අයමඤ්ඤො උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.
Sinhala BJT24 “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් ම කැමැත්තමෝ ද ඒ තාක් සුඛප්‍රහාණයෙන් ද, දුඃඛප්‍රහාණයෙන් ද පළමු ව සොම්නස්දොම්නස් නැසීමෙන් නිදුක් වූ නොසැප වූ උපේක්‍ෂා විසින් ජනිත ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වාසය කරම්හ. වහන්ස, මේ විහරණය ඉක්ම යාම පිණිස මේ විහරණය සන්හිඳීම පිණිස මිනිස්දහමින් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”
Pali BJT25. සාධු, සාධු, අනුරුද්ධා. එතස්ස පන වො අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අත්ථඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?
Sinhala BJT25. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්මයාම පිණිස තෙල විහරණය සන්හිඳී ම පිණිස මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥාන දර්‍ශනයක් වූ අන්‍යඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?
Pali BJT26. “කිං හි නො සියා භන්තෙ. ඉධ මයං භන්තෙ යාවදෙව ආකඞ්ඛාම සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරාම. එතස්ස භන්තෙ විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අයමඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.
Sinhala BJT26. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් ම කැමැති වමෝ ද, ඒ තාක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහවීමෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරම්හ. වහන්ස, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”
Pali BJT27. සාධු, සාධු, අනුරුද්ධා. එතස්ස පන වො අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අත්ථඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?
Sinhala BJT27. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍යඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?
Pali BJT28. “කිං හි නො සියා භන්තෙ, ඉධ මයං භන්තෙ යාවදෙව ආකඞ්ඛාම, සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරාම -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාම -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාම. එතස්ස භන්තෙ විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අයමඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.
Sinhala BJT28. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි මෙහි යම් තාක් ම කැමැත්තමෝ ද, ඒ තාක් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වාස කරම්හ … සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වාස කරම්හ. …සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වාස කරම්හ. වහන්ස, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”
Pali BJT29. සාධු, සාධු, අනුරුද්ධා. එතස්ස පන වො අනුරුද්ධා විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අත්ථඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?
Sinhala BJT29. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්මවීම පිණිස තෙලවිහරණය සන්හිඳුවීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍ය ඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?
Pali BJT30. “කිං හි නො සියා භන්තෙ, ඉධ මයං භන්තෙ යාවදෙව ආකඞ්ඛාම, සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරාම. පඤ්ඤාය ච නො දිස්වා ආසවා පරික්ඛීණා.{1} එතස්ස භන්තෙ විහාරස්ස සමතික්කමාය එතස්ස විහාරස්ස පටිප්පස්සද්ධියා අයමඤ්ඤො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො.{2} ඉමස්මා ච{3} මයං භන්තෙ ඵාසුවිහාරා අඤ්ඤං ඵාසුවිහාරං උත්තරිතරං වා පණීතතරං වා න සමනුපස්සාමා”ති.
Sinhala BJT30. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, යම් තාක් ම අපි, කැමැත්තමෝ ද, ඒ තාක් සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරම්හ. අප විසින් ප්‍රඥායෙන් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. වහන්ස, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍ය ඵාසුවිහරණය ලබන ලද්දේ ය. වහන්ස, අපි මේ සැපවිහරණයෙන් වඩා සිටි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය සැපවිහරණයක් නො දකුම්හ.”
Pali BJT31. සාධු, සාධු, අනුරුද්ධා, එතස්මා අනුරුද්ධා ඵාසුවිහාරා අඤ්ඤො ඵාසුවිහාරා උත්තරිතරො වා පණීතතරො වා ඵාසුවිහාරො නත්ථීති.
Sinhala BJT31. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, මේ සැප විහරණයෙන් වඩා සිටි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය සැප විහරණයෙක් නැත.
Pali BJT32. අථ ඛො භගවා ආයස්මන්තඤ්ච අනුරුද්ධං ආයස්මන්තඤ්ච නන්දියං ආයස්මන්තඤ්ච කිම්බිලං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.{4}
Sinhala BJT32. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හා ආයුෂ්මත් නන්‍දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා පහදවා හුනස්නෙන් නැගී වැඩි සේක.
Pali BJT33. අථ ඛො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො භගවන්තං අනුසංසාවෙත්වා{5} තතො පටිනිවත්තිත්වා ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං:
Sinhala BJT33. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද හා ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට එයින් වටාලා අවුත් ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට තෙල කීහ:
Pali BJT“කින්නු{6} මයං ආයස්මතො අනුරුද්ධස්ස එවමාරොචිම්හ:{7} ‘ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං මයං ලාභිනො’ති යං නො ආයස්මා අනුරුද්ධො භගවතො සම්මුඛා යාව ආසවානං ඛයා පකාසෙසී”ති?
Sinhala BJT“යම් හෙයකින් ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අපගේ ආස්‍රවක්‍ෂය කිරීම තෙක් ගුණ පැවසී ද, (එසේ පැවසීමට) කිම, ‘අපි මේ මේ (ලෞකික ලෝකෝත්තර) විහාරසමාපත්ති ලැබුවමෝ වෙමු’යි අපි අනුරුද්ධ ආයුෂ්මතුන්ට මෙසේ සැළ කළමෝ දැයි?” [අධිගම අප්පිච්ඡතායෙන් මෙසේ කීහු.]
Pali BJT34. න ඛො මෙ ආයස්මන්තො එවමාරොචෙසුං: ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං මයං ලාභිනොති; අපි ච{1} මෙ ආයස්මන්තානං චෙතසා චෙතො පරිච්ච විදිතො: ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ඉමෙ ආයස්මන්තො ලාභිනොති. දෙවතාපි මෙ එතමත්ථං ආරොචෙසුං: ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ආයස්මන්තො ලාභිනොති. තං{2} මෙ භගවතා පඤ්හාභි පුට්ඨෙන බ්යාකතන්ති.
Sinhala BJT34. ආයුෂ්මත්හු ‘අපි මේ මේ විහාරසමාපත්තීන් ලැබුවෙමු’යි මට මෙසේ නො කීහ. එහෙත් මේ ආයුෂ්මත්හු ‘මේ මේ විහාරසමාපත්තීන් ලැබුවාහු ය’යි මාගේ සිතින් ආයුෂ්මතුන්ගේ සිත් පිරිසිඳ දක්නා ලදී. ආයුෂ්මත්හු ‘මේ මේ විහාරසමාපත්තීන් ලැබුවාහු ය’යි දෙවියෝ ද මට මේ කරුණ සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරණ ලද මා විසින් මේ කාරණය ප්‍රකාශ කරණ ලදී.
Pali BJT35. අථ ඛො දීඝො පරජනො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො දීඝො පරජනො යක්ඛො භගවන්තං එතදවොච: “ලාභා භන්තෙ{3} වජ්ජීනං, සුලද්ධලාභා වජ්ජිපජාය,{4} යත්ථ තථාගතො විහරති අරහං සම්මාසම්බුද්ධො, ඉමෙ ච තයො කුලපුත්තා, ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො”ති.
Sinhala BJT35. ඉක්බිති දීඝ පරජන නම් (යක් සෙනෙවි) දෙව් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දීඝ පරජන දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කලේ ය: වහන්ස, යම් වජ්ජිජනපදයක තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ වැඩ වසනසේක් ද, ආයුෂ්මත් අනුරුද්ධ ආයුෂ්මත් නන්‍දිය ආයුෂ්මත් කිම්බිල යන මේ කුලපුත්‍රයෝ තිදෙනෙක් වෙසෙත් ද, එය ඒ වජ්ජින්ට ලාභ ය. වජ්ජිප්‍රජාව විසින් යහපත් සේ ලද ලාභ ය.
Pali BJT36. දීඝස්ස පරජනස්ස යක්ඛස්ස සද්දං සුත්වා භුම්මා දෙවා සද්දමනුස්සාවෙසුං: “ලාභා වත භො වජ්ජීනං, සුලද්ධලාභා වජ්ජිපජාය, යත්ථ තථාගතො විහරති අරහං සම්මාසම්බුද්ධො, ඉමෙ ච තයො කුලපුත්තා ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො”ති. භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුමහාරාජිකා දෙවා -පෙ- තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම්මානරතී දෙවා -පෙ- පරනිම්මිතවසවත්තිනො දෙවා{5} -පෙ- බ්රහ්මකායිකා දෙවා සද්දමනුස්සාවෙසුං: ලාභා වත භො වජ්ජීනං, සුලද්ධලාභා වජ්ජිපජාය, යත්ථ තථාගතො විහරති අරහං සම්මාසම්බුද්ධො, ඉමෙ ච තයො කුලපුත්තා, ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලොති. ඉතිහ තෙ ආයස්මන්තො තෙන ඛණෙන තෙන මුහුත්තෙන යාවබ්රහ්මලොකා විදිතා අහෙසුං.
Sinhala BJT36. දීඝ පරජන දෙව්රජුගේ ශබ්දය අසා බූමාටු දෙවියෝ “පින්වත්නි, යම් වජ්ජිජනපදයෙක තථාගත අර්‍හත් සම්මාසම්බුදු රජානන් වහන්සේ වැඩ වසන සේක් ද, ආයුෂ්මත් අනුරුද්ධ ආයුෂ්මත් නන්‍දිය ආයුෂ්මත් කිම්බිල යන කුලපුත්‍රයෝ තිදෙනත් වෙසෙද් ද, පින්වත්නි, ඒකාන්තයෙන් ඒ වජ්ජින්ට ලාභ ය. වජ්ජිප්‍රජාව විසින් යහපත් සේ ලද ලාභ ය” යි ශබ්ද ඇස්වූහ. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ … තව්තිසා දෙවියෝ … යාම දෙවියෝ … තුසිත දෙවියෝ … නිර්‍මාණරති දෙවියෝ … පරනිර්මිත-වශවර්ති දෙවියෝ … බ්‍රහ්මකායික දෙවියෝ “පින්වත්නි, යම් වැදැරටෙක තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක් ද, ආයුෂ්මත් අනුරුද්ධ ආයුෂ්මත් නන්‍දිය ආයුෂ්මත් කිම්බිල, යන මේ කුලපුත්‍රයෝ තිදෙනෙක් වෙසෙත් ද, එය ඒකාන්තයෙන් වජ්ජින්ට ලාභ ය. වජ්ජිප්‍රජාව විසින් යහපත් සේ ලද ලාභ ය” යි ශබ්ද ඇස්වූහ. මෙසේ ඒ ආයුෂ්මත්හු එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් ප්‍රසිද්ධ වූහ.
Pali BJT37. එවමෙතං දීඝ, එවමෙතං දීඝ යස්මාපි දීඝ, කුලා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා, තඤ්චෙපි කුලං එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තං අනුස්සරෙය්ය, තස්සපස්ස{6} කුලස්ස දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT37. දීඝය, ඒ එසේ ය. දීඝය, ඒ එසේ ය. දීඝය, යම් කුලයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ කුලයත් මේ කුලපුතුන් පහන්සිතැති ව සිහි කරන්නේ නම්, ඒ කුලයට ද දීඝකාලයෙහි හිතසැප පිණිස වන්නේ ය.
Pali BJT38. දීඝ, යස්මාපි කුලපරිවට්ටා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සො චෙපි කුලපරිවට්ටො එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තො අනුස්සරෙය්ය, තස්සපස්ස කුලපරිවට්ටස්ස දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT38. දීඝය, යම් කුලපරපුරෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඒ කුලපරපුරත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ කුලපරපුරට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.
Pali BJT39. යස්මාපි දීඝ, ගාමා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සො චෙපි ගාමො එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තො අනුස්සරෙය්ය, තස්සපස්ස{1} ගාමස්ස දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT39. දීඝය, යම් ගමෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඒ ගමත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ ගමට ද බොහෝ කලක් හිතසැප පිණිස වන්නේ ය.
Pali BJT40. යස්මාපි දීඝ, නිගමා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සො චෙපි නිගමො එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තො අනුස්සරෙය්ය, තස්සපස්ස නිගමස්ස දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT40. දීඝය, යම් නියම්ගමෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ නියම්ගමත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ නියම් ගමට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.
Pali BJT41. යස්මාපි දීඝ, නගරා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා, තඤ්චෙපි නගරං එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තං අනුස්සරෙය්ය, තස්සපස්ස නගරස්ස දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT41. දීඝය, යම් නගරයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ නගරයත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ නගරයට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.
Pali BJT42. යස්මාපි දීඝ, ජනපදා එතෙ තයො කුලපුත්තා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සො චෙපි ජනපදො එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තො අනුස්සරෙය්ය, තස්සපස්ස ජනපදස්ස දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT42. දීඝය, යම් ජනපදයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ ජනපදයත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ ජනපදයට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.
Pali BJT43. සබ්බෙ චෙපි දීඝ, ඛත්තියා එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තා අනුස්සරෙය්යුං, සබ්බෙසානම්පස්ස{2} ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT43. දීඝය, ඉදින් සියලු ක්‍ෂත්‍රියයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නාහු නම් සියලු ක්‍ෂත්‍රියයන්ට ද දිගුකලක් හිත සැප පිණිස වන්නේ ය.
Pali BJT44. සබ්බෙ චෙපි දීඝ, බ්රාහ්මණා{3} එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තා අනුස්සරෙය්යුං, සබ්බෙසානම්පස්ස බ්රාහ්මණානං දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT44. දීඝය, ඉදින් සියලු බ්‍රාහ්මණයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු බ්‍රාහ්මණයන්ට ද දිගු කලක් හිත සැප පිණිස වන්නේ ය.
Pali BJT45. සබ්බෙ චෙපි දීඝ, වෙස්සා{4} එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තා අනුස්සරෙය්යුං, සබ්බෙසානම්පස්ස වෙස්සානං දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT45. දීඝය, ඉදින් සියලු වෛශ්‍යයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු වෛශ්‍යයන්ට ද දිගු කලක් හිත සැප පිණිස වන්නේ ය.
Pali BJT46. සබ්බෙ චෙපි දීඝ, සුද්දා එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තා අනුස්සරෙය්යුං, සබ්බෙසානම්පස්ස සුද්දානං දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT46. දීඝය, ඉදින් සියලු ශුද්‍රයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු ශුද්‍රයන්ට ද දිගුකලක් හිත සැප පිණිස වන්නේ ය.
Pali BJT47. සදෙවකො චෙපි දීඝ, ලොකො සමාරකො සබ්රහ්මකො, සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා එතෙ තයො කුලපුත්තෙ පසන්නචිත්තා අනුස්සරෙය්ය, සදෙවකස්ස පස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJT47. දීඝය, ඉදින් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය ද, දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහිකරන්නාහු ද … බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.
Pali BJT48. පස්ස දීඝ, යාවඤ්චෙතෙ තයො කුලපුත්තා බහුජනහිතාය පටිපන්නා බහුජනසුඛාය ලොකානුකම්පකාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJT48. දීඝය, මේ කුලපුත්‍රයෝ තිදෙන යම් තාක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස පිළිපන්නාහු යයි දකුව.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො දීඝො පරජනො යක්ඛො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති දීඝ පරජන දෙව්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළි ගත්තේ ය.
Pali BJTචූළගොසිඞ්ගසුත්තං පඨමං.
Sinhala BJTචූළගෝසිඞ්ග සූත්‍රය පළමුවැනි යි.
Pali BJT1. 4. 2.
Sinhala BJT1. 4. 2.
Pali BJTමහාගොසිඞ්ගසුත්තං
Sinhala BJTමහාගෝසිඞ්ග සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා ගොසිඞ්ගසාලවනදායෙ විහරති සම්බහුලෙහි අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද්ධිං: ආයස්මතා ච සාරිපුත්තෙන ආයස්මතා ච මහාමොග්ගල්ලානෙන ආයස්මතා ච මහාකස්සපෙන ආයස්මතා ච අනුරුද්ධෙන ආයස්මතා ච රෙවතෙන ආයස්මතා ච ආනන්දෙන – අඤ්ඤෙහි ච අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද්ධිං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගොසිඞ්ගසාලවන ළැව්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන, ආයුෂ්මත් මහාකාශ්‍යප, ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් රේවත, ආයුෂ්මත් ආන්න්‍ද යන ඉපහළ ස්ථවිර ශ්‍රාවකයන් හා අන්‍ය වූ ඉපහළ ස්ථවිර ශ්‍රාවකයන් හා ද සමඟ වැඩ වසන සේක.
Pali BJT2. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකස්සපො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකස්සපං එතදවොච: ආයාමාවුසො කස්සප යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිස්සාම ධම්මසවණායාති. එවමාවුසොති ඛො ආයස්මා මහාකස්සපො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසි.
Sinhala BJT2. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන තෙරණුවෝ සවස්වරුයෙහි ඵලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන්ට තෙල සැළ කලහ. “ආයුෂ්මත් කාශ්‍යපයෙනි, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත ධර්‍මශ්‍රවණය සඳහා යම්හ” කියා යි. “ඇවැත්නි, එසේ යැ”යි මහා කාශ්‍යප තෙරණුවෝ මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දුන්හ.
Pali BJT3. අථ ඛො ආයස්මා ච මහාමොග්ගල්ලානො ආයස්මා ච මහාකස්සපො ආයස්මා ච අනුරුද්ධො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු ධම්මසවණාය. අද්දසා ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තඤ්ච මහාමොග්ගල්ලානං ආයස්මන්තඤ්ච මහාකස්සපං ආයස්මන්තඤ්ච අනුරුද්ධං යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමන්තෙ ධම්මසවණාය. දිස්වාන යෙනායස්මා රෙවතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං රෙවතං එතදවොච: උපසඞ්කමන්තා ඛො අමූ ආවුසො රෙවත සප්පුරිසා යෙනායස්මා සාරිපුත්තො තෙන ධම්මසවණාය. ආයාමාවුසො රෙවත යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිස්සාම ධම්මසවණායාති. එවමාවුසොති ඛො ආයස්මා රෙවතො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා ච රෙවතො ආයස්මා ච ආනන්දො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු ධම්මසවණාය.
Sinhala BJT3. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද, ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද, ආයුෂ්මත් අනුරුත් තෙරණුවෝ ද ධර්‍මශ්‍රවණය පිණිස සැරියුත් තෙරණුවන් වෙත එළඹියාහු ය. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත ධර්‍මශ්‍රවණය පිණිස එළඹෙන ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ද, ආයුෂ්මත් මහසුප් තෙරුන් ද, ආයුෂ්මත් අනුරුත් තෙරුන් ද දුටහ. දැක ආයුෂ්මත් රේවත තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් රේවත තෙරණුවන්ට තෙල සැළ කෙළේ ය: “ආයුෂ්මත් රේවතයෙනි, මේ සත්පුරුෂයෝ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් කරා ධර්‍මශ්‍රවණය කරණු පිණිස එළඹෙත්. ඇවැත් රේවතයෙනි, ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ කරා ධර්‍මශ්‍රවණය පිණිස යම්හ”යි කියා යි. ‘එසේ ය’යි ආයුෂ්මත් රේවත තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වෙත ධර්‍මශ්‍රවණය පිණිස එළඹියාහු ය.
Pali BJT4. අද්දසා ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තඤ්ච රෙවතං ආයස්මන්තඤ්ච ආනන්දං දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන ආයස්මන්තං ආනන්දං එතදවොච: “එතු ඛො ආයස්මා ආනන්දො, සාගතං ආයස්මතො ආනන්දස්ස භගවතො උපට්ඨාකස්ස භගවතො සන්තිකාවචරස්ස. රමණීයං ආවුසො ආනන්ද ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බපාලිඵුල්ලා{1} සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො ආනන්ද භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති?
Sinhala BJT4. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් ද, ආයුෂ්මත් රේවත තෙරණුවන් ද එනුවන් දුරැ ම දුටහ. දැක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල කීහ: “ආයුෂ්මත් ආනන්‍දතෙමේ ඒවා. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ ඔබගේ සන්තිකාවචර වු ආනන්‍දහට ස්වාගත වේවා. ඇවැත් ආනන්‍දයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය (අභ්‍රමහිකාදි) දොස්රහිත ය. (පහන් ය). වෘක්‍ෂයෝ සවාරෙන් (මුලපටන් අග තෙක්) පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්‍දයෙනි, කෙබඳු භික්‍ෂුනමකගෙන් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?
Pali BJT[ආයස්මා ආනන්දො:]
Sinhala BJT[ආයුෂ්මත් ආනන්‍ද:]
Pali BJT5. “ඉධාවුසො සාරිපුත්ත, භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො චතස්සන්නං{1} පරිසානං ධම්මං දෙසෙති පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි අප්පබද්ධෙහි{2} අනුසයසමුග්ඝාතාය. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT5. “ශාරිපුත්‍රයන් වහන්ස, මෙහි (යම්) මහණෙක් බහුශ්‍රුත වේ ද, ඇසූ දැය දරන්නේ වේ ද, ඇසූ දැය රැස්වූ තැනෙක් වේ ද, යම් ඒ ධර්‍මයෝ ආදිකල්‍යාණ වෙත් ද, මධ්‍යකල්‍යාණ වෙත් ද, පරියොසාන කල්‍යාණ වෙත් ද, සාර්‍ත්‍ථ වෙත් ද, සව්‍යඤ්ජන වෙත් ද, කේවල පරිපූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් ද, ඔහු විසින් එබඳු ධර්‍මයෝ බොහෝ කොට අසන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු. සිතින් නැවත නැවත පරීක්‍ෂා කරන ලද්දාහු, ප්‍රඥාවෙන් මනා ව අවබෝධ කරන ලද්දාහු වෙද් ද, හේ සප්ත අනුශයයන් නැසීම පිණිස සිවුපිරිසට පිරිමඩුලු වූ ප්‍රබද්ධ නො වූ (අතර නැති ව පවත්නා) පද ව්‍යඤ්ජනයෙන් යුක්ත ව දහම් දෙසා ද, ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, මෙවැනි මහණහුගෙන් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය.”
Pali BJT6. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං රෙවතං එතදවොච: බ්යාකතං ඛො ආවුසො රෙවත ආයස්මතා ආනන්දෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං රෙවතං පුච්ඡාම. රමණීයං ආවුසො රෙවත ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බපාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො රෙවත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යාති?
Sinhala BJT6. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රේවත තෙරණුවන්ට මෙය කීහ: ඇවැත් රේවතයෙනි, ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් විසින් සිය වටහනු පරිදි ප්‍රකාශ කරන ලදී. එහි දැන් අපි ආයුෂ්මත් රේවත තෙරණුවන් විචාරම්හ: ඇවැත් රේවතයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්‍ෂයෝ හැමතැන මලින් සැදියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් රේවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්‍ෂුනමක් නිසා ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?
Pali BJT[ආයස්මා රෙවතො:]
Sinhala BJT[ආයුෂ්මත් රේවත:]
Pali BJT7. “ඉධාවුසො සාරිපුත්ත, භික්ඛු පටිසල්ලාණාරාමො හොති පටිසල්ලාණරතො, අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො, අනිරාකතජ්ඣානො, විපස්සනාය සමන්නාගතො, බ්රූහෙතා සුඤ්ඤාගාරානං. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT7. “ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, මෙහි යම් මහණෙක් පල සමවත් අරම් කොට ඇත්තේ පලසමවතෙහි ඇලුණේ වේ ද, තමා තුල චිත්තසමාධියෙන් යුක්ත වූයේ ද, බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ වේ ද, විදර්‍ශනාවෙන් යුක්ත වූයේ වේ ද, ශුන්‍යාගාර (විදර්‍ශනා) වඩන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු භික්‍ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වෙයි”.
Pali BJT8. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: බ්යාකතං ඛො ආවුසො අනුරුද්ධ ආයස්මතා රෙවතෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං අනුරුද්ධං පුච්ඡාම: රමණීයං ආවුසො අනුරුද්ධ ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බපාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථං රූපෙන ආවුසො අනුරුද්ධ භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යාති?
Sinhala BJT8. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රේවත තෙරණුවන් විසින් සිය වටහනු පරිදි ප්‍රකාශ කරන ලදී. එහි දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරම්හ: ඇවැත් අනුරුද්ධයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්‍ෂයෝ සර්‍වාකාරයෙන් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්‍ෂූ විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
Pali BJT[ආයස්මා අනුරුද්ධො:]
Sinhala BJT[ආයුෂ්මත් අනුරුද්ධ:]
Pali BJT9. “ඉධාවුසො සාරිපුත්ත, භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං ඔලොකෙති{3}. සෙය්යථාපි ආවුසො සාරිපුත්ත චක්ඛුමා පුරිසො උපරිපාසාදවරගතො සහස්සං නෙමිමණ්ඩලානං ඔලොකෙය්ය, එවමෙව ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං ඔලොකෙති. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT9. “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මේ ශාසනයෙහි යම් මහණෙක් ඉතා පිරිසිදු (කෙලෙස්මල සුන්) මිනිසැස ඉක්ම සිටි දිවඇසින් සහස්‍රලෝකධාතුව බලා ද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් වරපහාතලමතට ගියේ (පහාපිරිවෙන්හි නැබ පිහිටි) නිම්මඩුලු දහස් යම් සේ බලන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඒ මහණ එපරිද්දෙන් ම මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවඇසින් සහස්‍රලෝකධාතුව බලයි. ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මෙබඳු ස්වරූප ඇති භික්‍ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය.”
Pali BJT10. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකස්සපං එතදවොච: බ්යාකතං ඛො ආවුසො කස්සප ආයස්මතා අනුරුද්ධෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං මහාකස්සපං පුච්ඡාම: රමණීයං ආවුසො කස්සප ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බපාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො කස්සප භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යාති?
Sinhala BJT10. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්විරයන් වහන්සේ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට තෙල සැළ කළහ: ඇවැත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධයන් විසින් තමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි ලා අපි දැන් ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විචාරම්හ: ඇවැත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්ස, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්‍ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, කෙබඳු ස්වරූප ඇති භික්‍ෂූ විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?
Pali BJT[ආයස්මා මහාකස්සපො:]
Sinhala BJT[ආයුෂ්‍මත් මහාකාශ්‍යප:]
Pali BJT11. “ඉධාවුසො සාරිපුත්ත භික්ඛු අත්තනා ච ආරඤ්ඤකො හොති ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පිණ්ඩපාතිකො හොති පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පංසුකූලිකො හොති පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච තෙචීවරිකො හොති තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච අප්පිච්ඡො හොති අප්පිච්ඡතාය ච වණ්ණවාදී. අත්තනා ච සන්තුට්ඨො හොති සන්තුට්ඨියා ච වණ්ණවාදී. අත්තනා ච පවිවිත්තො හොති පවිවෙකස්ස ච වණ්ණවාදී. අත්තනා ච අසංසට්ඨො හොති අසංසග්ගස්ස ච වණ්ණවාදී. අත්තනා ච ආරද්ධවිරියො{1} හොති විරියාරම්භස්ස ච වණ්ණවාදී. අත්තනා ච සීලසම්පන්නො හොති සීලසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච සමාධිසම්පන්නො හොති සමාධිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති පඤ්ඤාසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිසම්පන්නො හොති විමුත්තිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති විමුත්තිඤාණදස්සනසම්පදාය ච වණ්ණවාදී. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT11. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් තෙමේත් ආරණ්‍යක වූයේ ආරණ්‍යකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතිකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පාංශුකූලික වූයේ පාංශුකූලිකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් තෙචීවරික වූයේ තෙචීවරිකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සන්තුෂ්ට වූයේ දශවිධසන්තෝෂයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ ප්‍රකර්‍ෂවිවේකයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් කුලය කෙරෙහි ගණයා කෙරෙහි නො ඇලුනේ අසංසර්‍ගයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් රැකුළුවැර ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පන්නයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි මෙ වැනි භික්‍ෂූ විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය.”
Pali BJT12. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: බ්යාකතං ඛො ආවුසො මොග්ගල්ලාන ආයස්මතා මහාකස්සපෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුච්ඡාම: රමණීයං ආවුසො මොග්ගල්ලාන ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බපාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො මොග්ගල්ලාන භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යාති?
Sinhala BJT12. මෙසේ ප්‍රකාශ කළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාමෙෳද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට තෙල සැල කළහ: ඇවැත් මෙෳද්ගල්‍යානයෙනි, ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. දැන් අපි මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ විචාරම්හ. “ඇවැත් මොග්ගල්ලානයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂාපගත ය. ශාලවෘක්‍ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් මොග්ගල්ලානයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්‍ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?
Pali BJT[ආයස්මා මහාමොග්ගල්ලානො:]
Sinhala BJT[ආයුෂ්‍මත් මහමුගලන්:]
Pali BJT13. “ඉධාවුසො සාරිපුත්ත ද්වෙ භික්ඛූ අභිධම්මකථං කථෙන්ති. තෙ අඤ්ඤමඤ්ඤං පඤ්හං පුච්ඡන්ති.{2} අඤ්ඤමඤ්ඤස්ස පඤ්හං පුට්ඨා විස්සජ්ජෙන්ති නො ච සංසාදෙන්ති.{3} ධම්මී ච නෙසං කථා පවත්තිතී හොති. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT13. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු දෙදෙනෙක් අභිධර්‍මකථා කෙරෙද් ද, ඔහු ඔවුනොවුන් ප්‍රශ්න අසත් ද, ඔවුනොවුන් ඇසූ ප්‍රශ්න විසඳත් ද, කරුණු යටපත් නො කරත් ද, ඔවුන්ගේ ධර්‍මකථා නො කඩවා පවත්නාසුලු වේ ද, ඇවැත්නි, මෙබඳු ස්වරූප ඇති භික්‍ෂුනමගෙන් ගෝසිඞ්ගසාලවනය හොබනේ වෙයි.”
Pali BJT14. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “බ්යාකතං ඛො ආවුසො සාරිපුත්ත අම්හෙහි සබ්බෙහෙව යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං සාරිපුත්තං පුච්ඡාම: රමණීයං ආවුසො සාරිපුත්ත ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති?
Sinhala BJT14. ඉක්බිතහි ආයුෂ්මත් මහාමෙෳද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට තෙල සැළ කළහ: “ඇවැත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, අප සියල්ලන් විසින් ම සිය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ විචාරම්හ. ඇවැත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂරහිත වෙයි. වෘක්‍ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, කෙබඳු ස්වරූප ඇති භික්‍ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
Pali BJT[ආයස්මා සාරිපුත්තො:]
Sinhala BJT[ආයුෂ්මත් සැරියුත්:]
Pali BJT15. “ඉධාවුසො මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තෙති, නො ච භික්ඛු චිත්තස්ස වසෙන වත්තති. සො යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බන්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති මජ්ඣන්තිකං{1} සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. සෙය්යථාපි ආවුසො මොග්ගල්ලාන රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකො පූරො අස්ස. සො යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය පුබ්බන්හසමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං පුබ්බන්හසමයං පාරුපෙය්ය, යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය මජ්ඣන්තිකං සමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං මජ්ඣන්තිකං සමයං පාරුපෙය්ය, යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය සායන්හසමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං සායන්හසමයං පාරුපෙය්ය. එවමෙව ඛො ආවුසො මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තෙති, නො ච භික්ඛු චිත්තස්ස වසෙන වත්තති. සො යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බන්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. එවරූපෙන ඛො ආවුසො මොග්ගල්ලාන භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT15. “ඇවැත් මෙෳද්ගල්‍යායනයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් සියසිත තමා වසයෙහි පවත්වා ද, යම් මහණෙක් චිත්තයාගේ වශයෙන් නො පවත්නේ වේ ද, හෙතෙම යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලයෙහි වසන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වසයි, යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යාහ්නකාලයෙහි වාස කරන්ට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහනකාලයෙහි වසයි. යම් විහාරසමාපත්තියෙකින් සවස් කාලය ගත කරන්ට කැමැති නම්, ඒ විහාරසමාපත්තියෙන් සවස් කාලය ගත කරයි. ඇවැත් මෙෳද්ගල්‍යානයෙනි, යම් සේ රජකුගේ හෝ රාජමහාමාත්‍රයකුගේ හෝ සලුපෙට්ටිය නොයෙක් පැහැයෙන් රඳනා ලද වස්ත්‍රයන්ගෙන් පිරුණේ වේ ද, හේ යම් යම් සළුසඟළක් පෙරවරුයෙහි පෙරවීමට සතුටු වේ නම්, පෙරවරුයෙහි ඒ සළුසඟළම පොරවන්නේ වෙයි. යම් යම් සළුසඟළක් මධ්‍යාහ්නවේලාවෙහි පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළම මධ්‍යාහ්නවේලාවෙහි පොරවන්නේ වෙයි. යම් යම් සළුසඟළක් සවස්කාලයෙහි පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළම සවස්කාලයෙහි පොරොවයි. ඇවැත් මොග්ගල්ලානයෙනි, එපරිද්දෙන් ම යම් මහණෙක් සිත සියවසයෙහි පවත්වා ද, යම් මහණෙක් චිත්තයාගේ වශයෙන් නො වෙසෙයි ද, හෙ යම් විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වසන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වස යි. යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යාහ්නකාලයෙහි වසන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහ්නකාලයෙහි වසයි. යම් විහාරසමාපත්තියෙකින් සවස් කාලය වාස කරන්ට කැමැති නම්, ඒ විහාරසමාපත්තියෙන් සවස් කාලය වසයි. ඇවැත් මෙෳද්ගල්‍යානයෙනි, මෙබඳු ස්වරූප ඇති භික්‍ෂූ විසින් ගෝසිඞ්ගසාලවනය ශෝභන වන්නේ ය.”
Pali BJT16. අථ ඛො ආයස්මා සාරිපුත්තො තෙ ආයස්මන්තෙ එතදවොච: බ්යාකතං ඛො ආවුසො අම්හෙහි සබ්බෙහෙව යථා සකං පටිභානං. ආයාමාවුසො යෙන භගවා තෙනුපසඞ්කමිත්වා එතමත්ථං භගවතො ආරොචෙස්සාම, යථා නො භගවා බ්යාකරිස්සති තථා නං ධාරෙස්සාමා’ති. එවමාවුසොති ඛො තෙ ආයස්මන්තො ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං.
Sinhala BJT16. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ඒ ආයුෂ්මත්නට තෙල කීහ: “ඇවැත්නි, අප හැම විසින් ම තමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. ඇවැත්නි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වෙසෙත් නම් එතැනට පැමිණ තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ. භාග්‍යවතුන් වහන්සේ අපට යම් ලෙසකින් වදාරණ සේක් නම් එසේ එය දරම්හ යි. ඒ ආයුෂ්මත්හු ‘එසේ ය, ඇවැත්නි යි’ ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේට පිළිවදන් දුන්හ.
Pali BJT17. අථ ඛො තෙ ආයස්මන්තො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “ඉධ භන්තෙ ආයස්මාච රෙවතො ආයස්මාච ආනන්දො යෙනාහං තෙනුපසඞ්කමිංසු ධම්මසවණාය. අද්දසං ඛො අහං භන්තෙ ආයස්මන්තඤ්ච රෙවතං ආයස්මන්තඤ්ච ආනන්දං දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන ආයස්මන්තං ආනන්දං එතදවොචං: එතු ඛො ආයස්මා ආනන්දො. සාගතං ආයස්මතො ආනන්දස්ස භගවතො උපට්ඨාකස්ස භගවතො සන්තිකාවචරස්ස. රමණීයං ආවුසො ආනන්ද ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො ආනන්ද භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT17. ඉක්බිති ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කලහ: “වහන්ස, මෙහි ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද මා කරා බණ අසනු සඳහා පැමිණියාහු ය. වහන්ස, මම ආයුෂ්මත් රේවතතෙරුන් හා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ද දුර ම එන්නවුන් දැක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල කීමි: ‘ආයුෂ්මත් ආනන්‍දයෝ එත්වා. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ භාග්‍යවතුන් වහන්සේගේ සන්තිකාචර වූ ආයුෂ්මත් ආනන්‍දයන්ගේ යහපත් පැමිණීමෙකි. ආයුෂ්මත් ආනන්‍දයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් වෙයි. වෘක්‍ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්‍දයෙනි, කෙබඳු ස්වරූප ඇති මහණකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
Pali BJT18. එවං වුත්තෙ භන්තෙ ආයස්මා ආනන්දො මං එතදවොච: “ඉධාවුසො සාරිපුත්ත භික්ඛු බහුස්සුතො හොති සුතධරො{*} සුතසන්නිචයො. යෙ{†} තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{1} වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො චතස්සන්නං පරිසානං ධම්මං දෙසෙති පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි අප්පබද්ධෙහි අනුසයසමුග්ඝාතාය. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT18. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍දතෙරණුවෝ මට මෙසේ කීහ: ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මේ ශාසනයෙහි මහණෙක් බහුශ්‍රුත වූයේ ඇසූ දැය දරන්නේ ඇසූ දෙය රැස් කළ තැනෙක් වේද, යම් ඒ ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ වෙද් ද, මද්ධ්‍යකල්‍යාණ වෙද් ද, පර්‍ය්‍යවසාන කල්‍යාණ වෙද් ද, අර්‍ත්‍ථ සහිත වෙත් ද, ව්‍යඤ්ජනසහිත වෙද් ද, කේවල පරිපූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එ ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් නැවැත නැවැත පරීක්‍ෂා කරණ ලද්දාහු, නුවණින් මනා කොට අවබෝධ කරණ ලද්දාහු වෙත් ද, හෙතෙමේ පිරිමඬුලු වූ අප්‍රබද්ධ වූ (මනාසේ ගැළපීම් ඇති) පදව්‍යඤ්ජනයෙන් අනුසය නස්නා පිණිස සිවුපිරිසට දහම් දෙසා ද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මෙබඳු ස්වරූප ඇති මහණහු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ” යි.
Pali BJT19. “සාධු සාධු සාරිපුත්ත, යථා තං ආනන්දොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. ආනන්දො හි සාරිපුත්ත බහුස්සුතො සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා,{1} වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො චතස්සන්නං පරිසානං ධම්මං දෙසෙති පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි අප්පබද්ධෙහි අනුසයසමුග්ඝාතායා”ති.
Sinhala BJT19. “ශාරිපුත්‍රය, මැනැව, මැනැව. ආනන්‍ද තෙමේ ම තම අදහස මැනැවින් පවසනුයේ යම් සේ පවසන්නේ ද, ආනන්‍ද විසින් එය එසේ ම පවසන ලදී (බහුශ්‍රැතභාවය වූ තම අදහස පරිදි ම කියන ලදී.) ආනන්‍ද තෙමේ බහුශ්‍රුත ය. ශ්‍රැතධර ය. ඇසූ දෙය රැස් වූ තැනෙකි. යම් ඒ ධර්‍මයෝ ආදිකල්‍යාණ මද්ධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වෙද්ද, සාර්‍ත්‍ථ වෙද්ද, සබ්‍යඤ්ජන වෙද්ද, කේවලපරිපූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එවැනි ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. දරණ ලද්දාහු ය. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු ය. සිතින් නැවත නැවත පරීක්‍ෂා කරණ ලද්දාහු ය. ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු ය. හෙ අප්‍රබද්ධ (විශද) වූ පිරිමඬුලු වූ පදව්‍යඤ්ජනයෙන් අනුසය (කෙලෙස්) නැති කිරීම පිණිස සිවුපිරිසට ධර්‍මදේශනා කෙරේ.”
Pali BJT20. එවං වුත්තෙ අහං භන්තෙ ආයස්මන්තං රෙවතං එතදවොචං: “බ්යාකතං ඛො ආවුසො රෙවත ආයස්මතා ආනන්දෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං රෙවතං පුච්ඡාම: රමණීයං ආවුසො රෙවත ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො රෙවත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT20. වහන්ස, (ආයුෂ්මත් ආනන්‍ද) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් රේවත තෙරණුවන්ට තෙල කීමි: “ඇවැත් රේවතයෙනි, ආනන්‍ද තෙරුන් විසින් තම වැටහීම අනුව ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් රේවත තෙරුන් විචාරම්හ: ඇවැත් රේවතයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂවිරහිත ය. වෘක්‍ෂයෝ සර්‍වප්‍රකාරයෙන් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් රේවතයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්‍ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
Pali BJT21. එවං වුත්තෙ භන්තෙ ආයස්මා රෙවතො මං එතදවොච: “ඉධාවුසො සාරිපුත්ත භික්ඛු පටිසල්ලාණාරාමො හොති, පටිසල්ලාණරතො, අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො, විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT21. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් රේවත තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් පලසමවත් අරම් කොට ඇත්තේ පලසමවත්හි ඇලුණේ වේ ද, තමන් තුල චිත්තසමාධියෙන් යුක්ත වූයේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ වේ ද, විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාර වඩන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු භික්‍ෂු විසින් ගෝසිඞ්ගසාලවනය ශෝභන වන්නේ ය”යි.
Pali BJT22. “සාධු සාධු සාරිපුත්ත, යථා තං රෙවතොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. රෙවතො හි සාරිපුත්ත පටිසල්ලාණාරාමො පටිසල්ලාණරතො, අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො, විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරාන”න්ති.
Sinhala BJT22. “ශාරිපුත්‍රය, මැනැව මැනැව. රේවත තෙමේ ම තම අදහස මනාකොට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එහෙයින් රේවත විසින් එය (ධ්‍යානාභිරතිය) පවසන ලදී. ශාරිපුත්‍රය, රේවත තෙමේ පලසමවත අරම් කොට ඇත්තේ ය. පලසමවත්හි ඇලුණේ ය. තමා තුළ සිත සමාධිගත කිරීමෙහි යෙදුණේ තොර නො කළ ධ්‍යාන ඇත්තේ ය. විදර්‍ශනායෙහි යෙදුණේ ශුන්‍යාගාර වඩන්නේ ය.”
Pali BJT23. එවං වුත්තෙ අහං භන්තෙ ආයස්මන්තං අනුරුද්ධං එතදවොචං: “බ්යාකතං ඛො ආවුසො අනුරුද්ධ ආයස්මතා රෙවතෙන{1} යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං අනුරුද්ධං පුච්ඡාම: රමණීයං ආවුසො අනුරුද්ධ ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො අනුරුද්ධ, භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT23. වහන්ස, (ආයුෂ්මත් රේවත) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මට තෙල කීමි: “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රේවත තෙරුන් විසින් තමාගේ වැටහීම අනුව ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් විචාරම්හ: ඇවැත් අනුරුද්ධයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂවිරහිත වෙයි. වෘක්‍ෂයෝ හැම අතින් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු භික්‍ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
Pali BJT24. එවං වුත්තෙ භන්තෙ ආයස්මා අනුරුද්ධො මං එතදවොච: “ඉධාවුසො සාරිපුත්ත භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං ඔලොකෙති.{2} සෙය්යථාපි ආවුසො සාරිපුත්ත චක්ඛුමා පුරිසො{3} උපරිපාසාදවරගතො සහස්සං නෙමිමණ්ඩලානං ඔලොකෙය්ය{4}, එවමෙව ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං ඔලොකෙති. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT24. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි මහණෙක් පිරිසිදු, මිනිසැස ඉක්ම සිටි දිවඇසින් සහස්‍රීලෝකධාතුව බලයි. ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, ඇස් ඇති පුරුෂයෙක් ප්‍රාසාදයෙක්හි මතුතලයට ගියේ (පහ පිරිවෙත්හි) දහසක් නිම්මඬුලු යම් සේ බලන්නේ ද, ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, එපරිද්දෙන් ම මහණ තෙමේ මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් සහස්‍රීලෝකධාතුව බලයි. ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, මෙ වැනි භික්‍ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය යි.”
Pali BJT25. “සාධු සාධු සාරිපුත්ත, යථා තං අනුරුද්ධොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. අනුරුද්ධො හි සාරිපුත්ත දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං ඔලොකෙතී”ති.
Sinhala BJT25. “ශාරිපුත්‍රය, මැනැව මැනැව. අනුරුද්ධ තෙමේ ම තම අදහස පවසනුයේ යම් සේ පවසන්නේ ද, අනුරුද්ධ විසින් එය (දිඛ්ඛචක්ඛුඥාණය) එසේ ම පවසන ලදී. ශාරිපුත්‍රය, අනුරුද්ධ තෙමේ පිරිසිදු, මිනිසැස ඉක්ම සිටි දිවැසින් සහස්‍රීලෝකධාතුව බලන්නේ ය.”
Pali BJT26. එවං වුත්තෙ අහං භන්තෙ ආයස්මන්තං මහාකස්සපං එතදවොචං: “බ්යාකතං ඛො ආවුසො කස්සප ආයස්මතා අනුරුද්ධෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං මහාකස්සපං පුච්ඡාම: රමණීයං ආවුසො කස්සප ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො කස්සප භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති?
Sinhala BJT26. වහන්ස, (ආයුෂ්මත් අනුරුද්ධ) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට තෙල කීමි: “ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විචාරම්හ: ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂාපගත ය. වෘක්‍ෂයෝ සර්‍වප්‍රකාරයෙන් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, කෙබඳු ස්වරූප ඇති භික්‍ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”.
Pali BJTඑවං වුත්තෙ භන්තෙ ආයස්මා මහාකස්සපො මං එතදවොච: “ඉධාවුසො සාරිපුත්ත භික්ඛු අත්තනා ච ආරඤ්ඤකො හොති ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පිණ්ඩපාතිකො හොති පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පංසුකූලිකො හොති පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච තෙචීවරිකො හොති තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච අප්පිච්ඡො හොති අප්පිච්ඡතාය ච වණ්ණවාදී. අත්තනා ච සන්තුට්ඨො හොති සන්තුට්ඨියා ච වණ්ණවාදී. අත්තනා ච පවිවිත්තො හොති පවිවෙකස්ස ච වණ්ණවාදී. අත්තනා ච අසංසට්ඨො හොති අසංසග්ගස්ස ච වණ්ණවාදී. අත්තනා ච ආරද්ධවිරියො හොති විරියාරම්භස්ස ච වණ්ණවාදී. අත්තනා ච සීලසම්පන්නො හොති සීලසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච සමාධිසම්පන්නො හොති සමාධිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති පඤ්ඤාසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිසම්පන්නො හොති විමුත්තිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති විමුත්තිඤාණදස්සනසම්පදාය ච වණ්ණවාදී. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT“වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මට තෙල කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේත් ආරණ්‍යක වූයේ ආරණ්‍යකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පාංශුකූලික වූයේ පාංශුකූලිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් තෙචීවරික වූයේ තෙචීවරිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් අල්පෙච්ඡ වූයේ අල්පේච්ඡභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තෝෂයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ ප්‍රකර්‍ෂවිවේකයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සංසෘෂ්ට නො වූයේ (කුලයෙහි දු ගෙණෙහිදු නො හැනුණේ) අසංසෘෂ්ට භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පටන්ගත් වීර්‍ය ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාවෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු මහණකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය.”
Pali BJT27. “සාධු සාධු සාරිපුත්ත, යථා තං කස්සපොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. කස්සපො හි සාරිපුත්ත අත්තනා ච ආරඤ්ඤකො ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී, අත්තනා ච පිණ්ඩපාතිකො පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී, අත්තනා ච පංසුකූලිකො පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී, අත්තනා ච තෙචීවරිකො තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදී, අත්තනා ච අප්පිච්ඡො අප්පිච්ඡතාය ච වණ්ණවාදී, අත්තනා ච සන්තුට්ඨො සන්තුට්ඨියා ච වණ්ණවාදී, අත්තනා ච පවිවිත්තො පවිවෙකස්ස ච වණ්ණවාදී, අත්තනා ච අසංසට්ඨො අසංසග්ගස්ස ච වණ්ණවාදී, අත්තනා ච ආරද්ධවිරියො වීරියාරම්භස්ස ච වණ්ණවාදී, අත්තනා ච සීලසම්පන්නො සීලසම්පදාය ච වණ්ණවාදී, අත්තනා ච සමාධිසම්පන්නො සමාධිසම්පදාය ච වණ්ණවාදී, අත්තනා ච පඤ්ඤාසම්පන්නො පඤ්ඤාසම්පදාය ච වණ්ණවාදී, අත්තනා ච විමුත්තිසම්පන්නො විමුත්තිසම්පදාය ච වණ්ණවාදී, අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො විමුත්තිඤාණදස්සනසම්පදාය ච වණ්ණවාදී”ති.
Sinhala BJT27. “ශාරිපුත්‍රයෙනි, මැනැව මැනැව. කාශ්‍යප තෙමේ ම මොනවට තම අදහස පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් ම කාශ්‍යපයන් විසින් එය (ධූතවාදය) පවසන ලදී. ශාරිපුත්‍රය, කාශ්‍යප තෙමේ තෙමේත් ආරණ්‍යක වූයේ ආරණ්‍යකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් පාංශුකූලික වූයේ පාංශුකූලිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් තෙචීවරික වූයේ තෙචීවරිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් අල්පෙච්ඡ වූයේ අල්පේච්ඡභාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටභාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ ප්‍රකර්‍ෂවිවේකයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් අසංසට්ඨ වූයේ අසංසට්ඨතාවෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ඇරඹූ වැර ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පත්තියෙහිගුණ කියනසුලු ද වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි.”
Pali BJT28. එවං වුත්තෙ අහං භන්තෙ ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොචං: “බ්යාකතං ඛො ආවුසො මොග්ගල්ලාන ආයස්මතා මහාකස්සපෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුච්ඡාම: රමණීයං ආවුසො මොග්ගල්ලාන ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො මොග්ගල්ලාන භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති?
Sinhala BJT28. වහන්ස, (ආයුෂ්මත් මහාකාශ්‍යප) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් හට තෙල කීමි: ඇවැත් මොග්ගල්ලානයෙනි, ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් විසින් සිය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් විචාරම්හ: ඇවැත් මොග්ගල්ලානයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්‍ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් මොග්ගල්ලානයෙනි කෙබඳු ස්වරූප ඇති භික්‍ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”.
Pali BJT29. එවං වුත්තෙ භන්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො මං එතදවොච: “ඉධාවුසො සාරිපුත්ත ද්වෙ භික්ඛූ අභිධම්මකථං කථෙන්ති, තෙ අඤ්ඤමඤ්ඤං පඤ්හං පුච්ඡන්ති, අඤ්ඤමඤ්ඤස්ස පඤ්හං පුට්ඨා විස්සජ්ජෙන්ති නො ච සංසාදෙන්ති,{1} ධම්මී ච නෙසං කථා පවත්තනී හොති. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJT29. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාමොග්ගල්ලායන තෙරණුවෝ මට තෙල කීහ. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහු දෙදෙනෙක් අභිධර්‍ම කථා කෙරෙත්. ඔහු ඔවුනොවුන් ප්‍රශ්න අසත්. ඔවුනොවුන් විසින් ප්‍රශ්න අසන ලද්දාහු විසඳත්. කරුණු යටපත් නො කරත්. ඔවුන්ගේ දැහැමි කථාව ද පවත්නාසුලු වේ. ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු ස්වරූප ඇති භික්‍ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය”යි.
Pali BJT30. “සාධු සාධු සාරිපුත්ත, යථා තං මොග්ගල්ලානොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. මොග්ගල්ලානො හි සාරිපුත්ත ධම්මකථිකො”ති.
Sinhala BJT30. “ශාරිපුත්‍රයෙනි, මැනැව මැනැව මොග්ගල්ලාන තෙමේ ම තම අදහස (අභිධර්‍මකථිකත්‍වය) මොනොවට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් ම මොග්ගල්ලාන විසින් එය පවසන ලදී. ශාරිපුත්‍රය, මොග්ගල්ලාන තෙමේ ධර්‍මකථිකයෙකි.”
Pali BJT31. එවං වුත්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච: අථ ඛ්වාහං භන්තෙ ආයස්මන්තං සාරිපුත්තං එතදවොචං: “බ්යාකතං ඛො ආවුසො සාරිපුත්ත අම්හෙහි සබ්බෙහෙව යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං සාරිපුත්තං පුච්ඡාම: රමණීයං ආවුසො සාරිපුත්ත ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති?
Sinhala BJT31. මෙසේ කී කල්හි ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: වහන්ස, මම ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් තෙල කීමි: ඇවැත් ශාරිපුත්‍රයෙනි, අප සියලු දෙනාම විසින් ම සිය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විචාරම්හ. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂාපගත ය. වෘක්‍ෂයෝ සර්‍වාකාරයෙන් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ශාරිපුත්‍රයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්‍ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”.
Pali BJT32. එවං වුත්තෙ භන්තෙ ආයස්මා සාරිපුත්තො මං එතදවොච: “ඉධාවුසො මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තෙති, නො ච භික්ඛු චිත්තස්ස වසෙන වත්තති. සො යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බන්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. –
Sinhala BJT32. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් මොග්ගල්ලානයෙනි, මේ ශාසනයෙහි මහණෙක් සිත තමා වශයෙහි පවත්වයි. මහණ තෙමේ චිත්තවශයෙහි නො පවත්නේ වෙයි. හෙ යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලය වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යාහනකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහනකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් සවස්කාලයෙහි වාස කරයි. -
Pali BJTසෙය්යථාපි ආවුසො මොග්ගල්ලාන, රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකො පූරො අස්ස. සො යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය පුබ්බන්හසමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං පුබ්බන්හසමයං පාරුපෙය්ය, යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය මජ්ඣන්තිකං සමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං මජ්ඣන්තිකං සමයං පාරුපෙය්ය, යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය සායන්හසමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං සායන්හසමයං පාරුපෙය්ය; එවමෙව ඛො ආවුසො මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තෙති, නො ච භික්ඛු චිත්තස්ස වසෙන වත්තති. සො යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බන්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති සායන්හසමයං විහරිතුං, තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. එවරූපෙන ඛො ආවුසො මොග්ගල්ලාන භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
Sinhala BJTඇවැත් මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්ස, යම් සේ රජකුගේ හෝ රාජමහාමාත්‍රයකුගේ හෝ සලුපෙට්ටිය නොයෙක් පැහැයෙන් රඳනා ලද වස්ත්‍රයෙන් පිරුණේ ද, හෙ යම් යම් සළුසඟළක් පෙරවරුවේ පෙරවීමට සතුටු වේ නම්, පෙරවරුවේ ඒ සළුසඟළ ම පොරවන්නේ ද, යම් යම් සළුසඟළක් මධ්‍යාහ්න වේලාවේ පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළ ම මධ්‍යාහ්න වේලාවේ පොරවන්නේ ද, යම් යම් සළුසඟළක් සවස්කාලයෙහි පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළ ම සවස්කාලයෙහි පොරවන්නේ ද, ඇවැත් මොග්ගල්ලානයෙනි, මෙපරිද්දෙන් ම මහණෙක් සිත සියවසයෙහි පවත්වයි. මහණෙක් චිත්තයාගේ වශයෙන් නො පවතියි. හෙ යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලය වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහනකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමවතින් සවස්කාලයෙහි වාස කරයි. ඇවැත් මොග්ගල්ලානයෙනි, මෙබඳු ස්වරූප ඇති භික්‍ෂු විසින් ගෝසිඞ්ගසාලවනය ශෝභන වන්නේය.”
Pali BJT32. “සාධු සාධු මොග්ගල්ලාන, යථා තං සාරිපුත්තොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. සාරිපුත්තො හි මොග්ගල්ලාන චිත්තං වසං වත්තෙති. නො ච සාරිපුත්තො චිත්තස්ස වසෙන වත්තති. සො යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බන්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරතී”ති.
Sinhala BJT32. “මොග්ගල්ලානය, මැනැව මැනැව. ශාරිපුත්‍ර තෙමේ ම තම අදහස මොනොවට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් ම ශාරිපුත්‍ර විසින් එය (අචිත්තවසිකභාවය) පවසන ලදී. මොග්ගල්ලානය, ශාරිපුත්‍ර තෙමේ සිත වසඟ කොට වසයි. ශාරිපුත්‍ර තෙමේ ඒකාන්තයෙන් චිත්තයාගේ වශයෙන් නොපවතියි. හෙතෙම යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලය වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් මැදිකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මැදිකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමවතින් සවස්කාලයෙහි වාස කරයි.”
Pali BJT33. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: කස්ස නු ඛො භන්තෙ සුභාසිතන්ති?
Sinhala BJT33. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: භාග්‍යවතුන් වහන්ස, සුභාසිතය කවරකුගේ වේ ද?
Pali BJT34. සබ්බෙසං වො සාරිපුත්ත සුභාසිතං පරියායෙන. අපි ච මමපි{1} සුණාථ යථාරූපෙන භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්ය.{2} ඉධ සාරිපුත්ත භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා ‘න තාවාහං ඉමං පල්ලඞ්කං භින්දිස්සාමි යාව මෙ නානුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී’ති. එවරූපෙන ඛො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යාති.
Sinhala BJT34. ශාරිපුත්‍රය, තොප හැමගේ භාසිතයෝ ඒ ඒ ක්‍රමයෙන් සුභාසිත වෙති. එසේ ද වුවත් යම්බඳු භික්‍ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ නම්, එ පිළිබැඳි මබස ද අසව. ශාරිපුත්‍රය, මේ ශාසනයෙහි යම් මහණෙක් බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැක්කේ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්‍මස්ථානයට අභිමුඛ කොට ‘යම් තාක් මගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදේ ද, ඒ තාක් මේ පලඟ නො බිඳින්නෙමි’යි සිතා හිඳගණී ද, ශාරිපුත්‍රය, මෙ වැනි භික්‍ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය යි. (මෙයින් බුදුහු ජනතානුකම්පාවෙන් පිළිවෙත්සරු කලණ පුහුදුන්ට රහත්බැව් පිණිස තමන් වහන්සේ බෝමැඩදී ඉටු පරිදි චතුරඞ්ගවිරියාධිට්ඨානය දැක්වූ සේ යි.)
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ ආයස්මන්තො භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. සතුටු වූ ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ භාෂිතය අභිනන්‍දන කළහ.
Pali BJTමහාගොසිඞ්ගසුත්තං දුතියං.
Sinhala BJTමහාගෝසිඞ්ග සූත්‍රය දෙවැනි යි.
Pali BJT1. 4. 3.
Sinhala BJT1. 4. 3.
Pali BJTමහාගොපාලකසුත්තං
Sinhala BJTමහාගෝපාලක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJT2. එකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං.{1} කතමෙහි එකාදසහි?
Sinhala BJT2. මහණෙනි, අඞ‍්ග (අයුණු කොටස්) එකොළොසෙකින් සමන්‍වාගත ගොපලු ගෙරිමුළ රක්නට වෘද්ධි කරන්නට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ ගොපාලකො න රූපඤ්ඤූ හොති. න ලක්ඛණකුසලො හොති. න ආසාටිකං සාටෙතා හොති. න වණං පටිච්ඡාදෙතා හොති. න ධූමං කත්තා හොති. න තිත්ථං ජානාති. න පීතං ජානාති. න වීථිං ජානාති. න ගොචරකුසලො හොති. අනවසෙසදොහී ච හොති. යෙ තෙ උසභා ගොපිතරො ගොපරිණායකා තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං.
Sinhala BJTමහණෙනි, මේ ලෝකයෙහි ගොපලු (ගෙරිරැළ ගණනින් හෝ සුදු රතු පැහැයෙන්) ගෝරූප නො දන්නේ වේ ද, (ගෙරි සිරුරෙහි දුනු-සිරි-තිසුල් ආදි) ලකුණෙහි දක්‍ෂ නො වේ ද, (වෙනෙහි කණුකටුයෙන් සමබුන් තැන නිලමැස්සන් ලූ) මැසිබිජු නො හරනේ වේ ද, (ගෙරි ඇඟ හටගත්) වණ (බෙහෙත් ලා) නො වසන්නේ වේ ද, (මැසිමදුරු වළහනු සඳහා ගොවදෙහි) දුම් නො කරන්නේ වේ ද, (ගෙරින් බැසිය යුතු) තොටුපළ නො දනී ද, (ගෙරින්) පානය කළ නො කළ බව නො දනී ද, ගමන්මග නො දනී ද, ගෙරින් හැසිරවිය යුතු තැන්හි (තණබිම්හි) අදක්‍ෂ වේ ද, (වසු පිණිස) ඉතිරි නො කොට කිරි දොවනසුලු වේ ද, ගෝපිතෘ වූ ගොපරිණායක වූ යම් වැහැප්හු ඇද්ද, උනට විශේෂ සැලකිලි නො දක්වන්නේ වේ ද, මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත ගොපලු ගෙරිමුළ පාලනය කරන්නට වැඩි කරන්නට නොනිසි වෙයි.
Pali BJT3. එවමෙව ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි{2} සමන්නාගතො භික්ඛු අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං. කතමෙහි එකාදසහි?
Sinhala BJT3. මහණෙනි, මෙ පරිද්දෙන් ම එකොළොස් අඞ්ගයෙකින් යුක්ත මහණ මේ ශාසනයෙහි වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණීමට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤූ හොති. න ලක්ඛණකුසලො හොති. න ආසාටිකං සාටෙතා හොති. න වණං පටිච්ඡාදෙතා හොති. න ධූමං කත්තා හොති. න තිත්ථං ජානාති. න පීතං ජානාති. න වීථිං ජානාති. න ගොචරකුසලො හොති. අනවසෙසදොහී ච හොති. යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති.
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණ රූපඥ නො වේ ද, ලක්‍ෂණකුශල නො වේ ද, ආසාටිකාපහරණ නො කරන්නේ වේ ද, වණ නො වසන්නේ වේ ද, දුම් නො කරන්නේ වේ ද, තොටුපළ නො දනී ද, පීතය නො දනී ද, වීථිය නො දනී ද, ගෝචරයෙහි අදක්‍ෂ වේ ද, අනවශේෂදෝහන කරන්නේ වේ ද, රාත්‍රඥ වූ බොහෝ කල් ඉක්මවූ සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිරභික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් නො පුදන්නේ වේ ද යන කරුණු එකොළොසිනි.
Pali BJT(1.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤූ හොති? ඉධ භික්ඛවෙ භික්ඛු “යං කිඤ්චි රූපං සබ්බං රූපං චත්තාරි මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපන්ති” යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤූ හොති.
Sinhala BJT(1) මහණෙනි, මහණ කෙසේ නම් රූපඥ නො වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් “යම් කිසි රූපයෙක් වේ නම්, එ හැම රූප (මෙතෙක්) සතරමහාභූතයෝ ය. (මෙතෙක්) සතරමහාභූතයන්ගේ උපාදාය රූපය”යි තත් වූ පරිදි නො දනී ද, මහණෙනි, මෙසේ මහණ රැපඥ නොවේ.
Pali BJT(2.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ලක්ඛණකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු “කම්මලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො”ති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ලක්ඛණකුසලො හොති.
Sinhala BJT(2) මහණෙනි, මහණ කෙසේ නම් ලක්‍ෂණකුශල නො වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් “අඥානයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත, පණ්ඩිතයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇතැ” යි තත් වූ පරිදි නො දනී ද, මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණයෙහි අදක්‍ෂ වෙයි.
Pali BJT(3.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ආසාටිකං සාටෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං අධිවාසෙති, නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අධිවාසෙති, නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ආසාටිකං සාටෙතා හොති.
Sinhala BJT(3) මහණෙනි, මහණ කෙසේ නම් ආසාටිකාපහරණ නො කරන්නේ (විතර්‍ක නමැති ඉහඬ නොහරණෙ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ උපන් කාමවිතර්‍ක සිත්හි වාස කරවයි. දුරු නො කෙරේ. කෙළවර නො කරයි. අභාවයට (විනාශයට) නො පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍ක ... උපන් විහිංසාවිතර්‍ක ... උපනුපන් ලාමක වූ අකුශලධර්‍ම සිත්හි වාස කරවයි. දුරු නො කෙරේ. කෙළවර නො කෙරේ. අභාවයට නො පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ ආසාටිකාපහරණ (මැසිබිජු බඳු කාමාදි විතර්‍ක නෙරීම) නො කරන්නේ වේ.
Pali BJT(4.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න වණං පටිච්ඡාදෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ න සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න වණං පටිච්ඡාදෙතා හොති.
Sinhala BJT(4) මහණෙනි, කෙසේ නම් මහණ වණ නො වසන්නේ (ඉන්‍ද්‍රිය සංවර නො කරන්නේ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසින් රූපයක් දැක නිමිති (ස්ත්‍රීපුරුෂආකාරාදිය) සිතට ගන්නේ වේ. (හස්තපාදාදි) අනුව්‍යඤ්ජනයන් සිතට ගන්නේ වේ. යම් කාරණයෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය සංවර නො කොට වාස කරන්නා වූ මේ පුඟුලා අභිධ්‍යාදෞර්‍මනස්‍ය වූ පාපඅකුශලධර්‍මයෝ අනුබඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රිය පිළිබඳ සංවරය පිණිස නො පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රිය නො රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... නාසායෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් පැහැසිය යුත්තක් පහසා ... සිතින් ධර්‍මයක් දැන නිමිති ගන්නේ වේ. අනුව්‍යඤ්ජන ගන්නේ වේ. යම් කාරණයෙකින් මනින්‍ද්‍රිය සංවරය නො කොට වාස කරන්නා වූ ඒ පුඟුලා අභිධ්‍යාදෞර්‍මනස්‍ය වූ පාපකඅකුශලධර්‍මයෝ ලුහු බඳනාහු ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි. මනින්‍ද්‍රිය නො රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙ යි. මහණෙනි, මහණ මෙසේ වණ නො වසන්නේ වෙයි.
Pali BJT(5.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ධූමං කත්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං න විත්ථාරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ධූමං කත්තා හොති.
Sinhala BJT(5) මහණෙනි, කෙසේ නම් මහණ දම් නො කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඇසු පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරවශයෙන් අනුන්ට නො දෙසන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ දුම් නො කරන්නේ වෙයි.
Pali BJT(6.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න තිත්ථං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා න පරිපුච්ඡති න පරිපඤ්හති: ඉදං භන්තෙ කථං, ඉමස්ස කො අත්ථොති? තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව න විවරන්ති, අනුත්තානීකතඤ්ච න උත්තානීකරොන්ති,{1} අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං න පටිවිනොදෙන්ති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න තිත්ථං ජානාති.
Sinhala BJT(6) මහණෙනි, කෙසේ නම් මහණ තොටුපළ (ගුරූපාසනය) නො දනී ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ බහුශ්‍රුත වූ දත් ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකාධර වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූන් වෙත කලින් කල එළඹ ‘වහන්ස, මෙය කෙසේ ද, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කවරේ දැ’යි නො අසයි. ප්‍රශ්න නො කෙරේ ඔහුට ඒ ආයුෂ්මත්හු විවෘත නො වූවක් විවෘත නො කෙරෙත්. පැහැදිලි නො වූවක් පැහැදිලි නො කෙරෙත්. ප්‍රකට නො වූවක් ප්‍රකට නො කෙරෙත්. නන්වැදෑරුම් නොයෙක් සැක සහිත ධර්‍මයන්හි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තොටුපළ නො දන්නේ වේ.
Pali BJT(7.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න පීතං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ න ලභති අත්ථවෙදං, න ලභති ධම්මවෙදං, න ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං.{2} එවං ඛො භික්ඛවෙ භික්ඛු න පීතං ජානාති.
Sinhala BJT(7) මහණෙනි, කෙසේ නම් මහණ පානය (ධර්‍මප්‍රීතිය) නො දන්නේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ බුදුන් වදාළ ධර්‍මය දෙසනු ලබන කල්හි අර්‍ත්‍ථය දැන ප්‍රීතිය නො ලබයි. ධර්‍මය දැන ප්‍රීතිය නො ලබයි. ධර්‍මය ඇසුරු කළ ප්‍රමෝදය නො ලබයි. මහණෙනි, මෙසේ මහණ පානය නො දන්නේ වේ.
Pali BJT(8.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න වීථිං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න වීථිං ජානාති.
Sinhala BJT(8) මහණෙනි, මහණ කෙසේ නම් වීථිය - මාර්‍ගය නො දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ මහණ වීථිය නො දන්නේ වෙයි.
Pali BJT(9.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ගොචරකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ගොචරකුසලො හොති.
Sinhala BJT(9) මහණෙනි, මහණ කෙසේ නම් ගෝචරයෙහි අදක්‍ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ සතර සීවටන් තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ මහණ ගෝචරයෙහි අදක්‍ෂ වෙයි.