Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1201-1300 න් 2300

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT12.
Sinhala BJT12.
Pali BJTචූලවියූහසුත්තනිද්දෙසො
Sinhala BJTචූළවියූහසූත්‍රනිර්දේශය
Pali BJTඅථ චූලවියූහසුත්තනිද්දෙසො වුච්චති:
Sinhala BJTඉක්බිති ‘චූලවියූහ’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
Pali BJT12. 1.
Sinhala BJT12. 1.
Pali BJTසකං සකං දිට්ඨිපරිබ්බසානා විග්ගය්හ නානා{2} කුසලා වදන්ති, එවං පජානාති{3} ස වෙදි{4} ධම්මං ඉදං පටික්කොසමකෙවලී සො.
Sinhala BJTතමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙන්නාහු (ඒ දෘෂ්ටිය) දෘඪග්‍රහයෙන් ගෙන (ඇපි එහි) දක්‍ෂයම්හ’යි වෙන වෙන ම කියති. (යමෙක්) මෙසේ දනී නම්, හෙතෙම දහම් දැනගත්තේ ය, මෙය ගරහන්නා වූ (යමෙක් වේ නම් හෙතෙම) ලාමක වන්නේ යයි ද (කියත්.)
Pali BJTසකං සකං දිට්ඨිපරිබ්බසානා’ති - සන්තෙකෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා; තෙ ද්වාසට්ඨියා දිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා සකාය සකාය දිට්ඨියා වසන්ති සංවසන්ති ආවසන්ති පරිවසන්ති. යථා අගාරිකා වා{1} ඝරෙසු වසන්ති, සාපත්තිකා වා ආපත්තීසු වසන්ති, සකිලෙසා වා කිලෙසෙසු වසන්ති. එවමෙවං සන්තෙකෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා, තෙ ද්වාසට්ඨියා දිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා අභිනිවිසිත්වා සකාය සකාය දිට්ඨියා වසන්ති සංවසන්ති ආවසන්ති පරිවසන්තීති - සකං සකං දිට්ඨිපරිබ්බසානා.
Sinhala BJTසකං සකං දිට්ඨි පරිබ්බසාතා - දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට පරාමර්‍ෂ කොට පිවිසැගෙන තමතමා ගේ දෘෂ්ටියෙහි වෙසෙති මොනොවට වෙසෙති පිවිසැ වෙසෙති හාත්පසින් වෙසෙත්; ගෙහිමියෝ හෝ සිය ගෙවල යම් සේ වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එසෙයින් ම දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන දැඩිව ග්‍රහණය කොට පරාමර්‍ෂ කොට අභිනිවේශ කොට තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙති පිවිසැ වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත් නුයි ‘සකං සකං දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
Pali BJTවිග්ගය්හ නානා කුසලා වදන්තී’ති - ‘විග්ගය්හා’ති ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා, නානා වදන්ති විවිධං වදන්ති අඤ්ඤමඤ්ඤං{2} වදන්ති පුථු{3} වදන්ති න එකං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති. කුසලා’ති කුසලවාදා පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති - විග්ගය්හ නානා කුසලා වදන්ති.
Sinhala BJTවිග්ගය්හ නානා කුසලා වදන්ති - ‘විග්ගය්හ’ යනු : ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන; නානා වදන්ති - විවිධ ව කියති, එකිනෙක කියති, වෙන වෙනම කියති, එකක් නො කියති, නො බෙණෙති නො දක්වති, ව්‍යවහාර නො කෙරෙත්; කුසලා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද ඇත්තාහු පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘විග්ගය්හ නානා කුසලා වදන්ති’ යනු වේ.
Pali BJTඑවං පජානාති ස වෙදි ධම්මන්ති - යො ඉදං ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං ජානාති, සො ධම්මං වෙදි, අඤ්ඤාසි, අපස්සි, පටිවිජ්ඣීති{4} - එවං පජානාති ස වෙදි ධම්මං.
Sinhala BJTඑවං පජානාති ස වෙදි ධම්මං - යමෙක් මේ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය දනී නම්, හෙතෙම ධර්‍මය දත්තේ ය, දැනගත්තේ ය, දැක්කේ ය, අවබෝධ කෙළේ නුයි ‘එවං පජානාති ස වෙදි ධම්මං’ යනු වේ.
Pali BJTඉදං පටික්කොසමකෙවලී සොති - යො ඉමං ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං පටික්කොසති, අකෙවලී සො අසමත්තො සො අපරිපුණ්ණො සො, හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො{5} පරිත්තොති.
Sinhala BJTඉදං පටික්කොසමකෙවලී සො - යමෙක් මෙ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ගරහා ද; අකෙවලී සො - හෙ අසමස්ත යැ, හේ අපරිපූර්‍ණ යැ, නිහීන යැ අවමත යැ අප්‍රත්‍ය යැ අල්පවූයේ නුයි ‘ඉදං පටික්කොසමකෙවලී සො’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑයින් කීහ ඒ මැවුණු බුදුහු:
Pali BJT“සකං සකං දිට්ඨිපරිබ්බසානා විග්ගය්හ නානා{2} කුසලා වදන්ති, එවං පජානාති ස වෙදි ධම්මං ඉදං පටික්කොසමකෙවලී සො”ති.
Sinhala BJT“සකං සකං දිට්ඨි - පෙ - ඉදං පටික්කොසමකෙවලී සො” යී.
Pali BJT12. 2.
Sinhala BJT12. 2.
Pali BJTඑවම්පි විග්ගය්හ විවාදයන්ති බාලො පරො අක්කුසලො’ති{1} චාහු, සච්චො නු වාදො කතමො ඉමෙසං සබ්බෙව හි’මෙ කුසලාවදානා.
Sinhala BJTමෙසේ (ස්වකීය ලබ්ධිය) දැඩිව ගෙන විවාද කෙරෙති, මෙරමා බාල යැයි ද අදක්‍ෂ යැයි ද කියති, මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මේ සියලු මැ මහණබමුණෝ පණඩිතවාද ඇත්තාහු ද?
Pali BJTඑවම්පි විග්ගය්හ විවාදයන්තීති - එවං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා විවාදයන්ති, කලහං කරොන්ති, භණ්ඩනං කරොන්ති, විග්ගහං කරොන්ති, විවාදං කරොන්ති, මෙධගං කරොන්ති; ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී{a}’ති - එවම්පි විග්ගය්හ විවාදයන්ති.
Sinhala BJTඑවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන විරුද්ධවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විවාද කෙරෙති, මෙධග කෙරෙත්; ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවුය, … ඉදින් පොහොසත්හු නම්, (තෙමේ මැ) මුදාලව’ යි ‘එවමපි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
Pali BJTබාලො පරො අක්කුසලොති{1} චාහූති - පරො බාලො හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තො අකුසලො අවිද්වා අවිජ්ජාගතො අඤ්ඤාණී අවිභාවී දුප්පඤ්ඤොති එවමාහංසු, එවං කථෙන්ති, එවං භණන්ති, එවං දීපයන්ති, එවං වොහරන්තීති - බාලො පරො අකුසලො’ති චාහු.
Sinhala BJTබාලො පරො අකකුසලොති චාහු - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ අහේතුක යැ අල්ප යැ අදක්‍ෂ යැ අපණ්ඩිත යැ අවිද්‍යාවට පැමිණියේ යැ අඥාන යැ අවීමංසක යැ දුෂ්ප්‍රාඥ යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘බාලො පරො අකකුසලොති චාහු’ යනු වේ.
Pali BJTසච්චො නු වාදො කතමො ඉමෙසන්ති - ඉමෙසං සමණබ්රාහ්මණානං කතමො සච්චො තච්ඡො තථො භූතො යාථාවො{2} අවිපරීතොති සච්චො නු වාදො කතමො ඉමෙසං.
Sinhala BJTසච්චො නු වාදො කතමෝ ඉමෙසං - මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය ද? නො සිස් ද? අවිපරීත ද? විද්‍යාමාන ද? යථා ස්වභාව ද? විපරීත නො වේ ද? යී ‘සච්චො නු වාදො කතමෝ ඉමෙසං’ යනු වේ.
Pali BJTසබ්බෙව හි’මෙ කුසලාවදානාති - සබ්බෙපි ඉමෙ සමණබ්රාහ්මණා කුසලවාදා පණ්ඩිතවාදී ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති - සබ්බෙව හි’මෙ කුසලාවදානා,
Sinhala BJTසබ්බේව හිමෙ කුසලාවදානා - මේ සියලු මැ මහණබමුණෝ ස්වලබ්ධියෙහි කුශලවාද ඇත්තෝ යැ පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘සබ්බේව හි’මෙ කුසලාවදානා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් කීහ ඒ මැවුණු බුදුහු:
Pali BJT“එවම්පි විග්ගය්හ විවාදයන්ති බාලො පරො අක්කුසලො’ති චාහු, සච්චා නු වාදො කතමො ඉමෙසං? සබ්බෙව හිමෙ කුසලාවදානා”ති.
Sinhala BJT“එවම්පි විග්ගය්හ විවාදයන්ති - පෙ - සබ්බේව හිමෙ කුසලාවදානා” යි
Pali BJT12. 3.
Sinhala BJT12. 3.
Pali BJTපරස්ස චෙ ධම්මමනානුජානං{3} බාලො මගො{4} හොති නිහීනපඤ්ඤො, සබ්බෙව{5} බාලා සුනිහීනපඤ්ඤා{6} සබ්බෙ විමෙ දිට්ඨිපරිබ්බසානා.
Sinhala BJTඉදින් මෙරමාගේ දෘෂ්ටිය අනුඥා නො කරනුයේ බාලයෙක් මෘග (සදෘශ) යෙක් ලාමක ප්‍රඥා ඇතියෙක් වේ නම්, (එකල්හි) සියලු මැ මහණබමුණෝ බාලයෝ වෙති අතිශයින් නිහීනප්‍රඥා ඇතියෝ වෙත්, මේ සියලු මැ මහණ බමුණෝ තමතමාගේ දෘෂ්ටියෙහි වසන්නාහු ද, එහෙයිනි.
Pali BJTපරස්ස චෙ ධම්මමනානුජානන්ති - පරස්ස ධම්මං පටිපදං මග්ගං අනනු{7} ජානන්තො අනනුපස්සන්තො අනනුමනන්තො අනනුමඤ්ඤන්තො අනනුමොදන්තොති - පරස්ස චෙ ධම්මමනානුජානං.
Sinhala BJTපරස්ස චෙ ධම්ම මනානුජානං - අන්‍යයාගේ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය නො දන්නේ නො දක්නේ අනුඥා නො කරනුයේ නො පිළිගන්නේ නො අනුමෝදන් වනුයේ නුයි ‘පරස්ස චෙ ධම්ම මනානුජානං’ යනු වේ.
Pali BJTබාලො මගො හොති නිහීනපඤ්ඤො’ති - පරො බාලො හොති, හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තො හීනපඤ්ඤො නිහීනපඤ්ඤො ඔමකපඤ්ඤො ලාමකපඤ්ඤො ඡත්තකපඤ්ඤො පරිත්තපඤ්ඤො’ති - බාලො මගො හොති නිහීනපඤ්ඤො.
Sinhala BJTබාලො මගො හොති නිහිනඤ්ඤො - මෙරමා අපණ්ඩිත වූයේ වෙයි, හීන වූයේ නිහීන - ඔමක - ලාමක ඡත්තක - පරිත්ත වූයේ හීනප්‍රඥා ඇත්තේ නිහීනප්‍රඥා ඇත්තේ අවමතප්‍රඥා ඇත්තේ ලාමකප්‍රඥා ඇත්තේ ඡත්තකප්‍රඥා ඇත්තේ පරිත්තප්‍රඥා ඇත්තේ නුයි ‘බාලො මගො හොති නිහිනපඤ්ඤො’ යනු වේ.
Pali BJTසබ්බෙව බාලා සුනිහීනපඤ්ඤාති - සබ්බෙවිමෙ සමණබ්රාහ්මණා බාලා හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා පරිත්තා, සබ්බෙව හීනපඤ්ඤා නිහීනපඤ්ඤා ඔමකපඤ්ඤා ලාමකපඤ්ඤා ඡත්තකපඤ්ඤා{8} පරිත්තපඤ්ඤා’ති - සබ්බෙව බාලා සුනිහීනපඤ්ඤා.
Sinhala BJTසබ්බේව බාලා සුනිහීනපඤ්ඤා - මේ සියලු මැ මහණබමුණෝ බාලයෝ යැ හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ අහේතුකයෝ යැ අල්පයෝ යැ සියල්ලෝ මැ හීනප්‍රඥා ඇත්තෝ යැ අවමත ප්‍රඥා ඇත්තෝ යැ ලාමකප්‍රඥා ඇත්තෝ යැ ඡත්තකප්‍රඥා ඇත්තෝ යැ අල්ප වූ ප්‍රඥා ඇත්තාහු නුයි ‘සබ්බේව බාලා සුනිහීනපඤ්ඤා’යනු වේ.
Pali BJTසබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා’ති - සබ්බෙවිමෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා. තෙ ද්වාසට්ඨියා දිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා, සකාය සකාය දිට්ඨියා වසන්ති සංවසන්ති ආවසන්ති පරිවසන්ති. යථා අගාරිකා වා ඝරෙසු වසන්ති, සාපත්තිකා වා ආපත්තීසු වසන්ති, සකිලෙසා වා කිලෙසෙසු වසන්ති, එවමෙවං සබ්බෙවිමෙ සමණබ්රාහ්මණා දිට්ඨිගතිකා. -පෙ- පරිවසන්තීති. සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා.
Sinhala BJTසබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා - මේ සියලු මැ මහණබමුණෝ දෘෂ්ටිගතිකයෝ යැ, ඔහු දෙසැට දිටු අතුරෙන් අන්‍යතරාන්‍යතර දෘෂ්ටියක් ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන ස්වකීය ස්වකීය දෘෂ්ටියෙහි වෙසෙති, මොනවට වෙසෙති, පැමිණ වෙසෙති, හාත්පසින් වෙසෙත්; ගෙහිමියෝ හෝ සිය ගෙවල යම් සේ වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එසෙයින් මේ සියලු මැ මහණබමුණෝ දෘෂ්ටිගතිකයෝ යැ … හාත්පසින් වෙසෙත් නුයි ‘සබ්බේවිමෙ දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පරස්ස චෙ ධම්මමනානුජානං බාලො මගො හොති නිහීනපඤ්ඤො, සබ්බෙව බාලා සුනිහීනපඤ්ඤා සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා”ති.
Sinhala BJT“පරස්ස චෙ ධම්ම මනානුජානං -පෙ- සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා” යී
Pali BJT12. 4.
Sinhala BJT12. 4.
Pali BJTසන්දිට්ඨියා චෙව න වෙවදාතා{1} සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා, කෙසං න කොචි පරිහීනපඤ්ඤො දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා.
Sinhala BJTඉදින් ස්වකීය දෘෂ්ටියෙන් පිරිසුදු නො වූවාහු සංශුද්ධප්‍රඥා ඇත්තාහු දක්‍ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, ඒ මහණබමුණන් අතුරෙන් කිසිවෙක් පිරිහුණු නුවණැතියේ නො වෙයි, යම් හෙයකින් දෘෂ්ටිය ඔවුන් විසිනු දු එසේ සමාදන් වූවාහු ද එහෙයිනි.
Pali BJTසන්දිට්ඨියා චෙව න වෙවදාතා’ති - සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා, න වෙවදාතා අවොදාතා අපරියොදාතා සඞ්කිලෙසිකාති - සන්දිට්ඨියා චෙව න වෙවදාතා.
Sinhala BJTසන්දිට්ඨියා චෙව න වෙවදාතා - ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්‍ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි නො බබළන්නාහු අපරිශුද්ධ වූවාහු ප්‍රභාස්වර නො වූවාහු සංක්ලිෂ්ට වූවාහු සංක්ලේෂික වූවාහු නුයි ‘සන්දිට්ඨියා චෙව න වෙවදාතා’ යනු වේ.
Pali BJTසංසුද්ධපඤ්ඤා කුසලා මුතීමාති - “සංසුද්ධපඤ්ඤා”ති සුද්ධපඤ්ඤා පරිසුද්ධපඤ්ඤා ඔදාතපඤ්ඤා පරියොදාතපඤ්ඤා; අථවා, සුද්ධදස්සනා විසුද්ධදස්සනා පරිසුද්ධදස්සනා වොදාතදස්සනා පරියොදාතදස්සනා’ති සංසුද්ධපඤ්ඤා; ‘කුසලා’ති කුසලා පණ්ඩිතා පඤ්ඤවන්තො බුද්ධිමන්තො ඤාණිනො විභාවිනො මෙධාවිනොති සංසුද්ධපඤ්ඤා කුසලා; ‘මුතිමා’ති මුතිමා පණ්ඩිතා පඤ්ඤවන්තො බුද්ධිමන්තො ඤාණිනො විභාවිනො මෙධාවිනොති සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා.
Sinhala BJTසංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා - ‘සංසුද්ධපඤ්ඤා’ යනු ශුද්ධප්‍රඥා ඇත්තාහු පරිශුද්ධප්‍රඥා ඇත්තාහු අවදාතප්‍රඥා ඇත්තාහු හාත්පසින් බබළන ප්‍රඥා ඇත්තාහු, නොහොත් ශුද්ධදර්‍ශන ඇත්තාහු විශුද්ධදර්‍ශන ඇත්තාහු පරිශුද්ධදර්‍ශන ඇත්තාහු ව්‍යවදාතදර්‍ශන ඇත්තාහු පර්‍ය්‍යාවදාතදර්‍ශන ඇත්තාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා’ යනු වේ. කුසලා - දක්‍ෂ වූවාහු පණ්ඩිත වූවාහු ප්‍රඥාවත් වූවාහු බුද්ධිමත් වූවාහු ඥානවත් වූවාහු විමංසනප්‍රඥා ඇත්තාහු තීරණප්‍රඥා ඇත්තාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා කුසලා ’ යනු වේ. මුතිමා - ස්මෘතිමත් වූවාහු පණ්ඩිත -ප්‍රඥාවත් - බුද්ධිමත් - ඥානවත් - විමංසන - ප්‍රඥාවත් වූවාහු නුයි ‘සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා’ යනු වේ.
Pali BJTතෙසං න කොචි පරිහීනපඤ්ඤොති - තෙසං සමණබ්රාහ්මණානං න කොචි හීනපඤ්ඤො නිහීනපඤ්ඤො ඔමකපඤ්ඤො ලාමකපඤ්ඤා ලාමකපඤ්ඤො ඡත්තකපඤ්ඤො{2} පරිත්තපඤ්ඤො අත්ථි, සබ්බෙව සෙට්ඨපඤ්ඤා විසිට්ඨපඤ්ඤා පාමොක්ඛපඤ්ඤා උත්තමපඤ්ඤා පවරපඤ්ඤාති - තෙසං න කොචි පරිහීනපඤ්ඤො.
Sinhala BJTතෙසං න කෝචි පරිහිනපඤ්ඤො - ඒ මහණබමුණන් අතුරෙන් හීනප්‍රඥා ඇති නිහීනප්‍රඥා ඇති පහත් වූ ප්‍රඥා ඇති ලාමක වූ ප්‍රඥා ඇති ඡත්තකප්‍රඥා ඇති අල්ප වූ ප්‍රඥා ඇති කිසිවෙක් නැති, සියල්ලෝ මැ ශ්‍රේෂ්ඨප්‍රඥා ඇත්තාහු විශිෂ්ටප්‍රඥා ඇත්තාහු ප්‍රමුඛප්‍රඥා ඇත්තාහු උත්තම ප්‍රඥා ඇත්තාහු ප්‍රවරප්‍රඥා ඇත්තාහු නුයි ‘තෙසං න කෝචි පරිහිනපඤ්ඤො’ යනු වේ.
Pali BJTදිට්ඨි හි තෙසම්පි තථා සමත්තාති - තෙසං සමණබ්රාහ්මණානං දිට්ඨි තථා සමත්තා සමාදින්නා ගහිතා පරාමට්ඨා අභිනිවිට්ඨා අජ්ඣොසිතා අධිමුත්තාති - දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා.
Sinhala BJTදිට්ඨි හි තෙසම්පි තථා සමත්තා - ඒ මහණබමුණන් විසින් දෘෂ්ටිය එපරිද්දෙන් සපුරන ලද්දී මොනවට ගන්නා ලද්දී ග්‍රහණය කරන ලද්දී පරාමර්‍ෂ කොට ගන්නා ලද්දී අභිනිවේශ කරන ලද්දී පිවිස ගන්නා ලද්දී බැසගන්නා ලද්දී නුයි ‘දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සන්දිට්ඨියා චෙව න වෙවදිතා සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා, කෙසං න කොචි පරිහීනපඤ්ඤො දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා.
Sinhala BJT“සන්දිට්ඨියා වෙව - පෙ - දිට්ඨි හි තථා සමත්තා” යී.
Pali BJT12. 5.
Sinhala BJT12. 5.
Pali BJTන චාහමෙතං{1} තථියන්ති{2} බ්රූමි යමාහු බාලා මිථු අඤ්ඤමඤ්ඤං, සකං සකං දිට්ඨිමකංසු සච්චං තස්මා හි බාලොති පරං දහන්ති.
Sinhala BJTමම තෙල ද්වාෂෂ්ටිදෘෂ්ටිජාතය සත්‍ය යැයි නො ද කියමි, යම් හෙයකින් කලහකාරක වූ දෙදෙනෙක් ඔවුනොවුන් බාල හෙයින් කියත් ද, (ඔහු) තමතමාගේ ලබ්ධිය සැබවැයි වාද කළාහු ද, එහෙයින් මැ වාදකාරක වූ අන්‍යයා බාලයෙකැයි සලකත්.
Pali BJTන චාහමෙතං තථියන්ති බ්රූමීති - ‘නා’ති පටික්ඛෙපො; ‘එත’න්ති ද්වාසට්ඨි දිට්ඨිගතානි; නාහං එතං තච්ඡං තථං භූතං යාථාවං{3} අවිපරීතන්ති බ්රූමි, ආචික්ඛාමි, දෙසෙමි, පඤ්ඤපෙමි, පට්ඨපෙමි, විවරාමි, විභජාමි, උත්තානීකරොමි, පකාසෙමීති - න චාහමෙතං තථියන්ති බ්රූමී.
Sinhala BJTන චාහමෙතං තථියන්ති බ්‍රෑමි - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; ‘එතං’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ; මම තෙල දෘෂ්ටිගතය නො සිස් යැ අවිපරීත යැ විද්‍යාමාන යැ සංවිද්‍යාමාන යැ අවිසංවාදක යැයි නො කියමි, නො පවසමි, නො දෙසමි, නො පනවමි, නො තබමි, විවරණය නො කරමි, විභාග නො කරමි, ප්‍රකට නො කරමි, ප්‍රකාශ නො කෙරෙමි, ‘න චාහමෙතං තථියන්ති බ්‍රෑමි’ යනු වේ.
Pali BJTයමාහු බාලා මිථු අඤ්ඤමඤ්ඤන්ති - ‘මිථූ’ති ද්වෙ ජනා, ද්වෙ කලහකාරකා, ද්වෙ භණ්ඩනකාරකා, ද්වෙ භස්සකාරකා, ද්වෙ විවාදකාරකා, ද්වෙ අධිකරණකාරකා, ද්වෙ වාදිනො, ද්වෙ සල්ලාපකා; තෙ අඤ්ඤමඤ්ඤං බාලතො හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො එවමාහංසු, එවං කථෙන්ති, එවං භණන්ති, එවං වොහරන්තීති යමාහු බාලා මිථු අඤ්ඤමඤ්ඤං.
Sinhala BJTයමාහු බාලා මිථු අඤ්ඤාමඤ්ඤං - ‘මිථු’ යනු: දෙදෙනෙක්, කලහකරුවෝ දෙදෙන ඩබර කරුවෝ දෙදෙන බසින් කලහ කරනුවෝ දෙදෙන විවාදකරුවෝ දෙදෙන අධිකරණකරුවෝ දෙදෙන වාදකරුවෝ දෙදෙන සංලාප කරනුවෝ දෙදෙන, ඔවුහු ඔවුනොවුන් බාල හෙයින් හීන හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු බාලා මිථු අඤ්ඤාමඤ්ඤං’ යනු වේ.
Pali BJTසකං සකං දිට්ඨිමකංසු සච්චන්ති - සස්සතො ලොකෙ ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති සකං සකං දිට්ඨිමකංසු සච්චං. අසස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති - සකං සකං දිට්ඨිමකංසු සච්චං.
Sinhala BJTසකං සකං දිට්ඨිමකංසු සච්චං - ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’ යි - ‘සකං සකං දිට්ඨිමකංසු සච්චං ’ යනු වේ.
Pali BJTතස්මා හි බාලොති පරං දහන්තීති - ‘තස්මා’ති තස්මා තඞ්කාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා; පරං බාලතො හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො; දහන්ති, පස්සන්ති, දක්ඛන්ති, ඔලොකෙන්ති, නිජ්ඣායන්ති, උපපරික්ඛන්තී’ති - තස්මා හි බාලො’ති පරං දහන්ති.
Sinhala BJTතස්මා හි බාලො’ති පරං දහන්ති - ‘තස්මා’ යනු: එ හෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මෙරමා බාල හෙයින් හීනහෙයින් නිහීන හෙයින් ඔමකහෙයින් ලාකමහෙයින් ඡත්තක හෙයින් සලකති, බලති දකිති අවලොකනය කෙරෙති, සිතති,විමසත් නුයි ‘තස්මා හි බාලො’ති පරං දහන්ති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න චාහමෙතං තථියන්ති බ්රූමි යමාහු බාලා මිථු අඤ්ඤමඤ්ඤං, සකං සකං දිට්ඨිමකංසු සච්චං තස්මා හි බාලොති පරං දහන්ති”ති.
Sinhala BJT“න චාහමෙතං -පෙ- තස්මා හි බාලොති පරං දහන්ති” යි.
Pali BJT12. 6.
Sinhala BJT12. 6.
Pali BJTයමාහු සච්චං තථියන්ති{4} එකෙ තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති, එවම්පි විග්ගය්හ විවාදයන්ති{5} කස්මා න එකං සමණා වදන්ති.
Sinhala BJTඇතැම් මහණබමුණු කෙනෙක් යම් දෘෂ්ටිසත්‍යයක් සැබැවැයි කියත් ද, එයින් අන්‍ය වූ මහණබමුණෝ ඒ දෘෂ්ටිසත්‍යය තුච්ඡ වූ මෘෂායෙකැයි කියත්. (ඔහු) මෙසේත් දෘෂ්ටිය දැඩිව ගෙන විවාද කෙරෙති. කුමක් හෙයින් ශ්‍රමණයෝ එක් සත්‍යයක් නො කියත් ද?
Pali BJTයමාහු සච්චං තථියන්ති එකෙති - යං දිට්ඨිං පටිපදං මග්ගං එකෙ සමණබ්රාහ්මණා ඉදං සච්චං තථං භූතං යාථාවං{1} අවිපරීතන්ති එවමාහංසු, එවං කථෙන්ති, එවං භණන්ති එවං දීපයන්ති, එවං වොහරන්තීති - යමාහු සච්චං තථියන්ති එකෙ.
Sinhala BJTයමාහු සච්චං තථියන්ති එකෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් මේ සැබව නො සිස් යැ අවිපරීත යැ විද්‍යාමාන යැ සංවිද්‍යාමාන යැ අවිසංකෙත යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු සච්චං තථියන්ති එකෙ’ යනු වේ.
Pali BJTතමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාතීති{2} - තමෙව ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං එකෙ සමණබ්රාහ්මණා තුච්ඡං එතං මුසා එතං අභූතං එතං අලිකං එතං අයාථාවං එතන්ති එවමාහංසු, එවං කථෙන්ති, එවං භණන්ති, එවං දීපයන්ති, එවං වොහරන්තීති - තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති.
Sinhala BJTතමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති - ඇතැම් මහණබමුණු කෙනෙක් ඒ මැ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල සිස් යැ තෙල මෘෂා යැ තෙල අභූත යැ තෙල බොරු යැ තෙල අසංවිද්‍යාමාන යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති මෙසේ බෙණෙති මෙසේ දක්වති මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති’ යනු වේ.
Pali BJTඑවම්පි විග්ගය්හ විවාදයන්තීති - එවං ගහෙත්වා උග්ගහෙත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා විවාදයන්ති, කලහං කරොන්ති, භණ්ඩනං කරොන්ති විග්ගහං කරොන්ති, විවාදං කරොන්ති, මෙධගං කරොන්ති, ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති - එවම්පි විග්ගය්හ විවාදයන්ති. ‘
Sinhala BJTඑවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන වෙසෙසින් ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන විරුද්ධවාදකෙරෙති කලහ කෙරෙති ඩබර කෙරෙති විග්‍රහ කෙරෙති විවාද කෙරෙති මෙධග කෙරෙති; ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ … ඉදින් සමර්‍ත්‍ථ වූවහු නම් මුදාගනැ’ යි (කියත්) නුයි ‘එවම්පි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
Pali BJTකස්මා න එකං සමණා වදන්තීති - ‘කස්මා’ති කස්මා කිඞ්කාරණා කිංහෙතු කිම්පච්චයා කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතියා කිම්පභවා න එකං වදන්ති? නානා වදන්ති විවිධං වදන්ති? අඤ්ඤමඤ්ඤං වදන්ති? කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - කස්මා න එකං සමණා වදන්ති.
Sinhala BJTකස්මා න ඒකං සමණා වදන්ති - ‘කස්මා’ යනු: කුමක් හෙයින් කිකරුණෙන් කවර හේතුයෙන් කවර ප්‍රත්‍යයෙන් කවර නිදානයකින් කවර සමුදයකින් කවර දැයකින් කවර ප්‍රභවයකින් එකක් නො කියත් ද? නොයෙක් ලෙස කියත් ද? විවිධ ව කියත් ද එකිනෙක කියත් ද වෙන වෙන කියත් ද පවසත් ද බෙණෙත් ද දක්වත් ද ව්‍යවහාර කෙරෙත් දැයි ‘කස්මා න ඒකං සමණා වදන්ති’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යමාහු සච්චං තථියන්ති එකෙ තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති, එවම්පි විග්ගය්හ විවාදයන්ති කස්මා න එකං සමණා වදන්තී”ති.
Sinhala BJT“යමාහු සච්චං -පෙ- කස්මා න ඒකං සමණා වදන්ති” යි.
Pali BJT12. 7.
Sinhala BJT12. 7.
Pali BJTඑකං හි සච්චං න දුතියමත්ථි යස්මිං පජා නො විවදෙ පජානං, නානා තෙ සච්චානි සයං ථුනන්ති තස්මා න එකං සමණා වදන්ති.
Sinhala BJTසත්‍යය එකෙක් මැ (නිරෝධය හෝ මාර්‍ගය හෝ) වෙයි, දෙවැන්නෙක් නැත, යම් සත්‍යයක් දන්නාවූ පුද්ගල තෙමේ විවාද නො කරන්නේ නම් එය යි; ඒ මහණබමුණෝ නානා සත්‍යයන් තුමූ මැ කියති, එ කරුණෙන් මහණබමුණෝ එක් සත්‍යයක් නො කියත්.
Pali BJTඑකං හි සච්චං න දුතියමත්ථිති - එකං සච්චං වුච්චති දුක්ඛනිරොධො නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අථවා එකං සච්චං වුච්චති මග්ගසච්චං නිය්යාණසච්චං දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියො අට්ඨඞ්ගිකො මග්ගො සෙය්යථීදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධීති - එකං හි සච්චං න දුතියමත්ථි.
Sinhala BJTඒකං හි සච්චං න දුතියමත්ථි - එක් සත්‍ය යැයි දුඃඛනිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය කියනු ලැබෙයි, යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් නැසීමෙක් ක්ලේශවිරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එයයි: නොහොත් එක් සත්‍ය යැයි මාර්‍ගසත්‍යය කියනු ලැබෙයි, නෛර්‍ය්‍යාණිකසත්‍යය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යි, ඒ කවරේ ද යත්: සම්‍යග්දෘෂ්ටිය සම්‍යක් සංකල්පය සම්‍යග්වචනය සම්‍යක්කර්‍මාන්තය සම්‍යගාජීවය සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය සම්‍යක්සමාධිය නුයි ‘ඒකං හි සච්චං න දුතියමත්ථි’ යනු වේ.
Pali BJTයස්මිං පජා නො විවදෙ පජානන්ති - ‘යස්මි’න්ති යස්මිං සච්චෙ; ‘පජා’ති සත්තාධිවචනං; ‘පජානං’ යං සච්චං පජානන්තා විජානන්තා පටිවිජානන්තා පටිවිජ්ඣන්තා න කලහං කරෙය්යුං, න භණ්ඩනං කරෙය්යුං, න විග්ගහං කරෙය්යුං, න විවාදං කරෙය්යුං, න මෙධගං කරෙය්යුං, කලහං භණ්ඩනං විග්ගහං විවාදං මෙධගං පජහෙය්යුං, විනොදෙය්යුං, බ්යන්තීකරෙය්යුං, අනභාවං ගමෙය්යුන්ති - යස්මිං පජා නො විවදෙ පජානං.
Sinhala BJTයස්මිං පජා නො විවදෙ පජානං - ‘යස්මිං’ යනු: යම් සත්‍යයක්; ‘පජා’ යනු: සත්ත්‍වයනට නමෙකි; පජානං - යම් සත්‍යයක් ප්‍රකර්‍ෂයෙන් දන්නහු හාත්පසින් දන්නාහු වෙසෙසින් දන්නාහු මැනවින් දන්නාහු සිතින් අවබෝධ කරන්නාහු කලහ නො කරන්නාහු ය, ඩබර නො කරන්නාහු ය, විග්‍රහ නො කරන්නාහු ය, විවාද නො කරන්නාහු ය, මෙධග නො කරන්නාහු ය, කලහ භණ්ඩන විග්‍රහ විවාද මෙධග හරනාහු ය, දුරලන්නාහු ය, බැහැර කරන්නාහු ය, අනභාවයට පමුණුවන්නාහු නුයි ‘යස්මිං පජා නො විවදෙ පජානං’ යනු වේ.
Pali BJTනානා තෙ සච්චානි සයං ථුනන්තීති - නානා තෙ සච්චානි සයං ථුනන්ති වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති, ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති, සයං ථුනන්ති, වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - නානා තෙ සච්චානි සයං ථුනන්ති.
Sinhala BJTනානා තෙ සච්චානි සයං ඵුනන්ති - ඔවුහු නානා සත්‍යයන් තුමූ මැ පසසති, පවසති, කියති, බෙණෙති දක්වති බැව්හර කෙරෙත්; ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’ යි පසසති පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘නානා තෙ සච්චානි සයං ඵුනන්ති’ යනු වේ.
Pali BJTතස්මා න එකං සමණා වදන්තීති - ‘තස්මා’ති තස්මා තඞ්කාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා න එකං වදන්ති, නානා වදන්ති, විවිධං වදන්ති, අඤ්ඤමඤ්ඤං වදන්ති පුථු වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - තස්මා න එකං සමණා වදන්ති.
Sinhala BJTතස්මා න ඒකං සමණා වදන්ති - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් එකක් නො කියති, නොයෙක් සේ කියති, විවිධ ව කියති අනන්මන කියති, වෙන වෙන මැ කියති පවසති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘තස්මා න ඒකං සමණා වදන්ති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එකං හි සච්චං න දුතියමත්ථි යස්මිං පජා නො විවදෙ පජානං, නානා තෙ සච්චානි සයං ථුනන්ති තස්මා න එකං සමණා වදන්ති”ති.
Sinhala BJT“ඒකං හි සච්චං -පෙ- තස්මා න ඒකං සමණා වදන්ති” යි.
Pali BJT12. 8.
Sinhala BJT12. 8.
Pali BJTකස්මා නු සච්චානි වදන්ති නානා පවාදියා සෙ කුසලාවදානා, සච්චානි සුතානි{1} බහූනි නානා උදාහු තෙ තක්කමනුස්සරන්ති.
Sinhala BJTවිරුද්ධවාද ඇති (ස්වලබ්ධියෙහි) පණ්ඩිතවාද ඇති (ඔහු) කුමක් හෙයින් නානා සත්‍යයන් කියත් ද? (ඔවුන් විසින්) බොහෝ වූ නානා සත්‍යයන් අසන ලද්දාහු ද? නොහොත් ඔවුහු තර්‍කමාත්‍රයක් අනුව යෙත් ද?
Pali BJTකස්මා නු සච්චානි වදන්ති නානාති - ‘කස්මා’ති කස්මා කිං කාරණා කිංහෙතු කිම්පච්චයා කින්නිදානා සච්චානි නානා වදන්ති? විවිධානි වදන්ති? අඤ්ඤමඤ්ඤානි වදන්ති? පුථූනි වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - කස්මා නු සච්චානි වදන්ති නානා.
Sinhala BJTකස්මා නු සච්චානි වදන්ති නානා - ‘කස්මා’ යනු: කුමක් හෙයින් කිකරුණෙන් කවර හේතුයෙකින් කවර ප්‍රත්‍යයෙකින් කවර නිදානයෙකින් සත්‍යයන් නන් ලෙස කියත් ද? විවිධ ව කියත් ද? අනන්මන කියත් ද? වෙන වෙන ම පවසත් ද? කියත් ද? වෙන වෙන මැ පවසත් ද? කියත් ද? බෙණෙත් ද? දක්වත් ද? ව්‍යවහාර කෙරෙත් දැ’යි ‘කස්මා නු සච්චානි වදන්ති නානා’ යනු වේ.
Pali BJTපවාදියා සෙ කුසලාවදානාති - පවාදියාසෙ’ති විප්පවදන්තීති පි පවාදියා සෙ; අථවා සකං සකං දිට්ඨිගතං පවදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති, සස්සතො ලොකෙ ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති පවදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති අසස්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති පවදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති. කුසලාවදානාති කුසලවාදා පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා, සකාය ලද්ධියාති - පවාදියා සෙ කුසලාවදානා.
Sinhala BJTපවාදියා සෙ කුසලාවදානා - ‘පවාදියා සෙ’ යනු: විවිධ ව කියත් නුයි ද ‘පාවාදියා සෙ’ යනු වේ; නොහොත් තමතමාගේ දෘෂ්ටිගතය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්: ‘ශාශ්වත යැ ලෝකය, මෙ මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය … සත්ත්‍වයා මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි. මේ මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. කුසලාවදානා - ස්වලබ්ධියෙහි කුශල යැ යන වාද ඇත්තාහු පණ්ඩිතවාද ඇත්තාහු ස්ථිරවාදඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු සථානවාද ඇත්තාහු නුයි ‘පවාදියා සෙ කුසලාවදානා’ යනු වේ.
Pali BJTසච්චානි සුතානි බහූනි නානාති - සච්චානි සුතානි බහුකානි නානානි විවිධානි අඤ්ඤමඤ්ඤානි පුථූනීති - සච්චානි සුතානි බහූනි නානා.
Sinhala BJTසච්චානි සුතානි බහූති නානා - බොහෝ වූ නන් වැදැරුම් වූ විවිධ වූ අනන්මන වූ වෙන් වෙන් වූ සත්‍යයෝ අසන ලද්දාහු දැ’ යි ‘සච්චානි සුතානි බහූති නානා’ යනු වේ.
Pali BJTඋදාහු තෙ තක්කමනුස්සරන්තී’ති - උදාහු තක්කෙන විතක්කෙන සඞ්කප්පෙන යායන්ති නීයන්ති වුය්හන්ති සංහරිය්යන්තීති එවම්පි - උදාහු තෙ තක්කමනුස්සරන්ති. අථවා තක්කපරියාහතං වීමංසානුචරිතං සයම්පටිභානං වදන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති එවම්පි - උදාහු තෙ තක්කමනුස්සරන්ති.
Sinhala BJTඋදාහු තෙ තක්කමනුස්සරන්ති - නොහොත් තර්‍කයෙන් සංකල්පයෙන් යවනු ලැබෙති, පමුණුවනු ලැබෙති, වහනය කරනු ලැබෙති, මොනොවට හරිනු ලැබෙත් නුයි - මෙසේ ත් ‘උදාහු තෙ තක්කමනුස්සරන්ති’ යනු වේ. නොහොත් තර්‍කයෙන් හාත්පසින් එළවන ලද තමාගේ හැඟීමෙන් විමසන ලද ස්වකීය ප්‍රතිභානය පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි - මෙසේත් ‘උදාහු තෙ තක්කමනුස්සරන්ති’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑයින් කීහ ඒ මැවුණු බුදුහු:
Pali BJT“කස්මා නු සච්චානි වදන්ති නානා පවාදියා සෙ කුසලාවදානා, සච්චානි සුතානි බහූනි නානා උදාහු තෙ තක්කමනුස්සරන්තී”ති.
Sinhala BJT“කස්මා නු සච්චානි -පෙ- උදාහු තෙ තක්කමනුස්සරන්ති” යි.
Pali BJT12. 9.
Sinhala BJT12. 9.
Pali BJTනහෙව සච්චානි බහූනි නානා අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානි ලොකො, තක්කඤ්ච දිට්ඨීසු පකප්පයිත්වා සච්චං මුසාති ද්වයධම්මමාහු.
Sinhala BJTලොවැ සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයන් තබා නන්වැදෑරුම් වූ බොහෝ සත්‍යයෝ නො මැ වෙති, දෘෂ්ටිවිෂයෙහි (තමා ගේ ) මිථ්‍යාසංකල්පමාත්‍රය ද උපදවා (මාගේ වචනය) සැබව, තාගේ වචනය) බොරු යැ යන යුග්මධර්‍මය (- දෙ කරුණ) කියත්.
Pali BJTන හෙව සච්චානි බහූනි නානාති - නහෙව සච්චානි බහුකානි නානානි විවිධානි අඤ්ඤමඤ්ඤානි පුථූනීති - න හෙව සච්චානි බහූනි නානා.
Sinhala BJTනහෙව සච්චානි බහූති නානා - බොහෝ වූ නානා වූ විවිධ වූ අන්‍යෝන්‍ය වූ වෙන් වෙන් වූ සත්‍යයෝ නො මැ වෙත් නුයි ’ නහෙව සච්චානි බහුති නානා’ යනු වේ.
Pali BJTඅඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානි ලොකෙති - අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චගාහා එකඤ්ඤෙව සච්චං ලොකෙ කථීයති{1} භණීයති{2} දීපියති{3} වොහරීයති{4} දුක්ඛනිරොධො නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අථවා, එකං සච්චං වුච්චති මග්ගසච්චං නිය්යානසච්චං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියො අට්ඨඞ්ගිකො මග්ගො; සෙය්යථීදං? සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධීති - අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානි ලොකෙ.
Sinhala BJTඅඤ්ඤත්‍ර සඤ්ඤාය නිච්චානි ලෝකේ - සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයෙන් වෙන් ව ලොවැ දුඃඛනිරෝධ යයි කියන ලද නිර්‍වාණ නම් වූ එක මැ සත්‍යය කියනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, ව්‍යවහාර කරනු ලැබේ; යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව නැසීමෙක් ක්ලෙශවිරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. නොහොත් එක් සත්‍ය යැ’යි මාර්‍ගසත්‍යය කියනු ලැබෙයි, නෛර්‍ය්‍යාණික සත්‍යය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය යි, ඒ කවරේ ද යත්? සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක් සමාධිය නුයි ‘අඤ්ඤත්‍ර සඤ්ඤාය නිච්චානි ලෝකේ’ යනු වේ.
Pali BJTතක්කඤ්ච දිට්ඨීසු පකප්පයිත්වා සච්චං මුසාති ද්වයධම්මමාහූති තක්කං විතක්කං සඞ්කප්පං තක්කයිත්වා විතක්කයිත්වා සඞ්කප්පයිත්වා දිට්ඨිගතානි ජනෙන්ති සඤ්ජනෙන්ති නිබ්බත්තෙන්ති අභිනිබ්බත්තෙන්ති; දිට්ඨිගතානි ජනෙත්වා සඤ්ජනෙත්වා නිබ්බත්තෙත්වා අභිනිබ්බත්තෙත්වා ‘මය්හං සච්චං තුය්හං මුසා’ති එවමාහංසු, එවං කථෙන්ති, එවං භණන්ති, එවං දීපයන්ති, එවං වොහරන්තීති - තක්කඤ්ච දිට්ඨීසු පකප්පයිත්වා සච්චං මුසාති ද්වයධම්මමාහු.
Sinhala BJTතක්කඤ්ච දිටඨිසු පකප්පයිත්වා සච්චං මුසා’ ති ද්වයධම්මමාහු - තර්‍කය විතර්‍කය සඞ්කල්පය තර්‍කණය කොට විතර්‍කණය සඞ්කල්පනය කොට දෘෂ්ටිගතයන් උපදවති, මොනවට උපදවති, නිපදවති, වෙසෙසින් නිපදවත්, දෘෂ්ටිගතයන් (මතු මත්තෙහි) උපදවා මොනොවට උපදවා නිපදවා වෙසෙසින් නිපදවා මාගේ (- වදන) සැබව, තාගේ (වදන) බොරු යයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තක්කඤ්ච දිටඨිසු පකප්පයිත්වා සච්චං මුසාති ද්වයධම්මමාහු’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න හෙව සච්චානි බහූනි නානා අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානි ලොකො, තක්කඤ්ච දිට්ඨීසු පකප්පයිත්වා සච්චං මුසාති ද්වයධම්මමාහූ”ති.
Sinhala BJT“න හෙව සච්චානි -පෙ- සච්චං මුසාති ද්වයධම්මමාහු” යි.
Pali BJT12. 10.
Sinhala BJT12. 10.
Pali BJTදිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච{1} නිස්සාය විමානදස්සී, විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො{2} බාලො පරො අකුසලො’ති{3} චාහ.
Sinhala BJT(රූපාලම්බන සඞ්ඛ්‍යාත) දෘෂ්ටශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද (ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යලම්බන සඞ්ඛ්‍යාත) මුතශුද්ධිය ද යන මොවුන් නිසා අසම්මානය දක්නේ නොහොත් දොම්නස් උපදවනුයේ දෘෂ්ටිවිනිශචයෙහි සිට පහටුවනුයේ මෙරමා හීන යයි ද අදක්‍ෂ යයි ද කියයි.
Pali BJTදිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච{1} නිස්සාය විමානදස්සීති දිට්ඨං වා දිට්ඨසුද්ධිං වා සුතං වා සුතසුද්ධිං වා සීලං වා සීලසුද්ධිං වා වතං වා වතසුද්ධිං වා මුතං වා මුතසුද්ධිං වා නිස්සාය උපනිස්සාය ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වාති - දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා.
Sinhala BJTදිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී - රූපාලම්බනය හෝ දෘෂ්ටශුද්ධිය හෝ, ශබ්දාලම්බනය හෝ ශ්‍රැතශුද්ධිය හෝ, ශීලය හෝ ශීලශුද්ධිය හෝ, ව්‍රතය හෝ ව්‍රත ශුද්ධිය හෝ ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය හෝ මුතශුද්ධිය හෝ නිසා ඇසුරු කොට ග්‍රහණය කොට දැහැගෙන පිහිටාගෙන නුයි ‘දිටෙඨ සුතෙ සීලවතෙ මුතෙ වා’ යනු වේ.
Pali BJTඑතෙ ච නිස්සාය විමානදස්සීති - න සම්මානෙතීතිපි විමානදස්සී; අථවා, දොමනස්සං ජනෙතීතිපි විමානදස්සීති - දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී.
Sinhala BJTඑතෙ ච නිස්සාය විමානදස්සි - සම්මාන නො කෙරේ නුයි ද විමානදර්ශී යැ, නොහොත් දොම්නස් දනවා නුයි ද විමානදර්ශී නුයි ‘දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී’ යනු වේ.
Pali BJTවිනිච්ඡයෙ ඨත්වා පහස්සමානොති - විනිච්ඡයා වුච්චන්ති ද්වාසට්ඨි දිට්ඨිගතානි; දිට්ඨිවිනිච්ඡයෙ විනිච්ඡයදිට්ඨියා ඨත්වා පතිට්ඨහිත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වාති - විනිච්ඡයෙ ඨත්වා; පහස්සමානොති - තුට්ඨො හොති හට්ඨො පහට්ඨො අත්තමනො පරිපුණ්ණසඞ්කප්පො; අථවා, දන්තවිදංසකං පහස්සමානො{2} ති - විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො.
Sinhala BJTවිනිච්ඡයෙ ඨත්වා පහස්සමානො - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. දෘෂ්ටිවිනිශ්චයෙහි විනිශ්චය (- සනිටුහන්) කොට ගත් දෘෂ්ටියෙහි සිට පිහිටා ග්‍රහණය කොට දැඩිව ගෙන පිහිටා ගෙන නුයි ‘විනිච්ඡයෙ ඨත්වා’ යනු වේ. පහස්සමානො - තුටු වූයේ පහටු වූයේ තුටුසිත් ඇතියේ පිරුණු සංකල්ප ඇතියේ; නොහොත් දත් විදහා සිනහසෙනුයේ නුයි ‘විනිච්ඡයෙ ඨත්වා පහසසමානො’ යනු වේ.
Pali BJTබාලො පරො අක්කුසලොති චාහාති - පරො බාලො හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො{4} පරිත්තො අකුසලො අවිද්වා අවිජ්ජාගතො අඤ්ඤාණී අවිභාවී අමෙධාවී දුප්පඤ්ඤොති එවමාහ, එවං කථෙති, එවං භණති, එවං දීපයති, එවං වොහරතීති - බාලො පරො අක්කුසලොති චාහ.
Sinhala BJTබාලො පරො අක්කුසලොති චාහ - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ අවමත යැ ලාමක යැ ඡත්තක යැ අල්ප යැ අදක්‍ෂ යැ අපණ්ඩිත යැ නුවණ නැත්තේ යැ විමංසනප්‍රඥා රහිත යැ තීරණප්‍රඥා රහිත යැ දුෂ්ප්‍රාඥ යැයි මෙසේ පවසයි, මෙසේ කියයි, මෙසේ බෙණෙයි, මෙසේ දක්වයි, මෙසේ ව්‍යවහාර කෙරේ නුයි ‘බාලො පරො අක්කුසලොති චාහ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී, විනිච්ඡයෙ ඨත්වා පහස්සමානො බාලො පරො අකුසලොති{3} චාහා”ති.
Sinhala BJT“දිට්ඨෙ සුතෙ -පෙ- බාලො පරො අක්කුසලොති චාහ” යි.
Pali BJT12. 11.
Sinhala BJT12. 11.
Pali BJTයෙනෙව බාලොති පරං දහාති තෙනාතුමානං කුසලොති චාහ, සයමත්තනා සො කුසලාවදානො අඤ්ඤං විමානෙති තදෙව පාවා{5}.
Sinhala BJTයම් මැ කරුණෙකින් මෙරමා බාලයෙකැයි හඟී නම්, යලි එ කරුණෙන් ම තමා ‘පණ්ඩිත වෙමි’ කියයි, තෙමේ මැ තමහට (මම) පණ්ඩිතයෙමි කියන්නාවූ හෙතෙම එය මැ කියනුයේ අනෙකක්හු ගරහයි.
Pali BJTයෙනෙව බාලොති පරං දහාතීති - යෙනෙව හෙතුනා යෙන පච්චයෙන යෙන කාරණෙන යෙන පභවෙන පරං බාලතො හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො දහාති පස්සති දක්ඛති ඔලොකෙති නිජ්ඣායති උපපරික්ඛතීති - යෙනෙව බාලොති පරං දහාති.
Sinhala BJTයෙනෙව බාලොති පරං දහාති - යම් මැ හේතුවකින් යම් ප්‍රත්‍යයෙකින් යම් කරුණෙකින් යම් පහළවීමෙකින් මෙරමා බාලහෙයින් හීන හෙයින් නිහීන හෙයින් අවමත හෙයින් ලාමක හෙයින් අහේතුක හෙයින් අල්ප හෙයින් සලකා නම් බලා නම් දකී නම් අවලෝකන කෙරේ නම් සිතා නම් විමසා නම් යී ‘යෙනෙව බාලො’ති පරං දහාති’ යනු වේ.
Pali BJTතෙනාතුමානං කුසලොති චාහාති - ‘ආතුමා{1}’ වුච්චති අත්තා; සො පි තෙනෙව හෙතුනා තෙන පච්චයෙන තෙන කාරණෙන තෙන පභවෙන අත්තානං ‘අහමස්මි කුසලො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී’ති - තෙනාතුමානං කුසලොති චාහ.
Sinhala BJTතෙනාතුමානං කුසලො’ති චා’හ - ‘ආතුමා’ යී තෙමේ කියනු ලැබෙයි, හෙ තෙමේ ද ඒ හේතුයෙන් ම ඒ ප්‍රත්‍යයෙන් ඒ කරුණෙන් ඒ පහළවීමෙන් තමා ‘මම් දක්‍ෂයෙමි පණ්ඩිතයෙමි ප්‍රඥාවත්මි බුද්ධිමත්මි ඥානවත්මි වීමංසනප්‍රඥා ඇත්තෙමි තීරණප්‍රඥා ඇත්තෙමි (කියා) නුයි ‘තෙනාතුමානං කුසලො’ති චා’හ’ යනු වේ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTසයමත්තනා සො කුසලාවදානොති - සයමෙව අත්තානං කුසලවාදො පණ්ඩිතවාදො ථිරවාදො ඤායවාදො හෙතුවාදො ලක්ඛණවාදො කාරණවාදො ඨානවාදො සකාය ලද්ධියාති - සයමත්තනා සො කුසලාවදානො.
Sinhala BJTසයමත්තනා සො කුසලාවදානො - ස්වකීය ලබ්ධියෙහි තෙමේ ම තම හට ‘මම් දක්‍ෂයෙමි, යන වාද ඇත්තේ පණ්ඩිතවාද ඇත්තේ සථිරවාද ඇත්තේ න්‍යායවාද ඇත්තේ හේතුවාද ඇත්තේ ලක්ෂණවාද ඇත්තේ කාරණවාද ඇත්තේ ස්ථානවාද ඇත්තේ නුයි ‘සයමත්තනා සො කුසලාවදානො’ යනු වේ.
Pali BJTඅඤ්ඤං විමානෙති තදෙව පාවාති{2} - න සම්මානෙතීති පි ‘අඤ්ඤං විමානෙති’ අථවා, දොමනස්සං ජනෙතීතිපි ‘අඤ්ඤං විමානෙති’ තදෙව පාවාති තදෙව තං දිට්ඨිගතං පාවදති: ‘ඉති වායං පුග්ගලො මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො’ති - අඤ්ඤං විමානෙති තදෙව පාවා.
Sinhala BJTඅඤ්ඤං විමානෙති තදෙව පාවා - සම්මාන නො කෙරේ නුයි ද, ‘අඤ්ඤං විමානෙති’ යනු වේ. නොහොත් දොම්නස දනවා නුයි ‘අඤ්ඤං විමානෙති’ යනු වේ. තදෙව පාවා - මෙසේ හෝ පුද්ගල තෙම මිථ්‍යාදෘෂ්ටි ඇත්තෙක විපරීත දර්‍ශන ඇත්තෙකැ’ යි එය ම එ දෘෂ්ටිගතය ම කියා නුයි ‘අඤ්ඤං විමානෙති තදෙව පාවා’ යනු වේ.
Pali BJT“යෙනෙව බාලොති පරං දහාති තෙනාතුමානං කුසලොති චාහ, සයමත්තනා සො කුසලාවදානො අඤ්ඤං විමානෙති තදෙව පාවා”ති{2}.
Sinhala BJT“යෙනෙව බාලොති -පෙ- අඤ්ඤං විමානෙති තදෙව පාවා” යි.
Pali BJT12. 12.
Sinhala BJT12. 12.
Pali BJTඅතිසාරදිට්ඨියා{3} සො සමත්තො මානෙන මත්තො පරිපුණ්ණමානී, සයමෙව සාමං මනසාභිසිත්තො දිට්ඨී හි සා තස්ස තථා සමත්තා.
Sinhala BJTහෙතෙම ද්වාෂෂ්ටිදෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ ( - ඉදිමුණේ) දෘෂ්ටිමානයෙන් මත් වූයේ පරිපූර්‍ණයෙමී මාන ඇතියේ තමා මැ තෙමේ සිතින් අභිෂේක කරන ලදුයේ වෙයි, යම් හෙයෙකින් ඔහු විසින් ඒ දෘෂ්ටිය එපරිදේදෙන් ගන්නා ලද්දී ද එහෙයිනි.
Pali BJTඅතිසාරදිට්ඨියා සො සමත්තොති - අතිසාරදිට්ඨියො වුච්චන්ති ද්වාසට්ඨිදිට්ඨිගතානි, කිංකාරණා අතිසාරදිට්ඨියො වුච්චන්ති ද්වාසට්ඨිදිට්ඨිගතානි? සබ්බා තා දිට්ඨියො කාරණාතික්කන්තා ලක්ඛණාතික්කන්තා ඨානාතික්කන්තා තංකාරණා අතිසාරදිට්ඨියො වුච්චන්ති ද්වාසට්ඨි දිට්ඨිගතානි; සබ්බාපි දිට්ඨියො අතිසාරදිට්ඨියො; කිංකාරණා සබ්බාපි දිට්ඨියො වුච්චන්ති අතිසාරදිට්ඨියො? තෙ අඤ්ඤමඤ්ඤං අතික්කමිත්වා සමතික්කමිත්වා වීතිවත්තිත්වා දිට්ඨිගතානි ජනෙන්ති සඤ්ජනෙන්ති නිබ්බත්තෙන්ති අභිනිබ්බත්තෙන්ති; තඞ්කාරණා සබ්බාපි දිට්ඨියො වුච්චන්ති අතිසාරදිට්ඨියො. අතිසාරදිට්ඨියා සො සමත්තොති අතිසාරදිට්ඨියා සමත්තො පරිපුණ්ණො අනොමොති අතිසාරදිට්ඨියා සො සමත්තො.
Sinhala BJTඅතිසාරදිටඨියා සො සමත්තො - ‘අතිසාරදිටඨි’ යයි දෙසැට දිටුගතයෝ කියනු ලැබෙති, කවර කරුණෙකින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද යත්: ඒ සියලු දෙසැට දෘෂ්ටීහු කාරණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ලක්‍ෂණ ඉක්මවූවාහුය ස්ථාන ඉක්මවූවාහුය, ඒ කරුණෙන් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙති; සියලු මැ දෘෂ්ටීහු අතිසාර දෘෂ්ටිහු යැ, කවර කරුණෙකින් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යැයි කියනු ලැබෙත් ද? ඔවුහු ඔවුනොවුන් ඉක්මවා මොනොවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා දෘෂ්ටිගතයන් උපදවති, මොනොවට උපදවති - නිපදවති වෙසෙසින් නිපදවත්; එ කරුණෙන් සියලු මැ දෘෂ්ටීහු ‘අතිසාරදිටඨි’ යයි කියනු ලැබෙත්. අතිසාරදිටඨියා සො සමත්තො - දෙසැට දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ පරිපූර්‍ණ වූයේ අනූන වූයේ නුයි ‘අතිසාරදිටඨියා සො සමත්තො’ යනු වේ.
Pali BJTමානෙන මත්තො පරිපුණ්ණමානීති - සකාය දිට්ඨියා දිට්ඨිමානෙන මත්තො පමත්තො උම්මත්තො අතිමත්තොති - මානෙන මත්තො; පරිපුණ්ණමානීති පරිපුණ්ණමානී සමත්තමානී අනොමමානීති - මානෙන මත්තො පරිපුණ්ණමානී.
Sinhala BJTමානෙන මත්තො පරිපුණ්ණමානී - ස්වකීය දෘෂ්ටියෙහි දෘෂ්ටිමානයෙන් මත්වූයේ පමත්වූයේ උමතු වූයේ ඉතා මත්වූයේ නුයි ‘මානෙන මත්තො ’ යනු වේ; පරිපුණ්ණමානී පරිපූර්‍ණමාන ඇතියේ සම්පූර්‍ණමාන ඇතියේ අනූනමාන ඇතියේ නුයි ‘මානෙන මත්තො පරිපුණ්ණමානී’ යනු වේ.
Pali BJTසයමෙව සාමං මනසාභිසිත්තොති - සයමෙව අත්තානං චිත්තෙන අභිසිඤ්චති: ‘අහමස්මි කුසලො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී’ති ‘සයමෙව සාමං මනසාභිසිත්තො.’
Sinhala BJTසයමෙව සාමං මනසාභිසිත්තො - ‘මම් දක්‍ෂයෙමි පණ්ඩිතයෙමි ප්‍රඥාවත්මි බුද්ධිමත්මි ඥානවත්මි වීමංසනප්‍රඥා ඇත්තෙමි තීරණප්‍රඥා ඇත්තෙමි’ යි තෙමේ ම තමා විසින් අභිෂේක කෙරේ නුයි ‘සයමෙව සාමං මනසාභිසිත්තො’ යනු වේ.
Pali BJTදිට්ඨී හි සා තස්ස තථා සමත්තාති - තස්ස සා දිට්ඨි තථා සමත්තා සමාදින්නා ගහිතා පරාමට්ඨා අභිනිවිට්ඨා අජ්ඣොසිතා අධිමුත්තාති - දිට්ඨි හි සා තස්ස තථා සමත්තා.
Sinhala BJTදිට්ඨි හි සා තස්ස තථා සමත්තා - ඔහු විසින් ඒ දෘෂ්ටි තොමෝ එපරිද්දෙන් පුරන ලද්දී සමාදන් වූවා ගන්නා ලද්දී දැහැගන්නා ලද්දී පිහිටා ගන්නාලද්දී පිවිසියා බැසගන්නා ලද්දී නුයි ‘දිට්ඨි හි සා තස්ස තථා සමත්තා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අතිසාරදිට්ඨියා සො සමත්තො මානෙන මත්තො පරිපුණ්ණමානී, සයමෙව සාමං මනසා’භිසිත්තො දිට්ඨි හි සා තස්ස තථා සමත්තා”ති
Sinhala BJT“අතිසාරදිටඨියා සො -පෙ- දිට්ඨි හි සා තස්ස තථා සමත්තා” යි.
Pali BJT12. 13.
Sinhala BJT12. 13.
Pali BJTපරස්ස චෙ හි වචසා නිහීනො තුමො සහා හොති නිහීනපඤ්ඤො, අථ චෙ{1} සයං වෙදගූ හොති ධීරො න කොචි බාලො සමණෙසු අත්ථි.
Sinhala BJTඉදින් (යමෙක් දෘෂ්ටිවිනිශ්චයෙහි සිටි) අන්‍යයාගේ නින්දාවචනයෙන් නිහීනයෙක් වේ නම්, තෙමේත් ඔහු සමග ම නිහීනප්‍රඥා ඇත්තේ වෙයි. යලි තෙමේ මැ ඉදින් වේදාන්තයට ගියා වූ ධීරයෙක් වේ නම්, ශ්‍රමණයන් කෙරෙහි බාල වූ කිසිවෙක් නැත්තේ යි.