Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1400 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපරස්ස චෙ හි වචසා නිහීනොති - පරස්ස චෙ වාචාය වචනෙන නින්දිතකාරණා ගරහිතකාරණා උපවදිතකාරණා පරො බාලො හොති හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො{2} පරිත්තොති - පරස්ස චෙ හි වචසා නිහීනො.
Sinhala BJTපරස්ස චෙ හි වචසා නිහීනො - ඉදින් අන්‍යයාගේ වචනයෙන් භාෂිතයෙන් නින්දාහෙතුයෙන් අවමානහෙතුයෙන් උපවාදකාරණයෙන් අන්‍යයා බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් අහේතුකයෙක් අල්පයෙක් වේ නම් යී ‘පරස්ස චෙ හි වචසා නිහීනො’ යනු වේ.
Pali BJTතුමො සහා හොති නිහීනපඤ්ඤොති - සො පි තෙනෙව සහා හොති හීනපඤ්ඤො නිහීනපඤ්ඤො ඔමකපඤ්ඤො ලාමකපඤ්ඤො ඡත්තකපඤ්ඤො පරිත්තපඤ්ඤොති - තුමො සහා හොති නිහීනපඤ්ඤො.
Sinhala BJTතුමො සහා හොති නිහිනපඤ්ඤෙ - හෙතෙමේ ත් ඔහු සමග මැ හීනප්‍රඥා ඇත්තේ වෙයි, නිහීනප්‍රඥා ඇත්තේ අවමතප්‍රඥා ඇත්තේ ලාමක ප්‍රඥා ඇත්තේ අහෙතුකප්‍රඥා ඇත්තේ අල්ප වූ ප්‍රඥා ඇත්තේ වේ නුයි ‘තුමො සහා හොති නිහිනපඤ්ඤෙ’ යනු වේ.
Pali BJTඅථ චෙ සයං වෙදගූ හොති ධීරොති - අථ චෙ සයං වෙදගූ හොති ධීරො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවීති - අථ චෙ සයං වෙදගූ හොති ධීරො.
Sinhala BJTඅථ චෙ සයං වේදගු හොති ධීරො - යලි ඉදින් තෙමේ වේදාන්තයට පැමිණියේ වේ නම්, ධීර වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ වීමංසනප්‍රඥා ඇත්තේ තීරණප්‍රඥා ඇත්තේ වී නම් යී ‘අථ චෙ සයං වේදගු හොති ධීරො’ යනු වේ.
Pali BJTන කොචි බාලො සමණෙසු අත්ථිති - සමණෙසු න කොචි බාලො හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තො අත්ථි, සබ්බෙව සෙට්ඨපඤ්ඤා විසිට්ඨපඤ්ඤා පාමොක්ඛපඤ්ඤා උත්තමපඤ්ඤා පවරපඤ්ඤාති න කොචි බාලො සමණෙසු අත්ථි.
Sinhala BJTන කෝචි බාලො සමණෙසු අත්‍ථි - ශ්‍රමණයන් කෙරෙහි කිසි බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් ඡත්තකයෙක් පරිත්තයෙක් නැති. සියල්ලෝ මැ ශ්‍රෙෂ්ඨප්‍රඥා ඇත්තාහු විශිෂ්ඨප්‍රඥා ඇත්තාහු ප්‍රමුඛප්‍රඥා ඇත්තාහු උත්තමප්‍රඥා ඇත්තාහු ප්‍රවරප්‍රඥ ඇත්තාහු නුයි ‘න කෝචි බාලො සමණෙසු අත්‍ථි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පරස්ස චෙ හි වචසා නිහීනො තුමො සහා හොති නිහීනපඤ්ඤො, අථ චෙ සයං වෙදගූ හොති ධීරො න කොචි බාලො සමණෙසු අත්ථි”ති.
Sinhala BJT“පරස්ස චෙ හි -පෙ- න කෝචි බාලො සමණෙසු අත්‍ථි” යි.
Pali BJT12. 14.
Sinhala BJT12. 14.
Pali BJTඅඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලී තෙ,{1} එවම්පි තිත්ථ්යා පුථුසො වදන්ති සන්දිට්ඨිරාගෙන හි තෙ’භිරත්තා.{2}
Sinhala BJTයම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දහමක් (- දෘෂ්ටියක්) කියා නම්, අපරිපූර්‍ණ වූ ඔහු ශුද්ධිය වැරැද්දාහුය, මෙසේත් තීර්‍තථකයෝ බොහෝ දෘෂ්ටිවශයෙන් කියති, යම් හෙයකින් ඔවුහු ස්වකීය දෘෂ්ටිරාගයෙන් ඇලුණාහු ද එහෙයිනි.
Pali BJTඅඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලී තෙති - ඉතො අඤ්ඤං ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං යෙ අභිවදන්ති, තෙ සුද්ධිමග්ගං විසුද්ධිමග්ගං වොදාතමග්ගං පරියොදාතමග්ගං විරද්ධා අපරද්ධා ඛලිතා ගලිතා අඤ්ඤාය අපරද්ධා{3} අකෙවලී තෙති අසමත්තා තෙ අපරිපුණ්ණා තෙ හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා පරිත්තාති - අඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවඩී තෙ.{1}
Sinhala BJTඅඤ්ඤං ඉතො යාභිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලි තෙ - යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් කියත් නම්, ඔවුහු ශුද්ධිමාර්‍ගය විශුද්ධිමාර්‍ගය පරිශුද්ධිමාර්‍ගය පණ්ඩරමාර්‍ගය ප්‍රභාවත්මාර්‍ගය වැරැද්දාහුය පැරැද්දාහුය පිරිහුණාහුය ගිලිහුණාහුය නො දැන පරාජයට පැමිණියාහුය; අකෙවලි තෙ - ඔවුහු අසමස්තයෝ යැ, ඔවුහු අපරිපූර්‍ණයෝ යැ, හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්තක වූවාහු නුයි ‘අඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලි තෙ’ යනු වේ.
Pali BJTඑවම්පි තිත්ථ්යා පුථුසො වදන්තීති - ‘තිත්ථං’ වුච්චති දිට්ඨිගතං, තිත්ථියා වුච්චන්ති දිට්ඨිගතිකා; පුථු තිත්ථියා{4} පුථු දිට්ඨිගතානි වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - එවම්පි තිත්ථ්යා පුථුසො වදන්ති.
Sinhala BJTඑවමපි තිත්ථ්‍යා පුථුසො වදන්ති - ‘තිත්ථ’ යි දෘෂ්ටිගතය කියනු ලැබෙයි, දෘෂ්ටිගතිකයෝ ‘තිත්ථිය’ යි කියනු ලැබෙත්, බොහෝ දෘෂ්ටිගතිකයෝ නානා දෘෂ්ටිගතයන් පවසති කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘එවමපි තිත්ථ්‍යා පුථුසො වදන්ති’ යනු වේ.
Pali BJTසන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තාති - සකාය දිට්ඨියා දිට්ඨිරාගෙන රත්තා අභිරත්තාති - සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා.
Sinhala BJTසන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා - ස්වකීය දෘෂ්ටියෙහි දෘෂ්ටිරාගයෙන් රැඳුණාහු වෙසෙසින් රැඳුනණාහු නුයි ‘සන්දිටඨිරාගෙන හි තෙභිරත්තා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අඤ්ඤං ඉතො යා’භිවදන්ති ධම්මං අපරද්ධා සුද්ධිමකෙවලී තෙ, එවම්පි තිත්ථ්යා පුථුසො වදන්ති සන්දිට්ඨිරාගෙන හි තෙ’භිරත්තා’ති.
Sinhala BJT“අඤ්ඤං ඉතො -පෙ- සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා” යි.
Pali BJT12. 15.
Sinhala BJT12. 15.
Pali BJTඉධෙව සුද්ධිං ඉති{5} වාදයන්ති{6} නාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහු, එවම්පි තිත්ථ්යා පුථුසො නිවිට්ඨා සකායනෙ තත්ථ දළ්හං වදානා.
Sinhala BJTමෙසේ (අභිරක්ත වූ තීර්‍තථකයෝ) මෙහි ම ශුද්ධිය කියති, අන්‍යධර්‍මයන්හි විශුද්ධිය නො කියත්; මෙසේ ත් ස්වකීය මාර්‍ගයෙහි බොහෝ සෙයින් බැසගත් තීර්‍තථකයෝ ඒ ස්ව ලබ්ධියෙහි දෘඪවාද ඇත්තාහු වෙත්.
Pali BJTඉධෙව සුද්ධිං ඉති වාදයන්තීති - ඉධ සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති ඉධ සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; ‘අසස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති ඉධ සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති.
Sinhala BJTඉධෙව සුද්ධිං ඉති වාදයන්ති - මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්: ‘ශාශ්වත යැ ලෝකය, මෙය මැ සැබව, අන්‍යය මෝඝ යැයි මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබව, අන්‍යයසිස් යැ’යි මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති’ යනු වේ.
Pali BJTනාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහූති - අත්තනො සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං මග්ගං ඨපෙත්වා සබ්බෙ පරවාදෙ ඛිපන්ති උක්ඛිපන්ති පරික්ඛිපන්ති: සො සත්ථා න සබ්බඤ්ඤූ, ධම්මො න ස්වාක්ඛාතො, ගණො න සුප්පටිපන්නො, දිට්ඨි න භද්දිකා, පටිපදා න සුපඤ්ඤත්තා, මග්ගො න නිය්යාණිකො, නත්ථ‘ත්ථ සුද්ධි වා විසුද්ධි වා පරිසුද්ධි වා මුත්ති වා විමුත්ති වා පරිමුත්ති වා; නත්ථෙත්ථ සුජ්ඣන්ති වා විසුජ්ඣන්ති වා පරිසුජ්ඣන්ති වා මුච්චන්ති වා විමුච්චන්ති වා පරිමුච්චන්ති වා; හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා{1} පරිත්තාති, එවමාහංසු එවං කථෙන්ති එවං භණන්ති එවං දීපයන්ති එවං වොහරන්තීති - නාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහු.
Sinhala BJTනාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු - තමාගේ ශාස්තෘහු ධර්‍මාඛ්‍යානය ගණයා දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය හැර සියලු පරවාදයන් දුරු කෙරෙති, බැහැර කෙරෙති, විසුරුවත්: ‘ඒ ශාස්තෘ අසර්‍වඥ යැ, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය සොඳුරු නො වෙයි, ප්‍රතිපදාව සුප්‍රඥප්ත නොවෙයි මාර්‍ගය නෛර්‍ය්‍යාණික නොවෙයි එහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හෝ නැත, එහි (සත්ත්‍වයෝ) ශුද්ධ - විශුද්ධ පරිශුද්ධ හෝ නො වෙති, මුක්ත - විමුක්ත - පරිමුක්ත හෝ වන්නාහු නැති, හීනයෝ යැ නිහීනයෝ යැ ඔමකයෝ යැ ලාමකයෝ යැ ඡත්තකයෝ යැ පරිත්තයෝ යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘නාඤ්ඤෙසු ධම්මේසු විසුද්ධිමාහු’ යනු වේ.
Pali BJTඑවම්පි තිත්ථ්යා පුථුසො නිවිට්ඨාති - තිත්ථං වුච්චති දිට්ඨිගතං; තිත්ථියා වුච්චන්ති දිට්ඨිගතිකා පුථු තිත්ථියා පුථු දිට්ඨිගතෙසු නිවිට්ඨා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති - එවම්පි තිත්ථ්යා පුථුසො නිවිට්ඨා.
Sinhala BJTඑවම්පි තිත්ථ්‍යා පුථුසො නිවිට්ඨා - ‘තිත්ථං’ යි දෘෂ්ටිගතය කියනු ලැබෙයි, තිත්ථියා’ යී දෘෂ්ටිගතිකයෝ කියනු ලැබෙත්; බොහෝ තීර්‍තථකයෝ බොහෝ දෘෂ්ටිගතයන්හි පිවිසියාහු ඇලුණාහු පැමිණියාහු ඇතුළු වූවාහු බැසගත්තාහු නුයි ‘එවම්පි තිත්ථ්‍යා පුථුසො නිවිට්ඨා’ යනු වේ.
Pali BJTසකායනෙ තත්ථ දළ්හං වදානාති - ධම්මො සකායනං, දිට්ඨි සකායනං පටිපදා සකායනං, මග්ගො සකායනං, සකායනෙ දළ්හවාදා ථිරවාදා බලිකවාදා අවට්ඨිතවාදාති - සකායනෙ තත්ථ දළ්හං වදානා.
Sinhala BJTසකායෙන තත්‍ථ දළ්හං වදාතා - ධර්‍මය ස්වකීය මාර්‍ග යැ, දෘෂ්ටිය ස්වකීය මාර්‍ග යැ, ප්‍රතිපදාව ස්වකීය මාර්‍ග යැ, මාර්‍ගය ස්වකීය මාර්‍ග යැ ස්වකීය මාර්‍ගයෙහි දැඩි වාද ඇත්තාහු ස්ථිරවාද ඇත්තාහු බලවත් වාද ඇත්තාහු පිහිටා කියන ලද වාද ඇත්තාහු නුයි. ‘සකායෙන තත්‍ථ දළ්හං වදාතා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඉධෙව සුද්ධිං ඉති වාදයන්ති නාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහු, එවම්පි තිත්ථ්යා පුථුසො නිවිට්ඨා සකායනෙ තත්ථ දළ්හං වදානා”ති.
Sinhala BJT“ඉධෙව සුද්ධිං ඉති -පෙ- සකායෙන තත්‍ථ දළ්හං වදාතා” යි.
Pali BJT12. 16.
Sinhala BJT12. 16.
Pali BJTසකායනෙ වාපි දළ්හං වදානො කං කත්ථ{2} බාලොති පරං දහෙය්ය, සයං‘ව සො මෙධගමාවහෙය්ය{3} පරං වදං බාලමසුද්ධිධම්මං.
Sinhala BJTතවද ස්වකීය දෘෂ්ටිමාර්‍ගයෙහි මැ දැඩිව කියන්නාවූ තීර්‍ත්‍ථක තෙම ඒ ස්වකීය මාර්‍ගයෙහි ලා අන්‍ය වූ කවරක්හු බාල යැයි දක්වන්නේ ද, හෙතෙම අන්‍යයා බාලයක්හු කොට අශුද්ධිධර්‍ම ඇත්තක්හු කොට කියනුයේ තෙමේ මැ කලහය එළවන්නේ යි.
Pali BJTසකායනෙ වාපි දළ්හං වදානොති - ධම්මො සකායනං, දිට්ඨි සකායනං, පටිපදා සකායනං, මග්ගො සකායනං සකායනෙ දළ්හවාදො ථිරවාදො බලිකවාදො අවට්ඨිතවාදොති - සකායනෙ වාපි දළ්හං වදානො.
Sinhala BJTසකායනෙ වාපි දළ්හං වදානො - ධර්‍මය ස්වකීය මාර්‍ග යැ, දෘෂ්ටිය ස්වමාර්‍ග යැ, ප්‍රතිපදාව ස්වමාර්‍ග යැ මාර්‍ගය ස්වමාර්‍ග යැ ස්වකීය දෘෂ්ටිමාර්‍ගයෙහි දැඩි වාද ඇත්තේ ස්ථිරවාද ඇත්තේ බලවත් වාද ඇත්තේ පිහිටා කියන ලද වාද ඇත්තේ නුයි ‘සකායතෙ වාපි දළ්හං වදානො’ යනු වේ.
Pali BJTකං තත්ථ බාලොති පරං දහෙය්යාති - තත්ථාති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා පරං බාලතො හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො කං දහෙය්ය? කං පස්සෙය්ය? කං දක්ඛෙය්ය? කං ඔලොකෙය්ය? කං නිජ්ඣායෙය්ය? කං උපපරික්ඛෙය්යාති - කං තත්ථ බාලොති පරං දහෙය්ය.
Sinhala BJTකං තත්‍ථ බාලොති පරං දහෙය්‍ය - ‘තත්‍ථ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි බාල හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් අන්‍ය වූ කවරක්හු සලකන්නේ ද, කවරක්හු බලන්නේ ද කවරක්හු දක්නේ ද කවරක්හු අවලොකනය කරන්නේ ද, කවරක්හු සිතන්නේ ද, කවරක්හු විමසන්නේ දැයි ‘කං තත්‍ථ බාලොති පරං දහෙය්‍ය’ යනු වේ.
Pali BJTසයංව සො මෙධගමාවහෙය්ය පරං වදං බාලමසුද්ධිධම්මන්ති - පරො බාලො හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තො අසුද්ධිධම්මො අවිසුද්ධිධම්මො අපරිසුද්ධිධම්මො අවොදාතධම්මොති එවං වදන්තො එවං කථෙන්තො එවං භණන්තො එව දීපයන්තො එවං වොහරන්තො සයමෙව කලහං භණ්ඩනං විග්ගහං විවාදං මෙධගං ආවහෙය්ය සමාවහෙය්ය ආහරෙය්ය සමාහරෙය්ය ආකඩ්ඪෙය්ය සමාකඩ්ඪෙය්ය ගණ්හෙය්ය{1} පරාමසෙය්ය අභිනිවිසෙය්යාති - සයංව සො මෙධගමාවහෙය්ය පරං වදං බාලමසුද්ධිධම්මං.
Sinhala BJTසයං ව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද්ධිධම්මං - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ ඔමක යැ ලාමක යැ ඡත්තක යැ පරිත්ත යැ ආශුද්ධිධර්‍ම ඇත්තේ යැ අවිශුද්ධිධර්‍ම ඇත්තේ යැ අපරිශුද්ධිධර්‍ම ඇත්තේ යැ අනවදාතධර්‍ම ඇත්තේ යැ’ යි මෙසේ පවසනුයේ මෙසේ කියනුයේ මෙසේ බණනුයේ මෙසේ දක්වනුයේ මෙසේ වහරනුයේ තෙමේ මැ කලහය භණ්ඩනය විග්‍රහය විවාදය මෙධගය එළවන්නේය මොනවට එළවන්නේය, හැර ගන්නේය මොනවට හැරගන්නේය, අදින්නේය මොනවට අදින්නේය, ගන්නේය, දැහැගන්නේය, පිහිටාගන්නේ නුයි ‘සයං ව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද්ධිධම්මං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සකායනෙ වාපි දළ්හං වදානො කං කත්ථ{2} බාලොති පරං දහෙය්ය, සයං’ව සො මෙධගමාවහෙය්ය පරං වදං බාලමසුද්ධිධම්ම”න්ති.
Sinhala BJT“සකායනෙ වාපි -පෙ- පරං වදං බාලමසුද්ධි ධම්මං” යි.
Pali BJT12. 17.
Sinhala BJT12. 17.
Pali BJTවිනිච්ඡයෙ ඨත්වා සයං පමාය උද්ධං සො{2} ලොකස්මිං විවාදමෙති, හිත්වාන සබ්බානි විනිච්ඡයානි න මෙධගං{3} කුරුතෙ{4} ජන්තු ලොකෙ.
Sinhala BJTහෙතෙම ලබ්ධිවිනිශ්චයෙහි සිට තෙමේ මැ (ශාස්තෘ ආදිය) ප්‍රමාණ කොට ගෙන ලෝකයෙහි බොහෝ සෙයින් (- මතුමත්තෙහි) විවාදයට පැමිණෙයි. (මෙසේ ලබ්ධියෙහි දෝෂ දුටු) පුද්ගල තෙමෙ සියලු දෘෂ්ටිවිනිශචයන් හැරපියා ලෝකයෙහි කලහ නො කරන්නේ යි.
Pali BJTවිනිච්ඡයෙ ඨත්වා සයං පමායාති - ‘විනිච්ඡයා: වුච්චන්ති ද්වාසට්ඨි දිට්ඨිගතානි; විනිච්ඡයදිට්ඨියා ඨත්වා පතිට්ඨහිත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වාති විනිච්ඡයෙ ඨත්වා; සයං පාමායාති සයං පමාය පමිණිත්වා{5} අයං සත්ථා සබ්බඤ්ඤූ’ති සයං පමාය පමිණිත්වා අයං ධම්මො ස්වාක්ඛාතො, අයං ගණො සුපටිපන්නො, අයං දිට්ඨි භද්දිකා, අයං පටිපදා සුපඤ්ඤත්තා, අයං මග්ගො නීයානිකො’ති සයං පමාය පමිණිත්වාති - විනිච්ඡයෙ ඨත්වා සයං පමාය.
Sinhala BJTවිනිච්ඡයෙ ඨත්වා සයං පමාය - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති, විනිශ්චයදෘෂ්ටියෙහි සිට පිහිටා ගෙන දැහැගෙන පිවිසගෙන නුයි ‘විනිච්ඡයෙ ඨත්වා’ යනු වේ; සයං පමාය - ‘මේ ශාස්තෘ සර්‍වඥ ය’ යි හෙතෙම මැනැ පමණ කොට, ‘මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ’යි තෙමේ මැනැ පමණ කොට, ’මේ ගණයා සුප්‍රතිපන්න යැ’ මෝ දෘෂ්ටිය භද්‍ර යැ ‘මෝ ප්‍රතිපදාව සුප්‍රඥප්ත’ යැ, ‘මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’යි තෙමේ මැනැ පමණ කොට නුයි ‘විනිච්ඡයෙ ඨත්වා සයං පමාය’ යනු වේ.
Pali BJTඋද්ධං සො ලොකස්මිං විවාදමෙතීති - ‘උද්ධං’{1} වුච්චති අනාගතං අත්තනො වාදං උද්ධං ඨපෙත්වා සයමෙව කලහං භණ්ඩනං විග්ගහං විවාදං මෙධගං එති උපෙති උපගච්ඡති ගණ්හාති පරාමසති අභිනිවිසතීති එවම්පි - උද්ධං සො ලොකස්මිං විවාදමෙති. අථවා අඤ්ඤෙන උද්ධං වාදෙන සද්ධිං කලහං කරොති භණ්ඩනං කරොති විග්ගහං කරොති විවාදං කරොති මෙධගං කරොති: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති එවම්පි - උද්ධං සො ලොකස්මිං විවාදමෙති.
Sinhala BJTඋද්ධං සො ලෝකස්මිං විවාදමෙති - ‘උද්ධං’ යී අනාගතය කියනු ලැබෙයි, තමා ගේ වාදය මතුයෙහි තබා තෙමේ මැ කලහ - භණ්ඩන - විග්‍රහ - විවාද - මෙධගයට එයි පැමිණෙයි එළැඹෙයි, ග්‍රහණය කෙරෙයි පරාමර්‍ෂ කෙරෙයි අභිනිවේශය කෙරේ නුයි මෙසේ ත් - ‘උද්ධං සො ලෝකස්මිං විවාදමෙති’ යනු වේ; නොහොත් තමා මතුයෙහි ලා කථා කරන අනෙකක්හු සමග කලහ කෙරෙයි, ඩබර කෙරෙයි, විග්‍රහ කෙරෙයි, විවාද කෙරෙයි, මෙධග කෙරෙයි: ‘තෝ මේ ධර්‍මවිනය නො දන්නෙහි … නොහොත් ඉදින් පොහෝනෙහි නම් (තමා) මුදාගතැ’ යි මෙසේත් ‘උද්ධං සො ලෝකස්මිං විවාදමෙති’ යනු වේ.
Pali BJTහිත්වාන සබ්බානි විනිච්ඡයානීති - විනිච්ඡයා වුච්චන්ති ද්වාසට්ඨිදිට්ඨිගතානි; දිට්ඨිවිනිච්ඡයා සබ්බෙ විනිච්ඡයෙ{2} හිත්වා චජිත්වා පරිච්චජිත්වා ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති - හිත්වාන සබ්බානි විනිච්ඡයානි.
Sinhala BJTහිත්වාන සබ්බානි විනිච්ඡයානි - ‘විනිච්ඡය’ යි ද ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති; දෘෂ්ටිවිනිශචයයන් සියලු දෙසැට දෘෂ්ටීන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට බැහැර කොට දුරු කොට නසා විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘හිත්වාන සබ්බානි විනිච්ඡයානි’ යනු වේ.
Pali BJTන මෙධගං කුරුතෙ ජන්තු ලොකෙති - න කලහං කරොති’ න භණ්ඩනං කරොති, න විග්ගහං කරොති, න විවාදං කරොති, න මෙධගං කරොති, වුත්තං හෙතං භගවතා: “එවං විමුත්තචිත්තො ඛො අග්ගිවෙස්සන භික්ඛු න කෙන චි සංවදති, න කෙන චි විවදති, යඤ්ච ලොකෙ වුත්තං, තෙන ච වොහරති අපරාමස”න්ති{a} ජන්තූති සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගු{3} ජන්තු ඉන්දගු{4} මනුජො; ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - න මෙධගං කුරුතෙ ජන්තු ලොකෙති.
Sinhala BJTන මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ - කලහ නො කෙරෙයි, ඩබර නො කෙරෙයි, විග්‍රහ නො කෙරෙයි, විවාද නො කෙරෙයි, මෙධග නො කෙරෙයි; මේ වදාළේ මැයි; භාග්‍යවතුන් විසින් - “ගිනිවෙස්න, මෙසේ මිදුණු සිත් ඇති මහණ තෙම කිසිවක්හු සමග සංවාද නො කෙරෙයි, කිසිවක්හු සමග විවාද නො කෙරෙයි, තවද ලෝකයෙහි යමක් කියන ලද නම්, දැඩිව නො ගනිමින් එයින් ව්‍යවහාර කෙරේ යැ” යි ජන්තු යනු: සත්ත්‍ව - නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජ තෙම; ලෝකේ යනු: අපායලෝකයෙහි … ආයතනලෝකයෙහි නුයි ‘න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“විනිච්ඡයෙ ඨත්වා සයං පමාය උද්ධං සො ලොකස්මිං විවාදමෙති, හිත්වාන සබ්බානි විනිච්ඡයානි න මෙධගං කුරුතෙ ජන්තු ලොකෙති”.
Sinhala BJT“විනිච්ඡයෙ ඨත්වා -පෙ- න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ” යි.
Pali BJTචූලවියූහසුත්තනිද්දෙසො සමත්තො ද්වාදසමො.
Sinhala BJTදොළොස්වැනි ‘චූලවියූහ’ සූත්‍රනිර්දේශය සමාප්ත යි.
Pali BJT13.
Sinhala BJT13.
Pali BJTමහාවියූහසුත්තනිද්දෙසො.
Sinhala BJTමහාවියූහසූත්‍රනිර්දේශය
Pali BJTඅථ මහාවියූහසුත්තනිද්දෙසො වුච්චති.
Sinhala BJTඉක්බිති ‘මහාවියුහ’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
Pali BJT13. 1.
Sinhala BJT13. 1.
Pali BJTයෙ කෙචි’මෙ දිට්ඨිපරිබ්බසානා ඉදමෙව සච්චන්ති ච වාදයන්ති,{5} සබ්බෙව තෙ නින්දමන්වානයන්ති අථො පසංසම්පි ලභන්ති තත්ථ.
Sinhala BJTස්වකීය දෘෂ්ටිය දැඩි වැ ගෙන වසන්නාවූ යම් කිසි මහණබමුණු කෙනෙක් ‘මේ (අපගේ ලබ්ධිය) මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි ද කියත් නම්, ඔහු සියල්ලෝ මැ (තමන් වෙන) නින්‍දාව පුනපුනා එළවත් ද? නොහොත් ඒ දෘෂ්ටි නිමිති කොට ගෙන ප්‍රශංසාත් ලබත් ද?
Pali BJTයෙ කෙචි’මෙ දිට්ඨිපරිබ්බසානාති - ‘යෙ කෙචී’ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං ‘යෙ කෙචී’ති. දිට්ඨිපරිබ්බසානාති සන්තෙකෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා. තෙ ද්වාසට්ඨියා දිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා සකාය සකාය දිට්ඨියා වසන්ති සංවසන්ති ආවසන්ති පරිවසන්ති. යථා අගාරිකා වා ඝරෙසු වසන්ති, සාපත්තිකා වා ආපත්තීසු වසන්ති, සකිලෙසා වා කිලෙසෙසු වසන්ති, එවමෙවං සන්තෙකෙ -පෙ- පරිවසන්තීති ‘යෙ කෙචි’ මෙ දිට්ඨි පරිබ්බසානා.’
Sinhala BJTයෙ කෙචි මෙ දිට්ඨිපරිබ්බසානා - ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි, තෙල වචනයෙකි, තෙල ‘යෙ කෙචි’ යනු; දිට්ඨිපරිබ්බසානා - දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔවුහු දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටිගතයක් ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිවිසගෙන තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙති මොනොවට වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත්. යම්සේ ගෙහිමියෝ හෝ ගෙවල වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එපරිද්දෙන් ඇතැම් මහණබමුණු කෙනෙක් … හාත්පසින් වෙසෙත් නුයි ‘යෙ කෙචි මෙ දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
Pali BJTඉදමෙව සච්චන්ති ච වාදයන්තීති - ‘සස්සතො ලොකො’ ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති ‘අසස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - ඉදමෙව සච්චන්ති ච වාදයන්ති.
Sinhala BJTඉදමෙව සච්චනති ච වාදයන්ති - ‘ශාශ්වත යැ ලෝකය, මෙය මැ සැබැව අන්‍යය මෝඝ යැ’ යි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය … සත්ත්‍වයා මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි. මෙය මැ සැබැව අන්‍යය මෝඝ යැ’ යි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉදමෙව සච්චනති ච වාදයන්ති’ යනු වේ.
Pali BJTසබ්බෙව තෙ නින්දමන්වානයන්තීති - සබ්බෙව තෙ සමණබ්රාහ්මණා නින්දමෙව අන්වෙන්ති, ගරහමෙව අන්වෙන්ති, අකිත්තිමෙව අන්වෙන්ති, සබ්බෙ නින්දිතායෙව හොන්ති, ගරහිතායෙව හොන්ති අකිත්තිතා යෙව හොන්තීති - සබ්බෙව තෙ නින්දමන්වානයන්ති.
Sinhala BJTසබ්බේව තෙ නින්දමන්වානයන්ති - ඒ සියලු මැ මහණබමුණෝ නින්‍දාවට ම පැමිණෙති, ගර්‍හාවට ම, පැමිණෙති අකිර්‍තතියට ම පැමිණෙති, සියල්ලෝ නිගා කරන ලද්දාහු ම වෙති, ගරහන ලද්දාහු ම වෙති, අවමන් කරන ලද්දාහු ම වෙත් නුයි ‘සබ්බේව තෙ නින්දමන්වානයන්ති’ යනු වේ.
Pali BJTඅථො පසංසම්පි ලභන්ති තත්ථාති - තත්ථ සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා පසංසං ථොමනං කිත්තිං වණ්ණහාරිකං{1} ලභන්ති පටිලභන්ති උපගච්ඡන්ති වින්දන්තීති - අථො පසංසම්පි ලභන්ති තත්ථ.
Sinhala BJTඅථො පසංසමපි ලභන්ති තත්‍ථ - එහි ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි ප්‍රශංසාව ස්තුතිය කීර්තිය ගුණ වැඩීම ලබති පිළිලබති පැමිණෙති විඳිත් නුයි ‘අථො පසංසම්පි ලභන්ති තත්‍ථ’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑයින් කීහ ඒ මැවුණු බුදුහු:
Pali BJT“යෙ කෙචි ‘මෙ දිට්ඨිපරිබ්බසානා ඉදමෙව සච්චන්ති ච වාදයන්ති, සබ්බෙව තෙ නින්දමන්වානයන්ති අථො පසංසම්පි ලභන්ති තත්ථා”ති.
Sinhala BJT“යෙ කෙචි මෙ -පෙ- අථො පසංසමපි ලභන්ති තත්‍ථ” යී.
Pali BJT13. 2.
Sinhala BJT13. 2.
Pali BJTඅප්පඤ්හි එතං න අලං{2} සමාය දුවෙ විවාදස්ස ඵලානි බ්රූමි, එතම්පි දිස්වා න විවාදයෙථ ඛෙමාභිපස්සං අවිවාදභූමිං.{3}
Sinhala BJTතෙල ප්‍රශංසා සඞ්ඛ්‍යාත වාදඵලය අල්ප මැ ය. (රාගාදීන්ගේ) සන්හිඳීම පිණිස සමර්‍ත්‍ථ නො වේ. විවාදයාගේ (ජය - පරාජයාදි) ඵල දෙකක් කියමි. (විවාදයාගේ) තෙල ආදීනවය ද දැක, අවිවාදභූමි සඞ්ඛ්‍යාත නිවන ක්‍ෂේම යයි දක්මින් විවාද නො කරන්නේ යි.
Pali BJTඅප්පඤ්හි එතං න අලං සමායාති - ‘අප්පඤ්හි එත’න්ති අප්පකං එතං, ඔමකං එතං, ථොකං එතං, ලාමකං එතං, ඡත්තකං එතං, පරිත්තකං එතන්ති - අප්පඤ්හි එතං; න අලං සමායාති නාලං රාගස්ස සමාය දොසස්ස සමාය මොහස්ස සමාය කොධස්ස උපනාහස්ස මක්ඛස්ස පළාසස්ස ඉස්සාය මච්ඡරියස්ස මායාය සාඨෙය්යස්ස ථම්භස්ස සාරම්භස්ස මානස්ස අතිමානස්ස මදස්ස පමාදස්ස සබ්බකිලෙසානං සබ්බදුච්චරිතානං සබ්බපරිළාහානං සබ්බසන්තාපානං සබ්බාකුසඩලාභිසඞ්ඛාරානං සමාය උපසමාය වූපසමාය නිබ්බානාය{4} පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියාති - අප්පඤ්හි එතං න අලං සමාය.
Sinhala BJTඅප්පඤහි එතං න අලං සමාය - ‘අප්පඤහි එතං’ යනු: තෙල අල්ප යැ, තෙල පහත් යැ, තෙල මඳ යැ, තෙල පවිටු යැ, තෙල අහේතුක යැ, තෙල පරිත්ත නුයි ‘අප්පඤහි එතං’ යනු වේ. න අලං සමාය - රාගයාගේ ශමනයට ද්වේෂයාගේ ශමනයට මෝහයාගේ ශමනයට ක්‍රෝධ - උපනාහ මක්ඛ පලාස - ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍ය - මායා - සාඨෙය්‍ය - ස්තම්භ - සංරම්භ - මාන - අතිමාන - මද - ප්‍රමාදයාගේ සියලු කෙලෙසුන්ගේ සියලු දුශ්චරිතයන්ගේ සියලු දරථයන්ගේ සියලු පරිදාහයන්ගේ සියලු සන්තාපයන්ගේ සියලු අකුශලාභිසංස්කාරයන්ගේ ශමනයට උපශමනයට සන්හිඳුවීමට අමාමහනිවනට (මාර්‍ගයෙන්) කෙලෙසුන් දුරලීමට (ඵලයෙන්) අනුත්පාදනිරොධයට සමර්‍ත්‍ථ නො වේ නුයි ‘අප්පඤහි එතං න අලං සමාය’ යනු වේ.
Pali BJTදුවෙ විවාදස්ස ඵලානි බ්රූමීති - දිට්ඨිකලහස්ස දිට්ඨිභණ්ඩනස්ස දිට්ඨිවිග්ගහස්ස දිට්ඨිවිවාදස්ස දිට්ඨිමෙධගස්ස ද්වෙ ඵලානි හොන්ති; ජයපරාජයො හොති, ලාභාලාභො හොති, යසායසො හොති, නින්දාපසංසා හොති, සුඛදුක්ඛං හොති, සොමනස්සදොමනස්සං හොති, ඉට්ඨානිට්ඨං හොති, අනුනයපටිඝං හොති, උග්ඝාතිනිග්ඝාති හොති, අනුරොධවිරොධො හොති; අථ වා තං කම්මං නිරයසංවත්තනිකං තිරච්ඡානයොනිසංවත්තනිකං පෙත්තිවිසයසංවත්තනිකන්ති බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති - දුවෙ විවාදස්ස ඵලානි බ්රූමි.
Sinhala BJTදුවෙ විවාදස්ස ඵලානි බ්‍රෑමි - දෘෂ්ටිකලහයාගේ දෘෂ්ටිභණ්ඩනයාගේ දෘෂ්ටිවිග්‍රහයාගේ දෘෂ්ටිවිවාදයාගේ දෘෂ්ටිමෙධගයාගේ ඵල දෙකෙක් වෙති; ජය - පරාජය වෙයි, ලාභ - අලාභවෙයි, යශස් - අයශස් වෙයි, නින්‍දා - ප්‍රශංසා වෙයි, සුව - දුක් වෙයි, සොම්නස් - දොම්නස් වෙයි, ඉටු - අනිටු වෙයි, අනුනය - ප්‍රතිඝ වෙයි, අනුග්‍රහ - නිග්‍රහ වෙයි, ස්නෙහ - කෝප වේ; නොහොත් ඒ කර්‍මය නිරයෙහි ඉපදීම පිණිස පවත්නේය, තිරිසන්යොන්හි ඉපදීම පිණිස පවත්නේය, ප්‍රේතවිෂයෙහි ඉපදීම පිණිස පවත්නේ යැ’ යි කියමි පවසමි පනවමි පිහිටුවමි, විවරණ කෙරෙමි, විභාග කෙරෙමි, ප්‍රකට කෙරෙමි, ප්‍රකාශ කෙරෙමි නුයි ‘දුවෙ විවාදස්ස ඵලානි බ්‍රෑමි’ යනු වේ.
Pali BJTඑතම්පි දිස්වා න විවාදයෙථාති - ‘එතම්පි දිස්වා’ති එතං ආදීනවං දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා දිට්ඨිකලහෙසු දිට්ඨිභණ්ඩනෙසු දිට්ඨිවිග්ගහෙසු දිට්ඨිවිවාදෙසු දිට්ඨිමෙධගෙසූති එතම්පි දිස්වා; න විවාදයෙථාති න කලහං කරෙය්ය, න භණ්ඩනං කරෙය්ය, න විග්ගහං කරෙය්ය, න විවාදං කරෙය්ය, න මෙධගං කරෙය්ය, කලහං භණ්ඩනං විග්ගහං විවාදං මෙධගං පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය, කලහා භණ්ඩනා විග්ගහා විවාදා මෙධගා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - එතම්පි දිස්වා න විවාදයෙථ.
Sinhala BJTඑතම්පි දිස්වා න විවාදයෙථ - ‘එතම්පි දිස්වා’ යනු : තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට ද දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩනයන්හි දෘෂ්ටිවිග්‍රහයන්හි දෘෂ්ටිවිවාදයන්හි දෘෂ්ටිමෙධගයන්හි නුයි ‘එතම්පි දිස්වා’ යනු වේ. න විවාදයෙථ - කලහ නො කරන්නේය, ඩබර නොකරන්නේය විග්‍රහ නො කරන්නේය, විවාද නො කරන්නේය, මෙධග නො කරන්නේය, කලහ භණ්ඩන විග්‍රහ විවාද මෙධග හරනේය, දුරුකරන්නේය විගතාන්ත කරන්නේය, අනභාවයට පමුණුවන්නේය, කලහයෙන් භණ්ඩන - විග්‍රහ - විවාද - මෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන්වූයේ නික්මැගියේ බැහැරි වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ වන්නේය, විගතමර්‍ය්‍යා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා න විවාදයෙථ’ යනු වේ.
Pali BJTඛෙමාභිපස්සං අවිවාදභූමින්ති - අවිවාදභූමිං වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං; එතං අවිවාදභූමිං ඛෙමතො තාණතො ලෙනතො සරණතො අභයතො අච්චුතතො අමතතො නිබ්බානතො පස්සන්තො දක්ඛන්තො ඔලොකෙන්තො නිජ්ඣායන්තො උපපරික්ඛන්තොති - ඛෙමාභිපස්සං අවිවාදභූමිං.
Sinhala BJTඛෙමාභිපස්සං අවිවාදභූමිං - ‘අවිවාදභූමි’ යී අමාමහනිවන කියනු ලැබෙයි: යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂණාක්ෂයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි, තෙල අවිවාද භූමිය ක්‍ෂේම හෙයින් ත්‍රාණ හෙයින් ලෙන හෙයින් සරණ හෙයින් අභය හෙයින් අච්‍යුත හෙයින් අමෘත හෙයින් නිර්‍වාණ හෙයින් බලනුයේ දක්නේ අවලොකනය කරනුයේ සිතනුයේ විමසනුයේ නුයි ‘ඛෙමාභිපස්සං අවිවාදභූමිං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අප්පඤ්හි එතං න අලං සමාය දුවෙ විවාදස්ස ඵලානි බ්රූමි, එතම්පි දිස්වා න විවාදයෙථ ඛෙමාභිපස්සං අවිවාදභූමි”න්ති.
Sinhala BJT“අප්පඤහි එතං -පෙ- ඛෙමාභිපස්සං අවිවාදභූමිං” යී.
Pali BJT13. 3.
Sinhala BJT13. 3.
Pali BJTයා කාචිමා සම්මුතියො පුථුජ්ජා සබ්බාව එතා න උපෙති විද්වා, අනුපයො සො උපයං කිමෙය්ය{1} දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො.{2}
Sinhala BJTපුහුදුනුවන් කෙරෙන් පහළ වූ යම් කිසි දෘෂ්ටි කෙනෙක් වෙත් ද, විද්වද් තෙමේ තෙල සියලු මැ දෘෂ්ටීන්ට නො පැමිණෙයි. (තෘෂ්ණා දෘෂ්ටි) උපය රහිත වූ හෙතෙම දෘෂ්ට - ශ්‍රැත - මුතශුද්ධියෙහි රුචි නො කරනුයේ රූපාදි උපයකට කිම පැමිණෙන්නේ ද.
Pali BJTයා කාචිමා සම්මුතියො පුථුජ්ජාති - ‘යා කාචී’ති සබ්බෙන සබ්බං සබ්බථා{3} සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියන වචනමෙතං{4} යා කාචී’ති; සම්මුතියොති සම්මුතියො වුච්චන්ති ද්වාසට්ඨි දිට්ඨිගතානි දිට්ඨිසම්මුතියො;{5} පුථුජ්ජාති පුථුජ්ජනෙහි ජනිතා සම්මුතියොති පුථුජ්ජා; පුථු නානා ජනෙහි ජනිතා වා සම්මුතියොති පුථුජ්ජාති - යා කාචි’මා සම්මුතියො පුථුජ්ජා.
Sinhala BJTයා කාචි මා සම්මුතියො පුථුජ්ජා - ‘යා කාචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වාථයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි: තෙල ‘යා කාචි’ යනු: සම්මුතියො - ‘සම්මුති’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති, ඒ දෘෂ්ටිසම්මුතීහු; පුථුජ්ජා - පුහුදුනුවන් විසින් උපදවන ලද සම්මුතීහු නුයි ‘පුථුජ්ජා’ නම් වෙති; බොහෝ නානා ජනයන් විසින් උපදවන ලද සම්මුතීහු නුයි හෝ ‘පුථුජ්ජා’ නම් වෙත් නුයි.’ යා කාචිමා සම්මුතියො පුථුජ්ජා’ යනු වේ.
Pali BJTසබ්බාව එතා න උපෙති විද්වාති - විද්වා විජ්ජාගතො ඤාණී විභාවී මෙධාවී; සබ්බාව එතා දිට්ඨිසම්මුතියො නෙති, න උපෙති, න උපගච්ඡති, න ගණ්හාති, න පරාමසති, නාභිනිවිසතීති - සබ්බාව එතා න උපෙති විද්වා.
Sinhala BJTසබ්බාව එතා න උපේති විද්වා - විද්වද් තෙමේ විද්‍යාවට පැමිණියේ නුවණැතියේ විමංසනප්‍රඥා ඇතියේ තීරණප්‍රඥා ඇතියේ තෙල සියලු මැ දෘෂ්ටිසම්මුතීන්ට නො එයි, නො පැමිණෙයි, උපගමනය නො කෙරෙයි, නො ගනී, නො දැනගනී, නො පිවිසගනී නුයි ‘සබ්බාව එතා න උපේති විද්වා’ යනු වේ.
Pali BJTඅනුපයො සො උපයං කිමෙය්යාති - ‘උපයොති’ ද්වෙ උපයා තණ්හූපයො ච දිට්ඨූපයො ච. -පෙ- අයං දිට්ඨූපයො, තස්ස තණ්හූපයො පහීනො, දිට්ඨූපයො පටිනිස්සට්ඨො; තණ්හූපයස්ස පහීනත්තා දිට්ඨූපයස්ස පටිනිස්සට්ඨත්තා අනුපයො පුග්ගලො කිං රූපං උපෙය්ය උපගච්ඡෙය්ය ගණ්හෙය්ය පරාමසෙය්ය අභිනිවෙසෙය්ය ‘අත්තා මෙ’ති’, කිං වෙදනං - කිං සඤ්ඤං - කිං සඞ්ඛාරෙ - කිං විඤ්ඤාණං - කිං ගතිං - කිං උප්පත්තිං - කිං පටිසන්ධිං - කිං භවං - කිං සංසාරං කිං වට්ටං උපෙය්ය උපගච්ඡෙය්ය ගණ්හෙය්ය පරාමසෙය්ය අභිනිවෙසෙය්යාති - අනුපයො සො උපයං කිමෙය්ය.
Sinhala BJTඅනුපයො සො උපයං කිමෙය්‍ය - ‘උපය’ නම්: තෘෂ්ණා උපය ද දෘෂ්ටි උපය දැයි උපයයෝ දෙදෙනෙකි. … මේ දෘෂ්ටිඋපය නමි. ඔහු විසින් තෘෂ්ණා උපය ප්‍රහීණ යැ, දෘෂ්ටිඋපය දුරලන ලද්දේය. තෘෂ්ණාඋපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිඋපය දුරලූ බැවින් උපය රහිත වූ පුද්ගල තෙම කිම රූපය ‘මාගේ ආත්මය’ යි පැමිණෙන්නේ ද එළැඹෙන්නේ ද ග්‍රහණය කරන්නේ ද පරාමර්‍ශනය කරන්නේ ද අභිනිවේශය කරන්නේ ද, කිම වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - කිම වෘත්තයට පැමිණෙන්නේ ද, එළඹෙන්නේ ද, ග්‍රහණය කරන්නේ ද, පරාමර්‍ෂණය කරන්නේ ද, අභිනිවේශය කරන්නේ දැ’ යි ‘අනුපයො සො උපයං කිමෙය්‍ය’ යනු වේ.
Pali BJTදිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානොති - දිට්ඨෙ වා දිට්ඨසුද්ධියා වා සුතෙ වා සුතසුද්ධියා වා මුතෙ වා මුතසුද්ධියා වා ඛන්තිං අකුබ්බමානො ඡන්දං අකුබ්බමානො පෙමං අකුබ්බමානො රාගං අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානො අනභිනිබ්බත්තයමානොති - දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො.
Sinhala BJTදිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො - රූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටියෙහි හෝ දෘෂ්ටිශුද්ධියෙහි හෝ ශබ්දායතන සඞ්ඛ්‍යාත ශ්‍රැතයෙහි හෝ ශ්‍රැතශුද්ධියෙහි හෝ ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යායතන සඞ්ඛ්‍යාත මුතයෙහි හෝ මුතශුද්ධියෙහි හෝ රුචිය නො කරනුයේ ඡන්‍දය නො කරනුයේ ප්‍රේමය නො කරනුයේ රාගය නො කරනුයේ නූපදවනුයේ වෙසෙසින් නූපදවනුයේ නො නිපදවනුයේ නො පහළ කරනුයේ නුයි ‘දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යා කාචි’මා සම්මුතියො පුථුජ්ජා සබ්බාව එතා න උපෙති විද්වා, අනුපයො සො උපයං කිමෙය්ය දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො”ති.
Sinhala BJT“යා කාචි -පෙ- දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො” යී.
Pali BJT13. 4.
Sinhala BJT13. 4.
Pali BJTසීලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං වතං{1} සමාදාය උපට්ඨිතා සෙ, ඉධෙව සික්ඛෙම අථස්ස සුද්ධිං භවූපනීතා කුසලාවදානා.
Sinhala BJTශීලය මැ උතුමැයි හඟනාවූ ඇතැම් මහණබමුණු කෙනෙක් සංයම මාත්‍රයෙන් ශුද්ධිය කියති. (හස්තිව්‍රතාද) ව්‍රතය සමාදන්ව එළැඹසිටියාහු ‘මේ දෘෂ්ටියෙහි මැ හික්මෙනුවම්හ. එකල්හි මේ සත්ත්‍වයාගේ ශුද්ධිය වේ’ යයි භවයට පැමිණියාහු මැ කියති. (එහෙත් ඔහු) කුශලවාද ඇත්තාහු වෙත්.
Pali BJTසීලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධින්ති - සන්තෙකෙ සමණබ්රාහ්මණා සීලුත්තමවාදා. තෙ සීලමත්තෙන සඤ්ඤමමත්තෙන සංවරමත්තෙන අවීතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං ආහංසු වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; සමණමණ්ඩිකාපුත්තො එවමාහ: - “චතුහි ඛො අහං ථපති ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. කතමෙහි චතුහි:
Sinhala BJTසිලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං - ශීලය මැ උතුමැයි සිතන්නාවූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔවුහු ශීලමාත්‍රයෙන් සංයමමාත්‍රයෙන් සංවරමාත්‍රයෙන් අව්‍යතික්‍රමමාත්‍රයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ශ්‍රමණමණ්ඩිකාපුත්‍ර තෙම මෙසේ කියයි: “ගෘහපතිය යම් කරුණු සතරෙකින් සමන්‍විත වූ පුද්ගලයා පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තම වූ අර්‍හත්ත්‍වයට පැමිණි අයොධ්‍ය වූ (- වාදයෙන් නො පැරැදවිය හැකි) ශ්‍රමණයා යැ” යි දක්වමි. කවර සතරෙකිනැ යත්:
Pali BJTඉධ ථපති න කායෙන පාපකං{1} කම්මං කරොති; න පාපකං වාචං භාසති; න පාපකං සඞ්කප්පං සඞ්කප්පෙති; න පාපකං ආජීවං ආජීවති{2}. ඉමෙහි ඛො අහං ථපති චතුහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣ”න්ති.{a} එවමෙවං සන්තෙකෙ සමණබ්රාහ්මණා සීලුත්තමවාදා, තෙ සීලමත්තෙන සඤ්ඤමමත්තෙන සංවරමත්තෙන අවීතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධි පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං ආහංසු වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - සීලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං.
Sinhala BJTගෘහපතිය, මෙහි (යමෙක්) කයින් පව්කම් නො කෙරේ ද, ලාමක වූ තෙපුල් නො බෙණේ ද, ලාමක වූ සංකල්පය නො සිතා ද, ලාමක ආජීවයෙන් ජීවත් නො වේ ද, ගෘහපතිය, මේ කරුණු සතරින් යුක්ත වූ පුද්ගලයා පරිපූර්‍ණ වූ කුසල් ඇති උත්තම වූ කුසල් ඇති උත්තම වූ අර්‍හත්ත්‍වයට පැමිණි අයොධ්‍ය වූ ශ්‍රමණයා’ යී කියමි.” මෙ පරිද්දෙන් ශීලය මැ උතුමැයි වාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහුය; ඔවුහු ශීලමාත්‍රයෙන් සංයමමාත්‍රයෙන් සංවරමාත්‍රයෙන් අව්‍යතික්‍රමමාත්‍රයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘සිලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං’ යනු වේ.
Pali BJTවතං සමාදාය උපට්ඨිතා සෙති - ‘වත’න්ති හත්ථිවතං වා අස්සවතං වා ගොවතං වා කුක්කුරවතං වා කාකවතං වා වාසුදෙවවතං වා බලදෙවවතං වා පුණ්ණභද්දවතං වා මණිභද්දවතං වා අග්ගිවතං වා නාගවතං වා සුපණ්ණවතං වා යක්ඛවතං වා අසුරවතං වා ගන්ධබ්බවතං වා මහාරාජවතං වා චන්දවතං වා සුරියවතං වා ඉන්දවතං වා බ්රහ්මවතං වා දෙවවතං වා දිසාවතං වා ආදාය සමාදාය ආදියිත්වා සමාදියිත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා උපට්ඨිතා පච්චුපට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති{3} - වතං සමාදාය උපට්ඨිතා සෙ.
Sinhala BJTවතං සමාදාය උපට්ඨිතා යෙ - ‘වත’ නම්: හස්තිව්‍රතය හෝ අශ්වව්‍රතය හෝ ගෝව්‍රතය හෝ කුකකුරව්‍රතය හෝ කාකව්‍රතය හෝ වාසුදෙවව්‍රතය හෝ බලදෙවව්‍රතය හෝ පූර්‍ණභද්‍රව්‍රතය හෝ මණිභද්‍රව්‍රතය හෝ අග්නිව්‍රතය හෝ නාගව්‍රතය හෝ සුපර්‍ණව්‍රතය හෝ යක්ෂව්‍රතය හෝ අසුරව්‍රතය හෝ ගාන්ධර්‍වව්‍රතය හෝ මහාරාජව්‍රතය හෝ චන්ද්‍රව්‍රතය හෝ සූර්‍ය්‍යව්‍රතය හෝ ඉන්ද්‍රව්‍රතය හෝ බ්‍රහ්මව්‍රතය හෝ දෙවව්‍රතය හෝ දිශාව්‍රතය හෝ ගෙන සමාදන්ව ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්‍ෂණය කොට අභිනිවේශය කොට එළැඹ සිටියාහු ප්‍රත්‍යුපස්ථිත වූවාහු ඇලුණාහු පැමිණියාහු බැසගත්තාහු වැදගත්තාහු නුයි ‘වතං සමාදාය උපට්ඨිතා යෙ’ යනු වේ.
Pali BJTඉධෙව සික්ඛෙම අථස්ස සුද්ධින්ති - ‘ඉධා’ති සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා; සික්ඛෙමාති සික්ඛෙම ආචරෙම සමාචරෙම සමාදාය වත්තෙමාති ඉධෙව සික්ඛෙම; අථස්සසුද්ධින්ති අථස්ස සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තින්ති - ඉධෙව සික්ඛෙම අථස්ස සුද්ධිං.
Sinhala BJTඉධෙව සික්ඛෙමෙ අථස්ස සුද්ධිං - ‘ඉධ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්‍ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සික්ඛෙමෙ හික්මෙම්හ හැසිරෙම්හ මොනොවට හැසිරෙම්හ සමාදන්ව පවතුම්හයි ‘ඉධෙව සික්ඛෙමෙ’ යනු වේ. අථසස සුද්ධිං - එකල්හි ඔහුගේ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ නුයි ‘ඉධෙව සික්ඛෙමෙ අථස්ස සුද්ධිං’ යනු වේ.
Pali BJTභවූපනීතා කුසලාවදානාති - ‘භවූපනීතා’ති භවූපනීතා භවූපගතා භවජ්ඣොසිතා භවාධිමුත්තාති - භවූපනීතා; කුසලාවදානාති කුසලවාදාපණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති - භවූපනීතා කුසලාවදානා.
Sinhala BJTභවූපනීතා කුසලාවදානා - ‘භවූපනීතා’ යනු: භවයට එළඹියාහු භවයට පැමිණියාහු භවයට පැසගත්තාහු භවයෙහි ඇලුණාහු නුයි ‘භවූපනීතා’ යනු වේ; කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලයම්හ යන වාද ඇත්තාහු පණඩිතවාද ඇත්තාහු සථිරවාද ඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු ස්ථානවාද ඇත්තාහු නුයි ‘භවූපනීතා කුසලාවදානා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සීලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං වතං සමාදාය උපට්ඨිතා සෙ. ඉධෙව සික්ඛෙම අථස්ස සුද්ධිං භවූපනීතා කුසලාවදානා”ති.
Sinhala BJT“සිලුත්තමා -පෙ- භවූපනීතා කුසලාවදානා” යී.
Pali BJT13. 5.
Sinhala BJT13. 5.
Pali BJTසචෙ චුතො සීලබ්බතතො{4} හොති ස වෙධති කම්මං විරාධයිත්වා, ස ජප්පතී{5} පත්ථයතිච්ච සුද්ධිං සත්ථාවහීනො පවසං ඝරම්හා.
Sinhala BJTඉදින් ශීලව්‍රතයෙන් ගිලිහුණේ වේ නම්, හෙතෙම ශීලව්‍රතකර්‍මය වරදවා ගෙන කම්පා වෙයි. තවද හෙතෙම ගෙන් නික්මැගොස් නො රට වසන පුරුෂයෙක් සාර්‍තථයෙන් පසුවූයේ (ඒ ගෙය හෝ සාර්‍තථය හෝ පතන්නාක් මෙන්) ඒ ශීලව්‍රතශුද්ධිය ජල්පනය කෙරෙයි. පතන්නේත් වේ.
Pali BJTසචෙ චුතො සීලබ්බතතො{1} හොතීති - ද්වීහි කාරණෙහි සීලබ්බතතො{1} චවති: පරච්ඡින්දනාය{2} වා චවති, අනභිසම්භුණන්තො වා චවති. කථං පරවිච්ඡින්දනාය{2} චවති? පරො විච්ඡින්දති ‘සො සත්ථා න සබ්බඤ්ඤූ, ධම්මො න ස්වාක්ඛාතො, ගණො න සුපටිප්පන්නො, දිට්ඨි න භද්දිකා, පටිපදා න සුප්පඤ්ඤත්තා, මග්ගො න නිය්යානිකො, නත්ථෙත්ථ සුද්ධි වා විසුද්ධි වා පරිසුද්ධි වා මුත්ති වා විමුත්ති වා පරිමුත්ති වා, නත්ථෙත්ථ සුජ්ඣන්ති වා, විසුජ්ඣන්ති වා, මුච්චන්ති වා, විමුච්චන්ති වා, පරිමුච්චන්ති වා, හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා පරිත්තාති, එවං පරො විච්ඡින්දති.{3} එවං විච්ඡින්දියමානො සත්ථාරා චවති. ධම්මක්ඛානා චවති. ගණා චවති. දිට්ඨියා චවති. පටිපදාය චවති. මග්ගතො චවති. එවං පරවිච්ඡින්දනාය චවති. කථං අනභිසම්භුණන්තො චවති? සීලං අනභිසම්භුණන්තො සීලතො චවති. වතං අනභිසම්භුණන්තො වතතො චවති. සීලබ්බතං අනභිසම්භුණන්තො සීලබ්බතතො චවති. එවං අනභිසම්භුණන්තො චවතීති සචෙ චුතො සීලබ්බතතො{1} හොති.
Sinhala BJTසචෙ චුතො සිලබ්බතතො හොති - දෙකරුණෙකින් ශීලව්‍රතයෙන් ච්‍යුත වෙයි (-ගිලිහෙයි): මෙරමා විසින් වෙන් කිරීමෙන් හෝ ච්‍යුත වෙයි. නො පැමිණෙනුයේ හෝ ච්‍යුත වෙයි. කිසෙයින් පරවිච්ඡින්දනායෙන් ච්‍යුත වේ ද යත්: අනෙකෙක් වියෝග කෙරෙයි: ‘ඒ ශාස්තෘ තෙම අසර්‍වඥ යැ, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි. ගණයා සුප්‍රතිපන්න නො වෙයි. දෘෂ්ටිය භද්‍ර නො වෙයි. ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි. මාර්‍ගය නෛර්‍ය්‍යාණික නො වේ. මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හෝ නැත. මෙහි (සත්ත්‍වයෝ) ශුද්ධ විශුද්ධ පරිශුද්ධ හෝ නො වෙති. මුක්ත විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්. හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ ඡත්තකයෝ යැ පරිත්තයෝ යැ’ යි මෙසේ අනෙකෙක් වියෝග කෙරෙයි. මෙසේ වියෝග කරනු ලබනුයේ ශාස්තෘහු කෙරෙන් ච්‍යුත වෙයි. ධර්‍මාඛ්‍යානයෙන් ගිලිහෙයි. ගණයා කෙරෙන් ගිලිහෙයි. දෘෂ්ටියෙන් ගිලිහෙයි. පිළිවෙතින් ගිලිහෙයි. මාර්‍ගයෙන් ගිලිහෙයි. මෙසේ පරවිච්ඡින්දනායෙන් ච්‍යුත වේ. කෙසේ (ගුණයට) නො පැමිණෙනුයේ ච්‍යුත වේ ද යත්; ශීලය නො පුරනුයේ ශීලයෙන් ච්‍යුත වෙයි. ව්‍රතය නො පුරනුයේ ව්‍රතයෙන් ච්‍යුත වෙයි. ශීලව්‍රතය නො පුරනුයේ ශීලව්‍රතයෙන් ච්‍යුත වෙයි. මෙසේ අසම්පාදනය කරනුයේ ච්‍යුත වේ නුයි ‘සචෙ චුතො සිලබ්බතතො හොති’ යනු වේ.
Pali BJTස වෙධති කම්මං විරාධයිත්වාති - ‘ස වෙධතී’ති සීලං වා වතං වා සීලබ්බතං වා විරද්ධං මයා අපරද්ධං මයා ඛලිතං මයා ගලිතං මයා අඤ්ඤාය අපරද්ධො අහන්ති වෙධති පවෙධති සම්පවෙධතීති - ස වෙධති; කම්මං විරාධයිත්වාති පුඤ්ඤාභිසඞ්ඛාරං වා අපුඤ්ඤාභිසඞ්ඛාරං වා ආනෙඤ්ජාභිසඞ්ඛාරං වා විරද්ධං මයා අපරද්ධං මයා ඛලිතං මයා ගලිතං මයා අඤ්ඤාය අපරද්ධො අහන්ති වෙධති පවෙධති සම්පවෙධතීති - ස වෙධති කම්මං විරාධයිත්වා,
Sinhala BJTස වෙධති කමමං විරාධයිත්වා - ‘ස වෙධති’ යනු: ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ මා විසින් වරදන ලද, මා විසින් අපරාධ කරන ලද, මා විසින් පිරිහෙළන ලද, මා විසින් ගලිත කරන ලද. නො දැනීමෙන් මම පැරැදුණෙමී, වෙවුලයි වෙසෙසින් වෙවුලයි. හාත්පසින් වෙවුලානුයි ‘ස වෙධති’ යනු වේ. කමමං විරාධයිත්වා - පුණ්‍යාභිසංස්කාරය හෝ අපුණ්‍යාභිසංස්කාරය හෝ ආනෙඤජාභි සංස්කාරය හෝ මා විසින් වරදනා ලද මා විසින් පරදනා ලද මා විසින් පිරිහෙළන ලද, මා විසින් ගලිත කරන ලද නොදැනීමෙන් මම පැරදුණෙමී’ වෙවුලයි හාත්පසින් වෙවුලානුයි ‘ස වෙධති කමමං විරාධයිත්වා’ යනු වේ.
Pali BJTස ජප්පති පත්ථයතිච්ච සුද්ධින්ති - ‘ස ජප්පතී’ති සීලං වා ජප්පති, වතං වා ජප්පති, සීලබ්බතං වා ජප්පති පජප්පති අභිජප්පතීති - ස ජප්පති; පත්ථයතිච්ච සුද්ධින්ති සීලසුද්ධිං වා පත්ථෙති, වතසුද්ධිං වා පත්ථෙති, සීලබ්බතසුද්ධිං වා පත්ථෙති, පිහෙති අභිජප්පතීති - ස ජප්පති පත්ථයතිච්ච සුද්ධිං.
Sinhala BJTස ජප්පති පත්ථයතිච්ච සුද්ධිං - ‘ස ජප්පති’ යනු: ශීලය හෝ ජල්පනය කෙරෙයි (ගුණ කියයි) ව්‍රතය හෝ ජල්පනය කෙරෙයි, ශීලව්‍රතය හෝ ජල්පනය කෙරෙයි, වෙසෙසින් ගුණ කියයි, හාත්පසින් ගුණ කියා නුයි ‘ස ජප්පති’ යනු වේ. පත්ථයතිච්ච සුද්ධිං - ශීලසුද්ධිය පතයි, ව්‍රතශුද්ධිය හෝ පතයි, සීලව්‍රතශුද්ධිය හෝ පතයි, කැමැති වෙයි, අභිජල්පනය කෙරේ නුයි ’ස ජප්පති පත්ථයතිච්ච සුද්ධිං’ යනු වේ.
Pali BJTසත්ථාවහීනො පවසං ඝරම්හාති - යථා පුරිසො ඝරතො නික්ඛන්තො සත්ථෙන සහ{1} වසන්තො සත්ථා ඔහීනො තං වා සත්ථං අනුබන්ධති, සකං වා ඝරං පච්චාගච්ඡති, එවමෙව සො දිට්ඨිගතිකො තං වා සත්ථාරං ගණ්හාති, අඤ්ඤං වා සත්ථාරං ගණ්හාති, තං වා ධම්මක්ඛානං ගණ්හාති, අඤ්ඤං වා ධම්මක්ඛානං ගණ්හාති, තං වා ගණං ගණ්හාති, අඤ්ඤං වා ගණං ගණ්හාති, තං වා දිට්ඨිං ගණ්හාති, අඤ්ඤං වා දිට්ඨිං ගණ්හාති, තං වා පටිපදං ගණ්හාති, අඤ්ඤං වා පටිපදං ගණ්හාති, තං වා මග්ගං ගණ්හාති, අඤ්ඤං වා මග්ගං ගණ්හාති පරාමසති අභිනිවිසතීති සත්ථාවහීනො පවසං ඝරම්හා.
Sinhala BJTසත්ථාවහිනො පවසං ඝරම්හා - යම් සේ පුරුෂයෙක් ගෙයින් නික්මෙනුයේ සාර්‍ත්‍ථ (- සමූහ) යක් සමග වසනුයේ සාර්‍තථයෙන් වෙන්වැගියේ ඒ සාර්‍තථය හෝ ලුහුබඳී ද, සිය ගෙට හෝ පෙරළා ඒ ද, එපරිද්දෙන් ඒ දෘෂ්ටිගතික තෙම ඒ ශාස්තෘහු හෝ ගනී, අනිත් ශාස්තෘවක්හු හෝ ගනී, ඒ ධර්‍මාඛ්‍යානය හෝ ගනී, අනිත් ධර්‍මාඛ්‍යානය හෝ ගනී, ඒ ගණයා හෝ ගනී, අනිත් ගණයක් හෝ ගනී, ඒ දෘෂ්ටිය හෝ ගනී, අන් දෘෂ්ටියක් හෝ ගනී, ඒ ප්‍රතිපදාව හෝ ගනී, අන් ප්‍රතිපදාවක් හෝ ගනී, ඒ මාර්‍ගය හෝ ගනී, අන් මාර්‍ගයක් හෝ ගනී, පරාමර්‍ශනය කෙරෙයි, අභිනිවේශය කෙරේ නුයි ‘සත්ථාවහීනො පවසං ඝරම්හා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සචෙ චුතො සීලබ්බතතො හොති ස වෙධති කම්මං විරාධයිත්වා, ස ජප්පති පත්ථයතිච්ච සුද්ධිං සත්ථාවහීනො පවසං ඝරම්හා”ති.
Sinhala BJT“සචෙ චුතො -පෙ- සත්ථාවහීනො පවසං ඝරම්හා” යී.
Pali BJT13. 6.
Sinhala BJT13. 6.
Pali BJTසීලබ්බතං චාපි පහාය සබ්බං කම්මඤ්ච සාවජ්ජ’නවජ්ජමෙතං,{1} සුද්ධිං අසුද්ධින්ති අපත්ථයානො විරතො චරෙ සන්තිමනුග්ගහාය.
Sinhala BJT(ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ) සියලු ශීලව්‍රතය ද, යලි සාවද්‍යානවද්‍ය (-සියලු අකුශල හා ලෞකික කුශල) කර්‍මය ද හැරපියා තෙල (පඤචකාමගුණාදි භේද වූ) ශුද්ධිය ද, (අකුශලාදි භේද වූ) අශුද්ධිය ද මෙසේ නො පතනුයේ දෘෂ්ටිශාන්තිය දැඩිව නො ගෙන (ශුද්ධි අශුද්ධි දෙකින්) වෙන් වූයේ හැසිරෙන්නේ යි.
Pali BJTසීලබ්බතං වාපි පහාය සබ්බන්ති - සබ්බා සීලසුද්ධියො පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා, සබ්බා වතසුද්ධියො පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා, සබ්බා සීලබ්බතසුද්ධියො පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති - සීලබ්බතං වාපි පහාය සබ්බං.
Sinhala BJTසීලබ්බතං වාපි පහාය සබ්බං - සියලු ශීලශුද්ධීන් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා, සියලු ව්‍රතශුද්ධීන් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා සියලු ශීලව්‍රතශුද්ධින් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘සීලබ්බතං වාපි පහාය සබ්බං’ යනු වේ.
Pali BJTකම්මඤ්ච සාවජ්ජ‘නවජ්ජමෙතන්ති - සාවජ්ජකම්මං වුච්චති කණ්හං කණ්හවිපාකං; අනවජ්ජකම්මං වුච්චති සුක්කං සුක්කවිපාකං; සාවජ්ජඤ්ච කම්මං අනවජ්ජඤ්ච කම්මං පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාතිකම්මඤ්ච සාවජ්ජ’නවජ්ජමෙතං.
Sinhala BJTකම්මඤ්ච සාවජ්ජ’නවජ්ජමෙතං - කෘෂ්ණ වූයේ කෘෂ්‍ණවිපාක ඇතියේ සාවද්‍යකර්‍ම යයි කියනු ලැබෙයි. ශුක්ල වූයේ ශුක්ලවිපාක ඇතියේ අනවද්‍යකර්‍ම යයි කියනු ලැබෙයි. සාවද්‍ය (-අකුශල) කර්‍මය ද, අනවද්‍ය ( - ලෞකික කුශල) කර්‍මය ද, හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ’ කම්මඤ්ච සාවජ්ජ’නවජ්ජමෙතං’ යනු වේ.
Pali BJTසුද්ධිං අසුද්ධින්ති අපත්ථයානොති - ‘අසුද්ධි’න්ති අසුද්ධිං පත්ථෙන්ති අකුසලෙ ධම්මෙ පත්ථෙන්ති; ‘සුද්ධි’න්ති සුද්ධිං පත්ථෙන්ති, පඤ්ච කාමගුණෙ පත්ථෙන්ති; අසුද්ධිං පත්ථෙන්ති අකුසලෙ ධම්මෙ පත්ථෙන්ති, පඤ්චකාමගුණෙ පත්ථෙන්ති, සුද්ධිං පත්ථෙන්ති - ද්වාසට්ඨි දිට්ඨිගතානි පත්ථෙන්ති, අසුද්ධිං පත්ථෙන්ති - අකුසලෙ ධම්මෙ පත්ථෙන්ති - පඤ්චකාමගුණෙ පත්ථෙන්ති, ද්වාසට්ඨි දිට්ඨිගතානි පත්ථෙන්ති; සුද්ධිං පත්ථෙන්ති - තෙධාතුකෙ කුසලෙ ධම්මෙ පත්ථෙන්ති; අසුද්ධිං පත්ථෙන්ති - අකුසලෙ ධම්මෙ පත්ථෙන්ති, පඤ්ච කාමගුණෙ පත්ථෙන්ති, ද්වාසට්ඨි දිට්ඨිගතානි පත්ථෙන්ති; තෙධාතුකෙ කුසලෙ ධම්මෙ පත්ථෙන්ති, සුද්ධිං පත්ථෙන්ති පුථුජ්ජනකල්යාණකා{2} නියාමාවක්කන්තිං පත්ථෙන්ති, සෙඛා අග්ගධම්මං අරහත්තං පත්ථෙන්ති; අරහත්තෙ පත්තෙ අරහං නෙව අකුසලෙ ධම්මෙ පත්ථෙති. නපි පඤ්ච කාමගුණෙ පත්ථෙති. නපි ද්වාසට්ඨි දිට්ඨිගතානි පත්ථෙති. නපි තෙධාතුකෙ කුසලෙ ධම්මෙ පත්ථෙති, නපි නියාමාවක්කන්තිං පත්ථෙති, නපි අග්ගධම්මං අරහත්තං පත්ථෙති. පත්ථනාසමතික්කන්තො අරහා වුද්ධිපරිහානිං{3} වීතිවත්තො සො වුත්ථවාසො චිණ්ණචරණො උත්තිණ්ණජාතිජරාමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති - සුද්ධිං අසුද්ධින්ති අපත්ථයානො.
Sinhala BJTසුද්ධිං අසුද්ධිංන්ති අපත්ථයානො - ‘අසුද්ධිං’ යනු: අශුද්ධිය පතති, අකුශලධර්‍මයන් පතති; ‘සුද්ධිං’ යනු: ශුද්ධිය පතති, පඤ්චකාමගුණයන් පතති; ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුශලධර්‍මයන් පතති, පඤ්චකාමගුණයන් පතති; ‘සුද්ධිං පත්ථෙන්ති’ - දෙසැටදිටුගතයන් පතති, ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුශලධර්‍මයන් පතති, පඤ්චකාමගුණයන් පතති, දෙසැටදිටුගතයන් පතති, ‘සුද්ධිං පත්ථෙන්ති’ - ත්‍රෛධාතුක කුශල ධර්‍මයන් පතති; ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුසල් දහම් පතති, පස්කම්ගුණ පතති, දෙසැටදිටුගතයන් පතති, තුන්බිමට අයත් කුසල්දහම් පතත්; ‘සුද්ධිං පත්ථෙන්ති’ - කල්‍යාණ - පෘථග්ජනයෝ මාර්‍ගවිදර්‍ශනාවට බැසගැනීම පතති, ශෛක්‍ෂයෝ අග්‍රධර්‍ම වූ අර්‍හත්ත්‍වය පතති, රහත්බව පැමිණි කල්හි රහත් තෙම අකුසල්දහම් නො මැ පතයි, නො ද පස්කම්ගුණ පතයි, නො ද දෙසැටදිටුගතයන් පතයි ත්‍රෛධාතුක කුශලධර්‍මයන් නො ද පතයි, නියාමාවක්‍රාන්තිය නො ද පතයි අග්‍රධර්‍ම වූ අර්‍හත්ත්‍වය නො ද පතයි; ප්‍රාර්‍ත්‍ථනා ඉක්මවා සිටි රහත් තෙම වෘද්ධිය හා පරිහාණිය ඉක්මවූයේ යැ, හෙතෙම වැස නිමවූ දශ ආර්‍ය්‍යවාස ඇත්තේ ය, සිල් හා අටසමවත්හි චීර්‍ණවශී යැ; තරණය කළ ජාතිජරාමරණසංසාරය ඇත්තේ යැ, ඔහුට පුනර්‍භවය නැත් නුයි ‘සුද්ධිං අසුද්ධිංන්ති අපත්ථයානො’ යනු වේ.
Pali BJTවිරතො චරෙ සත්තිමනුග්ගහායාති - ‘විරතො’ති සුද්ධිඅසුද්ධියා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති විරතො; චරෙති චරෙය්ය විහරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්යාති ‘විරතො චරෙ සන්තිමනුග්ගහායාති’ සන්තියො වුච්චන්ති ද්වාසට්ඨි දිට්ඨිගතානි; දිට්ඨි සන්තියො අගණ්හන්තො අපරාමසන්තො අනභිනිවිසන්තොති විරතො චරෙ සන්තිමනුග්ගහාය.
Sinhala BJTවිරතො චරෙ සන්තිමනුග්ගහාය - ‘විරතො’ යනු ශුද්ධි අශුද්ධි දෙකින් දුරු වූයේ වෙන්වූයේ වෙසෙසින් වෙන්වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘විරතො’ යනු වේ. චරෙ - හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේ ය වැටෙන්නේය රැකෙන්නේය යැපෙන්නේය යපනය වන්නේ නුයි ‘විරතො චරෙ’යනු වේ. සන්තිමනුග්ගහාය - සන්ති’ යී දෙසැට දිටුගතයෝ කියනු ලැබෙති. දෘෂ්ටිශාන්ති නො ගන්නේ පරාමර්‍ශනය නො කරනුයේ අභිනිවේශය නො කරනුයේ නුයි ‘විරතො චරෙ සන්තිමනුග්ගහාය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සීලබ්බතං වාපි පහාය සබ්බං කම්මඤ්ච සාවජ්ජනවජ්ජමෙතං, සුද්ධිං අසුද්ධින්ති අපත්ථයානො විරතො චරෙ සන්තිමනුග්ගහායා”ති.
Sinhala BJT“සීලබ්බතං වාපි -පෙ- විරතො චරෙ සන්තිමනුග්ගහාය” යී.
Pali BJT13. 7.
Sinhala BJT13. 7.
Pali BJTතමුපනිස්සාය ජිගුච්ඡිතං වා අථවාපි දිට්ඨං ව සුතං මුතං වා. උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති අවීතතණ්හා සෙ භවාභවෙසු.
Sinhala BJTතවද (ඇතැම් මහණබමුණු කෙනෙක් බුද්ධාදීන් විසින්) ජුගුප්සිත වූ ඒ අමරතපස් හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුතශුද්ධිය හෝ ඇසුරු කොට (අක්‍රියදෘෂ්ටියෙන් හෝ) උද්ධංසරවාද ඇති වැ පුනපුනා භවයෙහි නො හළ තෘෂ්ණා ඇත්තාහු ශුද්ධිය කියත්.
Pali BJTතමුපනිස්සාය ජිගුච්ඡිතං වාති - සන්තෙකෙ සමණබ්රාහ්මණා තපොජිගුච්ඡාවාදා{1} තපොජිගුච්ඡාසාරා තපොජිගුච්ඡානිස්සිතා ආනිස්සිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති - සමුපනිස්සාය ජිගුච්ඡිතං වා.
Sinhala BJTතමුපනිස්සාය ජිගුච්ඡිතං වා - කායපීඩනාදි තපසින් පාපජුගුප්සාව පවසන්නාවූ තපෝජුගුප්සාව සාර කොට ඇති තපෝජුගුප්සාව ඇසුරු කළ හාත්පසින් ඇසුරු කළ (එහි) ඇලුණු බැසගත් පිවිසියා වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත් නුයි ‘තමුපනිස්සාය ජිගුච්ඡිතං වා’ යනු වේ.
Pali BJTඅථවාපි දිට්ඨංව{2} සුතං මුතං වාති - දිට්ඨං වා දිට්ඨසුද්ධිං වා සුතං වා සුතසුද්ධිං වා මුතං වා මුතසුද්ධිං වා නිස්සාය උපනිස්සාය ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වාති අථවාපි දිට්ඨං ව සුතං මුතං වා.
Sinhala BJTඅථවාපි දිට්ඨං ව සුතං මුතං වා - දෘෂ්ට (- රූපායතන) ය හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශ්‍රැතය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුතය හෝ මුතශුද්ධිය හෝ නිසා ඇසුරු කොට ගෙන දැහැගෙන පිවිස ගෙන නුයි ‘අථවාපි දිට්ඨං ව සුතං මුතං වා’ යනු වේ.
Pali BJTඋද්ධංසරා සුද්ධිමනුත්ථුනන්තීති - සන්තෙකෙ සමණබ්රාහ්මණා උද්ධංසරවාදා.{3} කතමෙ තෙ සමණබ්රාහ්මණා උද්ධංසරවාදා? යෙ තෙ සමණබ්රාහ්මණා අච්චන්තසුද්ධිකා සංසාරසුද්ධිකා අක්රියදිට්ඨිකා සස්සතවාදා, ඉමෙ තෙ සමණ බ්රාහ්මණා උද්ධංසරවාදා, තෙ සංසාරෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං ථුනන්ති වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති.
Sinhala BJTඋද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති - උද්ධංසරවාද ඇති ( - සංසාරයෙන් ශුද්ධිය පවසන) ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති, සංසාරයෙන් ශුද්ධිය පවසන ඒ මහණ බමුණෝ කවරහු ද යත්? අත්‍යන්තශුද්ධිය පවසන සංසාරශුද්ධිය පවසන අක්‍රියදෘෂ්ටි ඇති ශාශ්වතදෘෂ්ටි ඇති ඒ මේ මහණබමුණෝ උද්ධංසරවාද ඇත්තාහු වෙත්. ඔවුහු සංසාරයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පසසති පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති’ යනු වේ.
Pali BJTඅවීතතණ්හා සෙ භවාභවෙසූති - ‘තණ්හා’ති රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා.
Sinhala BJTඅවිතතණ්හා සෙ භවාභවෙසු - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි.
Pali BJTභවාභවෙසූති - භවාභවෙ කම්මභවෙ පුනබ්භවෙ, කාමභවෙ කම්මභවෙ, කාමභවෙ පුනබ්භවෙ, රූපභවෙ කම්මභවෙ, රූපභවෙ පුනබ්භවෙ, අරූපභවෙ කම්මභවෙ, අරූපභවෙ පුනබ්භවෙ, පුනප්පුනභවෙ පුනප්පුනගතියා පුනප්පුන උප්පත්තියා පුනප්පුන පටිසන්ධියා පුනප්පුන අත්තභාවාභිනිබ්බත්තියා අවීතතණ්හා අවිගතතණ්හා අචත්තතණ්හා අවන්තතණ්හා අමුත්තතණ්හා අප්පහීනතණ්හා අප්පටිනිස්සට්ඨතණ්හාති - අවීතතණ්හා සෙ භවාභවෙසු.
Sinhala BJTභවාභවෙසු - කාමභව රූපාරූපභවයෙහි, කර්‍මවෘත්තයෙහි පුනර්‍භවික වූ විපාකවෘත්තයෙහි, කාමභවයෙහි කර්‍මභවයෙහි, කාමභවයෙහි පුනර්‍භවයෙහි, රූපභවයෙහි කර්‍මභවයෙහි, රූපභවයෙහි පුනර්‍භවයෙහි, අරූපභවයෙහි කර්‍මභවයෙහි, අරූපභවයෙහි පුනර්‍භවයෙහි, පුනපුනාභවයෙහි පුනපුනා පස්ගතියෙහි පුනපුනා උපතෙහි පුනපුනා පිළිසඳෙහි පුනපුනා ආත්මභවය පහළවීමෙහි නො පහවූ තෘෂ්ණා ඇත්තාහු අවිගතතෘෂ්ණා ඇත්තාහු නො හළ තෘෂ්ණා ඇත්තාහු නො පුහුන් තෘෂ්ණා ඇත්තාහු නො බැහැර කළ තෘෂ්ණා ඇත්තාහු නුයි ‘අවිතතණ්හා සෙ භවාභවෙසු’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“තමුපනිස්සාය ජිගුච්ඡිතං වා අථවාපි දිට්ඨං ව සුතං මුතං වා, උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති අවීතතණ්හා සෙ භවාභවෙසූ”ති.
Sinhala BJT“තමුපනිස්සාය -පෙ- අවිතතණ්හා සෙ භවාභවෙසු” යී.
Pali BJT13. 8.
Sinhala BJT13. 8.
Pali BJTපත්ථයමානස්ස හි ජප්පිතානි පවෙධිතං{1} වාපි පකප්පිතෙසු, චුතූපපාතො ඉධ යස්ස නත්ථි ස කෙන වෙධෙය්ය කුහිං ව ජප්පෙ.
Sinhala BJT(මෙසේ) පතනුවනහුට වැලිත් තෘෂ්ණාජල්පිතයෝ වෙති. තවද තෘෂ්ණා දෘෂ්ටින් ප්‍රකල්පිත වූ වස්තූන් නිමිති කොට අතිශයින් සැලීම ද වෙයි. මෙලොව යම් ක්ෂීණාස්‍රවයක් හට ච්‍යුති - උත්පත්ති නැත් ද, හෙතෙම කිනම් රාගාදියකින් සැලෙන්නේ ද, කොහි ජල්පනය කරන්නේ ද.