ය්වායං භන්තෙ භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා රුක්ඛමූලානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
තං කිම්මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා රුක්ඛමූලානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා එකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
ය්වායං භන්තෙ භික්ඛු යාවතා එකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
තං කිම්මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා එකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා ගාමක්ඛෙත්තානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
ය්වායං භන්තෙ භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා ගාමක්ඛෙත්තානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
තං කිං මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා ගාමක්ඛෙත්තානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා එකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
ය්වායං භන්තෙ, භික්ඛු යාවතා එකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
තං කිම්මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා එකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
ය්වායං භන්තෙ භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
තං කිම්මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා සමුද්දපරියන්තං පඨවිං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
ය්වායං භන්තෙ, භික්ඛු යාවතා සමුද්දපරියන්තං පඨවිං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
අයං ඛො ආවුසො කච්චාන, හෙතු අයං පච්චයො, යෙන තාසං දෙවතානං එකං දෙවනිකායං උපපන්නානං සන්තෙත්ථෙකච්චා දෙවතා පරිත්තාභා, සන්ති පනෙත්ථෙකච්චා දෙවතා අප්පමාණාභාති.
සාධු භන්තෙ අනුරුද්ධ, අත්ථි ච මෙ එත්ථ උත්තරිං පටිපුච්ඡිතබ්බං. යාවතා භන්තෙ, දෙවතා ආභා, සබ්බා තා සංකිලිට්ඨාභා? උදාහු සන්තෙත්ථෙකච්චා දෙවතා පරිසුද්ධාභාති?
තදඞ්ගෙන ඛො ආවුසො කච්චාන, සන්තෙත්ථෙකච්චා දෙවතා සංකිලිට්ඨාභා පනෙත්ථෙකච්චා දෙවතා පරිසුද්ධාභාති.
කො නු ඛො භන්තෙ අනුරුද්ධ, හෙතු කො පච්චයො, යෙන තාසං දෙවතානං එකං දෙවනිකායං උපපන්නානං සන්තෙත්ථෙකච්චා දෙවතා සංකිලිට්ඨාභා, සන්ති පනෙත්ථෙකච්චා දෙවතා පරිසුද්ධාභාති.
තෙන හාවුසො කච්චාන, උපමං තෙ කරිස්සාමි. උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්යථාපි ආවුසො කච්චාන, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අපරිසුද්ධං වට්ටිපි අපරිසුද්ධා, සො තෙලස්සපි අපරිසුද්ධත්තා වට්ටියාපි අපරිසුද්ධත්තා අන්ධන්ධං විය ඣායති. එවමෙව ඛො ආවුසො කච්චාන, ඉධෙකච්චො භික්ඛු සංකිලිට්ඨාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස කායදුට්ඨුල්ලම්පි න සුප්පටිප්පස්සද්ධං හොති. ථිනමිද්ධම්පි න සුසමූහතං හොති. උද්ධච්චකුක්කුච්චම්පි න සුප්පටිවිනීතං හොති. සො කායදුට්ඨුල්ලස්සපි න සුප්පටිප්පස්සද්ධත්තා ථිනමිද්ධස්සපි න සුසමූහතත්තා උද්ධච්චකුක්කුච්චස්සපි න සුප්පටිවිනීතත්තා අන්ධන්ධං විය ඣායති. සො කායස්ස භෙදා පරම්මරණා සංකිලිට්ඨාභානං දෙවානං සහව්යතං උපපජ්ජති. සෙය්යථාපි ආවුසො කච්චාන, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි පරිසුද්ධං වට්ටිපි පරිසුද්ධා, සො තෙලස්සපි පරිසුද්ධත්තා වට්ටියාපි පරිසුද්ධත්තා න අන්ධන්ධං විය ඣායති. එවමෙව ඛො ආවුසො කච්චාන, ඉධෙකච්චො භික්ඛු පරිසුද්ධාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස කායදුට්ඨුල්ලම්පි සුප්පටිප්පස්සද්ධං හොති. ථිනමිද්ධම්පි සුසමූහතං හොති. උද්ධච්චකුක්කුච්චම්පි සුප්පටිවිනීතං හොති. සො කායදුට්ඨුල්ලස්සපි සුප්පටිප්පස්සද්ධත්තා ථිනමිද්ධස්සපි සුසමූහතත්තා උද්ධච්චකුක්කුච්චස්සපි සුප්පටිවිනීතත්තා න අන්ධන්ධං විය ඣායති. සො කායස්ස භෙදා පරම්මරණා පරිසුද්ධාභානං දෙවානං සහව්යතං උපපජ්ජති.
අයං ඛො ආවුසො කච්චාන, හෙතු අයං පච්චයො, යෙන තාසං දෙවතානං එකං දෙවනිකායං උපපන්නානං සන්තෙත්ථෙකච්චා දෙවතා සංකිලිට්ඨාභා, සන්ති පනෙත්ථෙකච්චා දෙවතා පරිසුද්ධාභාති.
එවං වුත්තෙ, ආයස්මා සභියො කච්චානො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච : ‘සාධු භන්තෙ අනුරුද්ධ, න භන්තෙ, ආයස්මා අනුරුද්ධො එවමාහ : එවං මෙ සුතන්ති වා, එවං අරහති භවිතුන්ති වා.
අථ ච පන භන්තෙ, ආයස්මා අනුරුද්ධො ‘එවම්පි තා දෙවතා ඉතිපි තා දෙවතාත්වෙව භාසති. තස්ස මය්හං භන්තෙ, එවං හොති : අද්ධායස්මතා අනුරුද්ධෙන තාහි දෙවතාහි සද්ධිං සන්නිවුත්ථපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බාති.
අද්ධා ඛො අයං ආවුසො කච්චාන, ආසජ්ජ උපනීය වාචා භාසිතා. අපි ච තෙ අහං ව්යාකරිස්සාමි. දීඝරත්තං ඛො මෙ ආවුසො කච්චාන, තාහි දෙවතාහි සද්ධිං සන්නිවුත්ථපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බාති.
එවං වුත්තෙ ආයස්මා සභියො කච්චානො පඤ්චකඞ්ගං ථපතිං එතදවොච : ‘ලාභා තෙ ගහපති. සුලද්ධං තෙ ගහපති. යං ත්වං චෙව තං සඞ්ඛාධම්මං පහාසි. මයඤ්චි’මං ධම්මපරියායං අලත්ථම්හා සවණායා’ති.
අනුරුද්ධ සුත්තං සත්තමං.
3. 3. 8.
උපක්කිලෙස සුත්තං
එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉධ භන්තෙ, කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. සාධු භන්තෙ, භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
අථ ඛො භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: ‘අලං භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච. ආගමෙතු භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමාති.
දුතියම්පි ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: ‘අලං භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.
දුතියම්පි ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ‘ආගමෙතු, භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමාති.
තතියම්පි ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: අලං භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.
තතියම්පි ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ‘ආගමෙතු භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමාති.
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කොසම්බිං පිණ්ඩාය පාවිසි. කොසම්බියං{1} පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය ඨිතකොව ඉමා ගාථා අභාසි:
පුථුසද්දො සමජනො න බාලො කොචි මඤ්ඤථ, සඞ්ඝස්මිං භිජ්ජමානස්මිං නාඤ්ඤං භිය්යො අමඤ්ඤථ{2}
පරිමුට්ඨා පණ්ඩිතා භාසා වාචාගොචරභාණිනො, යාවිච්ඡන්ති මුඛායාමං යෙන නීතා න තං විදූ.
අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ ච තං{3} උපනය්හන්ති වෙරං තෙසං න සම්මති.
අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ ච තං න උපනය්හන්ති වෙරං තෙසූපසම්මති.
න හි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං, අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනො.
පරෙ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ, යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා.
අට්ඨිච්ඡිදා{4} පාණහරා ගවාස්සධනහාරිනො, රට්ඨං විලුම්පමානානං තෙසම්පි හොති සඞ්ගති. කස්මා තුම්හාක නො සියා?
සචෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමා.
නො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙව නාගො.
එකස්ස චරිතං සෙය්යො නත්ථි බාලෙ සහායතා, එකො චරෙ න ච පාපානි කයිරා අප්පොස්සුක්කො මාතඞ්ග රඤ්ඤෙව නාගොති.
අථ ඛො භගවා ඨිතකොව ඉමා ගාථා භාසිත්වා යෙන බාලකලොණකාරගාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ආයස්මා භගු බාලකලොණකාරගාමෙ විහරති. අද්දසා ඛො ආයස්මා භගු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤාපෙසි උදකඤ්ච පාදානං{5}. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. ආයස්මාපි ඛො භගු භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භගුං භගවා එතදවොච:
කච්චි භික්ඛු, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකෙන න කිලමසීති?
ඛමනීයං භගවා, යාපනීයං භගවා, න චාහං භන්තෙ පිණ්ඩකෙන කිලමාමී’ති.
අථ ඛො භගවා ආයස්මන්තං භගුං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා යෙන පාචීනවංසදායො තෙනුපසඞ්කමි.
තෙන ඛො පන සමයෙන ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො{1} පාචීනවංසදායෙ විහරන්ති. අද්දසා ඛො දායපාලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච: මා මහාසමණ, එතං දායං පාවිසි. සන්තෙත්ථ තයො කුලපුත්තා අත්තකාමරූපා විහරන්ති, මා තෙසං අඵාසුං අකාසී’ති. අස්සොසි ඛො ආයස්මා අනුරුද්ධො දායපාලස්ස භගවතා සද්ධිං මන්තයමානස්ස. සුත්වාන දායපාලං එතදවොච:
‘මා ආවුසො දායපාල, භගවන්තං වාරෙසි. සත්ථා නො භගවා අනුප්පත්තොති.
අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙනායස්මා ච නන්දියො යෙනායස්මා ච කිම්බිලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ච නන්දියං ආයස්මන්තං ච කිම්බිලං එතදවොච: ‘අභික්කමථායස්මන්තො, සත්ථා නො භගවා අනුප්පත්තො’ති. අථ ඛො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො භගවන්තං පච්චුග්ගන්ත්වා එකො භගවතො පත්තචීවරං පටිග්ගහෙසි, එකො ආසනං පඤ්ඤාපෙසි, එකො පාදොදකං උපට්ඨපෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. තෙපි ඛො ආයස්මන්තො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං අනුරුද්ධං භගවා එතදවොච:
කච්චි වො අනුරුද්ධා, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකෙන න කිලමථාති?
ඛමනීයං භගවා, යාපනීයං භගවා. න ච මයං භන්තෙ, පිණ්ඩකෙන කිලමාමාති.
කච්චි පන වො අනුරුද්ධා, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථාති?
තග්ඝ මයං භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා’ති.
යථා කථං පන තුම්හෙ අනුරුද්ධා, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථා’ති.
ඉධ මය්හං භන්තෙ, එවං හොති: ‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං එවරූපෙහි සබ්රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං භන්තෙ, ඉමෙසු ආයස්මන්තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවී චෙව රහො ච. මෙත්තං වචීකම්මං -පෙ- මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. තස්ස මය්හං භන්තෙ, එවං හොති: යන්නූනාහං සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තෙය්ය’න්ති. සො ඛො අහං භන්තෙ, සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසං යෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තාමි. නානා හි ඛො නො භන්තෙ, කායා, එකඤ්ච පන මඤ්ඤෙ චිත්තන්ති.
ආයස්මාපි ඛො නන්දියො -පෙ- ආයස්මාපි කිම්බිලො භගවන්තං එතදවොච{1}. මය්හම්පි ඛො භන්තෙ, එවං හොති: ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං -පෙ- එකඤ්ච පන මඤ්ඤෙ චිත්තන්ති.
එවං ඛො මයං භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමාති.
සාධු සාධු අනුරුද්ධා, ‘කච්චි පන වො අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා’ති?
‘තග්ඝ මයං භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා’ති.
‘යථා කථං පන තුම්හෙ අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා’ති?
ඉධ භන්තෙ, අම්හාකං යො පඨමං ගාමතො පිණ්ඩාය පටික්කමති. සො ආසනානි පඤ්ඤාපෙති, පානීයං පරිභොජනීයං උපට්ඨපෙති, අවක්කාරපාතිං උපට්ඨපෙති. යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමති, සචෙ හොති භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛති, භුඤ්ජති. නො චෙ ආකඞ්ඛති අප්පහරිතෙ වා ඡඩ්ඩෙති, අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙති. සො ආසනානි පටිසාමෙති, පානීයං පරිභොජනීයං පටිසාමෙති. අවක්කාරපාතිං ධොවිත්වා පටිසාමෙති, භත්තග්ගං සම්මජ්ජති. යො පස්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං. සො උපට්ඨපෙති. සචස්ස හොති අවිසය්හං, හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨපෙම. නත්වෙව මයං භන්තෙ, තප්පච්චයා වාචං භින්දාම. පඤ්චාහිකං ඛො පන මයං භන්තෙ, සබ්බරත්තියං ධම්මියා කථාය සන්නිසීදාම. එවං ඛො මයං භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා’ති.
සාධු සාධු අනුරුද්ධා, අත්ථි පන වො අනුරුද්ධා, එවං අප්පමත්තානං ආතාපීනං පහිතත්තානං විහරන්තානං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො’ති.
ඉධ මයං භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්තා ඔභාසඤ්චෙව සඤ්ජානාම දස්සනඤ්ච රූපානං. සො ඛො පන නො ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තඤ්ච නිමිත්තං න පටිවිජ්ඣාමා’ති.
තං ඛො පන වො අනුරුද්ධා, නිමිත්තං පටිවිජ්ඣිතබ්බං. අහම්පි සුදං අනුරුද්ධා පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘කො නුඛො හෙතු කො පච්චයො, යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘විචිකිච්ඡා ඛො මෙ උදපාදි.
විචිකිච්ඡාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සතීති. සො ඛො අහං අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘කො නු ඛො හෙතු කො පච්චයො, යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘අමනසිකාරො ඛො මෙ උදපාදි. අමනසිකාරාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි. යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති. න අමනසිකාරොති.
සො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ථිනමිද්ධං ඛො මෙ උදපාදි. ථිනමිද්ධාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි. යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරො, න ථිනමිද්ධන්ති.
සො ඛො අහං අනුරුද්ධා, -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ඡම්භිතත්තං ඛො මෙ උදපාදි. ඡම්භිතත්තාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා, පුරිසො අද්ධානමග්ගපටිපන්නො, තස්ස උභතො පස්සෙ වධකා{1} උප්පතෙය්යුං{2} තස්ස තතො නිදානං ඡම්භිතත්තං උප්පජ්ජෙය්ය. එවමෙව ඛො මෙ අනුරුද්ධා, ඡම්භිතත්තං උදපාදි. ඡම්භිතත්තාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තන්ති.
සො ඛො අහං අනුරුද්ධා, -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: උබ්බිල්ලං{3} ඛො මෙ උදපාදි. උබ්බිල්ලා{4}ධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා පුරිසො එකං නිධිමුඛං ගවෙසන්තො සකිදෙව පඤ්චනිධිමුඛානි අධිගච්ඡෙය්ය. තස්ස තතො නිදානං උබ්බිල්ලං උප්පජ්ජෙය්ය. එවමෙව ඛො අනුරුද්ධා උබ්බිල්ලං ඛො මෙ උදපාදි. උබ්බිල්ලාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලන්ති.
සො ඛො අහං, අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘දුට්ඨුල්ලං ඛො මෙ උදපාදි. දුට්ඨුල්ලාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලන්ති.
සො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: අච්චාරද්ධවිරියං ඛො මෙ උදපාදි. අච්චාරද්ධවිරියාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා පුරිසො උභොහි හත්ථෙහි වට්ටකං ගාළ්හං ගණ්හෙය්ය. සො තත්ථෙව පතමෙය්ය{1}. එවමෙව ඛො අනුරුද්ධා, අච්චාරද්ධවිරියං ඛො මෙ උදපාදි, අච්චාරද්ධවිරියාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියන්ති.
සො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: අතිලීනවිරියං ඛො මෙ උදපාදි. අතිලීනවිරියාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා පුරිසො වට්ටකං සිථිලං ගණ්හෙය්ය. සො තස්ස හත්ථතො උප්පතෙය්ය. එවමෙව ඛො මෙ අනුරුද්ධා, අතිලීනවිරියං උදපාදි. අතිලීනවිරියාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං නඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලං න අච්චාරද්ධවිරියං න අතිලීනවිරියන්ති.
සො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘අභිජප්පා ඛො මෙ උදපාදි. අභිජප්පාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලං න අච්චාරද්ධවිරියං න අතිලීනවිරියං න අභිජප්පාති.
සො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: නානත්තසඤ්ඤා ඛො මෙ උදපාදි. නානත්තසඤ්ඤාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො, න ථිනමිද්ධං, න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියං, න අතිලීනවිරියං, න අභිජප්පා, න නානත්තසඤ්ඤා’ති.
සො ඛො අහං අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච්චයො යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘අතිනිජ්ඣායිතත්තං ඛො මෙ රූපානං උදපාදි. අතිනිජ්ඣායිතත්තාධිකරණඤ්ච පන මෙ රූපානං සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලං න අච්චාරද්ධවිරියං න අතිලීනවිරියං න අභිජප්පා න නානත්තසඤ්ඤා න අතිනිජ්ඣායිතත්තං රූපානන්ති.
සො ඛො අහං අනුරුද්ධා, විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති: ඉති විදිත්වා විචිකිච්ඡං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අමනසිකාරං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. උබ්බිල්ලං{1} චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උබ්බිල්ලං{1} චිත්තස්ස උපක්කිලෙසං පජහිං. දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජප්පං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා නානත්තසඤ්ඤං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසං පජහිං.
සො ඛො අහං අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසම්පි හි ඛො සඤ්ජානාමි, න ච රූපානි පස්සාමි. රූපානි හි ඛො පස්සාමි, න ච ඔභාසං සඤ්ජානාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං{2} කෙවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: කො නු ඛො හෙතු, කො පච්චයො, සොහං{3} ඔභාසම්පි ඛො සඤ්ජානාමි. න ච රූපානි පස්සාමි. රූපානි හි ඛො තස්මිං සමයෙ පස්සාමි. න ච ඔභාසං සඤ්ජානාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං කෙවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: යස්මිං හි ඛො අහං සමයෙ රූපනිමිත්තං අමනසිකරිත්වා ඔභාසනිමිත්තං මනසිකරොමි. ඔභාසං හි ඛො තස්මිං සමයෙ සඤ්ජානාමි න ච රූපානි පස්සාමි. යස්මිං පනාහං සමයෙ ඔභාසනිමිත්තං අමනසි කරිත්වා රූපනිමිත්තං මනසි කරොමි. රූපානි හි ඛො තස්මිං හි සමයෙ පස්සාමි. න ච ඔභාසං සඤ්ජානාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවං කෙවලම්පි රත්තින්දිවන්ති.
ඛො අහං අනුරුද්ධා අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො පරිත්තං චෙව ඔභාසං සඤ්ජානාමි. පරිත්තානි ච රූපානි පස්සාමි. අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි. අප්පමාණානි ච රූපානි පස්සාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං, කෙවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච්චයො, සොහං{3} පරිත්තං චෙව ඔභාසං සඤ්ජානාමි, පරිත්තානි ච රූපානි පස්සාමි. අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවංසං කෙවලම්පි රත්තින්දිව’න්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: යස්මිං ඛො මෙ සමයෙ පරිත්තො, සමාධි හොති, පරිත්තං මෙ තස්මිං සමයෙ චක්ඛු හොති. සොහං පරිත්තෙන චක්ඛුනා පරිත්තඤ්චෙව ඔභාසං සඤ්ජානාමි. පරිත්තානි ච රූපානි පස්සාමි. යස්මිං පන සමයෙ අප්පමාණො{4} මෙ සමාධි හොති. අප්පමාණං මෙ තස්මිං සමයෙ චක්ඛු හොති. සොහං අප්පමාණෙන චක්ඛුනා අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං කෙවලම්පි රත්තින්දිවන්ති.
යතො ඛො මෙ අනුරුද්ධා, විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි. යෙ ඛො මෙ චිත්තස්ස උපක්කිලෙසා, තෙ මෙ පහීනා හන්දදානාහං තිවිධෙන සමාධිං භාවෙමී’ති. සො ඛො අහං අනුරුද්ධා සවිතක්කම්පි සවිචාරං සමාධිං භාවෙසිං. අවිතක්කම්පි විචාරමත්තං සමාධිං භාවෙසිං. අවිතක්කම්පි අවිචාරං සමාධිං භාවෙසිං. සප්පීතිකම්පි සමාධිං භාවෙසිං. නිප්පීතිකම්පි සමාධිං භාවෙසිං. සාතසහගතම්පි සමාධිං භාවෙසිං. උපෙක්ඛාසහගතම්පි සමාධිං භාවෙසිං. යතො ඛො මෙ අනුරුද්ධා, සවිතක්කොපි සවිචාරො සමාධි භාවිතො අහොසි, අවිතක්කොපි විචාරමත්තො සමාධි භාවිතො අහොසි, අවිතක්කොපි අවිචාරො සමාධි භාවිතො අහොසි, සප්පීතිකොපි සමාධි භාවිතො අහොසි. නිප්පීතිකොපි සමාධි භාවිතො අහොසි, සාතසහගතොපි සමාධි භාවිතො අහොසි. උපෙක්ඛාසහගතොපි සමාධි භාවිතො අහොසි. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: අකුප්පා මෙ චෙතොවිමුත්ති. අයමන්තිමා ජාති. නත්ථි දානි පුනබ්භවොති.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා අනුරුද්ධො භගවතො භාසිතං අභිනන්දීති.
උපක්කිලෙසසුත්තං අට්ඨමං.
3. 3. 9.
බාලපණ්ඩිත සුත්තං
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
තීණිමානි භික්ඛවෙ, බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි. කතමානි තීණි: ඉධ භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච හොති දුබ්භාසිතභාසී ච දුක්කතකම්මකාරී ච. නො චෙතං භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච අභවිස්ස දුබ්භාසිතභාසී ච දුක්කතකම්මකාරී ච කෙන නං පණ්ඩිතා ජානෙය්යුං: බාලො අයං භවං අසප්පුරිසො’ති යස්මා ච ඛො භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච හොති දුබ්භාසිතභාසී ච දුක්කතකම්මකාරී ච, තස්මා නං පණ්ඩිතා ජානන්ති: බාලො අයං භවං අසප්පුරිසොති.
ස ඛො සො භික්ඛවෙ, බාලො තිවිධං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සචෙ භික්ඛවෙ, බාලො සභායං වා නිසින්නො හොති. රථියාය{1} වා නිසින්නො හොති. සිඞ්ඝාටකෙ වා නිසින්නො හොති. තත්ර චෙ ජනො තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති සචෙ භික්ඛවෙ, බාලො පාණාතිපාතී හොති. අදින්නාදායී හොති. කාමෙසුමිච්ඡාචාරී හොති. මුසාවාදී හොති. සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති. තත්ර භික්ඛවෙ බාලස්ස එවං හොති: යං ඛො ජනො තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති. සංවිජ්ජන්තෙ තෙ ච ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමීති. ඉදං භික්ඛවෙ, බාලො පඨමං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
පුන චපරං භික්ඛවෙ, බාලො පස්සති රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ: කසාහිපි තාළෙන්තෙ, වෙත්තෙහිපි තාළෙන්තෙ, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ, හත්ථම්පි ඡින්දන්තෙ, පාදම්පි ඡින්දන්තෙ, හත්ථපාදම්පි ඡින්දන්තෙ, කණ්ණම්පි ඡින්දන්තෙ, නාසම්පි ඡින්දන්තෙ, කණ්ණනාසම්පි ඡින්දන්තෙ, බිලඞ්ගථාලිකම්පි කරොන්තෙ, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්තෙ, රාහුමුඛම්පි කරොන්තෙ, ජොතිමාලිකම්පි කරොන්තෙ, හත්ථපජ්ජොතිකම්පි කරොන්තෙ, එරකවත්තිකම්පි කරොන්තෙ, චීරකවාසිකම්පි කරොන්තෙ, එණෙය්යකම්පි කරොන්තෙ, බලිසමංසිකම්පි කරොන්තෙ, කහාපණකම්පි කරොන්තෙ, ඛාරාපතච්ඡිකම්පි කරොන්තෙ, පලිඝපරිවත්තිකම්පි කරොන්තෙ, පලාලපීඨකම්පි කරොන්තෙ, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්තෙ, සුනඛෙහිපි ඛාදාපෙන්තෙ, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්තෙ, අසිනාපි සීසං ඡින්දන්තෙ. තත්ර භික්ඛවෙ, බාලස්ස එවං හොති: යථාරූපානං ඛො පාපකානං කම්මානං හෙතු රාජානො චොරං ආගුචාරිං
ගහෙත්වා විවිධා කම්මකාරණා කාරොන්ති: කසාහිපි තාළෙන්ති වෙත්තෙහිපි තාළෙන්ති. අද්ධදණ්ඩකෙහිපි තාළෙන්ති. හත්ථම්පි ඡින්දන්ති. පාදම්පි ඡින්දන්ති. හත්ථපාදම්පි ඡින්දන්ති. කණ්ණම්පි ඡින්දන්ති. නාසම්පි ඡින්දන්ති. කණ්ණනාසම්පි ඡින්දන්ති. බිලඞ්ගථාලිකම්පි කරොන්ති. සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්ති. රාහුමුඛම්පි කරොන්ති. ජොතිමාලිකම්පි කරොන්ති. හත්ථපජ්ජොතිකම්පි කරොන්ති. එරකවත්තිකම්පි කරොන්ති. චීරකවාසිකම්පි කරොන්ති. එණෙය්යකම්පි කරොන්ති. බලිසමංසිකම්පි කරොන්ති. ඛාරාපතච්ඡිකම්පි කරොන්ති. පලිඝපරිවත්තිකම්පි කරොන්ති. පලාලපිට්ඨිකම්පි කරොන්ති. තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්ති. සුනඛෙහිපි ඛාදාපෙන්ති. ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්ති. අසිනාපි සීසං ඡින්දන්ති. සංවිජ්ජන්තෙ තෙ ච ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. මඤ්චෙපි රාජානො ආජානෙය්යුං මම්පි රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙය්යුං: කසාහිපි තාළෙය්යුං. වෙත්තෙහිපි තාළෙය්යුං. අද්ධදණ්ඩකෙහිපි තාළෙය්යුං. හත්ථම්පි ඡින්දෙය්යුං. පාදම්පි ඡින්දෙය්යුං. හත්ථපාදම්පි ඡින්දෙය්යුං. කණ්ණම්පි ඡින්දෙය්යුං. නාසම්පි ඡින්දෙය්යුං. කණ්ණනාසම්පි ඡින්දෙය්යුං. බිලඞ්ගථාලිකම්පි කරෙය්යුං. සඞ්ඛමුණ්ඩිකම්පි කරෙය්යුං. රාහුමුඛම්පි කරෙය්යුං. ජොතිමාලිකම්පි කරෙය්යුං. එරකවත්තිකම්පි කරෙය්යුං. චීරකවාසිකම්පි කරෙය්යුං. එණෙය්යකම්පි කරෙය්යුං. බලිසමංසිකම්පි කරෙය්යුං. කහාපණකම්පි කරෙය්යුං. ඛාරාපතච්ඡිකම්පි කරෙය්යුං. පලිඝපරිවත්තිකම්පි කරෙය්යුං. තත්තෙනපි තෙලෙන ඔසිඤ්චෙය්යුං. සුනඛෙහිපි ඛාදාපෙය්යුං. ජීවන්තම්පි සූලෙ උත්තාසෙය්යුං. අසිනාපි සීසං ඡින්දෙය්යුන්ති. ඉදම්පි භික්ඛවෙ බාලො දුතියං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
පුන චපරං භික්ඛවෙ, බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය{1}වා සෙමානං, යානිස්ස පුබ්බෙ පාපකානි කම්මානි කතානි{2} කායෙන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති, අජ්ඣොලම්බන්ති, අභිප්පලම්බන්ති. සෙය්යථාපි භික්ඛවෙ, මහන්තානං{3} පබ්බතකූටානං ඡායා සායන්හසමයං පථවියා ඔලම්බන්ති, අජ්ඣොලම්බන්ති, අභිප්පලම්බන්ති. එවමෙව ඛො භික්ඛවෙ, බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය{1} වා සෙමානං, යානිස්ස පුබ්බෙ පාපකානි කම්මානි කතානි කායෙන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති, අජ්ඣොලම්බන්ති, අභිප්පලම්බන්ති, තත්ර භික්ඛවෙ බාලස්ස එවං හොති: ‘අකතං වත මෙ කල්යාණං, අකතං කුසලං, අකතං භීරුත්තාණං. කතං පාපං, කතං ලුද්දකං, කතං කිබ්බිසං. යා ච හොති අකතකල්යාණානං අකතකුසලානං අකතභීරුත්තාණානං කතපාපානං කතලුද්දානං කතකිබ්බිසානං ගති. තං ගතිං පෙච්ච ගච්ඡාමී’ති. සො සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. ඉදම්පි ඛො භික්ඛවෙ, බාලො තතියං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
ස ඛො සො භික්ඛවෙ බාලො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යං ඛො තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය: ‘එකන්තං අනිට්ඨං එකන්තං අකන්තං එකන්තං අමනාප’න්ති. නිරයමෙවෙතං{1} සම්මා වදමානො වදෙය්ය: එකන්තං අනිට්ඨං එකන්තං අකන්තං එකන්තං අමනාපන්ති. යාවඤ්චිදං භික්ඛවෙ, උපමාපි න{2} සුකරා යාව දුක්ඛා නිරයාති.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: සක්කා පන මෙ භන්තෙ,{*} උපමං කාතුන්ති?
සක්කා භික්ඛූති භගවා අවොච. ‘සෙය්යථාපි භික්ඛු, චොරං ආගුචාරිං ගහෙත්වා රඤ්ඤො දස්සෙය්යුං: ‘අයං ඛො දෙව, චොරො ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි, තං දණ්ඩං පණෙහී’ති. තමෙනං රාජා එවං වදෙය්ය: ‘ගච්ඡථ භො, ඉමං පුරිසං පුබ්බණ්හසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං පුබ්බණ්හසමයං සත්තිසතෙන හනෙය්යුං. අථ රාජා මජ්ඣන්තිකසමයං එවං වදෙය්ය: ‘අම්භො, කථං සො පුරිසො’ති? ‘තථෙව දෙව ජීවතී’ති. තමෙනං රාජා එවං වදෙය්ය: ‘ගච්ඡථ, භො, තං පුරිසං මජ්ඣන්තිකසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං මජ්ඣන්තිකසමයං සත්තිසතෙන හනෙය්යුං. අථ රාජා සායන්හසමයං එවං වදෙය්ය: ‘අම්භො, කථං සො පුරිසො’ති? ‘තථෙව දෙව ජීවතී’ති. තමෙනං රාජා එවං වදෙය්ය: ‘ගච්ඡථ, භො, තං පුරිසං සායන්හසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං සායන්හසමයං සත්තිසතෙන හනෙය්යුං. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො පුරිසො තීහි සත්තිසතෙහි හඤ්ඤමානො තතො නිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථා’ති?
එකිස්සාපි භන්තෙ, සත්තියා හඤ්ඤමානො සො පුරිසො තතො නිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථ. කො පන වාදො තීහි සත්තිසතෙහීති.
අථ ඛො භගවා පරිත්තං පාණිමත්තං පාසාණං ගහෙත්වා භික්ඛූ ආමන්තෙසි: ‘තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමො නු ඛො මහන්තතරො, යො චායං මයා පරිත්තො පාණිමත්තො පාසාණො ගහිතො, යො ච හිමවා පබ්බතරාජා’ති?
අප්පමත්තො ඛො අයං භන්තෙ, භගවතා පරිත්තො පාණිමත්තො පාසාණො ගහිතො, හිමවන්තං පබ්බතරාජානං උපනිධාය සඞ්ඛම්පි න උපෙති, කලභාගම්පි න උපෙති, උපනිධිම්පි{3} න උපෙතී’ති.
එවමෙව ඛො භික්ඛවෙ, යං සො පුරිසො තීහි සත්තිසතෙහි හඤ්ඤමානො තතො නිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. තං ෙනරයිකස්ස දුක්ඛස්ස{4} උපනිධාය සඞ්ඛම්පි න උපෙති. කලභාගම්පි න උපෙති. උපනිධිම්පි න උපෙති.
තමෙනං භික්ඛවෙ, නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කාරණං{1} කරොන්ති: තත්තං අයොඛීලං හත්ථෙ ගමෙන්ති. තත්තං අයොඛීලං දුතියෙ හත්ථෙ ගමෙන්ති. තත්තං අයොඛිලං පාදෙ ගමෙන්ති. තත්තං අයොඛීලං දුතියෙ පාදෙ ගමෙන්ති. තත්තං අයොඛීලං මජ්ඣෙ උරස්මිං ගමෙන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
තමෙනං භික්ඛවෙ, නිරයපාලා සංවෙසෙත්වා{2} කුඨාරීහි තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
තමෙනං භික්ඛවෙ, නිරයපාලා උද්ධපාදං{3} අධොසිරං ගහෙත්වා{4} වාසීහි තච්ඡන්ති. සො තත්ථ -පෙ- යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
තමෙනං භික්ඛවෙ, නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය පඨවියා සම්පජ්ජලිතාය සජොතිභූතාය සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි. සො තත්ථ -පෙ- යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
තමෙනං භික්ඛවෙ, නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපකම්මං බ්යන්තීහොති.