Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉදං වදාමීති න තස්ස හොති (මාගන්දියා’ති භගවා) ධම්මෙසු{2} නිච්ඡෙය්ය සමුග්ගහීතං, පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය අජ්ඣත්තසන්තිං පචිනං අදස්සං.
Sinhala BJT(බුදුහු මාගන්‍දිය, යී මෙසේ වදාරති:) දෙසැටදිටුදහම්හි, නිශ්චය කොට මෙය මැ (සැබැවැයි මෙසේ) කියමී දැඩි ව ගන්නා ලද්දෙක් මට නො වෙයි, යළි දෙසැට දෘෂ්ටීන්හි (ආදීනවය) දක්නෙම් (කිසි දෘෂ්ටියක්) දැඩි ව නො ගෙන (සිවුසස්) සොයනුයෙම් අධ්‍යාත්මශාන්ති යයි කියන ලද නිවන දිටිමි.
Pali BJTඉදං වදාමීති න තස්ස හොති - ‘ඉදං වදාමි ‘ති ඉදං වදාමි. එතං වදාමි. එත්තකං වදාමි. එත්තාවතා වදාමි. ඉදං දිට්ඨිගතං වදාමි. ‘සස්සතො ලොකො’ති වා -පෙ- ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති වා; න තස්ස හොතීති - න මය්හං හොති එත්තාවතා වදාමීති තස්ස හොතීති - ‘ඉදං වදාමීති න තස්ස හොති. ‘මාගන්දියා ති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති; භගවාති - ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘මාගන්දියාති භගවා.’
Sinhala BJTඉදං වදාමීති න තස්ස හොති - ‘ඉදං වදාමි’ යනු: මේ කියමි, තෙල කියමි, මෙතෙක් කියමි, මෙතෙකින් කියමි, මේ දෘෂ්ටිගතය කියමි: ‘ලෝකය ශාශ්වතැ’යි හෝ...සත්ත්‍ව තෙම මරණින් මතුයෙහි නො මැ වෙයි, නො වන්නේ නො වේය යි; න තස්ස හොති - මට නොවෙයි, මෙතෙකින් කියමී, ඒ මට නො වේ නුයි ‘ඉදං වදාමීති න තස්ස හොති’ යනු වේ. ‘මාගන්‍දිය’යී බුදුහු ඒ බමුණු නමින් අමතන සේක...’භගවා’ යනු: ගෞරවාධිවචන යැ...මේ ‘භගවා’ යනු (සර්‍වධර්‍මයන්) ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියෙක් නුයි ‘මාගන්දියාති භගවා’ යනු වේ.
Pali BJTධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතන්ති - ‘ධම්මෙසූ’ති ද්වාසට්ඨිදිට්ඨිගතෙසු; නිච්ඡෙය්යාති නිච්ඡිනිත්වා විනිච්ඡිනිත්වා විචිනිත්වා පවිචිනිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ඔධිග්ගාහො බිලග්ගාහො වරග්ගාහො කොට්ඨාසග්ගාහො උච්චයග්ගාහො සමුච්චයග්ගාහො ඉදං සච්චං තච්ඡං තථං භූතං යාථාවං{3} අවිපරීතන්ති ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං නත්ථි න සංවිජ්ජති නූපලබ්භති පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪන්ති ‘ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං.’
Sinhala BJTධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දෘෂ්ටිගත යන්හි; නිච්ඡෙය්‍ය - නිශ්චය කොට විනිශ්චය කොට විමසා වෙසෙසින් විමසා තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට, අවධි කොට ගැනීම කොටස් වශයෙන් ගැනීම උතුම් කොට ගැනීම කොටස් කොට ගැනීම රාශිවශයෙන් ගැනීම විශෙෂරාශිවශයෙන් ගැනීම, මේ සැබව අවිපරීත යැ භූත යැ යාථාවත් යැ අවිපරීත යැයි ගන්නා ලද පරාමර්‍ශ කළ අභිනිවේශ කළ ඇතුළත් වැ සිටි බැසගන්නා ලද්දක් නැත, විද්‍යාමාන නො වෙයි, නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ සන්හිඳුවන ලද දුරලන ලද අභව්‍යොත්පත්තික කරන ලද නුවණගින්නෙන් දවන ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.
Pali BJTපස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහායාති - ‘දිට්ඨීසු ආදීනවං පස්සන්තො දිට්ඨියො න ගණ්හාමි න පරාමසාමි නාභිනිවිසාමි; අථවා, න ගණ්හිතබ්බා න පරාමසිතබ්බා නාභිනිවිසිතබ්බාති එවම්පි - ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය, අථවා, ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති දිට්ඨිගතමෙතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං සදුක්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තතීති දිට්ඨීසු ආදීනවං පස්සන්තො දිට්ඨියො න ගණ්හාමි න පරාමසාමි නාභිනිවිසාමි; අථවා, න ගණ්හිතබ්බා න පරාමසිතබ්බා නාභිනිවිසිතබ්බාති එවම්පි - ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’. අථවා, ‘අසස්සතො ලොකො, අන්තවා ලොකො, අනන්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, හොති තථාගතො පරම්මරණා, න හොති තථාගතො පරම්මරණා, හොති ච න ච හොති තථාගතො පරම්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති දිට්ඨිගතමෙතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං සදුක්ඛං සවිඝාතං සඋපායාසං සපරිළාහං න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තතීති දිට්ඨීසු ආදීනවං පස්සන්තො දිට්ඨියො න ගණ්හාමි, න පරාමසාමි, නාභිනිවිසාමි; අථවා, න ගණ්හිතබ්බා න පරාමසිතබ්බා නාභිනිවිසිතබ්බාති එවම්පි - ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය.’ අථවා, ඉමා දිට්ඨියො එවං ගහිතා එවං පරාමට්ඨා එවංගතිකා භවිස්සන්ති එවං අභිසම්පරායාති දිට්ඨීසු ආදීනවං පස්සන්තො දිට්ඨියො න ගණ්හාමි, න පරාමසාමි, නාභිනිවිසාමි; අථවා, න ගණ්හිතබ්බා න පරාමසිතබ්බා නාභිනිවිසිතබ්බාති එවම්පි ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය.’ අථවා, ඉමා දිට්ඨියො නිරයසංවත්තනිකා තිරච්ඡානයොනිසංවත්තනිකා පෙත්තිවිසයසංවත්තනිකාති දිට්ඨීසු ආදීනවං පස්සන්තො දිට්ඨියො න ගණ්හාමි, න පරාමසාමි, නාභිනිවිසාමි; අථවා න ගණ්හිතබ්බා න පරාමසිතබ්බා නාභිනිවිසිතබ්බාති එවම්පි - පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය.’ අථවා, ඉමා දිට්ඨියො නිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මාති දිට්ඨීසු ආදීනවං පස්සන්තො දිට්ඨියො න ගණ්හාමි, න පරාමසාමි, නාභිනිවිසාමි. අථවා, න ගණ්හිතබ්බා න පරාමසිතබ්බා නාභිනිවිසිතබ්බාති එවම්පි ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය.’
Sinhala BJTපස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය - දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටීන් නො ගන්මි, පරාමර්‍ශ නො කරමි, පිවිසැ නො සිටිමි; නොහොත් නො ගතයුත්තාහුය නො දැහැගතයුත්තාහුය, නො පිවිසැ සිටිය යුත්තාහුය යි මෙසේත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය මෝඝය’ යන තෙල දෘෂ්ටිගතය දෘෂ්ටිගහනය දෘෂ්ටිකාන්තාරය දෘෂ්ටි නමැති හුල දෘෂ්ටිචලනය දෘෂ්ටිසංයොජනය (කායික) දුක් සහිත යැ (චෛතසික) පීඩා සහිත යැ දැඩි ආයාස සහිත යැ පරිදාහ සහිත යැ සංසාර (වට්ටයෙහි) නිර්වේදය පිණිස නොවෙයි, විරාගය පිණිස උපශමය පිණිස අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස නො පවත්නේ නුයි දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටීන් නො ගන්මි, පරාමර්‍ශ නො කරමි, පිවිසැ නො සිටිමි; නොහොත් නො ගත යුත්තාහු යැ පරාමර්‍ශ නො කළ යුත්තාහු යැ නො පිවිසැ සිටිය යුත්තාහු නුයි මෙසේත් “පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය” යනු වේ. නොහොත් ‘ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, ජීවය ත් ශරීරයත් ඒ මැය, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකි, මරණින් මතු සත්ත්‍ව තෙම වෙයි, මරණින් මතු සත්ත්‍ව තෙම නො වෙයි, මරණින් මතු සත්ත්‍ව තෙමේ වන්නේ ද නො ද වන්නේ ද වෙයි, මරණින් මතු සත්ත්‍ව තෙමේ නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මෙය මැ සැබව, අන්‍යය මෝඝ යැ යන තෙල දෘෂ්ටිගතය දෘෂ්ටිගහනය දෘෂ්ටිකාන්තාරය දෘෂ්ටිශූලය දෘෂ්ටිවිෂ්පන්දනය දෘෂ්ටිසංයොජනය දුක් සහිත යැ පීඩා සහිත යැ දැඩි ආයාස සහිත යැ පරිදාහ සහිත යැ නිර්වේදය පිණිස නො පවතී, විරාගය පිණිස - නිරෝධය පිණිස - උපශමය පිණිස අභිඥාව පිණිස - සම්බෝධය පිණිස - නිර්‍වාණය පිණිස නො පවතී නුයි දෘෂ්ටීන් කෙරෙහි ආදීනව දක්නෙම් දෘෂ්ටීන් නො ගන්මි, පරාමර්‍ශ නො කරමි, පිවිසැ නොසිටිමි; නොහොත් නො ගතයුත්තාහු යැ පරාමර්‍ශ නො කළ යුත්තාහු යැ නො පිවිසි යැ යුත්තාහු යැ’යි මෙසේ ත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘මේ දෘෂ්ටිහු මෙසේ ගන්නා ලද්දාහු මෙසේ පරාමර්‍ශ කරන ලද්දාහු මෙබඳු ගති ඇත්තාහු මෙබඳු පරලොව ඇත්තාහු වෙති’ දෘෂ්ටීන්හි ආදීනව දක්නෙම් දෘෂ්ටි නො ගන්මි, පරාමර්‍ශ නො කරමි; නොහොත් නො ගතයුත්තාහු ය, නො දැහියයුත්තාහු යැ, නො පිවිසි යැ යුත්තාහු නුයි මෙසේත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘මේ දෘෂ්ටීහු නිරයෙහි ඉපදීම පිණිස පවත්නාහු යැ තිරිසන්යොන්හි ඉපදීම පිණිස පවත්නාහු යැ ප්‍රේතවිෂයයෙහි ඉපදීම පිණිස පවත්නාහු යැ’යි දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටි නො ගන්මි, නො දහමි, නො පිවිසැ සිටිමි; නොහොත් නො ගතයුත්තාහු යැ නො දැහියයුත්තාහුය, නො පිවිසියැ යුත්තාහු නුයි මෙසේත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘මේ දෘෂ්ටීහු අනිත්‍යයහ ප්‍රත්‍යයන් විසින් කරන ලද්දාහු ය, ප්‍රතීත්‍යසමුත්පන්නයහ, ක්‍ෂයවන සුල්ලහ, නැසෙන සුල්ලහ, නො රැඳෙන සුල්ලහ, නිරුද්ධවන සුල්ලහ’යි දෘෂ්ටීන්හි ආදීනව දක්නෙම් දෘෂ්ටි නො ගන්මි, නො දහමි නො පිවිසෙමි; නොහොත් නො ගතයුත්තාහු යැ පරාමර්‍ශ නො කළ යුත්තාහු යැ අභිනිවේශ නො කළයුත්තාහුනුයි මෙසේ ත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ.
Pali BJTඅජ්ඣත්තසන්තිං පචිනං අදස්සන්ති - ‘අජ්ඣත්තසන්ති’න්ති අජ්ඣත්තං රාගස්ස සන්තිං දොසස්ස සන්තිං මොහස්ස සන්තිං කොධස්ස - උපනාහස්ස මක්ඛස්ස - පළාසස්ස - ඉස්සාය - මච්ඡරියස්ස - මායාය - සාඨෙය්යස්ස - ථම්භස්ස - සාරම්භස්ස - මානස්ස - අතිමානස්ස - මදස්ස - පමාදස්ස සබ්බකිලෙසානං - සබ්බදුච්චරිතානං - සබ්බදරථානං - සබ්බපරිළාහානං - සබ්බසන්තාපානං සබ්බාකුසලාභිසඞ්ඛාරානං සන්තිං උපසන්තිං වූපසන්තිං නිබ්බුතිං පටිප්පස්සද්ධිං; පචිනන්ති - පචිනන්තො විචිනන්තො පවිචිනන්තො තුලයන්තො තීරයන්තො විභාවයන්තො විභූතං කරොන්තො; ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති පචිනන්තො විචිනන්තො පවිචිනන්තො තුලයන්තො තීරයන්තො විභාවයන්තො විභූතං කරොන්තො; ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති පචිනන්තො විචිනන්තො පවිචිනන්තො තුලයන්තො තීරයන්තො විභාවයන්තො විභූතං කරොන්තො; ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ ති -පෙ- ‘සබ්බෙ ධම්මා අනත්තා’ති පචිනන්තො විචිනන්තො පවිචිනන්තො තුලයන්තො තීරයන්තො විභාවයන්තො විභූතං කරොන්තො; ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්ම’න්ති පචිනන්තො විචිනන්තො පවිචිනන්තො තුලයන්තො තීරයන්තො විභාවයන්තො විභූතං කරොන්තො; අදස්සන්ති - අදස්සං{1} අදක්ඛි අපස්සිං පටිවිජ්ඣින්ති ‘අජ්ඣත්තසන්තිං පචිනං අදස්සං. ‘
Sinhala BJTඅජ්ඣත්තසන්තිං පචිතං අදස්සං - ‘අජ්ඣත්තසන්තිං’ යනු: අධ්‍යාත්මයෙහි රාගයාගේ සන්හිඳීම ද්වේෂයාගේ - මෝහයාගේ සන්හිඳීම ක්‍රෝධයාගේ - උපනාහ - මකුබව - පළාස - ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍ය - මායා - සාඨෙය්‍ය - ස්තම්භ - සාරම්භ - මාන - අතිමාන - මද - ප්‍රමාදයාගේ - සියලු කෙලෙසුන්ගේ සියලු දුශ්චරිතයන්ගේ - සියලු දරථයන්ගේ - සියලු පරිදාහයන්ගේ සියලු සන්තාපයන්ගේ - සියලු අකුශලාභිසංස්කාරයන්ගේ ශාන්තිය ව්‍යුපශාන්තිය නිර්‍වෘතිය ප්‍රතිප්‍රශ්‍රබ්ධිය; පචිනං - (සිව්සස්) වඩමින් වෙසෙසින් වඩමින් ප්‍රකර්‍ෂයෙන් වඩමින් තුලනය කෙරෙමින් තීරණය කෙරෙමින් සලකමින් ප්‍රකට කෙරෙමින්; ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි... ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි... ‘සියලු ධර්‍මයෝ අනාත්මයෝ යැ’යි ‘යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් ඒ සියල්ල නැසෙන සුලු යැ යි’ වඩමින් වෙසෙසින් වඩමින් ප්‍රකර්‍ෂයෙන් වඩමින් තුලනය කෙරෙමින් තීරණය කෙරෙමින් විභාවනය කෙරෙමින් විභූත කෙරෙමින්; අදස්සං දැක්කෙමි දිටිමි බැලුවෙමි (නුවණින්) ප්‍රතිවේධ කෙළෙම් නුයි ‘අජ්ඣත්ත සන්තිං පචිනං අදස්සං’ යනු’ වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඉදං වදාමීති න තස්ස හොති (‘මාගන්දියා’ති භගවා) ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය අජ්ඣත්තසන්තිං පචිනං අදස්ස”න්ති.
Sinhala BJT“ඉදං වදාමීති -පෙ- අජ්ඣත්තසන්ති පචිනං අදස්සං” යී.
Pali BJT9. 4.
Sinhala BJT9. 4.
Pali BJTවිනිච්ඡයා යානි පකප්පිතානි (ඉති මාගන්දියො) තෙ වෙ මුනි බ්රූසි අනුග්ගහාය, අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං කථන්නු ධීරෙහි පවෙදිතං තං.{2}
Sinhala BJT(මාගන්‍දිය තෙම මෙසේ කීය:) විනිශ්චය කොට ගන්නා ලද යම් දෙසැට දෘෂ්ටිධර්‍ම කෙනෙක් ප්‍රකල්පිත වූවාහු ද, ඒ දෘෂ්ටිධර්‍මයන් සර්‍වඥ මුනි වූ තෙපි ඒකාන්තයෙන් නො ගෙන අධ්‍යාත්මශාන්ති යයි තෙල යම් අර්‍ත්‍ථයක් වදාළහු ද, ධීරයන් විසින් ඒ පරමාර්ත්‍ථය කෙසේ ප්‍රකාශ කරන ලද ද?
Pali BJTවිනිච්ඡයා යානි පකප්පිතානීති - ‘විනිච්ඡයා’ වුච්චන්ති ද්වාසට්ඨිදිට්ඨිගතානි; පකප්පිතානීති - කප්පිතා පකප්පිතා අභිසඞ්ඛතා සණ්ඨපිතාතිපි පකප්පිතානි; අථවා, අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා විපරිණාමධම්මාතිපි පකප්පිතානීති විනිච්ඡයා යානි පකප්පිතානි; ඉති මාගන්දියොති - ‘ඉතී’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා නාමෙතං ‘ඉතී’ති; මාගන්දියොති - තස්ස බ්රාහ්මණස්ස නාමං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරොති ‘ඉති මාගන්දියො.’{3}
Sinhala BJTවිනිච්ඡයා යානි පකප්පිතානි - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. පකප්පිතානි - කල්පිත ප්‍රකල්පිත අභිසංස්කෘත වූවාහු මොනොවට පිහිටුවන ලද්දාහු නුයි ‘පකප්පිත’ නම් වෙති; නොහොත් අනිත්‍ය - සංස්කෘත - ප්‍රතීත්‍යසමුත්පන්න වූවාහු ක්‍ෂයවන සුලු නැසෙන සුලු නො ඇලෙන සුලු නිරුද්ධවන සුලු විපරිණාමස්වභාව ඇත්තාහු නුයි ද ‘පකප්පිත’ නුයි ‘විනිච්ඡයා යානි පකප්පිතානි’ යනු වේ. ඉති මාගන්දියො - ‘ඉති’ යනු: පදසන්ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා නමැ තෙල ‘ඉති’ යනු. ‘මාගන්දියො’ යනු ඒ බමුණුගේ නම යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාරය නුයි ‘ඉති මාගන්දියො’ යනු වේ.
Pali BJTතෙ වෙ මුනි බ්රූසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්ථන්ති ‘තෙ වෙ’ ති ද්වාසට්ඨිදිට්ඨිගතානි; මුනීති - මොනං වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනීති; අනුග්ගහායාති - දිට්ඨීසු ආදීනවං පස්සන්තො දිට්ඨියො න ගණ්හාමි න පරාමසාමි නාභිනිවිසාමීති ච භණසි අජ්ඣත්තසන්තීති ච භණසි; යමෙතමත්ථන්ති - යං පරමත්ථන්ති - ‘තෙ චෙ මුනි බ්රූසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං.’
Sinhala BJTතෙ වෙ මුනි බ්‍රෑසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්‍ථං - තෙ වෙ’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ යි. මුනි යනු: ‘මොන’යී ඥානය කියනු ලැබෙයි .. (2. 8 සූත්‍රනිර්දේශය.) අනුග්ගහාය - දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටි නො ගන්මි පරාමර්‍ශ නො කෙරෙමි අභිනිවේශ නො කෙරෙමි ද කියවු, අධ්‍යාත්මශාන්තිය’යි ද කියවු; යමෙතමත්‍ථං - යම් පරමාර්ත්‍ථයක් නුයි ‘තෙ වෙ මුනි බ්‍රෑසි අනුග්ගහාය අජ්ඣත්තසන්තීති යමෙතමත්‍ථං’ යනු වේ.
Pali BJTකථන්නු ධීරෙහි පවෙදිතං තන්ති - ‘කථන්නූ’ති පදං සංසයපුච්ඡා විමතිපුච්ඡා ද්වෙළ්හකපුච්ඡා අනෙකංසපුච්ඡා, එවන්නුඛො න නුඛො කින්නුඛො කථන්නුඛොති කථන්නු; ධීරෙහීති - ධීරෙහි පණ්ඩිතෙහි පඤ්ඤාවන්තෙහි බුද්ධිමන්තෙහි ඤාණීහි විභාවීහි මෙධාවීහි; පවෙදිතන්ති වෙදිතං පවෙදිතං ආචික්ඛිතං දෙසිතං පඤ්ඤාපිතං පට්ඨපිතං විභත්තං උත්තානීකතං පකාසිතන්ති ‘කථන්නු ධීරෙහි පවෙදිතං තං’.
Sinhala BJTකථන්නු ධීරෙහි පවෙදිතං තං - යනු: ‘කථන්නු’ යන පදය සැක විචාරීම යැ විමතිපෘච්ඡා යැ විචිකිත්සාපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ: මෙසේ දෝ හෝ, නො වේ දෝ හෝ, කිමෙක් දෝ හෝ, කෙසේ දෝ හෝ නුයි ‘කථන්නු’ යනු වේ. ධීරෙහි - ධීරයන් විසින් පණ්ඩිතයන් විසින් ප්‍රඥාවතුන් විසින් බුද්ධිමතුන් විසින් නුවණැතියන් විසින් විහාවීන් විසින් ප්‍රාඥයන් විසින්; පවෙදිතං - දක්නා ලද ප්‍රකාශ කරන ලද කියන ලද දෙසන ලද පනවන ලද තබන ලද විභාග කරන ලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘කථන්නු ධීරෙහි පවෙදිතං තං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කීයැ ඒ බමුණු:
Pali BJT“විනිච්ඡයා යානි පකප්පිතානි (ඉති මාගන්දියො) තෙ වෙ මුනි බ්රූසි අනුග්ගහාය, අජ්ඣත්තසන්තීති යමෙතමත්ථං කථන්නු ධීරෙහි පවෙදිතං ත”න්ති.
Sinhala BJT“විනිච්ඡයා යානි -පෙ- පවෙදිතං තං” යී.
Pali BJT9. 5.
Sinhala BJT9. 5.
Pali BJTන දිට්ඨියා න සුතියා න ඤාණෙන (‘මාගන්දියා’ති භගවා) සීලබ්බතෙනාපි න සුද්ධිමාහ, අදිට්ඨියා අස්සුතියා අඤාණා{1} අසීලතා අබ්බතා නොපි තෙන. එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය සන්තො අනිස්සාය භවං න ජප්පෙ.
Sinhala BJT(බුදුහු ‘මාගන්‍දිය’ යී මෙසේ වදාළහ:) මම දෘෂ්ටියෙන් ශුද්ධිය නො කියමි. ශ්‍රැතියෙන් - සමාපත්තිඥානයෙන් - බාහිර ශීලව්‍රතයෙනු දු ශුද්ධිය නො කියමි. (දශවස්තුක) සම්‍යග්දෘෂ්ටියෙන් වෙන් වැ නවාඞ්ගශ්‍රැතියෙන් වෙන් වැ කර්‍මස්වකතා සත්‍යානුලෝමිකඥානයෙන් වෙන් වැ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් වෙන් වැ ධ්‍රතාඞ්ගව්‍රතයෙන් වෙන් වැ ශුද්ධිය නො කියමි. ඒ සම්‍යග්දෘෂ්ට්‍යාදිමාත්‍රයකිනු දු නො කියමි. තවද තෙල දෘෂ්ටි ආදි ධර්‍මයන් දුරු කොට අදෘෂ්ටි ආදි ධර්‍මයන් අනුග්‍රහ කොට ශාන්ත තෙමේ (චක්ඛාදීන් අතුරෙන් කිසිවක්) නිඃශ්‍රය නො කොට කාමාදි භවය නො පතන්නට සමර්‍ත්‍ථ වන්නේය.
Pali BJTන දිට්ඨියා න සුතියා න ඤාණෙනාති - දිට්ඨියාපි{2} සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං නාහ, න කථෙමි{3} න භණාමි{4} න දීපයාමි; න වොහරාමි සුතියාපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං නාහ, න කථෙමි{5}, න භණාමි,{6} න දීපයාමි{7} න වොහරාමි දිට්ඨියා සුතියාපි{8} සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං නාහ. න කථෙමි, න භණාමි, දීපයාමි, න වොහරාමි; ඤාණෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං නාහ, න කථෙමි, න භණාමි න දීපයාමි, න වොහරාමීති - න දිට්ඨියා න සුතියා න ඤාණෙන. මාගන්දියාති භගවාති - ‘මාගන්දියා’ති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති; භගවාති - ගාරවාධිවචනං -පෙ- භගවා සච්ඡිකාපඤ්ඤත්ති’ යදිදං ‘භගවා’ති - ‘මාගන්දියාති භගවා.’
Sinhala BJTන දිට්ඨියා න සුතියා න ඤාණෙන - දෘෂ්ටියෙන් ද ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, නාහ - නො කියමි. නො බෙණෙමි. නො දක්වමි. නො වහරමි. ශ්‍රැතියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, නාහ - නො කියමි, නො බෙණෙමි. නො දක්වමි. නො වහරමි. දෘෂ්ටිශ්‍රැතියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නාහ - නො කියමි, නො බෙණෙමි නො දක්වමි නො වහරමි. සමාපත්තිඥානයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ‘නාහ’ නො කියමි, නො බෙණෙමි නො දක්වමි ව්‍යවහාර නො කෙරෙම් නුයි ‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන යනු වේ. මාගන්දියාති භගවා - ‘මාගන්‍දිය’යී බුදුහු ඒ බමුණා නමින් ආමන්ත්‍රණය කෙරෙති. භගවා - යනු: ගෞරවාධිවචන යැ...මේ ‘භගවා’ යනු සියලු ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘මාගන්දියාති භගවා’ යනු වේ.
Pali BJTසීලබ්බතෙනාති න සුද්ධිමාහාති - සීලෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං නාහ, න කථෙමි, න භණාමි, න දීපයාමි, න වොහරාමි; වතෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං නාහ, න කථෙමි, න භණාමි, න දීපයාමි, න වොහරාමි; සීලබ්බතෙනාපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං නාහ, න කථෙමි, න භණාමි, න දීපයාමි, න වොහරාමීති ‘සීලබ්බතෙනාපි න සුද්ධිමාහ.’
Sinhala BJTසීලබ්බතෙනාපි න සුද්ධිමාහ - ශීලයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නාහ - නො කියමි නො බෙණෙමි නො දක්වමි නො වහරමි. ව්‍රතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය ‘නාහ’ - නො කියමි නො බෙණෙමි නො දක්වමි නො වහරම් නුයි ‘සීලබ්බතෙනාපි න සුද්ධිමාහ’ යනු වේ.
Pali BJTඅදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නොපි තෙනාති - දිට්ඨිපි{1} ඉච්ඡිතබ්බා දසවත්ථුකා සම්මාදිට්ඨි: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. සවණම්පි ඉච්ඡිතබ්බං පරතොඝොසො: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. ඤාණම්පි ඉච්ඡිතබ්බං: කම්මස්සකතං ඤාණං සච්චානුලොමිකං ඤාණං, අභිඤ්ඤාඤ්ඤාණං සමාපත්තියා ඤාණං. සීලම්පි ඉච්ඡිතබ්බං: පාතිමොක්ඛසංවරො. වතම්පි ඉච්ඡිතබ්බං අට්ඨ ධුතඞ්ගානි: ආරඤ්ඤිකඞ්ගං පිණ්ඩපාතිකඞ්ගං පංසුකූලිකඞ්ගං තෙචීවරිකඞ්ගං සපදානචාරිකඞ්ගං ඛලුපච්ඡාභත්තිකඞ්ගං නෙසජ්ජිකඞ්ගං යථාසන්ථතිකඞ්ගන්ති- අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා. නොපි තෙනාති නාපි සම්මාදිට්ඨිමත්තෙන නාපි සවණමත්තෙන නාපි ඤාණමත්තෙන නාපි සීලමත්තෙන නාපි වතමත්තෙන අජ්ඣත්තසන්තිං පත්තො හොති. නපි විනා එතෙහි ධම්මෙහි අජ්ඣත්තසන්තිං පාපුණාති. අපිච, සම්භාරා ඉමෙ ධම්මා හොන්ති අජ්ඣත්තසන්තිං පාපුණිතුං අධිගන්තුං ඵුසිතුං{2} සච්ඡිකාතුන්ති ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නොපි තෙන.’
Sinhala BJTඅදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නො’පි තෙන - ‘දෙන ලද්දෙහි ඵල ඇත, යදන ලද්දෙහි ඵල ඇත, පුදන ලද්දෙහි ඵල ඇත, කුශලාකුශලකර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මවු ඇත, පියා ඇත, ඕපපාතික සත්ත්‍වයෝ ඇත්තාහ. මෙලොවත් පරලොවත් තුමූ මැ නුවණින් දැන ප්‍රකාශ කරන සම්‍යග්ගත වු සම්‍යක්ප්‍රතිපන්න වූ ශ්‍රමණබ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇත්තාහ’ යන දශවස්තුක සම්‍යග්දෘෂ්ටි සඞ්ඛ්‍යාත දෘෂ්ටිය ද කැමැති විය යුත්තීය.’ සූත්‍ර යැ ගෙය්‍ය යැ වෙය්‍යාකරණ යැ ගාථා යැ උදාන යැ ඉතිවුත්තක යැ ජාතක යැ අබ්භූතධම්ම යැ වෙදල්ල යැ යන (නවාඞ්ගවශයෙන්) පරතෝඝෝෂ සඞ්ඛ්‍යාත ශ්‍රවණය ද කැමැති වියයුතු යැ. කර්‍මස්වකෘතඥානය යැ සත්‍යානුලෝමිකඥානය යැ අභිඥාඥානය යැ සමාපත්තිඥානය යැ යන ඥානය ද කැමැති විය යුතු යැ. ප්‍රාතිමෝක්‍ෂසංවර සඞ්ඛ්‍යාත ශීලය ද කැමැති විය යුතු යැ. ආරණ්‍යකාඞ්ග යැ පිණ්ඩපාතිකාඞ්ග යැ පාංශුකූලිකාඞ්ග යැ තෙචීවරිකාඞ්ග යැ සපදානවාරිකාඞ්ග යැ ඛලුපච්ඡාභත්තිකාඞ්ග යැ නෙසජ්ජාකාඞ්ග යැ යථාසන්ථතිකාඞ්ග යැ යන අෂ්ට ධුතාඞ්ගසඞ්ඛ්‍යාත ව්‍රතය ද කැමැති වියයුත්තේ නුයි ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා’ යනු වේ. නො පි තෙන - නො ද සම්‍යග්දෘෂ්ටිමාත්‍රයෙන් නො ද ශ්‍රවණ මාත්‍රයෙන් නො ද ඥානමාත්‍රයෙන් නො ද ශීලමාත්‍රයෙන් නො ද ව්‍රතමාත්‍රයෙන් අධ්‍යාත්මශාන්තියට පැමිණියේ වෙයි. තෙල ධර්‍මයන්ගෙන් වෙන් වැ අධ්‍යාත්මශාන්තියට නො ද පැමිණෙයි. තවද මේ ධර්‍මයෝ අධ්‍යාත්මශාන්තියට පැමිණෙන්නට අධිගම කරන්නට ස්පර්‍ශ කරන්නට ප්‍රත්‍යක්‍ෂ කරන්නට උපකාර වූවාහු වෙත් නුයි ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලති අබ්බතා නො’පි තෙන’ යනු වේ.
Pali BJTඑතෙ ච නිස්සජ්ජ අනුග්ගහායාති - ‘එතෙ’ති කණ්හපක්ඛිකානං ධම්මානං සමුග්ඝාතතො පහානං ඉච්ඡිතබ්බං, තෙධාතුකෙසු කුසලෙසු ධම්මෙසු අතම්මයතා{3} ඉච්ඡිතබ්බා, යතො කණ්හපක්ඛියා ධම්මා සමුග්ඝාතප්පහානෙන පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා{4} අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තෙධාතුකෙසු ච කුසලෙසු ධම්මෙසු අතම්මයතා හොති. එත්තාවතාපි න ගණ්හාති, න පරාමසති, නාභිනිවිසති. අථවා, න ගණ්හිතබ්බා න පරාමසිතබ්බා නාභිනිවිසිතබ්බාති එවම්පි ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය. ‘යතො තණ්හා ච දිට්ඨි ච මානො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා{4} අනභාවකතා ආයතිංඅනුප්පාදධම්මා{5}, එත්තාවතාපි න ගණ්හාති න පරාමසති නාභිනිවිසතීති එවම්පි - ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය.’ යතො පුඤ්ඤාභිසඞ්ඛාරො ච අපුඤ්ඤාභිසඞ්ඛාරො ච ආනෙඤ්ජාභිසඞ්ඛාරො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, එත්තාවතාපි න ගණ්හාති න පරාමසති නාභිනිවිසතීති එවම්පි - ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය.’
Sinhala BJTඑතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය - ‘එතෙ’ යනු: කෘෂ්ණපක්‍ෂයෙහි වූ ධර්‍මයන්ගේ නැසීමෙන් ප්‍රහාණය කැමැති වියයුතුය; තුන්බිමට අයත් කුශලධර්‍මයන්හි තෘෂ්ණා රහිත බව කැමැති වියයුතුය; යම් තැනෙක පටන් කෘෂ්ණපක්‍ෂයෙහි වූ ධර්‍මයෝ සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත් ද, ත්‍රෛධාතුකකුශලධර්‍මයන්හි දු තෘෂ්ණා රහිත බව වේ ද, මෙතෙකිනු දු ග්‍රහණය නො කෙරෙයි, පරාමර්‍ශ නො කෙරෙයි, අභිනිවේශ නො කෙරෙයි. නොහොත් නො ගතයුත්තාහු නො දැහියයුත්තාහු නො පිවිසියැ යුත්තාහු වෙත් නුයි - මෙසේ ත් ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය’ යනු වේ. යම් තැනෙක පටන් තෘෂ්ණාවත් දෘෂ්ටියත් මානයත් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු ග්‍රහණ - පරාමර්‍ශ - අභිනිවේශ නො කෙරේ නුයි - මෙසේත් ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය’ යනු වේ. යම් තැනෙක පටන් පුණ්‍යාභිසංස්කාරයත් අපුණ්‍යාභිසංස්කාරයත් ආනෙඤ්ජාභිසංස්කාරයත් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි අනුත්පාදස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකිනුදු ග්‍රහණ - පරාමර්‍ශ - අභිනිවේශ නො කෙරේ නුයි - මෙසේත් ‘එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය’ යනු වේ.
Pali BJTසන්තො අනිස්සාය භවං න ජප්පෙති - ‘සන්තො’ති රාගස්ස සමිතත්තා සන්තො, දොසස්ස සමිතත්තා සන්තො, මොහස්ස සමිතත්තා සන්තො, කොධස්ස - උපනාහස්ස - මක්ඛස්ස - පළාසස්ස - ඉස්සාය - මච්ඡරියස්ස - මායාය - සාඨෙය්යස්ස - ථම්භස්ස - සාරම්භස්ස - මානස්ස - අතිමානස්ස - මදස්ස - පමාදස්ස - සබ්බකිලෙසානං - සබ්බදුච්චරිතානං - සබ්බදරථානං - සබ්බපරිළාහානං - සබ්බසන්තාපානං - සබ්බාකුසලාභිසඞ්ඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතො විගතත්තා{1} පටිප්පස්සද්ධත්තා සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධොති ‘සන්තො’. අනිස්සායාති - ද්වෙ නිස්සයා: තණ්හානිස්සයො ච දිට්ඨිනිස්සයො ච -පෙ- අයං තණ්හානිස්සයො -පෙ- අයං දිට්ඨිනිස්සයො. තණ්හානිස්සයං පහාය දිට්ඨිනිස්සයං පටිනිස්සජිත්වා චක්ඛුං අනිස්සාය සොතං අනිස්සාය ඝානං අනිස්සාය ජිව්හං අනිස්සාය කායං අනිස්සාය මනං නිස්සාය රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ ධම්මෙ කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං චීවරං පිණ්ඩපාතං සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං කාමභවං රූපභවං අරූපභවං සඤ්ඤාභවං අසඤ්ඤාභවං නෙවසඤ්ඤානාසඤ්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ්චවොකාරභවං අතීතං අනාගතං පච්චුප්පන්නං දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ අනිස්සාය අගණ්හිත්වා අපරාමසිත්වා අනභිනිවිසිත්වාති - ‘සන්තො අනිස්සාය.’ භවං න ජප්පෙති - කාමභවං න ජප්පෙය්ය, රූපභවං න ජප්පෙය්ය, අරූපභවං න ජප්පෙය්ය, නප්පජප්පෙය්ය, න අභිජප්පෙය්යාති ‘සන්තො අනිස්සාය භවං න ජප්පෙ.’
Sinhala BJTසන්තෝ අනිස්සාය භවං න ජප්පෙ - ‘සන්තෝ’ යනු: රාගය සන්හිඳු වන ලද බැවින් ශාන්ත යැ ද්වේෂය ශමිත වන බැවින් ශාන්ත යැ මෝහය ශමිත වන බැවින් ශාන්ත යැ, ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පළාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - සාඨෙය්‍යය - ථම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සර්‍වක්ලේශයන් - සර්‍වදුශ්චරිතයන් - සර්‍වදරථයන් - සර්‍වපරිදාහයන් - සර්‍වසන්තාපයන් - සර්‍වකුශලාභිසංස්කාරයන් ශාන්තවන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද බැවින් නිවන ලද බැවින් දුරුව ගිය බැවින් වෙසෙසින් නසන ලද බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ වෙසෙසින් උපශාන්ත වූයේ නිවුණේ වෙසෙසින් නසන ලදුයේ නුයි ‘සන්තෝ’ යනු වේ. අනිස්සාය - තෘෂ්ණානිශ්ශ්‍රය ද දෘෂ්ටිනිශ්ශ්‍රය දැයි නිශ්ශ්‍රය... දෙකෙකි; තෘෂ්ණානිශ්‍රය හැර දෘෂ්ටිනිශ්‍රය දුරලා චක්‍ෂුප්‍රසාදය නො නිසා ශ්‍රෝතප්‍රසාදය නිශ්‍රය නො කොට ඝ්‍රාණප්‍රසාදය නො නිසා ජිහ්වාප්‍රසාදය නො නිසා කායප්‍රසාදය නො නිසා මනඃප්‍රසාදය නො නිසා රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මයන් - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුඛය - චීවරය - පිණ්ඩපාතය - සෙනසුන - ගිලන්පසබෙහෙත්පිරිකර - කාමධාතුව - රූපධාතුව - අරූපධාතුව - කාමභවය - රූපභවය - අරූපභවය - සඤ්ඤාභවය - අසඤ්ඤාභවය - නෙවසඤ්ඤානාසඤ්ඤාභවය - එකවෝකාරභවය - චතුවෝකාරභවය - පඤ්චවෝකාරභවය - අතීතය - අනාගතය - ප්‍රත්‍යුත්පන්නය - දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍යධර්‍මයන් නිශ්‍රය නො කොට ග්‍රහණය නො කොට පරාමර්‍ශ නො කොට අභිනිවේශ නො කොට නුයි - ‘සන්තෝ අනිස්සාය’ යනු වේ. භවං න ජප්පෙ - කාමභවය නො පතන්නේ යැ, රූපභවය නො පතන්නේ යැ, අරූපභවය නො පතන්නේ යැ, ප්‍රකර්‍ෂයෙන් නො පතන්නේ යැ, වෙසෙසින් නො පතන්නේ නුයි ‘සන්තෝ අනිස්සාය භවං න ජප්පෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න දිට්ඨියා න සුතියා{2} න ඤාණෙන (‘මාගන්දියා’ති භගවා) සීලබ්බතෙනාපි න සුද්ධිමාහ, අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නොපි තෙන. එතෙ ච නිස්සජ්ජ අනුග්ගහාය සන්තො අනිස්සාය භවං න ජප්පෙ”ති.
Sinhala BJT“න දිට්ඨියා න සුතියා -පෙ- සන්තෝ අනිස්සාය භවං න ජප්පෙ” යී.
Pali BJT9. 6.
Sinhala BJT9. 6.
Pali BJTනො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන (ඉති මාගන්දියො) සීලබ්බතෙනාපි න සුද්ධිමාහ, අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නොපි තෙන. මඤ්ඤාමහං මොමූහමෙව ධම්මං දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං.
Sinhala BJT(මාගන්‍දිය තෙම මෙසේ කීය:) ඉදින් දෘෂ්ටියෙන් ශුද්ධිය නො කියවු නම්, ශ්‍රැතියෙන් - සමාපත්තිඥානයෙන් - ශීලව්‍රතයෙනු දු නො කියවු නම්, යලි දෘෂ්ටියෙන් වෙන් වැ ශ්‍රැතියෙන් වෙන් වැ ඥානයෙන් වෙන් වැ ශීලයෙන් වෙන් වැ ව්‍රතයෙන් වෙන් වැ ශුද්ධිය නො කියවු නම්, ඒ දෘෂ්ට්‍යාදිමාත්‍රයෙනුදු නො කියවු නම්, මම තොපගේ මේ ධර්‍මය අතිශයින් මූඪ වූවක් මැ කොට සිතම්. ඇතැම් මහණ බමුණු කෙනෙක් දෘෂ්ටියෙන් ශුද්ධිය කැමැතිවෙත්.
Pali BJTනො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙනාති - දිට්ඨියාපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං ‘නාහ, න කථෙසි, න භණසි, න දීපයසි. න වොහරසි. සුතෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං - දිට්ඨසුතෙනපි සුද්ධිං විසුද්ධි පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං - ඤාණෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං ‘නාහ න කථෙසි න භණසි න දීපයසි න වොහරසීති ‘නො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන.’ ඉති මාගන්දියොති ‘ඉතී’ති පදසන්ධි -පෙ- මාගන්දියොති - තස්ස බ්රාහ්මණස්ස නාමං -පෙ- ‘ඉති මාගන්දියො.’
Sinhala BJTනො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන - දෘෂ්ටියෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ‘නාහ’ තෙපි නො කියවු, නො බණවු, නො දක්වවු, නො වහරවු; ශ්‍රැතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය... දෘෂ්ටිශ්‍රැතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය... ඥානයෙනු දු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය ‘නාහ’ නො කියවු, නො බණවු, නො දක්වවු, නො වහරවු නුයි ‘නො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන’ යනු වේ. ඉති මාගන්දියො - ‘ඉති’ යනු: පදසන්ධියැ... මාගන්දියො යනු: ඒ බමුණාගේ නම යැ... ‘ඉති මාගන්දියො’ යනු වේ.
Pali BJTසීලබ්බතෙනාපි න සුද්ධිමාහාති - සීලෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං -පෙ- වතෙනපි{1} සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං -පෙ- සීලබ්බතෙනාපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං ‘නාහ’ න කථෙසි, න භණසි න දීපයසි, න වොහරසීති ‘සීලබ්බතෙනාපි න සුද්ධිමාහ.’
Sinhala BJTසීලබ්බතෙනාපි න සුද්ධිමාහ - ශීලයෙනු දු ශුද්ධිය... ව්‍රතයෙනු දු ශුද්ධිය... ශීලයෙන් හා ව්‍රතයෙනු දු ශුද්ධිය... පරිමුක්තිය ‘නාහ’ නො කියවු, නො බණවු, නො දක්වවු, නො වහරවු නුයි ‘සීලබ්බතෙනාපි න සුද්ධිමාහ’ යනු වේ.
Pali BJTඅදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නොපි තෙනාති දිට්ඨිපි ඉච්ඡිතබ්බාති එවං භණසි; සවණම්පි ඉච්ඡිතබ්බන්ති එවං භණසි; ඤාණම්පි ඉච්ඡිතබ්බන්ති එවං භණසි; සීලම්පි ඉච්ඡිතබ්බන්ති එවං භණසි; වතම්පි ඉච්ඡිතබ්බන්ති එවං භණසි. න සක්කොසි එකංසෙන අනුජානිතුං න සක්කොසි එකංසෙන පටික්ඛිපිතුන්ති ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නොපි තෙන.’
Sinhala BJTඅදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නොපි තෙන - දෘෂ්ටියත් කැමැති වියයුතු ය’යි මෙසේ කියවු, ශ්‍රවණයත් කැමැති වියයුතුය’යි මෙසේ කියවු, ඥානයත් කැමැති වියයුතුයයි මෙසේ කියවු, ශීලයත් කැමැති වියයුතුයයි මෙසේ කියවු, ව්‍රතයත් කැමැති වියයුතුයයි මෙසේ කියවු; ඒකාන්තයෙන් අනුඥා කරන්නට නො හැකියවු, ඒකාන්තයෙන් ප්‍රතික්‍ෂේප කරන්නටත් නො හැකියවු නුයි ‘අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නො’පි තෙන’ යනු වේ.
Pali BJTමඤ්ඤාමහං මොමූහමෙව ධම්මන්ති - මොමූහධම්මො අයං තුය්හං බාලධම්මො මූළ්හධම්මො අඤ්ඤණධම්මො අමරාවික්ඛෙපධම්මොති එවං මඤ්ඤාමි එවං ජානාමි එවං ආජානාමි එවං විජානාමි එවං පටිවිජානාමි එවං පටිවිජ්ඣාමීති ‘මඤ්ඤාමහං මොමූහමෙව ධම්මං.
Sinhala BJTමඤ්ඤාමහං මොමූහමෙව ධම්මං - ‘මේ තොපගේ අතිමූඪධර්‍මයෙක බාලධර්‍මයෙක මූඪධර්‍මයෙක අඥානධර්‍මයෙක අමරාවික්‍ෂෙපධර්‍මයෙකැ’යි මෙසේ හඟිමි, මෙසේ දනිමි, මෙසේ හාත්පසින් දනිමි, මෙසේ වෙසෙසින් දනිමි, මෙසේ අවබෝධ කෙරෙමි, මෙසේ ප්‍රතිවේධ කෙරෙම් නුයි ‘මඤ්ඤාමහං මොමූහමෙව ධම්මං’ යනු වේ.
Pali BJT‘දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධින්ති - දිට්ඨියා එකෙ සමණබ්රාහ්මණා සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති: “සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ”න්ති දිට්ඨියා එකෙ සමණබ්රාහ්මණා සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති. “අසස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්ති දිට්ඨියා එකෙ සමණබ්රාහ්මණා සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්තීති ‘දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං.’
Sinhala BJTදිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං - දෘෂ්ටියෙන් ඇතැම් මහණ බමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පිළිගනිති: ‘ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව, අන්‍යය මොඝයැ’යි දෘෂ්ටියෙන් ඇතැම් මහණබමුණෝ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පිළිගනිති; ‘ලෝකය අශාශ්වත යැ,... සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, සෙස්ස මොඝයැ’යි දෘෂ්ටියෙන් ඇතැම් මහණබමුණෝ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පිළිගනිත් නුයි ‘දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“නො චෙ කිර දිට්ඨියා න සුතියා න ඤාණෙන (ඉති මාගන්දියො) සීලබ්බතෙනාපි න සුද්ධිමාහ, අදිට්ඨියා අස්සුතියා අඤාණා අසීලතා අබ්බතා නොපි තෙන. මඤ්ඤාමහං මොමූහමෙව ධම්මං දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධි”න්ති.
Sinhala BJT“නො චෙ කිර දිට්ඨියා -පෙ- දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං” යී.
Pali BJT9. 7.
Sinhala BJT9. 7.
Pali BJTදිට්ඨිඤ්ච{1} නිස්සාය අනුපුච්ඡමානො (මාගන්දියා’ති භගවා) සමුග්ගහීතෙසු පමොහමාගතො{2}, ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං තස්මා තුවං මොමූහතො දහාසි.
Sinhala BJT(බුදුහු මාගන්‍දිය යී මෙසේ වදාරති:) දෘෂ්ටිය මැ නිශ්‍රය කොට (-නිසා) පුනපුනා විචාරනුයෙහි දැඩිව ගන්නා ලද දෘෂ්ටීන් කෙරෙහි ප්‍රකර්‍ෂමොහයට පැමිණියෙහි යම් හෙයකින් තෝ මේ දහමින් මඳ වූ සංඥාවකු දු නුදුටුයෙහි ද එහෙයින් අතිමූඪ වූවක් වශයෙන් දක්නෙහි.
Pali BJTදිට්ඨිඤ්ච{1} නිස්සාය අනුපුච්ඡමානොති - මාගන්දියො බ්රාහ්මණො දිට්ඨිං නිස්සාය දිට්ඨිං පුච්ඡති, ලග්ගනං නිස්සාය ලග්ගනං පුච්ඡති, බන්ධනං නිස්සාය බන්ධනං පුච්ඡති, පළිබොධං නිස්සාය පළිබොධං පුච්ඡති; අනුපුච්ඡමානොති පුනප්පුනං පුච්ඡතීති - ‘දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානො. ‘මාගන්දියාති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති; භගවාති - ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං ‘භගවා’ති - ‘මාගන්දියාති භගවා.’
Sinhala BJTදිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානො - මාගන්‍දිය බමුණු දෘෂ්ටිය නිසා දෘෂ්ටිය විචාරයි, දෘෂ්ටිලග්නය නිසා (-එල්බගෙන) දෘෂ්ටිලග්නය විචාරයි, දෘෂ්ටිබන්ධනය නිසා දෘෂ්ටිබන්ධනය විචාරයි, දෘෂ්ටිපරිබොධය නිශ්‍රය කොට දෘෂ්ටිපරිබොධය විචාරයි; අනුපුච්ඡමානො - පුනපුනා විචාරා නුයි ‘දිට්ඨිඤ්ච නිස්සාය අනුපුච්ඡමානො’ යනු වේ. මාගන්‍දිය යී බුදුහු ඒ බමුණා නමින් ආමනුත්‍රණය කෙරෙති. භගවා යනු: ගෞරවාධිවචන යැ... මේ ‘භගවා’ යනු ප්‍රත්‍යක්‍ෂකරණයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි - ‘මාගන්දියාති භගවා’ යනු වේ.
Pali BJTසමුග්ගහීතෙසු පමොහමාගතොති - යා සා දිට්ඨි තයා ගහිතා පරාමට්ඨා අභිනිවිට්ඨා අජ්ඣොසිතා අධිමුත්තා, තායෙව ත්වං දිට්ඨියා මූළ්හොසි පමූළ්හොසි{3} සම්මූළ්හොසි{4} මොහං ආගතොසි පමොහං ආගතොසි සම්මොහං ආගතොසි අන්ධකාරං පක්ඛන්නොසීති{5} ‘සමුග්ගහීතෙසු පමොහමාගතො.’
Sinhala BJTසමුග්ගහීතෙසු පමොහමාගතො - තා විසින් යම් දෘෂ්ටියක් ගන්නා ලද්දී පරාමර්‍ශ කරනලද්දී පිවිසැ ගන්නා ලද්දී දැඩි වැ ගන්නා ලද්දී අධිමුක්ත වූවා ද, තෝ ඒ දෘෂ්ටියෙන් මැ මූඪ වූයෙහි ප්‍රමූඪ වූයෙහි සම්මූඪ වූයෙහි මෝහයට පැමිණියෙහි ප්‍රමොහයට පැමිණියෙහි සම්මෝහයට පැමිණියෙහි අඳුරට පිවිසියෙහි නුයි ‘සමුග්ගහීතෙසු පමොහමාගතො’ යනු වේ.
Pali BJTඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤන්ති - ඉතො අජ්ඣත්තසන්තිතො වා පටිපදාතො වා{6} ධම්මදෙසනාතො වා යුත්තසඤ්ඤං වා පත්තසඤ්ඤං වා ලක්ඛණසඤ්ඤං වා කාරණසඤ්ඤං වා ඨානසඤ්ඤං වා නප්පටිලභසි කුතො ඤාණන්ති එවම්පි - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං.’ අථවා, අනිච්චං වා අනිච්චසඤ්ඤානුලොමං වා, දුක්ඛං වා දුක්ඛසඤ්ඤානුලොමං වා, අනත්තං වා අනත්තසඤ්ඤානුලොමං වා, සඤ්ඤුප්පාදමත්තං වා සඤ්ඤානිමිත්තං වා නප්පටිලභසි, කුතො ඤාණන්ති එවම්පි - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං.’
Sinhala BJTඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං - මේ අධ්‍යාත්මශාන්තියෙන් හෝ ප්‍රතිපදායෙන් හෝ ධර්‍මදෙශනාවෙන් හෝ (මහණදම්හි) යුක්තසංඥාවක් හෝ ප්‍රාප්තසංඥාවක් හෝ ලක්‍ෂණසංඥාවක් හෝ කාරණසංඥාවක් හෝ හෙතුසංඥාවක් හෝ නො ලබව, මාර්‍ගඥානය වැලිත් කොයින් ලබවු ද’යි මෙසේත් - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං’ යනු වේ. නොහොත් අනිත්‍යය හෝ අනිත්‍යසංඥානුලොමය හෝ දුඃඛය හෝ දුඃඛසංඥානුලොමය හෝ අනාත්මය හෝ අනාත්මසංඥානුලොමය හෝ සංඥාඋත්පාද මාත්‍රයක් හෝ සංඥානිමිත්ත හෝ නො ලබව, මාර්‍ගඥානය කොයින් ලබවු දැ’යි මෙසේත් - ‘ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං’ යනු වේ.
Pali BJTතස්මා තුවං මොමූහතො දහාසීති - ‘තස්මාති’ තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා මොමූහධම්මතො බාලධම්මතො මූළ්හධම්මතො අඤ්ඤාණධම්මතො අමරාවික්ඛෙපධම්මතො දහාසි පස්සසි දක්ඛසි ඔලොකෙසි නිජ්ඣායසි උපපරික්ඛසීති ‘තස්මා තුවං මොමූහතො දහාසී’ති.
Sinhala BJTතස්මා තුවං මොමූහතො දහාසි - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මොමූහධර්‍මයක් වශයෙන් බාලධර්‍මයක් වශයෙන් මූඪධර්‍මයක් වශයෙන් අඥානධර්‍මයක් වශයෙන් අමරාවික්‍ෂෙපධර්‍මයක් වශයෙන් ගන්ව බලව දක්හි අවලොකනය කෙරෙහි සිතව විමසව’යි ‘තස්මා තුවං මොමූහතො දහාසි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“දිට්ඨිඤ්ච{7} නිස්සාය අනුපුච්ඡමානො (’මාගන්දියා’ති භගවා) සමුග්ගහීතොසි පමොහමාගතො{8}, ඉතො ච නාද්දක්ඛි අණුම්පි සඤ්ඤං තස්මා තුවං මොමූහතො දහාසී’ති.
Sinhala BJT“දිට්ඨිං ච නිස්සාය -පෙ- මොමූහතො දහාසි” යී.
Pali BJT9. 8.
Sinhala BJT9. 8.
Pali BJTසමො විසෙසී උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන. තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති.
Sinhala BJTයමෙක් ‘(මම) සම වෙමී, හෝ විශිෂ්ට වෙමී, හෝ නොහොත් හීන වෙමී’ නාම කෙරේ නම්, හෙතෙම ඒ මානයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පුද්ගලයා සමග හෝ විවාද කරන්නේ යැ. (යමෙක් ඒ) ත්‍රිවිධ මානයෙහි නො සැලෙනුයේ වේ නම්, ඒ මට ‘සම වෙමී හෝ විශිෂ්ට වෙමී’ (මානය) නො වේ.
Pali BJTසමො විසෙසි උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙනාති - ‘සදිසොහමස්මී’ති වා ‘සෙය්යොහමස්මී’ති වා ‘හීනොහමස්මී’ති වා, යො මඤ්ඤති, සො තෙන මානෙන තාය දිට්ඨියා තෙන වා පුග්ගලෙන කලහං කරෙය්ය භණ්ඩනං කරෙය්ය විග්ගහං කරෙය්ය විවාදං කරෙය්ය මෙධගං කරෙය්ය: “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි. අහමස්මි සම්මාපටිපන්නො. සහිතම්මෙ, අසහිතන්තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච. පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණන්තෙ{1} විපරාවත්තං. ආරොපිතො තෙ වාදො. නිග්ගහීතොසි. චර වාදප්පමොක්ඛාය. නිබ්බෙඨෙහි සචෙ පහොසී’ති - සමො විසෙසී උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන.
Sinhala BJTසමො විසෙසි උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන - ‘මම් සදෘශ වෙමී’ හෝ ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම හීන වෙමී’ හෝ යමෙක් හඟනේ නම් හෙතෙම ඒ මානයෙන් හෝ ඒ දෘෂ්ටියෙන් හෝ ‘ඒ පුද්ගලයා සමග හෝ කලහ කරන්නේ යැ, ඩබර කරන්නේ යැ, විග්‍රහ කරන්නේ යැ, විවාද කරන්නේ යැ, අරගල කරන්නේ යැ: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නහු යැ, මේ ධර්‍මවිනය මම් දනිමී, කිමැ තෙමි මේ ධර්‍මවිනය දන්නහු ද? තෙපි වරදවා පිළිපන්නහු යැ, මම් සම්‍යක්ප්‍රතිපන්නයෙමි, මාගේ බස අර්‍ත්‍ථසංහිත යැ, තාගේ බස අනත්‍ථසංහිත යැ’ පළමු කියැයුත්ත පසුව කීයෙහි, පසුව කියැයුත්ත පළමු කීයෙහි, තා පුහුණු කළ දෙය නැවැතිණ, තට වාදාරෝපණය කරන ලද, නිග්‍රහ කරන ලදුයෙහි, වාදයෙන් ගැළැවෙනු සඳහා පිළිතුරු සොයා යව, ඉදින් පොහොසත්හි නම් (තමා) මුදා ගනැ’යි (විවාද කරන්නේ නුයි) ‘සමො විසෙසී උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන’ යනු වේ.
Pali BJTතීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොතීති - යස්සෙතා තිස්සො විධා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො තීසු විධාසු න කම්පති න විකම්පති; අවිකම්පමානස්ස පුග්ගලස්ස ‘සදිසොහමස්මී’ති වා ‘සෙය්යොහමස්මී’ති වා ‘හීනොහමස්මී’ති වා; න තස්ස හොතීති න මය්හං හොතීති - තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති.
Sinhala BJTතීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති - යමක්හට තෙල ත්‍රිවිධමානයෝ ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු (මාර්‍ගයෙන්) නසන ලද්දාහු උපතට අභව්‍ය වූවාහු නුවණ ගින්නෙන් දවන ලද්දාහු වෙත් ද; හෙතෙම තුන් මානයන්හි නො සැලෙයි, වෙසෙසින් නො සැලෙයි, නො සැලෙන පුද්ගලයාහට ‘මම් සදෘශ වෙමී’ හෝ ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම් හීන වෙමී’ හෝ - න තස්ස හොති - මට නො වේ නුයි ‘තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සමො විසෙසී උදවා නිහීනො යො මඤ්ඤති සො විවදෙථ තෙන. තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති.
Sinhala BJT“සමො විසෙසී -පෙ- න තස්ස හොති” යී.
Pali BJT9. 9.
Sinhala BJT9. 9.
Pali BJTසච්චන්ති සො බ්රාහ්මණො කිං වදෙය්ය මුසාති වා සො විවදෙථ කෙන, යස්මිං සමං විසමං වාපි නත්ථි ස කෙන වාදං පටිසංයුජෙය්ය{2}.
Sinhala BJTඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙම (මෙය මැ) සැබැවැයි කවර වස්තුවක් (හෝ කුමන කරුණෙකින්) කියන්නේ ද, හෙතෙම (තා කියන්නේ) මෘෂා යැයි හෝ කවර මානයකින් (දෘෂ්ටියකින් හෝ පුද්ගලයකු හා සමග) විවාද කරන්නේ ද, යමක්හු කෙරෙහි සමමානය හෝ විෂමමානය හෝ නැද්ද, හෙතෙම කවර මානයකින් වාදයෙහි යෙදෙන්නේ ද.
Pali BJTසච්චන්ති සො බ්රාහ්මණො කිං වදෙය්යාති - ‘බ්රාහ්මණො’ති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො -පෙ- අසිතො තාදී{1} පවුච්චතෙ ස බ්රහ්මා; සච්චන්ති සො බ්රාහ්මණො කිං වදෙය්යාති ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති බ්රාහ්මණො කිං වදෙය්ය? කිං කථෙය්ය? කිං භණෙය්ය? කිං වොහරෙය්ය? ‘අසස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති බ්රාහ්මණො කිං වදෙය්ය? කිං කථෙය්ය? කිං භණෙය්ය? කිං දීපයෙය්ය? කිං වොහරෙය්ය චාති ‘සච්චන්ති සො බ්රාහ්මණො කිං වදෙය්ය.’
Sinhala BJTසච්චන්ති සො බ්‍රාහ්මණො කිං වදෙය්‍ය - ‘බ්‍රාහ්මණො’ යනු: සප්තධර්‍ම කෙනකුන් බාහිත වන බැවින් බ්‍රාහ්මණ යැ... (4. 3 නිර්‍දෙශය) සච්චන්ති සො බ්‍රාහ්මණො කිං වදෙය්‍ය - ‘ශාශ්වත යැ ලෝකය, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’යි බ්‍රාහ්මණ තෙමේ කිම කියන්නේ ද? පවසන්නේ ද? බණන්නේ ද? දක්වන්නේ ද? කිම වහරන්නේ ද? ‘අශාශ්වත යැ ලෝකය... සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’යි බ්‍රාහ්මණ තෙමේ කිම පවසන්නේ ද? කියන්නේ ද? බණන්නේ ද? දක්වන්නේ ද කිම වහරන්නේ ද? එයින් ‘සච්චන්ති සො බ්‍රාහ්මණො කිං වදෙය්‍ය’ යනු වේ.
Pali BJTමුසාති වා සො විවදෙථ කෙනාති - බ්රාහ්මණො ‘මය්හංව සච්චං, තුය්හං මුසා’ති කෙන මානෙන කාය දිට්ඨියා කෙන වා පුග්ගලෙන කලහං කරෙය්ය? භණ්ඩනං කරෙය්ය? විග්ගහං කරෙය්ය? විවාදං කරෙය්ය? මෙධගං කරෙය්ය: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි{2} වා සචෙ පහොසී’ති - මුසාති වා සො විවදෙථ කෙන.
Sinhala BJTමුසාති වා සො විවදෙථ කෙන - බාහිතපාපී බ්‍රාහ්මණ තෙම ‘මා කියන්නක් මැ සැබව තාගේ බස මෘෂා යැ’යි කවර මානයකින් කවර දෘෂ්ටියකින් හෝ කවර පුඟුලක්හු සමග කලහ කරන්නේ ද, ඩබර විග්‍රහ - විවාද - අරගල කරන්නේ ද; ‘තෝ මේ ධර්‍මවිනය නො දන්නෙහි..., ඉදින් පොහෝනෙහි නම් තමා මුදාගනැ’යි ‘මුසාති වා සො විවදෙථ කෙන’ යනු වේ.
Pali BJTයස්මිං සමං විසමං වාපි නත්ථීති - ‘යස්මි’න්ති යස්මිං පුග්ගලෙ අරහන්තෙ ඛීණාසවෙ ‘සදිසොහමස්මී’ති මානො නත්ථි, ‘සෙය්යො හමස්මී’ති අතිමානො නත්ථි; ‘හීනොහමස්මී’ති ඔමානො නත්ථි, න සන්ති න සංවිජ්ජති නූපලබ්භති, පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪන්ති - යස්මිං සමං විසමං වාපි නත්ථි.
Sinhala BJTයස්මිං සමං විසමං වාපි නත්‍ථි - ‘යස්මිං’ යනු: යම් අර්‍හත් ක්‍ෂීණාස්‍රව පුද්ගලයක්හු කෙරෙහි ‘මම් සදෘශ වෙමි’ මානයෙක් නැත, මම් ශ්‍රෙෂ්ඨයෙමී අතිමානයෙක් නැත, ‘මම් හීනයෙමී’ අවමානයෙක් නැත, නො වෙයි විද්‍යමාන නො වෙයි නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ වෙසෙසින් නසන ලද දුරලන ලද අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි ‘යස්මිං සමං විසමං වා පි නත්‍ථි’ යනු වේ.
Pali BJTස කෙන වාදං පටිසංයුජෙය්යාති - සො කෙන මානෙන කාය දිට්ඨියා කෙන වා පුග්ගලෙන වාදං පටිසංයුජෙය්ය, පටිචරෙය්ය. කලහං කරෙය්ය, භණ්ඩනං කරෙය්ය, විග්ගහං කරෙය්ය, විවාදං කරෙය්ය. මෙධගං කරෙය්ය: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති - ස කෙන වාදං පටිසංයුජෙය්ය.
Sinhala BJTස කෙන වාදං පටිසංයුජෙය්‍ය - හෙතෙම කවර මානයකින් කවර දෘෂ්ටියකින් හෝ කවර පුද්ගලයක්හු සමග වාදයෙහි යෙදෙන්නේ ද, හැසිරෙන්නේ ද, කලහ කරන්නේ ද, ඩබර කරන්නේ ද, විග්‍රහ කරන්නේ ද, විවාද කරන්නේ ද, අරගල කරන්නේ ද: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ...ඉදින් සමර්ත්‍ථයවු නම් තමා මුදාලව’යි ‘ස කෙන වාදං පටිසංයුජෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සච්චන්ති සො බ්රාහ්මණො කිං වදෙය්ය මුසාති වා සො විවදෙථ කෙන, යස්මිං සමං විසමං වාපි නත්ථි ස කෙන වාදං පටිසංයුජෙය්යා”ති.
Sinhala BJT“සච්චන්ති සො බ්‍රාහ්මණො -පෙ- වාදං පටිසංයුජෙය්‍ය” යී.
Pali BJT9. 10.
Sinhala BJT9. 10.
Pali BJTඔකං පහාය අනිකෙතසාරී ගාමෙ අකුබ්බං මුනි සන්ථවානි, කාමෙහි රිත්තො අපුරෙක්ඛරානො කථං න{3} විග්ගය්හ ජනෙන කයිරා{4}.
Sinhala BJT(රූපනිමිත්තාදි නිකෙතයෙහි නො හැසිරෙන හෙයින්) අනිකෙතසාරී වූ ක්‍ෂීණාසුව මුනි තෙම රූපවස්ත්‍වාදි විඥානගොචරය - ඕකය හැරපියා ගම්හි ගිහීසන්ථවයන් නො කෙරෙමින් කාමයන් කෙරෙන් වෙන් වූයේ (මතු අත්බව්හි තෘෂ්ණාවශයෙන්) වට්ටය පෙරටු නො කරනුයේ ජනයා සමග විග්‍රාහිකකථාව නො කරන්නේ යී.
Pali BJT“අථ ඛො හලිද්දකානී ගහපති යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො හලිද්දකානී ගහපති ආයස්මන්තං මහාකච්චානං එතදවොච: ‘වුත්තමිදං භන්තෙ කච්චාන, භගවතා අට්ඨකවග්ගියෙ{1} මාගන්දියපඤ්හෙ:
Sinhala BJT“එකල්හි හලිද්දකානී ගෘහපති තෙම ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේ සමීපයට එළැඹ, ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ එකත්පස් වැ හුන්නේය. එකත්පස් වැ හුන් හලිද්දකානී ගෘහපති තෙම ආයුෂ්මත් මහාකාත්‍යායනයන් වහන්සේට මෙපවත් කීය: ‘ස්වාමීනි, කාත්‍යායනයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටකවර්‍ගයෙහි වූ මාගන්දියප්‍රශ්නයෙහි මේ වදාරන ලද්දේය:
Pali BJT1. “ඔකං පහාය අනිකෙතසාරී ගාමෙ අකුබ්බං මුනි සන්ථවානි, කාමෙහි රිත්තො අපුරෙක්ඛරානො කථං න{2} විග්ගය්හ ජනෙන කයිරා”ති.{a}
Sinhala BJT1. ‘රූපවස්ත්‍වාදි විඥානයාගේ අවකාශ සඞ්ඛ්‍යාත ඕකය දුරු කොට අනිකෙතසාරී වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම ගම්හි ගිහීන් හා සන්‍ථව නො කෙරෙමින් කාමයන් කෙරෙන් වෙන්වූයේ වට්ටය පෙරටු කොට නො සිටියේ ජනයා සමග විග්‍රාහික කථාව නො කරන්නේය’යි.
Pali BJTඉමස්ස නු ඛො භන්තෙ කච්චාන! භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො?”ති.
Sinhala BJTස්වාමීනි, කාත්‍යායනයන් වහන්ස, භාග්‍යවතුන් විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කෙසේ නම් විස්තරයෙන් දතයුත්තේ දැ”යි.
Pali BJT“රූපධාතු කො ගහපති, විඤ්ඤාණස්ස ඔකො. රූපධාතුරාගවිනිබද්ධඤ්ච{3} පන විඤ්ඤාණං ‘ඔකසාරී’ති වුච්චති. වෙදනාධාතු ඛො ගහපති - සඤ්ඤාධාතු ඛො ගහපති - සඞ්ඛාරධාතු ඛො ගහපති, විඤ්ඤාණස්ස ඔකො, සඞ්ඛාරධාතුරාගවිනිබද්ධඤ්ච පන විඤ්ඤාණං ‘ඔකසාරී’ති වුච්චති. එවං ඛො ගහපති ඔකසාරී හොති.
Sinhala BJT‘ගෘහපතිය, රූපස්කන්‍ධය (කර්‍ම) විඥානයාගේ ඔක (=ප්‍රත්‍යය) වෙයි, තවද රූපධාතුයෙහි රාගයෙන් බැඳුණු කර්‍මවිඥානය ඔකසාරී (-ආලයෙහි හැසිරෙන සුලු) යැයි කියනු ලැබෙයි. ගෘහපතිය, වෙදනාස්කන්ධය... සංඥාස්කන්‍ධය... ගෘහපතිය සංස්කාරස්කන්‍ධය කර්‍මවිඥානයාගේ ඕකය වෙයි, තවද සංස්කාරස්කන්‍ධයෙහි රාගයෙන් බැඳුණු කර්‍මවිඥානය ‘ඔකසාරී’ යයි කියනු ලැබේ. මෙසෙයින් ගෘහපතිය ඔකසාරී වේ.
Pali BJTකථඤ්ච ඛො ගහපති අනොකසාරී හොති? රූපධාතුයා ඛො ගහපති යො ඡන්දො යො රාගො යා නන්දි යා තණ්හා යෙ උපයූපාදානා{4} චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා{5} අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තස්මා තථාගතො ‘අනොකසාරී’ වුච්චති. වෙදනාධාතුයා ඛො ගහපති - සඤ්ඤාධාතුයා ඛො - ගහපති - සඞ්ඛාරධාතුයා ඛො ගහපති - විඤ්ඤාණධාතුයා ඛො ගහපති, යො ඡන්දො යොගො යා නන්දි යා තණ්හා යෙ උපයූපාදානා{3} චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තස්මා තථාගතො ‘අනොකසාරී’ති වුච්චති. එවං ඛො ගහපති අනොකසාරී හොති.
Sinhala BJTතවද ගෘහපතිය, කිසෙයින් ‘අනෝකසාරී’ වෙයි ද යත්? ගෘහපතිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් යම් (තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත) උපය කෙනෙක් හා (කාමාදි) උපාදාන කෙනෙක් අකුශල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවේශ අනුශය වූවාහු ද ඔවුහු තථාගතයන් විසින් ප්‍රහීණ කරන ලද්දාහු උසුන්මුල් කළාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එහෙයින් සම්මාසම්බුදුහු ‘අනෝකසාරී’ යයි කියනු ලැබෙති. ගෘහපතිය, වෙදනාස්කන්‍ධයෙහි... සංඥාස්කන්‍ධයෙහි... සංස්කාරස්කන්‍ධයෙහි... ගෘහපතිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් යම් උපය හා උපාදාන කෙනෙක් අකුසල් සිතට ආධාර නිවාස අනුශය වූවාහු නම් ඔවුහු සම්මාසම්බුදුන් විසින් ප්‍රහාණය කරන ලද්දාහු උපුටාහළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එහෙයින් තථාගතයෝ ‘අනෝකසාරී’ යයි කියනු ලැබෙත්. මෙසෙයින් ගෘහපතිය, අනෝකසාරී වේ.
Pali BJTකථඤ්ච ගහපති. නිකෙතසාරී හොති? රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො ගහපති ‘නිකෙතසාරී’ති වුච්චති. සද්දනිමිත්ත - ගන්ධනිමිත්ත - රසනිමිත්ත - ඵොට්ඨබ්බනිමිත්ත - ධම්මනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො ගහපති ‘නිකෙතසාරී’ති වුච්චති. එවං ඛො ගහපති, නිකෙතසාරී හොති.
Sinhala BJTතවද ගෘහපතිය, කිසෙයින් නිකෙතසාරී වෙයි ද යත්? රූපනිමිත්ත සඞ්ඛ්‍යාත නිකෙතයෙහි (-රූප නමැති නිවාසයෙහි) පැතිරීම හා බැඳීම හේතු කොටගෙන ‘නිකෙතසාරී’ යයි කියනු ලැබෙයි. ශබ්දනිමිත්ත... ගන්ධනිමිත්ත... රසනිමිත්ත... ස්ප්‍රෂ්ටව්‍යනිමිත්ත... ධර්‍මනිමිත්ත නමැති නිවාසයෙහි විසාරවිනිබන්ධ (-පැතිරීම ත් බැඳීම ත්) හේතු කොටගෙන ‘නිකෙතසාරී යයි කියනු ලැබේ. මෙසෙයින් ගෘහපතිය, නිකෙතසාරී (-අරමුණෙහි වෙසෙනුයේ) වේ.
Pali BJT“කථඤ්ච ගහපති. අනිකෙතසාරී හොති? රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො ගහපති තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා තස්මා තථාගතො ‘අනිකෙතසාරී’ති. සද්දනිමිත්ත - ගන්ධනිමිත්ත - රසනිමිත්ත - ඵොට්ඨබ්බනිමිත්ත - ධම්මනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො ගහපති, තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා{1} අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තස්මා තථාගතො අනිකෙතසාරී’ති වුච්චති. එවං ඛො ගහපති, අනිකෙතසාරී හොති.
Sinhala BJTතවද ගෘහපතිය, කිසෙයින් අනිකෙතසාරී වේ ද? යත්: ගෘහපතිය රූපනිමිත්තනිකෙතයෙහි (ක්ලේශයන්ගේ) විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් විසින් ප්‍රහීණයෝ යැ, නැසූ මුල් ඇත්තෝ යැ, තාලවස්තුවක් මෙන් කරන ලද්දෝ යැ, නසන ලද්දෝ යැ, මතු නූපදනා පියවි ඇත්තෝ යැ. එහෙයින් සම්මාසම්බුදුහු ‘අනිකෙතසාරී’ යයි කියනු ලැබෙති ශබ්දනිමිත්ත... ගන්ධනිමිත්ත... රසනිමිත්ත... ස්ප්‍රෂ්ටව්‍යනිමිත්ත... ගෘහපතිය, ධර්‍මනිමිත්තනිකෙතයෙහි විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් විසින් ප්‍රහීණ කරන ලද්දාහුය... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහුය. එහෙයින් සම්මාසම්බුදුහු අනිකෙතසාරී යයි කියනු ලැබෙත්. මෙසෙයින් ගෘහපතිය, අනිකෙතසාරී වේ.
Pali BJTකථඤ්ච ගහපති, ගාමෙ සන්ථවජාතො හොති? ඉධ ගහපති, එකච්චො භික්ඛු ගිහීහි සංසට්ඨො විහරති: සහනන්දී සහසොකී, සුඛිතෙසු සුඛිතො, දුක්ඛිතෙසු දුක්ඛිතො, උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා වොයොගං ආපජ්ජති. එවං ඛො ගහපති! ගාමෙ සන්ථවජාතො හොති.
Sinhala BJTතවද ගෘහපතිය, කිසෙයින් ග්‍රාමයෙහි සන්ථවජාත වේ ද? යත්: ගෘහපතිය මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ගෘහීන් හා සංසෘෂ්ට වැ වෙසෙයි: එක් වැ සතුටු වෙයි, එක් වැ ශෝක ඇත්තේ වෙයි, (දායකයන්) සුඛිත කල්හි (ගෘහශ්‍රිත සැපයෙන්) සුඛිත වෙයි, දුකට පැමිණි කල්හි දුකට පැමිණෙයි, උපන් කටයුතු ඇතිකල්හි තමා උපයොගයට (-කළ යුතුබවට) පැමිණෙයි. මෙසෙයින් ගෘහපතිය, ගම්හි හටගත් සන්‍ථව ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, ගාමෙ න සන්ථවජාතො හොති? ඉධ ගහපති, එකච්චො භික්ඛු ගිහීහි අසංසට්ඨො විහරති: න සහනන්දී න සහසොකී, න සුඛිතෙසු සුඛිතො, න දුක්ඛිතෙසු දුක්ඛිතො, උප්පන්නෙසු කිච්චකරණීයෙසු න අත්තනා වොයොගං ආපජ්ජති. එවං ඛො ගහපති! ගාමෙ න සන්ථවජාතො හොති.
Sinhala BJTතවද ගෘහපතිය, කෙසේ ගම්හි නූපන් ගිහීසන්ථව ඇත්තේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ගිහීන් හා අසංසෘෂ්ට වූයේ වෙසෙයි: සමග සතුටු නො වන්නේ සමග ශෝකී නො වන්නේ සුඛිත කල්හි සුඛිත නො වූයේ දුඃඛිත කල්හි දුඃඛිත නො වූයේ උපන් කටයුතු ඇති කල්හි තමා උපයොගයට නො පැමිණෙයි. මෙසෙයින් ගෘහපතිය, ගම්හි නූපන් ගිහීසන්ථව ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, කාමෙහි අරිත්තො හොති? ඉධ ගහපති, එකච්චො භික්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගත{2} ඡන්දො අවිගත පෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. එවං ඛො ගහපති, කාමෙහි අරිත්තො හොති.
Sinhala BJTයළි ගෘහපතිය, කිසෙයින් කාමයන් කෙරෙන් නො සිස් වූයේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි කිසි මහණෙක් වස්තුකාමයන්හි නො පහ වූ රාග ඇතියේ අවිගත වු කාමච්ඡන්‍ද ඇතියේ අවිගත වූ ප්‍රේම ඇතියේ අවිගත වූ පිපාසා ඇතියේ අවිගත වූ පරිදාහ ඇතියේ අවිගත වූ කාමතෘෂ්ණා ඇතියේ වෙයි. මෙසෙයින් ගෘහපතිය, ක්ලේශකාමයන් කෙරෙන් අතුච්ඡ වේ.
Pali BJTකථඤ්ච ගහපති, කාමෙහි රිත්තො හොති? ඉධ ගහපති, එකච්චො භික්ඛු කාමෙසු වීතරාගො හොති විගත{3}ඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. එවං ඛො ගහපති! කාමෙහි රිත්තො හොති.
Sinhala BJTතවද ගෘහපතිය, කිසෙයින් කාමයන් කෙරෙන් රික්ත (-සිස්) වූයේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි කිසි මහණෙක් වස්තුකාමයන් කෙරෙහි පහවැගිය රාග ඇත්තේ විගත වූ කාමච්ඡන්‍ද ඇත්තේ විගත වූ පෙම ඇතියේ විගත වූ පිපාසා ඇතියේ විගත වූ පරිදාහ ඇතියේ විගත වූ තෘෂ්ණා ඇතියේ වෙයි. මෙසෙයින් ගෘහපතිය, ක්ලේශකාමයන් කෙරෙන් රික්ත වූයේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, පුරෙක්ඛරානො ති? ඉධ ගහපති, එකච්චස්ස භික්ඛුනො එවං හොති: ‘එවංරූපො සියං අනාගතමද්ධාන’න්ති. තත්ථ නන්දිං සමන්නානෙති{4} ‘එවංවෙදනො සියං - එවං සඤ්ඤො සියං එවංසඞ්ඛාරො සියං - එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධාන’න්ති තත්ථ නන්දිං සමන්නානෙති. එවං ඛො ගහපති, පුරෙක්ඛරානො හොති.
Sinhala BJTතවද ගෘහපතිය, කිසෙයින් වට්ටය පෙරටු කරන්නේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණක් හට මෙබඳු සිතෙක් වෙයි: ‘අනාගතකාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වෙම්ව’යි එහි තෘෂ්ණාව පිහිටුවයි මෙබඳු සැප වේදනා ඇතියෙම්... මෙබඳු සංඥා ඇතියෙම්... මෙබඳු සංස්කාර ඇතියෙම්... අනාගතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම් ව’යි එහි ප්‍රාර්‍ත්‍ථනාව පිහිටුවයි. මෙසෙයින් ගෘහපතිය, වට්ටය පෙරටු කරනුයේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, අපුරෙක්ඛරානො හොති? ඉධ ගහපති, එකච්චස්ස භික්ඛුනො එවං හොති: ‘එවංරූපො සියං අනාගතමද්ධාන’න්ති න තත්ථ නන්දිං සමන්නානෙති. ‘එවංවෙදනො සියං - එවංසඤ්ඤො සයං - එවංසඞ්ඛාරො සියං - එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධාන’න්ති න තත්ථ නන්දිං සමන්නානෙති. එවං ඛො ගහපති, අපුරෙක්ඛරානො හොති.
Sinhala BJTතවද ගෘහපතිය, කිසෙයින් වට්ටය නො පෙරටු කරනුයේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණක් හට මෙසේ සිතෙක් වෙයි: ‘අනාගතකාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වෙම්ව’යි එහි ප්‍රාර්‍ත්‍ථනාව නො පිහිටුවයි. මෙබඳු වේදනා ඇතියෙම්... මෙබඳු සංඥා ඇතියෙම්... මෙබඳු සංස්කාර ඇතියෙම්... මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’යි එහි ප්‍රාර්‍ත්‍ථනාව නො පිහිටුවයි. මෙසෙයින් ගෘහපතිය, සසරවට නො පෙරටු කරනුයේ වේ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTකථඤ්ච ගහපති, කථං විග්ගය්හ ජනෙන කත්තා හොති? ඉධ ගහපති, එකච්චො භික්ඛු එවරූපං කථං කත්තා හොති: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. එවං ඛො ගහපති, කථං විග්ගය්හ ජනෙන කත්තා හොති.
Sinhala BJTතවද ගෘහපතිය, කිසෙයින් ජනයා සමග විග්‍රාහිකකථාව කරන්නේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු විවාදකථාව කරන්නේ වෙයි: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ... ඉදින් සමර්‍ත්‍ථ වූවහු නම් මිදෙව’යි. මෙසෙයින් ගෘහපතිය, ජනයා සමග විග්‍රාහිකකථාව කරන්නේ වෙයි.
Pali BJTකථඤ්ච ගහපති, කථං න විග්ගය්හ ජනෙන කත්තා හොති? ඉධ ගහපති, එකච්චො භික්ඛු න එවරූපං කථං කත්තා හොති: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. එවං ඛො ගහපති, කථං න විග්ගය්හ ජනෙන කත්තා හොති. ඉති ඛො ගහපති, යන්තං වුත්තං භගවතා අට්ඨකවග්ගියෙ මාගන්දිය පඤ්හෙ:
Sinhala BJTතවද ගෘහපතිය, කිසෙයින් ජනයා සමග විග්‍රහ නො කරන්නේ වේ ද? යත්: ගෘහපතිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු විවාදකථාව නො කරන්නේ වෙයි: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ... ඉදින් පොහොනවු නම් (තමා දොසින්) මුදාගනුවයි.’ මෙසෙයින් ගෘහපතිය, ජනයා සමග විග්‍රාහික කථාව නො කරන්නේ වේ. ගෘහපතිය, මෙසේ භාග්‍යවතුන් විසින් අෂ්ටකවර්‍ගයෙහි වූ මාගන්‍දිය ප්‍රශ්නයෙහි
Pali BJTඔකං පහාය අනිකෙතසාරී ගාමෙ අකුබ්බං මුනි සන්ථවානි, කාමෙහි රිත්තො අපුරෙක්ඛරානො කථං න විග්ගය්හ ජනෙන කයිරා”ති.
Sinhala BJT‘ඔකං පහාය -පෙ- න විග්ගය්හ ජනෙන කයිරා’ යී යමක් වදාරන ලද්දේ නම්,
Pali BJTඉමස්ස ඛො ගහපති, භගවතා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො”ති.{a}
Sinhala BJTගෘහපතිය, භාග්‍යවත් බුදුන් විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි විස්තරාර්‍ත්‍ථය මෙසේ දතයුත්තේය’යි.
Pali BJTඔකං පහාය අනිකෙතසාරී ගාමෙ අකුබ්බං මුනි සන්ථවානි, කාමෙහි රිත්තො අපුරෙක්ඛරානො කථං න විග්ගය්හ ජනෙන කයිරා”ති.
Sinhala BJT“ඔකං පහාය -පෙ- න විග්ගය්හ ජනෙන කයිරා” යී.
Pali BJT9. 11.
Sinhala BJT9. 11.
Pali BJTයෙහි විවිත්තො විචරෙය්ය ලොකෙ න තානි උග්ගය්හ වදෙය්ය{1} නාගො, එලම්බුජං කණ්ටකං වාරිජං{2} යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තං. එවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලොකෙ ච අනූපලිත්තො.
Sinhala BJTක්‍ෂීණාස්‍රව නාග තෙම යම් දෘෂ්ටිගතාදියෙකින් වෙන් වූයේ ලොවැ හැසිරෙන්නේ ද, (හෙතෙම) ඒ දෘෂ්ටිගතයන් දැඩි වැ ගෙන නො කියන්නේ යැ. ඵල සඞ්ඛ්‍යාත ජලයෙහි උපන් කටු සහිත දඬු ඇති පියුම දියෙන් හා කලලින් යම්සේ නො තැවැරුණේ ද, එසෙයින් අධ්‍යාත්මශාන්තිය ප්‍රකාශ කරන තෘෂ්ණා රහිත වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම කාමයෙහි ද ලෝකයෙහි ද නො ඇලුණේ වේ.
Pali BJTයෙහි විවිත්තො විචරෙය්ය ලොකෙති - ‘යෙහී’ති යෙහි දිට්ඨිගතෙහි; විවිත්තොති කායදුච්චරිතෙන රිත්තො විවිත්තො පවිවිත්තො; වචීදුච්චරිතෙන - මනො දුච්චරිතෙන - රාගෙන -පෙ- සබ්බාකුසඩලාභිඞ්ඛාරෙහි රිත්තො විවිත්තො පවිවිත්තො; විචරෙය්යාති විචරෙය්ය විහරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්ය; ලොකෙති මනුස්සලොකෙ -පෙ- ආයතනලොකෙති ‘යෙහි විවිත්තො විචරෙය්ය ලොකො.’
Sinhala BJTයෙහි විවිත්තා විචරෙය්‍ය ලෝකේ - ‘යෙහි’ යනු: යම් දෘෂ්ටිගතයන් ගෙන්; විවිත්තො - කායදුශ්චරිතයෙන් සිස් වූයේ වෙන් වූයේ ඉතා වෙන් වූයේ වාග්දුශ්චරිතයෙන්... මනෝදුශ්චරිතයෙන්... රාගයෙන්... සියලු අකුශලාභිසංස්කාරයන් කෙරෙන් රිත්ත - විවිත්ත - ප්‍රවිවික්ත වූයේ; විචරෙය්‍ය - හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේය, රැකෙන්නේය යැපෙන්නේය යාපනය වන්නේය; ලෝකේ - මිනිස් ලොවැ... ආයතනලෝකයෙහි නුයි ‘යෙහි විචිත්තො විචරෙය්‍ය ලෝකේ’ යනු වේ.
Pali BJTන තානි උග්ගය්හ වදෙය්ය නාගොති - ‘නාගො’ති ආගුං න කරොතීති නාගො, න ගච්ඡතීති නාගො, නාගච්ඡතීති නාගො, කථං ආගුං න කරොතීති නාගො? ආගු වුච්චන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා{1} දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
Sinhala BJTන තානි උග්ගයහ වදෙය්‍ය නාගො - ‘නාගො’ යනු: පව් නො කෙරේ නුයි ‘නාග’යැ (අගතියට) නො යේ නුයි ‘නාග’ යැ (පුහුන් කෙලෙසුන් කරා) නො පැමිණේ නුයි ‘නාග’යැ. කිසෙයින් පව් නො කරනුයෙන් නාග වෙයි යත්: පීඩාකර වූ පුනර්‍භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛ විපාක උපදවන මත්තෙහි ජාතිජරාමරණයන්ට ප්‍රත්‍යය වූ ලාමක අකුශල ධර්‍මයෝ ‘ආගු’ යයි කියනු ලැබෙත්.
Pali BJT1. “ආගුං න කරොති කිඤ්චි ලොකෙ (සභියාති භගවා) සබ්බසඤ්ඤොගෙ විසජ්ජ බන්ධනානි, සබ්බත්ථ න සජ්ජති විමුත්තො නාගො තාදී පවුච්චතෙ{2}, තථත්තා.”{a}
Sinhala BJT1. (‘සභිය’යී බුදුහු මෙසේ වදාළහ:) යමෙක් ලෝකයෙහි අල්පමාත්‍ර වූ ද පාපයක් නො කෙරේ නම් එබඳු වූයේ ‘නාග’ යයි කියනු ලැබෙයි. හෙතෙම කාමාදි සියලු යෝගයන් ද සංයොජනභෙද වූ බන්ධනයන් ද හැරපියා ස්කන්‍ධාදි සියලු තැන්හි, කිසි සඞ්ගයෙකින් නො ඇලෙයි, ද්විවිධ විමුක්තියෙන් මිදුණේ ලාභාලාභාදියෙහි තාදී වූයේ ද වේ.
Pali BJTඑවං ආගුං න කරොතීති නාගො. කථං න ගච්ඡතීති නාගො? න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, න රාගවසෙන ගච්ඡති, න දොසවසෙන ගච්ඡති, න මොහවසෙන ගච්ඡති, න මානවසෙන ගච්ඡති, න දිට්ඨිවසෙන ගච්ඡති, න උද්ධච්චවසෙන ගච්ඡති, න විචිකිච්ඡාවසෙන ගච්ඡති, න අනුසයවසෙන ගච්ඡති. න වග්ගෙහි ධම්මෙහි යායති නීයති වුය්හති සංහරීයති. එවං න ගච්ඡතීති - නාගො. කථං නාගච්ඡතී ති නාගො? සොතාපත්තිමග්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසා න පුනෙති, න පච්චෙති, න පච්චාගච්ඡති.{3} සකදාගාමිමග්ගෙන - අනාගාමිමග්ගෙන - අරහත්තමග්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චාගච්ඡති, එවං නාගච්ඡතීති - නාගො.
Sinhala BJTමෙසේ පව් නො කෙරේ නුයි ‘නාග’ යැ. කිසෙයින් නො යේ නුයි නාග වෙයි යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයින් අගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචිකිත්සාවශයෙන් - අනුශයවශයෙන් නො යෙයි, වර්‍ග වූ ධර්‍මයන් ගෙන් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ. මෙසේ නො යේ නුයි - ‘නාග’ යැ. කෙසේ නො ඒ නුයි ‘නාග’ නම් වෙයි යත්: සෝවාන්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො එයි, පසු වැ නො එයි, ආපසු නො එයි. සැදැගැමිමඟින්... අනගැමිමඟින්... රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම්, ඒ කරා පෙරළා නො එයි පසු වැ නො එයි ආපසු නො එයි. මෙසේ නො ඒ නුයි ‘නාග’ නමි.
Pali BJTන තානි උග්ගය්හ වදෙය්ය නාගොති - නාගො න තානි දිට්ඨිගතානි ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා වදෙය්ය කථෙය්ය භණෙය්ය දීපයෙය්ය වොහරෙය්ය, ‘සස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති වදෙය්ය කථෙය්ය භණෙය්ය දීපයෙය්ය වොහරෙය්යාති - ‘න තානි උග්ගය්හ වදෙය්ය නාගො.’
Sinhala BJTන තානි උග්ගය්හ වදෙය්‍ය නාගො - නාග තෙමේ ඒ දෘෂ්ටිගතයන් ගෙන ඔසොවා ගෙන ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශය කොට නො පවසන්නේය නො කියන්නේය නො බණන්නේය නො දක්වන්නේය නො වහරන්නේය. ‘ශාශ්වත යැ ලෝකය... සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ සැබව, සෙස්ස මෝඝ යැ’යි නො පවසන්නේය නො කියන්නේය නො බණන්නේය නො දක්වන්නේය නො වහරන්නේ නුයි ‘න තානි උග්ගය්හ වදෙය්‍ය නාගො’ යනු වේ.
Pali BJTඑලම්බුජං කණ්ටකං වාරිජං යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තන්ති ‘එලං’ වුච්චති උදකං. ‘අම්බුජං’ වුච්චති පදුමං, ‘කණ්ටකො’ වුච්චති ඛරදණ්ඩො. ‘වාරි’ වුච්චති උදකං. ‘වාරිජං’ වුච්චති පදුමං වාරිසම්භවං. ‘ජලං’ වුච්චති උදකං. ‘පඞ්කො’ වුච්චති කද්දමො. යථා පදුමං වාරිජං වාරිසම්භවං ජලෙන ච පඞ්කෙන ච න ලිප්පති, න සංලිප්පති{4} නූපලිප්පති, අලිත්තං අසංලිත්තං, අනුපලිත්තන්ති - “එලම්බුජං කණ්ටකං වාරිජං යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තං.”
Sinhala BJTඑලම්බුජං කණටකං වාරිජං යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තං - ‘එලං’ යී දිය කියනු ලැබෙයි. ‘අම්බුජ’යී පියුම කියනු ලැබෙයි. ‘කණ්ටක, යී රළු වූ දණ්ඩ කියනු ලැබෙයි. ‘වාරි’යී දිය කියනු ලැබෙයි. ‘වාරිජ’යී දියෙහි උපන් පියුම කියනු ලැබෙයි. ‘ජල’යී දිය කියනු ලැබෙයි. ‘පඞ්ක’යී කලල් කියනු ලැබේ. යම් සේ දියෙහි උපන් දියෙහි හටගත් පියුම දියෙන් හා කලලින් නො ඇලේ ද වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, නො ඇලුණේ වෙසෙසින් නො ඇලුණේ නො තැවැරුණේ නුයි ‘ඵලම්බුජං කණ්ටකං වාරිජං යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තං’ යනු වේ.
Pali BJTඑවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලොකෙ ච අනූපලිත්තොති ‘එව’න්ති ඔපම්මසම්පටිපාදනං; මුනීති මොනං වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනි. සන්තිවාදොති සන්තිවාදො මුනි තාණවාදො ලෙනවාදො සරණවාදො අභයවාදො අච්චුතවාදො අමතවාදො නිබ්බානවාදොති - එවං මුනී සන්තිවාදො. අගිද්ධොති ගෙධො වුච්චති තණ්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; යස්ස සො ගෙධො පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො, සො වුච්චති අගිද්ධො. සො රූපෙ අගිද්ධො; සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ - කුලෙ - ගණෙ - ආවාසෙ - ලාභෙ - යසෙ{1} පසංසාය - සුඛෙ - චීවරෙ - පිණ්ඩපාතෙ - සෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙ - කාමධාතුයා - රූපධාතුයා - අරූපධාතුයා - කාමභවෙ - රූපභවෙ - අරූපභවෙ - නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ - එකවොකාරභවෙ - චතුවොකාරභවෙ පඤ්චවොකාරභවෙ අතීතෙ - අනාගතෙ - පච්චුප්පන්නෙ - දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු අගිද්ධො අගථිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො{2} වීතගෙධො විගතගෙධො චත්තගෙධො වන්තගෙධො මුත්තගෙධො පටිනිස්සට්ඨගෙධො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති - එවං මුනී සන්තිවාදො අගිද්ධො.
Sinhala BJTඑවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො - ‘එවං’ යනු: ඖපම්‍යසම්ප්‍රතිපාදනා යැ; මුනි - ‘මොන’යී ඥානය කියනු ලැබෙයි... සන්තිවාදො - මුනි තෙම අධ්‍යාත්මශාන්තිය කියන්නේ යැ, ත්‍රාණ වාද යැ ලෙනවාද යැ ශරණවාද යැ අභයවාද යැ අව්‍යුතවාද යැ අමෘතවාද යැ නිර්‍වාණවාද (=නිවන පවසා) නුයි ‘එවං මුනි සන්තිවාදො’ යනු වේ. අගිද්ධො - ‘ගේධ‘යී තෘෂ්ණාව කියනු ලැබෙයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, යමක්හු විසින් ඒ ගේධ තෙමේ ප්‍රහීණ කරන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද, උපතට නුසුදුසු වූයේ නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අගිද්ධ’යී කියනු ලැබෙයි. හේ රූපයෙහි අගිද්ධ යැ ශබ්දයෙහි - ගන්‍ධයෙහි - රසයෙහි - ස්ප්‍රෂ්ටව්‍යයෙහි - කුලයා කෙරෙහි - ගණයා කෙරෙහි - ආවාසයෙහි - ලාභයශස් - ප්‍රශංසායෙහි - සුවයෙහි - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලාන - ප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙහි - කාමධාතුයෙහි - රූපධාතුයෙහි - අරූපධාතුයෙහි - කාම - රූප - අරූපභවයෙහි - නෛවසංඥානාසංඥාභවයෙහි - එකවොකාර - චතුවෝකාර - පඤ්චවොකාරභවයෙහි - අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්නයෙහි - දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍යධර්‍මයන්හි නො ගිජු වූයේ නො ගෙතුණේ මුසපත් නො වූයේ නො බැඳුණේ පහවූ තෘෂ්ණා ඇතියේ පහවගිය තෘෂ්ණා ඇතියේ ත්‍යක්ත වූ තෘෂ්ණා ඇතියේ වාන්ත (-වමනය කළ) තෘෂ්ණා ඇතියේ මුදන ලද තෘෂ්ණා ඇතියේ දුරැ ලූ තෘෂ්ණා ඇතියේ වීතරාග - විගතරාග - ත්‍යක්තරාග - වාන්තරාග - මුක්තරාග - ප්‍රහීණ රාග - ප්‍රතිනිඍෂ්ටරාග වූයේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ (කයින් සිතින්) සුව විඳින සුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘එවං මුනී සන්තිවාදො අගිද්ධො’ යනු වේ.
Pali BJTකාමෙ ච ලොකෙ ච අනූපලිත්තොති - ‘කාමා’ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා; ලොකෙති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ; ‘ලෙපා’ති ද්වෙ ලෙපා: තණ්හාලෙපො ච දිට්ඨිලෙපො ච -පෙ- අයං තණ්හාලෙපො -පෙ- අයං දිට්ඨිලෙපො. මුනි තණ්හාලෙපං පහාය දිට්ඨිලෙපං පටිනිස්සජිත්වා කාමෙ ච ලොකෙ ච න ලිප්පති, න පලිප්පති, න උපලිප්පති. අලිත්තො අසංලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො{3} විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති - එවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලොකෙ ච අනූපලිත්තො.’
Sinhala BJTකාමෙ ච ලෝකේ ච අනූපලිත්තො - ‘කාමා’ යනු: උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි:... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍ය - දෙව - ස්කන්‍ධ - ධාතු - ආයතනලෝකයෙහි; ‘ලෙප’ යනු: තෘෂ්ණාලේපය ද දෘෂ්ටිලෙපය දැයි ලෙප දෙකෙකි... මුනි තෙම තෘෂ්ණාලේපය හැර දෘෂ්ටිලෙපය දුරලා කාමයෙහි ද, ලෝකයෙහි ද, නො ඇලෙයි වෙසෙසින් නො ඇලෙයි, නො තැවැරෙයි. අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ නික්මැගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ (අරමුණුවලින්) මිදුණු සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘එවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යෙහි විවිත්තො විචරෙය්ය ලොකෙ න තානි උග්ගය්හ වදෙය්ය නාගො, එලම්බුජං කණ්ටකං වාරිජං යථා ජලෙන පඞ්කෙන ච නූපලිත්තං. එවං මුනී සන්තිවාදො අගිද්ධො කාමෙ ච ලොකෙ ච අනූපලිත්තො”ති.
Sinhala BJT“යෙහි විවිත්තො -පෙ- කාමෙ ච ලෝකේ ච අනූපලිත්තො” යී.
Pali BJT9. 12.
Sinhala BJT9. 12.
Pali BJTන වෙදගූ දිට්ඨියා න මුතියා ස මානමෙති න හි තම්මයො{1} සො, න කම්මුනා{2} නොපි සුතෙන නෙය්යො අනූපනීතො ස{3} නිවෙසනෙසු.
Sinhala BJTසිවුමඟ නුවණට පැමිණි (මා වැනියෙක්) දෘෂ්ටියට (හෝ දෘෂ්ටියෙන්) යන්නෙ නො වෙයි. හෙතෙම (මුතරූපාදි භේද වූ) මුතියෙනු දු මානයට නො පැමිණෙ යි. හේ (තෘෂ්ණා - දෘෂ්ටි විසින්) නො මැ තමමය වෙයි. කර්‍මයෙන් හෝ ශ්‍රැතයෙන් හෝ නො ද පැමිණැවියැ යුත්තේ, වෙයි. හේ තෘෂ්ණාදෘෂ්ටිනිවෙසනයන්හි අනූපනීත වේ.
Pali BJTන වෙදගූ දිට්ඨියා න මුතියා ස මානමෙතීති - ‘නා’ති පටික්ඛෙපො. වෙදගූති ‘වෙදං’ වුච්චති චතුසු මග්ගෙසු ඤාණං, පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මා දිට්ඨි. තෙහි වෙදෙහි ජාතිජරාමරණස්ස අන්තගතො අන්තප්පත්තො කොටිගතො කොටිප්පත්තො පරියන්තගතො පරියන්තප්පත්තො වොසානගතො වොසානප්පත්තො තාණගතො තාණප්පත්තො ලෙනගතො ලෙනප්පත්තො සරණගතො සරණප්පත්තො අභයගතො අභයප්පත්තො අච්චුතගතො අච්චුතප්පත්තො අමතගතො අමතප්පත්තො නිබ්බානගතො නිබ්බානප්පත්තො වෙදානං වා අන්තං ගතොති වෙදගූ. වෙදෙහි වා අන්තං ගතොති වෙදගූ. සත්තන්නං ධම්මානං විදිතත්තා වෙදගූ: සක්කායදිට්ඨි විදිතා හොති, විචිකිච්ඡා විදිතා හොති, සීලබ්බතපරාමාසො විදිතො හොති, රාගො විදිතො හොති, දොසො විදිතො හොති, මොහො විදිතො හොති, මානො විදිතො හොති, විදිතා’ස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා{4} දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
Sinhala BJTන වේදගු දිට්ඨියා න මුතියා ස මානමෙති - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ. වේදගු ‘වෙද’යි සතර මඟ නුවණ කියනු ලැබෙයි, ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලන ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වීමාංශාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය යි. ඒ මාර්‍ගඥානවෙදයන්ගෙන ජාතිජරාමරණයාගේ අන්තයට ගියේ අන්තයට පැමිණියේ කෙළවරට ගියේ කෙළවරට පැමිණියේ පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ ත්‍රාණයට ගියේ ත්‍රාණයට පැමිණියේ ලෙනයට ගියේ ලෙනයට පැමිණියේ ශරණයට ගියේ ශරණයට පැමිණියේ අභයට ගියේ අභයට පැමිණියේ අච්‍යුතයට ගියේ අච්‍යුතයට පැමිණියේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ නිවනට ගියේ නිවනට පැමිණියේ නොහොත් වෙදයන්ගේ අන්තයට ගියේ නුයි - ‘වේදගු’යැ, වෙදයන්ගෙන් අන්තයට ගියේ නුයි හෝ - ‘වේදගු’ යැ. සප්තධර්‍මයන් විදිත හෙයින් ‘වේදගු’ යැ: සත්කායදෘෂ්ටිය දන්නා ලද්දී වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි. කෙලෙසට කරුණු වූ පුනර්‍භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති අනාගතයෙහි ජාතිජරාමරණයට හේතු වූ ලාමක අකුශලධර්‍මයෝ ඔහු විසින් විදිත වූවාහු වෙත්.
Pali BJT1. “වෙදානි විචෙය්ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානි’ධත්ථි{5} බ්රාහ්මණානං, සබ්බ{6} වෙදනාසු වීතරාගො සබ්බ{7} වෙදමතිච්ච වෙදගූ සො”ති{a}
Sinhala BJT1. (“සභිය, යී බුදුහු මෙසේ වදාළහ:) මාර්‍ගඥානවේදයට පැමිණි ඒ ක්‍ෂීණාස්‍රව තෙම මේ ලෝකයෙහි මහණබමුණන්ගේ ශාස්‍ත්‍ර සඞ්ඛ්‍යාත යම් වෙද කෙනෙක් ඇත් ද ඒ සියල්ල (අනිත්‍යාදි වශයෙන්) විමසා (එහි ඡන්‍දරාගප්‍රහාණයෙන්) සියලු ශාස්ත්‍රවෙදය ඉක්මැ සියලු වේදනාවන්හි වීතරාග වේ.”
Pali BJTන දිට්ඨියාති - තස්ස ද්වාසට්ඨි දිට්ඨිගතානි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි. සො දිට්ඨියා න යායති, න නීයති, න වුය්හති, න සංහරීයති, නපි තං දිට්ඨිගතං සාරතො පච්චෙති. න පච්චාගච්ඡතීති - න වෙදගූ දිට්ඨියා.
Sinhala BJTන දිට්ඨියා - ඔහු විසින් දෙසැට දිටුහු පහන ලද්දාහු සිඳුණා ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු වෙති; හෙතෙම දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි; නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරනු ලැබේ. ඒ දෘෂ්ටියට නො ද සාර හෙයින් පැමිණෙයි, නො පෙරළා ඒ නුයි ‘න වේදගු දිට්ඨියා’ යනු වේ.
Pali BJTන මුතියා ස මානමෙතීති - මුතරූපෙන වා පරතොඝොසෙන වා මහාජනසම්මුතියා වා මානං නෙති, න උපෙති, න උපගච්ඡති, න ගණ්හාති, න පරාමසති, නාභිනිවිසතීති - ‘න වෙදගූ දිට්ඨියා න මුතියා ‘ස මානමෙති’.
Sinhala BJTන මුනියා ස මානමෙති - මුත (-ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) රූපයෙන් හෝ පරතොඝොෂයෙන් හෝ මහජන සම්මුතියෙන් හෝ මානයට නො එයි නො පැමිණෙයි, නො එළැඹෙයි, නො ගනී, නො ඇලෙයි, නො පිවිසේ නුයි ‘න වේදගු න දිට්ඨියා න මුනියා ස මානමෙති’ යනු වේ.
Pali BJTන හි තම්මයො සොති - න තණ්හාවසෙන න දිට්ඨිවසෙන තම්මයො හොති තප්පරමො තප්පරායණො; යතො තණ්හා ච දිට්ඨි ච මානො ච අස්ස පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා{8} අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, එත්තාවතා න තම්මයො හොති, න තප්පරමො, න තප්පරායණොති - න හි තම්මයො සො’.
Sinhala BJTන හි තම්මයො සො - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් තන්මය නො වෙයි, තත්පරායණ නො වේ. යම් තැනක සිට තෘෂ්ණාව ත් දෘෂ්ටිය ත් මානය ත් ඔහු විසින් ප්‍රහීණ කරන ලද්දාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් එය ප්‍රකෘති කොට ඇත්තේ නො වෙයි, තත්පරම නො වෙයි, තත්පරායණ නො වේ නුයි ‘න හි තම්මයො සො’ යනු වේ.
Pali BJTන කම්මුනා නො’පි සුතෙන නෙය්යොති - ‘න කම්මුනා’ති පුඤ්ඤාභිසඞ්ඛාරෙන වා අපුඤ්ඤාභිඞ්ඛාරෙන වා ආනෙඤ්ජාභිසඞ්ඛාරෙන වා න යායති, න නීයති, න වුය්හති, න සංහරීයතීති - න කම්මුනා; නොපි සුතෙන නෙය්යොති සුතසුද්ධියා වා පරතොඝොසෙන වා මහාජනසම්මුතියා වා න යායති, න නීයති, න වුය්හති, න සංහරීයතීති - න කම්මුනා නොපි සුතෙන නෙය්යො.
Sinhala BJTන කම්මුනා නො ‘පි සුතෙන නෙය්‍යො - ‘න කම්මුනා’ යනු: පුණ්‍යාභිසංස්කාරයෙන් හෝ අපුණ්‍යාභිසංස්කාරයෙන් හෝ ආනෙඤ්ජාභිසංස්කාරයෙන් හෝ නො යවනු ලැබෙයි, නො ගෙනයනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘න කම්මුනා’ යනු වේ. නො ‘පි සුතෙන නෙය්‍යො - ශ්‍රැතශුද්ධියෙන් හෝ පරතොඝොෂයෙන් හෝ මහජනසම්මුතියෙන් හෝ නො යවනු ලැබෙයි... නො හරිනු ලැබේ නුයි ‘න කම්මුනා නො ‘පි සුතෙන නෙය්‍යො’ යනු වේ.
Pali BJTඅනූපනීතො ස නිවෙසනෙසූති - ‘උපයා’ති ද්වෙ උපයා: තණ්හාඋපයො ච දිට්ඨිඋපයො ච -පෙ- අයං තණ්හාඋපයො -පෙ- අයං දිට්ඨිඋපයො. තස්ස තණ්හාඋපයො පහීනො, දිට්ඨිඋපයො පටිනිස්සට්ඨො; තණ්හූපයස්ස පහීනත්තා දිට්ඨූපයස්ස පටිනිස්සට්ඨත්තා සො නිවෙසනෙසු අනූපනීතො අනුපලිත්තො අනුපගතො අනජ්ඣොසිතො{1} අනධිමුත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති අනූපනීතො ස නිවෙසනෙසු.’
Sinhala BJTඅනූපතීතො ස නිවෙසනෙසු - ‘උපය’ යනු: තෘෂ්ණා උපය ද දෘෂ්ටි උපය දැයි උපයයෝ දෙදෙනෙක් වෙති... ඔහු විසින් තෘෂ්ණාඋපය ප්‍රහීණ යැ, දෘෂ්ටිඋපය දුරලන ලද; තෘෂ්ණොපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ට්‍යුපය දුරලන ලද බැවින් හේ (අපායාදි) නිවේසනයන්හි නො පමුණුවන ලද්දේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො ඇතුළු වූයේ නික්මැගියේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ නො බැඳුණේ කෙලෙසුන් හා නො යෙදුණු සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අනූපනීතො ස නිවෙසනෙසු යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ:
Pali BJTන වෙදගූ දිට්ඨියා න මුතියා ස මානමෙති න හි තම්මයො සො, න කම්මුනා නොපි සුතෙන නෙය්යො අනූපනීතො ස නිවෙසනෙසූ”ති.
Sinhala BJT“න වේදගු -පෙ- ස නිවෙසනෙසු” යී.
Pali BJT9. 13.
Sinhala BJT9. 13.
Pali BJTසඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා{2} පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා, සඤ්ඤං ච දිට්ඨිං ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා{3} විචරන්ති{4} ලොකෙ.
Sinhala BJTප්‍රහීණ කළ කාමාදි සංඥා ඇත්තහුට (අභිධ්‍යාකායාදි) ග්‍රන්‍ථයෝ නො වෙති. විදර්‍ශනාප්‍රඥාවෙන් කෙලෙසුන් කෙරෙන් මිදුණහුට මෝහයෝ නො වෙති. යම් කෙනෙක් කාමාදි සංඥාව ත් දෙසැට දෘෂ්ටිය ත් දැඩි වැ ගත්තාහු නම්, ඔහු උනුන් ගටමින් ලොවැ හැසිරෙත්.