Pali BJTආදානගන්ථං ගථිතං විසජ්ජාති - ‘ගන්ථා’ති චත්තාරො ගන්ථා: අභිජ්ඣා කායගන්ථො, බ්යාපාදො කායගන්ථො, සීලබ්බතපරාමාසො කායගන්ථො, ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො. අත්තනො දිට්ඨියා රාගො අභිජ්ඣා කායගන්ථො. පරවාදෙසු ආඝාතො අප්පච්චයො බ්යාපාදො කායගන්ථො. අත්තනො සීලං වා වතං වා සීලබ්බතං වා පරාමසන්තීති සීලබ්බතපරාමාසො කායගන්ථො. අත්තනො දිට්ඨි ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො. කිං කාරණා වුච්චති{3} ආදානගන්ථො? තෙහි ගන්ථෙහි රූපං ආදියන්ති උපාදියන්ති ගණ්හන්ති පරාමසන්ති අභිනිවිසන්ති. වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං ගතිං උප්පත්තිං පටිසන්ධිං භවං සංසාරවට්ටං ආදියන්ති උපාදියන්ති ගණ්හන්ති පරාමසන්ති අභිනිවිසන්ති. තං කාරණා වුච්චති{4} ආදානගන්ථො. විසජ්ජාති ගන්ථෙ වොස්සජිත්වා වා විසජ්ජ; අථ වා ගන්ථෙ ගථිතෙ ගන්ථිතෙ බන්ධෙ විබන්ධෙ බන්ධෙ ලග්ගෙ ලග්ගිතෙ පළිබුද්ධො බන්ධනෙ පොඨයිත්වා විසජ්ජ; යථා වය්හං වා රථං වා සකටං වා සන්දමානිකං වා සජ්ජං විසජ්ජං කරොන්ති විකොපෙන්ති, එවමෙවං ගන්ථෙ වොස්සජිත්වා වා විසජ්ජ; අථවා ගන්ථෙ ගථිතෙ ගන්ථිතෙ බන්ධෙ විබන්ධෙ ආබන්ධෙ ලග්ගෙ ලග්ගිතෙ පළිබුද්ධෙ බන්ධනෙ පොඨයිත්වා විසජ්ජාති ‘ආදානගන්ථං ගථිතං විසජ්ජ.’
Sinhala BJTආදානගන්ථං ගථිතං විසජ්ජ - ‘ගන්‍ථ’ යනු අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්ථ යැයි ග්‍රන්‍ථයෝ සතර දෙනෙක් වෙති: ස්වකීය දෘෂ්ටිය පිළිබඳ ඡන්‍දරාගය ‘අභිධ්‍යාකායග්‍රන්‍ථ’ නම, පරවාදයන්හි කෝපය නො සතුට ‘ව්‍යාපාදකායග්‍රන්‍ථ’ නම, තමාගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ පරාමර්‍ශ කෙරෙත් නුයි ‘ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ’ නම, තමාගේ දෘෂ්ටිය ‘ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්ථ’ නමි. කවර කරුණෙකින් ‘ආදානගන්ථ’ යී කියනු ලැබෙයි? යත්: මෙ කියන ලද අභිධ්‍යාදි නාමකායග්‍රන්ථයන් හේතු කොටගෙන චතුසමුට්ඨානිකරූපාරම්මණය ආදානය කෙරෙති උපාදානය (=දැඩි කොට ගැනීම) කෙරෙති තෘෂ්ණාග්‍රහණයෙන් ගනිති, දෘෂ්ටිග්‍රහණයෙන් පරාමර්‍ශ කෙරෙති, මානග්‍රහණයෙන් අභිනිවේශය කෙරෙත්. වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ගතිය උත්පත්තිය ප්‍රතිසන්‍ධිය භවය සංසාරවර්තනය ආදානය කෙරෙති උපාදානය කෙරෙති ග්‍රහණය කෙරෙති පරාමර්‍ශ කෙරෙති අභිනිවේශය කෙරෙත්. එ කරැණෙන් ‘ආදානග්‍රන්‍ථ’ යී කියනු ලැබේ. විසජ්ජ - ග්‍රන්‍ථ (බන්‍ධන) යන් මොනොවට විසුරුවා හෝ හැර, නොහොත් බන්ධනයන් ග්‍රන්ථනයන් බන්ධයන් විබන්ධයන් ආබන්ධ (-අනෙකවිධබන්ධ) යන් ලග්න වූවන් ලග්ගිත වූවන් හාත්පසින් බද්ධවූවන් බන්ධනයන් පොළා දුරුකොට; යම් සේ වාහනයක් හෝ රථයක් හෝ ගැලක් හෝ යානයක් හෝ ගලවා අපරිභොග කෙරෙත් ද සුණු කෙරෙත් ද, එසෙයින් ම කායග්‍රන්‍ථයන් විසුරුවා හෝ දුරු කොට, නොහොත් ග්‍රන්‍ථ (-බන්‍ධන)යන්...හාත්පසින් බන්‍ධ වූවන් බන්ධනයන් පොළා දුරුකොට නුයි ‘ආදානගන්ථං ගථිතං විසජ්ජ’ යනු වේ.
Pali BJTආසං න කුබ්බන්ති කුහිඤ්චි ලොකෙති - ආසා වුච්චති තණ්හා යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා විසමලොභො අකුසලමූලං; ආසං න කුබ්බන්තීති ආසං න කුබ්බන්ති න ජනෙන්ති න සඤ්ජනෙන්ති න නිබ්බත්තෙන්ති න අභිනිබ්බත්තෙන්ති; කුහිඤ්චීති කුහිඤ්චි කිම්හිචි අජ්ඣත්තං වා බහිද්ධා වා; අජ්ඣත්තබහිද්ධා වා; ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති ‘ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලොකෙ. ‘
Sinhala BJTආසං න කුබ්බන්ති කුහිඤ්චි ලෝකේ - ‘ආසා’ යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. ආසං න කුබ්බන්ති - ආශා නො කෙරෙති නො දනවති නූපදවති වෙසෙසින් නූපදවත්. කුහිඤ්චි - අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කිසි තැනෙක් හි කොහිත්; ලෝකේ - අපායලෝකයෙහි...ආයතනලෝකයෙහි නුයි ‘ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලෝකේ’ යනු වේ.
Pali BJTනතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති අච්චන්තසුද්ධින්ති න තෙ වදන්ති, ආදානගන්ථං ගථිතං විසජ්ජ ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලොකෙ”ති.
Sinhala BJT“න කප්පයන්ති -පෙ- කුහිඤ්චි ලෝකේ” යී.
Pali BJT4. 8.
Sinhala BJT4. 8.
Pali BJTසීමාතිගො බ්රාහ්මණො තස්ස නත්ථි ඤත්වා ච දිස්වා ච සමුග්ගහීතං, න රාගරාගී{1} න විරාගරත්තො තස්සීධ නත්ථි පරමුග්ගහීතං.
Sinhala BJTඒ භූරිප්‍රාඥ වූ ක්‍ෂීණාස්‍රව තෙමෙ චතුර්විධ ක්ලෙශසීමාව ඉක්මවූයේ යැ, බාහිතපාපී හෙයින් බ්‍රාහ්මණ යැ, ඒ ක්‍ෂීණාශ්‍රව හට පරසිත් දන්නා නුවණින් පෙර විසූ කඳපිළිවෙළ දන්නා නුවණින් දැන හෝ මසැසින් හා දිවැසින් දැක හෝ මොනොවට බැස ගන්නා ලද්දක් නැත. තවද හෙතෙම කාමරාගයෙන් රාගවත් නො වෙයි. රූපාරූපරාග සඞ්ඛ්‍යාත විරාගයෙන් රත්ක වූයේ නො වෙයි. ඔහුට මෙලොවැ උතුමැයි දැඩිව ගන්නා ලද කිසිවක් නැත්තේ යි.
Pali BJTසීමාතිගො බ්රාහ්මණො තස්ස නත්ථි ඤත්වා ච දිස්වා ච සමුග්ගහීතන්ති’ - සීමාති චතස්සො සීමායො: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො තදෙකට්ඨා ච කිලෙසා, අයං පඨමා සීමා. ඔළාරිකං කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං ඔළාරිකො කාමරාගානුසයො පටිඝානුසයො තදෙකට්ඨා ච කිලෙසා, අයං දුතියා සීමා. අණුසහගතං කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං අණුසහගතො කාමරාගානුසයො පටිඝානුසයො තදෙකට්ඨා ච කිලෙසා, අයං තතියා සීමා. රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා මානානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො තදෙකට්ඨා ච කිලෙසා, අයං චතුත්ථා සීමා.{2} යතො ච චතුහි අරියමග්ගෙහි ඉමා චතස්සො සීමායො අතික්කන්තො හොති සමතික්කන්තො වීතිවත්තො, සො වුච්චති සීමාතිගො. බ්රාහ්මණොති - සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො; සක්කායදිට්ඨි බාහිතා හොති, විචිකිච්ඡා බාහිතා හොති, සීලබ්බතපරාමාසො බාහිතො හොති -පෙ- අසිතො{3} තාදී පවුච්චතෙ ස බ්රහ්මා. තස්සාති අරහතො ඛීණාසවස්ස; ඤත්වාති පරචිත්තඤාණෙන වා ඤත්වා, පුබ්බෙනිවාසානුස්සතිඤාණෙන වා ඤත්වා; දිස්වාති - මංසචක්ඛුනා වා දිස්වා, දිබ්බචක්ඛුනා වා දිස්වා; ‘සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්ථි ඤත්වා ච දිස්වා ච සමුග්ගහීත’න්ති - තස්ස ඉදං පරමං අග්ගං සෙට්ඨං විසෙට්ඨං{4} පාමොක්ඛං උත්තමං පවරන්ති ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අධිමුත්තං නත්ථි න සන්ති න සංවිජ්ජති නූපලබ්භති පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪන්ති ‘සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්ථි ඤත්වා ච දිස්වා ච සමුග්ගහීතං’.
Sinhala BJTසීමාතිගො බ්රාහ්මණො තස්ස නත්ථි ඤත්වා ච දිස්වා ච සමුග්ගහීතං - ‘සීමා’ යනු: සතර සීමාවෙකි: සත්කායදෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ ඔවුන් හා (සහජෛකාත්ව විසින්) එක් වැ සිටි කෙලශයෝ යැ යන මේ ප්‍රථම සීමා යැ; ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයොජයන යැ, ඖදාරික වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ, ඔවුන් හා එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ දෙවැනි සීමා යැ; අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයොජයන යැ, අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ ඔවුන් හා එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ තෙවැනි සීමා යැ, රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිජ්ජා යැ, මානානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යැ, ඔවුන් හා සහජෛකස්ථ විසින් එක් වැ සිටි ක්ලේශයෝ යැ යන මෝ තොමෝ සතරවැනි සීමා යි. සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් මේ සතර කෙලෙස් සීමාවන් ඉක්මවූ වෙසෙසින් ඉක්මවූ අත්‍යන්තයෙන් ඉක්මවූ තැන් සිට හෙතෙම ‘සීමාතිග’ යයි කියනු ලැබේ. බ්‍රාග්මණො - සප්තධර්‍ම කෙනකුන් බාහිත වන බැවින් ‘බ්‍රාහ්මණ’ යැ; සත්කායදෘෂ්ටිය බාහිත වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය බාහිත වෙයි...තෘෂ්ණාදෘෂ්ටීන් අනිශ්‍රිත වූ අටලෝදහම්හි තාදී වූ හෙතෙම ‘බ්‍රාහ්මණ’ යයි කියනු ලැබේ. තස්ස - රහත් හට ක්ෂීණාශ්‍රවහට; ඤත්‍වා - පරචිත්තඥානයෙන් හෝ දැන පුර්‍වනිවාසානුස්මෘති ඥානයෙන් හෝ දැන; දිස්වා - මසැසින් හෝ දැක, දිවැසින් හෝ දැක; “සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්ථි ඤත්වා ච දිස්වා ච සමුග්ගහීතං” - ඔහුට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ වෙසෙසින් ශ්‍රේෂ්ඨ යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගන්නා ලද පරාමෘෂ්ට වූ අභිනිවේශය කළ අධ්‍යවසිත වූ අධිමුක්ත වූවක් නැත, අවිද්‍යාමාන යැ නො ලැබෙයි ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ ව්‍යුප්ශාන්ත යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි ‘සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්‍ථි ඤාත්වා ච දිස්වා ච සමුග්ගහීතං’ යනු වේ.
Pali BJTන රාගරාගී න විරාගරත්තොති - රාගරත්තා වුච්චන්ති යෙ පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා; විරාගරත්තා වුච්චන්ති යෙ රූපාවචරඅරූපාවචරසමාපත්තීසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා; ‘න රාගරාගී න විරාගරත්තො’ති යතො කාමරාගො ච රූපරාගො ච අරූපරාගො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා, එත්තාවතා ‘න රාගරාගී න විරාගරත්තො. ‘
Sinhala BJTන රාගරාගී න විරාගරත්තො - පස්කම්ගුණයෙහි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු ඇතුළත් වූවාහු ලැගුණාහු ඇවුරුණාහු ‘රාගරත්ත’ යයි කියනු ලැබෙති; රුවාරූ සමවත්හි ඇලුණාහු...ඇවුරුණාහු ‘විරාගරත්ත’ යයි කියනු ලැබෙත්. ‘න රාගරාගී න විරාගරත්තො’ - යම් තැනෙක සිට කාමරාගය ත් රූපරාගය ත් අරූපරාගය ත් ප්‍රහීණ වූවාහු වෙත් ද, උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අන්වභාවය කරන ලද්දාහු නැවත නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද; මෙතෙකින් ‘න රාගරාගී න විරාගරත්ත’ නම් වේ.
Pali BJTතස්සීධ නත්ථි පරමුග්ගහීතන්ති - ‘තස්සා’ති අරහතො ඛීණාසවස්ස; තස්ස ඉදං පරමං අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරන්ති ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං නත්ථි න සන්ති න සංවිජ්ජති නූපලබ්භති සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪන්ති ‘තස්සීධ නත්ථි පරමුග්ගහීතං.’
Sinhala BJTතස්සීධ නත්ථි පරමුග්ගහීතං - ‘තස්ස’ - රහත් හට, ක්‍ෂීණාස්‍රව හට; ඔහුට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගෘහීත වූ පරාමෘෂ්ට වූ අභිනිවිෂ්ට අධ්‍යවසිත වූ අධිමුක්ත වූවක් නැත අවිද්‍යාමාන යැ නො ලැබෙයි ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ ව්‍යුපශාන්ත යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ අභව්‍යොත්පත්තික යැ ඥානාග්නීන් දග්ධ නුයි -තස්සීධ නත්ථි පරමුග්ගහීතං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සීමාතිගො බ්රාහ්මණො තස්ස නත්ථි ඤත්වා ච දිස්වා ච සමුග්ගහීතං, න රාගරාගී න විරාගරත්තො, තස්සීධ නත්ථි පරමුග්ගහීතං” න්ති.
Sinhala BJT“සීමාතිගො -පෙ- පරමුග්ගහීතං” යී.
Pali BJTසුද්ධට්ඨකසුත්තනිද්දෙසො චතුත්ථො.
Sinhala BJTසතරවැනි සුද්ධට්ඨක සූත්‍රනිර්දේශය යි.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTපරමට්ඨකසුත්තනිද්දෙසො
Sinhala BJTපරමට්‌ඨකසූත්‍රනිර්දේශය
Pali BJTඅථ පරමට්ඨකසුත්තනිද්දෙසො වුච්චති.{2}
Sinhala BJTඉක්බිති පරමට්ඨකසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
Pali BJT5. 1.
Sinhala BJT5. 1.
Pali BJTපරමන්ති දිට්ඨීසු පරිබ්බසානො යදුත්තරිං කුරුතෙ{3} ජන්තු ලොකෙ, හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහ තස්මා විවාදානි අවීතිවත්තො.
Sinhala BJTලොවැ යම් සත්ත්‍වයෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැයි ගෙන තමන් තමන් ගේ දෘෂ්ටියෙහි ඇතුළත් වැ වසනුයේ යම් හෙයකින් තමා ගේ ශාස්තෘ ආදිය උතුමැයි කියා ද, එයින් අන්‍ය වූ සියල්ල හීන යැයි කියා ද, එහෙයින් හෙතෙම දෘෂ්ටිවිවාදයන් නො ඉක්මැ වූයේ වේ.
Pali BJTපරමන්ති දිට්ඨීසු පරිබ්බසානොති - සන්තෙකෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා, තෙ ද්වාසට්ඨියා දිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ඉදං පරමං අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරන්ති ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා සකාය සකාය දිට්ඨියා{4} වසන්ති{5} ආවසන්ති පරිවසන්ති, යථා අගාරිකා වා ඝරෙසු වසන්ති, සාපත්තිකා වා ආපත්තීසු වසන්ති, සකිලෙසා වා කිලෙසෙසු වසන්ති, එවමෙව සන්තෙකෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා, තෙ ද්වාසට්ඨියා දිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ඉදං පරමං අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරන්ති ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා අභිනිවිසිත්වා සකාය සකාය දිට්ඨියා{4} වසන්ති ආවසන්ති පරිවසන්තීති ‘පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො.’
Sinhala BJTපරමන්ති දිට්ඨීසු පරිබ්බසානො - දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණ බමුණුකෙනෙක් වෙති, ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ ප්‍රධාන යැ උත්තම යැ ප්‍රවර යැයි ගෙන දැඩි වැ ගෙන ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශය කොට තමන් තමන් ගේ දෘෂ්ටියෙහි වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත්; යම් සේ ගිහිගේ වැසියෝ තමන් ගේ ගෙවල (නිසැකව) වෙසෙත් ද, ආපත්ති බහුල වූවෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ කෙලෙස්හි පිවිසැ වෙසෙත් ද, එසෙයින් මැ දෘෂ්ටි ගෙන සිටුනා ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ; ඔවුහු දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ‘මේ පරම යැ අග්‍ර යැ...ප්‍රවර ය’යි ගෙන... අභිනිවේශය කොට තමන් තමන් ගේ දෘෂ්ටියෙහි වෙසෙති පිවිසැ වෙසෙති සර්‍වාකාරයෙන් වෙසෙත් නුයි ‘පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො’ යනු වේ.
Pali BJTයදුත්තරිං කුරුතෙ ජන්තු ලොකෙති - ‘යදූ’ති{1} යං; උත්තරිං කුරුතෙති උත්තරිං කරොති අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං කරොති - අයං සත්ථා සබ්බඤ්ඤූති උත්තරිං කරොති අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං කරොති. අයං ධම්මො ස්වාක්ඛාතො, අයං ගණො සුපටිපන්නො, අයං දිට්ඨි භද්දිකා, අයං පටිපදා සුපඤ්ඤත්තා, අයං මග්ගො නිය්යානිකොති උත්තරිං කරොති අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං කරොති නිබ්බත්තෙති; අභිනිබ්බත්තෙති; ජන්තූති සත්තො නරො -පෙ- මනුජො; ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති ‘යදුත්තරිං කුරුතෙ ජන්තු ලොකෙ.’
Sinhala BJTයදුත්තරිං කුරුතෙ ජන්තු ලෝකේ - ‘යද’ යනු යම් හෙයකින්; උත්තරිං කුරුතෙ - අතිරේක කෙරෙයි, අග්‍ර - ශ්‍රේෂ්ඨ - විශිෂ්ට - ප්‍රමුඛ - උත්තම - ප්‍රවර කෙරෙයි: ‘මේ ශාස්තෘ තෙමේ සර්‍වඥ ය’යි අතිරේක කෙරෙයි... ප්‍රවර කෙරෙයි ‘මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මේ ගණ තෙමේ සුප්‍රතිපන්න යැ, මේ දෘෂ්ටි තොමෝ භද්‍ර වූ යැ, මේ ප්‍රතිපදා තොමෝ සුප්‍රඥප්ත යැ, මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’යි අතිරේක කෙරෙයි, අග්‍ර...ප්‍රවර කෙරෙයි, නිපදවයි වෙසෙසින් නිපදවයි; ජන්තු - සත්ත්‍ව නර...මනුජ තෙමේ; ලෝකේ - අපායලෝකයෙහි… ආයතනලෝකයෙහි නුයි ‘යදුත්තරිං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.
Pali BJTහීනාති අඤ්ඤෙ තතො සබ්බමාහාති - අත්තනො සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං මග්ගං ඨපෙත්වා සබ්බෙ පරවාදෙ{2} ඛිපති උක්ඛිපති පරික්ඛිපති: සො සත්ථා න සබ්බඤ්ඤූ, ධම්මො න ස්වාක්ඛාතො, ගණො න සුපටිපන්නො, දිට්ඨි න භද්දිකා, පටිපදා න සුපඤ්ඤත්තා, මග්ගො න නිය්යානිකො, න තත්ථ{3} සුද්ධි වා විසුද්ධි වා පරිසුද්ධි වා මුත්ති වා විමුත්ති වා පරිමුත්ති වා, නත්ථෙත්ථ සුජ්ඣන්ති වා විසුජ්ඣන්ති වා පරිසුජ්ඣන්ති වා, මුච්චන්ති වා, විමුච්චන්ති වා පරිමුච්චන්ති වා, හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා{4} පරිත්තාති එවමාහ එවං කථෙති එවං භණති එවං දීපයති එවං වොහරතීති ‘හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහ. ‘
Sinhala BJTහිනාති අඤ්ඤෙ තතො සබ්බමාහ - තමා ගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය තබා සියලු පරවාදයන් හැරදමයි බැහර කෙරෙයි පරාඞ්මුඛ කෙරෙයි: ‘ඒ ශාස්තෘ සර්‍වඥ නො වෙයි, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය භද්‍ර නො වෙයි ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය නෛර්‍ය්‍යාණික නො වෙයි, මෙහි ශුද්ධියක් විශුද්ධියක් පරිශුද්ධියක් හෝ මුක්තියක් විමුක්තියක් පරිමුක්තියක් හෝ නැත; එහි පැවිද්දෙන් ශුද්ධ - විශුද්ධ - පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත - විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්; හීන - නිහීන - ඔමක - ලාමක වූවාහ, හරන ලද්දාහ, අල්ප වූවාහ’යි මෙසේ කියයි, මෙසේ බෙණෙයි, මෙසේ දක්වයි, මෙසේ ව්‍යවහාර කෙරේ නුයි ‘හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහ’ යනු වේ.
Pali BJTතස්මා විවාදානි අවීතිවත්තොති - ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා; විවාදානීති දිට්ඨිකලහානි දිට්ඨිභණ්ඩනානි දිට්ඨිවිග්ගහානි දිට්ඨිවිවාදානි දිට්ඨිමෙධගානි; අවීතිවත්තොති අනතික්කන්තො අසමතික්කන්තො අවීතිවත්තොති තස්මා විවාදානි අවීතිවත්තො.
Sinhala BJTතස්මා විවාදානි අවීතිවත්තො - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; විවාදානි දෘෂ්ටිකලහයන් දෘෂ්ටිභණ්ඩනයන් දෘෂ්ටිවිග්‍රහයන් දෘෂ්ටිවිවාදයන් දෘෂ්ටිමෙධගයන්; අවීතිවත්තො - නො ඉක්මැ වූයේ මොනොවට නො ඉක්මැ වූයේ බැහැර නො කෙළේ නුයි ‘තස්මා විවාදානි අවීතිවත්තො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පරමන්ති දිට්ඨීසු පරිබ්බසානො යදුත්තරිං කුරුතෙ ජන්තු ලොකෙ, හීනාති අඤ්ඤෙ තතො සබ්බමාහ තස්මා විවාදානි අවීතිවත්තො”ති.
Sinhala BJT“පරමන්ති දිට්ඨීසු -පෙ- අවීතිවත්තො” යී.
Pali BJT5. 2.
Sinhala BJT5. 2.
Pali BJTයදත්තනී පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා, තදෙව සො තත්ථ සමුග්ගහාය නිහීනතො පස්සති සබ්බමඤ්ඤං
Sinhala BJTමෙසේ දෘෂ්ටිකලහයන් නො ඉක්මැවූයේ රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද ශීලව්‍රත දෙක්හි ද ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ද උපන් දෘෂ්ටිසඞ්ඛ්‍යාත වූ ආත්මයෙහි උක්තප්‍රකාර වූ යම් අනුසසක් දකී ද, හෙතෙම ස්වකීය දෘෂ්ටියෙහි ඒ අනුසස ම ශ්‍රේෂ්ඨ යයි දැඩිව ගෙන පරශාස්තෘ ආදි අන් සියල්ල නිහීන හෙයින් දක්නේ යි.
Pali BJTයදත්තනි පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වාති ‘යදත්තනී’ති යං අත්තනි, අත්තා වුච්චති දිට්ඨිගතං, අත්තනො දිට්ඨියා ද්වෙ ආනිසංසෙ පස්සති: දිට්ඨධම්මිකඤ්ච ආනිසංසං සම්පරායිකඤ්ච ආනිසංසං. කතමො දිට්ඨියා දිට්ඨධම්මිකො ආනිසංසො? යන්දිට්ඨිකො සත්ථා හොති, තන්දිට්ඨිකා සාවකා හොන්ති, තන්දිට්ඨිකං සත්ථාරං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති. ලභති ච තතොනිදානං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං. අයං දිට්ඨියා දිට්ඨධම්මිකො ආනිසංසො. කතමො දිට්ඨියා සම්පරායිකො ආනිසංසො? අයං දිට්ඨි අලං නාගත්තාය වා සුපණ්ණත්තාය වා යක්ඛත්තාය වා අසුරත්තාය වා ගන්ධබ්බත්තාය වා මහාරාජත්තාය වා ඉන්දත්තාය වා බ්රහ්මත්තාය වා දෙවත්තාය වා, අයං දිට්ඨි අලං සුද්ධියා විසුද්ධියා පරිසුද්ධියා මුත්තියා විමුත්තියා පරිමුත්තියා, ඉමාය දිට්ඨියා සුජ්ඣන්ති විසුජ්ඣන්ති පරිසුජ්ඣන්ති මුච්චන්ති විමුච්චන්ති පරිමුච්චන්ති, ඉමාය දිට්ඨියා සුජ්ඣිස්සාමි විසුජ්ඣිස්සාමි පරිසුජ්ඣිස්සාමි මුච්චිස්සාමි විමුච්චිස්සාමි පරිමුච්චිස්සාමීති ආයතිං ඵලපාටිකඞ්ඛී හොති. අයං දිට්ඨියා සම්පරායිකො ආනිසංසො. අත්තනො දිට්ඨියා ඉමෙ ද්වෙ ආනිසංසෙ පස්සති. දිට්ඨසුද්ධියාපි ද්වෙ ආනිසංසෙ පස්සති - සුතසුද්ධියාපි ද්වෙ ආනිසංසෙ පස්සති සීලසුද්ධියාපි ද්වෙ ආනිසංසෙ පස්සති - වතසුද්ධියාපි ද්වෙ ආනිසංසෙ පස්සති මුතසුද්ධියාපි ද්වෙ ආනිසංසෙ පස්සති: දිට්ඨධම්මිකඤ්ච ආනිසංසං සම්පරායිකඤ්ච ආනිසංසං. කතමො මුතසුද්ධියා දිට්ඨධම්මිකො ආනිසංසො? යන්දිට්ඨිකො සත්ථා හොති, තන්දිට්ඨිකා සාවකා හොන්ති -පෙ- අයං මුතසුද්ධියා සම්පරායිකො ආනිසංසො. මුතසුද්ධියාපි ඉමෙ ද්වෙ ආනිසංසෙ පස්සති දක්ඛති ඔලොකෙති නිජ්ඣායති උපපරික්ඛතීති ‘යදත්තනී පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා.’
Sinhala BJTයදත්තනි පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - ‘යදත්තිනි - යං අත්තති’. ‘ආත්ම’ යී දෘෂ්ටිගතය කියනු ලැබෙයි. ස්වකීය දෘෂ්ටියෙහි දෙ අනුසසක් දකී: දෘෂ්ටධාර්මික ආනෘශංසය ද සාම්පරායික ආනෘශංසය ද කියායි. දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මික ආනෘශංසය කවරැ යත්? ශාස්තෘ තෙමේ යම් දෘෂ්ටියක් ඇත්තේ වේ නම්, ශ්‍රාවකයෝ එබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති, ශ්‍රාවකයෝ ඒ දෘෂ්ටිය ඇති ශාස්තෘ හට සත්කාර කෙරෙති ගරු කෙරෙති බුහුමන් කෙරෙති පුදත්. එහෙයින් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකර ද ලබයි, මේ (දෘෂ්ටි පිළිබඳ) ඉහාත්මයෙහි විපාක දෙන අනුසසි. දෘෂ්ටියෙහි සාම්පරායික ආනෘශංසය කවරැ යත්? මේ දෘෂ්ටිය (පරලොව්හි විපාක දෙන) නාගබවට හෝ ගුරුළුබවට හෝ යක්බවට හෝ අසුරබවට හෝ ගඳෙව්බවට හෝ වරම්රජබවට හෝ ශක්‍රබවට හෝ බ්‍රහ්මබවට හෝ දෙවිබවට හෝ පමණ වෙයි, මේ දෘෂ්ටිය ශුද්ධියට විශුද්ධියට පරිශුද්ධියට මුක්තියට විමුක්තියට පරිමුක්තියට ප්‍රමාණ වෙයි, මේ දෘෂ්ටියෙන් සත්ත්‍වයෝ ශුද්ධ - විශුද්ධ - පරිශුද්ධ වෙති, මුක්ත - විමුක්ත - පරිමුක්ත වෙත්. මේ දෘෂ්ටියෙන් ශුද්ධ - විශුද්ධ - පරිශුද්ධ වෙමි, මුක්ත - විමුක්ත - පරිමුක්ත වෙමී අනාගතයෙහි විපාකඵලය පතන්නේ වෙයි, මේ දෘෂ්ටිය පිළිබඳ පරලොව දී ලැබියයුතු අනුසසි. තමා ගේ දෘෂ්ටියෙහි මේ දෙ අනුසස් දකී. චක්‍ෂුර්විඥානයෙන් දුටු රූපායතනවශයෙන් ශුද්ධිය හේතු කොටගෙන ද අනුසස් දෙකක් දකී, ශබ්දායතනශුද්ධියෙන් ද... ශීලශුද්ධියෙන් ද... ව්‍රතශුද්ධියෙන් ද... ගන්‍ධරසඵොට්ඨබ්බායතනසුද්ධියෙන් ද අනුසස් දෙකක් දකී: දෘෂ්ටධාර්මික ආනෘශංසය ද සාම්පරායික ආනෘශංසය ද කියායි. මුතශුද්ධියෙහි දිට්ඨධම්මික (=ඉහාත්මයෙහි) ආනිසංසය කවරැ යත්? ශාස්තෘ තෙමේ යම් දෘෂ්ටියක් ඇත්තේ නම් ශ්‍රාවකයෝ ඒ දෘෂ්ටිය ඇත්තාහු වෙති... මේ යැ මුතශුද්ධියෙහි ඉහාත්ම ආනෘශංසය. මුතශුද්ධියෙහි සාම්පරායික ආනෘශංසය කවරැ යත්? මේ දෘෂ්ටි තොමෝ පරලොවැ නාගභාවයට පමණ යැ... මේ මුතශුද්ධියෙහි සාම්පරායික ආනෘශංසය යි. මුතශුද්ධියෙහි මේ අනුසස් දෙක බලයි දකියි අවලෝකනය කෙරෙයි සිතයි විමසා නුයි ‘යදත්තනි පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
Pali BJTතදෙව සො තත්ථ සමුග්ගහායාති - ‘තදෙවා’ති තං දිට්ඨිගතං; තත්ථාති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා; සමුග්ගහායාති - ඉදං පරමං අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරන්ති ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වාති තදෙව සො තත්ථ සමුග්ගහාය.
Sinhala BJTතදෙව සො තත්ථ සමුග්ගහාය - ‘තදෙව’ යනු: ඒ දෘෂ්ටිගතය; තත්‍ථ - ස්වකීය දෘෂ්ටියෙහි - කැමැත්තෙහි - රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සමුග්ගහාය - මෙය පරම ය අග්‍ර ය ශ්‍රේෂ්ඨ ය විශිෂ්ට ය ප්‍රධාන ය උත්තම ය ප්‍රවර යයි ගෙන දැඩි වැ ගෙන ග්‍රහණය කොට පරාමර්‍ශනය කොට අභිනිවේශ කොට නුයි ‘තදෙව සො තත්ථ සමුග්ගහාය’ යනු වේ.
Pali BJTනිහීනතො පස්සති සබ්බමඤ්ඤන්ති අඤ්ඤං සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං මග්ගං හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො{1} පරිත්තතො දිස්සති පස්සති දක්ඛති ඔලොකෙති නිජ්ඣායති උපපරික්ඛතීති ‘නිහීනතො පස්සති සබ්බමඤ්ඤං. ‘
Sinhala BJTනිහිනතො පස්සති සබ්බමඤ්ඤං - අන්‍ය ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා ලබ්ධිය ප්‍රතිපදාව මාර්‍ගය හීනහෙයින් නිහීනහෙයින් පහත් හෙයින් ලාමක හෙයින් ප්‍රත්‍යයහීන හෙයින් අල්ප හෙයින් බලයි දකී අවලොකනය කෙරෙයි සිතයි විමසා නුයි ‘නිහීනතො පස්සති සබ්බමඤ්ඤං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යදත්තනී පස්සති ආනිසංසං දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා, තදෙව සො තත්ථ සමුග්ගහාය නිහීනතො පස්සති සබ්බමඤ්ඤ”න්ති.
Sinhala BJT“යදත්තනි පස්සති -පෙ- නිහීනතො පස්සති සබ්බමඤ්ඤං” යී.
Pali BJT5. 3.
Sinhala BJT5. 3.
Pali BJTතං{1} චාපි ගන්ථං{2} කුසලා වදන්ති යන්නිස්සිතො පස්සති හීනමඤ්ඤං, තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්ය.
Sinhala BJTමෙසේ දක්නේ තමාගේ යම් ශාස්තෘ ආදියක් ඇසිරු කරන ලදුයේ නම්, එයින් අන්‍ය වූ පරශාස්තෘ ආදිය ලාමක කොට දක්නේය. ඒ දර්‍ශනය ද ස්කන්‍ධාදිය දැනීමෙහි නිපුණ වූවාහු බන්‍ධනයෙකැයි කියති. එහෙයින් ම මහණ තෙමේ රූපාලම්බනය හෝ ශබ්දාලම්බනය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය හෝ ශීලව්‍රතසඞ්ඛ්‍යාත ධර්‍මාලම්බන හෝ ඇසුරු නො කරන්නේ යි.
Pali BJTතං චාපි ගන්ථං කුසලා වදන්තීති - ‘කුසලා’ති යෙ තෙ ඛන්ධකුසලා ධාතුකුසලා ආයතනකුසලා පටිච්චසමුප්පාදකුසලා සතිපට්ඨානකුසලා සම්මප්පධානකුසලා ඉද්ධිපාදකුසලා ඉන්ද්රියකුසලා බලකුසලා බොජ්ඣඞ්ගකුසලා මග්ගකුසලා ඵලකුසලා නිබ්බානකුසලා. තෙ කුසලා එවං වදන්ති: ගන්ථො{3} එසො, ලග්ගනං{4} එතං, බන්ධනං එතං, පළිබොධො එසොති එවං වදන්ති එවං කථෙන්ති එවං භණන්ති එවං දීපයන්ති එවං වොහරන්තීති - ‘තං චාපි ගන්ථං කුසලා වදන්ති. ‘
Sinhala BJTතං චාපි ගන්ථං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: යම් කෙනෙක් රූපාදි පඤ්චස්කන්‍ධයෙහි නිපුණ වූවාහු ද, ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - සතිපට්ඨාන - සම්‍යක්ප්‍රදහන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණ වූවාහු ද, ඒ නිපුණයෝ මෙසේ කියති: (එසේ දක්නාවුන්ට) තෙල ග්‍රන්‍ථයෙක, තෙල (නාගදන්තයක මෙන්) යටට එල්බීමෙක, තෙල බන්‍ධයෙක, තෙල (සසරින් නික්මැ යා නො දෙන හෙයින්) පළිබොධයෙකැයි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තං චාපි ගන්ථං කුසලා වදන්ති’ යනු වේ.
Pali BJTයං නිස්සිතො පස්සති හීනමඤ්ඤන්ති - ‘යං නිස්සිතො’ති යං සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං මග්ගං නිස්සිතො සන්නිස්සිතො{5} අල්ලීනො උපගතො අජ්ඣොසිතො අධිමුත්තො; පස්සති හීනමඤ්ඤන්ති අඤ්ඤං සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං මග්ගං හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො{6} පරිත්තතො දිස්සති පස්සති දක්ඛති ඔලොකෙති නිජ්ඣායති උපනිජ්ඣායති උපපරික්ඛතීති - ‘යං නිස්සිතො පස්සති හීනමඤ්ඤං.’
Sinhala BJTයං නිස්සීතො පස්සති හීනමඤ්ඤං - ‘යං නිස්සීතො’ - යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ඇසුරු කෙළේ මොනොවට ඇසුරු කෙළේ ඇලුණේ එළැඹියේ ඇතුළත් වූයේ බැසගත්තේ වේ ද; පස්සති හීනමඤ්ඤං - අන්‍ය ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය හීනහෙයින් පහත්හෙයින් ලාමකහෙයින් ප්‍රත්‍යයහීනහෙයින් අල්පහෙයින් බලයි දකී අවලොකනය කෙරෙයි සිතයි පුනපුනා සිතයි පිරික්සා නුයි ‘යං නිස්සීතො පස්සති හීනමඤ්ඤං’ යනු වේ.
Pali BJTතස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්යාති ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තං නිදානා - දිට්ඨං වා දිට්ඨසුද්ධිං වා සුතං වා සුතසුද්ධිං වා මුතං වා මුතසුද්ධිං වා සීලං වා සීලසුද්ධිං වා වතං වා වතසුද්ධිං වා න නිස්සයෙය්ය න ගණ්හෙය්ය න පරාමසෙය්ය න අභිනිවිසෙය්යාති - ‘තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්ය.’
Sinhala BJTතස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්ය - ‘තස්මා’ - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් රූපායතනය හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශබ්දායතනය හෝ ශ්‍රැතශුද්ධිය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතනය හෝ මුතශුද්ධිය හෝ ශීලය හෝ ශීලශුද්ධිය හෝ ව්‍රතය හෝ ව්‍රතශුද්ධිය හෝ නො ඇසිරු කරන්නේ ය නො ගන්නේ ය පරාමර්‍ෂණය නො කරන්නේ ය අභිනිවේශය නො කරන්නේ නුයි ‘තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“තංචාපි ගන්ථං{7} කුසලා වදන්ති යං නිස්සිතො පස්සති හීනමඤ්ඤං, තස්මා හි දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං භික්ඛු න නිස්සයෙය්යා”ති.
Sinhala BJT“තං වාපි ගන්‍ථං කුසලා වදන්ති -පෙ- භික්ඛු න නිස්සයෙය්‍ය” යී.
Pali BJT5. 4.
Sinhala BJT5. 4.
Pali BJTදිට්ඨිම්පි ලොකස්මිං න කප්පයෙය්ය ඤාණෙන වා සීලවතෙන වාපි, සමොති අත්තානමනූපනෙය්ය හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි.
Sinhala BJTහුදෙක් ඒ මහණ දෘෂ්ටි-ශ්‍රැතාදිය මතු නො ගන්නේ වෙයි. යළි ලොවැ නූපන් දෘෂ්ටිය ද සමාපත්ත්‍යාදිඥානයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ නූපන්නේ ය. තවද ජාත්‍යාදිවස්තුයෙන් ‘මම් සදෘශයෙමී’ තමා (මානවශයෙන්) නො සිතන්නේ ය, - හීනයෙමී’ ද නො සිතන්නේ යි.
Pali BJTදිට්ඨිම්පි ලොකස්මිං න කප්පයෙය්ය ඤාණෙන වා සීලවතෙන වාපීති අට්ඨසමාපත්තිඤාණෙන වා පඤ්චාභිඤ්ඤාඤාණෙන වා මිච්ඡාඤාණෙන වා සීලෙන වා වතෙන වා සීලබ්බතෙන වා දිට්ඨිං න කප්පයෙය්ය න ජනෙය්ය න සඤ්ජනෙය්ය න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්ය; ලොකස්මින්ති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - දිට්ඨිම්පි ලොකස්මිං න කප්පයෙය්ය.
Sinhala BJTදිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්ය ඤාණෙන වා සීලවතෙන වාපි - අෂ්ටසමාපත්තිඥානයෙන් හෝ පඤ්චාභිඥාඥානයෙහ් හෝ විපරීතඥානයෙන් හෝ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ දෘෂ්ටිය නූපදවන්නේ ය මොනොවට නූපදවන්නේ ය මැනවින් නූපදවන්නේ ය. ලෝකස්මිං - අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘දිට්ඨිම්පි ලෝකස්මිං න කප්පයෙය්‍ය’ යනු වේ.
Pali BJTඤාණෙන වා සීලවතෙන වාපි සමොති අත්තානමනූපනෙය්යාති සදිසොහමස්මීති අත්තානං න උපනෙය්ය ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනාති ‘සමොති අත්තානමනූපනෙය්ය. ‘
Sinhala BJTඤාණෙන වා සීලවතෙන වාපි සමොති අත්තාන මනූපනෙය්‍ය - ‘මම් සදෘශයෙමී, තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයකින් හෝ ශිල්පායතනයකින් හෝ විද්‍යාවකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභාණයෙන් හෝ අන්‍යතර අන්‍යතරවස්තුවෙකින් හෝ නො සිතන්නේ නුයි - ‘සමොති අත්තානමනූපනෙය්‍ය’ යනු වේ.
Pali BJTහීනො න මඤ්ඤෙථ විසෙසි වාපීති - ‘හීනොහමස්මී’ති අත්තානං න උපනෙය්ය{1} ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා, ‘සෙය්යොහමස්මී’ති අත්තානං න උපනෙය්ය{1} ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනාති ‘හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි.’
Sinhala BJTහීනො න මඤ්ඤෙථ විසෙසි වාපි - ‘මම් හීනයෙමී’ තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ නො සිතන්නේ ය, ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ තමා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ නො සිතන්නේ නුයි - ‘හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“දිට්ඨිම්පි ලොකස්මිං න කප්පයෙය්ය ඤාණෙන වා සීලවතෙන වාපි, සමොති අත්තානමනූපනෙය්ය හීනො න මඤ්ඤෙථ විසෙසි වාපී”ති.
Sinhala BJT“දිට්ඨිම්පි ලෝකස්මිං -පෙ- හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි” යී.
Pali BJT5. 5.
Sinhala BJT5. 5.
Pali BJTඅත්තං පහාය අනුපාදියානො ඤාණෙපි{2} සො නිස්සයං නො කරොති, ස වෙ වියත්තෙසු න වග්ගසාරී දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි.
Sinhala BJTහෙතෙම (පෙර ගන්නා ලද) ආත්මලබ්ධිය ප්‍රහාණය කොට (අනෙකක් චතුරුපාදානයෙන්) නො ගන්නේ (උක්තප්‍රකාර) ඥානයෙහි පවා තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නො කෙරෙයි. (තවද) හෙතෙම ඒකාන්තයෙන් දෘෂ්ටිවශයෙන් වෙන් වැ ගිය සත්ත්‍වයන් කෙරෙහි (ඡන්‍දාදිවශයෙන්) නො යන ස්වභාව ඇතියේ වෙයි. හෙතෙම (දෙසැට දිටු අතුරෙන්) කිසි දෘෂ්ටියකට ද නො පැමිණෙන්නේ වේ.
Pali BJTඅත්තං පහාය අනුපාදියානොති - ‘අත්තං පහායා’ති අත්තදිට්ඨිං පහාය; ‘අත්තං පහායා’ති අත්තගාහං පහාය; ‘අත්තං පහායා’ති තණ්හාවසෙන දිට්ඨිවසෙන ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං පහාය පජහිත්වා විනොදයිත්වා{3} බ්යන්තිං කරිත්වා අනභාවං ගමෙත්වාති - අත්තං පහාය; අනුපාදියානොති චතුහි උපාදානෙහි අනුපාදියමානො අගණ්හමානො අපරාමසමානො අනභිනිවිසමානොති ‘අත්තං පහාය අනුපාදියානො.
Sinhala BJTඅත්තං පහාය අනුපාදියානො - ‘අත්තං පහාය’ - ආත්මදෘෂ්ටිය ප්‍රහාණය කොට; අත්තං පහාය - ආත්මග්‍රාහය ප්‍රහාණය කොට; අත්තං පහාය - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගන්නා ලද හාත්පසින් ආමර්‍ශනය කරන ලද අභිනිවේශය කරන ලද ඇතුළු වැ සිටි බැසගන්නා ලද (ආත්මලබ්ධිය) ප්‍රහාණය කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අභාවයට පමුණුවා නුයි - ‘අත්තං පහාය’ යනු වේ. අනුපාදියානො - සතර උපාදානයන්ගෙන් උපාදානය නො කරනුයේ නො ගන්නේ පරාමර්‍ශනය නො කරනුයේ අභිනිවේශය නො කරනුයේ නුයි - ‘අත්තං පහාය අනුපාදියානො’ යනු වේ.
Pali BJTඤාණෙපි{1} සො නිස්සයං නො කරොතීති අට්ඨසමාපත්තිඤාණෙ වා පඤ්චාභිඤ්ඤාඤාණෙ වා මිච්ඡාඤාණෙ{1} වා තණ්හානිස්සයං වා දිට්ඨිනිස්සයං වා න කරොති න ජනෙති න සඤ්ජනෙති න නිබ්බත්තෙති නාභිනිබ්බත්තෙතීති - ‘ඤාණෙපි{1} සො නිස්සයං නො කරොති.’
Sinhala BJTඤාණෙපි සො නිස්සයං නො කරෝති - අෂ්ටසමාපත්තිඥානයෙහි හෝ පඤ්චාභිඥාඥානයෙහි හෝ මිත්‍ථ්‍යාඥානයෙහි හෝ තෘෂ්ණානිඃශ්‍රය හෝ දෘෂ්ටිනිඃශ්‍රය හෝ නො කෙරෙයි නො දනවයි සඤ්ජනනය නො කෙරෙයි නූපදවයි වෙසෙසින් නූපදවා නුයි - ‘ඤාණෙපි සො නිස්සං නො කරෝති’ යනු වේ.
Pali BJTස වෙ වියත්තෙසු න වග්ගසාරීති ස වෙ වියත්තෙසු භින්නෙසු ද්වෙජ්ඣාපන්නෙසු ද්වෙළ්හකජාතෙසු නානාදිට්ඨිකෙසු නානාඛන්තිකෙසු නානාරුචිකෙසු නානාලද්ධිකෙසු නානාදිට්ඨිනිස්සයං නිස්සිතෙසු ඡන්දාගතිං ගච්ඡන්තෙසු දොසාගතිං ගච්ඡන්තෙසු මොහාගතිං ගච්ඡන්තෙසු භයාගතිං ගච්ඡන්තෙසු න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති; න රාගවසෙන ගච්ඡති, න දොසවසෙන ගච්ඡති, න මොහවසෙන ගච්ඡති, න මානවසෙන ගච්ඡති, න දිට්ඨිවසෙන ගච්ඡති, න උද්ධච්චවසෙන ගච්ඡති, න විචිකිච්ඡාවසෙන ගච්ඡති, න අනුසයවසෙන ගච්ඡති, න වග්ගෙහි ධම්මෙහි යායති නිය්යති වුය්හති සංහරීයතීති - ‘ස වෙ වියත්තෙසු න වග්ගසාරී’.
Sinhala BJTස වෙ වියත්තෙසු න වග්ගසාරී - හෙතෙම ඒකාන්තයෙන් ව්‍යස්ත වූ භින්න වූ දෙකට බෙදුණු හටගත් සැක ඇති නානාදෘෂ්ටිකයන් කෙරෙහි නානාඛන්තිකයන් - නානාරුචිකයන් - නානාලබ්ධිකයන් කෙරෙහි නානාදෘෂ්ටිනිඃශ්‍රය ඇසුරු කළවුන් කෙරෙහි ඡන්‍දයෙන් අගතියට යනුවන්, ද්වේෂයෙන් - මෝහයෙන් - භයින් අගතියට යනුවන් කෙරෙහි ඡන්‍දාගතියට - ද්වෙෂාගතියට - මෝහාගතියට - භයාගතියට නො යෙයි, රාගවශයෙන් නො පැමිණෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචික්ත්සාවශයෙන් - අනුශයවශයෙන් - නො පැමිණෙයි, (ඡන්‍දාදිවශයෙන්) පැමිණෙන ධර්‍මයන් ගෙන් නො යැවෙයි නො පමුණුවනු ලැබෙයි වහනය සංහරණය නො කරනු ලැබේ නුයි - ‘ස වෙ වියත්තෙසු න වග්ගසාරී’ යනු වේ.
Pali BJTදිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චීති තස්ස ද්වාසට්ඨි දිට්ඨිගතානි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි; සො කිඤ්චි දිට්ඨිගතං න පච්චෙති න පච්චාගච්ඡතීති - ‘දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි.’
Sinhala BJTදිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහුය, මොනොවට සිඳින ලද්දාහුය, සන්හිඳුවන ලද්දාහුය, දුරලන ලද්දාහුය, උපතට නුසුදුසු කරන ලද්දාහුය, නුවණගින්නෙන් දවන ලද්දාහුය; හෙතෙම කිසි දෘෂ්ටිගතයකට නො පැමිණෙයි, පෙරළා නො පැමිණේ නුයි - ‘දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අත්තං පහාය අනුපාදියානො ඤාණෙපි{1} සො නිස්සයං නො කරොති, ස වෙ වියත්තෙසු න වග්ගසාරී දිට්ඨිම්පි සො න පච්චෙති කිඤ්චී”ති.
Sinhala BJT“අත්තං පහාය -පෙ- සො න පච්චෙති කිඤ්චි” යී.
Pali BJT5. 6.
Sinhala BJT5. 6.
Pali BJTයස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වා, නිවෙසනා තස්ස න සන්ති කෙචි ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං.
Sinhala BJTයම් ක්‍ෂීණාස්‍රවයක් හට (පෙර කියන ලද) ඵස්ස-ඵස්සසමුදයාදි භේද වූ උභයාන්තයෙහි ද පුනපුනා භවය පිණිස ද ස්වාත්මභාවයෙහි හෝ පරාත්මභාවයෙහි ද තෘෂ්ණා නැත්තේ ද, ඒ ක්‍ෂීණාස්‍රවහට කිසි තෘෂ්ණාදෘෂ්ටිනිවේසන කෙනෙක් නො වෙති; දෙසැටදිටුදහම්හි නිශ්චය කොට දැඩි ව ගන්නා ලද්දෙක් නැත්තේ යි.
Pali BJTයස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වාති ‘යස්සාති’ අරහතො ඛීණාසවස්ස, අන්තොති ඵස්සො එකො අන්තො, ඵස්සසමුදයො දුතියො අන්තො; අතීතො එකො අන්තො, අනාගතො දුතියො අන්තො; සුඛා වෙදනා එකො අන්තො, දුක්ඛා වෙදනා දුතියො අන්තො; නාමං එකො අන්තො, රූපං දුතියො අන්තො; ඡ අජ්ඣත්තිකානි ආයතනානි එකො අන්තො, ඡ බාහිරානි ආයතනානි දුතියො අන්තො; සක්කායො එකො අන්තො, සක්කායසමුදයො දුතියො අන්තො; පණිධි වුච්චති තණ්හා යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; භවාභවායාති භවාභවාය කම්මභවාය පුනබ්භවාය, කාමභවාය කම්මභවාය, කාමභවාය පුනබ්භවාය, රූපභවාය කම්මභවාය, රූපභවාය පුනබ්භවාය, අරූපභවාය කම්මභවාය, අරූපභවාය පුනබ්භවාය පුනප්පුනභවාය පුනප්පුන ගතියා පුනප්පුන උප්පත්තියා පුනප්පුන පටිසන්ධියා පුනප්පුන අත්තභාවාභිනිබ්බත්තියා; ඉධාති සකත්තභාවො; හුරංති{1} පරත්තභාවො; ඉධාති සකරූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණං; හුරංති පරරූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණං; ඉධාති ඡ අජ්ඣත්තිකානි ආයතනානි; හුරංති ඡ බාහිරානි ආයතනානි; ඉධාති මනුස්සලොකො; හුරංති දෙවලොකො; ඉධාති කාමධාතු; හුරංති රූපධාතු අරූපධාතු; ඉධාති කාමධාතු රූපධාතු; හුරංති අරූපධාතු.
Sinhala BJTයස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වා - ‘යස්ස’ යනු: අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රවහට; ‘අන්ත’ නම්: ස්පර්‍ශය එක් අන්තයෙක ස්පර්‍ශසමුදය දෙවැනි අන්ත යයි, අතීතය එක් අන්තයෙක අනාගතය දෙවැනි අන්තය යි, සුඛවේදනාව එක් අන්තයෙක දුඃඛවේදනාව දෙවැනි අන්තය යි, නාමය එක් අන්තයෙක රූපය දෙවැනි අන්තය යි, ෂඩ්ආධ්‍යාත්මිකායතනයෝ එක් අන්තයෙක ෂඩ්වාහ්‍යායතනයෝ දෙවැනි අන්තය යි, සත්කාය එක් අන්තයෙක සත්කායසමුදය දෙවැනි අන්තය යි: ‘පණිධි’ යී රාග සංරාග...අභිධ්‍යා, ලෝභඅකුශලමූල නම් වූ තෘෂ්ණා කියනු ලබයි; භවාභවාය කාමභව - රූපභව - අරූපභවයන් සඳහා, කර්‍මවෘත්තවිපාකවෘත්තයන් සඳහා මතුමත්තෙහි භවය සඳහා පඤ්චගතිය - පුනපුන උත්පත්තිය ප්‍රතිසන්‍ධිය සඳහා නැවත නැවත ආත්මභාවය පහළවීම සඳහා; ඉධ යනු: සිය අත්බැව, හුරං යනු: පරඅත්බැව; ඉධ යනු: ස්වකීය රූපවෙදනාසංඥාසංස්කාරවිඥානය යැ, හුරං යනු: පරකීය රූපවෙදනාසංඥාසංස්කාරවිඥානය යැ, ඉධ යනු: සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ යැ, හුරං යනු: සවැදෑරුම් බාහ්‍යායතනයෝ යැ; ඉධ යනු: මිනිස්ලොව යැ, හුරං යනු: දෙව්ලොව යැ, ඉධ යනු: කාමධාතුව යැ, හුරං යනු: රූප-අරූපධාතු යැ; ඉධ යනු: කාම-රූපධාතු යැ, හුරං යනු: අරූපධාතුව යි.
Pali BJTයස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වාති ‘යස්ස’ උභො අන්තෙ ච භවාභවාය ච ඉධ හුරං ච පණිධි තණ්හා නත්ථි න සන්ති, න සංවිජ්ජති{2}, නූපලබ්භති{3}, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - යස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වා.
Sinhala BJTයස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වා - යම් රහත් මහණක් හට ඵස්සාදි උභයාන්තයෙහි ද, කාමාදි භවය සඳහා ද, ස්ව-පරආත්මභාවාදියෙහි ද, ප්‍රාර්‍ත්‍ථනා තෘෂ්ණා නැද්ද නො වේ ද, අවිද්‍යමාන වේ ද, නො ලැබේ ද, ප්‍රහීණ වූවා සන්හිඳුණී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණ ගින්නෙන් නසන ලද්දී නුයි ‘යස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වා’ යනු වේ.
Pali BJTනිවෙසනා තස්ස න සන්ති කෙචීති - ‘නිවෙසනා’ති ද්වෙ නිවෙසනා තණ්හානිවෙසනා ච දිට්ඨිනිවෙසනා ච. -පෙ- අයං තණ්හානිවෙසනා. -පෙ- අයං දිට්ඨිනිවෙසනා; තස්සාති අරහතො ඛීණාසවස්ස, ‘නිවෙසනා තස්ස න සන්ති කෙචී’ති නිවෙසනා තස්ස කෙචි නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - නිවෙසනා තස්ස න සන්ති කෙචි.
Sinhala BJTනිවෙසනා තස්ස න සන්ති කෙචි - ‘නිවෙසනා’ යනු, නිවේසන දෙකෙකි: තෘෂ්ණානිවෙසන ද දෘෂ්ටිනිවෙසන දැයි කියායි. ...තස්ස - රහත් ක්‍ෂීණාස්‍රවහට; නිවෙසනා තස්ස න සන්ති කෙචි’ යනු. ඔහුට කිසි නිවේසන කෙනෙක් නැත, නො වෙති, නො ලැබෙත්; ප්‍රහීණ වූවාහු සිඳුනා ලද්දාහු සන්හිඳුණාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි “නිවෙසනා තස්ස න සන්ති කෙචි” යනු වේ.
Pali BJTධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතන්ති - ‘ධම්මෙසූ’ති ද්වාසට්ඨියා{4} දිට්ඨිගතෙසු; නිච්ඡෙය්යාති නිච්ඡිනිත්වා විචිනිත්වා පවිචිනිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා; සමුග්ගහීතන්ති ඔධිග්ගාහො බිලග්ගාහො වරග්ගාහො කොට්ඨාසග්ගාහො උච්චයග්ගාහො සමුච්චයග්ගාහො ඉදං සච්චං තච්ඡං තථං භූතං යාථාවං අවිපරීතන්ති ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං නත්ථි න සන්ති න සංවිජ්ජති නූපලබ්භති පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪන්ති - ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං.
Sinhala BJTධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දෘෂ්ටිගතයන් අතුරෙහි; නිච්ඡෙය්‍ය නිශ්චය කොට විනිශ්චය කොට විමසා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට; සමුග්ගහීතං - අවධිවශයෙන් කොටස් වශයෙන් - උත්තමවශයෙන් - කොට්ඨාසවශයෙන් - රාශිවශයෙන් - විශෙෂරාශිවශයෙන් ගැනීම, මේ සැබැව තත්‍ථ්‍ය ය අවිපරිණාම ය විද්‍යමාන ය යථාස්වභාව ය අවිපරීත යයි ගන්නා ලද පරාමර්‍ශ කළ අභිනිවේස කළ ඇතුළත් වූ බැසගන්නා ලද්දක් නැත, නො වෙයි අවිද්‍යමාන වෙයි, නො ලැබෙත්, ප්‍රහීණ ය මුලුසුන් කරන ලද සන්හිඳුවන ලද දුරලන ලද උපතට නුසුදුසු කරන ලද නුවණගින්නෙන් නසන ලද නුයි - ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ, බුදුහු:
Pali BJT“යස්සූභයන්තෙ පණිධීධ නත්ථි භවාභවාය ඉධ වා හුරං වා, නිවෙසනා තස්ස න සන්ති කෙචි ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං”න්ති.
Sinhala BJT“යස්සූභයන්තෙ -පෙ- ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං” යී.
Pali BJT5. 7.
Sinhala BJT5. 7.
Pali BJTතස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්ථි අණූපි සඤ්ඤා, තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය.
Sinhala BJTඒ රහත් මහණ හට රූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටශුද්ධියෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ මුතශුද්ධියෙහි හෝ තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත වූ අණුමාත්‍ර වූ ද සංඥාවෙන් උපදවන ලද දෘෂ්ටියෙක් නැත, මේ සත්ත්‍වලෝකයෙහි (තෘෂ්ණාමානදෘෂ්ටි විසින්) දෙසැටදිටු නො ගන්නාවූ ඒ බාහිතපාපී බ්‍රාහ්මණයා රාගාදි කවර ධර්‍මයෙකින් විකල්පනය කරන්නේ ද.
Pali BJTතස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්ථි අණූපි සඤ්ඤාති ‘තස්සාති’ අරහතො ඛීණාසවස්ස, තස්ස දිට්ඨෙ වා දිට්ඨසුද්ධියා වා සුතෙ වා සුතසුද්ධියා වා මුතෙ වා මුතසුද්ධියා වා, සඤ්ඤාපුබ්බඞ්ගමතා සඤ්ඤාවිකප්පයතා, සඤ්ඤාවිග්ගහෙන සඤ්ඤාය උට්ඨපිතා සමුට්ඨපිතා කප්පිතා පකප්පිතා සඞ්ඛතා අභිසඞ්ඛතා සණ්ඨපිතා දිට්ඨි නත්ථි න සන්ති න සංවිජ්ජති නූපලබ්භති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - තස්සීධ. දිට්ඨෙව සුතෙ මුතෙ වා පකප්පිතා නත්ථි අණූපිසඤ්ඤා.
Sinhala BJTතස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්ථි අණූපි සඤ්ඤා - ‘තස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; රූපාලම්බනයෙහි හෝ, දෘෂ්ටශුද්ධියෙහි හෝ ශබ්දාලම්බනයෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ, ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි හෝ මුතශුද්ධියෙහි හෝ, සංඥා පූර්‍වඞ්ගම කොට ඇති සංඥාවිකල්පන ඇති සංඥාවිග්‍රහයෙන් සංඥාවෙන් ඔසවන ලද මොනොවට ඔසවන ලද කල්පිත වූ ප්‍රකල්පිත වූ සකස් කරන ලද මොනොවට සකස් කරන ලද පිහිටුවන ලද දෘෂ්ටියෙක් නැත, නො වෙයි, විද්‍යාමාන නො වෙයි, නො ලැබෙයි, ප්‍රහීණ වූවා සමුච්ඡින්න වූවා සන්හිඳුණා දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී නුයි - ‘තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්ථි අණූපි සඤ්ඤා’ යනු වේ.
Pali BJTතං බ්රාහ්මණං දිට්ඨිමනාදියානන්ති - බ්රාහ්මණොති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො, සක්කායදිට්ඨි බාහිතා හොති, -පෙ- අසිතො{1} තාදී පවුච්චතෙ ස බ්රහ්මා; තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානන්ති - තං බ්රාහ්මණං දිට්ඨිමනාදියන්තං අගණ්හන්තං අපරාමසන්තං අනභිනිවිසන්තන්ති ‘තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං’
Sinhala BJTතං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං - ‘බ්‍රාහ්මණො’ යනු: සප්තධර්‍ම කෙනකුන් බාහිත හෙයින් බ්‍රාහ්මණ යැ...(4. 3. සූත්‍රනිර්දේශය.) තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං - ඒ බාහිතපාපී බ්‍රාහ්මණයා දෘෂ්ටිය ආදානය නො කරනුවහු නො ගන්නහු පරාමර්‍ශනය නො කරනුවහු අභිනිවේශය නො කරනුවහු නුයි ‘තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං’යනු වේ.
Pali BJTකෙනීධ ලොකස්මිං විකප්පයෙය්යාති - ‘කප්පා’ති ද්වෙ කප්පා: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච -පෙ- අයං තණ්හාකප්පො -පෙ- අයං දිට්ඨිකප්පො. තස්ස තණ්හාකප්පො පහීනො දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො. තණ්හාකප්පස්ස පහීනත්තා දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨත්තා. කෙන රාගෙන කප්පෙය්ය? කෙන දොසෙන කප්පෙය්ය? කෙන මොහෙන කප්පෙය්ය? කෙන මානෙන කප්පෙය්ය? කාය දිට්ඨියා කප්පෙය්ය? කෙන උද්ධච්චෙන කප්පෙය්ය? කාය විචිකිච්ඡාය කප්පෙය්ය? කෙහි අනුසයෙහි කප්පෙය්ය රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති වා අනිට්ඨං ගතොති වා ථාමගතොති වා? තෙ අභිසඞ්ඛාරා පහීනා, අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා{2} කෙන කප්පෙය්ය නෙරයිකොති වා තිරච්ඡානයොනිකොති වා පෙත්තිවිසයිකොති වා මනුස්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා? සො හෙතු නත්ථි පච්චයො නත්ථි කාරණං නත්ථි යෙන කප්පෙය්ය විකප්පෙය්ය විකප්පං ආපජ්ජෙය්ය. කෙනීධ ලොකස්මින්ති - අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය.
Sinhala BJTකෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය - ‘කප්පා’ යනු: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි දෙ කල්ප කෙනෙකි: ... ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ කරන ලද, දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය ප්‍රහීණ කළ හෙයින් දෘෂ්ටිකල්පය දුරලූ හෙයින් කවර රාගයෙකින් කල්පනය කරන්නේ ද? කවර ද්වෙෂයෙකින් - කවර මොහයෙකින් - කවර මානයෙකින් - කවර දෘෂ්ටියෙකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයයෙකින් රක්ත යැයි හෝ ද්විෂ්ට යැයි හෝ මූඪ යැයි හෝ විනිබද්ධ යැයි හෝ පරාමෘෂ්ට යැයි හෝ වික්‍ෂේපයට ගියේ යැයි හෝ අනිෂ්ඨාවට ගියේ යැයි හෝ තිරබවට ගියේ යැයි හෝ කල්පනය කරන්නේ නම් ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයහ, අභිසංස්කාරයන් ප්‍රහීණ කළ වන බැවින් ගතිවශයෙන් තිරිසන් යැයි හෝ තිරිසන්ගත යැයි හෝ ප්‍රේතවිෂය ඇතියෙකැයි හෝ මිනිස් යැයි හෝ දෙවි යැයි හෝ රූපී යැයි හෝ අරූපී යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥී නාසංඥී යැයි හෝ කුමකින් කල්පනය කරන්නේ ද; යම් කරුණෙකින් කල්පනය - විකල්පනය - කරන්නේ නම් විකල්පනයට පැමිණෙන්නේ නම්, ඒ හේතුව නැත ප්‍රත්‍යය නැත කාරණය නැති; කෙනීධ ලෝකස්මිං - අපායලෝකයෙහි...ආයතනලෝකයෙහි නුයි - ‘කෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ, බුහුදු:
Pali BJT“තස්සීධ දිට්ඨෙ ව සුතෙ මුතෙ වා පකප්පිතා නත්ථි අණූපි සඤ්ඤා, තං බ්රාහ්මණං දිට්ඨිමනාදියානං කෙනීධ ලොකස්මිං විකප්පයෙය්යා”ති.
Sinhala BJT“තස්සීධ දිට්ඨෙ ව -පෙ- ලෝකස්මිං විකප්පයෙය්‍ය” යි.
Pali BJT5. 8.
Sinhala BJT5. 8.
Pali BJTන කප්පයන්ති න පුරෙක්ඛරොන්ති ධම්මාපි තෙසං න පටිච්ඡිතාසෙ, න බ්රාහ්මණො සීලවතෙන නෙය්යො පාරං ගතො න පච්චෙති තාදී.
Sinhala BJTඒ ක්‍ෂීණාස්‍රවයෝ තෘෂ්ණාදෘෂ්ටිකල්පයන් නො කෙරෙති, පෙරටු කොට නො හැසිරෙත්; ඔවුන් විසින් දෙසැට දිටුදහම්හු ද නො පිළිගන්නා ලද්දාහු වෙති. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමෙ ශීලව්‍රතය කරණ කොටගෙන ගෙනයා නො හැක්ක. යම්හෙයකින් තාදී වූ රහත් තෙම නිර්‍වාණපාරයට ගියේ මාර්‍ගයෙන් නැසූ කෙලෙසුන් කරා පෙරළා නො පැමිණේ ද එහෙයිනි.
Pali BJTන කප්පයන්ති න පුරෙක්ඛරොන්තීති - ‘කප්පාති ‘ද්වෙ කප්පා: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච.
Sinhala BJTන කප්පයන්ති න පුරෙක්ඛරොන්ති - ‘කප්පා’ යනු: තෘෂ්ණා කල්පය ද දෘෂ්ටිකල්පය දැයි දෙ කල්ප කෙනෙක් වෙති:
Pali BJTකතමො තණ්හාකප්පො? යාවතා තණ්හාසඞ්ඛාතෙන සීමකතං මරියාදීකතං{1} ඔධිකතං පරියන්තකතං{2} පරිග්ගහිතං මමායිතං: ඉදං මම එතං මම එත්තකං මමං එත්තාවතා මමං, මම රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා අත්ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථු හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨං ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරඤ්ච කෙවලම්පි මහාපඨවිං තණ්හාවසෙන මමායති, යාවතා අට්ඨසතතණ්හාවිචරිතං, අයං තණ්හාකප්පො.
Sinhala BJTතෘෂ්ණාකල්පය කවරැ යත්? යම් පමණ තෘෂ්ණාකොටසින් හිම් කරන ලද ද මර්‍ය්‍යාදා කරන ලද ද අවධි කරන ලද ද පර්‍ය්‍යන්ත කරන ලද ද අයත් කරන ලද ද මමායන කරන ලද ද: මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මාගේ රූප-ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, අතුරුණු බුමුතුරුණු යැ, දැසිදස්හු යැ, එළුතිරෙළු යැ, හූරුකුකුළු යැ, ඇත්අස්ගවවෙළඹු යැ, කෙත්වත් යැ, රන්රුවන් යැ, ගම්නියම්ගම්රජදහන්හු යැ, රට දනව්-කොටුගුල් හා සියලු මැ මහපොළොව තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි, යම්තාක් අටෝරාසියක් තෘෂ්ණාවිචරිතය වේ ද, මේ තෘෂ්ණාකල්ප නම් වෙයි.
Pali BJTකතමො දිට්ඨිකප්පො? වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරං දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පටිග්ගාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡාගාහො, අයාථාවකස්මිං යාථාවකන්ති{3} ගාහො, යාවතා ද්වාසට්ඨි දිට්ඨිගතානි; අයං දිට්ඨිකප්පො. තෙසං තණ්හාකප්පො පහීනො, දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො; තණ්හාකප්පස්ස පහීනත්තා දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨත්තා තෙ තණ්හාකප්පං වා දිට්ඨිකප්පං වා න කප්පෙන්ති න ජනෙන්ති න සංජනෙන්ති න නිබ්බත්තෙන්ති නාභිනිබ්බත්තෙන්තීති - න කප්පයන්ති;
Sinhala BJTදෘෂ්ටිකල්පය කවරැ යත්? විංශතිවස්තුකසත්කායදෘෂ්ටි යැ, දශවස්තුකමිත්‍ථ්‍යාදෘෂ්ටි යැ, දශවස්තුකඅන්තග්‍රාහිකාදෘෂ්ටි යැ යන මෙබඳු වූ යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් වේ ද, දෘඪග්‍රහණයෙක් මිත්‍ථ්‍යාමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීර්ත්‍වායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් මිත්‍ථ්‍යාග්‍රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම් දෙ සැට දෘෂ්ටි කෙනෙක් වෙත් ද මේ දෘෂ්ටිකල්ප නම් වේ. ඒ රහතුන් විසින් තෘෂ්ණාකල්පය පහන ලද, දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය පුහුන් බැවින් දෘෂ්ටිකල්පය දුරැලූ බැවින් ඔවුහු තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙති නො දනවති නූපදවත් නුයි - ‘න කප්පයන්ති’ යනු වේ.
Pali BJTන පුරෙක්ඛරොන්තීති පුරෙක්ඛාරාති ද්වෙ පුරෙක්ඛාරා: තණ්හාපුරෙක්ඛාරො ච දිට්ඨිපුරෙක්ඛාරො ච -පෙ- අයං තණ්හාපුරෙක්ඛාරො -පෙ- අයං දිට්ඨිපුරෙක්ඛාරො. තෙසං තණ්හාපුරෙක්ඛාරො පහීනො, දිට්ඨිපුරෙක්ඛාරො පටිනිස්සට්ඨො තණ්හා පුරෙක්ඛාරස්ස පහීනත්තා දිට්ඨිපුරෙක්ඛාරස්ස පටිනිස්සට්ඨත්තා න තණ්හං වා න දිට්ඨිං වා පුරතො කත්වා චරන්ති. න තණ්හාධජා න තණ්හාකෙතු න තණ්හාධිපතෙය්යා න දිට්ඨිධජා න දිට්ඨිකෙතු න දිට්ඨාධිපතෙය්යා න තණ්හාය වා න දිට්ඨියා වා පරිවාරෙත්වා චරන්තීති - න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති.
Sinhala BJTන පුරෙක්ඛරොන්ති - ‘පුරෙක්ඛාර’ නම්: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැයි දෙ පුරස්කාර කෙනෙක් වෙති ... ඒ රහතුන් විසින් තෘෂ්ණාපුරස්කාරය පහන ලද, දෘෂ්ටිපුරස්කාරය දුරලන ලද, තෘෂ්ණාපුරස්කාරය පුහුන් බැවින් දෘෂ්ටිපුරස්කාරය දුරැලූ බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙති, තෘෂ්ණාව ධ්වජ කොට ඇත්තාහු තෘෂ්ණාව කෙහෙලි කොට ඇත්තාහු තෘෂ්ණාව අධිපති කොට ඇත්තාහු දෘෂ්ටිය ධ්වජ කොට ඇත්තාහු දෘෂ්ටිය කෙහෙලි (=කොඩි) කොට ඇත්තාහු දෘෂ්ටිය අධිපති කොට ඇත්තාහු නො වෙති, තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ නො පිරිවරා හැසිරෙත් නුයි ‘න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති’ යනු වේ.
Pali BJTධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙති - ධම්මා වුච්චන්ති ද්වාසට්ඨි දිට්ඨිගතානි, තෙසන්ති තෙසං අරහන්තානං ඛීණාසවානං; න පටිච්ඡිතාසෙති සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති න පටිච්ඡිතා සෙ, අසස්සතො ලොකො, අන්තවා ලොකො, අනන්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, හොති තථාගතො පරම්මරණා, න හොති තථාගතො පරම්මරණා, හොති ච න ච හොති තථාගතො පරම්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති න පටිච්ඡිතා සෙති - ධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙ.
Sinhala BJTධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙ - ‘ධම්මා’ යී දෙසැට දෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. තෙසං ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයන් විසින්; න පටිච්ඡිතා සෙ - ලෝකය ශාශ්වත යැ මේ මැ සැබැවැ අන්‍යය සිස් යැයි නො පිළිගන්නා ලද්දාහු වෙති. ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, ආත්ම සඞ්ඛ්‍යාත ජීවයත් ශරීරයත් එය ම යැ, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ, සත්ත්‍ව තෙමේ මරණින් මතු විද්‍යමාන වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු අවිද්‍යමාන වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේ ත් නො වන්නේ ත් වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ සැබැවැ අන්‍යය සිස් යැයි නොපිළිගන්නා ලද්දාහු නුයි - ‘ධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙ’ යනු වේ.
Pali BJTන බ්රාහ්මණො සීලවතෙන නෙය්යොති - ‘නා’ති පටික්ඛෙපො; බ්රාහ්මණො ති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො, සක්කායදිට්ඨි බාහිතා හොති, -පෙ- අසිතො{1} තාදී{2} පවුච්චතෙ ස බ්රහ්මා. න බ්රාහ්මණො සීලවතෙන නෙය්යොති - බ්රාහ්මණො සීලෙන වා වතෙන{3} වා සීලබ්බතෙන{4} වා න යායති න නිය්යති{5} න වුය්හති න සංහරීයතීති - න බ්රාහ්මණො සීලවතෙන නෙය්යො.
Sinhala BJTන බ්රාහ්මණො සීලවතෙන නෙය්යො - ‘න’ යනු ප්‍රතික්‍ෂේප යැ, බ්‍රාහ්මණො - සප්තධර්‍ම කෙනකුන් බාහිත (-ප්‍රහීණ කළ) වන බැවින් බ්‍රාහ්මණ යැ, සත්කායදෘෂ්ටිය බාහිත වෙයි,... (4. 3. නිර්‍දෙශය) න බ්රාහ්මණො සීලවතෙන නෙය්‍යො - ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ ශීලව්‍රතයෙන් හෝ නො යවනු ලැබෙයි නො පමුණුවනු ලැබෙයි නො අදනු ලැබෙයි නො එළවනු ලැබේ නුයි - ‘න බ්රාහ්මණො සීලවතෙන නෙය්‍යො’ යනු වේ.
Pali BJTපාරං ගතො න පච්චෙති තාදීති - පාරං වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, සො පාරං ගතො පාරං පත්තො අන්තගතො අන්තප්පත්තො කොටිගතො කොටිප්පත්තො (විත්ථාරො) ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති - පාරං ගතො; නෙ පච්චෙතීති සොතාපත්ති මග්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති න පච්චාගච්ඡති. සකදාගාමිමග්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති න පච්චාගච්ඡති, අනාගාමිමග්ගෙන යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති න පච්චාගච්ඡති, අරහත්තමග්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති න පච්චාගච්ඡතීති - පාරං ගතො න පච්චෙති;
Sinhala BJTපාරං ගතො න පච්චෙති තාදී - අමාමහනිවන ‘පාරං’ යයි කියනු ලැබෙයි, සියලු සංස්කාරයෙන් සන්හිඳුණු සියලු උපධි දුරු කළ තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස්රජස් නැති සියලු දුක් නිරුද්ධ වූ නිර්‍වාණය යි; ඒ ක්‍ෂීණාස්‍රව පාරයට ගියේ පාරයට පැමිණියේ... (1. 6. සූත්‍රනිර්දේශය.) නුයි - ‘පාරං ගතො’ යනු වේ. න පච්චෙති - සෝවාන්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා නැවත නො එයි පෙරළා නො එයි ආපසු නො පැමිණෙයි, සකෘදාගාමීමඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො පැමිණෙයි - අනාගාමීමඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො පැමිණෙයි - රහත් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා නැවත නො එයි පෙරළා නො පැමිණෙයි ආපසු නො පැමිණේ නුයි - ‘පාරං ගතො න පච්චෙති’ යනු වේ.
Pali BJTතාදීති අරහා පඤ්චහාකාරෙහි තාදී: ඉට්ඨානිට්ඨෙ තාදී, චත්තාවීති තාදී, තිණ්ණාවීති තාදී, මුත්තාවීති තාදී, තංනිද්දෙසා තාදී. කථං අරහා ඉට්ඨානිට්ඨෙ තාදී? අරහා ලාභෙපි තාදී, අලාභෙපි තාදී, යසෙපි තාදී, අයසෙපි තාදී, පසංසායපි තාදී, නින්දායපි තාදී, සුඛෙපි තාදී දුක්ඛෙපි තාදී, එකං චෙ බාහං{1} ගන්ධෙන ලිම්පෙය්යුං,{2} එකං චෙ බාහං{1} වාසියා තච්ඡෙය්යුං, අමුස්මිං නත්ථි රාගො, අමුස්මිං නත්ථි පටිඝං. අනුනයපටිඝවිප්පහීනො උග්ඝාතිනිඝාතිවීතිවත්තො අනුරොධවිරොධං සමතික්කන්තො; එවං අරහා ඉට්ඨානිට්ඨෙ තාදී. කථං අරහා චත්තාවීති තාදී? අරහතො රාගො චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො, දොසො මොහො කොධො උපනාහො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසඞ්ඛාරා චත්තා වන්තා මුතා පහීනා පටිනිස්සට්ඨා, එවං අරහා චත්තාවීති තාදී. කථං අරහා තිණ්ණාවීති තාදී? අරහා කාමොඝං තිණ්ණො භවොඝං තිණ්ණො දිට්ඨොඝං තිණ්ණො අවිජ්ජොඝං තිණ්ණො සබ්බං සංසාරපථං{3} තිණ්ණො උත්තිණ්ණො නිත්තිණ්ණො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තො, සො වුත්ථවාසො චිණ්ණචරණො ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති. එවං අරහා තිණ්ණාවීති තාදී. කථං අරහා මුත්තාවීති තාදී? අරහතො රාගා චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං; දොසා චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං, මොහා චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං, කොධා උපනාහා මක්ඛා පළාසා ඉස්සාය මච්ඡරියා මායාය සාඨෙය්යා ථම්භා සාරම්භා මානා අතිමානා මදා පමාදා සබ්බකිලෙසෙහි සබ්බදුච්චරිතෙහි සබ්බදරථෙහි සබ්බපරිළාහෙහි සබ්බසන්තාපෙහි සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං, එවං අරහා මුත්තාවීති තාදී. කථං අරහා තන්නිද්දෙසා තාදී? අරහා සීලෙ සති සීලවාති තංනිද්දෙසා තාදී; සද්ධාය සති සද්ධොති තංනිද්දෙසා තාදී, විරියෙ සති විරියවාති තංනිද්දෙසා තාදී, සතියා සති සතිමාති තංනිද්දෙසා තාදී, සමාධිස්මිං සති සමාහිතොති තංනිද්දෙසා තාදී, පඤ්ඤාය සති පඤ්ඤවාති තං නිද්දෙසා තාදී, විජ්ජාය සති තෙවිජ්ජොති තංනිද්දෙසා තාදී, අභිඤ්ඤාය සති ඡළභිඤ්ඤොති තංනිද්දෙසා තාදී, එවං අරහා තංනිද්දෙසා තාදීති - පාරඞ්ගතො න පච්චෙති තාදී.
Sinhala BJTතාදී යනු - රහත්හු පස්කරුණෙකින් තාදීහ: ඉටුඅනිටුයෙහි තාදී (-සමානය) හ, කෙලෙසුන් හළහු නුයි තාදීහ, සසර තරණය කළාහු නුයි තාදීහ, රාගාදියෙන් මිදුණාහු නුයි තාදීහ, තන්නිද්දෙසයෙන් (-ඒ ඒ ශීලශ්‍රද්ධාදියෙන් දැක්විය යුත්තාහු නුයි) තාදීහ. කිසෙයින් රහත්හු ඉෂ්ටානිෂ්ටයෙහි තාදී සේක් ද යත්: රහත්හු ලාභයෙහි දු තාදීහ, අලාභයෙහි දු - යශස්හි දු - අයශස්හි දු - ප්‍රශංසායෙහි දු - නින්‍දායෙහි දු - සුඛයෙහි දු - දුඃඛයෙහි දු තාදී සේක. ඉදින් එක් බාහුවක් සිවුදැගඳින් ආලේප කරන්නාහු නම්, අනෙක් බාහුව වෑයකින් සස්නාහු නම් අර ගන්‍ධාලෙපයෙහි ඇලීමෙක් නැත, අර සැසීමෙහි කොපයෙක් නැත; රාගද්වේෂ දුරු කොට සිටිහය, අනුග්‍රහනිග්‍රහ ඉක්මවා සිටියහ, අනුනයප්‍රතිඝ මොනොවට ඉක්මැවූහ. මෙසේ රහත්හු ඉෂ්ටානිෂ්ටයෙහි තාදී සේක. කිසෙයින් රහත්හු කෙලෙස් හළ හෙයින් ‘තාදී’ වූහ යත්: රහත්හු විසින් රාගය ත්‍යක්ත යැ වාන්ත යැ ප්‍රහීණ යැ දුරලන ලද්දේයැ, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - යුගග්‍රාහය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයෝ - සියලු දුශ්චරිතයෝ - සියලු දරථයෝ - සියලු පරිදාහයෝ - සියලු සන්තාපයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ - ත්‍යක්තයහ වාන්තයහ මුක්තයහ ප්‍රහීණයහ දුරලන ලද්දාහ. මෙසෙයින් රහත්හු කෙලෙසුන් හළ හෙයින් ‘තාදී’ නම් වූ සේක. කිසෙයින් රහත්හු සසර තරණය කළහෙයින් ‘තාදී’ වූහ යත්: රහත්හු කාමෞඝය තරණය කළහ, භවෞඝය - දෘෂ්ට්‍යෞඝය - අවිද්‍යා - ඕඝය තරණය කළහ, සියලු සංසාරපථය තරණය කළහ, උත්තරණය - නිස්තරණය කළහ, ඉක්මැවූහ, මැනවින් ඉක්මැවූහ, වෙසෙසින් ඉක්මැවූහ, ඒ රහත්හු වුසූ ආර්‍ය්‍යවාස ඇතියහ, පුරුදු කළ චරණධර්‍ම ඇතියහ...(1. 6. සූත්‍රනිර්දේශය.) මෙසෙයින් රහත්හු තරණය කළහෙයින් රහත් නම් වූ සේක කිසෙයින් රහත්හු මිදුණු හෙයින් ‘තාදී’ වූහ යත්: රහත්හුගේ සිත රාගයෙන් මුක්ත ය විමුක්ත ය සුවිමුක්ත ය, ද්වේෂයෙන් - මෝහයෙන් මුක්ත ය විමුක්ත ය සුවිමුක්ත ය, ක්‍රෝධයෙන් උපනාහයෙන් මක්ඛයෙන් පළාසයෙන් ඊර්‍ෂ්‍යායෙන් මායාවෙන් ශාඨ්‍යයෙන් ස්තම්භයෙන් සාරම්භයෙන් මානයෙන් අතිමානයෙන් ප්‍රමාදයෙන් මදයෙන් සර්‍වදුශ්චරිතයෙන් සර්‍වදරථයෙන් සර්‍වපරිදාහයෙන් සර්‍වසන්තාපයෙන් සර්‍වාකුශලාභිසංස්කාරයන් කෙරෙන් මුක්තය විමුක්තය සුවිමුක්තය. මෙසෙයින් රහත්හු රාගාදියෙන් මිදුණු හෙයින් තාදී නම් වූහ. කිසෙයින් රහත්හු තන්නිර්‍දෙශයෙන් ‘තාදී’ වූහ යත්: ශීලය ඇති කල්හි ‘සිල්වත්හ’ යි ඒ ශීලයෙන් දැක්විය යුතු හෙයින් තාදීහ, ශ්‍රද්ධා ඇති කල්හි ‘සැදැහැවත්හ’ යි එයින් නිදෙසිය යුතු හෙයින් තාදීහ, වීර්‍ය්‍ය ඇති කල්හි ‘වීර්‍ය්‍යවත්හ’යි... ස්මෘතිය ඇති කල්හි ‘ස්මෘතිමත්හ’යි ...සමාධිය ඇති කල්හි ‘සමාහිත’යයි ...ප්‍රඥාව ඇති කල්හි ‘ප්‍රඥාවත්හ’යි ...විද්‍යාව ඇති කල්හි ‘ත්‍රිවිද්‍යා ඇත්තාහ’යි ...අභිඥාව ඇති කල්හි ‘ෂඩභිඥයහ’යි ඒ අභිඥායෙන් දැක්වියයුතු හෙයින් තාදී නම් වූහ. මෙසෙයින් රහත්හු තන්නිර්‍දෙශයෙන් ‘තාදී’ නම් වූවාහු නුයි - ‘පාරං ගතො න පච්චෙති තාදී’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති ධම්මාපි තෙසං න පටිච්ඡිතා සෙ, න බ්රාහ්මණො සීලවතෙන නෙය්යො පාරඞ්ගතො න පච්චෙති තාදීති.
Sinhala BJT“න කප්පයන්ති -පෙ- න පච්චෙති තාදී” යනු.
Pali BJTපරමට්ඨකසුත්තනිද්දෙසො පඤ්චමො.
Sinhala BJTපස්වැනි පරමට්ඨකසූත්‍රනිර්‍දෙශය යි.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJTජරාසුත්තනිද්දෙසො
Sinhala BJTජරාසූත්‍රනිර්දේශය
Pali BJTඅථ ජරාසුත්තනිද්දෙසො{1} වුච්චති:
Sinhala BJTඉක්බිති ජරාසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ:
Pali BJT6. 1.
Sinhala BJT6. 1.
Pali BJTඅප්පං වත ජීවිතං ඉදං ඔරං වස්සසතාපි මීයති,{2} යො චෙපි අතිච්ච ජීවති අථ ඛො සො ජරසාපි මීයති.
Sinhala BJTමිනිසුන්ගේ මේ ජීවිතය ඒකාන්තයෙන් අල්ප වෙයි. අවුරුදු සියයකින් මෙපිට (කලලාදි කාලයෙහි දු) මැරෙයි. ඉදින් යමෙක් සියක් වස් ඉක්මවා ජීවත් වේ නම්, එකල හෙතෙම ජරාවෙන් නමුදු මියන්නේ යි.
Pali BJTඅප්පං වත ජීවිතං ඉදන්ති - ‘ජීවිත’න්ති ආයු ඨිති{3} යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං; අපිච ද්වීහි කාරණෙහි අප්පකං ජීවිතං, ථොකකං ජීවිතං; ඨිතිපරිත්තතාය වා අප්පකං ජීවිතං, සරසපරිත්තතාය වා අප්පකං ජීවිතං. කථං ඨිතිපරිත්තතාය වා අප්පකං ජීවිතං? අතීතෙ චිත්තක්ඛණෙ ජීවිත්ථ න ජීවති න ජීවිස්සති; අනාගතෙ චිත්තක්ඛණෙ ජීවිස්සති න ජීවති න ජීවිත්ථ; පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙ ජීවති න ජීවිත්ථ න ජීවිස්සති.
Sinhala BJTඅප්පං වත ජීවිතං ඉදං - ‘ජීවිතං’ යනු: (අරූපධර්‍මයන්ගේ) ආයුසය සිටීම යපනය යාපනය (=යැපීම) ඉරීයනය පැවැත්ම පාලනය ජීවිතය ජීවිතේන්‍ද්‍රිය යි. තවද, දෙ කරුණෙකින් ජීවිතය අල්ප වෙයි: ස්ථිතික්‍ෂණය මඳ බැවින් හෝ ජීවිතය අල්ප යැ, කෘත්‍යලක්‍ෂණ හෝ සම්පත්තිලක්‍ෂණ රසය මඳ බැවින් හෝ ජීවිතය අල්ප යි. කිසෙයින් ස්ථිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්? අතීත චිත්තක්‍ෂණයෙහි ජීවත් විය, ජීවත් නො වෙයි, ජීවත් නො වන්නේ ය; අනාගත චිත්තක්‍ෂණයෙහි ජීවත් වන්නේ යැ, ජීවත් නො වෙයි, ජීවත් නො වී; වර්‍තමාන චිත්තක්‍ෂණයෙහි ජීවත් වෙයි, ජීවත් නො වී, ජීවත් නො වන්නේ යි.
Pali BJT1. ජීවිතං අත්තභාවො ච සුඛදුක්ඛා ච කෙවලා, එකචිත්තසමායුත්තා ලහුසො වත්තතෙ ඛණො.
Sinhala BJT1. (සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ජීවිතය ද, (රූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මය ද, (වේදනාස්කන්‍ධ සඞ්ඛ්‍යාත) සුවදුක් ද, (ධුවසුඛසුභත්තභාව රහිත හෙයින්) කේවල වූවාහු (විඥානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) එක් සිතක් සමග යෙදුණාහු ඒ (ජීවිතාදීන්ගේ) ක්‍ෂණය අල්ප වශයෙන් පවත්නේ යැ.
Pali BJT2. චුල්ලාසීති සහස්සානි කප්පා{4} තිට්ඨන්ති යෙ මරූ, නත්වෙව තෙපි ජීවන්ති ද්වීහි චිත්තෙහි සංයුතා{5}.
Sinhala BJT2. යම් දෙවි කෙනෙක් කප් සුවාසූදහසක් ආයු ගෙන (නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි) සිටිත් නම්, ඔහු පවා දෙ සිතෙකින් යුක්ත වූවාහු නො මැ ජීවත් වෙති.
Pali BJT3. යෙ නිරුද්ධා මරන්තස්ස තිට්ඨමානස්ස වා ඉධ, සබ්බෙපි{6} සදිසා ඛන්ධා ගතා අප්පටිසන්ධිකා.{7}
Sinhala BJT3. මෙ ලොවැ මළහුගේ හෝ ජීවත් වන්නහුගේ හෝ යම් ස්කන්‍ධ කෙනෙක් නිරුද්ධ වූවාහු ද, (ච්‍යුතියෙන් උඩ නිරුද්ධ වූ හෝ) ප්‍රවෘත්තියෙහි නිරුද්ධ වූ හෝ ඒ සියලු මැ ස්කන්‍ධයෝ ගියාහු අප්‍රතිසන්‍ධිකයෝ යැයි කියනු ලැබෙත්.
Pali BJT4. අනන්තරා ච යෙ භග්ගා යෙ ච භග්ගා අනාගතා, තදන්තරෙ නිරුද්ධානං වෙසමං{8} නත්ථි ලක්ඛණෙ.
Sinhala BJT4. යම් ස්කන්‍ධ කෙනෙක් අනන්තර (=අතීත) වැ සිට බිඳී ගියාහු ද, යම් අනාගත ස්කන්‍ධ කෙනෙකුත් බිඳී යන්නාහු ද, ඒ අතුරැ නිරුද්ධ වූ වර්‍තමානස්කන්‍ධයන්ගේ ලක්‍ෂණයෙහි විෂම බවෙක් (=නානාත්‍වයෙක්) නැති.
Pali BJT5. අනිබ්බත්තෙන න ජාතො පච්චුප්පන්නෙන ජීවති, චිත්තභඞ්ගා මතො ලොකො පඤ්ඤත්තිපරමත්ථියා.{9}
Sinhala BJT5. නූපන් අනාගතස්කන්‍ධයෙන් නූපන්නේ යැ, ක්‍ෂණප්‍රත්‍යුත්පන්න වූ වර්‍තමානස්කන්‍ධයෙන් ජීවත් වෙයි, ලෝවැසි තෙම චිත්තයාගේ බිඳීමෙන් මළේ තම, (දත්ත මළේය, තිස්ස මළේය යන) ප්‍රඥප්තිය චිත්තභඞ්ගසඞ්ඛ්‍යාත පරමාර්ත්‍ථය නිඃශ්‍රිත කොට ඇත.
Pali BJT6. යථා නින්නා පවත්තන්ති ඡන්දෙන පරිණාමිතා, අච්ඡින්නධාරා වත්තන්ති සළායතනපච්චයා.
Sinhala BJT6. ඡන්‍ද විසින් පරිණාමිත වූවාහු නතු වූ පරිදි පවත්නාහු යැ, ෂඩායතනප්‍රත්‍යයෙන් නුසුන් ධාරා (=සන්තති) ඇති වැ පවතිත්.
Pali BJT7. අනිධානගතා භග්ගා පුඤ්ජො නත්ථි අනාගතෙ, නිබ්බත්තායෙව තිට්ඨන්ති ආරග්ගෙ සාසපූපමා.
Sinhala BJT7. බිඳුණු ස්කන්‍ධයෝ නිධානයට (=රැස්වීමට) නො ගියාහු යැ, අනාගතයෙහි දු ඔවුන්ගේ රැස්වීමෙක් නැති, උපන්නාහු මැ හිදිඅගැ අබඇට සෙයින් ස්ථිතික්‍ෂනයෙහි සිටිත්.
Pali BJT8. නිබ්බත්තානඤ්ච ධම්මානං භඞ්ගො නෙසං පුරක්ඛතො, පලොකධම්මා තිට්ඨන්ති පුරාණෙහි අමිස්සිතා.
Sinhala BJT8. ඉපැදැ පවත්නාවූ ඒ ස්කන්‍ධධර්‍මයන්ගේ ද බිඳීම පෙරටු කරන ලද්දේ යැ, නැසෙන පියවි ඇත්තාහු පැරණි ස්කන්‍ධයන් හා අමිශ්‍ර වූවාහු සිටිත්.
Pali BJT9. අදස්සනාතො ආයන්ති භඞ්ගා ගච්ඡන්ති අදස්සනං,{1} විජ්ජුප්පාදොව ආකාසෙ උප්පජ්ජන්ති වයන්ති චාති.
Sinhala BJT9. නොදක්නාහු මැ පැමිණෙති (=උපදිති). නැසීමෙන් මතු නො දක්නා බවට මැ යෙති. අහසැ විදුලි කෙටීමක් මෙන් උපදනාහු ද නැසෙන්නාහු ද වෙත්.
Pali BJTඑවං ඨිතිපරිත්තතාය අප්පකං ජීවිතං.
Sinhala BJTමෙසේ ස්ථිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
Pali BJTකථං සරසපරිත්තතාය අප්පකං ජීවිතං? අස්සාසූපනිබද්ධං ජීවිතං, පස්සාසූපනිබද්ධං ජීවිතං, අස්සාසපස්සාසූපනිබද්ධං ජීවිතං, මහාභූතුපනිබද්ධං ජීවිතං, කබලීකාරාහාරූපනිබද්ධං ජීවිතං, උස්මූපනිබද්ධං ජීවිතං, විඤ්ඤාණූපනිබද්ධං ජීවිතං. මූලම්පි ඉමෙසං දුබ්බලං, පුබ්බහෙතු’පි ඉමෙසං දුබ්බලා, යෙපි පච්චයා තෙ’පි දුබ්බලා, යාපි පභවිකා සාපි{2} දුබ්බලා, සහභූපි{3} ඉමෙසං දුබ්බලා, සම්පයොගා’පි ඉමෙසං දුබ්බලා, සහජාපි ඉමෙසං දුබ්බලා, යා’පි පයොජිකා සා’පි දුබ්බලා, අඤ්ඤමඤ්ඤං නිච්චදුබ්බලා ඉමෙ, අඤ්ඤමඤ්ඤං අනවට්ඨිතා ඉමෙ, අඤ්ඤමඤ්ඤං පරිපාතයන්ති ඉමෙ, අඤ්ඤමඤ්ඤස්ස හි නත්ථි තායිතා, න චාපි ඨපෙන්ති අඤ්ඤමඤ්ඤං ඉමෙ. යො’පි නිබ්බත්තකො සො න විජ්ජති.
Sinhala BJTකිසෙයින් සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්? ආශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ප්‍රශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ආශ්වාසප්‍රශ්වාස පිළිබඳ යැ ජීවිතය, පෘථිව්‍යාදි මහාභූතයන් පිළිබඳ යැ ජීවිතය, කවලීකාරාහාරය පිළිබඳ යැ ජීවිතය. උණුසුම (=කර්‍මජතෙජස) පිළිබඳ යැ ජීවිතය, භවාඞ්ගවිඥානය පිළිබඳ යැ ජීවිතය. මේ ආශ්වාසාදීන් ගේ මූලකාරණය (=හේතුව) ද දුබල යැ, මොවුන් ගේ අවිද්‍යාදි පූර්‍වහෙතූහු ද දුබලයෝ යැ, ආරම්මණාදි අසාධාරණප්‍රත්‍යයෝ ද දුබලයෝ යැ, ප්‍රධාන වැ සිට උපදවන ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුන්ගේ සමග උපන් රූපාරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන් ගේ එක් වැ යෙදුණු අරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන්ගේ සහජධර්‍මයෝ ද දුබලයෝ යැ, ච්‍යුතිප්‍රතිසන්‍ධි විසින් යොදවන වෘත්තමූලක වූ ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුහු ඔවුනොවුන් නිරතුරු දුබලයෝ යැ. මොහු ඔවුනොවුන් අනවස්ථිතයෝ යැ, මොහු ඔවුනොවුන් පිරිහෙළති, ඔවුනොවුන් රැකීමෙක් නැති, මොහු ඔවුනොවුන් නො ද සිටුවති. මොවුන්ගේ උත්පාදකධර්‍මය ද නැත්.
Pali BJT10. “න ච කෙනචි කොචි හායති භඞ්ගබ්යා{4} ඉමෙ හි සබ්බසො, පුරිමෙහි පභාවිතා ඉමෙ යෙපි පභවකා{5} තෙ පුරෙ මතා පුරිමා’පි ච පච්ඡිමා’පි ච අඤ්ඤමඤ්ඤං න කදාචිමාද්දසු”න්ති.
Sinhala BJT10. එකෙක් එකක්හුගේ වශයෙන් නො ද පිරිහෙයි. මේ සියලු මැ ස්කන්‍ධයෝ සර්‍වප්‍රකාරයෙන් බිඳීමට යායුත්තාහු යැ. මේ වර්‍තමානස්කන්‍ධයෝ පූර්‍වහෙතුප්‍රත්‍යයන් විසින් උපදවන ලද්දාහු යැ. උත්පාදක වූ ඒ පූර්‍වහෙතුප්‍රත්‍යයෝ පළමු මැ මළාහු යැ. පූර්‍වහෙතුප්‍රත්‍යයෝ ද වර්‍තමාන ප්‍රත්‍යයසමුත්පන්නයෝ ද ඔවුනොවුන් කිසි කලෙක නොදුටුවිරූහ.
Pali BJTඑවං සරසපරිත්තතාය අප්පකං ජීවිතං.
Sinhala BJTමෙසේ සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
Pali BJTඅපි ච චාතුම්මහාරාජිකානං දෙවානං ජීවිතං උපාදාය මනුස්සානං අප්පකං ජීවිතං පරිත්තං ජීවිතං ථොකං ජීවිතං ඛණිකං ජීවිතං ලහුකං ජීවිතං ඉත්තරං ජීවිතං අනද්ධනියං ජීවිතං න චිරට්ඨිතිකං ජීවිතං. තාවතිංසානං දෙවානං - යාමානං දෙවානං - තුසිතානං දෙවානං - නිම්මාණරතීනං දෙවානං - පරනිම්මිතවසවත්තීනං දෙවානං - බ්රහ්මකායිකානං දෙවානං ජීවිතං උපාදාය මනුස්සානං අප්පකං ජීවිතං පරිත්තං ජීවිතං ථොකං ජීවිතං ඛණිකං ජීවිතං ලහුකං ජීවිතං ඉත්තරං ජීවිතං අනද්ධනියං ජීවිතං න චිරට්ඨිතිකං ජීවිතං. වුත්තම්පි චෙතං භගවතා:
Sinhala BJTතවද - චාතුර්මහාරාජික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්‍ෂණික යැ, ජීවිතය සැහැල්ලු යැ, ඉත්‍වර යැ, ජීවිතය කල් නොපවත්නේ යැ, ජීවිතය චිරස්ථායී නො වේ. ත්‍රයත්‍රිංශත් දෙවියන්ගේ - යාමදෙවියන්ගේ - තුෂිතදෙවියන්ගේ - නිර්‍මාණරතීදෙවියන්ගේ - පරනිර්‍මමිතවශවර්‍තතී දෙවියන්ගේ - බ්‍රහ්මකායික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්‍ෂණික යැ, ජීවිතය ලහුක යැ, ජීවිතය ඉත්‍වර යැ, ජීවිතය අනද්ධනිය යැ, ජීවිතය අචිරස්ථායී වේ. වදාරන ලද මැනු භාග්‍යවත්හු විසින්: