Pali BJT“අප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු, ගමනීයො සම්පරායො, මන්තාය බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං, යො භික්ඛවෙ චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යො වා.”{a}
Sinhala BJT“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුස අල්ප යැ, පරලොව යා යුත්තේ යැ, නුවණින් දත යුතු යැ, කුසල් කළ යුතු යැ. බඹසර සිරියැ යුතු යැ, උපන්හුගේ නොමැරීමෙක් නැති. මහණෙනි, යමෙක් කලක් ජීවත් වේ නම් හෙතෙම හවුරුදු සියයක් ජීවත් වෙයි. අධික වූයේ නම් ස්වල්පයක් මැයි.
Pali BJT11. “අප්පමායු මනුස්සානං හීළෙය්ය නං සුපොරිසො, චරෙය්යාදිත්තසීසොව නත්ථි මච්චුස්සනාගමො.
Sinhala BJT11. මිනිසුන්ගේ ආයුස අල්ප යැ. සාධුපුරුෂ තෙම ඒ මඳ වූ ආයුසයට ලජ්ජා වන්නේ යැ. හිස ගිනි ගත්තකු සෙයින් කුසල්හි හැසිරෙන්නේ යැ. මරහුගේ නො පැමිණීමෙක් නම් නැති.
Pali BJT12. අච්චයන්ති අහොරත්තා ජීවිතං උපරුජ්ඣති, ආයු ඛීයති මච්චානං කුන්නදීනංව ඔදකං”න්ති.{a}
Sinhala BJT12. රෑදාවල්හු ඉක්මැ යෙති. ජීවිතේන්‍ද්‍රියය අභාවයට යෙයි. කුඩා නදියක දියත්තක් සෙයින් මිනිසුන්ගේ ආයුස ගෙවේ.
Pali BJTඅප්පං වත ජීවිතං ඉදං ඔරං වස්සසතාපි මීයතීති{1} - කලලකාලෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, අබ්බුදකාලෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, පෙසිකාලෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, ඝනකාලෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, පසාඛකාලෙපි{2} චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, ජාතමත්තොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, සූතිඝරෙපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, අද්ධමාසිකොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, මාසිකොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, ද්වෙමාසිකොපි - තෙමාසිකොපි - චතුමාසිකොපි - පඤ්චමාසිකොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, ඡමාසිකොපි - සත්තමාසිකොපි - අට්ඨමාසිකොපි - නවමාසිකොපි - දසමාසිකොපි - සංවච්ඡරිකොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, ද්වෙවස්සිකොපි - තිවස්සිකොපි චතුවස්සිකොපි පඤ්චවස්සිකොපි - ඡවස්සිකොපි - සත්තවස්සිකොපි - අට්ඨවස්සිකොපි නවවස්සිකොපි - දසවස්සිකොපි - වීසතිවස්සිකොපි - තිංසවස්සිකොපි - චත්තාරීසවස්සිකොපි - පඤ්ඤාසවස්සිකොපි - සට්ඨිවස්සිකොපි - සත්තතිවස්සිකොපි - අසීතිවස්සිකොපි - නවුතිවස්සිකොපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජතීති ‘ඔරං වස්සසතාපි මීයති.{3}’
Sinhala BJTඅප්පං වත ජීවිතං ඉදං ඔරං වස්සසතාපි මීයති - කලලකාලයෙහිදු ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසෙයි. අර්බුදකාලයෙහි දු... පෙශීකාලයෙහි දු...ඝනකාලයෙහි දු...ප්‍රශාඛකාලයෙහි දු...උපන්කෙණෙහි දු...තිඹිරිගෙහි දු ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනසෙයි. අඩමැසි වූයේ ද...එක්මැසි වූයේ ද... දෙමැසි වූයේ ද... තෙමැසි වූයේ ද... සිවුමැසි වූයේ ද... පස්මැසි වූයේ ද... සමැසි වූයේ ද... සත්මැසි වූයේ ද... අටමැසි වූයේ ද... නවමැසි වූයේ ද... දසමැසි වූයේ ද ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසෙයි. එක්හැවිරිදි වූයේ ද... දෙහැවිරිදි වූයේ ද... තුන්හැවිරිදි වූයේ ද... සිවුහැවිරිදි වූයේ ද... පස්හැවිරිදි වූයේ ද... සහැවිරිදි වූයේ ද... සත්හැවිරිදි වූයේ ද... අටහැවිරිදි වූයේ ද... නවහැවිරිදි වූයේ ද... දසහැවිරිදි වූයේ ද... විසිහැවිරිදි... තිස්හැවිරිදි... සතලිස්හැවිරිදි... පනස්හැවිරිදි... සැටහැවිරිදි... සැත්තෑහැවිරිදි... අසූහැවිරිදි... අනූහැවිරිදි වූයේ ද ච්‍යුතවෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසේ නුයි ‘ඔරං වස්සසතාපි මියතී’ යනු වේ.
Pali BJTයො චෙපි අතිච්ච ජීවතීති - යො වස්සසතං අතික්කමිත්වා ජීවති, සො එකං වා වස්සං{4} ජීවති, ද්වෙ වා වස්සානි ජීවති, තීණි වා වස්සානි ජීවති, චත්තාරි වා වස්සානි ජීවති, පඤ්ච වා වස්සානි ජීවති -පෙ- දස වා වස්සානි ජීවති, වීසතිං වා වස්සානි ජීවති, තිංසං වා වස්සානි ජීවති, චත්තාරීසං වා වස්සානි ජීවතීති ‘යො චෙපි අතිච්ච ජීවති. ‘
Sinhala BJTයො චෙපි අතිච්ච ජීවති - යමෙක් අවුරුදු සියය ඉක්මවා ජීවත් වේ නම්, හෙතෙම එක් වසක් හෝ ජීවත් වෙයි, දෙවසක් හෝ... තෙවසක් හෝ... සිවුවසක් හෝ... පස්වසක් හෝ ජීවත්වෙයි, ... දසවසක් හෝ... විසිවසක් හෝ... තිස්වසක් හෝ... සතලිස්වසක් හෝ ජීවත් වේ නුයි - ‘යො චෙපි අතිච්ච ජීවති’ යනු වේ.
Pali BJTඅථ ඛො සො ජරසාපි මීයතීති - යදා ජිණ්ණො හොති වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො, ඛණ්ඩදන්තො පලිතකෙසො,{5} විලූනං ඛලිතංසිරො වලිතං තිලකාහතගත්තො වඞ්කො භොග්ගො දණ්ඩපරායණො, සො ජරායපි චවති මරති අන්තරධායති විප්පලුජ්ජති, නත්ථි මරණම්හා මොක්ඛො.
Sinhala BJTඅථ ඛො සො ජරසාව මීයති - යම් කලෙක ජරාවෙන් දිරුයේ වේ ද වයසින් වෘද්ධ වූයේ මහලු වූයේ තුන්වයස් ඉක්මැවූයේ අන්තිම වයසට පැමිණියේ වේ ද, (එකල්හි) කඩ (ගිලිහුණු) දත් ඇතියේ පැසුණු කෙස් ඇතියේ සිඳුණු කෙස් ඇති ඛල්වාටශීර්‍ෂ වූයේ රැලිහටගත් තලකැලලින් යුත් සිරුරු ඇතියේ වක්වූයේ බිඳුණු සිරුරු ඇතියේ සැරයටිය පිහිට කොට ඇතියේ හෙතෙම ජරාවෙන් මඩනා ලදුයේ ම ච්‍යුත වෙයි මැරෙයි අතුරුදහන් වෙයි වැනැසෙයි. මරණයෙන් මිදීමෙක් නැති.
Pali BJT13. “ඵලානමිව පක්කානං පාතො පපනතො භයං, එවං ජාතාන මච්චානං නිච්චං මරණතො භයං.
Sinhala BJT13. ඵලහිමියනට පැසුණු ගෙඩි උදාසන වැටීමෙන් උපදනා බිය මෙන් මෙසේ උපන් සත්නට නිරතුරු මරණයෙන් බිය උපදනේය.
Pali BJT14. යථාපි කුම්භකාරස්ස කතං මත්තිකභාජනං,{6} සබ්බං භෙදනපරියන්තං{7} එවං මච්චාන ජීවිතං.
Sinhala BJT14. කුඹලා විසින් කරන ලද මැටිබඳුන් සියල්ල යම්සේ බිඳීම අවසන් කොට ඇත්තේ ද, එසෙයින් සත්ත්‍වයන්ගේ ජීවිතය මරණය අවසන් කොට ඇත්තේය.
Pali BJT15. දහරා ච මහන්තා ච යෙ බාලා යෙ ච පණ්ඩිතා. සබ්බෙ මච්චුවසං යන්ති සබ්බෙ මච්චුපරායණා,”
Sinhala BJT15. තරුණයෝ ද මහල්ලෝ ද බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සියල්ලෝ මරහුගේ වශයට යෙති. සියල්ලෝ මරණය පරායණ කොට ඇත්තාහ.
Pali BJT16. “තෙසං මච්චුපරෙතානං ගච්ඡතං පරලොකතො, න පිතා තායතෙ පුත්තං ඤාතී වා පන ඤාතකෙ.
Sinhala BJT16. මරණයෙන් පීඩිත වූ මෙලොවින් පරලොවට යන ඒ සත්ත්‍වයන් පිළිබඳ ව යම්හෙයකින් පියා පුතු නො රකී ද, නෑ කෙනෙක් හෝ නෑයන් නො රකිත් ද, එහෙයින් -
Pali BJT17. පෙක්ඛතඤ්ඤෙව ඤාතීනං පස්ස ලාලපතං{1} පුථු, එකමෙකොව මච්චානං ගොවජ්ඣො විය නීයති, එවමබ්භාහතො ලොකො මච්චුනා ච ජරාය චා”ති{a}
Sinhala BJT17. බලව! නන් අයුරින් වැලැපෙන්නාවූ නෑයන් බලාසිටිය දී මැ මිනිසුන් අතුරෙන් එකඑකා මැ වධයට ගෙන යන ගවයකු මෙන් මරණයට පමුණුවනු ලැබෙයි. මෙසෙයින් ලෝවැසි තෙමේ මරණය විසින් හා ජරාව විසින් ද මඩනා ලදුයේ නුයි -
Pali BJTඅථ ඛො සො ජරසාව මීයති
Sinhala BJT‘අථ ඛො සො ජරසාව මීයති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අප්පං වත ජීවිතං ඉදං ඔරං වස්සසතාපි මීයති, යො චෙපි අතිච්ච ජීවති අථ ඛො සො ජරසාව මීයතී”ති.
Sinhala BJT“අප්පං වත -පෙ- අථ ඛො සො ජරසාව මීයති” යී.
Pali BJT6. 2.
Sinhala BJT6. 2.
Pali BJTසොචන්ති ජනා මමායිතෙ න හි සන්ති නිච්චා පරිග්ගහා, විනාභාවං සන්තමෙවිදං ඉති දිස්වා නාගාරමාවසෙ.{2}
Sinhala BJTසත්ත්‍වයෝ තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් මමත්‍වයෙන් ගන්නා ලද වස්තුවිෂයෙහි (=වස්තුව කරණ කොටගෙන) ශෝක කෙරෙති. එතෙකුදු වත් නිත්‍ය වූ පරිග්‍රහ කෙනෙක් නො මැ වෙති. මේ විනාභාවය විද්‍යාමාන වූයේ මැ යයි දැක (නුවණැත්තේ) ගිහිගෙයි නො වසන්නේ යි.
Pali BJTසොචන්ති ජනා මමායිතෙති - ‘ජනා’ති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච; මමත්තාති ද්වෙ මමත්තා: තණ්හාමමත්තං ච දිට්ඨිමමත්තං ච -පෙ- ඉදං තණ්හාමමත්තං -පෙ- ඉදං දිට්ඨිමමත්තං. මමායිතං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි සොචන්ති. අච්ඡිජ්ජන්තෙපි සොචන්ති. අච්ඡින්නෙපි සොචන්ති. මමායිතං වත්ථුං විපරිණාමසඞ්කිනොපි සොචන්ති. විපරිණමන්තෙපි සොචන්ති. විපරිණතෙපි සොචන්ති, කිලමන්ති, පරිදෙවන්ති, උරත්තාළිං කන්දන්ති, සම්මොහං ආපජ්ජන්තීති ‘සොචන්ති ජනා මමායිතෙ. ‘
Sinhala BJTසොචන්ති ජනා මමායිතෙ - ‘ජනා’ යනු: ක්‍ෂත්‍රිය-බ්‍රාහ්මණ-වෛශ්‍ය-ශුද්‍ර-ගෘහස්ථ-ප්‍රව්‍රජිත-දෙව-මනුෂ්‍යයෝ ය; ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්‍වය ද දෘෂ්ටිමමත්‍වය දැයි මමත්‍වයෝ දෙදෙනෙක් වෙති... මාගේ යයි ගන්නා ලද වස්තුව ‘අසිඳ ගනිති’ යන සැක ඇත්තාහු ද (සිතින්) ශෝක කෙරෙති, අසිඳුනා කල්හි දු ශෝක කෙරෙති, අසිඳගත් කල්හි දු ශෝක කෙරෙත්, මමායිත වස්තුව ‘විපරීත වෙතී’ සැක ඇත්තාහු ද ශෝක කෙරෙති, විපරීත වන කල්හි දු ශෝක කෙරෙති, විපරීත වූ කල්හි දු ශෝක කෙරෙති, වෙහෙසෙති විලාප කියති ළෙහි අත් ගසා හඬති සම්මෝහයට පැමිණෙත් නුයි - ‘සොචන්ති ජනා මමායිතෙ’ යනු වේ.
Pali BJTන හි සන්ති නිච්චා පරිග්ගහාති - ‘පරිග්ගහා’ති - ද්වෙ පරිග්ගහා: තණ්හාපරිග්ගහො ච දිට්ඨිපරිග්ගහො ච -පෙ- අයං තණ්හාපරිග්ගහො. -පෙ- අයං දිට්ඨිපරිග්ගහො. තණ්හාපරිග්ගහො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො විපරිණාමධම්මො. දිට්ඨිපරිග්ගහො ච අනිච්චො සඞ්ඛතො{3} පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො විපරිණාමධම්මො.
Sinhala BJTන හි සන්ති නිච්චා පරිග්ගහා - ‘පරිග්ගහා’ යනු: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි පරිග්‍රහයෝ දෙදෙනෙක් වෙති... තෘෂ්ණාපරිග්‍රහය අනිත්‍ය යැ, සංඛත (-ප්‍රත්‍යයන් විසින් කරන ලද) යැ, ප්‍රත්‍යයසාමග්‍රිය නිසා උපන, ක්‍ෂය වන සුලු යැ, නැසෙන සුලු යැ, නොඇලෙන පියවි ඇත්තේ යැ, නිරුද්ධ වන පියවි ඇත්තේ යැ, පෙරළෙන පියවි ඇත්තේ යැ; දෘෂ්ටිපරිග්‍රහය ද අනිත්‍ය යැ සංඛත යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයධර්‍ම යැ ව්‍යයධර්‍ම යැ විරාගධර්‍ම යැ නිරොධධර්‍ම යැ විපරිණාමධර්‍ම යි.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද්දේ මැනු, බුදුන් විසින්:
Pali BJT“පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, තං පරිග්ගහං, ය්වාස්ස{4} පරිග්ගහො නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සතීති? නො හෙතං භන්තෙ. සාධු භික්ඛවෙ. අහම්පි ඛො එතං භික්ඛවෙ පරිග්ගහං න සමනුපස්සාමි, ය්වාස්ස{4} පරිග්ගහො නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සතී”ති.{b} පරිග්ගහා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නුපලබ්භන්තීති ‘න හි සන්ති නිච්චා පරිග්ගහා’.
Sinhala BJT“මහණෙනි, තෙපි නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ අවිපරිණාමස්වභාව වූ යම් පරිග්‍රහයෙක් ශාශ්වතිකයක් සෙයින් එසේ ම සිටුනේ නම්, එබඳු පරිග්‍රහයක් දකිවු දැ?’යි ‘තෙල නැත් මැය වහන්ස’. සොඳුරු යැ මහණෙනි, ඇපි දු මහණෙනි, යම් පරිග්‍රහයෙක් නිත්‍ය-ධ්‍රැව-ශාශ්වත-අවිපරිණාමස්වභාව වූයේ ශාශ්වතිකයක් මෙන් එසෙයින් මැ සිටුනේ නම්, තෙල පරිග්‍රහය නො දකුම්හ”යි. පරිග්‍රහයෝ නිත්‍ය වූවාහු ස්ථිර වූවාහු ශාශ්වත වූවාහු අවිපරිණාමස්වභාව වූවාහු නැති, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත් නුයි ‘න සන්ති නිච්චා පරිග්ගහා’ යනු වේ.
Pali BJTවිනාභාවං සන්තමෙවිදන්ති - නානාභාවෙ විනාභාවෙ අඤ්ඤථාභාවෙ සන්තෙ සංවිජ්ජමානෙ{1} උපලබ්භියමානෙ; වුත්තං හෙතං භගවතා; “අලං ආනන්ද, මා සොචි. මා පරිදෙවි. නනු එතං මයා ආනන්ද, පටිගච්චෙව අක්ඛාතං සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො. තං කුතෙත්ථ ආනන්ද, ලබ්භා, යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං තං වත මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජතී”ති{a} පුරිමානං පුරිමානං ඛන්ධානං ධාතූනං ආයතනානං විපරිණාමඤ්ඤථාභාවා පච්ඡිමා පච්ඡිමා ඛන්ධා ච ධාතුයො ච ආයතනානි ච පවත්තන්තීති ‘විනාභාවං සන්තමෙවිදං. ‘
Sinhala BJTවිනාභාවං සන්තමෙවිදං - නානාභාවය වියොගභාවය අන්‍යථාභාවය ඇතිකල්හි විද්‍යමාන කල්හි ලැබෙන කල්හි; මේ වදාරන ලද මැ ය බුදුන් විසින්: “ආනන්‍ද, නහමක් ශෝක කර, නහමක් පරිදේවනා කර; ආනන්‍ද, මා විසින් මෙය පළමු (කලින්) මැ කියන ලද්දේ නො වේ ද, සියලු මැ ප්‍රිය මනාපයන් කෙරෙන් (ජාත්‍යාදිය හේතු කොටගෙන) නානාභාවය වියොගභාවය අන්‍යථාභාවය වෙයි. ආනන්‍ද, යමක් ජාත නම් භූත නම් ප්‍රත්‍යයෝත්පන්න නම් බිඳෙන පියවි ඇත් නම් එය නහමක් බිඳේව’යි, එය කොයින් ලැබේ ද, මේ කාරණය විද්‍යමාන නො වේ”ය යි. පළමු පළමු හටගත් ස්කන්‍ධ-ධාතු-ආයතනයන්ගේ ප්‍රකෘතිය හැර අන්‍යථාත්‍වයට පැමිණීම හේතු කොට ගෙන පසු පසු වූ ස්කන්‍ධ-ධාතු-ආයතනයෝ පවත්නාහු නුයි - ‘විනාභාවං සන්තමෙවිදං’ යනු වේ.
Pali BJTඉති දිස්වා නාගාරමාවසෙති - ‘ඉතී’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරී අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා නාමෙතං ඉතීති. ඉති දිස්වා - පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා මමත්තෙසූති ‘ඉති දිස්වා’; නාගාරමාවසෙති{2} සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපළිබොධං ඡින්දිත්වා සන්නිධිපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චන{3}භාවං උපගන්ත්වා එකො චරෙය්ය විහරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්යාති ‘ඉති දිස්වා නාගාරමාවසෙ’.
Sinhala BJTඉති දිස්වා නාගාරමාවසෙ - ‘ඉති’ - තෙල ‘ඉති’ යනු: පදසන්‍ධි යැ, පදසංයොග යැ පදපූරණ යැ, අක්‍ෂරසන්තිපාත යැ, ව්‍යඤ්ජනයන්ගේ සිලිටුබව යැ, පදයන්ගේ අනුපිළිවෙළ නම් වේ. ඉති දිස්වා මමායිත වස්තුවිෂයෙහි බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ඉති දිස්වා’ යනු වේ. නාගාරමාවසෙ - සියලු ගෘහවාසපළිබොධය (=කරදරය) සිඳ, අඹුදරුපළිබොධය සිඳ, ඥාතිපළිබොධය සිඳ, මිත්‍රාමාත්‍යපළිබොධය සිඳ, සන්නිධිපළිබොධය සිඳ, කෙස්දැළිරවුළු බහා කහවත් හැඳපෙරවැ, ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වැ, කිසිවක් නැතිබවට පැමිණ, එකලා වැ හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේය පාලන-යපන-යාපනය කරන්නේ නුයි ‘ඉති දිස්වා නාගාරමාවසෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සොචන්ති ජනා මමායිතෙ න හි සන්ති නිච්චා පරිග්ගහා, විනාභාවං සන්තමෙවිදං ඉති දිස්වා නාගාරමාවසෙ”ති.{2}
Sinhala BJT“සොචන්ති ජනා -පෙ- ඉති දිස්වා නාගාරමාවසෙ” යනු.
Pali BJT6. 3.
Sinhala BJT6. 3.
Pali BJTමරණෙනපි තං පහීයති යං පුරිසො මමිදන්ති මඤ්ඤති, එතං දිස්වාන{4} පණ්ඩිතො න මමත්තාය නමෙථ මාමකො.
Sinhala BJTපුරුෂ තෙමේ යම් රූපාදියක් ‘මේ මාගේ’ යයි මඤ්ඤනාවශයෙන් හඟනේ නම්, එය මරණයෙන් නමුදු දුරුකරනු ලැබෙයි. බුද්ධාදීන් කෙරෙහි මාමක වූ පණ්ඩිත තෙමේ රූපාදියෙහි තෙල ආදීනවය දැක මමත්‍වයට නො නැමෙන්නේ යි.
Pali BJTමරණෙපි තං පහීයතීති - ‘මරණ’න්ති යා{5} තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස නික්ඛෙපො ජීවිතින්ද්රියස්සූපච්ඡෙදො;{b} තන්ති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං; පහීයතීති - පහීයති ජහීයති විජහීයති අන්තරධායති විප්පලුජ්ජති. භාසිතම්පි හෙතං:
Sinhala BJTමරණෙනපි තං පහීයති - ‘මරණං’ යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් යම් ච්‍යුතියෙක් ච්‍යුතවන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යුසඞ්ඛ්‍යාත මරණයෙක් කලුරියකිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහාලීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද එය යි. තං - ඒ රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානය; පහීයති - ප්‍රහීණ කරනු ලැබෙයි, හරිනු ලැබෙයි, වෙසෙසින් හරිනු ලැබෙයි, අතුරුදහන් වෙයි, සුණුවිසුණු වේ. මේ කියන ලදුයේ මැ ය:
Pali BJT1. “පුබ්බෙව මච්චං විජහන්ති භොගා මච්චො ච තෙ පුබ්බතරං ජහාති, අසස්සතා භොගිනො කාමකාමී තස්මා න සොචාමහං සොකකාලෙ.{c}
Sinhala BJT1. භෝගයෝ පළමු මැ මිනිසා දුරු කෙරෙති (-අත්හරිති). මිනිසා ද ඊටත් පෙරටුව ඒ භෝගයන් දුරු කෙරෙයි. එම්බා කාමකාමිය, (ලොවැ) කාමභොගීහු අශාශ්වතයෝ යැ. එහෙයින් මම මහාජනයා ශෝක කරන කල්හි ශෝක නො කෙරෙමි.
Pali BJT2. උදෙති ආපූරති වෙති චන්දො අත්ථඞ්ගමෙත්වාන පලෙති සූරියො, විදිතා මයා සත්තුක! ලොකධම්මා තස්මා න සොචාමහං සොකකාලෙ”ති{a}
Sinhala BJT2. එම්බා සත්තුකය, මා විසින් (ලාභාලාභාදි) ලොකධර්‍මයෝ දැනගන්නා ලද්දාහ, සඳු උදයට පැමිණෙයි, පිරෙයි, යළි ගෙවී යෙයි. හිරු උදයට පැමිණ යළි අස්තයට යෙයි. (එසෙයින් භෝගයෝ උපදිති යළි වැනැසෙත්;) එහෙයින් මම මහජනයා ශෝක කරන කල්හි ශෝක නො කරම් යයි.
Pali BJTමරණෙනපි තං පහීයති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTයං පුරිසො මමිදන්ති මඤ්ඤතීති - ‘ය’න්ති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං; පුරිසොති සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපො; මමිදන්ති මඤ්ඤතීති තණ්හාමඤ්ඤනාය මඤ්ඤති, දිට්ඨිමඤ්ඤනාය මඤ්ඤති, මානමඤ්ඤනාය මඤ්ඤති, කිලෙසමඤ්ඤනාය මඤ්ඤති, දුච්චරිතමඤ්ඤනාය මඤ්ඤති, පයොගමඤ්ඤනාය මඤ්ඤති, විපාකමඤ්ඤනාය මඤ්ඤතීති ‘යං පුරිසො මමිදන්ති මඤ්ඤති. ‘
Sinhala BJTයං පුරිසො මමිදන්ති මඤ්ඤතී - ‘යං’ යනු: යම් රූප-වේදනා-සඤ්ඤා-සඞ්ඛාර-විඤ්ඤාණගතයක්: පුරිසො යනු: සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්‍ම යැ නාමධෙය්‍ය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යි; මමිදන්ති මඤ්ඤති - තෘෂ්ණායෙන් උපන් මානයෙන් සිතයි (-මාන කෙරෙයි,) දෘෂ්ටිමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, සහජාත මානමඤ්ඤනාවෙන් මාන කෙරෙයි’ ක්ලෙශමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, දුශ්චරිතමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, ප්‍රයොගමඤ්ඤනාවෙන් මාන කෙරෙයි, විපාකමඤ්ඤනාවෙන් මාන කෙරේනුයි - ‘යං පුරිසො මමිදන්ති මඤ්ඤති’ යනු වේ.
Pali BJTඑතං දිස්වාන{1} පණ්ඩිතොති - එතං ආදීනවං ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා මමත්තෙසූති - එතං{2} දිස්වාන; පණ්ඩිතොති - ධීරො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවීති - ‘එතං දිස්වාන පණ්ඩිතො. ‘
Sinhala BJTඑතං දිස්වාන පණ්ඩිතො - මමත්‍ව කළ වස්තුවිෂයෙහි තෙල ආදීනවය දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘එතං දිස්වාන’ යනු වේ. පණ්ඩිතො - ධීර වූයේ ප්‍රඥාවත්-බුද්ධිමත්-ඥානවත්-විද්වත් වූයේ මේධා ඇතියේ නුයි - ‘එතං දිස්වාන පණ්ඩිතො’ යනු වේ.
Pali BJTන මමත්තාය නමෙථ මාමකොති - ‘මමත්තා’ති ද්වෙ මමත්තා: තණ්හාමමත්තං ච දිට්ඨිමමත්තං ච -පෙ- ඉදං තණ්හාමමත්තං -පෙ- ඉදං දිට්ඨිමමත්තං. මාමකොති - මාමකො බුද්ධමාමකො ධම්මමාමකො සඞ්ඝමාමකො; සො තං භගවන්තං මමායති. භගවා තං පුග්ගලං පරිගණ්හාති. වුත්තං හෙතං භගවතා: “යෙ තෙ භික්ඛවෙ භික්ඛූ කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නළා අසමාහිතා, න මෙ තෙ භික්ඛවෙ, භික්ඛු මාමකා. අපගතා ච තෙ භික්ඛවෙ, භික්ඛූ ඉමස්මා ධම්මවිනයා. න ච පන තෙ ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති. යෙ ච ඛො තෙ භික්ඛවෙ, භික්ඛු නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා, තෙ ඛො මෙ භික්ඛවෙ, භික්ඛු මාමකා. අනපගතා ච තෙ භික්ඛවෙ, භික්ඛූ ඉමස්මා ධම්මවිනයා; තෙ ච ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති.{b}
Sinhala BJTන මමත්තාය නමෙථ මාමකො - ‘මමත්තා’ යනු මමත්‍ව දෙකෙක... මාමකො - මමත්‍වය ඇතියේ බුද්ධමාමක - ධම්මාමාමක - සඞ්ඝමාමක වූයේ; හෙතෙම ඒ බුදුන් මමායන කෙරෙයි. බුදුහු ඒ පුඟුලා විමසති: මේ වදාරන ලද මැයි, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් කුහක වූවාහු තද වූවාහු ප්‍රත්‍යය නිමිත්තෙන් බණන්නාහු සැරසෙන පියවි ඇත්තාහු නැඟුණු මානනළ ඇත්තාහු සමාධි රහිත වූවාහු වෙත් ද, මහණෙනි ඒ මාගේ භික්‍ෂූහු මා අයත් වූවාහු නො වෙති, මහණෙනි, ඒ භික්‍ෂූහු මෙ සස්නෙන් බැහැර වූවාහු ද වෙති. තවද ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි වෘද්ධියට ස්ථිරබවට විපුල බවට නො ද පැමිණෙත්. මහණෙනි, තවද යම් භික්‍ෂු කෙනෙක් කුහක නොවූවාහු ලපක නොවූවාහු ධීර වූවාහු නොතද වූවාහු එකඟ සිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, ඒ මාගේ භික්‍ෂූහු මා අයත් වූවාහු වෙති, තවද මහණෙනි, ඒ භික්‍ෂූහු මෙ සස්නෙන් බැහැර නොවූවාහු වෙති, ඔවුහු මෙ සස්නෙහි වැඩීමට තහවුරු බවට පැතුරුණු බවට ද පැමිණෙත්.
Pali BJT3. “කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නළා අසමාහිතා, න තෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙ.
Sinhala BJT3. කුහක වූ කෝපයෙන් හා මානයෙන් තද වූ ප්‍රත්‍යය පිළිබඳ කොට කථා කරන නැඟුණු මානනළ ඇති සමාධි රහිත වූ යම් කෙනෙක් වෙත් නම්, ඔවුහු සම්මාසම්බුදුන් වදාළ සසුන්දහම්හි නො වැඩෙත්.
Pali BJT4. නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා, තෙ වෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙ” තිb
Sinhala BJT4. කුහක නො වූ ලපක නො වූ ධෘතිමත් වූ නොතද වූ මොනොවට එකඟ කළ සිත් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔවුහු ඒකාන්තයෙන් සම්මාසම්බුදුන් වදාළ සසුන්දහම්හි වැඩෙත්.
Pali BJTන මමත්තාය නමෙථ මාමකොති - මාමකො තණ්හාමමත්තං පහාය දිට්ඨිමමත්තං පටිනිස්සජිත්වා මමත්තාය න නමෙය්ය, න ඔනමෙය්ය, න තන්නින්නො අස්ස, න තප්පොණො න තප්පබ්භාරො න තදධිමුත්තො න තදධිපතෙය්යොති - න මමත්තාය නමෙථ මාමකො.
Sinhala BJTන මමත්තාය නමෙථ මාමකො - බුද්ධාදීන් කෙරෙහි මමත්‍වය ඇතියේ තෘෂ්ණාමමත්‍වය හැර දෘෂ්ටිමමත්‍වය දුරු කොට මමත්‍වයට නො නැමෙන්නේය, අවනත නො වන්නේය, ඊට නැමුණේ ඊට ප්‍රවණ වූයේ ඊට බර වූයේ එහි ඇලුණේ එය අධිපති කොට ඇතියේ නො වන්නේ නුයි ‘න මමත්තාය නමෙථ මාමකො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“මරණෙනපි තං පහීයති යං පුරිසො මමිදන්ති මඤ්ඤති, එතං දිස්වාන පණ්ඩිතො න මමත්තාය නමෙථ මාමකො”ති.
Sinhala BJT“මරණෙනපි තං පහීයති -පෙ- න මමත්තාය නමෙථ මාමකො” යී.
Pali BJT6. 4.
Sinhala BJT6. 4.
Pali BJTසුපිනෙන{1} යථාපි සඞ්ගතං{2} පටිබුද්ධො පුරිසො න පස්සති, එවං{3} පියායිතං ජනං පෙතං කාලකතං න පස්සති.
Sinhala BJTපුරුෂ තෙමේ සිහිනෙන් පැමිණ හෝ දක්නා ලද චන්‍ද්‍රාදි කිසිවක් පිබිදියේ යම්සේ නො දකී ද, එසෙයින් පරලොව ගිය කලුරිය කළා වූ ප්‍රිය කළ සත්ත්‍වයා නො දකී.
Pali BJTසුපිනෙන යථාපි සඞ්ගතන්ති - සඞ්ගතං සමාගතං සමාහිතං සන්නිපතිතන්ති ‘සුපිනෙන යථාපි සඞ්ගතං. ‘
Sinhala BJTසුපිනෙන යථාපි සඞ්ගතං - හමු වූ සමීපයට පැමිණි එක් වූ පිඬු වූවාහු නුයි ‘සුපිනෙන යථාපි සඞ්ගතං’ යනු වේ.
Pali BJTපටිබුද්ධො පුරිසො න පස්සතීති - යථා පුරිසො සුපිනගතො චන්දං පස්සති, සුරියං පස්සති, මහාසමුද්දං පස්සති, සිනෙරුං පබ්බතරාජානං පස්සති, හත්ථිං පස්සති, අස්සං පස්සති, රථං පස්සති, පත්තිං පස්සති, සෙනාබ්යූහං පස්සති, ආරාමරාමණෙය්යකං පස්සති, වනරාමණෙය්යකං පස්සති, භූමිරාමණෙය්යකං පස්සති, පොක්ඛරණීරාමණෙය්යකං පස්සති; පටිබුද්ධො න කිඤ්චි පස්සතීති ‘පටිබුද්ධො පුරිසො න පස්සති. ‘
Sinhala BJTපටිබුද්ධො පුරිසො න පස්සති - පුරුෂ තෙමේ නිදන්නේ සඳ දකී, හිරු දකී, මහමුහුද දකී, මහමෙර දකී, ඇතකු - අසකු - රියක් - පාබලසෙනඟක් - සේනාසමූහයක් දකී, සිත්කලු අරම් - සිත්කලු උයන් - සිත්කලු බිම්පෙදෙස් - සිත්කලු පොකුණු දකී, (එතෙකුදු වත්) පිබිදියේ යම්සේ කිසිවක් නො දකී ද, එහෙයින් ‘පටිබුද්ධො පුරිසො න පස්සති’ යනු වේ.
Pali BJTඑවං පියායිතං ජනන්ති - ‘එව’න්ති ඔපම්මසම්පටිපාදනං; පියායිතං ජනන්ති පියායිතං මමායිතං ජනං, මාතරං වා පිතරං වා භාතරං වා භගිනිං වා පුත්තං වා ධීතරං වා මිත්තං වා අමච්චං වා ඤාතිසාලොහිතං වාති{4} ‘එවං පියායිතං ජනං.’{5} පෙතං කාලකතං න පස්සතීති - පෙතො වුච්චති මතො කාලකතො, තං පෙතං න පස්සති, න දක්ඛති, නාධිගච්ඡති, න වින්දති, න පටිලභතීති - පෙතං කාලකතං න පස්සති.
Sinhala BJTඑවං පියායිතං ජනං - ‘එවං’ යනු: ඖපම්‍ය දැක්වීම යි; පියායිතං ජනං - ප්‍රිය කළ මමත්‍වය කළ සත්ත්‍වයා: මව හෝ පියා හෝ බෑයා හෝ බුහුන හෝ පුතු හෝ දූ හෝ මිතුරකු හෝ යහළුවකු හෝ නෑ-සහලේ-නෑයකු හෝ නුයි ‘එවං පියායිතං ජනං’ යනු වේ. පෙතං කාලකතං න පසස්ති - මළේ කලුරිය කෙළේ ‘ප්‍රේත’ යයි කියනු ලැබේ. ඒ මළහු නො දකී නො පැමිණෙයි නො ලැබෙයි ප්‍රතිලාභ නො වේ නුයි ‘පෙතං කාලකතං න පසස්ති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTසුපිනෙන{6} යථාපි සඞ්ගතං පටිබුද්ධො පුරිසො න පස්සති, එවං{7} පියායිතං ජනං පෙතං කාලකතං න පස්සතී”ති.
Sinhala BJT“සුපිනෙන යථාපි -පෙ- කාලකතං න පසස්ති” යී.
Pali BJT6. 5.
Sinhala BJT6. 5.
Pali BJTදිට්ඨාපි සුතාපි තෙ ජනා යෙසං නාමමිදං පවුච්චති, නාමමෙවාවසිස්සති අක්ඛෙය්යං පෙතස්ස ජන්තුනො.
Sinhala BJTක්‍ෂත්‍රියාදි යම් කෙනකුන්ගේ නාමප්‍රඥප්තිය මේ යැයි කියනු ලැබේ ද, ඒ සත්ත්‍වයෝ ඇසින් දුටු චතුසමුට්ඨානික රූපයෝ ද කනින් ඇසූ ද්විසමුට්ඨානික ශබ්දයෝ ද වෙති. පරලොව ගිය සත්ත්‍වයා ගේ නාමමාත්‍රය ම කියන්නට ඉතිරි වේ.
Pali BJTදිට්ඨාපි සුතාපි තෙ ජනාති - ‘දිට්ඨා’ති යෙ චක්ඛුවිඤ්ඤාණාහි සම්භූතා; සුතාති යෙ සොතවිඤ්ඤාණාභිසම්භූතා; තෙ ජනාති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා චාති ‘දිට්ඨාපි සුතාපි තෙ ජනා’
Sinhala BJTදිට්ඨාපි සුතාපි තෙ ජනා - දිට්ඨා - චක්‍ෂුර්විඥානයෙන් දක්නා ලද චතුසමුත්‍ථානික රූපයෝ; සුතා - ශ්‍රොත්‍රවිඥානයෙන් අසන ලද ද්විසමුට්ඨානික ශබ්දයෝ; තෙ ජනා - ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයෝ නුයි දිට්ඨාපි සුතාපි තෙ ජනා.
Pali BJTයෙසං නාමමිදං පවුච්චතීති - ‘යෙස’න්ති ඛත්තියානං බ්රාහ්මණානං වෙස්සානං සුද්දානං ගහට්ඨානං පබ්බජිතානං දෙවානං මනුස්සානං; නාමන්ති සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපො; පවුච්චතීති වුච්චති පවුච්චති කථීයති භණීයති දීපීයති වොහරීයතීති ‘යෙසං නාමමිදං පවුච්චති. ‘
Sinhala BJTයෙසං නාමමිදං පවුච්චති - යෙසං - (යම්) ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයන්ගේ; නාමං - සංඛ්‍යාව සංඥාව ප්‍රඥප්තිය ව්‍යවහාරය නාමය නාමකර්‍මය නාමධෙය්‍යය නිරුක්තිය ව්‍යඤ්ජනය අභිලාප යි; පවුච්චති - පවසනු ලැබෙයි, කියනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, වහරනු ලැබේ නුයි - ‘යෙසං නාමමිදං පවුච්චති’ යනු වේ.
Pali BJTනාමමෙවාවසිස්සති අක්ඛෙය්යන්ති - රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං පහීයති ජහීයති අන්තරධායති විප්පලුජ්ජතීති නාමමෙවාවසිස්සති; අක්ඛෙය්යන්ති අක්ඛාතුං කථෙතුං භණිතුං දීපයිතුං වොහරිතුන්ති ‘නාමමෙවාවසිස්සති අක්ඛෙය්යං.’
Sinhala BJTනාමමෙවාවසිස්සති අක්ඛෙය්‍යං - රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානය ප්‍රහීණ වෙයි, හරිනු ලැබෙයි, අතුරුදහන් වෙයි, වැනැසේ නුයි - ‘නාමමෙවාවසිස්සති’ යනු වේ. අක්ඛෙය්‍යං - පවසන්නට කියන්නට බණන්නට දක්වන්නට වහරන්නට නුයි - ‘නාමමෙවාවසිස්සති අක්ඛෙය්‍යං’ යනු වේ.
Pali BJTපෙතස්ස ජන්තුනො - ‘පෙතස්සා’ති පෙතස්ස කාලකතස්ස; ජන්තුනොති සත්තස්ස නරස්ස මාණවස්ස පොසස්ස පුග්ගලස්ස ජීවස්ස ජාගුස්ස{1} ජන්තුස්ස ඉන්දගුස්ස හින්දගුස්ස මනුජස්සාති අක්ඛෙය්යං පෙතස්ස ජන්තුනො.
Sinhala BJTපෙතස්ස ජන්තුනො - පෙතස්ස යනු: පරලොව ගියහු කලුරිය කළහු ගේ; ජන්තුනො - සත්ත්‍වයාගේ නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්‍දගු - හින්‍දගු - මනුජයක්හුගේ නුයි - “අක්ඛෙය්‍යං පෙතස්ස ජන්තුනො” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“දිට්ඨාපි සුතාපි තෙ ජනා යෙසං නාමමිදං පවුච්චති, නාමමෙවාවසිස්සති අක්ඛෙය්යං පෙතස්ස ජන්තුනො”ති.
Sinhala BJT“දිට්ඨාපි සුතාපි තෙ ජනා -පෙ- අක්ඛෙය්‍යං පෙතස්ස ජන්තුනො” යී.
Pali BJT6. 6.
Sinhala BJT6. 6.
Pali BJTසොකපරිදෙවමච්ඡරං{2} න ජහන්ති ගිද්ධා මමායිතෙ තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො.
Sinhala BJTමමත්‍වය කළ වස්තු විෂයෙහි ගිජු වූවාහු ශොකපරිදෙවමාත්සර්‍ය්‍යය යම් හෙයකින් නො හරිත් ද, එහෙයින් මුනීහු තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහය හැරපියා ක්‍ෂෙමසඞ්ඛ්‍යාත නිවන දකිමින් විසූහ.
Pali BJTසොකපරිදෙවමච්ඡරං{2} න ජහන්ති ගිද්ධා මමායිතෙති ‘සොකො’ති ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස භොගව්යසනෙන වා ඵුට්ඨස්ස රොගව්යසනෙන වා ඵුට්ඨස්ස සීලව්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො අන්තොදාහො{3} අන්තොපරිදාහො චෙතසො පරිඣායනා දොමනස්සං සොකසල්ලං{a} ; පරිදෙවොති - ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස -පෙ- දිට්ඨි ව්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං වාචා පලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා{4} ලාලප්පිතත්තං{5}{a}; මච්ඡරියන්ති - පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං, යං එවරූපං මච්ඡරියං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියං.{b} අපි ච ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියං, ධාතුමච්ඡරියම්පි මච්ඡරියං, ආයතනමච්ඡරියම්පි මච්ඡරියං, ගාහො; ඉදං වුච්චති{6} මච්ඡරියං.
Sinhala BJTසොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ - ‘සෝක’ නම්: ඥාතීන්ගේ විනාශයෙන් මඩනා ලද්දහුගේ හෝ භෝගයන්ගේ විනාශයෙන් මඩනා ලද්දහු ගේ හෝ රොගව්‍යසනයෙන් - ශීලව්‍යසනයෙන් - දෘෂ්ටිව්‍යසනයෙන් මඩනා ලද්දහුගේ හෝ මිත්‍රව්‍යසනාදි යම් කිසි ව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ හෝ යම් කිසි දුක්හෙතුවකින් මඩනා ලද්දහුගේ හෝ ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කරන බවෙක් අභ්‍යන්තරශොකයෙක් සිත තුළ අධිකශොකයෙක් අභ්‍යන්තරදාහයෙක් අභ්‍යන්තරපරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ නම් එයයි. ‘පරිදේව’ නම්: නෑයන්ගේ වනසින් මඩනා ලද්දහුගේ හෝ... දෘෂ්ටිව්‍යසනයෙන් - යම් කිසි ව්‍යසනයෙකින් යුක්ත වූවහු ගේ හෝ යම් කිසි දුඃඛහෙතුවකින් මඩනා ලද්දහුගේ හෝ හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් හඬන අයුරෙක් හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කියන බවෙක් වේ නම් එය යි. මච්ඡරියං - මාත්සර්‍ය්‍ය:... (2-3 සූත්‍ර නිර්‍දෙශය.) මේ මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.
Pali BJTගෙධො වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. මමත්තාති ද්වෙ මමත්තා: තණ්හාමමත්තං ච දිට්ඨිමමත්තං ච -පෙ- ඉදං තණ්හාමමත්තං -පෙ- ඉදං දිට්ඨිමමත්තං; මමායිතං වත්ථුං අච්ඡෙදසඞ්කිනො’පි සොචන්ති. අච්ඡිජ්ජන්තෙපි සොචන්ති. අච්ඡින්නෙපි සොචන්ති. මමායිතං වත්ථුං විපරිණාමසඞ්කිනො’පි සොචන්ති. විපරිණමන්තෙ’පි{1} සොචන්ති. මමායිතං වත්ථුං අච්ඡෙදසඞ්කිනො’පි පරිදෙවන්ති. අච්ඡිජ්ජන්තෙ’පි පරිදෙවන්ති. අච්ඡින්නෙ’පි පරිදෙවන්ති. මමායිතං වත්ථුං විපරිණාමසඞ්කිනො’පි පරිදෙවන්ති. විපරිණමන්තෙ’පි පරිදෙවන්ති. විපරිණතෙ’පි පරිදෙවන්ති. මමායිතං වත්ථුං රක්ඛන්ති ගොපෙන්ති පරිගණ්හන්ති. මමායන්ති මච්ඡරායන්ති.{2} මමායිතස්මිං වත්ථුස්මිං සොකං න ජහන්ති. පරිදෙවං න ජහන්ති. මච්ඡරියං න ජහන්ති. ගෙධං න ජහන්ති. නප්පජහන්ති න විනොදෙන්ති න බ්යන්තිං කරොන්ති න අනභාවං ගමෙන්තීති - සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ.
Sinhala BJTගේධ යයි තෘෂ්ණාව කියනු ලබයි,... යම් රාගයෙක් සංරාගයෙක්... ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. මමත්තා - තෘෂ්ණාමමත්‍වය ද දෘෂ්ටිමමත්‍වය දැයි මමත්‍ව දෙකෙකි, ... මමත්‍වය කළ වස්තුව අසිඳගනිතී සැක ඇතිව ද සොවිති, අසිඳුනා කල්හි දු සොවිති, අසිඳගත් කල්හි දු සොවිත්. මමායිත වස්තුව වෙනස් වෙතී සැක ඇතිව ද සොවිති, වෙනස් වන කල්හි දු සොවිති, වෙනස් වූ කල්හි දු සොවිත්; මමායිත වස්තුව අසිඳගනිතී සැක ඇතිව ද හඬති, අසිඳුනා කල්හි දු හඬති, අසිඳගත් කල්හි දු හඬත්; මමත්‍වය කළ වස්තුව වෙනස් වෙතී සැක ඇතිව ද හඬති, වෙනස් වන කල්හි දු හඬති, වෙනස් වූ කල්හි දු හඬත්; මමත්‍වය කළ වස්තුව රකිති ගෝපනය කෙරෙති විමසති මමායන කෙරෙති මච්ඡරායන කෙරෙති. මමායිත වස්තුවිෂයෙහි ශෝකය නො හරිති, පරිදේව නො හරිති, මසුරුබව නො හරිති, ගිජුබව නො හරිති, නො දුරු කෙරෙති නො බැහර කෙරෙති කෙළවර නො කෙරෙති අනභාවයට නො පමුණුවත් නුයි ‘සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ’ යනු වේ.
Pali BJTතස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනොති ‘තස්මා’ ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා එතං ආදීනවං සම්පස්සමානා{3} මමත්තෙසූති තස්මා; මුනයොති මොනං වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි; තෙන ඤාණෙන සමන්නාගතා මුනයො මොනප්පත්තා. තීණි මොනෙය්යානි: කායමොනෙය්යං වචීමොනෙය්යං මනොමොනෙය්යං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනි; පරිග්ගහොති - ද්වෙ පරිග්ගහා: තණ්හාපරිග්ගහො ච දිට්ඨිපරිග්ගහො ච -පෙ- අයං තණ්හාපරිග්ගහො. -පෙ- අයං දිට්ඨිපරිග්ගහො; මුනයො තණ්හාපරිග්ගහං පරිච්චජිත්වා දිට්ඨිපරිග්ගහං පටිනිස්සජිත්වා චජිත්වා පරිච්චජිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තිං කරිත්වා අනභාවං ගමෙත්වා අචරිංසු විචරිංසු{4} ඉරීයිංසු වත්තයිංසු පාලයිංසු යපයිංසු යාපයිංසු; ඛෙමදස්සිනොති - ඛෙමං වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං; ඛෙමදස්සිනොති - ඛෙමදස්සිනො තාණදස්සිනො ලෙනදස්සිනො සරණදස්සිනො අභයදස්සිනො අච්චුතදස්සිනො අමතදස්සිනො නිබ්බානදස්සිනොති ‘තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො.’
Sinhala BJTතස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො - තස්මා - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මමායිත වස්තුවිෂයෙහි තෙල ආදීනවය දක්නාහු නුයි ‘තස්මා’ යනු වේ. මුනයො - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂ දැනීමෙක්... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. ඒ නුවණින් සමන්‍විත වූ මුනීහු මොනප්‍රාප්තයෝ යි. මෝනෙය්‍ය තුනෙකි: කායමෝනෙය්‍ය වචීමොනෙය්‍ය මනෝමෝනෙය්‍ය යයි...(2. 8. සූත්‍රනිර්දේශය.) පරිග්ගහො - පරිග්‍රහයෝ දෙදෙනෙකි: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි,... මුනීහු තෘෂ්ණාපරිග්‍රහය හැරපියා දෘෂ්ටිපරිග්‍රහය දුරලා ත්‍යාග කොට හැර බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා හැසුරුණාහ වෙසෙසින් හැසුරුණාහ ඉරියවු පැවැත්වූහ පාලන - යපන - යාපන කළහ. ඛෙමදස්සිනො - ‘ඛේම’ යී අමාමහනිවන කියනු ලැබෙයි, සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම ඇති සියලු උපධීන්ගේ දුරලීම ඇති තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයයි. ඛෙමදස්සිනො - ක්‍ෂේමය දක්නාහු ත්‍රාණය - ලෙනය - ශරණය - අභය - අච්‍යුතය - අමෘතය - නිර්‍වාණය දක්නාහු නුයි - ‘තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ, තස්මා මුනයො පරිග්ගහං හිත්වා අචරිංසු ඛෙමදස්සිනො”ති.
Sinhala BJT“සොකපරිදෙවමච්ඡරං -පෙ- හිත්‍වා අචරිංසු ඛෙමදස්සිනො” යී.
Pali BJT6. 7.
Sinhala BJT6. 7.
Pali BJTපතිලීනචරස්ස භික්ඛුනො භජමානස්ස විවිත්තමාසනං,{5} සාමග්ගියමාහු තස්සෙතං{6} යො අත්තානං{7} භවනෙ න දස්සයෙ.
Sinhala BJTඒ ඒ අරමුණෙන් වැළැහූ සිත්හසර ඇති විවෙක අසුනක් සෙවුනා වූ ශෛක්‍ෂ මහණ හට ද නිරයාදි භවනයෙහි (ප්‍රතිසන්‍ධි විසින්) තමා නොදක්වන ඒ රහත් මහණ හට ද නිර්‍වාණසාමග්‍රියෙහි ලා මේ (නිරයාදි භවනයෙහි තමා නොදැක්වීම) අනුරූප යයි කියත්.
Pali BJTපතිලීනචරස්ස භික්ඛුනොති - පතිලීනචරා වුච්චන්ති සත්ත සෙඛා; අරහා පතිලීනො. කිං කාරණා පතිලීනචරා වුච්චන්ති සත්ත සෙඛා? තෙ තතො තතො චිත්තං පතිලීනෙන්තා පතිකුටෙන්තා{1} පතිවට්ටෙන්තා සන්නිරුම්භෙන්තා{2} සන්නිග්ගණ්හන්තා සන්නිවාරෙන්තා රක්ඛන්තා ගොපෙන්තා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති. චක්ඛුද්වාරෙ චිත්තං පතිලීනෙන්තා පතිකුටෙන්තා පතිවට්ටෙන්තා සන්නිරුම්භෙන්තා සන්නිග්ගණ්හන්තා සන්නිවාරෙන්තා රක්ඛන්තා ගොපෙන්තා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති. සොතද්වාරෙ චිත්තං - ඝානද්වාරෙ චිත්තං ජිව්හාද්වාරෙ චිත්තං කායද්වාරෙ චිත්තං - මනොද්වාරෙ චිත්තං පතිලීනෙන්තා පතිකුටෙන්තා පතිවට්ටෙන්තා සන්නිරුම්භෙන්තා සන්නිග්ගණ්හන්තා සන්නිවාරෙන්තා රක්ඛන්තා ගොපෙන්තා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති. යථා කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවට්ටති න සම්පසාරීයති, එවමෙවං තෙ තතො තතො චිත්තං පතිලීනෙන්තා පතිකුටෙන්තා පතිවට්ටෙන්තා සන්නිරුම්භෙන්තා සන්නිග්ගණ්හන්තා සන්නිවාරෙන්තා රක්ඛන්තා ගොපෙන්තා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති. චක්ඛුද්වාරෙ චිත්තං - සොතද්වාරෙ චිත්තං - ඝානද්වාරෙ චිත්තං - ජිව්හාද්වාරෙ චිත්තං - කායද්වාරෙ චිත්තං - මනොද්වාරෙ චිත්තං පතිලීනෙන්තා පතිකුටෙන්තා පතිවට්ටෙන්තා සන්නිරුම්භෙන්තා සන්නිග්ගණ්හන්තා සන්නිවාරෙන්තා රක්ඛන්තා ගොපෙන්තා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති. තං කාරණා පතිලීනචරා වුච්චන්ති සත්ත සෙඛා. භික්ඛුනොති - පුථුජ්ජනකල්යාණකස්ස{3} වා භික්ඛුනො සෙඛස්ස වා භික්ඛුනොති ‘පතිලීනචරස්ස භික්ඛුනො.’
Sinhala BJTපතිලීනචරස්ස භික්ඛුනෝ - සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙත්. රහත්හු පතිලීනයහ. කුමක් හෙයින් සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙති යත්? ඔහු ඒ ඒ අරමුණෙන් සිත නවතමින් හකුළුවමින් පෙරළමින් අවුරමින් නිගන්මින් වළහමින් රක්මින් ගෝපනය කෙරෙමින් හැසිරෙති ඉරියවු පවත්වති පාලනය - යපනය - යාපනය කෙරෙත්, චක්‍ෂුර්ද්වාරයෙහි සිත නවතමින් හකුළුවමින් හකුළමින් අවුරමින් නිගන්මින් වළහමින් රක්මින් ගෝපනය කෙරෙමින් සෙරෙති හැසිරෙති ඉරියවු පවත්වති ඉරියවු උපදවති පාලනය කෙරෙති යපනය යාපනය කෙරෙති, ශ්‍රොතද්වාරයෙහි සිත...ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝ - ද්වාරයෙහි සිත නවතමින් (පස්බස්වමින්) ... පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත්. යම්සේ කුකුළුපතෙක් හෝ නහරදුදුලෙක් හෝ ගින්නෙහි ලන ලදුයේ හැකිළේ ද, නො පැතිරේ ද, එසෙයින් ම ඒ (පතිලීනචරයෝ) ඒ ඒ අරමුණෙන් සිත නවතමින් හකුළුවමින් ... වෙසෙති ... යැපෙත්. චක්‍ෂුර්ද්වාරයෙහි ... ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝද්වාරයෙහි සිත නවතමින්... හැසිරෙති... යැපෙත්. එකරුණෙන් සප්ත ශෛක්‍ෂයෝ පතිලීනචරයෝ යැයි කියනු ලැබෙත්. භික්ඛුනෝ - කල්‍යාණපෘථග්ජන භික්‍ෂුහුගේ හෝ ශෛක්‍ෂභික්‍ෂුහුගේ හෝ නුයි ‘පතිලීනචරස්ස භික්ඛුනෝ’ යනු වේ.
Pali BJTභජමානස්ස විවිත්තමාසනන්ති - ආසනං වුච්චති යත්ථ නිසීදන්ති, මඤ්චො පීඨං භිසි තට්ටිකා චම්මඛණ්ඩො තිණසන්ථාරො පණ්ණසන්ථරො පලාලසන්ථාරො; තං ආසනං අසප්පායරූපදස්සනෙන රිත්තං විවිත්තං පවිවිත්තං, අසප්පායසද්දසවණෙන -අසප්පායගන්ධඝායනෙන - අසප්පායරසසායනෙන - අසප්පායඵොට්ඨබ්බඵුසනෙන - අසප්පායෙහි පඤ්චහි කාමගුණෙහි රිත්තං විවිත්තං පවිවිත්තං, තං විවිත්තං ආසනං භජතො සම්භජතො සෙවතො නිසෙවතො සංසෙවතො පටිසෙවතොති ‘භජමානස්ස විවිත්තමාසනං.’
Sinhala BJTභජමානස්ස විවිත්තමාසනං - ඇඳ පුටු බිසි පත්කඩ සම්කඩ තණඇතිරි පන්ඇතිරි පිදුරුඇතිරි යන මේ හිඳිනා තැන ‘ආසන’ යයි කියනු ලැබේ, ඒ අසුන අසත්ප්‍රාය (=නොසරුප්) රූප දැකීමෙන් සිස් යැ ශුන්‍ය යැ වෙසෙසින් ශුන්‍ය යැ, අසත්ප්‍රායශබ්දශ්‍රවණයෙන් - අසත්ප්‍රාය - ගන්‍ධාඝ්‍රාණයෙන් - අසත්ප්‍රාය රස විඳීමෙන් අසත්ප්‍රාය ස්පර්‍ශයෙන් - අසත්ප්‍රාය වූ ස්ත්‍රීන් පිළිබඳ රූපාදි පඤ්චකාමගුණයන්ගෙන් සිස් යැ ශුන්‍ය යැ වෙසෙසින් ශුන්‍ය යි, ඒ විවික්ත (=ශුන්‍ය) වූ අසුන සෙවුනා හට මැනැවින් සෙවුනා හට එළඹෙනුවහුට නිවෙසනය කරනුවහුට මැනැවින් සේවනය කරනුවහුට පුනපුනා ඇසුරු කරනුවහුට නුයි ‘භජමානස්ස විවිත්තමාසනං’ යනු වේ.
Pali BJTසාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවනෙ න දස්සයෙති ‘සාමග්ගී’ති{4} තිස්සො සාමග්ගියො: ගණසාමග්ගි ධම්මසාමග්ගි අනභිනිබ්බත්තිසාමග්ගි. කතමා ගණසාමග්ගි? බහූ චෙපි භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති. අයං ගණසාමග්ගි. කතමා ධම්මසාමග්ගි? චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්චබලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො, තෙ එකතො පක්ඛන්දන්ති පසීදන්ති සම්පතිට්ඨන්ති විමුච්චන්ති. න තෙසං ධම්මානං විවාදො පවිවාදො අත්ථි. අයං ධම්මසාමග්ගි.
Sinhala BJTසාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවනෙ න දස්සයෙ - ‘සාමග්ගි’ - තුන් සාමග්‍රි කෙනෙක් වෙති: ‘ගණසාමග්ගි ධම්මසාමග්ගි අනභිනිබ්බත්තීසාමග්ගි යැයි. ‘ගණසාමග්ගි කවරී ද යත්? ඉදින් බොහෝ භික්‍ෂූහු නමුදු කයින් සමඟ වූවාහු සිතින් සතුටු වන්නාහු බසින් විවාද නො කරන්නාහු කිරි මුසු දිය මෙන් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වෙසෙත් නම්, මෝ ගණසාමග්ගි නමු. ‘ධම්මසාමග්ගි’ කවරී ද යත්? සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යන මොහු යි, ඔවුහු එක අරමුණෙහි පිවිසෙති පහදිති පිහිටා සිටිති විමුක්තියට පැමිණෙත්. ඒ ධර්‍මයන්ගේ විවාදයෙක් ප්‍රකර්‍ෂවිවාදයෙක් නැති, මෝ ‘ධම්මසාමග්ගි’ නමු.
Pali BJTකතමා අනභිනිබ්බත්තිසාමග්ගි? බහූ චෙපි භික්ඛු අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති. න තෙන{1} නිබ්බානධාතුයා ඌනත්තං වා පුණ්ණත්තං වා පඤ්ඤායති. අයං අනභිනිබ්බත්තිසාමග්ගි.
Sinhala BJT‘අනභිනිබ්බත්තිසාමග්ගි’ කවරී ද යත්? ඉදින් බොහෝ භික්‍ෂූහු පවා නිරුපධිශෙෂනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නමුදු එයින් නිර්‍වාණධාතුහුගේ උනුබවෙක් හෝ පිරුණුබවෙක් හෝ නො පැනෙයි; මෝ තොමෝ ‘අනභිනිබ්බත්තිසාමග්ගි’ නම් වන්නීය.
Pali BJTභවනෙති - නෙරයිකානං නිරයො භවනං තිරච්ඡානයොනිකානං තිරච්ඡානයොනි භවනං; පෙත්තිවිසයිකානං පෙත්තිවිසයො භවනං; මනුස්සානං මනුස්සලොකො භවනං; දෙවානං දෙවලොකො භවනන්ති ‘සාමග්ගියමාහු තස්සෙතං.’
Sinhala BJTභවනෙ - නෙරිසත්නට නරකය භවන (=ගෘහ) යැ, තිරිසන් යෝනි ඇතියනට තිරිසන් යෝනිය භවන යැ, ප්‍රේතවිෂය ඇතියනට ප්‍රේතවිෂය භවන යැ, මිනිසුන්ට මිනිස් ලොව භවන යැ, දෙවියනට දෙව්ලොව භවනය නුයි ‘සාමග්ගියමාහු තස්සෙතං’ යනු වේ.
Pali BJTයො අත්තානං භවනෙ න දස්සයෙති - තස්සෙසා සාමග්ගි එතං ඡන්නං එතං පතිරූපං එතං අනුච්ඡවිකං එතං අනුලොමං, යො එවං පටිච්ඡන්නෙ නිරයෙ අත්තානං න දස්සෙය්ය, තිරච්ඡානයොනියා අත්තානං න දස්සෙය්ය, පෙත්තිවිසයෙ අත්තානං න දස්සෙය්ය, මනුස්සලොකෙ අත්තානං න දස්සෙය්ය, දෙවලොකෙ අත්තානං න දස්සෙය්යාති. එවමාහු එවමාහංසු එවං කථෙන්ති එවං භණන්ති එවං දීපයන්ති එවං වොහරන්තීති ‘සාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවනෙ න දස්සයෙ.’
Sinhala BJTයො අත්තානං භවනෙ න දස්සයෙ - යමෙක් මෙසේ ප්‍රතිච්ඡන්න වූ නිරයෙහි තමා නො දක්වන්නේ නම්, තිරිසන් යෝනියෙහි - ප්‍රේතවිෂයෙහි - මිනිස්ලොවැ - දෙව්ලොවැ තමා නො දක්වන්නේ නම්, ඒ ක්‍ෂීණාස්‍රවයා හට මෝ නිර්‍වාණසාමග්‍රිය වෙයි, මෙය සුදුසුය ප්‍රතිරූප ය අනුච්ඡවික ය අනුලොම් වේ යයි; එවමාහු - මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාක කෙරෙත් නුයි “සාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවනෙ න දස්සයෙ” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පතිලීනචරස්ස භික්ඛුනො භජමානස්ස විවිත්තමාසනං, සාමග්ගියමාහු තස්සෙතං යො අත්තානං භවනෙ න දස්සයෙ”ති.
Sinhala BJT“පතිලීනචරස්ස භික්ඛුනෝ -පෙ- යො අත්තානං භවනෙ න දස්සයෙ” යී.
Pali BJT6. 8.
Sinhala BJT6. 8.
Pali BJTසබ්බත්ථ මුනී අනිස්සිතො න පියං කුබ්බති නොපි අප්පියං, තස්මිං පරිදෙවමච්ඡරං පණ්ණෙ වාරි යථා නලිප්පති.
Sinhala BJTද්වාදශායතන සඞ්ඛ්‍යාත සියලු තැන්හි තෘෂ්ණා-දෘෂ්ටිනිඃශ්‍රය රහිත වූ ක්‍ෂීණාසුව මුනි තෙම (සත්ත්‍වයන් හා සංස්කාරයන් කෙරෙහි) රාගවශයෙන් ප්‍රිය නො කෙරෙයි, ප්‍රතිඝවශයෙන් අප්‍රිය නො ද කෙරෙයි, ඒ රහත්හු කෙරෙහි පරිදේවය හා මාත්සර්‍ය්‍යය පියුම්පත දිය සෙයින් නො ඇලේ.
Pali BJTසබ්බත්ථ මුනී අනිස්සිතොති - ‘සබ්බං’ වුච්චති ද්වාදසායතනානි: චක්ඛුඤ්චෙව රූපා ච, සොතඤ්ච සද්දා ච, ඝානඤ්ච ගන්ධා ච, ජිව්හා ච රසා ච, කායො ච ඵොට්ඨබ්බා ච, මනො ච, ධම්මා ච; මුනීති මොනං වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනි; අනිස්සිතොති - ද්වෙ නිස්සයා: තණ්හානිස්සයො ච දිට්ඨිනිස්සයො ච -පෙ- අයං තණ්හානිස්සයො -පෙ- අයං දිට්ඨිනිස්සයො. මුනි තණ්හානිස්සයං පහාය දිට්ඨිනිස්සයං පටිනිස්සජිත්වා චක්ඛුං අනිස්සිතො සොතං අනිස්සිතො ඝානං අනිස්සිතො ජිව්හං අනිස්සිතො කායං අනිස්සිතො මනං අනිස්සිතො රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ ධම්මෙ කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං චීවරං පිණ්ඩපාතං සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං කාමභවං රූපභවං අරූපභවං සඤ්ඤාභවං අසඤ්ඤාභවං නෙවසඤ්ඤානාසඤ්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ්චවොකාරභවං අතීතං අනාගතං පච්චුප්පන්නං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං සබ්බෙ ධම්මෙ අනිස්සිතො අනල්ලීනො අනුපගතො අනජ්ඣොසිතො{2} අනධිමුත්තො නික්ඛන්තො නිස්සටො{3} විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘සබ්බත්ථ මුනී අනිස්සිතො.’
Sinhala BJTසබ්බත්‍ථ මුනී අනිස්සිතො - ‘සබ්බ’ යී දොළොස් ආයතනයෝ කියනු ලැබෙති: ඇසත් රූපයෝත්, කනත් ශබ්දයෝත්, නැහැයත් ගන්‍ධයෝත්, දිවත් රසයෝත්, කයත් ස්ප්‍රෂ්ටව්‍යයෝත්, සිතත් ධර්‍මයෝත් යන මොහු යි; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි,... අනිස්සිතො - තෘෂ්ණානිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැයි නිඃශ්‍රයයෝ දෙදෙනෙකි... මුනි තෙම තෘෂ්ණානිශ්ශ්‍රය හැරදමා දෘෂ්ටිනිශ්ශ්‍රය දුරලා ඇස තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් අනිඃශ්‍රිත වූයේ කන අනිඃශ්‍රිත වූයේ නැහැය අනිඃශ්‍රිත වූයේ දිව අනිඃශ්‍රිත වූයේ කය අනිඃශ්‍රිත වූයේ සිත අනිඃශ්‍රිත වූයේ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මයන් කුලය ගණයා ආවාසය ලාභය සශස ප්‍රශංසාය සැපය සිවුර පිණ්ඩපාතය සෙනස්න ගිලන්පසබෙහෙත්පිරිකර කාමධාතුව රූපධාතුව අරූපධාතුව කාමභවය රූපභවය අරූපභවය සඤ්ඤාභවය අසඤ්ඤාභවය නෙවසඤ්ඤානාසඤ්ඤාභවය එකවෝකාරභවය චතුවෝකාරභවය පඤ්චවෝකාරභවය අතීතය අනාගතය වර්‍තමානය රූපායතනය සද්දායතනය ගන්‍ධ-රස-ඵොට්ඨබ්බායතනය ධම්මායතනය සියලු ධර්‍මයන් තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්ශ්‍රිත වූයේ නො ඇලුණේ නො පැමිණියේ ඇතුළු නො වූයේ නො බැසගත්තේ නික්මැ ගියේ හළුයේ වෙසෙසින් මිදුණේ විසංයෝග වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘සබ්බත්‍ථ මුනී අනිස්සිතො’ යනු වේ.
Pali BJTන පියං කුබ්බති නොපි අප්පියන්ති - පියාති ද්වෙ පියා: සත්තා වා සඞ්ඛාරා වා. කතමෙ සත්තා පියා? ඉධ යස්ස තෙ හොන්ති අත්ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක්ඛෙමකාමා, මාතා වා පිතා වා භාතා වා භගිනී වා පුත්තො වා ධීතා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා, ඉමෙ සත්තා පියා. කතමෙ සඞ්ඛාරා පියා? මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා, ඉමෙ සඞ්ඛාරා පියා.
Sinhala BJTන පියං කුබ්බති නොපි අප්පියං - ‘පියා’ යනු: ප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. කවර සත්හු ප්‍රියයෝ ද යත්? මෙලොවැ මව හෝ පියා හෝ බෑයා හෝ භගිනිය හෝ දුව හෝ පුතා හෝ මිතුරෝ හෝ සබදයෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ යම් කෙනෙක් වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු සුව කැමැත්තාහු යෝගක්‍ෂේමය කැමැත්තාහු වෙත් නම්, මේ සත්ත්‍වයෝ ප්‍රියයෝ යැ. ප්‍රිය වූ සංස්කාරයෝ කවරහු ද යත්? මනවඩන රූපයෝ යැ ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මොහු ප්‍රිය වූ සංස්කාරයෝ යි.
Pali BJTඅප්පියාති - ද්වෙ අප්පියා: සත්තා වා සඞ්ඛාරා වා. කතමෙ සත්තා අප්පියා? ඉධ යස්ස තෙ හොන්ති අනත්ථකාමා අහිතකාමා අඵාසුකාමා අයොගක්ඛෙමකාමා ජීවිතා වොරොපෙතුකාමා, ඉමෙ සත්තා අප්පියා. කතමෙ සඞ්ඛාරා අප්පියා? අමනාපිකා රූපා අමනාපිකා සද්දා අමනාපිකා ගන්ධා අමනාපිකා රසා අමනාපිකා ඵොට්ඨබ්බා, ඉමෙ සඞ්ඛාරා අප්පියා.
Sinhala BJTඅප්පියා යනු: අප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. අප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්? මේ ලොවැ යම් කෙනෙක් අවැඩ කැමැත්තාහු අහිත කැමැත්තාහු නො සුව කැමැත්තාහු අයොගක්‍ෂෙමය කැමැත්තාහු දිවි තොරකරනු කැමැත්තාහු වෙත් නම්, මේ සත්හු අප්‍රියයෝ යැ. අප්‍රිය වූ සංස්කාරයෝ කවරහ යත්? අමනාප වූ රූපයෝ යැ - ශබ්දයෝ යැ - ගන්‍ධයෝ යැ - රසයෝ යැ - අමනාප වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, යන මොහු අප්‍රිය වූ සංස්කාරයෝ යි.
Pali BJTන පියං කුබ්බති නොපි අප්පියන්ති ‘අයං මෙ සත්තො පියො, ‘ඉමෙ ච මෙ සඞ්ඛාරා මනාපා’ති රාගවසෙන පියං න කරොති. ‘අයං මෙ සත්තො අප්පියො, ඉමෙ සඞ්ඛාරා අමනාපා’ති පටිඝවසෙන අප්පියං න කරොති න ජනෙති න සඤ්ජනෙති න නිබ්බත්තෙති නාභිනිබ්බත්තෙතීති ‘න පියං කුබ්බති නොපි අප්පියං’.
Sinhala BJTන පියං කුබ්බති නොපි අප්පියං - ‘මේ සත්ත්‍ව මට ප්‍රිය යැ, මේ සංස්කාරයෝ මට මනාපයෝ යැ’යි රාගවශයෙන් ප්‍රිය නොකෙරෙයි. ‘මේ සත්ත්‍ව මට අප්‍රිය යැ, මේ සංස්කාරයෝ අමනාපයෝ යැ’යි ප්‍රතිඝවශයෙන් අප්‍රිය නො කෙරෙයි, නො දනවයි, නූපදවා නුයි ‘න පියං කුබ්බති නොපි අප්පියං’ යනු වේ.
Pali BJTතස්මිං පරිදෙවමච්ඡරං පණ්ණෙ වාරි යථා න ලිප්පතීති - ‘තස්මි’න්ති තස්මිං පුග්ගලෙ අරහන්තෙ ඛීණාසවෙ, පරිදෙවොති - ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස භොගව්යසනෙන වා ඵුට්ඨස්ස රොගව්යසනෙන වා ඵුට්ඨස්ස සීලව්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං වාචා පලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා{1} ලාලප්පිතත්තං{a}{2} මච්ඡරියන්ති පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං. යං එවරූපං මච්ඡරියං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා{3} අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියං.{b} අපිච, ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියං, ධාතුමච්ඡරියම්පි මච්ඡරියං, ආයතනමච්ඡරියම්පි මච්ඡරියං, ගාහො වුච්චති මච්ඡරියං.
Sinhala BJTතස්මිං පරිදෙවමච්ඡරං පණ්ණෙ වාරි යථා න ලිප්පති - ‘තස්මිං’ යි ඒ අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ පුඟුල්හු කෙරෙහි; පරිදේව - නම්: ඥාතිව්‍යසනයෙන් (=විනාශයෙන්) මඩනා ලද්දහුගේ හෝ, භොග විපතින් හෝ - රෝග විපතින් හෝ - සීල විපතින් හෝ - දෘෂ්ටි විපතින් හෝ මඩනා ලද්දහුගේ යම්කිසි විපතකින් යුක්ත වූවහුගේ හෝ පරිදෙවදුකට හේතු වූ යම් කිසිවකින් මඩනා ලද්දහුගේ නම කියා හැඬීම ගුණ කියා හැඬීම හඬන ආකාරය හඬන බව වචනය ප්‍රලාපය විප්‍රලාපය පුනපුනා ලපනය ලපනාකාරය පුනපුනා ලපනය කරන බව යි. මච්ඡරිය නම්: මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍යය කුලමාත්සර්‍ය්‍යය ලාභමාත්සර්‍ය්‍යය වර්‍ණමාත්සර්‍ය්‍යය ධර්‍මමාත්සර්‍ය්‍යය කියායි. යම් මෙබඳු වූ මසුරුකමෙක් මසුරුඅයුරෙක් මසුරුකම් ඇතිබවෙක් සම්පත් සඟවන බවෙක් අනාර්‍ය්‍ය බවෙක් කටුකකමින් සිත හැකීළැවීමෙක් සිත මසුරුකමින් ගන්නා ලද බවෙක් වේ ද, මේ මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ. තවද ස්කන්‍ධමාත්සර්‍ය්‍යය ද - ධාතුමාත්සර්‍ය්‍යය ද - ආයතනමාත්සර්‍ය්‍යය ද ‘මච්ඡරිය’ නමි. ග්‍රහණය මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.
Pali BJTපණ්ණෙ වාරි යථා න ලිප්පතීති - පණ්ණං වුච්චති පදුමපත්තං; වාරි වුච්චති උදකං; යථා වාරි පදුමපත්තෙ න ලිප්පති න සංලිප්පති න උපලිප්පති, අලිත්තං අසංලිත්තං අනුපලිත්තං, එවමෙවං තස්මිං පුග්ගලෙ අරහන්තෙ ඛීණාසවෙ පරිදෙවො ච මච්ඡරියඤ්ච න ලිප්පති න සංලිප්පති න උපලිප්පති අලිත්තො අසංලිත්තො අනුපලිත්තො; සො ච පුග්ගලො තෙහි කිලෙසෙහි න ලිප්පති න සංලිප්පති න උපලිප්පති අලිත්තො අසංලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො{4} විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘තස්මිං පරිදෙවමච්ඡරං පණ්ණෙ වාරි යථා න ලිප්පති.’
Sinhala BJTපණ්ණෙ වාරි යථා න ලිප්පති - ‘පණ්ණ’ යි පියුම්පත කියනු ලැබෙයි; ‘වාරි’ යී ජලය කියනු ලැබේ. යම් සේ ජලය පියුම්පතෙහි නො ඇලේ ද වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වේ ද එසෙයින් ම අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ ඒ පුඟුල්හු කෙරෙහි පරිදේවය ද, මාත්සර්‍ය්‍යය ද නොඇලෙයි වෙසෙසින් නො ඇලෙයි නො තැවැරෙයි, අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ වෙයි; ඒ පුද්ගල තෙමේ ද ඒ කෙලෙසුන් සමග නො ඇලෙයි වෙසෙසින් නො ඇලෙයි නො තැවැරෙයි අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ නික්මැ ගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ වෙන්වූයේ විගතමාර්‍ය්‍යාදා කළ (=මිදීගිය) සිතින් යුක්ත ව වෙසේ නුයි - “තස්මිං පරිදෙවමච්ඡරං පණ්ණෙ වාරි යථා න ලිප්පති” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සබ්බත්ථ මුනී අනිස්සිතො න පියං කුබ්බති නොපි අප්පියං, තස්මිං පරිදෙවමච්ඡරං පණ්ණෙ වාරි යථා න ලිප්පතී”ති.
Sinhala BJT“සබ්බත්‍ථ මුනී අනිස්සිතො -පෙ- පණ්ණෙ වාරි යථා න ලිප්පති” යි.
Pali BJT6. 9.
Sinhala BJT6. 9.
Pali BJTඋදබින්දු යථාපි පොක්ඛරෙ පදුමෙ වාරි යථා න ලිප්පති,{1} එවං මුනි නොපලිප්පති යදිදං දිට්ඨසුතං{2} මුතෙසු වා.
Sinhala BJTපොකුරුපත්හි දියබිඳු යම්සේ නො ඇලේ ද, පියුමෙහි දිය යම් සේ නො ඇලේ ද, එසෙයින් ක්‍ෂීණාශ්‍රව මුනි තෙම දිට්ඨසුතයෙහි හෝ මුතයෙහි නො ඇලේ.
Pali BJTඋදබින්දු යථාපි පොක්ඛරෙති - උදබින්දු වුච්චති උදකථෙවො;{3} පොක්ඛරං වුච්චති පදුමපත්තං; යථා උදබින්දු පදුමපත්තෙ න ලිප්පති න පලිප්පති න උපලිප්පති අලිත්තං අපලිත්තං{4} අනුපලිත්තන්ති ‘උදබින්දු යථාපි පොක්ඛරෙ.’
Sinhala BJTඋදබින්‍දු යථාපි පොක්ඛරෙ - ‘උදබින්‍දු’ යයි උදකස්තෙවය (=දියබිඳ) කියනු ලැබේ; ‘පොක්‍ඛර’ යී පියුම්පත කියනු ලැබේ; යම්සේ දියබිඳක් පියුම්පතෙහි නො ඇලේ ද, වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, අලිප්ත අප්‍රලිප්ත අනුපලිප්ත වේ ද එයින් ‘උදබින්‍දු යථාපි පොක්ඛරෙ’ යනු වේ.
Pali BJTපදුමෙ වාරි යථා න ලිප්පතීති - පදුමං වුච්චති පදුමපුප්ඵං;{5} වාරි වුච්චති උදකං, යථා වාරි පදුමපුප්ඵෙ න ලිප්පති න පලිප්පති න උපලිප්පති අලිත්තං අපලිත්තං අනුපලිත්තන්ති ‘පදුමෙ වාරි යථා න ලිප්පති’
Sinhala BJTපදුමෙ වාරි යථා න ලිප්පති - ‘පදුම’යී පියුම්මල කියනු ලැබේ; ‘වාරි’ යී දිය කියනු ලැබෙයි; යම්සේ දිය පියුම්මලෙහි නො ඇලේ ද වෙසෙසින් නො ඇලේ ද නො තැවැරේ ද, අලිප්ත අප්‍රලිප්ත අනුපලිප්ත වේ ද, එයින් ‘පදුමෙ වාරි යථා න ලිප්පති’ යනු වේ.
Pali BJTඑවං මුනි නොපලිප්පති යදිදං දිට්ඨසුතං මුතෙසු වාති - ‘එව’න්ති ඔපම්මසම්පටිපාදනං, මුනීති මොනං වුච්චති ඤාණං -පෙ- සඞ්ගමතිච්ච සො මුනි; ‘ලෙපා’ති ද්වෙ ලෙපා: තණ්හාලෙපො ච දිට්ඨිලෙපො ච -පෙ- අයං තණ්හාලෙපො -පෙ- අයං දිට්ඨිලෙපො; මුනි තණ්හාලෙපං පහාය දිට්ඨිලෙපං පටිනිස්සජිත්වා දිට්ඨෙ න ලිප්පති, සුතෙ න ලිප්පති, මුතෙ න ලිප්පති, විඤ්ඤාතෙ න ලිප්පති න පලිප්පති න උපලිප්පති. අලිත්තො අපලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘එවං මුනි නොපලිප්පති යදිදං දිට්ඨසුතං මුතෙසු වා. ‘
Sinhala BJTඑවං මුනි නොපලිප්පති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ‘එවං’ යනු ඖපම්‍යසම්ප්‍රතිපාදනා යැ; මුනි - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි... (2. 8. සූත්‍රනිර්දේශය.) ලෙපා - තණ්හාලෙපය ද දිට්ඨිලෙපය දැයි ලෙපයෝ දෙදෙනෙකි... මුනි තෙම තණ්හාලෙපය හැරපියා දිට්ඨිලෙපය දුරලා, රූපායතනයෙහි නො ඇලෙයි, සද්දායතනයෙහි - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බායතනයෙහි ධර්‍මායතනයෙහි නො ඇලෙයි, වෙසෙසින් නො ඇලෙයි නො තැවැරෙයි. අලිප්ත අප්‍රලිප්ත අනුපලිප්ත වූයේ නික්මැගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ විසංයෝග වූයේ විසංයුක්ත වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘එවං මුනි නොපලිප්පති යදිදං දිට්ඨසුතං මුතෙසු වා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“උදබින්දු යථාපි පොක්ඛරෙ පදුමෙ වාරි යථා න ලිප්පති, එවං මුනි නොපලිප්පති යදිදං දිට්ඨසුතං{6} මුතෙසු වා”ති.
Sinhala BJT“උදබින්‍දු යථාපි පොක්ඛරෙ -පෙ- යදිදං දිට්ඨසුතං මුතෙසු වා” යී.
Pali BJT6. 10.
Sinhala BJT6. 10.
Pali BJTධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං{6} මුතෙසු වා, නාඤ්ඤෙන විසුද්ධිමිච්ඡති න හි සො රජ්ජති නො විරජ්ජති.
Sinhala BJTක්‍ෂීණාස්‍රව තෙම යම් මේ (දුටු ඇසූ) රූප-ශබ්දාලම්බනයෙක් වේ ද, ඒ වස්තුවෙන් මඤ්ඤානා වශයෙන් නො සිතයි, (දැනගත්) මුත-ධර්‍මාලම්බනයන් කෙරෙහි හෝ මඤ්ඤානාවශයෙන් නො සිතයි, හෙ තෙම අනිත් අශුද්ධිමාර්‍ගයෙකින් ශුද්ධිය නො කැමැති වෙයි, හෙතෙම (බාලපුහුදුනුවන් මෙන්) නො මැ ඇලෙයි, (කලණ පුහුදුනුවන් හා ශෛක්‍ෂයන් මෙන්) විරාග නො ද වේ.
Pali BJTධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං{1} මුතෙසු වාති ‘ධොනො’ති ධොනා වුච්චති පඤ්ඤා, යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි.{a} කිං කාරණා ධොනා වුච්චති පඤ්ඤා? තාය පඤ්ඤාය කායදුච්චරිතං ධුතඤ්ච ධොතඤ්ච සන්ධොතඤ්ච නිද්ධොතඤ්ච; වචීදුච්චරිතං - මනොදුච්චරිතං ධුතඤ්ච ධොතඤ්ච සන්ධොතඤ්ච නිද්ධොතඤ්ච; රාගො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, දොසො මොහො - කොධො - උපනාහො - මක්ඛො - පළාසො - ඉස්සා - මච්ඡරියං - මායා - සාඨෙය්යං - ථම්භො - සාරම්භො - මානො - අතිමානො - මදො - පමාදො - සබ්බෙ කිලෙසා - සබ්බෙ දුච්චරිතා - සබ්බෙ දරථා - සබ්බෙ පරිළාහා - සබ්බෙ සන්තාපා - සබ්බාකුසලාභිසඞ්ඛාරා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච; තංකාරණා ධොනා වුච්චති පඤ්ඤා. අථවා සම්මාදිට්ඨියා මිච්ඡාදිට්ඨි ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච; සම්මාසඞ්කප්පෙන මිච්ඡාසඞ්කප්පො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච; සම්මාවාචාය මිච්ඡාවාචා ධුතා ච ධොතා ච -සම්මාකම්මන්තෙන මිච්ඡාකම්මන්තො ධුතො ච ධොතො ච - සම්මාආජීවෙන මිච්ඡාආජීවො ධුතො ච ධොතො ච - සම්මාවායාමෙන මිච්ඡාවායාමො ධුතො ච ධොතො ච - සම්මාසතියා මිච්ඡාසති ධුතා ච ධොතා ච - සම්මාසමාධිනා මිච්ඡාසමාධි ධුතො ච ධොතො ච - සම්මාඤාණෙන මිච්ඡාඤාණං ධුතඤ්ච ධොතඤ්ච සම්මාවිමුත්තියා මිච්ඡාවිමුත්ති ධුතා ච ධොතා ච සන්ධොතා ච. අථවා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසඞ්ඛාරා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. අරහා ඉමෙහි ධොනෙහි ධම්මෙහි උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සමුපපන්නො සමන්නාගතො. තස්මා අරහා ධොනො. සො ධුතරාගො ධුතපාපො ධුතකිලෙසො ධුතපරිළාහොති - ධොනො.
Sinhala BJTධොනො නහි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ‘ධොනො’ යනු - ‘ධොනා’ යී පුඥාව කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂජානනයෙක්... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. කුමක් හෙයින් ප්‍රඥාව‘ධොනා’ යී කියනු ලැබෙයි යත්? ඒ ප්‍රඥායෙන් කායදුශ්චරිතය කම්පා කරන ලද්දේ ද සෝදන ලද්දේ ද මැනවින් දොවන ලද්දේ ද වෙසෙසින් දොවන ලද්දේ ද; වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූයේත් වෙයි, රාගය ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූයේත් වෙයි; ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ - සියලු දරථයෝ - සියලු සන්තාපයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ - ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූවාහු ද වෙත්. එකරුණෙන් ප්‍රඥාව‘ධොන’ යයි කියනු ලබයි. නොහොත් සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කම්පා කරන ලද්දී ධොවනය කරන ලද්දී මැනැවින් ධොවනය කරන ලද්දී වෙසෙසින් ධොවනය කරන ලද්දී ද වෙයි; සම්‍යක්සංකල්පයෙන් මිත්‍ථ්‍යාසංකල්පය කම්පිත ධොවිත සන්‍ධොවිත නිද්ධොවිත ද වෙයි; සම්‍යග්වචනයෙන් මිත්‍ථ්‍යාවචනය ... සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්‍ථ්‍යාකර්‍මාන්තය... සම්‍යගාජීවයෙන් මිත්‍ථ්‍යාජීවය ... සම්‍යග්ව්‍යායාමයෙන් මිත්‍ථ්‍යාව්‍යායාමය... සම්‍යක්ස්මෘතියෙන් මිත්‍ථ්‍යාස්මෘතිය ... සම්‍යක්සමාධියෙන් මිත්‍ථ්‍යාසමාධිය... සම්‍යග්ඥානයෙන් මිත්‍ථ්‍යාඥානය... සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධුත-ධොවිත-සන්‍ධොවිත-නිද්ධොවිත වූවා ද වෙයි. නොහොත් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංසංකාරයෝ ධුත-ධොත-සන්‍ධොත-නිද්ධොත වූවාහු ද වෙත්. රහත්හු මේ ධොනධර්‍මයන්ගෙන් උපේත වූවාහු සමුපෙතඋපාගත සමුපාගත උප්පන්න සමුප්පන්න සමන්‍වාගත වූවාහු වෙති; එහෙයින් රහත්හු ධොනයහ; ඔහු ධුතරාගයහ ධුතපාපහය ධුතක්ලෙශයහ ධුතපරිදාහ නුයි ‘ධොන’ නම් වෙත්.
Pali BJTධොනො න හී තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං{1} මුතෙසු වාති ධොනො දිට්ඨං න මඤ්ඤති. දිට්ඨස්මිං න මඤ්ඤති. දිට්ඨතො න මඤ්ඤති. දිට්ඨං මෙති න මඤ්ඤති. සුතං න මඤ්ඤති. සුතස්මිං න මඤ්ඤති. සුතතො න මඤ්ඤති. සුතං මෙති න මඤ්ඤති. මුතං න මඤ්ඤති. මුතස්මිං න මඤ්ඤති. මුතතො න මඤ්ඤති. මුතං මෙති න මඤ්ඤති. විඤ්ඤාතං න මඤ්ඤති. විඤ්ඤාතස්මිං න මඤ්ඤති. විඤ්ඤාතතො න මඤ්ඤති. විඤ්ඤාතං මෙති න මඤ්ඤති. වුත්තම්පි හෙතං භගවතා:
Sinhala BJTධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා - ධොන සඞ්ඛ්‍යාත ක්‍ෂීණාස්‍රව තෙමේ (මසැසින් හෝ දිවැසින් දුටු) රූපායතනය (ත්‍රිවිධ මඤ්ඤනායෙන්) නො සිතයි, රූපායතනයෙහි ආත්මය ඇතැයි නො සිතයි, රූපායතනයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, රූපායතනය මාගේ යැයි නො සිතයි; ශබ්දායතනය ත්‍රිවිධ මඤ්ඤනායෙන් ආත්මයයි නො සිතයි, ශබ්දායතනයෙහි ආත්මය ඇතැයි නො සිතයි, ශබ්දායතනයෙන් පිටත (අන්‍ය) වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, ශබ්දායතනය මාගේ යයි නො සිතයි; (ගන්‍ධ-රස-ඵොට්ඨබ්බායතන සඞ්ඛ්‍යාත) මුතය ආත්මයයි නො සිතයි, මුතයෙහි ආත්මය ඇතැයි නො සිතයි, මුතයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, මුතය මාගේ යයි නො සිතයි; (සිතින් දැනගත් සප්තායතන සඞ්ඛ්‍යාත) විඥානය ආත්මයයි නො සිතයි, විඥානයෙහි ආත්මය ඇතැයි නො සිතයි, විඥානයෙන් අන්‍ය වූ ආත්මයෙක් ඇතැයි නො සිතයි, විඥානය මාගේ යයි නො සිතයි. මේ වදාරන ලද මැය භාග්‍යවතුන් විසින්:
Pali BJT“අස්මීති{1} භික්ඛවෙ මඤ්ඤිතමෙතං. අයමහමස්මීති{1} මඤ්ඤිතමෙතං. භවිස්සන්ති මඤ්ඤිතමෙතං. න භවිස්සන්ති මඤ්ඤිතමෙතං. රූපී භවිස්සන්ති මඤ්ඤිතමෙතං අරූපී භවිස්සන්ති මඤ්ඤිතමෙතං. සඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං. අසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං. නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං. මඤ්ඤිතං හි භික්ඛවෙ, රොගො, මඤ්ඤිතං ගණ්ඩො, මඤ්ඤිතං සල්ලං, මඤ්ඤිතං උපද්දවො, තස්මාතිහ භික්ඛවෙ අමඤ්ඤමානෙන චෙතසා විහරිස්සාමාති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බ”න්ති{a} ‘ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා.’
Sinhala BJT“මහණෙනි; නිත්‍ය වෙමි යන මෙය මඤ්ඤිත (=දෘෂ්ටිකල්පන) යෙකි, මේ මම් වෙමි යන මෙය මඤ්ඤිතයෙකි, (අනාගතයෙහි) වන්නෙමී මඤ්ඤිතයෙකි, නො වන්නෙමී මඤ්ඤිතයෙකි, සංඥී වන්නෙමී මඤ්ඤිතයෙකි, අසංඥී වන්නෙමී මඤ්ඤිතයෙකි, නෛවසංඥීනාසංඥී වන්නෙමී මඤ්ඤිතයෙකි; මහණෙනි, යම් හෙයකින් මඤ්ඤිතය රොගයක් වේ ද, මඤ්ඤිතය ගණ්ඩයක් වේ ද, මඤ්ඤිතය ශල්‍යයෙක් වේ ද, මඤ්ඤිතය උපද්‍රවයෙක් වේ ද, එහෙයින් මහණෙනි, මෙහි ලා (තෘෂ්ණා-මාන-දෘෂ්ටි විසින්) මඤ්ඤනා නො කරන සිතින් යුක්ත ව වාසය කරම්’හයි මෙසේ මැ තොප විසින් හික්මියැ යුත්තේයැ”යි. එහෙයින් ‘ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා’ යනු වේ.
Pali BJTනාඤ්ඤෙන විසුද්ධිමිච්ඡතීති - ධොනො අඤ්ඤෙන අසුද්ධිමග්ගෙන මිච්ඡාපටිපදාය අනිය්යාණිකපථෙන අඤ්ඤත්ර සතිපට්ඨානෙහි අඤ්ඤත්ර සම්මප්පධානෙහි අඤ්ඤත්ර ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියා අට්ඨඞ්ගිකා මග්ගා සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං න ඉච්ඡති න සාදියති න පත්ථෙති න පිහෙති නාභිජප්පතීති ‘නාඤ්ඤෙන විසුද්ධිමිච්ඡති.’
Sinhala BJTනාඤ්ඤෙන සුද්ධිමිච්ඡති - ධොන (=ක්‍ෂීණාශ්‍රව) තෙමේ සතර සතිපට්ඨානයන් තබා, සතර සම්‍යක්ප්‍රධානයන් - සතර ඍද්ධිපාදයන් - පඤ්චේන්‍ද්‍රියයන් - පඤ්චබලයන් - සප්තබෝධ්‍යඞ්ගයන් - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හැරපියා අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙකින් මිත්‍ථ්‍යාප්‍රතිප්‍රදාවකින් අනෛර්‍ය්‍යාණිකපථයෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො කැමැති වෙයි, නො ඉවසයි නො පතයි නො රිසි වෙයි නො කියා නුයි ‘නාඤ්ඤෙන විසුද්ධීමිච්ඡති’ යනු වේ.
Pali BJTන හි සො රජ්ජති නො විරජ්ජතීති - ‘සබ්බෙ බාලපුථුජ්ජනා රජ්ජන්ති. පුථුජ්ජනකල්යාණකං උපාදාය සත්ත සෙඛා විරජ්ජන්ති. අරහා නෙව රජ්ජති නො විරජ්ජති. විරත්තො සො ඛයා රාගස්ස වීතරාගත්තා ඛයා දොසස්ස වීතදොසත්තා ඛයා මොහස්ස වීතමොහත්තා සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිජරාමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති ‘න හි සො රජ්ජති නො විරජ්ජති.’
Sinhala BJTන හි සො රජ්ජති නො විරජ්ජති - සියලු බාලපෘථග්ජනයෝ ඇලෙති, කල්‍යාණපෘථග්ජනයා පටන් සප්තශෛක්‍ෂයෝ විරාගයට පැමිණෙත්. රහත්හු නො මැ ඇලෙති, විරාගයට නො පැමිණෙත්. රාගය ක්‍ෂය වීමෙන් වීතරාග හෙයින් ද්වේෂය ක්‍ෂය වීමෙන් වීතදෝස හෙයින් මෝහය ක්‍ෂය වීමෙන් වීතමෝහ හෙයින් හෙතෙම විරක්ත යැ, වැස නිම වූ ආර්‍ය්‍යවාස ඇත්තේ යැ, පුරුදු කළ චරණධර්‍ම ඇත්තේ යැ. ඔහුට ජාති ජරා මරණ ද (කඳපිළිවෙළ යයි කියන ලද) සසර ද පුනර්‍භවය ද නැත් නුයි ‘න හි සො රජ්ජති නො විරජ්ජති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුහුදු:
Pali BJT“ධොනො න හි තෙන මඤ්ඤති යදිදං දිට්ඨසුතං මුතෙසු වා, නාඤ්ඤෙන විසුද්ධිමිච්ඡති න හි සො රජ්ජති නො විරජ්ජතී”ති.
Sinhala BJT“ධොනො න හි තෙන මඤ්ඤති -පෙ- න හි සො රජ්ජති නො විරජ්ජති” යී.
Pali BJTජරාසුත්තනිද්දෙසො ඡට්ඨො.
Sinhala BJTසවැනි වූ ජරාසූත්‍රනිර්‍දෙශය යි.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTතිස්සමෙත්තෙය්යසුත්තනිද්දෙසො
Sinhala BJTතිස්‌සමෙත්‌තෙය්‍යසූත්‍රනිර්දේශය
Pali BJTඅථ තිස්සමෙත්තෙය්යසුත්තනිද්දෙසො වුච්චති:{2}
Sinhala BJTඉක්බිති තිස්සමෙත්තෙය්‍යසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.