Pali BJT9. තඤ්චෙ ආවුසො භික්ඛුං පරෙ අනිට්ඨෙහි අකන්තෙහි අමනාපෙහි සමුදාචරන්ති: පාණිසම්ඵස්සෙනපි, ලෙඩ්ඩුසම්ඵස්සෙනපි, දණ්ඩසම්ඵස්සෙනපි, සත්ථසම්ඵස්සෙනපි, සො එවං පජානාති: “තථාභූතො ඛො අයං කායො යථාභූතස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්ති, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්ති, දණ්ඩසම්ඵස්සාපි කමන්ති, සත්ථසම්ඵස්සාපි කමන්ති. වුත්තං ඛො පනෙතං භගවතා කකචූපමොවාදෙ:{5} ‘උභතො දණ්ඩකෙන චෙපි භික්ඛවෙ කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්යුං,{6} තත්රාපි යො මනො පදොසෙය්ය න මෙ සො තෙන සාසනකරො’ති. ආරද්ධං ඛො පන මෙ විරියං භවිස්සති අසල්ලීනං. උපට්ඨිතා සති අපම්මුට්ඨා.{7} පස්සද්ධො කායො අසාරද්ධො. සමාහිතං චිත්තං එකග්ගං. කාමංදානි ඉමස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්තු, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්තු, දණ්ඩසම්ඵස්සාපි කමන්තු, සත්ථසම්ඵස්සාපි කමන්තු, කරීයති හිදං බුද්ධානං සාසන”න්ති.
Sinhala BJT9. ඇවැත්නි, ඉදින් ඒ මහණහට අන්‍යයෝ අනිටු වූ නොකැමති වූ මන නොවඩන්නා වූ අතුල්පහරින් ද, කැටකැබැලිතිපහරින් ද, දඬුපහරින් ද, සැත්පහරින් ද ගසත් නම් හෙතෙමේ මෙසේ දනියි: “යම්බඳු කයක අත් පහර වදී ද, කැට පහර වදී ද, දඬු පහර වදී ද, සැත් පහර වදී ද, මේ කය එසේ වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් කකචූපම ඕවාදයෙහි දී මෙය වදාරන ලදි: ‘මහණෙනි, ලමුකම් ඇති හොරු දෙපස මිටි ඇති කියතකින් අඟ පසඟ කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද යමෙක් සිත ප්‍රදූෂ්‍ය කරන්නේ නම් හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ ය’ කියා යි. මා විසින් වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුණේ වන්නේ ය. සිහිය එළඹ සිටියේ නො මුළා ය. කය සන්හිඳුණේ පහ වූ දරථ ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකඟ ය. දැන් කැමැති සේ මේ ශරීරයෙහි අතුල්පහස්හු ද වදිත්වා. කැට පහස්හු ද වදිත්වා. ඳඬුපහස්හු ද වදිත්වා. සැත්පහස්හු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ ශාසනාය කරනු ලැබේම ය.
Pali BJT10. තස්ස චෙ ආවුසො භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාති. සො තෙන සංවිජ්ජති, සංවෙගං ආපජ්ජති: ‘අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං, යස්ස මෙ එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාතී’ති.
Sinhala BJT10. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන මහණහට කුශලනිඃශ්‍රිත වූ විදර්‍ශනෝපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් සංවිග්න (කම්පිත) වෙයි. සංවේගයට පැමිණෙයි: ‘මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය, ඒකාන්තයෙන් මට ලාභ නො වෙයි. මාගේ ලැබීම නොමනා ය. මාගේ ලැබීම යහපත් නො වේ’යි කියායි.
Pali BJT11. සෙය්යථාපි ආවුසො සුණිසා සසුරං{1} දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. එවමෙව ඛො ආවුසො තස්ස චෙ භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා{2} කුසලනිස්සිතා න සණ්ඨාති, සො තෙන සංවිජ්ජති, සංවෙගං ආපජ්ජති: ‘අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං, යස්ස මෙ එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා{2} කුසලනිස්සිතා න සණ්ඨාතී’ති.
Sinhala BJT11. ඇවැත්නි, යම් සේ ලේළිය මයිලණුවන් දැක සංවිග්න වෙයි ද, සංවේගයට පැමිණෙයි ද, ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත උපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් සංවිග්න වෙයි. සංවේගයට පැමිණෙ යි: මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභ ය. මට ඒකාන්තයෙන් ලාභ නො වෙයි. මාගේ ලැබීම නොමනා ය. මාගේ ලැබීම යහපත් නො වේ.
Pali BJT12. තස්ස චෙ ආවුසො භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා සණ්ඨාති, සො තෙන අත්තමනො හොති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.
Sinhala BJT12. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශලනිඃශ්‍රිත උපේක්‍ෂාව පිහිටා නම්, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකින් ඒ මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද වෙයි.
Pali BJT13. කතමා චාවුසො ආපොධාතු? ආපොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ්ඣත්තිකා ආපොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං: සෙය්යථිදං – පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං – අයං වුච්චතාවුසො අජ්ඣත්තිකා ආපොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු ආපොධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපොධාතුයා නිබ්බින්දති, ආපොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJT13. ඇවැත්නි, ආපෝධාතුව කවර? ආපෝධාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්‍යාත්මික ආපෝධාතුව කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ භූතයන් නිසා හටගත් යම් (ආබන්‍ධන ලක්‍ෂණ) ආපයෙක් ආපොගතයෙක්වේ ද - ඒ මෙසේ ය: පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සඳමිඳුල, මුත්‍ර, යන මොහු ය. තමා තුළ පිහිටි ආබන්‍ධන ලක්‍ෂණ වූ ආපෝ බවට ගිය මහාභූතයන් නිසා හටගත් යම් අන්කිසිවකුත් වේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික ආපෝධාතුවය යි කියනු ලැබේ. ඇවැත්නි, යම් මේ අජ්ඣත්තික ආපොධාතුවක් වේ ද, යම් මේ බාහිර ආපෝධාතුවකුත් වේ ද, මේ සියල්ල ආපෝධාතු ම ය. ‘මේ මාගේ නොවේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේය’යි මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතුය. මෙසේ එය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක ආපෝධාතුවෙහි කලකිරෙයි. ආපෝධාතුවෙහි සිත නො රඳවයි.
Pali BJT14. හොති ඛො සො ආවුසො සමයො යං බාහිරා ආපොධාතු පකුප්පති. සා ගාමම්පි වහති, නිගමම්පි වහති, නගරම්පි වහති, ජනපදම්පි වහති, ජනපදපදෙසම්පි වහති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුද්දෙ යොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, ද්වියොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, තියොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, චතුයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, පඤ්චයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, ඡයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, සත්තයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති. –
Sinhala BJT14. ඇවැත්නි, යම් හෙයකින් බාහිර ආපෝධාතුව කිපේ ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. එය ගම් ද ගලා යයි. නියම්ගම් ද ගලා යයි. නගර ද ගලා යයි. දනවු ද ගලා යයි. දනවු පෙදෙස් ද ගලා යයි. ඇවැත්නි, මහමුහුද යොදුන් සියක් පමණ තැන් ජලය සිඳී යේ ද, යොදුන් දෙසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් තුන්සියකුත් ජලය සිඳී යේ ද, යොදුන් හාරසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් පන්සියකුත් ජලය සිඳී යේ ද, යොදුන් හයසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් සත්සියකුත් ජලය සිඳී යේ ද, එබඳු කාලයෙක් වෙයි.
Pali BJTහොති ඛො සො, ආවුසො, සමයො යං මහාසමුද්දෙ සත්තතාලම්පි උදකං සණ්ඨාති, ඡතාලම්පි උදකං සණ්ඨාති, පඤ්චතාලම්පි උදකං සණ්ඨාති, චතුතාලම්පි උදකං සණ්ඨාති, තිතාලම්පි උදකං සණ්ඨාති, ද්විතාලම්පි උදකං සණ්ඨාති, තාලම්පි{1} උදකං සණ්ඨාති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුද්දෙ සත්තපොරිසම්පි උදකං සණ්ඨාති, ඡපොරිසම්පි උදකං සණ්ඨාති, පඤ්චපොරිසම්පි උදකං සණ්ඨාති, චතුපොරිසම්පි උදකං සණ්ඨාති, තිපොරිසම්පි උදකං සණ්ඨාති, ද්විපොරිසම්පි උදකං සණ්ඨාති, පොරිසම්පි{2} උදකං සණ්ඨාති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුද්දෙ අද්ධපොරිසම්පි උදකං සණ්ඨාති, කටිමත්තම්පි උදකං සණ්ඨාති, ජණ්ණුමත්තම්පි{3} උදකං සණ්ඨාති, ගොප්ඵකමත්තම්පි උදකං සණ්ඨාති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුද්දෙ අඞ්ගුලිපබ්බතෙමනමත්තම්පි උදකං න හොති. තස්සා හි නාම ආවුසො බාහිරාය ආපොධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති -පෙ-{*}
Sinhala BJTඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි ජලය සත්තලක් පමණ සිටී ද, සතලක් පමණ සිටී ද, පස්තලක් පමණ සිටී ද සිවුතලක් පමණ සිටී ද, තුන්තලක් පමණ සිටී ද, දෙතලක් පමණ සිටී ද, එක්තලක් පමණ සිටී ද, එවැනි කාලයෙක් වෙයි. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි පුරුෂ ප්‍රමාණ සතක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ සයක්...... පුරුෂ ප්‍රමාණ පසක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ සතරක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ තුනක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ දෙකක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණයක් ජලය සිටී ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි අර්‍ධපුරුෂ ප්‍රමාණයක් ජලය සිටී ද, කටිය පමණ ජලය සිටී ද, දණ පමණ ජලය සිටී ද, ගොප් ඇටය පමණ ජලය සිටී ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි ඇඟිලි පුරුක තෙමෙන පමණ ජලය නො වේ ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ බාහිර ආපෝධාතුවගේ අනඅත්‍යතා පෙනෙන්නේ ය...{*}
Pali BJT15. තස්ස චෙ ආවුසො භික්ඛුනො [එවං බුද්ධං අනුස්සරතො, එවං ධම්මං අනුස්සරතො] එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා සණ්ඨාති, සො තෙන අත්තමනො හොති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.
Sinhala BJT15. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ ධර්‍මය සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශල නිඃශ්‍රිත වූ උපේක්‍ෂාව පිහිටා ද, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකිනුත් මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරණ ලද්දේ වෙයි.
Pali BJT16. කතමා චාවුසො, තෙජොධාතු? තෙජොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ්ඣත්තිකා තෙජොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං - සෙය්යථිදං: යෙන ච සන්තප්පති, යෙන ච ජරීයති{4}, යෙන ච පරිඩය්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං – අයං වුච්චතාවුසො අජ්ඣත්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු තෙජොධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තෙජොධාතුයා නිබ්බින්දති. තෙජොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJT16. ඇවැත්නි, තේජෝධාතුව කවර? තේජෝධාතුව අජ්ඣත්තික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, අජ්ඣත්තික තේජෝධාතුව කවර? තමා පිළිබඳ තේජස වූ තේජස් බවට ගියා වූ (මම ය මාගේ යයි) තරව ගන්නා ලද{†} යමක් වේ ද - එනම්: යමෙකින් තැවේ ද, යමෙකින් දිරා ද, යමෙකින් දැවේ ද, අනුභව කරන ලද, පානය කරන ලද කඩා කන ලද රස විඳින ලද දේ යමෙකින් මැනවින් පැසීවීමට යේ ද, එයින් අන්‍ය වූ ද තමා නිසා පවත්නා වූ තේජස වූ තේජස බවට ගියා වූ තරව ගන්නා ලද්දා වූ යම් සිවකුත් වේ ද - ඇවැත්නි, මෙය ආධ්‍යාත්මික තෙජොධාතු යයි කියනු ලැබේ. ඇවැත්නි, යම් මේ ආධ්‍යාත්මික තේජෝධාතුව ක් වේ ද, යම් බාහිර තේජෝධාතුවක් වේ ද, එය තේජෝධාතු ම ය. ‘එය මාගේ නො වෙයි. මම තෙල නො වෙමි. එය මාගේ ආත්මය නො වේ’යි - මේ මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතුය. මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක තේජෝධාතුවෙහි කලකිරෙයි. තේජෝධාතුවෙහි සිත නො අලවයි.
Pali BJT17. හොති ඛො සො ආවුසො සමයො යං බාහිරා තෙජොධාතු පකුප්පති. සා ගාමම්පි ඩහති,{5} නිගමම්පි ඩහති, නගරම්පි ඩහති, ජනපදම්පි ඩහති, ජනපදපදෙසම්පි ඩහති. සා හරිතන්තං වා පන්ථන්තං වා සෙලන්තං වා උදකන්තං වා රමණීයං වා භූමිභාගං ආගම්ම අනාහාරා නිබ්බායති. හොති ඛො සො ආවුසො සමයො යං කුක්කුටපත්තෙනපි නහාරුදද්දුලෙනපි{6} අග්ගිං ගවෙසන්ති. තස්සා හි නාම ආවුසො බාහිරාය තෙජොධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති -පෙ-
Sinhala BJT17. ඇවැත්නි, යම් කලෙක බාහිර තේජෝධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එය ගම් ද දවයි. නියම්ගම් ද දවයි. නගර ද දවයි. ජනපද ද දවයි. දනවුපෙදෙස් ද දවයි. ඒ තේජෝධාතුව නිල් තෙත් තණ වෙතට හෝ මහමගට හෝ පව්වකට හෝ දියකට හෝ එළිමහන් බිම්පෙදෙසකට හෝ පැමිණ ආහාර රහිත වූයේ නිවෙයි. ඇවැත්නි, යම් කලෙක කුකුළු පියාපතෙකින් ද සම්වැරලියෙන් ද ගිනි සොයත් නම් එබඳු කාලයක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ බාහිර තේජෝධාතුවෙහි අනිත්‍ය භාවයක් පෙනෙන්නේ ය ...
Pali BJT18. තස්ස චෙ ආවුසො භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා සණ්ඨාති, සො තෙන අත්තමනො හොති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.
Sinhala BJT18. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ ධර්‍මය සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශල නිඃශ්‍රිත වූ උපේක්‍ෂාව පිහිටා ද, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකිනුත් භික්‍ෂූහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.
Pali BJT19. කතමා චාවුසො වායොධාතු? වායොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ්ඣත්තිකා වායොධාතු? යං අජ්ඣත්තං, පච්චත්තං වායො වායොගතං උපාදින්නං - සෙය්යථිදං: උද්ධඞ්ගමා වාතා, අධොගමා වාතා, කුච්ඡිසයා වාතා, කොට්ඨසයා{1} වාතා, අඞ්ගමඞ්ගානුසාරිනො වාතා, අස්සාසො පස්සාසො ඉති වා, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං – අයං වුච්චතාවුසො අජ්ඣත්තිකා වායොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු වායොධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායොධාතුයා නිබ්බින්දති, වායොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJT19. ඇවැත්නි, වායෝධාතු කවර? ආධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර ද වායෝ ධාතුවත් ඇත. ඇවැත්නි, අජ්ඣත්තික වායෝධාතුව කවර? තමා තුළ පවත්නා වූ වාතය වූ වාත ස්වභායට ගියා වූ මහා භූතයන් නිසා හටගත්තා වූ යමක් වේ ද - එනම්: තැලිනැගීම් හික්කා ආදිය පවත්වන, උඩට නගින වාතයෝ ද, මල මූ ආදිය පවත්වන යට බස්නා වාතයෝ ද, අතුනු පිටත පවත්නා වාතයෝ ද, අතුනු තුළ පවත්නා වාතයෝ ද, අඟ පසඟ හැසිරෙන වාතයෝ ද ආශ්වාසය, ප්‍රශ්වාසය යන වාතයෝ ද මෙයින් අන්‍ය වූ තමා තුළ පවත්නා වූ වාතය වූ වාත ස්වභාවයට ගියා වූ භූතයන් නිසා හටගත්තා වූ යම්කිසිවකුත් වේ ද - ඇවැත්නි, මෙය අජ්ඣත්තික වායෝධාතු ය යි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝ ධාතුවක් වේ ද, මේ වායෝධාතු ම ය. ‘මේ මාගේ නො වෙයි. මම තෙල නො වෙමි. මේ මාගේ ආත්මය නො වෙ’යි - මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතු වෙයි. මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක වායෝ ධාතුවෙහි කලකිරෙයි. වායෝ ධාතුවෙහි සිත නො අලවයි.
Pali BJT20. හොති ඛො සො ආවුසො සමයො යං බාහිරා වායොධාතු පකුප්පති, සා ගාමම්පි වහති, නිගමම්පි වහති, නගරම්පි වහති, ජනපදම්පි වහති, ජනපදපදෙසම්පි වහති. හොති ඛො සො ආවුසො සමයො යං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තාලවණ්ටෙනපි විධූපනෙනපි වාතං පරියෙසන්ති, ඔස්සාවනෙපි{2} තිණානි න ඉඤ්ජන්ති.{3} තස්සා හි නාම ආවුසො බාහිරාය වායොධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති, ඛයධම්මතා පඤ්ඤායිස්සති, වයධම්මතා පඤ්ඤායිස්සති, විපරිණාමධම්මතා පඤ්ඤායිස්සති. කිම්පනිමස්ස මත්තට්ඨකස්ස කායස්ස තණ්හුපාදින්නස්ස ‘අහන්ති වා මමන්ති වා අස්මීති වා,’ අථ ඛ්වස්ස{4} නො චෙවෙත්ථ{5} හොති.
Sinhala BJT20. ඇවැත්නි, යම් කලෙක බාහිර වායෝ ධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එය ගම් ද නඟාලයි. නියම්ගම් ද නඟාලයි. නගර ද නඟාලයි. ජනපද ද නඟාලයි. ජනපද ප්‍රදේශයන් ද නඟාලයි. ඇවැත්නි, යම් කලෙක ගිම්හානයේ අන්තිම මැසයේ දී තල්වැටිනුත් විජිනිපතිනුත් වාතය සොයත් ද, සෙවෙනිඅගත් තණ නො සැලේ ද, එබඳු වූ කාලයක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ වායෝධාතුවෙහි අනිත්‍යභාවය ප්‍රකට වන්නේ ය. ක්‍ෂය ස්වභාවය ප්‍රකට වන්නේ ය. විනාශස්වභාවය ප්‍රකට වන්නේ ය. විපරිණාම ස්වභාවය ප්‍රකට වන්නේ ය. ස්වල්පකාලයක් පවත්නා වූ තණ්හාවෙන් අල්ලා ගන්නා ලද්දා වූ මේ ශරීරය පිළිබඳව ‘මේ මම ය කියා හෝ, මාගේ ය කියා හෝ මම වෙමි’යි කියා හෝ ගැනීමෙක් කිම, ඕහට වන්නේද? ඒ මහණහට මෙහි තණ්හා මාන දිට්ඨි වසයෙන් ගැනීමෙක් නො වේ ම ය.
Pali BJT21. තඤ්චෙ ආවුසො භික්ඛුං පරෙ අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති, සො එවං පජානාති: උප්පන්නා ඛො මෙ අයං සොතසම්ඵස්සජා දුක්ඛා වෙදනා, සා ච ඛො පටිච්ච, නො අප්පටිච්ච. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. සො ඵස්සො{6} අනිච්චොති පස්සති, වෙදනා අනිච්චාති පස්සති, සඤ්ඤා අනිච්චාති පස්සති, සඞ්ඛාරා අනිච්චාති පස්සති, විඤ්ඤාණං අනිච්චන්ති පස්සති. තස්ස ධාතාරම්මණමෙව චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති.{7}
Sinhala BJT21. ඇවැත්නි, ඉදින් අන්‍යයෝ ඒ මහණහට ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දනියි: “මට මේ ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් හටගත් දුක් වේදනාවක් උපන්නීය ය. මේ වනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිතව නො උපන්නී ය. කුමක් හේතු කොට ගෙන ද යත්: ස්පර්‍ශය හේතු කොට ගෙන ය.” හෙතෙමේ ස්පර්‍ශ ය අනිත්‍ය ය යි දකි යි. වේදනාව අනිත්‍ය ය යි දකි යි. සංඥාව අනිත්‍ය ය යි දකි යි. සංස්කාර අනිත්‍ය ය යි දකි යි. විඤ්ඤාණය අනිත්‍ය ය යි දකි යි. ඔහුගේ සිත ධාතු සඞ්ඛ්‍යාත ඒ අරමුණෙහි ම බසී. ඒ අරමුණෙහි ම පහදි යි. ඒ අරමුණෙහි ම සිටි යි. ඒ අරමුණෙහි ම ‘ධාතු වසයෙන් මෙසේය’ යි නිශ්චයට පැමිණෙයි.
Pali BJT22. තඤ්චෙ ආවුසො භික්ඛුං පරෙ අනිට්ඨෙහි අකන්තෙහි අමනාපෙහි සමුදාචරන්ති: පාණිසම්ඵස්සෙනපි ලෙඩ්ඩුසම්ඵස්සෙනපි දණ්ඩසම්ඵස්සෙනපි සත්ථසම්ඵස්සෙනපි. සො එවං පජානාති: තථාභූතො ඛො අයං කායො යථාභූතස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්ති, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්ති, දණ්ඩසම්ඵස්සාපි කමන්ති, සත්ථසම්ඵස්සාපි කමන්ති. වුත්තං ඛො පනෙතං භගවතා කකචූපමොවාදෙ: “උභතොදණ්ඩකෙන චෙපි භික්ඛවෙ කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්යුං,{1} තත්රාපි යො මනො පදොසෙය්ය න මෙ සො තෙන සාසනකරො”ති. ආරද්ධං ඛො පන මෙ විරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා,{2} පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. කාමං දානි ඉමස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්තු, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්තු, දණ්ඩසම්ඵස්සාපි කමන්තු, සත්ථසම්ඵස්සාපි කමන්තු, කරීයති හිදං බුද්ධානං සාසනන්ති.
Sinhala BJT22. ඇවැත්නි, අන්‍යයෝ ඒ මහණහට අනිටු වූ නොකැමැති වූ මන නොවඩන්නා වූ අත්පහරින් ද කැට කැබිලිතිපහරින් ද දඬුපහරින් ද සැත් පහරින් ද ගසත් නම්, හෙතෙම මෙසේ දනියි: යම්බඳු ශරීරයෙක අත්පහර වදී ද, කැට පහර වදී ද, දඬුපහර වදී ද, සැත් පහර වදී ද, මේ ශරීරය එසේ වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් කකචූපමොවාදයෙහි දී මෙය වදාරණ ලදී - “මහණෙනි, ලමුකම් ඇති හොරු දෙපස මිටි ඇති කියතකින් අඟ පසඟ කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද යමෙක් සිත ප්‍රදූෂිත කරන්නේ නම්, හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නේ නො වේ” යි කියා ය. මාගේ වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුණේ වන්නේ ය. සිහිය එළඹ සිටියේ නො මුළා ය. කය සන්හිඳුණේ පහ වූ දරථ ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකඟ ය. දැන් කැමැති සේ මේ ශරීරයෙහි අත්පහස්හු ද වදිත්වා. කැට පහස්හු ද වදිත්වා. ඳඬුපහස්හු ද වදිත්වා. සැත්පහස්හු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ ශාසනය කරනු ලැබේම ය.
Pali BJT23. තස්ස චෙ ආවුසො භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාති, සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: ‘අලාභා වත මෙ න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ න වත මෙ සුලද්ධං, යස්ස මෙ එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාතී’ති.
Sinhala BJT23. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ දහම් සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත වූ විදර්‍ශනෝපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙ යි: ‘මෙසේ බුදුන් සිහි කරන දහම් සිහි කරන සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය. මට ඒකාන්තයෙන් ලාභ නො වෙයි. මාගේ ලැබීම නො මැනවි. මාගේ ලැබීම යහපත් නො වෙයි’ කියාය.
Pali BJT24. සෙය්යථාපි ආවුසො සුණිසා සසුරං{3} දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, එවමෙව ඛො ආවුසො තස්ස චෙ භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාති, සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: ‘අලාභා වත මෙ න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ න වත මෙ සුලද්ධං, යස්ස මෙ එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාතී’ති.
Sinhala BJT24. ඇවැත්නි, යම් සේ ලේළිය මයිලණුවන් දැක බියපත් වේද, සංවේගයට පැමිණේ ද, ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන මෙසේ දහම් සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙ යි: ‘මෙසේ බුදුන් සිහි කරන මෙසේ දහම් සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය. මට ලාභය නො වෙයි. මාගේ ලැබීම නො මැනවි. මාගේ ලැබීම යහපත් නො වෙ’යි කියායි.
Pali BJT25. තස්ස චෙ ආවුසො භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා සණ්ඨාති, සො තෙන අත්තමනො හොති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.
Sinhala BJT25. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන, මෙසේ දහම් සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඔහුට කුශලනිඃශ්‍රිත වීර්‍ය්‍ය බල භාවනා සිද්ධ ෂඩඞ්ග උපේක්‍ෂාව පිහිටා නම්, හෙතෙම එයින් සතුටු වූයේ වෙයි. ඇවැත්නි, මෙ පමණෙකින් ද ඒ මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.
Pali BJT26. සෙය්යථාපි ආවුසො කට්ඨඤ්ච පටිච්ච වල්ලිඤ්ච පටිච්ච තිණඤ්ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච ආකාසො පරිවාරිතො අගාරන්තෙව{4} සඞ්ඛං{5} ගච්ඡති, එවමෙව ඛො ආවුසො අට්ඨිඤ්ච පටිච්ච නහාරුඤ්ච පටිච්ච මංසඤ්ච පටිච්ච චම්මඤ්ච පටිච්ච ආකාසො පරිවාරිතො රූපන්තෙව{6} සඞ්ඛං ගච්ඡති. –
Sinhala BJT26. ඇවැත්නි, යම් සේ දැව නිසා ද වැල් නිසා ද තණ නිසා ද මැටි නිසා ද ඇවරී සිටි අහස ‘ගෙය’යි ව්‍යවහාරයට යේ ද, ඇවැත්නි, මෙ පරිදිදෙන් ම ඇට නිසා නහර නිසා මස් නිසා සම් නිසා ඇවරී සිටි අහස ‘රූපය’යි ව්‍යවහාරයට යේ.
Pali BJTඅජ්ඣත්තිකඤ්චෙ{1} ආවුසො චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා න ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙව තාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. අජ්ඣත්තිකඤ්චෙ{1} ආවුසො චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙවතාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. යතො ච ඛො ආවුසො අජ්ඣත්තිකඤ්චෙ{2} චක්ඛුං අපරිභින්නං හොති. බාහිරා ච රූපා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. යං තථාභූතස්ස රූපං, තං රූපූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යා තථාභූතස්ස වෙදනා, සා වෙදනූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යා තථාභූතස්ස සඤ්ඤා, සා සඤ්ඤූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යෙ තථාභූතස්ස සඞ්ඛාරා, තෙ සඞ්ඛාරූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡන්ති. යං තථාභූතස්ස විඤ්ඤාණං, තං විඤ්ඤාණූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. සො එවං පජානාති: “එවං කිරමෙසං{3} පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සඞ්ගහො සන්නිපාතො සමවායො හොති. වුත්තං ඛො පනෙතං භගවතා: ‘යො පටිච්චසමුප්පාදං පස්සති. සො ධම්මං පස්සති. යො ධම්මං පස්සති. සො පටිච්චසමුප්පාදං පස්සතී’ති. පටිච්චසමුප්පන්නා ඛො පනිමෙ යදිදං පඤ්චුපාදානක්ඛන්ධා. යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දො ආලයො අනුනයො අජ්ඣොසානං, සො දුක්ඛසමුදයො. යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, සො දුක්ඛනිරොධො”ති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.
Sinhala BJTඇවැත්නි, ඉදින් ආධ්‍යාත්මික වූ ඇස නො බිඳුණේ වේ නම්, බාහිර රූපයෝත් ඇස්හමුවට නො පැමිණෙත් නම්, එයින් උපදනා (ඇසත් රූපයත් නිසා) මනසිකාරය (මෙනෙහි කිරීම) නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥාන භාගයා ගේ පහළවීම නො වෙයි. ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ චක්‍ෂුඃප්‍රසාදය නො බිඳුනේ වේ ද, බාහිර රූපයෝත් ඇස්හමුවට පැමිණෙත් ද, (එහෙත්) ඊට අනුරූප වූ මෙනෙහි කිරීම නොවේ නම්, ඒ තාක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානයාගේ පහළවීම නොවේ ම ය. ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මික චක්‍ෂුඃප්‍රසාදය නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ඇස්හමුවට පැමිණෙත් ද, ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් වේ ද, මෙසේ ඊට සුදුසු විඥානභාගයාගේ පහළවීම වෙයි. ඒ චක්‍ෂුර්විඥානය සමග වූවහුගේ (ඒ විඥානවිෂය වූ) යම් රූපයක් වේ ද, එය රූපෝපාදානස්කන්‍ධයෙහි ඇතුළත් බවට යෙයි. ඒ විඥාන සමංගි වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් වේදනාවක් වේ ද, එය වේදනෝපාදානස්කන්‍ධයෙහි ඇතුළත් බවට යෙයි. එබඳු වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් සංඥාවක් වේ ද, එය සංඥොපාදානස්කන්‍ධයෙහි ඇතුළත් බවට යෙයි. එබඳු වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් චේතනා සංස්කාරයෝ වෙද් ද, එය සංස්කාරොපාදානස්කනධයෙහි ඇතුළත් බවට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයක් වේ ද, (ඒ චක්‍ෂුර් විඥානය) විඥානෝපාදානස්කන්‍ධයෙහි ඇතුළත් බවට යෙයි. හෙතෙම මෙසේ දනියි: “මෙසේ මේ පස් වැදෑරුම් වූ උපාදානස්කන්‍ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක් රැස්වීම වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ද වදාරණ ලදි: ‘යමෙක් පටිච්චසමුප්පාදය දකී ද, හෙතෙම (පටිච්චසමුප්පන්නවූ) ධර්‍මය දකියි. යමෙක් ධර්‍මය දකී ද, හෙතෙම පටිච්චසමුප්පාදය දකි’යි කියා ය. මේ උපාදානස්කන්‍ධයෝ පස්දෙන පටිච්ච සමුප්පන්නයෝ වෙති. මේ උපාදානස්කන්‍ධ පසෙහි යම් ඡන්‍දයෙක් ආලයෙක් සෙනෙහයෙක් ගැලීසිටීමෙක් වේ ද, ඒ දුක්ඛසමුදයයි. මේ උපාදානස්කන්‍ධ පසෙහි යම් ඡන්‍දරාගවිනයෙක් වේ ද, ඡන්‍දරාගප්‍රහාණියෙක් වේ ද, එය දුක්ඛනිරෝධය”යි කියායි. ඇවැත්නි, මෙ පමණෙකිනුත් මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.
Pali BJT27. අජ්ඣත්තිකඤ්චෙ ආවුසො සොතං අපරිභින්නං හොති [බාහිරා ච සද්දා න ආපාථං ආගච්ඡන්ති] -පෙ- [අජ්ඣත්තිකඤ්චෙ ආවුසො] ඝානං අපරිභින්නං හොති. [බාහිරා ච ගන්ධා න ආපාථං ආගච්ඡන්ති] -පෙ- [අජ්ඣත්තිකා චෙ ආවුසො] ජිව්හා අපරිභින්නා හොති. [බාහිරා ච රසා න ආපාථං ආගච්ඡන්ති] -පෙ- [අජ්ඣත්තිකො චෙ ආවුසො] කායො අපරිභින්නො හොති. [බාහිරා ච ඵොට්ඨබ්බා න ආපාථං ආගච්ඡන්ති] -පෙ- [අජ්ඣත්තිකො චෙ ආවුසො] මනො අපරිභින්නො හොති. බාහිරා ච ධම්මා න ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙව තාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. අජ්ඣත්තිකො චෙ ආවුසො මනො අපරිභින්නො හොති, බාහිරා ච ධම්මා ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙව තාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. –
Sinhala BJT27. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ ශ්‍රෝත ප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ශබ්දයෝත් ආපාථයට පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික ඝ්‍රාණප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ගන්‍ධයෝත් ආපාථයට නොපැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ ජිව්හාප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර රසයෝත් ආපාථයට නො පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ කායප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ස්ප්‍රෂටව්‍යයෝත් ආපාථයට නො පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ මනස නො බිඳුණේ වේ නම්, බාහිර ධර්‍මයෝත් ආපාථයට නො පැමිණෙත් නම්, ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළ වීම නො වේ. ඇවැත්නි, ඉදින් ආධ්‍යාත්මික වූ සිත නො බිඳුණේ වේ ද, බාහිර ධර්‍මයෝත් ආපාථයට පැමිණෙත් ද, එහෙත් ඊට අනුරූප වූ මෙනෙහි කිරීම නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළවීම නො වේ.
Pali BJTයතො ච ඛො ආවුසො අජ්ඣත්තිකො චෙ{1} මනො අපරිභින්නො හොති, බාහිරා ච ධම්මා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. යං තථාභූතස්ස රූපං, තං රූපූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යා තථාභූතස්ස වෙදනා, සා වෙදනූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යා තථාභූතස්ස සඤ්ඤා, සා සඤ්ඤූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යෙ තථාභූතස්ස සඞ්ඛාරා, තෙ සඞ්ඛාරූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡන්ති. යං තථාභූතස්ස විඤ්ඤාණං, තං විඤ්ඤාණූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. සො එවං පජානාති: “එවං කිරමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සඞ්ගහො සන්නිපාතො සමවායො හොති. වුත්තං ඛො පනෙතං භගවතා: ‘යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති. යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සතී’ති. පටිච්චසමුප්පන්නා ඛො පනිමෙ යදිදං පඤ්චුපාදානක්ඛන්ධා. යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දො ආලයො අනුනයො අජ්ඣොසානං සො දුක්ඛසමුදයො, යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං සො දුක්ඛනිරොධො”ති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොතීති.
Sinhala BJTඇවැත්නි, ඉදින් යම් හෙයකින් ආධ්‍යාත්මික වූ සිත නො බිඳුණේ වේ නම්, බාහිර ධර්‍මයෝත් අපාථයට එත් නම්, එයින් උපදනා වූ හෝ ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් වේ නම්, මෙසේ ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළවීම වේ. එබඳු වූවහුගේ යම් රූපයක් වේ ද, එය රූපෝපාදානස්කන්‍ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් වේදනාවක් වේ ද, එය වේදනෝපාදානස්කන්‍ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංඥාවක් වේ ද, එය සංඥොපාදානස්කන්‍ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංස්කාරයෝ වෙත් ද, එය සංස්කාරෝපාදානස්කන්‍ධයෙහි සඞ්ග්‍රහයට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයෙක් වේ ද, එය විඥානෝපාදානස්කන්‍ධයෙහි සඞ්ග්‍රහයට යේ. හෙතෙම මෙසේ දනියි “මෙසේ වනාහි මෙ පස් වැදෑරුම් වූ උපාදානස්කන්‍ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක්රැස්වීම වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි: ‘යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද, හෙතෙම ධර්‍මය දකියි. යමෙක් ධර්‍මය දකියි ද, හෙතෙම පටිච්චසමුප්පාදය දකි’ යි කියා ය. මේ උපාදානස්කන්‍ධ පස්දෙන ප්‍රත්‍යයෙන් උපන්නාහු ය. මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි යම් කැමැත්තෙක්, ආලයෙක්, ස්නේහයෙක්, ගැලීසිටීමෙක් වේ ද, එය දුක්ඛසමුදය යයි. මේ උපාදානස්කන්‍ධ පසෙහි යම් ඡන්‍දරාගය දුරු කිරීමෙක් වේ ද, එය දුක්ඛනිරෝධ ය” යි කියා යි. ඇවැත්නි, මහණහු විසින් මෙ පමණෙකින් ද බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වේ යයි.
Pali BJTඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු වූ ඒ භික්‍ෂූහු ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTමහාහත්ථිපදොපමසුත්තං අට්ඨමං.
Sinhala BJTමහාහත්‍ථිපදෝපම සූත්‍රය අටවැනියි.
Pali BJT1. 3. 9.
Sinhala BJT1. 3. 9.
Pali BJTමහාසාරොපමසුත්තං
Sinhala BJTමහාසාරෝපම සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිරපක්කන්තෙ දෙවදත්තෙ. තත්ර ඛො භගවා දෙවදත්තං ආරබ්භ භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්තෙරුන් සස්නෙන් ගිය නො බෝ කලෙකින් රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්තෙරුන් අරභයා භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT2. ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන{2} සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි,{3} දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති.
Sinhala BJT2. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් කායිකදුඃඛයෙන් දොම්නසින් උපායාසයෙන් මඩනා ලද්දෙම් වෙමි. දුකට බැස ගත්තෙම් වෙමි. දුකින් පීඩිත වූයෙම් වෙමි. මෙ සියලු දුක් රැස කෙළවර කිරීමක් පෙණෙන්නේ නම් යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සස්නට පැමිණියේ වෙයි.
Pali BJT3. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තානුක්කංසෙති පරං වම්භෙති: ‘අහමස්මි ලාභී සිලොකවා.{1} ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අප්පඤ්ඤාතා අප්පෙසක්ඛා’ති. සො තෙන ලාභසක්කාරසිලොකෙන මජ්ජති, පමජ්ජති, පමාදං ආපජ්ජති. පමත්තො සමානො දුක්ඛං විහරති.
Sinhala BJT3. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසා කරණ කොට ‘මම ලාභී වෙමි කීර්ති ඇත්තෙම් වෙමි. මේ අනික් භික්‍ෂූහු අප්‍රකටයෝ ය. අල්පේශාඛ්‍යයෝ ය’යි තමන් හුවා දක්වයි. අනුන් හෙළා දක්වයි. හෙතෙම ඒ ලාභ කීර්තිප්‍රශංසාවෙන් මත්වෙයි. පමාවෙයි. ප්‍රමාදයට පැමිණෙයි. පමා වූයේ දුක සේ වාසය කරයි.
Pali BJT4. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං අතික්කම්ම පපටිකං සාඛාපලාසං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං අතික්කම්ම පපටිකං සාඛාපලාසං ඡෙත්වා ආදාය පක්ඛන්තො සාරන්ති මඤ්ඤමානො. යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී’ති.
Sinhala BJT4. මහණෙනි, යම් සේ අරටුව ප්‍රයෝජන කොට ඇති අරටු සොයන්නා වූ අරටු සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ නො වැටී සිටුනා හර ඇති මහත් වූ රුකෙක හර ඉක්මවා (=හැරදමා) ම බොරුදු ඉක්මවා ම සිවිය ඉක්මවා ම පොත්ත ඉක්මවා ම ‘හරය’යි සිතා අතු හා කොළ සිඳ ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක මෙසේ කියන්නේ ය: ‘මේ භවත් පුරුෂ තෙමේ සාරය නො දන්නේ ය. බොරුදු නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු හා කොළ නො දන්නේ ය. එහෙයින් ම හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයන්නා වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ මේ භවත් පුරුෂ තෙමේ නොවැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙහි හරය ඉක්මවා ම බොරුදු ඉක්මවා ම සිවිය ඉක්මවා ම පොත්ත ඉක්මවා ම ‘හර ය’යි සිතන්නේ අතු කොළ කඩා ගෙන ගියේ වෙයි. මොහු විසින් රුක්හරින් කළ යුතු යම් හර පිළිබඳ කටයුත්තෙක් වේ ද, ඒ ප්‍රයෝජනය නො ලබන්නේය’යි.
Pali BJT5. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තානුක්කංසෙති. පරං වම්භෙති: ‘අහමස්මි ලාභී සිලොකවා{1} ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අප්පඤ්ඤාතා අප්පෙසක්ඛාති. සො තෙන ලාභසක්කාරසිලොකෙන මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති. පමත්තො සමානො දුක්ඛං විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සාඛාපලාසං අග්ගහෙසි බ්රහ්මචරියස්ස, තෙන ච වොසානං ආපාදි.
Sinhala BJT5. මහණෙනි, එ පරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන්, පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ සියලු හුදු දුක් රැස කෙළවර කිරීම පැණෙන්නේ නම් මැනවැ”යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ‘මම ලාභී වෙමි. කීර්ති ඇත්තෙම් වෙමි මේ අනිත් භික්‍ෂූහු අප්‍රකටයෝ ය. අල්පේශාඛ්‍යයෝ’යි තමන් හුවා දක්වයි. අනුන් හෙළා දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් වෙයි, ප්‍රමත්ත වෙයි, ස්මෘති විප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වෙසෙයි. මහණෙනි, මේ මහණ තෙමේ බඹසරෙහි අතු හා කොළ ගත්තේය යි ද, එයින් අවසානයට පැමිණියේ ය යි ද කියනු ලැබේ.
Pali BJT6. ඉධ පන භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ‘ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. –
Sinhala BJT6. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුණෙම් වෙමි. මෙ හුදු දුක්රැස කෙළවර කිරීම පෙනෙන්නේ නම් යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික් ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි.
Pali BJTසො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය අත්තානුක්කංසෙති පරං වම්භෙති: අහමස්මි සීලවා කල්යාණධම්මො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ දුස්සීලා පාපධම්මාති. සො තාය සීලසම්පදාය මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති. පමත්තො සමානො දුක්ඛං විහරති.
Sinhala BJTහෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ වෙයි. පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාව කරණ කොට තමන් හුවා නො දක්වයි. අනුන් හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ ශීල සම්පත්තිය සිද්ධ කෙරෙ යි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තිය කරණ කොට ‘මම සිල්වත් වූයෙමි. කළණදහම් ඇත්තේ වෙමි. මේ අන්‍ය වූ භික්‍ෂූහු දුශ්ශීලයෝ ය. පවිටුදහම් ඇත්තෝ යයි තමන් හුවා දක්ව යි. අනුන් හෙළා දක්ව යි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘති විප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කෙරෙයි.
Pali BJT7. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං පපටිකං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං පපටිකං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො. යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී’ති.
Sinhala BJT7. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයන හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා හර ඇති මහත් වූ රුකෙක හරය ඉක්මවා ම ඵලය ඉක්මවා ම සිවිය ඉක්මවා ම ‘හරයයි’ සිතා පොත්ත සිඳගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක මෙසේ කියන්නේ ය: ‘මේ භවත් පුරුෂතෙම ඒකාන්තයෙන් හර නො දන්නේ ය. ඵළය නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු කොළ නො දන්නේ ය. එසේ හෙයින් ම හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයන්නා වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ මේ භවත් පුරුෂ තෙමේ නො වැටී පවත්නා වූ හර ඇති මහ රුකෙහි හර ඉක්මවා ම ඵළය ඉක්මවා ම සිවිය ඉක්මවා ම ‘හරය’යි සිතා පොත්ත සිඳ ගෙන යන්නේ ය. මොහු විසින් හරයෙන් කළ යුතු යම් කටයුත්තෙක් වේ ද එය ද නො ලබන්නේ’ය යනුයි.
Pali BJT8. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො; සො තාය සීලසම්පදාය අත්තානුක්කංසෙති පරං වම්භෙති: අහමස්මි සීලවා කල්යාණධම්මො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ දුස්සීලා පාපධම්මාති. සො තාය සීලසම්පදාය මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති. පමත්තො සමානො දුක්ඛං විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු පපටිකං අග්ගහෙසි බ්රහ්මචරියස්ස, තෙන ච වොසානං ආපාදි.
Sinhala BJT8. මහණෙනි, එ පරිදිදෙන් මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන්, ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැසෙහි කෙළවර කිරීමක් පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්ව යි. අනුන් හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ ශීලසම්පදාව සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. ‘මම සිල් ඇත්තෙම් වෙම්. කළණදහම් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය භික්‍ෂූහු දුශ්ශීලයෝ ය. පාපස්වභාවය ඇත්තො ය’යි ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා දක්ව යි පරා හෙළා දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙයි. පමා වූයේ දුකින් වාසය කෙරෙ යි. මහණෙනි, මේ මහණ තෙමේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි පොත්ත ගත්තේය යි ද එයින් ම නිෂ්ඨාවට පැමිණියේ යයි ද කියනු ලැබේ.
Pali BJT9. ඉධ පන භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තාය සීලසම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය අත්තානුක්කංසෙති පරං වම්භෙති: අහමස්මි සමාහිතො එකග්ගචිත්තො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අසමාහිතා විබ්භන්තචිත්තාති. සො තාය සමාධිසම්පදාය මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති. පමත්තො සමානො දුක්ඛං විහරති.
Sinhala BJT9. මහණෙනි, මෙ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැලපීමෙන්, දුකින්, දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැසේ කෙළවර කිරීම පැනේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙමේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි, පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සම්පාදනය කෙරෙයි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපයයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. ‘මම සමාධියෙන් යුක්ත වූයෙම් එකඟ වූ සිත් ඇත්තෙම් වෙමි. මේ අනික් භික්‍ෂූහු වනාහි අසමාහිතයෝ ය. නානාරම්මණයන්හි විසිරී ගිය සිත් ඇත්තෝ ය’යි තමන් හුවා දක්ව යි. පරා හෙළා දක්ව යි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් වෙයි. විශේෂයෙන් මත් වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙයි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි.
Pali BJT10. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං තචං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං තචං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී’ති.
Sinhala BJT10. මහණෙනි, හර ප්‍රයෝජන කොට ඇති හර සොයන සුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ යම් සේ නො වැටී පවත්නා හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම ඵළය ඉක්මවා ම ‘හරය’යි හඟනේ සිවිය සිඳ ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක මෙසේ කියන්නේ ය: ‘මේ භවත් පුරුෂ තෙමේ හර නො දන්නේ ය. ඵළය නොදන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. කොළ අතු නො දන්නේ ය. එසේ හෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයන සුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හරය ඇති මහත් රුකෙහි හරය ඉක්මවා ම ඵළය ඉක්මවා ම හරය යි හඟනේ සිවිය සිඳ ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කළ යුතු යම් කටයුත්තෙක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය නො ලබන්නේ ය කියා යි.
Pali BJT11. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති –
Sinhala BJT11. මහණෙනි, එ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් දුකින් පීඩිත වූයෙම් වෙමි. මේ හුදු දුක් රැසේ කෙළවර කිරීම පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් සතුටු නො වූයේ වෙයි.
Pali BJTන පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තාය සීලසම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය අත්තානුක්කංසෙති, පරං වම්භෙති: අහමස්මි සමාහිතො එකග්ගචිත්තො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අසමාහිතා විබ්භන්තචිත්තාති. සො තාය සමාධිසම්පදාය මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති පමත්තො සමානො දුක්ඛං විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු තචං අග්ගහෙසි බ්රහ්මචරියස්ස, තෙන ච වොසානං ආපාදි.
Sinhala BJTපරිපූර්‍ණ සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් තමන් උසස් කොට නො දක්වයි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සිහියෙන් තොරව විසීමට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මම සමාධියෙන් යුක්ත වූයෙම් එකඟ වූ සිත් ඇත්තෙම් වෙම් මේ අන්‍ය භික්‍ෂූහු වනාහි අසමාහිතයෝ ය. විසිරුණු සිත් ඇත්තෝ ය’යි තමා හුවා දක්ව යි. පරා හෙළා දක්ව යි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි. මහණෙනි, මේ මහණ තෙමේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි සිවිය ගත්තේ ය යි ද, එයින් ම අවසානයට පැමිණියේ ය යි ද කියනු ලැබේ.
Pali BJT12. ඉධ පන භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තාය සීලසම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තාය සමාධිසම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො ඤාණදස්සනං ආරාධෙති. සො තෙන ඤාණදස්සනෙන අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ඤාණදස්සනෙන අත්තානුක්කංසෙති පරං වම්භෙති: අහමස්මි ජානං පස්සං විහරාමි. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අජානං අපස්සං විහරන්තීති. සො තෙන ඤාණදස්සනෙන මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති. පමත්තො සමානො දුක්ඛං විහරති.
Sinhala BJT12. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැසෙහි කෙළවර කිරීම පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්‍ණ සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ දිව්‍යචක්‍ෂුර්ඥාන සඞ්‍ඛ්‍යාත ඥානදර්‍ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පිරිපුන්සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් ‘මම දන්නෙම් දක්නෙම් වාසය කරමි. මේ අනික් භික්‍ෂූහු වනාහි නො දනිමින් නො දකිමින් වාසය කරති’යි තමා හුවා දක්ව යි. පරා හෙළා දකි යි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් මත් වෙයි. විශේෂයෙන් මත් වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙයි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි.
Pali BJT13. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතීති.
Sinhala BJT13. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම ‘හර ය’යි හඟනේ එළය කපාගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක ‘ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය නො දන්නේ ය. ඵළය නොදන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු කොළ නො දන්නේ ය. එසේ හෙයින් ම මේ භවත් පුරුෂ තෙම හර ප්‍රයෝජන කොට ඇත්තේ හර සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම ‘හරය’යි හඟනේ එළය කපා ගෙන ගියේ ය. ඔහු විසින් හරයෙන් කට යුතු යමක් වී නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජන ය ද නො ලබන්නේ ය’යි මෙසේ කියන්නේ ය.
Pali BJT14. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තාය සීලසම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තාය සමාධිසම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති, අප්පමත්තො සමානො ඤාණදස්සනං ආරාධෙති. සො තෙන ඤාණදස්සනෙන අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ඤාණදස්සනෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති: අහමස්මි ජානං පස්සං විහරාමි, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අජානං අපස්සං විහරන්තීති. සො තෙන ඤාණදස්සනෙන මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති. පමත්තො සමානො දුක්ඛං විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ඵෙග්ගුං අග්ගහෙසි බ්රහ්මචරියස්ස, තෙන ච වොසානං ආපාදි.
Sinhala BJT14. මහණෙනි, එ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැස කෙළවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සම්පාදනය කරයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපය යි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ දිව්‍යචක්‍ෂුර්ඥානසඞ්ඛ‍්‍යාත ඥානදර්‍ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් ‘මම දන්නෙම් දක්නෙම් වාසය කරමි. මේ අනිත් භික්‍ෂූහු නො දනිමින් නො දකිමින් වාසය කරති’යි තමා හුවා දක්ව යි. පරා හෙළා දක්ව යි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි. මහණෙනි, මේ මහණ තෙමේ, බ්‍රහ්මචර්‍ය්‍යගේ ඵළය ගත්තේ යයි ද එයින් ම අවසානයට පැමිණියේ යයි ද කියනු ලැබේ.
Pali BJT15. ඉධ පන භික්ඛවෙ එකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති. නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තාය සීලසම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තාය සමාධිසම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො ඤාණදස්සනං ආරාධෙති. සො තෙන ඤාණදස්සනෙන අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ඤාණදස්සනෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තෙන ඤාණදස්සනෙන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො අසමයවිමොක්ඛං ආරාධෙති. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං සො භික්ඛු තාය අසමයවිමුත්තියා පරිහායෙථ.
Sinhala BJT15. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකට බටුයෙම් දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැසෙහි කෙළවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ’යි සැදැහැයෙන් ගිහිගෙයින් නික් ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමත්ත වූයේ සමාධිය සම්පූර්‍ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ දිව්‍යචක්‍ෂුර්ඥානසඞ්ඛ‍්‍යාත ඥානදර්‍ශනය ලබයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ වෙයි. පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ සියලු ක්ලේශයන්ගෙන් ඒකාන්තයෙන් මිදීම වූ නවලෝකොත්තර සද්ධර්‍මය ලබයි. මහණෙනි, ඒ මහණ තෙමේ යම් හෙයකින් ඒ නවලෝකෝත්තරධර්‍මයෙන් පිරිහෙන්නේ ය යන මෙය හේතු රහිත ය. අවකාශ රහිතය.
Pali BJT16. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤෙව ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති ජානමානො; තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: අඤ්ඤාසි වතායං භවං පුරිසො සාරං අඤ්ඤාසි ඵෙග්ගුං අඤ්ඤාසි තචං අඤ්ඤාසි පපටිකං අඤ්ඤාසි සාඛාපලාසං. තථාහයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤෙව ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති ජානමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං අනුභවිස්සතීති.
Sinhala BJT16. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක ‘හරය’යි දන්නේ හරය ම කපා ගෙන යන්නේ ය. ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක ‘මේ භවත් පුරුෂ තෙමේ ඒකාන්තයෙන් සාරය දන්නේ ය. ඵළය දන්නේ ය. සිවිය දන්නේ ය. පොත්ත දන්නේ ය. කොළ අතු දන්නේ ය. එසේ හෙයින් ම මේ භවත් පුරුෂ තෙම හර ප්‍රයෝජන කොට ඇත්තේ හර සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හර යයි දන්නේ හරය ම කපා ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කටයුතු වූ යමක් වේ නම්, හරයාගේ ඒ අර්‍ත්‍ථය ද විඳීය’යි මෙසේ කියන්නේ ය.
Pali BJT17. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තාය සීලසම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තාය සමාධිසම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො ඤාණදස්සනං ආරාධෙති. සො තෙන ඤාණදස්සනෙන අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ඤාණදස්සනෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො තෙන ඤාණදස්සනෙන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති. අප්පමත්තො සමානො අසමයවිමොක්ඛං ආරාධෙති. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං සො භික්ඛු තාය අසමයවිමුත්තියා පරිහායෙථ.
Sinhala BJT17. මහණෙනි, එ පරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම්, දුකට බටුයෙම්, දුකින් පෙළුණෙම් වෙමි. මේ හුදු දුක් රැස කෙළවර කිරීම පෙනේ නම් යෙහෙකැ’යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ වෙයි. පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නොවෙයි. අප්‍රමත්ත වූයේ ශීලසම්පත්තිය සම්පූර්‍ණ කෙරෙ යි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණේ. අප්‍රමත්ත වූයේ (පඤචාභිඥවන්ට අයත් දිව්‍යචක්‍ෂුර්ඥානසඞ්ඛ‍්‍යාත) ඥානදර්‍ශනය සම්පූර්‍ණ කෙරෙයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ වෙයි. පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ අසමය විමෝක්‍ෂය (කලින් කල නොව වරක් මිදුනේ මිදුනාම වූ සියලු කෙලෙසුන්ගෙන් මිදීම වූ නවලෝකොත්තර ධර්‍මය) ලබයි. අප්‍රමත්ත වූ ඒ මහණ තෙමේ යම් හෙයකින් ඒ නවලෝකොත්තරධර්‍මයෙන් පිරිහෙන්නේ ය යන මෙය හේතු රහිතය. අවකාශ රහිතය.
Pali BJT18. ඉති ඛො භික්ඛවෙ නයිදං බ්රහ්මචරියං ලාභසක්කාරසිලොකානිසංසං, න සීලසම්පදානිසංසං, න සමාධිසම්පදානිසංසං, න ඤාණදස්සනානිසංසං. යා ච ඛො අයං භික්ඛවෙ අකුප්පා චෙතොවිමුත්ති, එතදත්ථමිදං භික්ඛවෙ බ්රහ්මචරියං. එතං සාරං. එතං පරියොසානන්ති.
Sinhala BJT18. මහණෙනි, මෙසේ වනාහි මේ බ්‍රහ්මචර්‍ය්‍යය ලාභසත්කාර කීර්තිප්‍රශංසා අනුසස් කොට ඇත්තේ නො වෙයි. ශීලසම්පත්තිය අනුසස්කොට ඇත්තේ නො වෙයි. සමාධිසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නො වෙයි. ඥානදර්‍ශනය අනුසස් කොට ඇත්තේ නො වෙයි. මහණෙනි, යම් මේ අකෝප්‍ය - නිශ්චල චිත්තවිමුක්තියක් වේ ද, මහණෙනි, මේ බ්‍රහ්මචර්‍ය්‍යය ඒ රහත්බව පිණිස වේ. මේ සාර යයි. මේ නිෂ්ඨාව යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටට පැමිණි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTමහාසාරොපමසුත්තං නවමං.
Sinhala BJTමහාසාරෝපම සූත්‍රය නවවැනි යි.
Pali BJT1. 3. 10.
Sinhala BJT1. 3. 10.
Pali BJTචූළසාරොපමසුත්තං
Sinhala BJTචූළසාරෝපම සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො පිඞ්ගල{1}කොච්ඡො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පිඞ්ගලකොච්ඡො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති පිඞ්ගලකොච්ඡ නම් බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන්නා වූ පිඞ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය:
Pali BJT2. යෙමෙ භො ගොතම සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා{2} සාධුසම්මතා බහුජනස්ස, සෙය්යථිදං: පූරණො කස්සපො, මක්ඛලී ගොසාලො, අජිතො කෙසකම්බලො,{3} පකුධො{4} කච්චායනො, සඤ්ජයො බෙලට්ඨි{5}පුත්තො, නිගණ්ඨො නාතපුත්තො,{6} සබ්බෙ තෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤංසු: සබ්බෙව නාබ්භඤ්ඤංසු, උදාහු එකච්චෙ අබ්භඤ්ඤංසු, එකච්චෙ නාබ්භඤ්ඤංසූති.
Sinhala BJT2. භවත් ගෞතමයන් වහන්ස, පැවැදිසමූහයා ඇති පැවැදිගණයා ඇති ගණාචාර්‍ය වූ ප්‍රසිද්ධ යශස් ඇති තීර්‍ත්‍ථක වූ (=ලබ්ධි උපදවන්නා වූ) බොහෝ දෙනා විසින් සාධුයයි සම්මත කරණ ලද යම් මේ මහණ බමුණු කෙනෙක් වෙත් ද, එනම්: පූරණකස්සප, මක්ඛලී ගෝසාල, අජිතකේසකම්බල, පකුධකච්චායන, සඤ්ජයබෙල්ට්ඨීපුත්ත, නිගණ්ඨනාථපුත්ත, යන මොහු ය. ඒ සියල්ලෝ ස්වකීය ප්‍රතිඥාව පරිදි (ස්වසමය නෛර්‍ය්‍යාණික යයි) දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහාත් සමහරු දැන ගත්තාහු ද? සමහරු දැන නො ගත්තාහු දැයි (ඇසීය.)
Pali BJT3. අලං බ්රාහ්මණ, තිට්ඨතෙතං: සබ්බෙ තෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤංසු, සබ්බෙව නාබ්භඤ්ඤංසු, උදාහු එකච්චෙ අබ්භඤ්ඤංසු, එකච්චෙ නාබ්භඤ්ඤංසූති.{7} ධම්මං තෙ බ්රාහ්මණ දෙසෙස්සාමි, තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති. එවං භොති ඛො පිඞ්ගලකොච්ඡො බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT3. බමුණ, කම් නැත. ‘ඒ සියල්ලෝ ස්වකීය ප්‍රතිඥාව පරිදි දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහොත් සමහරු දැන ගත්තාහු ද? සමහරු දැන නො ගත්තාහු ද? යන මෙය තිබියේවා. බමුණ, මම තට ධර්‍මය දේශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දේශනා කරන්නෙමි. පිඞ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ ‘එසේ ය පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
Pali BJT4. සෙය්යථාපි බ්රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං අතික්කම්ම පපටිකං සාඛාපලාසං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං, තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං අතික්කම්ම පපටිකං සාඛාපලාසං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතීති.
Sinhala BJT4. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, අරටුව ඇති, මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා පොත්ත ඉක්මවා හරය යි හඟනේ අතු කොළ කපා ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙමේ ඒ මොහු දැක “ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නොවැටී පවත්නා වූ, හරය ඇති, මහරුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා ම සිවිය ඉක්මවා ම, පොත්ත ඉක්මවා ම හර යයි හඟිමින් අතු කොළ කපා ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද (හෙතෙමේ) නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
Pali BJT5. සෙය්යථාපි වා පන බ්රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං පපටිකං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං පපටිකං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී’ති.
Sinhala BJT5. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, හර ඇති මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය යි හඟිමින් පොත්ත කපා ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය යි හඟිමින් පොතු කපා ගෙන ගෙණ ගිය් ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වී නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
Pali BJT6. සෙය්යථාපි වා පන බ්රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං තචං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං, තචං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී’ති.
Sinhala BJT6. බමුණ, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහරුකෙ අරටුව ඉක්මවා, එළය ඉක්මවා, හරය යි හඟිමින් සිවිය සිඳ ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හරය සෙවීමෙහි හැසිරෙන්නේ පිහිටා පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා හරය යි හඟිමින් සිවිය කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ අර්‍ත්‍ථය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
Pali BJT7. සෙය්යථාපි වා පන බ්රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී’ති.
Sinhala BJT7. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයන හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, අරටුව ඇති මහරුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ ඒකාන්තයෙන් අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හරය සෙවීමෙහි හැසිරෙන්නේ නොවැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
Pali BJT8. සෙය්යථාපි වා පන බ්රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤෙව ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති ජානමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘අඤ්ඤාසි වතායං භවං පුරිසො සාරං, අඤ්ඤාසි ඵෙග්ගුං, අඤ්ඤාසි තචං, අඤ්ඤාසි පපටිකං, අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤෙව ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති ජානමානො. යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං අනුභවිස්සතී’ති.
Sinhala BJT8. බමුණ, යම් සේ හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහරුකෙක හරය යි දනිමින් හරය ම කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තුලුහු දැක “ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය දත්තේ ය. එළය දත්තේ ය. සිවිය දත්තේ ය. පොත්ත දත්තේ ය. කොළ අතු දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙම හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හරය සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හරය ඇති මහත් රුකෙක හරය යි දන්නේ හරය ම කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම් හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
Pali BJT9. එවමෙව ඛො බ්රාහ්මණ ඉධෙකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තානුක්කංසෙති පරං වම්භෙති: ‘අහමස්මි ලාභී සිලොකවා{1}. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අප්පඤ්ඤාතා අප්පෙසක්ඛා’ති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති, න වායමති. ඔලීනවුත්තිකො ච හොති සාථලිකො. සෙය්යථාපි සො බ්රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං අතික්කම්ම පපටිකං සාඛාපලාසං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සති’{2} තථූපමාහං බ්රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJT9. බමුණ, එපරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මැඬුනෙම් වෙමි. දුකෙහි බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. මෙසේ හෙතෙම පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ‘මම ලාභී වෙමි. කීර්ති ඇත්තෙම් වෙමි. මේ අනික් භික්‍ෂූහු අප්‍රකටයෝ ය. අල්පේශාක්‍යයෝ ය’යි තමන් හුවා දක්වයි. මෙරමා හෙළා දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය ඇති නො කරයි. වෑයම් නොකරයි. හීනාධ්‍යාශය ඇත්තේ වෙයි. ශාසනය ලිහිල් කොට ගත්තේ වෙයි. බමුණ යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ නො වැටී පවත්නා වූ, හර ඇති මහරුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා පොත්ත ඉක්මවා හර යයි හඟනේ කොළ අතු කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කළ යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ අර්‍ත්‍ථය ද හේ නො ලබන්නේය ය. බමුණ, මම මේ පුද්ගලයා එවැනි උපමා ඇත්තෙකැ යි කියමි.
Pali BJT10. ඉධ පන බ්රාහ්මණ එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති –
Sinhala BJT10. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකෙහි බැසගත්තෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෝ වෙත් නම්, ඒ අන්‍ය ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කරයි.
Pali BJTඅනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති, පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය අත්තානුක්කංසෙති පරං වම්භෙති: ‘අහමස්මි සීලවා කල්යාණධම්මො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ දුස්සීලා පාපධම්මාති. සීලසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති න වායමති. ඔලීනවුත්තිකො ච හොති සාථලිකො. සෙය්යථාපි සො බ්රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං පපටිකං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සති. තථූපමාහං බ්රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTනො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් ‘මම සිල්වත් වෙමි. කළණදහම් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය වූ භික්‍ෂූහු දුශ්ශීලයෝ ය. පවිටු ස්වභාව ඇත්තෝය’යි තමා හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. ශීලසම්පත්තියෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ අන්‍යධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය නූපදව යි, වෑයම් නො කරයි. පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට ගත්තේ වෙයි. බමුණ, යම් සේ හරය ප්‍රයෝජන කොට ඇති හරය සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ නො වැටී සිටින්නා වූ හරය ඇති මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හර යයි හඟනේ පොත්ත කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය. බමුණ, මම ඒ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
Pali BJT11. ඉධ පන බ්රාහ්මණ එකච්චො{1} පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති, න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සීලසම්පදං ආරාධෙති, සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සීලසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය අත්තානුක්කංසෙති පරං වම්භෙති: අහමස්මි සමාහිතො එකග්ගචිත්තො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අසමාහිතා විබ්භන්තචිත්තාති. සමාධිසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති න වායමති. ඔලීනවුත්තිකො ච හොති සාථලිකො. –
Sinhala BJT11. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකෙහි බැස ගත්තෙම් දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර, කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නොවෙයි. පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් ‘මම සමාධියෙන් යුක්ත වූයෙම් එකඟ වූ සිත් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය වූ භික්‍ෂූහු අසමාහිතයෝ ය. විසිරුණු සිත් ඇත්තෝය’යි තමා හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය නූපදව යි. වෑයම් නො කෙරෙයි. පසුබට පැවතුම් ඇත්තේ ශාසනය ලිහිල් කොට ගත්තේ ද වෙයි.
Pali BJTසෙය්යථාපි සො බ්රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං තචං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සති. තථූපමාහං බ්රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTබමුණ, යම් සේ හරය ප්‍රයෝජන කොට ඇති හරය සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ නො වැටී පවත්නා වූ හර ඇත්තා වූ මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා එළය ඉක්මවා හරය යි හඟනේ සිවිය කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වේ ද, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබයි. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
Pali BJT12. ඉධ පන බ්රාහ්මණ එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන{1} සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සීලසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සමාධිසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො ඤාණදස්සනං ආරාධෙති. සො තෙන ඤාණදස්සනෙන අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ඤාණදස්සනෙන අත්තානුක්කංසෙති පරං වම්භෙති: අහමස්මි ජානං පස්සං විහරාමි. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අජානං අපස්සං විහරන්තීති. ඤාණදස්සනෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති න වායමති. ඔලීනවුත්තිකො ච හොති සාථලිකො. සෙය්යථාපි සො බ්රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සති. තථූපමාහං බ්රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJT12. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම්, දුකට බටුයෙම්, දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ ද උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද, යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කෙරෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සස්න ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ඥානදර්‍ශනය (දිව්‍යචක්‍ෂුර් ඥානය) ලබයි. හෙතෙම ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් ‘මම දත්තෙම් දක්නෙම් වාසය කරමි. මේ අන්‍ය භික්‍ෂූහු නො දන්නාහු නො දක්නාහු වෙසෙත්’ යි තමන් හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. ඥානදර්‍ශනයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය නූපදව යි. වෑයම් නො කෙරෙයි. පසු බස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට ගත්තේ ද වෙයි. බමුණ, හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ යම් සේ නො වැටී පවත්නා වූ හර ඇත්තා වූ මහ රුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කටයුතු යමක් වී නම් හරය පිළිබඳ ඒ අර්‍ත්‍ථය නො ලබන්නේ ය. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
Pali BJT13. ඉධ පන බ්රාහ්මණ එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සීලසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සමාධිසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො ඤාණදස්සනං ආරාධෙති. සො තෙන ඤාණදස්සනෙන අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ඤාණදස්සනෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. ඤාණදස්සනෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො.
Sinhala BJT13. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකට බටුයෙම් දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. මෙසේ හෙතෙම පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද, යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කෙරෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ ද නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සස්න ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ඥානදර්‍ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ඥානදර්‍ශනයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි.
Pali BJT14. කතමෙ ච බ්රාහ්මණ ධම්මා ඤාණදස්සනෙන උත්තරිතරා ච පණීතතරා ච?
Sinhala BJT14. බමුණ, ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද ධර්‍මයෝ කවරහු ද?
Pali BJTඉධ බ්රාහ්මණ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
Sinhala BJTබමුණ, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම අකුශලයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාසය කෙරෙ යි. බමුණ, මේ ද ඥානදර්‍ශනයට වඩා (නිරෝධපාදක බැවින) උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
Pali BJT15. පුන චපරං බ්රාහ්මණ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
Sinhala BJT15. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි උපන් පැහැදීමෙන් යුත් සිතේ ඒකෝදිසඞ්ඛ්‍යාත සමාධිය වඩන විතක්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මේද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
Pali BJT16. පුන චපරං බ්රාහ්මණ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති: ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
Sinhala BJT16. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂකව සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙසෙයි. සැපය ද කයින් විඳියි. යම් ඒ ධ්‍යානයක් හේතු කොට ගෙන එ පුද්ගලයා ‘උපේක්‍ෂා ඇත්තේ ය සිහි ඇත්තේ ය. සැපවිහරණ ඇත්තේ’ යයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
Pali BJT17. පුන චපරං බ්රාහ්මණ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා{1} අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
Sinhala BJT17. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙරම සොම්නස් දොම්නස්හුගේ නැසීමෙන් නිදුක් වූ නො සැප වූ උපෙක්‍ෂකවෙන් කළ ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
Pali BJT18. පුන චපරං බ්රාහ්මණ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
Sinhala BJT18. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් නැසීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් ‘ආකාසය අනන්ත ය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
Pali BJT19. පුන චපරං බ්රාහ්මණ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
Sinhala BJT19. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
Pali BJT20. පුන චපරං බ්රාහ්මණ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
Sinhala BJT20. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්චායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
Pali BJT21. පුන චපරං බ්රාහ්මණ භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
Sinhala BJT21. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්චායතනයඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
Pali BJT22. පුන චපරං බ්රාහ්මණ භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයම්පි ඛො බ්රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
Sinhala BJT22. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. ප්‍රඥාවෙන් දැකීම් හේතුවෙන් ඔහුගේ ආශ්‍රවයෝ ක්‍ෂය වූ වාහු වෙත්. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
Pali BJTඉමෙ ඛො බ්රාහ්මණ ධම්මා ඤාණදස්සනෙන උත්තරිතරා ච පණීතතරා ච.
Sinhala BJTබමුණ, මේ ධර්‍මයෝ ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර ද වෙත්.
Pali BJTසෙය්යථාපි සො බ්රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤෙව ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති ජානමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං අනුභවිස්සති. තථූපමාහං බ්රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTබමුණ, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ යම් සේ නො වැටී පවත්නා වූ හර ඇති මහරුකෙක හර යයි දනිමින් හරයම කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වී නම් හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද ලබන්නේය. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
Pali BJT23. ඉති ඛො බ්රාහ්මණ නයිදං බ්රහ්මචරියං ලාභසක්කාරසිලොකානිසංසං, න සීලසම්පදානිසංසං, න සමාධිසම්පදානිසංසං, න ඤාණදස්සනානිසංසං. යා ච ඛො අයං බ්රාහ්මණ අකුප්පා චෙතොවිමුත්ති, එතදත්ථමිදං බ්රාහ්මණ බ්රහ්මචරියං, එතං සාරං, එතං පරියොසානන්ති.
Sinhala BJT23. බමුණ, මෙසේ වනාහි මේ බඹසර ලාභසත්කාර කීර්තිප්‍රශංසා අනුසස් කොට ඇත්තේ නො වේ. ශීලසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නොවේ. සමාධිසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නොවේ. ඥානදර්‍ශනය අනුසස් කොට ඇත්තේ නොවේ. බමුණ, යම් මේ අකෝප්‍ය වූ චිත්තවිමුක්තියෙක් වේ ද, බමුණ මේ බඹසර එය ප්‍රයෝජනය කොට සිටියේ ය. ඒ සාරයයි. ඒ කෙළවර යි.
Pali BJT24. එවං වුත්තෙ පිඞ්ගලකොච්ඡො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම{1} සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙක පරියායෙන ධම්මං පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛු සඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJT24. මෙසේ වදාළ කල්හි පිඞ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ ද, වැසූ දෙයක් විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහුය යි අන්‍ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නේ ද, එපරිදිදෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් ධර්‍මය දේශනා කරන ලද්දේය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂූ සංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක් වා.
Pali BJTචූළසාරොපමසුත්තං දසමං.
Sinhala BJTචූළසාරෝපම සූත්‍රය දසවැනි යි.
Pali BJTඔපම්මවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි ඔපමම වර්‍ගය යි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං:
Sinhala BJTඒ වර්‍ගයාගේ උද්දානය:
Pali BJTමොලියඵග්ගුනරිට්ඨ ච නාමො අන්ධවනෙ කථිපුණ්ණනිවාපා රාසි කණෙරු මහාගජනාමා සාරුපමො{2} පුන පිඞ්ගලකොච්ඡො, එස වරො ඨපිතො අසමොයං චාරුතරො තතියො වරවග්ගොති{*}.
Sinhala BJTමොලියඵග්ගුණය අරිට්ඨය යි භික්‍ෂු නාමයෙන් කී කකචූපම - අගලද්දූපම දෙසූත්‍ර ය, ‘අන්‍ධවන’යි ස්ථාන නිර්දිෂ්ට වම්මික සූත්‍රය, දසකථා ඇති පුණු සවු නමින් කී රථවිනීථ සුත්‍රය, නිවාප සූත්‍රය, ‘රාසි’ යී නාමෛකදෙශග්‍රහණයෙන් කී පාසරාසි හෙවත් අරියපරියෙසන සූත්‍රය, කණෙරු - මහාගජ නාමයෙන් කී චූළහත්‍ථිපදොපම - මහාහත්‍ථිපදොපම දෙ සූත්‍රය, මහාසාරොපම සූත්‍රය, යලි පිඞ්ගලකොච්ඡ නම් දුන් චූළසාරොපම සූත්‍රය යි - මෙතෙකින් තැබූ මේ උතුම් තෙවන වග අසමය. අතිශයින් මනොඥ ය.
Pali BJT4. මහායමකවග්ගො
Sinhala BJT4. මහා යමක වර්‍ගය
Pali BJT1. 4. 1.
Sinhala BJT1. 4. 1.
Pali BJTචූළගොසිඞ්ගසුත්තං
Sinhala BJTචූළගෝසිඞ්ග සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා නාදිකෙ{1} විහරති ගිඤ්ජකාවසථෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො{2} ගොසිඞ්ගසාලවනදායෙ විහරන්ති. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා{3} වුට්ඨිතො යෙන ගොසිඞ්ගසාලවනදායො තෙනුපසඞ්කමි.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහසන්සේ නාදික ගම්හි ගෙඩිගෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද ගෝසිඞ්ගසාලවනළැහැබෙහි වාස කරත්. එකල භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතහින් නැගී ගෝසිඞ්ගසාලවනළැහැබ කරා වැඩිසේක.
Pali BJT2. අද්දසා ඛො දායපාලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං දිස්වාන භගවන්තං එතදවොච: “මා සමණ, එතං දායං පාවිසි. සන්තෙත්ථ තයො කුලපුත්තා අත්තකාමරූපා විහරන්ති. මා තෙසං අඵාසුමකාසී”ති.
Sinhala BJT2. අරණ්‍ය පාලකයා භාග්‍යවතුන් වහන්සේ වඩනවුන් දුර දී ම දිට. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “මහණ තෙල වනයට නො පිවිසෙනු මැනව. මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් ඇත. තමන්ට හිත කැමැති සැහැවි ඇතිව වසත්. ඔවුන්ට නො පහසු නො කරන්නේ මැනව” කියායි.
Pali BJT3. අස්සොසි ඛො ආයස්මා අනුරුද්ධො දායපාලස්ස භගවතා සද්ධිං මන්තයමානස්ස. සුත්වාන දායපාලං එතදවොච: ‘මා ආවුසො දායපාල, භගවන්තං වාරෙසි. සත්ථා නො භගවා අනුප්පත්තො’ති.
Sinhala BJT3. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ හා මන්ත්‍රණ කරන අරණ්‍යපාලකයාගේ කථාව ඇසූහ.. අසා අරණ්‍යපාලකයාට තෙල කී හ: “කියග වනපාලය, භාග්‍යවතුන් වහන්සේ නො වළහව. අප ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේකැ” යි.
Pali BJT4. අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙනායස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තඤ්ච නන්දියං ආයස්මන්තඤ්ච කිම්බිලං එතදවොච: ‘අභික්කමථායස්මන්තො, අභික්කමථායස්මන්තො, සත්ථා නො භගවා අනුප්පත්තො’ති.
Sinhala BJT4. එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ආයුෂ්මත් නන්‍දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් වෙත ගියහ. ගොස් ආයුෂ්මත් නන්‍දිය තෙරුන්ට හා ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ද තෙල කී ය: “ආයුෂ්මත්නි, වරෙව. ආයුෂ්මත්නි, වරෙව. අප ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක” කියා යි.
Pali BJT5. අථ ඛො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො භගවන්තං පච්චුග්ගන්ත්වා, එකො භගවතො පත්තචීවරං පටිග්ගහෙසි. එකො ආසනං පඤ්ඤාපෙසි. එකො පාදොදකං උපට්ඨපෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ{4} ඛො භගවා පාදෙ පක්ඛාලෙසි. තෙපි ඛො ආයස්මන්තො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ද ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ පෙරමගට ගියහ. පෙරගමන් කොට එක් නමෙක් භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු ගත්තේ ය. එක් නමෙක් අසුනක් පැණවී ය. එක් නමෙක් පා දෝනා දිය එළවී ය. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ පා දෙවූහ. ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ.
Pali BJT6. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං අනුරුද්ධං භගවා එතදවොච: කච්චි වො අනුරුද්ධා ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි පිණ්ඩකෙන න කිලමථාති?{5}
Sinhala BJT6. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “අනුරුද්ධයෙනි, කිම්, සිහිය හැකි ද? යැපිය හැකි ද? කිම, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වවු ද?
Pali BJT7. “ඛමනීයං භගවා, යාපනීයං භගවා. න ච මයං භන්තෙ පිණ්ඩකෙ න කිලමාමා”ති.
Sinhala BJT7. “භාග්‍යවතුන් වහන්ස, සිහිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. නො කලකුළු වම්හ.”
Pali BJT8. කච්චි පන වො අනුරුද්ධා සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථාති?
Sinhala BJT8. අනුරුද්ධයෙනි, කිම තෙපි සමග ව සතුටු ව විවාද නොකරමින් කිරි හා දිය වැනි ව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරවු ද?
Pali BJT9. “තග්ඝ මයං භන්තෙ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා”ති.
Sinhala BJT9. “වහන්ස අපි ඒකාන්තයෙන් සමගිව සතුටුව විවාද නො කරමින් කිරි හා දිය මෙන් එක්ව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරම්හ.”
Pali BJT10. යථාකථං පන තුම්හෙ අනුරුද්ධා සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථා”ති?
Sinhala BJT10. අනුරුද්ධයෙනි, තෙපි, කෙසේ නම්, සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් කිරි හා දිය වැනිව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරන්නහුද?
Pali BJT11. “ඉධ මය්හං භන්තෙ එවං හොති: ‘ලාභා වත මෙ සුලද්ධං වත මෙ, යොහං එවරූපෙහි සබ්රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං භන්තෙ ඉමෙසු ආයස්මන්තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. තස්ස මය්හං භන්තෙ එවං හොති: ‘යන්නූනාහං සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තෙය්ය’න්ති. සො ඛො අහං භන්තෙ සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තාමි. නානා හි ඛො නො භන්තෙ කායා. එකඤ්ච පන මඤ්ඤෙ චිත්ත”න්ති.
Sinhala BJT11. “වහන්ස, මෙහි දී මට මෙ වැනි අදහසෙක් වෙයි: යම් බඳු මම මෙ වැනි සබ්‍රම්සරුන් සමඟ වාස කරම් ද, ඒ මට ඒකාන්තයෙන් ලාභ ය. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂ්මතුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත කායකර්‍මය එළඹ සිටියේය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත වාක්කර්‍මය එළඹ සිටියේය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත මනඃකර්‍මය එළඹ සිටියේය. වහන්ස, ඒ මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වාස කරන්නෙම් නම් මැනව’යි සිත් ඇති වෙයි. වහන්ස, මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත්විසින් වැටෙමි. වහන්ස, අප සිරුර වෙන් වෙයි. සිත එකතු වනැ”යි.
Pali BJT12. ආයස්මාපි ඛො නන්දියො -පෙ- ආයස්මාපි ඛො කිම්බිලො භගවන්තං එතදවොච: මය්හපි ඛො භන්තෙ එවං හොති: ‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං එවරූපෙහි සබ්රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං භන්තෙ ඉමෙසු ආයස්මන්තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. තස්ස මය්හං භන්තෙ එවං හොති: ‘යන්නූනාහං සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තෙය්යන්ති. සො ඛො අහං භන්තෙ සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තාමි. නානා හි ඛො නො භන්තෙ කායා. එකඤ්ච පන මඤ්ඤෙ චිත්ත’න්ති. එවං ඛො මයං භන්තෙ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා”ති.
Sinhala BJT12. ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද … ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:- “වහන්ස, මට ද මෙ වැනි අදහසෙක් වෙයි: යම් බඳු මම මෙවැනි සබ්‍රම්සරුන් සමග වෙසෙම් ද, ඒ මට ඒකාන්තයෙන් ලාභය. මට යහපත් ලැබුමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂ්මතුන් විෂයෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත කායකර්‍මය එළඹ සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත වාක්කර්‍මය එළඹ සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත මනඃකර්‍මය එළඹ සිටියේ ය. වහන්ස මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වාස කරන්නෙම් නම් මැනැවැ’ යි මෙසේ අදහස ඇති වේ. වහන්ස, මම මාගේ සිත බහා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වැටෙමි. ශරීර වෙන් වෙයි. සිත එකකුම වනැ’යි. මෙසේ අපි සමග ව සතුටු වෙමින් විවාද නො කරමින් කිරි හා දිය වැනියමෝ ඔවුනොවුන් පිය ඇසින් බලමින් වාස කරම්හ.
Pali BJT13. සාධු, සාධු, අනුරුද්ධා. කච්චි පන වො අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථාති?
Sinhala BJT13. අනුරුද්ධයෙනි, සාධු සාධු, අනුරුද්ධයෙනි, කිම් තෙපි අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයු සිත් ඇතිව වාස කරන්නහු ද?
Pali BJT14. “තග්ඝ මයං භන්තෙ අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා”ති.
Sinhala BJT14. “වහන්ස, අපි ඒකාන්තයෙන් අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වාස කරම්හ.”