Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 701-800 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතෙ වාදකාමා පරිසං විගය්හ බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං, වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං පසංසකාමා කුසලාවදානා.
Sinhala BJTඔවුහු වාද කැමැත්තාහු පිරිස්මැදට වැද වාදකරුවෝ දෙදෙන ඔවුනොවුන් බාලයයි සිතති, ඔහු අන්‍ය ශාස්තෘ ආදිය ඇසුරු කළාහු පැසසුම් කැමැති ව (ඇපි) පණ්ඩිතවාද ඇතියම්හ’යි විවාද කථා කියත්.
Pali BJTතෙ වාදකාමා පරිසං විගය්හාති - ‘තෙ වාදකාමා’ති තෙ වාදකාමා වාදත්ථිකා වාදාධිප්පායා වාදපුරෙක්ඛාරා වාදපරියෙසනං චරන්තා; පරිසං - ඛත්තියපරිසං බ්රාහ්මණපරිසං ගහපතිපරිසං සමණපරිසං විගය්හ ඔගය්හ; විගය්හාති අජ්ඣොගහෙත්වා පවිසිත්වාති ‘තෙ වාදකාමා පරිසං විගය්හ.’
Sinhala BJTතෙ වාදකාමා පරිසං විගය්හ - ‘තෙ වාදකාමා’ යනු: ඔහු වාද කැමැත්තාහු වාදාර්ථි වූවාහු වාද අදහස් ඇත්තාහු වාද පෙරටු කොට ඇත්තාහු වාද සෙවීමෙහි හැසිරෙන්නාහු; පරිසං විගය්හ - ක්‍ෂත්‍රිය පිරිසට බ්‍රාහ්මණ - ගෘහපති - ශ්‍රමණ පිරිසට පැමිණ බැස ඇතුළුව පිවිස නුයි ‘තෙ වාදකාමා පරිසං විගය්හ’ යනු වේ.
Pali BJTබාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤන්ති - ‘මිථූ’ති ද්වෙ ජනා ද්වෙ කලහකාරකා ද්වෙ භණ්ඩනකාරකා ද්වෙ භස්සකාරකා ද්වෙ විවාදකාරකා ද්වෙ අධිකරණකාරකා ද්වෙ වාදිනො ද්වෙ සල්ලාපකා; තෙ අඤ්ඤමඤ්ඤං හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො දහන්ති පස්සන්ති දක්ඛන්ති ඔලොකෙන්ති නිජ්ඣායන්ති{1} උපපරික්ඛන්තීති ‘බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං. ‘
Sinhala BJTබාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං - ‘මිථු’ යනු දෙදෙනා කලහකරුවෝ දෙදෙන ඩබරකරුවෝ - (විවාද) කථාකරුවෝ - විවාදකරුවෝ - අධිකරණකරුවෝ - වාදකරුවෝ - කථාකරනුවෝ දෙදෙන, ඔහු ඔවුනොවුන් හීනවසයෙන් නිහීනවසයෙන් අවමන්වසයෙන් ලාමකවසයෙන් පහත්වසයෙන් අල්පවසයෙන් සලකති බලති දකිති අවලෝකන කෙරෙති සිතති විමසත් නුයි ‘බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං’ යනු වේ.
Pali BJTවදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජන්ති - තෙ අඤ්ඤං සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං මග්ගං නිස්සිතා අස්සිතා{2} අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තා; කථොජ්ජං වුච්චති කලහො භණ්ඩනං විග්ගහො විවාදො මෙධගං; අථවා කථොජ්ජන්ති අනොජවන්තී{3} සා කථා{4} කථොජ්ජං වදන්ති, කලහං වදන්ති. භණ්ඩනං වදන්ති. විග්ගහං වදන්ති. විවාදං වදන්ති. මෙධගං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං.’
Sinhala BJTවදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං - ඔවුහු අන්‍ය ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් ලබ්ධියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කළාහු වෙසෙසින් ඇසුරු කළාහු ඇලුණාහු පැමිණියාහු පිවිසියාහු බැසගත්තාහු; ‘කථොජ්ජ’ යී කලහය ඩබරය විග්‍රහය විවාදය මෙධගය කියනු ලැබෙයි. නොහොත් කථොජ්ජං - අනොජවත් වූ ඒ කථාව ‘කථොජ්ජ’ යයි කියති, කලහ - භණ්ඩන - විග්ගහ - විවාද - මෙධග යයි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං’ යනු වේ.
Pali BJTපසංසකාමා කුසලාවදානාති - ‘පසංසකාමා’ති පසංසකාමා පසංසත්ථිකා පසංසාධිප්පායා පසංසාපුරෙක්ඛාරා පසංසාපරියෙසනං චරන්තා; කුසලාවදානාති කුසලවාදා පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති ‘පසංසකාමා කුසලාවදානා.’
Sinhala BJTපසංසකාමා කුසලාවදානා - ‘පසංසකාමා’ යනු: පැසැසුම් කැමැත්තාහු ප්‍රශංසාර්ත්‍ථී වූවාහු ප්‍රශංසාධිප්‍රාය ඇත්තාහු පැසැසුම් පෙරටු කොට සිටියාහු පැසැසුම් සෙවීමෙහි හැසිරෙන්නාහු; කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද - පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්‍ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘පසංසකාමා කුසලාවදානා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“තෙ වාදකාමා පරිසං විගය්හ බාලං දහන්ති මිථු අඤ්ඤමඤ්ඤං, වදන්ති තෙ අඤ්ඤසිතා කථොජ්ජං පසංසකාමා කුසලාවදානා”ති.
Sinhala BJT“තෙ වාදකාමා -පෙ- කුසලාවදානා” යී
Pali BJT8. 3.
Sinhala BJT8. 3.
Pali BJTයුත්තො කථායං පරිසාය මජ්ඣෙ පසංසමිච්ඡං විනිඝාති හොති, අපාසදස්මිං{5} පන මඞ්කු හොති, නින්දාය සො කුප්පති රන්ධමෙසී.
Sinhala BJTපිරිස් මැද වාදකථායෙහි උත්සුක වූයේ (තමහට) පැසැසුම් කැමැති වෙමින් (පළමු මැ) සැක ඇතියේ වෙයි. යළි (වීමංසකයන් විසින් ඔහු ගේ වාදය) බැහැර කරනු ලැබූ කල්හි මකු වෙයි. සිදුරු සොයන්නාවූ හෙතෙම නින්‍දාවෙන් කෝපයට පැමිණේ.
Pali BJTයුත්තො කථායං පරිසාය මජ්ඣෙති - ඛත්තියපරිසාය වා බ්රාහ්මණපරිසාය වා ගහපතිපරිසාය වා සමණපරිසාය වා මජ්ඣෙ අත්තනො කථායං යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තො සම්පයුත්තො කථෙතුන්ති ‘යුත්තො කථායං පරිසාය මජ්ඣෙ’
Sinhala BJTයුත්තො කථායං පරිසාය මජ්ඣෙ - ක්‍ෂත්‍රියපර්‍ෂද් හෝ බ්‍රාහ්මණපර්‍ෂද් හෝ ගෘහපතිපර්‍ෂද් හෝ ශ්‍රමණපර්‍ෂද් හෝ මැද තමාගේ වාදකථායෙහි කියන්නට උත්සුක වූයේ ප්‍රයුක්ත වූයේ ආයුක්ත වූයේ සංයුක්ත වූයේ සම්ප්‍රයුක්ත වූයේ නුයි ‘යුත්තො කථායං පරිසාය මජ්ඣෙ’ යනු වේ.
Pali BJTපසංසමිච්ඡං විනිඝාති හොතීති - ‘පසංසමිච්ඡ’න්ති පසංසං ථොමනං කිත්තිං වණ්ණහාරියං ඉච්ඡන්තො පත්ථයන්තො පිහයන්තො අභිජප්පන්තො; විනිඝාති හොතීති - පුබ්බෙව සල්ලාපා කථංකථී විනිඝාති හොති: ‘ජයො නු ඛො මෙ භවිස්සති, පරාජයො නු ඛො මෙ භවිස්සති, කථං නිග්ගහං කරිස්සාමි, කථං පටික්කම්මං කරිස්සාමි, කථං විසෙසං කරිස්සාමි, කථං පටිවිසෙසං කරිස්සාමි, කථං ආවෙඨියං කරිස්සාමි, කථං නිබ්බෙඨියං කරිස්සාමි, කථං ඡෙදං{1} කරිස්සාමි, කථං මණ්ඩලං කරිස්සාමී’ති. එවං පුබ්බෙව සල්ලාපා කථඞ්කථී විනිඝාති හොතීති ‘පසංසමිච්ඡං විනිඝාති හොති.’
Sinhala BJTපසංසමිච්ඡං විනිඝාති හොති - ‘පසංසමිච්ඡං’ යනු: පැසැසුම් තෙමුම් කීර්‍තතිය යසස්වැඩීම කැමැති වෙමින් ඉවසමින් පතමින් බලාපොරොත්තු වෙමින් ගුණ කියමින්; විනිඝාති හොති - වාදකථාවෙන් පළමු මැ සැක ඇතියේ ගැටෙනුයේ වෙයි: ‘මට ජය වෙයි දෝ හෝ, මට පරාජය වෙයි දෝ හෝ, කිසෙයින් නිග්‍රහ කෙරෙම් ද කෙසේ පිළියම් කෙරෙම් ද කිසෙයින් විශේෂ (=අතිරේක) කෙරෙම් ද කිසෙයින් පුන පුනා විශේෂ කෙරෙම් ද කිසෙයින් වෙළුම් කෙරෙම් ද කිසෙයින් (මාගේ) වෙළුම් හරිම් ද කෙසේ (වාදය) සිඳිම් ද කෙසේ මඬුලු කෙරෙම් දැ’යි මෙසේ වාදකථාවෙන් පෙර මැ සැක ඇතියේ ගැටෙනුයේ වේ නුයි ‘පසංසමිච්ඡං විනිඝාති හොති’ යනු වේ.
Pali BJTඅපාසදස්මිං{2} පන මඞ්කු හොතීති - ‘යෙ තෙ පඤ්හවීමංසකා පරිසා පාරිසජ්ජා පාසාරිකා{3} තෙ අපසාදෙන්ති: ‘අත්ථාපගතං භණිත’න්ති අත්ථතො අපසාදෙන්ති. ‘බ්යඤ්ජනාපගතං භණිත’න්ති බ්යඤ්ජනතො අපසාදෙන්ති.{4} ‘අත්ථබ්යඤ්ජනාපගතං භණිත’න්ති අත්ථබ්යඤ්ජනතො අපසාදෙන්ති. ‘අත්ථො තෙ දුන්නීතො. බ්යඤ්ජනං තෙ දුරොපිතං. අත්ථබ්යඤ්ජනං තෙ දුන්නීතං දුරොපිතං. නිග්ගහො තෙ අකතො. පටිකම්මං තෙ දුක්කතං. විසෙසො තෙ අකතො. පටිවිසෙසො තෙ දුක්කතො. ආවෙඨියා තෙ අකතා, නිබ්බෙඨියා තෙ දුක්කතා. ඡෙදො තෙ අකතො. මණ්ඩලං තෙ දුක්කතං. විසමං කථිතං{5} දුක්කථිතං දුබ්භණිතං දුල්ලපිතං දුරුත්තං දුබ්භාසිත’න්ති අපසාදෙන්ති.{6} අපාසදස්මිං{2} පන මඞ්කු හොතීති අපාහතස්මිං මඞ්කු හොති පීළිතො ඝට්ටිතො බ්යාධිතො දොමනස්සිතො හොතීති අපාසදස්මිං පන මඞ්කු හොති.’
Sinhala BJTඅපාසදස්මිං පන මඞ්කු හොති - පිරිස්වැසි වූ පිරිවර වූ කාරුණික වූ යම් ප්‍රශ්න වීමංසකයෝ වෙත් ද ඔවුහු බැහැර කෙරෙති: ‘අර්‍ත්‍ථයෙන් බැහැර ව කියන ලදැ’යි අර්‍ත්‍ථයෙන් බැහැර කෙරෙති. ‘ඛ්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි ඛ්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්‍ථව්‍යඤ්ජන රහිතව කියන ලදැ’යි අර්‍ථව්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘තා විසින් අර්‍ත්‍ථය වරදවා එළවන ලද. තා විසින් ඛ්‍යඤ්ජනය වරදවා තබන ලද. තා විසින් අර්ත්‍ථව්‍යඤ්ජනය වරදවා එළවන ලද. තබන ලද. තා විසින් නිග්‍රහය නො කරන ලද. තා විසින් පිළියම් (ලබ්ධිය පිහිටුවීම) වරදවා කරන ලද. විශේෂය තා විසින් නො කරන ලද. ප්‍රතිවිශෙෂය තා විසින් වරදවා කරන ලද. වෙළුම තා විසින් නො කරන ලද. වෙළුම් හැරීම තා විසින් වරදවා කරන ලද. වාද සිඳුම තා විසින් නො කරන ලද. මණ්ඩලය තා විසින් වරදවා කරන ලද. විෂම ව කියන ලද, වරදවා කියන ලද, වරදවා බණන ලද, වරදවා විසඳන ලද, වරදවා උසුරුවන ලද, විරූපව කියන ලදැ’යි බැහැර කෙරෙත්. අපාසදස්මිං පන මඞ්කු හොති - බැහැර කළ කල්හි මකු වෙයි. පෙළුණේ ගැටුණේ ව්‍යාධිත වූයේ දොම්නස් වූයේ වේ නුයි ‘අපාසදස්මිං පන මඞ්කු හොති’ යනු වේ.
Pali BJTනින්දාය සො කුප්පති රන්ධමෙසීති - ‘නින්දාය ගරහාය අකිත්තියා අවණ්ණහාරිකාය කුප්පති ව්යාපජ්ජති පතිත්ථියති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොතී’තී නින්දාය සො කුප්පති. රන්ධමෙසීති රන්ධමෙසී විරන්ධමෙසී අපරද්ධමෙසී ඛලිතමෙසී ගලිතමෙසී ඝට්ටිතමෙසී විවරමෙසීති ‘නින්දාය සො කුප්පති රන්ධමෙසී.’
Sinhala BJTනින්‍දාය සො කුප්පති රන්‍ධමෙසි - නින්‍දායෙන් ගර්‍හායෙන් අපකිර්‍තතියෙන් අගුණ වැඩීමෙන් කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, (කෝපයෙන්) තද බවට පැමිණෙයි. කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ නුයි ‘නින්‍දාය සො කුප්පති’ යනු වේ. රන්‍ධමෙසී - රන්‍ධ්‍රය (=අතර) සොයනුයේ සිදුරු සොයනුයේ දෝෂය සොයනුයේ පැකුළුම සොයනුයේ ගිලිහුම සොයනුයේ ගැටුම සොයනුයේ විවරය සොයනුයේ නුයි ‘නින්‍දාය සො කුප්පති රන්‍ධමෙසී’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යුත්තො කථායං පරිසාය මජ්ඣෙ පසංසමිච්ඡං විනිඝාති හොති, අපාසදස්මිං{2} පන මඞ්කු හොති නින්දාය සො කුප්පති රන්ධමෙසී”ති.
Sinhala BJT“යුත්තො කථායං -පෙ- කුප්පති රන්‍ධමෙසී” යි.
Pali BJT8. 4.
Sinhala BJT8. 4.
Pali BJTයමස්ස වාදං පරිහීනමාහු අපාසදං{1} පඤ්හවීමංසකා සෙ, පරිදෙවති සොචති හීනවාදො උපච්චගා මන්ති අනුත්ථුනාති.
Sinhala BJTයම් හෙයකින් ඔහුගේ වාදය ප්‍රශ්නවීමංසකයෝ හීන වූයේ බැහැර කරන ලදැයි කියත් ද, (එහෙයින්) පිරිහුණු වාද ඇති හෙතෙම ‘වාදයෙන් මා ඉක්මැ ගියේ යැ’යි වැලැපෙයි ශෝක කෙරෙයි තතනන්නේ යි.
Pali BJTයමස්ස වාදං පරිහීනමාහූති - යං අස්ස{2}වාදං හීනං නිහීනං පරිහීනං පරිහාපිතං න පරිපූරිතං එවමාහංසු එවං කථෙන්ති එවං භණන්ති එවං දීපයන්ති එවං වොහරන්තීති ‘යමස්ස වාදං පරිහීනමාහු.’
Sinhala BJTයමස්ස වාදං පරිහීනමාහු - යම් හෙයකින් ඔහුගේ වාදය හීන යැ නිහීන යැ පරිහීන යැ පිරිහෙළන ලද නො පුරන ලදැයි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති, මෙසේ දක්වති මෙසේ වහරත් නුයි ‘යමස්ස වාදං පරිහීනමාහු’ යනු වේ.
Pali BJTඅපාසදං පඤ්හවීමංසකා සෙති - යෙ තෙ පඤ්හවීමංසකා පරිසා පාරිසජ්ජා පාසාරිකා{3} තෙ අපසාදෙන්ති: ‘අත්ථාපගතං භණිත’න්ති අත්ථතො අපසාදෙන්ති. ‘බ්යඤ්ජනාපගතං භණිතන්ති’ ‘බ්යඤ්ජනතො අපසාදෙන්ති. ‘අත්ථබ්යඤ්ජනාපගතං භණිත’න්ති අත්ථබ්යඤ්ජනතො අපසාදෙන්ති. ‘අත්ථො තෙ දුන්නීතො. බ්යඤ්ජනං තෙ දුරොපිතං. අත්ථබ්යඤ්ජනං දුන්නීතං දුරොපිතං. නිග්ගහො තෙ අකතො. පටිකම්මං තෙ දුක්කතං. විසෙසො තෙ අකතො. පටිවිසෙසො තෙ දුක්කතො. ආවෙඨියා තෙ අකතා. නිබ්බෙඨියා තෙ දුක්කතා, ඡෙදො තෙ අකතො, මණ්ඩලං තෙ දුක්කතං, විසමං කථිතං{4} දුක්කථිතං දුබ්භණිතං දුල්ලපිතං දුරුත්තං දුබ්භාසිතන්ති අපහරන්තීති - ‘අපාසදං පඤ්හවීමංසකා සෙ.’
Sinhala BJTඅපාසදං පඤහවීමංසකා සෙ - පිරිස් වැසි වූ පිරිවර වූ කාරුණික වූ යම් ප්‍රශ්නවීමංසකයෝ වෙත් ද, ඔවුහු බැහැර කෙරෙති: ‘අර්ත්‍ථ රහිත ව කියන ලදැ’යි අර්‍ත්‍ථයෙන් බැහැර කෙරෙති. ‘බ්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි බ්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්ත්‍ථව්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි අර්ත්‍ථව්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්‍ත්‍ථය තා විසින් වරදවා එළවන ලද, බ්‍යඤ්ජනය තා විසින් වරදවා තබන ලද, අර්ත්‍ථව්‍යඤ්ජනය තා විසින් වරදවා කියන ලද තබන ලද, නිග්‍රහය තා විසින් නො කරන ලද, ප්‍රතිකර්‍මය තා විසින් වරදවා කරන ලද, විශේෂය තා විසින් නො කරන ලද, ප්‍රතිවිශෙෂය තා විසින් වරදවා කරන ලද, වෙළුම තා විසින් නො කරන ලද, වෙළුම් හැරීම තා විසින් වරදවා කරන ලද, වාදච්ඡෙදය තා විසින් නො කරන ලද, වාදමණ්ඩලය තා විසින් වරදවා කරන ලද, විෂම ව කියන ලද, වරදවා කියන ලද, වරදවා බණන ලද, වරදවා විසඳන ලද, වරදවා උසුරුවන ලද, විරූප කොට කියන ලදැ’යි බැහැර කෙරෙත් නුයි ‘අපාසදං පඤ්මවීමංසකා සෙ’ යනු වේ.
Pali BJTපරිදෙවති සොචති හීනවාදොති - ‘පරිදෙවතීති’ ‘අඤ්ඤං මයා ආවජ්ජිතං, අඤ්ඤං චින්තිතං, අඤ්ඤං උපධාරිතං, අඤ්ඤං උපසික්ඛිතං, අඤ්ඤං උපලක්ඛිතං. සො මහාපක්ඛො මහාපරිසො මහාපරිවාරො. පරිසා’යං වග්ගා න සමග්ගා. සමග්ගාය පරිසාය හෙතු කථාසල්ලාපො. පුන භඤ්ජිස්සාමී’ති{5} යා එවරූපා වාචා පලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා{6} ලාලප්පිතත්තන්ති{7} පරිදෙවති. සොචතීති ‘තස්ස ජයො’ති සොචති, ‘මය්හං පරාජයො’ති සොචති. ‘තස්ස ලාභො’ති සොචති. ‘මය්හං අලාභො’ති සොචති. ‘තස්ස යසො’ති සොචති. ‘මය්හං අයසො’ති සොචති. ‘තස්ස පසංසා’ති සොචති. ‘මය්හං නින්දා’ති සොචති; ‘තස්ස සුඛ’න්ති සොචති; ‘මය්හං දුක්ඛ’න්ති සොචති. ‘සො සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. අහමස්මි අසක්කතො අගරුකතො අමානිතො අපූජිතො අනපචිතො න ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛරාන’න්ති සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජතීති පරිදෙවති සොචති.’ හීනවාදොති - හීනවාදො පරිහීනවාදො පරිහාපිතවාදො න පරිපූරවාදොති ‘පරිදෙවති සොචති හීනවාදො.’
Sinhala BJTපරිදෙවති සොචති හීනවාදො - ‘පරිදෙවති’ යනු: ‘අන් කරුණක් මා විසින් (සිතට) නතු කරන ලද, අනෙකක් සිතන ලද, අනෙකක් විමසන ලද, අනෙකක් හික්මෙන ලද, අනෙකක් සලකන ලද. හේ මහාපක්‍ෂ ඇතියේ යැ, මහපිරිස් ඇතියේ යැ, මහපිරිවර ඇතියේ යැ. මෝ පිරිස වර්‍ග වූ යැ. සමගි නො වේ. සමගි පිරිස හේතු කොට කථාසංලාපය වෙයි. නැවත බිඳින්නෙමී’ මෙබඳු වූ යම් වචනය ප්‍රලාපය විප්‍රලාපය පුන පුනා ලපනය ලපනාකාරය ලපනය කළ බව නුයි ‘පරිදෙවති’ යනු වේ. ‘සොචති’ - ‘ඔහුට ජය යැ’යි ශෝක කෙරෙයි, ‘මට පරාජය යැ’යි ශෝක කෙරෙයි, ‘ඔහුට ලාභ යැ’යි සොවී, ‘මට අලාභ යැ’යි සොවී, ‘ඔහුට කීර්‍තතිය යැ’යි සොවී, ‘මට අපකීර්‍තතිය යැ’යි සොවී, ‘ඔහුට ප්‍රශංසාව යැ’යි සොවී, ‘මට නින්‍දාව යැ’යි සොවී, ‘ඔහුට සැප යැ’යි සොවී, ‘මට දුකැ’යි සොවී. ‘හෙතෙම සත්කාර කරන ලද ගරු කරන ලද බුහුමන් කරන ලද පුදන ලද සලකන ලද චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත් පිරිකර ලබන සුලු යැ, මම් අසත්කෘතයෙමි අගරුකෘතයෙමි අමානිතයෙමි අපූජිතයෙමි අනපචිතයෙමි චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත් පිරිකර නො ලැබෙමී’ ශෝක කෙරෙයි, වෙහෙසෙයි වැලැපෙයි ළෙහි පැහැර හඬයි මුළාවට පැමිණේ නුයි ‘පරිදෙවති සොචති’ යනු වේ. හීනවාදො - හීනවාද ඇතියේ නිහීනව ද ඇතියේ පරිහීණවාද ඇතියේ පිරිහෙළු වාද ඇතියේ නො පිරුණු වාද ඇතියේ නුයි ‘පරිදෙවති සොචති හීනවාදො’ යනු වේ.
Pali BJTඋපච්චගා මන්ති අනුත්ථුනාතීති - ‘සො මං වාදෙන වාදං අච්චගා උපච්චගා අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තො’ති එවම්පි උපච්චගා මන්ති; අථවා ‘මං වාදෙන වාදං අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා මද්දයිත්වා චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙතී’ති එවම්පි උපච්චගා මන්ති; අනුත්ථුනාති වුච්චති වාචා පලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා ලාලප්පිතත්තන්ති ‘උපච්චගා මන්ති අනුත්ථුනාති.’
Sinhala BJTඋපච්චගා මන්ති අනුත්‍ථුතාති - ‘හෙතෙම මා වාදයෙන් වාදය ඉක්මැ ගියේ යැ අතිශයින් ඉක්මැ ගියේයැ ඉක්මැවූයේ යැ අතිශයින් ඉක්මැවූයේ යැ පසු කෙළේ යැ’යි මෙසේත් ‘උපච්චගා මං’යී; නොහොත් ‘මා වාදයෙන් වාදය යට කොට වතුරුවා අල්වාගෙන මැඩැගෙන හැසිරෙයි වෙසෙයි ඉරියවු පවත්වයි වැටෙයි පාලන යපන යාපනය කෙරේ නුයි මෙසේත් ‘උපච්චගා මං’ යී. අනුත්‍ථුතාති - බෙණෙයි, (මෙබඳු වූ) වචනය ප්‍රලාපය විප්‍රලාපය ලපනය ලපනාකාරය ලපනය කළ බව නුයි ‘උපච්චගා මන්ති අනුත්‍ථුතාති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යමස්ස වාදං පරිහීනමාහු අපාසදං පඤ්හවීමංසකා සෙ, පරිදෙවති සොචති හීනවාදො උපච්චගා මන්ති අනුත්ථුනාතී”ති.
Sinhala BJT“යමස්ස වාදං -පෙ- උපච්චගා මන්ති අනුත්‍ථුතාති” යි.
Pali BJT8. 5.
Sinhala BJT8. 5.
Pali BJTඑතෙ විවාදා සමණෙසු ජාතා එතෙසු උග්ඝාති නිඝාති හොති, එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං න හඤ්ඤදත්ථ’ත්ථි පසංසලාභා.
Sinhala BJTතෙල දෘෂ්ටිවිවාදයෝ බාහ්‍ය පරිව්‍රාජකයන් කෙරෙහි උපන්නාහුය. තෙල වාදවිෂයෙහි (ජය-පරාජයාදි වශයෙන්) අනුග්‍රහ නිග්‍රහ ද වෙයි. මේ ආදීනවය ද දැක කලහය දුරු කරන්නේය. ප්‍රශංසා ලාභයෙන් අන්‍ය වූ අර්‍ත්‍ථයෙක් මෙහි නැති හෙයිනි.
Pali BJTඑතෙ විවාදා සමණෙසු ජාතාති - ‘සමණා’ති යෙ කෙචි ඉතො බහිද්ධා පරිබ්බාජූපගතා{1} පරිබ්බාජසමාපන්නා.{2} එතෙ දිට්ඨිකලහා දිට්ඨිභණ්ඩනා දිට්ඨිවිග්ගහා දිට්ඨිවිවාදා දිට්ඨිමෙධගා සමණෙසු ජාතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතාති ‘එතෙ විවාදා සමණෙසු ජාතා.’
Sinhala BJTඑතෙ විවාදා සමණෙසු ජාතා - ‘සමණ’ යනු මේ ශාසනයෙන් බැහැර පිරිවැජි බවට එළැඹි, පිරිවැජි බවට පැමිණි යම් කිසි කෙනෙකි. තෙල දෘෂ්ටිකලහයෝ දෘෂ්ටිභණ්ඩනයෝ දෘෂ්ටිවිග්‍රහයෝ දෘෂ්ටිවිවාදයෝ දෘෂ්ටිමෙධගයෝ පරිව්‍රාජකශ්‍රමණයන් කෙරෙහි උපන්නාහු මොනවට උපන්නාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු පහළ වූවාහු නුයි ‘එතෙ විවාදා සමණෙසු ජාතා’ යනු වේ.
Pali BJTඑතෙසු උග්ඝාති නිඝාති හොතීති - ජයපරාජයො හොති, ලාභා ලාභො හොති, යසායසො හොති, නින්දාපසංසා හොති, සුඛදුක්ඛං හොති, සොමනස්සදොමනස්සං හොති, ඉට්ඨානිට්ඨං හොති, අනුනයපටිඝං හොති, උග්ඝාතිතනිඝාතිතං{3} හොති, අනුරොධවිරොධො හොති, ජයෙන චිත්තං උග්ඝාතිතං හොති, පරාජයෙන චිත්තං නිඝාතිතං හොති, ලාභෙන චිත්තං උග්ඝාතිතං හොති, අලාභෙන චිත්තං නිඝාතිතං හොති, යසෙන චිත්තං උග්ඝාතිතං හොති, අයසෙන චිත්තං නිඝාතිතං හොති, පසංසාය චිත්තං උග්ඝාතිතං හොති, නින්දාය චිත්තං නිඝාතිතං හොති, සුඛෙන චිත්තං උග්ඝාතිතං හොති, දුක්ඛෙන චිත්තං නිඝාතිතං හොති, සොමනස්සෙන චිත්තං උග්ඝාතිතං හොති, දොමනස්සෙන චිත්තං නිඝාතිතං හොති, උන්නතියා{4} චිත්තං උග්ඝාතිතං හොති, ඔනතියා චිත්තං නිඝාතිතං හොතීති ‘එතෙසු උග්ඝාති නිඝාති හොති.’
Sinhala BJTඑතෙසු උග්ඝාති නිඝාති හොති - ජය පරාජය වෙයි, ලාභඅලාභ-යශස් අයශස් - නින්‍දා ප්‍රශංසා - සුඛ දුඃඛ - සොම්නස් දොම්නස් - ඉෂ්ට අනිෂ්ට - ස්නෙහ කෝප - අනුග්‍රහ නිග්‍රහ - අනුනය කෝප වෙයි. ජය හේතු කොට සිත අනුගෘහීත වෙයි, පරාජය හේතු කොට සිත නිගෘහීත වෙයි. ලාභයෙන් සිත අනුගෘහීත වෙයි. අලාභයෙන් නිගෘහීත වෙයි. යශසින් සිත අනුගෘහීත වෙයි. අයශසින් නිගෘහීත වෙයි. ප්‍රශංසාවෙන් සිත අනුගෘහීත වෙයි. නින්‍දාවෙන් නිගෘහීත වෙයි. සැපයෙන් සිත අනුගෘහීත වෙයි, දුකින් නිගෘහීත වෙයි. සොම්නසින් සිත අනුගෘහීත වෙයි. දොම්නසින් නිගෘහීත වෙයි. උන්නතියෙන් සිත අනුගෘහීත වෙයි, අවනතියෙන් සිත නිගෘහීත වේ නුයි ‘එතෙසු උග්ඝාති නිඝාති හොති’ යනු වේ.
Pali BJTඑතම්පි දිස්වා විරමෙ කථොජ්ජන්ති - ‘එතම්පී’ති එතං ආදීනවං දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා දිට්ඨිකලහෙසු දිට්ඨිභණ්ඩනෙසු දිට්ඨිවිග්ගහෙසු දිට්ඨිවිවාදෙසු දිට්ඨිමෙධගෙසූති එතම්පි දිස්වා; විරමෙ කථොජ්ජන්ති - ‘කථොජ්ජං’ වුච්චති කලහො භණ්ඩනං විග්ගහො විවාදො මෙධගං. අථවා, කථොජ්ජන්ති අනොජවන්තී සා කථා. කථොජ්ජං න කරෙය්ය, කලහං න කරෙය්ය, භණ්ඩනං න කරෙය්ය, විග්ගහං න කරෙය්ය, විවාදං න කරෙය්ය, මෙධගං න කරෙය්ය, කලහභණ්ඩනවිග්ගහවිවාදමෙධගං පජහෙය්ය, විනොදෙය්ය බ්යන්තිං කරෙය්ය අනභාවං ගමෙය්ය, කලහභණ්ඩනවිග්ගහවිවාදමෙධගා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පයුත්තො{5} විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති ‘එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං.’
Sinhala BJTඑතම්පි දිස්වා විරමෙ කථොජ්ජං - ‘එතම්පි’ යනු: දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩනයන්හි දෘෂ්ටිවිග්‍රහයන්හි දෘෂ්ටිවිවාදයන්හි දෘෂ්ටිමෙධගයන්හි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි- ‘එතම්පි දිස්වා’ යනු වේ. විරමෙ කථොජ්ජං- ‘කථොජ්ජ’ යී කලහය ඩබරය විග්‍රහය විවාදය මෙධගය කියනු ලැබෙයි. නොහොත් කථොජ්ජං යනු: තෙද රහිත වූ මේ කථාව යැ. ඒ නිස්තෙජ වූ කථාව නො කරන්නේ යැ කලහය නො කරන්නේ යැ ඩබරය නො කරන්නේ යැ විග්‍රහය නො කරන්නේ යැ විවාදය නො කරන්නේ යැ මෙධගය නො කරන්නේ යැ කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගය දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ. කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගයෙන් දුරු වන්නේ යැ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ විප්‍රයුක්ත වූයේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං’ යනු වේ.
Pali BJTනහඤ්ඤදත්ථ’ත්ථි පසංසලාභාති - පසංසලාභා අඤ්ඤො අත්ථො නත්ථි අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගූළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො වා අත්ථො පරමත්ථො වා නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්තී’ති ‘න හඤ්ඤදත්ථ’ත්ථි පසංසලාභා.’
Sinhala BJTන හඤ්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා - ප්‍රශංසාලාභයෙන් අන්‍ය වූ අර්‍ත්‍ථයෙක් නැති: ආත්මාර්ත්‍ථයෙක් හෝ පරාර්ත්‍ථයෙක් හෝ උභයාර්ත්‍ථයෙක් හෝ දෘෂ්ටධාර්මිකාර්ත්‍ථයෙක් හෝ සාම්පරායිකාර්ත්‍ථයෙක් හෝ නො ගැඹුරු අර්‍ත්‍ථයෙක් හෝ ගැඹුරු අර්‍ත්‍ථයෙක් හෝ සැඟැවුණු අර්‍ත්‍ථයෙක් හෝ අප්‍රකට අර්‍ත්‍ථයෙක් හෝ නෙය්‍යාර්ත්‍ථයෙක් හෝ නීතාර්ත්‍ථයෙක් හෝ අනවද්‍යාර්ත්‍ථයෙක් හෝ නික්ලෙශාර්ත්‍ථයෙක් හෝ පරිශුද්ධාර්ත්‍ථයෙක් හෝ පරමාර්‍ත්‍ථයෙක් හෝ නැති, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත් නුයි ‘න හඤ්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එතෙ විවාදා සමණෙසු ජාතා එතෙසු උග්ඝාතිනිඝාති හොති, එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං නහඤ්ඤදත්ථ’ත්ථි පසංසලාභා”ති.
Sinhala BJT“එතෙ විවාදා -පෙ- න හඤ්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා” යී.
Pali BJT8. 6.
Sinhala BJT8. 6.
Pali BJTපසංසිතො වා පන තත්ථ හොති අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ, සො තං හසති{1} උන්නමතිච්ච{2} තෙන පප්පුය්ය{3} තමත්ථං යථාමනො අහු.
Sinhala BJTතවද (යමෙක්) ඒ ස්වකීය ලබ්ධියෙහි පසස්නා ලදුයේ හෝ වේ ද, හෙතෙම පිරිස් මැද ඒ දෘෂ්ටිවාදය ප්‍රකාශ කොට ඒ ජයාර්ත්‍ථයට පැමිණ සිත් සේ වූ හෙයින් ඒ ජයහෙතුයෙන් (දත් විදහා) සිනා සෙයි. යළි උඩඟු වේ.
Pali BJTපසංසිතො වා පන තත්ථ හොතීති - ‘තත්ථා’ති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා පසංසිතො ථොමිතො කිත්තිතො වණ්ණිතො හොතීති ‘පසංසිතො වා පන තත්ථ හොති’.
Sinhala BJTපසංසිතො වා පන තත්‍ථ හොති - ‘තත්‍ථ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි කැමැත්තෙහි රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි පසස්නා ලදුයේ ස්තුති කරන ලදුයේ කීර්‍තතනය කරන ලදුයේ වර්‍ණනා කරන ලදුයේ වේ නුයි ‘පසංසිතො වා පන තත්‍ථ හොති’ යනු වේ.
Pali BJTඅක්ඛාය වාදං පරිසාය මජ්ඣෙති - ඛත්තියපරිසාය චා බ්රාහ්මණ පරිසාය වා ගහපතිපරිසාය වා සමණපරිසාය වා මජ්ඣෙ අත්තනො වාදං අක්ඛාය ආචික්ඛිත්වා අනුවාදං අක්ඛාය ආචික්ඛිත්වා ථම්භයිත්වා බ්රුහයිත්වා දීපයිත්වා ජොතයිත්වා වොහරිත්වා පරිගණ්හිත්වාති ‘අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ’.
Sinhala BJTඅක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ - කැත්පිරිස් හෝ බමුණුපිරිස් හෝ ගැහැවිපිරිස් හෝ මහණපිරිස් හෝ මැද තමාගේ වාදය කියා ප්‍රකාශ කොට අනුවාදය කියා ප්‍රකාශ කොට පුරා වඩා දක්වා බබුළුවා ව්‍යවහාර කොට පරිග්‍රහණය කොට නුයි ‘අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ’ යනු වේ.
Pali BJTසො තං හසති උන්නමතිච්ච තෙනාති - සො තෙන ජයත්ථෙන තුට්ඨො හොති හට්ඨො පහට්ඨො අත්තමනො පරිපුණ්ණසංකප්පො; අථවා දන්තවිදංසකං හසමානො සො හසති. උන්නමතිච්ච තෙනාති - සො තෙන ජයත්ථෙන උන්නතො හොති. උන්නමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්සාති ‘සො තං හසති උන්නමතිච්ච තෙන.’
Sinhala BJTසො තං හසති උන්නමතිච්ච තෙන - හෙතෙම ඒ ජයාර්ත්‍ථයෙන් තුටු වූයේ හටු වූයේ පහටු වූයේ සතුටුසිත් ඇතියේ පිරිපුන් අදහස් ඇතියේ නොහොත් දත් විදහා සෙමින් හේ සිනා සෙයි. උන්නමතිච්ච තෙන - හෙතෙම ඒ ජයාර්ත්‍ථයෙන් උඩඟු වෙයි, නැගුණේ ධ්වජයක් මෙන් වූයේ ඔසවාගත් සිතැතියේ චිත්තයාගේ කෙතුකම්‍යතාව නුයි ‘සො තං හසති උන්නමතිච්ච තෙන’ යනු වේ.
Pali BJTපප්පුය්ය තමත්ථං යථාමනො අහූති - ‘තං ජයත්ථං ‘පප්පුය්ය පාපුණිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වා; යථාමනො අහූති යථාමනො අහු යථාචිත්තො අහු යථාසංකප්පො අහු යථාවිඤ්ඤාණො අහූති - පප්පුය්ය තමත්ථං යථාමනො අහු. ‘
Sinhala BJTපපපුය්‍ය තමත්‍ථං යථාමනො අහු - ඒ ජයාර්ත්‍ථයට පැමිණ සපැමිණ අධිගමය කොට ලැබ ප්‍රතිලාභ කොට; යථාමනො අහු - සිත් සේ විය, යථාචිත්ත විය, යථාසංකල්ප විය යථාවිඥාන වූයේ නුයි ‘පපපුය්‍ය තමත්‍ථං යථාමනො අහු’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පසංසිතො වා පන තත්ථ හොති අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ, සො තං හසති උන්නමතිච්ච තෙන පප්පුය්ය{3} තමත්ථං යථාමනො අහූ”ති.
Sinhala BJT“පසංසිතො වා පන -පෙ- පපපුය්‍ය තමත්‍ථං යථාමනො අහු” යී.
Pali BJT8. 7.
Sinhala BJT8. 7.
Pali BJTයා උන්නති සාස්ස විඝාතභූමි මානාතිමානං වදතෙ{1} පනෙසො, එතම්පි දිස්වා න විවාදියෙථ න හී තෙන සුද්ධිං කුසලා වදන්ති,
Sinhala BJTයම් උන්නතිය (-උඩඟුබව) ක් වේ ද එය ඔහුට උපද්‍රව භූමි වෙයි. යළි හෙතෙම මානය ද අතිමානය ද පවසයි. තෙල ආදීනවය ද දැක විවාද නො කරන්නේ යැ. ස්කන්‍ධාදියෙහි නිපුණයෝ ඒ දෘෂ්ටිවාදයෙන් ශුද්ධිය නො මැ කියත්.
Pali BJTයා උන්නති සාස්ස විඝාතභූමීති - ‘යා’ ති යා උන්නමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්සාති යා උන්නති; සාස්ස විඝාතභූමීති සා තස්ස විඝාතභූමි උපඝාතභූමි පීළනභූමි ඝට්ටනභූමි උපද්දවභූමි උපස්සග්ගභූමීති - ‘උන්නති සාස්ස විඝාතභූමි.’
Sinhala BJTයා උන්නති සාස්ස විඝාතභූමී - ‘යා’ යනු: යම් බඳු උන්නාමය ධ්වජය නඟා ගැනීම චිත්තයාගේ කෙතුකම්‍යතාව නුයි - යා උන්නති, යනු වේ. සාස්ස විඝාතභූමී - ඒ (උඬගුව) ඔහුට විඝාතභූමි යැ උපඝාතභූමි යැ පෙළෙන බිම යැ ගැටෙන බිම යැ උපද්‍රවභූමි යැ උපස්සර්‍ගභූමි නුයි ‘යා උන්නති සාස්ස විඝාතභූමී’ යනු වේ.
Pali BJTමානාතිමානං වදතෙ{2} පනෙසොති - සො පුග්ගලො මානං ච වදති, අතිමානං ච වදතීති - ‘මානාතිමානං වදතෙ පනෙසො.’
Sinhala BJTමානාතිමානං වදතෙ පනෙසො - ඒ පුද්ගල තෙම මානය ද පවසයි අතිමානය ද පවසා නුයි ‘මානාතිමානං වදතෙ පනෙසො’ යනු වේ.
Pali BJTඑතම්පි දිස්වා න විවාදියෙථාති - එතං ආදීනවං දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා දිට්ඨිකලහෙසු දිට්ඨිභණ්ඩනෙසු දිට්ඨිවිග්ගහෙසු දිට්ඨිවිවාදෙසු දිට්ඨිමෙධගෙසූති - එතම්පි දිස්වා; න විවාදියෙථාති - න කලහං කරෙය්ය, න භණ්ඩනං කරෙය්ය, න විග්ගහං කරෙය්ය, න විවාදං කරෙය්ය, න මෙධගං කරෙය්ය, කලහභණ්ඩනවිග්ගහවිවාදමෙධගං ජහෙය්ය විනොදෙය්ය බ්යන්තිං කරෙය්ය අනභාවං ගමෙය්ය. කලහභණ්ඩනවිග්ගවිවාදමෙධගා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පයුත්තො{3} විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති ‘එතම්පි දිස්වා න විවාදියෙථ.’
Sinhala BJTඑතම්පි දිස්වා න විවාදියෙථ - දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩන - දෘෂ්ටිවිග්‍රහ - දෘෂ්ටිවිවාද - දෘෂ්ටිමෙධගයන්හි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විමසා විභූත කොට නුයි ‘එතම්පි දිස්වා’ යනු වේ. න විවාදියෙථ - කලහ නො කරන්නේ යැ, ඩබරය - විග්‍රහය - විවාදය මෙධගය නො කරන්නේ යැ, කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගය හරණේ යැ දුරු කරන්නේ යැ සන්හිඳුවන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ. කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගයෙන් දුරුවන්නේ යැ වෙන් වූයේ හාත්පසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ නො යෙදුණේ නො බැඳුණේ නො හිම් කළ සිතින් වෙසේ නුයි ‘එතම්පි දිස්වා න විවාදියෙථ’ යනු වේ.
Pali BJTන හි තෙන සුද්ධිං කුසලා වදන්තීති - ‘කුසලා’ති යෙ තෙ ඛන්ධකුසලා ධාතුකුසලා ආයතනකුසලා පටිච්චසමුප්පාදකුසලා සතිපට්ඨානකුසලා සම්මප්පධානකුසලා ඉද්ධිපාදකුසලා ඉන්ද්රියකුසලා බලකුසලා බොජ්ඣඞ්ගකුසලා මග්ගකුසලා ඵලකුසලා නිබ්බානකුසලා දිට්ඨිකලහෙන දිට්ඨිභණ්ඩනෙන දිට්ඨිවිග්ගහෙන දිට්ඨිවිවාදෙන දිට්ඨිමෙධගෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං විමුත්තිං පරිමුත්තිං න වදන්ති, න කථෙන්ති, න භණන්ති න දීපයන්ති, න වොහරන්තීති ‘න හි තෙන සුද්ධිං කුසලා වදන්ති.’
Sinhala BJTන හි තෙන සුද්ධිං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: යම් ස්කන්‍ධයන්හි නිපුණයෝ වෙත් ද, ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද සතිපට්ඨාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණයෝ වෙත් ද ඒ නිපුණයෝ දෘෂ්ටිකලහයෙන් දෘෂ්ටිභණ්ඩනයෙන් දෘෂ්ටිවිග්‍රහයෙන් දෘෂ්ටිවිවාදයෙන් දෘෂ්ටිමෙධගයෙන් ශුද්ධිය විශුද්ධිය - පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො පවසති නො කියති නො බෙණෙති නො දක්වති ව්‍යවහාර නො කෙරෙත්නුයි ‘න හි තෙන සුද්ධිං කුසලා වදන්ති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යා උන්නති සාස්ස විඝාතභූමි මානාතිමානං වදතෙ පනෙසො, එතම්පි දිස්වා න විවාදියෙථ න හි තෙන සුද්ධිං කුසලා වදන්තී”ති.
Sinhala BJT“යා උන්නති -පෙ- න හි තෙන සුද්ධිං කුසලා වදන්ති” යී.
Pali BJT8. 8.
Sinhala BJT8. 8.
Pali BJTසූරො යථා රාජඛාදාය ඵුට්ඨො අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං, යෙනෙව සො තෙන පලෙහි සූර{4} පුබ්බෙව නත්ථි යදිදං යුධාය.
Sinhala BJTයම්සේ රාජභෝජනයෙන් වැඩුණු ශූරයෙක් ප්‍රතිමල්ලයා පතනුයේ ගර්‍ජනා කෙරෙමින් ඒ ද, ශූරය, ඒ (තාගේ) ප්‍රතිශූර තෙමේ යම් තැනෙක්හි ද (තෝ) එහි මැ පලායව. කලහ සඳහා යම් කෙලෙස් කෙනෙක් වෙත් නම් ඔහු පළමු මැ (බෝමුල්හි දී නැසූ හෙයින් මට) නැත.
Pali BJTසූරො යථා රාජඛාදාය ඵුට්ඨොති - ‘සූරො’ති සූරො වීරො වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසි අපලායී; රාජඛාදාය ඵුට්ඨොති රාජඛාදනීයෙන රාජභොජනීයෙන ඵුට්ඨො පොසිතො ආපාදිතො{1} වඩ්ඪිතොති ‘සූරො යථා රාජඛාදාය ඵුට්ඨො. ‘
Sinhala BJTසූරො යථා රාජඛාදාය ඵුට්ඨො - ‘සූරො’ යනු සුරු වූයේ විරු වූයේ විකුම් ඇතියේ බියසුලු නො වූයේ නො තැතිගන්නේ උත්‍රාස රහිත වූයේ නො පැනයන සුලු වූයේ; රාජඛාදාය ඵුට්ඨො - රාජඛාද්‍යයෙන් රාජභොජ්‍යයෙන් පුෂ්ට පොෂණය කළ පාලනය කළ වඩන ලදුයේ නුයි ‘සූරො යථා රාජඛාදාය ඵුට්ඨො’ යනු වේ.
Pali BJTඅභිගජ්ජමෙති පටිසූරමිච්ඡන්ති - සො ගජ්ජන්තො උග්ගජ්ජන්තො අභිගජ්ජන්තො එති උපෙති උපගච්ඡති පටිසූරං පටිපුරිසං පටිසත්තුං පටිමල්ලං ඉච්ඡන්තො සාදියන්තො පත්ථයන්තෙ පිහයන්තො අභිගජ්ජන්තොති ‘අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං.’
Sinhala BJTඅභිගජ්ජමෙති පටිසූරමිච්ඡං - හෙතෙම ගර්‍ජන කෙරෙමින් උත්කට ගර්‍ජන කෙරෙමින් සිංහනාද කෙරෙමින් එයි පැමිණෙයි එළැඹෙයි, ප්‍රතිශූරයකු විරුද්ධ පුරුෂයකු විරුද්ධ ව සිටි සතුරකු ප්‍රතිමල්ලයකු ඉස්නේ ඉවසනුයේ පතනුයේ කැමැතිවනුයේ අභිගර්‍ජන කරනුයේ නුයි ‘අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං’ යනු වේ.
Pali BJTයෙනෙව සො තෙන පලෙහි සූරාති - යෙනෙව සො දිට්ඨිගතිකො තෙන පලෙහි, තෙන වජ{2}, තෙන ගච්ඡ, තෙන අභික්කම. සො තුය්හං පටිසූරො පටිපුරිසො පටිසත්තු පටිමල්ලොති ‘යෙනෙව සො තෙන පලෙහි සූර. ‘
Sinhala BJTයෙනෙව සො තෙන පලෙහි සූර - ඒ දෘෂ්ටිගතික තෙමේ යම් තැනෙක්හි මැ වේ ද, එහි පලායව, එහි වදුව, එහි යව, එහි නික්මෙව, හේ තට ප්‍රතිශූර යැ ප්‍රතිපුරුෂ යැ ප්‍රතිශත්‍රැ යැ ප්‍රතිමල්ල වූයේ නුයි ‘යෙනෙව සො තෙන පලෙහි සූර’ යනු වේ.
Pali BJTපුබ්බෙව නත්ථි යදිදං යුධායාති - ‘පුබ්බෙව බොධියා මූලෙ යෙ පටිසෙනිකරා කිලෙසා පටිලොමකරා පටිකණ්ටකරා{3} පටිපක්ඛකරා, තෙ නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා; යදිදං යුධායාති යදිදං යුද්ධත්ථාය කලහත්ථාය භණ්ඩනත්ථාය විග්ගහත්ථාය විවාදත්ථාය මෙධගත්ථායාති ‘පුබ්බෙව නත්ථි යදිදං යුධාය.’
Sinhala BJTපුබ්බේව නත්‍ථි යදිදං යුධාය - පෙර මැ බෝමුල්හි දී ප්‍රතිපක්‍ෂකර වූ හානිකර වූ ප්‍රතිකණ්ටකර වූ ප්‍රතිවිරුද්ධකර වූ යම් ක්ලේශ කෙනෙක් වෙත් ද ඔවුහු නැත නො වෙති විද්‍යමාන නො වෙති නො ලැබෙත්; ප්‍රහීණ වූවාහු මුලුසුන් වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දැවුණාහුය; යදිදං යුධාය - යුද්ධ සඳහා කලහ සඳහා ඩබර සඳහා විග්‍රහ සඳහා විවාද සඳහා මෙධග සඳහා නුයි ‘පුබ්බේව නත්‍ථි යදිදං යුධාය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සූරො යථා රාජඛාදාය ඵුට්ඨො අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං, යෙනෙව සො තෙන පලෙහි සූර පුබ්බෙව නත්ථි යදිදං යුධායා”ති.
Sinhala BJT“සූරො යථා -පෙ- යදිදං යුධාය” යී.
Pali BJT8. 9.
Sinhala BJT8. 9.
Pali BJTයෙ දිට්ඨිමුග්ගය්හ විවාදයන්ති{4} ඉදමෙව සච්චන්ති ච වාදයන්ති,{5} තෙ ත්වං වදස්සු න හි තෙ’ධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා.
Sinhala BJTයම් කෙනෙක් (දෙසැට දිටු අතුරෙන්) එක්තරා දෘෂ්ටියක් දැඩිව ගෙන විවාද කෙරෙත් ද, යළි මෙය මැ සැබවැයි කියත් ද, තෝ ඔවුනට කිය, වාදයක් උපන් කල්හි විරුද්ධකාරක වූ ඔහු මේ සස්නෙහි නැති හෙයිනි.
Pali BJTයෙ දිට්ඨිමුග්ගය්හ විවාදයන්තීති - යෙ ද්වාසට්ඨිදිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ගහෙත්වා ගණ්හිත්වා උග්ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා විවාදයන්ති, කලහං කරොන්ති, භණ්ඩනං කරොන්ති, විග්ගහං කරොන්ති, විවාදං කරොන්ති, මෙධගං කරොන්ති: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි. අහමස්මි සම්මාපටිපන්නො. සහිතං මෙ. අසහිතං තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණං{6} තෙ විපාරවන්තං. ආරොපිතො තෙ වාදො. නිග්ගහීතොසි. චර වාදප්පමොක්ඛාය. නිබ්බෙඨෙහි{7} වා සචෙ පහොසී’ති ‘යෙ දිට්ඨිමුග්ගය්හ විවාදයන්ති.’
Sinhala BJTයෙ දිට්ඨිමුග්ගයහ විවාදයන්ති - යම් කෙනෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ගෙන ග්‍රහණය කොට දැඩිව ගෙන පරාමර්‍ෂණය කොට අභිනිවේශය කොට විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විරුද්ධවාද කෙරෙති, මෙධග කෙරෙති: ‘තෝ මේ ධර්‍මවිනය නො දන්නෙහි ය, මම් මේ ධර්‍මවිනය දනිමි, කිමැ තෝ මේ ධර්‍මවිනය දනී ද? තෝ වරදවා පිළිපන්නෙහි ය, මම් සම්‍යක්ප්‍රතිපන්නයෙමි, මාගේ වචනය අර්ත්‍ථසහිත ය, තාගේ වචනය අනර්ත්‍ථසංහිතය, පළමු කියැයුත්ත පසුව කිවුය, පසුව කියැයුත්ත පළමු කිවුය. තා විසින් ආචීර්‍ණ වූ දෙය (මාගේ වාදයට පැමිණ) නැවැතිණ, තට (මා විසින්) දෝෂාරෝපණය කරන ලද. නිග්‍රහ කරන ලදුයෙහි දොසින් මිදෙනු සඳහා පිළිතුරු සොයා යව. පොහොසත්හි නම් (මා නැගූ දොසින්) මිදෙව’යි ‘යෙ දිට්ඨිමුග්ගයහ විවාදයන්ති’ යනු වේ.
Pali BJTඉදමෙව සච්චන්ති ච වාදයන්තීති - ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති වාදයන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; ‘අසස්සතො ලොකො -පෙ- නෙව හොති, න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං, මොඝඤ්ඤ’න්ති වාදයන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘ඉදමෙව සච්චන්ති ච වාදයන්ති.’
Sinhala BJTඉදමෙව සච්චන්ති ච වාදයන්ති - ‘ලෝකය ශාශ්වත යැ මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’යි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්; ‘ලෝකය අශාශ්වත යැ... සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉදමෙව සච්චන්ති ච වාදයන්ති’ යනු වේ.
Pali BJTතෙ ත්වං වදස්සු න හි තෙ’ධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තාති - තෙ ත්වං දිට්ඨිගතිකෙ වදස්සු වා වාදෙන වාදං විග්ගහෙන විග්ගහං පටිකම්මෙන පටිකම්මං විසෙසෙන විසෙසං පටිවිසෙසෙන පටිවිසෙසං ආවෙඨියාය ආවෙඨියං නිබ්බෙඨියාය නිබ්බෙඨියං ඡෙදෙන ඡෙදං මණ්ඩලෙන මණ්ඩලං. තෙ තුය්හං පටිසූර පටිපුරිස පටිසත්තු පටිමල්ලාති තෙ ත්වං වදස්සු; න හි තෙ’ධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තාති - වාදෙ ජාතෙ සඤ්ජාතෙ නිබ්බත්තෙ අභිනිබ්බත්තෙ පාතුභූතෙයෙව පටිසෙනිකත්තා පටිලොමකත්තා පටිකණ්ටකත්තා පටිපක්ඛකත්තා කලහං කරෙය්ය, භණ්ඩනං කරෙය්ය, විග්ගහං කරෙය්ය, විවාදං කරෙය්ය, මෙධගං කරෙය්ය. තෙ නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති ‘තෙ ත්වං වදස්සු න හි තෙ’ධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා.
Sinhala BJTතෙ ත්‍වං වදස්සු න හි තෙධ අත්‍ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා - තෙපි ඒ දෘෂ්ටිගතිකයන්ට වාදයෙන් විවාද විග්‍රහයෙන් විග්‍රහය ප්‍රතිකර්‍මයෙන් ප්‍රතිකර්‍මය විශේෂයෙන් විශේෂය ප්‍රතිවිශෙෂයෙන් ප්‍රතිවිශෙෂය වෙළුමෙන් වෙළුම මිදුමෙන් මිදුම සිඳුමෙන් සිඳුම මණ්ඩලයෙන් මණ්ඩලය කියවු, ඔවුහු තට ප්‍රතිශූර ප්‍රතිපුරුෂ ප්‍රතිශත්‍රැ ප්‍රතිමල්ලයෝ වෙත් නුයි ‘තෙ ත්‍වං වදස්සු’ යනු වේ. න හි තෙධ අත්‍ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා - වාදය උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළවූ කල්හි මැ විරුද්ධ කාරක තෙම ප්‍රතිලොමකර්‍තෘ තෙම ප්‍රතිභණ්ඩකාරක තෙම ප්‍රතිපක්‍ෂ කාරක තෙම කලහ කරන්නේ යැ, ඩබර කරන්නේ යැ, විග්‍රහ කරන්නේ යැ, විවාද කරන්නේ යැ, මෙධග කරන්නේ යි; ඒ (ප්‍රතිපක්‍ෂකර) ක්ලේශයෝ නැත, නො වෙති අවිද්‍යමාන වෙති නො ලැබෙත්; (ඔහු) ප්‍රහීණයෝ යැ සමුච්ඡින්නයෝ යැ සන්හිඳුණාහුය, දුරලන ලද්දාහු යැ උපතට නුසුදුසු වූවාහු යැ නුවණගින්නෙන් දැවුණාහු නුයි - ‘තෙ ත්‍වං වදස්සු න හි තෙධ අත්‍ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යෙ දිට්ඨිමුග්ගය්හ විවාදයන්ති ඉදමෙව සච්චන්ති ච වාදයන්ති, තෙ ත්වං වදස්සු න හි තෙ’ධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා”ති.
Sinhala BJT“යෙ දිට්ඨිමුග්ගයහ -පෙ- පටිසෙනිකත්තා” යී.
Pali BJT8. 10.
Sinhala BJT8. 10.
Pali BJTවිසෙනි කත්වා පන යෙ චරන්ති දිට්ඨීහි දිට්ඨිං අවිරුජ්ඣමානා, තෙසු ත්වං කිං ලභෙථො{1} පසූ යෙසී’ධ නත්ථි පරමුග්ගහීතං.
Sinhala BJTතවද යම් කෙනෙක් (කෙලෙස්මාරසෙනඟ) වනසා දෙසැට දෘෂ්ටියෙන් දෘෂ්ටියකට අවිරුද්ධ වෙමින් වෙසෙත් ද, මේ සස්නෙහි යම් කෙනකුන්ට මේ පරම යයි දැඩිව ගන්නා ලද්දක් නැත්තේ ද, පසූරය, තෝ ඒ රහතුන් කෙරෙහි කවර ප්‍රතිමල්ලයකු ලබන්නෙහි ද?
Pali BJTවිසෙනි කත්වා පන යෙ චරන්තීති - ‘සෙනා වුච්චති මාරසෙනා: කායදුච්චරිතං මාරසෙනා, වචීදුච්චරිතං මාරසෙනා, මනොදුච්චරිතං මාරසෙනා, ලොභො{2} මාරසෙනා, දොසො මාරසෙනා, මොහො මාරසෙනා, කොධො මාරසෙනා, උපනාහො මාරසෙනා, මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො, සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසඞ්ඛාරා මාරසෙනා. වුත්තං හෙතං භගවතා:
Sinhala BJTවිසේනි කත්‍වා පන යෙ චරන්ති - මරසෙනඟ ‘සේනා’ යයි කියනු ලැබෙයි, කායදුශ්චරිතය මාරසෙනා යැ, වාග්දුශ්චරිතය මාරසෙනා යැ, මනෝදුශ්චරිතය මාරසෙනා යැ, ලෝභය මාරසෙනා යැ, ද්වේෂය මාරසෙනා යැ, මෝහය මාරසෙනා යැ, ක්‍රෝධය මාරසෙනා යැ, උපනාහය මාරසෙනා යැ, මකුබව මාරසෙනා යැ, යුගග්‍රාහය මාරසෙනා යැ, ඊර්‍ෂ්‍යාව මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ මාරසෙනා යි. මේ වදාරන ලද මැය භාග්‍යවත්හු විසින්:
Pali BJT1. “කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච්චති -පෙ- ජෙත්වා ච ලභතෙ සුඛන්ති.”{a}
Sinhala BJT1. “කාමයෝ තාගේ පළමුවැනි සේනාව ය, දෙවැන්නී අරතිය යි කියනු ලැබෙයි” (4. 6. සූත්‍රනිර්දේශය)
Pali BJTයතො චතුහි අරියමග්ගෙහි සබ්බා ච මාරසෙනා සබ්බෙ ච පටිසෙනිකරා කිලෙසා ජිතා ච පරිජිතා භග්ගා විප්පලුග්ගා{1} පරම්මුඛා තෙන වුච්චති “විසෙනි කත්වා”ති. යෙති - අරහන්තො ඛීණාසවා; චරන්තීති චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්තීති ‘විසෙනිකත්වා පන යෙ චරන්ති. ‘
Sinhala BJTයම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු මාරසෙනාවෝ ද සියලු ප්‍රතිපක්‍ෂකර ක්ලේශයෝ ද ජයගන්නා ලද්දාහු පරදවන ලද්දාහු බිඳින ලද්දාහු නසන ලද්දාහු පරාඞ්මුඛ කරන ලද්දාහු වෙත් ද, එහෙයින් ‘විසේනි කත්‍වා’ යී කියනු ලැබේ. යෙ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයෝ යැ; චරන්ති - හැසිරෙති, වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘විසේනි කත්‍වා පන යෙ චරන්ති’ යනු වේ.
Pali BJTදිට්ඨීහි දිට්ඨිං අවිරුජ්ඣමානාති - යෙසං ද්වාසට්ඨි දිට්ඨිගතානි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි, තෙ දිට්ඨීහි දිට්ඨිං අවිරුජ්ඣමානා අප්පටිවිරුජ්ඣමානා අඝට්ටියමානා අප්පටිහඤ්ඤමානා අප්පටිහනමානාති{*} ‘දිට්ඨීහි දිට්ඨිං අවිරුජ්ඣමානා.’
Sinhala BJTදිට්ඨිහි දිට්ඨිං අවිරුජ්ඣමානා - යම් කෙනකුන් විසින් දෙසැට දෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු උපතට අභව්‍ය කරන ලද්දාහු ඥානාග්නියෙන් දවන ලද්දාහු ද ඔහු (දෙසැට) දෘෂ්ටියෙන් දෘෂ්ටියකට අවිරුද්ධ වන්නාහු දැඩිව නො ගන්නාහු නො ගැටෙන්නාහු අප්‍රතිහත වන්නාහු නුයි ‘දිට්ඨිහි දිට්ඨිං අවිරුජ්ඣමානා’ යනු වේ.
Pali BJTතෙසු ත්වං කිං ලභෙථො{1} පසූරාති - තෙසු අරහන්තෙසු ඛීණාසවෙසු කිං ලභෙථො පටිසූරං පටිපුරිසං පටිසත්තුං පටිමල්ලන්ති ‘තෙසු ත්වං කිං ලභෙථො{1} පසූර.’
Sinhala BJTතෙසු ත්‍වං කිං ලභෙථො පසූර - ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයන් කෙරෙහි ප්‍රතිශූරයකු ප්‍රතිපුරුෂයකු විරුද්ධ සතුරකු ප්‍රතිමල්ලයකු කිම ලබන්නෙහි දැ යි ‘තෙසු ත්‍වං කිං ලභෙථො පසූර’ යනු වේ.
Pali BJTයෙසී’ධ නත්ථි පරමුග්ගහීතන්ති - යෙසං අරහන්තානං ඛීණාසවානං ඉදං පරමං අග්ගං සෙට්ඨං විසිට්ඨං{2} පාමොක්ඛං උත්තමං පවරන්ති ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති, පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪන්ති - ‘යෙසී’ධ නත්ථි පරමුග්ගහීතං.’
Sinhala BJTයෙසී’ධ නත්‍ථි පරමුග්ගහීතං - යම් අර්‍හත් ක්‍ෂීණාස්‍රව කෙනකුන්ට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගන්නා ලද පරාමර්‍ශනය කළ අභිනිවේශ කළ අධ්‍යවසිත අධිමුක්ත වූවක් නැත් ද නො වෙත් ද අවිද්‍යමාන වෙත් ද නො ලැබෙත් ද ප්‍රහීණ කරන ලද සමුච්ඡින්න කරන ලද සන්හිඳුවන ලද දුරලන ලද අභව්‍යොත්පත්තික කරන ලද ඥානාග්නීන් දවන ලද නුයි ‘යෙසීධ නත්‍ථි පරමුග්ගහීතං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“විසෙනි කත්වා පන යෙ චරන්ති දිට්ඨීහි දිට්ඨිං අවිරුජ්ඣමානා, තෙසු ත්වං කිං ලභෙථො{1} පසූර යෙසී’ධ නත්ථි පරමුග්ගහීත”න්ති.
Sinhala BJT“විසේනි කත්‍වා පන -පෙ- පරමුග්ගහීතං” යී.
Pali BJT8. 11.
Sinhala BJT8. 11.
Pali BJTඅථ ත්වං පවිතක්කමාගමො{3} මනසා දිට්ඨිගතානි චින්තයන්තො, ධොනෙන යුගං සමාගමො{4} න හි ත්වං සක්ඛසි සම්පයාතවෙ.
Sinhala BJTතවද තෝ සිතින් දෘෂ්ටිගතයන් සිතමින් (මට ජය වේ දෝ හෝයි ආදිය) විතර්‍ක කෙරෙමින් ආයෙහි. ධුතක්ලෙශ වූ බුදුන් සමග යුගග්‍රාහයට ආයෙහි. එතෙකුදුවත් තෝ සමීපයට පැමිණෙන්නට නො හැකි වන්නෙහි.
Pali BJTඅථ ත්වං පවිතක්කමාගමොති - ‘අථා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරී අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා නාමෙතං ‘අථා’ති. පවිතක්කමාගමොති - තක්කෙන්තො විතක්කෙන්තො සංකප්පෙන්තො ‘ජයො නු ඛො මෙ භවිස්සති පරාජයො නු ඛො මෙ භවිස්සති, කථං නිග්ගහං කරිස්සාමි? කථං පටිකම්මං කරිස්සාමි? කථං විසෙසං කරිස්සාමි? කථං පටිවිසෙසං කරිස්සාමි? කථං ආවෙඨියං කරිස්සාමි? කථං නිබ්බෙඨියං කරිස්සාමි? කථං ඡෙදං කරිස්සාමි? කථං මණ්ඩලං කරිස්සාමී’ති එවං තක්කෙන්තො විතක්කෙන්තො සංකප්පෙන්තො ආගතොසි උපාගතොසි සම්පත්තොසි මයා සද්ධිං සමාගතොසීති ‘අථ ත්වං පවිතක්කමාගමො.’
Sinhala BJTඅථ ත්‍වං පවිතක්කමාගමො - ‘අථ’ යනු: පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා නමැ තෙල ‘අථ’ යනු. පවිතක්කමාගමො - තර්‍ක කෙරෙමින් සලකමින් ‘මට ජය වන්නේ දෝ හෝ මට පරාජය වන්නේ දෝ හෝ කෙසේ නිග්‍රහ කෙරෙම් ද, කෙසේ පිළියම් (-ලබ්ධිශුද්ධිය) කෙරෙම් ද, කෙසේ විශේෂ කෙරෙම් ද, කෙසේ ප්‍රතිවිශෙෂ කෙරෙම් ද, කෙසේ ආවෙෂ්ටන කෙරෙම් ද, කෙසේ නිර්‍වෙෂ්ටන කෙරෙම් ද, කෙසේ වාදච්ඡෙද කෙරෙම් ද, කෙසේ වාදමණ්ඩල කෙරෙම් දැ’යි මෙසේ තර්‍කණ විතර්‍කණ සංකල්පන කෙරෙමින් ආයෙහි පැමිණියෙහි සපැමිණියෙහි මා සමග එක්වූයෙහි නුයි ‘අථ ත්‍වං පවිතක්කමාගමො’ යනු වේ.
Pali BJTමනසා දිට්ඨිගතානි චින්තයන්තොති - ‘මනො’ති යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතුa, චිත්තෙන දිට්ඨිං චින්තෙන්තො විචින්තෙන්තො ‘සස්සතො ලොකො’ති වා, ‘අසස්සතො ලොකො’ති වා, -පෙ- නෙව හොති, න න හොති තථාගතො පරම්මරණා’ති වා’ති ‘මනසා දිට්ඨිගතානි චින්තයන්තො.’
Sinhala BJTමනසා දිට්ඨිගතානි චින්තයන්තො - ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් පණ්ඩර (-භවාඞ්ග) සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්න්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, ඒ සිතින් ‘ලෝකය ශාශ්වතැ’යි, හෝ ලෝකය අශාශ්වතැ’යි හෝ ... සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි හෝ’යි දෘෂ්ටිය සිතනුයේ වෙසෙසින් සිතනුයේ නුයි ‘මනසා දිට්ඨිගතානි චින්තයන්තො’ යනු වේ.
Pali BJTධොනෙන යුගං සමාගමො{1} න හි ත්වං සක්ඛසි සම්පයාතවෙති ධොනා වුච්චති පඤ්ඤා, යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි{a} කිං කාරණා ධොනා වුච්චති පඤ්ඤා? තාය පඤ්ඤාය කායදුච්චරිතං ධුතඤ්ච ධොතඤ්ච සන්ධොතඤ්ච නිද්ධොතඤ්ච, වචීදුච්චරිතං -පෙ- සබ්බාකුසලාභිසංඛාරා ධුතා න ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. අථවා සම්මාදිට්ඨියා මිච්ඡාදිට්ඨි සම්මාසඞ්කප්පෙන මිච්ඡාසඞ්කප්පො -පෙ- සම්මාවිමුත්තියා මිච්ඡාවිමුත්ති ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. අථවා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසඞ්ඛාරා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. භගවා ඉමෙහි ධොනෙය්යෙහි ධම්මෙහි උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සමුපපන්නො සමන්නාගතො, තස්මා භගවා ධොනො. සො ධුතරාගො ධුතපාපො ධුතකිලෙසො ධුතපරිළාහොති - ධොනො.
Sinhala BJTධොනෙන යුගං සමාගමො නහි ත්‍වං සක්ඛසි සම්පයාතවෙ - ‘ධොනා’ යී ප්‍රඥාව කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් දැනීමෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. කුමක් හෙයින් ප්‍රඥාව ‘ධොනා’ යී කියනු ලැබෙයි යත්? ඒ ප්‍රඥාවෙන් කායදුශ්චරිතය කම්පා කරන ලද ද දොවුණා ලද ද මැනවින් දොවුණා ලද ද වෙසෙසින් දොවුණා ලද ද වෙයි, වාග්දුශ්චරිතය... සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත - ධෞත - සංධෞත ද වෙත්; නොහොත් සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය, සම්‍යක් සංකල්පයෙන් මිත්‍ථ්‍යාසංකල්පය... සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධුත - ධෞත - සංධෞත - නිර්ධෞත ද වෙයි, නොහොත් අර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ අකුශලාභිසංස්කාරයෝ ධුත - ධෞත - සංධෞත - නිර්ධෞත ද වෙත්. බුදුහු මේ ධෞනෙයධර්‍මයන්ගෙන් උපෙතයහ සමුපෙතයහ සමුපාගතයහ අවියුක්තයහ පරිපූර්‍ණයහ සමන්‍විතයහ, එහෙයින් බුදුහු ධොනයෝ යැ; ඒ භාග්‍යවත්හු ධුතරාගයහ ධුතපාපයහ ධුතක්ලෙශයහ ධුතපරිදාහයෝ නුයි ‘ධොන’ නම් වෙත්.
Pali BJTධොනෙන යුගං සමාගමො න හි ත්වං සක්ඛසි සම්පයාතවෙති - පසූරො පරිබ්බාජකො නප්පටිබලො ධොනෙන බුද්ධෙන භගවතා සද්ධිං යුගසමාගමං{1} සමාගන්ත්වා යුගග්ගාහං ගණ්හිත්වා සාකච්ඡෙතුං{2} සල්ලපිතුං සාකච්ඡං සමාපජ්ජිතුං. තං කිස්ස හෙතු? පසූරො පරිබ්බාජකො හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො{3} පරිත්තො. සො හි භගවා අග්ගො ච සෙට්ඨො ච විසිට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච. යථා සසො න පටිබලො මත්තෙන මාතඞ්ගෙන සද්ධිං යුගසමාගමං සමාගන්ත්වා යුගග්ගාහං ගණ්හිතුං, යථා කොත්ථුකො න පටිබලො සීහෙන මිගරඤ්ඤා සද්ධිං යුගසමාගමං සමාගන්ත්වා යුගග්ගාහං ගණ්හිතුං, යථා වච්ඡකො තරුණකො ධෙනූපකො න පටිබලො උසභෙන චලක්කුනා සද්ධිං යුගසමාගමං සමාගන්ත්වා යුගග්ගාහං ගණ්හිතුං, යථා ධඞ්කො න පටිබලො ගරුළෙන වෙනතෙය්යෙන සද්ධිං යුගසමාගමං සමාගන්ත්වා යුගග්ගාහං ගණ්හිතුං, යථා චණ්ඩාලො න පටිබලො රඤ්ඤා චක්කවත්තිනා සද්ධිං යුගසමාගමං සමාගන්ත්වා යුගග්ගාහං ගණ්හිතුං, යථා පංසුපිසාචකො න පටිබලො ඉන්දෙන දෙවරඤ්ඤා සද්ධිං යුගසමාගමං සමාගන්ත්වා යුගග්ගාහං ගණ්හිතුං, එවමෙවං පසූරො පරිබ්බාජකො න පටිබලො ධොනෙන බුද්ධෙන භගවතා සද්ධිං යුගසමාගමං සමාගන්ත්වා යුගග්ගාහං ගණ්හිත්වා සාකච්ඡෙතුං{2} සල්ලපිතුං සාකච්ඡං සමාපජ්ජිතුං. තං කිස්ස හෙතු? පසූරො පරිබ්බාජකො හීනපඤ්ඤො නිහීනපඤ්ඤො ඔමකපඤ්ඤො ලාමකපඤ්ඤො. ඡත්තකපඤ්ඤො පරිත්තපඤ්ඤො. සො හි භගවා මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසුපඤ්ඤො{4} ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො පඤ්ඤාපභෙදකුසලො පභින්නඤාණො අධිගතපටිසම්භිදො චතුවෙසාරජ්ජප්පත්තො දසබලධාරී පුරිසාසභො පුරිසසීහො පුරිසනාගො පුරිසාජඤ්ඤො පුරිසධොරය්හො අනන්තඤාණො අනන්තතෙජො අනන්තයසො අඩ්ඪො මහද්ධනො{5} ධනවා නෙතා විනෙතා අනුනෙතා පඤ්ඤපෙතා නිජ්ඣාපෙතා පෙක්ඛෙතා පසාදෙතා.
Sinhala BJTධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක්ඛසි සම්පයාතවෙ - පසූර පරිව්‍රාජක තෙම ධොන වූ භාග්‍යවත් බුදුන් සමග එක්විට සමාගමයට පැමිණ යුගග්‍රාහය ගෙන සාකච්ඡා කරන්නට සල්ලාප කරන්නට සාකච්ඡාවට පැමිණෙන්නට සමර්‍ත්‍ථ නො වෙයි, ඒ කවර හෙයින යත්? පසූරපරිව්‍රාජක හීන යැ නිහීන යැ අධම යැ ලාමක යැ අහේතුක යැ අල්ප යි. ඒ බුදුහු වූ කලි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද විශිෂ්ට ද උත්තම ද ප්‍රවර ද වෙත්. යම් සේ සාවෙක් මතැතක්හු සමග එක් පැහැර පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ සිවලෙක් සිංහමෘගරාජයකු සමග යුග සමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ කිරි බොන වසුපැටෙක් සැලෙන මොල්ලිය ඇති වෘෂභයකු සමග යුගසමාගමයට (කරට කර) පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ කවුඩෙක් ගුරුළුරජකු සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ සැඩොලෙක් සක්විතිරජක්හු සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ පාංශුපිශාචයෙක් (කසළපිස්සෙක්) සක්දෙව්රජහු සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, එසෙයින් මැ පසූර පිරිවැජි තෙම කෙලෙස් දෙවු භගවත් බුදුන් සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහය ගෙන කථා කරන්නට සල්ලාප කරන්නට සාකච්ඡාවට පැමිණෙන්නට අසමර්ත්‍ථ වෙයි. ඊට හේතු කිම? යත්: පසූර පිරිවැජි තෙම හීනප්‍රඥා ඇත්තේ යැ නිහීනප්‍රඥා ඇත්තේ යැ අධමප්‍රඥා ඇත්තේ යැ ලාමකප්‍රඥා ඇත්තේ යැ අහෙතුකප්‍රඥා ඇත්තේ යැ අල්පප්‍රඥා ඇත්තේ යි. ඒ බුදුහු වූ කලි මහාප්‍රඥා ඇතියහ ශීඝ්‍රප්‍රඥා ඇතියහ දිවෙන ප්‍රඥා ඇතියහ තියුණු ප්‍රඥා ඇතියහ නිර්වේධික ප්‍රඥා ඇතියහ. ප්‍රඥාප්‍රභෙදයෙහි නිපුණයහ ප්‍රභේදගත ඥාන ඇත්තාහ අධිගම කළ ප්‍රතිසංවිද් ඇත්තාහ. චතුර්වෛශාරද්‍යයට පැමිණියහ දශබලධාරීහ පුරුෂශ්‍රේෂ්ඨයහ පුරුෂසිංහයහ පුරුෂනාගයහ පුරුෂාජානෙයහ පුරුෂධෞරෙයහ අනන්තඥානයහ අනන්තතේජස් ඇත්තාහ අනන්තයශස් ඇත්තාහ (ප්‍රඥාධනයෙන්) ආඪ්‍යයහ මහාධන ඇත්තාහ ධනවත්හ. (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ (විනයන කරන හෙයින්) විනේතෘ වූහ අනුනෙතෘ වූහ (සැක සිඳ අර්‍ත්‍ථය) පනවනුවහ නිශ්චය කරවනුවහ (පිළිවෙත්) දක්වනුවහ (ප්‍රතිපත්තිඵලයෙන්) පහදනුවහ.
Pali BJTසො හි භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො. මග්ගානුගා ච පනස්ස එතරහි සාවකා විහරන්ති පච්ඡාසමන්නාගතා.
Sinhala BJTතවද ඒ බුදුහු නූපන් මාර්‍ගය ස්වසන්තානයෙහි උපදවනුවහ, (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණ වශයෙන්) ප්‍රකාශ කරනුවහ, (ප්‍රත්‍යවෙක්‍ෂාවශයෙන්) මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නා සුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ. ඒ බුදුන් විසින් හෙළි කළ මාර්‍ගය හේතු කොට මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයේ (ශීලාදිගුණයෙන්) පසුපස යමින් වෙසෙත්.
Pali BJTසො හි භගවා ජානං ජානාති. පස්සං පස්සති. චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො, වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමි තථාගතො. නත්ථි තස්ස භගවතො අනඤ්ඤාතං{1} අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අථස්සිතං{2} පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති. යං කිඤ්චි ඤෙය්යං නාම අත්ථි ධම්මං ජානිතබ්බං, අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගූළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො වා අත්ථො පරමත්ථො වා අත්ථො සබ්බං තං අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. සබ්බං කායකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති. සබ්බං වචීකම්මං ඤාණානුපරිවත්ති{3}. සබ්බං මනොකම්මං ඤාණානුපරිවත්ති.
Sinhala BJTතවද ඒ බුදුහු දතයුතු (ඥේයධර්‍මය) දනිති, දැක්ක යුත්ත (නුවණැසින්) දකිති; ඇසක් මෙන් වූවහ, ඥානමය වූවහ, ධර්‍මමය වූවහ, වකතෘයහ, ප්‍රවෘකතෘයහ, නිනෙත්තෘයහ, ශ්‍රේෂ්ඨ වූවහ; (දහම් දෙසන හෙයින්) වක්තෘයහ (ඥේය දක්වනුයෙන්) නින්නෙතෘයහ, අමෘතය දෙනුවහ, ධර්‍මස්වාමීහ, තථාගතයහ. ඒ බුදුන් විසින් (මගනැණින්) නො දන්නා ලද්දෙක් (සව්නේ දත් නැණින්) නො දක්නා ලද්දෙක් අවිදිත වූයෙක් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දෙක් ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දෙක් නැති. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්‍මයෙක් වේ ද, අතීතානාගතප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සියලු ධර්‍මයෝ සර්‍වාකාරයෙන් භාග්‍යවත් බුදුන් ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්ත්‍ථය ද සාම්පරායිකාර්ත්‍ථය ද උත්තානාර්ත්‍ථය ද ගම්භීරාර්ත්‍ථය ද ගූඪාර්ත්‍ථය ද ප්‍රතිච්ඡන්නාර්ත්‍ථය ද නීතාර්ත්‍ථය ද අනවද්‍යාර්ත්‍ථය ද නික්ලෙශාර්ත්‍ථය ද පරිශුද්ධාර්ත්‍ථය ද පරමාර්ත්‍ථාර්ත්‍ථය (-නිර්‍වාණය) ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පවතී, භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී, සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී, සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී.
Pali BJTඅතීතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං. අනාගතෙ අප්පටිහතං ඤාණං. පච්චුප්පන්නෙ අප්පටිහතං{4} ඤාණං. යාවතකං ඤෙය්යං, තාවතකං ඤාණං. යාවතකං ඤාණං, තාවතකං ඤෙය්යං. ඤෙය්යපරියන්තිකං ඤාණං. ඤාණපරියන්තිකං ඤෙය්යං. ඤෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති. ඤාණං අතික්කමිත්වා ඤෙය්යපථො නත්ථි. අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා. යථා ද්වින්නං සමුග්ගපටලානං සම්මා ඵුස්සිතානං හෙට්ඨිමං සමුග්ගපටලං උපරිමං නාතිවත්තති, උපරිමං සමුග්ගපටලං හෙට්ඨිමං නාතිවත්තති, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො, එවමෙවං බුද්ධස්ස භගවතො ඤෙය්යඤ්ච ඤාණඤ්ච අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො. යාවතකං ඤෙය්යං, තාවතකං ඤාණං. යාවතකං ඤාණං, තාවතකං ඤෙය්යං. ඤෙය්යපරියන්තිකං ඤාණං. ඤාණපරියන්තිකං ඤෙය්යං. ඤෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති. ඤාණං අතික්කමිත්වා ඤෙය්යපථො නත්ථි. අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා. සබ්බධම්මෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති.
Sinhala BJTඅතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (-නිරාවරණ) යැ අනාගතයෙහි ඥානය අප්‍රතිහත යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය අප්‍රතිහත යැ, දතයුත්ත යම් පමණ ද ඥානය එපමණ යැ, ඥානය යම් පමණ ද ඥෙයය එපමණ යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැත, ඒ ධර්‍මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ; යම් සේ මනාකොට පැහැසු සුමුගුපටල (=තහඩු) දෙකෙකින් යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්මැ සිටී ද, ඔහු ඔවුනොවුන් ගේ කෙළවර සිටුනා සුලු වෙත් ද; එසෙයින් මැ භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ; යම්තාක් ඥේයය ද ඒතාක් ඥානය යැ, යම්තාක් ඥානය ද ඒතාක් ඥේය යැ ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති; ඒ දහම්හු අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනාසුල්ලහ.
Pali BJTසබ්බෙ ධම්මා බුද්ධස්ස භගවතො ආවජ්ජනපටිබද්ධා ආකඞ්ඛනපටිබද්ධා මනසිකාරපටිබද්ධා චිත්තුප්පාදපටිබද්ධා. සබ්බසත්තෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති. සබ්බෙසඤ්ච සත්තානං භගවා ආසයං ජානාති. අනුසයං ජානාති. චරිතං ජානාති. අධිමුත්තිං ජානාති. අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති. සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි මච්ඡකච්ඡපා අන්තමසො තිමිතිමිඞ්ගලං උපාදාය අන්තො මහාසමුද්දෙ පරිවත්තන්ති, එවමෙව සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තො බුද්ධඤාණෙ පරිවත්තති.
Sinhala BJTසියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, සියලු දහම්හු භාග්‍යවත් බුදුන් ගේ මනෝද්වාරාවර්‍ජනයට අයත්හු වෙති, රුචිය ප්‍රතිබද්ධයහ, මනසිකාර ප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාදප්‍රතිබද්ධයහ; සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, බුදුහු සියලු සත්ත්‍වයන්ගේ ආශය දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති, අල්ප වූ කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්‍දර ආකාර ඇති ගර්හිතාකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්‍වයන් දනිති, මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝ වැසි තෙම මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාව බුද්ධඥානය තුළ පවතී, යම්සේ තිමි තිමිඞ්ගල පටන් කොට යම් මස්කැසුබු කෙනෙක් වෙත් නම් ඔහු මහමුහුද තුළ හැසිරෙත් ද එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව බුද්ධඥානය තුළ පවතී;
Pali BJTයථා යෙ කෙචි පක්ඛී අන්තමසො ගරුළං වෙනතෙය්යං උපාදාය ආකාසස්ස පදෙසෙ පරිවත්තන්ති, එවමෙවං යෙපි තෙ සාරිපුත්තසමා පඤ්ඤාය, තෙපි බුද්ධඤාණස්ස පදෙසෙ පරිවත්තන්ති. බුද්ධඤාණං දෙවමනුස්සානං පඤ්ඤං ඵරිත්වා අභිභවිත්වා තිට්ඨතියෙව. යෙපි තෙ ඛත්තියපණ්ඩිතා බ්රාහ්මණපණ්ඩිතා ගහපතිපණ්ඩිතා සමණපණ්ඩිතා නිපුණා කතපරප්පවාදා වාලවෙධිරූපා වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි, තෙ පඤ්හෙ අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති ගූළ්හානි ච පටිච්ඡන්නානි ච. කථිතා විස්සජ්ජිතාව තෙ පඤ්හා භගවතා හොන්ති නිද්දිට්ඨකාරණා. අපක්ඛිත්තකාව තෙ භගවතො සම්පජ්ජන්ති. අථ ඛො භගවාව තත්ථ අතිරොචති යදිදං පඤ්ඤායාති - ධොනෙන යුගං සමාගමො න හි ත්වං සක්ඛසි සම්පයාතවෙ.
Sinhala BJTයම්සේ වෛනතෙය ගුරුළුරජහු පටන් කොට යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම් ඔහු අහසැ පෙදෙසෙක හැසිරෙත් ද, එසෙයින් මැ යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සමවූවාහු නම් ඔවුහු ද බුද්ධඥානයාගේ පෙදෙසෙක පවත්නාහුය. බුද්ධඥානය දෙවිමිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙනැ සිටී මැය. නිපුණ වූ කළ පරවාද ඇති වල් විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - ගෘහපති - ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥාවෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගූඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න සකස් කොට ගෙන බුදුන් කරා පැමිණ විචාරති. ඒ ප්‍රශ්නයෝ බුදුන් විසින් සකාරණ ව කියන ලද්දාහු විසඳන ලද්දාහු ද වෙති. තවද ඔවුහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූවාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥාවෙන් අතිශයින් බබළත් නුයි ‘ධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක්ඛසි සම්පයාතවෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අථ ත්වං පවිතක්කමාගමො මනසා දිට්ඨිගතානි චින්තයන්තො, ධොනෙන යුගං සමාගමො න හි ත්වං සක්ඛසි සම්පයාතවෙ”ති.
Sinhala BJT“අථ ත්‍වං -පෙ- සක්ඛසි සම්පයාතවෙ” යි.
Pali BJTපසූරසුත්තනිද්දෙසො අට්ඨමො.
Sinhala BJTඅටවැනි ‘පසූර’ සූත්‍ර නිර්‍දෙශය යි.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTමාගන්දියසුත්තනිද්දෙසො
Sinhala BJTමාගණ්‌දියසූත්‍රනිර්දේශය
Pali BJTඅථ මාගන්දියසුත්තනිද්දෙසො වුච්චතෙ:
Sinhala BJTඉක්බිති මාගන්‍දිය සූත්‍රනිර්දේශය කියනු ලැබේ.
Pali BJT9. 1.
Sinhala BJT9. 1.
Pali BJTදිස්වාන තණ්හං අරතිං රගඤ්ච{1} නාහොසි ඡන්දො අපි මෙථුනස්මිං, කිමෙවිදං මුත්තකරීසපුණ්ණං? පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ.
Sinhala BJTතෘෂ්ණා යැ අරති යැ රගා යැ යන (මාරදුහිතෲන්) තිදෙනා දැක මෙවුන්දම්හි ඡන්‍දයෙක් හෝ නො වී යැ. මලමූයෙන් පිරුණු මේ සිරුර දැක කවර කරුණෙකින් (ඡන්‍දයෙක් වේ ද නො වේ මැයි.) ඒ සිරුර පයිනු දු ස්පර්‍ශ කරන්නට නො රිස්සෙමි.
Pali BJTදිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්දො අපි මෙථුනස්මින්ති තණ්හඤ්ච අරතිඤ්ච රගඤ්ච{2} මාරධීතරො දිස්වා පස්සිත්වා මෙථුනධම්මෙ ඡන්දො වා රාගො වා පෙමං වා නාහොසීති - දිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්දො අපි මෙථුනස්මිං.
Sinhala BJTදිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං - තෘෂ්ණා ද අරති ද රගා ද යන මාරදුහිතෲන් දැක පවා, මෙවුන්දම්හි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නො වී නුයි ‘දිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං’ යනු වේ.
Pali BJTකිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙති - කිමෙවිදං සරීරං මුත්තපුණ්ණං කරීසපුණ්ණං සෙම්හපුණ්ණං රුධිරපුණ්ණං අට්ඨිසඞ්ඝාතං{3} නහාරුසම්බන්ධං රුධිරමංසාවලෙපනං චම්මාවනද්ධං{4} ඡවියා පටිච්ඡන්නං ඡිද්දාවඡිද්දං උග්ඝරන්තං පග්ඝරන්තං{5} කිමිසඞ්ඝනිසෙවිතං නානාකලිමලපරිපූරං පාදෙන අක්කමිතූං න ඉච්ඡෙය්යං,{6} කුතො පන සංවාසො වා සමාගමො වාති - කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ.
Sinhala BJTකිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ මූයෙන් පිරුණු මලයෙන් පිරුණු සෙමින් පිරුණු ලෙයින් පිරුණු ඇටසඟුළු වූ නහරවැලින් බැඳුණු, ලේමසින් ආලේප කළ සමින් එතුණු සිවියෙන් වැසුණු නොයෙක් සිදුරු ඇති (ඇස් ආදියෙන්) ඉතිරෙන (අධෝභාගයෙන්) වැගිරෙන පණුකැලන් ගැවැසෙන නොයෙක් අසුචිමලයෙන් හාත්පසින් පිරුණු මේ සිරුර කියනු මැ කිම. (එය) පයින් ඇක්මෙන්නට (පවා) නො රිස්සෙමි. වැලි කවර කරුණෙකින් සංවාසයෙක් හෝ සමාගමයෙක් හෝ වේ දැ’යි ‘කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ, යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“දිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්දො අපි මෙථුනස්මිං, කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ”ති.
Sinhala BJT“දිස්වාන තණ්හං -පෙ- පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ” යී.
Pali BJT9. 2.
Sinhala BJT9. 2.
Pali BJTඑතාදිසං චෙ රතනං න ඉච්ඡසි නාරිං නරින්දෙහි බහූහි පත්ථිතං, දිට්ඨිග්ගතං සීලවතානුජීවිතං භවූපපත්තිඤ්ච වදෙසි කීදිසං.
Sinhala BJTබොහෝ රජුන් විසින් පතන ලද දිව්‍යස්ත්‍රිරත්නයක් වැනි වූ මෙබඳු ස්ත්‍රියක ඉදින් නො කැමැත්තවු නම්, (එකල්හි) තොපගේ දෘෂ්ටිය ද ශීලව්‍රතය ද ජීවිතය ද භවෝත්පත්තිය ද, කෙබඳු දැ’යි කියනු මැනවැ’යි.
Pali BJTඅනච්ඡරියමෙවෙතං මනුස්සො යං දිබ්බෙ කාමෙ පත්ථයන්තො මානුසකෙ කාමෙ න ඉච්ඡෙය්ය, මානුසකෙ වා කාමෙ පත්ථයන්තො දිබ්බෙ කාමෙ න ඉච්ඡෙය්ය, යං ත්වං උභොපි න ඉච්ඡසි{1} න සාදියසි න පත්ථෙසි න පිහෙසි නාභිජප්පසි, කිං තෙ දස්සනං? කතමාය ත්වං දිට්ඨියා සමන්නාගතො’ති පුච්ඡති.
Sinhala BJTයම් හෙයකින් මිනිසෙක් දිව්‍යකාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් මානුෂිකකාමයන් නො කැමැති වන්නේ නම්, මානුෂිකකාමයන් හෝ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් දිව්‍යකාමයන් නො කැමැති වන්නේ නම්, තෙල ආශ්චර්‍ය්‍යයෙක් නො වෙයි. යම් හෙයකින් තෙපි දෙක මැ නො රිසියවු ද නො ඉවසවු ද, නො පතවු ද, නො කැමැති වවු ද, නො සිතවු ද, (එහෙයින්) තොප ගේ දර්‍ශනය කිම? තෙපි කවර ලබ්ධියකින් සමන්විතයවු දැ’යි විචාරයි:
Pali BJT“එතාදිසං චෙ රතනං න ඉච්ඡසි නාරිං නරින්දෙහි බහූහි පත්ථිතං, දිට්ඨිග්ගතං සීලවතානුජීවිතං භවූපපත්තිඤ්ච වදෙසි කීදිස”න්ති.
Sinhala BJT“එතාදිසං චෙ -පෙ- වදෙසි කීදිසං” යී.
Pali BJT9. 3.
Sinhala BJT9. 3.