Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 2300

SegmentPali BJTSinhala BJT
Pali BJTදිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා{1} ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, තස්මා නරො තෙසු නිවෙසනෙසු නිරස්සති{2} ආදියතිච්ච{3} ධම්මං.
Sinhala BJTඉදංසච්චාභිනිවේස සඞ්ඛ්‍යාත දෘෂ්ටිනිවෙශනයෝ යම් හෙයකින් සුව සේ ඉක්මැවිය හෙන්නාහු නො වෙත් ද, දෙසැට දිටුදම් අතුරෙහි මොනොවට බැසගත් ඒ ඒ ධර්‍මය නිශ්චය කොට පවත්නේ ද, එහෙයින් සත්ත්‍ව තෙමේ ඒ දෘෂ්ටිනිවෙශනයන්හි අජශීල ගොශීලාදි ධර්‍මය හරනේ ද වෙයි, ගන්නේත් වේ.
Pali BJTදිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තාති - ‘දිට්ඨිනිවෙසා’ති ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති අභිනිවෙසපරාමාසො දිට්ඨිනිවෙසනං. ‘අසස්සතො ලොකො, අන්තවා ලොකො, අනන්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, හොති තථාගතො පරම්මරණා, න හොති තථාගතො පරම්මරණා, හොති ච න ච හොති තථාගතො පරම්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති අභිනිවෙසපරාමාසො දිට්ඨිනිවෙසනන්ති දිට්ඨිනිවෙසා; න හි ස්වාතිවත්තාති - දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා,{1} දුරතිවත්තා දුත්තරා දුප්පතරා දුස්සමතික්කමා දුබ්බීතිවත්තාති ‘දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා.’
Sinhala BJTදිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා - ‘දිට්ඨිනිවෙසා’ යනු: ‘ආත්මභාව සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය සිස්’ යැයි, අභිනිවේශයෙන් පරාමර්‍ශනය කිරීම දෘෂ්ටිනිවෙශන යැ; (‘අසස්සතො’ යන ආදිය 3-2 ගාථානිද්දෙසයෙහි යැ.) න හි ස්වාතිවත්තා - දෘෂ්ටිනිවෙශනයෝ නො මැ සුව සේ ඉක්මැවිය හෙන්නාහු, දුක සේ ඉක්මැවිය යුත්තාහු, දුස්තර වූවාහු දුෂ්ප්‍රතර වූවාහු නුයි ‘න හි ස්වාතිවත්තා’ යනු වේ.
Pali BJTධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතන්ති - ‘ධම්මෙසූ’ති ද්වාසට්ඨි දිට්ඨිගතෙසු; නිච්ඡෙය්යාති නිච්ඡිනිත්වා විනිච්ඡිනිත්වා{4} විචිනිත්වා පවිචිනිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා; සමුග්ගහීතන්ති නිවෙසනෙසු ඔධිග්ගාහො බිලග්ගාහො වරග්ගාහො කොට්ඨාසග්ගාහො උච්චයග්ගාහො සමුච්චයග්ගාහො, ඉදං සච්චං තච්ඡං තථං භූතං යථාසභාවං{5} අවිපරීතං ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තන්ති - ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං.
Sinhala BJTධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයන්හි; නිච්ඡෙය්‍ය - නිශ්චය කොට විනිශ්චය කොට විමසා සර්‍වප්‍රකාරයෙන් විමසා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට; සමුග්ගහීතං - දෘෂ්ටිනිවෙශනයන්හි අවධි කොට ගැනීම යැ, කොටස් වශයෙන් ගැනීම යැ, උත්තමග්‍රාහ යැ, කොට්ඨාසග්‍රාහ යැ, රාශිවශයෙන් ගැනීම යැ, විශෙෂරාශිවශයෙන් ගැනීම යි; මෙය මැ ස්වභාව යැ අවිපරීත යැ අවිපරිණාම යැ විද්‍යමාන යැ යථාස්වභාව යැ විපරීත නො වේ යැයි ගන්නා ලද පරාමර්‍ශ කළ අභිනිවේශ කළ බැසගන්නා ලද නිශ්චය කර ගන්නා ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.
Pali BJTතස්මා නරො තෙසු නිවෙසනෙසූති - ‘තස්මා’ති - තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා; නරොති සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගූ{6} ජන්තු ඉන්දගු හින්දගු මනුජො; තෙසු නිවෙසනෙසූති - තෙසු දිට්ඨිනිවෙසනෙසූති ‘තස්මා නරො තෙසු නිවෙසනෙසු.’
Sinhala BJTතස්මා නරෝ තෙසු නිවෙසනෙසු - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; නරෝ - සත්ත්‍ව යැ නර යැ මාණව යැ පුරුෂ යැ පුද්ගල යැ ජීව යැ (ජාතියට යේ නුයි) ජාගු යැ ජන්තු යැ (ඉන්‍ද්‍රියයෙන් යේ නුයි) ඉන්දගු යැ (මරණයට යේ නුයි) හින්දගු යැ මනුජ යැ; තෙසු නිවෙසනෙසු - ඒ දෘෂ්ටිනිවෙශනයන්හි නුයි ‘තස්මා නරෝ තෙසු නිවෙසනෙසු’ යනු වේ.
Pali BJTනිරස්සති{1} ආදියතිච්ච{2} ධම්මන්ති - ‘නිරස්සතී’ති ද්වීහි කාරණෙහි නිරස්සති: පරවිච්ඡින්දනාය වා නිරස්සති, අනභිසම්භුණන්තො වා නිරස්සති. කථං පරවිච්ඡින්දනාය වා නිරස්සති? පරො විච්ඡින්දෙති, සො සත්ථා න සබ්බඤ්ඤූ, ධම්මො න ස්වාක්ඛාතො, ගණො න සුපටිපන්නො, දිට්ඨි න භද්දිකා පටිපදා න සුපඤ්ඤත්තා, මග්ගො න නිය්යානිකො, නත්ථෙත්ථ{3} සුද්ධි වා විසුද්ධි වා පරිසුද්ධි වා මුත්ති වා විමුත්ති වා පරිමුත්ති වා, නත්ථෙත්ථ සුජ්ඣන්ති වා විසුජ්ඣන්ති වා පරිසුජ්ඣන්ති වා මුච්චන්ති වා විමුච්චන්ති වා පරිමුච්චන්ති වා, හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා{4} පරිත්තාති එවං පරො විච්ඡින්දෙති. එවං විච්ඡින්දියමානො සත්ථාරං නිරස්සති, ධම්මක්ඛානං නිරස්සති, ගණං නිරස්සති, දිට්ඨිං නිරස්සති, පටිපදං නිරස්සති, ධම්මක්ඛානං නිරස්සති, ගණං නිරස්සති, දිට්ඨිං නිරස්සති, පටිපදං නිරස්සති, මග්ගං නිරස්සති, එවං පරවිච්ඡින්දනාය නිරස්සති. කථං අනභිසම්භුණන්තො නිරස්සති? සීලං අනභිසම්භුණන්තො සීලං නිරස්සති, වතං අනභිසම්භුණන්තො වතං නිරස්සති, සීලබ්බතං අනභිසම්භුණන්තො සීලබ්බතං නිරස්සති. ආදියතිච්ච ධම්මන්ති - සත්ථාරං ගණ්හාති, ධම්මක්ඛානං ගණ්හාති, ගණං ගණ්හාති දිට්ඨිං ගණ්හාති, පටිපදං ගණ්හාති, මග්ගං ගණ්හාති පරාමසති අභිනිවිසතීති ‘නිරස්සති ආදියතිච්ච ධම්මං.’
Sinhala BJTනිරස්සති ආදියතිච්ච ධම්මං - ‘නිරස්සති’ යනු: දෙකරුණෙකින් දුර ලයි: පරවිච්ඡන්දනායෙන් හෝ දුර ලයි, අනභිසම්භවනයෙන් හෝ දුර ලයි. කිසෙයින් පරවිච්ඡන්දනායෙන් (=අන්‍යයන් විසින් වෙන් කරනු ලැබීමෙන්) දුර ලයි යත් - අනෙකෙක් වියෝග කෙරෙයි: ‘ඒ ශාස්තෘ සර්‍වඥ නො වෙයි. ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය සොඳුරු නො වෙයි, ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය නෛර්‍ය්‍යාණික නො වෙයි, මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් - පාරිශුද්ධියක් - මුක්තියක් - විමුක්තියක් - පරිමුක්තියක් හෝ නැත; මෙහි ශුද්ධ වෙතී හෝ විශුද්ධ වෙතී - පරිශුද්ධ වෙතී - මුක්ත වෙතී - විමුක්ත වෙතී - පරිමුක්ත වෙතී හෝ නැත; හීනයෝ යැ, නිහීනයෝ යැ, අවමකයෝ යැ, ලාමකයෝ යැ, ඡත්තක (=ප්‍රත්‍යයහීන)යෝ යැ, අල්පයෝ යැ’යි මෙසෙයින් අනෙකෙක් වියෝග කරවයි. මෙසේ වියෝග කරනු ලබනුයේ ශාස්තෘහු දුර ලයි, ධර්‍මාඛ්‍යානය - ගණයා - දෘෂ්ටිය - ප්‍රතිපදාව - මාර්‍ගය දුර ලයි. මෙසේ පරවිච්ඡන්දනායෙන් දුර ලයි. කිසෙයින් අනභිසම්භවනයෙන් (=නොපැමිණෙනුයේ හෝ නො හැකි වනුයේ) දුර ලයි යත්: ශීලය නො පුරනුයේ ශීලය දුර ලයි, ව්‍රතය නො පුරනුයේ ව්‍රතය දුර ලයි, ශීලව්‍රතය නො පුරනුයේ ශීලව්‍රතය දුර ලයි. ආදියතිච්ච ධම්මං - ශාස්තෘහු ගනී, ධර්‍මාඛ්‍යානය - ගණයා - දෘෂ්ටිය - ප්‍රතිපදාව - මාර්‍ගය ගනී පරාමර්‍ශ කෙරෙයි, බැසගනී නුයි ‘නිරස්සති ආදියතිච්ච ධම්මං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, තස්මා නරො තෙසු නිවෙසනෙසු නිරස්සතී{1} ආදියතිච්ච{2} ධම්ම”න්ති.
Sinhala BJT“දිට්ඨනිවෙසා -පෙ- ආදියතිච්ච ධම්මං” යනු.
Pali BJT3. 7.
Sinhala BJT3. 7.
Pali BJTධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසු, මායඤ්ච මානඤ්ච පහාය ධොනො ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො.
Sinhala BJTයම් හෙයකින් ධුතපාප ඇති ක්‍ෂීණාස්‍රව මහණහු හට කාමාදිභවයන්හි ආත්මභාවලොකයෙහි කිසි තැනෙක්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රකල්පිත (=සලකන ලද) දෘෂ්ටියක් නැද්ද, එහෙයින් ඒ ක්‍ෂීණාස්‍රව තෙම මායාව ද මානය ද දුර ලා සිටියේ රාගාදි කුමකින් නිරයාදිගතිවිශෙෂයකට යන්නේ ද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටිඋපය (=දෝෂ) රහිත වූයේ මැයි.
Pali BJTධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසූති ‘ධොනො’ති ධොනා වුච්චති පඤ්ඤා, යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි.{a} කිං කාරණා ධොනා වුච්චති පඤ්ඤා?
Sinhala BJTධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු - ‘ධොනො’ යනු: ‘ධොනා’ යී ප්‍රඥාව කියනු ලබයි. අනිත්‍යාදිප්‍රකාරයෙන් ධර්‍මයන් දැනගන්නා වූ අනිත්‍යාදිය විමසන්නා වූ ප්‍රකර්‍ෂයෙන් විමසන්නා වූ සිවුසස්දහම් විමසන්නා වූ අනිත්‍යාදිය සලකන උපලක්‍ෂණ - ප්‍රත්‍යුපලක්‍ෂණ වූ පණ්ඩිතබව කුසලබව නිපුණබව යයි කියන ලද අනිත්‍යාදිය විභාවනය කරන අනිත්‍යාදිය සිතන පරීක්‍ෂා කරන පොළොව මෙන් පතළ හෙයින් භූරි නම් වූ කෙලෙසුන් නසන හෙයින් මේධා යයි කියන ලද යාථාවලක්ෂණප්‍රතිවෙධයෙහි පමුණුවන හෙයින් පරිණායිකා නම් වූ අනිත්‍යාදි විසින් ධර්‍මයන් දක්නා හෙයින් විදර්‍ශනා නම් වූ අනිත්‍යාදිය දැනගන්නා හෙයින් සම්ප්‍රඥාන නම් වූ නොමග යන සිත විදසුන්මඟට නඟන හෙයින් ප්‍රතෝදයක් (=කෙවිටක්) වැනි වූ ප්‍රඥෙන්ද්‍රිය ප්‍රඥාබලය (කෙලෙස් සිඳින හෙයින්) ප්‍රඥශස්ත්‍රය (අත්‍යුද්ගත හෙයින්) ප්‍රඥාප්‍රාසාදය ප්‍රඥාලෝකය ප්‍රඥාවභාසය ප්‍රඥාප්‍රද්‍යොතය ප්‍රඥාරත්නය යි කියන ලද අරමුණෙහි නො මුළා වන හෙයින් අමොහ නම් වූ ධර්‍මවිචය සඞ්ඛ්‍යාත වූ සම්‍යග්දෘෂ්ටි යයි කියන ලද ප්‍රඥාව යි. කවර කරුණෙකින් ප්‍රඥාව ‘ධොනා’ නම් වූ යැ යත්:
Pali BJTතාය{1} පඤ්ඤාය කායදුච්චරිතං ධුතඤ්ච ධොතඤ්ච සන්ධොතඤ්ච නිද්ධොතඤ්ච, වචීදුච්චරිතං -පෙ- මනොදුච්චරිතං ධුතඤ්ච ධොතඤ්ච සන්ධොතඤ්ච නිද්ධොතඤ්ච, රාගො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, දොසො - මොහො - කොධො - උපනාහො - මක්ඛො - පලාසො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, ඉස්සා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච, සාඨෙය්යං ධුතඤ්ච ධොතඤ්ච සන්ධොතඤ්ච නිද්ධොතඤ්ච, ථම්භො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, සාරම්භො - මානො - අතිමානො - මදො - පමාදො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, සබ්බෙ කිලෙසා - සබ්බෙ දුච්චරිතා - සබ්බෙ දරථා - සබ්බෙ පරිළාහා - සබ්බෙ සන්තාපා - සබ්බාකුසලාභිසඞ්ඛාරා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. තංකාරණා ධොනා වුච්චති පඤ්ඤා. අථ වා සම්මාදිට්ඨියා මිච්ඡාදිට්ඨි ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච, සම්මාසඞ්කප්පෙන මිච්ඡාසඞ්කප්පො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, සම්මාවාචාය මිච්ඡාවාචා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච, සම්මාසඞ්කප්පෙන මිච්ඡාසඞ්කප්පො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, සම්මාවාචාය මිච්ඡාවාචා ධුතා ච -පෙ- සම්මාකම්මන්තෙන මිච්ඡාකම්මන්තො ධුතො ච - සම්මාආජීවෙන මිච්ඡාආජීවො ධුතො ච සම්මාවායාමෙන මිච්ඡාවායාමො ධුතො ච සම්මාසතියා මිච්ඡාසති ධුතා ච - සම්මාසමාධිනා මිච්ඡාසමාධි ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච සම්මාඤාණෙන මිච්ඡාඤාණං ධුතඤ්ච - සම්මාවිමුත්තියා මිච්ඡාවිමුත්ති ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. අථ වා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසඞ්ඛාරා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. අරහා ඉමෙහි ධොනියෙහි{2} ධම්මෙහි උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සමුපපන්නො සමන්නාගතො, තස්මා අරහා ධොනො. සො ධුතරාගො ධුතපාපො ධුතකිලෙසො ධුතපරිළාහොති ‘ධොනො.’
Sinhala BJTඒ ප්‍රඥාවෙන් කායදුශ්චරිතය කම්පිත වූයේත් ධොවිත = දෝනා ලදුයේත් සන්ධොවිත නිද්ධොවිත වූයේත් වේ ද, වාග්දුශ්චරිතය - මනෝදුශ්චරිතය - රාගය - ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය - මකුබව - පලාස - (=යුගග්‍රාහ) ය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - සාරම්භ (=කරණුත්තරියකරණ) ය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය ධුත ධෞත සන්ධෞත නිර්ධෞත (=කම්පා කරන ලද සෝදන ලද මැනවින් සෝදන ලද වෙසෙසින් සෝදන ලද) වේ ද, සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාහු වෙත් ද, එ කරුණෙන් ප්‍රඥාව ‘ධොනා’ නම් වූ යැ. නොහොත් සම්‍යග්දෘෂ්ටිය විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කම්පිත ධොවිත සන්ධොවිත නිද්ධොවිත වූ යැ, සම්‍යක්සඞ්කල්පය විසින් මිත්ථ්‍යාසඞ්කල්පය... සම්‍යග්වචනයෙන් මිත්ථ්‍යාවචනය... සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්ථ්‍යාකර්‍මාන්තය ...සම්‍යගාජීවයෙන් මිත්ථ්‍යාජීවය ... සම්‍යග්ව්‍යායාමයෙන් මිත්ථ්‍යාව්‍යායාමය ... සම්‍යක්ස්මෘතියෙන් මිත්ථ්‍යාස්මෘතිය ... සම්‍යක්සමාධියෙන් මිත්ථ්‍යාසමාධිය ... සම්‍යග්ඥානයෙන් මිත්ථ්‍යාඥානය ... සම්‍යග්විමුක්තියෙන් මිත්ථ්‍යාවිමුක්තිය ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාත් වෙයි. නොහොත් ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලෙශයෝ - දුශ්චරිතයෝ - දරථයෝ - පරිදාහයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත ධෞත සන්ධෞත නිර්ධෞත වූවාහු ද වෙත්. ක්‍ෂීණාස්‍රව තෙමේ මේ ධොනිය ධර්‍මයන්ගෙන් යම් හෙයකින් උපේත - සමුපේත - උපගත - සමුපගත - උපපන්න - සමුපපන්න - සමන්‍විත වූයේ වේ ද, එහෙයින් ක්‍ෂීණාස්‍රව ‘ධොන’ නම් වෙයි. හෙතෙම ධුතරාග ධුතපාප ධුතක්ලෙශ ධුතපරිදාහ ඇති වන බැවින් ‘ධොන’ නම් වේ.
Pali BJTකුහිඤ්චීති - කුහිඤ්චි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වා; ලොකෙති - අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. පකප්පිතාති{3} - ද්වෙ පකප්පනා: තණ්හාපකප්පනා ච දිට්ඨිපකප්පනා ච -පෙ- අයං දිට්ඨිපකප්පනා. භවාභවෙසූති - භවාභවෙ කම්මභවෙ පුනබ්භවෙ, කාමභවෙ කම්මභවෙ කාමභවෙ පුනබ්භවෙ, රූපභවෙ කම්මභවෙ රූපභවෙ පුනබ්භවෙ, අරූපභවෙ කම්මභවෙ අරූපභවෙ පුනබ්භවෙ පුනප්පුන{4}භවෙ පුනප්පුනගතියා පුනප්පුනඋප්පත්තියා පුනප්පුනපටිසන්ධියා පුනප්පුනඅත්තභාවාභිනිබ්බත්තියා; “ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසූ”ති - ධොනස්ස කුහිඤ්චි ලොකෙ භවාභවෙසු ච කප්පිතා අභිසංඛතා සණ්ඨපිතා දිට්ඨි නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති ‘ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසු.
Sinhala BJTකුහිඤ්චි - කිසිතැනෙක්හි කිසිවෙක්හි අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ ලෝකේ - අපායලෝකයෙහි ... ආයතනලෝකයෙහි. පකප්පිතා - තෘෂ්ණාප්‍රකල්පනා යැ දෘෂ්ටිප්‍රකල්පනා යැයි ප්‍රකල්පනා දෙකෙකි ... භවාභවෙසු - භව-අභව (=කාමභව - රූපාරූප-භවයන්හි (2-5. ගාථානිද්දෙසය.) ... පුනපුනා ආත්මභාවයාගේ පහළ වීමෙහි; ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු - රහත්හු හට අපායාදිලොකයෙහි ද කාමාදිභවයන්හි ද කල්පිත (=සිතින් ගන්නා ලද) පරිකල්පිත වූ ප්‍රත්‍යයෙන් සකස් කළ ප්‍රත්‍යයවශයෙන් ම මොනොවට තබන ලද දෘෂ්ටීහු නැත, නො වෙති, විද්‍යාමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණ වූවාහු සිඳින ලද්දාහු සන්සිඳණාහු දුර ලන ලද්දාහු උපතට අභව්‍ය වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘ධොනස්ස හි නත්‍ථි කුහිඤ්චි ලෝකේ පකප්පිතා දිට්ඨි භවාභවෙසු’ යනු වේ.
Pali BJTමායඤ්ච මානඤ්ච පහාය ධොනොති - මායා වුච්චති වඤ්චනිකා චරියා; ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය{1} දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා තස්ස පටිච්ඡාදනහෙතු{2} පාපිකං ඉච්ඡං පණිදහති: මා මං ජඤ්ඤාති ඉච්ඡති. මා මං ජඤ්ඤාති සංකප්පෙති. ම මං ජඤ්ඤාති වාචං භාසති. මා මං ජඤ්ඤාති කායෙන පරක්කමති. යා එවරූපා මායා මායාවිතා අච්චයා{3} වඤ්චනා නිකති නිකිරණා{4} පරිහරණා ගූහනා පරිගූහනා ඡාදනා පරිච්ඡාදනා අනුත්තානීකම්මං අනාවීකම්මං වොච්ඡාදනා පාපකිරියා, අයං වුච්චති මායා.{a} මානොති එකවිධෙන මානො: යා චිත්තස්ස උන්නති; දුවිධෙන මානො: අත්තුක්කංසනමානො පරවම්භනමානො; තිවිධෙන මානො: සෙය්යොහමස්මීති මානො සදිසොහමස්මීති මානො හීනොහමස්මීති මානො; චතුබ්බිධෙන මානො: ලාභෙන මානං ජනෙති, යසෙන මානං ජනෙති, පසංසාය මානං ජනෙති, සුඛෙන මානං ජනෙති; පඤ්චවිධෙන මානො: ලාභී’ම්හි මනාපිකානං රූපානන්ති මානං ජනෙති, ලාභී’ම්හි මනාපිකානං සද්දානං - ගන්ධානං - රසානං ඵොට්ඨබ්බානන්ති මානං ජනෙති; ඡබ්බිධෙන මානො: චක්ඛුසම්පදාය මානං ජනෙති, සොතසම්පදාය - ඝානසම්පදාය - ජිව්හාසම්පදාය - කායසම්පදාය - මනොසම්පදාය මානං ජනෙති; සත්තවිධෙන මානො: මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස්මිමානො මිච්ඡාමානො; අට්ඨවිධෙන මානො: ලාභෙන මානං ජනෙති, අලාභෙන ඔමානං ජනෙති, යසෙන මානං ජනෙති, අයසෙන ඔමානං ජනෙති, පසංසාය මානං ජනෙති, නින්දාය ඔමානං ජනෙති, සුඛෙන මානං ජනෙති, දුක්ඛෙන ඔමානං ජනෙති; නවවිධෙන මානො: සෙය්යස්ස සෙය්යොහමස්මීති මානො, සෙය්යස්ස සදිසොහමස්මීති මානො, සෙය්යස්ස හීනොහමස්මීති මානො, සදිසස්ස සෙය්යොහමස්මීති මානො, සදිසස්ස සදිසොහමස්මීති මානො, සදිසස්ස හීනොහමස්මීති මානො, හීනස්ස සෙය්යොහමස්මීති මානො, හීනස්ස සදිසොහමස්මීති මානො, හීනස්ස හීනොහමස්මීති මානො, දසවිධෙන මානො: ඉධෙකච්චො මානං ජනෙති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති මානො.{a} “මායඤ්ච මානඤ්ච පහාය ධොනො”ති - ධොනො මායඤ්ච මානඤ්ච පහාය පජහිත්වා විනොදෙත්වා ව්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘මායඤ්ච මානඤ්ච පහාය ධොනො.’
Sinhala BJTමායං ච මානං ච පහාය ධොනො- වඤ්චක ක්‍රියාව (=වඤ්චා කිරීම) ‘මායා’ නමු. මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට එය ප්‍රකාශ නො වනු නිසා ලාමක වූ ප්‍රාර්‍ත්‍ථනාව තබයි: ‘මා කළ පව මෙරමා නහමක් දනිත්ව’ යි කැමැති වෙයි, - සලකයි, - වචන කියයි, ‘මා කළ පව නහමක් දනිත්ව’යි කයින් වෑයම් කෙරෙයි; මෙබඳු වූ මායාව මායා ඇති බව අත්‍යය (=ඉක්මැ යෑම) වඤ්චනාව නිකෘතිය (=මිත්ථ්‍යාක්‍රියාව) ‘මම් මෙසේ නො කෙරෙමී’ පාපවික්ෂෙපය පාපපරිහරණය පව් සැඟවීම හාත්පසින් සැඟවීම පව් වැසීම හාත්පසින් වැසීම ප්‍රකට නො කිරීම පව් කොට නො පැවසීම මොනොවට වැසීම පෙරළාත් පව් කිරීම ‘මායා’ නැමැයි කියනු ලැබේ. මාන නම්: එක් ප්‍රකාරයකින් මානය වෙයි: චිත්තයාගේ උන්නතිය යි; ආත්මොත්කර්‍ෂණමාන යැ පරවම්භනමාන යැයි ද්විප්‍රකාරයෙන් මානය වෙයි. ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ මාන යැ, සදෘශ වෙමී මාන යැ හීන වෙමී මාන යැයි, ත්‍රිප්‍රකාරයෙන් මානය වෙයි. ලාභයෙන් මානය උපදවයි, යශසින් මානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, සුවය කරණ කොට මානය උපදවා යයි සිවුපරිද්දෙකින් මානය වෙයි. ‘මනාප වූ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ලබනුයෙම් වෙමී’ පඤ්චප්‍රකාරයෙන් මානය වෙයි. චක්ෂුඃසම්පත්තියෙන් මානය උපදවයි, ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්තියෙන් මානය උපදවා යැයි සපරිද්දෙකින් මානය වෙයි. මාන යැ අතිමාන යැ මානාතිමාන යැ අවමාන (=හීනමාන) යැ අධිමාන යැ අස්මිමාන යැ මිත්ථ්‍යාමාන යැයි සත් පරිද්දෙකින් මානය වෙයි. ලාභයෙන් මානය උපදවයි, අලාභයෙන් අවමානය උපදවයි, යශසින් මානය - අයශසින් අවමානය - ප්‍රශංසායෙන් මානය - නින්‍දායෙන් අවමානය - සුවයෙන් මානය - දුකින් අවමානය උපදවා යැයි අෂ්ටප්‍රකාරයෙකින් මානය වෙයි. ශ්‍රෙෂ්ඨයා හට ශ්‍රේෂ්ඨ වෙමී මාන යැ, ශ්‍රෙෂ්ඨයා හට සදෘශ වෙමී මාන යැ, ශ්‍රෙෂ්ඨයා හට හීන වෙමී මානයැ; සදෘශයා හට ශ්‍රේෂ්ඨ වෙමී මාන යැ, සදෘශයාහට සදෘශ වෙමී මාන යැ සදෘශයා හට හීන වෙමී මාන යැ; හීනයාට ශ්‍රේෂ්ඨ වෙමී මාන යැ, හීනයාට සදෘශ වෙමී මාන යැ, හීනයාට හීන වෙමී මාන යැයි නවප්‍රකාරයකින් මානය වේ. මෙලොවැ කිසිවෙක් ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයකින් හෝ ශිල්පායතනයකින් හෝ විද්‍යාවකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ එක්තරා වස්තුවකින් හෝ මානය උපදවා යැයි දශප්‍රකාරයකින් මානය වේ. මෙබඳු වූ යම් මානයෙක් මඤ්ඤනාවෙක් මාන ඇතිබවෙක් උන්නතියෙක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් සිත ඔසවාගැනීමෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ නම්’ මේ ‘මාන’ නමැයි කියනු ලැබේ. මායං ච මානං ච පාහය ධොනො යනු: ධොන - ක්‍ෂීණාස්‍රව තෙමේ මායාවත් මානයත් හැර දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනු-අභාවයට (=සමුච්ඡෙදප්‍රහාණයට) පමුණුවා නුයි ‘මායං ච මානං ච පහාය ධොනො’ යනු වේ.
Pali BJTස කෙන ගච්ඡෙය්ය අනුපයො සොති - ‘උපයා’ති ද්වෙ උපයා: තණ්හාඋපයො ච දිට්ඨිඋපයො ච -පෙ- අයං තණ්හූපයො. -පෙ- අයං දිට්ඨූපයො. තස්ස තණ්හූපයො පහීනො, දිට්ඨූපයො පටිනිස්සට්ඨො. තණ්හූපයස්ස පහීනත්තා දිට්ඨූපයස්ස පටිනිස්සට්ඨත්තා අනුපයො පුග්ගලො කෙන රාගෙන ගච්ඡෙය්ය? කෙන දොසෙන ගච්ඡෙය්ය? කෙන මොහෙන ගච්ඡෙය්ය? කෙන මානෙන ගච්ඡෙය්ය? කාය දිට්ඨියා ගච්ඡෙය්ය? කෙන උද්ධච්චෙන ගච්ඡෙය්ය? කාය විචිකිච්ඡාය ගච්ඡෙය්ය? කෙහි අනුසයෙහි ගච්ඡෙය්ය? රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති{1} වා ථාමගතොති වා? තෙ අභිසඞ්ඛාරා පහීනා. අභිසඞ්ඛාරානං පහීණත්තා ගතියා{2} කෙන ගච්ඡෙය්ය නෙරයිකොති වා තිරච්ඡානයොනිකොති වා පෙත්තිවිසයිකොති වා මනුස්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා, සො හෙතු නත්ථි, පච්චයො නත්ථි, කාරණං නත්ථි, යෙන ගච්ඡෙය්යාති ‘ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො. ‘
Sinhala BJTස කෙන ගච්ඡෙය්‍ය අනූපයො සො - ‘උපය’ යනු: තෘෂ්ණා උපය දෘෂ්ටි උපය යැයි ‘උපය’ දෙකෙක් වෙයි. ඔහු විසින් තෘෂ්ණාඋපය ප්‍රහීණ යැ. දෘෂ්ටිඋපය දුර ලන ලද්දේ යැ තෘෂ්ණාඋපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිඋපය දුර ලන ලද වන බැවින් උපය රහිත වූ පුද්ගල තෙමේ කවර රාගයකින් - කවර ද්වේෂයකින් - කවර මොහයකින් - කවර මානයකින් - කවර දෘෂ්ටියකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයධර්‍මයන්ගෙන් - රක්ත වූයෙකැයි හෝ ද්විෂ්ට වූයෙකැයි හෝ මූඪ වූයෙකැයි හෝ විනිබද්ධයෙකැයි හෝ පරාමෘෂ්ටයෙකැයි හෝ වික්ෂෙපයට පැමිණියෙකැයි හෝ නිෂ්ඨාවට නො ගියේ යැයි හෝ ස්ථාම (=තද) බවට ගියේ යැයි හෝ (යමෙකින් නිරයාදි ගතිවිශෙෂයෙහි) සඞ්ඛ්‍යාවට යන්නේ ද: ඒ අභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ. අභිසංස්කාරයන් ප්‍රහීණ කළ වන බැවින් නිරයෙහි උපදනා සත්ත්වයෙකැයි හෝ තිරිසන්යොන්හි උපදනෙකැයි හෝ ප්‍රෙතවිෂයයෙහි උපදනෙකැයි හෝ මිනිසෙකැයි හෝ දෙවියෙකැයි හෝ රූපීබ්‍රහ්ම යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥීනාසංඥී යැයි හෝ කවර අභිසංස්කාරයෙකින් කවර ගතියක් හා සඞ්ඛ්‍යාවට යන්නේ ද; යම් හෙයකින් යේ නම්, ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණය නැත් නුයි ‘ස කෙන ගච්ඡෙය්‍ය අනූපයො සො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසු, මායඤ්ච මානඤ්ච පහාය ධොනො ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො”ති.
Sinhala BJT“ධොනස්ස හි නත්‍ථි -පෙ- අනූපයො සො” යනු.
Pali BJT3. 8.
Sinhala BJT3. 8.
Pali BJTඋපයො හි ධම්මෙසු උපෙති වාදං අනූපයං කෙන කථං වදෙය්ය අත්තං නිරත්තං න හි තස්ස අත්ථි අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං{3}.
Sinhala BJTතෘෂ්ණාදි උපය (=නිඃශ්‍රය) ඇති සත්ත්‍ව තෙමේ රාගරක්ත යැ යනාදි ඒ ඒ දහම්හි ලා වාදයට (=කියැ යුතු බවට) පැමිණෙයි. තෘෂ්ණාදෘෂ්ටි පුහුන් බැවින් උපය රහිත වූ ක්‍ෂීණාස්‍රවයා රාගාදි කවර දහමකින් කිසෙයින් කියන්නේ ද, යම්හෙයකින් ඒ ක්ෂීණාස්‍රවයාහට ආත්මදෘෂ්ටිය හෝ උච්ඡේදදෘෂ්ටිය නැත්තේ ද, යම් හෙයකින් හෙතෙම මේ අත්බැව්හි මැ නුවණ නැමැති දියෙන් සියලු දෘෂ්ටිගතය දෙවී ද, දුරු කෙළේ ද, එහෙයිනි.
Pali BJTඋපයො හි ධම්මෙසු උපෙති වාදන්ති - ‘උපයො’ති ද්වෙ උපයා: තණ්හූපයො ච දිට්ඨූපයො ච -පෙ- අයං තණ්හූපයො -පෙ- අයං දිට්ඨූපයො. තස්ස තණ්හූපයො අප්පහීනො, දිට්ඨූපයො අප්පටිනිස්සට්ඨො. තණ්හූපයස්ස අප්පහීනත්තා දිට්ඨූපයස්ස අප්පටිනිස්සට්ඨත්තා ධම්මෙසු වාදං උපෙති: රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති වා අනිට්ඨං ගතොති වා ථාමගතොති වා. තෙ අභිසඞ්ඛාරා අප්පහීනා. අභිසඞ්ඛාරානං අප්පහීනත්තා ගතියා වාදං උපෙති: නෙරයිකොති වා තිරච්ඡානයොනිකොති වා පෙත්තිවිසයිකොති වා මනුස්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවනඤ්ඤීනාසඤ්ඤීති වා වාදං උපෙති උපගච්ඡති ගණ්හාති පරාමසති අභිනිවිසතීති ‘උපයො හි ධම්මෙසු උපෙති වාදං.’
Sinhala BJTඋපයො හි ධම්මේසු උපේති වාදං - ‘උපය’ යනු: තෘෂ්ණාඋපය ද දෘෂ්ටිඋපය දැයි උපය දෙකෙක් වෙයි. ...ඔහු විසින් තෘෂ්ණාඋපය අප්‍රහීණ යැ, දෘෂ්ටිඋපය නො හරන ලද්දේ යැ; තණ්හූපය නො පුහුන් වන බැවින් දිට්ඨූපය නො හළ වන බැවින් රක්ත යැයි හෝ ද්විෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්ෂෙපගත යැ - අනිෂ්ඨාගත යැ - ස්ථාමගත යැයි හෝ වාදයට (=කියැයුත් බවට) පැමිණෙයි. ඒ පුණ්‍යාපුණ්‍යනඤ්ජාභිසංස්කාරයෝ අප්‍රහීණ වූවාහු ය. කර්‍මාභිසංස්කාරයන් අප්‍රහීණ වන බැවින් එක්තරා ගතියකින් කීමට පැමිණෙයි, නිරයෙහි උපදිනුයෙකැයි හෝ තිරශ්චීනයෝනි ඇතියෙකැයි හෝ ප්‍රේතවිෂයයෙහි උපදිනුයෙකැයි හෝ මිනිසෙකැයි හෝ දෙවියෙකැයි හෝ රූපී යැයි හෝ අරූපී යැයි හෝ සංඥී යැයි හෝ අසංඥී යැයි හෝ නෛවසංඥීනාසංඥී යැයි හෝ (එක්තරා ගතියකින්) කථනයට පැමිණෙයි, එළැඹෙයි, ග්‍රහණය කෙරෙයි, පරාමර්‍ශ කෙරෙයි, පිවිසේ නුයි ‘උපයො හි ධම්මේසු උපේති වාදං’ යනු වේ.
Pali BJTඅනූපයං කෙන කථං වදෙය්යාති - ‘උපයාති’ ද්වෙ උපයා: තණ්හූපයො ච දිට්ඨූපයො ච -පෙ- අයං තණ්හූපයො -පෙ- අයං දිට්ඨූපයො. තස්ස තණ්හූපයො පහීනො දිට්ඨූපයො පටිනිස්සට්ඨො. තණ්හූපයස්ස පහීනත්තා දිට්ඨූපයස්ස පටිනිස්සට්ඨත්තා අනූපයං පුග්ගලං කෙන රාගෙන වදෙය්ය? කෙන දොසෙන වදෙය්ය? කෙන මොහෙන වදෙය්ය? කෙන මානෙන වදෙය්ය? කාය දිට්ඨියා වදෙය්ය? කෙන උද්ධච්චෙන වදෙය්ය? කාය විචිකිච්ඡාය වදෙය්ය? කෙහි අනුසයෙහි වදෙය්ය රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති වා අනිට්ඨං ගතොති{1} වා ථාමගතොති වා? තෙ අභිසඞ්ඛාරා පහීනා. අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා{2} කෙන වදෙය්ය නෙරයිකොති වා -පෙ- නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා? සො හෙතු නත්ථි, පච්චයො නත්ථි, කාරණං නත්ථි, යෙන{3} වදෙය්ය කථෙය්ය භණෙය්ය දීපයෙය්ය වොහරෙය්යා ති ‘අනූපයං කෙන කථං වදෙය්ය.’
Sinhala BJTඅනූපයං කෙන කථං වදෙය්‍ය - ‘උපය’ යනු: තණ්හූපය ද දිට්ඨූපය දැයි ‘උපය’ දෙකෙකි. ...ඔහු විසින් තණ්හූපය ප්‍රහීණ යැ. දිට්ඨූපය දුර ලන ලද්දේ යැ. තණ්හූපය ප්‍රහීණ වන බැවින් දිට්ඨූපය දුර ලන ලද වන බැවින් උපය රහිත වූ පුද්ගලයා කවර රාගයක් හේතු කොට ගෙන කියන්නේ ද? කවර ද්වේෂයකින් - මොහයකින් - මානයකින් - දෘෂ්ටියෙකින් - ඖද්ධත්‍යයෙකින් - විචිකිත්සාවකින් - කවර අනුශයධර්‍මයකින් රක්ත යැ යි හෝ දුෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්ෂෙපගත යැ - අනිෂ්ඨාගත යැ - ස්ථාමගත යැ යි හෝ කියන්නේ ද? ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ පුණ්‍යාදි අභිසංස්කාරයන් ප්‍රහීණ වන බැවින් කවර රාගාදික්ලෙශයක් හේතු කොට ගෙන නෙරිසත් වන්නේ යැ යි හෝ... නෛවසංඥීනාසංඥී යැයි හෝ එක්තරා ගතියෙකින් කියන්නේ ද; යම් හෙයකින් කියන්නේ නම් බණන්නේ නම් දක්වන්නේ නම් වහරන්නේ නම්, ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණය නැත් නු යි ‘අනූපයං කෙන කථං වදෙය්‍ය’ යනු වේ.
Pali BJTඅත්තං නිරත්තං න හි තස්ස අත්ථිති - ‘අත්තා’ති සස්සතදිට්ඨි{4} නත්ථි; නිරත්තාති - මුඤ්චිතබ්බං නත්ථි. යස්සත්ථි ගහිතං, තස්සත්ථි මුඤ්චිතබ්බං; යස්සත්ථි මුඤ්චිතබ්බං, තස්සත්ථි ගහිතං; ගහණ{5}මුඤ්චනා සමතික්කන්තො{6} අරහා වුද්ධිපරිහානිවීතිවත්තො. සො වුත්ථවාසො චිණ්ණචරණො ගතද්ධො ගතදිසො. ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති ‘අත්තං නිරත්තං න හි තස්ස අත්ථි. ‘
Sinhala BJTඅත්තං නිරත්තං න හි තස්ස අත්‍ථි - ‘අත්තා’ යී ශාශ්වතදෘෂ්ටිය නැත, ‘නිරත්තා’ යී උච්ඡේදදෘෂ්ටිය නැති. ආත්ම යැයි ගන්නා ලදුයෙක් නැත, නිරාත්ම යැයි හළ යුත්තෙක් නැති. යමක් හට ‘මම යැ මා ගේ යැයි ගන්නා ලදුයෙක් ඇත් නම්, ඔහුට හළ යුත්තෙක් ඇති; යමක් හට හළ යුත්තෙක් ඇත් නම්, ඔහුට ගන්නා ලදුයෙක් ඇති. ග්‍රහණමුඤ්චන ඉක්මවා සිටි රහත්හු වෘද්ධිපරිහාණි ඉක්මැවූහ. ඒ රහත්හු දශවිධ ආර්‍ය්‍යවාසයෙහි වැසැ නිමවූහ. ශීලය සමග අටසමවත්හි චීර්ණවශීහ. සසරඅදන්මඟ ඉක්මැවූහ. සිහිනෙහි පවා නොගියවිරූ නිවන්දසාවට ගියහ. ජාතිමරණසංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවය ඔවුනට නැත් නු යි ‘අත්තං නිරත්තං න හි තස්ස අත්‍ථි’ යනු වේ.
Pali BJTඅධොසි සො දිට්ඨිමිධෙව සබ්බන්ති - තස්ස ද්වාසට්ඨි දිට්ඨිගතානි පහීනානි සමුච්ඡින්නානි වුපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි. සො සබ්බං දිට්ඨිගතං ඉධෙව අධොසි ධුනි{7} සන්ධුනි නිද්ධුනි පජහි විනොදෙසි ව්යන්තිං අකාසි අනභාවං ගමෙසීති ‘අධොසි සො දිට්ඨිමිධෙව සබ්බ’න්ති.
Sinhala BJTඅධොසි සො දිට්ඨිමිධෙව සබ්බං - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහාණ කරන ලදහ, මුල් සිඳින ලදහ, සන්හිඳුවන ලදහ, අභව්‍යොත්පත්ති කරන ලදහ, නුවණගින්නෙන් දවන ලදහ. ඒ රහතුන් වහන්සේ සියලු දෘෂ්ටිගතය මේ අත්බැව්හි මැ හළහ... විගතාන්ත කළහ, අන්වභාවයට පැමිණැවූහු නු යි ‘අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“උපයො හි ධම්මෙසු උපෙති වාදං අනූපයං කෙන කථං වදෙය්ය, අත්තං නිරත්තං න හි තස්ස අත්ථි අධොසි සො දිට්ඨිමිධෙව සබ්බ”න්ති.
Sinhala BJT“උපයෝ හි ධම්මේසු -පෙ- දිට්ඨිමිධෙව සබ්බං” යනු.
Pali BJTදුට්ඨට්ඨකසුත්තනිද්දෙසො තතියො.
Sinhala BJTතුන්වැනි දුට්ඨට්ඨක සූත්‍රනිර්දේශය යි.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTසුද්ධට්ඨකසුත්තනිද්දෙසො
Sinhala BJTසුද්‌ධට්‌ඨකසූත්‍රනිර්දේශය
Pali BJTඅථ සුද්ධට්ඨකසුත්තනිද්දෙසො වුච්චති{*}
Sinhala BJTඉක්බිති සුද්ධට්ඨක සූත්‍රනිර්දේශය කියනු ලැබේ.
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJTපස්සාමි සුද්ධං පරමං අරොගං දිට්ඨෙන සංද්ධිසු නරස්ස හොති, එවාභිජානං{1} පරමන්ති ඤත්වා සුද්ධානුපස්සී පච්චෙති ඤාණං.
Sinhala BJTදෘෂ්ටිගතික බාල තෙමේ කෙලෙස්කිලුටින් අශුද්ධ වූ කෙලෙස් රොවින් සරෝග වූවකු දැක ශුද්ධ වූ උත්තම නිර්ව්‍යාධියට පැමිණ සිටියක්හු දකිමි යැයි ද, ඒ දෘෂ්ටිසඞ්ඛ්‍යාත දර්‍ශනයෙන් මිනිසාගේ සංශුද්ධිය වේ යයි ද, මෙසේ වෙසෙසින් දන්නේ ඒ දර්‍ශනය පරම යයි සලකා ඒ දර්‍ශනයෙහි ශුද්ධිය දක්නාසුලු වූයේ ඒ දර්‍ශනය මාර්‍ගඥාන යයි හදහයි. (එතෙකුදු වුවත් එය මාර්‍ගඥානය නොවේ.)
Pali BJTපස්සාමි සුද්ධං පරමං ආරොගන්ති - ‘පස්සාමි සුද්ධ’න්ති පස්සාමි සුද්ධං, දක්ඛාමි සුද්ධං, ඔලොකෙමි සුද්ධං, නිජ්ඣායාමි සුද්ධං, උපපරික්ඛාමි සුද්ධං; පරමං අරොගන්ති - පරමං ආරොග්යප්පත්තං{2} ඛෙමප්පත්තං තාණප්පත්තං ලෙනප්පත්තං සරණප්පත්තං අභයප්පත්තං අච්චුතප්පත්තං නිබ්බානප්පත්තන්ති ‘පස්සාමි සුද්ධං පරමං අරොගං.’
Sinhala BJTපස්සාමි සුද්ධං පරමං අරොගං - ‘පස්සාමි සුද්ධං’ යනු: ශුද්ධ වූවකු බලමි, ශුද්ධ වූවකු දක්මි, අවලෝකන කෙරෙමි, සිතමි, ශුද්ධ වූවකු විමසමි. පරමං අරොගං - උත්තම වූ ආරොග්‍යයට පැමිණියක්හු ක්‍ෂේමයට පැමිණියක්හු ත්‍රාණ(පාලන) යට පැමිණියක්හු ආරක්ෂාවට - පිහිටට - නිභීයට - අචලබවට - අමෘතයට - නිර්‍වාණයට පැමිණියක්හු නුයි ‘පස්සාමි සුද්ධං’ පරමං අරොගං යනු වේ.
Pali BJTදිට්ඨෙන සංසුද්ධි නරස්ස හොතීති - චක්ඛුවිඤ්ඤාණෙන{3} රූපදස්සනෙන නරස්ස සුද්ධි විසුද්ධි පරිසුද්ධි මුත්ති විමුත්ති පරිමුත්ති හොති; නරො සුජ්ඣති විසුජ්ඣති පරිසුජ්ඣති මුච්චති විමුච්චති පරිමුච්චතීති ‘දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති. ‘
Sinhala BJTදිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති - චක්ෂූර්විඥානයෙන් රූපදර්ශණxxය හේතු කොට ගෙන සත්‍වයාගේ ශුද්ධිය xx පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වෙයි, සත්‍ව තෙමෙ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ මුක්ත විමුක්ත පරිමුක්ත වේ යයි ‘දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති’ යනු වේ.
Pali BJTඑවාභිජානං පරමන්ති ඤත්වාති - එවං අභිජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො ඉදං පරමං අග්ගං{4} සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරන්ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘එවාභිජානං පරමන්ති ඤත්වා. ‘
Sinhala BJTඑවාභිජානං පරමන්ති ඤත්‍වා - මෙසේ වෙසෙසින් දන්නේ ඒකාන්තයෙන් දන්නේ විවිධාකාරයෙන් දන්නේ ඒ ඒ කරැණෙන් විවිධාකාරයෙන් දන්නේ ප්‍රතිවේධ කරන්නේ මෙය පරම යැ සෙට යැ දෙටු යැ පාමොක් යැ උතුම් යැ පවර යැයි සලකා දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘එවාභිජානං පරමන්ති ඤත්‍වා’ යනු වේ.
Pali BJTසුද්ධානුපස්සී පච්චෙති ඤාණන්ති - යො සුද්ධං පස්සති, සො සුද්ධානුපස්සී; පච්චෙති ඤාණන්ති - චක්ඛුවිඤ්ඤාණං රූපදස්සනෙ න ඤාණන්ති පච්චෙති, මග්ගොති පච්චෙති, පථො’ති පච්චෙති, නිය්යානන්ති{5} පච්චෙතීති ‘සුද්ධානුපස්සී පච්චෙති ඤාණ’න්ති.
Sinhala BJTසුද්ධානුපස්සී පච්චේති ඤාණං - යමෙක් ශුද්ධ යයි දකී නම්, හේ ශුද්ධානුදර්ශී යැ; පච්චේති ඤාණං - රූපදර්‍ශනය හේතු කොට ගෙන චක්‍ෂුර්විඥානය ඥානය යි හදහයි, මාර්‍ගය යි හදහයි, පථය යි හදහයි, නිර්‍ය්‍යාණය යි හදහා නුයි - ‘සුද්ධානුපස්සී පච්චෙති ඤාණං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පස්සාමි සුද්ධං පරමං අරොගං දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති, එවාභිජානං පරමන්ති ඤත්වා සුද්ධානුපස්සී පච්චෙති ඤාණ”න්ති.
Sinhala BJT“පස්සාමි සුද්ධං -පෙ- පච්චේති ඤාණං” යී.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJTදිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති ඤාණෙන වා සො පජහාති දුක්ඛං, අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො දිට්ඨි හි නං පාව තථා වදානං.
Sinhala BJTඒ රූපදර්‍ශන සඞ්ඛ්‍යාත වූ දර්‍ශනය හේතු කොට ගෙන ඉදින් සත්‍වයාගේ ශුද්ධිය වේ නම්, නොහොත් ඒ චක්‍ෂුර්විඥානය සඞ්ඛ්‍යාත ඥානයෙන් හෙතෙම ජාත්‍යාදි දුක දුරු කෙර් නම්, එකල්හි ආර්‍ය්‍යමාර්‍ගයෙන් අන්‍ය වු අශුද්ධිමාර්‍ගයෙකින් කාමාදි උපධි සහිත වූයේ මැ හෙතෙම ශුද්ධ වේ යයි කිය යුතු බවට පැමිණෙයි; යම් හෙයකින් දෘෂ්ටි තොමෝ එසේ කියන්නා වූ ඔහු ‘මේ තෙමේ මිසදිටුවෙකැ’ යි පවසා ද, එහෙයිනි.
Pali BJTදිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොතීති - චක්ඛුවිඤ්ඤාණෙන{1} රූපදස්සනෙන චෙ නරස්ස සුද්ධි විසුද්ධි පරිසුද්ධි මුත්ති විමුත්ති පරිමුත්ති හොති, නරො සුජ්ඣති විසුජ්ඣති පරිසුජ්ඣති, මුච්චති විමුච්චති පරිමුච්චතීති ‘දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති.’
Sinhala BJTදිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති - චක්‍ෂුර්විඥානයෙන් රූප දැකීමෙන් ඉදින් සත්‍වයාගේ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ නම්, සත්‍ව තෙමේ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ මුක්ත විමුක්ත පරිමුක්ත වේ නම් යී ‘දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති’ යනු වේ.
Pali BJTඤාණෙන වා සො පජහාති දුක්ඛන්ති - චක්ඛුවිඤ්ඤාණෙන{1} රූපදස්සනෙන චෙ නරෙ ජාතිදුක්ඛං පජහාති,{2} ජරාදුක්ඛං පජහාති, ව්යාධිදුක්ඛං පජහාති, මරණදුක්ඛං පජහාති, සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසදුක්ඛං පජහාතීති ‘ඤාණෙන ව සො පජහාති දුක්ඛං.’
Sinhala BJTඤාණෙන වා සො පජහාති දුක්ඛං - චක්‍ෂුර්විඥානයෙන් රූප දැකීමෙන් ඉදින් සත්‍ව තෙමේ ජාතිදුක දුරු කෙරේ නම්, ජරාදුක - ව්‍යාධිදුක - මරණදුක - සොකපරිදෙවදුක්ඛදොමනසුපායාස දුක දුරු කෙරේ නම් යී ‘ඤාණෙන වා සො පජහාති දුක්ඛං’ යනු වේ.
Pali BJTඅඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකොති - අඤ්ඤෙන අසුද්ධි මග්ගෙන මිච්ඡාපටිපදාය අනිය්යාණිකපථෙන අඤ්ඤත්ර සතිපට්ඨානෙහි අඤ්ඤත්ර සම්මප්පධානෙහි අඤ්ඤත්ර ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියා අට්ඨඞ්ගිකමග්ගා{3} නරො සුජ්ඣති විසුජ්ඣති පරිසුජ්ඣති මුච්චති විච්චතිමු පරිමුච්චති; සොපධීකොති සරාගො සදොසො සමොහො සමානො සතණ්හො සදිට්ඨි සකිලෙසො සඋපාදානොති ‘අඤ්ඤෙන සොසුජ්ඣති සොපධීකො’.
Sinhala BJTඅඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො - අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්ථ්‍යාප්‍රතිපදායෙන් අනෛර්ය්‍යාණිකමාර්‍ගයෙන් සතිපඨානයන්ගෙන් වෙන් වැ සම්‍යක්ප්‍රදහනයන්ගෙන් වෙන් වැ සෘද්ධිපාදයන්ගෙන් වෙන් වැ ඉන්ද්‍රියන්ගෙන් වෙන් වැ බලයන්ගෙන් වෙන් වැ බොධ්‍යඞ්ගයන්ගෙන් වෙන් වැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් වැ ශුද්ධ විශුද්ධ පරිශුද්ධ වූයේ වෙයි, මුක්ත විමුක්ත පරිමුක්ත වූයේ වේ. සොපධීකො - සරාග වූයේ සද්වේෂ වූයේ සමෝහ වූයේ තෘෂ්ණා සහිත වූයේ දෘෂ්ටි සහිත වූයේ ක්ලේශ සහිත වූයේ උපාදාන සහිත වූයේ නුයි ‘අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො’ යනු වේ.
Pali BJTදිට්ඨි හි නං පාව තථා වදානන්ති - සා ච දිට්ඨි නං පුග්ගලං පාවදති: ‘ඉති ච යං පුග්ගලො මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො’ති; තථා වදානන්ති - තථා වදන්තං කථෙන්තං භණන්තං දීපයන්තං වොහරන්තං, ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති තථා වදන්තං කථෙන්තං භණන්තං දීපයන්තං වොහරන්තං, ‘අසස්සතො ලොකො, අන්තවා ලොකො, අනන්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, හොති තථාගතො පරම්මරණා, න හොති තථාගතො පරම්මරණා, හොති ච න ච හොති තථාගතො පරම්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති තථා වදන්තං කථෙන්තං භණන්තං දීපයන්තං වොහරන්තන්ති ‘දිට්ඨි හි නං පාව තථාවදානං’.
Sinhala BJTදිට්ඨී හි නං පාව තථා වදානං - තවද ඒ දෘෂ්ටි තොමෝ ඒ පුගුලා ‘මෙසේත් මේ පුද්ගල තෙමේ මිථ්‍යාදෘෂ්ටි ඇත්තෙක, විපරීත දර්‍ශන ඇත්තෙකැ’ යි ප්‍රකාශ කෙරෙයි. තථා වදානං - එසේ පවසන කියන බණන දක්වන බැවහර කරනුවහු, ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සැබව, අන්‍යදෘෂ්ඨිය සිස් යැ’ යි එසේ පවසන්නහු... බැවහර කරනුවහු, ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, යමක් ජීවය ද එය ම ශරීර යැ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, සත්‍ව තෙමේ මරණින් මතු උපදනේ වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නූපදනේ වෙයි. සත්ත්‍ව තෙමේ මරණින් මතු උපදනේත් නො ද උපදනේත් වෙයි, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ උපදනේ වෙයි. නූපදනේත් නොවෙයි, මේ මැ සැබව අන්‍යය තුච්ඡ යැ’යි එසේ පවසනුවහු කියනුවහු බණන්නහු දක්වනුවහු බැවහර කරනුවහු යී ‘දිට්ඨී හි නං පාව තථාවදානං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති ඤාණෙන වා සො පජහාති දුක්ඛං, අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො දිට්ඨී හි නං පාව තථා වදාන”න්ති.
Sinhala BJT“දිට්ඨෙන චෙ සුද්ධි -පෙ- තථා වදානං” යී.
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
Pali BJTන බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ{1} මුතෙ වා, පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො.
Sinhala BJTක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් අන්‍ය වූ අභිමඞ්ගල සම්මතරූපසඞ්ඛ්‍යාත රූපායතනයෙහි ද, එබඳු මැ වු ශබ්දායතනයෙහි ද, අව්‍යාතික්‍රමසඞ්ඛ්‍යාත ශීලය හා (හස්තිව්‍රතාදි ) වූ ව්‍රතයෙහි ද, ගන්‍ධ රස ස්ප්‍රර්ෂව්‍යායතනයෙහි ද උපන් මිත්ථ්‍යාඥානයෙන් ශුද්ධිය වේ යයි නො කියයි. යම් හෙයකින් හෙතෙම ත්‍රෛධාතුක පුණ්‍යයෙහිත් සියලු පාපයෙහිත් නො ඇලුණේ වේ ද, එහෙයින් ආත්මදෘෂ්ටිය ප්‍රහීණ කෙළේ මේ ත්‍රෛධාතුක ලෝකයෙහි පුණ්‍යාභිසංස්කාරාදිය නො කරනුයේ වේ.
Pali BJTන බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වාති - නා’ති පටික්ඛෙපො; බ්රාහ්මණොති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො: සක්කායදිට්ඨි බාහිතා හොති, විචිකිච්ඡා බාහිතා හොති, සීලබ්බතපරාමාසො බාහිතො හොති, රාගො බාහිතො හොති, දොසො බාහිතො හොති, මොහො බාහිතො හොති, මානො බාහිතො හොති, බාහිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
Sinhala BJTන බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; බ්‍රාහ්මණො - සප්තධර්‍ම කෙනෙකුන් දුරු කළ වන බැවින් බ්‍රාහ්මණ යැ; සත්කායදෘෂ්ටිය (ප්‍රහීණ ) කරන ලද්දී වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය - ප්‍රහීණ කරන ලදුයේ වෙයි, ඔහු විසින් සංක්ලෙශික වු පුනර්‍භවය ඇති කරන්නාවූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මතුයෙහි ජාතිජරාමරණයට හේතු වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහු වෙත්.
Pali BJT1. “බාහෙත්වා සබ්බපාපකානි (සභියාති භගවා) විමලො සාධු සමාහිතො ඨිතත්තො, සංසාරමතිච්ච කෙවලී සො අසිතො තාදී පවුච්චතෙ ස බ්රහ්මා”.{a}
Sinhala BJT1. (‘සභිය’ යි අමතා භාග්‍යවත්හු මෙසේ වදාළහ:) සියලු පාපධර්‍මයන් ප්‍රහීණ කොට එහෙයින් ම විගතමල වූ (-ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵලසමාධියෙන් මොනොවට සමාහිත වූ ලොකධර්‍මයන්ගෙන් කම්පිත නො වන හෙයින් ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්මා සිටි නිමවන ලද කෘත්‍ය ඇති හෙයින් කේවලී වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය නැති හෙයින් ‘අසිත’ යයි ද, ලොකධර්‍මයෙන් නිර්විකාර හෙයින් ‘තාදි’ යයි ද කියනු ලැබේ. හෙතෙම බ්‍රාග්මණ නම් වේ.
Pali BJTන බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහාති - බ්රාහ්මණො අඤ්ඤෙන අසුද්ධිමග්ගෙන මිච්ඡාපටිපදාය අනිය්යාණිකපථෙන අඤ්ඤත්ර සතිපට්ඨානෙහි අඤ්ඤත්ර සම්මප්පධානෙහි අඤ්ඤත්ර ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං නාහ න කථෙති න භණති න දීපයති න වොහරතීති ‘න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ.’
Sinhala BJTන බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ - ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්‍යාප්‍රතිපදායෙන් අනෛය්‍යාණිකපථයෙන් සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බොජ්ඣ්ඞ්ග - ආර්යාෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් වැ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො කියයි නො බෙණෙයි නො දක්වයි නො බැවහර කෙරේ නුයි ‘න බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ’ යනු වේ.
Pali BJTදිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වාති - සන්තෙකෙ සමණබ්රාහ්මණා දිට්ඨසුද්ධිකා{2} තෙ එකච්චානං රූපානං දස්සනං මඞ්ගලං පච්චෙන්ති. එකච්චානං රූපානං දස්සනං අමඞ්ගලං පච්චෙන්ති.
Sinhala BJTදිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - දෘෂ්ට (- මඞ්ගලසම්මත රූපායතන )යෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති. ඔහු ඇතැම් රූපයන් දැකීම මඞ්ගල යයි ද ඇතැම් රූපයන් දැකීම අමඞ්ගල යයි ද හදහති.
Pali BJTකතමෙසං රූපානං දස්සනං මඞ්ගලං පච්චෙන්ති? තෙ කාලතො වුට්ඨහිත්වා අභිමඞ්ගලගතානි රූපානි පස්සන්ති: චටක{3}සකුණං පස්සන්ති. ඵුස්සබෙලුවලට්ඨිං{4} පස්සන්ති. ගබ්භිනිත්ථිං පස්සන්ති කුමාරකං ඛන්ධෙ ආරොපෙත්වා ගච්ඡන්තං පස්සන්ති. පුණ්ණඝටං පස්සන්ති. රොහිතමච්ඡං පස්සන්ති. ආජඤ්ඤං පස්සන්ති. ආජඤ්ඤරථං පස්සන්ති. උසභං පස්සන්ති. ගොකපිලං පස්සන්ති. එවරූපානං රූපානං දස්සනං මඞ්ගලං පච්චෙන්ති.
Sinhala BJTකවර රූපයන්ගේ දැකීම ‘මඞ්ගල’ යයි හදහති? යත්: ඒ දෘෂ්ටමාංගලිකයෝ උදෑසන ම නැගීසිට අභිමඞ්ගල බවට (වෘද්ධිකාරණයට ) ගිය ගේකුරුල්ලකු බලති, පුසනකතින් හිදුවන ලද තරැණ බෙලිගසක් බලති, ගැබිනිඅඟනක බලති, දරැවකු ඇකයේ හිඳුවා යනුවක්හු බලති, පුන්කළස බලති, රේමසකු බලති, ආජානීයා අසකු බලති, අජානීය අසුන් යෙදූ රියක් බලති, සෘෂභයකු බලති, කබරදෙනක බලත්. මෙබඳු රූපයන් දැකීම ම්ංගල යයි හදහත්.
Pali BJTකතමෙසං රූපානං දස්සනං අමඞ්ගලං පච්චෙන්ති? පලාලපුඤ්ජං පස්සන්ති තක්කඝටං පස්සන්ති. රිත්තඝටං පස්සන්ති. නටං පස්සන්ති. නග්ගසමණං පස්සන්ති. ඛරං පස්සන්ති. ඛරයානං පස්සන්ති. එකයුත්තයානං පස්සන්ති. කාණං පස්සන්ති. කුණිං පස්සන්ති. ඛඤ්ජං පස්සන්ති. පක්ඛහතං පස්සන්ති. ජිණ්ණකං පස්සන්ති. බ්යාධිතං{5} පස්සන්ති. මතං පස්සන්ති. එවරූපානං රූපානං දස්සනං අමඞ්ගලං පච්චෙන්ති.
Sinhala BJTකවර රූපයන්ගේ දැකීම ‘අමඞ්ගල’ යයි හදහති ? යත්: පිදුරුමිටියක් දකිත් නම්, මෝරුකළයක් - සිස්කළයක් - නළුවකු - නග්නශ්‍රමණයකු - කොටළුවකු - කොටළුරියක් - එක ගවයකු යෙදූ රියක්, කණකු - කොරකු - කුදකු - පිළකු - මහල්ලකු - ලෙඩ වූවකු - මළ එකක් හු, දකිත් නම්, මෙබඳු රූපයන්ගේ දැකීම “අමඞ්ගල’ යයි හදහත්.
Pali BJTඉමෙ තෙ{6} සමණබ්රාහ්මණා දිට්ඨසුද්ධිකා.{2} තෙ දිට්ඨෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
Sinhala BJTඒ මෙකී මහණබමුණෝ දෘෂ්ඨශුද්ධිකයෝ යැ; ඔහු අභිමඞ්ගලසම්මත රූපයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
Pali BJTසන්තෙකෙ සමණබ්රාහ්මණා සුතසුද්ධිකා. තෙ එකච්චානං සද්දානං සවණං මඞ්ගලං පච්චෙන්ති. එකච්චානං සද්දානං සවණං අමඞ්ගලං පච්චෙන්ති.
Sinhala BJTමඞ්ගලසම්මත ශබ්දයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු ඇතැම් ශබ්දයන් ඇසීම ‘මඞ්ගල’ යයිද, ඇතැම් ශබ්දයන් ඇසීම ‘අමඞ්ගල’ යයිද හදහත්.
Pali BJTකතමෙසානං සද්දානං සවණං මඞ්ගලං පච්චෙන්ති? තෙ කාලතො වුට්ඨහිත්වා අභිමඞ්ගලගතානි සද්දානි{1} සුණන්ති: වඩ්ඪාති වා, වඩ්ඪමානාති වා, පුණ්ණාති වා, ඵුස්සාති වා, අසොකාති වා, සුමනාති වා, සුනක්ඛත්තාති වා, සුමඞ්ගලාති වා, සිරීති වා, සිරිවඩ්ඪාති වා එවරූපානං සද්දානං සවණං මඞ්ගලං පච්චෙන්ති.
Sinhala BJTකවර ශබ්දයන්ගේ ශ්‍රවණය ‘මඞ්ගල’ යයි හදහති? යත්: ඔවුහු උදෑසන මැ නැගීසිට ‘අභිමඞ්ගල’ යැයි සම්මත වැ ගිය ශබ්ද අසති: වැඩෙව (=දිනේවා) යැ - වඩ්ඪමාන යැ - පූර්‍ණ යැ - පුෂ්‍ය යැ - අශෝක යැ - සුමන යැ - සුනක්ඛත්ත යැ - සුමඞ්ගල යැ - ශ්‍රී යැ - ශ්‍රීවර්ධන (-සිරිවඩු) යැ හෝ මෙබඳු වූ ශබ්දයන්ගේ ඇසීම ‘මඞ්ගල’ යයි කැමැති වෙත්.
Pali BJTකතමෙසං සද්දානං සවණං අමඞ්ගලං පච්චෙන්ති? කාණොති වා, කුණීති වා, ඛඤ්ජාති වා, පක්ඛහතොති වා, ජිණ්ණකොති වා, බ්යාධිතොති වා, මතොති වා ඡින්නන්ති වා, භින්නන්ති වා, දඩ්ඪන්ති වා, නට්ඨන්ති වා, නත්ථීති වා, එවරූපානං සද්දානං සවණං අමඞ්ගලං පච්චෙන්ති.
Sinhala BJTකවර ශබ්දයන්ගේ ඇසීම ‘අමඞ්ගල’ යයි හදහති ? යත්: ‘කණා යැ හෝ කොර යැ -කුදු යැ - පිළු යැ - මහලු යැ - ලෙඩ ඇත්තේ යැ - මළේ යැ - දිරුයෙ යැ - බිදුණෙ යැ - දැවුණෙ යැ -නටුයෙ යැ - ‘නැත’යි හෝ මෙබඳු ශබ්දයන්ගේ ශ්‍රවණය ‘අමඞ්ගල’ යයි හදහති.
Pali BJTඉමෙ තෙ සමණබ්රාහ්මණා සුතසුද්ධිකා. තෙ සුතෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
Sinhala BJTඒ මෙකී මහණබමුණෝ ශ්‍රැතශුද්ධිකයෝ යැ. ඔහු ශ්‍රැත (=අභිමඞ්ගල - සම්මත ශබ්ද) යෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
Pali BJTසන්තෙකෙ සමණබ්රාහ්මණා සීලසුද්ධිකා. තෙ සීලමත්තෙන සංයමමත්තෙන සංවරමත්තෙන අවීතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
Sinhala BJTශීලයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු ශීලමාත්‍රයෙන් සංයමමාත්‍රයෙන් (=ඉඳුරන් දැමීම් පමණෙකින්) තුන්දොරා වැසීම් පමණෙකින් ව්‍යතික්‍රම නො කිරීම් පමණෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
Pali BJTසමණො මණ්ඩිකා{2} පුත්තො එවමාහ: “චතුහි ඛො අහං ථපති{3} ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිප්පත්තං සමණං අයොජ්ඣං. කතමෙහි චතුහි? ඉධ ථපති{4} න කායෙන පාපකං කම්මං කරොති. න පාපිකං වාචං භාසති. න පාපකං සංකප්පං සංකප්පෙති. න පාපකං ආජීවං ආජීවති. ඉමෙහි ඛො අහං ථපති චතුහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිප්පත්තං සමණං අයොජ්ඣං”{5}{a} එවමෙව සන්තෙකෙ සමණබ්රාහ්මණා සීලසුද්ධිකා. තෙ සීලමත්තෙන සංයමමත්තෙන සංවරමත්තෙන අවීතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
Sinhala BJTමණ්ඩිකාපුත්‍ර වූ ශ්‍රමණ තෙමේ මෙසේ කියයි: “ස්ථපතිය, (=වඩුව,) මම සතර ධර්‍මයකින් සමන්‍විත වූ පුරැෂයක් හු පරිපූර්‍ණ වූ කුසල් ඇතියකු පරමකුසල් ඇත්තකු උත්තම් වූ අභීත්වයට (=පැමිණිය යුත්තට) පැමිණියකු නො පරදවාලියැ හැකි මහණකු කොට පනවමි. කවර සතරකි නැ? යත්: ථපතිය, මෙලොවැ යමෙක් කයින් පව්කම් නො කෙරේද, ලාමක බස් නො බෙණේ ද, පවිටු කල්පනා (-සංකල්ප) නො සිතා ද, ලාමක ආජීවයෙන් ජීවත් නො වේද, ස්ථපතිය, මම් මේ සතර දහමින් යුත් පුගුලක් හු පරිපූර්‍ණ වූ සිල් ඇතියක් හු… නො පරදවාලියැ හැකි මහණෙකු කොට පනවමි”. එසෙයින් මැ ශීලයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු සිල්මතුයෙකින් (සිල් පමණෙකින්) සංයමමතුයෙකින් සංවරමතුයෙකින් අව්‍යතික්‍රමමතුයෙකින් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
Pali BJTසන්තෙකෙ සමණබ්රාහ්මණා වතසුද්ධිකා. තෙ හත්ථිවතිකා වා හොන්ති. අස්සවතිකා වා හොන්ති. ගොවතිකා වා හොන්ති. කුක්කුරවතිකා වා හොන්ති. කාකවතිකා වා හොන්ති. වාසුදෙවවතිකා වා හොන්ති. බලදෙවවතිකා වා හොන්ති. පුණ්ණභද්දවතිකා වා හොන්ති. මණිභද්දවතිකා වා හොන්ති. අග්ගිවතිකා වා හොන්ති. නාගවතිකා වා හොන්ති. සුපණ්ණවතිකා වා හොන්ති. යක්ඛවතිකා වා හොන්ති. අසුරවතිකා වා හොන්ති. ගන්ධබ්බවතිකා වා හොන්ති. මහාරාජවතිකා වා හොන්ති. චන්දවතිකා වා හොන්ති. සුරියවතිකා වා හොන්ති. ඉන්දවතිකා වා හොන්ති. බ්රහ්මවතිකා වා හොන්ති. දෙවවතිකා වා හොන්ති. දිසාවතිකා වා හොන්ති. ඉමෙ තෙ සමණබ්රාහ්මණා වතසුද්ධිකා. තෙ වතෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
Sinhala BJTව්‍රතසමාදානයෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔහු හස්තිව්‍රත ඇත්තාහු හෝ වෙති, අශ්වව්‍රත ඇත්තාහු - ගෝව්‍රත ඇත්තාහු - කුක්කුර (=බලු) ව්‍රත ඇත්තාහු - කාකව්‍රත ඇත්තාහු - වාසුදෙවව්‍රත - බලදෙවව්‍රත - පූර්ණභද්‍රව්‍රත - මණිභද්‍රව්‍රත - අග්නිව්‍රත - නාගව්‍රත - ගරුඩව්‍රත - යක්ෂව්‍රත - අසුරව්‍රත - ගාන්ධර්වව්‍රත - මහාරාජව්‍රත - චන්ද්‍රව්‍රත - සූර්යව්‍රත - ඉන්ද්‍රව්‍රත - බ්‍රහ්මව්‍රත - දෙවව්‍රත ඇත්තාහු හෝ පෙරදිග්ආදියට නමස්කාර කරන දිශාව්‍රත ඇත්තාහු හෝ වෙත්. ඒ මේ මහණබමුණෝ ව්‍රතයෙන් ශුද්ධිය කැමැති වන්නාහු වෙත්. ඔහු ව්‍රතයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
Pali BJTසන්තෙකෙ සමණබ්රාහ්මණා මුතසුද්ධිකා. තෙ කාලතො වුට්ඨහිත්වා පඨවිං ආමසන්ති. හරිතං ආමසන්ති. ගොමයං ආමසන්ති. කච්ඡපං ආමසන්ති. ඵාලං{1} අක්කමන්ති{2}. තිලවාහං ආමසන්ති. ඵුස්ස{3}තිලං ඛාදන්ති. ඵුස්ස{3}තෙලං මක්ඛෙන්ති. ඵුස්සදන්තකට්ඨං ඛාදන්ති. ඵුස්සමත්තිකාය නහායන්ති. ඵුස්සසාටකං නිවාසෙන්ති. ඵුස්සවෙඨං වෙඨෙන්ති. ඉමෙ තෙ සමණබ්රාහ්මණා මුතසුද්ධිකා. තෙ මුතෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
Sinhala BJTමුත(=ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) යෙන් ශුද්ධිය කැමැති වන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති: ඔහු උදෑසන මැ නැගීසිට මහපොළොව කයින් ස්පර්‍ශ කෙරෙති, තෙත් නිල්තණ ස්පර්‍ශ කෙරෙති, අමුගොම ස්පර්‍ශ කෙරෙති, කසුබුවකු ස්පර්‍ශ කෙරෙති, සීවැල් ඇක්මෙති, තලරැසක් ස්පර්‍ශ කෙරෙති, මඞ්ගල සඳහා සකස් කළ (-පුෂ්‍ය) තල අනුභව කෙරෙති, මඟුල්තෙල් ඇග ගල්වති, මඟුල්දැහැටි කති, මඟුල්මැටියෙන් ස්නානය කෙරෙති, මඟුල්සළු හදිති, මඟුල් හිස්වෙළුම් වෙළත්. මොහු ඒ මුතයෙන් ශුද්ධිය පතන මහණබමුණෝ යැ. ඔහු මුතයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය කැමැති වෙත්.
Pali BJTන බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වාති බ්රාහ්මණො දිට්ඨසුද්දියාපි සුද්ධිං නාහ; සුතසුද්ධියාපි සුද්ධිං නාහ; සීලසුද්ධියාපි සුද්ධිං නාහ; වතසුද්ධියාපි සුද්ධිං නාහ; මුතසුද්ධියාපි සුද්ධිං නාහ, න කථෙති, න භණති, න දීපයති, න වොහරතීති ‘න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා.’
Sinhala BJTන බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා - බාහිතපාපී බ්‍රාහ්මණ තෙමේ දෘෂ්ටශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි, ශ්‍රැතශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි, ශීලශුද්ධියෙනු දු ශුද්ධිය නො කියයි, ව්‍රතශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි, මුතශුද්ධියෙනුදු ශුද්ධිය නො කියයි නො බෙණෙයි, නො දක්වයි, ව්‍යවහාර නො කෙරේ නුයි ‘න බ්‍රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
Pali BJTපුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තොති - පුඤ්ඤං වුච්චති යං කිඤ්චි තෙධාතුකං කුසලාභිසඞ්ඛාරං; අපුඤ්ඤං වුච්චති සබ්බං අකුසලං. යතො පුඤ්ඤාභිසඞ්ඛාරො ච අපුඤ්ඤාභිසඞ්ඛාරො ච ආනෙඤ්ජාභිසඞ්ඛාරො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවඞ්ගතා ආයතිං අනුප්පාදධම්මා, එත්තාවතා පුඤ්ඤෙ ච පාපෙ ච න ලිම්පති න සංලිම්පති, න උපලිම්පති, අලිත්තො අසංලිත්තො{4} අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො.’
Sinhala BJTපුඤ්ඤෙ ච පාපෙ ච අනුපලිත්තො - යම් කිසි ත්‍රෛධාතුක කුශලාභිසංස්කාරයෙක් ‘පුණ්‍ය’ යී කියනු ලැබෙයි, සියලු අකුශලය ‘අපුණ්‍ය’ යී කියනු ලැබේ. යම් තැනක පටන් පුණ්‍යාභිසංස්කාරයත් අපුණ්‍යාභිසංස්කාරයත් ආනෙඤ්ජාභිසංස්කාරයත් ප්‍රහීණ වූවාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අන්වභාවයට ගියාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් පුණ්‍යයෙහි ද පාපයෙහි ද නො ඇලෙයි, වෙසෙසින් නො ඇලෙයි, නො තැවැරෙයි, අලිප්ත වූයේ (=නො ඇලුණේ) අසංලිප්ත - අනුපලිප්ත වූයේ නික්මැ ගියේ නිසෘෂ්ට වූයේ විප්‍රමුක්ක වූයේ විසංයුxක්ක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘පුඤ්ඤෙ ච පාපෙ ච අනුපලිත්තො’ යනු වේ.
Pali BJTඅත්තඤ්ජහො නයිධ පකුබ්බමානොති - ‘අත්තඤ්ජහො’ති අත්තදිට්ඨිජහො, අත්තං ජහොති ගාහජහො, අත්තං ජහොති තණ්හාවසෙන දිට්ඨිවසෙන ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං, සබ්බං{5} තං චත්තං හොති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං; නයිධ පකුබ්බමානොති - පුඤ්ඤාභිසඞ්ඛාරං{6} වා අපුඤ්ඤාභිසඞ්ඛාරං වා ආනෙඤ්ජාභිසඞ්ඛාරං වා අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානො අනභිනිබ්බත්තයමානොති ‘අත්තං ජහො නයිධ පකුබ්බමානො. ‘
Sinhala BJTඅත්තඤ්ජහො නයිධ පකුබ්බමානො - ‘අත්තඤ්ජහො’ යනු: ආත්මදෘෂ්ටිය හළුයේ, ‘අත්තං ජහො’ - ග්‍රාහය හළුයේ, ‘අත්තං ජහො’ - තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගන්නා ලද පරාමර්‍ශ කරන ලද අභිනිවේශ කළ ඇතුළත් ව සිටි බැස ගෙන සිටි ඒ සියල්ල ත්‍යක්ත වෙයි, වාන්ත මුක්ත ප්‍රහීණ ප්‍රතිනිසෘෂ්ට වෙයි. නයිධ පකුබ්බමානො - පුණ්‍යාභිසංස්කාරය හෝ අපුණ්‍යාභිසංස්කාරය හො ආනෙඤ්ජාභිසංස්කාරය හෝ නො කරනුයේ යී නො දනවනුයේ වෙසෙසින් නො දනවනුයේ නුපදවනුයේ වෙසෙසින් නුපදවනුයේ නුයි ‘අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා, පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො අත්තංජහො නයිධ පකුබ්බමානො”ති.
Sinhala BJT“න බ්‍රාහ්මණො -පෙ- නයිධ පකුබ්බමානො” යි.
Pali BJT4. 4.
Sinhala BJT4. 4.
Pali BJTපුරිමං පහාය අපරං සිතා සෙ එජානුගා තෙ න තරන්ති සඞ්ගං, තෙ උග්ගහායන්ති නිරස්සජන්ති කපීව සාඛං පමුඛ{7}ඞ්ගහාය.
Sinhala BJTපූර්ව ශාස්තෘආදීන් හැරපියා අපර ශාස්තෘ ආදීන් ඇසුරු කරන එජාසංඛ්‍යාත තෘෂ්ණායෙන් මඩනා ලද්දාහු රාගාදි සඞ්ගය තරණය නොකෙරෙති. යළි ඔහු පූර්‍වශාඛාව හැරපියා අපරශාඛාවක් ගන්නා වූ වඳුරකු සෙයින් ඒ ඒ ධර්‍මයන් ගන්නා හු ද වෙත්.
Pali BJTපුරිමං පහාය අපරං සිතා සෙති - පුරිමං සත්ථාරං පහාය අපරං සත්ථාරං නිස්සිතා, පුරිමං ධම්මක්ඛානං පහාය අපරං ධම්මක්ඛානං නිස්සිතා, පුරිමං ගණං පහාය අපරං ගණං නිස්සිතා, පුරිමං දිට්ඨිං පහාය අපරං දිට්ඨිං නිස්සිතා, පුරිමං පටිපදං පහාය අපරං පටිපදං නිස්සිතා, පුරිමං මග්ගං පහාය අපරං මග්ගං නිස්සිතා සන්නිස්සිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති ‘පුරිමං පහාය අපරං සිතා සෙ.’
Sinhala BJTපුරිමං පහාය අපරං සීතා සෙ - පූර්වශාස්තෘවරයකු හැරපියා අපර ශාස්තෘවරයක්හු ඇසුරැ කළාහු පළමු ගත් ධර්‍මය හැරපියා අන්‍ය ධර්‍මයක් ඇසුරැ කළාහු පළමු ගත් ගණයා හැරපිය අන් ගණයක් ඇසුරු කළාහු පළමු ගත් දෘෂ්ටිය හැර අන්‍යදෘෂ්ඨියක් ඇසුරු කළාහු පූර්වප්‍රතිපදාව හැර අපරප්‍රතිපදාවක් ඇසුරැ කළාහු පූර්වමාර්‍ගය හැර අපරමාර්‍ගයක් ඇසුරැ කළාහු වෙසෙසින් ඇසුරු කළාහු ඇලුණාහු එළැඹියාහු පිවිසියාහු බැසගත්තාහු නුයි ‘පුරිමං පහාය අපරං සීතා සෙ’ යනු වේ.
Pali BJTඑජානුගා තෙ න තරන්ති සඞ්ගන්ති - එජා වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං;{a} එජානුගාති එජානුගා එජානුගතා එජානුසටා එජායාපන්නා පතිතා අභිභූතා පරියාදින්නචිත්තා; තෙ න තරන්ති සඞ්ගන්ති - රාගසඞ්ගං දොසසඞ්ගං මොහසඞ්ගං මානසඞ්ගං දිට්ඨිසඞ්ගං කිලෙසසඞ්ගං දුච්චරිතසඞ්ගං න තරන්ති, න උත්තරන්ති, න සමතික්කමන්ති, න වීතිවත්තන්තීති ‘එජානුගා තෙ න තරන්ති සඞ්ගං’.
Sinhala BJTඑජානුගාතෙ න තරන්ති සඞ්ගං - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවෙක් ලොභඅකුශලමූලයෙක් වේද (එයයි). එජානුගා - තෘෂ්ණාව අනුව ගියාහු තෘෂ්ණාවට අනුගත වූවාහු තෘෂ්ණාවට පිවිසියාහු තෘෂ්ණාවට පැමිණියාහු වැටුණාහු මඩනැ ලද්දාහු හාත්පසින් අල්ලාගත් සිත් ඇත්තාහු. තෙ න තරනති සඞ්ගං - රාගසංගය ද්වේශසංගය මෝහසංගය මානසංගය දෘෂ්ටිසංගය කෙලශසංගය දුශ්චරිතසංගය තරණය නො කෙරෙති උත්තරණය නො කෙරෙති ප්‍රතරණය නො කෙරෙති නො ඉක්මෙති ව්‍යතික්‍රමණය නො කෙරෙත් නුයි ‘එජානුගාතෙ න තරන්ති සඞ්ගං’ යනු වේ.
Pali BJTතෙ උග්ගහායන්ති නිරස්සජන්තීති - සත්ථාරං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං සත්ථාරං ගණ්හන්ති, ධම්මක්ඛානං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං ධම්මක්ඛානං ගණ්හන්ති; ගණං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං ගණං ගණ්හන්ති; දිට්ඨිං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං දිට්ඨිං ගණ්හන්ති; පටිපදං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං පටිපදං ගණ්හන්ති; මග්ගං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං මග්ගං ගණ්හන්ති; ගණ්හන්ති ච මුඤ්චන්ති{1} ච ආදියන්ති ච නිරස්සජන්ති චාති ‘තෙ උග්ගහායන්ති නිරස්සජන්ති’.
Sinhala BJTතෙ උග්ගහායන්ති නිර්ස්සජන්ති - ශාෂ්තෘවරයකු ගනිති, ඔහු හැරපිය අන් ශාෂ්තෘවරයකු ගනිත්; ධර්‍මාඛ්‍යානයක් ගනිති, එය හැරපියා අන් ධර්‍මාඛ්‍යානයක් ගනිත්, ගණයක් ගනිති, එය හැරපියා අන් ගණයක් ගනිති, දෘෂ්ටියක් ගනිති; එය හැර අන්‍යදෘෂ්ටියක් ගනිත්; ප්‍රතිපදාවක් ගනිති, එය හැරපියා අන් පිළිවෙතක් ගනිත්; මාර්‍ගයක් ගනිති, එය හැරපියා අන් මගක් ගනිත්; ගන්නාහු ද හරණාහු ද ආදානය කරන්නාහු ද බැහැර කරන්නහු ද වෙත් නුයි ‘තෙ උග්ගහායන්ති නිxxර්ස්සජන්ති’ යනු වේ.
Pali BJTකපී’ව සාඛං පමුඛඞ්ගහායාති - යථා මක්කටො අරඤ්ඤෙ පවනෙ චරමානො සාඛං ගණ්හාති, තං මුඤ්චිත්වා අඤ්ඤං සාඛං ගණ්හාති, තං මුඤ්චිත්වා අඤ්ඤං සාඛං ගණ්හාති. එවමෙව පුථුසමණබ්රාහ්මණා පුථුදිට්ඨිගතානි ගණ්හන්ති ච මුඤ්චන්ති ච ආදියන්ති ච නිරස්සජන්ති චාති ‘කපී ව සාඛං පමුඛඞ්ගහාය.{2}’
Sinhala BJTකපීව සාඛං පමුඛංගහාය - යම් සේ අරණ්‍යසංඛ්‍යාත මහවෙනෙහි හැසිරෙන වඳුරෙක් එක් ශාඛාවක් ගෙන එය හැරපියා අනෙකක් ගනී ද, එය ද හැරපියා අන් ශාඛාවක් ගනී ද, එසෙයින් මැ බොහෝ මහණබමුණෝ බොහෝ දෘෂ්ටිගතයන් ගන්නාවු ද හරනාහු ද දුරු ලන්නාහු ද වෙත් නුයි ‘කපීව සාඛං පමුඛංගහාය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පුරිමං පහාය අපරං සිතා සෙ එජානුගා තෙ න තරන්ති සඞ්ගං, තෙ උග්ගහායන්ති නිරස්සජන්ති කපීව සාඛං පමුඛඞ්ගහායා”ති.
Sinhala BJT“පුරිමං පහාය -පෙ- පමුඛංගහාය” යි.
Pali BJT4. 5.
Sinhala BJT4. 5.
Pali BJTසයං සමාදාය වතානි ජන්තු උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො, විද්වා ච{3} වෙදෙහි සමෙච්ච ධම්මං න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො.
Sinhala BJTකාමාදි සංඥායෙහි ඇලුණා වූ සත්‍ව තෙමේ හස්තිව්‍රතාදි ව්‍රතයන් තෙමේ මැ සමාදන් වැ එකකින් එකකට යෙයි. පරමාර්ත්වයෙන් විද්වත් වූ මහාප්‍රඥා ඇති රහත් මහණ සතර මාර්‍ගඥානවේදයෙන් දහම් අවබෝධ කොට සිටියේ උච්චාවච බවට නො පැමිණේ.
Pali BJTසයං සමාදාය වතානි ජන්තූති - ‘සයං සමාදායාති සාමං සමාදාය; වතානීති - හත්ථිවතං වා අස්සවතං වා ගොවතං වා කුක්කුරවතං වා කාකවතං වා වාසුදෙවවතං වා බලදෙවවතං වා පුණ්ණභද්දවතං වා මණිභද්දවතං වා අග්ගිවතං වා නාගවතං වා සුපණ්ණවතං වා යක්ඛවතං වා අසුරවතං වා -පෙ- දිසාවතං වා, ආදාය සමාදාය ආදියිත්වා සමාදියිත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා; ජන්තූති - සත්තො නරො -පෙ- මනුජොති ‘සයං සමාදාය වතානි ජන්තු.’
Sinhala BJTසයං සමාදාය වතානි ජන්තු - ‘සයං සමාදාය’ - තෙමේ මැ සමාදන් වැ; වතානි - හස්තිව්‍රතය හො අශ්ව - ගො - කුක්කුර - කාක - වාසුදෙව - බලදෙව - පූර්ණභද්‍ර - මණිභද්‍ර - අග්නි - නාග - සුපර්‍ණ - යක්‍ෂ - අසුර - ව්‍රතය හෝ... දිශාව්‍රතය හෝ ගෙන මොනොවට ගෙන ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්ශී කොට අභිනිවේශ කොට; ජන්තු - සත්‍ව - නර ...මනුජ තෙමේ නුයි ‘සයං සමාදාය වතානි ජන්තු’ යනු වේ.
Pali BJTඋච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තොති - සත්ථාරතො සත්ථාරං ගච්ඡති, ධම්මක්ඛානතො ධම්මක්ඛානං ගච්ඡති, ගණතො ගණං ගච්ඡති, දිට්ඨියා දිට්ඨිං ගච්ඡති, පටිපදාතො පටිපදං ගච්ඡති, මග්ගතො මග්ගං ගච්ඡති; සඤ්ඤසත්තොති - කාමසඤ්ඤාය ව්යාපාදසඤ්ඤාය විහිංසාසඤ්ඤාය දිට්ඨිසඤ්ඤාය සත්තො විසත්තො ආසත්තො ලග්ගො ලග්ගිතො පළිබුද්ධො, යථා භිත්තිඛීලෙ වා නාගදන්තෙ වා භණ්ඩං සත්තං විසත්තං ආසත්තං ලග්ගං ලග්ගිතං පළිබුද්ධං; එවමෙව කාමසඤ්ඤාය ව්යාපාදසඤ්ඤාය විහිංසාසඤ්ඤාය දිට්ඨිසඤ්ඤාය සත්තො විසත්තො ආසත්තො ලග්ගො ලග්ගිතො පළිබුද්ධොති ‘උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො.’
Sinhala BJTඋච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො - ශාස්තෘවරයකු කෙරෙන් ශාස්තෘවරයකු කරා යෙයි, ධර්‍මාඛ්‍යානයකින් ධර්‍මාඛ්‍යානයකට - ගණයක් කෙරෙන් ගණයක්හු කරා - දෘෂ්ටියකින් දෘෂ්ටියකට - ප්‍රතිපදාවකින් ප්‍රතිපදාවකට - මාර්‍ගයකින් මාර්‍ගයකට යෙයි; සඤ්ඤසත්තො - කාමසංඥායෙහි ව්‍යාපාදසංඥායෙහි විහිංසාසංඥායෙහි දෘෂ්ටිසංඥායෙහි ඇලුණේ වෙසෙසින් ඇලුණේ හාත්පසින් ඇලුණේ ලැගුණේ ලග්න වූයේ පලිබුද්ධ වූයේ, යම් සේ භිත්තිඛීලය (=බිත්තියෙහි සවි කළ හුල)ක හේ නාගදන්තයක හෝ භාණ්ඩයක් සක්ත විෂක්ත ආසක්ත ලග්න ලග්නකළ පරිබුද්ධ වූයේ ද, එසෙයින් ම කාම - ව්‍යාපාද - විහිංසා - දෘෂ්ටිසංඥායෙහි සක්ත...පරිබුද්ධ වූයේ නුයි ‘උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො’ යනු වේ.
Pali BJTවිද්වා{1} ච වෙදෙහි සමෙච්ච ධම්මන්ති - ‘විද්වා’ති විද්වා විජ්ජාගතො ඤාණී විභාවී මෙධාවී; වෙදෙහීති - වෙදා වුච්චන්ති චතුසු මග්ගෙසු ඤාණං, පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි, තෙහි වෙදෙහි ජාතිජරාමරණස්ස අන්තගතො අන්තප්පත්තො කොටිගතො කොටිප්පත්තො පරියන්තගතො පරියන්තප්පත්තො වොසානගතො වොසානප්පත්තො තාණගතො තාණප්පත්තො ලෙනගතො ලෙනප්පත්තො සරණගතො සරණප්පත්තො අභයගතො අභයප්පත්තො අච්චුතගතො{2} අච්චුතප්පත්තො{3} අමතගතො අමතප්පත්තො නිබ්බානගතො නිබ්බානප්පත්තො; වෙදානං වා අන්තගතොති වෙදගූ, වෙදෙහි වා අන්තං ගතොති වෙදගූ, සත්තන්නං වා ධම්මානං විදිතත්තා වෙදගූ: සක්කායදිට්ඨි විදිතා හොති, විචිකිච්ඡා විදිතා හොති, සීලබ්බතපරාමාසො විදිතො හොති, රාගො විදිතො හොති, දොසො විදිතො හොති, මොහො විදිතො හොති, මානො විදිතො හොති, විදිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
Sinhala BJTවිද්වා ච වේදේහි සමෙච්ච ධම්මං - ‘විද්වා’ යනු: විද්වද් වූයේ විද්‍යාවට පැමිණියේ නුවණැතියේ නුවණින් විමසනුයේ මේධා (=අනිත්‍යාදි විසින් තුලනය කළ ඥාන) ඇතියේ; වේදේහි - සතර මාර්‍ගයන්හි ඥානය ‘වෙද’ යී කියනු ලැබේ; ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලය ධම්මවිචයසම්බොධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යක්දෘෂ්ටිය යි; ඒ මාර්‍ගඥානවෙදයන්ගෙන් ජාතිජරාමරණයන්ගේ අන්තයට ගියේ අන්තයට පැමිණියේ (මාර්‍ගයෙන්) කෙළවරට ගියේ (ඵලයෙන්) කෙළවරට පැමිණියේ පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ (මාර්‍ගයෙන්) ත්‍රාණයට ගියේ (ඵලයෙන්) ත්‍රාණයට පැමිණියේ නිලීයනයට (මාර්‍ගයෙන්) ගියේ (ඵලයෙන්) පැමිණියේ ප්‍රතිෂ්ඨාවට (මාර්‍ගයෙන්) ගියේ (ඵලයෙන්) පැමිණියේ නිභීයට ගියේ නිභීයප්‍රාප්ත වූයේ අච්‍යුතිය (-නිවන)ට ගියේ අච්‍යුතප්‍රාප්ත වූයේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ මාර්‍ගයෙන් නිවනට ගියේ ඵලයෙන් නිවනට පැමිණියේ; නොහොත් වෙද(=දතයුතු ධර්‍ම) යන්ගේ අන්තයට ගියේ නුයි ‘වේදගූ’ යැ, සතරමාර්‍ගඥානවෙදයෙන් වෘත්තදුඃඛයාගේ අන්තයට ගියේ නුයි හෝ ‘වේදගු’ යැ; නොහොත් සප්තධර්‍මයන් විදිත වන බැවින් ‘වේදගූ’ යැ: සත්කායදෘෂ්ටිය විදිත වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි, ඔහු විසින් කෙලෙසුන්ට ප්‍රත්‍යය වූ පුනර්‍භවය උපදවන ක්ලෙශ්දරථ සහිත වූ දුඃඛ් විපාක දෙන අනාගතයෙහි ජාතිජරාමරණයන්ට ප්‍රත්‍යය වූ ලාමක අකුශලධර්‍මයෝ විදිත වූවාහු වෙත්.
Pali BJT1. “වෙදානි විචෙය්ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානිපත්ථි{4} බ්රාහ්මණානං, සබ්බවෙදනාසු වීතරාගො සබ්බං වෙදමතිච්ච වෙදගූ සො”ති.
Sinhala BJT1. (බුදුහු ‘සභිය’ යි අමතා මෙසේ වදාළහ:) යෙමෙක් ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ ශාස්ත්‍ර යයි කියන ලද යම් වෙද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්‍ගභාවනායෙන් කෘත්‍ය හෙයින් අනිත්‍යාදිවශයෙන් විමසා එහි ඡන්‍දරාගප්‍රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වෙදප්‍රත්‍යයෙන් හෝ අන් පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්‍ත්‍ථවශයෙන් ‘වේදගු’ නම් වේ යයි.
Pali BJTවිද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මන්ති - සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සබ්බෙ ධම්මා අනත්තා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සඞ්ඛාරපච්චයා විඤ්ඤාණ’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘විඤ්ඤාණපච්චයා නාමරූපන්ති - නාමරූපපච්චයා සළායතනන්ති - සළායතනපච්චයා ඵස්සොති - ඵස්සපච්චයා වෙදනාති - වෙදනාපච්චයා තණ්හාති - තණ්හාපච්චයා උපාදානන්ති උපාදානපච්චයා භවොති - භවපච්චයා ජාතීති - ජාතිපච්චයා ජරාමරණ’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො’ති - නාමරූපනිරොධා සළායතනනිරොධොති - සළායතනනිරොධා ඵස්සනිරොධොති - ඵස්සනිරොධා වෙදනා නිරොධොති - වෙදනා නිරොධා තණ්හා නිරොධොති තණ්හානිරොධා උපාදානනිරොධොති උපාදානනිරොධා භවනිරොධොති - භවනිරොධා ජාතිනිරොධොති ජාතිනිරොධා ජරාමරණ නිරොධො’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘ඉදං දුක්ඛ’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අයං දුක්ඛසමුදයො’ති - අයං දුක්ඛනිරොධොති - අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘ඉමෙ ආසවා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අයං ආසවසමුදයො’ති - අයං ආසවනිරොධොති - අයං ආසවනිරොධගාමිනීපටිපදාති සමෙච්ච අභිසමෙච්ච ධම්මං, ‘ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං, ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යාති - ඉමෙ ධම්මා පහාතබ්බාති - ඉමෙ ධම්මා භාවෙතබ්බාති - ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච සමෙච්ච අභිසමෙච්ච ධම්මං; පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච සමෙච්ච අභිසමෙච්ච ධම්මං; චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මන්ති ‘විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මං’.
Sinhala BJTවිද්වා ච වේදේහි සමෙච්ච ධම්මං - සිවුසස් දහමට නුවණින් පැමිණ, සිවුසස් දහම් නුවණින් පිළිවිද; ‘සියලු සංස්කාරයෝ ඇති වැ නැති වනබැවින් අනිත්‍යයහ’ යි සිවුසස් දහම් නුවණින් පැමිණ අභිසමය කොට, ‘සියලු සංස්කාරයෝ පීඩා උපදවන බැවින් දුඃඛයහ’ යි දහම් දැන අභිසමය කොට, ‘සියලු ධර්‍මයෝ වසයෙහි නො පවත්නා බැවින් අනාත්මයහ’යි සිවුසස් දහම් නුවණින් දැන අභිසමය කොට; ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් (-අවිද්‍යාව නිසා) තුන් බිමට අයත් කුශලාදි සංස්කාරයෝ පහළ වෙති’ සිවුසස් දහම් නුවණින් දැන ප්‍රතිවේධ කොට, සංස්කාරප්‍රත්‍යයෙන් චක්‍ෂුර්විඥානාදි දෙතිස් ලෞකිකවිපාකවිඥානය පහළ වේ යයි...එකුන්විසි ප්‍රතිසන්‍ධිවිඥානප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාත නාමය හා රූපය වේ යයි.. නාමරූපප්‍රත්‍යයෙන් චක්‍ෂුරායතනාදි ෂඩායතනය වේ යයි...ෂඩායතනප්‍රත්‍යයෙන් චක්ෂුඃසංස්පර්ශාදි ස්පර්‍ශය වේ යයි...ස්පර්‍ශප්‍රත්‍යයෙන් චක්ෂුඃසංස්පර්ශජාදි වේදනා වේ යයි...වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යයි තෘෂ්ණාප්‍රත්‍යයෙන් කාමාදි උපාදානය වේ යයි...උපාදානප්‍රත්‍යයෙන් භවය වේ යයි… කර්මභවප්‍රත්‍යයෙන් ප්‍රතිසන්ධිස්කන්ධ සඞ්ඛ්‍යාත ජාතිය වේ යයි...ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යයි නුවණින් දැන සිවුසස් දහම් ප්‍රතිවේධ කොට, ‘අවිද්‍යාව ගේ අනුත්පාදනිරෝධයෙන් සංස්කාරයන් ගේ අනුප්පාදනිරොධය වේ යයි නුවණින් දැන සිවුසස් දහම් අවබෝධ කොට; සංස්කාරයන් ගේ අනුත්පාදනිරෝධයෙන් විඥානනිරෝධය වේ යයි - ප්‍රතිසන්ධිවිඥානයා ගේ අනුත්පාදනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ යයි - නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ යයි - ෂඩායතනනිරොධයෙන් ස්පර්ෂනිරොධය වේ යයි - ස්පර්ෂනිරොධයෙන් වේදනානිරෝධය වේ යයි - වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ යයි - තෘෂ්ණානිරොදයෙන් උපාදානනිරෝධය වේ යයි - උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ යයි - භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ යයි - ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේයයි නුවණින් දැන සිවුසස් අවබෝධ කොට; ‘මේ දුකැ’යි දැන ...මේ දුක් සමුදය යි ...මේ දුක් නැසීම යැයි... මේ දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැයි නුවණින් දැන සිවුසස් ප්‍රතිවේධ කොට; ‘මොහු ආස්‍රවයෝය’යි… මේ ආස්‍රවසමුදය යි...මෙ ආස්‍රවනිරෝධය යි...‘මෝ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා ය’යි දැන සිවුසස්දහම් අභිසමය කොට, ‘මේ ධර්‍මයේ ස්වභාවලක්ෂණාවබොධවශයෙන් දතයුත්තාහ’යි දැන - මේ (ත්‍රෛභූමක)ධර්‍මයෝ සාමාන්‍යලක්ෂණවබොධවශයෙන් හාත්පසින් දතයුත්තාහ’යි දැන ‘මේ සමුදයපක්ෂයෙහි වූ ධර්‍මයෝ ඒ ඒ ගුණාඞ්ගයෙන් හළ යුත්තාහ’යි - මේ දහම්හු වැඩිය යුත්තාහ’යි - ‘මේ දහම්හු ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහ’යි නුවණින් දැන සිවුසස් දහම් අවබෝධ කොට, චක්‍ෂුරාදි ෂට්ස්පර්ශායතනයන් ගේ සමුදය (-ඉපදීම)ද නිරෝධය ද ආශ්වාදය ද ආදීනවය ද නිශ්ශරණය ද දැන දහම් පසක් කොට, පඤ්චොපදානස්කන්ධයන්ගේ සමුදය ද... නිශ්ශරණය ද දැන - සතරමහාභූතයන්ගේ සමුදය ද...නිශ්ශරණය ද දැන - ‘සමුදයපක්ෂයෙහි වූ සියලු ධර්‍මජාතය නිරෝධස්වභාව ඇතැ’යි නුවණින් දැන සිවුසස් දහම් විශිෂ්ටඥානයෙන් දැන නුයි ‘විද්වා ච වේදේහි සමෙච්ච ධම්මං’ යනු වේ.
Pali BJTන උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤොති - න සත්ථාරතො සත්ථාරං ගච්ඡති, න ධම්මක්ඛානතො ධම්මක්ඛානං ගච්ඡති, න දිට්ඨියා දිට්ඨිං ගච්ඡති, න පටිපදාය පටිපදං ගච්ඡති, න මග්ගතො මග්ගං ගච්ඡති. භූරිපඤ්ඤොති භූරිපඤ්ඤො මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසුපඤ්ඤො{1} ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො; භූරි වුච්චති පඨවී, තාය පඨවීසමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතොති ‘න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො.’
Sinhala BJTන උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො - ශාස්තෘවරයකු කෙරෙන් ශාස්තෘවරයකු කරා නො යෙයි, ධර්‍මාඛ්‍යානයකින් ධර්‍මාඛ්‍යානයකට - දෘෂ්ටියකින් දෘෂ්ටියකට - පිළිවෙතකින් පිළිවෙතකට - මගෙකින් මගකට නො යන්නේයි. භූරිපඤ්ඤො - පෘථිවිය බදු විපුලප්‍රඥා ඇතියේ මහාප්‍රඥා ඇතියේ පැතුරැණු ප්‍රඥා ඇතියේ තුෂ්ටි බහුල වූ ප්‍රඥා ඇතියේ පැතුරුණු ප්‍රඥා ඇතියේ ලොභාදිය විනිවිදින ප්‍රඥා ඇතියේ යැ; පෘථිවිය ‘භූරි’ යැයි කියනු ලබයි, ඒ පෘථිවියම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍විත නුයි ‘න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සයං සමාදාය වතානි ජන්තු උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො, විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මං න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො”ති.
Sinhala BJT“සයං සමාදාය -පෙ- ගච්ඡති භූරිපඤ්ඤො” යි.
Pali BJT4. 6.
Sinhala BJT4. 6.
Pali BJTස සබ්බධම්මෙසු{1} විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා, තමෙව දස්සිං විවටං චරන්තං කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය.
Sinhala BJTඒ භූරිප්‍රාඥා වූ ක්‍ෂීණාස්‍රව තෙමේ යම් කිසි රූපාලම්බනයක් හෝ ශබ්දාලම්බයක් හෝ ගන්‍ධ-රස-ඵොට්ඨබ්බ ආලම්බණයක් හෝ වේද, ඒ සියලු ධර්‍මයන්හි අකුශලාභිසංස්කාර සඞ්ඛ්‍යාත මරසෙනග වනසා සිටි වන බැවින් විසෙනී වූයේ වෙයි. මෙසේ විශුද්ධ දර්‍ශන ඇති විවෘත වැ හැසිරෙන ඒ රහත්හු මෙ ලොවැ තෘෂ්ණාදි කවර කල්පනයකින් විකල්පනය කරන්නේ ද.
Pali BJTස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වාති සෙනා වුච්චති මාරසෙනා; කායදුච්චරිතං මාරසෙනා, වචීදුච්චරිතං මාරසෙනා, මනොදුච්චරිතං මාරසෙනා, රාගො මාරසෙනා, දොසො මාරසෙනා, මොහො මාරසෙනා, කොධො - උපනාහො -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරා මාරසෙනා. වුත්තං හෙතං භගවතා:
Sinhala BJTස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා - ‘සේනා’ යී මාරසෙනාව කියනු ලබයි, කායදුශ්චරිතය මාරසෙනා යැ, වාග්දුශ්චරිතය - මනෝදුශ්චරිතය මාරසෙනා යැ, රාගය මාරසෙනා යැ, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - උපනාහය...සියලු අකුශලාභිසංස්කාරයෝ මාරසෙනා යි. මෙ වදාරන ලද මැය භාග්‍යවත්හු විසින්:
Pali BJT1. “කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච්චති, තතියා ඛුප්පිපාසා තෙ චතුත්ථි තණ්හා පච්චති.
Sinhala BJT1. “අන්තකය, වස්තුකාම ක්ලේශකාමයෝ තාගේ පළමු වැනි සේනාව යැ, වනසෙනසුන්හි හෝ අධිකුශලධර්‍මයන්හි උපදනා අරතිය දෙවැනි සේනාව යැයි කියනු ලැබෙයි, සා පවස් දෙක තාගේ තෙවැනි සේනාව යැ, පර්යෙෂණයතෘෂ්ණාව සතරවැනි සේනාව යැයි කියනු ලැබේ.
Pali BJT2. පඤ්චමී{2} ථීනමිද්ධං තෙ ඡට්ඨා භීරූ පවුච්චති, සත්තමී{3} විචිකිච්ඡා තෙ මක්ඛො ථම්භො තෙ අට්ඨමො.
Sinhala BJT2. ථීනමිද්ධය තාගේ පස්වැනි සේනාව යැ, තැතිගැනීම් සංඛ්‍යාත බියසුලු බව සවැන්නී යැයි කියනු ලැබෙයි, පර්ය්‍යාප්තියෙහි සැකය තාගේ සත්වැනි සේනාව යැ (මානය) මකුබව හා ස්තම්භය තාගේ අටවැනි සේනාව යි.
Pali BJT3. ලාභො සිලොකො සක්කාරො මිච්ඡා ලද්ධො ච යො යසො, යො චත්තානං සමුක්කංසෙ පරෙ ච අවජානති.
Sinhala BJT3. ලාභය ප්‍රශංසාය සත්කාරය යන මොහු ද මිථ්‍යාවෙන් ලද යශස ද නවවැනි සේනාව වෙයි, ජාත්‍යාදිය හේතු කොටගෙන ආත්මොත්කෂීණය ද පරවම්භනය ද දසවැනි සේනාව වේ.
Pali BJT4. එසා නමුචි තෙ සෙනා කණ්හස්සාභිප්පහාරිණී, න නං අසූරො ජිනාති ජෙත්වා ච ලභතෙ සුඛ”න්ති.{a}
Sinhala BJT4. අන්තකය, කෘෂ්ණධර්‍මයෙන් සමන්‍විත වූ තා ගේ මේ දශවිධ සේනා තොමෝ මහණබමුණන්ට අන්තරාය කරන සුලු වෙයි, සූර නොවූ පුරැෂ තෙමේ ඒ මරසෙනග නො දිනයි, යළි කායජීවිත නිරපේක්‍ෂ වූ සූර තෙමේ ජයග්‍රහණය කොට මගපලසුවයට පැමිණේ” යයි.
Pali BJTයතො චතුහි අරියමග්ගෙහි සබ්බා ච මාරසෙනා සබ්බෙ ච පටිසෙනිකරා කිලෙසා ජිතා ච පරාජිතා ච භග්ගා විප්පලුග්ගා පරම්මුඛා, සො වුච්චති විසෙනිභූතො; සො දිට්ඨෙ විසෙනිභූතො සුතො විසෙනිභූතො මුතෙ විසෙනිභූතො විඤ්ඤාතෙ විසෙනිභූතොති - ස සබ්බධම්මෙසු{4} විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා.
Sinhala BJTයම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු දශවිධ මාරසෙනාව ද ප්‍රතිපක්‍ෂ බව කරන සියලු ක්ලේශයෝ ද දිනන ලද්දාහු පරදවන ලද්දාහු, බිඳින ලද්දාහු සුණුවිසුණු කරන ලද්දාහු පරාම්මුඛ බවට පමුණුවන ලද්දාහු ද වෙති, හෙතෙම විසෙනීභූත (=නික්ලේශ වූයේ) යැයි කියනු ලැබේ. හෙතෙම රූපායතනයෙහි විසෙනී වූයේ ශබ්දායතනයෙහි - ගන්‍ධ -රස - ස්ප්‍රෂ්ටව්‍යාතනයයෙහි - ධම්මායතනයෙහි විසෙනී වූයේ නුයි ‘ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා’ යනු වේ.
Pali BJTතමෙව දස්සිං විවටං චරන්තන්ති - තමෙව සුද්ධදස්සිං විසුද්ධදස්සිං පරිසුද්ධදස්සිං වොදානදස්සිං පරියොදානදස්සිං; අථ වා සුද්ධදස්සනං විසුද්ධදස්සනං පරිසුද්ධදස්සනං වොදානදස්සනං පරියොදානදස්සනං; විවටන්ති තණ්හාඡදනං දිට්ඨිඡදනං කිලෙසඡදනං දුච්චරිතඡදනං, තානි ඡදනානි විවටානි හොන්ති විද්ධංසිතානි උග්ඝාටිතානි සමුග්ඝාටිතානි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි; චරන්තන්ති චරන්තං විචරන්තං ඉරීයන්තං වත්තෙන්තං පාලෙන්තං යපෙන්තං යාපෙන්තන්ති - තමෙව දස්සිං විවටං චරන්තං.
Sinhala BJTතමෙව දස්සිං විවටං චරන්තං - ඒ මෙසේ ශුද්ධදර්ශී වූවහු විශුද්ධදර්ශී වූවහු පරිශුද්ධදර්ශී වූවහු ව්‍යවදානදර්ශී වූවහු හාත්පසින් විශුද්ධ දර්‍ශන ඇත්තහු; නොහොත් ශුද්ධදර්ශන විශුද්ධදර්ශන පරිශුද්ධදර්ශන ව්‍යචදානදර්ශන පර්ය්‍යාවදානදර්ශන ඇත්තහු. විවටං - තෘෂ්ණා සඞ්ඛ්‍යාත ඡදන (=සෙවෙනි) ය දෘෂ්ටිඡදනය ක්ලෙශඡදනය දුශ්චරිතඡදනය අවිද්‍යාඡදනය යන මේ කෙලෙස් ඡදනයෝ විවෘත කරනා ලද්දාහු වෙති, විධ්වංශන කරන ලද්දාහු උද්ඝාටන කරන ලද්දාහු සමුද්ඝාටන කරන ලද්දාහු ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්ය්‍යොත්පත්තික කරන ලද්දාහු නුවණගින්නෙන් දවන ලද්දාහු වෙත්. චරන්තං - හැසිරෙනුවහු වෙසෙසින් හැසිරෙනුවහු ඉරියවු පවත්වනුවහු ඉරියවු උපදවනුවහු ඉරියහු රක්නහු යැපෙනවහු යාපනය කරවනුවහු නුයි ‘තමෙව දස්සිං විවටං චරන්තං’ යනු වේ.
Pali BJTකෙනීධ ලොකස්මිං විකප්පයෙය්යාති - කප්පාති ද්වෙ කප්පා: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච -පෙ- අයං තණ්හාකප්පො -පෙ- අයං දිට්ඨිකප්පො. තස්ස තණ්හාකප්පො පහීනො, දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො. තණ්හාකප්පස්ස පහීනත්තා දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨත්තා කෙන රාගෙන කප්පෙය්ය? කෙන දොසෙන කප්පෙය්ය? කෙන මොහෙන කප්පෙය්ය? කෙන මානෙන කප්පෙය්ය? කාය දිට්ඨියා කප්පෙය්ය? කෙන උද්ධච්චෙන කප්පෙය්ය? කාය විචිකිච්ඡාය කප්පෙය්ය? කෙහි අනුසයෙහි කප්පෙය්ය රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති වා අනිට්ඨං ගතොති වා ථාමගතොති වා? තෙ{1} අභිසඞ්ඛාරා පහීනා. අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා{2} කෙන කප්පෙය්ය නෙරයිකොති වා, තිරච්ඡානයොනිකොති වා, පෙත්තිවිසයිකොති වා, මනුස්සොති වා, දෙවොති වා, රූපීති වා, අරූපීති වා, අසඤ්ඤීති වා, නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා? සො හෙතු නත්ථි පච්චයො නත්ථි කාරණං නත්ථි, යෙන කප්පෙය්ය විකප්පෙය්ය විකප්පං ආපජ්ජෙය්ය; ලොකස්මින්ති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති ‘කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය. ‘
Sinhala BJTකෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය - ‘කප්පා’ යනු: තෘෂ්ණාකල්පන යැ දෘෂ්ටිකල්පන යැයි කල්පනයෝ දෙදෙනෙකි:...ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ දෘෂ්ටිකල්පය දුරලන ලද; තෘෂ්ණාකල්පනය ප්‍රහීණ හෙයින් දෘෂ්ටිකල්පනය දුරලන ලද හෙයින් කවර රාගයෙකින් කවරෙක් විකල්පනය කරන්නේ ද, කවර ද්වෙෂයෙකින් - කවර මොහයෙකින් - කවර මානයෙකින් - කවර දෘෂටියෙකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුසයධර්මයකින් - රක්ත යැ හෝ ද්විෂ්ට යැ හෝ මූඪ යැ හෝ විනිබද්ධ යැ හෝ පරාමෘෂ්ට යැ හෝ හෝ වික්ෂෙපයට ගියේ යැ හෝ අනිෂ්ඨාවට ගියේ යැ තදබවට ගියේ යැහෝ කල්පනය කරන්නේ ද, (කල්පනයට හේතු වූ) ඒ අභිසංස්කාරයෝ ප්‍රහීණයහ. අභිසංස්කාරයන් ප්‍රහීණ වන බැවින් කුමක් හේතු කොටගෙන් නිරයට යන්නෙකැයි හෝ තිරිසන් යෝනි ඇත්යෙකැයි හෝ ප්‍රේතවිෂය ඇතියෙකැයි හෝ මිනිස් වෙයි හෝ දෙවි වෙයි හෝ රූපී - අරූපී - සංඥී - අසංඥී - නෛවසංඥීනාසංඥී වෙයි හෝ එක්තරා ගතියෙකින් කල්පනය කරන්නේ ද, යම් හෙයකින් කල්පනය විකල්පනය කරන්නේ ද, විකල්පයට පැමිණෙන්නේ ද, ඒ හේතුව නැත, ප්‍රත්‍ය නැත, කාරණය නැති. ලෝකස්මිං - අපායලෝකයෙහි… ආයතනලෝකයෙහි නුයි ‘කෙනීධ ලෝකස්මිං විකප්පයෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨංව සුතං මුතං වා, තමෙව දස්සිං විවටං චරන්තං කෙනීධ ලොකස්මිං විකප්පයෙය්යා”ති.
Sinhala BJT“ස සබ්බධම්මෙසු -පෙ- විකප්පයෙය්‍ය” යී.
Pali BJT4. 7.
Sinhala BJT4. 7.
Pali BJTන කප්පයන්ති න පුරෙක්ඛරොන්ති අච්චන්තසුද්ධිංති{3} න තෙ වදන්ති, ආදානගන්ථං ගථිතං{4} විසජ්ජ ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලොකෙ.
Sinhala BJTයම් හෙයකින් ඒ ශාන්ත වූ ක්‍ෂීණාස්‍රවයෝ ද්විවිධ තෘෂ්ණාදි කල්පනයන් හා පුරස්කාරයන් අතුරෙන් කිසිවකින් කල්පනය නො කෙරෙත් ද, පෙරටු නො කෙරෙත් ද, ඔවුහු (පරමාර්‍ත්‍ථ අත්‍යන්තශුද්ධිය අධිගත වන බැවින් අත්‍යන්තශුද්ධ වූවාහු මැ) අක්‍රිය - ශාශ්වතදෘෂ්ටි අත්‍යන්තශුද්ධි යයි නො කියත් ද එහෙයින් ස්වකීය චිත්තසන්තානයෙහි ගෙතුණාවු ආදානග්‍රන්‍ථ යයි කියන ලද අභිධ්‍යාදි චතුර්විධ කායග්‍රන්‍ථය සිඳපියා කිසි ලොකයෙක් හි තෘෂ්ණාව නූපදවත්.
Pali BJTන කප්පයන්ති න පුරෙක්ඛරොන්තීති - ‘කප්පා’ති ද්වෙ කප්ප: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච -පෙ- අයං තණ්හාකප්පො -පෙ- අයං දිට්ඨිකප්පො. තෙසං තණ්හාකප්පො පහීනො, දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො. තණ්හාකප්පස්ස පහීනත්තා දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨත්තා තණ්හාකප්පං වා න කප්පෙන්ති{1} න ජනෙන්ති න සඤ්ජනෙන්ති න නිබ්බත්තෙන්ති නාභිනිබ්බත්තෙන්තීති න කප්පයන්ති; න පුරෙක්ඛරොන්තීති ‘පුරෙක්ඛාරා’ති ද්වෙ පුරෙක්ඛාරා: තණ්හාපුරෙක්ඛාරො ච දිට්ඨිපුරෙක්ඛාරො ච -පෙ- අයං තණ්හාපුරෙක්ඛාරො -පෙ- අයං දිට්ඨිපුරෙක්ඛාරො. තෙසං තණ්හාපුරෙක්ඛාරො පහීනො, දිට්ඨිපුරෙක්ඛාරො පටිනිස්සට්ඨො. තණ්හා පුරෙක්ඛාරස්ස පහීනත්තා දිට්ඨිපුරෙක්ඛාරස්ස පටිනිස්සට්ඨත්තා න තණ්හා වා න දිට්ඨිං වා පුරතො කත්වා චරන්ති; න තණ්හාධජා න තණ්හාකෙතු න තණ්හාධිපතෙය්යා න දිට්ඨිධජා න දිට්ඨිකෙතු න දිට්ඨාධිපතෙය්යා, න තණ්හාය වා න දිට්ඨියා වා පරිවාරිතා චරන්තීති - න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති.
Sinhala BJTන කප්පයන්ති න පුරෙක්ඛරොන්ති - ‘කප්පා’ යනු තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්පයෝ දෙදෙනෙක් වෙති:...ඔවුන් විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ, දෘෂ්ටිකල්පය දුරලන ලද්දේයැ තෘෂ්ණාකල්පය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිකල්පය දුරලන ලද බැවින් තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙති, නූපදවති, නො නිපදවත් නුයි - ‘න කප්පයන්ති’ යනු වේ. න පුරෙක්ඛරොන්ති - තෘෂ්ණාපුරස්කාරයැ දෘෂ්ටිපුරස්කාර යයි පුරස්කාරයෝ දෙදෙනෙක් වෙති:... තෘෂ්ණාපුරස්කාරය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිපුරස්කාරය දුර ලන ලද බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙති; තෘෂ්ණාව ධ්වජ කොට ඇත්තාහු තෘෂ්ණාව කෙහෙලි කොට ඇත්තාහු තෘෂ්ණාව අධිපති කොට ඇත්තාහු, දෘෂ්ටිය ධ්වජ කොට ඇත්තාහු දෘෂ්ටිය කෙහෙලි කොට ඇත්තාහු දෘෂ්ටිය අධිපති කොට ඇත්තාහු නො හැසිරෙති; තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ පිරිවරන ලද්දාහු නො හැසිරෙත් නුයි ‘න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති’ යනු වේ.
Pali BJTඅච්චන්තසුද්ධින්ති{2} න තෙ වදන්තීති - අච්චන්තසුද්ධිං සංසාරසුද්ධිං අකිරියදිට්ඨිං{3} සස්සතවාදං න වදන්ති න කථෙන්ති න භණන්ති න දීපයන්ති න වොහරන්තීති ‘අච්චන්තසුද්ධිංති න තෙ වදන්ති.’
Sinhala BJTඅච්චන්තසුද්ධින්ති න තෙ වදන්ති - අක්‍රියදෘෂ්ටිය ත් ශාශ්වතවාදයත් අත්‍යන්තශුද්ධි යැ සංසාරශුද්ධි යැයි නො කියති නො බෙණෙති නො දක්වති ව්‍යවහාර නො කෙරෙත් නුයි ‘අච්චන්තසුද්ධින්ති න තෙ වදන්ති’ යනු වේ.