Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTගුහට්ඨකසුත්තනිද්දෙසො
Sinhala BJTගුහට්‌ඨකසූත්‍රනිර්දේශය
Pali BJTඅථ ගුහට්ඨකසුත්තනිද්දෙසො වුච්චති.
Sinhala BJTඉක්බිති ගුහට්ඨක සූත්‍රනිර්දේශය කියනු ලැබේ.
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJT“සත්තො ගුහායං බහුනාභිඡන්නො තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො, දූරෙ විවෙකා හි තථාවිධො සො කාමා හි ලොකෙ න හි සුප්පහායා{1}.
Sinhala BJTයම් මිනිසෙක් ගුහා සඞ්ඛ්‍යාත ශරීරයෙහි ඇලුණේ බොහෝ රාගාදි කෙලෙසුන් විසින් වැසුණේ රාගාදි වශයෙන් සිටුනේ මෝහන සඞ්ඛ්‍යාත පස්කම් ගුණයෙහි දැඩි වැ බැසගත්තේ වේ ද, එබඳු වූ ඒ සත්ත්‍ව තෙම ත්‍රිවිධ විවේකයෙන් දුර මැ වෙයි. යම් හෙයකින් සත්ලොව්හි කාමයෝ සුවයෙන් නො හළ හැක්කාහු ද එහෙයිනි.
Pali BJTසත්තො ගුහායං බහුනාභිඡන්නොති - ‘සත්තො’ති හි ඛො වුත්තං. අපි ච ගුහා තාව වත්තබ්බා: ගුහා වුච්චති කායො. කායොති වා ගුහාති වා සන්දෙහොති වා නාවාති වා රථොති වා ධජොති වා වම්මිකොති වා නගරන්ති වා නීඩන්ති {2}වා කුටීති වා ගණ්ඩොති වා කුම්භොති වා{3} කායස්සෙතං අධිවචනං.
Sinhala BJTසත්තො ගුහායං බහුනාභිඡන්නො - ‘සත්තො’ යනු කියනලද මැය. එතෙකුදු වත් පළමු කොට ‘ගුහා’ කියැ යුතු යැ. “ගුහා”යී කය කියනු ලැබේ. ‘කාය’ යැ හෝ, (රාගාදි ව්‍යාලයන් වෙසෙන හෙයින්) ‘ගුහා’ යැ හෝ, (රාගාදීන් විසින් දවන හෙයින්) ‘දේහ’ යැ හෝ, (ප්‍රමත්ත කරන හෙයින්) ‘සන්‍දේහ’ යැ හෝ, (සසර සැරිසරන හෙයින්) ‘නාවා’ යැ හෝ, (ඊර්‍ය්‍යාපථ ඇති බව හෙයින්) ‘රථ’ යැ හෝ, (ඉතා උස් වැ නැඟි හෙයින්) ‘ධජ’ යැ හෝ, (කෘමිකුලයනට ආවාස බැවින්) ‘වම්මිකයැ’ හෝ (මනාපාමනාපයන් සංසරත්හෙයින් ) ‘නගර’ යැ හෝ, (රොගාදීන්ට නීඩකැදැලි වන බැවින්) ‘නීඩ’ යැ හෝ, (ප්‍රතිසන්‍ධියට නිවාසගෘහ වන හෙයින්) ‘කුටි’ යැ හෝ, (පූතිභාවයෙන්) ‘ගණ්ඩ’ යැ හෝ, (බිඳෙන හෙයින්) ‘කුම්භ’ යැ හෝ, කයට මේ අධිවචන යි.
Pali BJT“සත්තො ගුහාය”න්ති ගුහායං සත්තො විසත්තො ආසත්තො ලග්ගො ලග්ගිතො පළිබුද්ධො. යථා භිත්තිඛීලෙ වා නාගදන්තෙ වා භණ්ඩං සත්තං විසත්තං ආසත්තං ලග්ගං ලග්ගිතං පළිබුද්ධං, එවමෙවං ගුහායං සත්තො විසත්තො ආසත්තො ලග්ගො ලග්ගිතො පළිබුද්ධො.
Sinhala BJTසත්තො ගුහායං - කායගුහායෙහි ශක්ත යැ විශක්ත යැ ආශක්ත යැ ලග්න යැ ලගිත යැ පරිබුද්ධ (-නො හැර සිටියේ) යැ. යම් සේ භිත්තිඛීලයෙ කැ හෝ නාගදන්තයෙකැ හෝ භාණ්ඩයෙක් ශක්ත විශක්ත ආශක්ත ලග්න ලගිත පරිබුද්ධ වේ ද, එසෙයින් කායගුහායෙහි ශක්ත යැ විශක්ත යැ ආශක්ත යැ ලග්න යැ ලගිත යැ පරිබුද්ධ යි.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
Pali BJT“රූපෙ ඛො රාධ, යො ඡන්දො යො රාගො යා නන්දි යා තණ්හා යෙ උපයූපාදානා{4} චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තත්ර සත්තො තත්ර විසත්තො, තස්මා සත්තොති වුච්චති. [වෙදනාය ඛො රාධ -පෙ- සඤ්ඤාය ඛො රාධ -පෙ- සංඛාරෙසු ඛො රාධ -පෙ- විඤ්ඤාණෙ ඛො රාධ, යො ඡන්දො යො රාගො යා නන්දි යා තණ්හා යෙ උපයූපාදානා{4} චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තත්ර සත්තො තත්ර විසත්තො, තස්මා සත්තොති වුච්චති]{*} සත්තොති ලග්ගනාධිවචනන්ති.”
Sinhala BJT“රාධ, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් තෘෂ්ණා-දෘෂ්ටි උපයයන් දැඩි කොට ගන්නා අකුශලචිත්තයට අධිෂ්ඨානාභිනිවෙශ වූ අනුශය කෙනෙක් වෙද්ද, එහි ශක්ත වූයේ (ඇලුණේ) එහි වෙසෙසින් ඇලුණේ වේ ද, එහෙයින් ‘සත්ත්‍ව’ යැ යි කියනු ලැබේ. වේදනායෙහි... සංඥායෙහි... සංස්කාරයන්හි... විඥානයෙහි රාධ යැ, යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් තෘෂ්ණාදෘෂ්ටි සඞ්ඛ්‍යාත උපයයන් දැඩි කොට ගන්නා අකුශලචිත්තයට අධිෂ්ඨාන-අභිනිවෙශ වූ අනුශය කෙනෙක් වෙද්ද, එහි (යම්හෙයකින්) ඇලුණේ වෙසෙසින් ඇලුණේ වේ ද, එහෙයින් ‘සත්ත්‍ව’ යැ යි කියනු ලැබෙයි. ‘සත්ත’ යනු වෙසෙසින් ඇලීම ප්‍රකාශ කිරීම යැ” යි.
Pali BJTසත්තො ගුහායං බහුනාභිඡන්නොති - බහුකෙහි කිලෙසෙහි ඡන්නො: රාගෙන ඡන්නො දොසෙන ඡන්නො මොහෙන ඡන්නො කොධෙන ඡන්නො උපනාහෙන ඡන්නො මක්ඛෙන ඡන්නො පළාසෙන ඡන්නො ඉස්සාය ඡන්නො මච්ඡරියෙන ඡන්නො මායාය ඡන්නො සාඨෙය්යෙන ඡන්නො ථම්භෙන ඡන්නො සාරම්භෙන ඡන්නො මානෙන ඡන්නො අතිමානෙන ඡන්නො මදෙන ඡන්නො පමාදෙන ඡන්නො, සබ්බකිලෙසෙහි සබ්බදුච්චරිතෙහි සබ්බදරථෙහි සබ්බපරිළාහෙහි සබ්බසන්තාපෙහි සබ්බාකුසලාභිසංඛාරෙහි ඡන්නො{1} උච්ඡන්නො ආවුතො නිවුතො ඔවුතො{2} පිහිතො පටිච්ඡන්නො පටිකුජ්ජිතොති ‘සත්තො ගුහායං බහුනාභිඡන්නො.
Sinhala BJTසත්තො ගුහායං බහුනාභිඡන්නො - බොහෝ කෙලෙසුන් විසින් ඡන්න (වැසුණේ) යැ: රාගයෙන් ඡන්න යැ, ද්වේෂයෙන් මෝහයෙන්... ක්‍රෝධයෙන්... උපනාහයෙන්... ම්‍රක්ෂයෙන්... යුගග්‍රාහයෙන්... ඊර්‍ෂ්‍යායෙන් මාත්සර්‍ය්‍යයෙන් මායායෙන්... ශාඨ්‍යයෙන්... ස්තම්භයෙන්... සංරම්භයෙන් මානයෙන්... අතිමානයෙන්... මදයෙන්... ප්‍රමාදයෙන් ඡන්න යැ, සියලු කෙලෙසුන් විසින් සියලු දුශ්චරිතයන් විසින් සියලු දරථයන් විසින් සියලු පරිදාහයන් විසින් සියලු සන්තාපයන් විසින් සියලු අකුශලාභිසංස්කාරයන් විසින් ඡන්න යැ, (පුනපුනා උපදෙනෙන්) උපර්‍ය්‍යුපරි ඡන්න යැ, ආවෘත (වළකන ලද) යැ, නිවෘත යැ, අපවෘත (යටකොට වසනලද) යැ, පිහිත යැ, ප්‍රතිච්ඡන්න යැ, යටිහුරු කොට තබන ලද නුයි ‘සත්තො ගුහායං බහුනාභිඡන්නො’ යනු වේ.
Pali BJTතිට්ඨං නරො මොහනස්මිං පගාළ්හොති - ‘තිට්ඨං නරො’ති තිට්ඨන්තො නරො රත්තො රාගවසෙන තිට්ඨති. දුට්ඨො දොසවසෙන තිට්ඨති. මූළ්හො මොහවසෙන තිට්ඨති විනිබද්ධො{3} මානවසෙන තිට්ඨති. පරාමට්ඨො දිට්ඨිවසෙන තිට්ඨති. වික්ඛෙපගතො උද්ධච්චවසෙන තිට්ඨති. අනිට්ඨං ගතො විචිකිච්ඡාවසෙන තිට්ඨති. ථාමගතො අනුසයවසෙන තිට්ඨති. එවම්පි තිට්ඨං නරො.
Sinhala BJTතිට්ඨං නරෝ මොහනස්මිං පගාළ්හො - ‘තිට්ඨං නරෝ’ යනු: නර (සත්ත්‍ව) තෙම සිටුනේ රාගවශයෙන් රත් වූයේ සිටි ද්වෙෂවශයෙන් ද්විෂ්ට වූයේ සිටී. මොහවශයෙන් මූඪ වූයේ සිටී. මානවශයෙන් නානාලම්බනයෙහි බැඳී සිටී. දෘෂ්ටිවශයෙන් පරාමෘෂ්ට වැ සිටී. ඖද්ධත්‍යවශයෙන් වික්ෂෙපයට පැමිණැ සිටී. විචිකිත්සාවශයෙන් නිෂ්ඨාවට නො පැමිණැ සිටී. අනුශයවශයෙන් ස්ථිර බවට පැමිණියේ සිටී. මෙසෙයිනු දු ‘තිට්ඨං නරෝ’ යනු වේ.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
Pali BJT“සන්ති භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. සන්ති භික්ඛවෙ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨතී”{a} ති. එවම්පි තිට්ඨං නරො.
Sinhala BJT“මහණෙනි, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වු ප්‍රියස්වරූප වූ කාමයෙන් යුක්ත වු ඇලුම් කටයුතු වූ රූපාලම්බනයෝ ඇත්තාහ. මහණතෙම ඒ අරමුණට තෘෂ්ණාවශයෙන් සතුටු වේ නම්, පසසා නම්, බැසගෙන සිටී නම්; මහණෙනි, ශ්‍රෝතවිඥානයෙන් දතයුතු වූ ... ශබ්දයෝ ඇත ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ ... ගන්‍ධයෝ ඇත ... ජිහ්වාවිඥානයෙන් දතයුතු වූ ... රසයෝ ඇත ... කායවිඥානයෙන් දතයුතු වූ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ඇත්තාහ ... මනෝවිඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමූපසංහිත වූ රජනීය වූ ධර්‍මාලම්බනයෝ ඇත්තාහ. මහණතෙම ඒ අරමුණට (තෘෂ්ණාවශයෙන්) සතුටු වේ නම්, පසසා නම්, බැසගෙන සිටී නම්” මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
Pali BJT“රූපූපයං{4} වා භික්ඛවෙ, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨති රූපාරම්මණං රූපපතිට්ඨං{5}. නන්දූපසෙචනං{6} වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජති. වෙදනූපයං{7} වා භික්ඛවෙ -පෙ- සඤ්ඤූපයං වා භික්ඛවෙ, -පෙ- සඞ්ඛාරූපයං වා භික්ඛවෙ, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨති සඞ්ඛාරාරම්මණං සඞ්ඛාරපතිට්ඨං. නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජතී”{b}ති. එවම්පි තිට්ඨං නරො.
Sinhala BJT“මහණෙනි, (තෘෂ්ණා-දෘෂ්ටි උපය විසින්) රූපයට පැමිණි හෝ විඥානය සිටුනේ රූපය අරමුණු කොට ඇතියේ රූපය ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. (සප්‍රීතික) තෘෂ්ණාජලයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි. මහණෙනි, (තෘෂ්ණාදෘෂ්ටිවශයෙන්) වේදනාවට පැමිණි හෝ මහණෙනි, සංඥාවට පැමිණි හෝ... මහණෙනි, සංස්කාරයන්ට පැමිණි හෝ විඥානය සිටුනේ සංස්කාරයන් අරමුණු කොට ඇතියේ සංස්කාරයන් ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. තෘෂ්ණොදකයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ” යයි මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
Pali BJT“කබලීකාරෙ චෙ භික්ඛවෙ, ආහාරෙ අත්ථි රාගො, අත්ථි නන්දි, අත්ථි තණ්හා. පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං. යත්ථ පතිට්ඨිතං විඤ්ඤාණං විරූළ්හං, අත්ථි තත්ථ නාමරූපස්සාවක්කන්ති. යත්ථ අත්ථි නාමරූපස්සාවක්කන්ති, අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි.{1} යත්ථ අත්ථි සඞ්ඛාරානං වුද්ධි, අත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, අත්ථි තත්ථ ආයතිං ජාති ජරා මරණං. යත්ථ අත්ථි ආයතිං ජාති ජරා මරණං, සසොකං තං භික්ඛවෙ, සදරං{2} සඋපායාසන්ති වදාමී”{a} ති. එවම්පි තිට්ඨං නරො.
Sinhala BJT“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇත්නම්, නන්‍දිය ඇත්නම්, තෘෂ්ණාව ඇත්නම්, එහි (කර්‍මය දුවවා පිළිසඳ ගැනීමට පොහොසත් බැවින්) විඥානය පිහිටියේ වැඩුණේ වෙයි. යම් තැනෙක්හි විඥානය පිහිටියේ වැඩුණේ නම්, එහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක්හි නාමරූපාවක්‍රාන්තිය ඇත්නම්, එහි සංස්කාරයන්ගේ වෘද්ධිය ඇත. යම් තැනෙක්හි සංස්කාරයන්ගේ වෘද්ධිය ඇත්නම්, එහි මත්තෙහි පුනර්‍භවාභිනිර්වෘත්තිය ඇත. යම් තැනෙක්හි මතු පුනර්‍භවයාගේ පහළවීම ඇත්නම්, එහි මත්තෙහි ජාති-ජරා-මරණ ඇත. යම් තැනෙක්හි මත්තෙහි ජාති-ජරා-මරණ ඇත්නම්, මහණෙනි, එය ශෝක සහිත යැ, පීඩා සහිත යැ, දැඩි ආයාස සහිත යයි කියමි” මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.
Pali BJT“ඵස්සෙ චෙ භික්ඛවෙ, ආහාරෙ -පෙ- මනො සඤ්චෙතනාය චෙ භික්ඛවෙ, ආහාරෙ -පෙ-විඤ්ඤාණෙ චෙ භික්ඛවෙ, ආහාරෙ අත්ථි රාගො, අත්ථි නන්දි, අත්ථි තණ්හා. පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං. යත්ථ පතිට්ඨිතං විඤ්ඤාණං විරූළ්හං, අත්ථි තත්ථ නාමරූපස්සාවක්කන්ති. යත්ථ අත්ථි නාමරූපස්සාවක්කන්ති, අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි. යත්ථ අත්ථි සඞ්ඛාරානං වුද්ධි, අත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, අත්ථි තත්ථ ආයතිං ජාති ජරා මරණං. යත්ථ අත්ථි ආයතිං ජාති ජරා මරණං, සසොකං තං භික්ඛවෙ, සදරං{2} සඋපායාසන්ති වදාමී”{a} ති. එවම්පි තිට්ඨං නරො.
Sinhala BJT“මහණෙනි, ස්පර්‍ශාහාරයෙහි... මහණෙනි, මනස්සඤ්චෙතනාහාරයෙහි... මහණෙනි, විඥානාහාරයෙහි ඉදින් රාගය ඇත්නම්, නන්‍දිය ඇත්නම්, තෘෂ්ණාව ඇත්නම්, එහි ප්‍රතිසන්‍ධිවිඥානය පිහිටියේ වැඩුණේ වෙයි. යම් තැනෙක්හි විඥානය පිහිටියේ වැඩුණේ වේ නම්, එහි නාමරූපාවක්‍රාන්තිය ඇත. යම් තැනෙක්හි නාමරූපාවක්‍රාන්තිය ඇත් නම්, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක්හි සංස්කාරවෘද්ධිය ඇත්නම්, එහි පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක්හි පුනර්‍භවයාගේ පහළවීම ඇත් නම්, එහි මත්තෙහි ජාති-ජරා-මරණ ඇත. යම් තැනෙක්හි ආයති ජාති-ජරා-මරණ ඇත්නම්, මහණෙනි, එය සශොක යැ සදර යැ සඋපායාස යැයි කියමි” මෙසේත් ‘තිට්ඨං නරෝ’ යනු වේ.
Pali BJTමොහනස්මිං පගාළ්හොති - මොහනා වුච්චන්ති පඤ්ච කාමගුණා: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. කිං කාරණා මොහනා වුච්චන්ති පඤ්ච කාමගුණා? යෙභුය්යෙන දෙවමනුස්සා{3} පඤ්චසු කාමගුණෙසු මුය්හන්ති පමුය්හන්ති සම්පමුය්හන්ති මූළ්හා පමූළ්හා සම්පමූළ්හා අවිජ්ජාය අන්ධීකතා ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතා.{4} තඞ්කාරණා මොහනා වුච්චන්ති පඤ්ච කාමගුණා. මොහනස්මිං පගාළ්හොති මොහනස්මිං පගාළ්හො අජ්ඣොගාළ්හො නිමුග්ගොති ‘තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො’.
Sinhala BJTමොහනස්මිං පගාළ්හො - ‘මෝහන’ යැ යි පඤ්චකාමගුණයෝ කියනු ලැබෙත්: චක්‍ෂුර්විඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වු ප්‍රියස්වරූප වු කාමෝපසංහිත වූ රජනීය වූ රූපයෝ යැ, ශ්‍රෝත්‍රවිඥේය වූ ... ශබ්දයෝ යැ, ඝ්‍රාණවිඥේය වු ... ගන්‍ධයෝ යැ, ජිහ්වාවිඥේය වූ ... රසයෝ යැ, කායවිඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වු ප්‍රියරූප වු කාමෝපසංහිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. කුමක් හෙයින් පඤ්චකාමගුණයෝ ‘මෝහන’ යි කියනු ලැබෙති යත්: යම් හෙයකින් බෙහෙවින් දෙවිමිනිස්හු පස්කම් ගුණයෙහි මුළාවෙත් ද, වෙසෙසින් මුළාවෙත් ද, සර්‍වාකාරයෙන් මුළාවෙත් ද, මූඪ වූවාහි වෙසෙසින් මූඪ වූවාහු සර්‍වාකාරයෙන් මූඪ වූවාහු අවිද්‍යායෙන් අන්‍ධ කරන ලද්දාහු ආවෘත - නිවෘත - අපවෘත - පිහිත - ප්‍රතිච්ඡන්න - ප්‍රතිකුඤ්චිත වූවාහු වෙත් ද, එකරුණෙන් පස්කම් ගුණ ‘මෝහන’ යැ යි කියනු ලැබෙත්. මොහනස්මිං පගාළ්හො - මොහනයෙහි පිවිසියේ ඇතුළු වූයේ ඇතුළත බැසගත්තේ ගැලුණේ නුයි ‘තිට්ඨං නරෝ මොහනස්මිං පගාළ්හා’ යනු වේ.
Pali BJTදූරෙ විවෙකා හි තථාවිධො සොති - විවෙකාති තයො විවෙකා: කායවිවෙකො, චිත්තවිවෙකො, උපධිවිවෙකො.
Sinhala BJTදූරෙ විවෙකා හි තථාවිධො සො - ‘විවෙක’ යනු විවෙක තුනෙකි: කායවිවේක යැ, චිත්තවිවේක යැ, උපධිවිවෙක යි.
Pali BJTකතමො කායවිවෙකො? ඉධ භික්ඛු විචිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. කායෙන ච විවිත්තො විහරති: සො එකො ගච්ඡති එකො තිට්ඨති. එකො නිසීදති එකො සෙය්යං කප්පෙ{1}ති. එකො ගාමං පිණ්ඩාය පවිසති. එකො පටික්කමති. එකො රහො නිසීදති. එකො චඞ්කමං අධිට්ඨාති. එකො චරති. එකො විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. අයං කායවිවෙකො.
Sinhala BJTකායවිවේකය කවරැ යත්: මෙ සසුන්හි මහණ අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කන්‍දර ගිරිගුහා ශ්මසාන වානප්‍රස්ථ අභ්‍යවකාශ පලාලපුඤ්ජ යන ජනශුන්‍ය වූ සෙනසුනක් ඇසුරු කෙරේ. කයිනු දු විවික්ත වැ හිඳී. එකලා වැ හොවී. එකලා වැ ගමට පිඬු සිඟා යෙයි. එකලා වැ පෙරළා එයි. එකලා වැ රහසැ හිඳී. එකලා වැ සක්මන්හි සිටී. එකලා වැ හැසිරෙයි. එකලා වැ වෙසෙයි. ඉරියවු පවත්වයි. ඉරියවු උපදවයි. පාලනය කෙරෙයි. යැපෙයි යපනය කරවා. මේ යැ කායවිවේක නම්.
Pali BJTකතමො චිත්තවිවෙකො? පඨමජ්ඣානං සමාපන්නස්ස නීවරණෙහි චිත්තං විවිත්තං හොති දුතියජ්ඣානං සමාපන්නස්ස විතක්කවිචාරෙහි චිත්තං විවිත්තං හොති. තතියජ්ඣානං සමාපන්නස්ස පීතියා චිත්තං විවිත්තං හොති. චතුත්ථජ්ඣානං සමාපන්නස්ස සුඛදුක්ඛෙහි චිත්තං විවිත්තං හොති. ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය චිත්තං විවිත්තං හොති. සොතාපන්නස්ස සක්කායදිට්ඨියා විචිකිච්ඡාය සීලබ්බතපරාමාසා දිට්ඨානුසයා විචිකිච්ඡානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති. සකදාගාමිස්ස ඔළාරිකා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති. අනාගාමිස්ස අණුසහගතා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විවිත්තං හොති. අරහතො රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය{2} මානානුසයා අවිජ්ජානුසයා තදෙකට්ඨෙහි ච{3} කිලෙසෙහි බහිද්ධා ච සබ්බනිමිත්තෙහි චිත්තං විවිත්තං හොති. අයං චිත්තවිවෙකො.
Sinhala BJTචිත්තවිවෙකය කවරැ යත්: පළමුවන ධ්‍යානයට සමවන්හුගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙයි. දෙවැනි ධ්‍යානයට සමවන්හුගේ සිත විතර්‍ක - විචාරයන් ගෙන් වෙන් වෙයි. තුන්වැනි ධ්‍යානයට සමවන්හුගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙයි. සතරවැනි ධ්‍යානයට සමවන්හුගේ සිත සුවදුක් දෙකින් වෙන් වෙයි. අකාසානඤ්චායතනයට සමවන්හුගේ සිත රූපසංඥා - ප්‍රතිඝසංඥා - නානාත්වසංඥාවෙන් වෙන් වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ සිත ආකාසානඤ්චායතනසංඥාවෙන් වෙන් වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ සිත විඤ්ඤාණඤ්චායතනසංඥාවෙන් වෙන් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙන් වෙන් වෙයි. සෝවන්හුගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂ්ට්‍යනුශයෙන් විචිකිත්සානුශයෙන් හා ඔවුන් සමග එක්වැ සිටි කෙලෙසුන්ගෙන් ද වෙන් වෙයි. සැදැගැමිහුගේ සිත ඖදාරික කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා ඔවුන් සමග එක්වැ සිටි කෙලෙසුන් ගෙන් ද වෙන් වෙයි. අනගැමිහුගේ සිත අණුසහගත (-සියුම් වූ) කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත කාමරාගානුශයයෙන් ප්‍රතිඝානුශයයෙන් හා තදෙකස්ථිත ක්ලේශයන්ගෙන් ද වෙන් වෙයි රහත්හුගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයයෙන් භවරාගානුශයයෙන් අවිද්‍යානුශයයෙන් තදෙකස්ථිතක්ලෙශයන්ගෙන් හා බාහ්‍ය වූ සර්‍වසංස්කාර නිමිත්තයන්ගෙන් ද වෙන් වූයේ වේ. මේ යැ චිත්තවිවේක නම්.
Pali BJTකතමො උපධිවිවෙකො? උපධී වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසංඛාරා ච. උපධිවිවෙකොති වුච්චති අමතං නිබ්බානං: යො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අයං උපධිවිවෙකො. කායවිවෙකො ච වවකට්ඨකායානං නෙක්ඛම්මාභිරතානං, චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං, උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසංඛාරගතානං.
Sinhala BJTඋපධිවිවේකය කවරැ යත්: ක්ලේශයෝත් ස්කන්ධයෝත් අභිසංස්කාරයෝත් උපධියි කියනු ලැබෙත්. යම් සර්‍වසංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සර්‍වොපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේද, ඒ අමෘත නිර්‍වාණය ‘උපධිවිවෙක’යි කියනු ලැබේ. මේ යැ උපධිවිවෙක නමු. ගණසඞ්ගණිකායේන් වෙන් වූ කය ඇති ප්‍රථමධ්‍යානාදි නෛෂ්කාම්‍යයෙහි අභිරත වූවන්ට කායවිවේකය ද, පරිශුද්ධ වූ සිත් ඇති උත්තම වෝදාන(පරිශුද්ධි) යට පැමිණියවුන්ට චිත්තවිවෙකය ද, උපධිරහිත වූ විසංඛාරගත (=නිවනට පැමිණි) පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ.
Pali BJTදූරෙ විවෙකා හීති - යො සො එවං ගුහායං සත්තො එවං බහු කෙහි ච කිලෙසෙහි ඡන්නො එවං මොහනස්මිං පගාළ්හො, සො කායවිවෙකාපි දූරෙ චිත්තවිවෙකාපි දූරෙ උපධිවිවෙකාපි දූරෙ විදූරෙ සුවිදූරෙ න සන්තිකෙ න සාමන්තා අනාසන්නෙ වවකට්ඨෙ{1}. තථාවිධොති තාදිසො තස්සණ්ඨිතො තප්පකාරො තප්පටිභාගො; යො සො මොහනස්මිං පගාළ්හොති ‘දූරෙ විවෙකා හි තථාවිධො සො’
Sinhala BJTදූරෙ විවෙකා හි - මෙසෙයින් කායගුහායෙහි ඇලුණු මෙසේ බොහෝ කෙලෙසුන් විසින් වැසුණු මෙසේ පඤ්චකාමගුණමොහනයෙහි ගැලුණු යමෙක් වේ ද, හෙතෙම කායවිවෙකයෙනුදු දුරැ වෙයි. චිත්තවිවෙකයෙනුදු දුරැ වෙයි. උපධිවිවෙකයෙනුදු දුරැ ඉතා දුරැ අතිශයින් දුරැ නො ළංහි නො හාත්පසැ අනාසන්නයෙහි බැහැර සිටියේ වේ. තථාවිධො - තාදෘශ වූයේ තදාකාර වූයේ තත්ප්‍රකාර වූයේ තත්ප්‍රතිභාග වූයේ, ඒ යමෙක් මොහනයෙහි ගැලුණේ වේ ද, එහෙයින් ‘දූරෙ විවෙකා හි තථාවිධො සො’ යනු වේ.
Pali BJTකාමා හි ලොකෙ න හි සුප්පහායාති - කාමාති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙස කාමා ච. කතමෙ වත්ථුකාමා? මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා අත්ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථු හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨං ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරං ච යං කිඤ්චි රජනීයං වත්ථු වත්ථුකාමා.
Sinhala BJTකාමා හි ලෝකේ න හි සුප්පහායා - කාමා යනු: උද්දාන විසින් කාමයේ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ යි. වස්තුකාමයෝ කවරහ: මනවඩන රූපයෝ මනවඩන ශබ්දයෝ මනවඩන ගන්‍ධයෝ මනවඩන රසයෝ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ ද, අතුරුණු පොරෝණා දැසිදස්හු එළුතිරෙළුහු කුකුළුහූරහු ඇත්-ගව-අස්-වෙළඹහු කෙත් වත් කහවණු රන් ගම්-නියම්ගම්-රජදහන්හු ද රට දනව් ද කෝස ද කොටුගුළු ද යම් කිසි රජනීය වස්තුවෙක් වේද, මොහු යැ වස්තුකාමයෝ.
Pali BJTඅපිච අතීතා කාමා අනාගතා කාමා පච්චුප්පන්නා කාමා අජ්ඣත්තා කාමා බහිද්ධා කාමා අජ්ඣත්තබහිද්ධා කාමා හීනා කාමා මජ්ඣිමා කාමා පණීතා කාමා ආපායිකා කාමා මානුසිකා කාමා දිබ්බා කාමා පච්චුපට්ඨිතා කාමා නිම්මිතා කාමා පරනිම්මිතා කාමා අනිම්මිතා කාමා පරිග්ගහිතා කාමා අපරිග්ගහිතා කාමා මමායිතා කාමා අමමායිතා කාමා, සබ්බෙපි කාමාවචරා ධම්මා සබ්බෙපි රූපාවචරා ධම්මා සබ්බෙපි අරූපාවචරා ධම්මා තණ්හාවත්ථුකා තණ්හාරම්මණා කමනීයට්ඨෙන රජනීයට්ඨෙන මදනීයට්ඨෙන කාමා, ඉමෙ වුච්චන්ති වත්ථුකාමා.
Sinhala BJTතවද අතීත කාමයෝ යැ අනාගතකාමයෝ යැ ප්‍රත්‍යුත්පන්න කාමයෝ යැ අධ්‍යාත්මකාමයෝ යැ බාහ්‍යකාමයෝ යැ අධ්‍යාත්ම- බාහ්‍යකාමයෝ යැ හීනකාමයෝ යැ මධ්‍යමකාමයෝ යැ ප්‍රණීතකාමයෝ යැ අපායිකකාමයෝ යැ මානුෂිකකාමයෝ යැ දිව්‍යකාමයෝ යැ ප්‍රත්‍යුපස්ථිත (එළැඹ සිටි) කාමයෝ යැ නිර්මිත (මවනලද) කාමයෝ යැ පරනිර්මිත (පරා විසින් මවන ලද) කාමයෝ යැ අනිර්මිත කාමයෝ යැ පරිගෘහීත (තමා අයත් කළ) කාමයෝ යැ අපරිගෘහීත කාමයෝ යැ මමායිත (මාගේ යැයි ගන්නා ලද) කාමයෝ යැ අමමායිත කාමයෝ යැ, සියලු මැ කාමාවචරධර්‍මයෝ යැ සියලු මැ රූපාවචරධර්‍මයෝ යැ සියලු මැ අරූපාවචර ධර්‍මයෝ යැ යන මොහු තෘෂ්ණාවස්තු වූවාහු තෘෂ්ණාලම්බන වූවාහු කමනීය හෙයින් රජනීය හෙයින් මදනීය හෙයින් කාමයෝ යි. මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ කිලෙස කාමා? ඡන්දො කාමො රාගො කාමො ඡන්දරාගො කාමො, සඞ්කප්පො කාමො රාගා කාමො සඞ්කප්පරාගො කාමො, යො කාමෙසු කාමඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච්ඡන්දනීවරණං -
Sinhala BJTක්ලේශකාමයෝ කවරහ? ඡන්දකාම යැ රාගකාම යැ ඡන්දරාගකාම යැ, සංකල්පකාම යැ රාගකාම යැ සංකල්පරාගකාම යැ, කාමවස්තු විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නෙහර්‍යෙක් කාමපරිදාහයෙක් කාමමූර්ච්ඡායෙක් කාමාධ්‍යවසානයෙක් (බැස ගැනීමෙක්) කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමොපදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද -
Pali BJT1. “අද්දසං කාම තෙ මූලං සංකප්පා කාම ජායසි, න තං සංකප්පයිස්සාමි එවං කාම න හෙහිසී”{a} ති.
Sinhala BJT1. “කාමය, තාගේ මුල දිටිමි. කාමය, තෝ සංකල්පයෙන් උපදනෙහි. දැන් මම තා නො පතමි. කාමය, තෝ මෙසෙයින් නූපදනෙහි” යයි.
Pali BJTඉමෙ වුච්චන්ති කිලෙස කාමා.
Sinhala BJTමොහු ක්ලේශකාමයෝ යැයි කියනු ලැබෙත්.
Pali BJTලොකෙති - අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. කාමා හි ලොකෙ න හි සුප්පහායාති - කාමා හි ලොකෙ දුප්පහායා දුච්චජා{1} දුප්පරිච්චජා{2} දුන්නිම්මදයා{3} දුන්නිවෙඨයා දුබ්බිනිවෙඨයා දුත්තරා දුප්පතරා දුස්සමතික්කමා දුබ්බි නිවත්තාති කාමා හි ලොකෙ න හි සුප්පහායා.
Sinhala BJTලෝකේ - අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි ය; කාමා හි ලෝකේ න හි සුප්පහායා - යම් හෙයකින් කාමයෝ ලොව්හි දුකසේ ප්‍රහීණ කළ යුත්තාහු ද දුකසේ හළ යුත්තාහු ද දුකසේ පරිත්‍යාග කළ යුත්තාහු ද දුකසේ නිර්‍මද කළ යුත්තාහු ද දුකසේ මිදිය යුත්තාහු ද දුකසේ විනිර්වෙෂ්ටන කළ යුත්තා හු ද දුස්තර වූවාහු ද වෙසෙසින් දුස්තර වූවාහු ද දුස්සමතික්‍රම වූවාහු ද දුර්විනිවර්‍ත වූවාහු ද, එහෙයින් ‘කාමා හි ලෝකේ න හි සුප්පහායා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සත්තො ගුහායං බහුනාභිඡන්නො තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො, දූරෙ විවෙකා හි තථාවිධො සො කාමා හි ලොකෙ න හි සුප්පහායා”ති.
Sinhala BJT“සත්තො ගුහායං -පෙ- න හි සුප්පහායා” යි.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJTඉච්ඡානිදානා භවසාතබද්ධා තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා, පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං.
Sinhala BJTකාමතෘෂ්ණාව නිදාන කොට ඇති භවසුඛයෙහි බැඳුණු, යලි අනාගතයෙහි හෝ අතීතයෙහි හෝ වස්තුකාමයන් කැමැති වන, මේ ප්‍රත්‍යුත්පන්න කාමයන් හෝ යට දැක්වූ අතීතානාගතකාමයන් හෝ ප්‍රාර්‍ත්‍ථනා කරන ඒ සත්ත්‍වයෝ දුකසේ මිදියැ යුත්තාහ. අනෙකක්හු විසින් නො මැ මුදනු හැක්කාහු වෙත්.
Pali BJTඉච්ඡානිදානා භවසාතබද්ධාති - ඉච්ඡා{4} වුච්චති තණ්හා: යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දි නන්දිරාගො චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො පළිගෙධො{5} සඞ්ගො පඞ්කො එජා මායා ජනිකා සඤ්ජනිකා සඤ්ජනනී සිබ්බනී ජාලිනී සරිතා විසත්තිකා සුත්තං විසටා ආයූහනී{6} දුතියා පණිධි භවනෙත්ති වනං වනථො සන්ථවො ස්නෙහො අපෙක්ඛා පටිබන්ධු{7} ආසා ආසිංසනා ආසිංසිතත්තං, රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා, ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා ජප්පිතත්තං ලොලුප්පං ලොලුප්පායනා ලොලුප්පායිතත්තං පුච්ඡඤ්චිකතා සාදුකම්යතා, අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්ථනා පිහනා සම්පත්ථනා, කාමණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා, රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා, ඔඝො යොගො ගන්ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්ධනං උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං, දුක්ඛමූලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාරබලිසං මාරවිසයො තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලං තණ්හාසමුද්දො, අභිජ්ඣා විසමලොභො අකුසලමූලං.
Sinhala BJTඉච්ඡානිදානා භවසාතබද්ධා - ‘ඉච්ඡා’ යි තෘෂ්ණාව කියනු ලබා: යම් රාගයෙක් සංරාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡාවක් මූර්ච්ඡාවක් අධ්‍යවසානයෙක් ගෙධයෙක් පරිගෙධයෙක් සඞ්ගයෙක් පඞ්කයෙක් එජාවක් මායාවක් (සසර උපදවන) ජනිකාවක් සංජනනියක් සීවනියක් (බැඳීමෙක්) ජාලිනියක් සරිතාවක් විසත්තිකාවක් (බඳනා හෙයින්) සූත්‍රයෙක් (රූපාදියෙහි පතළ හෙයින්) විසතාවක් අයූහනය කරවීමෙක් ද්විතීයාවක් ප්‍රණිධියක් භවනෙත්තියක් (ගහනහෙයින්) වනයෙක් වනථයෙක් තෘෂ්ණාසන්ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂාවක් (අරමුණෙහි බඳනා හෙයින්) ප්‍රතිබන්‍ධුයෙක් ආශාවක් ආශංසනාවක් ආශංසිත බවෙක් රූපාශාවක් ශබ්දාශාවක් ගන්ධාශාවක් රසාශාවක් ස්ප්‍රෂ්ටව්‍යාශාවක් ලාභාශාවක් ධනාශාවක් පුත්‍රාශාවක් ජීවිතාශාවක්, (තෘෂ්ණා වශයෙන්) ජල්පනයෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් ලොල් බවෙක් ලෞල්‍යාකාරයෙක් ලෞල්‍යසමඞ්ගී බවෙක් පුච්ඡඤ්චික (නඟුට සලන = ලාභයෙහි සැලෙන) බවෙක් මධුරකාම්‍යතාවක්, අධර්‍මරාගයෙක් විෂමලොභයෙක් නිකාන්තියෙක් කැමැතිවන ආකාරයෙක් ප්‍රාර්‍ත්‍ථනාවක් පිහායනයෙක් සම්ප්‍රාර්ථනාවක්, කාමතෘෂ්ණාවක් භවතෘෂ්ණාවක් විභවතෘෂ්ණාවක් රූප (භව) තෘෂ්ණාවක් අරූපතෘෂ්ණාවක් නිරොධතෘෂ්ණාවක්, රූප (යෙහි) තෘෂ්ණාවක් ශබ්දතෘෂ්ණාවක් ගන්ධතෘෂ්ණාවක් රසතෘෂ්ණාවක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාවක් ධර්‍මතෘෂ්ණාවක්, (තෘෂ්ණා) ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලෙශයෙක් අනුශයයෙක් පර්‍ය්‍යුත්‍ථානයෙක් ලතාවක් විවිධෙච්ඡාවක්, දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබලිසයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණානදියක් තෘෂ්ණාජාලයෙක් තෘෂ්ණාගර්දූලයෙක් තෘෂ්ණාසමුද්‍රයෙක්, අභිධ්‍යාවක් විෂමලොභයෙක් අකුශලමූලයෙක් වේ ද එය යි.
Pali BJTඉච්ඡානිදානාති - ඉච්ඡානිදානා ඉච්ඡාහෙතුකා ඉච්ඡාපච්චයා ඉච්ඡාකාරණා ඉච්ඡාපභවාති ඉච්ඡානිදානා.
Sinhala BJTඉච්ඡානිදානා - ඉච්ඡාව නිදාන කොට ඇත්තාහු ඉච්ඡාව හේතු කොට ඇත්තාහු ඉච්ඡාව ප්‍රත්‍යය කොට ඇත්තාහු ඉච්ඡාව කාරණ කොට ඇත්තාහු ඉච්ඡාව ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ඉච්ඡානිදාන’ නම් වෙත්.
Pali BJTභවසාතබද්ධාති - එකං භවසාතං: සුඛා වෙදනා, ද්වෙ භවසාතානි: සුඛා ච වෙදනා ඉට්ඨං ච වත්ථු. තීණි භවසාතානි: යොබ්බඤ්ඤං ආරොග්යං ජීවිතං. චත්තාරි භවසාතානි: ලාභො යසො පසංසා සුඛං. පඤ්ච භවසාතානි: මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා. ඡ භවසාතානි: චක්ඛුසම්පදා සොතසම්පදා ඝානසම්පදා ජිව්හාසම්පදා කායසම්පදා මනොසම්පදා. භවසාතබද්ධාති - සුඛාය වෙදනාය සත්තා බද්ධා ඉට්ඨස්මිං වත්ථුස්මිං, යොබ්බඤ්ඤෙ බද්ධා, ආරොග්යෙ බද්ධා, ජීවිතෙ බද්ධා, ලාභෙ බද්ධා, යසෙ බද්ධා, පසංසායං බද්ධා, සුඛෙ බද්ධා, මනාපිකෙසු රූපෙසු බද්ධා, මනාපිකෙසු සද්දෙසු - ගන්ධෙසු - රසෙසු මනාපිකෙසු ඵොට්ඨබ්බෙසු බද්ධා, චක්ඛුසම්පදාය බද්ධා, සොතසම්පදාය බද්ධා, ඝාන - ජිව්හා - කාය - මනොසම්පදාය බද්ධා, විබද්ධා ආබද්ධා ලග්ගා ලග්ගිතා පළිබද්ධාති ‘ඉච්ඡා නිදානා භවසාතබද්ධා’.
Sinhala BJTභවසාතබද්ධා - සුඛවේදනාව එක් භවසාතයෙක, සුඛවේදනාව ද ඉෂ්ටවස්තුව දැයි භවසාත දෙකෙක. යෞවනය ආරෝග්‍යය හා ජීවිතය (ජීවිතේන්‍ද්‍රිය පවත්නා බව) දැයි භවසාත තුනෙක. ලාභ යැ යශස් යැ ප්‍රශංසා යැ සුඛ යැයි භවසාත සතරකෙ, මනාපික (මනවඩන) රූප යැ මනාපික ශබ්ද යැ මනාපික ගන්‍ධ යැ මනාපික රස යැ මනාපික ස්ප්‍රෂ්ටව්‍ය යැයි භවසාත පසෙක, චක්ෂුඃසම්පත් යැ ශ්‍රොතසම්පත් යැ ඝ්‍රාණසම්පත් යැ ජිහ්වාසම්පත් යැ කායසම්පත් යැ මනස්සම්පත් යැයි භවසාත සයෙකි. භවසාතබද්ධා - සුඛවේදනාවෙන් ඉෂ්ටවස්තුයෙහි සත්ත්‍වයෝ බඳනා ලද්දාහ, යෞවනයෙහි බද්ධයහ, ආරෝග්‍යයෙහි බද්ධයහ, ජීවිතයෙහි - ලාභයෙහි - යශස්හි - ප්‍රශංසායෙහි - සුඛයෙහි බද්ධයහ, මනාපිකරූපයන්හි බද්ධයහ, මනාපික ශබ්ද - ගන්‍ධ - රස - මනාපික ස්ප්‍රෂ්ටව්‍යයන්හි බද්ධයහ, චක්ෂුඃසම්පත්හි බද්ධයහ, ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්හි බද්ධයහ, වෙසෙසින් බැඳුණාහ. හාත්පසින් බැඳුණාහ, ලග්න වූහ, ලගිත වූහ, පරිබද්ධ වූවාහු නුයි ‘ඉච්ඡානිදානා භවසාතබද්ධා’ යනු වේ.
Pali BJTතෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛාති - තෙ වා භවසාතවත්ථු දුප්පමුඤ්චා, සත්තා{1} වා එත්තො දුම්මොචයා. කථං තෙ භවසාතවත්ථු දුප්පමුඤ්චා{2}? සුඛා වෙදනා දුප්පමුඤ්චා, ඉට්ඨං වත්ථු දුප්පමුඤ්චං, යොබ්බඤ්ඤං දුප්පමුඤ්චං, ආරොග්යං දුප්පමුඤ්චං, ජීවිතං දුප්පමුඤ්චං, ලාභො දුප්පමුඤ්චො, යසො දුප්පමුඤ්චො, පසංසා දුප්පමුඤ්චා, සුඛං දුප්පමුඤ්චං, මනාපිකා රූපා දුප්පමුඤ්චා, මනාපිකා සද්දා - ගන්ධා - රසා ඵොට්ඨබ්බා දුප්පමුඤ්චා, චක්ඛුසම්පදා දුප්පමුඤ්චා, සොත - ඝාන - ජිව්හා - කාය - මනොසම්පදා දුප්පමුඤ්චා, දුම්මොචයා දුප්පමොචයා දුන්නිවෙඨයා දුබ්බිනිවෙඨයා, දුත්තරා දුප්පතරා දුස්සමතික්කමා දුබ්බිනිවත්තා. එවන්තෙ භවසාතවත්ථු දුප්පමුඤ්චා.
Sinhala BJTතෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා - භවයෙහි ආස්වාදවස්තු වූ ඒ ධර්‍මයෝ හෝ දුකසේ හළ යුත්තාහ. සත්ත්‍වයෝ මැ හෝ තෙල භවසාත වස්තුහු කෙරෙන් දුර්මොචයෝ යි. ඒ භවයෙහි සාතවස්තුහු දුකසේ හළ යුත්තාහ කිසෙයින යත්: සුඛවේදනාව දුකසේ මිදිය යුත්තී යැ, ඉෂ්ටවස්තුව දුකසේ හළ යුතු යැ, යෞවනය - ආරෝග්‍යය - ජීවිතය - ලාභය - යශස් - ප්‍රශංසාව - සුඛය දුකසේ හළ යුතු යැ, මනාපික රූපයෝ දුස්ප්‍රමුව්‍යයෝ යැ, මනාපික ශබ්දයෝ - ගන්‍ධයෝ - රසයෝ - ස්ප්‍රෂ්ටව්‍යයෝ දුස්ප්‍රමුව්‍යයහ, චක්ෂුස්සම්පද් දුස්ප්‍රමුව්‍ය යැ, ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පද් දුස්ප්‍රමුව්‍ය යැ, දුර්මොච යැ, දුර්නිවෙෂ්ට යැ, දුර්විනිවෙෂ්ට යැ, දුස්තර යැ, දුස්ප්‍රතර යැ, දුස්සමතික්‍රම යැ, දුර්විනිවර්‍ත යි. මෙසේ ඒ භවසාත වස්තූහු දුකසේ මිදියැ යුත්තාහ.
Pali BJTකථං සත්තා එත්තො දුම්මොචයා? සුඛාය වෙදනාය සත්තා දුම්මොචයා, ඉට්ඨස්මා වත්ථුස්මා දුම්මොචයා, යොබ්බඤ්ඤා දුම්මොචයා ආරොග්යා දුම්මොචයා, ජීවිතා දුම්මොචයා, ලාභා දුම්මොචයා, යසා දුම්මොචයා, පසංසාය දුම්මොචයා, සුඛා දුම්මොචයා, මනාපිකෙහි රූපෙහි දුම්මොචයා, මනාපිකෙහි සද්දෙහි - ගන්ධෙහි - රසෙහි - ඵොට්ඨබ්බෙහි දුම්මොචයා, චක්ඛුසම්පදාය දුම්මොචයා, සොත - ඝාන - ජිව්හා - කාය - මනොසම්පදාය දුම්මොචයා දුප්පමොචයා දුරුද්ධරා{3} දුස්සමුද්ධරා දුබ්බුට්ඨාපයා දුස්සමුට්ඨාපයා දුන්නිවෙඨයා දුබ්බිවෙඨයා දුත්තරා දුප්පතරා දුස්සමතික්කමා දුබ්බිනිවත්තා. එවං සත්තා එත්තො{4} දුම්මොචයාති ‘තෙ දුප්පමුඤ්චා’
Sinhala BJTසත්ත්‍වයෝ තෙල වස්තුයෙන් දුකසේ මිදියැ යුත්තාහු කිසෙයින යත්: සුඛවේදනායෙන් සත්ත්‍වයෝ දුකසේ මිදියැ යුත්තාහ, ඉෂ්ටවස්තුහු කෙරෙන් - යෞවනයෙන් - ආරොග්‍යයෙන් - ජීවිතයෙන් - ලාභයෙන් - යශසින් - ප්‍රශංසායෙන් - සුවයෙන් දුකසේ මිදිය යුත්තාහ, මනවඩන රූපයෙන් - ශබ්දයෙන් - ගන්‍ධයෙන් - රසයෙන් - ස්ප්‍රෂ්ටව්‍යයෙන් දුර්මොචයෝ යැ, චක්ෂුස්සම්පත්තියෙන් - ශ්‍රෝත්‍ර - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනස්සම්පත්තියෙන් දුර්මෝචයෝ යැ, අතිශයින් නොමිදිය හැක්කාහ, නො නැඟිය හැක්කාහ, අතිශයින් නො නඟා සිටුවිය හැක්කාහ, දුර්නිවෙෂ්ටයෝ යැ, දුර්විනිවෙෂ්ටයෝ යැ, දුස්තරයෝ යැ, අතිශයින් දුස්තරයෝ යැ, නො ඉක්මවිය හැක්කාහ, නො නැවැත්විය හැක්කාහුයැ. මෙසේ සත්ත්‍වයෝ තෙල සාතවස්තු කෙරෙන් නො මිදිය හැක්කාහු නුයි ‘තෙ දුප්පමුඤ්චා’ යනු වේ.
Pali BJTන හි අඤ්ඤමොක්ඛාති - තෙ අත්තනා පලිපපලිපන්නා න සක්කොන්ති පරං පලිපපලිපන්නං උද්ධරිතුං.
Sinhala BJTන හි අඤ්ඤමොක්ඛා - ඔවුහු තමන් මහමඩෙහි ගැලුණාහු මහමඩෙහි ගැලුණු අනෙකක්හු නගාසිටුවන්නට නො හැකි වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි බුදුන් විසින්:
Pali BJT“සො වත චුන්ද, අත්තනා පලිපපලිපන්නො පරං පලිපපලිපන්නං උද්ධරිස්සතීති නෙතං ඨානං විජ්ජති. සො වත චුන්ද, අත්තනා අදන්තො අවිනීතො අපරිනිබ්බුතො{1} පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සතීති නෙතං ඨානං විජ්ජතී”{a} ති එවම්පි න හි අඤ්ඤමොක්ඛා. අථවා නත්ථඤ්ඤො කොචි මොචෙතා. තෙ යදි{2} මුඤ්චෙය්යුං, සකෙන ථාමෙන සකෙන බලෙන සකෙන විරියෙන සකෙන පරක්කමෙන සකෙන පුරිසත්ථාමෙන සකෙන පුරිසබලෙන සකෙන පුරිසවිරියෙන සකෙන පුරිසපරක්කමෙන අත්තනා සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං පටිපජ්ජමානා මුඤ්චෙය්යුන්ති එවම්පි න හි අඤ්ඤමොක්ඛා.
Sinhala BJTචුන්දය, යමෙක් තෙමේ ගැඹුරු (මහ) මඩෙහි ගැලුණේ ද හෙතෙම ඒකාන්තයෙන් ගැඹුරු මඩෙහි ගැලුණු අනෙකක්හු නඟාසිටුවන්නේ යැ යන මේ කාරණය නො වෙයි. චුන්දය, යමෙක්තෙමේ නො දැමුණේ නො හික්මුණේ කෙලෙස් පිරිනිවනින් නො පිරිනිවියේ ත් වේ නම් හෙතෙම ඒකාන්තයෙන් අනෙකක්හු දමන්නේ යැ හික්මවන්නේ යැ පිරිනිවන්නේ යැ යන මේ කරුණ නො වේ” යයි. මෙසේත් අනෙකක් හු විසින් නො මිදියැ හෙන්නාහ. නොහොත් මුදවන අන් කිසිවෙක් නැත. ඉඳින් ඔහු මිදෙන්නාහු නම්, ස්වකීය (ඥාන) ශක්තියෙන් ස්වකීය බලයෙන් ස්වකීය වීර්‍ය්‍යයෙන් ස්වකීය පරාක්‍රමයෙන් ස්වකීය පුරුෂශක්තියෙන් ස්වකීය පුරුෂබලයෙන් ස්වකීය පුරුෂවීර්‍ය්‍යයෙන් ස්වකීය පුරුෂපරාක්‍රමයෙන් තමා විසින් සම්‍යක්ප්‍රතිපදාවට අනුලොමප්‍රතිපදාවට අවිරුද්ධ ප්‍රතිපදාවට අන්වර්ථප්‍රතිපදාවට ධර්‍මානුධර්‍මප්‍රතිපදාවට පිළිපදනාහු මිදෙන්නාහු නුයි ‘න හි අඤ්ඤමොක්ඛා’ යනු වේ.
Pali BJTවුත්තම්පි හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
Pali BJT1. “නාහං සහිස්සාමි පමොචනාය කථංකථිං{3} ධොතක කිඤ්චි ලොකෙ, ධම්මං ච සෙට්ඨං අභිජානමානො එවං තුවං ඔඝමිමං තරෙසී”{b}ති.
Sinhala BJT1. “ධෝතකය, මම් ලොව්හි කාඞ්ක්‍ෂා සහිත වූ කිසිවක්හු මුදන්නට නො හැකි වෙමි. (වෑයම් නොකරමි.) උත්තම ධර්‍මය විශිෂ්ටඥානයෙන් අවබෝධ කෙරෙමින් මෙසේ තෝ මේ චතුරෝඝය තරණය කෙරෙහි” යයි
Pali BJTඑවම්පි න හි අඤ්ඤමොක්ඛා.
Sinhala BJTමෙසේ ත් අනෙකක්හු විසින් නො මැ මිදිය හැක්කාහ.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරනලද මැයි භාග්‍යවතුන් විසින්:
Pali BJT2. “අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති, අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣති; සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤඤෙ{4} විසොධයෙ”{c}ති.
Sinhala BJT2. “යමක්හු විසින් තමා මැ පව්කම් කරන ලද ද, හෙතෙම සිවුඅපාදුක් විඳිනුයේ තෙමේ මැ කෙලෙසෙයි. යළි යමක්හු විසින් තමා පව්කම් නො කරන ලද ද, හෙතෙම සුගතියට පැමිණියේ තෙමේ මැ විශුද්ධ වෙයි. කුශලාකුශලකර්‍මසඞ්ඛ්‍යත ශුද්ධිය ද අශුද්ධි ය ද කාරකසන්තානයෙහි - තමා කෙරෙහි විවා දනවයි. අනෙකෙක් අනෙකක්හු විශුද්ධ නො කෙරේ” යයි.
Pali BJTඑවම්පි න හි අඤ්ඤමොක්ඛා.
Sinhala BJTමෙසේ ත් අනෙකක්හු විසින් නො මැ මිදියැ හෙන්නාහ.
Pali BJTවුත්තම්පි හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
Pali BJT“එවමෙව ඛො බ්රාහ්මණ තිට්ඨතෙව නිබ්බානං තිට්ඨති නිබ්බානගාමි{5} මග්ගො, තිට්ඨාමහං සමාදපෙතා. අථ ච පන මම සාවකා මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප්පෙකච්චෙ අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්ති. එකච්චෙ නාරාධෙන්ති. එත්ථ ක්යාහං බ්රාහ්මණ කරොමි, මග්ගක්ඛායී බ්රාහ්මණ තථාගතො. මග්ගං බුද්ධො ආචික්ඛති. අත්තනා පටිපජ්ජමානා මුඤ්චෙය්යු”{d}න්ති. එවම්පි න හි අඤ්ඤමොක්ඛාති ‘තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා.’
Sinhala BJT“එසෙයින් මැ බමුණ, අමාමහනිවන ඇත් මැය. (පූර්‍වභාගවිදර්‍ශනාදියෙහි පටන්) නිවනට පමුණුවන ආර්‍ය්‍යමාර්‍ගය ඇත. සමාදන් කරවන (පිළිවෙතැ පිහිටුවන) මම් සිටිම් මැය. එතෙකුදු වුවත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් මැ අත්‍යන්තනිෂ්ඨාව වූ නිවන සම්පාදනය කෙරෙති. ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. මෙහි ලා (මොවුන් කෙරෙහි) බමුණ, මම් කුමක් කෙරෙම් ද, බමුණ, තථාගතයෝ පිළිවෙත් මඟ කියන සුල්ලහ. බුදුහු මාර්‍ගය ප්‍රකාශ කෙරෙත්. තුමූ පිළිවෙත්හි පිළිපදිමින් මිදෙන්නාහ”යි මෙසේත් අනෙකක්හු විසින් නො මැ මිදිය හැක්කාහු නුයි ‘තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා’ යනු වේ.
Pali BJTපච්ඡා පුරෙ වාපි අපෙක්ඛාමානාති - පච්ඡා වුච්චති අනාගතං. පුරෙ වුච්චති අතීතං. අපි ච අතීතං උපාදාය අනාගතඤ්ච පච්චුප්පන්නඤ්ච පච්ඡා, අනාගතං උපාදාය අතීතඤ්ච පච්චුප්පන්නඤ්ච පුරෙ. කථං පුරෙ අපෙක්ඛං කරොති? එවංරූපො{1} අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්නානෙති. එවංවෙදනො අහොසිං -පෙ- එවංසඤ්ඤො අහොසිං -පෙ- එවංසංඛාරො අහොසිං -පෙ- එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්නානෙති. එවම්පි පුරෙ අපෙක්ඛං කරොති. අථ වා - ඉති මෙ චක්ඛු අහොසි අතීතමද්ධානං ඉති රූපාති, තත්ථ ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්දති. තදභිනන්දන්තො එවම්පි පුරෙ අපෙක්ඛං කරොති. අථ වා - ඉති මෙ සොතං අහොසි අතීතමද්ධානං ඉති සද්දාති -පෙ- ඉති මෙ ඝානං අහොසි අතීතමද්ධානං ඉති ගන්ධාති -පෙ- ඉති මෙ ජිව්හා අහොසි අතීතමද්ධානං ඉති රසාති -පෙ- ඉති මෙ කායො අහොසි අතීතමද්ධානං ඉති ඵොට්ඨබ්බාති -පෙ- ඉති මෙ මනො අහොසි අතීතමද්ධානං ඉති ධම්මාති, තත්ථ ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්දති. තදභිනන්දන්තො එවම්පි පුරෙ අපෙක්ඛං කරොති. අථවා යානිස්ස තානි පුබ්බෙ මාතුගාමෙන සද්ධිං හසිතලපිතකීළිතානි, තදස්සාදෙති තං නිකාමෙති තෙන ච විත්තිං ආපජ්ජති. එවම්පි පුරෙ අපෙක්ඛං කරොති.
Sinhala BJTපච්ඡා පුරෙ වාපි අපෙක්ඛාමානා - ‘පච්ඡා’ යි අනාගතය කියනු ලැබෙයි. ‘පුරෙ’ යි අතීතය කියනු ලැබේ. තවද අතීතය නිසා අනාගතයත් ප්‍රත්‍යුත්පන්නයත් ‘පච්ඡා’ නමැ, අනාගතය නිසා අතීතයත් ප්‍රත්‍යුත්පන්නයත් ‘පුරෙ’ නමැ. කිසෙයින් අතීතයෙහි අපේක්‍ෂා කෙරෙයි යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙකිම් වීමි යි ඒ අතීතරූපාරම්මණයෙහි තෘෂ්ණාව එළවයි. මෙබඳු වේදනා ඇතියෙකිම් වීමි ... මෙබඳු සංඥා ඇතියෙකිම් වීමි ... මෙබඳු සංස්කාර ඇතියෙකිම් වීමි ... මෙබඳු විඥාන ඇතියෙකිම් වීමි අතීත කලැ’ යි එහි තෘණ්හාව එළවයි. මෙසේත් අතීතයෙහි අපෙක්ෂාව කෙරෙයි. නොහොත් අතීතයෙහි මාගේ ඇස මෙබඳු විය, රූපයෝ මෙබඳු වූහ යි ඒ චක්‍ෂු රූපයන්හි විඥානය (ජවනචිත්තය) ඡන්‍දරාගයෙන් ඇලුණේ වෙයි. ඒ ජවනවිඥානය ඡන්‍දරාගයෙන් බැඳුණු හෙයින් ඒ අරමුණට තෘෂ්ණාවශයෙන් සතුටු වෙයි. එය තෘෂ්ණාවශයෙන් අභිනන්‍දනය කරණුයේ මෙසේත් අතීතයෙහි අපේක්‍ෂාව කෙරෙයි. නොහොත් අතීතයෙහි මාගේ කන මෙබඳු විය, ශබ්දයෝ මෙබඳු වූහ යි ... අතීතයෙහි මාගේ ඝ්‍රාණය මෙබඳු විය, ගන්‍ධයෝ මෙබඳු වූහ යි ... අතීතයෙහි මාගේ දිව මෙබඳු විය, රසයෝ මෙබඳු වූහ යි ... අතීතයෙහි මාගේ කය මෙබඳු විය, පහස්හු මෙබඳු වූහ යි ... අතීතකාලයෙහි මාගේ මනස මෙබඳු විය, ධර්‍මයෝ මෙබඳු වූහ යි ඒ මනොධර්‍මයන්හි ජවනවිඥානය ඡන්‍දරාගයෙන් බැඳුණේ වෙයි. විඥානය ඡන්‍දරාගයෙන් බැඳුණු හෙයින් ඒ අරමුණට තෘෂ්ණාවශයෙන් සතුටු වෙයි. ඊට සතුටු වනුයේ මෙසේත් අතීතයෙහි අපෙක්ෂාව කෙරෙයි. නොහොත් පෙර ඔහුගේ මාගම සමග යම් ඒ හසිතලපිත ක්‍රීඩිතයෝ වූවාහු ද, එය ආස්වාදනය කෙරෙයි. එය කැමැති වෙයි. යළි එයින් සතුටට පැමිණෙයි. මෙසේත් අතීතයෙහි අපෙක්ෂාව කෙරේ.
Pali BJTකථං{2} පච්ඡා අපෙක්ඛා කරොති? එවංරූපො සියං{3} අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්නානෙති. එවංවෙදනො සියං{3} -පෙ- එවංසඤ්ඤො සියං{3} -පෙ- එවංසංඛාරො{4} සියං{3} -පෙ- එවංවිඤ්ඤාණො සියං{3} අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්නානෙති. එවම්පි පච්ඡා අපෙක්ඛං කරොති. අථවා - ඉති මෙ චක්ඛු සියා අනාගතමද්ධානං ඉති රූපාති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං පණිදහති. චෙතසො පණිධානප්පච්චයා තදභිනන්දති. තදභිනන්දන්තො එවම්පි පච්ඡා අපෙක්ඛං කරොති. අථවා - ඉති මෙ සොතං සියා අනාගතමද්ධානං ඉති සද්දාති -පෙ- ඉති මෙ ඝානං සියා අනාගතමද්ධානං ඉති ගන්ධාති -පෙ- ඉති මෙ ජිව්හා සියා අනාගතමද්ධානං ඉති රසාති -පෙ- ඉති මෙ කායො සියා අනාගතමද්ධානං ඉති ඵොට්ඨබ්බාති -පෙ- ඉති මෙ මනො සියා අනාගතමද්ධානං ඉති ධම්මාති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං පණිදහති. චෙතසො පණිධානප්පච්චයා තදභිනන්දති. තදභිනන්දන්තො එවම්පි පච්ඡා අපෙක්ඛං කරොති. අථවා - ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං පණිදහති. චෙතසො පණිධානප්පච්චයා තදභිනන්දති. තදභිනන්දන්තො එවම්පි පච්ඡා අපෙක්ඛං කරොතීති පච්ඡා පුරෙ චාපි අපෙක්ඛමානා.
Sinhala BJTකිසෙයින් අනාගතයෙහි අපේක්‍ෂාව කෙරෙයි යත්: අනාගතකාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව යි ඒ අනාගතරූපයෙහි තෘෂ්ණාව එළවයි. මෙබඳු වේදනා ඇති වෙම්ව ... මෙබඳු සංඥා ඇති වෙම්ව යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව යි ... අනාගතයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව යි එහි තෘෂ්ණාව එළවයි. මෙසේත් අනාගතයෙහි අපේක්‍ෂාව කෙරෙයි. නොහොත් අනාගතයෙහි මට මෙබඳු ඇසෙක් වේවා, මෙබඳු රූපයෝ වෙත්ව යි නො ලැබුණු චක්ෂූරූපයන්ගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම හේතුකොටගෙන එය තෘෂ්ණා වශයෙන් අභිනන්‍දනය කෙරෙයි. එය අභිනන්‍දනය කරනුයේ මෙසේත් අනාගතාපෙක්ෂාව කෙරෙයි. නොහොත් අනාගතයෙහි මට මෙබඳු කනෙක් වේවා, මෙබඳු ශබ්දයෝ වෙත්ව යි ... අනාගතයෙහි මට මෙබඳු ඝ්‍රාණයෙක් වේවා, මෙබඳු ගන්‍ධයෝ වෙත්ව යි ... අනාගතයෙහි මට මෙබඳු දිවක් වේවා, මෙබඳු රසයෝ වෙත්වයි ... අනාගතයෙහි මට මෙබඳු කයෙක් වේවා, මෙබඳු පහස්හු වෙත්ව යි ... අනාගතයෙහි මට මෙබඳු මනසෙක් වේවා, මෙබඳු ධර්‍මයෝ වෙත්ව’යි නො ලත් අරමුණු ලැබීම පිණිස සිත පිහිටුවයි. චිත්තප්‍රණිධානප්‍රත්‍යයෙන් ඒ අරමුණට සතුටු වෙයි. ඊට සතුටු වනුයේ මෙසේත් අනාගතාපෙක්ෂාව කෙරෙයි නොහොත් මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දේවන්‍යතරයෙක් වන්නෙමි යි නො ලත් අරමුණු ලැබීම පිණිස සිත පිහිටුවයි. සිත පිහිටුවීම් කරුණෙන් ඊට සතුටු වෙයි. ඊට සතුටු වනුයේ මෙසේත් අනාගතාපෙක්ෂාව කෙරේ නුයි ‘පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා’ යනු වේ.
Pali BJTඉමෙව කාමෙ පුරිමෙව ජප්පන්ති - “ඉමෙව කාමෙ”ති පච්චුප්පන්නෙ පඤ්චකාම ගුණෙ ඉච්ඡන්තා සාදියන්තා පත්ථයන්තා අභිජප්පන්තා. පුරිමෙව ජප්පන්ති - අතීතෙ පඤ්චකාම ගුණෙ ජප්පන්තා පජප්පන්තා අභිජප්පන්තාති - ‘ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං’.
Sinhala BJTඉමෙව කාමෙ පුරිමෙව ජප්පං - ‘ඉමෙව කාමෙ’ යනු: ප්‍රත්‍යුත්පන්න පඤ්චකාමගුණයන් කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු රුචි වන්නාහු වෙසෙසින් ගුණ කියන්නාහු; පුරිමෙව ජප්පං - අතීතපඤ්චකාමගුණයන් (ගුණවශයෙන්) කියන්නාහු ප්‍රකාරයෙන් කියන්නාහු වෙසෙසින් කියන්නාහු නුයි ‘ඉමෙව කාමෙ පුරිමෙව ජප්පං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඉච්ඡානිදානා භවසාතබද්ධා තෙ දුප්පමුඤ්චා න හි අඤ්ඤමොක්ඛා, පච්ඡා පුරෙ වාපි අපෙක්ඛමානා ඉමෙව කාමෙ පුරිමෙව ජප්ප”න්ති.
Sinhala BJT“ඉච්ඡානිදානා -පෙ- පුරිමෙව ජප්පං” යි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJTකාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා{1} අවදානියා තෙ විසමෙ නිවිට්ඨා, දුක්ඛූපනීතා පරිදෙවයන්ති කිං සු භවිස්සාම ඉතො චුතා සෙ.
Sinhala BJTඔහු ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ගිජු වූවාහු යෙදුණාහු සම්මෝහයට පැමිණියාහු නිරයට යන්නාහු මසුරු වූවාහු හෝ බුද්ධාදීන්ගේ අවවාද නො ගන්නාහු කායවිෂමාදි විෂමයෙහි පිහිටියාහු මරණදුකට පැමිණියාහු ‘මෙයින් සැව පරලොව ගියමෝ කුමක් වනුමෝ හො’යි පරිදේවනා කෙරෙත්.
Pali BJTකාමෙසු ගිද්ධා පසුතා පමූළ්හාති - “කාමා”ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච. -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා. -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. ගෙධො වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; කිලෙසකාමෙන වත්ථුකාමෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධාතිකාමෙසු ගිද්ධා. පසුතාති - යෙපි කාමෙ එසන්ති ගවෙසන්ති පරියෙසන්ති තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ එසන්ති ගවෙසන්ති පරියෙසන්ති, -පෙ- සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- පරියෙසන්ති තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ පටිලභන්ති -පෙ- ඵොට්ඨබ්බෙ පටිලභන්ති තච්චරිතා -පෙ- තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ පරිභුඤ්ජන්ති. -පෙ- ඵොට්ඨබ්බෙ පරිභුඤ්ජන්ති. තච්චරිතා -පෙ- තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යථා කලහකාරකො කලහපසුතො, කම්මකාරකො කම්මපසුතො, ගොචරෙ චරන්තො ගොචරපසුතො, ඣායී ඣානපසුතො, එවමෙවං යෙපි කාමෙ එසන්ති ගවෙසන්ති තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා.
Sinhala BJTකාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා - ‘කාම’ නම් උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි. වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි ... මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත් ... මොහු ක්ලේශකාමයෝ යැයි කියනු ලැබෙත්. ගේධ යි තෘෂ්ණාව කියනු ලබා; යම් රාගයෙක් සංරාගයෙක් ... අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, එය යි. ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැසගත්තාහු ලැගුණාහු එක් වූවාහු හාත්පසින් බැඳුණාහු නුයි ‘කාමෙසු ගිද්ධා’ යනු වේ. පසුතා - යම් කෙනෙක් කාමයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ඒ කාමයන් පිණිස හැසිරෙන්නාහු තද්බහුල වූවාහු තද්ගුරුක වූවාහු ඊට නැමුණාහු ඊට නැඹුරු වූවාහු ඊට බර වූවාහු එහි වැතුරුණාහු එය අධිපති කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ... ශබ්දයන් ... ගන්‍ධයන් ... රසයන් ... ස්ප්‍රෂ්ටව්‍යයන් එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත වූවාහු තදාධිපත්‍ය කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ලබත් ද, (අත්පත් කෙරෙත් ද) ... ස්ප්‍රෂ්ටව්‍යයන් තෘෂ්ණාවශයෙන් ලබත් ද, තච්චරිත ... තදධිපතිත්ව කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ; යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් පරිභෝග කෙරෙත් ද, ... ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙත් ද, තච්චරිත වූවාහු ... තදධිපතිත්ව කොට ඇත්තාහු වෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම්සේ කලහ කරනුයේ කලහපසුත වේ ද, කර්‍මාන්ත කරනුයේ කම්මපසුත වේ ද, ගෝචරයෙහි හැසිරෙනුයේ ගොචරපසුත වේ ද, ධ්‍යාන ඇතියේ ඣානපසුත වේ ද, එසෙයින් මැ යම් කෙනෙක් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරෙත් නම්, ඒ පිණිස හැසිරෙත් නම්, එය බහුල කොට එය ගරු කොට ඊට නිම්න ව ඊට ප්‍රවණ ව ඊට බර ව එහි වැතිරැ එය අධිපති කොට වෙසෙත් නම්, ඔහු ද කාමපසුතයෝ යැ.
Pali BJTයෙපි තණ්හාවසෙන රූපෙ -පෙ- පරියෙසන්ති, සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- පරියෙසන්ති, තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ පටිලභන්ති සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ පටිලභන්ති, තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා. යෙපි තණ්හාවසෙන රූපෙ පරිභුඤ්ජන්ති, සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ පරිභුඤ්ජන්ති, තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොණා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා, තෙපි කාමපසුතා.
Sinhala BJTයම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ... පර්‍ය්‍යෙෂණ කෙරෙත් නම්, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ... සොයත් නම්, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත වෙත් නම්, එය අධිපති කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් ප්‍රතිලාභ කෙරෙත් නම්, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ප්‍රතිලාභ කෙරෙත් නම්, තච්චරිත... තදධිමුක්ත වූවාහු තදධිපතිත්ව කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යැ. යම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් රූපයන් පරිභෝග කෙරෙත් නම්, ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙත් නම්, තච්චරිත තද්බහුල තද්ගුරුක තන්නිම්න තත්ප්‍රවණ තත් ප්‍රාග්භාර තදධිමුක්ත වූවාහු තදධිපතිත්ව කොට ඇත්තාහු නම්, ඔහු ද කාමපසුතයෝ යි.
Pali BJTපමූළ්හාති - යෙභුය්යෙන දෙවමනුස්සා පඤ්චසු කාමගුණෙසු මුය්හන්ති පමුය්හන්ති සම්මුය්හන්ති සම්පමුය්හන්ති, මූළ්හා පමූළ්හා සම්මූළ්හා සම්පමූළ්හා, අවිජ්ජාය අන්ධීකතා, ආවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති - කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා.
Sinhala BJTපමූළහා - දෙවිමිනිස්හු බෙහෙවින් පස්කම්ගුණයෙහි මුළා වෙති, වෙසෙසින් මුළා වෙති, සර්‍වාකාරයෙන් මුළා වෙත්. මූඪ වූවාහු ප්‍රමූඪ වූවාහු සම්මූඪ වූවාහු සම්ප්‍රමූඪ වූවාහු අවිද්‍යාවෙන් අන්‍ධ කරන ලද්දාහු අවුරන ලද්දාහු (ඇවුරුණාහු නැවැතුණාහු) වැතුරුණාහු වැසුණාහු පිළිසන් වූවාහු පිහිකුළු වූවාහු නුයි ‘කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා’ යනු වේ.
Pali BJTඅවදානියා තෙ විසමෙ නිවිට්ඨාති - ‘අවදානියා’ති අවංගච්ඡන්තී{1} - තිපිඅවදානියා, මච්ඡරිනොපි වුච්චන්ති අවදානියා, බුද්ධානං බුද්ධසාවකානං වචනං ව්යප්පථං දෙසනං අනුසිට්ඨිං නාදියන්තීති අවදානියා. කථං අවංගච්ඡන්තීති අවදානියා? අවංගච්ඡන්තීති නිරයං ගච්ඡන්ති, පෙත්තිවිසයං ගච්ඡන්ති, එවං අවංගච්ඡන්තීති - අවදානියා. කථං මච්ඡරිනො වුච්චන්ති අවදානියා? පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං; යං එවරූපං මච්ඡරියං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියං.{a} අපි ච ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියං, ධාතුමච්ඡරියම්පි මච්ඡරියං, ආයතනමච්ඡරියම්පි මච්ඡරියං ගාහො, ඉදං වුච්චති මච්ඡරියං. ඉමිනා මච්ඡරියෙන අවදඤ්ඤුතාය සමන්නාගතා ජනා පමත්තා, එවං මච්ඡරිනො වුච්චන්ති අවදානියා. කථං බුද්ධානං බුද්ධසාවකානං වචනං ව්යප්පථං දෙසනං අනුසිට්ඨිං නාදියන්තීති අවදානියා? බුද්ධානං බුද්ධසාවකානං වචනං ව්යප්පථං දෙසනං අනුසිට්ඨිං නාදියන්ති න සුස්සූසන්ති න සොතං ඔදහන්ති නාඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, අනස්සවා අවචනකරා පටිලොමවුත්තිනො අඤ්ඤෙනෙව මුඛං කරොන්ති. එවං බුද්ධානං බුද්ධසාවකානං වචනං ව්යප්පථං දෙසනං අනුසිට්ඨිං නාදියන්තීති අවදානියාති - අවදානියා.
Sinhala BJTඅවදානියා තෙ විසමෙ නිවිට්ඨා - ‘අවදානියා’ යනු: යටට (අපායට) යෙත් නුයි ද ‘අවදානිය’ නම් වෙත්: මසුරු වූවාහු ද ‘අවදානිය’ යි කියනු ලැබෙති. බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මඟ දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙත්. කිසෙයින් අපායට යෙත් නුයි ‘අවදානිය’ නම් වෙති යත්: ‘අවං ගච්ඡන්ති’ (අපායට යෙති) යනු: නිරයට යෙති, තිරිසන්යෝනියට යෙති, ප්‍රේතවිෂයට යෙති; මෙසේ අපායට යෙත් නුයි ‘අවදානිය’ නම් වෙත්. කිසෙයින් මත්සරීහු (=මසුරෝ) ‘අවදානිය’ යි කියනු ලැබෙති යත්: මාත්සර්‍ය්‍ය පසෙක: ආවාසමාත්සර්‍ය්‍ය යැ, කුලමාත්සර්‍ය්‍ය යැ, ලාභමාත්සර්‍ය්‍ය යැ, වර්‍ණමාත්සර්‍ය්‍ය යැ, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. මෙ බඳු වූ යම් මසුරුකමක් මසුරුඅයුරක් මසුරුබවක් සිය සම්පත් සඟවනු කැමතිබවක් අනාර්‍ය්‍ය බවක් කටුක බැවින් සිත හකුළුවන බවක් සිත් නො ගත්බවක් වේ නම්, මෙය මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. තවද පඤ්චස්කන්‍ධයෙහි මසුරුබව ද ‘මච්ඡරිය’ නම, ධාතුමාත්සර්‍ය්‍ය ද ... ආයතනමාත්සර්‍ය්‍ය ද ‘මච්ඡරිය’ නම, ග්‍රාහය ද ‘මච්ඡරිය’ නමි. මෙය මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. මේ මාත්සර්‍ය්‍ය හේතුවෙන් බුදුවදන් නො දැනීමෙන් යුත් ජනයෝ ප්‍රමත්තයෝ යැ. මෙසෙයින් මත්සරීහු ‘අවදානිය’ යි කියනු ලැබෙත්. කිසෙයින් බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙති යත්? බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිති, නො අසනු කැමති වෙති, කන නො නමති, දැනීමට සිත නො එළවති, අවවාද නො අසන්නාහු බස් පිළිගෙන නො කරන්නාහු පිළිලොම් වැ පවත්නාහු මුහුණ වෙනතක නමත්. මෙසෙයින් බුදුන්ගේ බුදුසව්වන්ගේ වදන වදන්මග දෙසුම අනුසස්න නො ගනිත් නුයි ‘අවදානිය’ නම් වෙත්.
Pali BJTතෙ විසමෙ නිවිට්ඨාති - ‘විසමෙ’ති විසමෙ කායකම්මෙ නිවිට්ඨා, විසමෙ වචීකම්මෙ නිවිට්ඨා, විසමෙ මනොකම්මෙ නිවිට්ඨා, විසමෙ පාණාතිපාතෙ නිවිට්ඨා, විසමෙ අදින්නාදානෙ නිවිට්ඨා, විසමෙ කාමෙසු මිච්ඡාචාරෙ නිවිට්ඨා, විසමෙ මුසාවාදෙ නිවිට්ඨා, විසමාය පිසුනාය වාචාය නිවිට්ඨා, විසමාය ඵරුසාය වාචාය නිවිට්ඨා, විසමෙ සම්ඵප්පලාපෙ නිවිට්ඨා, විසමාය අභිජ්ඣාය නිවිට්ඨා, විසමෙ ව්යාපාදෙ නිවිට්ඨා, විසමාය මිච්ඡාදිට්ඨියා නිවිට්ඨා, විසමෙසු සංඛාරෙසු නිවිට්ඨා, විසමෙසු පඤ්චසු කාමගුණෙසු නිවිට්ඨා, විසමෙසු පඤ්චසු නීවරණෙසු නිවිට්ඨා විනිවිට්ඨා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තා ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති අවදානියා තෙ විසමෙ නිවිට්ඨා.
Sinhala BJTතෙ විසමෙ නිවිට්ඨා - ‘විසමෙ’ යනු: විෂම වූ කායකර්‍මයෙහි පිවිසියාහු, විෂම වූ වාක්කර්‍මයෙහි පිවිසියාහු, විෂම වූ මනඃකර්‍මයෙහි පිවිසියාහු, විෂම වූ ප්‍රාණඝාතයෙහි පිවිසියාහු, විෂම වූ අදත්තාදානයෙහි ... විෂම වූ කාමමිථ්‍යාචාරයෙහි ... විෂම වූ මෘෂාවාදයෙහි ...විෂම වූ පෛශූන්‍යවචනයෙහි ...විෂම වූ පරුෂවචනයෙහි ...විෂම වූ සම්ඵප්‍රලාපයෙහි ... විෂම වූ අභිධ්‍යායෙහි ... විෂම වූ මිථ්‍යාදෘෂ්ටියෙහි පිවිසියාහු, විෂම වූ කායාදි සංස්කාරයෙහි ... විෂම වූ පඤ්චකාමගුණයෙහි ... විෂම වූ පඤ්චනීවරණයෙහි පිවිසියාහු වෙසෙසින් පිවිසියාහු පිහිටියාහු ඇලුණාහු පැමිණියාහු පිවිස සිටියාහු බැසගත්තාහු ලැගුණාහු එක් වූවාහු පරිබද්ධ වූවාහු නුයි ‘අවදානියා තෙ විසමෙ නිවිට්ඨා’ යනු වේ.
Pali BJTදුක්ඛූපනීතා පරිදෙවයන්තීති - ‘දුක්ඛූපනීතා’ති දුක්ඛප්පත්තා දුක්ඛසම්පත්තා දුක්ඛූපගතා, මාරප්පත්තා මාරසම්පත්තා මාරූපගතා, මරණප්පත්තා මරණසම්පත්තා මරණූපගතා; පරිදෙවයන්තීති - ලපන්ති{1} සල්ලපන්ති සොචන්ති කිලමන්ති පරිදෙවන්ති උරත්තාළිං කන්දන්ති සම්මොහං ආපජ්ජන්තීති ‘දුක්ඛූපනීතා පරිදෙවයන්ති’.
Sinhala BJTදුක්ඛූපනීතා පරිදෙවයන්ති - ‘දුක්ඛූපනීතා’ යනු: දුකට පත් වූවාහු දුකට සැපත් වූවාහු දුකට පැමිණියාහු මරපත් වූවාහු මරසැපත් වූවාහු මාරොපගත වූවාහු මරණපත් වූවාහු මරණසැපත් වූවාහු මරණොපගත වූවාහු. පරිදෙවයන්ති යනු: බෙණෙති පුනපුනා බෙණෙති ශෝක කෙරෙති වෙහෙසෙති වැලැපෙති ළෙහි පැහැරැ හඬති මුළාවට පැමිණෙත් නුයි ‘දුක්ඛූපනීතා පරිදෙවයන්ති’ යනු වේ.
Pali BJTකිං සු භවිස්සාම ඉතො චුතා සෙති ඉතො චුතා කිං භවිස්සාම? නෙරයිකා භවිස්සාම? තිරච්ඡානයොනිකා භවිස්සාම? පෙත්තිවිසයිකා භවිස්සාම? මනුස්සා භවිස්සාම? දෙවා භවිස්සාම? රූපී භවිස්සාම? අරූපී භවිස්සාම? සඤ්ඤී භවිස්සාම? අසඤ්ඤී භවිස්සාම? නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සාම? භවිස්සාම නු ඛො මයං අනාගතමද්ධානං? න නු ඛො භවිස්සාම අනාගතමද්ධානං? කින්නු ඛො භවිස්සාම අනාගතමද්ධානං? කථන්නු ඛො භවිස්සාම අනාගතමද්ධානං? කිං හුත්වා කිං භවිස්සාම නු ඛො මයං අනාගතමද්ධානන්ති සංසයපක්ඛන්නා{2} විමතිපක්ඛන්නා ද්වෙළ්හකජාතා ලපන්ති සල්ලපන්ති{3} සොචන්ති කිලමන්ති පරිදෙවන්ති උරත්තාළිං කන්දන්ති සම්මොහං ආපජ්ජන්තීති’ කිං සු භවිස්සාම ඉතො චුතාසෙ.’
Sinhala BJTකිං සු භවිස්සාම ඉතො චුතා සෙ - ‘මෙයින් සැවැ (=මෙලොවින් චුත වැ) කුමක් වනුමෝ ද, නෙරිසත් වනුමෝ ද, තිරිසන්යෝනියෙහි උපදනුමෝද, මිනිස් වනුමෝ ද, දෙවි වනුමෝ ද, රූපභවයෙහි උපදනුමෝද, අරූපභවයෙහි උපදනුමෝද, සංඥීභවයෙහි උපදනුමෝද, අසංඥීභවයෙහි උපදනුමෝද, ඇපි අනාගතයෙහි වනුමෝ ද, අනාගතයෙහි නො වන්නමෝ ද, අනාගතයෙහි (ක්ෂත්‍රියාදීන් අතුරෙන්) කුමක් වනුමෝ ද, අනාගතයෙහි (දීර්‍ඝ-හ්‍රස්වාදි සටහන් වශයෙන්) කෙසේ වනුමෝ ද, අනාගතයෙහි ඇපි (ක්ෂත්‍රියාදීන් අතුරෙන්) කුමක් වැ (බ්‍රහ්මණාදීන් අතුරෙන්) කුමක් වනුමෝ දැ’යි සැකයට පැමිණියාහු විමතියට පැමිණියාහු හටගත් සැක ඇත්තාහු බෙණෙති පුනපුනා බෙණෙති ශෝක කෙරෙති වෙහෙසෙති වැලැපෙති ළෙහි පැහැර හඬති මුළාවට පැමිණෙත් නුයි ‘කිං සු භවිස්සාම ඉතො චුතා සෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“කාමෙසු ගිද්ධා පසුතා පමූළ්හා අවදානියා තෙ විසමෙ නිවිට්ඨා, දුක්ඛූපනීතා පරිදෙවයන්ති කිං සු භවිස්සාම ඉතො චුතා සෙ”ති.
Sinhala BJT“කාමෙසු ගිද්ධා -පෙ- ඉතො චුතා සෙ” යී.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJTතස්මා හී සික්ඛෙථ ඉධෙව ජන්තු යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලොකෙ, න තස්ස හෙතු විසමං චරෙය්ය අප්පඤ්හිදං ජීවිතං ආහු ධීරා.
Sinhala BJTයම් හෙයකින් සත්ත්‍ව තෙමේ ලෝකයෙහි යම්කිසි (නිරවශේෂ වූ) කායදුශ්චරිතාදි විෂමය (විෂම කරන හෙයින්) විෂමයෙකැයි දන්නේ නම්, එහෙයින් ඒ විෂම වූ කායකර්‍මාදියට හේතු වූ විෂමයෙහි නො හැසිරෙන්නේ යැ. යම් හෙයකින් ධීරයෝ මේ ජීවිතය අල්ප ය යි කියත් ද, එහෙයින් මේ ශාසනයෙහි මැ ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මෙන්නේ යැ හෙවත් ත්‍රිවිධශික්ෂාව සමාදන් වැ පවත්නේ යි.
Pali BJTතස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තූති - ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා එතං ආදීනවං පස්සමානො කාමෙසූති තස්මා; සික්ඛෙථාති - තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTතස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු - ‘තස්මා’ යනු: එහෙයින් ඒ කරුණෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් පස්කම්හි තෙල ආදීනවය දක්නේ නුයි තස්මා යනු වේ. ‘සික්ඛෙථ’ යනු: අධිශීලශික්‍ෂා යැ, අධිචිත්තශික්ෂා යැ, අධිප්‍රඥාශික්‍ෂා යැයි ශික්‍ෂා තුනෙකි.
Pali BJTකතමා අධිසීලසික්ඛා? ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. ඛුද්දකො සීලක්ඛන්ධො මහන්තො සීලක්ඛන්ධො, සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො මොක්ඛං කුසලානං ධම්මානං සමාපත්තියා. අයං අධිසීලසික්ඛා.
Sinhala BJTඅධිශීලශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවෘත වූයේ සිල්වත් වෙයි, ආචාර - ගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්‍ර වූ ද වරදෙහි භය දක්නාසුලු වූයේ වෙසෙයි. ශික්‍ෂාපදයන් - ශික්ෂාකොට්ඨාසයන් අතුරෙහි හික්මියැ යුතු සියලු ශික්‍ෂාව මොනොවට ගෙනැ හික්මෙයි. (සංඝාදිසෙසාදි සාවශෙෂ සඞ්ඛ්‍යාත) ක්ෂුද්‍රශීලස්කන්ධ යැ (පාරාජිකාදි නිරවශේෂ සඞ්ඛ්‍යාත) මහාශීලස්කන්ධ යැ යන ශීලය චාතුර්භූමකකුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා යැ ආදි යැ චරණ (-පාද) යැ සංයම යැ සංවර යැ උත්තම යැ ප්‍රමුඛ යි. මෝ අධිශීලශික්‍ෂා නමු.
Pali BJTකතමා අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තං තතියජ්ඣානං{1} උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං{2} උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. අයං අධිචිත්තසික්ඛා.
Sinhala BJTඅධිචිත්තශික්ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ වස්තුකාම - ක්ලෙශකාමයන්ගෙන් වෙන් ව මැ (ශෙෂනීවරණසඞ්ඛ්‍යාත) අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව මැ (අරමුණට සිත නගන) විතර්‍කය සමග පවත්නා වූ (අරමුණෙහි සිත හසුරුවන) විචාරය සමග පවත්නා වූ (නීවරණවිගමයෙන් වූ) විවේකයෙන් හෝ විවේකයෙහි උපන් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙයි. විතර්‍ක විචාර සන්හිඳීමෙන් ස්වකීය අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සමාධිචිත්තයාගේ ශ්‍රේෂ්ඨ වූ උදය ඇති, හෙවත් (විතර්‍කවිචාරාභාවයෙන්) එකලා වැ සම්ප්‍රයුක්තධර්‍මයන් නඟාසිටුවන (භාවනාවෙන් ප්‍රහීණ හෙයින්) විතර්‍ක - විචාර රහිත වූ ප්‍රථමධ්‍යානසමාධියෙන් හෝ සම්ප්‍රයුක්තසමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවැනි දැහැනට පැමිණ වෙසෙයි. ප්‍රීතිය ද ඉක්මැවීමෙන් විතර්‍කවිචාරයන් ද සන්හිඳුවීමෙන් ධ්‍යානොපෙක්ෂා ඇති වැ වාසය කරන්නේ ද වෙයි, (ස්මරණලක්ෂණ) සිහි ඇති වැ (අසම්මොහලක්ෂණ) නුවණ ද ඇති වැ නාමකායසම්ප්‍රයුක්ත වූ සැපය (ධ්‍යානයෙන් නැඟීසිටිය ද) රූපකායයෙන් විඳී, යම් ධ්‍යානයක් හේතු කොටගෙන ‘උපෙක්ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇත්තේ යැ’යි ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කෙරෙත් නම්, ඒ තුන්වැනි දැහැනට පැමිණ වෙසෙයි. පළමු උපචාරක්‍ෂණයෙහි මැ කායික සැපයත් කායික දුකත් ප්‍රහාණ කිරීමෙන් සොම්නස්දොම්නසුන් (=චෛතසික සැපදුක්) පළමු මැ අතුරුදහන් වීමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂාවෙන් උපදවන ලද ස්මෘතිපාරිශුද්ධිය (පිරිසිදුසිහි) ඇති සිවුවැනි දැහැනට පැමිණ වෙසේ. මෝ අධිචිත්තශික්ෂා නමු.
Pali BJTකතමා අධිපඤ්ඤාසික්ඛා? ඉධ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති, අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති, අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. අයං අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTඅධිප්‍රඥා ශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ උදයව්‍යය ගාමිනී වූ ආර්‍ය්‍ය (නිර්දෝෂ) වූ නිර්‍වෙදපක්ෂයෙහි වූ මනා සේ නිවනට පමුණුවන්නා වූ නුවණින් පරිපූර්‍ණ වූයේ ප්‍රඥාවත් වෙයි. හෙතෙම ‘මේ දුකැ’යි තතු සේ දැනගනි. මේ දුක්සමුදය යැයි තතු සේ දැනගනී. මේ දුක් නිරෝධය යැයි තතු සේ දැනගනී. මේ දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැ’යි තතු සේ දැනගනී. මොහු ආස්‍රවයෝ යැයි තතු සේ දැනගනී. මේ ආස්‍රවසමුදය යැයි තතු සේ දැනගනී. මේ ආස්‍රවනිරෝධ යැයි තතු සේ දැනගනී. මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’යි යැයි තතු සේ දැනගනී. මෝ අධිප්‍රඥාශික්‍ෂා නමු.
Pali BJTඉමායො{1} තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය, ජානන්තො සික්ඛෙය්ය, පස්සන්තො සික්ඛෙය්ය, පච්චවෙක්ඛන්තො සික්ඛෙය්ය, චිත්තං අධිට්ඨහන්තො සික්ඛෙය්ය, සද්ධාය අධිමුච්චන්තො සික්ඛෙය්ය, විරියං පග්ගණ්හන්තො සික්ඛෙය්ය, සතිං උපට්ඨපෙන්තො සික්ඛෙය්ය, චිත්තං සමාදහන්තො සික්ඛෙය්ය, පඤ්ඤාය පජානන්තො සික්ඛෙය්ය, අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛෙය්ය, පරිඤ්ඤෙය්යං පරිජානන්තො සික්ඛෙය්ය, පහාතබ්බං පජහන්තො සික්ඛෙය්ය, භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්ය, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය, ආචරෙය්ය, සමාචරෙය්ය, සමාදාය වත්තෙය්ය.
Sinhala BJTමේ ත්‍රිවිධ ශික්‍ෂාවන් (වෙන වෙන මැ පුරන්නට) සිතමින් හික්මෙන්නේ යැ, (මේ ශික්‍ෂා යැයි) දනිමින් හික්මෙන්නේ යැ, දක්මින් හික්මෙන්නේ යැ, (දුටු සේ) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙන්නේ යැ, සිත නො සැලෙන සේ පිහිටුවමින් හික්මෙන්නේ යැ, සැදැහැයෙන් ඇලෙමින් හික්මෙන්නේ යැ, වීර්‍ය්‍යය දැඩි ව ගනිමින් හික්මෙන්නේ යැ, සිහි එළවමින් හික්මෙන්නේ යැ, සිත එකඟ කෙරෙමින් හික්මෙන්නේ යැ, නුවණින් දැනගනිමින් හික්මෙන්නේ යැ, (ස්වභාව ලක්‍ෂණයෙන්) දත යුතු දැය දනිමින් හික්මෙන්නේ යැ, (සාමාන්‍ය ලක්‍ෂණයෙන්) දත යුතු දැය හාත්පසින් දැනගනිමින් හික්මෙන්නේ යැ, හළ යුතු සමුදය දුරු කෙරෙමින් හික්මෙන්නේ යැ, වැඩිය යුතු මඟ වඩමින් හික්මෙන්නේ යැ, පසක් කළ යුතු නිවන පසක් කෙරෙමින් හික්මෙන්නේ යැ, (අධිශීලයෙහි) හැසිරෙන්නේ යැ, (අධිචිත්තයෙහි) මොනොවට හැසිරෙන්නේ යැ, (අධිප්‍රඥාව) මොනොවට ගෙන පවත්නේ යි.
Pali BJTඉධාති - ඉමිස්සා දිට්ඨියා, ඉමිස්සා, ඛන්තියා, ඉමිස්සා රුචියා, ඉමස්මිං ආදායෙ{2}, ඉමස්මිං ධම්මෙ, ඉමස්මිං විනයෙ, ඉමස්මිං ධම්මවිනයෙ, ඉමස්මිං පාවචනෙ, ඉමස්මිං බ්රහ්මචරියෙ, ඉමස්මිං සත්ථුසාසනෙ, ඉමස්මිං අත්තභාවෙ, ඉමස්මිං මනුස්සලොකෙ, තෙන වුච්චති ඉධාති. ජන්තූති - සත්තො නරො -පෙ- මනුජොති’ තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු.’
Sinhala BJTඉධ යනු: මේ බුදුරදුන් විසින් දක්නා ලදුයෙහි, මේ ක්‍ෂාන්තියෙහි, මේ රුචියෙහි, මේ ග්‍රහණයෙහි, මේ ධර්‍මයෙහි, මේ විනයෙහි, මේ ධර්‍ම-විනයෙහි, මේ ප්‍රවචනයෙහි, මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි, මේ ශාස්තෘශාසනයෙහි, මේ අත්බවෙහි, මේ මිනිස්ලොවැ; එයින් කියනු ලැබේ ‘ඉධ’ යි. ජන්තු යනු: සත්ත්‍ව නර... මනුජ නුයි ‘තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු’ යනු වේ.
Pali BJTයං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලොකෙති - යං කිඤ්චීති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං ‘යං කිඤ්චී’ ති. විසමන්ති ජඤ්ඤාති - විසමං කායකම්මං විසමන්ති ජානෙය්ය, විසමං වචීකම්මං විසමන්ති ජානෙය්ය, විසමං මනොකම්මං විසමන්ති ජානෙය්ය, විසමො පාණාතිපාතො විසමොති ජානෙය්ය, විසමං අදින්නාදානං විසමන්ති ජානෙය්ය, විසමො කාමෙසු මිච්ඡාචාරො විසමොති ජානෙය්ය, විසමො මුසාවාදො විසමොති ජානෙය්ය, විසමා පිසුනා වාචා විසමාති ජානෙය්ය, විසමා ඵරුසා වාචා විසමාති ජානෙය්ය, විසමො සම්ඵප්පලාපො විසමොති ජානෙය්ය, විසමං අභිජ්ඣං විසමන්ති ජානෙය්ය, විසමො ව්යාපාදො විසමොති ජානෙය්ය, විසමා මිච්ඡාදිට්ඨි විසමාති ජානෙය්ය, විසමා සඞ්ඛාරා විසමාති ජානෙය්ය, විසමා පඤ්ච කාමගුණා විසමාති ජානෙය්ය, විසමානි පඤ්ච නීවරණානි විසමාති ජානෙය්ය ආජානෙය්ය විජානෙය්ය පටිජානෙය්ය පටිවිජ්ඣෙය්ය; ලොකෙති - අපායලොකෙ -පෙ- ආයතනලොකෙති’ යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලොකෙ.’
Sinhala BJTයං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලෝකේ - ‘යං කිඤ්චි’ යනු: සියල්ලෙන් සියල්ල සියලු පරිද්දෙන් සියල්ල අශේෂ කොට නිරවශේෂ කොට ගැනීම් වචනයෙකි මේ. ‘යං කිඤ්චි’ යනු: විසමන්ති ජඤ්ඤා - විෂම වූ කායකර්‍මය විෂම යයි දන්නේ නම්, විෂම වූ වාක්කර්‍මය... මනඃකර්‍මය... විෂම වූ ප්‍රාණඝාතය විෂම යයි දන්නේ නම්, විෂම වූ අදත්තාදානය... කාමමිත්ථ්‍යාචාරය... මෘෂාවාදය... පෛශුන්‍යය... පරුෂවචනය... ප්‍රලාපවචනය... විෂම වූ අභිධ්‍යාව ... ව්‍යාපාදය... මිත්‍ථ්‍යාදෘෂ්ටිය... විෂම වූ කායසංස්කාරයෝ... විෂම වූ පඤ්චකාමගුණයෝ... විෂම වූ පඤ්චනීවරණයෝ විෂමයෝ යැ යි දන්නේ නම්, හාත්පසින් දන්නේ නම්, වෙසෙසින් දන්නේ නම්, මොනොවට දන්නේ නම්, ප්‍රතිවේධ කරන්නේ නම්; ලෝකේ අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලෝකේ,’ යනු වේ.
Pali BJTන තස්ස හෙතු විසමං චරෙය්යාති - විසමස්ස කායකම්මස්ස හෙතු විසමං න චරෙය්ය, විසමස්ස වචීකම්මස්ස හෙතු විසමං න චරෙය්ය, විසමස්ස මනොකම්මස්ස හෙතු විසමං න චරෙය්ය, විසමස්ස පාණාතිපාතස්ස හෙතු විසමං න චරෙය්ය, විසමස්ස අදින්නාදානස්ස හෙතු විසමං න චරෙය්ය, විසමස්ස කාමෙසු මිච්ඡාචාරස්ස හෙතු විසමං න චරෙය්ය, විසමස්ස කාමෙසු මිච්ඡාචාරස්ස හෙතු විසමං න චරෙය්ය, විසමස්ස මුසාවාදස්ස හෙතු විසමං න චරෙය්ය, විසමාය පිසුනාය වාචාය හෙතු විසමං න චරෙය්ය, විසමාය ඵරුසාය වාචාය හෙතු විසමං න චරෙය්ය, විසමස්ස සම්ඵප්පලාපස්ස හෙතු විසමං න චරෙය්ය, විසමාය අභිජ්ඣාය හෙතු විසමං න චරෙය්ය, විසමස්ස ව්යාපාදස්ස හෙතු විසමං න චරෙය්ය, විසමාය මිච්ඡාදිට්ඨියා හෙතු විසමං න චරෙය්ය, විසමානං සංඛාරානං හෙතු විසමං න චරෙය්ය, විසමානං පඤ්චන්නං කාමගුණානං හෙතු විසමං න චරෙය්ය, විසමානං පඤ්චන්නං නීවරණානං හෙතු විසමං න චරෙය්ය, විසමාය චෙතනාය හෙතු විසමං න චරෙය්ය, විසමාය පත්ථනාය හෙතු විසමං න චරෙය්ය, විසමාය පණිධියා හෙතු විසමං න චරෙය්ය න ආචරෙය්ය න සමාචරෙය්ය න සමාදාය වත්තෙය්යාති - ‘න තස්ස හෙතු විසමං චරෙය්ය.’
Sinhala BJTන තස්ස හේතු විසමං චරෙය්‍ය - විෂම වූ කායකර්‍මය හේතු කොට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, විෂම වූ වාක්කර්‍මය... මනඃකර්‍මය හේතු කොට... විෂම වූ ප්‍රාණඝාතය හේතු කොට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, විෂම වූ අදත්තාදානය... කාමමිතථ්‍යාචාරය... මෘෂාවාදය... පෛශුන්‍යය... පරුෂවචනය... සම්පප්‍රලාපය... අභිධ්‍යාව... ව්‍යාපාදය... මිත්‍ථ්‍යාදෘෂ්ටිය... විෂම වූ සංස්කාරයන් හේතු කොට... විෂම වූ පඤ්චකාමගුණයන්... විෂම වූ පඤ්චනීවරණයන් හේතු කොට... විෂම වූ චේතනාව... විෂම වූ ප්‍රාර්‍ත්‍ථනාව... විෂම වූ ප්‍රණිධිය හේතු කොට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, හාත්පසින් නො හැසිරෙන්නේ යැ, මොනොවට විෂමයෙහි නො හැසිරෙන්නේ යැ, මොනොවට ගෙන නො පවත්නේ නුයි ‘න තස්ස හේතු විසමං චරෙය්‍ය’ යනු වේ.
Pali BJTඅප්පඤ්හිදං ජීවිතං ආහු ධීරාති - ‘ජීවිත’න්ති ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං; අපිච, ද්වීහි කාරණෙහි අප්පකං ජීවිතං: ඨිතිපරිත්තතාය වා අප්පකං ජීවිතං, සරසපරිත්තතාය වා අප්පකං ජීවිතං. කථං ඨිතිපරිත්තතාය වා අප්පකං? අතීතෙ චිත්තක්ඛණෙ ජීවිත්ථ න ජීවති න ජීවිස්සති, අනාගතෙ චිත්තක්ඛණෙ ජීවිස්සති{1} න ජීවතී න ජීවිත්ථ{2}, පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙ ජීවති න ජීවිත්ථ න ජීවිස්සති.
Sinhala BJTඅප්පඤ්භිදං ජීවිතං ආහු ධීරා - ‘ජීවිතං’ යනු: (අරූපධර්‍මයන්ගේ) ආයුසය සිටීම යපනය යාපනය (=යැපීම) ඉරීයනය පැවැත්ම පාලනය ජීවිතය ජීවිතේන්‍ද්‍රිය යි. තවද දෙ කරුණෙකින් ජීවිතය අල්ප වෙයි: ස්ථිතික්ෂණය මඳබැවින් හෝ ජීවිතය අල්ප යැ, කෘත්‍යලක්ෂණ හෝ සම්පත්තීලක්ෂණ රසය මඳබැවින් හෝ ජීවිතය අල්ප යි. කිසෙයින් ඨිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි? යත්: අතීත චිත්තක්ෂණයෙහි ජීවත් විය, ජීවත් නො වෙයි, ජීවත් නො වන්නේ ය; අනාගතචිත්තක්ෂණයෙහි ජීවත් වන්නේ යැ, ජීවත් නො වෙයි, ජීවත් නො වී; වර්‍තමාන චිත්තක්ෂණයෙහි ජීවත් වෙයි, ජීවත් නො වී, ජීවත් නො වන්නේ යි.
Pali BJT1. “ජීවිතං අත්තභාවො ච සුඛදුක්ඛා ච කෙවලා, එකචිත්තසමායුත්තා ලහුසො වත්තතෙ{3} ඛණො.
Sinhala BJT1. (සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ජීවිතය ද, (රූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මභාවය ද, (වෙදනාස්කන්ධ සඞ්ඛ්‍යාත) සුඛදුඃඛයෝ ද, (ධ්‍රැවසුඛශුභාත්මභාව රහිත හෙයින්) කේවල වූවාහු (විඥානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) එක් සිතක් සමග යෙදුණාහු (ජීවිතාදීන්ගේ) ක්‍ෂණය අල්පවශයෙන් පවත්නේ යැ.
Pali BJT2. චුල්ලාසීති සහස්සානි කප්පා{4} තිට්ඨන්ති යෙ මරූ, න ත්වෙව තෙපි ජීවන්ති ද්වීහි චිත්තෙහි සංයුතා.{5}
Sinhala BJT2. යම් දෙවි කෙනෙක් කප් සුවාසූදහසක් ආයු ගෙන (නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි) සිටිත් නම්, ඔහු පවා දෙ සිතෙකින් යුක්ත වූවාහු නො මැ ජීවත් වෙති.
Pali BJT3. යෙ නිරුද්ධා මරන්තස්ස තිට්ඨමානස්ස වා ඉධ, සබ්බෙව{6} සදිසා ඛන්ධා ගතා අප්පටිසන්ධිකා.{7}
Sinhala BJT3. මෙ ලොවැ මළහු ගේ හෝ ජීවත් වන්නහු ගේ හෝ යම් ස්කන්‍ධ කෙනෙක් නිරුද්ධ වූවාහු ද, (චුතියෙන් උඩ නිරුද්ධ වූ හෝ ප්‍රවෘත්තියෙහි නිරුද්ධ වූ හෝ) ඒ සියලු මැ ස්කන්‍ධයෝ සදෘශයෝ ය, (නිරුද්ධ වූ ස්කන්‍ධයන් පෙරළා අවුත් ගැළැපීමක් නැති බැවින්) ගියාහු අප්‍රතිසන්ධිකයෝ යැයි කියනු ලැබෙත්.
Pali BJT4. අනන්තරා{8} ච යෙ භග්ගා යෙ ච භග්ගා අනාගතා, තදන්තරෙ නිරුද්ධානං වෙසමං{9} නත්ථි ලක්ඛණෙ.
Sinhala BJT4. යම් ස්කන්‍ධ කෙනෙක් අනන්තර (=අතීත) වැ සිට බිඳීගියාහු ද, යම් අනාගත ස්කන්‍ධ කෙනෙකුන් බිඳීයන්නාහු ද, ඒ අතුරැ නිරුද්ධ වූ වර්‍තමානස්කන්ධයන්ගේ ලක්‍ෂණයෙහි විෂම බවෙක් (නානාත්‍වයෙක්) නැති.
Pali BJT5. අනිබ්බත්තෙන න ජාතො පච්චුප්පන්නෙ ජීවති, චිත්තභඞ්ගා මතො ලොකො පඤ්ඤත්ති පරමත්ථියා.{10}
Sinhala BJT5. නූපන් අනාගතස්කන්ධයෙන් නූපන්නේ යැ, ක්ෂණප්‍රත්‍යුත්පන්න වූ වර්‍තමානස්කන්ධයෙන් ජීවත් වෙයි, සත්ත්‍ව තෙම චිත්තයාගේ බිඳීමෙන් මළේ නමැ, (මළේ යැ යන) ප්‍රඥප්තිය පරමාර්ත්ථ (-චිත්තභඞ්ග)ය ඇසුරු කොට ඇත්තී යැ.
Pali BJT6. යථා නින්නා පවත්තන්ති ඡන්දෙන පරිණාමිතා, අච්ඡින්නධාරා{11} වත්තන්ති සළායතනපච්චයා.{*}
Sinhala BJT6. ඡන්‍ද විසින් පරිණාමිත වූවාහු නතු වූ පරිදි පවත්නාහු යැ. ෂඩායතනප්‍රත්‍යයයෙන් නුසුන් ධාරා ඇති වැ පවතිත්.
Pali BJT7. අනිධානගතා භග්ගා පුඤ්ජො නත්ථි අනාගතෙ, නිබ්බත්තා යෙව තිට්ඨන්ති ආරග්ගෙ සාසපූපමා.
Sinhala BJT7. බිඳුණු ස්කන්‍ධයෝ නිධානයට (=රැස් වීමට) නො ගියාහු යැ, අනාගතයෙහි දු ඔවුන් ගේ රැස් වීමෙක් නැති. හිදිඅගැ අබඇට සෙයින් ස්ථිතික්ෂණයෙහි උපන්නාහු මැ සිටිත්.
Pali BJT8. නිබ්බත්තානඤ්ච ධම්මානං භඞ්ගො තෙසං පුරක්ඛතො, පලොකධම්මා තිට්ඨන්ති පුරාණෙහි අමිස්සිතා.
Sinhala BJT8. ඉපැදැ පවත්නාවූ ඒ ස්කන්ධධර්‍මයන්ගේ ද බිඳීම පෙරටු කරන ලද්දේ යැ. නැසෙන පියවි ඇත්තාහු පැරැණි ස්කන්‍ධයන් හා අමිශ්‍ර වූවාහු සිටිත්.
Pali BJT9. අදස්සනාතො ආයන්ති භඞ්ගා ගච්ඡන්ත්යදස්සනං,{12} විජ්ජුප්පාදොව ආකාසෙ උප්පජ්ජන්ති වයන්ති චා”ති.
Sinhala BJT9. නො දක්නා තැනින් මැ පැමිණෙති. නැසීමෙන් මතු නො දක්නා බවට මැ යෙති. අහසැ විදුලි කෙටීමක් මෙන් උපදනාහු ද නැසෙන්නාහු ද වෙත්.
Pali BJTඑවං ඨිතිපරිත්තතාය අප්පකං ජීවිතං.
Sinhala BJTමෙසේ ඨිතිපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
Pali BJTකථං සරසපරිත්තතාය අප්පකං ජීවිතං? අස්සාසූපනිබද්ධං ජීවිතං, පස්සාසුපනිබද්ධං ජීවිතං, අස්සාසපස්සාසූපනිබද්ධං ජීවිතං, මහාභූතුපනිබද්ධං ජීවිතං කබලීකාරාහාරූපනිබද්ධං ජීවිතං, උස්මූපනිබද්ධං ජීවිතං, විඤ්ඤාණූපනිබද්ධං ජීවිතං, මූලම්පි ඉමෙසං දුබ්බලං, පුබ්බහෙතූපි ඉමෙසං දුබ්බලා, යෙපි පච්චයා තෙපි දුබ්බලා, යාපි පභවිකා සාපි{1} දුබ්බලා, සහභූපි{2} ඉමෙසං දුබ්බලා, සම්පයොගාපි ඉමෙසං දුබ්බලා, සහජාපි ඉමෙසං දුබ්බලා, යාපි පයොජිකා සාපි දුබ්බලා, අඤ්ඤමඤ්ඤං නිච්චදුබ්බලා ඉමෙ, අඤ්ඤමඤ්ඤං අනවට්ඨිතා ඉමෙ, අඤ්ඤමඤ්ඤං පරිපාතයන්ති ඉමෙ, අඤ්ඤමඤ්ඤස්ස හි නත්ථි තායිතා, න චාපි ඨපෙන්ති අඤ්ඤමඤ්ඤං ඉමෙ, යොපි නිබ්බත්තකො සො න විජ්ජති.
Sinhala BJTකිසෙයින් සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වෙයි යත්: (නැහැසිදුරින් ඇතුළත පිවිසෙන වාත සඞ්ඛ්‍යාත) ආශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, ප්‍රශ්වාසය නිසා පවත්නේ යැ ජීවිතය, අශ්වාසප්‍රශ්වාස පිළිබඳ යැ ජීවිතය, පෘථිව්‍යාදි මහාභූතයන් පිළිබඳ යැ ජීවිතය, කවලීකාරාහාරය පිළිබඳ යැ ජීවිතය, උණුසුම (=කර්‍මජතෙජස) පිළිබඳ යැ ජීවිතය, භවාඞ්ගවිඥානය පිළිබඳ යැ ජීවිතය. මේ ආශ්වාසාදීන්ගේ මූලකාරණය (=හේතුව) ද දුබල යැ, මොවුන් ගේ අවිද්‍යාදි පූර්‍වහෙතුහු ද දුබලයෝ යැ, ආරම්මණාදි සාධාරණ ප්‍රත්‍යයයෝ ද දුබලයෝ යැ, ප්‍රධාන වැ සිට උපදවන ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොවුන්ගේ එක් වැ උපන් රූපාරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන්ගේ එක් වැ යෙදුණු අරූපධර්‍මයෝ ද දුබලයෝ යැ, මොවුන්ගේ සහජ (=එක් සිතෙහි උපන්) ධර්‍මයෝ ද දුබලයෝ යැ, ච්‍යුතිප්‍රතිසන්‍ධි විසින් යොදවන වෘත්තමූලක වූ ඒ තෘෂ්ණාව ද දුබල යැ, මොහු ඔවුනොවුන් නිරතුරු දුබලයෝ යැ, මොහු ඔවුනොවුන් අනවස්ථිතයෝ යැ, මොහු ඔවුනොවුන් පිරිහෙළති, ඔවුනොවුන් රැකීමෙක් නැති, මොහු ඔවුනොවුන් නො ද සිටුවති, (මොවුන්ගේ) උත්පාදකධර්‍මයෙක් ද නැත්.
Pali BJT10. “න ච කෙනචි කොචි හායති භඞ්ගබ්යා{3} ච ඉමෙහි සබ්බසො පුරිමෙහි පභාවිතා ඉමෙ යෙපි පභවකා{4} තෙ පුරෙ මතා, පුරිමාපි ච පච්ඡිමාපි ච අඤ්ඤමඤ්ඤං න කදාචි මද්දසු”න්ති.
Sinhala BJT10. එකෙක් එකක්හුගේ වශයෙන් නො ද පිරිහෙයි, මේ සියලු මැ ස්කන්‍ධයෝ සර්‍වප්‍රකාරයෙන් බිඳීමට යා යුත්තාහු යැ, මේ වර්‍තමානස්කන්ධයෝ පූර්‍වහෙතුප්‍රත්‍යයයන් විසින් උපදවන ලද්දාහු ය, උත්පාදක වූ ඒ පූර්‍වහෙතුප්‍රත්‍යයයෝ පළමු වැ මළාහු යැ, පූර්‍වහෙතුප්‍රත්‍යයයෝ ද වර්‍තමාන ප්‍රත්‍යයසමුත්පන්නයෝ ද ඔවුනොවුන් කිසි කලෙක නො දුටු විරූහ.
Pali BJTඑවං සරසපරිත්තතාය අප්පකං ජීවිතං.
Sinhala BJTමෙසේ සරසපරිත්තතායෙන් ජීවිතය අල්ප වේ.
Pali BJTඅපිච චාතුම්මහාරාජිකානං දෙවානං ජීවිතං උපාදාය මනුස්සානං අප්පකං ජීවිතං පරිත්තං ජීවිතං ථොකං ජීවිතං ඛණිකං ජීවිතං ලහුකං ජීවිතං ඉත්තරං ජීවිතං අනද්ධනියං ජීවිතං න චිරට්ඨිතිකං ජීවිතං. තාවතිංසානං දෙවානං -පෙ- යාමානං දෙවානං -පෙ- තුසිතානං දෙවානං -පෙ- නිම්මාණරතීනං දෙවානං -පෙ- පරනිම්මිතවසවත්තීනං දෙවානං -පෙ- බ්රහ්මකායිකානං දෙවානං ජීවිතං උපාදාය මනුස්සානං අප්පකං ජීවිතං පරිත්තං ජීවිතං ථොකං ජීවිතං ඛණිකං ජීවිතං ලහුකං ජීවිතං ඉත්තරං ජීවිතං අනද්ධනියං ජීවිතං න චිරට්ඨිතිකං ජීවිතං. වුත්තම්පි චෙතං භගවතා:
Sinhala BJTතවද - චාතුර්මහාරාජික දෙවියන්ගේ ජීවිතය පිණිස මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, ජීවිතය පරිත්ත යැ, ජීවිතය මඳ යැ, ජීවිතය ක්‍ෂණික යැ, ජීවිතය සැහැල්ලු යැ, ජීවිතය ඉත්‍වර (අදීර්‍ඝ) යැ, ජීවිතය කල් නො පවත්නේ යැ, ජීවිතය අචිරස්ථායී යැ, ත්‍රයස්ත්‍රිංශත් දෙවියන්ගේ යාමදෙවියන්ගේ - තුෂිතදෙවියන්ගේ - නිර්‍මාණරතී දෙවියන්ගේ - පරනිර්‍මමිතවශවර්‍තති දෙවියන්ගේ - බ්‍රහ්මකායික දෙවියන්ගේ ජීවිතය නිසා මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ, පරිත්ත යැ, මඳ යැ ක්‍ෂණික යැ ලහුක යැ ඉත්තර යැ අනද්ධනිය යැ අචිරස්ථායී වේ. වදාළේ මැ නු භාග්‍යවතුන් වහන්සේ විසින්:
Pali BJT“අප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු, ගමනීයො සම්පරායො, මන්තාය බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං, යො භික්ඛවෙ චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යො වා.
Sinhala BJT“මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුස අල්ප යැ, පරලොව යා යුත්තේ යැ, නුවණින් දත යුතු යැ, කුසල් කළ යුතු යැ, බඹසර විසියැ යුතු යැ, උපන්හුගේ නො මැරීමෙක් නැති. මහණෙනි, යමෙක් කලක් ජීවත් වේ නම් හෙතෙම අවුරුදු සියයක් ජීවත්වෙයි. අධික වූයේ නම් ස්වල්පයක් මැයි.
Pali BJT11. අප්පමායු මනුස්සානං හීළෙය්ය නං සුපොරිසො, චරෙය්යාදිත්තසීසොව නත්ථි මච්චුස්ස නාගමො.
Sinhala BJT11. මිනිසුන් ගේ ආයුස අල්ප යැ. සාධුපුරුෂ තෙම ඒ මඳ වූ ආයුසට ලජ්ජි වන්නේ යැ. හිස ගිනි ගත්තකු සෙයින් කුසල්හි හැසිරෙන්නේ යැ. මරහු ගේ නොපැමිණීමෙක් නම් නැති.
Pali BJT12. අච්චයන්ති අහොරත්තා ජීවිතං උපරුජ්ඣති, ආයු ඛීයති මච්චානං කුන්නදීනංව ඔදකං.{a}”
Sinhala BJT12. රෑදාවල්හු ඉක්මැ යෙති. ජීවිතේන්‍ද්‍රියය අභාවයට යෙයි. කුඩා නදීන්ගේ දියත්තක් සෙයින් මිනිසුන්ගේ ආයුස ගෙවේ.
Pali BJTඅප්පඤ්හිදං ජීවිතං ආහු ධීරාති - ‘ධීරා’ති{1} ධිතිමාති ධීරා, ධිතිසම්පන්නා ති ධීරා, ධික්කිතපාපාති{2} ධීරා. ධී වුච්චති පඤ්ඤා යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා මන්තා උපපරික්ඛා භූරි මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි{a} තාය පඤ්ඤාය සමන්නාගතත්තා ධීරා. අපිච ඛන්ධධීරා ධාතුධීරා ආයතනධීරා පටිච්චසමුප්පාදධීරා සතිපට්ඨානධීරා සම්මප්පධානධීරා ඉන්ද්රියධීරා බොජ්ඣඞ්ගධීරා මග්ගධීරා ඵලධීරා නිබ්බාණධීරා. තෙ ධීරා එවමාහු: මනුස්සානං අප්පං ජීවිතං පරිත්තං ජීවිතං ථොකං ජීවිතං ලහුකං ජීවිතං ඉත්තරං ජීවිතං අනද්ධනියං ජීවිතං න චිරට්ඨිතිකං ජීවිතන්ති එවමාහංසු එවං කථෙන්ති එවං භණන්ති එවං දීපයන්ති එවං වොහරන්තීති ‘අප්පඤ්හිදං ජීවිතං ආහු ධීරා’ති.
Sinhala BJTඅප්පඤ්හිදං ජීවිතං ආහු ධීරා - ‘ධීරා’ යනු: ධෘතිමත් නුයි ධීරයෝ යැ, ධෘතිසම්පන්න නුයි ධීරයෝ යැ, ගරහන ලද පව් ඇත් නුයි ධීරයෝ යි. ප්‍රඥාව ‘ධී’ යයි කියනු ලැබෙයි; යම් ප්‍රඥාවක් දැනීම් ආකාරයෙක් අනිත්‍යාදිය විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් සිවුසස්දහම් විමසීමෙක් අනිත්‍යාදීන්ගේ සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිතබවෙක්, කුශල (=දක්‍ෂ)බවෙක් නිපුණබවෙක් විභාවනයෙක් සිතීමෙක් දැනීමෙක් උපපරීක්‍ෂාවක් (විස්තෘත හෙයින්) භූරීසඞ්ඛ්‍යාත ප්‍රඥාවක් කෙලෙසුන් නසන හෙයින් මෙධාවක් (ලක්ෂණප්‍රතිවෙධයට පමුණුවන හෙයින්) පරිණායිකාවක් විදර්‍ශනාවක් සම්ප්‍රජන්‍යයෙක් (නො දැමුණු සිත මාර්‍ගවීථියට නඟන හෙයින්) ප්‍රඥා නැමැති ප්‍රතෝදයෙක් (කෙවිටෙක්) ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වූවා ද, ඒ ප්‍රඥාවෙන් සමන්‍විත හෙයින් ධීරයෝ යි. තවද ස්කන්ධධීරයෝ යැ, ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද - ස්මෘති - ප්‍රස්ථාන - සම්‍යක්ප්‍රදහන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නීර්‍වාණධීරයෝ යැ. ඒ ධීරයෝ මෙසේ කියති: මිනිසුන්ගේ ජීවිතය අල්ප යැ පරිත්ත යැ මඳ යැ ලහුක යැ ඉත්තර යැ අනද්ධනීය යැ අචිරස්ථායී යැ යි මෙසේ කීහු. මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ වහරත් නුයි ‘අප්පඤ්හිදං ජීවිතං ආහු ධීරා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“තස්මා හි සික්ඛෙථ ඉධෙව ජන්තු යං කිඤ්චි ජඤ්ඤා විසමන්ති ලොකෙ, න තස්ස හෙතු විසමං චරෙය්ය අප්පඤ්හිදං ජීවිතං ආහු ධීරා”ති.
Sinhala BJT“තස්මා හි -පෙ- ආහු ධීරා” යනු.
Pali BJT2 – 5
Sinhala BJT2. 5.
Pali BJTපස්සාමි ලොකෙ පරිඵන්දමානං පජං ඉමං තණ්හාගතං භවෙසු, හීනා නරා මච්චුමුඛෙ ලපන්ති අවීතතණ්හා සෙ භවාභවෙසු.
Sinhala BJTකාමාදිභවයෙහි නොහොත් පුනපුනා භවයෙහි අවිගත තෘෂ්ණා ඇති හීන වූ කායදිකර්‍ම ඇති සත්ත්‍වයෝ මරණමුඛයෙහි වැලැපෙති, ලොවැ කාමාදිභවයෙහි තෘෂ්ණායෙන් මඩනා ලද තෘෂ්ණාදිස්පන්දනයෙන් පොපියනු වූ මේ සත්ත්‍වසමූහයා මම් මසැස් ආදියෙන් දකිම්.
Pali BJTපස්සාමි ලොකෙ පරිඵන්දමානන්ති - ‘පස්සාමී’ති මංසචක්ඛුනාපි පස්සාමි, දිබ්බචක්ඛුනාපි පස්සාමි, පඤ්ඤාචක්ඛුනාපි පස්සාමි, බුද්ධචක්ඛුනාපි පස්සාමි, සමන්තචක්ඛුනාපි පස්සාමි, දක්ඛාමි ඔලොකෙමි නිජ්ඣායාමි උපපරික්ඛාමි. ලොකෙති - අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ.
Sinhala BJTපස්සාමි ලෝකේ පරිඵන්දමානං - ‘පස්සාමි’ යනු: මසැසිනුදු බලමි, දිවැසිනුදු බලමි, පැනැසිනුදු බලමි, බුදුඇසිනුදු බලමි, සමතැසිනුදු බලමි, දක්මි, අවලෝකන කෙරෙමි, සිතමි, විමසමි. ‘ලෝකේ’ යනු: අපාය ලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්ධලොකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි.