Pali BJTඡන්දො නු ලොකස්මිං කුතො නිදානො විනිච්ඡයා වාපි කුතො පහූතා, කොධො මොසවජ්ජඤ්ච කථඞ්කථා ච යෙ චාපි{3} ධම්මා සමණෙන වුත්තා.
Sinhala BJTලොව, කාමචඡන්ද තෙමේ කුමක් නිදාන කොට ඇත්තේ ද ? (තෘෂ්ණා දෘෂ්ටි) විනිශචයයෝ හෝ කොයිබින් උපන්නාහු ද ? ක්‍රෝධය ත් මෘෂාවාදයත් විචිකිත්සාව ත් බුදධශ්‍රමණයත් විසින් දෙසූ යම් අකුශලධර්‍ම කෙනෙකුත් වෙත් නම්, ඔවුහු ත් කොයිබින් උපන්නාහු ද ?
Pali BJTඡන්දො නු ලොකස්මිං - කුතොනිදානොති - ඡන්දො කුතොනිදානො කුතො ජාතො කුතො සඤ්ජාතො කුතො නිබ්බත්තො කුතො අභිනිබ්බත්තො කුතො පාතුභූතො කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවොති ඡන්දස්ස මූලං පුච්ඡති -පෙ- සමුදයං පුච්ඡති පපුච්ඡති, යාචති, අජ්ඣෙසති{4} පසාදෙතීති - ඡන්දො නු ලොකස්මිං කුතොනිදානො.
Sinhala BJTඡන්‍දො නූ ලොකසමිං කුතොනිදානො - කාමචඡන්ද තෙමේ කුමක් නිදාන කොට ඇත්තේ ද ? කොතැනින් උපන්නේ ද ? කොයින් හට ගත්තේ ද ? කොයින් නැඟුණේ ද ? කොයිබින් පහළ වූයේ ද ? කුමක් නිදාන කොට - කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’යි ඡන්දයා ගේ මූලය විචාරති … සමුදය විචාරති පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති, පහදවත් නුයි ‘ඡන්‍දො නූ ලෝකස්මිං කුතො නිදානො’ යනු වේ.
Pali BJTවිනිච්ඡයා වාපි කුතො පහූතාති - විනිච්ඡයා කුතො පහූතා කුතො ජාතා කුතො සඤ්ජාතා කුතො නිබ්බත්තා කුතො අභිනිබ්බත්තා කුතො පාතුභූතා කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවාති විනිච්ඡයානං -පෙ- සමුදයං පුච්ඡති පපුච්ඡති, යාචති අජ්ඣෙසති, පසාදෙතීති - විනිච්ඡයා වාපි කුතො පහූතා.
Sinhala BJTවිනිච්ඡයා වා පි කුතො පහූතා - තෘෂ්ණා - දෘෂ්ටිවිනිශචයයෝ කොයින් වූවාහු ද? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද? කොයින් නිපන්නාහු ද ? කොයින් පැනනැඟුණාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන - සමුදය -ජාති -ප්‍රභව කොට ඇත්තාහු දැ’යි විනිශචයයන්ගේ මූලය විචාරති … සමුදය විචාරති පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘චිනිචඡයා වා’පි කුතො පහූතා’ යනු වේ.
Pali BJTකොධො මොසවජ්ජඤ්ච කථඞ්කථා චාති ‘කොධො’ති - යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො, දොසො පදොසො සම්පදොසො, චිත්තස්ස බ්යාපත්ති මනොපදොසො, කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං, දොසො දුස්සනා දුස්සිතත්තං, බ්යාපත්ති බ්යාපජ්ජනා බ්යාපජ්ජිතත්තං, විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස{a}; මොසවජ්ජං වුච්චති මුසාවාදො, කථංකථා වුච්චති විචිකිච්ඡා’ති - කොධො මොසවජ්ජඤ්ච කථංකථා ච.
Sinhala BJTකොධො මොසවජ්ජඤච කථඞකථා ච -‘කොධො’ යනු: මෙබඳු වූ චිත්තයා ගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙන් කොපයෙක් සම්ප්‍රකෝපයෙක් දවේෂයක් ප්‍රදේවෂයෙක් සම්ප්‍රදෙවෂයෙක් චිත්තයාගේ විකෘතියෙක් සිතෙහි දූෂ්‍ය බවෙක් කිපීමෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දූෂ්‍ය වීමෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍ය බවෙක් විකෘතියෙක් විකෘතාකාරයෙක් විකෘත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් චණ්ඩ බවෙක් නො පිරුණු වචන ඇතිබවෙක් සිත පිළිබඳ නො සතුටු බවෙක් වේ ද එයයි. ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි; ‘කථඞකථා’යී විචිකිත්සාව කියනු ලබා නුයි ‘කොධො මොසවජ්ජං ච කථඞකථා ච’ යනු වේ.
Pali BJTයෙ චාපි ධම්මා සමණෙන වුත්තා’ති - ‘යෙ චාපී’ති යෙ කොධෙන ච මොසවජ්ජෙන ච කථංකථාය ච සහගතා සහජාතා සංසට්ඨා සම්පයුත්තා එකුප්පාදා එකනිරොධා එකවත්ථුකා එකාරම්මණා, ඉමෙ වුච්චන්ති ‘යෙ චාපි ධම්මා’ අථවා, යෙ තෙ කිලෙසා අඤ්ඤජාතිකා අඤ්ඤවිහිතකා, ඉමෙ වුච්චන්ති ‘යෙ චාපි ධම්මා’ සමණෙන වුත්තාති සමණෙන සමිතපාපෙන බ්රාහ්මණෙන බාහිතපාපධම්මෙන{1} භික්ඛුනා භින්නකිලෙසමූලෙන සබ්බකුසලමූලබන්ධනා{2} පමුත්තෙන වුත්තා පවුත්තා ආචික්ඛිතා දෙසිතා පඤ්ඤපිතා පට්ඨපිතා විවටා විභත්තා උත්තානීකතා පකාසිතාති - ‘යෙ චාපි ධම්මා සමණෙන වුත්තා’.
Sinhala BJTයෙ චා’පි ධම්මා සමණෙන වුත්තා - ‘යෙ චාපි’ යනු: යම් ධර්‍ම කෙනෙක් ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිත්සාවත් සමග සහගත වූවාහු ද සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූවාහු ද එක් වැ උපදනාහු එක් වැ නිරුද්ධ වන්නාහු සමාන වස්තු ඇත්තාහු සමාන අරමුණු ඇත්තාහු වෙත් ද මොවුහු ‘යම් ධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. නොහොත් යම් කෙලෙස් කෙනෙක් අන්‍යසවභාව ඇත්තාහු අන් කරුණෙකින් වූවාහු වෙත් ද, මොවුහු ‘යම් ධර්‍ම යෝ’ යි කියනු ලැබෙත්. සමණෙන වුත්තා - නිවුණු පව් ඇති ශ්‍රමණයා විසින්, නැසූ පව් ඇති බ්‍රාහ්මණයා විසින්, බුන් කෙලෙස්මුල් ඇති භික්‍ෂුහු විසින්, සියලු අකුශලමූලබනධනයෙන් මිදුණහු විසින් කියන ලද පවසන ලද ප්‍රකාශ කරන ලද දෙසන ලද පනවන ලද පිහිටුවන ලද විවෘත කළ විභාග කළ ප්‍රකට කළ ප්‍රකාශ කරන ලද්දාහු නුයි ‘යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් කීහ, ඒ නිර්මිත බුදුහු:
Pali BJT“ඡන්දො නු ලොකස්මිං කුතොනිදානො විනිච්ඡයා චාපි කුතො පහුතා, කොධො මොසවජ්ජඤ්ච කථංකථා ච යෙ චාපි ධම්මා සමණෙන වුත්තා”ති.
Sinhala BJT“ඡන්‍දො නූ ලොකසමිං - පෙ - යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා” යි.
Pali BJT11. 6.
Sinhala BJT11. 6.
Pali BJTසාතං අසාතන්ති යමාහු ලොකෙ තමූපනිස්සාය පහොති ඡන්දො, රූපෙසු දිස්වා විභවං භවඤ්ච විනිච්ඡයං කුරුතෙ{3} ජන්තු ලොකෙ.
Sinhala BJTමෙ ලොවැ, සුව යැයි ද දුකැයි ද යමක් කියත් නම්, ඒ සාතාසාත වේදනාව නිසා ඡන්‍දය උපදී, ලොවැ සත්‍ව තෙමේ භූතෝපාදායරූපයන්හි විනාශය ත් උත්පත්තියත් දැක තෘෂ්ණා - දෘෂ්ටිවිනිශ්චය කරන්නේ යි.
Pali BJTසාතං අසාතන්ති යමාහු ලොකෙති - ‘සාත’න්ති සුඛා ච වෙදනා ඉට්ඨඤ්ච වත්ථු,{4} අසාතන්ති දුක්ඛා ච වෙදනා අනිට්ඨඤ්ච වත්ථු; යමාහු ලොකෙති යං ආහංසු යං කථෙන්ති යං භණන්ති යං දීපයන්ති යං වොහරන්තීති - ‘සාතං අසාතන්ති යමාහු ලොකෙ.’
Sinhala BJTසාතං අසාතන්ති යමාහු ලෝකේ – ‘සාත’ නම්, සුඛවේදනාව හා ඉෂ්ටවස්තුව යැ: අසාත - නම්: දුඛවෙදනාව හා අනිෂටවස්තුව යැ; යමාහු ලෝකේ - යමක් පවසත් නම්, යමක් කියත් නම් යමක් බෙණෙත් නම් යමක් දක්වත් නම් යමක් වහරත් නම් නුයි ‘සාතං අසාතන්ති යමාහු ලෝකේ’ යනු වේ.
Pali BJTතමූපනිස්සාය පහොති ඡන්දොති. සාතාසාතං නිස්සාය, සුඛදුක්ඛං නිස්සාය, සොමනස්සදොමනස්සං නිස්සාය, ඉට්ඨානිට්ඨං නිස්සාය, අනුනයපටිඝං නිස්සාය ඡන්දො පහොති පභවති ජායති සඤ්ජායති නිබ්බත්තති අභිනිබ්බත්තතීති - ‘තමූපනිස්සාය පහොති ඡන්දො.’{*}
Sinhala BJTතමූපනිස්සාය පහොති ඡන්‍දො − සාතාසාත (වේදනාව හා වස්තුව) නිසා සැපදුක් නිසා සොම්නස් දොම්නස් නිසා ඉටුඅනිටු නිසා අනුනය ප්‍රතිඝ නිසා ඡන්‍දය වෙයි පහළ වෙයි උපදී හටගතී නිපදී වෙසෙසින් නිපදී නුයි ‘තමූපනිස්සාය පහොති ඡනදො’ යනු වේ.
Pali BJTරූපෙසු දිස්වා විභවං භවඤ්චා’ති - ‘රූපෙසූ’ති චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං. කතමො රූපානං භවො? යො රූපානං භවො ජාති සඤ්ජාති නිබ්බත්ති අභිනිබ්බත්ති පාතුභාවො; අයං රූපානං භවො. කතමො රූපානං විභවො? යො රූපානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං; අයං රූපානං විභවො. රූපෙසු දිස්වා විභවං භවඤ්චා’ති රූපෙසු භවඤ්ච විභවඤ්ච දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති - ‘රූපෙසු දිස්වා විභවං භවඤ්ච.’
Sinhala BJTරූපෙසු දිස්වා විභවං භවඤච - ‘රෑපෙසු’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපදනා රූපය ද වේ; රූපයන්ගේ භවය කවරැ යත්? රූපයන් ගේ යම් භවයෙක් ජාතියෙක් හටගැනීමෙක් නිපැදීමෙක් වෙසෙසින් නිපැදීමෙක් පහළ වීමෙක් වේ ද, මේ රූපයන්ගේ භවයයි; රෑපයන්ගේ විභවය කවරැ යත් ? රෑපයන්ගේ යම් ක්‍ෂයවීමෙක් වැනැසීමෙක් භෙදයෙක් පරිභේදයෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ රූපයන් ගේ විභව යයි. රෑපෙසු දිස්වා විභවං භවඤච - රූපයන්හි හටගැනීම ද වැනැසීම ද දැක බලා තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි ‘රෑපෙසු දිස්වා විභවං භවඤච’ යනු වේ.
Pali BJTවිනිච්ඡයං කුරුතෙ ජන්තු ලොකෙති - ‘විනිච්ඡයා’ති ද්වෙ විනිච්ඡයා තණ්හාවිනිච්ඡයො ච දිට්ඨිවිනිච්ඡයො ච. කථං තණ්හාවිනිච්ඡයං කරොති? ඉධෙකච්චස්ස අනුප්පන්නා චෙව භොගා{1} න උප්පජ්ජන්ති; උප්පන්නා ච භොගා පරික්ඛයං ගච්ඡන්ති; තස්ස එවං හොති: ‘කෙන නු ඛො මෙ උපායෙන අනුප්පන්නා චෙව භොගා න උප්පජ්ජන්ති? උප්පන්නා ච භොගා පරික්ඛයං ගච්ඡන්තී’ති. තස්ස පන එවං හොති: ‘සුරාමෙරයමජ්ජපමාදට්ඨානානුයොගං අනුයුත්තස්ස මෙ අනුප්පන්නා චෙව භොගා න උප්පජ්ජන්ති; උප්පන්නා ච භොගා පරික්ඛයං ගච්ඡන්ති. විකාලවිසිඛාචරියානුයොගං අනුයුත්තස්ස මෙ අනුප්පන්නා චෙව භොගා න උප්පජ්ජන්ති; උප්පන්නා ච භොගා පරික්ඛයං ගච්ඡන්ති. සමජ්ජාභිචරණං අනුයුත්තස්ස මෙ - ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තස්ස මෙ - පාපමිත්තානුයොගං අනුයුත්තස්ස මෙ අනුප්පන්නා චෙව භොගා න උප්පජ්ජන්ති; උප්පන්නා ච භොගා පරික්ඛයං ගච්ඡන්ති, ආලස්සානුයොගං{2} අනුයුත්තස්ස මෙ අනුප්පන්නා චෙව භොගා න උප්පජ්ජන්ති; උප්පන්නා ච භොගා පරික්ඛයං ගච්ඡන්තී’ති එවං ඤාණං කත්වා ඡ භොගානං අපායමුඛානි න සෙවති. ඡ භොගානං ආයමුඛානි සෙවති. එවම්පි තණ්හාවිනිච්ඡයං කරොති.
Sinhala BJTවිනිච්ඡය- කුරුතෙ පතතු ලෝකේ – ‘විනිච්ඡය’ නමි: තෘෂ්ණා - විනිශ්චය ද දෘෂ්ටිවිනිශචය දැයි විනිශ්චය දෙකෙකි. කෙසේ තෘෂණාවිනිශචය කෙරෙයි යත්? මෙහි එකක් හට නූපන් භොගයො ත් නූපදිති, උපන් භෝගයෝ ත් ක්‍ෂය වීමට යෙති; ඔහුට මෙසේ සිතෙක් වෙයි: ‘කවර උපායයෙකින් මට නූපන් භෝගයෝ ත් නූපදිත් ද, උපන් භොගයෝත් ක්‍ෂය වීමට යෙත් දැ’ යි. යලි ඔහුට මෙසේ සිත් වෙයි: “මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමෙහි නැවත නැවත යෙදුණු මට නූපන් භෝගයෝ ත් නූපදිති, උපන් භොගයො ත් පිරිහෙති: නො කල්හි වීථිසඤචාරයෙහි පුනපුනා යෙදුණු මට නූපන් භොගයො ත් නූපදිතී, උපන් භොගයො ත් පිරිහීමට යෙති, නෘත්‍යාදිය දැකීම් වශයෙන් පිරිස්හි හැසිරීමෙහි පුනපුනා යෙදුණු මට - ප්‍රමාදයට කරුණු වූ ද්‍යුතයෙහි පුනපුනා යෙදුණු මට - පාපමිත්‍රානුයොගයෙහි පුනපුනා යෙදුණු මට - ආලස්‍යයෙන් යුක්ත බැව්හි පුනපුනා යෙදුණු මට නූපන් භෝගයෝ ත් නූපදිති, උපන් භොගයො ත් පිරිහීමට යෙති’ මෙසේ නුවණ උපදවා සවැදෑරුම් වූ භෝගයන් ගේ විනාසයෙහි දොරටු සේවනය නො කෙරෙයි, සවැදරුම් වූ භෝගයන් ගේ ආයද්වාරයන් සේවනය කෙරෙයි; මෙසේත් තෘෂ්ණා විනිශ්චය කෙරෙයි.
Pali BJTඅථවා කසියා වා වණිජ්ජාය වා ගොරක්ඛෙන වා ඉස්සත්තෙන වා රාජපොරිසෙන{3} වා සිප්පඤ්ඤතරෙන වා පටිපජ්ජති. එවම්පි තණ්හාවිනිච්ඡයං කරොති. කථං දිට්ඨිවිනිච්ඡයං කරොති” චක්ඛුස්මිං උප්පන්නෙ ජානාති ‘අත්තා මෙ උප්පන්නො’ති. චක්ඛුස්මිං අන්තරහිතෙ ජානාති‘අත්තා මෙ අන්තරහිතො, විගතො මෙ අත්තා’ති, එවම්පි දිට්ඨිවිනිච්ඡයං කරොති. සොතස්මිං - ඝානස්මිං - ජිව්හාය - කායස්මිං - රූපස්මිං - සද්දස්මිං - ගන්ධස්මිං - රසස්මිං - ඵොට්ඨබ්බස්මිං උප්පන්නෙ ජානාති ‘අත්තා මෙ අන්තරහිතො, විගතො මෙ අත්තා’ති. එවම්පි දිට්ඨිවිනිච්ඡයං කරොති, ජනෙති සඤ්ජනෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙති. ජන්තූති සත්තො නරො මානවො -පෙ- මනුජො; ලොකෙ’ති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - ‘විනිච්ඡයං කුරුතෙ ජන්තු ලොකෙ.’
Sinhala BJTනොහොත් ගොවිතැනින් හෝ වෙළෙඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ ධනුශිල්පයෙන් හෝ රාජ්‍යසෙවායෙන් හෝ එක්තරා ශිල්පයෙකින් හෝ උත්සාහ කෙරෙයි; මෙසේ ත් තෘෂණාවිනිශචය කෙරෙයි. කෙසේ දෘෂ්ටිවිනිශචය කෙරෙයි යත් ? සසම්භාර චක්‍ෂුස උපන් කල්හි ‘මා ගේ ආත්මය උපනැ’යි දෘෂ්ටිවශයෙන් දැනගනී, චක්‍ෂුස නැසුණු කල්හි, ‘මා ගේ ආත්මය නැසිණ, මා ගේ ආත්මය ඉක්මැ ගියේ යැ’යි දෘෂ්ටිවශයෙන් දැනගනී; මෙසේ ත් දෘෂ්ටිවිනිශචය කෙරෙයි, ශ්‍රෝත්‍රය - ඝ්‍රාණය - ජිහ්වාව -කායය - රෑපය - ශබ්දය - ගන්‍ධය - රසය - ස්ප්‍රෂ්ටව්‍යය උපන්කල්හි ‘මා ගේ ආත්මය උපනැ’යි දෘෂ්ටිවශයෙන් දැනගනී, ස්ප්‍රෂ්ටව්‍යය නැසුණු කල්හි ‘මා ගේ ආත්මය නැසිණ, මා ගේ ආත්මය පහව ගියේ වනැ’යි දෘෂ්ටි වශයෙන් දැනගනී, (-දෘෂ්ටිය ගනි යයි සේයි.) මෙසේ ත් දෘෂ්ටිවිනිශ්චය කෙරෙයි, උපදවයි, මොනොවට උපදවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි. ජන්තු - සත්‍ව- නර -මාණව … මනුජ තෙමේ ලෝකේ–අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘විනිචඡයං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සාතං අසාතන්ති යමාහු ලොකො තමූපනිස්සාය පහොති ඡන්දො, රූපෙසු දිස්වා විභවං භවඤ්ච විනිච්ඡයං කුරුතෙ{4} ජන්තු ලොකෙ”ති.
Sinhala BJT“සාතං අසාතන්ති -පෙ- විනිචඡයං කුරුතෙ ජන්තු ලෝකේ” යී.
Pali BJT11. 7.
Sinhala BJT11. 7.
Pali BJTකොධො මොසවජ්ජඤ්ච කථඞ්කථා ච එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ, කථංකථී ඤාණපථාය සික්ඛෙ ඤත්වා පවුත්තා සමණෙන ධම්මා.
Sinhala BJTක්‍රෝධය ද මෘෂාවාදය ද විචිකිත්සාව ද යන මේ ධර්‍මයෝ ද සාතාසාත දෙක ඇති කල්හි මැ වෙති, විචිකිත්සා සහිත වූ පුද්ගල තෙම ඥානදර්‍ශනඥානාධිගමය පිණිස ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මෙන්නේ ය, බුද්ධශ්‍රමණයන් විසින් දැන (අනිත්‍යාදි) ධර්‍මයෝ දෙසන ලද්දාහු ය
Pali BJTකොධො මොසවජ්ජඤ්ච කථඞ්කථා චාති - ‘කොධො’ති යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො -පෙ- මොසවජ්ජං වුච්චති මුසාවාදො, කථංකථා වුච්චති විචිකිච්ඡා; ඉට්ඨං වත්ථුං නිස්සායපි කොධො ජායති; අනිට්ඨං වත්ථුං නිස්සායපි කොධො ජායති. ඉට්ඨං වත්ථුං නිස්සායපි මුසාවාදො උප්පජ්ජති. අනිට්ඨං වත්ථුං නිස්සායපි මුසාවාදො උප්පජ්ජති, ඉට්ඨං වත්ථුං නිස්සායපි කථඞ්කථා උප්පජ්ජති, අනිට්ඨං වත්ථුං. නිස්සායපි කථඞ්කථා උප්පජ්ජති.
Sinhala BJTකොධො මොසවජ්ජං ච කථඞකථා ච - ‘කොධො’ යනු: මෙබඳු වූ චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක්... ‘මොසවජ්ජ’යී මෘෂාවාදය කියනු ලැබෙයි; ‘කථඞකථා’යී විචිකිත්සාව කියනු ලබයි; ඉෂ්ටවස්තුව නිසා ද කෝපය උපදී, අනිෂ්ටවස්තුව නිසා ද කෝපය උපදි; ඉෂ්ටවස්තුව නිසා ද මෘෂාවාදය උපදී, අනිෂ්ටවස්තුව නිසා ද මෘෂාවාදය උපදි; ඉෂ්ටවස්තුව නිසා ද විචිකිත්සාව උපදී, අනිෂ්ටවස්තුව නිසා ද විචිකිත්සාව උපදී;
Pali BJTකථං අනිට්ඨං වත්ථුං නිස්සාය කොධො ජායති? පකතියා අනිට්ඨං වත්ථුං නිස්සාය කොධො ජායති: අනත්ථං මෙ අචරීති කොධො ජායති. අනත්ථං මෙ චරතීති කොධො ජායති. අනත්ථං මෙ චරිස්සතීති කොධො ජායති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි - අනත්ථං චරති - අනත්ථං චරිස්සතීති කොධො ජායති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි - අත්ථං චරති - අත්ථං චරිස්සතීති කොධො ජායති. එවං අනිට්ඨං වත්ථුං නිස්සාය කොධො ජායති. කථං ඉට්ඨං වත්ථුං නිස්සාය කොධො ජායති? ඉට්ඨං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි{1} කොධො ජායති, අච්ඡිද්දන්තෙපි කොධො ජායති, අච්ඡින්නෙපි කොධො ජායති. ඉට්ඨං වත්ථුං විපරිණාමසඞ්කිනොපි කොධො ජායති. විපරිණමන්තෙපි කොධො ජායති. විපරිණතෙපි කොධො ජායති. එවං ඉට්ඨං වත්ථුං නිස්සාය කොධො ජායති.
Sinhala BJTකිසෙයින් අනිෂ්ටවස්තුව නිසා කෝපය උපදී ද යත්: පියවින් මැ අනිෂටවස්තුව නිසා කෝපය උපදී; ‘මට අනර්‍තථ කෙළේ යැ’යි කෝපය උපදී, මට අනර්‍තථ කෙරෙයි කෝපය උපදී, ‘මට අනර්‍තථ කරන්නේ යැ’යි කෝපය උපදී, ‘මාගේ ප්‍රිය වූ මනාප වූවහුට අනර්‍තථ කෙළේය - අනර්‍තථ කරයි – අනර්‍තථ කරන්නේයැ’යි කෝපය උපදී; මා ගේ අප්‍රිය අමනාප වූවහුට අර්‍ත්‍ථ කෙළේය – අර්‍ත්‍ථ කරයි - අර්‍ත්‍ථ කරන්නේයැ’යි කෝපය උපදී, මෙසේ අනිෂ්ට වස්තුව නිසා ක්‍රෝධය උපදී. කිසෙයින් ඉෂ්ටවස්තුව නිසා ක්‍රෝධය උපදී ද යත්: ඉෂ්ටවස්තුව ‘අසිඳ ගනිතී’ සැක ඇත්තහුට ද ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව අසිඳුනා කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව අසිඳගත් කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව ‘වෙනස් වෙතී’ සැක ඇත්තහුට ද ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව වෙනස් වන කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව වෙනස් වූ කල්හි දු ක්‍රෝධය උපදී; මෙසේ ඉෂ්ටවස්තුව නිසා ක්‍රෝධය උපදී.
Pali BJTකථං අනිට්ඨං වත්ථුං නිස්සාය මුසාවාදො උප්පජ්ජති? ඉධෙකච්චො අන්දුබන්ධනෙන{2} වා බද්ධො{3} තස්ස බන්ධනස්ස මොක්ඛත්ථාය සම්පජානමුසා භාසති. රජ්ජුබන්ධනෙන වා බද්ධො,{3} සඞ්ඛලිකබන්ධනෙන වා බද්ධො, වෙත්තබන්ධනෙන වා බද්ධො, ලතාබන්ධනෙන වා බද්ධො, පක්ඛෙපබන්ධනෙන වා බද්ධො, පරික්ඛෙපබන්ධනෙන වා බද්ධො, ගාමනිගමනගරජනපදරට්ඨබන්ධනෙන වා බද්ධො, ජනපදබන්ධනෙන වා බද්ධො, තස්ස බන්ධනස්ස මොක්ඛත්ථාය සම්පජානමුසා භාසති. එවං අනිට්ඨං වත්ථුං නිස්සාය මුසාවාදො උප්පජ්ජති. කථං ඉට්ඨං වත්ථුං නිස්සාය මුසාවාදො උප්පජ්ජති? ඉධෙකච්චො මනාපිකානං{4} රූපානං හෙතු සම්පජානමුසා භාසති, මනාපිකානං සද්දානං - ගන්ධානං - රසානං ඵොට්ඨබ්බානං හෙතු - චීවර හෙතු - පිණ්ඩපාතහෙතු - සෙනාසනහෙතු - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සම්පජානමුසා භාසති, එවං ඉට්ඨං වත්ථුං නිස්සාය මුසාවාදො උප්පජ්ජති. කථං අනිට්ඨං වත්ථුං නිස්සාය කථඞ්කථා උප්පජ්ජති? ‘මුච්චිස්සාමි{5} නු ඛො චක්ඛුරොගතො, න නු ඛො මුච්චිස්සාමි චක්ඛුරොගතො, මුච්චිස්සාමි නු ඛො සොතරොගතො, ඝානරොගතො, ජිව්හාරොගතො, කායරොගතො, සීසරොගතො, කණ්ණරොගතො, මුඛරොගතො, මුච්චිස්සාමි{5} නු ඛො දන්තරොගතො, න නු ඛො මුච්චිස්සාමි දන්තරොගතො’ති එවං අනිට්ඨං වත්ථුං නිස්සාය කථඞ්කථා උප්පජ්ජති. කථං ඉට්ඨං වත්ථුං නිස්සාය කථඞ්කථා උප්පජ්ජති? ‘ලභිස්සාමි නු ඛො මනාපියෙ{6} රූපෙ, න නු ඛො ලභිස්සාමි මනාපියෙ රූපෙ, ලභිස්සාමි නු ඛො මනාපියෙ{6} සද්දෙ, ගන්ධෙ, රසෙ, ඵොට්ඨබ්බෙ, කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං චීවරං පිණ්ඩපාතං සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර’න්ති එවං ඉට්ඨං වත්ථුං නිස්සාය කථඞ්කථා උප්පජ්ජතී’ති - කොධො මොසවජ්ජඤ්ච කථඞ්කථා ච.
Sinhala BJTකිසෙයින් අනිෂටවස්තුව නිසා මෘෂාවාදය උපදී ද යත්: මෙහි එකෙක් අන්ද්‍රබන්ධනයෙන් (−යදමින්) හෝ බඳනා ලදුයේ ඒ බන්‍ධනය මුදනු සඳහා දැන දැන බොරු කියයි, රැහැනින් හෝ බඳනා ලදුයේ − හැකිළි බැඳුමෙන් හෝ බඳනා ලදුයේ − වේ වැලින් හෝ බඳනා ලදුයේ– ලතාබන්ධනයෙන් හෝ බඳනා ලදුයේ − සිරබැඳුමෙන් හෝ බඳනා ලදුයේ– පවුරුබැඳුමෙන් හෝ බඳනා ලදුයේ − ගම් නියම්ගම් නගර රටබැඳුමෙන් හෝ බඳනා ලදුයේ – දනවුබැඳුමෙන් හෝ බඳනා ලදුයේ ඒ බන්‍ධනය මුදනු සඳහා දැන දැන බොරැ කියයි; මෙසේ අනිෂ්ට වස්තුව නිසා මුසාවාදය උපදී. කිසෙයින් ඉෂ්ටවස්තුව නිසා මුසාවාදය උපදී ද යත්? මෙහි එකෙක් මනවඩන රෑපයන් හේතු කොට දැන දැන බොරු කියයි, මන වඩන ශබ්දයක්- ගන්‍ධ - රස ස්ප්‍රෂ්ටව්‍යයන් හේතු කොට - සිවුරු හේතුයෙන් පිණ්ඩපාත – සෙනසුන් - ගිලන්පස බෙහෙත් පිරිකර හේතුයෙන් දැන දැන බොරු කියයි. මෙසේ ඉෂ්ටවස්තුව නිසා මෘෂාවාදය උපදී. කිසෙයින් අනිෂටවස්තුව නිසා විචිකිත්සාව (-සැකය) උපදී ද යත්? චක්‍ෂුරෝගයෙන් මිදෙම් දෝ හෝ චක්‍ෂුරෝගයෙන් නො මිදෙම් දෝ හෝ ශ්‍රොත්‍රරොගයෙන් ඝ්‍රාණරොගයෙන් - ජීහවාරොගයෙන් − කායරොගයෙන් − ශිර්‍ෂරොගයෙන් කර්‍ණරෝගයෙන් – මුඛරොගයෙන් - දනතරොගයෙන් මිදෙම් දො හෝ, දන්ත රෝගයෙන් නො මිදෙම් දෝ හෝ’යි මෙසේ අනිෂටවස්තුව නිසා සැක උපදී, කෙසේ ඉෂ්ටවස්තුව නිසා සැක උපදී ද යත්? මනවඩන රෑපයන් ලැබෙම් දෝ හෝ, ‘මනවඩන රූපයන් නො ලැබෙම් දෝ හෝ, මනවඩන ශබ්ද– ගන්‍ධ – රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලයා - ගණයා - ආවාසය - ලාභය- යශස් - පැසැසුම් – සුව – සිවුරු පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පසබෙහෙත්පිරිකර නො ලැබෙම් දෝ හෝ’යි මෙසේ ඉෂ්ටවස්තුව නිසා සැක උපදී නුයි ‘කොධො මොසවජ්ජං ව කථඞකථා ච’ යනු වේ.
Pali BJTඑතෙපි ධම්මා ද්වයමෙව සන්තෙති - සාතාසාතෙ සන්තෙ සුඛදුක්ඛෙ{1} සන්තෙ සොමනස්සදොමනස්සෙ සන්තෙ ඉට්ඨානිට්ඨෙ සන්තෙ අනුනයපටිඝෙ සන්තෙ සංවිජ්ජමානෙ අත්ථි උපලබ්භමානෙති - එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ.
Sinhala BJTඑතෙ පි ධම්මා දවයමෙව සනතෙ - සාතාසාත (දෙක) ඇති කල්හි සුව - දුක් ඇති කල්හි සොම්නස් දොම්නස් ඇති කල්හි ඉටු අනිටු ඇති කල්හි අනුනය ප්‍රතිඝයන් විද්‍යාමාන කල්හි සංවිද්‍යාමාන කල්හි ඇති කල්හි ලැබෙන කල්හි නුයි ‘එතෙපි ධම්මා දවයමෙව සනෙත’ යනු වේ.
Pali BJTකථඞ්කථී ඤාණපථාය සික්ඛෙති - ඤාණම්පි ඤාණපථො ඤාණස්ස ආරම්මණම්පි ඤාණපථො; ඤාණසහභුනොපි ධම්මා ඤාණපථො; යථාඅරියමග්ගො අරියපථො, දෙවමග්ගො දෙවපථො, බ්රහ්මමග්ගො බ්රහ්මපථො; එවමෙව ඤාණම්පි ඤාණපථො, ඤාණස්ස ආරම්මණම්පි ඤාණපථො, ඤාණසහභුනොපි ධම්මා ඤාණපථො; සික්ඛෙති තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. කතමා අධිසීලසික්ඛා? ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු; ඛුද්දකො සීලක්ඛන්ධො මහන්තො සීලක්ඛන්ධො සීලං පතිට්ඨා ආදි චරණං සංවරො මුඛං පමුඛං කුසලානං ධම්මානං සමාපත්තියා, අයං අධිසීලසික්ඛා. කතමා අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති; අයං අධිචිත්තසික්ඛා. කතමා අධිපඤ්ඤාසික්ඛා? ඉධ භික්ඛු පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා: සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති; ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති, අයං අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTකථඞකථි ඤාණපථාය සික්ඛෙ - ඥානය ඥානපථ යැ, ඥාතයා ගේ අරමුණ ද ඥානපථ යැ, ඥානය හා සහජාත වූ ධර්‍මයෝ ද ඥානපථ යි; යම් සේ ආර්‍ය්‍යමාර්‍ගය ආර්‍යපථ වී ද, දෙවමාර්‍ගය දෙවපථ වී ද, බ්‍රහ්මමාර්‍ගය බ්‍රහ්මපථ වී ද, එසෙයින් ම ඥානය ත් ඥානපථ යැ, ඥතයා ගේ ආරම්මණය ත් ඥානපථ යැ, ඥානය සමග උපන් චිත්ත චෛතසික ධර්‍මයෝත් ඥානපථ යි. සිකෙබ - ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ, අධිචිත්තශික්‍ෂා යැ, අධිප්‍රඥාශික්‍ෂා යැයි, අධිශීලශික්‍ෂා කවරී ද යත්? මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාරගොවර දෙකින් සමන්‍විත වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නාසුලු වූයේ වෙසෙයි, මොනොවට ගෙන ශික්‍ෂාකොටඨාසයන්හි හික්මෙයි; ක්‍ෂුද්‍රශීලසකන්‍ධ යැ, මහත්ශීලසකන්ධ යැ (යන) ශීලය චාතුර්භූමක කුශලධර්‍මයන් ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා වෙයි, ආදි වෙයි, පාදය වෙයි, සංයමය වෙයි, සංවරය වෙයි, ද්වාරය වෙයි, ප්‍රමුඛ වේ. මෝ අධිශීලශික්‍ෂා යැ. අධිචිත්තශික්‍ෂා කවරී ද යත්? මේ සස්නෙහි මහණ තෙමේ කාමචඡන්දනීවරණයෙන් වෙන්ව මැ… සිවුවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි; මෝ අධිචිත්තශික්‍ෂා යැ. අධිප්‍රඥාශික්‍ෂා කවරී ද යත්? මේ සස්නෙහි මහණ තෙමේ ප්‍රඥාවත් වෙයි, නිර්‍දෙෂ වූ නිර්වේධය පිණිස පවත්නා වූ මනා කොට නිවනට පමුණුවන්නා වූ අභිවෘදධිගාමිනී ප්‍රඥාවෙන් පරිපූර්‍ණ වූයේ වෙයි, හෙතෙම ‘මෙ දුකැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී,… ‘මෙ දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී; මොහු ආශ්‍රවයෝ යැයි තත්වූ පරිද්දෙන් දැනගනී,...‘මේ ආශ්‍රවනිරෝධයට පමුණුවන ප්‍රතිපදාව යැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී. මෝ තොමෝ අධිප්‍රඥාශික්‍ෂා යි.
Pali BJTකථඞ්කථී ඤාණපථාය සික්ඛෙති - කථඞ්කථී පුග්ගලො සකඞ්ඛො සවිලෙඛො සද්වෙළ්හකො සවිචිකිච්ඡො ඤාණාධිගමාය ඤාණඵුසනාය{2} ඤාණසච්ඡිකිරියාය අධිසීලම්පි සික්ඛෙය්ය, අධිචිත්තම්පි සික්ඛෙය්ය, අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය; ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය, ජානන්තො සික්ඛෙය්ය, පස්සන්තො සික්ඛෙය්ය, පච්චාවෙක්ඛන්තො සික්ඛෙය්ය, චිත්තං අධිට්ඨහන්තො සික්ඛෙය්ය, සද්ධාය අධිමුච්චන්තො සික්ඛෙය්ය, විරියං පග්ගණ්හන්තො සික්ඛෙය්ය, සතිං උපට්ඨපෙන්තො සික්ඛෙය්ය. චිත්තං සමාදහන්තො සික්ඛෙය්ය. පඤ්ඤාය පජානන්තො සික්ඛෙය්ය, අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛෙය්ය, පරිඤ්ඤෙය්යං පරිජානන්තො සික්ඛෙය්ය, පහාතබ්බං පජහන්තො සික්ඛෙය්ය, භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්ය, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය ආචරෙය්ය සමාචරෙය්ය, සමාදාය වත්තෙය්යා’ති - කථඞ්කථී ඤාණපථාය සික්ඛෙ.
Sinhala BJTකථඞකථි ඤාණපථාය සික්ඛෙ – විචිකිත්සාවත් පුද්ගල තෙමේ සැක සහිත වූයේ චිතතවිලෙඛ (-සිතේ හිරි) සහිත වූයේ දෙසිත් සහිතවූයේ විචිකිත්සා සහිත වූයේ නුවණ ලැබීම පිණිස ඥානස්පර්‍ශය පිණිස නුවණ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේය, අධිචිත්තයෙහි ද හික්මෙන්නේය අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේය; මෙහි ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේය, දනිමින් හික්මෙන්නේය, දක්මින් හික්මෙන්නේය, ප්‍රත්‍යවේක්‍ෂා කරමින් හික්මෙන්නේය, සිතෙහි පිහිටුවමින් හික්මෙන්නේය, සැදැහැයෙන් සනිටුහන් කෙරෙමින් හික්මෙන්නේය, වීර්‍ය්‍යය දැඩිව ගනිමින් හික්මෙන්නේය, සිහියට එළවමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, නුවණින් දැනගනිමින් හික්මෙන්නේය, (ස්වලක්ෂණාවබෝධයෙන්) දතයුත්ත විශිෂ්ටඥානයෙන් දැනගනිමින් හික්මෙන්නේය, (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් කෘත්‍යවසයෙන්) දතයුත්ත හාත්පසින් දැනගනිමින් හික්මෙන්නේය, හළයුතු සමුදය දුරුකරමින් හික්මෙන්නේය, වැඩියයුතු මාර්‍ගය වඩමින් හික්මෙන්නේය, ප්‍රත්‍යක්‍ෂ කටයුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කරමින් හික්මෙන්නේය, හැසිරෙන්නේය, මොනොවට හැසිරෙන්නේය, සමාදන්ව පවත්නේ නුයි ‘කථඞකථි ඤාණපථාය සිකෙබ’ යනු වේ.
Pali BJTඤත්වා පවුත්තා සමණෙන ධම්මාති - ‘ඤත්වා’ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා වුත්තා පවුත්තා ආචික්ඛිතා දෙසිතා පඤ්ඤපිතා පට්ඨපිතා විවටා විභත්තා උත්තානීකතා පකාසිතා’ සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, වුත්තා පවුත්තා ආචික්ඛිතා දෙසිතා පඤ්ඤපිතා පට්ඨපිතා විවටා විභත්තා උත්තානීකතා පකාසිතා. සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති - සබ්බෙ ධම්මා අනත්තාති - අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති -පෙ- ජාතිපච්චයා ජරාමරණන්ති - අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති -පෙ- ජාතිනිරොධා ජරාමරණනිරොධොති, ඉදං දුක්ඛන්ති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති. ඉමෙ ආසවාති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති, ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යාති, ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යාති, ඉමෙ ධම්මා පහාතබ්බාති, ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති, ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච, පඤ්චන්නං උපාදානක්ඛන්ධානං - චතුන්නං මහාභූතානං ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, වුත්තා පවුත්තා ආචික්ඛිතා දෙසිතා පඤ්ඤාපිතා පට්ඨපිතා විවටා විභත්තා උත්තානීකතා පකාසිතා. වුත්තං හෙතං භගවතා’ “අභිඤ්ඤායාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි; නො අනභිඤ්ඤාය. සනිදානාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි; නො අනිදානං. සප්පාටිහාරියාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි; නො අප්පාටිහාරියං. තස්ස මය්හං භික්ඛවෙ අභිඤ්ඤාය ධම්මං දෙසයතො නො අනභිඤ්ඤාය, සනිදානං ධම්මං දෙසයතො නො අනිදානං, සප්පාටිහාරියං ධම්මං දෙසයතො නො අප්පාටිහාරියං, කරණීයො ඔවාදො; කරණීයා අනුසාසනී. අලඤ්ච පන වො භික්ඛවෙ{1} තුට්ඨියා අලං පාමොජ්ජාය{2} අලං සොමනස්සාය ‘සම්මාසම්බුද්ධො භගවා. ස්වාක්ඛාතො{3} ධම්මො, සුපටිපන්නො සඞ්ඝො’ති ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ දසසහස්සී{4} ලොකධාතු අකම්පිත්ථා”ති{a} - ඤත්වා පවුත්තා සමණෙන ධම්මා.
Sinhala BJTඤතවා පවුත්තා සමණෙන ධම්මා - ‘ඤතවා’ යනු; දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට කියන ලද්දාහු වෙසෙසින් කියන ලද්දාහු දක්වන ලද්දාහු දෙසන ලද්දාහු තබන ලද්දාහු ප්‍රකට කරන ලද්දාහු විභාග කරන ලද්දාහු නො ගැඹුරු කරන ලද්දාහු ප්‍රකාශ කරන ලද්දාහු යැ; ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට උකතයහ, ප්‍රොක්ත - ආවක්ෂිත – දේශිත - ප්‍රඥප්ත - ප්‍රස්ථාපිත - විවෘත - විභක්ත - උතතානීකෘත - ප්‍රකාශිතයහ,’ ‘සියලු සංස්කාරයෝ දුඃඛයහ’යි … ‘සියලු ධර්‍මයෝ අනාත්මයහ’යි - ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති...ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වේ යයි -අවිද්‍යාවගේ නිරෝධයෙන් සංස්කාර නිරෝධ යයි...ජාතිනිරොධයෙත් ජරාමරණනිරෝධය වේ යයි - මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යැයි – මොහු ආස්‍රවයෝ යැයි … මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදාව යැයි – මෙ ධර්‍මයෝ අවබෝධ කළයුත්තාහ’යි මේ ධර්‍මයෝ පරිජානනය කළයුත්තාහ’යි - මේ ධර්‍මයෝ ප්‍රහීණ කළ යුත්තාහ’යි - මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළයුත්තාහ’යි - සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපදීම ද නැසීම ද අසවාදය ද ආදීනවය ද නිස්සරණය ද පඤචොපාදානස්කන්‍ධයන් ගේ සතර මහාභූතයන්ගේ - යම් කිසි සමුදයධර්‍මයක් වේ නම් ඒ සියල්ල නැසෙන පියවි ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට කියන ලද්දෝ යැ වෙසෙසින් කියන ලද්දෝ යැ දක්වන ලද්දෝ යැ දෙසන ලද්දෝ යැ පනවන ලද්දෝ යැ තබන ලද්දෝ යැ විවෘත කරන ලද්දෝ යැ. විභාග කරන ලද්දෝ යැ නො ගැඹුරු කරන ලද්දෝ යැ පවසන ලද්දෝ යි. මේ වදාළේ මැනු, භාග්‍යවතුන් විසින් : - ‘මහණෙනි, මම මාර්‍ගාවබොධය පිණිස දහම් දෙසමි, අනභිඥාව පිණිස නො දෙසමි: මහණෙනි, මම නිදාන (-ප්‍රත්‍යය) සහිත ව දහම් දෙසමි, ප්‍රත්‍යය රහිත කොට නො දෙසමි, මහණෙනි, මම නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසමි, අනෛර්‍ය්‍යාණික කොට නො දෙසමි, මහණෙනි, අභිඥාව පිණිස දහම් දෙසන අනභිඥාව පිණිස නො දෙසන, සනිදාන කොට දහම් දෙසන අනිදාන කොට නො දෙසන, නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන අනෛර්‍ය්‍යාණික කොට නො දෙසන ඒ මා විසින් අවවාද කටයුත්තේය, අනුශාසනා කළයුත්තීය. තවද මහණෙනි, ‘භාග්‍යවත්හු සම්‍යක්සමබුදධයහ, ධර්‍මය සවාකඛ්‍යාත යැ, සඩඝ තෙමේ සුප්‍රතිපන්න යැයි තොපගේ සතුටට පමණ යැ ප්‍රමෝදායට පමණ යැ, සොම්නසට පමණ වේ. තවද මෙ වෙය්‍යාකරණය දෙසනු ලබත කල්හි දශසහස්‍රීලෝකධාතුව කම්පා වී’ යයි. ‘ඤතවා පවුත්තා සමණෙන ධම්මා” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“කොධො මොසවජ්ජඤ්ච කථඞ්කථා ච එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ, කථංකථී ඤාණපථාය සික්ඛෙ ඤත්වා පවුත්තා සමණෙන ධම්මා”ති.
Sinhala BJT“කොධො මොසවජ්ජඤච - පෙ - ඤතවා පවුතත සමණෙන ධම්මා” යී
Pali BJT11. 8.
Sinhala BJT11. 8.
Pali BJTසාතං අසාතඤ්ච කුතොනිදානා? කිස්මිං අසන්තෙ න භවන්ති හෙතෙ, විභවං භවඤ්චාපි යමෙතමත්ථං එතං මෙ පබ්රූහි යතොනිදානං
Sinhala BJTසුඛ වේදනාව ද දුක් වේදනාව ද (යන මෙහු) කුමක් හේතු කොටඋපදනාහු ද ? කුමක් අවිද්‍යාමාන කල්හි මොහු පහළ නො වෙත් ද ? යලි ඒ සාතාසාතයන්ගේ විනාශය ද පහළ වීම ද යන යම් මේ අර්‍තථයෙක් යමක් කරුණු කොට ඇත්තේ ද, තෙල කාරණය මට ප්‍රකාශ කළ මැනව.
Pali BJTසාතං අසාතඤ්ච කුතොනිදානාති - සාතා අසාතා කුතොනිදානා? කුතො ජාතා? කුතො සඤ්ජාතා? කුතො නිබ්බත්තා? කුතො අභිනිබ්බත්තා? කුතො පාතුභූතා? කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා කිම්පභවාති සාතාසාතානං මූලං පුච්ඡති -පෙ- සමුදයං පුච්ඡති පපුච්ඡති යාචති අජ්ඣෙසති පසාදෙතීති - ‘සාතං අසාතඤ්ච කුතොනිදානා.’
Sinhala BJTසාතං අසාතං ච කුතොනිදානා – සාත අසාතවෙදනාවෝ කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කොයින් උපන්නාහු ද ? කොයින් හට– ගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් කරුණු කොට ඇත්තාහු ද ? කුමක් සමුදය කොට - කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’යි සාතාසාතයන්ගේ මූලය විචාරති... සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘සාතං අසාතං ච කුතොනිදානා’ යනු වේ.
Pali BJTකිස්මිං අසන්තෙ න භවන්ති හෙතෙති - ‘කිස්මිං අසන්තෙ අසංවිජ්ජමානෙ නත්ථි අනුපලබ්භමානෙ සාතා ආසතා න භවන්ති, න ජායන්ති, න සඤ්ජායන්ති, න නිබ්බත්තන්ති, න අභිනිබ්බත්තන්තීති - ‘කිස්මිං අසන්තෙ න භවන්ති හෙතෙ.’
Sinhala BJTකිසමිං අයනේත න භවනති හෙතෙ – කුමක් අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි සාතවෙදනාත් අසාතවෙදනාත් නො වෙත් ද, නූපදිත් ද, නො හටගනිත් ද, නො නිපදිත් ද, නො පහළ වෙත් දැ’යි ‘කිස්මිං අසනෙත න භවන්ති හෙතෙ’ යනු වේ.
Pali BJTවිභවං භවඤ්චාපි යමෙතමත්ථන්ති - කතමො සාතාසාතානං භවො? යො සාතාසාතානං භවො පභවො ජාති සඤ්ජාති නිබ්බත්ති අභිනිබ්බත්ති පාතුභාවො, අයං සාතාසාතානං භවො. කතමො සාතාසාතානං විභවො? යො සාතාසාතානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං. අයං සාතාසාතානං විභවො;. යමෙතමත්ථන්ති යං පරමත්ථන්ති - ‘විභවං භවඤ්චාපි යමෙතමත්ථං.’
Sinhala BJTවිභවං භවඤචාපි යමෙතමතථං - සාතාසාතයන්ගේ භවය (–හට ගැනීම) කවරේ ද යත්? සාතාසාතයන්ගේ යම් භවයෙක් ප්‍රභවයෙක් ජාතියෙක් සඤජාතියෙක් නිර්වෘත්තියෙක් අභිනිර්වෘත්තියෙක් ප්‍රාදුර්‍භාවයෙක් වේ ද මේ සාතාසාතයන්ගේ ඉපැද්ම යැ; සාතාසාතයන්ගේ විනාශය කවරේ ද යත්? සාතාසාතයන්ගේ යම් ක්‍ෂය වීමෙක් ව්‍යය වීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මෙ සාතාසාතයන්ගේ විනාශය යි. යමෙතමතථං යනු: යම් පරමාර්ථයෙක් නුයි ‘විභවං භවඤාපි යමෙතමතථං’ යනු වේ.
Pali BJTඑතං මෙ පබ්රූහි. යතොනිදානන්ති - ‘එත’න්ති{1} යං පුච්ඡාමි, යං යාචාමි, යං අජ්ඣෙසාමි,{2} යං පසාදෙමි; පබ්රූහීති බ්රූහි වදෙහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහී’ති එතං මෙ පබ්රූහි; යතොනිදානන්ති යන්නිදානං යං සමුදයං යඤ්ජාතිකං යම්පභවන්ති - ‘එතං මෙ පබ්රූහි යතොනිදානං.’
Sinhala BJTඑතං මෙ පබ්‍රෑහි යතොනිදානං – ‘එතං’ යනු; යමක් විචාරම් ද, යමක් අයදිම් ද, යමක් අධ්‍යෙෂණය කෙරෙම් ද, යමක් පහදවම් ද; පබ්‍රෑහි - කියනු මැනව, වදාළ මැනව, ප්‍රකාශ කළ මැනව, දෙසුව මැනව, පනවනු මැනව, තබනු මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්‍රකට කළ මැනව, ප්‍රකාශ කළ මැනවැ’යි ‘එතං මෙ පබ්‍රෑහි’ යනු වේ. යතොනිදානං - යම් කරුණක් යම් සමුදයක් යම් ඉපැද්මක් යම් ප්‍රභවයක් නුයි ‘එතං මෙ පබ්‍රෑහි යතොනිදානං’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
Pali BJT“සාතං අසාතඤ්ච කුතොනිදානා? කිස්මිං අසන්තෙ න භවන්ති හෙතෙ, විභවං භවඤ්චාපි යමෙතමත්ථං එතං මෙ පබ්රූහි යතොනිදාන”න්ති.
Sinhala BJT“සාතං අසාතං ච -පෙ- එතං මෙ පබ්‍රෑහි යතොනිදානං” යී.
Pali BJT11. 9.
Sinhala BJT11. 9.
Pali BJTඵස්සනිදානං සාතං අසාතං ඵස්සෙ අසන්තෙ න භවන්ති හෙතෙ, විභවං භවං චාපි යමෙතමත්ථං එතං තෙ පබ්රූමි ඉතොනිදානං.
Sinhala BJTසුඛවේදනාව ද, දුක්වේදනාව ද ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය, ස්පර්‍ශය අවිද්‍යාමාන කල්හි මොවුහු නො පහළ වෙති, (සුවදුක් වේදනාවන් ගේ) විනාශය ද ඉපැදීම ද යන යම් අර්‍තථයෙක් මේ පහස කරුණු කොට උපදී ද, තෙල අර්‍ත්‍ථය ඔබට කියමි.
Pali BJTඵස්සනිදානං සාතං අසාතන්ති - සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. යා තස්සෙව සුඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛවෙදනා, සා නිරුජ්ඣති, සා වූපසම්මති, දුක්ඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. යා තස්සෙව දුක්ඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා, සා නිරුජ්ඣති; සා වූපසම්මති. අදුක්ඛමසුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. යා තස්සෙව අදුක්ඛමසුඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං අදුක්ඛමසුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා, සා නිරුජ්ඣති; වූපසම්මති. ඵස්සනිදානං සාතං අසාතන්ති සාතාසාතා ඵස්සනිදානා ඵස්සසමුදයා ඵස්සජාතිකා ඵස්සපභවා’ති - ‘ඵස්සනිදානං සාතං අසාතං.’
Sinhala BJTඵසසනිදානං සාතං අසාතං – ‘සුඛවේදනාවට කරුණු වූ පහස නිසා සුඛවේදනාව උපදී. එ මැ සුඛවේදනීය වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් තදනුරූප වේදනා ඇති සුඛවේදනීය වූ යම් පහසක් නිසා උපන් යම් සුඛවේදනාවක් වී නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. දුක්වේදනාවට නිමිත්ත වූ පහස නිසා දුක් වේදනා උපදී, එ මැ දුඃඛවේදනීය වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් තදනුරූප වූ වේදනා ඇති දුඃඛවේදනීය වූ යම් පහසක් නිසා උපන් යම් දුක් වේදනාවක් වූ නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. උපෙකෂාවෙදනාවට නිමිත්ත වූ ස්පර්‍ශය නිසා උපෙකෂාවෙදනාව උපදී. එ මැ උපෙක්‍ෂවෙදනාවට හිත වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් තදනුරූප වේදනා ඇති උපේක්‍ෂාවේදනාවට හිත වූ යම් පහසක් නිසා උපන් යම් උපෙක්ෂාවෙදනාවක් වූ නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. ඵස්සනිදානං සාතං අසාතං - සුවදුක් වේදනාවෝ පහස නිදාන කොට ඇත්තාහු ය, පහස සමුදය කොට ඇත්තාහු ය, පහස ජාති කොට ඇත්තාහු ය, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තාහු නුයි – ‘ඵස්ස නිදානං සාතං අසාතං’ යනු වේ.
Pali BJTඵස්සෙ අසන්තෙ න භවන්ති හෙතෙති - ඵස්සෙ අසන්තෙ අසංවිජ්ජමානෙ නත්ථි අනුපලබ්භමානෙ සාතා අසාතා න භවන්ති නප්පභවන්ති න ජායන්ති න සඤ්ජායන්ති න නිබ්බත්තන්ති නාභිනිබ්බත්තන්ති න පාතුභවන්තී’ති - ‘ඵස්සෙ අසන්තෙ න භවන්ති හෙතෙ.’
Sinhala BJTඵස්සේස අසනේත න භවන්ති හෙතෙ – ස්පර්‍ශය අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි සාතාසාතයෝ නොවෙති, ප්‍රභවනොවෙති, නූපදිති, නො හටගනිති, නො නිපදිති, නො වැඩෙති, නො පහළ වෙත් නුයි ‘ඵස්සේස අසනේත න භවනති හෙතෙ’ යනු වේ.
Pali BJTවිභවං භවඤ්චාපි යමෙතමත්ථන්ති - භවදිට්ඨිපි ඵස්සනිදානා විභවදිට්ඨිපි ඵස්සනිදානා; යමෙතමත්ථන්ති යං පරමත්ථන්ති - ‘විභවං භවං චාපි යමෙතමත්ථං.’
Sinhala BJTවිභවං භාවඤචාපි යමෙතමත්ථං – භවදෘෂ්ටිය ද ස්පර්‍ශය නිදාන කොට ඇත්තීය, විභවදෘෂටිය ද ස්පර්‍ශය නිදාන කොට ඇත්තීය; යමෙතමත්ථං - යම් පරමාර්‍තථයක් නුයි ‘විභවං භවඤාපි යමෙතමත්ථං’ යනු වේ.
Pali BJTඑතං තෙ පබ්රූමි ඉතොනිදානන්ති - ‘එත’න්ති යං පුච්ඡසි, යං යාචසි, යං අජ්ඣෙසසි, යං පසාදෙසි; පබ්රූමීති බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘එතං තෙ පබ්රූමි.’ ඉතොනිදානන්ති ඉතො ඵස්සනිදානං ඵස්සසමුදයං ඵස්සජාතිකං ඵස්සපභවන්ති - ‘එතං තෙ පබ්රූමි ඉතොනිදානං.’
Sinhala BJTඑතං තෙ පබ්‍රෑමි ඉතොනිදානං – ‘එතං’ යනු: යමක් විචාරවු ද; යමක් අයැදිවු ද, යමක් අධ්‍යෙෂණ කරවු ද, යමක් (සඳහා) පහදවවු ද, පබ්‍රෑමි – කියමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි, ප්‍රකාශ කෙරෙම් නුයි ‘එතං තෙ පබ්‍රෑමි’ යනු වේ. ඉතොනිදානං - මේ පහස නිදාන කොට ඇත්තේය, පහස උත්පත්ති කොට ඇත්තේ ය, පහස ජාති කොට ඇත්තේ ය, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තේ නුයි ‘එතං තෙ පබ්‍රෑමි ඉතො නිදානං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ. බුදුහු:
Pali BJT“ඵස්සනිදානං සාතං අසාතං ඵස්සෙ අසන්තෙ න භවන්ති හෙතෙ, විභවං භවඤ්චාපි යමෙතමත්ථං එතං තෙ පබ්රූමි ඉතොනිදාන”න්ති.
Sinhala BJT“ඵසසනිදානං - පෙ - එතං තෙ පබ්‍රෑමි ඉතොනිදානං” යී.
Pali BJT11. 10.
Sinhala BJT11. 10.
Pali BJTඵස්සො නු ලොකස්මිං කුතොනිදානො පරිග්ගහා චාපි කුතො පහූතා. කිස්මිං අසන්තෙ න මමත්තමත්ථි කිස්මිං විභූතෙ න ඵුසන්ති ඵස්සා.
Sinhala BJTලෝකයෙහි ස්පර්‍ශ තෙමේ කුමක් නිදාන (-මූලකාරණ) කොට ඇත්තේ ද? තෘෂ්ණාදාෂ්ටිපරිග්‍රහයෝ ත් කොතැනින් පහළ වූවාහු ද? කුමක් අවිද්‍යාමාන කල්හි තෘෂ්ණදෘෂ්ටිමමත්වය නැත්තේ ද ? කුමක් ඉක්ම ගිය කල්හි (වකබුසමඵසසාදි) පහස්හු ස්පර්‍ශ නො කෙරෙත් ද?
Pali BJTඵස්සො නු ලොකස්මිං කුතොනිදානොති - ඵස්සො කුතො නිදානො? කුතො ජාතො? කුතො සඤ්ජාතො? කුතො නිබ්බත්තො? කුතො අභිනිබ්බත්තො? කුතො පාතුභූතො? කින්නිදානො? කිං සමුදයො? කිඤ්ජාතිකො? කිම්පභවොති ඵස්සස්ස මූලං පුච්ඡති, හෙතුං පුච්ඡති -පෙ- සමුදයං පුච්ඡති, පපුච්ඡති, යාචති, අජ්ඣෙසති, පසාදෙතීති - ‘ඵස්සො නු ලොකස්මිං කුතොනිදානො’.
Sinhala BJTඵස්සො නු ලොකසමිං කුතොනිදානො - පහස කුමක් කරුණු කොට ඇත්තේ ද ? කොයින් උපන්නේ ද ? කොයින් හටගත්තේ ද ? කොයින් නිපන්නේ ද ? කොයින් වැඩුණේ ද ? කොතැනින් පහළ වූයේ ද ? කුමක් නිදාන කොට ඇත්තේ ද ? කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’යි ස්පර්‍ශයාගේ මූලය විචාරති, හේතුව විචාරති … සමුදය විචාරති, අසති, අයැදිති, අධ්‍යෙෂණ කෙරෙති, පහදවත් නුයි ‘ඵස්සො නු ලොකසමිං කුතොනිදානො’ යනු වේ.
Pali BJTපරිග්ගහා චාපි කුතො පහූතාති - පරිග්ගහා කුතො පහූතා? කුතො ජාතා? කුතො සඤ්ජාතා? කුතො නිබ්බත්තා? කුතො අභිනිබ්බත්තා? කුතො පාතුභූතා? කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවාති පරිග්ගහානං මූලං පුච්ඡති, හෙතුං පුච්ඡති, -පෙ- සමුදයං පුච්ඡති පපුච්ඡති යාචති අජ්ඣෙසති පසාදෙතීති - පරිග්ගහා චාපි කුතො පහූතා.
Sinhala BJTපරිග්ගහා චාපි කුතො පහූතා - පරිග්‍රාහයෝ කොයින් වූවාහු ද? කොයින් උපන්නාහු ද? කොයින් හටගත්තාහු ද? කොයින් නිපන්නාහු ද? කොයින් වැඩුණාහු ද? කොයින් පහළ වූවාහු ද? කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කුමක් සමුදය කොට ඇත්තාහු ද ? කුමක් ජාති කොට ඇත්තාහු ද ? කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’යි පරිග්‍රහයන්ගේ මූලය විචාරති, හේතුව විචාරති...සමුදය විචාරති, පුළුවුස්ති, යාඥා කෙරෙති අධ්‍යෙෂණ කෙරෙති, පහදවත් නුයි - ‘පරිග්ගහා චාපි කුතො පහූතා’ යනු වේ.
Pali BJTකිස්මිං අසන්තෙ න මමත්තමත්ථිති - කිස්මිං අසන්තෙ අසංවිජ්ජමානෙ{1} අනුපලබ්භමානෙ මමත්තා නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - කිස්මිං අසන්තෙ න මමත්තමත්ථි.
Sinhala BJTකිසමිං අසන්නේන මමත්තමතථි - කුමක් අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නො ලැබෙන කල්හි මමත්වයෝ නැත් ද, අවිද්‍යාමාන වෙත් ද අසංවිද්‍යාමාන වෙත් ද නො ලැබෙත් ද ප්‍රහීණ වූවාහු සමුචඡිනන වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘කිසමිං අසන්නේන මමත්තමතථි’ යනු වේ.
Pali BJTකිස්මිං විභූතෙ න ඵුසන්ති ඵස්සාති - කිස්මිං විභූතෙ විභාවිතෙ අතික්කන්තෙ සමතික්කන්තෙ වීතිවත්තෙ ඵස්සා න ඵුසතී’ති - කිස්මිං විභූතෙ න ඵුසන්ති ඵස්සා.
Sinhala BJTකිස්මිං විභුතෙ න ඵුසන්ති ඵස්සා - කුමක් ඉක්මැවූ කල්හි නො වැඩූ කල්හි ඉක්මැගිය කල්හි මොනවට ඉක්මැගිය කල්හි ව්‍යතික්‍රමණය කළ කල්හි ස්පර්‍ශයෝ ස්පර්‍ශ නො කෙරෙත් දැයි ‘කිසමිං විභූතෙ න ඵුසන්ති ඵස්ස’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
Pali BJT“ඵස්සො නු ලොකස්මිං කුතොනිදානො පරිග්ගහා චාපි කුතො පහූතා. කිස්මිං අසන්තෙ න මමත්තමත්ථි කිස්මිං විභූතෙ න ඵුසන්ති ඵස්සා”ති.
Sinhala BJT“ඵස්සො නු ලොකසමිං - පෙ - කිසමිං විභුතෙ න ඵුසන්ති ඵස්ස” යි.
Pali BJT11. 11.
Sinhala BJT11. 11.
Pali BJTනාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො ඉච්ඡානිදානානි පරිග්ගහානි. ඉච්ඡාය’සන්ත්යා න මමත්තමත්ථි රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.
Sinhala BJTසම්ප්‍රයුක්ත නාමය ද වස්ත්වාලම්බන රූපය ද නිසා ස්පර්‍ශය වෙයි, තෘෂ්ණදෘෂ්ටිපරිග්‍රහයෝ ඉච්ඡා (-ආශා) ව නිදාන කොට ඇත්තාහු ය, ඉච්ඡාසඞඛ්‍යාත තෘෂ්ණාව නැති කල්හි මමත්‍වය නැත්තේ ය, රූපය ඉක්මැගිය කල්හි ස්පර්‍ශයෝ ස්පර්‍ශ නො කෙරෙත්.
Pali BJTනාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සොති - චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; චක්ඛු ච{2} රූපා ච රූපස්මිං, චක්ඛුසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො;
Sinhala BJTනාමං ච රූපං ච පටිච්ච ඵස්සො - චක්‍ෂුස ද රූපයන් ද නිසා චක්‍ෂුර්විඥානය උපදී, (චකබුරූප විඥාන යන) තිදෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය උපදී, ප්‍රසාද චක්‍ෂුස ද රූපාලම්බනයෝ ද රූප කොටසෙහි වෙති, (තිදෙනා ගේ සංගතියෙත් උපන්) චක්‍ෂුසමඵසසය හැර (සෙසු) සම්ප්‍රයුකතධර්‍මයෝ නාම කොටසෙහි වෙති, මෙසේ ත් නාමය ත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී;
Pali BJTසොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; සොතඤ්ච සද්දා ච රූපස්මිං. සොතසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. ඝානං ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; ඝානඤ්ච ගන්ධා ච රූපස්මිං, ඝානසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො; ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; ජිව්හා ච රසා ච රූපස්මිං, ජිව්හාසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; කායො ච ඵොට්ඨබ්බා ච රූපස්මිං කායසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; වත්ථුරූපං රූපස්මිං, ධම්මා රූපිනො රූපස්මිං, මනොසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.
Sinhala BJTශ්‍රෝත්‍රප්‍රසාදය ද ශබ්දයන් ද නිසා ශ්‍රෝත්‍රවිඥානය උපදී, තිදෙනා ගේ එක්වීමෙන් ස්පර්‍ශය උපදී; ශ්‍රොත්‍රප්‍රසාදයත් ශබ්දයෝත් රූප කොටසෙහි වෙති; සොතසමඵසසය හැර (සෙසු) සම්ප්‍රයුක්ත ධර්‍මයෝ නාම කොටසෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී. ඝ්‍රාණය ද ගන්‍ධයන් ද නිසා ඝ්‍රාණවිඥානය උපදී, තිදෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වෙයි; ඝ්‍රාණයත් ගන්‍ධයෝත් රූපයෙහි වෙති, ඝ්‍රාණසංස්පර්‍ශය හැර (සෙසු) සම්ප්‍රයුකතධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී. දිව ද රසයන් ද නිසා ජිහචාවිඥානය උපදී, තිදෙනා ගේ සඩගතියෙත් ස්පර්‍ශය වෙයි; දිවත් රසයත් රූපයෙහි වෙති, ජිහ්වාසංස්පර්‍ශය හැර සමප්‍රයුකතධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී. කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා කායවිඥානය උපදී, තිදෙනාගේ සඩගතියෙන් ස්පර්‍ශය වෙයි; කයත් ස්ප්‍රෂටව්‍යයෝත් රූපයෙහි වෙති, කාසසංස්පර්‍ශය හැර සම්ප්‍රයුක්ත ධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී, මනස ද ධර්‍මයන් ද නිසා මනෝවිඥානය උපදී, තිදෙනාගේ සඞගතියෙන් ස්පර්‍ශය වෙයි; හෘදයවසතුරූපය රූපයෙහි වෙයි, රූපී ධර්‍මයෝ රූපයෙහි වෙති, මනස්සංස්පර්‍ශය හැර සම්ප්‍රයුක්තධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්‍ශය උපදී.
Pali BJTඉච්ඡානිදානානි පරිග්ගහානීති - ‘ඉච්ඡා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං, පරිග්ගහාති ද්වෙ පරිග්ගහා: තණ්හාපරිග්ගහො ච දිට්ඨිපරිග්ගහො ච -පෙ- අයං තණ්හාපරිග්ගහො -පෙ- අයං දිට්ඨිපරිග්ගහො. ඉච්ඡානිදානානි පරිග්ගහානීති පරිග්ගහා ඉච්ඡානිදානා ඉච්ඡාහෙතුකා ඉච්ඡාපච්චයා ඉච්ඡාකාරණා ඉච්ඡාපභවාති - ඉච්ඡානිදානානි පරිග්ගහානි.
Sinhala BJTඉච්ඡානිදානානි පරිග්ගහානි - ‘ඉච්ඡා’යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්....අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. පරිග්ගහා - පරිග්‍රහයෝ දෙදෙනෙකි: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි ... මේ දෘෂ්ටිපරිග්‍රහය යි. ඉචඡානිදානානි පරිග්ගහානි - පරිග්‍රහයෝ ඉච්ඡා (-ඊප්සා) ව නිදාන කොට ඇත්තාහ, ඊප්සාව හේතු කොට ඇත්තාහ, ඊප්සාව ප්‍රත්‍යය කොට ඇත්තාහ, ඊප්සාව කරුණු කොට ඇත්තාහ, ඊප්සාවෙත් පහළවූවාහු නුයි - ‘ඉචඡානිදානානි පරිග්ගහානි’ යනු වේ.
Pali BJTඉච්ඡාය’සන්ත්යා න මමත්තමත්ථි’ති - ‘ඉච්ඡා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; මමත්තාති ද්වෙ මමත්තා: තණ්හාමමත්තඤ්ච දිට්ඨිමමත්තඤ්ච -පෙ- ඉදං තණ්හාමමත්තං. -පෙ- ඉදං දිට්ඨිමමත්තං. ඉච්ඡාය’සන්ත්යා න මමත්තමත්ථිති ඉච්ඡාය අසන්ත්යා අසංවිජ්ජමානාය නත්ථි අනුපලබ්භමානාය මමත්තං නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - ඉච්ඡාය’සන්ත්යා න මමත්තමත්ථි.
Sinhala BJTඉච්ඡාය‘සන්ත්යා න මමත්තමතථි – ‘ඉච්ඡා’යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක් … ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි; මමත්තාමමත්වයෝ දෙදෙනෙකි: තෘෂ්ණාමමත්වය ද දෘෂ්ටිමමත්වය දැයි … මේ දෘෂ්ටිමමත්වය යි. ඉච්ජාය‘සන්ත්‍යා ත මමත්තමත්ථි - ඊප්සාව අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි මමත්වයෝ නැත, නො වෙති, විද්‍යාමාන නො වෙති, නො ලැබෙත්, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘ඉච්ඡාය‘සන්ත්යා න මමත්තමතථි’ යනු වේ.
Pali BJTරූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සාති - ‘රූපෙ’ති ච චත්තාරො ච මහාභූතා චතුණ්ණඤ්ච මහාභූතානං උපාදාය රූපං; රූපෙ විභූතෙති චතූහාකාරෙහි රූපං විභූතං හොති. ඤාතවිභූතෙන{1} තීරණවිභූතෙන පහානවිභූතෙන සමතික්කමවිභූතෙන. කථං ඤාතවිභූතෙන{2} රූපං විභූතං හොති? රූපං ජානාති යං කිඤ්චි රූපං, සබ්බං රූපං චත්තාරි ච මහාභූතානි චතුණ්ණඤ්ච මහාභූතානං උපාදාය රූපන්ති ජානාති පස්සති.
Sinhala BJTරූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා - ‘රූපෙ’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද; රූපෙ විභූතෙ – සතර අයුරකින් රූපය ඉක්මවන ලද වෙයි; ඥාතවිභූතයෙන් තීරණවිභූතයෙන් ප්‍රහාණවිභූතයෙන් සමතික්‍රමවිභූතයෙනි: කිසෙයින් ඥාතවිභූතයෙන් රූපය විභූත (-ඉක්මවන ලද) වේ ද යත් ? රූපය (මෙසේ) දැන ගනී. යම් කිසි රූපයෙක් වේ නම් , සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැයි සියලු රූපය දැන ගනී, දකී;
Pali BJTඑවං ඤාතවිභූතෙන රූපං විභූතං හොති. කථං තීරණවිභූතෙන රූපං විභූතං හොති? එවං ඤාතං කත්වා රූපං තීරෙති; අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද්දවතො භයතො උපස්සග්ගතො චලතො පභඞ්ගුරතො{1} අද්ධුවතො අතාණතො අලෙනතො අසරණතො රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො ආදීනවතො විපරිණාමධම්මතො අසාරකතො{2} අඝමූලතො වධකතො විභවතො සාසවතො සඞ්ඛතතො මාරාමිසතො ජාතිධම්මතො ජරාධම්මතො බ්යාධිධම්මතො මරණධම්මතො සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසධම්මතො සඞ්කිලෙසිකධම්මතො සමුදයතො අත්ථඞ්ගමතො අස්සාදතො{3} ආදීනවතො නිස්සරණතො තීරෙති. එවං තීරණවිභූතෙන රූපං විභූතං හොති. කථං පහානවිභූතෙන රූපං විභූතං හොති? එවං තීරයිත්වා රූපෙ ඡන්දරාගං පජහති, විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. වුත්තං හෙතං භගවතා: “යො භික්ඛවෙ රූපෙ ඡන්දරාගො, තං පජහථ; එවං තං රූපං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං{4} අනභාවකතං ආයතිං අනුප්පාදධම්ම”න්ති.{a} එවං පහානවිභූතෙන රූපං විභූතං හොති. කථං සමතික්කමවිභූතෙන රූපං විභූතං හොති? චතස්සො අරූපසමාපත්තියො පටිලද්ධස්ස රූපා විභූතා හොන්ති විභාවිතා අතික්කන්තා සමතික්කන්තා වීතිවත්තා. එවං සමතික්කමවිභූතෙන රූපං විභූතං හොති. ඉමෙහි චතුහි කාරණෙහි රූපං විභූතං හොති. රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සාති රූපෙ විභූතෙ විභාවිතෙ අතික්කන්තෙ සමතික්කන්තෙ වීතිවත්තෙ පඤ්ච ඵස්සා න ඵුසන්ති: චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො - රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.
Sinhala BJTමෙසෙයින් ඥාතවිභූතයෙන් (නූවණත් ඉක්මවීමෙන්) රූපය විභූත වෙයි. කිසෙයින් තීරණවිභූතයෙන් රූපය විභූත වේ ද යත්? මෙසේ ප්‍රකට කොට රූපය තීරණය කෙරෙයි: අනිත්‍ය හෙයින් දුඃඛ හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් සලතා හෙයින් ව්‍යසන හෙයින් ආබාධ හෙයින් පර හෙයින් පලෝක (-බිඳීම) හෙයින් ඊති (–විපත්ති) හෙයින් උපද්‍රව හෙයින් භය හෙයින් උපස්සගී හෙයින් සැලෙන හෙයින් බිඳෙනසුලු හෙයින් අධ්‍රැව (–අස්ථිර) හෙයින් අත්‍රාණ හෙයින් අලෙන හෙයින් අසරණ හෙයින් රිත්ත (–සිස්) හෙයින් තුච්ඡ හෙයින් ශූන්‍ය හෙයින් අනාත්ම හෙයින් ආදීනව හෙයින් විපරිණාමස්වභාව හෙයින් අසාර හෙයින් ව්‍යසනමුල හෙයින් වධක හෙයින් විගතභව හෙයින් සාස්‍රව හෙයින් සඞ්ඛත (-හේතුප්‍රත්‍යයෙන් සකස් කළ) හෙයින් මාරාමිෂ හෙයින් ජාතිධර්‍ම (ජාතිය පියවි කොට ඇති) හෙයින් ජරාධර්‍ම හෙයින් ව්‍යාධිධර්‍ම හෙයින් මරණධර්‍ම හෙයින් ශෝකපරිදෙවදුඃඛ– දෞමනස්‍යඋපායාසධර්‍ම හෙයින් සංකෙලශධර්‍ම (-තෘෂ්ණාදි සංකෙලශයන්ට විෂයස්වභාව) හෙයින් සමුදය හෙයින් අසතඞගම හෙයින් ආස්වාද හෙයින් ආදීනව හෙයින් නිස්සරණ හෙයින් තීරණ කෙරෙයි, මෙසෙයින් තීරණවිභූතයෙන් රූපය විභූත වෙයි. කිසෙයින් ප්‍රහාණවිභූතයෙත් රූපය විභූත වේ ද යත්? මෙසේ තීරණය කොට රූපයෙහි ඡන්‍දරාගය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි; මේ වදාරන ලද මැයි, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, රූපයෙහි යම් ඡනදරාගයෙක් වේ නම්, එය දුරු කරවු, මෙසේ ඒ රූපය ප්‍රහීණ වන්නේ ය, උසුන් මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනභාවය කරන ලද්දේ මතු නූපදනා පියවි ඇත්තේ යැ”යි. මෙසෙයින් ප්‍රහාණවිභූතයෙත් රූපය විභූත වෙයි. කිසෙයින් සමතික්‍රමවිභූතයෙත් රූපය විභූත වේ ද යත්? සතර අරූපසමාපතතීන් ලද්දහු විසින් රූපයෝ ඉක්මවන ලද්දාහු විභාවිත වූවාහු අතික්‍රමණය-සමතික්‍රමණය-ව්‍යතික්‍රමණය කරන ලද්දාහු වෙති; මෙසෙයින් සමතික්‍රමවිභූතයෙන් රූපය විභූත වෙයි. මේ සතර කාරණයන් ගෙන් රූපය විභූත වේ. රූපය විභූත වූ (ඉක්මවූ) කල්හි ස්පර්‍ශ නො කෙරෙත්. ඵස්ස - රූපය විභූත කල්හි විභාවිත කල්හි අතික්‍රානත කල්හි සමතික්‍රානත කල්හි ඉක්මගිය කල්හි චකබුසමඵසස සොතසමඵසස ඝානසමඵසස ජීවභාසමඵසස කායසමඵසස යන පඤ්ච ස්පර්‍ශයෝ ස්පර්‍ශ නො කෙරෙත් නුයි - ‘රූපෙ විභූතෙ න පූසනති ඵස්ස’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො ඉච්ඡානිදානානි පරිග්ගහානි, ඉච්ඡාය’සන්ත්යා න මමත්තමත්ථි රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා”ති.
Sinhala BJT“නාමං ච රූපං ච - පෙ - රූපෙ විභූතෙ න ඵුසනති ඵස්ස” යී.
Pali BJT11. 12.
Sinhala BJT11. 12.
Pali BJTකථං සමෙතස්ස විභොති රූපං සුඛං දුඛං{5} වාපි කථං විභොති, එතං මෙ පබ්රූහි යථා විභොති තං ජානිස්සාම ඉති{6} මෙ මනො අහූ.
Sinhala BJTකෙසේ පිළිපන්නහුට රූපය නො වේ ද ? යලි සැප දුක් (ඉටු අනිටු රූපය) හෝ කෙසේ නො වේ ද ? තෙල (රූප -සුඛ - දුක්ඛය) යම් සේ නො වේ නම් (එසේ) මට දේශනා කළ මැනව, එය දැන ගනුම්හ’යි මට සිතෙක් වී.
Pali BJTකථං සමෙතස්ස විභොති රූපන්ති - ‘කථං සමෙතස්සා’ති කථං සමෙතස්ස, කථං පටිපන්නස්ස, කථං ඉරීයන්තස්ස, කථං වත්තන්තස්ස, කතං පාලෙන්තස්ස, කථං යපෙන්තස්ස, කථං යාපෙන්තස්ස රූපං විභොති, විභාවීයති{1} අතික්කමීයති{2} සමතික්කමීයති, වීතිවත්තීයතීති - කථං සමෙතස්ස විභොති රූපං.
Sinhala BJTකථං සමෙතස්ස විභොති රූපං - ‘කථං සමෙතස්ස’ යනු: කෙසේ යෙදුණහුට කෙසේ පිළිපන්නාහුට කෙසේ ඉරියවු පවත්වන්නහුට කෙසේ වැටෙන්නහුට කෙසේ පාලනය වන්නහුට කෙසේ යැපෙන්නහුට කෙසේ යපනය වන්නහුට රූපය නො වේ ද? නො පැවැතේ ද ? ඉක්මවනු ලැබේ ද ? මොනොවට ඉක්මවනු ලැබේ ද ? වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘කථං සමෙතස්ස විභොති රූපං’ යනු වේ.
Pali BJTසුඛං දුඛං වාපි කථං විභොතීති - සුඛං ච දුක්ඛං ච කථං විභොති විභාවීයති අතික්කමීයති සමතික්කමීයති වීතිවත්තීයතීති - සුඛං දුඛං වාපි කථං විභොති.
Sinhala BJTසුඛං දුඛං වා‘පි කථං විභොති – සුවය ද දුක ද කෙසේ නො වේ ද? නො පැවැතේ ද ? ඉක්මවනු ලැබේ ද ? මොනොවට ඉක්මවනු ලැබේ ද ? වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘සුඛං දුඛං වා‘පි කථාං විභොති’ යනු වේ.
Pali BJTඑතං මෙ පබ්රූහි යථා විභොතීති - ‘එත’න්ති යං පුච්ඡාමි, යං යාචාමි, යං අජ්ඣෙසාමි{3} යං පසාදෙමීති එතං; මෙ පබ්රූහීති මෙ පබ්රූහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහීති එතං මෙ පබ්රූහි; යථා විභොතීති යථා විභොති විභාවීයති අතික්කමීයති සමතික්කමීයති වීතිවත්තීයතීති - එතං මෙ පබ්රූහි යථා විභොති.
Sinhala BJTඑතං මෙ පබ්‍රෑහි යථා විභොති - ‘එතං’ යනු: යමක් විචාරම් ද, යමක් යදිම් ද, යමක් ආරාධනා කෙරෙම් ද, යමක් (සඳහා) පහදවම් නුයි – ‘එතං’ යනු වේ; මෙ පබ්‍රෑහි – මට කිව මැනව වදාළ මැනව දෙසුව මැනව පැනවුව මැනව තැබුව මැනව විවෘත කළ මැනව විභාග කළ මැනව ප්‍රකට කළ මැනව ප්‍රකාශ කළ මැනවැ’යි ‘එතං මෙ පබ්‍රෑහි, යනු වේ. යථා විභොති - යම් සේ නො වේ ද නො පැවැතේ ද අතික්‍රමණ සමතික්‍රමණ කරනු ලැබේ ද වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘එතං මෙ පබ්‍රෑහි යථා විභොති’ යනු වේ.
Pali BJTතං ජානිස්සාම ඉති මෙ මනො අහූති - ‘තඤ්ජානිස්සාමා’ති තං ජානෙය්යාම ආජානෙය්යාම{4} විජානෙය්යාම පටිවිජානෙය්යාම පටිවිජ්ඣෙය්යාමා’ති; තං ජානිස්සාම; ඉති මෙ මනො අහූති ඉති මෙ මනො අහූ, ඉති මෙ චිත්තං අහු, ඉති මෙ සඞ්කප්පො අහු, ඉති මෙ විඤ්ඤාණං අහූති - තං ජානිස්සාම ඉති මෙ මනො අහු.
Sinhala BJTතං ජානිස්සාම ඉති මෙ මනෝ අහු - ‘තං ජානිස්සාම’ යනු: එය දැනගනුම්හ, හාත්පසින් දැනගනුම්හ වෙසෙසින් දැනගනුම්හ මැනවින් දැනගනුම්හ (සිතින්) අවබෝධ කරම්හ’යි, ‘තං ජානිස්සාම’ යනු වේ. ඉති මෙ මනෝ අහු - මෙසේ මාගේ මනස විය, මෙසේ මා ගේ සිත විය, මෙසේ මාගේ සඩකලපය විය, මෙසේ මාගේ විඥානය වී නුයි– ‘තං ජානිස්සාම ඉති මෙ මනෝ අහු’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
Pali BJT“කථං සමෙතස්ස විභොති රූපං සුඛං දුඛං වාපි කථං විභොති, එතං මෙ පබ්රූහි යථා විභොති තං ජානිස්සාම ඉති මෙ මනො අහූ”ති.
Sinhala BJT“කථං සමෙතස්ස -පෙ- ඉති මෙ මනෝ අහු” යි.
Pali BJT11. 13.
Sinhala BJT11. 13.
Pali BJTන සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී නොපි අසඤ්ඤී න විභූතසඤ්ඤී. එවං සමෙතස්ස විභොති රූපං සඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛා.
Sinhala BJT(රූපය නො වන සේ පිළිපන් හෙතෙම) ප්‍රකෘතිසංඥාවෙන් සංඥා ඇත්තේ නො වෙයි, විකෘතිසංඥාවෙන් විසංඥ වූයේ නො වෙයි, සංඥා විරහිත වූයේ ද නො වෙයි, ඉක්මවූ සංඥා ඇත්තේ ද නො වෙයි, මෙසේ (සංඥා සංඥතාදිභාවයෙහි නො සිට) පිළිපන්නහුට රූපය නො වෙයි, තෘෂ්ණාදි ප්‍රපඤයෝ සංඥානිදාන කොට ඇත්තාහු ම වෙත් ද එහෙයිනි.
Pali BJTන සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤීති - සඤ්ඤසඤ්ඤිනො වුච්චන්ති යෙ පකතිසඤ්ඤාය ඨිතා, නපි සො පකතිසඤ්ඤාය ඨිතො; විසඤ්ඤාසඤ්ඤිනො වුච්චන්ති උම්මත්තකා, යෙ ච ඛිත්තචිත්තා; නපි සො උම්මත්තකො, නොපි ඛිත්තචිත්තොති - න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී.
Sinhala BJTන සඤඤසඤඤි න විසඤඤසඤඤි - ප්‍රකෘතිසංඥාවෙහි සිටි යම් කෙනෙක් වෙත් නම් ඔහු ‘සඤඤසඤඤිහු’ යයි කියනු ලැබෙති, යථා සමෙතයක්හු ගේ රූපය විභවයට යේ නම්) හෙතෙම ප්‍රකෘතිසංඥායෙහි සිටියේ නො ද වෙයි; උමතුවෝ ද ක්ෂිප්තචිතතයෝ (-යක්උමතුවෝ) ද ‘විසඤඤසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම උමතුවෙක් නො ද වෙයි, ක්‍ෂිප්තචිතතයෙක් ද නො වේ නුයි - ‘න සඤඤසඤඤි න විසඤඤසඤඤි’ යනු වේ.
Pali BJTනොපි අසඤ්ඤී න විභූතසඤ්ඤීති - අසඤ්ඤිනො වුච්චන්ති නිරොධසමාපන්නා යෙ ච අසඤ්ඤසත්තා; නපි සො නිරොධසමාපන්නො, නපි අසඤ්ඤසත්තො. විභූතසඤ්ඤිනො වුච්චන්ති යෙ චතුණ්ණං ආරුප්පසමාපත්තීනං ලාභිනො; නපි සො චතුණ්ණං අරූපසමාපත්තීනං ලාභීති නොපි අසඤ්ඤී න විභූතසඤ්ඤී.
Sinhala BJTනොපි අසඤඤි න විභුතසඤඤි - නිරෝධසමාපත්ති සමාපන්නයෝ ද අසංඥසත්ත්‍වයෝ ද ‘අසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම නිරෝධ– සමාපන්නයෙක් නො ද වෙයි, අසංඥසත්ත්‍වයෙක් ද නො වේ. සතර අරුපසමාපත්තිලාභීහු ‘විභූතසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම සතර අරූපසමාපතතිලාභී වූයේ ද නො වේ නුයි - ‘නො‘පි අසඤඤි න විභූතසඤඤි’ යනු වේ.
Pali BJTඑවං සමෙතස්ස විභොති රූපන්ති - “ඉධ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙජ්ජප්පත්තෙ ආකාසානඤ්චායතන සමාපත්තිපටිලාභත්ථාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති”, ආරුප්පමග්ගසමඞ්ගීති. එවං සමෙතස්සාති එවං පටිපන්නස්ස එවං ඉරීයන්තස්ස එවං වත්තන්තස්ස එවං පාලෙන්තස්ස එවං යපෙන්තස්ස එවං යාපෙන්තස්ස රූපං විභොති විභාවීයති අතික්කමීයති සමතික්කමීයති වීතිවත්තීයතීති - එවං සමෙතස්ස විභොති රූපං.
Sinhala BJTඑවං සමෙතස්ස විභොති රූපං – ‘මෙහි මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් … සතරවැනි දැහැනට පැමිණ වෙසෙයි, හෙතෙම මෙසේ (සතරවැනි දැහැනින්) සිත එකඟවූ කල්හි (උපේක්‍ෂා සමෘතිපාරිශුදධියෙන්) පිරිසිදු කල්හි (පරිශුද්ධ හෙයින්) ප්‍රභාස්වර කල්හි (රාගාදි අඞගන නැසූ හෙයින්) අනඞගන කල්හි (අනඞගන හෙයින් ම) පහවූ උපක්ලේශ ඇති කල්හි (සුභාවිත හෙයින්) මෘදුවූ කල්හි (මෘදු හෙයින් ම) කර්‍මක්‍ෂම වූ කල්හි (මේ පරිශුද්ධභාවාදියෙහි සිටි හෙයින් ම) ස්ථිත කල්ගි (සිටි හෙයින් ම) අචල බවට පැමිණි කල්හි ආකාසානඤ්චායතනසමාපත්තිය ලැබීම සඳහා සිත එළවයි නතුකරයි, අරූපසමාපත්තියෙන් යුක්ත වූයේ යයි; එවං සමෙතස්ස - මෙසේ පිළිපන්නහුට මෙසේ ඉරියවු පවත්වන්නහුට මෙසේ වැටෙන්නහුට මෙසේ යැපෙන්නහුට මෙසේ යපනය වන්නහුට රූපය නො වෙයි, නො පැවැතෙයි, ඉක්මවනු ලැබෙයි, මනාකොට ඉක්මවනු ලැබෙයි, වෙසෙසින් ඉක්මවනු ලැබේ නුයි - ‘එවං සමෙතස්ස විභොති රූපං’ යනු වේ.
Pali BJTසඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛාති - පපඤ්චායෙව පපඤ්චසඞ්ඛා; තණ්හා පපඤ්චසඞ්ඛා, දිට්ඨි පපඤ්චසඞ්ඛා, මානං පපඤ්චසඞ්ඛා; සඤ්ඤානිදානා සඤ්ඤාසමුදයා සඤ්ඤාජාතිකා සඤ්ඤාපභවාති - සඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛා.
Sinhala BJTසඤ්ඤානිදාන හි පපඤ්චසඞඛා - ප්‍රපඤචයෝ ම ‘පපඤචසඞඛ’ නම් වෙති; තෘෂ්ණාව ප්‍රපඤචසඞඛ යැ, දෘෂ්ටිය ප්‍රපඤචසඞඛ යැ, මානය ප්‍රපඤචසඞඛ යැ, (ඔහු) සංඥාව නිදාන කොට ඇත්තාහු සංඥාව සමුදය කොට ඇත්තාහු සංඥාව ජාති කොට ඇත්තාහු සංඥාව ප්‍රභව කොට ඇත්තාහු නුයි -‘ සඤඤානිදානා හි පපඤචසඞඛා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ. බුදුහු:
Pali BJT“න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී නොපි අසඤ්ඤී න විභූතසඤ්ඤී. එවං සමෙතස්ස විභොති රූපං සඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛා.
Sinhala BJT“න සඤඤසඤඤි - පෙ - සඤඤානිදාන හි පපඤචසඞඛා” යි.
Pali BJT11. 14.
Sinhala BJT11. 14.
Pali BJTයන්තං අපුච්ඡිම්හ අකිත්තයී නො අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහි, එත්තාවතග්ගං නු{1} වදන්ති හෙකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තො.
Sinhala BJTයමක් විචාළමෝ නම්, එය අපට දේශනා කළහ, අනෙකකුදු ඔබ ගෙන් විචාරම්හ, එ ද වදාළ මැනව, මේ ලොවැ, පණ්ඩිතවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් මේ අරූපසමාපත්තිමාත්‍රයෙන් ම සත්ත්‍වයා ගේ අග්‍ර වූ ශුද්ධිය කියත් ද? නොහොත් තෙල අරූපසමාපත්තියෙන් අනෙකු දු ශුදධියක් කියත් ද?
Pali BJTයන්තං අපුච්ඡිම්හ අකිත්තයී නොති - යන්තං අපුච්ඡිම්හ අයාචිම්හ අජ්ඣෙසිම්හ පසාදයිම්හ; අකිත්තයි නොති කිත්තිතං ආචික්ඛිතං දෙසිතං පඤ්ඤපිතං පට්ඨපිතං විවටං විභත්තං උත්තානීකතං පකාසිතන්ති - යන්තං අපුච්ඡිම්හ අකිත්තයී නො.
Sinhala BJTයං තං අපුච්ජිම්හ අකිත්තයී නො - යමක් විචාළමෝ යාඥා කළමෝ? අධ්‍යෙෂණ කළමෝ පැහැදවූම්හු නම් එය; අකිත්තයි නො - කීර්‍තනය කරන ලද පවසන ලද දෙසන ලද පනවන ලද තබන ලද විවෘත කරන ලද විභාග කරන ලද ප්‍රකට කරන ලද ප්‍රකාශ කරන ලද නුයි ‘යං තං අපුච්ජිම්හ අකිත්තයි නො’ යනු වේ.
Pali BJTඅඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහීති - අඤ්ඤං තං පුච්ඡාම, අඤ්ඤං තං පපුච්ඡාම, අඤ්ඤං තං අජ්ඣෙසාම, අඤ්ඤං තං පසාදෙම, උත්තරිං තං පුච්ඡාම; තදිඞ්ඝ බ්රූහීති ඉඞ්ඝ බ්රූහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහීති - අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහි.
Sinhala BJTඅඤ්ඤං තං පුච්ඡාම තදිඞඝ බ්‍රෑහි - අනෙකක් ඔබ විචාරම්හ, අනෙකක් ඔබ පුළුවුසුම්හ, අනෙකක් ඔබ අතිශයින් විචාරම්හ, අනෙකක් ඔබ අධ්‍යෙෂණ කරම්හ අනෙකකට ඔබ පහදවම්හ, මත්තෙහි ඔබ විචාරම්හ; තදිඞඝ බ්‍රෑහි - වදාළ මැනව, ප්‍රකාශ කළ මැනව, දෙසුව මැනව, පැනවුව මැනව, තැබුව මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්‍රකට කළ මැනව, ප්‍රකාශ කළ මැනැවැයි - ‘අඤ්ඤං තං පුච්ඡාම තදිඞඝ බ්‍රෑහි’ යනු වේ.
Pali BJTඑත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙති එකෙ සමණබ්රාහ්මණා එතා අරූපසමාපත්තියො අග්ගං සෙට්ඨං විසිට්ඨං පාමොක්ඛං උත්තමං පවරං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති. යක්ඛස්සා’ති සත්තස්ස නරස්ස මානවස්ස පොසස්ස පුග්ගලස්ස ජීවස්ස ජාගුස්ස{1} ජන්තුස්ස ඉන්දගුස්ස{2} මනුජස්ස; සුද්ධින්ති සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං; ඉධ පණ්ඩිතා සෙ’ති ඉධ පණ්ඩිතවාදා ථිරවාදා{3} ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියා’ති - ‘එත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ.’
Sinhala BJTඑත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල අරූපසමාපත්තීහු අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. යකඛස්ස - සත්ත්‍වයාගේ; නරමානව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජයාගේ; සුද්ධිං - ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය; ඉධ පණ්ඩිතා සෙ - මෙ ලොවැ ස්වකීය ලබ්ධියෙහි (ඇපි පණ්ඩිතියම්හ’යි) පණ්ඩිතවාද ඇත්තාහු සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘එත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ’ යනු වේ.
Pali BJTඋදාහු අඤ්ඤම්පි වදන්ති එත්තො’ති - උදාහු එකෙ සමණබ්රාහ්මණා එතා අරූපසමාපත්තියො අතික්කමිත්වා සමතික්කමිත්වා වීතිවත්තෙත්වා, එත්තො අරූපසමාපත්තිතො අඤ්ඤං උත්තරිං යක්ඛස්ස සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති - උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තො.
Sinhala BJTඋදාහු අඤ්ඤම්පි වදන්ති එත්තේතා - නොහොත් ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල අරූසමවත් ඉක්මවා මැනවින් ඉක්මවා පසු කොට,තෙල අරූපසමාපතතියෙන් අන්‍ය වූ මත්තෙහි යක්‍ෂ (- සත්ත්‍ව)යාගේ ශුදධියක් විශුදධියක් පරිශුදධියක් මුක්තියක් විමුක්තියක් පරිමුක්තියක් පවසත් ද බෙණෙත් ද, දක්වත් ද, ව්‍යවහාර කෙරෙත් දැයි - ‘උදාහු අඤඤම්පි වදන්ති එතතෝ’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑයින් කීහ ඒ නිර්මිත බුදුහු :
Pali BJT“යන්තං අපුච්ඡිම්හ අකිත්තයී නො අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහි, එත්තාවතග්ගං නු වදන්ති හෙ’කෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තො”ති.
Sinhala BJT“යන්තං අපුච්ඡිමහ - පෙ - උදාහු අඤඤම්පි වදන්ති එත්තෝ” යී.
Pali BJT11. 15.
Sinhala BJT11. 15.
Pali BJTඑත්තාවතග්ගම්පි වදන්ති හෙ’කෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ, තෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානා.
Sinhala BJTමෙ ලොවැ පණ්ඩිතිමානී වූ (ශාශ්වතවාදී) ඇතැම් මහණබමුණු කෙනෙක් මේ අරූපසමාපත්තිමාත්‍රයෙනුදු සත්ත්‍වයාගේ අග්‍ර වූ ශුද්ධිය කියත් මැයි. යලි ඔවුනතුරෙහි (උච්ේඡදවාදී) ඇතැම් මහණබමුණු කෙනෙක් අනුපාදිශෙෂයෙහි පණඩිතවාද ඇත්තාහු උච්ේඡදය (ශුදධියයි) කියත්.
Pali BJTඑත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙති සන්තෙකෙ සමණබ්රාහ්මණා සස්සතවාදා එතා අරූපසමාපත්තියො අග්ගං සෙට්ඨං විසිට්ඨං පාමොක්ඛං උත්තමං පවරං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; යක්ඛස්සා’ති සත්තස්ස නරස්ස මානවස්ස පොසස්ස පුග්ගලස්ස ජීවස්ස ජාගුස්ස{1} ජන්තුස්ස ඉන්දගුස්ස{2} මනුජස්ස; සුද්ධින්ති සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං; ඉධ පණ්ඩිතා සෙ’ති ඉධ පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියා’ති - එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ.
Sinhala BJTඑත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ - ශාශ්වතවාදය පවසන ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. (ඔහු) මේ අරූපසමාපත්තීන් අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. යකඛස්ස - සත්තවයාගේ නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජයාගේ; සුද්ධිං - විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය; ඉධ පණ්ඩිතා සෙ - මෙ ලොවැ ස්වකීය දෘෂ්ටියෙහි පණඩිතවාද ඇත්තාහු සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - සථානවාද ඇත්තාහු නයි ‘එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ ‘යකඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ’ යනු වේ.
Pali BJTතෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානාති තෙසංයෙව සමණබ්රාහ්මණානං එකෙ සමණබ්රාහ්මණා උච්ඡෙදවාදා භවතජ්ජිතා විභවං අභිනන්දන්ති, තෙ සත්තස්ස සමං උපසමං වූපසමං නිරොධං පටිප්පස්සද්ධින්ති වදන්ති. යතො කිං භො අයං අත්තා කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා, එත්තාවතා අනුපාදිසෙසො හොති. කුසලාවදානාති කුසලවාදා පණ්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද්ධියාති - තෙසං පනෙකෙ - සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානා.
Sinhala BJTතෙසං පනෙ’කෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානා - ඒ මහණබමුණන් අතුරෙන් උච්ඡේදවාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් භවයෙන් තැති ගැනුණාහු විභව (උච්ේඡද) යට සතුටු වෙති, ඔහු සත්ත්‍වයා ගේ නො පැවැත්ම උපශමය ශාන්තිය අනුත්පාදය අපනුරුත්පත්තිය වේ යයි කියත්. භවත්නි, යම් හෙයකින් මේ ආත්මය කය බිඳීමෙන් මරණින් මතු සිඳීයේ ද වැනැසේ ද නො වේ ද, මෙතෙකින් අනුපාදිශෙෂය වේ. කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලවාද ඇත්තාහු පණ්ඩිතවාද - සථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇත්තාහු නුයි ‘තෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවාදානා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එත්තාවතග්ගම්පි වදන්ති හෙ’කෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ, තෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලාවදානා”ති.
Sinhala BJT“එත්තාවතග්ගම්පි - පෙ - අනුපාදිසෙසෙ කුසලාවදානා” යී
Pali BJT11. 16.
Sinhala BJT11. 16.
Pali BJTඑතෙ ච ඤත්වා උපනිස්සිතාති ඤත්වා මුනි නිස්සයෙ සො විමංසී, ඤත්වා විමුත්තො න විවාදමෙති{1} භවාභවාය න සමෙති ධීරො.
Sinhala BJTතවද තෙල දෘෂටිගතිකයන් (මොහු ශාශවතොචේද) ‘දෘෂ්ටි ඇසුරු කළාහු යැ’ යි දැන, තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රයන් දැන, ඒ පණ්ඩිත වූ බුද්ධමුනි තෙම (දුඃකඛානිත්‍යාදි විසින්) ධර්‍මයන් දැන (අනුපාදාවිමොක්ෂයෙන්) මිදුණේ විරුද්ධවාදයට නො පැමිණෙයි, ඒ ධීර තෙම පුනපුනා භවයට ද නො පැමිණේ.
Pali BJTඑතෙ ච ඤත්වා උපනිස්සිතාති - ‘එතෙ’ති දිට්ඨිගතිකෙ; උපනිස්සිතාති සස්සතදිට්ඨිනිස්සිතා’ති ඤත්වා, උච්ඡෙදදිට්ඨිනිස්සිතාති ඤත්වා, සස්සතුච්ඡෙදදිට්ඨිනිස්සිතාති ඤත්වා, ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා’ති - එතෙ ච ඤත්වා උපනිස්සිතා”ති.
Sinhala BJTඑතෙ ච ඤත්වා උපනිස්සිතාති - ‘එතෙ’ යනු: දෘෂ්ටිගතිකයන්; උපනිස්සිතාති - ශාශ්වතදෘෂ්ටිනිඃශ්‍රිතයෝ යැයි දැන, උච්ේඡදෘෂ්ටිනිඃශ්‍රිතය යැයි දැන, ශාශ්වතොඡෙඡදදෘෂටිනිඃශරිතයෝ යැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි - ‘එතෙ ච ඤතවා උපනිස්සිතාති’ යනු වේ.
Pali BJTඤත්වා මුනී නිස්සයෙ සො විමංසී’ති - ‘මුනී’ති මොනං වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනි; මුනි සස්සතදිට්ඨිනිස්සිතාති ඤත්වා, උච්ඡෙදදිට්ඨිනිස්සිතාති ඤත්වා, සස්සතුච්ඡෙදදිට්ඨිනිස්සිතාති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා; සො විමංසී’ති පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවීති - ඤත්වා මුනී නිස්සයෙ සො විමංසී.
Sinhala BJTඤත්‍වා මුනී නිස්සයෙ සො විමංසි - ‘මුනි’ යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි මුනි තෙම (ඔවුන්) , ශාශ්වතදෘෂ්ටිනිඃශරිතයෝ යැයි දැන, උචෙඡදෘෂටිනිඃශ්‍රිතයෝ යැයි දැන, ශාශ්වතොඡෙඡදදෘෂටිනිඃශරිතයෝ යැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට; විභූත කොට, සො විමංසි - පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවී වූයේ මේධාවී වූයේ නුයි - ‘ඤතවා මුනී නිස්සයෙ සො විමංසි’ යනු වේ.
Pali BJTඤත්වා විමුත්තො න විවාදමෙතීති - ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, විමුත්තො’ති මුත්තො විමුත්තො සුවිමුත්තො පරිමුත්තො අච්චන්තඅනුපාදාවිමොක්ඛෙන, “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා මුත්තො විමුත්තො සුවිමුත්තො පරිමුත්තො අච්චන්තඅනුපාදාවිමොක්ඛෙන, “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති -පෙ- “සබ්බෙ ධම්මා අනත්තා”ති -පෙ- “යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්ම”න්ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, මුත්තො විමුත්තො සුවිමුත්තො පරිමුත්තො අච්චන්තඅනුපාදාවිමොක්ඛෙනාති - ඤත්වා විමුත්තො; න විවාදමෙතී’ති - න කලහං කරොති, න භණ්ඩනං කරොති, න විග්ගහං කරොති, න විවාදං කරොති, න මෙධගං කරොති. වුත්තං හෙතං භගවතා: “එවං විමුත්තචිත්තො ඛො අග්ගිවෙස්සන, භික්ඛු න කෙන චි සංවදති. න කෙනචි විවදති, යඤ්ච ලොකෙ වුත්තං. තෙන ච වොහරති අපරාමස”න්ති{a} - ඤත්වා විමුත්තො න විවාදමෙති.
Sinhala BJTඤත්‍වා විමුතෙතා න විවාදමෙති - දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට; විමුතෙතා - අත්‍යන්ත වූ අනුපාදාවිමොක්ෂයෙන් මිදුණේ මැනවින් මිදුණේ වෙසෙසින් මිදුණේ හාත්පසින් මිදුණේ ‘සර්‍වසංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට අත්‍යන්ත අනුපාදාවිමොක්ෂයෙන් මුක්ත විමුක්ත සුවිමුක්ත පරිමුක්ත වූයේ, ‘සර්‍වසංස්කාරයෝ දුඃඛයෝ යැ’ යි … ‘සර්‍වසංස්කාරයෝ අනාත්මයෝ යැ’ යි … ’යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම්, ඒ සියල්ල නැසෙනසුලු යැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට අත්‍යන්ත අනුපාදාවිමොක්ෂයෙන් මුක්ත විමුක්ත සුවිමුක්ත පරිමුක්ත වූයේ නුයි - ‘ඤතවා විමුතෙතා’ යනු වේ; න විවාදමෙති - කලහ නො කෙරෙයි, ඩබර නො කෙරෙයි, විග්‍රහ නො කෙරෙයි, විරුද්ධවාද නො කෙරෙයි, කෝලාහල නො කෙරෙයි; මේ වදාරන ලද මයැ, භාග්‍යවතුන් විසින්: ‘ගිනිවෙස්න, මෙසේ මිදුණු සිත් ඇති මහණ තෙම කිසිවක්හු සමග සංවාද නො කෙරෙයි, කිසිවක්හු සමග විවාද නො කෙරෙයි, ලොවැ යමකුත් කියන ලද නම්, දැඩිව නො ගනිමින් එයින් ව්‍යවහාර කෙරේ යැ” යි -‘ඤතවා විමුතෙතා න විවාදමෙති’ යනු වේ.
Pali BJTභවාභවාය න සමෙති ධීරො’ති - “භවාභවායා”ති භවාභවාය{1} කම්මභවාය පුනබ්භවාය කාමභවාය; කම්මභවාය කාමභවාය පුනබ්භවාය; රූපභවාය කම්මභවාය රූපභවාය පුනබ්භවාය; අරූපභවාය කම්මභවාය අරූපභවාය පුනබ්භවාය; පුනප්පුන භවාය; පුනප්පුන ගතියා පුනප්පුනඋප්පත්තියා පුනප්පුන පටිසන්ධියා පුනප්පුන අත්තභාවාය පුනප්පුනාභිනිබ්බත්තියා න සමෙති න සමාගච්ඡති න ගණ්හාති න පරාමසති නාභිනිවිසති. ධීරො’ති ධීරො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී’ති - භවාභවාය න සමෙති ධීරො.
Sinhala BJTභවාභවාය න සමෙති ධීරො - ‘භවාභවාය’ යනු: කාමභවයෙහි හා රූපාරූපභවයෙහි කර්මවෘත්තයට (පුනර්‍භවික වූ) විපාකවෘත්තයට, කාමධාතුයෙහි කර්‍මවෘතතයට, කාමධාතුයෙහි විපාකවෘතතයට, රූපධාතුයෙහි කර්‍මවෘතතයට රූපධාතුයෙහි විපාකවෘත්තයට, අරූපධාතුයෙහි කර්‍මවෘතතයට, අරූපධාතුයෙහි විපාකවෘත්තයට, පුනපුනා භවයට පුනපුනා ගතියට පුනපුනා උපතට පුනපුනා පිළිසඳට පුනපුනා අත්බවට නැවත නැවත පහළ වීමට නො එයි, නො පැමිණෙයි, නො ගනී, නො පරාමර්‍ෂ කෙරෙයි, නො පිවිසේ; ධීරො - ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවී මේධාවී නුයි - ‘භවාභවාය න සමෙති ධීරො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එතෙ ච ඤත්වා උපනිස්සිතාති ඤත්වා මුනී නිස්සයෙ සො විමංසී, ඤත්වා විමුත්තො න විවාදමෙති භවාභවාය න සමෙති ධීරො”ති.
Sinhala BJT“එතෙ ච ඤත්‍වා - පෙ - භවාභවාය න සමෙති ධීරො” යි.
Pali BJTකලහවිවාදසුත්තනිද්දෙසො සමත්තො එකාදසමො.
Sinhala BJTඑකොළොස් වැනි කලහවිවාද සූත්‍රනිර්දේශය යි.