Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1701-1800 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා. තෙ වෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙ”ති.{a}
Sinhala BJT2. කුහක නො වූ ලපක නො වූ ධීර වූ නො තද වූ සුසමාහිත සිත් ඇති ඔවුහු ඒකාන්තයෙන් සම්මාසම්බුදුන් වදාළ ධර්‍මයෙහි වෙසෙසින් වැඩෙත්” යී.
Pali BJTවිරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්යාති විරුතඤ්ච ගබ්භකරණඤ්ච තිකිච්ඡඤ්ච මාමකො න සෙවෙය්ය, න නිසෙවෙය්ය න සංසෙවෙය්ය නප්පටිසෙවෙය්ය න චරෙය්ය න සමාචරෙය්ය න සමාදාය වත්තෙය්ය, අථවා න ගණ්හෙය්ය න උග්ගණ්හෙය්ය න උපධාරෙය්ය න උපලක්ඛෙය්ය න පයොජෙය්යාති - විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්ය.
Sinhala BJTවිරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය - විරුත ශාස්ත්‍රය ද ගර්‍භසංස්ථාපනය ද චිකිත්සාව ද බුද්ධාදිමාමක වූ මහණ තෙම නො සෙවුනේ යැ, නිසෙවනය නො කරන්නේ යැ, සංසෙවනය නො කරන්නේ යැ, ප්‍රතිසෙනවය නො කරන්නේ යැ, නො හැසිරෙන්නේ යැ, සමාචරණය නො කරන්නේ යැ, සමාදන් වැ නො පවත්නේ යැ; නොහොත් නො ගන්නේ යැ, නුගන්නේ යැ, සිත්හි නො තබන්නේ යැ, නො විමසන්නේ යැ, (අනුනට කීම් වශයෙන්) නො යොදන්නේ යැයි ‘විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථොපි නක්ඛත්තං, විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්යා”ති.
Sinhala BJT“ආථබ්බණං සුපිනං -පෙ- තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය” යී.
Pali BJT14. 14.
Sinhala BJT14. 14.
Pali BJTනින්දාය නප්පවෙධෙය්ය න උන්නමෙය්ය පසංසිතො භික්ඛු, ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච{1} පනුදෙය්ය.
Sinhala BJTමහණ තෙම නින්දාවචනයෙන් නො කම්පා වන්නේ යැ. පසස්නා ලදුයේ උඩඟු නො වන්නේ යැ. මාත්සර්‍ය්‍ය සමග ලෝභය ක්‍රෝධය හා පෛශුන්‍යය ද දුරු කරන්නේ යි.
Pali BJTනින්දාය නප්පවෙධෙය්යාති - ඉධෙකච්චෙ භික්ඛුං නින්දන්ති: ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා නින්දන්ති ගරහන්ති උපවදන්ති. නින්දිතො ගරහිතො උපවදිතො නින්දාය ගරහාය උපවාදෙන අකිත්තියා අවණ්ණහාරිකාය න වෙධෙය්ය නප්පවෙධෙය්ය න සම්පවෙධෙය්ය න තසෙය්ය න උත්තසෙය්ය න පරිත්තසෙය්ය න භායෙය්ය න සන්තාසං ආපජ්ජෙය්ය. අභීරු අස්ස අච්ඡම්භී අනුත්රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්යාති නින්දාය නප්පවෙධෙය්ය.
Sinhala BJTනින්දාය නප්පවෙධෙය්‍ය - මෙහි ඇතැම් කෙනෙක් මහණ හට නින්‍දා කෙරෙති; ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් හෝ නින්‍දා කෙරෙති, ගරහති නුගුණ කියත්. නිගා කරන ලදුයේ ගරහන ලදුයේ නුගුණ කියන ලදුයේ නින්දාවෙන් ගර්‍හාවෙන් උපවාදයෙන් අකීර්ත්තියෙන් නුගුණ එළැවීමෙන් කම්පා නො වන්නේ යැ , ප්‍රකම්පා නො වන්නේ යැ, පුනපුනා කම්පා නො වන්නේ යැ, ත්‍රස්ත - උත්ත්‍රස්ත - පරිත්‍රස්ත නො වන්නේ යැ භය නො වන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ. නො බියසුලු වූයේ නො සැලෙනසුලු වූයේ නො තැතිගන්නාසුලු වූයේ නො පලායන සුලු වූයේ වන්නේ යැ. ප්‍රහීණ වූ භය අරමුණු ඇතියේ පහ වූ ලොමුදහ ඇතියේ වාසය කරන්නේ නුයි ‘නින්දාය නප්පවධෙය්‍ය’ යනු වේ.
Pali BJTන උන්නමෙය්ය පසංසිතො භික්ඛූති - ඉධෙකච්චෙ භික්ඛුං පසංසන්ති: ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා පසංසන්ති ථොමෙන්ති කිත්තෙන්ති වණ්ණෙන්ති. පසංසිතො ථොමිතො කිත්තිතො වණ්ණිතො පසංසාය ථොමනෙන කිත්තියා වණ්ණහාරිකාය උන්නතිං න කරෙය්ය, උන්නමං න කරෙය්ය, මානං න කරෙය්ය, ථම්භං න කරෙය්ය, න තෙන මානං ජනෙය්ය, න තෙන ථද්ධො අස්ස පත්ථද්ධො පග්ගහිතසිරොති - න උන්නමෙය්ය පසංසිතො භික්ඛු.
Sinhala BJTන උන්නමෙය්‍ය පසංසිතො භික්ඛු - මෙහි ඇතැම් කෙනෙක් මහණ හට ප්‍රශංසා කෙරෙති: ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර කාරණයෙකින් හෝ පසසති, තුති කෙරෙති, ප්‍රකට කෙරෙති, ගුණ කියත්. ප්‍රශංසිත - ස්තුත - කිර්‍තතිත - වර්ණණිත වූයේ ප්‍රශංසායෙන් ස්තුතියෙන් කීර්‍තතියෙන් ගුණ ප්‍රකාශ කිරීමෙන් උන්නතිය නො කරන්නේ යැ, උන්නාමය නො කරන්නේ යැ, මානය නො කරන්නේ යැ, ස්තම්භය නො කරන්නේ යැ, එයින් මානය නූපදවන්නේ යැ. එයින් තද වූයේ අතිශයින් තද වූයේ නැඟු හිස ඇත්තේ නො වන්නේ ය යි - ‘න උන්නමෙය්‍ය පසංසිතො භික්ඛු’ යනු වේ.
Pali BJTලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච{1} පනුදෙය්යාති ලොභොති “යො ලොභො ලුබ්භනා ලුබ්භිතත්තං සාරාගො සාරජ්ජනා සාරජ්ජිතත්තං අභිජ්ඣා ලොභො අකුසලමූලං;”{a} මච්ඡරියන්ති පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං -පෙ- ගාහො වුච්චති මච්ඡරියං; කොධොති “යො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො, දොසො පදොසො සම්පදොසො චිත්තස්ස බ්යාපත්ති මනොපදොසො, කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං, දොසො දුස්සනා දුස්සිතත්තං, බ්යාපත්ති බ්යාපජ්ජනා බ්යාපජ්ජිතත්තං, විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස.”{b}
Sinhala BJTලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්‍ච පනුදෙය්‍ය - ලෝභ නම්: යම් ලොභයෙක් ලෝභාකාරයෙක් ලෝභ කළ බවෙක් අධිකාරාගයෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. මච්ඡරිය නම් - මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍යය … ග්‍රාහයමාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ. කෝධ නම්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වෙෂයෙක් වේ ද, සිත පෙරළුණු බවෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධාකාරයෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් විපර්‍ය්‍යාසයෙක් විපර්‍ය්‍යාසකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් නො පිරුණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද එය යි.
Pali BJTපෙසුනියන්ති ඉධෙකච්චො පිසුනවාචො හොති: ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තා භින්නානං වා අනුප්පදාතා වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හොති. ඉති වුච්චති පෙසුඤ්ඤං. අපි ච ද්වීහි කාරණෙහි පෙසුඤ්ඤං උපසංහරති: පියකම්යතාය වා භෙදාධිප්පායෙන වා. කථං පියකම්යතාය පෙසුඤ්ඤං උපසංහරති? ‘ඉමස්ස පියො භවිස්සාමි, මනාපො භවිස්සාමි, විස්සාසිකො භවිස්සාමි, අබ්භන්තරිකො භවිස්සාමි, සුහදයො භවිස්සාමී’ති එවං පියකම්යතාය පෙසුඤ්ඤං උපසංහරති. කථං භෙදාධිප්පායෙන පෙසුඤ්ඤං උපසංහරති? ‘කථං ඉමෙ නානා අස්සු, වග්ගා අස්සු, ද්විධා අස්සු, ද්වෙජ්ඣා අස්සු, ද්වෙ පක්ඛා අස්සු, භිජ්ජෙය්යුං න සමාගච්ඡෙය්යුං, දුක්ඛං න ඵාසු විහරෙය්යු’න්ති එවං භෙදාධිප්පායෙන පෙසුඤ්ඤං උපසංහරති. ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්යාති ලොභඤ්ච මච්ඡරියඤ්ච කොධඤ්ච පෙසුඤ්ඤඤ්ච නුදෙය්ය පනුදෙය්ය පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති - ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්ය.
Sinhala BJTපෙසුනියං යනු මෙහි කිසිවෙක් පිසුනුබස් ඇතියේ වෙයි: මෙතැනින් අසා මොවුන්ගේ බිඳීමට එතැන කියන්නේ වෙයි, එතැන හෝ අසා අරුන්ගේ බිඳීමට මුන්ට කියන්නේ වෙයි. මෙසේ සමග වූවන් හෝ බිඳිනුයේ භින්න වූවන් හෝ සන්‍ධානය නො කරනුයේ වර්‍ග වීමෙහි සතුටු වූයේ වර්‍ග වීමෙහි ඇලුණේ වර්‍ගයෙහි සතුටු වූයේ වර්‍ග කරන බස් කියන්නේ වෙයි. එහෙයින් පෛශුන්‍ය යැයි කියනු ලැබේ. තවද දෙකරුණෙකින් පිසුනු එළවා කියයි: ප්‍රියකාම්‍යතායෙන් හෝ භෙදාධිප්‍රායෙන් හෝ යැ. කිසෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියා ද යත්: ‘මොහුට ප්‍රිය වූයෙම් වන්නෙමි, මනාප වූයෙම් වන්නෙමි, විස්වැසියෙම් වන්නෙමි, ආභ්‍යන්තරිකයෙම් වන්නෙමි, සුහෘද් වන්නෙමි, මෙ සෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියයි. කිසෙයින් භෙදාධිප්‍රායෙන් පිසුනු කියා ද යත්: ‘කෙසේ නම් මොහු වෙන් වන්නාහු ද, වර්‍ග වන්නාහු ද, දෙ කොටස් වන්නාහු ද, දෙ කඩ වන්නාහු ද, දෙ පක්‍ෂ වන්නාහු ද, බිඳෙන්නාහු ද, නො සමග වන්නාහු ද, දුකසේ නො සුවසේ වසන්නාහු දැ’ යි මෙසේ බිඳෙන අදහසින් පෙහෙසුන් බස් කියයි. ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්‍ච පනුදෙය්‍ය - ලෝභය ද මාත්සර්‍ය්‍යය ද ක්‍රෝධය ද පෛශුන්‍යය ද දුරු කරන්නේ යැ වෙසෙසින් දුරු කරන්නේ යැ හරණේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ ය යි ‘ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“නින්දාය නප්පවෙධෙය්ය න උන්නමෙය්ය පසංසිතො භික්ඛු, ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්යා”ති.
Sinhala BJT“නින්දාය නප්පවෙධෙය්‍ය -පෙ- කොධං පෙසුනියඤ්ච පනුදෙය්‍ය” යී.
Pali BJT14. 15.
Sinhala BJT14. 15.
Pali BJTකයවික්කයෙ න තිට්ඨෙය්ය උපවාදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි, ගාමෙ ච නාභිසජ්ජෙය්ය ලාභකම්යා ජනං න ලපයෙය්ය.
Sinhala BJTමහණ තෙමේ ක්‍රයවික්‍රෙයයෙහි නො පිහිටන්නේ යැ. (ඇතුළතැ පිටතැ) කිසි තැනෙක්හි (අනුන් ලවා) උපවාද නො කරවන්නේ යැ. ගම්හි දු නො ඇලෙන්නේ යැ ලාභහේතුයෙන් ජනයාට ලපනය නො කරන්නේ යි.
Pali BJTකයවික්කයෙ න තිට්ඨෙය්යාති - යෙ කයවික්කයා විනයෙ පටික්ඛිත්තා, න තෙ ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා. කථං කයවික්කයෙ තිට්ඨති? පඤ්චන්නං සද්ධිං පත්තං වා චීවරං වා අඤ්ඤං වා කඤ්චි පරික්ඛාරං වඤ්චනියං වා කරොන්තො උදයං වා පත්ථයන්තො පරිවත්තෙති, එවං කයවික්කයෙ තිට්ඨති, කථං කයවික්කයෙ න තිට්ඨති? පඤ්චන්නං සද්ධිං පත්තං වා චීවරං වා අඤ්ඤං වා කඤ්චි පරික්ඛාරං න වඤ්චනියං වා කරොන්තො න උදයං වා පත්ථයන්තො පරිවත්තෙති. එවං කයවික්කයෙ න තිට්ඨති. කයවික්කයෙ න තිට්ඨෙය්යාති කයවික්කයෙ න තිට්ඨෙය්ය, න සන්තිට්ඨෙය්ය, කයවික්කයං පජහෙය්ය, විනොදෙය්ය, බ්යන්තීකරෙය්ය, අනභාවං ගමෙය්ය, කයවික්කයා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - කයවික්කයෙ න තිට්ඨෙය්ය.
Sinhala BJTකයවික්කයෙ න තිට්ඨෙය්‍ය - යම් ක්‍රයවික්‍රෙය කෙනෙක් විනයෙහි ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු නම්, ඔහු මේ අර්‍තථයෙහි අදහස් නො කරන ලදහ. කිසෙයින් ක්‍රයවික්‍රෙයයෙහි සිටී ද යත්: පස් සහධැමියන් සමග පාත්‍රයක් හෝ සිවුරක් හෝ අන් කිසි පිරිකරක් හෝ වඤ්ච කෙරෙමින් හෝ උදය (-වැඩියක්) පතමින් හෝ පරිවර්‍තන කෙරේ නම්, මෙසේ ක්‍රයවික්‍රෙයයෙහි සිටී. කිසෙයින් ක්‍රයවික්‍රෙයයෙහි නොසිටී ද යත්: පස් සහධැමියන් සමග පාත්‍රයක් හෝ සිවුරක් හෝ අන් කිසි පිරිකරක් හෝ වඤ්ච නො කෙරෙමින් හෝ උදය නො පතමින් හෝ පරිවර්‍තන කෙරේ නම්, මෙසේ ක්‍රයවික්‍රෙයයෙහි නො සිටී. කයවික්කයෙ න තිට්ඨෙය්‍ය - ක්‍රයවික්‍රෙයයෙහි නො සිටින්නේ යැ, නො පවත්නේ යැ, ක්‍රයවික්‍රෙය (-ගනුදෙනු) හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. ක්‍රයවික්‍රෙයයෙන් දුරු වූයේ වෙසෙසින් දුරු වූයේ හාත්පසින් දුරු වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වසන්නේ නුයි ‘කයවික්කයෙ න තිට්ඨෙය්‍ය’ යනු වේ.
Pali BJTඋපවාදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චීති - කතමෙ උපවාදකරා කිලෙසා? සන්තෙකෙ සමණබ්රාහ්මණා ඉද්ධිමන්තො දිබ්බචක්ඛුකා පරචිත්තවිදුනො, තෙ දූරතොපි පස්සන්ති, ආසන්නාපි න දිස්සන්ති, චෙතසාපි චිත්තං පජානන්ති. දෙවතාපි ඛො සන්ති ඉද්ධිමන්තිනියො දිබ්බචක්ඛුකා පරචිත්තවිදුනියො. තා දූරතොපි පස්සන්ති, ආසන්නාපි න දිස්සන්ති, චෙතසාපි චිත්තං පජානන්ති. තෙ ඔළාරිකෙහි වා කිලෙසෙහි මජ්ඣිමෙහි වා කිලෙසෙහි සුඛුමෙහි වා කිලෙසෙහි උපවදෙය්යුං. කතමෙ ඔළාරිකා කිලෙසා? කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. ඉමෙ වුච්චන්ති ඔළාරිකා කිලෙසා. කතමෙ මජ්ඣිමා කිලෙසා? කාමවිතක්කො ව්යාපාදවිතක්කො විහිංසාවිතක්කො. ඉමෙ වුච්චන්ති මජ්ඣිමා කිලෙසා. කතමෙ සුඛුමා කිලෙසා? ඤාතිවිතක්කො ජනපදවිතක්කො අමරවිතක්කො පරානුද්දයතාපටිසඤ්ඤුත්තො විතක්කො ලාභසක්කාරසිලොකපටිසඤ්ඤුත්තො විතක්කො අනවඤ්ඤත්තිපටිසඤ්ඤුත්තො විතක්කො. ඉමෙ වුච්චන්ති සුඛුමා කිලෙසා. තෙහි ඔළාරිකෙහි වා කිලෙසෙහි මජ්ඣිමෙහි වා කිලෙසෙහි සුඛුමෙහි වා කිලෙසෙහි න උපවදෙය්ය, උපවාදං න කරෙය්ය, උපවාදකරෙ කිලෙසෙ න කරෙය්ය, න ජනෙය්ය, න සඤ්ජනෙය්ය, න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්ය. උපවාදකරෙ කිලෙසෙ පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය. උපවාදකරෙහි කිලෙසෙහි ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්ය. කුහිඤ්චීති කුහිඤ්චි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වාති ‘උපවාදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි’
Sinhala BJTඋපවාදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි - උපවාදකර ක්ලේශයෝ කවරහු ද යත්: ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත්තාහු ය, ඔහු දුර සිටියාහු ද දකිති. ළං වූවාහු ද නො පැනෙති. තමන්ගේ සිතින් අනුන්ගේ සිත දැන ගනිත්. ඍද්ධිමත් වූ දිවැස් ඇති පරසිත් දන්නා වූ දේවතාවෝ ද ඇත්තාහු යැ. ඔහු දුර සිට ද දකිති. සමීප වූවාහු ද නො පැනෙති. තම සිතින් මෙරමා සිත ද දැන ගනිත්. ඔහු (කායදුශ්චරිතාදි) ඖදාරික ක්ලේශයන්ගෙන් හෝ (කාමවිතර්‍කාදි) මධ්‍යම ක්ලේශයන්ගෙන් හෝ (ඥාතිවිතර්‍කාදි) සූක්‍ෂම ක්ලේශයන්ගෙන් හෝ උපවාද කරන්නාහු ය. ඖදාරික ක්ලේශයෝ කවරහු ද යත්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන මොහු ඖදාරික ක්ලේශයෝ’ යි කියනු ලැබෙත්. මධ්‍යම ක්ලේශයෝ කවරහු ද යත්: කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසාවිතර්‍ක යැ යන මොහු මධ්‍යම ක්ලේශයෝ යි කියනු ලැබෙත්. සූක්‍ෂම ක්ලේශයෝ කවරහු ද යත්: ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතාප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ ලාභසත්කාරකීර්‍තති ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ අනවඥාත බව ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ යන මොහු සූක්‍ෂමක්ලෙශයෝ යි කියනු ලැබෙත්. ඒ ඖදාරික ක්ලේශයන්ගෙන් හෝ මධ්‍යම ක්ලේශයන්ගෙන් හෝ සූක්‍ෂම ක්ලේශයන්ගෙන් හෝ ’න උපවදෙය්‍ය, උපවාද නො කරන්නේ යැ, උපවාදකර ක්ලේශයන් නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, නො පහළ කරන්නේ යැ. උපවාදකර ක්ලේශයන් හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. උපවාදකර ක්ලේශයන්ගෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ යි. කුහිඤ්චි යනු: අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ කොහි කිසිවෙක්හි කොතැනෙක්හි නුයි ‘උපවාදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි’ යනු වේ.
Pali BJTගාමෙ ච නාභිසජ්ජෙය්යාති - කථං ගාමෙ සජ්ජති? ඉධ භික්ඛු ගාමෙ ගිහීහි සංසට්ඨො විහරති සහනන්දී සහසොකී සුඛිතෙසු සුඛිතො දුක්ඛිතෙසු දුක්ඛිතො. උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා වොයොගං ආපජ්ජති. එවම්පි ගාමෙ සජ්ජති. අථවා භික්ඛු පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ර තත්ර සජ්ජති. තත්ර තත්ර ගණ්හාති. තත්ර තත්ර බජ්ඣති. තත්ර තත්ර අනයබ්යසනං ආපජ්ජති. එවම්පි ගාමෙ සජ්ජති.
Sinhala BJTගාමෙ ච නාභිසජ්ජෙය්‍ය - කිසෙයින් ගම්හි ඇලෙයි යත්: මෙහි මහණ තෙම ගම්හි ගිහින් සමග සංසෘෂ්ට වැ වෙසෙයි, සමග සතුටු වනුයේ සමග ශෝක ඇතියේ (ඔවුන්) සුඛිත කල්හි සුඛිත වූයේ දුඃඛිත කල්හි දුඃඛිත වූයේ වෙයි. උපන් කළයුතු කිස ඇති කල්හි තමා උපයොගයට (කිස කළ යුතු බවට) පැමිණෙයි. මෙසේත් ගම්හි ඇලෙයි. නොහොත් මහණ තෙම පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන නො රක්නා ලද කයින් නො රක්නා ලද වචනයෙන් නො රක්නා ලද සිතින් යුක්ත වැ නො එළැඹ සිටි සිහියෙන් අසංවර වූ ඉඳුරන්ගෙන් යුක්ත වැ ගමට හෝ නියම්ගමට හෝ පිඬු සිඟා යෙයි. හෙතෙම ඒ ඒ අරමුණෙහි ඇලෙයි. ඒ ඒ අරමුණට පිවිසෙයි, ඒ ඒ අරමුණෙහි බැඳෙයි. ඒ ඒ අරමුණෙහි අනයව්‍යසනයට පැමිණේ. මෙසේත් ගම්හි ඇලෙයි.
Pali BJTකථං ගාමෙ න සජ්ජති? ඉධ භික්ඛු ගාමෙ ගිහීහි අසංසට්ඨො විහරති: න සහනන්දී න සහසොකී න සුඛිතෙසු සුඛිතො, න දුක්ඛිතෙසු දුක්ඛිතො. උප්පන්නෙසු කිච්චකරණීයෙසු න අත්තනා වොයොගං ආපජ්ජති. එවම්පි ගාමෙ න සජ්ජති. අථවා භික්ඛු පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති රක්ඛිතෙනෙව කායෙන රක්ඛිතාය වාචාය රක්ඛිතෙන චිත්තෙන උපට්ඨිතාය සතියා සංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ර තත්ර න සජ්ජති. තත්ර තත්ර න ගණ්හාති. තත්ර තත්ර න බජ්ඣති. තත්ර තත්ර න අනයබ්යසනං ආපජ්ජති එවම්පි ගාමෙ න සජ්ජති, ගාමෙ ච නාභිසජ්ජෙය්යාති ගාමෙ න සජ්ජෙය්ය න ගණ්හෙය්ය න බජ්ඣෙය්ය න පලිබජ්ඣෙය්ය. අගිද්ධො අස්ස අගථිතො{1} අමුච්ඡිතො අනජ්ඣොපන්නො වීතගෙධො විගතගෙධො වන්තගෙධො -පෙ- බ්රහ්මභූතෙන අත්තනා විහරෙය්යාති - ගාමෙ ච නාභිසජ්ජෙය්ය.
Sinhala BJTකිසෙයින් ගම්හි නො ඇලෙයි යත්: මේ සස්නෙහි මහණ තෙමේ ගම්හි ගිහීන් හා අසංසෘෂ්ට වූයේ වෙසෙයි: සමග සතුටු නො වනුයේ සමග ශෝකී නො වනුයේ (ඔවුන්) සුවපත් කල්හි සුවපත් නො වනුයේ දුප්පත් කල්හි දුප්පත් නො වනුයේ වෙයි, උපන් කළයුතු කිස ඇති කල්හි එය තමා විසින් කළ යුතු බවට නො පැමිණෙයි. මෙසේත් ගම්හි නො ඇලෙයි. නොහොත් මහණ තෙමේ පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රක්නා ලද කායද්වාරයෙන් යුක්ත වැ රක්නා ලද වාග්ද්වාරයෙන් යුක්ත වැ රක්නා ලද මනෝද්වාරයෙන් යුක්ත වැ එළැඹසිටි සිහියෙන් සංවර කළ ඉඳුරන් ගෙන් යුක්ත වැ ගමට හෝ නියම් ගමට හෝ පිඬු සිඟා යෙයි. හෙතෙම ඒ ඒ අරමුණෙහි නො ඇලෙයි. ඒ ඒ අරමුණෙහි නො පිවිසෙයි. ඒ ඒ අරමුණෙහි නො බැඳෙයි, ඒ ඒ අරමුණෙහි අනයව්‍යසනයට නො පැමිණේ. මෙසේත් ගම්හි නො ඇලේ. ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය - ගම්හි නො ඇලෙන්නේ යැ නො ගන්නේ යැ, නො බැඳෙන්නේ යැ, හාත්පසින් නො බැඳෙන්නේ යැ. (රාගයෙන්) නො ගෙතුණේ මුසපත් නො වූයේ නො මඩනා ලදුයේ වන්නේ යැ. පහවූ තෘෂ්ණා ඇතියේ විගත තෘෂ්ණා ඇතියේ වමනය කළ තෘෂ්ණා ඇතියේ … ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘ගාමෙ ච නාභිසජ්ජෙය්‍ය’ යනු වේ.
Pali BJTලාභකම්යා ජනං න ලපයෙය්යාති - කතමා ලපනා? ලාභසක්කාරසිලොකසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස ආමිසචක්ඛුකස්ස ලොකධම්මගරුකස්ස යා පරෙසං ආලපනා ලපනා සල්ලපනා උල්ලපනා සමුල්ලපනා උන්නහනා සමුන්නහනා උක්කාචනා සමුක්කාචනා අනුප්පියභාණීතා චාටුකම්යතා මුග්ගසුප්යතා{2} පාරිභට්ටතා පරපිට්ඨිමංසිකතා, යා තත්ථ සණ්හවාචතා සඛිලවාචතා සිථිලවාචතා අඵරුසවාචතා, අයං වුච්චති ලපනා, අපි ච ද්වීහි කාරණෙහි ජනං ලපති: අත්තානං වා නීචං ඨපෙන්තො පරං උච්චං ඨපෙන්තා ජනං ලපති. අත්තානං වා උච්චං ඨපෙන්තො පරං නීචං ඨපෙන්තො ජනං ලපති. කථං අත්තානං නීචං ඨපෙන්තො පරං උච්චං ඨපෙන්තො ජනං ලපති? ‘තුම්හෙ මෙ බහූපකාරා, අහං තුම්හෙ නිස්සාය ලභාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං. යෙපිමෙ අඤ්ඤෙ දාතුං වා කාතුං වා මඤ්ඤන්ති, තුම්හෙ නිස්සාය තුම්හෙ සම්පස්සන්තා. යම්පි මෙ පුරාණං මාතාපෙත්තිකං නාමධෙයං, තම්පි මෙ අන්තරහිතං. තුම්හෙහි අහං ඤායාමි අසුකස්ස කුලූපකො අසුකාය කුලූපකො’ති. එවං අත්තානං නීචං ඨපෙන්තො පරං උච්චං ඨපෙන්තො ජනං ලපති. කථං අත්තානං උච්චං ඨපෙන්තො පරං නීචං ඨපෙන්තො ජනං ලපති? ‘අහං තුම්හාකං බහූපකාරො, තුම්හෙ මං ආගම්ම බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා, පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. අහං තුම්හාකං උද්දෙසං දෙමි. පරිපුච්ඡං දෙමි.
Sinhala BJTලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය - ‘ලපනා’ කවරී ද යත්: ලාභසත්කාරකීර්ති ඇසුරු කළ ලාමක ඉච්ඡා (- ආශා) ඇති ඉච්ඡායෙන් මඩනා ලද ආමිෂයෙහි ලොල් වූ (රූපාදි) ලෝකධර්‍ම ගරු කොට වසන්නහුගේ අන්‍යයන්ට යම් ආදියෙහි බිණීමෙක් ලපනයෙක් මොනවට බිණීමෙක් උසස් කොට බිණීමෙක් හාත්පසින් උසස් කොට බිණීමෙක් උස් කොට බැඳීමෙක් හාත්පසින් පුනපුනා බැඳීමෙක් උසස් කොට දැක්වීමෙක් හාත්පසින් උසස් කොට දැක්වීමෙක් පුනපුනා ප්‍රිය වදන් කියන බවෙක් චාටුවචන ඇති බවෙක් මුද්ගසූපය වැනි වචන ඇති බවෙක් පරිහට (- දරුවන් නළවන) බවෙක් මෙරමා පිටුමස් කන බවෙක් වේ ද, එහි යම් මොළොක් වචන ඇති බවෙක් සිලුටු වචන ඇති බවෙක් ලිහිල් වචන ඇති බවෙක් මිහිරි වචන ඇති බවෙක් වේ ද, මෝ ‘ලපනා’ යයි කියනු ලබයි. තවද දෙ කරුණෙකින් ජනයාට බෙණෙයි: තමා හෝ පහත් කොට තබමින් මෙරමා උස් කොට තබමින් ජනයාට බෙණෙයි, තමා හෝ උස් කොට තබමින් මෙරමා පහත් කොට තබමින් ජනයාට බෙණෙයි. කිසෙයින් තමා නීච කොට තබමින් පරා උච්ච කොට තබමින් ජනලපනය කෙරෙයි යත්: ‘තෙපි මට බොහෝ උපකාර ඇතියව, මම් තොප නිසා සිවුරු පිණ්ඩපාත සෙනසුන් බෙහෙසත්පිරිකර ලැබෙමි, මේ අන්නු ද දෙන්නට හෝ කරන්නට හෝ සිතත් නම්, තොප නිසා තොප බලමින් (දෙන්නට සිතති) පැරණි මවු පියන් සතු මාගේ යම් නමෙක් වී නම්: මාගේ ඒ නම ද වැසිණි, තොප හේතු කොටගෙන මම ‘අසවල්හුගේ කුලුපග යැ, අසුවලගේ කුලුපග යැ’ යි ප්‍රකට වෙමි. මෙසෙයින් තමා නීච කෙරෙමින් පරා උසස් කෙරෙමින් ජනලපනය කෙරෙයි. කිසෙයින් තමා උසස් කෙරෙමින් පරා පහත් කෙරෙමින් ජනලපනය කෙරෙයි යත්: ‘මම තොපට බොහෝ උපකාරයෙමි, තෙපි මා කරා අවුත් බුදුන් සරණ ගියව, දහම් සරණ ගියව, සඟුන් සරණ ගියව, ප්‍රාණවධයෙන් වැළැක්කවු යැ, අදත්තාදානයෙන් කාමමිත්‍ථ්‍යාචාරයෙන් - මෘෂාවාදයෙන් - මදප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙන් වැළැක්කවු යැ, මම තොපට උදෙස් දෙමි, පරිපෘච්ඡා දෙමි,
Pali BJTඋපොසථං ආචික්ඛාමි. නවකම්මං අධිට්ඨාමි. අථ ච පන තුම්හෙ මං උජ්ඣිත්වා අඤ්ඤෙ සක්කරොථ ගරුකරොථ මානෙථ පූජෙථා’ති එවම්පි අත්තානං උච්චං ඨපෙන්තො පරං නීචං ඨපෙන්තො ජනං ලපති. ලාභකම්යා ජනං න ලපයෙය්යාති ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා ලාභාභිනිබ්බත්තියා ලාභං පරිපාචෙන්තො ජනං න ලපෙය්ය ලපනං පජහෙය්ය, විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, ලපනා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො. විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - ලාභකම්යා ජනං න ලපයෙය්ය.
Sinhala BJTපොහොය පවසමි, නවගම්හි පිහිට වෙමි. එතෙකු දු වත් තෙපි මා හැරපියා අනුනට සත්කාර කරව, ගරු කරව, බුහුමන් කරව, පුදව’ යි මෙසේත් තමා උසස් කෙරෙමින් පරා පහත් කෙරෙමින් ජනලපනය කෙරේ. ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය - ලාභ හේතුයෙන් ලාභප්‍රත්‍යයෙන් ලාභ කාරණයෙන් ලාභ උපදවනු පිණිස ලාභ වඩනුයේ ජනලපනය නො කරන්නේ යැ, ලපනය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ. ලපනයෙන් දුරු වූයේ වෙන් වූයේ හාත්පසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා;
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“කයවික්කයෙ න තිට්ඨෙය්ය උපවාදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි, ගාමෙ ච නාභිසජ්ජෙය්ය ලාභකම්යා ජනං න ලපයෙය්යා”ති.
Sinhala BJT“කය වික්කයෙ න තිට්ඨෙය්‍ය -පෙ- ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය” යී.
Pali BJT14. 16.
Sinhala BJT14. 16.
Pali BJTන ච කත්ථිකො සියා භික්ඛු න ච වාචං පයුත්තං{1} භාසෙය්ය, පාගබ්භියං න සික්ඛෙය්ය කථං විග්ගාහිකං න කථයෙය්ය.
Sinhala BJTමහණ තෙමේ ආත්මවර්‍ණනා කරන්නෙක් නො ද වන්නේ යැ, ප්‍රත්‍යය සඳහා යොදන ලද බසක් නො ද කියන්නේ යැ, (කායාදි) බුහුටිබැව්හි නො හැසිරෙන්නේ යැ, විග්‍රාහික කථාව නො කියන්නේ යි.
Pali BJTන ච කත්ථිකො සියා භික්ඛූති - ඉධෙකච්චො කත්ථි හොති විකත්ථි. සො කත්ථති විකත්ථති “අහමස්මි සීලසම්පන්නො’ති වා, වතසම්පන්නො’ති වා, සීලබ්බතසම්පන්නො’ති වා, ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා, උච්චා කුලා පබ්බජිතොති වා මහාභොගකුලා පබ්බජිතොති වා උළාරභොගකුලා පබ්බජිතොති වා, සුත්තන්තිකොති වා විනයධරොති වා ධම්මකථිකොති වා ආරඤ්ඤිකොති වා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා” කත්ථති විකත්ථති. එවං න කත්ථෙය්ය න විකත්ථෙය්ය, කත්ථනං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය. කත්ථනා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො, විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - න ච කත්ථිකො සියා භික්ඛු.
Sinhala BJTන ච කත්‍ථිකො සියා භික්ඛු - මෙහි කිසිවෙක් කත්‍ථන විකත්‍ථන (-ආත්මවර්‍ණනාව) කරන්නේ වෙයි. හෙතෙම් කත්‍ථනය විකත්‍ථනය කෙරෙයි: ‘මම් ශීලසම්පන්නයෙමි හෝ ව්‍රතසම්පන්නයෙමි හෝ ශීලව්‍රතසම්පන්නයෙමි හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත් බැවින් හෝ පැහැපත් සිරුරු ඇති බැවින් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙන් හෝ ශිල්පයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවකින් හෝ උසස් කුලයෙන් පැවිදි වූයෙමි’ හෝ ගැහැවිමහසල්කුලයෙන් පැවිදි වූයෙමි හෝ බොහෝ සැපත් ඇති කුලයෙන් පැවිදි වූයෙමි හෝ සෞත්‍රාන්තිකයෙමි හෝ විනයධරයෙමි හෝ ධර්‍මකථිකයෙමි හෝ ආරණ්‍යකයෙමි හෝ … නෙවසඤ්‍ඤානාසඤ්‍ඤායතනසමාපත්තිලාභී වෙමි හෝ’ තමාගේ ගුණ කියයි, වෙසෙසින් කියයි. මෙසේ සිය ගුණය නො කියන්නේ යැ, වෙසෙසින් නො කියන්නේ යැ, ගුණ කීම් හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. ගුණ කථනයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ. නික්මැගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ වියෝග වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘න ච කත්‍ථිකො සියා භික්ඛු’ යනු වේ.
Pali BJTන ච වාචං පයුත්තං භාසෙය්යාති - කතමා පයුත්තවාචා? ඉධෙකච්චො චීවරපයුත්තං වාචං භාසති, පිණ්ඩපාතපයුත්තං වාචං භාසති, සෙනාසනපයුත්තං වාචං භාසති, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරපයුත්තං වාචං භාසති. අයම්පි වුච්චති පයුත්තවාචා. අථ වා චීවරහෙතු පිණ්ඩපාතහෙතු සෙනාසනහෙතු ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සච්චම්පි භණති, මුසාපි භණති, පිසුනම්පි භණති, අපිසුනම්පි භණති, ඵරුසම්පි භණති, අඵරුසම්පි භණති, සම්ඵප්පලාපම්පි භණති, අසම්ඵප්පලාපම්පි භණති, මන්තාපි වාචං භාසති. අයම්පි වුච්චති පයුත්තවාචා. අථවා, පසන්නචිත්තො පරෙසං ධම්මං දෙසෙති: ‘අහො, වත මෙ ධම්මං සුණෙය්යුං, සුත්වා ච ධම්මෙ පසීදෙය්යුං, පසන්නා ච මෙ පසන්නාකාරං කරෙය්යු’න්ති. අයම්පි වුච්චති පයුත්තවාචා. න ච වාචං පයුත්තං භාසෙය්යාති - අන්තමසො ධම්මදෙසනං වාචං උපාදාය පයුත්තවාචං න භාසෙය්ය, න කථෙය්ය, න භණෙය්ය, න දීපයෙය්ය, න වොහරෙය්ය, පයුත්තං වාචං පජහෙය්ය, විනොදෙය්ය, බ්යන්තීකරෙය්ය, අනභාවං ගමෙය්ය, පයුත්තවාචාය ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - න ච වාචං පයුත්තං භාසෙය්ය.
Sinhala BJTන ච වාචං පයුත්ත භාසෙය්‍ය - ප්‍රයුක්තවාචා කවරී ද යත්: මෙහි කිසිවෙක් චීවරප්‍රයුක්ත වූ වචන කියයි, පිණ්ඩපාතප්‍රයුක්ත වචන කියයි, සෙනාසනප්‍රයුක්ත වචන කියයි, ගිලන්පසබෙහෙසත්පිරිකර හා යෙදුණු වචන කියයි. මෙ ද ‘පයුත්තවාචා’ යී කියනු ලබයි. නොහොත් සිවුරු හේතුයෙන් පිණ්ඩපාත හේතුයෙන් ගිලන්පස බෙහෙසත්පිරිකර හේතුයෙන් සැබව ද කියයි, බොරු ද කියයි, පිසුනු ද කියයි, නො පිසුනු ද කියයි, රළුබස් ද කියයි, නො රළුබස් ද කියයි, සිස් වදන් ද කියයි, නො සිස් වදන් ද කියයි, නුවණින් දැන ද වචන කියයි. මෙ ද ‘පයුත්තවාචා’ යී කියනු ලබයි. නොහොත් පහන් සිතැති ව අනුනට දහම් දෙසයි: ‘මා ගේ දහම් අසන්නාහු නම් ඉතා යෙහෙක, අසා දහම්හි පහදනාහු නම් යෙහෙක, පැහැදුණාහු පඬුරු එළවන්නාහු නම් යෙහෙකැ යි. මෙ ද ‘පයුත්තවාචා’ යී කියනු ලබයි. න ච වාචං පයුත්ත භාසෙය්‍ය - යටත් පිරිසෙයින් දම්දෙසුම් වචනය පටන් ප්‍රයුක්ත වචනය නො පවසන්නේ යැ නො කියන්නේ යැ නො බණන්නේ යැ නො දක්වන්නේ යැ නො වහරන්නේ යැ ප්‍රයුක්ත වචනය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ. ප්‍රයුක්ත වචනයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ. නික්මැගියේ පහවැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ යැ’ යි ‘න ච වාචං පයුත්ත භාසෙය්‍ය’ යනු වේ.
Pali BJTපාගබ්භියං න සික්ඛෙය්යාති - ‘පාගබ්භිය’න්ති තීණි පාගබ්භියානි: කායිකං පාගබ්භියං, වාචසිකං පාගබ්භියං, චෙතසිකං පාගබ්භියං. කතමං කායිකං පාගබ්භියං? ඉධෙකච්චො සඞ්ඝගතොපි කායිකං පාගබ්භියං දස්සෙති, ගණගතොපි කායිකං පාගබ්භියං දස්සෙති, භොජනසාලායපි කායිකං පාගබ්භියං දස්සෙති, ජන්තාඝරෙපි කායිකං පාගබ්භියං දස්සෙති, උදකතිත්ථෙපි කායිකං පාගබ්භියං දස්සෙති, අන්තරඝරං පවිසන්තොපි කායිකං පාගබ්භියං දස්සෙති, අන්තරඝරං පවිට්ඨොපි කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTපාගබ්භියං න සික්ඛෙය්‍ය - ‘පාගබ්භිය’ නම්: ප්‍රාගල්භ්‍ය තුනෙකි: කායික ප්‍රාගල්භ්‍ය යැ වාචසික ප්‍රාගල්භ්‍ය යැ චෛතසික ප්‍රාගල්භ්‍ය යැයි කියායි. කායික ප්‍රාගල්භ්‍යය කවරැ යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ ද කායික ප්‍රාගල්භ්‍ය ( -නො සරුප් බව) දක්වයි, ගණමැදට ගියේ ද කායික නො සරුප් බව දක්වයි, බොජුන්හලට ගියේ ද කායික නො සරුප් බව දක්වයි, ගිනිහල්හි දු කායික නො සරුප් බව දක්වයි, දිය තොට ද කායික නො සරුප් බව දක්වයි, ඇතුළුගමට පිවිසෙනුයේ ද කායික නො සරුප් බව දක්වයි, ඇතුළුගමට පිවිසියේ ද කායික නො සරුප් බව දක්වයි.
Pali BJTකථං සඞ්ඝගතො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො සඞ්ඝගතො අචිත්තිකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති, පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති, සසීසං පාරුපිත්වාපි නිසීදති, ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති. එවං සඞ්ඝගතො කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකිසෙයින් සඟමැදට ගියේ කායික නො සරුප් බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස වසා පෙරෙවැගෙන ද හිඳී, සිට ද බෙණෙයි, අත් සලමිනු දු බෙණෙයි. මෙසේ සඟමැදට ගියේ කායික නො සරුප්බව දක්වයි.
Pali BJTකථං ගණගතො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ගණගතො අචිත්තිකාරකතො ථෙරානං භික්ඛූනං අනුපාහනානං චඞ්කමන්තානං සඋපාහනො චඞ්කමති, නීචෙ චඞ්කමෙ චඞ්කමන්තානං උච්චෙ චඞ්කමෙ චඞ්කමති, ඡමාය චඞ්කමන්තානං චඞ්කමෙ චඞ්කමති, ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති. පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති. සසීසං පාරුපිත්වාපි නිසීදති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. එවං ගණගතො කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකිසෙයින් ගණමැදට ගියේ කායික නො සරුප් බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ගණමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් වහන් නැති වැ සක්මන් කරද්දී වහන් ඇති වැ සක්මන් කෙරෙයි, පහත් සක්මනෙහි සක්මන් කරද්දී උසස් සක්මනෙහි සක්මන් කෙරෙයි, පියවි බිමැ සක්මන් කරද්දී සක්මනෙහි සක්මන් කෙරෙයි, ගටමිනිදු සිටී. ගටමිනුදු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස වසා පෙරෙවැ ද හිඳී, සිට ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. මෙසේ ගණමැදට ගියේ කායික නො සරුප්බව දක්වයි.
Pali BJTකථං භොජනසාලාය කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො භොජනසාලාය අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදති, නවෙපි භික්ඛූ ආසනෙන පටිබාහති, ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති, පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති, සසීසං පාරුපිත්වාපි නිසීදති, ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති. එවං භොජනසාලාය කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකිසෙයින් බොජුන්හලැ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් බොජුන්හලැ බුහුමන් රහිත වූයේ ස්ථවිර භික්‍ෂූන් මැදට පිවිස හිඳී, නවක භික්‍ෂූන් ද අසුනෙන් බැහැර කෙරෙයි, ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස වසා පෙරෙවැගෙන ද හිඳී, සිට ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. මෙසේ බොජුන්හලැ කායික නො සරුප් බව දක්වයි.
Pali BJTකථං ජන්තාඝරෙ කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ජන්තාඝරෙ අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි තිට්ඨති, ඝට්ටයන්තොපි නිසීදති, පුරතොපි තිට්ඨති, පුරතොපි නිසීදති, උච්චෙපි ආසනෙ නිසීදති, අනාපුච්ඡාපි කට්ඨං පක්ඛිපති, අනාපුච්ඡාපි ද්වාරං පිදහති. එවං ජන්තාඝරෙ කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකිසෙයින් ගිනිහල්හි කායික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්: මෙහි කිසිවෙක් ගිනිහල්හි බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, නො පිළිවිසැ දර ඔවයි, නො පිළිවිසැ දොර පියයි. මෙසෙයින් ගිනිහල්හි කායික ප්‍රාගල්භ්‍යය දක්වයි.
Pali BJTකථං උදකතිත්ථෙ කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො උදකතිත්ථෙ අචිත්තිකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි ඔතරති, පුරතොපි ඔතරති, ඝට්ටයන්තොපි නහායති{1} පුරතොපි නහායති, උපරිතොපි නහායති, ඝට්ටයන්තොපි උත්තරති, පුරතොපි උත්තරති, උපරිපි උත්තරති. එවං උදකතිත්ථෙ කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකිසෙයින් දියතොටැ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් දියතොටැ බුහුමන් නැති වැ ස්ථවිරභික්‍ෂූන් ගටමිනු දු (තොටට) බසී, ඉදිරියෙහි දු බසී, ගැටෙමිනු දු නහයි, ඉදිරියෙහි දු නහයි, උඩගඟ ද නහයි, ගැටෙමිනු දු ගොඩ නඟී, ඉදිරියෙනු දු ගොඩ නඟී, උඩතොටිනු දු ගොඩ නඟී. මෙසෙයින් දියතොටැ කායික නො සරුප්බව දක්වයි.
Pali BJTකථං අන්තරඝරං පවිසන්තො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිසන්තො අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි ගච්ඡති, පුරතොපි ගච්ඡති. වොක්කම්මපි ථෙරානං භික්ඛූනං පුරතො පුරතො ගච්ඡති. එවං අන්තරඝරං පවිසන්තො කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකිසෙයින් ඇතුළුගමට වදනේ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ඇතුළුගමට පිවිසෙනුයේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් ගටමිනු දු යෙයි, ඉදිරියෙහි දු යෙයි, පසු කොට ද ස්ථවිර භික්‍ෂූන් ඉදිරියෙහි යෙයි. මෙසෙයින් ඇතුළුගමට පිවිසෙනුයේ කායික නො සරුප්බව දක්වයි.
Pali BJTකථං අන්තරඝරං පවිට්ඨො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිට්ඨො ‘න පවිසථ{2} භන්තෙ’ති වුච්චමානො පවිසති. ‘න තිට්ඨථ භන්තෙ’ති වුච්චමානො තිට්ඨති. ‘න නිසීදථ භන්තෙ’ති වුච්චමානො නිසීදති. අනොකාසම්පි පවිසති, අනොකාසෙපි{3} තිට්ඨති, අනොකාසෙපි නිසීදති. යානිපි තානි හොන්ති කුලානං ඔවරකානි ගූළ්හානි ච පටිච්ඡන්නානි ච යත්ථ කුලිත්ථියො කුලධීතරො{4} කුලසුණ්හායො කුලකුමාරියො නිසීදන්ති, තත්ථපි සහසා පවිසති. කුමාරකස්සපි සීසං{5} පරාමසති. එවං අන්තරඝරං පවිට්ඨො කායිකං පාගබ්භියං දස්සෙති. ඉදං කායිකං පාගබ්භියං.
Sinhala BJTකිසෙයින් ඇතුළුගමට පිවිසියේ කායික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ඇතුළුගමට පිවිසියේ ‘නො යව වහන්සැ’ යි කියනු ලබනුයේ පිවිසෙයි, ‘නො සිටිනු මැනවැ වහන්සැ’යි කියනු ලබනුයේ සිටී, ‘නො හිඳිනු මැනවැ වහන්සැ’ යි කියනු ලබනුයේ හිඳී, අනවකාශ ව ද පිවිසෙයි, අනවකාශයෙහි දු සිටී, අනවකාශයෙහි දු හිඳී. කුලස්ත්‍රීන් කුලධීතෲන් කුලවධූන් කුලකුමාරිකාවන් හිඳිනා පිළිසන් වූ (අන්‍යයන් ගෙන්) පිළිසන් කරන ලද කුලයන්ගේ යහන්ගෙවල් වෙත් නම් එහි දු සැහැසි වැ පිවිසෙයි. ළදරුවන්ගේ හිස ද පිරිමදී. මෙසෙයින් ඇතුළුගමට පිවිසියේ කායික නො සරුප්බව දක්වයි. මේ කායික ප්‍රාගල්භ්‍ය යයි.
Pali BJTකතමං වාචසිකං පාගබ්භියං? ඉධෙකච්චො සඞ්ඝගතොපි වාචසිකං පාගබ්භියං දස්සෙති, ගණගතොපි වාචසිකං පාගබ්භියං දස්සෙති, අන්තරඝරං පවිට්ඨොපි වාචසිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTවාචසික ප්‍රාගල්භ්‍යය කවරැ යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ ද වාචසික නො සරුප්බව දක්වයි, ගණමැදට ගියේ ද වාචසික නො සරුප්බව දක්වයි, ඇතුළුගමට ගියේ ද වාචසික නො සරුප්බව දක්වයි.
Pali BJTකථං සඞ්ඝගතො වාචසිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො සඞ්ඝගතො අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ අනාපුච්ඡා වා අනජ්ඣිට්ඨො වා ආරාමගතානං භික්ඛූනං ධම්මං භණති. පඤ්හං විස්සජ්ජෙති. පාතිමොක්ඛං උද්දිසති. ඨිතකොපි භණති, බාහාවික්ඛෙපකොපි භණති. එවං සඞ්ඝගතො වාචසිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකිසෙයින් සඟමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් සඟමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් නො පිළිවිසැ හෝ නො ඇණවන ලදු වැ හෝ අරමට ගිය භික්‍ෂූන්ට බණ කියයි, පැන විසඳයි, පාමොක් උදෙසයි, සිටගෙන ද බෙණෙයි අත් සලසලා ද බෙණෙයි, මෙසෙසින් සඟමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වයි.
Pali BJTකථං ගණගතො වාචසිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ගණගතො අචිත්තිකාරකතො ථෙරෙ භික්ඛූ අනාපුච්ඡා වා අනජ්ඣිට්ඨො වා ආරාමගතානං භික්ඛූනං ධම්මං භණති. පඤ්හං විස්සජ්ජෙති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. ආරාමගතානං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ධම්මං භණති. පඤ්හං විස්සජ්ජෙති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. එවං ගණගතො වාචසිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකිසෙයින් ගණමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ගණමැදට ගියේ බුහුමන් රහිත වැ ස්ථවිර භික්‍ෂූන් නො පිළිවිසැ හෝ නො ඇණවන ලදු වැ හෝ අරමට ගිය භික්‍ෂූන්ට බණ කියයි, පැන විසඳයි, සිටගෙන ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. ... අරමට ගිය මෙහෙණනට -උවසුන්ට - උවැසියනට බණ කියයි, පැන විසඳයි, සිටගෙන ද බෙණෙයි, අත් සලසලා ද බෙණෙයි. මෙසෙසින් ගණමැදට ගියේ වාචසික නො සරුප්බව දක්වයි.
Pali BJTකථං අන්තරඝරං පවිට්ඨො වාචසිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිට්ඨො ඉත්ථිං වා කුමාරිං වා එවමාහ: ඉත්ථන්නාමෙ, ඉත්ථං ගොත්තෙ. කිං අත්ථි? යාගු අත්ථි? භත්තං අත්ථි? ඛාදනීයං අත්ථි? කිං පිවිස්සාම? කිං භුඤ්ජිස්සාම? කිං ඛාදිස්සාම? කිං වා අත්ථි කිං වා මෙ දස්සථාති විප්පලපති. එවං අන්තරඝරං පවිට්ඨො වාචසිකං පාගබ්භියං දස්සෙති ඉදං වාචසිකං පාගබ්භියං.
Sinhala BJTකිසෙයින් ඇතුළුගමට පිවිසියේ වාචසික නො සරුප්බව දක්වා ද යත්: මෙහි කිසිවෙක් ඇතුළුගමට පිවිසියේ ගැහැනියකට හෝ කුමරියකට හෝ මෙසේ කියයි: ‘මේ නම් ඇත්තිය, මේ ගොත් ඇත්තිය, කුමක් ඇද් ද? කැඳ ඇද් ද? බත් ඇත් ද? කෑයුතු ඇත් ද? කුමක් බොන්නමෝ ද? කුමක් වළඳන්නමෝ ද? කුමක් කන්නමෝ ද? කුමක් හෝ ඇත් ද? කුමක් හෝ මට දෙවු දැ’ යි නන් දොඩයි. මෙසේ ඇතුළුගමට පිවිසියේ වාචසික නො සරුප්බව දක්වයි. මේ වාචසික ප්‍රාගල්භ්‍යය යි.
Pali BJTකතමං චෙතසිකං පාගබ්භියං? ඉධෙකච්චො න උච්චාකුලා පබ්බජිතො සමානො උච්චාකුලා පබ්බජිතෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන, න මහාභොගකුලා පබ්බජිතො සමානො මහාභොගකුලා පබ්බජිතෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන, න උළාරභොගකුලා පබ්බජිතො සමානො උළාරභොගකුලා පබ්බජිතෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන. න සුත්තන්තිකො සමානො සුත්තන්තිකෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන. න සුත්තන්තිකො සමානො සුත්තන්තිකෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන, න විනයධරො සමානො, න ධම්මකථිකො සමානො, න ආරඤ්ඤිකො සමානො, න පිණ්ඩපාතිකො සමානො, න පංසුකූලිකො සමානො, න තෙචීවරිකො සමානො, න සපදානචාරිකො සමානො, න ඛලුපච්ඡාභත්තිකො සමානො, න නෙසජ්ජිකො සමානො, න යථාසන්ථතිකඞ්ගො සමානො යථාසන්ථතිකෙන සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන. න පඨමස්ස ඣානස්ස ලාභී සමානො පඨමස්ස ඣානස්ස ලාභිනා සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන න දුතියස්ස ඣානස්ස - න තතියස්ස ඣානස්ස - න චතුත්ථස්ස ඣානස්ස ලාභී සමානො න ආකාසානඤ්චායතනසමාපත්තියා ලාභී සමානො - න විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා - න ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා - න නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභී සමානො නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභිනා සද්ධිං සදිසං අත්තානං කරොති චිත්තෙන. ඉදං චෙතසිකං පාගබ්භියං.
Sinhala BJTචෛතසික ප්‍රාගල්භ්‍යය කවරැ යත්: මෙහි කිසිවෙක් උසස් කුලයෙන් නො පැවිදි වූයේ උසස් කුලයෙන් පැවිදි වූවහු සමග සිතින් තමා සදෘශයකු කෙරෙයි. ගැහැවිමහසල්කුලයෙන් නො පැවිදි වූයේ ගැහැවිමහසල්කුලයෙන් පැවිදි වූවකු සමග සිතින් තමා සමාන කෙරෙයි. බොහෝ සැපත් ඇති කුලයෙන් නො පැවිදි වූයේ බොහෝ සැපත් ඇති කුලයෙන් පැවිදි වූවකු හා සිතින් සමාන කෙරෙයි. සෞත්‍රාන්තික නො වූයේ සූත්‍රාන්තයෙහි යෙදුණාහු හා සිතින් තමා සමාන කෙරෙයි. විනයධර නොවූයේ - ධර්‍මකථික නො වූයේ - ආරණ්‍යක නො වූයේ - පිණ්ඩපාතික නො වූයේ - පාංශුකූලික නො වූයේ - ත්‍රෛචීවරික නො වූයේ - සපදානචාරික නො වූයේ - ඛලුපච්ඡාභත්තික නො වූයේ - නෛසජ්ජික නො වූයේ - යථාසන්‍ථතිකාඞ්ග නො වූයේ යථාසන්‍ථතිකාඞ්ග ඇත්තහු හා සිතින් තමා සමාන කෙරෙයි. ප්‍රථමධ්‍යානලාභී නො වූයේ ප්‍රථමධ්‍යානලාභී වූවහු හා සිතින් තමා සමාන කෙරෙයි. ද්විතීයධ්‍යානලාභී නො වූයේ - තෘතීයධ්‍යානලාභී නො වූයේ - චතුර්‍තථධ්‍යානලාභී නො වූයේ - ආකාසානඤ්‍චායතනසමාපත්තිලාභී නො වූයේ - විඤ්‍ඤාණඤ්‍චායතනසමාපත්තිලාභී නො වූයේ - ආකිඤ්‍චඤ්‍ඤායතනසමාපත්තිලාභී නො වූයේ - නෙවසඤ්‍ඤානාසඤ්‍ඤායතනසමාපත්තිලාභී නො වූයේ නෙවසඤ්‍ඤානාසඤ්‍ඤායතනසමාපත්තිලාභී වූවහු හා සිතින් තමා සමාන කෙරෙයි. මේ චෛතසික ප්‍රාගල්භ්‍යය යි.
Pali BJTපාගබ්භියං න සික්ඛෙය්යාති - පාගබ්භියං න සික්ඛෙය්ය න චරෙය්ය න ආචරෙය්ය න සමාචරෙය්ය න සමාදාය වත්තෙය්ය, පාගබ්භියං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, පාගබ්භියා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - පාගබ්භියං න සික්ඛෙය්ය.
Sinhala BJTපාගබ්භියං න සික්ඛෙය්‍ය - ප්‍රගල්භ බවෙහි නො හික්මෙන්නේ යැ, නො හැසිරෙන්නේ යැ, හාත්පසින් නො හැසිරෙන්නේ යැ, මොනවට නො හැසිරෙන්නේ යැ, සමාදන් වැ නො පවත්නේ යැ. ප්‍රගල්භ බව හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණු වන්නේ යැ. ප්‍රාගල්භ්‍යයෙන් දුරු වූයේ වෙන්වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, බැහැර වූයේ පහව ගියේ විප්‍රමුක්ත - විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වසන්නේ නුයි ‘පාගබ්භියං න සික්ඛෙය්‍ය’ යනු වේ.
Pali BJTකථං විග්ගාහිකං න කථයෙය්යාති - කතමා විග්ගාහිකා කථා? ඉධෙකච්චො එවරූපිං කථං කත්තා හොති: න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. වුත්තං හෙතං භගවතා: “විග්ගාහිකාය ඛො මොග්ගල්ලාන කථාය සති කථාබාහුල්ලං පාටිකඞ්ඛං, කථාබාහුල්ලෙ සති උද්ධච්චං, උද්ධතස්ස අසංවරො, අසංවුතස්ස ආරා චිත්තං සමාධිම්හා”ති.{a}
Sinhala BJTකථං විග්ගාහිකං න කථයෙය්‍ය - විග්‍රාහික කථාව කවරැ යත්: මෙහි කිසිවෙක් මෙබඳු කථාව කරන්නේ වෙයි: ‘තෙපි මේ ධර්‍මවිනය නො දනිවු... ඉදින් පොහොනවු නම් මුදාගනිවු’ යැයි. මේ වදාරන ලද මැය බුදුන් විසින්: “මුගලන, විග්‍රාහික කථාව ඇති කල්හි කථාබාහුල්‍යය කැමැති විය යුතු යැ. කථාබාහුල්‍යය ඇති කල්හි ඖද්ධත්‍යය වෙයි. උද්ධතයා හට අසංවරය වේ. සංවර රහිත වූවහු ගේ සිත සමාධියෙන් දුරු වේ යැ” යි.
Pali BJTකථං විග්ගාහිකං න කථයෙය්යාති විග්ගාහිකං කථං න කථෙය්ය න භණෙය්ය න දීපෙය්ය න වොහරෙය්ය; විග්ගාහිකං කථං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය; විග්ගාහිකකථාය ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - කථං විග්ගාහිකං න කථයෙය්ය.
Sinhala BJTකථං විග්ගාහිකං න කථයෙය්‍ය - විග්‍රාහික කථාව නො කියන්නේ යැ, නො බණන්නේ යැ, නො දක්වන්නේ යැ, නො වහරන්නේ යැ, විග්‍රාහික කථාව හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. විග්‍රාහික කථාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මැගියේ පහවැගියේ වෙසෙසින් මිදුණේ වන්නේ යැ. විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘කථං විග්ගාහිකං න කථයෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න ච කත්ථිකො සියා භික්ඛු න ච වාචං පයුත්තං භාසෙය්ය, පාගබ්භියං න සික්ඛෙය්ය කථං විග්ගාහිකං න කථයෙය්යා”ති.
Sinhala BJT“න ච කත්‍ථිකො සියා භික්ඛු -පෙ- කථං විග්ගාහිකං න කථයෙය්‍ය” යී.
Pali BJT14. 17.
Sinhala BJT14. 17.
Pali BJTමොසවජ්ජෙ න නිය්යෙථ සම්පජානො සඨානි න කයිරා, අථ ජීවිතෙන පඤ්ඤාය සීලබ්බතෙන නාඤ්ඤමතිමඤ්ඤෙ.
Sinhala BJTසම්‍යක් ප්‍රඥා ඇති මහණ තෙම මුසවා බිණීමෙහි නො යෙදෙන්නේ යැ කපටිකම් නො කරන්නේ යැ. යළි දිවි පැවැත්මෙන් ප්‍රඥාවෙන් හා ශීලව්‍රතයෙන් අන්‍යයන් ඉක්මවා නො සිතන්නේ යි.
Pali BJTමොසවජ්ජෙ න නිය්යෙථාති - මොසවජ්ජං වුච්චති මුසාවාදො; ඉධෙකච්චො සභාගතො වා පරිසගතො වා -පෙ- ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසති.{b} ඉදං වුච්චති මොසවජ්ජං. අපි ච තීහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති ‘මුසා භණිස්ස’න්ති. භණන්තස්ස හොති ‘මුසා භණාමී’ති. භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති. ඉමෙහි තීහාකාරෙහි මුසාවාදො හොති. අපි ච, චතූහාකාරෙහි - පඤ්චහාකාරෙහි - ඡහාකාරෙහි - සත්තහාකාරෙහි - අට්ඨහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති ‘මුසා භණිස්ස’න්ති. භණන්තස්ස හොති ‘මුසා භණාමී’ති. භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති. විනිධාය දිට්ඨිං. විනිධාය ඛන්තිං, විනිධාය රුචිං, විනිධාය සඤ්ඤං, විනිධාය භාවං. ඉමෙහි අට්ඨහාකාරෙහි මුසාවාදො හොති.
Sinhala BJTමොසවජ්ජෙ න නිය්‍යෙථ - ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් සභාවට ගියේ හෝ පිරිස් වෙත ගියේ හෝ … අල්පමාත්‍ර ලාභයක් හේතු කොට හෝ දැනැ දනැ බොරු කියන්නේ වෙයි. මේ ‘මොසවජ්ජ’යී කියනු ලැබේ. තවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘මෘෂා කියන්නෙමී’ සිත වෙයි, කියන්නහුට ‘මෘෂා කියමී’ සිත වෙයි, කීවහුට ‘මා විසින් මෘෂා කියන ලදැ’ යි සිත වේ යයි. මේ තුන් අයුරෙන් මෘෂාවාදය වේ. තවද සතර අයුරෙකින් - පස් අයුරෙකින් - ෂඩාකාරයෙකින් -සත් අයුරෙකින් - අට අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට ‘මුසවා කියන්නෙමි’ සිත වෙයි. කියන්නහුට ‘මුසවා කියමි’ සිත වෙයි. කීවහුට ‘මා විසින් මුසවා කියන ලදැ’ යි සිත වෙයි. ලබ්ධිය සඟවා, කැමැත්ත සඟවා, රුචිය සඟවා, සංඥාව සඟවා, භාවය සඟවා; මේ අෂ්ටාකාරයෙන් මෘෂාවාදය වේ.
Pali BJTමොසවජ්ජෙ න නිය්යෙථාති - මොසවජ්ජෙන යායෙය්ය න නිය්යායෙය්ය න වුය්හෙය්ය න සංහරෙය්ය, මොසවජ්ජං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය; මොසවජ්ජා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - මොසවජ්ජෙ න නිය්යෙථ.
Sinhala BJTමොසවජ්ජෙ න නිය්‍යෙථ - මෘෂාවාදයෙහි නො යවනු ලබන්නේ යැ නො කියනු ලබන්නේ යැ නො වහනු ලබන්නේ යැ නො හරිනු ලබන්නේ යැ මෘෂාවාදය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ, මෘෂාවාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වෙසෙන්නේ නුයි ‘මොසවජ්ජෙ න නිය්‍යෙථ’ යනු වේ.
Pali BJTසම්පජානො සඨානි න කයිරාති - කතමං සාඨෙය්යං? ඉධෙකච්චො සඨො හොති පරිසඨො. යං තත්ථ සඨං සඨතා සාඨෙය්යං කක්ඛරතා කක්ඛරියං පරික්ඛත්තතා පාරික්ඛත්තියං, ඉදං වුච්චති සාඨෙය්යං.{a}
Sinhala BJTසම්පජානෝ සඨානි න කයිරා - ‘සාඨෙය්‍ය’ කවරැ යත්: මෙහි කිසිවෙක් ශඨ වූයේ හාත්පසින් ශඨ වූයේ වෙයි. එහි යම් (අසද්ගුණ දක්වන) කෛරාටික බවෙක් ශඨබවෙක් ශඨ්‍යයෙක් කර්‍කශබවෙක් ඉතා කර්‍කශ බවෙක් දැඩි කර්‍කශ බවෙක් ඉතා දැඩි කර්‍කශ බවෙක් වේ ද, මේ ‘සාඨෙය්‍ය’ යී කියනු ලැබෙයි.
Pali BJTසම්පජානො සඨානි න කයිරාති - සම්පජානො හුත්වා සාඨෙය්යං න කරෙය්ය න ජනෙය්ය න සඤ්ජනෙය්ය න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්ය, සාඨෙය්යං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය; සාඨෙය්යා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - සම්පජානො සඨානි න කයිරා.
Sinhala BJTසම්පජානෝ සඨානි න කයිරා - දැනගෙන් ශඨබව නො කරන්නේ යැ නො දනවන්නේ යැ නූපදවන්නේ යැ වෙසෙසින් නූපදවන්නේ යැ ශාඨ්‍යය හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ; ශාඨ්‍යයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ පහවැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘සම්පජානෝ සඨානි න කයිරා’ යනු වේ.
Pali BJTඅථ ජීවිතෙන පඤ්ඤාය සීලබ්බතෙන නාඤ්ඤමතිමඤ්ඤෙති - ‘අථා’ති පදසන්ධි -පෙ- පදානුපුබ්බතා එතං අථාති; ඉධෙකච්චො ලූඛජීවිකං ජීවන්තො පරං පණීතජීවිකං ජීවන්තං අතිමඤ්ඤති: කිං පනායං බහුලාජීවො සබ්බං සම්භක්ඛෙති, සෙය්යථීදං: මූලබීජං ඛන්ධබීජං එළුබිජං{1} අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං, අසනිවිචක්කං{2} දන්තකූටං සමණප්පවාදෙනාති{3}. සො තාය ලූඛජීවිකාය පරං පණීතජීවිකං ජීවන්තං අතිමඤ්ඤති. ඉධෙකච්චො පණීතජීවිකං ජීවන්තො පරං ලූඛජීවිකං ජීවන්තං අතිමඤ්ඤති: “කිං පනායං අප්පපුඤ්ඤො අප්පෙසක්ඛො න ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති.” සො තාය පණීතජීවිකාය පරං ලූඛජීවිකං ජීවන්තං අතිමඤ්ඤති. ඉධෙකච්චො පඤ්ඤාසම්පන්නො හොති, සො පුට්ඨො පඤ්හං විස්සජ්ජෙති. තස්ස එවං හොති: අහමස්මි පඤ්ඤාසම්පන්නො; ඉමෙ පනඤ්ඤෙ න පඤ්ඤසම්පන්නාති. සො තාය පඤ්ඤාසම්පදාය පරං අතිමඤ්ඤති. ඉධෙකච්චො සීලසම්පන්නො හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛාපදෙසු. තස්ස එවං හොති: ‘අහමස්මි සීලසම්පන්නො ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ දුස්සීලා පාපධම්මා’ති. සො තාය සීලසම්පදාය පරං අතිමඤ්ඤති. ඉධෙකච්චො වතසම්පන්නො හොති: ආරඤ්ඤිකො වා පිණ්ඩපාතිකො වා පංසුකූලිකො වා තෙචීවරිකො වා සපදානචාරිකො වා ඛලුපච්ඡාභත්තිකො වා නෙසජ්ජිකො වා යථාසන්ථතිකො වා, තස්ස එවං හොති: ‘අහමස්මි වතසම්පන්නො. ඉමෙ පනඤ්ඤෙ න වතසම්පන්නා’ති. සො තාය වතසම්පදාය පරං අතිමඤ්ඤති.
Sinhala BJTඅථ ජීවිතෙන පඤ්‍ඤාය සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ - ‘අථ’ යනු පදසන්‍ධි යැ … පදානුපූර්‍වතා යැ තෙල ‘අථ’ යනු. මෙහි කිසිවෙක් රූක්‍ෂ ජීවිකාවෙන් ජීවත්වනුයේ මෙරමා ප්‍රණීතජිවිකාවෙන් ජීවත්වන්නහුට අවමන් කෙරෙයි: ‘මේ කවරෙක් ද? බහුලාජීව ඇතියේ සියල්ල කාදමයි. ඒ මෙසේයැ: මූලබීජ යැ ස්කන්‍ධබීජ යැ පර්‍වබීජ යැ අග්‍රබීජ යැ බීජබීජය මැ පස්වැනි වෙයි. මොහුගේ දත්කුළ සෙනවළල්ලෙකි. එහෙත් ප්‍රවාදයෙන් ශ්‍රමණ ය’ යි. හෙතෙම ඒ රූක්‍ෂජීවිකාව හේතු කොට ගෙන ප්‍රණීතජීවිකාවෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ප්‍රණීතජීවිකාවෙන් ජීවත්වනුයේ රළුදිවියෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි: ‘මේ කවරෙක් ද? මදපිනැත්තෙක අල්පයශස්කයෙක චීවරපිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙසත්පිරිකර නො ලබන සුල්ලෙකැ යි. හෙතෙම ඒ ප්‍රණීතජීවිකාව හේතු කොටගෙන රළුදිවියෙන් ජීවත්වන මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් නුවණැත්තේ වෙයි. හෙතෙම විචාරන ලදුයේ පැන විසඳයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම් ප්‍රඥාසම්පන්නයෙම් වෙමි. මේ අන්‍යයෝ වැලිත් ප්‍රඥාසම්පන්නයෝ නො වෙති’ යි. හේ ඒ ප්‍රඥාසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ශීලසම්පන්න වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාරගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්‍ර දෝෂයෙහි භයදක්නා සුලු වැ වෙසෙයි. ශික්‍ෂාකොට්ඨාසයන් සමාදන් වැ හික්මෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම් ශීලසම්පන්නයෙම් වෙමි. මේ අන්‍යයෝ දුශ්ශීලයෝ යැ, පාපධර්‍ම ඇත්තාහ’ යි. හේ ඒ ශීලසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි. මෙහි කිසිවෙක් ව්‍රතසම්පන්න වෙයි: ආරණ්‍යක හෝ පිණ්ඩපාතික හෝ පාංශුකූලික හෝ තෙචීවරික හෝ සපදානචාරික හෝ බලුපච්ඡාභත්තික හෝ නෙසජ්ජික හෝ යථාසන්‍ථතික හෝ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම් ව්‍රතසම්පන්නයෙම් වෙමි, මේ අන්‍යයෝ ව්‍රතසම්පන්නයෝ නො වෙතී’ යි. හේ ඒ ව්‍රතසම්පත්තියෙන් මෙරමා ඉක්මවා සිතයි.
Pali BJTඅථ ජීවිතෙන පඤ්ඤාය සීලබ්බතෙන නාඤ්ඤමතිමඤ්ඤෙති - ලූඛජීවිකාය වා පණීතජීවිකාය වා පඤ්ඤාසම්පදාය වා සීලසම්පදාය වා වතසම්පදාය වා පරං නාතිමඤ්ඤෙය්ය නාවජානෙය්ය, න තෙන මානං ජනෙය්ය, න තෙන ථද්ධො අස්ස පත්ථද්ධො පග්ගහිතසිරොති - අථ ජීවිතෙන පඤ්ඤාය සීලබ්බතෙන නාඤ්ඤමතිමඤ්ඤෙ.
Sinhala BJTඅථ ජීවිතෙන පඤ්‍ඤාය සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ - රූක්‍ෂ ජීවිකාවෙන් හෝ ප්‍රණීතජීවිකාවෙන් හෝ ප්‍රඥාසම්පත්තියෙන් හෝ ශීලසම්පත්තියෙන් හෝ ව්‍රතසම්පත්තියෙන් හෝ මෙරමා ඉක්මවා නොසිතන්නේ යැ, අවමන් නො කරන්නේ යැ, ඒ රූක්‍ෂජීවිකාදිය හේතු කොටගෙන මානය නූපදවන්නේ යැ, එයින් තද වූයේ වෙසෙසින් තද වූයේ නැඟු හිස ඇතියේ නො වන්නේ යැයි - ‘අථ ජීවිතෙන පඤ්‍ඤාය සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“මොසවජ්ජෙ න නිය්යෙථ සම්පජානො සඨානි න කයිරා, අථ ජීවිතෙන පඤ්ඤාය සීලබ්බතෙන නාඤ්ඤමතිමඤ්ඤෙ”ති.
Sinhala BJT“මොසවජ්ජෙ න නිය්‍යෙථ -පෙ- සීලබ්බතෙන නාඤ්‍ඤමතිමඤ්ඤෙ” යී.
Pali BJT14. 18.
Sinhala BJT14. 18.
Pali BJTසුත්වා දූසිතො{1} බහුං වාචං සමණානං වා පුථුවචනානං, ඵරුසෙන නෙ න පටිවජ්ජා න හි සන්තො පටිසෙනිං{2} කරොන්ති.
Sinhala BJTබැහැරී මහණුන්ගේ හෝ බොහෝ ක්‍ෂත්‍රියාදීන්ගේ හෝ අනිටු වූ බොහෝ බස් අසා ගැටුණේ රළු බසින් ඔවුන්ට පෙරළා නො කියන්නේ යැ. යම් හෙයකින් සන්හුන් රාගාදි කෙලෙස් ඇත්තාහු ප්‍රතිපක්‍ෂ බව නො කෙරෙත් ද, එහෙයිනි.
Pali BJTසුත්වා දූසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානන්ති - ‘දූසිතො’ ති දූසිතො ඛුංසිතො ඝට්ටිතො වම්භිතො ගරහිතො උපවදිතො; සමණාති යෙ කෙචි ඉතො බහිද්ධා පරිබ්බාජූපගතා පරිබ්බාජසමාපන්නා; පුථුවචනානන්ති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච තෙ බහුකාහි වාචාහි අනිට්ඨාහි අකන්තාහි අමනාපාහි අක්කොසෙය්යුං පරිභාසෙය්යුං රොසෙය්යුං විරොසෙය්යුං හිංසෙය්යුං විහිංසෙය්යුං; හෙඨෙය්යුං විහෙඨෙය්යුං ඝාතෙය්යුං උපඝාතෙය්යුං උපඝාතං කරෙය්යුං; තෙසං බහුවාචං අනිට්ඨං අකන්තං අමනාපං සුත්වා සුණිත්වා උග්ගහිත්වා උපධාරයිත්වා උපලක්ඛයිත්වාති - සුත්වා දූසිතො{1} බහුං වාචං සමණානං වා පුථුවචනානං.
Sinhala BJTසුත්‍වා දුසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානං - ‘දුසිතො’ යනු: දූෂ්‍ය වූයේ ආක්‍රෝශ කරන ලදුයේ ගටන ලදුයේ අවඥා කරන ලදුයේ ගර්‍හා කරන ලදුයේ නුගුණ කියන ලදුයේ; සමණ නම්: මෙ සස්නෙන් බැහැර පැවිද්දට පැමිණියාහු පරිව්‍රාජ බවට පැමිණියාහු; පුථුවචනානං - ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයෝ ද; ඔහු අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ බොහෝ වචනයන්ගෙන් ආක්‍රෝශ කරන්නාහු ය, පරිභව කරන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, වෙහෙසන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙසෙසින් නසන්නාහු ය, උපඝාත කරන්නාහු ය. ඔවුන්ගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ බොහෝ බස් අසා, ශ්‍රවණය කොට, ගෙන, විමසා සලකා නුයි - ‘සුත්‍වා දුසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානං’ යනු වේ.
Pali BJTඵරුසෙන නෙ න පටිවජ්ජාති - ‘ඵරුසෙනා’ති ඵරුසෙන කක්ඛලෙන; න පටිවජ්ජා න පටිභණෙය්ය, අක්කොසන්තං න පච්චක්කොසෙය්ය, රොසන්තං නප්පටිරොසෙය්ය, භණ්ඩන්තං න පටිභණ්ඩෙය්ය, න කලහං කරෙය්ය, න භණ්ඩනං කරෙය්ය, න විග්ගහං කරෙය්ය, න විවාදං කරෙය්ය, න මෙධගං කරෙය්ය, කලහභණ්ඩනවිග්ගහවිවාදමෙධගං පජහෙය්ය, විනොදෙය්ය, බ්යන්තීකරෙය්ය, අනභාවං ගමෙය්ය, කලහභණ්ඩනවිග්ගහවිවාදමෙධගා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති ඵරුසෙන නෙ න පටිවජ්ජා.
Sinhala BJTඵරුසෙන නෙ න පටිවජ්ජා - ‘ඵරුසෙන’ යනු: පරුෂ වූ කර්‍කශ වූ බසින්; න පටිවජ්ජා - පෙරළා නො කියන්නේ යැ, ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නො කරන්නේ යැ, කෝප කරන්නහුට පෙරළා කෝප නො කරන්නේ යැ, ඩබර කරන්නහුට පෙරළා ඩබර නො කරන්නේ යැ, කලහ නො කරන්නේ යැ, භණ්ඩන - විග්‍රහ - මෙධග නො කරන්නේ යැ, කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධග හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්න යැ, අනභාවයට පමුණුවන්නේ යැ, කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් වෙසෙන්නේ නුයි ‘ඵරුසෙන නෙ න පටිවජ්ජා’ යනු වේ.
Pali BJTන හි සන්තො පටිසෙනිං කරොන්තීති - ‘සන්තො’ති රාගස්ස සන්තත්තා සන්තො, දොසස්ස - මොහස්ස - කොධස්ස උපනාහස්ස -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධො සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධොති ‘සන්තො’.
Sinhala BJTන හි සන්තෝ පටිසෙනිං කරොන්ති - ‘සන්තෝ’ යනු: රාගය ශාන්ත වන බැවින් ශාන්ත යැ, ද්වේෂය - මෝහය - උපනාහය … සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත - ශමිත - ව්‍යුපශමිත වන බැවින් දවන ලද - නිවන ලද - විගත කළ - උරලන ලද බැවින් ශාන්ත - උපශාන්ත - ව්‍යුපශාන්ත - නිර්‍වෘත - පටිප්පස්සද්ධ නුයි ශාන්ත යැ.
Pali BJTන හි සන්තො පටිසෙනිං කරොන්තීති සන්තො පටිසෙනිං පටිමල්ලං පටිභණ්ඩනං පටිපක්ඛං න කරොන්ති න ජනෙන්ති න සඤ්ජනෙන්ති න නිබ්බත්තෙන්ති නාභිනිබ්බත්තෙන්තීති - න හි සන්තො පටිසෙනිං කරොන්ති.
Sinhala BJTන හි සන්තෝ පටිසෙනිං කරොන්ති - ශාන්ත වූවාහු ප්‍රතිවිරොධය ප්‍රතිමල්ල බව ප්‍රතිභණ්ඩනය ප්‍රතිපක්‍ෂ බව නො කෙරෙති, නො දනවති, නූපදවති, නො නිපදවති, නො පහළ කෙරෙත් නුයි ‘න හි සන්තෝ පටිසෙනිං කරොන්ති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සුත්වා දූසිතො බහුං වාචං{1} සමණානං පුථුවචනානං, ඵරුසෙන නෙ න පටිවජ්ජා න හි සන්තො පටිසෙනිං කරොන්තී”ති.
Sinhala BJTසුත්‍වා දුසිතො බහුං වාචං -පෙ- න හි සන්තෝ පටිසෙනිං කරොන්ති” යී
Pali BJT14. 19.
Sinhala BJT14. 19.
Pali BJTඑතඤ්ච ධම්මමඤ්ඤාය විචිනං භික්ඛු සදා සතො සික්ඛෙ, සන්තීති නිබ්බුතිං ඤත්වා සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්ය.
Sinhala BJTමහණ තෙමේ තෙල (යථෝක්ත) ධර්‍මය දැන (අනිත්‍යාදිය) විමසනුයේ සියලු කල්හි ස්මෘතිමත් වූයේ (ත්‍රිවිධ ශික්‍ෂාවෙහි) හික්මෙන්නේ යැ. (රාගාදීන්ගේ) නිවීම ශාන්තිය යි දැන ගෞතමබුද්ධශාසනයෙහි නො පමා වන්නේ යි.
Pali BJTඑතඤ්ච ධම්මමඤ්ඤායාති - ‘එත’න්ති ආචික්ඛිතං දෙසිතං පඤ්ඤාපිතං පට්ඨපිතං විවටං විභත්තං උත්තානීකතං පකාසිතං. ධම්මමඤ්ඤායාති ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති එවම්පි එතඤ්ච ධම්මමඤ්ඤාය. අථවා, සමඤ්ච විසමඤ්ච පථඤ්ච විපථඤ්ච සාවජ්ජඤ්ච අනවජ්ජඤ්ච හීනඤ්ච පණීතඤ්ච කණ්හඤ්ච සුක්කඤ්ච විඤ්ඤුගරහිතඤ්ච විඤ්ඤුප්පසත්ථඤ්ච ධම්මං අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති එවම්පි වතඤ්ච ධම්මමඤ්ඤාය. අථවා සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං සීලෙසු පරිපූරකාරිතං ඉන්ද්රියෙසු ගුත්තද්වාරතං භොජනෙ මත්තඤ්ඤුතං ජාගරියානුයොගං සතිසම්පජඤ්ඤං චත්තාරො සතිපට්ඨානෙ චත්තාරො සම්මප්පධානෙ චත්තාරො ඉද්ධිපාදෙ පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං ධම්මං අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති එවම්පි - එතඤ්ච ධම්මමඤ්ඤාය.
Sinhala BJTඑතඤ්ච ධම්මමඤ්ඤාය - ‘එතං’ යනු කියන ලද දෙසන ලද පනවන ලද පිහිටුවන ලද විවෘත කළ විභාග කළ ප්‍රකට කළ ප්‍රකාශ කළ; ධම්මමඤ්ඤාය - දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්‍රකාශ කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ. නොහොත් (කායසුචරිතාදි) සමය ද (කායදුශ්චරිතාදි) විසමය ද දශකුශලකර්‍මපථය ද දශ අකුශලකර්‍මපථය ද සාවද්‍ය (අකුශල) අනවද්‍ය (කුශල) හීන - ප්‍රණීත - කෘෂ්ණ - ශුක්ල - විඥයන් විසින් ගර්හිත වූ විඥප්‍රශස්ත වූ ද ධර්‍මය දැන, දැනගෙන, තුලනය කොට, තීරණය කොට, විභාවනය කොට විභූත කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ. නොහොත් සම්‍යක්ප්‍රතිපත්තිය අනුලෝම ප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි ගොපිතද්වාරතාව භෝජනයෙහි මාත්‍රඥතාව ජාගර්‍ය්‍යානුයෝගය ස්මෘතිසම්ප්‍රජන්‍යය සතර සතිපට්ඨාන සතර සම්‍යක්ප්‍රධාන සතර ඍද්ධිපාද පඤ්චේන්‍ද්‍රිය පඤ්ච බල සප්ත බෝධ්‍යඞ්ග ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්‍වාණය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපත්තිය ද යන ධර්‍මය දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ.
Pali BJTවිචිනං භික්ඛු සදා සතො සික්ඛෙති - ‘විචින’න්ති විචිනන්තො පවිචිනන්තො තුලයන්තො තීරයන්තො විභාවයන්තො විභූතං කරොන්තො සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති විචිනන්තො පවිචිනන්තො තුලයන්තො තීරයන්තො විභාවයන්තො. විභූතං කරොන්තොති විචිනං භික්ඛු; ‘සදා’ති සදා සබ්බදා සබ්බකාලං -පෙ- පච්ඡිමෙ වයොඛන්ධෙ; සතො ති චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; -පෙ- සො වුච්චති සතො.
Sinhala BJTවිචිනං භික්ඛු සදා සතෝ සික්ඛෙ - ‘විචිනං’ යනු: (සිවුසස්) සොයනුයේ වෙන වෙන ම සොයනුයේ (වඩනුයේ) තුලනය කරනුයේ තීරණය කරනුයේ විභාවන කරනුයේ විභූත කරනුයේ සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙන සුලු යයි වඩනුයේ වෙන වෙනම වඩනුයේ තුලනය කරනුයේ තීරණය කරනුයේ විභාවනය කරනුයේ විභූත කරනුයේ නුයි ‘විචිනං භික්ඛු’ යනු වේ. සදා යනු : සැමදා සියලු කල … පශ්චිම වයස්හි; සතෝ යනු : සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ … හෙතෙම ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබේ.
Pali BJTසික්ඛෙති - තිස්සො සික්ඛායො: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. -පෙ- අයං අධිපඤ්ඤාසික්ඛා. ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය -පෙ- සික්ඛෙය්ය, ආචරෙය්ය, සමාචරෙය්ය, සමාදාය වත්තෙය්යාති - ‘විචිනං භික්ඛු සදා සතො සික්ඛෙ’.
Sinhala BJTසික්ඛෙ යනු: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ. අධිචිත්තශික්‍ෂා යැ, අධිප්‍රඥාශික්‍ෂා යැයි. මෝ අධිප්‍රඥාශික්‍ෂා නමු. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, … හික්මෙන්නේ යැ හැසිරෙන්නේ යැ මැනැවින් හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ නුයි ‘විචිනං භික්ඛු සදා සතෝ සික්ඛෙ’ යනු වේ.
Pali BJTසන්තීති නිබ්බුතං ඤත්වාති - රාගස්ස නිබ්බුතිං සන්තීති ඤත්වා, දොසස්ස - මොහස්ස -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං නිබ්බුතිං සන්තීති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති - සන්තීති නිබ්බුතිං ඤත්වා.
Sinhala BJTසන්තීති නිබ්බුතිං ඤත්‍වා - රාගයාගේ නිවීම ශාන්තිය යි දැන ද්වේෂයාගේ මෝහයාගේ … සියලු අකුශලාභිසංස්කාරයන්ගේ නිවීම ‘ශාන්තිය’ යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය - විභූත කොට නුයි ‘සන්තීති නිබ්බුතිං ඤත්‍වා’ යනු වේ.
Pali BJTසාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්යාති - ගොතමස්ස සාසනෙ බුද්ධසාසනෙ ජිනසාසනෙ තථාගතසාසනෙ දෙවදෙවසාසනෙ{1} අරහන්තසාසනෙ; නප්පමජ්ජෙය්යාති සක්කච්චකාරී අස්ස සාතච්චකාරී අට්ඨිතකාරී අනොලීනවුත්තිකො අනික්ඛිත්තඡන්දො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු ‘කදාහං අපරිපූරං වා සීලක්ඛන්ධං පරිපූරෙය්යං -පෙ- අපරිපූරං වා සමාධික්ඛන්ධං - පඤ්ඤාක්ඛන්ධං විමුත්තික්ඛන්ධං - විමුත්තිඤාණදස්සනක්ඛන්ධං - කදාහං අපරිඤ්ඤාතං වා දුක්ඛං පරිජානෙය්යං, අප්පහීනෙ වා කිලෙසෙ පජහෙය්යං, අභාවිතං වා මග්ගං භාවෙය්යං, අසච්ඡිකතං නිරොධං සච්ඡිකරෙය්ය’න්ති. යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච ථාමො ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසූති - සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්ය.
Sinhala BJTසාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්‍ය - ගෞතමයන්ගේ ශාසනයෙහි බුද්ධශාසනයෙහි ජිනශාසනයෙහි තථාගතශාසනයෙහි දෙවදෙවයන්ගේ ශාසනයෙහි අර්‍හත්ශාසනයෙහි; නප්පමජ්ජෙය්‍ය - සකස් කොට කරන සුලු වන්නේ යැ සතතභාවයෙන් කරන සුලු වූයේ නො නැවත කරන සුලු වූයේ නො හැකුළුණු පැවතුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ ‘කවදා මම නො පිරිපුන් ශීලස්කන්‍ධය හෝ පුරම් ද … නො පිරිපුන් සමාධිස්කන්‍ධය හෝ ප්‍රඥාස්කන්‍ධය - විමුක්තිස්කන්‍ධය - විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය - කවදා මම් (මඟනැණින්) නො දැනගත් දුක හෝ දානගනිම් ද, නොපුහුන් කෙලෙසුන් හෝ දුරු කෙරෙම් ද, නො වැඩූ මඟ හෝ වඩම් ද, නො පසක් කළ නිවන හෝ පසක් කෙරෙම් දැ’ යි එහි යම් ඡන්දයකුත් වෑයමකුත් උත්සාහයකුත් දැඩි උත්සාහයකුත් නොනැවැත්මකුත් සිහියකුත් නුවණකුත් වේ ද, (එබඳු වූ) කෙලෙස් තවන වීර්‍ය්‍ය උත්තමවීර්‍ය්‍යය අධිෂ්ඨානය නැවත නැවත යෙදීම කුශලධර්‍මයන්හි අප්‍රමාදය නුයි ‘සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එතඤ්ච ධම්මමඤ්ඤාය විචිනං භික්ඛු සදා සතො සික්ඛෙ, සන්තීති නිබ්බුතිං ඤත්වා සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්යා”ති.
Sinhala BJTඑතඤ්ච ධම්මමඤ්ඤාය -පෙ- සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්‍ය” යී.
Pali BJT14. 20.
Sinhala BJT14. 20.
Pali BJTඅභිභූ හි සො අනභිභූතො සක්ඛිධම්මමනිතීහමදස්සී, තස්මා හි තස්ස භගවතො සාසනෙ අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙති. (භගවා)
Sinhala BJTරූපාදිය අභිභවනය කළා වූ ඒ බුදුහු (කෙලෙසුන් විසින්) නො මැඩුණේ ‘මෙසේ වී ලැ’ යි නො තකන ලද ආත්මප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය යම් හෙයකින් දුටු සේක් ද, එහෙයින් මැ ඒ භාග්‍යවත්හුගේ ශාසනයෙහි නො පමා වූයේ සියලු කල්හි (ඒ බුදුනට තිදොරින්) නමස්කාර කෙරෙමින් (ත්‍රිවිධ ශික්‍ෂායෙහි) හික්මෙන්නේ යැයි (බුදුහු වදාළ සේකි.)
Pali BJTඅභිභූ හි සො අනභිභූතොති - ‘අභිභූ’ති රූපාභිභූ සද්දාභිභූ ගන්ධාභිභූ රසාභිභූ ඵොට්ඨබ්බාභිභූ ධම්මාභිභූ, අනභිභූතො කෙහි චි කිලෙසෙහි; අභිභොසි{1} නෙ හීනෙ පාපකෙ අකුසලෙ ධම්මෙ සඞ්කිලෙසිකෙ පොනොභවිකෙ සදරෙ දුක්ඛවිපාකෙ ආයතිං ජාතිජරාමරණියෙති - අභිභූ හි සො අනභිභූතො.
Sinhala BJTඅභිභු හි සො අනභිභූතො - ‘අභිභූ’ යනු: රූපයන් අභිභවනය කෙළේ ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මයන් අභිභවනය කෙළේ, කිසි කෙලෙස් කෙනකුන් විසින් අනභිභූත වූයේ (- නො මැඩුණේ) ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය දෙන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වු මත්තෙහි ජාතිජරාමරණයට කාරණ වූ ඒ හීන වූ ලාමක වූ අකුශලධර්‍මයන් අභිභවනය කෙළේ නුයි ‘අභිභු හි සො අනභිභූතො’ යනු වේ.
Pali BJTසක්ඛිධම්මමනිතීහමදස්සීති - ‘සක්ඛිධම්ම’න්ති න ඉතිහීතිහං න ඉතිකිරාය න පරම්පරාය න පිටකසම්පදාය න තක්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක්කෙන න දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා සාමං සයමභිඤ්ඤාතං අත්තපච්චක්ඛධම්මං අද්දසි අද්දක්ඛි අපස්සි පටිවිජ්ඣතීති - සකිධම්මමනිතිහමදස්සී.
Sinhala BJTසක්ඛිධම්මමනිතීහමදස්සී - ‘සක්ඛිධම්මං’ යනු : ‘මෙසේ මෙසේ වීලැ’ යි නො වැ, මේ ‘මෙසේ ලැ’ යි නො වැ, පරම්පරාකථාවෙන් නො වැ, පිටකසම්පදායෙන් නො වැ, තර්‍කහේතුවෙන් නො වැ, න්‍යායහේතුවෙන් නො වැ, (මේ මැනැවැයි) ආකාර සැලැකීමෙන් නො වැ, අප විසින් විමසා ගන්නා ලද දෘෂ්ටිය හා සම යයි නොවැ, තුමූ මැ තමන් විසින් අවබෝධ කළ තම හට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය දුටුවහ, දර්‍ශනය කළහ, අවලෝකනය කළහ, ප්‍රතිවේධ කළහ’ යි ‘සක්ඛිධම්මමනිතීහමදස්සී’ යනු වේ.
Pali BJTතස්මා හි තස්ස භගවතො සාසනෙති - ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානං. තස්ස භගවතො සාසනෙති තස්ස භගවතො සාසනෙ ගොතමසාසනෙ බුද්ධසාසනෙ ජිනසාසනෙ තථාගතසාසනෙ දෙවදෙවසාසනෙ අරහන්තසාසනෙති - තස්මා හි තස්ස භගවතො සාසනෙ.
Sinhala BJTතස්මා හි තස්ස භගවතො සාසනෙ - ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; තස්ස භගවතො සාසනෙ - ඒ භාග්‍යවත්හුගේ ශාසනයෙහි ගෞතමශාසනයෙහි බුද්ධශාසනයෙහි ජිනශාසනයෙහි තථාගතශාසනයෙහි දේවදේවයන්ගේ ශාසනයෙහි අර්‍හත්ශාසනයෙහි නුයි ‘තස්මා හි තස්ස භගවතො සාසනෙ’ යනු වේ.
Pali BJTඅප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙති භගවාති - ‘අප්පමත්තො’ති සක්කච්චකාරී -පෙ- අප්පමාදො කුසලෙසු ධම්මෙසු. සදාති සදා සබ්බදා සබ්බකාලං -පෙ- පච්ඡිමෙ වයොඛන්ධෙ; නමස්සන්ති කායෙන වා නමස්සමානො වාචාය වා නමස්සමානො චිත්තෙන වා නමස්සමානො අන්වත්ථපටිපත්තියා වා නමස්සමානො ධම්මානුධම්මපටිපත්තියා වා නමස්සමානො සක්කුරුමානො ගරුං කුරුමානො මානයමානො පූජයමානො අපචයමානො. අනුසික්ඛෙති තිස්සො සික්ඛායො: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා -පෙ- අයං අධිපඤ්ඤාසික්ඛා. ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය චරෙය්ය ආචරෙය්ය සමාචරෙය්ය සමාදාය වත්තෙය්ය; භගවාති ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති - අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙති භගවා.
Sinhala BJTඅප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙති භගවා - ‘අප්පමත්තො’ යනු: සකස් කොට කරන සුලු වූයේ … කුශලධර්‍මයන්හි අප්‍රමාද වූයේ, සදා යනු: සැමදා සියලුදා සියලු කල … පශ්චිම වයස් කොටසෙහි; නමස්සං යනු: කයින් හෝ නමස්කාර කරනුයේ චවනයෙන් හෝ නමස්කාර කරනුයේ සිතින් හෝ නමස්කාර කරනුයේ අර්ත්‍ථානුගතප්‍රතිපත්තියෙන් හෝ නමස්කාර කරනුයේ ධර්‍මානුධර්‍ම (- නවලොවුතුරු දහම් හා විදසුන් ඈ) ප්‍රතිපත්තියෙන් නමස්කාර කරනුයේ සත්කාර කරනුයේ ගරු කරනුයේ බුහුමන් කරනුයේ පුදනුයේ අපචායන කරනුයේ. අනුසික්ඛෙ - ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා අධිචිත්තශික්‍ෂා අධිප්‍රඥාශික්‍ෂා … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි: මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කළ යුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ මැනැවින් හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ යි. භගවා යනු: ගෞරවාධිවචන යැ … මේ ‘භගවා’ යනු: අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකැ’ යි ‘අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙ’ති භගවා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අභිභූ හි සො අනභිභූතො සක්ඛිධම්මමනිතීහමදස්සී, තස්මා හි තස්ස භගවතො සාසනෙ අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙති, (භගවා”ති.)
Sinhala BJT”අභිභු හි සො අනභිභූතො -පෙ- සදා නමස්සමනුසික්ඛෙති භගවා” යී
Pali BJTතුවටකසුත්තනිද්දෙසො සමත්තො චුද්දසමො.
Sinhala BJTතුදුස්වැනි තුවටක සූත්‍ර නිර්‍දෙශය සමාප්ත යී.
Pali BJT15.
Sinhala BJT15.
Pali BJTඅත්තදණ්ඩසුත්තනිද්දෙසො.
Sinhala BJTඅත්‌තදණ්‌ඩසූත්‍රනිර්දේශය
Pali BJTඅථ අත්තදණ්ඩසුත්තනිද්දෙසො වුච්චතෙ:
Sinhala BJTඉක්බිති අත්තදණ්ඩසූත්‍ර නිර්‍දෙශය කියනු ලැබේ.
Pali BJT15. 1.
Sinhala BJT15. 1.
Pali BJTඅත්තදණ්ඩා භයං ජාතං ජනං පස්සථ මෙධගං, සංවෙගං කිත්තයිස්සාමි යථා සංවිජිතං මයා.
Sinhala BJTආත්මදණ්ඩය (-තමාගේ කායාදි දුශ්චරිතය) හේතු කොටගෙන දෘෂ්ටධාර්මිකාදි භය උපන. (එසේ කල්හි) ප්‍රතිවිරුද්ධ වූ ජනයා බලවු. මා විසින් යම්සේ (තමා මැ තම හට) සංවේග උපදවන ලද ද, (එපරිද්දෙන්) සංවේගය ප්‍රකාශ කරන්නෙමි.
Pali BJTඅත්තදණ්ඩා භයං ජාතන්ති - ‘දණ්ඩා’ති තයො දණ්ඩා: කායදණ්ඩො වචීදණ්ඩෙ මනොදණ්ඩො. තිවිධං කායදුච්චරිතං කායදණ්ඩො. චතුබ්බිධං වචීදුච්චරිතං වචීදණ්ඩො, තිවිධං මනොදුච්චරිතං මනොදණ්ඩො. භයන්ති ද්වෙ භයානි: දිට්ඨධම්මිකඤ්ච භයං සම්පරායිකඤ්ච භයං. කතමං දිට්ඨධම්මිකං භයං? ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති. තමෙනං ගහෙත්වා රඤ්ඤො දස්සෙන්ති: ‘අයං දෙව’ චොරො ආගුචාරී. ඉමස්ස යං ඉච්ඡති, තං දණ්ඩං පණෙහීති. තමෙනං රාජා පරිභාසති. සො පරිභාසපච්චයා භයං උප්පාදෙති, දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස: අත්තදණ්ඩතො ජාතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං. එත්තකෙනපි රාජා න තුස්සති. තමෙනං රාජා බන්ධාපෙති අන්දුබන්ධනෙන වා රජ්ජුබන්ධනෙන වා සඞ්ඛලිකබන්ධනෙන වා වෙත්තබන්ධනෙන වා ලතාබන්ධනෙන වා පක්ඛෙපබන්ධනෙන වා පරික්ඛෙපබන්ධනෙන වා ගාමබන්ධනෙන වා නිගමබන්ධනෙන වා නගරබන්ධනෙන වා රට්ඨබන්ධනෙන වා ජනපදබන්ධනෙන වා අන්තමසො සවචනීයම්පි කරොති ‘න තෙ ලබ්භා ඉතො පක්කමිතු’න්ති. සො බන්ධනපච්චයාපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස: අත්තදණ්ඩතො ජාතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං. එත්තකෙනපි රාජා න තුස්සති. රාජා තස්ස ධනං ආහරාපෙති: සතං වා සහස්සං වා සතසහස්සං වා. සො ධනජානිපච්චයාපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස: අත්තදණ්ඩතො ජාතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං. එත්තකෙනපි රාජා න තුස්සති. තමෙනං රාජා විවිධා කම්මකාරණා කාරාපෙති:
Sinhala BJTඅත්තදණ්ඩා භයං ජාතං - ‘දණ්ඩා’ යනු: දණ්ඩයෝ තිදෙනෙකි: කායදණ්ඩ යැ, වාග්දණ්ඩ යැ, මනොදණ්ඩ යැයි. ත්‍රිවිධ කායදුශ්චරිතය කායදණ්ඩ යැ, චතුර්විධ වාග්දුශ්චරිතය වාග්දණ්ඩ යැ, ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනොදණ්ඩ යි. භයං යනු: භය දෙකෙකි: දෘෂ්ටධාර්මිකභය යැ සාම්පරායිකභය යි. දෘෂ්ටධාර්මිකභය කවරැ යත්: මෙලොවැ කිසිවෙක් කයින් දුශ්චරිතයෙහි හැසිරෙයි, වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරෙයි, සිතින් දුශ්චරිතයෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නුදුන් දෙය ද ගනී, ගෘහසන්‍ධි දු සිඳී, ගම් පැහැරීම ද ගෙවල් පැහැරීම ද මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, මුසවා ද බෙණේ. ඒ තුලුහු අල්වාගෙන ‘දේවයිනි, මේ අපරාධකාරී සොරෙක, මොහුට යමක් කැමැති නම් ඒ දඬුවම් පැණවුව මැනැවැ’ යි රජුට දක්වති. රජ ඔහුට පරිභව බෙණෙයි. හෙතෙම පරිභව හේතුවෙන් බිය උපදවයි, දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් (- තම පවින්) උපන හටගත නිපන වෙසෙසින් නිපන පහළ වී. මෙතෙකිනුදු රජ නො සතුටු වෙයි. රජ ඒ තුලුහු සිරබැඳුමෙන් හෝ රැහැන් බැඳුමෙන් හෝ හැකිලි බැඳුමෙන් හෝ වේවැල් බැඳුමෙන් හෝ ලතාබන්‍ධනයෙන් හෝ ප්‍රක්‍ෂෙපබන්‍ධනයෙන් හෝ පරික්‍ෂෙපබන්‍ධනයෙන් හෝ ග්‍රාමබන්‍ධනයෙන් හෝ නිගමබන්‍ධනයෙන් හෝ නගරබන්‍ධනයෙන් හෝ රාෂ්ට්‍රබන්‍ධනයෙන් හෝ ජනපදබන්‍ධනයෙන් හෝ බන්දවයි, යටත් පිරිසෙයින් ‘තට මෙයින් බැහැර යන්නට නො ලැබේ’ යයි (පළිබෝධ සඳහා) කියැයුතු ද කෙරෙයි. හෙතෙම බන්‍ධන හේතුවෙන් ද දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන හටගත නිපන වෙසෙසින් නිපන පහළ විය. තෙල පමණෙකිනු දු රජ නො සතුටු වෙයි. රජ ඔහුගේ ධනය සියයක් හෝ දහසක් හෝ සියදහසක් හෝ ගෙන්වා ගනී. හෙතෙම ධනහානිය හේතු කොටගෙන ද දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයිනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන, හටගත නිපන වෙසෙසින් නිපන පහළ විය. මෙතෙකිනු දු රජ නො සතුටු වෙයි. රජ ඔහුට විවිධ කම්කටොලු කරවයි.
Pali BJTකසාහිපි තාළෙති වෙත්තෙහිපි තාළෙති. අද්ධදණ්ඩකෙහිපි තාළෙති. හත්ථම්පි ඡින්දති. පාදම්පි ඡින්දති. හත්ථපාදම්පි ඡින්දති. කණ්ණම්පි ඡින්දති. නාසම්පි ඡින්දති. කණ්ණනාසම්පි ඡින්දති. බිලඞ්ගථාලිකම්පි කරොති. සඞ්ඛමුණ්ඩිකම්පි කරොති. රාහුමුඛම්පි කරොති. ජොතිමාලිකම්පි කරොති හත්ථපජ්ජොතිකම්පි කරොති. එරකවත්තිකම්පි කරොති. චීරකවාසිකම්පි කරොති. එණෙය්යකම්පි කරොති. බලිසමංසිකම්පි කරොති. කහාපණිකම්පි කරොති. ඛාරාපතච්ඡිකම්පි කරොති. පලිඝපරිවත්තිකම්පි කරොති පලාලපිට්ඨිකම්පි කරොති. තත්තෙනපි තෙලෙන ඔසිඤ්චති. සුනඛෙහිපි ඛාදාපෙති. ජීවන්තම්පි සූලෙ උත්තාසෙති. අසිනාපි සීසං ඡින්දති. සො කම්මකාරණපච්චයාපි. දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස? අත්තදණ්ඩතො ජාතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං. රාජා ඉමෙසං චතුණ්ණං දණ්ඩානං ඉස්සරො.
Sinhala BJTකසයෙනු දු තළවයි, වේවැලිනු දු තළවයි, අඩදඬියෙනු දු තළවයි, අත ද සිඳී, පය ද සිඳී, අත්පා ද සිඳී, කන ද සිඳී, නැහැය ද සිඳී, කන්නාසා ද සිඳී, බිලඞ්ගථාලික කම්කටොලු දු කෙරෙයි, සක්මුඬු දු කෙරෙයි, රාහුමුඛ කම්කටොලු ද කෙරෙයි, ජෝතිමාලික කම්කටොලු ද කෙරෙයි, හත්‍ථපජ්ජෝතික කම්කටොලු දු කෙරෙයි, එරුවතු කම්කටොලු දු කෙරෙයි, තිහිරිවත් කම්කටොලු දු කෙරෙයි එණෙය්‍යක කම්කටොලු දු කෙරෙයි, බිලියෙන් සම්මස්නහර ද උපුටයි, කහවණුවම් ද කෙරෙයි, කාරමු දු ගල්වයි, පරිඝපරිවර්තන කම්කටොලු ද කෙරෙයි පලාලපිට්ඨික කම්කටොලු ද කෙරෙයි, රත්කළ තෙලු දු ඉසී, ශුනකයන් ලවා ද කවයි, දිවස්හුල ද හිඳුවයි, කඩුවෙනු දු හිස සිඳී; හෙතෙම කම්කටොලු හෙතුයෙනු දු දුක් දොම්නස් විඳී. තෙල බියදුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩයෙන් උපන, හටගත නිපන වෙසෙසින් නිපන පහළ වූයේ වන. රජ මේ සතර දඩුවමට පොහොසත් (-සමර්‍ත්‍ථ) වේ.
Pali BJTසො සකෙන කම්මෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. තමෙනං නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කාරණං කාරෙන්ති. තත්තං අයොඛීලං හත්ථෙ ගමෙන්ති. තත්තං අයොඛීලං දුතියෙ හත්ථෙ ගමෙන්ති. තත්තං අයොඛීලං පාදෙ ගමෙන්ති. තත්තං අයොඛීලං දුතියෙ පාදෙ ගමෙන්ති. තත්තං අයොඛීලං මජ්ඣෙ උරස්මිං ගමෙන්ති. සො තත්ථ දුක්ඛා කටුකා තිප්පා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපං කම්මං බ්යන්තී හොති.{a} එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස: අත්තදණ්ඩතො ජාතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං. තමෙනං නිරයපාලා සංවෙසෙත්වා කුඨාරීහි තච්ඡෙන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපං කම්මං බ්යන්තී හොති. තමෙනං නිරයපාලා උද්ධපාදං අධොසිරං ගහෙත්වා වාසීහි තච්ඡෙන්ති. තමෙනං නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය පඨවියා සම්පජ්ජලිතාය සජොතිභූතාය සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි{2} -පෙ- තමෙනං නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි -පෙ- තමෙනං නිරයපාලා උද්ධපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චති. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡති. සකිම්පි අධො ගච්ඡති. සකිම්පි තිරියං ගච්ඡති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපං කම්මං බ්යන්තීහොති. එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස: අත්තදණ්ඩතො ජාතං සඤ්ජාතං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං. තමෙනං නිරයපාලා මහානිරයෙ පක්ඛිපන්ති. සො ඛො පන මහානිරයො:
Sinhala BJTහෙතෙම සිය පව්කැමින් කාබුන් මරණින් මතු සැප නැති දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණෙයි; ඔහුට නිරයපාලයෝ පඤ්චවිධ බන්‍ධන නම් කම්කටොලු කරවති: රත් වූ යවුලක් අතෙහි ගසති, රත් යවුලක් දෙවැනි අතෙහි ගසති, රත් යවුලක් පයෙහි ගසති, රත් යවුලක් දෙවැනි පයෙහි ගසති, රත් යවුලක් ළමැද ගසත්. හේ එහි තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩ හේතුවෙන් ජාත යැ සඤ්ජාත යැ නිර්‍වෘත යැ අභිනිර්‍වෘත යැ ප්‍රාදුර්භූත යි. යමපල්හු ඒ පව්කම් කළහු බිමැ හොවා කෙටේරියෙන් සස්ති; හේ එහි තියුණු කටුක දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. යමපල්හු ඒ පව්කම් කළහු ඌර්ධ්වපාද කොට අධඃශීර්‍ෂ කොට ගෙන වෑයෙන් සස්ති. ඒ පව්කම් කළහු නිරයපාලයෝ (ගින්නෙන් දිලියෙන) රියෙහි යොදා හාත්පසින් දැල්වෙන අතිශයින් දිලියෙන ගිනිදැල් සහිත වූ පොළොවෙහි ඉදිරියට ඇවිදුවන්නාහු ද නවතන්නාහු ද වෙති, පව්කම් කළ ඔහු යමපල්හු ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිත වූ මහත් අඞ්ගාරපර්‍වතයට නංවති. බස්වන්නාහු ද වෙත් … යමපල්හු පව්කම් කළ ඔහු ඌර්ධ්වපාද අධඃශීර්‍ෂ කොට ගෙන තප්ත වූ ආදීපත් වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිත වූ ලෝහකුම්භියෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති වැ පැසෙයි. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති වැ පැස්නේ වරක් උඩට ද නැඟෙයි, වරක් යටට ද බසී. වරක් සරස ද ඇවිදී. හේ එහි තීව්‍ර වූ කටුක වූ දුක් වේදනා විඳී. යම් තාක් ඒ පව්කමේ නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ආත්මදණ්ඩයෙන් (සිය කැමින්) උපන, සඤ්ජාත යැ නිර්‍වෘත යැ ප්‍රාදුර්භූත යි. ඒ පව්කම් කළ ඔහු යමපල්හු මහානිරයෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්. ඒ මහානිරය වූ කලි:
Pali BJT1. චතුක්කණ්ණො චතුද්වාරො විභත්තො භාගසො මිතො, අයොපාකාරපරියන්තො අයසා පටිකුජ්ජිතො.
Sinhala BJT1. (ඒ මහානිරය) සතර කන් ඇත්තේ යැ, සතර දොර යැ, වෙන වෙන මැ කොටස් වශයෙන් බෙදන ලද, යපවුරෙන් පරික්‍ෂිප්ත යැ, යපියනින් වසන ලද.
Pali BJT2. තස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා.{a}
Sinhala BJT2. ඒ මහානරකයාගේ යපොළොව ජ්වලිත වූවා තේජසින් යුක්ත යැ. හාත්පස සියක් යොදුන් තැනැ සියලු කල්හි පැතිරැ සිටී.
Pali BJT3. කදරියා තපනා{1} ඝොරා අච්චිමන්තො දුරාසදා, ලොමහංසනරූපා ච භිස්මා පටිභයා දුඛා.{b}
Sinhala BJT3. (ඒ අෂ්ට මහානරකයෝ) නිරතුරු තවන්නාහු ඝෝර වූවාහු (කල්පස්ථායී) ගිනිසිළු ඇත්තාහු ළංවියැ නො හැක්කාහු ලොමුදහන පියවි ඇත්තාහු බිහිසුණු වූවාහු බිය උපදවන්නාහු දුක් වූවාහු ද වෙත්.
Pali BJT4. පුරත්ථිමාය ච භිත්තියා අච්චික්ඛන්ධො සමුට්ඨිතො, දහන්තො පාපකම්මන්තෙ පච්ඡිමාය පටිහඤ්ඤති.
Sinhala BJT4. පෙරදිග බිතින් නැගුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් (ගොස්) පැසුළු බිතැ වැදෙයි.
Pali BJT5. පච්ඡිමාය ච භිත්තියා අච්චික්ඛන්ධො සමුට්ඨිතො, දහන්තො පාපකම්මන්තෙ පුරත්ථිමාය පටිහඤ්ඤති.
Sinhala BJT5. පශ්චිම භිත්තියෙන් නැගුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් ගොස් පූර්‍වභිත්තියෙහි වැදෙයි.
Pali BJT6. උත්තරාය ච භිත්තියා අච්චික්ඛන්ධො සමුට්ඨිතො, දහන්තො පාපකම්මන්තෙ දක්ඛිණාය පටිහඤ්ඤති.
Sinhala BJT6. උතුරු බිතින් නැගුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් දකුණු බිතැ වැදෙයි.
Pali BJT7. දක්ඛිණාය ච භිත්තියා අච්චික්ඛන්ධො සමුට්ඨිතො. දහන්තො පාපකම්මන්තෙ උත්තරාය පටිහඤ්ඤති.
Sinhala BJT7. දකුණු බිතින් නැගුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් උතුරු බිතැ වැදෙයි.
Pali BJT8. හෙට්ඨතො ච සමුට්ඨාය අච්චික්ඛන්ධො භයානකො, දහන්තො පාපකම්මන්තෙ ඡදනස්මිං පටිහඤ්ඤති.
Sinhala BJT8. යට පොළොවිනු දු බිය එළවන ගිනිකඳ නැඟී පව්කම් කළවුන් දවමින් ගොස් ඡදනයෙහි (- සියන්හි) පැහැරැ සිටී.
Pali BJT9. ඡදනම්හා සමුට්ඨාය අච්චික්ඛන්ධො භයානකො, දහන්තො පාපකම්මන්තෙ භූමියං පටිහඤ්ඤති.
Sinhala BJT9. ඡදනයෙන් බිය එළවන ගිනිකඳ නැඟී පාපකර්‍ම කළ සත්ත්‍වයන් දවමින් ගොස් බිම පැහැරැ සිටී.
Pali BJT10. අයොකපාලමාදිත්තං සන්තත්තං ජලිතං යථා, එවං අවීචිනිරයො හෙට්ඨා උපරි පස්සතො.
Sinhala BJT10. අවීචිනරකය උඩ යට බලනුවහුට හාත්පසින් දිලියෙන අතිශයින් තැවුණු දැල්වුණු යකබලක් මෙනි.
Pali BJT11. තත්ථ සත්තා මහාලුද්දා මහාකිබ්බිසකාරිනො, අච්චන්තපාපකම්මන්තා පච්චන්ති න ච මිය්යරෙ.
Sinhala BJT11. එහි මහද්රෞද්‍ර වූ මහදරුණුකම් කරන සුලු වූ අතිශයින් පව්කම් ඇති සත්ත්‍වයෝ පැසෙති, නො ද මියෙත්.
Pali BJT12. ජාතවෙදසමො කායො තෙසං නිරයවාසිනං. පස්ස කම්මානං දළ්හත්තං න භස්මා හොති න මසි.
Sinhala BJT12. ඒ නිරෑවැසියන්ගේ කය ගිනි වැන්න. කර්‍මයන්ගේ දැඩි සේ බල හළු නො වෙයි, දැලි නො වේ.