Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2101-2200 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකති පරිස්සයා ලොකෙ ගච්ඡතො අගතං දිසං, යෙ භික්ඛු අභිසම්භවෙ පන්තම්හි සයනාසනෙ.
Sinhala BJTමහණ තෙම වනකෙළවර සෙනසුන්හි යම් උපද්‍රව කෙනකුන් මැඩපවත්වන්නේ නම්, නො ගියවිරූ අමාමහනිවන් දෙසට යනුවහුට ලොවැ කෙතෙක් උපද්‍රවයෝ වෙත් ද?
Pali BJTකති පරිස්සයා ලෙකෙති - ‘කතී’ති කතී කිත්තකා කීවතකා කීවබහුකා තෙ පරිස්සයාති? ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච, පටිච්ඡන්නපරිස්සයා ච.
Sinhala BJTකති පරිස්සයා ලෝකේ - ‘කති’ යනු ඒ උවදුරු කීයක් ද? කෙතෙක් ද? කිපමණ ද? කිපමණ බොහෝ ද යත්: උපද්‍රවයෝ දෙදෙනෙකි: ප්‍රකට උපද්‍රවයෝ ද ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ දැයි.
Pali BJTකතමෙ පාකටපරිස්සයා? සීහා බ්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිසා හත්ථි අහී විච්ඡිකා සතපදී චොරා වා අස්සු මානවා වා කතකම්මා වා අකතකම්මා වා, චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලං විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ඡිකා ලොහිතපිත්තං{1} මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා -පෙ- සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සා. ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා.
Sinhala BJTප්‍රකට උපද්‍රවයෝ කවරහ යත්: සිහ යැ වග යැ දිවි යැ වලස් යැ තරස් යැ වෘක යැ මිහි යැ ඇත් යැ නාග යැ නුහුසු යැ සියපා යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසි මිනිස්සු වන්නාහු ය, චක්‍ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්‍ෂරොග යැ කර්‍ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්‍ෂිරොග යැ මුර්ඡා යැ රක්තාතීසාර යැ ආමශූල යැ මහාවිරෙචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස යැ ක්‍ෂයරොග යැ අපස්මාර යැ දද්‍රැ යැ කණ්ඩුති යැ කුෂ්ට යැ නියහිරි යැ අතුල්පතුල් පැළීම යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්‍ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිත්තසමුත්‍ථාන ආබාධ යැ … ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ මැසිමදුරු - වා අව් දික්දෑපහස්හු යි; මොහු ප්‍රකට උපද්‍රවයෝ යයි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ පටිච්ඡන්නපරිස්සයා? කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං කාමඡන්දනීවරණං බ්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං, රාගො දොසො මොහො කොධො උපනාහො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො, සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසඞ්ඛාරා. ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා.
Sinhala BJTප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ බද්ධවෛර යැ මකුබව යැ යුගග්‍රාහ යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා යැ ශඨබව යැ ස්තම්භ යැ සාරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ සියලු ක්ලේශයෝ යැ, සියලු දුශ්චරිතයෝ යැ, සියලු දරථයෝ යැ, සියලු පරිදාහයෝ යැ, සියලු සන්තාපයෝ යැ, සියලු අකුශලාභිසංස්කාරයෝ යි. මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යයි කියනු ලැබෙත්.
Pali BJTපරිස්සයාති - කෙනට්ඨෙන පරිස්සයා? පරිසහන්තීති පරිස්සයා, පරිහානාය සංවත්තන්තීති පරිස්සයා, තත්රාසයාති පරිස්සයා. කථං පරිසහන්තීති පරිස්සයා? තෙ පරිස්සයා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්ති. එවං පරිසහන්තීති පිරිස්සයා. කථං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා? තෙ පරිස්සයා කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. කතමෙසං කුසලානං ධම්මානං? සම්මාපටිපදාය අනුලොමපටිපදාය අප්පච්චනීකපටිපදාය අන්වත්ථපටිපදාය ධම්මානුධම්මපටිපදාය සීලෙසු පරිපූරකාරිතාය ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය භොජනෙ මත්තඤ්ඤුතාය ජාගරියානුයොගස්ස සතිසම්පජඤ්ඤස්ස, චතුන්නං සතිපට්ඨානානං භාවනානුයොගස්ස, චතුන්නං සම්මප්පධානානං - චතුන්නං ඉද්ධිපාදානං - පඤ්චන්නං ඉන්ද්රියානං - පඤ්චන්නං බලානං - සත්තන්නං බොජ්ඣඞ්ගානං - අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගස්ස. ඉමෙසං කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. එවං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා.
Sinhala BJTපරිස්සයා - යනු: කවර අර්‍තථයෙකින් ‘පරිස්සය’ වූහ යත්: පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රයෝ යැ පරිහාණයට වැටැත් නුයි පරිශ්‍රයයෝ යැ එහි වෙසෙත් නුයි පරිශ්‍රයයෝ යැ. කිසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වූහ යත්: ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, හාත්පසින් සහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් ගනිති, මර්දනය කෙරෙත්; මෙසේ පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වෙත්. කිසෙයින් පරිහාණයට වැටෙත් නුයි ‘පරිශ්‍රය’ වූහ යත්: ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම් පිණිස පවත්නාහුය; කවර කුශලධර්‍මයන් ගේ ද යත්: සම්‍යක්ප්‍රතිපත්තිය අනුලෝම ප්‍රතිපත්තිය අවිරුද්ධ ප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි පියු දොර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම ස්මෘතිසම්ප්‍රඥානය සතර සතිපට්ඨානභාවනාවෙහි යෙදීම සතර සම්‍යක්ප්‍රධානය සතර ඍද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්ච බලය සප්ත බෝධ්‍යඞ්ගය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගභාවනානුයොගය යන මේ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහාණය පිණිස පවත්නාහු ය. මෙසේ පරිහාණයට වැටෙත් නුයි ‘පරිශ්‍රය’ නම් වෙත්.
Pali BJTකථං තත්රාසයාති පරිස්සයා? තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයා යථා බිලෙ බිලාසයා පාණා සයන්ති, දකෙ දකාසයා පාණා සයන්ති, වනෙ වනාසයා පාණා සයන්ති, රුක්ඛෙ රුක්ඛාසයා පාණා සයන්ති, එවමෙවං තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයාති. එවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTකිසෙයින් තත්‍රාසය (-එහි වෙසෙත්) නුයි පරිශ්‍රය වූහ යත්: එ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදිත්: යම්සේ බිලාශ්‍රය ප්‍රාණීහු බිලයෙහි වෙසෙත් ද, දිය ඇසුරු කරන ප්‍රාණීහු දියෙහි හොවිත් ද, වනය ඇසුරු කරන ප්‍රාණීහු වෙනෙහි හොවිත් ද, රුක ඇසුරු කරන ප්‍රාණීහු රුකෙහි හොවිත් ද, එපරිද්දෙන් ම ඒ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදනාහු වෙත් නුයි මෙසේත් තත්‍රාසය නුයි ‘පරිශ්‍රය’ නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැ යැ භාග්‍යවත්හු විසින්:
Pali BJT“සාන්තෙවාසිකො භික්ඛවෙ භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු{1} විහරති. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු{1} විහරති?
Sinhala BJT“මහණෙනි, සාන්තේවාසික වූ ( -අතැවැසි කෙලෙසුන් සමඟ වසන) මහණ තෙමේ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කිසෙයින් සාන්තේවාසික වූ සාවාර්‍ය්‍යක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසංකප්පා සඤ්ඤොජනියා, ත්යාස්ස අන්තො වසන්ති, අන්වාස්ස වසන්ති{2} පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති, සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති තස්මා සාචරියකොති වුච්චති. පුන චපරං භික්ඛවෙ භික්ඛුනො සොතෙන සද්දං සුත්වා - ඝානෙන ගන්ධං ඝායිත්වා - ජිව්හාය රසං සායිත්වා - කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා - මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා, ත්යාස්ස අන්තො වසන්ති අන්වාස්ස වසන්ති{2} පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති, සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති තස්මා සාචරියකොති වුච්චති. පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා - ඝානෙන ගන්ධං ඝායිත්වා - ජිව්හාය - රසං සායිත්වා - කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා - මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා, ත්යාස්ස අන්තො වසන්ති, අන්වාස්ස වසන්ති පාපකා අකුසලා ධම්මා’ති තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති, සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මා’ති තස්මා සාචරියකොති වුච්චති. එවං ඛො භික්ඛවෙ භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු{1} විහරතී”ති{a} එවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමහණෙනි, මෙහි මහණක් හට ඇසින් රූපයක් දැක (නොයෙක් අරමුණෙහි හැසිරීම් වශයෙන් උපන්) සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති, ඔහුගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඒ පුද්ගලයා හසුරුවති, ඔහු කෙරෙහි පවතිත් නුයි එහෙයින් ‘සාචරියක’ යි කියනු ලැබේ. නැවත ද මහණෙනි, මහණ හට කනින් ශබ්දයක් අසා නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන අරමුණෙහි හැසිරීමෙන් උපන් සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු ගේ සිත තුළ වෙසෙති, ඔහු ගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඒ පුද්ගලයා හසුරුවති, ඔහු කෙරෙහි පවතිත් නුයි එහෙයින් ‘සාචරියක’ යී කියනු ලැබේ. මහණෙනි, මෙ පරිද්දෙන් මහණ තෙමේ සාන්තේවාසික වූයේ සාචරියක වූයේ දුකසේ නො සුවසේ වෙසේ” යයි. මෙසේත් තත්‍රාසය නුයි ‘පරිශ්‍රය’ නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයැ බුදුන් විසින්:
Pali BJT“තයො’මෙ භික්ඛවෙ අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා. කතමෙ තයො? ලොභො භික්ඛවෙ අන්තරා මලං{3} අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. දොසො භික්ඛවෙ -පෙ- මොහො භික්ඛවෙ අන්තරාමලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො අන්තරා මලං අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා.”{b}
Sinhala BJT“මහණෙනි, මේ ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති: කවර තිදෙනෙක යත්? මහණෙනි, ලෝභය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි, මහණෙනි, ද්වේෂය … මහණෙනි, මෝහය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, මොහු තිදෙනා ඇතුළත මලයෝ යැ, ඇතුළත අමිත්‍රයෝ යැ, ඇතුළත සතුරෝ යැ, ඇතුළත වධකයෝ යැ, ඇතුළත පසමිතුරෝ” යි.
Pali BJT1. අනත්ථජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT1. ලෝභය අනර්‍තථජනක යැ, ලෝභය කුසල්සිත වළහන්නේ යැ, ඇතුළත උපන් භයෙකැ, බාලජන තෙමෙ එය අවබෝධ නො කෙරෙයි.
Pali BJT2. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං ලොභො සහතෙ නරං.
Sinhala BJT2. ලෝභී තෙමේ (ලොවි - ලොවුතුරු) අර්‍ත්‍ථය නො දනී. ලෝභී තෙමෙ දහම් නො දකී. යම් හෙයකින් ලෝභය තෙමෙ මිනිසා මැඩගනී ද එකල්හි බහල වූ අන්‍ධකාරය වේ.
Pali BJT3. අනත්ථජනනො දොසො දොසො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT3. ද්වේෂය අනර්‍තථජනක යැ. ද්වේෂය කුසල්සිත වළහන්නේ යැ. ඇතුළත උපන් භයෙකැ. බාලජන තෙමෙ එය අවබෝධ නො කෙරෙයි.
Pali BJT4. කුද්ධො අත්ථං න ජානාති කුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං කොධො{1} සහතෙ නරං.
Sinhala BJT4. කිපියේ අර්‍ත්‍ථය නො දැනගනී. කිපියේ දහම් නො දකී. යම් කලෙක ක්‍රෝධය මිනිසා අභිභවා ද, එකල්හි බහලාන්‍ධකාරය වේ.
Pali BJT5. අනත්ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT5. මෝහය අනර්‍තථ උපදවන්නේ යැ. මෝහය කුසල්සිත වළහන්නේ යැ. සිත තුළ උපන් භයෙකැ. බාලජන තෙමෙ එය අවබෝධ නො කෙරේ.
Pali BJT6. මූළ්හො අත්ථං න ජානාති මූළ්හො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං මොහො සහතෙ නර”න්ති.{a}
Sinhala BJT6. මූඪ වූයේ ලොවි - ලොවුතුරු අර්‍ත්‍ථය නො දනී. මූඪ තෙමෙ දහම් (- අනර්‍තථහෙතුව) නො දකී. යම් කලෙක මෝහය තෙමෙ මිනිසා අභිභවා ද එකල්හි බහල වූ මෝහාන්‍ධකාරය වේ යයි.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමෙසේ ත් තත්‍රාසය නුයි ‘පරිස්සය’ නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැය බුදුන් විසින්:
Pali BJT“තයො ඛො’මෙ මහාරාජ, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො: ලොභො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය, දොසො ඛො මහාරාජ -පෙ- මොහො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ, තයො පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායා”ති.{b}
Sinhala BJT“මහරජ, මේ ධර්‍මයෝ තිදෙනෙක් පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නො සුවසේ වාසය පිණිස උපදිත්. කවර තිදෙනෙක් ද යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනේ අහිතට දුකට අඵාසුවිහරණයට උපදී, මහරජ, ද්වේෂය … මහරජ, මෝහය පුරුෂයාගේ සිත තුළ උපදනේ අහිතට දුකට අඵාසුවිහරණයට උපදී. මහරජ, මේ ධර්‍මයෝ තිදෙන පුරුෂයාගේ සිත තුළ උපදනාහු අහිතයට දුකට අඵාසුවිහරණයට උපදනාහුය” යි.
Pali BJT7. “ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං, හිංසන්ති අත්තසම්භූතා තචසාරංව සම්ඵල”න්ති.{b}
Sinhala BJT7. ලෝභය ද ද්වේෂය ද මෝහය ද තම සිත තුළ උපන්නාහු ස්වකීය ඵලය හුණගස සෙයින් පව්සිත් ඇති මිනිසා වනසත්’ යයි.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමෙසේත් තත්‍රාසය නුයි ‘පරිස්සය’ නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTතෙල බුදුන් විසින් වදාරන ලද මැය:
Pali BJT8. “රාගො ච දොසො ච ඉතො නිදානා අරතී රතී ලොමහංසා ඉතොජා,{2} ඉතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධඞ්කමිවොස්සජන්තී”ති.{c}
Sinhala BJT8. රාගය ත් ද්වේෂය ත් මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහු ය. අරතිය රතිය හා රොමහර්‍ෂයෝ මේ අත්බවින් උපන්නාහ. පාපවිතර්‍කයෝ මේ අත්බවින් ඉපද කුමරහු හුයින් පය බැඳි කවුඩක්හු සෙයින් හැරපියත්.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා. ලොකෙති මනුස්සලොකෙ -පෙ- ආයතනලොකෙ’ති - කති පරිස්සයා ලොකෙ?
Sinhala BJTමෙසේ ත් තත්‍රාසය නුයි ‘පරිස්සය’ නම් වෙත්. ලෝකේ යනු: මිනිස්ලොවැ ආයතනලෝකයෙහි නුයි ‘කති පරිස්සයා ලෝක’ යනු වේ.
Pali BJTගච්ඡතො අගතං දිසන්ති - ‘අගතා දිසා’ වුච්චති අමතං නිබ්බානං, “යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං” අගතපුබ්බා සා දිසා, න සා දිසා ගතපුබ්බා ඉමිනා දීඝෙන අද්ධුනා.
Sinhala BJTගච්ඡතො අගතං දිසං - අමාමහ නිවන ‘අගතදිසා’ යී කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද, ඒ දිග (සිහිනෙන් පවා) නො ගියවිරූ යැ. මේ දීර්‍ඝකාලයෙහි ඒ දිශාව ගියවිරූ නො වෙයි.
Pali BJT9. “සමතිත්තිකං අනවසෙසකං{1} තෙලපත්තං යථා පරිහරෙය්ය, එවං සචිත්තමනුරක්ඛෙ පත්ථයානො දිසං අගතපුබ්බ”න්ති.{a}
Sinhala BJT9. “මුවවිට ගසා පිරුණු තෙල් පාත්‍රයක් නො වැගිරෙනු කොට ගෙන යන්නාක් මෙන් නො ගිය විරූ නිවන්දෙස පතනුයේ ස්වකීය චිත්තය රක්නේයැ” යි.
Pali BJTඅගතපුබ්බං දිසං වජතො ගච්ඡතො අභික්කමතොති ගච්ඡතො අගතං දිසං.
Sinhala BJTඅගතපූර්‍ව වූ නිර්‍වාණදිශාවට යනුවහුට ගමන් කරනුවහුට අභිමුඛයට යනුවහුට නුයි ‘ගච්ඡතො අගතං දිසං’ යනු වේ.
Pali BJTයෙ භික්ඛු අභිසම්භවෙති - ‘යෙ’ති යෙ පරිස්සයෙ අභිසම්භවෙය්ය අභිභවෙය්ය අජ්ඣොත්ථරෙය්ය පරියාදියෙය්ය මද්දෙය්යාති - යෙ භික්ඛු අභිසම්භවෙ.
Sinhala BJTයෙ භික්ඛු අභිසම්භවෙ - ‘යෙ’ යනු: යම් පරිශ්‍රය කෙනකුන් මැඩපවත්වන්නේ නම්, අභිභවනය කරන්නේ නම්, වතුරුවන්නේ නම්’ හාත්පසින් ගන්නේ නම්, මඩින්නේ නම් යී ‘යෙ භික්ඛු අභිසම්භවෙ’ යනු වේ.
Pali BJTපන්තම්හි සයනාසනෙති - අන්තෙ පන්තෙ පරියන්තෙ සෙලන්තෙ වා වනන්තෙ වා නදන්තෙ වා උදකන්තෙ වා යත්ථ න කසීයති න වපීයති, වනන්තං{2} අතික්කමිත්වා මනුස්සානං අනුපචාරෙ සෙනාසනෙති - පන්තම්හි සයනාසනෙ.
Sinhala BJTපන්තම්හි සයනාසනෙ - අන්තයෙහි ප්‍රාන්තයෙහි පර්‍ය්‍යන්තයෙහි පර්‍වතයන්ගේ අන්තයෙහි හෝ වනාන්තයෙහි හෝ නදීඅන්තයෙහි හෝ උදකාන්තයෙහි හෝ යම් තැනෙක නො සානු ලැබේ ද, නො වපුරනු ලැබේ ද, (එබඳු) වනාන්තය ඉක්මවා සිටි, මිනිසුන්ගේ හැසිරීම් රහිත වූ සෙනස්නෙහි නුයි ‘පන්තම්හි සයනාසනෙ’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො සාරිපුත්තො:
Sinhala BJTඑයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
Pali BJT“කති පරිස්සයා ලොකෙ ගච්ඡතො අගතං දිසං, යෙ භික්ඛු අභිසම්භවෙ පන්තම්හි සයනාසනෙ”ති.
Sinhala BJT“කති පරිස්සයා ලෝකේ -පෙ- පන්තම්හි සයනාසනෙ” යී.
Pali BJT16. 7.
Sinhala BJT16. 7.
Pali BJTක්යාස්ස බ්යප්පථයො අස්සු ක්යාස්සස්සු ඉධ ගොචරා, කානි සීලබ්බතාන’ස්සු පහිතත්තස්ස භික්ඛුනො.
Sinhala BJTආරබ්ධවීර්‍ය්‍ය ඇති ඒ මහණ හට කෙබඳු වචනයෝ වන්නාහු ද? මෙහි ඔහුට කෙබඳු ගෝචරයෝ වන්නාහු ද? ඔහුට කීදෘශ වූ ශීලව්‍රත කෙනෙක් වන්නාහු ද?
Pali BJTක්යාස්ස බ්යප්පථයො අස්සූති - කීදිසෙන බ්යප්පථෙන සමන්නාගතො අස්ස, කිංසණ්ඨිතෙන කිංපකාරෙන කිංපටිභාගෙනාති වචීපාරිසුද්ධිං පුච්ඡති; කතමා වචීපාරිසුද්ධි? ඉධ භික්ඛු මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති: සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස; පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති: ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය; අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති: යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති.
Sinhala BJTක්‍යාස්ස බ්‍යාප්පථයො අස්සු - කෙබඳු වූ කෙසේ සිටි කවර ප්‍රකාර ඇති කවර ආකාර ඇති චවනයෙන් සමන්‍විත වූයේ වන්නේ දැ’ යි වාක් පාරිශුද්ධිය විචාරයි. වාක්පාරිශුද්ධිය කවර යත්: මෙහි මහණ තෙමේ මෘෂාවාදය හාරැපියා මුසවායෙන් වැළැකුණේ සැබෑ බස කියනුයේ සැබවින් සැබව ගළපනුයේ තිර වූයේ හැදැහිය යුතු බස් ඇතියේ ලොව නො රවටනුයේ වෙයි, පිසුනු බස් හැරැපියා පිසුනු බසින් වැළැකුණේ වෙයි: මෙතැනින් අසා මුන් ගේ බිඳුමට අතැන නො කියනුයේ, අතැනින් හෝ අසා අරුන් ගේ බිඳුමට මුන්ට නො කියනුයේ වෙයි. මෙසේ භින්න වූවන් හෝ සමඟ කරනුයේ සමඟ වූවන් හෝ දැඩි කරනුයේ සමඟියෙහි ඇලුම් ඇතියේ සමඟ වූවන් කෙරෙහි ඇලුණේ සමඟ වූවනට සතුටු වූයේ සමඟ කරන බස් කියනුයේ වෙයි, රළුබස් හැරැපියා රළුබසින් වැළැකුණේ වෙයි. යම් වචනයක් නිදොස් නම් කනට සුව නම් පෙම් උපදවා නම් සිතට වදී නම්, පුරෙහි වූවා නම් බොහෝ දෙනාට කැමැති නම් බොහෝ දෙනාගේ මන වඩා නම් එබඳු වචන කියන්නේ වෙයි.
Pali BJTකාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. චතූහි වචීසුචරිතෙහි සමන්නාගතො චතුදොසාපගතං වාචං භාසති. බත්තිංසාය තිරච්ඡානකථාය ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදිකතෙන චෙතසා විහරති. දස කථාවත්ථූනි කථෙති. සෙය්යථීදං: අප්පිච්ඡකථං සන්තුට්ඨිකථං පවිවෙකකථං අසංසග්ගකථං විරියාරම්භකථං සීලකථං සමාධිකථං පඤ්ඤාකථං විමුත්තිකථං විමුත්තිඤාණදස්සනකථං, සතිපට්ඨානකථං සම්මප්පධානකථං ඉද්ධිපාදකථං ඉන්ද්රියකථං බලකථං බොජ්ඣඞ්ගකථං මග්ගකථං ඵලකථං නිබ්බානකථං කථෙති. වාචාය යතො යත්තො පටියත්තො ගුත්තො ගොපිතො රක්ඛිතො සංවුතො. අයං වචීපාරිසුද්ධි. එදිසාය{1} වචීපාරිසුද්ධියා සමන්නාගතො අස්සාති - ක්යාස්ස බ්යප්පථයො අස්සු.
Sinhala BJTනිසරු (- ප්‍රලාප) බස් හැරපියා නිසරු බසින් වැළැකුණේ වෙයි. කල් බලා කියනුයේ සැබවක් ම කියනුයේ වැඩදායක තෙපුල් කියනුයේ ධර්‍මවාදී වූයේ විනයවාදී වූයේ සුදුසු කල කරුණු සහිත වූ පිරිසිඳුම් ඇති වැඩ සහිත වූ ළෙහි ලා දැරිය යුතු වූ තෙපුලක් මැ කියන්නේ වෙයි. චතුර්විධ වාක්සුචරිතයෙන් යුක්ත වූයේ සතර දොසින් වෙන් වූ තෙපුලක් මැ කියයි. දෙතිස් තිරිසන් කථාවෙන් දුරු වූයේ වන්නේ යැ, වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වෙසෙයි. දශ කථාවස්තූන් කියයි. ඒ මෙසේ යැ: අල්පෙච්ඡකථාව කියයි, ඉතරෙතරප්‍රත්‍යයසන්තොෂ කථාව - විවේකනිඃශ්‍රිත කථාව - අසංසර්‍ගකථාව - වීර්‍ය්‍යාරම්භකථාව - ශීලකථාව - සමාධිකථාව - ප්‍රඥාකථාව - විමුක්තිකථාව - විමුක්තිඥානදර්‍ශනකථාව - සතිපට්ඨානකථාව - සම්‍යක්ප්‍රධානකථාව - ඍද්ධිපාදකථාව - ඉන්ද්‍රියකථාව - බලකථාව - බොධ්‍යඞ්ගකථාව - මාර්‍ගකථාව - ඵලකථාව - නිර්‍වාණකථාව කියයි. වචනයෙන් සංයම වූයේ දැමුණේ වෙසෙසින් දැමුණේ ගෝපනය වූයේ ගෝපිත වූයේ රැකුණේ සංවර වූයේ වේ. මෝ තොමෝ වචීපාරිසුද්ධිය යි. මෙබඳු වාක්පාරිශුද්ධියෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ක්‍යාස්ස බ්‍යාප්පථයො අස්සු’ යනු වේ.
Pali BJTක්යාස්සස්සු ඉධ ගොචරාති - කීදිසෙන ගොචරෙන සමන්නාගතො අස්ස, කිංසණ්ඨිතෙන කිංපකාරෙන කිංපටිභාගෙනාති ගොචරං පුච්ඡති. අත්ථි ගොචරො, අත්ථි අගොචරො:
Sinhala BJTක්‍යාස්සස්සු ඉධ ගෝචරා - කෙබඳු වූ කවර පැවැතුම් ඇති, කවර ප්‍රකාර වූ කවර ආකාර ඇති, ගෝචරයෙන් සමන්‍විත වූයේ වන්නේදැ’ යි ගෝචරය විචාරයි. ගෝචරයෙක් ඇත, අගොචරයෙක් ඇත.
Pali BJTකතමො අගොචරො? ඉධෙකච්චො වෙසියගොචරො වා හොති, විධවාගොචරො වා හොති, ථුල්ලකුමාරීගොචරො වා හොති, පණ්ඩකගොචරො වා හොති, භික්ඛුනීගොචරො වා හොති, පානාගාරගොචරො වා හොති. සංසට්ඨො විහරති රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන. යානි වා පන තානි කුලානි අස්සද්ධානි අප්පසන්නානි අනොපානභූතානි අක්කොසක පරිභාසකානි අනත්ථකාමානි අහිතකාමානි අඵාසුකාමානි අයොගක්ඛෙමකාමානි භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං වුච්චති අගොචරො.
Sinhala BJTඅගෝචරය කවරැ යත්: මෙහි එකෙක් වේශ්‍යාවන් ගෝචර (-යායුතු තැන්) කොට ඇත්තේ හෝ වේ ද, වැන්දඹුවන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, නපුංසකයන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, මෙහෙණන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, සුරාගෙය ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, රජුන් හා ද රජමහඇමැතියන් හා ද තීර්‍තථකයන් හා ද තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා ද අනනුලෝමික වූ සංසර්‍ගයෙන් සංසෘෂ්ට වැ (- හැනී) වෙසේ ද, යළි යම් කුල කෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහිලි නැත්තාහු ද (එහෙයින් මැ) නො පහන් වූවාහු ද ඔපාන (-සතරමංසල කැණි ළිඳක්) මෙන් නො වූවාහු ද මහණුන්ට මෙහෙණන්ට උවසුවන්ට උවැසියන්ට අක්‍රොශ හා පරිභව කරන්නාහු ද අනර්‍තථ කැමැති වෙත් ද අහිත කැමැති වෙත් ද, නො සුව කැමති වෙත් ද අයොගක්ෂෙමය (භය) කැමැත්තාහු වෙත් ද, එබඳු වූ කුලයන් සේවනය කෙරේ ද එළැඹේ ද නැවත නැවත එළැඹේ ද, මේ ‘අගෝචරය’ යි කියනු ලැබේ.
Pali BJTඅථවා අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො අසංවුතො ගච්ඡති: හත්ථිං ඔලොකෙන්තො අස්සං ඔලොකෙන්තො රථං ඔලොකෙන්තො පත්තිං ඔලොකෙන්තො ඉත්ථියො ඔලොකෙන්තො පුරිසෙ ඔලොකෙන්තො කුමාරිකායො ඔලොකෙන්තො කුමාරකෙ ඔලොකෙන්තො අන්තරාපණං ඔලොකෙන්තො ඝරමුඛානි ඔලොකෙන්තො උද්ධං ඔලොකෙන්තො{2} අධො ඔලොකෙන්තො දිසාවිදිසං පෙක්ඛමානො{3} ගච්ඡති. අයම්පි වුච්චති අගොචරො.{a}
Sinhala BJTනොහොත් ඇතුළුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ අසංවර වැ යේ ද, ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබලසෙන් බලමින් ගැහැනුන් බලමින් පිරිමින් බලමින් කුමරියන් බලමින් කුමරුන් බලමින් ඇතුළුසල්පිල් බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දසනුදස බලමින් යේ ද, මෙ ද ‘අගොචර’ යයි කියනු ලැබේ.
Pali BJTඅථ වා චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං -පෙ- මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං; තස්ස අසංවරාය පටිපජ්ජති. න රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ අසංවරං ආපජ්ජති. අයම්පි වුච්චති අගොචරො.
Sinhala BJTනොහොත් ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් ගන්නා සුලු වූයේ (හත්‍ථපාදාදි) අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නා සුලු වූයේ වෙයි. යම් හෙයකින් මොහු … මනෙන්ද්‍රියය අසංවෘත වැ වාසය කරන්නහු අභිධ්‍යා - දෞර්‍මනස්‍යසඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඒ මනෙන්ද්‍රියයාගේ අසංවරයට පිළිපදී ද, මනෙන්ද්‍රියය නො රකී ද, මනෙන්ද්‍රියයෙහි අසංවරයට පැමිණේ ද, මෙ ද ‘අගෝචරය’ යි කියනු ලැබේ.
Pali BJTයථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති. සෙය්යථීදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාළං කුම්භථූනං සොභනගරං{1} චණ්ඩාලං වංසං ධොවනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං ගොයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්යොධිකං බලග්ගං සෙනාබ්යූහං අණීකදස්සනං ඉති වා. ඉති එවරූපං විසූකදස්සනං අනුයුත්තො හොති. අයම්පි වුච්චති අගොචරො. පඤ්චපි කාමගුණා අගොචරා.
Sinhala BJTතවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා දුන් බොජුන් වළඳා ඔහු මෙබඳු වූ විසුළු දැකීමෙහි යෙදී වෙසෙති; ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතරාමායණාදිය කියන තැන කස්තාලම් කුළුතාලම් (හෝ මන්ත්‍රයෙන් මළ සිරුර නැගුටුවීම) කළ පිඹීම ප්‍රතිභානචිත්‍රය සැඬලුන්ගේ සණදොවුන් කෙළි වස්කුලල් ඇටදෙවීම ඇත්පොර අස්පොර මියුපොර වැහැප්පොර ගවපොර බැටළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ලපොර යුදපෙරමුණ බලසෙන් ගණන තැන කඳවුර බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේ මෙබඳු විසුළු දැකීමෙහි යෙදුණේ වෙයි. මෙ ද ‘අගොචර’ යයි කියනු ලැබේ. පස්කම් ගුණයෝ ද අගොචරයෝ යැ.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTතෙල වදාරන ලද මැය බුදුන් විසින්:
Pali BJT“මා භික්ඛවෙ අගොචරෙ චරථ පරවිසයෙ. අගොචරෙ භික්ඛවෙ චරතං පරවිසයෙ ලච්ඡති මාරො ඔතාරං, ලච්ඡති මාරො ආරම්මණං කො ච භික්ඛවෙ භික්ඛුනො අගොචරො පරවිසයො? යදිදං පඤ්ච කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා; සොතවිඤ්ඤෙය්යා සද්දා - ඝානවිඤ්ඤෙය්යා ගන්ධා - ජිව්හාවිඤ්ඤෙය්යා රසා - කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං වුච්චති භික්ඛවෙ භික්ඛුනො අගොචරො පරවිසයො”{a} අයම්පි වුච්චති අගොචරො.
Sinhala BJTමහණෙනි, අගෝචරයෙහි (- නො හැසිරියැ යුතු තැන) සතුරන් විෂයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචරයෙහි පරවිෂයෙහි හැසිරෙනුවන්ට (ක්ලේශ) මාර තෙමේ අවකාශ (සිදුරු) ලබන්නේ යැ. මාර තෙමෙ අරමුණු ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචරය පරවිෂය කවරේ ද? යම් පස්කම්ගුණ කෙනෙක් වෙත් ද, (ඔහු යැ.) කවර පසෙක් ද යත්: ඉෂ්ට වූ කමනීය වූ මනවඩන්නාවු ප්‍රියස්වභාව ඇති කාමය හා යෙදුණු රාගෝත්පත්තියට කාරණ වූ චක්‍ෂුර්විඥානයෙන් දැක්කයුතු රූපයෝ යැ, ශ්‍රොත්‍රවිඥානයෙන් ඇසියයුතු ශබ්දයෝ යැ - ඝ්‍රාණවිඥානයෙන් ඇගි යැ යුතු ගන්‍ධයෝ යැ - ජිහ්වාවිඥානයෙන් වින්දයුතු රසයෝ යැ - කායවිඥානයෙන් ස්පර්‍ශ කළ යුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමූපසංහිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මේ මහණහට ‘අගොචර යැ පරවිෂය’ යි කියනු ලැබේ. මෙ ද ‘අගොචර’ යයි කියනු ලැබේ.
Pali BJTකතමො ගොචරො? “ඉධෙකච්චො{2} වෙසියගොචරො හොති, න විධවාගොචරො හොති, න ථුල්ලකුමාරීගොචරො හොති, න පණ්ඩකගොචරො හොති, න භික්ඛුනීගොචරො හොති, පානාගාරගොචරො හොති. අසංසට්ඨො විහරති රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන. යානි වා පන තානි කුලානි සද්ධානි පසන්නානි ඔපානභූතානි කාසාවපජ්ජොතානි ඉසිවාතපටිවාතානි අත්ථකාමාති හිතකාමානි ඵාසුකාමානි යොගක්ඛෙමකාමානි භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති.”{b}. අයම්පි වුච්චති ගොචරො.
Sinhala BJTගෝචරය කවරැ යත්: මෙ සස්නෙහි මහණ තෙමෙ චෙශ්‍යාවන් ගෝචර (- යායුතු තැන්) කොට නැත්තේ වේ ද, වැන්දඹුවන් ගෝචර කොට නැත්තේ වේ ද, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට නැත්තේ වේ ද, නපුංසකයන් ගෝචර කොට නැත්තේ වේ ද, භික්‍ෂුණීන් ගෝචර කොට නැත්තේ වේ ද, සුරාගාරය ගෝචර කොට නැත්තේ වේ ද, රජුන් හා රජමහමැතියන් හා තිර්‍තථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා අනනුලෝමික වූ සංසර්‍ගයෙන් අසංසෘෂ්ට වැ වෙසේ ද, යළි යම් ඒ කුල කෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහිලි ඇත්තාහු ද ප්‍රසන්න වූවාහු ද (සතර මංසල කැණි) ළිඳක් වැනි වෙත් ද, (මහණ මෙහෙණන් හන් පෙරැවි) කහවත්හි ප්‍රභායෙන් එකාලොක වෙද්ද, ගෙට වදන නික්මෙන මහණ මෙහෙණ සඞ්ඛ්‍යාත ඍෂීන් ගේ චීවරවාතයෙන් පරිවාත වෙද්ද, මහණ මෙහෙණ උවසු උවැසියනට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු සුව කැමැත්තාහු නිර්‍භය කැමැත්තාහු වෙද්ද, එබඳු කුලයන් සෙවන භජන පර්‍ය්‍යුපාසන කෙරේ ද මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ.
Pali BJTඅථ වා භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො සංවුතො ගච්ඡති: න හත්ථිං ඔලොකෙන්තො න අස්සං ඔලොකෙන්තො න රථං ඔලොකෙන්තො න පත්තිං ඔලොකෙන්තො -පෙ- න දිසාවිදිසං විපෙක්ඛමානො ගච්ඡති, අයම්පි වුච්චති ගොචරො. අථවා භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති -පෙ- මනින්ද්රියෙ සංවරං ආපජ්ජති; අයම්පි වුච්චති ගොචරො. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති. සෙය්යථීදං? නච්චං ගීතං වාදිතං -පෙ- අණීකදස්සනං ඉති වා. ඉති එවරූපං විසූකදස්සනං පටිවිරතො හොති. අයම්පි වුච්චති ගොචරො. චත්තාරොපි සතිපට්ඨානා ගොචරො.
Sinhala BJTනොහොත් මහණ තෙමේ ඇතුළුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ සංවර වැ යේ ද: ඇතුන් නො බලමින්, අසුන් නො බලමින්, පාබලසෙන් නො බලමින් … දසනුදස නො බලමින් යේ ද; මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ. නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ වේ ද … මනෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ ද; මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ. තවද යම්සේ ඇතැම් භවත් මහණ බමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ඔහු මෙබඳු වූ විසුළු දස්නෙහි යෙදී වාසය කෙරෙද්ද, එ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් … බලඇණි දැකීම ආදිය හෝ යැ; මෙසේ මෙබඳු වූ විසුළු දස්නෙන් වැළැකුණේ වේ ද; මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ. සතර සීවටන්හු ද ‘ගොචරයැ’.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTතෙල වදාරන ලද මැය, භාග්‍යවත්හු විසින්:
Pali BJT“ගොචරෙ භික්ඛවෙ චරථ සකෙ පෙත්තිකෙ විසයෙ. ගොචරෙ භික්ඛවෙ චරතං සකෙ පෙත්තිකෙ විසයෙ න ලච්ඡති මාරො ඔතාරං, න ලච්ඡති මාරො ආරම්මණං. කො ච භික්ඛවෙ භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො: යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති, වෙදනාසු -පෙ- චිත්තෙ - ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො.{a} අයම්පි වුච්චති ගොචරො. එදිසෙන ගොචරෙන සමන්නාගතො අස්සාති - ක්යාස්සස්සු ඉධ ගොචරා.
Sinhala BJTමහණෙනි, ගෝචර (- හැසිරීමට යුක්තස්ථාන) වූ ස්වකීය පෛතෘක (- පියාගෙන් පැමිණි) විෂයෙහි හැසිරෙවු, මහණෙනි, ගෝචර වූ තමා සතු පියාගෙන් පැමිණි විෂයෙහි හැසිරෙනුවන්ට මාර තෙමේ සිදුරු නො ලබන්නේ යැ. මාර තෙමේ අරමුණු නො ලබන්නේ යැ. මහණෙනි, ගෝචර වූ ස්වකීය පෛතෘකවිෂය කවරෙ යත්: යම් මේ සතර සීවටන් කෙනෙක් වෙත් ද, කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ රූපකයෙහි කය නැවත නැවත බලමින් වෙසෙයි, වේදනාවන්හි … චිත්තයෙහි … ස්කන්‍ධාදි ධර්‍මයන්හි ධර්‍මයන් නැවත නැවත බලමින් කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ ස්මෘතිමත් වූයේ ස්කන්‍ධාදි ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට වාසය කෙරෙයි. මහණෙනි, මෙ මහණහට ගෝචර වූ තමා සතු වූ පියා කෙරෙන් පැමිණි විෂය යයි කියනු ලැබේ. මෙ ද ගෝචරය යි කියනු ලැබේ. මෙබඳු වූ ගෝචරයෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ක්‍යාස්සස්සු ඉධ ගෝචරා’ යනු වේ.
Pali BJTකානි සීලබ්බතානස්සූති - කීදිසෙන සීලබ්බතෙන සමන්නාගතො අස්ස, කිංසණ්ඨිතෙන කිංපකාරෙන කිංපටිභාගෙනාති සීලබ්බතපාරිසුද්ධිං පුච්ඡති; කතමා සීලබ්බතපාරිසුද්ධි: අත්ථි සීලඤ්චෙව වතඤ්ච, අත්ථි වතං න සීලං. කතමං සීලඤ්චෙව වතඤ්ච? ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, යො තත්ථ සඤ්ඤමො සංවරො අවීතික්කමො ඉදං සීලං යං සමාදානං, තං වතං. සංවරට්ඨෙන සීලං, සමාදානට්ඨෙන වතං. ඉදං වුච්චති සීලඤ්චෙව වතඤ්ච. කතමං වතං න සීලං? අට්ඨ ධුතඞ්ගානි: ආරඤ්ඤිකඞ්ගං පිණ්ඩපාතිකඞ්ගං පංසුකූලිකඞ්ගං තෙචීවරිකඞ්ගං සපදානචාරිකඞ්ගං ඛලුපච්ඡාභත්තිකඞ්ගං නෙසජ්ජිකඞ්ගං යථාසන්ථතිකඞ්ගං, ඉදං වුච්චති වතං, න සීලං. විරියසමාදානම්පි වුච්චති වතං, න සීලං. ‘කාමං තචො ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු, උපසුස්සතු සරීරෙ මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසබලෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී”ති චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපම්පි විරියසමාදානං වුච්චති වතං, න සීලං.
Sinhala BJTකානි සීලබ්බතානස්සු - කෙබඳු වූ කවර පැවැතුම් ඇති කවර ප්‍රකාර වූ කවර ආකාර ඇති ශීලව්‍රතයෙකින් යුක්ත වූයේ වන්නේ දැ’ යි ශීලව්‍රතපාරිශුද්ධිය විචාරයි. ශීලව්‍රතපාරිශුද්ධිය කවරැ යත්: ශීලය මැ වූ ව්‍රතයකුත් ඇත, ශීල නො වූ ව්‍රතයකුත් ඇත; ශීලය මැ වූ ව්‍රතය කවරැ යත්: මේ සස්නෙහි මහණ තෙමේ සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් සම්නවිත වූයේ මඳ පමණ දොසෙයි දු බිය දක්නාසුලු වූයේ වාසය කෙරේ ද, ශික්‍ෂාකොට්ඨාසයන්හි සමාදන් වැ හික්මේ ද, එහි ය සංයමයෙක් සංවරයෙක් නො ඉක්මැවීමෙක් වේ නම්, මේ ශීල යැ; යම් සමාදානයෙක් වී නම්, එය ව්‍රත යැ. සංවරාර්‍තථයෙන් ශීල යැ,සමාදානාර්‍තථයෙන් ව්‍රත යි. මේ ශීලය ද ව්‍රතය දැ’ යි කියනු ලැබේ. ශීල නො වූ ව්‍රතය කවරැ යත්: අෂ්ට ධුතාඞ්ගයෝ යැ: ආරණ්‍යකාඞ්ග යැ පිණ්ඩපාතිකාඞ්ග යැ පංසුකූලිකාඞ්ග යැ තෙචීවරිකාඞ්ග යැ සපදානචාරිකාඞ්ග යැ ඛලුපච්ඡාභත්තිකාඞ්ග යැ නෙසජ්ජිකාඞ්ග යැ යථාසන්ථතිකාඞ්ගය යි. මේ ශීල නො වූ ව්‍රත යැ යි කියනු ලැබේ. වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ: ‘ඒකාන්තයෙන් සමත් නහරත් ඇටත් ඉතිරිවන්නේ නමුදු සිරුරෙහි මස් ලේ වියැළෙන්නේ නමුදු පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණියැ යුතු ඒ උත්තමාර්‍තථයට නො පැමිණැ වීර්‍ය්‍යයා ගේ ලිහිල්බවෙක් නො වන්නේ යැ’ යි සිත උත්සාහ ගන්වයි, පිහිටුව යි; මෙබඳු වූ වීර්‍ය්‍යසමාදානය ද ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ.
Pali BJT1. “නාසිස්සං න පිවිස්සාමි විහාරතො න නික්ඛමෙ{1} නපි පස්සං නිපාතෙස්සං තණ්හාසල්ලෙ අනූහතෙ”ති{a}
Sinhala BJT1. “තෘෂ්ණාශල්‍යය උපුටා නො ලූ කල්හි (මේ ඛාද්‍යාදිය) නො කමි, (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් නො නික්මෙමි, (ඇඳපුටු ආදියෙහි) ඇලය නො තබමි”.
Pali BJTචිත්තං පග්ගණ්හාති පදහති, එවරූපම්පි විරියසමාදානං වුච්චති වතං න සීලං. ‘න තාවාහං ඉමං පල්ලඞ්කං භින්දිස්සාමි, යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී”ති චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපම්පි විරියසමාදානං වුච්චති වතං න සීලං. ‘න තාවාහං ඉමම්හා ආසනා වුට්ඨහිස්සාමි, න තාවාහං ඉමම්හා චඞ්කමා ඔරොහිස්සාමි, විහාරා නික්ඛමිස්සාමි, අඩ්ඪයොගා නික්ඛමිස්සාමි, පාසාදා නික්ඛමිස්සාමි, හම්මියා - ගුහාය - ලෙණා - කුටියා - කූටාගාරා - අට්ටා - මාළා - උද්දණ්ඩා - උපට්ඨානසාලාය - මණ්ඩපා - රුක්ඛමූලා නික්ඛමිස්සාමි, යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී’ති චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපං විරියසමාදානං වුච්චති වතං න සීලං. ‘ඉමස්මිඤ්ඤෙව පුබ්බන්හසමයං අරියධම්මං ආහරිස්සාමි සමාහරිස්සාමි අධිගච්ඡිස්සාමි ඵස්සයිස්සාමි සච්ඡිකරිස්සාමී’ති චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපම්පි විරියසමාදානං වුච්චති වතං න සීලං, ඉමස්මිඤ්ඤෙව මජ්ඣන්තිකසමයං - සායන්හසමයං - පුරෙභත්තං - පච්ඡාභත්තං - පුරිමයාමං - පච්ඡිමයාමං - කාළෙ - ජුණ්හෙ - වස්සෙ - හෙමන්තෙ - ගිම්හෙ - පුරිමෙ වයොඛන්ධෙ - මජ්ඣිමෙ වයොඛන්ධෙ - පච්ඡිමෙ වයොඛන්ධෙ අරියධම්මං ආහරිස්සාමි සමාහරිස්සාමි අධිගච්ඡිස්සාමි සච්ඡිකරිස්සාමි ඵස්සයිස්සාමීති චිත්තං පග්ගණ්හාති පදහති. එවරූපම්පි විරියසමාදානං වුච්චති වතං න සීලං.
Sinhala BJTසිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ද ‘ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ. ‘යම් තාක් මාගේ සිත උපාදාන රහිත වැ (කාමාදි) ආස්‍රවයන් කෙරෙන් සමුච්ඡෙදවිමුක්තියෙන් නො මිදේ නම්, ඒ තාක් මේ පලඟ නො බිඳින්නෙමී’ සිත දැඩි වැ ගනී ද, පිහිටුවා ද; මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රතයයි කියනු ලැබේ. (සිත කෙලෙසුන් කෙරෙන් මිදෙන) තාක් මම මේ ආසනයෙන් නො නැගීසිටින්නෙමි, ‘ඒ තාක් මම මේ සක්මනින් නො බස්නෙමි - විහාරයෙන් නො නික්මෙමි - අඞ්ඪයොග (ගුරුළුවක් ගෙයින්) නො නික්මෙමි - පහයෙන් නො නික්මෙමි - සඳලුගෙයින් - ගුහායෙන් - උද්දණ්ඩයෙන් - උවටැන්හලින් - මණ්ඩපයෙන් - යම්තාක් මාගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් නො මිදෙන්නේ නම්, ඒ තාක් මේ රුක්මුලින් නො නික්මෙමී’ සිතට වැරගන්වා නම් සිත පිහිටුවා නම්, මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ශීල නොවූ ව්‍රතයැ’ යි කියනු ලැබේ. ‘මේ පෙරවරුයෙහි මැ ආර්‍ය්‍යධර්‍මය (මාගේ සිතට) එළවමි, මොනවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමි’ යි සිතට වැර ගන්වා ද, පිහිටුවා ද, මෙබඳු වීර්‍ය්‍යසමාදානය ත් ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ. මේ මැදිදහවල්හි මැ - පස්වරුයෙහි - පෙරබත්හි - පසුබත්හි - පෙරයමැ - මැදියමැ - අලුයමැ - අවපසැ - පුරපසැ - වැසිකලැ - හිමත්කලැ - ගිම්කලැ - ප්‍රථමවයස්හි - මධ්‍යමවයස්හි - පශ්චිමවයස්හි ආර්‍ය්‍යධර්‍මය එළවමි, මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කරන්නෙමී’ සිත දැඩිව ගනී ද, පිහිටුවා ද, මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ‘ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ.
Pali BJTඅයං සීලබ්බතපාරිසුද්ධි; එදිසාය{2} සීලබ්බතපාරිසුද්ධියා සමන්නාගතො අස්සාති - කානි සීලබ්බතානස්සු.
Sinhala BJTමෝ තොමෝ ශීලව්‍රතපාරිශුද්ධිය යි. මෙබඳුවූ ශීලව්‍රතපාරිශුද්ධියෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි ‘කානි සීලබ්බතාන’ස්සු’ යනු වේ.
Pali BJTපහිතත්තස්ස භික්ඛුනොති - ‘පහිතත්තස්සා’ති ආරද්ධවිරියස්ස; ථාමවතො{3} දළ්හපරක්කමස්ස අනික්ඛිත්තඡන්දස්ස අනික්ඛිත්තධුරස්ස කුසලෙසු ධම්මෙසු; අථවා පෙසිතත්තස්ස, යස්සත්ථාය පෙසිතො අත්තත්ථෙ ච ඤායෙ ච ලක්ඛණෙ ච කාරණෙ ච ඨානාඨානෙ ච සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති පෙසිතත්තස්ස; සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති පෙසිතත්තස්ස; සබ්බෙ ධම්මා අනත්තාති පෙසිතත්තස්ස; අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති පෙසිතත්තස්ස; -පෙ- ජාතිපච්චයා ජරාමරණන්ති පෙසිතත්තස්ස; අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති පෙසිතත්තස්ස -පෙ- ජාතිනිරොධා ජරාමරණනිරොධොති පෙසිතත්තස්ස; ඉදං දුක්ඛන්ති පෙසිතත්තස්ස -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති පෙසිතත්තස්ස; ඉමෙ ආසවාති පෙසිතත්තස්ස -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති පෙසිතත්තස්ස; ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යාති පෙසිතත්තස්ස -පෙ- ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බාති පෙසිතත්තස්ස; ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච පෙසිතත්තස්ස;
Sinhala BJTපහිතත්තස්ස භික්ඛුනෝ - ‘පහිතත්තස්ස’ යනු: රුකුළු වැර ඇත්තහුට කුසල්දහම්හි ශක්තිය ඇත්තහුට දැඩි පරාක්‍රම ඇත්තහුට තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇත්තහුට නො තැබූ වීර්‍ය්‍යධුර ඇත්තහුට; නොහොත් මෙහෙයු සිත් ඇත්තහුට, යම් රහත් බවක් සඳහා ආත්මභාවය පරිත්‍යාග කරන ලද ද, අර්‍හත් ඵල සඞ්ඛ්‍යාත ආත්මාර්‍තථයෙහි ද න්‍යාය (ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග) යෙහි ද අනිත්‍යාදි ලක්‍ෂණප්‍රතිවෙධයෙහි ද හේතුයෙහි ද ස්ථානාස්ථානයෙහි ද (- කාරණයෙහි ද අකාරණයෙහි ද;) ‘සියලු සංස්කාරයෝ අනිත්‍ය වූහ’ යි මෙහෙයු සිත් ඇත්තහුට, ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි මෙහෙයු සිත් ඇත්තහුට, ‘සියලු ධර්‍මයෝ අනාත්ම වූහ’ යි මෙහෙයු සිත් ඇත්තහුට, ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’ මෙහෙයු සිත් ඇත්තහුට, … ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වේ’ යි මෙහෙයු සිත් ඇත්තහුට; අවිද්‍යාවගේ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ යයි මෙහෙයු සිතැත්තහුට, … ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ යයි මෙහෙයු සිතැත්තහුට; ‘මේ දුඃඛසත්‍ය යැ’යි මෙහෙයු සිතැත්තහුට, … ‘මෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්තිය’යි මෙහෙයු සිතැත්තහුට; ‘මොහු ආස්‍රවයෝ ය’යි මෙහෙයු සිතැත්තහුට; … ‘මෝ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යි මෙහෙයු සිතැත්තහුට, ‘මේ ධර්‍මයෝ දතයුත්තාහ’යි මෙහෙයු සිතැත්තහුට… ’මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළයුත්තාහ’යි මෙහෙයු සිතැත්තහුට; සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළවීමට ද නැසීමට ද ආස්වාදයට ද ආදීනවයට ද නිසස්රණයට ද මෙහෙයු සිතැත්තහුට,
Pali BJTපඤ්චන්නං උපාදානක්ඛන්ධානං - චතුණ්ණං මහාභූතානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච පෙසිතත්තස්ස; යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති පෙසිතත්තස්ස. භික්ඛුනොති පුථුජ්ජනකල්යාණකස්ස වා භික්ඛුනො සෙඛස්ස වා භික්ඛුනොති - පහිතත්තස්ස භික්ඛුනො.
Sinhala BJTපඤ්චොපාදානස්කන්‍ධයන්ගේ - සතර මහාභූතයන්ගේ සමුදයට ද අස්තඞ්ගමයට ද ආස්වාදයට ද ආදීනවයට ද නිස්සරණයට ද මෙහෙයු සිතැත්තහු, ‘යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙන පියවි ඇතැ’යි මෙහෙයු සිතැත්තහුට. භික්ඛුනෝ යනු: පෘථග්ජනකල්‍යාණක භික්‍ෂුහුගේ හෝ, ශෛක්‍ෂභික්‍ෂුහුගේ හෝ නුයි ‘පහිතත්තස්ස භික්ඛුනෝ’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො සාරිපුත්තො:
Sinhala BJTඑයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
Pali BJT“ක්යාස්ස බ්යප්පථයො අස්සු ක්යාස්සස්සු ඉධ ගොචරා, කානි සීලබ්බතානස්සු පහිතත්තස්ස භික්ඛුනො”ති.
Sinhala BJT“ක්‍යාස්ස බ්‍යප්පථයො අස්සු -පෙ- පහිතත්තස්ස භික්ඛුනෝ” යී.
Pali BJT16. 8.
Sinhala BJT16. 8.
Pali BJTකං සො සික්ඛං සමාදාය එකොදි{1} නිපකො සතො, කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො.
Sinhala BJTඒ මහණ තෙමේ එකඟ වූ සිත් ඇතියේ (පාරිහාරියප්‍රඥාවෙන්) ප්‍රඥාවත් වූයේ ස්මෘතිමත් වූයේ කවර ශික්‍ෂාවක් සමාදන් වැ, කඹුරු තෙමේ ජාතරූපයාගේ මලය මෙන් තමාගේ කෙලෙස් මලය පිඹැ හරනේ ද?
Pali BJTකං සො සික්ඛං සමාදායාති - කං සො සික්ඛං ආදාය සමාදාය ආදියිත්වා සමාදියිත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වාති - කං සො සික්ඛං සමාදාය.
Sinhala BJTකං සො සික්ඛං සමාදාය - ඒ මහණ තෙමේ කවර ශික්‍ෂාවක් ගෙන සමාදන් වැ ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශ කොට නුයි ‘කං සො සික්ඛං සමාදාය’ යනු වේ.
Pali BJTඑකොදි{1} නිපකො සතොති - ‘එකොදී’ති එකග්ගචිත්තො අවික්ඛිත්තචිත්තො අවිසාහටමානසො, සමථො සමාධින්ද්රියං සමාධිබලං -පෙ- සම්මාසමාධි; නිපකොති නිපකො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී; සතොති චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; වෙදනාසු - චිත්තෙ - ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; සෙ වුච්චති සතොති - සතො.
Sinhala BJTඒකෝදි නිපකො සතෝ - ‘ඒකෝදි’ යනු: එකඟ වූ සිත් ඇතියේ නො විසුරුණු සිත් ඇතියේ, උඩඟු නො වූ සිත් ඇතියේ, ශමථය සමාධීන්‍ද්‍රිය සමාධිබලය … සම්‍යක්සමාධිය ඇතියේ; නිපකො යනු: නිපක වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ තීරණප්‍රඥා ඇතියේ ධාරණප්‍රඥා ඇතියේ; සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ රූපකායයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - පඤ්චස්කන්‍ධාදි ධර්‍මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ; හෙ තෙමෙ සිහි ඇතියේ යයි කියනු ලැබේ නුයි ‘සතෝ’ යනු වේ.
Pali BJTකං සො සික්ඛං සමාදායාති - අධිසීලසික්ඛං පුච්ඡති, නිපකොති අධිපඤ්ඤාසික්ඛං පුච්ඡති, සතොති පාරිසුද්ධිං පුච්ඡතීති - කං සො සික්ඛං සමාදාය එකොදි නිපකො සතො.
Sinhala BJTකං සො සික්ඛං සමාදාය යී - අධිශීලශික්‍ෂාව විචාරයි. නිපකො යී අධිප්‍රඥාශික්‍ෂාව විචාරයි, සතොයී පාරිශුද්ධිය විචාරා නුයි ‘කං සො සික්ඛං සමාදාය ඒකෝදි නිපකො සතෝ’ යනු වේ.
Pali BJTකම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනොති - ‘කම්මාරො: වුච්චති සුවණ්ණකාරො; ‘රජතං’ වුච්චති ජාතරූපං. යථා සුවණ්ණකාරො ජාතරූපස්ස ඔළාරිකම්පි මලං ධමති සංධමති නිද්ධමති; මජ්ඣිමකම්පි මලං ධමති සංධමති නිද්ධමති; සුඛුමකම්පි මලං ධමති සංධමති නිද්ධමති; එවමෙවං භික්ඛු අත්තනො ඔළාරිකෙපි කිලෙසෙ ධමති සංධමති නිද්ධමති; එවමෙවං භික්ඛු අත්තනො ඔළාරිකෙපි කිලෙසෙ ධමති සංධමති නිද්ධමති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති.
Sinhala BJTකම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො - රන්කරු තෙමෙ ‘කම්මාර’ යී කියනු ලැබෙයි. ජාතරූපය ‘රජත’ යී කියනු ලැබේ. යම්සේ රන්කරුවෙක් ජාතරූපයාගේ ඖදාරික වූ මලය බැහැර කෙරේ ද, මැනැවින් බැහැර කෙරේ ද, නිරවශේෂයෙන් බැහැර කෙරේ ද; මධ්‍යම වූ මලයත් ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරේ ද, සියුම් වූ මලයත් බැහැර කෙරේ ද, මැනැවින් බැහැර කෙරේ ද, නිරවශේෂයෙන් බැහැර කෙරේ ද, එසෙයින් ම මහණ තෙමේ තමාගේ ඖදාරික වූ ක්ලේශයන් ද බැහැර කෙරෙයි, මැනැවින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි; දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි.
Pali BJTමජ්ඣිමකෙපි කිලෙසෙ - සුඛුමකෙපි කිලෙසෙ ධමති සංධමති නිද්ධමති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. අථ වා භික්ඛු අත්තනො රාගමලං දොසමලං මොහමලං මානමලං දිට්ඨිමලං කිලෙසමලං දුච්චරිතමලං අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධිකං විඝාතපක්ඛිකං අනිබ්බානසංවත්තනිකං ධමති සංධමති නිද්ධමති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති; අථ වා සම්මාදිට්ඨියා මිච්ඡාදිට්ඨිං ධමති සන්ධමති නිද්ධමති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති; සම්මාසඞ්කප්පෙන මිච්ඡාසඞ්කප්පං - සම්මාවාචාය මිච්ඡාවාචං - සම්මාකම්මන්තෙන මිච්ඡාකම්මන්තං - සම්මාආජීවෙන මිච්ඡාආජීවං - සම්මාවායාමෙන මිච්ඡාවායාමං - සම්මාසතියා මිච්ඡාසතිං - සම්මාසමාධිනා මිච්ඡාසමාධිං - සම්මාඤාණෙන මිච්ඡාඤාණං - සම්මාවිමුත්තියා මිච්ඡාවිමුත්තිං ධමති සංධමති නිද්ධමති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. අථවා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සබ්බෙ කිලෙසෙ සබ්බෙ දුච්චරිතෙ සබ්බෙ දරථෙ සබ්බෙ පරිළාහෙ සබ්බෙ සන්තාපෙ සබ්බාකුසලාභිසඞ්ඛාරෙ ධමති සංධමති නිද්ධමති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙතීති - කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො.
Sinhala BJTමධ්‍යම වූ ක්ලේශයන් ද - සියුම් වූ ක්ලේශයන් ද ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් මහණ තෙමේ තමාගේ ප්‍රඥාලෝකය නසන ප්‍රඥාචක්‍ෂුස නො කරන නො දැනීම කරන පැනැස නසන පීඩාකොටසෙහි වූ අමාමහනිවන පිණිස නො පවත්නා වූ රාගමලය ද්වෙෂමලය මොහමලය මානමලය දෘෂ්ටිමලය ක්ලෙශමලය දුශ්චරිතමලය බැහැර කෙරෙයි, වෙසෙසින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් (විදර්‍ශනා සහිත මාර්‍ගසම්ප්‍රයුක්ත) සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. සම්‍යක්සංකල්පයෙන් මිත්‍ථ්‍යාසඞ්කල්පය - සම්‍යග්වචනයෙන් මිත්‍ථ්‍යාවචනය - සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්‍ථ්‍යාකර්‍මාන්තය - සම්‍යගාජීවයෙන් මිත්‍ථ්‍යාජීවය - සම්‍යග්ව්‍යායාමයෙන් මිත්‍ථ්‍යාව්‍යායාමය - සම්‍යක්ස්මෘතියෙන් මිත්‍ථ්‍යාස්මෘතිය - සම්‍යක්සමාධියෙන් මිත්‍ථ්‍යාසමාධිය - සම්‍යග්ඥානයෙන් මිත්‍ථ්‍යාඥානය - සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සියලු අකුශලාභිසංස්කාරයන් බැහැර කෙරෙයි, වෙසෙසින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවා නුයි ‘කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො සාරිපුත්තො:
Sinhala BJTඑයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
Pali BJT“කං සො සික්ඛං සමාදාය එකොදි නිපකො සතො, කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො”ති.
Sinhala BJT“කං සො සික්ඛං සමාදාය -පෙ- නිද්ධමෙ මලමත්තනො” යී.
Pali BJT16. 9.
Sinhala BJT16. 9.
Pali BJTවිජිගුච්ඡමානස්ස යදිදං ඵාසු (සාරිපුත්තාති භගවා) රිත්තාසනං සයනං සෙවතො වෙ, සම්බොධිකාමස්ස යථානුධම්මං තං තෙ පවක්ඛාමි යථා පජානං.
Sinhala BJT(ශාරීපුත්‍රය යී බුදුහු මෙසේ වදාළහ) ජාත්‍යාදියෙන් පිළිකුල් කරන්නා වූ ඒකාන්තයෙන් විවික්තාසනය ශයනය සෙවුණා වූ (සතර මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) සම්බෝධිය කැමැත්තා වූ මහණ හට යම් ඒ ඵාසුවිහරණයෙක් වේ ද, යම් අනුධර්‍මයකුත් වේ ද, එය තොපට (ප්‍රත්‍යක්‍ෂ කොට) දතුවකු සෙයින් ප්‍රකාශ කරන්නෙමි.
Pali BJTවිජිගුච්ඡමානස්ස යදිදං ඵාසූති - ‘විජිගුච්ඡමානස්සා’ති ජාතියා විජිගුච්ඡමානස්ස, ජරාය - බ්යාධිනා - මරණෙන - සොකෙහි - පරිදෙවෙහි - දුක්ඛෙහි - දොමනස්සෙහි - උපායාසෙහි -පෙ- දිට්ඨිබ්යසනෙන දුක්ඛෙන විජිගුච්ඡමානස්ස අට්ටීයමානස්ස හරායමානස්සාති - විජිගුච්ඡමානස්ස; යදිදං ඵාසූති යං ඵාසු ඵාසුවිහාරං තං කථයිස්සාමි; කතමො ඵාසුවිහාරො? සම්මාපටිපදා අනුලොමපටිපදා අපච්චනීකපටිපදා අන්වත්ථපටිපදා ධම්මානුධම්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා භොජනෙසු මත්තඤ්ඤුතා ජාගරියානුයොගො සතිසම්පජඤ්ඤං චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො නිබ්බානඤ්ච නිබ්බානගාමිනී ච පටිපදා; අයං ඵාසුවිහාරොති - විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු.
Sinhala BJTවිජිගුච්ඡමානස්ස යදිදං ඵාසු - ‘විජිගුච්ඡමානස්ස’ යනු: ජාතියෙන් ජුගුප්සා කරන්නහුට, ජරාවෙන් - ව්‍යාධියෙන් - මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් … දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුකින් ජුගුප්සා කරන්නහුට දුක් වන්නහුට ලජ්ජා වන්නහුට නුයි ‘විජිගුච්ඡමානස්ස’ යනුවේ. යදිදං ඵාසු යනු: යම් ඵාසුවිහරණයෙක් වේ නම්, එය කියන්නෙමි. ඵාසුවිහරණය කවරැ යත්: සම්‍යක්ප්‍රතිපත්ති යැ අනුලොමප්‍රතිපත්ති යැ අවිරුද්ධප්‍රතිපත්ති යැ අන්වර්‍තථප්‍රතිපත්ති යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූර්‍ණකාරී බව යැ ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති බව යැ භෝජනයෙහි පමණ දන්නා බව යැ නිදි දුරු කිරීමෙහි යෙදීම යැ ස්මෘතිසම්ප්‍රඥානය යැ සතර සතිපට්ඨානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ නිර්‍වාණය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපත්තිය ද යන මේ ඵාසුවිහරණය නුයි ‘විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු’ යනු වේ.
Pali BJTසාරිපුත්තාති - භගවා තං ථෙරං නාමෙනාලපති; භගවාති ගාරවාධිවචනං; අපිච, භග්ගරාගොති භගවා; භග්ගදොසොති භගවා; භග්ගමොහොති භගවා; භග්ගමානොති භගවා; භග්ගදිට්ඨීති භගවා; භග්ගකණ්ටකොති භගවා; භග්ගකිලෙසොති භගවා; භජි විභජි පටිවිභජි ධම්මරතනන්ති භගවා භවානං අන්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා; භජි වා භගවා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානී‘ති භගවා, භාගී වා භගවා චීවර පිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා, භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා. භාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූපසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා; භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං, ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා, භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පධානානං චතුන්නං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා; භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤානං ඡන්නං බුද්ධධම්මානන්ති භගවා, භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවාති - සාරිපුත්තාති භගවා. ‘
Sinhala BJTසාරිපුත්ත - යනු: බුදුහු ඒ තෙරුන් නමින් අමතන සේක. භගවා යනු: ගෞරවාධිවචන යැ; තවද, බුන් රාග ඇත් නුයි භගවත් යැ, බුන් ද්වේෂ ඇත් නුයි භගවත් යැ, බුන් මෝහ ඇත් නුයි භගවත් යැ, බුන් මාන ඇත් නුයි භගවත් යැ, බුන් දෘෂ්ටි ඇත් නුයි භගවත් යැ, බුන් කෙලෙස් කටු ඇත් නුයි භගවත් යැ, බුන් කෙලෙස් ඇත් නුයි භගවත් යැ, දහම්රුවන් භාග - විභාග - ප්‍රවිභාග කළාහු නුයි භගවත් යැ, භවයන් කෙළවර කළාහු නුයි භගවත් යැ, භාවිත ( - වඩන ලද) කය ඇත් නුයි, භාවිත ශීල - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත්තාහු නුයි භගවත් යැ; නොහොත් බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස් කරුණුවලට තැන් වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුර සෙනසුන් ඉතා දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු චීවර පිණ්ඩපාතසෙනාසන ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු අර්‍තථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු අෂ්ට විමෝක්‍ෂයන්ට සතර අභිභායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු දශ සංඥාභාවනාවන්ට දශ කෘත්ස්නසමාපත්තීන්ට අනාපානස්මෘතිසමාධියට අශුභ සමාපත්තියට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු සතර සතිපට්ඨානයන්ට සතරසම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු දශ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන්ට ෂඩ්බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි භගවත් නම් වූහ. ‘භගවත්’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑයකු විසින් නො කරන ලද, බූනක විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑයන් විසින් නො කරන ලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද, යම් මේ ‘භගවත්’ යන නාමයෙක් වී නම්, තෙල භාග්‍යවත් වූ බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්‍වඥතාඥානය ලැබීම සමඟ රහත්ඵලය (හෝ සර්‍වධර්‍මයන්) ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වී නුයි ‘සාරිපුත්තාති භගවා’ යනු වේ.
Pali BJTරිත්තාසනං සයනං සෙවතො වෙති - ‘ආසනං’ වුච්චති යත්ථ නිසීදති මඤ්චො පීඨං භිසි තට්ටිකා චම්මඛණ්ඩො තිණසන්ථාරො පණ්ණසන්ථාරො පලාල{1} සන්ථාරො; ‘සයනං’ වුච්චති සෙනාසනං: විහාරො අඩ්ඪයොගො පාසාදො හම්මියං ගුහා, තං සයනාසනං අසප්පායරූපදස්සනෙන රිත්තං විවිත්තං පවිවිත්තං, අසප්පායසද්දසවණෙන -පෙ- අසප්පායෙහි පඤ්චහි කාමගුණෙහි රිත්තං විවිත්තං පවිවිත්තං; රිත්තං සයනාසනං සෙවතො නිසෙවතො සංසෙවතො පටිසෙවතොති - රිත්තාසනං සයනං සෙවතො වෙ.
Sinhala BJTරිත්තාසනං සයනං සෙවතො චෙ - යම් තැනෙක හිඳී නම්, එය ‘ආසන’ යී කියනු ලැබෙයි: ඇඳ පුටු බිසි තට්ටිකා සම්කඩ තණඇතිරිය පන්ඇතිරිය පිදුරුඇතිරිය යි, සේනාසනය ‘සයන’ යී කියනු ලැබෙයි: විහාර යැ ගුරුළුවක් ගෙයැ ප්‍රාසාදය යැ හර්‍ම්‍ය යැ ගුහා යි; ඒ ශයනාසනය අසත්ප්‍රායරූපදර්‍ශනයෙන් රික්ත යැ විවික්ත යැ ප්‍රවිවික්ත යි; අසත්ප්‍රාය ශබ්දශ්‍රවණයෙන් … අසත්ප්‍රාය වූ පඤ්චකාමගුණයන් ගෙන් සිස් යැ විවෙක යැ අතිශයින් විවෙක යි. විවෙක වූ ශයනාසනය සෙවුණාහට නිති සෙවුණාහට මැනැවින් සෙවුණාහට වෙසෙසින් සෙවුණාහට නුයි ‘රිත්තාසනං සයනං සෙවතො වෙ’ යනු වේ.
Pali BJTසම්බොධිකාමස්ස යථානුධම්මන්ති - ‘සම්බොධි’ වුච්චති චතූසු මග්ගෙසු ඤාණං පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං -පෙ- ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි; තං සම්බොධිං බුජ්ඣිතුකාමස්ස අනුබුජ්ඣිතුකාමස්ස පටිවිජ්ඣිතුකාමස්ස සම්බුජ්ඣිතුකාමස්ස අධිගන්තුකාමස්ස ඵස්සිතුකාමස්ස සච්ඡිකාතුකාමස්සාති - සම්බොධිකාමස්ස; යථානුධම්මන්ති කතමෙ බොධියා අනුධම්මා? සම්මාපටිපදා අනුලොමපටිපදා අපච්චනීකපටිපදා අන්වත්ථපටිපදා ධම්මානුධම්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා භොජනෙසු මත්තඤ්ඤුතා ජාගරියානුයොගො සතිසම්පජඤ්ඤං; ඉමෙ වුච්චන්ති බොධියා අනුධම්මා; අථවා චතුන්නං මග්ගානං පුබ්බභාගෙ විපස්සනා, ඉමෙ වුච්චන්ති බොධියා අනුධම්මාති - සම්බොධිකාමස්ස යථානුධම්මං.
Sinhala BJTසම්බොධිකාමස්ස යථානුධම්මං - සතර මාර්‍ගඥානය ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලය … ධර්‍මවිචයසමෙබාධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘සම්බෝධි’ යී කියනු ලැබෙයි. ඒ සම්බෝධිය අවබෝධ කරනු කැමැත්තහුට අනුරූපප්‍රතිපත්තියෙන් අවබෝධ කරනු කැමැත්තහුට ප්‍රතිවේධ කරනු කැමැත්තහුට මැනැවින් අවබෝධ කරනු කැමැත්තහුට අධිගමය කරනු කැමැත්තහුට ස්පර්‍ශ කරනු කැමැත්තහුට ප්‍රත්‍යක්‍ෂ කරනු කැමැත්තහුට නුයි ‘සම්බොධිකාමස්ස’ යනු වේ. යථානුධම්මං යන (මෙහි) බෝධියට අනුධර්‍මයෝ කවරහ යත්: සම්‍යක්ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අප්‍රත්‍යනීකප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි සම්පූර්‍ණ කරන සුලු බව ඉන්‍ද්‍රියයන්හි ගොපිතද්වාර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම ස්මෘතිය හා සම්‍යක් ප්‍රඥාව යන මොහු මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත බෝධියට අනුධර්‍මයෝ යයි කියනු ලැබෙත්; නොහොත් සතර ආර්‍ය්‍යමාර්‍ගයන්ගේ පූර්‍වභාගයෙහි උපන් විදර්‍ශනාව යි. මොහු මාර්‍ගඥාන බෝධියට අනුධර්‍මයෝ යයි කියනු ලැබෙත් නුයි ‘සම්බොධිකාමස්ස යථානුධම්මං’ යනු වේ.
Pali BJTතං තෙ පවක්ඛාමි යථා පජානන්ති - ‘ත’න්ති බොධියා අනුධම්මං පවක්ඛාමීති පවක්ඛාමි ආචික්ඛිස්සාමි දෙසෙස්සාමි පඤ්ඤපෙස්සාමි පට්ඨපෙස්සාමි විචරිස්සාමි විභජිස්සාමි උත්තානීකරිස්සාමි පකාසිස්සාමි; යථා පජානන්ති යථා පජානං යථා පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො, න ඉතිහිතිහං න ඉතිකිරාය න පරම්පරාය න පිටකසම්පදාය න තක්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක්කෙන න දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා සාමං සයං අභිඤ්ඤාතං අත්තපච්චක්ඛං ධම්මං තං කථයිස්සාමීති - තං තෙ පවක්ඛාමි යථා පජානං.
Sinhala BJTතං තෙ පවක්ඛාමි යථා පජානං - ‘තං’ යනු: බෝධියට අනුධර්‍මය; පවක්ඛාමි යනු: කියන්නෙමි දක්වන්නෙමි දෙසන්නෙමි පනවන්නෙමි පිහිටුවන්නෙමි විවෘත කරන්නෙමි විභාග කරන්නෙමි ප්‍රකට කරන්නෙමි ප්‍රකාශ කරන්නෙමි. යථා පජානං දතුවකු සෙයින් දැනගත්තකු හාත්පසින් දැනගත්තකු වෙසෙසින් දැනගත්තකු සර්‍වප්‍රකාරයෙන් දැනගත්තකු ප්‍රතිවේධ කළ එකක්හු යම්සේ එපරිද්දෙන්, මෙසේ මෙසේ වී ලැ’ යි නො වැ, තෙල මෙසේ ලැ’ යි නො වැ, පරම්පරාකථාවෙන් නො වැ පිටකසම්ප්‍රදාය හා සම වේ ලැ’ යි නො වැ, තර්‍කහෙතුවෙන් නො වැ, නයග්‍රාහ හේතුයෙන් නො වැ, (මේ සොඳුරු යැයි) කරුණු සැලැකීමෙන් නො වැ, අපට රුචි වූ දෘෂ්ටිය හා සම වේ යැයි නො වැ, තෙමේ මැ තමා විසින් නුවණින් අවබෝධ කළ තමහට ප්‍රත්‍යක්‍ෂ වූ ඒ ධර්‍මය කියන්නෙම් නුයි ‘තං තෙ පවක්ඛාමි යථා පජානං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු (සාරිපුත්තාති භගවා) රිත්තාසනං සයනං සෙවතො ව, සම්බොධිකාමස්ස යථානුධම්මං තං තෙ පවක්ඛාමි යථා පජාන”න්ති.
Sinhala BJT“විජිගුච්ඡමානස්ස -පෙ- තං තෙ පවක්ඛාමි යථා පජානං” යී.
Pali BJT16. 10.
Sinhala BJT16. 10.
Pali BJTපඤ්චන්න ධීරො භයානං න භායෙ භික්ඛු සතො සප්පරියන්තචාරී,{1} ඩංසාධිපාතාන සිරිංසපානං{2} මනුස්සඵස්සාන{3} චතුප්පදානං.
Sinhala BJTධීර වූ ස්මෘතිමත් වූ (ශීලාදි සතර) පර්‍ය්‍යන්තයෙහි හැසිරෙනසුලු ඒ මහණ තෙමෙ (මතු දක්වන) පඤ්ච භීතීන්ට නො බියවන්නේ යැ: ඇට මැස්සන් හා සෙසු මැස්සන්ට ද, දීර්ඝජාතීන්ට ද, චෞරාදි මනුෂ්‍යස්පර්‍ශයන්ට ද, සිංහාදි සිවුපාවුන්ට ද -
Pali BJTපඤ්චන්න ධීරො භයානං න භායෙති - ‘ධීරො’ති ධීරො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා - ඤාණී විභාවී මෙධාවී වීරො පඤ්චන්නං භයානං න භායෙය්ය න තසෙය්ය න සන්තසෙය්ය න උත්තසෙය්ය න උත්තසෙය්ය න පරිත්තසෙය්ය න සන්තාසං ආපජ්ජෙය්ය, අභීරූ අස්ස අච්ඡම්භී අනුත්රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්යාති - පඤ්චන්න ධීරො භයානං න භායෙ.
Sinhala BJTපඤ්චන්ත ධීරො භයානං න භායෙ - ‘ධීරො’ යනු ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ තීරණප්‍රඥා ඇතියේ ධාරණප්‍රඥා ඇතියේ වීර වූයේ පඤ්ච භීතීන්ට නො බිය වන්නේ යැ, නො තැති ගන්නේ යැ, සන්ත්‍රස්ත නො වන්නේ යැ, උත්‍රස්ත නො වන්නේ යැ, හාත්පසින් නො තැති ගන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ, නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නාසුලු නො පලායනසුලු වන්නේ යැ, ප්‍රහීණ වූ බිය අරමුණු ඇතියේ පහවූ ලොමුදහ ඇතියේ වෙසෙන්නේ නුයි ‘පඤ්චන්ත ධීරො භයානං න භායෙ’ යනු වේ.
Pali BJTභික්ඛු සතො සප්පරියන්තචාරීති - ‘භික්ඛූ’ති පුථුජ්ජනකල්යාණකො වා භික්ඛු, සෙඛො වා භික්ඛු; සතොති චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු - චිත්තෙ - ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; සො වුච්චති සතො; සප්පරියන්තචාරීති චත්තාරො පරියන්තා: සීලසංවරපරියන්තො, ඉන්ද්රියසංවරපරියන්තො, භොජනෙ මත්තඤ්ඤුතාපරියන්තො, ජාගරියානුයොගපරියන්තො; කතමො සීලසංවරපරියන්තො? ඉධ භික්ඛු සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, අන්තොපූතිභාවං පච්චවෙක්ඛමානො, අන්තො සීලසංවරපරියන්තෙ චරති; මරියාදං න භින්දති, අයං සීලසංවරපරියන්තො. කතමො ඉන්ද්රියසංවරපරියන්තො? ඉධ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං -පෙ- චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා ඝානෙන ගන්ධං ඝායිත්වා - ජිව්හාය රසං සායිත්වා - කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා - මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති; රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති ආදින්නපරියායං පච්චවෙක්ඛමානො අන්තො ඉන්ද්රියසංවරපරියන්තෙ චරති, මරියාදං න භින්දති, අයං ඉන්ද්රියසංවරපරියන්තො. කතමො භොජනෙ මත්තඤ්ඤුතාපරියන්තො? ඉධ භික්ඛු පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසණාය; යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති. අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. අක්ඛබ්භඤ්ජන - වණපටිච්ඡාදන - පුත්තමංසූපමං පච්චවෙක්ඛමානො අන්තො භොජනෙ මත්තඤ්ඤුතාපරියන්තෙ චරති, මරියාදං න භින්දති; අයං භොජනෙ මත්තඤ්ඤුතාපරියන්තො.
Sinhala BJTභික්ඛු සතෝ සප්පරියන්තචාරී - ‘භික්ඛු’ යනු: පෘථග්ජනකල්‍යාණක මහණ හෝ ශෛක්‍ෂ මහණ හෝ යැ; සතෝ යනු: කරුණු සතරෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - ධර්‍මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, හෙ තෙම සිහි ඇතියේ යයි කියනු ලැබේ. සප්පරියන්තචාරී පර්‍ය්‍යන්තයෝ සතර දෙනෙකි: ශීලසංවරපර්‍ය්‍යන්ත යැ, ඉන්ද්‍රියසංවරපර්‍ය්‍යන්ත යැ, භෝජනයෙහි මාත්‍රඥතාපර්‍ය්‍යන්ත යැ, ජාගර්‍ය්‍යානුයොගපර්‍ය්‍යන්ත යැයි. ශීලසංවරපර්‍ය්‍යන්තය කවරැ යත්: මෙ සස්නෙහි මහණ තෙමෙ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වැ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් සම්පූර්‍ණ වූයේ මදපමණ වරදෙහි බිය දක්නාසුලු වූයේ සමාදන් වැ ශික්‍ෂාපදයන්හි හික්මෙයි, අභ්‍යන්තරයෙහි පූතිභාවය (-සිල් රහිත බව) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින්, ශීලසංවරපරිච්ඡෙදයාගේ ඇතුළත හැසිරෙයි; ශීලමර්‍ය්‍යාදාව නො බිඳී. මේ තෙමෙ ශීලසංවරපර්‍ය්‍යන්තය යි. ඉන්ද්‍රියසංවරපර්‍ය්‍යන්තය කවරැ යත්? මේ සස්නෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති නො ගන්නේ වෙයි. (හස්තපාදාදී ආකාර සඞ්ඛ්‍යාත) අනුව්‍යඤ්ජන නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් මොහු ... චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි, කනින් ශබ්දයක් අසා - නැහැයෙන් ගඳක් අගා - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන නිමිති නො ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් මනෙන්ද්‍රියය අසංවෘත වැ වාසය කරන මොහු අභිධ්‍යා දොම්නස් සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම්, ඒ මනෙන්ද්‍රියයා ගේ සංවරය පිණිස පිළිපදී, මනෙන්ද්‍රියය රකී, මනෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. ආදීප්තපර්‍ය්‍යාය දේශනාව ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ඉන්ද්‍රියසංවරපරිච්ඡෙදය අභ්‍යන්තරයෙහි හැසිරෙයි, ඉන්ද්‍රියසංවරමර්‍ය්‍යාදාව නො බිඳී. මේ තෙමෙ ඉන්ද්‍රියසංවරපර්‍ය්‍යන්තය යි භෝජනයෙහි මාත්‍රඥතාපර්‍ය්‍යන්තය කවරැ යත්? මෙ ශාසනයෙහි මහණ තෙමෙ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳයි, කෙළි පිණිස නො වළඳයි, මද පිණිස - අලඞ්කාර පිණිස - සැරැසුම් පිණිස නො වළඳයි, යම්තාක් මේ කයෙහි පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස වළඳයි, මෙසේ ‘පැරණි බඩගිනි වේදනාව නසමි, අලුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේය, නිවරද බව ද සුඛවිහරණය ද වන්නේ ය’ යි අක්‍ෂාභ්‍යඞ්ගොපමාව ද ව්‍රණප්‍රතිච්ඡාදනොපමාව ද පුත්‍රමාංසොපමාව ද ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් භෝජනයෙහි මාත්‍රඥතාපරිච්ඡෙදය අභ්‍යන්තරයෙහි හැසිරෙයි, මර්‍ය්‍යාදාව නො බිඳී. මේ තෙමෙ භෝජනයෙහි මාත්‍රඥතාපර්‍ය්‍යන්තය යි.
Pali BJTකතමො ජාගරියානුයොගපරියන්තො? ඉධ භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා, රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. භද්දෙකරත්තවිහාරං පච්චවෙක්ඛමානො අන්තොජාගරියානුයොගපරියන්තෙ චරති, මරියාදං න භින්දති; අයං ජාගරියානුයොගපරියන්තොති - භික්ඛු සතො සප්පරියන්තචාරී.
Sinhala BJTජාගර්‍ය්‍යානුයොගපර්‍ය්‍යන්තය කවරැ යත්: මේ ශාසනයෙනි මහණ තෙමෙ දහවල සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන් කෙරෙන් (හෝ සියලු අකුශලධර්‍මයන්ගෙන්) සිත පිරිසුදු කරන්නේ යැ. රෑ පෙරයම සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසුදු කරන්නේ යැ. රෑ මැදියම දකුණු පයෙහි වම්පය මඳක් ඇදතබා සිහි නුවණින් ‘නැඟීසිටිමි’ යන සංඥාව මෙනෙහි කොට දකුණුපසින් සිංහශය්‍යාව කෙරෙයි. රෑ අලුයම නැඟීසිට සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසුදු කෙරෙයි. භද්‍රෛකරාත්‍රවිහරණය ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ජාගර්‍ය්‍යානුයෝග පරිච්ඡෙදය අභ්‍යන්තරයෙහි හැසිරෙයි. මර්‍ය්‍යාදාව නො බිඳී. මේ තෙමෙ ජාගර්‍ය්‍යානුයොගපර්‍ය්‍යන්තය වේ යයි ‘භික්ඛු සතෝ සප්පරියන්තචාරී’ යනු වේ.
Pali BJTඩංසාධිපාතාන සිරිංසපානන්ති - ‘ඩංසා’ වුච්චන්ති පිඞ්ගලමක්ඛිකායො; ‘අධිපාතකා’ වුච්චන්ති සබ්බාපි මක්ඛිකායො; කිං කාරණා අධිපාතකා වුච්චන්ති සබ්බාපි මක්ඛිකායො? තා උප්පතිත්වා උප්පතිත්වා ඛාදන්ති; තංකාරණා අධිපාතකා වුච්චන්ති සබ්බාපි මක්ඛිකායො. ‘සිරිංසපා’ වුච්චන්ති අහීති - ඩංසාධිපාතාන සිරිංසපානං
Sinhala BJTඩංසාධිපාතාන සිරිංසපානං - පිඞ්ගල මැස්සෝ ‘ඩංස’ යී කියනු ලැබෙත්: සියලු මැ මැස්සෝ ‘අධිපාතක’ යී කියනු ලැබෙත්. කවර කරුණෙකින් සියලු මැ මැස්සෝ ‘අධිපාතකයෝ’ යැයි කියනු ලැබෙත් ද යත්: ඔහු නැඟී නැඟී කති. එ කරුණෙන් සියලු මැ මැස්සෝ ‘අධිපාතකයෝ’ යැයි කියනු ලැබෙත්. සර්‍පයෝ ‘සිරිංසප’ යී කියනු ලැබෙත් නුයි ‘ඩංසාධිපාතාන සිරිංසපානං’ යනු වේ.
Pali BJTමනුස්සඵස්සාන චතුප්පදානන්ති - ‘මනුස්සඵස්සා’ වුච්චන්ති චොරා වා අස්සු මානවා වා කතකම්මා වා අකතකම්මා වා; තෙ භික්ඛුං පඤ්හං වා පුච්ඡෙය්යුං, වාදං වා ආරොපෙය්යුං, අක්කොසෙය්යුං පරිභාසෙය්යුං රොසෙය්යුං විරොසෙය්යුං හිංසෙය්යුං විහිංසෙය්යුං හෙඨෙය්යුං විහෙඨෙය්යුං ඝාතෙය්යුං උපඝාතෙය්යුං උපඝාතං වා කරෙය්යුං. යො කොචි මනුස්සතො උපඝාතො මනුස්සඵස්සො; චතුප්පදානන්ති සීහා බ්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිසා හත්ථි; තෙ භික්ඛුං මද්දෙය්යුං ඛාදෙය්යුං හිංසෙය්යුං විහිංසෙය්යුං හෙඨෙය්යුං විහෙඨෙය්යුං ඝාතෙය්යුං උපඝාතෙය්යුං උපඝාතං වා කරෙය්යුං, චතුප්පදතො උපඝාතො යං කිඤ්චි චතුප්පදභයන්ති - මනුස්සඵස්සාන චතුප්පදානං.
Sinhala BJTමනුස්සඵස්සාන චතුප්පදානං - කළ සොරකම් ඇති හෝ නො කළ සොරකම් ඇති හෝ සොරු හෝ සැහැසි මනුෂ්‍යයෝ වන්නාහුය. (ඔහු) ‘මනුස්සඵස්ස’ යී කියනු ලැබෙත්. ඔහු මහණහු පැන හෝ පුළුවුස්නාහු ය, වාදාරෝපණය හෝ කරන්නාහු ය, ආක්‍රෝශ කරන්නාහු ය, පරිභව කරන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, විහිංසා කරන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙහෙසන්නාහු ය, උපඝාත හෝ කරන්නාහු ය. මිනිසුන් කෙරෙන් යම් කිසි උපඝාතයෙක් වේ නම් එය ‘මනුස්සඵස්ස’ නමි. ‘චතුපපදානං’ යනු සිංහයෝ යැ ව්‍යාඝ්‍රයෝ යැ දිවියෝ යැ වලස්සු යැ තරස්හු යැ වෘකයෝ යැ මිහිවෝ යැ හස්තීහු යි. ඔහු භික්‍ෂුහු මඩනාහු ය, කන්නාහු ය, හිංසා කරන්නාහු ය, විහිංසා කරන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙහෙසන්නාහු ය, උපඝාත හෝ කරන්නාහු ය. සිවුපාවුන් කෙරෙන් උපඝාතයෙක් යම් කිසි සිවුපාබියෙක් නුයි ‘මනුස්සඵස්සාන චතුප්පදානං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පඤ්චන්න ධීරො භයානං න භායෙ භික්ඛු සතො සප්පරියන්තචාරී, ඩංසාධිපාතාන සිරිංසපානං{1} මනුස්සඵස්සාන{2} චතුප්පදාන”න්ති.
Sinhala BJT“පඤ්චන්ත ධීරො භයානං -පෙ- මනුස්සඵස්සාන චතුප්පදානං” යී.
Pali BJT16. 11.
Sinhala BJT16. 11.
Pali BJTපරධම්මිකානම්පි න සන්තසෙය්ය දිස්වාපි තෙසං බහුභෙරවානි, අථාපරානි අභිසම්භවෙය්ය{3} පරිස්සයානි කුසලානුඑසී.
Sinhala BJTනො සහදැමියන්ට ද නො බිය වන්නේ යැ. ඔවුන්ගේ බොහෝ බිය උපදවන අරමුණු දැක ද නො තැතිගන්නේ යැ. තවද කුසල් දහම් සොයනුයේ අන් උවදුරු ද මැඩපවත්වන්නේ යි.
Pali BJTපරධම්මිකානම්පි න සන්තසෙය්ය දිස්වාපි තෙසං බහුභෙරවානීති - ‘පරධම්මිකා’ වුච්චන්ති සත්ත සහධම්මිකෙ ඨපෙත්වා යෙ කෙචි බුද්ධෙ ධම්මෙ සඞ්ඝෙ අප්පසන්නා. තෙ භික්ඛුං පඤ්හං වා පුච්ඡෙය්යුං වාදං වා ආරොපෙය්යුං, අක්කොසෙය්යුං පරිභාසෙය්යුං රොසෙය්යුං විරොසෙය්යුං හිංසෙය්යුං විහිංසෙය්යුං හෙඨෙය්යුං විහෙඨෙය්යුං ඝාතෙය්යුං උපඝාතෙය්යුං උපඝාතං වා කරෙය්යුං. තෙසං බහුභෙරවෙ පස්සිත්වා වා සුණිත්වා වා න වෙධෙය්ය න පවෙධෙය්ය න සම්පවෙධෙය්ය, න තසෙය්ය න සන්තසෙය්ය න උත්තසෙය්ය න පරිත්තසෙය්ය න භායෙය්ය න සන්තාසං ආපජ්ජෙය්ය, අභීරු අස්ස අච්ඡම්භී අනුත්රාසී අපලායී, පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්යාති - පරධම්මිකානම්පි න සන්තසෙය්ය දිස්වාපි තෙසං බහුභෙරවානි.
Sinhala BJTපරධම්මිකානම්පි න සන්තසෙය්‍ය දිස්වාපි තෙසං බහුභෙරවානි - සත් සහදැමියන් තබා බුදුන් දහම් සඟුන් කෙරෙහි නො පහන් වූ යම් කිසි කෙනෙක් ‘පරධම්මිකයෝ’ යැයි කියනු ලැබෙත්. ඔහු භික්‍ෂුහුගෙන් පැන හෝ පුළුවුස්නාහු ය, වාදාරෝපණය හෝ කරන්නාහු ය, ආක්‍රෝශ කරන්නාහු ය, පරිභව බණන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, විහිංසා කරන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙහෙසන්නාහු ය, උපඝාත හෝ කරන්නාහු ය. ඔවුන්ගේ බොහෝ වූ බිය උපදවන අරමුණු දැක හෝ අසා හෝ නො සැලෙන්නේ යැ, වෙසෙසින් නො සැලෙන්නේ යැ, හාත්පසින් නො සැලෙන්නේ යැ, නො තැතිගන්නේ යැ, සන්ත්‍රස්ත - උත්‍රස්ත - පරිත්‍රස්ත නො වන්නේ යැ, නො බියවන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ; නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නා සුලු නො පලායනසුලු වන්නේ යැ, ප්‍රහීණ වූ බියඅරමුණු ඇතියේ පහවූ ලොමුදහ ඇතිව වාසය කරන්නේ නුයි ‘පරධම්මිකානම්පි න සන්තසෙය්‍ය දිස්වා පි තෙසං බහුභෙරවානි’ යනු වේ.
Pali BJTඅථාපරානි අභිසම්භවෙය්ය{1} පරිස්සයානි කුසලානුඑසීති - අථාපරානිපි අත්ථි අභිසම්භොතබ්බානි අභිභවිතබ්බානි අජ්ඣොත්ථරිතබ්බානි පරියාදියිතබ්බානි මද්දිතබ්බානි. පරිස්සයාති ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා ච -පෙ- එවම්පි තත්රාසයාති පරිස්සයා. කුසලානුඵසීති සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං -පෙ- අරියං අට්ඨඞ්ගිකං මග්ගං නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං එසන්තෙන ගවෙසන්තෙන පරියෙසන්තෙන පරිස්සයා අභිසම්භොතබ්බා අභිභවිතබ්බා අජ්ඣොත්ථරිතබ්බා පරියාදියිතබ්බා මද්දිතබ්බාති - අථාපරානි අභිසම්භවෙය්ය පරිස්සයානි කුසලානුඑසී.
Sinhala BJTඅථාපරානි අභිසම්භවෙය්‍ය පරිස්සයානි කුසලානුඵසි - තවද අන්‍ය වූ ත් මැඩියැ යුතු අභිභවනය කළ යුතු යටපත් කළයුතු හාත්පසින් ගත යුතු මර්දනය කළ යුත්තාහු ඇති. පරිස්සය නම්: ප්‍රකට පරිශ්‍රයෝ ද ප්‍රතිච්ඡන්න පරිශ්‍රයෝ දැයි පරිශ්‍රය (-උපද්‍රව) දෙකෙකි … මෙසේත් ‘තත්‍රාසය’ නුයි පරිශ්‍රය නම් වෙත්. කුසලානුඵසී යනු: සම්‍යක් ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය … ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්‍වාණය ද නිර්‍වාණගාමිනීප්‍රතිපත්තිය ද සොයන්නහු විසින් ගවේෂණය කරන්නහු විසින් පර්‍ය්‍යෙෂණය කරන්නහු විසින් උපද්‍රවයෝ මැඩිය යුත්තාහු ය, අභිභවනය කළ යුත්තාහු ය, යටපත් කළ යුත්තාහු ය, හාත්පසින් ගත යුත්තාහු ය, මර්දනය කළ යුත්තාහු නුයි ‘අථාපරානි අභිසම්භවෙය්‍ය පරිස්සයානි කුසලානුඵසි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පරධම්මිකානම්පි න සන්තසෙය්ය දිස්වාපි තෙසං බහුභෙරවානි. අථාපරානි අභිසම්භවෙය්ය පරිස්සයානි කුසලානුඑසී”ති.
Sinhala BJT“පරධම්මිකානම්පි -පෙ- පරිස්සයානි කුසලානුඵසි” යී.
Pali BJT16. 12.
Sinhala BJT16. 12.
Pali BJTආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො සීතං අථුණ්හං{2} අධිවාසයෙය්ය. සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො විරියපරක්කමං දළ්හං කරෙය්ය.
Sinhala BJTරෝගස්පර්‍ශයෙන් ද ක්‍ෂුධායෙන් ද ස්පර්‍ශ කරන ලදුයේ ශීතය ද යළි උෂ්ණය ද ඉවසන්නේ ය. හෙ තෙමෙ ඒ රොගස්පර්‍ශාදියෙන් බොහෝ සෙයින් පහස්නා ලදුයේ අභිසංස්කාර සහගතවිඥානයට හෝ දුශ්චරිතයට අවකාශ නො කරනුයේ චෛතසික වීර්‍ය්‍යාරම්භය දැඩි ව කරන්නේ යි.
Pali BJTආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨොති - ‘ආතඞ්කඵස්සො’ වුච්චති රොගඵස්සො. රොගඵස්සෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අස්ස; චක්ඛුරොගෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අස්ස; සොතරොගෙන - ඝානරොගෙන - ජිව්හාරොගෙන - කායරොගෙන -පෙ- ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අස්ස. ‘ඛුදා’ වුච්චති ඡාතකො. ඡාතකෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අස්සාති - ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො.
Sinhala BJTආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො - රොගස්පර්‍ශය ‘ආතඞ්කඵස්ස’ යී කියනු ලැබෙයි. රෝගස්පර්‍ශයෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ වන්නේ ය; චක්‍ෂුරෝගයෙන් පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ වන්නේ ය, ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් … මැසි - මදුරු - වා - අව් - දිග්දෑපහසින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ ය. සාදුක ‘ඛුදා’යී කියනු ලැබේ. සාදුකින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො’ යනු වේ.
Pali BJTසීතං අථුණ්හං{1} අධිවාසයෙය්යාති - ‘සීත’න්ති ද්වීහි කාරණෙහි සීතං හොති: අබ්භන්තරධාතුපකොප{2} වසෙන වා සීතං හොති. බහිද්ධා උතුවසෙන වා සීතං හොති. උණ්හන්ති ද්වීහි කාරණෙහි උණ්හං හොති. අබ්භන්තරධාතුපකොප{2}වසෙන වා උණ්හං හොති. බහිද්ධා උතුවසෙන වා උණ්හං හොතීති - සීතං අථුණ්හං. අධිවාසයෙය්යාති ඛමො අස්ස සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො අස්සාති - සීතං අථුණ්හං{1} අධිවාසයෙය්ය.
Sinhala BJTසිතං අථුණ්හං අධිවාසයෙය්‍ය - ‘සීතං’ යනු: දෙකරුණෙකින් ශීතය වෙයි: අභ්‍යන්තරධාතුකොපවශයෙන් හෝ ශීතය වේ. බාහිර ඍතුවශයෙන් හෝ ශීතය වේ. උණ්හං යනු: දෙකරුණෙකින් උෂ්ණය වෙයි: අභ්‍යන්තරධාතුකොපවශයෙන් හෝ උෂ්ණය වෙයි. බාහිර ඍතුවශයෙන් හෝ උෂ්ණය වේ නුයි ‘සීතං අථුණ්හං’ යනු වේ. අධිවාසයෙය්‍ය යනු: ශීත උෂ්ණ සා පවස් මැසිමදුරුවාඅව්දිග්දෑපහස් ඉවසනුයේ වන්නේ ය, නපුරු කොට කියන ලද දුක් උපදවන අයුරින් පැමිණි වචනයන් ද දුක් වූ ත්‍රීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ දිවි පැහැරගන්නා වූ උපන් ශාරීරික වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වන්නේ නුයි ‘සීතං අථුණ්හං අධිවාසයෙය්‍ය’ යනු වේ.
Pali BJTසො තෙහි ඵුට්ඨො බහුධා අනොකොති - ‘සො තෙහී’ති ආතඞ්කඵස්සෙන ච ඛුදාය ච සීතෙන ච උණ්හෙන ච ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අස්සාති - සො තෙහි ඵුට්ඨො. බහුධාති අනෙකවිධෙහි ආකාරෙහි ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අස්සාති - සො තෙහි ඵුට්ඨො බහුධා. අනොකොති අභිසඞ්ඛාරසහගතවිඤ්ඤාණස්ස ඔකාසං න කරොතීතිපි - අනොකො. අථවා, කායදුච්චරිතස්ස වචීදුච්චරිතස්ස මනොදුච්චරිතස්ස ඔකාසං න කරොතීතිපි අනොකොති - සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො.
Sinhala BJTසො තෙහි ඵුට්ඨො බහුධා අනොකො - ‘සො තෙහි’ යනු: රෝගස්පර්‍ශයෙන් ද ක්‍ෂුධායෙන් ද ශීතයෙන් ද උෂ්ණයෙන් ද පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘සො තෙහි ඵුට්ඨො’ යනු වේ. බහුධා යනු: නන්වැදෑරුම් අයුරින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘සො තෙහි ඵුට්ඨො බහුධා’ යනු වේ. අනොකො යනු: කුශලාකුශල චෙතනාසම්ප්‍රයුක්ත විඥානයට අවකාශ නො කෙරේ නුයි ද ‘අනෝක’ යැ. නොහොත් කායදුශ්චරිතයට වාග්දුශ්චරිතයට මනොදුශ්චරිතයට අවකාශ නො කෙරේ නුයි ද ‘අනෝක’ නුයි ‘සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො’ යනු වේ.
Pali BJTවිරියපරක්කමං දළ්හං කරෙය්යාති - ‘විරියපරක්කමො’ වුච්චති: “යො චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හී අප්පටිවානී ථාමො ධිති{3} අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො”a. විරියපරක්කමං දළ්හං කරෙය්යාති - විරියපරක්කමං දළ්හං කරෙය්ය, ථිරං කරෙය්ය, දළ්හසමාදානො අස්ස අවත්ථිතසමාදානොති - විරියපරක්කමං දළ්හං කරෙය්ය.
Sinhala BJTවිරියපරක්කමං දළ්හං කරෙය්‍ය - යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් කෞසීද්‍යයෙන් නික්මැ යෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධික උත්සාහයෙක් නො පසුබස්නා බවෙක් ස්ථිර බවෙක් කුශලසන්තානය ධරා සිටීමෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යධුරය දැඩිව ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, එය ‘විරියපරක්කම’ යී කියනු ලැබේ. විරියපරක්කමං දළ්හං කරෙය්‍ය - චෛතසිකවීර්‍ය්‍යාරම්භය දැඩි කරන්නේ ය, ස්ථිර කරන්නේ ය, දෘඪසමාදාන ඇත්තේ බැසගන්නා ලද සමාදාන ඇත්තේ වන්නේ නුයි ‘විරියපරක්කමං දළ්හං කරෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො සීතං අථුණ්හං අධිවාසයෙය්ය, සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො විරියපරක්කමං දළ්හං කරෙය්යා”ති.
Sinhala BJT“ආතඞ්කඵස්සෙන -පෙ- විරියපරක්කමං දළ්හං කරෙය්‍ය” යී.
Pali BJT16. 13.
Sinhala BJT16. 13.
Pali BJTථෙය්යං න කරෙය්ය{4} න මුසා භණෙය්ය මෙත්තාය ඵස්සෙ තසථාවරානි, යදාවිලත්තං මනසො විජඤ්ඤා කණ්හස්ස පක්ඛොති විනොදයෙය්ය.
Sinhala BJTසොරකම් නො කරන්නේ යැ. මුසවා නො කියන්නේ යැ. තෘෂ්ණා සහිත වූ ද ස්ථාවර වූ ද (-පෘථග්ජන ක්‍ෂීණාස්‍රව) පුද්ගලයන් මෙත්සිතින් පතුරුවන්නේ යැ. යම් චිත්තයාගේ කැලැඹුණු බවක් දන්නේ නම්, එය මාරයාගේ පක්‍ෂයෙහි වනැයි දුරු කරන්නේ යි.
Pali BJTථෙය්යං න කරෙය්ය න මුසා භණෙය්යාති - ‘ථෙය්යං න කරෙය්යා’ති ඉධ භික්ඛු අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො අස්ස, දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරෙය්යාති - ථෙය්යං න කරෙය්ය. න මුසා භණෙය්යාති ඉධ භික්ඛු මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො අස්ස, සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්සාති - ථෙය්යං න කරෙය්ය න මුසා භණෙය්ය.
Sinhala BJTථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය - ‘ථෙය්‍යං න කරෙය්‍ය’ යනු මෙහි මහණ තෙමෙ අයිනාදන් හැරැපියා අයිනාදනින් වෙන් වූයේ වන්නේ ය, දුන් දැය ගන්නේ දුන් දෙය කැමැති වනුයේ සොර නො වූ පිවිතුරු වූ සිතින් යුතු වැ වාසය කරන්නේ නුයි ‘ථෙය්‍යං න කරෙය්‍ය’ යනු වේ. න මුසා භණෙය්‍ය යනු: මෙහි මහණ තෙමෙ මුසවා හැරැපියා මුසවායෙන් වෙන් වූයේ වන්නේ ය, සබවස කියනුයේ සැබැවින් සැබැව ගළපනුයේ තිර වූයේ හැදැහියැ යුතු බස් ඇතියේ ලොව නො රවටනුයේ වන්නේ නුයි ‘ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය’ යනු වේ.
Pali BJTමෙත්තාය ඵස්සෙ තසථාවරානීති - ‘මෙත්තා’ති “යා සත්තෙසු මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං අනුද්දයා අනුද්දයතා{1} අනුද්දයිතත්තං හිතෙසිතා අනුකම්පා අබ්යාපාදො අබ්යාපජ්ජො අදොසො කුසලමූලං{a}. තසාති යෙසං තසිනා තණ්හා අප්පහීනා, යෙසඤ්ච භයභෙරවා අප්පහීනා. කිං කාරණා වුච්චන්ති තසා? තෙ තසන්ති උත්තසන්ති පරිතසන්ති භායන්ති සන්තාසං ආපජ්ජන්ති. තංකාරණා වුච්චන්ති තසා. ථාවරාති යෙසං තසිනා තණ්හා පහීනා, යෙසඤ්ච භයභෙරවා පහීනා. කිංකාරණා වුච්චන්ති ථාවරා? තෙ න තසන්ති න උත්තසන්ති න පරිතසන්ති න භායන්ති, සන්තාසං න ආපජ්ජන්ති, තංකාරණා වුච්චන්ති ථාවරා. මෙත්තාය ඵස්සෙ තසථාවරානීති - තසෙ ච ථාවරෙ ච මෙත්තාය ඵස්සෙය්ය ඵරෙය්ය, මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරෙය්යාති - මෙත්තාය ඵස්සෙ තසථාවරානි.
Sinhala BJTමෙත්තාය ඵස්සෙ තසථාවරානි - ‘මෙත්තා’ නම්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියෙක් මෛත්‍රී ආකාරයෙක් මෛත්‍රීසහගත සිත් ඇති බවෙක් අනුද්දයාවක් අනුද්දයාකාරයෙක් අනුද්දයා ඇති බවෙක් හිතෛෂී බවෙක් අනුකම්පාවක් අව්‍යාපාදයෙක් අව්‍යාපාද බවෙක් අද්වෙෂකුශලමූලයෙක් වේ ද එය යි. තස නම්: යම් කෙනකුන්ගේ තසිනාව තෘෂ්ණාව අප්‍රහීණ වූවා ද, තවද යම් කෙනකුන්ගේ බිය හා බියඅරමුණු අප්‍රහීණ වූවාහු ද, (ඔහු යැ.) කවර කරුණෙකින් ‘තසයෝ’ යැයි කියනු ලැබෙත් ද? ඔහු ත්‍රස්ත වෙති, උත්‍රස්ත වෙති, පරිත්‍රස්ත වෙති, බිය වෙති, සන්ත්‍රාසයට පැමිණෙත්; එකරුණෙන් ‘තස’ යී කියනු ලැබත්. ථාවරා යනු: යම් කෙනකුන්ගේ තසිනාව තෘෂ්ණාව ප්‍රහීණ වූවා ද, තවද යම් කෙනකුන්ගේ බිය හා බියඅරමුණු ප්‍රහීණ වූවාහු ද, (ඔහු යැ.) කවර කරුණෙකින් ‘ථාවරයෝ’ යැයි කියනු ලැබත් ද? ඔහු ත්‍රස්ත නො වෙති, උත්‍රස්ත නො වෙති, පරිත්‍රස්ත නො වෙති, බිය නො වෙති, සන්ත්‍රාසයට නො පැමිණෙත්; එ කරුණෙන් ‘ථාවරයෝ’ යැයි කියනු ලැබෙත්. මෙත්තාය ඵස්සෙ තසථාවරානි - ත්‍රස්තයන් ද ස්ථාවරයන් ද මෙත්සිතින් ස්පර්‍ශ කරන්නේ ය, පතුරුවන්නේ ය, විපුල වූ මහද්ගත වු අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාපාද රහිත වූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරන්නේ නුයි ‘මෙත්තාය ඵස්සෙ තසථාවරානි’ යනු වේ.