Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1501-1600 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3. ලාභො සිලොකො සක්කාරො මිච්ඡාලද්ධො ච යො යසො, යො චත්තානං සමුක්කංසෙ පරෙ ච අවජානති.
Sinhala BJT3. ලාභය ප්‍රශංසාවය සත්කාරය හා මිත්ථ්‍යාවෙන් ලද යශස ද (නව වැනි වෙයි) යමෙකු ත් තමා උසස් කරන්නේ පරහට අවඥාත් කෙරේ ද, (එද දසවැනි වේ.)
Pali BJT4. එසා නමුචි තෙ සෙනා කණ්හස්සාභිප්පහාරිණී, න නං අසූරො ජිනාති ජිත්වා{4} ච ලභතෙ සුඛ”න්ති.{a}
Sinhala BJT4. අන්තකය, කෘෂණධර්‍මයෙන් සමන්‍විත වූ තාගේ තෙල (දසවිධ) සේනා තොමෝ මහණබමුණන් පෙළන්නී වෙයි, අසූර වූ පුරුෂ තෙම ඒ මරසෙනඟ නො දිනයි, යළි (සූර තෙමේ) ජයග්‍රහණය කොට මඟපලසුව ලබා’ යයි.
Pali BJTයතො චතුහි අරියමග්ගෙහි සබ්බා ච මාරසෙනා සබ්බෙ ච පටිසෙනිකරා කිලෙසා ජිතා ච පරාජිතා ච භග්ගා විප්පලුග්ගා{5} පරම්මුඛා, සො වුච්චති විසෙනිභූතො, සො දිට්ඨෙ විසෙනිභූතො සුතෙ මුතෙ විඤ්ඤාතෙ විසෙනීභූතොති - ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කඤ්චි දිට්ඨං ව සුතං මුතං වා.
Sinhala BJTයම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු මරසෙනඟත් සියලු ප්‍රතිපක්ෂකර ක්ලේශයෝත් දිනන ලද්දාහු ද පරදවන ලද්දාහු ද බිඳුණාහු සුණුවිසුණු වූවාහු විමුඛබවට පමුණුවන ලද්දාහු ද, හෙතෙම විසෙනිභූත යයි කියනු ලැබෙයි; හේ රූපයාතනයෙහි නික්ලේශ වූයේ නුයි ‘ස සබ්බධමෙමසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා’ යනු වේ.
Pali BJTස පන්නභාරො මුනි විප්පමුත්තොති - ‘භාරො’ති තයො භාරා ඛන්ධභාරො කිලෙසභාරො අභිසඞ්ඛාරභාරො; කතමො ඛන්ධභාරො? පටිසන්ධියා රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, අයං ඛන්ධභාරො. කතමො කිලෙසභාරො? රාගො දොසො මොහො -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරා, අයං කිලෙසභාරො. කතමො අභිසඞ්ඛාරභාරො? පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො, අයං අභිසඞ්ඛාරභාරො. යතො ඛන්ධභාරො ච කිලෙසභාරො ච අභිසඞ්ඛාරභාරො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා; සො වුච්චති පන්නභාරො පතිතභාරො ඔරොපිතභාරො සමොරොපිතභාරො නික්ඛිත්තභාරො පටිපස්සද්ධභාරො.
Sinhala BJTස පන්නහාරො මුනි විප්පමුත්තො - ‘භාර’ නම් තුන් බරෙකි; ස්කන්‍ධභාරය ක්ලෙශභාරය අභිසංස්කාරභාරය යි; ස්කන්‍ධභාරය කවරැ යත්? ප්‍රතිසන්ධියෙහි රූපය වේදනාව සංඥාව සංස්කාරයෝ විඥානය (යන) මේ ස්කන්‍ධභාරය යි; ක්ලෙශභාරය කවරැ යත්? රාගය ද්වේෂය මෝහ … සියලු අකුශලාභිසංස්කාරයෝ යැ, මේ ක්ලෙශභාරය යි; අභිසංස්කාරභාරය කවරැ යත්? පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනඤජාභිසංස්කාර යැ (යන) මේ අභිසංස්කාරභාරය යි, යම් තැනෙක පටන් ස්කන්‍ධභාරය ත් ක්ලෙශභාරය ත් අභිසංස්කාරභාරයත් ප්‍රහීණ වූවාහු වෙත් ද, උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත් ද, හෙතෙම තැබූ බර ඇත්තේ යැ, හෙළු බර ඇත්තේ යැ. බහාතැබූ බර ඇත්තේ යැ මොනොවට බහාතැබූ බර ඇත්තේ යැ, නික්‍ෂේප කළ බර ඇත්තේ යැ සන්හිඳුවන ලද බර ඇත්තේ යැයි කියනු ලැබේ.
Pali BJTමුනීති ‘මොනං’ වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරි මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි,{a} තෙන ඤාණෙන සමන්නාගතො මුනි මොනප්පත්තො.
Sinhala BJTමුනි යනු : ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂයෙන් දැනීමෙක් අනිත්‍යාදිය විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් සිවුසස් දහම් විමසීමෙක් අනිත්‍යාදිය සැලකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදීන්ගේ විභාවනයෙක් සිතීමෙක් පරීක්‍ෂාවක් භූරී සඞ්ඛ්‍යාත ප්‍රඥාවක් කෙලෙස් නසන ප්‍රඥාවක් පරිණායකප්‍රඥාවක් විදර්‍ශනාවක් සම්ප්‍රජන්‍යයක් පතෝදය වැනි ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයෙයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. ඒ ඥානයෙන් සමන්‍විත වූ මුනි තෙම මොනප්‍රාප්ත යැ.
Pali BJTතීණි මොනෙය්යානි: කායමොනෙය්යං වචීමොනෙය්යං මනොමොනෙය්යං. කතමං කායමොනෙය්යං? තිවිධානං කායදුච්චරිතානං පහානං කායමොනෙය්යං. තිවිධකායසුචරිතං කායමොනෙය්යං, කායාරම්මණෙ ඤාණං කායමොනෙය්යං, කායපරිඤ්ඤා කායමොනෙය්යං, පරිඤ්ඤාසහගතො මග්ගො කායමොනෙය්යං, කායෙ ඡන්දරාගස්ස පහානං කායමොනෙය්යං, කායසංඛාරානිරොධො චතුත්ථජ්ඣානසමාපත්ති කායමොනෙය්යං. ඉදං කායමොනෙය්යං.
Sinhala BJTමොනෙය්‍යයෝ තිදෙනෙකි: කායමෝනෙය්‍ය යැ වචීමොනෙය්‍ය යැ මනෝමෝනෙය්‍ය යැයි: කායමොනෙය්‍යය කවරැ යත්: ත්‍රිවිධ කාය දුශ්චරිතයන් ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ, ත්‍රිවිධකායසුචරිතය කායමෝනෙය්‍ය යැ කය අරමුණු කොට උපන් නුවණ කායමෝනෙය්‍ය යැ, කායපරිඥාව කායමෝනෙය්‍ය යැ, පරිඥාසහගත වූ මාර්‍ගය කායමෝනෙය්‍ය යැ, කයෙහි ඡන්‍දරාගය දුරැලීම කායමෝනෙය්‍ය යැ, කායසංස්කාර නිරෝධය ඇති චතුර්‍තථධ්‍යානසමාපත්තිය කායමෝනෙය්‍ය යැ’ මේ කායමෝනෙය්‍ය නමි.
Pali BJTකතමං වචීමොනෙය්යං? චතුබ්බිධානං වචීදුච්චරිතානං පහාණං වචීමොනෙය්යං, චතුබ්බිධං වචීසුචරිතං වචීමොනෙය්යං, වාචාරම්මණෙ ඤාණං වචීමොනෙය්යං, වාචාපරිඤ්ඤා වචීමොනෙය්යං, පරිඤ්ඤාසහගතො මග්ගො වචීමොනෙය්යං, වාචාය ඡන්දරාගස්ස පහාණං වචීමොනෙය්යං. වචීසංඛාරනිරොධො දුතියජ්ඣානසමාපත්ති වචීමොනෙය්යං. ඉදං වචීමොනෙය්යං.
Sinhala BJTවචීමොනෙය්‍යය කවරැ යත්: චතුර්විධ වාග්දුශ්චරිතයන්ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ, චතුර්විධ වාක්සුචරිතය වචීමොනෙය්‍ය යැ, වාක් අරමුණු කොට උපන් නුවණ වචීමොනෙය්‍ය යැ වාක්පරිඥාව වචීමොනෙය්‍ය පරිඥාසහගත මාර්‍ගය වචීමොනෙය්‍ය යැ වාක්හි ඡන්‍දරාගප්‍රහාණය වචීමොනෙය්‍ය යැ, වාක්සංස්කාරනිරොධය ඇති ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යැ, මේ වචීමොනෙය්‍ය නමි.
Pali BJTකතමං මනොමොනෙය්යං? තිවිධානං මනොදුච්චරිතානං පහානං මනොමොනෙය්යං, තිවිධං මනොසුචරිතං මනොමොනෙය්යං, චිත්තාරම්මණෙ ඤාණං මනොමොනෙය්යං, චිත්තපරිඤ්ඤා මනොමොනෙය්යං, පරිඤ්ඤාසහගතො මග්ගො මනොමොනෙය්යං, චිත්තෙ ඡන්දරාගස්ස පහානං මනොමොනෙය්යං, චිත්තසංඛාරනිරොධො සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති මනොමොනෙය්යං. ඉදං මනොමොනෙය්යං.
Sinhala BJTමනෝමෝනෙය්‍යය කවරැ යත්: ත්‍රිවිධ මනොදුශ්චරිතයන්ගේ ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ මනස්සුචරිතය මනෝමෝනෙය්‍ය යැ, සිත අරමුණු කොට උපන් නුවණ මනෝමෝනෙය්‍ය යැ චිත්තපරිඥාව මනෝමෝනෙය්‍ය යැ, පරිඥාසහගත මාර්‍ගය මනෝමෝනෙය්‍ය යැ, සිතෙහි ඡන්‍දරාගප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, චිත්තසංස්කාරයන්ගේ නිරෝධය ඇති සංඥාවෙදයිතනිරෝධසමාපත්තිය මනෝමෝනෙය්‍ය යැ, මේ මනෝමෝනෙය්‍ය නමි.
Pali BJT5. “කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං, මුනිං මොනෙය්යසම්පන්නං ආහු සබ්බප්පහායිනං.{b}
Sinhala BJT5. (කායවාග්මනොදුශ්චරිතය දුරැලීම් වශයෙන්) කායමුනි වූ වාග්මුනි වූ මනොමුනි වූ අනාස්‍රව වූ (ඵලයෙහි සිටි හෙයින් මොනෙය්‍යසම්පන්න වු මුනිහු සියලු කෙලෙසුන් දුරු කෙළේ යයි කියත්.
Pali BJT6. කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං මුනිං මොනෙය්යසම්පන්නං ආහු නින්හාතපාපක’’න්ති.{c}
Sinhala BJT6. කායමුනි වූ වාග්මුනි වූ මනොමුනි වූ අනාස්‍රව වූ මොනෙය්‍යසම්පන්න වූ මුනිහු සෝදා හළ පව් ඇත්තෙකැ යි කියත්.
Pali BJTඉමෙහි තීහි මොනෙය්යෙහි ධම්මෙහි සමන්නාගතො ඡ මුනිනො: අගාරමුනිනො අනගාරමුනිනො සෙඛමුනිනො අසෙඛමුනිනො පච්චෙකමුනිනො මුනිමුනිනො.
Sinhala BJTමේ තුන් මොනෙය්‍යධර්‍මයන්ගෙන් සමන්‍විත වූ මුනීහු සදෙනෙකි; අගාරමුනිහු යැ අනගාරමුනිහු යැ ශෛක්ෂමුනිහු යැ අශෛක්ෂමුනිහු යැ ප්‍රත්‍යෙකමුනිහු යැ මුනිමුනිහු යැයි.
Pali BJTකතමෙ අගාරමුනිනො? යෙ තෙ අගාරිකා දිට්ඨපදා විඤ්ඤාතසාසනා, ඉමෙ අගාරමුනිනො. කතමෙ අනගාරමුනිනො? යෙ තෙ පබ්බජිතා දිට්ඨපදා විඤ්ඤාතසාසනා, ඉමෙ අනගාරමුනිනො. සත්ත සෙඛා සෙඛමුනිනො. අරහන්තො අසෙඛමුනිනො. පච්චෙකබුද්ධා පච්චෙකමුනිනො. මුනිමුනිනො වුච්චන්ති තථාගතා අරහන්තො සම්මාසම්බුද්ධා.
Sinhala BJTඅගාරමුනිහු කවරහු ද යත්: දක්නාලද නිවන ඇති ශික්‍ෂාත්‍රය ශාසනය ඇති යම් ගිහිගේ වැසි කෙනෙක් වෙත් ද, මොහු අගාරමුනිහු යැ; අනගාරමුනිහු කවරහු ද යත්? දුටු නිවන ඇති දත් සසුන් ඇති යම් පැවිදි කෙනෙක් වෙත් ද, මොහු අනගාරමුනි හුයැ; සප්ත ශෛක්‍ෂයෝ සෙඛමුනිහු යැ; රහත්හු අසෙඛමුනිහු යැ; පසේබුදුවරයෝ පවෙවකමුනීහු යැ; තථාගත වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ මුනිමුනිහු යයි කියනු ලැබෙත්.
Pali BJT7. “න මොනෙන{1} මුනි හොති මූළ්හරූපො අවිද්දසු, යො ච තුලං ව පග්ගය්හ වරමාදාය පණ්ඩිතො.
Sinhala BJT7. මූඪප්‍රකෘති ඇති අවිඥ තෙම මෞනභාවය (- නො බැණ සිටීම) හේතු කොටගෙන මුනි වූයේ නො වෙයි. තවද පණ්ඩිත වූ යමෙක් තුලාව ගෙන සිටියක්හු සෙයින් උත්තම වූ ශීලසමාධ්‍යාදිය ගෙන -
Pali BJT8. පාපානි පරිවජ්ජෙති ස මුනී තෙන සො මුනී, යො මුනාති උභො ලොකෙ මුනී තෙන පවුච්චතී{a}.
Sinhala BJT8. අකුශලධර්‍මයන් දුරු කෙරේ ද, හේ මුනි නම් වෙයි. යට කී කරුණෙන් හෙතෙම මුනි වූයේ යැ. යමෙක් ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්ම බාහිරාදි උභයාර්‍තථයන් දැනගනී ද, එ කරුණෙන් හෙතෙම මුනි යයි කියනු ලැබේ.
Pali BJT9. අසතඤ්ච සතඤ්ච ඤත්වා ධම්මං අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, දෙවමනුස්සෙහි පූජිතො යො සඞ්ගජාලමතිච්ච සො මුනී.{b}
Sinhala BJT9. යමෙක් කුශලාකුශලප්‍රභෙද වූ සඳසත් ධර්‍මය ද සියලු ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්මබාහිරාදි ධර්‍මය ද දැන රාගාදි සඞ්ගය හා තෘෂ්ණාදෘෂ්ටිජාලය ඉක්මවා සිටියේ ද ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙම දෙවිමිනිසුන් විසින් පුදනලදුයේ වේ.
Pali BJTවිප්පමුත්තොති - මුනිනො රාගා චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං; දොසා චිත්තං - මොහා චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තං -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තන්ති - ස පන්නභාරො මුනි විප්පමුත්තො.
Sinhala BJTවිපපමුත්තො - මුනිහුගේ සිත රාගයෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යැ, ද්වේෂයෙන් … මෝහයෙන් සිත මුක්ත - විමුක්ත - සුවිමුක්ත යැ. සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් සිත මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත නුයි ‘ස පන්නහාරො මුනි විපපමුත්තො’ යනු වේ.
Pali BJTන කප්පියො නූපරතො න පත්ථියොති භගවාති - ‘කප්පා’ති ද්වෙ කප්පා: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච -පෙ- අයං තණ්හාකප්පො. -පෙ- අයං දිට්ඨිකප්පො. තස්ස තණ්හාකප්පො පහීනො. දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො. තණ්හාකප්පස්ස පහීනත්තා දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨතා තණ්හාකප්පං වා දිට්ඨිකප්පං වා න කප්පෙති න ජනෙති න සඤ්ජනෙති න නිබ්බත්තෙති නාභිනිබ්බත්තෙතීති - න කප්පියො; නූපරතොති සබ්බෙ බාලපුථුජ්ජනා රජ්ජන්ති, කල්යාණපුථුජ්ජනං උපාදාය සබ්බෙ සෙඛා අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය ආරමන්ති විරමන්ති පටිවිරමන්ති; අරහා ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති - න කප්පියො නූපරතො;
Sinhala BJTන කප්පියො නූපරතො න පත්ථියො ‘ති භගවා - ‘කප්ප’ යනු, තෘෂ්ණා කල්පය ද දෘෂ්ටිකල්පය දැ යි කල්ප දෙකෙකි. මේ දෘෂ්ටිකල්පය යි, ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ, දෘෂ්ටිකල්පය දුරලන ලද; තෘෂ්ණාකල්පය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිකල්පය දුරලූ බැවින් තෘෂ්ණාකල්පය හො දෘෂ්ටිකල්පය හෝ නො කෙරෙයි. නො දනවයි නූපදවයි නො නිපදවයි. නො පහළ කෙරේ නුයි ‘න කප්පියො’ යනු වේ. නූපරතො - සියලු බාලපෘථග්ජනයෝ ඇලෙති, කල්‍යාණපෘථග්ජනයා පටන් සියලු ශෛක්‍ෂයෝ නො පැමිණි මාර්‍ගයා ගේ පැමිණීම පිණිස අනධිගත වූ ඵලයාගේ අධිගමය පිණිස පසක් නො කළ නිවන ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස නො ඇලෙති; විරාගයට පැමිණෙති, වෙසෙසින් විරාගයට පැමිණෙත්, ක්‍ෂීණාස්‍රව තෙම දුරුවූයේ වෙන්වූයේ සර්‍වාකාරයෙන් වෙන්වූයේ නික්මැගියේ පහවගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘න කප්පියො නූපරතො’ යනු වේ.
Pali BJTන පත්ථියොති - පත්ථනා වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසා පත්ථනා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති න පත්ථියො; භගවාති ගාරවාධිවචනං; අපි ච භග්ගරාගොති භගවා, භග්ගදොසොති භගවා, භග්ගමොහොති භගවා, භග්ගමානොති භගවා, භග්ගදිට්ඨීති භගවා, භග්ගකණ්ටකොති භගවා, භග්ගකිලෙසොති භගවා, භජි පභජි පටිවිභජි ධම්මරතනන්ති භගවා, භවානං අන්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා, භජි{1} වා භගවා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා, භාගී වා භගවා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා, භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා, භාගී වා භගවා චතුණ්ණං ඣානානං චතුණ්ණං අප්පමඤ්ඤානං චතුණ්ණං අරූපසමාපත්තීනන්ති භගවා භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා, භාගී වා භගවා චතුණ්ණං සතිපට්ඨානානං චතුණ්ණං සම්මප්පධානානං චතුණ්ණං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා, භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුණ්ණං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤාඤාණානං{2} ඡන්නං බුද්ධධම්මානන්ති භගවා, භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවාති - න කප්පියො නූපරතො න පත්ථියොති භගවාති.
Sinhala BJTන පත්ථියො - යනු: ‘පත්‍ථනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ප්‍රාර්‍ත්‍ථනාව තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී සන්හිඳුවන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම ‘න පත්ථිය’ යී කියනු ලැබෙයි. භගවා යනු: ගෞරව නාමයෙකි, තවද - නැසූ රාග ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ ද්වේෂ ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ මෝහ ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ මාන ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ දෘෂ්ටි ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ කෙලෙස් කටු ඇත් නුයි ‘භගවත්’ යැ, නැසූ කෙලෙස් ඇත් නුයි ‘භගවත්’ යැ, දහම්රුවන් භාග - විභාග - ප්‍රතිවිභාග කෙළේ නුයි ‘භගවත්’ යැ භවයන් අන්ත කෙළේ නුයි ‘භගවත්’ යැ වැඩූ සිල් වැඩූ සිත වැඩූ නුවණ ඇත් නුයි ‘භගවත්’ යැ. බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස් කරුණට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වනයෙහි දුරසෙනසුන් වනකෙළවර සෙනසුන් ඇසුර කළාහු නුයි ‘භගවත්’ යැ. බුදුහු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකරට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු අර්‍තථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු අෂ්ට විමොක්ෂයන්ට අෂ්ට අභිහායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු දශ සංඥා භාවනාවන්ට දශ කෘත්ස්නසමාපත්තීන්ට අනාපානස්මෘති සමාධියට අශුභසමාපත්තියට හිමිවූවාහු නුයි හො ‘භගවත්’ යැ. බුදුහු සතර ස්මෘතිප්‍රස්ථානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර සෘද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞගයන්ට ආර්‍යාෂ්ටාඞගිකමාර්ගයට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු දශ තථාගතබලයන්ට සතර වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩ්භිඥාවන් ෂඩ්විධ බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ නම් වූහ. ‘භගවත්’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, භ්‍රාතෘහු විසින් නො කරන ලද, භගිනිය විසින් නො කරන ලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරන ලද, නෑසහලේනෑයන් විසින් නො කරන ලද, මහණබමුණන් විසින් නො කරන ලද, දේවතාවන් විසින් නො කරන ලද, යම් මේ ‘භගවත්’ යන නාමයක් වේ ද, භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාරර්‍ගාන්තයෙහි උපන් තෙල නාමය බොධිමණ්ඩයෙහි සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග අර්‍හත්ඵලප්‍රත්‍යක්ෂකරණයෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වී නුයි ‘න කප්පියො නූපරතො න පත්ථියොති භගවා යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා, ස පන්නභාරො මුනි විප්පමුත්තො න කප්පියො නූපරතො න පත්ථියොති භගවා”ති.
Sinhala BJT“ස සබ්බධමෙමසු -පෙ- න පත්ථියො ‘ති භගවා” යී.
Pali BJTමහාවියූහසුත්තනිද්දෙසො සමත්තො තෙරසමො.
Sinhala BJTතෙළෙස්වැනි මහාවියූහ සූත්‍රනිර්දේශය සමාප්තයි.
Pali BJT14.
Sinhala BJT14.
Pali BJTතුවටකසුත්තනිද්දෙසො
Sinhala BJTතුවට්‌ටකසූත්‍රනිර්දේශය
Pali BJTඅථ තුවටකසුත්තනිද්දෙසො වුච්චති:
Sinhala BJTඉක්බිති ‘තුවටක’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
Pali BJT14. 1.
Sinhala BJT14. 1.
Pali BJTපුච්ඡාමි තං ආදිච්චබන්ධුං{1} විවෙකං සන්තිපදඤ්ච මහෙසිං, කථං දිස්වා නිබ්බාති භික්ඛු අනුපාදියානො ලොකස්මිං කිඤ්චි.
Sinhala BJTආදිත්‍යබන්‍ධු වූ මහර්ෂි වූ මුබ පුළුවුස්මි: යෝගාවචර මහණ තෙම (කායාදි) ත්‍රිවිධ විවේකය ද (නිවනට කරුණු වූ) බොධිපාක්‍ෂිකධර්‍මය ද කවර කරුණෙකින් දැක (කායාදි) ලෝකයෙහි (රූපාදි) කිසි ධර්‍මයක් උපාදානය නො කෙරෙමින් (රාගාදි කෙලෙසුන්) සන්හිඳුවන්නේ ද?
Pali BJTපුච්ඡාමි තං ආදිච්චබන්ධුන්ති{2} - ‘පුච්ඡා’ති තිස්සො පුච්ඡා: අදිට්ඨජොතනා පුච්ඡා, දිට්ඨසංසන්දනා පුච්ඡා, විමතිච්ඡෙදනා පුච්ඡා.
Sinhala BJTපුච්ඡාමි තං ආදිච්චබන්‍ධු - ‘පුච්ඡා’ යනු පෘච්ඡා තුනෙකි; අදිට්ඨජොතනා පුච්ඡා යැ, දිට්ඨසංසන්දනා පුච්ඡා යැ, විමතිච්ඡෙදනා පුච්ඡා යි.
Pali BJTකතමා අදිට්ඨජොතනා පුච්ඡා? පකතියා ලක්ඛණං අඤ්ඤාතං හොති අදිට්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං, තස්ස ඤාණාය දස්සනාය තුලනාය තීරණාය විභාවනාය පඤ්හං පුච්ඡති. අයං අදිට්ඨජොතනා පුච්ඡා.
Sinhala BJTඅදිට්ඨජොතනා පුච්ඡා කවර යත්: ධර්‍මයන්ගේ තථලක්‍ෂණය පියවින් නො දන්නා ලද නො දක්නා ලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්‍රකට නො කරන ලද නුවණින් නො වඩන ලද වේ ද, ඒ ධර්‍මයාගේ ලක්‍ෂණය දැනීමට තුලනයට තීරණයට ප්‍රකට කිරීමට ප්‍රශ්න විචාරයි. මෝ අදිට්ඨජොතනා පුච්ඡා යැ.
Pali BJTකතමා දිට්ඨසංසන්දනා පුච්ඡා? පකතියා ලක්ඛණං ඤාතං හොති දිට්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං, අඤ්ඤෙහි පණ්ඩිතෙහි සද්ධිං සංසන්දනත්ථාය පඤ්හං පුච්ඡති. අයං දිට්ඨසංසන්දනා පුච්ඡා.
Sinhala BJTදිට්ඨසංසන්දනා පුච්ඡා කවර යත්: පියවින් තථලක්‍ෂණය දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්‍රකට කරන ලද විභාවන කරන ලද වේ ද, අන්‍ය පණ්ඩිතයන් හා සසඳාලීම පිණිස ප්‍රශ්න විචාරයි. මෝ දිට්ඨසංසන්දනා පුච්ඡායැ.
Pali BJTකතමා විමතිච්ඡෙදනා පුච්ඡා? පකතියා සංසයපක්ඛන්තො{3} හොති විමතිපක්ඛන්තො ද්වෙළ්හකජාතො ‘එවං නු ඛො, න නු ඛො, කිං නු ඛො, කථං නු ඛො’ති සො විමතිච්ඡෙදනත්ථාය පඤ්හං පුච්ඡති. අයං විමතිච්ඡෙදනා පුච්ඡා. ඉමා තිස්සො පුච්ඡා.
Sinhala BJTවිමතිච්ඡෙදනාපුච්ඡා කවර යත්: ‘මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හෝ’ යි පියවින් සැකයට පැමිණිය් විමතියට පැමිණියේ හටගත් සැක ඇත්තේ වේ ද, හෙතෙම සැක සිඳීම සඳහා ප්‍රශ්න විචාරයි. මෝ ‘විමතිච්ඡෙදනා පුච්ඡා’ යැ; මේ තුන් ප්‍රශ්නයෝ යි.
Pali BJTඅපරාපි තිස්සො පුච්ඡා: මනුස්සපුච්ඡා, අමනුස්සපුච්ඡා. නිම්මිතපුච්ඡා.
Sinhala BJTඅන්‍යවූ ද ප්‍රශ්න තුනෙක් වෙයි: මනුෂ්‍යපෘච්ඡා යැ, අමනුෂ්‍යපෘච්ඡා යැ නිර්මිතපෘච්ඡා යැයි.
Pali BJTකතමා මනුස්සපුච්ඡා? මනුස්සා බුද්ධං භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති - භික්ඛු පුච්ඡන්ති, භික්ඛුනියො පුච්ඡන්ති, උපාසකා පුච්ඡන්ති, උපාසිකායො පුච්ඡන්ති, රාජානො පුච්ඡන්ති, ඛත්තියා පුච්ඡන්ති, බ්රාහ්මණා පුච්ඡන්ති, වෙස්සා පුච්ඡන්ති, සුද්දා පුච්ඡන්ති, ගහට්ඨා පුච්ඡන්ති, පබ්බජිතා පුච්ඡන්ති. අයං මනුස්සපුච්ඡා.
Sinhala BJTමනුෂ්‍යපුච්ඡා කවර යත්: මනුෂ්‍යයෝ භගවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති - භික්‍ෂූහු විචාරති, භික්‍ෂුණීහු විචාරති, උපාසකයෝ විචාරති, උපාසිකාවෝ විචාරති, රජවරු විචාරති, ක්‍ෂත්‍රියයෝ විචාරති, බමුණෝ විචාරති, වෛශ්‍යයෝ විචාරති, ශුද්‍රයෝ විචාරති, ගැහැවියෝ විචාරති, පැවිද්දෝ විචාරත්; මෝ මනුෂ්‍යපෘච්ඡා යැ.
Pali BJTකතමා අමනුස්සපුච්ඡා? අමනුස්සා බුද්ධං භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති - නාගා පුච්ඡන්ති, සුපණ්ණා පුච්ඡන්ති, යක්ඛා පුච්ඡන්ති, අසුරා පුච්ඡන්ති, ගන්ධබ්බා පුච්ඡන්ති, මහාරාජානො පුච්ඡන්ති, ඉන්දා පුච්ඡන්ති, බ්රහ්මානො පුච්ඡන්ති, දෙවතායො පුච්ඡන්ති, අයං අමනුස්සපුච්ඡා.
Sinhala BJTඅමනුෂ්‍යපුච්ඡා කවර යත්: අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති - නාගයෝ විචාරති, සුපර්‍ණයෝ විචාරති, යක්‍ෂයෝ විචාරති, අසුරයෝ විචාරති, ගන්‍ධර්‍වයෝ විචාරති, වරම්රජහු විචාරති, ඉන්ද්‍රයෝ විචාරති, බ්‍රහ්මයෝ විචාරති, දේවතාවෝ විචාරත්; මෝ අමනුෂ්‍යපෘච්ඡා යැ.
Pali BJTකතමා නිම්මිතපුච්ඡා? යං භගවා රූපං අභිනිම්මිනාති මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගං අහීනින්ද්රියං, තං සො නිම්මිතො බුද්ධං භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡති, භගවා විස්සජ්ජෙති. අයං නිම්මිතපුච්ඡා. ඉමා තිස්සො පුච්ඡා.
Sinhala BJTනිර්මිතපෘච්ඡා කවර යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති අවිකල ඉඳුරන් ඇති යම් බුදුරුවක් මවත් ද, ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් වූ ඒ බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳන සේක. මෝ නිර්මිතපෘච්ඡා යැ. මොහු තුන් පෘච්ඡා යි.
Pali BJTඅපරාපි තිස්සො පුච්ඡා: අත්තත්ථපුච්ඡා, පරත්ථපුච්ඡා, උභයත්ථපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: දිට්ඨධම්මිකත්ථපුච්ඡා, සම්පරායිකත්ථපුච්ඡා, පරමත්ථපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: අනවජ්ජත්ථපුච්ඡා, නික්ඛෙපත්ථපුච්ඡා, වොදානත්ථපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: අතීතපුච්ඡා, අනාගතපුච්ඡා, පච්චුප්පන්නපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: අජ්ඣත්තපුච්ඡා, බහිද්ධාපුච්ඡා, අජ්ඣත්තබහිද්ධාපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා, ඛන්ධපුච්ඡා, ධාතුපුච්ඡා, ආයතනපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: සතිපට්ඨානපුච්ඡා. සම්මප්පධානපුච්ඡා, ඉද්ධිපාදපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: ඉන්ද්රියපුච්ඡා, බලපුච්ඡා, බොජ්ඣඞ්ගපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: මග්ගපුච්ඡා, ඵලපුච්ඡා, නිබ්බානපුච්ඡා.
Sinhala BJTඅනෙකුදු ප්‍රශ්න තුනෙක් වෙයි: ආත්මාර්‍තථපෘච්ඡා යැ, පරාර්‍තථපෘච්ඡා යැ, උභයාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙකි: දෘෂ්ටධාර්මිකාර්‍තථපෘච්ඡා යැ, සාමපරායිකාර්‍තථපෘච්ඡා යැ, පරමාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙකි: අනවද්‍යාර්‍තථපෘච්ඡා යැ, නික්ලෙශර්‍තථපෘච්ඡා යැ, ව්‍යවදානාර්‍තථපෘච්ඡා යැයි. අනෙකුදු ප්‍රශ්න තුනෙක් වෙයි: අතීතපෘච්ඡා යැ, අනාගතපෘච්ඡා යැ, වර්‍තමානපෘච්ඡා යැයි. අනෙකුදු තුන් ප්‍රශ්නයෙකි: අධ්‍යාත්මපෘච්ඡා යැ, බාහ්‍යපෘච්ඡා යැ, අධ්‍යාත්මබාහ්‍යපෘච්ඡා යැයි. අන්‍ය වූ ද ප්‍රශ්න තුනෙකි: කුශලපෘච්ඡා යැ, අකුශලපෘච්ඡා යැ, අව්‍යාකෘතපෘච්ඡා යැයි. අන්‍ය වූ ද ප්‍රශ්න තුනෙකි: ස්කන්‍ධපෘච්ඡා යැ, ධාතුපෘච්ඡා යැ, ආයතනපෘච්ඡා යැයි. අන්‍යවූ ද තුන් ප්‍රශ්නයෙකි: සතිපට්ඨානපෘච්ඡා යැ, සම්‍යක්ප්‍රධානපෘච්ඡා යැ, ඍද්ධිපාධපෘච්ඡා යැයි. අන්‍ය වූ ද තුන් ප්‍රශ්නයෙකි: ඉන්ද්‍රියපෘච්ඡා යැ, බලපෘච්ඡා යැ, බොධ්‍යඞ්ගපෘච්ඡා යැයි. අන්‍ය වූ ද තුන් ප්‍රශ්නයෙකි: මාර්‍ගපෘච්ඡා යැ, ඵලපෘච්ඡා යැ, නිර්‍වාණපෘච්ඡා යැයි.
Pali BJTපුච්ඡාමි තන්ති - පුච්ඡාමි තං, යාචාමි තං; අජ්ඣෙසාමි තං, පසාදෙමි තං; කථයස්සු මෙති - පුච්ඡාමි තං; ආදිච්චබන්ධුන්ති ආදිච්චො වුච්චති සුරියො; සුරියො ගොතමො ගොත්තෙන; භගවාපි ගොතමො ගොත්තෙන. භගවා සුරියස්ස ගොත්තඤාතකො ගොත්තබන්ධු, තස්මා බුද්ධො ආදිච්චබන්ධූති - පුච්ඡාමි තං ආදිච්චබන්ධුං.{1}
Sinhala BJTපුච්ඡාමි තං - මුබ පුළුවුස්මි, මුබ අයැදිමි, මුබ ආරාධනය කෙරෙමි, මුබ පහදවමි, මට වදාළ මැනවැයි. ‘පුච්ඡාමි තං’ යනු වේ. ආදිච්චබන්‍ධුං ‘ආදිච්ච’ යි හිරු කියනු ලැබෙයි, හිරු ගෝත්‍රයෙන් ගෞතම යැ. භගවත්හු ද ගෝත්‍රයෙන් ගෞතම යැ. බුදුහු හිරුට ගෝත්‍රයෙන් ඥාතීහ, ගෝත්‍රයෙන් බන්‍ධු වූහ. එහෙයින් බුදුහු ආදිත්‍යබන්‍ධු වූහ’ යි ‘පුච්ඡාමි තං ආදිච්චබන්‍ධුං’ යනු වේ.
Pali BJTවිවෙකං සන්තිපදඤ්ච මහෙසින්ති - ‘විවෙකො’ති තයො විවෙකා’ කායවිවෙකො, චිත්තවිවෙකො, උපධිවිවෙකො.
Sinhala BJTවිවේකං සන්තිපදං ච මහෙසිං - ‘විවේකො’ යනු: විවේක තුනෙකි: කාය විවේක යැ, චිත්තවිවේක යැ, උපධිවිවේක යැයි.
Pali BJTකතමො කායවිවෙකො? ඉධ භික්ඛු විවිත්තං සෙනාසනං භජති, අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. කායෙන ච විවිත්තො විහරති, සො එකො ගච්ඡති. එකො තිට්ඨති. එකො නිසීදති. එකො සෙය්යං කප්පෙති. එකො ගාමං පිණ්ඩාය පවිසති. එකො පටික්කමති. එකො රහො නිසීදති. එකො චඞ්කමං අධිට්ඨාති. එකො චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති’ අයං කායවිවෙකො.
Sinhala BJTකායවිවේකය කවරේ ද යත්: මේ ශාසනයෙහි මහණ ආරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ ශමශාන යැ වානප්‍රස්ථ යැ අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන විවේක සෙනාසනයක් ඇසුරු කෙරෙයි, කයිනු දු විවික්ත වැ වෙසෙයි. හෙතෙම එකලා වැ යෙයි, එකලා වැ සිටියි, එකලා වැ හිඳී, එකලා වැ හොවී, එකලා වැ ගමට පිඬුපසිඟා යයි, එකලා වැ පෙරළා එයි, එකලා වැ රහසැ හිඳී, එකලා වැ සක්මන් කෙරෙයි, එකලා වැ හැසිරෙයි වෙසෙයි ඉරියව් පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය වේ. මේ කායවිවේක යැ.
Pali BJTකතමො චිත්තවිවෙකො? පඨමං ඣානං සමාපන්නස්ස නීවරණෙහි චිත්තං විචිත්තං හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරෙහි චිත්තං විචිත්තං හොති. තතියං ඣානං සමාපන්නස්ස පීතියා විචිත්තං චිත්තං හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස සුඛදුක්ඛෙහි චිත්තං විචිත්තං හොති. ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය චිත්තං විචිත්තං හොති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤාය චිත්තං විචිත්තං හොති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය චිත්තං විචිත්තං හොති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය චිත්තං විචිත්තං හොති. සොතාපන්නස්ස සක්කායදිට්ඨියා විචිකිච්ඡාය සීලබ්බතපරාමාසා දිට්ඨානුසයා විචිකිච්ඡානුසයා තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විචිත්තං හොති. සකදාගාමිස්ස{1} ඔළාරිකා කාමරාගසඤ්ඤොජනා, පටිඝසඤ්ඤොජනා, ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා, තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විචිත්තං හොති. අනාගාමිස්ස අණුසහගතා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා, අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා, තදෙකට්ඨෙහි ච කිලෙසෙහි චිත්තං විචිත්තං හොති. අරහතො රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා, තදෙකට්ඨෙහි ච කිලෙසෙහි, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි චිත්තං විචිත්තං හොති. අයං චිත්තවිවෙකො.
Sinhala BJTචිත්තවිවේකය කවරැ යත්: පළමුවන දැහැනට සමවන්හුගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙයි, දෙවැනි දැහැනට සමවන්හුගේ සිත විතර්‍කවිචාරයන්ගෙන් වෙන් වෙයි, තෙවැනි දැහැනට සමවන්හුගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙයි, සිවුවැනි දැහැනට සමවන්හුගේ සිත සුවදුක් දෙකින් වෙන් වෙයි, ආකාසානඤ්චායතනයට සමවන්හුගේ සිත රූපසංඥාවෙන් ප්‍රතිඝසංඥාවෙන් නානාත්මසංඥාවෙන් වෙන් වෙයි, විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ සිත ආකාසානඤ්චායතන සංඥාවෙන් වෙන් වෙයි, ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ සිත විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් වෙන් වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙන් වෙන් වෙයි, සෝවාන්හුගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂට්‍යනුශයෙන් විචිකිත්සානුශයෙන් ඔවුන් හා එක්වැ සිටි කෙලෙසුන්ගෙන් ද වෙන් වෙයි. සෙදගැමිහුගේ සිත ඖදාරික වූ කාමරාගසංයෝජනයෙන් ද, ප්‍රතිඝසංයෝජනයෙන් ද, ඖදාරික වූ කාමරාගානුශයෙන් ද, ප්‍රතිඝානුශයෙන් ද, තදේකස්ථ ක්ලේශයන්ගෙන් ද වෙන් වෙයි. අනගැමිහුගේ සිත අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් හා ප්‍රතිඝසංයෝජනයෙන් ද, අණුසහගත වූ කාමරාගානුශයෙන් හා ප්‍රතිඝානුශයෙන් ද, තදේකස්ථ ක්ලේශයන්ගෙන් ද වෙන් වෙයි. රහත්හුගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යාවෙන් ද, මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් ද, තදේකස්ථ ක්ලේශයන්ගෙන් ද බාහ්‍ය වූ සියලු සංස්කාරනිමිත්තයන්ගෙන් ද වෙන් වෙයි. මේ චිත්තවිවේක යැ.
Pali BJTකතමො උපධිවිවෙකො? උපධි වුච්චති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච; උපධිවිවෙකො වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අයං උපධිවිවෙකො.
Sinhala BJTඋපධිවිවේකය කවරැ යත්: ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද උපධි යි කියනු ලැබෙයි. සියලු සංස්කාරයන් සන්හිඳුණු සියලු උපධි දුරැලූ තෘෂ්ණා ක්‍ෂය වූ කෙලෙස්රජස් නො ඇලුණු දුක නිරුද්ධ වූ තෘෂ්ණාවෙන් නික්මුණු ඒ අමාමහනිවන උපධිවිවේක යයි කියනු ලැබේ. මේ උපධි විවේක යයි.
Pali BJTකායවිවෙකො ච වූපකට්ඨ{2}කායානං නෙක්ඛම්මාභිරතානං, චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං, උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතානං.
Sinhala BJTගණසඞ්ගණිකායේන් වෙන් වූ කය ඇති (ප්‍රථමධ්‍යානාදි) නිෂ්කාම්‍යයෙහි ඇලුණවුන්ට කායවිවේකය ද, පිරිසිදු සිත් ඇති පරමපාරිශුද්ධියට පැමිණියවුන්ට චිත්තවිවේකය ද, විසංඛාරයට (- අරමුණු කිරීම් වශයෙන් නිවනට) පැමිණි උපධි රහිත පුද්ගලයන්ට උපධිවිවේකය ද වේ.
Pali BJTසන්තීති එකෙන ආකාරෙන සන්තිපි සන්තිපදම්පි තං යෙව අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. වුත්තං හෙතං භගවතා: “සන්තමෙතං පදං පණීතමෙතං පදං, යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාන”න්ති.{a} අථවා අපරෙන ආකාරෙන යෙ ධම්මා සන්තාධිගමාය සන්තිඵුසනාය සන්තිසච්ඡිකිරියාය සංවත්තන්ති සෙය්යථීදං: චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො. ඉමෙ වුච්චන්ති සන්තිපදං තාණපදං ලෙනපදං සරණපදං අභයපදං අච්චුතපදං අමතපදං නිබ්බානපදං.
Sinhala BJTසන්ති - යනු: එක අයුරෙකින් ශාන්තිය ද ශාන්තිපදය ද එ මැ අමාමහ නිවන යැ, සියලු සංස්කාරයන් සන්හිඳුණු සියලු උපධීන් දුරුවැ සිටි තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ දුඃඛනිරෝධ වූ ඒ නිර්‍වාණය යි. මේ වදාරන ලද මැය භාග්‍යවතුන් විසින්: යම් මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද, තෙල ශාන්තපද යැ, තෙල ප්‍රණීතපද යැයි. නොහොත් අන්‍ය වූ අකාරයෙකින් යම් ධර්‍ම කෙනෙක් ශාන්ති (-නිර්‍වාණ) ප්‍රතිලාභය පිණිස ශාන්තිය (ඥානයෙන්) ස්පර්‍ශ කිරීම පිණිස ශාන්තිය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවත්නාහු ද, ඒ කවරහු ද යත්: සතර සතිපට්ඨානයෝ යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්තබෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යන මොහු යි. මේ ධර්‍මයෝ ශාන්තිපද යැ ත්‍රාණපද යැ ලෙනපද යැ සරණ පද යැ අභයපද යැ අච්‍යුතපද යැ අමෘතපද යැ නිර්‍වාණපද යැයි කියනු ලැබෙත්.
Pali BJTමහෙසීති, මහෙසී භගවා; මහන්තං සීලක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීති මහෙසි. මහන්තං සමාධික්ඛන්ධං - මහන්තං පඤ්ඤාක්ඛන්ධං - මහන්තං විමුත්තික්ඛන්ධං - මහන්තං විමුත්තිඤාණදස්සනක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීති මහෙසී. මහතො තමොකායස්ස පදාලනං, මහතො විපල්ලාසස්ස භෙදං, මහතො තණ්හාසල්ලස්ස අබ්බූහනං. මහතො දිට්ඨිසඞ්ඝාටස්ස විනිවෙඨනං, මහතො මානධජස්ස පපාතනං{1} මහතො අභිසඞ්ඛාරස්ස වූපසමනං, මහතො, ඔඝස්ස නිත්ථරණං. {2}මහතො භාරස්ස නික්ඛෙපනං, මහතො සංසාරවට්ටස්ස උපච්ඡෙදං, මහතො සන්තාපස්ස නිබ්බාපනං, මහතො පරිළාහස්ස පටිප්පස්සද්ධිං, මහතො ධම්මධජස්ස උස්සාපනං එසි ගවෙසි පරියෙසීති මහෙසී මහන්තෙ සතිපට්ඨානෙ - මහන්තෙ සම්මප්පධානෙ - මහන්තෙ ඉද්ධිපාදෙ - මහන්තානි ඉන්ද්රියානි - මහන්තානි බලානි - මහන්තෙ බොජ්ඣඞ්ගෙ මහන්තං අරියං අට්ඨංගිකං මග්ගං - මහන්තං පරමත්ථං අමතං නිබ්බානං එසි ගවෙසි පරියෙසීති මහෙසී. මහෙසක්ඛෙහි වා සත්තෙහි එසිතො ගවෙසිතො පරියෙසිතො ‘කහං බුද්ධො, කහං භගවා, කහං දෙවදෙවො’ කහං නරාසභො’ති මහෙසීති - විවෙකං සන්තිපදඤ්ච මහෙසිං.
Sinhala BJTමහේසි - යනු: බුදුහු මහර්ෂි යැ, මහත් වූ ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ; මහත් වූ සමාධිස්කන්‍ධය මහත් වූ ප්‍රඥාස්කන්‍ධය - මහත් වූ විමුක්තිස්කන්‍ධය - මහත් වු විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ, මහත් වූ තමස්කායයා ගේ ප්‍රදාලනය, මහත් වූ විපර්‍ය්‍යාසයා ගේ බිඳීම, මහත් වූ තෘෂ්ණාශල්‍යය ඉදිරීම, මහත් වු දෘෂ්ටිසඞ්ඝාටය ලෙහීම, මහත් වූ මානධවජය හෙළීම, මහත් වූ අභිසංස්කාරය සන්හිඳුවීම, මහත් වූ ඕඝය තරණය කිරීම, මහත් වූ (පස්කඳ) බර බහා තැබීම, මහත් වූ සසරවට සිඳීම, මහත් වූ (කෙලෙස්) තැවුලිය නිවීම, මහත් වූ (ක්ලේශ) පරිදාහය සන්හිඳුවීම, මහත් වූ ධර්‍මධවජය එසැවීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ, මහත් වූ සතිපට්ඨානයන් - මහත් සම්‍යක්ප්‍රධානයන් - මහත් ඍද්ධිපාදයන් - මහත් ඉන්‍ද්‍රියයන් - මහත් බලයන් - මහත් බෝධ්‍යඞ්ගයන් - මහත් වූ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය - මහත් වූ පරමාර්‍තථ වූ අමාමහනිවන එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂි යැ; නොහොත් මහේශාඛ්‍ය වූ සත්ත්‍වයන් විසින් ‘කොහි යැ බුදුහු, කොහි යැ භාග්‍යවත්හු, කොහි යැ දෙවියනට දෙවි වූවෝ, කොහි යැ නරශ්‍රෙෂ්ඨයෝ ය’ යි එෂිත ගවෙෂිත පර්‍ය්‍යෙෂිත නුයි මහර්ෂි නම් වෙත් යයි, ‘විවේකං සන්තිපදඤ්ච මහෙසිං’ යනු වේ.
Pali BJTකථං දිස්වා නිබ්බාති භික්ඛූති - කථං දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා අත්තනො රාගං නිබ්බාපෙති? දොසං නිබ්බාපෙති! මොහං නිබ්බාපෙති? කොධං, උපනාහං මක්ඛං, පළාසං, ඉස්සං, මච්ඡරියං, මායං, සාඨෙය්යං, ථම්භං, සාරම්භං, මානං, අතිමානං, මදං, පමාදං, සබ්බෙ කිලෙසෙ, සබ්බෙ දුච්චරිතෙ, සබ්බෙ දරථෙ, සබ්බෙ පරිළාහෙ, සබ්බෙ සන්තාපෙ, සබ්බාකුසලාභිසඞ්ඛාරෙ නිබ්බාපෙති සමෙති උපසමෙති වූපසමෙති පටිප්පස්සම්භෙති? භික්ඛූති පුථුජ්ජනකල්යාණකො වා භික්ඛු සෙඛො වා භික්ඛූති - කථං දිස්වා නිබ්බාති භික්ඛු.
Sinhala BJTකථං දිස්වා නිබ්බාති භික්ඛු - කිසෙයින් දැක බලා තුලනය කොට තීරණය කො විමසා විභූත කොට තමා ගේ රාගය නිවා ද? ද්වේෂය නිවා ද? මෝහය නිවා ද? ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - ශාඨ්‍යය - ස්තම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු කෙලෙසුන් සියලු දුශ්චරිතයන් - සියලු දරථයන් - සියලු පරිදාහයන් - සියලු සන්තාපයන් - සියලු අකුශලාභිසංස්කාරයන් නිවා ද? ශමනය උපශමනය ව්‍යුපශමනය කෙරේ ද? සන්හිඳුවා ද? භික්ඛු යනු: පෘථග්ජනකල්‍යාණ භික්‍ෂු හෝ ශෛක්‍ෂ භික්‍ෂු හෝ නුයි ‘කථං දිස්වා නිබ්බාති භික්ඛු’ යනු වේ.
Pali BJTඅනුපාදියානො ලොකස්මිං කිඤ්චීති - චතුහි උපාදානෙහි අනුපාදියමානො අගණ්හමානො අපරාමසමානො අනභිනිවිසමානො; ලොකස්මින්ති අපායලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ; කිඤ්චීති කිඤ්චි රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතන්ති - අනුපාදියානො ලොකස්මිං කිඤ්චි.
Sinhala BJTඅනුපාදියානො ලෝකස්මිං කිඤ්චි - සතර උපාදානයන්ගෙන් උපාදානය නො කරනුයේ නො ගන්නේ නො දැහැගන්නේ නො පිවිසෙනුයේ; ලෝකස්මිං යනු: අපායලෝකයෙහි මිනිස්ලොවැ දෙව්ලොවැ ස්කන්‍ධලෝකයෙහි ධාතුලෝකයෙහි ආයතනලෝකයෙහි; කිඤ්චි යනු: කිසි රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක් නුයි ‘අනුපාදියානො ලෝකස්මිං කිඤ්චි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් කීහ ඒ නිර්මිත බුදුහු:
Pali BJT“පුච්ඡාමි තං ආදිච්චබන්ධුං{1} විවෙකං සන්තිපදඤ්ච මහෙසිං, කථං දිස්වා නිබ්බාති භික්ඛු අනුපාදියානො ලොකස්මිං කිඤ්චි”ති.
Sinhala BJT“පුච්ඡාමි තං -පෙ- අනුපාදියානො ලෝකස්මිං කිඤ්චි” යී.
Pali BJT14. 2.
Sinhala BJT14. 2.
Pali BJTමූලං පපඤ්ච සඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ, යා කාචි තණ්හා අජ්ඣත්තං තාසං විනයා සදා සතො සික්ඛෙ.
Sinhala BJTබුදුහු මෙසේ වදාළ සේක: ‘ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත තෘෂ්ණාදෘෂ්ටිහුගේ (අවිද්‍යාදි ක්ලේශ) මූලය ද මම් වෙමි’ පැවැති මානය ද නුවණින් සියල්ල වළහන්නේ යැ, අධ්‍යාත්මයෙහි යම් කිසි තෘෂ්ණාවක් උපදනේ ද ඔවුන්ගේ ප්‍රහාණය පිණිස හැමකල්හි (එළඹ සිටි) සිහි ඇති වැ හික්මෙන්නේ යි.
Pali BJTමූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙති පපඤ්චායෙව පපඤ්චසඞ්ඛා; තණ්හා පපඤ්චසඞ්ඛා, දිට්ඨි පපඤ්චසඞ්ඛා, කතමං තණ්හාපපඤ්චස්ස මූලං? අවිජ්ජා මූලං, අයොනිසො මනසිකාරො මූලං. අස්මිමානො මූලං, අහිරිකං මූලං, අනොත්තප්පං මූලං, උද්ධච්චං මූලං, ඉදං තණ්හාපපඤ්චස්ස මූලං, කතමං දිට්ඨිපපඤ්චස්ස මූලං? අවිජ්ජා මූලං අයොනිසො මනසිකාරො මූලං. අස්මිමානො මූලං, අහිරිකං මූලං, අනොත්තප්පං මූලං, උද්ධච්චං මූලං, ඉදං දිට්ඨිපපඤ්චස්ස මූලං.
Sinhala BJTමූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්‍ධෙ - ප්‍රපඤ්චයෝ මැ ‘පපඤ්චසඞ්ඛා’ නම, තෘෂ්ණාව ‘පපඤ්චසඞ්ඛා’ යැ, දෘෂ්ටිය පපඤ්චසඞ්ඛා යැ, තෘෂ්ණාප්‍රපඤ්චයා ගේ මූලය කවරැ යත්? අවිද්‍යාව මූල යැ, අයෝනිසෝ මනසිකාරය මූල යැ, අස්මිමානය මූල යැ, අහිරිකය මූල යැ, අනොත්තප්පය මූල යැ, උද්ධච්චය මූල යැ; මේ තෘෂ්ණාප්‍රපඤ්චයාගේ මූලය යි. දෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය කවරැ යත්? අවිද්‍යාව මූල යැ, අයෝනිසෝ මනසිකාරය මූල යැ, අස්මිමානය මූල යැ, අහිරිකය මූල යැ, අනොත්තප්පය මූල යැ, උද්ධච්චය මූල යැ, මේ දෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය යි.
Pali BJTභගවාති ගාරවාධිවචනං; අපි ච භග්ගරාගොති භගවා, භග්ගදොසොති භගවා, භග්ගමොහොති භගවා, භග්ගමානොති භගවා, භග්ගදිට්ඨීති භගවා, භග්ගකණ්ටකොති භගවා, භග්ගකිලෙසොති භගවා, භජි විභජි පටිවිභජි ධම්මරතනන්ති භගවා, භවානං අන්තකරොති භගවා, භාවිතකායොති භගවා භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා, භජි{1} වා භගවා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානීති භගවා, භාගී වා භගවා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා, භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා, භාගී වා භගවා චතුණ්ණං ඣානානං චතුණ්ණං අප්පමඤ්ඤානං චතුණ්ණං අරූපසමාපත්තීනන්ති භගවා භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා, භාගී වා භගවා චතුණ්ණං සතිපට්ඨානානං චතුණ්ණං සම්මප්පධානානං චතුණ්ණං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සාති භගවා, භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුණ්ණං වෙසාරජ්ජානං චතුණ්ණං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤාඤාණානං ඡන්නං බුද්ධධම්මානන්ති භගවා, භගවාති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති - මූලං පපඤ්චසඞ්ඛායාති භගවා.
Sinhala BJTභගවා යනු : ගෞරව නාමයෙකි; තවද බිඳහළ රාග ඇත් නුයි භගවත් යැ, නැසූ ද්වේෂ ඇත් නුයි - නැසූ මෝහ ඇත් නුයි - නැසූ මාන ඇත් නුයි - නැසූ දෘෂ්ටි ඇත් නුයි - නැසූ කෙලෙස්කටු ඇත් නුයි - නැසූ කෙලෙස් ඇත් නුයි භගවත් යැ. දහම්රුවන් භාග - විභාග - ප්‍රතිවිභාග කෙළේ නුයි භගවත් යැ භවයන් අන්ත කෙළේ නුයි - භාවිතකාය නුයි - භාවිතශීල - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත් නුයි භගවත් යැ: නොහොත් බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රාහස්‍යයට කාරණ වූ විවේකයට යෝග්‍ය වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් වනකෙළවර සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, බුදුහු චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජ - පරික්ඛාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු අර්‍තථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්‍ෂයන්ට අෂ්ට අභිභායතනයන්ට නව අනුරූපවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි - බුදුහු දශ සංඥාභාවනාවන්ට දසකසිණසමාපත්තීන්ට අනාපානසතිසමාධියට අසුභසමාපත්තියට හිමි වූවාහු නුයි - බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි - බුදුහු දස තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන් ෂඩ්බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ නමි. තෙල ‘භගවත්’ යන නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් - බෑයකු විසින් - බූනක විසින් - සගයහළුවන් විසින් - නෑසහලේනෑයන් විසින් - මහණබමුණන් විසින් - දේවතාවන් විසින් නො කරන ලද, මේ ‘භගවත්’ යන තෙල නාමය භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග රහත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්ත්තියක් වී නුයි - ‘මූලං පපඤ්චසඞ්ඛායා ති භගවා’ යනු වේ.
Pali BJTමන්ති අස්මීති සබ්බමුපරුන්ධෙති - ‘මන්තා’ වුච්චති පඤ්ඤා, යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි; අස්මීති රූපෙ අස්මීති මානො, අස්මීති ඡන්දො, අස්මීති අනුසයො; වෙදනාය - සඤ්ඤාය - සඞ්ඛාරෙසු විඤ්ඤාණෙ අස්මීති මානො, අස්මීති ඡන්දො, අස්මීති අනුසයොති - මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති.
Sinhala BJTමන්තා අස්මීති සබ්බමුපරුන්‍ධෙ - ‘මන්තා’ යී ප්‍රඥාව කියනු ලබයි; යම් ප්‍රඥාවක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. අස්මි යනු රූපයෙහි මම් වෙමි යන මානය මම් වෙමි යන ඡන්‍දය, මම් වෙමි යන අනුසය, වේදනායෙහි - සංඥායෙහි - සංස්කාරයන්හි - විඥානයෙහි අස්මි යන මානය අස්මි යන ඡන්‍දය, අස්මි යන අනුසය නුයි ‘මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති’ යනු වේ.
Pali BJTසබ්බමුපරුන්ධෙති - පපඤ්චසඞ්ඛාය මූලඤ්ච අස්මිමානඤ්ච මන්තාය සබ්බං රුන්ධෙය්ය උපරුන්ධෙය්ය නිරොධෙය්ය වූපසමෙය්ය අත්ථඞ්ගමෙය්ය පටිප්පස්සම්භෙය්යාති - මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ.
Sinhala BJTසබ්බමුපරුන්‍ධෙ - තෘෂ්ණාදෘෂ්ටිප්‍රපඤ්චයාගේ මූලය ද අස්මිමානය ද ප්‍රඥාවෙන් සියල්ල වළහන්නේය, වෙසෙසින් වළහන්නේය, නිරුද්ධ කරන්නේය, සන්හිඳුවන්නේය, අස්තයට පමුණුවන්නේය, දුරැලන්නේ නුයි මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්‍ධෙ’ යනු වේ.
Pali BJTයා කාචි තණ්හා අජ්ඣත්තන්ති - ‘යා කාචී’ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියන{1}වචනමෙතං යා කාචීති. තණ්හාති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා; අජ්ඣත්තන්ති අජ්ඣත්තසමුට්ඨානා වා සා තණ්හාති අජ්ඣත්තං; අථවා අජ්ඣත්තං වුච්චති චිත්තං, යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනො විඤ්ඤාණධාතු;{a} චිත්තෙන සා තණ්හා සහගතා සහජාතා සංසට්ඨා සම්පයුත්තා එකුප්පාදා එකනිරොධා එකවත්ථුකා එකාරම්මණාති පි අජ්ඣත්තන්ති - යා කාචි තණ්හා අජ්ඣත්තං.
Sinhala BJTයා කාචි තණ්හා අජ්ඣත්තං - ‘යා කාචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘යා කාචි’ යනු. තණ්හා යනු: රූපතෘෂ්ණා යැ … ධර්‍මතෘෂ්ණා යී. අජ්ඣත්තං යනු: ඕ තෘෂ්ණාව අධ්‍යාත්මයෙහි උපදනී නුයි හෝ ‘අජ්ඣත්තං’ යනු වේ; නොහොත් ‘අජ්ඣත්තං’ යී සිත කියනු ලැබෙයි, යම් සිතෙක් මනසෙක් මානසයෙක් හදයෙක් භවාඞ්ගසිතෙක් මනසෙක් මනායතනයෙක් මනෙන්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥාන - ධාතුවෙක් වේ ද එය යි: ඕ තෘෂ්ණාව සිත හා සහගත වූවා සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත - ඒකෝත්පාද - ඒකනිරෝධ - ඒකවස්තුක - ඒකාලම්බන වූවා නුයි ද ‘අජ්ඣත්ත’ වේ නුයි ‘යා කාචි තණ්හා අජ්ඣත්තං’ යනු වේ.
Pali BJTතාසං විනයා සදා සතො සික්ඛෙති - ‘සදා’ති සදා සබ්බදා සබ්බකාලං නිච්චකාලං ධුවකාලං සතතං සමිතං අබ්බොකිණ්ණං පොඞ්ඛානුපොඞ්ඛං උදකොමිකාජාතං{2} අවීචිසන්තතිසහිතං ඵුස්සිතං{3} පුරෙභත්තං පච්ඡාභත්තං, පුරිමං යාමං මජ්ඣිමං යාමං පච්ඡිමං යාමං, කාලෙ ජුණ්හෙ, වස්සෙ හෙමන්තෙ ගිම්හෙ, පුරිමෙ වයොඛන්ධෙ මජ්ඣිමෙ වයොඛන්ධෙ පච්ඡිමෙ වයොඛන්ධෙ; සතොති චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො; අපරෙහිපි චතුහි කාරණෙහි සතො; අසතිපරිවජ්ජනාය සතො; සතිකරණීයානං ධම්මානං කතත්තා සතො; සතිපටිපක්ඛානං ධම්මානං හතත්තා සතො; සතිනිමිත්තානං ධම්මානං අසම්මුට්ඨත්තා සතො; අපරෙහිපි චතූහි කාරණෙහි සතො: සතියා සමන්නාගතත්තා සතො; සතියා වසිතත්තා සතො; සතියා පාගුඤ්ඤතාය සතො; සතියා අපච්චොරොහණතාය සතො. අපරෙහි චතූහි කාරණෙහි සතො: සත්තත්තා{4} සතො, සමිතත්තා සතො, සන්තත්තා සතො, සන්තිධම්මසමන්නාගතත්තා සතො, බුද්ධානුස්සතියා සතො, ධම්මානුස්සතියා සතො, සඞ්ඝානුස්සතියා සතො, සීලානුස්සතියා සතො, චාගානුස්සතියා සතො, දෙවතානුස්සතියා සතො, ආනාපානසතියා සතො, මරණසතියා සතො, කායගතාසතියා සතො, උපසමානුස්සතියා සතො. යා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාරණතා අපිලාපනතා අපම්මුස්සනතා සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො එකායනමග්ගො, a අයං වුච්චති සති. ඉමාය සතියා උපෙතො සමුපෙතො උපගතො{5} සමුපගතො{6} උපපන්නො සමුපපන්නො සමන්නාගතො. සො වුච්චති සතො.
Sinhala BJTතාසං විනයා සදා සතෝ සික්ඛෙ - ‘සදා’ යනු: සැමදා සැමකල සැමවිට දිනපතා නිරතුරු එක්ව අනෙකක් හා අමිශ්‍රව පිළිවෙළින් ගැටී දියරළක් මෙන් අවිරලව නො සිඳී එක්ව පැහැසී පෙරබත පසුබත පෙරයම මැදියම පැසුම්යම කෘෂ්ණපක්‍ෂයෙහි ශුක්ලපක්‍ෂයෙහි වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදිවියෙහි පසුවියෙහි; සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ වේදනායෙහි … චිත්තයෙහි … ධර්‍මයන්හි ධමමානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ. අන්‍යත් සතර කරුණෙකින් සිහි ඇතියේ: මුළා සිහිය දුරු කිරීමෙන් සිහි ඇතියේ; සිහියෙන් කටයුතු ධර්‍මයන් කළ හෙයින් සිහි ඇතියේ; සිහියට ප්‍රතිපක්‍ෂ වූ ධර්‍මයන් නැසූ බැවින් සිහි ඇතියේ, සතියට නිමිත්ත වූ ධර්‍මයන් නො නට බැවින් සිහි ඇතියේ; අන්‍යත් සතර කරුණෙකින් සිහි ඇතියේ: සිහියෙන් සමන්‍විත වන බැවින් සිහි ඇතියේ, සිහිය වසීභාවයට පැමිණ වූ හෙයින් සිහි ඇතියේ, සිහිය ප්‍රගුණ වන බැවින් සිහි ඇතියේ, සිහිය නො පසුබස්නා බැවින් සිහි ඇතියේ; අන්‍යවූ ද සතර කරුණෙකින් සිහි ඇතියේ; විද්‍යමාන බැවින් (හෝ වස්තුත්‍රයෙහි ඇලුණු බැවින්) සිහි ඇතියේ, කෙලෙස් සන්හිඳු වූ බැවින් සිහි ඇතියේ, නිවුණු බැවින් සිහි ඇතියේ, සත්පුරුෂධර්‍මයෙන් සමන්‍විත බැවින් සිහි ඇතියේ, බුද්ධානුස්මෘතියෙන් - ධර්‍මානුස්මෘතියෙන් - සඞ්ඝානුස්මෘතියෙන් - ශීලානුස්මෘතියෙන් - ත්‍යාගානුස්මෘතියෙන් - දෙවතානුස්මෘතියෙන් - ආනාපානස්මෘතියෙන් - මරණසතියෙන් - කායගතාසතියෙන් - උපශමානුස්මෘතියෙන් සිහි ඇතියේ, යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් වේ ද, සිහියක් සිහි කරන බවක් ධරන බවක් සිහි කරවන බවක් නො මුළාවන බවක් වේ ද, ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද, මෝ ‘සති’ යයි කියනු ලබයි. මේ සතියෙන් යුක්ත වූයේ වෙසෙසින් යුක්ත වූයේ උපගත වූයේ සමූපගත වූයේ සමෘද්ධ වූයේ වෙසෙසින් සමෘද්ධ වූයේ සමන්‍විත වූයේ ද හෙතෙම ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබේ.
Pali BJTසික්ඛෙති - තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTසික්ඛෙ යනු: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා අධිචිත්තශික්‍ෂා අධිප්‍රඥාශික්‍ෂා යයි.
Pali BJTකතමා අධිසීලසික්ඛා? ඉධ භික්ඛු සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, ඛුද්දකො සීලක්ඛන්ධො, මහන්තො සීලක්ඛන්ධො, සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො, මුඛං පමුඛං කුසලානං ධම්මානං සමාපත්තියා. අයං අධිසීලසික්ඛා.
Sinhala BJTඅධිශීලශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාර - ගෝචර දෙකින් යුක්ත වූයේ මඳ පමණ වූ අකුශලයෙහි භය දක්නාසුලු වූයේ වෙසෙයි, ඒ ඒ ශික්‍ෂාපදය සමාදන් වැ හික්මෙයි, ක්‍ෂුද්‍රශීලස්කන්‍ධ යැ මහාශීලස්කන්‍ධ යැ, ශීලය පිහිට යැ ආදි යැ චරණ (-පාද) යැ සංයම යැ සංවරයැ, කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ද්වාරය වෙයි, උත්තම වේ. මෝ අධිශීලශික්‍ෂා යැ.
Pali BJTකතමා අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං අධිචිත්තසික්ඛා.
Sinhala BJTඅධිචිත්තශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ කාමච්ඡන්‍දයෙන් වෙන් ව අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුව ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුව ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්‍ෂාවෙන් යුක්ත ව වෙසෙයි, ස්මෘති ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ කයින් ධ්‍යානසුඛය ද විඳී, උපේක්‍ෂා ඇත්තේ ය ස්මෘතිමත් ය සුඛවිහරණ ඇත්තේ යයි ආර්‍ය්‍යන් ප්‍රකාශ කරන ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, කායිකසුඛය ද කායිකදුඃඛය ද ප්‍රාහණයෙන් පළමු මැ සොම්නස්දොම්නසුන් අතුරුදහන් වීමෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මෝ අධිචිත්තශික්‍ෂා යැ.
Pali BJTකතමා අධිපඤ්ඤාසික්ඛා? ඉධ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. අයං අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTඅධිප්‍රඥාශික්‍ෂා කවරැ යත්: මේ සස්නෙහි මහණ ප්‍රඥාවත් වෙයි, නිර්දෝෂ වූ ලොභාදිය සිඳීමට පොහොසත් වූ මනාකොට දුක් ක්‍ෂය කිරීමට පමුණුවන උදයව්‍යයගාමිනී ප්‍රඥාවෙන් සමන්‍විත වූයේ වෙයි, හෙතෙම මේ දුකැ’ යි තතු සේ දැනගනී, ‘මේ දුඃඛසමුදයැ’ යි තතු සේ දැනගනී, ‘මේ දුඃඛනිරෝධ යැ’ යි තතු සේ දැනගනී, ‘මෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව යැ’ යි තතු සේ දැනගනී; මොහු ආස්‍රවයෝ යැයි තතු සේ දැනගනී, මේ ආස්‍රවසමුදයැයි තතු සේ දැනගනී, මේ ආස්‍රවනිරෝධ යැයි තතු සේ දැනගනී, මෝ ආස්‍රවනිරොධගාමිනි ප්‍රතිපදාව යැයි තතු සේ දැනගනී. මෝ අධිප්‍රඥාශික්‍ෂා යි.
Pali BJTතාසං විනයා සදා සතො සික්ඛෙ’ති - තාසං තණ්හානං විනයාය පටිවිනයාය පහානාය වූපසමාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්ය, අධිචිත්තම්පි සික්ඛෙය්ය, අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය. ඉමා තිස්සො සික්ඛායො{1} ආවජ්ජන්තො සික්ඛෙය්ය, ජානන්තො සික්ඛෙය්ය, පස්සන්තො සික්ඛෙය්ය, පච්චවෙක්ඛන්තො සික්ඛෙය්ය, චිත්තං අධිට්ඨහන්තො සික්ඛෙය්ය, සද්ධාය අධිමුච්චන්තො සික්ඛෙය්ය, විරියං පග්ගණ්හන්තො සික්ඛෙය්ය, සතිං උපට්ඨහන්තො සික්ඛෙය්ය, චිත්තං සමාදහන්තො සික්ඛෙය්ය, පඤ්ඤාය පජානන්තො සික්ඛෙය්ය, අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛෙය්ය, පරිඤ්ඤෙය්යං පරිජානන්තො සික්ඛෙය්ය, පහාතබ්බං පජහන්තො සික්ඛෙය්ය, භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්ය, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය, ආචරෙය්ය, සමාචරෙය්ය, සමාදාය වත්තෙය්යාති - තාසං විනයා සදා සතො සික්ඛෙ.
Sinhala BJTතාසං විනයා සදා සතෝ සික්ඛෙ - ඒ තෘෂ්ණාවන්ගේ විනය පිණිස ප්‍රතිවිනය පිණිස ප්‍රහාණය පිණිස සන්හිඳුවීම පිණිස දුරලීම පිණිස නූපදීම පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේය, අධිචිත්තයෙහි ද හික්මෙන්නේ ය, අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේය; මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේය, දැනගනිමින් - දක්මින් - ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, සැදැහැයෙන් සනිටුහන් කෙරෙමින් - වීර්‍ය්‍යය දැඩිව ගනිමින් - සිහි එළවමින් - සිත පිහිටුවමින් - නුවණින් දැන ගනිමින් - වෙසෙසින් දතයුත්ත මනාකොට දැනගනිමින් - සමාන්‍යලක්‍ෂණාවබොධයෙන් දතයුත්ත හාත්පසින් දැනගනිමින් - ප්‍රහීණ කළ යුත්ත ප්‍රහීණ කෙරෙමින් - වැඩිය යුතු මාර්‍ගය වඩමින් - පසක් කළයුතු නිවන පසක් කෙරෙමින් හික්මෙන්නේය, හැසිරෙන්නේය, මොනොවට හැසිරෙන්නේය සමාදන් ව පවත්නේ නුයි ‘තාසං විනයා සදා සතෝ සික්ඛෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“මූලං පපඤ්චසඞ්ඛායාති භගවා මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ, යා කාචි තණ්හා අජ්ඣත්තං තාසං විනයා සදා සතො සික්ඛෙ”ති.
Sinhala BJT“මූලං පපඤ්චසඞ්ඛාය -පෙ- සදා සතෝ සික්ඛෙ” යී.
Pali BJT14. 3.
Sinhala BJT14. 3.
Pali BJTයං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං අථවාපි බහිද්ධා, න තෙන ථාමං{1} කුබ්බෙථ න හි සා නිබ්බුති සතං වුත්තා.
Sinhala BJTතමා කෙරෙහි වූ ද නොහොත් (උපාධ්‍යායාදි) බැහැර වූ ද යම් කිසි (කුලීනත්‍වාදි) ගුණයක් දන්නේ නම් ඒ හේතුකොටගෙන මානය නො කරන්නේය. ඒ උන්නතිය බුද්ධාදීන් විසින් නිබ්බුති යයි නො කියන ලද්දී ද එහෙයිනි.
Pali BJTයං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තන්ති - යං කිඤ්චි අත්තනො ගුණං ජානෙය්ය කුසලෙ වා ධම්මෙ අබ්යාකතෙ වා ධම්මෙ. කතමෙ අත්තනො ගුණා? උච්චාකුලා පබ්බජිතො වා අස්සං{2} මහාභොගකුලා පබ්බජිතො වා අස්සං; උළාරභොගකුලා පබ්බජිතො වා අස්සං, ඤාතො යසස්සී සගහට්ඨපබ්බජිතානන්ති වා අස්සං; ලාභීම්හි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති වා අස්සං, සුත්තන්තිකො වා අස්සං, විනයධරො වා අස්සං, ධම්මකථිකො වා අස්සං, ආරඤ්ඤකො වා අස්සං, පිණ්ඩපාතිකො වා අස්සං, පංසුකූලිකො වා අස්සං, තෙචීවරිකො වා අස්සං, සපදානචාරිකො වා අස්සං, ඛලුපච්ඡාභත්තිකො වා අස්සං, නෙසජ්ජිකො වා අස්සං, යථාසන්ථතිකො වා අස්සං, පඨමස්ස ඣානස්ස ලාභීති වා අස්සං; දුතියස්ස ඣානස්ස ලාභීති වා අස්සං; තතියස්ස ඣානස්ස ලාභීති වා අස්සං; චතුත්ථස්ස ඣානස්ස ලාභීති වා අස්සං; ආකාසානඤ්චායතනසමාපත්තියා ලාභීති වා අස්සං; විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා - ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා අස්සං; ඉමෙ වුච්චන්ති අත්තනො ගුණා. යං කිඤ්චි අත්තනො ගුණං ජානෙය්ය ආජානෙය්ය විජානෙය්ය පටිවිජානෙය්ය පටිවිජ්ඣෙය්යාති යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං.
Sinhala BJTයං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං - කුශලධර්‍මයෙහි හෝ අව්‍යාකෘතධර්‍මයෙහි හෝ යම් කිසි තමාගේ ගුණයක් දන්නේ නම් - තමාගේ ගුණයෝ කවරහ යත්? උසස් කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, ගැහැවි මහසල් කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, මහත් භොග ඇති කුලයෙන් පැවිදි වූයෙම් හෝ වෙමි, ගැහැවියන් සහිත පැවිද්දන් අතුරෙහි ප්‍රකටයෙම් යශස් ඇත්තෙම් හෝ වෙමි, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ලබන්නෙම් හෝ වෙමි, සූත්‍ර හදාරනුයෙම් හෝ වෙමි, විනයධරයෙම් හෝ වෙමි, ධර්‍මකථිකයෙම් හෝ වෙමි, ආරණ්‍යකයෙම් හෝ වෙමි, පිණ්ඩපාතිකයෙම් හෝ වෙමි, පාංශුකූලිකයෙම් හෝ වෙමි, ත්‍රෛචීවරිකයෙම් හෝ වෙමි, සපදානවාරිකයෙම් හෝ වෙමි, ඛලුපච්ඡාභත්තිකයෙම් හෝ වෙමි, නෙසජ්ජිකයෙම් හෝ වෙමි, යථාසන්‍ථතිකාඞ්ග ඇතියෙම් හෝ වෙමි, ප්‍රථමධ්‍යානලාභී හෝ වෙමි, ද්වීතියධ්‍යානලාභී හෝ වෙමි, තෘතීයධ්‍යානලාභී හෝ වෙමි, චතුර්‍ත්‍ථධ්‍යානලාභී හෝ වෙමි, ආකාසානඤ්චායතනසමාපත්තිලාභී හෝ වෙමි, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී හෝ වෙමි, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී හෝ වෙමි. මොහු තමාගේ ගුණයෝ යැයි කියනු ලැබෙති. යම් කිසි තමාගේ ගුණයක් දන්නේ නම් හාත්පසින් දන්නේ නම් වෙසෙසින් දන්නේ නම් මැනැවින් දන්නේ නම් අවබෝධ කරන්නේ නම් යී ‘යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං’ යනු වේ.
Pali BJTඅථවාපි බහිද්ධාති - උපජ්ඣායස්ස වා ආචරියස්ස වා තෙ ගුණා අස්සූති අජ්ඣත්තං අථවාපි බහිද්ධා.
Sinhala BJTඅථවාපි බහිද්ධා - උපාධ්‍යායයන්ගේ හෝ ආචාර්‍ය්‍යයන්ගේ හෝ ඒ ගුණයෝ වන්නාහු නුයි ‘අථවාපි බහිද්ධා’ යනු වේ.
Pali BJTන තෙන ථාමං කුබ්බෙථාති - අත්තනො වා ගුණෙන පරෙසං වා ගුණෙන ථාමං න කරෙය්ය, ථම්භං න කරෙය්ය, මානං න කරෙය්ය, උන්නතිං න කරෙය්ය, උන්නමං න කරෙය්ය, න තෙන මානං ජනෙය්ය, න තෙන ථද්ධො අස්ස පත්ථද්ධො පග්ගහිතසිරොති - න තෙන ථාමං කුබ්බෙථ.
Sinhala BJTන තෙන ථාමං කුබ්බෙථ - තමාගේ ගුණයෙන් හෝ අනුන්ගේ ගුණයෙන් හෝ ථාමය නො කරන්නේය, තදබව නො කරන්නේය, මානය නො කරන්නේය, උන්නතිය නො කරන්නේය, උඩඟුබව නො කරන්නේය, එයින් මානය නූපදවන්නේය, එයින් තද වූයේ දැඩි වූයේ නැඟූ හිස ඇත්තේ නො වන්නේ යයි ‘න තෙන ථාමං කුබ්බෙථ’ යනු වේ.
Pali BJTන හි සා නිබ්බුති සතං වුත්තාති - සතානං සන්තානං සප්පුරිසානං බුද්ධානං බුද්ධසාවකානං පච්චෙකබුද්ධානං සා නිබ්බුතීති න වුත්තා; න පවුත්තා, න ආචික්ඛිතා, න දෙසිතා, න පඤ්ඤාපිතා න පට්ඨපිතා, න විවටා, න විභත්තා, න උත්තානීකතා, නප්පකාසිතාති - න හි සා නිබ්බුති සතං වුත්තා.
Sinhala BJTන හි සා නිබ්බුති සතං වුත්තා - සාධුන් ශාන්තයන් සත්පුරුෂයන් බුදුවරුන් බුදුසව්වන් පසේබුදුවරුන් විසින් ඒ උන්නතිය නිර්‍වෘතියයි නො කියන ලද්දීය, නො පවසන ලද්දීය, නො දෙසන ලද්දීය, නො පනවන ලද්දීය, නො තබන ලද්දීය, අවිවාතය, අවිභක්ත ය, ප්‍රකට නො කරන ලද, ප්‍රකාශ නො කරන ලද්දී නුයි ‘න හි සා නිබ්බුති සතං වුත්තා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා අජ්ඣත්තං අථවාපි බහිද්ධා, න තෙන ථාමං කුබ්බෙථ න හි සා නිබ්බුති සතං වුත්තා”ති.
Sinhala BJT“යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා -පෙ- න හි සා නිබ්බුති සතං වුත්තා” යී.
Pali BJT14. 4.
Sinhala BJT14. 4.
Pali BJTසෙය්යො න තෙන මඤ්ඤෙය්ය නීචෙය්යො අථවාපි සරික්ඛො, ඵුට්ඨො අනෙකරූපෙහි නාතුමානං විකප්පයං තිට්ඨෙ.
Sinhala BJTඒ මානයෙන් මම් උතුමැයි ද හීනයෙම් ද නොහොත් සදෘශයෙම් ද නො හඟනේ යැ. (කුලීනත්‍වාදි) විවිධාකාරයෙන් යුක්ත වූයේ තමා විකල්පනය කෙරෙමින් නො සිටිනේ යි.
Pali BJTසෙය්යො න තෙන මඤ්ඤෙය්යාති - සෙය්යො’හමස්මීති අතිමානං න ජනෙය්ය ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනාති - සෙය්යො න තෙන මඤ්ඤෙය්ය.
Sinhala BJTසෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය - ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ අතිමානය නූපදවන්නේ නුයි ‘සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය’ යනු වේ.
Pali BJTනීචෙය්යො{1} අථවාපි සරික්ඛොති - හීනො’හස්මීති ඔමානං න ජනෙය්ය ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා. සදිසොහමස්මීති මානං න ජනෙය්ය ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනාති - නීචෙය්යො අථවාපි සරික්ඛො.
Sinhala BJTනීචෙය්‍යො අථවාපි සරික්ඛො - ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ හෝ ‘මම් හීනයෙමි’ අවමානය නූපදවන්නේය. ජාතියෙන් හෝ ග්‍රොත්‍රයෙන් හෝ කුලපුත් බැවින් හෝ වර්‍ණසෞන්දර්‍ය්‍යෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ ‘මම සදෘශයෙමී’ මානය නූපදවන්නේ නුයි ‘නීචෙය්‍යො අථවා පි සරික්ඛො යනු’ වේ.
Pali BJTඵුට්ඨො අනෙකරූපෙහීති - අනෙකවිධෙහි ආකාරෙහි ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතොති - ඵුට්ඨො අනෙකරූපෙහි.
Sinhala BJTඵුට්ඨො අනෙකරූපෙහි - අනේකවිධ වූ ආකාරයන්ගෙන් පහස්නා ලදුයේ යුක්ත වූයේ රැස් වූයේ සමන්‍විත වූයේ නුයි ‘ඵුට්ඨො අනෙකරූපෙහි’ යනු වේ.
Pali BJTනාතුමානං විකප්පයං තිට්ඨෙති - ‘ආතුමා’ වුච්චති අත්තා. අත්තානං කප්පෙන්තො විකප්පෙන්තො විකප්පං ආපජ්ජන්තො න තිට්ඨෙය්යාති නාතුමානං විකප්පයං තිට්ඨෙ.
Sinhala BJTනාතුමානං විකප්පයං තිට්ඨෙ - ‘ආතුමා’ යී තෙමේ කියනු ලැබෙයි. තමා කල්පන කෙරෙමින් විකල්පන කෙරෙමින් විකල්පයට පැමිණෙමින් නො සිටිනේ නුයි ‘නාතුමානං විකප්පයං තිට්ඨෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සෙය්යො න තෙන මඤ්ඤෙය්ය නීචෙය්යො අථවාපි සරික්ඛො, ඵුට්ඨො අනෙකරූපෙහි නාතුමානං විකප්පයං තිට්ඨෙ”ති.
Sinhala BJT“සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය -පෙ- නාතුමානං විකප්පයං තිට්ඨෙ” යී.
Pali BJT14. 5.
Sinhala BJT14. 5.
Pali BJT“අජ්ඣත්තමෙව උපසමෙ{2} නාඤ්ඤතො{3} භික්ඛු සන්තිමෙසෙය්ය, අජ්ඣත්තං උපසන්තස්ස නත්ථි අත්තා කුතො නිරත්තා වා.”
Sinhala BJTමහණ තෙමේ අධ්‍යාත්මයෙහි ම (රාගාදිය) සන්හිඳුවන්නේය. අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් ශාන්තිය නො සොයන්නේය. අධ්‍යාත්මයෙහි (රාගාදිය) සන්හිඳුණු (ක්‍ෂීණාස්‍රවහට) ආත්මදෘෂ්ටිය නැත. උච්ඡේදදෘෂ්ටිය හෝ කොයින් ද?
Pali BJTඅජ්ඣත්තමෙව උපසමෙති - අජ්ඣත්තං රාගං සමෙය්ය, දොසං සමෙය්ය, මොහං සමෙය්ය, කොධං උපනාහං මක්ඛං පළාසං ඉස්සං මච්ඡරියං මායං සාඨෙය්යං ථම්භං සාරම්භං මානං අතිමානං මදං පමාදං සබ්බෙ කිලෙසෙ සබ්බෙ දුච්චරිතෙ සබ්බෙ දරථෙ සබ්බෙ පරිළාහෙ සබ්බෙ සන්තාපෙ සබ්බාකුසලාභිසඞ්ඛාරෙ සමෙය්ය උපසමෙය්ය වූපසමෙය්ය නිබ්බාපෙය්ය පටිප්පස්සම්භෙය්යාති - අජ්ඣත්තමෙව උපසමෙ.
Sinhala BJTඅජ්ඣත්තමෙව උපසමෙ - අධ්‍යාත්මයෙහි රාගය සන්හිඳුවන්නේ ය, ද්වේෂය සන්හිඳුවන්නේ ය, මෝහය සන්හිඳුවන්නේ ය, ක්‍රෝධය - උපනාහය - මක්ඛය - පලාසය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය - මායාව - සාඨ්‍යය - ස්තම්භය - සාරම්භය - මානය - අතිමානය - මදය - ප්‍රමාදය - සියලු ක්ලේශයන් - සියලු දුශ්චරිතයන් - සියලු දරථයන් - සියලු පරිදාහයන් - සියලු සන්තාපයන් -සියලු අකුශලාභිසංස්කාරයන් ශමනය කරන්නේය, ව්‍යුපශමනය කරන්නේය, නිවන්නේ ය, දුරලන්නේ නුයි ‘අජ්ඣත්තමෙව උපසමෙ’ යනු වේ.
Pali BJTනාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්යාති - අඤ්ඤතො අසුද්ධිමග්ගෙන මිච්ඡාපටිපදාය අනිය්යානපථෙන අඤ්ඤත්ර සතිපට්ඨානෙහි අඤ්ඤත්ර සම්මප්පධානෙහි අඤ්ඤත්ර ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියා අට්ඨඞ්ගිකා මග්ගා සන්තිං උපසන්තිං වූපසන්තිං නිබ්බුතිං පටිප්පස්සද්ධිං න එසෙය්ය න ගවෙසෙය්ය න පරියෙසෙය්යාති - නාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්ය.
Sinhala BJTනාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්‍ය - (සතිපට්ඨානාදියෙන්) අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් මිත්‍ථ්‍යාප්‍රතිපදායෙන් අනෛර්‍ය්‍යාණිකපථයෙන්, සතිපට්ඨානයන්ගෙන් වෙන් ව සම්‍යක්ප්‍රධානයන්ගෙන් වෙන් ව ඍද්ධිපාදයන්ගෙන් වෙන් ව ඉන්‍ද්‍රියයන්ගෙන් වෙන් ව බලයන්ගෙන් වෙන් ව බෝධ්‍යඞ්ගයන් ගෙන් වෙන් ව ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් වෙන් ව ශාන්තිය උපශාන්තිය ව්‍යුපශාන්තිය නිවන පටිප්පස්සද්ධිය නො සොයන්නේ ය, ගවේෂණය නො කරන්නේය, පර්‍ය්‍යෙෂණය නො කරන්නේ යි ‘නාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්‍ය’ යනු වේ.
Pali BJTඅජ්ඣත්තං උපසන්තස්සාති - අජ්ඣත්තං රාගං සන්තස්ස{1} දොසං සන්තස්ස මොහං සන්තස්ස -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරෙ සන්තස්ස උපසන්තස්ස වූපසන්තස්ස නිබ්බුතස්ස පටිප්පස්සද්ධස්සාති - අජ්ඣත්තං උපසන්තස්ස.
Sinhala BJTඅජ්ඣත්තං උපසන්තස්ස - අධ්‍යාත්මයෙහි රාගය සන්හුන්නහුට ද්වේෂය සන්හුන්නහුට මෝහය සන්හුන්නහුට … සියලු අකුශලාභිසංස්කාරයන් සන්හුන්නහුට උපශාන්ත වූවහුට ව්‍යුපශාන්ත වූවහුට නිවුණහුට දුරලුවහුට නුයි ‘අජ්ඣත්තං උපසන්තස්ස’ යනු වේ.
Pali BJTනත්ථි අත්තා කුතො නිරත්තා වාති - ‘නත්ථි’ති පටික්ඛෙපො. අත්තාති අත්තදිට්ඨි නත්ථි, නිරත්තාති උච්ඡෙදදිට්ඨි නත්ථි, අත්තාති ගහිතං නත්ථි, නිරත්තාති මුඤ්චිතබ්බං නත්ථි. යස්සත්ථි ගහිතං තස්සත්ථි මුඤ්චිතබ්බං, යස්ස නත්ථි මුඤ්චිතබ්බං තස්ස නත්ථි ගහිතං, ගාහමුඤ්චනසමතික්කන්තො අරහා වුද්ධිපරිහානිං වීතිවත්තො. සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති - නත්ථි අත්තා කුතො නිරත්තා වා.
Sinhala BJTනත්‍ථි අත්තා කුතො නිරත්තා වා - ‘නත්‍ථි’ යනු ප්‍රතික්‍ෂේප යැ; අත්තා යනු: ආත්මදෘෂ්ටිය නැත. නිරත්තා යනු : උච්ඡේදදෘෂ්ටිය නැත. ‘ආත්ම යැ’ යි ගන්නා ලද්දක් නැත, ‘නිරාත්ම යැ’ යි හළ යුත්තක් නැත. යමකුට ගන්නා ලද්දක් ඇත් නම් ඔහුට හළයුත්තකු දු ඇත, යමකුට හළයුත්තක් නැත් නම් ඔහුට ගතයුත්තකු දු නැත. රහත් තෙම ගැනීම ද හැරීම ද ඉක්මවූයේ ය, වෘද්ධිය ද හානිය ද ඉක්මවා සිටියේ ය. හෙතෙම වැස නිම වූ දශ ආර්‍ය්‍යවාස ඇත්තේ ය. වසඟ කළ චරණධර්‍ම ඇත්තේ ය … ඔහුට ජාතිමරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘නත්‍ථි අත්තා කුතො නිරත්තා වා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අජ්ඣත්තමෙව උපසමෙ නාඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්ය, අජ්ඣත්තං උපසන්තස්ස නත්ථි අත්තා කුතො නිරත්තා වා”ති.
Sinhala BJT“අජ්ඣත්තමෙව උපසමෙ -පෙ- කුතො නිරත්තා වා” යී.
Pali BJT14. 6.
Sinhala BJT14. 6.
Pali BJTමජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති, එවං ඨිතො අනෙජස්ස උස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි.
Sinhala BJTමහාසාගරයාගේ (යොදුන් සාරදහසක් පමණ වූ) මධ්‍යභාගයෙහි යම් සේ රළ නො හටගනී ද, (නිශ්චල ව) සිටියේ වේ ද, එසෙයින් තෘෂ්ණා රහිත වූ ක්‍ෂීණාස්‍රව තෙම (අටලෝදහමින් නො සැලී) සිටියේ වන්නේ ය. එබඳු මහණ කිසිවෙක්හි (රාගාදි) උස්සදයක් නො කරන්නේ යි.
Pali BJTමජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොතීති - සමුද්දො චතුරාසීතියොජනසහස්සානි උබ්බෙධෙන ගම්භීරො. හෙට්ඨා චත්තාරීසයොජනසහස්සානි උදකං මච්ඡකච්ඡපෙහි කම්පති. උපරි චත්තාරීසසංයොජනසහස්සානි උදකං වාතෙහි කම්පති. මජ්ඣෙ චත්තාරි{2} යොජනසහස්සානි උදකං න කම්පති න විකම්පති න චලති න වෙධති නප්පවෙධති න සම්පවෙධති අනෙරිතො අඝට්ටිතො අචලිතො අලුලිතො අභන්තො වූපසන්තො. තත්ර ඌමි නො ජායති ඨිතො හොති සමුද්දොති. එවම්පි යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති. අථවා සත්තන්නං පබ්බතානං අන්තරිකාසු සත්ත සීදන්තරා මහාසමුද්දා,{3} තත්ර උදකං න කම්පති, න විකම්පති න චලති න වෙධති නප්පවෙධති න සම්පවෙධති. අනෙරිතො අඝට්ටිතො අචලිතො අලුලිතො අභන්තො වූපසන්තො. තත්ර ඌමි නො ජායති ඨිතො හොති සමුද්දොති. එවම්පි - මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති.
Sinhala BJTමජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති - සමුද්‍රය යට පත්ලෙන් සූවාසුදහසක් යොදුන් ගැඹුරු යැ. යටින් සතලිස්දහසක් යොදුන් ජලය මස්කැස්බන්ගෙන් කම්පා වෙයි. මත්තෙහි සතලිස්දහසක් යොදුන් දිය වාතයෙන් කම්පා වෙයි. මැද සාරදහසක් යොදුන් දිය නො සැලෙයි, ඔබිනොබ නො සැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, නො කැරැකෙයි, කම්පා නො වූයේ නො ගැටුණේ නො සැලුණේ නො කැලැඹුණේ නො කැරැකුණේ සන්හිඳුණේ වෙයි. එහි රළ නූපදී, සමුද්‍රය සිටියේ වේ නුයි මෙසේත් ‘මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති’ යනු වේ. නොහොත් (යුගන්‍ධරාදි) සත් පර්‍වයතයන් අතරැ සප්ත සීදන්තර මහාසමුද්‍රයෝ වෙති, එහි දිය කම්පන විකම්පන නො වෙයි, නො සැලෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, නො කැරැකෙයි. කම්පා නො වූයේ නො ගැටුණේ නො සැලුණේ නො කැලැඹුණේ නො බැමුණේ සන්හිඳුණේ වෙයි, එහි රළ නූපදී, සමුද්‍රය සිටියේ වේ නුයි මෙසේත් ‘මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති’ යනු වේ.
Pali BJTඑවං ඨිතො අනෙජස්සාති - ‘එව’න්ති ඔපම්මසම්පටිපාදනං; ඨිතොති ලාභෙපි න කම්පති, අලාභෙපි න කම්පති, යසෙපි න කම්පති, අයසෙපි න කම්පති, පසංසායපි න කම්පති, නින්දායපි න කම්පති, සුඛෙපි න කම්පති, දුක්ඛෙපි න කම්පති, න විකම්පති, න චලති, න වෙධති, නප්පවෙධති, න සම්පවෙධතීති එවං ඨිතො, අනෙජස්සාති ‘එජා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසා එජා තණ්හා පහීනා උච්ඡින්නා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා, ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති අනෙජො. එජාය පහීනත්තා අනෙජො. සො ලාභෙපි න ඉඤ්ජති, අලාභෙපි න ඉඤ්ජති, යසෙපි න ඉඤ්ජති, අයසෙපි න ඉඤ්ජති, පසංසායපි න ඉඤ්ජති, නින්දායපි න ඉඤ්ජති, සුඛෙපි න ඉඤ්ජති, දුක්ඛෙපි න ඉඤ්ජති, න චලති න වෙධති නප්පවෙධති න සම්පවෙධතීති - එවං ඨිතො අනෙජස්ස.
Sinhala BJTඑවං ඨිතො අනෙජස්ස - ‘එවං’ යනු ඖපම්‍යසම්ප්‍රතිපාදන යැ, ඨිතො යනු: ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහිදු නො සැලෙයි, යශස්හි දු නො සැලෙයි, අයශස්හි දු නො සැලෙයි, ප්‍රශංසායෙහි දු නො සැලෙයි නින්‍දායෙහි දු නො සැලෙයි, සුවයෙහි දු නො සැලෙයි, දුකෙහි දු නො සැලෙයි, ඔබිනොබැ නොසැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, නො පෙරැළෙයි, පරිභ්‍රම නො වේ නුයි මෙසේ සිටියේ; අනෙජස්ස යනු: ‘එජා’ යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. යමක්හු විසින් තෙල එජාව තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී මුලුසුන් කරන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හේ ‘අනෙජ’ යයි කියනු ලැබේ. එජාව ප්‍රහීණ බැවින් ‘අනෙජ’ යී. හේ ලාභයෙහි දු නො සැලෙයි, අලාභයෙහි දු - යශස්හි දු - අයශස්හි දු - ප්‍රශංසායෙහි දු - නින්‍දායෙහි දු - සුවයෙහි දු - දුකෙහි දු නො සැලෙයි, නිශ්චල වෙයි, නො වෙවුලයි, ඔබිනොබැ නො වෙවුලයි, නො පෙරැළේ නුයි ‘එවං ඨිතො අනෙජස්ස’ යනු වේ.
Pali BJTඋස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චීති - ‘උස්සදා’ති සත්තුස්සදා: රාගුස්සදං{1} දොසුස්සදං මොහුස්සදං මානුස්සදං දිට්ඨුස්සදං කිලෙසුස්සදං කම්මුස්සදං න කරෙය්ය න ජනෙය්ය න සඤ්ජනෙය්ය න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්ය; කුහිඤ්චීති කුඤ්චි කිස්මිඤ්චි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වාති - උස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි.
Sinhala BJTඋස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි - ‘උස්සද’ යනු: උත්සද සතෙකි; රාගොත්සදය ද්වෙෂොත්සදය මොහොත්සදය මානොත්දය දෘෂ්ට්‍යුත්සදය ක්ලෙශොත්දය කර්‍මොත්සය නො කරන්නේ ය. නො පහළ කරන්නේ ය. කුහිඤ්චි යනු: කිසිවෙක්හි කිසි තැනෙක්හි කවර තැනෙක්හි අධ්‍යාත්මයෙහි හෝ බාහ්‍යයෙහි හෝ අධ්‍යාත්මබාහ්‍යයෙහි හෝ නුයි ‘උස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති, එවං ඨිතො අනෙජස්ස උස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චී”ති.
Sinhala BJT“මජ්ඣෙ යථා සමුද්දස්ස -පෙ- උස්සදං භික්ඛු න කරෙය්‍ය කුහිඤ්චි” යී.
Pali BJT14. 7.
Sinhala BJT14. 7.
Pali BJTඅකිත්තයී විවටචක්ඛු සක්ඛිධම්මං පරිස්සයවිනයං, පටිපදං වදෙහි භද්දන්තෙ පාතිමොක්ඛමථවාපි{2} සමාධිං.
Sinhala BJTඅනාවරණ වූ පසැස් ඇතියේ උවදුරු දුරු කරන්නා වූ තමන් අයත් වූ නොහොත් තමන් විසින් ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මය වදාළේ ය. මුබට කල්‍යාණයෙක් වේවා. නොහොත් මුබගේ භද්‍ර වූ ප්‍රතිපදාව වදාළ මැනවි. ප්‍රතිමොක්‍ෂය ද යළි සමාධිය ද වදාළ මැනැවි.
Pali BJTඅකිත්තයී විවටචක්ඛූති - ‘අකිත්තයී’ති කිත්තිතං ආචික්ඛිතං දෙසිතං පඤ්ඤපිතං පට්ඨපිතං විවටං විභත්තං උත්තානීකතං පකාසිතන්ති අකිත්තයී. විවටචක්ඛූති භගවා පඤ්චහි චක්ඛූහි විවටචක්ඛු; මංසචක්ඛුනාපි විවටචක්ඛු, දිබ්බචක්ඛුනාපි විවටචක්ඛු, පඤ්ඤාචක්ඛුනාපි විවටචක්ඛු, බුද්ධචක්ඛුනාපි විවටචක්ඛු, සමන්තචක්ඛුනාපි විවටචක්ඛු.
Sinhala BJTඅකිත්තයී විවටචක්ඛු - ‘අකිත්තයී’ යනු: දක්වන ලද පවසන ලද දෙසන ලද පනවන ලද තබන ලද විවෘත කරන ලද විභාග කරනලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘අකිත්තයී’ යනු වේ. විවටචක්ඛු යනු: බුදුහු පසැසකින් විවටචක්ඛු වූහ: මසැසිනු දු විවටචක්ඛු යහ, දිවැසිනු දු විවටචක්ඛු යහ, පැනැසිනු දු විවටචක්ඛු යහ, බුදුඇසිනු දු විවටචක්ඛු යහ, සමතැසිනු දු විවටචක්ඛු වූහ.
Pali BJTකථං භගවා මංසචක්ඛුනාපි විවටචක්ඛු? මංසචක්ඛුම්හි භගවතො පඤ්චවණ්ණා සංවිජ්ජන්ති: නීලො ච වණ්ණො, පීතකො ච වණ්ණො, ලොහිතකො ච වණ්ණො, කණ්හො ච වණ්ණො, ඔදාතො ච වණ්ණො. අක්ඛිලොමානි ච භගවතො - යත්ථ ච අක්ඛිලොමානි පතිට්ඨිතානි තං නීලං හොති සුනීලං පාසාදිකං දස්සනෙය්යං, උම්මා{1}පුප්ඵසමානං. තස්ස පරතො පීතං හොති සුපීතකං සුවණ්ණවණ්ණං පාසාදිකං දස්සනෙය්යං කණිකාරපුප්ඵසමානං. උභයතො ච අක්ඛිකූටානි භගවතො ලොහිතකානි හොන්ති සුලොහිතකානි පාසාදිකානි දස්සන්යොනි ඉන්දගොපකසමානානි. මජ්ඣෙ කණ්හං හොති සුකණ්හං අලූඛං සිනිද්ධං පාසාදිකං දස්සනෙය්යං අද්දාරිට්ඨකසමානං. තස්ස පරතො ඔදාතං හොති සුඔදාතං සෙතං පණ්ඩරං පාසාදිකං දස්සනෙය්යං ඔසධීතාරකාසමානං. තෙන භගවා පාකතිකෙන මංසචක්ඛුනා අත්තභාවපරියාපන්නෙන පුරිමසුචරිතකම්මාභිනිබ්බත්තෙන සමන්තා යොජනං පස්සති දිවා චෙව රත්තිඤ්ච. යදා හි චතුරඞ්ගසමන්නාගතො හොති: සුරියො ච අත්ථඞ්ගතො හොති, කාළපක්ඛො ච උපොසථො හොති, තිබ්බො ච වනසණ්ඩො හොති, මහා ච කාළමෙඝො අබ්භුට්ඨිතො හොති එවරූපෙපි චතුරඞ්ගසමන්නාගතෙ අන්ධකාරෙ සමන්තා යොජනං පස්සති, යත්ථ සො කුඩ්ඩො{2} වා කවාටං වා පාකාරො වා පබ්බතො වා ගච්ඡං වා ලතා වා ආවරණං රූපානං දස්සනාය. එකඤ්චෙ තිලඵලං නිමිත්තං කත්වා තිලවාහෙ පක්ඛිපෙය්ය, තඤ්ඤෙව තිලඵලං උද්ධරෙය්ය. එවං පරිසුද්ධං භගවතො පාකතිකං මංසචක්ඛු එවං භගවා මංසචක්ඛුනාපි විවටචක්ඛු.
Sinhala BJTකිසෙයින් බුදුහු මසැසිනුදු ‘විවටචක්ඛු’ වූහ යත්: භාග්‍යවත්හුගේ මසැස්හි නිල්පැහැය ද රන්වන් පැහැය ද රත්පැහැය ද කළුපැහැය ද සුදුපැහැය ද යන පඤ්චවර්‍ණයෝ විද්‍යමාන වෙති. තවද බුදුන්ගේ අක්‍ෂිරොම යම් තැනෙක්හි පිහිටියේ ද එතැන දියමෙරළියමල් සිදිසි සුනිල් පිරිසුදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සදිසි සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සදිසි සුරත් පිරිසිදු දැකුම්කලු රත්පැහැ වෙයි. මැද රුකපෙණල ඇට සදිසි ඉතා කළු මොළොක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සදිසි ඉතා සුදු සිත පඬෙර පිරිසිදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයි දු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙක චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ ද; හිරු අස්තයට ගියේ වේ ද, කෘෂ්ණපක්‍ෂයෙහි පොහොයත් වේ ද, ගහන වූ වනලැහැබත් වේ ද, මහත් කළු වලාකුළු නැඟුණේත් වේ ද, මෙබඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දකිති, එහි ඒ බිත්තියක් හෝ දොරක් පවුරක් ගලක් ගසක් වැලක් හෝ රූපදර්‍ශනයට ආවරණයෙක් නොවේ. ඉදින් එක් තලඇටයෙක් ලකුණු කොට තලගැලෙක බහාලන්නේ නම්, ඒ තලඇටය මැ නඟාගන්නා සේක. බුදුන්ගේ පියවි මැසැස මෙසේ පිරිසිදු වේ. මෙසේ බුදුහු මසැසිනුදු විවටචක්ඛු වන සේක.
Pali BJTකථං භගවා දිබ්බෙන චක්ඛුනාපි විවටචක්ඛු? භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා, ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ආකඞ්ඛමානො ච භගවා එකම්පි ලොකධාතුං පස්සෙය්ය. ද්වෙපි ලොකධාතුයො පස්සෙය්ය. තිස්සොපි ලොකධාතුයො පස්සෙය්ය. චතස්සොපි ලොකධාතුයො පස්සෙය්ය. පඤ්චපි ලොකධාතුයො පස්සෙය්ය. දසපි ලොකධාතුයො පස්සෙය්ය. වීසම්පි ලොකධාතුයො පස්සෙය්ය. තිංසම්පි ලොකධාතුයො පස්සෙය්ය. චත්තාළීසම්පි ලොකධාතුයො පස්සෙය්ය. පඤ්ඤාසම්පි ලොකධාතුයො පස්සෙය්ය. චත්තාළීසම්පි ලොකධාතුයො පස්සෙය්ය. පඤ්ඤාසම්පි ලොකධාතුයො පස්සෙය්ය. සතම්පි ලොකධාතුයො පස්සෙය්ය. සහස්සිම්පි චූලනිකං ලොකධාතුං පස්සෙය්ය. ද්විසහස්සිම්පි{3} මජ්ඣිමිකං ලොකධාතුං පස්සෙය්ය. තිසහස්සිං මහාසහස්සිම්පි ලොකධාතුං{4} පස්සෙය්ය. යාවතා වා පන ආකඞ්ඛෙය්ය තාවතකං පස්සෙය්ය. එවං පරිසුද්ධං භගවතො දිබ්බං චක්ඛු. එවං භගවා{5} දිබ්බෙන චක්ඛුනාපි විවටචක්ඛු.
Sinhala BJTකිසෙයින් බුදුහු දිවැසිනුදු ‘විවටචක්ඛු’ වූහ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටියා වූ දිවැසින් ච්‍යුත වන්නාවූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලන සේක: ‘යහහ, මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය. ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි අය රහිත වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු (බුද්ධාදි) ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයට පැමිණියාහ’ යි කම් වූ පරිද්දෙන් පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නාවූ ද උපදනාවූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද සත්ත්‍වයන් බලනා සේක. කම් වූ පරිදි (පරලොව) පැමිණි සත්ත්‍වයන් දැනගන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම් එක් ලෝකධාතුවකු දු බලන සේක. ලෝකධාතු දෙකක් ද - තුන් ලෝකධාතුවකුදු - සිවු ලෝකධාතුවකු දු - පස් ලෝකධාතුවකු දු බලන සේක. දස ලෝකධාතුවකු දු - විසි ලෝකධාතුවකු දු තිස් ලෝකධාතුවකු දු සතලිස් ලෝකධාතුවකු දු පනස් ලෝකධාතුවකු දු සියක් ලෝකධාතුහු ද බලන සේක, සහස්‍රී චූලතීලෝකධාතුව ද බලන සේක. ද්විසහස්‍රී මධ්‍යමලෝකධාතුව ද බලන සේක, ත්‍රිසහස්‍රීමහාසහස්‍රීලෝකධාතුව ද බලන සේක. තවද යම් පමණ කැමැති වන සේක් නම්, එපමණ බලන සේක. බුදුන්ගේ දිවැස මෙසේ පරිශුද්ධ වේ. මෙසේ බුදුහු දිවැසිනු දු ‘විවටටචක්ඛු’ වන සේක.
Pali BJTකථං භගවා පඤ්ඤාචක්ඛුනාපි විවටචක්ඛු? භගවා මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසුපඤ්ඤො{1} ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො පඤ්ඤාපභෙදකුසලො පභින්නඤාණො අධිගතපටිසම්භිදො, චතුවෙසාරජ්ජප්පත්තො දසබලධාරී පුරිසාසභො පුරිසසීහො පුරිසනාගො පුරිසාජඤ්ඤො පුරිසධොරය්හො{2} අනන්තඤාණො අනන්තතෙජො අනන්තයසො, අඩ්ඪො මහද්ධනො ධනවා, නෙතා විනෙතා අනුනෙතා පඤ්ඤාපෙතා නිජ්ඣාපෙතා පෙක්ඛෙතා පසාදෙතා. සො හි භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා. මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො. මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡාසමන්නාගතා. සො හි භගවා ජානං ජානාති, පස්සං පස්සති. චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා, ධම්මස්සාමි තථාගතො. නත්ථි තස්ස භගවතො අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං{3} පඤ්ඤාය, අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති, යං කිඤ්චි ඤෙය්යං{4} නාම අත්ථි ධම්මං ජානිතබ්බං, අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථෙ උත්තානො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගූළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්යා වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො{5} වා අත්ථො පරමත්ථො වා අත්ථො, සබ්බං තං අන්තොබුද්ධඤාණෙ පරිවත්තති. සබ්බං කායකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති. සබ්බං වචීකම්මං - සබ්බං මනොකම්මං ඤාණානුපරිවත්ති. අතීතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං අනාගතෙ - පච්චුප්පන්නෙ අප්පටිහතං ඤාණං. යාවතකං ඤෙය්යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං, තාවතකං ඤෙය්යං, ඤෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්යං, ඤෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා ඤෙය්යපථො නත්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා. යථා ද්වින්නං සමුග්ගපටලානං සම්මා ඵස්සිතානං හෙට්ඨිමං{6} සමුග්ගපටලං උපරිමං{7} නාතිවත්තති, උපරිමං සමුග්ගපටලං හෙට්ඨිමං නාතිවත්තති, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ, එවමෙවං බුද්ධස්ස භගවතො ඤෙය්යඤ්ච ඤාණඤ්ච අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො. යාවතකං ඤෙය්යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං ඤෙය්යං, ඤෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්යං, ඤෙයං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා ඤෙය්යපථො නත්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා.
Sinhala BJTකිසෙයින් බුදුහු පැනැසිනු දු ‘විවටචක්ඛු’ වූහ යත්? බුදුහු මහත් ප්‍රඥා ඇතියහ. පතළ ප්‍රඥා ඇතියහ, ශීඝ්‍ර ප්‍රඥා ඇතියහ, දිවෙන ප්‍රඥා ඇතියහ, තියුණු ප්‍රඥා ඇතියහ, විනිවිද යන ප්‍රඥා ඇතියහ, ප්‍රඥාප්‍රභෙදයහි නිපුණයහ, ප්‍රභේදයට පැමිණි ඥාන ඇතියහ, අධිගම කළ ප්‍රතිසංවිද් ඇතියහ, චතුර්වෛශාරද්‍යයට පැමිණියහ, දශබලධාරීහ, පුරුෂශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුෂනාගයහ, පුරුෂජානෙයහ, පුරුෂධෞරෙයහ, අනන්තඥානයහ, අනන්ත තේජස් ඇතියහ, අනන්ත යශස් ඇතියහ. (ප්‍රඥාධනයෙන්) ආඪ්‍යයහ, මහත් වූ ප්‍රඥාධන ඇතියහ, ප්‍රඥාධනවත්හ. (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ, (වෛනෙයයන් විනයන කරන හෙයින්) විනේතෘ වූහ, (සැක සිඳුනා හෙයින්) අනුනෙතෘ වූහ. (අර්‍ත්‍ථය) පනවනුවහ, නිශ්චය කරවනුවහ, (පිළිවෙත්) දක්වනුවහ, (ප්‍රතිපත්තිඵලයෙන්) පහදනුවහ. තවද ඒ බුදුහු (නූපන් විරූ) අරීමඟ සිය සතන්හි ඉපැදවූහ, (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය උපදවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණ වශයෙන් ප්‍රකාශ කරනුවහ, (ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන්) මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නා සුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ. තවද මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යමින් වෙසෙත්. ඒ බුදුහු දතයුතු ඥේය ධර්‍මය දනිති. දැක්ක යුතු ඥෙයපථය නුවණැසින් දකිති. (දර්‍ශන පරිණායක හෙයින්) ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්‍මමය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, (දහම් දෙසන හෙයින්) වක්තෘ වූහ, ප්‍රවක්තෘ වූහ, (අර්‍ත්‍ථය දක්වනුයෙන් නින්නෙතෘ වූහ, අමෘතය දෙනුවහ, ධර්‍මස්වාමීහ, තථාගත වූහ. ඒ බුදුන් විසින් (මඟනැණින්) නො දන්නා ලද්දක් (නුවණැසින්) නො දක්නා ලද්දක් අවිදිත වූවක් නො පසක් කරන ලද්දක් ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දක් නැති. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්‍මයෙක් වේ ද, අතීතානාගතප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සඞ්ඛතාසඞ්ඛත වූ සියලු ධර්‍මයෝ සර්‍වාකාරයෙන් භාග්‍යවත් බුදුන් ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්‍තථය ද සාම්පරායිකාර්‍තථය ද උත්තානාර්‍තථය ද ගමභීරාර්‍තථය ද ගූඪාර්‍තථය ද ප්‍රතිච්ඡන්නාර්‍තථය ද නෙය්‍යාර්‍තථය ද නීතාර්‍තථය ද නිර්‍දෙෂාර්‍තථය ද නික්ලෙශාර්‍තථය ද පරිශුද්ධාර්‍තථය ද පරමාර්‍තථර්‍තථය ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පැතිර පවතී. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී. සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී. සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී. අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (- අනාවරණ) යැ, අනාගතයෙහි ඥානය අනාවරණ යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය අනාවරණ යැ. දතයුත්ත යම් පමණ ද ඥානය එ පමණ යැ. ඥානය යම් පමණ ද දතයුත්ත එ පමණ යැ. ඥානය ඥේය පර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති, ඒ ධර්‍මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ. යම්සේ මනාකොට පැහැසු සුමුගුපටල (- තහඩු) දෙකක්හුගේ යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්මැ සිටී ද, ඔවුහු ඔවුනොවුන්ගේ කෙළවර සිටුනා සුලු වෙත් ද, එසෙයින් භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ; යම් තාක් ඥේයය ද ඒ තාක් ඥාන යැ, යම් තාක් ඥානය ද ඒ තාක් ඥේය යැ; ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ; ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥෙය්‍ය පථයෙක් නැති, ඒ දහම්හු අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනා සුල්ලහ.
Pali BJTසබ්බධම්මෙසු බුද්ධස්ස භගවතො ඤාණං පරිවත්තති. සබ්බෙ ධම්මා බුද්ධස්ස භගවතො ආවජ්ජනපටිබද්ධා ආකඞ්ඛාපටිබද්ධා මනසිකාරපටිබද්ධා චිත්තුප්පාදපටිබද්ධා. සබ්බසත්තෙසු බුද්ධස්ස භගවතො ඤාණං පරිවත්තති. සබ්බෙසං සත්තානං භගවා ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති. අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති. සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි මච්ඡකච්ඡපා අන්තමසො තිමිතිමිඞ්ගලං උපාදාය අන්තොමහාසමුද්දෙ පරිවත්තන්ති, එවමෙවං සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තොබුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි පක්ඛී අන්තමසො ගරුළං වෙනතෙය්යං උපාදාය ආකාසස්ස පදෙසෙ පරිවත්තන්ති, එවමෙවං යෙපි තෙ සාරිපුත්තසමා පඤ්ඤාය, තෙපි බුද්ධඤාණස්ස පදෙසෙ පරිවත්තන්ති. බුද්ධඤාණං දෙවමනුස්සානං පඤ්ඤං ඵරිත්වා අභිභවිත්වා තිට්ඨති. යෙ ච තෙ ඛත්තියපණ්ඩිතා බ්රාහ්මණපණ්ඩිතා ගහපතිපණ්ඩිතා සමණපණ්ඩිතා නිපුණා{1} කතපරප්පවාදා වාලවෙධිරූපා වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි, තෙ පඤ්හං අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති ගූළ්හානි ච පටිච්ඡන්නානි ච. කථිතා විස්සජ්ජිතා ච තෙ පඤ්හා භගවතා{2} හොන්ති නිද්දිට්ඨකාරණා. උපක්ඛිත්තකාව{3} තෙ භගවතො සම්පජ්ජන්ති. අථ ඛො භගවා ව තත්ථ අතිරොචති යදිදං පඤ්ඤායාති. එවං භගවා පඤ්ඤාචක්ඛුනාපි විවටචක්ඛු.
Sinhala BJTසියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී. සියලු දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනෝද්වාරාවර්‍ජනයට අයත්හු වෙති, රුචිය ප්‍රතිබද්ධයහ, මනසිකාර ප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාද ප්‍රතිබද්ධයහ, සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී. බුදුහු සියලු සතුන් ගේ ආශය දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති. (නුවණැසෙහි) අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්‍දර වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති ගර්හිත වූ (අශ්‍රද්ධාදි) ආකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්‍වයන් දැනගනිත්. මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝවැසි තෙම - දෙවිමිනිසුන් සහිත වූ මහණබමුණන් සහිත ප්‍රජාව, ඇතුළු බුදුනුවණෙහි පවතී. තිමි - තිමිඞ්ගල පටන් යම් මස් - කැසුබු කෙනෙක් වෙත් නම්, ඔහු යම් සේ ඇතුළු මහමුහුදෙහි හැසිරෙත් ද, එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ - ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව ඇතුළු බුදුනුවණෙහි පවතී. යම්සේ වීනතා පුත් ගුරුළුරජහු පටන් යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම්, ඔහු අහසැ පෙදෙසෙකැ හැසිරෙත්ද, එසෙයින් මැ යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම්, ඔවුහු ද බුද්ධඥානයාගේ පෙදෙසෙක පවත්නා හුය. බුද්ධඥානය දෙවිමිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙනැ සිටී. නිපුණ වූ කළ පරවාද ඇති වල්විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ - ගෘහපති - ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥාවෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගුඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න රචනා කොට බුදුන් වෙත පැමිණ විචාරත් ද, භාග්‍යවතුන් විසින් ඒ ප්‍රශ්නයෝ සකාරණ ව කියන ලද්දාහු විසඳන ලද්දාහු මැ වෙත්. ඔවුහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක බවට (උපාසක බවට හෝ) පැමිණියාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥාවෙන් අතිශයින් ප්‍රකාශ වෙත් නුයි මෙසේ බුදුහු පැනැසිනු දු ‘විවටචක්ඛු’ වූහ.