Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2201-2300 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයදාවිලත්තං මනසො විජඤ්ඤාති - ‘යදා’ති යං{2} මනසොති “යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු”{a} කායදුච්චරිතෙන චිත්තං ආවිලං හොති ලුළිතං එරිතං ඝට්ටිතං චලිතං භන්තං අවුපසන්තං, වචීදුච්චරිතෙන - මනොදුච්චරිතෙන - රාගෙන - දොසෙන - මොහෙන - කොධෙන - උපනාහෙන - මක්ඛෙන - පලාසෙන - ඉස්සාය - මච්ඡරියෙන - මායාය - සාඨෙය්යෙන - ථම්භෙන - සාරම්භෙන - මානෙන - අතිමානෙන - මදෙන - පමාදෙන - සබ්බකිලෙසෙහි - සබ්බදුච්චරිතෙහි - සබ්බදරථෙහි - සබ්බපරිළාහෙහි - සබ්බසන්තාපෙහි - සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි චිත්තං ආවිලං හොති ලුළිතං එරිතං ඝට්ටිතං චලිතං භන්තං අවුපසන්තං. යදාවිලත්තං මනසො විජඤ්ඤාති - චිත්තස්ස ආවිලභාවං ජානෙය්ය ආජානෙය්ය විජානෙය්ය පටිවිජානෙය්ය පටිවිජ්ඣෙය්යාති - යදාවිලත්තං මනසො විජඤ්ඤා.
Sinhala BJTයදාවිලත්තං මනසො විජඤ්ඤා - ‘යදා’ යනු: යම් ; මනසො යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගසිතෙක් මනසෙක් මනසඞ්ඛ්‍යාත ආයතනයෙක් මනෙන්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, එය යි. කායදුශ්චරිතයෙන් සිත කැලැඹුණේ ක්‍ෂෝභ වූයේ කම්පිත වූයේ ගැටුණේ සැලුණේ භ්‍රාන්ත වූයේ නො සන්හිඳුනේ වෙයි; වාග්දුශ්චරිතයෙන් - මනෝදුශ්චරිතයෙන් - රාගයෙන් - ද්වේෂයෙන් - මෝහයෙන් - ක්‍රෝධයෙන් - උපනාහයෙන් - මකුබැවින් - පලාසයෙන් - ඊර්‍ෂ්‍යායෙන් - මාත්සර්‍ය්‍යයෙන් - මායායෙන් - ශාඨ්‍යයෙන් - ස්තම්භයෙන් - සාරම්භයෙන් - මානයෙන් - අතිමානයෙන් - මදයෙන් - ප්‍රමාදයෙන් - සියලු ක්ලේශයන් ගෙන් - සියලු දුශ්චරිතයන් ගෙන් සියලු දරථයන් ගෙන් - සියලු පරිදාහයන් ගෙන් - සියලු සන්තාපයන් ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් සිත ආවිල වූයේ ලුලිත වූයේ කම්පිත වූයේ ඝට්ටිත වූයේ චලිත වූයේ භ්‍රාන්ත වූයේ අව්‍යුපශාන්ත වූයේ වෙයි; යදාවිලත්තං මනසො විජඤ්ඤා - චිත්තයාගේ කැලැඹුණු බව දන්නේ නම් හාත්පසින් දන්නේ නම්, වෙසෙසින් දන්නේ නම්, සර්‍වප්‍රකාරයෙන් දන්නේ නම්, ප්‍රතිවේධ කරන්නේ නම් යී ‘යදාවිලත්තං මනසො විජඤ්ඤා’ යනු වේ.
Pali BJTකණ්හස්ස පක්ඛොති විනොදයෙය්යාති - ‘කණ්හො’ති යො සො මාරො කණ්හො අධිපති අන්තගූ නමුචි පමත්තබන්ධු. කණ්හස්ස පක්ඛො මාරපක්ඛො මාරපාසො මාරබලිසං මාරාමිසං මාරවිසයො මාරනිවාපො{1} මාරගොචරො මාරබන්ධනන්ති පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති - එවම්පි කණ්හස්ස පක්ඛොති විනොදයෙය්ය. අථවා කණ්හස්ස පක්ඛො - මාරපක්ඛො අකුසලපක්ඛො දුක්ඛුද්රයො{2} දුක්ඛවිපාකො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකොති පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති - එවම්පි කණ්හස්ස පක්ඛොති විනොදයෙය්ය.
Sinhala BJTකණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය - ‘කණ්හ’ නම්: යම් ඒ මාරයෙක් කෘෂ්ණයෙක් අධිපතියෙක් අන්ත (-මරණ) යට පමුණුවන්නෙක් නමුචි (-අකුශල් නො හරිනු) යෙක් ප්‍රමත්තබන්‍ධුයෙක් වේ ද, හේ යැ . කණ්හස්ස පක්ඛො - මාරපාක්‍ෂයෙක මාරපාශයෙක මාරබලිශයෙක මාරයාගේ ආමිෂයෙක් මාරවිෂයෙක මාර නිවාපයෙක මාරයාගේ ගෝචරයෙක මාරබන්‍ධනයෙකැ’ යි හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ නුයි මෙසේත් ‘කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය’ යනු වේ. නොහොත් කණ්හස්ස පක්ඛො - මාර - පක්‍ෂයෙහි වූයේ යැ, අකුශලපක්‍ෂයෙහි වූයේ යැ, දුක් උපදවන්නේ යැ, දුඃඛවිපාක යැ, නිරයෙහි ඉපදීම පිණිස පවත්නේ යැ, තිරිසන්යොන්හි ඉපදීම පිණිස පවත්නේ යැ, ප්‍රේතවිෂයෙහි ඉපදීම පිණිස පවත්නේ යැයි හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ නුයි මෙසේත් ‘කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ථෙය්යං න කරෙය්ය න මුසා භණෙය්ය මෙත්තාය ඵස්සෙ තසථාවරානි, යදාවිලත්තං මනසො විජඤ්ඤා කණ්හස්ස පක්ඛොති විනොදයෙය්යා”ති.
Sinhala BJT“ථෙය්‍යං න කරෙය්‍ය -පෙ- කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය” යී.
Pali BJT16. 14.
Sinhala BJT16. 14.
Pali BJTකොධාතිමානස්ස වසං න ගච්ඡෙ මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ, අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්ය.
Sinhala BJTක්‍රෝධයාගේ හා අතිමානයාගේ වශයට නො යන්නේ යැ. ඒ ක්‍රෝධාතිමානයන්ගේ අවිද්‍යාදි මූලය ද උදුරාපියා සිටිනේ යැ. තවද (සත්ත්‍වසංස්කාර සඞ්ඛ්‍යාත) ප්‍රියවස්තුව ද යළි අප්‍රිය වස්තුව මඩිනුයේ ඒකාන්තයෙන් අභිභවනය කරන්නේ යි.
Pali BJTකොධාතිමානස්ස වසං න ගච්ඡෙති - ‘කොධො’ති “යො චිත්තස්ස ආඝාතො පටිඝාතො -පෙ- චණ්ඩික්කං අසුරොපො{3} අනත්තමනතා චිත්තස්ස”{b} අතිමානොති “ඉධෙකච්චො පරං අතිමඤ්ඤති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා.{c} කොධාතිමානස්ස වසං න ගච්ඡෙති කොධස්ස ච අතිමානස්ස ච වසං න ගච්ඡෙය්ය, කොධඤ්ච අතිමානඤ්ච පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති කොධාතිමානස්ස වසං න ගච්ඡෙ.
Sinhala BJTකොධාතිමානස්ස වසං න ගච්ඡෙ - ‘කෝධ’ නම්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් - සැඬබවෙක් නො පිරුණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද එය යි. අතිමාන නම්: මෙහි එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ මෙරමා ඉක්මවා සිතයි. කොධාතිමානස්ස වසං න ගච්ඡෙ - ක්‍රෝධයාගේ ද අතිමානයාගේ ද වශයට නො යන්නේ යැ; ක්‍රෝධය ද අතිමානය ද හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ නුයි ‘කොධාතිමානස්ස වසං න ගච්ඡෙ’ යනු වේ.
Pali BJTමූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙති - කතමං කොධස්ස මූලං: අවිජ්ජා මූලං, අයොනිසොමනසිකාරො මූලං, අස්මිමානො මූලං, අහිරිකං මූලං, අනොත්තප්පං මූලං, උද්ධච්චං මූලං. ඉදං කොධස්ස මූලං. කතමං අතිමානස්ස මූලං: අවිජ්ජා මූලං, අයොනිසොමනසිකාරො මූලං, අස්මිමානො මූලං, අහිරිකං මූලං, අනොත්තප්පං මූලං, උද්ධච්චං මූලං. ඉදං අතිමානස්ස මූලං. මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙති කොධස්ස ච අතිමානස්ස ච මූලං පලිඛණිත්වා උද්ධරිත්වා සමුද්ධරිත්වා උප්පාටයිත්වා සමුප්පාටයිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා තිට්ඨෙය්ය සන්තිට්ඨෙය්යාති - මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ.
Sinhala BJTමූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ - ක්‍රෝධයාගේ මූලය කවරැ යත්: අවිද්‍යාව මුල යැ, අයෝනිසෝ මනසිකාරය මුල යැ, අස්මිමානය මුල යැ, අහිරිකය මුල යැ, අනොත්තප්පය මුල යැ, ඖද්ධත්‍යය මුල යි. මේ ක්‍රෝධයාගේ මූලය යි. අතිමානයාගේ මූලය කවරැ යත්: අවිද්‍යාව මුල යැ, අයෝනිසෝ මනසිකාරය මුල යැ, ‘මම් වෙමියි’ යන මානය මුල යැ, අහිරිකය මුල යැ, අනොත්තප්පය මුල යැ, ඖද්ධත්‍යය මුල යි. මේ අතිමානයාගේ මූලය යි. මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ - ක්‍රෝධයාගේ ද අතිමානයාගේ ද මුල සාරා උදුරා මොනොවට උදුරා උපුටා මොනොවට උපුටා හැරැපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා සිටින්නේ යැ, මොනොවට සිටින්නේ නුයි ‘මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ’ යනු වේ.
Pali BJTඅථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්යාති ‘අථා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරී අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාමෙතං ‘අථා’ති. පියාති ද්වෙ පියා: සත්තා වා සඞ්ඛාරා වා, කතමෙ සත්තා පියා: ඉධ යා’ස්ස තෙ හොන්ති අත්ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනී වා පුත්තො වා ධීතා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා, ඉමෙ සත්තා පියා. කතමෙ සඞ්ඛාරා පියා: මනාපිකා රූපා මනාපිකා සද්දා ගන්ධරසා ඵොට්ඨබ්බා, ඉමෙ සඞ්ඛාරා පියා. අප්පියාති ද්වෙ අප්පියා: සත්තා වා සඞ්ඛාරා වා. කතමෙ සත්තා අප්පියා: ඉධ යා’ස්ස තෙ හොන්ති අනත්ථකාමා, අහිතකාමා අඵාසුකාමා අයොගක්ඛෙමකාමා ජීවිතා වොරොපෙතුකාමා. ඉමෙ සත්තා අප්පියා. කතමෙ සඞ්ඛාරා අප්පියා: අමනාපිකා රූපා අමනාපිකා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා, ඉමෙ සඞ්ඛාරා අප්පියා. අද්ධාති එකංසවචනං නික්කඞ්ඛවචනං අද්වෙජ්ඣවචනං අද්වෙළ්හකවචනං නියොගවචනං{1} අපණ්ණකවචනං අවත්ථාපනවචනමෙතං ‘අද්ධා’ති; අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්යාති පියාප්පියං සාතාසා තං සුඛදුක්ඛං සොමනස්සදොමනස්සං ඉට්ඨානිට්ඨං අභිසම්භවන්තො වා අභිභවෙය්ය අධිභවන්තො වා අභිභවෙය්යාති - අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්ය.
Sinhala BJTඅථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය - ‘අථ’ යනු : පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරයන්ගේ සමවාය යැ ව්‍යඤ්ජනයන්ගේ සිලුටුබව යැ පදානුපූර්‍වතා යැ, තෙල ‘අථ’ යනු. පියා යනු: ප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. ප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්: මෙහි යම් සත්ත්‍ව කෙනෙක් ඔහුට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු සුව කැමැත්තාහු නිර්‍භය කැමැත්තාහු වෙත් ද, මව හෝ පියා හෝ බෑයා හෝ බූන හෝ පුතා හෝ දුව හෝ යහළුවෝ හෝ සගයෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ යන මේ සත්ත්‍වයෝ ප්‍රියයෝ යි. ප්‍රියසංස්කාරයෝ කවරහ යත්: මනවඩන රූපයෝ යැ මන වඩන ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි; මේ සංස්කාරයෝ ප්‍රියයෝ යි. අප්පියා යනු: අප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. අප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්: මෙහි යම් සත්ත්‍ව කෙනෙක් ඔහුට අවැඩ කැමැත්තාහු අහිත කැමැත්තාහු නො සුව කැමැත්තාහු අයොගක්‍ෂෙමය කැමැත්තාහු දිවි තොර කරනු කැමැත්තාහු වෙද් ද, මේ සත්ත්‍වයෝ අප්‍රියයෝ යි. අප්‍රිය සංස්කාරයෝ කවරහ යත්: අමනාප වූ රූපයෝ යැ අමනාප වූ ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මේ සංස්කාරයෝ අප්‍රියයෝ යි. අද්ධා යනු: ඒකාන්ත වචන යැ නිස්සංශය වචන යැ නිසැක වචන යැ අද්වෛත වචන යැ නිස්සන්දෙහවචන යැ නියෝග වචන යැ අවිරුද්ධ වචන යැ සන්නිට්ඨාපන (-නිමවන) වචනයෙකි, තෙල ‘අද්ධා’ යනු. අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය - ප්‍රියාප්‍රියය මධුරාමධුරය සූඛදුඃඛය සොම්නස්දොම්නස ඉෂ්ටානිෂ්ටය මොනොවට මඩමින් හෝ අභිභවනය කරන්නේ යැ, අතිශයින් මඩමින් හෝ අභිභවනය කරන්නේ නුයි ‘අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“කොධාතිමානස්ස වසං න ගච්ඡෙ මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ, අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අබිසම්භවෙය්යා”ති.
Sinhala BJT“කොධාතිමානස්ස -පෙ- අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය” යී.
Pali BJT16. 15.
Sinhala BJT16. 15.
Pali BJTපඤ්ඤං පුරක්ඛත්වා කල්යාණපීති වික්ඛම්භයෙ තානි පරිස්සයානි, අරතිං සහෙථ සයනම්හි පන්තෙ චතුරො සහෙථ පරිදෙවධම්මෙ.
Sinhala BJT(බුද්ධානුස්මෘති ආදීන් ගේ වශයෙන්) කල්‍යාණප්‍රීතියෙන් යුක්ත වූයේ ප්‍රඥාව පෙරටු කොට ඒ (ප්‍රකට - ප්‍රතිච්ඡන්න) උපද්‍රවයන් යටපත් කරන්නේ යැ, ප්‍රාන්තසෙනාසනයෙහි අරතිය (- නො ඇලීම) මැඩපවත්වන්නේ යැ. චතුර්විධ පරිදෙවධර්‍මයන් අභිභවනය කරන්නේ යි.
Pali BJTපඤ්ඤං පුරක්ඛත්වා කල්යාණපීතීති - ‘පඤ්ඤා’ති “යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො -පෙ- අමොහො සම්මාදිට්ඨි”.{a} පඤ්ඤං පුරක්ඛත්වාති ඉධෙකච්චො පඤ්ඤං පුරතො කත්වා චරති පඤ්ඤාධජො පඤ්ඤාකෙතු පඤ්ඤාධිපතෙය්යො විචයබහුලො පවිචයබහුලො පෙක්ඛායන{2} බහුලො සමෙක්ඛායන{3} බහුලො විභූතවිහාරී තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොණො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යොති - එවම්පි පඤ්ඤං පුරක්ඛත්වා.
Sinhala BJTපඤ්ඤං පුරක්ඛත්‍වා කල්‍යාණපීති - ‘පඤ්ඤා’ යනු: යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂයෙන් දැනීමෙක් විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් දහම් විමසීමෙක් … අමෝහයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. පඤ්ඤං පුරක්ඛත්‍වා - මෙහි කිසිවෙක් ප්‍රඥාව පෙරටු කොට හැසිරෙයි, ප්‍රඥාව ධ්වජ කොට ඇත්තේ ප්‍රඥාව කෙහෙලි කොට ඇත්තේ ප්‍රඥාව අධිපති කොට ඇත්තේ විමසීම බහුල කොට ඇත්තේ වෙසෙසින් විමසීම බහුල කොට ඇත්තේ නුවණින් දැකීම බහුල කොට ඇත්තේ සෙවීම බහුල කොට ඇතියේ ප්‍රකට වූ විහරණ ඇතියේ ඒ ප්‍රඥාව චරිතය කොට ඇතියේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ ඊට නැමුණේ ඊට නතු වූයේ ඊට බරවූයේ එහි ඇලුණේ එය අධිපති කොට ඇත්තේ නුයි මෙසේ ද ‘පඤ්ඤං පුරක්ඛත්‍වා’ යනු වේ.
Pali BJTඅථ වා ගච්ඡන්තො වා ‘ගච්ඡාමී’ති පජානාති; ඨිතො වා ‘ඨිතොම්හී’ති පජානාති, නිසින්නො වා ‘නිසින්නොම්හී’ති පජානාති, සයානො වා ‘සයානොම්හී’ති පජානාති, යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාතීති එවම්පි පඤ්ඤං පුරක්ඛත්වා. අථවා අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොතී’ති එවම්පි පඤ්ඤං පුරක්ඛත්වා. කල්යාණපීතී’ති බුද්ධානුස්සතිවසෙන උප්පජ්ජති පීතිපාමුජ්ජං කල්යාණපීති, ධම්මානුස්සතිවසෙන - සඞ්ඝානුස්සති - සීලානුස්සති - චාගානුස්සති - දෙවතානුස්සති - වෙදනානුස්සති - ආනාපානසති - මරණසති - කායගතාසති - උපසමානුස්සතිවසෙන උප්පජ්ජති පීතිපාමුජ්ජං කල්යාණපීතීති - පඤ්ඤං පුරක්ඛත්වා කල්යාණපීති.
Sinhala BJTනොහොත් ඉදිරියට යෙමින් හෝ ‘ඉදිරියට යෙමී’ දැනගනී, සිටියේ හෝ ‘සිටියෙම් වෙමී’ දැනගනී, හුන්නේ හෝ ‘හුන්නෙම් වෙමී’ දැනගනී, හෝනේ හෝ ‘හෝනෙම් වෙමී’ දැනගනී, යළි යම් යම් පරිද්දෙකින් හෝ ඔහුගේ කය පිහිටියේ වී නම්, ඒ ඒ පරිද්දෙන් එය දැනගනී නුයි මෙසේත් ‘පඤ්ඤං පුරක්ඛත්‍වා’ යනු වේ. නොහොත් ඉදිරියට යෑමෙහි ද නැවැත්මෙහි ද නුවණින් දැන කරන්නේ වෙයි, ඉදිරිය බැලීමෙහි හා අවට බැලීමෙහි ද සම්පජානකාරී වෙයි, අතපය දිගුකිරීමෙහි ද හැකිළීමෙහි ද සම්පජානකාරී වෙයි, සඟළ - පා - සිවුරු දැරීමෙහි සම්පජානකාරී වෙයි, වැළැඳීමෙහි පීමෙහි කෑමෙහි රසවිඳීමෙහි සම්පජානකාරී වෙයි, උච්චාර - ප්‍රස්‍රාවකර්‍මයෙහි සම්පජානකාරී වෙයි, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි නුවණින් දැන කරන්නේ වේ නුයි මෙසේත් ‘පඤ්ඤං පුරක්ඛත්‍වා’ යනු වේ. කළ්‍යාණපීති යනු: බුද්ධානුස්මෘතිවශයෙන් ප්‍රීතිපාමොද්‍යය, කල්‍යාණප්‍රීතිය උපදී. ධර්‍මානුස්මෘතිවශයෙන් - සඞ්ඝානුස්මෘති - ශීලානුස්මෘති - ත්‍යාගානුස්මෘති - දේවතානුස්මෘති - වෙදනානුස්මෘති - ආනාපානස්මෘති - මරණානුස්මෘති - කායගතස්මෘති උපශමානුස්මෘති වශයෙන් ප්‍රීතිප්‍රාමෝද්‍යය කල්‍යාණප්‍රීතිය උපදී නුයි ‘පඤ්ඤං පුරක්ඛත්‍වා කල්‍යාණපීති’ යනු වේ.
Pali BJTවික්ඛම්භයෙ තානි පරිස්සයානීති - ‘පරිස්සයා’ති ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා ච -පෙ- ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා. -පෙ- ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා -පෙ- එවම්පි තත්රාසයාති පරිස්සයා. වික්ඛම්භයෙ තානි පරිස්සයානීති තානි පරිස්සයානි වික්ඛම්භෙය්ය අභිභවෙය්ය අජ්ඣොත්ථරෙය්ය පරියාදියෙය්ය මද්දෙය්යාති - වික්ඛම්භයෙ තානි පරිස්සයානි.
Sinhala BJTවික්ඛම්භයෙ තානි පරිස්සයානි - ‘පරිස්සය’ නම්: ප්‍රකට පරිශ්‍රයයෝ ද, ප්‍රතිච්ඡන්නපරිශ්‍රයයෝ දැ’යි පරිශ්‍රයයෝ දෙදෙනෙකි … මොහු ප්‍රතිච්ඡන්න පරිශ්‍රයයෝ යැයි කියනු ලැබෙත් … මෙසේත් ‘තත්‍රාසය’ නුයි - පරිශ්‍රය නම් වෙත්. වික්ඛම්භයෙ තානි පරිස්සයානි - ඒ උපද්‍රවයන් විෂ්කම්භණය කරන්නේ යැ, මැඩ පවත්වන්නේ යැ, යටපත් කරන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘වික්ඛම්භයෙ තානි පරිස්සයානි’ යනු වේ.
Pali BJTඅරතිං සහෙථ සයනම්හි පන්තෙති - ‘අරතී’ති ‘යා අරති අරතිකා අනභිරති අනභිරමණා උක්කණ්ඨිතා{1} පරිතස්සිකා’.{2}{a} සයනම්හි පන්තෙති පන්තෙසු වා සෙනාසනෙසු අඤ්ඤතරඤ්ඤතරෙසු ධම්මෙසු අරතිං සහෙය්ය අභිභවෙය්ය අජ්ඣොත්ථහෙය්ය පරියාදියෙය්ය මද්දෙය්යාති - අරතිං සහෙථ සයනම්හි පන්තෙ.
Sinhala BJTඅරතිං සහෙථ සයනම්හි පන්තෙ - ‘අරති’ යනු: යම් අරතිය (-නො ඇලීමෙ) ක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරතාකාරයෙක් උකටලි බවෙක් තැවෙන අයුරෙක් වේ ද එය යි. සයනම්හි පන්තෙ වනකෙළවර සෙනසුන්හි හෝ අන්‍යතරාන්‍යතර කුශලධර්‍මයන්හි නො ඇලීම නසන්නේ ය, අභිභවනය කරන්නේය, යටපත් කරන්නේ ය, හාත්පසින් ගන්නේ ය. මඩින්නේ නුයි ‘අරතිං සහෙථ සයනම්හි පන්තෙ’ යනු වේ.
Pali BJTචතුරො සහෙථ පරිදෙවධම්මෙති - චතුරො පරිදෙවනීය ධම්මෙ සහෙය්ය පරිසහෙය්ය අභිභවෙය්ය අජ්ඣොත්ථරෙය්ය පරියාදියෙය්ය මද්දෙය්යාති - චතුරො සහෙථ පරිදෙවධම්මෙ.
Sinhala BJTචතුරො සහෙථ පරිදෙවධම්මෙ - චතුර්විධ පරිදෙවනීයධර්‍මයන් සහනය කරන්නේ යැ, හාත්පසින් සහනය කරන්නේ යැ මැඩපවත්වන්නේ යැ, යටපත් කරන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘චතුරො සහෙථ පරිදෙවධම්මෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පඤ්ඤං පුරක්ඛත්වා කල්යාණපීති වික්ඛම්භයෙ තානි පරිස්සයානි, අරතිං සහෙථ සයනම්හි පන්තෙ චතුරො සහෙථ පරිදෙවධම්මෙ”ති.
Sinhala BJT“පඤ්ඤං පුරක්ඛත්‍වා -පෙ- චතුරො සහෙථ පරිදෙවධම්මෙ” යී.
Pali BJT16. 16.
Sinhala BJT16. 16.
Pali BJTකිංසු අසිස්සං{3} කුවං{4} වා අසිස්සං දුක්ඛං වත සෙත්ථ කුවජ්ජ සෙස්සං, එතෙ විතක්කෙ පරිදෙවනෙය්යෙ{5} විනයෙථ සෙඛො අනිකෙතචාරී.
Sinhala BJTකුමක් වළඳම් ද, කොහි හෝ වළඳම් ද, මේ රෑ ඒකාන්තයෙන් දුකසේ ශයනය කෙළෙම්, අද රෑ කොහි හොවිම් ද, යන වැලැපියයුතු වූ මේ සතර විතර්‍කයන් අපරිබොධ වැ හැසිරෙනසුලු ශෛක්‍ෂ තෙමේ දුරුකරන්නේ යි.
Pali BJTකිං සු අසිස්සං කුවං වා අසිස්සන්ති - ‘කිංසු අසිස්ස’න්ති{1} කිං භුඤ්ජිස්සාමි ඔදනං වා කුම්මාසං වා සත්තුං වා මච්ඡං වා මංසං වාති - කිං සු අසිස්සං. කුවං වා අසිස්සන්ති කත්ථ භුඤ්ජිස්සාමි ඛත්තියකුලෙ වා බ්රාහ්මණකුලෙ වා වෙස්සකුලෙ වා සුද්දකුලෙ වාති - කිං සු අසිස්සං කුවං වා අසිස්සං.
Sinhala BJTකිං සු අසිස්සං කුවං වා අසිස්සං - ‘කිං සු අසිස්සං’ යනු: කුමක් වළඳම් ද, බත් හෝ කොමු හෝ හත්වට හෝ මාළු හෝ මස් හෝ යැයි ‘කිං සු අසිස්සං’ යනු වේ. කුවං වා අසිස්සං යනු: කොහි වළඳම් ද ක්‍ෂත්‍රියකුලයෙහි හෝ බ්‍රාහ්මණකුලයෙහි හෝ වෛශ්‍යකුලයෙහි හෝ ශුද්‍රකුලයෙහි හෝ යැයි ‘කිං සු අසිස්සං කුවං වා අසිස්සං’ යනු වේ.
Pali BJTදුක්ඛං වත සෙත්ථ කුවජ්ජ සෙස්සන්ති - ඉමං රත්තිං දුක්ඛං සයිත්ථ ඵලකෙ වා තට්ටිකාය වා චම්මඛණ්ඩෙ වා තිණසන්ථාරෙ වා පණ්ණසන්ථාරෙ වා පලාලසන්ථාරෙ වා, ආගාමිරත්තිං{2} කත්ථ සුඛං සයිස්සාමි මඤ්චෙ වා පීඨෙ වා භිසියා වි බිම්බොහනෙ වා විහාරෙ වා අඩ්ඪයොගෙ වා පාසාදෙ වා හම්මියෙ වා ගුහාය වාති - දුක්ඛං වත සෙත්ථ කුවජ්ජ සෙස්සං.
Sinhala BJTදුක්ඛං වත සෙත්‍ථ කුවජ්ජ සෙස්සං - මේ රෑ දුකසේ ශයනය කෙළෙමි, පුවරුයෙහි හෝ තට්ටිකාවෙහි හෝ සම්කඩෙහි හෝ තණඇතිරියෙහි හෝ පන්ඇතිරියෙහි හෝ පිදුරුඇතිරියෙහි හෝ යැ; අද පැමිණෙන රෑ කොහි සුවසේ හොවිම් ද; ඇඳෙක හෝ පුටුවෙක හෝ බිස්සෙක හෝ බිම්බොහනයෙක හෝ විහාරෙයක හෝ ගුරුළුවක්ගෙයෙක හෝ පහයෙක හෝ සඳලුගෙයෙක හෝ ගුහාවෙක හෝ යැයි ‘දුක්ඛං වත සෙත්‍ථ කුවජ්ජ සෙස්සං’ යනු වේ.
Pali BJTඑතෙ විතක්කෙ පරිදෙවනෙය්යෙති - ‘එතෙ විතක්කෙ’ති ද්වෙ පිණ්ඩපාතපටිසඤ්ඤුත්තෙ විතක්කෙ, ද්වෙ සෙනාසනපටිසඤ්ඤුත්තෙ විතක්කෙ; පරිදෙවනෙය්යෙති ආදෙවනෙය්යෙ පරිදෙවනෙය්යෙති - එතෙ විතක්කෙ පරිදෙවනෙය්යෙ.
Sinhala BJTඑතෙ විතක්කෙ පරිදෙවතෙය්‍යෙ - ‘එතෙ විතක්කෙ’ යනු: පිණ්ඩපාත ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක දෙක යැ, සෙනාසනප්‍රතිසංයුක්ත වූ විතර්‍ක දෙක යි. පරිදෙවනෙය්‍යෙ යනු: වැලැපියයුතු හාත්පසින් වැලැපියයුත්තේ නුයි ‘එතෙ විතක්කෙ පරිදෙවතෙය්‍යෙ’ යනු වේ.
Pali BJTවිනයෙථ සෙඛො අනිකෙතචාරීති - ‘සෙඛො’ති කිං කාරණා වුච්චති සෙඛො? සික්ඛතීති සෙඛො; කිඤ්ච සික්ඛති: කිඤ්ච සික්ඛති: අධිසීලම්පි සික්ඛති, අධිචිත්තම්පි සික්ඛති, අධිපඤ්ඤම්පි සික්ඛති. කතමා අධිසීලසික්ඛා? -පෙ- අයං අධිපඤ්ඤාසික්ඛා. ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛති, ජානන්තො - පස්සන්තො - පච්චවෙක්ඛන්තො - චිත්තං අධිට්ඨහන්තො සික්ඛති, සද්ධාය අධිමුච්චන්තො සික්ඛති, විරියං පග්ගණ්හන්තො - සතිං උපට්ඨපෙන්තො - චිත්තං සමාදහන්තො - පඤ්ඤාය පජානන්තො සික්ඛති. අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛති, පරිඤ්ඤෙය්යං පරිජානන්තො - පහාතබ්බං පජහන්තො - භාවෙතබ්බං භාවෙන්තො - සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛති, ආචරති සමාචරති සමාදාය සික්ඛති. තං කාරණා වුච්චති සෙඛො. සෙඛො විනයාය පටිවිනයාය පහානාය වූපසමාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්ය, අධිචිත්තම්පි සික්ඛෙය්ය, අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය, ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය, ජානන්තො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය, ආචරෙය්ය සමාචරෙය්ය සමාදාය වත්තෙය්යාති - විනයෙථ සෙඛො. අනිකෙතචාරීති කථං නිකෙතචාරී හොති: ඉධෙකච්චො කුලපළිබොධෙන සමන්නාගතො හොති. ගණපළිබොධෙන - ආවාසපළිබොධෙන - චීවරපළිබොධෙන - පිණ්ඩපාතපළිබොධෙන - සෙනාසනපළිබොධෙන - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරපළිබොධෙන සමන්නාගතො හොති. එවං නිකෙතචාරී හොති. කථං අනිකෙතචාරී හොති: ඉධ භික්ඛු න කුලපළිබොධෙන සමන්නාගතො න ගණ - න ආවාස - න චීවර - න පිණ්ඩපාත - න සෙනාසන - න ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරපළිබොධෙන සමන්නාගතො හොති. එවං අනිකෙතචාරී හොති.
Sinhala BJTවිනයෙථ සේඛො අනිකෙතචාරී - ‘සේඛො’ යනු: කවර කරුණෙකින් ‘සේඛ’ යී කියනු ලැබේ ද යත්: හික්මේ නුයි ‘සේඛ’ යැ. කුමක් හික්මෙයි යත් : අධිශීලයෙහි ද හික්මෙයි, අධිචිත්තයෙහි ද හික්මෙයි, අධිප්‍රඥාවෙහි ද හික්මෙයි. අධිශීලශික්‍ෂා කවර යත් … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙයි, දැනගනිමින් - නුවණින් දකිමින් - ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් - සිත්හි පිහිටුවමින් හික්මෙයි,සැදැහැයෙන් නිෂ්ඨාවට පැමිණෙමින් හික්මයි, වීර්‍ය්‍යය දැඩි ව ගනිමින් - සිහි එළවමින් - සිත පිහිටුවමින් - ප්‍රඥාවෙන් දැනගනිමින් හික්මෙයි, ස්වභාවලක්‍ෂණවශයෙන් වෙසෙසින් දතයුත්ත දැනගනිමින් හික්මෙයි, සාමාන්‍යලක්‍ෂණවශයෙන් ව්‍යාප්ත කොට දතයුත්ත හාත්පසින් දැනගනිමින් - ප්‍රහීණ කළයුත්ත ප්‍රහීණ කෙරෙමින් - වැඩියැ යුත්ත වඩමින් - ප්‍රත්‍යක්‍ෂ කළ යුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙයි, හැසිරෙයි මොනොවට හැසිරෙයි සමාදන් වැ හික්මෙයි. එකරුණෙන් ‘සේඛ’ යී කියනු ලැබේ. ශෛක්‍ෂ තෙමෙ (කෙලෙසුන්ගේ) විනය පිණිස දුරුකිරීම පිණිස ප්‍රහාණය පිණිස සන්හිඳීම පිණිස දුරැලීම පිණිස පරිත්‍යාගය පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ, අධිචිත්තයෙහි ද හික්මෙන්නේ ය, අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ ය; මේ ත්‍රිවිධශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් … ප්‍රත්‍යක්‍ෂ කළයුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ, මොනොවට හැසිරෙන්නේ යැ, සමාදන් වැ පවත්නේ නුයි ‘විනයෙථ සේඛො’ යනු වේ. අනිකෙතචාරී යනු: කිසෙයින් නිකෙතචාරී වේ ද යත්: මෙහි කිසිවෙක් කුලපළිබොධයෙන් යුක්ත වූයේ වේ ද; ගණපළිබොධයෙන් - ආවාසපළිබොධයෙන් චීවරපළිබොධයෙන් - පිණ්ඩපාතපළිබොධයෙන් - සෙනාසනපළිබොධයෙන් - ගිලානපච්වයභෙසජ්ජපරික්ඛාර පළිබොධයෙන් යුක්ත වූයේ වේ ද, මෙ පරිද්දෙන් ‘නිකෙතචාරී’ වේ. කිසෙයින් ‘අනිකෙතචාරී’ වේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙමේ කුලපළිබොධයෙන් යුක්ත වූයේ නො වේ ද, ගණ - ආවාස - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පස බෙහෙසත්පිරිකර පිළිබඳ පළිබොධයෙන් යුක්ත වූයේ නො වේ ද, මෙසේ ‘අනිකෙතචාරී’ වේ.
Pali BJT1. “මගධං ගතා කොසලං ගතා එකච්චියා පන වජ්ජිභූමියා{1}, මිගා විය{2} අසඞ්ගචාරිනො{3} අනිකෙතා විහරන්ති භික්ඛවො.{a}
Sinhala BJT1. (ඒ භික්‍ෂූහු) කිසිකෙනෙක් මගධරටට ගියාහු ය, කොසොල්රටට ගියාහු ය. යළි කිසි කෙනෙක් වැදෑරටට අභිමුඛ ව ගියාහු ය. කිසිකෙනෙක් යම් මැ තැනෙකැ නො ඇලී හැසිරෙන මුවන් මෙන් ගෘහපරිරොධ රහිත වැ වෙසෙත්.
Pali BJT2. සාධු චරිතකං{4} සාධු සුචරිතං සාධු සදා අනිකෙතවිහාරො, අත්ථපුච්ඡනං පදක්ඛිණකම්මං එතං සාමඤ්ඤං අකිඤ්චනස්සා”ති{b}
Sinhala BJT2. අල්පෙච්ඡතාදි චරිතය මැනැව. සුචරිතය මැනැව. සියලු කල්හි පඤ්චකාමගුණනිකෙත රහිත වූ විහරණය මැනැව. අර්‍ත්‍ථ විචාරීම ද අවවාදය ආදර කොට ගැනීම ද මැනව. තෙල කිඤ්චන රහිත වූවහුගේ ශ්‍රමණ බව වේ.
Pali BJTවිනයෙථ සෙඛො අනිකෙතචාරී.
Sinhala BJT‘විනයෙථ සේඛො අනිකෙතචාරී’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“කිං සු අසිස්සං කුවං වා අසිස්සං දුක්ඛං වත සෙත්ථ කුවජ්ජ සෙස්සං, එතෙ විතක්කෙ පරිදෙවනෙය්යෙ විනයෙථ සෙඛො අනිකෙතචාරී”ති.
Sinhala BJT“කිං සු අසිස්සං -පෙ- විනයෙථ සේඛො අනිකෙතචාරී” යී.
Pali BJT16. 17.
Sinhala BJT16. 17.
Pali BJTඅන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ මත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්ථං, සො තෙසු ගුත්තො යතචාරි ගාමෙ රුසිතොපි වාචං ඵරුසං න වජ්ජා.
Sinhala BJTමේ ශාසනයෙහි ඒ මහණ තෙමෙ (සිඟායන) කාලයෙහි පිණ්ඩපාත සඞ්ඛ්‍යාත ආහාරය ද චීවර සඞ්ඛ්‍යාත වස්ත්‍රය ද ලැබ ඉතරෙතරප්‍රත්‍යයසන්තොෂය සඳහා (පටිග්ගහනපරිභොගයෙහි) පමණ දන්නේ යැ. හෙ තෙමෙ ඒ ප්‍රත්‍යයන්හි සංවර වූයේ ගම්හි සංවර වැ හැසිරෙනුයේ මෙරමා විසින් ගටන ලදුයේ නමුදු පරුෂවචන නො කියන්නේ යි.
Pali BJTඅන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙති - ‘අන්න’න්ති ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං; වසනන්ති - ඡ චීවරානි: ඛොමං කප්පාසිකං කොසෙය්යං කම්බලං සාණං භඞ්ගං; අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙති - චීවරං ලභිත්වා පිණ්ඩපාතං ලභිත්වා, න කුහනාය න ලපනාය න නෙමිත්තිකතාය න නිප්පෙසිකතාය න ලාභෙන ලාභං නිජිගිංසනතාය න දාරුදානෙන න වෙළුදානෙන න පත්තදානෙන න පුප්ඵදානෙන න ඵලදානෙන න සිනානදානෙන න චුණ්ණදානෙන න මත්තිකාදානෙන න දන්තකට්ඨදානෙන න මුඛොදකදානෙන න චාටුකම්යතාය න මුග්ගසුප්පතාය න පාරිභට්ටතාය න පිට්ඨිමංසිකතාය න වත්ථුවිජ්ජාය න තිරච්ඡානවිජ්ජාය න අඞ්ගවිජ්ජාය න නක්ඛත්තවිජ්ජාය න දූතගමනෙන න පහිණගමනෙන න ජඞ්ඝපෙසනියෙන න වෙජ්ජකම්මෙන න පිණ්ඩපතිපිණ්ඩකෙන න දානානුප්පදානෙන ධම්මෙන සමෙන ලද්ධා ලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වාති - අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ.
Sinhala BJTඅන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ - ‘අන්නං’ යනු: බත් කොමුපිඬු හත්වට මාළු මස් යන මේ යි. වසනං යනු: ෂට් චීවරයෝ යැ: කොමුපිළී කපුපිළී තිහිරිපිළී කම්බලපිළී සණපිළී මුසුපිළී යැ. අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ - සිවුරු ලැබ පිණ්ඩපාතය ලැබ, විස්මය කරවීමෙන් නො වැ උසස් කොට බිණීමෙන් නො වැ නිමිති කරන බැවින් නො වැ මෙරමා ගුණ නසන බැවින් නො වැ ලාභයෙන් ලාභ සොයන බැවින් නො වැ දැව දීමෙන් නො වැ හුණදඬු දීමෙන් නො වැ (තල් ආදි) පත්‍රදානයෙන් නො වැ පුෂ්පදානයෙන් නො වැ ඵලදානයෙන් නො වැ නහනු දීමෙන් නො වැ සුණු දීමෙන් නො වැ මැටි දීමෙන් නො වැ දැහැටිදඬු දීමෙන් නො වැ මුව දෝනා දිය දීමෙන් නො වැ චාටුබස් කියන බැවින් නො වැ මුද්ගසූපයක් වැනි වීමෙන් නො වැ (දරුවන් වැඩීමාදි) පරිහටභාවයෙන් නො වැ මෙරමා පිටුමස් කනබැවින් නො වැ වාස්තවිද්‍යාවෙන් නො වැ තිරශ්චීනවිද්‍යාවෙන් නො වැ අඞ්ගවිද්‍යාවෙන් නො වැ නක්‍ෂත්‍රවිද්‍යාවෙන් නො වැ දූතමෙහෙවරින් නො වැ පණිවුඩ ගෙනයෑමෙන් නො වැ පාමෙහෙවරින් නො වැ වෙදකමින් නො වැ පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් නො වැ දානානුප්‍රදානයෙන් නො වැ දැහැමින් සෙමෙන් ලැබ, ලබා, පැමිණ. විඳ, ප්‍රතිලාභ කොට නුයි ‘අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ’ යනු වේ.
Pali BJTමත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්ථන්ති - ‘මත්තං ස ජඤ්ඤා’ති ද්වීහි කාරණෙහි මත්තං ජානෙය්ය; පටිග්ගහනතො වා පරිභොගතො වා. කථං පටිග්ගහනතො මත්තං ජානාති? ථොකෙපි දිය්යමානෙ කුලානුද්දයාය කුලානුරක්ඛාය කුලානුකම්පාය පටිග්ගණ්හාති. බහුකෙපි දිය්යමානෙ කායපරිහාරිකං චීවරං පටිගණ්හාති, කුච්ඡිපරිහාරිකං පිණ්ඩපාතං පටිගණ්හාති. එවං පටිග්ගහනතො මත්තං ජානාති.
Sinhala BJTමත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්‍ථං - ‘මත්තං ස ජඤ්ඤා’ යනු: දෙ කරුණෙකින් පමණ දන්නේ යැ: ප්‍රතිග්‍රහණ හෙයින් හෝ පරිභෝග හෙයින් හෝ යැ. කිසෙයින් ප්‍රතිග්‍රහණ හෙයින් මාත්‍රඥ වේ ද යත්: මඳක් නමුදු දෙනු ලබන කල්හි කුලයන්ට කරුණා සඳහා කුලයන් රක්නා සඳහා කුලයන්ට අනුකම්පා සඳහා පිළිගනී ද, බොහෝවකුදු දෙනු ලබන කල්හි කයට යෙහෙන පමණ සිවුරු පිළිගනී ද, කුසට යැපෙන පමණ පිණ්ඩපාතය පිළිගනී ද, මෙසේ ප්‍රතිග්‍රහණ හෙයින් මාත්‍රඥ වේ.
Pali BJTකථං පරිභොගතො මත්තං ජානාති? පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවති: යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය, යාවදෙව හිරිකොපීනපටිච්ඡාදනත්ථං. පටිසඞ්ඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවති: නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භිවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො ච. පටිසඞ්ඛා යොනිසො සෙනාසනං පටිසෙවති: යාවදෙව සීතස්ස පටිඝාතාය උණ්හස්ස පටිඝාතාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය, යාවදෙව උතුපරිස්සයවිනොදනං පටිසල්ලානාරාමත්ථං. පටිසඞ්ඛා යොනිසො ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති: යාවදෙව උප්පන්නානං වෙය්යාබාධිකානං වෙදනානං පටිඝාතාය අබ්යාපජ්ඣපරමතාය. එවං පරිභොගතො මත්තං ජානාති. මත්තං ස ජඤ්ඤාති ඉමෙහි ද්වීහි කාරණෙහි මත්තං ජානෙය්ය ආජානෙය්ය පටිවිජානෙය්ය පටිවිජ්ඣෙය්යාති - මත්තං ස ජඤ්ඤා.
Sinhala BJTකිසෙයින් පරිභෝග හෙයින් මාත්‍රඥ වේ ද යත්: නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට සිවුරු පරිභෝග කෙරෙයි: ශීත නසනු පිණිස උෂ්ණ නසනු පිණිස මැසි මදුරු වා අව් දිග්දෑපහස් නසනු පිණිස මැ යැ, ලජ්ජාකොපනය මුවහ කරනු පිණිස මැ යි. නුවණින් විමසා පිණ්ඩපාතය වළඳයි: කෙළි පිණිස නො වළඳයි, මද පිණිස නො වළඳයි, අලඞ්කාර පිණිස නො වළඳයි, සැරැසුම් පිණිස නො වළඳයි, මේ සිරුර පවත්නා සඳහා යැපීම පිණිස බඩගිනිවෙදනා නසනු පිණිස බඹසරට අනුග්‍රහ පිණිස මැ යැ. මෙසේ පැරණි බඩගිනි වේදනා ත් නසමි, අලුත් වේදනා ත් නූපදවමි, මාගේ ජීවිතයාත්‍රාව ද අනවද්‍යභාව ද ඵාසුවිහරණය ද වන්නේ යයි. නුවණින් විමසා සෙනසුන් සෙවන කෙරෙයි: ශීත නසනු පිණිස උෂ්ණ නසනු පිණිස මැසි මදුරු වා අව් දිග්දෑපහස් නසනු පිණිස මැ යැ, ඍතුපීඩා නසනු පිණිස හා විවෙකසුව පිණිස මැයි. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කරයි: රොගපීඩාවෙන් උපන් වේදනාවන් නසනු පිණිස නිදුක් පරමබව පිණිස මැයි. මෙසේ පරිභෝග හෙයින් මාත්‍රඥ වේ. මත්තං ස ජඤ්ඤා - මේ දෙ කරුණෙන් පමණ දන්නේ යැ, හාත්පසින් දන්නේ යැ වෙසෙසින් දන්නේ යැ අවබෝධ කරන්නේ නුයි ‘මත්තං ස ජඤ්ඤා’ යනු වේ.
Pali BJTඉධ තොසනත්ථන්ති “ඉධ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච චීවරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච චීවරං න පරිතස්සති, ලද්ධා ච චීවරං අගථිතො{1} අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති, තාය ච පන ඉතරීතරචීවරසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති, නො පරං{2} වම්භෙති. යො{3} හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො,{4} අයං වුච්චති භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො. පුන ච පරං භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච පිණ්ඩපාතහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති, ලද්ධා ච පිණ්ඩපාතං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති; තාය ච පන ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති, නො පරං වම්භෙති. යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො,{4} අයං වුච්චති භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො. පුන ච පරං භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච සෙනාසනහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච සෙනාසනං න පරිතස්සති, ලද්ධා ච සෙනාසනං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තාය ච පන ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති, නො පරං වම්භෙති.
Sinhala BJTඉධ තොසනත්‍ථං යනු: මෙහි මහණ තෙමේ ඉතරෙතර චීවරයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර චීවරසන්තොෂයාගේ ගුණ කියන සුලු වූයේත් වේ, චීවරහේතුයෙන් අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි, සිවුරු නො ලැබ ද පීඩාවට නො පැමිණෙයි, සිවුරු දැහැමින් සෙමෙන් ලැබ ද (ලෝභයෙන්) නො ගෙතුණේ නො මුසපත් වූයේ තෘෂ්ණායෙන් නො වැතුරුණේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි. තවද ඒ ඉතරෙතරචීවරසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. තවද යම් මහණෙක් ඒ චීවරසන්තොෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ සම්‍යක්ප්‍රඥාවෙන් යුක්ත වූයේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පැරණි වූ ද අග්‍ර යයි දතයුතු වූ ද ආර්‍ය්‍යවංශයෙහි සිටියේ වේ. නැවැත ද මහණ තෙමෙ ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර පිණ්ඩපාතසන්තෝෂයෙහි ගුණ කියන සුලු වූයේ ත් වෙයි, පිණ්ඩපාතය නිසා අයුතු වූ අනෙසනයට නොද පැමිණෙයි, පිණ්ඩපාතය නො ලැබ ද නො තැවෙයි, පිණ්ඩපාතය ලැබ ද නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නා සුලු වූයේ නිස්සරණප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි. තවද ඒ ඉතරෙතරපිණ්ඩපාතසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. තවද යමෙක් ඒ පිණ්ඩපාතසන්තෝෂයෙහි දක්‍ෂ වූයේ අලස නො වූයේ නුවණැතියේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පෞරාණික වූ අග්‍රගණ්‍ය වූ ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යයි කියනු ලැබේ. නැවැත ද මහණ තෙමෙ ඉතරෙතර සේනාසනයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර සෙනාසනසන්තොෂයෙහි ගුණ කියන සුලු වූයේත් වෙයි, සේනාසනය නිසා අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි, සෙනසුන් නො ලැබ ද නො තැවෙයි, යළි සෙනසුන් ලබා නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි, තවද ඒ ඉතරෙතර සෙනාසනසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ.
Pali BJTයො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො,{1} අයං වුච්චති භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො. පුන ච පරං භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං න පරිතස්සති, ලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තාය ච පන ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති. නො පරං වම්භෙති. යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො{1} අයං වුච්චති භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො”{a}ති - මත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්ථං.
Sinhala BJTයමෙක් එ මැ සෙනාසනසන්තොෂයෙහි දක්‍ෂ වූයේ නො ලස් වූයේ නුවණැතියේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පෞරාණික වූ අග්‍රගණ්‍ය වූ ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යයි කියනු ලැබේ. නැවැත ද මහණ තෙමේ ඉතරෙතර ගිලානපච්චයභෙසජජපරික්ඛාරයෙන් සතුටු වූයේ වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යසන්තොෂයෙහි ගුණ කියනසුලු වූයේත් වෙයි, ගිලන්පස බෙහෙසත් පිරිකරහෙතුයෙන් අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි. ගිලන්පස බෙහෙසත්පිරිකර නො ලැබ ද නො තැවෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණප්‍රඥා ඇති ව වළඳයි. තවද ඒ ඉතරෙතරග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. යමෙක් එමැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරසන්තොෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ නුවණැතියේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පෞරාණික වූ අග්‍ර යයි දන්නා ලද ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යයි කියනු ලැබේ නුයි ‘මත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්‍ථං’ යනු වේ.
Pali BJTසො තෙසු ගුත්තො යතචාරි ගාමෙති - ‘සො තෙසු ගුත්තො’ති චීවරෙ පිණ්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙ ගුත්තො ගොපිතො රක්ඛිතො සංවුතොති එවම්පි සො තෙසු ගුත්තො. අථවා ආයතනෙසු ගුත්තො ගොපිතො රක්ඛිතො සංවුතොති එවම්පි සො තෙසු ගුත්තො. යතචාරි ගාමෙති - ගාමෙ යතො යතත්තො{2} පටියතත්තො{3} ගුත්තො ගොපිතො රක්ඛිතො සංවුතොති - සො තෙසු ගුත්තො යතචාරි ගාමෙ.
Sinhala BJTසො තෙසු ගුත්තො යතචාරි ගාමෙ - ‘සො තෙසු ගුත්තො’ යනු: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරෙහි පිහිත වූයේ ගෝපිත වූයේ රැකුණේ සංවර වූයේ නුයි මෙසේත් ‘සො තෙසු ගුත්තො’ යනු වේ. නොහොත් ආයතනයන්හි පිහිත වූයේ ගෝපිත වූයේ රක්‍ෂිත වූයේ සංවර වූයේ නුයි මෙසේත් ‘සො තෙසු ගුත්තො’ යනු වේ. යතචාරි ගාමෙ යනු: ගම්හි සංයත වූයේ සංයත වූ සිත් ඇතියේ අතිශයින් සංයත වූ සිත් ඇතියේ පිහිත වූයේ ගෝපිත වූයේ රක්‍ෂිත වූයේ සංවර වූයේ නුයි ‘සො තෙසු ගුත්තො යතචාරි ගාමෙ’ යනු වේ.
Pali BJTරුසිතොපි වාචං ඵරුසං න වජ්ජාති - රුසිතො ඛුංසිතො වම්භිතො ඝට්ටිතො ගරහිතො උපවදිතො ඵරුසෙන කක්ඛළෙන නප්පටිවජ්ජා, නප්පටිභණෙය්ය, අක්කොසන්තං න පච්චක්කොසෙය්ය, රොසන්තං නප්පටිරොසෙය්ය, භණ්ඩන්තං නප්පටිභණ්ඩෙය්ය, න කලහං කරෙය්ය, න භණ්ඩනං කරෙය්ය, න විග්ගහං කරෙය්ය, න විවාදං කරෙය්ය, න මෙධගං කරෙය්ය, කලහං භණ්ඩනං විග්ගහං විවාදං මෙධගං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය. කලහභණ්ඩනවිග්ගහවිවාදමෙධගා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - රුසිතොපි වාචං ඵරුසං න වජ්ජා.
Sinhala BJTරුසිතො පි වාචං ඵරුසං න වජ්ජා - කෝප කරන ලදුයේ ආක්‍රෝශ කරන ලදුයේ අවමන් කරන ලදුයේ ගටන ලදුයේ ගරහන ලදුයේ නුගුණ කියන ලදුයේ පරුෂ වූ කර්‍කශ වූ වචනයෙන් පෙරළා නො කියන්නේ යැ, පෙරළා නො බණන්නේ යැ, ආක්‍රෝශ කරන්නහුට ප්‍රත්‍යාක්‍රොශ නො කරන්නේ යැ, කෝප කරන්නහුට ප්‍රතිකොප නො කරන්නේ යැ, ඩබර කරන්නහුට පෙරළා ඩබර නො කරන්නේ යැ, කලහ නො කරන්නේ යැ, ඩබර නො කරන්නේ යැ, විග්‍රහ නො කරන්නේ යැ, විවාද නො කරන්නේ යැ, හිංසා නො කරන්නේ යැ, කලහ භණ්ඩන විග්‍රහ විවාද මෙධගය හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. කලහ - භණ්ඩන - විග්‍රහ - විවාද - මෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ වන්නේ යැ, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘රුසිතො පි වාචං ඵරුසං න වජ්ජා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ මත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්ථං, සො තෙසු ගුත්තො යතචාරි ගාමෙ රුසිතොපි වාචං ඵරුසං න වජ්ජා”ති.
Sinhala BJT“අන්නඤ්ච ලද්ධා -පෙ- රුසිතො පි වාචං ඵරුසං න වජ්ජා” යී.
Pali BJT16. 18.
Sinhala BJT16. 18.
Pali BJTඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො ඣානානුයුත්තො බහුජාගර’ස්ස උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ{1}.
Sinhala BJTයට බලා හෙළු ඇස් ඇතියේ නො ද පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ ධ්‍යානයෙහි යෙදුණේ බොහෝ කොට නිදිවැරීමෙන් යුක්ත වූයේ වන්නේ යැ. චතුර්‍තථධ්‍යානොපෙක්‍ෂාව උපදවා එකඟ වූ සිත් ඇතියේ කාමාදි විතර්‍කය හා විතර්‍කාශ්‍රය ද කෞකෘත්‍යය ද සිඳින්නේ යි.
Pali BJTඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලොති - කථං ඛිත්තචක්ඛු හොති: “ඉධෙකච්චො භික්ඛු චක්ඛුලොලො චක්ඛුලොලියෙන සමන්නාගතො හොති: ‘අදිට්ඨං දක්ඛිතබ්බං දිට්ඨං සමතික්කමිතබ්බ’න්ති ආරාමෙන ආරාමං උය්යානෙන උය්යානං ගාමෙන ගාමං නිගමෙන නිගමං නගරෙන නගරං රට්ඨෙන රට්ඨං ජනපදෙන ජනපදං දීඝචාරිකං අනිවත්තචාරිකං අනුයුත්තො හොති රූපදස්සනාය. එවම්පි ඛිත්තචක්ඛු හොති. අථවා භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො අසංවුතො ගච්ඡති: හත්ථිං ඔලොකෙන්තො අස්සං ඔලොකෙන්තො රථං ඔලොකෙන්තො පත්තිං ඔලොකෙන්තො ඉත්ථියො ඔලොකෙන්තො පුරිසෙ ඔලොකෙන්තො කුමාරකෙ ඔලොකෙන්තො කුමාරිකායො ඔලොකෙන්තො අන්තරාපණං ඔලොකෙන්තො ඝරමුඛානි ඔලොකෙන්තො උද්ධං ඔලොකෙන්තො අධො ඔලොකෙන්තො දිසාවිදිසං පෙක්ඛමානො ගච්ඡති, එවම්පි ‘ඛිත්තචක්ඛු’ හොති. අථවා භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති. එවම්පි ඛිත්තචක්ඛු හොති. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති. සෙය්යථීදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාළං කුම්භථූනං සොභනගරකං{2} චණ්ඩාලං වංසං ධොවනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං ගොයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්යොධිකං බලග්ගං සෙනාබ්යූහං අණීකදස්සනං ඉති වා. එවම්පි ඛිත්තචක්ඛු හොති.
Sinhala BJTඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො - කිසෙයින් ‘ඛිත්තචක්ඛු’ වේ ද යත්: මෙහි කිසි මහණෙක් (සක්දොර උපන් ලෝභ විසින්) ඇසින් ලොල් වූයේ චක්‍ෂුර්ලෞල්‍යයෙන් සමන්‍විත වූයේ වෙයි. ‘නුදුටු දෙය දැක්ක යුතු යැ, දුටුදෙය ඉක්මැවියැයුතු යැ’යි අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමින් නිගමට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි රූපදර්‍ශනය සඳහා යෙදුණේ වෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ වේ. නොහොත් මහණ තෙමේ ඇතුළුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ අසංවර වැ යෙයි: ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබලසෙන් බලමින් ගෑනුන් බලමින් පිරිමින් බලමින් කුමරුන් බලමින් කුමරියන් බලමින් අවුණුතුළ බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දිශානුදිශා බලමින් යෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ වෙයි. නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් අසංවරයක් හේතු කොට අසංවර වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇති වැ වාසය කරන තෙල පුද්ගලයා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරයට නො පැමිණෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො රක්නේ යැ, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ වේ. තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දස්නෙහි යෙදී වාසය කරන්නාහු ද, ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතාදිය කියන තැන කස්තල කුළුතාලම් කළ පිඹීම ප්‍රතිභානචිත්‍ර සැඬොලුන්ගේ සණදොවුන්කෙළි වස්කුලල් ඇට දෙවීම ඇත්පොර අස්පොර මිහිපොර වැහැප්පොර ගවපොර බැටළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ලපොර යුදපෙරමුණ බලසෙන් ගණන තැන කඳවුර බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නම් වේ.
Pali BJTකථං න ඛිත්තචක්ඛු හොති: “ඉධෙකච්චො භික්ඛු න චක්ඛුලොලො න චක්ඛුලොලියෙන සමන්නාගතො හොති. ‘අදිට්ඨං දක්ඛිතබ්බං දිට්ඨං සමතික්කමිතබ්බ’න්ති න ආරාමෙන ආරාමං න උය්යානෙන උය්යානං න ගාමෙන ගාමං න නිගමෙන නිගමං න නගරෙන නගරං න රට්ඨෙන රට්ඨං න ජනපදෙන ජනපදං දීඝචාරිකං අනිවත්තචාරිකං අනුයුත්තො හොති රූපදස්සනාය. එවම්පි න ඛිත්තචක්ඛු හොති. අථවා භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො සංවුතො ගච්ඡති: න හත්ථිං ඔලොකෙන්තො -පෙ- න දිසාවිදිසං පෙක්ඛමානො ගච්ඡති. එවම්පි න ඛිත්තචක්ඛු හොති. අථවා භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති -පෙ- චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. එවම්පි න ඛිත්තචක්ඛු හොති.
Sinhala BJTකිසෙයින් ‘ඛිත්තචක්ඛු’ නො වේ ද යත්: මේ සස්නෙහි ඇතැම් මහණෙක් ඇසින් ලොල් නො වූයේ චක්‍ෂුර්ලෞල්‍යයෙන් යුක්ත නො වූයේ වෙයි. ‘නුදුටු දෙය දැක්ක යුතු යැ, දුටු දෙය ඉක්මැවිය යුතු ය’ යි අරමින් අරමට නො යෙයි, උයනින් උයනට - ගමින් ගමට - නිගමයෙන් නිගමයට - නුවරින් නුවරට - රටින් රටට - දනව්වෙන් දනව්වට රූපදර්‍ශනය පිණිස දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි නො යෙදුණේ වෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වූයේ වේ. නොහොත් මහණ තෙමේ ගොදුරුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ සංවර වැ යෙයි: ඇතුන් නො බලමින් … දිශානුදිශා නො බලමින් යෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වූයේ වේ. නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිත්තග්‍රාහී නො වූයේ වෙයි … චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වූයේ වෙයි.
Pali BJTයථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා -පෙ- අණීකදස්සනං ඉති වා. එවරූපා විසූකදස්සනානුයොගා පටිවිරතො හොති. එවම්පි න ඛිත්තචක්ඛු හොතීතිඔක්ඛිත්තචක්ඛු.
Sinhala BJTතවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා දුන් බොජුන් වළඳා … බලඇණි දැකීම යනාදිය හෝ යි. මෙ බඳු වූ විසුළු දස්නෙහි යෙදීමෙන් වැළැකුණේ වේ. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වේ නුයි ‘ඔක්ඛිත්තචක්ඛු’ යනු වේ.
Pali BJTන ච පාදලොලොති - කථං පාදලොලො හොති: ඉධෙකච්චො භික්ඛු පාදලොලො පාදලොලියෙන සමන්නාගතො හොති: ආරාමෙන ආරාමං -පෙ- දීඝචාරිකං අනිවත්තචාරිකං අනුයුත්තො හොති රූපදස්සනාය. එවම්පි පාදලොලො හොති. අථවා භික්ඛු අන්තොපි සඞ්ඝාරාමෙ පාදලොලො පාදලොලියෙන සමන්නාගතො හොති: න අත්ථහෙතු{1} න කාරණහෙතු උද්ධතො අවුපසන්තචිත්තො පරිවෙණතො පරිවෙණං ගච්ඡති. විහාරතො -පෙ- ඉති භවාභවකථං ඉති වා{2} එවම්පි පාදලොලො හොති. න ච පාදලොලොති පාදලොලියං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය. පාදලොලියා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්ය. පටිසල්ලානාරාමො අස්ස පටිසල්ලානරතො අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං, ඣායී ඣානරතො එකත්තමනුයුත්තො සදත්ථගරුකොති - ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො.
Sinhala BJTන ච පාදලොලො - යනු: කිසෙයින් ‘පාදලොල’ වේ ද යත්: මෙහි කිසි මහණෙක් පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි: අරමින් අරමට … රූපදර්‍ශනය පිණිස දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි යෙදුණේ වෙයි. මෙසේත් ‘පාදලොල’ වේ. නොහොත් මහණ තෙමේ ඇතුළු සඟරම්හි ද පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි: ප්‍රයෝජන නැති වැ, කාරණ නැති වැ, උඩඟු වූයේ නො සන්හුන් සිත් ඇතියේ පිරිවෙනින් පිරිවෙනට යෙයි, වෙහෙරින් වෙහෙරට … වෘද්ධි හානි පිළිබැඳි කථා යැ යනාදිය හෝ යි. මෙසේත් ‘පාදලොල’ වූයේ වෙයි. න ච පාදලොලො යනු: පාදලෞල්‍යය හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරනේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ, පාදලෞල්‍යයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වන්නේ යැ, විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ යැ, විවේකයෙහි ඇලුම් ඇතියේ විවේකයෙහි නිරත වූයේ ස්වකීය චිත්තසමාධියෙහි යෙදුණේ බැහැර නො කළ ධ්‍යාන ඇතියේ (සප්තවිධ) අනුපස්සනායෙන් යුක්ත වූයේ ශූන්‍යාගාරභාවනාව වඩන්නේ වන්නේ යැ, ධ්‍යාන කරනසුලු වූයේ ධ්‍යානයෙහි ඇලුණේ එකීභාවයෙහි යෙදුණේ උත්තමාර්‍ත්‍ථ ( - හෝ ස්වාර්‍තථ) ගරුක වූයේ වන්නේ නුයි ‘ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො’ යනු වේ.
Pali BJTඣානානුයුත්තො බහුජාගරස්සාති - ‘ඣානානුයුත්තො’ති ද්වීහි කාරණෙහි ඣානානුයුත්තො: අනුප්පන්නස්ස වා පඨමස්ස ඣානස්ස උප්පාදාය යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තො; අනුප්පන්නස්ස වා දුතියස්ස ඣානස්ස - තතියස්ස ඣානස්ස - චතුත්ථස්ස ඣානස්ස උප්පාදාය යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තොති එවම්පි ඣානානුයුත්තො. අථවා උප්පන්නං වා පඨමං ඣානං ආසෙවති භාවෙති බහුලීකරොති; උප්පන්නං වා දුතියං ඣානං - තතියං ඣානං - චතුත්ථං ඣානං ආසෙවති භාවෙති බහුලීකරොතීති එවම්පි ඣානානුයුත්තො. බහුජාගරස්සාති ඉධ භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා, රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙතීති - ඣානානුයුත්තො බහුජාගරස්ස.
Sinhala BJTඣානානුයුත්තො බහුජාගරස්ස - ‘ඣානානුයුත්තො’ යනු: දෙ කරුණෙකින් ධ්‍යානයෙහි යෙදුණේ වෙයි: නූපන් ප්‍රථමධ්‍යානයාගේ ඉපදීම පිණිස යෙදුණේ වෙසෙසින් යෙදුණේ හාත්පසින් යෙදුණේ මොනොවට යෙදුණේ වෙයි; නූපන් ද්විතීයධ්‍යානයාගේ-තෘතියධ්‍යානයාගේ - චතුර්‍තථධ්‍යානයාගේ ඉපදීම පිණිස යුක්ත - ප්‍රයුක්ත - ආයුක්ත - සමායුක්ත වූයේ වේ නුයි මෙසේත් ‘ඣානානුයුත්තො’ යනු වේ. නොහොත් උපන් ප්‍රථමධ්‍යානය හෝ ඇසුරු කෙරෙයි වඩයි බහුල කෙරෙයි, උපන් ද්විතීයධ්‍යානය හෝ … තෘතීයධ්‍යානය හෝ … චතුර්‍ත්‍ථධ්‍යානය හෝ ආසෙවනය කෙරෙයි වඩයි බහුල කෙරේ නුයි මෙසේත් ‘ඣානානුයුත්තො’ යනු වේ. බහුජාගරස්ස යනු: මෙ සස්නෙහි මහණ තෙමෙ දහවල සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි, රෑ පෙරයම සක්මනින් හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි, රෑ මැදියම දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා සිහි ඇතියේ නුවණැතියේ උත්‍ථානසංඥාව මෙනෙහි කොට දකුණැළයෙන් ශයන කෙරෙයි; රෑ අලුයම නැගීසිට සක්මන් කිරීමෙන් හා හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසුදු කෙරේ නුයි ‘ඣානානුයුත්තො බහුජාගරස්ස’ යනු වේ.
Pali BJTඋපෙක්ඛමාරබ්භ සමාහිතත්තොති - ‘උපෙක්ඛා’ති යා චතුත්ථෙ ඣානෙ උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා චිත්තසමතා චිත්තපස්සද්ධතා මජ්ඣත්තතා චිත්තස්ස,
Sinhala BJTඋපෙක්ඛමාරබ්භ සමාහිතත්තො - ‘උපෙක්ඛා’ යනු: චතුර්‍තථධ්‍යානයෙහි යම් උපේක්‍ෂාවක් උපෙක්‍ෂාකාරයෙක් අධික වූ උපෙක්‍ෂාකාරයෙක් චිත්තයාගේ සම බවෙක් චිත්තයාගේ සැහැල්ලු බවෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් වේ ද එය යි.
Pali BJTසමාහිතත්තොති “යා චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි”. උපෙක්ඛමාරබ්භ සමාහිතත්තොති චතුත්ථෙ ඣානෙ උපෙක්ඛං ආරබ්භ එකග්ගචිත්තො අවික්ඛිත්තචිත්තො අවිසාහටමානසොති උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො.
Sinhala BJTසමාහිතත්තො යනු: චිත්තයාගේ යම් ස්ථිතියක් සංස්ථිතියක් අවස්ථිතියක් නො කැලැඹීමෙක් නො විසිරීමෙක් නො කැලැඹුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද එය යි. උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො - චතුර්‍තථධයානයෙහි තත්‍රමධ්‍යස්ථොපෙක්‍ෂාව නිසා එකඟ වූ සිත් ඇතියේ නො විසුරුණු සිත් ඇතියේ නො කැලැඹුණු සිත් ඇතියේ නුයි ‘උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො’ යනු වේ.
Pali BJTතක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙති - ‘තක්කා’ති “නව විතක්කා: කාමවිතක්කො බ්යාපාදවිතක්කො විහිංසාවිතක්කො ඤාතිවිතක්කො ජනපදවිතක්කො අමරවිතක්කො පරානුද්දයතාපටිසඤ්ඤුත්තො විතක්කො ලාභසක්කාරසිලොකපටිසඤ්ඤුත්තො විතක්කො අනවඤ්ඤත්තිපටිසඤ්ඤුත්තො විතක්කො. ඉමෙ වුච්චන්ති නව විතක්කා.” කාමවිතක්කානං කාමසඤ්ඤාසයො, බ්යාපාදවිතක්කානං බ්යාපාදසඤ්ඤාසයො, විහිංසාවිතක්කානං විහිංසාසඤ්ඤාසයො; අථවා තක්කානං විතක්කානං සඞ්කප්පානං අවිජ්ජාසයො, අයොනිසො මනසිකාරො ආසයො, අස්මිමානො ආසයො, අනොත්තප්පං ආසයො, උද්ධච්චං ආසයො. කුක්කුච්චන්ති හත්ථකුක්කුච්චම්පි කුක්කුච්චං පාදකුක්කුච්චම්පි කුක්කුච්චං, හත්ථපාදකුක්කුච්චම්පි කුක්කුච්චං, අකප්පියෙ කප්පියසඤ්ඤිතා කප්පියෙ අකප්පියසඤ්ඤිතා අවජ්ජෙ වජ්ජසඤ්ඤිතා වජ්ජෙ අවජ්ජසඤ්ඤිතා, යං එවරූපං කුක්කුච්චං කුක්කුච්චායනා කුක්කුච්චායිතත්තං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච්චති කුක්කුච්චං.”{a}
Sinhala BJTතක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ - ‘තක්ක’ නම්: නව විතර්‍කයෝ යැ: කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසාවිතර්‍ක යැ ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතාප්‍රතිරූප වූ ගෘහනිඃශ්‍රිතප්‍රෙමයෙන් ප්‍රතිසංයුක්ත විතර්‍ක යැ ලාභසත්කාරකීර්‍තතිප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ අනවඥතාප්‍රතිසංයුක්ත විතර්‍ක යැ යන මොහු නව විතර්‍කයෝ යයි කියනු ලැබෙත්. කාමවිතර්‍කයන්ට කාමසංඥාව ආශය (- වාසස්ථාන) වෙයි. ව්‍යාපාදවිතර්‍කයන්ට ව්‍යාපාදසංඥාව ආශය යැ, විහිංසාවිතර්‍කයන්ට විහිංසාසංඥාව ආශය යැ, නොහොත් තර්‍කයන්ට විතර්‍කයන්ට සංකල්පයන්ට අවිද්‍යාව ආශය යැ. අයෝනිසෝමනසිකාරය ආශය යැ, අස්මිමානය ආශය යැ, අනපත්‍රපාව ආශය යැ, ඖද්ධත්‍යය ආශය - වාසස්ථාන යි. කුක්කුච්චං යනු: අත්කුකුස ද කුකුසැ, පාකුකුස ද කුකුසැ, අත්පාකුකුස ද කුකුසැ, අකප්‍යයෙහි කප්‍යසංඥා ඇති බව යැ, කප්‍යයෙහි අකප්‍යසංඥා ඇති බව යැ, අවද්‍යායෙහි වද්‍යසංඥා ඇති බව යැ, වද්‍යයෙහි අවද්‍යසංඥා ඇති බව යැ යන මෙබඳු වූ යම් කුකුසෙක් කුකුස්අයුරෙක් කුකුස් කරන බවෙක් සිතෙහි විපිළිසරයෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ ‘කුක්කුච්ච’ යයි කියනු ලැබේ.
Pali BJTඅපි ච ද්වීහි කාරණෙහි උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො: කතත්තා ච අකතත්තා ච. කථං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො? ‘කතං මෙ කායදුච්චරිතං අකතං මෙ කායසුචරිත’න්ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ‘කතං මෙ වචීදුච්චරිතං - කතං මෙ මනො දුච්චරිතං - කතො මෙ පාණාතිපාතො, අකතා මෙ පාණාතිපාතා වෙරමණී’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ‘කතං මෙ අදින්නාදානං - කතො මෙ කාමෙසු මිච්ඡාචාරො - කතො මෙ මුසාවාදො - කතා මෙ පිසුනා වාචා - කතා මෙ ඵරුසා වාචා - කතො මෙ සම්ඵප්පලාපො - කතා මෙ අභිජ්ඣා - කතො මෙ බ්යාපාදො - කතා මෙ මිච්ඡාදිට්ඨි - අකතා මෙ සම්මාදිට්ඨි’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. එවං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො.
Sinhala BJTතවද දෙ කරුණෙකින් කෞකෘත්‍ය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. කළ බැවින් හා නො කළ බැවිනි. කිසෙයින් කළ බැවින් හා නො කළ බැවින් කුකුස සිතෙහි විපිළිසර මනෝවිලේඛය උපදී ද යත්: “මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කායසුචරිතය නො කරන ලදැ’ යි කුකුස සිතෙහි විපිළිසර මනෝවිලේඛය උපදී, මා විසින් වාග්දුශ්චරිතය කරන ලද - මා විසින් මනෝදුශ්චරිතය කරන ලද - මා විසින් ප්‍රාණවධ කරන ලද, මා විසින් ප්‍රාණඝාතවිරමණය නො කරන ලදැ” යි කුකුස චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. “මා විසින් අදත්තාදානය කරන ලද - මා විසින් කාමමිත්‍ථ්‍යාචාරය කරන ලද - මා විසින් මුසවා කියන ලද, මා විසින් පිසුනුබස් කියන ලද - මා විසින් පරුෂවාක් කියන ලද - මා විසින් ප්‍රලාප කියන ලද - මා විසින් අභිධ්‍යාව කරන ලද - මා විසින් ව්‍යාපාදය කරන ලද - මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, - සම්‍යග්දෘෂ්ටි නො ගන්නා ලදැ”යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. මෙසේ කළ බැවින් ද නො කළ බැවින් ද කුකුස සිතෙහි විපිළිසර මනෝවිලේඛය උපදී.
Pali BJTඅථවා සීලෙසුම්භි න පරිපූරකාරීති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ඉන්ද්රියෙසුම්හි අගුත්තද්වාරොති - භොජනෙ අමත්තඤ්ඤුම්හීති - ජාගරියං අනනුයුත්තොම්හීති - න සතිසම්පජඤ්ඤෙන සමන්නාගතොම්හීති - අභාවිතා මෙ චත්තාරො සතිපට්ඨානාති - අභාවිතා මෙ චත්තාරො සම්මප්පධානාති - අභාවිතා මෙ චත්තාරො ඉද්ධිපාදාති - අභාවිතානි මෙ පඤ්චින්ද්රියානීති - අභාවිතානි මෙ පඤ්ච බලානීති - අභාවිතා මෙ සත්තබොජ්ඣඞ්ගාති - අභාවිතො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගොති - දුක්ඛං මෙ අපරිඤ්ඤාතන්ති - දුක්ඛසමුදයො මෙ අප්පහීනොති - මග්ගො මෙ අභාවිතොති - නිරොධො මෙ අසච්ඡිකතොති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙති තක්කං ච තක්කාසයඤ්ච කුක්කුච්චඤ්චුපච්ඡින්දෙය්ය ඡින්දෙය්ය උච්ඡින්දෙය්ය සමුච්ඡින්දෙය්ය පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ.
Sinhala BJTනොහොත් ‘ශීලයෙහි පරිපූරකාරී නො වූයෙමි’ කුකුස චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. ඉන්‍ද්‍රියයන්හි අපිහිතද්වාර වූයෙමි - භෝජනයෙහි අමාත්‍රඥ වූයෙමි - ජාගර්‍ය්‍යාවෙහි නො යෙදුණෙමි - ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍විත නො වූයෙමි - මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩනා ලදහ’ යි - සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩනා ලදහ’ යි - සතර ඍද්ධිපාදයෝ නො වඩනා ලදහ’ යි - පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩනා ලදහ’ යි - පඤ්ච බලයෝ නො වඩනා ලදහ’ යි - සප්ත බෝධ්‍යඞ්ගයෝ නො වඩනා ලදහ’ යි - මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩනා ලදැ’ යි - මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැ’ යි - මා විසින් දුඃඛසමුදය අප්‍රහීණ යැ’යි - මා විසින් මාර්‍ගය නො වඩනා ලදැ’ යි - මා විසින් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැ’ යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ - විතර්‍කය ද විතර්‍කයන්ගේ ආශය ද කෞකෘත්‍යය ද පසිඳිනේ යැ සිඳිනේ යැ වෙසෙසින් සිඳිනේ යැ මොනොවට සිඳින්නේ යැ දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ නුයි ‘තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො ඣානානුයුත්තො බහුජාගරස්ස. උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ”ති.
Sinhala BJT“ඔක්ඛිත්තචක්ඛු -පෙ- තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ” යී.
Pali BJT16. 19.
Sinhala BJT16. 19.
Pali BJTචුදිතො වචීහි සතිමාභිනන්දෙ සබ්රහ්මචාරීසු ඛිලං පභින්දෙ, වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං ජනවාදධම්මාය න චෙතයෙය්ය.
Sinhala BJTඋපාධ්‍යායාදීන් විසින් වචනයෙන් චෝදනා කරන ලදුයේ ස්මෘතිමත් වැ සතුටු වන්නේ යැ. සබ්‍රම්සරුන් කෙරෙහි ගැටුණු සිත් ඇති බව බිඳපියන්නේ යැ. නුවණින් උපදවන ලද තෙපුල් බණන්නේ යැ. කාලවේලා ශීලවේලා ඉක්මැ නො බණන්නේ යැ. ජනයාගේ උපවාදකථාවෙහි සිතිවිලි නූපදවන්නේ යි.
Pali BJTචුදිතො වචීහි සතිමාභිනන්දෙති - ‘චුදිතො’ති උපජ්ඣායා වා ආචරියා වා සමානුපජ්ඣායකා වා සමානාචරියකා වා මිත්තා වා සන්දිට්ඨා වා සම්භත්තා වා සහායා වා චොදෙන්ති “ඉදං තෙ ආවුසො අයුත්තං, ඉදං තෙ අප්පත්තං, ඉදං තෙ අසාරුප්පං, ඉදං තෙ අසීලට්ඨ{1}න්ති සතිං උපට්ඨාපෙත්වා තං චොදනං නන්දෙය්ය අභිනන්දෙය්ය මොදෙය්ය අනුමොදෙය්ය ඉච්ඡෙය්ය සාදියෙය්ය පත්ථයෙය්ය පිහයෙය්ය අභිජප්පෙය්ය. යථා ඉත්ථි වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො සීසං නහාතො උප්පලමාලං වා වස්සිකමාලං වා අධිමුත්තිකමාලං වා ලභිත්වා උභොහි හත්ථෙහි පටිග්ගහෙත්වා උත්තමඞ්ගෙ සිරස්මිං පතිට්ඨාපෙත්වා නන්දෙය්ය අභිනන්දෙය්ය මොදෙය්ය අනුමොදෙය්ය ඉච්ඡෙය්ය සාදියෙය්ය පත්ථයෙය්ය පිහයෙය්ය අභිජප්පෙය්ය, එවමෙවං සතිං උපට්ඨාපෙත්වා තං චොදනං නන්දෙය්ය අභිනන්දෙය්ය මොදෙය්ය අනුමොදෙය්ය ඉච්ඡෙය්ය සාදියෙය්ය පත්ථයෙය්ය පිහයෙය්ය අභිජප්පෙය්ය.
Sinhala BJTචුදිතො වචීහි සතිමාහිනන්දෙ - ‘චුදිතො’ යනු: උපධ්‍යායයෝ හෝ ආචාර්‍ය්‍යයෝ හෝ සමානොපාධ්‍යායයෝ හෝ සමානාචාර්‍ය්‍යයෝ හෝ මිත්‍රයෝ හෝ සංදෘෂ්ටයෝ හෝ සම්භක්තයෝ හෝ සහායයෝ හෝ ‘ඇවැත්නි, මේ තට අයුතු යැ, මේ තට නො පැමිණියේ යැ, මේ තට නො සරුප් යැ, තාගේ මෙය ශීලයෙහි නො සිටියේ වනැ’ යි චෝදනා කෙරෙත් නම්, සිහි එළවා ඒ චෝදනාවට සතුටු වන්නේ යැ, වෙසෙසින් සතුටු වන්නේ යැ, හටුවන්නේ යැ පහටුවන්නේ යැ කැමැති වන්නේ යැ ඉවසන්නේ යැ පතන්නේ යැ රුචි කරන්නේ යැ අභිජල්පනය කරන්නේ යැ. යම්සේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණ වූයේ සැරැසෙන පියවි ඇතියේ ස්නානය කොට සිටියේ උපුල්මාලයක් හෝ දෑසමන්මාලයක් හෝ යොහොඹුමාලයක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුමඟ හිසෙහි පිහිටුවා තුටුවන්නේ ද සතුටුවන්නේ ද හටුවන්නේ ද පහටුවන්නේ ද රිසිවන්නේ ද ඉවසන්නේ ද පතන්නේ ද කැමැතිවන්නේ ද අභිජල්පනය කරන්නේ ද එපරිද්දෙන් ම සිහි එළවා ඒ චෝදනාවට තුටුවන්නේ ය සතුටුවන්නේ ය හටුවන්නේ ය පහටුවන්නේ ය රිසිවන්නේ ය ඉවසන්නේ ය පතන්නේ ය කැමැතිවන්නේ ය අභිජල්පනය කරන්නේ යැ.
Pali BJT1. “නිධීනංව පවත්තාරං යං පස්සෙ වජ්ජදස්සිනං, නිග්ගය්හ වාදිං මෙධාවිං තාදිසං පණ්ඩිතං භජෙ. තාදිසං භජමානස්ස සෙය්යො හොති න පාපියො”ති{a}.
Sinhala BJT1. “වරද දක්නාසුලු වූ නිග්‍රහ කොට බණන්නා වූ ප්‍රාඥ වූ යම් කල්‍යාණ මිත්‍රයකු නිදන්සැළ තුබූ තැන් දක්වන්නක්හු වැනි කොට දක්නේ වේ ද, එබඳු ප්‍රාඥයා සෙවුණේ යැ. එබඳු නුවණැත්තහු සෙවුණාහට ශ්‍රෙයස් (- වැඩෙක්) ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ” යි.
Pali BJT2. “ඔවදෙය්යානුසාසෙය්ය අසබ්භා ච නිවාරයෙ, සතඤ්හි සො පියො හොති අසතං හොති අප්පියො”ති{a}.
Sinhala BJT2. “(කල්‍යාණමිත්‍ර වූ යමෙක් අතැවැසි ආදි කිසිවක් හට) අවවාද කරන්නේ ද, අනුශාසනා කරන්නේ ද, අකුශලයෙන් වළහන්නේ ද, ඒ එබඳු පුද්ගල තෙමෙ බුද්ධාදි සත්පුරුෂයන්ට මැ ප්‍රිය වෙයි. අසත්පුරුෂයන්ට අප්‍රිය වේ.”
Pali BJTචුදිතො වචීභි සතිමාභිනන්දෙ.
Sinhala BJTඑයින් ‘චුදිතො වචීහි සතිමාභිනන්දෙ’ යනු වේ.
Pali BJTසබ්රහ්මචාරීසු ඛීලං පභින්දෙති - ‘සබ්රහ්මචාරී’ති එකකම්මා එකුද්දෙසා සමසික්ඛකා. සබ්රහ්මචාරීසු ඛිලං පහින්දෙති සබ්රහ්මචාරීසු ආහතචිත්තතං ඛිලජාතතං පභින්දෙය්ය; පඤ්චපි චෙතො ඛිලෙ පභින්දෙය්ය; තයොපි චෙතොඛිලෙ පභින්දෙය්ය; රාගඛිලං දොසඛිලං මොහඛිලං භින්දෙය්ය පභින්දෙය්ය සම්භින්දෙය්යාති - සබ්රහ්මචාරීසු ඛිලං පභින්දෙ.
Sinhala BJTසබ්‍රහ්මචාරීසු ඛීලං පහින්දෙ - ‘සබ්‍රහ්මචාරී’ යනු: ඒකකර්‍ම එකොද්දෙශ්‍ය සමානශික්‍ෂා ඇත්තාහු යැ. සබ්‍රහ්මචාරීසු ඛිලං පහින්දෙ - සබ්‍රම්සරුන් කෙරෙහි ගැටුණු සිත් ඇති බව, හටගත් හුල් ඇති බව (- තද බව) බිඳපියන්නේ ය, පඤ්ච චේතෝඛිලයන් ද සිඳිනේ ය, ත්‍රිවිධ චේතෝඛිලයන් ද සිඳිනේ ය, රාගකීලය ද්වෙෂකීලය මොහකීලය බිඳිනේ ය, වෙසෙසින් බිඳිනේ ය, මොනොවට බිඳිනේ නුයි ‘සබ්‍රහ්මචාරීසු ඛිලං පහින්දෙ’ යනු වේ.
Pali BJTවාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලන්ති - ඤාණසමුට්ඨිතං වාචං මුඤ්චෙය්ය. අත්ථූපසංහිතං ධම්මූපසංහිතං කාලෙන සාපදෙසං පරියන්තවතිං වාචං මුඤ්චෙය්ය පමුඤ්චෙය්යාති - වාචං පමුඤ්චෙ කුසලං; නාතිවෙලන්ති ‘වෙලා’ති ද්වෙ වෙලා: කාලවෙලා ච සීලවෙලා ච. කතමා කාලවෙලා? කාලාතික්කන්තං වාචං න භාසෙය්ය, වෙලාතික්කන්තං වාචං න භාසෙය්ය, කාලවෙලාතික්කන්තං වාචං න භාසෙය්ය, කාලං අසම්පත්තං වාචං න භාසෙය්ය, වෙලං අසම්පත්තං වාචං න භාසෙය්ය, කාලවෙලං අසම්පත්තං වාචං න භාසෙය්ය.
Sinhala BJTවාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං - ඥානසම්ප්‍රයුක්ත සිතින් උපදවන ලද වචනය නිකුත් කරන්නේ ය, අර්‍ත්‍ථයෙන් යුක්ත වූ ධර්‍මයෙන් යුක්ත වූ කරුණු සහිත වූ පර්‍ය්‍යන්තවත් වූ වචනය සුදුසු කාලයෙහි නිකුත් කරන්නේ ය, වෙසෙසින් නිකුත් කරන්නේ නුයි ‘වාචං පමුඤ්චෙ කුසලං’ යනු වේ. නාතිවෙලං යනු: කාලවෙලාව ද සීලවෙලාව දැයි ‘වෙලා’ දෙකෙකි. කාලවේලා කවරැ යත්: කල් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ හිම් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ, කල්හිම් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ, කල් නො පැමිණි වචනය නො කියන්නේ යැ, හිම් නො පැමිණි වචනය නො කියන්නේ යැ, කල්හිම් නො පත් වචනය නො කියන්නේ ය.
Pali BJT3. “යො වෙ කාලෙ අසම්පත්තෙ අතිවෙලං පභාසති, එවං සො නිහතො සෙති කොකිලායෙව අත්රජො”ති{b}
Sinhala BJT3. “යමෙක් නියමයෙන් තමහට බණන කාලය නො පැමිණි කල්හි හිම් ඉක්මවා බෙහෙවින් බෙණේ ද, මෙසේ හෙතෙම (කැවිඩියගේ කැදැල්ලෙහි වැඩුණු) කෙවිලියගේ පැටියා සෙයින් නසන ලදුයේ හෝනේ” යි.
Pali BJTඅයං කාලවෙලා.
Sinhala BJTමෝ තොමෝ කාලවේලා යැ.
Pali BJTකතමා සීලවෙලා? රත්තො වාචං න භාසෙය්ය, දුට්ඨො වාචං න භාසෙය්ය, මූළ්හො වාචං න භාසෙය්ය, මුසාවාදං න භාසෙය්ය, පිසුනං වාචං න භාසෙය්ය, ඵරුසං වාචං න භාසෙය්ය, සම්ඵප්පලාපං න භාසෙය්ය න කථෙය්ය න භණෙය්ය න දීපයෙය්ය න වොහරෙය්ය. අයං සීලවෙලාති - වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං.
Sinhala BJTසීලවෙලා කවරැ යත්: රාගයෙන් රත් වූයේ තෙපුල් නො බණන්නේ යැ ද්වේෂයෙන් දුෂ්ට වූයේ වචන නො බණන්නේ යැ, මෝහයෙන් මූඪ වූයේ වචන නො බණන්නේ යැ, මුසවා නො බණනේනේ යැ, පිසුනු බස් නො බණන්නේ යැ, රළුබස් නො බණන්නේ යැ, ප්‍රලාප නො බණන්නේ යැ, නො කියන්නේ යැ, නො පවසන්නේ යැ නො දක්වන්නේ යැ ව්‍යවහාර නො කරන්නේ යි. මෝ තොමෝ සීලවෙලා වූ යැයි ‘වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං’ යනු වේ.
Pali BJTජනවාදධම්මාය න චෙතයෙය්යාති - ‘ජනා’ති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච, ජනස්ස වාදාය උපවාදාය නින්දාය ගරහාය අකිත්තියා අවණ්ණහාරිකාය සීලවිපත්තියා වා ආචාරවිපත්තියා දිට්ඨිවිපත්තියා වා ආජීවවිපත්තියා වා න චෙතයෙය්ය චෙතනං න උප්පාදෙය්ය චිත්තං{1} න උප්පාදෙය්ය සඞ්කප්පං න උප්පාදෙය්ය මනසිකාරං න උප්පාදෙය්යාති - ජනවාදධම්මාය න චෙතයෙය්ය.
Sinhala BJTජනවාදධම්මාය න චෙතයෙය්‍ය - ‘ජන’ නම්: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දේවයෝ ද මනුෂ්‍යයෝ ද වෙත්. ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටි විපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ ජනයාගේ වචනයට උපවාදයට නින්‍දාවට ගර්‍හාවට අකීර්‍තතියට නුගුණ එළැවීමට නො සිතන්නේ යැ සිතිවිලි නූපදවන්නේ යැ සිත් නූපදවන්නේ යැ කල්පනා නූපදවන්නේ යැ මෙනෙහි කිරීම නූපදවන්නේ නුයි ‘ජනවාදධම්මාය න චෙතයෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“චුදිතො වචීහි සතිමාභිනන්දෙ සබ්රහ්මචාරීසු ඛීලං පභින්දෙ, වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං ජනවාදධම්මාය න චෙතයෙය්යා”ති.
Sinhala BJT“චුදිතො වචීහි -පෙ- ජනවාදධම්මාය න චෙතයෙය්‍ය” යී.
Pali BJT16. 20.
Sinhala BJT16. 20.
Pali BJTඅථාපරං පඤ්ච රජානි ලොකො යෙසං සතිමා විනයාය සික්ඛෙ, රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්ධෙසු ඵස්සෙසු සහෙථ රාගං.
Sinhala BJTනැවත මෙයින් අනෙකක් ද කියමි: ස්මෘතිමත් වූයේ රූපරාගාදි යම් කෙනකුන්ගේ ප්‍රහාණවිනය පිණිස හික්මෙන්නේ නම්, ලොවැ එබඳු වූ පඤ්ච රජස් කෙනෙක් වෙති. රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද යළි රසාලම්බනයෙහි ද ගන්‍ධාලම්බනයෙහි ද ස්පර්‍ශාලම්බනයෙහි ද ඡන්‍දරාගය මඩනේ යි.
Pali BJTඅථාපරං පඤ්ච රජානී ලොකෙති - ‘අථා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාමෙතං අථාති. පඤ්ච රජානී’ති රූපරජො{2} සද්දරජො{2} ගන්ධරජො රසරජො ඵොට්ඨබ්බරජො.
Sinhala BJTඅථාපරං පඤ්ච රජානි ලෝකේ - ‘අථ’ යනු: පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා යි. තෙල ‘අථ’ යනු. පඤ්ච රජානි යනු: රූපාලම්බනය නිසා උපන් රාගාදි රජස් යැ ශබ්දරජස් යැ ගන්‍ධරජස් යැ රසරජස් යැ ස්ප්‍රෂ්ටව්‍යරජසි.
Pali BJT1. රාගො රජො න ච පන රෙණු වුච්චති රාගස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව{3} පණ්ඩිතා විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
Sinhala BJT1. රාගය රජස් යැ. රෙණු වැලිත් රජස් යී නො ද කියනු ලැබෙයි. තෙල ‘රජස්’ යනු රාගයට නමෙකි. ඒ පණ්ඩිත වූ භික්‍ෂූහු තෙල රාග නමැති රජස් වෙසෙසින් දුරු කොට විගත වූ රාගරජස් ඇති බුදුන්ගේ ශාසනයෙහි වාසය කෙරෙත්.
Pali BJT2. දොසො රජො න ච පන රෙණු වුච්චති දොසස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව පණ්ඩිතා විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
Sinhala BJT2. ද්වේෂය රජස් යැ …
Pali BJT3. මොහො රජො න ච පන රෙණු වුච්චති මොහස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව පණ්ඩිතා විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ”ති{a}.
Sinhala BJT3. මෝහය රජසෙකි. රෙණු වැලිත් රජස් යයි නො ද කියනු ලැබෙයි. තෙල ‘රජස්’ යනු මෝහයට නමෙකි. ඒ පණ්ඩිත වූ භික්‍ෂූහු තෙල මෝහ නමැති රජස වෙසෙසින් දුරු කොට විගත වූ මොහරජස් ඇති බුදුන්ගේ ශාසනයෙහි වාසය කෙරෙත්.
Pali BJTලොකෙති - අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකො ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති - අථාපරං පඤ්ච රජානි ලොකෙ.
Sinhala BJTලෝකේ - යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි නුයි ‘අථාපරං පඤ්ච රජානි ලෝකේ’ යනු වේ.
Pali BJTයෙසං සතිමා විනයාය සික්ඛෙති - ‘යෙස’න්ති රූපරාගස්ස සද්දරාගස්ස ගන්ධරාගස්ස රසරාගස්ස ඵොට්ඨබ්බරාගස්ස; සතිමාති “යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො එකායනමග්ගො; අයං වුච්චති සති.{a} ඉමාය සතියා උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො, සො වුච්චති සතිමා. සික්ඛෙති තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. කතමා අධිසීලසික්ඛා -පෙ- අයං අධිපඤ්ඤාසික්ඛා. යෙසං සතිමා විනයාය සික්ඛෙති සතිමා පුග්ගලො යෙසං රූපරාගස්ස සද්දරාගස්ස ගන්ධරාගස්ස රසරාගස්ස ඵොට්ඨබ්බරාගස්ස විනයාය පටිවිනයාය පහානාය වූපසමාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්ය, අධිචිත්තම්පි සික්ඛෙය්ය, අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය, ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය, ජානන්තො සික්ඛෙය්ය, -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය ආචරෙය්ය සමාචරෙය්ය සමාදාය වත්තෙය්යාති - යෙසං සතිමා විනයාය සික්ඛෙ.
Sinhala BJTයෙසං සතිමා විනයාය සික්ඛෙ - ‘යෙසං’ යනු: රූපරාගයාගේ ශබ්දරාගයාගේ ගන්‍ධරාගයාගේ රසරාගයාගේ ස්ප්‍රෂ්ටව්‍යරාගයාගේ; සතිමා: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් සිහියක් සිහි කරන බවෙක් දරන බවෙක් සිහි කරවනබවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද මෝ තොමෝ ‘සති’ යයි කියනු ලබයි. මේ සතියෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ සිද්ධියට පැමිණියේ සමෘද්ධ වූයේ සමන්‍වාගත වූයේ හෙතෙම ‘සතිමා’ යයි කියනු ලැබේ. සික්ඛෙ යනු: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥා ශික්‍ෂා යැයි. අධිශීලශික්‍ෂා කවරැ … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. යෙසං සතිමා විනයාය සික්ඛෙ ස්මෘතිමත් පුද්ගල තෙමේ යම් රාග කෙනකුන්ගේ රූපරාගයාගේ ශබ්දරාගයාගේ ගන්‍ධරාගයාගේ රසරාගයාගේ ස්ප්‍රෂ්ටව්‍යරාගයාගේ විනය පිණිස දුරලීම පිණිස ප්‍රහාණය පිණිස සන්හිඳුවීම පිණිස බැහැරලීම පිණිස විගතභාවය පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ අධිචිත්තයෙහි ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ යැ. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කළයුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ නුයි ‘යෙසං සතිමා විනයාය සික්ඛෙ’ යනු වේ.
Pali BJTරූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්ධෙසු ඵස්සෙසු සහෙථ රාගන්ති රූපෙසු සද්දෙසු ගන්ධෙසු රසෙසු ඵොට්ඨබ්බෙසු රාගං සහෙය්ය පරිසහෙය්ය අභිභවෙය්ය අජ්ඣොත්ථරෙය්ය පරියාදියෙය්ය මද්දෙය්යාති - රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්ධෙසු ඵස්සෙසු සහෙථ රාගං.
Sinhala BJTරූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං - රූපයන්හි ශබ්දයන්හි ගන්‍ධයන්හි රසයන්හි ස්ප්‍රෂ්ටව්‍යවයන්හි රාගය මඩනේ යැ හාත්පසින් මඩනේ යැ අභිභවනය කරන්නේ යැ වතුරුවන්නේ යැ හාත්පසින් ගන්නේ යැ මර්දනය කරන්නේ නුයි ‘රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අථාපරං පඤ්ච රජානි ලොකෙ යෙසං සතිමා විනයාය සික්ඛෙ, රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්ධෙසු ඵස්සෙසු සහෙථ රාග”න්ති.
Sinhala BJT“අථාපරං පඤ්ච රජානි ලෝකේ -පෙ- ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං” යී.
Pali BJT16. 21.
Sinhala BJT16. 21.
Pali BJTඑතෙසු ධම්මෙසු විනෙය්ය ඡන්දං භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො, කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සො (ඉති භගවා).
Sinhala BJTඑළැඹ සිටි සිහි ඇති කෙලෙසුන් කෙරෙන් මොනොවට මිදුණු සිත් ඇති මහණ තෙමේ තෙල රූපාදි ධර්‍මයන් කෙරෙහි කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ. හෙතෙම සුදුසු කාලයෙහි සියලු සංස්කාරධර්‍මය මනා කොට අනිත්‍යාදිවශයෙන් විමසනුයේ එකඟ වූ සිත් ඇතියේ සියලු මෝහාදි අන්‍ධකාරය නසන්නේ යි. (බුදුහු මෙසේ වදාළ සේකි.)
Pali BJTඑතෙසු ධම්මෙසු විනෙය්ය ඡන්දන්ති - ‘එතෙසූ’ති රූපෙසු සද්දෙසු ගන්ධෙසු රසෙසු ඵොට්ඨබ්බෙසු; ඡන්දොති “යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං -පෙ- කාමච්ඡන්දනීවරණං{a}. එතෙසු ධම්මෙසු විනෙය්ය ඡන්දන්ති එතෙසු ධම්මෙසු ඡන්දං විනෙය්ය පටිවිනෙය්ය පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති - එතෙසු ධම්මෙසු විනෙය්ය ඡන්දං.
Sinhala BJTඑතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං - ‘එතෙසු’ යනු: රූපයන්හි ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂටව්‍යයන්හි; ඡන්‍ද නම්: කාමවස්තූන් විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණාවෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමාධ්‍යවසානයෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමූපාදානයෙක් … කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද එය යි. එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං - තෙල රූපාදි ධර්‍මයන්හි කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ වෙසෙසින් දුරු කරන්නේ යැ හැරැපියන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ නුයි ‘එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං’ යනු වේ.
Pali BJTභික්ඛු සතිමා සුවිමුත්තචිත්තොති - ‘භික්ඛූ’ති පුථුජ්ජනකල්යාණකො වා භික්ඛු සෙඛො වා භික්ඛු; සතිමාති “යා සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො එකායනමග්ගො,” අයං වුච්චති සති. ඉමාය සතියා උපෙතො සමුපෙතො -පෙ- සො වුච්චති සතිමා; භික්ඛු සතිමා සුවිමුත්තචිත්තොති පඨමං ඣානං සමාපන්නස්ස නීවරණෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං, දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරෙහි චිත්තං වුත්තං විමුත්තං සුවිමුත්තං. තතියං ඣානං සමාපන්නස්ස පීතියා ච චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං. චතුත්ථං ඣානං සමාපන්නස්ස සුඛදුක්ඛෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං. ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤාය චිත්තං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය චිත්තං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං. සොතාපන්නස්ස සක්කායදිට්ඨියා විචිකිච්ඡාය සීලබ්බතපරාමාසා දිට්ඨානුසයා විචිකිච්ඡානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං. සකදාගාමිස්ස ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං. අනාගාමිස්ස අණුසහගතා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං. අරහතො රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි බහිද්ධා ච සබ්බනිමිත්තෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තන්ති - භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො.
Sinhala BJTභික්ඛු සතිමා සුවිමුත්තචිත්තො - ‘භික්ඛු’ යනු: පෘථග්ජනකල්‍යාණ භික්‍ෂු හෝ ශෛක්‍ෂ භික්‍ෂු හෝ යැ. සතිමා යනු: යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද, මෝ ‘සති’ යයි කියනු ලබයි. මේ සතියෙන් උපේත වූයේ සමුපේත වූයේ … හෙතෙම ‘සතිමා’ යයි කියනු ලැබේ. භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො - ප්‍රථමධ්‍යානයට සමාපන්නයාගේ සිත නීවරණයන් ගෙන් මිදුණේ යැ, වෙසෙසින් මිදුණේ යැ, මොනොවට මිදුණේ යැ; දෙවැනි දැහැනට සමවන්හුගේ සිත විතර්‍කවිචාරයන්ගෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි; තුන්වැනි දැහැනට සමවන්හුගේ සිත ප්‍රීතියෙන් ද මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි; චතුර්‍තථ ධ්‍යානයට සමවන්හුගේ සිත සුඛදුඃඛයන්ගෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි. ආකාසානඤ්චායතන සමාපත්තියට සමවන්හුගේ සිත රූපසංඥාවෙන් ද ප්‍රතිඝසංඥාවෙන් නානාත්‍වසංඥාවෙන් ද මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ සිත ආකාසානඤ්චායතන සංඥාවෙන් … ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ සිත විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් … නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි. ස්‍රොතාපන්නයාගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂ්ට්‍යානුශයෙන් විචිකිත්සානුශයෙන් හා තදෙකස්ථක්ලෙශයන්ගෙන් ද මුක්ත විමුක්ත සුවිමුක්ත යි. සකෘදාගාමීහුගේ සිත ඖදාරික කාමාරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් හා තදෙකස්ථක්ලෙශයන්ගෙන් ද මුක්ත විමුක්ත සුවිමුක්ත වෙයි. අනාගාමීහුගේ සිත අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත වූ කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් හා තදේකස්ථ වූ ක්ලේශයන්ගෙන් ද මුක්ත විමුක්ත සුවිමුක්ත වෙයි. රහත්හුගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යාවෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් හා තදේකස්ථ වූ ක්ලේශයන්ගෙන් ද බාහ්‍ය වූ සියලු ක්ලෙශනිමිත්තයන්ගෙන් ද මුක්ත වූයේ විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වේ නුයි ‘භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො’ යනු වේ.
Pali BJTකාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානොති - ‘කාලෙනා’ති උද්ධතෙ චිත්තෙ සමාධිස්ස කාලො. සමාහිතෙ චිත්තෙ විපස්සනාය කාලො.
Sinhala BJTකාලෙන සො ධම්මං පරිවීමංසමානො - ‘කාලෙන’ යනු: සිත උද්ධත වූ කල්හි සමාධියට කාල යැ. සිත සමාහිත වූ කල්හි විදර්‍ශනාවට කාලය යි.
Pali BJT1. කාලෙ පග්ගණ්හති චිත්තං නිග්ගණ්හාති පුනාපරෙ,{1} සංපහංසති කාලෙන කාලෙ චිත්තං සමාදහෙ,{2} අජ්ඣුපෙක්ඛති කාලෙන සො යොගී කාලකොවිදො.
Sinhala BJT1. අතිශිථිලවීර්‍ය්‍යතාදියෙන් ලීන සිත ඇති කල්හි ධර්‍මවිචය වීර්‍ය්‍ය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග ඉපදවීමෙන් සිතට අනුග්‍රහ කෙරෙයි. යළි අත්‍යාරබ්ධවීර්‍ය්‍යතාදියෙන් උද්ධත සිත ඇති කල්හි ප්‍රශ්‍රබ්ධි සමාධි උපෙක්‍ෂාසම්බොධ්‍යඞ්ගයන් ඉපදවීමෙන් සිතට නිග්‍රහ කෙරෙයි. සිත නිරාස්වාද වූ කල්හි අෂ්ට සංවෙගවස්තු ප්‍රත්‍යවේක්‍ෂාවෙන් සංවේග කෙරෙයි. ශ්‍රද්ධාප්‍රඥාවන් හා සමාධිවීර්‍ය්‍යයන් සම ව ඇති කල්හි සිත අර්පණාවට පමුණුවන්නේ ය. සිත සමාධිවීථියට පිළිපන් කල්හි මධ්‍යස්ථ වෙයි. මෙබඳු වූ ඒ යොගී තෙමෙ කාලඥ වූයේ වේ.
Pali BJT2. කිම්හි කාලම්හි පග්ගාහො කිම්හි කාලෙ විනිග්ගහො. කිම්හි පහංසනා කාලෙ සමථකාලො ච කීදිසො, උපෙක්ඛාකාලං චිත්තස්ස කථං දස්සෙති යොගිනො?
Sinhala BJT2. කවර කලෙක චිත්තයාගේ ප්‍රග්‍රාහය වේ ද, කවර කලෙක නිග්‍රහය වේ ද, කවර කලෙක ප්‍රහර්‍ෂණය වේ ද, යළි ශමථකාලය කෙබඳු වූයේ ද, යෝගීහුගේ සිත පිළිබඳ උපෙක්‍ෂාකාලය කෙසේ දක්වා ද යත්:
Pali BJT3. ලීනෙ චිත්තම්හි පග්ගාහො උද්ධතස්මිං හි නිග්ගහො, නිරස්සාදගතං චිත්තං සංපහංසෙය්ය තාවදෙ.
Sinhala BJT3. අතිශිථිල වීර්‍ය්‍යතාදියෙන් සිත ලීන වූ (-හැකුළුණු) කල්හි අනුග්‍රහය වෙයි. අත්‍යාරබ්ධවීර්‍ය්‍යතාදියෙන් සිත වික්‍ෂිප්ත වූ කල්හි නිග්‍රහය වෙයි. යම් විටෙක සිත (ප්‍රඥාප්‍රයොගය මඳ බැවින් හෝ උපශමසුඛය නැතිවීමෙන් හෝ) නිරාස්වාදයට පැමිණියේ ද එ කෙණෙහි සංවෙගවස්තු සිහි කිරීමෙන් සංප්‍රහර්‍ෂණය කරන්නේ ය.
Pali BJT4. සම්පහට්ඨං යදා චිත්තං අලීනං භවතනුද්ධතං, සමථනිමිත්තස්ස සො{1} කාලො අජ්ඣත්තං රමයෙ මනො.
Sinhala BJT4. යම් කලෙක සිත සංවෙගවස්තු ප්‍රත්‍යවේක්‍ෂාවෙන් හෝ රත්නත්‍රයගුණානුස්මරණයෙන් හෝ සම්ප්‍රහර්‍ෂිත වේ ද, වීර්‍ය්‍යය හා යෙදුණු හෙයින් අලීන වේ ද, සමාධිය හා යෙදුණු හෙයින් අනුද්ධත වේ ද, ශමථයට හා ශමථනිමිත්තට ඒ කල් වෙයි. (එකල්හි ධ්‍යානසම්ප්‍රයුක්ත වූ) සිත කසිණාදි ගෝචරාධ්‍යාත්මයෙහි අභිරමණය කරවන්නේ ය.
Pali BJT5. එතෙන මෙවුපායෙන{2} යදා හොති සමාහිතං, සමාහිතං චිත්තමඤ්ඤාය අජ්ඣුපෙක්ඛෙය්ය තාවදෙ.
Sinhala BJT5. මේ යට කියන ලද උපායෙන් ම යම් කලෙක සිත උපචාර අර්‍පණාවන්ගෙන් සමාහිත වේ ද, එකල්හි සිත සමාහිත වී යයි දැන එකෙණෙහි අධ්‍යුපේක්‍ෂණය කරන්නේ ය.
Pali BJT6. එවං කාලවිදූ ධීරො කාලඤ්ඤූ කාලකොවිදො, කාලෙන කාලං චිත්තස්ස නිමිත්තමුපලක්ඛයෙ”ති.
Sinhala BJT6. මෙසේ කාලය දන්නා වූ කාලඥ වූ කාලයෙහි ඡේක වූ ප්‍රාඥ තෙමේ කලින් කල සමාධිසම්ප්‍රයුක්ත වූ චිත්තයාගේ නිමිත්ත (අරමුණ) සලකන්නේ යි.
Pali BJTකාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානොති - ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සම්මා ධම්මං පරිවීමංසමානො, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති සම්මා ධම්මං පරිවීමංසමානො. සබ්බෙ ධම්මා අනත්තාති සම්මා ධම්මං පරිවීමංසමානො -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති සම්මා ධම්මං පරිවීමංසමානොති - කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො.
Sinhala BJTකාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො - සියලු සප්‍රත්‍යය ධර්‍ම සඞ්ඛ්‍යාත ත්‍රෛභූමක සංස්කාරයෝ ඇති වැ නැති වන හෙයින් අනිත්‍ය වූවාහු යයි මනා කොට සියලු සංස්කෘතධර්‍මය නුවණින් විමසනුයේ, භවත්‍රයපර්‍ය්‍යාපන්න සියලු සංස්කාර යෝ ප්‍රතිපීඩනාර්‍තථයෙන් දුක් වූවාහුය යි මනා කොට සියලු ප්‍රත්‍යයොත්පන්නධර්‍මය නුවණින් විමසනුයේ, සඞ්ඛතාසඞ්ඛත වූ සියලු ධර්‍මයෝ අවශයෙහි පවත්නා හෙයින් අනාත්ම වූවාහු යයි මනා කොට සියලු ධර්‍මය නුවණින් විමසනුයේ … යම් කිසිවෙක් සමුදයධර්‍ම වූයේ නම් ඒ සියල්ල නිරුද්ධ වන ( -නැසෙන) ස්වභාව ඇත්තේ යයි මනා කොට දහම් නුවණින් විමසනුයේ නුයි ‘කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො’ යනු වේ.
Pali BJTඑකොදිභූතො විහනෙ තමං සොති භගවාති - ‘එකොදී’ති එකග්ගචිත්තො අවික්ඛිත්තචිත්තො අවිසාහටමානසො සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධීති එකොදිභූතො. විහනෙ තමං සොති රාගතමං දොසතමං මොහතමං දිට්ඨිතමං මානතමං කිලෙසතමං දුච්චරිතතමං අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධිකං විඝාතපක්ඛිකං අනිබ්බානසංවත්තනිකං හනෙය්ය විහනෙය්ය පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය.
Sinhala BJTඑකොදිභූතො විහනෙ තමං සො’ති භගවා - ‘ඒකෝදි’ යනු: එකඟ වූ (එක අරමුණෙහි පැවැති) සිත් ඇතියේ, ඖද්ධත්‍යවිරහිත හෙයින් නො විසිරුණු සිත් ඇතියේ,(ඖද්ධත්‍යවිචිකිත්සා වශයෙන්) නො කැලැඹුණු සිත් ඇතියේ ශමථය සමාධින්‍ද්‍රිය සමාධිබලය සම්‍යක්සමාධිය ඇත් නුයි ‘එකොදිභූතො’ යනු වේ. විහනෙ තමං සො යනු: ප්‍රඥාලෝකය වළහන හෙයින් අන්‍ධ කරන ප්‍රඥාචක්‍ෂුස නො කරන අඥානයෙන් නො දැනීම කරන, ප්‍රඥා නමැති ඇස නිරුද්ධ කරන, පීඩා කොට්ඨාසයෙහි වූ, අප්‍රත්‍යය අමෘතමහානිර්‍වාණය පිණිස නො පවත්නා වූ රාග නමැති තමස (- අන්‍ධකාරය) ද්වේෂ නමැති තමස මෝහ නමැති තමස දෘෂ්ටි නමැති තමස මාන නමැති තමස ක්ලේශ නැමති තමස දුශ්චරිත නමැති තමස නසන්නේ යැ වෙසෙසින් නසන්නේ යැ ස්වකීය සන්තානයෙන් දුරු කරන්නේ යැ නසාපියන්නේ යැ විගතාන්ත වූවක් කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යි.
Pali BJTභගවාති ගාරවාධිවචනං. අපි ච භග්ගරාගොති භගවා, භග්ගදොසොති භගවා, භග්ගමොහොති භගවා, භග්ගමානොති භගවා, භග්ගදිට්ඨීති භගවා, භග්ගකණ්ටකොති භගවා, භග්ගකිලෙසොති භගවා, භජි විභජි පවිභජි ධම්මරතනන්ති භගවා. භවානං අන්තකරොති භගවා. භාවිතකායොති භගවා, භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා. භජි වා භගවා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා. භාගී වා භගවා චීවරිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා. භාගී ව භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා. භාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූපසමාපත්තීනන්ති භගවා. භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා. භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා. භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පධානානං චතුන්නං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා. භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤානං ඡන්නං බුද්ධධම්මානන්ති භගවා. -
Sinhala BJTභගවා යනු: ගුණවිශිෂ්ට වූ සත්ත්‍වොත්තමයා කෙරෙහි ගරුභාවවාචක වූ වචනයෙකි. තවද භග්න කළ ( -බිඳින ලද) රාග ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ ද්වේෂ ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ මෝහ ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ නවවිධ මානය ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ දෘෂ්ටි ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ (විනිවිද අර්‍ත්‍ථයෙන්) කෙලෙස් නමැති කණ්ටක ඇත්තේනුයි භගවත් යැ, භග්න කළ (රාගාදි) කෙලෙස් ඇත්තේ නුයි භගවත් යැ. චිත්තීකෘතාදි අර්‍ත්‍ථයෙන් රතන සඞ්ඛ්‍යාත ධර්‍මය උද්දෙශවශයෙන් භාග කෙළේ යැ, නිර්දේශ වශයෙන් විවිධ වැ විභාග කෙළේ යැ, ප්‍රතිනිර්‍දෙශවශයෙන් ප්‍රවිභාග කෙළේ නුයි භගවත් යැ. (නොහොත් ධර්‍මරත්නය උද්ඝටිතඥයන්ගේ වශයෙන් භාග කෙළේ යැ, විපඤ්චිතඥයන්ගේ වශයෙන් විභාග කෙළේ යැ. නෙයපුද්ගලයන්ගේ වශයෙන් ප්‍රවිභාග කෙළේ නුයි භගවත් යැ.) කාමභවාදි නවවිධ භවයන්ගේ පරිච්ඡෙදය (අන්තය) කෙළේ නුයි භගවත් යැ. භාවිත වූ (- වඩනා ලද) කය ඇත්තේ නුයි භගවත් යැ, වඩනා ලද (සංවරාදි ප්‍රභේද වූ) ශීල ඇත්තේ නුයි භගවත් යැ. වඩනා ලද ලෞකික ලෝකෝත්තර ප්‍රඥා ඇත්තේ නුයි භගවත් යැ, බුදුහු වනයෙහි (වාක් ශබ්දයෙන්) අල්පශබ්ද වූ (ග්‍රාම නගරයන් පිළිබඳ නිර්ඝොෂාදි ශබ්දයෙන්) අල්පනිර්‍ඝොෂ වූ (ඇතුළත හැසිරෙන ජනයාගේ ශරීරවාතයෙන්) ජනවාත විරහිත වූ මිනිසුන්ගේ රහස්‍යකාරණයන්ට ස්ථාන වූ විවේකයට අනුරූප වූ මනුෂ්‍යොපචාරය ඉක්මවා සිටි වානප්‍රස්ත (-වනයෙහි දුරු) සෙනාසනයන් ද මිනිසුන්ගේ කෘෂි වපනාදිය රහිත වූ වනපර්‍ය්‍යන්ත ( -වනයෙහි ඉතා දුර) සෙනාසනයන් ද සේවනය කළාහු නුයි ‘භගවත්’ යැ. නොහොත් බුදුහු චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර සඞ්ඛ්‍යාත සිවුපසයට හිමි වූවාහු නුයි ‘භගවත්’ යැ. නොහොත් බුදුහු හෙතුඵලසම්පත්ති සඞ්ඛ්‍යාත අර්‍තථරසයඩ හෙතුසම්පත්ති සඞ්ඛ්‍යාත ධර්‍මරසයට අර්‍හත් ඵලසඞ්ඛ්‍යාත විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි ‘භගවත්’ යැ. බුදුහු (ප්‍රථමධ්‍යානාදි) චතුර්විධ ධ්‍යානයන්ට (මෛත්‍ර්‍යාදි සඵරණප්‍රමාණ විරහිත වූ) සතර බ්‍රහ්මවිහාරයන්ට (ආකාසානඤ්චායතනාදි) චතුර්විධ අරූපධ්‍යානයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. නොහොත් බුදුහු (‘රූපී රූපානි පස්සති’ යනාදීන් වදාළ ආලම්බන විමුක්ත වූ) අෂ්ට විමෝක්‍ෂයට (අභිභවනය කළ කසිණාරම්මණ ඇති) අෂ්ට අභිභායතනයට (අනුපරිපාටියෙන් සමවැදියැ යුතු) නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි ‘භගවත්’ යැ. බුදුහු (අනිත්‍යසංඥාදි) දශ සංඥාභාවනාවන්ට දශ කෘත්සනසමාපත්තීන්ට ආනාපානස්මෘති සම්ප්‍රයුක්ත සමාධියට අශුභධ්‍යානසමාපත්තියට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු දශ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන්ට ෂඩ්බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ.
Pali BJT’භගවා’ති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං. න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං. විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති - එකොදිභූතො විහනෙ තමං සොති භගවා.
Sinhala BJT‘භගවත්’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑණන් විසින් නො කරන ලද, බූණන් විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑසහලේනෑයන් විසින් නො කරන ලද, මහණ බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද. මේ ‘භගවත්’ යන යම් නාමයෙක් වී නම්, තෙල භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බොධිමණ්ඩයෙහි දී සර්‍වඥතාඥාන ප්‍රතිලාභය සමඟ අර්‍හත්ඵලය (හෝ සර්‍වධර්‍මයන්) ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වී නුයි ‘ඒකෝදි භූතො විහනෙ තමං සො’ති භගවා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එතෙසු ධම්මෙසු විනෙය්ය ඡන්දං භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො, කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සො (ති භගවා”ති. )
Sinhala BJT“එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො, කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සො (ඉති භගවා” ති.)
Pali BJTසොළසමො සාරිපුත්තසුත්තනිද්දෙසො සමත්තො.
Sinhala BJTසොළොස් වැනි වූ සාරිපුත්ත සූත්‍රනිර්දේශය සමාප්ත යි.
Pali BJTමහානිද්දෙසපාළි නිට්ඨිතා.
Sinhala BJTමහනිදෙස්පෙළ නිමි.