Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1601-1700 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකථං භගවා බුද්ධචක්ඛුනාපි විවටචක්ඛු? භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ, අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ. සෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අනුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අච්චුග්ගම්ම තිට්ඨන්ති අනුපලිත්තානි උදකෙන, එවමෙවං භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ, අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ.
Sinhala BJTකිසෙයින් බුදුහු බුදුඇසිනු දු ‘විවටචක්ඛු’ වූහ යත්: බුදුහු බුදුඇසින් ලොව බලන සේක් (නුවණැස්හි) අල්ප වූ (රාගාදි) කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති (ශ්‍රද්ධාදි) සුන්දරාකාර ඇති ගර්හිත වූ (අශ්‍රද්ධාදි) ආකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ සත්ත්‍වයන්, ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නා සුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භයවශයෙන් දක්නා සුලු වැ නො වසනුවන් දුටු සේක. යම්සේ උපුල්විලකැ හෝ පියුම්විලකැ හෝ නෙළුඹුවිලකැ හෝ ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැඟුණාහු ඇතුළත ගැලී පොහොනි වූවාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සම වැ සිටියාහු ද, ඇතැම් උපුල් හෝ පියුම් හෝ නෙළුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැගී දිය හා නො වැකුණාහු සිටිත් ද, එසෙයින් ම බුදුහු බුදුඇසින් ලොව බලන සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු ඉඳුරන් ඇත්තාවූ ද මෘදු ඉඳුරන් ඇත්තාවූ ද සුන්දරාකාර වූ ද ගර්හිතාකාර වූ ද සුවිඥාප්‍ය වූ ද දුර්විඥාප්‍ය වූ ද සත්ත්‍වයන්, පරලෝකයෙහිත් වද්‍යයෙහිත් භය දක්නාසුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලෝක වද්‍යයෙහි භය දක්නාසුලු වැ නො වසනුවන් දුටු සේක.
Pali BJTජානාති භගවා අයං පුග්ගලො රාගචරිතො, අයං දොසචරිතො, අයං මොහචරිතො, අයං විතක්කචරිතො, අයං සද්ධාචරිතො, අයං ඤාණචරිතොති. රාගචරිතස්ස භගවා පුග්ගලස්ස අසුභකථං කථෙති. දොසචරිතස්ස භගවා පුග්ගලස්ස මෙත්තාභාවනං ආචික්ඛති. මොහචරිතං භගවා පුග්ගලං උද්දෙසෙ පරිපුච්ඡාය කාලෙන ධම්මසවනෙ කාලෙන ධම්මසාකච්ඡාය ගරුසංවාසෙ නිවෙසෙති. විතක්කචරිතස්ස භගවා පුග්ගලස්ස ආනාපානසතිං ආචික්ඛති සද්ධාචරිතස්ස භගවා පුග්ගලස්ස පසාදනීයං නිමිත්තං ආචික්ඛති බුද්ධසුබොධිං ධම්මසුධම්මතං සඞ්ඝසුප්පටිපත්තිං සීලානි ච අත්තනො. ඤාණචරිතස්ස භගවා පුග්ගලස්ස ආචික්ඛති විපස්සනානිමිත්තං අනිච්චාකාරං දුක්ඛාකාරං අනත්තාකාරං.
Sinhala BJT‘මේ පුද්ගල තෙම රාගචරිතයෙක, මේ ද්වෙෂචරිතයෙක, මේ මොහචරිතයෙක, මේ විතර්‍කචරිතයෙක, මේ ශ්‍රද්ධාචරිතයෙක, මේ ඥානචරිතයෙකැ’ යි බුදුහු දැනගන්නා සේක. බුදුහු රාග බහුල පුද්ගලයාහට අශුභකථාව වදාරති. ද්වෙෂබහුල පුද්ගලයාහට බුදුහු මෛත්‍රීභාවනාව පවසති. බුදුහු මෝහ බහුල පුද්ගලයා උදෙසීමෙහි ද පරිපෘච්ඡා (- අටුවා) යෙහි කලෙක (-සුදුසු කල්හි) ධර්‍මශ්‍රවණයෙහි ද කලෙක ධර්‍මසාකච්ඡාවෙන් ගුරුන් ඇසුරු කිරීමෙහි ද (ඇදුරන් වෙත) සිටුවන සේක. බුදුහු විතර්‍ක බහුල පුද්ගලයාහට ආනාපානසතිය දෙසන සේක. ශ්‍රද්ධා බහුල පුද්ගලයාට බුදුහු ප්‍රසාද උපදවන සූත්‍රයක් ද බුදුන්ගේ බුදධත්ත්‍වප්‍රතිවෙධය ද ධර්‍මය ස්වාඛ්‍යාත බව ද සඞ්ඝයා සුප්‍රතිපන්න බව ද තමා සතු ශීලයන් ද පවසන සේක. ඥානචරිත පුද්ගලයාහට බුදුහු (උදයව්‍යයාදි) විදර්‍ශනානිමිත්ත වූ අනිත්‍යාකාරය දුඃඛාකාරය අනාත්මාකාරය පවසන සේකි.
Pali BJT1. “සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො. තථූපමං ධම්මමයං සුමෙධ, පාසාදමාරුය්හ සමන්තචක්ඛු, සොකාවතිණ්ණං ජනතමපෙතසොකො අවෙක්ඛස්සු ජාතිජරාභිභූත”න්ති.{a}
Sinhala BJT1. යම්සේ සෙල්මුවා පව්වක් මත සිටි යේ මැ (ඇස් ඇති පුරුෂයෙක්) හාත්පස ජනතාව බලන්නේ ද, එසෙයින් ඔබ ද සුන්‍දර ප්‍රඥා ඇති සමන්තචක්‍ෂුස් වූ භාග්‍යවත්නි, දහම්මුවා පහයට නැඟී (තුමූ) පහවූ ශෝක ඇත්තහු ශෝකයට බල ජාතිජරායෙන් මඩනා ලද ජනතාව බලනු මැනැවැ’ යි.
Pali BJTඑවං භගවා බුද්ධචක්ඛුනාපි විවටචක්ඛු.
Sinhala BJTමෙසේ බුදුහු බුදුඇසිනුදු ‘විවටචක්ඛු’ වූහ.
Pali BJTකථං භගවා සමන්තචක්ඛුනාපි විවටචක්ඛු? සමන්තචක්ඛු වුච්චති සබ්බඤ්ඤුතඤාණං; භගවා සබ්බඤ්ඤුතඤාණෙන උපෙතො සමුපෙතො උපගතො{1} සමුපගතො{2} උපපන්නො සම්පන්නො සමන්නාගතො.
Sinhala BJTකිසෙයින් බුදුහු සමන්තාත් චක්‍ෂුසිනු දු ‘විවටචක්ඛු’ වූහ යත්: ‘සමන්ත චක්ඛු’ යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි. බුදුහු සර්‍වඥතාඥානයෙන් උපෙතයහ, සමුපෙතයහ, උපගතයහ, සමූපගතයහ, නො වෙන් වූහ, පරිපූර්‍ණයහ සමන්‍විත වූහු.
Pali BJT2. “න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි අථො අවිඤ්ඤාතමජානිතබ්බං, සබ්බං අභිඤ්ඤාසි යදත්ථි ඤෙය්යං{3} තථාගතො තෙන සමන්තචක්ඛූ”ති{b}.
Sinhala BJT2. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි (මෙ කල හෝ පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත, (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයෙකු) දු නැත. දතයුතු වූ යම් ධර්‍මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ.
Pali BJTඑවං භගවා සමන්තචක්ඛුනාපි විවටචක්ඛූති - අකිත්තයී විවටචක්ඛු.
Sinhala BJTමෙසේ බුදුහු සර්‍වඥතාඥානයෙනු දු ‘විවටචක්ඛු’ වූවාහු නුයි ‘අකිත්තයී විවටචක්ඛු’ යනු වේ.
Pali BJTසක්ඛිධම්මං පරිස්සයවිනයන්ති - ‘සක්ඛිධම්ම’න්ති න ඉතිහිතිහං න ඉතිකිරාය න පරම්පරාය න පිටකසම්පදාය න තක්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක්කෙන න දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා සාමං සයමභිඤ්ඤාතං අත්තපච්චක්ඛං ධම්මන්ති සක්ඛිධම්මං.
Sinhala BJTසක්ඛිධම්මං පරිස්සයවිනයං - ‘සක්ඛිධම්මං’ යනු: ‘මෙසේ මෙසේ වී ලැ’යි නො වැ, ‘තෙල මෙසේ ලැ’ යි නො වැ, පරම්පරාකථාවෙනු දු නො වැ. ‘පිටක සම්ප්‍රදාය හා සම වේ යැ’ යි නො වැ, තර්‍කහේතුවෙනු දු නො වැ, නයග්‍රහණයෙනු දු නො වැ, (‘මේ සොඳුරු යැ’ යි ) කරුණු සැලකීමෙනු දු නො වැ ‘අපට රුචි වූ දෘෂ්ටිය හා සම වේ යැ’ යි නො වැ, තෙමේ මැ තමා විසින් නුවණින් අවබෝධ කළ, තමා විසින් ප්‍රත්‍යවේක්‍ෂා කළ ධර්‍මය නුයි ‘සක්ඛිධම්මං’ යනු වේ.
Pali BJTපරිස්සයවිනයන්ති ‘පරිස්සයා’ති ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා ච.
Sinhala BJTපරිස්සයවිනයං - පරිස්සය යනු: ප්‍රකට උපද්‍රවයෝ ද, ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ දැයි පරිශ්‍රය දෙකෙකි:
Pali BJTකතමෙ පාකටපරිස්සයා? සීහා ව්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිසා හත්ථි අහී විච්ඡිකා සතපදී චොරා වා අස්සු මානවා වා කතකම්මා වා අකතකම්මා වා, චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො, දද්දු කණ්ඩු කච්ඡු රඛසා{1} විතච්ඡිකා ලොහිතපිත්තං මධුමෙහො අංසා පිළකා භගන්දලා, පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හසමුට්ඨානා ආබාධා, වාතසමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා, ඔපක්කමිකා ආබාධා, කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සා ඉති වා, ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා.
Sinhala BJTප්‍රකට උපද්‍රවයෝ කවරහ යත්: සිහ යැ වග යැ දිවි යැ වලස් යැ තරස් යැ වෘක යැ මහිෂ යැ ඇත් යැ අහි යැ නුහුසු යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සහැසියෝ හෝ වන්නාහුය. චක්‍ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්‍ෂරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජව ර යැ කුක්‍ෂිරොග යැ මුර්ඡා යැ ලොහිතාතීසාර යැ ආමශූල යැ මහාවිරේචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කබර යැ ක්‍ෂයරොග යැ වස්මර යැ දද යැ කණ්ඩුති යැ මහාකුෂ්ට යැ නියහිරි යැ අතුල් පතුල් පැළීම යැ රත්පිත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිතින් උපදනා රෝග යැ සෙමින් උපදනා රෝග යැ වයින් උපදනා රෝග යැ තුන්දොසින් උපදනා රෝග යැ, ඍතු විපර්‍ය්‍යාසයෙන් උපදනා රෝග යැ විෂම පැවැත්මෙන් උපදනා රෝග යැ උපක්‍රමයෙන් හටගන්නා රෝග යැ කර්‍මවිපාකයෙන් හටගන්නා රෝග යැ, ශීත - උෂ්ණ - සා - පවස් - මල - මූ යැ, මැසි - මදුරු - වා - අව් - දික්දැපහස් යැ යන මොහු හෝ යි. මොහු ප්‍රකට උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ පටිච්ඡන්නපරිස්සයා? කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං, කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං, රාගො දොසො මොහො කොධො උපනාහො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො සබ්බෙ කිලෙසා සබ්බානි දුච්චරිතානි සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසඞ්ඛාරා. ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා.
Sinhala BJTප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ, රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ බද්ධවෛර යැ මකුබව යැ යුගග්‍රාහ යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා යැ ශාඨ්‍ය යැ ස්තබ්ධ යැ කරණුත්තරියකරණ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ, සියලු ක්ලේශයෝ යැ, සියලු දුශ්චරිතයෝ යැ, සියලු දරථයෝ යැ, සියලු පරිදාහයෝ යැ, සිලු සන්තාපයෝ යැ සියලු අකුශලාභිසංස්කාරයෝ යැ, යන මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.
Pali BJTපරිස්සයාති - කෙනට්ඨෙන පරිස්සයා? පරිසහන්තීති පරිස්සයා, පරිහානාය සංවත්තන්තීති පරිස්සයා, තත්රාසයාති පරිස්සයා. කථං පරිසහන්තීති පරිස්සයා? තෙ පරිස්සයා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති මද්දන්ති. එවං පරිසහන්තීති පරිස්සයා. කථං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා? තෙ පරිස්සයා කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. කතමෙසං කුසලානං ධම්මානං? සම්මාපටිපදාය අනුලොමපටිපදාය අප්පච්චනිකපටිපදාය අන්වත්ථපටිපදාය ධම්මානුධම්මපටිපදාය සීලෙසු පරිපූරකාරිතාය ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය භොජනෙසු මත්තඤ්ඤුතාය ජාගරියානුයොගස්ස සතිසම්පජඤ්ඤස්ස, චතුන්නං සතිපට්ඨානානං භාවනානුයොගස්ස, චතුන්නං සම්මප්පධානානං - චතුන්නං ඉද්ධිපාදානං - පඤ්චන්නං ඉන්ද්රියානං - පඤ්චන්නං බලානං - සත්තන්නං බොජ්ඣඞ්ගානං - අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගස්ස. ඉමෙසං කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. එවම්පි පරිහානාය සංවත්තන්තීති පරිස්සයා.
Sinhala BJTපරිස්සයා යනු: කවර අරුතෙකින් පරිශ්‍රය වූවාහු ද යත්: පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රයයෝ යැ, පරිහාණයට වැටෙත් නුයි පරිශ්‍රයයෝ යැ එහි වෙසෙත් නුයි පරිශ්‍රයයෝ යි. කිසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය වූහ යත්? ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, හාත්පසින් සහනය කෙරෙති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් අල්වාගනිති, මර්දනය කෙරෙත්. මෙසෙයින් පරිසහනය කෙරෙත් නුයි පරිශ්‍රය නම් වෙත්. කිසෙයින් පරිහාණයට වැටෙත් නුයි පරිශ්‍රය වූහ යත්? ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම පිණිස පවත්නාහුය. කවර කුශලධර්‍මයන්ගේ ද යත්? සම්‍යක්ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අනවර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමොක්‍ෂසීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි ගොපිනද්වාර ඇතිබව භෝජනයෙහි මාත්‍රඥ බව නිදි දුරුකිරීමෙහි යෙදීම ස්මෘතිසම්ප්‍රඥානය, සතර සීවටන් භාවනාවෙයි යෙදීම සතර සම්‍යක්ප්‍රධානය සතර ඍද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්චබලය සප්ත බෝධ්‍යඞ්ගය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය (යන මොවුන්ගේ) භාවනාවෙහි යෙදීම - (යන) මේ කුශලධර්‍මයන් ගේ අන්තරාය පිණිස පිරිහීම පිණිස පවතිත්. මෙසේත් පරිහාණයට වැටෙත් නුයි පරිශ්‍රය නම් වෙත්.
Pali BJTකථං තත්රාසයාති පරිස්සයා: තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයා. යථා බිලෙ බිලාසයා පාණා සයන්ති, දකෙ දකාසයා පාණා සයන්ති, වනෙ වනාසයා පාණා සයන්ති, රුක්ඛෙ රුක්ඛාසයා පාණා සයන්ති, එවමෙවං තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයාති. එවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTකිසෙයින් එහි වෙසෙත් නුයි පරිශ්‍රය වූහ යත්: ඒ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදිත්. යම්සේ බිලයෙහි බිලාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, දියෙහි ජලාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, වෙනෙහි වනාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, රුකෙහි වෘක්‍ෂාශ්‍රය ප්‍රාණීහු හොවිත් ද, එසෙයින් ම ඒ අත්බවෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදිත් නුයි මෙසේත් එහි වෙසෙත් නුයි පරිශ්‍රය නම් වෙත්.
Pali BJTවුත්තඤ්හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි බුදුන් විසින්:
Pali BJT“සාන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති? ඉධ භික්ඛවෙ, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා, ත්යාස්ස{1} අන්තො වසන්ති අන්වාස්සවසන්ති{2} පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති, සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති, තස්මා සාචරියකොති වුච්චති. පුන චපරං භික්ඛවෙ භික්ඛුනො සොතෙන සද්දං සුත්වා - ඝානෙන ගන්ධං ඝායිත්වා - ජිව්හාය රසං සායිත්වා - කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා - මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. ත්යාස්ස අන්තො වසන්ති, අන්වාස්ස වසන්ති පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති, සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති, තස්මා සාචරියකොති වුච්චති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරතී”ති.{a} එවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJT“මහණෙනි, සාන්තේවාසික වූ (- අන්තේවාසික කෙලෙස් සමග වසන ) සාචාර්‍ය්‍යක වූ (- සමුදාචරණ කෙලෙස් සමග වසන) මහණ තෙමේ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කිසෙයින් සාන්තේවාසික වූ සාචාර්‍ය්‍යක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි යත්: ‘මහණෙනි, මෙහි මහණක් හට ඇසින් රූපයක් දැක, (නොයෙක් අරමුණෙහි හැසිරීම් වශයෙන් උපන්) සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති, ඔහුගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් සාන්තේවාසික යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු කෙරෙහි නිරතුරු හැසිරෙති, ඔහු හෝ හසුරුවත් නුයි එහෙයින් ’සාචරියක’ යී කියනු ලැබේ. තවද මහණෙනි, මහණක්හට කනින් ශබ්දයක් අසා නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන අරමුණෙහි හැසිරීමෙන් උපන් සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති, ඔහුගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යි කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු කෙරෙහි හැසිරෙති. ඔහු හෝ හසුරුවත් නුයි එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. මෙසේත් මහණෙනි, සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසේ යයි. මෙසේත් එහි වෙසෙත් නුයි පරිශ්‍රය වෙත්.
Pali BJTවුත්තඤ්හෙතං භගවතා;
Sinhala BJTවදාරන ලද මැය බුදුන් විසින්:
Pali BJT“තයො’මෙ භික්ඛවෙ අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා. කතමෙ තයො? ලොභො භික්ඛවෙ, අන්තරාමලං අන්තරාමිත්තො අන්තරාසපත්තො අන්තරාවධකො අන්තරාපච්චත්ථිකො. දොසො භික්ඛවෙ - මොහො භික්ඛවෙ අන්තරාමලං අන්තරාමිත්තො අන්තරාසපත්තො අන්තරාවධකො අන්තරාපච්චත්ථිකො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො අන්තරා මලා අන්තරා මිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකාති.{b}
Sinhala BJT“මහණෙනි, මේ ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්: මහණෙනි, ලෝභය ඇතුළත මල යැ ඇතුළත අමිත්‍ර යැ ඇතුළත සතුරු යැ ඇතුළත වධක යැ ඇතුළත පසමිතුරු යි. මහණෙනි, ද්වේෂය - මහණෙනි, මෝහය අන්තර්මල යැ අන්තරමිත්‍ර යැ අන්තර් සපත්න යැ අන්තර් වධක යැ අන්තර් ප්‍රත්‍යනීක යි. මහණෙනි, මොහු තිදෙන අන්තර් මලයෝ යැ අන්තරමිත්‍රයෝ යැ අන්තර් සපත්නයෝ යැ අන්තර් වධකයෝ යැ අන්තර් ප්‍රත්‍යනීකයෝ යැ” යි.
Pali BJT3. අනත්ථජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.{b}
Sinhala BJT3. ලෝභය අනර්‍තථ උපදවන්නේ යැ. ලෝභය (කුසල්) සිත වළහන්නේ යැ. අභ්‍යන්තරයෙහි උපන් භයෙකැ. බාලජන තෙමේ එය නොදනී.
Pali BJT4. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං ලොභො සහතෙ නරං.
Sinhala BJT4. ලෝභී තෙමේ (ලොවී - ලොවුතුරා) අර්‍ත්‍ථය නො දනී. ලුබ්ධ තෙමේ දහම් නො දකී. යම් හෙයකින් ලෝභය තෙමේ මිනිසා අභිභවා ද එකල්හි බහලාන්‍ධකාරය වේ.
Pali BJT5. අනත්ථජනනො දොසො දොසො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT5. ද්වේෂය අනර්‍තථජනක යැ. ද්වේෂය කුසල් සිත වළහන්නේ යැ. ඇතුළත උපන් භයෙකැ. බාලජන තෙමේ එය නො දැනගනී.
Pali BJT6. කුද්ධො අත්ථං න ජානාති කුද්ධො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං කොධො සහතෙ නරං.
Sinhala BJT6. කිපියේ අර්‍ත්‍ථය නො මැ දනී. කිපියේ අනර්‍තථහේතුව නො දකී. යම් හෙයකින් ක්‍රෝධය මිනිසා අභිභවා ද එකල්හි බහලාන්‍ධකාරය වේ.
Pali BJT7. අනත්ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො, භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.
Sinhala BJT7. මෝහය අනර්‍තථජනක යැ. මෝහය කුසල්සිත වළහන්නේ යැ. සිත තුළ උපන් භයෙකැ. බාලජන තෙමේ එය අවබෝධ නො කෙරේ.
Pali BJT8. මූළ්හො අත්ථං න ජානාති මූළ්හො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං මොහො සහතෙ නර”න්ති.{a}
Sinhala BJT8. මූඪ වූයේ ලෞකික - ලෝකොත්තරාර්‍තථය නො දනී. මූඪ තෙමේ අනර්‍තථහේතුව නො දකී. යම් හෙයකින් මෝහය තෙමේ මිනිසා අභිභවා ද එකල්හි බහල වූ මෝහාන්‍ධකාරය වේ යයි.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමෙසේත් තත්‍රාශය නුයි පරිශ්‍රයයෝ යි.
Pali BJTවුත්තං හෙතං භගවතා’
Sinhala BJTමේ වදාරන ලද මැය බුදුන් විසින්:
Pali BJT“තයො ඛො’මෙ මහාරාජ, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො: ලොභො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය, දොසො ඛො මහාරාජ - මොහො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ තයො පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය.{b}
Sinhala BJT“මහරජ, මේ ධර්‍මයෝ තිදෙනෙක් පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නො සුවසේ වාසය පිණිස උපදනාහුය. කවර තිදෙනෙක් ද යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනේ අහිතට දුකට නො සුවවිහරණයට උපදී. මහරජ, ද්වේෂය … මහරජ, මෝහය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතට දුකට අඵාසුවිහරණයට උපදී. මහරජ, මේ තුන් ධර්‍මයෝ පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිතට දුකට අඵාසුවිහරණයට උපදනාහු” යි.
Pali BJT9. “ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං, හිංසන්ති අත්තසම්භූතා තචසාරං ‘ව සම්ඵල”න්ති{b}
Sinhala BJT9. ලෝභය ද ද්වේෂය ද මෝහය ද තම සිත තුළ උපන්නාහු ස්වකීය ඵලය හුණගස සෙයින් පව්සිත් ඇති මිනිසා වනසත්.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමෙසේත් තත්‍රාශය නුයි පරිශ්‍රය නම් වෙත්.
Pali BJTවුත්තඤ්හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැයි බුදුන් විසින්:
Pali BJT10. “රාගො ච දොසො ච ඉතොනිදානා අරතී රතී ලොමහංසා ඉතොජා, ඉතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධඞ්කමිවොස්සජන්තී”ති{c}.
Sinhala BJT10. රාගයත් ද්වේෂයත් මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහුය. අරතිය රතිය හා රොමහර්‍ෂයෝ මේ අත්බවින් උපන්නාහ. පාපවිතර්‍කයෝ මේ අත්බවින් ඉපිද කුමරහු හුයින් පා බැඳි කවුඩක්හු සෙයින් හැරපියත්.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමෙසේත් තත්‍රාශය නුයි පරිශ්‍රය නම් වෙත්.
Pali BJTපරිස්සය විනයන්ති - පරිස්සයවිනයං පරිස්සයපහානං පරිස්සයවූපසමං පරිස්සයපටිනිස්සග්ගං පරිස්සයපටිප්පස්සද්ධිං අමතං නිබ්බානන්ති - සක්ඛිධම්මං පරිස්සයවිනයං.
Sinhala BJTපරිස්සයවිනයං - උපද්‍රවප්‍රහාණය උපද්‍රව සන්හිඳීම උපද්‍රව හැරැපීම උපද්‍රව දුරැලීම වූ අමාමහ නිවන නුයි ‘සක්ඛිධම්මං පරිස්සයවිනයං’ යනු වේ.
Pali BJTපටිපදං වදෙහි භද්දන්තෙති - පටිපදං වදෙහි සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං සීලෙසු පරිපූරකාරිතං ඉන්ද්රියෙසු ගුත්තද්වාරතං භොජනෙ මත්තඤ්ඤුතං ජාගරියානුයොගං සතිසම්පජඤ්ඤං චත්තාරො සතිපට්ඨානෙ චත්තාරො සම්මප්පධානෙ චත්තාරො ඉද්ධිපාදෙ පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්තබොජ්ඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං; වදෙහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහීති - පටිපදං වදෙහි; භද්දන්තෙති සො නිම්මිතො බුද්ධං භගවන්තං ආලපති. අථවා, යං ත්වං ධම්මං ආචික්ඛි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානීඅකාසි පකාසෙසි, සබ්බං තං සුන්දරං භද්දකං කල්යාණං අනවජ්ජං සෙවිතබ්බන්ති - පටිපදං වදෙහි භද්දන්තෙ.
Sinhala BJTපටිපදං වදෙහි භද්දන්තෙ - ප්‍රතිපත්තිය වදාළ මැනැව, සම්‍යක් ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අනවර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි ගොපිතද්වාරතාව භෝජනයෙහි මාත්‍රඥතාව ජාගර්‍ය්‍යානුයෝගය ස්මෘතිසම්ප්‍රජන්‍යය සතර සතිපට්ඨාන සතර සම්‍යක්ප්‍රධාන සතර ඍද්ධිපාද පඤ්චේන්‍ද්‍රිය පඤ්ච බල සප්ත බෝධ්‍යඞ්ග ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හා නිර්‍වාණය ද නිර්‍වාණගාමිනීප්‍රතිපත්තිය ද, වදෙහි - පැවසුව මැනව, දෙසුව මැනව, පැනවුව මැනව, තැබුව මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්‍රකට කළ මැනව, ප්‍රකාශ කළ මැනවැ යි ‘පටිපදං වදෙහි’ යනු වේ. භද්දන්තෙ යනු ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් බුදුන් ආමන්ත්‍රණය කෙරෙති. නොහොත් නුඹ වහන්සේ යම් දහමක් පැවසූහු ද පැනවූහු ද තැබූහු ද විවෘත කළහු ද විභාග කළහු ද ප්‍රකට කළහු ද දෙසූහු ද, ඒ සියල්ල සුන්‍දර යැ භද්‍ර යැ කල්‍යාණ යැ අනවද්‍ය යැ සේවිතව්‍ය නුයි ‘පටිපදං වදෙහි භද්දන්තෙ’ යනු වේ.
Pali BJTපාතිමොක්ඛමථවාපි සමාධින්ති - පාතිමොක්ඛන්ති: සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො මුඛං පමුඛං කුසලානං ධම්මානං සමාපත්තියා{a}. අථවාපි සමාධින්ති යා චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධීති{b}. - පාතිමොක්ඛමථවාපි සමාධිං.
Sinhala BJTපාතිමොක්ඛමථවාපි සමාධිං ‘පාතිමෝක්ඛං’ යනු: කුශලධර්‍මයන්ගේ සමාපත්තියට ( - ලැබීමට) ශීලය ප්‍රතිෂ්ඨා යැ ආදි යැ පාද යැ සංයම යැ සංවර යැ ද්වාර යැ ප්‍රමුඛ යි. අථවාපි සමාධිං - සිත (අරමුණෙහි නිශ්චලව) යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් (උද්ධච්ච - විචිකිච්ඡා වසයෙන්) චිත්තයාගේ නො පැතිරීමෙක් සිත නො විසිරීමෙක් චිත්තයාගේ නො පැතුරුණු බවෙක් සමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් නුයි ‘පාතිමොක්ඛමථවාපි සමාධිං’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑයින් කීහ ඒ නිර්මිත බුදුහු:
Pali BJT“අකිත්තයී විවටචක්ඛු - සක්ඛිධම්මං පරිස්සයවිනයං, පටිපදං වදෙහි භද්දන්තෙ - පාතිමොක්ඛමථවාපි සමාධි”න්ති.
Sinhala BJT“අකිත්තයි විවටචක්ඛු -පෙ- පාතිමොක්ඛමථවාපි සමාධිං” යී.
Pali BJT14. 8.
Sinhala BJT14. 8.
Pali BJTචක්ඛූහි නෙව ලොලස්ස ගාමකථාය ආවරයෙ සොතං, රසෙ ච නානුගිජ්ඣෙය්ය න ච මමායෙථ කිඤ්චි ලොකස්මිං.
Sinhala BJTඇසින් (රූපදර්‍ශනයට) ලොල් වූයේ නො මැ වන්නේ යැ. ග්‍රාම්‍ය (තිරශ්චීන) කථාවෙන් කන වළහන්නේ යැ. (මූලරසාදි) රසයෙහි දු නො ගිජු වන්නේ යැ. ලොවැ (රූපාදි) කිසිවක් (තෘෂ්ණා - දෘෂ්ටි) මමත්‍වයෙන් නො ගන්නේ යි.
Pali BJTචක්ඛූහි නෙව ලොලස්සාති - කථං ‘චක්ඛුලොලො’ හොති? ඉධෙකච්චො භික්ඛූ චක්ඛුලොලො චක්ඛුලොලියෙන සමන්නාගතො හොති: අදිට්ඨං දක්ඛිතබ්බං, දිට්ඨං සමතික්කමිතබ්බන්ති ආරාමෙන ආරාමං, උය්යානෙන උය්යානං, ගාමෙන ගාමං, නිගමෙන නිගමං, නගරෙන නගරං. රට්ඨෙන රට්ඨං, ජනපදෙන ජනපදං, දීඝචාරිකං අනවත්ථිතචාරිකං{1} අනුයුත්තො හොති රූපදස්සනාය. එවම්පි චක්ඛුලොලො හොති.
Sinhala BJTචක්ඛුහි නේව ලොලස්ස - කිසෙයින් චක්ඛුලොල වෙයි යත්: මෙහි කිසි මහණෙක් (සක්දොර උපන් ලෝභ විසින්) ඇසින් ලොල්වූයේ චක්‍ෂුර්ලෞල්‍ය යෙන් සමන්‍විත වෙයි. ’නුදුටු රූපාලම්බනය දැක්ක යුතු යැ, දක්නා ලද්ද ඉක්මැවියැ යුතු යැ’ යි අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමයෙන් නිගමයට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝ චාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි යෙදුණේ රූපදර්‍ශනය සඳහා හැසිරෙයි. මෙසේත් චක්ඛුලොල වෙයි.
Pali BJTඅථවා, භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො අසංවුතො ගච්ඡති හත්ථිං ඔලොකෙන්තො. අස්සං ඔලොකෙන්තො, රථං ඔලොකෙන්තො, පත්තිං ඔලොකෙන්තො, ඉත්ථියො ඔලොකෙන්තො, පුරිසෙ ඔලොකෙන්තො, කුමාරකෙ ඔලොකෙන්තො, කුමාරිකායො ඔලොකෙන්තො, අන්තරාපණං ඔලොකෙන්තො, ඝරමුඛානි ඔලොකෙන්තො, උද්ධං ඔලොකෙන්තො, අධො ඔලොකෙන්තො, දිසාවිදිසං විපෙක්ඛමානො{1} ගච්ඡති. එවම්පි චක්ඛුලොලො හොති-
Sinhala BJTනොහොත් මහණ තෙමේ ඇතුළුගමට පිවිසියේ වේමගට පිළිපන්නේ අසංවර වැ යෙයි: ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබළ සෙන් බලමින් ස්ත්‍රීන් බලමින් පුරුෂයන් බලමින් කුමරුන් බලමින් කුමරියන් බලමින් ඇතුළු අවුණ (- කඩතුළ) බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දිශාවිදිශා බලමින් යෙයි. මෙසේත් චක්ඛුලොල වෙයි -
Pali BJTඅථවා, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති. එවම්පි චක්ඛුලොලො හොති. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති. සෙය්යථීදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාළං කුම්භථූනං සොභනගරකං{2} චණ්ඩාලං වංසං ධොවනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං ගොයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං{3} උය්යොධිකං බලග්ගං සෙනාබ්යූහං අණීකදස්සනං ඉති වා. එවම්පි චක්ඛුලොලො හොති-
Sinhala BJTනොහොත් මහණ තෙම ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත වැ වසන මොහු අභිධ්‍යා - දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය නො රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි; මෙසේත් චක්ඛුලොල වෙයි. තවද යම්සේ ඇතැම් භවත් මහණ බමුණු කෙනෙක් කම්පල අදහා දුන් බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දැකීමෙහි යෙදී වෙසෙති: ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතාදිය කියන තැන කස්තල ඝනතාල (කුළු තාලම් හෝ මළසිරුර මන්ත්‍රයෙන් නඟාලීම) කළ පිඹීම (බුම්මංඩි?) ප්‍රතිභානචිත්‍ර සැඬොලුන්ගේ සණදොවුන්කෙළි වස්කුලල් ඇට දෙවීම ඇත්පොර අස්පොර මිහිපොර වැහැප්පොර ගවපොර බැටෙළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ලපොර යුද පෙරමුණ බලසෙන් ගණන තැන කඳවුර බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේත් ‘චක්ඛුලොල’ වේ.
Pali BJTකථං න ‘චක්ඛුලොලො’ හොති? ඉධෙකච්චො භික්ඛූ න චක්ඛුලොලො න චක්ඛුලොලියෙන සමන්නාගතො හොති: අදිට්ඨං දක්ඛිතබ්බං, දිට්ඨං සමතික්කමිතබ්බන්ති න ආරාමෙන ආරාමං න, උය්යානෙන උය්යානං, න ගාමෙන ගාමං, න නිගමෙන නිගමං, න නගරෙන නගරං න රට්ඨෙන රට්ඨං, න ජනපදෙන ජනපදං, දීඝචාරිකං අනවත්ථිතචාරිකං අනුයුත්තො හොති රූපදස්සනාය. එවම්පි න චක්ඛුලොලො හොති. අථවා භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො සංවුතො ගච්ඡති: න හත්ථිං ඔලොකෙන්තො. න අස්සං ඔලොකෙන්තො, න රථං ඔලොකෙන්තො, න පත්තිං ඔලොකෙන්තො, න ඉත්ථියො ඔලොකෙන්තො, න පුරිසෙ ඔලොකෙන්තො, න කුමාරකෙ ඔලොකෙන්තො, න කුමාරිකායො ඔලොකෙන්තො, න අන්තරාපණං ඔලොකෙන්තො, න ඝරමුඛානි ඔලොකෙන්තො, න උද්ධං ඔලොකෙන්තො, න අධො ඔලොකෙන්තො, න දිසාවිදිසං පෙක්ඛමානො ගච්ඡති. එවම්පි න චක්ඛුලොලො හොති -
Sinhala BJTකිසෙයින් ‘චක්ඛුලොල’ නො වෙයි යත්: මේ ශාසනයෙහි කිසි මහණෙක් ඇසින් ලොල් නො වූයේ චක්‍ෂුර්ලෞල්‍යයෙන් යුක්ත නො වූයේ වෙයි: නුදුටු දෙය දැක්ක යුතු යැ, දුටුදෙය ඉක්මැවිය යුතු යැයි අරමින් අරමට නො යෙයි, උයනින් උයනට - ගමින් ගමට - නිගමයෙන් නිගමයට - නුවරින් නුවරට - රටින් රටට - දනව්වෙන් දනව්වට රූපදර්‍ශනය පිණිස දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි නො යෙදුණේ වෙයි. මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වෙයි. නොහොත් මහණ තෙමේ ඇතුළු ගමට පිවිසියේ වීදියට පිළිපන්නේ සංවර වැ යෙයි: ඇතුන් නො බලමින් අසුන් නො බලමින් රිය නො බලමින් පාබලසෙන් නො බලමින් ගෑනුන් නො බලමින් පිරම්නින් නො බලමින් කුමරුන් නො බලමින් කුමරියන් නො බලමින් ඇතුළු අවුණු නො බලමින් ගෙදොර නො බලමින් උඩ නො බලමින් යට නො බලමින් දිශාවිදිශා නො බලමින් යෙයි. මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වෙයි. -
Pali BJTඅථවා, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. එවම්පි න චක්ඛුලොලො හොති. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනනුයුත්තා විහරන්ති. සෙය්යථීදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං -පෙ- අණීකදස්සනං ඉති වා. එවරූපා විසූකදස්සනා පටිවිරතො හොති. එවම්පි චක්ඛුලොලො හොති-
Sinhala BJTනොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර වැ වසන මොහු අභිධ්‍යා දොම්නස් සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම්, ඒ චක්‍ෂරින්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි: මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වෙයි. තවද යම්සේ ඇතැම් භවත් මහණ බමුණු කෙනෙක් කම්පල අදහා දෙන ලද බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දස්නෙහි නො යෙදී වෙසෙති. ඒ මෙසේ යැ; නැටුම් ගැයුම් වැයුම් රඟමඬුලු (හාරතාදිය) පැවසීම … බල ඇණි දැකීම යනාදිය යි. මෙබඳු විසුළු දස්නෙන් වැළැකුණේ වෙයි. මෙසේත් ‘චක්ඛුලොල’ නො වූයේ වේ.
Pali BJTචක්ඛූහි නෙව ලොලස්සාති - චක්ඛුලොලියං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය. චක්ඛුලොලියා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - චක්ඛූහි නෙව ලොලස්ස.
Sinhala BJTචකඛූහි නේව ලොලස්ස - චක්‍ෂුර්ලෞල්‍යය (ඇසින් රූප දැක්මෙහි ලොල් බව) බැහැර කරන්නේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. චක්‍ෂුර්ලෞල්‍යයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ වන්නේ යැ, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘චකඛූහි නේව ලොලස්ස’ යනු වේ.
Pali BJTගාමකථාය ආවරයෙ සොතන්ති - ගාමකථා වුච්චති බත්තිංස තිරච්ඡානකථා. සෙය්යථීදං: රාජකථා චොරකථා මහාමත්තකථා සෙනාකථා භයකථා යුද්ධකථා අන්නකථා පානකථා වත්ථකථා යානකථා සයනකථා මාලාකථා ගන්ධකථා ඤාතිකථා ගාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ඉත්ථිකථා පුරිසකථා සූරකථා විසිඛාකථා කුම්භට්ඨානකථා පුබ්බපෙතකථා නානත්තකථා{1} ලොකක්ඛායිකා සමුද්දක්ඛායිකා ඉතිභවාභවකථා ඉති වා.
Sinhala BJTගාමකථාය ආවරයෙ සොතං - දෙතිස් තිරශ්චීනකථාව ‘ග්‍රාමකථා යැ’ යි කියනු ලැබෙයි. ඒ මෙසේ යැ: රජුන් පිළිබඳ (ගෘහාශ්‍රිත) කථා යැ චෝරකථා යැ මහාමාත්‍යකථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාර පිළිබැඳි කථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ යානකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ පුරුෂකථා යැ ශූරකථා යැ වීථි පිළිබැඳි කථා යැ දියතොට (හෝ කළදැසින්) පිළිබැඳි කථා යැ පූර්‍වප්‍රෙත (- පෙර නෑයන්) පිළිබැඳි කථා යැ නන්වැදෑරුම් (නිරර්‍ත්‍ථක) කථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ වෘද්ධි - හානි පිළිබැඳි කථා යැ යනාදිය යි.
Pali BJTගාමකථාය ආවරයෙ සොතන්ති - ගාමකථාය සොතං ආවරෙය්ය නිවාරෙය්ය සන්නිවාරෙය්ය රක්ඛෙය්ය ගොපෙය්ය පිදහෙය්ය පච්ඡින්දෙය්යාති - ගාමකථාය ආවරයෙ සොතං.
Sinhala BJTගාමකථාය ආවරයෙ සොතං - ගම්වැසියන්ගේ කථාවෙන් ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ආවරණය කරන්නේ යැ වළහන්නේ යැ මොනොවට වළහන්නේ යැ රක්නේ යැ ගෝපනය කරන්නේ යැ වසන්නේ යැ පසිඳින්නේ නුයි ‘ගාමකථාය ආවරයෙ සොතං’ යනු වේ.
Pali BJTරසෙ ච නානුගිජ්ඣෙය්යාති - ‘රසො’ති මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො අම්බිලං මධුරං තිත්තකං කටුකං ලොණිකං ඛාරිකං ලපිලං කසාවො සාදුං අසාදුං සීතං උණ්හං. සන්තෙකෙ සමණබ්රාහ්මණා රසගිද්ධා. තෙ ජිව්හග්ගෙන රසග්ගානි පරියෙසන්තා ආහිණ්ඩන්ති. තෙ අම්බිලං ලභිත්වා අනම්බිලං පරියෙසන්ති, අනම්බිලං ලභිත්වා අම්බිලං පරියෙසන්ති -පෙ- සීතං ලභිත්වා උණ්හං පරියෙසන්ති, උණ්හං ලභිත්වා සීතං පරියෙසන්ති. තෙ යං යං ලභිත්වා තෙන තෙන න තුස්සන්ති, අපරාපරං පරියෙසන්ති. මනාපිකෙසු රසෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පලිබුද්ධා. යස්සෙසා රසතණ්හා පහීනා සමුච්ඡින්නා -පෙ- ඤාණග්ගිනා දඩ්ඪා. සො පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙති: නෙව දවාය -පෙ- ඵාසුවිහාරො චා’ති. යථා වණං ආලිම්පෙය්ය යාවදෙව ආරුහණත්ථාය, යථා වා අක්ඛං අබ්භඤ්ජෙය්ය යාවදෙව භාරස්ස නිත්ථරණත්ථාය, යථා වා පුත්තමංසං ආහාර ආහාරෙය්ය යාවදෙව කන්තාරස්ස නිත්ථරණත්ථාය, යථා වා පුත්තමංසං ආහාර ආහාරෙය්ය යාවදෙව කන්තාරස්ස නිත්ථරණත්ථාය, එවමෙව භික්ඛු පටිසඞ්ඛායොනිසො ආහාර ආහාරෙති: නෙව දවාය -පෙ- අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. රසතණ්හං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, රසතණ්හාය ආරතො අස්ස විරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - රසෙ ච නානුගිජ්ඣෙය්ය.
Sinhala BJTරසෙ ච නානුගිජ්ඣෙය්‍ය - ‘රස’ නම් මූලරස යැ ස්කන්‍ධරස යැ ත්‍වක් රස යැ පත්‍රරස යැ පුෂ්පරස යැ ඵලරස යැ, අම්බිල යැ මධුර යැ තික්ත යැ කටුක යැ ලවණ යැ ක්‍ෂාර යැ ලපිල ( - ඇඹුල්මුසු) යැ කසට යැ මිහිරි යැ අමිහිරි යැ ශීත යැ උෂ්ණරස යි. රසයෙහි ගිජු වූ ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති. ඔවුහු දිවගින් අග්‍රරස සොයමින් ඇවිදිති. ඔවුහු ඇඹුලක් ලැබ නො ඇඹුලක් සොයති. නො ඇඹුලක් ලැබ ඇඹුලක් සොයති … සිහිලක් ලැබ උණුසුමක් සොයති, උණුසුමක් ලැබ සිහිලක් සොයති. ඔවුහු යමක් යමක් ලැබ ඒ ඒ ලද දෙයින් නො සතුටු වෙති: මතුමත්තෙහි සොයත්. මනවඩන රසයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැසගත්තාහු ලග්න වූවාහු ලග්නිත වූවාහු වෙළුණාහුය. යමක්හු විසින් තෙල රසතෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී .. නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය වළඳයි: ක්‍රීඩා පිණිස නො වෙයි … පහසුවිහරණය ද වේ යයි. යම්සේ ආරුහණය පමණින් ව්‍රණය ආලේප කරන්නේ ද, තවද යම්සේ බර ඇද ගන්නා පමණින් ගැල්අකුර තෙල් ගල්වන්නේ ද, යම්සේ කාන්ත්තාරය තරණය කරන පමණින් පුත්‍රමාංසාහාරය හෝ අනුභව කරන්නේ ද, එසෙයින් ම මහණ තෙමේ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය වළඳයි: ක්‍රීඩා පිණිස නො මැ වෙයි … අනවද්‍යභාවය ද පහසුවිහරණය ද වන්නේ යැයි. රසතෘෂ්ණාව හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ. රසතෘෂ්ණාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණ් විසංයෝග වූයේ වන්නේ යැ, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘රසෙ ච නානුගිජ්ඣෙය්‍ය’ යනු වේ.
Pali BJTන ච මමායෙථ කිඤ්චි ලොකස්මින්ති - ‘මමත්තා’ති ද්වෙ මමත්තා: තණ්හාමමත්තඤ්ච දිට්ඨිමමත්තඤ්ච -පෙ- ඉදං තණ්හාමමත්තං. -පෙ- ඉදං දිට්ඨිමමත්තං. තණ්හාමමත්තං පහාය දිට්ඨිමමත්තං පටිනිස්සජිත්වා චක්ඛුං න මමායෙය්ය, න ගණ්හෙය්ය, න පරාමසෙය්ය, නාභිනිවිසෙය්ය, සොතං, ඝානං, ජිව්හං. කායං, රූපෙ, සද්දෙ, ගන්ධෙ, රසෙ, ඵොට්ඨබ්බෙ, කුලං, ගණං, ආවාසං, ලාභං, යසං, පසංසං, සුඛං, චීවරං, පිණ්ඩපාතං, සෙනාසනං, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, කාමධාතුං, රූපධාතුං, අරූපධාතුං, කාමභවං, රූපභවං, අරූපභවං, සඤ්ඤාභවං, අසඤ්ඤාභවං, නෙවසඤ්ඤානාසඤ්ඤාභවං, එකවොකාරභවං, චතුවොකාරභවං, පඤ්චවොකාරභවං, අතීතං, අනාගතං, පච්චුප්පන්නං, දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ න මමායෙය්ය, න ගණ්හෙය්ය, න පරාමසෙය්ය, නාභිනිවිසෙය්ය. කිඤ්චීති කිඤ්චි රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං; ලොකස්මින්ති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - න ච මමායෙථ කිඤ්චි ලොකස්මිං.
Sinhala BJTන ච මමායෙථ කිඤ්චි ලෝකස්මිං - ‘මමත්ත’ යනු: තෘෂ්ණාමමත්‍වය ද, දෘෂ්ටිමමත්‍වය දැයි මමත්‍ව දෙකෙකි … මේ දෘෂ්ටිමමත්‍වය යි. තෘෂ්ණාමමත්‍වය හැර දෘෂ්ටිමමත්‍වය දුරලා ඇස මමායනය නො කරන්නේ යැ, නො ගන්නේ යැ, පරාමර්‍ශ නො කරන්නේ යැ, අභිනිවේශය නො කරන්නේ යැ, කන - දිව - කය - රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - කුලය - ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්‍රශංසාව - සුවය - සිවුර - පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පස බෙහෙසත් පිරිකර - කාමධාතුව - රූපධාතුව - අරූපධාතුව - කාමභවය - රූපභවය - අරූපභවය - සංඥාභවය - අසංඥාභවය - නෛවසංඥා - නාසංඥාභවය - එකවෝකාරභවය - චතුවෝකාරභවය - පඤ්චවෝකාරභවය - අතීතය - අනාගතය - වර්තමානය - දෘෂ්ට - ශ්‍රැත - මුත - විඥාතව්‍යධර්‍මයන් මමායන නො කරන්නේ යැ, නො ගන්නේ යැ. නො පරාමර්‍ශ කරන්නේ යැ, අභිනිවේශය නො කරන්නේ යි. කිඤ්චි යනු: කිසි රූපගතයක වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක්; ලෝකස්මිං යනු : අපායලෝකයෙහි … අනාගතලෝකයෙහි නුයි ‘න ච මමායෙථ කිඤ්චි ලෝකස්මිං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“චක්ඛූහි නෙව ලොලස්ස ගාමකථාය ආවරයෙ සොතං, රසෙ ච නානුගිජ්ඣෙය්ය න ච මමායෙථ කිඤ්චි ලොකස්මි”න්ති.
Sinhala BJT“චකඛූහි නේව ලොලස්ස -පෙ- න ච මමායෙථ කිඤ්චි ලෝකස්මිං” යී.
Pali BJT14. 9.
Sinhala BJT14. 9.
Pali BJTඵස්සෙන යදා ඵුට්ඨස්ස පරිදෙවං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි. භවඤ්ච නාභිජප්පෙය්ය භෙරවෙසු ච න සම්පවෙධෙය්ය.
Sinhala BJTමහණ තෙම යම් කලෙක රොගසපර්‍ශයෙන් මඩනා ලදුයේ වන්නේ නම්, (එකල්හි) පරිදේවනා නො කරන්නේ ය. (කාමභවාදි) භවය ද නො පතන්නේ ය. භය අරමුණු නිමිති කොට ද කම්පා නො වන්නේ යි.
Pali BJTඵස්සෙන යදා ඵුට්ඨස්සාති - ‘ඵස්සො’ති රොගඵස්සො; රොගඵස්සෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අස්ස; චක්ඛුරොගෙන පුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අස්ස; සොතරොගෙන, ඝානරොගෙන ජිව්හාරොගෙන, කායරොගෙන, සීසරොගෙන, කණ්ණරොගෙන, මුඛරොගෙන, දන්තරොගෙන, කාසෙන, සාසෙන, පිනාසෙන, ඩහෙන, ජරෙන, කුච්ඡිරොගෙන, මුච්ඡාය, පක්ඛන්දිකාය, සූලාය විසූචිකාය කුට්ඨෙන ගණ්ඩෙන කිලාසෙන සොසෙන, අපමාරෙන, දද්දුයා කණ්ඩුයා කච්ඡුයා රඛසාය විතච්ඡිකාය. ලොහිතෙන පිත්තෙන මධුමෙහෙන, අංසාය පිළකාය භගන්දලෙන, පිත්තසමුට්ඨානෙන ආබාධෙන සෙම්හසමුට්ඨානෙන ආබාධෙන වාත සමුට්ඨානෙන ආබාධෙන සන්නිපාතිකෙන ආබාධෙන උතුපරිණාමජෙන ආබාධෙන විසමපරිහාරජෙන ආබාධෙන ඔපක්කමිකෙන ආබාධෙන කම්මවිපාකජෙන ආබාධෙන, සීතෙන උණ්හෙන ජිඝච්ඡාය පිපාසාය උච්චාරෙන පස්සාවෙන, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙහි ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අස්සාති - ඵස්සෙන යදා ඵුට්ඨස්ස.
Sinhala BJTඵස්සෙන යදා ඵුට්ඨස්ස - ‘ඵස්ස’ නම්: රොගස්පර්‍ශ යැ, රෝග පහසින් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ ඇතුළත පිවිසියේ සමන්‍වාගත වූයේ වන්නේ නම්, චක්‍ෂුරෝගයෙන් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ පිවිසියේ සමන්‍විත වූයේ වන්නේ නම්, ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශීර්‍ෂරොගයෙන් - කර්‍ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාශයෙන් - ශ්වාසයෙන් - පීනසින් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්‍ෂිරොගයෙන් - මුර්ඡාවෙන් - ලෝහිත - පිත්තයෙන් - ආමශූලයෙන් - මහාවිරේචනයෙන් - කුෂ්ටයෙන් - ගණ්ඩයෙන් - ශ්වේතකුෂ්ට (කබරරොග) යෙන් - ක්‍ෂයරොගයෙන් - අපස්මාරයෙන් - දදයෙන් - කණ්ඩුතියෙන් - මහාකුෂ්ටයෙන් - නියපහාරින් වූ රෝගයෙන් - අතුල් පතුල් පැළීමෙන් - රක්තපිත්තයෙන් - මධුමෙහයෙන් - අර්‍ශසින් - පොළයෙන් - භගන්දරයෙන් - පිත්තජ ආබාධයෙන් - ශ්ලේෂ්මජ ආබාධයෙන් - වාතජ ආබාධයෙන් - සන්නිපාතික ආබාධයෙන් - ඍතුජ ආබාධයෙන් - විෂමවිහරණයෙන් වූ ආබාධයෙන් - ඖපක්‍රමික ආබාධයෙන් - කර්‍මවිපාකජ ආබාධයෙන් - ශීතයෙන් උෂ්ණයෙන් - ජිඝත්සායෙන් - පිපාසායෙන් - උච්චාරයෙන් ප්‍රස්‍රාවයෙන් - මැසි මදුරු - වා අව් - දීර්‍ඝ ජාතීන්ගේ පහසින් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ සමවහිත වූයේ සමන්‍විත වූයේ නුයි ‘ඵස්සෙන යදා ඵුට්ඨස්ස’ යනු වේ.
Pali BJTපරිදෙවං භික්ඛු න කරෙය්ය කුහිඤ්චීති - ආදෙවං පරිදෙවං ආදෙවනං පරිදෙවනං ආදෙවිතත්තං පරිදෙවිතත්තං වාචා පලපං විප්පලාපං ලාලප්පං ලාලප්පායනං ලාලප්පායිතත්තං න කරෙය්ය න ජනෙය්ය න සඤ්ජනෙය්ය න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්ය. කුහිඤ්චීති කුහිඤ්චි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වාති - පරිදෙවං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි.
Sinhala BJTපරිදෙවං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි - නම කියා හැඬීම, ගුණ කියා හැඬීම නම කියා හඬන අයුර ගුණ කියා හඬන අයුර නම කියා හඬන බව ගුණ කියා හඬන බව, බස සිස් බස විරූප වූ හිස් බස. පුනපුනා කීම පුනපුනා කියන අයුර පුනපුනා කියන බව නො කරන්නේ යැ, නො දැනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, වෙසෙසින් නො නිපදවන්නේ යි. කුහිඤ්චි - කොහි වත් කිසිවෙක්හි කිසි තැනෙක්හි අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ නුයි ‘පරිදෙවං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි’ යනු වේ.
Pali BJTභවඤ්ච නාභිජප්පෙය්යාති - කාමභවං න ජප්පෙය්ය, රූපභවං න ජප්පෙය්ය, අරූපභවං න ජප්පෙය්ය න පජප්පෙය්ය නාභිජප්පෙය්යාති - භවඤ්ච නාභිජප්පෙය්ය.
Sinhala BJTභවඤ්ච නාභිජප්පෙය්‍ය - කාමභවය නො පතන්නේ යැ, රූපභවය නො පතන්නේ යැ, අරූපභවය නො පතන්නේ යැ, ප්‍රජල්පනය නො කරන්නේ යැ, වෙසෙසින් ජල්පනය නො කරන්නේ යැ’ යි ‘භවඤ්ච නාභිජප්පෙය්‍ය’ යනු වේ.
Pali BJTභෙරවෙසු ච න සම්පවෙධෙය්යාති - ‘භෙරවාති’ එකෙනාකාරෙන භයම්පි භෙරවම්පි තඤ්ඤෙව. වුත්තං හෙතං භගවතා: “එතං නූන තං භයභෙරවං{1} ආගච්ඡතී”ති{a} බහිද්ධාරම්මණං වුත්තං: සීහා බ්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිසා{2} අස්සා හත්ථි අහිවිච්ඡිකා සතපදී චොරා වා අස්සු මාණවා කතකම්මා වා අකතකම්මා වා; අථාපරෙන ආකාරෙන භයං වුච්චති අජ්ඣත්තිකං චිත්තසමුට්ඨානං භයං භයානකත්තං{3} ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උබ්බෙගො උත්රාසො, ජාතිභයං ජරාභයං ව්යාධිභයං මරණභයං රාජභයං චොරභයං අග්ගිභයං උදකභයං අත්තානුවාදභයං පරානුවාදභයං දණ්ඩභයං දුග්ගතිභයං ඌමිභයං කුම්භීලභයං ආවට්ටභයං සුසුකාභයං ආජීවිකභයං{4} අසිලොකභයං පරිසාය සාරජ්ජභයං මදනභයං දුග්ගතිභයං භයානකත්තං{3} ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උබ්බෙගො උත්රාසො. භෙරවෙසු ච න සම්පවෙධෙය්යාති - භෙරවෙ පස්සිත්වා වා සුණිත්වා වා න වෙධෙය්ය නප්පවෙධෙය්ය න සම්පවෙධෙය්ය න තසෙය්ය න උත්තසෙය්ය න පරිත්තසෙය්ය න භායෙය්ය න සන්තාසං ආපජ්ජෙය්ය; අභීරු අස්ස අච්ඡම්භී අනුත්රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්යාති - භෙරවෙසු ච න සම්පවෙධෙය්ය.
Sinhala BJTභෙරවෙසු ච න සම්පවෙධෙය්‍ය - ‘භේරව’ නම්: එක් අයුරෙකින් භයත් භෛරවයත් හේ (එකෙක්) මැ ය. මේ වදාරන ලද මැ ය. බුදුන් විසින්: “තෙල ඒකාන්තයෙන් ඒ භයඅරමුණ පැමිණේ” යයි බාහ්‍යාලම්බනය වදාරන ලද්දේය: සිංහයෝ යැ ව්‍යාඝ්‍රයෝ යැ දිවියෝ යැ වලස්සු යැ තරස්සු යැ මිහිවෝ යැ අස්හු යැ ඇත්හු යැ සර්‍පයෝ යැ නුහුසු යැ සියපා යැ කළ සොරකම් ඇති හෝ නැති හෝ සොරු හෝ සැහැසියෝ වන්නාහු ය. යළි අන් අයුරෙකින් අධ්‍යාත්මයෙහි වූ සිත්හි උපදනා බිය භයාකාරය තැතිගන්නා බව ලොමුදහ ගැන්ම චිත්තයාගේ උද්වේගය උත්‍රාසය ‘භය’ යී කියනු ලැබෙයි, ජාතිය නිසා උපදනා බිය ජරාභය ව්‍යාධිභය මරණභය රාජභය චෝරභය අග්නිභය උදකභය තමා නුගුණ කීමෙන් උපදනා බිය මෙරමා නුගුණ කීමෙන් උපදනා බිය දඬුවමින් උපදනා බිය දුගතිය නිසා උපදනා බිය මුහුදුරළ නිසා උපදනා බිය මස්කැලන්ගෙන් උපදනා (හෝ කිඹුල්) බිය දියසුළි නිසා උපදනා බිය සැඬමසුන් (සුසුකා) නිසා උපදනා බිය දිවි පැවැතුම් හේතුවෙන් උපදනා බිය ගර්‍හාවෙන් උපදනා බිය පිරිස්හි තැති ගැනීමෙන් වන බිය කාමයෙන් වන බිය දුගතිබිය (යන) මෙයින් උපදනා බිය, භයාකාරය, තැති ගන්නා බව, ලොමුදහ ගැන්ම, චිත්තයාගේ උද්වේගය, උත්‍රාසය යි. භෙරවෙසු ච න සම්පවෙධෙය්‍ය - භය අරමුණු දැක හෝ අසා හෝ නො වෙවුලන්නේ යැ වෙසෙසින් නො සැලෙන්නේ යැ පුනපුනා නො සැලෙන්නේ යැ, නො තැවෙන්නේ යැ වෙසෙසින් නො තැවෙන්නේ යැ පුනපුනා නො තැවෙන්නේ යැ, නො බිය වන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ, බියසුලු නො වන්නේ යැ, නො තැතිගන්නා සුලු ත්‍රස්ත නො වන සුලු - නො පලායන සුලු වන්නේ යැ, ප්‍රහීණ වූ භය අරමුණු ඇති වැ පහවූ රොමොද්ගම ඇති වැ වාසය කරන්නේ යැ යි ‘භෙරවෙසු ච න සම්පවෙධෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඵස්සෙන යදා ඵුට්ඨස්ස පරිදෙවං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි, භවඤ්ච නාභිජප්පෙය්ය භෙරවෙසු ච න සම්පවෙධෙය්යා’ති.
Sinhala BJT“ඵස්සෙන යදා ඵුට්ඨස්ස -පෙ- භෙරවෙසු ච න සම්පවෙධෙය්‍ය” යී.
Pali BJT14. 10.
Sinhala BJT14. 10.
Pali BJTඅන්නානමථො පානානං ඛාදනීයානමථොපි වත්ථානං, ලද්ධා න සන්නිධිං කයිරා න ච පරිත්තසෙ තානි අලභමානො.{1}
Sinhala BJTනැවත (මහණ තෙම) ආහාර - පානයන් හා ඛාද්‍යයන් සම්බන්‍ධි වූ ද යළි වස්ත්‍රයන් සම්බන්‍ධි වූ ද (කිසිවක්) ලැබ සන්නිධිය (රැස් කිරීම) නො කරන්නේ යැ, ඒ ආහාරාදිය නො ලබනුයේ නො ද තැවෙන්නේ යි.
Pali BJTඅන්නානමථො පානානං ඛාදනීයානමථොපි වත්ථානන්ති - ‘අන්නාන’න්ති ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං; පානානන්ති අට්ඨපානානි: අම්බපානං ජම්බුපානං චොචපානං මොචපානං මධුපානං මුද්දිකාපානං සාලුකපානං ඵාරුසකපානං. අපරානිපි අට්ඨ පානානි: කොසම්බපානං කොලපානං බදරපානං ඝතපානං තෙලපානං පයොපානං යාගුපානං රසපානං; ඛාදනීයානන්ති පිට්ඨඛජ්ජකං පූවඛජ්ජකං මූලඛජ්ජකං තචඛජ්ජකං පත්තඛජ්ජකං පුප්ඵඛජ්ජකං ඵලඛජ්ජකං; වත්ථානන්ති ඡ චීවරානි: ඛොමං කප්පාසිකං කොසෙය්යං කම්බලං සාණං හඞ්ගන්ති - අන්නානමථො පානානං ඛාදනීයානමථොපි වත්ථානං.
Sinhala BJTඅන්නානමථො පානානං ඛාදනීයානමථො’පි වත්‍ථානං - ‘අන්නානං’ යනු (හැල් අදි) බත් යැ යවකොමු යැ හත්සුණූ මාළු යැ මසි; පානානං යනු අෂ්ට පානයෝ යැ: අඹපැනැ දඹපැනැ ඇටකෙසෙල්පැනැ මස්කෙසෙල්පැනැ මිහිපැනැ මිදිපැනැ මිදිපැනැ හෝලුපැනැ බොරළුදමනුපැනැ; අන්‍යත් අෂ්ටපානයෙකි: කොසඹපැනැ ඩෙබරපැනැ මහඩෙබරපැනැ සෘතපාන යැ තෛලපාන යැ ක්‍ෂීරපාන යැ යාගු (කැඳ) පාන යැ (ශාකාදි) රසපාන යි; ඛාදනීයානං යනු: (හැල් ආදි) පිටියෙන් කළ ඛාද්‍ය යැ පූවඛාද්‍ය යැ මූලඛාද්‍ය යැ ත්‍වක්ඛාද්‍ය යැ පත්‍රඛාද්‍ය යැ පුෂ්පඛාද්‍ය යැ ඵලඛාද්‍ය යි; වත්‍ථානං යනු ෂට්චීවර යැ: කොමුපිළී කපුපිළී තිහිරිපිළී පළස සණවැහැරි මුසුපිළී යැයි ‘අන්නානමථො පානානං ඛාදනීයානමථො’පි වත්‍ථානං’ යනු වේ.
Pali BJTලද්ධා න සන්නිධිං කයිරාති - ‘ලද්ධා’ති ලද්ධා ලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වා න කුහනාය න ලපනාය න නෙමිත්තිකතාය න නිප්පෙසිකතාය න ලාභෙන ලාභං නිජිගිංසනතාය න කට්ඨදානෙන{1} න වෙළුදානෙන න පත්තදානෙන න පුප්ඵදානෙන න ඵලදානෙන න සිනානිදානෙන න චුණ්ණදානෙන න මත්තිකාදානෙන න දන්තකට්ඨදානෙන න මුඛොදකදානෙන න චාටුකම්යතාය න පාරිභට්ටතාය න පිට්ඨිමංසිකතාය න වත්ථුවිජ්ජාය න තිරච්ඡානවිජ්ජාය න අඞ්ගවිජ්ජාය න නක්ඛත්තවිජ්ජාය න දූතගමනෙන න පහීණගමනෙන න ජඞ්ඝපෙසනියෙන න වෙජ්ජකම්මෙන න නවකම්මෙන න පිණ්ඩපතිපිණ්ඩකෙන න දානානුප්පදානෙන ධම්මෙන සමෙන ලද්ධා ලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වාති - ලද්ධා; න සන්නිධිං කයිරාති අන්නසන්නිධිං පානසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං න කරෙය්ය න ජනෙය්ය න සඤ්ජනෙය්ය න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්යාති - ලද්ධා න සන්නිධිං කයිරා.
Sinhala BJTලද්ධා න සන්නිධිං කයිරා - ‘ලද්ධා’ යනු: ලැබ ලබාගෙන අධිගමය කොට වින්දනය කොට ප්‍රතිලාභ කොට, විස්මය කරැවීමෙන් නො වැ, ලපනායෙන් නො වැ, (කායවාක්) නෛමිත්තිකතායෙන් නො වැ, (මෙරමා ගුණ) පිංසනතායෙන් නො වැ, ලාභයෙන් ලාභ සෙවීමෙන් නො වැ, කෘෂ්ටදානයෙන් වෙණුදානයෙන් - පත්‍රදානයෙන් - පුෂ්පදානයෙන් - ඵලදානයෙන් - නහනු දීමෙන් - සුණු - මැටි - දැහැටිදඬු - මුව දෝනා දිය දීමෙන් නො වැ, චාටුබස් කීමෙන් නො වැ, මුද්ගසූපය වැනි බොරු මුසු කථායෙන් නො වැ, (දරුවන් නැළැවීමාදි) පාරිහට්ටතායෙන් නො වැ, පිට්ඨිමංසිකතා (-ගෙවලට පිවිස හිඳිනා බැවින්) නො වැ, වාස්තු විද්‍යාවෙන් නො වැ, (අඞ්ගශාස්ත්‍රාදි) තිරශ්චීනවිද්‍යාවෙන් නො වැ, අඞ්ගවිද්‍යාවෙන් - නක්‍ෂත්‍රවිද්‍යාවෙන් - මෙහෙවර ගමනින් - (ගෙන් ගෙට) හසුන්පත් ගෙන යෑමෙන් - (ගමින් ගමැ) හසුන් පිළිහසුන් ගෙන යෑමෙන් - වෙදකමින් - නවකමින් - පිඬු පෙරළා පිඬු දීමෙන් - දානානුදානයෙන් නො වැ, දැහැමෙන් සෙමෙන් ලැබ, ලබා ගෙන අධිගමය කොට වින්දනය කොට ප්‍රතිලාභ කොට නුයි ‘ලද්ධා’ යනු වේ. ත සන්නිධිං කයිරා - ආහාරසන්නිධි පානසන්නිධි වස්ත්‍රසන්නිධි යානසන්නිධි ශයනසන්නිධි ගන්‍ධසන්නිධි ආමිසසන්නිධි නො කරන්නේ යැ, නො දනවන්නේ යැ නූපදවන්නේ යැ නො නිපදවන්නේ යැ වෙසෙසින් නො නිපදවන්නේ නුයි ‘ලද්ධා න සන්නිධිං කයිරා’ යනු වේ.
Pali BJTන ච පරිත්තසෙ තානි අලභමානො{1}ති - අන්නං වා න ලභාමි, පානං වා න ලභාමි, වත්ථං වා න ලභාමි, කුලං වා න ලභාමි, ගණං වා න ලභාමි, ආවාසං වා න ලභාමි, ලාභං වා න ලභාමි, යසං වා න ලභාමි, පසංසං වා න ලභාමි, සුඛං වා න ලභාමි, චීවරං වා න ලභාමි, පිණ්ඩපාතං වා න ලභාමි, සෙනාසනං වා න ලභාමි, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං වා න ලභාමි, ගිලානූපට්ඨාකං වා න ලභාමි, අප්පඤ්ඤාතොම්හීති න තසෙය්ය, න උත්තසෙය්ය, න පරිත්තසෙය්ය, න භායෙය්ය, න සන්තාසං ආපජ්ජෙය්ය, අභීරූ අස්ස අච්ඡම්භී අනුත්රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසො විහරෙය්යාති - න ච පරිත්තසෙ තානි අලභමානො.
Sinhala BJTන ච පරිත්තසෙ තානි අලභමානො - ‘ආහාර හෝ නො ලැබෙමි, පාන හෝ නො ලැබෙමි, වස්ත්‍ර හෝ - කුලය හෝ - ගණයා හෝ - ආවාසය හෝ - ලාභ හෝ - යශස් හෝ - පැසැසුම් හෝ - සුව හෝ - සිවුරු හෝ - පිණ්ඩපාත හෝ - සෙනසුන් හෝ ගිලන්පස බෙහෙසත් පිරිකර හෝ නො ලැබෙමි, ග්ලානොපස්ථායකයකු හෝ නො ලැබෙමි, අප්‍රකටයෙම් වෙමි’ නො තැතිගන්නේ යැ, උත්ත්‍රස්ත නෙ වන්නේ යැ, පරිත්‍රස්ත නො වන්නේ යැ, නො බිය වන්නේ යැ, තැති ගැනුමට නො පැමිණෙන්නේ යැ, නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නාසුලු නො පලායනසුලු වන්නේ යැ, පහවූ බිය අරමුණු ඇතියේ පහවගිය ලොමුදහ ඇතියේ වෙසෙන්නේ නුයි ‘න ච පරිත්තසෙ තානි අලභමානො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අන්නානමථො පානානං ඛාදනීයානමථොපි වත්ථානං, ලද්ධා න සන්නිධිං කයිරා න ච පරිත්තසෙ තානි අලභමානො”ති.
Sinhala BJT“අන්නානමථො -පෙ- න ච පරිත්තසෙ තානි අලභමානො” යී.
Pali BJT14. 11.
Sinhala BJT14. 11.
Pali BJTඣායී න පාදලොලස්ස විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්ය, අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය.
Sinhala BJTධ්‍යාන කරනුයේ පාදලෞල්‍යයෙක් නො වන්නේ යැ, කුකුසින් දුරු වන්නේ යැ, නො පමා වන්නේ යැ. යළි මහණ තෙම අල්පශබ්ද වූ අසුන් සෙනසුන්හි වාසය කරන්නේ යි.
Pali BJTඣායී න පාදලොලස්සාති - “ඣායී”ති පඨමෙනපි ඣානෙන ඣායී, දුතියෙනපි ඣානෙන ඣායී, තතියෙනපි ඣානෙන ඣායී, චතුත්ථෙනපි ඣානෙන ඣායී, සවිතක්කසවිචාරෙනාපි ඣානෙන ඣායී, අවිතක්කවිචාරමත්තෙනාපි ඣානෙන ඣායී, අවිතක්කඅවිචාරෙනාපි ඣානෙන ඣායී, සප්පීතිකෙනාපි ඣානෙන ඣායී, නිප්පීතිකෙනාපි ඣානෙන ඣායී, පීතිසහගතෙනාපි ඣානෙන ඣායී, සාතසහගතෙනාපි ඣානෙන ඣායී, සුඛසහගතෙනාපි ඣානෙන ඣායී, උපෙක්ඛාසහගතෙනාපි ඣානෙන ඣායී, සුඤ්ඤතෙනාපි ඣානෙන ඣායී, අනිමිත්තෙනාපි ඣානෙන ඣායී, අප්පණිහිතෙනාපි ඣානෙන ඣායී, ලොකියෙනාපි ඣානෙන ඣායී, ලොකුත්තරෙනාපි ඣානෙන ඣායී, ඣානරතො එකත්තමනුයුත්තො සදත්ථගරුකොති - ඣායී.
Sinhala BJTඣායී න පාදලොලස්ස - ‘ඣායී’ යනු: පළමුවන දැහැනිනු දු ධ්‍යාන කරනුයේ, දෙවැනි දැහැනිනු දු - තෙවැනි දැහැනිනු දු - සිවුවැනි දැහැනිනු දු ධ්‍යාන කරනුයේ, සවිතර්‍කසවිචාරධ්‍යානයෙනු දු ධ්‍යාන කරනුයේ, අවිතර්‍ක විචාරමාත්‍රධ්‍යානයෙනු දු - අවිතර්‍ක අවිචාර ධ්‍යානයෙනු දු - සප්‍රීතික ධ්‍යානයෙනුදු - නිෂ්ප්‍රීතික ධ්‍යානයෙනු දු - ප්‍රීතිසහගත ධ්‍යානයෙනු දු - සාතසහගත ධ්‍යානයෙනු දු - සුඛසහගත ධ්‍යානයෙනු දු - උපේක්‍ෂාසහගත ධ්‍යානයෙනු දු - ශුන්‍යතධ්‍යානයෙනු දු - අනිමිත්තධ්‍යානයෙනු දු - අප්‍රණිහිත ධ්‍යානයෙනු දු - ලෞකිකධ්‍යානයෙනු දු - ලෝකෝත්තර ධ්‍යානයෙනු දු ධ්‍යාන කරනුයේ, ධ්‍යානයෙහි ඇලුණේ එකඟ බවෙහි යෙදුණේ ස්වාර්‍තථගරුක වූයේ නුයි ‘ඣායී’ යනු වේ.
Pali BJTන පාදලොලස්සාති - කථං ‘පාදලොලො’ හොති? ඉධෙකච්චො භික්ඛූ පාදලොලො පාදලොලියෙන සමන්නාගතො හොති:
Sinhala BJTන පාදලොලස්ස - කිසෙයින් ‘පාදලොල’ වෙයි යත්: මෙහි කිසි මහණෙක් පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි:
Pali BJTආරාමෙන ආරාමං උය්යානෙන උය්යානං ගාමෙන ගාමං නිගමෙන නිගමං නගරෙන{1} නගරං රට්ඨෙන රට්ඨං ජනපදෙන ජනපදං දීඝචාරිකං අනවත්ථිතචාරිකං අනුයුත්තො විහරති, එවම්පි පාදලොලො හොති. අථවා භික්ඛු අන්තොපි සඞ්ඝාරාමෙ පාදලොලො පාදලොලියෙන සමන්නාගතො හොති, න අත්ථහෙතු න කාරණහෙතු උද්ධතො අවුපසන්තචිත්තො පරිවෙණතො පරිවෙණං ගච්ඡති, විහාරතො විහාරං ගච්ඡති, අඩ්ඪයොගතො අඩ්ඪයොගං ගච්ඡති, පාසාදතො පාසාදං ගච්ඡති, හම්මියතො හම්මියං ගච්ඡති, ගුහාය ගුහං ගච්ඡති, ලෙනතො ලෙනං ගච්ඡති, කුටිතො කුටිං ගච්ඡති, කූටාගාරතො කූටාගාරං ගච්ඡති, අට්ටතො අට්ටං ගච්ඡති, මාලතො මාලං ගච්ඡති, උද්දණ්ඩතො උද්දණ්ඩං ගච්ඡති, උද්දොසිතතො උද්දොසිතං ගච්ඡති, උපට්ඨානසාලතො උපට්ඨානසාලං ගච්ඡති, මණ්ඩලමාලතො මණ්ඩලමාලං ගච්ඡති, රුක්ඛමූලතො රුක්ඛමූලං ගච්ඡති. යත්ථ වා පන භික්ඛූ නිසීදන්ති තහිං ගච්ඡති, තත්ථ එකස්ස වා දුතියො හොති, ද්වින්නං වා තතියො හොති, තිණ්ණං වා චතුත්ථො හොති. තත්ථ බහුං සම්ඵප්පලාපං පලපති. සෙය්යථීදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා එවම්පි පාදලොලො හොති.
Sinhala BJTඅරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමින් නිගමට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝචාරිකාවෙහි නො නවත්නා චාරිකාවෙහි යෙදුණේ වෙසෙයි. මෙසේත් පාදලොල වෙයි. නොහොත් මහණ ඇතුළු සඟරම්හි ද පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි. ප්‍රයෝජන නැති වැ කාරණ නැති වැ උඬගු වූයේ නො සන්හුන් සිත් ඇතියේ පිරිවෙනින් පිරිවෙනට වෙහෙරින් වෙහෙරට යෙයි, අර්‍ධයොගයෙන් අර්‍ධයොගයට යෙයි, ප්‍රාසාදයෙන් ප්‍රාසාදයට යෙයි, සඳලුගෙයින් සඳලුගෙට යෙයි, ගුහාවෙන් ගුහාවට යෙයි, ලෙනින් ලෙනට - කිළියෙන් කිළියට - කුළුගෙන් කුළුගෙට - අටල්ලෙන් අටල්ලට - මහලින් මහලට - උද්දණ්ඩ (එක් වහලින් යුත් ගෙය) යෙන් උද්දණ්ඩයට - බඬුහලින් බඬුහලට - උවටැන්හලින් උවටැන්හලට - මණ්ඩලයෙන් මණ්ඩලයට - රුක්මුලින් රුක්මුලට යෙයි. තවද යම් තැනෙක භික්‍ෂූහු හිඳිත් නම්, එහි යෙයි; එහි එකක් හට හෝ දෙවැන්නා වෙයි, දෙදෙනකුන්ට හෝ තෙවැන්නා වෙයි, තිදෙනකුන්ට හෝ සිවුවැන්නා වෙයි. එහි දී බොහෝ නිරර්‍ත්‍ථක කථා පවසයි. ඒ මෙසේ යැ: රාජකථා යැ චෝරකථා යැ මහාමාත්‍යකථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාරකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ යානකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ පුරුෂකථා යැ සූරකථා යැ වීථිකථා යැ කුම්භස්ථාන (=පැන් තොට පිළිබැඳි) කථා යැ අතීත ඥාතීන් පිළිබැඳි කථා යැ නන්වැදෑරුම් නිරර්‍තථකකථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාක්ඛ්‍යානකථා යැ - වෘද්ධි - හානි පිළිබැඳි කථා යැ යනාදිය යි. මෙසේ ත් පාදලොල වේ.
Pali BJTන පාදලොලස්සාති පාදලොලියං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, පාදලොලියා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්ය චරෙය්ය විචරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්ය පටිසල්ලානාරාමො අස්ස පටිසල්ලානරතො අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං ඣායී ඣානරතො එකත්තමනුයුත්තො සදත්ථ{2} - ගරුකොති - ඣායී න පාදලොලස්ස.
Sinhala BJTන පාදලොලස්ස - පාදලෞල්‍යය දුරු කරන්නේ යැ, සන්හිඳුවන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ, පාදලෞල්‍යයෙන් දුරු වූයේ වන්නේ යැ, නො ඇලුණේ වෙසෙසින් වෙන්වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ යැ හැසිරෙන්නේ යැ වෙසෙසින් හැසිරෙන්නේ යැ ඉරියවු පවත්වන්නේ යැ වැටෙන්නේ යැ රැකෙන්නේ යැ යැපෙන්නේ යැ යාපනය වන්නේ යැ, විවේකයෙහි සතුටු වූයේ විවේකයෙහි ඇලුණේ අධ්‍යාත්මයෙහි වූ චිත්තසමාධියෙහි යෙදුණේ වන්නේ යැ, බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් සමන්‍විත වූයේ ශුන්‍යාගාරයෙහි කරන ශමථවිදර්‍ශනා භාවනාව වඩන්නේ යැ ධ්‍යාන කරනුයේ ධ්‍යානයෙහි ඇලුණේ එකාග්‍රතාවෙහි යෙදුණේ ස්වාර්‍තථය ගරු කරන්නේ නුයි ‘ඣායී න පාදලොලස්ස’ යනු වේ.
Pali BJTවිරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්යාති - ‘කුක්කුච්ච’න්ති හත්ථකුක්කුච්චම්පි කුක්කුච්චං, පාදකුක්කුච්චම්පි කුක්කුච්චං; හත්ථපාදකුක්කුච්චම්පි කුක්කුච්චං; අකප්පියෙ කප්පියසඤ්ඤිතා කප්පියෙ අකප්පියසඤ්ඤිතා අවජ්ජෙ වජ්ජසඤ්ඤිතා වජ්ජෙ අවජ්ජසඤ්ඤිතා, යං එවරූපං කුක්කුච්චං කුක්කුච්චායනා කුක්කුච්චායිතත්තං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච්චති කුක්කුච්චං. අපි ච ද්වීහි කාරණෙහි උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො:
Sinhala BJTවිරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්‍ය - ‘කුක්කුච්ච’ නම්: අත්කුකුස ද කුකුස් යැ, පාකුකුස ද කුකුස් යැ, අත්පාකුකුස ද කුකුස් යැ, අකැපයෙහි කැපසංඥා ඇතිබව යැ, කැපයෙහි අකැප සංඥා ඇතිබව යැ, නිවරදෙහි වද්‍යසංඥා ඇතිබව යැ, වරදෙහි අවද්‍යසංඥා ඇතිබව යැ, මෙබඳු වූ යම් කුකුසක් කුකුස් අයුරක් කුකුසට පැමිණි බවක් චිත්තයාගේ විපිළිසරයෙක් මනෝවිලේඛයෙක් වේ නම්, මේ කුකුසැයි කියනු ලැබෙයි. තවද දෙකරුණෙකින් කුකුස සිතැ විපිළිසර මනෝවිලේඛය උපදී:
Pali BJTකතත්තා ච අකතත්තා ච. කථං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො? ‘කතං මෙ කායදුච්චරිතං අකතං මෙ කායසුචරිත’න්ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ‘කතං මෙ වචීදුච්චරිතං අකතං මෙ වචීසුචරිත’න්ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ‘කතං මෙ මනොදුච්චරිතං අකතං මෙ මනොසුචරිතං -පෙ- කතො මෙ පාණාතිපාතො අකතා මෙ පාණාතිපාතා වෙරමණී’ති උප්පජ්ජති කුක්කුච්චං -පෙ- මනොවිලෙඛො. ‘කතං මෙ අදින්නාදානං - කතො මෙ කාමෙසු මිච්ඡාචාරො - කතො මෙ මුසාවාදො - කතා මෙ පිසුණා වාචා - කතා මෙ ඵරුසා වාචා - කතො මෙ සම්ඵප්පලාපො - කතා මෙ අභිජ්ඣා - කතො මෙ බ්යාපාදො - කතා මෙ මිච්ඡාදිට්ඨි අකතා මෙ සම්මාදිට්ඨි’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. එවං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො.
Sinhala BJTකළ බැවින් ද නො කළ බැවින් දැයි. කිසෙයින් (අකුශලය) කළ බැවින් හා (කුශලය) නො කළ බැවින් කුකුස සිත්හි විපිළිසර චිත්තවිලේඛය උපදී ද යත්: ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කායසුචරිතය නො කරන ලදැ’ යි කුකුස සිතේ විපිළිසර මනෝවිලේඛය උපදී; ‘මා විසින් වාග්දුශ්චරිතය කරන ලද, මා විසින් වාක්සුචරිතය නො කරන ලදැ’ යි කුකුස සිතේ විපිළිසර මනෝවිලේඛය උපදී; මා විසින් මනෝදුශ්චරිතය කරන ලද, මා විසින් මනස්සුචරිතය නො කරන ලදැ’ යි … ‘මා විසින් ප්‍රාණවධ කරන ලද, ‘මා විසින් ප්‍රාණඝාත විරමණය නො කරන ලදැ’ යි කුකුස් … උපදී; ‘මා විසින් අදත්තාදාන කරන ලද …‘මා විසින් කාමමිත්‍ථ්‍යාචාර කරන ලද … මා විසින් මෘෂාවාද කියන ලද … මා විසින් පෛශුන්‍යවාක් කියන ලද … මා විසින් පරුෂවචන කියන ලද … මා විසින් සම්ඵප්‍රලාප කියන ලද … මා විසින් අභිධ්‍යා කරන ලද … මා විසින් ව්‍යාපාද කරන ලද …. මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, මා විසින් සම්‍යග්දෘෂ්ටි නො ගන්නා ලදැ’ යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. මෙසෙයින් කෘත හෙයින් ද අකෘත හෙයින් ද කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී.
Pali BJTඅථවා, සීලෙසුම්හි න පරිපූරකාරීති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ඉන්ද්රියෙසුම්හි අගුත්තද්වාරොති - භොජනෙ අමත්තඤ්ඤූම්හීති - ජාගරියං අනනුයුත්තොම්හීති - න සතිසම්පජඤ්ඤෙන සමන්නාගතොම්හීති - අභාවිතා මෙ චත්තාරො සතිපට්ඨානාති - අභාවිතා මෙ චත්තාරො සම්මප්පධානාති - අභාවිතා මෙ චත්තාරො ඉද්ධිපාදාති - අභාවිතානි මෙ පඤ්චින්ද්රියානීති - අභාවිතානි මෙ පඤ්චබලානීති අභාවිතා මෙ සත්ත බොජ්ඣඞ්ගාති - අභාවිතො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගොති දුක්ඛං මෙ අපරිඤ්ඤාතන්ති සමුදයො මෙ අප්පහීණොති මග්ගො මෙ අභාවිතොති නිරොධො මෙ අසච්ඡිකතො’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො.
Sinhala BJTනොහොත් ‘ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූරකාරී නො වූයෙමී’ කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. ඉන්‍ද්‍රියයන්හි අගොපිතද්වාර ඇත්තෙම් වූයෙමී … භෝජනයෙහි අමාත්‍රඥයෙම් වීමි … නිදි දුරුකිරීමෙහි නො යෙදුණෙම් වීමි … ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් යුක්තයෙම් නො වූයෙමී … මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහයි … මා විසින් සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩන ලදහයි … මා විසින් සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහයි … මා විසින් පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩන ලදහයි … මා විසින් පඤ්චබලයෝ නො වඩන ලදහයි … මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ නො වඩන ලදහයි … මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩන ලදැයි මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැයි … මා විසින් සමුදය අප්‍රහීණ යැයි … මා විසින් මාර්‍ගය නො වඩන ලදැයි … මා විසින් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැයි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී.
Pali BJTවිරමෙ කුක්කුච්චාති - කුක්කුච්චා ආරමෙය්ය විරමෙය්ය පටිවිරමෙය්ය, කුක්කුච්චං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, කුක්කුච්චා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - විරමෙ කුක්කුච්චා.
Sinhala BJTවිරමෙ කුක්කුච්චා - කෞකෘත්‍යයෙන් හාත්පසින් වෙන් වන්නේ යැ, වෙසෙසින් වෙන් වන්නේ යැ, සර්‍වප්‍රකාරයෙන් වෙන් වන්නේ යැ, කුකුස දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ යැ; කුකුසින් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් දුරු වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘විරමෙ කුක්කුච්චා’ යනු වේ.
Pali BJTනප්පමජ්ජෙය්යාති සක්කච්චකාරී අස්ස සාතච්චකාරී අට්ඨිතකාරී අනොලීනවුත්තිකො අනික්ඛිත්තඡන්දො අනික්ඛිත්තධුරො අප්පමත්තො කුසලෙසු ධම්මෙසු; ‘කදාහං අපරිපූරං වා සීලක්ඛන්ධං පරිපූරෙය්යං, පරිපූරං වා සීලක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගණ්හෙය්ය’න්ති; යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච ථාමො ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච, ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසු; ‘කදාහං අපරිපූරං වා සමාධික්ඛන්ධං පඤ්ඤාක්ඛන්ධං විමුත්තික්ඛන්ධං විමුත්තිඤාණදස්සනක්ඛන්ධං, කදාහං අපරිඤ්ඤාතං වා දුක්ඛං පරිජානෙය්යං, අප්පහීනෙ වා කිලෙසෙ පජහෙය්යං, අභාවිතං වා මග්ගං භාවෙය්යං, අසච්ඡිකතං නිරොධං සච්ඡිකරෙය්ය’න්ති යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච ථාමො ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමාදො කුසලෙසු ධම්මෙසූති - විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්ය.
Sinhala BJTනප්පමජ්ජෙය්‍ය - සත්කාර කොට කරන සුලු වන්නේ යැ සතතභාවයෙන් කරන සුලු වන්නේ යැ නො නැවැත කරන සුලු වන්නේ යැ, නො හැකුළුණු පැවැතුම් ඇතියේ නො තැබූ වීර්‍ය්‍යච්ඡන්‍දය ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ කුශලධර්‍මයන්හි නො පමා වූයේ වන්නේ යැ; කවර දවසෙක මම් අපරිපූර්‍ණ වූ ශීලස්කන්‍ධය හෝ පුරන්නෙම් ද, පරිපූර්‍ණ වූ ශීලස්කන්‍ධය හෝ ඒ ඒ තැන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහණය කරන්නෙම් දැ’ යි, එහි යම් ඡන්‍දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධික උත්සාහයෙක් ස්ථිර බවෙක් නො නැවැත්මෙක් ස්මෘතියක් හා සම්ප්‍රජන්‍යයකුත් වේ ද, (එබඳු වූ) කෙලෙස් තවන වීර්‍ය්‍යය උත්තම වීර්‍ය්‍යය අධිෂ්ඨානය නැවත නැවත යෙදීම කුශලධර්‍මයන්හි අප්‍රමාදය වන්නේ යැ; කවර දවසෙක මම අපරිපූර්‍ණ වූ සමාධිස්කන්‍ධය - ප්‍රඥාස්කන්‍ධය - විමුක්තිස්කන්‍ධය - විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය - ‘කවර දවසෙක මම් අපරිඥාත වූ දුක හෝ අශෙෂයෙන් දැන ගන්නෙම් ද, අප්‍රහීණ වූ ක්ලේශයන් හෝ ප්‍රහීණ කරන්නෙම් ද, අභාවිත වූ මාර්‍ගය හෝ වඩන්නෙම් ද, ප්‍රත්‍යක්‍ෂ නො කළ නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කරන්නෙම් දැ’ යි එහි යම් ඡන්‍දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධික උත්සාහයෙක් ස්ථිර බවෙක් නො නවත්නා බවෙක් ස්මෘතියක් හා සම්ප්‍රජන්‍යයකුත් වේ ද, (එබඳු වූ) කෙලෙස් තවන වීර්‍ය්‍යය උත්තම වීර්‍ය්‍යය අධිෂ්ඨානය අනුයෝගය කුශලධර්‍මයන්හි අප්‍රමාදය වන්නේ නුයි ‘විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්‍ය’ යනු වේ.
Pali BJTඅථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්යාති - ‘අථා’ති පදසන්ධි -පෙ- ආසනං වුච්චති යත්ථ නිසීදති මඤ්චො පීඨං භිසි තට්ටිකා චම්මඛණ්ඩො තිණසන්ථාරො පණ්ණසන්ථාරො පලාලසන්ථාරො; සයනං වුච්චති සෙනාසනං විහාරො අඩ්ඪයොගො පාසාදො හම්මියං ගුහාති අථාසනෙසු සයනෙසු.
Sinhala BJTඅථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛූ විහරෙය්‍ය - ‘අථ’ යනු පදසන්‍ධි යැ … ඇඳ පුටුව බිස්ස තට්ටිකාව සම්කඩ තණඇතිරිය පන් ඇතිරිය පිදුරුඇතිරිය (යන) යම් තැනෙක හිඳී නම් (එය) ‘ආසන’ යයි කියනු ලැබෙයි; විහාරය අර්‍ධයොගය ප්‍රාසාදය සඳලුගෙය ගුහාව (යන මේ) සෙනස්න ‘සයන’ යයි කියනු ලැබේ නුයි ‘අථාසනෙසු සයනෙසු’ යනු වේ.
Pali BJTඅප්පසද්දෙසු භික්ඛු විහරෙය්යාති අප්පසද්දෙසු අප්පනිග්ඝොසෙසු විජනවාතෙසු මනුස්සරාහසෙය්යකෙසු පටිසල්ලානසාරුප්පෙසු සෙනාසනෙසු චරෙය්ය විචරෙය්ය විහරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්යාති - අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය.
Sinhala BJTඅප්පසද්දෙසු භික්ඛු විහරෙය්‍ය - අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්‍යකාරණයට යෝග්‍ය වූ විවේකයට සුදුසු වූ සෙනසුන්හි හැසිරෙන්නේ යැ වෙසෙන්නේ යැ වාසය කරන්නේ යැ ඉරියව් පවත්වන්නේ යැ වැටෙන්නේ යැ රැකෙන්නේ යැ යපන යාපනය වන්නේ නුයි ‘අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඣායී න පාදලොලස්ස විරමෙ කුක්කුච්චා නප්පමජ්ජෙය්ය, අථාසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්යා”ති.
Sinhala BJT“ඣායී න පාදලොලස්ස -පෙ- අප්පසද්දෙසු භික්ඛු විහරෙය්‍ය” යී.
Pali BJT14. 12.
Sinhala BJT14. 12.
Pali BJTනිද්දං න බහුලීකරෙය්ය ජාගරියං භජෙය්ය ආතාපී, තන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසං.
Sinhala BJTකෙලෙස් තවන වෙර ඇතියේ නිදි බහුල නො කරන්නේ යැ, නිදි වැරීම සෙවුනේ යැ, තන්‍ද්‍රා (අලස බව) ද මායාව ද හාස්‍යය ද ක්‍රීඩාව ද විභූෂණ සහිත වූ මෙවුන්දම් ද වෙසෙසින් දුරු කරන්නේ යි.
Pali BJTනිද්දං න බහුලීකරෙය්යාති රත්තින්දිවං ඡ කොට්ඨාසෙ කරිත්වා පඤ්ච කොට්ඨාසෙ පටිජග්ගෙය්ය{1} එකං කොට්ඨාසං නිපජ්ජෙය්යාති - නිද්දං න බහුලීකරෙය්ය.
Sinhala BJTනිද්දං න බහුලීකරෙය්‍ය - රෑදාවල ස කොටසක් කොට පස් කොටසක් නිදි වරන්නේ යැ, එක් කොටසක් නිදන්නේ නුයි ‘නිද්දං න බහුලීකරෙය්‍ය’ යනු වේ.
Pali BJTජාගරියං භජෙය්ය ආතාපීති - ඉධ භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙය්ය, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙය්ය, රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙය්ය පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා; රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙය්ය. ජාගරියං භජෙය්යාති ජාගරියං භජෙය්ය සම්භජෙය්ය සෙවෙය්ය නිසෙවෙය්ය සංසෙවෙය්ය පටිසෙවෙය්යාති ‘ජාගරියං භජෙය්ය. ආතාපීති ආතප්පං වුච්චති විරියං. යො චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හී ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො.{a} ඉමිනා ආතාපෙන උපෙතො සමුපෙතො උපගතො{1} සමුපගතො උපපන්නො{2} සම්පන්නො{3} සමන්නාගතො සො වුච්චති ආතාපීති - ජාගරියං භජෙය්ය ආතාපී.
Sinhala BJTජාගරියං භජෙය්‍ය ආතාපී - මෙ සස්නෙහි මහණ දහවල සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් (හෝ සියලු අකුශලයන්ගෙන්) සිත පිරිසුදු කරන්නේ යැ, රෑ පෙරයම චඞ්ක්‍රමණයෙන් හා නිෂද්‍යාවෙන් ආවරණීය ධර්‍මයන්ගෙන් සිත විශුද්ධ කරන්නේ යැ, රෑ මැදියම දකුණු පයෙහි වම්පය මදක් ඇද තබා ස්මෘතිසම්‍යග්ඥානයෙන් යුක්ත වූයේ උත්‍ථාන සංඥාව මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කරන්නේ යැ, රෑ අලුයම නැගීසිට චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යාවෙන් ආවරණීය ධර්‍මයන්ගෙන් සිත පරිශුද්ධ කරන්නේ යි. ජාගරියං භජෙය්‍ය නිදිවැරීම බජනේ යැ මැනවින් බජනේ යැ, සෙවුනේ යැ නිරතුරු සෙවුනේ යැ වෙසෙසින් සෙවුනේ යැ පිළිසෙවුනේ නුයි ‘ජාගරියං භජෙය්‍ය’ යනු වේ. ආතාපී ‘ආතප්ප’ යී වීර්‍ය්‍යය කියනු ලැබෙයි. යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් කුසීතභාවයෙන් නික්මැයෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යෝගයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිර බවෙක් කුශලසන්තානය ධැරීමෙක් නො ලිහිල් වූ පරාක්‍රම ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යචඡන්දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇතිබවෙක් ධුරය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද මේ ‘කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් උපේත වූ සමුපේත වූ යුක්ත වූ සංයුක්ත වූ නො වෙන් වූ සම්පූර්‍ණ වූ සමන්‍වාගත වූ හෙතෙම ‘ආතාපී’ යයි කියනු ලැබේ නුයි ‘ජාගරියං භජෙය්‍ය ආතාපී’ යනු වේ.
Pali BJTතන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසන්ති ‘තන්දි’න්ති ‘යා තන්දි තන්දියනා තන්දිමනකතා{4} ආලස්යං ආලස්යායනා ආලස්යායිතත්තං, අයං වුච්චති තන්දි. මායාති මායා වුච්චති වඤ්චනිකා චරියා. ‘ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය - මනසා දුච්චරිතං චරිත්වා තස්ස පටිච්ඡාදනහෙතු පාපිකං ඉච්ඡං පණිදහති, මා මං ජඤ්ඤාති ඉච්ඡති, මා මං ජඤ්ඤාති සඞ්කප්පෙති, මා මං ජඤ්ඤාති වාචං භාසති, මා මං ජඤ්ඤාති කායෙන පරක්කමති, යා එවරූපා මායා මායාවිතා අච්චාසරා වඤ්චනා නිකති විකිරණා ගූහනා පරිගූහනා ඡාදනා පටිච්ඡාදනා අනුත්තානීකම්මං අනාවීකම්මං වොච්ඡාදනා පාපකිරියා, අයං වුච්චති මායා.{b} ‘හස්සන්ති ඉධෙකච්චො අතිවෙලං දන්තවිදංසකං හසති. වුත්තං හෙතං භගවතා: “කොමාරකමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං අතිවෙලං දන්තවිදංසකං හසිත”න්ති.{c} ඛිඩ්ඩන්ති ද්වෙ ඛිඩ්ඩා කායිකා ච ඛිඩ්ඩා වාචසිකා ච ඛිඩ්ඩා. කතමා කායිකා ඛිඩ්ඩා? හත්ථිහිපි කීළන්ති, අස්සෙහිපි කීළන්ති, රථෙහිපි කීළන්ති, ධනූහිපි කීළන්ති, අට්ඨපදෙපි{5} කීළන්ති, දසපදෙපි{5} කීළන්ති, ආකාසෙපි{6} කීළන්ති, පරිහාරපථෙපි කීළන්ති, සන්තිකායපි{7} කීළන්ති, ඛලිකායපි කීළන්ති, ඝටිකායපි කීළන්ති.
Sinhala BJTනන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසං - ‘නන්දිං’ යනු: යම් මැලිබවෙක් මැලි අයුරෙක් මැලියෙන් මඩනා ලද බවෙක් මැලියෙන් මැඩුණු සිත් ඇති බවෙක් අලසබවෙක් අලස අයුරෙක් ආලස්‍යයෙන් මඩනා ලද බවෙක් වේ ද, මෝ ‘නන්දි’ යී කියනු ලබයි; මායා නම්: වඤ්‍චනික ක්‍රියාව යැ, මෙහි කිසිවෙක් කයින් දුශ්චරිතයෙහි හැසිරැ, බසින් … සිතින් දුශ්චරිතයෙහි හැසිරැ ‘එය ප්‍රතිච්ඡාදන හේතුයෙන් ලාමක වූ ඉච්ඡාව පිහිටුවයි, ‘නහමක් මා දනීව’ යි කැමැති වෙයි, ‘නහමක් මා දනීව’ යි සලකයි, ‘නහමක් මා දනීව’ යි වචන බෙණෙයි, ‘නහමක් මා දනීව’ යි කයින් උත්සාහ කෙරෙයි; යම් මෙබඳු වූ මායාවක් මායා ඇතිබවෙක් ඉක්මවා යෑමෙක් වඤ්චනාවක් රැවැටීමෙක් පාපයන් යටපත් කිරීමෙක් බැහැර කිරීමෙක් සැඟවීමෙක් හාත්පසින් සැඟවීමෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් ප්‍රකට නො කිරීමෙක් ප්‍රකාශ නො කිරීමෙක් මොනවට වැසීමෙක් පාපක්‍රියාවක් වේ ද, මේ ‘මායා’ යී කියනු ලබයි; හස්සං යනු: මෙහි කිසිවෙක් පමණ ඉක්මවා දත් විවෘත කොට සිනාසෙයි; මේ වදාරන ලද මැයැ, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, පමණ ඉක්මවා දත් විදහා යම් සිනාසීමෙක් වේ ද, මේ ආර්‍ය්‍යවිනයෙහි කුමරුන් කළයුතු දැය” යි. ඛිඩ්ඩං නම්: කායික ක්‍රීඩා ද වාචසික ක්‍රීඩා දැ’ යි ක්‍රීඩා දෙකෙකි: කායික ක්‍රීඩා කවර යත්: ඇතුන් සමග ද කෙළිති, අසුන් සමග ද කෙළිති, රිය සමග ද කෙළිති, දුනුවලිනු දු කෙළිති, අටපදයෙහි දු කෙළිති, දසපදයෙහි දු කෙළිති, අහස්හි දු කෙළිති, පරිහාරපථයෙහි දු කෙළිති, සන්තිකා කෙළි දු කෙළිති, පසැටිනු දු කෙළිති, ඝටිකායෙන් (- කල්ලි) ද කෙළිති,
Pali BJTසලාකහත්ථෙනපි කීළන්ති, අක්ඛෙනපි කීළන්ති, පඞ්ගචීරෙනපි{1} කීළන්ති, වඞ්කකෙනපි කීළන්ති, මොක්ඛචිකායපි කීළන්ති, චිඞ්ගුලකෙනපි කීළන්ති, පත්තාළ්හකෙනපි කීළන්ති, රථකෙනපි කීළන්ති, ධනුකෙනපි කීළන්ති අක්ඛරිකායපි කීළන්ති, මනෙසිකායපි කීළන්ති, යථාවජ්ජෙනපි කීළන්ති. අයං කායිකඛිඩ්ඩා. කතමා වාචසිකා ඛිඩ්ඩා? මුඛභෙරිකං මුඛාලම්බරං මුඛදෙණ්ඩිමකං මුඛචලිමකං මුඛභෙරුලකං{2} මුඛදද්දරිකං නාටකං ලාසං ගීතං දවකම්මං. අයං වාචසිකා ඛිඩ්ඩා.
Sinhala BJTලාවටිනු දු කෙළිති, ගුළ (- පන්දු) යෙනු දු කෙළිති, පත්නළයෙනු දු කෙළිති, කුඩා නඟුලිනු දු කෙළිති, පරිවර්‍තන කෙළි දු කෙළිති, පත් බමරිනු දු කෙළිති, පත්නැළියෙනු දු කෙළිති, කුඩා රියෙනු දු කෙළිති, කුඩා දුන්නෙනු දු කෙළිති, අකුරුකෙළි දු කෙළිති, සිතැඟිකෙළියෙනු දු කෙළිති, යථාවද්‍යයෙනු දු කෙළිත්. මෝ කායික ක්‍රීඩා යැ. වාචසිකක්‍රීඩා කවර යත්: මුවබෙරය මුවපණාබෙරය මුවපටහය මුඛවාලිකය (- සීරුසන්) මුවඩමරුය නාටකය ඔල්වරහඬය ගායනය සිනාකෙළිය යන මේ වාචසික ක්‍රීඩා යි.
Pali BJTමෙථුනධම්මො නාම: යො සො අසද්ධම්මො ගාමධම්මො වසලධම්මො දුට්ඨුල්ලො ඔදකන්තිකො රහස්සො ද්වයංද්වයසමාපත්ති. කිං කාරණා වුච්චති මෙථුනධම්මො? උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති තං කාරණා වුච්චති මෙථුනධම්මො; යථා උභො කලහකාරකා මෙථුනකාති වුච්චන්ති උභො භණ්ඩනකාරකා - උභො භස්සකාරකා - උභො අධිකරණකාරකා - උභො විවාදකාරා - උභො වාදිනො - උභො සල්ලාපකා මෙථුනකාති වුච්චන්ති, එවමෙවං උභින්නං රත්තානං සාරත්තානං අවස්සුතානං පරියුට්ඨිතානං පරියාදින්නචිත්තානං උභින්නං සදිසානං ධම්මොති තං කාරණා වුච්චති මෙථුනධම්මො.
Sinhala BJTමෙථුනධම්ම නම්: යම් ඒ අසද්ධර්‍මයෙක් ග්‍රාමධර්‍මයෙක් වසලධර්‍මයෙක් දුළුල් දහමෙක් ඖදකාන්තිකධර්‍මයෙක් රහස්‍යධර්‍මයෙක් ද්වයංද්වයසමාපත්තියක් වේ ද එයයි. කවර කරුණෙකින් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබෙයි යත්: රාගයෙන් රත් වූ වෙසෙසින් රත් වූ කෙලෙසින් තෙත් වූ කුසල් සිත මැඩගෙන් සිටියා වූ කුසල්සිත ගෙවාගෙන සිටියා වූ (ස්ත්‍රී - පුරුෂ) දෙදෙනාගේ කෙලෙසුන්ගෙන් සම වූ දෙදෙනාගේ ස්වභාවය නුයි - එකරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබෙයි. යම් සේ කලහකරුවෝ දෙදෙන මෙථුනකයෝ ( - සදෘශයෝ) යයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙන - බසින් කලහ කරනුවෝ දෙදෙන - අධිකරණකාරකයෝ (- නඩු කියනුවෝ) දෙදෙන - විවාදකරුවෝ දෙදෙන - වාදීහු දෙදෙන - කථා කරනුවෝ දෙදෙන සමානයෝ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රත් වූ වෙසෙසින් රත් වූ ක්ලේශයෙන් තෙත් වූ කුසල් සිත යටපත් වූ කුසල් සිත ගෙවාගෙන සිටි දෙදෙනාගේ සදෘශ වූ දෙදෙනාගේ ස්වභාව නුයි - එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ.
Pali BJTවිභූසාති ද්වෙ විභූසා: අත්ථි අගාරියස්ස විභූසා; අත්ථි පබ්බජිතස්ස විභූසා. කතමා අගාරියස්ස විභූසා? කෙසා ච මස්සු ච මාලා ච ගන්ධා ච විලෙපනා ච ආභරණා ච පිළන්ධනා ච වත්ථඤ්ච සාරසාටනඤ්ච{3} වෙඨනඤ්ච උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාවිලෙපනං මුඛචුණ්ණකං මුඛලෙපං හත්ථබන්ධනං සිඛාබන්ධනං දණ්ඩනාලියං ඛග්ගං ඡත්තං චිත්රා උපාහනා උණ්හීසං මණිං වාළවීජනී ඔදාතානි වත්ථානි දීඝදසානි ඉති වා, අයං අගාරියස්ස විභූසා කතමා පබ්බජිතස්ස විභූසා? චීවරමණ්ඩනා පත්තමණ්ඩනා සෙනාසනමණ්ඩනා ඉමස්ස වා පූතිකායස්ස බාහිරානං වා පරික්ඛාරානං මණ්ඩනා විභූසනා කෙළනා පරිකෙළනා ගෙධිතතා{4} ගෙධිතත්තං චපලතා චාපල්යං. අයං පබ්බජිතස්ස විභූසා.
Sinhala BJTවිභූස නම්: සැරැසුම් දෙකෙකි: ගිහිගේ වැසියාගේ සැරසුමෙක් ඇත. පැවිද්දාගේ සැරැසුමෙක් ඇත. ගිහිගේවැසියාගේ සැරැසුම කවරැ යත්: (කතුරෙන්) හිසකෙස් කැපීම ද (දැළි තබා) රවුළු බෑම ද මල් ගඳ විලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්ත්‍ර ද බඳපට ද (හෝ රසන්දම) හිස්වෙළුම ද, ඇඟ ඉළීම ඇඟ මැඩීම (දරුවන්) නැහැවීම සම්බාහනය කැඩපත අඳුන් මල් විලෙවුන් මුවසුණු මුඛාලෙප හස්තබන්‍ධන සිළුබැඳුම දඬුනළ කඩු ඡත්‍රය විසිතුරු වහන් නළල්පට සිළුමිණ විල්විදුනා දික්දාවලු ඇති සුදු වත් යනාදිය යි. මේ ගිහි වැසියාගේ සැරැසුමැ. පැවිද්දාගේ සැරසුම් කවරැ යත්: චීවරමණ්ඩනය පාත්‍රමණ්ඩනය ශයනාසනමණ්ඩනය මේ කුණු කය හෝ බාහිර පරිෂ්කාරයන් හෝ මණ්ඩනය සැරැසීම කෙළැවීම හාත්පසින් කෙළැවීම කැමැති බව ගිජු බව චපල බව චාපල්‍යය යන මේ පැවිද්දාගේ සැරසුමි.
Pali BJTතන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසන්ති - තන්දිං ච මායං ච හස්සං ච ඛිඩ්ඩං ච මෙථුනධම්මං ච සවිභූසං සපරිවාරං සපරිභණ්ඩං සපරික්ඛාරං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති - තන්දිං -පෙ- සවිභූසං.
Sinhala BJTතන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසං - මැලිබව ද මායා (-වංචා) ව ද හාස්‍යය ද ක්‍රීඩාව ද සැරැසුම් සහිත වූ පිරිවර සහිත වූ පිරිබඩ සහිත වූ පිරිකර සහිත වූ මෙවුන්දම් ද හරනේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ නුයි ‘තන්දිං … සවිභූසං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“නිද්දං න බහුලීකරෙය්ය ජාගරියං භජෙය්ය ආතාපී, තන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූස”න්ති.
Sinhala BJT“නිද්දං න බහුලීකරෙය්‍ය -පෙ- මෙථුනං විප්පජහෙ සවිභූසං” යී.
Pali BJT14. 13.
Sinhala BJT14. 13.
Pali BJTආථබ්බණං{1} සුපිනං ලක්ඛණං නො විදහෙ අථොපි නක්ඛත්තං. විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්ය.
Sinhala BJTබුද්ධාදි මාමක වූ මහණ තෙමේ අථර්‍වණමන්ත්‍ර ප්‍රයෝගය ද ස්වප්න ශාස්ත්‍රය ද (මණිලක්‍ෂණාදි) ලක්‍ෂණශාස්ත්‍රය ද යළි නකත් කීම ද නො කරන්නේ යැ. විරුත (මෘගවාක්‍ය) ශාස්ත්‍රය ද ගබ් ගැන්වීම ද චිකිත්සාව ද නො සෙවුනේ යි.
Pali BJTආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථොපි නක්ඛත්තන්ති ආථබ්බණිකා ආථබ්බණං පයොජෙන්ති නගරෙ වා රුද්ධෙ සඞ්ගාමෙ වා පච්චුපට්ඨිතෙ පරසෙනාය පච්චත්ථිකෙසු පච්චාමිත්තෙසු ඊතිං උප්පාදෙන්ති, උපද්දවං උප්පාදෙන්ති, රොගං උප්පාදෙන්ති, පජ්ජරකං කරොන්ති, සූලං කරොන්ති, විසූචිකං කරොන්ති, පක්ඛන්දිකං කරොන්ති. එවං ආථබ්බණිකා ආථබ්බණං පයොජෙන්ති.
Sinhala BJTආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථො’ පි නක්ඛත්තං - අථර්‍වණ (මෙරමා නසන) මන්ත්‍ර දන්නාහු අතර්‍වණමන්ත්‍ර (සූනියම්) කෙරෙති, නුවර ඇවුරූ කල හෝ යුද පැමිණි කල හෝ සතුරු සේනාවෙහි විරුද්ධ වූ සතුරන් කෙරෙහි ශරීරකම්පා උපදවති, උවදුරු උපදවති, රෝග උපදවති, ජ්වර උපදවති, ආමශූල (හෝ ඉදිමුම්) උපදවති, පාචන උපදවති, රක්තාතීසාර කෙරෙත්. මෙසේ ආතර්‍වණිකයෝ අථර්‍වණමන්ත්‍ර යොදත්.
Pali BJTසුපිනපාඨකා සුපිනං ආදිසන්ති: ‘යො පුබ්බන්හසමයං සුපිනං පස්සති, එවං විපාකො හොති. යො මජ්ඣන්තිකසමයං සුපිනං පස්සති, එවං විපාකො හොති. යො සායන්හසමයං සුපිනං පස්සති. එවං විපාකො හොති. යො පුරිමෙ යාමෙ - යො මජ්ඣිමෙ යාමෙ - යො පච්ඡිමෙ යාමෙ යො දක්ඛිණෙන පස්සෙන නිපන්නො - යො වාමෙන පස්සෙන නිපන්නො යො උත්තානං නිපන්නො - යො අවකුජ්ජනිපන්නො - යො චන්දං පස්සති. සුරියං පස්සති, යො මහාසමුද්දං පස්සති, යො සිනෙරුං පබ්බතරාජානං පස්සති, යො හත්ථිං පස්සති, යො අස්සං පස්සති, යො රථං පස්සති, යො පත්තිං පස්සති, යො සෙනාබ්යූහං පස්සති, යො ආරාමරාමණෙය්යකං පස්සති, යො වනරාමණෙය්යකං පස්සති, යො භූමිරාමණෙය්යකං පස්සති, යො පොක්ඛරණීරාමණෙය්යකං පස්සති, එවං විපාකො හොතී’ති එවං සුපිනපාඨකා සුපිනං ආදිසන්ති.
Sinhala BJTස්වප්නපාඨකයෝ සිහින පවසති: ‘යමෙක් පෙරවරුයෙහි සිහින දකී නම් මෙබඳු විපාක වෙයි, යමෙක් මධ්‍යාහ්නයෙහි සිහින දකී නම්, මෙසේ විපාක වෙයි, යමෙක් සවස් කලැ සිහින දකී නම්, මෙසේ විපාක වෙයි, යමෙක් පෙරයමැ … මැදියමැ … අලුයමැ … යමෙක් දකුණැලයෙන් හෝනේ … යමෙක් වමැලයෙන් හෝනේ … යමෙක් උඩුබැලි වැ හෝනේ … යමෙක් යටිහුරු වැ හෝනේ … යමෙක් චන්‍ද්‍රයා දකී නම් යමෙක් සූර්‍ය්‍යයා දකී නම් යමෙක් මහමුහුද දකී නම් යමෙක් මහමෙර දකී නම් යමෙක් ඇතකු දකී නම් යමෙක් අසකු දකී නම් යමෙක් රිය දකී නම් යමෙක් පාබළ දකී නම් යමෙක් කඳවුරු දකී නම් යමෙක් රමණී අරම් දකී නම් යමෙක් රමණී උයන් දකී නම් යමෙක් රමණී බිම් පෙදෙස් දකී නම් යමෙක් රමණී පොකුණු දකී නම්, මෙසේ විපාක වේ යැ’ යි මේ පරිද්දෙන් ස්වප්නපාඨකයෝ සිහින ප්‍රකාශ කෙරෙත්.
Pali BJTලක්ඛණපාඨකා ලක්ඛණං ආදිසන්ති’ ‘මණිලක්ඛණං දණ්ඩලක්ඛණං වත්ථලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරිකාලක්ඛණං කුමාරලක්ඛණං දාසීලක්ඛණං දාසලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිසලක්ඛණං උසභලක්ඛණං ගොණලක්ඛණං අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං කුක්කුටලක්ඛණං වට්ටලක්ඛණං ගොධාලක්ඛණං කණ්ණිකාලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං ඉතිවා’ති එවං ලක්ඛණපාඨකා ලක්ඛණං ආදිසන්ති.
Sinhala BJTලක්‍ෂණපාඨකයෝ ලක්‍ෂණ ප්‍රකාශ කෙරෙති: ‘මණිලක්‍ෂණය දණ්ඩලක්‍ෂණය වස්ත්‍රලක්‍ෂණය ඛඞ්ගලක්‍ෂණය හී ලකුණ දුනු ලකුණ අවි ලකුණ ස්ත්‍රීලක්‍ෂණ පුරුෂලක්‍ෂණ කුමාරිකාලක්‍ෂණ කුමාරලක්‍ෂණ දැසිලකුණ දස්ලකුණ ඇත්ලකුණ අස්ලකුණ මිහිලකුණ වැහැබ්ලකුණ ගවලකුණ බැටෙළුලකුණ එළුලකුණ කුකුළුලකුණ වටුලකුණ ගොය්ලකුණ කණ්ණිකාලක්‍ෂණ කච්ඡපලක්‍ෂණ මෘගලක්‍ෂණ යනාදිය’ යි මෙසේ ලක්‍ෂණ පාඨකයෝ ලක්‍ෂණ ප්‍රකාශ කෙරෙත්.
Pali BJTනක්ඛත්තපාඨකා නක්ඛත්තං ආදිසන්ති: ‘අට්ඨවීසති නක්ඛත්තානි; ඉමිනා නක්ඛත්තෙන ඝරප්පවෙසො කත්තබ්බො. ඉමිනා නක්ඛත්තෙන මකුටං බන්ධිතබ්බං. ඉමිනා නක්ඛත්තෙන වාරෙය්යං කාරෙතබ්බං. ඉමිනා නක්ඛත්තෙන බිජනීහාරො කත්තබ්බො. ඉමිනා නක්ඛත්තෙන සංවාසො ගන්තබ්බො’ති එවං නක්ඛත්තපාඨකා නක්ඛත්තං ආදිසන්ති.
Sinhala BJTනක්‍ෂත්‍රපාඨකයෝ නකත් පවසති: නකත් අටවිස්සෙකි; මේ නකතින් ගෙවැදි යැ යුත්තේ යැ මේ නකතින් මුහුළු බැන්ද යුතු යැ, මේ නකතින් ආවාහවිවාහ කරැවියැ යුතු යැ, මේ නකතින් බිජු (කොටුවින්) අළ යුතු යැ, මේ නකතින් සංවාසයට යා යුතු යැ’ යි මෙසේ නැකැත්තෝ නකත් පවසති.
Pali BJTආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථොපි නක්ඛත්තන්ති ආථබ්බණඤ්ච සුපිනඤ්ච ලක්ඛණඤ්ච නක්ඛත්තඤ්ච නො විදහෙය්ය, න චරෙය්ය න සමාචරෙය්ය න සමාදාය වත්තෙය්ය; අථවා න ගණ්හෙය්ය න ධාරෙය්ය, න උපධාරෙය්ය, න උපලක්ඛෙය්ය නප්පයොජෙය්ය - ආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථොපි නක්ඛත්තං.
Sinhala BJTආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථො’ පි නක්ඛත්තං - සිහින ද නිමිති ද නො කරන්නේ යැ නො හැසිරෙන්නේ යැ, වෙසෙසින් නො හැසිරෙන්නේ යැ, මොනොවට ගෙන නො පවත්නේ යැ, නොහොත් නො ගන්නේ යැ, නො දරන්නේ යැ, නො විමසන්නේ යැ, නො සලකන්නේ යැ නො යොදන්නේ නුයි ‘ආථබ්බණං සුපිනං ලක්ඛණං නො විදහෙ අථො’ පි නක්ඛත්තං’ යනු වේ.
Pali BJTවිරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්යාති විරුතං වුච්චති මිගවාක්යං.{1} මිගවාක්යපාඨකා{2} මිගවාක්යං ආදිසන්ති: සකුන්තානං වා චතුප්පදානං වා රුතං වස්සිතං ජානන්ති; එවං මිගවාක්යපාඨකා මිගවාක්යං ආදිසන්ති. ගබ්භකරණීයා ගබ්භං සණ්ඨාපෙන්ති. ද්වීහි කාරණෙහි ගබ්භො න සණ්ඨාති: පාණකෙහි වා වාතකුප්පෙහි වා. පාණකානං වාතකුප්පානං වා පටිඝාතාය ඔසධං දෙන්තීති එවං ගබ්භකරණීයා ගබ්භං සණ්ඨාපෙන්ති. තිකිච්ඡාති පඤ්ච තිකිච්ඡා: සාලාකියං සල්ලකත්තියං කායතිකිච්ඡං භූතියං කොමාරභච්චං{3}. මාමකොති බුද්ධමාමකො ධම්මමාමකො සඞ්ඝමාමකො; සො වා භගවන්තං මාමයති, භගවා වා තං පුග්ගලං පරිගණ්හාති. වුත්තං හෙතං භගවතා: “යෙ තෙ භික්ඛවෙ භික්ඛූ කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නළා අසමාහිතා, න මෙ තෙ භික්ඛවෙ භික්ඛූ මාමකා අපගතා ච තෙ භික්ඛවෙ භික්ඛූ ඉමස්මා ධම්මවිනයා. න ච තෙ භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති. යෙ ච ඛො භික්ඛවෙ භික්ඛූ නික්කුහා නිල්ලපා ධීරා අත්ථද්ධා සුසමාහිතා, තෙ ඛො මෙ භික්ඛවෙ භික්ඛූ මාමකා. අනපගතා ච තෙ භික්ඛවෙ භික්ඛූ ඉමස්මා ධම්මවිනයා. තෙ ච භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්තිa
Sinhala BJTවිරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්‍ය - ‘විරුතං’ යී මෘගවාක්‍යය කියනු ලැබෙයි; මෘගවාක්‍යපාඨකයෝ සතුන්ගේ හඬ දක්වති: ලිහිණින්ගේ හෝ සිවුපාවුන්ගේ හෝ නාදය හැඬීම් දැනගනිති. මෙසේ මෘගවාක්‍යපාඨකයෝ සතුන්ගේ හැඬීම දක්වත්. ගර්‍භසංස්ථාපකයෝ ගැබ් පිහිටුවති; දෙකෙරුණෙකින් ගැබ නො පිහිටයි: පණුවන් හේතු කොට හෝ වාතකොපයන් හේතු කොට හෝ යැ; පණුවන් හෝ වාතකොපයන් හෝ නැසීම පිණිස බෙහෙත් දෙත් නුයි මෙසේ ගර්‍භසංස්ථාපකයෝ ගැබ් පිහිටුවත්. තිකිච්ඡා නම්: චිකිත්සා පසෙකි: ශාලාක්‍ය යැ ශල්‍යකර්‍ම යැ කායචිකිත්සා යැ භූතවිද්‍යා යැ කෞමාරභෘත්‍ය යැයි. මාමකො යනු: බුද්ධ මාමක ධර්‍මමාමක සඞ්ඝමාමක වූයේ, හෙතෙම හෝ බුදුන් මාමයන කෙරෙයි, බුදුහු හෝ ඒ පුද්ගලයා විමසන සේක; මේ වදාරන ලද මැය බුදුන් විසින්: “මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් කුහක වූවාහු තද වූවාහු ප්‍රත්‍යය පිළිබඳ වචන කියන්නාහු සැරසෙන පියවි ඇත්තාහු උපචාර අර්පණාසමාධි රහිත වූවාහු වෙත් ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මට මාමක වූවාහු නො වෙති, තවද මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙන් බැහැර වූවාහු වෙති, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි වැඩීමට වැඩුණුබවට විපුල බවට නො ද පැමිණෙත්. තවද මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් කුහක නො වූවාහු ලපක නො වූවාහු ධීර වූවාහු නො තද වූවාහු මොනොවට එකඟ සිත් ඇත්තාහු වෙත් ද, මහණෙනි, ඒ භික්‍ෂූහු මට මාමක වූවාහු වෙති, තවද මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙන් නො බැහැර වූවාහු වෙති, ඒ භික්‍ෂූහු මේ ශාසනයෙහි වෘද්ධියට විරෑඪ බවට විපුල බවට ද පැමිණෙත්.
Pali BJT1. “කුහා ථද්ධා ලපා සිඞ්ගී උන්නළා අසමාහිතා. න තෙ ධම්මෙ විරූහන්ති සම්මාසම්බුද්ධදෙසිතෙ.
Sinhala BJT1. කුහක වූ (ක්‍රෝධ - මාන වශයෙන්) තද වූ (ප්‍රත්‍යය පිළිබඳ කථාවෙන්) උපලාපක වූ (ප්‍රකට) කෙලෙස්සිගු ඇති නැඟුණු මානනළ ඇති චිත්තෛකාග්‍රතා රහිත වූ ඔවුහු සම්මාසම්බුදුන් වදාළ ශාසනධර්‍මයෙහි නො වැඩෙත්.