Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපරිඵන්දමානන්ති - තණ්හාඵන්දනාය ඵන්දමානං දිට්ඨිඵන්දනාය ඵන්දමානං කිලෙසඵන්දනාය ඵන්දමානං පයොගඵන්දනාය ඵන්දමානං විපාකඵන්දනාය ඵන්දමානං දුච්චරිතඵන්දනාය ඵන්දමානං, රත්තං{1} රාගෙන ඵන්දමානං දුට්ඨං{2} දොසෙන ඵන්දමානං මූළ්හං{3} මොහෙන ඵන්දමානං විනිබද්ධං මානෙන ඵන්දමානං පරාමට්ඨං දිට්ඨියා ඵන්දමානං වික්ඛෙපගතං උද්ධච්චෙන ඵන්දමානං අනිට්ඨාගතං විචිකිච්ඡාය ඵන්දමානං ථාමගතං අනුසයෙහි ඵන්දමානං, ලාභෙන ඵන්දමානං අලාභෙන ඵන්දමානං යසෙන ඵන්දමානං අයසෙන ඵන්දමානං පසංසාය ඵන්දමානං නින්දාය ඵන්දමානං සුඛෙන ඵන්දමානං දුක්ඛෙන ඵන්දමානං ජාතියා ඵන්දමානං ජරාය ඵන්දමානං ව්යාධිනා ඵන්දමානං මරණෙන ඵන්දමානං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි ඵන්දමානං, නෙරයිකෙන දුක්ඛෙන ඵන්දමානං තිරච්ඡානයොනිකෙන දුක්ඛෙන ඵන්දමානං පෙත්තිවිසයිකෙන දුක්ඛෙන ඵන්දමානං මානුසිකෙන දුක්ඛෙන ඵන්දමානං ගබ්භොක්කන්ති{4}මූලකෙන දුක්ඛෙන ඵන්දමානං ගබ්භට්ඨිති{5}මූලකෙන දුක්ඛෙන ඵන්දමානං ගබ්භවුට්ඨානමූලකෙන දුක්ඛෙන ඵන්දමානං ජාතස්සුපනිබන්ධකෙන දුක්ඛෙන ඵන්දමානං ජාතස්ස පරාධෙය්යකෙන දුක්ඛෙන ඵන්දමානං අත්තූපක්කම{6}මූලකෙන දුක්ඛෙන ඵන්දමානං පරූපක්කම{7}මූලකෙන දුක්ඛෙන ඵන්දමානං දුක්ඛදුක්ඛෙන ඵන්දමානං සංඛාරදුක්ඛෙන ඵන්දමානං විපරිණාමදුක්ඛෙන ඵන්දමානං, චක්ඛුරොගෙන දුක්ඛෙන ඵන්දමානං සොතරොගෙන දුක්ඛෙන ඵන්දමානං ඝානරොගෙන දුක්ඛෙන ජිව්හාරොගෙන දුක්ඛෙන කායරොගෙන දුක්ඛෙන කණ්ණරොගෙන දුක්ඛෙන මුඛරොගෙන දුක්ඛෙන දන්තරොගෙන දුක්ඛෙන කාසෙන සාසෙන පිනාසෙන ඩහෙන ජරෙන කුච්ඡිරොගෙන මුච්ඡාය පක්ඛන්දිකාය සූලාය{8} විසූචිකාය කුට්ඨෙන ගණ්ඩෙන කිලාසෙන සොසෙන අපමාරෙන දද්දුයා කණ්ඩුයා කච්ඡුයා රඛසාය{9} විතච්ඡිකාය ලොහිතෙන පිත්තෙන මධුමෙහෙන අංසාය පිළකාය භගන්දලෙන පිත්තසමුට්ඨානෙන ආබාධෙන සෙම්හසමුට්ඨානෙන ආබාධෙන වාතසමුට්ඨානෙන ආබාධෙන සන්නිපාතිකෙන ආබාධෙන උතුපරිණාමජෙන ආබාධෙන විසමපරිහාරජෙන ආබාධෙන ඔපක්කමිකෙන ආබාධෙන කම්මවිපාකජෙන ආබාධෙන සීතෙන උණ්හෙන ජිඝච්ඡාය පිපාසාය උච්චාරෙන පස්සාවෙන ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන දුක්ඛෙන මාතුමරණෙන දුක්ඛෙන පිතුමරණෙන දුක්ඛෙන භාතුමරණෙන දුක්ඛෙන භගිනිමරණෙන දුක්ඛෙන පුත්තමරණෙන දුක්ඛෙන ධීතුමරණෙන දුක්ඛෙන ඤාතිව්යසනෙන දුක්ඛෙන භොගව්යසනෙන දුක්ඛෙන රොගව්යසනෙන දුක්ඛෙන සීලව්යසනෙන දුක්ඛෙන දිට්ඨිව්යසනෙන දුක්ඛෙන ඵන්දමානං සම්ඵන්දමානං විප්ඵන්දමානං වෙධමානං පවෙධමානං සම්පවෙධමානං පස්සාමි දක්ඛාමි ඔලොකෙමි නිජ්ඣායාමි උපපරික්ඛාමීති - පස්සාමි ලොකෙ පරිඵන්දමානං.
Sinhala BJTපරිඵන්දමානං - තෘෂ්ණාස්පන්දනයෙන් පොපියනු = සැලෙනු වු, දෘෂ්ටිස්පන්දනයෙන් සැලෙනු වූ, ක්ලෙශස්පන්දනයෙන් සැලෙනු වූ, ප්‍රයොගස්පන්දනයෙන් සැලෙනු වූ, විපාකස්පන්දනයෙන් සැලෙනු වූ, දුශ්චරිතස්පන්දනයෙන් සැලෙනු වූ, රාගයෙන් රක්ත වැ සැලෙනු වූ ද්වේෂයෙන් ද්විෂ්ට වැ සැලෙනු වූ මෝහයෙන් මූඪ වැ සැලෙනු වූ මානයෙන් අරමුණෙහි බැඳී සැලෙනු වූ දෘෂ්ටියෙන් පරාමෘෂ්ට වැ සැලෙනු වූ ඖද්ධත්‍යයෙන් වික්ෂෙපයට පැමිණ සැලෙනු වූ විචිකිත්සායෙන් සන්නිට්ඨානයට නො පැමිණ සැලෙනු වූ අනුශයයන්ගෙන් ස්ථිර බවට පැමිණ සැලෙනු වූ ලාභයෙන් සැලෙනු වූ, අලාභයෙන් - යශසින් - අයශසින් - ප්‍රශංසායෙන් - නින්‍දායෙන් - සුඛයෙන් - දුඃඛයෙන් සැලෙනු වූ, ජාතියෙන් සැලෙනු වූ, ජරායෙන් - ව්‍යාධියෙන් මරණයෙන් - සෝක-පරිදේව-දුක් - දොම්නස්-උපායාසයන්ගෙන් සැලෙනු වූ, නිරෑදුකින් සැලෙනු වූ, තිරිසන්යොන්හි දුකින් - ප්‍රේතවිෂයයෙහි වූ දුකින් - මිනිස්ලොවැ වූ දුකින් සැලෙනු වූ, ගර්‍භාවක්‍රාන්තිමූලික දුකින් - ගර්‍භස්ථිතිමූලක දුකින් -ගර්‍භව්‍යුත්ථානමූලක දුකින් සැලෙන වූ, උපන්නහු පිළිජග්නාදුකින් - උපන්නහු පරා අයත් කොට ඇති දුකින් - ආත්මොපක්‍රමමූලක දුකින් - පරොපක්‍රමමූලකදුකින් - දුඃඛදුඃඛ සඞ්ඛ්‍යාත කායිකචෛතසිකදුඃඛවෙදනායෙන් - සංස්කාරදුඃඛයෙන් - විපරිණාම දුඃඛයෙන් සැලෙනු වූ, චක්ෂූරොගදුඃඛයෙන් සැලෙනු වූ, ශ්‍රෝත්‍රරෝග දුඃඛයෙන් - ඝ්‍රාණරොගදුඃඛයෙන් - ජිහ්වාරොගදුඃඛයෙන් - කායරොගදුඃඛයෙන් - කර්‍ණරොගදුඃඛයෙන් - මුඛරොගදුඃඛයෙන් - දන්තරොගදුඃඛයෙන්, කාසයෙන් ශ්වාසයෙන් පීනසයෙන් දාහයෙන් ජ්වරයෙන් කුක්ෂිරොගයෙන් මූර්ඡායෙන් ලොහිතාතීසාරයෙන් ආමශූලයෙන් මහා විරෙචනයෙන් කුෂ්ටයෙන් ගණ්ඩයෙන් ශ්වේතකුෂ්ටයෙන් ශොෂව්‍යාධියෙන් අපස්මාරයෙන් දද්‍රැ (=දද)යෙන් කණ්ඩුතියෙන් මහාකණ්ඩුතියෙන් නියපහරින් හටගත් රෝගයෙන් විතස්තිකායෙන් (=අතුල්පතුල් පැළීමෙන්) රක්තපිත්තයෙන් මධුමෙහයෙන් අර්‍ශසින් රත්පිළිකාරොගයෙන් භගන්දරායෙන් පිතින් උපදනා රෝගයෙන් සෙමින් උපදනා රෝගයෙන් වයින් උපදනා රෝගයෙන් සාන්නිපාතික රෝගයෙන් ඍතුපරිණාමයෙන් උපදනා රෝගයෙන් විෂම වූ ස්ථානනිෂද්‍යාදියෙන් උපදනා රෝගයෙන් වධබන්‍ධනාදි උපක්‍රමයෙන් උපදනා රෝගයෙන් කර්‍මවිපාකයෙන් උපදනා රෝගයෙන් ශීතයෙන් උෂ්ණයෙන් ජිඝත්සායෙන් පිපාසායෙන් උච්චාර(=මළකිස)යෙන් ප්‍රස්‍රාව (=මූකිස)යෙන් මදුරු වා අවු දික්දැපහසින් වූ දුකින් මව මළ දුකින් පියා මළ දුකින් බෑයන් මළ දුකින් බූන් මළ දුකින් පුතුන් මළ දුකින් දූන් මළ දුකින් නෑයන්ගේ වැසනින් වූ දුකින් භෝගව්‍යසනයෙන් වූ දුකින් රෝගව්‍යසන දුකින් ශීලව්‍යසන දුකින් දෘෂ්ටිව්‍යසන දුකින් සැලෙනුවහු පුනපුනා සැලෙනුවහු වෙසෙසින් සැලෙනුවහු වෙවුළනුවහු වෙසෙසින් වෙවුළනුවහු පුනපුනා වෙවුළනුවහු බලමි දක්මි අවලෝකන කෙරෙමි සිතමි විමසමි නුයි - ‘පස්සාමි ලෝකේ පරිඵන්දමානං’ යනු වේ.
Pali BJTපජං ඉමං තණ්හාගතං භවෙසූති - ‘පජා’ති සත්තාධිවචනං, තණ්හාති රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා භවතණ්හා විභවතණ්හා තණ්හානුගතං තණ්හානුසටං තණ්හාපත්තං{1} තණ්හාපරිපතිතං{2} අභිභූතං පරියාදින්නචිත්තං; භවෙසූ’ති කාමභවෙ රූපභවෙ අරූපභවෙති ‘පජං ඉමං තණ්හාගතං භවෙසු’.
Sinhala BJTපජං ඉමං තණ්හාගතං භවෙසු - ‘පජා’ යනු: සත්නට නමෙකි. තණ්හා යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. තෘෂ්ණාවට පිවිසි තෘෂ්ණාවෙන් වැසුණු තෘෂ්ණාවට පැමිණි තෘෂ්ණාවෙන් හෙළන ලද මඩනා ලද්දහු හාත්පසින් ගන්නාලද සිත් ඇතියහු; භවෙසු - කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි නුයි: ‘පජං ඉමං තණ්හාගතං භවෙසු’ යනු වේ.
Pali BJTහීනා නරා මච්චුමුඛෙ ලපන්තී’ති - ‘හීනා නරා’ති හීනෙන කායකම්මෙන සමන්නාගතාති හීනා නරා, හීනෙන වචීකම්මෙන සමන්නාගතාති හීනා නරා, හීනෙන මනොකම්මෙන සමන්නාගතා - - හීනෙන පාණාතිපාතෙන සමන්නාගතා - හීනෙන අදින්නාදානෙන - හීනෙන කාමෙසු මිච්ඡාචාරෙන - හීනෙන මුසාවාදෙන - හීනාය පිසුනාය වාචාය - හීනාය ඵරුසාය වාචාය - හීනෙන සම්ඵප්පලාපෙන - හීනාය අභිජ්ඣාය - හීනෙන ව්යාපාදෙන - හීනාය මිච්ඡාදිට්ඨියා - හීනෙහි සංඛාරෙහි - හීනෙහි පඤ්චහි කාමගුණෙහි - හීනෙහි පඤ්චහි නීවරණෙහි - හීනාය චෙතනාය - හීනාය පත්ථනාය - හීනාය පණිධියා සමන්නාගතාති හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා{3} පරිත්තාති හීනා නරා. මච්චුමුඛෙ ලපන්තීති - ‘මච්චුමුඛෙ’ති මාරමුඛෙ මරණමුඛෙ මච්චුප්පත්තා මච්චුසම්පත්තා මච්චූපගතා මාරප්පත්තා මාරසම්පත්තා මාරූපගතා මරණප්පත්තා මරණසම්පත්තා මරණූපගතා ලපන්ති සල්ලපන්ති සොචන්ති කිලමන්ති පරිදෙවන්ති උරත්තාළිං කන්දන්ති සම්මොහං ආපජ්ජන්තීති ‘හීනා නරා මච්චුමුඛෙ ලපන්ති’.
Sinhala BJTහීනා නරා මච්චුමුඛෙ ලපන්ති - ‘හීනා නරා’ යනු: හීන වූ කායකර්‍මයෙන් යුක්ත වූවාහු නුයි හීනනරයෝ = සත්ත්‍වයෝ; හීන වූ වාක්කර්‍මයෙන් යුක්ත වූවාහු නුයි හීනනරයෝ, හීන වූ මනඃකර්‍මයෙන් යුක්ත වූවාහු - හීන වූ ප්‍රාණඝාතයෙන් යුක්ත වූවාහු - හීන වූ අදත්තාදානයෙන් - හීන වූ කාමමිත්ථ්‍යාචාරයෙන් - හීන වූ මෘෂාවාදයෙන් - හීන වූ පෛශුන්‍යවචනයෙන් - හීන වූ පරුෂවචනයෙන් - හීන වූ සම්ඵප්‍රලාපයෙන් - හීන වූ අභිධ්‍යායෙන් - හීන වූ ව්‍යාපාදයෙන් - හීන වූ මිත්‍ථ්‍යාදෘෂ්ටියෙන් - හීන වූ සංස්කාරයන්ගෙන් - හීන වූ පඤ්චකාමගුණයන්ගෙන් - හීන වූ පඤ්චනීවරණයෙන් - හීන වූ චේතනායෙන් - හීන වූ ප්‍රාර්‍ථනායෙන් - හීන වූ ප්‍රණිධියෙන් යුක්ත වූවාහු නුයි හීන වූවාහු නිහීන වූවාහු ඔමක වූවාහු ලාමක වූවාහු අප්‍රත්‍යය වූවාහු පරිත්ත වූවාහු නුයි හීන වූ සත්ත්‍වයෝ; මච්චුමුඛෙ ලපන්ති - ‘මච්චුමුඛෙ’ යනු: මාරමුඛයෙහි මරණමුඛයෙහි මෘත්‍යු=මරු වෙත පැමිණියාහු, මරු වෙත සපැමිණියාහු මරුට උපගත වූවාහු, මරණයට පැමිණියාහු, සපැමිණියාහු, මරණොපගත වූවාහු කියති, පුනපුනා කියති, ශෝක කෙරෙති, වෙහෙසෙති, පරිදේවනා කෙරෙති, ළෙහි පැහැරැ හඬති. සම්මෝහයට පැමිණෙත් නුයි - ‘හීනා නරා මච්චුමුඛෙ ලපන්ති’ යනු වේ.
Pali BJTඅවීතතණ්හා සෙ භවාභවෙසූ’ති - ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා; භවාභවෙසූති - භවාභවෙ කම්මභවෙ පුනබ්භවෙ, කාමභවෙ කම්මභවෙ කාමභවෙ පුනබ්භවෙ, රූපභවෙ කම්මභවෙ රූපභවෙ පුනබ්භවෙ, අරූපභවෙ කම්මභවෙ අරූපභවෙ පුනබ්භවෙ, පුනප්පුනභවෙ පුනප්පුනගතියා පුනප්පුනඋප්පත්තියා පුනප්පුනපටිසන්ධියා පුනප්පුන අත්තභාවාභිනිබ්බත්තියා අවීතතණ්හා අවිගතතණ්හා අචත්තතණ්හා අවන්තතණ්හා අමුත්තතණ්හා අප්පහීනතණ්හා අප්පටිනිස්සට්ඨතණ්හාති ‘අවීතතණ්හා සෙ භවාභවෙසු’.
Sinhala BJTඅවීතතණ්හා සෙ භවාභවෙසු - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ... ධර්‍ම තෘෂ්ණා යි. භවාභවෙසු - භව අභව සඞ්ඛ්‍යාතකාමභවයෙහි හා රූපාරූපභවයෙහි වූ, කර්‍මවෘත්තයෙහි විපාකවෘත්තයෙහි, කාමධාතුයෙහි වූ කර්‍මවෘත්ත විපාකවෘත්තයෙහි, රූපධාතුයෙහි වූ කර්‍මවෘත්තවිපාකවෘත්තයෙහි, අරූපධාතුයෙහි වූ කර්‍මවෘත්තවිපාකවෘත්තයෙහි, නැවත නැවත උත්පත්තීයෙහි, පුනපුනා පස්ගතියෙහි, පුනපුනා උපතෙහි, පුනපුනා පිළිසඳහි, පුනපුනා ආත්මභාවයන්ගේ පහළ වීමෙහි පහ නො වූ තෘෂ්ණා ඇති අවිගත තෘෂ්ණා ඇති (තදඞ්ග විසින්) ත්‍යාග නො කළ තෘෂ්ණා ඇති (විෂ්කම්භණ විසින්) වමනය නො කළ තෘෂ්ණා ඇති (සමුච්ඡේද විසින්) නො මිදූ තෘෂ්ණා ඇති (ප්‍රතිප්‍රශ්‍රබ්ධි විසින්) අප්‍රහීණ තෘෂ්ණා ඇති (නිස්සරණ ප්‍රහාණ විසින්) අප්‍රතිනිඍෂ්ට තෘෂ්ණා ඇත් නුයි - ‘අවීතතණ්හා සෙ භවාභවෙසු’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පස්සාමි ලොකෙ පරිඵන්දමානං පජං ඉමං තණ්හාගතං භවෙසු, හීනා නරා මච්චුමුඛෙ ලපන්ති අවීතතණ්හා සෙ භවාභවෙසූ”ති.
Sinhala BJT“පස්සාමි -පෙ- භවාභවෙසු” යී.
Pali BJT2. 6.
Sinhala BJT2. 6.
Pali BJTමමායිතෙ පස්සථ ඵන්දමානෙ මච්ඡෙව{1} අප්පොදකෙ{2} ඛීණසොතෙ, එතම්පි{3} දිස්වා අම්මො චරෙය්ය භවෙසු ආසත්තිමකුබ්බමානො.
Sinhala BJTසිඳීගිය දහර ඇති දියත්තෙක්හි පොපියන (සැලෙන) මසුන් මෙන් මාගේ යැයි ගන්නා ලද වස්තුයෙහි පොපියන සත්ත්‍වයන් බලවු. (මමායිත වස්තුයෙහි) තෙල ආදීනවය ද දැක මමායන රහිත වැ කාමාදිභවයෙහි නො ඇලෙමින් හැසිරෙන්නේ යි.
Pali BJTමමායිතෙ පස්සථ ඵන්දමානෙ’ති - ‘මමත්තා’ති ද්වෙ මමත්තා: තණ්හාමමත්තඤ්ච දිට්ඨිමමත්තඤ්ච.
Sinhala BJTමමායිතෙ පස්සථ ඵන්දමානෙ - ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්වය ද, දෘෂ්ටිමමත්වය දැයි මමත්‍ව (ආලය) දෙකෙකි:
Pali BJTකතමං තණ්හාමමත්තං? යාවතා තණ්හාසංඛාතෙන සීමකතං මරියාදීකතං{4} ඔධිකතං පරියන්තකතං පරිග්ගහිතං මමායිතං ඉදං මමං එතං මමං එත්තකං මමං එත්තාවතා මමං මම රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා අත්ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථු හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨං ජනපදො කොසො ච කොට්ඨාගාරං ච කෙවලම්පි මහාපඨවිං තණ්හාවසෙන මමායති. යාවතා{5} අට්ඨසතතණ්හාවිචරිතං, ඉදං තණ්හාමමත්තං.
Sinhala BJTතෘෂ්ණාමමත්ව කවරැ? යත්: ‘මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මෙ පමණ මාගේ යැ’යි යම්තාක් තෘෂ්ණා කොටසින් හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරන ලද ද, අවධි කරන ලද ද, පරිච්ඡේද කරන ලද ද, අයත් කරන ලද ද, මමායන කරන ලද ද; ‘මාගේ රූපයෝ යැ ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ පහස්හු යැ අතුරුණු යැ පොරෝන යැ දැසිදස්හු යැ එළුබැටළු යැ හූරුකුකුළු යැ ඇත්අස්ගවවෙළඹු යැ කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම්රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගුළු යැ’යි සියලු මැ මහපොළොව තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි. යම්තාක් අෂ්ටොත්තරශතතෘෂ්ණාවිචරිතයෙක් වේ ද, මේ යැ තෘෂ්ණාමමත්ව නම්.
Pali BJTකතමං දිට්ඨිමමත්තං? වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං{6} දිට්ඨිසඤ්ඤොජනං ගාහො පටිග්ගාහො{7} අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡාගාහො අයාථාවතස්මිං ‘යාථාවත’න්ති{8} ගාහො යාවතා ද්වාසට්ඨි දිට්ඨිගතානි, ඉදං දිට්ඨිමමත්තං.
Sinhala BJTදෘෂ්ටිමමත්ව කවරැ ? යත්: (‘රූපං අත්තනෝ සමනුපස්සති’ යනාදීන් සිටි) විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, (‘නත්‍ථි දින්නං’ යනාදීන් පැවැති) දශවස්තුක මිත්‍ථ්‍යාදෘෂ්ටි යැ, (‘සස්සතෝ ලෝකෝ’ යනාදි නයින් පැවැති) දශවස්තුක අන්තග්‍රාහිකා දෘෂ්ටි යැ යන මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගත යෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් (සම්‍යග්දෘෂ්ටිය විනිවිදින) දෘෂ්ටිවිශූකයෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩි කොට) ගැනීමෙක් බලවත් ගැනීමෙක් (නිත්‍යාදිවශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්‍ගයෙක් මිත්ථ්‍යාස්මභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරුද්ධග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් මිත්ථ්‍යාග්‍රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම්තාක් දෙසැට මිසදිටු කෙනෙක් වෙත් ද, මේ යැ දෘෂ්ටිමමත්ව නම්.
Pali BJTමමායිතෙ පස්සථ ඵන්දමානෙ’ති මමායිතං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි ඵන්දන්ති, අච්ඡින්දන්තෙපි{9} ඵන්දන්ති, අච්ඡින්නෙපි ඵන්දන්ති, මමායිතං ච වත්ථුං විපරිණාමසඞ්කිනොපි ඵන්දන්ති, විපරිණමන්තෙපි ඵන්දන්ති, විපරිණතෙපි ඵන්දන්ති සම්ඵන්දන්ති විප්ඵන්දන්ති වෙධන්ති පවෙධන්ති සම්පවෙධන්ති. එවං ඵන්දමානෙ සම්ඵන්දමානෙ විප්ඵන්දමානෙ වෙධමානෙ පවෙධමානෙ සම්පවෙධමානෙ පස්සථ දක්ඛථ ඔලොකෙථ ඣායථ උපපරික්ඛථාති ‘මමායිතෙ පස්සථ ඵන්දමානෙ.’
Sinhala BJTමමායිතෙ පස්සථ ඵන්දමානෙ - මාගේ යැයි ගත් වස්තුව අසිඳ ගනිතියි සැක ඇති ව ද සැලෙති. අසිඳුනා කල්හි දු සැලෙති. අසිඳගත් කල්හි දු සැලෙත්. තවද මමායිත වස්තුව පෙරැළෙයි යන සැක ඇති ව ද සැලෙති. පෙරැළෙන කල්හි දු සැලෙති. පෙරැළුණු කල්හි දු සැලෙති, අතිශයින් සැලෙති, විවිධ ව සැලෙති, බියෙන් වෙවුළති, තැති ගනිති, ලොමුදහ ගනිත්. මෙසෙයින් සැලෙන විසැලෙන වෙවුළන තැති ගන්නා ලොමුදහ ගන්නා සත්ත්‍වයන් බලවු, දකිවු සිතවු විමසවු. එහෙයින් ‘මමායිතෙ පස්සථ ඵන්දමානෙ’ යනු වේ.
Pali BJTමච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ’ති - යථා මච්ඡා{1} අප්පොදකෙ පරිත්තොදකෙ උදකපරියාදානෙ{2} කාකෙහි වා කුලලෙහි වා බලාකාහි{3} වා යෙහි වා තෙහි පරිපාතියමානා උක්ඛිපියමානා ඛජ්ජමානා ඵන්දන්ති සම්ඵන්දන්ති විප්ඵන්දන්ති වෙධන්ති පවෙධන්ති සම්පවෙධන්ති, එවමෙවං පජා මමායිතං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි ඵන්දන්ති, අච්ඡින්දන්තෙපි ඵන්දන්ති, අච්ඡින්නෙපි ඵන්දන්ති, මමායිතං වත්ථුං විපරිණාමසඞ්කිනොපි ඵන්දන්ති, විපරිණමන්තෙපි ඵන්දන්ති, විපරිණතෙපි ඵන්දන්ති සම්ඵන්දන්ති විප්ඵන්දන්ති වෙධන්ති පවෙධන්ති සම්පවෙධන්තීති ‘මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ.’
Sinhala BJTමච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ - මඳ වූ කැලැඹුණු සිඳුණු දියෙහි කවුඩන් හෝ උස්සන් හෝ කොකුන් හෝ අන්‍ය පක්‍ෂි කෙනකුන් හෝ විසින් වෙහෙසනු ලබන නඟනු ලබන කනු ලබන (එහෙයින් ම) සැලෙන විසැලෙන වෙවුළන අතිශයින් වෙවුළන තැති ගන්නා මසුන් මෙන් මේ සත්ත්‍වයෝ මමායිත වස්තුව අසිඳගනිතී සැක ඇති ව සැලෙති, අසිඳුනා කල්හි දු සැලෙති, අසිඳගත් කල්හි දු සැලෙති, මමායිත වස්තුව විපරිණාම (=පෙරැළෙන) සැක ඇති ව... පෙරැළෙන කල්හි ... පෙරැළුණු කල්හි දු සැලෙති, විසැලෙති, වෙවුළති, තැතිගනිති, ලොමුදහ ගනිත් නුයි ‘මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ’ යනු වේ.
Pali BJTඑතම්පි{4} දිස්වා අමමො චරෙය්යාති - එතං{5} ආදීනවං දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා මමත්තෙසූති - එතම්පි දිස්වා; අමමො චරෙය්යා’ති - ‘මමත්තා’ති ද්වෙ මමත්තා: තණ්හාමමත්තඤ්ච -පෙ- ඉදං තණ්හාමමත්තං. දිට්ඨිමමත්තඤ්ච -පෙ- ඉදං දිට්ඨිමමත්තං. තණ්හාමමත්තං පහාය දිට්ඨිමමත්තං පටිනිස්සජිත්වා චක්ඛුං අමමායන්තො සොතං අමමායන්තො ඝානං අමමායන්තො ජිව්හං අමමායන්තො කායං අමමායන්තො මනං අමමායන්තො රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ ධම්මෙ කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං චීවරං පිණ්ඩපාතං සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං කාමභවං රූපභවං අරූපභවං සඤ්ඤාභවං අසඤ්ඤාභවං නෙවසඤ්ඤානාසඤ්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ්චවොකාරභවං අතීතං අනාගතං පච්චුප්පන්නං දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ අමමායන්තො අගණ්හන්තො අපරාමසන්තො අනභිනිවිසන්තො චරෙය්ය විහරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්යාති ‘එතම්පි{6} දිස්වා අමමො චරෙය්ය. ‘
Sinhala BJTඑතම්පි දිස්වා අමමො චරෙය්‍ය - මමත්වයෙහි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත (=ප්‍රකට) කොට නුයි ‘එතම්පි දිස්වා අමමො චරෙය්‍ය’ යනු වේ. ‘මමත්තා’ යනු: තෘෂ්ණාමමත්වය ද දෘෂ්ටිමමත්වය දැයි මමත්‍ව දෙකෙකි... තෘෂ්ණාමමත්වය හැරැපියා, දෘෂ්ටිමමත්වය දුරු කොට, ඇස තෘෂ්ණාදෘෂ්ටි විසින් ආලය නො කරනුයේ කන... නැහැය... දිව... කය... සිත මමායන (=ආලය) නො කරනුයේ, රූප ශබ්ද ගන්‍ධ රස පහස් දහම් කුලය ගණයා ආවාසය ලාභය යසස පැසැසුම සුවය සිවුර පිඬුවා සෙනසුන ගිලන්පස බෙහෙත්පිරිකර, කාම - රූප - අරූපධාතුව, කාම - රූප - අරූප භවය, සඤ්ඤා - අසඤ්ඤා - නෙවසඤ්ඤානාසඤ්ඤාභවය, එකවොකාර - චතුවෝකාර - පඤ්චවෝකාරභවය, අතීතය අනාගතය ප්‍රත්‍යුත්පන්නය රූපායතනය, ශබ්දායතනය ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යායතනය ධර්‍මායතනය ආලය නො කරනුයේ නො ගන්නේ පරාමර්‍ශ නො කෙරෙමින් නො බස්මින් හැසිරෙන්නේ යැ... යපනය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා අමමො චරෙය්‍ය’.
Pali BJTභවෙසු ආසත්තිමකුබ්බමානො’ති - ‘භවෙසූ’ති කාමභවෙ රූපභවෙ අරූපභවෙ; ආසත්ති වුච්චති තණ්හා යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. ‘භවෙසු ආසත්තිමකුබ්බමානොති’ - ඡන්දං පෙමං රාගං ඛන්තිං අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානොති ‘භවෙසු ආසත්තිමකුබ්බමානො.’
Sinhala BJTභවෙසු ආසත්තිමකුබ්බමානො - ‘භවෙසු’ යනු: කාම - රූප - අරූප භවයෙහි; ‘ආසත්ති’ යී තෘෂ්ණාව කියනු ලබා. රාගය සංරාගය... අභිධ්‍යාව ලොභඅකුශලමුලය යි. ‘භවෙසු ආසත්තිමකුබ්බමානො’ යනු: ඡන්‍දය ප්‍රේමය රාගය කැමැත්ත නො කරනුයේ නූපදවනුයේ වෙසෙසින් නූපදවනුයේ නො නිපදවනුයේ නුයි ‘භවෙසු ආසත්තිමකුබ්බමානො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“මමායිතෙ පස්සථ ඵන්දමානෙ මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ, එතම්පි{6} දිස්වා අම්මො චරෙය්ය භවෙසු ආසත්තිමකුබ්බමානො”ති.
Sinhala BJT“මමායිතෙ -පෙ- ආසත්තිමකුබ්බමානො” යී.
Pali BJT2. 7.
Sinhala BJT2. 7.
Pali BJTඋභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො,{7} යදත්තගරහී තදකුබ්බමානො න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො.
Sinhala BJT(ඵස්ස - ඵස්සසමුදයාදි) දෙ දෙ අන්තයන්හි ඡන්‍දරාගය දුරු කොට (චක්ඛුසම්ඵස්සාදි) ස්පර්‍ශය ත්‍රිවිධ පරිඥායෙන් දැන රූපාදියෙහි ගිජු නො වූ කළ නො කළ හෙයින් තමහට ගරහ උපදවන කායදුශ්චරිත කායසුචරිතාදිය නො කරන ධීර (ප්‍රාඥ) තෙම රූප ශබ්ද (ගන්ධරසස්ප්‍රෂ්ටව්‍ය) ආයතනයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ඇලේ.
Pali BJTඋභොසු අන්තෙසු විනෙය්ය ඡන්දන්ති - ‘අන්තා’ති ද්වෙ අන්තා: ඵස්සො එකො අන්තො, ඵස්සසමුදයො දුතියො අන්තො. අතීතො එකො අන්තො, අනාගතො දුතියො අන්තො. සුඛා වෙදනා එකො අන්තො, දුක්ඛා වෙදනා දුතියො අන්තො. නාමං එකො අන්තො, රූපං දුතියො අන්තො. ඡ අජ්ඣත්තිකානි ආයතනානි එකො අන්තො, ඡ බාහිරානි ආයතනානි දුතියො අන්තො. සක්කායො එකො අන්තො, සක්කායසමුදයො දුතියො අන්තො. ඡන්දො’ති යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච්ඡන්දනීවරණං.{a} උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දන්ති - උභොසු අන්තෙසු ඡන්දං විනෙය්ය පටිවිනෙය්ය පජහෙය්ය විනොදෙය්ය ව්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති ‘උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං. ‘
Sinhala BJTඋභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්‍දං - ‘අන්තා’ යනු: අන්ත දෙකෙකි: ස්පර්‍ශය එක් අන්තයෙකැ, ස්පර්‍ශසමුදය දෙවැනි අන්තය යි. අතීතය අන්තයෙකැ, අනාගතය දෙවැනි අන්තය යි. සුඛවේදනාව එක් අන්තයෙකැ, දුක් වේදනාව දෙවැනි අන්තය යි. නාමය එක් අන්තයෙකැ, රූපය දෙවැනි අන්තය යි. ෂඩ් ආධ්‍යාත්මිකායතනයෝ එක් අන්තයෙකැ, ෂඩ් බාහිරායතනයෝ දෙවැනි අන්තය යි. සත්කාය එක් අන්තයෙකැ, සත්කායසමුදය දෙවැනි අන්තය යි. ඡන්‍ද නම්: පස්කම්ගුණයෙහි කාම සඞ්ඛ්‍යාත ඡන්‍දය කාමරාගය කාමනන්‍දිය කාමතෘෂ්ණාව කාමස්නෙහය කාමපරිදාහය කාමමූර්ඡාව කාමඅධ්‍යවසානය (-බැසගැනීම) කාමෞඝය කාමයෝගය කාමෝපාදානය කාමච්ඡන්‍දනීවරණය යි. උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්‍දං - දෙ දෙ අන්තයන්හි ඡන්‍දරාගය සන්හිඳුවන්නේ යැ, දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අභාවයට පමුණුවන්නේ නුයි ‘උභොසු අන්තෙසු විනෙය්‍ය ඡන්‍දං’ යනු වේ.
Pali BJTඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධොති - ‘ඵස්සො’ති චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනො සම්ඵස්සො අධිවචනසම්ඵස්සො පටිඝසම්ඵස්සො සුඛවෙදනීයො සම්ඵස්සො දුක්ඛවෙදනීයො සම්ඵස්සො අදුක්ඛමසුඛවෙදනීයො සම්ඵස්සො කුසලො ඵස්සො අකුසලො ඵස්සො අව්යාකතො ඵස්සො කාමාවචරො ඵස්සො රූපාවචරො ඵස්සො අරූපාවචරො ඵස්සො සුඤ්ඤතො ඵස්සො අනිමිත්තො ඵස්සො අප්පණිහිතො ඵස්සො ලොකියො ඵස්සො ලොකුත්තරො ඵස්සො අතීතො ඵස්සො අනාගතො ඵස්සො පච්චුප්පන්නො ඵස්සො, යො එවරූපො ඵස්සො ඵුසනා සමඵුසනා{1} සම්ඵුසිතත්තං, අයං වුච්චති ඵස්සො.
Sinhala BJTඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො - ‘ඵස්සො’ යනු: චක්ඛුසම්ඵස්ස යැ සෝත - ඝාන - ජිව්හා - කාය - මනෝසම්ඵස්ස යැ අධිවචන (-මනෝද්වාරික) සම්ඵස්ස යැ පටිඝ (පඤ්චද්වාරික) සම්ඵස්ස යැ සුඛවේදනීය - දුක්ඛවෙදනීය - අදුක්ඛමසුඛවෙදනීය සම්ඵස්ස යැ කුසල්සිත් සහගත පහස යැ අකුසල්සිත් සහගත - අව්‍යාකෘත සිත් සහගත - කාමාවචර සිත් සහගත - රූපාවචර - අරූපාවචර - ශුන්‍යත - අනිමිත්ත - අප්‍රණිහිත - ලෞකික - ලෝකෝත්තර - අතීත - අනාගත - වර්‍තමාන පහස යැ යන මෙබඳු වූ පහස පහස්නා අයුර මොනොවට ස්පර්‍ශ කළ බව ‘ඵස්ස’ යී කියනු ලැබේ.
Pali BJTඵස්සං පරිඤ්ඤායා’ති - ඵස්සං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා ඤාතපරිඤ්ඤාය තීරණපරිඤ්ඤාය පහානපරිඤ්ඤාය.
Sinhala BJTඵස්සං පරිඤ්ඤාය - ස්පර්‍ශය ඥාතපරිඥා තීරණපරිඥා ප්‍රහාණපරිඥා යන තුන් පරිඥායෙන් දැන.
Pali BJTකතමා ඤාතපරිඤ්ඤා? ඵස්සං ජානාති: ‘අයං චක්ඛුසම්ඵස්සො, අයං සොතසම්ඵස්සො, අයං ඝානසම්ඵස්සො, අයං ජිව්හාසම්ඵස්සො, අයං කායසම්ඵස්සො, අයං මනොසම්ඵස්සො, අයං අධිවචනසම්ඵස්සො, අයං පටිඝසම්ඵස්සො, අයං සුඛවෙදනීයො ඵස්සො, අයං දුක්ඛවෙදනීයො ඵස්සො, අයං අදුක්ඛමසුඛවෙදනීයො ඵස්සො, අයං කුසලො ඵස්සො, අයං අකුසලො ඵස්සො, අයං අව්යාකතො ඵස්සො, අයං කාමාවචරො ඵස්සො, අයං රූපාවචරො ඵස්සො, අයං අරූපාවචරො ඵස්සො, අයං සුඤ්ඤතො ඵස්සො, අයං අනිමිත්තො ඵස්සො, අයං අප්පණිහිතො ඵස්සො, අයං ලොකියො ඵස්සො, අයං ලොකුත්තරො ඵස්සො, අයං අතීතො ඵස්සො, අයං අනාගතො ඵස්සො, අයං පච්චුප්පන්නො ඵස්සො’ති ජානාති පස්සති. අයං ඤාතපරිඤ්ඤා.
Sinhala BJTඥාතපරිඥා කවරී ද යත්: මේ චක්ඛුසම්ඵස්ස යැ, මේ ශ්‍රෝත්‍රසංස්පර්‍ශ යැ, මේ ඝ්‍රාණසංස්පර්‍ශ යැ, මේ ජිහ්වාසංස්පර්‍ශ යැ, මේ කායසංස්පර්‍ශ යැ, මේ මනස්සංස්පර්‍ශ යැ, මේ අධිවචනසංස්පර්‍ශ යැ, මේ ප්‍රතිඝසංස්පර්‍ශ යැ, මේ සුඛවෙදනීයස්පර්‍ශ යැ, මේ දුඃඛවෙදනීයස්පර්‍ශ යැ, මේ උපෙක්ෂාවෙදනීයස්පර්‍ශ යැ, මේ කුශලස්පර්‍ශ යැ, මේ අකුශලස්පර්‍ශ යැ, මේ අව්‍යාකෘතස්පර්‍ශ යැ, මේ කාමාවචරස්පර්‍ශ යැ, මේ රූපාවචරස්පර්‍ශ යැ, මේ අරූපාවචරස්පර්‍ශ යැ, මේ ශුන්‍යස්පර්‍ශ යැ, මේ අනිමිත්තස්පර්‍ශ යැ, මේ අප්‍රණිහිතස්පර්‍ශ යැ, මේ ලෞකිකස්පර්‍ශ යැ, මේ ලොකොත්තරස්පර්‍ශ යැ, මේ අතීතස්පර්‍ශ යැ, මේ අනාගතස්පර්‍ශ යැ, මේ ප්‍රත්‍යුත්පන්නස්පර්‍ශ යැ’යි ස්පර්‍ශය දැනගනී. මෝ යැ ඥාතපරිඥා නම්.
Pali BJTකතමා තීරණපරිඤ්ඤා? එවං ඤාතං කත්වා ඵස්සං තීරෙති අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද්දවතො භයතො උපස්සග්ගතො චලතො පභඞ්ගුතො අද්ධුවතො අත්තාණතො අලෙණතො අසරණතො අසරණීභූතතො රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො ආදීනවතො විපරිණාමධම්මතො අසාරතො අඝමූලතො වධකතො විභවතො සාසවතො සංඛතතො මාරාමිසතො ජාතිධම්මතො ජරාධම්මතො ව්යාධිධම්මතො මරණධම්මතො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මතො සංකිලෙසිකධම්මතො සමුදයතො අත්ථඞ්ගමතො අස්සාදතො ආදීනවතො නිස්සරණතො තීරෙති. අයං තීරණපරිඤ්ඤා.
Sinhala BJTතීරණපරිඥා කවරී ද යත්: මෙසෙයින් ස්පර්‍ශය ප්‍රකට කොට දනිමින් තීරණය කෙරෙයි (-සිතයි. කෙසේ ද?) අනිත්‍ය හෙයින් සිතයි, දුක් හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් ශල්‍ය හෙයින් අඝ (=දුක්) හෙයින් ආබාධ හෙයින් පර (අවසඟ) හෙයින් පලෝක (බි‍ඳෙන) හෙයින් ව්‍යසන හෙයින් උපද්‍රව - භය - උපසර්‍ග - චඤ්චල - බිඳෙසනුලු - අධ්‍රැව - අත්‍රාණ - අලෙන - අශරණ - අශරණීභූත - සිස් - තුච්ඡ - ශුන්‍ය - අනාත්ම - ආදීනව - විපරිණාම - ස්වභාව - අසාර - අඝමූල - වධක - විභව - සාස්‍රව - හෙතුප්‍රත්‍යයාභිසංස්කෘත - මාරාමිෂ - ජාතිධර්‍ම - ජරාධර්‍ම - ව්‍යාධිධර්‍ම - මරණධර්‍ම - ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යොපායාසධර්‍ම - සංක්ලේශධර්‍ම - සමුදය - අස්තඞ්ගම - ආස්වාද - ආදීනව හෙයින් නිස්සරණ හෙයින් තීරණය කෙරෙයි. මෝ යැ තීරණපරිඥා නම්.
Pali BJTකතමා පහානපරිඤ්ඤා? එවං තීරෙත්වා ඵස්සෙ ඡන්දරාගං පජහති විනොදෙති ව්යන්තිං කරොති අනභාවං ගමෙති. වුත්තං හෙතං භගවතා: “යො භික්ඛවෙ ඵස්සෙසු ඡන්දරාගො, තං පජහථ. එවං සො ඵස්සො පහීනො භවිස්සති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවං ගතො{1} ආයතිං අනුප්පාදධම්මො”ති.{a} අයං පහානපරිඤ්ඤා.
Sinhala BJTප්‍රහාණපරිඥා කවරී ද යත්: මෙසෙයින් තීරණය කොට ස්පර්‍ශයෙහි ඡන්‍දරාගය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. මේ වදාරන ලද මැ ය භාග්‍යවතුන් වහන්සේ විසින්: “මහණෙනි, ස්පර්‍ශයන්හි ඡන්‍දරාගය දුරු කරවු. එවිට ඒ ස්පර්‍ශය ප්‍රහීණ වෙයි. උසුන් මුල් ඇතියේ (මුල්සුන්) තල්රුකක් මෙන් කරන ලදුයේ අභාවයට ගියේ මතු නූපදනා පියවි ඇතියේ වේ යැ”යි. මෝ යැ ප්‍රහාණපරිඥා නම්.
Pali BJTඵස්සං පරිඤ්ඤායා’ති - ඵස්සං ඉමාහි තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා; අනානුගිද්ධො’ති - ගෙධො වුච්චති තණ්හා “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.”{b} යස්සෙසො ගෙධො පහීණො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො, සො වුච්චති අගිද්ධො. සො රූපෙ අගිද්ධො සද්දෙ අගිද්ධො ගන්ධෙ අගිද්ධො රසෙ අගිද්ධො ඵොට්ඨබ්බෙ අගිද්ධො කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ පසංසායං සුඛෙ චීවරෙ පිණ්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙ කාමධාතුයා රූපධාතුයා අරූපධාතුයා කාමභවෙ රූපභවෙ අරූපභවෙ සඤ්ඤාභවෙ අසඤ්ඤාභවෙ නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ්චවොකාරභවෙ අතීතෙ අනාගතෙ පච්චුප්පන්නෙ දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු අගිද්ධො අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො වීතගෙධො විගතගෙධො චත්තගෙධො වන්තගෙධො මුත්තගෙධො{*} පහීනගෙධො පටිනිස්සට්ඨගෙධො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො{*} පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො.
Sinhala BJTඵස්සං පරිඤ්ඤාය - ස්පර්‍ශය මේ ත්‍රිවිධ පරිඥායෙන් දැන; අනානුගිද්ධො - ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලබා. යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, යමක් හට තෙල ගේධය ප්‍රහීණ වූයේ සිඳුනා ලදුයේ සන්හුන්නේ දුරු කරන ලදුයේ පෙරළා උපදනට අභව්‍ය වූයේ මාර්‍ගඥාන ගින්නෙන් දවන ලදුයේ වේ ද, හෙතෙම ‘අගිද්ධ’ යයි කියනු ලැබේ. හේ රූපයෙහි ගිජු නො වූයේ, ශබ්දයෙහි - ගන්‍ධයෙහි - රසයෙහි - ස්පර්‍ශයෙහි ගිජු නො වූයේ, කුලයෙහි ගණයෙහි ආවාසයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසයෙහි, කාම - රූප - අරූපධාතුයෙහි, කාම - රූප - අරූපභවයෙහි, සඤ්ඤා - අසඤ්ඤා - නෙවසඤ්ඤානාසඤ්ඤා - එකවොකාර - චතුවෝකාර - පඤ්චවෝකාර භවයෙහි, අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්නයෙහි, දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍ය ධර්‍මයන්හි ගිජු නො වූයේ නො ගෙතුණේ මුසපත් නො වූයේ නො බැඳුණේ පහ වූ - හරන ලද - වමනය කරන ලද - මුදන ලද - ප්‍රහීණ වූ - දුර ලන ලද තෘෂ්ණා ඇතියේ පහ වූ... දුර ලන ලද රාග ඇතියේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ උතුම් වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො’ යනු වේ.
Pali BJTයදත්තගරහී තදකුබ්බමානො’ති - ‘යදා’ති{1} යං; අත්තගරහීති - ද්වීහි කාරණෙහි අත්තානං ගරහති: කතත්තා ච අකතත්තා ච. කථං කතත්තා ච අකතත්තා ච අත්තානං ගරහති? ‘කතං මෙ කායදුච්චරිතං, අකතං මෙ කායසුචරිත’න්ති අත්තානං ගරහති. ‘කතං මෙ වචීදුච්චරිතං, අකතං මෙ වචීසුචරිත’න්ති අත්තානං ගරහති. ‘කතං මෙ මනොදුච්චරිතං, අකතං මෙ මනොසුචරිත’න්ති අත්තානං ගරහති. ‘කතො මෙ පාණාතිපාතො, අකතා මෙ පාණාතිපාතා වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතං මෙ අදින්නාදානං, අකතා මෙ අදින්නාදානා වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතො මෙ කාමෙසු මිච්ඡාචාරො, අකතා කාමෙසු මිච්ඡාචාරා වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතො මෙ මුසාවාදො, අකතා මෙ මුසාවාදා වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතා මෙ පිසුනා වාචා, අකතා මෙ පිසුනාය වාචාය{2} වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතා මෙ ඵරුසා වාචා, අකතා මෙ ඵරුසාය වාචාය{3} වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතො මෙ සම්ඵප්පලාපො, අකතා මෙ සම්ඵප්පලාපා වෙරමණී’ති අත්තානං ගරහති. ‘කතා මෙ අභිජ්ඣා, අකතා මෙ අනභිජ්ඣා’ති{4} අත්තානං ගරහති. ‘කතො මෙ ව්යාපාදො, අකතො මෙ අව්යාපාදො’ති{5} අත්තානං ගරහති. ‘කතා මෙ මිච්ඡාදිට්ඨි, අකතා මෙ සම්මාදිට්ඨි’ති{6} අත්තානං ගරහති. එවං කතත්තා ච අකතත්තා ච අත්තානං ගරහති. අථවා සීලෙසු’ම්හි න පරිපූරකාරීති අත්තානං ගරහති. ඉන්ද්රියෙසු’ම්හි අගුත්තද්වාරොති අත්තානං ගරහති. භොජනෙ’ම්හි අමත්තඤ්ඤූති අත්තානං ගරහති. ජාගරියං අනනුයුත්තොම්හීති අත්තානං ගරහති. සතිසම්පජඤ්ඤෙන අසමන්නාගතොති අත්තානං ගරහති. අභාවිතා මෙ චත්තාරො සතිපට්ඨානාති අත්තානං ගරහති. අභාවිතා මෙ චත්තාරො සම්මප්පධානාති අත්තානං ගරහති. අභාවිතා මෙ චත්තාරො ඉද්ධිපාදාති අත්තානං ගරහති. අභාවිතානි මෙ පඤ්චින්ද්රියානීති අත්තානං ගරහති. අභාවිතානි මෙ පඤ්ච බලානීති අත්තානං ගරහති. අභාවිතා මෙ සත්ත බොජ්ඣඞ්ගාති අත්තානං ගරහති. අභාවිතො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගොති අත්තානං ගරහති. දුක්ඛං මෙ අපරිඤ්ඤාතන්ති අත්තානං ගරහති. සමුදයො මෙ අප්පහීනොති අත්තානං ගරහති. මග්ගො මෙ අභාවිතොති අත්තානං ගරහති. නිරොධො මෙ අසච්ඡිකතොති අත්තානං ගරහති. එවං කතත්තා ච අකතත්තා ච අත්තානං ගරහති. එවං අත්තගරහිකං කම්මං අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානො අනභිනිබ්බත්තයමානොති ‘යදත්තගරහී තදකුබ්බමානො.’
Sinhala BJTයදත්තගරහී තදකුබ්බමානො - ‘යද’ යනු: යං. අත්තගරහී - කළ හෙයින් ද නො කළ හෙයින් දැයි දෙ කරුණෙකින් තමහට ගරහයි: කිසෙයින යත්: මා විසින් කායදුශ්චරිතය කරන ලද, කායසුචරිතය නො කරන ලදැයි තමහට ගරහයි. මා විසින් වාග්දුශ්චරිතය කරන ලද, වාක්සුචරිතය නො කරන ලදැයි ද - මා විසින් මනෝදුශ්චරිතය කරන ලද, මනස්සුචරිතය නො කරන ලදැයි ද තමහට ගරහයි. මා විසින් ප්‍රාණඝාතය කරන ලද, ප්‍රාණඝාතයෙන් විරමණය නො කරන ලදැයි ද - අදත්තාදානය කරන ලද, අදින්නාදානවිරමණය නො කරන ලදැයි ද - මා විසින් කාමයෙහි වරදවා හැසිරෙන ලද, කාමමිත්ථ්‍යාචාරවිරමණය නො කරන ලදැයි ද - මෘෂාවාදය කරන ලද, මෘෂාවාදයෙන් විරමණය නොකරන ලදැයි ද - පිසුනුබස් කියන ලද, පිසුනුබසින් විරමණය නො කරන ලදැයි ද - පරොස්බස් කියන ලද, පරොස්බසින් විරමණය නො කරන ලදැහි ද - ප්‍රලාපබස් කියන ලද, ප්‍රලාපබසින් විරමණය නො කරන ලදැයි ද - අභිධ්‍යාව කරන ලද, අනභිධ්‍යාව නො කරන ලදැයි ද - ව්‍යාපාදය කරන ලද, අව්‍යාපාදය නො කරන ලදැයි ද, මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටිය කරන ලද, සම්‍යග්දෘෂ්ටිය නො කරන ලදැයි ද - තම හට ගරහයි. මෙසේ කළ හෙයින් ද නො කළ හෙයින් ද තම හට ගරහයි. නොහොත් සිවුපිරිසුදුසිල් නො පුරනසුලු වෙමී තම හට ගරහයි. පසිඳුරන්හි නො පියූ දොර ඇත්මී - භෝජනයෙහි පමණ නො දන්මී - නිදි වැරීමෙහි නො යෙදුණෙමී - සිහිනුවණින් සමන්‍විත නො වෙමී තම හට ගරහයි. මා විසින් සතර සීවටන් අභාවිතහයි තම හට ගරහයි. සතර සම්‍යක්ප්‍රධානයෝ අභාවිතහයි - සතර ඍද්ධිපාදයෝ අභාවිතහයි - පඤ්චේන්‍ද්‍රියෝ අභාවිතහයි - පඤ්චබලයෝ - සප්තබෝධ්‍යඞ්ගයෝ - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අභාවිත යැයි - මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැයි - සමුදයය අප්‍රහීණ යැයි - මාර්‍ගය නො වඩනා ලදැයි - නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැයි තම හට ගරහයි. මෙසෙයින් කළ හෙයිනු දු නො කළ හෙයිනු දු තම හට ගරහා. මෙසේ ආත්මගර්‍හකකර්‍මය නො කරනුයේ නූපදවනුයේ නො නිපදවනුයේ නුයි ‘යදත්තගරහී තදකුබ්බමානො’ යනු වේ.
Pali BJTන ලිප්පති දිට්ඨසුතෙසු ධීරොති - ‘ලෙපො’ති ද්වෙ ලෙපා: තණ්හා ලෙපො ච දිට්ඨිලෙපො ච -පෙ- අයං තණ්හාලෙපො -පෙ- අයං දිට්ඨිලෙපො ධීරොති ධීරො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. ධීරො තණ්හාලෙපං පහාය දිට්ඨිලෙපං පටිනිස්සජිත්වා දිට්ඨෙ න ලිප්පති සුතෙ න ලිප්පති මුතෙ න ලිප්පති විඤ්ඤාතෙ න ලිප්පති න සංලිප්පති{7} න උපලිප්පති. අලිත්තො අසංලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො{8} විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො’ති.
Sinhala BJTන ලිප්පති දිට්ඨසුතෙසු ධීරො - ‘ලෙප’ නම්: තණ්හාලෙප දිට්ඨිලෙප යැයි ලෙප දෙකකි: ... මේ තණ්හාලෙප යැ... මේ දිට්ඨිලෙප යි. ධීරො යනු: ධීර යැ...මේධාවී යැ. ධීර වූ පුරුෂ තෙම තෘෂ්ණාලේපය හැර පියා දිට්ඨිලෙපය දුරු කොට රූපායතනයෙහි නො ඇලෙයි. ශබ්දායතනයෙහි නො ඇලෙයි. ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යයතනයෙහි නො ඇලෙයි. මනායතනයෙහි නො ඇලෙයි. වෙසෙසින් නො ඇලෙයි. අලිප්ත - අසංලිප්ත - අනුපලිප්ත වූයේ බැහැර වූයේ නික්මුණේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා ඇති සිතින් යුක්ත ව වෙසේ නුයි ‘න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“උභොසු අන්තෙසු විනෙය්ය ඡන්දං ඵස්සං පරිඤ්ඤාය අනානුගිද්ධො යදත්තගරහී තදකුබ්බමානො න ලිප්පති දිට්ඨසුතෙසු ධීරො”ති.
Sinhala BJT“උභොසු -පෙ- දිට්ඨසුතෙසු ධීරො” යනු.
Pali BJT2. 8.
Sinhala BJT2. 8.
Pali BJTසඤ්ඤං පරිඤ්ඤා විතරෙය්ය ඔඝං පරිග්ගහෙසු මුනි නොපලිත්තො, අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො නාසිංසති ලොකමිමං පරං ච.
Sinhala BJTකාමසංඥාදිසංඥාව නොහොත් සංඥානුසාරයෙන් නාමරූපය ත්‍රිවිධ පරිඥායෙන් දැන චතුරෝඝය තරණය කරන්නේ ය. එහෙයින් තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහයන්හි නො ඇලුණු ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙම උපුටා හළ රාගාදිශල්‍ය ඇතියේ අප්‍රමත්ත වැ හැසිරෙනුයේ (ස්වාත්මභාවාදි සඞ්ඛ්‍යාත) මෙලොවත් (පරාත්මභාවාදි සඞ්ඛ්‍යාත) පරලොවත් නො පතන්නේ යි.
Pali BJTසඤ්ඤං පරිඤ්ඤා විතරෙය්ය ඔඝන්ති - ‘සඤ්ඤා’ති කාමසඤ්ඤා ව්යාපාදසඤ්ඤා විහිංසාසඤ්ඤා නෙක්ඛම්මසඤ්ඤා අව්යාපාදසඤ්ඤා අවිහිංසාසඤ්ඤා රූපසඤ්ඤා සද්දසඤ්ඤා ගන්ධසඤ්ඤා රසසඤ්ඤා ඵොට්ඨබ්බසඤ්ඤා ධම්මසඤ්ඤා, යා එවරූපා සඤ්ඤා සංජානනා සංජානිතත්තං, අයං වුච්චති සඤ්ඤා. සඤ්ඤං පරිඤ්ඤාති - සඤ්ඤං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා ඤාතපරිඤ්ඤාය තීරණපරිඤ්ඤාය පහානපරිඤ්ඤාය. කතමා ඤාතපරිඤ්ඤා? සඤ්ඤං ජානාති ‘අයං කාමසඤ්ඤා අයං ව්යාපාදසඤ්ඤා අයං විහිංසාසඤ්ඤා අයං නෙක්ඛම්මසඤ්ඤා අයං අව්යාපාදසඤ්ඤා අයං අවිහිංසාසඤ්ඤා අයං රූපසඤ්ඤා අයං සද්දසඤ්ඤා අයං ගන්ධසඤ්ඤා අයං රසසඤ්ඤා අයං ඵොට්ඨබ්බසඤ්ඤා අයං ධම්මසඤ්ඤා’ති ජානාති පස්සති. අයං ඤාතපරිඤ්ඤා.
Sinhala BJTසඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං - ‘සඤ්ඤා’ යනු: කාමසංඥා යැ ව්‍යාපාද - විහිංසා - නෛෂ්කාම්‍ය - අව්‍යාපාද - අවිහිංසා සංඥා යැ, රූපසංඥා යැ ශබ්ද - ගන්‍ධ - රස - ස්පර්‍ශ - ධර්‍මසංඥා යැ යන මෙ බඳු වූ හැඳිනීම හඳුනන අයුර හැඳිනගත්බව ‘සඤ්ඤා’ යී කියනු ලැබේ. සඤ්ඤං පරිඤ්ඤා - සංඥාව ඥාත තීරණ ප්‍රහාණ යන ත්‍රිවිධපරිඥායෙන් පිරිසිඳ දැන; එහි ඥාතපරිඥා කවරී ද යත්: මෝ කාමසංඥා යැ මෝ ව්‍යාපාද - විහිංසා - නෛෂ්කාම්‍ය - අව්‍යාපාද - අවිහිංසා සංඥා යැ මෝ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්පර්‍ශ - ධර්‍මසංඥා යැයි සංඥාව දැනගනී, දකී. මෝ යැ ඥාතපරිඥා නම්.
Pali BJTකතමා තීරණපරිඤ්ඤා? එවං ඤාතං කත්වා සඤ්ඤං තීරෙති: අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද්දවතො භයතො උපස්සග්ගතො චලතො{1} පභඞ්ගුතො -පෙ- සමුදයතො අත්ථඞ්ගමතො අස්සාදතො ආදීනවතො නිස්සරණතො තීරෙති. අයං තීරණපරිඤ්ඤා.
Sinhala BJTතීරණපරිඥා කවරී ද යත්: මෙසෙයින් සංඥාව ප්‍රකට කොට දැන අනිත්‍ය හෙයින් සිතයි. දුඃඛ - රෝග - ගණ්ඩ - ශල්‍ය - අඝ - ආබාධ - පර - පලෝක - ඊති - උපද්‍රව - භය - උපසර්‍ග - චල - පභඞ්ගු හෙයින් ... සමුදය - අස්තඞ්ගම - ආස්වාද - ආදීනව - නිස්සරණ හෙයින් සිතයි. මෝ යැ තීරණපරිඥා නම්.
Pali BJTකතමා පහාණපරිඤ්ඤා? එවං ඤාතං කත්වා එවං තීරයිත්වා සඤ්ඤාය ඡන්දරාගං පජහති විනොදෙති ව්යන්තී කරොති අනභාවං ගමෙති. වුත්තම්පි හෙතං භගවතා: “යො භික්ඛවෙ සඤ්ඤාය ඡන්දරාගො, තං පජහථ. එවං සා සඤ්ඤා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවං ගතා{2} ආයතිං අනුප්පාදධම්මා”ති{a}. අයං පහානපරිඤ්ඤා. ‘සඤ්ඤං පරිඤ්ඤා’ති සඤ්ඤං ඉමාහි තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා; විතරෙය්ය ඔඝන්ති කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරෙය්ය උත්තරෙය්ය පතරෙය්ය සමතික්කමෙය්ය වීතිවත්තෙය්යාති ‘සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්ය ඔඝං.’
Sinhala BJTප්‍රහාණපරිඥා කවරී ද යත්: මෙසෙයින් ප්‍රකට කොට දැන මෙ සෙයින් තීරණ කොට සංඥායෙහි ඡන්‍දරාගය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. වදාරන ලද මැ ය භාග්‍යවතුන් වහන්සේ විසින්: “මහණෙනි, සංඥායෙහි ඡන්‍දරාගය දුරු කරවු එවිට ඒ සංඥාව ප්‍රහීණ වූවා වෙයි. උපුටා හළ මුල් ඇත්තී, තාලවස්තුවක් මෙන් කරන ලද්දී, අභාවයට පැමිණියා, මතු නූපදනා පියවි ඇති වන්නී යැ”යි. මෝ යැ ප්‍රහාණපරිඥා නම්. ‘සඤ්ඤං පරිඤ්ඤා’ යනු: සංඥාව මේ ත්‍රිවිධ පරිඥාවෙන් පිරිසිඳ දැන; විතරෙය්‍ය ඕඝං - කාම - භව - දෘෂ්ටි - අවිද්‍යා ඕඝය තරණය උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය කරන්නේ යැ ඉක්මවන්නේ නුයි ‘සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්‍ය ඕඝං’ යනු වේ.
Pali BJTපරිග්ගහෙසු මුනි නොපලිත්තොති - ‘පරිග්ගහා’ති ද්වෙ පරිග්ගහා: තණ්හාපරිග්ගහො ච දිට්ඨිපරිග්ගහො ච - පෙ - අයං තණ්හාපරිග්ගහො -පෙ- අයං දිට්ඨිපරිග්ගහො. මුනීති - මොනං{3} වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා - පෙ - අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි,{b} තෙන ඤාණෙන සමන්නාගතො මුනි මොනප්පත්තොති.
Sinhala BJTපරිග්ගහෙසු මුනි නොපලිත්තො - ‘පරිග්ගහ’ යනු: තෘෂ්ණාපරිග්‍රහ යැ දෘෂ්ටිපරිග්‍රහ යැයි පරිග්‍රහ දෙකෙකි... මුනි යනු: ‘මොන’යී ඥානය කියනු ලැබෙයි. ප්‍රඥාව දැනගන්නා අයුර ... අමෝහය ධර්‍මවිචය සම්‍යග්දෘෂ්ටිය යැ. ඒ ඥානයෙන් යුක්ත වූ මුනි තෙම ‘මොනප්පත්ත’යි.
Pali BJTතීණි මොනෙය්යානි: කායමොනෙය්යං වචීමොනෙය්යං මනොමොනෙය්යං. කතමං කායමොනෙය්යං? තිවිධානං කායදුච්චරිතානං පහානං කායමොනෙය්යං. තිවිධං කායසුචරිතං කායමොනෙය්යං, කායාරම්මණෙ ඤාණං කායමොනෙය්යං, කායපරිඤ්ඤා කායමොනෙය්යං, පරිඤ්ඤාසහගතො මග්ගො කායමොනෙය්යං, කායෙ ඡන්දරාගස්ස පහානං කායමොනෙය්යං, කායසංඛාරනිරොධො චතුත්ථජ්ඣානසමාපත්ති කායමොනෙය්යං. ඉදං කායමොනෙය්ය.
Sinhala BJTකායමෝනෙය්‍ය වචීමොනෙය්‍ය මනෝමෝනෙය්‍ය යැයි මෝනෙය්‍ය තුනෙකි. කායමෝනෙය්‍ය කවරැ? යත්: ත්‍රිවිධ කායදුශ්චරිතයන්ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ. ත්‍රිවිධ කායසුචරිතය කායමෝනෙය්‍ය යැ. කය අරමුණු කොට අනිත්‍යාදිවශයෙන් පැවැති ඥානය කායමෝනෙය්‍ය යැ. කායපරිඥාව කායමෝනෙය්‍ය යැ. පරිඥාසහගත වූ මාර්‍ගය කායමෝනෙය්‍ය යැ. කයෙහි ඡන්‍දරාගය දුරු කිරීම කායමෝනෙය්‍ය යැ. කායසංස්කාර (=ආශ්වාසප්‍රශ්වාස)යන්ගේ නිරෝධය වූ චතුර්ත්ථධ්‍යානසමාපත්තිය කායමොනෙය්‍යය යි. මේ කායමෝනෙය්‍ය නමි.
Pali BJTකතමං වචීමොනෙය්යං? චතුබ්බිධානං{1} වචීදුච්චරිතානං පහානං වචීමොනෙය්යං, වචීසුචරිතං වචීමොනෙය්යං වාචාරම්මණෙ ඤාණං වචීමොනෙය්යං, වාචාපරිඤ්ඤා වචීමොනෙය්යං, පරිඤ්ඤාසහගතො මග්ගො වචීමොනෙය්යං, වාචාය ඡන්දරාගස්ස පහානං වචීමොනෙය්යං. වචීසංඛාරනිරොධො දුතියජ්ඣානසමාපත්ති වචීමොනෙය්යං. ඉදං වචීමොනෙය්යං.
Sinhala BJTවචීමොනෙය්‍ය කවරැ ? යත්: චතුර්විධ වාග්දුශ්චරිතයන්ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ. වාක්සුචරිතය - අනිත්‍යාදිවශයෙන් වාගාලම්බනයෙහි පැවැති ඥානය - ත්‍රිවිධ පරිඥාවශයෙන් වාක්පරිඥාව - පරිඥාසහගත මාර්‍ගය - වාක්හි ඡන්‍දරාගප්‍රහාණය - වාක්සංස්කාර (විතර්‍කවිචාර)යන්ගේ නිරෝධය වූ ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යි. මේ වචීමොනෙය්‍ය නමි.
Pali BJTකතමං මනොමොනෙය්යං? තිවිධානං මනොදුච්චරිතානං පහානං මනොමොනෙය්යං, තිවිධං මනොසුචරිතං මනොමොනෙය්යං, චිත්තාරම්මණෙ ඤාණං මනොමොනෙය්යං, චිත්තපරිඤ්ඤා මනොමොනෙය්යං, පරිඤ්ඤාසහගතො මග්ගො මනොමොනෙය්යං, චිත්තෙ ඡන්දරාගස්ස පහානං මනොමොනෙය්යං, චිත්තසංඛාරනිරොධො සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති මනොමොනෙය්යං ඉදං මනොමොනෙය්යං.
Sinhala BJTමනෝමෝනෙය්‍ය කවරැ ? යත්: ත්‍රිවිධ මනොදුශ්චරිතයන්ගේ ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ මනස්සුචරිතය - චිත්තාලම්බනයෙහි පැවැති ඥානය - චිත්තපරිඥාව - පරිඥාසහගත වූ මාර්‍ගය - චිත්තයෙහි ඡන්‍දරාගප්‍රහාණය - චිත්තසංස්කාරයන් (=සංඥාවෙදනාවන්)ගේ නිරෝධය වූ සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය මනෝමෝනෙය්‍යය යි. මේ මනෝමෝනෙය්‍ය නමි.
Pali BJT1. “කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං, මුනිං මොනෙය්යසම්පන්නං ආහු සබ්බප්පහායිනං.{a}
Sinhala BJT1. කායදුශ්චරිතප්‍රහාණයෙන් කායමුනි වූ වාග්දුශ්චරිතප්‍රහාණයෙන් වාචාමුනි වූ මනොදුශ්චරිතප්‍රහාණයෙන් මනොමුනි වූ සර්‍වාකුශලප්‍රහාණයෙන් ඵලයෙහි සිටි හෙයින් මුනිභාවයෙන් යුක්ත වූවහු සියලු කෙලෙසුන් දුරු කළ හෙයින් ‘සබ්බප්පහායී’ යයි කියත්.
Pali BJT2. කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං මුනිං මොනෙය්යසම්පන්නං ආහු නින්හාතපාපක”න්ති.{b}
Sinhala BJT2. ... මාර්‍ගඥානයෙන් සියලු පව් ධොවනය කළ හෙයින් ‘නින්හාතපාපක’ යයි කියත්.
Pali BJTඉමෙහි තීහි මොනෙය්යෙහි ධම්මෙහි සමන්නාගතා ඡ මුනිනො:{2} අගාරමුනිනො අනගාරමුනිනො සෙඛමුනිනො අසෙඛමුනිනො පච්චෙකමුනිනො මුනිමුනිනොති. කතමෙ අගාරමුනිනො? යෙ තෙ අගාරිකා දිට්ඨපදා විඤ්ඤාතසාසනා, ඉමෙ අගාරමුනිනො. කතමෙ අනගාරමුනිනො? යෙ තෙ පබ්බජිතා දිට්ඨපදා විඤ්ඤාතසාසනා, ඉමෙ අනගාරමුනිනො. සත්ත සෙඛා සෙඛමුනිනො. අරහන්තො අසෙඛමුනිනො. පච්චෙකබුද්ධා පච්චෙකමුනිනො. මුනිමුනිනො වුච්චන්ති තථාගතා අරහන්තො සම්මාසම්බුද්ධා.
Sinhala BJTමේ ත්‍රිවිධ මෞනෙයධර්‍මයන්ගෙන් සමන්‍විත වූ අගාරමුනිහු යැ අනගාරමුනිහු යැ ශෛක්ෂමුනිහු යැ අශෛක්ෂමුනිහු යැ ප්‍රත්‍යෙකමුනිහු යැ මුනිමුනිහු යැයි ෂඩ්වීධමුනි කෙනෙක් වෙති. අගාරමුනිහු කවරහ යත්: ගිහිකම්හි යෙදුණු දුටු නිවන් ඇති දත් (ශික්ෂාමාත්‍රය සඞ්ඛ්‍යාත) තුන් සසුන් ඇත්තාහු අගාරමුනිහු යැ. අනගාරමුනිහු කවරහ යත්: පැවිදි වූ දුටුනිවන් ඇති දත් සසුන් ඇත්තාහු අනගාරමුනිහු යැ. සප්තශෛක්ෂයෝ සෙඛමුනිහු යැ. රහත්හු අසෙඛමුනිහු යැ. පසේබුදුහු පච්චෙකමුනිහු යැ. තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ මුනිමුනිහු යැයි කියනු ලැබෙත්.
Pali BJT3. “න මොනෙන{3} මුනි හොති මූළ්හරූපො අවිද්දසු, යො ච තුලංව පග්ගය්හ වරමාදාය පණ්ඩිතො.
Sinhala BJT3-4. සිස් පියවි ඇති අඥ (=නුවණ නැති) තෙනැත්තේ මෞනභාවයෙන් (=නො බිණීමෙන්) මුනි නම් නො වෙයි. තවද පණ්ඩිත වූ යමෙක් තුලාව (=තරාදිය) ගෙන (අධිකය හැර ඌනය පුරන්නාක් මෙන්) ශීලසමාධ්‍යාදි උතුම් දැය ගෙන පව් දුරු කෙරේ ද, එ කරුණෙන් හෙතෙම මුනි නම් වෙයි. යමෙක් ස්කන්ධාදිලොකයෙහි ආධ්‍යාත්මික බාහ්‍යස්කන්ධාදි උභයාර්‍ත්‍ථයන් දනී නම් එ කරුණෙන් හේ මුනී යයි කියනු ලැබේ.
Pali BJT4. පාපානි පරිවජ්ජෙති ස මුනී තෙන සො මුනී, යො මුනාති උභො ලොකෙ මුනී තෙන පවුච්චති.”{c}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5. “අසතඤ්ච සතඤ්ච ඤත්වා ධම්මං අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, දෙවමනුස්සෙහි පූජිතො යො සඞ්ගජාලමතිච්ච සො මුනී”ති.{a}
Sinhala BJT5. යමෙක් ආධ්‍යාත්මික වූ ද බාහ්‍ය වූ ද සියලු ලෝකයෙහි කුශලාකුශල භේද වූ සාධූන්ගේ ද අසාධූන්ගේ ද ධර්‍මය (ප්‍රවිචයඥානයෙන්) දැන එහෙයින් මැ රාගාදිසඞ්ගය හා තෘෂ්ණාදෘෂ්ටිජාලය ඉක්මවා සිටියේ දෙවිමිනිසුන් විසින් පුදන ලදුයේ වේ ද, ඒ ක්‍ෂීණාස්‍රව තෙම ‘මුනි’ යයි කියනු ලැබේ.
Pali BJTලෙපාති - ද්වෙ ලෙපා: තණ්හාලෙපො ච දිට්ඨිලෙපො ච - පෙ - අයං තණ්හාලෙපො -පෙ- අයං දිට්ඨිලෙපො. මුනි තණ්හාලෙපං පහාය දිට්ඨිලෙපං පටිනිස්සජිත්වා පරිග්ගහෙසු න ලිප්පති න සංලිප්පති{1} න උපලිප්පති අලිත්තො අසංලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො{2} විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘පරිග්ගහෙසු මුනි නොපලිත්තො.
Sinhala BJTලෙප නම්: තෘෂ්ණාලේප යැ දෘෂ්ටිලෙප යැයි ලෙප දෙකෙකි... ක්‍ෂීණාස්‍රව මුනි තෙම තෘෂ්ණාලේපය හැර දෘෂ්ටිලෙපය දුරු කොට තෘෂ්ණාදෘෂ්ටීන් ගත් වස්තුයෙහි නො ඇලෙයි, වෙසෙසින් නො ඇලෙයි, නො යෙදෙයි, අලිප්ත අසංලිප්ත අනුපලිප්ත වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා ඇති සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘පරිග්ගහෙසු මුනි නොපලිත්තො’ යනු වේ.
Pali BJTඅබ්බූළ්හසල්ලො චරමප්පමත්තොති - ‘සල්ල’න්ති සත්ත සල්ලානි: රාගසල්ලං දොසසල්ලං මොහසල්ලං මානසල්ලං දිට්ඨිසල්ලං සොකසල්ලං දුච්චරිතසල්ලං.{3} යස්සෙතෙ සල්ලා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති අබ්බූළ්හසල්ලො අබ්බූහිතසල්ලො{4} උද්ධතසල්ලො සමුද්ධතසල්ලො උප්පාටිතසල්ලො සමුප්පාටිතසල්ලො චත්තසල්ලො වන්තසල්ලො මුත්තසල්ලො පහීනසල්ලො පටිනිස්සට්ඨසල්ලො නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති ‘අබ්බූළ්හසල්ලො. ‘චරන්ති - චරන්තො විහරන්තො ඉරීයන්තො වත්තන්තො පාලෙන්තො යපෙන්තො යාපෙන්තො. අප්පමත්තොති - සක්කච්චකාරී සාතච්චකාරී අට්ඨිතකාරී අනොලීනවුත්තිකො අනික්ඛිත්තඡන්දො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. ‘කථාහං අපරිපූරං වා සීලක්ඛන්ධං පරිපූරෙය්යං, පරිපූරං වා සීලක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුගණ්හෙය්ය’න්ති යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤං ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසු. ‘කථාහං අපරිපූරං වා සමාධික්ඛන්ධං පරිපූරෙය්යං, පරිපූරං වා සමාධික්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුගණ්හෙය්යං -පෙ- කුසලෙසු ධම්මෙසු. ‘කථාහං අපරිපූරං වා පඤ්ඤාක්ඛන්ධං පරිපූරෙය්යං -පෙ- විමුත්තික්ඛන්ධං -පෙ- විමුත්තිඤාණදස්සනක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුගණ්හෙය්ය’න්ති යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤං ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසු. ‘කථාහං අපරිඤ්ඤාතං වා දුක්ඛං පරිජානෙය්යං, අප්පහීනෙ වා කිලෙසෙ පජහෙය්යං, අභාවිතං වා මග්ගං භාවෙය්යං, අසච්ඡිකතං වා නිරොධං සච්ඡිකරෙය්යන්ති’ යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤං ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසූති ‘අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො.’
Sinhala BJTඅබ්බූළ්හසල්ලො චරමප්පමත්තො - ‘සල්ල’ නම්: රාගශල්‍ය යැ දොස - මෝහ - මාන - දිට්ඨි - සෝක - දුශ්චරිතශල්‍ය යැයි සප්ත ශල්‍ය කෙනෙකි. යමක්හු විසින් තෙල ශල්‍යයෝ ප්‍රහාණ කරන ලද්දාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු ඉපදීමට නුසුදුසු කරන ලද්දාහු නුවණගින්නෙන් දවන ලද්දාහු ද, හෙතෙම බැහැර කළ ශල්‍ය (=හුල්) ඇත්තේ යැ, උපුටාහළ හුල් ඇත්තේ යැ, සිඳුනා ලද හුල් ඇත්තේ යැ, ත්‍යාග කළ - වමනය කළ - මුදන ලද - ප්‍රහාණ කළ - දුරු කළ - හුල් ඇත්තේ යැ, තෘෂ්ණා රහිත යැ, නිවුණේ යැ, සිහිල් වූයේ යැ, සුව විඳිනසුලු වූයේ උතුම් වූ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අබ්බූළ්හසල්ල’ නමි. චරං යනු: හැසිරෙනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ ඉරියවු උපදවනුයේ ඉරියවු රක්නේ යැපෙනුයේ; අප්පමත්තො - කුසල් දහම්හි සත්කාර (සකස් කොට) කරනුයේ සතතභාවයෙන් කරනුයේ නො නැවැත කරනුයේ නො හැකිළැ කරනුයේ නො තැබූ ඡන්‍දය ඇතියේ නො තැබූ ධුර (නො පසුබස්නා සිත්) ඇතියේ ‘කෙසේ නම් මම නොපිරිපුන් ශීලස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන් ශීලස්කන්‍ධය ප්‍රඥායෙන් අනුග්‍රහ කෙරෙම් දෝ හො’ යි ඒ කුසල් දහම්හි යම් කත්තුකම්‍යතාඡන්දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධිමාත්‍රඋත්සාහයෙක් නො පසු බස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රජන්‍යයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන්වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් අප්‍රමාදයෙක් වේ ද, ‘කෙසේ නම් මම නො පිරිපුන් සමාධිස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන් සමාධිස්කන්‍ධය ඒ ඒ තැන නුවණින් අනුගනිම් දෝ හො’ යි... නො පිරිපුන් ප්‍රඥාස්කන්‍ධය ... විමුක්තිස්කන්‍ධය... විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පුරම් දෝ හෝ ... කෙසේ නම් අපරිඥාත වූ දුඃඛය ඥාතපරිඥායෙන් දැනගනිම් දෝ හෝ, අප්‍රහීණ වූ කෙලශයන් දුරු කෙරෙම් දෝ හෝ, නො වැඩූ මාර්‍ගය වඩම් දෝ හෝ, නො පසක් කළ නිරෝධය පසක් කෙරෙම් දෝ හෝ, යි කුසල්දහම්හි යම් ඡන්‍දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධිමාත්‍රඋත්සාහයෙක් නො පසු බස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රජන්‍යයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් අප්‍රමාදයෙක් වේ ද, එයින් යුක්ත නුයි ‘අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො’ යනු වේ.
Pali BJTනාසිංසතී ලොකමිමං පරං චාති - ඉමං ලොකං නාසිංසති සකත්තභාවං, පරං ලොකං නාසිංසති පරත්තභාවං, ඉමං ලොකං නාසිංසති සකරූපවෙදනාසඤ්ඤාසංඛාරවිඤ්ඤාණං, පරං ලොකං නාසිංසති පරරූපවෙදනාසඤ්ඤාසංඛාරවිඤ්ඤාණං, ඉමං ලොකං නාසිංසති ඡ අජ්ඣත්තිකානි ආයතනානි, පරං ලොකං නාසිංසති ඡ බාහිරානි ආයතනානි, ඉමං ලොකං නාසිංසති මනුස්සලොකං, පරං ලොකං නාසිංසති දෙවලොකං, ඉමං ලොකං නාසිංසති කාමධාතු, පරං ලොකං නාසිංසති රූපධාතුං අරූපධාතු, ඉමං ලොකං නාසිංසති කාමධාතු රූපධාතු, පරං ලොකං නාසිංසති අරූපධාතුං, පුනගතිං වා උප්පත්තිං වා පටිසන්ධිං වා භවං වා සංසාරං වා වට්ටං වා නාසිංසති න ඉච්ඡති න සාදියති න පත්ථෙති න පිහෙති නාභිජප්පතීති ‘නාසිංසතී ලොකමිමං පරං චා’ති.
Sinhala BJTනාසිංසතී ලෝකමිමං පරං ච - ස්වාත්මභාවසඞ්ඛ්‍යාත මෙලොව නො පතයි. පරාත්මභාවසඞ්ඛ්‍යාත පරලොව නො පතයි. ස්වකීයරූපවෙදනාසංඥාසංස්කාරවිඥාන සඞ්ඛ්‍යාත මෙලොව, පරරූපවෙදනාසංඥාසංස්කාරවිඥාන සඞ්ඛ්‍යාත පරලොව, ආධ්‍යාත්මිකෂඩායතනසඞ්ඛ්‍යාත මෙලොව, බාහ්‍ය ෂඩායතනසඞ්ඛ්‍යාත පරලොව, මනුෂ්‍යලොක සඞ්ඛ්‍යාත මෙලොව, දිව්‍යලොක සඞ්ඛ්‍යාත පරලොව, කාමභව සඞ්ඛ්‍යාත මෙලොව, රූපාරූපභවසඞ්ඛ්‍යාත පරලොව, කාම - රූපභවසඞ්ඛ්‍යාත මෙලොව, අරූපභව සඞ්ඛ්‍යාත පරලොව නො පතයි. පෙරළා පඤ්චගතිය හෝ (සිවුයොනියෙහි) උපත හෝ පිළිසඳ හෝ කර්‍මභවය හෝ සසර හෝ ත්‍රෛභූමකවෘත්තය හෝ ආශංසන නො කෙරෙයි, නො කැමැති වෙයි, නො ඉවසයි, නො පතයි, නො ඉස්නේ වෙයි, අභිජල්පන නො කෙරේ නුයි ‘නාසිංසතී ලෝකමිමං පරඤ්ච’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සඤ්ඤං පරිඤ්ඤා විතරෙය්ය ඔඝං පරිග්ගහෙසු මුනි නොපලිත්තො, අබ්බූළ්හසල්ලො චරමප්පමත්තො නාසිංසතී ලොකමිමං පරං චා”ති.
Sinhala BJT“සඤ්ඤං පරිඤ්ඤා -පෙ- පරං ච” යී.
Pali BJTගුහට්ඨකසුත්තනිද්දෙසො දුතියො.
Sinhala BJTදෙවැනි වූ ගුහට්ඨකසූත්‍රනිර්‍දෙශය යි.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTදුට්ඨට්ඨකසුත්තනිද්දෙසො.
Sinhala BJTදුට්‌ඨට්‌ඨකසූත්‍රනිර්දේශය
Pali BJTඅථ දුට්ඨට්ඨකසුත්තනිද්දෙසං වක්ඛති:
Sinhala BJTඉක්බිති දුට්ඨට්ඨකසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJTවදන්ති වෙ දුට්ඨමනාපි එකෙ අථොපි වෙ{1} සච්චමනා වදන්ති, වාදං ච ජාතං මුනි නො උපෙති තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චි.
Sinhala BJTඇතැම් (අන්‍යතීර්ථ) කෙනෙක් ඒකාන්තයෙන් විරුද්ධ සිත් ඇත්තාහු මැ (බුදුනට හා සඟනට) උපවාද කෙරෙති (-නුගුණ කියති.) යළි (ඔවුන් ගෙන් ඇසූ) අන් කෙනෙක් ඒකාන්තයෙන් ‘සැබැවැ’ යන සිත් ඇත්තහු මැ උපවාද කෙරෙත්. බුද්ධමුනි තෙම අභූතයෙන් උපන් (තෙල ආක්‍රෝශ)වාදයට ද නො පැමිණෙයි. එහෙයින් මුනි තෙම කිසි තැනෙක්හි රාගාදි ඛීල (හුල්) නැත්තේ වේ.
Pali BJTවදන්ති වෙ දුට්ඨමනාපි එකෙති - එකෙ තිත්ථියා දුට්ඨමනා පදුට්ඨමනා විරුද්ධමනා{2} පටිවිරුද්ධමනා ආහතමනා පච්චාහතමනා ආඝාතිතමනා{3} පච්චාඝාතිතමනා වදන්ති උපවදන්ති භගවන්තං ච භික්ඛුසඞ්ඝං ච අභූතෙනාති ‘වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ.’
Sinhala BJTවදන්ති වෙ දුට්ඨමනාපි එකෙ - ඇතැම් තීර්‍ත්‍ථක කෙනෙක් දූෂිත සිත් ඇත්තාහු ප්‍රදූෂිත සිත් ඇත්තාහු විරුද්ධ සිත් ඇත්තාහු කෝපයෙන් පහළ සිත් ඇත්තාහු ගැටුණු සිත් ඇත්තාහු බුදුනට ද සඟනට ද අභූතයෙක් (බොරුවෙන්) කියති, උපවාද කෙරෙත් නුයි ‘වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ’ යනු වේ.
Pali BJTඅථොපි වෙ{4} සච්චමනා වදන්තීති - යෙ තෙසං තිත්ථියානං සද්දහන්තා ඔකප්පෙන්තා අධිමුච්චන්තා සච්චමනා සච්චසඤ්ඤිනො භූතමනා භූතසඤ්ඤිනො තථමනා තථසඤ්ඤිනො යාථාවමනා යාථාවසඤ්ඤිනො{5} අවිපරීතමනා අවිපරීතසඤ්ඤිනො වදන්ති උපවදන්ති භගවන්තඤ්ච භික්ඛුසඞ්ඝං ච අභූතෙනාති ‘අථොපි වෙ{1} සච්චමනා වදන්ති.’
Sinhala BJTඅථොපි වෙ සච්චමනා වදන්ති - ඒ තොටුවන්ගේ බස් හදහන ගුණවශයෙන් බැසගත් පැහැදීමෙන් ඉවසන යම් කෙනෙක් වෙත් ද, ඔහු සැබැවැ යන සිත් ඇත්තාහු සැබැවැයි හඟනාහු වූයෙකැ යන සිතැත්තාහු වූයෙකැ යි හඟනාහු අවිපරීත සිතැත්තාහු අවිපරීත වැ හඟනාහු නිශ්චල සිතැත්තාහු නිශ්චල වැ හඟනාහු නිශ්චය වූ සිතැත්තාහු නිශ්චයෙන් හඟනාහු බුදුනට ද සඟනට ද අභූතයෙන් බෙණෙති. උපවාද කෙරෙත් නුයි ‘අථොපි වෙ සච්චමානා වදන්ති’ යනු වේ.
Pali BJTවාදං ච ජාතං මුනි නො උපෙතීති - සො වාදො ජාතො හොති සඤ්ජාතො නිබ්බත්තො අභිනිබ්බත්තො පාතුභූතො, පරතොඝොසො අක්කොසො උපවාදො භගවතො ච භික්ඛුසඞ්ඝස්ස ච අභූතෙනාති ‘වාදං ච ජාතං.’ මුනි නො උපෙතීති - ‘මුනී’ති මොනං වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, තෙන ඤාණෙන සමන්නාගතො මුනි මොනප්පත්තො - පෙ - සඞ්ගජාලමතිච්ච සො මුනි. යො වාදං උපෙති, සො ද්වීහි කාරණෙහි වාදං උපෙති: කාරකො කාරකතාය වාදං උපෙති අථවා වුච්චමානො උපවදියමානො කුප්පති ව්යාපජ්ජති පතිත්ථියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති අකාරකොම්හීති. යො වාදං උපෙති, සො ඉමෙහි ද්වීහි කාරණෙහි වාදං උපෙති. මුනි ද්වීහි කාරණෙහි වාදං න උපෙති: අකාරකො මුනි අකාරකතාය වාදං න උපෙති. අථවා වුච්චමානො උපවදියමානො න කුප්පති න ව්යාපජ්ජති න පතිත්ථියති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති අකාරකොම්හීති. මුනි ඉමෙහි ද්වීහි කාරණෙහි වාදං න උපෙති න උපගච්ඡති න ගණ්හාති න පරාමසති න අභිනිවිසතීති ‘වාදඤ්ච ජාතං මුනි නො උපෙති.’
Sinhala BJTවාදං ච ජාතං මුනි නො උපේති - ඒ ආක්‍රොශවාදය බුදුනට ද සඟනට ද අභූතයෙන් උපන්නේ හටගත්තේ නිපන්නේ මොනොවට නිපන්නේ පහළ වූයේ මෙරමා බසින් වූයේ උපවාද වූයේ වේ නුයි ‘වාදං ච ජාතං’ යනු වෙයි. මුනි නො උපේති - ‘මුනි’ යනු: (2. 8. සුත්තනිද්දෙසය බලන්න) යමෙක් උපවාදයට පැමිණේ නම්, හෙතෙම දෙ කරුණෙකින් උපවාදයට පැමිණෙයි: කාරක (=කළ දොස ඇතියේ) කාරක බැවින් උපවාදයට පැමිණෙයි. නොහොත් කියනු ලබනුයේ උපවාද කරනු ලබනුයේ ‘මම් අකාරකයෙමී’ කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, තදබවට පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. උපවාදයට පැමිණෙනුයේ මේ දෙ කරුණෙන් පැමිණෙයි. බුද්ධමුනි තෙම දෙ කරුණෙකින් උපවාදයට නො පැමිණෙයි: අකාරක වූ මුනි අකාරක බැවින් උපවාදයට නො පැමිණෙයි, නොහොත් (අන්‍යයන් විසින් කියනු ලබනුයේ උපවාද කරනු ලබනුයේ ‘මම් අකාරකයෙමී’ නො කිපෙයි, පූති නො වෙයි, තද නො වෙයි, කෝපයත් දෝසයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මුනි තෙම මේ දෙ කරුණෙන් උපවාදයට නො පැමිණෙයි, නො එළැඹෙයි, පරාමර්‍ශ නො කෙරෙයි, නො පිවිසේ නුයි ‘වාදං ච ජාතං මුනි නො උපේති’ යනු වේ.
Pali BJTතස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චීති - ‘තස්මා’ති තස්මා තං කාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා{1} මුනිනො ආහතචිත්තතා{2} ඛිලජාතතාපි නත්ථි, පඤ්චපි චෙතොඛිලා නත්ථි. තයොපි ඛීලා නත්ථි: රාගඛීලො දොසඛීලො මොහඛීලො නත්ථි න සංවිජ්ජති නූපලබ්භති පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො. කුහිඤ්චීති - කුහිඤ්චි කිම්හිචි කත්ථචි, අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වාති ‘තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චී’ති.
Sinhala BJTතස්මා මුනී නත්‍ථි ඛීලො කුහිඤ්චි - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයයෙන් ඒ නිදානයෙන් මුනිහුගේ කෝපයෙන් පහළ සිතැති බවෙක් ප්‍රතිඝඛීල (-හුල්) හටගත් බවෙක් නැති. චෙතොඛීල පස ම නැති. රාග දෝස මෝහ යන ඛීල තුන ම නැත්තේයි. නත්‍ථි - අවිද්‍යමාන වෙයි, නො ලැබෙයි ප්‍රහීණ වූයේ සමුච්ඡින්න වූයේ සන්හිඳුණේ සැහැල්ලු වූයේ උපතට නො සුදුසු වූයේ නුවණගින්නෙන් දැවුණේ වෙයි. කුහිඤ්චි යනු: අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කොහි දු කිසිවෙක්හි දු කිසි තැනෙක්හි දු නුයි තස්මා මුනී නත්‍ථි ඛීලො කුහිඤ්චි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“වදන්ති වෙ දුට්ඨමනාපි එකෙ අථොපි වෙ{3} සච්චමනා වදන්ති, වාදං ච ජාතං මුනි නො උපෙති තස්මා මුනී නත්ථි ඛීලො කුහිඤ්චී”ති.
Sinhala BJT“වදන්ති වෙ -පෙ- නත්‍ථි ඛීලො කිහිඤ්චි” යී.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJTසකං හි දිට්ඨිං කථමච්චයෙය්ය ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො, සයං සමත්තානි පකුබ්බමානො යථා හි ජානෙය්ය තථා වදෙය්ය.
Sinhala BJTදෘෂ්ටිච්ඡන්දයෙන් මෙහෙයන ලද දෘෂ්ටිරුචියෙහි බැසගත් තීර්‍ත්‍ථක ජන තෙමේ ස්වකීය දෘෂ්ටිය කිසෙයින් හරනේ ද, යළි තමා විසින් රැස් කරන ලද ඒ දෘෂ්ටිගතයන් කරනුයේ යම්සේ දනී නම් එසේ මැ කියන්නේ යි.
Pali BJTසකං හි දිට්ඨිං කථමච්චයෙය්යාති - යෙ තෙ{1} තිත්ථියා සුන්දරිං පරිබ්බාජිකං හන්ත්වා සමණානං සක්යපුත්තියානං අවණ්ණං පකාසයිත්වා එවං එතං ලාභං යසං සක්කාරං සම්මානං පච්චාහරිස්සාමා’ති තෙ එවංදිට්ඨිකා එවංඛන්තිකා එවංරුචිකා එවංලද්ධිකා එවංඅජ්ඣාසයා එවමධිප්පායා, තෙ නාසක්ඛිංසු සකං දිට්ඨිං සකං ඛන්තිං සකං රුචිං සකං ලද්ධිං සකං අජ්ඣාසයං සකං අධිප්පායං අතික්කමිතුං. අථ ඛො ස්වෙව අයසො තෙ පච්චාගතොති. එවම්පි සකං දිට්ඨිං කථමච්චයෙය්ය. අථවා ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති යො සො එවංවාදො සො සකං දිට්ඨිං සකං ඛන්තිං සකං රුචිං සකං ලද්ධිං සකං අජ්ඣාසයං සකං අධිප්පායං කථං අච්චයෙය්ය අතික්කමෙය්ය සමතික්කමෙය්ය වීතිවත්තෙය්ය? තං කිස්ස හෙතු? තස්ස සා දිට්ඨි තථා සමත්තා සමාදින්නා ගහිතා පරාමට්ඨා අභිනිවිට්ඨා අජ්ඣොසිතා අධිමුත්තාති. එවම්පි ‘සකඤ්හි දිට්ඨිං කථමච්චයෙය්ය.’ අථවා ‘අසස්සතො ලොකො, අන්තවා{2} ලොකො, අනන්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, හොති තථාගතො පරම්මරණා, න හොති තථාගතො පරම්මරණා, හොති ච න හොති ච තථාගතො පරම්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති යො සො එවංවාදො, සො සකං දිට්ඨි සකං ඛන්තිං සකං රුචිං සකං ලද්ධිං සකං අජ්ඣාසයං සකං අධිප්පායං කථං අච්චයෙය්ය අතික්කමෙය්ය සමතික්කමෙය්ය වීතිවත්තෙය්ය; තං කිස්ස හෙතු? තස්ස සා දිට්ඨි තථා සමත්තා සමාදින්නා ගහිතා පරාමට්ඨා අභිනිවිට්ඨා අජ්ඣොසිතා අධිමුත්තාති. එවම්පි ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්ය.’
Sinhala BJTසකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය - ඒ තීර්‍ත්‍ථකයෝ සුන්‍දරී පිරිවැජිය නසා ශ්‍රමණශාක්‍යපුත්‍රයන්ගේ අගුණ ප්‍රකට කොට ‘මෙසේ මේ ලාභ යශස් සත්කාර සම්මාන උපදවම්හ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු මෙබඳු කැමැත්ත - මෙබඳු රුචිය - මෙබඳු ලබ්ධිය - මෙබඳු අදහස - මෙබඳු අධිප්‍රාය ඇත්තාහු, ඔහු ස්වකීය දෘෂ්ටිය කැමැත්ත රුචිය ලබ්ධිය අධ්‍යාශය ස්වකීය අධිප්‍රාය ඉක්මවන්නට නො හැකි වූහ. වැලි එ මැ අයස ඔවුන් කරා පෙරළා පැමිණියේ නුයි මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය’ යනු වේ. නොහොත් ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සැබැවැ, අන්‍යය සිස් යැ’ යන මෙබඳු වාදය ස්වකීය දෘට්ඨිය සිය කැමැත්ත සිය රුචිය සිය ලබ්ධිය සිය අදහස සිය සිතැඟිය කෙසේ නම් ඉක්මවන්නේ ද, අතික්‍රමණය සමතික්‍රමණය කරන්නේ ද, බැහැර කරන්නේ ද, (නො කරන්නේ මැයැ.) ඊට කරුණු කිම යත්: ඔහුගේ ඒ දෘෂ්ටි තොමෝ එපරිද්දෙන් සම්පූර්‍ණ වූවා යැ මොනොවට ගන්නා ලද්දී යැ ඇසුරු කොට ගන්නා ලද්දී යැ පරාමර්‍ශනය කරන ලද්දී යැ අභිනිවේශය කරන ලද්දී යැ ඇතුළත් වූවා යැ බැසගන්නා ලද්දී යැ (එහෙයිනි). මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය’ යනු වේ. නොහොත් ආත්මභාවසඞ්ඛ්‍යාත ලෝකය අශාශ්වත යැ, ලෝකය (ආත්මභාවය) අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, ජීවයත් ශරීරයත් හේ මැයැ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, සත්ත්‍ව තෙමේ මරණින් මතු (පරලොවැ) වෙයි. සත්ත්‍ව තෙමේ පරලොව නො මැ වෙයි. සත්ත්‍ව තෙමේ පරලොවැ උපදනේත් නූපදනේත් වෙයි. පරලොවැ නො මැ වෙයි. නොවන්නේ නො වෙයි. මේ මැ සැබැවැ අන්‍යය සිස් යැ යන මෙබඳු වාද සඞ්ඛ්‍යාත වූ ස්වකීය දෘෂ්ටිය... ස්වකීය හැඟීම කෙසේ නම් ඉක්මවන්නේ ද; ඊට හේතු කිම ? යත්: ඔහු විසින් ඒ දෘෂ්ටි තොමෝ නො ඉක්මැවියැ හැකි පරිද්දෙන් පුරන ලද, සමාදන් වන ලද ගන්නා ලද, පරාමර්‍ශ කරන ලද, අභිනිවේශ කරන ලද, ඇතුළත් වන ලද, බැසගන්නා ලද හෙයිනි. මෙසේත් ‘සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය’ යනු වේ.
Pali BJTඡන්දානුනීතො රුචියා නිවිට්ඨොති - ‘ඡන්දානුනීතො’ති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා යායති නීයති වුය්හති සංහරීයති, යථා හත්ථියානෙන වා අස්සයානෙන වා ගොයානෙන වා මෙණ්ඩකයානෙන වා ඔට්ඨයානෙන වා යායති නිය්යති වුය්හති සංහරීයති, එවමෙවං සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා යායති නිය්යති වුය්හති සංහරීයතීති ඡන්දානුනීතො; රුචියා නිවිට්ඨොති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා නිවිට්ඨො පතිට්ඨිතො අල්ලීනො උපාගතො අජ්ඣොසිතො අධිමුත්තොති ‘ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො’.
Sinhala BJTඡන්දානුනීතො රුචියා නිවිට්ඨො - ‘ඡන්දානුනීතො’ යනු: ස්වකීය දෘෂ්ටියෙන් - කැමැත්තෙන් - රුචියෙන් - ලබ්ධිදියෙන් යවනු ලබයි, පමුණුවනු ලබයි, උසුලනු ලබයි, මොනවට හරිනු ලබා. ඇත්යානකින් හෝ අස්යානකින් හෝ රියකින් හෝ ගවයානකින් හෝ එළුයානකින් හෝ බැටළුයානකින් හෝ ඔටුයානකින් හෝ කොටළුයානකින් හෝ පමුණුවනු ලබන්නාක් මෙන් තමාගේ දෘෂ්ටියෙන් - කැමැත්තෙන් - රුචියෙන් - ලබ්ධිදියෙන් යවනු පමුණුවනු උසුලනු සංහරණය කරනු ලබා නුයි ‘ඡන්දානුනීතො’ යනු වේ. ‘රුචියා නිවිට්ඨො’ යනු: තමාගේ දෘෂ්ටියෙහි කැමැත්තෙහි රුචියෙහි ලබ්ධියෙහි පිවිසියේ පිහිටියේ ඇලුණේ උපගත වූයේ ඇතුළත් වූයේ බැසගන්නා ලද්දේ නුයි ‘ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො’ යනු වේ.
Pali BJTසයං සමත්තානි පකුබ්බමානොති - සයං සමත්තං කරොති, පරිපුණ්ණං කරොති, අනොමං කරොති, අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං කරොති; ‘අයං සත්ථා සබ්බඤ්ඤූ’ති සයං සමත්තං කරොති, පරිපුණ්ණං කරොති, අනොමං කරොති; අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං කරොති; ‘අයං ධම්මො ස්වාක්ඛාතො, අයං ගණො සුපටිපන්නො, අයං දිට්ඨි භද්දිකා, අයං පටිපදා සුපඤ්ඤත්තා, අයං මග්ගා නිය්යාණිකො’ති සයං සමත්තං කරොති, පරිපුණ්ණං කරොති, අනොමං කරොති, අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං කරොති ජනෙති සඤ්ජනෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙතීති ‘සයං සමත්තානි පකුබ්බමානො. ‘
Sinhala BJTසයං සමත්තානි පකුබ්බමානො - තෙමේ සම්පූර්‍ණ කෙරෙයි, පරිපූර්‍ණ කෙරෙයි, අලාමක කෙරෙයි, අග්‍ර ශ්‍රේෂ්ඨ ජ්‍යේෂ්ඨ ප්‍රමුඛ උත්තම ප්‍රවර කෙරෙයි. ‘මේ ශාස්තෘ සර්‍වඥ යැයි තෙමේ සම්පූර්‍ණ කෙරෙයි... ප්‍රවර කෙරෙයි. මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ, මේ ගණ තෙමේ සුප්‍රතිපන්න යැ, මෙ දෘෂ්ටි තොමෝ සොඳුරු යැයි, මෙ ප්‍රතිපදා මැනැවින් පනවන ලදැයි, මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික’ යැයි තෙමේ සම්පූර්‍ණ කෙරෙයි පරිපූර්‍ණ ...ප්‍රවර කෙරෙයි, උපදවයි, මොනොවට උපදවයි, නිපදවයි, වෙසෙසින් නිපදවා නුයි ‘සයං සමත්තානි පකුබ්බමානො’ යනු වේ.
Pali BJTයථා හි ජානෙය්ය තථා වදෙය්යාති - යථා ජානෙය්ය තථා වදෙය්ය කථෙය්ය භණෙය්ය දීපෙය්ය වොහරෙය්ය. ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති යථා ජානෙය්ය, තථා වදෙය්ය කථෙය්ය භණෙය්ය දීපෙය්ය වොහරෙය්ය. ‘අසස්සතො ලොකො -පෙ- නෙව හොති න ත හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති යථා ජානෙය්ය, තථා වදෙය්ය කථෙය්ය භණෙය්ය දීපෙය්ය වොහරෙය්යාති යථා හි ජානෙය්ය තථා වදෙය්ය.
Sinhala BJTයථා හි ජානෙය්‍ය තථා වදෙය්‍ය - යම් සේ දන්නේ නම් එපරිද්දෙන් කියන්නේය, දක්වන්නේය, ව්‍යවහාර කරන්නේයැ; ‘ආත්මභාවලොකය ශාශ්වත යැ, මේ මැ සැබැව, අන්‍යය සිස් යැ’යි යම් සේ දනී නම් එසෙයින් කියන්නේ යැ, දක්වන්නේ යැ, වහරන්නේ යැ; ලෝකය අශාශ්වත යැ... සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො මැ වන්නේ යැ, නො වන්නේත් නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය සිස් යැයි යම්සේ දනී නම් එසෙයින් කියන්නේය, පවසන්නේය, දක්වන්නේය වහරන්නේ නුයි ‘යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍ය‘ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සකං හි දිට්ඨිං කථමච්චයෙය්ය ඡන්දානුනීතො රුචියා නිවිට්ඨො, සයං සමත්තානි පකුබ්බමානො යථා හි ජානෙය්ය තථා වදෙය්යා”ති.
Sinhala BJT“සකං හි දිට්ඨිං - පෙ - තථා වදෙය්‍ය” යි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJTයො අත්තනො සීලවතානි ජන්තු අනානුපුට්ඨොව පරෙසං{1} පාවා{2} අනරියධම්මං කුසලා තමාහු යො ආතුමානං සයමෙව පාවා.
Sinhala BJTයම් පුද්ගලයෙක් නො පුළුවුස්නා ලදුයේ මැ තමාගේ ප්‍රාතිමොක්ෂාදි ශීලයෙන් හා ධුතඞ්ගාදිව්‍රතයන් අනුනට කියා ද, යමෙක් මෙසේ තමා (ගුණවතැයි) තෙමේ කියා ද, ඔහුගේ ඒ කීම අන්‍යර්‍ය්‍යධර්‍මයෙකැයි ස්කන්‍ධාදියෙහි කුශල වූ ආර්‍ය්‍යයෝ කියත්.
Pali BJTයො අත්තනො සීලවතානි ජන්තූති - ‘යො’ති යො යාදිසො යථායුත්තො යථාවිහිතො යථාප්පකාරො යං ඨානං පත්තො යංධම්මසමන්නාගතො ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දො වා ගහට්ඨො වා පබ්බජිතො වා දෙවො වා මනුස්සො වා; සීලබ්බතානීති අත්ථි සීලං චෙව වතං ච, අත්ථි වතං න සීලං. කතමං සීලං චෙව වතං ච? ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, යො තත්ථ සඤ්ඤමො සංවරො අනතික්කමො, ඉදං සීලං. යං සමාදානං, තං වතං. සංවරට්ඨෙන සීලං, සමාදානට්ඨෙන වතං. ඉදං වුච්චති සීලං චෙව වතං ච. කතමං වතං න සීලං? අට්ඨ ධුතඞ්ගානි: ආරඤ්ඤිකඞ්ගං පිණ්ඩපාතිකඞ්ගං පංසුකූලිකඞ්ගං තෙචීවරිකඞ්ගං සපදානචාරිකඞ්ගං ඛලුපච්ඡාභත්තිකඞ්ගං නෙසජ්ජිකඞ්ගං යථාසන්ථතිකඞ්ගං, ඉදං වුච්චති වතං න සීලං. විරියසමාදානම්පි වුච්චති වතං න සීලං. “කාමං තචො ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු සරීරෙ උපසුස්සතු මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසබලෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී”ති චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපං විරියසමාදානං වුච්චති වතං න සීලං.
Sinhala BJTයො අත්තනෝ සීලවතානි ජන්තු - ‘යො’ යනු: යම්බඳු වූ... (1-3 නිද්දෙසය) ‘සීලබ්බතානි’ යනු: ශීල ද වු ව්‍රත ද වූයෙක් ඇත, ශීල නො වූ ව්‍රතයෙක් ඇති. සීලනාර්ත්ථයෙන් ශීල වූයේත් සමාදානාර්ත්ථයෙන් ව්‍රත වූයේත් කවරැ? යත්: මේ ශාසනයෙහි මහණ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර දෙකින් යුක්ත වැ වෙසෙයි, අණුමාත්‍ර දෝෂයෙහි භය දක්නාසුලු වූයේ සමාදන් වැ ශික්‍ෂා කොටස්හි හික්මෙයි. එහි යම් සංයමයෙක් සංවරයෙක් අනතික්‍රමයෙක් වී නම් මේ ශීල යැ. යම් සමාදානයෙක් වී නම් ඒ ව්‍රත යි. සංවරාර්ත්ථයෙන් ශීල යැ, සමාදානාර්ත්ථයෙන් ව්‍රත යි. මේ ශීලයත් ව්‍රතයත් වේ යැයි කියනු ලැබේ. ශීල නො වූ ව්‍රතය කවරැ? යත් ‘ආරඤ්ඤිකඞ්ග යැ පිණ්ඩපාතිකඞ්ග යැ පංසුකුලිකඞ්ග යැ තෙචීවරිකඞ්ග යැ සපදානචාරිකඞ්ග යැ ඛලුපච්ඡාභත්තිකඞ්ග යැ නෙසජ්ජිකඞ්ගය යථාසන්ථතිකඞ්ග යැ’ යන මේ ධුතාඞ්ග අට ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබෙයි: ‘ඒකාන්තයෙන් ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස් ලේ වියැළේවා, පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණියැ යුතු ඒ උත්තමාර්ත්ථයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ ශිථිලබවෙක් නො වන්නේ යැ’යි සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙ බඳු වූ වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනුලැබේ.
Pali BJT1. “නාසිස්සං න පිවිස්සාමි විහාරතො න නික්ඛමෙ, නපි පස්සං නිපාතෙස්සං{1} තණ්හාසල්ලෙ අනූහතෙ”ති{a}
Sinhala BJT1. “තෘෂ්ණා නමැති හුල උපුටා නො ලූ කල්හි (මම් ඛාද්‍යාදිය) නො කමි, (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් බැහැර නො යමි, (ඇඳපුටු ආදියෙහි) ඇළය නො තබමි.”
Pali BJTචිත්තං පග්ගණ්හාති පදහති, එවරූපම්පි විරියසමාදානං වුච්චති වතං න සීලං. “න තාවාහං ඉමං පල්ලඞ්කං භින්දිස්සාමි, යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී”ති චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපං විරියසමාදානං වුච්චති වතං න සීලං. ‘න තාවාහං ඉමම්හා ආසනා වුට්ඨහිස්සාමි, චඞ්කමා ඔරොහිස්සාමි, විහාරා නික්ඛමිස්සාමි, අඩ්ඪයොගා නික්ඛමිස්සාමි, පාසාදා නික්ඛමිස්සාමි, හම්මියා නික්ඛමිස්සාමි, ගුහාය නික්ඛමිස්සාමි, ලෙණා නික්ඛමිස්සාමි, කුටියා නික්ඛමිස්සාමි, කූටාගාරා නික්ඛමිස්සාමි, අට්ටා{2} නික්ඛමිස්සාමි, මාළා නික්ඛමිස්සාමි, උද්දණ්ඩා{3} නික්ඛමිස්සාමි, උපට්ඨානසාලාය නික්ඛමිස්සාමි, මණ්ඩපා නික්ඛමිස්සාමි, රුක්ඛමූලා නික්ඛමිස්සාමි යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී’ති චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපං විරියසමාදානං වුච්චති වතං න සීලං. ‘ඉමස්මිං යෙව පුබ්බණ්හසමයං අරියධම්මං ආහරිස්සාමි සමාහරිස්සාමි අධිගච්ඡිස්සාමි ඵස්සයිස්සාමි{4} සච්ඡිකරිස්සාමී’ති චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපං විරියසමාදානං වුච්චති වතං න සීලං, ‘ඉමස්මිංයෙව මජ්ඣන්තිකසමයං -පෙ- සායන්හසමයං - පුරෙභත්තං පච්ඡාභත්තං - පුරිමං යාමං - මජ්ඣිමං යාමං - පච්ඡිමං යාමං - කාලෙ - ජුණ්හෙ වස්සෙ - හෙමන්තෙ - ගිම්හෙ - පුරිමෙ වයොඛන්ධෙ - මජ්ඣිමෙ වයොඛන්ධෙ - පච්ඡිමෙ වයොඛන්ධෙ අරියධම්මං ආහරිස්සාමි සමාහරිස්සාමි අධිගච්ඡිස්සාමි ඵස්සයිස්සාමි සච්ඡිකරිස්සාමී’ති චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපම්පි විරියං සමාදානං වුච්චති වතං න සීලං. ජන්තූති සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගු{5} ජන්තු ඉන්දගු හින්දගු මනුජොති ‘යො අත්තනො සීලවතානි ජන්තු.’
Sinhala BJTසිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙබඳු වූ වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ‘මාගේ සිත උපාදානග්‍රහණය නො කොට (කාමාදි) ආස්‍රවයන්ගෙන් සමුච්ඡෙදවිමුක්තියෙන් නො මිදෙන තාක් මේ පලඟ නො බිඳිමී’ සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ‘මාගේ සිත උපාදානග්‍රහණය නො කොට ආස්‍රවයන්ගෙන් නොමිදෙන තාක් මේ ආසනයෙන් නො නැඟීසිටිමි, සක්මනින් නො බස්මි, ගුරුළුවක් ගෙයින් ප්‍රාසාදයෙන් හමර්යයෙන් ගුහායෙන් ලෙනින් කිළියෙන් කුළුගෙයින් අටල්ලෙන් වටගෙයින් උද්දණ්ඩයෙන් උවටැන්හලින් මඬුයෙන් රුක්මුලින් නො නික්මෙමී’ සිතට වැර ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ‘මෙ දවස් මැ ආර්‍ය්‍යධර්‍මය (මාගේ සිතට) එළවමි, මොනොවට එළවමි, අධිගමය කරමි, ස්පර්‍ශ කරමි, ප්‍රත්‍යක්‍ෂ කරමී, සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. මේ මැදි දහවල්හි මැ. . . පස්වරුයෙහි පෙරබත්හි පසුබත්හි - පෙරයමැ මැදියමැ අලුයමැ අවපසැ පුරපසැ වැසිකලැ හිමත් කලැ ගිම්කලැ ප්‍රථමවයස්හි මධ්‍යමවයස්හි පශ්චිමවයස්හි අරීදහම් එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමී’ සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ. ජන්තු යනු: (1-1 නිද්දෙසය.) ‘යො අත්තනෝ සීලවතානි ජන්තු’ යනු වේ.
Pali BJTඅනානුපුට්ඨො ව පරෙසං පාවාති - ‘පරෙස’න්ති පරෙසං ඛත්තියානං බ්රාහ්මණානං වෙස්සානං සුද්දානං ගහට්ඨානං පබ්බජිතානං දෙවානං මනුස්සානං; අනානුපුට්ඨොති අපුට්ඨො අපුච්ඡිතො අයාචිතො අනජ්ඣෙසිතො අපසාදිතො; පාවාති අත්තනො සීලං වා වතං වා සීලබ්බතං වා පාවදති: අහමස්මි සීලසම්පන්නොති වා වතසම්පන්නොති වා සීලබ්බතසම්පන්නොති වා, ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන{6} වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා, උච්චාකුලා පබ්බජිතොති වා මහාකුලා පබ්බජිතොති වා මහාභොගකුලා පබ්බජිතොති වා උළාරභොගකුලා පබ්බජිතොති වා, ඤාතො යසස්සී සගහට්ඨපබ්බජිතානන්ති වා, ලාභිම්හි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති වා, විනයධරොති වා ධම්මකථිකොති වා ආරඤ්ඤිකොති වා රුක්ඛමූලිකොති වා පිණ්ඩපාතිකොති වා පංසුකූලිකොති වා තෙචීවරිකොති වා සපදානචාරිකොති වා ඛලුපච්ඡාභත්තිකොති වා නෙසජ්ජිකොති වා යථාසන්ථතිකොති වා, පඨමස්ස ඣානස්ස ලාභීති වා දුතියස්ස ඣානස්ස ලාභීති වා තතියස්ස ඣානස්ස ලාභීති වා චතුත්ථස්ස ඣානස්ස ලාභීති වා ආකාසානඤ්චායතනසමාපත්තියා ලාභීති වා විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ලාභීති වා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා පාවදති කථෙති භණති දීපයති වොහරතීති ‘අනානුපුට්ඨොව පරෙසං පාවා’.
Sinhala BJTඅනානුපුට්ඨොව පරෙසං පාවා - ‘පරෙසං’ යනු: අන්‍ය වූ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර ගෘහස්ථ ප්‍රව්‍රජිත දෙව මනුෂ්‍යයනට; අනානුපුට්ඨො - අපෘෂ්ට වූයේ නො පුළුවුස්නා ලදුයේ නො අයදනා ලදුයේ නො ඇණවන ලදුයේ නො පහදවන ලදුයේ; පාවා - තමා ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ කියයි: ‘මම් සිල්වත්මී හෝ, ව්‍රතවත්මී හෝ, ශීලව්‍රතවත්මී හෝ, ජාතියෙන් ගෝත්‍රයෙන් කුලපුත්‍රභාවයෙන් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් ධනයෙක් අධ්‍යයනයෙන් කර්‍මාන්තයෙන් ශිල්පයෙන් විද්‍යාවෙන් ශ්‍රැතයෙන් ප්‍රතිභාණයෙන් හෝ එක්තරයෙකින් යුක්ත වෙමී හෝ, උසස් කුලයෙන් නික්මැ පැවිදි වීමි මහාසාරකුලයෙන් පැවිදි වීමි මහද්භෝග ඇති කුලයෙන් පැවිදි වීමි උළාරභොග කුලයෙන් පැවිදි වීමි හෝ, ගැහැවිපැවිද්දන් අතුරෙහි ප්‍රකටයෙමි පිරිවර ඇත්තෙමි හෝ, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකර ලැබෙමී හෝ, සෞත්‍රාන්තිකයෙමි විනයධරයෙමි ධර්‍මකථිකයෙමී හෝ, ආරණ්‍යකයෙමි වෘක්ෂමූලිකයෙමි පිණ්ඩපාතිකයෙමි පාංශුකුලිකයෙමි ත්‍රෛචීවරිකයෙමි සපදානචාරිකයෙමි ඛලුපච්ඡාභත්තිකයෙමි නෙසජ්ජිකයෙමි යථාසන්ථතිකයෙමී හෝ, ප්‍රථමධ්‍යානලාභී වෙමි ද්විතීය - තෘතීය - චතුර්ත්ථධ්‍යානලාභී වෙමි ආකාසානඤ්චායතන - විඤ්ඤාණඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමී හෝ පවසයි කියයි බෙණෙයි දක්වයි ව්‍යවහාර කෙරේ නුයි ‘අනානුපුට්ඨොව පරෙසං පවා’ යනු වේ.
Pali BJTඅනරියධම්මං කුසලා තමාහූති - ‘කුසලා’ති යෙ තෙ ඛන්ධකුසලා ධාතුකුසලා ආයතනකුසලා පටිච්චසමුප්පාදකුසලා සතිපට්ඨානකුසලා සම්මප්පධානකුසලා ඉද්ධිපාදකුසලා ඉන්ද්රියකුසලා බලකුසලා බොජ්ඣඞ්ගකුසලා මග්ගකුසලා ඵලකුසලා නිබ්බානකුසලා; තෙ කුසලා එවමාහංසු: අනරියානං එසො ධම්මො, නෙසො ධම්මො අරියානං, බාලානං එසො ධම්මො, නෙසො ධම්මො පණ්ඩිතානං, අසප්පුරිසානං එසො ධම්මො, නෙසො ධම්මො සප්පුරිසානන්ති එවමාහංසු එවං කථෙන්ති එවං භණන්ති එවං දීපයන්ති එවං වොහරන්තීති - අනරියධම්මං කුසලා තමාහු.
Sinhala BJTඅනරියධම්මං කුසලා තමාහු - ‘කුසලා’ යනු: ස්කන්‍ධ - ධාතු - ආයතන - ප්‍රතීත්‍යාසමුත්පාද - ස්මෘතිප්‍රස්ථාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණ වූවාහු මෙසේ කියති: ‘තෙල ධර්‍මය අනාර්‍ය්‍යන්ගේ යැ, ආර්‍ය්‍යයන්ගේ ධර්‍මයෙක් නො වෙයි. බාලයන්ගේ දහමෙක, පණ්ඩිතයන්ගේ දහමෙක් නො වෙයි. අසත්පුරුෂයන්ගේ දහමෙක, සත්පුරුෂයන්ගේ දහමෙක් නො වේ යයි මෙසේ පවසති කියති බෙණෙති දක්වති. මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘අනරියධම්මං කුසලා තමාහු’ යනු වේ.
Pali BJTයො ආතුමානං සයමෙව පාවාති - ‘ආතුමා’ වුච්චති අත්තා. සයමෙව පාවාති සයමෙව අත්තානං{1} පාවදති: අහමස්මි සීලසම්පන්නොති වා වතසම්පන්නොති වා සීලබ්බතසම්පන්නොති වා, ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා, උච්චාකුලා පබ්බජිතොති වා මහාකුලා පබ්බජිතොති වා මහාභොගකුලා පබ්බජිතොති වා උළාරභොගකුලා පබ්බජිතොති වා, ඤාතො යසස්සී සගහට්ඨපබ්බජිතානන්ති වා, ලාභීම්හි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති වා, සුත්තන්තිකොති වා විනයධරොති වා ධම්මකථිකොති වා ආරඤ්ඤිකොති වා පිණ්ඩපාතිකොති වා පංසුකූලිකොති වා තෙචීවරිකොති වා සපදානචාරිකොති වා ඛලුපච්ඡාභත්තිකොති වා නෙසජ්ජිකොති වා යථාසන්ථතිකොති වා පඨමස්ස ඣානස්ස ලාභීති වා දුතියස්ස ඣානස්ස ලාභීති වා තතියස්ස ඣානස්ස ලාභීති වා චතුත්ථස්ස ඣානස්ස ලාභීති වා ආකාසානඤ්චායතනසමාපත්තියා ලාභීති වා විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ලාභීති වා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා පාවදති කථෙති භණති දීපයති වොහරතීති යො ආතුමානං සයමෙව පාවාති.
Sinhala BJTයො ආතුමානං සයමෙව පාවා - ‘අතුමා’ යී ආත්මය කියනු ලැබේ. සයමෙව පවා - තෙමේ මැ තමා පවසයි: ‘මම් සීලසම්පන්නයෙමී’ හෝ (‘අනානුපුට්ඨො පරෙසං පාවා’ යන්නෙහි නිද්දෙසය බලනු.)... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමී හෝ පවසයි, කියයි බෙණෙයි දක්වයි වහරා නුයි ‘යො ආතුමානං සයමෙව පාවා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යො අත්තනො සීලවතානි ජන්තු අනානුපුට්ඨොව පරෙසං පාවා, අනරියධම්මං කුසලා තමාහු යො ආතුමානං සයමෙව පාවා”ති.
Sinhala BJT“යො අත්තනෝ සීලවතානි -පෙ- ආතුමානං සයමෙව පාවා” යනු.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJTසන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො ඉතිහන්ති{2} සීලෙසු අකත්ථමානො, තමරියධම්මං කුසලා වදන්ති යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ.
Sinhala BJTතවද යම් ක්‍ෂීණාස්‍රව මහණෙක් රාගාදි කෙලෙස් සන්හිඳීමෙන් ශාන්ත වූයේ රාගාදි ගිනි නිවීමෙන් නිවුණු සිත් ඇත්තේ ‘මම් මෙසේ වෙමී’ සිල් නිමිති කොට තමා එළවා කියන තෙපුල් නො කියන්නේ වේ ද, යමක්හුගේ ස්කන්ධාදිලොකයෙහි කිසි තැනෙක්හි රාගාදිඋත්සදයෝ නැද්ද, ඔහුගේ ඒ සිය ගුණ නො පාළකිරීම අරීදහමෙකැයි ස්කන්‍ධාදියෙහි නිපුණ වූ බුද්ධාදීහු කියත්.
Pali BJTසන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තොති - ‘සන්තො’ති රාගස්ස සමිතත්තා සන්තො, දොසස්ස සමිතත්තා සන්තො, මොහස්ස සමිතත්තා සන්තො, කොධස්ස, උපනාහස්ස, මක්ඛස්ස, පලාසස්ස, ඉස්සාය, මච්ඡරියස්ස, මායාය, සාඨෙය්යස්ස, ථම්භස්ස, සාරම්භස්ස, මානස්ස, අතිමානස්ස, මදස්ස, පමාදස්ස, සබ්බකිලෙසානං, සබ්බදුච්චරිතානං, සබ්බසන්තාපානං, සබ්බාකුසලාභිසංඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධොති - සන්තො; භික්ඛූති සත්තන්නං ධම්මානං භින්නත්තා භික්ඛු: සක්කායදිට්ඨි භින්නා හොති, විචිකිච්ඡා භින්නා හොති, සීලබ්බතරාමාසො භින්නො හොති, රාගො භින්නො හොති, දොසො භින්නො හොති, මොහො භින්නො හොති, මානො භින්නො හොති, භින්නාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා{3} දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා.
Sinhala BJTසන්තෝ ච භික්ඛු අභිනිබ්බුතත්තො - ‘සන්තෝ’ යනු: රාගය සමිත (සන්හිඳුවන ලද) වන බැවින් ශාන්ත යැ, ද්වේෂය සමිත වන බැවින් ශාන්ත යැ, මෝහය සමිත වන බැවින් ශාන්ත යැ, ක්‍රෝධය උපනාහය මකුබව පලාස (යුගග්‍රාහ)ය ඊර්‍ෂ්‍යාව මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් සමිත වන බැවින් වෙසෙසින් සමිත වන බැවින් දවන ලද වන බැවින් (සියලු සන්තාපයන්) නිවන ලද වන බැවින් දුරු කළ බැවින් ඉපැදීමට නුසුදුසු කළ බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ නිවුණේ සන්හිඳුණේ නුයි ‘සන්ත’ නම. භික්ඛු - (මතු කියන) සප්තධර්‍මයන් භින්න වන බැවින් ‘භික්ඛු’ නම. සත්කායදෘෂ්ටිය බිඳුණේ වෙයි, විචිකිත්සාව - ශීලව්‍රතපරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය බිඳුණේ වෙයි. ඔහු විසින් ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය දෙන්නා වූ ක්ලේශදරථ සහිත වූ දුඃඛවිපාක වූ අනාගතයෙහි ජාතිජරාමරණයන්ට කාරණ වූ ලාමක වූ අකුශලධර්‍මයෝ බිඳුණා ලද්දාහු වෙත්.
Pali BJT1. “පජ්ජෙන කතෙන අත්තනා (සභියාති භගවා) පරිනිබ්බානගතො විතිණ්ණකඞ්ඛො විභවං භවං ච විප්පහාය වුසිතවා ඛීණපුනබ්භවො{1} ස භික්ඛූ”ති-{a}
Sinhala BJT1. යමෙක් තෙමෙ තමා විසින් වැඩූ මාර්‍ගයෙන් ක්ලේශපරිනිර්‍වාණයට ගියේ ද, එහෙයින් ම තරණය කළ සැක ඇත්තේ ද, විපත්ති සම්පත්ති ආදි භේද ඇති විභවයත් භවයත් දුරු කොට මාර්‍ගවාස වැස නිම වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති හෙතෙම භික්‍ෂු නම් වේ නුයි-
Pali BJTසන්තො ච භික්ඛු.
Sinhala BJT‘සන්තෝ ච භික්ඛු’ යනු වේ.
Pali BJTඅභිනිබ්බුතත්තොති - රාගස්ස නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තො; දොසස්ස නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තො; මොහස්ස නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තො; කොධස්ස, උපනාහස්ස, මක්ඛස්ස, පලාසස්ස, ඉස්සාය, මච්ඡරියස්ස, මායාය, සාඨෙය්යස්ස, ථම්භස්ස, සාරම්භස්ස, මානස්ස, අතිමානස්ස, මදස්ස, පමාදස්ස, සබ්බකිලෙසානං, සබ්බදුච්චරිතානං, සබ්බදරථානං, සබ්බපරිළාහානං, සබ්බසන්තාපානං, සබ්බාකුසලාභිසඞ්ඛාරානං නිබ්බාපිතත්තා අභිනිබ්බුතත්තොති ‘සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො.’
Sinhala BJTඅභිනිබ්බුතත්තො - රාගය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, ද්වේෂය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, මෝහය නිවන ලද වන බැවින් නිවුණු සිත් ඇතියේ, ක්‍රෝධය උපනාහය මකුබව පලාස (යුගග්‍රාහ)ය ඊර්‍ෂ්‍යාව මසුරුබව මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සර්‍වාකුශලාභිසංස්කාරයන් නිවන ලද වන බැවින් වෙසෙසින් නිවුණු සිත් ඇත්තේ නුයි ‘සන්තෝ ච භික්ඛු අභිනිබ්බුතත්තො’ යනු වේ.
Pali BJTඉතිහන්ති{2} සීලෙසු අකත්ථමානොති - ‘ඉතිහ’න්ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි. අක්ඛරසමවායො ව්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං{3} ඉතිහන්ති. සීලෙසු අකත්ථමානොති ඉධෙකච්චො කත්ථි හොති විකත්ථි;{4} සො කත්ථති ‘අහමස්මි සීලසම්පන්නො’ති වා ‘වතසම්පන්නො’ති වා ‘සීලබ්බතසම්පන්නො’ති වා, ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා කත්ථති විකත්ථති, එවං න කත්ථති න විකත්ථති, කත්ථනා ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘ඉතිහන්ති සීලෙසු අකත්ථමානො’
Sinhala BJTඉතිහන්ති සීලෙසු අකත්ථමානො - ‘ඉතිහං’ යනු: පදසන්ධි යැ, පදයන්ගේ සංසර්‍ග යැ, පදයන්ගේ එකතු වීම යැ, බ්‍යඤ්ජනයන්ගේ සිලුටුබව යැ, තෙල ‘ඉතිහං’ යනු පදයන්ගේ පරිපාටිය ද වේ. සීලෙසු අකත්ථමානො - මෙ ලොවැ කිසිවෙක් ආත්මවර්‍ණනාව කරනුයේ විවිධ කොට ආත්මවර්‍ණනාව කරනුයේ වෙයි: හෙතෙම ‘මම් සිල්වත්මී’ හෝ කියයි, ව්‍රතසම්පන්නයෙමී හෝ, ශීලව්‍රතසම්පන්නයෙමී හෝ, ජාතියෙන්, ගෝත්‍රයෙන්, කුලපුත්‍රභාවයෙන්, වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී වෙමී හෝ කියයි වෙසෙසින් කියයි. මෙසේ නො කියයි, විවිධ කොට නො කියයි. ආත්මවර්‍ණනායෙන් දුරින් දුරු වූයේ නො ඇලුණේ සියලු ලෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්තවූයේ විගතමර්‍ය්‍යාදා කළ(එක් ව නො යෙදුණු) සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඉතිහන්ති සීලෙසු අකත්ථමානො’ යනු වේ.
Pali BJTතමරියධම්මං කුසලා වදන්තීති - ‘කුසලා’ති යෙ තෙ ඛන්ධකුසලා ධාතුකුසලා ආයතනකුසලා පටිච්චසමුප්පාදකුසලා සතිපට්ඨානකුසලා සම්මප්පධානකුසලා ඉද්ධිපාදකුසලා ඉන්ද්රියකුසලා බලකුසලා බොජ්ඣඞ්ගකුසලා මග්ගකුසලා ඵලකුසලා නිබ්බානකුසලා, තෙ කුසලා එවං වදන්ති: ‘අරියානං එසො ධම්මො; නෙසො ධම්මො අනරියානං. පණ්ඩිතානං එසො ධම්මො; නෙසො ධම්මො බාලානං. සප්පුරිසානං එසො ධම්මො; නෙසො ධම්මො අසප්පුරිසානන්ති එවං වදන්ති, එවං කථෙන්ති, එවං භණන්ති, එවං දීපයන්ති, එවං වොහරන්තීති ‘තමරියධම්මං කුසලා වදන්ති.’
Sinhala BJTතමරියධම්මං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: ස්කන්‍ධයන්හි නිපුණ වූවාහු ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - ස්මෘතිප්‍රස්ථාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණ වූවාහු මෙසේ කියති: ‘තෙල ආර්‍ය්‍යයන්ගේ දහමෙකි; අනාර්‍ය්‍යයන්ගේ දහමෙක් නො වෙයි. පණ්ඩිතයන්ගේ දහමෙකි; බාලයන්ගේ දහමෙක් නො වෙයි. තෙල සත්පුරුෂයන්ගේ දහමෙකි; අසත්පුරුෂයන්ගේ දහමෙක් නො වේ ය’යි මෙසේ පවසති, කියති, බෙණෙති, දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමරියධම්මං කුසලා වදන්ති’ යනු වේ.
Pali BJTයස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙති - ‘යස්සා’ති අරහතො ඛීණාසවස්ස; උස්සදාති සත්තුස්සදා: රාගුස්සදො දොසුස්සදො මොහුස්සදො මානුස්සදො දිට්ඨුස්සදො කිලෙසුස්සදො කම්මුස්සදො. තස්සිමෙ උස්සදා නත්ථි න සංවිජ්ජන්ති නූපලබ්භන්ති පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා; කුහිඤ්චීති - කුහිඤ්චි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වා; ලොකෙති - අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති ‘යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ’ති.
Sinhala BJTයස්සුස්සදා නත්‍ථි කුහිඤ්චි ලෝකේ - ‘යස්ස’ යනු: අර්‍හත් වූ ක්ෂීණාස්‍රවයක්හුගේ; උස්සදා - උත්සදයෝ සතෙකි: රගොත්සදය ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - කර්‍මොත්සදය ය යි. ඔහුට මේ උත්සදයෝ නැත, විද්‍යාමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරු වූවාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණ නමැති ගින්නෙන් දවනා ලද්දාහු වෙත්. කුහිඤ්චි - අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කිසි තැනෙක්හි; ලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍ය - දෙව - ස්කන්‍ධ - ධාතු - ආයතනලෝකයෙහි නුයි ‘යස්සුස්සදා නත්‍ථි කුහිඤ්චි ලෝකේ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයිනි වදාළහ බුදුහු:
Pali BJT“සන්තො ච භික්ඛු අභිනිබ්බුතත්තො ඉතිහන්ති සීලෙසු අකත්ථමානො, තමරියධම්මං කුසලා වදන්ති යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ”ති.
Sinhala BJT“සන්තෝ ච භික්ඛු-පෙ-කුහිඤ්චි ලෝකේ” යී.
Pali BJT3. 5.
Sinhala BJT3. 5.
Pali BJTපකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා පුරෙක්ඛතා සන්ති අවෙවදාතා,{1} යදත්තනී පස්සති ආනිසංසං තන්නිස්සිතො කුප්පපටිච්චසන්තිං{2}.
Sinhala BJTයම් දෘෂ්ටිගතිකයක්හුගේ තෘෂ්ණාදෘෂ්ටි විසින් පරිකල්පිත වූ (=සලකන ලද) ප්‍රත්‍යයෙන් සකස් කරන ලද තෘෂ්ණාදෘෂ්ටි පෙරටු කරන ලද අපිරිසුදු වූ දෙසැටදිටුගත ධර්‍ම කෙනෙක් ඇත්තාහු ද, හෙතෙම යම් හෙයකින් ඒ දෘෂ්ටියෙහි ප්‍රත්‍යය සත්කාරාදි දෘෂ්ටධාර්මික වූ ද ගතිවිශෙෂාදි සාම්පරායික වූ ද ආනිසංසයක් දක්නේ ද, එහෙයින් විපාකජනක පරිවර්‍තනශීලි හෙයින් කෝප්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ ද සංවෘතිශාන්ති සඞ්ඛ්‍යාත දෘෂ්ටිය ඇසිරි කොට පවත්නේ වේ.
Pali BJTපකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මාති - ‘පකප්පනා’ති ද්වෙ පකප්පනා: තණ්හාපකප්පනා ච දිට්ඨිපකප්පනා ච -පෙ- අයං තණ්හාපකප්පනා -පෙ- අයං දිට්ඨිපකප්පනා, ඉමා ද්වෙ පකප්පනා. සඞ්ඛතාති - සඞ්ඛතා විසඞ්ඛතා අභිසඞ්ඛතා සණ්ඨාපිතා’තිපි සඞ්ඛතා, අථ වා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මාතිපි සඞ්ඛතා; යස්සාති - දිට්ඨිගතිකස්ස; ධම්මා වුච්චන්ති ද්වාසට්ඨිදිට්ඨිගතානීති ‘පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා.’
Sinhala BJTපකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා - ‘පකප්පනා’ යි: තෘෂ්ණාප්‍රකල්පනය ද දෘෂ්ටිප්‍රකල්පනය දැයි ප්‍රකල්පනයෝ දෙදෙනෙකි; ...මෝ තෘෂ්ණාප්‍රකල්පනා යැ... මෝ දෘෂ්ටිප්‍රකල්පනා යි. සඞ්ඛතා - ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාහු වෙසෙසින් සකස් කරන ලද්දාහු මොනොවට සකස් කරන ලද්දාහු ප්‍රත්‍යයවශයෙන් ම මනා කොට තබන ලද්දාහු නුයි ‘සඞ්ඛත’ නම් වෙති. නොහොත් ඇති වැ නැති වන හෙයින් අනිත්‍ය වූවාහු ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාහු වස්ත්වාලම්බනයන් නිසා උපන්නාහු ක්‍ෂය වන ස්වභාව ඇත්තාහු පිරිහෙන ස්වභාව ඇත්තාහු නො නැවැතී පහ වන ස්වභාව ඇත්තාහු නිරුද්ධ වන ස්වභාව ඇත්තාහු නුයි ද ‘සඞ්ඛත’ නම් වෙත්. යස්ස - දෘෂ්ටිගතිකයක්හුගේ; ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘ධම්ම’ යී කියනු ලැබෙත් නුයි ‘පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා’ යනු වේ.
Pali BJTපුරෙක්ඛතා සන්ති අවෙවදාතාති - ‘පුරෙක්ඛතා’{3} ති ද්වෙ පුරෙක්ඛාරා: තණ්හාපුරෙක්ඛාරො ච දිට්ඨිපුරෙක්ඛාරො ච -පෙ- අයං තණ්හා පුරෙක්ඛාරො. -පෙ- අයං දිට්ඨිපුරෙක්ඛාරො. තස්ස තණ්හාපුරෙක්ඛාරො අප්පහීනො දිට්ඨිපුරෙක්ඛාරො අප්පටිනිස්සට්ඨො. තස්ස තණ්හාපුරෙක්ඛාරස්ස අප්පහීනත්තා දිට්ඨිපුරෙක්ඛාරස්ස අප්පටිනිස්සට්ඨත්තා සො තණ්හං වා දිට්ඨිං වා පුරතො කත්වා චරති, තණ්හාධජො තණ්හාකෙතු තණ්හාධිපතෙය්යො, දිට්ඨිධජො දිට්ඨිකෙතු දිට්ඨාධිපතෙය්යො, තණ්හාය වා දිට්ඨියා වා පරිවාරිතො චරතීති පුරෙක්ඛතා; සන්තීති සන්ති සංවිජ්ජන්ති අත්ථි උපලබ්භන්ති; අවෙවදාතාති අවෙවදාතා අවොදාතා අපරිසුද්ධා සංකිලිට්ඨා සංකිලෙසිකාති ‘පුරෙක්ඛතා සන්ති අවෙවදාතා. ‘
Sinhala BJTපුරෙක්ඛතා සන්ති අවෙවදාතා - ‘පුරෙක්ඛතා’ යනු: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැයි පුරස්කාරයෝ දෙදෙනෙක් වෙති... ඔහුට (ඔහු විසින් හෝ) තෘෂ්ණාපුරස්කාරය අප්‍රහීණ යැ, දෘෂ්ටිපුරස්කාරය දුරු නො කරන ලද්දේ යැ, ඔහු විසින් තෘෂ්ණාපුරස්කාරය අප්‍රහීණ හෙයින් දෘෂ්ටිපුරස්කාරය දුරු නො කළ හෙයින් හෙතෙම තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට හැසිරෙයි, තෘෂ්ණා නමැති ධ්වජ ඇත්තේ තෘෂ්ණා නමැති කෙහෙලි ඇත්තේ තෘෂ්ණාව අධිපති කොට ඇත්තේ, දෘෂ්ටි නමැති ධ්වජ ඇත්තේ දෘෂ්ටි නමැති කෙහෙලි ඇත්තේ දෘෂ්ටිය අධිපති කොට ඇත්තේ වෙයි. තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ විසින් පිරිවරන ලදුයේ හැසිරේ නුයි ‘පුරෙක්ඛතා’ යනු වේ. සන්ති - ඇත, විද්‍යාමාන වෙති, ලැබෙත්. අවෙවදාතා - අනවදාත වූවාහු අපරිශුද්ධ වූවාහු තුමූ කිලිටි වූවාහු කෙලෙසුණාහු නුයි ‘පුරෙක්ඛතා සන්ති අවෙවදාතා’ යනු වේ.
Pali BJTයදත්තනි පස්සති ආනිසංසන්ති ‘යදත්තනී’ති යං අත්තනි; අත්තා වුච්චති දිට්ඨිගතං. අත්තනො දිට්ඨියා ද්වෙ ආනිසංසෙ පස්සති: දිට්ඨධම්මිකඤ්ච ආනිසංසං සම්පරායිකඤ්ච ආනිසංසං. කතමො දිට්ඨියා දිට්ඨධම්මිකො ආනිසංසො? යංදිට්ඨිකො සත්ථා හොති, තංදිට්ඨිකා සාවකා හොන්ති. තංදිට්ඨිකං සත්ථාරං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති අපචිතිං කරොන්ති ලභති ච තතො නිදානං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං. අයං දිට්ඨියා දිට්ඨධම්මිකො ආනිසංසො. කතමො දිට්ඨියා සම්පරායිකො ආනිසංසො? අයං දිට්ඨි අලං නාගත්තාය වා සුපණ්ණත්තාය වා යක්ඛත්තාය වා අසුරත්තාය වා ගන්ධබ්බත්තාය වා මහාරාජත්තාය වා ඉන්දත්තාය වා බ්රහ්මත්තාය වා දෙවත්තාය වා, අයං දිට්ඨි අලං සුද්ධියා විසුද්ධියා පරිසුද්ධියා මුත්තියා විමුත්තියා පරිමුත්තියා, ඉමාය දිට්ඨියා සුජ්ඣන්ති විසුජ්ඣන්ති පරිසුජ්ඣන්ති මුච්චන්ති විමුච්චන්ති පරිමුච්චන්ති; ඉමාය දිට්ඨියා සුජ්ඣිස්සාමි විසුජ්ඣිස්සාමි පරිසුජ්ඣිස්සාමි මුච්චිස්සාමි විමුච්චිස්සාමි පරිමුච්චිස්සාමීති ආයතිං ඵලපාටිකඞ්ඛී හොති. අයං දිට්ඨියා සම්පරායිකො ආනිසංසො. අත්තනො දිට්ඨියා ඉමෙ ද්වෙ ආනිසංසෙ පස්සති දක්ඛති ඔලොකෙති නිජ්ඣායති උපපරික්ඛතීති ‘යදත්තනි පස්සති ආනිසංසං’.
Sinhala BJTයදත්තනි පස්සති ආනිසංසං - ‘යදත්තනි’ - යං අත්තනි; ‘අත්තා’ යී දෘෂ්ටිගතය කියනු ලැබෙයි තමාගේ දෘෂ්ටියෙහි අනුසස් දෙකක් දකී: දෘෂ්ටධාර්මිකආනෘශංසය සාම්පරායිකආනෘශංසය යි කියා යි. දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මිකආනෘශංසය කවරැ යත්: ශාස්තෘ තෙම යම් බඳු දෘෂ්ටි ඇත්තේ නම්, ශ්‍රාවකයෝ එබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති. එබඳු දෘෂ්ටි ඇති ශාස්තෘහු හට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙති, ගරු කෙරෙති, බුහුමන් කෙරෙති, පුදති, අඤ්ජලිකර්‍මාදියෙන් අපචායන කෙරෙත්; එකරුණෙන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත්පිරිකර ලබන්නේත් වෙයි. මේ දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මිකආනෘශංස යි. දෘෂ්ටියෙහි සාම්පරායිකආනෘශංසය කවරැ යත්: ‘මේ දෘෂ්ටිය නාරජබවට හෝ ගුරුළු - යක්සෙනෙවි - අසුර - ගඳෙවු - වරම්රජ - සක්දෙවි - මහබඹ - සම්මුතිදෙව බවට හෝ පමණ යැ, මේ දෘෂ්ටිය ශුද්ධියට විශුද්ධියට පාරිශුද්ධියට මුක්තියට විමුක්තියට සර්‍වප්‍රකාරයෙන් මුක්තියට පමණ යැ, මේ දෘෂ්ටියෙන් ශුද්ධ වෙති, විශුද්ධ වෙති, පාරිශුද්ධ වෙති, මිදෙති, වෙසෙසින් මිදෙති, සර්‍වප්‍රකාරයෙන් මිදෙති; මේ දෘෂ්ටියෙන් ශුද්ධ වෙමි, විශුද්ධ - පාරිශුද්ධ වෙමි, මිදෙමි, වෙසෙසින් මිදෙමි, සර්‍වප්‍රකාරයෙන් මිදෙමී’ අනාගතඵලය කැමැති වන්නේ වෙයි. මේ දෘෂ්ටියෙහි සාම්පරායික ආනෘශංස යි. තමාගේ දෘෂ්ටියෙහි මේ දෙ අනුසස් දකී බලයි සිතයි විමසා නුයි ‘යදත්තනි පස්සති ආනිසංසං’ යනු වේ.
Pali BJTතංනිස්සිතො කුප්පපටිච්චසන්තින්ති - තිස්සො සන්තියො: අච්චන්තසන්ති තදඞ්ගසන්ති සම්මුතිසන්ති.{1} කතමා අච්චන්තසන්ති? අච්චන්තසන්ති වුච්චති අමතං නිබ්බානං යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අයං අච්චන්තසන්ති. කතමා තදඞ්ගසන්ති? පඨමජ්ඣානං සමාපන්නස්ස නීවරණා සන්තා හොන්ති, දුතියජ්ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා සන්තා හොන්ති, තතියජ්ඣානං සමාපන්නස්ස පීති සන්තා හොති, චතුත්ථජ්ඣානං සමාපන්නස්ස සුඛදුක්ඛා සන්තා හොන්ති, ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා පටිඝසඤ්ඤා නානත්තසඤ්ඤා සන්තා හොන්ති, විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා සන්තා හොති, ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා සන්තා හොති නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා සන්තා හොති, අයං තදඞ්ගසන්ති. කතමා සම්මුතිසන්ති? සම්මුතිසන්ති{2} වුච්චන්ති ද්වාසට්ඨි දිට්ඨිගතානි, (ඉමා) දිට්ඨිසන්තියො. අපි ච සම්මුතිසන්ති ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා සන්තීති. තං නිස්සිතො කුප්පපටිච්ච සන්තින්ති - කුප්පසන්තිං පකුප්පසන්තිං එරිතසන්තිං{3} සමෙරිතසන්තිං චලිතසන්තිං ඝට්ටිතසන්තිං කප්පිතසන්තිං පකප්පිතසන්තිං අනිච්චං සඞ්ඛතං{4} පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං, සන්තිං නිස්සිතො අස්සිතො අල්ලීනො උපගතො අජ්ඣොසිතො අධිමුත්තොති තන්නිස්සිතො කුප්පපටිච්චසන්තිං’.
Sinhala BJTතං නිස්සිතො කුප්පපටිච්චසන්තිං - ශාන්තීහු අත්‍යන්තශාන්ති යැ තදඞ්ගශාන්ති යැ සංවෘතිශාන්ති යැයි තිදෙනෙකි; අත්‍යන්තශාන්ති කවරී ද යත්? සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම ඇති සියලු කාමාදිඋපධි දුරැලූ තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස්රජස් නො ඇලුණු සියලු දුක් නිරුද්ධ වූ අමාමහනිවන ‘අත්‍යන්තශාන්ති’ යයි කියනු ලැබේ; මේ යැ අත්‍යන්තශාන්ති නම්. තදඞ්ගශාන්ති කවරී ද යත්? පළමුවන දැහැනට සමවත්හුගේ නීවරණයෝ සන්හිඳුණාහු වෙති, දෙවැනි දැහැනට සමවත්හුගේ විතර්‍කවිචාරයෝ ශාන්ත වෙති, තෙවැනි දැහැනට සමවත්හුගේ ප්‍රීතිය ශාන්ත වෙයි, සිවුවැනි දැහැනට සමවත්හුගේ සුවදුක් ශාන්ත වෙයි, ආකාසානඤ්චායතනයට සමවත්හුගේ රූපසංඥා ප්‍රතිඝසංඥා නානාත්වසංඥාවෝ ශාන්ත වෙති, විඤ්ඤාණඤ්චායතනයට සමවත්හුගේ ආකාසානඤ්චායතනසංඥාව ශාන්ත වෙයි, ආකිඤ්චඤ්ඤායතනයට සමවත්හුහට විඤ්ඤාණඤ්චායතනසංඥාව ශාන්ත වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවත්හුහට ආකිඤ්චඤ්ඤායතනසංඥාව ශාන්ත (-සන්හිඳුණේ) වේ; මේ තදඞ්ගශාන්තිය යි. සම්මුතිශාන්ති කවරී ද යත්? ‘සම්මුතිශාන්ති’ යයි දෙසැට දෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. (මොහු) දෘෂ්ටිශාන්තීහු යි. වැලිදු සංවෘතිශාන්තිය මේ අර්‍ත්‍ථයෙහි ‘ශාන්ති’ යයි අදහස් කරන ලදී. තං නිස්සිතො කුප්පපටිච්චසන්තිං - (විපාකජනක විසින් ද පරිවර්‍තන විසින් ද) කොප්‍යශාන්ති වූ වෙසෙසින් කොප්‍යශාන්ති වූ චංචලශාන්ති වූ චලිතශාන්ති වූ පීඩිතශාන්ති වූ කම්පිතශාන්ති වූ ප්‍රකම්පිතශාන්ති වූ අනිත්‍ය වූ සංස්කෘත වූ ප්‍රත්‍යයසමුත්පන්න වූ ක්‍ෂය වනසුලු නැසෙනසුලු නො නවත්නාසුලු නිරුද්ධ වන ස්වභාව ඇති ශාන්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ වැලඳගත්තේ ඊට පැමිණියේ ඇතුළු වූයේ ඇලුණේ නුයි ‘තංනිස්සිතො කුප්පපටිච්චසන්තිං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා පුරෙක්ඛතා සන්ති අවෙවදාතා, යදත්තනී පස්සති ආනිසංසං තන්නිස්සිතො කුප්පපටිච්චසන්ති” න්ති.
Sinhala BJT“පකප්පිතා සඞ්ඛතා-පෙ-කුප්පපටිච්චසන්තිං” යි.
Pali BJT3. 6.
Sinhala BJT3. 6.