Jātaka

Birth Stories

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 301-400 න් 7679

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-jat:50.4
122. නුවණ නැත්තේ යශස් (පිරිවර සම්පත්) ලැබැ තමනට අනර්‍ත්‍ථ පිණිස හැසිරෙයි. තමහට ද මෙරමාහට ද හිංසා පිණිස පිළිපදී.
kn-jat:50.5
2. දුම්මේධ ජාතක යි.
kn-jat:50.6
123. නුවණ නැත්තේ හැම තැනට ම නුසුදුසු තෙපුල් හැම තන්හි ම බෙණෙයි. මේ තෙමේ දී ද (දීකිරි ද) නඟුලීස ද නො දන්නේ ය. (යම්සේ) දීකිරි ද නඟුලීස යයි සිතා ද එහෙයිනි.
kn-jat:50.7
3. නඞ්ගුලීස ජාතක යි.
kn-jat:50.8
124. නුවණැති පුරුෂ තෙමේ වෑයම් කෙරේ ම ය. නො කලකිරෙන්නේ ය. වෑයම් කිරීමේ ප්‍රයෝජනය බලව (රස) මෙසේ ද වී යැ යි මෙසේ ද වී යැ යි ඇසීම් මාත්‍රයෙන් නොවැ (ප්‍රත්‍යක්‍ෂයෙන් ම) අඹ අනුභව කරන ලදාහු ය.
kn-jat:50.9
4. අම්බ ජාතක යි.
kn-jat:50.10
125. ඒ පුරුෂ තෙමේ අනෙක් ජනපදයකට ගියේ බොහෝ කොට ම (පරිභව හා වංචා වචන) බණන්නේ ය. නැවත අවූදින් (තමාගේ ස්වාමියා) දූෂණය කරන්නේ ය. කටාහකය (අනාචාර ගති හැරැපියා) සම්පත් අනුභව කරව.
kn-jat:50.11
5. කටාහක ජාතක යි.
kn-jat:52.1
126. එකකුහට හේ ම (එය ම) කල්‍යාණය (යහපත් ය) එකකුහට හේ ම ලාමක ය. එහෙයින් සියල්ල කල්‍යාණ නො වේ. සියල්ල ලාමක ද නො වේ.
kn-jat:52.2
6. අසිලක්ඛණ ජාතක යි.
kn-jat:52.3
127. (තා උපන් මවුකුස නම් වූ) දේශය ද (මවු ගැබ නම් වූ) වස්තුව ද වනගෝචර වූ (තිරිසන් වූ) මම ද දනිමි. (ස්වාමිවරු) තා දැනැ හැරැගන්නාහ. කලණ්ඩුකය කිරි බොව.
kn-jat:52.4
7. කලණ්ඩුක ජාතක යි.
kn-jat:52.5
128. යමෙක් ඒකාන්තයෙන් (දශකුශල) ධර්‍මයන් ධ්වජයක් කොට (මතු කොට පෙන්නා) සත්ත්‍වයන් (ලවා මේ සිල්වතෙකැ යි) විශ්වාස ඇති කරවාගෙනැ තමන් තතු සඟවාගත්තේ පව් සිදු කෙරේ ද ඔහුගේ ඒ පැවැත්ම බිළාර නම් ව්‍රතය යි.
kn-jat:52.6
8. බිළාරවත ජාතක යි.
kn-jat:52.7
129. මේ සිඛාව (හිසැ මුදුනෙහි බැඳි කෙස් රොද) පින් පිණිස නො වේ. මේ සිඛාව අනුන් කනු සඳහා ය. (මේ මූසික සමූහයා) ඇඟිලි ගණනට නො යේ. අග්ගිකය තාගේ (මීයන් ගිණීම්) මෙ පමණ වේවා.
kn-jat:52.8
9. අග්ගික ජාතක යි.
kn-jat:52.9
130. කෝසියාව (ලෙඩෙමි යන) වචනයට අනුකූල වැ අනුභව කරව. කෑ දෙයට අනුකූල වැ මෙහෙ කරව. තීගේ (ලෙඩෙමි යන) කීම ද අනුභව කිරීම ද යන මේ දෙකරුණ සම නො වේ.
kn-jat:52.10
10. කෝසිය ජාතක යි.
kn-jat:52.11
තෙළෙස්වැනි කුසනාළි වර්‍ග යි.
kn-jat:52.12
එහි උද්දාන:
kn-jat:52.13
කුසනාළි - යසං (දුම්මේධ) දධි (නඞ්ගලීස) - අම්බ - කටාහක - පාපක - (අසිලක්ඛණ) ඛීර (කලණ්ඩුක) බිළාරවත - සිඛී (අග්ගික) කෝසිය යන දසය යි.
kn-jat:54.1
14. අසම්පදාන වර්‍ගය
kn-jat:54.2
131. කිසියම් හීන වූ ද උතුම් වූ ද වස්තුවක් නො ගැනීම නිසා අනුවණයාගේ මිතුරෝ කිලුටු වෙත්. (හෙවත් බිඳෙත්.) එහෙයින් (මිත්‍රත්‍වය රකිනු පිණිස) මිතුරා දෙන ලද බොල් කුරුණි සතර ගතිමි. මගේ මිත්‍රත්‍වය නො පිරිහේවා, මිත්‍රත්‍වය සදා පවතීවා.
kn-jat:54.3
1. අසම්පදාන ජාතක යි.
kn-jat:54.4
132. දක්‍ෂ වූ (පසේබුදුවරයන්ගේ) අවවාදයෙහි දැඩි වැ පිහිටි හෙයින් ද භය භීරුතායෙන් නො නැවති හෙයින් ද යකින්නන්ගේ වශයට නො පැමිණියම්හ. මට මහත් වූ බියෙන් ඒ සෙත් බව වී.
kn-jat:54.5
2. පඤ්චගරුක ජාතක යි.
kn-jat:54.6
133. යම් තැනෙකැ නිර්‍භය ද එ තැන සතුරා නැඟීසිටියේ ය. දිය මැදැ ගිනි දිලිසෙයි. පොළෝ තෙලෙහි වූ රුක්හි අද වාසයෙක් නැත. අන් දෙසෙක යවු අපට පිහිට වූ තැනින් අද බිය උපන.
kn-jat:54.7
3. ඝතාසන ජාතක යි.
kn-jat:54.8
134. සිතැති යම් සත්‍ව කෙනෙක් වෙත් ද ඔහු ද දිළිඳු වෙති. සිත නැති යම් සත්‍ව කෙනෙක් වෙත් ද ඔහු ද දිළිඳු වෙති. සිත ඇති සිත නැති භවයන් දුරු කරව, ඒ අරූප සමවත් සුව නිදොසි.
kn-jat:54.9
4. ඣානසෝධන ජාතක යි.
kn-jat:54.10
135. මෙ ලොවැ යමෙක් ඕදාතකසිණය ද පීතකසිණය ද නුවණින් වඩා ද, මේ දෙයාකාරයෙන් වැඩූ විතර්‍ක රහිත දැහැනින් (දෙවැනි දැහැනින්) ආභස්සර බඹ ලොවට පැමිණියේ වෙයි.
kn-jat:54.11
5. චන්‍දාභ ජාතක යි.
kn-jat:56.1
136. යමක් ලැබුණේ ද එයින් (ලද දෙයින්) සතුටු විය යුතු ය. අධික ලෝභය ලාමක ය. (රන් වැඩියක් ලබනු රිසි ව) ස්වර්‍ණහංස රාජයා අල්ලා ගැනීම නිසා රනින් පිරිහුණේ ය. (ලැබෙන්නට තිබූ රන් ද නො ලැබුණේ ය.)
kn-jat:56.2
6. ස්වර්‍ණහංස ජාතක යි.
kn-jat:56.3
137. යම් තැනෙකැ බළලෙක් (ගොදුරක්) ලබා ද එතැනැ දෙවෙනි බළලෙක් උපදී. තෙවැන්නෙක් ද සිවුවැන්නෙක් ද උපදී. මේ තීගේ බබ්බුකා බිලය යැ. (පිළිඟු ගුහාව යැ.)
kn-jat:56.4
7. බබ්බුක ජාතක යි.
kn-jat:56.5
138. මෝඩය, ජටායෙන් තට කවර ප්‍රයෝජනයෙක්ද? අඳුන් දිවි සමෙන් තට කවර ප්‍රයෝජනයෙක්ද? තාගේ හිත රාගාදි කෙලෙස් කසළින් පිරී ඇත. පිටත (සිරුර) තවුස්වෙස් දරා පිරිමඳනෙහි ය.
kn-jat:56.6
8. ගෝධ ජාතක යි.
kn-jat:56.7
139. නේත්‍රයෝ බුන්හ, පටය (වස්ත්‍රය) නටුයේ ය. (නැති විය) යෙහෙළිය හා තාගේ බිරිය ගෙයි කහල යැ. දිය ගොඩ දෙතැන්හි දුෂිතකර්‍මාන්ත ඇත්තෙහි යැ.
kn-jat:56.8
9. උභාතොභට්ඨ ජාතක යි.
kn-jat:56.9
140. සතතයෙන් තැතිගත් සිත් ඇතියහ. සියලු ලෝවැස්සන් වෙහෙසන්නාහ. එහෙයින් අපගේ නෑසියන් වූ ඒ කවුඩනට වුරුණුතෙල් නැත.
kn-jat:56.10
10. කාක ජාතක යි.
kn-jat:56.11
තුදුස්වැනි අසම්පදාන වර්‍ග යි.
kn-jat:56.12
එහි උද්දාන:
kn-jat:56.13
ඉතරීතර (අසම්පදාන) යැ රක්ඛසී (පඤ්චගරුක) යැ ඛේමි (ඝතාසන) යැ පරොසතපඤ්හ (ඣානසෝධන) යැ ආභස්සර (චන්‍ද්‍රාභ) යැ හංසවරුතගම යැ බබ්බු යැ ජටා (ගෝධ) යැ පටනට්ඨක (උභාතොභට්ඨ) යැ කාක යැ යි ජාතක දසයෙකි.
kn-jat:58.1
15. කකණ්ටක වර්‍ගය
kn-jat:58.2
141. පාපජනයා සෙවුනා පුද්ගල ඒකාන්තයෙන් සුව නො වඩයි. (නො ලබයි.) කකණ්ටකයා (කටුස්සා) කෙරෙන් ගෝධාකුලය මෙන් තමා ද තමා හා එක් වූවනුදු විනාශයට පමුණුවයි.
kn-jat:58.3
1. ගෝධ ජාතක යි.
kn-jat:58.4
142. යම් කාරණයෙකින් මළ එකක්හු මෙන් හෝනෙහි ද? තොපගේ මේ කාරණය නො දතහැකි ය. (කවර හෙයින් ද යත්:) දඬුකෙළවර අදනා කල්හි තොපගේ අතින් මුගුරුදණ්ඩ නො මිදේ ද (එහෙයිනි.)
kn-jat:58.5
2. සිඟාල ජාතක යි.
kn-jat:58.6
143. තාගේ හිස්මුල් ද පිටතට නික්මුණේ ය. හිසද පළන ලද්දේ ය. තාගේ සියලු ඉළඇට බිඳුණේ ය. අද වූකලි තෝ බබළන්නෙහි ය.
kn-jat:58.7
3. විරොචන ජාතක යි.
kn-jat:58.8
144. අසත්පුරුෂ වූ ගිනිදෙවිය, යම් හෙයෙකින් තා වාලධියෙන් පුදමෝ ද මෙ පමණකුදු (තමනට අයිති දේ රැකගත නොහැකි තොපට) බෙහෙව මාංසානුභවයට සුදුසු තොපට අද මස් නැත. පින්වත නඟුට ද පිළිගනීවා.
kn-jat:58.9
4. නඞ්ගුට්ඨ ජාතක යි.
kn-jat:58.10
145. රාධය, තෝ මධ්‍යමරාත්‍රිය නො ආ කල්හි (මෙතෙක් දෙනා ආවාහු යයි) නො දන්නෙහි ය. (එසේ වූ තෝ පරපුරුෂයන් වළකනුව) අව්‍යක්ත වූ විලාපයක් බණන්නෙහි ය. බැමිණිය බමුණා කෙරෙහි නො ඇලුණා ය.
kn-jat:58.11
5. රාධ ජාතක යි.
kn-jat:58.12
146. අපගේ හනු (හකු) විඩාවට පැමිණියේ ය. මුඛය ද වියළෙයි. මුහුදු දිය ඇදලන්නට වීර්‍ය්‍ය කරම්හ. දිය හිස් කළ නො හෙම්හ. මහමුහුද පිරේ ම ය.
kn-jat:58.13
6. කාක ජාතක යි.
kn-jat:60.1
147. කවුඩු තෙම (හුල තියා සිටින) මා තුඩින් විදින්නේ ය. යන යම් දුකක් ඇද්ද, මෙය මට දුක් නො වෙයි. (මාගේ අඹු) සාමා වනුක් මලින් රැඳූ වස්ත්‍රයෙන් සැරසී කාර්තිකොත්සවශ්‍රීය නො විඳී යන යමක් ඇද්ද, එය මට දුක් වේ.
kn-jat:60.2
7. පුප්ඵරත්ත ජාතක යි.
kn-jat:60.3
148. මම ඇත්කඳ තුළට නැවත නො යෙමි, නැවත ද නො යෙමි, නැවත නැවත ද නො යෙමි. ඒ එසේ මැ ය. එපමණම භයින් තැති ගත්තෙම් වෙමි.
kn-jat:60.4
8. සිඟාල ජාතක යි.
kn-jat:60.5
149. මේ (කොසඹ) ගස (දෙපසෙහි) එක එක පත් ඇත්තේ ය. බිමින් සතරඟුලක් වැඩියේ ද නො වෙයි. හලාහල විෂ සමාන වූ පත්‍රයෙන් යුක්ත ය. මහත් වැ වැඩුණේ කුමක් නම් වන්නේ ද.
kn-jat:60.6
9. ඒකපණ්ණ ජාතක යි.
kn-jat:60.7
150. යමෙක් අසත්පුරුෂයාට සත්කාර සම්මාන කෙරේ ද අසත්පුරුෂයා සේවන හෝ කෙරේ ද, (ඒ අසත්පුරුෂයා) ඔහු ම ගිලගනී. (විනාශයට පත් කෙරෙයි) ව්‍යාඝ්‍ර සංජීවක දෙ දෙනා මෙනි.
kn-jat:60.8
10. සඤ්ජීව ජාතක යි.
kn-jat:60.9
පසළොස් වැනි කකණ්ටක වර්‍ග යි.
kn-jat:60.10
එහි උද්දානය:
kn-jat:60.11
සුඛමේධ (ගෝධ) දණ්ඩවර (සිගාල) ලසි (විරොචන) වාලධි (නඞ්ගුට්ඨ) පස් වැනි රාධ මහොදධි (කාක) කත්තීක (පුප්ඵරත්ත) බොන්‍දි (සිගාල) චතුරඞ්ගුල (ඒකපණ්ණ) ව්‍යග්ඝ (සංජීව) යන දසය යි.
kn-jat:60.12
උපරිම පණ්ණාසක යි.
kn-jat:60.13
එකක නිපාතය නිමි.
kn-jat:60.14
එහි වග්ගුද්දාන:
kn-jat:60.15
අපණ්ණක - සීලව - කුරුඞ්ග - කුලාවක - පස්වැනි අත්‍ථකාම - ආසිංස - ඉත්‍ථි - වරණ - අපායිම්හ - දස වැනි ලින්ත - පරොසත - හංසි - පරික්ඛ (කුසනාළි) අසම්පදාන - කකණ්ටක යනු යි.
kn-jat:62.1
2. දුක නිපාතය
kn-jat:62.2
1. දළ්හ වර්‍ගය
kn-jat:62.3
151. මල්ලික නම් රජ දැඩි (තද) අයට තදින් පහර දෙයි. මෘදු අය මෘදුභාවයෙන් දිනයි. සත්පුරුෂයා සාධු ගුණයෙන් ද අසත්පුරුෂයා අසාධු ගුණයෙන් ද දිනයි. මෙ රජ මෙබඳු ගති ඇත්තේ ය. රථාචාර්‍ය්‍ය, මාර්‍ගයෙන් පහව යා (යි මල්ලික රජුගේ රථාචාර්‍ය්‍යයා බරණැස් රජුගේ රථාචාර්‍ය්‍යයාට කී ය.)
kn-jat:62.4
152. ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නො කිරීමෙන් (මෛත්‍රියෙන්) දිනයි. අසත්පුරුෂයා සාධු ගුණයෙන් දිනයි. තදමසුරා (තදමසුරුබව) දීමෙන් දිනයි. බොරු කියන්නා සත්‍යවචනයෙන් දිනයි. මෙ රජ මෙබඳු ගුණ ඇත්තේ ය. රථාචාර්‍ය්‍ය, මාර්‍ගයෙන් පහව යා (යි බරණැස් රජුගේ රථාචාර්‍ය්‍යයා) මල්ලික රජුගේ රථාචාර්‍ය්‍යයාට කී ය.
kn-jat:62.5
1. රාජෝවාද ජාතක යි.
kn-jat:62.6
153. මනා කොට පරික්‍ෂා නො කොට කරන ලද කර්‍මාන්ත ඇති, (නොවිචාරා) වහා කටයුතු පටන් ගන්නහු, උණු අහරක් මුඛයෙහි තැබීමෙන් මුඛය දැවෙන්නා සේ තමාගේ ක්‍රියාවෝ (ඔහු) තවත් (ස්වකීය ක්‍රියාවලින් ඔහු තැවෙයි, දැවෙයි.)
kn-jat:62.7
154. සිංහ තෙමේ ද සිංහනාදයෙන් පර්‍වතය ඒකනාද කෙළේ ය. පර්‍වතයෙහි වසන්නා වූ හිවලා සිංහයාගේ මහහඬ අසා (මරණ බියෙන්) බියපත් වූයේ තැතිගැන්මට පැමිණියේ ය. ඔහුගේ හෘදය ද පැළුණේ යි.
kn-jat:62.8
2. සිඟාල ජාතක යි.
kn-jat:62.9
155. යහළුව, මම සිවුපායෙමි. යහළුව, තෝ ද සිවුපායෙහි. සිංහය මෙහි එව, නවතුව, බියපත් වූයේ කුමට පලායෙහි ද?
kn-jat:62.10
156. (තෝ) අපවිත්‍ර වූ කුණු වූ ලොම් ඇත්තෙහි ය, දුගඳ හමන්නෙහි ය. ශුකරය, ඉදින් මා හා යුද කරනු කැමැත්තෙහි නම් යහළුව තට ජය දෙමි.
kn-jat:62.11
3. සූකර ජාතක යි.
kn-jat:62.12
157. මිදීමක් කැමැත්තා වූ සර්‍පරාජ තෙමේ ශෛල වර්‍ණයෙන් මේ වල්කලාවට හෙවත් තවුස් පොරෝණය ඇතුළට පිවිසියේ ය. මම තොප වහන්සේගේ බ්‍රහ්මවර්‍ණය පුදන්නෙම් (බඩගිනි ඇත්තෙම්) කනු කැමැත්තෙම් නමුදු කන්නට නො පොහොසත් වෙමි.
kn-jat:64.1
158. උත්තම වර්‍ණයට පුදන්නා වූ කනු කැමැත්තා වූ ද යමෙක් අනුභව කරන්නට නො පොහොසත් ද (ඒ තෝ) බ්‍රහ්මයා විසින් රක්නා ලද්දෙහි ය. බොහෝ කලක් මැ ජීවත් වේවා! තට දිව්‍යභෝජනයෝ පහළ වෙත්වා!
kn-jat:64.2
4. උරග ජාතක යි.
kn-jat:64.3
159. ගග්ගය තෙපි එක්සිය විසි වසක් ජීවත් වව, පිසාචයෝ මා නො කත්‍වා, තෙපි ශරත් ඍතු සියයක් (එක්සියවිසිවසක්) ජීවත් වව. (ශරත් ඍතු සියය නම් අවුරුදු සියයයි).
kn-jat:64.4
160. තෙපි දු එක්සිය විසිවසක් ජීවත් වව. පිසාචයෝ හලාහල විෂය කත්‍වා, තෙපි ශරත් ඍතු සියයක් ජීවත් වව.
kn-jat:64.5
5. ගග්ග ජාතක යි.
kn-jat:64.6
161. අලීනචිත්ත කුමාරයා නිසා ඉතා සතුටු වූ මහත් වූ සේනා තොමෝ ස්වකීය රාජ්‍යයෙන් සතුටු නො වූ (පරරාජ්‍යලෝභයෙන් පැමිණි) කොසොල් රජු ජීවග්‍රාහයෙන් අල්වාගත්තී ද,
kn-jat:64.7
162. මෙසේ නිංශ්‍රය සම්පන්න වූ චතුර්විධ යෝගයාගේ ක්‍ෂේමයට හෙවත් නිවනට පැමිණෙනු සඳහා සත්තිස් බෝධිපාක්‍ෂික කුශලධර්‍මයන් වඩන්නා වූ පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති මහණ පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයට (රහත්බවට) පැමිණේ.
kn-jat:64.8
6. අලීනචිත්ත ජාතක යි.
kn-jat:64.9
163. උන්නත වූ දළ ඇති මෘගරාජය, ඊශ්වර තෙමේ යම් දිශාවෙකින් සේවකයා පහ කරනු කැමැති ද ඒ දිශාවෙන් ඒකාන්තයෙන් පහ කෙරෙයි. බලවතුන්ගේ ස්වභාවධර්‍මය මෙසේ දැනුව, නොහොත් උස් වූ නාද ඇති සිංහධේනුව යම් කාරණයෙකින් ඒකාන්තයෙන් හිංසා කෙරේ ද එපරිදි තී දනුව. යම් හෙයෙකින් පිහිට වැ සිටි තොප කෙරෙන් භය උපන්නේ ද එහෙයින් යම්හ.
kn-jat:64.10
164. ඉදින් දුර්‍වල වූ මිත්‍ර තෙමේ මිත්‍රධර්‍මයෙහි පිහිටියේ නම් හෙතෙමේ නෑයා ද, බන්‍ධු ද, මිත්‍ර ද, යහළුවා ද වේ. සිංහිය අවමන් නො කරව, හිවලා මාගේ ප්‍රාණදායක මිත්‍ර වේ.
kn-jat:64.11
7. ගුණ ජාතක යි.
kn-jat:64.12
165. සුභානු නම් අශ්ව තෙමේ සෝණ නම් අශ්වයා සමඟ යම් ප්‍රේමයක් කෙරේ ද එය තමාගේ විෂම ස්වභාවයෙන් නො වේ. යම් සුභනු නම් අශ්වයෙක් සෝණ අශ්වයා හා සමාන ගෝචර ඇත්තේ ද සුහනු නම් අශ්වයා ද එබඳු මැ යි.
kn-jat:66.1
166. අශ්වයන් මතුයෙහි පනින පියවි ඇති කායප්‍රගල්හතාදියෙන් යුක්ත වූ නිතර (තමා බැඳි) රැහන කන ස්වභාවය ඇති පාපස්වරූපඇතියහු හා දුශ්ශීලත්‍වය සමාන වන්නේ ය. (එසේම) අසත් පුරුෂයා අනාචාරයෙන් යුක්තයා හා සමාන වන්නේ යි.
kn-jat:66.2
8. සුහනු ජාතක යි.
kn-jat:66.3
167. (අන්‍ධකාර විධමන කොට දැකුම් ලබා දෙනුයෙන්) චක්‍ෂුස්මත් වූ (සක්වළ මුළුල්ලේ ආලොකය පතුරුවන්නන් කෙරෙන් ශ්‍රේෂ්ඨ හෙයින්) ඒකරාජ වූ ස්වර්‍ණවර්‍ණ වූ පොළොව බබුළු වන්නා වූ මේ සූර්‍ය්‍යයා උදා වේ. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන්නා වූ තොපට නමස්කාර කෙරෙමි. තොප විසින් ආරක්‍ෂා කරන ලද්දමෝ අද දවහල වාස කරම්හ.