Jātaka

Birth Stories

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1601-1700 න් 7679

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-jat-5:268.8
1011. මහලු වූ ගිරිකුහරයෙහි වෙසෙන මවුපිය දෙදෙන පෝෂණය කෙරෙමි. මම තොපගේ වසයට ගියෙමි. ඒ මවුපියෝ කුමක් කෙරෙද්ද (හෙවත් ජීවත් වන්නේ කෙසේ ද?)
kn-jat-5:268.9
1012. ගිජුළිහිණියා යොදුන් සියයෙකින් ඔබ්බෙහි තුබූ කුණපයන් ඉවෙන් දැනගන්නට සමත් යයි කියනු ලැබේ. දැල හා පාශය සමීපයට පැමිණ ද කුමක් හෙයින් (බැඳෙන බව) නො දත්තේ ද?
kn-jat-5:268.10
1013. යම් කලෙකැ විනාශය වේ ද එකල පුරුෂ ජීවිත විනාශය ඇති කල්හි දැලට ද පාශයට ද ළංවුවත් බැඳෙන බව නො දනී.
kn-jat-5:268.11
1014. පර්‍වතගුහාවෙහි වෙසෙන මහලු මවුපියන් පෝෂණය කරව. මා විසින් අනුදන්නා ලද තෝ සුවසේ ගොස් නෑයන් බලව.
kn-jat-5:268.12
1015. වැද්දාණෙනි, පර්‍වතගුහාවෙහි වෙසෙන මහලු මවුපියන් (යම්සේ) පෝෂණය කෙරෙම් ද, එසේ සියලු නෑයන් සමග තෙපි බොහෝ කල් සතුටු වව!
kn-jat-5:268.13
4. ගිජ්ඣ ජාතක යි.
kn-jat-5:270.1
1016. ඉවුර ළඟ හැසිරෙන මිතුර තොපට යහපතක් වේවා! මා වෙත දුව එන්න, මා විසින් මහත් වූ මසෙක් ගන්නා ලද, ඒ මාළුවා මා ඉක්මනින් දියට ගෙන යයි.
kn-jat-5:270.2
1017. ගැඹුරෙහි හැසිරෙනුව, තොපට යහපතක් වේවා! දැඩිව ගනුව, ගුරුළෙක් සර්‍පයෙකු සෙයින් මම තා දියෙන් නඟා ගන්නෙමි.
kn-jat-5:270.3
1018. දබ්බපුප්ඵය, (කුසතණමල් පැහැය ඇති සිවලා) මා කියන්නක් අසන්න. අපගේ විවාදයෙක් උපන, යහළුව කලහය සන්හිඳුවනු මැන, විවාදය සන්හිඳේවා.
kn-jat-5:270.4
1019. මම පෙරැ ධර්‍මයෙහි සිටියෙමි. මා විසින් බොහෝ අර්‍ත්‍ථ නිශ්චය කරන ලද. යහළුව, කලහය සන්හිඳුවමි, තොප දෙදෙනාගේ විවාදය සන්හිඳේවා.
kn-jat-5:270.5
1020. ඉවුරෙහි හැසිරෙන්නාට නඟුට හිමි වේ. ගැඹුරෙහි හැසිරෙන්නාට හිස හිමිවේ. මේ මැද කොටස නඩුව විසඳු මට හිමි ය.
kn-jat-5:270.6
1021. ඉදින් විවාද නො කළමෝ නම් දවස් කීපයකට ප්‍රමාණවත් මාළු ලැබෙන්නේ ය. හිස සහ නඟුට නැති රෝහිත මාළුවා හිවල් තෙමේ ගෙන යයි.
kn-jat-5:270.7
1022. ක්‍ෂත්‍රිය රජෙක් රාජ්‍යයක් ලැබැ සතුටු වන්නේ යම් සේ ද එසේ අද මම (සතුටෙන්) පිරුණු මුහුණ ඇති ස්වාමියා දැක සතුටු වෙමි.
kn-jat-5:270.8
1023. ගොඩ සිට දියේ ගැවසෙන මාළුවා අල්ලා ගත්තේ කෙසේ ද, මිතුර විචාරන ලද මට එය කියන්න. තොප විසින් එය ලැබූයේ කෙසේ ද?
kn-jat-5:270.9
1024. මායාකාරිය, විවාදයෙන් කෘෂ වෙති. විවාදයෙන් ධනය නැසේ. විවාදය නිසා මස්කාවෝ පිරිහුනාහ. රේමසා බුදින්න.
kn-jat-5:270.10
1025. එසේ මිනිසුන් අතරේ යම් තැනක විවාදය හටගනී ද විනිසකරුවන් සමීපයට යති. හේ ඔවුන්ගේ විවාදය සන්හිඳුවන්නා වෙයි. ඒ නිසා ධනය පිරිහේ. රාජ කෝෂ්ටාගාරය තර වේ.
kn-jat-5:270.11
5. දබ්භපුප්ඵ ජාතක යි.
kn-jat-5:272.1
1026. මේ පුරුෂ (ධනලෝභයෙන්) පිරිස්මැද හිඳ දසාර්‍ණක දේශයෙහි ජාත වූ පිරිපුන් වැ ලේ බොන තියුණු මුවහත් ඇති කඩුව ගිලී. මීට වඩා දුෂ්කර වූ අන් කරුණෙක් ඇද්ද? විචාරන ලද මට කියන්න.
kn-jat-5:272.2
1027. මගධාධිපතිතුමනි, පුරුෂයෙක් වස්තුලෝභයෙන් පිරිපුන් වැ ලේ බොන කඩුව ගිලින්නේ ය. යමෙක් දෙමි යි කියන්නේ නම් එය ඊට වඩා අතිශයින් දුෂ්කර වෙයි. මෙයින් අන් සියලු කරුණු කරන්නට පහසු වේ යයි මෙසේ දත මැනව.
kn-jat-5:272.3
1028. ඒ අර්‍ත්‍ථද්‍යොතක ශාස්ත්‍රයෙහි නිපුණ වූ ආයුර තෙම ප්‍රශ්නයාගේ අර්‍ත්‍ථය ප්‍රකාශ කෙළේ ය. (ප්‍රශ්නයට පිළිතුර දුන්නේ ය.) දැන් පුක්කුසයන් පුළුවුස්මි. ඒ ‘දෙමි’ යන වචනයට වඩා ඉතා දුෂ්කර කාරණය කුමක් ද? යම් අනෙක් දුෂ්කර කරුණක් ඇද්ද? විචාරන මට කියව.
kn-jat-5:272.4
1029. මගධාධිපතිතුමනි, කියන ලද නිෂ්ඵල වචනය නිසා කිසිකෙනෙක් ජීවත් නො වෙති. යමෙක් යමක් දෙමි යි පිළින කොට ඒ පරිදි එය දී එහි ලෝභය දුරු කෙරේ ද, එය කඩුව ගිලිනුවාට වඩා කරන්නට දුෂ්කර ය. අනෙක් හැම දේ කරන්නට පහසු බව දනු මැනැව.
kn-jat-5:272.5
1030. අරුත් විසඳන ග්‍රන්‍ථ සංඛ්‍යාත ශාස්ත්‍රයෙහි නිපුණ පුක්කුස තෙම ප්‍රශ්නයට පිළිතුර එලි කෙළේ ය. දැන් සේනකයන් විචාරමි. එයට වඩා දුෂ්කර කාර්‍ය්‍යය කුමක් ද? යම් අනෙක් දුෂ්කර කාර්‍ය්‍යයක් තිබේ ද? විචාරන මට කියව.
kn-jat-5:272.6
1031. මගධේශ්වරය, යම් පුරුෂයෙක් ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දනක් දෙන්නේ ද, දීමෙන් පසු නො තැවෙන්නේ ද එය ඊට වඩා දුෂ්කර ය. අනෙක් හැම කරුණ කරන්නට පහසු බව දනුව.
kn-jat-5:272.7
1032. ආයුරත් පුක්කුස පුරුෂයාත් ප්‍රශ්න විසඳාලූහ. සේනක තෙමේ යම් පරිදි විසඳන ලද ද එය සියලු පැනවිසඳුම් ඉක්මවා සිටී. හෙවත් හැම විසඳුමකට වඩා එය උතුමි.
kn-jat-5:272.8
6. දසණ්ණක ජාතක යි.
kn-jat-5:272.9
1033. බ්‍රාහ්මණය, චංචල සිත් ඇත්තෙහි ඇලළීගිය චක්‍ෂුරින්‍ද්‍රිය ඇත්තෙහි නෙතින් කඳුළුබිඳු වැගිරෙයි. තොපගේ කුමක් නටුයේ වී ද කුමක් ප්‍රාර්‍ත්‍ථනා කරන්නෙහි මෙහි ආයෙහි දැ යි. එබැවින් එ කරුණ කියව.
kn-jat-5:274.1
1034. සේනක පඬිතුමනි, අද ගෙට යන මාගේ බිරිඳ මියෙයි ල, ගෙට නොයන මට (අතරමග) මරණයයි යකෙක් (දෙවියෙක්) කී ය. මේ දුකින් වෙවුළමි. සේනකයෙනි, මෙ කරුණ මට කියව.
kn-jat-5:274.2
1035. බමුණ, බොහෝ වූ මරණ කරුණු සිතා අවබෝධ කොට ගෙන මෙහි යමක් කියම් ද එ මැ සත්‍ය යැ. තොපගේ අත්සුණු පසුම්බියට තොප නොදන්නා පරිද්දෙන් කළුනයෙක් පිවිසියේ යැ යි සිතමි.
kn-jat-5:274.3
1036. දණ්ඩක් ගෙන පසුම්බියට ගසව. මුවින් කෙළ වැගිරෙන දිව් දෙකක් ඇති සර්‍පයා (පසුම්බියෙන් නික්මෙන්නා) බලව. අද තොපගේ සැකය විචිකිච්ඡාව සිඳුව. සර්‍පයා බලව. පසුම්බිය මුදව.
kn-jat-5:274.4
1037. තැතිගත් ස්වභාවයෙන් සිටි ඒ බමුණු තෙමේ පිරිස මැද අත්සුණු පසුම්බිය මිදුයේ ය. එකල උග්‍රතේජස් ඇති වහා පැතිරෙන විෂ ඇති සර්‍පයා පෙණය දක්වා පසුම්බියෙන් නික්මිණ. යමෙක් මනා නුවණැති සේනක පඬිතුමා නිතර දක්නේ ද ජනක රජතුමා ලද උසස් ලාභයෝ යි.
kn-jat-5:274.5
1038. බ්‍රාහ්මණයෙනි, කිම? තෙපි විවෘත ඥේයධර්‍ම ඇති සර්‍වඥ බුද්ධ වවු ද? (අසර්‍වඥ වූ මැ) තොපගේ ඥානය (සර්‍වඥතාඥානය මෙන්) බලවත් වෙයි. යම් හෙයෙකින් අද තොප විසින් දෙන ලද ජීවිතය මා විසින් ලබන ලද යැ. තව ද මාගේ අඹුවට ද සෙතක් කෙළේ ද. එහෙයින් මේ මා සතු කහවණු සත්සියයක් ඇත. එ හැම තොපට දෙමි. එය ගනු මැනැවි.
kn-jat-5:274.6
1039. සුභාෂිත වූ චිත්‍රගාථාවන් කරණකොට ගෙන පඬිවරු කුලී නො ගනිති. බ්‍රාහ්මණය, තොපට මෙයිනුදු (මාගේ පාමුල් පෙට්ටියෙනු) දු (කහවණු තුන්සියක්) ධනය දෙත්වා. එය ගෙන සිය නිවෙසට යව.
kn-jat-5:274.7
7. සත්තුභස්ත ජාතක යි.
kn-jat-5:274.8
1040. ආර්‍ය්‍ය අස්ථිසේනයෙනි, යම් යාචක කෙනකුන් මම නො හඳුනම් ද ඔහු පවා මා කරා පැමිණ ඉල්වති. තෙපි කුමක් හෙයින් නො ඉල්වවු ද?
kn-jat-5:274.9
1041. යාචක තෙම අප්‍රිය වෙයි යාච්ඤා කළ දැය නො දෙන්නෙ ද වෙයි. එහෙයින් මම තොප අතින් නො ඉල්වමි. (ඉල්වූ කල තොපට ද ඉල්වූ දැය නො දෙන කල අපට ද උපදනා) ද්වේෂය නො වේවා.
kn-jat-5:276.1
1042. සිඟමනෙන් ජීවත්වන යමෙක් ඉල්වියයුතු දැය සුදුසු කාලයෙහි නො ඉල්ලා ද හේ අනෙකා ද පිනෙන් පිරිහෙළයි. තෙමේ ද සුවසේ ජීවත් නො වේ.
kn-jat-5:276.2
1043. සිඟමනෙන් ජීවත්වන යමෙක් ඉල්ලියයුතු දැය සුදුසු සමයෙහි ඉල්ලා ද හේ අනෙකාට පින ලබාදෙයි. තෙමේ ද සුවසේ ජීවත් වේ.
kn-jat-5:276.3
1044. තපස්විය, (දානය දානඵලය දන්නා) නුවණැත්තෝ තමා වෙත පත් යාචකයන් දැක ඒකාන්තයෙන් නො කිපෙති. තෙපි මට ප්‍රිය වවු. කියැයුතු යම් දැයක් කැමැත්තවු නම් ඒ දැය ඉල්ලවු.
kn-jat-5:276.4
1045. නුවණැත්තෝ ඒකාන්තයෙන් නො ඉල්ලති. නුවණැති උපස්ථායක අවස්ථාවට සුදුසු දැය දැනගන්නට වටී. ආර්‍ය්‍යයෝ (වාග් භේද නො කොට) උදෙසා සිටිති, මේ ආර්‍ය යාචනා යි.
kn-jat-5:276.5
1046. බමුණ, වෘෂභරාජයකු හා සමග රතුදෙනුන් දහසක් තොපට දෙමි. ධර්‍මයෙන් යුක්ත වූ තොපගේ ගාථා අසා තොප වැනි ආචාර ආර්‍ය්‍යයක්හට ආර්‍ය්‍යයෙක් කෙසේ නම් නො දෙන්නේ ද.
kn-jat-5:276.6
8. අට්ඨිසේන ජාතක යි.
kn-jat-5:276.7
1047. යම් තැනෙක සතුරා වෙසේ ද එතැන නැණවතා නො වසන්නේ යැ. වෛරීන් අතුරෙහි එක රැයකුදු දෙරැයකුදු දුකසේ වසන්නේ යැ.
kn-jat-5:276.8
1048. ලඝු වූ සිත් ඇත්තේ අනුවර්තිත වූ පුරුෂයාහට ඒකාන්තයෙන් සතුරු වන්නෙ යැ. (බලව ලඝු සිත් ඇති අන්‍ධ බාල වූ) එක් වඳුරකුගේ හේතුයෙන් වානර සමූහයාට ව්‍යසනයක් කරන ලද.
kn-jat-5:276.9
1049. සේනා පරිහරණය කරන පණ්ඩිතයෙමි යි සිතන අඥාන වූ තැනැත්තේ ද ස්වකීය චිත්තයාගේ වසඟයට ගොස් මේ වඳුරා සෙයින් (විනාශයට පැමිණ) හෝනේ යැ.
kn-jat-5:276.10
1050. ගණපරිහරණය කරන නොමනා පැවැතුම් ඇති බලවත් වූ අඥාන තෙම (තිත්තිර) සකුණයනට සේවටුවා මෙන් නෑයන්ට සතුරු වේ.
kn-jat-5:276.11
1051. ගණපරිහරණය කරන මනා පැවැතුම් ඇති බලවත් නැණවතා දෙව්ලෝවැසි ශක්‍රයා මෙන් නෑයන්ට හිතෛෂී වේ.
kn-jat-5:278.1
1052. යමෙක් තමා කෙරෙහි සීලය ද ප්‍රඥාව ද ශ්‍රැතයැ ද දකී නම් හේ තමාට ද මෙරමාට ද යන දෙදෙනාට යහපතක් කරයි.
kn-jat-5:278.2
1053. එසේ හෙයින් ප්‍රාඥ තෙම ශීල යැ ප්‍රඥා යැ ශ්‍රැත යැ යන මොවුන් මෙන් තුලනය කොට (ශීලාදියෙහි පිහිටි බැව් පසක් කොට) සමූහ පරිහරණ හෝ කරන්නේ ය. එකඟ වැ හෝ වෙසෙන්නේ ය.
kn-jat-5:278.3
9. කපි ජාතක යි.
kn-jat-5:278.4
1054. ගෞතමයෙනි, ජාති ජරා ඉක්මවා ගිය අනුන් තමා වසඟයට ගන්නා කළ පින් ඇති දෙසැත්තෑවක් බ්‍රහ්මයෝ මේ බ්‍රහ්මලෝකයෙහි වෙසෙති. මෙය ප්‍රඥාවෙන් පැමිණි උත්තම පැමිණීම ය. අපි දු මෙසේ වම්හ යි බොහෝදෙන ඇඳිලි බැඳ පතති.
kn-jat-5:278.5
1055. බක බ්‍රහ්මය, තෙපි යම් තැනෙක දීර්‍ඝායු ඇතැ යි සිතවු ද තෙල දීර්‍ඝායු නො වෙයි. මඳ ආයු පමණෙක. ඒ එසේ මැ යි. නිරබ්බුද සියක් දහසක් තොපට ආයු ඇතැ යි මම් දනිමි.
kn-jat-5:278.6
1056. භාග්‍යවතුන් වහන්ස, තෙපි ‘මම අප්‍රමාණ වූ දැය දක්නෙම් වෙමි, ජාති ජරා ශෝක යන මේවා ඉක්මවා සිටිමි’යි කියව. එබැවින් මාගේ පැරැණි කිනම් ව්‍රතයක් හෝ සීලසමාදානයක් හෝ වී ද යමක් අසා මම දැනගන්නෙම් නම් තෙල මට කිව මැනවි.
kn-jat-5:278.7
1057. බ්‍රහ්මයෙනි, යම් හෙයෙකින් තෙපි ග්‍රීෂ්ම කාලයෙහි ග්‍රීෂ්මය නිසා පීඩාවට පත් පිපාසිතයන් බොහෝ දෙනකුන්ට පැන් පානය කරවූහු ද තොපගේ ඒ පුරාණ ව්‍රත සමාදානය ද සිල්වත්කම ද නිදා පිබිදියක්හු මෙන් සිහි කෙරෙමි.
kn-jat-5:278.8
1058. ඒණී නමැති ගංඉවුරෙහි සොරුන් විසින් අල්වා ගන්නා ලද බලාත්කාරයෙන් ගෙනයනු ලබන යම් ජන කෙනකුන් මුදාලී ද තොපගේ ඒ පුරාණ වත ද සීලය ද නිදාපිබිදියක්හු මෙන් සිහි කෙරෙමි.
kn-jat-5:278.9
1059. මිනිසුන් නසනු කැමැති වූ රෞද්‍ර වූ නාගයකු විසින් ගඞ්ඝාශ්‍රෝතස්හි දී අල්වාගන්නාලද නැව (ගුරුළුවෙස් ගෙන) බලයෙන් මැඩලා මුදාලී ද තොපගේ පුරාණ ව්‍රත සමාදානය ද ශීලය ද නිදාපිබිදියක්හු මෙන් සිහි කෙරෙමී.
kn-jat-5:280.1
1060. (‘කෙසව’ තාපස කාලයෙහි) තොපට ‘කප්ප’ නම් අතැවැසි වීමි. යම්බඳු වූ තොප බුද්ධිසම්පන්න යැ යි ද ව්‍රත සම්පන්න යැ යි ද සිතීමි. තොපගේ ඒ වත සමාදානය ද සීලය ද නිදාපිබිදියක්හු මෙන් සිහි කෙරෙමි.
kn-jat-5:280.2
1061. (තෙපි) ඒකාන්තයෙන් මාගේ තෙල ආයුෂ දන්නහු ය. සෙසු සියල්ලත් දන්නහු ය. එහෙයින් තෙපි බුද්ධ වවු. එහෙයින් මැ තොපගේ මේ දිලිසෙන අනුභාවය බඹලොව එලිකරමින් පවතී.
kn-jat-5:280.3
10. බකබ්‍රහ්ම ජාතක යි.
kn-jat-5:280.4
පළමුවන කුක්කු වර්‍ග යි.
kn-jat-5:280.5
තස්සුද්දානය:
kn-jat-5:280.6
කුක්කු ජාතක (වරකණ්ණික) යැ මනෝජජාතක (චාප) යැ සුතනු ජාතක යැ ගිජ්ඣජාතක යැ දබ්භපුප්ඵ ජාතක (රෝහිතමච්ඡ) යැ දසණ්ණකජාතක යැ සත්තුභස්තජාතක යැ අට්ඨිසේන ජාතක යැ කපිජාතක යැ බකබ්‍රහ්ම ජාතක යැ යි දසයෙකි.
kn-jat-5:282.1
2. ගන්‍ධාර වර්‍ගය
kn-jat-5:282.2
1062. (උපභෝග පරිභෝග වස්තූන්ගෙන්) පිරුණු සොළොස් දහසක් ගම් ද (රන්රුවනින් පිරුණු) කොටුගුළු ද හැරපියා දැන් සන්නිධි (රැස් කිරීම) කරන්නෙහි.
kn-jat-5:282.3
1063. බොහෝ ධනධාන්‍ය ඇති ගන්‍ධාර රට හැරපියා (රටවැසියන්ට කරන) අනුශාසනයෙන් ඉවත්වූයෙහි. දැන් (මේ වනයෙහි) අනුශාසනා කරන්නෙහි.
kn-jat-5:282.4
1064. වේදේහය, ධර්‍මය කියමි. මට අධර්‍මය නො රුස්නේ ය. ධර්‍මය කියන්නා වූ මට පාප (සිතුවිලි) නො ඇලේ.
kn-jat-5:282.5
1065. යම් කිසි කරුණෙකින් අන්‍යයා ගැටීම ලබා ද (හෙවත් ක්‍රෝධය උපදවා ගනී ද) මහත් අර්‍ත්‍ථ ඇති වූ ද ඒ තෙපුල ප්‍රාඥ තෙම නො කියන්නේ ය.
kn-jat-5:282.6
1066. ඒකාන්තයෙන් ගැටීම වේවයි නො වේවයි. දහවියා මිටක් සේ විසිරේවයි ධර්‍මය කියන මට පාප (සිතුවිලි) නො ඇලේ.
kn-jat-5:282.7
1067. ඉදින් තමාට නුවණ නැති නම්, මොනොවට හික්මෙන ලද ආචාරවිනය හෝ නො වී නම් බොහෝ වූ එබඳු ජනයා ඇස් නැති වල්මීවකු මෙන් වනයෙහි ඇවිදින්නේ ය.
kn-jat-5:282.8
1068. යම් හෙයෙකින් මෙලොව ඇතැම් කෙනෙක් ආචාරීන් කෙරෙහි මොනොවට හික්මුණාහු එහෙයින් හික්මුණු ආචාරවිනය ඇත්තාහු සමාහිත සිත් ඇති වැ හැසිරෙත්.
kn-jat-5:282.9
1. ගන්‍ධාර ජාතක යි.
kn-jat-5:282.10
1069. එම්බා මහාවානරය, (යම්) තෙපි තමා සංක්‍රමණයක් (හෙයක්) කොට (මේ වඳුරන්) සුවසේ තරණය කළවු යැ, තෙපි ඒ වඳුරනට කවුරු වවු ද තුලුහු තොපට කවුරු වෙත් දැ? යි.
kn-jat-5:282.11
1070. අරින්‍දම රජතුමනි, මම (අසූදහසක් පමණවූ) ඔවුනට රජ වෙමි. තොප කෙරෙන් බියට පත් සොවින් මඬනා ලද ඔවුන්ගේ සමූහය පරිහරණය කරමි.
kn-jat-5:282.12
1071. ඒ මම අනාරෝපිත දුනුසියක් පමණ තැන් සිරුරු ලම්බන කොට (පැනැ) එතැනින් කටිභාගයෙහි දැඩි කොට බඳනා ලද වැල්බානක් ඇති වැ,
kn-jat-5:282.13
1072. වාතවේගයෙන් සිඳී ගිය වලාකඩක් සේ පිනුයෙම් ගසට ළං වීමි. ඒ මම රුක්මතට පනනට නො හැකිවූයෙම් එරුකැ අත්තක් අතින් ගතිමි.
kn-jat-5:284.1
1073. වෘක්‍ෂගාඛායෙන් ද වෙත්‍රලතායෙන් ද, අදනාලද ඒ මා පයින් ඇක්මෙමින් සාමුවෝ (වඳුරෝ) සුවසේ ගියහ.
kn-jat-5:284.2
1074. ඒ මා පළමු වල්ලිබන්‍ධ තෙම නො තවයි. දන් මටවන් (තොප කෙරෙන් පැමිණි) වධය මා නො තවන්නේ යැ. කවර හෙයින යත්: මම යම් කෙනකුන්ට රජ කෙළෙම් ද මා විසින් ඔවුනට සුව එළවනලද ද එහෙයිනි.
kn-jat-5:284.3
1075. රජතුමනි, තොපට අභිවෘඬිය දක්වන මේ උපමාව කරන ලද නුවණ ඇති කෘෂත්‍රිය රජහු විසින් රාජ්‍යයට ද රථයෙහි යොදන අශ්වාදි සතුන්ට ද සේනාවට ද ගම්නියම්ගම් වැසියන්ට ද යන හැමට සුව සෙවිය යුත්තේ ය.
kn-jat-5:284.4
2. මහාකපි ජාතක යි.
kn-jat-5:284.5
1076. වන අතුරෙහි මැනැවින් වැඩුණු නිල්පැහැ ඇති පල ගත් අඹරුකක් දිටිමි. එ රුක පල හේතුවින් බිඳුනාලද ද දිටිමි. එය දැක (කලකිරී සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මෙනෙහි කොට පසේබුදු වැ) පිඬු සිඟා හැසිරෙමි.
kn-jat-5:284.6
1077. නුවණැති ශිල්පියකු විසින් නිමවනලද මට වූ ශබ්ද රහිත මිණිවළලු දෙකක් ස්ත්‍රියක් (දෑතෙහි) දැරුවා ය. (දෑතේ දමා තුබූ වළලු දෙක එක අතක දමා ලූ කල) පළමු වළල්ල දෙවැන්නට පැමිණ හඬ නැඟී. එය දැක (බොහෝ දෙනා හා එක්ව විසීම කලහ සිදුවන්නට හේතුය යි කලකිරී තිලකුණු වඩා පසේබුදු වැ) පිඬුසිඟා හැසිරෙමි.
kn-jat-5:284.7
1078. බොහෝ පක්‍ෂීහු රැස් වැ කුණපය ගෙන එන එකලා වූ පක්‍ෂියා ආහාර හේතුවෙන් කොටමින් ලුහුබැඳ හෙළූහ. එය දැක (කලකිරී තිලකුණු වඩා පසේබුදු වැ) පිඬුසිඟා හැසිරෙමි.
kn-jat-5:284.8
1079. මම ගෙරි සමූහයා මැද සැලෙන මොල්ලිය ඇති පැහැයෙන් හා බලයෙන් යුතු වෘෂභයකු දුටිමි. ඔහු කාමය නිසා (අන්) ගොනකු විසින් අනිනු ලැබැ මළහු දිටිමි. එය දැකැ (කලකිරී සංස්කාරයන්ගේ අනිත්‍යතාව මෙනෙහි කොට පසේ බුදු වැ) පිඬුසිඟා හැසිරෙමි.
kn-jat-5:284.9
1080. කලිඟුදනවු වැසියන්ගේ කරණ්ඩුක නම් රජ යැ ගන්‍ධාර ජනපද වාසීන්ගේ නග්ගජි නම් රජ යැ විදේහ ජනපද වාසීන්ගේ නිමි නම් රජ ය පංචාල ජනපද වාසීන්ගේ දුර්මුඛ නම් රජ යැ යන රජවරු රාජ්‍යයන් හැරපියා පළිබෝධ රහිත වැ පැවිදි වූහ.
kn-jat-5:286.1
1081. භගවිය, මෙහැම දෙන මැ විශුද්ධ දේවයන් (පූර්‍වප්‍රත්‍යෙකබුද්ධයන්) සමාන විශුද්ධ වූවාහු එක්රැස් වූහ. දිලිසෙන ගිනි යම්සේ බබළා ද එසෙයින් මැ මොහු බබළති. අවධි වශයෙන් සිටි (රූපාදි) වස්තුකාමයන් හැරපියා එකලා ව හැසිරෙමි.
kn-jat-5:286.2
1082. භග්ගව, මෙ මැ පැවිද්දට කලි. අන්කලෙක් නැති. (අනුශාසකයන් දුර්‍ලභ හෙයින්) පසුව මට අනුශාසනා කරන්නෙක් නො වන්නෙ යැ. (එහෙයින්) මම ද පුරුෂයක්හු අතින් මිදුණු කිරිල්ලක සේ එකලා වැ හැසිරෙන්නෙමි.
kn-jat-5:286.3
1083. (අපගේ දරුවෝ) නො පැසුණු පැසුණු අහර දනිති. ලුණු ඇති ලුණු නැති අහර ද දනිති. (එයින් දිවිවඩනට හැකි වෙති.) උන්ගේ ඒ ක්‍රියාව දැක මම පැවිදි වීම්. තෙපි ද පිඬු සිඟා හැසිරෙව. මම ද පිඬු සිඟා හැසිරෙමි.
kn-jat-5:286.4
3. කුම්භකාර ජාතක යි.
kn-jat-5:286.5
1084. දූත කටයුතු කරන උරෙහි බැඳි හෙල්ල දමා ගසන සටන්හි දස්කම් පා හැසිරෙන මම දළ්හධම්ම රජතුමාගේ සිත සතුටු නො කෙළෙම් නම් කවරෙක් සතුටු කෙරේ ද.
kn-jat-5:286.6
1085. මාගේ වික්‍රමය ද පුරුෂ පරාක්‍රමය ද සඞ්ග්‍රාමයෙහි සුකෘතයෝ ද දූත මෙහෙවර ද ඒකාන්තයෙන් තොපගේ රජ නො දනී.
kn-jat-5:286.7
1086. නෑයන් නැති පිහිටක් නැති ඒ මම ඒකාන්තයෙන් මියෙමි. යම් හෙයෙකින් කුඹලාට ගොම වැරැටි අදනා කොට රජතුමා විසින් දෙන ලදිම් ද එහෙයිනි.
kn-jat-5:286.8
1087. පුරුෂ තෙම යම්තාක් (මොහුගෙන් අර්‍ත්‍ථ ඇතැ යි) ප්‍රාථිනා කෙරේ ද ඒ තාක් සෙවුනේ යැ. ප්‍රයෝජන පහවගිය කල්හි ඔහු ඔට්ඨිව්‍යාධි ඇතින්න හළ රජ මෙන් හැරැපියත්.
kn-jat-5:286.9
1088. යමෙක් පෙරැ (අනුන් විසින්) කළ උපකාර ඇත්තේ කරනලද හිතවැඩ ඇත්තේ පසුව (ඒ උපකාර) නො දනී ද ඔහු විසින් පතන ලද යම් අර්‍ත්‍ථ කෙනෙක් ඇද්ද ඒ ඔහු වෙසෙසින් නැසෙත්.
kn-jat-5:288.1
1089. යමෙක් පෙර (අනුන් විසින් තමහට) කරනලද කල්‍යාණකර්‍ම ඇත්තේ කරන ලද හිතවැඩ ඇත්තේ පසුව දනී ද (සිහි කෙරේ ද) ඔහු විසින් ප්‍රාර්ත්‍ථිත වූ යම් අර්‍ත්‍ථ කෙනෙක් ඇද්ද ඔහු ප්‍රකර්‍ෂයෙන් වඩනාහු වෙත්.
kn-jat-5:288.2
1090. මෙහි යම් පමණ කෙනෙක් රැස් වූ ද ඒ තාක් තොපට සෙතක් වේවා. එහෙයින් තොපට කියමි හැමදෙන කළගුණ දන්නෝ වවු. එයින් බොහෝ කල් දෙව්ලොව සම්පත් විඳිමින් සිටිවු.
kn-jat-5:288.3
4. දළ්හධම්ම ජාතක යි.
kn-jat-5:288.4
1091. යමෙක් පෙරැ වනයේ බොහෝ දුර මට පෙරගමන් යේ ද, වැඩීගිය දික්වූ සිරුරු ඇති ඒ සෝමදත්ත නො දක්නා ලැබේ. හේ කොහි ගියේ ද?
kn-jat-5:288.5
1092. සිඳුනාලද මාලුවා ළපලුවක් සේ සෝමදත්ත මළේ හෝනේ වෙයි, මේ හේ ම යැ, බිම වැටී හෝනේ යැ, ඇතා ඒකාන්තයෙන් මළේ මැ ය.
kn-jat-5:288.6
1093. මළහුට ශෝක කිරීම යැ යන යමක් ඇද්ද එය අනාගාරික වූ කාමයෙන් මිදුණු සිත් ඇති ශ්‍රමණයකුට නො මැනැවි.
kn-jat-5:288.7
1094. ශක්‍රය, එක්ව විසීම නිසා ඒකාන්තයෙන් මිනිසාට ද තිරිසනාට ද සිතෙහි ඇති ප්‍රේමය උපදී. ඔහුට ශෝක නො කොට සිටින්නට නො හැක්ක.
kn-jat-5:288.8
1095. යම් කෙනෙක් මළහුට හඬත් ද මමත් මැරෙන්නෙමි කියමින් වැලැපෙත් ද එය නිෂ්ඵල යයි සත්පුරුෂයෝ කීහු. එහෙයින් ඍෂිය, තෙපි නො හඬනු මැනැවි.