දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා{1} ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, තස්මා නරො තෙසු නිවෙසනෙසු නිරස්සති{2} ආදියතිච්ච{3} ධම්මං.
දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තාති - ‘දිට්ඨිනිවෙසා’ති ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති අභිනිවෙසපරාමාසො දිට්ඨිනිවෙසනං. ‘අසස්සතො ලොකො, අන්තවා ලොකො, අනන්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, හොති තථාගතො පරම්මරණා, න හොති තථාගතො පරම්මරණා, හොති ච න ච හොති තථාගතො පරම්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති අභිනිවෙසපරාමාසො දිට්ඨිනිවෙසනන්ති දිට්ඨිනිවෙසා; න හි ස්වාතිවත්තාති - දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා,{1} දුරතිවත්තා දුත්තරා දුප්පතරා දුස්සමතික්කමා දුබ්බීතිවත්තාති ‘දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා.’
ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතන්ති - ‘ධම්මෙසූ’ති ද්වාසට්ඨි දිට්ඨිගතෙසු; නිච්ඡෙය්යාති නිච්ඡිනිත්වා විනිච්ඡිනිත්වා{4} විචිනිත්වා පවිචිනිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා; සමුග්ගහීතන්ති නිවෙසනෙසු ඔධිග්ගාහො බිලග්ගාහො වරග්ගාහො කොට්ඨාසග්ගාහො උච්චයග්ගාහො සමුච්චයග්ගාහො, ඉදං සච්චං තච්ඡං තථං භූතං යථාසභාවං{5} අවිපරීතං ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තන්ති - ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං.
තස්මා නරො තෙසු නිවෙසනෙසූති - ‘තස්මා’ති - තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා; නරොති සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගූ{6} ජන්තු ඉන්දගු හින්දගු මනුජො; තෙසු නිවෙසනෙසූති - තෙසු දිට්ඨිනිවෙසනෙසූති ‘තස්මා නරො තෙසු නිවෙසනෙසු.’
නිරස්සති{1} ආදියතිච්ච{2} ධම්මන්ති - ‘නිරස්සතී’ති ද්වීහි කාරණෙහි නිරස්සති: පරවිච්ඡින්දනාය වා නිරස්සති, අනභිසම්භුණන්තො වා නිරස්සති. කථං පරවිච්ඡින්දනාය වා නිරස්සති? පරො විච්ඡින්දෙති, සො සත්ථා න සබ්බඤ්ඤූ, ධම්මො න ස්වාක්ඛාතො, ගණො න සුපටිපන්නො, දිට්ඨි න භද්දිකා පටිපදා න සුපඤ්ඤත්තා, මග්ගො න නිය්යානිකො, නත්ථෙත්ථ{3} සුද්ධි වා විසුද්ධි වා පරිසුද්ධි වා මුත්ති වා විමුත්ති වා පරිමුත්ති වා, නත්ථෙත්ථ සුජ්ඣන්ති වා විසුජ්ඣන්ති වා පරිසුජ්ඣන්ති වා මුච්චන්ති වා විමුච්චන්ති වා පරිමුච්චන්ති වා, හීනා නිහීනා ඔමකා ලාමකා ඡත්තකා{4} පරිත්තාති එවං පරො විච්ඡින්දෙති. එවං විච්ඡින්දියමානො සත්ථාරං නිරස්සති, ධම්මක්ඛානං නිරස්සති, ගණං නිරස්සති, දිට්ඨිං නිරස්සති, පටිපදං නිරස්සති, ධම්මක්ඛානං නිරස්සති, ගණං නිරස්සති, දිට්ඨිං නිරස්සති, පටිපදං නිරස්සති, මග්ගං නිරස්සති, එවං පරවිච්ඡින්දනාය නිරස්සති. කථං අනභිසම්භුණන්තො නිරස්සති? සීලං අනභිසම්භුණන්තො සීලං නිරස්සති, වතං අනභිසම්භුණන්තො වතං නිරස්සති, සීලබ්බතං අනභිසම්භුණන්තො සීලබ්බතං නිරස්සති. ආදියතිච්ච ධම්මන්ති - සත්ථාරං ගණ්හාති, ධම්මක්ඛානං ගණ්හාති, ගණං ගණ්හාති දිට්ඨිං ගණ්හාති, පටිපදං ගණ්හාති, මග්ගං ගණ්හාති පරාමසති අභිනිවිසතීති ‘නිරස්සති ආදියතිච්ච ධම්මං.’
තෙනාහ භගවා:
“දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, තස්මා නරො තෙසු නිවෙසනෙසු නිරස්සතී{1} ආදියතිච්ච{2} ධම්ම”න්ති.
3. 7.
ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසු, මායඤ්ච මානඤ්ච පහාය ධොනො ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො.
ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසූති ‘ධොනො’ති ධොනා වුච්චති පඤ්ඤා, යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි.{a} කිං කාරණා ධොනා වුච්චති පඤ්ඤා?
තාය{1} පඤ්ඤාය කායදුච්චරිතං ධුතඤ්ච ධොතඤ්ච සන්ධොතඤ්ච නිද්ධොතඤ්ච, වචීදුච්චරිතං -පෙ- මනොදුච්චරිතං ධුතඤ්ච ධොතඤ්ච සන්ධොතඤ්ච නිද්ධොතඤ්ච, රාගො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, දොසො - මොහො - කොධො - උපනාහො - මක්ඛො - පලාසො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, ඉස්සා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච, සාඨෙය්යං ධුතඤ්ච ධොතඤ්ච සන්ධොතඤ්ච නිද්ධොතඤ්ච, ථම්භො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, සාරම්භො - මානො - අතිමානො - මදො - පමාදො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, සබ්බෙ කිලෙසා - සබ්බෙ දුච්චරිතා - සබ්බෙ දරථා - සබ්බෙ පරිළාහා - සබ්බෙ සන්තාපා - සබ්බාකුසලාභිසඞ්ඛාරා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. තංකාරණා ධොනා වුච්චති පඤ්ඤා. අථ වා සම්මාදිට්ඨියා මිච්ඡාදිට්ඨි ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච, සම්මාසඞ්කප්පෙන මිච්ඡාසඞ්කප්පො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, සම්මාවාචාය මිච්ඡාවාචා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච, සම්මාසඞ්කප්පෙන මිච්ඡාසඞ්කප්පො ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච, සම්මාවාචාය මිච්ඡාවාචා ධුතා ච -පෙ- සම්මාකම්මන්තෙන මිච්ඡාකම්මන්තො ධුතො ච - සම්මාආජීවෙන මිච්ඡාආජීවො ධුතො ච සම්මාවායාමෙන මිච්ඡාවායාමො ධුතො ච සම්මාසතියා මිච්ඡාසති ධුතා ච - සම්මාසමාධිනා මිච්ඡාසමාධි ධුතො ච ධොතො ච සන්ධොතො ච නිද්ධොතො ච සම්මාඤාණෙන මිච්ඡාඤාණං ධුතඤ්ච - සම්මාවිමුත්තියා මිච්ඡාවිමුත්ති ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. අථ වා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසඞ්ඛාරා ධුතා ච ධොතා ච සන්ධොතා ච නිද්ධොතා ච. අරහා ඉමෙහි ධොනියෙහි{2} ධම්මෙහි උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සමුපපන්නො සමන්නාගතො, තස්මා අරහා ධොනො. සො ධුතරාගො ධුතපාපො ධුතකිලෙසො ධුතපරිළාහොති ‘ධොනො.’
කුහිඤ්චීති - කුහිඤ්චි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වා; ලොකෙති - අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. පකප්පිතාති{3} - ද්වෙ පකප්පනා: තණ්හාපකප්පනා ච දිට්ඨිපකප්පනා ච -පෙ- අයං දිට්ඨිපකප්පනා. භවාභවෙසූති - භවාභවෙ කම්මභවෙ පුනබ්භවෙ, කාමභවෙ කම්මභවෙ කාමභවෙ පුනබ්භවෙ, රූපභවෙ කම්මභවෙ රූපභවෙ පුනබ්භවෙ, අරූපභවෙ කම්මභවෙ අරූපභවෙ පුනබ්භවෙ පුනප්පුන{4}භවෙ පුනප්පුනගතියා පුනප්පුනඋප්පත්තියා පුනප්පුනපටිසන්ධියා පුනප්පුනඅත්තභාවාභිනිබ්බත්තියා; “ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසූ”ති - ධොනස්ස කුහිඤ්චි ලොකෙ භවාභවෙසු ච කප්පිතා අභිසංඛතා සණ්ඨපිතා දිට්ඨි නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති ‘ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසු.
මායඤ්ච මානඤ්ච පහාය ධොනොති - මායා වුච්චති වඤ්චනිකා චරියා; ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය{1} දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා තස්ස පටිච්ඡාදනහෙතු{2} පාපිකං ඉච්ඡං පණිදහති: මා මං ජඤ්ඤාති ඉච්ඡති. මා මං ජඤ්ඤාති සංකප්පෙති. ම මං ජඤ්ඤාති වාචං භාසති. මා මං ජඤ්ඤාති කායෙන පරක්කමති. යා එවරූපා මායා මායාවිතා අච්චයා{3} වඤ්චනා නිකති නිකිරණා{4} පරිහරණා ගූහනා පරිගූහනා ඡාදනා පරිච්ඡාදනා අනුත්තානීකම්මං අනාවීකම්මං වොච්ඡාදනා පාපකිරියා, අයං වුච්චති මායා.{a} මානොති එකවිධෙන මානො: යා චිත්තස්ස උන්නති; දුවිධෙන මානො: අත්තුක්කංසනමානො පරවම්භනමානො; තිවිධෙන මානො: සෙය්යොහමස්මීති මානො සදිසොහමස්මීති මානො හීනොහමස්මීති මානො; චතුබ්බිධෙන මානො: ලාභෙන මානං ජනෙති, යසෙන මානං ජනෙති, පසංසාය මානං ජනෙති, සුඛෙන මානං ජනෙති; පඤ්චවිධෙන මානො: ලාභී’ම්හි මනාපිකානං රූපානන්ති මානං ජනෙති, ලාභී’ම්හි මනාපිකානං සද්දානං - ගන්ධානං - රසානං ඵොට්ඨබ්බානන්ති මානං ජනෙති; ඡබ්බිධෙන මානො: චක්ඛුසම්පදාය මානං ජනෙති, සොතසම්පදාය - ඝානසම්පදාය - ජිව්හාසම්පදාය - කායසම්පදාය - මනොසම්පදාය මානං ජනෙති; සත්තවිධෙන මානො: මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස්මිමානො මිච්ඡාමානො; අට්ඨවිධෙන මානො: ලාභෙන මානං ජනෙති, අලාභෙන ඔමානං ජනෙති, යසෙන මානං ජනෙති, අයසෙන ඔමානං ජනෙති, පසංසාය මානං ජනෙති, නින්දාය ඔමානං ජනෙති, සුඛෙන මානං ජනෙති, දුක්ඛෙන ඔමානං ජනෙති; නවවිධෙන මානො: සෙය්යස්ස සෙය්යොහමස්මීති මානො, සෙය්යස්ස සදිසොහමස්මීති මානො, සෙය්යස්ස හීනොහමස්මීති මානො, සදිසස්ස සෙය්යොහමස්මීති මානො, සදිසස්ස සදිසොහමස්මීති මානො, සදිසස්ස හීනොහමස්මීති මානො, හීනස්ස සෙය්යොහමස්මීති මානො, හීනස්ස සදිසොහමස්මීති මානො, හීනස්ස හීනොහමස්මීති මානො, දසවිධෙන මානො: ඉධෙකච්චො මානං ජනෙති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති මානො.{a} “මායඤ්ච මානඤ්ච පහාය ධොනො”ති - ධොනො මායඤ්ච මානඤ්ච පහාය පජහිත්වා විනොදෙත්වා ව්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘මායඤ්ච මානඤ්ච පහාය ධොනො.’
ස කෙන ගච්ඡෙය්ය අනුපයො සොති - ‘උපයා’ති ද්වෙ උපයා: තණ්හාඋපයො ච දිට්ඨිඋපයො ච -පෙ- අයං තණ්හූපයො. -පෙ- අයං දිට්ඨූපයො. තස්ස තණ්හූපයො පහීනො, දිට්ඨූපයො පටිනිස්සට්ඨො. තණ්හූපයස්ස පහීනත්තා දිට්ඨූපයස්ස පටිනිස්සට්ඨත්තා අනුපයො පුග්ගලො කෙන රාගෙන ගච්ඡෙය්ය? කෙන දොසෙන ගච්ඡෙය්ය? කෙන මොහෙන ගච්ඡෙය්ය? කෙන මානෙන ගච්ඡෙය්ය? කාය දිට්ඨියා ගච්ඡෙය්ය? කෙන උද්ධච්චෙන ගච්ඡෙය්ය? කාය විචිකිච්ඡාය ගච්ඡෙය්ය? කෙහි අනුසයෙහි ගච්ඡෙය්ය? රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති{1} වා ථාමගතොති වා? තෙ අභිසඞ්ඛාරා පහීනා. අභිසඞ්ඛාරානං පහීණත්තා ගතියා{2} කෙන ගච්ඡෙය්ය නෙරයිකොති වා තිරච්ඡානයොනිකොති වා පෙත්තිවිසයිකොති වා මනුස්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා, සො හෙතු නත්ථි, පච්චයො නත්ථි, කාරණං නත්ථි, යෙන ගච්ඡෙය්යාති ‘ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො. ‘
තෙනාහ භගවා:
“ධොනස්ස හි නත්ථි කුහිඤ්චි ලොකෙ පකප්පිතා දිට්ඨි භවාභවෙසු, මායඤ්ච මානඤ්ච පහාය ධොනො ස කෙන ගච්ඡෙය්ය අනූපයො සො”ති.
3. 8.
උපයො හි ධම්මෙසු උපෙති වාදං අනූපයං කෙන කථං වදෙය්ය අත්තං නිරත්තං න හි තස්ස අත්ථි අධොසි සො දිට්ඨිමිධෙව සබ්බං{3}.
උපයො හි ධම්මෙසු උපෙති වාදන්ති - ‘උපයො’ති ද්වෙ උපයා: තණ්හූපයො ච දිට්ඨූපයො ච -පෙ- අයං තණ්හූපයො -පෙ- අයං දිට්ඨූපයො. තස්ස තණ්හූපයො අප්පහීනො, දිට්ඨූපයො අප්පටිනිස්සට්ඨො. තණ්හූපයස්ස අප්පහීනත්තා දිට්ඨූපයස්ස අප්පටිනිස්සට්ඨත්තා ධම්මෙසු වාදං උපෙති: රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති වා අනිට්ඨං ගතොති වා ථාමගතොති වා. තෙ අභිසඞ්ඛාරා අප්පහීනා. අභිසඞ්ඛාරානං අප්පහීනත්තා ගතියා වාදං උපෙති: නෙරයිකොති වා තිරච්ඡානයොනිකොති වා පෙත්තිවිසයිකොති වා මනුස්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවනඤ්ඤීනාසඤ්ඤීති වා වාදං උපෙති උපගච්ඡති ගණ්හාති පරාමසති අභිනිවිසතීති ‘උපයො හි ධම්මෙසු උපෙති වාදං.’
අනූපයං කෙන කථං වදෙය්යාති - ‘උපයාති’ ද්වෙ උපයා: තණ්හූපයො ච දිට්ඨූපයො ච -පෙ- අයං තණ්හූපයො -පෙ- අයං දිට්ඨූපයො. තස්ස තණ්හූපයො පහීනො දිට්ඨූපයො පටිනිස්සට්ඨො. තණ්හූපයස්ස පහීනත්තා දිට්ඨූපයස්ස පටිනිස්සට්ඨත්තා අනූපයං පුග්ගලං කෙන රාගෙන වදෙය්ය? කෙන දොසෙන වදෙය්ය? කෙන මොහෙන වදෙය්ය? කෙන මානෙන වදෙය්ය? කාය දිට්ඨියා වදෙය්ය? කෙන උද්ධච්චෙන වදෙය්ය? කාය විචිකිච්ඡාය වදෙය්ය? කෙහි අනුසයෙහි වදෙය්ය රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති වා අනිට්ඨං ගතොති{1} වා ථාමගතොති වා? තෙ අභිසඞ්ඛාරා පහීනා. අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා{2} කෙන වදෙය්ය නෙරයිකොති වා -පෙ- නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා? සො හෙතු නත්ථි, පච්චයො නත්ථි, කාරණං නත්ථි, යෙන{3} වදෙය්ය කථෙය්ය භණෙය්ය දීපයෙය්ය වොහරෙය්යා ති ‘අනූපයං කෙන කථං වදෙය්ය.’
අත්තං නිරත්තං න හි තස්ස අත්ථිති - ‘අත්තා’ති සස්සතදිට්ඨි{4} නත්ථි; නිරත්තාති - මුඤ්චිතබ්බං නත්ථි. යස්සත්ථි ගහිතං, තස්සත්ථි මුඤ්චිතබ්බං; යස්සත්ථි මුඤ්චිතබ්බං, තස්සත්ථි ගහිතං; ගහණ{5}මුඤ්චනා සමතික්කන්තො{6} අරහා වුද්ධිපරිහානිවීතිවත්තො. සො වුත්ථවාසො චිණ්ණචරණො ගතද්ධො ගතදිසො. ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති ‘අත්තං නිරත්තං න හි තස්ස අත්ථි. ‘
අධොසි සො දිට්ඨිමිධෙව සබ්බන්ති - තස්ස ද්වාසට්ඨි දිට්ඨිගතානි පහීනානි සමුච්ඡින්නානි වුපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි. සො සබ්බං දිට්ඨිගතං ඉධෙව අධොසි ධුනි{7} සන්ධුනි නිද්ධුනි පජහි විනොදෙසි ව්යන්තිං අකාසි අනභාවං ගමෙසීති ‘අධොසි සො දිට්ඨිමිධෙව සබ්බ’න්ති.
තෙනාහ භගවා:
“උපයො හි ධම්මෙසු උපෙති වාදං අනූපයං කෙන කථං වදෙය්ය, අත්තං නිරත්තං න හි තස්ස අත්ථි අධොසි සො දිට්ඨිමිධෙව සබ්බ”න්ති.
දුට්ඨට්ඨකසුත්තනිද්දෙසො තතියො.
4.
සුද්ධට්ඨකසුත්තනිද්දෙසො
අථ සුද්ධට්ඨකසුත්තනිද්දෙසො වුච්චති{*}
4. 1.
පස්සාමි සුද්ධං පරමං අරොගං දිට්ඨෙන සංද්ධිසු නරස්ස හොති, එවාභිජානං{1} පරමන්ති ඤත්වා සුද්ධානුපස්සී පච්චෙති ඤාණං.
පස්සාමි සුද්ධං පරමං ආරොගන්ති - ‘පස්සාමි සුද්ධ’න්ති පස්සාමි සුද්ධං, දක්ඛාමි සුද්ධං, ඔලොකෙමි සුද්ධං, නිජ්ඣායාමි සුද්ධං, උපපරික්ඛාමි සුද්ධං; පරමං අරොගන්ති - පරමං ආරොග්යප්පත්තං{2} ඛෙමප්පත්තං තාණප්පත්තං ලෙනප්පත්තං සරණප්පත්තං අභයප්පත්තං අච්චුතප්පත්තං නිබ්බානප්පත්තන්ති ‘පස්සාමි සුද්ධං පරමං අරොගං.’
දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොතීති - චක්ඛුවිඤ්ඤාණෙන{3} රූපදස්සනෙන නරස්ස සුද්ධි විසුද්ධි පරිසුද්ධි මුත්ති විමුත්ති පරිමුත්ති හොති; නරො සුජ්ඣති විසුජ්ඣති පරිසුජ්ඣති මුච්චති විමුච්චති පරිමුච්චතීති ‘දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති. ‘
එවාභිජානං පරමන්ති ඤත්වාති - එවං අභිජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො ඉදං පරමං අග්ගං{4} සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරන්ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘එවාභිජානං පරමන්ති ඤත්වා. ‘
සුද්ධානුපස්සී පච්චෙති ඤාණන්ති - යො සුද්ධං පස්සති, සො සුද්ධානුපස්සී; පච්චෙති ඤාණන්ති - චක්ඛුවිඤ්ඤාණං රූපදස්සනෙ න ඤාණන්ති පච්චෙති, මග්ගොති පච්චෙති, පථො’ති පච්චෙති, නිය්යානන්ති{5} පච්චෙතීති ‘සුද්ධානුපස්සී පච්චෙති ඤාණ’න්ති.
තෙනාහ භගවා:
“පස්සාමි සුද්ධං පරමං අරොගං දිට්ඨෙන සංසුද්ධි නරස්ස හොති, එවාභිජානං පරමන්ති ඤත්වා සුද්ධානුපස්සී පච්චෙති ඤාණ”න්ති.
4. 2.
දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති ඤාණෙන වා සො පජහාති දුක්ඛං, අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො දිට්ඨි හි නං පාව තථා වදානං.
දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොතීති - චක්ඛුවිඤ්ඤාණෙන{1} රූපදස්සනෙන චෙ නරස්ස සුද්ධි විසුද්ධි පරිසුද්ධි මුත්ති විමුත්ති පරිමුත්ති හොති, නරො සුජ්ඣති විසුජ්ඣති පරිසුජ්ඣති, මුච්චති විමුච්චති පරිමුච්චතීති ‘දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති.’
ඤාණෙන වා සො පජහාති දුක්ඛන්ති - චක්ඛුවිඤ්ඤාණෙන{1} රූපදස්සනෙන චෙ නරෙ ජාතිදුක්ඛං පජහාති,{2} ජරාදුක්ඛං පජහාති, ව්යාධිදුක්ඛං පජහාති, මරණදුක්ඛං පජහාති, සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසදුක්ඛං පජහාතීති ‘ඤාණෙන ව සො පජහාති දුක්ඛං.’
අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකොති - අඤ්ඤෙන අසුද්ධි මග්ගෙන මිච්ඡාපටිපදාය අනිය්යාණිකපථෙන අඤ්ඤත්ර සතිපට්ඨානෙහි අඤ්ඤත්ර සම්මප්පධානෙහි අඤ්ඤත්ර ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියා අට්ඨඞ්ගිකමග්ගා{3} නරො සුජ්ඣති විසුජ්ඣති පරිසුජ්ඣති මුච්චති විච්චතිමු පරිමුච්චති; සොපධීකොති සරාගො සදොසො සමොහො සමානො සතණ්හො සදිට්ඨි සකිලෙසො සඋපාදානොති ‘අඤ්ඤෙන සොසුජ්ඣති සොපධීකො’.
දිට්ඨි හි නං පාව තථා වදානන්ති - සා ච දිට්ඨි නං පුග්ගලං පාවදති: ‘ඉති ච යං පුග්ගලො මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො’ති; තථා වදානන්ති - තථා වදන්තං කථෙන්තං භණන්තං දීපයන්තං වොහරන්තං, ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති තථා වදන්තං කථෙන්තං භණන්තං දීපයන්තං වොහරන්තං, ‘අසස්සතො ලොකො, අන්තවා ලොකො, අනන්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං, හොති තථාගතො පරම්මරණා, න හොති තථාගතො පරම්මරණා, හොති ච න ච හොති තථාගතො පරම්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති තථා වදන්තං කථෙන්තං භණන්තං දීපයන්තං වොහරන්තන්ති ‘දිට්ඨි හි නං පාව තථාවදානං’.
තෙනාහ භගවා:
“දිට්ඨෙන චෙ සුද්ධි නරස්ස හොති ඤාණෙන වා සො පජහාති දුක්ඛං, අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො දිට්ඨී හි නං පාව තථා වදාන”න්ති.
4. 3.
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ{1} මුතෙ වා, පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො අත්තඤ්ජහො නයිධ පකුබ්බමානො.
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වාති - නා’ති පටික්ඛෙපො; බ්රාහ්මණොති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො: සක්කායදිට්ඨි බාහිතා හොති, විචිකිච්ඡා බාහිතා හොති, සීලබ්බතපරාමාසො බාහිතො හොති, රාගො බාහිතො හොති, දොසො බාහිතො හොති, මොහො බාහිතො හොති, මානො බාහිතො හොති, බාහිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
1. “බාහෙත්වා සබ්බපාපකානි (සභියාති භගවා) විමලො සාධු සමාහිතො ඨිතත්තො, සංසාරමතිච්ච කෙවලී සො අසිතො තාදී පවුච්චතෙ ස බ්රහ්මා”.{a}
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහාති - බ්රාහ්මණො අඤ්ඤෙන අසුද්ධිමග්ගෙන මිච්ඡාපටිපදාය අනිය්යාණිකපථෙන අඤ්ඤත්ර සතිපට්ඨානෙහි අඤ්ඤත්ර සම්මප්පධානෙහි අඤ්ඤත්ර ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං නාහ න කථෙති න භණති න දීපයති න වොහරතීති ‘න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ.’
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වාති - සන්තෙකෙ සමණබ්රාහ්මණා දිට්ඨසුද්ධිකා{2} තෙ එකච්චානං රූපානං දස්සනං මඞ්ගලං පච්චෙන්ති. එකච්චානං රූපානං දස්සනං අමඞ්ගලං පච්චෙන්ති.
කතමෙසං රූපානං දස්සනං මඞ්ගලං පච්චෙන්ති? තෙ කාලතො වුට්ඨහිත්වා අභිමඞ්ගලගතානි රූපානි පස්සන්ති: චටක{3}සකුණං පස්සන්ති. ඵුස්සබෙලුවලට්ඨිං{4} පස්සන්ති. ගබ්භිනිත්ථිං පස්සන්ති කුමාරකං ඛන්ධෙ ආරොපෙත්වා ගච්ඡන්තං පස්සන්ති. පුණ්ණඝටං පස්සන්ති. රොහිතමච්ඡං පස්සන්ති. ආජඤ්ඤං පස්සන්ති. ආජඤ්ඤරථං පස්සන්ති. උසභං පස්සන්ති. ගොකපිලං පස්සන්ති. එවරූපානං රූපානං දස්සනං මඞ්ගලං පච්චෙන්ති.
කතමෙසං රූපානං දස්සනං අමඞ්ගලං පච්චෙන්ති? පලාලපුඤ්ජං පස්සන්ති තක්කඝටං පස්සන්ති. රිත්තඝටං පස්සන්ති. නටං පස්සන්ති. නග්ගසමණං පස්සන්ති. ඛරං පස්සන්ති. ඛරයානං පස්සන්ති. එකයුත්තයානං පස්සන්ති. කාණං පස්සන්ති. කුණිං පස්සන්ති. ඛඤ්ජං පස්සන්ති. පක්ඛහතං පස්සන්ති. ජිණ්ණකං පස්සන්ති. බ්යාධිතං{5} පස්සන්ති. මතං පස්සන්ති. එවරූපානං රූපානං දස්සනං අමඞ්ගලං පච්චෙන්ති.
ඉමෙ තෙ{6} සමණබ්රාහ්මණා දිට්ඨසුද්ධිකා.{2} තෙ දිට්ඨෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
සන්තෙකෙ සමණබ්රාහ්මණා සුතසුද්ධිකා. තෙ එකච්චානං සද්දානං සවණං මඞ්ගලං පච්චෙන්ති. එකච්චානං සද්දානං සවණං අමඞ්ගලං පච්චෙන්ති.
කතමෙසානං සද්දානං සවණං මඞ්ගලං පච්චෙන්ති? තෙ කාලතො වුට්ඨහිත්වා අභිමඞ්ගලගතානි සද්දානි{1} සුණන්ති: වඩ්ඪාති වා, වඩ්ඪමානාති වා, පුණ්ණාති වා, ඵුස්සාති වා, අසොකාති වා, සුමනාති වා, සුනක්ඛත්තාති වා, සුමඞ්ගලාති වා, සිරීති වා, සිරිවඩ්ඪාති වා එවරූපානං සද්දානං සවණං මඞ්ගලං පච්චෙන්ති.
කතමෙසං සද්දානං සවණං අමඞ්ගලං පච්චෙන්ති? කාණොති වා, කුණීති වා, ඛඤ්ජාති වා, පක්ඛහතොති වා, ජිණ්ණකොති වා, බ්යාධිතොති වා, මතොති වා ඡින්නන්ති වා, භින්නන්ති වා, දඩ්ඪන්ති වා, නට්ඨන්ති වා, නත්ථීති වා, එවරූපානං සද්දානං සවණං අමඞ්ගලං පච්චෙන්ති.
ඉමෙ තෙ සමණබ්රාහ්මණා සුතසුද්ධිකා. තෙ සුතෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
සන්තෙකෙ සමණබ්රාහ්මණා සීලසුද්ධිකා. තෙ සීලමත්තෙන සංයමමත්තෙන සංවරමත්තෙන අවීතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
සමණො මණ්ඩිකා{2} පුත්තො එවමාහ: “චතුහි ඛො අහං ථපති{3} ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිප්පත්තං සමණං අයොජ්ඣං. කතමෙහි චතුහි? ඉධ ථපති{4} න කායෙන පාපකං කම්මං කරොති. න පාපිකං වාචං භාසති. න පාපකං සංකප්පං සංකප්පෙති. න පාපකං ආජීවං ආජීවති. ඉමෙහි ඛො අහං ථපති චතුහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිප්පත්තං සමණං අයොජ්ඣං”{5}{a} එවමෙව සන්තෙකෙ සමණබ්රාහ්මණා සීලසුද්ධිකා. තෙ සීලමත්තෙන සංයමමත්තෙන සංවරමත්තෙන අවීතික්කමමත්තෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
සන්තෙකෙ සමණබ්රාහ්මණා වතසුද්ධිකා. තෙ හත්ථිවතිකා වා හොන්ති. අස්සවතිකා වා හොන්ති. ගොවතිකා වා හොන්ති. කුක්කුරවතිකා වා හොන්ති. කාකවතිකා වා හොන්ති. වාසුදෙවවතිකා වා හොන්ති. බලදෙවවතිකා වා හොන්ති. පුණ්ණභද්දවතිකා වා හොන්ති. මණිභද්දවතිකා වා හොන්ති. අග්ගිවතිකා වා හොන්ති. නාගවතිකා වා හොන්ති. සුපණ්ණවතිකා වා හොන්ති. යක්ඛවතිකා වා හොන්ති. අසුරවතිකා වා හොන්ති. ගන්ධබ්බවතිකා වා හොන්ති. මහාරාජවතිකා වා හොන්ති. චන්දවතිකා වා හොන්ති. සුරියවතිකා වා හොන්ති. ඉන්දවතිකා වා හොන්ති. බ්රහ්මවතිකා වා හොන්ති. දෙවවතිකා වා හොන්ති. දිසාවතිකා වා හොන්ති. ඉමෙ තෙ සමණබ්රාහ්මණා වතසුද්ධිකා. තෙ වතෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
සන්තෙකෙ සමණබ්රාහ්මණා මුතසුද්ධිකා. තෙ කාලතො වුට්ඨහිත්වා පඨවිං ආමසන්ති. හරිතං ආමසන්ති. ගොමයං ආමසන්ති. කච්ඡපං ආමසන්ති. ඵාලං{1} අක්කමන්ති{2}. තිලවාහං ආමසන්ති. ඵුස්ස{3}තිලං ඛාදන්ති. ඵුස්ස{3}තෙලං මක්ඛෙන්ති. ඵුස්සදන්තකට්ඨං ඛාදන්ති. ඵුස්සමත්තිකාය නහායන්ති. ඵුස්සසාටකං නිවාසෙන්ති. ඵුස්සවෙඨං වෙඨෙන්ති. ඉමෙ තෙ සමණබ්රාහ්මණා මුතසුද්ධිකා. තෙ මුතෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පච්චෙන්ති.
න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වාති බ්රාහ්මණො දිට්ඨසුද්දියාපි සුද්ධිං නාහ; සුතසුද්ධියාපි සුද්ධිං නාහ; සීලසුද්ධියාපි සුද්ධිං නාහ; වතසුද්ධියාපි සුද්ධිං නාහ; මුතසුද්ධියාපි සුද්ධිං නාහ, න කථෙති, න භණති, න දීපයති, න වොහරතීති ‘න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා.’
පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තොති - පුඤ්ඤං වුච්චති යං කිඤ්චි තෙධාතුකං කුසලාභිසඞ්ඛාරං; අපුඤ්ඤං වුච්චති සබ්බං අකුසලං. යතො පුඤ්ඤාභිසඞ්ඛාරො ච අපුඤ්ඤාභිසඞ්ඛාරො ච ආනෙඤ්ජාභිසඞ්ඛාරො ච පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවඞ්ගතා ආයතිං අනුප්පාදධම්මා, එත්තාවතා පුඤ්ඤෙ ච පාපෙ ච න ලිම්පති න සංලිම්පති, න උපලිම්පති, අලිත්තො අසංලිත්තො{4} අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො.’
අත්තඤ්ජහො නයිධ පකුබ්බමානොති - ‘අත්තඤ්ජහො’ති අත්තදිට්ඨිජහො, අත්තං ජහොති ගාහජහො, අත්තං ජහොති තණ්හාවසෙන දිට්ඨිවසෙන ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං, සබ්බං{5} තං චත්තං හොති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං; නයිධ පකුබ්බමානොති - පුඤ්ඤාභිසඞ්ඛාරං{6} වා අපුඤ්ඤාභිසඞ්ඛාරං වා ආනෙඤ්ජාභිසඞ්ඛාරං වා අකුබ්බමානො අජනයමානො අසඤ්ජනයමානො අනිබ්බත්තයමානො අනභිනිබ්බත්තයමානොති ‘අත්තං ජහො නයිධ පකුබ්බමානො. ‘
තෙනාහ භගවා:
“න බ්රාහ්මණො අඤ්ඤතො සුද්ධිමාහ දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා, පුඤ්ඤෙ ච පාපෙ ච අනූපලිත්තො අත්තංජහො නයිධ පකුබ්බමානො”ති.
4. 4.
පුරිමං පහාය අපරං සිතා සෙ එජානුගා තෙ න තරන්ති සඞ්ගං, තෙ උග්ගහායන්ති නිරස්සජන්ති කපීව සාඛං පමුඛ{7}ඞ්ගහාය.
පුරිමං පහාය අපරං සිතා සෙති - පුරිමං සත්ථාරං පහාය අපරං සත්ථාරං නිස්සිතා, පුරිමං ධම්මක්ඛානං පහාය අපරං ධම්මක්ඛානං නිස්සිතා, පුරිමං ගණං පහාය අපරං ගණං නිස්සිතා, පුරිමං දිට්ඨිං පහාය අපරං දිට්ඨිං නිස්සිතා, පුරිමං පටිපදං පහාය අපරං පටිපදං නිස්සිතා, පුරිමං මග්ගං පහාය අපරං මග්ගං නිස්සිතා සන්නිස්සිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති ‘පුරිමං පහාය අපරං සිතා සෙ.’
එජානුගා තෙ න තරන්ති සඞ්ගන්ති - එජා වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං;{a} එජානුගාති එජානුගා එජානුගතා එජානුසටා එජායාපන්නා පතිතා අභිභූතා පරියාදින්නචිත්තා; තෙ න තරන්ති සඞ්ගන්ති - රාගසඞ්ගං දොසසඞ්ගං මොහසඞ්ගං මානසඞ්ගං දිට්ඨිසඞ්ගං කිලෙසසඞ්ගං දුච්චරිතසඞ්ගං න තරන්ති, න උත්තරන්ති, න සමතික්කමන්ති, න වීතිවත්තන්තීති ‘එජානුගා තෙ න තරන්ති සඞ්ගං’.
තෙ උග්ගහායන්ති නිරස්සජන්තීති - සත්ථාරං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං සත්ථාරං ගණ්හන්ති, ධම්මක්ඛානං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං ධම්මක්ඛානං ගණ්හන්ති; ගණං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං ගණං ගණ්හන්ති; දිට්ඨිං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං දිට්ඨිං ගණ්හන්ති; පටිපදං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං පටිපදං ගණ්හන්ති; මග්ගං ගණ්හන්ති, තං මුඤ්චිත්වා අඤ්ඤං මග්ගං ගණ්හන්ති; ගණ්හන්ති ච මුඤ්චන්ති{1} ච ආදියන්ති ච නිරස්සජන්ති චාති ‘තෙ උග්ගහායන්ති නිරස්සජන්ති’.
කපී’ව සාඛං පමුඛඞ්ගහායාති - යථා මක්කටො අරඤ්ඤෙ පවනෙ චරමානො සාඛං ගණ්හාති, තං මුඤ්චිත්වා අඤ්ඤං සාඛං ගණ්හාති, තං මුඤ්චිත්වා අඤ්ඤං සාඛං ගණ්හාති. එවමෙව පුථුසමණබ්රාහ්මණා පුථුදිට්ඨිගතානි ගණ්හන්ති ච මුඤ්චන්ති ච ආදියන්ති ච නිරස්සජන්ති චාති ‘කපී ව සාඛං පමුඛඞ්ගහාය.{2}’
තෙනාහ භගවා:
“පුරිමං පහාය අපරං සිතා සෙ එජානුගා තෙ න තරන්ති සඞ්ගං, තෙ උග්ගහායන්ති නිරස්සජන්ති කපීව සාඛං පමුඛඞ්ගහායා”ති.
4. 5.
සයං සමාදාය වතානි ජන්තු උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො, විද්වා ච{3} වෙදෙහි සමෙච්ච ධම්මං න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො.
සයං සමාදාය වතානි ජන්තූති - ‘සයං සමාදායාති සාමං සමාදාය; වතානීති - හත්ථිවතං වා අස්සවතං වා ගොවතං වා කුක්කුරවතං වා කාකවතං වා වාසුදෙවවතං වා බලදෙවවතං වා පුණ්ණභද්දවතං වා මණිභද්දවතං වා අග්ගිවතං වා නාගවතං වා සුපණ්ණවතං වා යක්ඛවතං වා අසුරවතං වා -පෙ- දිසාවතං වා, ආදාය සමාදාය ආදියිත්වා සමාදියිත්වා ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා; ජන්තූති - සත්තො නරො -පෙ- මනුජොති ‘සයං සමාදාය වතානි ජන්තු.’
උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තොති - සත්ථාරතො සත්ථාරං ගච්ඡති, ධම්මක්ඛානතො ධම්මක්ඛානං ගච්ඡති, ගණතො ගණං ගච්ඡති, දිට්ඨියා දිට්ඨිං ගච්ඡති, පටිපදාතො පටිපදං ගච්ඡති, මග්ගතො මග්ගං ගච්ඡති; සඤ්ඤසත්තොති - කාමසඤ්ඤාය ව්යාපාදසඤ්ඤාය විහිංසාසඤ්ඤාය දිට්ඨිසඤ්ඤාය සත්තො විසත්තො ආසත්තො ලග්ගො ලග්ගිතො පළිබුද්ධො, යථා භිත්තිඛීලෙ වා නාගදන්තෙ වා භණ්ඩං සත්තං විසත්තං ආසත්තං ලග්ගං ලග්ගිතං පළිබුද්ධං; එවමෙව කාමසඤ්ඤාය ව්යාපාදසඤ්ඤාය විහිංසාසඤ්ඤාය දිට්ඨිසඤ්ඤාය සත්තො විසත්තො ආසත්තො ලග්ගො ලග්ගිතො පළිබුද්ධොති ‘උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො.’
විද්වා{1} ච වෙදෙහි සමෙච්ච ධම්මන්ති - ‘විද්වා’ති විද්වා විජ්ජාගතො ඤාණී විභාවී මෙධාවී; වෙදෙහීති - වෙදා වුච්චන්ති චතුසු මග්ගෙසු ඤාණං, පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි, තෙහි වෙදෙහි ජාතිජරාමරණස්ස අන්තගතො අන්තප්පත්තො කොටිගතො කොටිප්පත්තො පරියන්තගතො පරියන්තප්පත්තො වොසානගතො වොසානප්පත්තො තාණගතො තාණප්පත්තො ලෙනගතො ලෙනප්පත්තො සරණගතො සරණප්පත්තො අභයගතො අභයප්පත්තො අච්චුතගතො{2} අච්චුතප්පත්තො{3} අමතගතො අමතප්පත්තො නිබ්බානගතො නිබ්බානප්පත්තො; වෙදානං වා අන්තගතොති වෙදගූ, වෙදෙහි වා අන්තං ගතොති වෙදගූ, සත්තන්නං වා ධම්මානං විදිතත්තා වෙදගූ: සක්කායදිට්ඨි විදිතා හොති, විචිකිච්ඡා විදිතා හොති, සීලබ්බතපරාමාසො විදිතො හොති, රාගො විදිතො හොති, දොසො විදිතො හොති, මොහො විදිතො හොති, මානො විදිතො හොති, විදිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
1. “වෙදානි විචෙය්ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානිපත්ථි{4} බ්රාහ්මණානං, සබ්බවෙදනාසු වීතරාගො සබ්බං වෙදමතිච්ච වෙදගූ සො”ති.
විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මන්ති - සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සබ්බෙ ධම්මා අනත්තා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සඞ්ඛාරපච්චයා විඤ්ඤාණ’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘විඤ්ඤාණපච්චයා නාමරූපන්ති - නාමරූපපච්චයා සළායතනන්ති - සළායතනපච්චයා ඵස්සොති - ඵස්සපච්චයා වෙදනාති - වෙදනාපච්චයා තණ්හාති - තණ්හාපච්චයා උපාදානන්ති උපාදානපච්චයා භවොති - භවපච්චයා ජාතීති - ජාතිපච්චයා ජරාමරණ’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො’ති - නාමරූපනිරොධා සළායතනනිරොධොති - සළායතනනිරොධා ඵස්සනිරොධොති - ඵස්සනිරොධා වෙදනා නිරොධොති - වෙදනා නිරොධා තණ්හා නිරොධොති තණ්හානිරොධා උපාදානනිරොධොති උපාදානනිරොධා භවනිරොධොති - භවනිරොධා ජාතිනිරොධොති ජාතිනිරොධා ජරාමරණ නිරොධො’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘ඉදං දුක්ඛ’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අයං දුක්ඛසමුදයො’ති - අයං දුක්ඛනිරොධොති - අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘ඉමෙ ආසවා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘අයං ආසවසමුදයො’ති - අයං ආසවනිරොධොති - අයං ආසවනිරොධගාමිනීපටිපදාති සමෙච්ච අභිසමෙච්ච ධම්මං, ‘ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං, ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යාති - ඉමෙ ධම්මා පහාතබ්බාති - ඉමෙ ධම්මා භාවෙතබ්බාති - ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච සමෙච්ච අභිසමෙච්ච ධම්මං; පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච සමෙච්ච අභිසමෙච්ච ධම්මං; චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච සමෙච්ච අභිසමෙච්ච ධම්මං; ‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’න්ති සමෙච්ච අභිසමෙච්ච ධම්මන්ති ‘විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මං’.
න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤොති - න සත්ථාරතො සත්ථාරං ගච්ඡති, න ධම්මක්ඛානතො ධම්මක්ඛානං ගච්ඡති, න දිට්ඨියා දිට්ඨිං ගච්ඡති, න පටිපදාය පටිපදං ගච්ඡති, න මග්ගතො මග්ගං ගච්ඡති. භූරිපඤ්ඤොති භූරිපඤ්ඤො මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසුපඤ්ඤො{1} ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො; භූරි වුච්චති පඨවී, තාය පඨවීසමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතොති ‘න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො.’
තෙනාහ භගවා:
“සයං සමාදාය වතානි ජන්තු උච්චාවචං ගච්ඡති සඤ්ඤසත්තො, විද්වා ච වෙදෙහි සමෙච්ච ධම්මං න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො”ති.
4. 6.
ස සබ්බධම්මෙසු{1} විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා, තමෙව දස්සිං විවටං චරන්තං කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය.
ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වාති සෙනා වුච්චති මාරසෙනා; කායදුච්චරිතං මාරසෙනා, වචීදුච්චරිතං මාරසෙනා, මනොදුච්චරිතං මාරසෙනා, රාගො මාරසෙනා, දොසො මාරසෙනා, මොහො මාරසෙනා, කොධො - උපනාහො -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරා මාරසෙනා. වුත්තං හෙතං භගවතා:
1. “කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච්චති, තතියා ඛුප්පිපාසා තෙ චතුත්ථි තණ්හා පච්චති.
2. පඤ්චමී{2} ථීනමිද්ධං තෙ ඡට්ඨා භීරූ පවුච්චති, සත්තමී{3} විචිකිච්ඡා තෙ මක්ඛො ථම්භො තෙ අට්ඨමො.
3. ලාභො සිලොකො සක්කාරො මිච්ඡා ලද්ධො ච යො යසො, යො චත්තානං සමුක්කංසෙ පරෙ ච අවජානති.
4. එසා නමුචි තෙ සෙනා කණ්හස්සාභිප්පහාරිණී, න නං අසූරො ජිනාති ජෙත්වා ච ලභතෙ සුඛ”න්ති.{a}
යතො චතුහි අරියමග්ගෙහි සබ්බා ච මාරසෙනා සබ්බෙ ච පටිසෙනිකරා කිලෙසා ජිතා ච පරාජිතා ච භග්ගා විප්පලුග්ගා පරම්මුඛා, සො වුච්චති විසෙනිභූතො; සො දිට්ඨෙ විසෙනිභූතො සුතො විසෙනිභූතො මුතෙ විසෙනිභූතො විඤ්ඤාතෙ විසෙනිභූතොති - ස සබ්බධම්මෙසු{4} විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨං ව සුතං මුතං වා.
තමෙව දස්සිං විවටං චරන්තන්ති - තමෙව සුද්ධදස්සිං විසුද්ධදස්සිං පරිසුද්ධදස්සිං වොදානදස්සිං පරියොදානදස්සිං; අථ වා සුද්ධදස්සනං විසුද්ධදස්සනං පරිසුද්ධදස්සනං වොදානදස්සනං පරියොදානදස්සනං; විවටන්ති තණ්හාඡදනං දිට්ඨිඡදනං කිලෙසඡදනං දුච්චරිතඡදනං, තානි ඡදනානි විවටානි හොන්ති විද්ධංසිතානි උග්ඝාටිතානි සමුග්ඝාටිතානි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි; චරන්තන්ති චරන්තං විචරන්තං ඉරීයන්තං වත්තෙන්තං පාලෙන්තං යපෙන්තං යාපෙන්තන්ති - තමෙව දස්සිං විවටං චරන්තං.
කෙනීධ ලොකස්මිං විකප්පයෙය්යාති - කප්පාති ද්වෙ කප්පා: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච -පෙ- අයං තණ්හාකප්පො -පෙ- අයං දිට්ඨිකප්පො. තස්ස තණ්හාකප්පො පහීනො, දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො. තණ්හාකප්පස්ස පහීනත්තා දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨත්තා කෙන රාගෙන කප්පෙය්ය? කෙන දොසෙන කප්පෙය්ය? කෙන මොහෙන කප්පෙය්ය? කෙන මානෙන කප්පෙය්ය? කාය දිට්ඨියා කප්පෙය්ය? කෙන උද්ධච්චෙන කප්පෙය්ය? කාය විචිකිච්ඡාය කප්පෙය්ය? කෙහි අනුසයෙහි කප්පෙය්ය රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති වා අනිට්ඨං ගතොති වා ථාමගතොති වා? තෙ{1} අභිසඞ්ඛාරා පහීනා. අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා{2} කෙන කප්පෙය්ය නෙරයිකොති වා, තිරච්ඡානයොනිකොති වා, පෙත්තිවිසයිකොති වා, මනුස්සොති වා, දෙවොති වා, රූපීති වා, අරූපීති වා, අසඤ්ඤීති වා, නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා? සො හෙතු නත්ථි පච්චයො නත්ථි කාරණං නත්ථි, යෙන කප්පෙය්ය විකප්පෙය්ය විකප්පං ආපජ්ජෙය්ය; ලොකස්මින්ති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති ‘කෙනීධ ලොකස්මිං විකප්පයෙය්ය. ‘
තෙනාහ භගවා:
“ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨංව සුතං මුතං වා, තමෙව දස්සිං විවටං චරන්තං කෙනීධ ලොකස්මිං විකප්පයෙය්යා”ති.
4. 7.
න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති අච්චන්තසුද්ධිංති{3} න තෙ වදන්ති, ආදානගන්ථං ගථිතං{4} විසජ්ජ ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලොකෙ.
න කප්පයන්ති න පුරෙක්ඛරොන්තීති - ‘කප්පා’ති ද්වෙ කප්ප: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච -පෙ- අයං තණ්හාකප්පො -පෙ- අයං දිට්ඨිකප්පො. තෙසං තණ්හාකප්පො පහීනො, දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො. තණ්හාකප්පස්ස පහීනත්තා දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨත්තා තණ්හාකප්පං වා න කප්පෙන්ති{1} න ජනෙන්ති න සඤ්ජනෙන්ති න නිබ්බත්තෙන්ති නාභිනිබ්බත්තෙන්තීති න කප්පයන්ති; න පුරෙක්ඛරොන්තීති ‘පුරෙක්ඛාරා’ති ද්වෙ පුරෙක්ඛාරා: තණ්හාපුරෙක්ඛාරො ච දිට්ඨිපුරෙක්ඛාරො ච -පෙ- අයං තණ්හාපුරෙක්ඛාරො -පෙ- අයං දිට්ඨිපුරෙක්ඛාරො. තෙසං තණ්හාපුරෙක්ඛාරො පහීනො, දිට්ඨිපුරෙක්ඛාරො පටිනිස්සට්ඨො. තණ්හා පුරෙක්ඛාරස්ස පහීනත්තා දිට්ඨිපුරෙක්ඛාරස්ස පටිනිස්සට්ඨත්තා න තණ්හා වා න දිට්ඨිං වා පුරතො කත්වා චරන්ති; න තණ්හාධජා න තණ්හාකෙතු න තණ්හාධිපතෙය්යා න දිට්ඨිධජා න දිට්ඨිකෙතු න දිට්ඨාධිපතෙය්යා, න තණ්හාය වා න දිට්ඨියා වා පරිවාරිතා චරන්තීති - න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති.
අච්චන්තසුද්ධින්ති{2} න තෙ වදන්තීති - අච්චන්තසුද්ධිං සංසාරසුද්ධිං අකිරියදිට්ඨිං{3} සස්සතවාදං න වදන්ති න කථෙන්ති න භණන්ති න දීපයන්ති න වොහරන්තීති ‘අච්චන්තසුද්ධිංති න තෙ වදන්ති.’