Pali BJT13. පුරත්ථිමෙනපි ධාවන්ති තතො ධාවන්ති පච්ඡිමං, උත්තරෙනපි ධාවන්ති තතො ධාවන්ති දක්ඛිණං.
Sinhala BJT13. (කිසි කලෙක පූර්‍වද්වාරය විවෘත වූ කල්හි) ඒ දිගට ද දිවෙති, යළි පශ්චිමද්වාරයට දිවෙති, උත්තරද්වාරයට දිවෙති, යළි දක්‍ෂිණද්වාරයට දිවෙත්.
Pali BJT14. යං යං දිසං පධාවන්ති තං තං ද්වාරං පිථීයති, අභිනික්ඛමිතාසා තෙ සත්තා මොක්ඛගවෙසිනො.
Sinhala BJT14. යම් යම් දිශාවකට වේගයෙන් දිවෙත් නම්, (සම්ප්‍රාප්ත කල්හි) ඒ ඒ ද්වාරය වැසෙයි. නික්මැ යන ආශා ඇති ඒ නිරිසත්හු මිදෙන උපාය සොයන්නාහු වෙත්.
Pali BJT15. න තෙ තතො නික්ඛමිතුං ලභන්ති කම්මපච්චයා, තෙසං ච පාපකම්මන්තං අවිපක්කං කතං බහු”න්ති.
Sinhala BJT15. කර්‍මහේතුයෙන් ඔහු එයින් නික්මෙන්නට නො ලැබෙති. යම් හෙයකින් ඔවුන් විසින් නො පැසුණු විපාක ඇති පාපකර්‍මය බොහෝ කොට කරන ලද ද එහෙයිනි.
Pali BJTඑතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස: අත්තදණ්ඩතො ජාතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං. යානි ච නෙරයිකානි දුක්ඛානි යානි ච තිරච්ඡානයොනිකානි දුක්ඛානි යානි ච පෙත්තිවිසයිකානි දුක්ඛානි යානි ච මානුසිකානි දුක්ඛානි, තානි කුතො ජාතානි, කුතො සඤ්ජාතානි, කුතො නිබ්බත්තානි, කුතො අභිනිබ්බත්තානි, කුතො පාතුභූතානි: අත්තදණ්ඩතො ජාතානි සඤ්ජාතානි නිබ්බත්තානි අභිනිබ්බත්තානි පාතුභූතානි.
Sinhala BJTතෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩය හේතු කොට ජාත යැ සඤ්ජාත යැ නිර්‍වෘත යැ අභිනිර්‍වෘත යැ ප්‍රාදුර්භූත යි. යම් නිරයදුකක් තිරිසන්යොන්හි යම් දුකක් ප්‍රේතවිෂයෙහි යම් දුකක් මානුෂ වූ යම් දුකකුත් වෙත් නම්, එ දුක් කොයින් උපන්නාහු ද, කොයින් හටගත්තාහු ද, කොයින් නිපන්නාහු ද, කොයින් වෙසෙසින් නිපන්නාහු ද, කොයින් පහළ වූවාහු ද යත්: ආත්මදණ්ඩයෙන් ජාත - සඤ්ජාත - නිර්‍වෘත -අභිනිර්‍වෘත - ප්‍රාදුර්භූත වූවාහුය.
Pali BJTඅත්තදණ්ඩා භයං ජාතං ජනං පස්සථ මෙධගන්ති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවතා ච මනුස්සා ච මෙධගං ජනං කලහං ජනං විරුද්ධං ජනං පටිවිරුද්ධං ජනං ආහතං ජනං පච්චාහතං ජනං ආඝාතිකං{1} ජනං පච්චාඝාතිතං ජනං පස්සථ දක්ඛථ ඔලොකෙථ නිජ්ඣායෙථ උපපරික්ඛථාති - ජනං පස්සථ මෙධගං.
Sinhala BJTඅත්තදණ්ඩං භයං ජාතං ජනං පස්සථ මෙධගං - ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දේවතාවෝ ද මනුෂ්‍යයෝ ද යන හිංසාවට පැමිණි ජනයා කලහ කරන - විරුද්ධ වූ - ප්‍රතිවිරුද්ධ වූ - ආහත වූ - ප්‍රත්‍යාහත වූ - පීඩිත වූ - ප්‍රතිපීඩිත වූ ජනයා බලවු, දකිවු, අවලොකනය කරවු, නැවත නැවත සිතවු, නැවත නැවත පරීක්‍ෂා කරවු යයි ‘ජනං පස්සථ මෙධගං’ යනු වේ.
Pali BJTසංවෙගං කිත්තයිස්සාමීති - සංවෙගං උබ්බෙගං උත්රාසං භයං පීළනං ඝට්ටනං උපද්දවං උපස්සග්ගං; කිත්තයිස්සාමි පකිත්තයිස්සාමි ආචික්ඛිස්සාමි දෙසිස්සාමි පඤ්ඤපිස්සාමි පට්ඨපිස්සාමි විචරිස්සාමි විභජිස්සාමි උත්තානීකරිස්සාමි පකාසිස්සාමීති - සංවෙගං කිත්තයිස්සාමි.
Sinhala BJTසංවෙගං කිත්තයිස්සාමි - සංවේගය උද්වෙගය තැතිගැනීම භය පෙළීම ගැටීම උපද්‍රවය උපසර්‍ගය (-ඇවිරීම) කීර්‍තනය කරන්නෙමි, ප්‍රකීර්‍තනය කරන්නෙමි, පවසන්නෙමි දෙසන්නෙමි පනවන්නෙමි පිහිටුවන්නෙමි විවරණය කරන්නෙමි විභාග කරන්නෙමි ප්‍රකට කරන්නෙමි ප්‍රකාශ කරන්නෙම් නුයි ‘සංවෙගං කිත්තයිස්සාමි’ යනු වේ.
Pali BJTයථා සංවිජිතං මයාති - යථා මයා අත්තනායෙව අත්තා{2} සංවෙජිතො උබ්බෙජිතො සංවෙගමාපාදිතොති - යථා සංවිජිතං මයා.
Sinhala BJTයථා සංවිජිතං මයා - යම්සේ මා විසින් තමා මැ තෙමේ සංවේගයට පත් කරන ලදුයේ උද්වෙග කරන ලදුයේ සංවේගයට පමුණුවන ලදුයේ නුයි ‘යථා සංවිජිතං මයා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අත්තදණ්ඩා භයං ජාතං ජනං පස්සථ මෙධගං, සංවෙගං කිත්තයිස්සාමි යථා සංවිජිතං මයා”ති.
Sinhala BJT“අත්තදණ්ඩං භයං ජාතං -පෙ- යථා සංවිජිතං මයා” යී.
Pali BJT15. 2.
Sinhala BJT15. 2.
Pali BJTඵන්දමානං පජං දිස්වා මච්ඡෙ අප්පොදකෙ යථා, අඤ්ඤමඤ්ඤෙහි බ්යාරුද්ධෙ දිස්වා මං භයමාවිසි.
Sinhala BJTදියත්තෙක මසුන් මෙන් (තෘෂ්ණාදියෙන්) සැලෙන සත්ත්‍වවර්‍ගයා දැක, ඔවුනොවුන් හා සමග විරුද්ධ වූවන් දැක, බිය මා කරා පැමිණියේ යැ. (- මට බිය උපන.)
Pali BJTඵන්දමානං පජං දිස්වාති - ‘පජා’ති සත්තාධිවචනං; පජං තණ්හාඵන්දනාය ඵන්දමානං, දිට්ඨිඵන්දනාය ඵන්දමානං, කිලෙසඵන්දනාය ඵන්දමානං, දුච්චරිතඵන්දනාය ඵන්දමානං, පයොගඵන්දනාය ඵන්දමානං, විපාකඵන්දනාය ඵන්දමානං, රත්තං රාගෙන ඵන්දමානං, දුට්ඨං දොසෙන ඵන්දමානං, මූළ්හං මොහෙන ඵන්දමානං, විනිබද්ධං මානෙන ඵන්දමානං, වික්ඛෙපගතං උද්ධච්චෙන ඵන්දමානං, අනිට්ඨාගතං විචිකිච්ඡාය ඵන්දමානං, ථාමගතං අනුසයෙහි ඵන්දමානං, ලාභෙන ඵන්දමානං, අලාභෙන ඵන්දමානං, යසෙන ඵන්දමානං, අයසෙන ඵන්දමානං, පසංසාය ඵන්දමානං. නින්දාය ඵන්දමානං, සුඛෙන ඵන්දමානං, දුක්ඛෙන ඵන්දමානං. ජාතියා ඵන්දමානං, ජරාය ඵන්දමානං, බ්යාධිනා ඵන්දමානං, මරණෙන ඵන්දමානං, සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසෙහි ඵන්දමානං, නෙරයිකෙන දුක්ඛෙන ඵන්දමානං, තිරච්ඡානයොනිකෙන දුක්ඛෙන ඵන්දමානං, පෙත්තිවිසයිකෙන දුක්ඛෙන ඵන්දමානං, -
Sinhala BJTඵනදමානං පජං දිස්වා - ‘පජා’ යනු: සත්ත්‍වයනට නමෙකි. තෘෂ්ණාස්පන්දනයෙන් සැලෙන ප්‍රජාව දෘෂ්ටිස්පන්දනයෙන් සැලෙන ක්ලෙශස්පන්දනයෙන් සැලෙන දුශ්චරිතස්පන්දනයෙන් සැලෙන කායාදි ප්‍රයොගස්පන්දනයෙන් සැලෙන විපාකස්පන්දනයෙන් සැලෙන ප්‍රජාව, රාගයෙන් රත් වැ සැලෙන, ද්වේෂයෙන් දුෂ්ට වැ සැලෙන, මෝහයෙන් මූඪ වැ සැලෙන, මානයෙන් විනිබද්ධ වැ සැලෙන, ඖද්ධත්‍යයෙන් වික්‍ෂේපයට පැමිණැ සැලෙන, විචිකිත්සාවෙන් නිෂ්ඨාවට නො පැමිණැ සැලෙන, අනුශයෙන් තදබවට පැමිණැ සැලෙන, ලාභයෙන් සැලෙන, අලාභයෙන් සැලෙන, යශසින් සැලෙන, අයශසින් සැලෙන, ප්‍රශංසායෙන් සැලෙන, නින්‍දායෙන් සැලෙන, සුවයෙන් සැලෙන, දුකින් සැලෙන, ජාතියෙන් සැලෙන, ජරායෙන් සැලෙන, ව්‍යාධියෙන් සැලෙන, මරණයෙන් සැලෙන, ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් සැලෙන, නිරෑදුකින් සැලෙන, තිරිසන්යොන්හි වූ දුකින් සැලෙන, ප්‍රේතවිෂයෙහි වූ දුකින් සැලෙන, -
Pali BJTමානුසිකෙන දුක්ඛෙන ඵන්දමානං, ගබ්භොක්කන්තිමූලකෙන දුක්ඛෙන ගබ්භට්ඨිතිමූලකෙන දුක්ඛෙන - ගබ්භවුට්ඨානමූලකෙන දුක්ඛෙන - ජාතස්සූපනිබන්ධකෙන දුක්ඛෙන - ජාතස්ස පරාධෙය්යකෙන දුක්ඛෙන අත්තූපක්කමෙන දුක්ඛෙන - පරූපක්කමෙන දුක්ඛෙන - දුක්ඛදුක්ඛෙන සඞ්ඛාරදුක්ඛෙන - විපරිණාමදුක්ඛෙන - චක්ඛුරොගෙන දුක්ඛෙන සොතරොගෙන - ඝානරොගෙන - ජිව්හාරොගෙන - සීසරොගෙන - කායරොගෙන - කණ්ණරොගෙන, මුඛරොගෙන, දන්තරොගෙන - කාසෙන - සාසෙන - පිනාසෙන - ඩහෙන - ජරෙන - කුච්ඡිරොගෙන - මුච්ඡාය - පක්ඛන්දිකාය - සූලාය - විසූචිකාය - කුට්ඨෙන - ගණ්ඩෙන - කිලාසෙන - සොසෙන - අපමාරෙන - දද්දුයා - කණ්ඩුයා - කච්ඡුයා - නඛසාය{1} - විතච්ඡිකාය - ලොහිතපිත්තෙන{2} - මධුමෙහෙන - අංසාය - පිළකාය - භගන්දලෙන - පිත්තසමුට්ඨානෙන ආබාධෙන - සෙම්හසමුට්ඨානෙන ආබාධෙන - වාතසමුට්ඨානෙන ආබාධෙන - සන්නිපාතිකෙන ආබාධෙන - උතුපරිණාමජෙන ආබාධෙන - විසමපරිහාරජෙන ආබාධෙන - ඔපක්කමිකෙන ආබාධෙන -කම්මවිපාකජෙන ආබාධෙන - සීතෙන - උණ්හෙන - ජිඝච්ඡාය - පිපාසාය - උච්චාරෙන - පස්සාවෙන - ඩංසමකසවාතාතපසිරිංසප{3} සම්ඵස්සෙන දුක්ඛෙන - මාතුමරණෙන දුක්ඛෙන - පිතුමරණෙන දුක්ඛෙන - භාතුමරණෙන දුක්ඛෙන - භගිනිමරණෙන දුක්ඛෙන - පුත්තමරණෙන දුක්ඛෙන - ධීතුමරණෙන දුක්ඛෙන - ඤාතිමරණෙන දුක්ඛෙන - භොගව්යසනෙන දුක්ඛෙන - රොගව්යසනෙන දුක්ඛෙන - සීලව්යසනෙන දුක්ඛෙන - දිට්ඨිව්යසනෙන දුක්ඛෙන ඵන්දමානං සම්ඵන්දමානං විඵන්දමානං වෙධමානං පවෙධමානං සම්පවෙධමානං; දිස්වාති දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති - ඵන්දමානං පජං දිස්වා.
Sinhala BJTමිනිස්ලොවැ වූ දුකින් සැලෙන, ගර්‍භාවක්‍රාන්තිමූලක දුකින් සැලෙන, ගර්‍භස්ථිතිමූලක දුකින් - ගර්‍භව්‍යුත්‍ථානමූලක දුකින් - උපන්නහු පිළිදග්නා දුකින් - උපන්නහු පරා අයත් දුකින් - ආත්මොපක්‍රම දුකින් - පරොපක්‍රම දුකින් - දුඃඛදුඃඛයෙන් - සංස්කාරදුඃඛයෙන් - විපරිණාම - දුඃඛයෙන් - චක්‍ෂුරෝගයෙන් වූ දුකින් - ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශිර්‍ෂරොගයෙන් - කර්‍ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාසයෙන් - ශ්වාසයෙන් - පීනසින් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්‍ෂිරොගයෙන් - මුර්ඡායෙන් - ලොහිතාතීසාරයෙන් - ආමශූලයෙන් - විරෙචනයෙන් - කුෂ්ටරෝගයෙන් - ගණ්ඩරොගයෙන් - කබරයෙන් - ක්‍ෂයරොගයෙන් - අපස්මාරයෙන් - දදපොළින් - කුඩා පොළින් - මහපොළින් - නියහිරින් - අතුල් පතුල් පැළීමෙන් - රත්පිතින් - මධුමෙහයෙන් - අර්‍ශසින් - ලේපොළින් - භගන්දරයෙන් - පිතින් උපදනා රෝගයෙන් - සෙමින් උපදනා රෝගයෙන් - වයින් උපදනා රෝගයෙන් - සාන්නිපාතික රෝගයෙන් - ඍතුවිපර්‍ය්‍යාසයෙන් උපදනා රෝගයෙන් - විෂමවිහරණයෙන් උපදනා රෝගයෙන් - විෂම විහරණයෙන් උපදනා රෝගයෙන් - උපක්‍රමයෙන් හටගන්නා රෝගයෙන් - කර්‍මවිපාකයෙන් උපදනා රෝගයෙන් - ශීතයෙන් - උෂ්ණයෙන් - ජිඝත්සායෙන් - පිපාසායෙන් - උච්චාරයෙන් - ප්‍රස්‍රාවයෙන් - මැසි මදුරු වා අව් දික්දෑ පහසින් වූ දුකින් - මවගේ මරණයෙන් වූ දුකින් - පියාගේ මරණයෙන් වූ දුකින් - බෑයාගේ මරණයෙන් වූ දුකින් - බුනගේ මරණයෙන් වූ දුකින් - පුතා මළ දුකින් - දූ මළ දුකින් - නෑයන් මළ දුකින් - භොග විපත්ති දුකින් - රොගවිපත්ති දුකින් - ශීලවිපත්ති දුකින් - දෘෂ්ටිවිපත්ති දුකින් සැලෙන මොනොවට සැලෙන වෙසෙසින් සැලෙන වෙවුලන වෙසෙසින් වෙවුලන අතිශයින් වෙවුලන ප්‍රජාව; දිස්වා - දැක පෙනී තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි ‘ඵනදමානං පජං දිස්වා’ යනු වේ.
Pali BJTමච්ඡෙ අප්පොදකෙ යථාති - යථා මච්ඡා අප්පොදකෙ උදකපරියාදානෙ කාකෙහි වා කුලලෙහි වා බලාකාහි වා පරිපාතියමානා{4} උක්ඛිපියමානා ඛජ්ජමානා ඵන්දන්ති සම්ඵන්දන්ති විප්ඵන්දන්ති වෙධන්ති පවෙධන්ති සම්පවෙධන්ති; එවමෙවං පජා තණ්හාඵන්දනාය ඵන්දන්ති -පෙ- දිට්ඨිබ්යසනෙන දුක්ඛෙන ඵන්දන්ති සම්ඵන්දන්ති විප්ඵන්දන්ති වෙධන්ති පවෙධන්ති සම්පවෙධන්තීති - මච්ඡෙ අප්පොදකෙ යථා.
Sinhala BJTමච්ඡෙ අප්පොදකෙ යථා - මඳ දියෙහි දිය සිඳුණු කල්හි කවුඩන් විසින් හෝ උකුස්සන් විසින් හෝ කොකුන් විසින් හෝ නසනු ලබන්නාවූ නඟනු ලබන්නා වූ කනු ලබන්නා වූ මත්ස්‍යයෝ යම් සේ සැලෙත්ද සර්‍වාකාරයෙන් සැලෙත් ද විවිධ වැ සැලෙත් ද, වෙවුලත් ද, වෙසෙසින් වෙවුලත් ද අතිශයින් වෙවුලත් ද, එපරිද්දෙන් ම ප්‍රජාව තෘෂ්ණාස්පන්දනයෙන් සැලෙති … දෘෂ්ටිව්‍යසන දුකින් සැලෙති සර්‍වාකාරයෙන් සැලෙති විවිධ වැ සැලෙති, වෙවුලති වෙසෙසින් වෙවුලති අතිශයින් වෙවුලත් නුයි ‘මච්ඡෙ අප්පොදකෙ යථා’ යනු වේ.
Pali BJTඅඤ්ඤමඤ්ඤෙහි බ්යාරුද්ධෙති - අඤ්ඤමඤ්ඤං සත්තා විරුද්ධා පටිවිරුද්ධා ආහතා{5} පච්චාහතා ආඝාතිතා{6} පච්චාඝාතිතා රාජානොපි රාජූහි විවදන්ති, ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති, බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති, ගහපතීපි ගහපතීහි විවදන්ති, මාතාපි පුත්තෙන විවදති, පුත්තොපි මාතරා විවදති, පිතාපි පුත්තෙන විවදති, පුත්තොපි පිතරා විවදති, භාතාපි භාතරා විවදති, භගිනීපි භගිනියා විවදති, භාතාපි භගිනියා විවදති, භගිනීපි භාතරා විවදති, සහායොපි සහායෙන විවදති.
Sinhala BJTඅඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ - සත්ත්‍වයෝ ඔවුනොවුන් විරුද්ධ වූවාහු ප්‍රතිවිරුද්ධ වූවාහු කෝපයෙන් පහළාහු වෙසෙසින් පහළාහු ගැටුණාහු වෙසෙසින් ගැටුණාහු රජුහු දු රජුන් සමග විවාද කෙරෙති, ක්‍ෂත්‍රියයෝත් ක්‍ෂත්‍රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත් බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝත් ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතා සමග විවාද කෙරෙයි, පුතාත් මව සමග විවාද කෙරෙයි, පියාත් පුතු සමග විවාද කෙරෙයි, පුතාත් පියා සමග විවාද කෙරෙයි, බෑයාත් බෑයා සමග විවාද කෙරෙයි, භගිනිය (-බූන) ද භගිනිය සමග විවාද කෙරෙයි, බෑයාත් බූන සමග විවාද කෙරෙයි, බූන ද බෑයා සම විවාද කෙරෙයි, යහලුවාත් යහලුවා සමග විවාද කෙරෙයි.
Pali BJTතෙ තත්ථ කලහවිග්ගහවිවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති, ලෙඩ්ඩූහිපි උපක්කමන්ති, දණ්ඩෙහිපි උපක්කමන්ති, සත්ථෙහිපි උපක්කමන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති. මරණමත්තම්පි දුක්ඛන්ති - අඤ්ඤමඤ්ඤෙහි බ්යාරුද්ධෙ.
Sinhala BJTඔවුහු එහි කලහ - විග්‍රහ - විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට අතිනු දු පහර දෙති, කැටිනු දු පහර දෙති, දඬියෙනු දු පහර දෙති, අවියෙනු දු පහර දෙත්. ඔවුහු එහි මරණයට ද මරණමාත්‍ර වූ දුකට ද පැමිණෙත් නුයි ‘අඤ්ඤමඤ්ඤෙහි බ්‍යාරුද්ධෙ’ යනු වේ.
Pali BJTදිස්වා මං භයමාවිසීති - ‘දිස්වා’ති දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා භයං පීළනං ඝට්ටනං උපද්දවො උපස්සග්ගො ආවිසීති - දිස්වා මං භයමාවිසි.
Sinhala BJTදිස්වා මං භයමාවිසි - ‘දිස්වා’ යනු: දැක පෙනී තුලනය - තීරණය - විභාවනය - විභූත කොට, බිය පෙළුම ගැටුම උපද්‍රවය උපසර්‍ගය පැමිණියේ නුයි ‘දිස්වා මං භයමාවිසි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඵන්දමානං පජං දිස්වා මච්ඡෙ අප්පොදකෙ යථා, අඤ්ඤමඤ්ඤෙහි බ්යාරුද්ධෙ දිස්වා මං භයමාවිසී”ති.
Sinhala BJT“ඵනදමානං පජං දිස්වා -පෙ- දිස්වා මං භයමාවිසි” යී.
Pali BJT15. 3.
Sinhala BJT15. 3.
Pali BJTසමන්තමසාරො ලොකො දිසා සබ්බා සමෙරිතා, ඉච්ඡං භවනමත්තනො නාද්දසාසිං{1} අනොසිතං.
Sinhala BJTනිරයාදි ලෝකය හාත්පසින් නිසරු යැ. සියලු දෙස අනිත්‍යතායෙන් කම්පිත යැ. (එයින්) තමහට ත්‍රාණය කැමැති වන්නෙම් ජරාදීන් නො මැඩුණු තැනක් නුදුටිමි.
Pali BJTසමන්තමසාරො ලොකොති - ‘ලොකො’ති නිරයලොකො තිරච්ඡානයොනිලොකො පෙත්තිවිසයලොකො මනුස්සලොකො දෙවලොකො ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො අයං ලොකො පරො ලොකො බ්රහ්මලොකො දෙවලොකො; අයං වුච්චති ලොකො. නිරයලොකො අසාරො නිස්සාරො සාරාපගතො නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා. තිරච්ඡානායොනිලොකො - පෙත්තිවිසයලොකො - මනුස්සලොකො - දෙවලොකො - ඛන්ධලොකො - ධාතුලොකො - ආයතනලොකො - අයං ලොකො - පරො ලොකො - බ්රහ්මලොකො - දෙවලොකො{2} අසාරො නිස්සාරො සාරාපගතො නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා. යථා පනා නළො අසාරො නිස්සාරො සාරාපගතො, යථා එරණ්ඩො අසාරො නිස්සාරො සාරාපගතො, යථා උදුම්බරො අසාරො නිස්සාරො සාරාපගතො, යථා සෙතකච්ඡො{3} අසාරො නිස්සාරො සාරාපගතො, යථා පාරිභද්දකො අසාරො නිස්සාරො සාරාපගතො, යථා ඵෙණපිණ්ඩො අසාරො නිස්සාරො සාරාපගතො, යථා උදකබුබ්බුළකං අසාරං නිස්සාරං සාරාපගතං, යථා මරීචි අසාරො නිස්සාරො සාරාපගතො, යථා කදලික්ඛන්ධො{4} අසාරො නිස්සාරො සාරාපගතො, යථා මායා අසාරා නිස්සාරා සාරාපගතා, එවමෙව නිරයලොකො අසාරො නිස්සාරො සාරාපගතො නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා; -
Sinhala BJTසමන්තමසාරො ලෝකෝ - ‘ලෝක’ නම්: නිරයලෝක යැ තිරශ්චීනලෝක යැ ප්‍රෙතවිෂයලෝක යැ මනුෂ්‍යලෝක යැ දේවලෝක යැ ස්කන්‍ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙලොව යැ පරලොව යැ බඹලොව යැ දෙව්ලොව යැ. (යන) මේ’ ලෝක’ යී කියනු ලැබේ. නිරයලොකය නිත්‍යසාර සාරයෙන් හෝ සුඛසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ ආත්මසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත යි. තිරශ්චීනයොනිලෝකය - ප්‍රේතවිෂයලෝකය - මනුෂ්‍යලෝකය - දේවලෝකය - ස්කන්‍ධලෝකය - ධාතුලෝකය - ආයතනලෝකය - මෙලොව - පරලොව - බඹලොව - දෙව්ලොව නිත්‍යසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වාභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ ශාස්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත යි. තවද බටගස යම්සේ හර රහිත වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ එරඬු ගස අසාර වූයේ නිසරු වූයේ සාරයෙන් අපගත ද, යම්සේ දිඹුල්ගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ වරණගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ එරබදුගස අසරු වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ පෙණපිඬ අසරු ද නිසරු ද හර නැත් ද, යම්සේ දියබුබුළ අසරු ද, නිසරු ද හර නැත් ද, යම්සේ මිරිඟුව අසරු ද නිසරු ද සාරාපගත ද, යම්සේ කෙසෙල්කඳ අසරු ද නිසරු ද සාරාපගත ද, යම්සේ මායාව අසරු ද නිසරු ද සාරාපගත ද, එසෙයින් මැ නිරයලොකය නිත්‍යසාර (සඞ්ඛ්‍යාත) සාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමස්වභාවයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරයෙන් අපගත වූයේ යි.
Pali BJTතිරච්ඡානයොනිලොකො - පෙත්තිවිසයලොකො - මනුස්සලොකො - දෙවලොකො අසාරො නිස්සාරො සාරාපගතො නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා - ඛන්ධලොකො - ධාතුලොකො - ආයතනලොකො - අයං ලොකො - පරො ලොකො - බ්රහ්මලොකො - දෙවලොකො අසාරො නිස්සාරො සාරාපගතො නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වාති - සමන්තමසාරො ලොකො.
Sinhala BJTතිරශ්චීනයොනිලොකය - ප්‍රෙතවිෂයලොකය - මනුෂ්‍යලෝකය - දෙවලොකය නිත්‍යසාරසාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමධර්‍මයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. ස්කන්‍ධලෝකය - ධාතුලෝකය - ආයතනලොකය - මෙලොව - පරලොව - බඹලොව - දෙව්ලොව නිත්‍යසාරසාරයෙන් හෝ සුඛසාරසාරයෙන් හෝ ආත්මසාරසාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාශ්වතයෙන් හෝ අවිපරිණාමධර්‍මයෙන් හෝ අසාර යැ නිස්සාර යැ සාරාපගත නුයි. ‘සමන්තමසාරො ලෝකෝ’ යනු වේ.
Pali BJTදිසා සබ්බා සමෙරිතාති - යෙ පුරත්ථිමාය දිසාය සඞ්ඛාරා තෙපි එරිතා සමෙරිතා චලිතා ඝට්ටිතා අනිච්චතාය, ජාතියා අනුගතා, ජරාය අනුසටා, බ්යාධිනා අභිභූතා, මරණෙන අබ්භාහතා, දුක්ඛෙ පතිට්ඨිතා, අතාණා අලෙනා අසරණා අසරණීභූතා. යෙ පච්ඡිමාය දිසාය සඞ්ඛාරා - යෙ උත්තරාය දිසාය සඞ්ඛාරා - යෙ දක්ඛිණාය දිසාය සඞ්ඛාරා - යෙ පුරත්ථිමාය අනුදිසාය{1} සඞ්ඛාරා - යෙ පච්ඡිමාය අනුදිසාය සඞ්ඛාරා - යෙ උත්තරාය අනුදිසාය සඞ්ඛාරා - යෙ දක්ඛිණාය අනුදිසාය සඞ්ඛාරා - යෙ හෙට්ඨිමාය දිසාය සඞ්ඛාරා - යෙ උපරිමාය දිසාය සඞ්ඛාරා - යෙ දසසු දිසාසු සඞ්ඛාරා, තෙපි එරිතා සමෙරිතා චලිතා ඝට්ටිතා අනිච්චතාය, ජාතියා අනුගතා, ජරාය අනුසටා, බ්යාධිනා අභිභූතා, මරණෙන අබ්භාහතා දුක්ඛෙ පතිට්ඨිතා, අතාණා අලෙනා අසරණා අසරණීභූතා.
Sinhala BJTදිසා සබ්බා සමෙරිතා - පෙර දිග යම් සංස්කාර කෙනෙක් වෙත් නම්, ඔවුහු ද අනිත්‍යතායෙන් කම්පිත වූවාහුය මොනොවට කම්පිත වූවාහුය සැලුණාහුය ගැටුණාහුය, ජාතියෙන් අනුව ගියාහුය, ජරාවෙන් යුක්ත වූවාහුය, ව්‍යාධියෙන් මඩනා ලද්දාහුය, මරණයෙන් පහළාහුය දුකෙහි පිහිටියාහුය, ත්‍රාණ (ආරක්‍ෂා) රහිත වූවාහුය, රැකවරණ රහිත වූවාහුය, පිහිට නැත්තාහුය, (තුමූ) පිහිට නො වන්නාහුය. පැලදෙස යම් සංස්කාර කෙනෙක් - උතුරු දෙස යම් සංස්කාර කෙනෙක් - දකුණු දෙස යම් සංස්කාර කෙනෙක් - පූර්‍ව අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - පශ්චිම අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - උත්තර අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - දක්‍ෂිණ අනුදිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - යට දිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - උඩ දිශාවෙහි යම් සංස්කාර කෙනෙක් - දශදිශාවන්හි යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔවුහු ද අනිත්‍යතායෙන් කම්පිත වූවාහුය, සඞ්කම්පිත වූවාහුය, සැලුණාහුය, ගැටුණාහුය; ජාතියෙන් අනුව ගියාහුය, ජරාවෙන් යුක්ත වූවාහුය, ව්‍යාධියෙන් මඩනා ලද්දාහුය, මරණයෙන් පහළාහුය, දුකෙහි පිහිටියාහුය, පාලන රහිත වූවාහුය, රැකවරණ රහිත වූවාහුය, අසරණ වූවාහුය, සරණ නො වන්නාහු යි.
Pali BJTභාසිතම්පි චෙතං:
Sinhala BJTමේ කියන ලද මැ යැ:
Pali BJT1. “කිඤ්චාපි තෙ’තං{2} ජලතෙ{3} විමානං ඔභාසයං උත්තරස්සං දිසායං,{4} රූපෙ රණං දිස්වා සදා පවෙධිතං තස්මා න රූපෙ රමතී සුමෙධො”{a}
Sinhala BJT1. “තවද තාගේ තෙල විමන උතුරු දෙස බබුළුවමින් දිලියේ නමුදු (ජාතිජරාභඞ්ග සඞ්ඛ්‍යාත) වූ රූපයෙහි දෝෂය දැක සියලු කල්හි ශීතාදියෙන් කම්පිත වූ රූපය දැක, එ කරුණෙන් සොඳුරු නුවණැති ශාස්තෘ තෙම රූපයෙහි නො ඇලෙ.”
Pali BJT2. “මච්චුනාබ්භාහතො ලොකො ජරාය පරිවාරිතො, තණ්හාසල්ලෙන ඔතිණ්ණො ඉච්ඡාධූමායිතො සදා”{b}
Sinhala BJT2. “ලෝවැසි තෙම මරණයෙන් මඩනා ලද, ජරාවෙන් පිරිවරන ලද, තෘෂ්ණා නැමැති ශල්‍යයෙන් අවතීර්‍ණ යැ. සියලු කල්හි ඉච්ඡා (-ආශාවෙන්) දුමන ලද්දේ යි.”
Pali BJT3. “සබ්බො ආදීපිතො ලොකො සබ්බො ලොකො පධූපිතො, සබ්බො පජ්ජලිතො ලොකො සබ්බො ලොකො පකම්පිතො”ති.{c}
Sinhala BJT3. “සියලු සත්ත්‍ව ලෝක තෙමේ හාත්පසින් දැල්වෙන ලද. සියලු ලෝකය දුමන ලද. සියලු ලෝකය ප්‍රජ්වලිත යැ. සියලු ලෝකය ප්‍රකම්පිත වූයේ ය යි.”
Pali BJTදිසා සබ්බා සමෙරිතා
Sinhala BJT‘දිසා සබ්බා සමෙරිතා’ යනු වේ.
Pali BJTඉච්ඡං භවනමත්තනොති - අත්තනො භවනං තාණං ලෙනං සරණං ගතිං පරායනං ඉච්ඡන්තො සාදියතො පත්ථයන්තො පිහයන්තො අභිජප්පන්තොති - ඉච්ඡං භවනමත්තනො.
Sinhala BJTඉච්ඡං භවනමත්තනො - තමාගේ භවනය පාලනය රැකවරණය දුක් නැසීම ප්‍රතිෂ්ඨාව උතුම් පැවැත්ම ඉස්නෙම් ඉවසනුයෙම් පතනුයෙම් කැමැති වනුයෙම් අභිජලප්නය කරනුයෙම් නුයි ‘ඉච්ඡං භවනමත්තනො’ යනු වේ.
Pali BJTනාද්දසාසිං අනොසිතන්ති - අජ්ඣොසිතං යෙව අද්දසං; අනජ්ඣොසිතං නාද්දසං. සබ්බං යොබ්බඤ්ඤං ජරාය ඔසිතං. සබ්බං ආරොග්යං බ්යාධිනා ඔසිතං. සබ්බං ජීවිතං මරණෙන ඔසිතං. සබ්බං ලාභං අලාභෙන ඔසිතං. සබ්බං යසං අයසෙන ඔසිතං. සබ්බං පසංසං නින්දාය ඔසිතං. සබ්බං සුඛං දුක්ඛෙන ඔසිතං.
Sinhala BJTනාද්දසාසිං අනොසිතං - (ජරාදිය විසින්) මඩනා ලදුවක් ම දිටිමි, නො මඩනා ලද්දක් නුදුටිමි. සියලු යොවුන් බව ජරාවෙන් මඩනා ලද. සියලු අරෝග බව ව්‍යාධියෙන් මඩනා ලද. සියලු ජීවිතය මරණයෙන් මඩනා ලද. සියලු ලාභය අලාභයෙන් මඩනා ලද. සියලු යශස අයශසින් මඩනා ලද. සියලු පැසැසුම් නින්දාවෙන් මඩනා ලද. සියලු සැපය දුකින් මඩනා ලදි.
Pali BJT4. “ලාභො අලාභො අයසො යසො ච නින්දා පසංසා ච සුඛං දුඛඤ්ච. එතෙ අනිච්චා මනුජෙසු ධම්මා අසස්සතා විපරිණාමධම්මා”ති{a}
Sinhala BJT4. “ලාභය ද අලාභය ද අයශස් ද යශස් ද නින්‍දාව ද ප්‍රශංසාව ද සුවය ද දුක ද යන මිනිසුන් කෙරෙහි වූ තෙල ධර්‍මයෝ අනිත්‍යයෝ ය, අශාශ්වතයෝ ය, පෙරළෙන ස්වභාව ඇත්තාහු ය” යි.
Pali BJT‘නාද්දසාසිං අනොසිතං’.
Sinhala BJT‘නාද්දසාසිං අනොසිතං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සමන්තමසාරො ලොකො දිසා සබ්බා සමෙරිතා, ඉච්ඡං භවනමත්තනො නාද්දසාසිං අනොසිත”න්ති.
Sinhala BJT“සමන්තමසාරො ලෝකෝ - පෙ - නාද්දසාසිං අනොසිතං” යී
Pali BJT15. 4.
Sinhala BJT15. 4.
Pali BJTඔසානෙ ත්වෙව බ්යාරුද්ධෙ දිස්වා මෙ අරතී අහු, අථෙත්ථ සල්ලමද්දක්ඛිං දුද්දසං හදයස්සිතං.
Sinhala BJTයළි (යෞවනාදීන්ගේ) අවසානයෙහි මැ (ජරාදිය සමග) ප්‍රතිවිරුද්ධ වූ සත්ත්‍වයන් දැක මට අනභිරතිය උපන. අනතුරුව තෙල සත්ත්‍වයන් විෂයෙහි වූ නො දැක්ක හැකි සිත ඇසුරු කළ රාගාදි (සප්ත විධ) ශල්‍යය දිටිමි.
Pali BJTඔසානෙ ත්වෙව බ්යාරුද්ධෙති - ‘ඔසානෙත්වෙවා’ති සබ්බං යොබ්බඤ්ඤං ජරා ඔසාපෙති; සබ්බං ආරොග්යං බ්යාධි ඔසාපෙති; සබ්බං ජීවිතං මරණං ඔසාපෙති; සබ්බං ලාභං අලාභො ඔසාපෙති; සබ්බං යසං අයසො ඔසාපෙති; සබ්බං පසංසං නින්දා ඔසාපෙති; සබ්බං සුඛං දුක්ඛං ඔසාපෙතීති ‘ඔසානෙත්වෙව;’ බ්යාරුද්ධෙති යොබ්බඤ්ඤකාමා සත්තා ජරාය පටිවිරුද්ධා; ආරොග්යකාමා සත්තා බ්යාධිනා පටිවිරුද්ධා; ජීවිතුකාමා සත්තා මරණෙන පටිවිරුද්ධා; ලාභකාමා සත්තා අලාභෙන පටිවිරුද්ධා; යසකාමා සත්තා අයසෙන පටිවිරුද්ධා; පසංසාකාමා සත්තා නින්දාය පටිවිරුද්ධා; සුඛකාමා සත්තා දුක්ඛෙන පටිවිරුද්ධා ආහතා පච්චාහතා ආඝාතිතා පච්චාඝාතිතාති ‘ඔසානෙත්වෙව බ්යාරුද්ධෙ.’
Sinhala BJTඔසානෙ ත්‍ථෙව බ්‍යාරුද්ධෙ - ‘ඔසානෙ ත්‍වෙව’ යනු: ජරාව සියලු යොවුන් බව අවසාන කෙරෙයි, ව්‍යාධිය සියලු අරෝග බව අවසාන කෙරෙයි, මරණය සියලු ජීවිතය අවසාන කෙරෙයි, සියලු ලාභය අලාභය තෙමේ අවසාන කෙරෙයි, සියලු යශස් අපකීර්ත්තිය අවසාන කෙරෙයි, නින්‍දාව සියලු පැසැසුම් අවසාන කෙරෙයි, දුක සියලු සුවය අවසාන කෙරේ නුයි ‘ඔසානෙ ත්‍වෙව’ යනු වේ. බ්‍යාරුද්ධෙ - යොවුන් බව කැමැති සත්ත්‍වයෝ ජරාව හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ආරෝග්‍යය කැමැති සත්ත්‍වයෝ ව්‍යාධිය හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ජීවත්වනු කැමැති සත්ත්‍වයෝ මරණය සමග ප්‍රතිවිරුද්ධ වූවාහුය, කැමැති සත්ත්‍වයෝ මරණය සමග ප්‍රතිවිරුද්ධ වූවාහුය, ලාභ කැමැති සත්ත්‍වයෝ අලාභය හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ප්‍රශංසා කැමැති සත්ත්‍වයෝ නින්‍දාව හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, සුව කැමැති සත්ත්‍වයෝ දුක හා ප්‍රතිවිරුද්ධ වූවාහුය (කෝපයෙන්) පහළාහු පිළිමල් වැ පහළාහු ගැටුණාහු වෙසෙසින් ගැටුණාහු නුයි ‘ඔසානෙ ත්වෙව බ්‍යාරුද්ධෙ’ යනු වේ.
Pali BJTදිස්වා මෙ අරති අහූති - ‘දිස්වා’ති දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති දිස්වා; මෙ අරතීති යා අරති යා අනභිරති යා අනභිරමණා යා උක්කණ්ඨිතතා යා පරිතසිතා අහූති දිස්වා මෙ අරති අහු.
Sinhala BJTදිස්වා මෙ අරතී අහු - ‘දිස්වා’ යනු: දැක පෙනී තුලනය කොට තීරණය කොට වෙසෙසින් සලකා විභූත කොට නුයි ‘දිස්වා’ යනු වේ. මෙ අරති යනු: යම් නො ඇල්මෙක් යම් නො ඇලුණු බවෙක් යම් නො ඇලුණු අයුරෙක් යම් උකටලිබවෙක් යම් හාත්පසින් බියවන බවෙක් වී නුයි ‘දිස්වා මෙ අරතී අහු’ යනු වේ.
Pali BJTඅථෙත්ථ සල්ලමද්දක්ඛින්ති - ‘අථා’ති පදසන්ධි -පෙ- පදානුපුබ්බතා මෙතං ‘අථා’ති; එත්ථාති සත්තෙසු; සල්ලන්ති සත්ත සල්ලානි: රාගසල්ලං දොසසල්ලං මොහසල්ලං මානසල්ලං දිට්ඨිසල්ලං සොකසල්ලං කථඞ්කථාසල්ලං; අද්දක්ඛින්ති අද්දසං අදක්ඛිං අපස්සිං පටිවිජ්ඣින්ති - අථෙත්ථ සල්ලමද්දක්ඛිං.
Sinhala BJTඅථෙත්‍ථ සල්ලමද්දක්ඛිං - ‘අථ’ යනු: පදසන්‍ධියැ … පදානුපූර්‍වතා යැ තෙල ‘අථ’ යනු. එත්‍ථ යනු : සත්ත්‍වයන් විෂයෙහි; සල්ල නම්: සත් ශල්‍ය කෙනෙකි: රාගශල්‍ය යැ ද්වෙෂශල්‍ය යැ මොහශල්‍ය යැ මානශල්‍ය යැ දෘෂ්ටිශල්‍ය යැ ශෝකශල්‍ය යැ කථඞ්කථාශල්‍ය යැ’ යි; අද්දක්ඛිං යනු: දිටිමි අවබෝධ කෙළෙම් නුයි ‘අථෙත්‍ථ සල්ලමද්දක්ඛිං’ යනු වේ.
Pali BJTදුද්දසං හදයස්සිතන්ති - ‘දුද්දස’න්ති දුද්දසං දුද්දක්ඛං දුප්පස්සං දුබ්බුජ්ඣං දුරනුබුජ්ඣං දුප්පටිවිජ්ඣන්ති දුද්දසං; හදයස්සිතන්ති හදයං වුච්චති චිත්තං; “යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු;{a} හදයස්සිතං හදයනිස්සිතං චිත්තසිතං චිත්තනිස්සිතං චිත්තෙන සහජාතං සහගතං සංසට්ඨං සම්පයුත්තං එකුප්පාදං එකනිරොධං එකවත්ථුකං එකාරම්මණන්ති “දුද්දසං හදයස්සිතං”.
Sinhala BJTදුද්දසං හදයස්සිතං - ‘දුද්දසං’ යනු: දුදර්‍ශ යැ නො දැක්ක හැකි යැ නො බැලියැ හැකි යැ නො දත හැකි යැ අවබෝධ කළ නො හැකි යැ ප්‍රතිවේධ කළ නො හැක්කැයි ‘දුද්දසං’ යනු වේ. හදයස්සිතං යනු: ‘හදය’ යි සිත කියනු ලැබෙයි; යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් භවාඞ්ගසිතෙක් මනසක් මනසඞ්ඛ්‍යාත ආයතනයෙක් මනෙන්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද එය යි. හෘදය (- සිත) ඇසුරු කළ හෘදයනිඃශ්‍රිත වූ සිත ඇසුරු කළ චිත්තනිඃශ්‍රිත වූ සිත හා සහගත (-නො වෙන්) වූ සමග උපන් සංසෘෂ්ට වූ සම්ප්‍රයුක්ත වූ එක් වැ උපදනා එක් වැ නිරුද්ධ වන (හෘදයවස්තු වශයෙන්) ඒකවස්තුක වූ (රූපාදි වශයෙන්) ඒකාලම්බන වූයේ නුයි ‘දුද්දසං හදයස්සිතං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඔසානෙ ත්වෙව බ්යාරුද්ධෙ දිස්වා මෙ අරතී අහු, අථෙත්ථ සල්ලමද්දක්ඛිං දුද්දසං හදයස්සිත”න්ති.
Sinhala BJT“ඔසානෙ ත්වෙව බ්‍යාරුද්ධෙ -පෙ- දුද්දසං හදයස්සිතං” යී.
Pali BJT15. 5.
Sinhala BJT15. 5.
Pali BJTයෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති, තමෙව සල්ලමබ්බුය්හ න ධාවති න සීදති.
Sinhala BJTයම් රාගාදී ශල්‍යයෙකින් අවතීර්‍ණ වූ (-විදුනා ලද) සත්ත්‍ව තෙමේ සියලු දිගට දිවෙන්නේ ද, (එහෙයින්) ඒ ශල්‍යය මැ උදුරාපියා (සියලු දිගට සියලු ගති ආදියෙහි) නො දිවෙයි. (චතුරෝඝයෙහි) නො ගැලේ.
Pali BJTයෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවතීති - ‘සල්ල’න්ති සත්ත සල්ලානි: රාගසල්ලං දොසසල්ලං මොහසල්ලං මානසල්ලං දිට්ඨිසල්ලං සොකසල්ලං කථඞ්කථාසල්ලං.
Sinhala BJTයෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති - ‘සලල’ නම්: සත් ශල්‍ය කෙනෙකි: රාගශල්‍ය යැ ද්වෙෂශල්‍ය යැ මොහශල්‍ය යැ මානශල්‍ය යැ දෘෂ්ටිශල්‍ය යැ ශෝකශල්‍ය යැ කථඞ්කථාශල්‍ය යි.
Pali BJTකතමා රාගසල්ලං? යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දිරාගො චිත්තස්ස සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. ඉදං රාගසල්ලං.
Sinhala BJTරාගශල්‍යය කවරැ යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් නැවත නැවත පැමිණැවීමෙක් කැමැති වීමෙක් නන්දි සඞ්ඛ්‍යාත රාගයෙක් චිත්තයා ගේ බලවද්රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ රාගශල්‍ය යි.
Pali BJTකතමං දොසසල්ලං? අනත්ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරිස්සතී’ති ආඝාතො ජායති -පෙ- චණ්ඩික්කං අසුරොපො{1} අනත්තමනතා චිත්තස්ස, ඉදං දොසසල්ලං.
Sinhala BJTද්වෙෂශල්‍යය කවරැ යත්: ‘මට අනර්‍තථ කළැ’ යි ආඝාත උපදී, ‘මට අනර්‍තථ කෙරෙයි’ ආඝාත උපදී, ‘මට අනර්‍තථ කරන්නේ වනැ’ යි ආඝාත උපදී … සැඩබවෙක් නො පිරුණු වචන ඇතිබවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ද්වෙෂශල්‍ය යි.
Pali BJTකතමං මොහසල්ලං? දුක්ඛෙ අඤ්ඤාණං -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ -පෙ- අපරන්තෙ - පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසඞ්ගාහනා{1} අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී{2} මොහො අකුසලමූලං, ඉදං මොහසල්ලං.
Sinhala BJTමෝහශල්‍යය කවරැ යත්: දුඃඛසත්‍යයෙහි නො දැනීම … දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි නො දැනීම, පූර්‍වාන්තයෙහි … අපරාන්තයෙහි … පූර්‍වාපරාන්තයෙහි නො දැනීම, ඉදම්ප්‍රත්‍යතා සඞ්ඛ්‍යාත ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නො දැනීම (යන) මෙ බඳු වූ යම් නො දැක්මෙක් (දහම්) නො දැනීමෙක් (අනුරූප වශයෙන්) නො දැනීමෙක් අවබෝධ නො කිරීමෙක් ප්‍රතිවේධ නො කිරීමෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) නො ගැනීමෙක් හාත්පසින් බැස නො ගැනීමෙක් සමව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවිත්‍ර බවෙක් බාලබවෙක් මෝහයෙක් බලවත් මෝහයෙක් සම්මොහයෙක් අවිද්‍යාවක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපරියුට්ඨානයෙ (සිත මැඩගැනීමෙ) ක් අවිද්‍යා නමැති කනයමක් මෝහ අකුශලමූලයෙක් වේ ද, මේ මොහශල්‍ය යි.
Pali BJTකතමං මානසල්ලං? සෙය්යොහමස්මීති මානො, සදිසොහමස්මීති මානො, හීනොහමස්මීති මානො; යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, ඉදං මානසල්ලං
Sinhala BJTමානශල්‍යය කවරැ යත්: ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ මානය වෙයි, ‘මම් සදෘශ වෙමි’ මානය වෙයි,‘මම් හීන වෙමි’ මානය වෙයි. මෙබඳු වූ යම් මානයෙක් මානාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් දැඩිව ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්‍යතාවක් වේ ද, මේ මානශල්‍ය යි.
Pali BJTකතමං දිට්ඨිසල්ලං? වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි; යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡාගාහො අයාථාවතස්මිං{3} යාථාවතන්ති ගාහො යාවතා ද්වාසට්ඨි දිට්ඨිගතානි, ඉදං දිට්ඨිසල්ලං.
Sinhala BJTදෘෂ්ටිශල්‍යය කවරැ යත්: විංශතිවස්තුක සත්කායදෘෂ්ටිය දශවස්තුකමිත්‍ථ්‍යාදෘෂ්ටිය දශවස්තුක අන්තග්‍රාහිකා දෘෂ්ටිය (යන) මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් (සම්‍යග්දෂ්ටිය විනිවිදින හෙයින්) දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩිව) ගැනීමෙක් පිහිටාගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීර්‍තථායතනයෙක් විපර්‍ය්‍යාසයෙන් ගැනීමෙක් විපරීත ව ගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) පරිවර්‍තන කොට ගැනීමෙක් මිත්‍ථ්‍යාග්‍රාහයෙක් අස්වාභාවයෙහි ස්වභාව යයි ගැනීමෙක් වේ ද, යම් පමණ ද්වාෂෂ්ටි දෘෂ්ටිගතයෝ වෙත් ද, මේ දෘෂ්ටිශල්‍ය යි.
Pali BJTකතමං සොකසල්ලං? ඤාතිබ්යසනෙන වා ඵුට්ඨස්ස භොගබ්යසනෙන වා ඵුට්ඨස්ස රොගබ්යසනෙන වා ඵුට්ඨස්ස සීලබ්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො අන්තොදාහො අන්තොපරිදාහො චෙතසො පරිජ්ඣායනා දොමනස්සං, ඉදං සොකසල්ලං.
Sinhala BJTශෝකශල්‍යය කවරැ යත්: ඥාතිව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ භොගව්‍යසනෙයෙන් හෝ මඩනා ලදහුගේ රොගව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ ශීලව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් මඩනා ලදහුගේ ශෝකයෙක් ශොකාකාරයෙක් ශෝක කළ බවෙක් අන්තර්ශොකයෙක් ඇතුළත හාත්පසින් ශෝක කිරීමෙක් අන්තර්දාහයෙක් ඇතුළත හාත්පසින් දැවීමෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් වේ ද, මේ ශෝකශල්‍ය යි.
Pali BJTකතමං කථඞ්කථාසල්ලං? දුක්ඛෙ කඞ්ඛා දුක්ඛසමුදයෙ කඞ්ඛා දුක්ඛනිරොධෙ කඞ්ඛා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය කඞ්ඛා පුබ්බන්තෙ කඞ්ඛා අපරන්තෙ කඞ්ඛා පුබ්බන්තාපරන්තෙ කඞ්ඛා ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා, යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො; ඉදං කථඞ්කථාසල්ලං.
Sinhala BJTකථඞ්කථාශල්‍ය කවරැ යත්: දුඃඛයෙහි සැකය දුඃඛසමුදයෙහි සැකය දුඃඛනිරෝධයෙහි සැකය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්තියෙහි සැකය පූර්‍වාන්තයෙහි සැකය අපරාන්තයෙහි සැකය පූර්‍වාපරාන්තයෙහි සැකය ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි සැකය (යන) මෙබඳු වූ යම් සැකයෙක් සැක අයුරෙක් සැකයට පැමිණැවූ බවෙක් විමතියෙක් විචිකිත්සාවක් දෙපරිද්දෙන් පැවැත්මෙක් ද්විධාපථයෙක් සැකයෙක් අනෛකාන්තග්‍රාහයෙක් (අරමුණෙන්) බැහැර යෑමෙක් හාත්පසින් බැහැර යෑමෙක් (අරමුණට) නො බැසගැනීමෙක් සිතෙහි තදබවෙක් චිත්තවිලෙඛයෙක් වේ ද, මේ කථඞ්කථාශල්‍ය යි.
Pali BJTයෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවතීති - රාගසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති, පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති. එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, එවම්පි රාගසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සංධාවති සංසරති, අථවා රාගසල්ලෙන ඔතිණ්ණො විද්ධො පුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො භොගෙ පරියෙසන්තො නාවාය මහාසමුද්දං පක්ඛන්දති: සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙහි රිස්සමානො ඛුප්පිපාසාහි{1} මීයමානො{2} නිගුම්බං ගච්ඡති, තක්කොලං ගච්ඡති, තක්කසිලං ගච්ඡති, කාලමුඛං ගච්ඡති, පරම්මුඛං{3} ගච්ඡති, වෙසුඞ්ගං ගච්ඡති, වෙරාපථං ගච්ඡති ජවං ගච්ඡති, තාමලිං{4} ගච්ඡති, වඞ්ගං{5} ගච්ඡති, එළවද්ධනං{6} ගච්ඡති, සුවණ්ණකූටං ගච්ඡති, සුවණ්ණභූමිං ගච්ඡති, තම්බපණ්ණිං ගච්ඡති, සුප්පාරකං{7} ගච්ඡති, භරුකච්ඡං{8} ගච්ඡති, සුරට්ඨං{9} ගච්ඡති, අඞ්ගලොකං{10} ගච්ඡති, ගඞ්ගණං{11} ගච්ඡං, පරමගඞ්ගණං{12} ගච්ඡති, යොනං ගච්ඡති, පරමයොනං ගච්ඡති, නවකං{13} ගච්ඡති, මූලපදං ගච්ඡති, මරුකන්තාරං ගච්ඡති, ජණ්ණුපථං ගච්ඡති, අජපථං ගච්ඡති, මෙණ්ඩපථං ගච්ඡති, සඞ්කුපථං ගච්ඡති, ඡත්තපථං ගච්ඡති, වංසපථං{14} ගච්ඡති, සකුණපථං ගච්ඡති, මූසිකපථං ගච්ඡති, දරීපථං ගච්ඡති, වෙත්තාධාරං{15} ගච්ඡති. පරියෙසන්තො න ලභති. අලාහමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පරියෙසන්තො ලභති. ලද්ධා ආරක්ඛමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං, න චොරා හරෙය්යුං, න අග්ගි දහෙය්ය, න උදකං වහෙය්ය, න අප්පියා දායාදා හරෙය්යුන්ති. තස්ස එවං ආරක්ඛතො ගොපයතො තෙ භොගා විප්පලුජ්ජන්ති. සො විප්පයොගමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි රාගසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සංධාවති සංසරති.
Sinhala BJTයෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති - රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි, බසින් දුසිරිතෙහි හැසිරෙයි, සිතින් දුසිරිතෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නො දුන් දැය ද හැරැගනී, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පැහැරීම ද ගෙවල් පැහැරීම ද මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි. මෙසේත් රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරෙයි. නොහොත් රාගශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත - සමන්‍වාගත වූයේ ධනය සොයමින් සීත පෙරටු කොට, උෂ්ණ පෙරටු කොට, මැසි මදුරු වා අව් දික්දෑපහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් නැවින් මහමුහුදට පිවිසෙයි: ත්‍රිගුල්ම ජනපදයට යෙයි. තක්කොලයට යෙයි, තක්‍ෂශිලාවට යෙයි, කාලමුඛයට යෙයි, පරාඞ්මුඛයට යෙයි, වෙසුඞ්ගයට යෙයි, වෙරාපථයට යෙයි, ජාවරටට යෙයි, තාමලීජනපදයට යෙයි, වගුරටට යෙයි, එඩවර්ධනයට යෙයි, ස්වර්‍ණකූටයට යෙයි, ස්වර්‍ණභූමියට යෙයි, තාම්‍රපර්ණ්ණියට යෙයි, සුප්පාරකජනපදයට යෙයි, භරුකච්ඡජනපදයට යෙයි, සෞරාෂ්ට්‍රයට යෙයි, අඞ්ගලොකයට යෙයි, ගඞ්ගණයට යෙයි, පරමගඞ්ගණයට යෙයි, යවනරටට යෙයි, පරමයවනයට යෙයි, නවකරටට යෙයි, මූලපදරටට යෙයි, මරුකාන්තාරයට යෙයි, ජණ්ණුපථයට යෙයි, අජපථයට යෙයි, මෙණ්ඩපථයට යෙයි, ශඞ්කුපථයට යෙයි, ඡත්‍රපථයට යෙයි, වංශපථයට යෙයි, සකුණපථයට යෙයි, මූෂිකපථයට යෙයි, දරීපථයට යෙයි, වෙත්‍රාධාරයට යෙයි. සොයනුයේ (භෝගයන්) නො ලැබෙයි එකල්හි නො ලැබීම හේතු කොට ද දුක් දොම්නස් විඳී. සොයනුයේ ලැබේ නම්, ලැබ ආරක්‍ෂාමූලක වූ ද දුක් දොම්නස් විඳී: ‘කවර උපායෙකින් මාගේ භෝගයන් රජවරු නො මැ හැරගන්නාහු ද සොරු නො පැහැරගන්නාහු ද ගිනි නො දවා ද වතුරු නො ගළා ද අප්‍රියදායාදයෝ නො හරනාහු දැ’ යි. මෙසේ රක්නා වූ පාලනය කරන්නා වූ ඔහුගේ ඒ භෝගයෝ වැනැසෙති, හෙතෙම විප්‍රයොගමූලක වූ ද දුක් දොම්නස් විඳී. මෙසේත් රාගශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්‍විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරේ.
Pali BJTදොසසල්ලෙන - මොහසල්ලෙන - මානසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති, පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති. එවං මානසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සන්ධාවති සංසරති.
Sinhala BJTද්වෙෂශල්‍යයෙන් - මොහශල්‍යයෙන් - මානශල්‍යයෙන් අවතීර්‍ණ විද්ධ ස්පාෂ්ට පරෙත සමවහිත සමන්‍වාගත වූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි, බසින් දුසිරිතෙහි හැසිරෙයි, සිතින් දුසිරිතෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නුදුන් දැය ද ගනී, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පැහැරීම ද කෙරෙයි, ගෙවල් පැහැරීම ද කෙරෙයි, මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් වෙත ද යෙයි, මුසවා ද බෙණෙයි, මෙසෙයින් මානශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ මඩනා ලදුයේ ඇතුළත පිවිසියේ සමන්‍විත වූයේ ඉදිරියෙහි දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරේ.
Pali BJTදිට්ඨිසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අචෙලකො හොති මුත්තාචාරො හත්ථාපලෙඛනො, න එහිභදන්තිකො, න තිට්ඨභදන්තිකො, නාභිහටං න උද්දිස්ස කතං න නිමන්තනං සාදියති. සො න කුම්භිමුඛා පතිගණ්හාති. න කළොපිමුඛා පතිගණ්හාති න එළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං භුඤ්ජමානානං න ගබ්භිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සංකිත්තීසු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී. න මච්ඡං, න මංසං, න සුරං, මෙරයං, න ථුසොදකං පිවති. සො එකාගාරිකො වා හොති. එකාලොපිකො ව. ද්වාගාරිකො වා හොති ද්වාලොපිකො -පෙ- සත්තාගාරිකො වා හොති. සත්තාලොපිකො. එකිස්සාපි දත්තියා යාපෙති. ද්වීහිපි දත්තීහි යාපෙති -පෙ- සත්තහිපි දත්තීහි යාපෙති. එකාහිකම්පි ආහාරං ආහාරෙති. ද්වාහිකම්පි ආහාරං ආහාරෙති -පෙ- සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අඩ්ඪමාකිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති. එවම්පි දිට්ඨිසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සන්ධාවති සංසරති.
Sinhala BJTදෘෂ්ටිශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ වූයේ ස්පෘෂ්ට වූයේ පීඩිත වූයේ ප්‍රවිෂ්ට වූයේ සමන්‍විත වූයේ අචේලක (- නග්නශ්‍රමණ) වෙයි, හරන ලද ආචාර ඇතියේ වෙයි, අත ලෝනේ වෙයි, (භික්‍ෂා ගැනීම සඳහා) ‘එව වහන්සැ’ යි කියන ලදුයේ නො එයි, ‘සිට වහන්සැ’ යි කියන ලදුයේ නො සිටී, පළමු එළවූ භික්‍ෂාව නො ගනී, උදෙසා කළ භික්‍ෂාව නො ගනී, නිමන්ත්‍රණය නො ඉවසයි. හෙතෙම කළමුවින් නගා දුන් භික්‍ෂාව නො ගනී, සැළමුවින් නගා දෙන ලද්ද නො පිළිගනී, එළිපත අතර කොට දුන් භික්‍ෂාව නො ගනී, දඬු අතර කොට දුන් භික්‍ෂාව - මොහොල් අතර කොට දුන් භික්‍ෂාව නො පිළිගනී, වළඳන දෙදෙනකු ගෙන් එකකු නැගීසිට දුන් භික්‍ෂාව නො පිළිගනී, ගැබිනියක දුන් භික්‍ෂාව - කිරිපොවන තෙනැත්තියක දුන් භික්‍ෂාව - පුරුෂයන් අතරට ගිය තෙනැත්තිය දුන් භික්‍ෂාව - සංකීර්ර්‍තතනය කොට දුන් කල්හි නො ගනී. ශුනකයකු එළඹසිටි තැන භික්‍ෂාව - මැස්සන් මුළුමුළු වැ හුන් තැන දුන් භික්‍ෂාව නො පිළිගනී. මත්ස්‍යමාංස රහමෙර නො පිළිගනී, තුසදිය (- සෞවීරකරසය) පානය නො කෙරෙයි. හෙතෙම පිඬුසිඟන එක ගෙයක් ඇත්තේ හෝ එක ආලොපයකින් යැපෙන්නේ හෝ වෙයි, දෙ ගෙයක් ඇත්තේ හෝ දෙ ආලොපයකින් යැපෙන්නේ හෝ වෙයි … සප්තාගාරික හෝ සප්තාලොපික වූයේ වෙයි, එක් දත්තිය (කුඩා බත් තලිය) කින් ද යැපෙන්නේ වෙයි, බත්තලි දෙකකින් ද … බත්තලි සතකින් ද යැපෙන්නේ වෙයි; එකාභික (-එක දවසක් අතුරු කළ) ආහාරය ද වළඳයි, දෙ දවසක් අතුරු කළ ආහාරය ද වළඳයි … සප්තාහික ආහාරය ද වළඳයි. මෙසේ මෙබඳු අර්ධමාසික වූ ද වාරබත වැළඳීමෙහි යෙදී වෙසෙයි. මෙසේත් දෘෂ්ටිශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ වූයේ ස්පෘෂ්ට වූයේ පීඩිත වූයේ ප්‍රවිෂ්ට වූයේ සමන්‍වාගත වූයේ ධාවන - විධාවන - සන්‍ධාවන කෙරෙයි, සංසරණය කෙරේ.
Pali BJTඅථවා දිට්ඨිසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො සො සාකභක්ඛො වා හොති, සාමාකභක්ඛො වා හොති, නීවාරභක්ඛො වා හොති, දද්දුලභක්ඛො වා හොති, හටභක්ඛො වා හොති, කණභක්ඛො වා හොති, ආචාමභක්ඛො වා හොති, පිඤ්ඤාකභක්ඛො වා හොති, තිලභක්ඛො වා හොති, තිණභක්ඛො වා හොති, ගොමයභක්ඛො වා හොති, වනමූලඵලාහාරො වා යාපෙති පවත්තඵලභොජනො. සො සාණානිපි ධාරෙති, මසාණානිපි ධාරෙති, ඡවදුස්සානිපි ධාරෙති, පංසුකූලානිපි ධාරෙති,
Sinhala BJTනොහොත් දෘෂ්ටිශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා - පහස්නා - මඩනා ලදුයේ පිවිසියේ සමන්‍විත වූයේ හෙතෙම අමුපලා කන්නේ හෝ වෙයි, බොඩහමුසහල් බුදින්නේ හෝ වෙයි, ස්වයංජාත වී (හූරුහැල්) බුදින්නේ හෝ වෙයි, සම්කැබැලි බුදින්නේ හෝ වෙයි, රුක්ලාටු බුදින්නේ හෝ වෙයි. කුඩු බුදින්නේ හෝ වෙයි, දමුබත් බුදින්නේ හෝ වෙයි, මුරුවට බුදින්නේ හෝ වෙයි, තල බුදින්නේ හෝ වෙයි, තණකොළ බුදින්නේ හෝ වෙයි, ගොම බුදින්නේ හෝ වෙයි, වනමුල්ඵල ආහාර කොට ඇත්තේ හෝ වැටුණු ගෙඩි බුදිනුයේ යැපෙයි. හේ සණවැහැරි ද දරයි, මිශ්‍රකවස්ත්‍ර ද දරයි, මළසිරුරින් බැහැර කළ වස්ත්‍ර ද දරයි, පාංශුකූල ද දරයි
Pali BJTතිරීටානිපි ධාරෙති - අජිනානිපි ධාරෙති - අජිනක්ඛිපම්පි ධාරෙති, කුසචීරම්පි ධාරෙති, වාකචීරම්පි ධාරෙති, ඵලකචීරම්පි ධාරෙති, කෙසකම්බලම්පි ධාරෙති, වාලකම්බලම්පි ධාරෙති, උලූකපක්ඛම්පි ධාරෙති, කෙසමස්සුලොචකොපි හොති, කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො විහරති. උබ්භට්ඨකොපි හොති ආසනපටික්ඛිත්තො, උක්කුටිකොපි හොති උක්කුටිකප්පධානමනුයුත්තො. කණ්ටකාපස්සයිකොපි හොති කණ්ටකාපස්සයෙ සෙය්යං කප්පෙති, ඵලකසෙය්යම්පි කප්පෙති, ථණ්ඩිලසෙය්යම්පි කප්පෙති, එකාපස්සයිකො හොති රජොජල්ලධරො, අබ්භොකාසිකො හොති යථාසන්ථතිකො, වෙකටිකොපි හොති විකටභොජනානුයොගමනුයුත්තො, අපානකොපි හොති අපානභත්තමනුයුත්තො, සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති. ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරති. එවම්පි දිට්ඨිසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සන්ධාවති සංසරති.
Sinhala BJTරුක්සුඹුළු වස්ත්‍ර ද දරයි, අඳුන්මුවසමු දු දරයි, මැදින් පැළු අඳුන්මුවසමු දු දරයි, කුසවැහැරි දු දරයි, සුඹුලු වැහැරි දු දරයි, පුවරුවැහැරිදු දරයි, මිනිස් කෙයින් කළ කම්බිලි දු දරයි, අස්වලින් කළ කම්බිලි දරයි, බකමුහුණුපියාපතින් කළ වස්ත්‍ර දරයි. කෙස් රවුළු උදුරන්නේ ද වෙයි, කෙස් රවුළු ඉදිරීමෙහි යෙදී වාසය කෙරෙයි. ආසන ප්‍රතික්‍ෂේප කෙළේ උඩුකුරුව සිටිනේ ද වෙයි, උක්කුටික වීර්‍ය්‍යයෙහි යෙදුණේ උක්කුටික වූයේ ද වෙයි, කටුඇතිරියෙහි නියුක්ත වූයේ ද වෙයි, කටුඇතිරියෙහි ශයනය කෙරෙයි. පුවරුයෙහි ශයනය ද කෙරෙයි, උස්බිමැ ශයනය ද කෙරෙයි, රජස් දැලි දරනුයේ එක් ඇලයකින් හෝනේ වෙයි, අතුළ සේ හිඳිනා සුලු වූයේ අභ්‍යවකාශයෙහි යෙදුණේ වෙයි. විකෘත (ගූථ) භෝජනයෙහි යෙදුණේ විකෘතය බුදිනසුලු වූයේ ද වෙයි, දිය නුමුසු බත් බිදීමෙහි යෙදුණේ ප්‍රතික්‍ෂේප කළ සිහිල් දිය ඇත්තේ ද වෙයි. සවස තුන්වැනි කොට උදකාවරෝහණයෙහි යෙදුණේ වාසය කෙරෙයි. මෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය තවන හාත්පසින් තවන යෝගයෙහි යෙදුණේ වාසය කෙරෙයි. මෙසේත් දෘෂ්ටිශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ මඩනා ලදුයේ ඇතුළත පිවිසියේ සමන්‍විත වූයේ ධාවනය විධාවනය සන්‍ධාවනය කෙරෙයි, සංසරණය කෙරේ.
Pali BJTසොකසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. වුත්තං හෙතං භගවතා: “භූතපුබ්බං බ්රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරිස්සා ඉත්ථියා මාතා කාලමකාසි. සා තස්සා කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ මාතරං අද්දසථ? අපි මෙ මාතරං අද්දසථා’ති.{a} භූතපුබ්බං බ්රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරිස්සා ඉත්ථියා පිතා කාලමකාසි - භාතා කාලමකාසි - භගිනී කාලමකාසි පුත්තො කාලමකාසි - ධීතා කාලමකාසි - සාමිකො කාලමකාසි. සා තස්ස කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ සාමිකං අද්දසථ? අපි මෙ සාමිකං අද්දසථා’ති.{a} භූතපුබ්බං බ්රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස මාතා කාලමකාසි. සො තස්සා කාලකිරියාය උම්මත්තකො ඛිත්තචිත්තො රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ මාතරං අද්දසථ? අපි මෙ මාතරං අද්දසථා: ති.{a} භූතපුබ්බං බ්රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස පිතා කාලමකාසි - භාතා කාලමකාසි - භගිනී කාලමකාසි - පුත්තො කාලමකාසි - ධීතා කාලමකාසි - පජාපති කාලමකාසි. සො තස්සා කාලකිරියාය උම්මත්තකො ඛිත්තචිත්තො රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ පජාපතිං අද්දසථ? අපි මෙ පජාපතිං අද්දසථා’ති.{a} භූතපුබ්බං බ්රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරා ඉත්ථි ඤාතිකුලං අගමාසි. තස්සා තෙ ඤාතකා සාමිකං අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා. සා ච නං න ඉච්ඡති. අථ ඛො සා ඉත්ථි සාමිකං එතදවොච: ‘ඉමෙ මං අය්යපුත්ත, ඤාතකා තව අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා. උභො මයං මරිස්සාමා’ති. අථ ඛො සො පුරිසො තං ඉත්ථිං ද්විධා ඡෙත්වා අත්තානං ඔපාතෙසි{1} උභො පෙච්ච භවිස්සාමා’ති.{a} එවං සොකසල්ලෙන ඔතිණ්ණො විද්ධො පුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සන්ධාවති සංසරති.
Sinhala BJTශෝකශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත - සමන්‍වාගත වූයේ ශෝක කෙරෙයි, වෙහෙසෙයි, විලාප කියයි, ළෙහි පැහැර හඬයි, සම්මෝහයට පැමිණේ. මේ වදාරණ ලද මැ ය, භාග්‍යවතුන් විසින්: “බමුණ, පෙර වූවක් කියමි: මේ සැවැත්නුවර මැ එක්තරා ගැහැනියකගේ මව මළා යැ. ඕ තොමෝ ඇගේ මරණයෙන් උමතු වූවා නට සිත් ඇත්තී වීදියෙන් වීදියට සන්‍ධියෙන් සන්‍ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ මව දුටුවහු ද? මාගේ මව දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවක් කියමි: මේ සැවැතෙහි එක්තරා ගැහැනියකගේ පියා මළේ ය - බෑයා මළේ ය - බූන මළා යැ - පුත් මළේ ය - දුව මළා යැ - සැමියා මළේ ය. ඕ තොමෝ ඔහුගේ මරණයෙන් උමතු වූවා නට සිත් ඇත්තී වීදියෙන් වීදියට සන්‍ධියෙන් සන්‍ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ සැමියා දුටුවහු ද? මාගේ සැමියා දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවක් කියමි: මේ සැවැතෙහි එක්තරා මිනිසකුගේ මව මළා ය. හෙතෙම ඇගේ මරණයෙන් උමතු වූයේ නට සිත් ඇත්තේ වීදියෙන් වීදියට සන්‍ධියෙන් සන්‍ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ මව දුටුවහු ද? මාගේ මව දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවකි: මේ සැවැතෙහි මැ එක්තරා මිනිසකුගේ පියා මළේ ය - බෑයා මළේ ය - භගිනිය මළා යැ - පුතා මළේ ය - දුව මළා ය - භාර්‍ය්‍යාව මළා ය. හෙතෙම ඈගේ මරණයෙන් උමතු වූයේ නට සිත් ඇතියේ වීදියෙන් වීදියට සන්‍ධියෙන් සන්‍ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ භාර්‍ය්‍යාව දුටුවහු ද? මාගේ භාර්‍ය්‍යාව දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවකි: මේ සැවැතෙහි මැ එක්තරා ගැහැනියක් ඥාතිකුලයට ගියා යැ. ඇගේ ඒ නෑයෝ සැමියාගෙන් අසිඳගෙන අන් මිනිසකුට දෙනු කැමැති වූහ. එහෙත් ඕ ඒ මිනිසා නො කැමැති වෙයි. ඉක්බිති ඕ ස්ත්‍රිය සැමියාට කිව: ‘සාමිදරුවාණෙනි, මේ නෑයෝ මා තොපගෙන් අසිඳගෙන අනෙකක් හට දෙනු කැමැත්තාහ. ඇපි දෙදෙන මැරෙම්හ’ යි. එකල ඒ මිනිසා ඒ ගැහැනිය දෙකඩ කොට සිඳ තමා නැසීය. “දෙදෙන පරලොව ගොස් එක්වම්හ” යි. මෙසේ ශෝකශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත සමන්‍වාගත වූයේ ධාවන - විධාවන - සන්‍ධාවන කෙරෙයි, සංසරණය කෙරේ.
Pali BJTකථඞ්කථාසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො සංසයපක්ඛන්තො හොති විමතිපක්ඛන්තො ද්වෙළ්හකජාතො: ‘අහොසිං නු ඛො අහං අතීතමද්ධානං? න නු ඛො අහොසිං අතීතමද්ධානං? කිං නු ඛො අහොසිං අතීතමද්ධානං? කථං නු ඛො අහොසිං අතීතමද්ධානං? කිං හුත්වා කිං අහොසිං නු ඛො අතීතමද්ධානං? භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානං? න නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? කිං නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? කථං නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? කිං හුත්වා කිං භවිස්සාමි නු ඛො අනාගතමද්ධානං? එතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කථඞ්කථී හොති: අහං නු ඛොස්මි? නො නු ඛොස්මි? කිං නු ඛොස්මි? කථං නු ඛොස්මි? අයං නු ඛො සත්තො කුතො ආගතො? සො කුහිං ගාමී භවිස්සතී’ති. එවං කථඞ්කථාසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සන්ධාවති සංසරති. තෙ සල්ලෙ අභිසඞ්ඛරොති. තෙ සල්ලෙ අභිසඞ්ඛරොන්තො සල්ලාභිසඞ්ඛාරවසෙන පුරත්ථිමං දිසං ධාවති. පච්ඡිමං දිසං ධාවති. උත්තරං දිසං ධාවති. දක්ඛිණං දිසං ධාවති. තෙ සල්ලාභිසඞ්ඛාරා අප්පහීනා. සල්ලාභිසඞ්ඛාරානං අප්පහීනත්තා ගතියා ධාවති නිරයෙ ධාවති. තිරච්ඡානයොනියා ධාවති. පෙත්තිවිසයෙ ධාවති. මනුස්සලොකෙ ධාවති. දෙවලොකෙ ධාවති. ගතියා ගතිං උප්පත්තියා උපපත්තිං පටිසන්ධියා පටිසන්ධිං භවෙන භවං සංසාරෙන සංසාරං වට්ටෙන වට්ටං ධාවති විධාවති සන්ධාවති සංසරතීති - යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති.
Sinhala BJTකථඞ්කථාශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්‍විත වූයේ සැකයට පැමිණියේ වෙයි. විමතියට පැමිණියේ දෙසිත් වූයේ වෙයි: ‘මම් අතීතකාලයෙහි වූයෙම් දෝ හෝ අතීතයෙහි නො වූයෙම් දෝ හෝ (ජාත්‍යාදිය නිසා) අතීතයෙහි කුමක් වූයෙම් දෝ හෝ අතීතයෙහි කෙසේ වූයෙම් දෝ හෝ අතීතයෙහි (ජාත්‍යාදිය අතුරෙන්) කුමක් වැ කුමක් වූයෙම් දෝ හෝ, මම් අනාගතකාලයෙහි වන්නෙම් දෝ හෝ අනාගතයෙහි නො වන්නෙම් දෝ හෝ (ජාත්‍යාදිය නිසා) අනාගතයෙහි කුමක් වන්නෙම් දෝ හෝ අනාගතයෙහි කෙසේ වන්නෙමේ දෝ හෝ අනාගතයෙහි (ජාත්‍යාදිය අතුරෙන්) කුමක් වැ කුමක් වන්නෙම් දෝ හෝ, මේ වර්‍තමානකාලය අරබයා හෝ සැක ඇත්තේ වෙයි: මම් වෙම් දෝ හෝ නො වෙම් දෝ හෝ කුමක් වෙම් දෝ හෝ කෙසේ වෙම් දෝ හෝ මේ සත්ත්‍වයා කොයින් ආයේ දෝ හෝ කොහි යනසුලු වන්නේ දැ’ යි. මෙසේ කථඞ්කථාශල්‍යයෙන් අවතීර්‍ණ වූයේ විදුනා ලද්දේ පහස්නා ලද්දේ මැඩුණේ පිවිසියේ සමන්‍විත වූයේ ධාවන - විධාවන — සන්‍ධාවන කෙරෙයි, සංසරණය කෙරේ; ඒ රාගාදි ශල්‍යයන් උපදවයි. ඒ ශල්‍යයන් උපදවනුයේ ශල්‍යයන් ඉපදවීම් වශයෙන් පෙරදිගට දිවෙයි, පැළදෙසට දිවෙයි, උතුරු දෙසට දිවෙයි, දකුණු දෙසට දිවේ. ඒ රාගාදි ශල්‍යප්‍රයොගයෝ අප්‍රහීණ වූවාහු ය. ශල්‍යාභිසංස්කාරයන් අප්‍රහීණ වන බැවින් ගතියෙහි දිවෙයි, නිරයෙහි දිවෙයි, තිරිසන්යොන්හි දිවෙයි, ප්‍රේතවිෂයයෙහි දිවෙයි, මිනිස්ලොවැ දිවෙයි, දෙව්ලොවැ දිවෙයි, ගතියෙන් ගතියට උපතින් උපතට පිළිසඳින් පිළිසඳට භවයෙන් භවයට සසරින් සසරට වටින් වටට ධාවන - විධාවන - සන්‍ධාවනය කෙරෙයි. සංසරණය කෙරේ නුයි ‘යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති’ යනු වේ.
Pali BJTතමෙව සල්ලමබ්බුය්හ න ධාවති න සීදතීති - තමෙව රාගසල්ලං දොසසල්ලං මොහසල්ලං මානසල්ලං දිට්ඨිසල්ලං සොකසල්ලං කථඞ්කථාසල්ලං අබ්බුය්හ අබ්බුහිත්වා උද්ධරිත්වා සමුද්ධරිත්වා උප්පාටයිත්වා සමුප්පාටයිත්වා{1} පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා නෙව පුරත්ථිමං දිසං ධාවති. න පච්ඡිමං දිසං ධාවති. න උත්තරං දිසං ධාවති. න දක්ඛිණං දිසං ධාවති. තෙ සල්ලාභිසඞ්ඛාරා පහීනා. සල්ලාභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා න ධාවති. නිරයෙ න ධාවති. තිරච්ඡානයොනියා න ධාවති. පෙත්තිවිසයෙ න ධාවති. මනුස්සලොකෙ න ධාවති. දෙවලොකෙ න ධාවති. න ගතියා ගතිං - න උපපත්තියා උපපත්තිං - න පටිසන්ධියා පටිසන්ධිං - න භවෙන භවං - න සංසාරෙන සංසාරං - න වට්ටෙන වට්ටං ධාවති විධාවති සංධාවති සංසරතීති - තමෙව සල්ලමබ්බුය්හ. න ධාවති න සීදතීති කාමොඝෙ න සීදති. භවොඝෙ න සීදති. දිට්ඨොඝෙ න සීදති. අවිජ්ජොඝෙ න සීදති. න සංසීදති න අවසීදති න ගච්ඡති න අවගච්ඡතීති - තමෙව සල්ලමබ්බුය්හ න ධාවති න සීදති.
Sinhala BJTතමෙව සල්ලමබ්බුයහ න ධාවති න සීදති - එ මැ රාගශල්‍යය ද්වෙෂශල්‍යය මෝහශල්‍යය මානශල්‍යය දෘෂ්ටිශල්‍යය ශෝකශල්‍යය කථඞ්කථාශල්‍යය බැහැර කොට බැහැර පියා උදුරා මොනොවට උදුරා උපුටා මොනොවට උපුටා හැර දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා පෙරදිගට නො මැ දිවෙයි, පැළදෙසට නො දිවෙයි, උතුරුදෙසට නො දිවෙයි, දකුණුදෙසට නො දිවෙයි. ඒ රාගාදිශල්‍යප්‍රයොගයෝ ප්‍රහීණ වූවාහු ය. ශල්‍යාභිසංස්කාරයන් ප්‍රහීණවන බැවින් ගතියෙහි නො දිවෙයි, නිරයෙහි නො දිවෙයි, තිරිසන්යොන්හි නො දිවෙයි, ප්‍රේතවිෂයෙහි නො දිවෙයි, මිනිස්ලොවැ නො දිවෙයි, දෙව්ලොවැ නො දිවෙයි, ගතියෙන් ගතියට - උපතින් උපතට - පිළිසඳින් පිළිසඳට - භවයෙන් භවයට - සසරින් සසරට - වටින් වටට නො දිවෙයි, වෙසෙසින් නො දිවෙයි, වේගයෙන් නො දිවෙයි, ඔබිනොබැ නො හැසිරේ නුයි ‘තමෙව සල්ලමබ්බුයහ’ යනු වේ. න ධාවති න සීදති - කාමොඝයෙහි නො ගැලෙයි, භවොඝයෙහි නො ගැලෙයි, දෘෂ්ට්‍යොඝයෙහි නො ගැලෙයි, අවිද්‍යොඝයෙහි නො ගැලෙයි, හාත්පසින් නො ගැලෙයි, ඇතුළත නො ගැලෙයි, නො පිවිසෙයි, නො යෙයි, නො බැසගනී නුයි ‘තමෙව සල්ලමබ්බුයහ න ධාවති න සීදති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති. තමෙව සල්ලමබ්බුය්හ න ධාවති න සීදතී”ති
Sinhala BJT“යෙන සල්ලෙන ඔතිණ්ණො -පෙ- න ධාවති න සීදති” යී.
Pali BJT15. 6.
Sinhala BJT15. 6.
Pali BJTතත්ථ සික්ඛානුගීයන්ති යානි ලොකෙ ගථිතානි.{1} න තෙසු පසුතො සියා නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ, සික්ඛෙ නිබ්බානමත්තනො.
Sinhala BJTසත්ත්‍වලෝකයෙහි යම් පස්කම්ගුණ කෙනෙක් වෙත් නම්, ඒ නිමිති කොට (හස්තිශික්‍ෂාදි) අනෙක ශික්‍ෂා උගන්නා ලැබෙත්. (නුවණැති කුලපුත්‍ර තෙමේ) ඒ පස්කම්ගුණයන්හි හෝ හස්තිශික්‍ෂාදියෙහි ප්‍රයුක්ත වූයේ නො වන්නේ ය. (එහෙයින්) වස්තුකාමක්ලෙශකාමයන් සර්‍වාකාරයෙන් (අනිත්‍යාදි දර්‍ශනයෙන්) ප්‍රතිවේධ කොට තමාගේ (රාගාදිය) නිවීමට හික්මෙන්නේ යි.
Pali BJTතත්ථ සික්ඛානුගීයන්ති යානි ලොකො ගථිතානීති - ‘සික්ඛා’ති හත්ථිසික්ඛා අස්සසික්ඛා රථසික්ඛා සාලාකියං සල්ලකත්තියං කායතිකිච්ඡං භූතියං කොමාරභච්චං.{2} ගීයන්තීති නිග්ගීයන්ති කථියන්ති භණීයන්ති දීපීයන්ති වොහරීයන්ති. අථවා ගීයන්ති - ගණ්හීයන්ති උග්ගණ්හීයන්ති ධාරීයන්ති උපධාරීයන්ති උපලක්ඛියන්ති ගථිතපටිලාභාය. ගථිතා වුච්චන්ති පඤ්ච කාමගුණා: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. කිං කාරණා ගථිතා වුච්චන්ති පඤ්ච කාමගුණා? යෙභුය්යෙන දෙවමනුස්සා පඤ්ච කාමගුණෙ ඉච්ඡන්ති සාදියන්ති පත්ථයන්ති පිහයන්ති අභිජප්පන්ති; තඞ්කාරණා ගථිතා වුච්චන්ති පඤ්ච කාමගුණා. ලොකෙති මනුස්ස -පෙ- ලොකෙති - තත්ථ සික්ඛානුගීයන්ති යානි ලොකෙ ගථිතානි.
Sinhala BJTතත්‍ථ සික්ඛානුගීයන්ති යානි ලෝකේ ගථිතානි - ‘සික්ඛා’ යනු: හස්තිශික්‍ෂා යැ අශ්වශික්‍ෂා යැ රථශික්‍ෂා යැ ධනුශ්ශික්‍ෂා යැ ශාලාක්‍යතන්ත්‍ර යැ ශල්‍යකර්‍ම යැ කායචිකිත්සා යැ භෞතිකවිද්‍යා යැ කෞමාරභෘත්‍ය යි. ගීයන්ති යනු: ගයනු ලැබෙති, කියනු ලැබෙති, බණනු ලැබෙති, දක්වනු ලැබෙති, ව්‍යවහාර කරනු ලැබෙත්. නොහොත් ගීයන්ති - පස්කම්ගුණ ප්‍රතිලාභය සඳහා ගන්නා ලැබෙති, උගන්නා ලැබෙති, දරනු ලැබෙති, විමසනු ලැබෙති, සලකනු ලැබෙත්. ‘ගථිත’ යී පස්කම්ගුණයෝ කියනු ලැබෙත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ කාමාස්වාදයෙන් යුත් ඇලුම් කටයුතු වූ චක්‍ෂුර්විඥානයෙන් දැක්කයුතු රූපයෝ යි. කවර කරුණෙකින් පස්කම්ගුණයෝ ‘ගථිත’ යි කියනු ලැබෙති යත්: බොහෝසෙයින් දිව්‍යමනුෂ්‍යයෝ පස්කම්ගුණයන් කැමැති වෙති, ඉවසති, පතති, රුචි කෙරෙති, අභිජල්පනය කෙරෙත්; එකරුණෙන් පස්කම්ගුණයෝ ‘ගථිත’ යි කියනු ලැබෙත්. ලෝකේ යනු: මිනිස්ලොවැ … ආයතනලෝකයෙහි නුයි ‘තත්‍ථ සික්ඛානුගීයන්ති යානි ලෝකේ ගථිතානි’ යනු වේ.
Pali BJTන තෙසු පසුතො සියාති - තාසු වා සික්ඛාසු තෙසු වා පඤ්චසු කාමගුණෙසු න පසුතො සියා, න තන්නින්නො අස්ස, න තප්පොණො න තප්පබ්භාරො න තදධිමුත්තො න තදධිපතෙය්යොති - න තෙසු පසුතො සියා.
Sinhala BJTන තෙසු පසුතො සියා - ඒ ශික්‍ෂාවන්හි හෝ ඒ පස්කම්ගුණයන්හි හෝ නො ඇලුණේ වන්නේ යැ, ඊට නැමුණේ නො වන්නේ යැ, ඊට නැබුරු වූයේ නො වන්නේ යැ, ඊට බර වූයේ නො වන්නේ යැ, එහි මුසපත් වූයේ නො වන්නේ යැ, එය අධිපති කොට ඇත්තේ නො වන්නේ නුයි ‘න තෙසු පසුතො සියා’ යනු වේ.
Pali BJTනිබ්බිජ්ඣ සබ්බසො කාමෙති - ‘නිබ්බිජ්ඣා’ති පටිවිජ්ඣිත්වා; සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති පටිවිජ්ඣිත්වා සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති පටිවිජ්ඣිත්වා -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති පටිවිජ්ඣිත්වා; සබ්බසොති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං සබ්බසොති; කාමාති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ.
Sinhala BJTනිබ්බිජ්ඣ සබ්බසො කාමෙ - ‘නිබ්බිජ්ඣ’ යනු: ප්‍රතිවේධ කොට ’සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි ප්‍රතිවේධ කොට ‘සියලු සංස්කාරයෝ දුක්හ’ යි ප්‍රතිවේධ කොට … ‘යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාව ඇතැ’ යි ප්‍රතිවේධ කොට; සබ්බසො යනු: සියල්ලෙන් සියල්ල සියලු ලෙසින් සියල්ල අශේෂ කොට නිශෙශෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි මේ ‘සබ්බසො’ යනු. කාමා යනු: විස්තර හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි … මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත් නුයි ‘නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ’ යනු වේ.
Pali BJTසික්ඛෙ නිබ්බානමත්තනොති - ‘සික්ඛා’ති තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා -පෙ- අයං අධිපඤ්ඤාසික්ඛා. නිබ්බානමත්තනොති අත්තනො රාගස්ස නිබ්බාපනාය දොසස්ස නිබ්බාපනාය මොහස්ස නිබ්බාපනාය -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං සමාය උපසමාය වූපසමාය නිබ්බාපනාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්ය, අධිචිත්තම්පි සික්ඛෙය්ය, අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය.
Sinhala BJTසික්ඛෙ නිබ්බානමත්තනො - ‘සික්ඛා’ නම්: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥාශික්‍ෂා යැයි … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු තමාගේ රාගය නිවීමට ද්වේෂය නිවීමට මෝහය නිවීමට … සියලු අකුශලාභිසංස්කාරයන් ශමනයට මතු මත්තෙහි ශමනයට සන්හිඳුවීමට නිර්‍වාපණයට (මාර්‍ගයෙන්) දුරලීමට (ඵලයෙන්) අපුනරුත්පත්තියට අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ, අධිචිත්තයෙහි ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ ය.
Pali BJTඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය ජානන්තො සික්ඛෙය්ය -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය ආචරෙය්ය සමාචරෙය්ය, සමාදාය වත්තෙය්යා’ති ‘සික්ඛෙ නිබ්බානමත්තනො.’
Sinhala BJTමේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කටයුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ, මොනොවට හැසිරෙන්නේ යැ, සමාදන් වැ පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“තත්ථ සික්ඛානුගීයන්ති යානි ලොකෙ ගථිතානි, න තෙසු පසුතො සියා නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ, සික්ඛෙ නිබ්බානමත්තනො”ති.
Sinhala BJT“තත්‍ථ සික්ඛානුගීයන්ති -පෙ- සික්ඛෙ නිබ්බානමත්තනො” යී.
Pali BJT15. 7.
Sinhala BJT15. 7.
Pali BJTසච්චො සියා අප්පගබ්භො අමායො රිත්තපෙසුනො, අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි.
Sinhala BJT(නිවනට හික්මෙන) මුනි තෙම සත්‍යයෙන් යුක්ත වූයේ වන්නේ යැ ප්‍රාගල්භ්‍ය රහිත වන්නේ ය, මායාවෙන් වෙන් වූයේ වන්නේ යැ, ප්‍රහීණ කළ පෛශුන්‍ය ඇත්තේ වන්නේ යැ, ක්‍රෝධ නො කරනුයේ ලොභපාපය ද මාත්සර්‍ය්‍යය ද ඉක්මවන්නේ යි.
Pali BJTසච්චො සියා අප්පගබ්භොති - ‘සච්චො සියා’ති සච්චවාචාය සමන්නාගතො සියා, සම්මාදිට්ඨියා සමන්නාගතො සියා, අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො සියාති සච්චො සියා; අප්පගබ්භොති තීණි පාගබ්භියානි: කායිකං පාගබ්භියං වාචසිකං පාගබ්භියං චෙතසිකං පාගබ්භියං -පෙ- ඉදං චෙතසිකං පාගබ්භියං. යස්සිමානි තීණි පාගබ්භියානි පහීනානි සමුච්ඡින්නානි වුපසන්තානි. පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි, සො වුච්චති අප්පගබ්භොති - සච්චො සියා අප්පගබ්භො.
Sinhala BJTසච්චො සියා අප්පගබ්භො - ‘සච්චො සියා’ යනු: සත්‍යවචනයෙන් සමන්‍විත වූයේ වන්නේ යැ, සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍විත වූයේ වන්නේ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි, ‘සච්චො සියා’ යනු වේ. අප්පගබ්භො යනු: ප්‍රාගල්භ්‍ය තුනෙකි: කායිකප්‍රාගල්භ්‍ය යැ වාචසිකප්‍රාගල්භ්‍ය යැ චෛතසිකප්‍රාගල්භ්‍ය යැයි … මේ චෛතසිකප්‍රාගල්භ්‍ය යයි. යමක්හු විසින් මේ තුන් ප්‍රාගල්භ්‍යයෝ ප්‍රහීණ කරන ලද්දාහු මුලසුන් කරන ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු ද, හේ ‘අප්පගබ්භ’ යී කියනු ලැබේ නුයි ‘සච්චො සියා අප්පගබ්භො’ යනු වේ.
Pali BJTඅමායො රිත්තපෙසුනොති - මායා වුච්චති වඤ්චනිකා චරියා. ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා තස්ස පටිච්ඡාදනහෙතු පාපිකං ඉච්ඡං පණිදහති: මා මං ජඤ්ඤා: ති ඉච්ඡති, ‘මා මං ජඤ්ඤා’ති සඞ්කප්පෙති, ‘මා මං කඤ්ඤා’ති වාචං භාසති, ‘මා මං ජඤ්ඤා’ති කායෙන පරක්කමති. යා එවරූපා මායා මායාවිතා අච්චසරා වඤ්චනා නිකති නිකිරණා පරිහරණා ගූහනා පරිගූහනා ඡාදනා පටිච්ඡාදනා{1} අනුත්තානීකම්මං අනාවීකම්මං වොච්ඡාදනා පාපකිරියා. අයං වුච්චති මායා. යස්සෙසා මායා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා. සො වුච්චති අමායො. රිත්තපෙසුනොති ‘පෙසුඤ්ඤ’න්ති: ඉධෙකච්චො පිසුනවාචො හොති -පෙ- එවං භෙදාධිප්පායො පෙසුඤ්ඤං උපසංහරති; යස්සෙතං පෙසුඤ්ඤං පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪං, සො වුච්චති රිත්තපෙසුනො විවිත්තපෙසුනො පවිවිත්තපෙසුනොති - අමායො රිත්තපෙසුනො.
Sinhala BJTඅමායො රිත්තපෙසුනො - ‘මායා’ යී වාඤ්චනික හැසිරීම කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිර, බසින් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, එය වසනු නිසා ලාමක ආශාව පිහිටුවයි; ‘නහමක් මා දනීව’ යි කැමැති වෙයි; ‘නහමක් මා දනීව’ යි සලකයි; ‘නහමක් මා දනීව’ යි වචන කියයි; ‘නහමක් මා දනීව’ යි කයින් වෑයම් කෙරෙයි; මෙබඳු වූ යම් මායාවක් මායා ඇතිබවක් ඉක්මැයෑමක් වඤ්චාවක් (ප්‍රතිරූපයෙන් රවටන) නිකෘතියක් (පාපය) යටපත් කිරීමක් බැහැර කිරීමක් සැඟවීමක් හාත්පසින් සැඟවීමක් වැසීමක් හාත්පසින් වැසීමක් ප්‍රකාශ නො කිරීමක් ප්‍රකට නො කිරීමක් මොනොවට වැසීමක් පාපක්‍රියාවක් වේ ද, මෝ මායා යී කියනු ලබයි. යමක්හු විසින් තෙල මායාව ප්‍රහීණ කරන ලද්දී මුලුසුන් කරන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්‍යොත්පත්තිකක වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම ‘අමාය’ යී කියනු ලැබෙයි. රිත්තපෙසුනො ‘පෙසුඤ්ඤ’ නම්: මෙහි කිසිවෙක් පිසුනුබස් කියන්නේ වෙයි … මෙසේ බිඳුවන අදහස් ඇතියේ පිසුනුබස් එළවා කියයි. යමකු විසින් තෙල පෛශුන්‍යය ප්‍රහීණ කරන ලද ද මුල් සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘රිත්තපෙසුන’ යැ විවිත්තපෙසුන යැ පවිවිත්තපෙසුන යැයි කියනු ලැබේනුයි - ‘අමායො රිත්තපෙසුනො’ යනු වේ.
Pali BJTඅක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනීති - අක්කොධනොති හි වුත්තං. අපි ච කොධො තාව වත්තබ්බො. දසහාකාරෙහි කොධො ජායති: අනත්ථං මෙ අචරීති කොධො ජායති -පෙ- යස්සෙසෙ කොධො පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො, සො වුච්චති අක්කොධනො. කොධස්ස පහීනත්තා අක්කොධනො, කොධවත්ථුස්ස පරිඤ්ඤාතත්තා අක්කොධනො, කොධහෙතුස්ස උපච්ඡින්නත්තා අක්කොධනො. ලොභොති යො ලොභො ලුබ්භනා ලුබ්භිතත්තං -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; වෙවිච්ඡං වුච්චති පඤ්ච මච්ඡරියානි ආවාසමච්ඡරියං -පෙ- ගාහො වුච්චති මච්ඡරියං. මුනීති මොනං වුච්චති ඤාණං -පෙ- “සඞ්ගජාලමතිච්ච සො මුනී”. අක්කොධනො. ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනීති - මුනි ලොභපාපඤ්ච වෙවිච්ඡඤ්ච අතරි උත්තරි පතරි සමතික්කමි වීතික්කමි වීතිවත්තයීති - අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි.
Sinhala BJTඅක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනී - ‘අක්කොධනො’ යී මැ වදාරන ලද. තවද ක්‍රෝධය පළමු කොට කියයුත්තේ යැ; දස අයුරකින් ක්‍රෝධය උපදී: ‘මඩ අවැඩ කළැ’ යි ක්‍රෝධය උපදී … යමක් විසින් තෙල ක්‍රෝධය ප්‍රහීණ කරන ලද ද මුල් සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අක්කෝධන’ යී කියනු ලැබේ. ක්‍රොධවස්තුව පරිඥානය කළ බැවින් ‘අක්කෝධන’ යැ. ක්‍රොධහෙතුව සිඳින ලද බැවින් ‘අක්කෝධන’ යී. ලෝභ නම්: යම් ලොභයෙක් ලෝභාකාරයෙක් ලෝභ කළ බවක් … දැඩි ලොභයෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එයයි: වෙවිච්ඡ යී පඤ්ච මාත්සර්‍ය්‍යයෝ කියනු ලැබෙත්. ආවාසමාත්සර්‍ය්‍යයැ … ග්‍රාහනය ( - දැඩිව ගැනීම) ‘මාත්සර්‍ය්‍ය’ යයි කියනු ලැබේ. මුනි යනු: ’මොන’ යී ඥානය කියනු ලැබෙයි … ‘සඞ්ගජාලමතිච්ච සො මුනි’. අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි - මුනි තෙම ලෝභ සඞ්ඛ්‍යාත පාපය ද මාත්සර්‍ය්‍යය ද තරණය කෙළේ ය, උත්තරණය කෙළේ ය, ප්‍රතරණය කෙළේ ය, ඉක්ම වූයේ ය, වෙසෙසින් ඉක්මවූයේ ය, ව්‍යතික්‍රමණය කෙළේ නුයි ‘අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සච්චො සියා අප්පගබ්භො අමායො රිත්තපෙසුනො, අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනී”ති.
Sinhala BJT“සච්චො සියා අප්පගබ්භො -පෙ- වෙවිච්ඡං විතරෙ මුනි” යී.
Pali BJT15. 8.
Sinhala BJT15. 8.
Pali BJTනිද්දං තන්දිං ථීනං පමාදෙන න සංවසෙ, අතිමානෙ න තිට්ඨෙය්ය නිබ්බානමානසො නරො.
Sinhala BJTනිවනෙහි නැමුණු සිත් ඇති සත්ත්‍ව තෙමේ (වේදනාදි ස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත) නාමකායයාගේ අකර්‍මණ්‍ය බව (- මිද්ධය) ද කායාලස්‍යය ද චිත්තයාගේ අකර්‍මණ්‍ය බව ද මැඩපවත්වන්නේ යැ, ස්මෘතිවිප්‍රවාසය (සඞ්ඛ්‍යාත) ප්‍රමාදයෙන් නො වසන්නේ යැ, අතිමානයෙහි නො පවත්නේ යි.
Pali BJTනිද්දං තන්දිං සහෙ ථීනන්ති - ‘නිද්දා’ති යා කායස්ස අකල්යතා අකම්මඤ්ඤතා ඔනාහො පරියොනාහො අන්තොසමොරොධො මිද්ධං සොප්පං{1} පචලායිකා{2} සොප්පනා සුපනා සුපිතත්තං{3} තන්දින්ති යා තන්දි තන්දියනා තන්දිමනකතා ආලස්සං ආලසියං ආලස්යායනා ආලසායිතත්තංa; ථීනන්ති යා චිත්තස්ස අකල්යතා අකම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා ලීනං ලීයනා ලීයිතත්තං ථීනං ථීයනා ථීයිතත්තං චිත්තස්ස;{a} නිද්දං තන්දිං සහෙ ථීනන්ති නිද්දඤ්ච තන්දිඤ්ච ථීනඤ්ච. සහෙ - සහෙය්ය පරිසහෙය්ය අභිභවෙය්ය අජ්ඣොත්ථරෙය්ය පරියාදියෙය්ය මද්දෙය්යාති - නිද්දං තන්දිං සහෙ ථීනං.
Sinhala BJTනිද්දං තන්දිං සහෙ ථීනං - ‘නිද්දා’ නම්: ස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත නාමකායයා ගේ අකල්‍ය (-ගිලන්) බවෙක් අකර්‍මණ්‍ය බවෙක් (මේඝය අහස මෙන්) කය පහත් කොට බැඳීමෙක් හාත්පසින් බැඳීමෙක් ඇතුළත ඇවිරීමෙක් (අකර්‍මණ්‍යභාවයෙන්) පෙළීමෙක් නිදීමෙක් කපිනිද්‍රාවක් නිදීමෙක් නිදන අයුරෙක් නිදිගත් බවෙක් වේ ද එයයි. තන්දිං යනු: තන්ද්‍රාවක් තන්ද්‍රාකාරයෙක් තන්ද්‍රාවෙන් මඩනා ලද සිත් ඇති බවෙක් ආලස්‍යයක් අලසබවක් ආලස්‍යාකාරයක් ආලස්‍යයෙන් මඩනා ලද සිත් ඇති බවක් වේ ද එය යි. ථීනං යනු: චිත්තයාගේ යම් ගිලන්බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන අයුරෙක් මැනවින් එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකුළුණු බවක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් නො පැතුරුණු බවෙක් වේ ද එයයි. නිද්දං තන්දිං සහෙ ථීනං - ගිලන් බව ද ආලසය්‍ය ද තදබව ද; සහෙ - සහනය කරන්නේ යැ, හාත්පසින් සහනය කරන්නේ යැ, මඩනේ යැ, යටපත් කරන්නේ යැ, අල්වාගන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘නිද්දං තන්දිං සහෙ ථීනං’ යනු වේ.
Pali BJTපමාදෙන න සංවසෙති - පමාදො වත්තබ්බො: කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පදානං{1} වා, කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා{2} ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො, යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං, අයං වුච්චති පමාදො. පමාදෙන න සංවසෙති පමාදෙන න වසෙය්ය න සංවසෙය්ය න ආවසෙය්ය න පරිවසෙය්ය, පමාදං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, පමාදා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - පමාදෙන න සංවසෙ.
Sinhala BJTපමාදෙන න සංවසෙ - ප්‍රමාදය කියැයුත්තේ යැ: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයන්හි හෝ චිත්තයාගේ දුරැලීම (-ස්මෘති විරහය) නැවත නැවත දුරැලීම හෝ, කුශලධර්‍මයන්ගේ හෝ වැඩීමෙහි නො සකස් ව කරන බව සතතභාවයෙන් නො කරන බව නිරතුරු නො කරන බව හැකුළුණු පැවතුම් ඇති බව වීර්‍ය්‍යච්ඡන්‍දය හළ බව වීර්‍ය්‍යධුරය බහාතැබූ බව නො සෙවුණා බව නො වැඩීම බහුල නො කිරීම නො පිහිටීම නො යෙදීම ප්‍රමාද වීම, (යන) මෙබඳු වූ යම් ප්‍රමාදයෙක් ප්‍රමාදවන අයුරක් ප්‍රමාදවන බවක් වේ ද, මේ ‘ප්‍රමාද’ යයි කියනු ලැබේ. පමාදෙන න සංවසෙ ප්‍රමාදයෙන් නො වසන්නේ යැ, නො වෙසෙසින් වසන්නේ යැ, නො පැමිණ වසන්නේ යැ, හාත්පසින් නො වසන්නේ යැ; ප්‍රමාදය දුරුකරන්නේ යැ බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ; ප්‍රමාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘පමාදෙන න සංවසෙ’ යනු වේ.
Pali BJTඅතිමානෙ න තිට්ඨෙය්යා’ති - අතිමානොති ඉධෙකච්චො පරං අතිමඤ්ඤති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස. අයං වුච්චති අතිමානො. අතිමානෙ න තිට්ඨෙය්යා’ති. අතිමානෙ න තිට්ඨෙය්ය, න සන්තිට්ඨෙය්ය, අතිමානං පජහෙය්ය, විනොදෙය්ය, බ්යන්තීකරෙය්ය, අනභාවං ගමෙය්ය, අතිමානා ආරතො අස්ස, විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - අතිමානෙ න තිට්ඨෙය්ය.
Sinhala BJTඅතිමානෙ න තිට්ඨෙය්‍ය - ‘අතිමාන’ නම්: මෙහි කිසිවෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ … යම් කිසි වස්තුවකින් හෝ මෙරමා පහත් කොට සිතයි. මෙබඳු වූ යම් මානයෙක් මානාකාරයෙක් මාන කරන බවක් උන්නතියක් උඩඟුබවක් මානධ්වජයක් සිත දැඩි කොට ගැනීමක් චිත්තයා ගේ කෙතුකම්‍යතාවක් වේ ද, මෙ ‘අතිමානය’ යයි කියනු ලැබේ. අතිමානෙ න තිට්ඨෙය්‍ය අතිමානයෙහි නො සිටිනේ යැ, වෙසෙසින් නො සිටිනේ යැ, අතිමානය දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ: අතිමානයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘අතිමානෙ න තිට්ඨෙය්‍ය’ යනු වේ.
Pali BJTනිබ්බානමානසො නරොති - ඉධෙකච්චො දානං දෙන්තො සීලං සමාදියන්තො උපොසථකම්මං කරොන්තො පානීයං පරිභොජනීයං උපට්ඨපෙන්තො පරිවෙණං සම්මජ්ජන්තො චෙතියං වන්දන්තො චෙතියෙ ගන්ධමාලං ආරොපෙන්තො චෙතියං පදක්ඛිණං කරොන්තො යං කිඤ්චි තෙධාතුකං කුසලාභිසඞ්ඛාරං අභිසඞ්ඛරොන්තො න ගතිහෙතු න උපපත්තිහෙතු න පටිසන්ධිහෙතු න භවහෙතු න සංසාරහෙතු න වට්ටහෙතු සබ්බං තං විසංයොගාධිප්පායො නිබ්බානනින්නො නිබ්බානපොණො නිබ්බානපබ්භාරො අභිසඞ්ඛරොතීති එවම්පි නිබ්බානමානසො නරො; අථවා සබ්බසඞ්කාරධාතුයා චිත්තං පටිවාපෙත්වා{3} අමතාය ධාතුයා චිත්තං උපසංහරති: එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති එවම්පි ‘නිබ්බානමානසො නරො.’
Sinhala BJTනිබ්බානමානසො නරෝ - මෙහි කිසිවෙක් දන් දෙනුයේ සිල් සමාදන් වනුයේ පෙහෙවස්කම් කරනුයේ පියයුතු පරිභෝග කළයුතු පැන් එළවා තබනුයේ පිරිවෙන හමදිනුයේ සෑය වඳිනුයේ සෑයෙහි සුවඳමල්දම් නඟනුයේ සෑය පැදකුණු කරනුයේ තුන්බිමට අයත් යම් කිසි කුශලාභිසංස්කාරයක් රැස් කරනුයේ (දිව්‍යාදි) ගතිහෙතුයෙන් නො කෙරෙයි. උත්පත්තිය හේතුකොට - ප්‍රතිසන්‍ධිය හේතුකොට - භවය හේතු කොට - සංසාරය හේතු කොට - වෘත්තය හේතු කොට නො කෙරෙයි. ඒ සියල්ල විසංයොගයෙහි ප්‍රාර්‍ත්‍ථනා ඇතියේ නිවනට නැමුණේ නිවනට නැබුරු වූයේ නිවනට අභිමුඛව නැමුණේ රැස් කෙරේ නුයි - මෙසේත් ‘නිබ්බානමානසො නරෝ’ යනු වේ. නොහොත් සියලු ත්‍රෛභූමක සංස්කාරධාතුයෙන් සිත නවත්වා, නිර්‍වාණධාතුවට සිත එළවයි: යම් මේ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය වීමෙක් කෙලෙස්රජසුන්ගේ නො ඇලීමෙක් දුක්ඛනිරොධයෙක් නිර්‍වාණයෙක් වේ ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැයි මෙසේත් ‘නිබ්බානමානසො නරෝ’ යනු වේ.
Pali BJT1. “න පණ්ඩිතා උපධිසුඛස්ස හෙතු දදන්ති දානානි පුනබ්භවාය, කාමඤ්ච තෙ උපධිපරික්ඛයාය දදන්ති දානං අපුනබ්භවාය.
Sinhala BJT1. පණ්ඩිත වූ මනුෂ්‍යයෝ කාමසුඛයට හේතු වූ පුනර්‍භවය සඳහා දන් නො දෙති. වැලි ඔහු ඒකාන්තයෙන් (කාමාදි) උපධි ක්‍ෂය වීම පිණිස (අපුනර්භව සඞ්ඛ්‍යාත) නිර්‍වාණය සඳහා දන් දෙත්.
Pali BJT2. න පණ්ඩිතා උපධිසුඛස්ස හෙතු භාවෙන්ති ඣානානි පුනබ්භවාය, කාමඤ්ච තෙ උපධිපරික්ඛයාය භාවෙන්ති ඣානං අපුනබ්භවාය.
Sinhala BJT2. පණ්ඩිතයෝ උපධිසුඛය හේතු කොට පුනර්‍භවය සඳහා ධ්‍යානයන් නො වඩති. වැලි ඔහු උපධීන්ගේ ක්‍ෂය වීම පිණිස නිර්‍වාණය සඳහා ධ්‍යාන වඩත්.
Pali BJT3. තෙ නිබ්බුතිං ආසිංසමානා දදන්ති තන්නින්නචිත්තා තදාධිමුත්තා, නජ්ජො යථා සාගරමජ්ඣුපෙතා භවන්ති නිබ්බානපරායණා තෙ”ති
Sinhala BJT3. ඔහු නිවන පතමින් ඊට නැමුණු සිත් ඇත්තාහු එහි ඇලුණාහු දන් දෙති. සයුර කරා පැමිණි ගඞ්ගාවන් මෙන් ඔහු නිවන පිහිට කොට ඇත්තාහු වෙත් නුයි -
Pali BJT‘නිබ්බානමානසො නරො’.
Sinhala BJT‘නිබ්බානමානසො නරෝ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“නිද්දං තන්දිං සහෙ ථීනං පමාදෙන න සංවසෙ, අතිමානෙ න තිට්ඨෙය්ය නිබ්බානමානසො නරො”ති
Sinhala BJT“නිද්දං තන්දිං සහෙ ථීනං -පෙ- නිබ්බානමානසො නරෝ” යී.
Pali BJT15. 9.
Sinhala BJT15. 9.
Pali BJTමොසවජ්ජෙ න නිය්යෙථ රූපෙ ස්නෙහං න කුබ්බයෙ, මානඤ්ච පරිජානෙය්ය සාහසා විරතො චරෙ.
Sinhala BJTමුසවායෙහි නො යෙදෙන්නේ යැ. (භූතොපාදායභෙද වූ) රූපයෙහි ස්නේහය නො කරන්නේ යැ. මානය ද (ත්‍රිවිධපරිඥායෙන්) පිරිසිඳ දැනගන්නේ යැ. සාහසචර්‍ය්‍යාවෙන් වෙන් ව හැසිරෙන්නේ යි.
Pali BJTමොසවජ්ජෙ න නිය්යෙථාති - ‘මොසවජ්ජං’ වුච්චති මුසාවාදො. ඉධෙකච්චො සභග්ගතො{1} වා පරිසග්ගතො{2} වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො ‘එහම්භො පුරිස, යං ජානාසි තං වදෙහී’ති. සො අජානං වා ආහ{3} ‘ජානාමී’ති. ජානං වා ආහ{3} න ජානාමී’ති, අපස්සං වා ආහ{3} ‘පස්සාමී’ති පස්සං වා ආහ ‘න පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසති. ඉදං වුච්චති මොසවජ්ජං. අපි ච තීහාකාරෙහි - චතු - පඤ්ච - ඡ - සත්ත - අට්ඨහාකාරෙහි -පෙ- ඉමෙහි අට්ඨහාකාරෙහි මුසාවාදො හොති, මොසවජ්ජෙ න නිය්යෙථාති - මොසවජ්ජෙ න යායෙය්ය න නිය්යායෙය්ය න වුය්හෙය්ය න සංහරෙය්ය, මොසවජ්ජං පජහෙය්ය, විනොදෙය්ය, බ්යන්තීකරෙය්ය, අනභාවං ගමෙය්ය. මොසවජ්ජා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - මොසවජ්ජෙ න නිය්යෙථ.
Sinhala BJTමොසවජ්ජෙ න නිය්‍යෙථ - ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් සභාවට ගියේ හෝ පිරිස්මැදට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සෙනාමැදට ගියේ හෝ රාජකුලයා මැද මහාවිනිශ්චයෙහි සිටියේ හෝ ‘එව එම්බා පුරුෂය, යමක් දන්නෙහි නම් එය කියව’ යි අභිමුඛයට පමුණුවන ලද්දේ ශාක්‍ෂි කොට විචාරන ලද්දේ හෙතෙම නො දන්නේ හෝ ‘දනිමි’ කියයි. දන්නේ හෝ ‘නො දනිමි’ කියයි. නො දක්නේ හෝ ‘දක්මී’ කියයි. දක්නේ හෝ ‘නො දක්මී’ කියයි. මෙසේත් තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ අල්පමාත්‍ර ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා බෙණෙයි. මේ ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. තවද තුන් අයුරකින් - සතර - පස් - ස - සත් - අට අයුරකින් … මේ අට අයුරින් මෘෂාවාදය වේ. මොසවජ්ජෙ න නිය්‍යෙථ මෘෂාවාදයෙහි නො යවනු ලබන්නේ යැ, නො කියනු ලබන්නේ යැ, නො වහනු ලබන්නේ යැ, නො හරිනු ලබන්නේ යැ, මෘෂාවාදය හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. මෘෂාවාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ; නික්මුණේ බැහැර වූයේ විප්‍රමුක්ත - විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘මොසවජ්ජෙ න නිය්‍යෙථ’ යනු වේ.
Pali BJTරූපෙ ස්නෙහං න කුබ්බයෙති - ‘රූප’න්ති: චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං. රූපෙ ස්නෙහං න කුබ්බයෙති රූපෙ ස්නෙහං න කරෙය්ය, ඡන්දං න කරෙය්ය, පෙමං න කරෙය්ය, රාගං න කරෙය්ය, න ජනෙය්ය, න සඤ්ජනෙය්ය. න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්යාති - රූපෙ ස්නෙහං න කුබ්බයෙ.
Sinhala BJTරූපෙ සෙනහං න කුබ්බයෙ - ‘රූප’ නම්: සතර මහාභූතයන් හා සතර මහාභූතයන් නිසා පවත්නා රූපයෝ යි. රූපෙ සෙනහං න කුබ්බයෙ රූපයෙහි ස්නේහය නො කරන්නේ යැ, ඡන්‍දය නො කරන්නේ යැ, ප්‍රේමය නො කරන්නේ යැ, රාගය නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, වෙසෙසින් නූපදවන්නේ නුයි ‘රූපෙ සෙනහං න කුබ්බයෙ’ යනු වේ.
Pali BJTමානඤ්ච පරිජානෙය්යාති - ‘මානො’ති එකවිධෙන මානො: යා චිත්තස්ස උන්නති; දුවිධෙන මානො: අත්තුක්කංසනමානො පරවම්භනමානො; තිවිධෙන මානො: සෙය්යොහමස්මීති මානො සදිසොහමස්මීති මානො හීනොහමස්මීති මානො; චතුබ්බිධෙන මානො: ලාභෙන මානං ජනෙති, යසෙන මානං ජනෙති, පසංසාය මානං ජනෙති, සුඛෙන මානං ජනෙති; පඤ්චවිධෙන මානො: ලාභීම්හි මනාපිකානං රූපානන්ති මානං ජනෙති, ලාභීම්හි මනාපිකානං සද්දානං - ගන්ධානං - රසානං ඵොට්ඨබ්බානන්ති මානං ජනෙති; ඡබ්බිධෙන මානො: චක්ඛුසම්පදාය මානං ජනෙති, සොතසම්පදාය - ඝානසම්පදාය - ජිව්හාසම්පදාය - කායසම්පදාය - මනොසම්පදාය මානං ජනෙති; සත්තවිධෙන මානො: මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස්මිමානො මිච්ඡාමානො; අට්ඨවිධෙන මානො: ලාභෙන මානං ජනෙති, අලාභෙන ඔමානං ජනෙති, යසෙන මානං ජනෙති, අයසෙන ඔමානං ජනෙති, පසංසාය මානං ජනෙති, නින්දාය ඔමානං ජනෙති, සුඛෙන මානං ජනෙති, දුක්ඛෙන ඔමානං ජනෙති; නවවිධෙන මානො: සෙය්යස්ස සෙය්යොහමස්මීති මානො, සෙය්යස්ස සදිසොහමස්මීති මානො, සෙය්යස්ස හීනොහමස්මීති මානො, සදිසස්ස සෙය්යොහමස්මීති මානො, සදිසස්ස සදිසොහමස්මීති මානො, සදිසස්ස හීනොහමස්මීති මානො, හීනස්ස සෙය්යොහමස්මීති මානො, හීනස්ස සදිසොහමස්මීති මානො, හීනස්ස හීනොහමස්මීති මානො, දසවිධෙන මානො: ඉධෙකච්චො මානං ජනෙති ජාතියා වා ගොත්තෙන වා -පෙ-{*} අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති මානො.
Sinhala BJTමානඤ්ච පරිජානෙය්‍ය - ‘මාන’ නම්: එක් පරිද්දෙකින් මානය වෙයි: චිත්තයාගේ යම් උන්නතියක් වේ ද එයයි. දෙ පරිද්දෙකින් මානය වෙයි: ආත්මොත්කර්‍ෂණමානයැ, පරවම්භනමාන යැයි. තුන් පරිද්දෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘මම් සදෘශයෙමී’ මානය වෙයි, ‘මම් හීනයෙමී’ මානය වේ. සතර පරිද්දෙකින් මානය වෙයි: ලාභයෙන් මානය උපදවයි, යශසින් මානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, සුවයෙන් මානය උපදවයි. පස්පරිද්දෙමින් මානය වෙයි: ‘මනවඩන රූපයන් ලබන සුල්ලෙමී’ මානය උපදවයි, ‘මනවඩන ශබ්දයන් ලබනසුල්ලෙමී’ - ගන්‍ධයන් - රසයන් - ස්ප්‍රෂ්ටව්‍යයන් ලබනසුල්ලෙමී’ මානය උපදවයි. ස පරිද්දෙකින් මානය වෙයි: චක්‍ෂුඃසම්පත්තියෙන් මානය උපදවයි, ශ්‍රොත්‍රසම්පත්තියෙන් -ඝ්‍රාණසම්පත්තියෙන් - ජිව්හාසම්පත්තියෙන් - කායසම්පත්තියෙන් - මනස්සම්පත්තියෙන් මානය උපදවයි. සත් පරිද්දෙකින් මානය වෙයි: අතිමාන යැ මානාතිමාන යැ අවමාන යැ සදෘශමාන යැ අධිමාන යැ අස්මිමාන යැ, මිථ්‍යාමාන යැයි. අට පරිද්දෙකින් මානය වෙයි: ලාභයෙන් මානය උපදවයි, අලාභයෙන් අවමානය උපදවයි, යශසින් මානය උපදවයි, අයශසින් අවමානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, නින්දාවෙන් අවමානය උපදවයි, සුවයෙන් මානය උපදවයි, දුකින් අවමානය උපදවයි. නව පරිද්දෙකින් මානය වෙයි: ‘ශ්‍රෙෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘ශ්‍රෙෂ්ඨයාට සදෘශ වෙමී’ මානය වෙයි, ‘ශ්‍රෙෂ්ඨයාට හීන වෙමී’ මානය වෙයි, ‘සදෘශයාට ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘සදෘශයාට සදෘශ වෙමී’ මානය වෙයි, ‘සදෘශයාට හීන වෙමී’ මානය වෙයි, ‘හීනයාට ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘හීනයාට සදෘශ වෙමී’ මානය වෙයි, ‘හීනයාට හීන වෙමී’ මානය වේ. දස පරිද්දෙකින් මානය වෙයි: මෙහි කිසිවෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ * … අන්‍යතරාන්‍යතර වස්තුවකින් හෝ මානය උපදවයි. මෙබඳු වූ යම් මානයෙක් මානය කරන අයුරෙක් මානය කරන බවෙක් උන්නතියක් නඟා තැබීමෙක් මාන නමැති ධ්වජයෙක් සිත දැඩි කොට ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්‍යතාවක් වේ ද, මේ මාන යයි කියනු ලැබේ.
Pali BJTමානඤ්ච පරිජානෙය්යාති - මානං තීහි පරිඤ්ඤාහි පරිජානෙය්ය: ඤාතපරිඤ්ඤාය තීරණපරිඤ්ඤාය පහානපරිඤ්ඤාය.
Sinhala BJTමානඤ්ච පරිජානෙය්‍ය - මානය ඤාතපරිඤ්ඤා තීරණපරිඤ්ඤා පහානපරිඤ්ඤා යන ත්‍රිවිධ පරිඥාවෙන් පිරිසිඳ දැනගන්නේ යැ.
Pali BJTකතමා ඤාතපරිඤ්ඤා? මානං ජානාති: අයං එකවිධෙන මානො, යා චිත්තස්ස උන්නති; අයං දුවිධෙන මානො: අත්තුක්කංසනමානො පරවම්භනමානො -පෙ- අයං දසවිධෙන මානො: ඉධෙකච්චො මානං ජනෙති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනාති ජානාති පස්සති. අයං ඤාතපරිඤ්ඤා.
Sinhala BJTඤාතපරිඤ්ඤා කවර යත්: මානය ඥාතපරිඥායෙන් දැනගනී: චිත්තයාගේ යම් උන්නතියක් වී නම්, මේ එක් පරිද්දෙකින් මාන යැ. ආත්මොත්කර්‍ෂණමාන යැ පරවම්භනමාන යැ යන මේ දෙ පරිද්දෙකින් මාන යැ, … මේ දස පරිද්දෙකින් මාන යැ මෙහි කිසිවෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ … අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ මානය උපදවා යයි දැනගනී, බලයි. මෝ තොමෝ ‘ඤාතපරිඤ්ඤා’ යැ.
Pali BJTකතමා තීරණපරිඤ්ඤා? එතං ඤාතං කත්වා මානං තීරෙති: අනිච්චතො දුක්ඛතො -පෙ- අනිස්සරණතො තීරෙති. අයං තීරණ පරිඤ්ඤා.
Sinhala BJTතීරණපරිඤ්ඤා කවර යත්: තෙල මානය ප්‍රකට කොට අනිත්‍ය හෙයින් තීරණය කෙරෙයි, දුඃඛ හෙයින් … අනිශ්ශරණ හෙයින් තීරණය කෙරෙයි. මෝ තොමෝ ‘තීරණපරිඤ්ඤා’ යැ.
Pali BJTකතමා පහානපරිඤ්ඤා? එවං තීරයිත්වා මානං පජහති, විනොදෙති බ්යන්තීකරොති, අනභාවං ගමෙති. අයං පහානපරිඤ්ඤා. මානඤ්ච පරිජානෙය්යාති - මානං ඉමාහි තීහි පරිඤ්ඤාහි පරිජානෙය්යාති - මානඤ්ච පරිජානෙය්ය.
Sinhala BJTපහානපරිඤ්ඤා කවර යත්: මෙසේ තීරණය කොට මානය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි. මෝ තොමෝ ‘පහානපරිඤ්ඤා’ යි. මානං ච පරිජානෙය්‍ය යනු: මානය මේ ත්‍රිවිධපරිඥායෙන් පිරිසිඳ දැනගන්නේ නුයි ‘මානඤ්ච පරිජානෙය්‍ය’ යනු වේ.