Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1901-2000 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසාහසා විරතො චරෙති - කතමා සාහසා චරියා? රත්තස්ස රාගචරියා සාහසා චරියා, දුට්ඨස්ස දොසචරියා සාහසා චරියා, මූළ්හස්ස මොහචරියා සාහසා චරියා; විනිබද්ධස්ස මානචරියා සාහසා චරියා, පරාමට්ඨස්ස දිට්ඨිචරියා සාහසා චරියා, වික්ඛෙපගතස්ස උද්ධච්චචරියා සාහසා චරියා, අනිට්ඨාගතස්ස විචිකිච්ඡා චරියා සාහසා චරියා, ථාමගතස්ස අනුසයචරියා සාහසා චරියා, අයං සාහසා චරියා. සාහසා විරතො චරෙති සාහසාචරියා ආරතො අස්ස, විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්ය චරෙය්ය විචරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙයය්ය යාපෙය්යාති - සාහසා විරතො චරෙ.
Sinhala BJTසාහසා විරතො චරෙ - සාහසචර්‍ය්‍යාව කවර යත්: රාගයෙන් රත් වූවහුගේ රාගචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, ද්වේෂයෙන් ද්විෂ්ට වූවහුගේ ද්වෙෂචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, මෝහයෙන් මූඪ වූවහුගේ මොහචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, මානයෙන් විනිබද්ධයාගේ මානචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, දෘෂ්ටියෙන් පරාමෘෂ්ට වූවහුගේ දෘෂ්ටිචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, විසුරුණු සිතැත්තහුගේ ඖද්ධත්‍යචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, විසුරුණු සිතැත්තහුගේ ඖද්ධත්‍යචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි, නිෂ්ඨාවට නො ගියහුගේ විචිකිත්සාචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි. අනුශයයෙන් තද වූවහුගේ අනුශයචර්‍ය්‍යාව සැහැසි කරුණෙකි. සාහසා විරතො චරෙ - සැහැසි කරුණෙන් ( -හැසිරීමෙන්) දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතර්‍ම්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ යැ, හැසිරෙන්නේ යැ, වෙසෙසින් හැසිරෙන්නේ යැ, ඉරියවු පවත්වන්නේ යැ, වැටෙන්නේ යැ, රැකෙන්නේ යැ, යැපෙන්නේ යැ, යාපනය වන්නේ නුයි ‘සාහසා විරතො චරෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“මොසවජ්ජෙ න නිය්යෙථ රූපෙ ස්නෙහං න කුබ්බයෙ, මානඤ්ච පරිජානෙය්ය සාහසා විරතො චරෙ”ති.
Sinhala BJT“මොසවජ්ජෙ න නිය්‍යෙථ -පෙ- සාහසා විරතො චරෙ” යී.
Pali BJT15. 10.
Sinhala BJT15. 10.
Pali BJTපුරාණං නාභිනන්දෙය්ය නවෙ ඛන්තිං න කුබ්බයෙ, හීයමානෙ න සොචෙය්ය ආකාසං{1} න සිතො සියා.
Sinhala BJTඅතීත වූ රූපාදිඅරමුණට (තෘෂ්ණාදි විසින්) නො සතුටු වන්නේ යැ. වර්‍තමාන රූපාදියෙහි රුචිය නො කරන්නේ යැ. (රූපාදිය) නැසෙන කල්හි ශෝක නො කරන්නේ යැ, තෘෂ්ණාව ඇසුරු කළේ නො වන්නේ යි.
Pali BJTපුරාණං නාභිනන්දෙය්යාති - ‘පුරාණං’ වුච්චති අතීතා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං. අතීතෙ සඞ්ඛාරෙ තණ්හාවසෙන දිට්ඨිවසෙන නාභිනන්දෙය්ය, නාභිවදෙය්ය, න අජ්ඣොසෙය්ය, අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති - පුරාණං නාභිනන්දෙය්ය.
Sinhala BJTපුරාණං නාභිනන්දෙය්‍ය - ‘පුරාණ’ යී ඉක්මැගිය රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානය කියනු ලැබෙයි. අතීත වූ සංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් නො සතුටු වන්නේ යැ, සතුටුබස් නො කියන්නේ යැ, නො බැසගන්නේ යැ; අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය දැහැගැනීම පිවිසසිටීම හරන්නේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ නුයි ‘පුරාණං නාභිනන්දෙය්‍ය’ යනු වේ.
Pali BJTනවෙ ඛන්තිං න කුබ්බයෙති - ‘නවා’ වුච්චන්ති පච්චුප්පන්නා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං. පච්චුප්පන්නෙ සඞ්ඛාරෙ තණ්හාවසෙන දිට්ඨිවසෙන ඛන්තිං න කරෙය්ය, ඡන්දං න කරෙය්ය, පෙමං න කරෙය්ය, රාගං න කරෙය්ය, න ජනෙය්ය, න සඤ්ජනෙය්ය, න නිබ්බත්තෙය්ය, නාභිනිබ්බත්තෙය්යාති - නවෙ ඛන්තිං න කුබ්බයෙ.
Sinhala BJTනවෙ ඛන්තිං න කුබ්බයෙ - ‘නව’ යී වර්‍තමාන රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානය කියනු ලැබෙයි. වර්‍තමානසංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් රුචි නො කරන්නේ යැ, ඡන්‍දය නො කරන්නේ යැ, ප්‍රේමය නො කරන්නේ යැ, රාගය නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, වෙසෙසින් නූපදවන්නේ නුයි ‘නවෙ ඛන්තිං න කුබ්බයෙ’ යනු වේ.
Pali BJTහීයමානෙ න සොචෙය්යාති - හීයමානෙ හායමානෙ පරිහායමානෙ වෙමානෙ විගච්ඡමානෙ අන්තරධායමානෙ න සොචෙය්ය, න කිලමෙය්ය, න පරාමසෙය්ය, න පරිදෙවෙය්ය, න උරත්තාළිංකන්දෙය්ය, න සම්මොහං ආපජ්ජෙය්ය. චක්ඛුස්මිං හීයමානෙ හායමානෙ පරිහායමානෙ වෙමානෙ විගච්ඡමානෙ අන්තරධායමානෙ - සොතස්මිං ඝානස්මිං - ජිව්හාය - කායස්මිං - රූපස්මිං - සද්දස්මිං - ගන්ධස්මිං - රසස්මිං - ඵොට්ඨබ්බස්මිං - කුලස්මිං - ගණස්මිං - ආවාසස්මිං - ලාභස්මිං - යසස්මිං - පසංසාය - සුඛස්මිං චීවරස්මිං - පිණ්ඩපාතස්මිං - සෙනාසනස්මිං - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරස්මිං හීයමානෙ හායමානෙ පරිහායමානෙ වෙමානෙ විගච්ඡමානෙ අන්තරධායමානෙ න සොචෙය්ය, න කිලමෙය්ය, න පරාමසෙය්ය, න පරිදෙවෙය්ය, න උරත්තාළිං කන්දෙය්ය, න සම්මොහං ආපජ්ජෙය්යාති - හීයමානෙ න සොචෙය්ය.
Sinhala BJTහීයමානෙ න සොචෙය්‍ය - නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි පහව යන කල්හි අතුරුදහන් වන කල්හි ශෝක නො කරන්නේ යැ, නො වෙහෙසෙන්නේ යැ, නො දැහැගන්නේ යැ, නො හඬන්නේ යැ. ළෙහි පැහැර නො හඬන්නේ යැ, සම්මෝහයට නො පැමිණෙන්නේ යැ; ඇස නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි කන - නැහැය - දිව - කය - රූපය - ශබ්දය - ගන්‍ධය - රසය - ස්ප්‍රෂ්ටව්‍යය - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුවය - චීවරය - පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙසත් පිරිකර නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි ශෝක නො කරන්නේ යැ, නො වෙහෙසෙන්නේ යැ, නො දැහැගන්නේ යැ, නො හඬන්නේ යැ, ළෙහි පැහැර නො හඬන්නේ යැ, සම්මෝහයට නො පැමිණෙන්නේ නුයි ‘හීයමානෙ න සොචෙය්‍ය’ යනු වේ.
Pali BJTආකාසං න සිතො සියාති - ‘ආකාසං’ වුච්චති තණ්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. කිංකාරණා ආකාසං වුච්චති තණ්හා: යාය තණ්හාය රූපං ආකස්සති සමාකස්සති ගණ්හාති පරාමසති අභිනිවිසති, වෙදනං - සඤ්ඤං - සඞ්ඛාරෙ - විඤ්ඤාණං - ගතිං - උපපත්තිං - පටිසන්ධිං - භවං - සංසාරං - වට්ටං ආකස්සති සමාකස්සති ගණ්හාති පරාමසති අභිනිවිසති. තංකාරණා ‘ආකාසං’ වුච්චති තණ්හා.
Sinhala BJTආකාසං න සිතො සියා - තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. කවර කරුණෙකින් තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබෙයි යත්: යම් තෘෂ්ණාවකින් රූපය ආකර්‍ෂණය කෙරේ ද, සමාකර්‍ෂණය කෙරේ ද, ගනී ද, දැහැගනී ද, අභිනිවේශය කෙරේ ද, වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය ආකර්‍ෂණ - සමාකර්‍ෂණ - ග්‍රහණ පරාමර්‍ෂණ - අභිනිවේශ කෙරේ ද; එකරුණෙන් තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබේ.
Pali BJTආකාසං න සිතො සියාති - තණ්හානිස්සිතො න සියා, තණ්හං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, තණ්හාය ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - ආකාසං න සිතො සියා.
Sinhala BJTආකාසං න සිතො සියා - තෘෂ්ණාව ඇසුරු කළේ නො වන්නේ යැ, තෘෂ්ණාව දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ, තෘෂ්ණාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ විමුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘ආකාසං න සිතො සියා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පුරාණං නාභිනන්දෙය්ය නවෙ ඛන්තිං න කුබ්බයෙ, හීයමානෙ න සොචෙය්ය ආකාසං න සිතො සියා”ති.
Sinhala BJT“පුරාණං නාභිනන්දෙය්‍ය -පෙ- ආකාසං න සිතො සියා” යී.
Pali BJT15. 11.
Sinhala BJT15. 11.
Pali BJTගෙධං බ්රූමි මහොඝොති ආජවං{1} බ්රූමි ජප්පනං, ආරම්මණං පකම්පනං{2} කාමපඞ්කො දුරච්චයො.
Sinhala BJT(මම් වූ කලි තෘෂ්ණාව රූපාදියෙහි ගිජුවන බැවින්) ගේධ යැයි කියමි. මහවතුරෙකැයි ද, (දිවෙන හෙයින්) ආජවයෙකැයි ද ජල්පනයෙකැයි ද ආලම්බනයෙකැයි ද ප්‍රකම්පනයෙකැයි ද කියමි. තෙල කාමපඞ්කය තෙමේ ඉක්මැවිය නො හැක්කේ යි.
Pali BJTගෙධං බ්රූමි මහොඝොතීති - ‘ගෙධො’ වුච්චති තණ්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. ‘මහොඝො’ වුච්චති තණ්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; ගෙධං බ්රූමි මහොඝොතී’ති ගෙධං මහොඝොති බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨෙපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති - ගෙධං බ්රූමි මහොඝොති.
Sinhala BJTගෙධං බ්‍රෑමි මහොඝොති - ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘මහොඝ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුසලමූලයෙක් වේ ද එය යි. ගෙධං බ්‍රෑමි මහොඝොති - ගේධය මහෞඝ යැයි කියමි, පවසමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවරණය කරමි, විභාග කරමි, ප්‍රකට කරමි, ප්‍රකාශ කෙරෙම් නුයි ‘ගෙධං බ්‍රෑමි මහොඝොති’ යනු වේ.
Pali BJTආජවං බ්රූමි ජප්පනන්ති - ‘ආජවා: වුච්චති තණ්හා: යො රාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. ‘ජප්පනා’පි වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. ආජවං බ්රූමි ජප්පනන්ති ආජවං ජප්පනාති බ්රූමි, ආචික්ඛාමි -පෙ- උත්තානීකරොමි, පකාසෙමීති - ආජවං බ්රූමි ජප්පනං.
Sinhala BJTආජවං බ්‍රෑමි ජප්පනං - ‘ආජවා’ යී තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘ජප්පනා’ යී තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ආජවං බ්‍රෑමි ජප්පනං - ආජවය ‘ජප්පනා’ යැයි කියමි, පවසමි … ප්‍රකට කරමි, ප්‍රකාශ කෙරෙම් නුයි ‘ආජවං බ්‍රෑමි ජප්පනං’ යනු වේ.
Pali BJTආරම්මණං පකම්පනන්ති - ආරම්මණම්පි වුච්චති තණ්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. පකම්පිනම්පි වුච්චති තණ්හා; යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලන්ති - ආරම්මණං පකම්පනං.
Sinhala BJTආරම්මණං පකම්පනං - ‘ආරම්මණ’ යී ද තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. පකම්පන’ යී ද තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය නුයි ‘ආරම්මණං පකම්පනං’ යනු වේ.
Pali BJTකාමපඞ්කො දුරච්චයොති - කාමපඞ්කො කාමකද්දමො කාමකිලෙසො කාමපලිපො කාමපළිරොධො දුරච්චයො දුරතිවත්තො දුත්තරො දුප්පතරො දුස්සමතික්කමො දුබ්බීතිවත්තොති - කාමපඞ්කො දුරච්චයො.
Sinhala BJTකාමපඞ්කො දුරච්චයො - කාම නැමති මඩ කාමකදීමය කාමක්ලෙශය කාමලෙපය කාමපරිරොධය පසු කළ නො හැක්ක, ඉක්මැවිය නො හැක්ක, තරණය - ප්‍රතරණය - සමතික්‍රමණය ව්‍යතික්‍රමණය කළ නො හැක්කේ නුයි ‘කාමපඞ්කො දුරච්චයො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ගෙධං බ්රූමි මහොඝොති ආජවං බ්රූමි ජප්පනං, ආරම්මණං පකම්පනං කාමපඞ්කො දුරච්චයො”ති.
Sinhala BJT“ගෙධං බ්‍රෑමි මහොඝොති -පෙ- කාමපඞ්කො දුරච්චයො” යී.
Pali BJT15. 12.
Sinhala BJT15. 12.
Pali BJTසච්චා අවොක්කමං{1} මුනි ථලෙ තිට්ඨති බ්රාහ්මණො, සබ්බං සො{2} පටිනිස්සජ්ජ ස වෙ සන්තො’ති වුච්චති.
Sinhala BJTසත්‍යයෙන් නො ඉක් මැ සිටිනා වූ මුනි වූ ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙම නිර්‍වාණස්ථලයෙහි සිටී. හෙතෙම ඒකාන්තයෙන් සියලු ආයතනයන් දුරලා (සිටියේ) ශාන්ත වූයේ යයි කියනු ලැබේ.
Pali BJTසච්චා අවොක්කමං මුනීති - සච්චවාචාය අවොක්කමන්තො සම්මාදිට්ඨියා අවොක්කමන්තො අරියා අට්ඨඞ්ගිකා මග්ගා අවොක්කමන්තො මුනී’ති ‘මොනං ‘වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනී’ති - සච්චා අවොක්කමං මුනි.
Sinhala BJTසච්චා අවොක්කමං මුනි - සත්‍යවචනයෙන් නො ඉක්මෙනුයේ සම්‍යග්දෘෂ්ටියෙන් නො ඉක්මෙනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් නො ඉක්මෙනුයේ; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි … සඞ්ගජාලය ඉක්මවා හෝ මුනි වූයේ නුයි ‘සච්චා අවොක්කමං මුනි’ යනු වේ.
Pali BJTථලෙ තිට්ඨති බ්රාහ්මණොති - ‘ථලං’ වුච්චති අමතං නිබ්බානං: යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. බ්රාහ්මණොති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො -පෙ- අසිතො තාදී පවුච්චතෙ ස බ්රහ්මා. ථලෙ තිට්ඨති බ්රාහ්මණොති ථලෙ තිට්ඨති, දීපෙ තිට්ඨති, තාණෙ තිට්ඨති, ලෙණෙ තිට්ඨති, සරණෙ තිට්ඨති, අභයෙ තිට්ඨති, අච්චුතෙ තිට්ඨති, අමතෙ තිට්ඨති, නිබ්බානෙ තිට්ඨතීති - ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJTථලෙ තිට්ඨති බ්‍රාහ්මණො - ‘ථල’ යී අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය වීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. බ්‍රාහ්මණො යනු: සප්ත ධර්‍ම කෙනෙකුන් බාහිත වන බැවින් බ්‍රාහ්මණ යැ … තාදී වූ හෙතෙම බ්‍රාහ්මණ යයි කියනු ලැබේ. ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො යනු: ස්ථලයෙහි සිටී, ද්වීපයෙහි සිටී, ත්‍රාණයෙහි සිටී, ලෙණයෙහි සිටී, සරණයෙහි සිටී: අභයයෙහි සිටී, අච්‍යුතයෙහි සිටී, අමෘතයෙහි සිටී, නිර්‍වාණයෙහි සිටී නුයි ‘ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො’ යනු වේ.
Pali BJTසබ්බං සො පටිනිස්සජ්ජාති - ‘සබ්බං’ වුච්චති ද්වාදසායතනානි: චක්ඛුඤ්චෙව රූපා ච -පෙ- මනො චෙව ධම්මා ච; යතො අජ්ඣත්තික බාහිරෙසු ආයතනෙසු ඡන්දරාගො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො; එත්තාවතාපි සබ්බං චත්තං හොති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං. යතො තණ්හා ච දිට්ඨි ච මානො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, එත්තාවතාපි සබ්බං චත්තං හොති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං, යතො පුඤ්ඤාභිසඞ්ඛාරො ච අපුඤ්ඤාභිසඞ්ඛාරො ච ආනෙඤ්ජාභිසඞ්ඛාරො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. එත්තාවතාපි සබ්බං චත්තං හොති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨන්ති - සබ්බං සො පටිනිස්සජ්ජ.
Sinhala BJTසබ්බං සො පටිනිස්සජ්ජ - ‘සබ්බං’ යි ද්වාදශායතන කියනු ලැබෙයි: ඇස ද රූපයෝ ද … මනස ද ධර්‍මයෝ දැයි. යම් තැනෙක සිට ආධ්‍යාත්මික බාහ්‍යායතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනුඅභාවය කරන ලද්දේ අනාගතයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි; මෙතෙකිනු දු සියල්ල ත්‍යාග කරන ලද්දේ වමනය කරන ලද්දේ මුදන ලද්දේ ප්‍රහීණ කරන ලද්දේ දුරලන ලද්දේ වෙයි. යම් තැනෙක සිට තෘෂ්ණාව ද දෘෂ්ටිය ද මානය ද ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු සියල්ල ත්‍යක්ත - වාන්ත - මුක්ත - ප්‍රහීණ - ප්‍රතිනිඍෂ්ට වේ ද. යම් තැනෙක සිට පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු සියල්ල ත්‍යක්ත වූයේ වාන්ත වූයේ මුක්ත වූයේ ප්‍රහීණ වූයේ දුරලන ලද්දේ වේ නුයි ‘සබ්බං සො පටිනිස්සජ්ජ’ යනු වේ.
Pali BJTස වෙ සන්තොති වුච්චතීති - සො සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධොති වුච්චති කථීයති භණීයති දීපියති වොහරීයතීති - ස චෙ සන්තොති වුච්චති.
Sinhala BJTස චෙ සන්තෝ ති වුච්චති - හෙතෙම ශාන්ත යැ උපශාන්ත යැ වෙසෙසින් සන්හිඳුණේ යැ නිවුණේ යැ (ඵලයෙන්) පටිප්පස්සම්හිත වූයේ යයි කියනු ලැබෙයි, පවසනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, වහරනු ලැබේ නුයි ’ස චෙ සන්තෝ ති වුච්චති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සච්චා අවොක්කමං මුනි ථලෙ තිට්ඨති බ්රාහ්මණො, සබ්බං සො පටිනිස්සජ්ජ ස වෙ සන්තොති වුච්චතී”ති.
Sinhala BJT“සච්චා අවොක්කමං මුනි -පෙ- ස චෙ සන්තෝ ති වුච්චති” යී.
Pali BJT15. 13.
Sinhala BJT15. 13.
Pali BJTස වෙ විද්වා ස වෙදගූ ඤත්වා ධම්මං අනිස්සිතො, සම්මා සො ලොකෙ ඉරීයානො න පිහෙතීධ කස්සචි.
Sinhala BJTඅනිත්‍යාදිවශයෙන් සංස්කෘත ධර්‍මයන් දැන තෘෂ්ණා - දෘෂ්ටිනිඃශ්‍රය රහිත වූ හෙතෙම ඒකාන්තයෙන් පණ්ඩිත වූයේ වෙයි. හෙතෙම සතර මාර්‍ගඥානවේදයට පැමිණියේ වෙයි. හෙතෙම සත්ත්‍වලෝකයෙහි මැනැවින් ඉරියවු පවත්වනුයේ මෙලොවැ කිසිවකුට ත් තෘෂ්ණා නො කෙරේ.
Pali BJTස වෙ විද්වා ස වෙදගූති - ‘විද්වා’ති විද්වා විජ්ජාගතො ඤාණී විභාවී මෙධාවී; ‘වෙදගූ’ති වෙදා වුච්චන්ති චතුසු මග්ගෙසු ඤාණං -පෙ- සබ්බවෙදනාසු වීතරාගො සබ්බං වෙදමතිච්ච වෙදගූ සොති - ස වෙ විද්වා ස වෙදගූ.
Sinhala BJTස වෙ විද්වා ස වේදගු - ‘විද්වා’ යනු: විද්වත් වූයේ විද්‍යාවට පැමිණියේ නුවණැත්තේ වීමංසන ප්‍රඥා ඇත්තේ ධාරණ ප්‍රඥා ඇත්තේ; වේදගු යනු: යැයි සතර මාර්‍ගඥානය වේදයෝ කියනු ලැබෙති, … සියලු ශාස්ත්‍රවෙදය ඉක්මවා සියලු වේදනාවන්හි පහවූ ඡන්‍දරාග ඇති හෙතෙම වේදගු වේ යයි ‘ස වෙ විද්වා ස වේදගු’ යනු වේ.
Pali BJTඤත්වා ධම්මං අනිස්සිතොති - ‘ඤත්වා’ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා: ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා; අනිස්සිතොති ද්වෙ නිස්සයා: තණ්හානිස්සයො ච දිට්ඨිනිස්සයො ච. -පෙ- අයං තණ්හානිස්සයො -පෙ- අයං දිට්ඨිනිස්සයො. තණ්හානිස්සයං පහාය දිට්ඨිනිස්සයං පටිනිස්සජිත්වා චක්ඛුං අනිස්සිතො සොතං අනිස්සිතො - ඝානං අනිස්සිතො -පෙ- දිට්ඨ - සුත - මුත - විඤ්ඤාතබ්බෙ ධම්මෙ අනිස්සිතො අනල්ලීනො අනුපගතො අනජ්ඣොසිතො අනධිමුත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති - ඤත්වා ධම්මං අනිස්සිතො.
Sinhala BJTඤත්‍වා ධම්මං අනිස්සිතො - ‘ඤත්‍වා’ යනු: දැන දැනැගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට: ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි දැන දැනැගෙන තුලනය - තීරණය - විභාවනය - විභූත කොට ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම් ඒ සියල්ල නැසෙන සුලු යැ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, අනිස්සිතො යනු: නිඃශ්‍රය දෙකෙකි: තෘෂ්ණා නිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ’ යි … මේ දෘෂ්ටිනිඃශ්‍රය යි, තෘෂ්ණානිඃශ්‍රය හැරදමා, දෘෂ්ටිනිග්‍රහය දුරලා, ඇස ඇසුරු නො කෙළේ - කන ඇසුරු නො කෙළේ - නැහැය ඇසුරු නො කෙළේ … දෘෂ්ට - ශ්‍රැත - මුත - විඥාතව්‍යධර්‍මයන් (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අනිඃශ්‍රිත වූයේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො බැසගත්තේ (එයින්) නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘ඤත්‍වා ධම්මං අනිස්සිතො’ යනු වේ.
Pali BJTසම්මා සො ලොකෙ ඉරීයානොති - යතො අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු ඡන්දරාගො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, එත්තාවතාපි සම්මා ලොකෙ චරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති; යතො පුඤ්ඤාභිසඞ්ඛාරො ච අපුඤ්ඤාභිසඞ්ඛාරො ච ආනෙඤ්ජාභිසඞ්ඛාරො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, එත්තාවතාපි සම්මා ලොකෙ චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙතීති සම්මා සො ලොකෙ ඉරීයානො,
Sinhala BJTසම්මා සො ලෝකේ ඉරීයානො - යම් තැනෙක සිට ආධ්‍යාත්මික බාහ්‍යායතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ වේ ද, උසුන් මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනභාවය කරන ලද්දේ මතු නූපදනා සැහැවි ඇත්තේ වේ ද, මෙතෙකිනු දු මනාකොට ලෝකයෙහි හැසිරෙයි, ඉරියවු පවත්වයි, වැටෙයි, රැකෙයි යැපෙයි යාපනය වේ. යම් තැනෙක සිට පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වෙත් ද, උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කළාහු අනභාවය කළාහු මතු නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, මෙතෙකිනු දු ලොවැ මැනැවින් හැසිරෙයි, වෙසෙයි, ඉරියවු පවත්වයි, වැටෙයි, රැකෙයි යැපෙයි යාපනය වේ නුයි ‘සම්මා සො ලෝකේ ඉරීයානො’ යනු වේ.
Pali BJTන පිහෙතීධ කස්සචීති - ‘පිහා වුච්චති තණ්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; යස්සෙසා පිහා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා; සො කස්සචි න පිහෙති ඛත්තියස්ස වා බ්රාහ්මණස්ස වා වෙස්සස්ස වා සුද්දස්ස වා ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා දෙවස්ස වා මනුස්සස්ස වාති - න පිහෙතීධ කස්සචි.
Sinhala BJTන පිහෙතීධ කස්සචි - ‘පිහා’ යි තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් අධිකරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි; යමක්හු විසින් තෙල පිහා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී නසන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී ද, හෙතෙම ක්‍ෂත්‍රියයකුට හෝ බමුණකුට හෝ වෛශ්‍යයකුට හෝ ශුද්‍රයකුට හෝ ගිහියකුට හෝ පැවිද්දකුට හෝ දෙවියකුට හෝ මිනිසකුට හෝ කිසිවකුට ත් තෘෂ්ණා නො කෙරේ නුයි ‘න පිහෙතීධ කස්සචි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ස චෙ විද්වා ස වෙදගූ ඤත්වා ධම්මං අනිස්සිතො. සම්මා සො ලොකෙ ඉරීයානො න පිහෙතීධ කස්සචී”ති.
Sinhala BJT“ස වෙ විද්වා ස වේදගු -පෙ- න පිහෙතීධ කස්සචි” යී.
Pali BJT15. 14.
Sinhala BJT15. 14.
Pali BJTයො ධ{1} කාමෙ අච්චතරි සඞ්ගං ලොකෙ දුරච්චයං, න සො සොචති නාජ්ඣෙති ඡින්නසොතො අබන්ධනො.
Sinhala BJTමේ සත්ත්‍වලෝකයෙහි යමෙක් වස්තුකාමක්ලෙශකාමයන් ද ඉක්මැවීමට දුෂ්කර වූ රාගාදි සඞ්ගය ද ඉක්මැවී නම්, සිඳින ලද තෘෂ්ණා ඇති රාගාදි බන්‍ධන රහිත වූ හෙතෙම ශෝක නො කෙරෙයි, නො සිතයි.
Pali BJTයො ධ කාමෙ අච්චතරි සඞ්ගං ලොකෙ දුරච්චයන්ති - ‘යො’ති යො සාදිසො යථා යුත්තො{2} යථා විහිතො යථාපකාරො යංඨානංපත්තො{3} යංධම්මසමන්නාගතො ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දො වා ගහට්ඨො වා පබ්බජිතො වා දෙවො වා මනුස්සො වා; කාමාති උද්දානතො{4} ද්වෙ කාමා වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. සඞ්ගාති සත්ත සඞ්ගා: රාගසඞ්ගො දොසසඞ්ගො මොහසඞ්ගො මානසඞ්ගො දිට්ඨිසඞ්ගො කිලෙසසඞ්ගො දුච්චරිතසඞ්ගො. ලොකෙති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ; සඞ්ගං ලොකෙ දුරච්චයන්ති යො{5} කාමෙ ච සඞ්ගෙ ච ලොකෙ දුරච්චයෙ දුරතිවත්තෙ දුත්තරෙ දුප්පතරෙ දුස්සමතික්කමෙ දුබ්බිනිවත්තෙ{6} අතරි උත්තරි පතරි සමතික්කමි විනිවත්තයීති - යො ච කාමෙ අච්චතරි සඞ්ගං ලොකෙ දුරච්චයං.
Sinhala BJTයො ච කාමෙ අච්චතරි සඞ්ගං ලෝකේ දුරච්චයං - ‘යො’ යනු යම්බඳු යම් යෝග ඇති (නවකම් ආදියෙන්) යථාවිහිත වූ යම් ප්‍රකාර ඇති යම් තනතුරකට පැමිණි යම් ධර්‍මයකින් යුක්ත වූ ක්‍ෂුත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ; කාම නම්: විස්තර හෙයින් වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි කාමයෝ දෙදෙනෙකි: … මොහු ක්ලේශකාමයෝ යයි කියනු ලැබෙත්. සඞ්ග නම්: සඞ්ගයෝ සතෙකි: රාගසඞ්ග යැ ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතසඞ්ග යැයි. ලෝකේ යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි; දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි; සඞ්ගං ලෝකේ දුරච්චයං - යමෙක් ලොවැ පසු කළ නො හැකි, ඉක්මැවියැ නො හැකි, තරණය කළ නො හැකි වෙසෙසින් තරණය කළ නො හැකි, දුකසේ ඉක්මැවියැ යුතු, දුකසේ නැවැත්වියැ යුතු කාමයන් ද සඞ්ගයන් ද තරණය කෙළේ උත්තරණය කෙළේ ඉක්මැ වූයේ වෙසෙසින් නැවැත්වී නුයි ‘යො ච කාමෙ අච්චතරි සඞ්ගං ලෝකේ දුරච්චයං’ යනු වේ.
Pali BJTන සො සොචති නාජ්ඣෙතීති - විපරිණතං වත්ථුං න සොචති; විපරිණතස්මිං වා වත්ථුස්මිං න සොචති; ‘චක්ඛුං මෙ{1} - විපරණත’න්ති න සොචති; සොතං මෙ - ඝානං මෙ - ජිව්හා මෙ - කායො මෙ - රූපා මෙ - සද්දා මෙ - ගන්ධා මෙ - රසා මෙ - ඵොට්ඨබ්බා මෙ - කුලං - මෙ ගණො මෙ ආවාසො මෙ - ලාභො මෙ - යසො මෙ - පසංසා මෙ - සුඛං මෙ - චීවරං මෙ - පිණ්ඩපාතො මෙ - සෙනාසනං මෙ - ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරා මෙ - මාතා මෙ - පිතා මෙ - භාතා මෙ - භගිනී මෙ - පුත්තො මෙ - ධීතා මෙ - මිත්තා මෙ - අමච්චා මෙ - ඤාතී මෙ - සාලොහිතා මෙ විපරිණතාති ‘න සොචති, ‘න කිලමති, න පරිදෙවති, න උරත්තාළිංකන්දති, න සම්මොහං ආපජ්ජතීති න සොචති; නාජ්ඣෙතීති - නාජ්ඣෙති න අජ්ඣෙති න උපනිජ්ඣායති, න නිජ්ඣායති, න පජ්ඣායති, අථවා න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජතීති නාජ්ඣෙතීති - ‘න සො සොචති නාජ්ඣෙති.
Sinhala BJTන සො සොචති නාජ්ඣෙති - විපරිණත (-පෙරැළුණු) වස්තුවට ශෝක නො කෙරෙයි, වස්තුව විපරිණත කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මාගේ ඇස පෙරැළිණැ’ යි ශෝක නො කෙරෙයි, මාගේ කන - මාගේ නැහැය - මාගේ දිව - මාගේ කය - මාගේ රූපයෝ - මාගේ ශබ්දයෝ - මාගේ ගන්‍ධයෝ - මාගේ රසයෝ - මාගේ ස්ප්‍රෂ්ටව්‍යයෝ - මාගේ කුලය - මාගේ ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුවය - සිවුර - පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙසත්පිරිකර - මාගේ මව - පියා - බෑයා - බූනැණිය - පුත්‍රයා - ධීතෘව - මිත්‍රයෝ - සගයෝ - නෑයෝ මාගේ සහලේනෑයෝ නැසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘න සොචති’ යනු වේ. නාජ්ඣෙති යනු: නො සිතයි, ‘සමීපව නො සිතයි, අනෙකප්‍රකාරයෙන් නො සිතයි, අතිශයින් නො සිතයි; නොහොත් නූපදී, නො දිරයි, නො මැරෙයි, ච්‍යුත නො වෙයි, ප්‍රතිසන්‍ධියට නො පැමිණේ යයි නො සිතා නුයි ‘න සො සොචති නාජ්ඣෙති’ යනු වේ.
Pali BJTඡින්නසොතො අබන්ධනොති - ‘සොතා’ වුච්චති තණ්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; යස්සෙසා සොතා තණ්හා පහීනා සමුච්ඡින්නා -පෙ- ඤාණග්ගිනා දඩ්ඪා; සො වුච්චති ඡින්නසොතො; අබන්ධනොති රාගබන්ධනං දොසබන්ධනං මොහබන්ධනං මානබන්ධනං දිට්ඨිබන්ධනං කිලෙසබන්ධනං දුච්චරිතබන්ධනං, යස්සෙතානි බන්ධනානි පහීනානි සමුච්ඡින්නානි -පෙ- ඤාණග්ගිනා දඩ්ඪානි; සො වුච්චති අබන්ධනොති ඡින්නසොතො අබන්ධනො.
Sinhala BJTජින්නසොතො අබන්‍ධනො - ‘සෝතා’ යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ‘සෝත’ නම් වූ තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී ද; හෙතෙම ‘ජින්නසොත’ යී කියනු ලැබෙයි. අබන්‍ධනො යනු: රාගබන්‍ධන යැ ද්වෙෂබන්‍ධන යැ මොහබන්‍ධන යැ මානබන්‍ධන යැ දෘෂ්ටිබන්‍ධන යැ ක්ලේශබන්‍ධන යැ දුශ්චරිතබන්‍ධන යැ යන තෙල බන්‍ධනයෝ යමක්හු විසින් ප්‍රහීණ කරන ලද්දාහු ද සමුච්ඡින්න වූවාහු ද … ඥතාග්නීන් දවන ලද්දාහු ද: හෙතෙම ‘අබන්‍ධන’ යයි කියනු ලැබේ නුයි ‘ජින්නසොතො අබන්‍ධනො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යො ‘ධ කාමෙ අච්චතරි සඞ්ගං ලොකෙ දුරච්චයං, න සො සොචති නාජ්ඣෙති ඡින්නසොතො අබන්ධනො”ති.
Sinhala BJT“යො ච කාමෙ අච්චතරි -පෙ- ජින්නසොතො අබන්‍ධනො” යී.
Pali BJT15. 15.
Sinhala BJT15. 15.
Pali BJTයං පුබ්බෙ තං විසොසෙහි පච්ඡා තෙ මාහු කිඤ්චනං මජ්ඣෙ චෙ නො ගහෙස්සසි උපසන්තො චරිස්සසි.
Sinhala BJTඅතීත සංස්කාරයන් ඇරැබැ උපදනා යම් ක්ලේශජාතයෙක් වේ නම් එය වියළව. අනාගත සංස්කාරයන් අරැබැ උපදනා රාගාදි කිඤ්චනය නහමක් තට වේවා. ඉදින් වර්‍තමානයෙහි රූපාදි සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නො ගන්නෙහි නම්, උපශාන්ත වැ හැසිරෙන්නෙහි ය.
Pali BJTයං පුබ්බෙ තං විසොසෙහීති - අතීතෙ සඞ්ඛාරෙ ආරබ්භ යෙ කිලෙසා උප්පජ්ජෙය්යුං, තෙ කිලෙසෙ සොසෙහි, විසොසෙහි, සුක්ඛාපෙහි, විසුක්ඛාපෙහි, අබීජං කරොහි, පජහ, විනොදෙහි, බ්යන්තීකරෙහි, අනභාවං ගමෙහීති එවම්පි - යං පුබ්බෙ තං විසොසෙහි. අථවා යෙ අතීතා කම්මාභිසඞ්ඛාරා අවිපක්කවිපාකා, තෙ කම්මාභිසඞ්ඛාරෙ සොසෙහි, විසොසෙහි, සුක්ඛාපෙහි, විසුක්ඛාපෙහි, අබීජං කරොහි, පජහ, විනොදෙහි, බ්යන්තීකරොහි, අනභාවං ගමෙහීති එවම්පි - යං පුබ්බෙ තං විසොසෙහි.
Sinhala BJTයං පුබ්බේ තං විසොසෙහි - අතීත සංස්කාරයන් අරබයා යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම්, ඒ කෙලෙසුන් වියළව, වෙසෙසින් වියළව, නීරස කරව වෙසෙසින් නීරස කරව, බොල් කරව, දුරු කරව, බැහැර කරව, විගතාන්ත කරව, අනුඅභාවයට පමුණුව’ යි මෙසේ ත් - ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ. නොහොත් අතීත වූ නො මූකළ විපාක ඇති යම් කර්‍මාභිසංස්කාර කෙනෙක් වෙත් නම්, ඒ කර්‍මාභිසංස්කාරයන් ශොෂණ විශොෂණ කර, ශුෂ්ක විශුෂ්ක කර, බොල් කර, දුරු කර, බැහැර කර විගතාන්ත කර, අනභාවයට පමුණුවාල’ යි; මෙසේත් - ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ.
Pali BJTපච්ඡා තෙ මාහු කිඤ්චනන්ති - ‘පච්ඡා’ වුච්චති අනාගතං; අනාගතෙ සඞ්ඛාරෙ ආරබ්භ යානි උප්පජ්ජෙය්යුං රාගකිඤ්චනං දොසකිඤ්චනං මොහකිඤ්චනං මානකිඤ්චනං දිට්ඨිකිඤ්චනං කිලෙසකිඤ්චනං දුච්චරිතකිඤ්චනං, ඉමානි කිඤ්චනානි තුය්හං මා අහු, මා පාතුරකාසි, මා ජනෙහි, මා සඤ්ජනෙහි, මා නිබ්බත්තෙහි, මා අභිනිබ්බත්තෙහි, පජහ, විනොදෙහි, බ්යන්තීකරොහි, අනභාවං ගමෙහීති - පච්ඡා තෙ මාහු කිඤ්චනං.
Sinhala BJTපච්ඡා තෙ මාහු කිඤ්චනං - ‘පච්ඡා’ යී අනාගතය කියනු ලැබෙයි. අනාගත සංස්කාරයන් අරබයා රාගකිඤ්චනය ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - දුශ්චරිතකිඤ්චනය යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ කිඤ්චනයෝ තට නහමක් වෙත්වා, නහමක් පහළ කර, නූපදව, නො හටගන්වව, නො නිපදව, වෙසෙසින් නො නිපදව, දුරු කර, බැහැර කර, විගතාන්ත කර, අනභාවයට පමුණුවාල’ යි ‘පච්ඡා තෙ මාහු කිඤ්චනං’ යනු වේ.
Pali BJTමජ්ඣෙ චෙ නො ගහෙස්සසීති - ‘මජ්ඣං’ වුච්චති පච්චුප්පන්නා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, පච්චුප්පන්නෙ සඞ්ඛාරෙ තණ්හාවසෙන දිට්ඨිවසෙන න ගහෙස්සසි, න උග්ගහෙස්සසි, න ගණ්හිස්සසි, න පරාමසිස්සසි, නාභිවදිස්සසි, න අජ්ඣෙස්සසි, අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහිස්සසි, විනොදෙස්සසි, බ්යන්තීකරිස්සසි, අනභාවං ගමෙස්සසීති - මජ්ඣෙ චෙ නො ගහෙස්සසි.
Sinhala BJTමජ්ඣෙ චෙ නො ගහෙස්සසි - ‘ප්‍රත්‍යුත්පන්න වූ රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානයෝ ‘මජ්ඣ’ යී කියනු ලැබෙති. වර්‍තමාන සංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් නො ගන්නෙහි, දැඩිව නො ගන්නෙහි, ග්‍රහණය නො කරන්නෙහි, නො දැහැගන්නෙහි, නො සතුටු වන්නෙහි, නො කියන්නෙහි, නො සිතන්නෙහි, අභිනන්‍දනය අභිවදනය අධ්‍යවසානය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කරන්නෙහි, බැහැර කරන්නෙහි, විගතාන්ත කරන්නෙහි, අනභාවයට පමුණුවන්නෙහි යයි ‘මජ්ඣෙ චෙ නො ගහෙස්සසි’ යනු වේ.
Pali BJTඋපසන්තො චරිස්සසීති - රාගස්ස සන්තත්තා සමිතත්තා උපසමිතත්තා දොසස්ස සන්තත්තා සමිතත්තා උපසමිතත්තා -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං සන්තත්තා සමිතත්තා උපසමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධො චරිස්සසි විහරිස්සසි ඉරීයිස්සසි වත්තිස්සසි පාලෙස්සසි යපිස්සසි යාපෙස්සසීති - උපසන්තො චරිස්සසි.
Sinhala BJTඋපසන්තො චරිස්සසි - රාගය නිවුණු බැවින් සන්හිඳුණු බැවින් වෙසෙසින් සන්හිඳුණු බැවින්, ද්වේෂය ශාන්ත බැවින් ශමිත බැවින් උපශමිත බැවින් … සියලු අකුශලාභිසංස්කාරයන් නිවුණු බැවින් සන්හිඳුණු බැවින් උපශමිත බැවින් ව්‍යුපශමිත බැවින් දවන ලද බැවින් නිවන ලද බැවින් විගත බැවින් දුරලන ලද බැවින් ශාන්ත වැ උපශාන්ත වැ ව්‍යුපශාන්ත වැ නිවුණේ සැහැල්ලු වැ හැසිරෙන්නෙහි වෙසෙන්නෙහි ඉරියවු පවත්වන්නෙහි වැටෙන්නෙහි රැකෙන්නෙහි යැපෙන්නෙහි යාපනය වන්නෙහි නුයි ‘උපසන්තො චරිස්සසි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යං පුබ්බෙ තං විසොසෙහි පච්ඡා තෙ මා’හු කිඤ්චනං, මජ්ඣෙ චෙ නො ගහෙස්සසී උපසන්තො චරිස්සසී”ති.
Sinhala BJT“යං පුබ්බේ තං විසොසෙහි -පෙ- උපසන්තො චරිස්සසි” යී.
Pali BJT15. 16.
Sinhala BJT15. 16.
Pali BJTසබ්බසො නාමරූපස්මිං යස්ස නත්ථි මමායිතං, අසතා ච න සොචති ස වෙ ලොකෙ න ජීයති.
Sinhala BJTයම් රහතෙක් හට නම්රූ දෙකෙහි මාගේ යයි ගන්නා ලද්දෙක් හැමලෙසින් නැද් ද, මමායිතයක් නැති බැවින් ශෝක නො කෙරේ ද, හෙතෙම ඒකාන්තයෙන් ලොවැ පිරිහීමට නො පැමිණේ.
Pali BJTසබ්බසො නාමරූපස්මිං යස්ස නත්ථි මමායිතන්ති - ‘සබ්බසො’ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං ‘සබ්බසො’ති. නාමන්ති චත්තාරො අරූපිනො ඛන්ධා; රූපන්ති චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං; යස්සාති අරහතො ඛීණාසවස්ස; මමායිතන්ති ද්වෙ මමත්තා: තණ්හාමමත්තඤ්ච දිට්ඨිමමත්තඤ්ච -පෙ- ඉදං තණ්හාමමත්තං -පෙ- ඉදං දිට්ඨිමමත්තං. සබ්බසො නාමරූපස්මිං යස්ස නත්ථි මමායිතන්ති - සබ්බසො නාමරූපස්මිං මමත්තා යස්ස නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - සබ්බසො නාමරූපස්මිං යස්ස නත්ථි මමායිතං.
Sinhala BJTසබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං - ‘සබ්බසො’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශෙශෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘සබ්බසො’ යනු. නාම නම්: සතර අරූපීස්කන්‍ධයෝ යැ; රූප නම්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද (යන අටවිසි රූපය යැ); යස්ස යනු: රහත් ක්‍ෂීණාස්‍රව හට, මමායිතං යනු: මමත්‍ව දෙකෙකි: තෘෂ්ණාමමත්‍වය ද, දෘෂ්ටිමමත්‍වය දැ’ යි … මේ දෘෂ්ටිමමත්‍වය යි. සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං - සර්‍වප්‍රකාරයෙන් නාමරූපයෙහි මමත්‍වයෝ යමක් හට නැද්ද, නො වෙත් ද, අවිද්‍යමාන වෙත් ද, නො ලැබෙත් ද, ප්‍රහීණ වූවාහු නසන ලද්දාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දවන ලද්දාහු නුයි ‘සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං’ යනු වේ.
Pali BJTඅසතා ච න සොචතීති - විපරිණතං වා වත්ථුං න සොචති, විපරිණතස්මිං ව වත්ථුස්මිං න සොචති: ‘චක්ඛුං මෙ විපරිණත’න්ති න සොචති, සොතං මෙ - ඝානං මෙ - ජිව්හා මෙ - කායො මෙ - රූපා මෙ - සද්දා මෙ - ගන්ධා මෙ - රසා මෙ - ඵොට්ඨබ්බා මෙ - කුලං මෙ ගණො මෙ - ආවාසො මෙ - ලාභො මෙ -පෙ- ඤාතිසාලොහිතා මෙ විපරිණතාති ‘න සොචති, ‘න කිලමති, න පරිදෙවති, න උරත්තාළිංකන්දති, න සම්මොහං ආපජ්ජතීති න එවම්පි අසති ච න සොචති. අථවා අසතාය දුක්ඛාය වෙදනාය ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො න සොචති. න කිලමති, න පරිදෙවති, න උරත්තාළිංකන්දති, න සම්මොහං ආපජ්ජතීති එවම්පි අසතා ච න සොචති. අථවා චක්ඛුරොගෙන ඵුට්ඨො පරෙතො -පෙ- ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජතීති එවම්පි අසතා ච න සොචති. අථවා, අසන්තෙ අසංවිජ්ජමානෙ අනුපලබ්භමානෙ ‘අහු වත මෙ, තං වත මෙ නත්ථි, සියා වත මෙ, තං වතාහං න ලභාමී’ති න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිංකන්දති, න සම්මොහං ආපජ්ජතීති එවම්පි අසතා ච න සොචති.
Sinhala BJTඅසතා ච න සොචති - නැසුණු වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසුණු කල්හි හෝ ශෝක නො කෙරෙයි; ‘මාගේ ඇස නැසිණැයි ශෝක නො කෙරෙයි, මාගේ කන - නැහැය - දිව - කය - රූපයෝ - ශබ්දයෝ - ගන්‍ධයෝ - රසයෝ -ස්ප්‍රෂ්ටව්‍යයෝ - මාගේ කුලය - ගණයා - ආවාසය - මාගේ ලාභය … මාගේ නෑසහලේනෑයෝ නෑසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, මුළාවට නො පැමිණේ නුයි මෙසේත් ‘අසතා ච නො සොචති’ යනු වේ. නොහොත් අමධුර වූ දුඃඛවෙදනාවෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේත් ‘අසතා ච න සොචති’ යනු වේ. නොහොත් චක්‍ෂුරෝගයෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ … මැසි මදුරු අව් සුළං දිග්දෑ පහසින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් ‘අසතා ච න සොචති’ යනු වේ. නොහොත් නැති කල්හි අවිද්‍යමාන කල්හි නො ලැබෙන කල්හි ‘මට ඒකාන්තයෙන් වූයේ නම්, එය ඒකාන්තයෙන් මට නැත, මට ඒකාන්තයෙන් වන්නේ යැ, එය මම් නො ලබමී’ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැරැ නො හඬයි, බලවත් මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් ‘අසතා ච න සොචති’ යනු වේ.
Pali BJTස චෙ ලොකෙ න ජීයතීති - යස්ස ‘මය්හං වා ඉදං, පරෙසං වා ඉද’න්ති කිඤ්චි රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං අත්ථි, තස්ස ජාති අත්ථි. භාසිතම්පි හෙතං:
Sinhala BJTස චෙ ලෝකේ න ජීයති - යමක් හට ‘මෙය මාගේ හෝ යැ, මෙය පරාගේ හෝ යැ’ යි ගන්නා ලද දැහැගන්නා ලද පිවිසැගත් බැසගත් ඇතුළු වැ ගත් කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් ඇත් නම්, ඔහුට ජාතිය ඇත. මේ කියන ලද මැ යැ:
Pali BJT1. “ජිණ්ණෙ රථස්සෙ{1} මණිකුණ්ඩලෙ ච පුත්තෙ ච දාරෙ ච තථෙව ජිණ්ණෙ,{2} සබ්බෙසු භොගෙසු අසෙවිතෙසු කස්මා න සන්තප්පසි සොකකාලෙ?
Sinhala BJT1. රිය හා අසුන් ද මිණිකොඬොල් ද පිරිහුණු කල්හි, අඹුදරුවන් ද එසේ ම පිරිහුණු කල්හි, සියලු භෝගයන් නො සෙවුණා කල්හි, (මෙසේ) ශොකකාලයෙහි කුමක් හෙයින් නො තැවෙහි ද?
Pali BJT2. පුබ්බෙ’ව මච්චං විජහන්ති භොගා මච්චො ව නෙ පුබ්බතරං ජහාති, අසස්සතා භොගිනො{3} කාමකාමී තස්මා න සොචාමහං සොකකාලෙ.
Sinhala BJT2. භෝගයෝ හෝ මිනිසා පළමු වැ හරිති. මිනිසා හෝ ඒ භෝගයන් ඉතා පළමු වැ දුරු කෙරෙයි, එම්බා කාමකාමිය, (-කාමයන් කැමැතිවන තෙනැත්ත) කාමභොගීහු (යම් හෙයකින්) අශාශ්වත වූවාහු ද, එහෙයින් මම (මහාජනයා) ශෝක කරන කල්හි ශෝක නො කෙරෙමි.
Pali BJT3. උදෙති ආපූරති ති චන්දො අත්ථං ගමිත්වාන{4} පලෙති සූරියො, විදිතා මයා සත්තුක{5} ලොකධම්මා තස්මා න සොචාමහං සොකකාලෙ”ති{a}
Sinhala BJT3. (යම් සේ) සඳ උදා වේ ද හාත්පසින් පිරේ ද යළි ගෙවේ ද, හිර (අඳුරු නසා) උදයට පැමිණ යළි අස්තයට යේ ද, එපරිද්දෙන් සත්තුකය මා විසින් ලොකධර්‍මයෝ දන්නා ලද්දාහු ද, එහෙයින් (මහාජනයා) ශෝක කරන කල්හි මම ශෝක නො කෙරෙම් යයි.
Pali BJTයස්ස ‘මය්හං වා ඉදං, පරෙසං වා ඉද’න්ති කිඤ්චි රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං නත්ථි, තස්ස ජාති නත්ථි. භාසිතම්පි හෙතං: “නන්දසි සමණාති? කිං ලද්ධා ආවුසොති? තෙන හි සමණ සොචසීති? කිං ජීයිත්ථ ආවුසොති? තෙන හි සමණ නෙව නන්දසි, න සොචසීති? එවමාවුසොති.{a}
Sinhala BJTයමක් හට ‘මෙය මාගේ හෝ යැ. මෙය පරාගේ හෝ යැ’ යි ගන්නා ලද දැඩිව ගන්නා ලද පිවිසැ ගන්නා ලද බැසගන්නා ලද ඇතුළු වැ ගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් නැත් නම්, ඔහුට ජාතිය නැත. මේ කියන ලද මැ ය: “මහණ, සතුටු වෙහි දැ’යි, කුමක් ලැබ ද ඇවැත්නි; එසේ නම් මහණ, ශෝක කෙරෙහි දැ’ යි, ඇවැත්නි; කුමක් නැසිණි දැයි; එසේ නම් මහණ නො මැ සතුටු වෙහි ශෝක නො කෙරෙහි දැයි; එසේ යැ ඇවැත්නි.
Pali BJT4. චිරස්සං වත පස්සාම බ්රාහ්මණං පරිනිබ්බුතං. අනන්දිං අනීඝං භික්ඛුං තිණ්ණං ලොකෙ විසත්තික”න්ති{a}
Sinhala BJT4. ඒකාන්තයෙන් බාහිතපාපී වූ ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවි තෘෂ්ණාවශයෙන් සතුටු නොවන සුලු නිදුක් වූ ලොවැ තෘෂ්ණා සඞ්ඛ්‍යාත විසත්තිකාව තරණය කළ මහණක්හු බොහෝ කලකින් දකුම්හ” යි.
Pali BJT‘ස වෙ ලොකෙ න ජීයති.’
Sinhala BJT‘ස චෙ ලෝකේ න ජීයති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සබ්බසො නාමරූපස්මිං යස්ස නත්ථි මමායිතං, අසතා ච න සොචති ස වෙ ලොකෙ න ජීයතී”ති.
Sinhala BJT“සබ්බසො නාමරූපස්මිං -පෙ- ස චෙ ලෝකේ න ජීයති” යී.
Pali BJT15. 17.
Sinhala BJT15. 17.
Pali BJTයස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං, මමත්තං සො අසංවින්දං නත්ථි මෙති න සොචති,
Sinhala BJTයම් ක්‍ෂීණාස්‍රවයක් හට ‘මෙය මාගේ යැ’ යි හෝ, යළි අනුන්ගේ යැයි හෝ රූපාදි කිඤ්චනයෙක් නැත් ද, හෙතෙම තෘෂ්ණා - දෘෂ්ටි - මමත්‍වය නො ලබනුයේ මට මෙය නැතැයි ශෝක නො කෙරේ.
Pali BJTයස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනන්ති - ‘යස්සා’ති අරහතො ඛීණාසවස්ස, යස්ස මය්හං වා ඉදං පරෙසං වා ඉදන්ති කිඤ්චි රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං නත්ථි, න සන්ති, න සංවිජ්ජති, නූපලබ්භති, පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪන්ති එවම්පි - යස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං. වුත්තං හෙතං භගවතා: “නායං භික්ඛවෙ කායො තුම්හාකං, නපි අඤ්ඤෙසං. පුරාණමිදං භික්ඛවෙ කම්මං අභිසඞ්ඛතං අභිසංචෙතයිතං වෙදනීයං දට්ඨබ්බං. තත්ර භික්ඛවෙ සුතවා අරියසාවකො පටිච්චසමුප්පාදං යෙව සාධුකං යොනිසො මනසි කරොති: ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති. යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා; සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. නිරොධො හොතී”ති{b} එවම්පි යස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං.
Sinhala BJTයස්ස නත්‍ථි ඉදං මෙති පරෙසං වා’පි කිඤ්චනං - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; යමක් හට ‘මෙය මාගේ හෝ යැ, මෙය පරාගේ හෝ යැයි ගන්නා ලද දැඩිව ගන්නා ලද පිවිසැගත් බැසගන්නා ලද ඇතුළු වැ ගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා - සංඥා - සංස්කාර - විඥානගතයෙක් නැත් ද, නො වේ ද, විද්‍යාමාන නො වේ ද, නො ලැබේ ද, ප්‍රහීණ වූයේ සමුච්ඡින්න වූයේ සන්හිඳුණේ දුරලන ලද්දේ උපතට නුසුදුසු වූයේ නුවණ ගින්නෙන් දවන ලද්දේ නුයි මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ති පරෙසං වා’පි කිඤ්චනං’ යනු වේ. තෙල වදාරන ලද මැ ය බුදුන් විසින්: “මහණෙනි, මේ කය තොපගේ නො වෙයි, අනුන්ගේ නො ද වෙයි. මහණෙනි, මේ කර්‍මයෙන් සකස් කළ සිතින් රැස් කළ වේදනීය වූ පුරාණ කර්‍මය’ යි දතයුතු යැ. මහණෙනි, එහි ලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ප්‍රතීත්‍යසමුත්පාදය මැ මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි: “මෙසේ මේ ධර්‍මය ඇති කල්හි මෙය වෙයි, මොහුගේ ඉපදීමෙන් මෙය උපදී, මේ ධර්‍මය නැති කල්හි මෙය නො වෙයි, මොහුගේ නිරෝධයෙන් මෙය නිරුද්ධ වෙයි; ඒ මෙසේ යැ: ‘අවිද්‍යාව හේතු කොට (එකුන් තිස් ත්‍රෛභූමක කුශලාකුශලචෙතනා සඞ්ඛ්‍යාත) සංස්කාරයෝ පහළ වෙති, සංස්කාරයන් හේතු කොට දෙතිස් ලෞකික විපාක විඥානය පහළ වෙයි … මෙසේ මේ හුදු දුක්රැස පහළ වෙයි. යළි අවිද්‍යාවගේ මැ අශෙෂවිරාගනිරොධයෙන් කුශලාකුශලසංස්කාරයන්ගේ නිරෝධය වෙයි, … මෙසේ මේ හුදු දුක්රැස නිරුද්ධ වේ යැ” යි. මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ.
Pali BJTවුත්තම්පි හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැය, බුදුන් විසින්:
Pali BJT1. “සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජ සදා සතො, අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මච්චුතරො සියා. එවං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සතී”ති{a}
Sinhala BJT1. මෝඝරාජය, සියලු කල්හි ස්මෘතිමත් වූයෙහි ලෝකය ශුන්‍ය හෙයින් බලව, සත්කායදෘෂ්ටිය උදුරාපියා, මෙපරිද්දෙන් මරණය තරණය කරනුයේ වන්නෙහි. මෙසේ ස්කන්‍ධලෝකය දක්නහු මෘත්‍යුරාජ තෙමේ නො දක්නේ ය’ යි.
Pali BJTඑවම්පි - යස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං. වුත්තම්පි හෙතං භගවතා: “යං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති{1} කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං? රූපං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ, තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. වෙදනා - සඤ්ඤා - සඞ්ඛාරා - විඤ්ඤාණං න තුම්හාකං, තං පජහථ, තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. තං කිං මඤ්ඤථ භික්ඛවෙ යං ඉමස්මිං ජෙතවනෙ තිණකට්ඨසාඛාපලාසං තං ජනො හරෙය්ය වා, දහෙය්ය වා, යථා පච්චයං වා කරෙය්ය; අපි නු තුම්හාකං එවමස්ස: ‘අම්හෙ ජනො හරති වා, දහති වා, යථා පච්චයං වා කරොතී’ති? නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු? න හි නො එතං භන්තෙ අත්තා වා අත්තනියං වා’ති. එවමෙව ඛො භික්ඛවෙ යං න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති{1}. කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං? රූපං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ; තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. වෙදනා සඤ්ඤා - සඞ්ඛාරා - විඤ්ඤාණං න තුම්හාකං, තං පජහථ; තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සතී”ති{b} එවම්පි - යස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං.
Sinhala BJTමෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. මේ වදාරන ලද මැ ය, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, යමක් තොප ගේ නො වේ නම්, එය දුරු කරවු; එය තොප විසින් ප්‍රහීණ කරන ලද්දේ බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කුමක් තොප ගේ නො වේ ද යත්? මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය දුරු කරවු, එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ ය. වේදනාව - සංඥාව - සංස්කාරයෝ - විඥානය තොපගේ නො වෙයි, එය හැරැපියවු; එය තොප විසින් හැරැපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ මහණෙනි, ඒ කිමැ යි සිතවු ද? මේ දෙව්රම්හි යම් තණ - දර - අතු - කොළ වේ නම්, එය ජනයා ගෙනයන්නේ හෝ දවන්නේ හෝ රිසි සේ කරන්නේ හෝ නම්; කිමැ තොපට මෙබඳු සිතෙක් වන්නේ ද: ‘ජනයා අප ගෙන යයි හෝ රිසි සේ කෙරෙයි හෝ දැ’ යි? ‘තෙල නො වේ මැය, ස්වාමීනි, ඊට කරුණු කිමැ යත්? ස්වාමීනි, තෙල අපගේ ආත්ම හෝ ආත්මනීය හෝ නො මැ වේ යැ’ යි, එසෙයින් මහණෙනි, යමක් තොපගේ නො වේ නම්, එය හැරපියවු, එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ. මහණෙනි, කුමක් තොප ගේ නො වේ ද යත්? මහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය හැරපියවු; එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ යැ. වේදනාව - සංඥාව - සංස්කාරයෝ - විඥානය තොපගේ නො වෙයි, එය හැරැපියවු; එය තොප විසින් හැරපියන ලද්දේ බොහෝ කලක් හිතයට සුවයට වන්නේ ය” යි. මෙසේත් ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ.
Pali BJTභාසිතම්පි හෙතං:
Sinhala BJTමේ කියන ලද මැය:
Pali BJT2. “සුද්ධධම්ම{2} සමුප්පාදං සුද්ධසඞ්ඛාරසන්තතිං. පස්සන්තස්ස යථාභූතං න භයං හොති ගාමණි.
Sinhala BJT2. ”ග්‍රාමණිය, කේවල වූ ප්‍රත්‍යයප්‍රත්‍යයොත්පන්න ධර්‍මමාත්‍රයාගේ සමුත්පාදය ද, (ධ්‍රැවභාවාදියෙන්) අමිශ්‍ර වූ සංස්කාරසන්තතිය ද, තතු සේ දක්නහුට භයෙක් නො වේ.
Pali BJT3. තිණකට්ඨසමං ලොකං යදා පඤ්ඤාය පස්සති. නාඤ්ඤා පත්ථයතෙ කිඤ්චි අඤ්ඤත්ර{3} පටිසන්ධියා”ති{c}
Sinhala BJT3. යම් කලෙක ලෝකය තෘණ කාෂ්ට හා සම කොට විදර්‍ශනාප්‍රඥාවෙන් දකී නම්, එකල්හි අන් කිසිවක් නො පතයි, පිළිසඳ පිණිස අන් තැනෙක්හි ප්‍රාර්‍ත්‍ථනා නො කරයි.
Pali BJTඑවම්පි - යස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං. වජිරා භික්ඛුනී මාරං පාපිමන්තං එතදවොච:
Sinhala BJTමෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. ‘වජිරා’ භික්‍ෂුණිය වසවත් මරුට මෙසේ කිව:
Pali BJT4. “කින්නු{4} සත්තො’ති පච්චෙසි මාර දිට්ඨිගතං නු තෙ, සුද්ධසඞ්ඛාරපුඤ්ජො’යං නයිධ සත්තොපලබ්භති.{5}
Sinhala BJT4. මාරය, (තෝ) සත්ත්‍වයෙකැ’යි කුමක් සලකයි ද? තාගේ දෘෂ්ටිගතයෙක් නො වේ ද? මේ කේවල වූ සංස්කාරපුඤ්ජයෙකි, මෙහි සත්ත්‍වයෙක් නො ලැබේ.
Pali BJT5. යථාපි අඞ්ගසම්භාරා හොති සද්දො රථො ඉති, එවං ඛන්ධෙසු සන්තෙසු හොති සත්තොති සම්මුති.
Sinhala BJT5. යම්සේ අවයව සමූහය හේතු කොට ගෙන ‘රථ’ යන වාචක ශබ්දය වේ ද, එසෙයින් ස්කන්‍ධසමූහය ඇති කල්හි ‘සත්ත්‍වයෙක’ යන සම්මතය වේ.
Pali BJT6. දුක්ඛමෙව හි සම්භොති දුක්ඛං තිට්ඨති වෙත්ති ච, නාඤ්ඤත්ර; දුක්ඛා සම්භොති නාඤ්ඤං දුක්ඛා නිරුජ්ඣතී”ති{a}
Sinhala BJT6. දුක මැ උපදී. දුක මැ පවතී, විඳී. දුක හැර අනෙකක් නො ලැබෙයි. දුකින් අන්‍ය වූවක් නිරුද්ධ නො වේ.
Pali BJTඑවම්පි - යස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං. “එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු රූපං සමන්නෙසති, යාවතා රූපස්ස ගති. වෙදනං සඤ්ඤං - සඞ්ඛාරෙ - විඤ්ඤාණං සමන්නෙසති, යාවතා විඤ්ඤාණස්ස ගති. තස්ස රූපං සමන්නෙසතො යාවතා රූපස්ස ගති, වෙදනං - සඤ්ඤං - සඞ්ඛාරෙ - විඤ්ඤාණං සමන්නෙසතො යාවතා විඤ්ඤාණස්ස ගති, යම්පිස්ස හොති අහන්ති වා මමන්ති වා අස්මීති වා, තම්පි තස්ස න හොතී”ති{b}. එවම්පි - යස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං. ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “සුඤ්ඤො ලොකො සුඤ්ඤො ලොකොති භන්තෙ වුච්චති, කිත්තාවතා නු ඛො භන්තෙ සුඤ්ඤො ලොකො’ති වුච්චතී’ති? යස්මා ඛො ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකො’ති වුච්චති. කිඤ්චානන්ද සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා? චක්ඛුං ඛො ආනන්ද සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. රූපා සුඤ්ඤා - චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤං - චක්ඛුසම්ඵස්සො සුඤ්ඤො - යදිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි සුඤ්ඤං - සොතං සුඤ්ඤං - සද්දා සුඤ්ඤා - ඝානං සුඤ්ඤං - ගන්ධා සුඤ්ඤා - ජිව්හා සුඤ්ඤා - රසා සුඤ්ඤා - කායො සුඤ්ඤො - ඵොට්ඨබ්බා සුඤ්ඤා - මනො සුඤ්ඤො - ධම්මා සුඤ්ඤා - මනො - විඤ්ඤාණං සුඤ්ඤං - මනොසම්ඵස්සො සුඤ්ඤො - යදිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. යස්මා ඛො ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා තස්මා සුඤ්ඤො ලොකො’ති වුච්චතී”ති{c} එවම්පි - යස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං.
Sinhala BJTමෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. “මහණෙනි, එසෙයින් මැ මහණ රූපයාගේ පැවැත්ම ඇති තාක් රූපය ආවර්‍ජනා කෙරෙයි, වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානයාගේ පැවැත්ම ඇති තාක් විඥානය ආවර්‍ජනා කෙරෙයි. රූපයාගේ පැවැත්ම පමණින් රූපය ආවර්‍ජනා කරන්නා වූ ඔහුට වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානයාගේ පැවැත්ම පමණින් විඥානය ආවර්‍ජනා කරන්නා වූ ඔහුට ‘මම යැ හෝ මාගේ යැ හෝ මම් වෙමී හෝ’ ඔහුට යම් දෘෂ්ටියකුත් වේ නම්, හෙ ද ඔහුට නො වේ යැ” යි. මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වා’ පි කිඤ්චනං’ යනු වේ. “ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මේ කීහ: ‘ස්වාමීනි, ලෝකය ශුන්‍ය යැ, ලෝකය ශුන්‍ය යැ’ යි කියනු ලැබෙයි. ස්වාමීනි, කිපමණෙකින් ලෝකය ශුන්‍යය’ යි කියනු ලැබේ දැයි?” ‘අනඳයැ, යම් හෙයකින් ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශුන්‍ය යැ’ යි කියනු ලැබෙයි. ආනන්‍දය, ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් කුමක් ශුන්‍ය වේ ද යත්? ආනන්‍දය, චක්‍ෂුස ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය යැ, රූපයෝ ශුන්‍යයෝ යැ - චක්‍ෂුර්විඥානය ශුන්‍ය යැ - චක්‍ෂුස්සංස්පර්‍ශය ශුන්‍යය - චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී නම්, හෙ ද ශුන්‍ය යැ - ශ්‍රෝතය ශුන්‍ය යැ - ශබ්දයෝ ශුන්‍යයෝ යැ - ඝ්‍රාණය ශුන්‍ය යැ - ගන්‍ධයෝ ශුන්‍යයෝ යැ - දිව ශුන්‍ය යැ - රසයෝ ශුන්‍යයෝ යැ - කය ශුන්‍ය යැ - ස්ප්‍රෂ්ටව්‍යයෝ ශුන්‍යයෝ යැ - මනස ශුන්‍ය යැ - ධර්‍මයෝ ශුන්‍යයෝ යැ - මනෝවිඥානය ශුන්‍ය යැ - මනස්සංස්පර්‍ශය ශුන්‍ය යැ - මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී නම්, හෙ ද ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය යි. ආනන්‍දය, යම් හෙයකින් ආත්මයෙන් හෝ ආත්මනීයයෙන් හෝ ශුන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශුන්‍ය යැ’ යි කියනු ලැබේ යැ” යි මෙසේත් - ‘යස්ස නත්‍ථි ඉදං මෙ’ ති පරෙසං වාපි කිඤ්චනං’ යනු වේ.
Pali BJTමමත්තං සො අසංවින්දන්ති - ‘මමත්තා’ති ද්වෙ මමත්තා: තණ්හාමමත්තං දිට්ඨිමමත්තඤ්ච -පෙ- ඉදං තණ්හාමමත්තං. -පෙ- ඉදං දිට්ඨිමමත්තං. තණ්හාමමත්තං පහාය දිට්ඨිමමත්තං පටිනිස්සජිත්වා මමත්තං අවින්දන්තො අසංවින්දන්තො අනධිගච්ඡන්තො අප්පටිලභන්තොති - මමත්තං සො අසංවින්දං.
Sinhala BJTමමත්තං සො අසංවින්දං - ‘මමත්ත’ නම්: තෘෂ්ණාමමත්‍වය ද දෘෂ්ටිමමත්‍වය දැ’ යි මමත්‍වයෝ දෙදෙනෙකි …,… මේ දෘෂ්ටිමමත්‍වය යි. තෘෂ්ණාමමත්‍වය හැර දෘෂ්ටිමමත්‍වය දුරලා මමත්‍වය නො ලබනුයේ වෙසෙසින් නො ලබනුයේ නො පැමිණෙනුයේ ප්‍රතිලාභ නො කරනුයේ නුයි ‘මමත්තං සො අසංවින්දං’ යනු වේ.
Pali BJTනත්ථි මෙති න සොචතීති - විපරිණතං වා වත්ථුං න සොචති; විපරිණතස්මිං වා වත්ථුස්මිං න සොචති. චක්ඛු මෙ විපරිණතන්ති න සොචති. සොතං මෙ -පෙ- සාලොහිතා මෙ විපරිණතාති න සොචති; න කිලමති; න පරිදෙවති; න උරත්තාළිං කන්දති; සම්මොහං ආපජ්ජතීති - නත්ථි මෙති න සොචති.
Sinhala BJTනත්‍ථි මෙ’ ති න සොචති - විනාශ වූ වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසෙන කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මාගේ ඇස නැසිණැ’ යි ශෝක නො කෙරෙයි, මාගේ කන … මාගේ නෑ සහලේනෑයෝ නැසුණාහ’ යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘නත්‍ථි මෙ’ති න සොචති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං, මමත්තං සො අසංවින්දං නත්ථි මෙති න සොචතී”ති.
Sinhala BJT“යස්ස නත්‍ථි ඉදං මෙ’ ති -පෙ- නත්‍ථි මෙ’ති න සොචති” යී.
Pali BJT15. 18.
Sinhala BJT15. 18.
Pali BJTඅනිට්ඨුරී{1} අනනුගිද්ධො අනෙජො සබ්බධී සමො, තමානිසංසං පබ්රූමි පුච්ඡිතො අවිකම්පිනං.
Sinhala BJTඒ කම්පා නො වනසුලු පුද්ගලයා පුළුවුස්නා ලද මම ‘(හේ) ඊර්‍ෂ්‍යා නැත්තෙක, (රූපාදියෙහි) නො ගිජු වූයෙක, තෘෂ්ණා රහිතයෙක, සියලු තැන්හි සම පැවැතුම් ඇත්තෙක’ යන (ඔහු කෙරෙහි) මේ සතර අනුසස කියමි.
Pali BJTඅනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධි සමොති - කතමං නිට්ඨුරියං? ඉධෙකච්චො නිට්ඨුරියො හොති පරලාභසක්කාර ගරුකාරමානනවන්දනපූජනාසු, ඉස්සති උසූයති ඉස්සං බන්ධති; යං එවරූපං නිට්ඨුරියං නිට්ඨුරියකම්මං ඉස්සා ඉස්සායනා ඉස්සායිතත්තං උසූයා උසූයනා උසූයායිතත්තං, ඉදං වුච්චති නිට්ඨුරියං. යස්සෙතං නිට්ඨුරියං පහීනං සමුච්ඡින්නං -පෙ- ඤාණග්ගිනා දඩ්ඪං; සො වුච්චති අනිට්ඨුරීති. අනනුගිද්ධොති ‘ගෙධො; වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං’ සස්සෙසො ගෙධො පහීනො සමුච්ඡින්නො -පෙ- ඤාණග්ගිනා දඩ්ඪො, සො වුච්චති අනනුගිද්ධො. සො රූපෙ අගිද්ධො සද්දෙ -පෙ- දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බෙසු ධම්මෙසු අගිද්ධො අගථිතො{2} අමුච්ඡිතො අනජ්ඣොපන්නො වීතගෙධො විගතගෙධො චත්තගෙධො වන්තගෙධො මුත්තගෙධො පහීනගෙධො පටිනිස්සට්ඨගෙධො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති අනිට්ඨුරී අනනුගිද්ධො.
Sinhala BJTඅනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධි සමො - නෛෂ්ඨුර්‍ය්‍යය කවරැ යත්: මෙහි කිසිවෙක් අන්‍යයාගේ ලාභ - සත්කාර - ගරු - බුහුමන් - වැඳුම් - පිදුම්හි ඊර්‍ෂ්‍යා ඇත්තේ වෙයි, ඊර්‍ෂ්‍යා කෙරෙයි, දොස් පහළ කෙරෙයි, ඊර්‍ෂ්‍යාව බඳී. මෙබඳු වූ යම් නිෂ්ඨුර බවෙක් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යාකාරයෙක් ඊර්‍ෂ්‍යා කරන බවෙක්, අසූයාවක් (-දොස් පහළකිරීමක්) අසූයාකාරයෙක් දොස් පහළ කරන බවෙක් වේ ද, මේ නෛෂ්ඨුර්‍ය්‍ය යි. යමක්හු විසින් තෙල නිෂ්ඨුරබව ප්‍රහීණ කරන ලද ද, සමුච්ඡින්න ද … ඥානාග්නීන් දග්ධ ද, හේ ‘අනිට්ඨුරී’ යයි කියනු ලැබේ. අනනුගිද්ධො යනු: ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එය යි. යමක්හු විසින් තෙල ගේධය දුරු කරන ලද ද නසන ලද ද … නුවණ ගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අනනුගිද්ධ’ යයි කියනු ලැබේ, හෙතෙම රූපයෙහි නො ගිජු වූයේ ශබ්දයෙහි … දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්‍මයන්හි නො ගිජු වූයේ නො බැඳුණේ මුසපත් නො වූයේ නො වැතුරුණේ පහවූ ගේධ (-තෘෂ්ණා) ඇත්තේ පහවැ ගිය තෘෂ්ණා ඇත්තේ හළ තෘෂ්ණා ඇත්තේ වමනය කළ තෘෂ්ණා ඇත්තේ මුදන ලද තෘෂ්ණා ඇත්තේ ප්‍රහීණ කළ තෘෂ්ණා ඇත්තේ දුරලූ තෘෂ්ණා ඇත්තේ වීතරාග වූයේ විගත රාග - ත්‍යක්තරාග - වාන්ත රාග - මුක්තරාග - ප්‍රහීණරාග වූයේ දුරැලූ රාග ඇත්තේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනසුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසේ නුයි ‘අනිට්ඨුරී අනනුගිද්ධො’ යනු වේ.
Pali BJTඅනෙජො සබ්බධි සමොති - ‘එජා ‘වුච්චති තණ්හා; යො රාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; යස්සෙ’සා එජා තණ්හා පහීනා සමුච්ඡින්නා -පෙ- ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති අනෙජො. එජාය පහීනත්තා අනෙජො. සො ලාභෙ’පි න ඉඤ්ජති, අලාභෙපි න ඉඤ්ජති යසෙපි න ඉඤ්ජති, අයසෙපි න ඉඤ්ජති, පසංසායපි න ඉඤ්ජති, නින්දායපි න ඉඤ්ජති, සුඛෙපි න ඉඤ්ජති, දුක්ඛෙපි න ඉඤ්ජති, න චලති, න වෙධති, නප්පවෙධති, න සම්පවෙධතීති - අනෙජො. සබ්බධි සමොති සබ්බං වුච්චති ද්වාදසායතනානි: චක්ඛු චෙ ව{3} රූපා ච -පෙ- මනො චෙව ධම්මා ච. යතො අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු ඡන්දරාගො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො ආයතිං අනුප්පාදධම්මො, සො වුච්චති සබ්බධි සමො. සො සබ්බත්ථ තාදී සබ්බත්ථ මජ්ඣත්තො සබ්බත්ථ උපෙක්ඛකොති - අනෙජො සබ්බධි සමො.
Sinhala BJTඅනෙජො සබ්බධි සමො - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී … නුවණ ගින්නෙන් දවන ලද්දී ද, හේ ‘අනෙජ’ යයි කියනු ලැබෙයි. එජාව ප්‍රහීණ වන බැවින් ‘අනෙජ’ යැ. හේ ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහි දු නො සැලෙයි, යශස්හි දු නො සැලෙයි, අයශස්හි දු නො සැලෙයි, ප්‍රශංසායෙහි දු නො සැලෙයි, නින්‍දායෙහි දු නො සැලෙයි, සුඛයෙහි දු නො සැලෙයි, දුඃඛයෙහි දු නො සැලෙයි; චඤ්චල නො වෙයි, නො වෙවුලයි, වෙසෙසින් නො වෙවුලයි, හාත්පසින් නො වෙවුලා නුයි ‘අනෙජ’ යැ. සබ්බධි සමො යනු ‘සබ්බධි’ යී දොළොස් ආයතනය කියනු ලැබෙයි: ඇස ද රූපයෝ ද … මනස ද ධර්‍මයෝ දැ’ යි. යම් තැනෙක සිට ආධ්‍යාත්මික බාහ්‍යායතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ ද උසුන් මුල් ඇත්තේ ද තාලවස්තුවක් මෙන් කරන ලද්දේ ද, අනුඅභාවය කරන ලද්දේ ද මතු නූපදනා සැහැවි ඇත්තේ ද, හෙතෙම ‘සබ්බධි සම’ යයි කියනු ලැබේ. හේ සියලු තැන තාදී යැ, සියලු තැන මධ්‍යස්ථ යැ සියලු තැන උපේක්‍ෂා සහිත වූයේ නුයි ‘අනෙජො සබ්බධි සමො’ යනු වේ.
Pali BJTතමානිසංසං පබ්රූමි පුච්ඡිතො අවිකම්පිනන්ති - අවිකම්පිනං පුග්ගලං පුට්ඨො පුච්ඡිතො යාචිතො අජ්ඣෙසිතො පසාදිතො ඉමෙ චත්තාරො ආනිසංසෙ පබ්රූමි: සො අනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධි සමොති බ්රූමි ආචික්ඛාමි -පෙ- පකාසෙමීති - තමානිසංසං පබ්රූමි පුච්ඡිතො අවිකම්පිනං.
Sinhala BJTතමානිසංසං පබ්‍රෑමි පුච්ඡිතො අවිකම්පිනං - කම්පා නො වනසුලු පුද්ගලයා පුළුවුස්නා ලදුයෙම් විචාරන ලදුයෙම් අයදන ලදුයෙම් අධ්‍යෙෂිත වූයෙම් පහදවන ලදුයෙම් මේ සතර අනුසසුන් කියමි: හෙතෙම ඊර්‍ෂ්‍යා නැත්තේ යැ, ගිජු නො වූයේ යැ, තෘෂ්ණා රහිත යැ, සියලු තන්හි සමයැයි කියමි, පවසමි … ප්‍රකාශ කෙරෙම් නුයි ‘තමානිසංසං පබ්‍රෑමි පුච්ඡිතො අවිකම්පිනං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධි සමො, තමානිසංසං පබ්රූමි පුච්ඡිතො අවිකම්පින”න්ති.
Sinhala BJT“අනිට්ඨුරී අනනුගිද්ධො -පෙ- පුච්ඡිතො අවිකම්පිනං” යී.
Pali BJT15. 19.
Sinhala BJT15. 19.
Pali BJTඅනෙජස්ස විජානතො නත්ථි කාචි නිසඞ්ඛිති,{1} විරතො සො වියාරම්භා{2} ඛෙමං පස්සති සබ්බධි.
Sinhala BJTතෘෂ්ණා රහිත වූ (සංස්කාරයන් දුඃඛාදි වශයෙන්) දතුවහුට (පුණ්‍යාභිසංස්කාරාදි) කිසි සංස්කාරයක් නැත. හෙතෙම සංස්කාරයෙන් වෙන් වූයේ සියලු තැන්හි ක්‍ෂේමය (-අභය) දක්නේ යි.
Pali BJTඅනෙජස්ස විජානතොති - ‘එජා’ වුච්චති තණ්හා; යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං:{a} යස්සෙසා එජා තණ්හා පහීනා සමුච්ඡින්නා -පෙ- ඤාණග්ගිනා දඩ්ඪා; සො වුච්චති අනෙජො. එජාය පහීනත්තා අනෙජො. සො ලාභෙපි න ඉඤ්ජති. අලාභෙපි න ඉඤ්ජති. යසෙපි න ඉඤ්ජති. අයසෙපි න ඉඤ්ජති. පසංසායපි න ඉඤ්ජති. නින්දායපි න ඉඤ්ජති. සුඛෙපි න ඉඤ්ජති. දුක්ඛෙපි න ඉඤ්ජති. න චලති න වෙධති. න සම්පවෙධති. අනෙජස්ස විජානතොති - විජානතො පටිවිජානතො පටිවිජ්ඣතො, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං; සබ්බං තං නිරොධධම්මන්ති ජානතො ආජානතො විජානතො පටිවිජානතො පටිවිජ්ඣතොති - අනෙජස්ස විජානතො.
Sinhala BJTඅනෙජස්ස විජානතො - ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සමුච්ඡින්න වූවා … ඥානාග්නීන් දවන ලද්දී ද, හෙතෙම ‘අනෙජ’ යී කියනු ලැබෙයි, එජාව ප්‍රහීණ වන බැවින් ‘අනෙජ’ යැ. හෙතෙම ලාභයෙහි දු කම්පා නො වෙයි. අලාභයෙහි දු කම්පා නො වෙයි, යශස්හි දු කම්පා නො වෙයි, අයශස්හි දු කම්පා නො වෙයි, ප්‍රශංසායෙහි දු කම්පා නො වෙයි, නින්‍දායෙහි දු කම්පා නො වෙයි, සුඛයෙහි දු කම්පා නො වෙයි, දුඃඛයෙහි දු කම්පා නො වෙයි; නො සැලෙයි, නො වෙවුලයි, අතිශයින් නො වෙවුලයි. අනෙජස්ස විජානතො - දතුවහුට වෙසෙසින් දතුවහුට ප්‍රතිවේධ කරන්නහුට; ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙනසුලු යැ’ යි දන්නහුට හාත්පසින් දන්නහුට වෙසෙසින් දන්නහුට ප්‍රකර්‍ෂයෙන් දන්නහුට ප්‍රතිවේධ කරන්නහුට නුයි ‘අනෙජස්ස විජානතො’ යනු වේ.
Pali BJTනත්ථි කාචි නිසංඛිතීති - ‘නිසංඛිතියො’ වුච්චන්ති පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො; යතො පුඤ්ඤාභිසඞ්ඛාරො ච අපුඤ්ඤාභිසඞ්ඛාරො ච ආනෙඤ්ජාභිසඞ්ඛාරො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, එත්තාවතා නිසංඛිතියො නත්ථි, න සන්ති, න සංවිජ්ජන්ති, නූපලබ්භන්ති; පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති නත්ථි කාචි නිසංඛිති.
Sinhala BJTනත්‍ථි කාචි නිසංඛිති - ‘නිසංඛිති’ යැයි පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද කියනු ලැබෙති. යම් තැනෙක පටන් පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, මෙතෙකින් ‘නිසංඛිතිහු’ නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත්, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘නත්‍ථි කාචි නිසංඛිති’ යනු වේ.
Pali BJTවිරතො සො වියාරම්භාති - ‘වියාරම්භො’ වුච්චති පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො අනෙඤ්ජාභිසඞ්ඛාරො; යතො පුඤ්ඤාභිසඞ්ඛාරො ච අපුඤ්ඤාභිසඞ්ඛාරො ච අනෙඤ්ජාභිසඞ්ඛාරො ච පහීනා හොන්ති උච්ඡින්නාමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා; එත්තාවතා ආරම්භා වියාරම්භා ආරතො අස්ස. විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුතො විමරියාදීකතෙන චෙතසා විහරතීති - විරතො සො වියාරම්භා.
Sinhala BJTවිරතො සො වියාරම්භා - ‘වියාරම්භ’ යී පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභිසංස්කාරය ආනෙඤ්ජාභිසංස්කාරය කියනු ලැබෙයි. යම් තැනෙක පටන් පුණ්‍යාභිසංස්කාරය ද අපුණ්‍යාභිසංස්කාරය ද ආනෙඤ්ජාභිසංස්කාරය ද ප්‍රහීණ වූවාහු උපුටා හළ මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත් ද, එ තැන් සිට (පුණ්‍යාභිසංස්කාරාදි) ආරම්භයෙන් විවිධාරම්භයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වන්නේ ය, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘විරතො සො වියාරම්භා’ යනු වේ.
Pali BJTඛෙමං පස්සති සබ්බධීති - රාගො භයකරො, දොසො භයකරො, මොහො භයකරො -පෙ- භයකරා කිලෙසා, භයකරස්ස රාගස්ස පහීනත්තා -පෙ- භයකරානං කිලෙසානං පහීනත්තා සබ්බත්ථ ඛෙමං පස්සති, සබ්බත්ථ අභයං පස්සති, සබ්බත්ථ අනීතිකතං පස්සති, සබ්බත්ථ අනුපද්දවං පස්සති, සබ්බත්ථ අනුපස්සග්ගතං{1} පස්සතීති - ඛෙමං පස්සති සබ්බධි.
Sinhala BJTඛේමං පස්සති සබ්බධි - රාගය බියකරු යැ ද්වේෂය බියකරු යැ මෝහය බියකරු යැ … ක්ලේශයෝ බියකරුහු යැ, බියකරු රාගය ප්‍රහීණ කළ බැවින් සියලු තැන්හි ක්‍ෂේමය දකී, සියලු තැන්හි අභය දකී, සියලු තැන්හි පීඩා රහිත බව දකී, සියලු තැන්හි අනුපද්‍රවය දකී, සියලු තැන්හි නො ගැටුණු බව දකී නුයි ‘ඛේමං පස්සති සබ්බධි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අනෙජස්ස විජානතො නත්ථි කාචි නිසංඛිති, විරතො සො වියාරම්භා ඛෙමං පස්සති සබ්බධී”ති.
Sinhala BJT“අනෙජස්ස විජානතො -පෙ- ඛේමං පස්සති සබ්බධි” යී.
Pali BJT15. 20.
Sinhala BJT15. 20.
Pali BJTන සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ{2} මුනි, සන්තො සො වීතමච්ඡෙරො නාදෙති න නිරස්සතී’ති (භගවා).
Sinhala BJTක්‍ෂීණාස්‍රව මුනි තෙම (මාන විසින් තමා) සම වූවන් කෙරෙහි ලා නො කියයි, හීනයන් කෙරෙහි ලා නො කියයි, ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ලා නො කියයි. සන්හුන් කෙලෙස් ඇති පහවැගිය මාත්සර්‍ය්‍ය ඇති හෙතෙම (රූපාදි කිසි ධර්‍මයක්) නො ගනී, (එහෙයින් ම) නො බැහැර කෙරෙයි. බුදුහු මෙසේ වදාළ සේකි.
Pali BJTන සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනීති - ‘මොනං’ වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනීති. මුනි සෙය්යොහමස්මීති වා, සදිසොහමස්මීති වා, හීනොහමස්මීති වා න වදති, න කථෙති, න භණති, න දීපයති, න වොහරතීති - න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි.
Sinhala BJTන සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි - ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂජානනයක් … සඞ්ගජාලය ඉක්මවා සිටි හෙතෙම ‘මුනි’ වේ යයි. මුනි තෙම ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ හෝ ‘මම් සදෘශයෙමි’ හෝ ‘මම් හීනයෙමි’ හෝ නො පවසයි, නො කියයි, නො බෙණෙයි, නො දක්වයි, ව්‍යවහාර නො කෙරේ නුයි ‘න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි’ යනු වේ.