Jātaka

Birth Stories

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 7679 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 501-600 න් 7679

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-jat:86.1
227. සිංහයනට බඳු ඇඟිලි ඇති සිංහයනට බඳු නිය ඇති සිංහ පාදයන්ගෙන් පිහිටි මේ සිංහ රැළෙහි හුදෙකලා වැ අනෙක් පරිද්දෙකින් (සිගාල) නාද කෙරේ.
kn-jat:86.2
228. සිංහරාජ පුත්‍රය, තෝ නාද නො කර, නිහඬ වැ වෙනෙහි (සිංහයන් අතරෙහි) වාසය කරව. තා ස්වරයෙන් (සිවල් බව) දැනැගන්නාහු ය. තට පියාගේ ස්වරය නැත.
kn-jat:86.3
8. සීහකොත්‍ථුක ජාතක යි.
kn-jat:86.4
229. මේ සිංහයකුගේ නාදය නො වෙයි. ව්‍යාඝ්‍රයකුගේ ද දිවියකුගේ ද නාදය නො වෙයි. සිංහහම් පොරවන ලද ලාමක වූ කොටළුවා නාද කෙරේ.
kn-jat:86.5
230. කොටළුවා සිංහහම් පොරවන ලදු වැ බොහෝ කාලයක් නිල්වන් යව කෑවේ ය. තමාගේ කොටළු හඬ නඟන්නේ (ජාතිය ප්‍රකාශ කොට) දූෂණයට (විනාශයට) පැමිණියේ යි.
kn-jat:86.6
9. සීහචම්ම ජාතක යි.
kn-jat:86.7
231. ශ්‍රද්ධාවෙහි ද ශීලයෙහි ද ත්‍යාගයෙහි ද ඵලය (අනුසස්) බලව. දිව්‍යනාගයා නැවක ආකාරයෙන් ශ්‍රද්ධාවත් උපාසකයා උසුලයි.
kn-jat:86.8
232. පණ්ඩිතයන් හා එක් වැ වාසය කරවු. සත්පුරුෂයන් හා මිතුරුකම් කරවු. සත්පුරුෂයන් හා සහවාසයෙන් කරනැහැවියා සුවසේ යයි.
kn-jat:86.9
10. සීලානිසංස ජාතක යි.
kn-jat:86.10
සිවුවැනි අසදෘශ වර්‍ග යි.
kn-jat:86.11
එහි උද්දානය:
kn-jat:86.12
(ධනුග්ගහ) අසදිස ජාතක යැ, (කුඤ්ජර) සඞ්ගාමාවචර ජාතක යැ, (අප්පරස) වාළොදක ජාතක යැ, ගිරිදත්ත ජාතක යැ, (අනාවිලචිත්ත) අනභිරත ජාතක යැ, දධිවාහන ජාතක යැ, (ජම්බුක) වතුමට්ට ජාතක යැ, (සීහ හඬ) සීහ කොත්‍ථුක ජාතක යැ, (හරිතයව) සීහවම්ම ජාතක යැ, (නාගවරෙන) සීලානිසංස ජාතකය යන මෙයින් ජාතක දසය වේ.
kn-jat:88.1
5. රුහක වර්‍ගය
kn-jat:88.2
233. රුහකය, සිඳී ගිය දුන්නේ ලනුව ද නැවැත සන්‍ධි කරනු ලැබේ. (එපරිද්දෙන්) තා පුරාණී නම් බිරිය හා සමඟි වැ වස. ක්‍රෝධයාගේ වසයට නො යව.
kn-jat:88.3
234. (දුනු දිය තනන) මරුවනම් වැහැරි ඇති කල්හි දුනු දිය කරන්නවුන් ඇති කල්හි අනෙක් දුනුදියක් කරන්නෙමු. පුරාණි බිරිය නො කැමැත්තෙමි.
kn-jat:88.4
1. රුහක ජාතක යි.
kn-jat:88.5
235. ස්ත්‍රිය රූ ඇත්තී වන්නී ය, ඒ රූමත් ස්ත්‍රිය ආචාරශීලී ද වන්නී ය. පුරුෂයෙක් එබඳු ස්ත්‍රිය ද නො කැමැත්තේ ය. මහෞෂධයෙනි, (මේ කරුණ ඔබ) අදහන්නෙහි දැ යි (රජ විචාළේ ය).
kn-jat:88.6
236. මහරජ, එය අදහමි. පුරුෂයා පින් නැත්තේ වී නම් ශ්‍රියත් (වාසනාවත්) කාලකණ්ණියත් අවාසනාවත් කිසි කලෙකත් එකතු නො වේ.
kn-jat:88.7
2. සිරිකාලකණ්ණි ජාතක යි.
kn-jat:88.8
237. හෝ (මා විසින් පෝෂණය කරනු ලැබූ) තැනැත්තී මැ ය. මම ද (මෑ පෝෂණය කළ තැනැත්තා විනා) අනෙකෙක් නො වෙමි. අත් සිඳින ලද මේ කොටා ද අනිකෙක් නො වේ. මාගේ කුමාර කලැ හිමියා යි යමක් කී ද ඕ තොමෝ මෑ ය. ස්ත්‍රීහු වධයට සුදුසු ය. ස්ත්‍රීන් කෙරෙහි ඇත්තක් නැත.
kn-jat:88.9
238. රෞද්‍ර වූ නිර්ගුණභාවයෙන් මළකඳක් බඳු වූ පරදාරයන් සෙවුනා ලාමක වූ මේ කොටා ද මොහොලින් තලා (දමවු). නින්‍දිත පතිව්‍රතා ඇති ජීවත් වන්නා වූ මැ මෑගේ කන් නැහැ කපවු.
kn-jat:88.10
3. චුල්ලපදුම ජාතක යි.
kn-jat:88.11
239. (සිල්වතුන් රක්නා) දෙවියෝ නැතැ යි සිතමි. (එබඳු කටයුතුවලින්) බැහැර යෙති යි සිතමි. මෙලොව ලෝකපාලක දෙවියෝ ද නැතැ යි සිතමි. අපරික්‍ෂාකාරී වැ දරුණු කම් කරන්නා වූ දුශ්ශීලයන්ගේ දරුණු ක්‍රියා වළකන්නෝ ද නැතැ යි සිතමි.
kn-jat:90.1
240. (නො දැහැමි රජුගේ විජිතයෙහි) නො කල් වැසි වසී, ඒ රටෙහි කාලයෙහි නො වසී. ඒ නො දැහැමි රජ දෙව්ලොවින් මිදෙ යි. (අපායයෙහි ඉපිද) ඒකාන්තයෙන් විනාශයට පත්වී ය.
kn-jat:90.2
4. මණිචෝර ජාතක යි.
kn-jat:90.3
241. සිත්කලු වූ හිමාලය පර්‍වත සමීපයෙහි සිහිල් දියැති පොකුණෙක් වී ය. ඒ පොකුණ සිංහයකු විසින් රක්‍ෂා කරන ලද බව සිවලෙක් බැසැ පැන් බී ගියේ ය.
kn-jat:90.4
242. මහරජ, ඒකාන්තයෙන් මැ සිවුපාවෝ මහානදියෙහි දිය බොත් මැ ය. එයින් (ඒ නදී) අනදී වූයේ නො වේ. ඉදින් තොපට ඒ අඩුව ප්‍රිය වී නම් (ඇමැතිත් ප්‍රිය වී නම් දෙදෙනාට මැ) කමා කරව.
kn-jat:90.5
5. පබ්බතූපත්‍ථර ජාතක යි.
kn-jat:90.6
243. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අවවාද නො කෙරෙත් ද ඔවුහු රාක්‍ෂසීන්ගෙන් විනාශයට පැමිණි වෙළෙඳුන් මෙන් වනසට පැමිණෙත්.
kn-jat:90.7
244. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අවවාද කෙරෙත් ද ඔවුහු වලාහක කුලයෙහි උපන් අශ්වරජායා නිසා කැමැති තැනට පැමිණි වෙළෙඳුන් මෙන් සුවසේ පරතෙරට (නිවනට) පැමිණෙත්.
kn-jat:90.8
6. වලාහස්ස ජාතක යි
kn-jat:90.9
245. ඔහු දැකැ සිනහ පහළ නො කෙරේ නම් වචනයට සතුටු නො වේ නම් ඔහු දෙස ඍජුව නො බලා නම් ඔහුට විරුද්ධ වැ පවතී.
kn-jat:90.10
246. යම් ආකාරයෙකින් පණ්ඩිතයා දැකැ ද අසා ද අමිත්‍රයා (හතුරා) දැනැගනී ද මේ ආකාරයෝ සතුරා කෙරෙහි පිහිටියාහු වෙති.
kn-jat:90.11
7. මිත්තාමිත්ත ජාතක යි.
kn-jat:90.12
247. දරුව, විදේශයෙන් ආයෙම් බොහෝ කල් නො වෙමි. කිමෙක් ද තොපගේ මව අනිකකු සේවනය නො කරා ද?
kn-jat:92.1
248. සත්‍යයෙන් යුක්ත වූ මේ වචනය ඇති සැටියෙන් කිව යුතු නො වේ. (ඉදින් ඇති සිටියෙන් ප්‍රකාශ කළ කෙනෙක් වෙත් නම්) ගිනි මුසු අලුයෙහි දවා හොවන ලද පොට්ඨපාදයා මෙන් හෝනේ මැ යි.
kn-jat:92.2
8. රාධ ජාතක යි.
kn-jat:92.3
249-250. දෙබස මැ මට සිහිය නො හෙයි. දෙබස මැ මට රිසි නො වෙයි. මේ තැනැත්තී (වි නැති බව කැලැ මැ දන්නී) කොටුවට බටුවා වී නො දක්මි යි (නැතැ යි) කිය යි. එකරුණින් ගම්පතිය, තොපට මෙය කියමි: කෂ්ටතර වූ අල්ප ජීවිතය පවත්නා කල්හි වී පිණිස මස් දෙන්නේ දෙමසකට සත්‍යකාර කොට (ගිවිසැ) කෘශ වූ ගොන්මාල්ලා දී දැන් නො පත් කල්හි ඉල්ලයි එ ද මට නො රුස්නේ යි. (තොප දෙදෙනාගේ වඤ්චා ප්‍රයෝග දනිමි’යි සේ යි.)
kn-jat:92.5
9. ගහපති ජාතක යි.
kn-jat:92.6
251. එකකුගේ සුරූපී බව ඇත. එකකුගේ වෘද්ධ භාවය ඇත. එකකුගේ කුලවත් බව ඇත. එකකුගේ ආචාරශීලී බව ඇත. බ්‍රාහ්මණය තොප විචාරමි. මොවුනතුරෙන් කවරක්හු කැමැති වමෝ ද?
kn-jat:92.7
252. මනෝඥ ශරීරයෙහි ද අභිවෘද්ධියෙක් ඇත් මැ ය. වෘද්ධ භාවයට නමස්කාර කෙරෙමි. උසස් කුලයෙහි උපන්නහු කෙරෙහි ද වැඩෙක් ඇත. (එහෙත්) ආචාරශීලය මැ අපට රුස්නේ යි.
kn-jat:92.8
10. සාධුසීල ජාතක යි.
kn-jat:92.9
පස්වැනි රුහක වර්‍ග යි.
kn-jat:92.10
එහි උද්දානය:
kn-jat:92.11
රුහක ජාතක යැ (රූපවතී) සිරිකාලකන්නි ජාතක යැ, මොහොලින් තැළීම පනවන චුල්ලපදුම ජාතක යැ, ප්‍රවාසය සිතන මණිචෝර ජාතක යැ පස්වැනි පොක්‍ඛරණින් යුත් පබ්බතුපත්‍ථර ජාතක යැ යළි වෙළඳුන් ගේ මිදීම දක්වන වලාහස්ස ජාතක යැ, උම්භයතෙ යනු පවසන මිත්තා මිත්ත ජාතක යැ, (චිරාගත) රාධ ජාතක යැ, (කොට්ඨ) ගහපති ජාතක යැ, අභිරූප ශරීරය පවසන සාධුසීල ජාතක යැ යන දසය යි.
kn-jat:94.1
6. නතංදළ්හ වර්‍ගය
kn-jat:94.2
253. අයෝමය බන්‍ධනය ද දාරුමය බන්‍ධනය ද වැහැරි ආදියෙන් කළ බන්‍ධනය ද දළ බැඳුම් යයි නුවණැත්තෝ නො කියත්. මණිකුණ්ඩලයන්හි දැඩි ඇල්මක් ඇද්ද අඹුදරුවන් කෙරෙහි යම් අපේක්‍ෂාවක් ඇද්ද-
kn-jat:94.3
254. (යට කී) මේ බන්‍ධනය දැඩි යයි නුවැණත්තෝ කියත්. ඔබිනොබ ඇදහෙළෙන්නා වූ සිථිල වූ මුදාලිය නො හැක්කා වූ යම් ක්ලේශ බන්‍ධනයෙක් ඇද්ද එය ද සිඳැ කාමයන්හි අපේක්‍ෂා නැති නුවණැත්තෝ කම්සුව හැරැපියා තපසට යෙති.
kn-jat:94.4
1. බන්‍ධනාගාර ජාතක යි.
kn-jat:94.5
255. හංසයෝ ද කොස් ලිහිණියෝ ද මොණරු ද ඇත්හු ද එළුවෝ ද වෙනත් මෘගයෝ ද යන මේ සියල්ලෝ සිංහයාට බිය වෙත්. ශරීරයෙහි සමාන බවෙක් නැත. (ශරීරයෙහි උස් මිටි බව කරුණක් නො වේ යනු අදහස යි.)
kn-jat:94.6
256. එපරිද්දෙන් මැ මනුෂ්‍යයන් අතරැ ද ඉදින් වයසින් බාල නමු දු නුවණැත්තේ වී නම් හේ මැ එහි මහත් වන්නේ ය. මහත් ශරීර ඇත්තේ නමුදු අඥානයා මහත් නො වන්නේ යි.
kn-jat:94.7
2. කේළිසීල ජාතක යි.
kn-jat:94.8
257. විරූපක්ඛ නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ. එරාපථ නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ. ඡබ්‍යාපුත්ත නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ. කණ්හාගෝතමක නම් නාකුලය සමඟ ද මාගේ මෛත්‍රිය වේ.
kn-jat:94.9
258. පා නැතියන් හා ද මාගේ මෛත්‍රිය වේ. දෙපාවන් හා ද මාගේ මෛත්‍රිය වේ. සිවු පාවන් හා ද මාගේ මෛත්‍රිය වේ. බහුපාවන් හා ද මාගේ මෛත්‍රිය වේ.
kn-jat:94.10
259. අපාදක සතෙක් හිංසා නො කෙරේවා. දෙපා සතෙක් මට හිංසා නො කෙරේවා. සිවුපා සතෙක් මට හිංසා නො කෙරේවා. බහුපා සතෙක් මට හිංසා නො කෙරේවා.
kn-jat:94.11
260. සියලු සත්ත්‍වයෝ ය, සියලු ප්‍රාණීහු ය, සියලු භූතයෝ ය යන සියල්ලෝ මැ, යහපතක් මැ දකිත්වා. කිසිවකු කරා දුකෙක් නො ඒවා.
kn-jat:96.1
261. බුදුරද (අනන්ත ගුණැතියෙන්) අප්‍රමාණය. ධර්‍මය අප්‍රමාණය, සඞ්ඝයා අප්‍රමාණය. දීර්‍ඝජාතීහු ද නයි ද ගෝනුස්සෝ ද සියපාවෝ ද (පත්තෑයෝ ද) මකුළුවෝ ද සිකනලු ද මීයෝ ද ප්‍රමාණවත්හ.
kn-jat:96.2
262. මා විසින් (රුවන්තියා ගුණ බෙලෙන්) ආරක්‍ෂාව කරන ලදු. මා විසින් පරිත්‍රාණ ද කරන ලදු. (මට අහිත වූ) භූතයෝ පහවෙත්වා. හේ මම භාග්‍යවතුනට නමස්කාර කෙරෙමි. (විපස්සී ආදි) සත් බුදුවරුනට මාගේ නමස්කාරය වේවා.
kn-jat:96.3
3. ඛන්‍ධවත්ත ජාතක යි.
kn-jat:96.4
263. වීරකය, මියුරු කොට හඬන මොණර කරකට බඳු පැහැති මාගේ වල්ලභයා වන සවිට්ඨක නම් පක්‍ෂියා දක්හිද?
kn-jat:96.5
264. දියෙහි ද ගොඩ ද හැසිරෙන නිත්‍යයෙන් අමු මස් කන ඒ පක්‍ෂියාට අනු වැ ක්‍රියා කරන (තී සැමි) සවිට්ඨක නම් කවුඩා සෙවෙලෙහි වෙළී මෙළේ යි.
kn-jat:96.6
4. වීරක ජාතක යි.
kn-jat:96.7
265. ගංගාවෙහි උපන් මත්ස්‍යයා ද හොබනේ ය. යමුනාවෙහි උපන් මත්ස්‍යයා ද හොබනේ ය. නිග්‍රෝධ පරිමණ්ඩලකාය ඇති රියහිසක් සේ දික් වූ ග්‍රීවා ද ඇති පා සතරක් ඇති මේ සත්ත්‍ව තෙමේ (මේ ඉදිබුවා) සියල්ලන් මැ (තොප දෙදෙනා මැ) ඉක්මවා බබළ යි.
kn-jat:96.8
266. යමක් ඇසී ද එය නො කීයේ ය. විචාරන ලද්දේ අනෙකක් කිය යි. ආත්මප්‍රශංසා කරන මේ සත්ත්‍වයා (මේ ඉදිබුවා) අපට නො රුස්නේ ය.
kn-jat:96.9
5. ගඞ්ගෙය්‍ය ජාතක යි.
kn-jat:96.10
267. එබැවින් ඉදිබුවා, (මුවා බැඳුණු) වරපටින් ඇඹරු මලපුඩුව දතින් කපව. වැදි යම් සේ නො ඒ ද මම එසේ කෙරෙමි. (වැද්දාගේ ගමන වළක්වමි.)
kn-jat:96.11
268. ඉදිබුවා දියට පිවිසියේ ය. මුවා වනයට පැවිසියේ ය. ශතපත්‍රයා (කෑරලා) තමා හුන් අතු අගින් දරුවන් ගෙනැ අඳුරට ගියේ යි.
kn-jat:96.12
6. කුරුඞ්ගමිග ජාතක යි.
kn-jat:98.1
269. ඔහු කැමැත්තා වූ මා විසින් කැමැති වූ ප්‍රිය වූ ස්වාමි වූ අස්සක නම් රජු හා පෙරැ මේ ප්‍රදේශය හැසිරෙන ලද.
kn-jat:98.2
270. අළුත් වූ සුවදුක් දෙකින් පැරැණි සුවදුක් දෙක මුවහ කරනු ලැබේ. එහෙයින් අස්සක නම් රජුට වඩා මේ ගොම පණුවා මැ මට අතිශයින් ප්‍රිය වේ.
kn-jat:98.3
7. අස්සක ජාතක යි.
kn-jat:98.4
271. ගඞ්ගාවෙන් එතෙර යම් මිහිරි ඵලයෙක් දක්නා ලද ද ඒ අඹ පලයෙන් ද දඹ පලයෙන් ද වැළවරකායෙන් ද මට කම් නැත. මාගේ උදුම්බර වෘක්‍ෂය මැ (මට) උතුමි.
kn-jat:98.5
272. සුංසුමාරය, තාගේ සිරුර එකතින් මහත් වේ. ඒ සිරුරු පමණට නුවණ නැත. මා විසින් වංචා කරන ලද්දෙහි ය. දැන් කැමැති පරිදි නැඟී යව.
kn-jat:98.6
8. සුංසුමාර ජාතක යි.
kn-jat:98.7
273. වෘක්‍ෂය, මා විසින් වෙනෙහි දක්නා ලද අශ්වකර්‍ණ නම් වූ ද බුළු නම් වූ ද වෘක්‍ෂයෝ වෙති. ඒ රුක්හු තෝ යම් සේ ඔබිනොබ හැසිරෙන්නෙහි ද එසේ නො ඇවිදිත්.
kn-jat:98.8
274. මැදිරිය බිඳැ ගෙනැ ආ මේ පුරාණ කක්කරයා (සේවටුවා) වාලයෙන් ඇඹරූ පාසයෙන් ගැළැවීමෙහි දක්‍ෂ වූයේ පලා යයි. (මිනිස් බසින්) බණන්නේ ය.
kn-jat:98.9
9. කක්කර ජාතක යි.
kn-jat:98.10
275. පින්වත, යම් රුකෙක්හි එක් පහරින් මුදුන බිඳින ලද ද කුඩා පත් ඇති කටු සහිත වූ මේ කවර නම් ඇති රුකෙක් වේ ද?
kn-jat:98.11
276. (ඉඹුල් ආදි) හර නැති කාෂ්ට අවයව ඇති වෘක්‍ෂයන් විඳිමින් මේ කන්‍දගලකයා ඇවිදින ලද්දේ ය. පසුව පක්‍ෂියා යම් රුකෙක්හි ඇන හිස පළා ගත්තේ ද එසේ වූ හර ඇති කිහිරි රුකට පැමිණියේ යි.
kn-jat:98.12
10. කන්‍දගලක ජාතක යි.
kn-jat:98.13
සවැනි නතංදළ්හ වර්‍ග යි.
kn-jat:98.14
එහි උද්දානය:
kn-jat:98.15
දළ්හබන්‍ධන-බන්‍ධනාගාර ජාතක යැ’ හංසාදීන් පවසන කෙළිසීල ජාතකය ද යළි විරූපක්ඛාදි නම් ඇති ඛන්‍ධවත්ත ජාතක යැ සවිට්ඨක නම් කවුඩා පවසන වීරක ජාතක යැ, (මච්ඡවර) ගඞ්ගෙය්‍ය ජාතක යැ, කුරුඞ්ගමිග ජාතකය හා අස්සක ජාතකය සහිත අඹපල සඳහන් දරන සුංසුමාර ජාතකය කක්කර ජාතක යැ. (ගරුළ) කන්‍දගල ජාතකය යන මෙයින් දසය වේ.
kn-jat:100.1
7. බීරණථම්භ වර්‍ගය
kn-jat:100.2
277. බීරණත්‍ථම්භක සොහොනෙහි අවුරුද්දක් අප්‍රමාද වැ නිරතුරු පුහුණු කෙළේ ය. පිරිස් අතරට වැද ඒ සංඥාව විකෘත කෙළේ ය. උත්සාහය ප්‍රඥා නැත්තහු නො රකී.
kn-jat:100.3
278. පුත සෝමදන්තය, ඉල්ලන්නේ අලාභයට ද ධනලාභයට දැ යි දෙකකට පැමිණෙයි. යාච්ඤාව නම් මෙබඳු ස්වභාව ඇත් මැ ය.
kn-jat:100.4
1. සෝමදත්ත ජාතක යි.
kn-jat:100.5
279. මතු භාගයෙහි අහර අන් අයුරෙකි. යට භාගයෙහි අහර අන් අයුරෙක් මැ යැ. බැමිණිය තී මැ විචාරමි. යට කවර නම් බතෙක් ද උඩ කවර නම් බතෙක් දැ යි.
kn-jat:100.6
280. ස්වාමීනි, මම නළුයෙක්මි. අහර සොයන්නෙම් මෙහි ආයෙමි. තෙපි යමකු සොයවු ද ඇගේ සොර සැමි වූ හේ කොටුවට බැසැ ගත්තේ ය.
kn-jat:100.7
2. උච්ඡිට්ඨභත්ත ජාතක යි.
kn-jat:100.8
281. භරු නම් රජ ඍෂිනට අනතුරු කොට රාජ්‍යය හා සමඟ උසුන් වූ ඒ රජ විනාශයට ගියේ ය යි මා විසින් අසන ලදී.
kn-jat:100.9
282. එහෙයින් ඡන්‍දාගතිය පණ්ඩිතයෝ ප්‍රශංසා නො කෙරෙති. අදුෂ්ට වූ (මෛත්‍රී) සිතැත්තේ සත්‍යයෙන් යුක්ත වූ තෙපුල් බණන්නේ ය.
kn-jat:100.10
3. භරු ජාතක යි.
kn-jat:100.11
283. පිරුණා වූ නදිය යමකු විසින් පිය යුතු ය යි කියා ද, වැඩුණා වූ යව (සස්‍යයන්) යමකු සැඟවීමට සුදුසු ය යි කියා ද, දුර ගිය ප්‍රියයකු පැමිණීම යමකු කරණ කොටගෙනැ කියා ද, හේ තොපට ගෙනෙන ලදී. එබැවින් බ්‍රාහ්මණය අනුභව කරව.
kn-jat:100.12
284. රජ තෙමේ කාකමාංශයකු දු එවනු පිණිස යම් කලෙකැ මා සිහි කෙරෙයි ද හංසයෝ කොස් ළිහිණියෝ ය මයූරයෝ ය යන මොවුන් ලද කල්හි කිම සිහි නො කෙරෙයි ද, එසේ සිහි නො කිරීම ම ලාමක ය.
kn-jat:100.13
4. පුණ්ණනදී ජාතක යි.
kn-jat:102.1
285. කැසුබු තෙමේ බස් තෙපලනුයේ ඒකාන්තයෙන් තමා නැසීය. මුවින් මනාකොට ඩැහැගත් දඬුකඩ ඇති කල්හි තමාගේ තෙපුලෙන් තෙමේ මැ තමා නැසී.
kn-jat:102.2
286. මිනිසුන් කෙරෙහි වීර්‍ය්‍යයෙන් ශ්‍රේෂ්ඨ වූ මහරජ, තෙල කරුණ සැක (පණ්ඩිත පුරුෂ) සත්‍යාදීන් ප්‍රතිසංයුක්ත හෙයින් කුශල වූ තෙපුල කල්යල් නො ඉක්මවා බණන්නේ යැ, බොහෝ කොට බිණීමෙන් වනසට පැමිණි කසුබුවා දක්නෙහි යයි.
kn-jat:102.3
5. කච්ඡප ජාතක යි.
kn-jat:102.4
287. මේ ගින්න මා නො තවයි, මැනැවින් සස්නා ලද හුල ද නො තවයි, මැසිනි ‘හේ කාම රති හේතුයෙන් අන් මැසින්නක වෙත ගියේ වනැ’ යි මා ගෙන සිතා නම්- (එය මා තවයි.)