Pali BJT411. නාහං තුම්හෙ විනින්දාමි යෙ චඤ්ඤෙ වානරා වනෙ, විස්සසෙනොව ගාරය්හො යස්සත්ථා රුක්ඛරොපකා’ති
Sinhala BJT411. මම තොපටත් වනයෙහි වෙසෙන අනෙක් වානරයන්ටත් නින්‍දා නො කරමි. තොප වැන්නවුන් ආරාමරෝපක ධුරයට පත් කළ විශ්වසේන රජතුමා මැ නින්‍දා කටයුතු වෙයි.
Pali BJT8. ආරාමදූසකජාතකං.
Sinhala BJT8. ආරාමදූසක ජාතක යි.
Pali BJT412. න හි වණ්ණෙන සම්පන්නා මඤ්ජුකා පියදසස්නා ඛරවාචා පියා හොන්ති අස්මිං ලොකෙ පරම්හි ච.
Sinhala BJT412. වර්‍ණවත් වූ මධුරනාද ඇති දැකුම්කලු වූවා හු ද, රළුබසින් යුතු වූවාහු නම් මෙලොව ද පරලොව ද කිසිවක්හුහටත් ප්‍රිය නො වෙති.
Pali BJT413. නනු පස්සසිමං කාළිං දුබ්බණ්ණං තිලකාහතං, කොකිලං සණ්හභාණෙන බහුන්නං පාණිනං පියං.
Sinhala BJT413. කළුපැහැති දුර්වර්‍ණ වූ තලකැලැල් ඇති මේ කෙවිලිය සිලිටි බසින් බොහෝ වූ ප්‍රාණීන්ට ප්‍රිය වූවා නො දක්නෙහි ද?
Pali BJT414. තස්මා සඛිලවාචස්ස මත්තභාණි අනුද්ධතො, අත්ථං ධම්මඤ්ච දීපෙති මධුරං තස්ස භාසිතන්ති.
Sinhala BJT414. එහෙයින් මටසිලිටි කථා ඇති වන්නේ යැ. නුවණින් පිරිසිඳ කථා කරන මත්තභාණී වන්නේ යැ. උඩඟු නො වන්නේ යැ. ඔහුගේ මධුර භාෂිතය අර්‍ත්‍ථයත් ධර්‍මයත් ප්‍රකාශ කරයි.
Pali BJT9. සුජාතජාතකං.
Sinhala BJT9. සුජාත ජාතක යි.
Pali BJT415. සබ්බෙහි කිර ඤාතීහි කොසියො ඉස්සරො කතො, සචෙ ඤාතීහනුඤ්ඤාතො භණෙය්යාහං එකවාචියං.
Sinhala BJT415. සියලු නෑයන් විසින් මහමුහුණු රජ කරන ලද්දේ යැ, ඉදින් නෑයන් විසින් අනුදන්නාලද්දෙම් නම් මම වචනයක් කියමි.
Pali BJT416. භණ සම්ම අනුඤ්ඤාතො අත්ථං ධම්මඤ්ච කෙවලං, සන්ති හි දහරා පක්ඛී පඤ්ඤාවන්තො ජුතින්ධරා.
Sinhala BJT416. යහළුව, අප විසින් අනුදන්නා ලද්දෙහි යැ. හේතුව හා ප්‍රවේණි ධර්‍මය කියව, ප්‍රඥාවත් ප්‍රඥාලෝකයත් ඇති තරුණ පක්‍ෂීහු ඇත් මැ යි.
Pali BJT417. න මෙ රුච්චති භද්දං වො උලූකස්සාභිසෙචනං, අකුද්ධස්ස මුඛං පස්ස කථං කුද්ධො කරිස්සතීති.
Sinhala BJT417. තොප හැමට සෙත් වේවා, මහමුහුණු අභිෂේක කරනු මට රිසි නො වෙයි. නො කිපියහුගේ මුහුණ බලව. කිපියේ කුමක් කරන්නේ දැයි නො දනිමි.
Pali BJT10. උලූකජාතකං.
Sinhala BJT10. උලූක ජාතක යි.
Pali BJT{1}පදුමවග්ගො දුතියො
Sinhala BJTදෙවැනි පදුමවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපදුමුත්තමනාගසිරිව්හයනො සමහණ්ණවයූපඛුරප්පවරො, අථ කුන්දලිකුඤ්ජරරුක්ඛ පුන ඛරවාචඋලූකවරෙන දසා’ති.
Sinhala BJTපදුම ජාතක යැ, මුදුපාණි ජාතක යැ, සයුරෙහි ගැලීම කියන චුල්ලපලෝභන ජාතක යැ, මහායූපය ඇති මහාපණාද ජාතකය හා ඛුරප්ප ජාතක යැ, යළි ශෝක කරන කුන්‍දලිය ඇති වාතග්ගසින්‍ධව ජාතක යැ, (කුඤ්ජර) කක්කටක ජාතක යැ, (රුක්ඛ) ආරාමදූසක ජාතක යැ, (ඛරවාච) සුජාත ජාතක යැ, උලූක ජාතක යැ යන දසය යි.
Pali BJT3. අරඤ්ඤවග්ගො
Sinhala BJT3. ආරණ්‍ය වර්‍ගය
Pali BJT418. ආරඤ්ඤකස්ස{1} ඉසිනො චිරරත්තතපස්සිනො{2}, කිච්ඡා කතං උදපානං කථං සම්ම අවාහසි{3}.
Sinhala BJT418. යහළු ශෘගාලය, වනවැසි වූ බොහෝ කල් තපස් රක්නා වූ ඍෂීන් විසින් දුකසේ කරන ලද ළිඳ කුමට මළ මූත්‍රයෙන් දූෂණය කෙළෙහි ද?
Pali BJT419. එසධම්මො සිගාලානං යම්පීත්වා ඔභදාමසෙ, පිතුපිතාමහං ධම්මො න නං උජ්ඣාතුමරහසි.
Sinhala BJT419. යම් තැනෙකැ දිය බී එහි මල මූත්‍ර කරමෝ නම් තෙල සිවලුන්ගේ දහමෙකි. පිය මුතුන්ගේ දහමෙකි. එයට දොස් නගන්නට නො සුදුස්සෙහි.
Pali BJT420. යෙසං වො එදිසො ධම්මො අධම්මො පන කීදිසො, මා වො ධම්මං අධම්මං වා අද්දසාම කුදාචනන්ති.
Sinhala BJT420. ඒ තොපගේ දහම මෙබඳු වී නම් අදහම කෙබඳු වේ ද? තොපගේ දහමක් හෝ අදහමක් හෝ කිසි කලෙක අපි නො දක්මහ.
Pali BJT1. උදපානදූසකජාතකං.
Sinhala BJT1. උදපාන දූසක ජාතක යි.
Pali BJT421. යෙන මිත්තෙන සංසග්ගා{4} යොයගක්ඛෙමො{5} විහිංසති, පුබ්බෙවජ්ඣාහවන්තස්ස රක්ඛෙ අක්ඛීව පණ්ඩිතො,
Sinhala BJT421. යම්බඳු පාපමිත්‍ර සංසර්‍ගය හේතු කොටගෙන කායචිත්ත සුඛය පිරිහේ ද, පණ්ඩිත පුරුෂ තෙම ඒ පාපමිත්‍රයා විසින් අභිභවනය කළයුතු දැය තමාගේ දෙ ඇස් මෙන් කැල මැ රැකගන්නේ යැ.
Pali BJT422. යෙන මිත්තෙන සංසග්ගා යොගක්ඛෙමො පවඩ්ඪති, කරෙය්යත්තසමං වුත්තිං සබ්බකිච්චෙසු පණ්ඩිතො.
Sinhala BJT422. යම්බඳු කල්‍යාණමිත්‍රයකු සමග සංසර්‍ග හේතුවින් කාය චිත්තසුඛය වැඩේ ද ඒ කල්‍යාණමිත්‍රයාගේ සියලු කටයුත්තෙහි පණ්ඩිත පුරුෂ තෙම පැවැත්ම තමා හා සම කරන්නේ යැ.
Pali BJT423. එථ ව්යග්ඝා නිවත්තව්හො පච්චමෙථ{6} මහාවනං, මා වනං{7} ඡින්දි නිව්යග්ඝං ව්යග්ඝා මාහෙසු නිබ්බනා’ති.
Sinhala BJT423. එව ව්‍යාඝ්‍රයෙනි, පෙරළා එව මහවනයට එළඹෙවු වගුන් රහිත වනය නො සිඳීවා ව්‍යාඝ්‍රයෝ වන විරහිත වූවාහු නො වෙත්වා.
Pali BJT2. ව්යග්ඝජාතකං.
Sinhala BJT2. ව්‍යග්ඝ ජාතක යි.
Pali BJT424. කො නු උද්දීතභත්තොව{8} පූරහත්ථොව බ්රාහ්මණො, කහන්නු භික්ඛං අචරි කං සද්ධං උපසඞ්කමි.
Sinhala BJT424. පිරූ බත් පාත්‍රයක් ගත්තකු මෙන් (මේ) කවරෙක් ද? (කාර්තික පූජායෙහි ලද) පූර්‍ණ පාත්‍රයක් අතැති බමුණකු මෙන් (මේ) කවරෙක් ද? කවර පෙදෙසක පිඬු සිඟා හැසුරුනේ ද? කවර ශ්‍රද්ධාවන්තයකු කරා එළැඹියේ ද?
Pali BJT425. අහං කපිස්මි{9} දුම්මෙධො අනාමාසානි ආමසිං, ත්වං මං මොවය භද්දන්තෙ මුත්තො ගච්ඡෙය්ය පබ්බතං
Sinhala BJT425. මම මූඪ වඳුරෙක්මි. ස්පර්‍ශ නො කටයුතු තැන් ස්පර්‍ශ කෙළෙමි. තෙපි මා මුදනු මැනැවි. මිදුණෙම් පර්‍වතයට යමි. තොපට යහපතක් වේවා!
Pali BJT426. කච්ඡපා කස්සපා හොන්ති කොණ්ඩඤ්ඤා හොන්ති මක්කටා, මුඤ්ච කස්සප කොණ්ඩඤ්ඤං කතං මෙථුනකං තයා’ති.
Sinhala BJT426. ඉදිබුවෝ කාශ්‍යප ගෝත්‍රය ඇත්තෝ වෙති. වඳුරෝ කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇත්තෝ වෙති. කාශ්‍යපය, කොණ්ඩඤ්ඤයා මුදව, කාශ්‍යප ගෝත්‍රයෙහි උපන්හු විසින් කොණ්ඩඤ්ඤ ගෝත්‍රයෙහි උපන් මොහු හා නො සම මෛථුන කෘත්‍යයෙක් කරන ලදී.
Pali BJT3. කච්ඡපජාතකං.
Sinhala BJT3. කච්ඡප ජාතක යි.
Pali BJT427. කායං බලාකා සිඛිනී චොරී ලඞ්ඝිපිතාම්හා, ඔරං බලාකෙ ආගච්ඡ චණ්ඩො මෙ වායසො සඛා,
Sinhala BJT427. සිළු ඇති සෙර වූ මේඝය මුතුන් කොට ඇති මේ කෙකිනි කවරක් ද? කෙකින්න මෑතට නැඟිළුව, මාගේ මිතුරු කවුඩා චණ්ඩ ය.
Pali BJT428. නාහං බලාකා සිඛිනී අහං ලොලොස්මි වායසො, අකත්වා වචනං තුය්හං පස්ස ලූනොස්මි ආගතො.
Sinhala BJT428. මම සිළු ඇති කෙකිනි නො වෙමි. මම ලොල් වූ කවුඩෙක්මි. තොපගේ වචනය නො කළ නිසා පියාපත් සිඳුනා ලද්දෙම් වෙමි. ගොදුරු බිමැ සිට ආයෙහි මා බලව.
Pali BJT429. පුන පාපජ්ජසි සම්ම සීලං හි තව තාදිසං, න හි මානුසකා භොගා සුභුඤ්ජා හොන්ති පක්ඛිනා’ති.
Sinhala BJT429. යහළුව, මෙබඳු දුකකට නැවැත පත් වන්නෙහිය. තොපගේ ආචාරසීලය එවැනිය. මනුෂ්‍යයන්ගේ භෝගයෝ පක්‍ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්‍ය නො වෙත්.
Pali BJT4. ලොලජාතකං
Sinhala BJT4. ලෝල ජාතක යි.
Pali BJT430. කායං බලාකා රුචිරා කාකනීළස්මිං{1} අච්ඡති,{2} චණ්ඩො කාකො සඛා මය්හං තස්ස චෙතං කුලාවකං.
Sinhala BJT430. සිත්කලු වූ මේ කෙකිනි කවුඩු කැදැල්ලේ හිඳී. හෝ කවරක් ද? මාගේ මිතුරු කවුඩා නපුරුය. මේ ඔහුගේ කැදැල්ල ය.
Pali BJT431. නනු මං සම්ම ජානාසි දිජ සාමාකභොජන, අකත්වා වචනං තුය්හං පස්ස ලූනොස්මි ආගතො.
Sinhala BJT431. සබඳිනි පක්‍ෂිය, බොඩහමු බුදිනාව, මා අඳුනන්නෙහි නො වේ ද? තොප කී අවවාද නො කොට පියාපත් සිඳුනා ලද්දෙම් වෙමි. ගොදුරු බිමැ සිට ආයෙහි මා බලව.
Pali BJT432. පුනපාපජ්ජසි සම්ම සීලං හි තව තාදිසං, න හි මානුසකා{3} භොගා සුභුඤ්ජා හොන්ති පක්ඛිනා’ති.
Sinhala BJT432. යහළුව, මෙබඳු දුකකට නැවැත පත්වන්නෙහිය. තොපගේ ආචාර සීලය එවැනිය. මනුෂ්‍යයන්ගේ භෝගයෝ පක්‍ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්‍ය නො වෙත්.
Pali BJT5. රුචිරජාතකං.
Sinhala BJT5. රුචිර ජාතක යි.
Pali BJT433. තව සද්ධඤ්ච සීලඤ්ච විදිත්වාන ජානාධිප වණ්ණං අඤජනවණ්ණෙන කාලිඞ්ගස්මිං{4} නිමිම්හසෙ.{5}
Sinhala BJT433. මහරජාණෙනි, නුඹ වහන්සේගේ ශ්‍රද්ධාව ද ශීලය ද දැන අඳුන්වන් වූ මඟුලැතු කරණ කොටගෙන කලිඟුරජු සමීපයෙහි ඇතු ගෙන එම්හයි ස්වර්‍ණරජතාදිය විනිමය වශයෙන් ගතුම්හ.
Pali BJT434. අන්නභච්චා ච භච්චා ච යොධ උද්දිස්ස ගච්ඡති, සබ්බෙ තෙ අප්පටික්ඛිප්පා{6} පුබ්බාචරියවචො ඉදං.
Sinhala BJT434. කැඳබත් ආදී ආහාර අනුන්ගෙන් ලබා ජීවත් වන්නෝ ද, එසේ අනුන්ගෙන් නො ලබා ජීවත් වන්නෝ ද යන මොවුනතුරෙන් කිසිවෙක් කිසිවක් පතා කෙනකු කරා යේ නම් ඔවුන්ගේ අයැදුම් පිළිකෙව් නො කටයුතු ය. මේ මවුපියන්ගේ වචනය යි.
Pali BJT435. දදාමි වො බ්රාහ්මණා නාගමෙතං රාජාරහං රාජ භොග්ගං{1} යසස්සිනං, අලඞ්කතං හෙමජාලාභිඡන්නං සසාරථිං ගච්ඡථ යෙන කාම’න්ති
Sinhala BJT435. බමුණෙනි, රජුන්ට සුදුසු රජුන්ගේ පරිහරණයට සුදුසු පිරිවර ඇති රන්දැලින් අලංකාර කළ (හෙවත් රන් අබරණින් සැරසූ) ඇත්ගොව්වන් සහිත මේ ඇත්රජු තොපට දෙමි. කැමැති මඟෙකින් ගෙන යවු.
Pali BJT6. කුරුධම්මජාතකං.
Sinhala BJT6. කුරුධම්ම ජාතක යි.
Pali BJT436. වස්සානි පඤ්ඤාස සමාධිකානි වසිම්හ සෙලස්ස ගුහාය රොමක, අසඞ්කමානා අභිනිබ්බුතත්තා{2} හත්ථත්තමායන්ති මමණ්ඩජා පුරෙ
Sinhala BJT436. පරෙවිය, පනස් අවුරුද්දකට වැඩි කලක් ගල්ගුහාවෙහි විසුම්හ. සන්සුන් සිතැති පක්‍ෂීහු මා සැක නො කරන්නෝ පෙර මගේ අත්පසට එති.
Pali BJT437. තෙදානි වක්කඞ්ග කිමත්ථමුසසුකා භජන්ති අඤ්ඤං ගිරිකන්දරං දිජා, න නූන මඤ්ඤන්ති මමං යථා පුරෙ චිරප්පවුත්ථා{3} අථවා න තෙ ඉමෙ.
Sinhala BJT437. පක්‍ෂිය, දැන් ඒ පක්‍ෂීහු කුමට කලකිරුනාහු පර්‍වතයෙන් අන් ගිරිකඳුරකට යෙත් ද? පෙරැ පරිදි මේ පක්‍ෂීහු මට ගරු නො කෙරෙතියි සිතමි. නැතහොත් දිගුකල් මොවුහු පිටත වැසැ පැමිණි හෙයින් මේ ඔහු ම යයි නො හඳුනත් ද?
Pali BJT438. ජානාම තං න මයමස්ම මූළ්හා{4} සොයෙව{5} ත්වන්තෙ මයමස්ම නාඤ්ඤො, චිත්තඤ්ච තෙ අස්මිං ජනෙ පදුට්ඨං ආජිවක තෙන තං උත්තසාමාති.
Sinhala BJT438. තොප දනුම්හ. අපි මූඪ නො වම්හ. තෙපි ඒ තවුස් මය. අපිදු ඔහු මය අන්‍යයෝ නො වම්හ. තොපගේ මේ සිත පක්‍ෂි ජනයා කෙරෙහි දුෂ්ට ය. ආජීවකය, එහෙයින් තට බිය වම්හ.
Pali BJT7. රොමකජාතකං.
Sinhala BJT7. රෝමක ජාතක යි.
Pali BJT439. කමත්ථමභිසන්ධාය{6} ලහුචිත්තස්ස දූභිනො{7}, සබ්බකාමදුභස්සෙව{8} ඉදං දුක්ඛං තිතික්ඛසි.
Sinhala BJT439. සැහැල්ලු සිතැති මිත්‍ර ද්‍රෝහියාගේ මේ දුක (හිංසාව) කැමැති හැමදේ දෙන ස්වාමියකු (කරන දෙයක්) සේ සිතා කවර හෙයින් ඉවසා සිටින්නෙහි ද?
Pali BJT440. සිඞ්ගෙන නිහනාහෙතං පදසා ච අධිට්ඨහ, භීයො බාලා පකුජ්ඣෙය්යුං නො චස්ස පටිසෙධකො.
Sinhala BJT440. මොහු අඟින් ඇන නසව. පාදයෙන් මැඩ පියව. වළකනුයෙක් නොවී නම් මෝඩයෝ බොහෝ කිපෙන්නාහ.
Pali BJT441. මමෙවායං මඤ්ඤමානො අඤ්ඤම්පෙවං කරිස්සති, තෙ තං තත්ථ වධිස්සන්ති සා මෙ මුත්ති භවිස්සතී’ති.
Sinhala BJT441. මෙතෙම (සෙස්සන්) මා මෙන්ය යි සිතන්නේ සෙස්සන්ට ද මෙසේ කරන්නේය. ඔහු එහිලා ඒ වඳුරා මරන්නාහ. මට ඒ පවින් මිදීම වන්නේ ය.
Pali BJT8. මහිසජාතකං.
Sinhala BJT8. මහිස ජාතක යි.
Pali BJT442. යථා මාණවකො පන්ථෙ සිගාලිං වනගොචරිං, අත්ථකාමං පවෙදෙන්තිං{1} අනත්ථකාමාති මඤ්ඤති අනත්ථකාමං සතපත්තං අත්ථකාමොති මඤ්ඤති.
Sinhala BJT442. යම්සේ මාර්‍ගයෙහි මාණවක තෙම වනයෙහි හැසිරෙන වැඩ කැමැතිව කියන සිවල් දෙන අවැඩ කැමැතියකැ යි සිතා ද අවැඩ කැමැති කෑරලා වැඩ කැමැත්තකු යි සිතා ද.
Pali BJT443. එවමෙව ඉධෙකච්චො පුග්ගලො හොති තාදිසො, හිතෙහි වචනං වුත්තො පතිගණ්හාති{2} වාමතො.
Sinhala BJT443. එලෙස ම මෙලොව ඇතැම් පුඟුලෙක් එබඳු වේ. හිත කැමැතියන් විසින් වචනය කියන ලද්දේ නො කටයුතු කොට ගන්නේ යි.
Pali BJT444. යෙ ච ඛො නං පසංසන්ති භයා උක්කංසයන්ති ච{3} තඤ්හි සො මඤ්ඤතෙ මිත්තං සතපත්තංව මාණවො’ති
Sinhala BJT444. යම් කෙනෙක් ඔහු බියෙන් පසසත් ද හුවා බෙණෙත් ද ඔවුන් මිතුරුය යි හේ සිතයි. කෑරලාගේ බස විශ්වාස කළ මාණවයා මෙනි.
Pali BJT9. සතපත්තජාතකං.
Sinhala BJT9. සතපත්ත ජාතක යි.
Pali BJT445. අද්ධා හි නූන මිගරාජා පුටකම්මස්ස කොවිදො, තථාහි පුටං දූසෙති අඤ්ඤං නූන කරිස්සති.
Sinhala BJT445. ඒකාන්තයෙන් මෘගරාජයා මල්ගොටු සෑදීමට දක්‍ෂ යයි හඟිමි. ඒ එසේම ය. ලා ලූ මල්ගොටු දූෂණය කරයි, හෙවත් නසයි. මනාපතර අන් මල්ගොටු කරතී හඟිම්.
Pali BJT446. න මෙ පිතා වා මාතා වා පුටකම්මස්ස කොවිදො{4}, කතං කතං ඛො දූසෙම එවං ධම්මමිදං කුලං.
Sinhala BJT446. මාගේ පියා හෝ මව හෝ මල්ගොටු කිරීමට දක්‍ෂ නො වෙති. කළ කළ දේ නසම්හ. මේ වඳුරු කුලය මෙබඳු ස්වභාව ඇත්තේ ය.
Pali BJT447. යෙසං වො එදිසො ධම්මො අධම්මො පන කීදිසො{5}, මා වො ධම්මං අධම්මං වා අද්දසාම කුදාචන’න්ති.
Sinhala BJT447. යම්බඳු වූ තොපගේ දහම මෙබඳු වී නම් නො දහස කෙබඳු වේ ද? තොපගේ දහම හෝ අදහම කිසිකලෙකත් නො දකුම්හ.
Pali BJT10. පුටදූසකජාතකං.
Sinhala BJT10. පුටදූසක ජාතක යි.
Pali BJTඅරඤ්ඤවග්ගො{6} තතියො
Sinhala BJTතෙවැනි අරණ්‍යවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඋදපානවරං වනබ්යග්ඝකපි සිඛිනී ච බලාකරුචිරවරො, සුජනාධිපරොමකදූස පුන සතපත්තවරො පුටකම්ම දසා’ති.
Sinhala BJTඋදපානදූසක ජාතක යැ, ව්‍යග්ඝ ජාතක යැ, (කපි) කච්ඡප ජාතක යැ, (සිඛිනී) ලෝල ජාතක යැ, රුචිර ජාතක යැ, (සුජනාධිප) කුරුධම්ම ජාතක යැ, රෝමක ජාතක යැ, යළි (දූසක) මහිස ජාතක යැ, සතපත්ත ජාතක යැ, (පුටකම්ම) පුටදුසක ජාතක යැ යන දසය යි.
Pali BJT4. අබ්භන්තරවග්ගො
Sinhala BJT4. අබ්භන්තර වර්‍ගය
Pali BJT448. අබ්භන්තරං{1} නාම දුමො යස්ස දිබ්බමිදං ඵලං, භුත්වා දොහළිනී නාරී චක්කවත්තිං විජායති.
Sinhala BJT448. යම් අඹගසෙකැ ඵලය දිව්‍යභෝජනයට සුදුසු ද අබ්භන්තර නමැති ඒ අඹගසෙහි අඹ කා දොළ ඇති ඉතිරිය සක්විත්තකු ප්‍රසූත කරයි.
Pali BJT449. තඤ්ච{2} භද්දෙ මහෙසීසි සා චා{3} සි පතිනො සියා, ආහරිස්සති තෙ රාජා ඉදං අබ්භන්තරං ඵලං.
Sinhala BJT449. සොඳුර, තී අගබිසෝ වෙහි ඒ තෙපි සැමියාට ප්‍රියමනාප වූවහු ය. රජතෙම තිට මේ අබ්භන්තර නමැති අඹගසේ ගෙඩි ගෙනෙන්නේය.
Pali BJT450. භත්තුරත්ථෙ පරක්කන්තො යං ඨානමධිගච්ඡති, සූරො අත්තපරිච්චාගී ලභමානො භවාමහන්ති.
Sinhala BJT450. මාතෘ පිතෘ ස්වාමි යන ත්‍රිවිධ ස්වාමීන්ට වැඩ පිණිස වෑයම් කරන්නාවූ ජීවිත පරිත්‍යාග කරන ශූර පුරුෂයා යම්බඳු ස්වර්‍ග සැපතකට පැමිණේ ද මම ද එය ලබන්නෙම් වෙමි.
Pali BJT1. අබ්භන්තරජාතකං.
Sinhala BJT1. අබ්භන්තර ජාතක යි.
Pali BJT451. සෙය්යංසො සෙය්යසො හොති යො සෙය්යමුපසෙවති, එකෙන සන්ධිං කත්වාන සතං වජ්ඣෙ අමොචයිං.
Sinhala BJT451. උසස් කුශල ධර්‍මයන්ගෙන් හෙබියා වූ පුඟුලෙක් එබඳු කුශල ධර්‍මයට ආශා ඇති පුඟුලකු ඇසුරු කෙරේ ද (එහෙයින්) හෙතෙම පැසැසුම් ලබන්නේ හෝ උතුම් වන්නේ හෝ වෙයි. එකකු සමග මෙත් වඩා මරණයට කැප වූ සියයක් පමණ එයින් මිදුවෙමි.
Pali BJT452. තස්මා සබ්බෙන{4} ලොකෙන සන්ධිං කත්වාන එකකො, පෙච්ච සග්ගං නිගච්ඡෙය්ය ඉදං සුණොථ කාසයො{5}.
Sinhala BJT452. සියලු ලෝකවාසීන් සමග එක්ව (මෛත්‍රී භාවනා වඩා) කවර හෙයින් පරලොවැ ස්වර්‍ග ගාමී නොවන්නේ ද? කසී රට වැසියෙනි, මෙය අසව්.
Pali BJT453. ඉදං වත්වා මහාරාජා{6} කංසො බාරාණසිග්ගහො, ධනුං තූණිඤ්ච{7} නික්ඛිප්ප සංයමං අජ්ඣුපාගමී’ති.
Sinhala BJT453. බරණැස් නගරයේ වෙසෙන කංස නමැති මහරජ තෙමේ මෙවදන් කියා දුන්න හා හියවුර හැරපියා ශීලසංයමයට පැමිණියේ ය.
Pali BJT2. සෙය්යංසජාතකං{8}.
Sinhala BJT2. සෙය්‍යංස ජාතක යි.
Pali BJT454. වරං වරං ත්වං නිහනං පුරෙ චරි{9} අස්මිං පදෙසෙ අභිභුය්ය සූකරෙ, සොදානි එකො ව්යපගම්ම{10} ඣායසි බලන්නු තෙ ව්යග්ඝ න චජ්ජ විජ්ජති.
Sinhala BJT454. ව්‍යාඝ්‍රය තෝ පෙරැ මේ පෙදෙසේ සියලු හූරන් මැඩ ගෙන (හූරන් කෙරෙහි) උතුම් හූරන් මරමින් හැසිරුනෙහි ය. දැන් තෝ තනිව බැහැර වැ සිතමින් සිටින්නෙහි ය. ව්‍යාඝ්‍රය අද තාගේ කායශක්තිය නැත්තේ ද?
Pali BJT455. ඉමෙ{11} සුදං යන්ති දිසොදිසං පුරෙ භයට්ටිතා ලෙණගවෙසිනො පුථු, තෙ දානි සංගම්ම රසන්ති එකතො යත්ථ ඨිතා දුප්පසභජ්ජ, මෙ මයා.
Sinhala BJT455. මේ හූරෝ පෙරැ භයින් පීඩිත වැ රැකෙන තැන් සොයන්නෝ වෙන් වෙන් වැ දිශාවෙන් දිශාවට යති. දැන් ඔහු එක් රැස් වැ එක්වලා නාද කෙරෙති. යම් තැනෙක සිටියා වූ මොහු අද මා විසින් මැඩලිය නො හැකියෝ යි.
Pali BJT456. නමත්ථු සඞ්ඝානං සමාගතානං දිස්වා සයං සබ්යං වදාමි අබ්භුතං, ව්යග්ඝං මිගා යත්ථ ජිනිංසු දාඨිනො සාමග්ගියා දාඨබලෙසු මුච්චරෙති.
Sinhala BJT456. රැස් වූ හූරු සමූහයාට නමස්කාර වේවා! අද්භූත වූ මිතුරු බවක් තෙමේ දැකැ කියමි. යම් තැනෙකලා දළැති හූරෝ ව්‍යාඝ්‍රයා දිනූ ද, දළ බල කොට ඇති හූරන්ගේ සමගි බලය නිසා සතුරා මැඩ මරණයෙන් මිදුණාහ.
Pali BJT3. වඩ්ඪකීසූකරජාතකං.
Sinhala BJT3. වඩ්ඪකීසූකර ජාතක යි.
Pali BJT457. යං උස්සුකා සඞ්ඝරන්ති අලක්ඛිකා බහුං ධනං, සිප්පවන්තො අසිප්පා ච ලක්ඛීවා තානි භුඤ්ජති.
Sinhala BJT457. හස්ති ශිල්පාදි උගත් ශිල්ප ඇත්තා වූ ද ශිල්ප නැත්තාවූ ද ධන රැස්කිරීමේ මහත් වෑයම ඇති පින් නැති ජනයෝ බොහෝ ධනය රැස් කෙරෙද් ද පින් ඇත්තේ ම ඒ ධනය අනුභව කෙරේ.
Pali BJT458. සබ්බත්ථ කතපුඤ්ඤස්ස අතිච්චඤ්ඤෙව{1} පාණිනො, උප්පජ්ජන්ති බහූ භොගා අප්පනායතනෙසුපි{2}.
Sinhala BJT458. හැමතන්හි ම කළ පින් ඇතියාහට අන්‍ය ප්‍රාණීන් අභිභවා අනායතනයෙහි දු බොහෝ වූ භෝගයෝ උපදිත්.
Pali BJT459. කුක්කුටමණයො{3} දණ්ඩා ථියො ච පුඤ්ඤලක්ඛණා, උප්පජ්ජන්ති අපාපස්ස කතපුඤ්ඤස්ස ජන්තුනො’ති.
Sinhala BJT459. අලාමක වූ කළ පින් ඇති සත්‍වයනට ශ්‍රීමත් වූ කුකුළෝ ද මාණික්‍යයෝ ද ආරක්‍ෂායෂ්ටි ද පුණ්‍යලක්‍ෂණ ස්ත්‍රීහු ද උපදනාහු යි.
Pali BJT4. සිරිජාතකං.
Sinhala BJT4. සිරි ජාතක යි.
Pali BJT460. දරියා{4} සත්තවස්සානි තිංසමත්තා වසාමසෙ, හඤ්ජෙම{5} මණිනො ආභං ඉති නො මන්තිතං අහූ.
Sinhala BJT460. තිහක් පමණ දෙනා සත් අවුරුද්දක් මැණික් ගුහාවෙහි විසුම්හ. මාණික්‍යයේ දීප්තිය වනසම්හයි, අප විසින් මන්ත්‍රණය කරන ලද්දේ වී.
Pali BJT461. යාව{6} යාව නිඝංසාම භිය්යො වොදායතෙ මණි, ඉදඤ්චදානි{7} පුච්ඡාම කිං කිච්චං ඉධ මඤ්ඤසි.
Sinhala BJT461. මැණික යම් තාක් ගටමෝ ද බෙහෙවින් නිර්‍මල වෙයි. බමුණ තොප ම විචාරම්හ. මේ කරුණෙහිලා කුමක් කටයුතු දැයි ඔබ සිතන්නෙහි ද?
Pali BJT462. අයං මණි වෙළුරියො අකාචො විමලො සුභො{8}, නාස්ස සක්කා සිරිං ගන්තුං අපක්කමථ සූකරා’ති.
Sinhala BJT462. මේ මැණික වෙරළුමිණෙක කර්‍කශ නො වෙයි. නිර්‍මලය සුන්‍දර ය. මෙහි සිරිය නසන්නට නො පිළිවන සූකරයෙනි ඉවත යව යි කී ය.
Pali BJT5. මණිසූකරජාතකං{9}.
Sinhala BJT5. මණිසූකර ජාතක යි.
Pali BJT463. මා සාලුකස්ස පිහයී{1} ආතුරන්නානි{2} භුඤ්ජති, අප්පොස්සුක්කො භුසං ඛාද එතං දීඝායුලක්ඛණං.
Sinhala BJT463. සාලුක නම් සූකරයාගේ ස්වභාවය නහමක් පතව, සාලුකයා මරණ භෝජනය අනුභව කරයි. උහුගේ අහරට උත්සාහ නො කොට බොල් මුසු පිදුරු කව, මේ දීර්‍ඝායු ලබන්නට හේතු යි.
Pali BJT464. ඉදානි සො ඉධාගන්ත්වා අතිථි යුත්තසෙවකො, අථ දක්ඛසි සාලුකං සයන්තං මුසලුත්තරං.
Sinhala BJT464. දැන් සේවකයන්ගෙන් යුක්ත වූ ඒ වෛවාහික ආගන්තුක පුරුෂ තෙම මෙහි අවුදින් සිටියේ යි. අනතුරු ව මොහොල් බඳු උඩුතොල ඇති මරණ පිණිස හෝනා වූ සාලුක නම් සූකරයා දක්නෙහි.
Pali BJT465. විකන්තං{3} සූකරං දිස්වා සයන්තං මුසලුත්තරං, ජරග්ගවා{4} විචින්නෙසුං වරම්හාකං භුසාමිවා’ති.
Sinhala BJT465. මොහොලක් වැනි උඩුතොල ඇති ව වැතිර සිටුනා කපාලූ සූකරයා දැක ගොන්නු අපගේ රඩු (පිදුරු) ම උතුමැ යි සිතූහ.
Pali BJT6. සාලුකජාතකං.
Sinhala BJT6. සාලුක ජාතක යි.
Pali BJT466. නානුම්මත්තො නාපිසුනො නානටො{5} නාකුතූහලො, මූළ්හෙසු ලභතෙ ලාභං එසා තෙ අනුසාසනී.
Sinhala BJT466. උමතු නො වූයේ කේලාම් නො කියනුයේ නො නටනුයේ කුහුල්කතා නැත්තේ මෝඩයන් සමීපයේ ලාභ නො ලබයි. මේ තට අපගේ ලාභානුශාසනා යි.
Pali BJT467. ධිරත්ථු තං යසලාභං ධනලාභඤ්ච බුහ්මණ, යා වුත්ති විනිපාතෙන අධම්මචරියාය වා{6}.
Sinhala BJT467. බමුණ යශස්ලාභයට ද ධනලාභයට ද තමා නැසෙන පරිදි අධර්‍මචර්‍ය්‍යායෙන් වන ජීවිකා වෘත්තියෙක් වේ නම් ඊට ද නින්‍දා වේවා!
Pali BJT468. අපි චෙ පත්තමාදාය අනාගාරො පරිබ්බජෙ, එසාව ජිවිකා සෙය්යො යා චාධම්මෙන එසනා’ති.
Sinhala BJT468. අධාර්මික සෙවුමෙන් දිවි පවත්වනුවාට වඩා අගාරික වැ හෙවත් පැවිදිව පාත්‍රයක් ගෙන සිඟා ලද අහරෙන් පවත්වන මේ දිවිපැවැත්ම ශ්‍රේෂ්ඨ යි.
Pali BJT7. ලාභගරහජාතකං{7}.
Sinhala BJT7. ලාභගරහ ජාතක යි.
Pali BJT469. අග්ඝන්ති මච්ඡා අධිකං සහස්සං න සො අත්ථි යො ඉමං සද්දහෙය්ය, මය්හඤ්ච අස්සු ඉධ සත්ත මාසා අහම්පි තං මච්ඡුද්දානං{8} කිණෙය්යන්ති.
Sinhala BJT469. මත්ස්‍යයෝ (මසුරන්) දහසකට වඩා අගිතී යන්න අදහන්නෙක් නැත. මෙහි මට ද මාසක සතක් ඇත. මම ද ඒ මාළු වැළ මිල දී ගතිමි.
Pali BJT470. මච්ඡානං භොජනං දත්වා මම දක්ඛිණමාදිසි{9}, තං දක්ඛිණං සරන්තියා කතං අපචිතිං තයා.
Sinhala BJT470. මසුන්ට කෑම දී මට පින් අනුමෝදන් කෙළේ ය. තා අනුමෝදන් කළ ඒ පින සිහි කරන මා විසින් තොපගේ ධනය රක්නා ලදී.
Pali BJT471. පදුට්ඨචිත්තස්ස න ඵාති හොති න චාපි නං දෙවතා පූජයන්ති, යො භාතරං පෙත්තිකං සාපතෙය්යං අවඤ්චයී දුක්කතකම්මකාරී’ති.{1}
Sinhala BJT471. දුෂ්ටසිත් ඇතියාට දෙලෝ දියුණුව සිදු නො වේ. අධර්‍මකර්‍ම කරන්නෙක් පියා සතු වස්තුව සොහොයුරාට වඤ්චා කෙළේ ද දෙවියෝ ඔහු නො පුදත්.
Pali BJT8. මච්ඡුද්දානජාතකං{2}.
Sinhala BJT8. මච්ඡුද්දාන ජාතක යි.
Pali BJT472. නානාච්ඡන්දා{3} මහාරාජ එකාගාරෙ වසාමසෙ, අහං ගාමවරං ඉච්ඡෙ බ්රාහ්මණී ච ගවං සතං.
Sinhala BJT472. මහරජ, වෙන වෙන රිසි ඇති අපි එකගෙයි වසම්හ. මම ගම්වරයක් කැමැත්තෙමි. බැමිණි ගවයන් සියයක් කැමැත්තී ය.
Pali BJT473. ඡත්තො ච{4} ආජඤ්ඤරථං කඤ්ඤා ච මණිකුණ්ඩලං යා චෙසා පුණ්ණිකා ජම්මී{5} උදුක්ඛලං{6} අභිකඞ්ඛති.
Sinhala BJT473. ඡත්ත මාණවක ආජානේය අසුන් යෙදූ රියක් ද, ලේලි මිණිකොඬොලක් ද, පුණ්ණිකා නම් මිඩි තොමෝ කුලුමොහොල් සහිත වනක් ද කැමැති ය.
Pali BJT474. බ්රාහ්මණස්ස ගාමවරං දෙථ බ්රාහ්මණියා ගවං සතං, පුත්තස්ස ආජඤ්ඤරථං කඤ්ඤාය මණිකුණ්ඩලං යඤ්චෙතං පුණ්ණිකං ජම්මිං පටියාදෙථ උදුක්ඛල’න්ති.
Sinhala BJT474. බමුණාට ගම්වරයක් ද බැමිණියට ගවයන් සියයක් ද ඡත්‍ර නම් බ්‍රාහ්මණපුත්‍රයාහට ආජානේය අසුන් යෙදූ රියක් ද ලේලියට මිණිකොඬොලක් ද හීන වූ මේ පූර්ණිකා දාසියට වනක් මොහොලක් ද පිළියෙළ කොට දෙවු.
Pali BJT9. නානාච්ඡන්දජාතකං.
Sinhala BJT9. නානාච්ඡන්‍ද ජාතක යි.
Pali BJT475. සීලං කිරෙව කල්යාණං සීලං ලොකෙ අනුත්තරං, පස්ස ඝොරවිසො නාගො සීලවාති න හඤ්ඤති.
Sinhala BJT475. ආචාර සීලය ම හොබනේ ල, සීලය ලෝකයේ අනුත්තර ය, බලව දරුණු විෂ ඇති නයා පවා සිල්වතැ යි හිංසා කරනු නො ලැබේ.
Pali BJT476. සොහං සීලං සමාදිස්සං ලොකෙ අනුමතං සිවං, අරියවුත්ති{7} සමාචාරො යෙන වුච්චති සීලවා.
Sinhala BJT476. සිල්වතා යම් සීලයක් නිසා ආර්‍ය පැවැතුම් ඇත්තේ ය යි කියනු ලැබේ ද, ලොවැ නිර්‍භය තත්ත්‍වයෙකැ යි දන්නා ලද ද එබඳු සීලය මම සමාදන් වෙමි.
Pali BJT477. ඤාතීනඤ්ච පියො හොති මිත්තෙසු ච විරොචති, කායස්ස භෙදා සුගතිං උපපජ්ජති{8} සීලවාති.
Sinhala BJT477. සිල්වතා නෑයන්ට ප්‍රිය වෙයි. මිතුරන් අතරේ ද බබළයි. මරණින් මතු දෙව්ලොවැ උපදී.
Pali BJT10. සීලවීමංසජාතකං.
Sinhala BJT10. සීලවිමංස ජාතක යි.
Pali BJTඅබ්භන්තරවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවැනි අබ්භන්තර වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය: