Pali BJT7. 1.
Sinhala BJT7. 1.
Pali BJTමෙථුනමනුයුත්තස්ස (ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො) විඝාතං බ්රූහි මාරිස, සුත්වාන තව සාසනං විවෙකෙ සික්ඛිස්සාම සෙ.
Sinhala BJTනිදුකාණෙනි, මෙවුන්දම්හි යෙදුණහුට (වන) උපද්‍රවය වදාළ මැනව, මුබ වහන්සේගේ අනුසසුන් අසා ත්‍රිවිධ විවෙකයෙහි හික්මෙනුවම්හ. (ආයුෂ්මත් තිෂ්‍යමෛත්‍රෙය තෙමේ මෙසේ විචාළේයි.)
Pali BJTමෙථුනමනුයුත්තස්සාති - මෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො ගාමධම්මො වසලධම්මො දුට්ඨුල්ලො ඔදකන්තිකො රහස්සො ද්වයංද්වයසමාපත්ති;{a} කිංකාරණා වුච්චති මෙථුනධම්මො? උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති, තං කාරණා වුච්චති මෙථුනධම්මො. යථා උභො කලහකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො භණ්ඩනකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො භස්සකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො විවාදකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො අධිකරණකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො වාදිනො ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො සල්ලාපකා ‘මෙථුනකා’ති වුච්චන්ති, එවමෙවං උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති, තං කාරණා වුච්චති මෙථුනධම්මො; මෙථුනමනුයුත්තස්සාති - මෙථුනධම්මෙ යුත්තස්ස පයුත්තස්ස ආයුත්තස්ස සමායුත්තස්ස තච්චරිතස්ස තබ්බහුලස්ස තග්ගරුකස්ස තන්නින්නස්ස තප්පොණස්ස තප්පබ්භාරස්ස තදධිමුත්තස්ස තදධිපතෙය්යස්සාති ‘මෙථුනමනුයුත්තස්ස.’
Sinhala BJTමෙථුනමනුයුත්තස්ස - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක් වසලධර්‍මයෙක් වේ ද, දුෂ්ඨුනිඃශ්‍රිත වූ දියකිස අන්ත කොට ඇති රහස්‍ය වූ ධර්‍මයෙක්, ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි. කුමක් හෙයින් ‘මෙථුනධම්ම’ යි කියනු ලැබේ ද යත්? රාගයෙන් රත් වූ වෙසෙසින් රැඳුණු ක්ලේශයෙන් තෙත් වූ කුසලවාරය මැඩගෙන සිටි කුසල්සිත ගෙවාගෙන සිටි ස්ත්‍රීපුරුෂ දෙදෙනක්හුගේ සමාන කෙලෙස් ඇති දෙදෙනක්හුගේ ස්වභාවය නුයි, එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ. යම් සේ කලහකරුවෝ දෙදෙන මෛථුනක (-සදෘශ)යෝ යැයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙන මෛථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, බසින් කලහකරනුවෝ දෙදෙන - විවාදකරුවෝ දෙදෙන - අධිකරණකරුවෝ දෙදෙන - වාදපථය කියනුවෝ දෙදෙන - කථා කරනුවෝ දෙදෙන - මෛථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රාගයෙන් රත් වූ වෙසෙසින් රත් වූ කෙලෙසුන්ගෙන් තෙත් වූ කුසලවාරය මැඩගෙන සිටි හාත්පසින් යටකොට ගත් කුශලචිත්තය ඇති ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ සමාන කෙලෙස් ඇති ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ ස්වභාවය නුයි එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ. මෙථුනධම්මමනුයුත්තස්ස - මෙවුන්දම්හි යෙදුණු ආදරයෙන් යෙදුණු වෙසෙසින් යෙදුණු එක්වැ යෙදුණු එය කරන්නාවූ එය බහුල කොට ඇති එය ගරුකරන්නාවූ එහි නැමුණු සිත් ඇති එහි නැමුණු කය ඇති එහි අභිමුඛ වූ කය ඇති එහි ඇලුණාවූ එය අධිපති කොට ඇත්තහුගේ නුයි ‘මෙථුනමනුයුත්තස්ස’ යනු වේ.
Pali BJTඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යොති - ‘ඉච්චා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා නාමෙතං ඉච්චාති; ආයස්මාති - පියවචනං ගරුවචනං සගාරවවචනං සප්පතිස්සවචනමෙතං ආයස්මාති; තිස්සොති - තස්ස ථෙරස්ස නාමං සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපො; මෙත්තෙය්යොති - තස්ස ථෙරස්ස ගොත්තං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරොති ‘ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො.’
Sinhala BJTඉච්චායස්මා තිස්සො මෙත්තෙය්‍යො - ‘ඉච්ච’ යනු, පදසන්‍ධි යැ, පදසංසර්‍ග යැ, පදපූරණ යැ, අක්‍ෂරසමවාය යැ, ව්‍යඤ්ජනයන්ගේ සිලිටිබව යැ, පදානුපූර්‍වය නම් වෙයි මේ ‘ඉච්ච’ යනු: ආයස්මා යනු ප්‍රියවචන යැ, ගරුවචන යැ, සගෞරවවචන යැ, සප්‍රතිශ්‍රවවචන යැ මේ ‘ආයස්මා’ යනු. තිස්සො යනු: ඒ තෙරුන්ගේ නම යැ සංඛ්‍යාව යැ සංඥාව යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්‍ම යැ නාමධෙය්‍ය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යයි. මෙත්තෙය්‍යො - යනු: ඒ තෙරුන්ගේ ගෝත්‍ර යැ සංඛ්‍යාව යැ සංඥාව යැ ප්‍රඥප්තිය යැ ව්‍යවහාරය නුයි ‘ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්‍යො’ යනු වේ.
Pali BJTවිඝාතං බ්රූහි මාරිසාති - ‘විඝාත’න්ති විඝාතං උපඝාතං පීළනං ඝට්ටනං උපද්දවං උපස්සග්ගං; බ්රූහි - ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහි; මාරිසාති ‘පියවචනං ගරුවචනං සගාරවවචනං සප්පතිස්සවචනමෙතං මාරිසාති ‘විඝාතං බ්රූහි මාරිස.’
Sinhala BJTවිඝාතං බ්‍රෑහි මාරිස - ‘විඝාතං’ යනු: වෙහෙස හිංසාව පෙළුම ගැටුම උවදුර උපද්‍රවය; බ්‍රෑහි - කියව දෙසව පනවව පිහිටුවව විවරණ කරව විභාග කරව ප්‍රකට කරව ප්‍රකාශ කළ මැනව; මාරිස යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරවවචන යැ සප්‍රතිශ්‍රවවචනයෙකි මේ ‘මාරිස’ යනු. එහෙයින් ‘විඝාතං බ්‍රෑහි මාරිස’ යනු වේ.
Pali BJTසුත්වාන තව සාසනන්ති - ‘තුය්හං වචනං ව්යප්පථං දෙසනං අනුසාසනං අනුසිට්ඨිං{1} සුත්වා සුණිත්වා උග්ගහෙත්වා උපධාරයිත්වා උපලක්ඛයිත්වාති ‘සුත්වාන තව සාසනං.’
Sinhala BJTසුත්‍වාන තව සාසනං - ඔබගේ වචනය වාක්පථය දෙසුම අනුසස්න අනුශිෂ්ටිය අසා ශ්‍රවණය කොට උගෙන විමසා සලකා නුයි ‘සුත්‍වාන තව සාසනං’ යනු වේ.
Pali BJTවිවෙකෙ සික්ඛිස්සාම සෙති - ‘විවෙකො’ති තයො විවෙකා: කායවිවෙකො චිත්තවිවෙකො උපධිවිවෙකො.
Sinhala BJTවිවෙකෙ සීක්ඛිස්සාම සෙ - ‘විවෙක’ නම්: කායවිවේක යැ චිත්තවිවේක යැ උපධිවිවෙක යැ යි තුන් විවෙක කෙනෙක් වෙති.
Pali BJTකතමො කායවිවෙකො? ඉධ භික්ඛූ විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. කායෙන විවිත්තො විහරති. සො එකො ගච්ඡති. එකො තිට්ඨති. එකො නිසීදති. එකො සෙය්යං කප්පෙති. එකො ගාමං පිණ්ඩාය පවිසති. එකො පටික්කමති. එකො රහො නිසීදති. එකො චඞ්කමං අධිට්ඨාති. එකො චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. අයං කායවිවෙකො.
Sinhala BJTකායවිවේකය කවරැ යත්? මේ සස්නෙහි මහණ තෙමේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කඳුරු යැ ගල්ගේ යැ සොහොන යැ වනපත් යැ අබවස යැ පිදුරු බිසි (කුටි) යැ යන විවෙකසෙනාසනයක් ඇසුරු කෙරෙයි. කයින් විවික්ත වැ වෙසෙයි. හේ එකලා වැ යෙයි. එකලා වැ සිටී. එකලා වැ හොවී. එකලා වැ ගමට පිඬු සිඟා යෙයි. එකලා වැ පෙරළා එයි. එකලා වැ රහසැ හිඳී. එකලා වැ සක්මන් කෙරෙයි. එකලා වැ හැසිරෙයි. වෙසෙයි. ඉරියව් පවත්වයි යැපෙයි යාපනය කෙරෙයි. මේ ‘කායවිවේක’ යැ.
Pali BJTකතමො චිත්තවිවෙකො? පඨමං ඣානං සමාපන්නස්ස නීවරණෙහි චිත්තං විවිත්තං හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරෙහි චිත්තං විවිත්තං හොති. තතියං ඣානං සමාපන්නස්ස පීතියා චිත්තං විවිත්තං හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස සුඛදුක්ඛෙහි චිත්තං විවිත්තං හොති. ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. සොතාපන්නස්ස සක්කායදිට්ඨියා විචිකිච්ඡාය සීලබ්බතපරාමාසා දිට්ඨානුසයා විචිකිච්ඡානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති. සකදාගාමිස්ස ඔළාරිකා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති. අනාගාමිස්ස අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති. අරහතො රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි බහිද්ධා ච සබ්බනිමිත්තෙහි චිත්තං විවිත්තං හොති. අයං චිත්තවිවෙකො.
Sinhala BJTචිත්තවිවේක කවරැ යත් ? ප්‍රථමධ්‍යානයට සමවැදුනහුගේ සිත නීවරණයන්ගෙන් වෙන් වූයේ වෙයි, ද්විතීයධ්‍යානයට සමවැදුනහුගේ සිත විතර්‍කවිචාරයන්ගෙන් වෙන් වූයේ වෙයි, තෘතීයධ්‍යානයට සමවැදුනහුගේ සිත ප්‍රීතියෙන් වෙන් වූයේ වෙයි, චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැදුනහුගේ සිත සුඛදුඃඛයන්ගෙන් වෙන් වූයේ වෙයි, ආකාසානඤ්චායතනයට සමවැදුනහුගේ සිත රුපසංඥායෙන් ප්‍රතිඝසංඥායෙන් නානාත්මසංඥායෙන් වෙන් වූයේ වෙයි, විඤ්ඤාණඤ්චාතනයට සමවන්නහුගේ සිත ආකාසානඤ්චායතනසංඥායෙන් විවික්ත වෙයි, ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුගේ සිත විඤ්ඤාණඤ්චායතනසංඥායෙන් විවික්ත වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥායෙන් විවික්ත වෙයි, ස්‍රොතාපන්නයාගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂ්ට්‍යනුශයයෙන් විචිකිත්සානුශයයෙන් හා ඔවුන් හා එක්වැ සිටි කෙලෙසුන්ගෙන් ද විවික්ත වෙයි, සකෘදාගාමීහුගේ සිත ඖදාරිකකාමරාගසංයොජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා තදේකස්ථ ක්ලේශයන් ගෙන් ද විවික්ත වෙයි, අනාගාමීහුගේ සිත අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා තදේකස්ථ ක්ලේශයන් ගෙන් ද විවික්ත වෙයි, රහත්හු ගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යාවෙන් මානානුශයයෙන් භවරාගානුශයයෙන් අවිද්‍යානුශයයෙන් හා තදේකස්ථ වූ ක්ලේශයන්ගෙන් ද බාහ්‍ය ව පැවැති සියලු සංස්කාරනිමිත්තයන්ගෙන් ද විවික්ත වූයේ වේ. මේ යැ චිත්තවිවේක ය.
Pali BJTකතමො උපධිවිවෙකො? උපධි වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. උපධිවිවෙකො වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අයං උපධිවිවෙකො.
Sinhala BJTඋපධිවිවෙක කවරැ යත් ? ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘උපධි’ යයි කියනු ලැබෙති; අමාමහ නිවන ‘උපධිවිවෙක’ යයි කියනු ලැබේ. හේ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම යැ සියලු උපධීන්ගේ දුරැලීම යැ තෘෂ්ණාක්‍ෂය යැ විරාග යැ නිරෝධ යැ නිර්‍වාණයයි. මේ උපධිවිවෙක යි.
Pali BJTකායවිවෙකො ච වවකට්ඨකායානං{1} නෙක්ඛම්මාභිරතානං. චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං. උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතානං.
Sinhala BJTගණසඞ්ගනිකායෙන් වෙන් වූ නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණවුන්ගේ කායවිවේකය ද, පිරිසිදු සිත් ඇති උත්තමපාරිශුද්ධියට පැමිණියවුන්ගේ චිත්තවිවෙකය ද, උපධිරහිත වූ නිවනට ගිය සිත් ඇති පුද්ගලයන්ගේ උපධිවිවේකය ද වේ.
Pali BJTවිවෙකෙ සික්ඛිස්සාම සෙති - සො ථෙරො පකතියා සික්ඛිතසික්ඛො. අපිච, ධම්මදෙසනං උපාදාය ධම්මදෙසනං යාවන්තො{2} එවමාහ: ‘විවෙකෙ සික්ඛිස්සාම සෙ’ති. තෙනාහ තිස්සො මෙත්තෙය්යො:
Sinhala BJTවිවෙකෙ සික්ඛිස්සාම සෙ - ඒ තෙරණුවෝ පියවින් හික්මුණු ත්‍රිවිධ ශික්‍ෂා ඇත්තාහ; තවද දම්දෙසුම් සඳහා දෙම්දෙසුම අයදමින් මෙසේ කියති: ‘විවෙකෙ සික්ඛිස්සාම සෙ’ යී. එයින් කීහ, තිෂ්‍යමෛත්‍රෙය තෙරණුවෝ:
Pali BJT“මෙථුනමනුයුත්තස්ස (ඉච්චායස්මා තිස්සො මෙත්තෙය්යො) විඝාතං බ්රූහි මාරිස, සුත්වාන තව සාසනං විවෙකෙ සික්ඛිස්සාම සෙ”ති.
Sinhala BJT“මෙථුනමනුයුත්තස්ස -පෙ- සික්ඛිස්සාම සෙ” යි.
Pali BJT7. 2.
Sinhala BJT7. 2.
Pali BJTමෙථුන මනුයුත්තස්ස (මෙත්තෙය්යාති භගවා) මුස්සතෙ වාපි{1} සාසනං, මිච්ඡා ච පටිපජ්ජති එතං තස්මිං අනාරියං
Sinhala BJT(මෛත්‍රෙය, යී බුදුහු මෙසේ වදාළහ:) මෙවුන්දම්හි ඇලුණහුගේ (පර්‍ය්‍යාප්ති-ප්‍රතිපත්ති) ශාසනය නැසෙයි, යළි (හෙතෙම) වරදවා පිළිපදී, ඔහු කෙරෙහි තෙල මිත්‍ථ්‍යාප්‍රතිපදාව අනාර්‍ය්‍යධර්‍මයෙකි.
Pali BJTමෙථුනමනුයුත්තස්සාති - මෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො ගාමධම්මො වසලධම්මො දුට්ඨුල්ලො ඔදකන්තිකො රහස්සො ද්වයංද්වයසමාපත්ති,{a} කිං කාරණා වුච්චති මෙථුනධම්මො? උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති, තං කාරණා වුච්චති මෙථුනධම්මො, යථා උභො කලහකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො භණ්ඩනකාරකා ‘මෙථුනකා’ ති වුච්චන්ති, උභො භස්සකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො විවාදකාරකා ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො අධිකරණකාරකා ‘මෙථුනකා’ ති වුච්චන්ති, උභො වාදිනො ‘මෙථුනකා’ති වුච්චන්ති, උභො සල්ලාපකා ‘මෙථුනකා’ති වුච්චන්ති, එවමෙවං උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති, තං කාරණා වුච්චති මෙථුනධම්මො.
Sinhala BJTමෙථුනමනුයුත්තස්ස - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාම්‍යධර්‍මයෙක් දුෂ්ටබහුල වූ ධර්‍මයෙක් දියකිස අන්ත කොට ඇති රහස්‍ය වූ (ධර්‍මයෙක්) ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි. කවර කරුණෙකින් ‘මෙථුනධම්ම’ යි කියනු ලැබේ ද යත්? (රාගයෙන්) රත් වූ වෙසෙසින් රත් වූ (ක්ලේශයෙන්) තෙත් වූ කුශලවාරය මැඩගෙන සිටි කුසල්සිත යටපත් කළ ස්ත්‍රීපුරුෂ දෙදෙනාගේ ක්ලේශයෙන් සදෘශ වූ දෙදෙනා ගේ ධර්‍මය නුයි එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ; යම්සේ කලහකරුවෝ දෙදෙනෙක් මෙථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙනෙක් - වාක්කලහකරුවෝ දෙදෙනෙක් - විවාදකරුවෝ දෙදෙනෙක් - අධිකරණකරුවෝ දෙදෙනෙක් - වාදීහු දෙදෙනෙක් - කථාකරුවෝ දෙදෙනෙක් ‘මෙථුනකයෝ’ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රක්ත වූ සංරක්ත වූ (ක්ලේශයෙන්) තෙත් වූ කුශලසිත මැඩගෙන සිටි යටපත් කළ කුසල්සිත ඇති ස්ත්‍රීපුරුෂදෙදෙනා ගේ සදෘශ වූ ස්ත්‍රීපුරුෂදෙදෙනාගේ ධර්‍මය නුයි - එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ.
Pali BJTමෙථුනමනුයුත්තස්සාති මෙථුනධම්මෙ යුත්තස්ස පයුත්තස්ස ආයුත්තස්ස සමායුත්තස්ස තච්චරිතස්ස{2} තබ්බහුලස්ස තග්ගරුකස්ස තන්නින්නස්ස තප්පොණස්ස තප්පබ්භාරස්ස තදධිමුත්තස්ස තදධිපතෙය්යස්සාති ‘මෙථුනමනුයුත්තස්ස’.
Sinhala BJTමෙථුනමනුයුත්තස්ස - මෛථුනධර්‍මයෙහි යුක්ත වූ ප්‍රයුක්ත වූ විශේෂයෙන් යුක්ත වූ එක් වැ යෙදුණා වූ එය කරන්නාවූ එය බහුල වැ කරන්නාවූ එය ගරු කරන්නාවූ ඊට නැමුණාවූ ඊට නතු වූ ඊට බර වූ එහි ඇලුණා වූ එය අධිපති කොට පවත්නහු ගේ නුයි ‘මෙථුනමනුයුත්තස්ස’ යනු වේ.
Pali BJTමෙත්තෙය්යාති - භගවා තං ථෙරං ගොත්තෙන ආලපති; භගවාති ගාරවාධිවචනං; අපිච, භග්ගරාගොති භගවා; භග්ගදොසොති භගවා; භග්ගමොහොති භගවා; භග්ගමානොති භගවා; භග්ගදිට්ඨීති භගවා; භග්ගකණ්ටකොති භගවා; භග්ගකිලෙසොති භගවා; භජි විභජි පවිභජි ධම්මරතනන්ති භගවා භවානං අන්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා; භජි වා භගවා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා, භාගී වා භගවා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා, භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා.
Sinhala BJT‘මෙත්තෙය්‍ය’ යී බුදුහු ඒ තෙරුන් ගෝත්‍රයෙන් ආමන්ත්‍රණ කෙරෙති: භගවා යනු: ගෞරවාධිවචයන යි; තවද - භග්න කළ රාග ඇත් නුයි - භගවත් යැ, භග්න ද්වේෂ ඇත් නුයි - භගවත් යැ, භග්න මෝහ ඇත් නුයි - භගවත් යැ, භග්න (=බුන්) මාන ඇත් නුයි - භගවත් යැ, බුන් දෘෂ්ටි ඇත් නුයි - භගවත් යැ; බුන් කෙලෙස් කටු ඇත් නුයි - භගවත් යැ, බුන් කෙලෙස් ඇත් නුයි - භගවත් යැ, ධර්‍මරත්නය භාග-විභාග-ප්‍රවිභාග කෙළේ නුයි - භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි - භගවත් යැ, භාවිතකාය - භාවිතසීල - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත් නුයි - භගවත් යැ, නොහොත් බුදුහු ශබ්ද රහිත වූ නිර්‍ඝොෂ රහිත වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්‍යකාරණයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් ඉතා දුර සෙනසුන් සේවනය කළාහු නුයි - භගවත් යැ, නොහොත් බුදුහු චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත්පිරිකරට හිමි වූවාහු නුයි - භගවත් යැ, බුදුහු අර්ත්‍ථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමිවූවාහු නුයි - හෝ භගවත් යැ.
Pali BJTභාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූපසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා; භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං, ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා, භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පධානානං චතුන්නං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා; භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤානං ඡන්නං බුද්ධධම්මානන්ති භගවා, භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවාති ‘මෙත්තෙය්යාති භගවා. ‘
Sinhala BJTබුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්‍ෂයන්ට අෂ්ටඅභිහායතනයන්ට නවානුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු දශසංඥාභාවනාවන්ට දශකෘත්ස්නසමාපත්තීන්ට ආනාපානස්මෘතිසමාධියට අශුභසමාපත්තියට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්‍යක්ප්‍රදහනයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියයන්ට පඤ්චබලයන්ට සප්තබොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි - භගවත් යැ, බුදුහු දශවිධ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සිවු පිළිසැඹියාවන්ට ෂඩ් අභිඥාවන්ට ෂඩ් බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි - භගවත් යැ; තෙල ‘භගවත්’ යන නම මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑණන් විසින් නො කරන ලද, බූණන් විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑ-සහලේනෑයන් විසින් නො කරන ලද; මහණ-බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද; යම් භගවත් යන නමක් වී නම් තෙල භාග්‍යවත් බුදුවරයන්ට විමෝක්‍ෂාන්තයෙහි බෝමුලැ සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වූවා නුයි ‘මෙත්තෙය්‍යාති භගවා’ යනු වේ.
Pali BJTමුස්සතෙ වාපි{1} සාසනන්ති - ද්වීහි කාරණෙහි සාසනං මුස්සති: පරියත්තිසාසනම්පි මුස්සති. පටිපත්තිසාසනම්පි මුස්සති. කතමං තං පරියත්තිසාසනං? යන්තස්ස පරියාපුතං{2} සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, ඉදං පරියත්තිසාසනං. තම්පි මුස්සති සම්මුස්සති පමුස්සති සම්පමුස්සති පරිබාහිරො හොතීති ‘එවම්පි මුස්සතෙ වාපි සාසනං’ කතමං පටිපත්තිසාසනං? සම්මාපටිපදා අනුලොමපටිපදා අපච්චනීකපටිපදා අන්වත්ථපටිපදා ධම්මානුධම්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා භොජනෙ මත්තඤ්ඤුතා ජාගරියානුයොගො සතිසම්පජඤ්ඤං චත්තාරො සතිපට්ඨානා චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො, ඉදං පටිපත්තිසාසනං. තම්පි මුස්සති සම්මුස්සති පමුස්සති සම්පමුස්සති පරිබාහිරො හොතීති එවම්පි ‘මුස්සතෙ වාපි සාසනං.’
Sinhala BJTමුස්සතෙ වාපි සාසනං - දෙ කරුණෙකින් ශාසනය නැසෙයි: පර්‍ය්‍යාප්තිශාසනය ද නැසෙයි, ප්‍රතිපත්තිශාසනය ද නැසෙයි; පර්‍ය්‍යාප්තිශාසනය කවරැ යත්? ඔහු විසින් පුහුණු කළ යම් සූත්‍රයෙක් ගෙය්‍ය - වෙය්‍යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අද්භූතධර්‍මයෙක් වේ ද, මේ යැ පර්‍ය්‍යාප්තිශාසනය; හෙ ද නැසෙයි වෙසෙසින් නැසෙයි ප්‍රකර්‍ෂයෙන් නැසෙයි අත්‍යන්තයෙන් නැසෙයි පරිබාහිර වේ නුයි මෙසේත් ‘මුස්සතෙ වාපි සාසනං’ යනු වේ. ප්‍රතිපත්තිශාසනය කවරැ යත් ? සම්‍යක්ප්‍රතිපදාව අනුලොමප්‍රතිපදාව අවිරුද්ධප්‍රතිපදාව අන්වර්ත්‍ථප්‍රතිපදාව ධර්‍මානුධර්‍මප්‍රතිපදාව සිල් පුරනුසුලු බව ඉඳුරන්හි පියූ දොර ඇති බව බොජුන්හි පමණ දන්නා බව නිදිවැරීමෙහි යෙදීම සිහිනුවණ ඇති බව සතර සතිපට්ඨානය සතර සම්‍යක්ප්‍රදහනය සතර ඍද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්චබලය සප්තබෝධ්‍යඞ්ගය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මේ යැ ප්‍රතිපත්තිශාසනය; හෙ ද මුෂ්‍ය - සම්මුෂ්‍ය - ප්‍රමුෂ්‍ය - සමප්‍රමුෂ්‍ය වෙයි, පරිබාහිර වේ නුයි මෙසේත් ‘සම්මුස්සතෙ වාපි සාසනං’ යනු වේ.
Pali BJTමිච්ඡා ච පටිපජ්ජතීති - ‘පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණතීති ‘මිච්ඡා ච පටිපජ්ජති.’
Sinhala BJTමිච්ඡා ච පටිපජ්ජති - ප්‍රාණඝාත ද කෙරෙයි, නුදුන් දෙය ද ගනී, ගෘහසන්‍ධිද බිඳියි, ගම් පැහැරීම ද කෙරෙයි, ගෙවල් පැහැරීම ද කෙරෙයි, මංපැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, බොරු ද කියා නුයි ‘මිච්ඡා ච පටිපජ්ජති’ යනු වේ.
Pali BJTඑතං තස්මිං අනාරියන්ති - එතං තස්මිං පුග්ගලෙ අනරියධම්මො බාලධම්මො මූළ්හධම්මො අඤ්ඤාණධම්මො අමරාවික්ඛෙපධම්මො යදිදං මිච්ඡාපටිපදාති ‘එතං තස්මිං අනාරියං.’
Sinhala BJTඑතං තස්මිං අනාරියං - යම් මිත්‍ථ්‍යාප්‍රතිපදාවක් වේ ද, තෙල ඒ පුද්ගලයා කෙරෙහි අනාර්‍ය්‍ය බව යැ බාල බව යැ මූඪ බව යැ, අඥාන බව යැ, අමරාවික්‍ෂෙපභාවය නුයි ‘එතං තස්මිං අනාරියං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ, බුදුහු:
Pali BJT“මෙථුනමනුයුත්තස්ස (මෙත්තෙය්යාති භගවා) මුස්සතෙ වාපි සාසනං මිච්ඡා ච පටිපජ්ජති එතං තස්මිං අනාරිය”න්ති.
Sinhala BJT“මෙථුනමනුයුත්තස්ස -පෙ- එතං තස්මිං අනාරියං” යී.
Pali BJT7. 3.
Sinhala BJT7. 3.
Pali BJTඑකො පුබ්බෙ චරිත්වාන මෙථුනං යො නිසෙවති, යානං භන්තංව තං ලොකෙ හීනමාහු පුථුජ්ජනං.
Sinhala BJTයමෙක් පෙර (පැවිද්දෙන්) එකලා වැ ලොවැ හැසිර (පසුව) මෙවුන්දම් සෙවුණේ නම්, නො හික්මුණු (ඇත් ආදි) යානයක් සෙයින් ඒ (සිවුරලු) පෘථග්ජනයා ලාමක යැයි කියත්.
Pali BJTඑකො පුබ්බෙ චරිත්වානාති - ද්වීහි කාරණෙහි එකො පුබ්බෙ චරිත්වාන: පබ්බජ්ජාසඞ්ඛාතෙන වා ගණා වවස්සග්ගට්ඨෙන{1} වා. කථං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො පුබ්බෙ චරිත්වාන? සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපළිබොධං ඡින්දිත්වා සන්නිධිපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. එවං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො පුබ්බෙ චරිත්වාන; කථං ගණා වවස්සග්ගට්ඨෙන{1} එකො පුබ්බෙ චරිත්වාන? සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො ගච්ඡති. එකො තිට්ඨති. එකො නිසීදති. එකො සෙය්යං කප්පෙති. එකො ගාමං පිණ්ඩාය පවිසති. එකො පටික්කමති. එකො රහො නිසීදති. එකො චඞ්කමං අධිට්ඨාති. එකො චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. එවං ගණාවවස්සග්ගට්ඨෙන{1} ‘එකො පුබ්බෙ චරිත්වාන’.
Sinhala BJTඒකෝ පුබ්බේ චරිත්‍වාන - දෙ කරුණෙකින් පෙර එකලා වැ හැසිර; ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාත වූ හෝ ගණසඞ්ගණිකායේන් වෙන් ව විසීම් අර්‍ත්‍ථ වූ හෝ දෙ කරුණෙනි. කිසෙයින් පැවිදිකොටසින් පෙර එකලා වැ හැසිර ද යත්? ගෘහාවාසපළිබොධය සිඳ අඹුදරු පළිබෝධය සිඳ ඥාතිපළිබොධය සිඳ මිත්‍රාමාත්‍යපළිබොධය සිඳ සන්නිධිපළිබොධය සිඳ කෙස්රවුළු බහා කසාවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිව කිසිවක් නැතිබවට පැමිණ එකලා වැ සෙරෙයි හැසිරෙයි ඉරියවු පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය වේ; මෙසේ පැවිදිකොටසින් පෙර එකලා වැ හැසිර; කිසෙයින් ගණසඞ්ගණිකායේන් වෙන් ව විසීම් අර්‍ත්‍ථයෙන් පෙර එකලා වැ හැසිර ද යත්? හේ මෙසේ පැවිදි වූයේ එකලා වැ නිශ්ශබ්ද වූ අනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රාහස්‍යයට කාරණ වූ විවෙකානුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුරසෙනසුන් ඉතා දුරසෙනසුන් ඇසුරු කෙරෙයි’ හෙතෙම එකලා වැ යෙයි, එකලා වැ සිටී, එකලා වැ හිඳී, එකලා වැ හොවී, එකලා වැ ගමට පිඬු සිඟා යෙයි, එකලා වැ පෙරළා එයි, එකලා වැ විවේකව හිඳී, එකලා වැ සක්මන් කෙරෙයි, එකලා වැ සෙරෙයි හැසිරෙයි ඉරියවු පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය වේ. මෙසේ ගණව්‍යවස්සර්‍ගාර්ත්‍ථයෙන් පෙර එකලා වැ හැසිර.
Pali BJTමෙථුනං යො නිසෙවතීති - මෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො -පෙ-ද්වයංද්වයසමාපත්ති, -පෙ- තං කාරණා වුච්චති මෙථුනධම්මො, -පෙ- මෙථුනං යො නිසෙවතීති යො අපරෙන සමයෙන බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා මෙථුනං ධම්මං සෙවති නිසෙවති සංසෙවති පටිසෙවතීති ‘මෙථුනං යො නිසෙවති. ‘
Sinhala BJTමෙථුනං යො නිසෙවති - ‘මෙවුන්දම’ නම්: යම් අසද්ධර්‍මයෙක්... ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි,... එකරුණෙන් ‘මෙවුන්දම් ය’ යි කියනු ලැබේ. මෙථුනං යො නිසෙවතී - යමෙක් පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහිබවට පෙරැළී මෙවුන්දම් සෙවන නිසෙවන සංසෙවන ප්‍රතිසෙවන කෙරේ නුයි ‘මෙථුනං යො නිසෙවති’ යනු වේ.
Pali BJTයානං භන්තංව තං ලොකෙති - ‘යානා’න්ති හත්ථියානං අස්සයානං ගොයානං අජයානං මෙණ්ඩයානං ඔට්ඨයානං ඛරයානං, භන්තං අදන්තං අකාරිතං අවිනීතං උප්පථං ගණ්හාති, විසමං ඛාණුම්පි පාසාණම්පි අභිරූහති, යානම්පි ආරොහකම්පි{2} භඤ්ජති{3} පපාතෙපි පපතති, යථා තං භන්තං යානං අදන්තං අකාරිතං අවිනීතං උප්පථං ගණ්හාති එවමෙවං සො විබ්භන්තකො භන්තයානපටිභාගො උප්පථං ගණ්හාති මිච්ඡාදිට්ඨිං ගණ්හාති -පෙ- මිච්ඡාසමාධිං ගණ්හාති යථා තං භන්තං යානං අදන්තං අකාරිතං අවිනීතං විසමං ඛාණුම්පි පාසාණම්පි අභිරූහති, එවමෙවං සො විබ්භන්තකො භන්තයානපටිභාගො විසමං කායකම්මං අභිරූහති. විසමං වචීකම්මං - විසමං මනොකම්මං අභිරූහති, විසමං පාණාතිපාතං අභිරූහති. විසමං අදින්නාදානං අභිරූහති. විසමං කාමෙසු මිච්ඡාචාරං අභිරූහති. විසමං මුසාවාදං අභිරූහති, විසමං පිසුනවාචං අභිරූහති. විසමං ඵරුසවාචං අභිරූහති. විසමං සම්ඵප්පලාපං අභිරූහති. විසමං අභිජ්ඣං අභිරූහති විසමං ව්යාපාදං අභිරූහති. විසමං මිච්ඡාදිට්ඨිං අභිරූහති. විසමෙ සඞ්ඛාරෙ අභිරූහති. විසමෙ පඤ්ච කාමගුණෙ අභිරූහති. විසමෙ පඤ්ච නීවරණෙ අභිරූහති.
Sinhala BJTයානං භන්තංව තං ලෝකේ - ‘යාන’ නම්: ඇත්යාන යැ අස්යාන යැ ගවයාන යැ එළුයාන යැ බැටළුයාන යැ ඔටුයාන යැ කොටළුයාන යි. භන්තං - නො දැමුණු නො හික්මුණු අවිනීත වූ (යානය) නො මඟට පැමිණෙයි, විෂම ව සිටි කණුවට ද ගලට ද නඟී, යානය ද ආරොහකයාගේ අත්පා ආදිස ද බිඳී, ප්‍රපාතයෙහි දු වැටෙයි, යම්සේ නො දැමුණු නො හික්මුණු අවිනීත වූ ඒ භ්‍රාන්තයානය නො මඟට යේ ද, එසෙයින් ම ඒ සිවුරලු තෙමේ නො දැමුණු යානයක් බඳු වූයේ නො මඟට පැමිණෙයි, මිථ්‍යාදෘෂ්ටිය ගනී... මිථ්‍යාසමාධිය ගනී; යම්සේ අදාන්ත වූ අශික්‍ෂිත වූ අවිනීත වූ භ්‍රාන්ත වූ යානය විෂම ව සිටි කණුවට හා ගලට ත් නඟී ද, එසෙයින් ම භ්‍රාන්තයානයක් බඳු වූ ඒ විභ්‍රාන්තක (=සිවුරලු) තෙම විෂම වූ කායකර්‍මය උපදවයි, විෂම වු වාක්කර්‍මය - විෂම වූ මනඃකර්‍මය උපදවයි, විෂම වූ ප්‍රාණඝාතය උපදවයි (=කෙරෙයි) විෂම වූ අදත්තාදානය - විෂම වූ කාමමිත්‍ථ්‍යාචාරය - විෂම වූ මෘෂාවාදය - විෂම වූ පෛශුන්‍යවචනය - විෂම වූ පරුෂවචනය - විෂම වූ සම්පප්‍රලාපය - විෂම වූ අභිධ්‍යාව - විෂම වූ ව්‍යාපාදය - විෂම වූ මිත්‍ථ්‍යාදෘෂ්ටිය උපදවයි, විෂම වූ සංස්කාරයන් උපදවයි, විෂම වූ පස්කම්ගුණ උපදවයි, විෂම වූ පඤ්චනීවරණයන් උපදවයි.
Pali BJTයථා තං භන්තං යානං අදන්තං අකාරිතං අවිනීතං යානම්පි ආරොහකම්පි භඤ්ජති, එවමෙවං සො විබ්භන්තකො භන්තයානපටිභාගො නිරයෙ අත්තානං භඤ්ජති. තිරච්ඡානයොනියං අත්තානං භඤ්ජති. පෙත්තිවිසයෙ අත්තානං භඤ්ජති. මනුස්සලොකෙ අත්තානං භඤ්ජති. දෙවලොකෙ අත්තානං භඤ්ජති. යථා තං භන්තං යානං අදන්තං අකාරිතං අවිනීතං පපාතෙ පපතති, එවමෙවං සො විබ්භන්තකො භන්තයානපටිභාගො ජාතිපපාතම්පි පපතති. ජරාපපාතම්පි පපතති. ව්යාධිපපාතම්පි පපතති. මරණපපාතම්පි පපතති. සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසපපාතම්පි පපතති. ලොකෙති අපායලොකෙ -පෙ- මනුස්සලොකෙති ‘යානං භන්තංව තං ලොකෙ.’
Sinhala BJTයම්සේ අදාන්ත වූ අශික්‍ෂිත වූ අවිනීත වූ ඒ භ්‍රාන්තයානය වාහනයත් ආරොහකයාගේ අත්පා ආදියත් බිඳී ද, එසෙයින් ම ඒ නො දැමුණු යානයක් බඳු සිවුරලු තෙම නිරයෙහි ආත්මය සුණුවිසුණු කෙරෙයි, තිරිසන් යෝනියෙහි ආත්මය පෙළයි, ප්‍රේතවිෂයයෙහි ආත්මය පෙළයි, මිනිස්ලොවැ (කම්කටොලු විසින්) ආත්මය පෙළයි, දෙව්ලොවැ (වියෝදුකින්) ආත්මය පෙළයි. යම්සේ අදාන්ත වූ අශික්‍ෂිත වූ අවිනීත වූ ඒ භ්‍රාන්තයානය ප්‍රපාතයෙහි වැටේ ද, එසෙයින් ම ඒ නො හික්මුණු යානයක් බඳු ඒ සිවුරලු තෙම ජාතිප්‍රපාතයට ද වැටෙයි’ ජරාප්‍රපාතයට ද වැටෙයි, ව්‍යාධිප්‍රපාතයට ද - මරණප්‍රපාතයට ද - ශොකපරිදෙවදුඃඛ-දෞර්මනස්‍යඋපායාසප්‍රපාතයට ද වැටෙයි. ලෝකේ - අපායලෝකයෙහි... මනුෂ්‍යලොකයෙහි නුයි ‘යානං භන්තංව තං ලෝකේ’ යනු වේ.
Pali BJTහීනමාහු පුථුජ්ජනන්ති - ‘පුථුජ්ජනා’ති කෙනට්ඨෙන පුථුජ්ජනා? පුථු කිලෙසෙ ජනෙන්තීති පුථුජ්ජනා. පුථු අවිහතසක්කායදිට්ඨිකානි පුථුජ්ජනා. පුථු සත්ථාරානං මුඛුල්ලොකකාති පුථුජ්ජනා. පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා, පුථු නානාභිසඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්තීති පුථුජ්ජනා. පුථු නානාඔඝෙහි වුය්හන්තීති පුථුජ්ජනා. පුථුනානාසන්තාපෙහි සන්තප්පන්තීති{1} පුථුජ්ජනා. පුථු නානාපරිළාහෙහි පරිඩය්හන්තීති පුථුජ්ජනා. පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා{2} ලග්ගා ලග්ගිතා පළිබුද්ධාති පුථුජ්ජනා. පුථු පඤ්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා. හීනමාහු පුථුජ්ජනන්ති පුථුජ්ජනං හීනං නිහීනං ඔමකං ලාමකං ඡත්තකං{3} පරිත්තන්ති එවමාහංසු, එවං කථෙන්ති, එවං භණන්ති, එවං දීපයන්ති, එවං වොහරන්තීති ‘හීනමාහු පුථුජ්ජනං.’
Sinhala BJTහීනමාහු පුථුජ්ජනං - ‘පුථුජ්ජනා’ යනු: කවර අරුතෙකින් පෘථග්ජනයෝ වෙති යත් ? බොහෝ කෙලෙසුන් උපදවත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ නො නසන ලද සත්කායදෘෂ්ටි ඇත්තාහු නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ ශාස්තෲන් ගේ මුහුණු බලත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ සියලු ගතිවලින් නො නැඟීසිටියාහු නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ විවිධ අභිසංස්කාරයන් රැස් කෙරෙත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ විවිධ ඔඝවලින් වැහෙත් නුයි - පෘථග්ජනයෝ යැ පුථු නා නා සන්තාපයන් ගෙන් තැවෙත් නුයි - පුථු නානා පරිදාහයන් ගෙන දැවෙත් නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ පස්කම්ගුණයන්හි රැදුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු ඇතුළු වූවාහු ලැගුණාහු ලග්නිත වූවාහු පිළිපන්නාහු නුයි - පෘථග්ජනයෝ යැ බොහෝ වූ පඤ්චනීවරණයන් ගෙන් එතුණාහු නැවැත්තාහු වැසුණාහු යටින් වැසුණාහු පිළිසන් වූවාහු යටිහුරු වූවාහු නුයි - පෘථග්ජනයෝ යි. හීනමාහු පුථුජ්ජනං - පුහුදුනහු හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ ත්‍යක්ත යැ පරික්ත යැ යි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ වහරත් නුයි ‘හීනමාහු පුථුජ්ජනං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එකො පුබ්බෙ චරිත්වාන මෙථුනං යො නිසෙවති, යානං භන්තංව තං ලොකෙ හීනමාහු පුථුජ්ජන”න්ති.
Sinhala BJT“ඒකෝ පුබ්බේ චරිත්‍වාන -පෙ- හීනමාහු පුථුජ්ජනං” යී.
Pali BJT7. 4.
Sinhala BJT7. 4.
Pali BJTයසො කිත්ති ච යා පුබ්බෙ හායතෙ වාපි තස්ස සා, එතම්පි{4} දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ.
Sinhala BJTතවද පෙර මහණබැව්හි ඔහුගේ යම් යශසකුත් කීර්‍තතියකුත් වී නම් ඒ යශස හා කීර්‍තති පිරිහේ මැ ය, තෙල යශස් කීර්ත්ති හානිය ද දැක මෙවුන්දම් දුරලනු සඳහා (ත්‍රිවිධ ශික්‍ෂාව) හික්මෙන්නේ ය.
Pali BJTයසො කිත්ති ච යා පුබ්බෙ හායතෙ වාපි තස්ස සාති - කතමො යසො? ඉධෙකච්චො පුබ්බෙ සමණභාවෙ සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අයං යසො.
Sinhala BJTයසො කිත්ති ච යා පුබ්බේ හායතෙ වාපි තස්ස සා - යශස් කවරේ ද? මේ ශාසනයෙහි කිසිවෙක් පෙර මහණ බැව්හි සිටියේ සත්කාර කරන ලදුයේ ගරු කරන ලදුයේ බුහුමන් කරන ලදුයේ පුදන ලදුයේ අපචායන කරන ලදුයේ චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පස බෙහෙත්සත් පිරිකර ලබන සුලු වූයේ වෙයි, මේ යශස් යැ.
Pali BJTකතමා කිත්ති.? ඉධෙකච්චො පුබ්බෙ සමණභාවෙ කිත්තිවණ්ණභතො{1} හොති: පණ්ඩිතො වියත්තො මෙධාවී බහුස්සුතො චිත්තකථී කල්යාණපටිභානො, සුත්තන්තිකොති වා, විනයධරොති වා, ධම්මකථිකොති වා, ආරඤ්ඤිකොති වා, පිණ්ඩපාතිකොති වා, පංසුකූලිකොති වා, තෙචීවරිකොති වා, සපදානචාරිකොති වා ඛලුපච්ඡාභත්තිකොති වා, නෙසජ්ජිකොති වා, යථාසන්ථතිකොති වා, පඨමස්ස ඣානස්ස ලාභීති වා, දුතියස්ස ඣානස්ස ලාභීති වා, තතියස්ස ඣානස්ස ලාභීති වා, චතුත්ථස්ස ඣානස්ස ලාභීති වා, ආකාසානඤ්චායතනසමාපත්තියා ලාභීති වා, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ලාභීති වා, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා අයං කිත්තීති ‘යසො කිත්ති ච යා පුබ්බෙ.’
Sinhala BJTකීර්ත්ති කවරී ද යත්? මේ ශාසනයෙහි කිසිවෙක් පෙර මහණබැව්හි සිටියේ දැරූ කීර්ත්තිශබ්දය හා ගුණ ඇතියේ වෙයි: පණ්ඩිතයැ ව්‍යක්ත යැ ප්‍රඥාවත් යැ බහුශ්‍රුත යැ චිත්‍රකථා ඇත්තේ යැ සුන්‍දර ප්‍රඥා ඇත්තේ යැ සෞත්‍රාන්තික යැ හෝ විනයධර යැ හෝ ධර්‍මකථික යැ හෝ ආරණ්‍යක යැ හෝ පිණ්ඩපාතික යැ හෝ පාංශුකූලික යැ හෝ තෙචීවරික යැ හෝ සපදානචාරික යැ හෝ ඛලුපච්ඡාහත්තික යැ හෝ නෙසජ්ජික යැ හෝ යථාසන්තතිකාඞ්ග ඇත්තේ යැ හෝ ප්‍රථමධ්‍යාන ලාභී යැ හෝ ද්විතීයධ්‍යානලාභී යැ හෝ තෘතීයධ්‍යාන ලාභී යැ හෝ චතුර්‍ත්‍ථධ්‍යාන ලාභී යැ හෝ ආකාසානඤ්චායතනසමාපත්තිලාභී යැ හෝ විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී යැ හෝ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභී යැ හෝ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී යැ හෝ යි; මෝ කීර්ත්තිය යි එහෙයින් “යසො කිත්ති ච යා පුබ්බේ” යනු වේ.
Pali BJTහායතෙ වාපි තස්ස සාති - තස්ස අපරෙන සමයෙන බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තස්ස සො ච යසො සා ච කිත්ති හායති පරිහායති පරිධංසති පරිපතති{2} අන්තරධායති විප්පලුජ්ජතීති ‘යසො කිත්ති ච යා පුබ්බෙ හායතෙ වාපි තස්ස සා.’
Sinhala BJTහායතෙ වාපි තස්ස සා - පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්‍ෂාව ප්‍රත්‍යාඛ්‍යාන කොට ලාමක වූ ගිහිබවට හැරුණු ඒ සිවුරලුවාගේ ඒ යශස ද ඒ කීර්ත්තිය ද හෙයි පිරිහෙයි ගිලිහෙයි පෙරැළෙයි අතුරුදහන් වෙයි වැනැසේ නුයි ‘යසො කිත්ති ච යා පුබ්බේ හායතෙ වාපි තස්ස සා’ යනු වේ.
Pali BJTඑතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙති - ‘එත’න්ති පුබ්බෙ සමණභාවෙ යසො කිත්ති ච, අපරභාගෙ බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තස්ස අයසො ච අකිත්ති ච, එතං සම්පත්තිවිපත්තිං;{3} දිස්වාති පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති - එතම්පි දිසා. සික්ඛෙථාති තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. කතමා අධිසීලසික්ඛා? ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, ඛුද්දකො සීලක්ඛන්ධො මහන්තො සීලක්ඛන්ධො සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො මොක්ඛං පමොක්ඛං{4} කුසලානං ධම්මානං සමාපත්තියා. අයං අධිසීලසික්ඛා. කතමා අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- දුතියජ්ඣානං -පෙ- තතියං ඣානං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං අධිචිත්තසික්ඛා. කතමා අධිපඤ්ඤාසික්ඛා? ඉධ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො හොති අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා, සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ‘ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. ‘අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. අයං අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTඑතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ - ‘එතං’ යනු: පෙර මහණබැව්හි යශස හා කීර්ත්තිය ද පසුව බුදුනු දහම් සඟුන් ශික්‍ෂාව හැරපියා හීන බවට පෙරළා ආවහුගේ අයශස් හා අකීර්ත්තිය ද යන තෙල සම්පත් පිළිබඳ විපත්; දිස්වා - දැක තුලනය තීරණය විභාවනය කොට විභූත කොට නුයි: ‘එතම්පි දිස්වා’ යනු වේ. සික්ඛෙථ - අධිශීලශික්‍ෂා අධිචිත්තශික්‍ෂා අධිප්‍රඥාශික්‍ෂා ය යි ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා කවරී ද යත්? මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ අල්පමාත්‍ර අකුශලයෙහි භය දක්නා සුලු වූයේ ශික්‍ෂාපදයන් සමාදන් ව හික්මෙයි; ක්‍ෂුද්‍රශීලස්කන්‍ධ ය මහාශීලස්කන්‍ධ ය යි යන ශීලය කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා යැ ආදි යැ චරණ යැ සංයම යැ සංවර යැ ප්‍රමුඛ යැ පූර්‍වඞ්ගම යි. මෝ අධිශීලශික්‍ෂාව යැ. අධිචිත්තශික්‍ෂා කවරී ද යත් ? මේ ශාසනයෙහි මහණ තෙම කාමච්ඡන්‍දනීවරණයෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි... ද්විතීයධ්‍යානයට... තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි මෝ අධිචිත්තශික්‍ෂාව යැ. අධිප්‍රඥාශික්‍ෂා කවරී ද යත් ? මේ ශාසනයෙහි මහණ තෙම ප්‍රඥාවත් වෙයි, ආර්‍ය්‍ය වූ (ලොභාදිය) සිඳීමට සමර්‍ත්‍ථ වූ දුක් ක්‍ෂය වීමට යනසුලු වූ උදයව්‍යය අවබෝධ කිරීමට පොහොසත් වූ ප්‍රඥාවෙන් සමන්‍විත වූයේ වෙයි, හෙතෙම ‘මේ දුක යැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මේ දුඃඛසමුදය යැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මේ දුඃඛනිරෝධය’යි තත්වූ පරිද්දෙන් දැනගනී, ‘මෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව යැ’ යි තත්වූ පරිද්දෙන් දැනගනී; ‘මොහු ආශ්‍රවයෝ යැ’යි තතුසෙයින් දැනගනී, ‘මේ ආශ්‍රවසමුදය යැ’යි තතුසේ දැනගනී, ‘මේ ආශ්‍රවනිරෝධය යැ’යි තතුසේ දැනගනී, ‘මෝ ආශ්‍රවනිරොධයට පමුණුවන ප්‍රතිපදාව ය’යි තතුසේ දැනගනී. මෝ අධිප්‍රඥාශික්‍ෂා යි.
Pali BJTමෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො -පෙ- ද්වයංද්වයසමාපත්ති,{a}. -පෙ- තං කාරණා වුච්චති මෙථුනධම්මො, එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙති - මෙථුනධම්මස්ස පහානාය වූපසමාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්ය. අධිචිත්තම්පි සික්ඛෙය්ය. අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය. ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය. ජානන්තො සික්ඛෙය්ය. පස්සන්තො සික්ඛෙය්ය. පච්චවෙක්ඛන්තො සික්ඛෙය්ය. චිත්තං අධිට්ඨහන්තො සික්ඛෙය්ය. සද්ධාය අධිමුච්චන්තො සික්ඛෙය්ය. විරියං පග්ගණ්හන්තො සික්ඛෙය්ය සතිං උපට්ඨපෙන්තො සික්ඛෙය්ය චිත්තං සමාදහන්තො සික්ඛෙය්ය. පඤ්ඤාය පජානන්තො සික්ඛෙය්ය. අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛෙය්ය. පරිඤ්ඤෙය්යං පරිජානන්තො සික්ඛෙය්ය. පහාතබ්බං පජහන්තො සික්ඛෙය්ය. භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්ය. පහාතබ්බං පජහන්තො සික්ඛෙය්ය. භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්ය. සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය ආචරෙය්ය සමාචරෙය්ය සමාදාය වත්තෙය්යාති ‘එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ.’
Sinhala BJTමෙථුනධම්ම නම්: යම් ඒ අසද්ධර්‍මයෙක්... ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද... එ කරුණෙන් මෛථ්‍රනධර්‍මය යි කියනු ලැබේ. එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ මෙවුන්දම් දුරැලීම පිණිස සන්හිඳුවීම පිණිස බැහැරලීම පිණිස ‘පටිප්පස්සද්ධි (=ඵල)ය පිණිස අධිශීලය ද අධිචිත්තය ද අධිප්‍රඥාව ද හික්මෙන්නේය, මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේය, දැනගනිමින් හික්මෙන්නේය, බලමින් හික්මෙන්නේය, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, ශ්‍රද්ධාවෙන් නිශ්චය කෙරෙමින් හික්මෙන්නේය, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙන්නේය, සිහි එළවමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, ප්‍රඥාවෙන් දැනගනිමින් හික්මෙන්නේය, (ස්වභාවලක්‍ෂණාවබෝධයෙන්) අභිජානනය කළයුතු ධර්‍මය අභිජානනය කෙරෙමින් - සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් පරිඥාතව්‍ය වූ ධර්‍මයන් හාත්පසින් දැනගනිමින් - ප්‍රහාතව්‍ය වූ (සමුදය) ප්‍රහීණ කෙරෙමින් - භාවිතව්‍ය වූ (මාර්‍ගය) වඩමින් - ප්‍රත්‍යක්‍ෂ කළයුතු (නිරෝධය) ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේය, හැසිරෙන්නේය, මොනොවට හැසිරෙන්නේය. සමාදන්ව පවත්නේ නුයි ‘එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පභාතවෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යසො කිත්ති ච යා පුබ්බෙ හායතෙ වාපි තස්ස සා, එතම්පි දිස්වා සික්ඛෙථ මෙථුනං විප්පහාතවෙ”ති.
Sinhala BJT“යසො කිත්ති ච යා පුබ්බේ -පෙ- මෙථුනං විප්පභාතවෙ” යී.
Pali BJT7. 5.
Sinhala BJT7. 5.
Pali BJTසඞ්කප්පෙහි පරෙතො සො{1} කපණො විය ඣායති, සුත්වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො.
Sinhala BJTකාමාදි සංකල්පයන් විසින් මඩනා ලද ඒ සිවුරලු තෙම දිළින්දකු සෙයින් සිතයි, එබඳු පුද්ගල තෙම උපාධ්‍යායාදි අන්‍යයන් ගේ වදන් අසා මකු වන්නේ යි.
Pali BJTසඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායතීති - කාමසඞ්කප්පෙන බ්යාපාදසඞ්කප්පෙන විහිංසාසඞ්කප්පෙන දිට්ඨිසඞ්කප්පෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො පිහිතො; කපණො විය මන්දො විය මොමූහො විය ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති; යථා උලූකො රුක්ඛසාඛායං මූසිකං මගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, යථා කොත්ථු නදීතීරෙ මච්ඡෙ මගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, යථා බිළාරො{2} සන්ධිසමලසංකටීරෙ මූසිකං මගයමානො ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, යථා ගද්රභො වහච්ඡින්නො සන්ධිසමලසඞ්කටීරෙ ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති, එවමෙවං සො විබ්භන්තකො කාමසඞ්කප්පෙන බ්යාපාදසඞ්කප්පෙන විහිංසාසඞ්කප්පෙන දිට්ඨිසඞ්කප්පෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො පිහිතො කපණො විය මන්දො විය මොමූහො විය ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායතීති ‘සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති’.
Sinhala BJTසඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති - කාමසඞ්කල්පයෙන් ව්‍යාපාදසඞ්කල්පයෙන් විහිංසාසඞ්කල්පයෙන් දෘෂ්ටි සඞ්කල්පයෙන් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍වාගත වූයේ පිහිත වූයේ, කපණො විය: අඥානයකු මෙන් සම්මෝහ වූවකු මෙන් සිතයි, අතිශයින් සිතයි, අනෙකප්‍රකාරයෙන් සිතයි, එයින් බැහැරව සිතයි; යම්සේ මහමුහුණෙක් අතු අග මීයකු බලමින් සිතා ද අතිශයින් සිතා ද අනෙකප්‍රකාරයෙන් සිතා ද බැහැර සිතා ද, යම්සේ සිවලෙක් ගංඉවුරෙහි මසුන් සොයමින් ධ්‍යාන ප්‍රධ්‍යාන නිධ්‍යාන අපධ්‍යාන කෙරේ ද, යම්සේ බළලෙක් ගෘහසන්‍ධි - දියනැසිනි - කසළගොඩෙහි මීයකු සොයමින් ධ්‍යාන ප්‍රධ්‍යාන නිධ්‍යාන අපධ්‍යාන කෙරේ ද, යම්සේ කොඳුඇට සිදුණු කොටළුවෙක් සන්‍ධි - නැසිනි - කසළගොඩෙහි ධ්‍යාන - ප්‍රධ්‍යාන නිධ්‍යාන - අපධ්‍යාන කෙරේ ද, එසෙයින් ම ඒ සිවුරලු තෙම කාමසඞ්කල්පයෙන් ව්‍යාපාදසඞ්කල්පයෙන් විහිංසාසඞ්කල්පයෙන් දෘෂ්ටිසඞ්කල්පයෙන් ස්පර්‍ශ කරන ලදුයේ යුක්ත වූයේ ඇතුළත පිවිසියේ සමන්‍විත වූයේ පිහිත වූයේ කෘපණයකු මෙන් අඥානයකු මෙන් සම්මූඪ වූවකු මෙන් සිතයි අතිශයින් සිතයි නොයෙක් ලෙසින් සිතයි ඉන් බැහැරව සිතා නුයි ‘සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති’ යනු වේ.
Pali BJTසුත්වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධොති - ‘පරෙස’න්ති උපජ්ඣායා වා ආචරියා වා සමානුපජ්ඣායකා වා සමානාචරියකා වා මිත්තා වා සන්දිට්ඨා වා සම්භත්තා වා සහායා වා චොදෙන්ති: “තස්ස තෙ ආවුසො අලාභා, තස්ස තෙ දුල්ලද්ධං, යං ත්වං එවරූපං උළාරං සත්ථාරං ලභිත්වා එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා එවරූපං අරියධනං ලභිත්වාපි තස්ස මෙථුනධම්මස්ස කාරණා බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තොසි. සද්ධාපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු. හිරීපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු. ඔත්තප්පම්පි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු. විරියම්පි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු. සතිපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසු. පඤ්ඤාපි නාම තෙ නාහොසි කුසලෙසු ධම්මෙසූ”ති. තෙසං වචනං බ්යප්පථං දෙසනං අනුසාසනං අනුසිට්ඨිං, සුත්වා - සුණිත්වා උග්ගහෙත්වා උපධාරෙත්වා උපලක්ඛයිත්වා; මඞ්කු හොති - පීළිතෙ ඝට්ටිතො{1} බ්යාධිතො දොමනස්සිතො හොති. තථාවිධොති තථාවිධො තාදිසො තස්සණ්ඨිතො තප්පකාරො තප්පටිභාගො යො සො විබ්භන්තකොති - ‘සුත්වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො’.
Sinhala BJTසුත්‍වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො - ‘පරෙසං’ යනු: උපාධ්‍යායයෝ හෝ ආචාර්‍ය්‍යයෝ හෝ සමානොපාධ්‍යායකයෝ හෝ සමානාචාර්‍ය්‍යකයෝ හෝ මිත්‍රයෝ හෝ සන්දෘෂ්ටයෝ හෝ සම්භක්තයෝ හෝ සහායයෝ හෝ (මෙසේ) චෝදනා කෙරෙති: “ඇවැත්නි, තෙපි යම්හෙයකින් මෙබඳු උදාර වූ ශාස්තෘවක්හු ලැබ මෙසේ ස්වාඛ්‍යාත ශාසනයක පැවිදිව මෙබඳු ආර්‍ය්‍යධනයක් ලැබත් ඒ මෙවුන්දම් හේතුයෙන් බුදුන් දහම් සඟුන් ශික්‍ෂාව හැරපියා හීනබවට පෙරළුණාව, තොපට කුසල් දහම්හි ශ්‍රද්ධාවකු දු නො වීය. කුසල්දහම්හි ලජ්ජාවකු දු නො වීය, කුසල්දහම්හි බියකු දු නො වීය, කුසල්දහම්හි වීර්‍ය්‍යයකු දු නො වීය, කුසල්දහම්හි සිහියකු දු නො වීය, කුසල්දහම්හි ප්‍රඥාවකු දු නො වීය, ඒ තොපට අලාභයෙක, ඒ තොප විසින් දුර්‍ලබ්ධ යැ” යි ඔවුන් ගේ වචනය වදන්මඟ දෙසුම අනුසස්න අනුශිෂ්ටිය; සුත්‍වා - අසා උගෙන විමසා සලකා; මඞ්කු හොති - පෙළුණේ ගැටුණේ වෙසෙසින් පෙළුණේ උපන් දොම්නස් ඇතියේ; තථාවිධො - එබඳු වූ තාදෘශ වූ එසේ සිටි තත්ප්‍රකාර වු, තත්ප්‍රතිභාග වූ ඒ සිවුරලු තෙමේ නුයි ‘සුත්‍වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථා විධො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සඞ්කප්පෙහි පරෙතො සො කපණො විය ඣායති, හුත්වා පරෙසං නිග්ඝොසං මඞ්කු හොති තථාවිධො”ති.
Sinhala BJT“සඞ්කප්පෙහි පරෙතො සො -පෙ- මඞ්කු හොති තථාවිධො” යී.
Pali BJT7. 6.
Sinhala BJT7. 6.
Pali BJTඅථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො, එස ඛ්වස්ස මහාගෙධො මොසවජ්ජං පගාහති.
Sinhala BJTඉක්බිති අන්‍යයන් ගේ චවනයෙන් චෝදනා කරන ලදුයේ දුශ්චරිත නමැති ශස්ත්‍රයන් කෙරෙයි, තෙල ඔහු ගේ මහාබන්‍ධනය තෙමේ මෘෂාවාදයට බැසගන්නේ වේ.
Pali BJTඅථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතොති - ‘අථා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරී අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා නාමෙතං අථාති; සත්ථානීති - තීණි සත්ථානි: කායසත්ථං වචීසත්ථං මනොසත්ථං. තිවිධං කායදුච්චරිතං කායසත්ථං, චතුබ්බිධං වචීදුච්චරිතං වචීසත්ථං, තිවිධං මනොදුච්චරිතං මනොසත්ථං.
Sinhala BJTඅථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො - ‘අථ’ යනු: පදයන් ගේ සන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා නමැ තෙල ‘අථ’ යනු. සත්‍ථානි - කායශස්ත්‍ර යැ වාක්ශස්ත්‍ර යැ මනශ්ශස්ත්‍ර යැයි ශස්ත්‍ර (ආයුධයෝ) තිදෙනෙකි. ත්‍රිවිධ කායදුශ්චරිතය කායශස්ත්‍ර යැ චතුර්විධ වාග්දුශ්චරිතය වාක්ශස්ත්‍ර යැ ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනශ්ශස්ත්‍රය යි.
Pali BJTපරවාදෙහි චොදිතොති - උපජ්ඣායෙහි වා ආචරියෙහි වා සමානුපජ්ඣායකෙහි{2} වා සමානාචරියකෙහි වා මිත්තෙහි වා සන්දිට්ඨෙහි වා සම්භත්තෙහි වා සහායෙහි වා චොදිතො සම්පජානමුසා භාසති: “අභිරතො{3} අහං භන්තෙ අහොසිං පබ්බජ්ජාය. මාතා මෙ පොසෙතබ්බා. තෙනම්හි විබ්භන්තො”ති භණති. “පිතා මෙ පොසෙතබ්බො. තෙනම්හි විබ්භන්තො”ති භණති. “භාතා මෙ පොසෙතබ්බො”ති භණති. ‘භගිනී මෙ පොසෙතබ්බා”ති භණති. “පුත්තො මෙ පොසෙතබ්බා, ධීතා මෙ පොසෙතබ්බා”ති භණති. මිත්තා මෙ පොසෙතබ්බා, අමච්චා මෙ පොසෙතබ්බා, ඤාතකා මෙ පොසෙතබ්බා, සාලොහිතා මෙ පොසෙතබ්බා. තෙනම්හි විබ්භන්තො”ති භණති. වචීසත්ථං කරොති සඞ්කරොති ජනෙති සඤ්ජනෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙතීති ‘අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො.’
Sinhala BJTපරවාදෙහි චොදිතො - උපාධ්‍යායයන් විසින් හෝ ආචාර්‍ය්‍යයන්- සමානොපාධ්‍යායකයන් - සමානාචාර්‍ය්‍යකයන් - මිත්‍රයන් - සන්දෘෂ්ටයන් - සම්භක්තයන් - සහායයන් විසින් හෝ චෝදනා කරන ලදුයේ දැනැ දැනැ බොරු කියයි: ස්වාමීනි, මම් පැවිද්දට ඇලුම් ඇති වීමි, (එහෙත්) මා විසින් මව පෝෂණය කළ යුත්තීය, එහෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘පියා මා විසින් පෝෂණය කළ යුතු හෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘බෑයා මා විසින් පෝෂණය කළ යුතු හෙයින් සිවුරු හළෙමී’ කියයි. ‘භගිනිය මා විසින් පෝෂණය කළ යුත්තීය,යි කියයි. ‘පුත්‍රයා මා විසින් පෝෂණය කළ යුත්තේය, දුහිතෘව මා විසින් පෝෂණය කළ යුත්තීය, මිත්‍රයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, සගයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, නෑයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, සහලේනෑයෝ මා විසින් පෝෂණය කළ යුත්තෝය, එහෙයින් සිවුරු හළෙමී’ කියයි; වචන අවිය කෙරෙයි, මොනවට කෙරෙයි, උපදවයි මැනවින් උපදවයි නිපදවයි මැනවින් නිපදවා නුයි ‘අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො’ යනු වේ.
Pali BJTඑසඛ්වස්ස මහාගෙධොති - එසො ඛො තස්ස මහාගෙධො මහාවනං මහාගහනං මහාකන්තාරො මහාවිසමො මහාකුටිලො මහාපඞ්කො මහාපලිපො මහාපළිබොධො මහාබන්ධනං යදිදං සම්පජානමුසාවාදොති ‘එසඛ්වස්ස මහාගෙධො. ‘
Sinhala BJTඑසඛවස්ස මහාගෙධො - යම් සම්පජාන මුසාවාදයෙක් වේ ද, තෙල වනාහි ඔහුගේ මහාගෙධ(=බන්‍ධ) යැ මහාවන යැ මහළැහැබ යැ මහත් කාන්තාර යැ මහද්විෂම යැ මහාපඞ්ක යැ මහමඩවළ යැ මහහැළ යැ මහාදුර්‍ගයැ මහාබන්‍ධනය නුයි ‘එසඛවස්ස මහාගෙධො’ යනු වේ.
Pali BJTමොසවජ්ජං පගාහතීති - මොසවජ්ජං වුච්චති මුසාවාදො. ඉධෙකච්චො සභග්ගතො වා පරිසග්ගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො “එහම්භො පුරිස, යං ජානාසි, තං වදෙහී”ති. සො අජානං වා ආහ: ‘ජානාමී’ති. ජානං වා ආහ: ‘න ජානාමී’ති. අපස්සං වා ආහ: ‘පස්සාමී’ති. පස්සං වා ආහ: ‘න පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ධනහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසති.{a} ඉදං වුච්චති මොසවජ්ජං. අපි ච තීහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති ‘මුසා භණිස්ස’න්ති. භණන්තස්ස හොති ‘මුසා භණාමී’ති. භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති. ඉමෙහි තීහාකාරෙහි මුසාවාදො හොති. අපි ච, චතූහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති ‘මුසා භණිස්ස’න්ති. භණන්තස්ස හොති ‘මුසා භණාමී’ති. භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති. විනිධාය දිට්ඨිං. ඉමෙහි චතූහාකාරෙහි මුසාවාදො හොති. අපිච, පඤ්චහාකාරෙහි - ඡහාකාරෙහි - සත්තහාකාරෙහි - අට්ඨහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති ‘මුසා භණිස්ස’න්ති. භණන්තස්ස හොති ‘මුසා භණාමී’ති. භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති. විනිධාය දිට්ඨිං, විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය සඤ්ඤං, විනිධාය භාවං. ඉමෙහි අට්ඨහාකාරෙහි මුසාවාදො හොති. මොසවජ්ජං පගාහතීති - මොසවජ්ජං පගාහති ඔගාහති අජ්ඣොගාහති පවිසතීති ‘මොසවජ්ජං පගාහති. ‘
Sinhala BJTමොසවජ්ජං පගාහති - මුසාවාද ය ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. මෙලොවැ කිසිවෙක් සභායෙහි සිටියේ හෝ ගම් සභායෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සේනා මැද සිටියේ හෝ රදොල් මැද සිටියේ හෝ ශාක්‍ෂියට කැඳවනු ලදුයේ ‘එව එම්බා පුරුෂය, දන්නා දැය කිය’යි ශාක්‍ෂි අසන ලදුයේ හෙතෙම නො දනිමින් හෝ දනිමී’ කියයි, දනිමින් හෝ ‘නො දනිමී’ කියයි, නො දක්මින් හෝ ‘දක්මී’ කියයි, දක්මින් හෝ ‘නො දක්මී’ කියයි; මෙසේ තමා නිසා හෝ මෙරමා නිසා හෝ ධනය නිසා හෝ මඳ වූ අල්ලසක් නිසා හෝ දැනැ දැනැ බොරු කියයි. මේ ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. තවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘බොරුවක් කියන්නෙමී’ සිත වෙයි, කියන්නා හට ‘මෘෂා (බොරු) බෙණෙමී’සිත වෙයි, කීවහුට, ‘මෘෂා මා විසින් කියන ලදැ’යි සිත වෙයි; මේ තුන් අයුරින් මෘෂාවාද වේ. තවද සතර අයුරෙකින් මෘෂාවාද වෙයි: පළමු මැ ඔහුට ‘මෘෂා බණන්නෙමී’ සිත වෙයි. කියන්නා හට මෘෂා බෙණෙමී’ සිත වෙයි, කීවහුට ‘මෘෂා මා විසින් බණන ලදැ’යි සිත වෙයි. ලබ්ධිය සඟවාගෙන කියයි. මේ සතර අයුරින් මෘෂාවාද වේ. තවද පස් පරිද්දෙකින් - සපරිද්දෙකින් - සත්පරිද්දෙකින් - අට පරිද්දෙකින් මෘෂාවාද වෙයි. පළමු මැ ඔහුට බොරු කියන්නෙමී’ සිත වෙයි. කියන්නහුට ‘බොරු කියමී’ සිත වෙයි. කීවහුට ‘බොරු මා විසින් කියන ලදැ’යි සිත වෙයි. ලබ්ධිය සඟවා කියයි. කැමැත්ත සඟවා කියයි, රුචිය සඟවා කියයි, සංඥාව සඟවා කියයි, භාවය සඟවා කියයි. මේ අට අයුරින් මෘෂාවාද වේ. මොසවජ්ජං පගාහති - මෘෂාවාදයට බසී බැසගනී ඇතුළු වෙයි පිවිසේ නුයි ‘මොසවජ්ජං පගාහති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අථ සත්ථානි කුරුතෙ පරවාදෙහි චොදිතො, එසඛ්වස්ස මහාගෙධො මොසවජ්ජං පගාහතී”ති.
Sinhala BJT“අථ සත්ථානි කුරුතෙ -පෙ- මොසවජ්ජං පගාහති” යී.
Pali BJT7. 7.
Sinhala BJT7. 7.
Pali BJTපණ්ඩිතොති සමඤ්ඤාතො එකචරියමධිට්ඨිතො, සචාපි{1} මෙථුනෙ යුත්තො මන්දොව පරිකිස්සති.
Sinhala BJTපෙර පණ්ඩිතයෙකැ’යි ප්‍රසිද්ධ වූයේ එකලා වාසයෙහි පිහිටියේ යළි මෙවුන්දම්හි යෙදුණේ වී නම් හෙතෙම මූඪයකු මෙන් කෙලෙසෙන්නේ යි.
Pali BJTපණ්ඩිතොති සමඤ්ඤාතොති - ඉධෙකච්චො පුබ්බෙ සමණභාවෙකිත්තිවණ්ණභතො{2} හොති පණ්ඩිතො වියත්තො මෙධාවී බහුස්සුතො චිත්තකථී කල්යාණපටිභානො සුත්තන්තිකොති වා විනයධරොති වා ධම්මකථිකොති වා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා, එවං ඤාතො හොති සඤ්ඤාතො{3} සමඤ්ඤාතො හොතීති - පණ්ඩිතොති සමඤ්ඤාතො.
Sinhala BJTපණ්ඩිතොති සමඤ්ඤාතො - මේ සසුන්හි කිසිවෙක් පෙර මහණුවම් කරන කල්හි කීර්ති සඞ්ඛ්‍යාත යශසට පැමිණියේ වෙයි; පණ්ඩිතයෙක් ව්‍යක්තයෙක නුවණැත්තෙක බහුශැතයෙක චිත්‍රකථිකයෙක සුන්‍දරප්‍රඥා ඇත්තෙක සෞත්‍රාන්තික යැ හෝ විනයධර යැ හෝ ධර්‍මකථික යැ හෝ... නෛවසංඥානාසංඥායතනසමාපත්තිලාභියෙකැයි හෝ මෙසේ දන්නා ලදුයේ පැනුණේ ප්‍රසිද්ධ වේ නුයි ‘පණ්ඩිතොති සමඤ්ඤාතො’ යනු වේ.
Pali BJTඑකචරියං අධිට්ඨිතොති - ද්වීහි කාරණෙහි එකචරියං අධිට්ඨිතො පබ්බජ්ජාසඞ්ඛාතෙන වා ගණා වවස්සග්ගට්ඨෙන වා. කථං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකචරියං අධිට්ඨිතො? සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා -පෙ- එවං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකචරියං අධිට්ඨිතො. කථං ගණා වවස්සග්ගට්ඨෙන එකචරියං අධිට්ඨිතො? සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤෙ වනපත්ථානි -පෙ- එවං ගණා වවස්සග්ගට්ඨෙන එකචරියං අධිට්ඨිතොති - එකචරියං අධිට්ඨිතො.
Sinhala BJTඑකචරියං අධිට්ඨිතො - දෙකරුණෙකින් එකචර්‍ය්‍යාවෙහි පිහිටියේ: ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාත වූ හෝ ගණයා කෙරෙන් වෙන් ව විසීම් සඞ්ඛ්‍යාත වූ හෝ දෙකරුණෙනි. කෙසේ ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාත කරුණෙන් එකචර්‍ය්‍යාවෙහි පිහිටියේ ද යත්? සියලු ගෘහාවාසපරිබොධය සිඳපියා...(7. 3. සූත්‍රනිර්දේශය) මෙසේ පැවිදිකොටසින් එකලාවාසයෙහි පිහිටියේ; කෙසේ ගණව්‍යවස්සර්‍ගාර්ත්‍ථයෙන් එකචර්‍ය්‍යාවෙහි පිහිටියේ ද යත්? හෙතෙම මෙසේ පැවිදි වූයේ එකලා වැ... මෙසේ ගණව්‍යවස්සර්‍ගාර්ත්‍ථයෙන් එකචර්‍ය්‍යාවෙහි පිහිටියේ නුයි ‘එකචරියං අධිට්ඨිතො’ යනු වේ.
Pali BJTසචාපි මෙථුනෙ යුත්තොති - මෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො ගාමධම්මො වසලධම්මො -පෙ- තංකාරණා වුච්චති මෙථුනධම්මො, “සචාපි මෙථුනෙ යුත්තො”ති සො අපරෙන සමයෙන බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා මෙථුනධම්මෙ යුත්තො සංයුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තොති ‘සචාපි මෙථුනෙ යුත්තො.’
Sinhala BJTසචාපි මෙථුනෙ යුත්තො - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක් වසලධර්‍මයෙක්... එහෙයින් ‘මෙථුනධම්ම’ යයි කියනු ලැබේ. සචාපි මෙථුනෙ යුත්තො - හේ පසු කලෙක බුදුන් දහම් සඟුන් ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරැළී මෙවුන්දම්හි යෙදුණේ සංයුක්ත ප්‍රයුක්ත ආයුක්ත සමායුක්ත වූ යේ නුයි ‘සචාපි මෙථුනෙ යුත්තො’ යනු වේ.
Pali BJTමන්දොව පරිකිස්සතීති - කපණො විය මන්දො විය මොමූහො විය කිස්සති පරිකිස්සති පරිකිලිස්සති, පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති. සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සති. තමෙනං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති: කසාහිපි තාළෙන්ති, වෙත්තෙහිපි තාළෙන්ති, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්ති, හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති, බිලඞ්ගථාලිකම්පි කරොන්ති, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්ති, රාහුමුඛම්පි කරොන්ති, ජොතිමාලිකම්පි කරොන්ති, හත්ථපජ්ජොතිකම්පි කරොන්ති, එරකවත්තිකම්පි කරොන්ති, චීරකවාසිකම්පි කරොන්ති, එණෙය්යකම්පි කරොන්ති, බලිසමංසිකම්පි කරොන්ති, කහාපණකම්පි{1} කරොන්ති, ඛාරාපතච්ඡිකම්පි කරොන්ති, පලිඝපරිවත්තිකම්පි කරොන්ති, පලාලපිට්ඨිකම්පි කරොන්ති, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්ති, සුනඛෙහිපි ඛාදාපෙන්ති, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්ති, අසිනාපි සීසං ඡින්දන්ති එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සති. අථවා කාමතණ්හාය අභිභූතො පරියාදින්නචිත්තො භොගෙ පරියෙසන්තො නාවාය මහාසමුද්දං පක්ඛන්දති: සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙහි රිස්සමානො{2} ඛුප්පිපාසාහි මීයමානො{3} තිගුම්බං{4} ගච්ඡති, තක්කොලං ගච්ඡති, තක්කසිලං ගච්ඡති, කාලමුඛං ගච්ඡති, පරම්මුඛං{5} ගච්ඡති, වෙසුඞ්ගං ගච්ඡති, වෙරාපථං ගච්ඡති, ජවං ගච්ඡති, තාමලිං{6} ගච්ඡති, වඞ්ගං{7} ගච්ඡති, එළවද්ධනං{8} ගච්ඡති, සුවණ්ණකූටං ගච්ඡති, සුවණ්ණභූමිං ගච්ඡති, තම්බපණ්ණිං ගච්ඡති, සුප්පාරකං{9} ගච්ඡති, භරුකච්ඡං{10} ගච්ඡති, සුරට්ඨං{11} ගච්ඡති, අඞ්ගලොකං{12} ගච්ඡති, ගඞ්ගණං{13} ගච්ඡති, පරමගඞ්ගණං{14} ගච්ඡති, යොනං ගච්ඡති, පරමයොනං ගච්ඡති, අල්ලසන්දං ගච්ඡති, නවකං{15} ගච්ඡති, මූලපදං{16} ගච්ඡති,
Sinhala BJTමන්‍දොව පරිකිස්සතී - කෘපණයකු මෙන් අඥයකු මෙන් මුග්ධයකු මෙන් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ප්‍රාණවධ දු කෙරෙයි, අදත්තාදානය ද කෙරෙයි, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පහරයි, ගෙවල් පහරයි, මං පහරයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. ඒ (අපරාධ කරු) රජවරු අල්වාගෙන විවිධ කම්කටොලු කරවති: කසයෙනුදු තළවති, වේවැලිනු දු තළවති, අඩදඬියෙනු දු තළවති, අත් සිඳුවති, පා සිඳුවති, අත්පා ද සිඳුවති, කනු දු සිඳුවති, නැහැය ද සිඳුවති, කන්නාසා ද සිඳුවති, කාඩිසැළි කම්කටොලු ද කෙරෙති, සක්මුඩු කම්කටොලු ද කෙරෙති, රාහුමුඛ කම්කටොලු ද කෙරෙති, ගිනිවළලු කම්කටොලු ද කෙරෙති, අත් දල්වන කම්කටොලු ද කෙරෙති, එරුවත් කම්කටොලු ද කෙරෙති, තීහිරිවත් කම්කටොලු ද කෙරෙති, එණෙය්‍යක කම්කටොලු ද කෙරෙති, බිළියෙන් මස් සිඳුණා කම්කටොලු ද කෙරෙති, කහාපණික කම්කටොලු ද කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්‍තන කම්කටොලු ද කෙරෙති, පිදුරුපිටු කම්කටොලු ද කෙරෙති, කකාළ තෙල් ද ඉස්වති, ශුනකයන් (-කීණබල්ලන්) ලවා කවති, දිවස්හුල ද හිඳුවති, කඩුවෙනු දු හිස සිඳිත්; මෙසේ ත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. නොහොත් කාමතෘෂ්ණාවෙන් මඩනා ලදුයේ හාත්පසින් අල්වාගත් සිත් ඇතියේ භෝගයන් සොයමින් නැවින් මහමුහුදට පිවිසෙයි, සීතල පෙරටු කොට උණුසුම පෙරටු කොට මැසිමදුරු අව්සුළං හා සපුන් ගේ පහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් තිගුම්බජනපදයට යෙයි, තක්කොලයට - තක්‍ෂිශිලාවට - කාලමුඛයට - පරාංමුඛයට - වෙසුඞ්ගයට - වෙරාපථයට - ජාවකරටට - තාමලිප්තියට - වංගරටට - එළවද්ධනයට - ස්වර්‍ණකූටයට - ස්වර්‍ණභූමියට - තාම්‍රපර්‍ණණියට - සුප්පාරකයට - භරුකච්ඡජනපදයට - සෞරාෂ්ට්‍රයට - අඞ්ගලොකයට - ගඞ්ගණයට - පරමගඞ්ගණයට - යවනරටට - පරමයවනයට - අලසන්‍දාවට - නවකජනපදයට - මූලපදරටට යෙයි,
Pali BJTමරුකන්තාරං ගච්ඡති, ඡණ්ණුපථං ගච්ඡති, අජපථං ගච්ඡති, මෙණ්ඩපථං ගච්ඡති, සඞ්කුපථං ගච්ඡති, ඡත්තපථං ගච්ඡති, වංසපථං ගච්ඡති; සකුණපථං{1} ගච්ඡති, මූසිකපථං ගච්ඡති, දරීපථං ගච්ඡති, වෙත්තාධාරං{2} ගච්ඡති, එවම්පි කිස්සති, පරිකිස්සති, පරිකිලිස්සති. ගවෙසන්තො න වින්දති. අලාභමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සති. ගවෙසන්තො වින්දති{3} ලද්ධා ච ආරක්ඛමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති: “කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං’ න චොරා හරෙය්යුං’ න අග්ගි දහෙය්ය’ න උදකං වහෙය්ය’ නඅප්පියා දායාදා හරෙය්යු”න්ති. තස්ස එවං ආරක්ඛතො ගොපයතො තෙ භොගා විප්පලුජ්ජන්ති. සො විප්පයොගමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි කිස්සති පරිකිස්සති පරිකිලිස්සතීති - සචාපි මෙථුනෙ යුත්තො මන්දොව පරිකිස්සති.
Sinhala BJTවැලිකතරට යෙයි, දණමඟට යෙයි, අජපථයට යෙයි, මෙණ්ඩපථයට යෙයි, (කණුගසායන) ශඞ්කුපථයට යෙයි, ඡත්‍රපථයට යෙයි, වංසපථයට යෙයි, ශකුණපථයට යෙයි, මූසිකපථයට යෙයි, දරිපථයට යෙයි, චෙත්තාධාරයට පැමිණෙයි;{*} මෙසේත් කෙලෙසෙයි හාත්පසින් කෙලෙසෙයි වෙහෙසට පැමිණේ. සොයනුයේ නො ලැබෙයි, නො ලැබීම නිසා උපන් දුකට දොම්නසට ද පැමිණෙයි, මෙසේත් කෙලෙසෙයි, පෙළෙයි වෙහෙසට පැමිණේ. සොයනුයේ ලැබෙයි, ලැබී වැළිත් කිසෙයින් මා ගේ භෝගයන් රජවරු නො මැ ගන්නාහු ද, සොරු නො ගන්නාහු ද, ගින්නෙන් නො දැවේ ද, වතුරෙන් නො වැහේ ද, අමනාප වූ අහිමියෝ නො ගන්නාහු දැ’යි රැකීම් නිසා උපදනා දුකට දොම්නසට ද පැමිණෙයි; මෙසේ රක්‍ෂණ ගෝපනය කරන්නා වූ ඔහු ගේ ඒ භෝගයෝ වැනසෙති; හෙතෙම වියොගය නිසා උපදනා දුකට දොම්නසට ද පැමිණේ. මෙසේ ත් කෙලෙසෙයි, පෙළෙයි වෙහෙසට පැමිණේ නුයි ‘සචාපි මෙථුනෙ යුත්තො මන්දොව පරිකිස්සති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පණ්ඩිතොති සමඤ්ඤාතො එකචරියමධිට්ඨිතො සචාපි මෙථුනෙ යුත්තො මන්දොව පරිකිස්සතී”ති.
Sinhala BJT“පණ්ඩිතොති සමඤ්ඤාතො -පෙ- මන්‍දොව පරිකිස්සති” යී.
Pali BJT7. 8.
Sinhala BJT7. 8.
Pali BJTඑතමාදීනවං ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධ, එකචරියං දළ්හං කයිරා න නිසෙවෙථ මෙථුනං.
Sinhala BJTමේ සසුන්හි මුනි තෙම පෙර මහණකම්හි (යශස්කීර්ති) සැපත ද පසුව (ගිහි වූවහුගේ විපත ද යන) සම්පත්හුගේ විපත්ති සඞ්ඛ්‍යාත තෙල ආදීනවය දැක එකලා වාසය දැඩි කරන්නේය, මෙවුන්දම් නො සෙවුණේය.
Pali BJTඑතමාදීනවං ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධාති - ‘එත’න්ති පුබ්බෙ සමණභාවෙ යසො ච කිත්ති ච, අපරභාගෙ බුද්ධං ධම්මං සඞ්ඝං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තස්ස අයසො ච අකිත්ති ච, එතං සම්පත්තිවිපත්තිං{4} ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා; මුනීති මොනං වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනි; ඉධාති ඉමිස්සා දිට්ඨියා ඉමිස්සා ඛන්තියා ඉමිස්සා රුචියා ඉමස්මිං ආදායෙ ඉමස්මිං ධම්මෙ ඉමස්මිං විනයෙ ඉමස්මිං ධම්මවිනයෙ ඉමස්මිං පාවචනෙ ඉමස්මිං සත්ථුසාසනෙ ඉමස්මිං බ්රහ්මචරියෙ ඉමස්මිං අත්තභාවෙ ඉමස්මිං මනුස්සලොකෙති ‘එතමාදීනවං ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධ.’
Sinhala BJTඑතමාදීනවං ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධ - ‘එතං’ යනු: පෙර මහණ බව්හි යශස් ද කීර්තිය ද පසුකලෙක බුදුන් දහම් සඟුන් හා ශික්‍ෂාව හැරපියා ගිහි වූවහුගේ අයශස් හා අකීර්‍තතිය ද (යන) තෙල සම්පත්හුගේ විපත්තිය දැන දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට; මුනි - ‘මොන’යී ඤාණය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක්,...(2. 8. සූත්‍රනිර්දේශය). ඉධ - මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියයෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ආත්මභාවයෙහි මේ මනුෂ්‍යලොකයෙහි නුයි ‘එතමාදීනවං ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධ’ යනු වේ.
Pali BJTඑකචරියං දළ්හං කයිරාති - ද්වීහි කාරණෙහි එකචරියං දළ්හං කරෙය්ය: පබ්බජ්ජාසඞ්ඛාතෙන වා ගණා වවස්සග්ගට්ඨෙන වා. කථං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකචරියං දළ්හං කරෙය්ය? සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරෙය්ය විහරෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්ය. එවං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකචරියං දළ්හං කරෙය්ය. කථං ගණාවවස්සග්ගට්ඨෙන එකචරියං දළ්හං කරෙය්ය.? සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවෙය්ය අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො ගච්ඡෙය්ය. එකො තිට්ඨෙය්ය. එකො නිසීදෙය්ය එකො සෙය්යං කප්පෙය්ය. එකො ගාමං පිණ්ඩාය පවිසෙය්ය. එකො පටික්කමෙය්ය. එකො රහො නිසීදෙය්ය. එකො චඞ්කමං අධිට්ඨෙය්ය. එකො චරෙය්ය විහරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්ය. එවං ගණා වවස්සග්ගට්ඨෙන එකචරියං දළ්හං කරෙය්ය එකචරියං ථිරං{1} කරෙය්ය, විරියං කරෙය්ය දළ්හසමාදානො අස්ස, අවට්ඨිතසමාදානො අස්ස කුසලෙසු ධම්මෙසූති ‘එකචරියං දළ්හං කයිරා.’
Sinhala BJTඑකචරියං දළ්හං කයිරා - දෙ කරුණෙකින් එකලා වාසය දැඩි කරන්නේය: පැවිදි කොටසින් හෝ ගණයා කෙරෙන් වෙන් ව විසීමෙන් හෝ යැ, කිසෙයින් පැවිදි කොටසින් එකචර්‍ය්‍යාව දැඩි කරන්නේ ද යත්? සියලු ගෘහවාසපළිබොධය සිඳපියා ප්‍රත්‍රදාරපළිබොධය - ඥාතිපළිබොධය - මිත්‍රාමාත්‍යපළිබොධය සිඳපියා කෙස් දැළිරවුළු බහා කසටවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදිව කිසිවක් නැති බවට පැමිණ එකලා වැ හැසිරෙන්නේය, වෙසෙන්නේය, වැටෙන්නේය, රැකෙන්නේය, යැපෙන්නේය, පාලනය වන්නේය, මෙසේ පැවිදි කොටසින් එකචර්‍ය්‍යාව දැඩි කරන්නේය. කිසෙයින් ගණයා කෙරෙන් වෙන්ව විසීමෙන් එකලා වාසය දැඩි කරන්නේද යත් ? හේ මෙසේ පැවිදි වූයේ අල්පශබ්ද වූ අල්ප නිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්‍යයන්ට යෝග්‍ය වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් ඉතා දුරසෙනසුන් සෙවුණේය, හේ තනි වැ යෙයි, තනි වැ සිටී, තනි වැ හිඳී, තනි වැ හොවී, තනි වැ ගමට පිඬු සිඟායයි, තනි වැ පෙරළා එයි, තනි වැ රහසැ හිඳි, තනි වැ සක්මන් කරන්නේය, තනි වැ හැසිරෙන්නේය, වෙසෙන්නේය, ඉරියවු පවත්වන්නේය පවත්නේය රැකෙන්නේය යැපෙන්නේය පාලනය වන්නේ යි. මෙසේ ගණයා කෙරෙන් වෙන්ව සිටීමෙන් එකචර්‍ය්‍යාව දැඩි කරන්නේය, එකචර්‍ය්‍යාව නො ලිහිල් කරන්නේය, වීර්‍ය්‍ය කරන්නේය. කුසල්දහම්හි දැඩි සමාදාන ඇති වන්නේය, සනිටුහන් කළ සමාදාන ඇතිවන්නේ නුයි ‘එකචරියං දළ්හං කයිරා’ යනු වේ.
Pali BJTන නිසෙවෙථ මෙථුනන්ති - මෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො ගාමධම්මො -පෙ- තංකාරණා වුච්චති මෙථුනධම්මො. මෙථුනධම්මං න සෙවෙය්ය, න නිසෙවෙය්ය, න සංසෙවෙය්ය න පටිසෙවෙය්ය, න චරෙය්ය, න සමාචරෙය්ය, න සමාදාය වත්තෙය්යාති ‘න නිසෙවෙථ මෙථුනං’.
Sinhala BJTන නිසෙවෙථ මෙථුනං - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක්... එහෙයින් ‘මෙථුනධම්ම’ යයි කියනු ලැබේ. මෙවුන්දම් නො සෙවුණේය, නිසෙවන - සංසෙවන - ප්‍රතිසේවනය නො කරන්නේය; නො හැසිරෙන්නේය, නො යෙදෙන්නේය, සමාදන්ව නො පවත්නේ නුයි ‘න නිසෙවෙථ මෙථුනං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එතමාදීනවං ඤත්වා මුනි පුබ්බාපරෙ ඉධ, එකචරියං දළ්හං කයිරා න නිසෙවෙථ මෙථුන”න්ති.
Sinhala BJT“එතමාදීනවං ඤත්‍වා -පෙ- න නිසෙවෙථ මෙථුනං” යී
Pali BJT7. 9.
Sinhala BJT7. 9.
Pali BJTවිවෙකඤ්ඤෙව{2} සික්ඛෙථ එතදරියානමුත්තමං{3}, තෙන සෙට්ඨො න මඤ්ඤෙථ ස වෙ නිබ්බානසන්තිකෙ.
Sinhala BJTබුද්ධාදි ආර්‍ය්‍යයන් ගේ උතුම් වූ තෙල විවේකයෙහි ම හික්මෙන්නේය, ඒ විවේකය හේතුකොටගෙන ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ නො සිතන්නේය, හෙතෙම ඒකාන්තයෙන් නිවන සමීපයෙහි වන්නේ යි.
Pali BJTවිවෙකඤ්ඤෙව සික්ඛෙථාති - ‘විවෙකා’ති තයො විවෙකා: කායවිවෙකො චිත්තවිවෙකො උපධිවිවෙකො. කතමො කායවිවෙකො? -පෙ- අයං උපධිවිවෙකො. කායවිවෙකො ච වවකට්ඨකායානං{4} නෙක්ඛම්මාභිරතානං. චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං. උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතානං. ”සික්ඛා”ති. තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා -පෙ- අයං අධිපඤ්ඤාසික්ඛා. විවෙකඤ්ඤෙව සික්ඛෙථාති - විවෙකඤ්ඤෙව සික්ඛෙය්ය ආචරෙය්ය සමාචරෙය්ය සමාදාය වත්තෙය්යාති ‘විවෙකඤ්ඤෙව සික්ඛෙථ.’
Sinhala BJTවිවෙකඤ්ඤෙව සික්ඛෙථ - ‘විවෙක’ යනු: කායවිවේක යැ චිත්තවිවේක යැ උපධිවිවෙක යැ යන තුන් විවෙකයෝ ය. කායවිවේකය කවරැ යත් ? ... මේ උපධි විවෙක යි. ගණයා කෙරෙන් වෙන්වූ කය ඇති නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණවුන්ට කායවිවේකය ද පිරිසිදු සිත් ඇති උත්තම පරිශුද්ධියට පැමිණියවුන්ට චිත්තවිවෙකය ද ආරම්මණවශයෙන් නිවනට පැමිණි උපධි රහිත පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ. සික්ඛා යනු: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥාශික්‍ෂා යැයි ශික්‍ෂා තුනෙකි... මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. විවෙකඤ්ඤෙව සික්ඛෙථ - විවේකයෙහි මැ හැසිරෙන්නේය වෙසෙසින් හැසිරෙන්නේය, සමාදන්ව පවත්නේ ය, හික්මෙන්නේ නුයි ‘විවෙකඤ්ඤෙව සික්ඛෙථ’ යනු වේ.
Pali BJTඑතදරියානමුත්තමන්ති - අරියා වුච්චන්ති බුද්ධා ච බුද්ධසාවකා ච පච්චෙකබුද්ධා ච. අරියානං එතං අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං යදිදං විවෙකචරියාති ‘එතදරියානමුත්තමං.’
Sinhala BJTඑතදරියානමුත්තමං - බුදුවරු ද බුදුසව්වෝ ද පසේබුදුවරු ද ආර්‍ය්‍යයෝ යැයි කියනු ලැබෙත්. ආර්‍ය්‍යයන්ගේ යම් විවෙකවාසයෙක් වේ ද මෙය අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ අතිශ්‍රේෂ්ඨ යැ ප්‍රමුඛ යැ උත්තම යැ ප්‍රවර නුයි ‘එතදරියානමුත්තමං’ යනු වේ.
Pali BJTතෙන සෙට්ඨො න මඤ්ඤෙථාති - තාය විවෙකචරියාය උන්නතිං න කරෙය්ය, උන්නමං න කරෙය්ය, මානං න කරෙය්ය, ථාමං න කරෙය්ය, ථම්භං න කරෙය්ය, න තෙන මානං ජනෙය්ය, න තෙන ථද්ධො අස්ස පත්ථද්ධො පග්ගහිතසිරොති ‘තෙන සෙට්ඨො න මඤ්ඤෙථ.’
Sinhala BJTතෙන සෙට්ඨො න මඤ්ඤෙථ - ඒ විවේකයෙහි යෙදීමෙන් (තමා) උසස් නො කරන්නේ යැ නො නඟන්නේ යැ මානය නො කරන්නේ යැ බල නො කරන්නේ යැ දැඩි නො කරන්නේ යැ එයින් මානය නූපදවන්නේ යැ එයින් තද වූයේ වෙසෙසින් තද වූයේ ඔසවාගත් හිස ඇත්තේ නො වන්නේ නුයි ‘තෙන සෙට්ඨො න මඤ්ඤෙථ’ යනු වේ.
Pali BJTස වෙ නිබ්බානසන්තිකෙති - සො නිබ්බානස්ස සන්තිකෙ සාමන්තා ආසන්නෙ අවිදූරෙ උපකට්ඨෙති - ස වෙ නිබ්බානසන්තිකෙ.
Sinhala BJTස වෙ නිබ්බානසත්තිකෙ - හෙතෙම නිවන සමීපයෙහි වැළත අසල නුදුරැ ළඟ නුයි ‘ස වෙ නිබ්බානසත්තිකෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“විවෙකඤ්ඤෙව{1} සික්ඛෙථ එතදරියානමුත්තමං,{2} තෙන සෙට්ඨො න මඤ්ඤෙථ ස වෙ නිබ්බානසන්තිකෙ”ති.
Sinhala BJT“විවෙකඤ්ඤෙව සික්ඛෙථ -පෙ- ස වෙ නිබ්බානසත්තිකෙ” යි.
Pali BJT7. 10.
Sinhala BJT7. 10.
Pali BJTරිත්තස්ස මුනිනො චරතො කාමෙසු අනපෙක්ඛිනො, ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා{3}පජා.
Sinhala BJTකෙලෙසුන් කෙරෙන් සිස් වූ එකලා වැ හැසිරෙන කාමයන්හි අපේක්‍ෂා රහිත වූ චතුරෝඝතරණය කළ ක්‍ෂීණාස්‍රව මුනි හට කාමයන්හි ගෙතුණා වූ සත්ත්‍වයෝ කැමැති වෙත්.
Pali BJTරිත්තස්ස මුනිනො චරතොති - ‘රිත්තස්සා’ති රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස කායදුච්චරිතෙන රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස, වචීදුච්චරිතෙන රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස, මනොදුච්චරිතෙන රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස, රාගෙන දොසෙන මොහෙන කොධෙන උපනාහෙන මක්ඛෙන පළාසෙන ඉස්සාය මච්ඡරියෙන මායාය සාඨෙය්යෙන ථම්භෙන සාරම්භෙන මානෙන අතිමානෙන මදෙන පමාදෙන සබ්බකිලෙසෙහි සබ්බදුච්චරිතෙහි සබ්බදරථෙහි සබ්බපරිළාහෙහි සබ්බසන්තාපෙහි සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි{4} රිත්තස්ස විවිත්තස්ස පවිවිත්තස්ස, මුනිනොති මොනං වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනි, චරතොති චරතො විහරතො ඉරීයතො වත්තතො පාලයතො යපතො යාපයතොති ‘රිත්තස්ස මුනිනො චරතො.’
Sinhala BJTරිත්තස්ස මුනිනො චරතො - ‘රිත්තස්ස’ යනු: කායදුශ්චරිතයෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුට, වාග්දුශ්චරිතයෙන් - මනෝදුශ්චරිතයෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුට, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මකුබැවින් යුගග්‍රාහයෙන් ඊර්‍ෂ්‍යායෙන් මසුරුබැවින් ශඨබැවින් තදබැවින් එකටෙක කිරීමෙන් මානයෙන් අධිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු කෙලෙසුන් ගෙන් සියලු දුසිරිත් වලින් සියලු දරථවලින් සියලු පරිදාහයන්ගෙන් සියලු සන්තාපයන්ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් හිස් වූ වෙන් වූ විවෙක වූවහුගේ; මුනිනො ‘මොන’යී ඥානය කියනු ලැබෙයි... චරතො හැසිරෙනුවහුගේ වෙසෙන - ඉරියවු පවත්වන - පැවැතෙන - රැකෙන - යැපෙනුවහුගේ නුයි ‘රිත්තස්ස මුනිනො චරතො’ යනු වේ.
Pali BJTකාමෙසු අනපෙක්ඛිනොති - ‘කාමා’ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච ඉමෙ වුච්චන්ති වත්ථුකාමා. -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා කාමෙසු අනපෙක්ඛමානො චත්තකාමො වන්තකාමො මුත්තකාමො පහීනකාමො පටිනිස්සට්ඨකාමො වීතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති ‘කාමෙසු අනපෙක්ඛිනො.’
Sinhala BJTකාමෙසු අනපෙක්ඛිනෝ - ‘කාමා’ යනු: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි... වස්තුකාමයන් හැඳිනැ ක්ලේශකාමයන් හැරපියා දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා කාමයන්හි අපේක්‍ෂා නැතියේ ත්‍යාග කළ කාම ඇතියේ වමනය කළ - මුදන ලද - ප්‍රහීණ කළ - දුරලන ලද කාම ඇතියේ වීතරාග වූයේ ත්‍යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්‍රහීණරාග වූයේ දුරලන ලද රාග ඇතියේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ උතුම් වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘කාමෙසු අනපෙක්ඛිනෝ’ යනු වේ.
Pali BJTඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා{1} පජාති - “පජා”ති සත්තාධිවචනං, පජා කාමෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා; තෙ කාමොඝතිණ්ණස්ස භවොඝතිණ්ණස්ස දිට්ඨොඝතිණ්ණස්ස අවිජ්ජොඝතිණ්ණස්ස සබ්බසංසාරපථං{2} තිණ්ණස්ස උත්තිණ්ණස්ස නිත්තිණ්ණස්ස අතික්කන්තස්ස සමතික්කන්තස්ස වීතිවත්තස්ස පාරං ගතස්ස පාරං පත්තස්ස අන්තං ගතස්ස අන්තං පත්තස්ස කොටිං ගතස්ස කොටිං පත්තස්ස පරියන්තං ගතස්ස පරියන්තං පත්තස්ස වොසානං ගතස්ස වොසානං පත්තස්ස තාණං ගතස්ස තාණං පත්තස්ස ලෙනං ගතස්ස ලෙනං පත්තස්ස සරණං ගතස්ස සරණං පත්තස්ස අභයං ගතස්ස අභයං පත්තස්ස අච්චුතං ගතස්ස අච්චුතං පත්තස්ස අමතං ගතස්ස අමතං පත්තස්ස නිබ්බානං ගතස්ස නිබ්බානං පත්තස්ස ඉච්ඡන්ති සාදියන්ති පත්ථයන්ති පිහයන්ති අභිජප්පන්ති. යථා නාම ඉණායිකා ආනණ්යං පත්ථෙන්ති පිහයන්ති, යථා ආබාධිකා ආරොග්යං පත්ථෙන්ති පිහයන්ති, යථා බන්ධනබද්ධා බන්ධනමොක්ඛං පත්ථෙන්ති පිහයන්ති, යථා දාසා භුජිස්සං පත්ථෙන්ති පිහයන්ති, යථා කන්තාරද්ධානපක්ඛන්නා{3} ඛෙමන්තභූමිං පත්ථෙන්ති පිහයන්ති, එවමෙවං පජා කාමෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා. තෙ කාමොඝතිණ්ණස්ස භවොඝතිණ්ණස්ස -පෙ- නිබ්බානං ගතස්ස නිබ්බානං පත්තස්ස ඉච්ඡන්ති සාදියන්ති පත්ථයන්ති පිහයන්ති අභිජප්පන්තීති ‘ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා{1} පජා.’
Sinhala BJTඔඝතිණ්නස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා - ‘පජා’ යනු: සත්ත්‍වයන්ට නමෙකි; සත්ත්‍වයෝ කාමයන්හි ඇලුණාහුය, ගිජු වූවාහුය ගෙතුණාහුය මුසපත් වූවාහුය ඇතුළු වූවාහුය ලැගුණාහුය එල්බුණාහුය ඇවුරුණාහුය ඔවුහු කාමෝඝය - භවොඝය - දිට්ඨොඝය - අවිජ්ජෝඝය තරණය කළ සියලු සසරමඟ තරණය කළ එතෙර වූ නිස්තරණය කළ ඉක්ම වූ මැනවින් ඉක්ම වූ ව්‍යතික්‍රමණය කළ නිර්‍වාණපාරයට ගිය පාරයට පැමිණි අන්තයට ගිය අන්තයට පැමිණි කෙළවරට ගිය කෙළවරට පැමිණි පර්‍ය්‍යන්තයට ගිය පර්‍ය්‍යන්තයට පැමිණි අවසානයට ගිය අවසානයට පැමිණි ත්‍රාණයට ගිය ත්‍රාණයට පැමිණි ලෙනයට ගිය ලෙනයට පැමිණි සරණයට ගිය සරණයට පැමිණි අභයට ගිය අභයට පැමිණි අච්‍යුතියට ගිය අච්‍යුතියට පැමිණි අමෘතයට ගිය අමෘතයට පැමිණි නිර්‍වාණයට ගිය නිර්‍වාණයට පැමිණි (ක්‍ෂීණාස්‍රවයා) හට කැමැති වෙති, ආස්වාදය කෙරෙති, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රිසි උපදවති, තෘප්තියට පැමිණෙත්; ණයගැතියෝ අනණ (ණයනැති) බව යම්සේ පතත් ද, කැමැති වෙත් ද, රොගීහු අරෝග බව - සිරබන්‍ධනයෙන් බැඳුණාහු බන්‍ධනයෙන් මිදීම - දාසයෝ නිදාස බව - කතරමඟට පිවිසියාහු ක්‍ෂෙමභූමිය යම්සේ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් ද කැමැති වෙත් ද එසෙයින් සත්ත්‍වයෝ කාමයන් හි ඇලුණාහු ගිජුවූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු පිවිසියාහු ලැගුණාහු එල්බුණාහු ඇවුරුණාහු වෙති, ඔවුහු කාමෝඝය තරණය කළ භවොඝය තරණය කළ ... නිවනට ගිය නිවනට පැමිණි ක්‍ෂීණාස්‍රවය හට කැමති වෙති, ආස්වාදය කෙරෙති, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රිසි උපදවති තෘප්තියට පැමිණෙත් නුයි ‘ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“රිත්තස්ස මුනිනො චරතො කාමෙසු අනපෙක්ඛිනො, ඔඝතිණ්ණස්ස පිහයන්ති කාමෙසු ගථිතා පජා”ති.
Sinhala BJT“රිත්තස්ස මුනිනො චරතො -පෙ- කාමෙසු ගථිතා පජා” යී
Pali BJTතිස්සමෙත්තෙය්යසුත්තනිද්දෙසො සත්තමො.
Sinhala BJTසත්වැනි තිස්සමෙත්තෙය්‍ය සූත්‍රනිර්දේශය යි.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTපසූරසුත්තනිද්දෙසො
Sinhala BJTපසූරසූත්‍රනිර්දේශය
Pali BJTඅථ පසූරසුත්තනිද්දෙසො වුච්චති:
Sinhala BJTඉක්බිති පසූරසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
Pali BJT8. 1.
Sinhala BJT8. 1.
Pali BJT“ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති{4} නාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහු, යන්නිස්සිතා තත්ථ සුභංවදානා පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා.
Sinhala BJTයම් ශාස්තෘ ආදියක් ඇසුරු කළා වූ ඒ ස්වකීය දෘෂ්ටියෙහි ශුභවාද ඇත්තා වූ බොහෝ මහණ බමුණෝ වෙන වෙන සත්‍යයන්හි බැසගත්තාහු ද (මේ දෘෂ්ටිගතිකයෝ) මෙහි මැ ශුද්ධිය වේ යැයි වාද කෙරෙති අන්‍ය ධර්‍මයන්හි විශුද්ධිය නැතැයි කියත්.
Pali BJTඉධෙව සුද්ධිං ඉති වාදයන්තීති - ඉධෙව සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; ‘සස්සතො ලොකො, අසස්සතො ලොකො, අන්තවා ලොකො, අනන්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, හොති තථාගතො පරම්මරණා, න හොති තථාගතො පරම්මරණා, හොති ච න ච හොති තථාගතො පරම්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති. ‘
Sinhala BJTඉධෙව සුද්ධිං ඉති වාදයන්ති - මෙහි මැ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ යයි පවසති කියති බෙණෙති දක්වති වහරත්. ‘ලෝකය ශාශ්වත යැ ලෝකය අශාශ්වත යැ ලෝකය අන්තවත් යැ ලෝකය අනන්තවත් යැ ආත්මයත් ශරීරයත් එකෙක් මැ ය ආත්මය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ සත්ත්‍වයා මරණින් මතු විද්‍යාමාන වෙයි, සත්ත්‍වයා මරණින් මතු නො වෙයි, සත්ත්‍වයා මරණින් මතු වන්නේ ත් නො වන්නේ ත් වෙයි, සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි මේ මැ සැබව අන්‍යය සිස් යැ යි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති’ යනු වේ.
Pali BJTනාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහූති - අත්තනො සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං මග්ගං ඨපෙත්වා සබ්බෙ පරවාදෙ ඛිපන්ති උක්ඛිපන්ති පරික්ඛිපන්ති: සො සත්ථා න සබ්බඤ්ඤූ, ධම්මො න ස්වාක්ඛාතො, ගණො න සුප්පටිපන්නො, දිට්ඨි න භද්දිකා, පටිපදා න සුපඤ්ඤත්තා, මග්ගො න නිය්යාණිකො, න තත්ථ සුද්ධි වා විසුද්ධි වා පරිසුද්ධි වා මුත්ති වා විමුත්ති වා පරිමුත්ති වා; න තත්ථ සුජ්ඣන්ති වා විසුජ්ඣන්ති වා පරිසුජ්ඣන්ති වා මුච්චන්ති වා විමුච්චන්ති වා පරිමුච්චන්ති වා; හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා{1} පරිත්තාති, එවමාහංසු එවං වදන්ති එවං කථෙන්ති එවං භණන්ති එවං දීපයන්ති එවං වොහරන්තීති ‘නාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහු.’
Sinhala BJTනාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු - තමා ගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය තබා සියලු පරවාදයන් බැහැර කෙරෙති දුරු කෙරෙති ප්‍රතික්‍ෂේප කෙරෙත්; ඒ ශාස්තෘහු අසර්‍වඥ යැ, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය භද්‍ර නො වෙයි, ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය අනෛර්‍ය්‍යාණික යැ, එහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය හෝ මුක්තිය විමුක්තිය පරිමුක්තිය හෝ නැත. (සත්ත්‍වයෝ) එහි ශුද්ධ විශුද්ධ පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්; (ඔහු) හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ අප්‍රත්‍යයෝ යැ අල්පයෝ යැයි මෙසේ කියති පවසති කථා කෙරෙති බෙණෙති දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු’ යනු වේ.
Pali BJTයන්නිස්සිතා තත්ථ සුභංවදානාති - ‘යන්නිස්සිතා’ති යං සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං මග්ගං නිස්සිතා අස්සිතා{2} අල්ලීනා උපාගතා අජ්ඣොසිතා අධිමුත්තා; තත්ථාති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා; සුභංවදානාති සුභවාදා සොභනවාදා පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති ‘යන්නිස්සිතා තත්ථ සුභංවදානා.’
Sinhala BJTයං නිස්සිතා තත්‍ථ සුභංවදානා - යං ‘නිස්සිතා’ යනු: යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කළාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු; තත්‍ථ - ස්වකීය දෘෂ්ටියෙහි සිය කැමැත්තෙහි සිය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සුභංවදානා- ස්වකීය ලබ්ධියෙහි ශුභවාද ඇත්තාහු සුන්‍දර යයි කියන්නාහු (ඇපි) පණ්ඩිතයම්හ යි කියන්නාහු ස්ථිරවාද ඇතියම්හයි - න්‍යායවාද ඇතියම්හයි - හේතුවාද ඇතියම්හයි - සැලකිය යුතු දෑ කියම්හයි - සකාරණ ව කියම්හයි - නැවැතුණු වාද ඇතියම්හයි කියන්නාහු නුයි ‘යංනිස්සිතා තත්‍ථ සුභංවදානා’ යනු වේ.
Pali BJTපච්චෙකසච්චෙසු පුථු නිවිට්ඨාති - පුථු සමණබ්රාහ්මණා පුථු පච්චෙකසච්චෙසු නිවිට්ඨා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තා ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති නිවිට්ඨා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තා; ‘අසස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති නිවිට්ඨා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති ‘පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා.’
Sinhala BJTපච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා - බොහෝ මහණබමුණෝ බොහෝ වූ වෙන වෙන ම සත්‍යයන්හි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු ‘ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව අන්‍යය තුච්ඡ යැ’ යි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු; ‘ලෝකය අශාශ්වත යැ... ‘සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබව අන්‍යය තුච්ඡ යැ’යි පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළුවූවාහු බැසගත්තාහු නුයි ‘පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ, බුදුහු:
Pali BJT“ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති නාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහු, යන්නිස්සිතා තත්ථ සුභංවදානා පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා”ති.
Sinhala BJT“ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති -පෙ- පච්චෙකසච්චෙසු පුථූ නිවිට්ඨා” යි.
Pali BJT8. 2.
Sinhala BJT8. 2.