Mahāniddesa

Great Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 1001-1100 of 2300

SegmentPali BJTSinhala BJT
Pali BJTසංවිජ්ජති අරහතො චක්ඛු.{4} පස්සති අරහා චක්ඛුනා රූපං. ඡන්දරාගො අරහතො නත්ථි. සුවිමුත්තචිත්තො අරහා. සංවිජ්ජති අරහතො සොතං. සුණාති අරහා සොතෙන සද්දං. ඡන්දරාගො අරහතො නත්ථි. සුවිමුත්තචිත්තො අරහා. සංවිජ්ජති අරහතො ඝානං. ඝායති අරහා ඝානෙන ගන්ධං. ඡන්දරාගො අරහතො නත්ථි. සුවිමුත්තචිත්තො අරහා. සංවිජ්ජති අරහතො ජිව්හා. සායති අරහා ජිව්හාය රසං. ඡන්දරාගො අරහතො නත්ථි. සංවිජ්ජති අරහතො කායො. ඵුසති අරහා කායෙන ඵොට්ඨබ්බං. -පෙ- සංවිජ්ජති අරහතො මනො. විජානාති අරහා මනසා ධම්මං. ඡන්දරාගො අරහතො නත්ථි. සුවිමුත්තචිත්තො අරහා. චක්ඛුං රූපාරාමං රූපරතං රූපසම්මුදිතං. තං අරහතො දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං. තස්ස ච සංවරාය ධම්මං දෙසෙති. සොතං සද්දාරාමං -පෙ- ඝානං ගන්ධාරාමං ජිව්හා රසාරාමා රසරතා රසසම්මුදිතා. සා අරහතො දන්තා ගුත්තා රක්ඛිතා සංවුතා. තස්ස ච සංවරාය ධම්මං දෙසෙති. කායො ඵොට්ඨබ්බාරාමො -පෙ- මනො ධම්මාරාමො ධම්මරතො ධම්මසම්මුදිතො. සො අරහතො දන්තො ගුත්තො රක්ඛිතො සංවුතො. තස්ස ච සංවරාය ධම්මං දෙසෙති.
Sinhala BJTරහත්හට ඇස ලැබෙයි, රහත් තෙම ඇසින් රූප දකී, ඡන්‍දරාගයෙක් රහත් හට නැත, රහත් තෙම වෙසෙසින් මිදුණු සිත් ඇත්තේ ය. රහත්හට ශ්‍රෝතප්‍රසාදය ලැබෙයි, රහත් තෙම කනින් ශබ්ද අසයි, ඡන්‍දරාගය රහත් හට නැත, රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. රහත් හට ඝ්‍රාණය - රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. ජිහ්වාප්‍රසාදය - කායප්‍රසාදය - රහත් හට මනස ලැබෙයි, රහත් තෙම මනසින් ධර්‍මය දැනගනී, ඡන්‍දරාගය රහත් හට නැත, රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. ඇස රූපාරාම යැ, රූපයෙහි ඇලුණේ යැ, රූපයෙහි සතුටු වූයේ යැ, එය රහත්හු විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නා ලද, සංවර කරන ලද, යළි ඒ ඇස සංවර පිණිස දහම් දෙසයි. කන ශබ්දාරාම යැ... නැහැය ගන්‍ධාරාම යැ - දිව රසාරාම යැ - කය ස්ප්‍රෂ්ටව්‍යාරාම යැ - මනස ධර්‍මය ඇලුම් කොට ඇත්තේ යැ, ධර්‍මරත යැ ධර්‍මයෙහි සතුටු වූයේ යැ. ඒ මනස රහත්හු විසින් දන්ත යැ ගුප්ත යැ රක්‍ෂිත යැ සංවෘත යි, ඒ මනස සංවර පිණිස දහම් දෙසයි.
Pali BJT1. “දන්තං නයන්ති සමිතිං දන්තං රාජාභිරූහති, දන්තො සෙට්ඨො මනුස්සෙසු යො’ති වාක්යං තිතික්ඛති.{a}
Sinhala BJT1. දැමුණු ඇතකු අසකු මැ බොහෝදෙනා රැස්වූ තැනට පමුණුවති, රජ ද දැමුණු ඇතකු පිට මැ නැෙඟෙයි, යමෙක් අනුන් බිණු පරොස්බස් ඉවසා නම් දැමුණා වූ හෙතෙම මිනිසුන් අතුරෙහි උත්තම යි.
Pali BJT2. වරමස්සතරා දන්තා ආජානීයා ච සින්ධවා, කුඤ්ජරා ච{1} මහානාගා අත්තදන්තො තතො වරං.{a}
Sinhala BJT2. අශ්වතරයෝ දැමුණාහු මැ උතුම් වෙති, ආජානේය අශ්වයෝ ද සෛන්‍ධවයෝ ද කුඤ්ජර නම් වූ මහඇත්හු ද දැමුණාහු මැ උතුම් වෙති, ඊට වඩා (මාර්‍ගභාවනාවෙන්) ආත්මදමනය කරන ලද්දේ උත්තම යි.
Pali BJT3. න හි එතෙහි යානෙහි ගච්ඡෙය්ය අගතං දිසං, යථත්තනා{2} සුදන්තෙන දන්තො දන්තෙන ගච්ඡති.{a}
Sinhala BJT3. දැමුණු මහණ තෙම (පූර්‍වභාගයෙහි ඉන්‍ද්‍රියදමනයෙන්) දැමුණා වූ (අපරභාගයෙහි ආර්‍ය්‍යමාර්‍ගභාවනාවෙන්) මනාව දැමුණා වූ සිතින් අගත නම් වූ නිර්‍වාණදිශාවට යම්සේ යේ ද, මේ ඇත්ආදි යානයෙන් එසේ නො මැ යන්නේ යි.
Pali BJT4. විධාසු න විකම්පන්ති{3} විප්පමුත්තා පුනබ්භවා, දන්තභූමිමනුප්පත්තා තෙ ලොකෙ විජිතාවිනො.{b}
Sinhala BJT4. යම් කෙනෙක් ත්‍රිවිධමානයෙහි කම්පා නො වෙත් ද, පුනර්‍භවයෙන් මිදුණාහු ද, (රහත්ඵල සඞ්ඛ්‍යාත) දන්තභූමියට පැමිණියාහු ද ඔවුහු මේ සත්ත්‍වලෝකයෙහි දිනුවාහු නම් වෙත්.
Pali BJT5. යස්සින්ද්රියානි භාවිතානි{4} අජ්ඣත්තබහිද්ධා ච සබ්බලොකෙ, නිබ්බිජ්ඣ ඉමං පරඤ්ච ලොකං කාලං කඞ්ඛති භාවිතො සදන්තො{5}”ති{c}
Sinhala BJT5. යමක්හු විසින් අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද සියලු ලෝකයෙහි (චක්‍ෂුරාදි) ෂඩින්ද්‍රියයෝ (ත්‍රිලක්‍ෂණයට නඟා) වෙසෙසින් වඩන ලද්දාහු ද, භාවිත ඉන්‍ද්‍රිය ඇති ඒ දන්ත වූ පුද්ගල තෙම (ස්වපරසන්තති සඞ්ඛ්‍යාත) මෙ ලොව හා පරලොව හා දැන මරණකාලය බලාපොරොත්තු වේ යයි.
Pali BJTඋපෙක්ඛකො සදාති - සදා සබ්බදා සබ්බකාලං නිච්චකාලං ධුවකාලං -පෙ- පච්ඡිමෙ වයොඛන්ධෙ;{6} සතොති චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු - චිත්තෙ - ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො -පෙ- සො වුච්චති සතො. ‘උපෙක්ඛකො සදා සතො.
Sinhala BJTඋපෙක්ඛකො සදා - හැමදා සියලුදා සියලු කල දිනපතා නිරතුරු පශ්චිම වයස් කොටසෙහි; සතෝ - සතර කරුණකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - ධර්‍මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හෙතෙම සිහි ඇතැයි කියනු ලැබේ නුයි ‘උපෙක්ඛකො සදා සතෝ’ යනු වේ.
Pali BJTන ලොකෙ මඤ්ඤතෙ සමන්ති - ‘සදිසො හමස්මී’ති මානං න ජනෙති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනාති - ‘න ලොකෙ මඤ්ඤතෙ සමං.’
Sinhala BJTන ලෝකේ මඤ්ඤතෙ සමං - ‘මම් සදෘශයෙමී’ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... එක්තරා වස්තුවකින් හෝ මානය නූපදවා නුයි ‘න ලෝකේ මඤ්ඤතෙ සමං’ යනු වේ.
Pali BJTන විසෙසි න නීචෙය්යොති - ‘සෙය්යො හමස්මී’ති අතිමානං න ජනෙති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා; ‘හීනොහමස්මී’ති මානං න ජනෙති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන ව වත්ථුනා’ති - න විසෙසී න නීචෙය්යො,
Sinhala BJTන විසෙසී න නීචෙය්‍යො - ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... එක්තරා වස්තුවකින් හෝ අතිමානය නූපදවයි; ‘මම් හීන වෙමී’ ජාතියෙන් හෝ... එක්තරා වස්තුවකින් හෝ මානය නූපදවා නුයි ‘න විසෙසී න නීචෙය්‍යො’ යනු වේ.
Pali BJTතස්ස නො සන්ති උස්සදාති - ‘තස්සා’ති අරහතො ඛීණාසවස්ස, උස්සදාති සත්තුස්සදා රාගුස්සදො දොසුස්සදො මොහුස්සදො මානුස්සදො දිට්ඨුස්සදො කිලෙසුස්සදො කම්මුස්සදො; තස්සිමෙ උස්සදා නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා’ති - ‘තස්ස නො සන්ති උස්සදා.’
Sinhala BJTතස්ස නො සන්ති උස්සදා - ‘තස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; උස්සදා යනු: උස්සදයෝ සතෙකි: රාගොත්සදය ද්වෙෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - කර්‍මොත්සද යැ’යි; ඒ රහත් හට මේ උත්සදයෝ නැත, නො වෙති, අවිද්‍යාමාන වෙති, නො ලැබෙත්; ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දග්ධ වූවාහු නුයි ‘තස්ස නො සන්ති උස්සදා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“උපෙක්ඛකො සදා සතො න ලොකෙ මඤ්ඤතෙ සමං. න විසෙසී න නීචෙය්යො තස්ස නො සන්ති උස්සදා”ති.
Sinhala BJT“උපෙක්ඛකො -පෙ- තස්ස නො සන්ති උස්සදා” යී.
Pali BJT10. 9.
Sinhala BJT10. 9.
Pali BJTයස්ස නිස්සයතා නත්ථි ඤත්වා ධම්මං අනිස්සිතො, භවාය විභවාය වා{1} තණ්හා යස්ස න විජ්ජති.
Sinhala BJTයම් ක්‍ෂීණාස්‍රවයක් හට (තෘෂ්ණදෘෂ්ටි) නිඃශ්‍රය බව නැත් ද, (යමෙක් අනිත්‍යාදි ආකාරයෙන් සියලු) ධර්‍මය දැන අනිඃශ්‍රිත වූයේ ද, යමකුට භවදෘෂ්ටියෙහි හෝ විභවදෘෂ්ටියෙහි තෘෂ්ණාව අවිද්‍යමාන වේ ද; (ඔහු උපශාන්ත යයි කියමි.)
Pali BJTයස්ස නිස්සයතා නත්ථීති - ‘යස්සා’ති අරහතො ඛීණාසවස්ස; නිස්සයතාති ද්වෙ නිස්සයා: තණ්හානිස්සයො ච දිට්ඨිනිස්සයො ච; -පෙ- අයං තණ්හානිස්සයො -පෙ- අයං දිට්ඨිනිස්සයො තස්ස තණ්හානිස්සයො පහීනො දිට්ඨිනිස්සයො පටිනිස්සට්ඨො. තණ්හානිස්සයස්ස පහීනත්තා දිට්ඨිනිස්සයස්ස පටිනිස්සට්ඨත්තා නිස්සයතා යස්ස නත්ථි න සන්ති න සංවිජ්ජති නූපලබ්භති. පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - ‘යස්ස නිස්සයතා නත්ථි’.
Sinhala BJTයස්ස නිස්සයතා නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයක් හට; නිස්සයතා - තෘෂ්ණානිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ’යි නිඃශ්‍රය දෙකෙකි... ඔහු විසින් තෘෂ්ණානිඃශ්‍රය නසන ලද, දෘෂ්ටිනිඃශ්‍රය දුරලන ලද, තෘෂ්ණානිඃශ්‍රය ප්‍රහීණ හෙයින් දෘෂ්ටිනිඃශ්‍රය දුරැලූ හෙයින් නිඃශ්‍රය බව යමක් හට නැත්ද නො වේ ද අවිද්‍යමාන ද නො ලැබේ ද, ප්‍රහීණ වූවා ඥානාග්නීන් දග්ධ නුයි ‘යස්ස නිස්සයතා නත්‍ථි’ යනු වේ.
Pali BJTඤත්වා ධම්මං අනිස්සිතොති - ‘ඤත්වා’ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා; ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති ‘සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මං’ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා; අනිස්සිතොති ද්වෙ නිස්සයා: තණ්හානිස්සයො ච දිට්ඨිනිස්සයො ච. -පෙ- අයං තණ්හානිස්සයො -පෙ- දිට්ඨිනිස්සයො? තණ්හානිස්සයං පහාය දිට්ඨිනිස්සයං පටිනිස්සජිත්වා චක්ඛුං අනිස්සිතො සොතං අනිස්සිතො ඝානං අනිස්සිතො ජිව්හං අනිස්සිතො කායං අනිස්සිතො මනං අනිස්සිතො. රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ කුලං ගණං ආවාසං -පෙ- දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ අනිස්සිතො අනල්ලීනො අනුපගතො අනජ්ඣොසිතො අනධිමුත්තො නික්ඛන්තො නිස්සටො{2} විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතී’ති - ‘ඤත්වා ධම්මං අනිස්සිතො.’
Sinhala BJTඤත්‍වා ධම්මං අනිස්සිතො - ‘ඤත්‍වා’ යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි, ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි, ‘සියලු ධර්‍මයෝ අනාත්මහ යි. උපදනා පියවි ඇති ඒ සියල්ල නැසෙනසුලු යැ’යි දැන... විභූත කොට; අනිස්සිතො - තෘෂ්ණා දෘෂ්ටි යැයි නිඃශ්‍රයයෝ දෙදෙනෙකි... තෘෂ්ණානිඃශ්‍රය නසා දෘෂ්ටිනිඃශ්‍රය දුරලා චක්‍ෂුස අනිඃශ්‍රිත වූයේ ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - මනස අනිඃශ්‍රිත වූයේ, රූප ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසය. දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්‍මයන් ඇසුරු නො කෙළේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො බැසගත්තේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විංසයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් වෙසේ නුයි ‘ඤත්‍වා ධම්මං අනිස්සිතො’ යනු වේ.
Pali BJTභවාය විභවාය වා{1} තණ්හා යස්ස න විජ්ජතීති - ‘තණ්හා’ති රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා. යස්සාති - අරහතො ඛීණාසවස්ස; භවායාති - භවදිට්ඨියා; විභවායාති විභවදිට්ඨියා; භවායාති - සස්සතදිට්ඨියා වා; විභවායාති - උච්ඡෙදදිට්ඨියා; ‘භවායා’ති පුනප්පුනභවාය{3} පුනප්පුන ගතියා පුනප්පුන උප්පත්තියා පුනප්පුන පටිසන්ධියා පුනප්පුන අත්තභාවාභිනිබ්බත්තියා, තණ්හා යස්ස නත්ථි න සන්ති න සංවිජ්ජති නූපලබ්භති පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා’ති - භවාය විභවාය ච තණ්හා යස්ස න විජ්ජති.
Sinhala BJTභවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජති - ‘තණ්හා’ යනු: රූපයෙහි තෘෂ්ණාව ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මතෘෂ්ණා යි යස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; භවාය - භවදෘෂ්ටියෙහි; විභවාය - විභවදෘෂ්ටියෙහි; භවාය - ශාශ්වතදෘෂ්ටියෙහි හෝ; විභවාය උච්ඡේදදෘෂ්ටියෙහි; භවාය - පුන පුනා භවයෙහි පුනපුනා ගතියෙහි පුනපුනා උත්පත්තියෙහි පුනපුනා ප්‍රතිසන්‍ධියෙහි පුනපුනා ආත්මභාවයාගේ පහළ වීමෙහි තෘෂ්ණාව යමක් හට නැත් ද නො වේ ද විද්‍යාමාන නො වේ ද නො ලැබේ ද, ප්‍රහීණ වූවා සමුච්ඡින්න වූවා සන්හිඳුණි දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී නුයි ‘භවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යස්ස නිස්සයතා නත්ථි ඤත්වා ධම්මං අනිස්සිතො, භවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජතී’ති.
Sinhala BJTයස්ස නිස්සයතා නත්‍ථි -පෙ- තණ්හා යස්ස න විජ්ජති” යී.
Pali BJT10. 10.
Sinhala BJT10. 10.
Pali BJTතං බ්රූමි උපසන්තො’ති කාමෙසු අනපෙක්ඛිනං. ගන්ථා{1} තස්ස න විජ්ජන්ති අතරී{2} සො විසත්තිකං.
Sinhala BJTවස්තුකාමක්ලේශකාමයන්හි අපේක්‍ෂා රහිත වූ ඒ රහත්හු ‘උපශාන්ත ය’යි කියමි. ඔහුට (අභිධ්‍යාකායාදි) ග්‍රන්‍ථයෝ විද්‍යාමාන නො වෙති. හෙතෙම තෘෂ්ණාව තරණය කෙළේ යි.
Pali BJTතං බ්රූමි උපසන්තොති - උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධො’ති තං බ්රූමි තං කථෙමි තං භණාමි තං දීපයාමි තං වොහරාමී’ති - තං බ්රූමි උපසන්තො.
Sinhala BJTතං බ්‍රෑමි උපසන්තො - (යට දැක්වූ) ඔහු සන්හිඳුණේ යැ වෙසෙසින් සන්හිඳුණේ යැ නිවුණේ යැ නැසූ කෙලෙස් ඇත්තේ යැයි පවසමි ඔහු කියමි බෙණෙමි - දක්වමි - ව්‍යවහාර කෙරෙම් නුයි ‘තං බ්‍රෑමි උපසන්තො’ යනු වේ.
Pali BJTකාමෙසු අනපෙක්ඛිනන්ති - ‘කාමා’ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදිත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා; කාමෙසු අනපෙක්ඛිනන්ති වීතකාමො චත්තකාමො වන්තකාමො මුත්තකාමො පහීනකාමො පටිනිස්සට්ඨකාමො, කාමෙසු වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතී’ති - ‘කාමෙසු අනපෙක්ඛිනං.’
Sinhala BJTකාමෙසු අනපෙක්ඛිනං - ‘කාමා’ යනු: උදෙස් විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි. වස්තුකාමයන් පරිජානනය කොට ක්ලේශකාමයන් හැර දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා. කාමෙසු අනපෙක්ඛිනං - පහවූ කාම ඇත්තේ හරන ලද - වමනය කළ - මුදන ලද - ප්‍රහීණ කළ - දුරලන ලද කාම ඇත්තේ; කාමයන්හි පහවූ රාග ඇත්තේ විගතරාග වූයේ ත්‍යක්තරාග වාන්තරාග මුක්තරාග - ප්‍රහීණරාග - ප්‍රතිනිඍෂ්ටරාග වූයේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳින සුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘කාමෙසු අනපෙක්ඛිනං’ යනු වේ.
Pali BJTගන්ථා{1} තස්ස න විජ්ජන්තීති - ‘ගන්ථා’ති චත්තාරො ගන්ථා. අභිජ්ඣා කායගන්ථො ව්යාපාදො කායගන්ථො{3} සීලබ්බතපරාමාසො කායගන්ථො ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො; අත්තනො දිට්ඨියා රාගො අභිජ්ඣා කායගන්ථො{3}; පරවාදෙසු ආඝාතො අප්පච්චයො ව්යාපාදො කායගන්ථො; අත්තනො සීලං වා වතං වා සීලබ්බතං වා පරාමසති සීලබ්බතපරාමාසො කායගන්ථො; අත්තනො දිට්ඨි ඉදං සච්චාභිනිවෙසො කායගන්ථො{3} තස්සාති අරහතො ඛීණාසවස්ස; ගන්ථා තස්ස නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා’ති - ‘ගන්ථා තස්ස න විජ්ජන්ති.’
Sinhala BJTගන්‍ථා තස්ස න විජ්ජන්ති - ‘ගන්‍ථා’ යනු: ග්‍රන්‍ථයෝ සතර දෙනෙකි: අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්‍ථ යැයි; තමා ගන්නා ලද දෘෂ්ටියෙහි රාගය අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, පරවාදයන්හි කෝපය හා නො සතුට ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, තමාගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය දැඩිව ගැනීම ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, තමා (නුනුවණින්) ගත් දෘෂ්ටිය ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්‍ථ යයි. තස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; ගන්‍ථා තස්ස න විජ්ජන්ති - ග්‍රන්‍ථයෝ ඔහුට නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණයහ සමුච්ඡින්නයහ සන්හිඳුණාහ, දාරලන ලද්දාහු අභව්‍යොත්පත්තිකයහ ඥානාග්නීන් දග්ධ වූවාහු නුයි - ‘ගන්‍ථා තස්ස න විජ්ජන්ති’ යනු වේ.
Pali BJTඅතරී සො විසත්තිකන්ති - ‘විසත්තිකා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. විසත්තිකාති - කෙනට්ඨෙන විසත්තිකා විසතාති විසත්තිකා; විසාලාති විසත්තිකා, විසටාති{4} විසත්තිකා, විසමාති විසත්තිකා, විසක්කතී’ති විසත්තිකා, විසංහරතී’ති විසත්තිකා, විසංවාදිකා’ති විසත්තිකා, විසමූලා’ති විසත්තිකා, විසඵලා’ති විසත්තිකා, විසපරිභොගා’ති විසත්තිකා; විසාලා වා පන සා තණ්හා රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ කුලෙ ගණෙ ආවාසෙ -පෙ- දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු විසතා විත්ථතාති විසත්තිකා. “අතරී සො විසත්තික”න්ති සො ඉමං විසත්තිකං තණ්හං අතරි උත්තරි පතරි සමතික්කමි වීතිවත්තතී’ති ‘අතරී සො විසත්තිකං.’
Sinhala BJTඅතරී සො විසත්තිකං - ‘විසත්තිකා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, එය යි. විසත්තිකා - කිනම් අරුතෙකින් ‘විසත්තිකා’ වූ ද යත්? පතළ වූවා නුයි විසත්තිකා යැ, විශාලවූවා නුයි විසත්තිකා යැ, විස්තෘත නුයි විසත්තිකා යැ, විෂමවූවා නුයි විසත්තිකා යැ, ඉවසා නුයි විසත්තිකා යැ, (සිත) වෙසෙසින් හකුළුවා නුයි විසත්තිකා යැ, විසංවාදන කරන්නී නුයි විසත්තිකා යැ, විෂ (=දුඃඛ හේතු කර්‍ම)යට මූල වූවා නුයි විසත්තිකා යැ, විෂඵල ඇත් නුයි විසත්තිකා යැ, විෂපරිභොග ඇත් නුයි විසත්තිකා යැ; තවද විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයෙහි කුලයෙහි ගණයෙහි ආවාසයෙහි... දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍ය ධර්‍මයන්හි පතළා විස්තාන වූවා නුයි විසත්තිකා නමු. අතරී සො විසත්තිකං- හෙතෙම මේ විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කෙළේ ය, උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය කෙළේ ය, ඉක්මැ වූයේ නුයි ‘අතරී සො විසත්තිකං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“තං බ්රූමි උපසන්තො’ති කාමෙසු අනපෙක්ඛිනං. ගන්ථා තස්ස න විජ්ජන්ති අතරි සො විසත්තික”න්ති.
Sinhala BJT“තං බ්‍රෑමි උපසන්තොති -පෙ- අතරී සො විසත්තිකං” යී.
Pali BJT10. 11.
Sinhala BJT10. 11.
Pali BJTන තස්ස පුත්තා පසවො{1} ඛෙත්තං වත්ථුඤ්ච විජ්ජති, අත්තා චාපි නිරත්තා{2} වා න තස්මිං උපලබ්භති.
Sinhala BJTඒ ක්‍ෂීණාස්‍රව හට පුත්‍රයෝ ද (ගෙරිසරක් ආදි) පසුවර්‍ගයෝ ද නැත්තාහු ය, කෙත් වත් ද නැත. තවද ඔහු කෙරෙහි ශාශ්වතදෘෂ්ටිය හෝ උච්ඡේදදෘෂ්ටිය හෝ නො ලැබේ.
Pali BJTන තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්ථුඤ්ච විජ්ජතීති - ‘නා’ති පටික්ඛෙපො; තස්සාති අරහතො ඛීණාසවස්ස; පුත්තාති චත්තාරො පුත්තා: අත්රජො පුත්තො, ඛෙත්තජො පුත්තො, දින්නකො පුත්තො, අන්තෙවාසිකො පුත්තො; පසවොති අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා; ඛෙත්තන්ති සාලිඛෙත්තං වීහිඛෙත්තං මුග්ගඛෙත්තං මාසඛෙත්තං යවඛෙත්තං ගොධුමඛෙත්තං තිලඛෙත්තං; වත්ථුන්ති ඝරවත්ථු{3} කොට්ඨවත්ථු පුරෙවත්ථු පච්ඡාවත්ථු ආරාමවත්ථු විහාරවත්ථු. න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්ථුඤ්ච විජ්ජතීති තස්ස පුත්තපරිග්ගහො වා පසුපරිග්ගහො වා ඛෙත්තපරිග්ගහො වා වත්ථුපරිග්ගහො වා නත්ථි න සන්ති න සංවිජ්ජන්ති{4} නූපලබ්භන්ති{5} පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා’ති - ‘න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්ථුඤ්ච විජ්ජති.’
Sinhala BJTන තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; තස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; පුත්තා - පුත්‍රයෝ සතර දෙනෙකි: අත්‍රජපුත්‍ර යැ, ක්‍ෂෙත්‍රජපුත්‍ර යැ, දින්නකපුත්‍ර යැ, අන්තේවාසික පුත්‍ර යැයි. පසවො - එළුතිරෙළු යැ, කුකුළුහූරු යැ, ඇත්අස්ගවවෙළඹහු යි. ඛෙත්තං - හැල්කෙත යැ, වීකෙත යැ, මුංකෙත යැ, මෑකෙත යැ, යවකෙත යැ, තිරිඟුකෙත යැ, තලකෙත යි. වත්‍ථුං - ගෙවතු යැ, කොටුවතු යැ, පෙරවතු යැ, පසුවතු යැ, අරම්වතු යැ, වෙහෙරවතු යි. න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති - ඔහුට පුත්‍රපරිග්‍රහයෙන් (=පුත්‍රයන් ගේ අයැතියෙක්) හෝ... නැත, නො වෙයි විද්‍යමාන නො වෙයි නො ලැබේ; (ඔහු විසින් පරිග්‍රහයෝ) ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නො සුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි. ‘න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති’ යනු වේ.
Pali BJTඅත්තා වාපි නිරත්තා වා න තස්මිං උපලබ්භතීති - ‘අත්තා’ති සස්සතදිට්ඨි නත්ථි, නිරත්තාති උච්ඡෙදදිට්ඨි නත්ථි. ‘අත්තා’ති ගහිතං නත්ථි; ‘නිරත්තා’ති මුඤ්චිතබ්බං නත්ථි; යස්ස නත්ථි ගහිතං, තස්ස නත්ථි මුඤ්චිතබ්බං. යස්ස නත්ථි ගහිතං, තස්ස නත්ථි මුඤ්චිතබ්බං. යස්ස නත්ථි මුඤ්චිතබ්බං. තස්ස නත්ථි ගහිතං. ගාහමුඤ්චනසමතික්කන්තො අරහා වුද්ධිපරිහානිවීතිවත්තො. සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවො’ති - අත්තා වා පි නිරත්තා වා න තස්මිං උපලබ්භති.
Sinhala BJTඅත්තා වා පි නිරත්තා වා න තස්මිං උපලබ්හති - අත්තා - ශාශ්වත දෘෂ්ටිය නැත; නිරත්තා - උච්ඡේදදෘෂ්ටිය නැත; ‘ආත්ම’යැ’යි ගතයුත්තෙක් නැත. ‘නිරාත්ම යැ’යි හළයුත්තෙක් නැත; යම් පුද්ගලයකුට (තෘෂ්ණාදි වශයෙන්) ගතයුත්තෙක් නැත් නම්, ඔහුට හළ යුත්තෙක් නැත, යමක් හට හළයුත්තෙක් නැත් නම්, ඔහුට ගතයුත්තෙක් නැත; ගැනීමත් හැරීමත් ඉක්මැ වූ රහත් තෙම වැඩීමත් පිරිහීමත් ඉක්මැවූයේ යැ. හෙතෙම වුසූ බඹසරවස් ඇත්තේ යැ, පුරුදු කළ චරණධර්‍ම ඇත්තේ යැ...ඔහුට ජාතිමරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘අත්තා වා’පි නිරත්තා වා න තස්මිං උපලබ්හති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්ථුඤ්ච විජ්ජති. අත්තා වා පි නිරත්තා වා න තස්මිං උපලබ්භතී”ති.
Sinhala BJT“න තස්ස පුත්තා පසවො -පෙ- න තස්මිං උපලබ්හති” යී.
Pali BJT10. 12.
Sinhala BJT10. 12.
Pali BJTයෙන නං වජ්ජුං{6} පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණා, තං තස්ස අපුරෙක්ඛතං තස්මා වාදෙසු නෙජති.
Sinhala BJTයම් (රාගාදි) දොසකින් (දිව්‍යමනුෂ්‍යාදි) පාථග්ජනයෝ ද, (ශාසනයෙන් පිටත්හි) මහණබමුණෝ ද, (ඒ රහත්හු රාගරක්ත යැ යනාදීන්) කියන්නාහු නම්, ඒ දෝෂය ඔහු විසින් නො පෙරටු කරන ලද්දේය. එහෙයින් (හෙතෙම) නින්දාවචනයන්හි කම්පා නො වේ.
Pali BJTයෙන නං වජ්ජුං{1} පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණාති - ‘පුථුජ්ජනා’ති පුථු කිලෙසෙ ජනෙන්තී’ ති පුථුජ්ජනා. පුථු අවිහතසක්කායදිට්ඨිකානි පුථුජ්ජනා. පුථු සත්ථාරානං මුඛුල්ලොකකාති පුථුජ්ජනා. පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා, පුථු නානාභිසඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්තී’ති පුථුජ්ජනා. පුථු නානාඔඝෙහි වුය්හන්තී’ති පුථුජ්ජනා. පුථු නානාසන්තාපෙහි සන්තප්පන්තී’ති{1} පුථුජ්ජනා. පුථු නානාපරිළාහෙහි පරිඩය්හන්තීති පුථුජ්ජනා. පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා’ති පුථුජ්ජනා. පුථු පඤ්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා. සමණාති - යෙ කෙචි ඉතො බහිද්ධා පරිබ්බාජූපගතා පරිබ්බාජසමාපන්නා. බ්රාහ්මණාති - යෙ කෙචි භොවාදිකා යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණාති පුථුජ්ජනා යෙන රාගෙන වදෙය්යුං, යෙන දොසෙන වදෙය්යුං, යෙන මොහෙන වදෙය්යුං. යෙන මානෙන වදෙය්යුං, යාය දිට්ඨියා වදෙය්යුං, යෙන උද්ධච්චෙන වදෙය්යුං. යාය විචිකිච්ඡාය වදෙය්යුං, යෙහි අනුසයෙහි වදෙය්යුං, රත්තො’ති වා දුට්ඨො’ති වා මූළ්හො’ති වා විනිබද්ධො’ති වා පරාමට්ඨො’ති වා වික්ඛෙපගතො’ති වා අනිට්ඨං ගතො’ති වා ථාමගතො’ති වා; තෙ අභිසඞ්ඛාරා පහීනා. අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා යෙන නං වදෙය්යුං නෙරයිකො’ති වා තිරච්ඡානයොනිකො’ති වා පෙත්තිවිසයිකො’ති වා මනුස්සො’ති වා දෙවො’ති වා රූපී’ති වා අරූපී’ති වා සඤ්ඤී’ති වා අසඤ්ඤී’ති වා නෙවසඤ්ඤීනාසඤ්ඤී’ති වා; සො හෙතු නත්ථි පච්චයො නත්ථි කාරණං නත්ථි යෙන නං වදෙය්යුං කථෙය්යුං භණෙය්යුං දීපයෙය්යුං වොහරෙය්යුන්ති - ‘යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණා.
Sinhala BJTයෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්‍රාහ්මණා - ‘පුථුජ්ජනා යනු: බොහෝ කෙලෙසුන් උපදවත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නො නැසූ සත්කායදෘෂ්ටි ඇත්තාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ ශාස්තෲන්ගේ මුහුණු බලන්නාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නිරයාදි සියලු ගතිවලින් නො නැගීසිටියාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා කර්‍මාභිසංස්කාරයන් රැස් කෙරෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා ඕඝයන් ගෙන් වහනය කරනු ලැබෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා සන්තාපයන් ගෙන් තැවෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා පරිදාහයන් ගෙන් දැවෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ පස්කම්ගුණයන්හි ඇලුණාහු ගිජුවූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු ඇතුළත් වූවාහු ලග්න වූවාහු ලග්නිත වූවාහු පරිරුද්ධ වූවාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ පඤ්චනීවරණයන්ගෙන් ආවෘත - නිවෘත - අපවෘත - පිහිත - ප්‍රතිච්ඡන්න - අධෝමුඛ වූවාහු නුයි - පුහුදුනුවෝ යි. සමණා - මේ ශාසනයෙන් බැහැර යම් කිසි පැවිද්දකට පැමිණියාහු පැවිදි වූවාහු යැ. බ්‍රාහ්මණා - යම් කිසි භොවාදි බමුණෝ යැ. යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්‍රාහ්මණාති - පෘථග්ජනයෝ යම් රාගයකින් (නුගුණ) කියන්නාහු නම්, යම් ද්වේෂයකින් - මොහයකින් - මානයකින් - දෘෂ්ටියකින් - ඖද්ධත්‍යයකින් - විචිකිත්සාවකින් - යම් අනුශයධර්‍මයන්ගෙන් රාගරක්ත යැ හෝ ද්විෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්‍ෂේපයට ගියේ යැ - අනිෂ්ඨාවට ගියේ යැ හෝ තදබවට ගියේ යැයි හෝ කියන්නාහු නම්, ඒ අභිසංස්කාරයෝ ප්‍රහීණ කරන ලද්දාහුය, අභිසංස්කාරයන් ප්‍රහීණ කළ හෙයින් යම් හේතුවකින් ඔහු නෙරිසත් වන්නේ යැයි හෝ තිරිසන් යෝනි ඇත්තෙකැයි හෝ ප්‍රෙතගති ඇත්තෙකැයි හෝ මිනිසෙකැයි හෝ දෙවියෙකැයි හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැයි හෝ එක්තරා ගතියකින් කියන්නාහු නම්, යම් හෙයකින් කියන්නාහු නම්, බණන්නාහු නම්, දක්වන්නාහු නම්, වහරන්නාහු නම්, ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණය නැත් නුයි ‘යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්‍රාහ්මණා’ යනු වේ.
Pali BJTතං තස්ස අපුරෙක්ඛතන්ති - ‘තස්සා’ති අරහතො ඛීණාසවස්ස. පුරෙක්ඛාරාති - ද්වෙ පුරෙක්ඛාරා: තණ්හාපුරෙක්ඛාරො ච දිට්ඨිපුරෙක්ඛාරො ච -පෙ- අයං තණ්හාපුරෙක්ඛාරො -පෙ- අයං දිට්ඨිපුරෙක්ඛාරො -පෙ- තස්ස තණ්හාපුරෙක්ඛාරො පහීනො, දිට්ඨිපුරෙක්ඛාරො පටිනිස්සට්ඨො. තණ්හාපුරෙක්ඛාරස්ස පහීනත්තා දිට්ඨිපුරෙක්ඛාරස්ස පටිනිස්සට්ඨත්තා න තණ්හං වා දිට්ඨිං වා පුරතො කත්වා චරති න තණ්හාධජො න තණ්හාකෙතු න තණ්හාධිපතෙය්යො න දිට්ඨිධජො න දිට්ඨිකෙතු න දිට්ඨාධිපතෙය්යො. න තණ්හාය වා දිට්ඨියා වා පරිවාරිතො චරතී’ති - ‘තං තස්ස අපුරෙක්ඛතං.’
Sinhala BJTතං තස්ස අපුරෙක්ඛතං - ‘තස්ස’ යනු ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයා විසින් පුරෙක්ඛාරා - තෘෂ්ණාපුරස්කාරය දෘෂ්ටිපුරස්කාරය දැයි පෙරටු කිරීම් දෙකෙකි... ඔහු විසින් තෘෂ්ණාපුරස්කාරය නසන ලද්දේය, දෘෂ්ටිපුරස්කාරය දුරලන ලද්දේය. තෘෂ්ණාපුරස්කාරය නැසූ හෙයින් දෘෂ්ටිපුරස්කාරය දුරලූ හෙයින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙයි, තෘෂ්ණාධ්වජ ඇතියේ - තෘෂ්ණා කෙහෙලි ඇතියේ - තෘෂ්ණාධිපති බව ඇත්තේ - දෘෂ්ටිධ්වජ ඇතියේ - දෘෂ්ටිකෙතු ඇතියේ - දෘෂ්ට්‍යධිපතිභාවය ඇත්තේ නො හැසිරෙයි, තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ පිරිවරන ලදුයේ නො හැසිරේ නුයි ‘තං තස්ස අපුරෙක්ඛතං’ යනු වේ.
Pali BJTතස්මා වාදෙසු නෙජතීති - ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා{2} තංනිදානා{3} වාදෙසු උපවාදෙසු නින්දාය ගරහාය අකිත්තියා අවණ්ණහාරිකාය නෙජති න ඉඤ්ජති න චලති න වෙධති නප්පවෙධති න සම්පවෙධතීති - ‘තස්මා වාදෙසු නෙජති.’
Sinhala BJTතස්මා වාදෙසු නෙජති - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; වාදෙසු - උපවාදයන්හි නින්‍දායෙන් ගර්‍හායෙන් අකීර්‍තතියෙන් නො කැපෙයි නො කම්පා වෙයි නො සැලෙයි නො වෙවුලයි ඉතා නො වෙවුලයි පුනපුනා නො වෙවුලා නුයි ‘තස්මා වාදෙසු නෙජති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යෙන නං වජ්ජුං{1} පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණා, තං තස්ස අපුරෙක්ඛතං තස්මා වාදෙසු නෙජතී”ති.
Sinhala BJT“යෙන නං වජුජුං -පෙ- තස්මා වාදෙසු නෙජති” යී.
Pali BJT10. 13.
Sinhala BJT10. 13.
Pali BJTවීතගෙධො අමච්ඡරී න උස්සෙසු{2} වදතෙ මුනි, න සමෙසු න ඔමෙසු කප්පං නෙති අකප්පියො.
Sinhala BJTපහවූ තෘෂ්ණා ඇති නො මසුරු වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම විශිෂ්ටයන් කෙරෙහි (තමා ඇතුළත් කොට අතිමාන වශයෙන්) නො කියයි, සමානයන් කෙරෙහි ලා නො කියයි, හීනයන් කෙරෙහි ලා නො කියයි. තෘෂ්ණාදෘෂ්ටිකල්ප රහිත වූයේ කල්පනයට නො පැමිණේ.
Pali BJTවීතගෙධො අමච්ඡරීති - ‘ගෙධො’ වුච්චති තණ්හා. යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. යස්සෙසා ගෙධො පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො. සො වුච්චති වීතගෙධො, සො රූපෙ අගිද්ධො -පෙ- දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු අගිද්ධො අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො වීතගෙධො විගතගෙධො චත්තගෙධො වන්තගෙධො මුත්තගෙධො පහීනගෙධො පටිනිස්සට්ඨගෙධො නිච්ඡාතො -පෙ- බ්රහ්මභූතෙන අත්තනා විහරතී’ති වීතගෙධො. අමච්ඡරීති මච්ඡරියන්ති පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං, යං එවරූපං මච්ඡරියං -පෙ- ගාහො වුච්චති මච්ඡරියං. යස්සෙතං මච්ඡරියං පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪං, සො වුච්චති අමච්ඡරී’ති - ‘වීතගෙධො අමච්ඡරී’.
Sinhala BJTවීතගෙධො අමච්ඡරී - ‘ගේධ’ යයි තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ගේධය නසන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද හෙතෙම ‘වීතගේධ’ යයි කියනු ලැබේ. හෙතෙම රූපයෙහි අගිද්ධ යැ... දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍ය ධර්‍මයන්හි නො ගිජු යැ, නො ගෙතුණේ යැ, නො මුසපත් වූයේ යැ, නො බැසගත්තේ යැ, වීතගේධ යැ විගත - ත්‍යක්ත - මුක්ත - ප්‍රහීණ - ප්‍රතිනිඍෂ්ටගෙධ යැ, තෘෂ්ණා රහිත වූයේ...ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘වීතගෙධො’ යනු වේ. අමච්ඡරී - ‘මච්ඡරිය’ නම්: ආවාස - කුල - ලාභ - වර්‍ණ - ධර්‍මමාත්සර්‍ය්‍ය යැයි මාත්සර්‍ය්‍ය පසෙකි. මෙබඳු වූ යම් මසුරු බවෙක්... ග්‍රාහයෙක් වේ නම්, මේ මච්ඡරිය යී කියනු ලැබෙයි. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය නසන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් නසන ලද ද හෙතෙම, ‘අමච්ඡරී’ යයි කියනු ලැබේ නුයි ‘වීතගෙධො අමච්ඡරී’ යනු වේ.
Pali BJTන උස්සෙසු{2} වදතෙ මුනි න සමෙසු න ඔමෙසූති - ‘මුනී’ති මොනං වුච්චති ඤාණං -පෙ- සඞ්ගාලමතිච්ච සො මුනි; සෙය්යො හමස්මී’ති වා සදිසො හමස්මී’ති වා හීනො හමස්මී’ති වා න වදති න කථෙති න භණති න දීපයති න වොහරතී’ති - න උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසු.
Sinhala BJTන උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසු - ‘මුනි’ යනු ‘මොන’යී නුවණ කියනු ලැබෙයි... ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ හෝ ‘මම් සදෘශයෙමී’ හෝ ‘මම් හීනයෙමී’ හෝ නො පවසයි නො කියයි නො බෙණෙයි නො දක්වයි, නො වහරා නුයි ‘න උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසු’ යනු වේ.
Pali BJTකප්පං නෙති අකප්පියොති - ‘කප්පා’ති ද්වෙ කප්පා: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච. -පෙ- අයං තණ්හාකප්පො. -පෙ- අයං දිට්ඨිකප්පො. තස්ස තණ්හාකප්පො පහීනො දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො; තණ්හාකප්පස්ස පහීනත්තා දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨත්තා තණ්හාකප්පං වා දිට්ඨිකප්පං වා නෙති න උපෙති න උපගච්ඡති න ගණ්හාති න පරාමසති, නාභිනිවිසතී’ති - ‘කප්පං නෙති.’ අකප්පියොති ‘කප්පා’ති ද්වෙ කප්පා: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච. -පෙ- අයං තණ්හාකප්පො. -පෙ- අයං දිට්ඨිකප්පො. තස්ස තණ්හාකප්පො පහීනො දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො. තස්ස තණ්හාකප්පස්ස පහීනත්තා දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨත්තා තණ්හාකප්පං වා දිට්ඨිකප්පං වා න කප්පෙති න ජනෙති න සඤ්ජනෙති න නිබ්බත්තෙති නාභිනිබ්බත්තෙතී’ති - ‘කප්පං නෙති අකප්පියො.’
Sinhala BJTකප්පං නෙති අකප්පියො - ‘කප්ප නම්: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්පනයෝ දෙදෙනෙකි. ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ, දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට යැ, තෘෂ්ණාකල්පය ප්‍රහීණ බැවින් දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට බැවින් තෘෂ්ණාකල්පයට හෝ දෘෂ්ටිකල්පයට හෝ නො පැමිණෙයි නො එළඹෙයි නො ගනී නො පරාමර්‍ෂ කෙරෙයි නො පිවිසේ නුයි ‘කප්පං නෙති’ යනු වේ. අකප්පියො - ‘කප්පා’ යනු කල්පයෝ දෙදෙනෙකි: තෘෂ්ණාකල්පය දෘෂ්ටිකල්පය දැයි... තෘෂ්ණාකල්පය ප්‍රහීණ හෙයින් දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට හෙයින් තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙයි, නූපදවයි, වෙසෙසින් නූපදවයි, නො නිපදවයි, වෙසෙසින් නො නිපදවා නුයි ‘කප්පං නෙති අපක්පියො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“වීතගෙධො අමච්ඡරී න උස්සෙසු වදතෙ මුනි, න සමෙසු න ඔමෙසු කප්පං නෙති අකප්පියො”ති.
Sinhala BJT“වීතගෙධො අමච්ඡරී -පෙ- කප්පං නෙති අපක්පියො” යී
Pali BJT10. 14.
Sinhala BJT10. 14.
Pali BJTයස්ස ලොකෙ සකං නත්ථි අසතා ච න සොචති, ධම්මෙසු ච න ගච්ඡති ස චෙ සන්තො’ති වුච්චති.
Sinhala BJTලොවැ යම් ක්‍ෂීණාස්‍රවයක්හට මාගේ යැයි ගන්නා ලද දැයෙක් නැත් ද, යළි අවිද්‍යමාන බැවින් ශෝක නො කෙරේ ද, සියලු ධර්‍මයන්හි ඡන්දාදිවශයෙන් අගතියට නො යේ ද, ඒ රහත් තෙම ඒකාන්තයෙන් ‘ශාන්තයෙකැ’යි කියනු ලැබේ.
Pali BJTයස්ස ලොකෙ සකං නත්ථීති - ‘යස්සා’ති අරහතො ඛීණාසවස්ස; සකං නත්ථීති යස්ස ‘මය්හං වා ඉදං, පරෙසං වා ඉද’න්ති කිඤ්චි රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං නත්ථි න සන්ති -පෙ- ඤාණග්ගිනා දඩ්ඪන්ති - ‘යස්ස ලොකෙ සකං නත්ථි.’
Sinhala BJTයස්ස ලෝකේ සකං නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයක්හට සකං නත්‍ථි - යමක්හට ‘මේ මාගේ හෝ යැ, මේ මෙරමාගේ හෝ යැ’යි ගන්නා ලද පරාමර්‍ශනය කළ අභිනිවේශ කළ ඇතුළත් වැ සිටි බැසගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා-සඤ්ඤා - සඞ්ඛාර - විඤ්ඤාණ - ගතයෙක් නැත් ද අවිද්‍යමාන ද... නුවණගින්නෙන් දවන ලද නුයි ‘යස්ස ලෝකේ සකං නත්‍ථි’ යනු වේ.
Pali BJTඅසතා ච න සොචතීති - ‘විපරිණතං වා වත්ථුං න සොචති; විපරිණතස්මිං වා වත්ථුස්මිං න සොචති; චක්ඛුං මෙ විපරිණතන්ති න සොචති. සොතං මෙ - ඝානං මෙ - ජිව්හා මෙ - කායො මෙ - මනො මෙ - රූපා මෙ - සද්දා මෙ - ගන්ධා මෙ - රසා මෙ - ඵොට්ඨබ්බං මෙ - කුලං මෙ - ගණො මෙ - ආවාසො මෙ - ලාභො මෙ - යසො මෙ - පසංසා මෙ - සුඛං මෙ - චීවරං මෙ - පිණ්ඩපාතො මෙ - සෙනාසනං මෙ - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො මෙ - මාතා මෙ - පිතා මෙ - භාතා මෙ - භගිනී මෙ - පුත්තො මෙ - ධීතා මෙ - මිත්තා මෙ - අමච්චා මෙ - ඤාතකා මෙ - සාලොහිතා මෙ විපරිණතා’ති න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජතී’ති - එවම්පි අසතා ච න සොචති. අථවා, අසාතාය{1} දුක්ඛාය වෙදනාය ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. චක්ඛුරොගෙන ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති. සොතරොගෙන ඝානරොගෙන ජිව්හාරොගෙන කායරොගෙන සීසරොගෙන කණ්ණරොගෙන මුඛරොගෙන දන්තරොගෙන කාසෙන සාසෙන පිනාසෙන ඩහෙන ජරෙන කුච්ඡිරොගෙන මුච්ඡාය පක්ඛන්දිකාය සූලාය විසූචිකාය කුට්ඨෙන ගණ්ඩෙන කිලාසෙන සොසෙන අපමාරෙන දද්දුයා කණ්ඩුයා කච්ඡුයා නඛසාය{2} විතච්ඡිකාය ලොහිතෙන පිත්තෙන මධුමෙහෙන අංසාය පිළකාය භගන්දලාය පිත්තසමුට්ඨානෙන ආබාධෙන සෙම්හසමුට්ඨානෙන ආබාධෙන වාතසමුට්ඨානෙන ආබාධෙන සන්නිපාතිකෙන ආබාධෙන{3} උතුපරිණාමජෙන ආබාධෙන{3} විසමපරිහාරජෙන ආබාධෙන ඔපක්කමිකෙන ආබාධෙන කම්මවිපාකජෙන ආබාධෙන සීතෙන උණ්හෙන ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙහි ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජතී’ති - එවම්පි ‘අසතා ච න සොචති.
Sinhala BJTඅසතා ච න සොචති - ‘විපරිණත (-වෙනස් වූ) වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව වෙනස් වූ කල්හි හෝ ශෝක නො කෙරෙයි, මාගේ ඇස වෙනස් වී යැයි ශෝක නො කෙරෙයි, මාගේ කන - නැහැය - දිව - කය - මනස - රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයෝ - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුඛය - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර - මවු - පියා - බෑයා - බූනැණිය - පුත්‍රයා - දුහිතාව - මිත්‍රයෝ - සහායයෝ - නෑයෝ - මාගේ සහලේනෑයෝ වෙනස් වූහ’යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් - අසතා ච න සොචති’ යනු වේ. නොහොත් අසාත (-අමධුර) වූ දුඃඛවෙදනාවෙන් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ පිවිසියේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි... සම්මෝහයට නො පැමිණෙයි, චක්‍ෂුරෝගයෙන් ස්පර්‍ශ කරන ලදුයේ පීඩිත වූයේ සමවහිත වූයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි... සම්මෝහයට නො පැමිණෙයි, ශ්‍රොතරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශීර්‍ෂරොගයෙන් කර්‍ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාශයෙන් - ශ්වාසයෙන් - පීනසයෙන් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්‍ෂිරොගයෙන් - මූර්ඡායෙන් - අතිසාරයෙන් - ආමශූලයෙන් - වීරෙචනයෙන් - කුෂ්ටයෙන් - ගණ්ඩයෙන් - කිලාසයෙන් - ශොෂයෙන් - අපස්මාරයෙන් - දද්‍රැයෙන් - කණ්ඩුතියෙන් - මහාකුෂ්ටයෙන් - නියපහරින් - අතුල්පතුල් පැළීමෙන් - රත්පිතින් - මධුමෙහයෙන් - අර්ශසින් - පොළයෙන් - භගන්දරයෙන් - පිත්තරෝගයෙන් - ශෙලෂ්මරොගයෙන් - වාතරෝගයෙන් - සාන්නිපාතිකරොගයෙන් - ඍතුවිපර්‍ය්‍යාසයෙන් උපන් රෝගයෙන් - විෂමවිහරණයෙන් උපන් රෝගයෙන් - උපක්‍රමයෙන් උපන් රෝගයෙන් - කර්‍මවිපාකජ ආබාධයෙන් - සීතයෙන් - උෂ්ණයෙන් - සයින් - පවසින් - මැසිමදුරු වා අව් දිග්දෑ පහසින් ස්පර්‍ශ කරන ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේත් - ‘අසතා ච න සොචති’ යනු වේ.
Pali BJTඅථවා, අසන්තෙ අසංවිජ්ජමානෙ අනුපලබ්භමානෙ{1} අහු වත මෙ{2}, තං වත මෙ නත්ථි, සියා වත මෙ, තං වතා’හං න ලභාමී’ති{3} න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජතී’ති - ‘එවම්පි අසතා ච න සොචති.’
Sinhala BJTනොහොත් නැත්තාවූ අවිද්‍යමාන වූ නොලැබෙන්නාවූ වස්තුවෙහි මට ඒදෙය ඒකාන්තයෙන් වූයේ ය, ඒ පෙර උපන් දෙය දැන් මට නැත, යමක් මට වන්නේ නම්, මම් එය ඒකාන්තයෙන් නො ලබමී’ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැළැපෙයි, ළෙහි අත් ගසා නො හඬයි, බලවත් මෝහයට නො පැමිණේ නුයි මෙසේත් - ‘අසතා ච න සොචති’ යනු වේ.
Pali BJTධම්මෙසු ච න ගච්ඡතීති - න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, න රාගවසෙන ගච්ඡති, න දොසවසෙන ගච්ඡති; න මොහවසෙන ගච්ඡති; න මානවසෙන ගච්ඡති; න දිට්ඨිවසෙන ගච්ඡති; න උද්ධච්චවසෙන ගච්ඡති; න විචිකිච්ඡාවසෙන ගච්ඡති; න අනුසයවසෙන ගච්ඡති; න ච වග්ගෙහි ධම්මෙහි යායති නීයති වුය්හති සංහරීයතී’ති - ‘ධම්මෙසු ච න ගච්ඡති.
Sinhala BJTධම්මේසු ච න ගච්ඡති - ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයින් අගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචිකිත්සා වශයෙන් - අනුශය වශයෙන් නො යෙයි, ව්‍යග්‍ර වූ ධර්‍මයන් විසින් නො ද යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, හරිනු ලැබේ නුයි ‘ධම්මේසු ච න ගච්ඡති’ යනු වේ.
Pali BJTස වෙ සන්තොති වුච්චතීති - ‘සො සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධො’ති වුච්චති පවුච්චති කථීයති භණීයති දීපියති වොහරීයතී’ති - ‘ස චෙ සන්තො’ති වුච්චති.
Sinhala BJTස වෙ සන්තොති වුච්චති - හෙතෙම ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත හැ නිවුණේ යැ පහවූ ක්ලේශදරථ ඇත්තේ යැ’යි වුච්චති පවසනු ලැබෙයි කියනු ලැබෙයි බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි ව්‍යවහාර කරනු ලැබේ නුයි ‘ස වෙ සන්තොති වුච්චති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යස්ස ලොකෙ සකං නත්ථි අසතා ච න සොචති, ධම්මෙසු ච න ගච්ඡති ස චෙ සන්තො’ති වුච්චතී”ති.
Sinhala BJT“යස්ස ලෝකේ -පෙ- ස වෙ සන්තොති වුච්චති” යී.
Pali BJTපුරාභෙදසුත්තනිද්දෙසො දසමො.
Sinhala BJTදසවැනි ‘පුරාභේද’ සූත්‍ර නිර්‍දෙශය යි.
Pali BJT11.
Sinhala BJT11.
Pali BJTකලහවිවාදසුත්තනිද්දෙසො
Sinhala BJTකලහවිවාදසූත්‍රනිර්දේශය
Pali BJTඅථ කලහවිවාදසුත්තනිද්දෙසො වුච්චති:
Sinhala BJTඉක්බිති ‘කලහවිවාද’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
Pali BJT11. 1.
Sinhala BJT11. 1.
Pali BJTකුතො පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච්ඡරා ච, මානාතිමානා සහපෙසුනා ච කුතො පහූතා{2} තෙ තදිඞ්ඝ බ්රූහි.
Sinhala BJTකලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්නාහු ද? පරිදේව ශෝකයෝ ද මාත්සර්‍ය්‍යයෝ ද මාන - අතිමානයෝ ද පිසුනු වචනයෝ ද යන ඒ (අටවැදෑරුම්) ක්ලෙශධර්‍මයෝ කොතැනින් උපන්නාහු ද ඒ අර්තථය වදාළ මැනවි.
Pali BJTකුතො පහූතා{4} කලහා විවාදා’ති - ‘කලහො’ති එකෙන ආකාරෙන කලහො; විවාදොතිපි තඤ්ඤෙව; යො කලහො, සො විවාදො. යො විවාදො, සො කලහො, අථවා, අපරෙන ආකාරෙන විවාදො වුච්චති: කලහස්ස පුබ්බභාගො විවාදො; රාජානොපි රාජූහි විවදන්ති. ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති, බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති. ගහපතීපි{5} ගහපතීහි විවදන්ති. මාතාපි පුත්තෙන විවදති. පුත්තොපි මාතරා විවදති. පිතාපි පුත්තෙන විවදති. පුත්තොපි පිතරා විවදති. භාතාපි භාතරා විවදති, භාතාපි භගිනියා විවදති. භගිනීපි භාතරා විවදති. සහායොපි සහායෙන විවදති. අයං විවාදො.
Sinhala BJTකුතො පහූතා කලහා විවාදා - ‘කලහ’ නම්: එක් අයුරෙකින් කලහයැ. ‘විවාද’ නමුදු එය මැ යි, යමෙක් කලහය නම්, හේ විවාද යැ, යමෙක් විවාදය නම් හේ කලහ යයි, නොහොත් අන් අයුරෙකින් විවාදය කියනු ලැබෙයි: කලහයාගේ පූර්‍වභාගය විවාද යයි; රජහු ද රජුන් සමග විවාද කෙරෙති, ක්ෂිත්‍රියයෝ ද ක්ෂිත්‍රියයන් සමග විවාද කෙරෙති, බමුණෝ බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝ ද ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතු සමග විවාද කෙරෙයි, පුතා ද මව සමග විවාද කෙරෙයි, පියා ද පුතු සමග විවාද කෙරෙයි, පුතා ද පියහු සමග සමග විවාද කෙරෙයි, සොහොයුරා ද සොහොයුරු සමග විවාද කෙරෙයි, සොහොයුරා ද සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරී ද සොහොයුරු සමග විවාද කෙරෙයි, යහළුවා ද යහළුවා සමග විවාද කෙරෙයි; මේ විවාදයයි.
Pali BJTකතමො කලහො? ආගාරිකා{1} දණ්ඩපසුතා කායෙන වාචාය කලහං කරොන්ති. පබ්බජිතා ආපත්තිං ආපජ්ජන්තා කායෙන වාචාය කලහං කරොන්ති. අයං කලහො.
Sinhala BJTකලහය කවරේ ද? ගිහිවැසියෝ දඬුවමෙහි යෙදුණාහු කයින් වචසින් කලහ කෙරෙති. පැවිද්දෝ ඇවැත් අවදනාහු කයින් වචසින් කලහ කෙරෙත්. මේ කලහ යයි.
Pali BJTකුතො පහූතා කලහා විවාදා’ති - කලහා ච විවාදා ච කුතො පහූතා? කුතො ජාතා? කුතො සඤ්ජාතා? කුතො නිබ්බත්තා? කුතො අභිනිබ්බත්තා? කුතො පාතුභූතා? කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා’ති කලහස්ස ච විවාදස්ස ච මූලං පුච්ඡති. හෙතුං පුච්ඡති, නිදානං පුච්ඡති, සම්භවං පුච්ඡති, පභවං පුච්ඡති, සමුට්ඨානං පුච්ඡති, ආහාරං පුච්ඡති, ආරම්මණං පුච්ඡති, පච්චයං පුච්ඡති, සමුදයං පුච්ඡති පපුච්ඡති, යාචති, අජ්ඣෙසති{2}, පසාදෙතීති - ‘කුතො පහූතා කලහා විවාදා.’
Sinhala BJTකුතො පහූතා කලහා විවාදා - කලහයෝ ද විවාදයෝ ද කොතැනින් වූවාහුද කොයින් උපන්නාහු ද කොයින් හටගත්තාහු ද කොයින් නිපන්නාහු ද කොයින් වෙසෙසින් නිපන්නාහුද කොයින් පහළ වූවාහු ද කුමක් නිදාන කොට ඇත්තාහු ද කුමක් සමුදය කොට ඇත්තාහු ද කුමක් ජාති කොට ඇත්තාහු ද කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැයි කලහයාගේ ද විවාදයාගේ ද මූලය විචාරයි, හේතුව - නිදානය - සම්භවය - ප්‍රභවය - සමුත්ථානය - ආහාරය - ආලම්බනය - ප්‍රත්‍යය - සමුදය විචාරයි, වෙසෙයින් විචාරයි, ආයාචනය කෙරෙයි, කැමැති කරවයි, පහදවා නුයි ‘කුතො පහූතා කලහා විවාදා’ යනු වේ.
Pali BJTපරිදෙවසොකා සහමච්ඡරා චා’ති - ‘පරිදෙවො’ති ඤාතිබ්යසනෙන වා ඵුට්ඨස්ස භොගබ්යසනෙන වා ඵුට්ඨස්ස රොගබ්යසනෙන වා ඵුට්ඨස්ස සීලබ්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං, වාචා පලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා{3} ලාලප්පිතත්තං;{4}{a} සොකොති ඤාතිබ්යසනෙන වා ඵුට්ඨස්ස භොග - රොග - සීල - දිට්ඨි බ්යසනෙන වා ඵුට්ඨස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන වා බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස, සොකො සොචනා සොචිතත්තං, අන්තො සොකො අන්තො පරිසොකො අන්තො දාහො{5} අන්තො පරිදාහො, චෙතසො පරිජ්ඣායනා දොමනස්සං සොකසල්ලං{a}; මච්ඡරන්ති පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං. යං එවරූපං මච්ඡරියං මච්ඡරායනා මච්ඡරායිතත්තං, වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස;{b}. ඉදං වුච්චති මච්ඡරියං. අපිච ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියං, ධාතුමච්ඡරියම්පි මච්ඡරියං, ආයතනමච්ඡරියම්පි මච්ඡරියං; ගාහො වුච්චති මච්ඡරියන්ති - පරිදෙවසොකා සහමච්ඡරා ච.
Sinhala BJTපරිදෙවසොකා සහමච්ඡරා ච - ‘පරිදේව’ නම්: නෑයන්ගේ විනාශයෙන් පහස්නා ලද්දහුගේ හෝ භොගවිනාශයෙන් හෝ රොගව්‍යසනයෙන් හෝ - ශීලව්‍යසනයෙන් හෝ - දෘෂ්ටිව්‍යසනයෙන් හෝ - එක්තරා ව්‍යසනයකින් හෝ යුක්ත වූවහුගේ එක්තරා දුඃඛහෙතුවකින් හෝ පහස්නා ලද්දාහුගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා ලපනයෙක් ලාලප්පනාකාරයෙක් ලාලප්පිත බවෙක් වේ එය යි. ‘සෝක’ නම්: ඥාති ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ භොග - රෝග - ශීල - දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ එක්තරා ව්‍යසනයකින් හෝ යුක්ත වූවහුගේ එක්තරා දුඃඛහෙතුවකින් ස්පර්‍ශ කරන ලද්දහුගේ ශෝකයෙක් ශොකාකාරයෙක් ශෝක කළ බවෙක් අභ්‍යන්තර ශෝකයෙක් අභ්‍යන්තරයෙහි පරිශොකයෙක් අභ්‍යන්තරදාහයෙක් අභ්‍යන්තරපරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝක නමැති හුලෙක් වේ ද එයයි. ‘මච්ඡර’ නම්: ආවාසමාත්සර්‍ය්‍ය යැ කුල - ලාභ - වර්‍ණ - ධර්‍මමාත්සර්‍ය්‍යය යැයි මාත්සර්‍ය්‍ය පසෙකි. මෙබඳු වූ යම් මසුරු බවෙක් මසුරු ආකාරයෙක් මාත්සර්‍ය්‍යයෙන් යුක්ත බවෙක් සඟවනු කැමැති බවෙක් අනාර්‍ය්‍ය බවෙක් කටුකත්වයෙන් සිත හකුළුවන බවෙක් සිත හාත්පසින් ගන්නා ලද බවෙක් වේ ද, මේ මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. තවද ස්කන්ධමාත්සර්‍ය්‍යය ද - ධාතු - ආයතන මාත්සර්‍ය්‍ය ද මාත්සර්‍ය්‍ය යැ; ග්‍රාහය මාත්සර්‍ය්‍ය යැයි කියනු ලැබේ නුයි ‘පරිදෙවසොකා සහමච්ඡරා ච’ යනු වේ.
Pali BJTමානාතිමානා සහපෙසුනා{6} චා’ති - ‘මානො’ති ඉධෙකච්චො මානං ජනෙති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන{7} වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා{8} සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා. අතිමානොති ඉධෙකච්චො පරං අතිමඤ්ඤති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා.
Sinhala BJTමානාතිමාතා යහපෙසුතා ච - ‘මාන’ නම්: මේ ලොවැ එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් - කුලයෙන් - කුලපුත්‍රභාවයෙන් - වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් - ධනයෙන් - අධ්‍යයනයෙන් - කර්‍මායතනයකින් - ශිල්පායතනයකින් විද්‍යාස්ථානයකින් - ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ එක්තරා වස්තුවකින් හෝ මානය උපදවයි. ‘අතිමාන’ නම්: මෙ ලොවැ එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් … එක්තරා වස්තුවකින් හෝ මෙරමා ඉක්මවා සිතයි.
Pali BJTපෙසුඤ්ඤන්ති - ඉධෙකච්චො පිසුනවාචො හොති: ඉතො සුත්වා අමුත්ර; අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තා භින්නානං වා අනුප්පදාතා වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හොති. ඉදං වුච්චති පෙසුඤ්ඤං; අපිච, ද්වීහි කාරණෙහි පෙසුඤ්ඤං උපසංහරති: පියකම්යතාය වා භෙදාධිප්පායො වා. කථං පියකම්යතාය පෙසුඤ්ඤං උපසංහරති? ඉමස්ස පියො භවිස්සාමි, මනාපො භවිස්සාමි, විස්සාසිකො භවිස්සාමි, අබ්භන්තරිකො භවිස්සාමි, සුහදයො භවිස්සාමීති එවං පියකම්යතාය පෙසුඤ්ඤං උපසංහරති. කථං භෙදාධිප්පායො පෙසුඤ්ඤං උපසංහරති? කථං ඉමෙ නානා අස්සු, විනා අස්සු, වග්ගා අස්සු, ද්විධා අස්සු, ද්වෙජ්ඣා අස්සු, ද්වෙ පක්ඛා අස්සු, භිජ්ජෙය්යුං න සමාගච්ඡෙය්යුං, දුක්ඛං න ඵාසු විහරෙය්යුන්ති. එවං භෙදාධිප්පායො පෙසුඤ්ඤං උපසංහරතීති - ‘මානාතිමානා සහපෙසුනා ච.
Sinhala BJT‘පෙසුඤ්ඤ’ නම්: මේ ලොවැ එකෙක් පෛශුන්‍යවචන ඇත්තේ වෙයි: මෙතැනින් අසා මුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ වෙයි, නොහොත් එතැනින් අසා උන්ගේ බිඳීම පිණිස මුන්ට කියන්නේ වෙයි; මෙසේ සමග වූවන් හෝ බිඳිනුයේ භින්න වූවන් හෝ භේදය දැඩි කරනුයේ වර්‍ගය (=අසමගිය) සතුටු වූයේ වර්‍ග වූවන් කෙරෙහි ඇලුණේ වර්‍ග වූවන් දැන සතුටු වනුයේ වර්‍ග කරන බස් කියනුයේ වෙයි. මේ පෙසුඤ්ඤ’ යයි කියනු ලැබේ. තවද දෙ කරුණෙකින් පිසුනුබස් එළවා කියයි: ප්‍රියකාම්‍යතායෙන් හෝ භෙදාධිප්‍රාය ඇත්තේ හෝ යැ. කෙසේ ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියා ද? යත්: ‘මොහුට ප්‍රියයෙම් වෙමි, මන වඩනුයෙම් වෙමි, විස්වැසි වෙමි , ඇතුළත් වූයෙම් වෙමි, යහළු වෙමි, මෙසේ ප්‍රිය කැමති බැවින් පිසිනු කියයි. කෙසේ භෙදාධිප්‍රාය ඇත්තේ පිසුනු කියා ද? යත්: ‘කෙසේ නම් මොහු නානා වන්නාහු ද, වෙන් වන්නාහු ද වර්‍ග වන්නාහු ද, විවිධ වන්නාහු ද, දෙ කඩවන්නාහු ද, දෙපක්ෂ වන්නාහු ද, බිඳෙන්නාහු ද, සමගම නොවන්නාහු ද, දුකසේ නො සුවසේ වසන්නාහු දැ’ යි මෙසේ භේද කරන සිත් ඇතියේ පිසුනු එළවා කියා නුයි ‘මානාතිමානා සහපෙසුනා ච’ යනු වේ.
Pali BJTකුතො පහුතා තෙ තදිඞ්ඝ බ්රූහීති - ‘කලහො ච විවාදො ච පරිදෙවො ච සොකො ච මච්ඡරියං ච මානො ච අතිමානො ච පෙසුඤ්ඤඤ්චාති ඉමෙ අට්ඨ කිලෙසා කුතො පහූතා? කුතො ජාතා? කුතො සඤ්ජාතා? කුතො නිබ්බත්තා? කුතො අභිනිබ්බත්තා? කුතො පාතුභූතා? කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවාති? ඉමෙසං අට්ඨන්නං කිලෙසානං මූලං පුච්ඡති, හෙතුං පුච්ඡති, නිදානං පුච්ඡති, සම්භවං පුච්ඡති, පභවං පුච්ඡති, සමුට්ඨානං පුච්ඡති, ආහාරං පුච්ඡති, ආරම්මණං පුච්ඡති. පච්චයං පුච්ඡති. සමුදයං පුච්ඡති, පපුච්ඡති යාවතා අජ්ඣෙසති පසාදෙතීති කුතො පහූතා තෙ තදිඞ්ඝ බ්රූහීති ඉඞ්ඝ බ්රූහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහීති - කුතො පහූතා තෙ තදිඞ්ඝ බ්රූහීති.
Sinhala BJTකුතො පහූතා තෙ තදිඞ්ඝ බ්‍රෑහි - කලහය ද විවාදය ද පරිදේවය ද ශෝකය ද මාත්සර්‍ය්‍යය ද මානය ද අතිමානය ද පෛශුන්‍යය ද යන මේ අටකෙලෙස්හු කොතැනින් වූවාහු ද? කොහි උපන්නාහු ද? කොහි හටගත්තාහු ද? කොහි උපන්නාහු ද? කොහි වෙසෙසින් උපන්නාහු ද? කොහි පහළ වූවාහු ද? කුමක් නිදාන - සමුදය - ජාති - ප්‍රභව කොට ඇත්තාහු දැ’ යි මේ අටකෙලෙසුන්ගේ මූලය විචාරයි, හේතුව - නිදානය සම්භවය - සමුත්ථානය - ආහාරය - ආලම්බනය - ප්‍රත්‍යය විචාරයි, වෙසෙසින් විචාරයි, යාඥා කෙරෙයි, අධ්‍යෙෂණය කෙරෙයි (කියනු සඳහා) පහදවා නුයි ‘කුතො පහූතා තෙ’ යනු වේ. තදිඞ්ඝ බ්‍රෑහි - වදාළ මැනව, ප්‍රකාශ කළ මැනව, දේශනා කළ මැනව, පනවනු මැනව, විස්තරයෙන් තබනු මැනව, විවරණ - විභජන කරනු මැනව, ප්‍රකට කරනු මැනව, ප්‍රකාශ කරනු මැනවැයි ‘කුතො පහූතා තෙ තදීඞ්ඝ බ්‍රෑහි’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො,
Sinhala BJTඑයින් කීහ ඒ නිර්මිත බුදුහු:
Pali BJT“කුතො පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච්ඡරා ච” මානාතිමානා සහපෙසුනා ච කුතො පහූතා තෙ තදිඞ්ඝ බ්රූහී’ති .
Sinhala BJT“කුතො පහූතා කලහා විවාදා - පෙ - තෙ තදිඞ්ඝ බ්‍රෑහි” යි.
Pali BJT11. 2.
Sinhala BJT11. 2.
Pali BJTපියප්පහූතා{1} කලහා විවාදා පරිදෙවසොකා සහමච්ඡරා ච, මානාතිමානා සහපෙසුනා ච මච්ඡෙරයුත්තා කලහා විවාදා විවාදජාතෙසු ච පෙසුනානි.
Sinhala BJTකලහයෝ ද විවාදයෝ ද පරිදේව - ශෝකයෝ ද මාත්සර්‍ය්‍යයෝ ද මානාතිමානයෝ ද පෛශුනායෝ ප්‍රියවස්තූහු කෙරෙන් උපන්නාහුය. කලහයෝ ද විවාදයෝ ද (පරිදේව - ශෝක - මාන - අතිමාන - පෛශුන්‍යයෝ ද) මාත්සර්‍ය්‍යයෙහි යෙදුණාහු වෙති. විවාද උපන් කල්හි පිසුනු වචනයෝ වෙත්.
Pali BJTපියප්පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච්ඡරා චාති - පියාති ද්වෙ පියා: සත්තා වා සඞ්ඛාරා වා. කතමෙ සත්තා පියා? ඉධ යස්ස{1} තෙ හොන්ති අත්ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක්ඛෙමකාමා, මාතා වා පිතා වා භාතා වා භගිනී වා පුත්තො වා ධීතා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා, ඉමෙ සත්තා පියා. කතමෙ සඞ්ඛාරා පියා? මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා, ඉමෙ සඞ්ඛාරා පියා. පියං වත්ථුං අච්ඡෙදසංකිනොපි කලහං කරොන්ති. අච්ඡිජ්ජන්තෙපි කලහං කරොන්ති අච්ඡින්නෙපි කලහං කරොන්ති. පියං වත්ථුං විපරිණාමසඞ්කිනොපි කලහං කරොන්ති. විපරිණමන්තෙපි කලහං කරොන්ති. විපරිණතෙපි කලහං කරොන්ති. පියං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි විවදන්ති. අච්ඡිජ්ජන්තෙපි විවදන්ති. අච්ඡින්නෙපි විවදන්ති. පියං වත්ථුං විපරිණාමසඞ්කිනොපි විවදන්ති. විපරිණමන්තෙපි විවදන්ති. විපරිණතෙපි විවදන්ති. පියං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි පරිදෙවන්ති. අච්ඡිජ්ජන්තෙපි පරිදෙවන්ති. අච්ඡින්නෙපි පරිදෙවන්ති. පියං වත්ථුං විපරිණාමසඞ්කිනොපි පරිදෙවන්ති. විපරිණමන්තෙපි පරිදෙවන්ති. විපරිණතෙපි පරිදෙවන්ති. පියං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි සොචන්ති. අච්ඡිජ්ජන්තෙපි සොචන්ති. අච්ඡින්නෙපි සොචන්ති. පියං වත්ථුං විපරිණාමසඞ්කිනොපි සොචන්ති. විපරිණමන්තෙපි සොචන්ති. විපරිණතෙපි සොචන්ති. පියං වත්ථුං රක්ඛන්ති ගොපෙන්ති පරිග්ගණ්හන්ති මමායන්ති මච්ඡරායන්ති.
Sinhala BJTපියප්පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච්ඡාර ච - ‘පියා’ යනු: ප්‍රියයෝ දෙදෙනෙකි: සත්‍වයෝ ද සංස්කාරයෝ දැයි: කවර සත්තවයෝ ප්‍රියයෝ ද යත්? මෙලොවැ මවු හෝ පියා හෝ බෑයා හෝ බූනැණිය හෝ පුතා හෝ දූ හෝ මිතුරෝ හෝ යහළුවෝ හෝ නෑයෝ හෝ ඔහුට වැඩ කැමැති වූ හිත කැමැති වූ සුව කැමැති වූ යොගක්ෂෙමය කැමැති වූ යම් කෙනෙක් වෙත් ද මේ සත්තවයෝ ප්‍රියයෝ වෙත්. කවර සංස්කාරයෝ ප්‍රියයෝ ද යත්? මනවඩන රූපයෝ මනවඩන ශබ්දයෝ මනවඩන ගන්‍ධයෝ මනවඩන රසයෝ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, මේ සංස්කාරයෝ ප්‍රිය වෙත්. ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද කලහ කෙරෙති, අසිඳුනා කල්හි දු කලහ කෙරෙති, අසිඳගත් කල්හි දු කලහ කෙරෙති, ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු කලහ කෙරෙති, ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද විවාද කෙරෙති, අසිඳුනා කල්හි දු - අසිඳගත් කල්හි දු - ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු විවාද කෙරෙති, ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද පරිදේවනා කෙරෙති, අසිඳුනා කල්හි දු අසිඳගත් කල්හි දු, ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු පරිදේවනා කෙරෙත්, ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද ශෝක කෙරෙති, අසිඳ ගන්නා කල්හි දු - අසිඳගත් කල්හි දු - ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු ශෝක කෙරෙත්. ප්‍රියවස්තුව රකිති, ගෝපනය කෙරෙත්, අයත් කෙරෙති, මමායන කෙරෙති, මසුරු කෙරෙත්.
Pali BJTමානාතිමානා සහපෙසුනා චාති - පියං වත්ථුං නිස්සාය මානං ජනෙන්ති. පියං වත්ථුං නිස්සාය අතිමානං ජනෙන්ති. කථං පියං වත්ථුං නිස්සාය මානං ජනෙන්ති? “මයං ලාභිනො මනාපිකානං රූපානං සද්දානං ගන්ධානං රසානං ඵොට්ඨබ්බානං. ඉමෙ පනඤ්ඤෙ න ලාභිනො මනාපිකානං රූපානං සද්දානං ගන්ධානං රසානං ඵොට්ඨබ්බාන”න්ති එවං පියං වත්ථුං නිස්සාය මානං ජනෙන්ති. කථං පියං වත්ථුං නිස්සාය අතිමානං ජනෙන්ති? “මයං ලාභිනො මනාපිකානං රූපානං සද්දානං ගන්ධානං රසානං ඵොට්ඨබ්බානං. ඉමෙ පනඤ්ඤෙ න ලාභිනො මනාපිකානං රූපානං සද්දානං ගන්ධානං රසානං ඵොට්ඨබ්බාන”න්ති එවං පියං වත්ථුං නිස්සාය අතිමානං ජනෙන්ති.
Sinhala BJTමානාතිමානා සහපෙසුනා ච - ප්‍රියවස්තුව නිසා මානය උපදවති ප්‍රියවස්තුව නිසා අතිමානය උපදවත්. කිසෙයින් ප්‍රියවස්තුව නිසා මානය උපදවති? යත්: ‘අපි මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් ලබන සුල්ලම්හ එහෙත් මේ අන්‍යයෝ මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් නො ලබන සුල්ලහ’ යි මෙසේ ප්‍රියවස්තුව නිසා මානය උපදවත්. කෙසේ ප්‍රියවස්තුව නිසා අතිමානය උපදවති? යත් ‘අපි මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් ලබන සුල්ලම්හ, මේ අන්‍යයෝ වැලිත් මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් නො ලබන සුල්ලහ’ යි මෙසේ ප්‍රියවස්තුව නිසා අතිමානය උපදවත්.
Pali BJTSegment missing in this edition
Sinhala BJTඑයින් වදාළහ. බුදුහු:
Pali BJTපෙසුඤ්ඤන්ති - ඉධෙකච්චො පිසුනවාචො හොති: ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසම්භෙදාය -පෙ- එවං භෙදාධිප්පායො පෙසුඤ්ඤං උපසංහරතීති ‘මානාතිමානා සහපෙසුනා ච.’
Sinhala BJTපෙසුඤඤං - මෙහි එකෙක් පිසුනුබස් කියනුයේ වෙයි: මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ වෙයි. මෙසේ බිඳුවන අදහස් ඇතියේ පිසුනුබස් එළවා කියා නුයි ‘මානාතිමානා සහපෙසුනා ච’ යනු වේ.
Pali BJTමච්ඡෙරයුත්තා කලහා විවාදා’ති - කලහො ච විවාදො ච පරිදෙවො ච සොකො ච මානො ච අතිමානො ච පෙසුඤ්ඤඤ්චාති ඉමෙ සත්ත කිලෙසා මච්ඡරියෙ යුත්තා පයුත්තා ආයුත්තා සමායුත්තාති - ‘මච්ඡෙරයුත්තා කලහා විවාදා’
Sinhala BJTමචෙඡරයුතතා කලහා විවාදා - කලහය ද විවාදය ද පරිදේවය ද ශෝකය ද මානය ද අතිමානය ද පෛශුන්‍යය ද යන සප්ත ක්ලේශයෝ මාත්සර්‍ය්‍යයෙහි යෙදුණාහු අතිශයින් යෙදුණාහු හාත්පසින් යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු නුයි ‘මචෙඡරයුතතා කලහා විවාදා’ යනු වේ.
Pali BJTවිවාදජාතෙසු ච පෙසුනානීති - ‘විවාදෙ ජාතෙ සඤ්ජාතෙ නිබ්බත්තෙ අභිනිබ්බත්තෙ පාතුභූතෙ පෙසුඤ්ඤං උපසංහරන්ති: ඉතො සුත්වා අමුත්ර අක්ඛායන්ති ඉමෙසං භෙදාය. අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛායන්ති අමූසං භෙදාය. ඉති සමග්ගානං වා භෙත්තාරො භින්නානං වා අනුප්පදාතාරො වග්ගාරාමා වග්ගරතා වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතාරො හොන්ති ඉදං වුච්චති පෙසුඤ්ඤං. අපිච, ද්වීහි කාරණෙහි පෙසුඤ්ඤං උපසංහරන්ති: පියකම්යතාය වා භෙදාධිප්පායා වා. කථං පියකම්යතාය පෙසුඤ්ඤං උපසංහරන්ති? ඉමස්ස පියා භවිස්සාම, මනාපා භවිස්සාම, විස්සාසිකා භවිස්සාම, අබ්භන්තරිකා භවිස්සාම, සුහදයා භවිස්සාමාති, එවං පියකම්යතාය පෙසුඤ්ඤං උපසංහරන්ති. කථං භෙදාධිප්පායා පෙසුඤ්ඤං උපසංහරන්ති? කථං ඉමෙ නානා අස්සු, විනා අස්සු, වග්ගා අස්සු, ද්වෙධා අස්සු, ද්වෙජ්ඣා අස්සු, ද්වෙ පක්ඛා අස්සු, භිජ්ජෙය්යුං න සමාගච්ඡෙය්යුං, දුක්ඛං න ඵාසු විහරෙය්යුන්ති. එවං භෙදාධිප්පායා පෙසුඤ්ඤං උපසංහරන්තීති - ‘විවාදජාතෙසු ච පෙසුනානි’
Sinhala BJTවිවාදජාතෙසු ච පෙසුනාති - විවාදය උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි පිසුනුබස් එළවා කියති: මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියති, එතැනින් හෝ අසා ඔවුන්ගේභෙදය පිණිස මොවුන්ට කියති: මෙසේ සමඟ වූවන් හෝ බිඳින්නාහු භේද වූවන්ගේ හෝ භේදය දැඩි කරන්නාහු වර්‍ගය කැමැති වූවාහු වර්‍ග වීමෙහි ඇලුණාහු වර්‍ග වීමට සතුටු වන්නාහු වර්‍ග කරන බස් කියන්නාහු වෙත්. මෙ ‘පෙසුඤ්ඤ’යි කියනු ලැබෙයි. තවද දෙකරුණෙකින් පිසුනු කියති: ප්‍රියකාම්‍යතායෙන් භෙදායිප්‍රායයෙත් හෝ යැ. කිසෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියති ? යත්: මොහුට ප්‍රිය වම්හ. මනාප වම්හ, විස්වැසි වම්හ, ආභ්‍යන්තරික වම්හ, සුහෘද් වම්හ’යි මෙසේ ප්‍රියකාම්‍යතායෙන් පෛශුන්‍යවචන කියත්. කිසෙයින් භෙදායිප්‍රාය ඇත්තාහු පිසුනුබස් එළවා කියති යත්? ‘කෙසේ නම් මොහු නානා වන්නාහු ද වෙන් වන්නාහු ද වර්‍ග වන්නාහු ද ද්විධා වන්නාහු ද දෙකඩ වන්නාහු ද දෙ පක්‍ෂ වන්නාහු ද බිඳෙන්නාහු ද සමාගම් නො වන්නාහු ද දුකසේ නො සුවසේ වාසය කරන්නාහු දැ”යි මෙසේ භෙදාධිප්‍රායයෙන් පෛශුන්‍ය කියත් නුයි ‘විවාදජාතෙසු ච පෙසුතාති’ යනු වේ.
Pali BJT“පියප්පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච්ඡාරා ච, මානාතිමානා සහපෙසුනා ච මච්ඡෙරයුත්තා කලහා විවාදා විවාදජාතෙසු ච පෙසුනාතී”ති.
Sinhala BJT“පියප්පහූතා - පෙ - විවාදජාතෙසු ච පෙසුනාති” යි.
Pali BJT11. 3.
Sinhala BJT11. 3.
Pali BJTපියා සු ලොකස්මිං කුතොනිදානා යෙ චාපි{1} ලොභා විචරන්ති ලොකෙ, ආසා ච නිට්ඨා ච කුතො නිදානා යෙ සම්පරායාය නරස්ස හොන්ති.
Sinhala BJTලෙවැ ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද ? නොහොත් කුමක් හේතු කොට ඇත්තාහු ද ? තවද ලොවැ ක්‍ෂත්‍රියාදි යම් කෙනෙක් ලෝභය හේතුකොටගෙන හැසිරෙත් නම්, (ඒ ලෝභය) කුමක් හේතු කොට ඇත්තේ ද? ආශාවත් (ඒ ආශවගේ) සමෘද්ධියත් කොයින් උපන්නාහු ද ? (කුමක් නිදාන කොට ඇත්තාහු ද ?) යම් ධර්‍ම කෙනෙක් සත්‍වයා හට පරලොවැ පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්‍මයෝ කොයින් උපන්නාහු ද ? (කුමක් නිදාන කොට ඇත්තාහු ද ?)
Pali BJTපියා සු ලොකස්මිං කුතොනිදානාති - පියා කුතො නිදානා, කුතො ජාතා, කුතො සඤ්ජාතා. කුතො නිබ්බත්තා. කුතො අභිනිබ්බත්තා, කුතො පාතුභූතා, කින්නිදානා, කිංසමුදයා, කිඤ්ජාතිකා, කිම්පභවාති පියානං මූලං පුච්ඡති -පෙ- සමුදයං පුච්ඡති පපුච්ඡති යාවතා අජ්ඣෙසති{2} පසාදෙතීති - ‘පියා සු ලොකස්මිං කුතොනිදානා.’
Sinhala BJTපියා සු ලෝකස්මිං කුතොනිදානා- ප්‍රියවස්තූහු කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් වෙසෙසින් නිපන්නාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කුමක් උත්පත්ති කොට ඇත්තාහු ද ? කුමක් ජාති කොට ඇත්තාහු ද ? කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ යි ප්‍රියවස්තූන්ගේ මූලය විචාරති … සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘පියා සු ලෝකස්මිං කුතො නිදානා’ යනු වේ.
Pali BJTයෙ චාපි ලොභා විචරන්ති ලොකෙති - ‘යෙ චාපී’ති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච; ලොභාති යො ලොභො ලුබ්භනා ලුබ්භිතත්තං සාරාගො සාරජ්ජනා සාරජ්ජිතත්තං අභිජ්ඣා ලොභො අකුසලමූලං{a} විචරන්තීති විචරන්ති විහරන්ති ඉරීයන්ති වත්තන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති; ලොකෙති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති ‘යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ. ‘
Sinhala BJTයෙ චාපි ලොභා විවරනති ලෝකේ - ‘යෙ චා පි’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මනුෂ්‍යයෝ ද, ලොභා– යම් ලෝභයෙක් ලෝභ කරන අයුරෙක් ලෝභ කරන බවෙක් ඇලීමෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් දැඩි ලොභයෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද; විචරනති - හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත්; ලෝකේ අපායලෝකයෙහි මනුෂ්‍ය - දෙව – ස්කන්‍ධ - ධාතු – අයතතලොකයෙහි නුයි ‘යෙ චාපි ලොභා විවරනති ලෝකේ’ යනු වේ.
Pali BJTආසා ච නිට්ඨා ච කුතොනිදානාති - ‘ආසා ච නිට්ඨා ච කුතොනිදානා කුතො ජාතා කුතො සඤ්ජාතා කුතො නිබ්බත්ති කුතො අභිනිබ්බත්තා කුතො පාතුභූතා කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවා, ති ආසාය ච නිට්ඨාය ච මූලං පුච්ඡති -පෙ- සමුදයං පුච්ඡති පපුච්ඡති යාවතා අජ්ඣෙසති{1} පසාදෙතීති - ‘ආසා ච නිට්ඨා ච කුතොනිදානා.’
Sinhala BJTආසා ව නිටඨා ච කුතො නිදානා - ආශාව ත් ආශාසමෘදධිය ත් කුමන හෙතු ඇත්තාහු ද? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් නැඟුණාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන කොට - කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’යි ආශාවේ ත් ආශාසමෘද්ධිය ගේ ත් මූලය විචාරති...සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘ආසා ව තිටඨා ච කුතොනිදානා’ යනු වේ.
Pali BJTයෙ සම්පරායාය නරස්ස හොන්තීති - යෙ නරස්ස පරායනා හොන්ති. දීපා හොන්ති, තාණා හොන්ති, ලෙනා හොන්ති, සරණා හොන්ති, නරො නිට්ඨා පරායනො හොතීති{2}, ‘යෙ සම්පරායාය නරස්ස හොන්ති.’
Sinhala BJTයෙ සම්පරායාය නරස්ස හොන්ති - යම් ධර්‍ම කෙනෙක් සත්‍වයා හට (පරලොවට) පිහිට වෙත් ද ප්‍රතිෂ්ඨා වෙත් ද ත්‍රාණ වෙත් ද රක්‍ෂාස්ථාන වෙත් ද සරණ වෙත් ද. මිනිසා ඒ සමෘද්ධිය පරායණ කොට ඇත් නුයි -‘යෙ සම්පරායාය නරස්ස හොන්ති’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑසින් කීහ, ඒ නිර්මිත බුදුහු:
Pali BJT“පියා සු ලොකස්මිං කුතොනිදානා යෙ චාපි{3} ලොභා විචරන්ති ලොකෙ, ආසා ච නිට්ඨා ච කුතොනිදානා යෙ සම්පරාය නරස්ස හොන්තී”ති.
Sinhala BJT“පියා සු ලොකසමිං - පෙ - යෙ සම්පරායා නරස්ස හොන්ති” යි
Pali BJT11. 4.
Sinhala BJT11. 4.
Pali BJTඡන්දනිදානානි පියානි ලොකෙ යෙ චාපි{3} ලොභා විචරන්ති ලොකෙ, ආසා ච නිට්ඨා ච ඉතොනිදානා යෙ සම්පරායාය නරස්ස හොන්ති.
Sinhala BJTලොවැ ප්‍රියවස්තූහු කාමචඡන්දය නිදාන කොට ඇත්තාහුය, තවද ලොවැ, යම් කෙනෙක් ලෝභය හේතු කොට හැසිරෙත් ද, (ඔවුන්ගේ ඒ ලොහයත් කාමචඡන්දය හේතු කොට ඇත්තේය,) අශාව ත් ආශා සමෘද්ධියත් මේ කාමචඡන්දය ම නිදාන කොට ඇත්තාහු ය, යම් ධර්‍ම කෙනෙක් සත්ත්‍වයා හට පරලොව පිහිට පිණිස වෙත් නම් , (ඔහු ද කාමචඡන්දයෙන් ම උපන්නාහු යි.)
Pali BJTඡන්දනිදානානි පියානි ලොකෙති - ‘ඡන්දො’ති යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච්ඡන්දනීවරණං. අපිච, පඤ්ච ඡන්දා: පරියෙසනච්ඡන්දො පටිලාභච්ඡන්දො පරිභොගච්ඡන්දො සන්නිධිච්ඡන්දො විස්සජ්ජනච්ඡන්දො. කතමො පරියෙසනඡන්දො? ඉධෙකච්චො අජ්ඣොසිතොයෙව අත්ථිකො ඡන්දජාතො රූපෙ පරියෙසති. සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ පරියෙසති. අයං පරියෙසනච්ඡන්දො. කතමො පටිලාභච්ඡන්දො? ඉධෙකච්චො අජ්ඣොසිතොයෙව අත්ථිකො ඡන්දජාතො රූපෙ පටිලභති. සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ පටිලභති. අයං පටිලාභච්ඡන්දො.
Sinhala BJTඡන්දනිදානානි පියානි ලෝකේ - ‘ඡන්‍ද’ නම්: කාමවස්තූන් කෙරෙහි යම් කාමවඡන්දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණා යෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමයන්හි ගැලීමෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමොපාදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද, එයයි; තවද ඡන්‍ද පසෙකි:පර්‍ය්‍යෙෂණ (=සෙවීම) ඡන්‍දය, ප්‍රතිලාභච්ඡන්දය, පරිභොගච්ඡන්‍දය, සන්නිධි (=රැස්කිරීම) ඡන්‍දය, විසර්‍ජන (=වියදම් කිරීම) ඡන්‍දය දැයි; එහි පර්‍ය්‍යෙෂණඡන්දය කවරැ යත්? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ කැමැති වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ රූපයන් සොයයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් සොසයි, මේ පර්‍ය්‍යෙෂණචඡන්ද යයි. ප්‍රතිලාභච්ඡන්දය කවරැ යත් ? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ රූපයන් ලබයි, ශබ්දගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ලබයි, මේ ප්‍රතිලාභවජන්ද යයි.
Pali BJTකතමො පරිභොගච්ඡන්දො? ඉධෙකච්චො අජ්ඣොසිතො යෙව අත්ථිකො ඡන්දජාතො රූපෙ පරිභුඤ්ජති, සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ පරිභුඤ්ජති. අයං පරිභොගච්ඡන්දො. කතමො සන්නිධිච්ඡන්දො? ඉධෙකච්චො අජ්ඣොසිතොයෙව අත්ථිකො ඡන්දජාතො ධනසන්නිචයං කරොති ආපදාසු භවිස්සතීති; අයං සන්නිධිච්ඡන්දො. කතමො විසජ්ජනච්ඡන්දො? ඉධෙකච්චො අජ්ඣොසිතොයෙව අත්ථිකො ඡන්දජාතො ධනං විස්සජ්ජෙති හත්ථාරොහානං අස්සාරොහානං රථිකානං ධනුග්ගහානං පත්තිකානං ‘ඉමෙ මං රක්ඛිස්සන්ති ගොපිස්සන්ති සම්පරිවාරෙස්සන්තී’ති. අයං විස්සජ්ජනච්ඡන්දො. පියානීති ද්වෙ පියා: සත්තා වා සඞ්ඛාරා වා. -පෙ- ඉමෙ සත්තා පියා. -පෙ- ඉමෙ සඞ්ඛාරා පියා; ඡන්දනිදානානි පියානි ලොකෙති පියා ඡන්දනිදානා ඡන්දසමුදයා ඡන්දජාතිකා ඡන්දපභවාති - ‘ඡන්දනිදානානි පියානි ලොකෙ.’
Sinhala BJTපරිභොගච්ඡන්දය කවරැ යත්: මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ රූපයන් පරිභෝග කෙරෙයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙයි, මේ පරිභොගච්ඡන්ද යයි. සන්නිධිඡන්දය කවරැ යත් ? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ ‘විපතෙහි වන්නේයැ’ යි ධන රැස් කෙරෙයි, මේ සන්නිධිඡන්දය යයි, විසජජනච්ඡන්දය කවරැ යත්? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මෑ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්‍දය ඇත්තේ ‘මොවුහු මා රක්‍ෂණ ගෝපනය කරන්නාහුය, පිරිවරා සිටිත්නාහ’යි ඇතරුවන්ට අසරුවන්ට රියැදුරන්ට දුනුවායන්ට පාබලසෙනඟට ධනය වියදම් කරයි, මෙ විසජීනච්ඡන්ද යයි. පියානි - ප්‍රියයෝ දෙදෙනෙකි: සත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ;...මේ ප්‍රියවූ සංස්කාරයෝ යි. ඡන්දනිදානානි පියානි ලෝකේ - ප්‍රිය වූ සත්ත්වසංස්කාරයෝ ඡන්‍දය නිදාන කොට ඇත්තාහුය, ඡන්‍දය උත්පත්ති කොට ඇත්තාහුය, ඡන්‍දය ජාති කොට ඇත්තාහුය, ඡන්‍දය ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ඡන්දනිදානා ති පියාති ලෝකේ’ යනු වේ.
Pali BJTයෙ චාපි ලොභා විචරන්ති ලොකෙති - ‘යෙ චාපී’ති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච; ලොභාති යො ලොභො ලුබ්භනා ලුබ්භිතත්තං සාරාගො සාරජ්ජනා සාරජ්ජිතත්තං අභිජ්ඣා ලොභො අකුසලමූලං{a}; විචරන්තීති විචරන්ති විහරන්ති ඉරීයන්ති වත්තන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති; ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - ‘යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ.’
Sinhala BJTයෙ චාපි ලොභා විචරන්ති ලෝකේ – ‘යෙ චාපි’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ගැහැවියෝ ද පැවිද්දෝ ද දෙවියෝ ද මිනිස්සු ද ; ලොභා - යම් ලොභයෙක් ලොභකාරයෙක් ලෝභ කරන බවෙක් ඇලීමෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. විචරනති – හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙතී යාපනය වෙත්; ලෝකේ – අපායලෝකයෙහි.... ආයතනලෝකයෙහි නුයි ‘යෙ චාපි ලොභා විචරන්ති ලෝකේ’ යනු වේ.
Pali BJTආසා ච නිට්ඨා ච ඉතො නිදානාති - ‘ආසා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං,{b} නිට්ඨාති ඉධෙකච්චො රූපෙ පරියෙසන්තො රූපං පටිලභති, රූපනිට්ඨො හොති. සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ, කුලං, ගණං, ආවාසං, ලාභං, යසං, පසංසං, සුඛං, චීවරං පිණ්ඩපාතං, සෙනාසනං, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, සුත්තන්තං, විනයං, අභිධම්මං, ආරඤ්ඤිකඞ්ගං, පිණ්ඩපාතිකඞ්ගං, පංසුකූලිකඞ්ගං, තෙචීවරිකඞ්ගං, සපදානචාරිකඞ්ගං, ඛලුපච්ඡාභත්තිකඞ්ගං, නෙසජ්ජිකඞ්ගං, යථාසන්ථතිකඞ්ගං, පඨමජ්ඣානං, දුතියජ්ඣානං, තතියජ්ඣානං, චතුත්ථජ්ඣානං ආකාසානඤ්චායතනසමාපත්තිං, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං, පරියෙසන්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලභති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිනිට්ඨො හොති.
Sinhala BJTආසා ච නිටඨා ච ඉතො නිදානා - ‘ආසා’යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයක් වේ ද එයයි; නිට්ඨා - මෙලො වැ එකෙක් රූපයන් සොයනුයේ රූපය ලබයි, රූපසමෘදධිය ඇත්තේ වෙයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසාය - ලාභය යශස් - ප්‍රශංසාව - සුඛය - චීවර-පිණ්ඩපාත - සේනාසන – ගිලන්පසබෙහෙත්පිරිකර - සූත්‍රාන්තය - විනය - අභිධර්‍මය -ආරණ්‍යකාඞ්ගය -පිණ්ඩපාතිකාඞ්ගය - පංසුකූලිකාඞගය–තෙචීවරිකාඞගය - සපදානචාරිකාඞගය - ඛලුපචචඡාභතතිකාඞගය - නෙසජ්ජිකාඞගය– යථාසන්ථතිකාඞගය - ප්‍රථමධ්‍යානය – ද්විතීය - තෘතීය – චතුර්‍ත්‍ථධ්‍යානය - ආකාසානඤ්චායතනසමාපත්තිය - විඤඤානඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන – නෙවසඤඤානාසඥඤායතනසමාපතතිය සොයනුයේ නෙවසඤඤානාසඤඤායතනසමාපත්තිය ලබයි, නෙවසඤඤානාසඤඤායතත සමාපත්ති සමෘදධිය ඇත්තේ වේ.
Pali BJT1 “ආසාය කසතෙ{1} ඛෙත්තං බීජං ආසාය වප්පති ආසාය වාණිජා යන්ති සමුද්දං ධනහාරකා; යාය ආසාය තිට්ඨාමි{2} සා මෙ ආසා සමිජ්ඣතූ”ති{3}{c}
Sinhala BJT1. ආශාව හේතු කොට (ගොවියා) කෙත සායි, ආශාව හෙතු කොට බිජුවට වපුරනු ලැබෙයි, ධනය රැස්කර ගන්නා වූ වෙළෙන්දෝ ආශාව හේතු කොට (නැවින්) මුහුදට යෙති, යම් ආශාවකින් මම් මෙහි සිටිම් නම්, ඒ මාගේ ආශාව සමෘද්ධ වේව’යි.
Pali BJTආසාය සමිද්ධි වුච්චතෙ{1} නිට්ඨා; ආසා ච නිට්ඨා ච ඉතොනිදානාති ආසා ච නිට්ඨා ච ඉතො ඡන්දනිදානා ඡන්දසමුදයා ඡන්දජාතිකා ඡන්දපභවාති ආසා ච නිට්ඨා ච ඉතොනිදානා.
Sinhala BJTආශාසමෘදධිය ‘නිට්ඨා, (ඵලනිෂ්පත්ති) යයි කියනු ලැබේ. ආසා ච නිටඨා ව ඉතොනිදානා - ආශාවත් නිෂ්ඨාව (-සමෘදධිය) ත් මේ (රූපඡන්දාදි) ඡන්‍දය නිදාන කොට ඇත්තාහුය, ඡන්‍දය උත්පත්ති කොට - ඡන්‍දය ජාති කොට - ඡන්දය ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ආසා ච නිටඨා ච ඉතොනිදානා’ යනු වේ.
Pali BJTයෙ සම්පරායාය නරස්ස හොන්තීති - යෙ නරස්ස පරායනා හොන්ති, දීපා හොන්ති, තාණා හොන්ති, ලෙනා හොන්ති, සරණා හොන්ති. නරො නිට්ඨා පරායනො හොතීති{2} - යෙ සම්පරායාය නරස්ස හොන්ති.
Sinhala BJTයෙ සම්පරයාය නරස්ස හොන්ති - යම් ධර්‍ම කෙනෙක් සත්‍වයා හට පරායණ වෙත් ද, ප්‍රතිෂ්ඨා වෙත් ද, ත්‍රාණ වෙත් ද, රක්ෂාසථාන වෙත් ද, සරණ වෙත් ද, මිනිසා, ඒ ආශා සමෘද්ධිය පරායණ කොට ඇත් නුයි ‘යෙ සම්පරායාය නරස්ස හොන්ති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඡන්දනිදානානි පියානි ලොකෙ යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ, ආසා ච නිට්ඨා ච ඉතොනිදානා යෙ සම්පරායාය නරස්ස හොන්තී”ති.
Sinhala BJT“ඡන්දනිදානානි - පෙ - යෙ සම්පරයාය නරස්ස හොන්ති” යි.
Pali BJT11. 5.
Sinhala BJT11. 5.