Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2001-2100 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසන්තො සො වීතමච්ඡෙරොති - ‘සන්තො’ති රාගස්ස සන්තත්තා සමිතත්තා සන්තො, දොසස්ස - මොහස්ස -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධොති - සන්තො සො; වීතමච්ඡෙරොති පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං -පෙ- ගාහො, ඉදං වුච්චති මච්ඡරියං; යස්සෙතං මච්ඡරියං පහීනං සමුච්ඡින්නං -පෙ- ඤාණග්ගිනා දඩ්ඪං; සො වුච්චති වීතමච්ඡරො විගතමච්ඡරො චත්තමච්ඡරො වන්තමච්ඡරො මුත්තමච්ඡරො පහීනමච්ඡරො පටිනිස්සට්ඨමච්ඡරොති - සන්තො සො වීතමච්ඡෙරො.
Sinhala BJTසන්තෝ සො වීතමච්ඡෙරො - ‘සන්තෝ’ යනු: රාගය ශාන්ත හෙයින් ශෂිත හෙයින් ‘ශාන්ත යැ, ද්වේෂය - මෝහය …. සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද බැවින් නිවුණු බැවින් විගත වන බැවින් දුරලන ලද බැවින් ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත යැ නිවුණේ යැ දුරලූ කෙලෙස් ඇත්තේ නුයි ‘සන්තෝ සො’ යනු වේ. වීතමච්ඡෙරො - මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍ය යැ … ග්‍රාහ යැ; මේ මාත්සර්‍ය්‍ය යැයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය ප්‍රහීණ කරන ලද ද, හෙතෙම වීතමාත්සර්‍ය්‍ය යැ, විගතමාත්සර්‍ය්‍ය යැ, ත්‍යක්තමාත්සර්‍ය්‍ය යැ, වාන්තමාත්සර්‍ය්‍ය යැ, මුක්තමාත්සර්‍ය්‍ය යැ, ප්‍රහීණ කළ මාත්සර්‍ය්‍ය ඇත්තේ යැ, දුරලූ මාත්සර්‍ය්‍ය ඇත්තේ යැයි කියනු ලැබේ නුයි ‘සන්තෝ සො වීතමච්ඡෙරො’ යනු වේ.
Pali BJTනාදෙති න නිරස්සතීති භගවාති - ‘නාදෙතී’ති රූපං නාදියති, න උපාදියති, න ගණ්හාති, න පරාමසති, නාභිනිවිසති. වෙදනං - සඤ්ඤං - සඞ්ඛාරෙ - විඤ්ඤාණං - ගතිං - උප්පත්තිං පටිසන්ධිං - භවං - සංසාරං - වට්ටං නාදියති, න උපාදියති, න ගණ්හාති, න පරාමසති, නාභිනිවිසතීති - නාදෙති; න නිරස්සතීති රූපං න පජහති, න විනොදෙති, න බ්යන්තීකරොති, න අනභාවං ගමෙති. වෙදනං - සඤ්ඤං - සඞ්ඛාරෙ - විඤ්ඤාණං - ගතිං - උප්පත්තිං - පටිසන්ධිං - භවං - සංසාරං - වට්ටං න පජහති, න විනොදෙති න බ්යන්තීකරොති, අනභාවං ගමෙති; භගවාති ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති - නාදෙති න නිරස්සතීති භගවා’ති.
Sinhala BJTනාදෙති න නිරස්සතීති භගවා - ‘නාදෙති’ යනු: රූපය නො ගනී, දැඩිව නො ගනී, ග්‍රහණ්‍ය නො කෙරෙයි, පරාමර්‍ශනය නො කෙරෙයි, අභිනිවේශය නො කෙරෙයි; වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය ආදානය නො කෙරෙයි, උපාදාන - ග්‍රහණ - පරාමර්‍ශ - අභිනිවේශ නො කෙරේ නුයි ‘නාදෙති’ යනු වේ. න නිරස්සති යනු: රූපය නො දුරු කෙරෙයි, නො බැහැර කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි; වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය නො හැරපියයි, නො බැහැර කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි; භගවා යනු; ගෞරවාධි වචන යැ … මේ ‘භගවා’ යනු අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකැ’ යි ‘නාදෙති න නිරස්සතීති භගවා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි, සන්තො සො වීතමච්ඡෙරො නාදෙති න නිරස්සතී’ති භගවා”ති.
Sinhala BJT“න සමෙසු න ඔමෙසු -පෙ- නාදෙති න නිරස්සතීති භගවා” යී.
Pali BJTඅත්තදණ්ඩසුත්තනිද්දෙසො සමත්තො පණ්ණරසමො.
Sinhala BJTපසළොස්වැනි ‘අත්තදණ්ඩ’ සූත්‍ර නිර්‍දෙශය සමාප්ත යි.
Pali BJT16.
Sinhala BJT16.
Pali BJTසාරිපුත්තසුත්තනිද්දෙසො.
Sinhala BJTසාරිපුත්‌තසූත්‍රනිර්දේශය
Pali BJTඅථ සාරිපුත්තසුත්තනිද්දෙසො වුච්චති:
Sinhala BJTඉක්බිති සාරිපුත්තසූත්‍රනිර්‍දෙශය කියනු ලැබේ.
Pali BJT16. 1.
Sinhala BJT16. 1.
Pali BJTන මෙ දිට්ඨො ඉතො පුබ්බෙ (ඉච්චායස්මා සාරිපුත්තො) න සුතො උද කස්සචි, එවං වග්ගුවදො සත්ථා තුසිතා ගණිමාගතො.
Sinhala BJT(ආයුෂ්මත් ශාරිපුත්‍රයෝ මෙසේ වදාළහ:) මෙසේ මිහිරි වදන් ඇති තුෂිත දෙව්ලොවින් සැව මවුකුසට පැමිණි, නොහොත් දෙව්ලොවින් ගණ මැදට පැමිණි, හෝ රහත්ගණයා මැදට පැමිණි, නොහොත් රහතුන්ගේ ගණාචාර්‍ය්‍ය බවට පැමිණි ශාස්තෲහු මෙයින් පෙර මා විසින් නො දක්නා ලදහු වෙති (පෙර මේ දර්‍ශනය නො වී යැ යි සේ යැ.) නොහොත් කිසිවක්හු ගේ බසින් නො අසන ලදහු වෙත්.
Pali BJTන මෙ දිට්ඨො ඉතො පුබ්බෙති ඉතො පුබ්බෙ මෙ මයා න දිට්ඨපුබ්බො සො භගවා ඉමිනා චක්ඛුනා ඉමිනා අත්තභාවෙන; යදා භගවා තාවතිංසභවනෙ පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං වස්සං වුත්ථො දෙවගණපරිවුතො මජ්ඣෙ මණිමයෙන සොපානෙන සඞ්කස්සනගරං ඔතිණ්ණො, ඉමං දස්සනං පුබ්බෙ න දිට්ඨොති ‘න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ’.
Sinhala BJTන මෙ දිට්ඨො ඉතො පුබ්බේ - මෙයින් (මේ සංකස්ස නගරයට බැසීමෙන්) පෙර මෙ - මා විසින් ඒ බුදුහු මේ ඇසින් මේ අත්බවින් නො දුටුවිරූහ. යම් දවසෙක බුදුහු තව්තිසාබවනෙහි පරසතුමුල පඬුඇඹුල් සලයෙහි වස් විසූ සේක් දෙව්ගණා විසින් පිරිවරන ලද්දාහු මැද මිණිමුවා හිණින් සකස්පුරට බටුවාහු ද, මේ දර්‍ශනය මිස පෙර නො දුටුවිරූහු නුයි ‘න මෙ දිට්ඨො ඉතො පුබ්බේ’ යනු වේ.
Pali BJTඉච්චායස්මා සාරිපුත්තොති - ‘ඉච්චා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාමෙතං ‘ඉච්චා’ති. ආයස්මාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සවචනමෙතං ‘ආයස්මා’ති. සාරිපුත්තොති තස්ස ථෙරස්ස නාමං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපොති - ඉච්චායස්මා සාරිපුත්තො.
Sinhala BJTඉච්චායස්මා සාරිපුත්තො - ‘ඉච්ච’ යනු: පදසන්‍ධි යැ, පදසංසර්‍ග යැ, පදපරිපූර්‍ණතා යැ, අක්‍ෂරසමවාය යැ, ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ, පදානුපූර්‍වතා යැ, තෙල ‘ඉච්ච’ යනු. ආයස්මා යනු: ප්‍රියවචන යැ, ගරුවචන යැ, සගෞරව සප්‍රතිශ්‍රයවචනයෙකි, තෙල ‘ආයස්මා’ යනු. සාරිපුත්තො යනු: ඒ තෙරණුවන්ගේ නම් යැ, සඞ්ඛ්‍යා යැ, සංඥා යැ,ප්‍රඥප්ති යැ, ව්‍යවහාර යැ, නාම යැ, නාමකර්‍ම යැ, නාමධෙය යැ, නිරුක්ති යැ, බ්‍යඤ්ජන ය, අභිලාප නුයි ‘ඉච්චායස්මා සාරිපුත්තො’ යනු වේ.
Pali BJTන සුතො උද කස්සචීති - ‘නා’ති පටික්ඛෙපො; උදාති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාමෙතං උදාති; කස්සචීති කස්සචි ඛත්තියස්ස වා බ්රාහ්මණස්ස වා වෙස්සස්ස වා සුද්දස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා දෙවස්ස වා මනුස්සස්ස වාති - න සුතො උද කස්සචි.
Sinhala BJTන සුතො උද කස්සචි - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; උද යනු: පදසන්‍ධි යැ, පදසංසර්‍ග යැ, පදපාරිපූරි යැ, අක්‍ෂරසමවාය යැ; ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ, පදානුපූර්‍වතා යැ, තෙල ‘උද’ යනු: කස්සචි - කිසිවක්හුගේ (බසින්) ක්‍ෂත්‍රියයකුගේ හෝ බ්‍රාහ්මණයකුගේ හෝ වෛශ්‍යයකුගේ හෝ ශුද්‍රයකුගේ හෝ ගෘහස්ථයකුගේ හෝ ප්‍රව්‍රජිතයකුගේ හෝ දෙවියකුගේ හෝ මනුෂ්‍යයකුගේ හෝ නුයි ‘න සුතො උද කස්සචි’ යනු වේ.
Pali BJTඑවං වග්ගුවදො සත්ථාති - එවං වග්ගුවදො මධුරවදො පෙමනීයවදො හදයඞ්ගමවදො කරවීකරුතමඤ්ජුඝොසො.{1} අට්ඨඞ්ගසමන්නාගතො ඛො පන තස්ස භගවතො මුඛතො ඝොසො නිච්ඡරති: විස්සට්ඨො ච විඤ්ඤෙය්යො ච මඤ්ජු ච සවනීයො ව බින්දු ච අවිසාරී ච ගම්භීරො ච නින්නාදී ච යථාපරිසං ඛො පන සො භගවා සරෙන විඤ්ඤාපෙති. න අස්ස බහිද්ධා පරිසාය ඝොසො නිච්ඡරති. බ්රහ්මස්සරො ඛො පන සො භගවා කරවීකභාණීති එවං වග්ගුවදො. සත්ථාති සත්ථා භගවා සත්ථවාහො; යථා සත්ථවාහො සත්තෙ කන්තාරං තාරෙති, දුභික්ඛකන්තාරං තාරෙති, නිරුදකකන්තාරං තාරෙති, උත්තාරෙති, නිත්තාරෙති, පතාරෙති, ඛෙමන්තභූමිං සම්පාපෙති, එවමෙවං භගවා සත්ථවාහො සත්තෙ කන්තාරං තාරෙති; ජාතිකන්තාරං තාරෙති, ජරාකන්තාරං තාරෙති, බ්යාධි -පෙ- මරණ - සොක - පරිදෙව - දුක්ඛ - දොමනස්සූපායාසකන්තාරං තාරෙති, රාගකන්තාරං තාරෙති, දොස - මොහ - මාන - දිට්ඨිගහනං - කිලෙසගහනං - දුච්චරිතගහනං තාරෙති, උත්තාරෙති, නිත්තාරෙති, පතාරෙති; ඛෙමන්තං අමතං නිබ්බානං සම්පාපෙතීති එවම්පි භගවා සත්ථවාහො. අථවා භගවා නෙතා විනෙතා අනුනෙතා පඤ්ඤාපෙතා නිජ්ඣාපෙතා පෙක්ඛෙතා පසාදෙතාති එවම්පි භගවා සත්ථවාහො. අථවා භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො; මග්ගානුගා ච පනස්ස{2} එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතාති එවම්පි භගවා සත්ථවාහොති - එවං වග්ගුවදො සත්ථා.
Sinhala BJTඑවං වග්ගුවදො සත්‍ථා - මෙසේ මනහර වදන් ඇති මිහිරි වදන් ඇති පෙම් වඩන වදන් ඇති සිත් ගන්නා වදන් ඇති කුරවිනද සෙයින් මනහර ගොස ඇතියේ; ඒ බුදුන්ගේ මුවින් අෂ්ටාඞ්ගසමන්‍වාගත වූ ඝෝෂය නික්මෙයි: නො පැකිළෙනුයේ ද, මැනවින් දත හැක්කේ ද, මධුර වූයේ ද, කනට සුව වූයේ ද, හැසුණේ ද, නො පැතුරුණේ ද, ගැඹුරු වූයේ ද, නිනද ඇත්තේ ද වේ. තවද ඒ බුදුහු පිරිස් පමණින් ස්වරයෙන් හඟවාලන සේක. ඒ බුදුන්ගේ ඝෝෂය පිරිසෙන් බැහැර නො නික්මේ. තවද ඒ බුදුහු බඹගොස ඇත්තාහු කුරවිකොවුල්හඬ මෙන් මිහිරි වදන් ඇති සේක් නුයි ‘එවං වග්ගුවදො’ යනු වේ. සත්‍ථා යනු: බුදුහු ශාස්තෘ වූහ, සාත්තුනායකයකු වැන්නහ. යම්සේ සාත්තුනායක සත්ත්‍වයන් කාන්තාරය තරණය කරවා ද, දුර්භික්‍ෂකාන්තාරය තරණය කරවා ද, නිරුදකකාන්තාරය තරණය කරවා ද, එතෙර කරවා ද, නිස්තරණය කරවා ද, ප්‍රතරණය කරවා ද, නිර්‍භය භූමියට පමුණුවා ද; එලෙසින් මැ බුදුහු සාර්‍ත්‍ථවාහ වූ සේක් වෛනෙයසත්ත්‍වයන් කතරින් තරවන සේක්, ජාතිකාන්තාරය තරණය කරවන සේක, ජරාකාන්තාරය තරණය කරවන සේක, ව්‍යාධිකාන්තාරය … මරණ - ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කාන්තාරය තරවන සේක, රාගකාන්තාරය තරවන සේක, ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතකාන්තාරය තරවන සේක, රාග නමැති ගහනය තරවන සේක, ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි නමැති ගහනය තරවන සේක, ක්ලේශගහනය - දුශ්චරිතගහනය තරවන සේක, උත්තරණය නිස්තරණය ප්‍රතරණය කරවන සේක, නිර්‍භය වූ අමාමහනිවනට පමුණුවන සේක් නුයි මෙසේත් ‘බුදුහු සාර්‍ත්‍ථවාහ’ යැ. නොහොත් බුදුහු (නිවනට පමුණුවනුයෙන්) නේතෘ වන සේක, (දර්‍ශනකාලයෙහි සංවර - ප්‍රහාණ විනය වශයෙන් වෛනෙයයනට) විනේතෘ වන සේක, දෙශනාකාලයෙහි (සැක සිඳින හෙයින්) අනුනෙතෘ වන සේක, (සැක සිඳ අර්‍ත්‍ථය) පනවන සේක, (පැනවූ අර්‍තථයන්) නිශ්චය කරවන සේක, (පිළිවෙත්) දක්වන සේක, (ප්‍රතිපත්තිඵලයෙන්) පහදවන සේක් නුයි මෙසේත් බුදුහු ‘සාර්‍ත්‍ථවාහ’ යැ. නොහොත් බුදුහු (පෙර ස්වසන්තානයෙහි) නූපන්විරූ ආර්‍ය්‍යමාර්‍ගය ඉපදවූ සේක, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය උපදවන සේක, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණ දීම් වශයෙන්) ප්‍රකාශ කරන සේක, (ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන්) මාර්‍ගය දන්නා සේක, (වෛනෙයසන්තානයෙහි ඉපැදවියයුතු ආර්‍ය්‍යමාර්‍ගය) දන්නාසුලු සේක, (බෝසත්නට පැවැසිය යුතු) මාර්‍ගයෙහි විචක්‍ෂණ වූ සේක. තවද ඒ බුදුන් විසින් හෙළිකළ මාර්‍ගය හේතු කොට මෙ කල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදිගුණයෙන්) පසුපස යෙමින් වෙසෙත් නුයි මෙසේත් බුදුහු ‘සාර්‍ත්‍ථවාහ’ වූහ’ යි ‘එවං වග්ගුවදො සත්‍ථා’ යනු වේ.
Pali BJTතුසිතා ගණිමාගතොති - භගවා තුසිතා කායා චවිත්වා සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කන්තොති එවම්පි තුසිතා ගණිමාගතො; අථවා දෙවා වුච්චන්ති තුසිතා; තෙ තුට්ඨා සන්තුට්ඨා අත්තමනා පමුදිතා පීතිසොමනස්සජාතා; දෙවලොකතො ගණිං ආගතොති එවම්පි තුසිතා ගණිමාගතො; අථ වා අරහන්තො වුච්චන්ති තුසිතා. තෙ තුට්ඨා සන්තුට්ඨා අත්තමනා පරිපුණ්ණසඞ්කප්පා. අරහන්තානං ගණිං ආගතොති එවම්පි තුසිතා ගණිමාගතො; ‘ගණී’ති ගණී භගවා; ගණාචරියොති ගණී; ගණස්ස සත්ථාති ගණී; ගණං පරිහරතීති ගණී; ගණං ඔවදතීති ගණී; ගණමනුසාසතීති ගණී; විසාරදො ගණං උපසඞ්කමතීති ගණී; ගණොස්ස{1} සුස්සූසති සොතං ඔදහති අඤ්ඤා චිත්තං උපට්ඨපෙතීති ගණී; ගණං අකුසලා උට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතීති ගණී; භික්ඛුගණස්ස ගණී. භික්ඛුනීගණස්ස ගණී, උපාසකගණස්ස ගණී, උපාසිකාගණස්ස ගණී, රාජගණස්ස ගණී, ඛත්තියගණස්ස - බ්රාහ්මණගණස්ස - වෙස්සගණස්ස - සුද්දගණස්ස - දෙවගණස්ස - බ්රහ්මගණස්ස{2} ගණී, සඞ්ඝී, ගණී, ගණාචරියො; ආගතොති ආගතො උපාගතො සමුපාගතො සම්පත්තො{3} සඞ්කස්සනගරන්ති - තුසිතා ගණිමාගතො.
Sinhala BJTතුසිතා ගණීමාගතො - බුදුහු තුසීපුරයෙන් සැවැ සිහි නුවණ ඇති වැ මවුකුස පිළිසඳ ගත්තාහු නුයි මෙසේත් ‘තුසිතා ගණීමාගතො’ යනු වේ. නොහොත් දෙවියෝ තුසිතයෝ යැයි කියනු ලැබෙති, ඔවුහු තුටු වූවාහු සතුටු වූවාහු සියමන වූවාහු ප්‍රමුදිත වූවාහු උපන් සතුටු සොම්නස් ඇත්තාහු ය; එ දෙව්ලොවින් ගණ මැදට ආවාහු නුයි. මෙසේත් ‘තුසිතා ගණීමාගතො’ යනු වේ. නොහොත් රහත්හු තුසිතයෝ යැයි කියනු ලැබෙති, ඔවුහු තුෂ්ටයෝ යැ, සන්තුෂ්ටයෝ යැ, තුටුසිත් ඇත්තෝ යැ, පරිපූර්‍ණ සංකල්ප ඇත්තෝ යි; රහතුන්ගේ ගණමැදට ආවාහු නුයි මෙසේත් ‘තුසිතා ගණීමාගතො’ යනු වේ. ගණී යනු: බුදුහු ගණී වූහ, ගණාචාර්‍ය්‍ය නුයි - ගණී යැ, ගණයට ශාස්තෘ වූවාහු නුයි - ගණී යැ, ගණයා පරිහරණය කෙරෙත් නුයි - ගණී යැ, ගණයාට අවවාද දෙත් නුයි - ගණී යැ , ගණයාට අනුශාසනා කෙරෙත් නුයි - ගණී යැ, විශාරද වැ ගණයා වෙත එළැඹෙත් නුයි ගණී යැ, ගණ තෙමේ ඔබගේ බස අසනු කැමැති වෙයි, (ඇසීමට) කන නමයි, දැනගැනීමට සිත එළවා නුයි - ගණී යැ; ගණයා අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටිවාලන සේක් නුයි - ගණී යැ, භික්‍ෂුගණයා සම්බන්‍ධි ගණ ඇති සේක, (-භික්‍ෂුගණයට ගණී යැ) භික්‍ෂුණීගණයට ගණී යැ, උපාසක ගණයට ගණී යැ, උපාසිකාගණයට ගණී යැ, රාජගණයට ගණී යැ, ක්‍ෂත්‍රියගණයට - බ්‍රාහ්මණගණයට - වෛශ්‍යගණයට - ශුද්‍රගණයට - දෙවගණය - බ්‍රහ්මගණයට ගණී යැ; සමූහ ඇති සේක, ගණ ඇති සේක, ගණාචාර්‍ය්‍ය වූ සේකි; ආගතො යනු: සකස් නුවරට එළැඹියහ, පැමිණි සේක් නුයි ‘තුසිතා ගණීමාගතො’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො සාරිපුත්තො:
Sinhala BJTඑයින් වදාළහ ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ:
Pali BJT“න මෙ දුට්ඨො ඉතො පුබ්බෙ (ඉච්චායස්මා සාරිපුත්තො) න සුතො උද කස්සචි, එවං වග්ගුවදො සත්ථා තුසිතා ගණිමාගතො”ති.
Sinhala BJT“න මෙ දිට්ඨො ඉතො පුබ්බේ -පෙ- තුසිතා ගණීමාගතො” යී.
Pali BJT16. 2.
Sinhala BJT16. 2.
Pali BJTසදෙවකස්ස ලොකස්ස යථා දිස්සති චක්ඛුමා, සබ්බං තමං විනොදෙත්වා එකොව රතිමජ්ඣගා.
Sinhala BJTපසැස් ඇති බුදුහු සදේවක ලෝකයාට යම්සේ පැනෙන සේක් නම්, (මිනිසුන්ට ද එසේ පැනෙති) නොහොත් සදේවක ලෝකයාට අවිපරීත වැ පැනෙන සේක. එකලා වූවාහු මැ (රාගාදි) සියලු අඳුරු දුරු කොට (නෛෂ්ක්‍රම්‍යාදි) රතියට පැමිණි සේකි.
Pali BJTසදෙවකස්ස ලොකස්සාති - සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සායාති - සදෙවකස්ස ලොකස්ස.
Sinhala BJTසදෙවකස්ස ලොකස්ස - දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවට මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාවට නුයි ‘සදෙවකස්ස ලොකස්ස’ යනු වේ.
Pali BJTයථා දිස්සති චක්ඛුමාති - යථා භගවන්තං තාවතිංසභවනෙ පාරිච්ඡත්තකමූලෙ පාණ්ඩුකම්බලසිලායං නිසින්නං ධම්මං දෙසෙන්තං දෙවතා පස්සන්ති; තථා මනුස්සා පස්සන්ති; යථා මනුස්සා පස්සන්ති, තථා දෙවතා පස්සන්ති; යථා දෙවානං දිස්සති, තථා මනුස්සානං දිස්සති; යථා මනුස්සානං දිස්සති, තථා දෙවානං දිස්සතීති එවම්පි යථා දිස්සති චක්ඛුමා. යථා වා පනෙ’කෙ භොන්තො සමණබ්රාහ්මණා අදන්තා දන්තවණ්ණෙන දිස්සන්ති, අසන්තා සන්තවණ්ණෙන දිස්සන්ති, අනුපසන්තා උපසන්තවණ්ණෙන දිස්සන්ති, අනිබ්බුතා නිබ්බුතවණ්ණෙන දිස්සන්ති.
Sinhala BJTයථා දිස්සති චක්ඛුමා - තවුතිසාබවනෙහි පරසතුමුල පඬුඇඹුල් සලයෙහි වැඩහිඳ දහම් දෙසන බුදුන් දෙවියෝ යම්සේ දකිත් නම් එසෙයින් මිනිස්සු දකිති; මිනිස්සු යම්සේ දකිත් නම්, දෙවියෝ එසේ දකිත්; යම්සේ දෙවියනට පැනෙන සේක් නම්, එසේ මිනිස්නට පැනෙන සේක. යම්සේ මිනිසුන්ට පැනෙන සේක් නම්, එසෙයින් දෙවියනට පැනෙන සේක් නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. තවද යම්සේ ඇතැම් මහණබමුණු කෙනෙක් නො දැමුණාහු දැමුණු ලෙසින් දක්නා ලැබෙත් ද, නො සන්හිඳුණා හු සන්හුන් ලෙසින් දක්නා ලැබෙත් ද, අනුපශාන්ත වූවාහු උපශාන්ත ලෙසින් දක්නා ලැබෙත් ද, නො නිවුණාහු නිවුණු ලෙසින් දක්නා ලැබෙත් ද,
Pali BJT1. “පතිරූපකො මත්තිකාකුණ්ඩලොව ලොහඩ්ඪමාසොව සුවණ්ණඡන්නො, චරන්ති ලොකෙ පරිවාරඡන්නා අන්තො අසුද්ධා බහි සොභමානා”ති{a}.
Sinhala BJT1. “ස්වර්‍ණප්‍රතිරූප වූ මැටියෙන් කළ කුණ්ඩලාභරණයක් සෙයින් ද, රනින් වැසූ ලොහොමස්සක් සෙයින් ද, ලොවැ පිරිවරින් වැසුණාහු ඇතුළත රාගාදියෙන් අශුද්ධ වූවාහු පිටත චීවරාදියෙන් ශෝභමාන වූවාහු හැසිරෙත්” යයි.
Pali BJTන භගවා එවං දිස්සති. භගවා භූතෙන තච්ඡෙන තථෙන යාථාවෙන අවිපරීතෙන සභාවෙන දන්තො දන්තවණ්ණෙන දිස්සති, සන්තො සන්තවණ්ණෙන දිස්සති, උපසන්තො උපසන්තවණ්ණෙන දිස්සති, නිබ්බුතො නිබ්බුතවණ්ණෙන දිස්සති; අකප්පිතඉරියාපථා ච බුද්ධා භගවන්තො පණිධිසම්පණ්ණාති එවම්පි - යථා දිස්සති චක්ඛුමා. අථවා භගවා විසුද්ධසද්දො ගතකිත්තිසද්දසිලොකො නාගභවනෙ ච සුපණ්ණභවනෙ චෙ යක්ඛභවනෙ ච අසුරභවනෙ ච ගන්ධබ්බභවනෙ ච මහාරාජභවනෙ ච ඉන්දභවනෙ ච බ්රහ්මභවනෙ ච දෙවභවනෙ ව එදිසො ච තාදිසො ච තතො ච භිය්යොති එවම්පි - යථා දිස්සති චක්ඛුමා. අථවා භගවා දසහි බලෙහි සමන්නාගතො චතූහි වෙසාරජ්ජෙහි චතූහි පටිසම්භිදාහි ඡහි අභිඤ්ඤාහි ඡහි බුද්ධධම්මෙහි තෙජෙන ච බලෙන ච ගුණෙන ච විරියෙන ච පඤ්ඤාය ච දිස්සති ඤායති පඤ්ඤායති.
Sinhala BJTබුදුහු එසේ නො දක්නා ලැබෙත්. බුදුහු විද්‍යාමාන වූ සැබෑ වූ තතු වූ යථාවත් වූ අවිපරීත වූ ස්වභාවයෙන් දැමුණාහු දැමුණු වණින් දක්නා ලැබෙති, සන්හුන් සේක් ශාන්තවර්‍ණයෙන් දක්නා ලැබෙති, උපශාන්ත වූ සේක් උපශාන්තවර්‍ණයෙන් දක්නා ලැබෙති, (ක්ලේශපරිනිර්‍වාණයෙන්) නිවුණාහු නිවුණු වණින් දක්නා ලැබෙත්. තවද භාග්‍යවත් බුදුවරයෝ අකල්පිත (- නො සැරසූ) ඉරියවු ඇත්තාහු පරිපූර්‍ණ ප්‍රාර්‍ත්‍ථනා ඇත්තාහු නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. නොහොත් බුදුහු පවිත්‍ර වූ කීර්‍තතිඝෝෂ ඇති සේක් පැතිරැගිය කීර්‍තතිඝෝෂ හා ප්‍රශංසා ඇත්තාහු නාවිමන්හි දු ගුරුළුවිමන්හි දු යක්විමන්හි දු අසුරවිමන්හි දු ගදඹවිමන්හි දු සිවුවරමුන්ගේ විමන්හි දු දෙව්රදවිමන්හි දු බඹවිමන්හි දු දෙව්විමන්හි දු එබඳු වූවාහු දු එයින් අතිරේක වූවාහු දු දක්නා ලැබෙත් නුයි මෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. නොහොත් බුදුහු දශබලයෙන් චතුර්වෛශාරද්‍යයෙන් සිවුපිළිසිඹියාවෙන් ෂඩභිඥාවෙන් ෂඩ්විධ බුද්ධධර්‍මයෙන් ද තේජසින් ද බලයෙන් ද ගුණයෙන් ද වීර්‍ය්‍යයෙන් ද ප්‍රඥාවෙන් ද සමන්‍විත වූවාහු දක්නා ලැබෙති, දන්නා ලැබෙති, පැනෙන සේකි.
Pali BJT2. “දූරෙ සන්තො පකාසෙන්ති හිමවන්තොව පබ්බතො, අසන්තෙත්ථ න දිස්සන්ති රත්ති ඛිත්තා යථා සරා”{b}
Sinhala BJT2. (උත්සන්න කුශලමූල ඇති) සත්පුරුෂයෝ දුර සිටියාහු නමුදු හිමවත් පර්‍වතය සෙයින් ප්‍රකාශ වෙති. මෙ ලොවැ (ආමිෂගරුක වූ) අසජ්ජනයෝ රෑ වීදි හී සෙයින් නො පැනෙන්නාහු යි.
Pali BJTඑවම්පි යථා දිස්සති චක්ඛුමා. චක්ඛුමාති භගවා පඤ්චහි චක්ඛූහි චක්ඛුමා: මංසචක්ඛුනාපි චක්ඛුමා, දිබ්බචක්ඛුනාපි චක්ඛුමා, පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා, බුද්ධචක්ඛුනාපි චක්ඛුමා, සමන්තචක්ඛුනාපි චක්ඛුමා.
Sinhala BJTමෙසේත් ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ. චක්ඛුමා යනු බුදුහු පසැසකින් චක්‍ෂුර්මත් වූහ: මසැසිනු දු චක්‍ෂුර්මත්හ, දිවැසිනු දු චක්‍ෂුර්මත්හ, පැනැසිනු දු චක්‍ෂුර්මත්හ, බුදුඇසිනු දු චක්‍ෂුර්මත්හ, සමතැසිනු දු චක්‍ෂුර්මත්හු යි.
Pali BJTකථං භගවා මංසචක්ඛුනාපි චක්ඛුමා? මංසචක්ඛුම්හි භගවතො පඤ්ච වණ්ණා සංවිජ්ජන්ති: නීලො ච වණ්ණො පීතකො ච වණ්ණො ලොහිතකො ච වණ්ණො කණ්හො ච වණ්ණො ඔදාතො ච වණ්ණො. අක්ඛිලොමානි ච භගවතො - යත්ථ ච අක්ඛිලොමානි පතිට්ඨිතානි තං නීලං හොති සුනීලං පාසාදිකං දස්සනෙය්යං උම්මාපුප්ඵසමානං. තස්ස පරතො පීතකං හොති සුපීතකං සුවණ්ණවණ්ණං පාසාදිකං දස්සනෙය්යං කණිකාරපුප්ඵසමානං. උභතො අක්ඛිකූටානි භගවතො ලොහිතකානි හොන්ති සුලොහිතකානි, පාසාදිකානි දස්සනෙය්යානි ඉන්දගොපකසමානානි. මජ්ඣෙ කණ්හං හොති සුකණ්හං අලූඛං සිනිද්ධං{1} පාසාදිකං දස්සනෙය්යං අද්දාරිට්ඨකසමානං.{2} තස්ස පරතො ඔදාතං හොති සුඔදාතං සෙතං පණ්ඩරං පාසාදිකං දස්සනෙය්යං ඔසධීතාරකාසමානං. තෙන භගවා පාකතිකෙන මංසචක්ඛුනා අත්තභාවපරියාපන්නෙන පුරිමසුචරිතකම්මාභිනිබ්බත්තෙන සමන්තා යොජනං පස්සති දිවා චෙව රත්තිඤ්ච.
Sinhala BJTකිසෙයින් බුදුහු මසැසිනු දු චක්‍ෂුර්මත් වූහ යත්: බුදුන්ගේ මසැස්හි නිල් පැහැය ද රන්වන් පැහැය ද රත් පැහැය ද කළු පැහැය ද සුදු පැහැය ද යන පඤ්ච වර්‍ණයෝ විද්‍යමාන වෙති. තව ද බුදුන්ගේ අක්‍ෂිරොම වෙයි, යම් තැනෙක්හි අක්‍ෂිරොම පිහිටියේ ද එතැන දියමෙරළියමල් සුදුසු සුනිල් පිරිසුදු දැකුම්කලු නිල් පැහැ වෙයි, එ ඉක්බිති කිණිහිරිමල් සුදුසු සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිදුගොව් සුදුසු සුරත් පිරිසුදු දැකුම්කලු රත්පැහැ වෙයි, මැද රුක්පෙණලඇට සුදුසු ඉතා කළු මෙළෙක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි, එ ඉක්බිති දවහත්තරු සුදුසු ඉතා සුදු හෙළ පඬෙර පිරිසුදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව් ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පස්පෑ දිස්නා පියවි මසැසින් දාවල්හි දු රැයිදු හාත්පස සියක් යොදුන් දකිති.
Pali BJTයදා හි චතුරඞ්ගසමන්නාගතො අන්ධකාරො හොති: සුරියො ච අත්ථඞ්ගතො හොති, කාළපක්ඛො ච උපොසථො හොති, තිබ්බො ච වනසණ්ඩො හොති, මහා ච කාළමෙඝො අබ්භුට්ඨිතො හොති, එවරූපෙපි චතුරඞ්ගසමන්නාගතෙ අන්ධකාරෙ සමන්තා යොජනං පස්සති. නත්ථි සො කුඩ්ඩො වා කවාටං වා පාකාරො වා පබ්බතො වා ගච්ඡො වා ලතා වා ආවරණං රූපානං දස්සනාය, එකඤ්චෙ තිලඵලං නිමිත්තං කත්වා තිලවාහෙ පක්ඛිපෙය්ය, තඤ්ඤෙව තිලඵලං උද්ධරෙය්ය. එවං පරිසුද්ධං භගවතො පාකතිකං මංසචක්ඛු. එවං භගවා මංසචක්ඛුනාපි චක්ඛුමා.
Sinhala BJTයම් කලෙක චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ නම්: හිරු අස්තයට ගියේත් වේ ද; කෘෂ්ණපක්‍ෂයෙහි පොහොයත් වේ ද, ගහන වූ වනලැහැබත් වේ ද, මහත් කළු වලාකුළු නැගුණේ ත් වේ ද, මෙබඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දක්නා සේක, බිතෙක් වේවයි දොරෙක් වේවයි පවුරෙක් වේවයි ගලෙක් වේවයි ගසෙක් වේවයි වැලෙක් වේවයි රූප දැකීමට එබඳු ආවරණයෙක් නැති, ඉදින් එක් තලඇටයෙක් ලකුණු කොට තලගැළෙක බහාලන්නේ නම්, ඒ තලඇටය මැ නගාගන්නා සේක. බුදුන්ගේ පියවි මසැස මෙසේ පිරිසුදු වේ. මෙසේ බුදුහු මසැසිනුදු චක්‍ෂුර්මත් වූ සේක.
Pali BJTකථං භගවා දිබ්බෙන චක්ඛුනාපි{2} චක්ඛුමා? භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සතෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා, වචීදුච්චරිතෙන සමන්නාගතා, මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා, මිච්ඡාදිට්ඨිකම්මසමාදානා; තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා, වචීසුචරිතෙන සමන්නාගතා, මනොසුචරිතෙන සමන්නාගතා, අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා, සම්මාදිට්ඨිකම්මසමාදානා; තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ආකඞ්ඛමානො ච භගවා එකම්පි ලොකධාතුං පස්සෙය්ය, ද්වෙපි ලොකධාතුයො පස්සෙය්ය, තිස්සොපි ලොකධාතුයො පස්සෙය්ය, චතස්සොපි ලොකධාතුයො පස්සෙය්ය, පඤ්චපි ලොකධාතුයො පස්සෙය්ය, දසපි ලොකධාතුයො පස්සෙය්ය, වීසතිම්පි ලොකධාතුයො පස්සෙය්ය, තිංසම්පි ලොකධාතුයො පස්සෙය්ය, චත්තාළීසම්පි ලොකධාතුයො පස්සෙය්ය, පඤ්ඤාසම්පි ලොකධාතුයො පස්සෙය්ය, සහස්සිම්පි චූලනිකං ලොකධාතුං පස්සෙය්ය, ද්විසහස්සිම්පි මජ්ඣිමිකං ලොකධාතුං පස්සෙය්ය, තිසහස්සිම්පි මහාසහස්සිං ලොකධාතුං පස්සෙය්ය. යාවතකං පන ආකඞ්ඛෙය්ය, තාවතකං පස්සෙය්ය. එවං පරිසුද්ධං භගවතො දිබ්බචක්ඛු. එවං භගවා දිබ්බෙන චක්ඛුනාපි චක්ඛුමා.
Sinhala BJTකිසෙයින් බුදුහු දිවැසිනු දු චක්‍ෂුර්මත් වූහ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලන සේක: ‘අහෝ මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යෝපවාද කළාහු, මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිත්‍ථ්‍යාදෘෂ්ටිවශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය, ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුව රහිත වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට පැමිණියාහු ය; යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිවශයෙන් සමාදන් වූ කර්‍ම ඇත්තාහුය, ඔහු කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයට පැමිණියාහ’යි කම්වූ පරිද්දෙන් පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක, මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලන සේ ක, කම් වූ පරිදි පරලොව පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම්, එක් ලොකධාතුවකු දු බලන සේක, ලෝකධාතු දෙකකු දු බලන්නාහ, තුන් ලොකධාතුවකු දු බලන්නාහ, සතර ලොකධාතුවකු දු බලන්නාහ, පස් ලොකධාතුවකු දු බලන්නාහ, දස ලොකධාතුවකු දු බලන්නාහ, විසි ලොකධාතුවකු දු බලන්නාහ, තිස් ලොකධාතුවකු දු බලන්නාහ, සතලිස් ලොකධාතුවකු දු බලන්නාහ, පනස් ලොකධාතුවකු දු බලන්නාහ, සහස්‍රී චුලනීලොකධාතුව ද බලන්නාහ, ද්විසහස්‍රී මධ්‍යම ලෝකධාතුව ද බලන්නාහ, ත්‍රිසහස්‍රී මහාසහස්‍රීලොකධාතුව ද බලන්නාහ, තවද යම් පමණ කැමැතිවන සේක් නම්, ඒ තාක් බලන සේක, මෙසේ බුදුන් ගේ දිවැස පරිශුද්ධ වේ. මෙසේ බුදුහු දිවැසිනු දු චක්‍ෂුර්මත් වන සේක.
Pali BJTකථං භගවා පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා? භගවා මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසුපඤ්ඤො ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො පඤ්ඤාපභෙදකුසලො පභින්නඤාණො අධිගතපටිසම්භිදො චතුවෙසාරජ්ජප්පත්තො දසබලධාරී පුරිසාසභො පුරිසසීහො පුරිසනාගො පුරිසාජඤ්ඤො පුරිසධොරය්හො අනන්තඤාණො අනන්තතෙජො
Sinhala BJTකිසෙයින් බුදුහු පැනැසිනුදු චක්‍ෂුර්මත් වූහ යත්: බුදුහු මහත් ප්‍රඥා ඇති සේක, පතළ ප්‍රඥා ඇති සේක, ශීඝ්‍රප්‍රඥා ඇති සේක, දිවෙන ප්‍රඥා ඇති සේක, තියුණු ප්‍රඥා ඇති සේක, විනිවිද යන ප්‍රඥා ඇති සේක, ප්‍රඥා ප්‍රභෙදයෙහි නිපුණ වූහ, ප්‍රභේදයට පැමිණි ප්‍රඥා ඇත්තාහ, අධිගම කළ ප්‍රතිසංවිද් ඇති සේක, චතුර්වෛශාරද්‍යයට පැමිණි සේක, දශබලධාරීහ, පුරුෂශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුෂනාගයහ, පුරෂාජානෙයයහ, පුරුෂධෞරෙයයහ, අනන්තඥාන ඇති සේක, අනන්ත තේජස් ඇති සේක,
Pali BJTඅනන්තයසො අඩ්ඪො මහද්ධනො ධනවා නෙතා විනෙතා අනුනෙතා පඤ්ඤාපෙතා නිජ්ඣාපෙතා පෙක්ඛෙතා පසාදෙතා. සො හි භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො. මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා. සො හි භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො{1} බ්රහ්මභූතො, වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො.
Sinhala BJTඅනන්ත යශස් ඇති සේක, ප්‍රඥාධනයෙන් ආඪ්‍ය වූහ, මහත් වූ ප්‍රඥාධන ඇති සේක, ප්‍රඥාධනයෙන් ධනවත් සේක, (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ, (වෛනෙයයන් හික්මවන හෙයින්) විනේතෘ වූහ, (සැක සිඳින හෙයින්) අනුනෙතෘ වූහ, අර්‍ත්‍ථය පනවන සේක, නිශ්චය කරවන සේක, පිළිවෙත් දක්වන සේක, ප්‍රතිපත්තිඵලයෙන් පහදවන සේක; තවද ඒ බුදුහු (සිය සතන්හි) නූපන් ආර්‍ය්‍යමාර්‍ගය ඉපද වූ සේක, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාත මාර්‍ගය උපදවන සේක, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණ දීම් වශයෙන්) ප්‍රකාශ කරන සේක, ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන් මාර්‍ගය දන්නා සේක, මාර්‍ගය දන්නාසුලු වූහ, මාර්‍ගයෙහි විචක්‍ෂණ වූ සේක. තවද මෙ කල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යමින් වෙසෙත්. ඒ බුදුහු දතයුතු ඥේයධර්‍මය දන්නා සේක, දැක්ක යුතු ඥේය පථය නුවණැසින් දක්නා සේක, (දර්‍ශනපරිනායක හෙයින්) ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්‍මමය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, (දහම් දෙසන හෙයින්) වක්තෘ වූහ, ප්‍රවක්තෘ වූහ, (අර්‍ත්‍ථය දක්වන හෙයින්) නින්නෙතෘ වූහ, අමෘතය දෙන සේක, ධර්‍මස්වාමී සේක, තථාගත වූ සේක.
Pali BJTනත්ථි තස්ස භගවතො අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති, යං කිඤ්චි ඤෙය්යං නාම අත්ථි ජානිතබ්බං අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගූළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො වා අත්ථො පරමත්ථො වා අත්ථො, සබ්බං තං අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. සබ්බං කායකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති, සබ්බං වචීකම්මං - සබ්බං මනොකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති. අතීතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, අනාගතෙ අප්පටිහතං ඤාණං, පච්චුප්පන්නෙ අප්පටිහතං ඤාණං. යාවතකං ඤෙය්යං තාවතකං ඤාණං. යාවතකං ඤාණං තාවතකං ඤෙය්යං ඤෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්යං. ඤෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති. ඤාණං අතික්කමිත්වා ඤෙය්යපථො නත්ථි. අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා. යථා ද්වින්නං සමුග්ගපටලානං සම්මා ඵුස්සිතානං හෙට්ඨිමං සමුග්ගපටලං උපරිමං නාතිවත්තති, උපරිමං සමුග්ගපටලං හෙට්ඨිමං නාතිවත්තති, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො හොන්ති; එවමෙවං බුද්ධස්ස භගවතො ඤෙය්යඤ්ච ඤාණඤ්ච අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො: යාවතකං ඤෙය්යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං ඤෙය්යං. ඤෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්යං. ඤෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා ඤෙය්යපථො නත්ථි. අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා.
Sinhala BJTඒ බුදුන් විසින් මඟනැණින් නොදන්නා ලද්දක් නුවණැසින් නො දක්නා ලද්දක් නුවණින් අවිදිත වූවක් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දක් ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දක් නම් නැත. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්‍මයෙක් වේ නම්, අතීතානාගතප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට (සඞ්ඛතාසඞ්ඛත වූ) සියලු ධර්‍මයෝ සර්‍වාකාරයෙන් භාග්‍යවත් බුදුන්ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්‍තථය ද සාම්පරායිකාර්‍තථය ද උත්තාන (- ප්‍රකට) අර්‍ත්‍ථය ද ගම්භීරාර්‍තථය ද ගූඨාර්‍තථය ද ප්‍රතිච්ඡන්නාර්‍තථය ද නෙය්‍යාර්‍තථය ද නීතාර්‍තථය ද නිර්‍දොෂාර්‍තථය ද නික්ලෙශාර්‍තථය ද පරිශුද්ධාර්‍තථය ද පරමාර්‍තථය ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පැතිරැ පවතී. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී. සියලු වාක්කර්‍මය - භාග්‍යවත් බුදුන්ගේ සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී. අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත ( -අනාවරණ) යැ, අනාගතයෙහි ඥානය අනාවරණ යැ, වර්‍තමානයෙහි ඥානය අනාවරණ යි. දතයුත්ත යම් පමණ ද, ඥානය එපමණ යැ, ඥානය යම් පමණ ද, දතයුත්ත එ පමණ යි. ඥානය ඥේය කෙළවර කොට ඇත්තේ යැ. ඥේය (-දතයුත්ත) ඥානය කෙළවර කොට ඇත්තේ යැ. ඥේය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති ඒ ධර්‍මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ. යම්සේ මනා කොට පැහැසු සුමුගුපටල දෙකක්හුගේ යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්මැ සිටී ද, ඔවුහු ඔවුනොවුන්ගේ පර්‍ය්‍යන්තයෙහි සිටිනාසුලු වෙත් ද; එසෙයින් මැ භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටිනාසුල්ලහ; යම්තාක් ඥේය ද, ඒතාක් ඥාන යැ; යම්තාක් ඥානය ද ඒතාක් ඥේය යැ; ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යි. ඥේය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති. ඒ දහම්හු අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනාසුල්ලහ.
Pali BJTසබ්බධම්මෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති. සබ්බෙ ධම්මා බුද්ධස්ස භගවතො ආවජ්ජනපටිබද්ධා, ආකඞ්ඛාපටිබද්ධා, මනසිකාරපටිබද්ධා, චිත්තුප්පාදපටිබද්ධා.
Sinhala BJTසියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවත්නේ යැ, සියලු දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනෝද්වාරාවර්‍ජනයට අයත්හු වෙති, රුචියට අයත්හු වෙති, මනසිකාරය ප්‍රතිබද්ධ වෙති, චිත්තෝත්පාද ප්‍රතිබද්ධ වෙත්.
Pali BJTසබ්බසත්තෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති. සබ්බෙ සං සත්තානං භගවා ආසයං ජානාති අනුසයං ජානාති, චරිතං ජානාති. අධිමුත්තිං ජානාති. අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ ජානාති. සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි මච්ඡකච්ඡපා අන්තමසො තිමිතිමිඞ්ගලං උපාදාය අන්තො මහාසමුද්දෙ පරිවත්තන්ති, එවමෙව සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තොබුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි පක්ඛී අන්තමසො ගරුළං වෙනතෙය්යං උපාදාය ආකාසස්ස පදෙසෙ පරිවත්තන්ති, එවමෙව යෙපි තෙ සාරිපුත්තසමා පඤ්ඤාය. තෙපි බුද්ධඤාණස්ස පදෙසෙ පරිවත්තන්ති බුද්ධඤ්ඤාණං දෙවමනුස්සානං පඤ්ඤං ඵරිත්වා අභිභවිත්වා තිට්ඨති. යෙපි තෙ ඛත්තියපණ්ඩිතා බ්රාහ්මණපණ්ඩිතා ගහපතිපණ්ඩිතා. සමණපණ්ඩිතා නිපුණා කතපරප්පවාදා වාලවෙධිරූපා වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි, තෙ පඤ්හෙ අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති: ගූළ්හානි ච පටිච්ඡන්නානි ච. කථිතා විස්සජ්ජිතාව තෙ පඤ්හා භගවතා හොන්ති නිද්දිට්ඨකාරණා. උපක්ඛිත්තකාව තෙ භගවතො සම්පජ්ජන්ති. අථ ඛො භගවා’ව තත්ථ අතිරොචති යදිදං පඤ්ඤායාති. එවං භගවා පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා.
Sinhala BJTසියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, බුදුහු සියලු සත්ත්‍වයන් ගේ ආශය (අදහස්) දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති, (නුවණැසෙහි) අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රජස් ඇති, තියුණු (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති, මෘදු වූ ඉඳුරන් ඇති, සුන්‍දර වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති, ගර්හිත වූ (අශ්‍රද්ධාදි) ආකාර ඇති, සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්‍වයන් දැනගන්නා සේක. මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝවැසි තෙම දෙවිමිනිසුන් සහිත වූ මහණ බමුණන් සහිත ප්‍රජා තොමෝ ඇතුළු බුදුනුවණෙහි පිරිවැටෙයි. තිමි - තිමිඞ්ගල පටන් කොට යම් මස්කැසුබු කෙනෙක් වෙත් නම්, ඔහු යම්සේ මහමුහුදෙහි හැසිරෙත් ද, එසෙයින් මරුන් බඹුන් සහිත සදේවක ලෝක තෙමේ මහණබමුණන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව ඇතුළු බුදුනුවණෙහි පවතී; යම්සේ විනතා පුත් ගුරුළු රජු පටන් කොට යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම්, ඔහු අහසැ පෙදෙසෙකැ හැසිරෙත් ද, එසෙයින් ම යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම්, ඔහු දු බුද්ධඥානයාගේ පෙදෙසෙක පවත්නාහු ය; බුද්ධඥානය දෙවිමිනිසුන් ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙනැ සිටී. නිපුණ වූ කළ පරවාද ඇති වල් විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රියපණ්ඩිත කෙනෙක් බ්‍රාහ්මණපණ්ඩිත කෙනෙක් ගෘහපතිපණ්ඩිත කෙනෙක් ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥාවෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම්, ඔහු ගූඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද, බොහෝ ප්‍රශ්න රචනා කොට බුදුන් කරා පැමිණ විචාරත්, බුදුන් විසින් ඒ ප්‍රශ්නයෝ සකාරණ වැ වදාරණ ලද්දාහු විසඳන ලද්දාහු මැ වෙත්. ඔවුහු බුදුන්ගේ ශ්‍රාවක බවට (උපාසක බවට හෝ) පැමිණියාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥාවෙන් අතිශයින් ප්‍රකාශ වෙත් නුයි මෙසේ බුදුහු පැනැසිනු දු චක්‍ෂුර්මත් වන සේක.
Pali BJTකථං භගවා බුද්ධචක්ඛුනාපි චක්ඛුමා? භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ. සෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චෙ උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අච්චුග්ගම්ම තිට්ඨන්ති අනුපලිත්තානි උදකෙන, එවමෙවං භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ.
Sinhala BJTකිසෙයින් බුදුහු බුදුඇසිනු දු චක්‍ෂුර්මත් වූහ යත්: බුදුහු බුදුඇසින් ලොව බලන සේක් (නුවණැස්හි) අල්ප වූ (රාගාදි) කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති (ශ්‍රද්ධාදි) සුන්දරාකාර ඇති (අශ්‍රද්ධාදි) ගර්හිතාකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ සත්ත්‍වයන් ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නාසුලු වැ වසනුවන් ඇතැම් කෙනෙකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නාසුලු වැ නො වසනුවන් දුටු සේක; යම්සේ උපුල්විලෙකැ හෝ පියුම්විලෙකැ හෝ නෙළුඹුවිලෙකැ හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ නෙළුඹු දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැඟුණාහු දියතුළ ගැලී පොහොනි වූවාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුඹු දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සම වැ සිටියාහු ද, ඇතැම් පියුම් උපුල් හෝ නෙළුඹු දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැඟී දිය හා නො වැකුණාහු සිටිත් ද; එසෙයින් මැ බුදුහු බුදුඇසින් ලොව බලන සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු ඉඳුරන් ඇත්තාවූ ද මෘදු ඉඳුරන් ඇත්තාවූ ද සුන්දරාකාර වූ ද ගර්හිතාකාර වූ ද සුවිඥාප්‍ය වූ ද දුර්විඥාප්‍ය වූ ද සත්ත්‍වයන් පරලොව හා වද්‍යයෙහි භය දක්නාසුලු වැ වසනුවන් ඇතැම් කෙනකුන් පරලෝක වද්‍යයෙහි භය දක්නාසුලු වැ නො වසනුවන් දුටු සේක;
Pali BJTජානාති භගවා අයං පුග්ගලො රාගචරිතො, අයං දොසචරිතො, අයං මොහචරිතො අයං විතක්කචරිතො, අයං සද්ධාචරිතො, අයං ඤාණචරිතො’ති. රාගචරිතස්ස භගවා පුග්ගලස්ස අසුභකථං කථෙති. දොසචරිතස්ස භගවා පුග්ගලස්ස මෙත්තාභාවනං ආචික්ඛති. මොහචරිතං භගවා පුග්ගලං{1} උද්දෙසෙ පරිපුච්ඡාය කාලෙන ධම්මසවනෙ කාලෙන ධම්මසාකච්ඡාය ගරුසංවාසෙ{2} නිවෙසෙති. විතක්කචරිතස්ස භගවා පුග්ගලස්ස ආනාපානසතිං ආචික්ඛති. සද්ධාචරිතස්ස භගවා පුග්ගලස්ස පසාදනීයං නිමිත්තං ආචික්ඛති: බුද්ධසුබොධිං ධම්මසුධම්මතං සඞ්ඝසුප්පටිපත්තිං සීලානි ච අත්තනො. ඤාණචරිතස්ස භගවා පුග්ගලස්ස විපස්සනා නිමිත්තං ආචික්ඛති: අනිච්චාකාරං දුක්ඛාකාරං අනත්තාකාරං.
Sinhala BJT‘මේ පුද්ගල තෙමෙ රාගචරිත ඇත්තෙක, මේ තෙමේ ද්වෙෂචරිතයෙක, මේ මොහචරිතයෙක, මේ විතර්‍කචරිතයෙක, මේ ශ්‍රද්ධාචරිතයෙක, මේ ඥානචරිත ඇත්තෙකැ’ යි බුදුහු දැනගන්නා සේක. බුදුහු රාගබහුල පුද්ගලයාට අශුභකථාව වදාරන සේක. ද්වෙෂබහුල පුද්ගලයාහට බුදුහු මෛත්‍රීභාවනාව ප්‍රකාශ කරන සේක. මොහබහුල පුද්ගලයා බුදුහු (පෙළ) උදෙසීමෙහි ද (අටුවා) පිළිවිසීමෙහි ද සුදුසු කල ධර්‍මශ්‍රවණයෙහි ද කලෙක ධර්‍මසාකච්ඡාවෙන් ගුරුන් ඇසුරු කිරීමෙහි ද සිටුවන සේක. බුදුහු විතර්‍ක බහුල පුද්ගලයාහට ආනාපානස්මෘතිය පවසන සේක. ශ්‍රද්ධාබහුල පුද්ගලයාට බුදුහු ප්‍රසාද උපදවන (චුල්ලවෙදල්ලාදි) සූත්‍රයක් ද බුදුන්ගේ බුද්ධත්‍වප්‍රතිවෙධය ද ධර්‍මය ස්වාඛ්‍යාත බව ද සඞ්ඝයා සුප්‍රතිපන්න බව ද තමා සතු සිල් ද පවසන සේක. ඥානචරිත පුද්ගලයාහට විදර්‍ශනා නිමිත්ත වූ අනිත්‍යාකාරය දුඃඛාකාරය අනාත්මාකාරය පවසන සේකි.
Pali BJT3. “සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො. තථූපමං ධම්මමයං සුමෙධ පාසාදමාරුය්හ සමන්තචක්ඛු. සොකාවතිණ්ණං ජනතමපෙතසොකො, අවෙක්ඛස්සු ජාතිජරාභිභූත”න්ති{a}
Sinhala BJT3. “යම්සේ සෙල්මුවා පව්වක් මත සිටි යේ මැ (ඇස් ඇති පුරුෂයෙක්) හාත්පස ජනතාව බලන්නේ ද, එසෙයින්, සොඳුරු නුවණැති සමතැස් ඇති බුදුරජාණෙනි, නුබ වහන්සේ ද දහම්මුවා පහයට නැගි, (තුමූ) ශෝක ඇත්තාහු, ශෝකයට බට ජාතිජරායෙන් මඩනා ලද ජනතාව බලනු මැනැවැ” යි.
Pali BJTඑවං භගවා බුද්ධචක්ඛුනාපි චක්ඛුමා.
Sinhala BJTමෙසේ බුදුහු බුදුඇසිනු දු චක්‍ෂුර්මත් වූ සේක.
Pali BJTකථං භගවා සමන්තචක්ඛුනාපි චක්ඛුමා? ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං. භගවා සබ්බඤ්ඤුතඤාණෙන උපෙතො සමුපෙතො උපගතො{3} සමුපගතො{4} උපපන්නො සම්පන්නො{5} සමන්නාගතො.
Sinhala BJTකිසෙයින් බුදුහු සමතැසිනු දු චක්‍ෂුර්මත් වූහ යත්: සර්‍වඥතාඥානය ‘සමන්තචක්ඛු’ යයි කියනු ලැබේ. බුදුහු සර්‍වඥතාඥානයෙන් උපෙතයහ, සමුපෙතයහ, උපගතයහ, සමුපගතයහ, නො වෙන් වූහ, පරිපූර්‍ණ වූහ, සමන්‍විත වූ සේක.
Pali BJT4. “න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි අථො අවිඤ්ඤාතමජානිතබ්බං, සබ්බං අභිඤ්ඤාසි යදත්ථි ඤෙය්යං{6} තථාගතො තෙන සමන්තචක්ඛූ”ති{b}
Sinhala BJT4. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි (මෙ කල හෝ) පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත. (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයකු) දු නැත. දතයුතු වූ යම් ධර්‍මජාතයෙක් වී නම්, ඒ සියල්ල අවබෝධ කලහ. එහෙයින් තථාගතයෝ සමන්තචක්ඛු වූ සේකි.
Pali BJTඑවං භගවා සමන්තචක්ඛුනාපි චක්ඛුමාති - යථා දිස්සති චක්ඛුමා.
Sinhala BJTමෙසේ බුදුහු සමතැසිනු දු ( -සර්‍වඥතාඥානයෙන්) චක්‍ෂුර්මත් වූවාහු නුයි ‘යථා දිස්සති චක්ඛුමා’ යනු වේ.
Pali BJTසබ්බං තමං විනොදෙත්වාති - සබ්බං රාගතමං දොසතමං මොහතමං දිට්ඨිතමං කිලෙසතමං දුච්චරිතතමං අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධිකං විඝාතපක්ඛිකං අනිබ්බානසංවත්තනිකං නුදිත්වා පනුදිත්වා ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති සබ්බං තමං විනොදෙත්වා.
Sinhala BJTසබ්බං තමං විනොදෙත්‍වා - ප්‍රඥාලෝකය අඳුරු කරන, නුවණැස ඇති නො කරන, නො දැනීම ඇති කරන, පැනැස නසන, පීඩාකොටසෙහි වූ, නිවන පිණිස නො පවත්නා වූ, සියලු රාගාන්‍ධකාරය ද්වෙෂාන්‍ධකාරය මෝහාන්‍ධකාරය දෘෂ්ට්‍යන්‍ධකාරය ක්ලේශාන්‍ධකාරය දුශ්චරිතාන්‍ධකාරය දුරු කොට ත්‍යාග කොට පරිත්‍යාග කොට බැහැර කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘සබ්බං තමං විනොදෙත්‍වා’ යනු වේ.
Pali BJTඑකොව රතිමජ්ඣගාති - එකො භගවා: පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො, අදුතියට්ඨෙන එකො, තණ්හාය පහානට්ඨෙන එකො, එකන්තවීතරාගොති එකො, එකන්තවීතදොසොති එකො, එකන්තවීතමොහොති එකො, එකන්තනික්කිලෙසොති එකො, එකායනමග්ගං ගතොති එකො, අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති එකො.
Sinhala BJTඑකොව රතිමජ්ඣගා - බුදුහු අතුල්‍යයහ: ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාතාර්‍තථයෙන් අතුල්‍යයහ, අද්වීතියාර්‍තථයෙන් අතුල්‍යයහ, තෘෂ්ණාප්‍රහාණාර්‍තථයෙන් අසහායයහ, එකාන්තවීතරාග නුයි අසහායයහ, එකාන්තවීතදොස නුයි අසහායයහ, එකාන්තවීතමොහ නුයි අසහායයහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායයහ, එකායනමාර්‍ගයට ගියාහු නුයි එකයහ, නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කළාහු නුයි එකයහ.
Pali BJTකථං භගවා පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො? භගවා දහරොව සමානො සුසුකාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතුන්නං{1} අස්සුමුඛානං රුදන්තානං විලපන්තානං ඤාතිසඞ්ඝං පහාය සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා සන්නිධිපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. එවං භගවා පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො.
Sinhala BJTකිසෙයින් බුදුහු ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයෙන් ‘එක’ වූහ යත්: බුදුහු තරුණ වූවාහු මැ අඳුන්වන් කෙස් ඇත්තාහු සොඳුරු යෞවනයෙන් යුත් පළමු වයසින් යුක්ත වූවාහු නො කැමැති වූ කඳුළින් තෙමුණු මුහුණු ඇති හඬන්නා වූ වැලැපෙන්නා වූ මවුපියනට අනාදර කොට ඥාතිසමූහයා හැරපියා සියලු ගෘහාවාසපරිරොධ (-දුර්‍ග)ය සිඳපියා අඹුදරු ආවරණය සිඳ ඥාතිපරිරොධය සිඳ සන්නිධිපරිරොධය සිඳ කෙස්රවුළු බහා කහවත් හැඳැ පෙරෙවැ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවැ අකිඤ්‍චන (-කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති, වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ප්‍රව්‍රජ්‍යාසඞ්ඛ්‍යාතයෙන් ‘එක’ යහ.
Pali BJTකථං භගවා අදුතියට්ඨෙන එකො? සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො චරති, එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො සෙය්යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො පටික්කමති, එකො රහො නිසීදති, එකො චඞ්කමං අධිට්ඨාති, එකො චරති, විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. එවං භගවා අදුතියට්ඨෙන එකො.
Sinhala BJTකිසෙයින් බුදුහු අද්වීතියාර්‍තථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ පැවිදි වූවාහු එකලා වැ අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති. උන්වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හොවිති. එකලා වැ ගමට පිඬු සිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු අද්වීතියාර්‍තථයෙන් ‘එක’ යහ.
Pali BJTකථං භගවා තණ්හාය පහානට්ඨෙන එකො? සො එවං එකො අදුතියො අප්පමත්තො ආතාපී පහීනත්තො විහරන්තො නජ්ජානෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ මහාපධානං පදහන්තො මාරං සසෙනං කණ්හං නමුචිං පමත්තබන්ධුං විධමිත්වා තණ්හාජාලිනිං විසත්තිකං පජහි, විනොදෙසි, බ්යන්තීඅකාසි, අනභාවං ගමෙසීති.
Sinhala BJTකිසෙයින් බුදුහු තෘෂ්ණාප්‍රහාණාර්‍තථයෙන් ‘එක’ වූහ යත්: උන් වහන්සේ මෙසේ එකලා වූවාහු අද්වීතිය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වසන්නාහු නේරඤ්ජරා නදීතීරයෙහි බෝරුක්මුල මහා ප්‍රධන්වීර්‍ය්‍යය කරන සේක් කෘෂ්ණ කර්‍ම ඇති (නො මිදියැ දෙන හෙයින්) නමුචි නම් වූ ප්‍රමත්තයනට බන්‍ධු වූ සෙන් සහිත මරු විධ්වංසන කොට විසත්තිකා නම් වූ තෘෂ්ණාජාලිනිය දුරු කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණවූ සේකි.
Pali BJT5. “තණ්හාදුතියො පුරිසො දීඝමද්ධානසංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං{2} නාතිවත්තති.
Sinhala BJT5. ‘තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂ තෙ දීර්‍ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව අනාගතාත්මභාව නොහොත් ඉත්‍ථම්භාව අන්‍යථාභාව සඞ්ඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
Pali BJT6. එවමාදීනවං{3} ඤත්වා තණ්හා{4} දුක්ඛස්ස සම්භවං, වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ”ති{a}
Sinhala BJT6. (අතීතාදි ස්කන්‍ධයන්හි) මෙසේ ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණ යයි දැන, පහවූ තෘෂ්ණා ඇති ආදාන (-ග්‍රහණ) රහිත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාස්‍රව මහණ තෙම හැසිරෙන්නේ යැ’ යි.
Pali BJTඑවං භගවා තණ්හාය පහානට්ඨෙන එකො.
Sinhala BJTමෙසේ බුදුහු තෘෂ්ණා ප්‍රහීණාර්‍තථයෙන් ‘එක’ යහ.
Pali BJTකථං භගවා එකන්තවීතරාගොති එකො? රාගස්ස පහීනත්තා එකන්තවීතරාගොති එකො, දොසස්ස පහීනත්තා එකන්තවීතදොසොති එකො, මොහස්ස පහීනත්තා එකන්තවීතමොහොති එකො, කිලෙසානං පහීනත්තා එකන්තනික්කිලෙසොති එකො.
Sinhala BJTකිසෙයින් බුදුහු එකාන්තවීතරාග නුයි ‘එක’ වූහ යත්: රාගය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතරාග නුයි ‘එක’ යහ. ද්වේෂය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි ‘එක’ යහ. මෝහය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් පහවූ මෝහ ඇත්තාහු නුයි ‘එක’ යහ. ක්ලේශයන් ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් නික්ලේශ වූවාහු නුයි ‘එක’ යහ.
Pali BJTකථං භගවා එකායනමග්ගං ගතොති එකො? එකායනමග්ගො වුච්චති චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
Sinhala BJTකිසෙයින් බුදුහු එකායනමාර්‍ගයට ගියාහු නුයි ‘එක’ වූහ යත්: සතර සතිපට්ඨානයෝ යැ, සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, යන මේ ‘ඒකායනමාර්‍ගය’ යි කියනු ලැබේ.
Pali BJT7. “එකායනං ජාතිඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී, වතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝ”න්ති{a}
Sinhala BJT7. ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය දක්නාසුලු වූ හිතයෙන් අනුකම්පා කරනසුලු වූ බුදුහු ඒකායනමාර්‍ගය දන්නා සේක. පෙර යම් කෙනෙක් චතුරෝඝය තරණය කළාහු නම් තෙල මාර්‍ගයෙන් තරණය කළාහු ය. තවද යම් කෙනෙක් (මතු) තරණය කරන්නාහු නම්, දැන් තරණය කෙරෙත් නම්, මේ මගින් තරණය කෙරෙත්.
Pali BJTඑවං භගවා එකායනමග්ගං ගතො’ති එකො.
Sinhala BJTමෙසේ බුදුහු එකායනමාර්‍ගයට ගියාහු නුයි ‘එක’ යහ.
Pali BJTකථං භගවා එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති එකො? ‘බොධි’ වුච්චති චතුසු මග්ගෙසු ඤාණං - පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි. භගවා තෙන බොධිඤාණෙන සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති බුජ්ඣි. සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති බුජ්ඣි. සබ්බෙ ධම්මා අනත්තාති බුජ්ඣි. අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති බුජ්ඣි -පෙ- ජාතිපච්චයා ජරාමරණන්ති බුජ්ඣි. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති බුජ්ඣි. -පෙ- ජාතිනිරොධො ජරාමරණනිරොධොති බුජ්ඣි. ඉදං දුක්ඛන්ති බුජ්ඣි. අයං දුක්ඛසමුදයොති බුජ්ඣි. අයං දුක්ඛනිරොධොති බුජ්ඣි. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති බුජ්ඣි. ඉමෙ ආසවාති බුජ්ඣි -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති බුජ්ඣි. ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යාති බුජ්ඣි. පහාතබ්බාති - භාවෙතබ්බාති - සච්ඡිකාතබ්බාති බුජ්ඣි. ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච බුජ්ඣි. පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච බුජ්ඣි. චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච බුජ්ඣි. යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති බුජ්ඣි. අථවා යං කිඤ්චි බුජ්ඣිතබ්බං අනුබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිතබ්බං සම්බුජ්ඣිතබ්බං අධිගන්තබ්බං ඵස්සිතබ්බං සච්ඡිකාතබ්බං, සබ්බං තං තෙන බොධිඤාණෙන බුජ්ඣි, අනුබුජ්ඣි, පටිබුජ්ඣි, සම්බුජ්ඣි, සම්මා බුජ්ඣි, අධිගච්ඡි, ඵස්සෙසි, සච්ඡිකාසි. එවං භගවා එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
Sinhala BJTකිසෙයින් බුදුහු එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කළාහු නුයි ‘එක’ වූහ යත්: සතර මාර්‍ගඥානය ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘බෝධි’ යයි කියනු ලැබේ. බුදුහු ඒ බොධිඥානයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි අවබෝධ කළහ (-දත්හ). ‘සියලු සංස්කාරයෝ දුක්හ’ යි දත්හ. ‘සියලු ධර්‍මයෝ අනාත්මයහ’ යි දත්හ. ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ යි දත්හ … ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැ’ යි දත්හ. ‘අවිද්‍යාවගේ අශෙෂනිරොධයෙන් සංස්කාරනිරෝධය වේ යැ’ යි දත්හ. ‘ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ යැ’ යි දත්හ. ‘මේ දුකැ’ යි දත්හ. ‘මේ දුක්හෙතුව යැ’ යි දත්හ. ‘මේ දුක් නැසීම යැ’ යි දත්හ. ‘මේ දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ’ යි දත්හ. ‘මොහු ආස්‍රවයෝ යැ’ යි දත්හ… ‘මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’ යි දත්හ. ‘මේ ධර්‍මයෝ දතයුත්තාහ’ යි දත්හ. හළයුත්තාහ’ යි - වැඩිය යුත්තාහ’ යි - ප්‍රත්‍යක්‍ෂ කළ යුත්තාහ’ යි දත්හ. සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළවීම ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දත්හ. යම් කිසිවක් සමුදයධර්‍ම නම් ඒ සියල්ල නැසෙන පියවි ඇතැ’ යි අවබෝධ කළහ. නොහොත් යම් කිසිවක් දතයුතු නම්, නැවත නැවත දතයුතු නම්, වෙසෙසින් දතයුතු නම්, මැනැවින් දතයුතු නම්, අධිගම කළයුතු නම්, නුවණින් ස්පර්‍ශ කළයුතු නම්, ප්‍රත්‍යක්‍ෂ කළයුතු නම්, ඒ සියල්ල ඒ බොධිඥානයෙන් දත්හ. අනුබෝධ කළහ. ප්‍රතිබොධ කළහ. වෙසෙසින් දත්හ. මැනැවින් දත්හ. ස්පර්‍ශ කළහ. ප්‍රත්‍යක්‍ෂ කළහ. මෙසේ බුදුහු එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධ කළාහු නුයි ‘එක’ නම් වූහ.
Pali BJTරතිමජ්ඣගා’ති ‘රති’න්ති නෙක්ඛම්මරතිං විවෙකරතිං උපසමරතිං සම්බොධිරතිං; අජ්ඣගා - අධිගච්ඡි ඵස්සෙසි සච්චාකාසීති - එකොව රතිමජ්ඣගා.
Sinhala BJTරතිමජ්ඣගා - ‘රතිං’ යනු: නෛෂ්ක්‍රම්‍යරතියට විවෙකරතියට උපශමරතියට සම්බොධිරතියට පැමිණියහ - අධිගම කළහ; ස්පර්‍ශ කළහ, ප්‍රත්‍යක්‍ෂ කළාහු නුයි ‘ඒකෝ’ ව රතිමජ්ඣගා’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො සාරිපුත්තො:
Sinhala BJTඑයින් වදාළහ සැරියුත් මහතෙරණුවෝ:
Pali BJT“සදෙවකස්ස ලොකස්ස යථා දිස්සති චක්ඛුමා, සබ්බං තමං විනොදෙත්වා එකොව රතිමජ්ඣගා”ති.
Sinhala BJT“සදෙවකස්ස ලොකස්ස -පෙ- එකොව රතිමජ්ඣගා” යී.
Pali BJT16. 3.
Sinhala BJT16. 3.
Pali BJTතං බුද්ධං අසිතං තාදිං අකුහං ගණිමාගතං, බහුන්නමිධ{1} බද්ධානං අත්ථි පඤ්හෙන ආගමං.
Sinhala BJTමෙහි (-මේ ශාසනයෙහි) ක්‍ෂත්‍රියාදි බොහෝ ශිෂ්‍යයන් අතුරෙන් අර්ත්‍ථි වූ මම තෘෂ්ණා - දෘෂ්ටිනිඃශ්‍රය රහිත වූ ලාභාදියෙහි තාදී වූ කුහනවස්තු රහිත වූ ගණාචාර්‍ය්‍ය වූ සකස්පුරයට පැමිණි ඒ බුදුන් කරා ප්‍රශ්නහෙතුයෙන් පැමිණියෙමි.
Pali BJTතං බුද්ධං අසිතං තාදින්ති - ‘බුද්ධො’ති යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි. තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණි{1}. බලෙසු ච වසීභාවං පාපුණි. ‘බුද්ධොති’ කෙනට්ඨෙන බුද්ධො? බුජ්ඣිතා සච්චානීති බුද්ධො. බොධෙතා පජායාති බුද්ධො. සබ්බඤ්ඤුතාය බුද්ධො. සබ්බදස්සාවිතාය බුද්ධො. අනඤ්ඤනෙය්යතාය බුද්ධො. විසවිතාය බුද්ධො. ඛීණාසවසඞ්ඛාතෙන බුද්ධො. නිරුපක්කිලෙසසඞ්ඛාතෙන බුද්ධො. එකන්තවීතරාගොති බුද්ධො. එකන්තවීතදොසොති බුද්ධො. එකන්තවීතමොහොති බුද්ධො. එකන්තනික්කිලෙසොති බුද්ධො. එකායනමග්ගං ගතොති බුද්ධො. එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති බුද්ධො. අබුද්ධිවිහතත්තා බුද්දිපටිලාභා{2} බුද්ධො. ‘බුද්ධො’ති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං. විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං බුද්ධොති - තං බුද්ධං.
Sinhala BJTතං බුද්ධං අසිතං තාදිං - ‘බුද්ධ’ නම්: යම් ඒ භාග්‍යවත් කෙනෙක් තුමූ මැ සර්‍වඥ වූවාහු ආචාර්‍ය්‍යයකු රහිත වැ පෙර නො ඇසූවිරූ දහම් විෂයෙහි තුමූ මැ සිවුසස් අවබෝධ කළාහු ද, ඒ සත්‍යයන්හි දු සර්‍වඥ බවට පැමිණියාහු ද, බලයන්හි දු වශී බවට පැමිණියාහු ද, (ඔහු යැ) බුද්ධ යනු. කවර අර්‍තථයෙකින් ‘බුද්ධ’ නම් වී ද යත්? සිවුසස් අවබෝධ කෙළේ නුයි ‘බුද්ධ’ යැ, ප්‍රජාවට අවබෝධ කරවනුයේ නුයි ‘බුද්ධ’ යැ, සර්‍වඥ බැවින් ‘බුද්ධ’ යැ, සියල්ල දක්නා හෙයින් ‘බුද්ධ’ යැ, අනෙකක්හු විසින් අවබෝධ නො කැරැවිය යුතු හෙයින් ‘බුද්ධ’ යැ, විවිධගුණ පහළ කරන හෙයින් ‘බුද්ධ’ යැ, ක්‍ෂීණාස්‍රව සඞ්ඛ්‍යාවෙන් ‘බුද්ධ’ යැ, නිරුපක්ලේශ සඞ්ඛ්‍යාවෙන් ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතරාග නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතමෝහ නුයි ‘බුද්ධ’ යැ ඒකාන්තයෙන් කෙලෙස් රහිත නුයි ‘බුද්ධ’ යැ, එකායනමාර්‍ගයට ගියේ නුයි ‘බුද්ධ’ යැ, එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළේ නුයි ‘බුද්ධ’ යැ, අබුද්ධිය නැසූ හෙයින් බුද්ධිප්‍රතිලාභය හේතු කොට ගෙන බුද්ධ යැ. ‘බුද්ධ’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑයකු විසින් නො කරන ලද, බූනක විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑසහලේනෑයන් විසින් නො කරන ලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද. භාග්‍යවත් බුදුවරයනට යම් ‘බුද්ධ’ යන නාමයෙක් වේ නම්, අර්‍හත්ඵලයාගේ අන්තයෙහි උපන් තෙල නාමය මහබෝමැඬ දී සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමඟ අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකැ’ යි ‘තං බුද්ධං’ යනු වේ.
Pali BJTඅසිතන්ති - ද්වෙ නිස්සයා: තණ්හානිස්සයො ච දිට්ඨිනිස්සයො ච. කතමො තණ්හානිස්සයො? යාවතා තණ්හාසඞ්ඛාතෙන සීමාකතං ඔධිකතං පරියන්තකතං පරිග්ගහිතං මමායිතං’ ‘ඉදං මම, එතං මම, එත්තකං මම, එත්තාවතා මම, මම රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා අත්ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨඤ්ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරඤ්ච - කෙවලම්පි මහාපඨවිං තණ්හාවසෙන මමායති, යාවතා අට්ඨසතං තණ්හාවිචරිතං, අයං තණ්හානිස්සයො.
Sinhala BJTඅසිතං - යනු: තෘෂ්ණානිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ’ යි නිඃශ්‍රය දෙකෙකි. තෘෂ්ණානිඃශ්‍රය කවරැ යත්: යම්තාක් තෘෂ්ණා කොටසින් සීමා කරන ලද ද අවධි කරන ලද ද හිම් කරන ලද ද අයත් කරන ලද ද මමායන කරන ලද ද: ‘මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මාගේ රූපයෝ යැ, ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, අතුරුණු යැ පොරෝණා යැ දැසිදස්හු යැ එළුබැටළු යැ කුකුළුහූරු යැ ඇත්අස්ගවවෙළඹහු යැ, කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම්රජදහන්හු යැ රට දනව් කොටු හා කොටුගුළු ද - සියලු මැ මහපොළොව’ තෘෂ්ණාවශයෙන් මමායන කෙරෙයි, යම්තාක් අටතුරාසියක් තෘෂ්ණාවිචරිතය වේ ද, මේ තෘෂ්ණානිඃශ්‍රය යි.
Pali BJTකතමො දිට්ඨිනිස්සයො? වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි; යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පටිග්ගාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡාගාහො අයාථාවතස්මිං{3} යාථාවතන්ති ගාහො, යාවතා ද්වාසට්ඨි දිට්ඨිගතානි, අයං දිට්ඨිනිස්සයො.
Sinhala BJTදෘෂ්ටිනිඃශ්‍රය කවරැ යත්: විංශතිවස්තුක සත්කායදෘෂ්ටි යැ, දශවස්තුක මිත්‍ථ්‍යාදෘෂ්ටි යැ, දශවස්තුක අන්තග්‍රාහිකාදෘෂ්ටි යැ, යන මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටි නමැති ගහනයෙක් දෘෂ්ටි නමැති කාන්තාරයෙක් දෘෂ්ටි නමැති විසූකායිකයෙක් ( -විලොමදෘෂ්ටියක්) දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා ගැනීමෙක් (නිත්‍යාදිවශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීර්‍තථායතනයෙක් විපර්‍ය්‍යාසයෙන් ගැනීමෙක් අස්වභාවයෙන් ගැනීමෙක් පරිවර්‍තන කොට ගැනීමෙක් මිත්ථ්‍යාග්‍රාහයෙක් අස්වභාවයෙහි ‘ස්වභාවයැ’ යි ගැනීමෙක් වේ ද, යම්තාක් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ වෙත් ද, මේ දෘෂ්ටිනිඃශ්‍රය යි.
Pali BJTබුද්ධස්ස භගවතො තණ්හානිස්සයො පහීනො; දිට්ඨිනිස්සයො පටිනිස්සට්ඨො; තණ්හානිස්සයස්ස පහීනත්තා දිට්ඨිනිස්සයස්ස පටිනිස්සට්ඨත්තා භගවා චක්ඛුං අසිතො, සොතං - ඝානං - ජිව්හං - කායං - මනං - අසිතො, රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ කුලං ගණං ආවාසං ලාභං යසං පස්සං සුඛං චීවරං පිණ්ඩපාතං සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං කාමභවං රූපභවං අරූපභවං සඤ්ඤාභවං අසඤ්ඤාභවං නෙවසඤ්ඤානාසඤ්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ්චවොකාරභවං අතීතං අනාගතං පච්චුප්පන්නං දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ අසිතො අනිස්සිතො අනල්ලීනො අනුපගතො අනජ්ඣොසිතො අනධිමුත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතී’ති - තං බුද්ධං අසිතං.
Sinhala BJTභාග්‍යවත් බුදුන් විසින් තෘෂ්ණානිඃශ්‍රය ප්‍රහීණ කරන ලද, දෘෂ්ටිනිඃශ්‍රය දුරු කරන ලද; තෘෂ්ණානිඃශ්‍රය ප්‍රහීණ කළ බැවින් දෘෂ්ටිනිඃශ්‍රය දුරැලූ බැවින් බුදුහු ඇස අශ්‍රිතයහ ( -ඇසිරි නො කළහ,) කන - නැහැය - දිව - කය - මනස අශ්‍රිතයහ, රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුඛය - චීවර - පිණ්ඩපාත - ශයනාසන - ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර - කාමධාතුව රූපධාතුව අරූපධාතුව කාමභවය රූපභවය අරූපභවය සංඥාභවය අසංඥාභවය නෛවසංඥානාසංඥාභවය එකවෝකාරභවය චතුවෝකාරභවය පඤ්චවෝකාරභවය අතීතය අනාගතය වර්‍තමානය - දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍යධර්‍මයන්හි අශ්‍රිතයහ, අනිඃශ්‍රිතයහ, නො ඇලුණාහ, නො පැමිණියහ, නො මැඩුණාහ, නො බැසගත්හ. බැහැර වූවාහු නික්මගියාහු වෙසෙසින් මිදුණාහු විසංයුක්ත වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙත් නුයි ‘තං බුද්ධං අසිතං’ යනු වේ.
Pali BJTතාදින්ති - භගවා පඤ්චහාකාරෙහි තාදී: ඉට්ඨානිට්ඨෙ තාදී, චත්තාවීති තාදී, තිණ්ණාවී’ති තාදී, මුත්තාවීති තාදී, තන්නිද්දෙසා තාදී.
Sinhala BJTතාදිං - යනු: බුදුහු පස් අයුරෙකින් තාදීහ: ඉෂ්ටානිෂ්ටයෙහි තාදීහ, කෙලෙස් දුරුකළාහු නුයි තාදීහ, සසර තරණය කළාහු නුයි තාදීහ, රාගාදියෙන් මිදුණාහු නුයි තාදීහ, ශීලාදියෙන් නිර්දේශ කොට කියයුතු හෙයින් තාදීහ.
Pali BJTකථං භගවා ඉට්ඨානිට්ඨෙ තාදී? භගවා ලාභෙපි තාදී, අලාභෙපි තාදී, යසෙපි තාදී, අයසෙපි තාදී, පසංසායපි තාදී, නින්දායපි තාදී, සුඛෙපි තාදී දුක්ඛෙපි තාදී, එකං චෙ{1} බාහං ගන්ධෙන ලිම්පෙය්යුං, එකං චෙ බාහං වාසියා තච්ඡෙය්යුං, අමුස්මිං{2} නත්ථි රාගො, අමුස්මිං{2} නත්ථි පටිඝං. අනුනයපටිඝවිප්පහීනො උග්ඝාතිනිඝාති වීතිවත්තො අනුරොධවිරොධං සමතික්කන්තො. එවං භගවා ඉට්ඨානිට්ඨෙ තාදී.
Sinhala BJTකිසෙයින් බුදුහු ඉෂ්ටානිෂ්ටයෙහි තාදී වූහ යත්: බුදුහු ලාභයෙහි දු තාදී වූහ, අලාභයෙහි දු - යශස්හි දු - අයශස්හි දු - ප්‍රශංසායෙහි දු - නින්‍දායෙහි දු - සුඛයෙහි දු - දුඃඛයෙහි දු තාදී (-සදෘශ) වූහ. ඉදින් එක් බාහුවක් සුවඳින් ගල්වන්නාහු නම්, ඉදින් එක් බාහුවක් වෑයෙන් සස්නාහු නම්, අර සුවඳ ගල්වන්නහු කෙරෙහි ස්නේහයෙක් නැත, අර වෑයෙන් සස්නහු කෙරෙහි කොපයකු ත් නැත; ස්නේහය හා කෝපය දුරු කළහ, අනුග්‍රහ නිග්‍රහ ඉක්මවූහ, ස්නෙහකොප වෙසෙසින් ඉක්මවූහ. මෙසේ බුදුහු ඉෂ්ටානිෂ්ට ආලම්බනයෙහි තාදී (-සමාන) වූ සේක.
Pali BJTකථං භගවා චත්තාවීති තාදී? භගවතො රාගො චත්තො වන්තො මුත්තො පහීනො පටිනිස්සට්ඨො, දොසො - මොහො - කොධො - උපනාහො - මක්ඛො - පළාසො - ඉස්සා මච්ඡරියං - මායා - සාඨෙය්යං - ථම්භො - සාරම්භො - මානො - අතිමානො - මදො - පමාදො - සබ්බෙ කිලෙසා - සබ්බෙ දුච්චරිතා - සබ්බෙ දරථා - සබ්බෙ පරිළාහා - සබ්බෙ සන්තාපා -සබ්බාකුසලාභිසඞ්ඛාරා චත්තා වන්තා මුත්තා පහීනා පටිනිස්සට්ඨා, එවං භගවා ‘චත්තාවී’ති තාදී.
Sinhala BJTකිසෙයින් බුදුහු ත්‍යක්තවත් නුයි තාදී වූහ යත්: භාග්‍යවත්හු විසින් රාගය ත්‍යක්ත යැ වාන්ත යැ මුක්ත යැ ප්‍රහීණ කරන ලද, දුරලන ලද්දේ ය, ද්වේෂය - මෝහය - ක්‍රෝධය - බද්ධවරය - මකුබව - යුගග්‍රාහය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශඨබව - තදබව - කරණුත්තරියකරණය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයෝ - සියලු දුශ්චරිතයෝ - සියලු දරථයෝ - සියලු පරිදාහයෝ - සියලු සන්තාපයෝ - සියලු අකුශලාභිසංස්කාරයෝ හරන ලද්දාහු ය, වමනය කරන ලද්දාහු ය, මුදන ලද්දාහු ය, ප්‍රහීණ කරන ලද්දාහු ය, හාත්පසින් දුරලන ලද්දාහු යි. මෙසේ බුදුහු ත්‍යක්තවත් ( -කෙලෙස් දුරුකළාහු) නුයි තාදී වූ සේක.
Pali BJTකථං භගවා තිණ්ණාවීති තාදී? භගවා කාමොඝං තිණ්ණො භවොඝං තිණ්ණො දිට්ඨොඝං තිණ්ණො අවිජ්ජොඝං තිණ්ණො, සබ්බං සංසාරපථං තිණ්ණො, උත්තිණ්ණො නිත්තිණ්ණො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තො. සො වුත්ථවාසො චිණ්ණචරණො ගතද්ධො ගතදිසො ගතකොටිකො{3} පාලිතබ්රහ්මචරියො උත්තමදිට්ඨිප්පත්තො භාවිතමග්ගො පහීනකිලෙසො පටිවිද්ධාකුප්පො සච්ඡිකතනිරොධො.
Sinhala BJTකිසෙයින් බුදුහු තීර්‍ණවත් නුයි තාදී වූහ යත්: බුදුහු කාමෝඝය තරණය කළහ, භවොඝය තරණය කළහ, දිට්ඨොඝය තරණය කළහ, අවිජ්ජෝඝය තරණය කළහ, සියලු සසරමඟ තරණය කළහ, උත්තීර්‍ණ වූහ, නිස්තීර්‍ණ වූහ, ඉක්මවූහ, මැනැවින් ඉක්මවූහ, වෙසෙසින් ඉක්මවූහ. ඒ බුදුහු වුසූ මඟබඹසර ඇතියහ, පසළොස් චරණධර්‍මයෙහි චීර්‍ණවශී වූහ, ඉක්මවූ සසරමඟ ඇතියහ, නිවන්දෙසට ගියහ, නිවන්කෙළ පැමිණියහ, රැකි බඹසර ඇතියහ, උත්තම සම්‍යග්දෘෂ්ටියට පැමිණියහ, වැඩූ මාර්‍ග ඇතියහ, පුහුන් කෙලෙස් ඇතියහ, පිළිවිදි රහත්පල ඇතියහ, පසක්කළ නිවන ඇතියහ.
Pali BJTදුක්ඛං තස්ස පරිඤ්ඤාතං, සමුදයො පහීනො, මග්ගො භාවිතො, නිරොධො සච්ඡිකතො. අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං, පහාතබ්බං පහීනං, භාවෙතබ්බං භාවිතං, සච්ඡිකාතබ්බං සච්ඡිකතං. සො උක්ඛිත්තපළිඝො සංකිණ්ණපරිඛො අබ්බූළ්හෙසිකො නිරග්ගලො අරියො පන්නද්ධජො පන්නභාරො විසඤ්ඤුත්තො පඤ්චඞ්ගවිප්පහීනො ඡළඞ්ගසමන්නාගතො එකාරක්ඛො චතුරපස්සෙනො{1} පනුන්නපච්චෙකසච්චො සමවයසට්ඨෙසනො අනාවිලසඞ්කප්පො පස්සද්ධකායසඞ්ඛාරො සුවිමුත්තචිත්තො සුවිමුත්තපඤ්ඤො කෙවලී වුසිතවා උත්තමපුරිසො පරමපුරිසො පරමප්පත්තිපත්තො. සො නෙවාචිනාති, න අපචිනාති{2} අපචිනිත්වා ඨිතො. නෙව පජහති, න උපාදියති, පජහිත්වා ඨිතො. නෙව සංසිබ්බති, න විසිනෙති{3}, විසිනෙත්වා{4} ඨිතො. නෙව විධූපෙති, න සන්ධූපෙති, විධූපෙත්වා ඨිතො. අසෙඛෙන{5} සීලක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො. සච්චං සම්පටිපාදියිත්වා ඨිතො, එජං සමතික්කමිත්වා ඨිතො, කිලෙසග්ගිං පරියාදියිත්වා ඨිතො, අපරිගමනතාය ඨිතො, කථං{6} සමාදාය ඨිතො, මුත්තපටිසෙවනතාය ඨිතො, මෙත්තාය පාරිසුද්ධියා ඨිතො, කරුණාය පාරිසුද්ධියා ඨිතො, මුදිතාය පාරිසුද්ධියා ඨිතො, උපෙක්ඛාය පාරිසුද්ධියා ඨිතො, අච්චන්තපාරිසුද්ධියා ඨිතො, අතම්මයතාය පාරිසුද්ධියා ඨිතො, විමුත්තත්තා ඨිතො, සන්තුසිතත්තා{7} ඨිතො, ඛන්ධපරියන්තෙ ඨිතො, ධාතුපරියන්තෙ ඨිතො, ආයතනපරියන්තෙ ඨිතො, ගතිපරියන්තෙ ඨිතො, උපපත්තිපරියන්තෙ ඨිතො, පටිසන්ධිපරියන්තෙ ඨිතො, භවපරියන්තෙ ඨිතො, සංසාරපරියන්තෙ ඨිතො, වට්ටපරියන්තෙ ඨිතො, අන්තිමෙ භවෙ ඨිතො, අන්තිමෙ සමුස්සයෙ ඨිතො. අන්තිමදෙහධරො භගවා.
Sinhala BJTඔවුන් විසින් දුක පිරිසිඳින ලද, සමුදය ප්‍රහීණ කරන ලද, මාර්‍ගය වඩන ලද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කරන ලද; (ස්වභාවලක්‍ෂණාවබෝධයෙන්) දතයුත්ත වෙසෙසින් දැනගන්නා ලද, (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) දතයුත්ත හාත්පසින් දැනගන්නා ලද, හළයුත්ත හරනා ලද, වැඩිය යුත්ත වඩනා ලද, පසක්කළයුත්ත පසක්කරන ලද. ඒ බුදුහු නඟාපී අවිද්‍යාපරිඝය ඇතියහ, විසුරවාලූ (කර්‍මාභිසංස්කාර නමැති) පරිඛාව ඇතියහ, උදුරාපී (තෘෂ්ණා නමැති) එසිකාව ඇතියහ, (ඕරම්භාගිය සංයෝජන නමැති) අගුළු රහිතයහ, ආර්‍ය්‍ය (- පරිශුද්ධ) යහ, හෙළළූ මානධ්වජ ඇතියහ, බහාතැබූ (ස්කන්‍ධාදි) බර ඇතියහ, සතර යෝගයෙන් විසංයුක්තයහ, (කාමච්ඡන්‍දාදි) පසඟ උපායෙන් ප්‍රහීණ කළහ, ෂඩඞ්ගොපෙක්‍ෂාවෙන් සමන්‍විතයහ, ස්මෘති සඞ්ඛ්‍යාත උත්තම ආරක්‍ෂා ඇතියහ, (පටිසෙවනාදි) චතුර්විධ අපාශ්‍රය ඇතියහ, ප්‍රහීණ කළ ප්‍රත්‍යෙකසත්‍ය ඇතියහ, මැනැවින් දුරුකළ සියලු ඒසනා ඇතියහ, නො කැලැඹුණු සඞ්කල්ප ඇතියහ, දුරැලූ කායසංස්කාර ඇතියහ, මොනොවට මිදුණු සිත් ඇතියහ, මොනොවට මිදුණු ප්‍රඥා ඇතියහ, පරිපූර්‍ණයහ, වුසූ බඹසරවස් ඇතියහ, උත්තමපුරුෂයහ, පරමපුරුෂයහ, පරමප්‍රාප්තියට පැමිණියහ. ඒ බුදුහු (කුශලාකුශලවිපාකය) නො මැ රැස් කෙරෙති, නො වනසති, (කෙලෙස්) වනසා සිටියහ; (ප්‍රහාතව්‍යයක් නැති හෙයින්) නො මැ දුරු කෙරෙති, (තෘෂ්ණාදි විසින්) දැඩි වැ නො ගනිති, දුරලා සිටියහ; (තෘෂ්ණාවශයෙන්) නො මැ සීවනය කෙරෙති, (මානවශයෙන්) උත්කංසනය නො කෙරෙති, විගතබන්‍ධන වැ සිටියහ; (කෙලෙස්ගිනි) නො මැ නිවති, නො දල්වති, නිවා සිටියහ; අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වන බැවින් (නො පිරිහී) සිටියහ, අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් සමන්‍විත වන හෙයින් සිටියහ, අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍විත වන හෙයින් සිටියහ, අශෛක්‍ෂ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍විත වන හෙයින් සිටියහ, අශෛක්‍ෂ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍විත වන හෙයින් සිටියහ, චතුරාර්‍ය්‍යසත්‍යය (සිය සතන්හි) සම්පාදනය කොට සිටියහ, තෘෂ්ණාව ඉක්මවා සිටියහ, කෙලෙස්ගිනි ගෙවා සිටියහ, සසර යළි නො යන බැවින් සිටියහ, (නයග්‍රාහික) කථාව ගෙන සිටියහ, (කෙලෙසුන් කෙරෙන්) මිදුණු පලසමවත් සෙවුණා බැවින් සිටියහ, මෛත්‍රීපාරිශුද්ධියෙහි සිටියහ, කරුණාපාරිශුද්ධියෙහි සිටියහ, මුදිතාපාරිශුද්ධියෙහි සිටියහ, උපෙක්‍ෂාපාරිශුද්ධියෙහි සිටියහ. අත්‍යන්තපාරිශුද්ධියෙහි සිටියහ, තෘෂ්ණාදි අතම්මයභාවයෙන් පාරිශුද්ධියෙහි සිටියහ, කෙලෙසුන් කෙරෙන් මිදුණු බැවින් සිටියහ, (යථාලාභාදියෙන්) සන්තුෂ්ට වන බැවින් සිටියහ, ස්කන්‍ධයන්ගේ පර්‍ය්‍යන්තයෙහි සිටියහ, ධාතුපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ආයතනපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ගතිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, උත්පත්තිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ප්‍රතිසන්‍ධිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, භවපර්‍ය්‍යන්තයෙහි සිටියහ, සංසාරපර්‍ය්‍යන්තයෙහි සිටියහ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියහ, අන්තිමභවයෙහි සිටියහ, අන්තිමශරීරයෙහි සිටියහ, බුදුහු අන්තිමදේහය ධරන සේක.
Pali BJT1. “තස්සා’යං පච්ඡිමකොටි{8} චරිමො’යං සමුස්සයො, ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවො”ති.
Sinhala BJT1 “මේ ඒ භාග්‍යවත්හුගේ පශ්චිම කෙළවර යැ. මේ අවසාන ශරීරය වෙයි, උන් වහන්සේට ජාතිය මරණය හා පුනර්‍භව සඞ්ඛ්‍යාත සංසාරප්‍රවෘත්තිය ද නැතැ” යි.
Pali BJTඑවං භගවා තිණ්ණාවීති තාදී.
Sinhala BJTමෙසේ බුදුහු තීර්‍ණවූහු නුයි ‘තාදී’ වූ සේක.
Pali BJTකථං භගවා මුත්තාවීති තාදී? භගවතො රාගා චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං; දොසා චිත්තං - මොහා චිත්තං - කොධා - උපනාහා - මක්ඛා - පළාසා - ඉස්සාය - මච්ඡරියා - මායාය - සාඨෙය්යා - ථම්භා - සාරම්භා - මානා - අතිමානා - මදා - පමාදා - සබ්බකිලෙසෙහි - සබ්බදුච්චරිතෙහි - සබ්බදරථෙහි - සබ්බපරිළාහෙහි - සබ්බසන්තාපෙහි - සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං. එවං භගවා මුත්තාවීති තාදී.
Sinhala BJTකිසෙයින් බුදුහු මුක්තවූහු නුයි ‘තාදී’ වූහ යත්: භාග්‍යවත්හුගේ සිත රාගයෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි, ද්වේෂයෙන් - මෝහයෙන් - ක්‍රෝධයෙන් - බද්ධවෛරයෙන් - මකු බැවින් - යුගග්‍රාහයෙන් - ඊර්‍ෂ්‍යායෙන් - මාත්සර්‍ය්‍යයෙන් - මායාවෙන් - ශාඨ්‍යයයෙන් - ස්තම්භයෙන් - සාරම්භයෙන් - මානයෙන් - අතිමානයෙන් - මදයෙන් - ප්‍රමාදයෙන් - සියලු කෙලෙසුන් ගෙන් - සියලු දුශ්චරිතයන් ගෙන් - සියලු දරථයන් ගෙන් - සියලු පරිදාහයන් ගෙන් - සියලු සන්තාපයන් ගෙන් - සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් සිත මුක්ත යැ, විමුක්ත යැ, සුවිමුක්ත යි. මෙසේ බුදුහු මුක්තවත් නුයි - ‘තාදී’ වූ සේක.
Pali BJTකථං භගවා තන්නිද්දෙසා තාදී? භගවා සීලෙ සති සීලවාති තන්නිද්දෙසා තාදී, සද්ධාය සති සද්ධොති තන්නිද්දෙසා තාදී. විරියෙ සති විරියවාති තන්නිද්දෙසා තාදී, සතියා සති සතිමාති තන්නිද්දෙසා තාදී, සමාධිස්මිං සති සමාහිතො’ති තන්නිද්දෙසා තාදී, පඤ්ඤාය සති පඤ්ඤවාති තන්නිද්දෙසා තාදී, විජ්ජාය සති තෙවිජ්ජොති තන්නිද්දෙසා තාදී, අභිඤ්ඤාය සති ඡළභිඤ්ඤොති තන්නිද්දෙසා තාදී, දසබලෙ සති දසබලො’ති තන්නිද්දෙසා තාදී. එවං භගවා තන්නිද්දෙසා තාදී’ති - තං බුද්ධං අසිතං තාදිං.
Sinhala BJTකිසෙයින් බුදුහු තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදී වූහ යත්: බුදුහු ශීලය ඇති කල්හි සිල්වත්හ’යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, ශ්‍රද්ධාව ඇති කල්හි ශ්‍රද්ධාවත්හ’ යි එයින් දැක්වියයුතු හෙයින් තාදීහ, වීර්‍ය්‍යය ඇති කල්හි වීර්‍ය්‍යවත්හ’ යි එයින් දැක්වියයුතු හෙයින් තාදීහ, ස්මෘතිය ඇති කල්හි ස්මෘතිමත්හ’ යි එයින් දැක්වියයුතු හෙයින් තාදීහ, සමාධිය ඇති කල්හි සමාහිතයහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, ප්‍රඥාව ඇති කල්හි ප්‍රඥාවත්හ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, විද්‍යාව ඇති කල්හි ත්‍රෛවිද්‍යහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, අභිඥාව ඇති කල්හි ෂඩභිඥ වූහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදීහ, දශබලය ඇති කල්හි දශබලධාරීහ’ යි තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදී වූහ. මෙසේ බුදුහු තන්නිර්‍දෙශ්‍ය හෙයින් තාදී වූ සේකැයි ‘තං බුද්ධං අසිතං තාදිං’ යනු වේ.
Pali BJTඅකුහං ගණිමාගතන්ති - ‘අකුහො’ති තීණි කුහනවත්ථූනි; පච්චයපටිසෙධන{1}සඞ්ඛාතං කුහනවත්ථු, ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු, සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJTඅකුහං ගණීමාගතං - ‘අකුහ’ නම්: කුහනවස්තු තුනෙකි: ප්‍රත්‍යයප්‍රතිෂෙධන සඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ, ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ සාමන්තජල්පන සඞ්ඛ්‍යාත කුහනවස්තුව යැයි.
Pali BJTකතමං පච්චයපටිසෙධනසඞ්ඛාතං{1} කුහනවත්ථු: ඉධ ගහපතිකා භික්ඛුං නිමන්තෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. සො පාපිච්ඡො ඉච්ඡාපකතො අත්ථිකො{2} චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං භිය්යොකම්යතං උපාදාය චීවරං පච්චක්ඛාති, පිණ්ඩපාතං පච්චක්ඛාති, සෙනාසනං පච්චක්ඛාති, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පච්චක්ඛාති. සො එවමාහ: ‘කිං සමණස්ස මහග්ඝෙන චීවරෙන? එතං සාරුප්පං: යං සමණො සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා වා නන්තකානි උච්චිනිත්වා සඞ්ඝාටිං කරිත්වා ධාරෙය්ය. කිං සමණස්ස මහග්ඝෙන පිණ්ඩපාතෙන? එතං සාරුප්පං: යං සමණො උඤ්ඡාචරියාය පිණ්ඩියාලොපෙන ජීවිකං කප්පෙය්ය. කිං සමණස්ස මහග්ඝෙන සෙනාසනෙන? එතං සාරුප්පං: යං සමණො රුක්ඛමූලිකො වා අස්ස අබ්භොකාසිකො වා. කිං සමණස්ස මහග්ඝෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන? එතං සාරුප්පං: යං සමණො පූතිමුත්තෙන හරිතකීඛණ්ඩෙන ඔසධං කරෙය්යා’ති. තදුපාදාය ලූඛං චීවරං ධාරෙති, ලූඛං පිණ්ඩපාතං පරිභුඤ්ජති, ලූඛං සෙනාසනං පටිසෙවති, ලූඛං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති. තමෙනං ගහපතිකා එවං ජානන්ති:
Sinhala BJTප්‍රත්‍යයප්‍රතිෂෙධන සඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්: මෙහි ගෘහපතියෝ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරින් මහණක්හු පවරති. හෙතෙම ලාමක ආශා ඇතියේ ආශායෙන් මඩනා ලදුයේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර කැමැති වූයේ වැඩියක් කැමැතිබව නිසා සිවුර ප්‍රතික්‍ෂේප කෙරෙයි, පිණ්ඩපාතය ප්‍රතික්‍ෂේප කෙරෙයි, සෙනස්න ප්‍රතික්‍ෂේප කෙරෙයි, ගිලන්පස බෙහෙසත් පිරිකර ප්‍රතික්‍ෂේප කෙරෙයි. හෙතෙම මෙසේ කියයි: මහණ හට මාහැඟි සිවුරෙන් කිම? ඉදින් මහණ තෙම සොහොනින් හෝ කසළගොඩින් හෝ අවුණුදොරින් හෝ කඩරෙදි අවුළා සඟළ කොට දරන්නේ නම්, තෙල සරුප් යැ. මහණහට මාහැඟි පිණ්ඩපාතයෙන් කිම? ඉදින් මහණ සිඟා හැසිරීමෙන් ලද පිඬුඅහරින් දිවි පවත්වන්නේ නම්, තෙල සරුප් යැ. මහණ හට මාහැඟි සෙනස්නෙන් කිම? ඉදින් මහණ රුක්ඛමූලික හෝ අබ්භෝකාසික හෝ වන්නේ නම්, තෙල සරුප් යැ. මහණ හට මාහැඟි වූ ගිලන්පස බෙහෙසත්පිරිකරින් කිම? ඉදින් මහණ පූතිමුත්‍රයෙන් අරළුකඩෙකින් බෙහෙත් කරන්නේ නම්, තෙල සරුප් යැයි. එතැන් පටන් රළු සිවුරු දරයි, රළු පිණ්ඩපාතය වළඳයි, රළු සෙනසුන් ඇසුරු කෙරෙයි, රළු වූ ගිලන්පස බෙහෙසත්පිරිකර සේවනය කෙරෙයි. ගෘහපතියෝ ඔහු මෙසේ දැනගනිති:
Pali BJTඅයං සමණො අප්පිච්ඡො සන්තුට්ඨො පවිවිත්තො අසංසට්ඨො ආරද්ධවිරියො ධුතවාදොති භිය්යො නිමන්තෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. සො එවමාහ: “තිණ්ණං සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති: සද්ධාය සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්යධම්මස්ස සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්යධම්මස්ස සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දක්ඛිණෙය්යානං සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. තුම්හාකඤ්චෙවායං සද්ධා අත්ථි. දෙය්යධම්මො ච සංවිජ්ජති. අහඤ්ච පටිග්ගාහකො. සචෙ අහං න පටිග්ගහෙස්සාමි, එවං තුම්හෙ පුඤ්ඤෙන පරිබාහිරා භවිස්සථ. න මය්හං ඉමිනා අත්ථො. අපි ච තුම්හාකං යෙව අනුකම්පාය පටිගණ්හාමී’ති”. තදුපාදාය බහුම්පි චීවරං පටිගණ්හාති, බහුම්පි පිණ්ඩපාතං පටිගණ්හාති, බහුම්පි සෙනාසනං පටිගණ්හාති, බහුම්පි ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිගණ්හාති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං; ඉදං පච්චයපටිසෙධන{1} සඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJT‘මේ මහණ අල්පෙච්ඡ යැ සන්තුෂ්ට යැ උතුම් විවෙක ඇත්තෙකැ කුලයා හා සසඟ නැත්තෙකැ පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙකැ ධූතාඞ්ගගුණ කියන්නෙකැ’ යි මතුමත්තෙහි චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙසත්පිරිකරින් පවරත්. හෙතෙම මෙසේ කියයි: තිදෙනකුන්ගේ හමුවීමෙන් සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි: ශ්‍රද්ධාව හමුවීමෙන් (- ඇතිබැවින්) සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි. දේයධර්‍මය ඇතිබැවින් සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි. දක්‍ෂිණාර්‍හයන් ඇතිබැවින් සැදැහැති කුලපුත් තෙම බොහෝ කුසල් රැස් කෙරෙයි. තවද තොපට මැ මේ ශ්‍රද්ධාව ඇත. දේයධර්‍මය ද විද්‍යාමාන වෙයි. මම ද ප්‍රතිග්‍රාහකයෙමි. ඉදින් මම් නො පිළිගනිම් නම්, මෙසේ තෙපි පිනින් පරිබාහිර වන්නහු යැ. මට මෙයින් ප්‍රයෝජන නැත. මෙසේ තෙපි පිනින් පරිබාහිර වන්නහු යැ. මට මෙයින් ප්‍රයෝජන නැත. එහෙත් තොපට මැ අනුකම්පා සඳහා පිළිගනිමි’. එතැන් පටන් බොහෝ සිවුරු ද පිළිගනී, බොහෝ පිණ්ඩපාතය ද පිළිගනී, බොහෝ සෙනසුන් ද පිළිගනී, බොහෝ ගිලන්පස බෙහෙසත්පිරිකර ද පිළිගනී. මෙබඳු වූ යම් බැම බිඳීමෙක් බැම බිඳින බවෙක් කුහනයෙක් කොහොන් බවෙක් විස්මාපිත බවෙක් වේ ද. මේ ‘පච්චයපටිසෙධන සඞ්ඛ්‍යාත කුහනවස්තුව’ යැ.
Pali BJTකතමං ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු? ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො ‘එවං මං ජනො සම්භාවෙස්සතී’ති ගමනං සණ්ඨපෙති, ඨානං සණ්ඨපෙති, නිසජ්ජං සණ්ඨපෙති, සයනං සණ්ඨපෙති, පණිධාය ගච්ඡති, පණිධාය තිට්ඨති, පණිධාය නිසීදති, පණිධාය සෙය්යං කප්පෙති, සමාහිතො විය ගච්ඡති, සමාහිතො විය තිට්ඨති, සමාහිතො විය නිසීදති, සමාහිතො විය සෙය්යං කප්පෙති, ආපාථකජ්ඣායීව හොති. යා එවරූපා ඉරියාපථස්ස අට්ඨපනා{2} ඨපනා සණ්ඨපනා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං, ඉදං ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJTඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කොහොන් වස්තුව කවරැ යත්: මෙහි කිසිවෙක් පාපේච්ඡ වූයේ ඉච්ඡාවෙන් මඩනා ලදුයේ බුහුමන් කැමැති වූයේ ‘ජනයා මෙසේ මට බුහුමන් කරන්නේ යැ’ යි ගමන සකස් කෙරෙයි, සිටීම - හිඳීම - ශයනය සකස් කෙරෙයි, පතාගෙන යයි, පතාගෙන සිටී, පතාගෙන හිඳී, පතාගෙන ශයනය කෙරෙයි. සමාධියට පැමිණියකු සෙයින් යෙයි, සමාහිතයකු සෙයින් හිඳී, සමාහිතයකු සෙයින් ශයනය කෙරෙයි; ජනයා හමුයෙහි ධ්‍යාන කරනුයේ මැ වෙයි. මෙබඳු වූ ඊර්‍ය්‍යාපථයාගේ යම් ආදි කොට තැබීමෙක් තබන අයුරෙක් සකස් කොට තැබීමෙක් මුහුණු හකුළුවන බවෙක් මුහුණු හකුළුවන සුලු බවෙක් විස්මාපනයෙක් විස්මාපනාකාරයෙක් විස්මාපිත බවෙක් වේ ද; මේ ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ.
Pali BJTකතමං සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු? ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො ‘එවං මං ජනො සම්භාවෙස්සතී’ති අරියධම්මසන්නිස්සිතං වාචං භාසති. යො එවරූපං චීවරං ධාරෙති, සො සමණො මහෙසක්ඛොති භණති. යො එවරූපං පත්තං ධාරෙති, ලොහථාලකං ධාරෙති, ධම්මකරකං{3} ධාරෙති, පරිස්සාවනං ධාරෙති, කුඤ්චිකං ධාරෙති, උපාහනං ධාරෙති, කායබන්ධනං ධාරෙති, ආයොගං ධාරෙති, සො සමණො මහෙසක්ඛොති භණති. යස්ස එවරූපො උපජ්ඣායො, සො සමණො මහෙසක්ඛොති භණති. යස්ස එවරූපො ආචරියො සමානුපජ්ඣායකා - සමානාචරියකා - මිත්තා - සන්දිට්ඨා - සම්භත්තා - සහායා, සො සමණො මහෙසක්ඛොති භණති. යො එවරූපෙ විහාරෙ වසති, සො සමණො මහෙසක්ඛොති භණති. යො එවරූපෙ අඩ්ඪයොගෙ වසති - පාසාදෙ වසති - හම්මියෙ වසති - ගුහාය වසති - ලෙණෙ වසති - කුටියා වසති - කූටාගාරෙ වසති - අට්ටෙ{4} වසති - මාළෙ වසති - උද්දණ්ඩෙ වසති - උපට්ඨානසාලාය වසති - මණ්ඩපෙ වසති - රුක්ඛමූලෙ වසති - සො සමණො මහෙසක්ඛොති භණති.
Sinhala BJTසාමන්තජල්පනසඞ්ඛ්‍යාත කොහොන්වන කවරැ යත්: මෙහි කිසිවෙක් පාපේච්ඡ වූයේ ඉච්ඡාවෙන් මඩනා ලදුයේ බුහුමන් කැමැති වූයේ ‘ජනයා මට මෙසේ බුහුමන් කරන්නේය’ යි ලොවුතුරුදහම් පිළිබඳ වූ වදන් බෙණෙයි: යමෙක් මෙබඳු සිවුරු ධරා නම්, ඒ මහණ මහේශාක්‍ය (මහායශස්ක) යෙකැ’ යි බෙණෙයි. යමෙක් මෙබඳු පාත්‍රයක් ධරා නම් - ලෝතලියක් ධරා නම් - දියඩබරාවක් ධරා නම් - පෙරහනක් ධරා නම් - කෙස්සක් ධරා නම් - වහන්සඟළක් ධරා නම් - කාබහනක් ධරා නම් - ආයොගපට ධරා නම්, ඒ මහණ මහත් අනුභාව ඇත්තෙකැ’ යි, බෙණෙයි. යමක් හට මෙබඳු උපාධ්‍යාය කෙනෙක් වෙත් නම්, ඒ මහණ අනුභාව ඇත්තෙකැයි බෙණෙයි, යමකුට මෙබඳු ආචාර්‍ය්‍ය කෙනෙක් වෙත් නම් - සමානොපාධ්‍යායයෝ - සමානාචාර්‍ය්‍යයෝ - මිත්‍රයෝ - සංදෘෂ්ටයෝ - සම්භක්තයෝ - සහායයෝ වෙත් නම්, ඒ මහණ අනුභාව ඇත්තෙකැයි බෙණෙයි, යමෙක් මෙබඳු විහාරයෙක වෙසේ නම්, ඒ මහණ අනුභාව ඇත්තෙකැ’යි බෙණෙයි, යමෙක් මෙබඳු ගුරුළුවක්ගෙයෙක වෙසේ නම් - පහයෙක වෙසේ නම් - සඳලුපහයෙක වෙසේ නම් - ගුහායෙක වෙසේ නම් - ලෙනක වෙසේ නම් - කිළියෙක වෙසේ නම් - කුළුගෙයෙක වෙසේ නම් - අටල්ලෙක වෙසේ නම් - මළියෙක වෙසේ නම් - උද්දණ්ඩයෙක වෙසේ නම් - උවටැන්හලෙක වෙසේ නම් - මඬුයෙක වෙසේ නම් - රුක්මුලෙක වෙසේ නම්, ඒ මහණ අනුභාව ඇතියෙකැයි බෙණෙයි.
Pali BJTඅථවා කොරඤ්ජිකකොරඤ්ජිකො භාකුටිකභාකුටිකො කුහකකුහකො ලපකලපකො මුඛසම්භාවිතො - අයං සමණො ඉමාසං එවරූපානං සන්තානං විහාරසමාපත්තීනං ලාභී’ති තාදිසං ගම්භීරං ගූළ්හං නිපුණං පටිච්ඡන්නං ලොකුත්තරං සුඤ්ඤතාපටිසඤ්ඤුත්තං කථං කථෙති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං, ඉදං සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJTනොහොත් අතිශයින් හැකුළුණේ අතිශයින් මුහුණ හකුළුවනසුලු වූයේ අතිශයින් විස්මය කරවනුයේ අතිශයින් ප්‍රලාප කථා කරනුයේ තමාගේ මුඛමාත්‍රයෙන් ම අනුන් විසින් බුහුමන් කරන ලදුයේ ‘මේ මහණ තෙම මේ මෙබඳු වූ ශාන්ත වූ විහාරසමාපත්තිලාභී’ යයි එබඳු ගැඹුරු වූ ගූඪ වූ සියුම් වූ ප්‍රතිච්ඡන්න වූ ලෝකෝත්තර වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ කථාව කෙරෙයි. මෙබඳු වූ යම් බැමි බිඳීමෙක් කුහනයෙක් කොහොන් අයුරෙක් කොහොන්බවෙක් වේ ද, මේ සාමන්තජල්පන සඞ්ඛ්‍යාත කොහොන්වත යි.
Pali BJTබුද්ධස්ස භගවතො ඉමානි තීණි කුහනවත්ථූනි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි. තස්මා බුද්ධො අකුහොති - අකුහං.
Sinhala BJTභාග්‍යවත් බුදුන් විසින් මේ තුන් කොහොන්වත් ප්‍රහීණ කරන ලද්දාහු ය, සිඳින ලද්දාහු ය, සන්හිඳුවන ලද්දාහු ය, දුරලන ලද්දාහු ය, (ඔහු) උපතට නුසුදුසු වූවාහු ය, නුවණගින්නෙන් දවන ලද්දාහු ය. එහෙයින් බුදුහු අකුහනුයි ‘අකුහං’ යනු වේ.
Pali BJTගණිමාගතන්ති - ‘ගණී’ති ගණී භගවා; ගණාචරියොති ගණී, ගණස්ස සත්ථාති ගණී; ගණං පරිහරතීති ගණී, ගණං ඔවදතීති ගණී, ගණං අනුසාසතීති ගණී, විසාරදො ගණං උපසංකමතීති ගණී, ගණො’ස්ස සුස්සූසති සොතං ඔදහති අඤ්ඤා චිත්තං උපට්ඨපෙතීති ගණී, ගණං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතීති ගණී, භික්ඛුගණස්ස ගණී, භික්ඛුනීගණස්ස ගණී, උපාසකගණස්ස ගණී, උපාසිකාගණස්ස ගණී, රාජගණස්ස ගණී, ඛත්තියගණස්ස ගණී, බ්රාහ්මණගණස්ස ගණී, වෙස්සගණස්ස ගණී, සුද්දගණස්ස ගණී, දෙවගණස්ස ගණී, බ්රහ්මගණස්ස ගණී, සඞ්ඝී,{1} ගණී, ගණාචරියො{2}. ආගතන්ති{3} ආගතං උපාගතං සමුපාගතං{4} සම්පත්තං{5} සඞ්කස්සනගරන්ති - අකුහං ගණිමාගතං.
Sinhala BJTගණීමාගතං - ‘ගණී’ යනු: බුදුහු ගණී වූහ; ගණාචාර්‍ය්‍ය නුයි ගණී යැ, ගණයා හට ශාස්තෘ නුයි ‘ගණී’ යැ ගණයා පරිහරණය කෙරෙත් නුයි ‘ගණී’ යැ, ගණයා හට අවවාද කෙරෙත් නුයි ‘ගණී යැ, ගණයා හට අනුශාසනා කෙරෙත් නුයි - ‘ගණී’ යැ, විශාරද වැ ගණයා වෙත එළැඹෙත් නුයි ‘ගණී’ යැ. ගණ තෙමේ ඔවුන්ගේ බස් අසනු රිසි වෙයි, (ඇසීමට) කන නමයි, දැනගැනීමට සිත එළවා නුයි ‘ගණී’ යැ. ගණයා අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටුවාලන සේක් නුයි ‘ගණී’ යැ, භික්‍ෂුගණයට ‘ගණී’ යැ, භික්‍ෂුණී ගණයට ගණී යැ, උපාසකගණයට ගණී යැ, උපාසිකාගණයට ගණී යැ, රාජගණයට ගණී යැ, ක්‍ෂත්‍රියගණයට ගණී යැ, බ්‍රාහ්මණගණයට ගණී යැ, වෛශ්‍යගණයට ගණී යැ, ශුද්‍රගණයට ගණී යැ, දෙවගණයට ගණී යැ, බ්‍රහ්මණගණයට ගණී වූ සේක. සමූහ ඇතියහ, ගණයා ඇතියහ, ගණාචාර්‍ය්‍ය වූහ, ආගතං යනු සකස්පුරයට ආගත උපාගත සමුපාගත සම්ප්‍රාප්ත වූවාහු නුයි ‘අකුහං ගණීමාගතං’ යනු වේ.
Pali BJTබහුන්නමිධ{6} බද්ධානන්ති - ‘බහුන්න’න්ති බහුන්නං ඛත්තියානං බ්රාහ්මණානං වෙස්සානං සුද්දානං ගහට්ඨානං පබ්බජිතානං දෙවානං මනුස්සානං; බද්ධානන්ති බද්ධානං බද්ධචරානං පරිචාරකානං සිස්සානන්ති - බහුන්නමිධ බද්ධානං.
Sinhala BJTබහුන්නමිධ බද්ධානං - බොහෝ වූ ක්‍ෂත්‍රියයන් අතුරෙන් බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයන් අතුරෙන්; බද්ධානං - බද්ධ වූ ( -බැඳුණු) බැඳී හැසිරෙන පරිවාරක වූ ශිෂ්‍යයන් අතුරෙන් නුයි ‘බහුන්නමිධ බද්ධානං’ යනු වේ.
Pali BJTඅත්ථි පඤ්හෙන ආගමන්ති - පඤ්හෙන අත්ථිකාම්හ ආගතා{7} පඤ්හං පුච්ඡිතුකාමම්හ ආගතා; පඤ්හං සොතුකාමා ආගතම්හාති එවම්පි අත්ථි පඤ්හෙන ආගමං. අථවා පඤ්හත්ථිකානං පඤ්හං පුච්ඡිතුකාමානං පඤ්හං සොතුකාමානං ආගමනං අභික්කමනං උපසඞ්කමනං පයිරුපාසනං{8} අත්ථිති එවම්පි අත්ථි පඤ්හෙන ආගගමං. අථවා පඤ්හාගමො තුය්හං අත්ථි, ත්වම්පි පහූ, ත්වමසි අලමත්ථො මයා පුච්ඡිතං කථෙතුං විස්සජ්ජෙතුං; වහස්සෙතං භාරන්ති එවම්පි - අත්ථි පඤ්හෙන ආගමං.
Sinhala BJTඅත්‍ථි පඤ්හෙන ආගමං - ප්‍රශ්නයෙන් අර්ත්‍ථි වැ (- ප්‍රයෝජන ඇති වැ) පැමිණියම්හ, පැන පුළුවුස්නා කැමැති වැ පැමිණියම්හ, පැන අසනු කැමැති වැ පැමිණියම්හ’ යි - මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නාර්ත්‍ථි වූ පැන පුළුවුස්නා වූ පැන අසනු කැමැතියන්ගේ ඊම අභිමුඛයට පැමිණීම එළැඹීම පර්‍ය්‍යුපාසනය වන්නේ ය, ඇත් නුයි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නයාගේ පැමිණීම නුඹ වහන්සේට ඇත, නුඹ වහන්සේත් ප්‍රභූ වූහු යැ, නුඹ වහන්සේ මා විසින් පුළුවුස්නා ලද්ද කියන්නට විසඳන්නට සමර්‍ත්‍ථ වූවහු ය, තෙල භාරය උසුලනු මැනැවැ’ යි ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො සාරිපුත්තො:
Sinhala BJTඑයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
Pali BJT“තං බුද්ධං අසිතං තාදිං අකුහං ගණිමාගතං, බහුන්නමිධ{6} බද්ධානං අත්ථි පඤ්හෙන ආගම”න්ති.
Sinhala BJT“තං බුද්ධං අසිතං තාදිං -පෙ- අත්‍ථි පඤ්හෙන ආගමං” යී.
Pali BJT16. 4.
Sinhala BJT16. 4.
Pali BJTභික්ඛුනො විජිගුච්ඡතො භජතො රිත්තමාසනං, රුක්ඛමූලං සුසානං වා පබ්බතානං ගුහාසු වා.
Sinhala BJTජාති ආදියෙන් ජුගුප්සා කරන රුක්මුල හෝ සොහොන හෝ පර්‍වතයන් සම්බන්‍ධි ගුහාවන්හි හෝ (පස්කම්ගුණයෙන්) විවික්ත (ඇඳ පුටු ආදි) ආසනය සෙවුනා මහණ හට -
Pali BJTභික්ඛුනො විජිගුච්ඡතොති - ‘භික්ඛුනො’ති පුථුජ්ජනකල්යාණකස්ස වා භික්ඛුනො, සෙඛස්ස වා භික්ඛුනො; විජිගුච්ඡතොති ජාතියා විජිගුච්ඡතො, ජරාය - බ්යාධිනා - මරණෙන - සොකෙහි - පරිදෙවෙහි - දුක්ඛෙහි - දොමනස්සෙහි - උපායාසෙහි විජිගුච්ඡතො, නෙරයිකෙන දුක්ඛෙන තිරච්ඡානයොනිකෙන දුක්ඛෙන පෙත්තිවිසයිකෙන දුක්ඛෙන මානුසකෙන දුක්ඛෙන ගබ්භොක්කන්තිමූලකෙන දුක්ඛෙන ජාතස්සුපනිබන්ධකෙන දුක්ඛෙන ජාතස්ස පරාධෙය්යකෙන දුක්ඛෙන අත්තූපක්කමෙන දුක්ඛෙන පරූපක්කමෙන දුක්ඛෙන දුක්ඛදුක්ඛෙන සඞ්ඛාරදුක්ඛෙන විපරිණාමදුක්ඛෙන චක්ඛුරොගෙන දුක්ඛෙන සොතරොගෙන දුක්ඛෙන ඝානරොගෙන දුක්ඛෙන ජිව්හාරොගෙන දුක්ඛෙන කායරොගෙන දුක්ඛෙන සීසරොගෙන දුක්ඛෙන කණ්ණරොගෙන දුක්ඛෙන මුඛරොගෙන දුක්ඛෙන දන්තරොගෙන දුක්ඛෙන කාසෙන සාසෙන පිනාසෙන ඩහෙන ජරෙන කුච්ඡිරොගෙන මුච්ඡාය පක්ඛන්දිකාය සූලාය විසූචිකාය කුට්ඨෙන ගණ්ඩෙන කිලාසෙන සොසෙන අපමාරෙන දද්දුයා කණ්ඩුයා කච්ඡුයා රඛසාය විතච්ඡිකාය ලොහිතෙන පිත්තෙන මධුමෙහෙන අංසාය පිළකාය භගන්දලෙන{1} පිත්තසමුට්ඨානෙන ආබාධෙන සෙම්හසමුට්ඨානෙන ආබාධෙන වාතසමුට්ඨානෙන ආබාධෙන සන්නිපාතිකෙන ආබාධෙන උතුපරිණාමජෙන ආබාධෙන විසමපරිහාරජෙන ආබාධෙන ඔපක්කමිකෙන ආබාධෙන කම්මවිපාකජෙන ආබාධෙන සීතෙන උණ්හෙන ජිඝච්ඡාය පිපාසාය උච්චාරෙන පස්සාවෙන ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන දුක්ඛෙන - මාතුමරණෙන දුක්ඛෙන පිතුමරණෙන දුක්ඛෙන භාතුමරණෙන - භගිනිමරණෙන - පුත්තමරණෙන - ධීතුමරණෙන - ඤාතිමරණෙන - භොගබ්යසනෙන - රොගබ්යසනෙන - සීලබ්යසනෙන - දිට්ඨිබ්යසනෙන දුක්ඛෙන විජිගුච්ඡතො අට්ටීයතො හරායතො ජිගුච්ඡතොති - භික්ඛුනො විජිගුච්ඡතො.
Sinhala BJTභික්ඛුනෝ විජිගුච්ඡතො - ‘භික්ඛුනෝ’ යනු පෘථග්ජනකල්‍යාණ භික්‍ෂුහට හෝ ශෛක්‍ෂ භික්‍ෂුහට හෝ; විජිගුච්ඡතො - ජාතියෙන් ජුගුප්සා කරන්නහුට, ජරාවෙන් - ව්‍යාධියෙන් - මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් ජුගුප්සා කරන්නහුට, නිරෑදුකින් - තිරිසන්යොන්හි දුකින් - ප්‍රේතවිෂයෙහි වූ දුකින් - මිනිස්ලොවැ (වධබන්‍ධනාදි) දුකින් - ගර්‍භාවක්‍රාන්තිමූලක දුකින් - ගර්‍භස්ථිතිමූලක දුකින් - ගර්‍භව්‍යුත්‍ථානමූලක දුකින් - උපන්නාහු පිළිජග්නා දුකින් - උපන්නහු පරා අයත් කොට ඇති දුකින් - පරොපක්‍රමයෙන් වූ දුකින් - දුඃඛදුඃඛයෙන් - සංස්කාරදුඃඛයෙන් - විපරිණාමදුඃඛයෙන් - චක්‍ෂුරෝගයෙන් වූ දුකින් - ශ්‍රොත්‍රරොගයෙන් වූ දුකින් - ඝ්‍රාණරොගයෙන් වූ දුකින් - ජිහ්වාරොගයෙන් වූ දුකින් - කායරොගයෙන් වූ දුකින් - ශීර්‍ෂරොගයෙන් වූ දුකින් - කර්‍ණරෝගයෙන් වූ දුකින් - මුඛරොගයෙන් වූ දුකින් - දන්තරොගයෙන් වූ දුකින් - කාසයෙන් ශ්වාසයෙන් පීනසින් දාහයෙන් ජ්වරයෙන් කුක්‍ෂිරොගයෙන් මුර්ඡායෙන් ලොහිතාතීසාරයෙන් ආමශූලයෙන් මහාවිරෙචනයෙන් කුෂ්ටයෙන් ගණ්ඩයෙන් කබරරොගයෙන් ක්‍ෂයරොගයෙන් අපස්මාරයෙන් දද්‍රෑයෙන් කණ්ඩුතියෙන් කුෂ්ටයෙන් නියහිරින් අතුල්පතුල් පැළීමෙන් රත්පිතින් මධුමෙහයෙන් අර්‍ශසින් පිළිකායෙන් භගන්දරායෙන් පිතින් උපදනා ආබාධයෙන් සෙමින් උපදනා ආබාධයෙන් වයින් උපදනා ආබාධයෙන් සාන්නිපාතික ආබාධයෙන් සෘතුවිපර්‍ය්‍යාසයෙන් උපදනා ආබාධයෙන් විෂමවිහරණයෙන් උපදනා ආබාධයෙන් උපක්‍රමයෙන් උපදනා ආබාධයෙන් කර්‍මවිපාකජ ආබාධයෙන් සිහිලෙන් උණුසුමින් සයින් පවසින් මලයෙන් මූයෙන් මැසි මදුරු වා අව් දිග්දෑපහසින් වූ දුකින්, මවගේ මරණයෙන් වූ දුකින් පියාගේ මරණයෙන් වූ දුකින් බෑයාගේ මරණයෙන් - බූනගේ මරණයෙන් - පුතා ගේ මරණයෙන් - දුව ගේ මරණයෙන් - නෑයන්ගේ විපතින් - භෝගයන් ගේ විපතින් - රොගව්‍යසනයෙන් - ශීලව්‍යසනයෙන් - දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුකින් ජුගුප්සා කරන්නහුට දුක්වන්නහුට පිළිකුල් වන්නහු නුයි ‘භික්ඛුනෝ විජිගුච්ඡතො’ යනුවේ.
Pali BJTභජතො රිත්තමාසනන්ති - ‘ආසනං’ වුච්චති යත්ථ නිසීදති, මඤ්චො පීඨං භිසි තට්ටිකා චම්මඛණෙඩා තිණසන්ථාරො පණ්ණසන්ථාරො පලාසසන්ථාරො; තං ආසනං අසප්පායරූපදස්සනෙන රිත්තං විවිත්තං පවිවිත්තං; අසප්පායසද්දසවණෙන රිත්තං විවිත්තං පවිවිත්තං; අසප්පායෙහි පඤ්චහි කාමගුණෙහි රිත්තං විවිත්තං පවිවිත්තං; තං පවිවිත්තං ආසනං භජතො සම්භජතො සෙවතො නිසෙවතො සංසෙවතො පටිසෙවතොති - භජතො රිත්තමාසනං.
Sinhala BJTභජතො රිත්තමාසනං - යම් තැනෙක හිඳී නම්, ඇඳ පුටුව බිස්ස තට්ටිකාව සම්කඩ තණඇතිරිය පන්ඇතිරිය කොළඇතිරිය යන මෙය ‘ආසන’ යි කියනු ලැබේ. ඒ ආසනය අසත්ප්‍රාය ( - ඉෂ්ට) වූ රූප දැකීමෙන් තුච්ඡ යැ ශුන්‍ය යැ අතිශයින් ශුන්‍ය යි; අසත්ප්‍රාය වූ ශබ්දශ්‍රවණයෙන් රික්ත යැ විවික්ත යැ අතිශයින් විවික්ත යි; අසත්ප්‍රාය වූ පඤ්චකාමගුණයන් ගෙන් රික්ත යැ විවික්ත යැ ප්‍රවිවික්ත යි. ඒ අතිශයින් විවික්ත (-වෙන්) වූ ආසනය භජනය කරන්නහුට මැනැවින් භජනය කරන්නහුට සෙවුනහුට වෙසෙසින් සෙවුනහුට පුනපුනා සෙවුනහුට එළැඹ සෙවුනහුට නුයි ‘භජතො රිත්තමාසනං’ යනු වේ.
Pali BJTරුක්ඛමූලං සුසානං වාති - රුක්ඛමූලං යෙව රුක්ඛමූලං; සුසානං යෙව ‘සුසාන’න්ති - රුක්ඛමූලං සුසානං වා.
Sinhala BJTරුක්ඛමූලං සුසානං වා - රුක්මුල මැ ‘රුක්ඛමූල’ යැ, සොහොන මැ ‘සුසානය’ නුයි ‘රුක්ඛමූලං සුසානං වා’ යනු වේ.
Pali BJTපබ්බතානං ගුහාසු වාති - පබ්බතායෙව පබ්බතා; කන්දරායෙව කන්දරා; ගිරිගුහායෙව ගිරිගුහා; පබ්බතන්තරිකායො වුච්චන්ති පබ්බතපබ්භාරාති පබ්බතානං ගුහාසු වා.
Sinhala BJTපබ්බතානං ගුහාසු වා - පර්‍වතයෝ මැ, ‘පබ්බත’ යැ, කඳුරැලි මැ ‘කන්‍දර’ යැ, ගල්ගුහා මැ ‘ගිරිගුහා’ යැ, පර්‍වතකුක්‍ෂීහු ‘පබ්බතන්තරිකා’ යී කියනු ලැබෙත් නුයි ‘පබ්බතානං ගුහාසු වා’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො සාරිපුත්තො:
Sinhala BJTඑයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
Pali BJT“භික්ඛුනො විජිගුච්ඡතො භජතො රිත්තමාසනං, රුක්ඛමූලං සුසානං වා පබ්බතානං ගුහාසු වා”ති.
Sinhala BJT“භික්ඛුනෝ විජිගුච්ඡතො -පෙ- පබ්බතානං ගුහාසු වා” යී.
Pali BJT16. 5.
Sinhala BJT16. 5.
Pali BJTඋච්චාවචෙසු සයනෙසු කුවන්තො{1} තත්ථ භෙරවා. යෙහි භික්ඛු න වෙධෙය්ය නිග්ඝොසෙ සයනාසනෙ.
Sinhala BJTමහණ තෙමේ නිර්‍ඝොෂ වූ සෙනස්නෙහි යම් භෛරවයෙකින් නො සැලෙන්නේ නම්, ඒ කුදුමහත් ( -හීනප්‍රණීත වූ) සෙනසුන්හි කිපමණ භෛරවයෝ වෙත් ද, නොහොත් එහි (කුවන්තො - ) නාද කරන භයානක අරමුණු වෙත්.
Pali BJTඋච්චාවචෙසු සයනෙසූති - ‘උච්චාවචෙසු’ති උච්චාවචෙසු හීනප්පණීතෙසු ඡෙකපාපකෙසු; ‘සයනං’ වුච්චති විහාරො අඩ්ඪයොගො පාසාදො හම්මියං ගුහාති - උච්චාවචෙසු සයනෙසු.
Sinhala BJTඋච්චාවචෙසු සයනෙසු - ‘උච්චාවචෙසු’ යනු: උස් - මිටි වූ හීනප්‍රණීත වූ උත්තමාධම වූ විහාර යැ අඩ්ඪයොග යැ ප්‍රසාද යැ, හර්ම්‍ය යැ ගුහා යැ යන මේ ‘සයන’ යී කියනු ලැබේ නුයි ‘උච්චාවචෙසු සයනෙසු’ යනු වේ.
Pali BJTකුවන්තො තත්ථ භෙරවාති - ‘කුවන්තො’ති කුවන්තො කූජන්තො නදන්තො සද්දං කරොන්තො; අථවා කීවන්තොති කති කිත්තකා කීවතකා කීවබහුකා තෙ භෙරවාති? සීහා බ්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිසා හත්ථි අහී විච්ඡිකා සතපදී චොරා වා අස්සු මානවා වා කතකම්මා වා අකතකම්මා වාති - කුවන්තො තත්ථ භෙරවා.
Sinhala BJTකුවන්තො තත්‍ථ භෙරවා - ‘කුවන්තො’ යනු: හඬගසන කූජනය කරන නාද කරන ශබ්ද කරන; නොහොත් කිවන්තො යනු: ඒ භෛරවයෝ කෙතෙක් ද? කිපමණ ද? කෙබඳු ද? කිපමණ බොහෝ ද යත්? සිංහයෝ යැ ව්‍යාඝ්‍රයෝ යැ දිවියෝ යැ වලස්සු යැ තරස්හු යැ වෘකයෝ යැ මීවෝ යැ ඇත්තු යැ සර්‍පයෝ යැ නුහුසුහු යැ සියපාහු යැ, කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසි මිනිස්සු හෝ වන්නාහු නුයි ‘කුවන්තො තත්‍ථ භෙරවා’ යනු වේ.
Pali BJTයෙහි භික්ඛු න වෙධෙය්යාති - ‘යෙහී’ති යෙහි භෙරවෙහි; භෙරවෙ පස්සිත්වා වා සුණිත්වා වා න වෙධෙය්ය නප්පවෙධෙය්ය න සම්පවෙධෙය්ය න උත්තසෙය්ය න පරිත්තසෙය්ය න භායෙය්ය න සන්තාසං ආපජ්ජෙය්ය, අභීරු අස්ස අච්ඡම්භී අනුත්රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්යාති - යෙහි භික්ඛු න වෙධෙය්ය.
Sinhala BJTයෙහි භික්ඛු න වෙධ්‍යෙය - ‘යෙහි’ යනු: යම් භෛරවයන්ගෙන්, භෛරවයන් දැක හෝ අසා හෝ නො වෙවුළා නම්, අතිශයින් නො වෙවුළා නම්, හාත්පසින් නො වෙවුළා නම්, නො තැතිගනී නම්, හාත්පසින් නො තැතිගනී නම්, නො බිය වේ නම්, සන්ත්‍රාසයට නො පැමිණේ නම්, බියසුලු නො වූයේ නො තැතිගන්නා සුලු වූයේ ත්‍රස්ත නො වන සුලු වූයේ නො පලායනසුලු වූයේ වන්නේ නම්, ප්‍රහීණ වූ බියඅරමුණු ඇත්තේ පහවූ ලොමුදහ ඇති වැ වෙසෙන්නේ නම් යී ‘යෙහි භික්ඛු න වෙධ්‍යෙය’ යනු වේ.
Pali BJTනිග්ඝොසෙ සයනාසනෙති - අප්පසද්දෙ අප්පනිග්ඝොසෙ විජනවාතෙ මනුස්සරාහසෙය්යකෙ පටිසල්ලානසාරුප්පෙ සෙනාසනෙති - නිග්ඝොසෙ සයනාසනෙ.
Sinhala BJTනිග්ඝොසෙ සයනාසනෙ - අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්‍ය ක්‍රියාවන්ට යෝග්‍ය වූ චිත්තසමාධියට අනුරූප වූ සෙනසුන්හි නුයි ‘නිග්ඝොසෙ සයනාසනෙ’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො සාරිපුත්තො:
Sinhala BJTඑයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
Pali BJT“උච්චාවචෙසු සයනෙසු කුවන්තො තත්ථ භෙරවා, යෙහි භික්ඛු න වෙධෙය්ය නිග්ඝොසෙ සයනාසනෙ”ති.
Sinhala BJT“උච්චාවචෙසු සයනෙසු -පෙ- නිග්ඝොසෙ සයනාසනෙ” යී.
Pali BJT16. 6.
Sinhala BJT16. 6.