Jātaka

Birth Stories

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

පෙන්වන කොටස් 6801-6900 න් 7679

6032. ඉදින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරාගේ ද එසේ පිසවන්නේ ය.
6033. ඉදින් මාගේ මස් කපා හෙලා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමරියගේ ද එසේ පිසවන්නේ ය.
6034. ඉදින් මාගේ මස් කපා හෙලා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ නන්‍දා දේවියගේ ද එසේ පිසවන්නේ ය.
6035. ඉදින් මෘගාදීන්ගේ පිසියයුතු මසක් සෙයින් මාගේ මස් කපා හුලැ ඇන පිසන්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවන්ගේ ද එසේ පිසවන්නේ ය.
6036. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩ කුමාරයාට ද එසේ විදවන්නේ ය.
6037. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ පඤ්චාලචණ්ඩි කුමරියටද එසේ විදවන්නේ ය.
6038. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ නන්‍දා දේවියට ද එසේ විදවන්නේ ය.
6039. ඉදින් මා බිමැ වතුරුවා හුල් ගසා විදින්නෙහි නම් වේදේහ රජ ඔබගේ පුත්‍රදාරාවනටද එසේ විදුවන්නේ ය. වේදේහ රජු මාහා මෙසේ රහසින් මන්ත්‍රණය කරන ලද්දේය.
6040. යම්සේ සම්කරුවන්ගේ සැතින් මනා වැ නිමවන ලද සියයක් පටින් කළ හෙයින් පලසත නම් සන්නාහය ශරයන් වළකා ශරීරාරක්‍ෂාවට පැමිණේ ද?
6041. එසේ මැ වේදේහ රජුගේ දුක් දුරුකොටැ සැප එළවන්නෙමි. පලසත සන්නාහය හී වළකන්නා සේ මාගේ නුවණින් තොපගේ නුවණ වළකන්නෙමි.
6042. මහරජ, එසේ නම් ඔබගේ සිස් වූ අන්තඃපුරය බලව. ක්‍ෂත්‍රියය, ඔබගේ දේවිය ද, කුමරා ද, මවු බිසව ද උමඟින් හැරැගෙනැ ගොස් වේදේහ රජුට පවරනලදහ.
6043. එසේ නම් මාගේ අන්තඃපුරයට ගොස් මොහුගේ බස් සැබෑ හෝ බොරු හෝ වේ දැයි සොයා බලව.
6044. මහරජ, මහෞෂධයන් කී දේ සැබෑම ය. සිස් වූ මුළු ඇතොවුර කපුටන් එක් වූ මුහුදු තෙරැ ගමක් මෙනි.
6045. මහරජ, ස්වර්‍ණ ඵලකයක් වැනි ශ්‍රෝණියෙන් යුක්ත වූ හංසධේනුවක සේ මිහිරි තෙපුල් තෙපලන සියලු අඟපසඟින් ශෝභමාන වූ නන්‍දා දේවී තෙල උමඟින් ගියා ය.
6046. මහරජ, කසීසළු හඳනා, රනින් මොනවට කළ මෙවුල්දම් පළදනා, ස්වර්‍ණවර්‍ණ වූ, සියල් අඟපසඟින් ශෝභමාන වූ නන්‍දා දේවී මේ උමඟින් ගෙන යන ලද්දීය.
6047. (ඕ නන්‍දා දේවී තොමෝ) රත්පෑ පා ඇත්තී ය. පඤ්ච කල්‍යාණයෙන් යුක්ත වන්නී ය. රන්මිණිමෙවුල් ඇත්තී ය. පරෙවියනට බඳු ඇස් ඇත්තී ය. බිඹුපල වැනි තොල් ඇත්තීය. මනාසිරුරින් හා කෘශ වූ මධ්‍යප්‍රදේශයෙන් ද යුක්ත වන්නී ය.
6048. මනා වැ හටගත් නාග ලතාවකට බඳු ලෙලෙන ගාත්‍රා ඇත්තී ය. සිහින් වූ රන්පෝරුවකට බඳු මධ්‍යප්‍රදේශ ඇත්තී ය. දික් වූ, නිල් වූ, අක්බමරු කේශ කලාප ඇත්තී ය.
6049. ඕ තොමෝ සුජාත මුව පෙල්ලක බඳු ය. හිමවත් කලැ ගිනිසිළුවකට සමාන වන්නී ය. ගිරිදුර්‍ගයෙකින් ගලා බස්නා කුඩා නළ කොළ සමූහයෙන් ගැවසීගත් නදියක් බඳු රෝමරාජී ඇත්තී ය.
6050. ඇත් සොඬෙක අයුරින් පිහිටි ඌරු යුග්මයෙන් ශෝභමාන වූවා ය. පඤ්ච කල්‍යාණ ඇත්තී ය. ප්‍රථම වසසැ සිටියා ය. තිඹිරි එල වැනි පියයුරු ඇති ස්ත්‍රීන් අතුරෙන් පළමු වැන්නී ය. නො උස් නො මිටි වූවා ය. ලොම් නැත්තී ද බොහෝ ලොම් ඇත්තී ද, නො වූවා ය.
6051. මහරජ, මෙ වැනි නන්‍දා දේවියගේ මරණින් ඔබ තුටු වන්නාහු නම් මම ද නන්‍දාදේවි ද යමරජු වෙත යන්නෙමු.
6052. යමෙක් මා අතට පත් පසමිතුරු වේදේහයා මිදුයේ වේ ද, ඒ ඔබ දිව්‍ය මායමක් දන්නාහු ද? ඇසට ඉන්‍ද්‍රජාලයක් කළාහු ද?
6053. මහරජ, මේ ලෝකයේ නුවණැත්තෝ දිව්‍ය මායම් හදාරත්. ඒ පණ්ඩිත මන්ත්‍රී ජනයෝ තමා විපතින් මුදා ගනිත්.
6054. උමං බිඳීමෙහි දක්‍ෂ තරුණ යෝධයෝ මට ඇත්තා හ. ඔවුන් විසින් කරන ලද උමඟින් වේදේහ රජ මිථිලා පුරයට ගියේ ය.
6055. ආලෝකවත් වැ සිටින උමඟ මනා වැ නිම කොටැ ඇත්තේ ය. ඇත්, අස්, රිය, පාබළ සෙනඟ පිළිරූ සිතියම් ලෙසින් තනවා ඇත්තේ ය. මහරජ, එසේ නම් මනා වැ නිම වූ උමඟ බලනු මැන.
6056. මහෞෂධය, ඔබ වැනි පණ්ඩිත ජනයෝ යම් ගෙයෙකැ හෝ රටෙකැ හෝ වෙසෙත් නම් ඒ විදේහ වැස්සනට ද වූයේ මහත් ලාභයෙකි.
6057. වෘත්තීය ද ගම් බිම් ආදිය හා බත් වැටුප ද දෙගුණ කොටැ දෙන්නෙමි. අනිත් බොහෝ සම්පත් ද දෙන්නෙමි. කාමයන් අනුභව කරව, රමණය කරව, විදේහ පුරයට පෙරළා නො යා. විදේහ කුමක් කරන්නේ ද?
6058. මහරජ, යමෙක් ධන හේතුයෙන් තම ස්වාමියා හරනේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින් ම ගැරැහිය යුත්තෙක් වේ. වේදේහ රජුගේ දිවි ඇතිතෙක් අනෙකකුගේ සේවකයෙක් නො වන්නෙමි.
6059. මහරජ, යමෙක් ධන හේතුයෙන් ස්වකීය ස්වාමියා හරනේ නම් හේ තමා හා මෙරමා යන දෙදෙනා විසින් ම ගර්‍හා ලැබිය යුත්තෙක් වේ. වේදේහ රජු වසනා තාක් අන් විජිතයෙකැ නො වසන්නෙමි.
6060. මහෞෂධය, ඔබට රන් නිෂ්ක දහසක් ද, කසී රටෙහි ගම් අසූවක් ද, දාසීන් සාරසියයක් ද, බිරියන් සියයක් ද දෙමි. සියලු සෙනග ගෙනැ සුවසේ යව.
6061. ඇතුනට හා අසුනට යම් පමණ දෑ අවශ්‍ය වේ ද, එය ද්විගුණ කොට පොහෝනා පමණ දෙත්වා. රථ සේනාවන් හා පාබළ සේනාවන් ආහාර පානයෙන් සතුටු කරත්වා.
6062. මහෞෂධ පණ්ඩිතය, ඇත් අස් රිය පාබළ සේනාවන් ගෙනැ යව. මිථිලා පුරයට ගිය තොප ඒ වේදේහ රජ දකීවා.
6063. ඇත්, අස්, රිය, පාබළ යන අතිවිශාල වූ භයානක චතුරඞ්ගිනී සේනාවක් පෙනේ. පණ්ඩිතවරු ඒ කුමකැ යි සිතන්නාහු ද?
6064. මහරජ, ඔබගේ සිත තුටු කරන උතුමා පෙරළා එනු පෙනේ. සියලු සෙනඟ ගෙනැ මහෞෂධ පඬිතුමා මෙහි සුවසේ පැමිණියේ ය.
6065. යම්සේ සතරදෙනෙක් මළ මිනිසකු ඔසොවා ගෙනැ ගොස් අමුසොහොනැ හැරැ දමා එත් ද, එසෙයින් අපි දු තොප කම්පිල්ලිය රටෙහි හැරැ දමා මෙහි ආවෙමු.
6066. එසේ ඇති කලැ කවර ක්‍රමයෙකින්, කවර හේතු යෙකින්, කෙවර අර්‍ත්‍ථයෙකින් සතුරන්ගෙන් තම දිවි මුදා ගත්තහු ද?
6067. මහරජ, ඔවුන්ගේ අර්‍ත්‍ථය මාගේ අර්‍ත්‍ථයෙන් ද ඔවුන්ගේ මන්ත්‍රණය මාගේ මන්ත්‍රණයෙන් ද පිරිවැරූවෙමි. එ මතු නොව දඹදිව පිරිවැරූ සයුර සේ එක් සියක් රජුන් පිරිවරනලද එරජු ද පිරිවරන්නෙමි.
6068. රන් නිෂ්ක දහසක් ද, කසී රටෙහි ගම් අසූවක් ද දැස්සන් සාරසියයක් ද, බිරියන් සියයක් ද මට දෙන ලද ය. සියලු සේනා කොටස් ගෙනැ සුවසේ මෙහි ආවෙමි.
6069. සේනකය, නුවණැත්තන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. මැදිරියෙකැ බැඳුණු කුරුල්ලන් සේ ද දැලෙහි හසු වූ මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙම මුදාලීය.
6070. මහරජ, එය එසේ මැ යැ. පණ්ඩිතයන් හා වාසය ඒකාන්තයෙන් සුව ගෙනැ දෙන්නේ ය. මැදිරියෙක්හි බැඳුණු කුරුල්ලන් සේ ද, දැලෙක බැඳුණු මසුන් සේ ද සතුරන්ගේ අතට පත් අප මහෞෂධ පණ්ඩිත තෙම මිදීය.
6071. සියලු වීණාද බෙර ද පණා බෙර ද වාදනය කරවු. මාගධසඞ්ඛයෝ නාද කෙරෙත්වා. මහබෙර මිහිරි ලෙස නදදේවා.
6072. ඇතොවුරැ කාන්තාවෝ ද, කුමාරවරු ද, වෛශ්‍යයෝ ද, බමුණෝ ද බොහෝ වූ ආහාර පාන පණ්ඩිතයන් වෙතැ එළැවූහ.
6073. ඇත්, අස්, රිය, පාබළ සේනාවෝ ද, පණ්ඩිතයනට බොහෝ වූ ආහාර පාන එළැවූහ.
6074. රැස් වූ දනවුවැස්සෝ රැස්වූ නියම්ගම් වැස්සෝ (ඔහු) පණ්ඩිතයනට බොහෝ වූ ආහාර පාන ද එළැවූහ.
6075. පණ්ඩිතයන් ආ කලැ දැකැ බොහෝ ජනයෝ සතුටට පත්වූහ. පණ්ඩිතයන් මියුළු නුවරට පැමිණි කලැ පිළී හිස සිසෑරීම ද පැවැත්විණි.
මහාඋම්මග්ග කාණ්ඩය යි.
6076. ඉදින් තොප සත්දෙන මහත් වූ ගැඹුරු දියෙකැ ගමන් ගන්නා කලැ මිනිස් බිලි අපේක්‍ෂායෙන් එක් දිය රකුසෙක් නැව ගන්නේ නම් අනුපිළිවෙළින් දිය රකුසාට කෙසේ කවුරුන් දී තමා මුදන්නෙහි ද?
6077. පළමුව වැදූ මව දෙන්නෙමි. (දෙවනුව) නන්‍දා දේවිය දී ( තුන්වැනිව ) මලණුවන් ද, ඉක්බිති යහළුවාද දී පස්වැනිව කේවට්ට බමුණා දෙන්නෙමි. සවැනිව මම තමන් ද දෙන්නෙමි. මහෞෂධ පණ්ඩිතයන් නො දෙන්නෙමි.
6078. (තලතා දේවී) තොපගේ මව තොප පෝෂණය කළා ය. බොහෝ කල් අනුකම්පා ඇත්තී ය. ඡම්හී නම් බ්‍රාහ්මණයා තොප කෙරෙහි කිපුණු කලැ නුවණැති අර්‍ත්‍ථදර්ශී මවු තොමෝ අන්‍යයකු ඉදිරිපත් කොටැ තොප වධයෙන් මිදුවා ය.
6079. එසේ ප්‍රාණය දුන් ළෙහි හොවා හැදූ දසමසක් කුසැ දැරූ මෑණියන් කිනම් දොසෙකින් දිය රකුසාට දෙන්නහු ද?
6080. තරුණ කතක සේ නො පැළඳිය යුතු ආභරණ පළඳින්නී ය. දොරටුපල්ලන් හා සෙබළුන් හා සමඟ බොහෝ කොටැ මහහඬින් සිනාසෙන්නී ය.
6081. තවද අසල්වැසි රජුනට (මා කී ලෙස හඟවා) තොමෝ මැ දූතයන් යවන්නී ය. මම ඒ දෝෂය හේතු කොට ගෙන දියරකුසාට මව බිලිකොටැ දෙන්නෙමි.
6082-6083. ස්ත්‍රී සමූහයාට නායක වූ අතිශයින් ප්‍රියවාදී වූ ළදරු කල පටන් අනුව ගියා වූ සිල්වත් වූ සෙවනැල්ල සේ අත් නොහැර පවත්නා වූ ක්‍රෝධ නො කරනසුලු නුවණැති පණ්ඩිත වූ අර්‍ත්‍ථදර්ශී වූ උබ්‍බරිය (නන්‍දා දේවිය) කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නහු ද?
6084. කාමසම්භෝගයෙහි ඇලුණු කෙලෙස් වසඟයටපත් මගෙන් ඕ තොමෝ මගේ දරුවනට අයත් නො ඉල්විය යුතු ධනය ඉල්ලන්නී ය.
6085. ඒ මම අතිශයින් ඇලුණෙම් බොහෝ කුදුමහත් ධනය දෙන්නෙමි. නො දියයුතුදේ දී පසුව දොම්නසින් ශෝක කරමි. ඒ දෝෂය නිසා උබ්බරිය දියරකුසාට දෙන්නෙමි.
6086. යමකු විසින් තොපගේ ජනපද වැසියෝ වඩනා ලද්දෝ ද, බැහැර සිටි තෙපි රජයට පමුණුවන ලද්දහු ද, බැහැරි රාජ්‍යයන් ගෙන් බොහෝ ධනය පැහැර ගෙනෙන ලද්දේ ද,
6087. ධනුර්ධරයනට අග්‍ර වූ, ශුර වූ, තීක්‍ෂණමන්ත්‍රී නම් ඒ සහෝදරයා කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නහු ද?
6088. මා විසින් ජනපද වැසියෝ වඩන ලද්දෝ ය. මොහු රජගෙට ගෙනෙන ලදහ. බොහෝ වූ ධනය පර දෙසින් ගෙනෙන ලද්දේ ය.
6089. මම ධනුර්ධරයනට උතුම්ය, ශූරයෙමි. තියුණු නුවණ ඇත්තෙමි, මා විසින් මේ රජ සුඛිත කරන ලද්දේ ය යි ඒ තරුණ තෙම මා ඉක්මවා හඟියි.
6090. ආර්‍ය්‍යාවනි, හෙතෙම පෙරැ සේ මට උපස්ථානයට ද නො එයි, ඒ දෝෂය හේතුකර ගෙනැ සහෝදරයා දිය රකුසාට දෙන්නෙමි.
6091-6092. තෙපි ද, මේ ධනුශෙඛර කුමාරයා ද යන දෙදෙන ම එක්මැ රැයෙක මේ නගරයෙහි මැ උපන් පඤ්චාලයෝ ය. සම වයස්හි යහළුවෝ වූහ. හේ ජනපද චාරිකායෙහි නොහැර පසුගමන් කෙළේ යැ, තොප හා සමාන සුව දුක් ඇත්තේ යැ. දිවා රාත්‍රි උත්සාහවත් වැ සියලු කටයුත්තෙහි නිරත ය. කවර දෝෂයෙකින් යහළුවා දිය රකුසාට දෙන්නෙහිද?
6093. ආර්‍ය්‍යාවනි, මේ තෙම කුඩා කලැ මා සමග හැසිරෙන කල්හි මහහඬින් සිනාසුනේ යැ, අද ද පෙරැ සේ මා සමග සීමා ඉක්මවා මහහඬින් සිනාසෙයි.
6094. ආර්‍ය්‍යාවනි, නන්‍දා දේවිය සමග රහෝගත වැ මන්ත්‍රණයෙහි යෙදෙන විටද කලින් නො දන්වා නො විමසා ඇතුළු ගබට ද පිවිසෙයි.
6095. වාරය ලදුයෙමි. කළ අවකාශ ඇත්තෙමි යි ලජ්ජා නැති ආදර නැති යහළුවා ඒ දෝෂයෙන් මම දියරකුසාට දෙන්නෙමි.
6096. සියලු නිමිත්තෙහි දක්‍ෂවූ සතුන්ගේ හඬ දන්නා වූ උගත් ආගම ඇති චන්‍ද්‍ර සූර්‍ය්‍ය ග්‍රහණ උල්කාපාත දික්දාහ ආදි උත්පාතයන් හා ස්වප්නයන්හි ඉෂ්ටානිෂ්ට ඵල දැනීමෙහි යෙදුණු ගෙන් පිටවීමෙහි හා ගෘහප්‍රවේශයෙහි ද ශුභාශුභ කීමෙහි දක්‍ෂ වූ,
6097. භූමියෙහි හා අන්තරීක්‍ෂයෙහි ද ගුණදොස් කීමට සමර්‍ත්‍ථ වූ නක්‍ෂත්‍රපදයෙහි ඵලාඵල දැන්මෙහි දක්‍ෂ වූ පුරෝහිත බමුණා කවර දෝෂයක් නිසා දියරකුසාට දෙන්නෙහි ද?
6098. ආර්‍ය්‍යාවනි, මේ තැනැත්තා පිරිස් මැද ද මා දෙසැ ඇස දල්වා බලයි. එනිසා රෞද්‍ර වූ බැම නැගීම් ඇති බ්‍රාහ්මණයා මම දිය රකුසාට දෙන්නෙමි.
6099. ඇමතියන් විසින් පිරිවරනලද තෙපි සමුදුර සිසාරා ඇති මහා සාගරයට කුණ්ඩලාභරණ වූ සකලවිධ සම්පත්තීන් දරන පෘථිවියෙහි වාස කරන්නහු ය.
6100. සතර මහාසාගරය හිම්කොට ඇති මහරටක් ඇත්තහු යැ, දිනූ සඞ්ග්‍රාම ඇත්තහු යැ, මහාබල ඇත්තහු යැ, මුළුලොවට අසහාය රජ වව. ඔබගේ කීර්තිය මහත් බවට ගියේය.
6101. පැළඳි මිණිකොඬොල් ඇති දිව්‍යකන්‍යාවන් හා සමාන විවිධ ජනපදයනට අයත් යහපත් ස්ත්‍රීහු සොළොස් දහසක් වෙති.
6102. මහරජ, මෙසේ සුඛිතයන්ගේ සර්‍වාඞ්ග සම්පූර්‍ණ වූ සකලවිධ කාමයන්ගෙන් සමෘද්ධියට පත් ජීවිතය දීර්‍ඝ වූයේ ද ප්‍රිය යැ යි පණ්ඩිතයෝ කියත්.
6103. එසේ ඇති කලැ, ඔබ කිනම් කරුණක් නිසා කුමක් හේතුකැර ගෙන පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි ජීවිතය හැරැපියන්නහු ද?
6104. ආර්‍ය්‍යාවනි, මහෞෂධ පණ්ඩිත තෙම යම් දවසක මා වෙත පැමිණියේ ද එතැන් පටන් ඒ නුවණැත්තාගේ කුඩා වූ වරදකුදු නො දනිමි.
6105. ඉදින් කිසි කලෙකැ මාගේ මරණය ප්‍රථමයෙන් සිද්ධ වේ ද, මහෞෂධ පණ්ඩිත තෙම මාගේ දරුමුණුබුරන් සුවපත් කරන්නේ ය.
6106. අනාගත වර්‍තමාන සකලාර්‍ත්‍ථයන් මනාව දකී. නිරපරාධී ක්‍රියා ඇති තැනැත්තා දිය රකුසාට නො දෙමි.
6107. පඤ්චාලරට වැසියනි, චූලනී රජුගේ මේ වචන අසත්වා. මහෞෂධ පණ්ඩිතයන් රකිමින් හළ නොහැකි තම දිවි හරියි.
6108. පඤ්චාල රජ මවගේ ද, බිරිඳගේ ද, සොහොයුරාගේ ද, යහළුවාගේ ද, පුරෝහිත බ්‍රාහ්මණයාගේ ද, තමාගේ ද යන සදෙනාගේ දිවි පණ්ඩිතයන් සඳහා හැරැයෙයි.
6109. සූක්‍ෂම වූ ප්‍රඥා තොමෝ මෙසේ මහත් අර්‍ත්‍ථ ඇත්තී ය. යහපත් චින්තා ඇත්තී ය. මෙලොව හිත පිණිස ද, පරලෝ සුව පිණිස ද පවත්නී ය.
උදකරාක්‍ෂස ප්‍රශ්නය යි.
6110. උත්පලවර්‍ණා තොමෝ එකලැ භේරී පරිබ්‍රාජිකාව වූවා ය. සුද්ධෝදන රජ පියා විය. මායා බිසව මව ද බිම්බා දේවී අමරා දේවී ද වූවා ය.
6111. ආනන්‍ද ස්ථවිර සුව පෝතක විය. ශාරීපුත්‍ර ස්ථවිර චූලනී බ්‍රහ්මදත්ත රජ විය. මහෞෂධ පණ්ඩිත තෙම මෙකලැ ලෝකස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ය යි මෙසේ ජාතකය දරවු.
නවවැනි මහාඋම්මග්ග ජාතක යි.
10. මහාවෙස්සන්තර ජාතකය
6112. සක්දෙව් රජ: ඵුසතී බිසොවුනි, උතුම් පැහැසපුවෙන් යුත් තැනැත්තිය, දසවිධ වරයක් ලැබැ ගන්න. උතුම් ලකුණින් හොබනා තැනැත්තිය, පොළොවෙහි යමක් තොප සිතට ප්‍රිය නම් එය ගන්න.
6113. ඵුසතීදේවි: දෙව්රජ, ඔබහට නමස්කාර වේවා! මා කවර නම් පවක් කරන ලද ද? සැඬපවන රුකක් හෙළන්නා සේ කුමක් හෙයින් යහපත් තැනින් මා පහ කෙරෙත් ද?
6114. තොප කළ පවෙක් නැත. තෙපි මට අප්‍රිය ද නොවන්නහු. යම් හෙයෙකින් තොපට මෙසේ පවසම් ද ඒ තොපගේ පින් පිරිහුණු බැවිනි.
6115. තොපගේ මරණය ආසන්න ය. (අප කෙරෙන්) වෙන් වීම සිදු වන්නේ ය. මා දෙන මේ දසවිධ වරය පිළිගනු.
6116. සව්සතුනට අධිපති සක්දෙව් රජුනි, ඉදින් මට වරයක් දෙවු නම් ඔබහට අභිවෘද්ධියක් වේවා පින්වත, සිවිරජුගේ භවනෙහි අගමෙහෙසි වෙම්වා.
6117. සක්දෙව් රජුනි, නිල්වන් ඇස් ඇති මුවැත්තියක සේ නිල්වන් නෙත් නිල්වන් බැම ඇත්තක් වෙම්වා. එහිදු ඵුසතී නමින් යුතු වෙම්වා.
6118. කැමැති සම්පත් දෙන ඉල්වන්නට සුදුසු නොමසුරු කීර්ති ඇති පිරිවර ඇති යටත් රජුන් විසින් පුදනු ලබන පුතකු ලබම්වා.
6119. ගැබ් දරන මාගේ කුස උස් නො වේවා. සමසේ ලියවුණු දුනුමිටක් සෙයින් උස් නො වූ මැද පෙදෙස වේවා.
6120. සක්දෙව් රජුනි, මගේ පියොවුරු නො එල්බේවා. පැසුණු හිසකෙස් නො පැනේවා. සිරුරෙහි රජස් නො වැකේවා. වධයට පත් වූවන් මුදන්නට ද සමත් වෙම්වා.
6121. පින්වත් සක්දෙව් රජුනි, මොනරුන් හා කොස්ලිහිණියන් විසින් කැරෙන නද ඇති, උත්තම කාන්තාවන් ගැවැසෙන, කුරුන් කුදුන් හා ළදරුවන් බලවතුන් (රජමැදුර රකින රාජ පුරුෂයන්) ගෙන් ආකීර්‍ණ, වන්‍දිභට්ටයන් හා කිළිඟුන් විසින් කැරුණු වැණුම ඇති,
6122. පසඟතුරු රැවට බඳු කන්කලු රැවින් යුත් මනහර විසිතුරු සත්රුවනින් හෙබි දොරකවුළු ඇති සුරාමසින් ප්‍රබෝධ වන මිනිසුන් ඇති ඒ මැදුරෙහි සිවිරජහට අගමෙහෙසුන් තන්හි වෙම්වා.
6123. සක්දෙව් රජ: සියලු අඟපසඟින් හොබනා තැනැත්තිය, මා විසින් යම් දසවර කෙනෙක් තොපට දෙන ලද ද ඒ සියලු වර සිවිරජුගේ රාජ්‍යයෙහි දී ලබන්නහු ය.
6124. මෙපවත් කියා සුජාගේ හිමි වූ මඝවත් නම් සක්දෙව්රජ ඵුසතියට දසවරය දී සතුටු සිත් ඇත්තේ විය.
දසවර ගාථා යි.
6125. ඒ දෙව්ලොවින් චුත වූ ඒ ඵුසතී තොමෝ ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නා ජේතුත්තර නුවර සඤ්ජය කුමරු හා එක් (මෙහෙසි) වූවා ය.
6126. ඵුසතී තොමෝ දසමසක් මුළුල්ලෙහි කුසින් දරා නුවර පැදකුණු කරන්නී වාණිජවීථිය මැදැ කරවූ සූතිඝරයෙහි මා ප්‍රසූත කළා.
6127. මාගේ (වෙසතුරු) නම මවුපසට අයත් නො වෙයි. පියපසට ද අයත් නො වෙයි. යම් හෙයෙකින් වෙළෙඳ වීථියක උපනිම් ද එහෙයින් වෙසතුරු නම් වීමි.
6128. මම යම් කලෙක උපතින් අට හැවිරිදි දරුවීම් ද එ කලැ පහයෙහි (පලක් බැඳ) හිඳැ දන් දෙන්නට සිතීමි.