Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTමජ්ඣිමනිකායො
Sinhala BJTමැඳුම්සඟිය
Pali BJTමූලපණ්ණාසකො
Sinhala BJTමූලපණ්ණාසකය
Pali BJT1. මූලපරියායවග්ගො
Sinhala BJT1. මූලපරියාය වර්ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJTමූලපරියායසුත්තං
Sinhala BJTමූලපරියාය සූත්‍රය
Pali BJT1. එවං මෙ{1} සුතං: එකං සමයං භගවා උක්කට්ඨායං විහරති සුභගවනෙ සාලරාජමූලෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයෙහි වූ සුභග වනයෙහි වනදෙටුමහරුකක් මුල වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි’යි” භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂුහු “ස්වාමීනි’යි” භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක.
Pali BJT2. සබ්බධම්මමූලපරියායං වො භික්ඛවෙ දෙසෙස්සාමි{2}. තං සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති. එවං භන්තෙති{3} ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT2. මහණෙනි, තොපට සියලු සත්කායධර්මයනට මූලකාරණය දේශනා කරන්නෙමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවූ. දේශනා කරන්නෙමි. “එසේය, ස්වාමීනි’යි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
Pali BJT(1)
Sinhala BJT(1)
Pali BJT3. ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී{4} අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී{4} සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො පඨවිං පඨවිතො{5} සඤ්ජානාති. පඨවිං පඨවිතො{5} සඤ්ඤත්වා පඨවිං මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පඨවිතො මඤ්ඤති. පඨවිං මෙති{6} මඤ්ඤති. පඨවිං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං{7} තස්සාති වදාමි. (1)
Sinhala BJT3. මහණෙනි, මේ ලෝකයෙහි (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්ය්යධර්මයෙහි අදක්ෂ වූ ආර්ය්යධර්මයෙහි නො හික්මුණාවූ (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණාවූ අශ්‍රැතවත් (ආගමාධිගමරහිත වූ) පෘථග්ජන තෙමේ පෘථිවිය පෘථිවිය වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින පෘථිවිය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම පෘථිවියෙහි පිහිටියෙමි” යි හඟියි. “මම පෘථිවියෙන් බැහැර වෙමි” යි හඟියි. “පෘථිවිය මගේ” යි හඟියි. පෘථිවිය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහුගේ පෘථිවිය (පිළිබඳ) පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT4. ආපං ආපතො සඤ්ජානාති. ආපං ආපතො සඤ්ඤත්වා ආපං මඤ්ඤති. ආපස්මිං මඤ්ඤති. ආපතො මඤ්ඤති. ආපං මෙති මඤ්ඤති. ආපං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං{1} තස්සාති වදාමි. (2)
Sinhala BJT4. ආපය ආපය වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසයෙන්) හඳුනයි. ආපය ආපය වශයෙන් හැඳින ආපය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම ආපයෙහි පිහිටියෙමි” යි හඟියි. “ආපයෙන් බැහැර වෙමි” යි හඟියි. “ආපය මාගේ” යි හඟියි. ආපය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආපය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT5. තෙජං තෙජතො සඤ්ජානාති. තෙජං තෙජතො සඤ්ඤත්වා තෙජං මඤ්ඤති. තෙජස්මිං මඤ්ඤති. තෙජතො මඤ්ඤති. තෙජං මෙති මඤ්ඤති. තෙජං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං{1} තස්සාති වදාමි. (3)
Sinhala BJT5. තේජස තේජෝවශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. තේජස තේජෝවශයෙන් හැඳින තේජස (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම තේජසෙහි පිහිටියෙමි” යි හඟියි. “තේජසින් බැහැර වෙමි” යි හඟියි. “තේජස මාගේ” යි හඟියි. තේජස අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: තේජස (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT6. වායං වායතො සඤ්ජානාති. වායං වායතො සඤ්ඤත්වා වායං මඤ්ඤති. වායස්මිං මඤ්ඤති. වායතො මඤ්ඤති. වායං මෙති මඤ්ඤති. වායං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං{1} තස්සාති වදාමි. (4)
Sinhala BJT6. වායුව වායුවශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. වායුව වායුවශයෙන් හැඳින වායුව (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම වායුවෙහි පිහිටියෙමි” යි හඟියි. “වායුවෙන් බැහැර වෙමි” යි හඟියි. “වායුව මාගේ” යි හඟියි. වායුව අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: වායුව (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT7. භූතෙ භූතතො සඤ්ජානාති. භූතෙ භූතතො සඤ්ඤත්වා භූතෙ මඤ්ඤති. භූතෙසු මඤ්ඤති. භූතතො මඤ්ඤති. භූතෙ මෙති මඤ්ඤති. භූතෙ අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං{1} තස්සාති වදාමි. (5)
Sinhala BJT7. භූතයන් (චාතුර්මහාරාජිකයෙන් යට සත්වයන්) භූතයන් වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. භූතයන් භූතවශයෙන් හැඳින භූතයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. භූතයන් කෙරෙහි තණ්හා මාන දිට්ඨි මඤ්ඤනා කෙරෙයි. භූතයන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “භූතයන් මාගේ” යි හඟියි. භූතයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: භූතයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT8. දෙවෙ දෙවතො සඤ්ජානාති. දෙවෙ දෙවතො සඤ්ඤත්වා දෙවෙ මඤ්ඤති. දෙවෙසු මඤ්ඤති. දෙවතො මඤ්ඤති. දෙවෙ මෙති මඤ්ඤති. දෙවෙ අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං{1} තස්සාති වදාමි. (6)
Sinhala BJT8. දෙවියන් දෙවියන් වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. දෙවියන් දෙවියන් වශයෙන් හැඳින දෙවියන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. දෙවියන් කෙරෙහි තණ්හාදීන් මඤ්ඤනා කෙරෙයි. දෙවියන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “දෙවියන් මගේ” යි හඟියි. දෙවියන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: දෙවියන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT9. පජාපතිං පජාපතිතො සඤ්ජානාති. පජාපතිං පජාපතිතො සඤ්ඤත්වා පජාපතිං මඤ්ඤති. පජාපතිස්මිං මඤ්ඤති. පජාපතිතො මඤ්ඤති. පජාපතිං මෙති මඤ්ඤති. පජාපතිං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං{1} තස්සාති වදාමි. (7)
Sinhala BJT9. ප්‍රජාපතීහු (මාරයා) ප්‍රජාපතීහු වශයෙන් හඳුනයි. ප්‍රජාපතීහු ප්‍රජාපතීහු වශයෙන් හැඳින ප්‍රජාපතීහු (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ප්‍රජාපතීහු කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. ප්‍රජාපතීහු කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “ප්‍රජාපතියා මගේ” යි හඟියි. ප්‍රජාපතීහු අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ප්‍රජාපතීහු (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT10. බ්රහ්මං බ්‍රහ්මතො සඤ්ජානාති. බ්රහ්මං බ්‍රහ්මතො සඤ්ඤත්වා බ්රහ්මං මඤ්ඤති. බ්රහ්මනි{2} මඤ්ඤති. බ්‍රහ්මතො මඤ්ඤති. බ්රහ්මං මෙති මඤ්ඤති. බ්රහ්මං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං{1} තස්සාති වදාමි. (8)
Sinhala BJT10. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හඳුනයි. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හැඳින බ්‍රහ්මයා (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. බ්‍රහ්මයා කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. බ්‍රහ්මයා කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “බ්‍රහ්මයා මගේ” යි හඟියි. බ්‍රහ්මයා අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: බ්‍රහ්මයා (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT11. ආභස්සරෙ ආභස්සරතො සඤ්ජානාති. ආභස්සරෙ ආභස්සරතො සඤ්ඤත්වා ආභස්සරෙ මඤ්ඤති. ආභස්සරෙසු මඤ්ඤති. ආභස්සරතො මඤ්ඤති. ආභස්සරෙ මෙති මඤ්ඤති. ආභස්සරෙ අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං{1} තස්සාති වදාමි. (9)
Sinhala BJT11. ආභස්සර (බ්‍රහ්ම)යන් ආභස්සරයන් වශයෙන් හඳුනයි. ආභස්සරයන් වශයෙන් හැඳින ආභස්සරයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ආභස්සරයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. ආභස්සරයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “ආභස්සරයන් මගේ” යි හඟියි. ආභස්සරයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආභස්සරයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT12. සුභකිණ්ණෙ{2} සුභකිණ්ණතො{3} සඤ්ජානාති. සුභකිණ්ණෙ සුභකිණ්ණතො සඤ්ඤත්වා සුභකිණ්ණෙ මඤ්ඤති. සුභකිණ්ණෙසු මඤ්ඤති. සුභකිණ්ණතො මඤ්ඤති. සුභකිණ්ණෙ මෙති මඤ්ඤති. සුභකිණ්ණෙ අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (10)
Sinhala BJT12. සුභකින්නයන් සුභකින්නයන් වශයෙන් හඳුනයි. සුභකින්නයන් සුභකින්නයන් වශයෙන් හැඳින සුභකින්නයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සුභකින්නයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. සුභකින්නයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “සුභකින්නයන් මගේ” යි හඟියි. සුභකින්නයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: සුභකින්නයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT13. වෙහප්ඵලෙ වෙහප්ඵලතො සඤ්ජානාති. වෙහප්ඵලෙ වෙහප්ඵලතො සඤ්ඤත්වා වෙහප්ඵලෙ මඤ්ඤති. වෙහප්ඵලෙසු මඤ්ඤති. වෙහප්ඵලතො මඤ්ඤති. වෙහප්ඵලෙ මෙති මඤ්ඤති. වෙහප්ඵලෙ අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (11)
Sinhala BJT13. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශයෙන් හඳුනයි. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශයෙන් හැඳින වෙහප්ඵලයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. වෙහප්ඵලයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. වෙහප්ඵලයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “වෙහප්ඵලයන් මගේ” යි හඟියි. වෙහප්ඵලයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: වෙහප්ඵලයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT14. අභිභුං අභිභූතො සඤ්ජානාති. අභිභුං අභිභූතො සඤ්ඤත්වා අභිභුං මඤ්ඤති. අභිභුස්මිං මඤ්ඤති. අභිභූතො මඤ්ඤති. අභිභුං මෙති මඤ්ඤති. අභිභුං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (12)
Sinhala BJT14. අභිභූන් අභිභූන් වශයෙන් හඳුනයි. අභිභූන් අභිභූන් වශයෙන් හැඳින අභිභූන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අභිභූන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අභිභූන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අභිභූන් මගේ” යි හඟියි. අභිභූන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: අභිභූන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT15. ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනතො සඤ්ජානාති. ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනතො සඤ්ඤත්වා ආකාසානඤ්චායතනං මඤ්ඤති. ආකාසානඤ්චායතනස්මිං මඤ්ඤති. ආකාසානඤ්චායතනතො මඤ්ඤති. ආකාසානඤ්චායතනං මෙති මඤ්ඤති. ආකාසානඤ්චායතනං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (13)
Sinhala BJT15. අකාසානඤ්චායතනය (තද්භූමක වූ කුශල - විපාක - ක්‍රියා වශයෙන් පවත්නා චතුර්විධ නාම ස්කන්ධ) අකාසානඤ්චායතනය වශයෙන් හඳුනයි. අකාසානඤ්චායතනය අකාසානඤ්චායතනය වශයෙන් හැඳින අකාසානඤ්චායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අකාසානඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අකාසානඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අකාසානඤ්චායතනය මගේ” යි හඟියි. අකාසානඤ්චායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: අකාසානඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT16. විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනතො සඤ්ජානාති. විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනතො සඤ්ඤත්වා විඤ්ඤාණඤ්චායතනං මඤ්ඤති. විඤ්ඤාණඤ්චායතනස්මිං මඤ්ඤති. විඤ්ඤාණඤ්චායතනතො මඤ්ඤති. විඤ්ඤාණඤ්චායතනං මෙති මඤ්ඤති. විඤ්ඤාණඤ්චායතනං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (14)
Sinhala BJT16. විඤ්ඤාණඤ්චායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) විඤ්ඤාණඤ්චායතනය වශයෙන් හඳුනයි. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය වශයෙන් හැඳින විඤ්ඤාණඤ්චායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “විඤ්ඤාණඤ්චායතනය මගේ” යි හඟියි. විඤ්ඤාණඤ්චායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: විඤ්ඤාණඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT17. ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතො සඤ්ජානාති. ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතො සඤ්ඤත්වා ආකිඤ්චඤ්ඤායතනං මඤ්ඤති. ආකිඤ්චඤ්ඤායතනස්මිං මඤ්ඤති. ආකිඤ්චඤ්ඤායතනතො මඤ්ඤති. ආකිඤ්චඤ්ඤායතනං මෙති මඤ්ඤති. ආකිඤ්චඤ්ඤායතනං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (15)
Sinhala BJT17. ආකිඤ්චඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) ආකිඤ්චඤ්ඤායතනය වශයෙන් හඳුනයි. ආකිඤ්චඤ්ඤායතනය ආකිඤ්චඤ්ඤායතනය වශයෙන් හැඳින ආකිඤ්චඤ්ඤායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “ආකිඤ්චඤ්ඤායතනය මගේ” යි හඟියි. ආකිඤ්චඤ්ඤායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආකිඤ්චඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT18. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනතො සඤ්ජානාති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනතො සඤ්ඤත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං මඤ්ඤති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්මිං මඤ්ඤති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනතො මඤ්ඤති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං මෙති මඤ්ඤති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (16)
Sinhala BJT18. නේවසඤ්ඤානාසඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) නේවසඤ්ඤානාසඤ්ඤායතනය වශයෙන් හඳුනයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නේවසඤ්ඤානාසඤ්ඤායතනය වශයෙන් හැඳින නේවසඤ්ඤානාසඤ්ඤායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “නේවසඤ්ඤානාසඤ්ඤායතනය මගේ” යි හඟියි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නේවසඤ්ඤානාසඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT19. දිට්ඨං දිට්ඨතො සඤ්ජානාති. දිට්ඨං දිට්ඨතො සඤ්ඤත්වා දිට්ඨං මඤ්ඤති. දිට්ඨස්මිං මඤ්ඤති. දිට්ඨතො මඤ්ඤති. දිට්ඨං මෙති මඤ්ඤති. දිට්ඨං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (17)
Sinhala BJT19. දක්නාලද්ද (රූපායතනය) රූපායතන වශයෙන් හඳුනයි. රූපායතනය රූපායතනය වශයෙන් හැඳින රූපායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. රූපායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. රූපායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “රූපායතනය මාගේය” යි හඟියි. රූපායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රූපායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT20. සුතං සුතතො සඤ්ජානාති. සුතං සුතතො සඤ්ඤත්වා සුතං මඤ්ඤති. සුතස්මිං මඤ්ඤති. සුතතො මඤ්ඤති. සුතං මෙති මඤ්ඤති. සුතං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (18)
Sinhala BJT20. අසනලද්ද (ශබ්දායතනය) ශබ්දායතනය වශයෙන් හඳුනයි. ශබ්දායතනය ශබ්දායතනය වශයෙන් හැඳින ශබ්දායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ශබ්දායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ශබ්දායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “ශබ්දායතනය මාගේය” යි හඟියි. ශබ්දායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ශබ්දායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT21. මුතං මුතතො සඤ්ජානාති. මුතං මුතතො සඤ්ඤත්වා මුතං මඤ්ඤති. මුතස්මිං මඤ්ඤති. මුතතො මඤ්ඤති. මුතං මෙති මඤ්ඤති. මුතං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (19)
Sinhala BJT21. මුතය (ස්පර්ශයෙන් = හැපීමෙන් ගත් ගන්ධරසඵොට්ඨබ්බායතන) මුත වශයෙන් හඳුනයි. මුතය මුත වශයෙන් හැඳින මුතය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. මුතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. මුතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “මුතය මාගේය” යි හඟියි. මුතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මුතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT22. විඤ්ඤාතං විඤ්ඤාතතො සඤ්ජානාති. විඤ්ඤාතං විඤ්ඤාතතො සඤ්ඤත්වා විඤ්ඤාතං මඤ්ඤති. විඤ්ඤාතස්මිං මඤ්ඤති. විඤ්ඤාතතො මඤ්ඤති. විඤ්ඤාතං මෙති මඤ්ඤති. විඤ්ඤාතං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (20)
Sinhala BJT22. විඤ්ඤාතය (මනසින් දත් සෙසු ආයතන සත හෝ ධම්මාරම්මණය) විඤ්ඤාත වශයෙන් හඳුනයි. විඤ්ඤාතය විඤ්ඤාත වශයෙන් හැඳින විඤ්ඤාතය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. විඤ්ඤාතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. විඤ්ඤාතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “විඤ්ඤාතය මාගේය” යි හඟියි. විඤ්ඤාතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: විඤ්ඤාතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT23. එකත්තං එකත්තතො සඤ්ජානාති. එකත්තං එකත්තතො සඤ්ඤත්වා එකත්තං මඤ්ඤති. එකත්තස්මිං මඤ්ඤති. එකත්තතො මඤ්ඤති. එකත්තං මෙති මඤ්ඤති. එකත්තං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (21)
Sinhala BJT23. ඒකත්වය (වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන සතර ස්කන්ධ) ඒකත්ව වශයෙන් හඳුනයි. ඒකත්වය ඒකත්ව වශයෙන් හැඳින ඒකත්වය ආත්මය යි හඟියි. ඒකත්වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ඒකත්වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “ඒකත්වය මාගේය” යි හඟියි. ඒකත්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඒකත්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT24. නානත්තං නානත්තතො සඤ්ජානාති. නානත්තං නානත්තතො සඤ්ඤත්වා නානත්තං මඤ්ඤති. නානත්තස්මිං මඤ්ඤති. නානත්තතො මඤ්ඤති. නානත්තං මෙති මඤ්ඤති. නානත්තං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (22)
Sinhala BJT24. නානාත්වය (පඤ්චස්කන්ධය) නානාත්ව වශයෙන් හඳුනයි. නානාත්වය නානාත්ව වශයෙන් හැඳින නානාත්වය ආත්මය යි හඟියි. නානාත්වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. නානාත්වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “නානාත්වය මාගේය” යි හඟියි. නානාත්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නානාත්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT25. සබ්බං සබ්බතො සඤ්ජානාති. සබ්බං සබ්බතො සඤ්ඤත්වා සබ්බං මඤ්ඤති. සබ්බස්මිං මඤ්ඤති. සබ්බතො මඤ්ඤති. සබ්බං මෙති මඤ්ඤති. සබ්බං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (23)
Sinhala BJT25. සර්වය (සියලු සත්කායධර්ම) සර්ව වශයෙන් හඳුනයි. සර්වය සර්ව වශයෙන් හැඳින සර්වය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සර්වයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. සර්වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “සර්වය මාගේය” යි හඟියි. සර්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: සර්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT26. නිබ්බානං නිබ්බානතො සඤ්ජානාති. නිබ්බානං නිබ්බානතො සඤ්ඤත්වා නිබ්බානං මඤ්ඤති. නිබ්බානස්මිං මඤ්ඤති. නිබ්බානතො මඤ්ඤති. නිබ්බානං මෙති මඤ්ඤති. නිබ්බානං අභිනන්දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි. (24)
Sinhala BJT26. නිර්වාණය (පරමදිට්ඨධම්මනිබ්බානය) නිර්වාණ වශයෙන් හඳුනයි. නිර්වාණය නිර්වාණ වශයෙන් හැඳින නිර්වාණය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නිර්වාණයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. නිර්වාණයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යන ආදීන්) හඟියි. “නිර්වාණය මාගේය” යි හඟියි. නිර්වාණය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නිර්වාණය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
Pali BJT(අස්සුතවන්තපුථුජ්ජනහ වසෙනි පඨමකභූමි{1} පරිච්ඡෙදි{2}){*}
Sinhala BJT(අශ්‍රැතවත් පෘථග්ජනයාගේ වශයෙන් දෙසූ ප්‍රථම භූමි පරිච්ඡේදය යි)
Pali BJT(2)
Sinhala BJT(2)
Pali BJT27. යොපි සො භික්ඛවෙ භික්ඛු සෙඛො{3} අප්පත්තමානසො අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානො විහරති. සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය{4} පඨවිං මාමඤ්ඤි{5}. පඨවියා මාමඤ්ඤි. පඨවිතො මාමඤ්ඤි. පඨවිං මෙති මාමඤ්ඤි. පඨවිං මාභිනන්‍දි.{6} තං කිස්ස හෙතු? පරිඤ්ඤෙය්යං{7} තස්සාති වදාමි.
Sinhala BJT27. මහණෙනි, ශෛක්ෂ වූ නොපැමිණි අර්‍හත්ත්‍වය ඇති යම් මහණෙක් නිරුත්තර වූ යෝගක්ෂේමසංඛ්යාත රහත්බව පතමින් වෙසේද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් වෙසෙසින් දනියි. පෘථිවිය පෘථිවි වශයෙන් මැනැවින් දැන (“මම පෘථිවි ධාතුව වෙමි”යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවියෙහි (පිහිටියෙමි යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “පෘථිවි ධාතුව මාගේ ය”යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුව (දෘෂ්ටිවශයෙන්) අභිනන්දනය නො කරන්නේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) අභිනන්දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් (පෘථිවි ධාතුව රහත්මගින්) පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.
Pali BJT28. ආපං -පෙ- තෙජං -පෙ- වායං -පෙ- භූතෙ -පෙ- දෙවෙ -පෙ- පජාපතිං -පෙ- බ්රහ්මං -පෙ- ආභස්සරෙ -පෙ- සුභකිණ්ණෙ -පෙ- වෙහප්ඵලෙ -පෙ- අභිභුං -පෙ- ආකාසානඤ්චායතනං -පෙ- විඤ්ඤාණඤ්චායතනං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනං -පෙ- දිට්ඨං -පෙ- සුතං -පෙ- මුතං -පෙ- විඤ්ඤාතං -පෙ- එකත්තං -පෙ- නානත්තං -පෙ- සබ්බං -පෙ- නිබ්බානං නිබ්බානතො අභිජානාති. නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය නිබ්බානං මාමඤ්ඤි{1}. නිබ්බානස්මිං මාමඤ්ඤි. නිබ්බානතො මාමඤ්ඤි. නිබ්බානං මෙති මාමඤ්ඤි. නිබ්බානං මාභිනන්‍දි.{2} තං කිස්ස හෙතු? පරිඤ්ඤෙය්යං{3} තස්සාති වදාමි.
Sinhala BJT28. ආපෝධාතුව… තේජෝධාතුව… වායෝධාතුව… භූතයන්… දෙවියන්… පජාපතීහු… බ්‍රහ්මයා… ආභස්සරයන්… සුභකිණ්ණයන්… වෙහප්ඵලයන්… අභිභූන්… අකාසානඤ්චායතනය… විඤ්ඤාණඤ්චායතනය… ආකිඤ්චඤ්ඤායතනය… නේවසඤ්ඤානාසඤ්ඤායතනය… රූපායතනය… ශබ්දායතනය… ගන්ධරසඵොට්ඨබ්බායතනය… විඤ්ඤාතය… ඒකත්තය… නානත්තය… සබ්බය… දිට්ඨධම්මනිබ්බානය… නිබ්බාන වශයෙන් වෙසෙසින් දනී. (දාෂ්ටධර්ම) නිර්වාණය නිර්වාණ වශයෙන් වෙසෙසින් දැන නිර්වාණය ආත්ම ය යි (දිට්ඨි වශයෙන් මඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “නිර්වාණය මාගේ ය” යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්වාණය (දිට්ඨිමඤ්ඤනායෙන් අභිනන්දනය නො කරන්නේ නමුදු තණ්හාමානමඤ්ඤනායෙන්) අභිනන්දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් දාෂ්ටධර්මනිර්වාණය පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.
Pali BJT(සෙඛහ{4} විවට්ටවසෙනි දුතියකභූමි{5} පරිච්ඡෙදි{6} )
Sinhala BJT(ශෛක්ෂයා පිළිබඳ විවට්ට වශයෙන් දේශිත ද්විතීයභූමි පරිච්ඡේදය යි)
Pali BJT(3)
Sinhala BJT(3)
Pali BJT29. යොපි සො භික්ඛවෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො, සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතො න මඤ්ඤති. පඨවිං මෙති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හෙතු? පරිඤ්ඤාතං තස්සාති වදාමි.
Sinhala BJT29. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවූ ආශ්‍රව ඇත්තේ වැස නිම කළ බඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි ස්වාර්‍ත්‍ථ (රහත්පල) ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි (තෘෂ්ණාදි වශයෙන්) නො හඟියි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි නො හඟියි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.
Pali BJT30. ආපං -පෙ- තෙජං -පෙ- නිබ්බානං නිබ්බානතො අභිජානාති. නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතො න මඤ්ඤති. නිබ්බානං මෙති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හෙතු? පරිඤ්ඤාතං තස්සාති වදාමි.
Sinhala BJT30. අබ්ධාතුව… තේජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තණ්හාදිමඤ්ඤනායෙන්) නො හඟියි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි නො හඟියි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.
Pali BJT(ඛීණාසවහ{7} පඨමකනයෙ තතියනයභූමි{8} පරිච්ඡෙදි)
Sinhala BJT(ක්ෂීණාශ්රව වශයෙන් ප්‍රථමනයයෙහි තෘතියභූමි පරිච්ඡේදය යි)
Pali BJT(4)
Sinhala BJT(4)
Pali BJT31. යොපි සො භික්ඛවෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො, සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතො න මඤ්ඤති. පඨවිං මෙති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හෙතු? ඛයා රාගස්ස වීතරාගත්තා.
Sinhala BJT31. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවුණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හා ආදීන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රාගය ක්ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.
Pali BJT32. ආපං -පෙ- තෙජං -පෙ- නිබ්බානං නිබ්බානතො අභිජානාති. නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතො න මඤ්ඤති. නිබ්බානං මෙති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හෙතු? ඛයා රාගස්ස වීතරාගත්තා.
Sinhala BJT32. අබ්ධාතුව… තේජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රාගය ක්ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.
Pali BJT(ඛීණාසවහ දුතියකනයෙ චතරවනක{*} භූමි{1} පරිච්ඡෙදි{2} )
Sinhala BJT(ක්ෂීණාශ්රව වශයෙන් ද්විතීයනයයෙහි සතරවැනිභූමි පරිච්ඡේදය යි)
Pali BJT(5)
Sinhala BJT(5)
Pali BJT33. යොපි සො භික්ඛවෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො, සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතො න මඤ්ඤති. පඨවිං මෙති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හෙතු? ඛයා දොසස්ස වීතදොසත්තා.
Sinhala BJT33. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවුණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ද්වේෂය ක්ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.
Pali BJT34. ආපං -පෙ- තෙජං -පෙ- නිබ්බානං නිබ්බානතො අභිජානාති. නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතො න මඤ්ඤති. නිබ්බානං මෙති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හෙතු? ඛයා දොසස්ස වීතදොසත්තා.
Sinhala BJT34. අබ්ධාතුව… තේජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ද්වේෂය ක්ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.
Pali BJT(ඛීණාසවහ තතියකනයෙ පඤ්චවනක{*} භූමි{3} පරිච්ඡෙදි{2} )
Sinhala BJT(ක්ෂීණාශ්රව වශයෙන් තෘතීයනයයෙහි පස්වැනිභූමි පරිච්ඡේදය යි)
Pali BJT(6)
Sinhala BJT(6)
Pali BJT35. යොපි සො භික්ඛවෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තො, සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතො න මඤ්ඤති. පඨවිං මෙති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හෙතු? ඛයා මොහස්ස වීතමොහත්තා.
Sinhala BJT35. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ක්ෂීණ වූ ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මෝහය ක්ෂීණ වීමෙන් වීතමෝහ වූ හෙයිනි.
Pali BJT36. ආපං -පෙ- තෙජං -පෙ- නිබ්බානං නිබ්බානතො අභිජානාති. නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතො න මඤ්ඤති. නිබ්බානං මෙති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හෙතු? ඛයා මොහස්ස වීතමොහත්තා.
Sinhala BJT36. අප්… තේජස්… (පරමදාෂ්ටධර්මනිර්වාණය) නිර්වාණ වශයෙන් දනියි. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මෝහය ක්ෂීණ වීමෙන් වීතමෝහ වූ හෙයිනි.
Pali BJT(ඛීණාසවහ චතුත්ථකනයෙ ඡවනක{1} භූමි{2} පරිච්ඡෙදි{3} )
Sinhala BJT(ක්ෂීණාශ්රව වශයෙන් චතුර්ත්ථනයයෙහි ෂෂ්ඨභූමි පරිච්ඡේදය යි)
Pali BJT(7)
Sinhala BJT(7)
Pali BJT37. තථාගතොපි භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතො න මඤ්ඤති. පඨවිං මෙති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හෙතු? පරිඤ්ඤාතං තං{4} තථාගතස්සාති වදාමි.
Sinhala BJT37. අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පෘථිවිය මාගේ ය”යි අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: තථාගතයන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.
Pali BJT38. ආපං -පෙ- තෙජං -පෙ- නිබ්බානං නිබ්බානතො අභිජානාති. නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතො න මඤ්ඤති. නිබ්බානං මෙති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හෙතු? පරිඤ්ඤාතං තං{4} තථාගතස්සාති වදාමි.
Sinhala BJT38. අප්… තේජස්… පරමදාෂ්ටධර්මනිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: තථාගතයන් නිරවශේෂයෙන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.
Pali BJT(සත්ථාරහ පඨමකනයෙ සත්තවනක{5} භූමි පරිච්ඡෙදි{3} )
Sinhala BJT(ශාස්තෘ වශයෙන් ප්‍රථමනයෙහි සප්තභූමි පරිච්ඡේදය යි)
Pali BJT(8)
Sinhala BJT(8)
Pali BJT39. තථාගතොපි භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං න මඤ්ඤති. පඨවියා න මඤ්ඤති. පඨවිතො න මඤ්ඤති. පඨවිං මෙති න මඤ්ඤති. පඨවිං නාභිනන්දති. තං කිස්ස හෙතු? නන්දි{6} දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා, භවා ජාති, භූතස්ස ජරාමරණන්ති. තස්මාතිහ භික්ඛවෙ තථාගතො සබ්බසො තණ්හානං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති වදාමි.
Sinhala BJT39. මහණෙනි, අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවිය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: “නන්දිසඞ්ඛ්යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්වප්රකාරයෙන් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.
Pali BJT40. ආපං{1} -පෙ- තෙජං -පෙ- නිබ්බානං නිබ්බානතො අභිජානාති. නිබ්බානං නිබ්බානතො අභිඤ්ඤාය නිබ්බානං න මඤ්ඤති. නිබ්බානස්මිං න මඤ්ඤති. නිබ්බානතො න මඤ්ඤති. නිබ්බානං මෙති න මඤ්ඤති. නිබ්බානං නාභිනන්දති. තං කිස්ස හෙතු? “නන්දි{2} දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා භවා ජාති භූතස්ස ජරාමරණන්ති.” තස්මාතිහ භික්ඛවෙ තථාගතො සබ්බසො තණ්හානං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති වදාමීති.
Sinhala BJT40. අප්… තේජස්… (පරමදාෂ්ටධර්ම)නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: “නන්දිසඞ්ඛ්යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්වප්රකාරයෙන් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.
Pali BJT(සත්ථාරහ දුතියකනයෙ අට්ඨවානකභූමි{3} පරිච්ඡෙදි )
Sinhala BJT(ශාස්තෘ වශයෙන් ද්විතීයනයෙහි අෂ්ටමභූමි පරිච්ඡේදය යි)
Pali BJTඉදමවොච භගවා.{4} න තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.{5}
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් නො වූහු. (එහි අර්ත්ථය නොදත් බැවින් තුටු නො වුහ යි යු සේයි)
Pali BJTමූලපරියායසුත්තං පඨමං.{6}
Sinhala BJTපළමුවන මූලපරියාය සූත්‍රය යි.
Pali BJT1. 1. 2.
Sinhala BJT1. 1. 2.
Pali BJTසබ්බාසවසුත්තං
Sinhala BJTසබ්බාසව සූත්‍රය
Pali BJT1. එවං මෙ{7} සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක.
Pali BJT2. සබ්බාසවසංවරපරියායං වො භික්ඛවෙ දෙසිස්සාමි,{8} තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT2. මහණෙනි, තොපට සියලු ආශ්‍රවයන්ගේ සංවරකාරණය (අනුප්පාද හේතුව) දේශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දෙසමි යි වදාළ සේක. “එසේ ය වහන්සැ” යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක:
Pali BJT3. ජානතො අහං භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො, නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජානතො කිං{9} පස්සතො ආසවානං ඛයො හොති?{10} යොනිසො ච මනසිකාරං{11} අයොනිසො ච මනසිකාරං. අයොනිසො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පවඩ්ඪන්ති. යොනිසො{12} ච ඛො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පහීයන්ති.{13}
Sinhala BJT3. මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්ෂය වේ ද? යෝනිසෝමනසිකාරය ද අයෝනිසෝමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නා වූ ද ආස්‍රවයෝ නූපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.
Pali BJT4. අත්ථි භික්ඛවෙ ආසවා දස්සනා පහාතබ්බා, අත්ථි ආසවා සංවරා පහාතබ්බා, අත්ථි ආසවා පටිසෙවනා පහාතබ්බා, අත්ථි ආසවා අධිවාසනා පහාතබ්බා, අත්ථි ආසවා පරිවජ්ජනා පහාතබ්බා, අත්ථි ආසවා විනොදනා පහාතබ්බා, අත්ථි ආසවා භාවනා පහාතබ්බා.
Sinhala BJT4. මහණෙනි, සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්‍රව ඇත. ස්මෘතිසඞ්ඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ඥානසංවරසඞ්ඛ්‍යාත ප්රත්යවේක්ෂාප්රතිසේවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ක්ෂාන්තිසංවරසඞ්ඛ්යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. වීර්ය්යසංවරසඞ්ඛ්යාත විනෝදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. උපරිමාර්ගත්රය හා සම්ප්‍රයුක්ත බෝධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
Pali BJT5. කතමෙ ච භික්ඛවෙ ආසවා දස්සනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො මනසිකරණීයෙ ධම්මෙ නප්පජානාති, අමනසිකරණීයෙ ධම්මෙ නප්පජානාති. සො මනසිකරණීයෙ ධම්මෙ අප්පජානන්තො අමනසිකරණීයෙ ධම්මෙ අප්පජානන්තො යෙ ධම්මා න මනසිකරණීයා තෙ ධම්මෙ මනසි කරොති, යෙ ධම්මා මනසිකරණීයා තෙ ධම්මෙ න මනසි කරොති.
Sinhala BJT5. මහණෙනි, සෝවාන්මග නුවණින් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ලෝකයෙහි බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා වූ ආර්ය්යධර්මයෙහි අදක්ෂ වූ ආර්ය්යධර්මයෙහි නො හික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නො දනී. මෙනෙහි නො කළ යුතු ධර්මයන් නො දනී. මෙනෙහි කළ යුතු ධර්මයන් නො දන්නා නො මෙනෙහි කළ යුතු ධර්මයන් නො දන්නා හෙ තෙමේ යම් ධර්ම කෙනෙක් නො මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්මයන් මෙනෙහි කෙරෙයි. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්මයන් මෙනෙහි නො කෙරෙයි.
Pali BJT6. කතමෙ ච භික්ඛවෙ ධම්මා න මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරොති? යස්ස භික්ඛවෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නො වා කාමාසවො උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පවඩ්ඪති, අනුප්පන්නො වා භවාසවො උප්පජ්ජති, උප්පන්නො වා භවාසවො පවඩ්ඪති, අනුප්පන්නො වා අවිජ්ජාසවො උප්පජ්ජති, උප්පන්නො වා අවිජ්ජාසවො පවඩ්ඪති. ඉමෙ ධම්මා න මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරොති.
Sinhala BJT6. මහණෙනි, යම් ධර්ම කෙනෙකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්මකෙනෙකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්‍රවය හෝ උපදී ද, උපන් කාමාස්‍රවය හෝ වැඩේ ද, නූපන් භවාස්‍රවය හෝ උපදී ද, උපන් භවාස්‍රවය හෝ වැඩේ ද, නූපන් අවිද්‍යාස්‍රවය හෝ උපදී ද, උපන් අවිද්‍යාස්‍රවය හෝ වැඩේ ද, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම්, මොහු ඒ මෙනෙහි නො කළ යුතු ධර්මයෝ යි.
Pali BJT7. කතමෙ ච භික්ඛවෙ ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ න මනසි කරොති? යස්ස භික්ඛවෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නො වා කාමාසවො න උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පහීයති{1}; අනුප්පන්නො වා භවාසවො න උප්පජ්ජති, උප්පන්නො වා භවාසවො පහීයති; අනුප්පන්නො වා අවිජ්ජාසවො න උප්පජ්ජති, උප්පන්නො වා අවිජ්ජාසවො පහීයති. ඉමෙ ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ න මනසි කරොති.
Sinhala BJT7. මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්‍රවය හෝ නූපදී ද, උපන් කාමාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, නූපන් භවාස්‍රවය හෝ නූපදී ද, උපන් භවාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, නූපන් අවිද්‍යාස්‍රවය හෝ නූපදී ද, උපන් අවිද්‍යාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මයෝ යි.
Pali BJT8. තස්ස අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා මනසිකරණීයානං ධම්මානං අමනසිකාරා අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති උප්පන්නා ච ආසවා පවඩ්ඪන්ති.
Sinhala BJT8. මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නො මෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ද, ආස්‍රවයෝ උපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ වැඩෙති.
Pali BJT9. සො එවං අයොනිසො මනසි කරොති: අහොසිං නු ඛො අහං අතීතමද්ධානං, න නු ඛො අහොසිං අතීතමද්ධානං, කින්නු ඛො අහොසිං අතීතමද්ධානං, කථන්නු ඛො අහොසිං අතීතමද්ධානං, කිං හුත්වා කිං අහොසිං නු ඛො අහං අතීතමද්ධානං. භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානං, න නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං, කින්නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං, කථන්නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං, කිං හුත්වා කිං භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානන්ති.{1} එතරහි වා පච්චුප්පන්නං{2} අද්ධානං අජ්ඣත්තං කථංකථී හොති: අහං නු ඛොස්මි, නො නු ඛොස්මි, කින්නු ඛොස්මි, කථං නු ඛොස්මි, අයං නු ඛො සත්තො කුතො ආගතො; සො කුහිං ගාමී භවිස්සතීති.
Sinhala BJT9. හෙ තෙමේ මෙසේ නුනුවණින් මෙනෙහි කරයි: මම අතීත කාලයෙහි වූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි නුවූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි (ජාත්‍යාදි විසින්) කවරෙක් වූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි (සටහන් විසින්) කෙසේ වූයෙම් දෝ හෝ, මම අතීත කාලයෙහි කවරෙක් ව සිට කවරෙක් වූයෙම් දෝ හෝ, මම අනාගත කාලයෙහි වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි නො වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි කවරෙක් වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි කෙසේ වෙම් දෝ හෝ, මම අනාගත කාලයෙහි කවරෙක් වැ සිට කවරෙක් වෙම් දෝ හෝයි. දැන් වර්තමානයෙහි ද තම කෙරෙහි සැක ඇත්තේ වෙයි: මම වෙම් දෝ හෝ, මම නො වෙම් දෝ හෝ, කවරෙක් වෙම් දෝ හෝ, කෙසේ වෙම් දෝ හෝ, මේ සත්ත්වතෙම කොයින් ආයේ දෝ හෝ, හේ කොයි යන්නේ දෝ හෝ යි.
Pali BJT10. තස්ස එවං අයොනිසො මනසි කරොතො ඡන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජති: අත්ථි මෙ අත්තාති වාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, නත්ථි මෙ අත්තාති වාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, අත්තනාව අත්තානං සඤ්ජානාමීති වාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, අත්තනාව අනත්තානං සඤ්ජානාමීති වාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, අනත්තනාව අත්තානං සඤ්ජානාමීති වාස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අථ වා පනස්ස එවං දිට්ඨි හොති: යො{3} මෙ අයං අත්තා වදො වෙදෙය්යො{4} තත්ර තත්ර කල්යාණපාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙති, සො ඛො පන මෙ අයං අත්තා නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සතීති. ඉදං වුච්චති භික්ඛවෙ දිට්ඨිගතං දිට්ඨිගහනං{5} දිට්ඨිකන්තාරො{6} දිට්ඨිවිසූකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං. දිට්ඨිසංයොජනසංයුත්තො භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො න පරිමුච්චති ජාතියා ජරාමරණෙන{7} සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි;{8} න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJT10. මෙසේ නුනුවණින් මෙනෙහි කරණ ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියෙක් උපදී: මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්යාත) මම් ම (තදන්යස්කන්ධසඞක්යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්ධසඞක්යාත) මම් ම (තදන්යස්කන්ධසඞක්යාත) අනාත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. අනාත්ම වූ (සංඥාසඞක්‍යාත) මම් ම (තදන්යස්කන්ධසඞක්යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. යලි දු ඔහුට මෙබඳු දෘෂ්ටියක් වෙයි: මාගේ යම් මේ ආත්මයක් බණනුයේ (වාක්කර්ම කරන්නේ) සුවදුක් විඳ ගනුයේ ඒ ඒ තැන කුශලාකුශලකර්මවිපාකය විඳී ද, මා සතු ඒ මේ ආත්මය වනාහි නිත්‍ය ය. තහවුරු ය. සාර්වකාලිකය. නො පෙරෙළන ස්වභාව ඇත්තේ ය. ශාශ්වතිකයන් මෙන් නො වෙනස් ව සිටින්නේ ය යි කියා යි. මහණෙනි, මෙය දෘෂ්ටිගත යයි ද, දෘෂ්ටිගහන ය යි ද, දෘෂ්ටිකාන්තාර ය යි ද, (සම්දිටු විනිවිදිනා හෙයින්) දෘෂ්ටිවිශුක ය යි ද, දෘෂ්ටිසංයෝජන ය යි ද කියනු ලැබේ. මහණෙනි, දෘෂ්ටිසංයෝජනයෙන් සංයුක්ත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැලපීමෙන්, කායිකදුකින්, මානසිකදුකින්, දැඩි ආයාසයෙන් නො මිදේ. සියලු සසර දුකින් නො මිදේ ය යි කියමි.
Pali BJT11. සුතවා ච ඛො භික්ඛවෙ අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො මනසිකරණීයෙ ධම්මෙ පජානාති, අමනසිකරණීයෙ ධම්මෙ පජානාති. සො මනසිකරණීයෙ ධම්මෙ පජානන්තො අමනසිකරණීයෙ ධම්මෙ පජානන්තො යෙ ධම්මා න මනසිකරණීයා තෙ ධම්මෙ න මනසි කරොති, යෙ ධම්මා මනසිකරණීයා තෙ ධම්මෙ මනසි කරොති.
Sinhala BJT11. මහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාසුලු, ආර්ය්යධර්මයෙහි දක්ෂ, ආර්ය්යධර්මයෙහි මොනවට හික්මුණු, සත්පුරුෂයන් දක්නා සුලු, සත්පුරුෂධර්මයෙහි දක්ෂ, සත්පුරුෂධර්මයෙහි මොනවට හික්මුණු ශ්‍රැතවත් (ආගමාධිගමසම්පන්න) ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දනී. මෙනෙහි නො කළ යුතු ධර්ම දනී. හෙ තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නො කළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම මෙනෙහි නො කළ යුතු නම්, ඒ ධර්ම මෙනෙහි නො කරයි. යම් ධර්ම මෙනෙහි කළ යුතු නම්, ඒ ධර්ම මෙනෙහි කරයි.
Pali BJT12. කතමෙ ච භික්ඛවෙ ධම්මා න මනසිකරණීයා, යෙ ධම්මෙ න මනසි කරොති? යස්ස භික්ඛවෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නො වා කාමාසවො උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පවඩ්ඪති. අනුප්පන්නො වා භවාසවො{1} -පෙ- අවිජ්ජාසවො උප්පජ්ජති, උප්පන්නො වා අවිජ්ජාසවො පවඩ්ඪති. ඉමෙ ධම්මා න මනසිකරණීයා යෙ ධම්මෙ න මනසි කරොති.
Sinhala BJT12. මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු වූ ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූත් කාමාස්‍රවය උපදී ද, උපන්නා වූත් කාමාස්‍රවය වැඩේ ද, නූපන්නාවුත් භවාස්‍රවය උපදී ද, උපන්නා වූත් භවාස්‍රවය වැඩේ ද, නූපන්නාවුත් අවිද්‍යාස්‍රවය උපදී ද, උපන්නා වූත් අවිද්‍යාස්‍රවය වැඩේ ද, මොහු වනාහි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු වූ ඒ ධර්මයෝ යි.
Pali BJT13. කතමෙ ච භික්ඛවෙ ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරොති? යස්ස භික්ඛවෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නො වා කාමාසවො න උප්පජ්ජති, උප්පන්නො වා කාමාසවො පහීයති, අනුප්පන්නො වා භවාසවො{2} -පෙ- අවිජ්ජාසවො න උප්පජ්ජති, උප්පන්නො වා අවිජ්ජාසවො පහීයති. ඉමෙ ධම්මා මනසිකරණීයා යෙ ධම්මෙ මනසි කරොති.
Sinhala BJT13. මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි කළ යුතු වූ ඒ ධර්මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූත් කාමාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් කාමාස්‍රවය ප්‍රහීණ වේ ද, නූපන්නා වූත් භවාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් භවාස්‍රවය ප්‍රහීණ වේ ද, නූපන්නා වූත් අවිද්‍යාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් අවිද්‍යාස්‍රවය ප්‍රහීණ වේ ද, මොහු වනාහි, යම් ධර්ම කෙනකුන් මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ යි.
Pali BJT14. තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුප්පන්නා චෙව ආසවා න උප්පජ්ජන්ති, උප්පන්නා ච ආසවා පහීයන්ති. සො ඉදං දුක්ඛන්ති යොනිසො මනසි කරොති, අයං දුක්ඛසමුදයොති යොනිසො මනසි කරොති, අයං දුක්ඛනිරොධොති යොනිසො මනසි කරොති, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යොනිසො මනසි කරොති. තස්ස එවං යොනිසො මනසිකරොතො තීණි සංයොජනානි පහීයන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො{3}. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා දස්සනා පහාතබ්බා.
Sinhala BJT14. ඔහුට මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි නො කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආස්‍රවයෝත් නූපදිත්, උපන් ආස්‍රවයෝත් ප්‍රහීණ වෙත්. හේ මේ දුකැයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛසමුදය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරෝධය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදාය යි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත. මහණෙනි, මොහු දර්ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.
Pali BJT15. කතමෙ ච භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චක්ඛුන්ද්‍රියසංවරසංවුතො විහරති. යං{4} හිස්ස භික්ඛවෙ චක්ඛුන්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, චක්ඛුන්ද්රියසංවරසංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසඞ්ඛා යොනිසො සොතින්ද්රියසංවරසංවුතො විහරති -පෙ- ඝානින්ද්රියසංවරසංවුතො විහරති -පෙ- ජිව්හින්ද්රියසංවරසංවුතො විහරති -පෙ- කායින්ද්රියසංවරසංවුතො විහරති -පෙ- පටිසඞ්ඛා යොනිසො මනින්ද්රියසංවරසංවුතො විහරති. යං හිස්ස භික්ඛවෙ මනින්ද්‍රියසංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, මනින්ද්රියසංවරසංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. යං හිස්ස භික්ඛවෙ සංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, සංවරසංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා.
Sinhala BJT15. මහණෙනි, සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා චක්ෂුන්ද්රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, චක්ෂුන්ද්රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩා කර වූ යම් (ක්ලේශ විපාක) පරිදාහ කෙනෙක් උපදිත් නම්, චක්ෂුන්ද්රිය සංවර සංවෘත ව වසන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. නුවණින් සලකා ශ්රෝත්රේන්ද්රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… නුවණින් සලකා ඝ්රාණෙන්ද්රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… ජිව්හේන්ද්රියසංවරයෙන්… කායේන්‍ද්‍රිය සංවරයෙන්… මනින්ද්රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, මනින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩාකර වූ යම් පරිදාහ කෙනෙක් උපදිත් නම්, මනින්ද්රියසංවරයෙන් සංවෘත ව වෙසෙන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයක් නැතිව වාසය කරන්නා වූ ඔහුට වෙහෙස හෝ දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, සංවරයෙන් යුක්ත ව වාසය කරන්නා වූ ඔහුට මෙසේ ඒ වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ සතිසංවරයෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT16. කතමෙ ච භික්ඛවෙ ආසවා පටිසෙවනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවති: යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං{1} පටිඝාතාය යාවදෙව හිරිකොපීනපටිච්ඡාදනත්ථං. පටිසඞ්ඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවති: නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා{2} බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති.{3} පටිසඞ්ඛා යොනිසො සෙනාසනං පටිසෙවති, යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය යාවදෙව උතුපරිස්සයවිනොදනං{4} පටිසල්ලානාරාමත්ථං. පටිසඞ්ඛා යොනිසො ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති: යාවදෙව උප්පන්නානං වෙය්යාබාධිකානං වෙදනානං පටිඝාතාය අබ්යාපජ්ඣපරමතාය.{5} යං හිස්ස භික්ඛවෙ අපටිසෙවතො{6} උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. පටිසෙවතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා පටිසෙවනා පහාතබ්බා.
Sinhala BJT16. මහණෙනි, ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලජ්ජාස්ථාන වසා ගැන්ම පිණිස පමණක් සිවුරු පරිභෝග කෙරෙ යි. නුවණින් සලකා පිණ්ඩපාතය වළඳයි. (එය) ක්‍රීඩා පිණිස නො වේ ම ය. පුරුෂ මදය වැඩීම පිණිස නො වේ ම ය. සැරසීම පිණිස නො වේ ම ය. අලංකාර පිණිස නො වේ ම ය. හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. බඩගිනි වැළැක්වීම පිණිස ම ය. බ්‍රහ්මචර්‍ය්‍යාව රැකීමට අනුබලයක් සඳහා ම ය. මෙසේ පැරණි බඩගිනි වේදනාවන් නැති කරන්නෙමි. අලුත් වේදනා ද නූපදවන්නෙමි. එයින් මාගේ ජීවිතය පැවැත්ම ද වන්නේ ය. නිවැරදි බව ද වන්නේ ය. සැප විහරණය ද වන්නේ යි (සලකා පිණ්ඩපාතය වළඳයි). හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණය නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ඍතුපීඩා නැති කිරීම පිණිස විවේකයෙහි ඇලීම් පිණිස පමණක් ය යි නුවණින් සලකා සෙනසුන සේවනය කරයි. හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වේදනා නැති කිරීම පිණිස, රෝග දුක් නැති ව සිටීම පිණිස පමණක් සේවනය කරමි යි නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සේවනය කරයි. මහණෙනි, යම් හෙයෙකින් ප්රත්යවේක්ෂා නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, ප්රත්යවේක්ෂා කරන්නාට මෙසේ ඒ දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ ප්රත්යවේක්ෂාවෙන් පහ කළ යුත්තෝය යි කියනු ලැබෙත්.
Pali BJT17. කතමෙ ච භික්ඛවෙ ආසවා අධිවාසනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං{7} ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො{8} හොති. යං හිස්ස භික්ඛවෙ අනධිවාසයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, අධිවාසයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා අධිවාසනා පහාතබ්බා.
Sinhala BJT17. මහණෙනි, අධිවාසනායෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා ශීත ඉවසන සුල්ලෙක් වෙයි. උණුසුම ද, බඩගින්න ද, පවස ද, මැසි, මදුරු, සුළං, අවු, සපුන්ගේ ස්පර්ශ ද, නපුරු කොට කියූ, නපුරු ලෙස පැමිණි වචන ද ඉවසන සුල්ලෙක් වෙයි. උපන් ශාරීරික වූ, තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවි පැහැර ගන්නා වූ වේදනා ඉවසන සුල්ලෙක් වෙයි. යම් හෙයෙකින් නො ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ නූපදිත්. මහණෙනි, මේ අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.
Pali BJT18. කතමෙ ච භික්ඛවෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චණ්ඩං හත්ථිං පරිවජ්ජෙති. චණ්ඩං අස්සං පරිවජ්ජෙති. චණ්ඩං ගොණං පරිවජ්ජෙති. චණ්ඩං කුක්කුරං පරිවජ්ජෙති, අහිං ඛාණුං කණ්ටකාධානං{9} සොබ්භං පපාතං චන්දනිකං ඔළිගල්ලං. යථාරූපෙ අනාසනෙ නිසින්නං යථාරූපෙ අගොචරෙ චරන්තං යථාරූපෙ පාපකෙ මිත්තෙ භජන්තං විඤ්ඤූ සබ්රහ්මචාරී පාපකෙසු ඨානෙසු ඔකප්පෙය්යුං, සො තඤ්ච අනාසනං තඤ්ච අගොචරං තෙ ච පාපකෙ මිත්තෙ පටිසඞ්ඛා යොනිසො පරිවජ්ජෙති. යං හිස්ස භික්ඛවෙ අපරිවජ්ජයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. පරිවජ්ජයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා.
Sinhala BJT18. මහණෙනි, දුරු කිරීමෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා නපුරු ඇතු දුරු කෙරෙ යි. නපුරු අසු දුරු කෙරෙ යි. නපුරු ගොනු දුරු කෙරෙ යි. නපුරු බලු දුරු කෙරෙයි. සපු, කණු, කටුලැහැබ, හෙබ, පවයින්, ගවරවළ, මොළඟ දුරු කෙරෙයි. යම් බඳු නුසුදුසු අස්නෙහි හුන්නහු, යම්බඳු නුසුදුසු තන්හි හැසිරෙන්නහු, යම්බඳු පවිටු මිත්‍රයන් සේවනය කරන්නහු නුවණැත්තා වූ සබ්‍රම්සරහු ලාමක තන්හි ලා සලකන්නාහු ද, ඒ තෙමේ ඒ නො අසුන ද ඒ අගෝචරය ද ඒ පාපමිත්‍රයන් ද නුවණින් සලකා දුරු කෙරෙ යි. මහණෙනි, යම් හෙයෙකින් එබඳු දේ දුරු නො කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT19. කතමෙ ච භික්ඛවෙ ආසවා විනොදනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්යන්තීකරොති,{1} අනභාවං ගමෙති; උප්පන්නං ව්යාපාදවිතක්කං{2} නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. යං හිස්ස භික්ඛවෙ අවිනොදයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, විනොදයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා විනොදනා පහාතබ්බා.
Sinhala BJT19. මහණෙනි, විනෝදනයෙන් (දෝෂ සැලකීම් සහිත වීර්‍ය්‍යයෙන්) පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙමේ නුවණින් සලකා උපන් කාමවිතර්කය සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නො ඉපදීමට පමුණුව යි. උපන්නා වූ ව්යාපාදවිතර්ක සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. උපන්නා වූ විහිංසා විතර්කය ... උපනුපන් ලාමක අකුශල ධර්මයන් සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. මහණෙනි, යම් හෙයකින් එබඳු දේ දුරු නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ විනෝදනයෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT20. කතමෙ ච භික්ඛවෙ ආසවා භාවනා පහාතබ්බා? ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.{3} පටිසඞ්ඛා යොනිසො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛා{4} සම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. යං හිස්ස භික්ඛවෙ අභාවයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, භාවයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා භාවනා පහාතබ්බා.
Sinhala BJT20. මහණෙනි, භාවනාවෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නැඹුරු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි… නුවණින් සලකා ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩයි… විරියසම්බොජ්ඣඞ්ගය වඩයි… පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි… පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩයි… සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නැඹුරු උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, යම් හෙයෙකින් බොජ්ඣඞ්ග නො වඩන්නාට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මහණෙනි, මෙසේ ඒ බොජ්ඣඞ්ග වඩන්නා වූ ඔහුට ඒ වෙහෙස දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ භාවනාවෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT21. යතො{5} ච භික්ඛවෙ භික්ඛුනො යෙ ආසවා දස්සනා පහාතබ්බා තෙ දස්සනා පහීනා හොන්ති. යෙ ආසවා සංවරා පහාතබ්බා තෙ සංවරා පහීනා හොන්ති. යෙ ආසවා පටිසෙවනා පහාතබ්බා තෙ පටිසෙවනා පහීනා හොන්ති. යෙ ආසවා අධිවාසනා පහාතබ්බා තෙ අධිවාසනා පහීනා හොන්ති. යෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා තෙ පරිවජ්ජනා පහීනා හොන්ති. යෙ ආසවා විනොදනා පහාතබ්බා තෙ විනොදනා පහීනා හොන්ති. යෙ ආසවා භාවනා පහාතබ්බා තෙ භාවනා පහීනා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සබ්බාසවසංවරසංවුතො විහරති, අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයි සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
Sinhala BJT21. මහණෙනි, යම් කලෙක භික්ෂුහුගේ යම් ආස්‍රව කෙනෙක් සෝවන් මගින් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ සෝවන් මගින් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් පැහිය යුත්තාහු ද, ඔහු සංවරයෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් ප්රත්යවේක්ෂාවෙන් පැහිය යුත්තාහු ද, ඔහු ප්රත්යවේක්ෂාවෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් සිත තබා නො ගැනීමෙන් පැහිය යුත්තාහු ද, ඔහු සිත තබා නො ගැනීමෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් දුරු කිරීමෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් විනෝදනයෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ විනෝදනයෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් භාවනාවෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ භාවනාවෙන් පැහුණාහු වෙත්. මහණෙනි, මේ මහණ තෙමේ සියලු ආස්‍රවයන්ගෙන් සංවෘතව වෙසේ ය යි ද, තෘෂ්ණාව සින්දේ යයි ද, සංයෝජනය උපුටා හළේ යයි ද, මානප්‍රහාණයෙන් දුක් කෙළවර කළේ යයි ද කියනු ලැබේ.
Pali BJT22. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJT22. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
Pali BJTසබ්බාසවසුත්තං දුතියං.
Sinhala BJTසබ්බාසව සූත්‍රය දෙවැනි යි.
Pali BJT1. 1. 3.
Sinhala BJT1. 1. 3.
Pali BJTධම්මදායාදසුත්තං
Sinhala BJTධම්මදායාද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි යි ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට වහන්සැයි පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJT2. ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ මා ආමිසදායාදා. අත්ථි මෙ තුම්හෙසු අනුකම්පා: කින්ති මෙ සාවකා ධම්මදායාදා භවෙය්යුං, නො ආමිසදායාදා’ති. තුම්හෙ ච මෙ භික්ඛවෙ ආමිසදායාදා භවෙය්‍යාථ නො ධම්මදායාදා, තුම්හෙපි තෙන ආදිස්සා භවෙය්‍යාථ: ආමිසදායාදා සත්ථුසාවකා විහරන්ති, නො ධම්මදායාදා’. අහම්පි තෙන ආදිස්සො භවෙය්යං: ‘ආමිසදායාදා සත්ථුසාවකා විහරන්ති නො ධම්මදායාදා’ති. තුම්හෙ ච මෙ භික්ඛවෙ ධම්මදායාදා භවෙය්‍යාථ නො ආමිසදායාදා. තුම්හෙපි තෙන න ආදිස්සා භවෙය්‍යාථ: ‘ධම්මදායාදා සත්ථුසාවකා විහරන්ති නො ආමිසදායාදා’ති. අහම්පි තෙන න ආදිස්සො භවෙය්යං: ‘ධම්මදායාදා සත්ථුසාවකා විහරන්ති නො ආමිසදායාදා’ති. තස්මා තිහ මෙ භික්ඛවෙ ධම්මදායාදා භවථ මා ආමිසදායාදා. අත්ථි මෙ තුම්හෙසු අනුකම්පා: ‘කින්ති මෙ සාවකා ධම්මදායාදා භවෙය්යුං, නො ආමිසදායාදා’ති.
Sinhala BJT2. මහණෙනි, මාගේ ධර්මයට දායාද (ධර්ම නමැති දෑවැද්ද ගන්නාහු) වවු. ආමිසයට (සිවුපසයට) දායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මයට දායාද වන්නාහු ද, ආමිසයට දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තෙපි ආමිසදායාද ව ධර්මදායාද නො වන්නහු නම්, එයින් ‘ශාස්තෲන්වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිසදායාද ව වසත්. ධර්මදායාද ව නො වසත් ය’යි තෙපි ද ගැරහිය යුත්තෝ වන්නහු ය. මම ද එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ආමිසදායාද ව වසත්, ධර්මදායාද ව නොවසත් ය’යි ගැරහිය යුත්තෙම් වෙමි. මහණෙනි, තෙපිත් මාගේ ධර්මයට දායාද ව ආමිසයට දායාද නො වන්නහු නම්, එයින් තෙපිත් ‘ශාස්තෘශ්‍රාවකයෝ ධර්මදායාද ව වසත්, ආමිසදායයාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෝ නො වන්නාහුය. මමත් එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ධර්මදායාද ව වසත්, ආමිසදායාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෙම් නො වෙමි. මහණෙනි, එහෙයින් මාගේ ධර්මයට දායාද වවු. ආමිසදායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මදායාද වන්නාහු ද, ආමිස දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.
Pali BJT3. ඉධාහං භික්ඛවෙ භුත්තාවී අස්සං පවාරිතො පරිපුණ්ණො පරියොසිතො සුහිතො යාවදත්ථො. සියා ච මෙ පිණ්ඩපාතො අතිරෙකධම්මො ඡඩ්ඩියධම්මො. අථ ද්වෙ භික්ඛූ ආගච්ඡෙය්යුං ජිඝච්ඡාදුබ්බල්යපරෙතා. ත්යාහං එවං වදෙය්යං: “අහං ඛොම්හි භික්ඛවෙ භුත්තාවී පවාරිතො පරිපුණ්ණො පරියොසිතො සුහිතො යාවදත්ථො. අත්ථි ච මෙ අයං පිණ්ඩපාතො අතිරෙකධම්මො ඡඩ්ඩියධම්මො. සචෙ ආකඞ්ඛථ භුඤ්ජථ, සචෙ තුම්හෙ න භුඤ්ජිස්සථ, ඉදානාහං අප්පහරිතෙ වා ඡඩ්ඩෙස්සාමි අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙස්සාමී”ති.
Sinhala BJT3. මහණෙනි, මම වැළඳූයෙම් වුවමනා පමණ වළඳා අවසන් කෙළෙම්, භොජනයෙන් සම්පූර්ණ වූයෙම් වළඳා අවසන් කෙළෙමි, බඩගිනි නැති වීමෙන් තෘප්ත වූයෙම්, කැමති තාක් අහර ගත්තෙම් වෙමි. ඉතිරි ව ඉවත දැමිය යුතු පිණ්ඩපාතයෙක් ද වේ. එකල බඩසයින් හා දුබලබැවින් ද පෙළුණු භික්ෂූහු දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට “මම වැළඳූයෙමි. පැවරූයෙමි පිඬු පිළිකෙව් කළෙමි. සම්පූර්ණ වූයෙමි. බොජුන් කිස අවසන් කළෙමි. තෘප්ත වූයෙමි. කැමති තාක් වැළඳුයෙමි. ඉතිරි වූ බැහැර ලිය යුතු මාගේ මේ පිණ්ඩපාතයෙක් ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳවු. ඉදින් තෙපි නො වළඳන්නහු නම්, දැන් මම නිල්තණ නැති බිමක හෝ බහන්නෙමි. පණුවන් නැති ජලයක හෝ පා කොට හරින්නෙමි”යි කියන්නෙමි.
Pali BJT4. තත්රෙකස්ස භික්ඛුනො එවමස්ස: “භගවා ඛො භුත්තාවී පවාරිතො පරිපුණ්ණො පරියොසිතො සුහිතො යාවදත්ථො. අත්ථි චායං භගවතො පිණ්ඩපාතො අතිරෙකධම්මො ඡඩ්ඩියධම්මො, සචෙ මයං න භුඤ්ජිස්සාම ඉදානි භගවා අප්පහරිතෙ වා ඡඩ්ඩෙස්සති අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙස්සති. වුත්තං ඛො පනෙතං භගවතා “ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ මා ආමිසදායාදා”ති. ආමිසඤ්ඤතරං ඛො පනෙතං යදිදං පිණ්ඩපාතො. යන්නූනාහං ඉමං පිණ්ඩපාතං අභුඤ්ජිත්වා ඉමිනාව ජිඝච්ඡාදුබ්බල්‍යෙන එවං ඉමං රත්තින්දිවං වීතිනාමෙය්‍ය”න්ති. සො තං පිණ්ඩපාතං අභුඤ්ජිත්වා තෙනෙව ජිඝච්ඡාදුබ්බල්‍යෙන එවං තං රත්තින්දිවං වීතිනාමෙය්‍ය.
Sinhala BJT4. ඔවුන් අතුරෙන් එක භික්ෂු නමකට “භාග්‍යවතුන් වහන්සේ වැළඳු සේක. පැවරූ සේක. සම්පූර්ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමති තාක් වැළඳු සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ බැහැර දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමෝ නම් දැන් භාග්‍යවතුන් වහන්සේ නිල් තණ නැති බිමක හෝ බහාලන සේක. පණුවන් නැති ජලයෙහි හෝ පාකර හරින සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මාගේ ධර්මයට දායාද වවු. ආමිසදායාද නො වවු ය’යි මෙය වදාරණ ලදී. යම් මේ පිණ්ඩපාතයෙක් වෙයි නම්, එය ද ආමිස අතරින් එකකි. මම මේ පිණ්ඩාහාරය නො වළඳා මේ බඩසාදුකින් ම යුක්ත ව මේ රෑදාවල් දෙක ඉක්මවන්නෙම් නම් මැනවැ”යි මෙබඳු අදහසක් වෙයි.
Pali BJT5. අථ දුතියස්ස භික්ඛුනො එවමස්ස. “භගවා ඛො භුත්තාවී පවාරිතො පරිපුණ්ණො පරියොසිතො සුහිතො යාවදත්ථො. අත්ථි චායං භගවතො පිණ්ඩපාතො අතිරෙකධම්මො ඡඩ්ඩියධම්මො. සචෙ මයං න භුඤ්ජිස්සාම ඉදානි භගවා අප්පහරිතෙ වා ඡඩ්ඩෙස්සති අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙස්සති. යන්නූනාහං ඉමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා ජිඝච්ඡාදුබ්බල්යං පටිවිනෙත්වා එවං ඉමං රත්තින්දිවං වීතිනාමෙය්‍ය”න්ති. සො තං පිණ්ඩපාතං භුඤ්ජිත්වා ජිඝච්ඡාදුබ්බල්යං පටිවිනෙත්වා එවං රත්තින්දිවං වීතිනාමෙය්‍ය. කිඤ්චාපි සො භික්ඛවෙ භික්ඛු තං පිණ්ඩපාතං භුඤ්ජිත්වා ජිඝච්ඡාදුබ්බල්යං පටිවිනෙත්වා එවං තං රත්තින්දිවං වීතිනාමෙය්‍ය, අථ ඛො අසුයෙව මෙ පුරිමො භික්ඛු පුජ්ජතරො ච පාසංසතරො ච. තං කිස්ස හෙතු: තංහි තස්ස භික්ඛවෙ භික්ඛුනො දීඝරත්තං අප්පිච්ඡතාය සන්තුට්ඨියා සල්ලෙඛාය සුභරතාය විරියාරම්භාය සංවත්තිස්සති. තස්මාතිහ භික්ඛවෙ ධම්මදායාදා භවථ මා ආමිසදායාදා. අත්ථි මෙ තුම්හෙසු අනුකම්පා: ‘කින්ති මෙ සාවකා ධම්මදායාදා භවෙය්යුං, නො ආමිසදායාදා’ති.
Sinhala BJT5. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය නො වළඳා ඒ බඩසාදුකින් ම මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. යලි දෙවැනි භික්ෂූන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ වැළඳූ සේක. පවාරණය කල සේක. සම්පූර්ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමති තාක් වැළඳූ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ ඉවත දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමු නම්, දැන් භාග්‍යවතුන් වහන්සේ නිල්තණ නැති බිමෙක හෝ බහාලන සේක. පණුවන් නැති දියෙහි හෝ පා කොට හරින සේක. මම මේ පිණ්ඩපාතය වළඳා බඩසා නැති ව මේ රෑදාවල ගෙවන්නෙම් නම් මැනවැ”යි මෙබඳු අදහසෙක් වෙයි. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය වළඳා බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. මහණෙනි, ඒ මහණ කිසිසේත් ඒ පිණ්ඩාහාරය වළඳා බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. එසේ ඇති කල මා විසින් තෙල පළමු මහණ ම වඩා පිදිය යුතු ද පැසසිය යුතු ද වෙයි. එය කවර හෙයින යත්: මහණෙනි, එය ඒ මහණහුට බොහෝ කලක් අපිස් බව පිණිස ද සතොස් බව පිණිස ද මනා සේ කෙලෙසුන් සිඳහැරීම පිණිස ද සුපෝෂභාවය පිණිස ද වැර ඇරඹුම් පිණිස ද වන්නේ ය. මහණෙනි, ඒ නිසා මාගේ ධර්මයට දායාද වවු. ආමිසයට දායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මයට දායාද වන්නාහු ද, ආමිසයට දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාවා ඇත.
Pali BJT6. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJT6. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟිට විහාරයට වැඩි සේක.
Pali BJT7. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො අචිරපක්කන්තස්ස භගවතො භික්ඛූ ආමන්තෙසි: ‘ආවුසො භික්ඛවො’ති. ‘ආවුසො’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච.
Sinhala BJT7. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වෙලාවකින් ‘ඇවැත්නි’යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ;
Pali BJT8. කිත්තාවතා නු ඛො ආවුසො සත්ථු පවිවිත්තස්ස විහරතො සාවකා විවෙකං නානුසික්ඛන්ති, කිත්තාවතා ච පන සත්ථු පවිවිත්තස්ස විහරතො සාවකා විවෙකමනුසික්ඛන්තීති. දූරතො පි ඛො මයං ආවුසො ආගච්ඡෙය්යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තංයෙව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. ආයස්මතො සාරිපුත්තස්ස සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති. “තෙනහාවුසො සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති”. එවමාවුසො ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJT8. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි නො හික්මෙත් ද? ශාස්තෲන්වහන්සේ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි හික්මෙත් ද? ඇවත, අපි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ වෙතින් මේ භාෂිතයේ අදහස දැනගැනීමට (යොදුන් ගණන්) දුර සිට වුවත් එමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ම මේ භාෂිතයේ අදහස වැටහේවා. ඒ මැනවි. භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් ම අසා දරන්නාහුය. “එසේ නම් ඇවැත්නි, අසවු. මැනවින් මෙනෙහි කරවු. දෙසන්නෙමි.” ඒ භික්ෂූහු ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ: