Pali BJTසඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථාති - යො සමථපුබ්බඞ්ගමං අරියමග්ගං{5} භාවෙති, තස්ස ආදිතො උපාදාය ගන්ථා වික්ඛම්භිතා හොන්ති, අරහත්තෙ පත්තෙ{6} අරහතො ගන්ථා ච මොහා ච නීවරණා ච, කාමසඤ්ඤා ව්යාපාදසඤ්ඤා විහිංසාසඤ්ඤා දිට්ඨිසඤ්ඤා ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මාති - ‘සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා.’
Sinhala BJTසඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා - යමෙක් ශමථපූර්‍වඞ්ගම ආර්‍ය්‍ය මාර්‍ගය වඩා ද ආදියෙහි පටන් ඔහුගේ අභිධ්‍යාකායාදි ග්‍රන්‍ථයෝ විෂ්කම්භණ වූවාහු වෙති, රහත්බවට පැමිණි කල්හි රහත්හුගේ ග්‍රන්‍ථයෝ ද මෝහයෝ ද නීවරණයෝ ද කාමසංඥා ව්‍යාපාදසංඥා විහිංසාසංඥා දෘෂ්ටිසංඥා ද ප්‍රහීණ වූවාහු වෙති, උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මතු නූපදනා පියවි ඇත්තාහු නුයි ‘සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා’ යනු වේ.
Pali BJTපඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා - යො විපස්සනාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති, තස්සාදිතො උපාදාය මොහා වික්ඛම්භිතා හොන්ති, අරහත්තෙ පත්තෙ{6} අරහතො මොහා ච ගන්ථා ච නීවරණා ච කාමසඤ්ඤා ව්යාපාදසඤ්ඤා විහිංසාසඤ්ඤා දිට්ඨිසඤ්ඤා ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මාති - ‘පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා.’
Sinhala BJTපඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා - යමෙක් විදර්‍ශනා පූර්‍වඞ්ගම වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩා ද, ඔහුගේ ආදියෙහි පටන් මෝහයෝ විෂ්කම්භණ වූවාහු වෙති, රහත්බවට පැමිණි කල්හි රහත්හුගේ මෝහයෝ ද ග්‍රන්‍ථයෝ ද නීවරණයෝ ද කාම - ව්‍යාපාද - විහිංසා - දෘෂ්ටිසංඥා ද ප්‍රහීණ වූවාහු වෙති සිඳින ලද මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනාභාවය කරන ලද්දාහු මතු නූපදනා පියවි ඇත්තාහු නුයි - ‘පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා’ යනු වේ.
Pali BJTසඤ්ඤං ච දිට්ඨිං ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලොකෙති යෙ සඤ්ඤං ගණ්හන්ති කාමසඤ්ඤං ව්යාපාදසඤ්ඤං විහිංසාසඤ්ඤං, තෙ සඤ්ඤාවසෙන ඝට්ටෙන්ති සංඝට්ටෙන්ති. රාජානොපි රාජූහි විවදන්ති. ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති. බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති. ගහපතිකාපි ගහපතීහි විවදන්ති, මාතාපි පුත්තෙන විවදති. පුත්තොපි මාතරා විවදති. පිතාපි පුත්තෙන විවදති. පුත්තොපි පිතරා විවදති. භාතාපි භාතරා විවදති. භගිනීපි භගිනියා විවදති. භාතාපි භගිනියා විවදති. භගිනීපි භාතරා විවදති. සහායොපි සහායෙන විවදති. තෙ තත්ථ කලහවිග්ගහවිවාදමාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති. ලෙඩ්ඩූහිපි උපක්කමන්ති. දණ්ඩෙහිපි උපක්කමන්ති. සත්ථෙහිපි උපක්කමන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති. මරණමත්තම්පි දුක්ඛං. යෙ දිට්ඨිං ගණ්හන්ති ‘සස්සතො ලොකො’ති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති වා, තෙ දිට්ඨිවසෙන ඝට්ටෙන්ති සංඝට්ටෙන්ති. සත්ථාරතො සත්ථාරං ඝට්ටෙන්ති. ධම්මක්ඛානතො ධම්මක්ඛානං ඝට්ටෙන්ති. ගණතො ගණං ඝට්ටෙන්ති. දිට්ඨියා දිට්ඨිං ඝට්ටෙන්ති. පටිපදාය පටිපදං ඝට්ටෙන්ති. මග්ගතො මග්ගං ඝට්ටෙන්ති. අථවා, තෙ විවදන්ති. කලහං කරොන්ති. භණ්ඩනං කරොන්ති. විග්ගහං කරොන්ති විවාදං කරොන්ති. මෙධගං කරොන්ති: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි{1} වා සචෙ පහොසී’ ති. තෙසං අභිසඞ්ඛාරා අප්පහීනා, අභිසඞ්ඛාරානං අප්පහීනත්තා ගතියා ඝට්ටෙන්ති. නිරයෙ ඝට්ටෙන්ති, තිරච්ඡානයොනියා ඝට්ටෙන්ති. පෙත්තිවිසයෙ ඝට්ටෙන්ති. මනුස්සලොකෙ ඝට්ටෙන්ති. දෙවලොකෙ ඝට්ටෙන්ති. ගතියා ගතිං උපපත්තියා උපපත්තිං පටිසන්ධියා පටිසන්ධිං භවෙන භවං සංසාරෙන සංසාරං වට්ටෙන වට්ටං ඝට්ටෙන්ති සංඝට්ටෙන්ති. ඝට්ටෙන්තා{2}, චරන්ති{3}, විචරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - ‘සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලොකෙ.’
Sinhala BJTසඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ - යම් කෙනෙක් කාම - ව්‍යාපාද - විහිංසා - යන සංඥාව ගනිත් ද ඒ ගැහැවියෝ සංඥාවශයෙන් ගටති, ඉතා ගටත්. රජහු ද රජුන් සමග විවාද කෙරෙති, ක්‍ෂත්‍රියයෝත් ක්‍ෂත්‍රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත් බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝත් ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතු සමග විවාද කෙරෙයි, පුතාත් මව සමග විවාද කෙරෙයි, පියතෙමේ ත් පුතු සමග විවාද කෙරෙයි, පුතාත් පියා සමග විවාද කෙරෙයි, සොහොයුරාත් සොහොයුරු සමග විවාද කෙරෙයි, සොහොයුරියත් සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරාත් සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරියත් සොහොයුරු සමග විවාද කෙරෙයි, යහළුවාත් යහළුහු සමග විවාද කෙරෙයි, ඔවුහු එහි කලහවිග්‍රහවිවාදයට පැමිණියාහු උනුනට අත්වලිනු දු පහර දෙති, කැටගලිනු දු ගසති, දඬුවලින් දු ගසති, සැතිනු දු පහර දෙත්. ඔවුහු එහි දී මරණයටත් මරණ මාත්‍ර දුකටත් පැමිණෙත්. යම් කෙනෙක් දෘෂ්ටිය ගනිත් ද: ‘ශාශ්වත යැ ලොකයැයි හෝ... සත්ත්‍වතෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වේ යැයි හෝ’ ඔවුහු දෘෂ්ටිවශයෙන් ගටති, ඉතා ගටති ශාස්තෘහු වශයෙන් ශාස්තෘහු ගටති, ධර්‍මාඛ්‍යානයෙන් ධර්‍මාඛ්‍යානය - ගණයා කෙරෙන් ගණයා - දෘෂ්ටියෙන් දෘෂ්ටිය - පිළිවෙතින් පිළිවෙත - මාර්‍ගයෙන් මාර්‍ගය ගටත්. නොහොත් ඔහු විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විවාද කෙරෙති අරගල කෙරෙති: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවුයැ... ඉදින් පොහොසත්හු නම් තමා මුදා ගනිවුයැ’යි. ඔවුන්ගේ පුණ්‍යාදි අභිසංස්කාරයෝ අප්‍රහීණයහ, අභිසංස්කාරයන් අප්‍රහීණ වන බැවින් (යායුතු) ගතියෙන් ගටති, නිරයෙහි ලා ගටති, තිරශ්චීනයෝනියෙහි ගටති, ප්‍රේතවිෂයයෙහි ගටති, මනුෂ්‍යලොකයෙහි ගටති, දිව්‍යලෝකයෙහි ගටත්. ගතියෙන් ගතිය උපතින් උපත පිළිසඳින් පිළිසඳ භවයෙන් භවය සසරින් සසර වටින් වට ගටති, ඉතා ගටති. ගටමින් ඇවිදිති හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යපනය වෙත්. ලෝකේ - අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි නුයි ‘සඤ්ඤඤ්ච දිට්ඨිඤ්ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සඤ්ඤාවිරත්තස්ස න සන්ති ගන්ථා පඤ්ඤාවිමුත්තස්ස න සන්ති මොහා, සඤ්ඤං ච දිට්ඨිං ච යෙ අග්ගහෙසුං තෙ ඝට්ටයන්තා{4} විචරන්ති ලොකෙ”ති.
Sinhala BJT‘සඤ්ඤාවිරත්තස්ස -පෙ- තෙ ඝට්ටයන්තා විචරන්ති ලෝකේ” යී.
Pali BJTමාගන්දියසුත්තනිද්දෙසො නවමො.
Sinhala BJTනවවැනි ‘මාගන්‍දිය’ සූත්‍රනිර්දේශය යි.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTපුරාභෙදසුත්තනිද්දෙසො
Sinhala BJTපුරාභෙදසූත්‍රනිර්දේශය
Pali BJTඅථ පුරාභෙදසුත්තනිද්දෙසො වුච්චති:
Sinhala BJTඉක්බිති ‘පුරාභේද’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
Pali BJT10. 1.
Sinhala BJT10. 1.
Pali BJTකථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති, තං මෙ ගොතම පබ්රූහි පුච්ඡිතො උත්තමං නරං.
Sinhala BJTකෙබඳු දර්‍ශනයකින් යුක්ත වූ කෙබඳු ශීලයකින් යුක්ත වූ පුද්ගල තෙම උපශාන්ත යැයි කියනු ලැබේ ද? ගොයුමාණෙනි, මා විසින් පුළුවුස්නා ලදුවහු ඒ උත්තම පුද්ගලයා වදාළ මැනව.
Pali BJTකථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චතීති - ‘කථංදස්සී’ති කීදිසෙන දස්සනෙන සමන්නාගතො කිංසණ්ඨිතෙන කිම්පකාරෙන කිංපටිභාගෙනාති කථංදස්සී; කථංසීලොති කීදිසෙන සීලෙන සමන්නාගතො කිංසණ්ඨිතෙන කිම්පකාරෙන කිම්පටිභාගෙනාති කථංදස්සී කථංසීලො.’
Sinhala BJTකථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති - ‘කථංදස්සී’ යනු කෙබඳු වූ කවර සංස්ථාන ඇති කවර ප්‍රකාර වූ කවර ආකාර වූ දර්‍ශනයකින් සමන්‍විත වූයේ නුයි ‘කථංදස්සී’ යනු වේ. කථංසීලො කිදෘශ වූ කෙසේ සිටි කවර ප්‍රකාර වූ කවර ආකාර වූ ශීලයකින් සමන්‍විත වූයේ නුයි ‘කථංදස්සී කථංසීලො’ යනු වේ.
Pali BJTඋපසන්තොති වුච්චතීති - සන්තො උපසන්තො වූපසන්තො නිච්ඡාතො නිබ්බුතො පටිප්පස්සද්ධොති වුච්චති පවුච්චති කථීයති භණීයති දීපියති වොහරීයති; ‘කථංදස්සී’ති අධිපඤ්ඤං වුච්චති; ‘කථං සීලො’ති අධිසීලං පුච්ඡති ‘උපසන්තො’ති අධිචිත්තං පුච්ඡතීති - ‘කථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති.’
Sinhala BJTඋපසන්තොති වුච්චති - ශාන්ත වූයේ උපශාන්ත වූයේ සන්හිඳුණේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ (කෙලෙස්) දුරලන ලද්දේ යයි කියනු ලැබෙයි පවසනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි දක්වනු ලැබෙයි වහරනු ලැබේ. ‘කථංදස්සී’යී අධිප්‍රඥාව අසයි, ‘කථංසීලො’යී අධිශීලය අසයි, ‘උපසන්තො’යී අධිචිත්තය අසා නුයි ‘කථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති’ යනු වේ.
Pali BJTතං මෙ ගොතම පබ්රූහීති - ‘තන්ති’ යං පුච්ඡාමි යං යාචාමි යං අජ්ඣෙසාමි යං පසාදෙමි; ගොතමාති සො නිම්මිතො බුද්ධං භගවන්තං ගොත්තෙන ආලපති; පබ්රූහීති බ්රූහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහීති - ‘තං මෙ ගොතම පබ්රූහි.’
Sinhala BJTතං මෙ ගොතම පබ්‍රෑහි - ‘තං’ යනු: යම් පුද්ගලයකු අසම් ද යමකු අයැදිම් ද, යමකු ආරාධනා කෙරෙම් ද, පහදවම් ද; ඔහු ‘ගොතම’යී ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් බුදුන් ගෝත්‍රයෙන් ආමන්ත්‍රණ කෙරෙති; ‘පබ්‍රෑහි’ කියනු මැනව පවසවු පනවවු තබනු මැන, විවෘත කරනු මැන, විභාග කරනු මැන, පහළ කරනු මැන, ප්‍රකාශ කරනු මැනවැ යි’ ‘තං මෙ ගොතම, පබ්‍රෑහි’ යනු වේ.
Pali BJTපුච්ඡිතො උත්තමං නරන්ති - ‘පුච්ඡිතො’ති පුට්ඨො පුච්ඡිතො යාචිතො අජ්ඣෙසිතො පසාදිතො; උත්තමං නරන්ති අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං නරන්ති - ‘පුච්ඡිතො උත්තමං නරං.’
Sinhala BJTපුච්ඡිතො උත්තමං නරං - අසන ලදුවහු විචාරන ලදුවහු අයදන ලදුවහු අරියන ලදුවහු පහදවන ලදුවහු; උත්තමං නරං අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ විශිෂ්ට වූ පාමොක් වූ උතුම් වූ ප්‍රවර වූ පුද්ගලයා නුයි ‘පුච්ඡිතො උත්තමං නරං’ යනු වේ.
Pali BJTතෙනාහ සො නිම්මිතො:
Sinhala BJTඑයින් කීහ ඒ නිර්මිත බුදුහු:
Pali BJT“කථංදස්සී කථංසීලො උපසන්තොති වුච්චති, තං මෙ ගොතම පබ්රූහි පුච්ඡිතො උත්තමං නර”න්ති.
Sinhala BJT“කථංදස්සී -පෙ- උත්තමං නරං” යී.
Pali BJT10. 2.
Sinhala BJT10. 2.
Pali BJTවීතතණ්හො පුරා භෙදා (ඉති{1} භගවා) පුබ්බමන්තමනිස්සිතො, වෙමජ්ඣෙනූපසංඛෙය්යො තස්ස නත්ථි පුරෙක්ඛතං.
Sinhala BJT(බුදුහු මෙසේ වදාරති:) යමෙක් ශරීරය බිඳීමෙන් පෙර මැ ප්‍රහීණ වූ තෘෂ්ණා ඇත්තේ පූර්‍වාන්ත සඞ්ඛ්‍යාත අතීතය (තෘෂ්ණා දෘෂ්ටීන්) ඇසිරි නො කෙළේ ප්‍රත්‍යුත්පන්නයෙහි (රාගරක්ත යැ යනාදීන්) නො ගිණියැ යුත්තේ වේ ද, ඒ රහත් මහණහට අනාගතයෙහි (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) පෙරටු කරන ලද්දෙක් නැත. (ඔහු උපශාන්ත යයි කියමි.)
Pali BJTවීතතණ්හො පුරා භෙදාති - පුරා කායස්ස භෙදා පුරා අත්තභාවස්ස භෙදා පුරා කලෙබරස්ස නික්ඛෙපා පුරා ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදා, වීතතණ්හො විගතතණ්හො චත්තතණ්හො වන්තතණ්හො මුත්තතණ්හො පහීනතණ්හො පටිනිස්සට්ඨතණ්හො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො, නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති.
Sinhala BJTවීතතණ්හො පුරා බෙදා - කය බිඳීමෙන් පෙර ආත්මභාවය බිඳීමෙන් පෙර කලෙවරය තැබීමෙන් පෙර ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙන් පෙර, ප්‍රහීණ තෘෂ්ණා ඇත්තේ පහවැගිය තෘෂ්ණා ඇත්තේ හරන ලද තෘෂ්ණා ඇත්තේ වමනය කළ තෘෂ්ණා ඇත්තේ මුදන ලද තෘෂ්ණා ඇත්තේ ගෙවන ලද තෘෂ්ණා ඇත්තේ දුරලන ලද තෘෂ්ණා ඇත්තේ වීතරාග වූයේ විගතරාග වූයේ ත්‍යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්‍රහීණරාග වූයේ ප්‍රතිනිඍෂ්ටරාග වූයේ නිර්‍වෘත වූයේ සිහිල් වූයේ (කායිකචෛතසික) සුඛානුභවනය කරනුයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසෙයි.
Pali BJTභගවාති ගාරවාධිවචනං; අපිච, භග්ගරාගොති භගවා; භග්ගදොසොති භගවා; භග්ගමොහොති භගවා; භග්ගදිට්ඨීති භගවා; භග්ගමානොති භගවා; භග්ගකණ්ටකොති{1} භගවා; භග්ගකිලෙසොති භගවා; භජි විභජි පටිවිභජි ධම්මරතනන්ති භගවා; භවානං අන්තකරොති භගවා; භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා; භජි වා භගවා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යානි පටිසල්ලානසාරුප්පානීති භගවා; භාගී වා භගවා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා; භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා; භාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූපසමාපත්තීනන්ති භගවා; භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා; භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා; භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පධානානං චතුන්නං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා; භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤානං ඡන්නං බුද්ධධම්මානන්ති භගවා; ‘භගවා’ති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං ‘භගවා’ති - ‘වීතතණ්හො පුරා භෙදා ඉති{2} භගවා,
Sinhala BJTභගවා - යනු: ගෞරවාධිවචන යැ තවද: භග්නරාග නුයි - භගවත් යැ, භග්නද්වෙෂ නුයි භගවත් යැ, භග්නමොහ නුයි - භගවත් යැ, භග්නදෘෂ්ටි නුයි - භග්නමාන නුයි - භග්නකණ්ටක නුයි - භග්නක්ලෙශ නුයි - භගවත් යැ; ධර්‍මරත්නය භාග - විභාග - ප්‍රතිවිභාග කෙළේ නුයි - භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි - භගවත් යැ, භාවිතකාය - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත් නුයි භගවත් යැ. බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රාහස්‍යයනට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුරසෙනසුන් හා ඉතා දුරසෙනසුන් සේවනය කළාහු නුයි හෝ භගවත් යැ, බුදුහු චීවරපිණ්ඩපාතසෙනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු අර්ත්‍ථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්‍ෂයන්ට අෂ්ට අභිහායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු දශ සංඥාභාවනාවන්ට දශ කෘත්සනසමාපත්තීන්ට ආනාපානස්මෘති සමාධියට අශුභසමාපත්තියට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු සතර ස්මෘතිප්‍රස්ථානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගයට හිමි වූවාහු නුයි හෝ - භගවත් යැ, බුදුහු දශ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට චතුර්ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන්ට ෂඩ්බුද්ධ ධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, ‘භගවත්’ යන තෙල නාමය මව විසින් නො කරන ලද, පියා විසින් - බෑයකු විසින් - බූනක විසින් මිතුරු - යහළුවන් විසින් - නෑසහලේනෑයන් විසින් - මහණබමුණන් විසින් දෙවියන් විසින් නො කරන ලද, ‘භගවත්’ යන යම් ප්‍රඥප්තියක් වී ද භගවත් බුදුවරුන්ට රහත්පෙලෙන් උපන් තෙල නාමය බෝමුල දී සර්‍වඥතාඥානය ලැබීම සමග සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘වීතතණ්හො පුරාභෙදා ඉති භගවා’ යනු වේ.
Pali BJTපුබ්බමන්තමනිස්සිතොති - පුබ්බන්තො වුච්චති අතීතො අද්ධා; අතීතං අද්ධානං ආරබ්භ තණ්හා පහීනා හොති, දිට්ඨි පටිනිස්සට්ඨා; තණ්හාය පහීනත්තා දිට්ඨියා පටිනිස්සට්ඨත්තා එවම්පි පුබ්බමන්තමනිස්සිතො; අථවා, ‘එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති’ ‘තත්ථ නන්දිං න සමන්නානෙති ‘එවංවෙදනො අහොසිං, එවංසඤ්ඤො අහොසිං, එවංසඞ්ඛාරො අහොසිං, එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති’ නත්ථි නන්දිං න සමන්නානෙති ‘එවම්පි - ‘පුබ්බමන්තමනිස්සිතො’ අථවා, ‘ඉති මෙ චක්ඛු අහොසි අතීතමද්ධානං, ඉති රූපාති තත්ථ න ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං, න ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස න තදභිනන්දති, න තදභිනන්දන්තො එවම්පි - ‘පුබ්බමන්තමනිස්සිතො’ ඉති මෙ සොතං අහොසි අතීතමද්ධානං, ඉති සද්දා’ති ඉති, මෙ ඝානං අහොසි අතීතමද්ධානං, ඉති ගන්ධා’ති, ඉති මෙ ජිව්හා අහොසි අතීතමද්ධානං, ඉති රසාති’, ‘ඉති මෙ කායො අහොසි අතීතමද්ධානං, ඉති ඵොට්ඨබ්බා’ති, ‘ඉති මෙ මනො අහොසි අතීතමද්ධානං, ඉති ධම්මා’ති තත්ථ න ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. න ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස න තදභිනන්දති, න තදභිනන්දන්තො එවම්පි - ‘පුබ්බමන්තමනිස්සිතො,’ ‘අථවා, යානා’ස්සු තානි{3} පුබ්බෙ මාතුගාමෙන සද්ධිං හසිතලපිතකීළිතානි, න තදස්සාදෙති, න තං නිකාමෙති; න ච තෙන විත්තිං ආපජ්ජති, එවම්පි ‘පුබ්බමන්තමනිස්සිතො.’
Sinhala BJTපුබ්බමන්තමනිස්සිතො - ‘පුබ්බන්ත’යී අතීතකාලය කියනු ලැබෙයි. අතීතකාලය නිසා තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී දෘෂ්ටිය දුරලන ලද්දී වෙයි, තෘෂ්ණාව ප්‍රහීණ හෙයින් දෘෂ්ටිය දුරැලූ හෙයින් මෙසේත් පූර්‍වාන්තය අනිඃශ්‍රිත වෙයි; නොහොත් අතීත කාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වීමී’ එහි ඇලීම නො එළවයි, ‘මෙබඳු වේදනා ඇතියෙම් වීමි, මෙබඳු සංඥා ඇතියෙම් වීමී, මෙබඳු සංස්කාර ඇතියෙම් වීමී, මෙබඳු විඥාන ඇතියෙම් වීමී’ එහි ඇලීම නො එළවයි. මෙසේත් පූර්‍වාන්තය අනිඃශ්‍රිත වෙයි; නොහොත් ‘මාගේ ඇස අතීතයෙහි මෙසේ විය, රූපයෝ මෙසේ වූහ’යි එහි විඥානය ඡන්‍දරාගය පිළිබැදි වූයේ නො වෙයි, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය නො කැමැති වෙයි; එය නො කැමැති වනුයේ මෙසේත් ‘පුබ්බමන්තමනිස්සිතො’ යනු වේ. ‘මාගේ ශ්‍රෝතප්‍රසාදය අතීතකාලයෙහි මෙසේ විය, ශබ්දයෝ මෙසේ වූහ’යි - ‘මාගේ ඝ්‍රාණපුසාදය අතීතයෙහි මෙසේ විය, ගන්‍ධයෝ මෙසේ වූහ’යි - ‘මාගේ ජිහ්වාප්‍රසාදය අතීතයෙහි මෙසේ විය, රසයෝ මෙසේ වූහ’යි - ‘මාගේ කායප්‍රසාදය අතීතයෙහි මෙසේ විය, ස්ප්‍රෂ්ටව්‍යයෝ මෙසේ වූහ’යි - ‘මාගේ භවාඞ්ග චිත්තය මෙසේ විය, මාගේ ත්‍රෛභූමක ධර්‍මාලම්බනයෝ මෙසේ වූහ’යි එහි විඥානය ඡන්‍දරාගප්‍රතිබද්ධ වූයේ නො වෙයි, විඥානය ඡන්‍දරාගප්‍රතිබද්ධ නො වූ හෙයින් එය නො කැමැති වෙයි, එය නො කැමැති වනුයේ මෙසේත් -‘පුබ්බමන්තමනිස්සිතො’ යනු වේ. නොහොත් පෙර මාගමක සමග යම්බඳු ඒ ඒ කෙළිසිනාබස් වී නම් එය ආස්වාද නො කෙරෙයි, එය නො කැමැති වෙයි, එයින් නො ද සතුටට පැමිණේ. මෙසේත් -‘පුබ්බමන්තමනිස්සිතො’ යනු වේ.
Pali BJTවෙමජ්ඣෙනුපසංඛෙය්යොති - ‘වෙමජ්ඣං: වුච්චති පච්චුප්පන්නො අද්ධා, පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ තණ්හා පහීනා හොති, දිට්ඨි පටිනිස්සට්ඨා; තණ්හාය පහීනත්තා දිට්ඨියා පටිනිස්සට්ඨත්තා ‘රත්තො’ති නූපසංඛෙය්යො, ‘දුට්ඨො’ති නූපසංඛෙය්යො, ‘මූළ්හො’ති නූපසංඛෙය්යො, ‘විනිබද්ධො’ති නූපසංඛෙය්යො, ‘පරාමට්ඨො’ති නූපසංඛෙය්යො, ‘වික්ඛෙපගතො’ති නූපසංඛෙය්යො, ‘අනිට්ඨං ගතො’ ති නූපසංඛෙය්යො, ‘ථාමගතො’ති නූපසංඛෙය්යො: තෙ අභිසඞ්ඛාරා පහීනා, අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා නූපසංඛෙය්යො: නෙරයිකොති වා තිරච්ඡානයොනිකොති වා පෙත්තිවිසයිකොති වා මනුස්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා; සො හෙතු නත්ථි, පච්චයො නත්ථි, කාරණං නත්ථි, යෙන සඞ්ඛං ගච්ඡෙය්යාති - ‘වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්යො.’
Sinhala BJTවෙමජ්ඣෙනුපසඞ්ඛෙය්‍යො - ‘වෙමජ්ඣෙ’යී පවත්නා කාලය කියනු ලැබෙයි; වර්‍තමානකාලය අරබයා තෘෂ්ණාව ප්‍රහීණ වූවා, දෘෂ්ටිය දුරලන ලද්දී වෙයි, තෘෂ්ණාව ප්‍රහීණ බැවින් දෘෂ්ටිය දුරැලූ බැවින් ‘රාගයෙන් රක්ත’ යැයි නො ගිණියැ යුත්තේ යැ, ‘දුෂ්ට’ යැයි - ‘මූඪ’ යැයි - මානයෙන් බැඳිණැ’ යි - ‘දෘෂ්ටියෙන් පරාමෘෂ්ට’ යැයි - ඖද්ධත්‍යයෙන් වික්‍ෂේපයට පැමිණිණැ’යි - විචිකිත්සායෙන් අනිෂ්ඨාවට ගියේයැ’යි - ‘අනුශයෙන් දැඩිබවට ගියේයැ’යි නො ගිණියැ යුත්තේ යැ; ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයහ, ප්‍රහීණ බැවින් ‘නෙරිසත් වනැ’යි හෝ ‘තිරිසන්යෝනි ඇතියෙකැ’යි හෝ ‘ප්‍රෙතගති ඇතියෙකැ’යි හෝ ‘මිනිස් වන්නේයැ’යි හෝ ‘දෙවි වන්නේයැ’යි හෝ ‘රූපී යැ’යි හෝ ‘අරූපී යැ’යි හෝ ‘සංඥී යැ’යි හෝ ‘අසංඥී යැ’යි හෝ ‘නෛවසංඥීනාසංඥී යැ’යි හෝ ගතියෙන් නො ගිණියැ යුත්තේ ය; යම් හෙයෙකින් සඞ්ඛ්‍යාවට යන්නේ නම්, ඒ හේතුව නැත ඒ ප්‍රත්‍යය නැත කාරණය නැත් නුයි ‘වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්‍යො’ යනු වේ.
Pali BJTතස්ස නත්ථි පුරෙක්ඛතන්ති - ‘තස්සා’ති අරහතො ඛීණාසවස්ස; පුරක්ඛාරොති ද්වෙ පුරෙක්ඛාරා: තණ්හාපුරෙක්ඛාරො ච දිට්ඨිපුරෙක්ඛාරො ච, -පෙ- අයං තණ්හාපුරෙක්ඛාරො -පෙ- අයං දිට්ඨිපුරෙක්ඛාරො, තස්ස තණ්හාපුරෙක්ඛාරො පහීනො, දිට්ඨිපුරෙක්ඛාරො පටිනිස්සට්ඨො; තණ්හාපුරෙක්ඛාරස්ස පහීනත්තා දිට්ඨිපුරෙක්ඛාරස්ස පටිනිස්සට්ඨත්තා න තණ්හං වා දිට්ඨිං වා පුරතො කත්වා චරති, න තණ්හාධජො න තණ්හාකෙතු න තණ්හාධිපතෙය්යො, න දිට්ඨිධජො න දිට්ඨිකෙතු න දිට්ඨාධිපතෙය්යො, න තණ්හාය වා දිට්ඨියා වා පරිවාරිතො චරති; එවම්පි - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං.’ ‘අථවා, ‘එවංරූපො සියං අනාගතමද්ධාන’න්ති තත්ථ නන්දිං න සමන්නානෙති{1}; ‘එවංවෙදනො සියං - එවංසඤ්ඤො සියං- එවංසඞ්ඛාරො සියං - එවංවිඤ්ඤාණො සියං ‘අනාගතමද්ධාන’න්ති තත්ථ නන්දිං න සමන්නානෙති:{1} එවම්පි - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං. ‘අථවා, ‘ඉති මෙ චක්ඛු{2} සියා අනාගතමද්ධානං, ඉති රූපා: ති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති; චෙතසො අප්පණිධානප්පච්චයා{3} න තදභිනන්දති, න තදභිනන්දන්තො එවම්පි - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං. ‘ඉති මෙ සොතං සියා අනාගතමද්ධානං, ඉති සද්දා’ති - ‘ඉති මෙ ඝානං සියා අනාගතමද්ධානං, ඉති ගන්ධා’ති - ‘ඉති මෙ ජිව්හා සියා අනාගතමද්ධානං, ඉති රසා’ති - ‘ඉති මෙ කායො සියා අනාගතමද්ධානං, ඉති ඵොට්ඨබ්බා’ති - ‘ඉති මෙ මනො සියා අනාගතමද්ධානං, ඉති ධම්මා’ති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති; චෙතසො අප්පණිධානප්පච්චයා න තදභිනන්දති; න තදභිනන්දන්තො; එවම්පි - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං. ‘අථවා ‘ඉමිනාහං සීලෙන වා වතෙන{4} වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති; චෙතසො අප්පණිධානප්පච්චයා න තදභිනන්දති, න තදභිනන්දන්තො එවම්පි - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං.’
Sinhala BJTතස්ස නත්ථි පුරෙක්ඛතං - ‘තස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට, පුරෙක්ඛාර නම්: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැ’යි දෙ පුරස්කාර කෙනෙක් වෙති... ඔහු විසින් තෘෂ්ණාපුරස්කාරය ප්‍රහීණ යැ දෘෂ්ටිපුරස්කාරය දුරලන ලද, තෘෂ්ණාපුරස්කාරය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිපුරස්කාරය දුරැලූ බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙයි, තෘෂ්ණාධ්වජ ඇතියේ නො වෙයි, තෘෂ්ණාකෙතු ඇතියේ - තෘෂ්ණාව අධිපති කොට ඇතියේ දෘෂ්ටිධ්වජ ඇතියේ - දෘෂ්ටිකෙතු ඇතියේ දෘෂ්ටිය අධිපති කොට ඇතියේ නො වෙයි; තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ පිරිවරන ලදුයේ නො හැසිරෙයි; මෙසේ ත් ‘තස්ස නත්ථි පුරෙක්ඛතං’ යනු වේ. නොහොත් ‘අනාගතකාලයෙහි මෙබඳු රූ වෙම්ව’යි එහි නන්‍දිය (-තෘෂ්ණාව) නො එළවයි, ‘මෙබඳු වේදනා ඇති වෙම්ව’යි ‘මෙබඳු සංඥා ඇති වෙම්ව’යි - ‘මෙබඳු සංස්කාර ඇති වෙම්ව’යි - අනාගතයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’යි එහි සතුට නො එළවයි; මෙසේත් - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං’ යනු වේ. නොහොත් ‘මාගේ ඇස අනාගතකාලයෙහි මෙසේ වන්නේය, රූපයෝ මෙසේ වන්නාහ’යි නො ලද්දහු ගේ ලැබීම පිණිස සිත නො පිහිටුවයි; චිත්තයා ගේ ප්‍රාර්‍ත්‍ථනා නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේ ත් - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං’ යනු වේ. මාගේ ශ්‍රෝතප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, ශබ්දයෝ මෙසේ වන්නාහ’යි - මාගේ ඝ්‍රාණප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, ගන්‍ධයෝ මෙසේ වන්නාහ’යි - ‘මාගේ ජිහ්වාප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, රසයෝ මෙසේ වන්නාහ’යි - මාගේ කායප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, ස්ප්‍රෂ්ටව්‍යයෝ මෙසේ වන්නාහ’යි - ‘මාගේ භවාඞ්ගචිත්තය අනාගතයෙහි මෙසේ වන්නේය, ත්‍රෛභූමකධර්‍මාලම්බනයෝ මෙසේ වන්නාහ’යි නො ලද්දහුගේ ලැබීම පිණිස සිත නො පිහිටුවයි, චිත්තයාගේ ප්‍රාර්‍ත්‍ථනා නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වනුයේ මෙසේ ත් ‘තස්ස නත්ථි පුරෙක්ඛතං’ යනු වේ. නොහොත් ‘මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දෙවාන්‍යතරයෙන් හෝ වන්නෙමී’ නො ලද්දහු ලැබීම පිණිස සිත නො පිහිටුවයි, සිත නොපිහිටුවීම හේතු කොට ගෙන ඊට නො කැමැති වනුයේ මෙසේත් ‘තස්ස නත්ථි පුරෙක්ඛතං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“වීතතණ්හො පුරාභෙදා (ඉති භගවා) පුබ්බමන්තමනිස්සිතො, වෙමජ්ඣෙනුපසංඛෙය්යො තස්ස නත්ථි පුරෙක්ඛත”න්ති.
Sinhala BJT“වීතතණ්හො පුරාභෙදා -පෙ- තස්ස නත්ථි පුරෙක්ඛතං” යී.
Pali BJT10. 3.
Sinhala BJT10. 3.
Pali BJTඅක්කොධනො අසන්තාසී{1} අවිකත්ථි අකුක්කුචො{2} මන්තභාණී අනුද්ධතො ස වෙ වාචායතො මුනි.
Sinhala BJTයමෙක් නො කිපෙන පියවි ඇතියේ නො තැතිගන්නා සුලු වූයේ තමා හුවා නො දක්වන සුලු වූයේ කුකුස් රහිත වූයේ නුවණින් විමසා බණනු යේ උඩඟු නො වූයේ වේ ද ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙම ඒකාන්තයෙන් වචනයෙන් සංයම වූයේ වේ. (ඔහු උපශාන්ත යයි කියමි.)
Pali BJTඅක්කොධනො අසන්තාසීති - ‘අක්කොධනො’ති හි ඛො{3} වුත්තං, අපිච, කොධො තාව වත්තබ්බො - දසහාකාරෙහි කොධො ජායති ‘අනත්ථං මෙ අචරී’ති කොධො ජායති. ‘අනත්ථම්මෙ චරතී’ති කොධො ජායති. ‘අනත්ථම්මෙ චරිස්සතී’ති කොධො ජායති. ‘පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි, අනත්ථං චරති, අනත්ථං චරිස්සතී’ති කොධො ජායති, ‘අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි, අත්ථං චරති, අත්ථං චරිස්සතී’ති කොධො ජායති. අට්ඨානෙ වා පන කොධො ජායති. යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො{4} අනත්තමනතා චිත්තස්ස; අයං වුච්චති කොධො.
Sinhala BJTඅක්කොධනො අසන්තාසී - ‘අක්කොධනො’ යී මැ කියන ලද, තවද පළමු කොට ක්‍රෝධය කියයුතු යැ: දස අයුරෙකින් ක්‍රෝධය උපදී: ‘මට අවැඩ කෙළේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මට අවැඩ කෙරේ යැයි - ‘මට අවැඩ කරන්නේ’යි ක්‍රෝධය උපදී: ‘මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කෙළේයැ අවැඩ කරයි - අවැඩ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී; ‘මා ගේ අප්‍රිය අමනාප වූවහුට වැඩ කෙළේයැ - වැඩ කරයි - වැඩ කරන්නේයැ’යි ක්‍රෝධය උපදී; යළි අස්ථානයෙහි හෝ ක්‍රෝධය උපදී, යම් මෙබඳු වූ චිත්තයා ගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කොපයෙක් ප්‍රකොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වෙෂයෙක් සිත පෙරැළීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රොධාකාරයෙක් ක්‍රෝධ කරන බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍යවන බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් සැඬබවෙක් නො පිරුණු බසෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ක්‍රෝධ යයි කියනු ලැබේ.
Pali BJTඅපිච, කොධස්ස අධිමත්තපරිත්තතා වෙදිතබ්බා: අත්ථි කඤ්චි කාලං{5} කොධො චිත්තාවිලකරණමත්තො හොති, න ච තාව මුඛකුලානවිකුලානො හොති; අත්ථි කඤ්චි කාලං කොධො මුඛකුලානවිකුලානමත්තො හොති, න ච තාව හනුසඤ්චොපනො හොති; අත්ථි කඤ්චි කාලං කොධො හනුසඤ්චොපනමත්තො හොති, න ච තාව ඵරුසවාචානිච්ඡාරණො හොති; අත්ථි කඤ්චි කාලං කොධො ඵරුසවාචානිච්ඡාරණමත්තො හොති, න ච තාව දිසාවිදිසානුවිලොකනො හොති; අත්ථි කඤ්චි කාලං කොධො දිසාවිදිසානුවිලොකනමත්තො හොති, න ච තාව දණ්ඩසත්ථපරාමසනො හොති; අත්ථි කඤ්චි කාලං කොධො දණ්ඩසත්ථපරාමසනමත්තො හොති, න ච තාව දණ්ඩසත්ථඅබ්භුක්කිරණො හොති; අත්ථි කඤ්චි කාලං කොධො දණ්ඩසත්ථඅබ්භුක්කිරණමත්තො හොති, න ච තාව දණ්ඩසත්ථඅභිනිපාතනො හොති; අත්ථි කඤ්චි කාලං කොධො දණ්ඩසත්ථඅභිනිපාතනමත්තො හොති, න ච තාව ඡින්නවිඡින්නකරණො{6} හොති, අත්ථි කඤ්චි කාලං කොධො ඡින්නවිඡින්නකරණමත්තො හොති, න ච තාව සම්භඤ්ජනපළිභඤ්ජනො හොති; අත්ථි කඤ්චි කාලං කොධො සම්භඤ්ජනපළිභඤ්ජනමත්තො හොති, න ච තාව අඞ්ගමඞ්ගාපකඩ්ඪනො හොති; අත්ථි කඤ්චි කාලං කොධො අඞ්ගමඞ්ගාපකඩ්ඪනමත්තො හොති, න ච තාව ජීවිතා වොරොපණො{7} හොති; අත්ථි කඤ්චි කාලං කොධො ජීවිතා වොරොපණමත්තො හොති, න ච තාව සබ්බචාගපරිච්චාගාය සණ්ඨිතො හොති, යතො කොධො පරපුග්ගලං ඝාතෙත්වා අත්තානං ඝාතෙති, එත්තාවතා කොධො පරමුස්සදගතො පරමවෙපුල්ලප්පත්තො හොති.
Sinhala BJTතවද, ක්‍රෝධයාගේ අඩුවැඩි බව දතයුතු යැ: කිසිවිටෙක ක්‍රෝධ තෙමේ සිත කළඹන මතුයෙක් වෙයි, තව මුහුණ කුළනු හකුළනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය මුහුණ කුළන හකුළන පමණ වූයේ වෙයි, තව හනු සොලවනු වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය හනු සොලවනුයේ වෙයි, තව පරොස්බස් කියන පමණ වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය පරොස්බස් කියන පමණ වෙයි, තවම වට පිට බලනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය වට පිට බලන පමණ වූයේ වෙයි, තවම දඬු සැත් නො ද ගන්නේ වෙයි; කිසිවිටෙක කෝපය දඬු සැත් ගන්නා පමණ වූයේ වෙයි, තවම දඬු සැත් නඟනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් කියපාන (-නඟන) පමණ වූයේ වෙයි, තවම දඬු සැත් දමාගසනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය දඬුසැත් දමාගසන පමණ වූයේ වෙයි, තවම (මෙරමා සිරුර) සිදුරු කරනු වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය සිරුර සිදුරු බිදුරු කරන පමණ වූයේ වෙයි, තවම සිරුර සුණු විසුණු කරනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය සිරුර සුණු විසුණු කරන පමණ වූයේ වෙයි. තවම අඟපසඟ ඇද කඩනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය අඟපසඟ ඇද කඩන පමණ වූයේ වෙයි, තවම දිවි තොර කරනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය දිවි තොර කරන පමණ වූයේ වෙයි, තවම මෙරමා දිවි නසා සිය දිවි නැසීම පිණිස සිටියේ නො ද වෙයි; යම් කලෙක ක්‍රෝධය සතුරා නසා තමා ත් නසා ද, මෙතෙකින් ක්‍රෝධ තෙමේ ඉතා බලවත් බවට ගියේ ඉතා මහත් බවට පැමිණියේ වේ.
Pali BJTයස්ස සො කොධො පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො, සො වුච්චති ‘අක්කොධනො.’ කොධස්ස පහීනත්තා ‘අක්කොධනො.’ කොධවත්ථුස්ස පරිඤ්ඤාතත්තා ‘අක්කොධනො.’ කොධහෙතුස්ස උපච්ඡින්නත්තා ‘අක්කොධනො’ති ‘අක්කොධනො,’ අසන්තාසීති - ඉධෙකච්චො තාසී හොති උත්තාසී පරිත්තාසී, සො තසති උත්තසති පරිත්තසති භායති සන්තාසං ආපජ්ජති: කුලං වා න ලභාමි, ආවාසං වා න ලභාමි, ලාභං වා න ලභාමි, යසං වා න ලභාමි, පසංසං වා න ලභාමි, සුඛං වා න ලභාමි, චීවරං වා න ලභාමි, පිණ්ඩපාතං වා න ලභාමි, සෙනාසනං වා න ලභාමි, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං වා න ලභාමි, ගිලානූපට්ඨාකං{1} වා න ලභාමි, අප්පඤ්ඤාතොම්හීති{2} තසති උත්තසති පරිත්තසති භායති සන්තාසං ආපජ්ජති. ඉධ භික්ඛු අසන්තාසී හොති අනුත්තාසී අපරිත්තාසී, සො න තසති න උත්තසති න පරිත්තසති න භායති න සන්තාසං ආපජ්ජති: කුලං වා න ලභාමි, ගණං වා න ලභාමි, ආවාසං වා න ලභාමි, ලාභං වා න ලභාමි, යසං වා න ලභාමි. පසංසං වා න ලභාමි. සුඛං වා න ලභාමි, චීවරං වා න ලභාමි, පිණ්ඩපාතං වා න ලභාමි, සෙනාසනං වා න ලභාමි, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං වා න ලභාමි, ගිලානූපට්ඨාකං වා න ලභාමි, අප්පඤ්ඤාතොම්හීති න තසති න උත්තසති න පරිත්තසති න භායති න සන්තාසං ආපජ්ජතීති ‘අක්කොධනො අසන්තාසී.’
Sinhala BJTයමක්හු විසින් ඒ ක්‍රෝධය ප්‍රහීණ වූයේ නසන ලද්දේ සන්හිඳුණේ දුරලන ලද්දේ අභව්‍යොත්පත්තික වූයේ නුවණගින්නෙන් දවන ලද්දේ වේ ද, හෙ තෙම ‘අක්කෝධන’ යී කියනු ලැබේ. ක්‍රෝධය (අනගැමිමගින්) ප්‍රහීණ කළ බැවින් නො කිපෙනුයේ යැ; ක්‍රොධවස්තුව පරිඥාත බැවින් නො කිපෙනුයේ යැ; ක්‍රෝධ හේතුව සිඳින ලද බැවින් නො කිපෙනුයේ නුයි ‘අක්කෝධන’ වේ. අසන්තාසී - මෙ ලොවැ කිසිවෙක් බියසුලු වෙයි, ඉතා බියසුලු වෙයි, හාත්පසින් බියසුලු වේ. හේ ත්‍රස්ත වෙයි, ඉතා ත්‍රස්ත වෙයි, හාත්පසින් ත්‍රස්ත වෙයි, බියට පැමිණෙයි, සන්ත්‍රාසයට පැමිණෙයි: කුලය හෝ නො ලබමි, ගණයා හෝ - ආවාසය - ලාභ - යශස් - පැසැසුම් - සුව - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙත්පිරිකර - ග්ලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ ත්‍රස්ත වෙයි, ඉතා ත්‍රස්ත වෙයි, හාත්පසින් ත්‍රස්ත වෙයි; තැති ගැනීමට පැමිණේ. මේ ශාසනයෙහි මහණ තෙම බියසුලු නො වෙයි, ඉතා බියසුලු නො වෙයි, හාත්පසින් බියසුලු නො වෙයි. හෙ තෙම ත්‍රස්ත - උත්‍රස්ත - පරිත්‍රස්ත - නො වෙයි, භය නො වෙයි, සන්ත්‍රාසයට නො පැමිණෙයි: ‘කුලය හෝ නො ලබමි, ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්‍රශංසා - සුඛ - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙත්පිරිකර - ග්ලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ ත්‍රස්ත - උත්‍රස්ත - පරිත්‍රස්ත නො වෙයි, භය නො වෙයි, සන්ත්‍රාසයට නො පැමිණේ නුයි ‘අක්කොධනො අසන්තාසී’ යනු වේ.
Pali BJTඅවිකත්ථි අකුක්කුචොති - ‘ඉධෙකච්චො කත්ථි හොති විකත්ථි, සො කත්ථති විකත්ථති: අහමස්මි සීලසම්පන්නොති වා වතසම්පන්නොති වා සීලබ්බතසම්පන්නොති වා, ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා, උච්චාකුලා පබ්බජිතොති වා මහාකුලා පබ්බජිතොති වා මහාභොගකුලා පබ්බජිතොති වා උළාරභොගකුලා පබ්බජිතොති වා, ඤාතො යසස්සී සගහට්ඨපබ්බජිතානන්ති වා, ලාභීම්හි චීවරපිණ්ඩපාතිසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති වා, සුත්තන්තිකොති වා විනයධරොති වා ධම්මකථිකොති වා, ආරඤ්ඤිකොති වා පිණ්ඩපාතිකොති වා පංසුකූලිකොති වා තෙචීවරිකොති වා සපදානචාරිකොති වා ඛලුපච්ඡාභත්තිකොති වා නෙසජ්ජිකොති වා යථාසන්ථතිකොති වා, පඨමස්ස ඣානස්ස ලාභීති වා දුතියස්ස ඣානස්ස ලාභීති වා තතියස්ස ඣානස්ස ලාභීති වා චතුත්ථස්ස ඣානස්ස ලාභීති වා, ආකාසානඤ්චායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභීති වා කත්ථති විකත්ථති. එවං න කත්ථති, න විකත්ථති; කත්ථනා විකත්ථනා ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘අවිකත්ථි.’
Sinhala BJTඅවිකත්‍ථි අකුක්කුචො - මෙ ලොවැ කිසිවෙක් සිය ගුණය කියන සුලු වූයේ විවිධාකාරයෙන් ගුණ කියනසුලු වූයේ වෙයි; හෙතෙම කත්‍ථන විකත්‍ථන කෙරෙයි: ‘මම් ශීලසම්පන්නයෙමී’ හෝ ‘ව්‍රතසම්පන්නයෙමී’ හෝ ශීලව්‍රතසම්පන්නයෙමී’ හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් - කුලපුත්‍රභාවයෙන් - වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් - ධනයෙන් - අධ්‍යයනයෙන් - කර්‍මායතනයෙන් හෝ ශිල්පායතනයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ එක්තරා වස්තුවකින් හෝ, උසස් කුලයෙන් (නික්ම) පැවිදි වූයෙමී හෝ මහාසාරකුලයෙන් පැවිදි වූයෙමී හෝ මහාභෝග ඇති කුලයෙන් පැවිදි වූයෙමී හෝ බොහෝ සම්පත් ඇති කුලයෙන් පැවිදි වූයෙමී හෝ ගැහැවියන් සහිත පැවිද්දන් අතුරෙහි ප්‍රසිද්ධයෙමි පිරිවර ඇත්තෙමි හෝ චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත්පිරිකර ලබන සුලු වෙමී හෝ සෞත්‍රාන්තිකයෙමි - විනයධරයෙමි - ධර්‍මකථිකයෙමී හෝ ආරණ්‍යකාඞ්ග ඇත්තෙමි හෝ පිණ්ඩපාතික - පාංශුකූලික - ත්‍රෛචීවරික - සපදානචාරික - ඛලුපච්ඡාහත්තික - නෙසජ්ජික - යථාසන්‍ථතිකාඞ්ග ඇත්තෙමි හෝ, ප්‍රථමධ්‍යානලාභී වෙමී හෝ ද්විතීයධ්‍යාන - තෘතීයධ්‍යාන - චතුර්‍ත්‍ථධ්‍යාන ලාභී වෙමී හෝ, ආකාසානඤ්චායතනසමාපත්තිය විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය නෙවසඤ්ඤානාසඤ්ඤාසමාපත්තිලාභී වෙමී’ හෝ කත්‍ථන විකත්‍ථන කෙරෙයි; මෙසේ කත්‍ථන විකත්‍ථන නො කෙරෙයි, කත්‍ථනයෙන් විකත්‍ථනයෙන් (-ආත්මශලාඝායෙන්) දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘අවිකත්‍ථි’ යනු වේ.
Pali BJTඅකුක්කුචොති - ‘කුක්කුච්ච’න්ති හත්ථකුක්කුච්චම්පි කුක්කුච්චං, පාදකුක්කුච්චම්පි කුක්කුච්චං, හත්ථපාදකුක්කුච්චම්පි කුක්කුච්චං, “අකප්පියෙ කප්පියසඤ්ඤිතා, කප්පියෙ අකප්පියසඤ්ඤිතා, විකාලෙ කාලසඤ්ඤිතා, කාලෙ විකාලසඤ්ඤිතා, අවජ්ජෙ වජ්ජසඤ්ඤිතා. වජ්ජෙ අවජ්ජසඤ්ඤිතා. යං එවරූපං කුක්කුච්චං කුක්කුච්චායනා කුක්කුච්චායිතත්තං, චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච්චති කුක්කුච්චං{a}.”. අපිච ද්වීහි කාරණෙහි උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො: කතත්තා ච අකතත්තා ච. කථං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො? ‘කතං මෙ කායදුච්චරිතං, අකතං මෙ කායසුචරිත’න්ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො; ‘කතං මෙ වචීදුච්චරිතං, අකතං මෙ වචීසුචරිත’න්ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො; ‘කතං මෙ මනොදුච්චරිතං, අකතම්මෙ මනොසුචරිත’න්ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො; ‘කතො මෙ පාණාතිපාතො, අකතා මෙ පාණාතිපාතා වෙරමණී’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො, ‘කතං අදින්නාදානං අකතා මෙ අදින්නාදානා වෙරමණී’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො; ‘කතො මෙ කාමෙසු මිච්ඡාචාරො අකතා මෙ කාමෙසු මිච්ඡාචාරා වෙරමණී’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ‘කතො මෙ මුසාවාදො. අකතා මෙ මුසාවාදා වෙරමණී’ති - ‘කතා මෙ පිසුනා වාචා. අකතා මෙ පිසුනාය වාචාය වෙරමණී‘ති- ‘කතා මෙ ඵරුසා වාචා, අකතා මෙ ඵරුසාය වාචාය වෙරමණී‘ති - ‘කතො මෙ සම්ඵප්පලාපො, අකතා මෙ සම්ඵප්පලාපා වෙරමණී’ති - ‘කතා මෙ අභිජ්ඣා, අකතා මෙ අනභිජ්ඣා’ති - ‘කතො මෙ ව්යාපාදො - අකතො මෙ අව්යාපාදො’ති - ‘කතා මෙ මිච්ඡාදිට්ඨි. අකතා මෙ සම්මාදිට්ඨි’ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. එවං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. අථ වා සීලෙසුම්හි න පරිපූරකාරීති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ඉන්ද්රියෙසුම්හි අගුත්තද්වාරොති - භොජනෙ අමත්තඤ්ඤූම්හීති ජාගරියං අනනුයුත්තොම්හීති න සතිසම්පජඤ්ඤෙන සමන්නාගතොම්හීති - අභාවිතා මෙ චත්තාරො සතිපට්ඨානාති - අභාවිතා මෙ චත්තාරො සම්මප්පධානාති - අභාවිතා මෙ චත්තාරො ඉද්ධිපාදාති - අභාවිතානි මෙ පඤ්චින්ද්රියානීති අභාවිතානි මෙ පඤ්චබලානීති - අභාවිතා මෙ සත්ත බොජ්ඣඞ්ගාති අභාවිතො{1} මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගෙති - දුක්ඛං මෙ අපරිඤ්ඤාතන්ති - සමුදයො මෙ අප්පහීනොති, මග්ගො මෙ අභාවිතොති - නිරොධො මෙ අසච්ඡිකතොති උප්පජ්ජති, කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. යස්සෙතං කුක්කුච්චං පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪං, සො වුච්චති අකුක්කුච්චොති - අවිකත්ථි අකුක්කුචො.
Sinhala BJTඅකුක්කුචො - ‘කුක්කුච්ච’ නම්: අත්කුකුස (=අතින් කළ කුත්සිත ක්‍රියාව) ද කුකුස යැ, පාකුකුස ද කුකුස යැ, අත්පාකුකුස ද කුකුස යැ, නො කැපයෙහි කැපයැ යන් සන් (=සංඥා) ඇතිබව - කැපයෙහි අකැපසන් ඇතිබව - විකාලයෙහි කාලයැ’යි සන් ඇතිබව - කාලයෙහි විකාලයැ’යි සන් ඇතිබව - නිවරදෙහි වරදැයි හැඟීම - වරදෙහි නිවරදැයි හැඟීම යැ යන මෙබඳු යම් කුකුසෙක් කුකුස් අයුරෙක් කුකුස් කළබවෙක් සිතෙහි විපිළිසරෙක් චිත්තවිලෙඛයෙක් වේ ද, මේ ‘කුක්කුච්ච’ යයි කියනු ලැබේ. තවද දෙ කරුණෙකින් කුකුස චිත්තවිප්පටිසාරය චිත්තවිලෙඛය උපදී: කළ බැවින් හා නො කළ බැවින් හා යැ, කළබැවින් හා නො කළ බැවින් හා කුකුස... විලේඛය කෙසේ උපදී ද යත්? ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කාය සුචරිතය නො කරන ලදැ’යි කුකුස චිත්තවිප්පටිසාරය චිත්තවිලෙඛය උපදී; ‘මා විසින් වාග්දුශ්චරිතය කරන ලද, වාක්සුචරිතය නො කරන ලදැ’යි... ‘මා විසින් මනෝදුශ්චරිතය කරන ලද, මා විසින් මනස්සුචරිතය නො කරන ලදැ’යි කුකුස සිතෙහි විපිළිසර සිතෙහි විලේඛය උපදී; ‘මා විසින් ප්‍රාණඝාතය කරන ලද, මා විසින් ප්‍රාණඝාතවිරමණය නො කරන ලදැ’යි... ‘මා විසින් අදත්තාදානය කරන ලද, මා විසින් අදත්තාදානවිරමණය නො කරන ලදැ’යි... ‘මා විසින් කාමමිත්‍ථ්‍යාචාරය කරන ලද, මා විසින් කාමමිත්‍ථ්‍යාචාරයෙන් විරමණය නො කරන ලදැ’යි... ‘මා විසින් මෘෂා කියන ලද, මා විසින් මෘෂාවාදවිරමණය නො කරන ලදැ’යි - ‘මා විසින් පිසුනුබස් කියන ලද, පිසුනු බසින් වැළැකීම නො කරන ලදැ’යි - ‘මා විසින් පරුෂවචන කියන ලද, පරුෂවචනයෙන් වැළැකීම නො කරන ලදැ’යි - ‘මා විසින් ප්‍රලාප කියන ලද, ප්‍රලාපයෙන් වැළැකීම නො කරන ලදැ’යි - ‘මා විසින් අභිධ්‍යාව (-දැඩිලෝභය) කරන ලද, අනභිධ්‍යාව මා විසින් නො කරන ලදැ’යි - ‘මා විසින් ව්‍යාපාද කරන ලද, අව්‍යාපාද මා විසින් නො කරන ලදැ’යි - ‘මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, සම්‍යග්දෘෂ්ටි මා විසින් නො ගන්නා ලදැ’යි කුකුස සිතට විපිළිසර මනෝවිලේඛය උපදී; මෙසේ කළ බැවින් ද නො කළ බැවින් ද කෞකෘත්‍ය චිත්තවිප්‍රතිසාර මනොවිලෙඛ උපදී; නොහොත් ඉන්‍ද්‍රියයන්හි නො පියු දොර ඇතියෙම් වීමී - භෝජනයෙහි පමණ නො දතුයෙම් වීමී - නිදිවැරීමෙහි නො යෙදුණෙමී - සිහිනුවණින් සමන්විතයෙම් නො වීමී - මා විසින් සතර සීවටන් නො වඩන ලදැ’යි - සතර සම්‍යක්ප්‍රදහන මා විසින් නො වඩන ලදැ’යි - සතර ඍද්ධිපාද මා විසින් නො වඩන ලදැ’යි - පඤ්චේන්‍ද්‍රියයෝ මා විසින් නො වඩන ලදහ’යි - පඤ්චබලයෝ මා විසින් නො වඩන ලදහ’යි - සප්තබෝධ්‍යඞ්ගයෝ මා විසින් නො වඩන ලදහ’යි - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය මා විසින් නො වඩන ලදැ’යි - මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැ’යි - සමුදයසත්‍යය අප්‍රහීණ යැ’යි - මාර්‍ගසත්‍යය අභාවිත යැ’යි - නිරෝධසත්‍යය මා විසින් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැ’යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. යමක්හු හට තෙල කුකුස ප්‍රහීණ ද සමුච්ඡින්න ද සන්හිඳිණි ද නැසිණි ද උපතට නුසුදුසු වී ද, නුවණගින්නෙන් දැවිණි ද, හෙතෙම ‘අකුක්කුච්ච’ යැයි කියනු ලැබේ නුයි’ අවිකත්‍ථි අකුක්කුචො’ යනු වේ.
Pali BJTමන්තභාණී අනුද්ධතොති - ‘මන්තා’ වුච්චති පඤ්ඤා, යා පඤ්ඤා පජානනා - අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි{a}; මන්තාය පරිග්ගහෙත්වා වාචං භාසති, බහුම්පි කථෙන්තො බහුම්පි භණන්තො බහුම්පි දීපයන්තො බහුම්පි වොහරන්තො දුක්කථිතං දුභණිතං දුල්ලපිතං දුරුත්තං දුබ්භාසිතං වාචං න භාසතීති මන්තභාණී. අනුද්ධතො - තත්ථ කතමං උද්ධච්චං? යං චිත්තස්ස උද්ධච්චං අවුපසමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, ඉදං වුච්චති උද්ධච්චං. යස්සෙතං පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪං, සො වුච්චති අනුද්ධතොති - ‘මන්තභාණී අනුද්ධතො.’
Sinhala BJTමන්තභාණී අනුද්ධතො - ‘මන්තා’යී ප්‍රඥාව කියනු ලබයි, යම් ප්‍රඥාවක්... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වී ද එය යි; මන්තා (-ප්‍රඥා)යෙන් විමස විමසා වචන කියයි, බොහෝ බසුදු කියනුයේ බොහෝ බණනුයේ බොහෝ දක්වනුයේ බොහෝ කොට ත් වහරනුයේ දුෂ්කථිත වූ දුර්භණිත වූ දුල්ලපිත වූ නපුරු කොට කියන ලද දුබැසි වූ බසක් නො කියා නුයි ‘මන්තභාණී’ යැ; අනුද්ධතො - එහි ‘උද්ධච්චය’ කවරැ යත්? සිතෙහි යම් උඩඟු බවෙක් නො සන්හුන් බවෙක් සිතෙහි විසුරුණු බවෙක් චිත්තයා ගේ භ්‍රාන්ත (-තැතිගත්) බවෙක් වේ නම්, මේ ‘උද්ධච්ච’ යයි කියනු ලැබේ. යමක්හු හට මේ උද්ධත බව ප්‍රහීණ ද සම්චුඡින්න වී ද සන්හිඳිණි ද නැසිණි ද අභව්‍යොත්පත්තික ද, ඥානාග්නීන් දැවිණි ද, හේ ‘අනුද්ධත’ යයි කියනු ලැබේ නුයි ‘මන්තභාණී අනුද්ධතො’ යනු වේ.
Pali BJTස චෙ වාචායතො මුනීති - ‘ඉධ භික්ඛු මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති; ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො{1} සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති, යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති, කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. චතූහි වචීසුචරිතෙහි සමන්නාගතො චතුදොසාපගතං වාචං භාසති, ද්වත්තිංසාය තිරච්ඡානකථාය ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. දස කථාවත්ථුනි{2} කථෙති, සෙය්යථීදං? අප්පිච්ඡකථං කථෙති. සන්තුට්ඨිකථං කථෙති. පවිවෙකකථං අසංසග්ගකථං විරියාරම්භකථං සීලකථං සමාධිකථං පඤ්ඤාකථං විමුත්තිකථං විමුත්තිඤාණදස්සනකථං සතිපට්ඨානකථං සම්මප්පධානකථං ඉද්ධිපාදකථං ඉන්ද්රියකථං බලකථං බොජ්ඣඞ්ගකථං මග්ගකථං ඵලකථං නිබ්බානකථං කථෙති; වාචාය යතො යත්තො පරියත්තො ගුත්තො ගොපිතො රක්ඛිතො වූපසන්තො; මුනීති මොනං වුච්චති ඤාණං. යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි{a} -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනීති - ස චෙ වාචායතො මුනි.
Sinhala BJTස වෙ වාචායතො මුනි - මෙ සස්නෙහි මහණ තෙම මෘෂාවාදය හැර මෘෂාවාදයෙන් වැළැකුණේ වෙයි, සැබෑ කියනුයේ සැබැවින් සැබව ගළපනුයේ තිර වූයේ හැදැහිය යුතු බස් ඇතියේ ලෝකයා නො රවටනුයේ වෙයි; පිසුනු බස් හැරපියා පිසුනු බසින් වැළැකුණේ වෙයි: මෙතැනින් අසා මුන්ගේ බිඳුමට අතැන නො කියනුයේ, අතැනින් අසා අරුන්ගේ බිඳුමට මොවුන්ට නො කියනුයේ වෙයි, මෙසේ භින්න වූවන් ද සමග කරනුයේ සමග වූවන් හෝ දැඩි කරනුයේ සමගියෙහි ඇලුම් ඇතියේ සමග වූවන් කෙරෙහි ඇලුණේ සමග වූවන්ට සතුටු වූයේ සමග කරන බස් කියනුයේ වෙයි. රළුබස් හැරපියා රළුබසින් වැළැකුණේ වෙයි, යම් වචනයෙක් නිදොස් ද කනට සුව ද පෙම් උපදවා ද සිතට වදී ද, පුරෙහි වූවා ද බොහෝ දෙනාට කැමැති ද බොහෝ දෙනාගේ මන වඩා ද, එබඳු වචන කියන්නේ වෙයි. නිසරු (-ප්‍රලාප) බස් හැරපියා නිසරුබසින් වැළැකුණේ වෙයි, කල් බලා කියනුයේ සැබවක් ම කියනුයේ වැඩදායක තෙපුල් කියනුයේ ධර්‍මවාදී වූයේ විනයවාදී වූයේ සුදුසු කල කරුණු සහිත වූ පිරිසිඳීම් ඇති වැඩ සහිත වූ ළෙහි තැබිය යුතු වූ තෙපුලක් ම කියන්නේ වෙයි, සතර වාක්සුචරිතයෙන් සමන්‍විත වූයේ සතර දොසින් වෙන්වූ තෙපුලක් ම කියයි, දෙතිස් තිරිසන් කථාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙයි; දශ කථාවස්තූන් කියයි, ඒ මෙසේ යැ: අල්පෙච්ඡකථාව කියයි, ඉතරෙතරප්‍රත්‍යයසන්තොෂකථාව කියයි, විවේකනිශ්‍රිත කථාව කියයි, අසංසර්‍ගකථාව - වීර්‍ය්‍යාරම්භකථාව - ශීලකථාව - සමාධිකථාව - ප්‍රඥාකථාව - විමුක්තිකථාව - විමුක්තිඥානදර්‍ශනකථාව - සතිපට්ඨාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණකථාව කියයි; වචනයෙන් සංයම වූයේ දැමුණේ හාත්පසින් දැමුණේ ගෝපන වූයේ ගෝපිත වූයේ රැකුණේ සන්හිඳුණේ යැ; මුනි - ‘මොන’යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක්... ‘ස වෙ වාචායතො මුනි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අක්කොධනො අසන්තාසී අවිකත්ථි අකුක්කුචො, මන්තභාණී අනුද්ධතො ස චෙ වාචායතො මුනී”ති.
Sinhala BJT“අක්කොධනො -පෙ- වාචායතො මුනි” යී
Pali BJT10. 4.
Sinhala BJT10. 4.
Pali BJTනිරාසත්ති අනාගතෙ අතීතං නානුසොචති, විවෙකදස්සී ඵස්සෙසු දිට්ඨීසු ච න නීයති.
Sinhala BJTයමෙක් අනාගතයෙහි තෘෂ්ණා රහිත වේ ද, ඉක්මැගිය දැයට ශෝක නො කෙරේ ද, වර්‍තමාන චක්ඛුසම්ඵස්සාදියෙහි ආත්මාදිභාවවිවේකය දකී ද, දෙසැට දිටු අතුරෙන් කිසි දෘෂ්ටියකින් නො පමුණුවනු ලැබේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)
Pali BJTනිරාසත්ති අනාගතෙති ‘ආසත්ති’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං{a}, යස්සෙසා ආසත්ති තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති. එවම්පි - ‘නිරාසත්ති අනාගතෙ. ‘අථවා, එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්නානෙති{1}, එවංවෙදනො සියං - එවංසඤ්ඤො සියං - එවංසඞ්ඛාරො සියං - එවං විඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්නානෙති, එවම්පි නිරාසත්ති අනාගතෙ; අථවා, ‘ඉති මෙ චක්ඛුං සියා අනාගතමද්ධානං, ඉති රූපා’ති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති, චෙතසො අප්පණිධානප්පච්චයා න තදභිනන්දති, න තදභිනන්දන්තො එවම්පි නිරාසත්ති අනාගතෙ; ‘ඉති මෙ සොතං සියා අනාගතමද්ධානං, ඉති සද්දා’ති -පෙ- ‘ඉති මෙ මනො සියා අනාගතමද්ධානං, ඉති ධම්මා’ති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති; චෙතසො අප්පණිධානප්පච්චයා න තදභිනන්දති; න තදභිනන්දන්තො; එවම්පි - නිරාසත්ති අනාගතෙ; අථවා ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති; අප්පණිධානප්පච්චයා න තදභිනන්දති, න තදභිනන්දන්තො එවම්පි - ‘නිරාසත්ති අනාගතෙ.’
Sinhala BJTනිරාසන්ති අනාගතෙ - ‘ආසත්ති’යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි; යමක්හු විසින් මේ ආසත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සමුච්ඡින්න වූවා සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘අනාගතයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’යි එහි තෘෂ්ණාව නො එළවයි, ‘මෙබඳු වේදනා ඇති වෙම්ව’යි - සංඥා - සංස්කාර - විඥාන ඇති වෙම්ව’යි එහි තෘෂ්ණාව නො එළවයි, මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘අනාගතයෙහි මෙසේ මාගේ චක්‍ෂුඃප්‍රසාදය වන්නේය, මෙසේ රූපයෝ වන්නාහ’යි නො ලද්දහුගේ ලැබීමට සිත නො පිහිටුවයි, සිත පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනා නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. ‘අනාගතයෙහි මාගේ ශ්‍රෝතප්‍රසාදය මෙසේ වන්නේය, ශබ්දයෝ මෙසේ වන්නාහ’යි... අනාගතයෙහි මා ගේ භවාඞ්ගමනස මෙසේ වන්නේය, ත්‍රෛභූමකධර්‍මාලම්බනයෝ මෙසේ වන්නාහ’යි නො ලද්දහු ගේ ලැබීමට සිත නො පිහිටුවයි, චිත්තයා ගේ ප්‍රාර්‍ත්‍ථනා නැති බැවින් ඊට නො කැමැති වෙයි, ඊට නො කැමැති වන්නේ මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දේවාන්‍යතරයෙක් හෝ වන්නෙමී’ නො ලද්දහු ගේ ලැබීමට චිත්තප්‍රණිධිය නො පිහිටුවයි, චිත්තප්‍රණිධි නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ.
Pali BJTඅතීතං නානුසොචතීති - විපරිණතං වා වත්ථුං න සොචති, විපරිණතස්මිං වා වත්ථුස්මිං න සොචති; චක්ඛුං මෙ විපරිණතන්ති න සොචති, සොතං මෙ - ඝානං මෙ - ජිව්හා මෙ - කායො මෙ - රූපා මෙ - සද්දා මෙ - ගන්ධා මෙ - රසා මෙ - ඵොට්ඨබ්බා මෙ - කුලං මෙ - ගණො මෙ - ආවාසො මෙ - ලාභො මෙ - යසො මෙ - පසංසා මෙ - සුඛං මෙ - චීවරං මෙ - පිණ්ඩපාතො මෙ - සෙනාසනං මෙ - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො මෙ - මාතා මෙ - පිතා මෙ - භාතා මෙ - භගිනී මෙ - පුත්තො මෙ - ධීතා මෙ - මිත්තා මෙ - අමච්චා{2} මෙ - ඤාතකා මෙ - සාලොහිතා මෙ විපරිණතාති න සොචති. න කිලමති. න පරිදෙවති. න උරත්තාළිං කන්දති. න සම්මොහං ආපජ්ජතීති - ‘අතීතං නානුසොචති. ‘
Sinhala BJTඅතීතං නානුසොචති - නැසුණු වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසෙන කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මා ගේ ඇස නැසිණැ’යි ශෝක නො කෙරෙයි, කන - නැහැය - දිව - කය - රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - මාගේ කුලය - ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්‍රශංසා - සුඛ - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර - මව - පියා - සහෝදරයා - සහෝදරිය - පුතා - දුව - මිත්‍රයෝ - සහායයෝ - නෑයෝ - සහලේනෑයෝ නැසුණාහ’යි ශෝක නො කරයි, නො වෙහෙසෙයි, නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘අතීතං නානුසොචති’ යනු වේ.
Pali BJTවිවෙකදස්සී ඵස්සෙසූති - ‘ඵස්සො’ති චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනොසම්ඵස්සො අධිවචනසම්ඵස්සො පටිඝසම්ඵස්සො සුඛවෙදනීයො ඵස්සො දුක්ඛවෙදනීයො ඵස්සො අදුක්ඛමසුඛවෙදනීයො ඵස්සො. කුසලො ඵස්සො අකුසලො ඵස්සො අබ්යාකතො ඵස්සො කාමාවචරො ඵස්සො රූපාවචරො ඵස්සො අරූපාවචරො ඵස්සො සුඤ්ඤතො ඵස්සො අනිමිත්තො ඵස්සො අප්පණිහිතො ඵස්සො ලොකියො ඵස්සො ලොකුත්තරො ඵස්සො අතීතො ඵස්සො අනාගතො ඵස්සො පච්චුප්පන්නො ඵස්සො, යො එවරූපො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං. අයං වුච්චති ඵස්සො.
Sinhala BJTවිවේකදස්සී ඵස්සෙසු - ‘ඵස්ස’ නම්: චක්‍ෂුර්වඥානසහජාත ස්පර්‍ශය ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනොවිඥානසහජාත ස්පර්‍ශය අධිවචන (-මනෝද්වාරික) ස්පර්‍ශය ප්‍රතිඝ(-පඤ්චද්වාරික) ස්පර්‍ශය සුඛවේදනා උපදවන ස්පර්‍ශය දුඃඛ - උපෙක්‍ෂාවෙදනීය ස්පර්‍ශය කුශලචිත්තසහජාත ස්පර්‍ශය අකුශල - අව්‍යාකෘත - කාමාවචර - රූපාවචර - අරූපාවචර - ශුන්‍යත - අනිමිත්ත - අප්‍රණිහිත - ලෞකික - ලෝකෝත්තර - අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න ස්පර්‍ශය යන මෙබඳු වූ යම් පහසෙක් පහස්නා අයුරෙක් සංස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ඵස්ස’ යයි කියනු ලැබේ.
Pali BJTවිවෙකදස්සී ඵස්සෙසූති - චක්ඛුසම්ඵස්සං විවිත්තං පස්සති අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා, සොතසම්ඵස්සං විවිත්තං පස්සති - ඝානසම්ඵස්සං විචිත්තං පස්සති - ජිව්හාසම්ඵස්සං විවිත්තං පස්සති - කායසම්ඵස්සං විවිත්තං පස්සති - මනොසම්ඵස්සං විවිත්තං පස්සති - අධිවචනසම්ඵස්සං විවිත්තං පස්සති -පටිඝසම්ඵස්සං විවිත්තං පස්සති - සුඛවෙදනීයං ඵස්සං{1} - දුක්ඛවෙදනීයං ඵස්සං{1} - අදුක්ඛමසුඛවෙදනීයං ඵස්සං{1} - කුසලං ඵස්සං - අකුසලං ඵස්සං - අව්යාකතං ඵස්සං - කාමාවචරං ඵස්සං - රූපාවචරං ඵස්සං - අරූපාවචරං ඵස්සං - ලොකියං ඵස්සං{*} විවිත්තං පස්සති අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන; අථවා අතීතං ඵස්සං අනාගතෙහි ච{2} පච්චුප්පන්නෙහි ච ඵස්සෙහි විවිත්තං පස්සති, අනාගතං ඵස්සං අතීතෙහි ච පච්චුප්පන්නෙහි ච ඵස්සෙහි විවිත්තං පස්සති, පච්චුප්පන්නං ඵස්සං අතීතෙහි ච අනාගතෙහි{3} න ඵස්සෙහි විවිත්තං පස්සති; අථවා, යෙ තෙ ඵස්සා අරියා අනාසවා ලොකුත්තරා සුඤ්ඤතාපටිසඤ්ඤුත්තා, තෙ ඵස්සෙ විවිත්තෙ පස්සති රාගෙන දොසෙන මොහෙන කොධෙන උපනාහෙන මක්ඛෙන පළාසෙන ඉස්සාය මච්ඡරියෙන මායාය සාඨෙය්යෙන ථම්භෙන සාරම්භෙන මානෙන අතිමානෙන මදෙන පමාදෙන සබ්බකිලෙසෙහි සබ්බදුච්චරිතෙහි සබ්බදරථෙහි සබ්බසන්තාපෙහි සබ්බාකුසලාභිසඞ්ඛාරෙහි විවිත්තෙ පස්සතීති - ‘විවෙකදස්සී ඵස්සෙසු.’
Sinhala BJTවිවේකදස්සී ඵස්සෙසු - චක්‍ෂුඃසංස්පර්‍ශය ආත්මයෙන් හෝ ආත්මනීයභාවයෙන් හෝ නිත්‍ය බැවින් - ධ්‍රැව - ශාශ්වත - අවිපරිණාමභාවයෙන් හෝ වෙන් කොට දකී, ශ්‍රෝතසංස්පර්‍ශය... ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝ - අධිවචනසංස්පර්‍ශය - පටිඝ - සුඛවේදනීය - දුක්ඛවෙදනීය - කුසල - අකුසල - අව්‍යාකෘත - කාමාවචර - රූපාවචර - අරූපාවචර - ලෞකිකස්පර්‍ශය ආත්මභාවයෙන් හෝ ආත්මනීය - නිත්‍ය - ධ්‍රැව - ශාශ්වත - අවිපරිණාමස්වභාවයෙන් හෝ වෙන් කොට දකී; නොහොත් අතීතස්පර්‍ශය අනාගත වූ ද වර්‍තමාන වූ ද පහසුන් ගෙන් වෙන් කොට දකී, අනාගතස්පර්‍ශය අතීත ප්‍රත්‍යුත්පන්නස්පර්‍ශයන්ගෙන් ද වෙන් කොට දකී, වර්‍තමානස්පර්‍ශය අතීත අනාගතස්පර්‍ශයන්ගෙන් ද වෙන් කොට දකී; නොහොත් යම් ඒ පහස් කෙනෙක් ආර්‍ය්‍ය වූවාහු අනාශ්‍රව වූවාහු ලෝකෝත්තර වූවාහු ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූවාහු ද, ඒ ස්පර්‍ශයෙන් වෙන් වූවන් කොට දකී, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් උපනාහයෙන් මක්ඛයෙන් පලාසයෙන් ඊර්‍ෂ්‍යායෙන් මාත්සර්‍ය්‍යයෙන් මායාවෙන් ශාඨ්‍යයෙන් ස්තම්භයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු කෙලෙසුන්ගෙන් සියලු දුශ්චරිතයන්ගෙන් සියලු දරථයන්ගෙන් සියලු පරිදාහයන්ගෙන් සියලු සන්තාපයන්ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන්ගෙන් වෙන් වූවන් කොට දකී නුයි ‘විවේකදස්සී ඵස්සෙසු’ යනු වේ.
Pali BJTදිට්ඨීසු ච න නීයතීති - තස්ස ද්වාසට්ඨි දිට්ඨිගතානි පහීනාති සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි, සො දිට්ඨියා න යායති න නීයති න වුය්හති න සංහරීයති නපි තං දිට්ඨිගතං සාරතො පච්චෙති න පච්චාගච්ඡතීති - ‘දිට්ඨීසු ච න නීයති.’
Sinhala BJTදිට්ඨිසු ච න නීයති - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දග්ධ වූවාහුය, හේ දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි නො පමුණුවනු ලැබෙයි නො හරිනු ලැබෙයි, ඒ දෘෂ්ටිගතයට සාරහෙයින් නො ද පැමිණෙයි, නො පෙරළා ඒ නුයි ‘දිට්ඨිසු ච න නීයති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“නිරාසත්ති අනාගතෙ අතීතං නානුසොචති, විවෙකදස්සී ඵස්සෙසු දිට්ඨීසු ච න නීයතී”ති.
Sinhala BJT“නිරාසන්ති අනාගතෙ -පෙ- දිට්ඨිසු ච න නීයති” යී.
Pali BJT10. 5.
Sinhala BJT10. 5.
Pali BJTපතිලීනො අකුහකො අපිහාලු අමච්ඡරී, අප්පගබ්භො අජෙගුච්ඡො පෙසුනෙය්යෙ ච නො යුතො.
Sinhala BJTයමෙක් රාගාදිය ප්‍රහීණ කෙළේ කුහක නො වූයේ තෘෂ්ණා රහිත වූයේ නො මසුරු වූයේ කායාදි ප්‍රගල්භ රහිත වූයේ ජුගුප්සා නො කටයුතු වූයේ පිසුනු කීමෙහි නො යෙදුණේ ත් වේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)
Pali BJTපතිලීනො අකුහකොති - ‘පතිලීනො’ති රාගස්ස පහීනත්තා පතිලීනො දොසස්ස - මොහස්ස පහීනත්තා පතිලීනො; කොධස්ස - උපනාහස්ස - මක්ඛස්ස - පළාසස්ස - ඉස්සාය - මච්ඡරියස්ස -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං පහීනත්තා පතිලීනො{1} වුත්තං හෙතං භගවතා: ‘කථඤ්ච භික්ඛවෙ භික්ඛු පතිලීනො{1} හොති? ඉමස්ස භික්ඛවෙ භික්ඛුනො අස්මිමානො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො භික්ඛවෙ භික්ඛූ පතිලීනො හොතී”ති{a}. ‘පතිලීනො.’
Sinhala BJTපතිලීනො අකුහකො - ‘පතිලීනො’ යනු: රාගය ප්‍රහීණ කළ බැවින් ‘පතිලීන’ යැ, ද්වේෂය - මෝහය ප්‍රහීණ කළ බැවින් - ක්‍රෝධය - උපනාහය - මකුබව - යුගග්‍රාහය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය... සියලු අකුශලාභිසංස්කාරයන් ප්‍රහීණ කළ බැවින් ‘පතිලීන’ යැ; මේ වදාරන ලද මැය, භාග්‍යවතුන් විසින්: ‘කෙසේ නම් මහණෙනි, මහණ තෙමේ පතිලීන වේ ද? මහණෙනි, මේ මහණහුගේ අස්මිමානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ තාල වස්තුවක් මෙන් කරන ලද්දේ අනභාවය කරන ලද්දේ මතු නූපදනා පියවි ඇත්තේ වෙයි. මෙසේ මහණෙනි, මහණ පතිලීන වේ යැ”යි ‘පතිලීනො’ යනු වේ.
Pali BJTඅකුහකොති{2} - තීණි කුහනවත්ථූනි: පච්චයපටිසෙධනසඞ්ඛාතං{3} කුහනවත්ථු,{4} ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු, සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJTඅකුහකො - කුහනවස්තු තුනෙකි ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහන වස්තුව යැ ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ සාමන්තජල්පනසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැයි.
Pali BJTකතමං පච්චයපටිසෙධනසඞ්ඛාතං{3} කුහනවත්ථු? ඉධ ගහපතිකා භික්ඛුං නිමන්තෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. සො පාපිච්ඡො ඉච්ඡාපකතො අත්ථිකො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං භිය්යොකම්යතං උපාදාය චීවරං පච්චක්ඛාති පිණ්ඩපාතං පච්චක්ඛාති. සෙනාසනං පච්චක්ඛාති. ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පච්චක්ඛාති. සො එවමාහ: කිං සමණස්ස මහග්ඝෙන චීවරෙන? එතං සාරුප්පං - යං සමණො සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා වා නන්තකානි උච්චිනිත්වා සඞ්ඝාටිං ධාරෙය්ය. කිං සමණස්ස මහග්ඝෙන පිණ්ඩපාතෙන? එතං සාරුප්පං - යං සමණො උඤ්ඡාචරියාය පිණ්ඩියාලොපෙන ජීවිකං කප්පෙය්ය. කිං සමණස්ස මහග්ඝෙන සෙනාසනෙන? එතං සාරුප්පං - යං සමණො රුක්ඛමූලිකො වා අස්ස සොසානිකො වා අබ්භොකාසිකො වා. කිං සමණස්ස මහග්ඝෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන? එතං සාරුප්පං - යං සමණො පූතිමුත්තෙන වා හරීතකීඛණ්ඩෙන වා ඔසධං කරෙය්යාති. තදුපාදාය ලූඛං චීවරං ධාරෙති. ලූඛං පිණ්ඩපාතං පරිභුඤ්ජති. ලූඛං සෙනාසනං පටිසෙවති. ලූඛං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති. තමෙනං ගහපතිකා එවං ජානන්ති, අයං සමණො අප්පිච්ඡො සන්තුට්ඨො පවිවිත්තො අසංසට්ඨො ආරද්ධවිරියො ධුතවාදො’ති. භිය්යො භිය්යො නිමන්තෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. සො එවමාහ: “තිණ්ණං සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති: සද්ධාය සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්යධම්මස්ස සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දක්ඛිණෙය්යානං සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. තුම්හාකං චෙවායං සද්ධා අත්ථි, දෙය්යධම්මො ච සංවිජ්ජති. අහඤ්ච පටිග්ගාහකො. සචෙහං න පටිග්ගහෙස්සාමි, එවං තුම්හෙ පුඤ්ඤෙන පරිබාහිරා භවිස්සථ{5}. න මය්හං ඉමිනා අත්ථො. අපිච, තුම්හාකං යෙව අනුකම්පාය පටිගණ්හාමී”ති. තදුපාදාය බහුම්පි චීවරං පටිගණ්හාති. බහුම්පි පිණ්ඩපාතං පටිගණ්හාති. බහුම්පි සෙනාසනං පටිගණ්හාති. බහුම්පි ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිගණ්හාති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං, ඉදං පච්චයපටිසෙධනසඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJTප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්? මෙහි ගැහැවියෝ මහණක් හට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකරින් පවරති, හෙතෙම පාපේච්ඡ වූයේ ආශායෙන් මඩනා ලදුයේ සිවුරු... බෙහෙත් පිරිකර කැමැති වූයේ බොහෝ කැමැති බව නිසා චීවරය ප්‍රතික්‍ෂේප කරයි. පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙත්පිරිකර ප්‍රතික්‍ෂේප කරයි. හේ මෙසේ කියයි: ‘මහණහට මාහැඟි සිවුරෙන් කිම? යම් හෙයකින් මහණ තෙමේ සොහොනින් හෝ කසළගොඩින් හෝ අවුණු දොරින් හෝ රෙදිකැබැලි රැස් කොට සඟළ කොට දරන්නේ නම් තෙල සරුප් වෙයි; මහණ හට මාහැඟි පිණ්ඩපාතයෙන් කිම? යම් හෙයකින් මහණ සිඟා හැසිරීමෙන් පිණ්ඩපාතයෙන් ලද ආලොපයෙන් ජීවිකාව කරන්නේ නම්, තෙල සරුප් වෙයි. මහණ හට මාහැඟි සෙනස්නෙන් කිම? යම් හෙයකින් මහණ රුක්ඛමූලික හෝ සෝසානික හෝ අබ්හොකාසික හෝ වන්නේ නම්, තෙල සරුප් වෙයි. මහණ හට මාහැඟි ගිලන්පසබෙහෙත්පිරිකරින් කිම? යම් හෙයකින් මහණ පූතිමූත්‍රයෙන් හෝ අරළුකඩෙකින් හෝ බෙහෙත් කරන්නේ නම්, තෙල සරුප් යැයි. එතැන් පටන් රළු සිවුරු දරයි, රළු පිණ්ඩපාතය වළඳයි, රළු සෙනසුන් ඇසුරු කරයි, රළු ගිලන්පසබෙහෙත්පිරිකර සේවනය කරයි. ගෘහපතියෝ ඔහු මෙසේ දැනගනිති: ‘මේ මහණ අල්පෙච්ඡ යැ, සන්තුෂ්ට යැ ‘ප්‍රවිවික්ත යැ’ අසංසෘෂ්ට යැ, ආරබ්ධවීර්‍ය්‍ය යැ, ධූතවාද යැ’යි චීවර... බෙහෙත්පිරිකරින් මතුමත්තෙහි පවරත්. හෙතෙම මෙසේ කියයි: “තිදෙනකුන්ගේ සම්මුඛ භාවයෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍ර තෙමේ බොහෝ පින් රැස් කරයි: ශ්‍රද්ධාව හමු වීමෙන් සැදැහැති කුලපුත් තෙම බොහෝ පින් රැස් කරයි, දෙය්‍යධර්‍මය ඉදිරිපත් වීමෙන්... ප්‍රතිග්‍රාහකයන් සම්මුඛ වීමෙන් සැදැහැවත් කුලපුත්‍ර තෙම බොහෝ පින් රැස් කරයි; තොපට වැලිත් මෝ ශ්‍රද්ධාව ඇත් මැය, දෙය්‍යධර්‍මය ද විද්‍යමාන වෙයි, මම ද ප්‍රතිග්‍රාහක වෙමි; ඉදින් මම් නො පිළිගනිම් නම්, මෙසේ කල්හි තෙපි පිනින් පරිබාහිර වන්නහුය, මට මෙයින් ප්‍රයෝජනයෙක් නැත, තොපට මැ අනුකම්පා පිණිස පිළිගනිමි”යි එතැන් පටන් බොහෝ සිවුරුත් පිළිගනී, බොහෝ පිණ්ඩපාතයත් - බොහෝ සෙනාසනත් - බොහෝ ගිලන්පසබෙහෙත්පිරිකරත් පිළිගනී. මෙබඳු වූ යම් මුහුණ හැකිළීමෙක් මුහුණ හකුළුවන සුලු බවෙක් විස්මය කරවීමෙක් කුහනාකාරයෙක් කුහිත (-කොහොන්) බවෙක් වේ ද, මේ ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහනවස්තු යැ.
Pali BJTකතමං ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු? ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො ‘එවං මං ජනො සම්භාවෙස්සතී’ති ගමනං සණ්ඨපෙති. ඨානං සණ්ඨපෙති. නිසජ්ජං සණ්ඨපෙති. සයනං සණ්ඨපෙති. පණිධාය ගච්ඡති. පණිධාය තිට්ඨති. පණිධාය නිසීදති. පණිධාය සෙය්යං කප්පෙති. සමාහිතො විය ගච්ඡති. සමාහිතො විය තිට්ඨති. සමාහිතො විය නිසීදති. සමාහිතො විය සෙය්යං කප්පෙති. ආපාථකජ්ඣායී ච හොති.{1} යා එවරූපා ඉරියාපථස්ස අට්ඨපනා{2} ඨපනා සණ්ඨපනා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං, ඉදං ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJTඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්? මෙහි කිසිවෙක් පවිටු වූ අදහස් ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ බුහුමන් කරවන අදහස් ඇතියේ ‘මෙසේ ජන තෙමේ මා බුහුමන් කරන්නේ යැ’යි ගමන සකස් කෙරෙයි, සිටීම - හිඳීම - ශයනය සකස් කෙරෙයි. පතාගෙන (-සිත පිහිටුවා) යෙයි. පතා ගෙන සිටී. පතාගෙන හිඳී, පතාගෙන නිදයි. ධ්‍යාන සමාපන්නයකු මෙන් ගමන් යෙයි. සමාහිතයකු මෙන් සිටී. සමාහිතයකු මෙන් හිඳී, සමාහිතයකු මෙන් නිදයි. හමුයෙහි ධ්‍යාන කරන්නේ ද වෙයි. මෙබඳු යම් ඉරියවු ආදියෙහි තැබීමෙක් තබන අයුරෙක් මොනොවට තැබීමෙක් මුහුණ හැකිළීමෙක් මුහුණ හකුළුවන බවෙක් විස්මය කැරැවීමෙක් විස්මය පැවැත් වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ.
Pali BJTකතමං සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු? ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො ‘එවං ම; ජනො සම්භාවෙස්සතී’ති{3} අරියධම්මසන්නිස්සිතං වාචං භාසති’ ‘යො එවරූපං චීවරං ධාරෙති, සො සමණො මහෙසක්ඛො’ති භණති. ‘යො එවරූපං පත්තං ධාරෙති, ලොහථාලකං ධාරෙති, ධම්මකරකං{4} ධාරෙති පරිස්සාවනං ධාරෙති, කුඤ්චිකං ධාරෙති, උපාහනං ධාරෙති, කායබන්ධනං ධාරෙති, ආයොගං ධාරෙති, සො සමණො මහෙසක්ඛො’ති භණති. ‘යස්ස එවරූපො උපජ්ඣායො සො සමණො මහෙසක්ඛො’ති භණති. ‘යස්ස එවරූපො ආචරියො, එවරූපා සමානුපජ්ඣායකා, සමානාචරියකා, එවරූපා මිත්තා සන්දිට්ඨා සම්භත්තා සහායා, සො සමණො මහෙසක්ඛො’ති භණති. ‘යො එවරූපෙ විහාරෙ වසති, සො සමණො මහෙසක්ඛො’ති භණති. යො එවරූපෙ අඩ්ඪයොගෙ වසති, පාසාදෙ වසති, හම්මියෙ වසති, ගුහායං වසති, ලෙණෙ වසති, කුටියා වසති, කූටාගාරෙ වසති, අට්ටෙ වසති, මාලෙ වසති, උද්දණ්ඩෙ වසති, උපට්ඨානසාලායං වසති, මණ්ඩපෙ වසති, රුක්ඛමූලෙ වසති, සො සමණො මහෙසක්ඛො’ති භණති. අථවා, කොරඤ්ජිකකොරඤ්ජිකො භාකුටිකභාකුටිකො කුහකකුහකො ලපකලපකො, මුඛසම්භාවිතො ‘අයං සමණො ඉමාසං එවරූපානං සන්තානං විහාරසමාපත්තීනං ලාභී’ති{5} තාදිසං ගම්භීරං ගූළ්හං{6} නිපුණං පටිච්ඡන්නං ලොකුත්තරං සුඤ්ඤතාපටිසංයුත්තං කථං කථෙති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං. ඉදං වුච්චති සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJTසාමන්තජල්පන සඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්? මෙහි කිසිවෙක් පවිටු අදහස් ඇතියේ ආශායෙන් මඩන ලදුයේ ‘ජනයා මා මෙසේ සල කරන්නේයැ’යි බුහුමන් කරවන අදහස් ඇතියේ ආර්‍ය්‍යධර්‍මයන් ඇසුරු කළ බස් බෙණෙයි: ‘යමෙක් මෙබඳු සිවුරක් ධරා නම් ඒ මහණ මහත් අනුභාව ඇත්තේ යැ’යි බෙණෙයි, යමෙක් මෙබඳු පාත්‍රයක් ධරා නම්, ලොහො තලුවක් - ඩබරාවක් - පෙරහනක් - කෙස්සක් - වහනක් - කාබානක් - අයොගයක් ධරා නම්, ඒ මහණ මහත් අනුභාව ඇත්තේ යැ’යි බෙණෙයි. ‘යමක් හට මෙබඳු වූ උපාධ්‍යායයෙක් වේ නම්, ඒ මහණ මහානුභාව ඇත්තේ යැ’යි බෙණෙයි. මෙබඳු වූ ආචාර්‍ය්‍යයෙක් - සමානොපාධ්‍යායයෝ - සමානාචාර්‍ය්‍යයෝ - මිත්‍රයෝ - දෘෂ්ටමාතුමිත්‍රයෝ - සම්භක්තයෝ - සහායයෝ වෙත් නම්, ඒ මහණ මහේශාක්‍ය යැ’යි කියයි. ‘යමෙක් මෙබඳු විහාරයෙක වෙසේ නම්, දික් පහයෙක - සිවුරැස්පහයෙක - සඳලු ඇති ගෙයෙක - ගල් ගුහායෙක - ගල්ලෙනෙක - කිළියෙක - කුළුගෙයෙක - අටල්ලෙක - මහලෙක - දිග්හලෙක - උපස්ථානශාලායෙක - මණ්ඩපයෙක - රුක්මුලෙක වෙසේ නම්, ඒ මහණ මහත් අනුභාව ඇත්තේ යැ’යි කියයි. නොහොත් ඉතා හැකිළෙනුයේ ඉතා මුහුණුහකුළුවන සුලු වූයේ ඉතා විස්මය කරවනුයේ ඉතා ප්‍රලාප තෙපුල් බණනුයේ සිය මුවින් මැ (අනුන් විසින්) සම්භාවනා කරන ලද්දේ ‘මේ මහණ මෙබඳු වූ ශාන්ත වූ විහාරසමාපත්තීන් ලබනසුලු යැ’යි එබඳු වූ ගැඹුරු වූ ගූඪ වූ සියුම් වූ මුවහ කටයුතු වූ ලෝකෝත්තර වූ නිර්‍වාණප්‍රතිසංයුක්ත වූ කථා කියයි. මෙබඳු යම් මුහුණ හැකුළුමෙක් මුහුණ හකුළුවන බවෙක් විස්මය කැරැවීමෙක් විස්මය පැවැත්වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ සාමන්තජල්පනසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැයි කියනු ලැබේ.
Pali BJTයස්සිමානි තීණි කුහනවත්ථූනි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි, සො වුච්චති අකුහකොති - පතිලීනො අකුහකො.’
Sinhala BJTයමක්හු විසින් මේ තුන් කුහනවසුතූහු ප්‍රහීණ කරන ලද්දාහු... ඥානාග්නීන් දග්ධ වූවාහු ද, හේ ‘අකුහක’ යැයි කියනු ලැබේ නුයි ‘පතිලීනො අකුහකො’ යනු වේ.
Pali BJTඅපිහාලු අමච්ඡරීති - ‘පිහා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.{a} යස්සෙසා පිහා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති අපිහාලු; සො රූපෙ න පිහෙති. සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ, කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං, චීවරං පිණ්ඩපාතං සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං, කාමභවං රූපභවං අරූපභවං සඤ්ඤාභවං අසඤ්ඤාභවං නෙවසඤ්ඤානාසඤ්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ්චවොකාරභවං, අතීතං අනාගතං පච්චුප්පන්නං, දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ න පිහෙති න ඉච්ඡති න සාදියති න පත්ථෙති නාභිජප්පතීති - අපිහාලු; අමච්ඡරීති පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං වණ්ණමච්ඡරියං ලාභමච්ඡරියං ධම්මමච්ඡරියං,{a} යං එවරූපං මච්ඡරියං{1} මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා{2} අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියං. අපිච, ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියං, ධාතුමච්ඡරියම්පි මච්ඡරියං, ආයතනමච්ඡරියම්පි මච්ඡරියං, ගාහො, ඉදං වුච්චති මච්ඡරියං. යස්සෙතං මච්ඡරියං පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪං, සො වුච්චති අමච්ඡරීති - අපිහාලු අමච්ඡරී.
Sinhala BJTඅපිහාලු අමච්ඡරී - ‘පිහා’යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක්... ලොභඅකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල පිහාව තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී - නුවණගින්නෙන් දවන ලද්දී ද හේ ‘අපිහාලු’ යැයි කියනු ලැබෙයි. හෙතෙම රූපයන් නො කැමැති වෙයි. ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස් - ප්‍රශංසා - සුඛය, චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙසත්පිරිකර, කාමධාතුව - රූප - අරූපධාතුව, කාමභවය - රූප - අරූප - සංඥා - අසංඥා - නෛවසංඥානාසංඥා - එකවොකාර - චතුවෝකාර - පඤ්චවෝකාරභවය, අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්නය, දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්‍මයන් නො කැමැති වෙයි, නො රිසි වෙයි, නො ඉවසයි, නො පතයි, අභිජල්පනය නො කෙරේ නුයි ‘අපිහාලු’ යනු වේ. අමච්ඡරී ‘ආවාසමච්ඡරිය කුලමච්ඡරිය වණ්ණමච්ඡරිය ලාභමච්ඡරිය ධම්මමච්ඡරිය’යි මාත්සර්‍ය්‍ය පසෙක් වෙයි; මෙබඳු යම් මසුරුබවෙක් මසුරු කරන අයුරෙක් මසුරුකමින් යුත් බවෙක් (සම්පත්) සඟවනු කැමැතිබවෙක් තදමසුරුබවෙක් කටුකබැවින් සිත හැකිළීමෙක් සිත හාත්පසින් ගත්බවෙක් වේ ද, මේ ‘මච්ඡරිය’යී කියනු ලැබේ. තවද ස්කන්‍ධමාත්සර්‍ය්‍ය්‍ය ද ‘මච්ඡරිය’ යැ ධාතුමාත්සර්‍ය්‍යය ද - ආයතනමාත්සර්‍ය්‍යය ද ‘මච්ඡරිය’ යැ, ග්‍රාහයැ යන මේ ‘මච්ඡරිය’යී කියනු ලැබෙයි. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය ප්‍රහීණ කරන ලද ද... නුවණ ගින්නෙන් දවන ලද ද, ‘අමච්ඡරී’ යැයි කියනු ලැබේ නුයි ‘අපිහාලු අමච්ඡරී’ යනු වේ.
Pali BJTඅප්පගබ්භො අජෙගුච්ඡොති - ‘පාගබ්භිය’න්ති තීණි පාගබ්භියානි: කායිකං පාගබ්භියං වාචසිකං පාගබ්භියං චෙතසිකං පාගබ්භියං. කතමං කායිකං පාගබ්භියං? ඉධෙකච්චො සඞ්ඝගතොපි කායිකං පාගබ්භියං දස්සෙති. ගණගතොපි කායිකං පාගබ්භියං දස්සෙති. භොජනසාලායම්පි කායිකං පාගබ්භියං දස්සෙති. ජන්තාඝරෙපි කායිකං පාගබ්භියං දස්සෙති. උදකතිත්ථෙපි කායිකං පාගබ්භියං දස්සෙති. අන්තරඝරං පවිසන්තොපි කායිකං පාගබ්භියං දස්සෙති. අන්තරඝරං පවිට්ඨොපි කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTඅප්පගබ්භො අජෙගුච්ඡො - ‘පාගබ්භිය’ නම්: කායික ප්‍රාගල්භ්‍ය (-බුහුටිබව) යැ, වාචසික ප්‍රාගල්භ්‍ය යැ, චෛතසික ප්‍රාගල්භ්‍ය යැයි ප්‍රාගල්භ්‍යයෝ තිදෙනෙක් වෙති. කායික ප්‍රාගල්භ්‍ය කවරැ යත්? මෙහි කිසිවෙක් සඟමැදට පැමිණියේ ද කායිකප්‍රාගල්භ්‍ය (-නො සරුප් බුහුටිබව) දක්වයි, ගණමැදට ගියේද - භොජනශාලායෙහි දු - ගිනිහල්ගෙයි දු - දිය තොටෙහි දු - ඇතුළුගමට පිවිසෙනුයේ ද - ඇතුළුගමට පිවිසියේ ද - කායිකප්‍රගල්භතාව දක්වයි.
Pali BJTකථං සඞ්ඝගතො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො සඞ්ඝගතො අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි තිට්ඨති. ඝට්ටයන්තොපි නිසීදති. පුරතොපි තිට්ඨති. පුරතොපි නිසීදති. උච්චෙපි ආසනෙ නිසීදති. සසීසං පාරුපිත්වාපි නිසීදති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකො පි භණති. එවං සඞ්ඝගතො කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකෙසේ සඟමැදට පැමිණියේ කායික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් සඟමැදට පැමිණියේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිර භික්‍ෂූන් ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහිදු හිඳී, හිස් වසා පෙරවැ හිඳී. සිට ද බෙණෙයි, අත සලසලා ද බෙණෙයි. මෙසේ සඟමැදට පැමිණියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.
Pali BJTකථං ගණගතො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ගණගතො අචිත්තිකාරකතො ථෙරානං භික්ඛූනං අනුපාහනානං චඞ්කමන්තානං සඋපාහනො චඞ්කමති. නීචෙ චඞ්කමෙ චඞ්කමන්තානං උච්චෙ චඞ්කමෙ චඞ්කමති. ඡමාය{3} චඞ්කමන්තානං චඞ්කමෙ චඞ්කමති, ඝට්ටයන්තොපි තිට්ඨති. ඝට්ටයන්තොපි නිසීදති. පුරතොපි තිට්ඨති. පුරතොපි නිසීදති. උච්චෙපි ආසනෙ නිසීදති. සසීසං පාරුපිත්වාපි නිසීදති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. එවං ගණගතො කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකෙසේ ගණමැදට පැමිණියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වාද යත්? මෙහි එකෙක් ගණමැදට පැමිණියේ බුහුමන් රහිත වූයේ ස්ථවිරභික්‍ෂූන් වහන් නැති වැ සක්මන් කරන කල්හි වහන් නැඟී සක්මන් කෙරෙයි, පහත් සක්මනැ සක්මන් කරන කල්හි උස් සක්මැන සක්මන් කෙරෙයි, බිමැ සක්මන් කරන කල්හි සක්මනෙහි සක්මන් කෙරෙයි, ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස් වසා පෙරවැ හිඳී, සිට ද බෙණෙයි, අත සල සලා ද බෙණෙයි. මෙසේ ගණයා මැදට පැමිණියේ කායික වූ ප්‍රාගල්භ්‍යය (-නො සරුප් බුහුටිබව) දක්වයි.
Pali BJTකථං භොජනසාලායං කායිකං පාගබ්භියං දස්සෙති.? ඉධෙකච්චො භොජනසාලායං අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජ නිසීදති. නවෙපි භික්ඛූ ආසනෙන පටිබාහති. ඝට්ටයන්තොපි තිට්ඨති. ඝට්ටයන්තොපි නිසීදති. පුරතොපි තිට්ඨති. පුරතොපි නිසීදති. උච්චෙපි ආසනෙ නිසීදති. සසීසං පාරුපිත්වාපි නිසීදති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. එවං භොජනසාලායං කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකෙසේ බොජුන්හල්හි කායික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් බොජුන්හල්හි බුහුමන් රහිත වූයේ ස්ථවිර භික්‍ෂූන් හුන් තැනට වැද හිඳී. නවක භික්‍ෂූන් ද අස්නෙන් පිළිබහයි. ගැටෙමිනු දු සිටී. ගැටෙමිනු දු හිදී. ඉදිරියෙහි දු සිටී. ඉදිරියෙහි දු හිඳී. උසස්නෙහි දු හිඳී. හිස වසා පෙරවැ ගෙන ද හිඳී. සිට ද බෙණෙයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ බොජුන්හල්හි කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.
Pali BJTකථං ජන්තාඝරෙ කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ජන්තාඝරෙ අචිත්තිකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි තිට්ඨති ඝට්ටයන්තොපි නිසීදති. පුරතොපි තිට්ඨති. පුරතොපි නිසීදති. උච්චෙපි ආසනෙ නිසීදති. අනාපුච්ඡාපි කට්ඨං පක්ඛිපති. අනාපුච්ඡා පි ද්වාරං{1} පිදහති. බාහාවික්ඛෙපකොපි භණති. එවං ජන්තාඝරෙ කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකෙසේ ගිනිහල්ගෙයි කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ජන්තාඝරයෙහි බුහුමන් රහිත වූයේ ස්ථවිරභික්‍ෂූන් ගටමිනි දු සිටී... නො පිළිවිසැ දර හා බහාලයි. නො පිළිවිසැ දොර හා පියා ලයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ ජන්තාඝරයෙහි කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.
Pali BJTකථං උදකතිත්ථෙ කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො උදකතිත්ථෙ අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි ඔතරති. පුරතොපි ඔතරති. ඝට්ටයන්තොපි නහායති{2}. පුරතොපි නහායති. උපරිතොපි නහායති. ඝට්ටයන්තොපි උත්තරති. පුරතොපි උත්තරති. උපරිතොපි උත්තරති. එවං උදකතිත්ථෙ කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකෙසේ පැන්තොටැ කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් පැන්තොට බුහුමන් රහිත වූයේ ස්ථවිරභික්‍ෂූන් ගටමිනු දු බසී. පෙරටුව ද බසී. ගටමිනු දු නහයි. ඉදිරියෙහි දු නහයි. උඩුගංහි දු නහයි. ගටමිනු දු නැඟෙයි, පෙරටුව ද නැඟෙයි, උඩිනු දු නැඟෙයි. මෙසේ පැන්තොටැ කායික ප්‍රගල්භ බව දක්වයි.
Pali BJTකථං අන්තරඝරං පවිසන්තො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිසන්තො අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ ඝට්ටයන්තොපි ගච්ඡති. පුරතොපි ගච්ඡති. වොක්කම්මාපි ථෙරානං භික්ඛූනං පුරතො පුරතො{3} ගච්ඡති. එවං අන්තරඝරං පවිසන්තොපි කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකෙසේ ගොදුරුගමට වදනේ කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ගොදුරුගමට වදනේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිරභික්‍ෂූන් ගටමිනු දු යෙයි. පෙරටුව ද යෙයි. ඉක්මවා ද ස්ථවිරභික්‍ෂූන්ට පෙරටු වැ යෙයි. මෙසේ ගොදුරුගමට පිවිසෙනුයේ ද කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.
Pali BJTකථං අන්තරඝරං පවිට්ඨො කායිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිට්ඨො ‘න පවිසථ{4} භන්තෙ’ති වුච්චමානො පවිසති. ‘න තිට්ඨථ භන්තෙ’ති වුච්චමානො තිට්ඨති. ‘න නිසීදථ භන්තෙ’ති වුච්චමානො නිසීදති. අනොකාසම්පි පවිසති. අනොකාසෙපි තිට්ඨති. අනොකාසෙපි නිසීදති. යානි තානිපි හොන්ති කුලානං ඔවරකානි ගූළ්හානි ච පටිච්ඡන්නානි ච, යත්ථ කුලිත්ථියො කුලධීතරො{5} කුලසුණ්හායො කුලකුමාරිකායො නිසීදන්ති, තත්ථපි සහසා පවිසති. කුමාරකස්සපි සිරං පරාමසති. එවං අන්තරඝරං පවිට්ඨො කායිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකෙසේ ඇතුළුගමට පිවිසියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ඇතුළුගමට පිවිසියේ ‘නො පිවිසෙන්න වහන්සැ’යි කියනු ලබන්නේ පිවිසෙයි. ‘නො සිටින්න වහන්සැ’යි කියනු ලබන්නේ සිටී. ‘නො හිඳින්න වහන්සැ’යි කියනු ලබන්නේ හිඳී. අනවකාශයට ද පිවිසෙයි, අනවකාශයෙහි දු සිටී, අනවකාශයෙහි දු හිඳී, කුලවැස්සන්ගේ (පියවින්) මුවහවූ ද (තිරආදියෙන්) මුවහකළා වූ ද කුලස්ත්‍රීන් කුලදුහිතෲන් කුලසුණ්හාවන් හිඳිනා යම් ඔවරක (-ඇතුළුගබඩා) වෙත් නම් එහි දු ලාහෙලා පිවිසෙයි. කුමරුන් හිස ද පිරිමදී. මෙසේ ඇතුළුගමට පිවිසියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.
Pali BJTකතමං වාචසිකං පාගබ්භියං? ඉධෙකච්චො සඞ්ඝගතොපි වාචසිකං පාගබ්භියං දස්සෙති. ගණගතොපි වාචසිකං පාගබ්භියං දස්සෙති. අන්තරඝරං පවිට්ඨොපි වාචසිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTවාචසික ප්‍රාගල්භ්‍යය කවර යත්? මෙහි එකෙක සඟමැදට ගියේ ද - ගණ මැදට ගියේ ද - ඇතුළුගමට පිවිසියේ ද වාචසිකප්‍රාගල්භ්‍යය දක්වයි:
Pali BJTකථං සඞ්ඝගතොපි වාචසිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො සඞ්ඝගතො අචිත්තීකාරකතො ථෙරෙ භික්ඛූ අනාපුච්ඡා වා අනජ්ඣිට්ඨො වා ධම්මං භණති. පඤ්හං විස්සජ්ජෙති පාතිමොක්ඛං උද්දිසති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. එවං සඞ්ඝගතො වාචසිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකෙසේ සඟමැදට ගියේ වාචසික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් සඟමැදට ගියේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිරභික්‍ෂූන් නො පිළිවිසැ හෝ නො ඇණවන ලද වැ හෝ බණ කියයි. පැන විසඳයි. පාමොක් උදෙසයි. සිටියේ ද බෙණෙයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ සඟමැදට ගියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වයි.
Pali BJTකථං ගණගතො වාචසිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො ගණගතො අචිත්තිකාරකතො ථෙරෙ භික්ඛූ අනාපුච්ඡා වා අනජ්ඣිට්ඨො වා ආරාමගතානං භික්ඛූනං ධම්මං භණති. පඤ්හං විස්සජ්ජෙති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. ආරාමගතානං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ධම්මං භණති. පඤ්හං විස්සජ්ජෙති. ඨිතකොපි භණති. බාහාවික්ඛෙපකොපි භණති. එවං ගණගතො වාචසිකං පාගබ්භියං දස්සෙති.
Sinhala BJTකෙසේ ගණමැදට ගියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ගණමැදට ගියේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිරභික්‍ෂූන් නො පිළිවිසැ හෝ නො පවරන ලදුයේ හෝ අරමට වන් මහණුන්ට බණ කියයි, පැන විසඳයි, සිටියේ ද බෙණෙයි, අත සල සලා ද බෙණෙයි, අරමට වන් මෙහෙණනට - උවසුවනට - උවැසියනට බණ කියයි, පැන විසඳයි, සිටියේ ද බෙණෙයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ ගණමැදට ගියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වයි.
Pali BJTකථං අන්තරඝරං පවිට්ඨො වාචසිකං පාගබ්භියං දස්සෙති? ඉධෙකච්චො අන්තරඝරං පවිට්ඨො ඉත්ථිං වා කුමාරිං වා එවමාහ: ‘ඉත්ථංනාමෙ, ඉත්ථංගොත්තෙ, කිං අත්ථි? යාගු අත්ථි? භත්තං අත්ථි? ඛාදනීයං අත්ථි? කිං පිවිස්සාම? කිං භුඤ්ජිස්සාම? කිං ඛාදිස්සාම,? කිං වා අත්ථි,? කිං වා මෙ දස්සථා’ති විප්පලපති. {*}එවං අන්තරඝරං පවිට්ඨො වාචසිකං පාගබ්භියං දස්සෙති. ඉදං වාචසිකං පාගබ්භියං.
Sinhala BJTකෙසේ ඇතුළුගමට පිවිසියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ගොදුරුගමට පිවිසියේ ස්ත්‍රියකට හෝ කුමරියකට හෝ මෙසේ කියයි: ‘මෙ නම් ඇත්තිය, මෙ ගොත් ඇත්තිය, කුමක් ඇද්ද? කැඳ ඇත් ද, බත් ඇත් ද? කෑයුතු ඇත් ද? කුමක් බොන්නමෝ ද? කුමක් වළඳන්නමෝ ද? කුමක් කන්නමෝ ද? කුමක් හෝ ඇද්ද? කුමක් හෝ මට දෙවු දැ’යි නන් දොඩයි; මෙසේ අන්තරඝරයට පිවිසියේ වාචසික ප්‍රාගල්භ්‍යය දක්වයි. මේ වාචසිකප්‍රාගල්භ්‍යය යි.
Pali BJTකතමං චෙතසිකං පාගබ්භියං? ඉධෙකච්චො න උච්චාකුලා පබ්බජිතො සමානො උච්චාකුලා පබ්බජිතෙන සද්ධිං සදිසං අත්තානං දහති චිත්තෙන. න මහාකුලා පබ්බජිතො සමානො මහාකුලා පබ්බජිතෙන සද්ධිං සදිසං අත්තානං දහති චිත්තෙන, න මහාභොගකුලා පබ්බජිතො සමානො මහාභොගකුලා පබ්බජිතෙන සද්ධිං සදිසං අත්තානං දහති චිත්තෙන, න උළාරභොගකුලා පබ්බජිතො සමානො - න සුත්තන්තිකො සමානො සුත්තන්තිකෙන සද්ධිං සදිසං අත්තානං දහති චිත්තෙන. න විනයධරො සමානො - න ධම්මකථිකො සමානො - න ආරඤ්ඤිකො සමානො - න පිණ්ඩපාතිකො සමානො - න පංසුකූලිකො සමානො - න තෙචීවරිකො සමානො - න සපදානචාරිකො සමානො - න ඛලුපච්ඡාභත්තිකො සමානො - න නෙසජ්ජිකො සමානො - න යථාසන්ථතිකො සමානො - න පඨමස්ස ඣානස්ස ලාභී සමානො පඨමස්ස ඣානස්ස ලාභිනා සද්ධිං සදිසං අත්තානං දහති චිත්තෙන. -පෙ- න නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභී සමානො - නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභිනා සද්ධිං සදිසං අත්තානං දහති චිත්තෙන. ඉදං චෙතසිකං පාගබ්භියං.
Sinhala BJTචෛතසීකප්‍රාගල්භ්‍යය කවරේ ද යත්? මෙහි එකෙක් උසස් නො වූ කුලයෙන් නික්මැ පැවිදි වූයේ උසස් කුලයෙන් පැවිදිවූවකු හා තමා සම කොට සිතින් දහයි, නො මහත්කුලයෙන් නික්මැ පැවිදි වූයේ... නො මහත් භොග ඇති කුලයෙන් නික්මැ පැවිදි වූයේ... උදාරභොගවත් නො වූ කුලයෙන් නික්මැ පැවිදි වූයේ... සෞත්‍රාන්තිකයකු හා තමා සදෘශ කොට සිතින් දහයි, විනයධර නො වූයේ - ධර්‍මකථික නො වූයේ - ආරණ්‍යක නො වූයේ - පිණ්ඩපාතික නො වූයේ - පංසුකූලික නො වූයේ - තෙචීවරික නො වූයේ - සපදානචාරික නො වූයේ - ඛලුපච්ඡාභත්තික නො වූයේ - නෙසජ්ජික නො වූයේ - යථාසන්‍ථතික නො වූයේ - ප්‍රථමධ්‍යානලාභී නො වූයේ - ප්‍රථමධ්‍යානලාභියකු හා තමා සදෘශ කොට සිතින් දහයි,... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී නො වූයේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභියකු හා තමා සදෘශ කොට සිතින් දහයි. මේ චෛතසීකප්‍රාගල්භ්‍යය යි.
Pali BJTයස්සිමානි තීණි පාගබ්භියානි පහීනානි සමුච්ඡින්නානි වුපසන්තානි. පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි, සො වුච්චති අප්පගබ්භොති - ‘අප්පගබ්භො.’
Sinhala BJTයමක්හු විසින් මේ ත්‍රිවිධ ප්‍රගල්භභාවයෝ ප්‍රහීණ කරන ලද්දාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දග්ධ වූවාහු ද හේ අප්‍රගල්භ යයි කියනු ලැබේ නුයි ‘අප්පගබ්භො’ යනු වේ.
Pali BJTඅජෙගුච්ඡොති - අත්ථි පුග්ගලො ජෙගුච්ඡො. අත්ථි අජෙගුච්ඡො. කතමො ච පුග්ගලො ජෙගුච්ඡො? ඉධෙකච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො අසුචිසඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරී පටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො. අයං වුච්චති පුග්ගලො ජෙගුච්ඡො. අථවා, කොධනො හොති උපායාසබහුලො අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථියති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. අයං වුච්චති පුග්ගලො ජෙගුච්ඡො. අථවා, කොධනො හොති උපනාහී,{*} මක්ඛී හොති පළාසී, ඉස්සුකී හොති මච්ඡරී, සඨො හොති මායාවී, ථද්ධො හොති අතිමානී, පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨි, සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී; අයං වුච්චති පුග්ගලො ජෙගුච්ඡො.
Sinhala BJTඅජෙගුච්ඡො - ජුගුප්සා (-පිළිකුල්) කටයුතු පුද්ගලයෙක් ඇත, ජුගුප්සා නො කටයුතු පුද්ගලයෙක් ඇත. ජුගුප්සා කටයුතු පුද්ගලයා කවරේ ද යත්? මෙහි එක් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි, ලාමකස්වභාව ඇතියේ අපවිත්‍ර වූ සැකයෙන් සිහි කළයුතු හැසිරීම් ඇතියේ සැඟ වූ කායවාක්කර්‍ම ඇතියේ අශ්‍රමණ වූයේ ‘ශ්‍රමණයෙමී’ ප්‍රතිඥා ඇත්තේ අබ්‍රහ්මචාරී වූයේ ‘බ්‍රහ්මචාරී වෙමී’ ප්‍රතිඥා ඇත්තේ (කුසල් නැතියෙන්) ඇතුළත කුණු වූයේ රාගයෙන් තෙත් වූයේ කසළ වැනි වූයේ වේ. මේ පුද්ගල තෙම ජුගුප්සා කට යුත්තේ යයි කියනු ලැබේ. නොහොත් කිපෙන සුලු වූයේ උපායාස බහුල කොට ඇත්තේ වෙයි, මඳකුදු කියන ලදුයේ ලැගෙයි කිපෙයි ප්‍රකෘතිය හරී තදබවට පැමිණෙයි කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. මේ පුද්ගල තෙමේ ජුගුප්සා කටයුතු වෙයි. නොහොත් කිපෙන සුලු වූයේ බද්ධවෛර ඇත්තේ වෙයි, මකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වෙයි, ඊර්‍ෂ්‍යා කරනුයේ මසුරු වූයේ වෙයි, ශඪ (-කෛරාටික) වූයේ මායා ඇත්තේ වෙයි, තද වූයේ අධිකමාන ඇත්තේ වෙයි, පාපේච්ඡ වූයේ මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි, ස්වදෘෂ්ටිය පරාමර්‍ශ කරනුයේ දැඩි ව ගන්නේ දුර ලන්නට නො හැකි වූයේ වේ. මේ පුද්ගල තෙමේ ජුගුප්සිතව්‍ය යැයි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො අජෙගුච්ඡො? ඉධ භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයං වුච්චති පුග්ගලො අජෙගුච්ඡො. අථවා, අක්කොධනො හොති අනුපායාසබහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න ව්යාපජ්ජති න පතිත්ථියති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. අයං වුච්චති පුග්ගලො අජෙගුච්ඡො. අථවා, අක්කොධනො හොති අනුපනාහී,{*} අමක්ඛී හොති අපළාසී, අනුස්සුකී හොති අමච්ඡරී, අසඨො හොති අමායාවී, අථද්ධො හොති අනතිමානී, න පාපිච්ඡො හොති, න මිච්ඡාදිට්ඨි, අසන්දිට්ඨිපරාමාසී හොති අනාධානගාහී සුප්පටිනිස්සග්ගී. අයං වුච්චති පුග්ගලො අජෙගුච්ඡො. සබ්බෙ බාලපුථුජ්ජනා ජෙගුච්ඡා. පුථුජ්ජනකල්යාණකං උපාදාය අට්ඨ අරියපුග්ගලා{1} අජෙගුච්ඡාති - අප්පගබ්භො අජෙගුච්ඡො.
Sinhala BJTකවර පුද්ගලයෙක් ජුගුප්සා නො කටයුත්තේ වේ ද යත්? මේ සස්නෙහි මහණ තෙමේ සිල් ඇත්තේ වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ අණු මාත්‍ර වූ වරදෙහි දු භය දක්නේ මොනොවට ගෙන ශික්‍ෂා කොටසෙහි හික්මෙයි; මේ පුද්ගල තෙමේ ජුගුප්සා නො කටයුතු යැයි කියනු ලැබේ. නොහොත් නො කිපෙන සුලු වූයේ උපායාස බහුල කොට නැත්තේ වෙයි, බොහෝ කොට ද කියන ලදුයේ නො ඇලෙයි, නො කිපෙයි, ප්‍රකෘතිය නො හරී, තදබවට නො පැමිණෙයි, කෝපය ත් ද්වේෂය ත් නො සතුට ත් නො පහළ කෙරෙයි. මේ පුද්ගල තෙම ජුගුප්සා නො කටයුතු යැයි කියනු ලැබේ. නොහොත් නො කිපෙනසුලු වූයේ බද්ධවෛර නැත්තේ වෙයි, නො මකු වූයේ යුගග්‍රාහ නැත්තේ වෙයි, ඊර්‍ෂ්‍යා නැත්තේ නො මසුරු වෙයි, ශඨ නො වූයේ මාහා රහිත වෙයි, නො තද වූයේ අතිමාන රහිත වෙයි, ලාමක ආශා රහිත වූයේ මිත්‍ථ්‍යාදෘෂ්ටි නැත්තේ වෙයි, ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශ නො කරනුයේ දැඩි කොට නො ගන්නේ සුවසේ දුරැලියැ හැක්කේ වෙයි; මේ පුද්ගල තෙමේ අජුගුප්සිතව්‍ය යයි කියනු ලැබේ. සියලු මැ බාලපෘථග්ජනයෝ ජුගුප්සා කට යුත්තෝ යැ කල්‍යාණපෘථග්ජනයා පටන් අෂ්ටාර්‍ය්‍යපුද්ගලයෝ ජුගුප්සා නො කටයුත්තාහු නුයි ‘අප්පගබ්භො අජෙගුච්ඡො’ යනු වේ.
Pali BJTපෙසුනෙය්යෙ ච නො යුතොති - ‘පෙසුඤ්ඤ’න්ති ඉධෙකච්චො පිසුනවාචො{2} හොති: ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය; අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය; ඉති සමග්ගානං වා භෙත්තා භින්නානං වා අනුප්පදාතා වග්ගාරාමො වග්ගරතො, වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හොති. ඉදං වුච්චති පෙසුඤ්ඤං.
Sinhala BJTපෙසුනෙය්‍යෙ ච නො යුතො - ‘පෙසුඤ්ඤ’ නම්: මෙහි එකෙක් පිසුනු බස් කියන්නේ වෙයි: මෙ තැනින් අසා මුන්ගේ බිඳුමට එතැන කියන්නේ වෙයි, එතැනින් හෝ අසා අරුන්ගේ බිඳීමට මුන්ට කියන්නේ වෙයි, මෙසේ සමහවූවන් හෝ බිඳිනුයේ භෙදවූවන් හෝ දැඩි කරනුයේ වර්‍ග වීමෙහි ඇලුණේ වර්‍ග වූවන් කෙරෙහි රුචි ඇත්තේ වර්‍ග වූවන්ට සතුටු වනුයේ වර්‍ග කරන බස් කියන්නේ වෙයි; මේ පෛශුන්‍ය යයි කියනු ලැබේ.
Pali BJTඅපිච, ද්වීහි කාරණෙහි පෙසුඤ්ඤං උපසංහරති: පියකම්යතාය වා භෙදාධිප්පායො වා. කථං පියකම්යතාය පෙසුඤ්ඤං උපසංහරති? ‘ඉමස්ස පියො භවිස්සාමි, මනාපො භවිස්සාමි, විස්සාසිකො භවිස්සාමි, අබ්භන්තරිකො භවිස්සාමි, සුහදයො භවිස්සාමී’ති එවං පියකම්යතාය පෙසුඤ්ඤං උපසංහරති. කථං භෙදාධිප්පායො පෙසුඤ්ඤං උපසංහරති? ‘කථං ඉමෙ නානා අස්සු, විනා අස්සු, වග්ගා අස්සු, ද්වෙධා අස්සු, ද්වෙජ්ඣා අස්සු, ද්වෙ පක්ඛා අස්සු, භිජ්ජෙය්යුං න සමාගච්ඡෙය්යුං, දුක්ඛං අඵාසුං විහරෙය්යු’න්ති එවං භෙදාධිප්පායො පෙසුඤ්ඤං උපසංහරති. යස්සෙතං පෙසුඤ්ඤං පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪං, සො පෙසුඤ්ඤෙ නො{1} යුතො න යුත්තො නප්පයුත්තො න සමායුත්තොති - ‘පෙසුනෙය්යෙ ච යො යුතො.’
Sinhala BJTතවද දෙකරුණෙකින් පිසුනු එළවා කියයි: ප්‍රියකාම්‍යතායෙන් හෝ භෙදාධිප්‍රාය ඇති වැ හෝ යැ. කෙසේ ප්‍රිය කැමැති බැවින් පිසුනු කියා ද යත්? මොහුට ප්‍රිය වන්නෙමි, මනාප වන්නෙමි, විස්වැසි වන්නෙමි, ආභ්‍යන්තරික වන්නෙමි, සුහෘද් වන්නෙමී’ මෙසේ ප්‍රියකාම්‍යතායෙන් පිසුනු බස් කියයි. කෙසේ භෙදාධිප්‍රායයෙන් පිසුනුබස් කියා ද යත්? මොහු කෙසේ නම් නානා වන්නාහු ද? වෙන් වන්නාහු ද? වර්‍ග වන්නාහු ද? දෙපරිදි වන්නාහු ද? දෙකඩ වන්නාහු ද? දෙ පක්‍ෂ වන්නාහු ද? බිඳෙන්නාහු නො එක්වන්නාහු ද? දුකසේ නො සුවයෙන් වෙසෙන්නාහු දැ’යි මෙසේ භේද කරන අදහස් ඇති වැ පිසුනු කියයි. යමක්හු විසින් තෙල පෛශුන්‍යය ප්‍රහීණ ද සමුච්ඡින්න ද සන්හිඳුවන ලද ද, දුරලන ලද ද, අභව්‍යොත්පත්තික ද ඥානාග්නීන් දග්ධ ද, හෙතෙම පෛශුන්‍යයෙහි නො යෙදුණේ අතිශයින් නො යෙදුණේ සංයුක්ත නො වූයේ නුයි ‘පෙසුනෙය්‍යෙ ච නො යුතො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පතිලීනො අකුහකො අපිහාලු අමච්ඡරී, අප්පගබ්භො අජෙගුච්ඡො පෙසුනෙය්යෙ ච නො යුතො’ති.
Sinhala BJT“පතිලීනො අකුහකො -පෙ- පෙසුනෙය්‍යෙ ච නො යුතො” යී.
Pali BJT10. 6.
Sinhala BJT10. 6.
Pali BJTසාතියෙසු අනස්සාවී අතිමානෙ ච නො යුතො, සණ්හො ච පටිභානවා න සද්ධො න විරජ්ජති.
Sinhala BJT(යමක් හට) පස්කම්ගුණයෙහි තෘෂ්ණාව නො පවතී ද, (යමෙක්) අතිමානයෙහි නො යෙදුණේත් වේ ද, සිනිඳු වූ කායකර්‍මාදියෙන් යුක්ත ද, ප්‍රතිභානයෙන් සමන්‍විත වූයේ ද, (පරප්‍රත්‍යයෙන්) නො හදහා ද, (වීතරාග හෙයින්) නො රඳනේ ත් වේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)
Pali BJTසාතියෙසු අනස්සාවීති - ‘සාතියා’ වුච්චන්ති පඤ්ච කාමගුණා. කිං කාරණා සාතියා වුච්චන්ති පඤ්ච කාමගුණා? යෙභුය්යෙන දෙවමනුස්සා පඤ්ච කාමගුණෙ ඉච්ඡන්ති සාදියන්ති පත්ථයන්ති පිහයන්ති අභිජප්පන්ති. තඞ්කාරණා සාතියා වුච්චන්ති පඤ්ච කාමගුණා. යෙසං එසා සාතියා තණ්හා අප්පහීනා, තෙසං චක්ඛුතො රූපතණ්හා සවති ආසවති{2} සන්දති පවත්තති. සොතතො සද්දතණ්හා -පෙ- ඝානතො ගන්ධතණ්හා - ජිව්හාතො රසතණ්හා - කායතො ඵොට්ඨබ්බතණ්හා, මනතො ධම්මතණ්හා සවති ආසවති{2} සන්දති පවත්තති. යෙසං එසා සාතියා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා; තෙසං චක්ඛුතො රූපතණ්හා න සවති නාසවති{3} න සන්දති නප්පවත්තති. සොතතො සද්දතණ්හා -පෙ- මනතො ධම්මතණ්හා න සවති නාසවති{3} න සන්දති න පවත්තතීති- ‘සාතියෙසු අනස්සාවී.’
Sinhala BJTසාතියෙසු අනස්සාවී - ‘සාතියා’යී පස්කම් ගුණයෝ කියනු ලැබෙත්. කුමක් හෙයින් පස්කම්ගුණයෝ ‘සාතියා’යී කියනු ලැබෙත් ද යත්? බොහෝ සෙයින් දෙවිමිනිස්හු පස් කම්ගුණයන් ආශා කෙරෙති, ඉවසති පතති කැමැති වෙති අභිජල්පන කෙරෙත්; එ කරුණෙන් පස් කම්ගුණයෝ ‘සාතිය’යී කියනු ලැබෙති. යම් කෙනකුන්ට මෝ පඤ්චකාමගුණයෙහි තෘෂ්ණාව අප්‍රහීණ වූවා ද, ඔවුන්ට චක්‍ෂුර්ද්වාරයෙහි (ජවනසම්ප්‍රයුක්ත) රූපාලම්බනතෘෂ්ණාව උපදී, හාත්පසින් උපදී, ගලයි, පවතී. ශ්‍රොත්‍රද්වාරයෙහි ශබ්දතෘෂ්ණාව - ඝ්‍රාණද්වාරයෙහි ගන්‍ධතෘෂ්ණාව - ජිහ්වාද්වාරයෙහි රසතෘෂ්ණාව - කායද්වාරයෙහි ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව - මනෝද්වාරයෙහි ධර්‍මතෘෂ්ණාව උපදී, හාත්පසින් උපදී, ගලයි පවතී; යම් කෙනකුන් විසින් මෝ පඤ්චකාමගුණ තෘෂ්ණාව ප්‍රහීණකරන ලද්දී සිඳින ලද්දී සන්හිඳුණි දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී ද, ඔවුන්ට චක්‍ෂුර්ද්වාරයෙහි රූපතෘෂ්ණාව නූපදී - ශ්‍රොත්‍රද්වාරයෙහි ශබ්දතෘෂ්ණාව... මනෝද්වාරයෙහි ධර්‍මතෘෂ්ණාව නූපදී, හාත්පසින් නූපදී, නො ගලයි, නො පවතීනුයි ‘සාතියෙසු අනස්සාවී’ යනු වේ.
Pali BJTඅතිමානෙ ච නො යුතොති - කතමො අතිමානො? ඉධෙකච්චො පරං අතිමඤ්ඤති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති අතිමානො. යස්සෙසො අතිමානො පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො, සො අතිමානෙ ච නො යුතො න යුත්තො නප්පයුත්තො න සමායුත්තොති ‘අතිමානෙ ච නො යුතො.’
Sinhala BJTඅතිමානෙ ච නො යුතො - අතිමානය කවරැ යත්? මෙහි එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... එක්තරා කරුණකින් හෝ මෙරමා ඉක්මැ සිතයි; මෙබඳු යම් මානයෙක් මාන කරන අයුරෙක් මාන කරන බවෙක් උන්නතියෙක් නඟා තැබීමෙක් මානධ්වජයෙක් දැඩිව ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්‍යතාවක් වේ ද, මේ අතිමාන යයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල අතිමාන ප්‍රහීණ කරන ලද්දේ... නුවණගින්නෙන් දවන ලද්දේ ද, හෙතෙම අතිමානයෙහි ද නො යෙදුණේ යුක්ත නො වූයේ ප්‍රයුක්ත නො වූයේ හාත්පසින් නො යෙදුණේ නුයි ‘අතිමානෙ ච නො යුතො’ යනු වේ.
Pali BJTසණ්හො ච පටිභානවාති - ‘සණ්හො’ති සණ්හෙන කායකම්මෙන සමන්නාගතොති සණ්හො; සණ්හෙන වචීකම්මෙන සමන්නාගතොති සණ්හො; සණ්හෙන මනොකම්මෙන සමන්නාගතොති සණ්හො; සණ්හෙහි සතිපට්ඨානෙහි සමන්නාගතොති සණ්හො; සණ්හෙහි සම්මප්පධානෙහි සණ්හෙහි ඉද්ධිපාදෙහි - සණ්හෙහි ඉන්ද්රියෙහි - සණ්හෙහි බලෙහි සණ්හෙහි බොජ්ඣඞ්ගෙහි සමන්නාගතොති සණ්හො; සණ්හෙන අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතොති සණ්හො; පටිභානවාති - තයො පටිභානවන්තො: පරියත්තිපටිභානවා පරිපුච්ඡාපටිභානවා අධිගමපටිභානවා. කතමො පරියත්තිපටිභානවා? ඉධෙකච්චස්ස පකතියාපි පරියාපුතං හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං; තස්ස පරියත්තිං නිස්සාය පටිභාති{1}. අයං පරියත්තිපටිභානවා. කතමො පරිපුච්ඡාපටිභානවා? ඉධෙකච්චො පරිපුච්ඡිතා{2} හොති අත්තත්ථෙ ච ඤායත්ථෙ ච ලක්ඛණෙ ච කාරණෙ ච ඨානාඨානෙ ච, තස්ස තං පරිපුච්ඡං නිස්සාය පටිභාති. අයං පරිපුච්ඡාපටිභානවා. කතමො අධිගමපටිභානවා? ඉධෙකච්චස්ස අධිගතා හොන්ති චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්තබොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො චත්තාරො අරියමග්ගා චත්තාරි සාමඤ්ඤඵලානි චතස්සො පටිසම්භිදායො ඡ අභිඤ්ඤායො; තස්ස අත්ථො ඤාතො. ධම්මො ඤාතො. නිරුත්ති ඤාතා. අත්ථෙ ඤාතෙ අත්ථො පටිභාති.{1} ධම්මෙ ඤාතෙ ධම්මො පටිභාති{1} නිරුත්තියා ඤාතාය නිරුත්ති පටිභාති{1} ඉමෙසු තීසු ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා. ඉමාය පටිභානපටිසම්භිදාය උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සමුපපන්නො සමන්නාගතො. සො වුච්චති පටිභානවා. යස්ස පරියත්ති නත්ථි, පරිපුච්ඡා නත්ථි, අධිගමො නත්ථි, කිං තස්ස පටිභායිස්සතීති - ‘සණ්හො ච පටිභානවා...
Sinhala BJTසණ්හො ච පටිභානවා - ‘සණ්හො’ යනු: මෘදු වූ කායකර්‍මයෙන් යුක්ත වූයේ නුයි ‘සණ්හ’යැ මෘදු වූ වාක්කර්‍මයෙන් - මෘදු වූ මනඃකර්‍මයෙන් - මෘදු වූ සතිපට්ඨානයන් ගෙන් - මෘදු වූ සම්‍යක්ප්‍රධානයන් ගෙන් - ඍද්ධිපාදයන්ගෙන් ඉන්‍ද්‍රියයන් ගෙන් බලයන් ගෙන් - බෝධ්‍යඞ්ගයන් ගෙන් - මෘදු වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සමන්‍විත වූයේ නුයි ‘සණ්හ’ යැ; පටිභානවා - පර්‍ය්‍යාප්තිප්‍රතිභානවත් යැ, පරිපෘච්ඡාප්‍රතිභානවත් යැ, අධිගමප්‍රතිභානවත් යැයි ප්‍රතිභානවත්හු තිදෙනෙක් වෙති: කවරෙක් පර්‍ය්‍යාප්තිප්‍රතිභානවත් ද යත්? මේ සස්නෙහි එකක්හු විසින් සුත්ත යැ ගෙය්‍ය - වෙය්‍යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම - වෙදල්ල යැ (යන නවාඞ්ගය) පියවින් මැ පුහුණු කරන ලද වෙයි, ඔහුට පර්‍ය්‍යාප්තිය නිසා ඥානය අභිමුඛ වෙයි; මේ පර්‍ය්‍යාප්තිප්‍රතිභානවත් යැ. කවරෙක් පරිපෘච්ඡාප්‍රතිභානවත් වේ ද යත්? මේ සස්නෙහි එකෙක් ආත්මාර්ත්‍ථයන් ද න්‍යායාර්ත්‍ථයන් ද ලක්‍ෂණයන් ද කාරණයන් ද ස්ථානාස්ථානයන් ද පුළුවුස්නේ වෙයි, ඔහුට ඒ පිළිවිසීම නිසා ඥානය අභිමුඛ වෙයි, මේ තෙම පරිපෘච්ඡාප්‍රතිභානවත් යැ. කවරෙක් අධිගමප්‍රතිභානවත් වේ ද යත්? මේ සස්නෙහි එකක්හු විසින් සතර සතිපට්ඨානයෝ අධිගත වූවාහු වෙති, සතර සම්‍යක්ප්‍රධානයෝ - සතර ඍද්ධිපාදයෝ - පඤ්චේන්‍ද්‍රියයෝ - පඤ්ච බලයෝ - සප්ත බෝධ්‍යඞ්ගයෝ - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය - සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ - සතර ශ්‍රාමණ්‍යඵලයෝ - සතර ප්‍රතිසංවිද්හු - ෂඩ්භිඥාවෝ අධිගත වූවාහු වෙත්. ඔහු විසින් අර්‍ත්‍ථය දන්නා ලද, ධර්‍මය දන්නා ලද, නිරුක්තිය දන්නා ලදු. අර්‍ත්‍ථ (- හේතුඵල)ය ප්‍රකට වූ කල්හි අර්‍ත්‍ථය නුවණට අභිමුඛ වෙයි, ධර්‍ම (-ප්‍රත්‍යය)ය ප්‍රකට වූ කල්හි ධර්‍මය නුවණට අභිමුඛ වෙයි, නිරුක්තිය ප්‍රකට වූ කල්හි නිරුක්තිය නුවණට අභිමුඛ වෙයි, මේ ත්‍රිවිධඥානයෙහි ප්‍රභෙදගත වූ ඥානය ‘පටිභානපටිසම්භිදා’ නමු, මේ පටිභානපටිසම්භිදායෙන් උපේත සමුපේත උපාගත සමුපාගත උප්පන්න සමුප්පන්න සමන්‍වාගත වෙයි, හේ ‘ප්‍රතිභානවත්’යයි කියනු ලැබෙයි. යමක් හට පර්‍ය්‍යාප්තිය නැත් නම්, පරිපෘච්ඡාව නැත් නම්, අධිගමය නැත් නම්, ඔහුට කුමක් වැටහෙන්නේ දැ’යි ‘සණ්හො ච පටිභානවා’ යනු වේ.
Pali BJTන සද්ධො න විරජ්ජතීති - ‘න සද්ධො’ති සාමං සයං අභිඤ්ඤාතං අත්තපච්චක්ඛං ධම්මං න කස්සචි සද්දහති. අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා දෙවස්ස වා මාරස්ස වා බ්රහ්මුනො වා. ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සාමං සයං අභිඤ්ඤාතං -පෙ- ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති ‘සබ්බෙ ධම්මා අනත්තා’ති - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’ති -පෙ- ජාතිපච්චයා ජරාමරණ’න්ති ‘අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො’ති -පෙ- ‘ජාතිනිරොධා ජරාමරණනිරොධො’ති ‘ඉදං දුක්ඛ’න්ති -පෙ- ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති ‘ඉමෙ ආසවා’ති -පෙ- ‘අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති ‘ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා’ති -පෙ- ‘ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති සාමං සයං සයමභිඤ්ඤාතං -පෙ- ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථංගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච. පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච -පෙ- චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථංගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච සාමං සයමභිඤ්ඤාතං -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති සාමං සයමභිඤ්ඤාතං අත්තපච්චක්ඛං ධම්මං න කස්සචි සද්දහති. අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා දෙවස්ස වා මාරස්ස වා බ්රහ්මුනො වා. වුත්තං හෙතං භගවතා:
Sinhala BJTන සද්ධො න විරජ්ජති - ‘න සද්ධො’ යනු: තෙමේ මැ තමා විසින් අවබෝධ කළ තම හට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ දෙවියකුගේ හෝ මරකුගේ හෝ බඹකුගේ හෝ කිසිවක්හුගේ බසින් නො හදහයි; ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි තෙමේ මැ තමා විසින් අවබෝධ කළ... ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’යි, සියලු ධර්‍මයෝ අනාත්මයෝ යැ’යි... ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’... ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැ’යි... ‘මේ දුඃඛසත්‍ය යැ’යි... ‘මෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව යැ’යි... ‘මොහු ආස්‍රවයෝ යැ’යි... ‘මෝ ආස්‍රවනිරොධගාමිනීප්‍රතිපදාව යැ’යි... ‘මේ ධර්‍මයෝ දතයුත්තාහ’යි... ‘මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහ’යි තෙමේ මැ තමා විසින් අවබෝධ කළ... සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළවීම ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද, පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදය ද... සතර මහාභූතයන්ගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තෙමේ මැ තමා විසින් අවබෝධ කළ... ‘යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් ඒ සියල්ල නිරුද්ධ වන පියවි ඇතැ’යි තෙමේ මැ තමා විසින් අවබෝධ කළ තම හට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය අන් කිසි මහණකුගේ හෝ බමුණකුගේ හෝ දෙවියකුගේ හෝ මරකුගේ හෝ බඹකුගේ හෝ බසින් නො හදහයි. මේ වදාරන ලද මැය, බුදුන් විසින්:
Pali BJT“සද්දහසි ත්වං සාරිපුත්ත සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං? විරියින්ද්රියං - සතින්ද්රියං - සමාධින්ද්රියං - පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසාන’න්ති. නඛ්වාහං එත්ථ භන්තෙ භගවතො සද්ධාය ගච්ඡාමි. සද්ධින්ද්රියං - විරියින්ද්රියං - සතින්ද්රියං - සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන්ති යෙසං නු එතං භන්තෙ අඤ්ඤාතං අස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය; තෙ තත්ථ පරෙසං සද්ධාය ගච්ඡෙය්යුං: සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං, විරියින්ද්රියං - සතින්ද්රියං - සමාධින්ද්රියං - පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන්ති. යෙසඤ්ච ඛො එතං භන්තෙ ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය නික්කඞ්ඛා තෙ තත්ථ නිබ්බිචිකිච්ඡා: සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං විරියින්ද්රියං - සතින්ද්රියං - සමාධින්ද්රියං - පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන්ති. මය්හඤ්ච ඛො එතං භන්තෙ ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය. නික්කඞ්ඛොහං තත්ථ නිබ්බිචිකිච්ඡො: සද්ධින්ද්රියං විරියින්ද්රියං - සතින්ද්රියං - සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන්ති. සාධු සාධු සාරිපුත්ත, යෙසං හෙතං සාරිපුත්ත, අඤ්ඤාතං අස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය, තෙ තත්ථ පරෙසං සද්ධාය ගච්ඡෙය්යුං. සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන්ති.{a}
Sinhala BJT“ශාරිපුත්‍රයෙනි, තෙපි ශ්‍රද්ධේන්‍ද්‍රිය වඩන ලදුයේ නැවත නැවත වඩන ලදුයේ නිවනෙහි ඇතුළත් වෙයි, නිවන පිහිට කොට ඇත, නිවන කෙළවර කොට ඇතැ”යි හදහවු ද? වීර්‍ය්‍යෙන්‍ද්‍රිය - ස්මෘතීන්‍ද්‍රිය - සමාධීන්‍ද්‍රිය - ප්‍රඥේන්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන වේ යයි හදහවු දැ”යි. ස්වාමීනි, මම් මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ (වචනය) හැදැහීමෙන් අවබෝධ නො කෙරෙමි, සද්ධින්‍ද්‍රිය - වීරියින්ද්‍රිය - සතින්‍ද්‍රිය - සමාධින්‍ද්‍රිය - ප්‍රඤ්ඤින්ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමෘතයෙහි ඇතුළත් වූයේ අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇත්තේ අමෘතය නිෂ්ඨා කොට ඇත්තේය’යි. ස්වාමීනි. යම් කෙනකුන් විසින් තෙල නො දන්නා ලද්දේ (නුවණින්) නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දේ ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දේ වේ නම්, ඔවුහු එහිලා මෙරමා බස් හැදැහීමෙන් අවබෝධ කරන්නාහුය: ‘ශ්‍රද්ධේන්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ - වීර්‍ය්‍යෙන්‍ද්‍රිය - ස්මෘතීන්‍ද්‍රිය - සමාධීන්‍ද්‍රිය - ප්‍රඥේන්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන වේ යැ’යි. තවද ස්වාමීනි, යම් කෙනකුන් විසින් තෙල දන්නා ලද දක්නා ලද අවබෝධ කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ප්‍රඥාවෙන් ස්පර්‍ශ කරන ලද නම්, ඔවුහු එහි නිසැකයෝ යැ, විචිකිත්සා රහිතයෝ යැ: සද්ධින්‍ද්‍රිය - විරිය - සති - සමාධි - පඤ්ඤින්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන කොට ඇත්තේ යයි. ස්වාමීනි, මා විසින් වැලිත් තෙල ඥාත යැ දෘෂ්ට යැ විදිත යැ ශාක්‍ෂාත්කෘත යැ ප්‍රඥාවෙන් ස්පර්‍ශ කරන ලද, මම් එහි නිසැකයෙමි, විචිකිත්සා රහිතයෙමි. සද්ධින්‍ද්‍රිය - විරිය - සති - සමාධි - පඤ්ඤින්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන කොට ඇතැ’යි. ‘සාධු! සාධු!! ශාරිපුත්‍රයෙනි, සැබව ශාරිපුත්‍රයෙනි, යම් කෙනකුන් විසින් තෙල අඥාත අදෘෂ්ට අවිදිත අශාක්‍ෂාත්කෘත ප්‍රඥාවෙන් අපෘෂ්ට වන්නේ නම්, ඔහු එහි පරප්‍රත්‍යයෙන් අවබෝධ කරන්නාහුය: සද්ධින්‍ද්‍රිය... පඤ්ඤින්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන වේ”යයි.
Pali BJT1. අස්සද්ධො අකතඤ්ඤූ ච සන්ධිච්ඡෙදො ච යො නරො, හතාවකාසො වන්තාසො ස චෙ උත්තමපොරිසො “ති.{a}
Sinhala BJT1. යම් පුද්ගලයෙක් (තමා අධිගත හෙයින්) අනුන්ගේ බසින් නො හදහා ද, අකත නම් වූ නිවන ප්‍රත්‍යක්‍ෂ කොට දන්නේ ද, වෘත්තසන්‍ධි (සංසාරසන්‍ධි) සිඳපූයේ ද, නසන ලද ප්‍රතිසන්‍ධ්‍යවකාශ ඇත්තේ ද, වමනය කළ සියලු ආශා ඇත්තේ ද, හෙතෙම ඒකාන්තයෙන් උත්තමපුරුෂ නම් වේ.
Pali BJTන විරජ්ජතීති - සබ්බෙ බාලපුථුජ්ජනා රජ්ජන්ති, පුථුජ්ජනකල්යාණකං{1} උපාදාය සත්ත සෙඛා විරජ්ජන්ති; අරහා නෙවරජ්ජති නො විරජ්ජති. විරත්තො{2} සො ඛයා රාගස්ස වීතරාගත්තා ඛයා දොසස්ස වීතදොසත්තා ඛයා මොහස්ස වීතමොහත්තා; සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති ‘න සද්ධො න විරජ්ජති.’
Sinhala BJTන විරජ්ජති - සියලු බාලපෘථග්ජනයෝ ඇලෙති, කල්‍යාණපෘථග්ජනයා පටන් සප්ත ශෛක්‍ෂයෝ විරාගයට පැමිණෙති, ක්‍ෂීණාස්‍රව තෙම නො මැ ඇලෙයි, විරාගයට නො පැමිණේ. හෙතෙම රාගය ක්‍ෂය කිරීමෙන් වීතරාග හෙයින් ද්වේෂය ක්‍ෂය කිරීමෙන් වීතදෝස හෙයින් මෝහය ක්‍ෂය කිරීමෙන් වීතමෝහ හෙයින් විරක්ත යැ, වැස නිමවූ මගබඹසර ඇත්තේ යැ, පුරුදු කළ චරණධර්‍ම ඇත්තේ යැ... ඔහුට ජාති මරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘න සද්ධො න විරජ්ජති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සාතියෙසු අනස්සාවී අතිමානෙ ච නො යුතො, සණ්හො ච පටිභානවා න සද්ධො න විරජ්ජතී”ති.
Sinhala BJT“සාතියෙසු -පෙ- න සද්ධො න විරජ්ජති” යී.
Pali BJT10. 7.
Sinhala BJT10. 7.
Pali BJTලාභකම්යා න සික්ඛති අලාභෙ ච න කුප්පති, අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති.
Sinhala BJTයමෙක් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මේ ද, අලාභයෙහිත් නො කිපේ ද, (විරෝධ නැත්තෙන්) අවිරොධ වේ ද, තෘෂ්ණාවෙන් රසයෙහි ගේධය (-ගිජුබව)ට නො පැමිණේ ද; (ඔහු උපශාන්ත යයි කියමි.)
Pali BJTලාභකම්යා න සික්ඛති අලාභෙ ච න කුප්පතීති - කථං ලාභකම්යා සික්ඛති? “ඉධ භික්ඛු භික්ඛුං පස්සති ලාභිං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං; තස්ස එවං හොති ‘කෙන නු ඛො අයමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. තස්ස එවං හොති: ‘අයං ඛො ආයස්මා සුත්තන්තිකො. තෙනායමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙජ්ජපරික්ඛාරාන’න්ති. සො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා ලාභාභිනිබ්බත්තියා ලාභං පරිපාචෙන්තො සුත්තන්තං පරියාපුණාති. එවම්පි ලාභකම්යා සික්ඛති. අථවා, භික්ඛු භික්ඛුං පස්සති ලාභිං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චභෙසජ්ජපරික්ඛාරානං. තස්ස එවං හොති: ‘කෙන නු ඛො අයමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. තස්ස එවං හොති: ‘අයං ඛො ආයස්මා විනයධරො -පෙ- ධම්මකථිකො{3}, තෙනායමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙජ්ජපරික්ඛාරාන’න්ති. සො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා ලාභාභිනිබ්බත්තියා ලාභං පරිපාචෙන්තො අභිධම්මං පරියාපුණාති. එවම්පි ලාභකම්යා සික්ඛති. අථවා, භික්ඛු භික්ඛුං පස්සති. ලාභිං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චභෙසජ්ජපරික්ඛාරානං. තස්ස එවං හොති: ‘කෙන නු ඛො අයමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. තස්ස එවං හොති: ‘අයං ඛො ආයස්මා ආරඤ්ඤිකො - පිණ්ඩපාතිකො - පංසුකූලිකො - තෙචීවරිකො - සපදානචාරිකො - ඛලුපච්ඡාභත්තිකො - නෙසජ්ජිකො - යථාසන්ථතිකො. තෙනායමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. සො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා ලාභාභිනිබ්බත්තියා ලාභං පරිපාචෙන්තො ආරඤ්ඤිකො හොති. -පෙ- යථාසන්ථතිකො හොති. එවම්පි ලාභකම්යා සික්ඛති.
Sinhala BJTලාභකම්‍යා න සික්ඛති අලාභෙ ච න කුප්පති - කිසෙයින් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මේ ද යත්? ‘මේ සස්නෙහි මහණෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත් පිරිකර ලබනසුලු මහණක්හු දකී. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් තෙම කවර කරුණෙකින් සිවුරු... බෙහෙත්පිරිකර ලබනසුලු දැ’යි; ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් සෞත්‍රාන්තික යැ, එයින් මේ ආයුෂ්මත් සිවුරු... බෙහෙත් පිරිකර ලබන සුලු’යැයි. හෙතෙම ලාභ හේතුයෙන් ලාභ නිසා ලාභ කරුණෙන් ලාභ නිපදවනු පිණිස ලාභය උපද වන්නේ සූත්‍රාන්තය පුහුණු කරයි; මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මෙයි. නොහොත් මහණෙක් සිවුරු... බෙහෙත් පිරිකර ලබනසුලු මහණක්හු දකී. ඔහුට මේ සිත වෙයි: ‘කුමකින් මේ ආයුෂ්මත් සිවුරු... ලබනසුලු වේ දැ’යි. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් විනයධර යැ... ධර්‍මකථික යැ, එහෙයින් මේ ආයුෂ්මත්... ලබනසුලු වේ ය’යි. හෙතෙම ලාභ හේතුයෙන්... ලාභය උපදවනුයේ අභිධර්‍මය පුහුණු කරයි; මෙසේ ලාභ කැමැත්තෙන් හික්මෙයි. නොහොත් මහණෙක් චීවර... ලාභී වූ මහණක්හු දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘කුමක් හෙයින් මේ ආයුෂ්මත් චීවර...ලබනසුලු වේ දැ’යි. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් වූ කලි ආරණ්‍යක යැ - පිණ්ඩපාතික යැ - පංසුකූලික යැ - තෙචීවරික යැ - සපදානචාරික යැ - ඛලුපච්ඡාභත්තික යැ - නෙසජ්ජික යැ - යථාසන්‍ථතික යැ. එයින් මේ ආයුෂ්මත් තෙම චීවර... පරිෂ්කාරයන් ලබනසුලු වේ ය’යි. හෙතෙම ලාභ හේතුවෙන්... ලාභය උපදවනුයේ ආරණ්‍යක වෙයි... යථාසන්ත්‍ථතික වේ. මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මෙයි.
Pali BJTකථං න ලාභකම්යා සික්ඛති? ඉධ භික්ඛු න ලාභහෙතු න ලාභපච්චයා න ලාභකාරණා න ලාභාභිනිබ්බත්තියා න ලාභං පරිපාචෙන්තො යාවදෙව අත්තදමථාය අත්තසමථාය අත්තපරිනිබ්බාපනත්ථාය සුත්තන්තං පරියාපුණාති. විනයං පරියාපුණාති අභිධම්මං පරියාපුණාති. එවම්පි න ලාභකම්යා සික්ඛති. අථවා, භික්ඛු න ලාභහෙතු න ලාභපච්චයා න ලාභකාරණා න ලාභාභිනිබ්බත්තියා න ලාභං පරිපාචෙන්තො යාවදෙව අප්පිච්ඡංයෙව නිස්සාය සන්තුට්ඨිඤ්ඤෙව{1} නිස්සාය සල්ලෙඛඤ්ඤෙව නිස්සාය පවිවෙකඤ්ඤෙව නිස්සාය ඉදමත්ථිතඤ්ඤෙව{2} නිස්සාය ආරඤ්ඤිකො හොති පිණ්ඩපාතිකො හොති. පංසුකූලිකො හොති. තෙචීවරිකො හොති. සපදානචාරිකො හොති. ඛලුපච්ඡාභත්තිකො හොති. නෙසජ්ජිකො හොති. යථාසන්ථතිකො හොති. එවම්පි න ලාභකම්යා සික්ඛතීති - ලාභකම්යා න සික්ඛති.
Sinhala BJTකිසෙයින් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මේ ද යත්? මෙ සස්නෙහි මහණ තෙම ලාභ හේතුයෙන් නො වැ ලාභය නො නිසා ලාභකරුණෙන් නො වැ ලාභ නූපදවනු පිණිස ලාභය නො නිපදවනුයේ යම්තාක් ආත්මදමනය පිණිස ආත්මසමාධානය පිණිස ආත්මපරිනිර්‍වාණය පිණිස සූත්‍රාන්තය- විනය - අභිධර්‍මය පුහුණු කෙරෙයි. මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මෙයි. නොහොත් මහණ තෙම ලාභ හේතුවෙන් නො වැ... ලාභය නො නිපදවනුයේ යම්තාක් අපිස්බව ම නිසා සතොස්බව ම නිසා කෙලෙස් නැසීම ම නිසා උත්තමවිවේකය ම නිසා මේ කුශලධර්‍මයන්ගෙන් ප්‍රයෝජන ඇතිබව ම නිසා ආරණ්‍යක වෙයි,පිණ්ඩපාතික...යථාසන්‍ථතික වෙයි. මෙසේත් ලාභකාම්‍යයෙන් නො හික්මේ නුයි - ‘ලාභකම්‍යා න සික්ඛති’ යනු වේ.
Pali BJTඅලාභෙ ච න කුප්පතීති - කථං අලාභෙ කුප්පති? ඉධෙකච්චො කුලං වා න ලභාමි, ගණං වා න ලභාමි, ආවාසං වා න ලභාමි, ලාභං වා න ලභාමි, යසං වා න ලභාමි, පසංසං වා න ලභාමි, සුඛං වා න ලභාමි, චීවරං වා න ලභාමි, පිණ්ඩපාතං වා න ලභාමි, සෙනාසනං වා න ලභාමි, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං වා න ලභාමි, ගිලානුපට්ඨාකං වා න ලභාමි, අප්පඤ්ඤාතොම්හීති කුප්පති ව්යාපජ්ජති පතිත්ථියති{3} කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. එවං අලාභෙ කුප්පති. කථං අලාභෙ න කුප්පති? ඉධ භික්ඛු කුලං වා න ලභාමි, ගණං වා න ලභාමි -පෙ- අප්පඤ්ඤාතොම්හීති න කුප්පති න ව්යාපජ්ජති න පතිත්ථියති න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. එවං අලාභෙ ච න කුප්පතීති - ලාභකම්යා න සික්ඛති අලාභෙ ච න කුප්පති.
Sinhala BJTඅලාභෙ ච න කුප්පති - කිසෙයින් අලාභයෙහි කිපේ ද යත්? මෙහි එකෙක් ‘කුලය හෝ නො ලබමි, ගණයා හෝ - ආවාසය හෝ - ලාභය හෝ - යශස් හෝ - පැසැසුම් හෝ - සුව හෝ නො ලබමි, සිවුරු හෝ - පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පසබෙහෙත්පිරිකර හෝ නො ලබමි ගිලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ කිපෙයි’, ව්‍යාපාදයට පැමිණෙයි, තදබවට පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි; මෙසේ අලාභයෙහි කිපෙයි. කිසෙයින් අලාභයෙහි නො කිපේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම ‘කුලය හෝ නො ලබමි, ගණයා හෝ නො ලබමි... නො පැනෙනුයෙම් වෙමී’ නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තදබවට නො පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මෙසේ අලාභයෙහි දු නො කිපේ නුයි ‘ලාභකම්‍යා න සික්ඛති අලාභෙ ච න කුප්පති’ යනු වේ.
Pali BJTඅවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣතීති - ‘විරුද්ධො’ති යො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස බ්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං බ්යාපත්ති බ්යාපජ්ජනා බ්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො{4} අනත්තමනතා චිත්තස්ස{a} අයං වුච්චති විරොධො. යස්සෙසො විරොධො පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො. සො වුච්චති අවිරුද්ධො. තණ්හාති රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. රසොති මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො, අම්බිලං මධුරං තිත්තකං{5} කටුකං ලොණිකං ඛාරිකං ලපිලං{6} කසාවො සාදුං අසාදුං{7} සීතං උණ්හං; සන්තෙකෙ සමණබ්රාහ්මණා රසගිද්ධා, තෙ ජිව්හග්ගෙන රසග්ගානි පරියෙසන්තා ආහිණ්ඩන්ති. තෙ අම්බිලං ලභිත්වා අනම්බිලං පරියෙසන්ති. අනම්බිලං ලභිත්වා අම්බිලං. පරියෙසන්ති. මධුරං ලභිත්වා අමධුරං පරියෙසන්ති. අමධුරං ලභිත්වා මධුරං පරියෙසන්ති තිත්තකං ලභිත්වා අතිත්තකං පරියෙසන්ති. අතිත්තකං ලභිත්වා තිත්තකං පරියෙසන්ති. කටුකං ලභිත්වා අකටුකං පරියෙසන්ති. අකටුකං ලභිත්වා කටුකං පරියෙසන්ති. ලොණිකං ලභිත්වා අලොණිකං පරියෙසන්ති. අලොණිකං ලභිත්වා ලොණිකං පරියෙසන්ති.
Sinhala BJTඅවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති - ‘විරුද්ධො’ යනු: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කිපීමෙක් ප්‍රකොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රොධාකාරයෙක් ක්‍රෝධ වූ බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපාදාකාරයෙක් ව්‍යාපාදයට පැමිණි බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් චණ්ඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් සිතෙහි නො සතුටු බවෙක් වේ ද, මේ ‘විරෝධ’යයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල විරෝධය ප්‍රහීණ කරන ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද අභව්‍යොත්පත්තික වූයේ ද ඥානාග්නීන් දග්ධ ද, හෙතෙම ‘අවිරුද්ධ’ යයි කියනු ලැබේ. තණ්හා යනු: රූපතණ්හා යැ සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බ - ධම්මතණ්හා යැ; රස නම්: මුල්රස යැ කඳෙහි රස යැ පොතුරස යැ පත්රස යැ මල්රස යැ පලරස යැ ඇඹුලැ මිහිරැ තිත්ත යැ කුළු යැ ලුණුරස යැ කරරස යැ ලපිල - (නො කසටරස) යැ කසටරස යැ මිහිරි යැ නො මිහිරි යැ සිහිල් රස යැ හුණුරස යි; රසයෙහි ගිජු වූ මහණ බමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු දිවගින් අග්‍රරස සොයමින් ඇවිදිති: ඔහු ඇඹුලක් ලැබ නො ඇඹුලක් සොයති, නො ඇඹුලක් ලැබ ඇඹුල් සොයති, මිහිරක් ලැබ අමිහිරි දෑ සොයති, අමිහිරක් ලැබ මිහිරි දෑ සොයති, තිත්ත දැයක් ලැබ නො තිත්ත දෑ සොයති, නො තිත්ත දෑ ලැබ තිත්ත දෑ සොයති, කුළු දෑ ලැබ නො කුළු දෑ සොයති, නො කුළු දෑ ලැබ කුළු දැයක් සොයති, ලුණක් ලැබ ලුණු නැත්තක් සොයති, ලුණුනැති දෑ ලැබ ලුණු ඇති දෑ සොයති.
Pali BJTඛාරිකං ලභිත්වා අඛාරිකං පරියෙසන්ති. අඛාරිකං ලභිත්වා ඛාරිකං පරියෙසන්ති. ලපිලං{1} ලභිත්වා කසාවං පරියෙසන්ති. කසාවං ලභිත්වා ලපිලං පරියෙසන්ති. සාදුං ලභිත්වා අසාදුං පරියෙසන්ති. අසාදුං ලභිත්වා සාදුං පරියෙසන්ති. සීතං ලභිත්වා උණ්හං පරියෙසන්ති. උණ්හං ලභිත්වා සීතං පරියෙසන්ති. තෙ යං යං ලභිත්වා තෙන තෙන{2} න සන්තුස්සන්ති. අපරාපරං පරියෙසන්ති. මනාපිකෙසු රසෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා. යස්සෙසා{3} රසතණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා.
Sinhala BJTකරරසයක් ලැබ නො කරරස සොයති, නො කරරස දැයක් ලැබ කරරස සොයති, නො කසටක් ලැබ කසට සොයති, කසට දෑ ලැබ නො කසට දෑ සොයති, මිහිරක් ලැබ අමිහිරි දෑ සොයති, අමිහිරක් ලැබ මිහිරි දෑ සොයති. සිහිලක් ලැබ හුණු දෑ සොයති, හුණු දැයක් ලැබ සිහිල් සොයත්. ඔවුහු යම් යම් දැයක් ලැබ ඒ ඒ දැයින් නො සතුටු වෙති, මතුමත්තෙහි සොයති. මන වඩන රසයෙහි රැඳුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු වැතුරුණාහු ලැගුණාහු ඇලුණාහු බැසගත්තාහු ය. යමක්හු විසින් තෙල රසතෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද.
Pali BJTසො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති: නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි{4} නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො ච. යථා වණං{5} ආලිම්පෙය්ය යාවදෙව රොපණත්ථාය; යථා වා පන අක්ඛං අබ්භඤ්ජෙය්ය{6} යාවදෙව භාරස්ස නිත්ථරණත්ථාය; යථා වා පන පුත්තමංසං ආහාරං ආහරෙය්ය යාවදෙව කන්තාරස්ස නිත්ථරණත්ථාය; එවමෙව භික්ඛු පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, ‘නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි යාත්රා න මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති. රසතණ්හං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. රසතණ්හාය ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදිකතෙන{7} චෙතසා විහරතීති - ‘අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති.’
Sinhala BJTහෙතෙම නුවණින් විමසා අහර වළඳයි, කෙළි පිණිස නො මැ වළඳයි, මද පිණිස... අලඞ්කාර පිණිස - සැරැසුම් පිණිස නො වළඳයි, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස වළඳයි, මෙසේ ‘පැරණි බඩගිනි වේදනා නසමි, අලුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේය, අනවද්‍යභාවය ද සුව විහරණය ද වන්නේය; යම්සේ මස්වැඩීම පමණට වුණය ආලේප කරන්නේ ද, තවද යම්සේ බර ගෙන යන පමණට අක්‍ෂය තෙල් ගල්වන්නේ ද, තවද යම්සේ කතරමග තරණය කරන පමණට පුත්‍රමාංසාහාරය අනුභව කරන්නේ ද, එපරිද්දෙන් ම මහණ තෙම නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳයි, නො මැ කෙළි පිණිස වළඳයි,... මාගේ ජීවිත යාත්‍රාව ද අනවද්‍යතාව ද ඵාසුවිහරණය ද වන්නේ යැ’යි. රසතෘෂ්ණාව දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. රසතෘෂ්ණාවෙන් දුරු වූයේ වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වන්නේය, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTලාභකම්යා න සික්ඛති අලාභෙ ච න කුප්පති, අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣතී”ති.
Sinhala BJT“ලාභකම්‍යා න සික්ඛති -පෙ- රසෙ ච නානුගිජ්ඣති” යී.
Pali BJT10. 8.
Sinhala BJT10. 8.
Pali BJTඋපෙක්ඛකො සදා සතො න ලොකෙ මඤ්ඤතෙ සමං, න විසෙසී න නීචෙය්යො තස්ස යො සන්ති උස්සදා.
Sinhala BJTයමෙක් ෂඩඞ්ගොපෙක්‍ෂාවෙන් සමන්‍විත වූයේ හැමකල්හි ස්මෘතිමත් වූයේ ලොවැ (කිසිවක්හු හා) සම කොට නො සිතා ද, (මම) ශ්‍රෙෂ්ඪ වෙමි නො සිතා ද හීන වෙමී මන් නැත්තේ වේ ද, ඒ පුද්ගලයා හට උත්සදයෝ නො වෙති. (ඔහු උපශාන්ත යයි කියමි).
Pali BJTඋපෙක්ඛකො සදා සතොති - ‘උපෙක්ඛකො’ ති ඡළඞ්ගුපෙක්ඛාය සමන්නාගතො: චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො; සොතෙන සද්දං සුත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො. චක්ඛුනා රූපං දිස්වා මනාපං නාභිගිජ්ඣති නාභිහංසති{8} න රාගං ජනෙති. තස්ස ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං.
Sinhala BJTඋපෙක්ඛකො සදා සතෝ - ‘උපෙක්ඛකො’ යනු ෂඩඞ්ගොපෙක්‍ෂාවෙන් සමන්‍වාගත වූයේ ඇසින් රූපයක් දැක (ලොභවශයෙන්) නො මැ සතුටු සිත් ඇත්තේ වෙයි, (ද්වෙෂවශයෙන්) ද්විෂ්ට සිත් ඇත්තේ නො වෙයි, සිහි ඇතියේ නුවණැතියේ උපේක්‍ෂා සහිත වූයේ වෙසෙයි; කනින් ශබ්දයක් අසා...සිතින් ධර්‍මාලම්බනයක් දැන නො මැ සොම්නස් ඇත්තේ වෙයි, දොම්නස් ඇත්තේ නො වෙයි, සිහි නුවණ ඇතියේ උපේක්‍ෂා සහිත වූයේ වෙසෙයි, ඇසින් මනාප වූ රූපයක් දැක නො ගිජු වෙයි, නො සතුටු වෙයි, රාග නූපදවයි; ඔහු ගේ චක්‍ෂුරාදි කාය සිටියේ (නිශ්චල වූයේ) මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත සිටියේ සුනිශ්චල වූයේ සුවිමුක්ත වූයේ වෙයි.
Pali BJTචක්ඛුනා ඛො පනෙව රූපං දිස්වා අමනාපං න මඞ්කු හොති අප්පතිට්ඨිතචිත්තො අලීනමනසො{1} අබ්යාපන්නචෙතසො, තස්ස ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං; සොතෙන සද්දං සුත්වා - ඝානෙන ගන්ධං ඝායිත්වා - ජිහ්වාය රසං සායිත්වා - කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා - මනසා ධම්මං විඤ්ඤාය - මනාපං නාභිගිජ්ඣති නාභිහංසති න රාගං ජනෙති. තස්ස ඨිතොව කායො හොති. ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං. මනසා ඛො පනෙව ධම්මං විඤ්ඤාය අමනාපං න මඞ්කු හොති අප්පතිට්ඨිතචිත්තො අලීනමනසො{1} අබ්යාපන්නචෙතසො තස්ස ඨිතො ච කායො හොති. ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං. චක්ඛුනා රූපං දිස්වා මනාපාමනාපෙසු රූපෙසු තස්ස ඨිතො ච කායො හොති. ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං. සොතෙන සද්දං සුත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මනාපාමනාපෙසු ධම්මෙසු තස්ස ඨිතො ච කායො හොති. ඨිතං චිත්තං අජ්ඣත්තං සුසණ්ඨිතං සුවිමුත්තං. චක්ඛුනා රූපං දිස්වා රජනීයෙ න රජ්ජති. දොසනීයෙ න දුස්සති. මොහනීයෙ න මුය්හති. කොපනීයෙ න කුප්පති. කිලෙසනීයෙ න කිලිස්සති. මදනීයෙ න මජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය රජනීයෙ න රජ්ජති. දොසනීයෙ න දුස්සති. මොහනීයෙ න මුය්හති. කොපනීයෙ න කුප්පති. කිලෙසනීයෙ න කිලිස්සති. මදනීයෙ න මජ්ජති. දිට්ඨෙ දිට්ඨමත්තො. සුතෙ සුතමත්තො. මුතෙ මුතමත්තො. විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තො. දිට්ඨෙ න ලිප්පති.{2} සුතෙ න ලිප්පති.{2} මුතෙ න ලිප්පති. විඤ්ඤාතෙ න ලිප්පති. දිට්ඨෙ අනුපයො අනපායො{3} අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සුතෙ මුතෙ විඤ්ඤාතෙ අනුපයො අනපායො{3} අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති.
Sinhala BJTයළි ඇසින් මැ අමනාප වූ රූපයක් දැක නො මකු වූයේ (ක්‍රෝධවශයෙන්) නො පිහිටි සිත් ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ව්‍යාපාද රහිත සිත් ඇත්තේ වෙයි; ඔහුගේ කය නිශ්චල වූයේ මැ වෙයි. සිත නිශ්චල වූයේ අධ්‍යාත්මයෙහි සුසංස්ථිත සුවිමුක්ත වූයේ වෙයි. කනින් ශබ්දයක් අසා... නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට දිවින් රසයක් ආස්වාද කොට - කයින් පහසක් ස්පර්‍ශ කොට - මනසින් ධර්‍මයක් දැන ඉෂ්ටාලම්බනයට නො ගිජු වෙයි, නො සතුටු වෙයි, රාග නූපදවයි. ඒ රහත්හුගේ කය නිශ්චල වූයේ මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත නිශ්චල වූයේ මොනොවට පිහිටියේ වෙසෙසින් මිදුණේ වෙයි. යළි සිතින් මැ අමනාප වූ ධර්‍මාලම්බනයක් දැන නො මකු වෙයි, (ක්‍රෝධවශයෙන්) නො පිහිටි සිත් ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ව්‍යාපාද රහිත සිත් ඇතියේ වෙයි. ඔහුගේ කය නිශ්චල වූයේ මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත පිහිටියේ සුසංස්ථිත සුවිමුක්ත වෙයි. ඇසින් රූපයක් දැක මනාපාමනාපරූපයන්හි ඔහුගේ කය සිටියේ (-නිශ්චල වූයේ) මැ වෙයි, සිත අධ්‍යාත්මයෙහි සිටියේ සුපිහිටියේ සුවිමුක්ත වෙයි. කනින් ශබ්දයක් අසා... මනසින් ධර්‍මයක් දැන මනාපාමනාපධර්‍මයන්හි ඔහුගේ කය සිටියේ මැ වෙයි, සිත... සුවිමුක්ත වෙයි. ඇසින් රූපයක් දැක ඇලුම් කටයුතු වස්තුවෙහි නො ඇලෙයි, ද්වේෂ ඉපදවියැ යුත්තෙහි ද්වේෂය නූපදවයි, මුළාවියැ යුත්තෙහි මුළා නො වෙයි, කිපියැ යුත්තෙහි නො කිපෙයි, කෙලෙසියැ යුත්තෙහි නො කෙලෙසෙයි, මත්වියැ යුත්තෙහි නො මත් වෙයි. කනින් ශබ්දයක් අසා... මනසින් ධර්‍මයක් දැන රජනීය වස්තුවෙහි නො ඇලෙයි, දොසනීයයෙහි - මොහනීයයෙහි - කොපනීයයෙහි - කිලෙසනීයයෙහි - මදනීය වස්තුවෙහි නො මත් වෙයි. රූපාලම්බනයෙහි (චක්‍ෂුර්විඥානයෙන්) දුටු පමණ වූයේ ශබ්දායතනයෙහි ශ්‍රැතමාත්‍ර වූයේ මුතාලම්බනයෙහි මුත (-පැමිණ ගන්නා ලද) මාත්‍ර වූයේ ධම්මාරම්මණයෙහි විඥානමාත්‍ර වූයේ වෙයි; චක්‍ෂුර් විඥානයෙන් දුටු) රූපාරම්මණයෙහි (තෘෂ්ණාදෘෂ්ටිලෙපයෙන්) නො ඇලෙයි, ශබ්දාලම්බනයෙහි නො ඇලෙයි, ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි නො ඇලෙයි, ධර්‍මාලම්බනයෙහි නො ඇලෙයි; රූපාලම්බනයෙහි තෘෂ්ණා නැත්තේ දූෂ්‍ය නො වූයේ අනිඃශ්‍රිත වූයේ නො බැඳුණේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වෙසෙයි, ශ්‍රැතයෙහි - මුතයෙහි - විඥාතයෙහි තෘෂ්ණා නැත්තේ... විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වෙසෙයි.