Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT‘නාගො’ති ඛො භික්ඛු ඛීණාසවස්සෙතං භික්ඛුනො අධිවචනං. තිට්ඨතු නාගො, මා නාගං ඝට්ටෙසි, නමො කරොහි නාගස්සාති අයමෙතස්ස අත්ථොති.
Sinhala BJTමහණ, ‘නාගයා’ යනු ක්‍ෂීණාස්‍රව මහණහුට මේ නමෙකි. ‘ක්‍ෂීණාස්‍රව තෙමේ සිටීවා. ක්‍ෂිණාස්‍රවතථාගතයන් නො ගටව, ක්‍ෂීණාස්‍රව තථාගතයන් වහන්සේට නමස්කාර කරව’ යනු නාගයා සිටීවා. ‘නාගයා නොගටව. නාගයාට නමස්කාර කරව’ යන මේ භාෂිතයාගේ අර්‍ත්‍ථයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා කුමාරකස්සපො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ආයුෂ්මත් කුමාර කාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු විය.
Pali BJTවම්මිකසුත්තං තතියං.
Sinhala BJTවම්මිකසූත්‍රය තුන්වැනි යි.
Pali BJT1. 3. 4.
Sinhala BJT1. 3. 4.
Pali BJTරථවිනීතසුත්තං
Sinhala BJTරථවිනීත සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො සම්බහුලා ජාතිභූමකා භික්ඛූ ජාතිභූමියං වස්සං වුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල බොහෝ ජාතිභූමක භික්‍ෂූහු ජාතිභූමියෙහි වස්වැස පැවරුවාහු භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
Pali BJT2. “කො නු ඛො භික්ඛවෙ ජාතිභූමියං ජාතිභූමකානං භික්ඛූනං සබ්රහ්මචාරීනං එවං සම්භාවිතො: “අත්තනා ච අප්පිච්ඡො අප්පිච්ඡකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සන්තුට්ඨො සන්තුට්ඨිකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච පවිවිත්තො පවිවෙකකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච අසංසට්ඨො අසංසග්ගකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච ආරද්ධවිරියො විරියාරම්භකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සීලසම්පන්නො සීලසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සමාධිසම්පන්නො සමාධිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච පඤ්ඤාසම්පන්නො පඤ්ඤාසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච විමුත්තිසම්පන්නො විමුත්තිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො විමුත්තිඤාණදස්සනසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, ඔවාදකො විඤ්ඤාපකො සන්දස්සකො සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීන”න්ති?
Sinhala BJT2. මහණෙනි, ‘තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රකර්‍ෂවිවේකයෙන් යුක්ත වූයේ විවෙකකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් (පංචවිධ-) සංසර්‍ගය නැති වූයේ අසංසර්‍ගකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේත් පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ වීර්‍ය්‍යාරම්භකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්ති (ආර්‍ය්‍යඵල) සම්පන්න වූයේ විමුක්ති සම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිඥාන දර්‍ශනයෙන් යුක්ත වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පදාකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, සබ්‍රම්සරුන්ට දශකථාවස්තූන්ගෙන් අවවාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, ඒ පිළිබඳ කරණු දක්වන්නේ යයි ද, එය පිළිගන්වන්නේ යයි ද, එය කරවීම් වශයෙන් තියුණු කරවන්නේ යයි ද, මෙසේ ජාතිභූමියෙහි ජාතිභූමක වූ සබ්‍රහ්මචාරීභික්‍ෂූන් විසින් කවරෙක් තෙමේ සම්භාවනා කරණ ලද්දේ ද?’
Pali BJT3. “පුණ්ණො නාම භන්තෙ ආයස්මා මන්තාණිපුත්තො ජාතිභූමියං ජාතිභූමකානං භික්ඛූනං සබ්රහ්මචාරීනං එවං සම්භාවිතො: අත්තනා ච අප්පිච්ඡො අප්පිච්ඡකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සන්තුට්ඨො සන්තුට්ඨිකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච පවිවිත්තො පවිවෙකකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච අසංසට්ඨො අසංසග්ගකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච ආරද්ධවිරියො විරියාරම්භකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සීලසම්පන්නො සීලසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සමාධිසම්පන්නො සමාධිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච පඤ්ඤාසම්පන්නො පඤ්ඤාසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච විමුත්තිසම්පන්නො විමුත්තිසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො විමුත්තිඤාණදස්සනසම්පදාකථඤ්ච භික්ඛූනං කත්තා, ඔවාදකො විඤ්ඤාපකො සන්දස්සකො සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීන”න්ති.
Sinhala BJT3. “වහන්ස, මන්තාණි බැමිණියගේ පුත්‍ර වූ පූර්‍ණ නම් ආයුෂ්මත් තෙමේ ජාතිභූමියෙහි ජාතිභූමක සබ්‍රහ්මචාරී භික්‍ෂූන් විසින් ‘තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රකර්‍ෂ විවේකයෙන් යුක්ත වූයේ ප්‍රකර්‍ෂවිවේකය පිළිබඳ කථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් අසංසෘෂ්ට වූයේ අසංසර්‍ගකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේත් පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ වීර්‍ය්‍යාරම්භකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පදා කථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිඥානදර්‍ශනයෙන් යුක්ත වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පදාකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, සබ්‍රම්සරුන්ට දශකථා වස්තූන්ගෙන් අවවාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, එය පිළිගන්වන්නේ යයි ද, එය තියුණු කරවන්නේ යයි ද, එහි සතුටු කරවන්නේ වේ’ යයි ද මෙසේ සම්භාවනා කරණ ලද්දේ ය.”
Pali BJT4. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තා භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: “ලාභා ආයස්මතො පුණ්ණස්ස මන්තාණිපුත්තස්ස, සුලද්ධලාභා ආයස්මතො පුණ්ණස්ස මන්තාණිපුත්තස්ස, යස්ස විඤ්ඤූ සබ්රහ්මචාරී සත්ථු සම්මුඛා අනුමාස්ස අනුමාස්ස{1} වණ්ණං භාසන්ති, තඤ්ච සත්ථා අබ්භනුමොදති, අප්පෙවනාම මයං කදාචි කරහචි ආයස්මතා පුණ්ණෙන මන්තාණිපුත්තෙන සද්ධිං සමාගච්ඡෙය්යාම, අප්පෙවනාම සියා කොචිදෙව කථාසල්ලාපො”ති.
Sinhala BJT4. එ සමහයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි හුන්නාහු වෙත්. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: “නුවණ ඇත්තා වූ සබ්‍රහ්මචාරීහු ශාස්තෲන් වහන්සේගේ හමුවෙහි දශකථාවස්තූන්ට පිවිසෙමින් යම් කෙනකුන්ගේ ගුණ කියත් ද, ඒ ගුණකථාව ද ශාස්තෲන් වහන්සේ මනා කොට අනුමෝදන් වනසේක් ද, ඒ මන්ත්‍රාණිපුත්‍ර වූ පූර්‍ණ ආයුෂ්මතුන් වහන්සේට ලාභයෙකි. මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණ ස්ථවිරයන්ට සුලබලාභයකි. අපි කිසියම් කලෙක මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ තෙරණුවන් හා එක් වන්නමෝ නම් මැනව. කිසියම් කථාසල්ලාපයකුත් වන්නේ නම් මැනව” කියායි.
Pali BJT5. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අස්සොසි ඛො ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො “භගවා කිර සාවත්ථිං අනුප්පත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ”ති.
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහනුවර වැඩවාසය කොට පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙණසේක් සැවැත්නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වාසය කරණසේක් ලැ”යි මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ ස්ථවිරයන් වහන්සේ ඇසූහ.
Pali BJT6. අථ ඛො ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන අන්ධවනං තෙන පක්කාමි දිවාවිහාරාය.
Sinhala BJT6. ඉක්බිති මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ තෙරණුවෝ සෙනසුන් තැන්පත්කොට තබා පාසිවුරු ගෙණ සැවැත්නුවරට චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නාහු, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. එහි සමාදන් කරවූහ. එහි උත්සාහ කරවූහ. එහි සතුටු කරවූහ. ඉක්බිති මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු ව අනුමෝදන්ව අස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවාවිහරණය සඳහා අන්‍ධවනයට වැඩියහ.
Pali BJT7. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “යස්ස ඛො ත්වං ආවුසො සාරිපුත්ත පුණ්ණස්ස නාම භික්ඛුනො මන්තාණිපුත්තස්ස අභිණ්හං කිත්තයමානො අහොසි, සො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන අන්ධවනං තෙන පක්කන්තො දිවාවිහාරායා”ති.
Sinhala BJT7. ඉක්බිති එක්තරා භික්‍ෂු නමක් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේ යම් මන්ත්‍රාණි පුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ තෙර කෙනකුන් ගැණ නිතර කියමින් විසූ සේක් ද, ඒ පූර්‍ණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු ව අනුමෝදන් ව අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවාවිහරණය සඳහා අන්‍ධවනය කරා ගියේ ය” යි කියා යි.
Pali BJT8. අථ ඛො ආයස්මා සාරිපුත්තො තරමානරූපො නිසීදනං ආදාය ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි සීසානුලොකී. අථ ඛො ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. ආයස්මාපි ඛො සාරිපුත්තො අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා පුණ්ණො මන්තාණිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා පුණ්ණෙන මන්තාණිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං එතදවොච:
Sinhala BJT8. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ වෙළෙවිසැහැවී ඇතියාහු හිඳිනාකඩ ගෙණ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවන් හිස්කෙළිය බලනසුලුව පසු පසින් ලුහුබැන්දෝ ය. අනතුරු ව මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවෝ අන්‍ධවනයට වැද එක්තරා ගසක් මුල දිවාවිහරණයට හුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ද, අන්‍ධවනයට පැමිණ එක්තරා ගසක්මුල දිවාවිහරණයට හුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කාලයෙහි පලසමවතින් නැගී සිටියාහු මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණ තෙරණුවන්ට මෙය කීහ:
Pali BJT9. භගවති නො ආවුසො බ්රහ්මචරියං වුස්සතීති? ‘එවමාවුසො’ති. කින්නු ඛො ආවුසො සීලවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති? ‘නො හිදං ආවුසො’. කිම්පනාවුසො, චිත්තවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති? ‘නො හිදං ආවුසො’. කින්නු ඛො ආවුසො දිට්ඨිවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති? ‘නො හිදං ආවුසො’. කිම්පනාවුසො කඞ්ඛාවිතරණවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති? ‘නො හිදං ආවුසො’. කින්නු ඛො ආවුසො මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති? ‘නො හිදං ආවුසො’. ‘කිම්පනාවුසො පටිපදාඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති? ‘නො හිදං ආවුසො’. කින්නු ඛො ආවුසො ඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති? ‘නො හිදං ආවුසො’.
Sinhala BJT9. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, එසේය’. කිමෙක් ද, ඇවැත්නි, ශීලවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, චිත්තවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, දෘෂ්ටිවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, කඞ්කාවිතරණවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’ කිමෙක් ද, ඇවැත්නි, මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’ කිමෙක් ද, ඇවැත්නි, පටිපදාඤාණදස්සනවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’
Pali BJT10. “කින්නු ඛො ආවුසො සීලවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී”ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. “කිම්පනාවුසො චිත්තවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී”ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි “කින්නු ඛො ආවුසො දිට්ඨිවිසුද්ධත්ථං භගවති -පෙ- “කින්නු ඛො ආවුසො ඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිමත්ථං චරහාවුසො භගවති බ්රහ්මචරියං වුස්සතීති? ‘අනුපාදාපරිනිබ්බානත්ථං ඛො ආවුසො භගවති බ්රහ්මචරියං වුස්සතී’ති.
Sinhala BJT10. “කිම, ඇවැත්නි, ශීලවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. “කිම ඇවැත්නි, චිත්තවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. “කිම ඇවැත්නි, දිට්ඨිවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත ... කිම ඇවැත්නි, ඤාණදස්සනවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, එසේ වී නම්, කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, (මේ තෙමේ) අනුපාදා පරිනිර්‍වාණය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසේ.’
Pali BJT11. කින්නු ඛො ආවුසො සීලවිසුද්ධි අනුපාදාපරිනිබ්බානන්ති? ‘නො හිදං ආවුසො’. ‘කිම්පනාවුසො චිත්තවිසුද්ධි අනුපාදාපරිනිබ්බානන්ති? ‘නො හිදං ආවුසො’. කින්නු ඛො ආවුසො දිට්ඨිවිසුද්ධි අනුපාදාපරිනිබ්බානන්ති? ‘නො හිදං ආවුසො’. කිම්පනාවුසො කඞ්ඛාවිතරණවිසුද්ධි අනුපාදාපරිනිබ්බානන්ති? ‘නො හිදං ආවුසො’. කින්නු ඛො ආවුසො මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බානන්ති? ‘නො හිදං ආවුසො’. කිම්පනාවුසො පටිපදාඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බානන්ති? ‘නො හිදං ආවුසො’. කින්නු ඛො ආවුසො ඤාණදස්සනවිසුද්ධි අනුපාදාපරිනිබ්බානන්ති? ‘නො හිදං ආවුසො’. අඤ්ඤත්ර ඉමෙහි ධම්මෙහි අනුපාදාපරිනිබ්බානන්ති? ‘නො හිදං ආවුසො’.
Sinhala BJT11. ඇවැත්නි, කිම, ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මෙය නො වේ’. ඇවැත්නි, කිම, චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මෙය නො වේ’. ඇවැත්නි, කිම, දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, කඞ්කාවිතරණවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, පටිපදාඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, මේ ධර්‍මයන් හැර අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’.
Pali BJT12. “කින්නු ඛො ආවුසො සීලවිසුද්ධි අනුපාදාපරිනිබ්බානන්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිම්පනාවුසො චිත්තවිසුද්ධි, අනුපාදාපරිනිබ්බානන්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කින්නු ඛො ආවුසො දිට්ඨිවිසුද්ධි, අනුපාදාපරිනිබ්බානන්ති -පෙ- කින්නු ඛො ආවුසො ඤාණදස්සනවිසුද්ධි, අනුපාදාපරිනිබ්බානන්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං ආවුසො’ති වදෙසි. කිම්පනාවුසො අඤ්ඤත්ර ඉමෙහි ධම්මෙහි අනුපාදාපරිනිබ්බානන්ති ඉති පුට්ඨො සමානො ‘නො හිදං, ආවුසො’ති වදෙසි”. යථා කථං පනාවුසො ඉමස්ස භාසිතස්ස අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJT12. “ඇවැත්නි, කිම, ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ’ දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ’ දැ යි … ඇවැත්නි, කිම, ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ’ දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, මේ ධර්‍මයන් හැර අනුපාදාපරිනිර්‍වාණය වේ දැ යි. මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’ යි කියහු.” ඇවැත්නි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කෙසේ දත යුතු දැ යි ඇසූහ.
Pali BJT[පුණ්ණත්ථෙරො:]
Sinhala BJT[පුණ්ණතෙරණුවෝ:]
Pali BJT13. සීලවිසුද්ධිඤ්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. චිත්තවිසුද්ධිඤ්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. දිට්ඨිවිසුද්ධිඤ්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. කඞ්ඛාවිතරණවිසුද්ධිඤ්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිඤ්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. පටිපදාඤාණදස්සනවිසුද්ධිඤ්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. ඤාණදස්සනවිසුද්ධිඤ්චෙ ආවුසො භගවා අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස, සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. අඤ්ඤත්ර චෙ ආවුසො ඉමෙහි ධම්මෙහි අනුපාදාපරිනිබ්බානං අභවිස්ස, පුථුජ්ජනො පරිනිබ්බායෙය්ය. පුථුජ්ජනො හි ආවුසො අඤ්ඤත්ර ඉමෙහි ධම්මෙහි.
Sinhala BJT13. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි, පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ යයි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘කඞ්කාවිතරණවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘පටිපදාඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් මේ ධර්‍මයන් හැර (අනිකක්) අනුපාදාපරිනිර්‍වාණය වන්නේ නම්, පෘථග්ජන තෙමේ පිරිනිවෙන්නේය. ඇවැත්නි, පෘථග්ජන තෙමේ මේ ධර්‍මයන්ගෙන් වෙන් වූයේ වෙයි.
Pali BJT14. තෙන හාවුසො උපමං තෙ කරිස්සාමි. උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්යථාපි ආවුසො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සාවත්ථියං පටිවසන්තස්ස සාකෙතෙ කිඤ්චිදෙව අච්චායිකං කරණීයං උප්පජ්ජෙය්ය, තස්ස අන්තරා ච සාවත්ථිං අන්තරා ච සාකෙතං සත්ත රථවිනීතානි උපට්ඨපෙය්යුං. අථ ඛො ආවුසො රාජා පසෙනදි කොසලො සාවත්ථියා නික්ඛමිත්වා අන්තෙ පුරද්වාරා පඨමං රථවිනීතං අභිරූහෙය්ය පඨමෙන රථවිනීතෙන දුතියං රථවිනීතං පාපුණෙය්ය, පඨමං රථවිනීතං විස්සජ්ජෙය්ය, දුතියං රථවිනීතං අභිරූහෙය්ය. දුතියෙන රථවිනීතෙන තතියං රථවිනීතං පාපුණෙය්ය, දුතියං රථවිනීතං විස්සජ්ජෙය්ය, තතියං රථවිනීතං අභිරූහෙය්ය. තතියෙන රථවිනීතෙන චතුත්ථං රථවිනීතං පාපුණෙය්ය, තතියං රථවිනීතං විස්සජ්ජෙය්ය,
Sinhala BJT14. ඇවැත්නි, එසේ නම් ඔබට උපමාවක් කරන්නෙමි. මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමාවෙන් ද අර්‍ත්‍ථය දැන ගණිත්. ඇවැත්නි, යම්සේ සැවැත්නුවර වසන පසේනදි කොසොල් රජහට සාකේත නුවර කිසියම් ඉක්මන් කටයුත්තක් උපදනේ ය. ඔහුට සැවැතටත් සාකේතයටත් අතර හික්මුණු අසුන් යෙදූ රිය හතක් එළවා තබන්නාහු ය. ඇවැත්නි, ඉක්බිති පසේනදි කොසොල් රජ සැවැත් නුවරින් නික්ම ඇතුළු පුරදොරින් පළමුවැනි විනීතරථයට ගනින්නේ ය. පළමු වැනි විනීතරථයෙන් දෙවැනි විනීතරථයට පැමිණෙන්නේ ය. පළමුවැනි විනීතරථය අත්හරින්නේ ය. දෙවැනි විනීතරථයට නගින්නේය. දෙවැනි විනීතරථයෙන් තුන්වැනි විනීතරථයට පැමිණෙන්නේ ය. දෙවැනි විනීතරථය අත්හරින්නේ ය. තුන්වැනි විනීතරථයට නගින්නේය. තුන්වැනි විනීතරථය අත්හරින්නේ ය. තුන්වැනි විනීතරථයෙන් සතරවැනි විනීතරථයට පැමිණෙන්නේ ය. තුන්වැනි විනීතරථය අත්හරින්නේ ය.
Pali BJTචතුත්ථං රථවිනීතං අභිරූහෙය්ය. චතුත්ථෙන රථවිනීතෙන පඤ්චමං රථවිනීතං පාපුණෙය්ය, චතුත්ථං රථවිනීතං විස්සජ්ජෙය්ය, පඤ්චමං රථවිනීතං අභිරූහෙය්ය. පඤ්චමෙන රථවිනීතෙන ඡට්ඨං රථවිනීතං පාපුණෙය්ය, පඤ්චමං රථවිනීතං විස්සජ්ජෙය්ය, ඡට්ඨං රථවිනීතං අභිරූහෙය්ය. ඡට්ඨෙන රථවිනීතෙන සත්තමං රථවිනීතං පාපුණෙය්ය, ඡට්ඨං රථවිනීතං විස්සජ්ජෙය්ය, සත්තමං රථවිනීතං අභිරූහෙය්ය. සත්තමෙන රථවිනීතෙන සාකෙතං අනුපාපුණෙය්ය අන්තෙපුරද්වාරං.
Sinhala BJTසතරවන විනීතරථයට නගින්නේ ය. සතරවන විනීතරථයෙන් පස්වන විනීතරථයට පැමිණෙන්නේ ය. සතරවන විනීතරථය අත්හරින්නේ ය. පස්වන විනීතරථයට නගින්නේ ය. පස්වන විනීතරථයෙන් සවන විනීතරථයට පැමිණෙන්නේ ය. පස්වන විනීතරථය අත්හරින්නේ ය. සවන විනීතරථයට නගින්නේ ය. සවන විනීතරථයෙන් සත්වන විනීතරථයට පැමිනෙනේ ය. සවන විනීතරථය අත්හරින්නේ ය. සත්වන විනීතරථයෙන් සාකේතයෙහි ඇතුළුනුවර දොරටුව කරා පැමිණෙන්නේ ය.
Pali BJT15. තමෙනං අන්තෙපුරද්වාරගතං සමානං මිත්තාමච්චා ඤාතිසාලොහිතා එවං පුච්ඡෙය්යුං “ඉමිනා ත්වං, මහාරාජ, රථවිනීතෙන සාවත්ථියා සාකෙතං අනුප්පත්තො අන්තෙපුරද්වාරන්ති?” කථං බ්යාකරමානො නු ඛො ආවුසො රාජා පසෙනදි කොසලො සම්මා බ්යාකරමානො බ්යාකරෙය්යාති? එවං බ්යාකරමානො ඛො ආවුසො රාජා පසෙනදි කොසලො සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය: “ඉධ මෙ සාවත්ථියං පටිවසන්තස්ස සාකෙතෙ කිඤ්චි දෙව අච්චායිකං කරණීයං උප්පජ්ජි. තස්ස මෙ අන්තරා ච සාවත්ථිං අන්තරා ච සාකෙතං සත්තරථවිනීතානි උපට්ඨපෙසුං. අථ ඛ්වාහං සාවත්ථියා නික්ඛමිත්වා අන්තෙපුරද්වාරා{1} පඨමං රථවිනීතං අභිරූහිං. පඨමෙන රථවිනීතෙන දුතියං රථවිනීතං පාපුණිං. පඨමං රථවිනීතං නිස්සජිං{2}. දුතියං රථවිනීතං අභිරූහිං. දුතියෙන රථවිනීතෙන තතියං රථවිනීතං පාපුණිං. දුතියං රථවිනීතං නිස්සජිං. තතියං රථවිනීතං අභිරූහිං. තතියෙන රථවිනීතෙන චතුත්ථං රථවිනීතං පාපුණිං. තතියං රථවිනීතං නිස්සජිං. චතුත්ථං රථවිනීතං අභිරූහිං. චතුත්ථෙන රථවිනීතෙන පඤ්චමං රථවිනීතං පාපුණිං. චතුත්ථං රථවිනීතං නිස්සජිං. පඤ්චමං රථවිනීතං අභිරූහිං. පඤ්චමෙන රථවිනීතෙන ඡට්ඨං රථවිනීතං පාපුණිං. පඤ්චමං රථවිනීතං නිස්සජිං. ඡට්ඨං රථවිනීතං අභිරූහිං. ඡට්ඨෙන රථවිනීතෙන සත්තමං රථවිනීතං පාපුණිං. ඡට්ඨං රථවිනීතං නිස්සජිං. සත්තමං රථවිනීතං අභිරූහිං. සත්තමෙන හි රථවිනීතෙන{3} සාකෙතං අනුප්පත්තො අන්තෙපුරද්වාරන්ති. එවං බ්යාකරමානො ඛො ආවුසො රාජා පසෙනදි කොසලො සම්මා බ්යාකරමානො බ්යාකරෙය්යාති.
Sinhala BJT15. ඇතුළුපුර දොරටුවට පැමිණි ඔහුගෙන් මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේ නෑයෝ මෙසේ අසන්නාහු ය: ‘මහරජ, මුබවහන්සේ මේ විනීත රථයෙන් සැවැත්නුවරින් නික්ම සාකේතයෙහි ඇතුළුනුවර දොරටුවට පැමිණියාහු ද?’ කියා යි. ඇවැත්නි, පසේනදි කොසොල් රජ කෙසේ ප්‍රකාශ කරන්නේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ද? ඇවැත්නි, පසේනදි කොසොල්රජ මෙසේ ප්‍රකාශ කරන්නේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ය. (කෙසේ ද) “මේ සැවැත්නුවර වසන මට සාකේතයෙහි ඉක්මන් කටයුත්තක් උපන. ඒ මට සැවැතටත් සාකේතයටත් අතර විනීත අසුන් යෙදූ රිය සතක් එළවා තැබූහ. ඉක්බිති මම සැවැත්නුවරින් නික්ම ඇතුළුදොරටුවෙන් පළමුවන විනීතරථයට නැංගෙමි. පළමුවන විනීතරථයෙන් දෙවන විනීතරථයට පැමිණියෙමි. පළමුවන විනීතරථය හළෙමි. දෙවන විනීතරථයට නැංගෙමි. දෙවන විනීතරථයෙන් තුන්වන විනීතරථයට පැමිණියෙමි. දෙවන විනීතරථය හළෙමි. තුන්වන විනීතරථයට නැංගෙමි. තුන්වන විනීතරථයෙන් සතරවන විනීතරථයට පැමිණියෙමි. තුන්වන විනීතරථය හළෙමි. සතරවන විනීතරථයට නැංගෙමි. සතරවන විනීතරථයෙන් පස්වන විනීතරථයට පැමිණියෙමි. සතරවන විනීතරථය හළෙමි. පස්වන විනීතරථයට නැංගෙමි. පස්වන විනීතරථයෙන් සවන විනීතරථයට පැමිණියෙමි. පස්වන විනීතරථය හළෙමි. සවන විනීතරථයට නැංගෙමි. සවන විනීතරථයෙන් සත්වන විනීතරථයට පැමිණියෙමි. සවන විනීතරථය හළෙමි. සත්වන විනීතරථයට නැංගෙමි. සත්වන විනීතරථයෙන් ම සාකේතයෙහි ඇතුළු නුවර දොරටුවට පැමිණියෙමි” කියායි. ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ පසේනදි කොසොල් රජතෙමේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ය.
Pali BJT16. එවමෙව ඛො ආවුසො සීලවිසුද්ධි යාවදෙව චිත්තවිසුද්ධත්ථා. චිත්තවිසුද්ධි යාවදෙව දිට්ඨිවිසුද්ධත්ථා. දිට්ඨිවිසුද්ධි යාවදෙව කඞ්ඛාවිතරණවිසුද්ධත්ථා. කඞ්ඛාවිතරණවිසුද්ධි යාවදෙව මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධත්ථා. මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි යාවදෙව පටිපදාඤාණදස්සනවිසුද්ධත්ථා. පටිපදාඤාණදස්සනවිසුද්ධි යාවදෙව ඤාණදස්සනවිසුද්ධත්ථා. ඤාණදස්සනවිසුද්ධි යාවදෙව අනුපාදාපරිනිබ්බානත්ථා. අනුපාදාපරිනිබ්බානත්ථං ඛො ආවුසො භගවති බ්රහ්මචරියං වුස්සතීති.
Sinhala BJT16. ඇවැත්නි, මෙපරිද්දෙන් ම ශීලවිසුද්ධිය චිත්තවිසුද්ධිසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය දක්වා ම වෙයි. චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය දක්වා ම වෙයි. දිට්ඨිවිසුද්ධිය කඞ්ඛාවිතරණවිසුද්ධිය දක්වා ම වෙයි. කඞ්ඛාවිතරණවිසුද්ධිය මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය පටිපදාඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. පටිපදාඤාණදස්සනවිසුද්ධිය ඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. ඤාණදස්සනවිසුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය දක්වා ම වෙයි. ඇවැත්නි, අනුපාදාපරිනිර්‍වාණය (ප්‍රත්‍යයෙන් නූපන් අසඞ්ඛත ධාතු) සංඛ්‍යාත අර්‍ත්‍ථය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසෙයි.
Pali BJT17. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං එතදවොච: “කො නාමො ආයස්මා? කථඤ්ච පන ආයස්මන්තං{1} සබ්රහ්මචාරී ජානන්තී”ති? ‘පුණ්ණො’ති ඛො මෙ ආවුසො නාමං. මන්තාණිපුත්තො’ති ච පන මං සබ්රහ්මචාරී ජානන්තීති.
Sinhala BJT17. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණතෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් තෙමේ කිනම් ඇත්තේ ද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් කෙසේ දනිත් ද?” කියා යි. ඇවැත්නි, මගේ නම ‘පුණ්ණ ය.’ සබ්‍රහ්මචාරීහු මා ‘මන්ත්‍රාණිපුත්‍රය’යි ද දනිති.
Pali BJT18. “අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො. යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන, එවමෙවං{2} ආයස්මතා පුණ්ණෙන මන්තාණිපුත්තෙන ගම්භීරා ගම්භීරා පඤ්හා{3} අනුමාස්ස{4} අනුමාස්ස බ්යාකතා. ලාභා සබ්රහ්මචාරීනං, සුලද්ධ ලාභා{5} සබ්රහ්මචාරීනං, යෙ ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං ලභන්ති දස්සනාය. ලභන්ති පයිරුපාසනාය. චෙලණ්ඩුකෙන චෙපි{6} සබ්රහ්මචාරී ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං මුද්ධනා පරිහරන්තා ලභෙය්යුං දස්සනාය, ලභෙය්යුං පයිරුපාසනාය, තෙසම්පි ලාභා. තෙසම්පි සුලද්ධං. අම්හාකම්පි ලාභා. අම්හාකම්පි සුලද්ධං, යෙ මයං ආයස්මන්තං පුණ්ණං මන්තාණිපුත්තං ලභාම දස්සනාය, ලභාම පයිරුපාසනායා”ති.
Sinhala BJT18. “ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය යි, ඇවැත්නි, අද්භූත යි. මනා කොට ශාස්තෘ ශාසනය දන්නා වූ ශ්‍රාවකයකු විසින් යම්සේ නම්, එපරිද්දෙන් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණ ආයුෂ්මතුන් විසින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ දශකථාවස්තූන්ට පිවිසෙමින් ප්‍රකාශ කරණ ලද්දා හ, යම් කෙනෙක් ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍රපූර්‍ණයන් දැක්මට ලබත් ද, සේවනයට ලබත් ද, ඒ සබ්‍රම්සරුන්ට ලාභය. ඒ සබ්‍රම්සරුන්ට මනා සේ ලැබුණු ලාභය. සබ්‍රම්සරහු දුහුල් සුඹුළුවකින් ද ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණයන් මුදුනෙහි පරිහරණය කරමින් දැක්මට ලබන්නාහු නම්, සේවනයට ලබන්නාහු නම්, ඔවුන්ටත් ලාභ ය. ඔවුන්ටත් මනා ලැබුමකි. යම්බඳු අපි ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණයන් දක්නට ලබමු ද, සේවනයට ලබමු ද, ඒ අපට ද ලාභය. අපට ද මනා ලැබුමකි.”
Pali BJT19. එවං වුත්තෙ ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: කො නාමො ආයස්මා? කථඤ්ච පන ආයස්මන්තං සබ්රහ්මචාරී ජානන්තීති? ‘උපතිස්සො’ති ඛො මෙ ආවුසො නාමං. ‘සාරිපුත්තො’ති ච පන මං සබ්රහ්මචාරී ජානන්තීති.
Sinhala BJT19. මෙසේ කී කල්හි ආයුෂ්මත් මන්ත්‍රාණි පුත්‍ර පූර්‍ණ තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් තෙමේ කිනම් ඇත්තේ ද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් කෙසේ දනිත් ද?” යනුයි. ඇවැත්නි, මගේ නම ‘උපතිස්ස’ ය. සබ්‍රම්සරහු මා ‘ශාරීපුත්‍ර’ ය යි දනිත්.
Pali BJT20. “සත්ථුකප්පෙන වත කිර භො සාවකෙන සද්ධිං මන්තයමානා න ජානිම්හ ‘ආයස්මා සාරිපුත්තො’ති. සචෙ හි මයං ජානෙය්යාම ‘ආයස්මා සාරිපුත්තො’ති එත්තකම්පි නො නප්පටිභාසෙය්ය. අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන, එවමෙවං ආයස්මතා සාරිපුත්තෙන ගම්භීරා ගම්භීරා පඤ්හා අනුමාස්ස අනුමාස්ස පුච්ඡිතා. ලාභා සබ්රහ්මචාරීනං, සුලද්ධලාභා සබ්රහ්මචාරීනං, යෙ ආයස්මන්තං සාරිපුත්තං ලභන්ති දස්සනාය. ලභන්ති පයිරුපාසනාය. චෙලණ්ඩුකෙන චෙපි{6} සබ්රහ්මචාරී ආයස්මන්තං සාරිපුත්තං මුද්ධනා පරිහරන්තා ලභෙය්යුං දස්සනාය, ලභෙය්යුං පයිරුපාසනාය, තෙසම්පි ලාභා තෙසම්පි සුලද්ධං. අම්හාකම්පි ලාභා අම්හාකම්පි සුලද්ධං, යෙ මයං ආයස්මන්තං සාරිපුත්තං ලභාම දස්සනාය, ලභාම පයිරුපාසනායා”ති.
Sinhala BJT20. “බෙහෙවින් බුදුරදුන් වැනි වූ ශ්‍රාවකයකු සමග සාකච්ඡා කරන්නාවූ අපි ‘මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ’ යයි නො දතුම්හ. ඉදින් අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ය යි දන්නෙමු නම්, මේ පමණකුත් (මේ උපමාවත්) අපට නො වැටහෙන්නේ ය. ඇවැත්නි, ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, අද්භූතය. මැනැවින් ශාස්තෘශාසනය දන්නා වූ ශ්‍රාවකයකු යම් සේ ද, එපරිද්දෙන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් දශකථාවස්තූන්ට වදිමින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ විචාරණ ලදහ. යම් කෙනෙක් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් දර්‍ශනයට ලබත් නම්, සේවනයට ලබත් නම්, ඒ සබ්‍රම්සරුන්ට ලාභ ය. ඒ සබ්‍රම්සරුන්ට මනා සේ ලැබුණු ලාභ ය. සබ්‍රම්සරහු දුහුල්සුඹුළුවකින් ද ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් මුදුනෙන් පරිහරණය කරන්නාහු, දැකීමට ලබන්නාහු නම්, සේවනයට ලබන්නාහු නම්, ඔවුන්ටත් ලාභ ය. ඔවුන්ටත් මනා ලැබුමකි. යම්බඳු අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් දැක්මට ලබමු ද, සේවනයට ලබමු ද, ඒ අපට ද ලාභ ය. අපටත් මනා ලැබුමකි.”
Pali BJTඉතිහ තෙ උභො මහානාගා අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සමනුමොදිංසූති.
Sinhala BJTමෙසේ ඒ මහා(නාග)ශ්‍රේෂ්ඨයෝ දෙදෙන ඔවුනොවුන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූහ.
Pali BJTරථවිනීතසුත්තං චතුත්ථං.
Sinhala BJTරථවිනීත සූත්‍රය සතරවැනි යි.
Pali BJT1. 3. 5.
Sinhala BJT1. 3. 5.
Pali BJTනිවාපසුත්තං
Sinhala BJTනිවාප සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT2. න භික්ඛවෙ නෙවාපිකො නිවාපං නිවපති මිගජාතානං “ඉමං මෙ නිවාපං නිවුත්තං මිගජාතා පරිභුඤ්ජන්තා දීඝායුකා වණ්ණවන්තො චිරං දීඝමද්ධානං යාපෙන්තූ”ති. එවඤ්ච ඛො භික්ඛවෙ නෙවාපිකො නිවාපං නිවපති මිගජාතානං “ඉමං මෙ නිවාපං නිවුත්තං මිගජාතා අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සන්ති. අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිස්සන්ති. මත්තා සමානා පමාදං ආපජ්ජිස්සන්ති. පමත්තා සමානා යථාකාමකරණීයා භවිස්සන්ති ඉමස්මිං නිවාපෙ”ති.
Sinhala BJT2. මහණෙනි, නිමවැද්දෙක් (තෘණාදි ගොදුරු කරණ වැද්දෙක්) “මා විසින් වපුළ මේ ගොදුරු අනුභව කරන්නා වූ මුව සමූහයෝ දිගා ඇත්තෝ පැහැපත් වූවෝ බොහෝ කලක් යැපෙත්වා”යි (සිතා) මුව සමූහයකට තණ (ඇට) නො වපුරයි. මහණෙනි, නේවාපික තෙමේ මුවන් සඳහා “මා විසින් වපුළ මේ කෙතට මුවසමූහයෝ වැද ගෙන මුසපත් ව බොජුන් අනුභව කෙරෙත්. වැද ගෙන මුසපත් ව බොජුන් අනුභව කරන්නෝ මදයට පැමිණෙන්නාහු ය. මත් වූවෝ ප්‍රමාදයට පැමිණෙන්නාහු ය. ප්‍රමත්ත වූවෝ මේ නිවාපයෙහි කැමැති සේ කට යුත්තෝ වන්නාහු ය”යි මෙසේ (සිතා) ම තණ වපුරයි.
Pali BJT3. තත්ර භික්ඛවෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ භික්ඛවෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා.
Sinhala BJT3. මහණෙනි, ඒ මුවසමූහයන් අතර පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කෑවෝ ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මදයට පැමිණියාහු ය. මත් වූවෝ සිහි නැති වීමට පත් වූහ. සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍදධිඅනුභාවයෙන් (වසඟයෙන්) නො මිදුණාහු ය.
Pali BJT4. තත්ර භික්ඛවෙ දුතියා මිගජාතා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යන්නූන මයං සබ්බසො නිවාපභොජනා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා{1} විහරෙය්යාමා”ති. තෙ සබ්බසො නිවාපභොජනා පටිවිරමිංසු. භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා{1} විහරිංසු. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ තමෙව නිවාපං නිවුත්තං නෙවාපිකස්ස පච්චාගමිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ භික්ඛවෙ දුතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා.
Sinhala BJT4. මහණෙනි, එහි දී දෙවන මුවසමූහයෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කෑවාහු ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවෙහිදී කැමති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාට වසඟ වීමෙන් නො මිදුණාහු ය. අපි සර්‍වප්‍රකාරයෙන් නිවාපභෝජනයෙන් වැළකෙන්නෙමු නම්, භය සහිත තණ කෑමෙන් වැළකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ” යි කියායි. ඔහු සර්‍වප්‍රකාරයෙන් ම නිවාපභෝජනයෙන් වැළකුණාහ. බිය සහිත වූ පරිභෝගයෙන් වැලකුණෝ වනළැහැබට වැද වාසය කළහ. ගිම්හානයේ පශ්චිමමාසයෙහි තණ හා ජලය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේ ය. ඉතා කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේ ය. ශක්තිය පිරිහුණු කල්හි නේවාපිකයාගේ වපුළ ඒ තණ කොටුවට ම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවේදී කැමැති සේ කටයුතු බවට පැමිණියාහු ය. මහණෙනි, මෙසේ ඒ දෙවැනි මුවරැළ ද නිවාපිකයාගේ වසඟයෙන් නො මිදුණාහ.
Pali BJT5. තත්ර භික්ඛවෙ තතියා මිගජාතා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. –
Sinhala BJT5. මහණෙනි, එහි තුන්වන මුවසමූහයෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා වපුළ ඒ තණකොටුවට වැද මුසපත් වූවාහු ගොදුරු කෑවෝ ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු මේ තණ කොටුවේදී නේවාපිකයා විසින් කැමති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාගේ ඍධ්‍යානුභාවයෙන් නො මිදුණාහු ය. -
Pali BJT“යෙපි තෙ දුතියා මිගජාතා එවං සමචින්තෙසුං: ‘යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස ඉමුස්මිං නිවාපෙ. එවං තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යන්නූන මයං සබ්බසො නිවාපභොජනා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරෙය්යාමා’ති. තෙ සබ්බසො නිවාපභොජනා පටිවිරමිංසු. භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරිංසු. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ තමෙව නිවාපං නිවුත්තං නෙවාපිකස්ස පච්චාගමිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ දුතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. –
Sinhala BJT“යම් ඒ දෙවන මුවසමූහ කෙනෙක් මෙසේ සිතූහු ද - ‘යම් ඒ පළමුවන මුවසමූහ කෙනෙක් නේවාපිකයාගේ මේ තණකොටුවට වැද මුසපත් ව තණ කෑවාහු ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූවාහුය. සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණකොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහු ය. අපි තෘණභෝජනයෙන් සර්‍වප්‍රකාරයෙන් වැළකෙන්නමු නම්, භය සහිත තණ කෑමෙන් වැලකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ’ යි. ඔහු සම්පූර්‍ණයෙන් තෘණභෝජනයෙන් වෙන් වූහ. භයජනක කෑමෙන් වැළකුණාහු වනයට වැද වාසය කළහ. ගිම්හානයේ අන්තිම මාසයේ තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේ ය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ඒ නේවාපිකයාගේ ඒ තණකොටුවටම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාබවට පැමිණියාහුය. සිහි මුළා වූවාහු මේ තණකොටුවෙහි දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමූහයෝ ද නේවාපිකයාගේ ඍදධ්‍යානුභාවයෙන් නොමිදුණාහ.
Pali BJT“යන්නූන මයං අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස උපනිස්සාය ආසයං කප්පෙය්යාම, තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සාම, අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි. භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම, අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ”ති. තෙ අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස උපනිස්සාය ආසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ.
Sinhala BJT“එහෙයින් අපි නේවාපිකයාගේ වපුළ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් පිළියෙළ කර ගනිමු නම් යෙහෙකැයි එහි ලගින තැනක් කොට නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කමු. වැද මුසපත් නො වී තණ කමින් වධයට නො පැමිණෙන්නෙමු. මත් නො වූවමෝ සිහි මුළා බවට නො පැමිණෙන්නෙමු, සිහි මුළා බවට නො පැමිණියමෝ, නේවාපිකයාගේ මේ තණකොටුවේ දී කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමුයි”. ඔහු නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුව ඇසුරු කොට එහි ලගින තැනක් කොට විසූහ. නේවාපිකයාගේ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් කොට වැස ඊට නො වැද නො මුසපත්ව තණ කෑහ. ඔහු එහි නො වැද මුසපත් නොවී තණ කන්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි මුළා බවට නො පැමිණියහ. සිහිමුළා නො වූවාහු මේ තණ කොටුවෙහි නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ.
Pali BJT6. තත්ර භික්ඛවෙ නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි: ‘සඨස්සු නාමිමෙ තතියා මිගජාතා කෙටුහිනො. ඉද්ධිමන්තස්සු{1} නාමිමෙ තතියා මිගජාතා පරජනා. ඉමඤ්ච නාම නිවාපං නිවුත්තං පරිභුඤ්ජන්ති. න ච නෙසං ජානාම ආගතිං වා ගතිං වා. –
Sinhala BJT6. මහණෙනි, එහි දී නේවාපිකයාටත් නේවාපිකයාගේ පිරිසටත් මෙවැනි අදහසෙක් විය: මේ තුන්වන මුවසමූහයෝ නම් කපටියෝය. පුහුණු වූ කෛරාටික කම් ඇත්තෝය. ඍද්ධි ඇත්තා වූ මේ තුන්වැනි මුවසමූහයෝ යක්කුය. මොහු වපුළ තණ ද කත් ඔවුන්ගේ ඊමත් යාමත් නො ද දනිමු. -
Pali BJTයන්නූන මයං ඉමං නිවාපං නිවුත්තං මහතීහි දණ්ඩවාකරාහි{1} සමන්තා සප්පදෙසං අනුපරිවාරෙය්යාම, අප්පෙවනාම තතියානං මිගජාතානං ආසයං පස්සෙය්යාම යත්ථ තෙ ගාහං{2} ගච්ඡෙය්යුන්ති. තෙ අමුං නිවාපං නිවුත්තං මහතීහි දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙසුං. අද්දසාසුං ඛො භික්ඛවෙ නෙවාපිකො ච නෙවාපිකපරිසා ච තතියානං මිගජාතානං ආසයං යත්ථ තෙ ගාහං අගමංසු. එවං හි තෙ භික්ඛවෙ තතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා.
Sinhala BJTඅපි වපුළ මේ තණකොටුව මහත් වූ දඬු වරදැලින් මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම්, මැනව, යම් තැනෙක ඔහු ග්‍රාහයට (අල්ලා ගැනීමට) පැමිණෙන්නාහු ද, තුන්වන මෘගසමූහයන්ගේ ඒ ආශයස්ථානය යම් තැනෙක දක්නෙමු නම් යෙහෙකැයි කියා යි. ඔහු වපුළ ඒ තණකොටුව මහත් දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කළාහුය. මහණෙනි, මුවවැද්දාත් ඔහුගේ පිරිසත් ඒ තුන්වන මුවරැළ යම් තැනක ග්‍රාහයට පැමිණියාහු ද, ඒ තුන්වන මුවසමූහයාගේ ආශයස්ථානය දුටුවාහු ය. මහණෙනි, මෙසේ ඒ තුන්වන මුවසමූහයෝ මුවවැද්දාගේ ඍදධ්‍යානුභාවයෙන් නොමිදුණාහුය.
Pali BJT7. තත්ර භික්ඛවෙ චතුත්ථා මිගජාතා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. -
Sinhala BJT7. මහණෙනි, එහි දී සතරවන මුවසමූහයෝ මෙසේ කල්පනා කළාහුය: “යම් ඒ පළමුවන මුවසමූහයෝ මුවවැද්දා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් වූවාහු තණ කෑවාහුද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහිමුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු ඒ තණකොටුවෙහි දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ මුවවැද්දාගේ ඍද්ධ්‍යානුභාවයෙන් නොමිදුණාහු ය.-
Pali BJT“යෙපි තෙ දුතියා මිගජාතා එවං සමචින්තෙසුං: ‘යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තාසමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා -පෙ- යන්නූන මයං සබ්බසො නිවාපභොජනා පටිවිරමෙය්යාම භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරෙය්යාමා’ති. තෙ සබ්බසො නිවාපභොජනා පටිවිරමිංසු. භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරිංසු. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ තමෙව නිවාපං නිවුත්තං නෙවාපිකස්ස පච්චාගමිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුංජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුංජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ දුතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. –
Sinhala BJT“යම් ඒ දෙවන මුවසමූහයෝ මෙසේ සිතුවාහු ද ‘යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් ව තණ කෑවාහු නම් ඔහු එහි වැද මුසපත් ව තණ කෑවාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූහ. සිහි නැති වූවාහු මේ තණ කොටුවෙහි වැද්දා විසින් කැමැති සේ කටයුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ මුවවැද්දාගේ ඍද්ධ්‍යානුභාවයෙන් නොමිදුණාහුය. යම් ඒ දෙවන මුව සමූහයෝ ... ‘අපි මේ තණ කෑමෙන් සම්පූර්‍ණයෙන් වලකින්නෙමු නම්, භයජනක තෘණපරිභෝජනයෙන් වැලකුණමෝ වනයට වැදී වාසය කරමු නම්, යෙහෙකැ’යි සිතූහ. ඔහු නිවාපභෝජනයෙන් සම්පුර්‍ණයෙන් වැළකුණාහු ය. භය ජනක තෘණපරිභෝගයෙන් වැළකුණාහු වනයට වැදී විසූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළුමස්හි තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහිණු කල්හි ඒ මුවවැද්දාගේ තණකොටුවට ම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔවු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළා බවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු මේ තණකොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුව සමූහයෝ ද නේවාපිකයාගේ ඍදධ්‍යානුනුභාවයෙන් නොමිදුණාහ. –
Pali BJT“යෙපි තෙ තතියා මිගජාතා එවං සමචින්තෙසුං: ‘යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං. නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා මිගජාතා එවං සමචින්තෙසුං: යෙ ඛො තෙ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු, තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ පඨමා මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. යන්නූන මයං සබ්බසො නිවාපභොජනා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරෙය්යාමාති. තෙ සබ්බසො නිවාපභොජනා පටිවිරමිංසු. භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරිංසු. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ තමෙව නිවාපං නිවුත්තං නෙවාපිකස්ස පච්චාගමිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුංජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුංජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. එවං හි තෙ දුතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. ‘යන්නූන මයං අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස උපනිස්සාය ආසයං කප්පෙය්යාම. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සාම. අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම. අමත්තා සමානා නප්පපමාදං ආපජ්ජිස්සාම අප්පමත්තා සමානා, න යථාකාමකරණීයා භවිස්සාම නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ’ති. තෙ අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස උපනිස්සාය ආසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ. තත්ර නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි. ‘සඨස්සු නාමිමෙ තතියා මිගජාතා කෙටුහිනො. ඉද්ධිමන්තස්සු නාමිමෙ තතියා මිගජාතා පරජනා. ඉමඤ්ච නාම නිවාපං නිවුත්තං පරිභුඤ්ජන්ති. න ච නෙසං ජානාම ආගතිං වා ගතිං වා. යන්නූන මයං ඉමං නිවාපං නිවුත්තං මහතීති දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙය්යාම, අප්පෙවනාම තතියානං මිගජාතානං ආසයං පස්සෙය්යාම යත්ථ තෙ ගාහං ගච්ඡෙය්යු’න්ති. තෙ අමුං නිවාපං නිවුත්තං මහතීති දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙසුං. අද්දසංසු ඛො නෙවාපිකො ච නෙවාපිකපරිසා ච තතියානං මිගජාතානං ආසයං යත්ථ තෙ ගාහං අගමංසු. එවං හි තෙ තතියාපි මිගජාතා න පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා. –
Sinhala BJT“යම් ඒ තෙවන මුවසමූහයෝ වූවාහු ද, ඔහු මෙසේ සිතූහ: යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් වූවාහු තණ කෑවාහු ද, ඔහු එහි වැද මුසපත්ව තණ කන්නාහු මදයට පැමිණියාහු ය. මත් වූවාහු සිහි මුළා වූවාහු මේ තණ කොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කටයුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාගේ වශයට යාමෙන් නො මිදුණාහ. යම් ඒ දෙවන මුවසමූහයෝ ... අපි මේ තණ කෑමෙන් සම්පුර්‍ණයෙන් වැළකෙන් නෙමු නම්, භයජනක තෘණපරිභෝගයෙන් වැලකුණමෝ වනයට වැදී වාසය කරන්නෙමු නම්, යෙහෙකැයි ඔහු තණ කෑමෙන් සම්පුර්‍ණයෙන් වැළකුණාහ. භයජනක තෘණ පරිභෝගයෙන් වැළකුණාහු වනයට වැද විසූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළුමස්හි තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශ බවට පැමිණියේය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවටම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත්ව තණ කන්නාහු මදයට පැමිණියාහුය. මත් වූවාහු සිහිමුළාබවට පැමිණියාහුය. සිහිමුළාවූවාහු මේ තණකොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. - අපි නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුව ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, යෙහෙකැ යි එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවට නො වැද මුසපත් නො වූවාහු තණ කන්නෙමු. නො වැද නො මුසපත් ව තණ කන්නමෝ මදයට නො පැමිණෙන්නෙමු. මදයට නො පැමිණියමෝ සිහි මුළා බවට නො පැමිණෙන්නෙමු. එහි මුළාබවට නො පැමිණියමෝ ඒ තණ කොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු” කියා යි. ඔහු නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුව ඇසුරු කොට ආශයස්ථානයක් කළහ. එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කන්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහිමුළාබවට නො පැමිණියහ. සිහි මුළා බවට නො පැමිණියාහු මේ තණ කොටුවෙහි දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ. එහිදී නේවාපිකයාටත් ඔහුගේ පිරිසටත් මේ අදහස වී ය: ‘මේ තුන්වැනි මුව සමූහයෝ කපටියෝය. හික්මුණු කෛරාටිකයෝය. ඍද්ධිමතුන් වැනි මේ තුන්වැනි මුවසමූහයෝ යක්කුය. මොහු මේ වපුළ තණකොටුව කත්. ඔවුන්ගේ ඊමක් හෝ යෑමක් නො දනිමු. අපි වපුළ මේ කොටුව මහත් දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම් ඉතා යෙහෙක. ඒ තුන්වන මුවසමූහයෝ යම් තැනක අසු කර ගැනීමට පැමිණෙන්නාහු ද, ඒ තුන්වන මෘගසමූහයන්ගේ ආශයස්ථානය දකින්නෙමු නම් යෙහෙකැ’යි කියා යි. ඔහු වපුළ ඒ තණබිම හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට මහත් වූ දඬු වරදැලින් වට කළාහු ය. නේවාපිකයා ද නේවාපික පිරිස ද තුන්වන ඒ මුවසමූහයෝ යම් තැනකදී හසු කර ගැනීමට පැමිණියාහු ද, ඒ තුන්වන මුවසමුහයන්ගේ ආශයස්ථානය දුටහ. මෙසේ ඒ තුන්වන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ.
Pali BJT“යන්නූන මයං යත්ථ අගති නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච, තත්රාසයං කප්පෙය්යාම, තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සාම, අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම, අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ”ති. තෙ යත්ථ අගති නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච තත්රාසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං නෙවාපිකස්ස අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං නෙවාපිකස්ස අමුස්මිං නිවාපෙ.
Sinhala BJT“යම් තැනෙක්හි නේවාපිකයාගේ ද නේවාපිකපිරිසගේ ද ගමන් නො වේ ද, අපි එහි ආශයස්ථානයක් කරන්නෙමු. එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා වපුළ මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තැන කන්නෙමු. නො වැද මුසපත් නොවී තණ කන්නමෝ මදයට පත් නො වන්නෙමු. මත් නො වූවමෝ සිහිමුළාබවට නො පැමිණෙන්නෙමු. සිහි මුළා නො වූවාහු මේ තණ කොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ”යි සිතා යම් තැනෙක නෙවාපිකයාගේත් නේවාපිකපිරිසේත් ගමන් නොවේ ද, ඔහු එහි ආශයස්ථානයක් කළාහුය. එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා වපුළ මේ කොටුවට නො වැද නො මුසපත් ව ගොදුරු කන්නාහු මදයට පත් නොවූහ. මත් නො වූවාහු සිහි මුළා බවට පත් නොවූහ. නො මුළා වූවාහු මේ නිවාපයෙහි නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නොවූහ.
Pali BJT8. තත්ර භික්ඛවෙ නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි: “සඨස්සු නාමිමෙ චතුත්ථා මිගජාතා කෙටුහිනො. ඉද්ධිමන්තස්සු නාමිමෙ චතුත්ථා මිගජාතා පරජනා. ඉමඤ්ච නාම නිවාපං නිවුත්තං පරිභුඤ්ජන්ති. න ච නෙසං ජානාම ආගතිං වා ගතිං වා. යන්නූන මයං ඉමං නිවාපං නිවුත්තං මහතීහි දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙය්යාම අප්පෙවනාම චතුත්ථානං මිගජාතානං ආසයං පස්සෙය්යාම යත්ථ තෙ ගාහං ගච්ඡෙය්යු”න්ති. තෙ අමුං නිවාපං නිවුත්තං මහතීහි දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙසුං. නෙව ඛො භික්ඛවෙ අද්දසාසුං නෙවාපිකො ච නෙවාපිකපරිසා ච චතුත්ථානං මිගජාතානං ආසයං යත්ථ තෙ ගාහං ගච්ඡෙය්යුං.
Sinhala BJT8. “මහණෙනි, එහි දී නේවාපිකයාටත් නේවාපික පිරිසටත් මේ අදහස විය: “මේ සතර වැනි මුවසමූහයෝ කපටියෝ ය. හික්මුණු කෛරාටිකයෝ ය. මේ සතර වැනි මුවසමූහයෝ ඍද්ධිමතුන් වැනි යක්කුය. වපුළ මේ තණකොටුව කත්. ඔවුන්ගේ ඊම හෝ යාම නො ද දනිමු. අපි වපුළ මේ තණකොටුව මහත් වූ දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වටකරන්නෙමු නම් යෙහෙක. යම් තැනෙක්හි ඒ මෘගසමූහයෝ අසු කර ගැනීමට පැමිණෙන්නාහු ද, මේ සතර වන මුව සමුහයන්ගේ ඒ ආශයස්ථානය දක්නෙමු නම් ඉතා මැනැව” කියා යි. ඔහු ඒ වපුළ තණකොටුව මහත් වූ දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කළහ. මහණෙනි, ඒ නේවාපිකයාත් නේවාපික පිරිසත් යම් තැනක ඒ මුවසමූහයෝ ග්‍රාහයට පැමිණෙන්නාහු නම්, සතර වැනි මෘගසමූහයන්ගේ ඒ ආශයස්ථානය නො ම දුටහ.
Pali BJTතත්ර භික්ඛවෙ නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච එතදහොසි: “සචෙ ඛො මයං චතුත්ථෙ මිගජාතෙ ඝට්ටෙස්සාම, තෙ ඝට්ටිතා අඤ්ඤෙ ඝට්ටෙස්සන්ති. තෙපි ඝට්ටිතා අඤ්ඤෙ ඝට්ටෙස්සන්ති. එවං ඉමං නිවාපං නිවුත්තං සබ්බසො මිගජාතා රිඤ්චිස්සන්ති. යන්නූන මයං චතුත්ථෙ මිගජාතෙ අජ්ඣුපෙක්ඛෙය්යාමා”ති. අජ්ඣුපෙක්ඛිංසු ඛො භික්ඛවෙ නෙවාපිකො ච නෙවාපිකපරිසා ච චතුත්ථෙ මිගජාතෙ. එවං හි තෙ භික්ඛවෙ චතුත්ථා මිගජාතා පරිමුච්චිංසු නෙවාපිකස්ස ඉද්ධානුභාවා.
Sinhala BJTමහණෙනි, එහි නේවාපිකයාට ද නේවාපික පිරිසට ද මේ අදහස විය: “ඉදින් වනාහි අපි සතර වන මුවසමුහයන් ගටන්නෙමු නම්, ගටන ලද ඔහු ද අන්‍යයන් ගටන්නාහ. එසේ ඇති කල්හි මුවසමූහයෝ වපුළා වූ මේ තණකොටුව හිස් කෙරෙත්. අපි සතර වන මුවසමූහයන් කෙරෙහි මැදහත් වෙමු නම් යෙහෙක” යනු යි. මහණෙනි, නේවාපිකයාත් නේවාපිකපිරිසත් සතර වන මුවසමූහයන් කෙරෙහි මධ්‍යස්ථ වූවාහුය. මහණෙනි, මෙසේ වනාහි සතරවැනි මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් මිදුණාහුය.
Pali BJT9. උපමා ඛො මෙ අයං භික්ඛවෙ කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයඤ්චෙත්ථ{1} අත්ථො: නිවාපොති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. නෙවාපිකොති ඛො භික්ඛවෙ මාරස්සෙතං පාපිමතො අධිවචනං. නෙවාපිකපරිසාති ඛො භික්ඛවෙ මාරපරිසායෙතං අධිවචනං. මිගජාතාති ඛො භික්ඛවෙ සමණබ්රාහ්මණානෙතං අධිවචනං.
Sinhala BJT9. මහණෙනි, අර්‍ත්‍ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමාව කරණ ලදු. මේ මෙහි අර්‍ත්‍ථ යි: මහණෙනි, ‘නිවාප’ යනු පස්කම්ගුණයන්ට මේ නමෙකි. මහණෙනි, ‘නේවාපික’ යනු පවිටු මාරයාට මේ නමෙකි. මහණෙනි, ‘නෙවාපිකපිරිස’ යනු මාරපිරිසට මේ නමෙකි. මහණෙනි, ‘මුව සමූහය’ යනු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ නමෙකි.
Pali BJTතත්ර භික්ඛවෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු –
Sinhala BJTමහණෙනි, පළමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුළ ඒ තණකොටුව වූ පඤ්චකාමයන්ට වැදී මුසපත් වූවාහු කාමගුණ නමැති බොජුන් අනුභව කළහ. ඔහු එහි පිවිස මුසපත්ව පස්කම් බොජුන් අනුභවකළාහු මත් වූහ.
Pali BJTමත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ භික්ඛවෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. සෙය්යථාපි තෙ භික්ඛවෙ පඨමා මිගජාතා, තථූපමෙ අහං ඉමෙ පඨමෙ සමණබ්රාහ්මණෙ වදාමි.
Sinhala BJTමත් වූවාහු සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ තණ කෙතෙහි මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති පරිදි කළ යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. මහණෙනි, පළමුවන මුව සමූහයෝ යම්සේ ද, මේ පළමුවන මහණ බමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි කියමි.
Pali BJT10. තත්ර භික්ඛවෙ දුතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු, තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථා කාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යන්නූන මයං සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා{1} විහරෙය්යාමා”ති. තෙ සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමිංසු. භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා{1} විහරිංසු. තෙ තත්ථ සාකභක්ඛාපි අහෙසුං, සාමාක භක්ඛාපි අහෙසුං, නීවාරභක්ඛාපි අහෙසුං, දද්දුලභක්ඛාපි අහෙසුං, හටභක්ඛාපි අහෙසුං, කණභක්ඛාපි අහෙසුං, ආචාමභක්ඛාපි අහෙසුං, පිඤ්ඤාකභක්ඛාපි අහෙසුං, තිණභක්ඛාපි අහෙසුං, ගොමයභක්ඛාපි අහෙසුං, වනමූලඵලාහාරා යාපෙසුං පවත්තඵලභොජී. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ චෙතොවිමුත්ති පරිහායි. චෙතොවිමුත්තියා පරිහීනාය තමෙව නිවාපං නිවුත්තං මාරස්ස පච්චාගමිංසු තානි ච ලොකාමිසානි. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ භික්ඛවෙ දුතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. සෙය්යථාපි තෙ භික්ඛවෙ දුතියා මිගජාතා තථූපමෙ අහං ඉමෙ දුතියෙ සමණබ්රාහ්මණෙ වදාමි.
Sinhala BJT10. මහණෙනි, එහි දී දෙවන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මහණ බමුණු කෙනෙක් මාරයා විසින් වපුළ මේ පඤ්චකාම ගුණ නමැති නිවාපයට වැද මුසපත් වූවාහු පස්කම් බොජුන් වැළඳුවාහු නම් ඔහු එහි වැද මුසපත් වූවාහු පස්කම්බොජුන් වළඳන්නාහු මදයට පැමිණියහ. මත් වූවාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ තණකොටුව වූ මේ පඤ්චකාමයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තෝ වුහ. මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. අපි මේ පස්කම් ගුණ නමැති ලෝකාමිස නිවාපභෝජනයෙන් හැම අතින් ම වෙන් වන්නෙමු නම්, භයජනක පඤ්චකාමභෝගයෙන් වෙන් වූවමෝ වනයන්ට වැද වාසය කරන්නෙමු නම් මැනව” කියා යි. ඔහු නිවාපභෝජනය වූ ලෝකාමිසයෙන් හැමලෙසින් වෙන් වූවාහු භයජනක පඤ්චකාමපරිභෝගයෙන් වෙන් වූවාහු වනයන්ට වැද විසූහ. ඔහු එහි දී පලා කන්නෝ ද වූහ. අමු බුදින්නෝ ද වූහ. හුරුහැල් අනුභව කරන්නෝ ද වූහ. සම්කසට අනුභව කරන්නෝ ද වූහ. ලාටු අනුභව කරන්නෝ ද වූහ. කුඩු අනුභව කරන්නෝ ද වූහ. දඹුබත් කන්නෝ ද වූහ. පුනක්කු අනුභව කරන්නෝ ද වූහ. තණ අනුභව කරන්නෝ ද වූහ. ගොම අනුභව කරන්නෝ ද වූහ. වනමුල්පල ආහාර කොට ඇත්තාහු ස්වයංපතිතඵල අනුභව කරන්නෝ කය පැවැත්වූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළු මසෙහි තණ දිය නැති වූ කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශ බවට පැමිණියේ වේ. ඉතා වෑරුණු බවට පැමිණි කය ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ‘වෙනෙහි වෙසෙමු’ යි උපන් අදහස පිරිහුණේය. චිත්තවිමුක්තිය පිරිහුණු කල්හි මාරයා විසින් වපුළ තණකොටුව වැනි ඒ පඤ්චකාමගුණයන්ට පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම්බොජුන් අනුභව කරන්නාහු මදයට පැමිණියාහු ය. මදයට පැමිණියාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ තණකොටුව වූ පඤ්චකාමගුණික නිවාපයෙහි මාරයා විසින් කැමැති සේ කළ යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ වනාහි ඒ දෙවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. මහණෙනි, දෙවන මුවසමූහයෝ යම් සේ ද, මේ දෙවන මහණබමුණන් එබඳු උපමා ඇත්තවුනැයි කියමි.
Pali BJT11. තත්ර භික්ඛවෙ තතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං –
Sinhala BJT11. මහණෙනි, එහි දී තුන් වන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුළා වූ මේ තණ කොටුව වූ මේ ලෝකාමිසයන්ට ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් ඒ දෙවන මහණබමුණෝ වූහු ද, ඔහු මෙසේ සිතූහ: -
Pali BJT“යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යන්නූන මයං සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමෙය්යාම, භයභොගා පටිවිරතා අරඤ්ඤායතනානි අජ්ඣොගහෙත්වා විහරෙය්යාමා’ති. තෙ සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමිංසු. තෙ තත්ථ සාකභක්ඛාපි අහෙසුං, සාමාකභක්ඛාපි අහෙසුං, නීවාරභක්ඛාපි අහෙසුං, දද්දුලභක්ඛාපි අහෙසුං, හටභක්ඛාපි අහෙසුං, කණභක්ඛාපි අහෙසුං, ආචාමභක්ඛාපි අහෙසුං, පිඤ්ඤාකභක්ඛාපි අහෙසුං, තිණභක්ඛාපි අහෙසුං, ගොමයභක්ඛාපි අහෙසුං, වනමූලඵලාහාරා යාපෙසුං පවත්තඵලභොජී. තෙසං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තිණොදකසඞ්ඛයෙ අධිමත්තකසිමානං පත්තො කායො හොති. තෙසං අධිමත්තකසිමානං පත්තකායානං බලවිරියං පරිහායි. බලවිරියෙ පරිහීනෙ චෙතොවිමුත්තියා පරිහීනාය තමෙව නිවාපං නිවුත්තං මාරස්ස පච්චාගමිංසු තානි ච ලොකාමිසානි. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජමානා මදං ආපජ්ජිංසු. මත්තා සමානා පමාදං ආපජ්ජිංසු. පමත්තා සමානා යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ දුතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. ‘යන්නූන මයං අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි උපනිස්සාය ආසයං කප්පෙය්යාම, තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සාම, අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම, අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ’ති. තෙ අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි උපනිස්සාය ආසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. අපි ච ඛො එවං දිට්ඨිකා අහෙසුං: ‘සස්සතො ලොකො ඉතිපි, අසස්සතො ලොකො ඉතිපි; අන්තවා ලොකො ඉතිපි, අනන්තවා ලොකො ඉතිපි; තං ජීවං තං සරීරං ඉතිපි, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉතිපි; හොති තථාගතො පරම්මරණා ඉතිපි, න හොති තථාගතො පරම්මරණා ඉතිපි, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉතිපි. –
Sinhala BJT“යම් මේ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ ඒ නිවාපය වූ පඤ්චකාමගුණයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. අපි හැම අතින් ම ලෝකාමිසනිවාප භෝජනයෙන් වෙන් වන්නෙමු නම්, භයජනක පඤ්චකාම පරිභෝගයෙන් වෙන් වී වනයට වැදවාසය කරන්නෙමු නම් යෙහෙක කියා යි. ඔහු ලෝකාමිස නිවාපභෝජනයෙන් වෙන් වූහ. භයජනක පඤ්චකාම පරිභෝගයෙන් වෙන් වූවාහු වනයට වැදී වාසය කළහ. ඔහු එහි දී පලා කන්නෝත් වූහ. අමු බුදින්නෝත් වූහ. හුරුහැල් අනුභව කරන්නෝත් වූහ. සම්කසට අනුභව කරන්නෝත් වූහ. ලහටු අනුභව කරන්නෝත් වූහ. කුඩු අනුභව කරන්නෝත් වූහ. දඹුබත් කන්නෝත් වූහ. මුරුවට අනුභව කරන්නෝත් වූහ. තණ අනුභව කරන්නෝත් වූහ. ගොම අනුභව කරන්නෝත් වූහ. වනමුල් පල ආහාර කොට ඇත්තාහු ස්වයංපතිතඵල අනුභව කරණසුලුව කය පැවැත්වූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළුමස්හි තණ දිය සිඳුණු කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෘශ බවට පැමිණියේ වේ. ඉතා කෘශ බවට පැමිණි කය ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ‘වෙනෙහි වෙසෙමු’ යි යන අදහස පිරිහුණේය. චිත්තවිමුක්තිය පිරිහුණු කල්හි මාරයා විසින් වපුළ තණකොටුව වූ ඒ ලෝකාමිස නිවාපයට පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි වැද මුසපත් ව ලෝකාමිසය අනුභව කරන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ ලෝකාමිසනිවාපයෙහි කැමැති සේ කළ යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. ‘අපි මේ මාරයා වපුළ මේ නිවාපය වූ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, එහි ආශයස්ථානයක් කොට වැස මාරයා විසින් වපුළ නිවාපය වූ ඒ ලෝකාමිසයන් ට නො වැද නො මුසපත් ව ලෝකාමිසභෝජනය අනුභව කරන්නෙමු නම්, නො වැද මුසපත් නො වී පස්කම් බොජුන් වළඳන්නමෝ මත් නොවන්නෙමු නම්, නො මත්වුවමෝ ප්‍රමාදයට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණියමෝ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නමෝ නම් යෙහෙකැ’යි කියා යි. ඔහු මාරයා වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කළාහුය. එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ නිවාප වූ මේ ලෝකාමිසයන්ට නො වැද මුසපත් නො වූවාහු පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි නො වැද මුසපත් නො වී පස්කම්ගුණ බොජුන් බුදින්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියාහු ය. නො පමා වූවාහු මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකමිසයෙහි කැමැති සේ කට යුත්තෝ නො වූහ. එතෙකුදු වුවත් ‘ලෝකය ශාශ්වතය කියා ද, ලෝකය අශාශ්වත ය යි කියා ද, ලෝකය කෙළවරක් ඇත්තේ ය කියා ද, ලෝකය කෙළවරක් නැත්තේ ය කියා ද, ඒ ජීවය, ඒ ශරීරය යි කියා ද, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි කියා ද, සත්ත්‍වයා මරණින් මතු වන්නේ ය කියා ද, සත්ත්‍වයා මරණින් මතු වන්නේත් වේ, නො වන්නේත් වේ කියා ද, සත්ත්‍වයා මරණින් මතු නොම වෙයි, නො වන්නේත් නො වෙයි කියා ද, මෙවැනි දෘෂ්ටි ඇත්තෝ වූහ.
Pali BJT“එවං හි තෙ භික්ඛවෙ තතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. සෙය්යථාපි තෙ භික්ඛවෙ තතියා මිගජාතා තථූපමෙ අහං ඉමෙ තතියෙ සමණබ්රාහ්මණෙ වදාමි.
Sinhala BJTමහණෙනි, මෙසේ ඒ තුන්වැනි මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. මහණෙනි, ඒ තුන්වන මුවසමූහයෝ යම්සේ ද, මේ තුන්වන මහණබමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි කියමි.
Pali BJT12. තත්ර භික්ඛවෙ චතුත්ථා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස [අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස [අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. ‘යන්නූන මයං සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමෙය්යාම -පෙ- එවං හි තෙ දුතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ තතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: “යෙ ඛො තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස [අමූනි ච ලොකාමිසානි] [අනුපඛජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. යෙපි තෙ දුතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං: යෙ තෙ පඨමා සමණබ්රාහ්මණා අමුං නිවාපං නිවුත්තං මාරස්ස [අමූනි ච ලොකාමිසානි අනුපඛජ්ජ] -පෙ- එවං හි තෙ පඨමා සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. ‘යන්නූන මයං සබ්බසො නිවාපභොජනා ලොකාමිසා පටිවිරමෙය්යාම -පෙ- එවං හි තෙ දුතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. [යෙපි තෙ තතියා සමණබ්රාහ්මණා එවං සමචින්තෙසුං -පෙ- ‘යන්නූන මයං අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි උපනිස්සාය ආසයං කප්පෙය්යාම, තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිස්සාම, අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම, අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ’ති. තෙ අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි උපනිස්සාය ආසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. අපි ච ඛො එවංදිට්ඨිකා අහෙසුං: සස්සතො ලොකො ඉතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉතිපි. එවං හි තෙ තතියාපි සමණබ්රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. –
Sinhala BJT12. මහණෙනි, එහි දී සතර වන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් මේ පළමුවන මහණ බමුණෝ වූ ද, ඔහු මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් මේ දෙවන මහණබමුණෝ මෙසේ සිතුවාහු ද, “යම් මේ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. ‘අපි සම්පුර්‍ණයෙන් ලෝකාමිස නිවාපභෝජනය වූ පඤ්චකාමගුණයෙන් වෙන් වන්නෙමු නම් යෙහෙකි’ ... මෙසේ වනාහි මේ දෙවන මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් මේ තුන්වන මහණබමුණෝ වූ ද, ඔහු මෙසේ සිතුවාහු ය: “යම් ඒ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් ඒ දෙවන මහණබමුණෝ වූ ද ඔහු මෙසේ සිතුවාහු ය: යම් ඒ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ වනාහි ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. ‘අපි නිවාප භෝජන වූ ලෝකාමිසයෙන් හැම අතින් ම වෙන් වන්නෙමු නම් යෙහෙකැ’යි … මෙසේ ඒ දෙවන මහණබමුණෝත් මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. යම් මේ තෙවන මහණබමුණෝ ‘අපි මේ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට නො වැද මුසපත් නොවී පඤ්චකාම භෝජන අනුභව කරන්නෙමු නම්, නො වැද මුසපත් නො වී පඤ්චකාම භෝජන අනුභව කරන්නමෝ මත් නො වන්නෙමු නම්, මත් නො වූවමෝ සිහි නැති නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණියමෝ මේ මාරයාගේ නිවාපය වූ මේ පඤ්චකාම ගුණයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ’යි මෙසේ සිතුවාහු ද, ඔහු මාරයා වපුළ මේ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කළහ. එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ පඤ්චකාමයන්ට නො වැද මුසපත් නො වූවාහු පඤ්චකාමභෝජන අනුභව කළහ. ඔහු එහි නො වැද නො මුසපත් ව පඤ්චකාමභෝජනයන් බුදින්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියහ. සිහි නැති බවට නොපැමිණියාහු මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකමිසයෙහි කැමැති සේ කට යුත්තෝ නො වූහ. එසේ වුවත් ලෝකය ශාශ්වතය කියා ද, ... සත්‍වයා මරණින් මතු නොම වෙයි, නො වන්නේත් නො වෙයි කියා ද, මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. මෙසේ ඒ තුන්වැනි මහණබමුණෝත් මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ.
Pali BJT“යන්නූන මයං යත්ථ අගති මාරස්ස ච මාරපරිසාය ච තත්රාසයං කප්පෙයාම, තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිස්සාම, අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිස්සාම, අප්පමත්තා සමානා න යථාකාමකරණීයා භවිස්සාම මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ’ති. තෙ යත්ථ අගති මාරස්ස ච මාරපරිසාය ච තත්රාසයං කප්පයිංසු. තත්රාසයං කප්පෙත්වා අමුං නිවාපං නිවුත්තං මාරස්ස අමූනි ච ලොකාමිසානි අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු. තෙ තත්ථ අනනුපඛජ්ජ අමුච්ඡිතා භොජනානි භුඤ්ජමානා න මදං ආපජ්ජිංසු. අමත්තා සමානා නප්පමාදං ආපජ්ජිංසු. අප්පමත්තා සමානා න යථාකාමකරණීයා අහෙසුං මාරස්ස අමුස්මිං නිවාපෙ අමුස්මිඤ්ච ලොකාමිසෙ. එවං හි තෙ භික්ඛවෙ චතුත්ථා{1} සමණබ්රාහ්මණා පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා. සෙය්යථාපි තෙ භික්ඛවෙ චතුත්ථා මිගජාතා තථූපමෙ අහං ඉමෙ චතුත්ථෙ සමණබ්රාහ්මණෙ වදාමි.
Sinhala BJTයම් තැනක අපි මාරයාගේත් මාරපිරිසේත් ගමන් නැත් ද, එහි ආශයස්ථානයක් කරන්නෙමු නම් ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ පඤ්චකාමගුණයන්ට නො වැද නො මුසපත් ව පස්කම්බොජුන් බුදින්නෙමු නම්, නො වැද නො මුසපත් ව පස්කම්බොජුන් අනුභව කරන්නමෝ මත් නො වන්නෙමු නම්, මත් නො වූවමෝ සිහි නැතිබවට නො පැමිණෙන්නමෝ නම්, සිහි නැති බවට නො පැමිණියමෝ මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති සේ කළ යුත්තෝ නො වන්නෙමු නම් යෙහෙකැ යි කියා ය. ඔහු යම් තැනක මාරයාගේත් මරපිරිසේත් ගමන් නැත් ද, එහි ආශයස්ථානක් කළහ. එහි ආශයස්ථානක් කොට මාරයා වපුළ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට නො වැද නො මුසපත් ව පඤ්චකාම භෝජන අනුභව කළහ. ඔහු තුමූ එහි නො වැද නො මුසපත් ව පඤ්චකාම භෝජනයන් අනුභව කරන්නාහු මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියාහු ය. සිහි නැති බවට නො පැමිණියාහු මාරයාගේ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමති සේ කළ යුත්තෝ නො වූහ. මෙසේ වනාහි ඒ සතරවන මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් මිදුණහ. මහණෙනි, ඒ සතර වැනි මුවසමූහයෝ යම්බඳු ද, මේ සතර වැනි මහණ බමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි මම කියමි.
Pali BJT13. කථඤ්ච භික්ඛවෙ අගති මාරස්ස ච මාරපරිසාය ච? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{2} උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
Sinhala BJT13. මහණෙනි, මාරයාගේත් මාරපිරිසේත් අගතිය (විෂය නැති තැන) කෙසේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් වැ අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ “මාරයා අන්‍ධ කෙළේ ය යි ද, මරු ඇස අපද කොට (පිහිට නැති සේ නසා) පවිටු මාරයාගේ නොදැක්මට ගියේ ය යි ද” කියනු ලැබේ.
Pali BJT14. පුන චපරං භික්ඛවෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියංඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
Sinhala BJT14. මහණෙනි, නැවත අනෙකක් වෙයි. මහණ තෙමේ විතර්‍ක විචාරයන් සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම වූ සිතේ එකඟබව ඇති විතර්‍ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරු ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි ද කියනු ලැබේ.
Pali BJT15. පුන චපරං භික්ඛවෙ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
Sinhala BJT15. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ ප්‍රීතියෙන් ද වෙන් වීමෙන් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ මනා නුවණින් යුක්ත වූයේ වාසය කරයි. කයින් සැපය ද විඳී. ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උදෙසා ‘උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේ ය’යි ගුණ වර්‍ණනා වශයෙන් කියත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, පිහිටක් නැති සේ මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි ද කියනු ලැබේ.
Pali BJT16. පුන චපරං භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා{3} අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
Sinhala BJT16. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ සැපත් පහවීමෙන් දුකත් පහවීමෙන් පළමු ව සොම්නස් දොම්නස් දුරු වීමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂාව හා සිහිය පිළිබඳ පිරිසුදුබව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේය යි ද, පිහිටක් නැති ලෙස මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි කියනු ලැබේ.
Pali BJT17. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
Sinhala BJT17. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් අපවත් කිරීමෙන් නානාත්‍වසංඥා මෙනෙහි නො කිරීමෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, පිහිටක් නැති ලෙස මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
Pali BJT18. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති’ විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
Sinhala BJT18. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’ යි විඤ්ඤාණඤ‍්‍චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
Pali BJT19. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
Sinhala BJT19. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම විඤ්ඤාණඤ‍්‍චායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’ යි ආකිඤ්‍චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
Pali BJT20. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.”
Sinhala BJT20. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකිඤ්‍චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
Pali BJT21. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු “අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො, තිණ්ණො ලොකෙ{1} විසත්තිකන්ති.”
Sinhala BJT21. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. ඔහු විසින් මාර්‍ගප්‍රඥාවෙන් (චතුරාර්‍ය්‍ය සත්‍යයන්) දැක ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත් ද, මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”ය යි ද ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කෙළේ” යයි ද කියනු ලැබේ.
Pali BJT22. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJT22. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළි ගත්හ.
Pali BJTනිවාපසුත්තං පඤ්චමං.
Sinhala BJTනිවාප සූත්‍රය පස්වැනි යි.
Pali BJT1. 3. 6.
Sinhala BJT1. 3. 6.
Pali BJTඅරියපරියෙසනසුත්තං{*}
Sinhala BJTඅරියපරියේසන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “චිරස්සුතා නො ආවුසො ආනන්ද භගවතො සම්මුඛා ධම්මී කථා. සාධු මයං ආවුසො ආනන්ද ලභෙය්යාම භගවතො සම්මුඛා ධම්මිං කථං සවණායා”ති. තෙනහායස්මන්තො යෙන රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමථ. අප්පෙවනාම ලභෙය්යාථ භගවතො සම්මුඛා ධම්මිං කථං සවනායාති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස පිවිසිසේක. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කීහ: “ඇවැත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, අප භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ධර්‍ම කථාව ඇසුවිරූ බොහෝකල් වෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, අපි භාග්‍යවතුන් සම්බුඛයෙහි ධර්‍ම කථාවක් අසන්ට ලබන්නමෝ නම් මැනැවි” යනුයි. ඇවැත්නි, එසේ නම් රම්මක බමුණාගේ අසපුව කරා එළඹෙව. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දැහැමි කථාවක් අසවු නම් මනා මය. ඒ භික්‍ෂූහු ‘එසේය ඇවැත්නි’ යි ආයුෂ්මත් අනඳ තෙරුන්ට පිළිතුරු දුන්හ.
Pali BJT2. අථ ඛො භගවා සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද යෙන පුබ්බාරාමො මිගාරමාතු පාසාදො තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායාති. එවම්භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බාරාමො මිගාරමාතුපාසාදො තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමිස්සාම ගත්තානි පරිසිඤ්චිතුන්ති. එවම්භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.
Sinhala BJT2. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතෙන් පසු පිණ්ඩපාතයෙන් නැවතුනු සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, දිවාවිහාරය සඳහා පුබ්බාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදය කරා යම්හ”. ‘එසේ ය වහන්සැ’යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග දිවාවිහාරය සඳහා මෘගාරිමාතෘ ප්‍රාසාදය කරා වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල වදාළසේක. “ආනන්‍දය, ගාත්‍රපරිෂේකය සඳහා නැගෙනහිර නාන කොටුවට යම්හ.” “එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJT3. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. පුබ්බකොට්ඨකෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග නැගෙනහිර නානකොටුවට වැඩියහ. සිරුරුඅවයව සනහා ගැන්ම සඳහාය. නැගෙනහිර නානකොටුවෙන් සිරුරුඅවයව සනහා ගෙන ගොඩනැගී එක් (අඳනා) සිවුරු ඇතිව සිරුරුඅවයව පූර්‍ව අවස්ථාවට පමුණුවමින් (=වියළවමින්) සිටිසේක.
Pali BJT4. අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අයං භන්තෙ රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො අවිදූරෙ. රමණීයො භන්තෙ රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො, පාසාදිකො භන්තෙ රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො. සාධු භන්තෙ භගවා යෙන රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT4. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. ‘වහන්ස, රම්මකබමුණාගේ මේ අසපුව රමණීය ය. රම්මකබමුණාගේ අසපුව සිත්කලු ය. වහන්ස භාග්‍යවතුන් වහන්සේ, අනුකම්පා උපදවා රම්මකබමුණාගේ අසපුව කරා පැමිණෙනසේක් නම් මැනවි’. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතායෙන් ඉවසූ සේක.
Pali BJT5. අථ ඛො භගවා යෙන රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමෙ ධම්මියා කථාය සන්නිසින්නා හොන්ති. අථ ඛො භගවා බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි කථාපරියොසානං ආගමයමානො. අථ ඛො භගවා කථාපරියොසානං විදිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙසි. විවරිංසු ඛො තෙ භික්ඛූ භගවතො ද්වාරං.
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකබමුණාගේ අසපුව කරා පැමිණි සේක. එසමයෙහි බොහෝ භික්‍ෂූහු රම්මකබමුණාගේ අසපුවෙහි දැහැමි කථාවෙන් යුතුව රැස්ව හුන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා අවසානය බලනුවෝ බිහිදොරටුයෙහි වැඩ සිටි සේක. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ කථාව අවසන්සේ දැන කැස දොර කවුළුව පහළහ. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර විවර කළහ.
Pali BJT6. අථ ඛො භගවා රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනුත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරා කථා විප්පකතා’ති. ‘භගවන්තමෙව ඛො නො භන්තෙ ආරබ්භ ධම්මී කථා විප්පකතා, අථ භගවා අනුප්පත්තො’ති. සාධු භික්ඛවෙ, එතං ඛො භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හෙ ධම්මියා කථාය සන්නිසීදෙය්යාථ. සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං: ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො.
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකබමුණාගේ අසපුවට පිවිස පනවනලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ආමන්ත්‍රණය කළසේක: “මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්ත ව හුන්හු ද? තොපගේ කවර අතුරුකතාවක් අඩාළ කරණ ලද ද?” “වහන්ස, අප විසින් භාග්‍යවතුන් වහන්සේ ම අරභයාවූ දැහැමි කථාව අඩාළ කරණ ලදී. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි සැළ කළහ. “මහණෙනි, මැනවි. මහණෙනි, යම් ලෙසකින් තෙපි දැහැමි කථාවෙන් යුක්ත ව හුන්හුද, එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන්වන් කුලපුත්‍ර වූ තොපට නිසිය. මහණෙනි, රැස්වූ තොප විසින් දැහැමි කථාව හෝ ආර්‍ය්‍යතුෂ්ණීම්භාවය (ද්විතීයධ්‍යානය හෝ මූලකර්‍මස්ථානය මෙනෙහි කිරීම) යන දෙක කළ යුතුය.”
Pali BJT7. ද්වෙමා භික්ඛවෙ පරියෙසනා: අරියා ච පරියෙසනා අනරියා ච පරියෙසනා.
Sinhala BJT7. මහණෙනි, ආර්‍ය්‍යපර්‍ය්‍යෙෂණය ය, අනාර්‍ය්‍යපර්‍ය්‍යෙෂණයයි මේ සෙවීම් දෙකෙකි.
Pali BJTකතමා ච භික්ඛවෙ අනරියා පරියෙසනා? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙව පරියෙසති, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙව පරියෙසති, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මඤ්ඤෙව පරියෙසති, අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤෙව පරියෙසති, අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤෙව පරියෙසති, අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මඤ්ඤෙව පරියෙසති.
Sinhala BJTමහණෙනි, අනාර්‍ය්‍යපර්‍ය්‍යෙෂණය කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුඟුලෙක් තෙමේ ජාතිය ස්වභාවය කොට ඇත්තේ ජාතිධර්‍මයක් (ජාතිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධර්‍මයක් (ජරාව ස්වභාව) කොට ඇත්තක් ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්‍මයක් (ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණ ධර්‍මයක් (මරණය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තේ ශෝක ධර්‍මයක් (ශෝකය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ කෙලෙසන ස්වභාව ඇත්තේ කෙලෙසන ස්වභාව ඇත්තක් ම සොයයි.
Pali BJT8. කිඤ්ච භික්ඛවෙ ජාතිධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ ජාතිධම්මං, දාසිදාසං ජාතිධම්මං, අජෙළකං ජාතිධම්මං, කුක්කුටසූකරං ජාතිධම්මං, හත්ථිගවාස්සවළවං ජාතිධම්මං, ජාතරූපරජතං ජාතිධම්මං. ජාතිධම්මාහෙතෙ භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙව පරියෙසති.
Sinhala BJT8. මහණෙනි, කුමක් ජාතිධර්‍ම යයි කියන්නේ ද? පුත්‍රදාරාවෝ ජාතිධර්‍මයෝයි. දැසි දස්හු ජාතිධර්‍මයෝයි. එළුබැටළුවෝ ජාතිධර්‍මයෝයි. කුකුළන් හා ඌරෝ ජාතිධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ජාතිධර්‍මයෝ ය. රන් රිදී ජාතිධර්‍මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ජාතිධර්‍මයෝ ය. මෙහි තෘෂ්ණාවෙන් බැඳුණා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝ වැසි තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්‍මයක් ම සොයයි.
Pali BJT9. කිඤ්ච භික්ඛවෙ ජරාධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ ජරාධම්මං, දාසිදාසං ජරාධම්මං, අජෙළකං ජරාධම්මං, කුක්කුටසූකරං ජරාධම්මං, හත්ථිගවාස්සවළවං ජරාධම්මං , ජාතරූපරජතං ජරාධම්මං. ජරාධම්මාහෙතෙ භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙව පරියෙසති.
Sinhala BJT9. මහණෙනි, කුමක් ජරාධර්‍මයයි කියන්නේ ද? පුත්‍රභාර්‍ය්‍යාවෝ ජරාධර්‍මයෝ ය. දැසිදස්හු ජරාධර්‍මයෝ ය එළු බැටළුවෝ ජරාධර්‍මයෝ ය. කුකුළන් හා ඌරෝ ජරාධර්‍මයෝය. ඇත් ගව අස් වෙළඹහු ජරාධර්‍මයෝය. රන්රිදී ජරාධර්‍මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ ජරාධර්‍ම වෙති. මේ ලෝවැසි, තෙමේ මෙහි ගැට ගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරාධර්‍මයක් ම සොයයි.
Pali BJT10. කිඤ්ච භික්ඛවෙ බ්යාධිධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ බ්යාධිධම්මං, දාසිදාසං බ්යාධිධම්මං, අජෙළකං බ්යාධිධම්මං, කුක්කුටසූකරං බ්යාධිධම්මං, හත්ථිගවාස්සවළවං බ්යාධිධම්මං. බ්යාධිධම්මා හෙතෙ භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මඤ්ඤෙව පරියෙසති.
Sinhala BJT10. මහණෙනි, කුමක් ව්‍යාධිධර්‍මයයි කියන්නේ ද? පුත්‍ර භාර්‍ය්‍යාවෝ ව්‍යාධිධර්‍මයෝ ය. දැසිදස්හු ව්‍යාධිධර්‍මයෝ ය. එළු බැටළුවෝ ව්‍යාධිධර්‍මයෝය. කුකුළන් හා ඌරෝ ව්‍යාධිධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ව්‍යාධිධර්‍මයෝ ය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ව්‍යාධිධර්‍මයෝ ය. මේ ලෝවැසි තෙම මෙහි ගැටගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්‍මයක් ම සොයයි.
Pali BJT11. කිඤ්ච භික්ඛවෙ මරණධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ මරණධම්මං, දාසිදාසං මරණධම්මං, අජෙළකං මරණධම්මං, කුක්කුටසූකරං මරණධම්මං, හත්ථිගවාස්සවළවං මරණධම්මං. මරණධම්මා හෙතෙ, භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤෙව පරියෙසති.
Sinhala BJT11. මහණෙනි, කුමක් මරණධර්‍මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්‍ය්‍යාවෝ මරණධර්‍මයෝ ය. දැසිදස්හු මරණධර්‍මයෝ ය. එළුබැටළුවෝ මරණධර්‍මයෝ ය. කුකුළන් හා ඌරෝ මරණධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු මරණධර්‍මයෝ ය. මහණෙනි, මේ උපධීහු මරණධර්‍මයෝ ය. මේ ලෝ වැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණධර්‍මයක් ම සොයයි.
Pali BJT12. කිඤ්ච භික්ඛවෙ සොකධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ සොකධම්මං, දාසිදාසං සොකධම්මං, අජෙළකං සොකධම්මං, කුක්කුටසූකරං සොකධම්මං, හත්ථිගවාස්සවළවං සොකධම්මං. සොකධම්මා හෙතෙ, භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤෙව පරියෙසති.
Sinhala BJT12. මහණෙනි, කුමක් ශෝකධර්‍මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්‍ය්‍යාවෝ ශෝකධර්‍මයෝ ය. දැසිදස්හු ශෝකධර්‍මයෝ ය. එළුබැටළුවෝ ශෝකධර්‍මයෝ ය. කුකුළන් හා ඌරෝ ශෝකධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ශෝකධර්‍මයෝ ය. මහණෙනි, මේ උපධීහුය. මේ ලෝ වැසි තෙමේ මෙහි වෙළුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තේ ශෝකධර්‍මයක් ම සොයයි.
Pali BJT13. කිඤ්ච භික්ඛවෙ සඞ්කිලෙසධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ සඞ්කිලෙසධම්මං, දාසිදාසං සඞ්කිලෙසධම්මං, අජෙළකං සඞ්කිලෙසධම්මං, කුක්කුටසූකරං සඞ්කිලෙසධම්මං, හත්ථිගවාස්සවළවං සඞ්කිලෙසධම්මං, ජාතරූපරජතං සඞ්කිලෙසධම්මං. සඞ්කිලෙසධම්මා හෙතෙ භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මඤ්ඤෙව පරියෙසති. අයං භික්ඛවෙ අනරියා පරියෙසනා.
Sinhala BJT13. මහණෙනි, කුමක් සංක්ලේශධර්‍මයයි කියන්නේද? අඹුදරුවෝ සංක්ලේශධර්‍මයෝ ය. දැසිදස්හු සංක්ලේශධර්‍මයෝ ය. එළුබැටළුවෝ සංක්ලේශධර්‍මයෝ ය. කුකුළන් හා ඌරෝ සංක්ලේශධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු සංක්ලේශධර්‍මයෝ ය. රන්රිදී සංක්ලේශධර්‍මයෝ ය. මහණෙනි, මේ උපධීහු සංක්ලේශධර්‍ම වෙත්. මේ ලෝවැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ සංක්ලේශධර්‍ම වූයේ සංක්ලේශධර්‍මයක් ම සොයයි. මහණෙනි, මේ අනාර්‍ය්‍යපර්‍ය්‍යෙෂණයි.
Pali BJT14. කතමා ච භික්ඛවෙ අරියා පරියෙසනා? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසඞ්කිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති. අයං භික්ඛවෙ අරියා පරියෙසනා.
Sinhala BJT14. මහණෙනි, ආර්‍ය්‍යවූ සෙවීම කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිධර්‍ම වූයේ ජාතිධර්‍මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තරවූ යෝගක්‍ෂේම සංඛ්‍යාත නිර්‍වාණය සොයයි. තෙමේ ජරාධර්‍ම වූයේ ජරාධර්‍මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තරවූ යෝගක්‍ෂේම වූ නිවන සොයයි. තෙමේ ව්‍යාධිධර්‍ම වූයේ ව්‍යාධිධර්‍මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර යෝගක්‍ෂේම වූ නිවන සොයයි. තෙමේ මරණධර්‍ම වූයේ මරණධර්‍මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර යෝගක්‍ෂේම වූ නිවන සොයයි. තෙමේ ශෝකධර්‍ම වූයේ ශෝකධර්‍මයෙහි ආදීනව දැන ශොකයක් නැති නිරුත්තර යෝගක්‍ෂේම වූ නිවන සොයයි. තෙමේ සංක්ලේශධර්‍ම වූයේ සංක්ලේශධර්‍මයෙහි ආදීනව දැන කෙලෙසීමක් නැති නිරුත්තර යෝගක්‍ෂේම වූ නිවන සොයයි. මහණෙනි, මේ ආර්‍ය්‍යපර්‍ය්‍යෙෂණයි.
Pali BJT15. අහම්පි සුදං භික්ඛවෙ පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මඤ්ඤෙව පරියෙසාමි.
Sinhala BJT15. මහණෙනි, මම බුදු වීමට පෙර බෝසත් වූයෙම් ම තෙමේ ජාතිධර්‍ම වූයෙම් ජාතිධර්‍මයක් ම සෙවීමි. තෙමේ ජරාධර්‍ම වූයෙම් ජරාධර්‍මයක් ම සෙවීමි. තෙමේ ව්‍යාධිධර්‍ම වූයෙම් ව්‍යාධිධර්‍මයක් ම සෙවීමි. තෙමේ මරණධර්‍ම වූයෙම් මරණධර්‍මයක් ම සෙවීමි. තෙමේ ශෝකධර්‍ම වූයෙම් ශෝකධර්‍මයක් ම සෙවීමි. තෙමේ සංක්ලේශධර්‍ම වූයෙම් සංක්ලේශධර්‍මයක් ම සෙවීමි.
Pali BJT16. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “කින්නු ඛො අහං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මඤ්ඤෙව පරියෙසාමි, යන්නූනාහං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්යං, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්යං, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්යං, අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්යං, අත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්යං, අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසඞ්කිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්ය”න්ති.
Sinhala BJT16. මහණෙනි, ඒ මට මේ අදහස විය: “කුමක් නිසා මම තෙමේ ජාතිධර්‍ම වූයෙම් ජාතිධර්‍මයක් ම සොයම් ද, තෙමේ ජරාධර්‍ම වූයෙම් ජරාධර්‍මයක් ම සොයම් ද, තෙමේ ව්‍යාධිධර්‍ම වූයෙම් ව්‍යාධිධර්‍මයක් ම සොයම් ද, තෙමේ මරණධර්‍ම වූයෙම් මරණධර්‍මයක් ම සොයම් ද, තෙමේ ශෝකධර්‍ම වූයෙම් ශෝකධර්‍මයක් ම සොයම් ද, තෙමේ සංක්ලේශධර්‍ම වූයෙම් සංක්ලේශධර්‍මයක් ම සොයම් ද? මම ජාතිධර්‍ම වූයෙම් ජාතිධර්‍මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. ජරාධර්‍ම වූයෙම් ජරාධර්‍මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ව්‍යාධිධර්‍ම වූයෙම් ව්‍යාධිධර්‍මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ මරණධර්‍ම වූයෙම් මරණධර්‍මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ශෝකධර්‍ම වූයෙම් ශෝකධර්‍මයෙහි ආදීනව දැන ශෝකයක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ සංක්ලේශධර්‍ම වූයෙම් සංක්ලේශධර්‍මයෙහි ආදීනව දැන සංක්ලිෂ්ට නො වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව” යි කියායි.
Pali BJT17. සො ඛො අහං භික්ඛවෙ අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා, අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සො එවං පබ්බජිතො සමානො කිං කුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: ‘ඉච්ඡාමහං ආවුසො කාලාම ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු’න්ති.
Sinhala BJT17. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.’
Pali BJT18. එවං වුත්තෙ භික්ඛවෙ ආළාරො කාලාමො මං එතදවොච: “විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා”ති. සො ඛො අහං භික්ඛවෙ නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං භික්ඛවෙ තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි ථෙරවාදඤ්ච. ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි:
Sinhala BJT18. මහණෙනි, මෙසේ කී කල්හි ආළාර කාලාම මට මෙසේ කීය: “ආයුෂ්මත් තෙමේ බඹසර වෙසෙවා. යම් තැනක නුවණැති පුරුෂයෙක් නොබෝකලකින් ම ස්වකීය ආචාර්‍ය්‍යවරයන්ගේ ධර්‍මය තෙමේ දැන ප්‍රත්‍යක්‍ෂ කොට වෙසේ ද, මේ ධර්‍මය එ බඳු ය”. මහණෙනි, ඒ මම නොබෝදිනකින් ම ඒ ධර්‍මය ප්‍රගුණ කෙළෙමි. (ඒ මම උන් කී දැය පිලිගනුමට) තොල් පහළ පමණින් ම, උන් කියූ දැය නැවත කීම් පමණෙකින්ම ‘දනිමි’යි ද, ‘දකිමි’යි ද මම පිළින කෙළෙමි. අන්‍යයෝ ද මා ගැන එසේ කීහ. මහණෙනි, ඒ මට මේ අදහස වී ය:
Pali BJT“න ඛො ආළාරො කාලාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති. අද්ධා ආළාරො කාලාමො ඉමං ධම්මං ජානං පස්සං විහරතී”ති. අථ ඛ්වාහං භික්ඛවෙ යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: “කිත්තාවතා නො ආවුසො කාලාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී”ති. එවං වුත්තෙ භික්ඛවෙ ආළාරො කාලාමො ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හම්පත්ථි සද්ධා. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි විරියං, මය්හම්පත්ථි විරියං. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සති, මය්හම්පත්ථි සති. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සමාධි, මය්හම්පත්ථි සමාධි. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං ආළාරො කාලාමො ‘සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙති. තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්ය”න්ති. සො ඛො අහං භික්ඛවෙ නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
Sinhala BJT“ආළාරකාලාම තෙමේ මේ ධර්‍මය හුදෙක් ඇදහීම් පමණෙකින් තමන් ‘විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරමි’ යි ප්‍රකාශ නොකරයි. ඒකාන්තයෙන් ආළාරකාලාම මේ ධර්‍මය දන්නේ, දක්නේ වාසය කෙරේය”යි කියායි. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාරකාලාමහට මෙය කීමි. “ඇවැත් කාලාමය, කොපමණෙකින් මේ ධර්‍මය තමන් ප්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ ප්‍රකාශ කෙරෙහි ද?” මහණෙනි, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙමේ ආකිඤ්චඤ්ඤායතනය ප්‍රකාශ කළේය. ඒ මට මේ අදහස විය: “ශ්‍රද්ධාව ඇත්තේ ආළාරකාලාමහට පමණක් නො වේ. මට ද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් ම වීර්‍ය්‍ය ඇත්තේ නො වේ. මට ද වීර්‍ය්‍ය ඇත. ආළාරකාලාමහට පමණක් ම සිහිය ඇත්තේ නො වේ. මට ද සිහිය ඇත. ආළාරකාලාමහට පමණක් ම සමාධිය ඇත්තේ නො වේ. මට ද සමාධිය ඇත. ආළාරකාලාමහට පමණක් ම ප්‍රඥාව ඇත්තේ නො වේ. මට ද ප්‍රඥාව ඇත. ආළාරකාලාම තෙමේ ‘යම් ධර්‍මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙමි’යි කියා නම්, මම ඒ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීමට උත්සාහ කෙරෙම් නම් මැනැවැ” යි කියා යි. මහණෙනි, ඒ මම නොබෝ කලෙකින් ම වහා ම ඒ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි.
Pali BJT19. අථ ඛ්වාහං භික්ඛවෙ යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: “එත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී”ති. ‘එත්තාවතා ඛො අහං ආවුසො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමී’ති. “අහම්පි ඛො ආවුසො එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී”ති. ‘ලාභා නො ආවුසො, සුලද්ධං නො ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම, ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි. ඉති යාහං ධම්මං ජානාමි, තං ත්වං ධම්මං ජානාසි, යං ත්වං ධම්මං ජානාසි, තමහං ධම්මං ජානාමි. ඉති යාදිසො අහං, තාදිසො ත්වං, යාදිසො ත්වං, තාදිසො අහං. එහිදානි ආවුසො, උභොව සන්තා ඉමං ගණං පරිහරාමා’ති. ඉති ඛො භික්ඛවෙ ආළාරො කාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනො{1} සමසමං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව ආකිඤ්චඤ්ඤායතනුපපත්තියා”ති. සො ඛො අහං භික්ඛවෙ තං ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
Sinhala BJT19. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාරකාලාමහට “ඇවැත් කාලාමය, මෙ පමණෙකින් ම මේ ධර්‍මය තමන් වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙහිදැ”යි මෙය කීමි. “ඇවත, මම මෙපමණෙකින් ම මේ ධර්‍මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙමි” යි කී ය. “ඇවත, මම ද මෙපමණෙකින් මේ ධර්‍මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙමි”යි කීම්. “ඇවත, යම්බඳු වූ අපි තොප වැනි සබ්‍රහ්මචාරී අයුෂ්මතකු දක්නමෝ ද, ඒ අපට ලාභය, අපට මනා ලැබුමෙකි. මෙසේ මම යම් ධර්‍මයක් තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙම් ද, තෙපි ඒ ධර්‍මය තමන් ප්‍රත්‍යක්‍ෂ කොට වෙසෙසින් දැන ඊට පැමිණ වාසය කරව. තෙපි යම් ධර්‍මයක් තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නහු නම්, මම ඒ ධර්‍ම තමන් ම වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කරමි. මෙසේ යම් ධර්‍මයක් මම දනිම් ද, ඒ ධර්‍මය තෙපි දනුව. යම් ධර්‍මයක් තෙපි දනීහු නම් ඒ ධර්‍මය මම දනිමි. මෙසේ මම යම්බඳුයෙම් නම්, තෙපි ද එබඳු ව. තෙපි යම්බඳුහු නම්, මම ද එබඳුයෙමි. ඇවැත, දැන් එව. දෙදෙන ම එකතු ව මේ පිරිස පරිහරණය කරමු”යි කියායි. මහණෙනි, මෙසේ ආළාරකාලාම තෙමේ මට ආචාර්‍ය්‍ය වූයේ ම අතැවැසි වූ මා තමාට සමතැන තැබී ය. උසස් පූජාවෙනුදු මා පිදී ය. මහණෙනි, ඒ මට මේ අදහස විය: “මේ ධර්‍මය සසර කළකිරීම සඳහා නො වේ. නො ඇලීම සඳහා නො වේ. නිවන සඳහා නො වේ. කෙලෙස් සන්හිඳුවීම සඳහා නො වේ. විශේෂ දැනීම සඳහා නො වේ. සම්බෝධිය සඳහා නො වේ. නිවන් සඳහා නො පවතියි. මේ ධර්‍මය ආකිඤ්චඤ්ඤායතනයෙහි ඉපදීමට ම වෙයි.” මහණෙනි, ඒ මම ඒ ධර්‍මය (ශාන්තපදයට) ප්‍රමාණ නො කොට (මෙයින් කම් නැතැයි සිතා එයින් තෘප්ත නොවී) ඒ ධර්‍මයෙන් කළකිරී වෙන්ව ගියෙමි.
Pali BJT20. සො ඛො අහං භික්ඛවෙ කිං කුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන උද්දකො{1} රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “ඉච්ඡාමහං ආවුසො ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු”න්ති. එවං වුත්තෙ භික්ඛවෙ උද්දකො රාමපුත්තො මං එතදවොච ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා’ති. සො ඛො අහං භික්ඛවෙ නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං භික්ඛවෙ තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි ථෙරවාදඤ්ච. ‘ජානාමි, පස්සාමී’ති ච පටිජානාමි අහඤ්චෙව අඤ්ඤෙ ච.
Sinhala BJT20. මහණෙනි, ඒ මම ‘කිංකුසලගවේසී’ වූයෙම් අනුත්තර වූ උතුම් ශාන්තිපදය සොයන්නෙම් උද්දක රාමපුත්‍රයා කරා පැමිණියෙමි. පැමිණ උද්දක රාමපුත්‍රහට මෙය කීමි: “ඇවැත්නි, මම මේ ශාසනයෙහි බඹසර සරන්නට කැමැත්තෙමි”. මහණෙනි, මෙසේ කි කල්හි උද්දක රාමපුත්‍ර තෙමේ “ආයුෂ්මත් තෙමේ වෙසේවා. යම් ශාසනයෙක්හි නුවණැති පුරුෂයෙක් නොබෝකලෙකින් ම ස්වකීය ආචාර්‍ය්‍යවරයාගේ ධර්‍මය තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, මේ ධර්‍මය එබඳු ය” යි මෙය මට කී ය. මහණෙනි, ඒ මම නොබෝකලෙකින් ම ඒ ධර්‍මය වහා ම ප්‍රගුණ කෙළෙමි. එපමණින් ම (පිළිගැණුමට) තොල් පහළ පමණින් ම, කියන ලද්ද නැවත කීම් පමණෙකින් ම ‘දනිමි’යි යන කථාව හා ‘එහි ස්ථීර වෙමි’ යන කථාව ද කියමි. ‘දනිමි’යි, ‘දකිමි’යි ද මමත් ප්‍රතිඥා කරමි. අන්‍යයෝ ද මා ගැන එසේ කියති.
Pali BJT21. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “න ඛො රාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි. අද්ධා රාමො ඉමං ධම්මං ජානං පස්සං විහාසී”ති. අථ ඛ්වාහං භික්ඛවෙ යෙන උද්දකො රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “කිත්තාවතා නො ආවුසො රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී”ති. එවං වුත්තෙ භික්ඛවෙ උද්දකො රාමපුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “න ඛො රාමස්සෙව අහොසි සද්ධා, මය්හම්පත්ථි සද්ධා. න ඛො රාමස්සෙව අහොසි විරියං, මය්හම්පත්ථි විරියං. න ඛො රාමස්සෙව අහොසි සති, මය්හම්පත්ථි සති. න ඛො රාමස්සෙව අහොසි සමාධි, මය්හම්පත්ථි සමාධි. න ඛො රාමස්සෙව අහොසි පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි, තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්ය”න්ති. සො ඛො අහං භික්ඛවෙ නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
Sinhala BJT21. මහණෙනි, ඒ මට මේ අදහස ඇති විය: “රාම තෙමේ මේ ධර්‍මය හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරමි යි ප්‍රකාශ නො කෙළේ ය. රාම තෙමේ මේ ධර්‍මය ඒකාන්තයෙන් දනිමින් දක්මින් වාසය කෙළේය”යි කියායි. මහණෙනි, ඉක්බිති මම උද්දක රාමපුත්‍රයා වෙත පැමිණියෙමි. පැමිණ රාමපුත්‍ර උද්දකහට මෙය කීමි. “ඇවැත, (ඔබගේ පිතෘ වූ) රාම තෙමේ කොපමණෙකින් මේ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ ප්‍රකාශ කෙළේදැ?”යි. මහණෙනි, මෙසේ කී කල්හි රාමපුත්‍ර උද්දක තෙමේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ප්‍රකාශ කෙළේ ය. මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවිය: “ශ්‍රද්ධාව රාමයාට පමණක් නො වී ය. මට ද ශ්‍රද්ධාව ඇත. වීර්‍ය්‍ය රාමයාට පමණක් නො වී ය. මට ද වීර්‍ය්‍ය ඇත. සිහිය රාමයාට පමණක් නො වී ය. මට ද සිහිය ඇත. සමාධිය රාමයාට පමණක් නො වී ය. මට ද සමාධිය ඇත. ප්‍රඥාව රාමයාට පමණක් නො වී ය. මට ද ප්‍රඥාව ඇත. යම් ධර්‍මයක් රාම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙමි යි කීයේ ද, මම ද ඒ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීමට උත්සාහ කෙරෙම් නම්, යෙහෙකැ”යි කියායි. මහණෙනි, ඒ මම නොබෝකලෙකින් ම වහා ම ඒ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ විසීම්.
Pali BJT22. අථ ඛ්වාහං භික්ඛවෙ යෙන උද්දකො රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “එත්තාවතා නො ආවුසො රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසීති? ‘එත්තාවතා ඛො රාමො ආවුසො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති. අහම්පි ඛො ආවුසො එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී”ති.
Sinhala BJT22. මහණෙනි, ඉක්බිති මම රාමපුත්‍ර උද්දක වෙත එළඹියෙමි. එළඹ උද්දක රාමපුත්‍රහට මෙය කීයෙමි. “ඇවැත්නි, (ඔබ පියාවූ) රාම තෙමේ මේ ධර්‍මය මෙපමණෙකින් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද? ඇවැත්නි (මාගේ පිය වූ) රාම තෙමේ මෙ මතුයෙකින් මේ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේය”යි (උද්දක තෙමේ කීය). “ඇවැත්නි, මම ද මෙපමණෙකින් මේ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙමි” යි කීමි.
Pali BJT“ලාභා නො ආවුසො සුලද්ධං නො ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම. ඉති යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි. ඉති යං ධම්මං රාමො අභිඤ්ඤාසි, තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි, තං ධම්මං රාමො අභිඤ්ඤාසි. ඉති යාදිසො රාමො අහොසි. තාදිසො ත්වං, යාදිසො ත්වං, තාදිසො රාමො අහොසි. එහිදානි ආවුසො, ත්වං ඉමං ගණං පරිහරා”ති. ඉති ඛො භික්ඛවෙ උද්දකො රාමපුත්තො සබ්රහ්මචාරී මෙ සමානො ආචරියට්ඨානෙ ච මං ඨපෙසි. උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියාති. සො ඛො අහං භික්ඛවෙ තං ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
Sinhala BJT“ඇවැත්නි, යම් බඳු වූ අපි තොප වැනි සබ්‍රහ්මචාරී අයුෂ්මතකු දක්නමෝ ද ඒ අපට ලාභය. අපට මනා ලැබීමෙකි. මෙසේ රාම යම් ධර්‍මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද, තෙපිත් ඒ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරව. තෙම යම් ධර්‍මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරවු ද, (මාගේ පිය වූ) රාම තෙමේත් ඒ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කළේ ය. මෙසේ යම් ධර්‍මයක් (මාගේ පිතෘවූ) රාම තෙමේ දැනගත්තේ ද, ඒ ධර්‍මය තෙපි දන්නහුය. යම් ධර්‍මයක් තෙපි දන්නහු ද, ඒ ධර්‍මය රාම තෙමේ දත්තේ ය. මෙසේ රාම යම්බඳු වූයේ ද, තෙපි එබඳු වැ. තෙපි යම්බඳු ද, රාම තෙමේ එබඳු වී ය. ඇවැත්නි, මෙහි එව. දැන් තෙපි මේ පිරිස පරිහරණය කරව.” මෙසේ රාම පුත්‍ර උද්දක තෙමේ මාගේ සබ්‍රහ්මචාරී වූයේ ම මා ඇදුරු තනතුරෙහි තැබී ය. මහත් පූජායෙකින් මා පිදීය. මහණෙනි, ඒ මට “මේ ධර්‍මය සසර කළකිරීම පිණිස නො වෙයි. විරාගය පිණිස නො වෙයි. නිරෝධය පිණිස නො වෙයි. ක්ලේශව්‍යුපශමය පිණිස නො වෙයි. අභිඥාව පිණිස නො වෙයි. සම්බෝධිය පිණිස නො වෙයි. නිවන පිණිස නො පවතී. එය හුදෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ඉපදීම පිණිස පමණක් ම වෙයි” යන මේ අදහස වී ය. මහණෙනි, ඒ මම ඒ ධර්‍මය (ශාන්තපදයට) ප්‍රමාණ නො වන්නක් කොට මෙයින් කම් නැතැයි සිතා ඒ ධර්‍මයෙන් කළකිරී බැහැරගියෙමි.
Pali BJT23. සො ඛො අහං භික්ඛවෙ කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන උරුවෙලා සෙනානිගමො තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං, පාසාදිකඤ්ච වනසණ්ඩං, නදිඤ්ච සන්දන්තිං{1} සෙතකං සුපතිත්ථං රමණීයං, සමන්තා ච ගොචරගාමං. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “රමණීයො වත{2} භූමිභාගො පාසාදිකො ච වනසණ්ඩො, නදී ච සන්දති සෙතකා සුපතිත්ථා රමණීයා, සමන්තා ච ගොචරගාමො. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායා”ති. සො ඛො අහං භික්ඛවෙ තත්ථෙව නිසීදිං “අලමිදං පධානායා”ති.
Sinhala BJT23. මහණෙනි, ඒ මම ‘කුසලය කුමක් දැ’යි සොයනසුලු වූයෙම් අනුත්තර උතුම් නිර්‍වාණපදය සොයමින් මගධ දනව්වෙහි පිළිවෙළින් සැරිසරන්නෙම් උරුවේලායෙහි සේනානිගමය කරා පැමිණියෙමි. එහි සිත්කලු භූමි භාගය ද, පහදවන වනළැහැබ ද, වැලිතලා ඇති මනා තොටු ඇති සිත්කලු ගලාබස්නා නදිය ද, හාත්පස ගොදුරුගම ද, දිටිමි. මහණෙනි, ඒ මට මේ අදහස වී ය: “භූමිභාගය රමණීය ය. වන ළැහැබ ප්‍රසාද ජනක ය. සුදුවැලි තලා ඇති මනා තොටු ඇති සිත්කලු නදිය ද ගලා බස්නී ය. හාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රධන් කරනු කැමැති කුලපුත්‍රයකුට ප්‍රධන්වීර්‍ය්‍ය සඳහා මෙය සුදුසු ම ය.” මහණෙනි, ඒ මම ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස “මෙය සුදුසු ම ය” යි සිතා එහි ම (බෝමැඩ) හුන්නෙමි.
Pali BJT24. සො ඛො අහං භික්ඛවෙ අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. –
Sinhala BJT24. මහණෙනි, ඒ මම ජාතිධර්‍ම වූයෙම් ජාති ධර්‍මයෙහි ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයමින් අජාත වූ අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය අවබෝධ කෙළෙමි. ජරාධර්‍ම වූයෙම් ජරාධර්‍මයෙහි ආදීනව දැන දිරීමක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් අජර වූ අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන අවබෝධ කෙළෙමි. ව්‍යාධිධර්‍ම වූයෙම් ව්‍යාධිධර්‍මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය අවබෝධ කෙළෙමි. මරණධර්‍ම වූයෙම් මරණධර්‍මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවණට පැමිණියෙමි.
Pali BJTඅත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසඞ්කිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අසඞ්කිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: ‘අකුප්පා මෙ විමුත්ති, අයමන්තිමා ජාති. නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJTශෝකධර්‍ම වූයෙම් ශෝකධර්‍මයෙහි ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් ශෝක රහිත නිරුත්තර යෝගක්‍ෂේම වූ නිවන අවබෝධ කෙළෙමි. තෙමේ සංක්ලේශධර්‍ම වූයෙම් සංක්ලේශධර්‍මයෙහි ආදීනව දැන නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් අසංක්ලිෂ්ට වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය අවබෝධ කෙළෙමි. මාගේ අර්‍හත් ඵලවිමුක්තිය අකෝප්‍ය (ස්ථීර) විය. ‘මේ මාගේ අන්තිම උත්පත්තියයි. දැන් පුනර්‍භවයක් නැතැයි’ මට ඥානදර්‍ශනය (සියලු දෙය දන්නා වූ සර්‍වඥතාඥානය) පහළ විය.
Pali BJT25. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්යං පරෙ ච මෙ න ආජානෙය්යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසාති. අපිස්සු මං භික්ඛවෙ ඉමා අනච්ඡරියා ගාථා පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා:
Sinhala BJT25. මහණෙනි, ඒ මට මේ අදහස විය: “මා අවබෝධ කළ මේ ධර්‍මය ගැඹුරු ය. දැක්මට අවබෝධයට නොපහසු ය. ශාන්තය. ප්‍රණීත ය. තර්‍කයෙන් බැසගත නො හෙන්නේ ය. නිපුණ ය. පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ ප්‍රජාතොමෝ පඤ්චකාමගුණ සංඛ්‍යාත ආලයන්හි රමණය කරන්නීය. ආලයන්හි ඇලුණීය පඤ්චකාමගුණයෙහි සතුටු වන්නී ය. පඤ්චකාමගුණ ආලයන්හි රමණය කරණ ආලයන්හි ඇලුණු ආලයන්හි සතුටු ප්‍රජාව විසින්, යම් මේ ඉදප්පච්චයතා (සංස්කාරාදීන්ට ප්‍රත්‍ය වූ අවිද්‍යාදි) පටිච්චසමුප්පාදයක් වේ ද, මේ කාරණය දක්නට නොපහසුය. සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම් වූ සියලු උපධීන්ගේ දූර ලීම වූ ආශාව නැති කිරීම වූ විරාගය වූ නිරෝධය වූ යම් මේ නිවනක් වේ ද, මේ කාරණය ද දැක්මට නොහැකිය. මම දහම් දෙසන්නෙම් නම් අන්‍යයෝ එය දැන නොගන්නාහු නම්, එය මට ක්ලාන්තියකි. එය මට වෙහෙසකි.” කියායි. මහණෙනි, තවද මට නො ඇසූ විරූ අත්‍යාශ්චර්‍ය්‍ය වූ මේ ගාථාවෝ වැටහුණාහ:
Pali BJTකිච්ඡෙන මෙ අධිගතං හලන්දානි පකාසිතුං, රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො. පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං රාගරත්තා න දක්ඛින්ති{1} තමොඛන්ධෙන ආවටාති{2}.
Sinhala BJT“මා විසින් දුක සේ අවබෝධ කරණ ලද මේ ධර්‍මය දැන් ප්‍රකාශ කිරීම කම් නැත. රාග ද්වේශයන්ගෙන් මැඩුනවුන් විසින් මේ ධර්‍මය අවබෝධ කිරීම පහසු නො වේ. උඩුහොය (චතුස්සත්‍යධර්‍මය) කරා යන සුලු මෘදු වූ ගැඹුරු වූ අවබෝධයට අපහසු වූ සියුම් වූ මේ ධර්‍මය රාගයෙන් රත් වූ මෝහරාශියෙන් වෙළුණු මේ සත්ත්‍වයෝ නො දක්නාහ.”
Pali BJT26. ඉතිහ මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති, නො ධම්මදෙසනාය. අථ ඛො භික්ඛවෙ බ්රහ්මුනො සහම්පතිස්ස මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි: නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො, යත්ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති, නො ධම්මදෙසනායාති. අථ ඛො භික්ඛවෙ බ්රහ්මා සහම්පති සෙය්යාථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙවං{3} බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි.
Sinhala BJT26. මහණෙනි, මෙසේ නුවණින් සලකන්නා වූ මාගේ සිත මන්‍දෝත්සාහ භාවයට නැමේ. දහම් දෙසීමට නො නැමේ. මහණෙනි, ඉක්බිති සහම්පතී මහාබ්‍රහ්මයාට සිය සිතින් මා සිත්හි වූ විතර්‍කය දැනීමෙන් මේ අදහස විය: “යම් ලෝකයෙක්හි තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත අල්පොත්සාහභාවයට නැමේ ද, දහම් දෙසීමට නො නැමේ ද, පින්වත්නි, ඒ ලෝකය නැසේ. ඒකාන්තයෙන් වැනැසේ.” මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙමේ යම් සේ ශක්තිමත් පුරුෂයෙක් හැකුළු ඇත දිගු කෙරේ ද, දිගු කළ අත හකුළු වන්නේ ද, එසේ ම බඹලොවින් අතුරුදහන් වූයේ (ක්‍ෂණයෙන්) මා ඉදිරියෙහි පහළ විය.
Pali BJT27. අථ ඛො භික්ඛවෙ බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා{*} යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා මං එතදවොච: “දෙසෙතු භන්තෙ භගවා ධම්මං. දෙසෙතු සුගතො ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති. ඉදමවොච භික්ඛවෙ බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච:
Sinhala BJT27. මහණෙනි, ඉක්බිති සහම්පතී මහා බ්‍රහ්ම තෙමේ උතුරුසළුව ඒකංස කොට මා වෙත ඇඳිලි බැඳ මට මෙය කීයේ ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්ව. මඳකෙලෙස්රජස් සහිත ස්වභාව ඇති සත්ත්‍වයෝ ඇත. ධර්‍මය නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. ධර්‍මය අවබෝධ කරන්නෝ ඇතැ”යි. මහණෙනි, සහම්පතීබ්‍රහ්ම තෙමේ මෙය කීය. මෙය කියා යලිත් මේ ගාථා කීය: