Pali BJT“පාතුරහොසි මගධෙසු පුබ්බෙ, ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො. අවාපුරෙතං{1} අමතස්ස ද්වාරං, සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
Sinhala BJT“පෙර මගධ දනව්හි කෙලෙස් මල සහිත ශාස්තෘවරයන් විසින් සිතන ලද අශුද්ධ ධර්‍මයෙක් පහළ විය. මේ නිවන්දොර විවෘත කරණු මැනැවි. නිර්‍මල වූ මුඹ වහන්සේ විසින් අවබෝධ කළ ධර්‍මය සත්ත්‍වයෝ අසත්වා.
Pali BJTසෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො, යථාපි පස්සෙ ජනතං සමන්තතො; තථූපමං ධම්මමයං සුමෙධ, පාසාදමාරුය්හ සමන්තචක්ඛු.
Sinhala BJTයහපත් ප්‍රඥා ඇති සර්‍වඥයන් වහන්ස, ශෛලමයපර්‍වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජන සමූහයා යම්සේ දකී ද, එබඳු උපමා ඇති ධර්‍මප්‍රසාදයට නැඟ තමන්වහන්සේ පහ වූ ශෝක ඇති සේක් ශෝකයෙන් (ජාති ජරාදියෙන්) මැඩුණු සත්ත්‍ව සමූහයා බලන සේක්වා.
Pali BJTසොකාවතිණ්ණං{2} ජනතමපෙතසොකො, අවෙක්ඛස්සු{3} ජාතිජරාභිභූතං
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඋට්ඨෙහි වීර විජිතසඞ්ගාම සත්ථවාහ අනණ විචර ලොකෙ, දෙසස්සු{4} භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තී”ති.
Sinhala BJTමාරසංග්‍රාමය දිනූ වීරයන් වහන්ස, සාර්‍ත්‍ථවාහකයන් වහන්ස, කාමච්ඡන්‍ද සංඛ්‍යාත ණය නැතියාණන් වහන්ස, නැගිසිටිනු මැනව. ලෝකයෙහි හැසිරෙනු මැනව. භාග්‍යවතුන් වහන්සේ ධර්‍මය දේශනා කරණ සේක්වා. අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.”
Pali BJT28. අථ ඛ්වාහං භික්ඛවෙ බ්රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසිං. අද්දසං ඛො අහං භික්ඛවෙ බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ, තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ, ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ [දුවිඤ්ඤාපයෙ], අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනෙ{5} විහරන්තෙ, [අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ]
Sinhala BJT28. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මයාගේ ආරාධනාවත් ලැබ, සත්ත්‍වයන් කෙරෙහි කරුණාවත් නිසා බුදුඇසින් (ආසයානුසය ඉන්‍ද්‍රියපරෝපරියත්තඤාණයෙන්) ලොව බලන්නා වූ මම අල්පරජස්ක වූ ද, මහාරජස්ක වූ ද, තීක්‍ෂණ වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇත්තා වූ ද, මෘදු ඉන්‍ද්‍රියයන් ඇත්තා වූ ද, යහපත් වූ ශ්‍රද්ධාදි ආකාර ඇත්තා වූ ද, අයහපත් ශ්‍රද්ධාදි ආකාර ඇත්තා වූ ද, පහසුවෙන් අවබෝධ කරවිය හැක්කා වූ ද, පහසුවෙන් අවබෝධ කරවිය නොහැක්කා වූ ද, සත්ත්‍වයන් - පරලොව හා වරද (කෙලෙස්) බිය වසයෙන් දක්නාසුලු ව වසන්නා වූ ඇතැමුන් ද, පරලොව හා කෙලෙස් වරද බිය වසයෙන් නොදක්නාසුලු වූ වසන්නා වූ ඇතැමුන් ද දිටිමි.
Pali BJTසෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකං අච්චුග්ගම්ම තිට්ඨන්ති{6} අනුපලිත්තානි උදකෙන. එවමෙව ඛො අහං භික්ඛවෙ බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දසං සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ, තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ, ස්වාකාරෙ [ද්වාකාරෙ], සුවිඤ්ඤාපයෙ [දුවිඤ්ඤාපයෙ], අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ, [අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ.]{†} අථ ඛ්වාහං භික්ඛවෙ බ්රහ්මානං සහම්පතිං ගාථාය පච්චභාසිං:
Sinhala BJTමහණෙනි, යම්සේ උපුල්විලෙක හෝ පියුම් විලෙක හෝ හෙළපියුම්විලෙක හෝ දියෙහි හටගන්නා වූ දියෙහි වැඩුණා වූ දියෙන් උඩට නො නැගුණා වූ දියෙහි ගැලී පෝෂණය වන්නා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලය හා සම ව සිටියා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේ ද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලය ඉක්මවා සිටියා වූ ජලයෙන් නො තැවරුණා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේ ද, එසේ ම, මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නා වූ මම කෙලෙස් අඩු, කෙලෙස් වැඩි, තියුණු ඉන්‍ද්‍රියයන් ඇති, මෘදු ඉන්‍ද්‍රියයන් ඇති, යහපත් ආකාර ඇති, අයහපත් ආකාර ඇති, පහසුවෙන් අවබෝධ කරවිය හැකි, පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි සත්ත්‍වයන් ද, පරලොව හා කෙලෙස් බිය වශයෙන් දක්නා සුලු ව වසන ඇතැම් සත්ත්‍වයන් ද, පරලොව හා කෙලෙස් බිය වසයෙන් නො දක්නාසුලු ව වසන්නාවූ ඇතැම් සත්ත්‍වයන් ද දිටිමි. මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවෙන් පිළිවදන් දිනිමි.
Pali BJTඅපාරුතා තෙසං අමතස්ස ද්වාරා යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං. විහිංසසඤ්ඤී පගුණං න භාසිං, ධම්මං පණීතං මනුජෙසු බ්රහ්මෙති.
Sinhala BJT“යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ඔහු (දැන්) ශ්‍රද්ධාව මුදත්වා (ඉදිරිපත් කෙරෙත්වා). ඔවුනට නිවන් දොර (ම විසින්) විවෘත කරණ ලදී. බ්‍රහ්මය, ‘වෙහෙසකි’ යන කල්පනා ඇත්තෙම් ප්‍රගුණ වූ උතුම් ධර්‍මය මිනිසුන් කෙරෙහි නො දෙසීමි.”
Pali BJT29. අථ ඛො භික්ඛවෙ බ්රහ්මා සහම්පති ‘කතාවකාසො ඛොම්හි භගවතා ධම්මදෙසනායා’ති මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJT29. ඉක්බිති, සහම්පතීබ්‍රහ්ම තෙම ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මදේශනාවට කරණ ලද අවකාශ ඇත්තෙම් වෙමි’ යි මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
Pali BJT30. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතීති? තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘අයං ඛො ආළාරො කාලාමො පණ්ඩිතො බ්යත්තො මෙධාවී, දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යන්නූනාහං ආළාරස්ස කාලාමස්ස පඨමං ධම්මං දෙසෙය්යං, සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. අථ ඛො මං භික්ඛවෙ දෙවතා උපසඞ්කමිත්වා එතදවොච: ‘සත්තාහකාලකතො{1} භන්තෙ ආළාරො කාලාමො’ති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: ‘සත්තාහකාලකතො{1} ආළාරො කාලාමො’ති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘මහාජානියො ඛො ආළාරො කාලාමො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්ය ඛිප්පමෙව ආජානෙය්යා’ති.
Sinhala BJT30. මහණෙනි, ඒ මට “මම පළමු කොට කවරකුට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ දහම් වහා අවබෝධ කරන්නේ දැ”යි මේ ධර්‍මවිතර්‍කය විය. මහණෙනි, ඒ මට මේ සිත විය: මේ ආළාරකාලාම තෙමේ පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. බොහෝ කලක් අල්ප රජස්කස්වභාව (නිකෙලෙස් පියවි) ඇත්තෙක. මම ආළාරකාලාම තවුසාට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මැනව. හෙතෙම මේ ධර්‍මය වහා ම දැන ගන්නේ ය”යි කියායි. මහණෙනි, අනතුරු ව දෙවියෙක් මා වෙත පැමිණ “වහන්ස, ආළාරකාලාම තෙමේ මින් සත් දවසකට පෙර කලුරිය කළේ ය” යි මෙය කීයේ ය. “ආළාරකාලාම තෙමේ මින් සත් දිනකට පෙර කාලක්‍රියා කෙළේය.” යන ඥානදර්‍ශනය මට ද පහළ විය. මහණෙනි, ඒ මට “ආළාරකාලාම තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක් විය. ඉදින් හෙතෙම මේ ධර්‍මය ඇසුයේ නම්, වහා ම දැනගන්නේ ය (මගපල ලබයි)”යි මේ සිත විය.
Pali BJT31. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතීති? තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘අයං ඛො උද්දකො{2} රාමපුත්තො පණ්ඩිතො බ්යත්තො මෙධාවී, දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යන්නූනාහං උද්දකස්ස රාමපුත්තස්ස පඨමං ධම්මං දෙසෙය්යං, සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. අථ ඛො මං භික්ඛවෙ දෙවතා උපසඞ්කමිත්වා එතදවොච: ‘අභිදොසකාලකතො{3} භන්තෙ උද්දකො රාමපුත්තොති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: ‘අභිදොසකාලකතො{3} උද්දකො රාමපුත්තො’ති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘මහාජානියො ඛො උද්දකො රාමපුත්තො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්ය ඛිප්පමෙව ආජානෙය්යා’ති.
Sinhala BJT31. මහණෙනි, ඒ මට “මම කවරකුට පළමුකොට දහම් දෙසම් ද, කවරෙක් මේ ධර්‍මය වහා ම අවබෝධ කරගන්නේ ද” මේ සිත විය. මේ රාම පුත්‍ර උද්දක තෙමේ පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. බොහෝ කලක් අල්පරජස්කස්වභාව ඇත්තේ ය. මම රාම පුත්‍ර උද්දකහට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මැනව. හෙතෙම මේ ධර්‍මය වහා ම දැනගන්නේ ය” යන අදහස විය. මහණෙනි, ඉක්බිති දෙවියෙක් මා කරා පැමිණ “වහන්ස, රාමපුත්‍ර උද්දක තෙමේ ඊයේ මධ්‍යමරාත්‍රියෙහි කාලක්‍රියා කෙළේ ය”යි කීයේ ය. “රාමපුත්‍ර උද්දක තෙමේ ඊයේ රෑ කාලක්‍රියා කෙළේ ය”යි මට ද ඥානදර්‍ශනය පහළ විය. මහණෙනි, “රාමපුත්‍ර උද්දකහට වූයේ මහත් පිරිහීමෙක. ඉදින් හෙතෙම මේ ධර්‍මය ඇසුයේ නම්, වහා ම මාර්‍ගඵල අවබෝධ කරන්නේ යයි” මට මේ අදහස වී ය.
Pali BJT32. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතීති? තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි:
Sinhala BJT32. මහණෙනි, ඒ මට “කවරකුට මම පළමු කොට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ ධර්‍මය වහා ම අවබෝධ කරන්නේ ද?” යන අදහස විය.
Pali BJT“බහුකාරා ඛො මෙ පඤ්චවග්ගියා භික්ඛූ යෙ මං පධානපහිතත්තං උපට්ඨහිංසු. යන්නූනාහං පඤ්චවග්ගියානං භික්ඛූනං පඨමං ධම්මං දෙසෙය්ය”න්ති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: කහන්නුඛො එතරහි පඤ්චවග්ගියා භික්ඛූ විහරන්තීති. අද්දසං ඛො අහං භික්ඛවෙ දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන පඤ්චවග්ගියෙ භික්ඛූ බාරාණසියං විහරන්තෙ ඉසිපතනෙ මිගදායෙ.
Sinhala BJTමහණෙනි, ඒ මට “යම් පස්වග මහණ කෙනෙක් ප්‍රධන්වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇති මට උවටන් කළාහු ද, ඒ පස්වග මහණහු මට බොහෝ උපකාර ඇත්තාහ. මම පස්වග මහණුන්ට පළමු ව දහම් දෙසන්නෙම් නම් මැනව යි” මේ අදහස වී ය. මහණෙනි, ඒ මට “දැන් ඒ පස්වග මහණහු කොහි වෙසෙත් දෝ හෝ”යි මේ සිත වී ය. මහණෙනි, මම මිනිසැස ඉක්ම සිටි පිරිසුදු වූ දිවැසින් පස්වගමහණුන් බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වසන්නවුන් දිටිමි.
Pali BJT33. අථ ඛ්වාහං භික්ඛවෙ උරුවෙලායං යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කමිං{1}. අද්දසා ඛො මං භික්ඛවෙ උපකො ආජීවකො{2} අන්තරා ච ගයං අන්තරා ච බොධිං අද්ධානමග්ග පටිපන්නං. දිස්වාන මං එතදවොච: විප්පසන්නානි ඛො තෙ ආවුසො ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. කංසි ත්වං ආවුසො උද්දිස්ස පබ්බජිතො? කො වා තෙ සත්ථා? කස්ස වා ත්වං ධම්මං රොචෙසීති? එවං වුත්තෙ අහං භික්ඛවෙ උපකං ආජීවකං ගාථාහි{3} අජ්ඣභාසිං:
Sinhala BJT33. මහණෙනි, ඉක්බිති උරුවෙල්දනව්වෙහි කැමතිතාක් වාසය කොට බරණැස චාරිකාවෙහි ගියෙමි. මහණෙනි, ගයාවටත් බෝධියටත් අතර අදන්මගට පිළිපන් උපක නම් ආජීවකයා මා දුටුයේ ය. දැක මට මෙසේ කී ය: “ඇවැත්නි, මුඹවහන්සේගේ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්‍ණය පිරිසුදු ය, ප්‍රභාස්වරය. ඇවැත්නි, මුඹවහන්සේ කවරකු උදෙසා පැවිදි වූ සේක ද? මුඹවහන්සේගේ ශාස්තෘවරයා හෝ කවරේ ද? මුඹවහන්සේ කාගේ ධර්‍මයකට රුචි කරණ සේක් ද?” යනුයි. මහණෙනි, මෙසේ කී කල්හි මම උපකආජීවකයාහට ගාථාවෙන් කීමි:
Pali BJTසබ්බාභිභූ සබ්බවිදූහමස්මි සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො, සබ්බඤ්ජහො තණ්හක්ඛයෙ විමුත්තො සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං?
Sinhala BJT“මම සියල්ල අබිබවා සිටියෙමි. දත යුතු සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්‍මයන්හි නො ඇලුණෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි. මෙසේ තමන් ම සියල්ල දැන අන් කවරකු ආචාර්‍ය්‍යවශයෙන් උදෙසනෙම් ද?”
Pali BJTන මෙ ආචරියො අත්ථි සදිසො මෙ න විජ්ජති, සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො.
Sinhala BJT“මට ලෝකෝත්තරධර්‍මයෙහි ගුරුවරයෙක් නැත. මට සමානයෙක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සම පුද්ගලයෙක් නැත.”
Pali BJTඅහං හි අරහා ලොකෙ අහං සත්ථා අනුත්තරො, එකොම්හි සම්මාසම්බුද්ධො සීතිභූතොස්මි නිබ්බුතො.
Sinhala BJT“ලෝකයෙහි මම ම රහත් වෙමි. මම ම නිරුත්තර වූ ශාස්තෘ වෙමි. මම එක ම සම්මාසම්බුදු වෙමි. සියලු කෙලෙස්ගිනි නිවීමෙන් සිසිල් වූයෙමි. එහෙයින් ම නිවුනෙම් වෙමි.”
Pali BJTධම්මචක්කං පවත්තෙතුං ගච්ඡාමි කාසිනං පුරං, අන්ධභූතස්මිං{4} ලොකස්මිං ආහඤ්ඡං{5} අමතදුන්දුභින්ති.
Sinhala BJT“මම දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවර බලා යමි. අවිද්‍යාවෙන් අන්‍ධ වූ ලෝකයෙහි අමාදහම්බෙරය ගසන්නෙමි.”
Pali BJT34. ‘යථා ඛො ත්වං ආවුසො පටිජානාසි අනන්තජිනො’ති?
Sinhala BJT34. ‘ඇවැත්නි, මුඹ “අනන්තජින” ය යි පිළින කරණ සේය.’ (උපක කීය)
Pali BJT“මාදිසා වෙ ජිනා හොන්ති යෙ පත්තා ආසවක්ඛයං, ජිතා මෙ පාපකා ධම්මා තස්මාහං උපකා ජිනො”ති.
Sinhala BJT“ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණියා වූ මා වැනියෝ ඒකාන්තයෙන් ‘ජින’ නම් වෙති. උපකය, මා විසින් පාපධර්‍මයෝ දිනන ලදහ. එහෙයින් මම ‘ජින’ වෙමි.” යි
Pali BJTඑවං වුත්තෙ භික්ඛවෙ උපකො ආජීවකො ‘හුවෙය්යපාවුසො’ති{6} වත්වා සීසං ඔකම්පෙත්වා උම්මග්ගං ගහෙත්වා පක්කාමි.
Sinhala BJTමෙසේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ, “ඇවැත්නි, එසේත් වන්නේ වනැ”යි හිස සලා සරස් මගක් ගෙණ ගියේ ය.
Pali BJT35. අථ ඛ්වාහං භික්ඛවෙ අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී ඉසිපතනං මිගදායො යෙන පඤ්චවග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමිං. අද්දසාසුං ඛො මං භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ දූරතොව ආගච්ඡන්තං. දිස්වාන අඤ්ඤමඤ්ඤා සණ්ඨපෙසුං: “අයං ඛො ආවුසො සමණො ගොතමො ආගච්ඡති බාහුලිකො{1} පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය. සො නෙව අභිවාදෙතබ්බො, න පච්චුට්ඨාතබ්බො. නාස්ස පත්තචීවරං පටිග්ගහෙතබ්බං. අපි ච ඛො ආසනං ඨපෙතබ්බං සචෙ ආකඞ්ඛිස්සති නිසීදිස්සතී”ති. යථා යථා ඛො අහං භික්ඛවෙ උපසඞ්කමාමි, තථා තථා පඤ්චවග්ගියා භික්ඛූ නාසක්ඛිංසු සකාය කතිකාය සණ්ඨාතුං. අප්පෙකච්චෙ මං පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසුං. අප්පෙකච්චෙ ආසනං පඤ්ඤාපෙසුං. අප්පෙකච්චෙ පාදොදකං උපට්ඨපෙසුං. අපි ච ඛො මං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරන්ති.
Sinhala BJT35. මහණෙනි, ඉක්බිති මම පිළිවෙළින් චාරිකා කරන්නෙම් බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි පස්වගමහණුන් වෙත එළඹියෙමි. මහණෙනි, පස්වග මහණහු එන මා දුර දී ම දුටහ. දැක ඔවුනොවුන් කතිකා කළහ: “ඇවැත්නි, ප්‍රත්‍යය බහුල කොට ඇති බවට පැමිණ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් පිරිහුණු, ප්‍රත්‍යය බහුල කොට ඇති බවට පෙරළුණු මේ ශ්‍රමණ ගෞතම තෙමෙ එයි. නො ම වැඳිය යුතුය. පෙර ගමන් නො කළ යුතුය. ඔහුගේ පා සිවුරු නො පිළිගත යුතු ය. වැලි, ඉදින් කැමැත්තේ නම් හිඳින්නේ යයි ආසනයක් තැබිය යුතු”ය කියායි. මහණෙනි, මා ළං ළං වත් ම පස්වග මහණහු තම කතිකායෙහි පිහිටා සිටින්නට නොහැකි වූහ. ඇතැම්හු මට පෙර ගමන් කොට පාසිවුරු ගත්හ. ඇතැම්හු අසුන් පැනවූහ. ඇතැම්හු පාදොවුන්දිය එළවූහ. එසේ වුවත් මට නාමයෙන් හා ‘ආවුසො’ වාදයෙන් ව්‍යවහාර කෙරෙති.
Pali BJT36. එවං වුත්තෙ අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: “මා භික්ඛවෙ තථාගතං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරිත්ථ.{2} අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා{3} නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.
Sinhala BJT36. මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි “මහණෙනි, තථාගතයන්ට නමිනුත් ‘ආවුසො’ වාදයෙනුත් ව්‍යවහාර නො කරවු. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. අමෘතය අවබෝධ කරණ ලදී. මම දහම් දෙසමි. අනුශාසනයට අනුව පිළිපදනාහු - කුලපුත්‍රයෝ යම් නිවනක් සඳහා ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය අවසන් කොට ඇති නිරුත්තර වූ ඒ නිර්‍වාණය ඉහතාත්මයේදී ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ඊට පැමිණ වාසය කරවු” යි.
Pali BJT37. එවං වුත්තෙ භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං: “තායපි ඛො ත්වං ආවුසො ගොතම ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. කිං පන ත්වං එතරහි බාහුලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසන්ති.” එවං වුත්තෙ අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: ‘න භික්ඛවෙ තථාගතො බාහුලිකො, න පධානවිබ්භන්තො, න ආවත්තො බාහුල්ලාය. අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.
Sinhala BJT37. මහණෙනි, මෙසේ කී කල්හි පස්වග මහණහු මට මෙය කීහ: “ඇවත ගෞතමයෙනි, මුඹ වහන්සේ ඒ දුෂ්කර වූ ඉරියව්වෙනුත් දුෂ්කර ප්‍රතිපදායෙනුත් දුෂ්කර ක්‍රියායෙනුත්, මනුෂ්‍යධර්‍මයට වැඩි වූ ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශනවිශේෂය නො ලැබූ සේක. මුඹ වහන්සේ දැන් පිරිකර බහුල කොට ඇති සේක්, ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණු සේක්, පිරිකර බහුල කොට ඇතිබවට පෙරළුණුසේක්, දශකුශලධර්‍මයට වැඩි වූ ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂය කිසෙයින් ලැබූ සේක් ද?” මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි: “මහණෙනි, තථාගත තෙමේ බාහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණේ නො වේ. බාහුලිකත්‍වයට පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. අමෘතය මා විසින් ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම් සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්‍හත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද, නිරුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇත්තා වූ ඒ අර්‍හත්‍වය තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නහුය.”
Pali BJT38. දුතියම්පි ඛො භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං: “තායපි ඛො ත්වං ආවුසො ගොතම ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. කිම්පන ත්වං එතරහි බාහුලිකො{1} පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසන්ති?”
Sinhala BJT38. මහණෙනි, දෙවනු ද පස්වග මහණහු මට මෙසේ කීහ: “ඇවැත්නි, ගෞතමයෙනි, මුබවහන්සේ ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයක් අවබෝධ නො කළ සේක. කීම, මුබවහන්සේ දැන් ප්‍රත්‍ය බහුල කොට ඇතිසේක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණුසේක් ප්‍රත්‍ය බහුල කොට ඇතිබව පිණිස පෙරළුණු සේක් මනුෂ්‍යධර්‍මයට වැඩි වූ ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශනය අවබෝධ කළසේක් ද?”
Pali BJT39. දුතියම්පි ඛො අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: “න භික්ඛවෙ තථාගතො බාහුලිකො{1} න පධානවිබ්භන්තො, න ආවත්තො බාහුල්ලාය. අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.
Sinhala BJT39. මහණෙනි, දෙවනු ද මම පස්වග මහණන්ට මෙය කීමි: “මහණෙනි, තථාගත තෙමේ බහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණේ නො වේ. ප්‍රත්‍ය බහුලභාවය පිණිස පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. (මා විසින්) නිවන් අවබෝධ කරණ ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්‍හත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද, නිරුත්තර වූ බඹසර කෙළවර කොට ඇති ඒ අර්‍හත්‍වය තුමූ ඉහතාත්මයේදී ම අභිඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නහුය.”
Pali BJT40. තතියම්පි ඛො භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං: “තායපි ඛො ත්වං ආවුසො ගොතම ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. කිම්පන ත්වං එතරහි බාහුලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසන්ති?”
Sinhala BJT40. මහණෙනි, තෙවැනිවටත් පස්වග මහණහු මට මෙසේ කීහ: “ඇවැත් ගෞතමයෙනි, මුබ වහන්සේ ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කරක්‍රියාවෙන් මිනිස් දහමට වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයක් අවබෝධ නො කළ සේක. මුබ වහන්සේ දැන් ප්‍රත්‍ය බහුල කොට ඇතිසේක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණුසේක් ප්‍රත්‍ය බහුල භාවය පිණිස පෙරළුණු සේක් මිනිස්දහමට වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශනය අවබෝධ කළසේකැ යනු කීම?”
Pali BJT41. එවං වුත්තෙ අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: “අභිජානාථ මෙ නො තුම්හෙ භික්ඛවෙ ඉතො පුබ්බෙ එවරූපං වබ්භාවිතමෙතන්ති{2} නො හෙතං භන්තෙ. න භික්ඛවෙ තථාගතො බාහුලිකො, න පධානවිබ්භන්තො, න ආවත්තො බාහුල්ලාය. අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.
Sinhala BJT41. මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි: මහණෙනි, තෙපි මින් පෙර මාගේ මෙබඳු වූ වාග්භේදයක් (=වචන කීමක් ගැන) දන්නහු ද?” “වහන්ස, එය නො වේ ම ය.” “මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍යය බාහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණේ නො වේ. ප්‍රත්‍ය බහුලභාවය පිණිස පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. (මා විසින්) නිවන ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්‍හත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහි ගෙන් නික්ම අනගාර්‍ය්‍යශාසනයට පැමිණෙද්ද, ඒ නිරුත්තර වූ බඹසර කෙළවර කොට ඇති රහත්බව ඉහතාත්මයේදී ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නහුය.”
Pali BJT42. අසක්ඛිං ඛො අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ සඤ්ඤාපෙතුං. ද්වෙපි සුදං භික්ඛවෙ ඔවදාමි. තයො භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං තයො භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති, තෙන ඡබ්බග්ගා{1} යාපෙම. තයොපි සුදං භික්ඛවෙ භික්ඛූ ඔවදාමි. ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්තී, තෙන ඡබ්බග්ගියා යාපෙම.
Sinhala BJT42. මහණෙනි, මම මා බුදුවූබව පස්වග මහණුන් අඟවන්නට හැකිවීමි. මහණෙනි, මම භික්‍ෂූන් දෙනමකට අවවාද කරමි. භික්‍ෂූහු තෙනමක් පිඬු පිණිස හැසිරෙත්. භික්‍ෂූහු තිදෙන පිඬුපිණිස හැසිර යමක් ගෙනෙත් ද, එයින් සවග වූ අපි යැපෙමු. මහණෙනි, මම භික්‍ෂූන් තුන් නමකට අවවාද කරමි. භික්‍ෂූහු දෙ නමක් පිඬු පිණිස හැසිරෙත්. භික්‍ෂූහු දෙනම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත් ද, එයින් සවග වූ අපි යැපෙමු.
Pali BJT43. අථ ඛො භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා අත්තනා ජාතිධම්මා සමානා ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා ජරාධම්මා සමානා ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා බ්යාධිධම්මා සමානා බ්යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා මරණධම්මා සමානා මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා සොකධම්මා සමානා සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා සඞ්කිලෙසධම්මා සමානා සඞ්කිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසඞ්කිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අසඞ්කිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. ඤාණඤ්ච පන නෙසං{3} දස්සනං උදපාදි: “අකුප්පා නො විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො”ති.
Sinhala BJT43. මහණෙනි, මෙසේ මා විසින් අවවාද කරණු ලබන අනුශාසනා කරණු ලබන පස්වග මහණහු තුමූ ඉපදීම ස්වභාව කොට ඇත්තාහු ජාතිධර්‍මයෙහි ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම නිවන අවබෝධ කළාහු ය. තුමූ ජරාව ස්වභාව කොට ඇත්තාහු ජරාධර්‍මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාහු ව්‍යාධිස්වභාවයෙහි දොස් දැන ව්‍යාධි රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු ව්‍යාධි රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ මරණය ස්වභාව කොට ඇත්තාහු මරණයෙහි ආදීනව දැන මරණ රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු මරණ රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ ශෝකය ස්වභාව කොට ඇත්තාහු ශෝකයෙහි ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ කෙලෙසීම් ස්වභාව කොට ඇත්තාහු සංක්ලේශධර්‍මයෙහි ආදීනව දැන නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. ඔවුන්ට ‘අපගේ චිත්තවිමුක්තිය නිශ්චල ය. මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයක් නැත’ යන ඥානදර්‍ශනය ද පහළ විය.
Pali BJT44. පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච කාමගුණා.
Sinhala BJT44. මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනකි. කවර පස් දෙනෙක යත්: චක්‍ෂුර්විඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමරාගයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ රූපයෝ ය, ශ්‍රොත්‍රවිඥානයෙන් දත යුතු වූ … ශබ්දයෝ ය, ඝාණවිඥානයෙන් දත යුතු වූ … ගන්‍ධයෝ ය, ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ … රසයෝ ය, කායවිඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කමනීය වූ මන වඩන්නා වූ ප්‍රියස්වරූප වූ කාමරාගයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය, යන මොහුයි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය.
Pali BJT45. යෙ හි කෙචි{4} භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගථිතා{5} මුච්ඡිතා අජ්ඣාපන්නා{6} අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා: අනයමාපන්නා බ්යසනමාපන්නා යථාකාමකරණීයා පාපිමතො.
Sinhala BJT45. මහණෙනි, යම් මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් (මේ පස්කම් ගුණයන්හි) වෙළුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු දොස් නොදක්නාසුලු වූවාහු ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් තොර වූවාහු මේ පස්කම්ගුණයන් පරිභෝග කෙරෙද් ද, ඔහු අනභිවෘද්ධියට පැමිණියාහු ව්‍යවසනයට පැමිණියාහු පවිටු මරහු විසින් කැමති සේ කට යුත්තාහු යි මෙසේ දත යුත්තාහු ය.
Pali BJT46. සෙය්යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මිගො{1} බද්ධො පාසරාසිං අධිසයෙය්ය. සො එවමස්ස වෙදිතබ්බො: අනයමාපන්නො බ්යසනමාපන්නො යථාකාමකරණීයො ලුද්දස්ස, ආගච්ඡන්තෙ ච පන ලුද්දෙ{2} න යෙන කාමං පක්කමිස්සතීති. එවමෙව ඛො භික්ඛවෙ යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගථිතා මුච්ඡිතා අජ්ඣාපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා: අනයමාපන්නා බ්යසනමාපන්නා යථාකාමකරණීයා පාපිමතො.
Sinhala BJT46. මහණෙනි, අරණ්‍යකමෘගයෙක් මල පුඬුරැස මත යම්සේ ශයනය කරන්නේ නම්, හෙතෙමේ අනභිවෘද්ධියට පැමිණියේ ව්‍යවසනයට පැමිණියේ වැද්දා විසින් කැමැති සේ කට යුත්තේ ය. වැද්දා එන කල්හි කැමැති මගකින් නො යන්නේ ය යි මෙසේ දතයුතු වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම යම්කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ පස්කම්ගුණයන්හි ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු දොස් නො දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් තොර වූවාහු මේ පස්කම්ගුණයන් පරිභෝග කෙරෙත් ද, ඔහු විපතට පැමිණියාහු වැසනට පැමිණියාහු පවිටු මරහු විසින් කැමැති සේ කට යුත්තාහු ය යි මෙසේ දත යුතු වන්නාහු ය.
Pali BJT47. යෙ ච{3} ඛො කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ අගථිතා අමුච්ඡිතා අනජ්ඣාපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා: න අනයමාපන්නා න බ්යසනමාපන්නා න යථාකාමකරණීයා පාපිමතො.
Sinhala BJT47. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පස්කම්ගුණයන්හි නො ගෙතුනාහු මුසපත් නො වූවාහු බැස නොගත්තාහු දොස් දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් යුක්ත වූවාහු මේ පස්කම්ගුණයෙන් පරිභෝග කෙරෙත් ද, ඔහු විපතට නො පැමිණියාහු ය. ඔහු වැසනට නො පැමිණියාහු ය. පවිටු වූ මරහු විසින් කැමැති සේ කට යුතු නො වන්නාහුය යි මෙසේ දත යුතු වන්නාහු ය.
Pali BJT48. සෙය්යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මිගො අබද්ධො පාසරාසිං අධිසයෙය්ය, සො එවමස්ස වෙදිතබ්බො: න අනයමාපන්නො න බ්යසනමාපන්නො න යථාකාමකරණීයො ලුද්දස්ස, ආගච්ඡන්තෙ ච පන ලුද්දෙ යෙන කාමං පක්කමිස්සතීති. එවමෙව ඛො භික්ඛවෙ යෙ කෙචි සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ අගථිතා අමුච්ඡිතා අනජ්ඣාපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා: න අනයමාපන්නා න බ්යසනමාපන්නා න යථාකාමකරණීයා පාපිමතො.
Sinhala BJT48. මහණෙනි, යම් සේ වනමුවෙක් නො බැඳුනේ මලපුඬු රැස මත හෝනේ ද, හෙතෙමේ විපතට නො පැමිණියේ ය. වැසනට නො පැමිණියේ ය. වැද්දා විසින් කැමැති සේ කට යුතු නොවන්නේ ය. වැද්දා එන කල්හි කැමැති මගකින් පලායන්නේ ය යි මෙසේ දත යුතු වන්නේ ය. මහණෙනි, මේ පරිද්දෙන් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු හෝ පස්කම්ගුණයන්හි නො ගෙතුනාහු මුසපත් නො වූවාහු බැස නො ගත්තාහු දොස් දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් යුක්ත වූවාහු මේ පස්කම්ගුණයෙන් පරිභෝග කෙරෙත් ද, ඔහු විපතට නො පැමිණියෝ ය. වැසනට නො පැමිණියෝ ය. පවිටු මරහු විසින් කැමැති සේ කටයුතු නො වන්නෝ ය යි මෙසේ දත යුතු වන්නාහු ය.
Pali BJT49. සෙය්යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මිගො අරඤ්ඤෙ පවනෙ විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු? අනාපාථගතො භික්ඛවෙ ලුද්දස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’.
Sinhala BJT49. මහණෙනි, යම්සේ වනමුවෙක් මහ වහයෙහි හැසිරෙන්නේ බියරහිත වූයේ යේ නම්, බියරහිත වූයේ සිටී නම්, බියරහිත වූයේ හිඳී නම්, බියරහිත වූයේ හොවී නම්, මහණෙනි, ඒ කවරහෙයින යත්: වැද්දාට හමු නො වූ හෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ද ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි ද, මහණෙනි, මේ භික්‍ෂු තෙමේ මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ යයි ද කියනු ලැබේ.
Pali BJT50. පුන චපරං භික්ඛවෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’.
Sinhala BJT50. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් සිය සතන්හි පැහැදීම වූ සිතේ එකඟගබව ඇති විතර්‍ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ද ඇති දෙවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මේ මහණ තෙමේ ‘මාරයා අන්‍ධ කෙළේ යයි ද, පිහිටක් නැති සේ මරඇස නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ යයි ද කියනු ලැබේ.
Pali BJT51. පුන චපරං භික්ඛවෙ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යන්තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’.
Sinhala BJT51. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ ප්‍රීති විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ ද ස්මෘතිමත් වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ද වාසය කරයි. කයින් සැප ද විඳියි. ආර්‍ය්‍යයෝ ඒ යමක් ‘උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සැප විහරණ ඇත්තේ ය’යි වර්‍ණනා කරත් ද, ඒ තෙවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙම ‘මාරයා අන්‍ධ කෙළේ ය යි ද, මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ.
Pali BJT52. පුන චපරං භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’.
Sinhala BJT52. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සැපය නැසීමෙන් ද දුක නැසීමෙන් ද පළමු කොට ම සොම්නස් දොම්නස් වැනසීමෙන් දුක් රහිත වූ සැප රහිත වූ උපේක්‍ෂා විසින් කළ ස්මෘතිපරිශුද්ධභාව ඇති සිවුවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ ‘මාරයා අන්‍ධ කෙළේ ය යි ද මාරයාගේ ඇස පිහිටක් නැති සේ වනසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ.
Pali BJT53. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති [ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ-] සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම [නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො] නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. තිණ්ණො ලොකෙ විසත්තිකං. සො විස්සත්ථො ගච්ඡති. විස්සත්ථො තිට්ඨති. විස්සත්ථො නිසීදති. විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු? අනාපාථගතො භික්ඛවෙ පාපිමතොති.
Sinhala BJT53. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් නැසීමෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානාඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ ‘මාරයා අන්‍ධ කෙළේ ය යි ද, මරඇස පිහිටක් නැති සේ වනසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි … සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ඕළාරික කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි … සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි … මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කෙරෙයි. ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ ක්‍ෂීණ වූවාහු වෙත්. මහණෙනි, මේ තෙම ‘මාරයා අන්‍ධ කෙළේ ය. මරඇස පිහිටක් නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ. ලෝකයෙහි විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෙන් එතෙර වූයේ ය. හෙතෙම නිර්‍භය වූයේ නිර්‍භය ව සිටියි. නිර්‍භය ව හිඳියි. නිර්‍භය ව හොවියි. කවර හෙයින යත්: මහණෙනි, පවිටු මාරයාට හමු නොවූ හෙයිනි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTබුදුරජාණන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
Pali BJTඅරියපරියෙසනසුත්තං ඡට්ඨං.
Sinhala BJTඅරියපරියේසන සූත්‍රය සවැනියි.
Pali BJT1. 3. 7.
Sinhala BJT1. 3. 7.
Pali BJTචූළහත්ථිපදොපමසුත්තං
Sinhala BJTචූළහත්‍ථිපදෝපම සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ජාණුස්සොණි බ්රාහ්මණො සබ්බසෙතෙන වළභීරථෙන{1} සාවත්ථියා නිය්යාති දිවා දිවස්ස.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙම් සවිසුදු වෙළෙඹුන් යෙදූ රියකින් දෙවෙන්දාවල් සැවැත්නුවර පැදකුණු කරයි.
Pali BJT2. අද්දසා ඛො ජාණුස්සොණි බ්රාහ්මණො පිලොතිකං පරිබ්බාජකං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන පිලොතිකං පරිබ්බාජකං එතදවොච:
Sinhala BJT2. ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ එන්නා වූ පිලෝතිකා පරිව්‍රාජකයා දුර දී ම දැක්කේය. දැක මෙසේ කීයේය:
Pali BJT“හන්ද කුතො නු භවං වච්ඡායනො ආගච්ඡති දිවා දිවස්සා”ති.
Sinhala BJT“භවත් වාත්ස්‍යායන තෙමේ දැන් දෙවෙන්දාවල් කොහි සිට එන්නේ ද”
Pali BJTඉතො හි ඛො අහං භො ආගච්ඡාමි සමණස්ස ගොතමස්ස සන්තිකාති.
Sinhala BJT“පින්වත, මම මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ සමීපයෙහි සිට එමි.”
Pali BJT“තං කිං මඤ්ඤති භවං වච්ඡායනො සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං, පණ්ඩිතො මඤ්ඤෙ”ති.
Sinhala BJT“භවත් වාත්ස්‍යායන තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව හා වියත්බව කිමැයි හඟනේ ද? පණ්ඩිතයෙකැ යි සිතන්නේ ද”
Pali BJTකො චාහං භො, කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමි. සොපි නූනස්ස තාදිසොව යො සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානෙය්යාති.
Sinhala BJTභවත, මම කවරෙකිම් ද, ශ්‍රමණගෞතමයන්ගේ නුවණ හා වියත්බව දැනීමෙහි මම කවරෙකිම් වෙම් ද, යමෙක් ශ්‍රමණගෞතමයන්ගේ නුවණ හා වියත්බව දන්නේ නම්, හෙතෙමේත් ඒකාන්තයෙන් එවැනි (බුදුවරයෙක්) වන්නේ ම ය.
Pali BJT“උළාරාය ඛලු භවං වච්ඡායනො සමණං ගොතමං පසංසාය පසංසතී”ති.
Sinhala BJT“පින්වත් වාත්ස්‍යායන තෙමේ උදාර වූ ප්‍රශංසාවෙන් භවත් ගෞතමයන් පසසයි”
Pali BJTකො චාහං භො, කො ච සමණං ගොතමං පසංසිස්සාමි. පසත්ථපසත්ථොව සො භවං ගොතමො, සෙට්ඨො දෙවමනුස්සානන්ති.
Sinhala BJT“පින්වත, මම කවරෙකිම් ද, ශ්‍රමණගෞතමයන් පැසසීමෙහි මම කවරෙකිම් වෙම් ද, ඒ භවත් ගෞතම තෙමේ ප්‍රශස්ත ගුණයෙන් ප්‍රශස්තය, නොහොත් ප්‍රශස්තයන් විසින් ප්‍රශස්තය. දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ ය.
Pali BJT“කම්පන භවං වච්ඡායනො අත්ථවසං සම්පස්සමානො සමණෙ ගොතමෙ එවං අභිප්පසන්නො”ති.{2}
Sinhala BJT“පින්වත් වාත්ස්‍යායන තෙමේ කවර කරුණක් දක්නේ ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ වෙසෙසින් පැහැදුණේ ද”
Pali BJT3. සෙය්යථාපි භො කුසලො නාගවනිකො නාගවනං පවිසෙය්ය, සො පස්සෙය්ය නාගවනෙ මහන්තං හත්ථිපදං දීඝතො ච ආයතං තිරියඤ්ච විත්ථතං. සො නිට්ඨං ගච්ඡෙය්ය: ‘මහා වත භො නාගො’ති. එවමෙව ඛො අහං භො යතො{3} අද්දසං සමණෙ ගොතමෙ චත්තාරි පදානි, අථාහං නිට්ඨමගමං: “සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො{4} භගවතො සාවකසඞ්ඝො”ති.
Sinhala BJT3. “පින්වත, යම් සේ නාගවනවාසී (ඇතුන් වසන වනයෙහි වසන) දක්‍ෂ පුරුෂයෙක් ඇත්වනයට ඇතුළු වේ ද, හෙතෙම නාගවනයෙහි දිගිනුදු දික් වූ සරසිනුදු පුළුල් වූ මහඇත්පියක් දක්නේ ද, හෙතෙමේ ‘පින්වත, මහ ඇතෙකැ’ යි නිශ්චයට පැමිණෙන්නේ ය. පින්වත, එසේ ම මම යම් තැනක පටන් ශ්‍රමණ ගෞතමයන් වෙත ඤාණපද සතරක් දිටිම් ද, ඉක්බිති මම භාග්‍යවතුන් වහන්සේ ‘සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්නය’යි නිෂ්ඨාවට පැමිණියෙමි.
Pali BJT4. කතමානි චත්තාරි?
Sinhala BJT4. කවර ඤාණපද සතරෙක් ද යත්:
Pali BJTඉධාහං භො පස්සාමි එකච්චෙ ඛත්තියපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ, වොභින්දන්තා{1} මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතීති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති: ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම, එවඤ්චෙ නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්චෙපි නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති.
Sinhala BJTපින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳින්නාක් මෙන් හැසිරෙද්ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවාවන් වැනි වූ ඇතැම් ක්‍ෂත්‍රිය පණ්ඩිත කෙනෙකුන් දකිමි. ඔහු ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ‘අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේ ය’යි අසත්. ඔහු ප්‍රශ්න අභිසංස්කරණ කරත්: අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් කරා පැමිණ විචාරන්නෙමු. ඉදින් මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, මෙසේ අපි ඔබට වාදාරෝපණය කරන්නෙමු. මෙසේත් අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, ඔබට මෙසේත් අපි වාදාරෝපණය කරන්නෙමු’යි කියා යි.
Pali BJTතෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටොති. තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්ති, කුතස්ස වාදං ආරොපෙස්සන්ති, අඤ්ඤදත්ථු සමණස්සෙව ගොතමස්ස සාවකා සම්පජ්ජන්ති. යදාහං භො සමණෙ ගොතමෙ ඉමං පඨමං පදං අද්දසං අථාහං නිට්ඨමගමං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති. [පඨමං ඤාණපදං]
Sinhala BJTඔහු ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියේය’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තියුණු කරවති. සතුටු කරවති. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ ගෞතමයන් අතින් ප්‍රශ්න නො විචාරත්ම ය. කොයින් උන්වහන්සේට වාදාරෝපණය කරන්නාහු ද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මේ පළමුවන පදය දිටිම් ද, ඉක්බිති මම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න” යි නිශ්චයට ගියෙමි. [පළමුවැනි ඥානපදය]
Pali BJT5. පුන චපරාහං භො පස්සාමි ඉධෙකච්චෙ බ්රාහ්මණපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ, වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතීති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති: ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම, එවඤ්චෙ නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්චෙපි නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති.
Sinhala BJT5. නැවත අනිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවායන් වැනි වූ ඇතැම් බමුණුපඬිවරුන් දකිමි. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේය’යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹ විචාරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විචාරණ ලද්දේ මෙසේ විසඳන සේක. අපි මෙසේ උන්වහන්සේට වාදාරෝපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විචාරණ ලද උන්වහන්සේ මෙසේ විසඳන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියා යි.
Pali BJTතෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටොති; තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. –
Sinhala BJTඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්‍රමණ ගෞතම තෙමේ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.
Pali BJTතෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්ති, කුතස්ස වාදං ආරොපෙස්සන්ති, අඤ්ඤදත්ථු සමණස්සෙව ගොතමස්ස සාවකා සම්පජ්ජන්ති. යදාහං භො සමණෙ ගොතමෙ ඉමං දුතියං පදං අද්දසං අථාහං නිට්ඨමගමං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති. [දුතියං ඤාණපදං]
Sinhala BJTශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලැබූ, සමාදන් කරවනු ලැබූ, තියුණු කරවනු ලැබූ, සතුටු කරවනු ලැබූ, ඔහු ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න නොවිචාරත්ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත් ද? ඒකාන්තයෙන් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ දෙවන ඥානපදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහ. ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්නය” යි නිශ්චයට පැමිණියෙමි. [දෙවැනි ඥානපදය]
Pali BJT6. පුන චපරාහං භො පස්සාමි ඉධෙකච්චෙ ගහපතිපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ, වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතීති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති: “ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම. එවඤ්චෙ නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්චෙපි නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති.
Sinhala BJT6. නැවත අනිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවායන් වැනි වූ ඇතැම් ගෘහපතිපණ්ඩිතයන් දකිමි. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ එත්ල යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් කරා එළඹ විචාරන්නෙමු. මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. අපි මෙසේ ඔහුට වදරෝපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේත් විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියායි.
Pali BJTතෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටොති තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්ති. කුතස්ස වාදං ආරොපෙස්සන්ති. අඤ්ඤදත්ථු සමණස්සෙව ගොතමස්ස සාවකා සම්පජ්ජන්ති. යදාහං භො සමණෙ ගොතමෙ ඉමං තතියං පදං අද්දසං අථාහං නිට්ඨමගමං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති. [තතියං ඤාණපදං]
Sinhala BJTඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹෙත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලැබූ, සමාදන් කරවනු ලැබූ, තෙදගන්වනු ලැබූ, සතුටු කරවනු ලැබූ, ඔහු ශ්‍රමණගෞතමයන් ප්‍රශ්න නොවිචාරත් ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත්ද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, මම යම් දිනෙක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ තුන්වන ඥාන පදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාතය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි. [තෙවැනි ඥානපදය]
Pali BJT7. පුන චපරාහං භො පස්සාමි ඉධෙකච්චෙ සමණපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ, වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතීති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති: “ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම. එවඤ්චෙ නො පුට්ඨො එවං ව්යාකරිස්සති. එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්චෙපි නො පුට්ඨො එවං ව්යාකරිස්සති. එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා”ති.
Sinhala BJT7. නැවත ද අනිකක් වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවායන් වැනි වූ ඇතැම් ශ්‍රමණ පතිපණ්ඩිතයන් දකිමි. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ එත්ල යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹ විචාරන්නෙමු. ඉදින් මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේය. අපි මෙසේ ඔහුට වදරෝපණය කරන්නෙමු. ඉදින් මෙසේත් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියායි.
Pali BJT8. තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටොති. තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්ති, කුතොස්ස වාදං ආරොපෙස්සන්ති. අඤ්ඤදත්ථු සමණංයෙව ගොතමං ඔකාසං යාචන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. තෙ සමණො ගොතමො පබ්බාජෙති උපසම්පාදෙති. තෙ තත්ථ පබ්බජිතා සමානා එකෙ වූපකට්ඨා අප්පමත්තා. නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තො සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තෙ එවමාහංසු: මනං වත භො අනස්සාම, මනං වත භො පනස්සාම. මයං හි පුබ්බෙ අස්සමණාව සමානා සමණම්හාති පටිජානිම්හ, අබ්රාහ්මණාව සමානා බ්රාහ්මණම්හාති පටිජානිම්හ, අනරහන්තොව සමානා අරහන්තම්හාති පටිජානිම්හ. ඉදානි ඛොම්හ සමණා. ඉදානි ඛොම්හ බ්රාහ්මණා. ඉදානි ඛොම්හ අරහන්තොති. යදාහං භො සමණෙ ගොතමෙ ඉමං චතුත්ථං පදං අද්දසං, අථාහං නිට්ඨමගමං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝොති. [චතුත්ථං ඤාණපදං]
Sinhala BJT8. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් කරාපැමිණෙත්. ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද, තෙද ගන්වන ලද, සතුටු කරවන ලද, ඔහු ශ්‍රමණගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න නොවිචාරත්ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත්ද? ඒකාන්තයෙන් ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණීම පිණිස ශ්‍රමණ ගෞතමයන්ගේ අවසර යදිත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන් මහණ කරවති. උපසපන් කරවති. එහි පැවිදි වූ ඔහු එකලා වූවාහු (ගණයා කෙරෙන්) වෙන් වූවාහු සිහියෙන් යුක්ත වූවාහු කෙලෙස් තවන වැර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වාසය කරන්නාහු නොබෝ කලකින්ම - යම් අර්‍ත්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද - නිරුත්තර වූ මගබඹසර කෙළවර කොට ඇති ඒ අර්‍හත්‍වය ඉහාත්මයේදී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙරෙත්. ඔහු මෙසේ කීහ: ‘පින්වත, අපි ඒකාන්තයෙන් මදකින් (නොපැමිනීම් මතුයෙන්) නැසූණම්හ. පින්වත, ලේසයකින් වැනසුණම්හ. අපි පෙර නොමහණව ‘මහණම්හ’යි පිළින කෙළෙමු. නොබමුණු ව ‘බමුණම්හ’ යි පිළින කෙළෙමු. නො රහත්ව ‘රහත්ම්හ’යි පිළින කෙළෙමු. දැන් මහණමෝ වම්හ. දැන් බමුණෝ වම්හ. දැන් රහත්මෝ වම්හ’යි කියායි. පින්වත, යම් කලෙක පටන් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ සිවුවන ඥාන පදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන්වහන්සේ සම්‍යක්සම්බුද්ධ යහ. ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි. [සිවුවැනි ඥානපදය]
Pali BJT9. යතො ඛො අහං භො සමණෙ ගොතමෙ ඉමානි චත්තාරි පදානි අද්දසං, අථාහං නිට්ඨමගමං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝොති.
Sinhala BJT9. පින්වත, යම් තැනෙක පටන් මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මේ ඥානපද සතර දිටිම් ද, එකල්හි මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි.
Pali BJT10. එවං වුත්තෙ ජාණුස්සොණි බ්රාහ්මණො සබ්බසෙතා වළභීරථා ඔරොහිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි. “නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.” අප්පෙවනාම මයම්පි කදාචි කරහචි තෙන භොතා ගොතමෙන සද්ධිං සමාගච්ඡෙය්යාම, අප්පෙවනාම සියා කොචිදෙව කථාසල්ලාපොති.
Sinhala BJT10. මෙසේ කී කල්හි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ සව්සුදු වෙළඹ රියෙන් බැස උතුරුසළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දෙස ඇඳිලි බැඳ “ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා”යි තුන් යළක් උදන් ඇනී ය. ‘අපි කිසියම් කලෙක්හි ඒ භවත් ගෞතමයන් වහන්සේ සමග එක් වන්නමෝ නම්, මැනව. කිසියම් කථා සල්ලාපයෙක් වන්නේ නම්, මැනැවැ’යි ද කීය.
Pali BJTඅථ ඛො ජාණුස්සොණි බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණි බ්රාහ්මණො යාවතකො අහොසි පිලොතිකෙන පරිබ්බාජකෙන සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTඉක්බිති ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවී ය. සතුටු විය යුතු සිත ඇලවිය යුතු කථාව කොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ පිලෝතිකා පරිව්‍රාජකයා සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය.
Pali BJT14. එවං වුත්තෙ භගවා ජාණුස්සොණිං බ්රාහ්මණං එතදවොච: ‘න ඛො බ්රාහ්මණ, එත්තාවතා හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොති. අපි ච බ්රාහ්මණ, යථා හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොති, තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’ති. එවං භොති ඛො ජාණුස්සොණි බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT14. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ජානුස්සෝණී බ්‍රාහ්මණ හට මෙය වදාළ සේක: “බමුණ, මෙපමණකින් හස්තිපදෝපමය විස්තර වශයෙන් සම්පූර්‍ණ වූයේ නො වේ. බමුණ, යම්සේ හස්තිපදෝපමය විස්තර වශයෙන් සම්පූර්‍ණ වේ ද, එය ශ්‍රවණය කරව, මනා කොට මෙනෙහි කරව. කියන්නෙමි”. “පින්වතුන් වහන්ස, එසේ ය” යි කියා ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT15. සෙය්යථාපි බ්රාහ්මණ නාගවනිකො නාගවනං පවිසෙය්ය, සො පස්සෙය්ය නාගවනෙ මහන්තං හත්ථිපදං දීඝතො ච ආයතං තිරියඤ්ච විත්ථතං; යො හොති කුසලො නාගවනිකො නෙව තාව නිට්ඨං ගච්ඡති: ‘මහා වත භො නාගො’ති. තං කිස්ස හෙතු: සන්ති හි බ්රාහ්මණ නාගවනෙ වාමනිකා නාම හත්ථිනියො මහාපදා, තාසම්පෙතං පදං අස්සාති. සො තමනුගච්ඡති. තමනුගච්ඡන්තො පස්සති නාගවනෙ මහන්තං හත්ථිපදං දීඝතො ච ආයතං තිරියඤ්ච විත්ථතං උච්චා ච නිසෙවිතං; යො හොති කුසලො නාගවනිකො නෙව තාව නිට්ඨං ගච්ඡති ‘මහා වත භො නාගො’ති. තං කිස්ස හෙතු: සන්ති හි බ්රාහ්මණ නාගවනෙ උච්චා කාළාරිකා නාම හත්ථිනියො මහාපදා, තාසම්පෙතං පදං අස්සාති. සො තමනුගච්ඡති. තමනුගච්ඡන්තො පස්සති නාගවනෙ මහන්තං හත්ථිපදං දීඝතො ච ආයතං තිරියඤ්ච විත්ථතං උච්චා ච නිසෙවිතං උච්චා ච දන්තෙහි ආරඤ්ජිතානි; යො හොති කුසලො නාගවනිකො නෙව තාව නිට්ඨං ගච්ඡති ‘මහා වත භො නාගො’ති. තං කිස්ස හෙතු: සන්ති හි බ්රාහ්මණ, නාගවනෙ උච්චා කණෙරුකා නාම හත්ථිනියො මහාපදා, තාසම්පෙතං පදං අස්සාති. සො තමනුගච්ඡති. තමනුගච්ඡන්තො පස්සති නාගවනෙ මහන්තං හත්ථිපදං දීඝතො ච ආයතං, තිරියඤ්ච විත්ථතං, උච්චා ච නිසෙවිතං, උච්චා ච දන්තෙහි ආරඤ්ජිතානි, උච්චා ච සාඛාභඞ්ගං. තඤ්ච නාගං පස්සති රුක්ඛමූලගතං වා අබ්භොකාසගතං වා ගච්ඡන්තං වා ඨිතං වා නිසින්නං වා නිපන්නං වා, සො නිට්ඨං ගච්ඡති: අයමෙව{1} සො මහානාගොති.
Sinhala BJT15. බමුණ, යම්සේ ඇත් වනයෙහි වාසය කරන්නෙක් ඇත්වනයට පිවිසෙන්නේ ද, හෙතෙම ඇත් වනයෙහි දිගිනුදු දික්වූ, සරසිනුදු පුළුල් වූ මහත් ඇත්පියක් දක්නේ නම් දක්‍ෂ වූ යම් නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ඨාවට නොපැමිණෙයි. එ කවර හෙයින යත්: බමුණ, නාගවනයෙහි මහපිය ඇති වාමනිකා නම් (මිටි වූ) ඇතින්නෝ ඇතියහ. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතටරියන් පෙදෙසෙහි) පිට ඉලූ තැන් ද දකියි. යමෙක් දක්‍ෂ වූ නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ඨාවට නොමපැමිණෙයි. ඒ කවර හෙයින යත්: බමුණ, නාගවනයෙහි මහපිය ඇති (උස් පහත් දළ ඇති) උච්චා කාළාරිකා නම් ඇතින්නෝ ද ඇත්තාහුමය. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතටරියන් පෙදෙසෙහි) පිට ඉලූ තැන් දළින් සිඳි තැන් හා දකියි. යමෙක් දක්‍ෂ වූ නගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ඨාවට නො යේ ම ය. ඒ කවර හෙයින යත්: බමුණ ඇත්වනයෙහි (යටි වැනි උස් වූ පාද ඇති) උච්චා කණේරුකා නම් මහ පිය ඇති ඇතින්නෝ ඇතියහ. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල උස් පෙදෙසෙහි) පිට ඉලූ තැන් දළින් සිඳි තැන් හා උස් තැන්හි බුන් අතු හා දකියි. ගසක් මුලට ගියාවූ හෝ අබ්භ්‍යවකාශයට ගිය වූ හෝ ඇවිදිනා වූ හෝ සිටිනා වූ හෝ හුන්නා වූ හෝ වැද හොත්තා වූ හෝ ඒ ඇතු ද දකියි. ‘මේ ඒ මහා ඇතා ම ය’යි හේ නිශ්චයට යෙයි.
Pali BJT16. එවමෙව ඛො බ්රාහ්මණ, ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති: අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං, සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං පකාසෙති.
Sinhala BJT16. බමුණ, මේ පරිද්දෙන් ම මේ ලෝකයෙහි අර්‍හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණයෙන් යුක්ත වූ, සුගත වූ, ලෝකය දන්නා වූ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ, බුද්ධ වූ, භාග්‍යවත් වූ, තථාගත තෙමේ පහළ වෙයි. හෙ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව ද තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙයි. හෙ ආදි කල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යාවසානකල්‍යාණ කොට අර්‍ත්‍ථසහිත කොට බ්‍යඤ්ජන සහිත කොට කේවල සම්පූර්‍ණ කොට පිරිසුදු කොට ධර්‍මය වදාරයි, ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි.
Pali BJT17. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: සම්බාධො ඝරාවාසො රජොපථො, අබ්භොකාසො පබ්බජ්ජා, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං, යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
Sinhala BJT17. ඒ ධර්‍මය ගැහැවියෙක් හෝ ගැහැවිපිතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. හෙතෙම ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්ත වූයේ මෙසේ සිතයි: “ගෘහවාසය සම්බාධ ය, රාගාදි රජසුන්ට මාර්‍ගයෙකි. පැවිද්ද එලිමහනක් වැන්න, ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ ඒකාන්තයෙන් පිරිසුදු වූ මේ ශඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට ගිහිගෙයි වසන්නහු විසින් පහසු නො වෙයි. මම කෙස්රවුළු බහා කහවත් ඇඳ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ”යි. හෙතෙම පසුකලයෙක ස්වල්පවූ හෝ භෝගරාශිය හැර ස්වල්ප වූ හෝ නෑපිරිවර හැර මහත් වූ හෝ නෑපිරිවර හැර කෙස්රවුළු බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙයි.
Pali BJT18. සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති. දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුනං වාචං පහාය පිසුනා වාචා{1} පටිවිරතො හොති: ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසා වාචා{2} පටිවිරතො හොති: යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති: කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
Sinhala BJT18. හෙතෙමේ මෙසේ පැවිදි වූයේ භික්‍ෂුන්ගේ ශික්‍ෂාපද සඞ්ඛ්‍යාත සාජීවයට පැමිණියේ සතුන් මැරීම හැර සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ වෙයි. බහා තැබූ ශස්ත්‍ර ඇත්තේ වෙයි. ලජ්ජායෙන් යුක්ත වූයේ දයාවට පැමිණියේ සියලු සත්‍වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරෙයි. නුදුන් දෙය ගැන්ම හැර නුදුන් දෙය ගැන්මෙන් වැළකුණේ වෙයි. දුන් දෙය ගන්නාසුලු වූයේ දුන් දෙය කැමැති වන සුලු වූයේ සොර නොවූ පිරිසුදු වූ සිතින් වාසය කෙරෙයි. අශ්‍රේෂ්ඨචර්‍ය්‍යාව හැර ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා ඇත්තේ අයහපත් හැසිරීමෙන් දුරු වූයේ වෙයි. ග්‍රාමධර්‍ම යයි කියන ලද මෛථුනයෙන් වැළකුණේ වෙයි. මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකුණේ වෙයි, සත්‍ය කියනසුලු වූයේ සත්‍යයෙන් සත්‍ය ගළපනුයේ ස්ථිරකථා ඇදහිය යුතු බස් ඇත්තේ ලෝකයා බොරුවෙන් නොරවටන්නේ වෙයි. පිසුනුබස් හැර පිසුනුබසින් තොර වූයේ වෙයි. මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ නොවෙයි. එතැනින් අසා ඔවුන්ගේ භේදය පිණිස මෙතැන කියන්නේ නොවෙයි. මෙසේ බිඳුණවුන් සමගි කරන්නේ සමගි වූවන්ට අනුබල දෙන්නේ සමගියට කැමැත්තේ සමගියෙහි ඇලුණේ සමගි වූවන් දැක සතුටු වනසුලු වූයේ සමගි කරණ වචන කියන්නේ වෙයි. රළුබස් හැර රළුබස් කීමෙන් වැළකුණේ වෙයි. යම් ඒ වචනයක් නිදොස් ද, කනට සුව ද, ප්‍රේමණීය ද, ළ ගන්නාසුලු ද, නාගරික ද, බොහෝ දෙනා කැමැති ද, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද, එබඳු වචන කියන්නේ වෙයි. හිස බස් තෙපලීමෙන් වෙන් වූයේ වෙයි. කල් බලා කියනසුලු වූයේ වූවක් කියනසුලු වූයේ අර්‍ත්‍ථයක්ම කියනසුලු වූයේ ධර්‍මයක් ම කියනසුලු වූයේ විනයක් ම කියනසුලු වූයේ වෙයි. ළෙහි තැන්පත් කර ගත යුතු කරුණු සහිත වූ පිරිසිඳීම් ඇති අර්‍ත්‍ථයෙන් යුත් වචන නිසි කල්හි කියන්නේ වෙයි.
Pali BJT19. සො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තූපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති.
Sinhala BJT19. හේ බීජසමූහ (පැළවන දෑ) ද, භූතසමූහ (පැළවුන දෑ) ද, සමාරම්භයෙන් (නැසීමෙන්) වෙන් වූයේ වෙයි. එක වේලේ වළඳන්නේ රාත්‍රිභෝජනයෙන් වැළක්කේ විකල් බොජුනෙන් වෙන් වූයේ වෙයි. නටනු ගයනු වයනු විසුලු දස්නෙන් දුරු වූයේ වෙයි. මල් ගඳ විලෙවුන් ඇඟ දැරීම, අඩු තැන් පිරවීම, සැරසීම යන මෙයින් වෙන් වූයේ වෙයි. උස්යහනින් මහයහනින් දුරු වූයේ වෙයි. රන්රිදී මසු කහවණු පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. අමු ධාන්‍යවර්‍ග පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. අමුමස් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ස්ත්‍රීන් කුමරියන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. එළු බැටෙළුවන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. කුකුළන් ඌරන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ඇත ගව අස් වෙළඹුන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ගිහීන්ගේ පණිවුඩ හා ගෙන් ගෙට හසුන් ගෙනයාමෙන් දුරු වූයේ වෙයි. වෙළඳ ගනුදෙනුවෙන් දුරු වූයේ වෙයි. හොර තරාදියෙන් කිරුම, නොරන් බඩු රන් බඩු සේ දක්වා දීම, හොර මිනුම යන මෙයින් දුරු වූයේ වෙයි. අල්ලස් ගැනීම, රැවටීම, සමාන දේ දක්වා කරණ මායාව යන කුටිල (වඞ්ක) ප්‍රයෝගයෙන් වැළකුනේ වෙයි. අත් පා කැපීම, මැරීම, විලංගු ආදිය ලා බැඳීම, මංපැහැරීම, ගම්පැහැරීම, සැහැසිකම යන මෙයින් වැළකුනේ වෙයි.
Pali BJT20. සො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව{1} පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි නාම පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරොව ඩෙති, එවමෙව ඛො භික්ඛු{2} සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
Sinhala BJT20. හෙතෙම කය පරිහරණය කිරීමට ප්‍රමාණ වූ සිවුරෙන් ද, කුස පරිහරණය කිරීමට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් ද, සතුටු වූයේ වෙයි. හෙතෙම යම් යම් තැන යේ ද, පාසිවුරු රැගෙන ම යෙයි. යම් සේ පියාපත් ඇති ලිහිණියෙක් යම් යම් දිගෙක පියාඹයි ද, පියාපත් බර සහිත ව ම පියාඹයි. මෙපරිද්දෙන් ම භික්‍ෂු තෙමේ කය පරිහරණය කිරීමට ප්‍රමාණවත් සිවුරෙන්ද කුස පරිහරණය කිරීමට ප්‍රමාණවත් පිණ්ඩපාතයෙන් ද, සතුටු වූයේ වෙයි. හෙ තෙම යම් යම් තැන යේ නම්, පාසිවුරු රැගෙන ම යෙයි. හෙ තෙම මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙන් යුක්ත වූයේ ස්වසන්තානයෙහි නිරවද්‍ය වූ සැපය විඳියි.
Pali BJT21. සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
Sinhala BJT21. හෙ තෙම ඇසින් රූප දැක ස්ත්‍රී පුරුෂාදී වශයෙන් නිමිති ගන්නේ නො වේ. හස්තපාදාදි අවයවයන් ආකාරය නොගන්නා සුලු වේ. යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවරණය නො කොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ අනු බඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රිය සංවරණය පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරණයට පැමිණේ, කණින් ශබ්ද අසා ... නාසයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කොට ... සිතින් ධර්‍මාලම්බනය දැන නිමිති නොගන්නා සුලු වේ. අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වේ. යම් කරුණකින් මනින්‍ද්‍රිය සංවරණය නොකොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ අනුබඳනාහු ද, ඒ මනින්‍ද්‍රියාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියෙහි සංවරණයට පැමිණේ. හෙ තෙම මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වූයේ සිය සිත්සතන්හි කෙලෙසුන් වැගුරුණු නො කිලිටි සැපය විඳියි.
Pali BJT22. සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සංඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
Sinhala BJT22. හෙ තෙම ඉදිරියට යාමෙහි පෙරළා ඊමෙහි සම්පජානකාරී (මැනවින් දැන කරන සුලු) වෙයි. ඉදිරි බැලීමෙහි ආපසු බැලීමෙහි සම්පජානකාරී වෙයි. අත් පා හැකිලීමෙහි දිග හැරීමෙහි සම්පජානකාරී වෙයි. අනුභවයෙහි පානයෙහි කඩා කෑමෙහි රස විඳීමෙහි සම්පජානකාරී වෙයි. මල මූ පහ කිරීමෙහි සම්පජානකාරී වෙයි. යාමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නිහඬ වීමෙහි සම්පජානකාරී වෙයි.
Pali BJT23. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං.
Sinhala BJT23. හෙ තෙම මේ ආර්‍ය වූ ශීලස්කන්‍ධයෙන් ද යුක්ත වූයේ මේ ආර්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන්ද යුක්ත වූයේ මේ ආර්‍ය වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් ද යුක්ත වූයේ ජනයාගෙන් තොර ආරණ්‍ය, වෘක්‍ෂමූලය, පර්‍වතය, කඳුරැලිය, පර්‍වතගුහාව, සොහොන, වනලැහැබ, අබවස, පිදුරුකුටි යන සෙනසුනක් භජනය කරයි.
Pali BJT24. සො පච්ඡාභත්තං පිණ්ඩපාත පටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJT24. හෙ තෙම පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැක්කේ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්‍මස්ථානාභිමුඛ කොට හිඳියි. හෙ තෙම ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුක්‍තව වාසය කෙරෙයි. අභිධ්‍යාවෙන් සිත පිරිසිදු කරයි. ව්‍යාපාදයට නො පැමිණ ව්‍යාපාද සඞ්ඛ්‍යාත වූ ප්‍රකර්‍ෂ ද්වේෂය හැර විරුද්ධයට නොපැමිණි සිතැත්තේ වාසය කරයි. සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතවත්ව අනුකම්පා කරණසුලු වූයේ ව්‍යාපාදසඞ්ඛ්‍යාත ප්‍රකර්‍ෂද්වේශය කෙරෙන් සිත පිරිසිදු කරයි. ථිනමිද්ධය හැර පහ වූ ථිනමිද්ධ ඇති ව වාසය කරයි. රාත්‍රියෙහි ද ආලෝක සංඥාව ඇත්තේ සිහි ඇත්තේ යහපත් නුවණ ඇත්තේ ථිනමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය දුරු කොට උද්ධත නො වූයේ තමා තුල සන්හුන් සිත් ඇත්තේ වාසය කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිත්සාව දුරු කොට පහ වූ විචිකිත්සා ඇත්තේ කුශලධර්‍මයන්හි කෙසේ කෙසේදැ’යි පැවැති සැක නැත්තේ වාසය කෙරෙයි. විචිකිත්සාව කෙරෙන් සිත පිරිසිදු කෙරේ.
Pali BJT25. සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{1} උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති බ්රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං{2} ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
Sinhala BJT25. හෙතෙම මේ චිත්තය පිළිබඳ උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හට ගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බ්‍රාහ්මණය, මෙය ද තථාගතයන් වහන්සේගේ ඤාණපද යයි කියා ද තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති ඉළඇට ඉලූ තැන යයි ද, තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දළයෙන් සිඳි තැන යයි ද කියනු ලැබේ. ආර්‍ය ශ්‍රාවක තෙමේ එපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.
Pali BJT26. පුන චපරං බ්රාහ්මණ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං{1} උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති බ්රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
Sinhala BJT26. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ විතර්‍ක විචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති විතර්‍ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්‍ය ශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණේ ම ය.
Pali BJT27. පුන චපරං බ්රාහ්මණ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආචික්ඛන්ති: ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති, බ්රාහ්මණ තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
Sinhala BJT27. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වාසය කෙරෙයි. කයින් සුව විඳියි. ආර්‍ය්‍යයෝ ඒ යමක් ‘උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සුඛවිහරණ ය’යි (ගුණවර්‍ණනා වශයෙන්) කියත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතපද යයි කියා ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්‍ය ශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණේ ම ය.
Pali BJT28. පුන චපරං බ්රාහ්මණ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා{2} අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති බ්රාහ්මණ තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
Sinhala BJT28. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ සුඛප්‍රහාණයෙන් ද, දුක්ඛප්‍රහාණයෙන් ද, පළමු කොට ම සොම්නස් දොම්නස් නැති කිරීමෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාස්මෘති දෙදෙනාගේ පිරිසිදුබව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතයන් වහන්සේගේ තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනා ව දෙසන ලද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණෙ යි.
Pali BJT29. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{3} පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති: සෙය්යථිදං – එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ට කප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ; ‘අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො
Sinhala BJT29. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ කර්‍මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ නොසැලෙනබවට පත්වූ සමාහිත සිත ඇති කල්හි පෙර වුසූ කඳපිළිවෙළ දන්නා නුවණ පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. එනම්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති ලක්‍ෂයක් ද, නොයෙක් නස්නා කල්පයන් ද, නොයෙක් හටගන්නා කල්පයන් ද, නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද සිහි කරයි: ‘අසුවල් තැන මෙ නම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙවැනි පැහැ ඇත්තෙම් වීමි. මෙවැනි ආහාර ඇත්තෙම් වීමි. මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි. මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි. මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි,
Pali BJTසො තතො චුතො අමුත්ර උපපාදිං, තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති; ඉදම්පි වුච්චති බ්රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
Sinhala BJTඒ මම ඉන් චුත ව අසුවල් තැන උපන්නෙමි, එහිදී ද, මෙනම් ඇත්තෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි, මෙවැනි පැහැ ඇත්තෙම් වීමි, මෙවැනි ආහාර ඇත්තෙම් වීමි, මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි, මෙපමණ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් චුත ව අසුවල් තැන උපන්නෙමි.” යි මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ එ පමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.
Pali BJT30. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ, හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකං මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ඉදම්පි වුච්චති බ්රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
Sinhala BJT30. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ කර්‍මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ සමාහිත සිත ඇති කල්හි සත්‍වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ පිණිස සිත නැඹුරු කෙරෙ යි. හෙතෙම පිරිසුදු වූ මිනිස් ඇස ඉක්ම සිටියා වූ දිවැසින් චුත වන්නා වු උපදින්නා වූ හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ වූ සුගතිගත වූ දුර්‍ගතිගත වූ සත්ත්‍වයන් දකියි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් බලයි. ‘මේ භවත් සත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්‍ය්‍යයන්ට උපවාද කළාහුය මිසදුටුවෝ ය. මිසදිටුකම් ගැනුම් ඇත්තෝ ය. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නරකයට උත්පත්ති වශයෙන් පැමිණියාහු ය. මේ භවත් සත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් යුක්ත වූවාහු. වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්දිටු වූ වාහු සම්දිටුකම් ගැනුම් ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ග ලෝකයට උත්පත්ති වශයෙන් පැමිණියාහු’ යයි කම් වූ පරිදි මිය පරලොව ගිය සත්‍වයන් දනියි. මෙසේ පිරිසිදු වූ මිනිස් ඇස ඉක්මවා පැවැති දිවැසින් චුත වන උපදින හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගතිගත දුර්‍ගතිගත සත්‍වයන් දකියි. කම් වූ පරිදි මිය පරලොව යන සත්‍වයන් දැනගනියි. බමුණ, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ එ පමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.
Pali BJT31. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති.
Sinhala BJT31. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ භාවනාකර්‍මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ නොසැලෙන බවට පත්වූ සමාහිත සිත ඇති කල්හි ආශ්‍රවක්‍ෂයකර ඥානය පිණිස සිත නැඹුරු කෙරෙ යි.
Pali BJTසො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති; ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉදම්පි වුච්චති බ්රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගතො හොති. අපි ච ඛො නිට්ඨං ගච්ඡති: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝොති.
Sinhala BJTහෙ තෙම මෙය දුකය යි තත් වූ පරිදි දැනගනියි. මේ දුක්ඛසමුදය යයි තත් වූ පරිදි දැනගනියි. මේ දුඃඛනිරෝධය යි තත් වූ පරිදි දැනගනියි. මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාව යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රව යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රවසමුදය යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රවනිරෝධය යි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රවනිරොධගාමිනී ප්‍රතිපදාව යයි තත් වූ පරිදි දැනගනියි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණෙයි.
Pali BJT32. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදම්පි වුච්චති බ්රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. එත්තාවතා ඛො බ්රාහ්මණ, අරියසාවකො නිට්ඨං ගතො හොති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති. එත්තාවතා බ්රාහ්මණ, හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොතීති.
Sinhala BJT32. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද මිදෙයි. භවාශ්‍රවයෙන් ද සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදෙයි. මිදුණු කල්හි මිදිණැයි ඥානය වෙයි. ජාතිය ගෙවී ගියා ය. බඹසර වැස නිමවන ලද කළ යුතු දේ කරන ලද මින්පසු මේ අර්‍හත්‍වය පිණිස කටයුතු අනිකක් නැතැයි දැන ගනියි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට පැමිණියේ වෙයි. බ්‍රාහ්මණ ය, මෙපමණෙකින් වනාහි ඇත්පිය උපමාව පරිපූර්‍ණ වූයේ වේ.
Pali BJT33. එවං වුත්තෙ ජාණුස්සොණි බ්රාහ්මණො භගවන්තං එතදවොච: ‘අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං{1} ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති{2}.
Sinhala BJT33. මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙම් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටි කුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේද, මං මුළා වූවහුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තා හු රූප දක්නාහු ය යි අන්‍ධකාරයෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එ පරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක්වායි.
Pali BJTචූළහත්ථිපදොපමසුත්තං සත්තමං.{3}
Sinhala BJTචූළහත්‍ථිපදෝපම සූත්‍රය සත්වැනි යි.
Pali BJT1. 3. 8.
Sinhala BJT1. 3. 8.
Pali BJTමහාහත්ථිපදොපමසුත්තං
Sinhala BJTමහාහත්‍ථිපදෝපම සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: ‘ආවුසො භික්ඛවො’ති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
Pali BJT2. සෙය්යථාපි ආවුසො යානි කානිචි ජඞ්ගලානං{1} පාණානං පදජාතානි සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තත්තෙන{2}; එවමෙව ඛො ආවුසො යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ චතූසු අරියසච්චෙසු සඞ්ගහං ගච්ඡන්ති. කතමෙසු චතූසු: දුක්ඛෙ අරියසච්චෙ, දුක්ඛසමුදයෙ අරියසච්චෙ, දුක්ඛනිරොධෙ අරියසච්චෙ, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චෙ.
Sinhala BJT2. ඇවැත්නි, යම්සේ පොළොව මතුපිට හැසිරෙන්නා වූ පා සහිත වූ සතුන්ගේ යම්කිසි පාදයෝ වෙත් ද, ඒ සියලු පාදයෝ ඇත්පියෙහි ඇතුළත් වීමට පැමිණෙත්. ඇත්පිය මහත් බැවින් ඒ සියලු පාදයන් අතුරෙහි අග්‍රය යි කියනු ලැබේ. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ කුශලධර්‍ම කෙනෙක් වෙත් ද ඒ සියල්ල චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මයෙහි සංග්‍රහයට යෙත්. කවර සතරෙක්හි ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයෙහි, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි ය.
Pali BJT3. කතමඤ්චාවුසො දුක්ඛං අරියසච්චං: ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
Sinhala BJT3. ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍ය කවරේ ද? ජාතිය ද දුක ය, ජරාව ද දුක ය. මරණය ද දුක ය. ශෝකය වැලපීම කායිකදුක මානසික දොම්නස දැඩි ආයාස යන මොහු ද දුක්ය. කැමති වූ යමක් නොලබා නම්, එ ද දුක ය. සංක්‍ෂේපයෙන් උපාදානස්කන්‍ධ පස ම දුක ය.
Pali BJT4. කතමෙ චාවුසො, පඤ්චුපාදානක්ඛන්ධා: සෙය්යථිදං{3} රූපූපාදානක්ඛන්ධො වෙදනූපාදානක්ඛන්ධො සඤ්ඤූපාදානක්ඛන්ධො සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණූපාදානක්ඛන්ධො.
Sinhala BJT4. ඇවැත්නි, උපාදානස්කන්‍ධ පස කවරේ ද? එනම්: රූපූපාදානක්ඛන්‍ධ ය, වේදනානුපාදානක්ඛන්‍ධය, සඤ්ඤූපාදානක්ඛන්‍ධ ය, සඞ්ඛාරුපාදානක්ඛන්‍ධ ය, විඤ්ඤාණුපාදානක්ඛන්‍ධ ය යන මොහු ය.
Pali BJT5. කතමො චාවුසො, රූපූපාදානක්ඛන්ධො: චත්තාරි ච මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදාය{4} රූපං. කතමෙ චාවුසො චත්තාරො මහාභූතා: පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු.
Sinhala BJT5. ඇවැත්නි, රූපූපදානක්ඛන්‍ධ ය කවරේ ද? සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මේ යි. ඇවැත්නි, සතර මහාභූතයෝ කවරහු ද? පඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව, වායෝධාතුව යන මොහු ය.
Pali BJT6. කතමා චාවුසො පඨවීධාතු: පඨවීධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ්ඣත්තිකා පඨවීධාතු: යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, සෙය්යථිදං: කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු{5} අට්ඨි අට්ඨිමිඤ්ජං{6} වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, අයං වුච්චතාවුසො, අජ්ඣත්තිකා පඨවීධාතු.
Sinhala BJT6. ඇවැත්නි, පෘථිවිධාතුව කවරේ ද? පෘථිවිධාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්‍යාත්මික පෘථිවිධාතුව කවරේ ද? තමා පිළිබඳ තමා නිසා පවත්නා තද වූ පරුෂ වූ සතර මහාභූතයන්ගෙන් හටගත් යම් ද්‍රව්‍යයක් වේද, එනම් - කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත්, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නො පැසුණු අහර, මල යන මේ ද, තමා තුළ වූ කර්‍කශ වූ තද වූ මහාභූතයන් නිසා හටගත් අන්‍ය වූ යම් කිසිවකුත් වේ ද, ඇවැත්නි, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුව යයි කියනු ලැබේ.
Pali BJTයා චෙව ඛො පන අජ්ඣත්තිකා පඨවීධාතු, යා ච බාහිරා පඨවීධාතු, පඨවීධාතුරෙවෙසා. ‘තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවීධාතුයා නිබ්බින්දති. පඨවීධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTයම් මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුවකුත් වේ ද, යම් බාහිර පෘථිවිධාතුවක් වේ ද, ඒ සියල්ල පෘථිවිධාතු ම ය. ‘මේ පෘථිවිධාතුව මගේ නොවෙයි. මම තෙල පෘථිවිධාතුයෙම් නො වෙමි. පෘථිවි ධාතුව මගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය සම්‍යක්ප්‍රඥාවෙන් තත් වූ පරිදි දැක්ක යුතු ය. මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක පෘථිවිධාතුවෙහි උකැටි වෙයි. පෘථිවිධාතුවෙන් සිත බැහැර කෙරෙයි.
Pali BJT7. හොති ඛො සො ආවුසො සමයො යං බාහිරා ආපොධාතු පකුප්පති. අන්තරහිතා තස්මිං සමයෙ බාහිරා පඨවීධාතු හොති. තස්සා හි නාම ආවුසො බාහිරාය පඨවීධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති, ඛයධම්මතා පඤ්ඤායිස්සති, වයධම්මතා පඤ්ඤායිස්සති, විපරිණාමධම්මතා පඤ්ඤායිස්සති. කිම්පනිමස්ස මත්තට්ඨකස්ස කායස්ස තණ්හූපාදින්නස්ස ‘අහන්ති වා, මමන්ති වා, අස්මීතිවා’. අථ ඛ්වස්ස{1} නො චෙවෙත්ථ{2} හොති.
Sinhala BJT7. යම් හෙයකින් බාහිර ආපෝධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එකල්හි බාහිර පඨවිධාතුව අතුරු දහන් වූයේ වෙයි. ඇවැත්නි, බහලත්‍වයෙන් ඒ නිසා (කෙළ සියදහසක් පමණ) මහත් වූ ඒ බාහිර පඨවිධාතුවේ ද අනිත්‍යභාවය පෙනෙයි. ක්‍ෂයස්වභාවය පෙනෙයි. ව්‍යයස්වභාවය පෙනෙයි. වෙන්සවන ස්වභාවය ඇති බව පෙනෙයි. කිම, ඔහුට මේ මඳ කලක් පවත්නා වූ තෘෂ්ණාවෙන් දැඩි ව ගන්නා ලද්දා වූ ආධ්‍යාත්මික ශරීරය පිළිබඳ ව ‘මම ය’ කියා හෝ ‘මාගේ ය’ කියා හෝ ‘මම වෙමි’යි කියා හෝ ගැනීමෙක් වේ ද? තිලකුණු නගා බලන ඒ මහණ හට මෙහි තෘෂ්ණා, දෘෂ්ටි, මාන වශයෙන් ගැනීමෙක් නො වේ ම ය.
Pali BJT8. තඤ්චෙ ආවුසො භික්ඛුං පරෙ අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති, සො එවං පජානාති: උප්පන්නා ඛො මෙ අයං සොතසම්ඵස්සජා දුක්ඛා වෙදනා. සා ච ඛො පටිච්ච නො අප්පටිච්ච. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. සො ඵස්සො{3} අනිච්චොති පස්සති. වෙදනා අනිච්චාති පස්සති. සඤ්ඤා අනිච්චාති පස්සති. සඞ්ඛාරා අනිච්චාති පස්සති. විඤ්ඤාණං අනිච්චන්ති පස්සති. තස්ස ධාතාරම්මණමෙව චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති.{4}
Sinhala BJT8. ඇවැත්නි, ඒ මහණහට අන්‍යයෝ ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දනියි: ‘මට මේ ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් හටගත් දුඃඛවේදනාව උපන්නී ය. ඕ වනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිත ව නො උපන්නී ය. කුමක් හේතුකොට ද යත්: ස්පර්‍ශය හේතු කොට ය. හෙතෙමේ ස්පර්‍ශය අනිත්‍ය යයි දකියි. වේදනාව අනිත්‍ය යයි දකියි. සංඥාව අනිත්‍ය යයි දකියි. සංස්කාරයෝ අනිත්‍යහ යි දකියි. විඤ්ඤාණය අනිත්‍ය යයි දකියි. ඔහුගේ සිත ධාතුසංඛ්‍යාත ආලම්බනයට ම බසී. ඒ අරමුණෙහි ම පහදියි. ඒ අරමුණෙහි ම සිටියි. ඒ අරමුණෙහි ම ධාතුවශයෙන් ම නිශ්චයට පැමිණෙයි.