Pali BJTපත්ථයමානස්ස හි ජප්පිතානීති - පත්ථනා වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; පත්ථයමානස්සාති පත්ථයමානස්ස ඉච්ඡමානස්ස සාදියමානස්ස පිහයමානස්ස අභිජප්පමානස්සාති පත්ථයමානස්ස හි; ජප්පිතානීති ජප්පනා වුච්චති තණ්හා යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලන්ති - පත්ථයමානස්ස හි ජප්පිතානි.
Sinhala BJTපත්ථයමානස්ස හි ජප්පිතානි - ‘පත්‍ථනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එයයි. පත්ථයමානස්ස - පතනුවහුට කැමැති වන්නහුට ඉවසනුවහුට රිසිවන්නහුට අභිජල්පනය කරන්නහුට නුයි ‘පත්ථයමානස්ස හි’ යනු වේ. ජප්පිතානි - ‘ජප්පනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් නුයි ‘පත්ථයමානස්ස හි ජප්පිතානි’ යනු වේ.
Pali BJTපවෙධිතං වාපි පකප්පිතෙසූති - පකප්පනාති ද්වෙ පකප්පනා: තණ්හා පකප්පනා ච දිට්ඨිපකප්පනා ච -පෙ- අයං තණ්හාපකප්පනා; -පෙ- අයං දිට්ඨිපකප්පනා; පවෙධිතං වාපි පකප්පිතෙසූති - පකප්පිතං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි වෙධෙන්ති, අච්ඡින්දන්තෙපි{2} වෙධෙන්ති, අච්ඡින්නෙපි වෙධෙන්ති; පකප්පිතං වත්ථුං විපරිණාමසඞ්කිනොපි වෙධෙන්ති, විපරිණමන්තෙපි වෙධෙන්ති, විපරිණතෙපි වෙධෙන්ති, පවෙධෙන්ති සම්පවෙධෙන්තීති - පවෙධිතං වාපි පකප්පිතෙසු.
Sinhala BJTපවෙධිතං වාපි පකප්පිතෙසු - ‘පකප්පනා’ යනු: තෘෂ්ණාප්‍රකල්පනය ද දෘෂ්ටිප්‍රකල්පනය දැයි ප්‍රකල්පනා දෙකෙකි … මෝ දෘෂ්ටිප්‍රකල්පනා යි. පවෙධිතං වාපි පකප්පිතෙසු - ප්‍රකල්පිත වූ වස්තුව ‘අසිඳගනිති’ සැක ඇත්තාහු ද සැලෙති, අසිඳුනා කල්හි දු සැලෙති, අසිඳගත් කල්හි දු සැලෙත්, ප්‍රකල්පිත වූ වස්තුව ‘පරිවර්‍තන වෙතී’ සැක ඇත්තාහු ද සැලෙති, පෙරළෙන කල්හි දු සැලෙති, පෙරළුණු කල්හි දු සැලෙති, වෙවුලති, අතිශයින් වෙවුලත් නුයි ‘පවෙධිතං වාපි පකප්පිතෙසු’ යනු වේ.
Pali BJTචුතූපපාතො ඉධ යස්ස නත්ථීති - ‘යස්සා’ති අරහතො ඛීණාසවස්ස; යස්ස ගමනං ආගමනං ගමනාගමනං කාලං ගති භවාභවො චුති ච උපපත්ති ච නිබ්බත්ති ච භෙදො ච ජාති ජරා මරණඤ්ච නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - චුතූපපාතො ඉධ යස්ස නත්ථි.
Sinhala BJTචුතූපපාතො ඉධ යස්ස නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට යමක් හට (මෙලොවින්) යෑම පෙරළා ඊම ගමනාගමනය මරණය ගතිය පුනපුනා භවය ච්‍යුතිය උත්පත්තිය නිපැත්ම බිඳීම ජාතිය හා ජරාමරණයත් නැත් ද නො වෙත් ද විද්‍යාමාන නො වෙත් ද නො ලැබෙත් ද, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘චුතූපපාතො ඉධ යස්ස නත්‍ථි’ යනු වේ.
Pali BJTස කෙන වෙධෙය්ය කුහිං ව ජප්පෙති - සො කෙන රාගෙන වෙධෙය්ය, කෙන දොසෙන වෙධෙය්ය, කෙන මොහෙන වෙධෙය්ය, කෙන මානෙන වෙධෙය්ය, කාය දිට්ඨියා වෙධෙය්ය, කෙන උද්ධච්චෙන වෙධෙය්ය, කාය විචිකිච්ඡාය වෙධෙය්ය, කෙහි අනුසයෙහි වෙධෙය්ය, රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති වා අනිට්ඨංගතොති වා ථාමගතොති වා, තෙ අභිසඞ්ඛාරා පහීනා. අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා කෙන වෙධෙය්ය නෙරයිකොති වා, තිරච්ඡානයොනිකොති වා, පෙත්තිවිසයිකොති වා, මනුස්සොති වා, දෙවොති වා, රූපීති වා, අරූපීති වා, සඤ්ඤීති වා, අසඤ්ඤීති වා, නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා, සො හෙතු නත්ථි; පච්චයො නත්ථි; කාරණං නත්ථි; යෙන වෙධෙය්ය පවෙධෙය්ය සම්පවෙධෙය්යාති - ස කෙන වෙධෙය්ය. කුහිං ව ජප්පෙති කුහිං වා ජප්පෙය්ය, කිම්හි ජප්පෙය්ය, කත්ථ ජප්පෙය්ය, පජප්පෙය්ය අභිජප්පෙය්යාති ස කෙන වෙධෙය්ය කුහිං ව ජප්පෙ.
Sinhala BJTස කෙන වෙධෙය්ය කුහිං ච ජප්පෙ - හෙතෙම කවර රාගයෙකින් සැලෙන්නේ ද, කවර ද්වෙෂයෙකින් - කවර මොහයෙකින් - කවර මානයෙකින් කවර දෘෂ්ටියෙකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයධර්‍මයෙකින් සැලෙන්නේ ද, (රාගයෙන්) රක්ත යැ හෝ දුෂ්ට යැ හෝ මූඪ යැ හෝ (මානයෙන්) විනිබද්ධ යැ හෝ (දෘෂ්ටියෙන්) පරාමෘෂ්ට යැ හෝ වික්ෂෙපයට පැමිණියේ යැ හෝ නිෂ්ඨාවට නො ගියේ යැ හෝ තදබවට ගියේ යැ හෝ (යන) ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ, අභිසංස්කාරයන් ප්‍රහීණ වූ බැවින් ගතිය හේතු කොට ගෙන කුමකින් සැලෙන්නේ ද, නිරයෙහි උපදනා සත්ත්වයෙකැ හෝ තිරිසන්යොන්හි උපදෙනකැ හෝ ප්‍රේතවිෂයෙහි උපදනෙකැ හෝ මිනිස් වන්නෙකැ හෝ දෙවි වන්නෙකැ හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැ හෝ යම් හෙයකින් කම්පා වන්නේ නම් සැලෙන්නේ නම් වෙසෙසින් සැලෙන්නේ නම් ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැති, කාරණය නැත් නුයි ‘ස කෙන වෙධෙය්‍ය’ යනු වේ. කුහිං ච ජප්පෙ - කොහි හෝ (තෘෂ්ණාවශයෙන්) ජල්පනය කරන්නේ ද, කවර කරුණෙක ජල්පනය කරන්නේ ද, කො තැන්හි ජල්පනය ප්‍රජල්පනය අභිජල්පනය කරන්නේ දැ යි ‘ස කෙන වෙධෙය්ය කුහිං ච ජප්පෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පත්ථයමානස්ස හි ජප්පිතානි පවෙධිතං වාපි පකප්පිතෙසු, චුතූපපාතො ඉධ යස්ස නත්ථි ස කෙන වෙධෙය්ය කුහිං ව ජප්පෙ”ති.
Sinhala BJT“පත්ථයමානස්ස -පෙ- ස කෙන වෙධෙය්ය කුහිං ච ජජප්පෙ” යී.
Pali BJT13. 9.
Sinhala BJT13. 9.
Pali BJTයමාහු ධම්මං පරමන්ති එකෙ තමෙව හීනන්ති පනාහු අඤ්ඤෙ, සච්චො නු වාදො කතමො ඉමෙසං සබ්බෙව හි’මෙ කුසලාවදානා.
Sinhala BJTඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් උතුමැයි කියත් නම්, යලි අන්‍යයෝ එ මැ දහම හීන යයි කියති. මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මොහු සියල්ලෝ මැ කුශලවාද ඇත්තාහු මැ වෙත් ද?
Pali BJTයමාහු ධම්මං පරමන්ති එකෙති - යං ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං එකෙ සමණබ්රාහ්මණා ඉදං පරමං අග්ගං සෙට්ඨං විසිට්ඨං පාමොක්ඛං උත්තමං පවරන්ති එවමාහංසු, එවං කථෙන්ති, එවං භණන්ති, එවං දීපයන්ති, එවං වොහරන්තීති - යමාහු ධම්මං පරමන්ති එකෙ.
Sinhala BJTයමාහු ධම්මං පරමත්ති එකෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ‘මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ‍්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු ධම්මං පරමත්ති එකෙ’ යනු වේ.
Pali BJTතමෙව හීනන්ති පනාහු අඤ්ඤෙති - තමෙව ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං එකෙ සමණබ්රාහ්මණා හීනං එතං නිහීනං එතං ඔමකං එතං ලාමකං එතං ඡත්තකං එතං පරිත්තකං එතන්ති එවමාහංසු, එවං කථෙන්ති, එවං භණන්ති, එවං දීපයන්ති, එවං වොහරන්තීති - තමෙව හීනන්ති පනාහු අඤ්ඤෙ.
Sinhala BJTතමෙව හීනත්ති පනාහු අඤ්ඤෙ - ඇතැම් මහණබමුණෝ එ මැ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල හීන යැ තෙල නිහීන යැ තෙල අවමත යැ තෙල ලාමක යැ තෙල ඡත්තක යැ තෙල අල්ප ය’ යි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමෙව හීනත්ති පනාහු අඤ්ඤෙ’ යනු වේ.
Pali BJTසච්චො නු වාදො කතමො ඉමෙසන්ති - ඉමෙසං සමණබ්රාහ්මණානං වාදො කතමො සච්චො තච්ඡො තථා භූතො යාථාවො අවිපරීතොති - සච්චො නු වාදො කතමො ඉමෙසං.
Sinhala BJTසච්චො නු වාදො කතමෝ ඉමෙයං - මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ නො සිස් වූයේ නො වෙනස් වූයේ විද්‍යාමාන වූයේ යථාස්වභාව වූයේ අවිපරීත වූයේ දැයි ‘සච්චො නු වාදො කතමෝ ඉමෙයං’ යනු වේ.
Pali BJTසබ්බෙව හිමෙ කුසලාවදානාති - සබ්බෙවිමෙ සමණබ්රාහ්මණා කුසලවාදා පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති - සබ්බෙව හිමෙ කුසලාවදානා.
Sinhala BJTසබ්බේව හි’මෙ කුසලාවදානා - මේ සියලු මැ මහණබමුණෝ ස්වකීය ලබ්ධියෙහි කුශලවාද ඇත්තාහු පණ්ඩිතවාද ඇත්තාහු සථිරවාද ඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු ස්ථානවාද ඇත්තාහු යි ‘සබ්බේව හි’මෙ කුසලාවදානා’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:{1}
Sinhala BJTඑයින් කීහ ඒ මැවුණු බුදුහු:
Pali BJT“යමාහු ධම්මං පරමන්ති එකෙ තමෙව හීනන්ති පනාහු අඤ්ඤෙ, සච්චො නු වාදො කතමො ඉමෙසං සබ්බෙව හිමෙ කුසලාවදානා”ති.
Sinhala BJT“යමාහු ධම්මං -පෙ- සබ්බේව හි’මෙ කුසලාවදානා” යී.
Pali BJT13. 10.
Sinhala BJT13. 10.
Pali BJTසකං හි ධම්මං පරිපුණ්ණමාහු අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු, එවම්පි විග්ගය්හ විවාදයන්ති{2} සකං සකං සම්මුති{3} මාහු සච්චං.
Sinhala BJT(ඇතැම් මහණබමුණෝ) තමන් තමන්ගේ මැ ධර්‍මය පරිපූර්‍ණ යැ යි කියති, යලි අන්‍යයාගේ ධර්‍මය හීන යැයි කියත්. මෙසේ ත් දැඩි වැ ගෙන විවාද කෙරෙති, තමන් තමන්ගේ මැ දෘෂ්ටිසම්මතිය සැබවැයි කියත්.
Pali BJTසකං හි ධම්මං පරිපුණ්ණමාහූති - සකං හි ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං එකෙ සමණබ්රාහ්මණා ඉදං සමත්තං පරිපුණ්ණං අනොමන්ති එවමාහංසු -පෙ- එවං වොහරන්තීති - සකං හි ධම්මං පරිපුණ්ණමාහු.
Sinhala BJTසකං හි ධම්මං පරිපුණ්ණමාහු - ඇතැම් මහණබමුණු කෙනෙක් තමන් තමන්ගේ මැ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘මෙය සමස්තයැ පරිපූර්‍ණ යැ අලාමක යැ’ යි මෙසේ පවසති … මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘සකං හි ධම්මං පරිපුණ්ණමාහු’ යනු වේ.
Pali BJTඅඤ්ඤස්ස ධම්මං පන හීනමාහූති - අඤ්ඤස්ස ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං එකෙ සමණබ්රාහ්මණා හීනං එතං නිහීනං එතං ඔමකං එතං ලාමකං එතං ඡත්තකං එතං පරිත්තකං එතන්ති එවමාහංසු, එවං කථෙන්ති, එවං භණන්ති, එවං දීපයන්ති, එවං වොහරන්තීති - අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු.
Sinhala BJTඅඤ්ඤස්ස ධම්මං පන හීනමාහු - ඇතැම් මහණබමුණෝ අන්‍යයාගේ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල හීන යැ තෙල නිහීන යැ තෙල අවමත යැ තෙල ලාමක යැ තෙල ඡත්තක යැ තෙල අල්ප යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු ’ යනු වේ.
Pali BJTඑවම්පි විග්ගය්හ විවාදයන්තීති - එවං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා විවාදයන්ති, කලහං කරොන්ති, භණ්ඩනං කරොන්ති, විග්ගහං කරොන්ති, විවාදං කරොන්ති, මෙධගං කරොන්ති ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති - ‘එවම්පි විග්ගය්හ විවාදයන්ති’.
Sinhala BJTඑවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිවිසගෙන විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විරුද්ධවාද කෙරෙති, අරගල කෙරෙත්: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ … ඉදින් පොහොනවු නම් මුදා ගනුව ය’ යි ‘එවම්පි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
Pali BJTසකං සකං සම්මුතිමාහු සච්චන්ති - ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති සකං සකං සම්මුතිමාහු සච්චං; ‘අසස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති දිට්ඨිගතමෙතං - සකං සකං සම්මුතිමාහු සච්චං.
Sinhala BJTසකං සකං සම්මුතිමාහු සච්චං - ‘ශාශ්වත යැ ලෝකය, මේ මැ සැබව අන්‍යය සිස් යැ’ යි ‘සකං සකං සම්මුතිමාහු සච්චං’ අශාශ්වත යැ ලෝකය … සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබවැ අන්‍යය තුච්ඡ යැ’ යි ‘සකං සකං සම්මුතිමාහු සච්චං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සකං හි ධම්මං පරිපුණ්ණමාහු අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු, එවම්පි විග්ගය්හ විවාදයන්ති සකං සකං සම්මුතිමාහු සච්ච”න්ති.
Sinhala BJT“සකං හි ධම්මං -පෙ- කං සකං සම්මුතිමාහු සච්චං” යී.
Pali BJT13. 11.
Sinhala BJT13. 11.
Pali BJTපරස්ස චෙ වම්භයිතෙන හීනො න කොචි ධම්මෙසු විසෙසි අස්ස. පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො සම්හි දළ්හං වදානා.
Sinhala BJTඉදින් මෙරමා විසින් අවමන් කළ කරුණෙන් හීන වූයෙක් වන්නේ නම්, ධර්‍මයන් අතුරෙහි කිසිවෙක් විශිෂ්ට වූයේ නො වන්නේය. යම් හෙයකින් බොහෝ මහණබමුණෝ මෙරමාගේ දහම නිහීන හෙයින් කියත් ද, ස්වකීය ධර්‍මයෙහි දැඩිව කියන්නාහු වෙත් ද එහෙයිනි.
Pali BJTපරස්ස චෙ වම්භයිතෙන හීනොති - පරස්ස චෙ වම්භයිතකාරණා නින්දිතකාරණා ගරහිතකාරණා උපවදිතකාරණා පරො බාලො හොති හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තොති - පරස්ස චෙ වම්භයිතෙන හීනො.
Sinhala BJTපරස්ස චෙ වම්හයිතෙන හීනො - ඉදින් මෙරමා විසින් අවමන් කළ කරුණෙන් නිගා කළ කරුණෙන් ගැරහූ කරුණෙන් නුගුණ කී කරුණෙන් මෙරමා බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් ඡත්තකයෙක් පරිත්තයෙක් වේ නම් යී ‘පරස්ස චෙ වම්හයිතෙන හීනො’ යනු වේ.
Pali BJTන කොචි ධම්මෙසු විසෙසි අස්සාති - ධම්මෙසු න කොචි අග්ගො සෙට්ඨො විසිට්ඨො පාමොක්ඛො උත්තමො පවරො අස්සාති - න කොචි ධම්මෙසු විසෙසි අස්ස.
Sinhala BJTන කෝචි ධම්මේසු විසෙසි අස්ස - ධර්‍මයන් අතුරෙහි කිසිවෙක් අග්‍ර වූයේ ශ්‍රේෂ්ඨ වූයේ පාමොක් වූයේ උතුම් වූයේ ප්‍රවර වූයේ නො වන්නේ නුයි ‘න කෝචි ධම්මේසු විසෙසි අස්ස’ යනු වේ.
Pali BJTපුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතොති - බහුකාපි බහූනං ධම්මං වදන්ති උපවදන්ති නින්දන්ති ගරහන්ති හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො; බහුකාපි එකස්ස ධම්මං වදන්ති උපවදන්ති නින්දන්ති ගරහන්ති හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො; එකොපි බහුන්නං ධම්මං වදති උපවදති නින්දති ගරහති හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො; එකොපි එකස්ස ධම්මං වදති උපවදති නින්දති ගරහති හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතොති - පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො.
Sinhala BJTපුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො - බොහෝ දෙනාගේ දහම හීන හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් කියති උපවාද කෙරෙති නිගා කෙරෙති ගරහත්. බොහෝ දෙනා ද එකක්හුගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියති නුගුණ කියති නිගා කෙරෙති ගරහත්. එකෙකුදු බොහෝ දෙනාගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියයි නුගුණ කියයි නිගා කෙරෙයි ගරහයි. එකෙකුදු එකක්හුගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියයි නුගුණ කියයි නිගා කෙරෙයි ගරහා නුයි ‘පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො’ යනු වේ.
Pali BJTසම්හි දළ්හං වදානාති - ධම්මො සකායනං, දිට්ඨි සකායනං, පටිපදා සකායනං, මග්ගො සකායනං, සකායනෙන දළ්හවාදා ථිරවාදා බලිකවාදා අවට්ඨිතවාදාති - සම්හි දළ්හං වදානා.
Sinhala BJTසම්හි දළ්හං වදානා - ධර්‍මය ස්වකීය මාර්‍ග යැ දෘෂ්ටිය ස්වමාර්‍ග යැ ප්‍රතිපදාව ස්වමාර්‍ග යැ මාර්‍ගය ස්වමාර්‍ග යයි ස්වකීය මාර්‍ගය හේතු කොග ගෙන දෘඪවාද ඇත්තාහු ස්ථිර වාද ඇත්තාහු බලවත් වාද ඇත්තාහු අවස්ථිතවාද ඇත්තාහු නුයි ‘සම්හි දළ්හං වදානා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පරස්ස චෙ වම්භයිතෙන හීනො න කොචි ධම්මෙසු විසෙසි අස්ස. පුථු හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො සම්හි දළ්හං වදානා”ති.
Sinhala BJT“පරස්ස චෙ -පෙ- නිහිනතො සම්හි දළ්හං වදානා” යී.
Pali BJT13. 12.
Sinhala BJT13. 12.
Pali BJTසධම්මපූජා{1} ච පනා තථෙව යථා පසංසන්ති සකායනානි, සබ්බෙව වාදා{2} තථියා{3} භවෙය්යුං සුද්ධී හි{4} තෙසං පච්චත්තමෙව.
Sinhala BJTතවද (ඒ තීර්‍තථකයෝ ලබ්ධිමාර්‍ගයන්ට යම්සේ පසසත් නම් ස්වකීය ශාස්තෘ ආදීන්ට පූජාවන් එසේ ම පවත්නේ ය. ඉදින් (ඔහු එහි ප්‍රමාණ වන්නාහු නම්) සියලු මැ වාදයෝ සත්‍ය වන්නාහුය. යම් හෙයකින් ඔවුන් ගේ ශුද්ධිය තමන් තමන් කෙරෙහි පිහිටියේ ද එහෙයිනි.
Pali BJTසධම්මපූජා ච පනා තථෙවාති - කතමා සධම්මපූජා: සකං සත්ථාරං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති ‘අයං සත්ථා සබ්බඤ්ඤූ”ති අයං සධම්මපූජා. සකං ධම්මක්ඛානං - සකං ගණං - සකං දිට්ඨිං - සකං පටිපදං - සකං මග්ගං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති “අයං මග්ගො නිය්යානිකො”ති අයං සධම්මපූජා. සධම්මපූජා ච පනා තථෙවාති සධම්මපූජා තථා තච්ඡා භූතා යාථාවා අවිපරීතාති - සධම්මපූජා ච පනා තථෙව.
Sinhala BJTසධම්මපූජා ච පනා තථෙව - සද්ධම්මපූජා කවරී ද යත්: “මේ ශාස්තෘ තෙම සර්‍වඥ යැ” යි ස්වකීය ශාස්තෘහට සත්කාර කෙරෙයි ගරු කෙරෙයි බුහුමන් කෙරෙයි පූජා කෙරෙයි; මෝ ‘සධම්මපූජා’ යැ. ස්වකීය ධර්‍මාඛ්‍යානයට - ස්වකීය ගණයාට - ස්වකීය දෘෂ්ටියට - ස්වකීය ප්‍රතිපත්තියට ‘මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’ යි ස්වකීය මාර්‍ගයට සත්කාර කෙරෙයි ගරු කෙරෙයි බුහුමන් කෙරෙයි පූජා කෙරෙයි. මෝ සධම්මපූජා යි. සධම්ම පූජා ච පනා තථෙව - ස්වකීය ශාස්තෘ ආදීන්ට පූජාව අවිපරීත යැ නො සිස් යැ විද්‍යාමාන යැ යාථාවත් යැ නො වෙනස් නුයි ‘සධම්මපූජා ච පනා තථෙව’ යනු වේ.
Pali BJTයථා පසංසන්ති සකායනානීති - ධම්මො සකායනං, දිට්ඨි සකායනං, පටිපදා සකායනං, මග්ගො සකායනං; සකායනානි පසංසන්ති ථොමෙන්ති කිත්තෙන්ති වණ්ණෙන්තීති - යථා පසංසන්ති සකායනානි.
Sinhala BJTයථා පසංසන්ති සකායනානි - ධර්‍මය සිය මඟ යැ, දෘෂ්ටිය සිය මඟ යැ, ප්‍රතිපත්තිය සිය මඟ යැ, මාර්‍ගය සිය මඟයැ යි. ස්වකීය මාර්‍ගයන්ට පසසති තුති කෙරෙති ප්‍රකට කෙරෙති ගූණ කියත් නුයි ‘යථා පසංසන්ති සකායනානි’ යනු වේ.
Pali BJTසබ්බෙව වාදා තථියා{1} භවෙය්යුන්ති - සබ්බෙව වාදා තථා තච්ඡා භූතා යාථාවා අවිපරීතා භවෙය්යුන්ති - සබ්බෙව වාදා තථියා{1} භවෙය්යුං.
Sinhala BJTසබ්බේව වාදා තථියා භවෙය්‍යුං - සියලු මැ වාදයෝ අවිපරීතයෝ තත්ථ්‍යයෝ විද්‍යාමානයෝ යාථාවත් වූවෝ නො වෙනස් වූවෝ වන්නාහු නුයි ‘සබ්බේව වාදා තථියා භවෙය්‍යුං’ යනු වේ.
Pali BJTසුද්ධී හි{2} නෙසං පච්චත්තමෙවාති - පච්චත්තමෙව තෙසං සමණබ්රාහ්මණානං සුද්ධි විසුද්ධි පරිසුද්ධි මුත්ති විමුත්ති පරිමුත්තීති - සුද්ධි හි{2} නෙසං පච්චත්තමෙව.
Sinhala BJTසුද්ධී හි නෙසං පච්චත්තමෙව - ඒ මහණබමුණන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය තමන් තමන් කෙරෙහි මැ වේ නුයි ‘සුද්ධී හි නෙසං පච්චත්තමෙව’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සධම්මපූජා ච පනා තථෙව යථා පසංසන්ති සකායනානි, සබ්බෙව වාදා තථියා භවෙය්යුං සුද්ධී හි{2} නෙසං පච්චත්තමෙවා”ති.
Sinhala BJT“සධම්මපූජා ච -පෙ- සුද්ධී හි නෙසං පච්චත්තමෙව” යී.
Pali BJT13. 13.
Sinhala BJT13. 13.
Pali BJTන බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථි ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, තස්මා විවාදානි උපාතිවත්තො න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං.
Sinhala BJTබාහිතපාපී වූ බ්‍රාහ්මණහට මෙරමා විසින් එළැවිය යුතු ඥානයෙක් යම්හෙයකින් නැත් ද, දෙසැටදිටු දහම්හි (මෙය මැ සැබවැයි) නිශ්චය කොට දැඩි වැ ගන්නා ලද්දකුත් නැත් ද, එහෙයින් දෘෂ්ටිවිවාදයන් ඉක්මවූ හෙතෙම අන් දහමක් ශ්‍රේෂ්ඨ විසින් නො මැ දක්නේ යි.
Pali BJTන බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථිති - ‘නා’ති පටික්ඛෙපො; බ්රාහ්මණොති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො -පෙ- අසිතො තාදී පවුච්චතෙ ස බ්රහ්මා. න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථිති බ්රාහ්මණස්ස පරනෙය්යො නත්ථි, බ්රාහ්මණො න පරනෙය්යො, න පරප්පත්තියො, න පරප්පච්චයො, න පරපටිබද්ධගූ; ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො පතිස්සතො. “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති බ්රාහ්මණස්ස පරනෙය්යා නත්ථි. බ්රාහ්මණො න පරනෙය්යො. න පරප්පත්තියො. න පරප්පච්චයො’ න පරපටිබද්ධගූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො පතිස්සතො. “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්ම”න්ති බ්රාහ්මණස්ස පරනෙය්යතා නත්ථි, බ්රාහ්මණො න පරනෙය්යො, න පරප්පත්තියො, න පරප්පච්චයො; න පරපටිබද්ධගූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො පතිස්සතො. - න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථි.
Sinhala BJTන බ්‍රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී - ’න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; ‘බ්‍රාහ්මණ නම් සත් ධර්‍ම කෙනකුන් බාහිත හෙයින් ‘බ්‍රාහ්මණ යැ, … හේ බ්‍රාහ්මණ යි. න බ්‍රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී - බ්‍රාහ්මණහට මෙරමා විසින් එළැවියැ යුතු බවෙක් නැත; බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවියැ යුතු බවෙක් නැත; බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවිය යුත්තේ නො වෙයි, මෙරමා විසින් හැදැහිය යුත්තේ නො වෙයි, පරප්‍රත්‍යය රහිත වූයේ වෙයි, මෙරමා පිළිබඳ වූ පැමිණීම් ඇත්තේ නො වෙයි; නො මුළා වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ දැනගනී දක්නේයි. ’සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි බ්‍රාහ්මණහට මෙරමා විසින් එළවියැ යුතු බවෙක් නැත, බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවිය යුත්තේ නො වෙයි, මෙරමා බසින් හැදැහියැ යුත්තේ නො වෙයි, පරප්‍රත්‍යය වූයේ නො වෙයි, මෙරමා පිළිබඳ පැමිණීම් ඇත්තේ නො වෙයි, නො මුළා වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ (තෙමේ) මැ දැනගනි, දක්නේ යි. ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ ය’ යි … යම් කිසිවෙක් සමුදයධර්‍ම වේ නම් ඒ සියල්ල නැසෙන සුලු ය’ යි බ්‍රාහ්මණහට පරා විසින් එළවියැ යුත්තෙක් නැත, බ්‍රාහ්මණ තෙම පරනෙය්‍ය වූයේ නො වෙයි, පරා පිළිබඳ හැදහීම් ඇත්තේ නො වෙයි, පරප්‍රත්‍යය වූයේ නො වෙයි, පරා අයත් ගමන් ඇත්තේ නො වෙයි. අසම්මූඪ වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ (තෙමේ ම) දැනගනී දක්නේ නුයි ‘න බ්‍රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී’ යනු වේ.
Pali BJTධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතන්ති - ‘ධම්මෙසූ’ති ද්වාසට්ඨි දිට්ඨිගතෙසු; නිච්ඡෙය්යාති නිච්ඡිනිත්වා විනිච්ඡිනිත්වා විචිනිත්වා පවිචිනිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ඔධිගාහො බිලග්ගාහො වරග්ගාහො කොට්ඨාසග්ගාහො උච්චයග්ගාහො සමුච්චයග්ගාහො, ඉදං සච්චං තථං තච්ඡා භූතං යාථාවං අවිපරීතන්ති ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං නත්ථි න සංවිජ්ජති නූපලබ්භති පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪන්ති - ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං.
Sinhala BJTධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දිටුගතයන්හි; නිච්ඡෙය්‍ය යනු: නිශ්චය කොට විනිශ්චය කොට විමසා වෙසෙසින් විමසා තුලනය කොට තීරණය කොට හෙළි කොට විභූත කොට අවධි කොට ගැනීමෙක් කොටස් වශයෙන් ගැනීමෙක් උත්තමග්‍රහණයෙක් කොට්ඨාසග්‍රහණයෙක් රාශි වශයෙන් ගැනීමෙක් විශෙෂරාශි වශයෙන් ගැනීමෙක් ‘මේ සැබව අවිපරිණාම යැ තත්ථ්‍ය යැ විද්‍යාමාන යැ යථාවත් යැ අවිපරීත යැ’ යි ගන්නා ලද්දෙක් දැහැගන්නා ලද්දෙක් පිහිටාගන්නා ලද්දෙක් ඇතුළු වැ ගන්නා ලද්දෙක් ඇලීගන්නා ලද්දෙක් නැත, විද්‍යාමාන නො වයි, නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ සන්හිඳුවන ලද දුරලන ලද උපතට නො සුදුසු කරන ලද නුවණගින්නෙන් දවන ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.
Pali BJTතස්මා විවාදානි උපාතිවත්තොති - ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා දිට්ඨිකලහානි දිට්ඨිභණ්ඩනානි දිට්ඨිවිග්ගහානි දිට්ඨිවිවාදානි දිට්ඨිමෙධගානි උපාතිවත්තො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තොති - තස්මා විවාදානි උපාතිවත්තො.
Sinhala BJTතස්මා විවාදානි උපාතිවත්තො - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් දෘෂ්ටිකලහයන් දෘෂ්ටිභණ්ඩනයන් දෘෂ්ටිවිග්‍රහයන් දෘෂ්ටිවිවාදයන් දෘෂ්ටිමෙධගයන් පසු කෙළේ ඉක්මැවූයේ මැනවින් ඉක්මැවූයේ වෙසෙසින් ඉක්මැවූයේ නුයි ‘තස්මා විවාදානි උපාතිවත්තො’ යනු වේ.
Pali BJTන හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤන්ති - අඤ්ඤං සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං අඤ්ඤත්ර; සතිපට්ඨානෙහි අඤ්ඤත්ර; සම්මප්පධානෙහි අඤ්ඤත්ර; ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියා අට්ඨඞ්ගිකා මග්ගා අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං ධම්මං න පස්සති න දක්ඛති න ඔලොකෙති න නිජ්ඣායති න උපපරික්ඛතීති න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං.
Sinhala BJTන හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං - සතිපට්ඨානයන් හැර සම්‍යක්ප්‍රධානයන් හැර ඍද්ධිපාදයන් හැර ඉන්‍ද්‍රියයන් හැර බලයන් හැර බොධ්‍යඞගයන් හැර ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හැර අන්‍ය ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපත්තියක් මාර්‍ගයක් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ විශිෂ්ට වූ පාමොක් වූ උතුම් වූ ප්‍රවර වූ දහමක් නො බලයි නො දකී අවලොකනය නො කෙරෙයි නො සිතයි නො විමසා නුයි ‘න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථි ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, තස්මා විවාදානි උපාතිවත්තො න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤ”න්ති.
Sinhala BJT“න බ්‍රාහ්මණස්ස -පෙ- න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං” යී.
Pali BJT13. 14.
Sinhala BJT13. 14.
Pali BJTජානාමි පස්සාමි තථෙව එතං දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං, අදක්ඛි{1} චෙ කිං හි තුමස්ස තෙන අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං.
Sinhala BJTඇතැම් මහණබමුණු කෙනෙක් තෙල එපරිද්දෙන් ම දනිමි දකිමි (කියන්නාහු) දෘෂ්ටියෙන් ශුද්ධිය හදහති. (යම්හෙයකින් ඔවුනතුරෙන් එකෙකු දු) ඉදින් දුටුයේ නමුදු තමාගේ ඒ දර්‍ශනයෙන් (දුඃඛපරිඥානාදි කුමක් සිදුකරන ලද ද, ඔහු (ආර්‍ය්‍යමාර්‍ගය) ඉක්මවා අන් මඟෙකින් ශුද්ධිය කියත් ද, නොහොත් (බුද්ධාදීහු) ඔවුන් ඉක්මවා අන් මඟෙකින් ශුද්ධිය කියත් ද, එහෙයිනි.
Pali BJTජානාමි පස්සාමි තථෙව එතන්ති - “ජානාමී”ති පරචිත්තවිජානනඤාණෙන ජානාමි; පුබ්බෙනිවාසානුස්සතිඤාණෙන වා ජානාමි; පස්සාමීති මංසචක්ඛුනා වා පස්සාමි; දිබ්බෙන චක්ඛුනා වා පස්සාමි; තථෙව එතන්ති එතං තච්ඡං භූතං යාථාවං අවිපරීතන්ති - ජානාමි පස්සාමි තථෙව එතං.
Sinhala BJTජානාමි පස්සාමි තෙථෙව එතං - ‘ජානාමි’ යනු: පරචිත්තවිජානනඥානයෙන් දනිමි, පූර්‍වෙනිවාසානුසමෘතිඥානයෙන් හෝ දනිමි; ‘පස්සාමි’ යනු: මසැසින් හෝ දකිමි, දිවැසින් හෝ දකිමි; තථෙව එතං - තෙල සැබව විද්‍යාමාන යැ යථාවත් යැ අවිපරීත නුයි ‘ජානාමි පස්සාමි තථෙව එතං’ යනු වේ.
Pali BJTදිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධින්ති - දිට්ඨියා එකෙ සමණබ්රාහ්මණා සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති දිට්ඨියා එකෙ සමණබ්රාහ්මණා සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං වි මුත්තිං පරිමුත්තිං පච්චෙන්ති; අසස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති - දිට්ඨියා එකෙ සමණබ්රාහ්මණා සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්තීති - දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං.
Sinhala BJTදිට්ඨියා එකෙ පච්චෙනති සුද්ධිං - ඇතැම් මහණබමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහති; ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ යි දෘෂ්ටියෙන් ඇතැම් මහණ බමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහති; ‘ලෝකය අශාශ්වත යැ … තථාගතයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව අන්‍යය මෝඝ ය’ යි දෘෂ්ටියෙන් ඇතැම් මහණබමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහත් නුයි ‘දිට්ඨියා එකෙ පච්චෙනති සුද්ධිං’ යනු වේ.
Pali BJTඅදක්ඛි{1} චෙ කිං හි තුමස්ස තෙනාති - “අදක්ඛී’ති පරචිත්තවිජානනඤාණෙන වා අදක්ඛි, පුබ්බෙනිවාසානුස්සතිඤාණෙන වා අදක්ඛි; මංසචක්ඛුනා ව අදක්ඛි; දිබ්බෙන චක්ඛුනා වා අදක්ඛීති - අදක්ඛි චෙ; කිං හි තුමස්ස තෙනාති - තස්ස තෙන දස්සනෙන කිං කතං? න දුක්ඛපරිඤ්ඤා අත්ථි; න සමුදයස්ස පහානං අත්ථි; න මග්ගභාවනා අත්ථි; න රාගස්ස සමුච්ඡෙදප්පහානං අත්ථි; න දොසස්ස සමුච්ඡෙදප්පහානං අත්ථි; න මොහස්ස සමුච්ඡෙදප්පහානං අත්ථි; න කිලෙසානං සමුච්ඡෙදප්පහානං අත්ථි; න සංසාරවට්ටස්ස උපච්ඡෙදො අත්ථිති - අදක්ඛි{1} චෙ කිං හි තුමස්ස තෙන.
Sinhala BJTඅදක්ඛි චෙ කිං හි තුමස්ස තෙන - ‘අදක්ඛි’ යනු: පරසිත් දන්නා නුවණින් හෝ, පෙරවිසූ කඳපිළිවෙළ සිහි කරන නුවණින් හෝ, මසැසින් හෝ, දිවැසින් හෝ දුටුයේ නුයි ‘අදක්ඛි චෙ’ යනු වේ. කිං හි තුමස්ස තෙන - ඔහුගේ ඒ දැක්මෙන් කුමක් කරන ලද ද? දුඃඛපරිඥාවක් නැත, සමුදයප්‍රහාණයෙක් නැත, මාර්‍ගභාවනායෙක් නැත, ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙක් නැත, රාගයාගේ සමුච්ඡෙදප්‍රහාණයෙක් නැත, ද්වේෂයාගේ සමුච්ඡෙදප්‍රහාණයෙක් නැත, මෝහයාගේ සමුච්ඡෙදප්‍රහාණයෙක් නැත, ක්ලේශයන්ගේ සමුචෙඡදප්‍රහාණයෙක් නැත, සංසාරවෘත්තයාගේ සිඳීමෙක් නැත් නුයි ‘අදක්ඛි චෙ කිං හි තුමස්ස තෙන’ යනු වේ.
Pali BJTඅතිසිත්වා අඤ්ඤෙන දෙන්ති සුද්ධින්ති - තෙ තිත්ථියා සුද්ධිමග්ගං විසුද්ධිමග්ගං පරිසුද්ධිමග්ගං වොදාතමග්ගං පරියොදාතමග්ගං අතික්කමිත්වා සමතික්කමිත්වා වීතිවත්තිත්වා අඤ්ඤත්ර සතිපට්ඨානෙහි අඤ්ඤත්ර සම්මප්පධානෙහි අඤ්ඤත්ර ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියා අට්ඨඞ්ගිකා මග්ගා සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති, එවම්පි, අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං. අථවා බුද්ධා ච බුද්ධසාවකා ච පච්චෙකබුද්ධා ච තෙසං තිත්ථියානං අසුද්ධිමග්ගං අවිසුද්ධිමග්ගං අපරිසුද්ධිමග්ගං අවොදාතමග්ගං අපරියොදාතමග්ගං අතික්කමිත්වා සමතික්කමිත්වා වීතිවත්තිත්වා චතූහි සතිපට්ඨානෙහි චතූහි සම්මප්පධානෙහි චතූහි ඉද්ධිපාදෙහි පඤ්චහි ඉන්ද්රියෙහි පඤ්චහි බලෙහි සත්තහි බොජ්ඣඞ්ගෙහි අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති එවම්පි - අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං.
Sinhala BJTඅතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං - ඒ තීර්‍තථකයෝ ශුද්ධිමාර්‍ගය විශුද්ධිමාර්‍ගය පරිශුද්ධිමාර්‍ගය පණ්ඩරමාර්‍ගය ප්‍රභාවත් මාර්‍ගය ඉක්මවා මොනවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා සතර සීවටන් හැරපියා සම්‍යක්ප්‍රධානයන් - ඍද්ධිපාදයන් - ඉන්‍ද්‍රියයන් - බලයන් - බොධ්‍යඞගයන් - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හැරපියා ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි මෙසේත් ‘අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං’ යනු වේ. නොහොත් බුදුවරයෝ ද බුදුසව්වෝද පසේබුදුහු ද ඒ තීර්‍තථකයන්ගේ අශුද්ධිමාර්‍ගය අවිශුද්ධිමාර්‍ගය අපරිශුද්ධිමාර්‍ගය අපණ්ඩරමාර්‍ගය අප්‍රභාසවර මාර්‍ගය ඉක්මවා මොනවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා සතර සතිපට්ඨානයන් ගෙන් සතර සම්‍යක්ප්‍රධානයන්ගෙන් සතර ඍද්ධිපාදයන් ගෙන් පඤ්චෙන්ද්‍රීයයන් ගෙන් පඤ්චබලයන් ගෙන් සප්තබොධ්‍යඞගයන්ගෙන් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි මෙසේත් ‘අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT”ජානාමි පස්සාමි තථෙව එතං දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං, අදක්ඛි චෙ කිං හි තුමස්ස තෙන අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධි”න්ති.
Sinhala BJT“ජානාමි පස්සාමි -පෙ- අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං” යී.
Pali BJT13. 15.
Sinhala BJT13. 15.
Pali BJTපස්සං නරො දක්ඛති{1} නාමරූපං දිස්වාන වා ඤස්සති{2} තානිමෙව, කාමං බහුං පස්සතු අප්පකං වා න හි තෙන සුද්ධිං කුසලා වදන්ති.
Sinhala BJTසත්ත්‍ව තෙමේ (පරචිත්තවිජානනඥානාදියෙන්) බලනුයේ නාමරූපය (නිත්‍යාදි විසින්) දක්නේ ය, දැක ඒ නාමරූපයන් ම (නිත්‍යාදි විසින්) දැනගන්නේය. ඒකාන්තයෙන් (හෙතෙම) බොහෝ කොට හෝ මඳ ව හෝ දක්නේ ය. බුද්ධාදි කුශලයෝ ඒ දර්‍ශනයෙන් සංසාර ශුද්ධිය නො මැ කියත්.
Pali BJTපස්සං නරො දක්ඛති නාමරූපන්ති - පස්සං නරො, පරචිත්තවිජානනඤාණෙන වා පස්සන්තො පුබ්බෙනිවාසානුස්සතිඤාණෙන වා පස්සන්තො මංසචක්ඛුනා වා පස්සන්තො දිබ්බෙන චක්ඛුනා වා පස්සන්තො නාමරූපං යෙව දක්ඛති නිච්චතො සුඛතො අත්තතො; න තෙසං ධම්මානං සමුදයං වා අත්ථඞ්ගමං වා අස්සාදං වා ආදීනවං වා නිස්සරණං වා දක්ඛතීති - පස්සං නරො දක්ඛති නාමරූපං.
Sinhala BJTපස්සං නරෝ දක්ඛති නාමරූපං - බලන්නා වූ සත්ත්‍ව තෙමේ පරසිත් දන්නා නුවණින් හෝ දක්නේ පෙර විසූ කඳපිළිවෙළ සිහිකරන නුවණින් හෝ දක්නේ මසැසින් හෝ දක්නේ දිවැසින් හෝ දක්නේ නාමරූපය මැ නිත්‍ය හෙයින් සුඛහෙයින් ආත්ම හෙයින් දක්නේ ය. ඒ ධර්‍මයන්ගේ ඉපදීම හෝ නැසීම හෝ ආස්වාදය හෝ ආදීනවය හෝ නිස්සරණය හෝ නො දක්නේ නුයි ‘පස්සං නරෝ දක්ඛති නාමරූපං’ යනු වේ.
Pali BJTදිස්වාන වා ඤස්සති තානිමෙවාති - ‘දිස්වා’ති පරචිත්තඤාණෙන වා දිස්වා පුබ්බෙනිවාසානුස්සතිඤාණෙන වා දිස්වා මංසචක්ඛුනා වා දිස්වා දිබ්බෙන චක්ඛුනා වා දිස්වා නාමරූපංයෙව දිස්වා ඤස්සති නිච්චතො සුඛතො අත්තනො; න තෙසං ධම්මානං සමුදයං වා අත්ථඞ්ගමං වා අස්සාදං වා ආදීනවං වා නිස්සරණං වා ඤස්සතීති - දිස්වාන වා ඤස්සති තානිමෙව.
Sinhala BJTදිස්වාන වා ඤස්සති තානිමෙව - ‘දිස්වා’ යනු: පරසිත් දන්නා නුවණින් හෝ දැක, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරන නුවණින් හෝ දැක මසැසින් හෝ දැක, දිවැසින් හෝ දැක, නාමරූපය ම දැක නිත්‍ය හෙයින් සුඛ හෙයින් ආත්මහෙයින් දැනගන්නේය; ඒ ධර්‍මයන්ගේ ඉපදීම හෝ නැසීම හෝ ආස්වාදය හෝ ආදීනවය හෝ නිස්සරණය හෝ නො දැනගන්නේ නුයි ‘දිස්වාන වා ඤස්සති තානිමෙව’ යනු වේ.
Pali BJTකාමං බහුං පස්සතු අප්පකං වාති - කාමං බහුකං වා පස්සන්තො නාමරූපං අප්පකං වා නිච්චතො සුඛතො අත්තතොති - කාමං බහුං පස්සතු අප්පකං වා.
Sinhala BJTකාමං බහුං පස්සතු අප්පකං වා - ඒකාන්තයෙන් බොහෝ කොට හෝ මඳ කොට හෝ නාමරූපය බලනුයේ නිත්‍ය හෙයින් සුඛ හෙයින් ආත්ම හෙයින් දක්නේ නුයි ‘කාමං බහුං පස්සතු අප්පකං වා’ යනු වේ.
Pali BJTන හි තෙන සුද්ධිං කුසලා වදන්තීති - ‘කුසලා’ති යෙ තෙ ඛන්ධකුසලා ධාතුකුසලා ආයතනකුසලා පටිච්චසමුප්පාදකුසලා සතිපට්ඨානකුසලා සම්මප්පධානකුසලා ඉද්ධිපාදකුසලා ඉන්ද්රියකුසලා බලකුසලා බොජ්ඣඞ්ගකුසලා මග්ගකුසලා ඵලකුසලා නිබ්බානකුසලා පරචිත්තඤාණෙන වා පුබ්බෙනිවාසානුස්සතිඤාණෙන වා මංසචක්ඛුනා වා දිබ්බෙන චක්ඛුනා වා නාමරූපදස්සනෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං න වදන්ති, න කථෙන්ති, න භණන්ති, න දීපයන්ති, න වොහරන්තීති න හි තෙන සුද්ධිං කුසලා වදන්ති.
Sinhala BJTන හි තෙන සුද්ධිං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: බුද්ධාදි යම් කෙනෙක් තුමූ ස්කන්‍ධයන්හි දක්‍ෂ වූවාහු ද ධාතූන්හි - ආයතනයන්හි - ප්‍රතීත්‍යසමුත්පාදයෙහි - සතිපට්ඨානයන්හි - සම්‍යක්ප්‍රධානයන්හි - ඍද්ධිපාදයන්හි - ඉන්‍ද්‍රියයන්හි - බලයන්හි - බොධ්‍යඞගයන්හි - මාර්‍ගයෙහි - ඵලයෙහි - නිර්‍වාණයෙහි දක්‍ෂ වූවාහු ද ඒ දක්‍ෂයෝ පරසිත් දන්නා නුවණින් හෝ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කරන නුවණින් හෝ මසැසින් හෝ දිවැසින් හෝ නාමරූප දැකීමෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො පවසති, නො කියති නො බෙණෙති නො දක්වති නො ව්‍යවහාර කෙරෙත් නුයි ‘න හි තෙන සුද්ධිං කුසලා වදන්ති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පස්සං නරො දක්ඛති නාමරූපං දිස්වාන වා ඤස්සති තානිමෙව. කාමං බහුං පස්සතු අප්පකං වා න හි තෙන සුද්ධි කුසලා වදන්තී”ති
Sinhala BJT“පස්සං නරෝ -පෙ- න හි තෙන සුද්ධිං කුසලා වදන්ති” යී.
Pali BJT13. 16.
Sinhala BJT13. 16.
Pali BJT“නිවිස්සවාදී න හි සුබ්බිනායො පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො, යං නිස්සිතො තත්ථ සුභංවදානො සුද්ධිංවදො තත්ථ තථද්දසා සො.
Sinhala BJT(යමෙක් දෘෂ්ටියෙහි) පිහිටා කියන්නේ වේ ද (හෙතෙම) නො මැ සුවසේ හික්මියැ හැකි වෙයි. සිතින් ගන්නා ලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙනුයේ යම් ශාස්තෘ ආදියක් ඇසුරු කරනුයේ එහි ශුභවාද ඇතියේ ඒ ස්වකීය දෘෂ්ටියෙහි ශුද්ධිය කියන්නේ වේ ද, හෙතෙම ඒ දෘෂ්ටිය එසේ මැ දුටුයේ වේ.
Pali BJTනිවිස්සවාදී න හි සුබ්බිනායොති - ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති නිවිස්සවාදී, අසස්සතො ලොකො ‘සස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - නිවිස්සවාදී; න හි සුබ්බිනායොති නිවිස්සවාදී දුබ්බිනයො දුප්පඤ්ඤාපියො{1} දුන්නිජ්ඣාපියො දුප්පෙක්ඛාපියො දුප්පසාදියොති - නිවිස්සවාදී න හි සුබ්බිනායො.
Sinhala BJTනිවිස්සවාදී න හි සුබ්බිතායො - ‘ශාශ්වත යැ ලෝකය මේ මැ සැබව අන්‍යය මෝඝ යැ’ යි පිහිටා කියනුයේ; ‘අශාශ්වත යැ ලෝකය … ‘සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ ‘සැබව අන්‍යය මෝඝ යැ’ යි පිහිටා කියනුයේ ; න හි සුබ්බිනායො - පිහිටා කියන පුද්ගල තෙම හික්මවනු දුෂ්කර යැ විමසවනු දුෂ්කර යැ දක්වනු දුෂ්කර යැ පහදවනු දුෂ්කර වේ නුයි ‘නිවිස්සවාදී න හි සුබ්බිතායො’ යනු වේ.
Pali BJTපකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානොති - කප්පිතං පකප්පිතං අභිසඞ්ඛතං සණ්ඨපිතං දිට්ඨිං පුරක්ඛතං කත්වා. චරති, දිට්ඨිධජො දිට්ඨිකෙතු දිට්ඨාධිපතෙය්යො දිට්ඨියා පරිවාරිතො චරතීති - පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො.
Sinhala BJTපකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො - කල්පිත වූ ප්‍රකල්පිත වූ අභිසංස්කෘත වූ මොනොවට පිහිටුවන ලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙයි, දෘෂ්ටිය ධ්වජ කොට ඇතියේ, දෘෂ්ටි කෙහෙලි කොට ඇතියේ දෘෂ්ටිය අධිපති කොට ඇතියේ දෘෂ්ටියෙන් පිරිවරන ලදුයේ හැසිරේ නුයි ‘පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො’ යනු වේ.
Pali BJTයං නිස්සිතො තත්ථ සුභංවදානොති - ‘යං නිස්සිතො’ති යං සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං මග්ගං නිස්සිතො සන්නිස්සිතො අල්ලීනො උපගතො අජ්ඣෙසිතො අධිමුත්තොති යං නිස්සිතො; තත්ථාති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා; සුභංවදානොති සුභවාදො සොභනවාදො පණ්ඩිතවාදො ථිරවාදො ඤායවාදො හෙතුවාදො ලක්ඛණවාදො කාරණවාදො ඨානවාදො සකාය ලද්ධියාති - යං නිස්සිතො තත්ථ සුභංවදානො.
Sinhala BJTයං නිස්සිතො තත්ථ සුභංවදානො - ‘යං නිස්සිතො’ යනු: යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපත්තියක් මාර්‍ගයක් ඇසුරු කෙළේ ඇලුණේ එළැඹියේ පිවිසියේ බැසගත්තේ නුයි ‘යං නිස්සිතො’ යනු වේ: තත්‍ථ යනු: ස්වකීය දෘෂ්ටියෙහි සිය කැමැත්තෙහි සිය රුචියෙහි සිය ලබ්ධියෙහි; සුභංවදානො යනු: ස්වකීය ලබ්ධියෙහි ශුභවාද ඇතියේ ශොභනවාද - පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇතියේ නුයි ‘යං නිස්සිතො තත්ථ සුභංවදානො’ යනු වේ.
Pali BJTසුද්ධිංවදො තත්ථ තථද්දසා සොති - සුද්ධිවාදො විසුද්ධිවාදො පරිසුද්ධිවාදො පරියොදාතවාදො, අථවා සුද්ධිදස්සනො විසුද්ධිදස්සනො පරිසුද්ධිදස්සනො වොදාතදස්සනො පරියොදාතදස්සනොති සුද්ධිංවදො; තත්ථාති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා තථං තච්ඡං භූතං යාථාවං අවිපරීතන්ති අද්දස අදක්ඛි අපස්සි පටිවිජ්ඣීති - සුද්ධිංවදො තත්ථ තථද්දසා සො.
Sinhala BJTසුද්ධිංවදො තත්ථ තථද්දසා සො - ‘ශුද්ධිවාද ඇතියේ විශුද්ධිවාද - පරිශුද්ධිවාද - පණ්ඩරවාද - ප්‍රභාස්වරවාද ඇතියේ; නොහොත් ශුද්ධිය දක්නේ විශුද්ධිය දක්නේ පරිශුද්ධිය දක්නේ පණ්ඩරදර්‍ශන ඇතියේ ප්‍රභාස්වරදර්‍ශන ඇතියේ නුයි - ‘සුද්ධිංවදො’ යනු වේ; තත්‍ථ යනු: ස්වකීය ලබ්ධියෙහි සත්‍යය තත්ථ්‍යය භූත යැ තාථාවත් යැ අවිපරීත යැ’ යි දුටුයේ යැ දැක්කේ යැ දර්‍ශනය කෙළේ යැ ප්‍රතිවේධ කෙළේ නුයි ‘සුද්ධිංවදො තත්ථ තථද්දසා සො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“නිවිස්සවාදී න හි සුබ්බිනායො පකප්පිතං දිට්ඨිපුරෙක්ඛරානො, යං නිස්සිතො තත්ථ සුභංවදානො සුද්ධිංවදො තත්ථ තථද්දසා සො”ති.
Sinhala BJT“නිවිස්සවාදී -පෙ- සුද්ධිංවදො තත්ථ තථද්දසා සො” යී.
Pali BJT13. 17.
Sinhala BJT13. 17.
Pali BJTන බ්රාහ්මණො කප්පමුපෙති සඞ්ඛං න දිට්ඨිසාරී නපි ඤාණබන්ධු, ඤත්වා ච සො සම්මුතියො පුථුජ්ජා උපෙක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤෙ.
Sinhala BJTක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ නුවණින් දැන තෘෂ්ණාදෘෂ්ටිකල්පයට නො පැමිණෙයි. දෘෂ්ටියෙහි හැසිරෙනුයේ නො වයි. සමාපත්තිඥානාදියෙන් කළ තෘෂ්ණාබන්ධ ඇත්තේ නො ද වෙයි.. තවද හෙතෙම පුහුදුනුවන් කෙරෙන් උපන් දෙසැට දෘෂ්ටීන් දැන උපෙක්ෂා කෙරෙයි. අන්‍යයෝ දැඩිව ගනිත්.
Pali BJTන බ්රාහ්මණො කප්පමුපෙති සඞ්ඛන්ති - ‘නා’ති පටික්ඛෙපො; බ්රාහ්මණොති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො -පෙ- අසිතො තාදී පවුච්චතෙ ස බ්රහ්මා; කප්පාති ද්වෙ කප්පා: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච -පෙ- අයං තණ්හාකප්පො -පෙ- අයං දිට්ඨිකප්පො; සඞ්ඛා වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි; න බ්රාහ්මණො කප්පමුපෙති සඞ්ඛන්ති බ්රාහ්මණො සඞ්ඛාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති සඞ්ඛාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා තණ්හාකප්පං වා දිට්ඨිකප්පං වා නෙති, න උපෙති, න උපගච්ඡති, න ගණ්හාති, න පරාමසති, නාභිනිවිසතීති - න බ්රාහ්මණො කප්පමුපෙති සඞ්ඛං.
Sinhala BJTන බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං - ’න’ යනු: ප්‍රතික්‍ෂේප යැ බ්‍රාහ්මණො - සප්ත ධර්‍ම කෙනකුන් බැහැර කළ බැවින් බ්‍රාහ්මණ යැ … හේ බ්‍රාහ්මණ යැයි කියනු ලැබේ. කප්පා යනු: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්ප දෙකෙකි … මේ දෘෂ්ටිකල්ප යයි. සඞ්ඛා යයි ඥානය කියනු ලැබෙයි යම් ප්‍රඥාවක් පජානනයෙක් … අමොහසඞ්ඛ්‍යාත ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එයයි න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං - ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නුවණින් දැන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’ යි … යම් කිසිවෙක් සමුදයධර්‍ම වේ නම් ඒ සියල්ල නැසෙන සුලු ය’ යි නුවණින් දැන තුලනය කොට තීරණය ‘කොට විභාවන කොට විභූත කොට තෘෂ්ණා කල්පයට හෝ දෘෂ්ටිකල්පයට හෝ නො එයි, නො පැමිණෙයි, නො එළැඹෙයි, නො ගනී, නො දැහැගනී, නො පිවිසියේ නුයි ‘න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං’ යනු වේ.
Pali BJTන දිට්ඨිසාරී නපි ඤාණබන්ධූති - තස්ස ද්වාසට්ඨි දිට්ඨිගතානි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි; සො දිට්ඨියා න යායති න නිය්යති න වුය්හති න සංහරිය්යති; නපි තං දිට්ඨිගතං සාරතො පච්චෙති, න පච්චාගච්ඡතීති ‘න දිට්ඨිසාරී;’ නපි ඤාණබන්ධූති අට්ඨසමාපත්ති ඤාණෙන වා පඤ්චාභිඤ්ඤාඤාණෙන වා මිච්ඡාඤාණෙන වා තණ්හාබන්ධං වා දිට්ඨිබන්ධං වා න කරොති න ජනෙති න සඤ්ජනෙති න නිබ්බත්තෙති නාභිනිබ්බත්තෙතීති - න දිට්ඨිසාරී නපි ඤාණබන්ධු.
Sinhala BJTන දිට්ඨිසාරී නපි ඤාණබන්ධු - ඔහු විසින් දෙසැට දිටුගතයෝ ප්‍රහීණ කරන ලද්දාහු ය, සිඳින ලද්දාහු ය, සංහිඳුවන ලද්දාහු ය, දුරලන ලද්දාහු ය, උපතට නො සුදුසු කරන ලද්දාහු ය, නුවණගින්නෙන් දවන ලද්දාහු ය; හෙතෙම දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි, නො නියනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබෙයි, ඒ දෘෂ්ටිගතය සාරහෙයින් නො ද දැහැගනී. නො පැමිණේ නුයි ’න දිට්ඨිසාරී’ යනු වේ. න පි ඤාණබන්ධු - අෂ්ටසමාපත්තිඥානයෙන් හෝ පඤාභිඥාඥානයෙන් හෝ මිථ්‍යාඥානයෙන් හෝ තෘෂණාබන්ධය හෝ දෘෂ්ටිබන්ධය හෝ නො කෙරෙයි, නො දනවයි, නූපදවයි, නො නිපදවයි, අතිශයින් නූපදවා නුයි ‘න දිට්ඨිසාරී න’ පි ඤාණබන්ධු’ යනු වේ.
Pali BJTඤත්වා ච සො සම්මුතියො පුථුජ්ජාති - ‘ඤත්වා’ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා: ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා: ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ති - ඤත්වා ච සො; සම්මුතියො වුච්චන්ති ද්වාසට්ඨි දිට්ඨිගතානි දිට්ඨිසම්මුතියො; පුථුජ්ජාති පුථුජ්ජනෙහි ජනිතා වා තා සම්මුතියොති පුථුජ්ජා, පුථු නානාජනෙහි ජනිතා වා තා සම්මුතියොති පුථුජ්ජාති - ඤත්වා ව සො සම්මුතියො පුථුජ්ජා.
Sinhala BJTඤත්‍වා ච සො සම්මුතියො පුථුජ්ජා - ‘ඤත්‍වා’ යනු: දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය කොට විභූත කොට, ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’යි …යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් ඒ සියල්ල නැසෙන සුලු යැ’යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය කොට විභූත කොට නුයි ‘ඤත්‍වා ච සො’ යනු වේ; සම්මුතියො’ යි දෙසැටදිටුගතයෝ දෘෂ්ටිසම්මතීහු කියනු ලැබෙත්; පුථුජ්ජා යනු: ඒ සම්මතීහු බොහෝ වූ නානා ජනයන් විසින් උපදවන ලද්දාහු නුයි හෝ ‘පුථුජ්ජා’ නම් වෙත් නුයි ‘ඤත්‍වා ච සො සම්මුතියො පුථුජ්ජා’ යනු වේ.
Pali BJTඋපෙක්ඛතී උග්ගණ්හන්ති මඤ්ඤෙති - අඤ්ඤෙ තණ්හාවසෙන දිට්ඨිවසෙන ගණ්හන්ති පරාමසන්ති අභිනිවිසන්ති, අරහා උපෙක්ඛති, න ගණ්හාති න පරාමසති, නාභිනිවිසතීති - උපෙක්ඛෙතී උග්ගණ්හන්ති මඤ්ඤෙ.
Sinhala BJTඋපෙක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤෙ - අන්‍යයෝ තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගනිති. දැහැගනිති, පිවිසෙත්; රහත් තෙම උපෙක්ෂා කෙරෙයි නො ගනී නො දැහැගනී නො පිවිසේ නුයි ‘උපෙක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න බ්රාහ්මණො කප්පමුපෙති සඞ්ඛං න දිට්ඨිසාරී නපි ඤාණබන්ධු, ඤත්වා ච සො සම්මුතියො පුථුජ්ජා උපෙක්ඛතී උග්ගණ්හන්ති මඤ්ඤෙ”ති.
Sinhala BJT“න බ්‍රාහ්මණො -පෙ- උග්ගණ්හන්ති මඤ්ඤෙ” යී.
Pali BJT13. 18.
Sinhala BJT13. 18.
Pali BJTවිසජ්ජ ගන්ථානි මුනීධ ලොකෙ විවාදජාතෙසු න වග්ගසාරී, සන්තො අසන්තෙසු උපෙක්ඛකො සො අනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ.
Sinhala BJTක්‍ෂීණාස්‍රව මුනි තෙම මෙලො වැ චතුර්විධ ග්‍රන්‍ථයන් හැරපියා හටගත් විවාද ඇතියන් අතුරෙහි (ඡන්‍දාදීන්) වර්‍ග ව නො හැසිරෙනුයේ අශාන්තයන් අතුරෙහි ශාන්ත වූයේ උපේක්‍ෂායෙන් යුක්ත වූයේ වෙයි, හෙතෙම දෘඪග්‍රහණ රහිත වෙයි, අන්‍යයෝ (තෘෂ්ණා දෘෂ්ටි විසින්) දැඩිව ගනිත්.
Pali BJTවිසජ්ජ ගන්ථානි මුනීධ ලොකෙති - ‘ගන්ථා’ති චත්තාරො ගන්ථා: අභිජ්ඣා කායගන්ථො, බ්යාපාදො කායගන්ථො, සීලබ්බතපරාමාසො කායගන්ථො, ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො, අත්තනො දිට්ඨියා රාගො අභිජ්ඣා කායගන්ථො, පරවාදෙසු ආඝාතො අප්පච්චයො බ්යාපාදො කායගන්ථො, අත්තනො සීලං වා වතං වා සීලබ්බතං වා පරාමසති සීලබ්බතපරාමාසො කායගන්ථො, අත්තනො දිට්ඨි ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො, විසජ්ජාති ගන්ථෙ වොස්සජිත්වා වා විසජ්ජ; අථවා ගන්ථෙ ගථිතෙ ගන්ථිතෙ බද්ධෙ{1} විබද්ධෙ{1} ආබද්ධෙ{1} ලග්ගෙ ලග්ගිතෙ පළිබුද්ධෙ බන්ධනෙ ඵොටයිත්වා වා විසජ්ජ; යථා වය්හං වා රථං වා සකටං වා සන්දමානිකං වා සජ්ජං විසජ්ජං කරොන්ති විකොපෙන්ති, එවමෙවං ගන්ථෙ වොස්සජ්ජිත්වා වා විසජ්ජ; අථවා ගන්ථෙ ගථිතෙ ගන්ථිතෙ බද්ධෙ විබද්ධෙ ආබද්ධෙ ලග්ගෙ ලග්ගිතෙ පළිබුද්ධෙ{2} බන්ධනෙ ඵොටයිත්වා වා විසජ්ජ; මුනීති මොනං වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනී; ඉධාති ඉමිස්සා දිට්ඨියා, -පෙ- ඉමස්මිං මනුස්සලොකෙති - විසජ්ජ ගන්ථාති මුනීධ ලොකෙ.
Sinhala BJTවිසජ්ජ ගන්ථානි මුනීධ ලෝකේ - ‘ගන්ථා’ යනු: සතර ග්‍රන්‍ථ කෙනෙකි. අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ ඉදම්සත්‍යාභිනිවෙශකායග්‍රනථ යැයි; තමාගේ දෘෂ්ටියෙහි රාගය අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, පරවාදයන්හි කෝපය නො සතුට ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, තමා ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ දැඩිව ගනී, (මේ) ශීලව්‍රත පරාමර්‍ශකායග්‍රන්ථ යැ, තමාගේ දෘෂ්ටිය ඉදම්සත්‍යාභිනිවෙශකායග්‍රනථ යයි. විසජ්ජ යනු: ග්‍රන්‍ථයන් පරිත්‍යාග කොට හෝ ‘විසජ්ජ’ යනු වේ. නොහොත් ග්‍රන්‍ථයන් ග්‍රථිත වූවන් ග්‍රන්‍ථිත වූවන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලග්න වූවන් ලග්නිත වූවන් හාත්පසින් බැඳුණවුන් ක්ලේශබන්‍ධනයන් පොළාපියා හෝ හැරදමා; යම් සේ ගමනට සැරසූ දෝලාවක් හෝ රියක් හෝ ගැලක් හෝ යානයක් හෝ විසුරුවත් ද, සුණු කෙරෙත් ද, එසෙයින් ම ග්‍රන්‍ථයන් පරිත්‍යාග කොට හෝ හැරපියා නොහොත් ග්‍රන්‍ථයන් ග්‍රථිත - ග්‍රන්‍ථිත - බද්ධ - විබද්ධ - ආබද්ධ - ලග්න - ලග්නිත - පරිබද්ධ වූවන් ක්ලෙශබන්ධයන් පොළාපියා හෝ හැරදමා; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි; ඉධ යනු: මේ දෘෂ්ටියෙහි … මේ මිනිස්ලොවැ නුයි ‘විසජ්ජ ගන්ථානි මුනීධ ලෝකේ’ යනු වේ.
Pali BJTවිවාදජාතෙසු න වග්ගසාරීති - විවාදෙ ජාතෙ සඤ්ජාතෙ නිබ්බත්තෙ අභිනිබ්බත්තෙ පාතුභූතෙ{3} ඡන්දාගතිං ගච්ඡන්තෙසු දොසාගතිං ගච්ඡන්තෙසු භයාගතිං ගච්ඡන්තෙසු මොහාගතිං ගච්ඡන්තෙසු න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න රාගවසෙන ගච්ඡති, න දොසවසෙන ගච්ඡති, න මොහවසෙන ගච්ඡති, න මානවසෙන ගච්ඡති, න දිට්ඨිවසෙන ගච්ඡති, න උද්ධච්චවසෙන ගච්ඡති, න විචිකිච්ඡාවසෙන ගච්ඡති, න අනුසයවසෙන ගච්ඡති, න වග්ගෙහි ධම්මෙහි යායති නීයති වුය්හති සංහරීයතීති - විවාදජාතෙසු න වග්ගසාරී.
Sinhala BJTවිවාදජාතෙසු න වග්ගසාරී - විවාදයක් උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි (අන්‍යයන්) ඡන්‍දයෙන් අගතියට යන කල්හි ද්වේෂයෙන් අගතියට යන කල්හි භයින් අගතියට යන කල්හි මෝහයෙන් අගතියට යන කල්හි, ඡන්‍දාගතියට නො යෙයි, ද්වෙෂාගතියට නො යෙයි, භයාගතියට නො යෙයි. මෝහාගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - භයවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචිකිත්සාවශයෙන් - අනුශයවශයෙන් නො යෙයි; වර්‍ග වූ ධර්‍මයන් විසින් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘විවාදජාතෙසු න වග්ගසාරී’ යනු වේ.
Pali BJTසන්තො අසන්තෙසු උපෙක්ඛකො සොති - ‘සන්තො’ති රාගස්ස සන්තත්තා සන්තො; දොසස්ස සන්තත්තා සන්තො, මොහස්ස සන්තත්තා සන්තො -පෙ- සබ්බාකුසලාභිසංඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධොති - සන්තො; අසන්තෙසූති අසන්තෙසු අනුපසන්තෙසු අවුපසන්තෙසු අනිබ්බුතෙසු අප්පටිප්පස්සද්ධෙසූති - සන්තො අසන්තෙසු; උපෙක්ඛකො සොති අරහා ඡළඞ්ගුපෙක්ඛාය සමන්නාගතො: චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති, න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො, සොතෙන සද්දං සුත්වා -පෙ- කාලං කඞ්ඛති භාවිතත්තො{4} සුදන්තොති - සන්තො අසන්තෙසු උපෙක්ඛකො සො.
Sinhala BJTසන්තෝ අසන්තෙසු උපෙක්ඛකො සො - ‘සන්තෝ’ යනු: රාගය සන්හිඳුවන ලද හෙයින් ශාන්ත යැ, ද්වේෂය ශාන්ත වන බැවින් ශාන්ත යැ, මෝහය ශාන්ත වන බැවින් ශාන්ත යැ … සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද වන බැවින් නිවන ලද වන බැවින් විගත වන බැවින් දුරලන ලද වන බැවින ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත යැ නිර්‍වෘත යැ දුරලන ලද්දේ නුයි ’සන්තෝ’ යනු වේ. - අසන්තෙසු අශාන්තයන් අතුරෙහි අනුපශාන්තයන් - අව්‍යුපශාන්තයන් - නො නිවුණවුන් (කෙලෙස්) නො දුරලන ලදුවන් අතුරෙහි නුයි ‘සන්තෝ අසන්තෙසු ’යනු වේ. උපෙක්ඛකො සො - රහත් තෙමේ ෂඩඞගොපෙක්ෂායෙන් සමන්‍විත වූයේ යැ; ඇසින් රූපයන් දැක නො මැ සතුටු සිත් ඇතියේ වෙයි, නො සතුටු සිත් ඇතියේ නො වෙයි, උපෙක්ෂා ඇතියේ සිහි ඇතියේ නුවණැතියේ වෙසෙයි; කනින් ශබ්දයක් අසා … භාවිත වූ සිත් ඇතියේ මොනොවට දැමුණේ මරණකාලය අපේක්‍ෂා කෙරේ නුයි ‘සන්තෝ අසන්තෙසු උපෙක්ඛකො සො’ යනු වේ.
Pali BJTඅනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙති - අඤ්ඤෙ තණ්හාවසෙන දිට්ඨිවසෙන ගණ්හන්ති{1} පරාමසන්ති අභිනිවිසන්ති, අරහා උපෙක්ඛති න ගණ්හාති න පරාමසති නාභිනිවිසතීති - අනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ.
Sinhala BJTඅනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ - අන්‍යයෝ තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගනිති, දැහැගනිති, පිවිස ගනිත්; රහත් තෙම උපෙක්ෂා කෙරෙයි, නො ගනී නො දැහැගනී නො පිවිසේ නුයි ‘අනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“විසජ්ජ ගන්ථානි මුනීධ ලොකෙ විවාදජාතෙසු න වග්ගසාරී, සන්තො අසන්තෙසු උපෙක්ඛකො සො අනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ”ති
Sinhala BJT“විසජ්ජ ගන්ථානි -පෙ- උග්ගණ්හන්ති මඤ්ඤෙ” යී.
Pali BJT13. 19.
Sinhala BJT13. 19.
Pali BJTපුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බං න ඡන්දගූ නොපි නිවිස්සවාදී, ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො න ලිප්පති{2} ලොකෙ අනත්තගරහී.
Sinhala BJTඉක්මැගිය (රූපාදීන් අරබයා උපන් කාමාදි) ආස්‍රවයන් හැර වර්‍තමාන (රූපාදිය අරබයා උපදනා) ආස්‍රවයන් නො කරන්නාවූ ඡන්‍දාදි වසයෙන් අගතියට නො යන්නා වූ නො ද දෘෂ්ටියෙහි පිහිටා කියන්නා වූ දෘෂ්ටිගතයන් ගෙන් වෙසෙසින් මිදුණා වූ ධීර වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම (කෘතාකෘතවශයෙන්) තම හට නො ගරහනු යේ ලොවැ (තෘෂ්ණාදෘෂ්ටි) විසින් නො ඇලෙන්නේ යි.
Pali BJTපුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බන්ති - පුබ්බාසවා වුච්චන්ති අතීතා රූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණා, අතීතෙ සඞ්ඛාරෙ ආරබ්භ යෙ කිලෙසා උපජ්ජෙය්යුං, තෙ කිලෙසෙ හිත්වා චජිත්වා පරිච්චජිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති - පුබ්බාසවෙ හිත්වා; නවෙ අකුබ්බන්ති ‘නවා” වුච්චන්ති පච්චුප්පන්නා රූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණා, පච්චුප්පන්නෙ සඞ්ඛාරෙ ආරබ්භ ඡන්දං අකුබ්බමානො පෙමං අකුබ්බමානො රාගං අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානො අනභිනිබ්බත්තයමානොති - පුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බං.
Sinhala BJTපුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බං - ‘පුබ්බාසවා’ යී ඉක්මැගිය රූපවෙදනා සංඥාසංස්කාරවිඥානයෝ කියනු ලැබෙති, අතීත සංස්කාරයන් අරබයා යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම්, ඒ කෙලෙසුන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘පුබ්බාසවෙ හිත්වා’ යනු වේ. න වෙ අකුබ්බං ‘නවා’ යී වර්‍තමාන රූපවෙදනාසංඥාසංස්කාරවිඥානයෝ කියනු ලැබෙති; වර්‍තමාන සංස්කාරයන් ඇරබ ඡන්‍දය නො කරනුයේ ප්‍රේමය නො කරනුයේ රාගය නො කරනුයේ නො දනවනුයේ මැනවින් නො දනවනුයේ නො නිපදවනුයේ නූපදවනුයේ නුයි ‘පුබබාසවෙ හිත්වා නවෙ අකුබ්බං’ යනු වේ.
Pali BJTන ඡන්දගූ නොපි නිවිස්සවාදීති - න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න රාගවසෙන ගච්ඡති, න දොසවසෙන ගච්ඡති, න මොහවසෙන ගච්ඡති, න මානවසෙන ගච්ඡති, න දිට්ඨිවසෙන ගච්ඡති, න උද්ධච්චවසෙන ගච්ඡති, න විචිකිච්ඡාවසෙන ගච්ඡති, න අනුසයවසෙන ගච්ඡති, න වග්ගෙහි ධම්මෙහි යායති නිය්යති වුය්හති න සංහරිය්යතීති - න ඡන්දගූ; නොපි නිවිස්සවාදීති ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති න නිවිස්සවාදී -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති න නිවිස්සවාදීති - න ඡන්දගූ නොපි නිවිස්සවාදී,
Sinhala BJTන ඡන්දගු නො’පි නිවිස්සවාදී - ඡන්‍දයෙන් අගතියට නො යයි, ද්වේෂයෙන් අගතියට නො යයි, භයින් අගතියට නො යයි, මෝහයෙන් අගතියට නො යයි, රාගවශයෙන් නො පැමිණෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍ය වශයෙන් - විචිකිත්සා වශයෙන් - අනුශයවශයෙන් නො යයි, වර්‍ග වූ ධර්‍මයන්ගෙන් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘න ඡන්දගූ’ යනු වේ. නො’පි නිවිස්සවාදී ‘ශාශ්වත යැ ලෝකය මේ මැ සැබැව, අන්‍යය මෝඝ යැ’ යි නො පිහිටා කියනුයේ … සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’ යි නො පිහිටා කියනුයේ නුයි ‘න ඡන්දගු නො’පි නිවිස්සවාදී’ යනු වේ.
Pali BJTස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරොති - තස්ස ද්වාසට්ඨිදිට්ඨිගතානි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි; සො දිට්ඨිගතෙහි විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති; ධීරොති ධීරො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවීති - ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො.
Sinhala BJTස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහුය, සිඳින ලද්දාහුය, සන්හිඳුවන ලද්දාහුය දුරලන ලද්දාහුය උපතට නුසුදුසු කරන ලද්දාහුය, නුවණගින්නෙන් දවන ලද්දාහුය, හෙතෙම දෘෂ්ටිගතයන් ගෙන් වෙසෙසින් මිදුණේ වෙන් වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙයි. ධීරො යනු: ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ විමංසනප්‍රඥා ඇතියේ තීරණප්‍රඥා ඇතියේ නුයි ‘ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො’ යනු වේ.
Pali BJTන ලිප්පති{1} ලොකෙ අනත්තගරහීති - ‘ලෙපා’ති ද්වෙ ලෙපා: තණ්හාලෙපො ච දිට්ඨිලෙපො ච. -පෙ- අයං තණ්හාලෙපො. -පෙ- අයං දිට්ඨිලෙපො. තස්ස තණ්හා ලෙපො පහීනො දිට්ඨිලෙපො පටිනිස්සට්ඨො; තණ්හාලෙපස්ස පහීනත්තා දිට්ඨිලෙපස්ස පටිනිස්සට්ඨත්තා අනුපලිත්තො අපායලොකෙ න ලිප්පති; මනුස්සලොකෙ න ලිප්පති; දෙවලොකෙ න ලිප්පති; ඛන්ධලොකෙ න ලිප්පති; ධාතුලොකෙ න ලිප්පති; ආයතනලොකෙ න ලිප්පති; න සංලිප්පති, න උපලිප්පති, අලිත්තො අසංලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති - න ලිප්පති ලොකෙ, අනත්තගරහීති ද්වීහි කාරණෙහි අත්තානං ගරහති: කතත්තා ච අකතත්තා ච. කථං කතත්තා ච අකතත්තා ච අත්තානං ගරහති? කතං මෙ කායදුච්චරිතං අකතං මෙ කායසුචරිතන්ති අත්තානං ගරහති. කතං මෙ වචීදුච්චරිතං කතං මෙ මනොදුච්චරිතං - කතො මෙ පාණාතිපාතො -පෙ- කතා මෙ මිච්ඡාදිට්ඨි, අකතා මෙ සම්මාදිට්ඨීති අත්තානං ගරහති. එවං කතත්තා ච අකතත්තා ච අත්තානං ගරහති. අථවා සීලෙසුම්හි න පරිපූරකාරීති අත්තානං ගරහති. ඉන්ද්රියෙසුම්හි අගුත්තද්වාරොති - භොජනෙම්හි අමත්තඤ්ඤූති ජාගරියම්හි අනනුයුත්තොති - න සතිසම්පජඤ්ඤෙනම්හි සමන්නාගතොති - අභාවිතා මෙ චත්තාරො සතිපට්ඨානාති - අභාවිතා මෙ චත්තාරො සම්මප්පධානාති - අභාවිතා මෙ චත්තාරො ඉද්ධිපාදාති - අභාවිතානි මෙ පඤ්චින්ද්රියානීති - අභාවිතානි මෙ පඤ්ච බලානීති - අභාවිතා මෙ සත්ත බොජ්ඣඞ්ගාති - අභාවිතො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගොති - දුක්ඛං මෙ අපරිඤ්ඤාතන්ති - දුක්ඛසමුදයො මෙ අප්පහීනොති - මග්ගො මෙ අභාවිතොති - නිරොධො මෙ අසච්ඡිකතොති අත්තානං ගරහති එවං කතත්තා ච අකතත්තා ච අත්තානං ගරහති. එවං අත්තගරහී කතං{2} කම්මං අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානො අනභිනිබ්බත්තයමානො අනත්තගරහීති - න ලිප්පති{1} ලොකෙ අනත්තගරහී.
Sinhala BJTන ලිප්පති ලෝකේ අනත්තගරහී - ‘ලෙප’ නම්: තෘෂ්ණාලේපය ද දෘෂ්ටිලෙපය දැයි ලෙපයෝ දෙදෙනෙකි: … මේ දෘෂ්ටිලෙපයයි; ඔහු විසින් තෘෂ්ණාලේපය ප්‍රහීණ යැ, දෘෂ්ටිලෙපය දුරලන ලද? තෘෂ්ණාලේපය ප්‍රහීණ බැවින් දෘෂ්ටිලෙපය දුරලූ බැවින් නො ඇලුණේ අපායලෝකයෙහි නො ඇලෙයි, මිනිස්ලොවැ නො ඇලෙයි, දෙව්ලොවැ නො ඇලෙයි, ස්කන්‍ධලෝකයෙහි නො ඇලෙයි, ධාතුලොකයෙහි නො ඇලෙයි, ආයතනලෝකයෙහි නො ඇලෙයි, නො තැවැරෙයි, හාත්පසින් නො ඇලෙයි, නො ඇලුණේ නො වැකුණේ නො තැවැරුණේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මුදුණේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්තව වෙසේ නුයි ‘න ලිප්පති ලෝකේ’ යනු වේ. අනත්තගරහී - දෙකරුණෙකින් තම හට ගරහයි: කළ හෙයින් හා නො කළ හෙයින් හා යැ; කිසෙයින් කළ හෙයින් හා නො කළ හෙයින් හා තමහට ගරහා ද යත්? ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, කායසුචරිතය නො කරන ලදැ’ යි තමහට ගරහයි, මා විසින් වාග්දුශ්චරිතය කරන ලද … මා විසින් මනෝදුශ්චරිතය කරන ලද … මා විසින් ප්‍රාණවධ කරන ලද … මා විසින් මිතථ්‍යාදෘෂ්ටිය කරන ලද … මා විසින් සම්‍යග්දෘෂ්ටිය නො කරන ලදැ’ යි තම හට ගරහයි, මෙසේ කළ හෙයින් හා නො කළ හෙයින් හා තම හට ගරහයි; නොහොත් ‘ශීලයෙහි පරිපූරකාරී නො වූයෙමි තම හට ගරහයි, ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇතියෙම් නො වීමි … බොජුන්හි පමණ දතුයෙම් නො වීමි … නිදි දරු කිරීමෙහි නො යෙදුනෙම් විමි … සිහිනුවණින් සමන්‍විත වූයෙම් නො වීමි … මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහ’යි - සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩන ලදහ’ යි - සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහ’ යි - පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩන ලදහ’ යි - පඤ්චබලයෝ නො වඩන ලදහයි - සප්තබෝධ්‍යඞ්ගයෝ නො වඩන ලදහයි - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩන ලදැයි - දුඃඛසත්‍යය මා විසින් අපරිඥාත යැ යි - දුඃඛසමුදය මා විසින් අප්‍රහීණ යැ යි - මාර්‍ගය මා විසින් අභාවිත යැ යි - නිරෝධය මා විසින් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැයි තම හට ගරහයි; මෙසේ කළ හෙයින් ද නො කළ හෙයින් ද තම හට ගරහයි, මෙසේ තම හට ගරහන සුලු වෙයි. ඒ මෙබඳු කර්‍මය නො කරනුයේ නො දනවනුයේ නූපදවනුයේ නො නිපදවනුයේ නො පහළ කරනුයේ තමහට නො ගරහනුයේ ‘න ලිප්පති ලෝකේ අනත්තගරහී’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බං න ඡන්දගූ නොපි නිවිස්සවාදී, ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො න ලිප්පති{1} ලොකෙ අනත්තගරහී”ති.
Sinhala BJT“පුබ්බාසවෙ හිත්වා -පෙ- න ලිප්පති ලෝකේ අනත්තගරහී” යී.
Pali BJT13. 20.
Sinhala BJT13. 20.
Pali BJTස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා, ස පන්නභාරො මුනි විප්පමුත්තො න කප්පියො නූපරතො න පත්ථියො (ඉති භගවා.)
Sinhala BJTඒ ක්‍ෂීණාස්‍රව තෙම යම් කිසි රූපාලම්බනයෙක් හෝ ශබ්දාලම්බනයෙක් හෝ ගන්‍ධරස ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙක් හෝ (ධර්‍මාලම්බනයෙක් හෝ වේ ද) ඒ සර්‍වධර්‍මයන්හි මරසෙන් වනසා සිටියේ වෙයි. ඒ රහත් තෙම බහාතැබූ බර ඇතියේ (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මිදුණේ තෘෂ්ණාදෘෂ්ටි කල්පය නො කෙරෙයි, උපරති සහිත ද නො වෙයි. තෘෂ්ණා රහිත වූයේත් වේ. (බුදුහු මෙසේ වදාළ සේකි.)
Pali BJTස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වාති - සෙනා වුච්චති මාරසෙනා, කායදුච්චරිතං මාරසෙනා, වචීදුච්චරිතං මාරසෙනා, මනොදුච්චරිතං මාරසෙනා, රාගො දොසො මොහො කොධො උපනාහො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසඞ්ඛාරා මාරසෙනා.
Sinhala BJTස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා - ‘සේනා’ යී මරසෙන් කියනු ලැබෙයි, කායදුශ්චරිතය මාරසෙන් යැ, වාග්දුශ්චරිතය - මනෝදුශ්චරිතය මාරසෙනා යැ, රාගය ද්වේෂය මෝහය ක්‍රෝධය උපනාහය මකුබව යුගග්‍රාහය ඉර්‍ෂ්‍යාය මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය ප්‍රමාදය සියලු කෙලෙස් සියලු දුසිරිත් සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ මාරසෙනා යි.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරන ලද මැය, භාග්‍යවතුන් විසින් :
Pali BJT1. “කාමා තෙ පඨමා සෙනා දුතියාඅරති{1} වුච්චති, තතියා ඛුප්පිපාසා තෙ චතුත්ථි තණ්හා පවුච්චති.
Sinhala BJT1. කාමයෝ තාගේ පළමුවැනි සේනාව යැ. දෙවැන්නී අරති යයි කියනු ලබයි. සාපවස් දෙක තාගේ තෙවැනි සේනාව යැ, සිවුවැන්නී තෘෂ්ණාව යයි කියනු ලබයි.
Pali BJT2. පඤ්චමී{2} ථිනමිද්ධං තෙ ඡට්ඨා භීරූ පවුච්චති, සත්තමී විචිකිච්ඡා තෙ මක්ඛො ථම්භො තෙ අට්ඨමා.{3}
Sinhala BJT2. ථීනමිද්ධය තාගේ පස්වැනි සේනාව යැ, සවැන්නී බියසුලු බව යයි කියනු ලබයි, විචිකිත්සාව තාගේ සත්වැනි සේනාව යැ, මකුබව හා තදබව තාගේ අටවැනි සෙනාවයි.